160. යමාමහ පෙළහර වතසංස්කරණය

තව ද බුදුන්ගේ බුද්ධානුභාව ය දක්වනු සඟඳහා යමා මහ පෙළහර වත කියමු. කෙ‍ සේ ද යත් - එක සමයෙක රජගහ නුවර සිටාණෝ උපද්රවවයෙන් මිදෙනු නිසා ගඟ උඩ ත් පාත ත් කෙවුළන්ගේ මහ දැල් බඳවා ලා දිය කෙළි කෙළිති. එ සේ උඩ ත් යට ත් දැල් බැඳවූයේ හැයි ද යත්- දිය කෙළිමින් සිටිය දී ගැළවී වැටී ගිය ආභරණෙක් ඇති නම් ඒ වැද ගෙන තිබෙනු නිසා ය. උඩතින් මහත් කඳන් අවුත් ඇඟ වැද ගනී නමුත් ය’යි තව ද කිඹුලුන් දැති මෝරුන් ආදී වූ නො එක් උපද්ර වයෙන් මිදෙනු නිසා ගඟ උඩ ත් යට ත් දැල් බැන්දවිය යුතු ම ය.

එ කල එක් රත් සඳුන් ගසෙක් ගඟ උඩ ත ගඟ ගාවා සිටියේ වතුරු අවුත් මුල් සේධී ‍වැටී ගොසින් හැලිවල දී ගල්වල 806 සද්ධර්මුරත්නාවලි ය

ගැසී විසිරිණ. ඉන් කළයක් විතර ගැටෙක් ගල් කැටවල ත් ඉළී රළ ගැස්මෙන් සිලුටු ව සෙවෙල් වසා පියා ගඟ හොස්සේ අවුත් ගඟ උඩත බැඳි ැදළ ගැන්නිණ. සවස දැල් හකුළන කොවුළෝ ද සිටාණන්ට පෑවූ ය. සිටාණෝ මේ කිම් දැ’යි විචාරා රුක් ගැටෙක යනු අසා අසවල් ගැටෙකැ යි දන්නා පිණිස වෑකන්නකින් සස්වා ලූහ. ඒ ඇසිල්ලෙහි ම අලතා පිඬක් සේ රත් පෑය පෙනී රත් සඳුන් නියා ව ගැඟිණ. සිටාණන්ගේ ශාසන භක්ති ය ත්, තීත්ථි ක භක්තිය ත් නැති ව මැදහත් තරමක් ම හෙයින් අපගේ ගෙයි සඳුන් දඬු බොහෝව මින් කුමක් කෙරෙම් දෝ හෝ’යි සිතූහ.

එ සේ සිතා ලා මෙ ලොව රහත් කමට ඇවිදිනෝ බොහෝ ය. මම ඉන් කවුරුත් රහත් බව ත් නො දනිමි. දඩු ලීම් දන්නා කෙ‍ණකුන් ගෙන්වා ගෙන බන්දකට නඟා ලා පාත්රනයක් ලියවා පිසා සාල්ලෙක තබා ලා හුණු දඬු ඊ ඊ තබා බන්දා සැට රියනක් විතර ආසට පාත්රා ය නංවා ලා ‘ඉදින් මේ ලොව රහත් කෙණෙක් ඇත් නම් ආසින් අවුත් තෙප පාත්රර ය ගත මැනැවැ’යි කියමි. යම් කෙණෙක් එ ලෙසින් ඒ පාත්රු ය ගත්තු නම් අඹුදරුවන් හා සමඟ උන් සරණ යම්හ’යි සිතූ හ. සිතා ලා සිතූ ලෙස ම පාත්ර ය උඩ නංවාලා ‘මේ ලොව රහත් කෙණෙක් ඇත්නම් ආසින් අවුත් තෙල පාත්රි ය ගත මැනැවැ’යි කිවූ ය.

පුරණ කාශ්ය්පාදී ස දෙන ‘තෙල පාත්රි ය තරම් අපට ය. අනික් ගන්ට තරම් කෙණෙක් නැත. දුන මනා අපට මැ’යි කිවූ ය. අපි තරමුම්හ’යි කියා ලූ පමණකින් තරම් නියාව අපට දැනෙන් නේ කෙ සේ ද? තරම් අඟවතො ත් අහසින් අවුත් හැර ගත මැන වැ’යි කිවූ ය. මෙ ලෙස කියා ත් පස් දවසක් විතර ම අහසින් අවුත් සඳුන් පාත්රම ය හැර ගන්නා කෙණකුන් නැති ව ස වෙනි දවස් නිගණ්ඨ නාථපුත්රස තමාගේ අතවැස්සන් බණවා ලා ‘යව, ගොසින් සිටාණන්ට තෙල සඳුන් පාත්රසය අපගේ ආචාරීන්ට ම තරම. නිස්සාර වූ පාත්රටයක් නිසා අපගේ ආචාරීන්ගේ සාර ගුණ ය අහසින් ගමන් කරවා ප්රනකාශ නො කරවුව මැන ව. සාර ගුණ හඟවන්නට ආසින් ගමන් බැරි නො වෙයි. පාත්ර ය ඔබට ම දුන මැනැවැ’යි කියව’යි කිවූ ය. උයි ත් ගොසින් සිටාණන්ට එ පවත කියා ලූ ය. සිටාණෝ ‘මා එ‍ සේ දෙන්නේ නැත. ඇර ගත හෙන කෙණකුන් ආසින් අවුත් හැර ගත මැනැවැ’යි කිවූ ය.

නිගණ්ඨ නාථපුත්රනයා සිටාණන් කරා තෙමේ යනු කැමති ව පෙරාතු කොට ම තමාගේ අතවැස්සන්ට උගන්වන්නේ ‘මම ඔබ


160. යමා මහ පෙළහර වත 807

ගිය කල එක් අතකු ත් එක් පයකු ත් ඔසවා ආසට නැ‍ඟෙන්ම ආරම්භයක් සේ කෙරෙමි. තෙපි එ විට ‘ආචාරීන් වහන්ස, නිකම් දඩු කඩක් නිසා සැඟවී තුබූ රහත් ගුණ ය බොහෝ දෙනාට නො පෑව මැනවැ’යි කියා ලා මා අත ත් පය ත් බඳ ත් අල්වා ගෙන ඇද බිම හෙලා ගනුව ‘යි උගන්වා ගෙන නාථ පුත්ර යා සිටාණන්ගේ ඔබ ගොසින් ‘මහ සිටාණෙනි, මේ පාත්ර‍ ය අනික් කෙණකුන්ට තරම් නො වෙයි. තරම් අපට ම ය. නිකම් ලඝු කටයුත්තක් නිසා අප ගේ රහත් ගුණ ය ප්රිකාශ නො කරව. පාත්රිය දෙවා පියව’යි කිවූ ය. සිටාණෝ ද කරණ ලෙසින් ම ආසින් අවුත් පාත්ර ය හැරගන්ට උන් අශක්ති නියා ව දැන ලා ‘මේ කියා බොහෝ දෙඩීමෙන් කම් කිම් ද? පාත්රය ය ගත මැනවැ’යි කිවූ ය.

එ කල නිගණ්ඨ නාථ පුත්රම ‘එ‍සේ වී නම් ඇළව ව යි අතවැස්සන් ඇළ කරවා ලා ‘අහසට නැ‍ඟෙමි’යි එක් අතක් ඔසවා ගත. කොතැන ගැසුව ත් බල්ලන් පයක් ඔසවා ගන්නා සේ එක් පයකුත් ඔසවා ගත. එකල අතවැස්සෝ ‘ආචාරීන් වහන්ස, දඩු ගැටකින් කළ පාත්ර.යක් තබා මැණික් පාත්රොයක් වුව ත් සැඟ වී තුබූ රහත් ගුණ ය මුඹ වහන්සේ බොහෝ දෙනාට පෑමෙන් ප්ර‍යෝජන කිම්දැ’යි නො පෑව මනා ලජ්ජා ස්ථාන ය ප්රසකාශ කළාට බැණ නො ගැග ත් අත ත් පය ත් අල්වා ගෙන ඇද බිම හෙළා ගත්හ. නිගණ්ඨ නාථපුත්රා ද ‘මහ සිට, මූ මා ආසට නැංග නො දෙති. මුන් හැම කට යුත්තෙක හෙළා මා නැංග නො දෙන කල මා කරන්නේ කිම් ද? උනු ත් කියන්නේ කට යුත්තෙක. පාත්රෙ ය දී පියව’යි තමන් කමක් දත නොහෙන්නා සේ උනු ත් දත නො හෙති දෝ ඉල්වූහ. සිටාණෝ කරණ ලෙසින් ම කරන්නා වඤ්චා වූ නියාව දැනගෙන ‘ආසින් ගොසින් ම පාත්රණ ය ගත මැනවැ’යි කිවූ ය.

මෙ සේ පුරණ කාශ්ය පාදීහු ස දවසක් මුළුල්ලෙහි යත්න කොට ත් බල්ලන්ට පොල් නො පලා ලූවා සේ ආසින් ගමන් තමන් ට බැරි හෙයින් පාත්ර්ය නො ලත්හ. සත්වන දවස් මුඟලන් මහ තෙරුන් වහන්සේ හා පිණ්ඩොල භාරද්වාජ මහ තෙරුන් වහන්සේ හා රජගහා නුවර සිඟම්හ’යි ගොසින් එක් ගල් පොත්තෙක වැඩ සිට සිවුරු ගැටවටු ගන්වන කල්හි ධූර්තයෝ එක් ව ගෙන ‘පින්වත්නි, පෙර පුරණ කාෂ්යයපාදී ස දෙන’ අපි රහතුම් හ’යි කියා ඇවිදේදෝ ය. රජගහා නුවර සිටාණන් රහතුන් තෝරන්ට පාත්රද යක් සැටරියනක් විතර ආසට නංවා තුබූ යේ අදට සත්


808 					සද්ධර්‍මරත්නාවලි ය

දවසෙක. ‘ඉදින් රහත් කෙණෙක් ඇත් නම් ආසින් අවුත් හැර ‍ගත මැනවැ’යි සිටාණන් කීව ත් ආසින් ආ කෙණෙක් නැත. මෙ ලොව රහතන් නැති නියාව අද දතුම්හ’යි කථාවක් ඉපැද වූ හ. ඒ කථාව අසා මුඟලන් මහ තෙරුන් වහන්සේ පිණ්ඩොල හාරද්වාජ මහ තෙරුන් වහන්සේට ‘ඇවැත්නි, තුලුන් කියන බස් ඇසූයේ ඇත්තේ වේ ද? තුලු තුමු බුදු සස්නෙහි තරම් විමසන්න. වුන් මෙන් කියති. තෙපි ත් මහානුභාව සම්පන්නයෝ ය. ආසින් ගොසින් තෙල පාත්ර ය ගත මැනවැ’යි කී සේක.

අපට වදාරන්නේ හැයි ද, මුඹ වහන්සේ සෘද්ධිමතුන්ට අග්ර ය යි ප ප්ර සිද්ධ වුව. මුඹ වහන්සේ රහතන් ලොව ඇතිනියා ව හඟවා තෙල පාත්රස ය ගත මැනව. මුඹ වහන්සේ හැර නො ගනිතො ත් මම ඇරගනිමී’යි කී සේක. මුගලන් මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේ ‍ගුණමකු නො වන බැවින් ඔබගේ ත් ආනුභාව ය හඟවනු නිසා තමන් ම හැර ගත මැනැවැ යි වදාළ සේක. එ ‍ෙස් වදාළ කල්හි පිණ්ඩොල භාරද්වාජ මහ තෙරුන් වහන්සේ සෘද්ධීන් තුන් ගවුවක් විතර දිග පළල ඇති ගල්පොත්ත කබල් ලක් පුපුරන කලක් මෙන් උපුටා පුලුන් පෙඳක් ‍මෙන් නඟා රජ ගහා නුවරට උඩ ගල්ලෑල්ල පය අවුළුවා ගෙන සත් විටක් සිසාරා ඇවිදි සේක. ඒ ගල්ලෑල්ල ත් නුවර ත් තුන් ගවුවක් විතර හෙයින් සැළියකට විතර දාකණ මාලාවක් මෙන් වසාගෙන සිටි ය.

නුවර වැස්සෝ ද ‍ ‘තෙල ගල්ලෑල්ල අප මිරිකා ගෙන වැටී යේ නමුත් ය’යි භයින් තැනි ගෙණ කුලු ආදි ය ඉසට කොට ගෙණ ඒ ඒ තැන සැඟවුණාහු ය. සත් වන වාරයේ දී තෙරුන් වහන්සේ ගලතල පළාගෙන වුවර වැස්සන්ට තමන් වහන්සේ පෙනුණු සේක. භයින් නැතිගත් මිනිස්සු ද තෙරුන් වහන්සේ දැක පිණ්ඩොල භාරද්වාජ ස්වාමීනි, තෙල මුඹ වහන්සේගේ ගල්තලග තර කොට අල්වා ගත මැනව. අප මෙ‍ තෙක් දෙනා නො නැසුව මැනවැ’යි කිවූ ය. තෙරුන් වහන්සේ ද ගල තල පයින් ඉවත් කළ සේක. එයි ත් ගොසින් තමා තුබුව මනා තන්හි තිබිණ තෙරුන් වහන්සේ ද සිටාණන්ගේ ගෙඩ උඩ අහස සිටි සේක. සිටාණෝ ද ඔබ දැක බඩින් බැස හෙව වැඳ ලා ‘බැ ස වදාළ මැනව, ස්වාමීනි, කියා ලා ආසින් බට තෙරුන් වහන්සේ වඩා හිඳුවා ලා පාත්රස ය බාවාගෙන ශර්ක.රා ආදී වූ චතු මධුර ය පුරා ලා පාත්රිය තෙරුන් වහන්සේ ට පිළිගැන් වූ ය. තෙරුන් වහන්සේ ද පාත්රධ ය පිළිගෙන විහාරයට වඩනට නික්මුණු සේක.


160. යමා මහ පෙළහර වත 809

වලට කොළට ගිය යම් කෙණෙක් ඔබගේ පෙළහර නුදුටු වූ නම් ඔහු රැස් ව ‘ස්වාමීනි, අප ත් පෙළහර පෑ වදාළ මැනවැ’යි පසු පස්සෙහි හී ගත්හ. තෙරුන් වහන්සේ ත් ඒ ඒ දෙනාට පෙළහර දක්වමින් විහාරයට වඩනා සේක. බුදුහු බොහෝ දෙනාගේ කොලාහල අසා අනඳ මහ තෙරුන් වහන්සේ අතින් කුමන අරගලයෙක් දැ යි විචාරා ස්වාමීනි, පිණ්සොල භාරද්වාජ තෙරුන් වහන්සේ ආසින් අවුත් සඳුන් පාත්රාය ලත් සේක. ඒ ආශ්චය්ය්් යට පැවති කොලාහල ය’යි කී කල්හි භාරද්වාජ තෙරුන් වහන්සේ කැඳවා ලා තොප මෙ ලෙස කළේ සැබෑ දැයි විචාළ සේක. ‘සැබෑ ‘යි කී කල්හි ‘හැයි භාරද්වාජයෙනි, කුමක් නිසා තෙල ලෙස කළා දැ’යි වදාරා ඒ පාත්ර‘ය කැබලි කැබලි කොට බිදුවා පියා වහන්දෑට අඳුන් ඝටන්ට දෙවා පියා විකුර්වණ සෘද්ධි ය නො කරන්නට වහන්දෑට සිඛ පද නැනවූ සේක.

තීත්ථිරකයෝ ද ‘මහණ ගොයුම් පාතු‍ය ත් රහත් ගුණ සඟවා ලත් හෙයින් බිඳුවා පියා මෙ වක් පටන් පෙළහර නොකරන්ට ත් තමාගේ සවුවන්ට සිඛ පද පැන වී ල. මහණ ගොයුම්හුගේ සවුවෝ ත් පනවා ලූ සිඛ පද තමන් දිවි නසිත ත් ඉක්ම නො පවත්ති. මහණ ගොයුමු ත් තමාගේ සවුවