170. කොසොල් රජ්ජුරුවන් ගේ පරාජය වතසංස්කරණය

තව ද යුද්ධ ප්ර යෝගයෙන් කෙලෙස් සතුරන් හා යුද්ධකොට උන් පරදවා තමා ජය ලැබීම යහපත් නියා ව හඟවන්ට කොසොල් රජ්ජුරුවන් ගේ පරාජය වත කියමු.

කෙ සේ ද යත්—

ඒ රජ්ජුරුවෝ ගම් පමුණක් නිසා නැඟණියන්ගේ පුත් වූ අජාසත් රජ්ජුරුවන් හා සටන් කොට තුන් වරෙක පැරද තුන් වැනි මුරයේ දී ‘මම වැඩියුරු ව සිට ත් බාල සුභා පමණකුත් පරදවා ගත නුහුණුයෙමි. උන්ට පැරද පියා හිඳිනා බලා ත් මිය යෑම යහබත’යි කෑම්-පීම් හැර පියා මියන්ට ම නියැළි වැද හොත්හ. ඒ උන්ගේ පවත සියලු මුළු නුවර ත් පැතිර පැවැත්ත. වහන්දෑත් බුදුන් කරා ‍ෙගාසින් බුදුන්ට එ පවත් දැන් වූ සේක. බුදුහු ඒ අසා බණ වදාරන සේක් ‘මහණෙනි, කෙලෙස් සතුරන් පර දවා ලබන ජය හැර සෙසු ලෙසින් ජය ලබන්නාහු සියලු ම ප්රෙයෝග නපුරු හෙයින් අකුසල් රැස් කෙරෙති. අනුන් විසින් පරදවන ලද්දෝ සතුරන් සමුච්ඡෙද වශයෙන් පැරැද්දවුන් සියලු ලෙසින් තමන් නට හෙයින් කිසිවක් කට නො හෙතත් කවර විටෙක මුන්ට කුමක් කොට පියමෝ දෝ හෝ”යි සිතා බොහෝ දුක් ගිනිති. යම් කෙණෙක් සම් කෙලෙසුන් නසා සිටියෝ වූ නම් අනුන් පරදවා සිද්ධ වන අකුසලු ත් නැති හෙයින් තමා පරදවන දුකු ත් නැති හෙයින් ඌ තුමු සතර ඉරියව්වෙන් සුව සේ දවස් යවතී’ වදාළ සේක. දෙශනා කෙළවර බො‍හෝ දෙන නිවන් දුටහ.

  171.  එක්තරා කුල දරුවාණ කෙණකුන් ගේ වස්තුව             849

එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් ජයක් නිසා අකුසල් සිද්ධවේ නම් එයි ත් හැර කර්මාතනුරූප ව සෙස්නසෝ කෙසේ1 පරදත් නමුත් කෙළෙසුන්ට පැරදීමෙන් වන දෙයක් ත් වැද්ද නො දී අති මධුර වූ නිවන් රස වළඳා ජාති දුක් ආදී ය නසන්ට උත්සාහ කට යුතු.

171. එක්තරා කුල දරුවාණකෙණකුන්‍ ගේ වස්තුවසංස්කරණය

තව ද වාත පිත්තාදී තුන් දොස් රොග එළවන්නා සේ රාග ද්වෙෂාදී තුන් දොස් සසර දුක් එළවන නියාව දක්වන්ට එක්තරා කුල දරුවාණ කෙණකුන් ‍ෙග් වස්තුව කියමු.

කෙ සේ ද යත්—

ඒ කුල දරුවාණන්ගේ දෙ මවු පියෝ පුතණුවන්ට සරණක් ගෙන්වා පාවා දී සරණ මඟුල් දවස එයි ත් වෙන ම මඟුලක් හෙයින් බුදුන්ට ත් ආරාධනා කළහ. බුදුහු ද භික්ෂු සඞ්ඝයා වහන්සේ පිරි වරා මඟුල් ගෙට වැඩ, වැඩ හුන් සේක. සරණ ගෙණා කුමාරිකාවෝ ද තමන් සැදෑ ඇති හෙයින් වහන්දෑට පැන් පරහා දීම් ආදී වූ මෙහෙවර කෙරෙමින් ඇවිදිති. රක්ෂාෙ කළ කුල දරුවාණෝ ද දිවි හිමියෙනු ත් බලා රිසි නො යන බුදුන් නො බලා ම කුමාරිකාවන් බල බලා සිටියහ. සිනාසනේට නියාලු දත් දැක පිළිකුල් විසින් මෙනෙහි කළ තිස්ස තෙරුන් සේ නො ව ‘අත යහපත, පය යහපත, තනේ යහපත, නාසේ යහපත’ යනාදීන් සුභා කාරයෙන් බලනුවරන්ට රා සිත් පහළ වි ය. ඌ තුමු රා සිතින් මඩනා ලදු ව බුදුන්ට වේ ව’යි අසූ මහ සවුවන් වහන්සේට වේ ව’යි උපස්ථානයක් කට නුහුණු වූහ. සසර සිටිනා තෙක් මුළුල්ලෙහි නුපුරුදු හෙයින් ඒ කට නුහුණ ත් අනන්ත කාලයක් අභ්යා්ස ය ඇත්තා ඊට ම හෙයින් බුදු පාමොක් සඞ්ඝයා කෙරෙහි භයක් ලජ්ජාවක් නැති ව ඒ කුමාරිවන්ට ත් සිද්ධ වන කුශලය නවතන්ට කරන්නාක් මෙන් උන් අත අල්වා ගන්ට සිතූහ.

බුදුහු උන්ගේ අදහස් දැන ලා ඒ කුමාරිකාවන් උන්ට නො පෙනෙන ලෙස කොට වදාළ සේක. උයි ත් කුමාරිකාවන් නො දැක අපවත් වූ වස්තුව නුදුට ත් සහ වා ලූවන් දක්නා සේ බුදුන් බල බලා සිටියහ. බුදුහු ද තමන් වහන්සේ බල බලා සිටි කුමාරයන්ට ත් නොපෙනී සිටි කුමාරිකාවන්ට ත් බණ වදාරන 1. සෙස්සෝ කවර විටෙක ත්

850 සද්ධර්මුරත්නාවලිය

සේක ‘දුමක් වේ ව යි, අළු වේ ව යි, අඟුරු වේ ව යි’ දාරු වේ ව’යි නො දක්වා ඇතුළත ම සිට දවා නිමවා ලිය හෙන ගින්නෙක් වේ නම් රාග නමැති ගින්නට වඩා නැත. යමෙක් මේ ලොව වරද වේ නම් ‍ද්වේෂයට වඩා වරදකුත් නැත. රාග ය තමා ඇසුරු කළාහු ම නස ත් මුත් අනුන් නසාලිය නො හෙයි. ද්වෙෂය තමා ඇසුරු කළවුනු ත් අනුනු ත් සෙසු තබා රටවල් දක්වා නසා ලයි.

මේ ලෙව්හි දුකෙක් වේ නම් රූපස්කන්ධාදී පඤ්චස්කන්ධයට වඩා නැත. උත්පත්ති කාරණ වූ තෘෂ්ණාව නම් දුඃඛ කාරණ හෙයින් මධුමෙහ ආදී මෙහ ඇත්තවුන්ට උපදනා දරුවන්ට ත් මෙ‍හ ඇත්තා සේ උත්පත්ති කාරණ වූ තෘෂ්ණාවගේ වශයෙන් ස්කන්ධයෝ දුක් වෙති. මේ ලෙව්හි යමෙක් සැප වේ නම් නිවනට වඩනා දෙයක් නැතැ’ යි රුවන් ගෙයක් කොට නිමවා ලා මැණිකින් කුළු ගන්නා සේ නිවනින් කුළු ගත් සේක. දෙශනා කෙළවර කුමාරයෝ ත් කුමාරිකාවෝ ත් තරම් බරක් ඔසවන්නා සේ සෝවාන් වුහ. නිවන් දක්වා වදාළ සේ ම කුමාරයන්ට කුමාරිකාවනු ත් කුමාරිකාවන්ට කුමාරයනුත් දක්වා වදාළ සේක.

එහෙයින් නුවණැත්තවුන් විසින් යම් භාවනාවෙක් රාග ප්රාතිපක්ෂ වි නම් කා ගියා සී ආදී වූ ඒ ඒ භාවනාවෙහි යෙදී, යම් භාවනාවෙක් ද්වෙෂ ප්රනතිපක්ෂු නම් මෛත්රී ආදී වූ ඒ ඒ භාවනා යෙහි හැසිර ආනාපාන සතියෙහි යෙදී මෙන් මොහය ත් දුර කොට භවක්ෂීයට උත්සාහයක් ම කට යුතු.

172. එක්තරා උපාසක කෙණෙකුන් ගේ වස්තුවසංස්කරණය

තව ද බුදුන් ගේ කාරුණික කම හඟවන්ට එක්තරා උපාසක කෙණකුන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්—

එක් දවසක් බුදුහු දෙව්රම් වෙහෙර ගඳ කිළියේ වැඩ හිඳ ම් අළුයම්ම වේලේ ලොව බලන සේක - අළවු නුවර හිඳිනා එක් දුක් පත් කෙණකුන් නිවන් දැක්මෙහි නු දුක් පත් නියාව දැක පන් සියයක් දෙනා වහන්සේ පිරිවරා අළවු නුවරට වැඩි සේක. අළවු නුවර ඇත්තෝ ද බුදුන්ට ආරාධනා කළහ. ඒ දුක් පත් තැනැත්තෝ බුදුන් වැඩි නියාව අසා ‘බුදුන් ලඟට ගොසින් බණ අසමි’ සිතූහ. එ දවස් උන්ගේ ගොනෙක් දුරු බා පලා


             172.  එක්තරා උපාසක කෙණකුන් ගේ වස්තුව                   851


ගියේ ය. ඌ තුමු ‘කුමක් දෝ? ගොනු සොයා යෙම් දෝ නොහොත් බණ අසා සෙම් දෝ හෝ’ යි සිතා ‘ගොනු සොයා ගෙන‍වුත් ගෙරි අතුරේ ලා පිය පසු ව බණ ඇසීම් නම් දෙ කට යුත්ත ම වරදිනට නැතැ’යි උදෑසන ම ගොනු සොයන්ට ගෙන් නික්මුණාහ.

අළවු නුවර වැසියෝ ද බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ වඩා හිඳුවා දන් වළඳවා ලා බණට ආරාධනා කළහ. බුදුහු ත් ‘යමක්හු නිසා මම දොළොස් ගවුවක් මග ගෙවා අයිම් නම් ඌ තුමු ගොනකු බලන්ට වලට ගියහ. උන් ආවොත් මුත් බණ නො කියමි’ සිතා මුයෙන් නො බැණ වැඩ හුන් සේක. ඒ දුක් පත් තැනැත්තෝ ද දාවල් ‍ෙකාට ගොනු දැක ගොනු ගෙරි අතුරට හැර පියා බඩ සාය බලවත් වුව ත් ගෙට ගොස් බතක් කන්ට නො සිතා වහා බුදුන් කරා ගොසින් වැඳ එකත් පස් ව සිටියහ. බුදුහු ද ඔවුන් වැඳ ලා සිටි කල්හි දවස මුළුල්ලෙහි කෙළි කෙළ විඩා ව පියා ආ පුතණු කෙණකුන්ට බත් උදවු වන තෙක් කැවුමක් පෙවුමක් දෙන මෑණි කෙණකුන් මෙන් සසර දුක් ‍ෙගණ විඩා තැනැත්තවුන්ට නිවන් රස ය දෙවා වදාරනු කැමැති වළඳවා ලා සිටියවුන් අතින් ‘වළඳා ඉතිරි‍ බතෙක් මාළුවෙක් ඇද්දැ’යි විචාරා පන් සියයක් දෙනා වහන්සේට සපයා ලු දෙය හෙයින් ‘කැමැත්තකට ඉතිරි වී ය’යි කී කල්හි එ සේ වී නම් තුලුන්ට බත් දෙව’ යි වදාළ සේක.

උයි ත් එ තැන මා හිඳුවා ලා කැඳ ත් බතු ත් සුව‍ සේ ම කවා ලූහ. උයි ත් බත් කාලා අත කට සෝධා පියා සිටියහ. තෙවළා බුදු වදන් මුළුල්ලම බැලුව ත් රජුන් වහන්සේ අනික් කෙණකුන්ට බතක් දෙන්ට විධාන කළ තැනෙක් මෙ තැන විනා නො පෙනෙ යි. බත් කා බඩ පිරුණු කලට සිත ත් එකඟ වී ය. බුදුහු ඒ නියාව දැන පිළි‍ෙවළ කථාව වදාරා වතුස්සත්ය ය ප්ර කාශ කළ සේක. උපාසකයෝ ද බත් මත්තෙහි පැන් අනුභව කරණ කලක් මෙන් සෝවාන් වීමෙන් නිවන් රසත් අනුභව කළහ. ආමිෂ සංග්රාහධර්මරසංග්රාහ දෙක ම එක පැහැර ලැබීමෙන් දුක් පත් කම ත් අළහ. බුදුහු ත් අනුමෙවෙනි බණ වදාරා ලා වැඩ පී සේක. උපාසක වරුද බුදුන්ට පසු ගමන් කොට ලා නැවත පීහ.

වහන්දෑ ද බුදුන් හා කැටි ව වඩනා සේක් ‘ඇවැත්නි, බුදුන් ගේ කට යුත්තක් බැලුව මැනව. මෙ තෙක් දවස් මෙ බන් දක් නැත. අද දුක් පත් එකකු දැක කැඳ බත් දෙවු සේක. කුමක්


852 සද්ධර්ම රත්නාවලිය


නිසා එ ලෙස කොට වදාළ සේක් දැ’යි නො සතුටු ලෙස කථා ඉපැද වූ සේක. සියල්ල දන්නා වූ බුදුන් දැන වදාළා දෙයට තෙල ලෙස නො සතුටු වන කල සෙස්්සවුන් දැන ත් ‍නො දැන ත් කළ දෙයට නො සතුටු වීම විස්ම නො වෙයි. බුදුහු ත් රඳා වැඩ සිට කථා බොහෝ නො වන තෙක් ‘මහණෙනි, කුමක් කියවු දැ’යි විචාරා වදාරා එ පවත අසා ‘එසේ ය, මහණෙනි, මම වැළි ත් දොළොස්ගවුවක් ගෙවා එන්නෙමි හෙතු සම්පන්න තැනැත්තවුන් හෙයින් උන් ම මුල් කොට අයිමි. උනු ත් වැළිත් උදාසන පටන් ගොනකු සොයා ඇවිද ගෙට ගොසින් බතක් කන්ට නුවූ හෙයින් බඩ සාය ත් උන්ට බලවති.

‘බඩ සාය බලවත් තැන දී කෙ තෙක් බණ කීව ත් නිදන් වර දවා කරණ පිළියම් සේ ඒ බණින් උන්ට ප්ර යෝජන ත් මඳ. එ හෙයින් මෙ ලෙසක් කෙළෙමි’ වදාරා බණ වදාරන සේක ‘මහණෙනි, සෙසු ලෙඩට යහපත් එක බෙහෙදෙක් සම්භ වී නම් ඒ එක බෙහෙදින් ම සන්හ‍ඳෙයි. එක් තරම් බෙහෙත් වී නම් බෙහෙත් කළ කල හෝ සන්හිඳෙයි. නිරන්තර ව සේල් වෙති නැත. මේ ක්ෂූත් දුඃඛ ලෙඩට ත් අත් නොහැර නිරන්තර ව ම පිළියම් කට යුතු ය. අත් හැරී ගිය පමණකින් අසාධ්ය බවට පැමිණෙයි. එ හෙයින් මේ ක්ෂුත් දුඃඛ ය නම් බලවත් වු ලෙඩක. කෙලෙස් පිළියමට ත් ඒ පිළියම නැති ව බැරි ය. ප්රමත්ය් ය සමුත්පන්න ධර්මනයෝ නම් ප්රිත්යමයායත්ත ව පවත්නා හෙයින් ඉතා දුක්හ. ක්ෂුත් දුඃඛ ය බලවත් රොග නියා ත් පස් කඳ පිරිමැසීම ඉතා දුක් නියා ත් දැන ප්රනත්යඉ ය සමුත්පන්න නො වන හෙයින් හා ස්කන්ධයෙහි අන්තර්ගාත නො වන හෙයින් නිවන් නම් උතුම් සැපෙකැ යි නුවණැත්තෝ ඒ සිද්ධ කරන්ට උත්සාහ කෙරෙති වදාළ සේක. දෙශනා කෙළවර බො‍හෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්වුන් විසින්—

“වත්තාරො පඤ්ච ආලොපෙ— අභූත්වාධ උදකං පිවෙ. අලං ඵාසු විහාරාය — පහිතත්තස්ස භික්ඛුනො”

යන අනුශාසනා ලෙසින් සතරපස් ආ‍ලොපයකට අඩු ව තබා ඒ අඩු ව පැණින් පුරා නො හො ත් ප්රා ණ ය රැකෙන පමණකට සතර පස් ආලොපයක් වුවත් වළඳා අඩු ව පුරා පැන් වළඳා මහණන ධර්මෙ කොට නිවන් සිද්ධ කට යුතු.



                       173.   පසේනදී කොසොල් රජ්ජුරුවන් ගේ වත              853

173. පසේනදී කොසොල් රජ්ජුරු‍වන්ගේ වතසංස්කරණය

තව ද ආරොග්ය තාව උතුම් ලාභ නියාව හඟවන්ට පසේනදී කොසොල් රජ්ජුරුවන්‍ ගේ වත දක්වමු.

කෙ සේ ද යත්—

ආද්යේවස්ථාවෙහි දී ඒ රජ්ජුරුවෝ මගධ නැළියෙන් සාල් සොළොස් නැළියක බත්, ඒ බත් කා පියන්ට සෑහෙන තරම් මාළු වෙන් යුක්ත කොට අනුභව කෙරෙති. ඒ රජ්ජුරුවෝ එක් දවසක් පෙරවරු බත මේ නිමවා ලා භුක්තාලස්යත ය හැර නො ලා බුදුන් ලඟට ගොසින් ආහාරානුභවය බොහෝ හෙයින් මිරිකී පියා ඈත මෑත පෙරළෙමින් ඇසට නිඳි එත ත් ඉඳුරා නිදා පියා ත් නො හී එකත් පස් ව හුන් හ. බුදුහු ත් ඒ දැක වදාරා ‘කුමක් ද? මහරජ, මදක් සැත පි නො පියා අවු දැ’යි වදාළ සේක. ‘එසේ ය. ‘ස්වාමිනි, බත් කෑ වේලේ පටන් දුක් බොහොම ය යි කිවු ය. බුදු රජුන් වහන්සේ ද, ‘මහ රජ, ඇතැ යි කියා පමණ නො දැන බොහෝ කොට අනුභව කිරීම යහපත් නො වෙයි.

මනුජස්ස සදා සතීමතො - මත්තං ජාසතො ලද්ධභොජනෙ, තනු තස්ස භවන්ති වෙදනා - සණිකං ජිරති ආයුපාලයං.

යනු හෙයින් ‘මහ රජ, පමණ දැන අනුභව කිරීම යහපතැ’යි වදාළ සේක. රජ්ජුරුවෝ අනුභවයෙහි පමණ නො දන්නාසේම වදාළ අවවාදය ත් දත නුහුණුවූ ය. ලඟ සිටි සුදසුන් නම් බෑනණුවන්ට ‘අවවාද විසින් වදාළ තෙලෙ ගාථාව සිත තබා ගනුව’යි කිවු ය. උයි ත් තමන් නුවණැති හෙයින් එකශ්රැාතීන් ගාථාව ඉගෙන ගෙණ ‘ස්වාමිනි, ඉනිබ්බ කුමක් කෙරෙම් දැ’යි බුදුන් විචාළේ ය. බුදුහු ත් ‘රජ්ජුරුවන් බත් කා නිමවා ගෙණ ගොසින් කෙළවර ආ‍ෙලාව ය කට තබන කලට තෙලෙ කාථාව කියව. ආදී එකට කියා ලූ හෙයින් අර්ත්ථෙ සලකා පියා කෙළවර ආ‍ෙලාප ය අතට ගත් වුව ත් හැර පියති. ඒ ආලොපයෙහි හුළු ගැණ ලා රජ්ජුරුවන්ට බත් පිසන වේලේ දි හළ බත් ආලොපයෙහි උළු විවරට හාලැට හරවා ලව’යි වදාළ සේක උයි ත් ‘යහපතැ’යි ගිවිස දවාලු ත් රෑ ත් රජ්ජුරුවන් බත් කන වේලේ දී කෙළවර ආ‍ෙලාප ය අතට ගත් වේලාට ඒ ගාථාව කියාලා ‍හළ පි‍ඬෙයි හුළු ගණනට දවසින් දවස සාලැට හරවති. රජ්ජුරුවෝ ද ගාථාව අසා බෑනණුවන්ට දහසක් දෙවාලති. පසුව කල් යෑමක දී එක විට නො ව ක්රවම ක්රටමයෙන් බොහෝ

854 සද්ධර්මකරත්නාවලිය

කොට කෑම හළ හෙයින් නිරායාසයෙන් ම අල්පාහාරී ව සාල් නැළියෙක බත් පමණකින් යපෙනු ව බඩත් කුඩා ව ගොසින් සැහැල්ලු ව ගත්හ.

ඉක් බිත්තෙන් එක් දවසක් බුදුන් ලඟට ගොසින් බුදුන් වැද ලා ස්වාමිනි, දැන් මට ඉතා පහසුව. දුවාලියේ ලා ලූ අසුන් වත් ලුහුබඳවා ගෙන ගොසින් අල්වන්ට පිළිවන. පෙර දිවන්නා තබා බඩ මහත් හෙයින් සෙමින් සිට ගමන ත් බැරි ය. පෙර මාගේ බෑන අජාසත් රජ්ජුරුවන් හා ගමක් නිසා නිති සටන. දැන් මාගේ වජිර කුමාරී නම් දුවණියන් උන්ට පාවා දෙවා ලා ඒ ගමත් උන්ට දායාද කොට දෙවා ලීමෙන් සටනු ත් තිබී එ ලෙසිනු ත් වූයේ පාසුව. සක් දෙවිඳු කුස රජ්ජුරුවන්ට දුන් අට තැනකින් වක් වූ මැණික් රජ පරම්පරාවෙන් නැවත අවුත් මා සමයේ ආදී අපවත් ව තිබී ලා දැන් පවත් වි ය. එයි ත් එක් පාසුවෙක. මුඹ වහන්සේගේ සවුවන් වහන්සේ හා ගණ සම්බන්ධපය නිසා මුඹ වහන්සේට න‍ෑ ව සිටි වාසභඛතිතියාවනු ත් අගමෙහෙසුන් කෙළෙමි. හැමයට වඩා එයි ත් එක ඵාසුවකැ’යි කීහ.

බුදුහු ද උන් පදපරම වුව ත් උන්ට බණ වදාරන සේක් ‘යම් කෙණෙක් රෝගීහු වු නම් උන්ගේ කෙ තෙක් සම්පත් ඇතැ ත් ඒ ප්ර්යෝජන විඳගන්ට නැති හෙයින් ඒ ලාභ ය අලාභයක් ‍හා ම සරිය. යම් කෙණෙක් නිරෝගීහු වූ නම් සෙසු සම්පත් ඊ ම ආ හෙයින් නිරෝගී උතුම් ලාභ ය. ගිහි කෙණෙක් වත් ශාසනික කෙණෙක් වත් යහපත් වුව ත් නපුරු වුව ත් ලද දෙයකින් සතුටු වෙත් නම් අනිකක් නො පත ත් නම් ලොවී ලොවුතුරා සැප ත් සාධා දී මෙහි එ තරම් වස්තුවක් නැති හෙයින් ඒ සන්තෝෂය උතුම් ධනයෙක. දෙ මවුපිය නැදිමයිල් මල් බෑන. ආදී වූ නෑයෝ හිත අදහස් නැත්තෝ වූ නම් ඌ නෑයෝ නම් නො වෙති. යම් කෙණෙක් නො නෑයන් වූව ත් හිතයෝ වූ නම් ඌ අවශ්යොයෝ නම් වෙති. තොප කියා ලූ සැප මුළුල්ලට ම නිවන් සම්පත් ඉතා සැප ය’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන සෝවාන් - සෙදැගැමී- අනැගැමි - රහත් වූහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ආරොග්ය තාව ම උතුම් ලාභ කොට සිතා ගෙණ ලද දෙයකින් සතුටු වීම් ධන කොට සිතා ගෙණ මෙ ලෝ පර ලෝ සාධා ලීමෙහි හිතයන් ම නෑයන් කොට සිතා ගෙණ අකුසලින් දුරු ව කුසල්හි හැසිර නිවන් සාධන්ට උත්සාහ කට යුතු.


             174.   තිස්ස නම් තෙර කෙණකුන් වහන්සේ ගේ වස්තුව            855

174. තිස්ස නම් තෙර කෙණෙකුන්වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද විවේක වාසයෙහි යහපත හඟවන්ට තිස්ස නම් තෙර කෙ‍ණකුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ‍ සේ ද යත්—

තිලෝගුරු බුදු රජාණන් වහන්සේ සාර මසක් විතරින් පිරි නිවන් පාමි යි වදාළ කල්හි ලඟ වැඩහුන් පුථුජ්ජන වහන්දෑ ගෙන් පන් සියයක් දෙනා වහන්සේ මුසුප්පු වූ සේක. රහතන් වහන්සේට භය නැති හෙයින් ප්ර්ත්ය ය සමුප්පන්න ධර්මු විෂයෙහි භයාකාර ව උපදනා නුවණ උපන. පුථුජ්ජන වහන්දෑ හඬා පියා මුළු ව ගෙන කුමක් කරමෝ දැ’යි කථා කළ සේක. ඉන් තිස්ස නම් තෙරුන් වහන්සේ බුදුහු සාර මසක් විතරින් පිරිනිවන් පානා සේක් ල. මම ද වැළි ත් භවක්ෂහය කට නුහුණුයෙමි. සාර මසක් විතර හෙයින් බුදුන් ජීවිත් වන අවධියේ ම රහත් වන්ට කලු ත් ඇත. මාගේ ප්රසතිපත්ති සාර කම බුදුනුත් ද මනා වේ දැ’යි සතර ඉරියවුවෙන් එක් ඉරියවුවෙක ත් ගණසඞ්ගනිකා නැතිව විවෙකවාසයට පටන් ගත් සේක. විවෙක වාසයට ම තර හෙයින් වහන් දෑ ලඟට ගමනෙක් වේව යි කථාවෙක් වේ වයි නැත. වහන්දෑ ද මුන් වහනසේ වෙන් ව ගෙන ඇවිදිනා හෙයින් කුමක් කොට ඇවිදිනා නියා දැ යි විචාරන සේක. වහන් දෑ කුමක් කීවත් කතා කිරීම කරණ භාවනාවට විබන්ධ හෙයින් බැණ ‍ෙනා නැහෙන සේක

වහන්දෑ ද එ පවත් බුදුන්ට දන්වා ලා ස්වාමිනී, තිස්ස තෙරුන් වහනසේ මුඹ වහන්සේ කෙරෙහි මමායනයක් නැති සේ කැ’යි කී සේක. බුදුහු ත් උන් වහන්සේ කැඳවා ලා ‘කුමක් නිසා මෙ ලෙස කරවුදැ’යි විචාරා උන් වහන්සේ ත් තමන් වහන්සේගේ පවිත්රය වු අදහස කී කල්හි තුන් විටක් විතර සාධුකාර දෙවා වදාරා ‘යම් කෙ‍ණෙක් මා කෙරෙහි ස්නෙහ ඇත්තෝ වූනම් තිස්සයෝ උන්ට පිටත් නො වෙති. සුවඳ මල් ආදීයෙන් කරණ තරමට පිළිවෙතින් කරණ පුජාව ම බලවතැ’යි වදාරා බණ වදාරන සේක්ගණ සඞ්ගනිකාවෙන් වෙන දුක් හැර විවෙක වාස ය නිසා වන ඵාසුව ද එ ම මුල් ව ලබන නිවන් රස ය ද අනුභව කොට රහත් වූ මහණ රාගාදී පීඩා නැති ව එ හෙයින් ම නිෂ්පාපීච නව ලොවුතුරා දහම් ප්රීාති රසය විඳි’යි වදාළ සේක. දෙශනා කෙළවර තිස්ස තෙරුන් වහන්සේ විවේක වාස ය සාර්ථක කොට රහත් වූ සේක. මේ දෙශනාව බො‍හෝ තැනට ත් සප්රකයෝජන වි ය. 856 සද්ධර්මදරත්නාවලිය

එ හෙයින් නුවණැත්තවුන් විසින් ගණසඞ්ගනිකාවෙන් දුරු ව විවේක වත් පුරා ලොව්තුරා සැප සිද්ධ කට යුතු. – – – –

175. සක් දෙවිඳුහු ගේ වස්තුවසංස්කරණය

තව ද ගිලන් තැනට පිරිසිදු අදහසින් උපස්ථාන කිරීමෙහි යහපත දක්වා උත්සාහ වඩනා නිසා සක් දෙවිඳු ගේ වත කියමු.

කෙ සේ ද යත්–

බුදුන් පිරිනිවන් පානා අවධියෙහි රක්තාතීසාර ය ඇති වූ නියාව දැන සක් දෙවිඳු තෙමේ ‘මම ගොසින් බුදුන්ට මෙහෙයක් කෙළෙමි නම් යහපතැ’ යි සිතා සිතිවිලි මහත් හෙයින් අත්බැව කුඩා කරන්නා සේ තුන් ගවු පමණ අත් බැව් හැර මිනිස් ලොවට තරම් අත් බැවකින් යුක්ත ව බුදුන් කරා අවුත් වැඳ ලා පය මැඬ මැඬ හුන්හ. බුදුහු ත් නො දන්නාක් මෙන් ‘තොපි කවුරු දැ’යි විචාළ සේක. ‘ස්වාමිනි, මම සක් දෙවිඳු ය’යි කිවු ය. ‘කුමක් නිසා අවුදැ’යි විචාළ කල්හි ‘ස්වාමිනි, මුඹ වහන්සේගේ ලෙඩ බලන්ට අයිමි’යි කිවු ය. ඒ අසා බුහුදු ‘හෙම්බා ශක්රහයෙනි, දෙවි යන්ට මිනිසුන්ගේ ශරීර ගන්ධ ය සාර සියයක් ගවුවේ පටන් කර බන් කුණක් මෙන් ඇසෙ යි. තොපි නැඟී යව. මට ගිලන් උවටා කම් කරන්නෝ ඇතැ’යි වදාළ සේක.

සක් දෙවිඳුහු ‘ස්වාමිනි, මම මෙ තැනට තුන් ලක්ෂන ස තිස්දහසක් ගවු විතරේ සිටියෙමි. මුඹ වහන්සේගේ ගුණ සුවඳ අසා අත් පා මෙහෙයක් කිරීමෙන් පින් විලෙවුන් ගන්නා පිණිස අයිමි. සසර දුක් නමැති කුණු පැටි කොට පින් විලෙවුන් ගත දුන මැනව. ඊට බාධා නො කළ මැන වැ’යි කියා ලා අනික් කෙණෙකුන්ට අවසරයක් නො පෑ අනඳ මහ තෙරුන් වහන්සේ පමණකුත් එ දවසට වැද්ද නො දී ශරීර කෘත්යතයට වැඩි විල් හිස තබා ගෙණ ගොසින් බානාහු මූණ හැකිළීම් පමණකු ත් නො කළහ. සුවඳ පුරාලූ කරඩුවක් හිස තබා ගෙන යන කෙණකුන් මෙන් වූහ. මෙ ලෙස පිළිපැද ලා බුදුන්ට ගුණ ව ගත් කල ම ගියහ.

වහන්දෑ ද ‘ඇවැත්නි, ශක්රනයන්ගේ බුදුන් කෙරෙහි භක්තියක් බලව. මේ තරම් වූ ශක්ර‘සම්පත් හැර අවුත් මුණ හැකිළීම් පමණකුත් නො කොට සුවඳ පිරූ කරඬුවක් හිස තබා ගෙන යන් නා සේ විල් බෑවු ය’යි කථා ඉපැද වූ සේක. බුදුහු ඒ අසා වදාරා ‘මහණෙනි, කුමක් කියවු ද? ශක්රේයන් මට ලෙන්ගතු වීම මා කළ

                             175.  සක් දෙවිඳු ගේ වස්තුව                                  857

තරමට විස්මය නො වෙයි. මුන් තමන් තුන් කෙළ සැට ලක්ෂ යක් හවුරුදු පමණ ආයු ත් නිමා ගොසින් මරණ භයින් තැති ගෙන පඤ්චසිඛයන් පෙරාතු කොට ලා බො‍හෝ දෙවියන් පිරිවරා ඉඳුහල් ලෙනට ආවවුන්ට—

“පුච්ඡ වාසව මං පඤ්භං - සං කිඤ්චි මනසිච්ඡසි, තස්ස තස්සෙව පඤ්භස්ස - අහං අන්තං කරොමි තෙ”

යනාදීන් බණ කිමි. බණ කෙලවර තුදුස් කෙළක් දෙවියෝ නිවන් දුටහ. ශක්රීයෝ ද සෝවාන් වීමෙන් සසර දුකු ත් ගෙවා තුන් කෙළ සැට ලක්ෂදයක් හවුරුද්දට ආයු ලදින් ශක්ර සම්පත් තර කළහ. මෙ බඳු උපකාරයක් කළ මට මුන් මෙ පමණක් කිරීම විස්ම නො වෙයි. මා කළ සේ තව ත් පන් සාළිස් හවුරුද්දට ආයු ගෙණ දී ලු නම් ඒ විස්ම ය උන් කට නුහුණු කළ අත් පා මෙහෙපමණක් කරන්ට බැරි කවරේ දැ’යි වදාරා බණ වදාරන සේක්- මහණෙනි, බුද්ධාදි උත්තමයන්ගේ දැකීම් පමණකුත් යහපත. යහපත් නියාව අනික් පිණක් නැතිව දුටු පමණින් ම මට්ටකුණ්ඩලීන් ලත් ලොවී ලොව්තුරා සැපතින් දනුව. හුදෙක් දැකිම් පමණක් ම යහපත් නො‍ වෙයි. ඒ සත් පුරුෂයන් හා එක් තැන් ව විසීමත් උන්ට උපස්ථාන කිරීමත් කැල ම යහපත. උත්තම යන්ගේ දැක්ම යහපත් සේ ම නුවණ නැත්තවුන්ගේ නො දැක්ම යහපත. දෙවදත්ත- කෝකාලිකාදීන් මෙන. යම් කෙණෙක් නුවණ නැත්තවුන් හා එක් වූ නම් එක් වූ පමණෙකින් බො‍හෝ දුකට මුළාවට පැමිණෙති. සතුරු ව සිටියවුන් හා එක්ව කරණ වාසයක් මෙන් නුවණ නැත්තවුන් හා එක් ව විසීමත් හැම දවස් ම දුක හිත මිත්ර යන් හා කරණ ගොෂ්ඨියක් මෙන් නුවණැත්තවුන් හා එක්වීම මෙ ලෝ පර ලෝ දෙකින් ම යහපත.

යම් හෙයකින් බාලයන් හා එක් වීමෙන් දුකක් මුත් සැපයෙක් නැත් ද, නුවණැත්තවුන් හා ඒකවීමෙන් යහපතක් මුත් නපුරෙක් නැත් ද, එ හෙයින් අහස භජනය කරණ සඳ පරිද්දෙන් කායික චෛතසික වීය්ය්ැපය ඇති ලොවී ලොවුතුරා නුවණින් යුත් ආගම- අධිගම දෙකින් ම අඩුවක් නැති බොහෝ ඇසූ පිරිවූ තැන් ඇති ව අර්හත්ව ය දක්වා පමුණුවා ලන විවසුන් ධූරය උසුලන්නා වූ සිවු පිරිසිදු සිල්හි පිහිටි ත්ර යොදශ ධූතඞ්ග පූරක වූ කෙලෙසුන් කෙරෙන් දුරුව වසන සත් පුරුෂයන් භජන ය කරව’යි වදාළ සේක. දෙශනා කෙළවර බො‍හෝ දෙන නිවන් දුටහ.



858 සද්ධර්මනරත්නාවලිය

එ හෙයින් නුවණැත්තවුන් විසින් අකුසලින් දුරු වන්නා සේ අසත් පුරුෂයන් කෙරෙන් දුරුව කුසල්හි පිහිටන්නා සේ සත් පුරුෂයන් හා එක් ව උන්ගේ අවවාදයෙහි පිහිටා නිවන් සාධා ගත යුතු.

176. තුන් පිය පුත් මා කෙ‍ණකුන්ගේවස්තුවසංස්කරණය

තව ද ගෘහසන්නිශ්රීුත ප්රෙ මයෙහි නපුර හඟවනු නිසා තුන් පිය පුත් මා කෙණකුන් ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්—

සැවැත් නුවර එක් දෙ මාලු කෙණකුන්ගේ නිවාලූ නො වන ලෙසට එක ම පුතණු කෙණෙක් වූහ. ඌ තුමු මවු පියන් දෙදෙනාට රහතන්ට නව ලොවුතුරා දහම් මෙන් ප්රිායයහ. ඌ තුමු එක් දවසක් ආරාධනාවෙන් අවුත් තමන්ගේ ගෙයි දී වැළඳු වහන්දෑගේ අනුමෙවෙනි බණ අසා ඇවිටීයක් සේ මහණ වීමෙහි රුචි ඇති ව දෙ මවු පියන්ට අනුදන්ට කීහ. එක ම පුතණුවන් හෙයින් දෙ මවු පියෝ අනු නො දත්හ. කුමරයෝ ද ‘දෙ මවු පියන්ට නො කියා ම ගොසින් මහණ වෙමි’ යි සිතූහ. උන්ගේ පියාණෝ ද බෑරක් යන්නෝ තමන් බෑර යන කල ඔබ්බට නො යා දෙන්ට මෑණියන්ට සම්මත කොට ලා යෙති. මෑණියෝ බෑර යන කල පියාණන්ට සම්මත කොට ලා යෙති.

එක් දවසක් පියාණෝ බෑරක් යන්නෝ මෑණියන්ට සම්මත් කොට ලා ගියහ. උයි ත් පුතණුවන් ගෙය ඇතුළේ ලා ලා බා කකුලෙක වැතිර ගෙන එක බා කකුලෙක පස් ගන්වා ලා දොර කඩ අවුරා බිම වැද හිඳ හූ කටිති. කුමාරයෝ ද, මුන්දෑට වළහා පලා යෙමි’ සිතා ‘අම්ම, පය මඳක් ඉවත් කොට ගන්නේ. ශරීර කෘත්යපයට යෙමී’ත කියා ලා සැබෑ දෝ’යි සිතා ලා උනු ත් පය හකුළුවා ගත් කල්හි ගෙන් පිටත් ව වහාම විහාරයට ගොසින් වහන්දෑට ‘මා මහණ කළ මැනැවැ’ යි කියා දෙ මවුපියන් අනුනොදත්තවුන් මහණ නො කරන්ට විධාන ය නූ වූ හෙයින් නො‍තෙහාත් බොරු කියාලා ආ තැන්ත්තවුන්ට බොරු කීමෙහි බැරියක් නැති බැවින් අනුදත්ත යි බොරු කියා හෝ වහන්දෑ ලඟ මහණ වූහ. උන්ගේ පියාණෝ ද ගෙට අවුත් ‘ම පුතු කොයි දැ’යි විචාර ‘තෙල සේ ගියෝ ය’යි කී කල්හි ගොසින් බලනුවෝ එ තැන්හි නො දැක ආදීම මහණ කරන්ට කී බැවින් මහණ වන්ට ගිය නියා වනැ’යි වෙහෙරට ගොසින් වෙස් වළන්ට අනික් වෙසක් ගත්තා සේ

          176.  තුන් පිය පුත් මා කෙණකුන් ගේ වස්තුව                    859

මහණ වූවන් දැක ‘පුතඬ, මේ කුමක් කළ නිසා දැ’යි හඬා පියා ‘ම පුතුන් මහණ වූ කල මම ගෙයි රඳා කුමක් කෙරෙම් දැ’යි වියොගය ඉවසා ගත නො හී වහන්දෑට කියා ලා තුමුත් මහණ වූහ.

මෑණියෝ ද දෙ පුතු පියන් කල් යවන හෙයින් ‘කුමක් දෝ හෝ යි, විහාරයට ගොසින් මහණ වූ නියා දෝ හෝ’යා තුමු ත් විහාරයට ගොසින් සැදෑයෙකින් නො ව රට සරියට වුවත් මහණ වූ දෙ පුතු පියන් දැක ‘මුන් දෙන්න මහණ වූ මා ගිහි ව රැඳීමෙන් ප්රවයෝජන කිම් දැ’යි තුමුත් මෙහෙණවරට ගොසින් මෙහෙණිනි වූහ. ගෙවල් දොරවල් හැර මහණ වූ බව මුත් ඔවුනොවුන් කෙරෙහි ප්රෙූම ය අවශ්යලයෙන් හළ මනා වුවා හැර ගත නො හී වෙහෙර වුව ත් මෙහෙණවර වුව ත් එක් ව හිඳ කථා කෙරෙමින් දවස් යවති. භික්ෂූ-භික්ෂූණී දෙපක්ෂරයට ම මුත් තුන් පක්ෂියේ තරම් නිසා මහා අට්ටල.

එක් දවසක් වහන්දෑ ඉවසා ගත නො හි මුන්ගේ මේ කට යුත්ත බුදුන්ට දැන් වූ සේක. බුදුහු ත් ඒ තුන් පක්ෂු ය ගෙන්වා ලා සැබෑ ද? තෙපි මෙලෙස කරවූ දැ’යි විචාරා සැබෑවැ යි කී කල්හි ‘තෙල ලෙස කුමට කරවු ද? මහණ සරුප් නො වෙ’යි වදාළ සේක. ස්වාමිනි, වෙන් ව වැස පිය නො හෙම්හ. මහණ වූයේ ත් විවේක ව වසන්ට නො වෙයි. වෙන් ව විසිය නො හී ය’යි කී කල්හි ‘ගිහි අවස්ථාවෙහි කෙලෙස වුව ත් මහණ වූවන්ට තෙලෙ සරුප් නො වෙයි’ වදාරා උන් තුන් පක්ෂෙයට කුමක් වූව ත් සම්ප්රාොප්ත පර්ෂහදට ප්ර යොජන සඳහා බණ වදාරණ සේක් ‘යම් කෙණෙක් තුමූ මහණ සරුප් නො‍ වන දෙයෙහි යෙදී වෙසෙත් ද , යෙදුණ මනා සමථ විදර්ශ්නාදීයෙහි නො යෙදෙත් ද, මහණ වූ තැන් පටන් ත්රිුවිධ ශික්ෂාථ පූරණ ය හැර පියා පස් කම් ගුණ සෙවුණාහු තමන්ගේ ඒ දුෂ්ට ප්රපතිපත්තින් ශාසනයෙන් පිරිහී පියා ශාසනික ව මහණ ධම් සකසා කොටා දෙවි මිනිසුන් ගෙන් ලාභසත්කාර ලබන තැන් දැක ආඳා යවා ලා වල් පත ඇල්ලුවා සේ ‘අපි ත් මෙ බඳු වූ මො නම් යහපතැ’යි නො ‍එක් ලෙසින් පිරිහී ලා සිට එ බන්දක් කැමැති වෙති. එ හෙයින් කිසි කලෙක ත් ප්රි ය අප්රි්ය දෙ පක්ෂබ ය හා ම එක් නො වව.

කාරණ කිම් ද යත්- ප්රිෂය විප්රවයොගය ත් දුක. අප්රිිය සම්ප්රණයොග ය ත් දුක. යම් හෙයකින් මේ දෙක ම දුක් ද, එ සේ හෙයින් කිසිවෙකත් ප්රෙුම කට යුතු නො වෙයි. ප්රි්ය විප්ර යෝගය නිසා වන දුකුත් අප්රිමය සම්ප්රියොග ය නිසා වන දුකු ත් ලාමක ය. ඒ නපුරු හෙයින් කාරණ වූ ප්රිසය විප්රියොග අප්රිිය සම්ප්රායොග දෙකත් ලාමක ය.

860 සද්ධර්මුරත්නාවලිය

යම් කෙණකුන්ට කිසිවෙක ත් ප්රෙ ම නැත් නම් උන්ට අභිද්ධ්යාිකාය ග්රඅන්ථ ය ප්ර හීණ ය. යම් කෙණකුන්ට සත්ව සංස්කාර දෙකෙහි ම අප්රියයතාව නැත් නම් ව්යාකපාද කාය ග්ර න්ථ ය උන්ට නැත. මේ දෙක යම් කෙණකුන්ට නැත් නම් ලක්ෂකණ භාර නයින් අනික් කාය ග්රඋන්ථ දෙකත් උන්ට නැත. එ හෙයින් අනුනය ප්රනතිඝ දෙක කළමනා දෙයක් නො වෙ’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

අර මූ තුන් පිය පුතු මවු ද එ තෙක් බණ වදාළත් ගල තල වට වැස්සෙන් ප්රමයොජන නැත්තා සේ එ බණින් ප්රබයොජන නැති ව වෙන් ව වැස ගත නො හී සිවුරු හැර පියා භූරිදත්ත ජාතකයෙහි වැදි බමුණා නාග සම්පත්තීන් පිරිහී කළු දෑකඩ ම හන් සේ දුඃඛ ජීවිකාවට පැමිණියහ.

එ හෙයින් සත්පුරුෂයන් විසින් නො කළ මනා දෙය විෂඝොර සර්පයන් මෙන් දුරු කොට කළ මනා දෙය අධිගත ගුණ මෙන් අත් නො හැර මනා පිළිවෙත හැසිර නිවන් දහම් පසක් කට යුතු.

177. එක්තරා කෙළෙඹියාණ කෙණකුන්ගේවස්තුවසංස්කරණය

තව ද ගෘහසන්නිශ්රීකත ප්රෙ මයෙහි ආදීනව හගවන්ට එක්තරා කෙළෙඹියාණා කෙණකුන් ගේ වස්තුව දක්වමු.

කෙ‍ ‍ෙස් ද යත්— ‘ එ කෙළෙඹියාණෝ තමන්ගේ පුතණු කෙණකුන් මළ කල්හි පුත්රආ ශොකයෙන් පෙළී පුතණුවන් දවා පී සොහොන් බිමට ගොසින් එක් වන් හඬති. එසේ ‍ෙකාට ත් ඒ තමා ශොක සන් හි‍ඳෙන කාරණයක් නො වන හෙයින් ශොක ය තුනී කොට නො හෙති. නිශ්ශොක වූ බුදුහු ද ලොව බලන සේක උන් සෝවාන් වන්ට නිසි පින් ඇති නියාව දැන සිඟා වළඳා අන්තයෙහි පසු මහණ කෙණකුන් වහන්සේ ඇති ව උන්ගේ ගෙ දොරට වැඩි සේක. උයිත් බුදුන් වැඩි නියාව අසා මාගේ ශොක නමැති ගිම් සදහම් නමැති වැසි වස්වා සන්හිඳුවනු නිසා වැඩි නියා ය’යි බුදුන් වඩා ගෙන්වා ගෙ මැද හස්නකු ත් පනවා ලා බුදුන් වැඩ හුන් කල්හි අවුත් වැඳ එකත් පස් ව හුන්හ.

ඉක් බිත්තෙන් බුදුහු නො දත් බඳු ව ‘උපාසකයෙනි, මුසුප්පු වැනැ’යි විචාරා ‘පුත්රො ශොකය නිසා ය’යි කී කල්හි ‘උපාසකයෙනි, ශොක නො කරව. මේ මරණ නම් මැණික් ආකාරවල් මුත් සෙසු 177. එක්තරා කෙළෙඹියාණ කෙඛකුන් ගේ වත 861


තැත් මැණික් ආකාර නො වන්නා සේ එක තැනක මුත් සෙසු තැන නැත්තෙක් නො වෙයි. අනුපධිශෙෂ නිර්වා ණ ධාතුවෙන් පිරිනිවියන්ට විනා සෙස්සන්ට නැත්තෙක් නො වෙ යි. මහා සම්මතා දී ආනුභාව සම්පන්න රජ දරුවනු ත් නො බැලී ය. කූට දන්ත- ජානුස්සොනි ආදී වෙද වෙදාඞ්ගයෙහි නිපුණ බ්රාැහ්මණ වරුනුත් නො බැලී ය. සෙනක - මහෞෂධ - විධූරාදී නුවණැත් තවුන් නො බැලීය. යම් තාක් භවොත්පත්ති නුසුන් නම් ඒ තාක් නො නවත්තී. නිවන් විනා නිත්යො දෙයක් නැත. එ හෙයින් නස්නා සුලු දෙය නට යි නුවණින් සැලකිය යුතු ය. ශෝක කටයුතු නො වෙයි. පෙර නුවණැත්තෝ ත් පුතුන් මළ කල බි‍ඳෙන සුලු දෙය බුනැ යි සෝක නො කොට මරණ සී භාවනා ම කොළෝ ය’යි වදාරා ‘ස්වාමිනි, එ ලෙස භාවනා කොළෝ කවුරුදැ’යි, කවර කලෙක කොළෝ දැ’යි කෙළෙඹියාණන් විචාළ කල්හි ඉකුත් වත හස්ම ප්රකච්ඡන්ත ජාත වෙදයක් සේ සැඟවී තුබුවා ගෙන හැර දක්වන සේක්-

‘උරගොව තචං ජිණ්ණං - හිත්වාී ගච්ඡති සංතනුං,

එවං සරීරෙ නිබ්භොගෙ - පෙතෙ කාලකතෙ සතී.
ඩය්හමා‍ෙනා න ජානාති - ඤාතීනං පරිදෙවිතං.
තස්මා එවං න සොවාමි - ගතො සො තස්ස යා ගති’

යනාදීන් ගාථා පසකින් හෙබියා වූ උරග ජාතක ය විස්තර කොට වදාරා ‘තෙපි යම් සේ කළ මනා කර්මා න්ත ත් හැරපියා කෑම් පීමු ත් නැති ව හඬවුද වැලපෙවු ද පෙර නැවණැත්තෝ එ ලෙස නො ‍කොට මරණ සී භාවනා මෙනෙහි කිරීමෙන් ශොක දුරු කළහ. තෙපිත් එ ලෙසෙ ම කරව. තොපට උපන් මේ ශොකය නම් තොපගේ පුතණුවන් නිසා ම උපන. වෘත්තමූලක වූ ශොකයෙක් උපදී නමුත් භයෙක් උපදී නමුත් ප්රිපය වූ සත්ව සංස්කාර දෙකින් එකක් නිසා ම උපද්දී. යම් කෙණකුන්ට කිසිවෙක ත් ප්රි ය භාවය නැත් නම් උන්ට ශොකත් නැත. භය ත් නැත. තන් මුඛයෙන් වෘත්තමූලක වූ ශොකයෙක් සියල්ල ම නැතැ’යි වදාළ සේක. දෙශනා කෙළවර කෙළෙඹියාණෝ ශොක ත් තුනී ව සෝවාන වූහ. තවත් එ තැනට පැමිණියවුන්ට සප්රෙයෝජන වී ය. පස්වා දහස මුළුල්ලේහි ත් බොහෝ දෙනාට ප්ර යෝජනවත් වෙ යි.

එ හෙයින් සත් පුරුෂයන් විසින් පුත්ර ශොකාදියට ත් වඩා කුසල් පිරිහේ නම් ඊට ශොක කොට අකුසල් සිද්ධ වේ නම් ඊට භය ඇති ව සසර දුක් ගෙවන්ට උත්සාහ කට යුතු.


862 සද්ධර්ම්රත්නාවලිය

178. විශාඛාවන් ගේ වස්තුවසංස්කරණය

තව ද ශොකයෙහි ම ආදීනව හඟවන්ට විශාඛාවන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්—

විශාඛාවෝ දන්තා1 නම් මිනිබිරිණි කෙණකුන් තමන් තනතුර සිටුවා ගෙයි දි වළඳන වහන්දෑට උනු ත් බලවත් ව සැදෑ ඇති හෙයින් උන් ලවා වෙය්යාිවත් කරවති. ඌ කල් යෑමකදී සැදෑ ඇති බව මුත් ආයු ශක්ති ය නැති හෙයින් මළහ. විසාඛාවෝ ද උන්ගේ ආදාහන ය කරවා ලා තමන් නො රහත් හෙයින් ශොක ඉවසා ගත නො හී බලවත් මුසුප්පු ඇති ව බුදුන් ලඟට ගොසින් එකත් පස්ව හුන්හ. බුදුහු ත් ‘හැ යි විශාඛාවෙනි, මුසුප්පු වනැ’යි වදාළ සේක. ස්වාමිනි, මාගේ මිණිබිරියෝ නම් මට ඉතා ප්රිශය යෝ ය. මා සේ ම සැදෑ ඇත්තෝ ය. ආචාරසීලි කමුත් යහපත. එ තරම් කෙණකුන් ලද නො හැකි හෙයින් සෙසු බොහෝ මුනු බුරන් නො මළවුන් ඇතත් මුසුප්පුයෙමී’ කිවු ය. විශාඛාවෙනි, සැවත් නුවර මිනිස්සු කෙතෙක් ඇද්දැ’යි විචාළ සේක. ‘ස්වාමිනි, මුඹ වහන්සේ ම සත් කෙළකැ’යි වදාළ සේක් වේ දැ යි කිවුය. ඉදින් මෙතෙක් දෙන තොපගේ මිනිබිරිණියන් හා සරියෝ වී නම් කැමැත්තෝ දැ’යි විචාළ‍ සේක. ‘එ සේ ය. ස්වාමිනි’යි කිවුය. ‘මේ සැවැත් නුවරින් දවසකට කෙ තෙක් විවර මියෙත් දැ’යි විචාළ සේක ‘ස්වාමිනි, මෙ තෙක් දෙන යැයි නියම ඇද්ද? මහ නුවර හෙයින් ජනගහනයත් බලවත් හෙයින් බොහෝ දෙන මියෙති. උපදනා වුනුත් බෙ‍ාහෝ සෙයින් අඩුව නො පෙනෙ’යි කිවුය. එ සේ වී නම්, විශාඛාවෙනි, නුවර වැස්සන් මුළුල්ල ම තොපගේ මිනිබිරිණියන් හා සරි වීම කැමැත්තා නම් උන් උන් මළ කලත් මුසුප්පු වුවමනා වේ ද? එ සේ ම වන්නා මළ මළවුන්ට ශොක කර මුත් තොපට අනිකකට අවසර නැතැ’යි වදාළ සේක.

විශාඛාවෝ ද බුදුන්ගේ කථාව අසා සෙස්සවුන්ගේ මරණ ත් මාගේ මිනිබිරිණියන්ගේ මරණත් දෙක ම මරණින් සරි ය. උන් හැම මළ කල සෝක නැත්තෙ ත් මුන් මළාට සෝක ඇත්තෙත් මුන් කෙරෙහි ඇති ප්රෙඋමය නිසා ය. සෙස්සවුන් මළ කල සෝක නැත්තෙ ත් උන් කෙරෙහි ප්රෙතම නැති හෙයින. මුන් කෙරෙහි ත් ප්රෙ ම නැත් නම් සෝක ඇති වන්ට කාරණ නැතැ’යි පියාණන් සඟවා කියා ලූ අවවාදයෙහි අර්ත්ථස දන්නා සෙයින් බුදුන් සඟවා

1. දත්තා - ඇතැම්.

                                179.  ලිච්ඡවින් ‍ගේ වස්තුව                              863


වදාළ දෙයෙහි අර්ථ විදුරක් හා සමාන නුවණින් දැන ගෙන ‘ස්වාමිනි, දනිමි’ කීහ. බුදුහු ත් ‘එ සේ වී නම් ශෝක නොකරව’යි වදාරා ලා ශොකයෙක් වේ නමුත්, භයෙක් වේ නමුත් දු දරු ආදීන් කෙරෙහි පැවැති ප්රෙුම මුල් ව වෙයි. යම් කෙණකුන්ට ඒ ප්රෙකමය නැත් නම් ලිය නැතිකලට ලිය මල් නැත්තා සේ ශොකයත් භයත් අවිද්යාකදී වූ හෙතු ධර්ම යන් නැති කලට සංස්කාරාදී ඵල ධර්මෙ ය නැත්තා සේ නැතැ’යි වදාළ සේක. දෙශනා කෙළවර ‍ෙබාහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් වෘත්ත සන්නිශ්රී‍ත ප්රෙටම ය හැර විවට්ට සන්නිශ්රීනත ප්රෙසම ය ඇති ව අකුසලින් දුරු ව කුසල් හි හැසිර ත්රි්විධ බෝධීන් එක් තරා බෝධියකට පැමිණි ය යුතු. – – – – –

179. ලිච්ඡවීන් ගේ වස්තුවසංස්කරණය

තව ද ලොකස්වාද රතියෙහි ආදීන ව දක්වන්ට ලිච්ඡවීන්‍ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්–

ඒ ලිච්ඡවි රජදරුවෝ එක් මඟුල් දවසෙක රන් වන් පිළි හැඳී මෙන් රන් වන් ආභරණ පැළැඳීමෙන් යනාදින් නො එක් ලෙසින් සැරහි ගෙන උයන් කෙළියට යන්ට නුවරින් නික්මුණාහ. බුදුහු ද සිඟා වඩනා සේක් උන් සැරහී එන්නවුන් දැක කැටි ව වඩනා වහන්දෑට ‘මහණෙනි, තෙල ලිච්ඡවීන් දුටුවා ද? යම් කෙණකුන් තව්තිසා වැසි දෙවියන් නුදුටුවා නම් තුලුන් බලා සිත තබව’යි වදාළ සේක. වදාරා ලා නුවරට සිඟා වන්සේක. උයි ත් උයනට යන්නා හු එක් වෙශ්යා දුවක ත් කැඳවා ගෙන ගොසින් ඈ නිසා පර සම්පත්ති අසහන ලක්ෂඑණ වූ ඊර්ෂ්යාවව ඇති ව විවාදයක් උපද වාගෙන උනුන් මරා කොට ගඟ ලේ ගඟක් කළහ. විත් කෙටීම් කෑවවුන් උසුලා ගෙන එති. බුදුහු ත් ඇතුළු නුවර දී වළඳා ලා නුවරින් නික්මුණු සේක.

වහන්දෑ ද ලිච්ඡවීන් ආදී සිය පයින් ගියවුන් පසුව අනුන් පයින් එන්නවුන් දැක බුදුන්ට ‘ස්වාමිනි, ලිච්ඡවි රජ දරුවෝ උදාසන තව්තිසා වැසි දෙවියන් මෙන් සැරහී නික්ම දැන් එක ස්ත්රි්යක නිසා මෙ තෙක් දෙන මේ සා මුළාවකට පැමිණියහ’යි කී සේක. බුදුහු ත් ‘මහණෙනි, ශොකයෙක් වේව යි භයෙක් වේ වයි සත්වීයන්ට වේ නම් ගිනි ඇති කලට දුම් ඇති වන්නා සේ ලොකාස්වාදරතිය මුල්ව ඇති වෙයි. යම් කෙණෙක් අනගැමී මගින් 864 සද්ධර්මගරත්නාවලිය

ලොකස්වාද රති ය නසා පු නම් උන්ට තන්මූලික වු ශොක ය හා භය නැතැ’යි වදාළ සේක. දෙශනා කෙළවර බො‍හෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පඤ්චකාම ගුණික රාග යත් වධකයන් මෙන් සිතා ගෙන එයින් දුරු ව සෙසු ත් අකුසල් හැර කුසල් හි පිහිටා අර්හත්වයට පැමිණිමෙන් චිත්ත ශුද්ධි ය කටයුතු.

180. අන්ත්ථිගන්ධ කුමාරයන් ගේ වස්තුවසංස්කරණය

තව ද වස්තුකාම ක්ලේශකාමයෙහි ආදීනව දක්වන්ට අතිත්ථි ගන්ධ කුමාරයන් ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්—

ඌ තුමු බඹ ලොවින් චුත ව අවුත් රූපාවචර වූතීන් මත් තෙහි අහෙතුක ප්රුතිසන්ධි රහිත වූ සියලු පිළිසඳ වන හෙයින් සැවැත් නුවර මහ සම්පත් ඇති කුලයෙන උපන්හ. උපන් දවස් පටන් බඹ ලොව සිට ආ ලෙසට ගෑණු කෙණකුන් ලඟට එනුත් නො කැමැත්තෝ ය. ගෑනු මිනිසුන් ඇඟ අල්වා ලූ කලට හඬන හෙයින් කඩ කැටියකින් වසා අල්වා ගෙන කිරි පොවති.

ඌ තුමු වැඩිවිය පැමිණ දෙ මවු පියන් විසින් සරණක් ගෙන්වා දෙමෝ දැ’යි විචාළ කල්හි නො ගිවිස නැවත නැවත ත් පැරැත්ත කියන හෙයින් බඩාල් පන් සියයක් විතර ගෙන්වා ගෙන පස් විසි දහසක් විතර රත්රන් දෙවා ලා ඉතා ප්ර සාදවහ වූ ගෑනු රුවක් කරවා ලා නැවත ත් දෙ මවුපියන් ‘පුත, තොප සරණක් නො ගෙනා කල කල පරම්පරාව නො පවත්ති. කුල දැරියක ගෙන මෝ දැ’යි කී කල්හි ‘තෙල ලෙස ගත් හැඟී ව1 කියන පසු මේ සැටි ගෑනු කෙණකුන් ගෙන්වා දෙ‍තොත් කියාලූ ලෙස කරම්හ යි කරවා ලු රන් රුව පැවුය. උන්ගේ දෙමවුපියෝ ද ප්රාසිද්ධ ව හිඳිනා. බ්රා හ්මණ වරුන් ගෙන්වා ගෙණ ‘අපගේ පුතණුවෝ මහ පිනැත්තෝ ය. එකාන්තයෙන් මුන් හා එක් ව පින් කළ කුමාරිකා කෙණකුන් ඇත මැනව. මේ තරමකට ම සිත් නැමෙන්නේ එයින. තෙල රන් රුව හැර ගෙන ගොසින් දඹදිව මුළුල්ලේ ඇවිද තෙල රන් රුව වැනි කුමාරිකා කෙණකුන් ගෙනෙව’යි කිවුය.

උයි ත් යහපතැ යි ගිවිස දඹදිව සැරිසරන්නාහු මදුරට සාගල නුවරට ගියහ. ඒ නුවර ද වැළි ත් ගෙන ගිය රන් රුවට වඩනා තරම් වු සොළොස් ඇවිරිදි වයසට පැමිණි කුමාරිකා කෙණෙක් වූහ.

1. ගත හැකි ව

           180.  අනිත්ථිව ගන්ධ කුමාරයන් ගේ වස්තුව                     865


උන්ගේ දෙ මවුපියෝ ද උන් සත්මාල් මාළිගවේ උඩු මාලේ ලා රකිති. ඒ බමුණෝ ද “ඉදින් මේ නුවර මෙ බඳු කුමාරිකා කෙණෙක් ඇත් නම් මේ රන් රුව දැක ‘මූ අසවලුන් ගේ දුවණියන් සේ රූ ඇති කෙණෙකැ’යි කියති” රන් රුව පැන් තොටට යන මඟ සිටුවා ලා සෑඟවී ගෙණ හුන්හ. ඉක්බිත්තෙන් ඒ කුමරිකාවන්ගේ කිරිමවු කුමාරිකාවන් නාවා පියා තුමු ත් නා පියනු කැමැති ව පැන් තොටට ගියා හු ඒ රන් රුව දැක කුමාරිකාවන් පෙරාතු ව ලා ගොසින් සිටියා සේ සිතා ගෙණ ‘අනේ නොහික්මුණු තැනැත් තෙනි, නාවා පියා අප ත් නා පියනු නිසා ආ තැන යම් කිසි පමා වෙකින් අපට පෙරාතුව අවුත් මෙ තැන සිටියා දැ’යි අතුල් පහරක් ගසා පියා තද නියාව ත් සැලී නො නැඟී නියාවත් දැන ‘එක් වැනි හෙයින් අපගේ දුවණිය නැ’යි සිතුම්වහ. මූ කවුරු දැ’යි කීහ. ඒ බමුණෝ ද මුඹගේ දුවණියෝ ත් මේ සැටියෝ දැ’යි විචාළෝ ය.

‘අපගේ දුවණියන්ගේ රුව දුටු කලට මූ උන්ගේ කෙල්ලක තරමට ත් ඇත්තෝ දැ’යි කුමාරිකාවන් යම් තරමෙක උසස් කොට කියාලූය. එ සේ වී නම් තොපගේ දුවණියන් අපට පාවා’යි කීහ. කිරි මෑණියෝ ද බමුණන් කැඳවා ගෙණ ගෙට ගොසින් ස්වාමි දරු වන්ට කිවු ය. උයි ත් බමුණන් හා කථා කොට ලා දුවණියන් උඩු මාලෙන් පාතට බාවා ගෙණ යටි මාලේ රන් රූ ඇළයේ සිටුවා ලූ ය. හිරු නැ‍ඟෙ ත් නැ‍ඟෙ ත් කදෝපැණියක මෙන් රන් රුව ඉතා නිශ්ශොභා වි ය. බමුණෝ ද ඒ රන් රුව කුමාරිකාවනගේ දෙ මවුපියන්ට අය වැය නිසා දෙවා ලා කුමාරිකාවන් කුමාරයන්ට නිල කොට ගෙණ ගොසින් අනිත්ථිනගන්ධ කුමාරයන්ගේ දෙ මවුපියන්ට කීහ.

උයි ත් සතුටුව ‘යව, වහා ගෙණෙව’යි මඟුල් පෙරහර ඇතිව බමුණන් යැවූහ. කුමාරයෝ ද ‘රන් රුවට ත් වඩා කුමාරිකාවෝ රූපත්හ’ යනු අසා ශ්රූවණ සංසර්ගෝ වශයෙන් ස්නේහ උපදවා ගෙණ වහා කැඳවා ගෙනෙන්ට තුමු ත් විධාන කළහ. කුමාරිකාවනු ත් වාහනයක්ට නංවා ලා ගෙනෙන ගමනෙහි වාහනයෙන් යෑම නුපුරුදු හෙයිනුත් සිවුමැලි හෙයිනුත් ආයාස මුල් ව රුජා ඇතිව ලා අතුරු මහ දී ම මළහ. කුමාරයෝ ත් එක්වන් ම විචාරති. උන් ස්නෙහී වන විචාරන හෙයින් නියාවවහා නොකියා කීප දවසක් විතර කල් යවා ලා කල් යන හෙයින් කුමක් දෝ හෝ යි සිතෙන අවස්ථාවෙහි දී නො කියා හඟවන්ට ත් බැරි හෙයින් මළ නියා ව කීහ. කුමාරයෝ ද එ බඳු රූපත් කෙණකුන් දක්නා පමණ කට ත් නො ලද්දෙමි’ ශොක දුක් මහත් ව පර්වුතයකින් මිරිකන කලක් මෙන් ශොකයෙන් මිරිකුණා වූ ය.

                                                                                                         28

866 සද්ධර්ම රත්නාවලිය

බුදුහු ත් උන් සෝවාන් වන්ට හේතු ඇති නියාව දැන සිඟා වඩනා සේක උන්ගේ ගෙ දොරට සිඟා වැඩි සේක. උන්ගේ දෙමවුපියෝ ද බුදුන් ගෙට වඩා ගෙණ ගොසින් සකස් කොට වැළඳවූහ. බුදුහු ත් වළඳා අන්තයෙහි ‘අනිත්ථීසගන්ධ කුමාරයෝ කොයි දැ’යි විචාරා ‘ශොකාතුර ව ඇතුළු ගබඩාවට වැදලාහුන්නැ’යි කී කල්හි ‘උන් කැඳව’ යි වදාළ සේක. උයි ත් අවුත් බුදුන් වැඳලා එකත් පස් ව හුන්හ. ‘කුමක් ද? කුමාරයෙනි, ශොක දුක් බලව ත් නියා දැ’යි විචාළ කල්හි ශොක බලවත් නියාව කිවු ය. ‘ඒ තොපට උපන් ශොක ය කුමක් නිසා උපනැයි සිතවූ දැ’යි විචාළ‍ සේක. ‘නොදනි මි’ යි කිවු ය. කුමාරයෙනි, තොප නො දැනු නම් අප ගෙන් අසා දැන ගනුව. ශොකයෙක් හෝ භයෙක් උපදී නම් රූප ශබ්දාදී වූ වස්තු කාම ය හෝ තද්වස්තුක වූ ක්ලෙශ කාම ය නිසා උපද්දි. යම් කෙණකුන්ට රූප රාගාදී වූ උද්ධම්භාගිය සංයොජන පස නැත් නම් ශොක ය ත් භය ත් නැතැ’යි වදාළ සේක. දෙශනා කෙළවර කු‍මාරයෝ සෝවාන් වුහ.

එ හෙයින නුවණැත්තවුන් විසින් කසළ ව තුබූ දෙයක් ගිනි ලා දවා නැති කරන්නා සේ සියලු කෙලෙසුන් නසා ශොක යත් භය ත් නැති කරන්ට උත්සාහ කට යුතු.

181. එක්තරා බ්රාාහ්මණයකු ගේ වස්තුවසංස්කරණය

තව ද ලොභයා ගේ නපුරු හඟවන්ට එක්තරා බ්රාසහ්මණ යකු ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්—

මිථ්යාද දෘෂ්ටික වූ බමුණු ද එක් දවසක් ගඟ ගබට ගොසින් කුඹුරක් ඉදි කෙරෙයි. බුදුහු ද ඔහුගේ හේතු සම්පන්න නියාව දැන ඔහු ලඟට වැඩි සේක. ඒ තෙමේ බුදුන් දැකත්තමා සැදෑ නැති හෙයින් ‍සාමීවි පමණකු ත් වියදමක් සේ සිතා ගෙණ නො කෙළේ ය. බසක් පමණකු ත් බැණ නො නැංගේ ය .ඌ බැණ නො නැංගත් බුදුහු ඌ හා කථා කරණ සේක් ‘බමුණ, කුමක් කෙරෙයි දැ’යි විචාළ සේක. ‘මහණගොයුම, කුඹුරක් ඉදි කෙරෙමි’ කිවු ය. බුදුහු ත් මෙපමණක් වදාරා ලා වැඩ දෙවන දවසු ත් කුඹුරු කර්මාඹන්තයට ගිය බමුණන් ලඟට වැඩ ‘කුමක් කරවු ද , බමුණාණෙනි, විචාරා ‘කුඹුරු කර්මාබන්තයක් කෙරෙමි’ යි කී කල්හි වැඩපී සේක. පසුව පසු ව ත් වැඩ විචාරා ‘වපුරමි. නෙළමි, ගොයම් රකිමි, යනු අස අසා වඩනා සේක.

                       187.  එක්තරා බ්රා හ්මණයකුගේ වස්තුව                         867


පිට පිට හෙලා වඩනා බුදුන්ට එක් දවසක් බමුණෝ භවත් ගෞතමයෙනි, මේ කුඹුර බිම් නඟන තැන් පටන් කුඹුරු කර්මාෙන්තය මා නො පමා ව එන්නා සේ ම තෙපි ත් නො පමා ව ඇවිද්ද ව. ඉදින් මේ ගොයම් පැසීණි නම් තොපට ත් භාගයක් දෙමි. තොපට නොදී මම නො කමි. තෙපි මෙ වක් පටන් ම‍ාගේ යාළුවා‍ණෝ ය’යි කිවු ය. කල් යාමක දී ගොයමු ත් පැසිණ ‘සෙට දවස් කුඹුර දාවමී’යි දීම් සරහා ගෙන හුන් කලට රෑ වැස්සෙක් වැස වතුරු හෙළා බා ගොයම් මුළුල්ල උදුරා ගෙන වතුරේ පලා ගියේය.

බුදුහු වැළි ත් ආදියෙන් ම වැඩි දවස් ම ගොයම් නස්නා නියා ව දත් සේක. බමුණානෝ ද උදෑසන ම කුඹුර බලන්ට ගිය තැනැත්තෝ ගොයම් නටුවා දැක‍ ශොක බලවත් ව ‘මහණ ‍ෙගායම්, සී අවධියේ පටන් ගොයම් පැසෙන තෙක් ම ආ ය. මම ද වැළි ත් පැසුණු ගොයමින් භාගයක් ම දෙමි. මෙ වක් පටන් තොපි මාගේ යාළුවාණෝ ය’යි කියා ත් කීමි. ගොයම් තබා ඒ මාගේ අභිමතාර්ත්ථග යත් සිද්ධ වන්ට නූවුයේ ය’යි සිතා මුසුප්පු ව ගෙන වැද හොත්තෝ ය. බුදුහු උන්ගේ කුඹුරට ගමන් වැළකී හෙයින් ගෙ දොරට වැඩි සේක. බමුණානෝ ද බුදුන් වැඩි නියා ව අසා මාගේ යාළුවාණන් කැඳවා ගෙන අවුත් හිඳිනා ලෙසට කරව’යි කිවු ය. පිරිවර මිනිස්සු ත් එ ලෙසම කළහ. බුදුහු වැඩහිඳ බමුණා නෝ කොයි දැ’යි විචාරා ගබඩාවේ ය යි කී කල්හි කැඳවා ගෙන් වා ලා අවුත් එකත් පස් ව හුන්නවුන්ට ‘කුමක් ද? බමුණානෙනි, යි වදාළා සේක.

‘භවත් ගෞතමයෙනි, තෙපි මා කුඹුර සානා අවධියේ පටන් කුඹුරට ඇවිද්දව. මම ත් ගොයම් පැසිණි නම් තොපට වී භාගයක් දෙමි කීමි. ඒ නො වී ය. ගොයම් නටුවාට ත් වඩා ඊට මුසුප්පු බලවත. එ ම නිසා කුමකට ත් රිසි නැති ව පියා මුසුප්පු ගෙන හිඳිමි’ කිවු ය. බමුණානෙනි, ඒ ශොක ය කුමක් නිසා වී ය යි දනු ද’යි විචාරා මම නොදනිමි. තෙපි දනු දැයි කී කල්හි ‘එ සේ ය, බමුණානෙනි, අපි දනම්හ. ශොක නමුත් භය නමුත් චතුරාය්ය් දැසත්ය යෙන් දුඃඛසත්ය යෙහි ඇතුළත. දුඃඛ කාරණ වූ යේ සමුදාය සත්යචය ය. ඒ තෙමේ අෂ්ටොත්තරශත ප්රණභෙද වූ තෘෂ්ණා ව ය. යම් කෙණකුන්ට ඒ තෘෂ්ණාව ඇත්නම් ශොක යත් උපද්දී, භය ත් උපද්දී, යම් කෙණකුන්ට ඒ තෘෂ්ණාව රහත් මගින් සුන් නම් ශොක යත් භය ත් නැතැ’යි වදාළ සේක. දෙශනා කෙළවර බමුණානෝ සෝවාන් වූහ.


868 සද්ධර්මවරත්නාවලිය

එ හෙයින් සත් පුරුෂයන් විසින් දුඃඛය ත් දුඃඛ කාරණ යත් නසන්නා වූ නිවනට යමෙකින් පැමිණිය හැකි වී නම් ඒ අෂ්ටඞ්ගාක මාර්ගලය භවන්ට උත්සාහ කටයුතු.

182. පන්සියයක් දරුවන් ගේ වස්තුවසංස්කරණය

තව ද සර්ව ඥවරයන් ගේ ගුණමකු කමක් නැති නියා ව හඟවන්ට පන්සියයක් දරුවන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්—

එක් දවසක් බුදුහු අසූමහ සවුවන් වහන්සේ ත් නිත්යි පරිවාර පන්සියයක් දෙනා වහන්සේ ත් පිරිවරා රජගහා නුවරට සිඟා වඩනා සේක්- එක් උත්සව දවසෙක පන්සියයක් දරුවන් පූ පැස්ගෙන්වා ගෙන නුවරින් නික්ම උයනට යන්නවුන් දුටු සේක. උයි ත් බුදුන් දැක වැඳ ගෙන නික්ම පූ පමණක් මුත් බුදුන්ට වේව යි වහන්දෑට වේව යි එ තෙක් කැවුමෙන් කැවුමක් පිළිගන්වන්ට නො කීහ. බුදුහු ත් උන් පලා ගිය කල්හි වහන්දෑ බණවා ‘මහණෙනි, කැවුම් වළඳව’යි වදාළ සේක. ‘ස්වාමිනි, කැවුම් කොයිදැ’යි විචාළ කල්හි තෙල කැවුම් පැස් ගෙන්වා ගෙන යන සුඟුන් නුදුටුවා’යි විචාළ‍ සේක. ස්වාමිනි, උන් වන්නා දුටුම්හ. කැවුම් වුව, කුඩා සුඟුන් වුව, අනුන්ට දෙත් දැ’යි විචාළ සේක. මහණෙනි,මට ත් වුව ත් තොපට වුවත් මුන් කළ ආරාධනා නැත. එතකුදු වුවත් මේ කැවුමට හිමි තැනැත්තෝ පස්සේ එමින් සිටියෝ ය. තොප අප නො ලද ත් ඌ ලැබෙති. උන්ට මතු බොහෝ වේ ද, කැවුම් වළඳා ලා යෑම යහපතැ’යි වදාළ සේක.

බුදුන්ට‍ වූ කලි එක් කෙණකුන් කෙරෙහි ත් ඊර්ෂ්යාකවෙක් වේ වයි මනොප‍දොෂයෙක් වේව යි නැත. එ‍ හෙයින් මෙ ලෙස වදාරා ලා වහන්දෑ හැර ගෙන රුප්පයෙක් වැඩහුන් සේක. ඒ දරු‍වෝ ද මහසුප් මහ තෙරුන් වහන්සේ පසු ව පියා වඩනා දැක ඔබ කෙරෙහි භක්ති ඇති ව ඔබට අවුළුපත් පිළිගන්වනු කැමැති ව පැස් බා තබ්බවා ලා මහ තෙරුන් වහන්සේට පසඟ පිහිටුවා වැඳලා කැවුම් පැස් පිටින් ම ඔසවා ගෙන ‘පිළිගත මැනවැයි, ස්වාමිනි, කීහ. මහසුප් තෙරුන් වහන්සේ ත් තිලෝකුරු බුදුරජුන් වහනසේ මහණ ගණ පිරිවරා ගසක් මුල වැඩ හුන් සේක. තෙල කැවුම් පැසූ ත් මඳක් නො ව ත් ඔබ ගෙන ගොසින් බෙදා පිළිගන්ව ව’යි වදාළ සේක. උයි ත් යහපතැ යි ගිවිස ගොසින් කැවුම් බෙදා පිළිගන්වා ලා වළඳන නියා ව බල බලා එකත් පස් ව සිට සිත පහදවා ගෙන වළඳා අන්තයෙහි අතට පැනු ත් ගෙන දුන්හ. 183. අනගැමි තෙරකෙණකුන් වහන්සේ ගේ වස්තුව 869

කැවුම් වැළඳු වහන්දෑ ගෙන් කිසි කෙණෙක් ද ‘මූ හැම තමන් දෙන දනු ත් මූණ බලා ම දුන්හ. බුදුන්ට වේව යි බොහෝ සේ අසූ මහ සවුවන් වහන්සේට වේව යි කැවුම් වළඳන්ට නො කියා මහසුප් මහ තෙරුන් වහන්සේ දැක ඔබට දෙන්ට ප්රවයොග කොට ඔබ‍ෙග් විධානයෙන් මුබ ගෙනවුත් දුන්හ. මුබ දී ම මුන් තමන් සිතා ගෙන කළ දෙයෙක් නො වන්නේ වේ දැ’යි කී සේක. බුදුහු වහන්දෑගේ කථාව අසා ‘මහණෙනි, ම පුතුන් මහසුප් මහ තෙරුන් වැන්නෝ දෙවි මිනිසුන්ට ප්රිුය වෙති. දෙවි මිනිස්සු ත් උන්ගේ උත්කෘෂ්ට ගුණ ය නිසා උන්ට සත්කාර කරණු කැමති වෙතී වදාරා බණ වදාරන බුදුහු ‘අඛණ්ඩාදි භාවයට පමුණුවා රක්ෂා කරන්නා වූ සීලයෙන් හා මාර්ග සම්ප්ර යුක්ත වූත් ඵල සම්ප්රටයුක්ත වූ ත් නුවණින් සමන්විත වූ එ හෙයින් ම නව ලොවුතුරා දහම්හි පිහිටා සිටි චතුර්විධ වූ මාර්ගයෙන් ෂොඩශ විධ වූ කෘත්යල ය කොට අධිශීල ශික්ෂාච ය, අධිචිත්ත ශික්ෂාය ය, අධිප්ර ඥා ශික්ෂාම ය යන ත්රියවිධ ශික්ෂාී පූරණය ත් කරන්නවුන් දෙවි මිනිස්සු ත් කැමති වෙති. උන්ට සත්කාර ත් කරණු කැමති වෙති’ වදාළ සේක. දෙශනා කෙළවර පන් සියයක් පමණ දරුවෝ සෝවාන් ව තමන් දුන් කැවුමේ රස තරමට වඩා සිටිනා රස ඇති නිවන් රස ලත්හ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පර සම්පත්ති අසහන ලක්ෂ ණ වූ ඊර්ෂ්යා්දී නු ත් දුරු ව අනුන්ගේ ගුණ මකා සිටිනා මකු කමුත් නැති ව ඇති කළ මනා සීල සමාධ්යාීදී ගුණ ම ඇති කරන්ට උත්සාහ කට යුතු. ____________

183. අනගැමි තෙරකෙණකුන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද අධිගතයන් අධිගත ගුණ විශෙෂ ය අඩාල හෙයින් හඟවන්ට මැළි වූවා සේ ම පුරා නො ව යන්තම් ඥාන විශෙෂයක් හා ගුණ විශෙෂයක් නිසා ඥාන ගර්ජමනා ගුණ ගර්ජනාවට මැළි වනු පිණිස අනගැමි තෙර කෙණකුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

එක් දවසක් ඒ තෙරුන් වහන්සේ අතින් සද්ධිවිහාරික වහන්දෑ ‘විශෙෂාධිගමයෙක් වී දැ’යි විචාළසේක. තෙරුන්වහන්සේ ගිහි වූවෝ ත් අනගැමි වෙති. අනාගාමී පමණක් කියා කිම්ද , රහත් වූවොත් මුත් කියන්නේ කෙසේ දැ’යි ලජ්ජාවෙන් ම කිසිවකුත් නො කියා මිය ගොසින් ශුද්ධාවාස බඹලොව උපන්සේක. සද්ධි 870 සද්ධර්මයරත්නාවලිය


විහාරික වහන්දෑ ද හඬා පියා වැළප පියා බුදුන් ලඟට ගොසින් වැඳලා හඬ හඬා එකත් පස් ව හුන් සේක. බුදුහු ත් හඬා නැ’යි මහණෙනි, යි වදාළ සේක. ස්වාමිනි, උපාද්ධ්යාපයයන් වහන්සේ කළුරිය කළ හෙයිනැ’යි කී සේක. වන්නාට මහණෙනි, මුසුප්පු නොවව, මරණ නම් නියත දෙයෙක් වේ ද’යි වදාළ සේක. ‘එසේ ය, ස්වාමිනි, මරණ නම් ජාති මූලික හෙයින් ජාතිය වූ පසු මරණ ත් වන නියා ව දැනුම්හ. එකෙක් නම් අපි අප‍ෙග් උපාද්ධ්යාකයයන් වහන්සේ අතින් ලැබ ගත් ගුණ විශෙෂ ඇද්දැ යි විචාළුම්හ. දස ධම්ම සූත්රකය වූ නියාවට කියා ලූ දෙයක් නැති ව උන්වහන්සේ මළ සේක. මනා පිළිවෙත් නමැති වෙළඳාමේ හැසිර ත් ගුණ විශෙෂ බඩු ලද නුහුණු නියා වේ දැ’යි ඒ නිසා මුසුප්පු වම්හ’යි කී සේක.

බුදුහු ‘මහණෙනි, ඒ නිසා තෙපි මුසුප්පු නො වව, තොප‍ෙග් උපාද්ධ්යාවයයෝ අනගැමි වූහ. ගිහි මිනිස්සු පවා අනගැමි වෙති. රහත් ව මුත් ගුණන විශෙස ය නො කියමි. ලජ්ජාවෙන් ම තොපට නො කියා මිය ශුද්ධාවාස බඹ ලොව උපන්හ’යි වදාරා ලා ‘මහණෙනි, යම් කෙණෙක් තුමු නිවන් විෂයෙහි හටගත් උත්සාහ ඇත්තෝ ද , යට තුන් මඟ තුන් ඵලයට පැමිණියෝ ද , අනගැමි හෙයින් කාමරාග ය නිශ්ශෙෂ වූවෝ ද, එ සේ වූ තොපගේ උපාද්ධ්යා යයෝ මිය කප් දහසකට ආයු ඇති අවිහ නම් බඹලොව ඉපැද ඊ ආයු ගෙවා අතප්ප නම් බඹ ලොව ඉපැද කප් දෙදාසක් විතර ඊ ත් ආයු ගෙවා සුදස්සයෙහි ඉපැද සාර දහසක් කප් මුළුල්ලෙහි බඹ සැපත් වළඳා සතර වැනි වූ සුදස්සියෙහි ඉපැද, කප් අට දසක් විතර එයි ත් ආයු ගෙවා පස් වැනි වු අකනිෂ්ඨයෙහි ඉපැද, ඊ දී රහත් ව සොළොස් දහසක් කප් විතර බඹ සැපත් වළඳා කෙළවර පිරිනිවන් පයිති’ යි වදාළ සේක. දෙශනා කෙළවර ශොකාතුර ව බුදුන් කරා ගිය වහන්දෑ නිශ්ශොකී ව රහත් වූ සේක. මේ දෙශනාව ත් බොහෝ දෙනාට සප්රයයොජන වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සසර මඳක් කල් යවනු කැමැත්තෝ ත් අනගැමි තෙරුන් වහන්සේ මෙන් අනගැමි ව අවිහාදියෙහි ඉපැද කප් දහසක් දෙ දහසක් සාර දහසක් අට දහසක් සොළොස් දහසක් බඹ සැපත් වළඳා අනුපධිශෙෂ නිර්වාකන ධාතුවට තැත් පිරිය යුතු-



184. නන්දික උපාසක‍යන් ගේ වතසංස්කරණය

තව ද විහාර කරවා දන් දීමෙහි අනුසස් හඟවන්ට නන්දියක උපාසකයන් ගේ වත දක්වමු.

කෙ සේ ද යත්—

දඹ දිව බරණැස නුවර නන්දිෙක1 නම් උපාසක කෙණෙක් දෙ මවු පියන් තරමට ම සැදෑ ඇත්තෝ ය. දෙ මවු පියන් තර මේ ම සඞ්ඝයා වහන්සේට උපස්ථාන ත් කෙරෙති. උන් වැඩි විය පැමිණි කල්හි ලං ව තිබෙන ගෙයක හිඳිනා මයිලණු කෙණකුන් ගේ දු වූ රෙවතී නම් කුමාරිකා කෙණකුන් පුතණුවන්ට සරණ ගෙනෙනු කැමැති වූ හ. කැමැති වූ පමණක් මුත් ඌ තුමු සැදෑ නැති හෙයින් දනට පිණට මැළියෝ ය. පිදුරු පිදුරු හා එක් ව නො ගැළතෙන්නා සේ නන්දිනක උපාසකයෝ උන් නො කැමැත්තෝ ය. එතකුදු වුව ත් දෙ මවු පියෝ උන් ම ගෙන්වා දෙනු කැමැති ව රෙවතීන්ට ‘යේළීනි, තොපි සැදෑ නැත ත් අපගේ විධා නයෙන් මේ ගෙයි සෙසු තැන් කුම් වුව ත් වහන් දෑ වළඳන්ට හිඳිනා තැන ගොම පිරිබඩ ගැනීම් හසුන් පැනවීම් ආදී ය කරව. එ ලෙස කරවු නම් අපගේ පුතණු‍වෝ තමන් සැදෑ ඇති හෙයින් තොප කැමැති ව ගනිති’ කීහ. රෙවතී තමන් සැදෑ නැත ත් අරුන් කැමැති කරවා ගන්නා නිසා එලෙස ම කළහ. එ ලෙස කරවා සැදෑ ඇති ලෙස හඟවා ලා පුතණුවන්ගේ අදහස ලබ්බවා ගෙණ සරණ ගෙනවු ත් පාවා දුන්හ.

නන්දිලකයෝ ද “සඞ්ඝයා වහන්සේ ට කළ මනා උපස්ථාන ත් අපගේ දෙ මවු පියන් වහන්සේට කළ මනා දෙයත් නො පමාව කරවු නම් රඳා හිඳීමෙක. පමා වූ දා ම ගිය මැනැවැ’යි තර ව විධාන කළහ. උයි ත් යහපතැ යි ගිවිස එ තැන රඳාගන්නා නිසා එ ලෙස ම කළහ. එ ලෙසින් කොට එ තැන තර ව ගෙණ දරු දෙන්නකු ත් වදා ගත්හ. නන්දිිකයන්ගේ දෙ මවු පියෝ ත් මළහ. ගෙයි සියලුම ඉසුරු දරුවන් ඇති හෙයින් රෙවතී කුමරිකාවන්ට ම වි ය.

නන්දිසකයෝ ද දෙමවුපියන් මළ තැන් පටන් අධිකයක් ම දනට පිණට පටන් ගත්හ. එක් දවසක් බණ අසන ගමනේ විහාර කරවා දන් දීමෙහි අනුසසක් නිසා ඉසිපතන වෙහෙර සිවුරැස් ගෙයක්

1. නන්දිතය



872 සද්ධර්මාරත්නාවලිය


කරවා හැඳ කළාල් කොට්ට මාවුලා ආදී වූ සෙනසුන් පිරිකර ත් ලවා ලා වියන් බඳවා ලා තිරමසර ගෙවලුත් අද්දවා ලා බුදු පා මොක් සඟනට දන් දෙන්නෝ බුදුන්ගේ ශ්රීර හස්තයෙහි පැන් වත් කළහ. බුදුන් අත තෙමා ගෙණ පැන් බිම වැගිරෙන්නා ම තව්තිසා දෙව් ලොව අට සාලිස් ගවු පමණ දිග පළල ඇති සාර සියයක් ගවු විතර උස ඇති සත් රුවන් මුවා දහසක් පමණ වූ දෝ නොහොත් දහස් ගණන් දෙවඟනන් ඇති දිව මාළිගාවෙක් පහළ වි ය.

ඒ මාළිගාව පහළ වූ නියාව මිනිස් ලොවට ඇසුණේ කෙ සේ ද යත් - මුගලන් මහ තෙරුන් වහන්සේ සත්ව යන් පින් කම හසුරුවනු නිසා බො‍හෝ සේ දෙව් ලොවට වඩනා සේක එක් දවසක් ඒ මාළිගාවට නුදුරු තැනෙක වැඩ සිටි සේක් තමන් වහන්සේ ලඟට ආ දෙවියන් අතින් ‘දෙවඟන ගැවසී ගත් ‍මේ මාළිගාව කවර කෙණකුන්ගේ කුසලානුභාවයෙන් පහළ වී දැ’යි විචාළ සේක. දෙවියෝ ද විමන් හිමියන් ‍කියන්නාහු ‘ස්වාමිනි, බරණැස නන්දිික නම් කෙණෙක් ඉසිපතන නම් වෙහෙර බුදු පාමොක් සඟනට ගෙයක් කරවා දුන්හ. කළ පින් කමෙහි විපාක මේ ලොව ම පෙනී උන් නිසා මේ විමන උපනැ’යි කීහ. දෙවඟනෝ ද මාළිගාවෙන් බැස අවුත් ‘ස්වාමිනි, අපි නන්දි කයන් සන්තක ව මෙහි උපනුම්හ. උන් දක්නට නැති හෙයින් මුසුප්පු ඇත්තම්හ. මැටි තළියක් හැර රන් තළියක් හැර ගන්නා සේ මිනිස් සැපත් හැර දෙවි සැපත් අත් කරන්ට වහා එන්ට වදාළ යහපතැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ද මිනිස් ලොවට වැඩ බුදුන් කරා ගොසින් ‘ස්වාමිනි, මිනිස් ලොව සිට පින් කළවුන් නො මියන තෙක් දිව සැපත් පහළ වේ දැ’යි විචාළ සේක. ‘හැයි, තොපි ම නන්දියකයන් මොබහින් ද දී ම උන් නිසා තව්තිසා දෙව් ලොව පහළ වූ දිව සැපතින් පිරුණු මාළිගාව දුටුවා වැ දැ’යි වදාළ සේක.

‘එ සේ ය ස්වාමිනි, පහළ වේ ය’යි කී කල්හි බුදුහු “තොපි තමා කිසිවක් නො දන්නා සේ කුමක් කියා ද? යම් සේ බොහෝ දවසක් දුරු ව වැස පියා එන අවශ්ය් නෑ කෙණෙකුන් ගම් දොර සිටි කිසි කෙණෙක් දැක වහා උන්ගේ නෑයන්ගේ ගෙට ගොසින් අඹන්ය්, 1මුඹගේ අසවල් නෑයෝ ‍අවු ය. අපි දුටුම්හ’යි කිවු නම් අසමින් ම සතුටු ව නෑයෝ සියෝ පෙර මගට ගොසින් දැක සතුටු වෙත් ද, එ පරිද්දෙන් මේ මිනිස් ලොව දී පින් කොට මිය පර ලොව ගියවුන් යෙම් සේ වෙළඳාමෙහි ගිය කෙණකුන් නො වරදවා කොට ගෙණ ආ වෙළඳාම් ද රාජ කාරියෙහි ගියවුන්

1. ඇඹති

                            185.   රෝහිණී බි‍සොවුන් ගේ වස්තුව                       873

සාධා ගෙණ ආ රාජ කාරිය ද දැක නෑයෝ ස‍ියෝ ‘කළ සේ යහපතැ’යි සතුටු වෙත් ද, එ මෙන් කළ කුසලයෝ ත් දිව්යා වූ ආයු ද, දිව්ය වු ශරීර වර්ණ ද , දිව්යා වූ සැප ද , දිව්යත වූ යසස් ද දිව්යැ වූ ආධිපත්ය යද, දිව්ය වූ පස් කම් ගුණ දැ’යි මේ පඬුරු දස ය, හැර ගෙණ මවු පියන් පරිද්දෙන් උන් කරා පැමිණි පිළිගනිතී” වදාළ සෙක. දෙශනා කෙළවර බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් කුසලයෙක් මේ ලොව ම ඉෂ්ට විපාකදා යී වී නම් විහාර කරවා දන් දීමෙන් සිද්ධ වන කුසලයට වාඩා නැතැ’යි යනු සිතතබා ඊ ත් හැසිර එයින් අවශිෂ්ට වූ කුසලයෙහි ත් හැසිර භව සැපත් වළඳා කෙළවර නිවන් සැපත් අත් කට යුතු.

185. රෝහිණී බිසොවුන් ගේ වස්තුවසංස්කරණය

තව ද අසහනයෙහි ආදීනව දක්වනු සඳහා රෝහිණි බිසොවුන් ‍ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්—

එක් සමයෙක අමිතොදන නම් ශක්ය රජ්ජුරුවන්ගේ පුත් වූ අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි‍‍ සේක.ඔබගේ නෑයෝ ද වැඩි නියාව අසා වීවාරන්ට ගියහ. රොහිණී නම් වූ නං උපාසික‍ාවෝ නො ගියහ. මහ තෙරුන් වහන්සේ ද ‘රොහිණී නො ආ‍වෝ නැ’යි විචාළ සේක. ‘ශරීරයෙහි කුෂ්ඨ රොගයක් ඇති ව ගත් හෙයින් ලජ්ජාවෙන් නො ආ‍වෝ ය’යි කීහ. මහ තෙරුන් වහන්සේ ද ‘කැඳවා ගෙන්ව’යි වදාරා ලා පට කඩ සැට්ටයකින් ඇඟ වසා ලා ගෙණ ආවවුන්ට ‘හැයි රොහිණීනි, මෙ තෙක් දෙන අප විචාරන්ට එන ගමනේ තොපි නාවා නැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, හෙළ බසින්ට ලජ්ජා වන තරම් කුෂ්ඨ රොගයෙක් සියල් සිරුරු වසා ඇති විය. ඒ නිසා ලජ්ජාවෙන් නො ආ බව මුත් නිහරසර ව නො වෙයි කීහ. ‘දැන් කුම් වුව ත් මතු නිරෝගී වන ලෙසට දන් පින් නො කරා නැ’යි වදාළ සේක. ‘කුමන පිණක් කෙරෙම් දැ’යි විචාළ කල්හි ‘වහන්දෑට අසුන් හලක් කරවා ලව’යි වදාළ සේක. ‘කුමක් දී ලා කරම් දැ’යි විචාළහ.

‘හැයි, තොප පළඳනා ආභරණ නැත් දැ’යි විචාරා ‘ආභරණ ඇතැ’යි කී කල්හි ඒ ආභරණ කෙ තෙක් වටී දැ’යි විචාළ සේක. ‘දස දහසක් විවර වටී’යි කී කල්හි ‘එ සේ වී නම් ඒ වියදම් 874 සද්ධර්මකරත්නාවලිය

කරවා පියා ඉන් ලද දෙයකින් අසුන් හලක් කරවා ලව’යි වදාළ සේක. ‘ස්වාමිනි, මා ගෑනු බාල වුව. මට කරවන්නෝ කවුරු දැ’යි විචාළහ. මහ තෙරුන් වහන්සේ ලඟ සිටී නෑයන්ට ‘තෙපි තුලුන්ට සහාය ව ඒ කරව’යි වදාළ සේක. ස්වාමිනි, අපි වන්නා සහාය වන්නුමෝ වේ ද, මුඹ වහනසේ සහාය වෙන්නේ කුමකට දැ’යි විචාළ සේක. ‘එ සේ වී නම් දඬු පත් ගෙනෙව’යි විධාන කළ කල්හි දඬුපත් ගෙන්වා ලැවූහ. මහ තෙරුන් වහන්සේ ද අසුන් හල කර්මා න්තයට විධාන කරණ සේක්—රෝහිණී බිසොවුනට ‘රොහිණීනි, දෙමාල් අසුන් හලක් කරවා යට මාලෙහි පෝරු අතුළ තැන් පටන් එක්වම යට මාලේ ගොම පිරිබඩ ගැන ලා හිඳිනා අසුන් පනවා ලව. නිරන්තරව වළඳනා වහන්දෑට කළ කොතලාවලින් හා සැළවලින් පැනු ත් පරහා ගෙන්වා තබව’යි වදාළ සේක.

උයි ත් ‘යහපතැ’යි ගිවිස ආභරණ වියදම් කරවා දෙ මාල් අසුන් හල කරවා යට මාලේ පෝරු අතුළ තැන් පටන් නිරන්තරව ගොම පිරිබඩ ගැනීම් ආදි ය කෙරෙති. නිරන්තර ව වහන්දෑත් පැනවු හසුන්වල හිඳිනා සේක. හසුන් හල ගොම පිරිබඩ ගැන්මෙහි අනුසසින් කුෂ්ඨ රොගයත් මලන්ට වන . උයි ත් හසුන් හල නිමි කලට බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ ට ආරාධනා කොට ගෙය පුරා වඩා හිඳුවා ලා ප්රොසව දුක කියා ආවවුන් මතුට පොවන පැණක් මෙන් තමන් ඇඟ ඇති වූ කුෂ්ඨ රොගය නැති වනු නිසා මධුරභාර ය වැළඳවූහ. බුදුහු ත් වළඳා අන්තයෙහි නො දත් බඳු ව ‘අද දන් කා‍ගේ දැ’යි විචාළ සේක. ‘ස්වාමිනී, මුඹ වහන්සේ ‍ගේ නං වූ රොහිණී බිසොවුන්ගෙනැ’යි කීහ.

බුදුහු ත් දැන් ඌ කුමක් කෙරෙත් දැ’යි විචාර ‘ගෙයි’ ය යි කී කල්හි ‘උන් කැඳවා ගෙනෙව’යි වදාළ සේක. ඌ තුමූ කුෂ්ඨ රොග ය මලා ගිය ත් ඡවි සමුර්ද්ධිය තව එවා ගන්ට නූ වු හෙයින් එනට මැළියෝය. බුදුහු උන් එන්ට නො කැමැති වුවත් ගෙන් වූ ම සේක. අවුත් වැඳලා සිටියවුන්ට ‘හැයි’ රොහිණීනි, කැඳවා ගෙන්වන තෙක් නො ආව නැ’යි වදාළ සේක. ‘ස්වාමිනී, මාගේ ශරීරයෙහි කුෂ්ඨ රොගයක් ඇති ව මාලා ගිය පමණක් මුත් තව ඡවි ය හට ගන්ට නො වී ය. එ සේ හෙයින් ලජ්ජාවෙන් ආමි’කීහ. ‘රොහිණීනි, ඒ කුෂ්ඨ රොගය කුමක් නිසා ඇති වූව යි තෙපි දනු දැ’යි විචාරා ‘නො දනිමි’ කී කල්හි ‘හෙම්බා, තෙලෙ අනික් කෙණකුන් කළ දෙයක් නිසා වු දෙයෙක් නො වෙයි. තොප ම කළ දෙයකින් වී ය’යි වදාළ සේක. වදාරා ලා විස්තර කොට වදාරන සේක—


                          185.  රෝහිණී බිසොවුන් ගේ වස්තුව                      875

යට ගිය දවස බරණැස රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවු එක්තරා පුරඟනක් කෙරෙහි රොෂ ය ඇත ව ‘ඈට දුක් උපදවා පියමී’ සිතා මහ කසඹිලිය පත්1 ගෙන්වා ගෙන ඒ පුරඟනන් තමන් ලඟට ගෙන්වා ලා උන්ට නො හඟවා ම උන් වැද හෝනා හැඳත් අතුළ ඇතිරිලිවල් හසු හස්සෙත් කසඹිලිය පත් සුණු සුණු ඉස්වූහ. ඒ ඇසිල්ලෙහි උන්ගේ සියල් සිරුරු රත් ව පිය‍ා ගඬු නැංගේ ය. කණ්ඩුතීත් බලවත් ව ඇති වි ය. ඌ කණ්ඩුති ත් බලවත් ව ඉවසා ගත නො හී යානේ වැද හොත් හ. ඊත් නැමුණු නැමුණු සේ කසඹිකි ය සුණු ඇඟ ගෑවී ලා දුක් මහත් වී ය.

එ කල බරණැස් රජ්ජුරුවන්ගේ අග මෙහෙසුන් බිසවු නම් රොහිණීනි, තොපි ය. අනුන් ඇඟට කසඹිලිය දමා මේසා අනර්ත්ථියක් ලවා ගත්තෙ ත් ක්රො ධ නිසා ය. එ සේ හෙයින් ඒ ක්රොමධ ය නම් සියලු ලෙසින් ම කටයුතු නොවෙ’යි වදාරා ‘කිපියවුන් කිපි විට දන්නා කිසිවක් ම නැති හෙයින් ඒ ක්රො ධය හළ මැනව. උන්නති ලක්ෂදණ වූ නව විධ මානයත් සසර කල් යවන හෙයින් සියලු ලෙසින් ම හළ මැනව. සූත්රාෂභිධර්මූ දෙක්හි ම ආවා වූ සියලුම සංයෝජනයනු ත් සමුච්ඡේද වසයෙන් නසන තෙක් අතුර තදඞ්ග වසයෙන් නැසුව මැනව. යම් කෙ‍ණකන්ට කුමක ත් මමායන නැත්නම් ඌ කුමකු ත් නො ඇලෙති. එ සේ කුමක ත් නො ඇලෙන්නා වූ සත්වතයන්ට තොපට මේ දුක් ඇති වූ වා සේ දුක් ඇති නො වෙ’යි වදාළ සේක.

දෙශනා කෙළවර බොහෝ දෙන ත් නිවන් දුටහ රොහිණී බිසවු ද සදහම් නමැති අමාව වළඳා කෙළෙස් ලෙඩ තුනකිනු ත් මිදී සෝවාන් ව අජරාමර වන්ට නියම වූහ. සිත් සතනට කුසල් බෙහෙදූ ත් වැද කයට වන් බෙහෙදක් නැත ත් ශරීරය ත් රන්වන් වි ය. උයි ත් පසුව කලකදී මිය තව්තිසා දෙව්ලොව දිව්ය් පුත්රවයන් සතර දෙනකුන්ගේ විමන් සතරකට මැද සීමායෙහි ඉපැද ලිපාම් කොට දැන පෑ ගැලූ පිළිමයෙක කල් ගිය සේ පැය මුකරන්නා සේ පූර්වස ජාතියෙහි කළ කුසල ය කම් පල ‍හදනා දැන කළ හෙයින් විපාක දෙන අවස්ථාවට පැමිණි හෙයින් ශොභාවත් වූහ. දේවතාවෝ සතර දෙන උන් දැක උන් කෙරෙහි බලවත් ප්රේ්ම ඇතිව එක් කෙණකුන්ගේ සීමායෙහි නො ව සීමා මැද උපන් හෙයින් සතර දෙන ම විවාද කෙරෙමින් තුමු සනිටුහන් කට නො හී සක් දෙවිඳු කරා ගොසින් ‘ස්වාමිනී’ මේ අපගේ

1. පක්



876 සද්ධර්මමරත්නාවලිය

යුක්ති ය විචාරා පසිඳ දුන මැනැවැ’යි කීහ. සක් දෙවිඳු ද රොහිණී නම් දෙවඟන දැක දෙවියන් සතර දෙනාට ත් වඩා තුමු උන් කෙරෙහි ප්රේඅම ඇතිව’ ‘මුන් දුටු වේලේ පටන් තොපට කෙ සේ සිතිණි දැ’යි විචාළහ.

එ සේ විචාළ සක් දෙවිඳුහට එක් දේවතාවෙක් ‘මට සිතුණ සිත් සටන් බෙරක් මෙන් අනවරතයෙන් පැවැත්තැ’යි කී ය. අනික් දේවතා ‘මට සිතුණ සිත් සෙල් ව තිබෙන ගලෙකින් හුණු ගඟක් මෙන් වහ වහා පවත්ති’ කී ය. තුන් වැනි ව කියන දේවතාවා ‘මා මුන් දුටු වේලේ පටන් එක් වන් බැලීමෙන් ඇස් කකුළුවන්ගේ ඇස් සේ වී ය’යි කීය. සතර වැනි ව කියන දේවතාව ‘මා මුන් දුටු වේලේ පටන් එක් වන් බැලීමෙන් ඇස් කකුළුවන්ගේ ඇස් සේ වී ය’යි කීය.සතර වැනි ව කියන දේවතාව ‘මා මුන් දුටු වේලේ පටන් මාගේ සිත නම් දා ගබ් කැරැල්ලෙක බැඳ පු පතාකයන් මෙන් නිසලව තිබිය නො ‍හෙයි’ කීය. එ අසා සක් දෙවිඳු කියන්නාහු ‘තොප හැම තව ත් කරණ දෑ යහපත. ජීවත් වන්නාවාද? මම වැළිත් මුන් නො ලදිමි නම් ජීවත් විය නො හෙමි. ජීවත් වීමෙක් වේ නම් මුන් ලදෝතිනැ’යි කීහ. දේවතාවෝ සතර දෙන ඒ අසා මුඹ වහන්සේ මිය යෑමෙන් අපට ප්ර යෝජන කිම් ද? ජීවත් ව හුනොත් වේ ද යහපතැ’යි රොහිණි නම් දෙවඟන සක් දෙවිඳුහට පාවා පියා ගියහ. උයි ත් ශක්රැයන්ට ඉතා ප්රිදය වූහ. ‘අසවල් කෙළි ලළුවකට යම්හ’යි රෝහිණි නම් දෙව් දු කිවූ නම් ශක්රටයෝ ඊට බාධාවක් කට නො හෙති.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ක්රොටධ බහුල නො ව උපන් ක්රොයධයෙක් ඇත්නම් ලෙඩට නිසි පිළියමින් ලෙඩ සන්හිඳුවන සේ ක්රෝධ සන්හි‍ඳෙන්ට නිසි බණ දහම් මෙනෙහි කිරීමෙන් ක්රොසධ සන්හිඳුවා කුසල් හි හැසිර නිවන් සිද්ධ කට යුතු. ______________

186. එක්තරා භික්ෂුකෙණකුන් වහන්සේ ගේවස්තුවසංස්කරණය

තව ද සහනයෙහි අනුසස් දක්වන්ට එක්තරා භික්ෂූ කෙණකුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්—

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේගේ ශරීර ප්රනකෘති බලා රුක් මුල සෙනසුන් සූත්ර ප්රහතිපත්ති වශයෙන් ධුතාඞ්ක පුරන තැනට හැර ගෙවල් සෙනසුනු ත් අනුදත් කල්හි රජගහා නුවර සිටාණන් පටන් බොහෝ දෙන සෙනසුන් කරවන්ට පටන් ගත් කල්හි අළවු නුවර වසන එක් භික්ෂූ කෙණකුන් වහන්සේ

                  186.  එක්තරා භික්ෂූකණකුන් ගේ වස්තුව                       877


උපාසක සමවායක් තමන් වහන්සේ‍ගේ ප්ර සිද්ධ කමක් නැති හෙයින් නො පෙනුණු වන්නා තමන් වහන්්සේ ම තමන් වහන්සේට සෙනස්නක් කරවනු කැමති ව එක් යහපත් ගසක් දැක කපන්ට පටන් ගත් සේක. විමන් දෙව් දුනුත් මිනිසුන් ලෙසින් දරුවන් වදන හෙයින් ඒ ගස වසන බාල දරු කෙණකුන් ඇති දෙවතා දුවණී කෙණෙක් පුතණුවන් වඩා ගෙන විමන සිටි තැනැත් තෝ ගස නට කලට විමන ත් නස්නා හෙයින් විමන නට කලට සමහර දෙවි කෙණකුනුත් නස්නා හෙයින් ‘ස්වාමීනි, මාගේ විමන නො නැසූ ව මැනව. බිළිඳි දරුවන් හැර ගෙන විමන් නැති ව ඇවිද්ද නො හෙමී’ කිවු ය.

‘අනික් මෙ‍‍ සේ වූ ගසක් සොයා ගත නො හැක්කැ’යි දේවතා දුවණියන් වැළකුවත් කපන සේක් ම ය. මේ බාල දරුවන් දැකත් නැවත පියන සේකැ’යි පුතණුවන් ගස අත්තෙහි වැද හොවා ලූය. ගස කපන භික්ෂූන් වහන්සේද හොසොවා ගත් පොරව රඳවා ගත නො හී දේවතා පැටවාණන්ගේ අත කපා පී සේක. දේවතා දුවණි‍යෝ කිපි පියා ‘ගසා මරා පියමී’ අත ඔසවා පියා ත් මුන් වහන්සේ සිල්වත් සේක. ඉදින් මම මුන් වහනසේ මරා පීම් නම් නරකයෙහි ඉපැද පියා විමනින් තබා දිව සැපතිනු ත් පිරිහී අනන්ත කාලයක් බො‍හෝ දුක් ගනිමි. නරකයට යන ගමන් මේ දරුවෝ නවතා ලිය හෙ ත් ද? විමන් ඇත්තෝ මුත් මම මතු නො වෙමි. සෙන සුන් ඉදි කරණ සේකුත් මුන් වහන්සේ මතු නො වන සේක. අසවල් දේවතා දුවණියෝ කපට දණ්ඩක් කපන තැන් අසවල් නම මරා පූ ය’යි එයි ත් එක කට යුත්තක් කොට ගෙන අනිකුත් දඬු පත් කපන වහන්දෑ සෙසු ත් විමන් ඇති දෙවියෝ මරති. ඒ පාපයත් මා නිසා වන දෙය ය. මුන් වහන්සේට තමන් වහන්සේම මුදලි නො වන සේක. මුන් වහන්සේට බුදුන් නායක බැවින් ‘ඔබට කියමි’ මෙ තෙක් කට යුතු රාශි ය සිතා ගෙණ නිවනට දෛව ඇති වන බැවින් ඔසවා ගත් අත හකුළුවා ගෙණ හඬ හඬා බුදුන් කරා ගොසින් වැඳ ලා එකත් පස් ව සිටියහ. බුදුහු ත් සාද සාමීචියෙහි දක්ෂ බැවින් ‘හැයි ද දේවතා දුවණියෙනි, වදාළ සේක.

‘ස්වාමීනි, මුඹ වහන්සේගේ භික්ෂු කෙණකුන් වහන්සේ මාගේ විමනත්නසා පූ සේක. මම ත් ඔබ මරමී සිතා පියා සිතුව මනා දෙයක් පෙරළා සිතා ගෙණ නො මරා ම මුඹ වහන්සේට දන් වන්ට අයිමී’ සියලු පවත ම විස්තර කොට කිවුය. බුදුහු ත් අසා වදාරා තුන් විටක් විතර සාධු කාර දී ‘හෙම්බා දේවතා දුවණියෙනි, යම්


878 සද්ධර්ම රත්නාවලිය

කෙණෙක් තමන්ට උපන් ක්රො ධ ය යම් සේ රථ පැදීමෙන් දක්ෂර වූ රිය ඇදුරෝ ඉතා වහා දුවන රථයක් වහා යා නොදී තමන් කැමති තැනට පමුණුවා ගින්ත ද, එ මෙන් කාරණ සිතීමෙන් සන්හිඳුවා ගනිත් ද, උන් ක්රො ධ නමැති අසුන් නවතා සිත් නමැති රථ ය පිළිවෙත් නමැති මඟට බාගෙන චතුර්විධ මාර්ගතඥාන නමැති වාසල් වලින් නිවන් පුරයට පමුණුවා ලීමෙහි රිය ඇදුරු කොට කියමි. රජ යුව රජ ආදීන්ගේ රථ පදනවුන් රෑන් අල්වන්නවුන් කොට මුත් රිය ඇදුරු කොට නො කියමි’ වදාළ සේක.

දෙශනා කෙළවර දේවතා දුවණියෝ කටයුතු මාර්ගනය නො වැ රැද්දුවා සේ නිවන් මහ ත් නො වරදවා සෝවාන් වුහ. සම්ප්රාැප්ත වූ පර්ෂඥදට ත් දෙශනා ව සප්ර්යෝජන වි ය .දේවතා දුවණියෝ සෝවාන් ව පියාත් වීමන් සෝක ය නොසන්හුන් බැවින් හඬ හඬා සිටියහ. බුදුහු ත් ‘මාර්ගී ඵල පුරා හැම ලබන්ට නු වු හෙයින් ඊට මුසුප්පුව හඬන්නා සේ ‘හඬානැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, මාගේ විමන් නට. ඒ නිසා හඬමි’යි කිවු ය.

‘දේවතා දුවණියෙනි, තොපි මුසුප්පු නො ව ව. නිවන් පුර ය සාධා දී ලුයෙම් විමන් පමණ දී ලිය නො හෙම්ද? එයිත් පිළිවැන’යි දෙව්රම් ගඳ ‍කිළියට ආසන්නයෙහි දෙවියන් නැති ව අවසර ව තුබූ ගසක් උන්ට ‍දක්වන සේක් - ‘අසවල් තැන අවසර ව තුබූ ගසෙක් ඇත ඔබ යව’යි වදාළ සේක. උයි ත් ඒ රුක් විමනට ගියහ. එ වක් පටන් කවර තරම් දේවතා කෙණකු ත් බුදුන් දෙවා වදාළ විමන හෙයින් උගුළුවා ලිය නො හෙති. බුදුහු ත් ඒ මුල් ව ගස් තුරු ලිය ආදි ය කළනුකුරුවන්ට සිඛ පදයන් පනවා වදාළ සේක.

එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් බොධි සත්වළ චරිත ත් සලකා කවර අපරාධ ත් සහන ය කොට දයා බහුල ව ම කුසල්හි හැසිර නිවන් රට අත් කට යුතු.

187. උත්තරාවන් ගේ වතසංස්කරණය

තව ද ක්රොසධයෙහි ආදීනව ත් ක්ෂ්මායෙහි අනුසසු ත් හඟන්ට උත්තරාවන්ගේ වත දක්වමු.

කෙ‍ සේ ද යත්—

රජගහා නුවර සුමන සිටාණන් නිසා පුණ්ණ නම් දුගියාණ කෙණෙක් බැල මේ කොට ජීවත් වෙති. උන්ගේ ඇඹේණියන්

                                   187.  උත්තරාවන් ගේ වත                               879


හා උත්තරා නම් දුවණී කෙණකුන් විනා උන් නිසා ජීවත් වන අනික් කිසි කෙණකුන් නැත. එක් කලෙක සතියක් නකත් කෙළි කෙළිය යුතු ය’යි රජගහා නුවර රාජ සම්මතයෙන් විධානයක් කළහ. ඒ අසා සුමන සිටු ද උදාසන ම පුණ්ණ නම් දුගියාණන් බණවා ලා ‘දරුව, අපගේ කර්මානන්ත කරණ අය අප ත් නකත් කෙළි කෙළිනා හෙයින් තුමුත් කෙළනා කැමැත්තාහ. කුමක් ද? තෙපි නකත් කෙළි කෙළු ද ? නොහොත් බැළමේ ම කරවුදැ’යි විචාළහ. ‘ස්වාමිනි, කෙළි ලළු නම් පොහොසත් කෙණකුන්ට වේ ද? සෙසු පො‍හොසත් කම් තබා අපට සාල් නැළියක් මනාවකට ත් විදිකිදි නැත.

එ සේ හෙයින් නකත් කෙළි අපට හැයි ද ? ගොන් ගෙයක් ලදොත් සාන්ට යෙමී’ කිවුය. කියා ලා ගොන් ගෙයකුත් නඟුල් විය දඬුත් හැර ගෙණ සාන්ට යන්නා හු ඇඹේණියන් බණවා ලා ‘‍සොඳුර, නුවර ඇත්තෝ නකත් කෙළි කෙළිති. අපි අප දුප්පත් හෙයින් බැළ මේයට යම්හ. වන්නාට අමුතු ලෙසට මෙ‍‍ තෙක් දවස් පිසනා තරමින් බත්මාළු මඳක් වඩා පිස ගෙණ සානා තැනට ගෙනෙව’යි කියා ලා සාන්ට ගියහ.

ධම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ද එ දවසට පෙරාතු සතියක් මුළුල්ලෙහි නි‍රොධයට සම වැඳ සතිය පිරුණු එ දවසට හෙයින් එ දවස් නිරොධයෙන් නැගී ‘අද කවුරුන්ට සංග්ර හ කෙරෙම් දෝ හෝ’යි දිවසින් බලන සේක් - පුණ්ණ නම් දුගියාණන් සසර නමැති මළ නො බැ‍ඳෙත ත් තමන් වහන්සේගේ නුවණ දැළ බැඳුණවුන් දැක ‘මා එතැනට ගිය කල තමන්ට නැති ව ත් මට සංග්රැහ කරණ ලෙසට සැදෑ ඇද්දෝ? සංග්ර්හ කටහොත් දෝ හෝ’ යි බලා සැදෑ ඇති නියාව ත් සංග්රදහ කරණ නියාව ත් කළ සංග්ර‍හ නිසා මහා සම්පත් ලබන නියාව ත් දැක සඟළ සිවුර හා පාත්රන ය හැර ගෙණ උන් සානා තැනට වැඩ ඉවුරු බඩ එක් කැළයක් බල බලා වැඩ සිටි සේක.

පුණ්ණ නම් දුගියාණෝ ද මහ තෙරුන් වහන්සේ දැක නුවණ සී ලදින් සානා සී තබා පියා අවුත් පසඟ පිහිටුවා වැද ලා ‘කැළය බල බලා වැඩ සිටියේ දැවිටි දණ්ඩෙන් ප්රවයෝජන ඇති නියා වනැ’යි සිතා දැවටී දඬු කැප කොට දුන්හ. ඉක්බිත්තෙන් මහ තෙරුන් වහන්සේ පාත්රල ය ත් පෙරාන් කඩත් දෙවාලු සේක. වාක් හෙද කොට නො වදළත් ‘පැණින් ප්රයයෝජන ඇති වනැ’යි සිතා ගෙණ පාත්ර ය ගෙණ ගොසින් පැන් පරහා දුන්හ.


880 සද්ධර්මතරත්නාවලිය

මහ තෙරුන් වහන්සේ ද මූ තමන් අනුන් නිසා1 වසන හෙයින් ගේ පිටි පස්සෙක හෝ මුලු සර තැනෙක හිඳිති. ඉදින් මුන්ගේ ගෙ දොරට සිඟා ගියෙමි නම් මුන්ගේ ඇඹේණියෝ තමන් මුලුසරව හිඳිනා හෙයින් මා දොර කඩ සිඟා සිටියත් දැක පිය නො හෙති. යම් තාක් බත් හැර ගෙණ මඟට එත් ද? ඒ තාක් මෙ තැන ම රඳමී’ මඳක් වැඩ සිට ලා උනු ත් බත් හැර ගෙණ මඟට ආ නියා ව දැන ඇතුළු නුවර බලා නික්මුණු සේක. උ යි ත් අතර මඟ දී මහ තෙරුන් වහන්සේ දැක රත්රන් රිදී ආදිය නැතත් සැදෑ සිත් ඇති හෙයින් ‘ඉදින් අපට පිළිගන්වා ලන්ට නිස්සක සම්භ වී නම් පුණ්යස ‍‍ෙක්ෂ්ත්රඒ වූ ස්වාමි දරුවන් සම්භ වන්ට නැත. ස්වාමි දරුවන් අරුමයක් සේ සම්භ වූ කලට පිළිගන්ව‍ා ලන්ට නිස්සක් සම්භවන්ට නැත. අද වූ කලී ගුණ සම්පන්න වූ ස්වාමි දරුවෝ ත් සම්භ වූ සේක. රස පරස නැතත් අදහසින් අති පවිත්රූ වු බත් පමණෙක් ඇත. බො‍හෝ සුඛිතයන්ට සංග්ර හ කොට ආ සේක් - අප සේ වූ දුක් පතුන්ට ත් සංග්රොහ කරණ සේක දෝ හෝ’යි සිත සිතා බත් සැළිය බලා ම‍හ තෙරුන් වහන්සේ වැඳලා ‘ස්වාමීනි, මා පිළිගන්වන්ට සිතන බත් නපුරැ යි නො සිතව ගැත්තවුන්ට ත් මඩියටත් සිද්ධ වන කුසල් හා ඒ කුසලින් අප දෙන්නා ලබන ලොවි ලොව්තුරා සැපතෙක් ඇත්නම් එ ම තකා අපගේ දුක් පත් දන ඉවසා වදාළ යහපතැ’යි කිවුය.

මහ තෙරුන් වහන්සේ ද බත් පිළිගන්නා සේක් - භාගයක් විතර පිළිගන්වා පී කලට උන්ට ත් භාග වුවමනා වේ දැ’යි අතින් පාත්රර ය වසා ගත් සේක. උපාසික‍ාවෝ ඔබගේ අදහස් දැන ලා ‘ස්වාමිනි, මේ එක් කෙණකුන්ට සෑහෙන බත, දෙභාගයක් කළ කලට ඔබටත් සෑහෙන්ට නැත. ගැත්තහුට මෙ ලොවින් කරණ සංග්රදහ හැර ලා පර ලොව සංග්රනහ ම ‍කොට වදාළ යහපත. සුඟකු ත් නො රඳවා පිළිගන්වනු කැමැත්තෙමි’ කියා ලා බත් හැම ම පිළිගන්වා ලා ‘මේ බත අමධුරවුවත් මේ කුසලයෙන් අති මධුර වූ නිවන් රස ලබමෝව’යි පතා ගත්හ. මහ තෙරුන් වහන්සේත් ‘ඒ එසේ ම වේ ව’යි වදාරා බත නපුරු’යි සිතන තැනැත්තවුන්ගේ අදහස යහපත් වන ලෙසට බණ වදාරා පැන් ඵාසු තැනෙක වැඩ හිඳ අනුග්රරහ නමැති මාළු ඇති ව වැළඳූ සේක.

උපාසික‍ාවෝ ද ගෙට ගොසින් සාල් සුඟක් සොයා ගෙණ පෙරලා ත් බතක් පිසූහ. පුණ්ණ නම් දුගියාණෝ ද බිජුවට දැමූණක් සරිය සා පියා විඩා ව ගොසින් බඩ සා ඉවසා ගත නො හී ගොන්

1. වන

                 187.     උත්තරාවන් ගේ වත                               881


උනා පියා සෙවන තැනකට පලා ගොසින් පෙර මඟ බල බලා හුන්හ. උන්ගේ ඇඹේණියෝ ද වේලා නංවා පියා බත් හැර ගෙණ එන්නෝ දුගියාණන් සෑ උනා පියා හුන්නවුන් දැක ‘උදාසන ත් බත් කා ලා එන්ට නු වූ හෙයින් බඩ ත් සා වා සා ත් විඩාව පෙර මඟ බල බලා හුන්හ ඉදින් මූ තුමු කල් යවා බත් ගෙණා හෙයින් තොරතුරු නො දැන මුසුප්පු ව ලා ලඟ තුබු කැවීටි දණ්ඩෙන් පහරක් ගසා පූ නම් මාගේ අදහස ත් නපුරු ව ලා පිස නාසා පී බතක් සේ කල පින් කම ත් හීන ව ගියේ නම් නපුර ලං නො ව පෙරාතු කොට කියමි’ සිතාලා ස්වාමිනි, අද එක දවස් සිත පහදවා ගත මැනව. මා කළ පින් හානි නො කළ මැනව.

‘මම උදැසන ම බත් පිස ගෙණ එන්නෙම් අතුරු මග දී ධම් සෙනෙවි ස්වාමීන් දැක මුඹට ගෙනෙන බත් ඔබට පිළිගන්වා පියා පෙරළා ගොසින් සාල් සපයා ගෙණ බත් පිස ගෙනාමි. කල්පලා ගියේ එ‍ හෙයින. දුන් දන සිත පහදවා ගත මැනැවැ’යි කිවූ ය. බඩ සා දැඩි හෙයින් ඉඳුරා අසා ගත නො හී පෙරළා ත් විචාරා නැවත ත් එ පවත් අසා ‘මට ගෙනෙන බත් ඔබට පිළිගන්වා පී සේ ඉතා යහපත. සසර සිටිනා තෙක් කල් බතින් ගන්නා මුළා හළ නියා වේද , මම ත් අද උදාසන ඔබට දැවිටී පැන් දෙවා ලීමි. සසර සිටිනා තෙක් කල් පරිවාර සම්පත්ති අඩු නැති නියා වේ දැ’යි පහන් සිත් ඇතිව තමන් ගෙන් එ බඳු විධානයක් නැත ත් ඇඹේණියන් දුන් දනට සාමාධි ව බත අනුභව කොට ලා වේලා නංවා ලත් බතක් හෙයින් ආයාස බලවත් ව උපාසිකාවන්ගේ ඔර හිස තබා ගෙණ වැදහෙව නිඳති.

ඉක් බිත්තෙන් උදාසන සාට තැන් සුණු ව ගිය පස් පටන් රත් රන් ව ගොසින් කිණිහිරි මල් සමූහයක් මෙන් බබළමින් සිටියේ ය. පුණ්ණයෝ ත් පිබිදි ලා රන් ගොඩවල් දැක ඇඹේණියන් බණවාලා ‘සොඳුර, උදාසන පටන් මා සාට බිජුවට දැමූණක් විතර රත් රන් ව පෙනෙය. ‘වේලා නංවා ලා බත කෑ හෙයින් ඇස් බමන නියාදෝ’ යයි කිවුය. උපාසිකාවෝ ත් බලා පියා ‘ස්වාමීනි, මා වේලා නංවා ලා කෑ බතක් නැත ත් මටත් එ සේ ම රන් වන් ව පෙනෙ’යි කිවු ය. පුණ්ණයෝ ත් නැඟී සිට ගොසින් ඉන් එක් කැටියක් හැර ගෙණ නඟුලිස ගසා රත්රන් නියාව දැක ‘අනේ ධම් සෙනෙවි ස්වාමීන්ට දුන් දනෙහි විපාක දුර නො යාම අද ම පෙනිණ. මෙ තෙක් රත් රන් සඟවා තබා ගෙණ ප්රායොජන විඳින් ට ත් බැරිය යි ඇඹේණියන් බත් ගෙනා වළඳ රත් රන් පුරා ගෙණ රජ ගෙට ගොසින් තමන් දකින්ට ගිය නියාව කියාලා අවසර


882 සද්ධර්මාරත්නාවලිය

ලදින් රජ්ජුරුවන් දැකලා කුමක් නිසා අවුදැ’යි විචාළ කල්හි ‘ස්වාමිනී, අද මා සාට තැන් මුළුල්ල ම රත් රන් වි ය. ඒ මුඹ වහන්සේ භාණ්ඩාරයට ගෙන්වා වදාළ මැනැවැ’යි කිවුය. ‘තෙපි කවුරු දැ’යි විචාළ කල්හි තමන් පුණ්ණ නම් දුගියාණන් නියාව කිවුය.

රජ්ජුරුවෝ ‘නො කරුණෙක මෙ සේ ම වන්ට කාරණ නැතැ’යි සිතාලා ‘තෙපි අද කුමක් කළා දැ’යි විචාළෝ ය. අප කළ දෙයෙක් නම් ධම් සෙනෙවි ස්වාමීන් මා සාමිනි සිටි කුඹුර කරා වැඩි ගමනේ මම දැවිටි පැන් දී ලිමි. අපගේ අඹු දැරි කන්ට කුඹුරට ගෙනෙන බත් ඔබට පිළිගැන් වූ ය. මේ විනා අනික් අප දෙන්නා කළ දෙයෙක් නම් මම කුඹුර සාටීමි. ඌ තුමූ දෙ විටක් විතර බත් පිසූ ය’යි කිවුය. රජ්ජුරුවෝ ද ඒ අසා ‘ගැඬඹ නම් අඹගස් ඒ දවස් ම ඇති ව ලා පල ගත්තා සේ ධම් සෙනෙවි ස්වාමීන් ට දුන් ‍දනෙහි විපාක අද ම පෙනුණු නියා වේ දැ’යි සමාධි ව අප කළ මනා කිම් දැ’යි විචාළෝ ය. ගැල් දහස් ගණන් යවාලා රත් රන් ගෙන්වා වදාළා මැනැවැ’යි කිවුය. රජ්ජුරුවෝ ද ගැල් යැවූය. ර‍ාජ නියොගයෙන් ගියවුන් රජ්ජුරුවන් සන්තක ය යි කියාලා ඇර ගන්ට වන් කලට ගත් ගත් දෙයෙක් ඇත් නම් මැටි වෙයි. තුබූ තුබු දෙය රත්රන. රාජ පුරුෂයෝ ද ගොසින් එ පවත් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝද “තෙපි කුමක් කියාලා ඇරගන්ට වනු දැ’යි විචාරා ‘මුඹ වහන්සේ සන්තක ය’ යි කියා ලා ගතුම්හ’යි කී කල්හි ‘අප ත් ධම් සෙනෙවි සාමීන්ට අද දී ලු දනෙක් ඇත් ද? අපි ඒ රත්රනට කවුරුමෝ ද? යව, ගොසින් ‘පුණ්ණ නම් දුගියා‍ණන් සන්තක ය’යි කියා ලා ගනුව”යි විධාන කළහ. උයි ත් එ ලෙසම කළහ. ගත් ගත් දෙයම රත් රන් වීය. ඒ රත් රන් ගෙන්වා සෙණ්ඩුලුවෙහි රැස් කළහ. වඩුවෙන් අසූ රියනක් විතර ගොඩ වී ය.

රජ්ජුරුවෝ නුවර වැස්සන් රැස්කරවා ලා ‘මේ නුවර මෙ‍ තෙක් වස්තු ඇත්තේ කාගේ දැ’යි විචාළෝ ය. සෙස්සවුන්ට මෙ තෙක් වස්තු ඇති වන්නේ රජ ව සිටි මුඹ වහන්සේට ඇත් නම් වේ දැ යි කිවුය. රජ්ජුරුවෝ ඒ අසා මෙතෙක් වස්තු ඇති තැනැත්තවුන්ට සිටු තනතුරු නිසි වේ දැ’යි බො‍හෝ සම්පත් දී සිටු සේසත් නංවා සිටු තනතුරු දී බහුධන සිටාණෝ ය යි නමුත් දුන්හ. නම් දීලා පරණ සිටාණ කෙණකුන්ගේ ගෙ බිමක් කැළෑ වැඩී තුබුවා පෑලා ‘තෙල වල් කප්පා හරවා පියා හිඳිනට ගෙයක් කරවා ගනුව’යි විධාන කළහ. උයි ත් එතැන ගෙ බිම් කරවන්නෝ



                 187.     උත්තරාවන් ගේ වත                               883

බොහෝ නිධාන සැළවලු ත් දැක සම්පත් ලබන ගමනේ පරිවාර සම්පතු ත් බො‍හෝ ‍ෙකාට ලත් බැවින් කීප දවසක් විතරින් ම ගෙවල් කරා ගෙණ ගෙවදානා මඟුලත් සිට සේසත් මඟුලත් එක් ව ම කරන්නාහු සතියක් මුළුල්ලෙහි බුදු පාමොක් සඟනට මහ දන් දුන්හ. බුදුහු ද උන්ට බණ වදාළ සේක. බණ වදාළ අන්තයෙහි බහුධන සිටාණෝ ද උන්ගේ ඇඹේණියෝ ද ගුණෙන් අනුත්තර වූ උත්තරා නම් දියණියෝ දැ’යි තුන් පක්ෂ යෙහි ඇත්තෝ ලොවුතුරා සැපතුත් ලබන්නෝ සෝවාන් වූහ.

පසු ව කලක දී රජගහා නුවර සුමන සිටාණෝ බහුධන සිටාණන්ගේ දු වූ උත්තරාවන් තමන්ගේ පුතණු කෙණකුන්ට සරණ විචාළහ. බහුධන සිටාණෝ ද සුමන සිටාණන්ගේ පුතණු වන් සැදෑ නැති හෙයින් හ‍ා තමන්ගේ දියණියන් මාර්ග ගත වඋ අචල ශ්රුද්ධාවෙහි පිහිටි හෙයින් උන්ට සරණ දෙන්ට මැළි වූහ. සුමන සිටාණෝ ද ‘එසේ නොකළ මැනව. මෙ‍ තෙක් කල් ජීවත් වූ වාත් අප ම නිසා බැවින් නෑ සම්බන්ධය නිසා අපගේ පුතණුවන්ට සරණ පාවා දුන මැනවැ යි කිවු ය. උන් එ සේ කීවත් බහුධන සිටාණෝ දුවණියන්ට එන දවස වන මුසුප්පු ව නිසා මැළිවූ කල්හි බො‍හෝ පැරැත්තයෝ ද බහුධන සිටාණන් කරා ගොසින් පාවා දිය යුතු මය යි බොහෝ කාරණා කියා පැරැත්ත කීහ. බහුධන සිටාණෝ ද බො‍හෝ දෙනාට පටහැණි වීම යුක්ත නො වන්නේ වේ දැයි උන් හැම දෙනාගේ පැරැත්ත ගිවිස, ඇසළ මස මැදි පො‍හෝ දවස් දුවණියන් සරණ පාවා දුන්හ.

උයි ත් සරණ ගිය තැන් පටන් සැදෑ නැත්තවුන් කරා පැමිණ දනක් දී ගන්ට වේවයි බණක් අසා ගන්ට වේවයි සෙස්ස තබා විහාරයට යන ගමනක් පමණකු ත් කළ නුහුණු වූ ය. තමන්ගේ ගෙට එළඹෙන වහන්දෑ නැති බැවින් වහන්දෑගේ දැක්ම ත් නැත. මෙ‍ ලෙසින් දෙමස් දෙ පෝයක් විතර ගිය කලට ලඟ සිටියවුන් අතින් ‘වසින් තව කෙ තෙක් දවස් විතර ඇත් දැ’යි විචාළහ. ‘දෙපෝයක් විතර තුබුයේ ය’යි කී කල්හි පියාණන්ට කියා යවන්නෝ ‘සරණ පිට ලා ලා මෙසේ වූ සිර ගෙයක ලූයේ හැයි ද? මෙ ලෙස කරණ කල දු කම් කුම් වුව ත් විකිණහැර ගන්නවුන් මිථ්යා දෘෂ්ටික ය යි නියම නැති හෙයින් සනක් ගසා පියා විකිණීම ම යහපත. මේ සැදෑ නැති කුලයට සරණ අවුදින් පිණක් පිරෙන්ට නැතැ’යි කියා යවු ය.



884 සද්ධර්මිරත්නාවලිය


බහු ධන සිටාණෝ ද බොහෝ මුසුප්පු ඇති ව මසුරන් පසළොස් දහසක් යවා ලා ‘පුත, හෙම්බා මෙ නුවර සිරිමා නම් වෙශ්ය් දුවක් ඇත. ඕ තොමෝ දවස් පතා පහෙණය පිණිස මසු දහසක් හැර ගන්නීය. තෙළ පසළොස් දහස ඔබ යවා ලා ඈ ගෙන්වා ගෙණ මේ පසළොස් දවසට සිටු පුත්රියාණන්ට ඈ පාවා දි තමන් පින් කළ මැනැවැ’යි කීහ. උත්තරාවෝ ද සිරිමාවන් ගෙන්වා ගෙන ‘යෙහෙළි, මේ පසළොස් දහසක් විතර මසුරන් හැර ගෙන පසළොස් දවසක් අපගේ සිටු පුත්ර යාණන්ට පාදපරිචාරිකා වව’යි කිවුය. උයි ත් රන් දැක යහපතැ’යි ගිවිස්සෝ ය. උත්තරාවෝ ද උන් කැඳවා ගෙන සිටු පුත්ර්යාණන් ළඟට ගොසින් ‘ස්වාමිනි, මේ දෙ පෝයෙහි මූ තුමු මුඹට පාදපරිචාරිකා වෙති. මම මේ දෙ පෝයෙහි නුදුන් සරියේ දනු ත් දෙනු කැමැත්තෙමි. නො ඇසු සරියේ බණත් අසනු කැමැත්තෙමි’ කිවු ය. සිටු පුත්ර යාණෝ ද රූපත් ව පෙනෙන ත් සිරිමාවන් දැක උන් කෙරෙහි පිළිබඳ සිත් ඇති ව යහපතැ’යි ගිවිස්සහ.

උත්තරාවෝ ද බුදුපාමොක් වහන්දෑට ආරාධනා කරවා ගෙන්වා ගෙන ‘ස්වාමීනි, වසින් තුබූ මේ දෙ පෝයෙහි අනික් තැනකට නො වැඩ අපගේ මාළිගාවට සිඟා වඩනේ ‘යහපතැ’යි ආරාධනා කොට ගෙණ ‘මෙ වක් පටන් වස් පවරන දවස් දක්වා බුදුන් ට උපස්ථාන කරන්ට ත් බණ අසන්ටත් නිල ව ගතිමී’ සතුටු සිත් ඇති ව මුළු තැන් ගෙයි දන් විධාන කොට ඇවිදිති.

සිටු පුත්රසයාණෝ ද වස් පවරන්නාට පෙරාතු දවස් ‘නුවණ නැති තැනැත්තී කුමක් කොට ඇවිදී දෝ’යි සී මැදුරු කවුළුවෙන් මුළු තැන්ගේ දිසාව බලා දැළි වැකුණු පිළි ඇති ව අළුවෙනුත් තැවරී ඉතා විරූපත් ලෙසට පැමිණ පිසමන් විධාන කොට ඇවිදිනවුන් දැක ‘අනේ මෝ තොමෝ ඉතා පින් මඳ එකෙක. මෙවැනි ශ්රීත සම්පත් උසුලා ගත නො හී මුඬු මහණුන්ට බත් දීමත් කටයුත්තෙකැ’යි සිතා සැලී සැපී ඇවිද්ද’යි සිනාවක් සි ගෙන ඉවත් වූහ. උන් ඉවත් වූ කලට ලඟ සිටි සිරිම‍ාවෝ ‘මුන් සිනා සී පූයේ කුමක් දැක දෝ හෝ’යි එ ම කවුළු දොරින් බලන තැනැත්තෝ මුළු තැන් ගෙයි සිටි උත්තරාවන් දැක ‘සිනා සුණුයේ මුන් දැක ය. ඒකාන්තයෙන් ම මුන් හා පුරුදු කමක් ඇත මැනැවැ’යි සිතූහ. ඌ තුමු පිටතින් අවුත් ඒ ගෙයි රඳා සම්පත් වුන් පමණකට සම්පත් නම් ලඝු මිනිසුන් උපුල්වා පියන දෙයක් හෙයින් තමන් ඒ සම්පතට ඇතුළත් නියාවක් සිතා ගෙණ උත්තරාවන් පිට ත් කෙණකුනැ’යි සිතූහ.


                   187.     උත්තරාවන් ගේ වත                               885

එ සේ සිතා ‘උන්ට දුකක් උපදවා පියමි’ මාළිගාවෙන් බැස මුළු තැන්ගෙට ගොසින් උත්තරාවන් කැවුම් පිසන ඇතිලියකින් කකිය කකියා සිටි තෙලක් අතින් උකා ගන්ට අත දන හෙයින් සැන්දකින් උකා ගෙණ උත්තරාවන් ක‍රා නික්මුණා ය. උත්තරා‍වෝ ද උන් එන්නවුන් දැක මාගේ යෙහෙළිය මට කළ උපකාර ය මූර්තිමත් දෙයක් වී නම් ලා ලන්ට සරසින් සක්වළ ගබත් හක ය. උසින් බඹ ලොව දක්වා මේ අතුරත් මිටි ය. මා‍ගේ යෙහෙළිය මට කළ උපකාරය ඉතා බෙහෙව. මම වැළිත් මුන් නිසා මේ තුදුස් දවස් මාගේ අභිප්රාාය ලෙසින් පින් කොට ගතිමි. මෙ සේ වූ උපකාරී තැනත්තන් කෙරෙහි මාගේ ක්රොාධයෙක් ඇත්නම් ඒ ක්රො ධ නමැති ගින්නෙනුත් හුණු ව මේ තෙල් මා දවා වයි. ඉදින් ක්රෝධයෙක් නැති ව මෛත්රිුයෙක් ඇත්නම් මෛත්රී් නමැති සිහිල් පැන් වැද හුණු ගුණය නිවී ම‍ාගේ ශරීරයෙහි මළ සම් පමණකට ත් හානියක් නො වේ ව’යි ගිනි මන්ත්ර්යක් සලකන පරිද්දෙන සිරිමාවන් කෙරෙහි මෙත් කළහ. උන්ගේ මෛත්රීම යෙහි ආනුභාවයෙන් හිස වත් කළ උණු තෙල් ඇල් පැන් පරිද්දෙන් සිහිල් විය.

සිරිමාවෝ ද උන්ගේ ගුණානුභාවයෙන් වූ නියාව ම නො දැන ‘මේ තෙල් සිහිල් නියා ය’යි නැවත පලා ගොසින් කකියන තෙලින් තෙල් සැන්දක් පුරා ගෙණ තව ත් උත්තරා වන් කරා එති. එ සේ එන්නවුන් උත්තරාවන්ගේ මිඬියෝ දැක ‘නො විටියළ තැනැත්තිය, තෝ තමා අපගේ ස්වාමි දියණියන් ඉස උණු තෙල් වත් කරන්නා තබා ලඟට අවුත් වැඳ පියන්ට තරම් වී ද? තී අපට වැඩී ගියේ කො තැනෙක් දැ’යි බසින් ම භය ගන්වමින් ඈතින් මෑතින් අවුත් රැස් ව දඩු වත් සෙවීම කල් යන හෙයින් අතිනුත් පයිනු ත් තළා බිම හෙලා ගත්හ. උත්තරාවෝ ද දුර සිට අඬ ගා කියා මැරීම් තැළීම් නවතා ගත නො හී ලඟට අවුත් සිට කෙල්ලන් මුළුල්ල නවතා ලා ‘ඇයි සිරිමාවෙනි, නිකෘෂ්ට වූ වෙශ්ය කම් කොට ඇවිදිනා තොපට පසළොස් දවසකට වුව ත් මේ තරමක් ම‍ා කොට ලු කල එ සේ කොට ලූ මට තෙල බන්දක් කළා නැ’යි කියා හිපල් ගෙඩියක් නො ව අතින් පයින් ලත් ගෙඩි බැවින් පැන් හුණු කරවා නාවා පියා බෙහෙත් තෙල් ඇඟ මැඬවූහ.

සිරිමාවෝ ද එ වේලෙහි කෙල්ලන් කොට ලූ දෙයින් තමන් පිටතින් අවුත් රඳා හුන් නියාව දැන ‘අනේ මා කළ දෑ නපුර. මුන්ගේ සමණන් දැක සිනා සී පී හෙයින් ඉදින් ඌ තුමු මා දැක සිනාවක් සී පු නම් මුන් මා හිස වත් කළ මනා තෙල් මම් මුන් ඉස වත් ‍කළෙමි. මුන්මගේ ම කෙල්ලන් අවුත් නැවතී හෙයින් මුත්


886 සද්ධර්ම රත්නාවලිය

ඇතැළි වල තෙල් නිමියො ත් මුත් හුණු තෙල් මුන් ඉසවත් කිරි මෙහි නිමයෙක් ඇත් ද? එතකුදු වුවත් කෙල්ලන්ට විධාන කොට මට ගහට කැර වුව මනා තැන කෙල්ලන් කරණ ගහට ත් නවතා ලා මට කැරවුව මනා සාද ම කැරවු ය. ඉදින් මා කළ වරදට මුන් ක්ෂ මා නො කරවීම් නම් මාගේ ඉස සත් කඩක් ව පැළී ගිය නම් නපුරැ’යි වැඳ ගෙණ වැද හෙව ‘ස්වාමීනි, ක්ෂෙමා කළ මැනවැ’යි කිවු ය. උත්තරාවෝ ‘මම තොප සේ නොවෙමි. මගේ පියාණන් වහන්සේ ත් ඇත. දෙ මවු පියන්ඇති ව ඇති වූ සැටි ය මා කොට ලු තරමින් ම දත්තාව ද? ඒ මාගේ පියාණන් වහන්සේ ක්ෂ මා කරවන සේක වී නම් ක්ෂමමා කෙරෙමි’ කිවූ ය. ඒ අසා සිරිමාවෝ වන්නාට ය. මුඹගේ පියාණන් වහන්සේ ත් ඇතුළු ව දෙමවු- පියනු ත් ක්ෂේමා කරවමී’ කිවු ය. පුණ්න සිටාණෝ නම් සසරට පියාණෝ ය. උන් ක්ෂ්මා කරවීමෙන් ප්ර’යෝජන නැත. ආරිය ජාතියෙහි උපදවා ලූ පියාණන් වහන්සේ ක්ෂ්මා කැර වූ නම් ක්ෂ්මා කෙරෙමි’ කියා උත්තර‍ාවෝ කිවු ය.

ඒ අසා සිරිමාවෝ පුණ්ණ සිටාණන්, මුඹගේ ම දා පියාණන් නියාව දනිමි. ආය්ය්සිට ජාති ය තමා නො දන්නා බැවින් ආය්ය්මි ජාතියෙහි ඉපැද වූ පියාණන් නො දනිමි. ඌ කවුරු දැ’යි විචාළහ. ‍ෙනා දනු නම් ආය්ය් ේ ජාතියෙහි ඉපැද වූ‍ සේක් තිලෝගුරු බුදුහු ය යි කීහ. අප සැදෑවක් ඇති ව විහාරයට එළඹීමක් නැති හෙයින් බුද්ධවල්ලභ කම් නැතිවන්නා ඔබ ක්ෂහමා කරවන්නේ කෙසේ දැ’යි කිවු ය. එ සේ වී නම් පිළිවන. බුදුහු සෙට දවස් සහ පිරිවරින් මොබ වඩනා සේක. තොපි සෑහෙන ලෙස දනක් සරහා ගෙණ මේ අපගේ මාළිගාවට ම අවුදින් ක්ෂුමා කරවා ගනුව යි කිවු ය. ඌ ත් යහපතැ යි ගිවිස තමන්ගේ ගෙට ගොසින් තමනු ත් ඉතා දුක්පත් නො වන හෙයින් පිරිවර ගෑනුන් පන් සියයකට විධාන කොට අති පවිත්රන කොට දනක් ඉදිකරවා ලා දෙවන දවස් දන් ගෙන්වා ගෙණ උත්තරාවන්ගේ ගෙට ගොසින් වළඳවා ගත නො හි සිටියෝ ය. උත්තරාවෝ ඒ සියල්ල ම තමන් අතට හැර ගෙණ බුදු පා‍ෙමාක් සඞ්ඝයා වහන්සේ වැළඳ වුහ.

සිරිමාවෝ ද වළඳවා අනන්තයෙහි සහ පිරිවරින් බුදුන් වැඳ ගෙන හොත්තාහ. බුදුහු ද ක්ෂහමා කරවන්ට නියා ව දැන තොප වරද කවරේ දැ’යි විචාළ‍ සේක. ඊයේ දවස තමන් තෙල් සැන්දෑඋකා ගෙන උත්තරාවන් ඉස වත් කරන්ට ගිය තැන් පටන් පැවති තමන්ගේ අක්ෂවමාව ත් උත්තරාවන් ඒ සියල්ල ම සහන ය කළ


 	188.        මුගලන් මහ තෙරුන් වහන්සේ ප්ර ශ්න විචාළ වස්තුව       887


නියාව ත් බුදුන්ට දන්වා ලා ‘ස්වාමිනී, මම මුන්ගේ ගුණ සලකා වැද ගෙණ වැද හෙව ක්ෂදමා කරන්ට කීමි. මුඹ වහන්සේ ක්ෂ්මා කළොත් ක්ෂණමා කෙරෙමී’ කිවු ය. එ සේ හෙයින් මුඹ වහන්සේ ක්ෂරමා කරවනු නිසා වැඳ ගෙණ වැද හොත් නියා ය’යි කිවු ය. බුදුහු ඒ අසා ‘සැබෑ ද , උත්තරාවෙනි’ වදාරා ‘සැබව, ස්විමිනි, කී කල්හි ‘‍ෙතාප හිස උණු තෙල් වත් කරන්ට ගිය ගමනේ තොප සිතුයේ කිම් දැ’යි විචාළ සේක. උත්තරාවෝ ද ‘ස්වාමීනි, මුන් කළ උපකාර ය එක් තැනක ලිය හැකි දෙයක් වී නම් සක් වළ ඉතා හක පටු ය. බඹ ලොව ඉතා මිටි ය. මුන්ගේ උපකාර මහත. මුන් නිසා මම මේ දවස් ගණන් පින් කම ම හැසිර ගතිමි. ඉදින් මම මුන් කෙරෙහි ස්වල්ප මාත්රු වූ ත් මුසුප්පුයෙක් ඇත් නම් මේ තෙල් මා දවා පියව යි. එ සේ මුසුප්පුවෙක් නැත් නම් මේ තෙල් මා නො තදවාව’යි සිතා ‍ගෙණ මුන් කෙරෙහි මෙත් පැතිර වීමි’ කීහ.

බුදුහු ද උන්ගේ බසට තුන් විටක් සාධු කාර දෙවා වදාරා බණ වදාරණ සේක් ‘හෙම්බා උත්තරාවනි, යම් කෙණෙක් ක්රො ධීහු වී නම් ගිනි පිට ගිනි ලන්නා සේ තමා උන්ට ක්රොතධ කිරීමෙන් සන් නො හි‍ඳෙයි. එ හෙයින් තමා සහන ය කළ කලට උනුත් නැවත ගන්නා හෙයින් පැනින් ගිනි නිවන්නා සේ තමා ගේ සහනයෙන් ක්රො ධීන් ජය ගත යුතු ය. නැවත යම් කෙණෙක් යාප ත් නො වෙත් තමා උන්ට යාපත් වීමෙන් ජය ගත යුතු ය. ජය ගැන්ම නම් තමා සේ ම යහපත් කරවා ගැන්ම ය. යම් කෙණෙක් තද මසුරු වූ නම් තමා සේ ම උනු ත් තෑගි කරවා ගත යුතු ය. යම් කෙණෙක් බො‍රු බොහෝ කොට කියත් නම් තමා සැබෑ කියා ජය ගත යුතු ය. තමා බලා උනු ත් සැබෑ කියන ලෙසට කරවා ගත යුතුය’යි වදාළා සේක. දෙශනා කෙළවර සිරිමාවෝ පන් සියයක් ගෑනුන් හා සමඟ උත්තරාවන් සත් සමවාය නසා සෝවාන් වූහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ද්වේෂයෙහි ආදීනව සලකා ද්වෙෂ ය හැර මෛත්රිුයෙහි එකොළොසක් පමණ අනුසස් ලබනු කැමැත හොත් සියල්ලන් ‍කෙරෙහි මෙත් සිත් ඇති විය යුතු.


188. මුගලන් මහ තෙරුන් වහන්සේ ප්රිශ්ණ විචාළ වස්තුවසංස්කරණය

තව ද බැරෑරුම් නො වන යන් තම කුසලයකිනුත් දෙව් ලොව උපදනා නියාව හඟවන්ට මුගලන් මහ තෙරුන් වහනසේ ප්රදශ්ණ විචාළ වස්තුව කියමු.


888 සද්ධර්මගරත්නාවලිය

කෙ සේ ද යත් - එක් සමයෙක මුගලන් මහ තෙරුන් වහන්සේ දෙව් ලොවට වැඩ ‍මහෙශාඛ්යග දෙව් දුවකගේ විමනක් කරා වැඩ උන් තමන් වහන්සේ ලඟට අවු ත් වැඳ ලා සිටියවුන්ට ‘ දේවතා දුවණියෙනි , තොපගේ සම්පත මහත. මේ සම්පත නිකම් හිඳ ලද හැක්කේ නො වෙයි. පිණක් කළො ත් මුත් ය . කෙ සේ වූ පිණක් කොට මේ සම්පත ලදු දැ’යි විචාළ සේක. දේවතා දුවණියෝ ද තමන් කළ කුසල ය ඉතා ලඝු ව තිබෙන හෙයින් කියන්ට ලජ්ජා ඇති ව ‘ ස්වාමීනි, ඒ විචාරා වදාරන්ට නො කැමැත්තේ ය’ යි කිවුය. එ සේ කියන්ට මැළි වුව ත් මහ තෙරුන් වහන්සේ අර්ථී ව විචාරන හෙයින් නො කීම ත් යුක්ත නො වන්නා ‘ස්වාමීනි, මිනිස් ලොව සිටිනා ගමනේ එ බඳු විභවයක් නැති හෙයින් දී ලූ දනකු ත් නැත. කොට ගත් චෛත්යට පූජාදියකු ත් නැත. අසා ගත් බණකු ත් නැත. කොට ගත් චෛත්යො පූජාදියකු ත් නැත. අසා ගත් බණකු ත් නැත. අදහස් ලදෝතින් පිළිවන් බැවින් බොරුවක් තුඩ නො වකා සැබැ පමණක් කීම්හ. එ පමණකින් දෙව් ලොව ඉපැද දෙව් සැප ත් ලදුම්හ’ යි කිවු ය.

මහ තෙරුන් වහන්සේ ද එ පමණකින් නැවත නො පියා තව තව ත් දෙවඟනන්ගේ විමන් දොර කඩවලට වැඩ අවුත් වැඳ ලා සිටියවුන් අතින් කළ කළ පින් කම් විචාරා කියා ලූ කලට ඉතා ලඝු හෙයින් කියන්ට මැළි ව සිටි කල්හි මිනිස් ලොවට වැඩ පියා සතුන් පින් කම යොදනු නිසා තර ව විචාළ සේක. විචාරන ලද්දවුන් ගෙන් එක් දේවතා දුවක් “ ස්වාමීනි, මම එක් ජාතියෙක අනුන්ට මිඩි වීමි. ස්වාමි දරු ව සිටියෝ දුටු විට මූණ ඔවති. දොඩති, බෙණෙති. මම් ඒ ගහට විඳත් , හෙම්බා , ස්වාමිදරුව , සිටියෝ නම් කුමකු ත් කරන්නා ලද්දෝ ය . ඉසුරු ව සිටිනා බැවින් ඌ කුමක් කෙරෙ ත් නමු ත් තමා අනුන්ට අයිති වූ පසු තමාට වුවමනා නම් සහන ය ය. ඒ මෙ ලොව සාධා දී ලිය නො හී නමුත් පර ලොව සාධා දී ලයි. උන් කරණ කටයුත්තෙන් පර ලොව සාධා දී ලිය හෙන දෙයක් නැත. මෙ ලොවට ත් වඩා වුව මනා ප‍ර ලොව ය’යි සිතා උන් කරණ ගහට ඉවසා ක්ෂමමාව කෙළෙමි. එ පමණකින් මේ සා මහත් දිව සැප ලදිමි .” කිවු ය.

අනික් දේවතා දුවණි කෙණෙක් උක් සේනක් බලා හුන් ගමනේ උක් දණ්ඩක් පමණ පිළිගන්වා ‍ලා දිව සැප ත් ලත් නියාව කිවු ය . එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි පකක් පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය . අනික් දේවතා දුවණි


188. මුගලන් මහ තෙරුන් වහන්සේ ප්රසශ්න විචාළ වස්තුව 889

කෙණෙක් කැකිරි පකක් පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය . අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. එක් දේවතා දුවණි කෙණෙක් මුල පලා මිටක් පිළිගන්වා ලා දිව සැපතට මුල් වූ නියාව කිවු ය . අනික් දේවතා දුවණි කෙණෙක් කොසඹ අත්තක් පමණ පිළිගන්වා ලා දිව සම්පත් ලත් නියාව කිවු ය.

මහ තෙරුන් වහන්සේ උන් හැම දෙනා කළ පින් කම් අසා මිනිස් ලොවට පහළ කරණු පිණිස බුදුන් කරා වැඩ ‘ ස්වාමීනි, අනික් පින් කමක් නැති ව සැබෑ කී පමණකින් හා අනුන් කෙරෙහි ක්රොසධ නො කිරිම් පමණකින් හා තිඹිරි-කැකිරි ආදි ය දන් දුන් පමණකින් දිව සැප ත් ලද හැකි ද ? මැළි ව නො කරණ හෙයින් මුත් පින් කම් නම් නිරායාශ නියා වේ දැ’යි විචාළ සේක. ‘හැයි, මෞද්ගල්යාමනයෙනි, කුමක් නිසා මා අතින් විචාරවු ද ? මෙ පමණකින් දිව සැප ත් සම්භ වන නියාව දේවතා දූ ම තොපට කීවෝ වේ ද ? උන් උන් ලත් සම්පතු ත් දුටුවා දැ’යි වදාළ සේක. මා ම ඇසුව’ යි දුටුව’ යි පමණ කිම්ද? මකුළුවන් කෑ කෑ දෙයක් හූ වන්නා සේ සුගන්ධ හස්තීන් අනුභව කළ දෙය සුවඳ වන්නා‍ සේ මුඹ වහන්සේ වදාල දෙයක් ධර්ම වන හෙයින් මේ අර්ථෝත්පත්ති කොට කුදු ගොත් සඟිය විමන් වත පහළ කරණු නිසා විචාළෙමී’ කී සේක.

බුදුහු ත් යම් කෙණෙක් සත්යකයෙහි පිහිටා සැබෑ කිවු නම් කරව තරම් අපරාධයක් කළ කෙණකුන්ට වත් ඛන්තිවාද ජාතකාදියෙහි බොධි සත්වන චරිත ය සේ ක්රොකධ නො කෙරෙත් නම් , තව ද යම් කෙණෙක් සිල්වතුන් ගම් ගෙවලට ගොසින් ඉල්වීමක් නැත ත් සල්ලෙඛ ප්රබතිපත්ති ලෙස සිඟා සිටීම ම උද්දිස්ස අරියා තිට්ඨන්ති ඵසා අරියාන ‘ යාවනා ’ යනු හෙයින් ඉල්වීමක් හා සරි හෙයින් එ සේ ඉල්වූ කල තමන්ට සෑහෙන පමණක් කුඩු මිටක් වැඩියක් වුව ත් පලා සැන්දක් වුව ත් කම් පල අදහා දෙත් ද , මේ තුනින් වුව ත් දෙකකින් වුව ත් එකකින් වුව ත් දෙව් ලොවට යෙති’ යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් මේ පින් කම් තුනක් වුව ත් මෙයින් සිද්ධ වන ලොවී සැප ත් තිබිය දී ලොවුතුරා සැප ත් නවයක් බැවින් වැඩියුරු ව සිතා බැරෑරුම් පින් කම් බැරි වුව ත් මේ පමණක ත් හැසිර ලොවී ලොවුතුරා සප ත් සිද්ධ කට යුතු.


890 සද්ධර්මයරත්නාවලිය


189. සාකෙත වතසංස්කරණය

තව ද සීලාදී ගුණෙන් යුත් උත්තමයන් ගේ උත්තම ගුණ හඟවනු නිසා සාකෙත වත දක්වමු.

කෙ‍ සේ ද යත් -

රත් නෙළුම් වන මධ්ය යෙක ගමන් ගත් රුවක් මෙන් සඟ ගණ පිරිවරා බුදු රජුන් වහන්සේ සාකෙත නුවරට සිඟා වඩනා කල්හි සාකෙත නුවර වසන එක් මහලු බමුණාන කෙණෙක් නුවරින් නික්මුණු තැනැත්තෝ වාසල් බඩ දී දශබලධාරී වූ බුදු රජුන් වහන්සේ දැක පය ඉස තබා ගෙණ වැද හෙව වළලු කර තරයේ අල්වා ගෙණ ‘ පුතඬ , දරුවන් නම් මහලු ව ගිය දෙ මවු පියන් රැක්ක මනා වේද ? මෙ තෙක් කල් මුළුල්ලෙහි රක්නා තබා අවුත් විචාරන පමණකු ත් නො වී ය . අපි වන්නා දුටුමෝ වේ ද ? මෑණියන්දෑ විචාරනට අව මැනැවැ’යි බුදුන් කැඳවා ගෙණ තමන්ගේ ගෙට ගියහ. බුදුහු ත් වැඩ ලා පැන වූ හස්නෙහි වැඩ හුන් සේක. වහන්දෑ ත් වැඩ හුන් සේක.

බැමිණිනියෝ ත් අවුත් බුදුන්ට බැස හෙව වැඳ ලා බමුණානන් කී ලෙස ම කියා දූ දරුවනු ත් කැඳවා ලා ‘ තොපගේ බෑණන් වහන්සේ වඳුව ’ යි කියා ලා වැන්ද වූ ය . බුදුන් දුටු වේලේ පටන් බොහෝ සතුටු ඇති බුදු පාමොක් වහන්දෑ වළඳවා ලා ‘ ස්වාමිනි, නිරන්තරයෙන් ම ඔබ්බකට සිඟා නො ගොස් මුම වහන්සේගේ මහලු දෙමවු පියන්ට ම සඞ්ග්‍රහ කල මැනැවැ ’ යි කීහ. සර්වවඥ වරයෝ නම් බොහෝ දෙනාට පිරෙන පින් තබා පියා එක තැනකින් ම දන් නො වළඳතී’ කී කල්හි ‘එ‍ සේ වී නම්, ස්වාමීනි, යම් කෙණෙක් මුඹ වහන්සේට ආරාධනාවට අවු නම් උන් අප කරා එවුව මැනැවැ’ යි කීහ.

බුදුහු ත් එ වක් පටන් පවරන්ට ආ කෙණෙක් ඇත් නම් ‘බමුණානන්ට කියව’ යි කියා ලා ඔබ යවන සේක. උයිත් ගොසින් සෙට යට ආරාධනා අපගෙනැ ’ යි බමුණානන්ට කියති. බමුණානෝ දෙ වන දවස් තමන් ගෙන් බත් මාළු ගෙන්වා ගෙණ බුදුන් වැඩ හුන් තැනට යෙති. ඔබ්බෙකින් ආරාධනාවෙක් නැත් නම් බුදුහු බමුණානන්ගේ ගෙයි දී ම වළඳන සේක. දෙ මවු පිය කම් කියා ගත් බමුණානන් හා බැමිණිනියන් හා දෙන්න කවුරුන් දන් දෙත ත් නිරන්තරයෙන් ම තමන් සන්තක දෙය බුදුන්ට දන් දෙන්නාහු බණ ත් අසන්නාහු අනගැමි වූහ.


189. සාකෙත වත 891

ධම් සෙබෙයි රැස් ව වැඩහුන්වහන්දෑ ද ‘ ඇවැත්නි , බමුණානෝ සුදොවුන් මහ රජාණන් බුදුන්ට පිය නියා ව ත් මහාමායා බිසොවුන් බුදුන්ට මවු නියාව ත් දනිති. දැන දැන ම තුමූ ත් බැමිණිනියෝ ත් බුදුන් තමන්ගේ පුතණුවන් වහන්සේ ය’ යි කියති. බුදුහු ත් ඒ ඉවසන සේක. කාරණ කිම් දෝ හෝ ’ යි කථාව ඉපැද වූ සේක. බුදුහු ත් ඒ කථාව අසා මහණෙනි, ඌ දෙන්න ම තමන්ගේ දරුවන්ට ම දරුවෝ ය යි කියතී ’ වදාරා ඉකුත් වත් දක්වන සේක් ‘මහණෙනි, මේ බමුණානෝ පිට පිට පන් සියක් ජාතියෙහි මට ම දා පිය වූහ. එ සේ ම පිට පිට හෙළා පන්සියක් ජාතියෙහි කුඩා පිය වූහ. එ සේ ම පිට පිට හෙළා පන්සියයක් ජාතියෙහි මාලු පිය වූහ. බැමිණිනියෝ ද පිට පිට හෙළා පන්සියයක් ජාතියෙහි වැදු මවු වූ ය . අනික් පන්සියයක් ජාතියෙහි කුඩා මවු වූ ය . තව ත් පිට පිට හෙළා පන්සියයක් ජාතියෙහි මෑලි මවු වූ ය . මෙ සේ මම යෙළ ‍දාසක් ජාතියෙහි බමුණානන් අත වැඩියෙමි. යෙළ දාසක් ජාතියෙහි බැමිණිනියන් අත වැඩියෙමි’ මෙ ලෙසින් තුන් දහසක් ජාතියෙහි පිට පිට හෙළා තමන් වහන්සේ උන් දෙන්නාට පත් වු නියා ව වදාරා ලා -

“ යස්මිං මනො නිවිසති - විත්තඤ්වාපි පසීදති, අදිට්ඨපුබ්බකෙ පොසෙ - කාමං තස්මිං ‘පි විස්සසෙ ”

යනු හෙයින් ආදි නුදුට ත් දැක මා කෙරෙහි ප්රෙමම ය බහුල ව පැවැත්තැ’යි වදාරා බුදුහු ඒ කුල ය නිසා විසූ සේක.

බමුණු - බැමිණි දෙන්න ත් රහත් ව පියා ආයු ශක්ති ය ත් නිමි හෙයින් පිරිනිවියහ. ඒ දෙන්න ම මහ පෙරහරින් එක කුළුගෙයකට නංවා ආදාහන භූමියට ගෙන යෙති. බුදුහු ත් පන්සියයක් දෙනා වහන්සේ පිරිවරා ආදාහන භූමියට වැඩි සේක. බුදුන්ට දෙ මවු-පිය කම ප්රරසිද්ධ හෙයින් බොහෝ දෙන ත් නික්මුණාහ. බුදුහු ත් ආදාහන බිම ලඟ එක් ශාල‍ාවකට වැද ලා වැඩ සිටි සේක. මිනිස්සුත් බුදුන් වැඳලා එකත් පස් ව සිට ‘ ස්වාමීනි, දෙ මවු-පියන් මළ යි සිතා මුසුප්පු වන්ට නො කැමැත්තේ ය ’ යනාදීන් සාද සාමීචි කෙරෙති. බුදුහු ත් ‘එ සේ නො කියව’ යි නො වදාරා පප්ත්ගේ අදහස් බලා ඒ ඇසිල්ලට නිසි බණ වදාරන සේක්

“ අප්පං වත ජීවිතං ඉදං - ඔරං වස්ස සතාපි මීයති, යො චෙපි අතිච්ච ජීවති - අථ බො සො ජරායපි මීයති.

892 සද්ධර්ම රත්නාවලි ය

යනු හෙයින් ‘ මිනිස් ලොව ජීවත්වීම නම් ලඝු ය . හවුරුදු සියයට මෑත ත් මියෙත්. වඩා වුව ත් ජරාවට පැමිණ පියා මියෙත් ම ය’ යි වදාළ සේක. දෙශනා කෙළවර සුවාසූ දහසක් දෙන නිවන් දුටහ.

වහන්දෑ ද බමුණානන් හා බැමිණිනියන් පිරිනිවී නියාව නො දැන ‘ස්වාමීනි, උන් උපන්නේ කොයි දැ ’යි විචාළ සේක. බුදුහු මහණෙනි , භවක්ෂ ය කළවුන්ගේ ත් උත්පත්ති ඇත් දැ ’යි විචාරා බණ වදාරන සේක් ‘යම් කෙණෙක් සම්යතක් ප්රදතිපදාවෙහි පිහිටා පය්යාස ප්තියෙහි තර වූ අභියොගය ය ඇති බැවින් ප්රඋතිවෙධයට ත් යත්න කොට සමථාභියොග ය කොට සමථ ය උපදවා ගෙණ තත් පාදක වූ මාර්ගට ඵල උපදවා ගත්තු නම් ඔහු අනුපධිශෙෂ නිර්වාගණ ධාතුවෙන් පිරිනිවෙති. එ හෙයින් මුන් දෙන්න ත් පිරිනිවියහ’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් මනා ව පිළි පැද භවක්ෂටය ට ම උත්සාහ කටයුතු.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xxi&oldid=5698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි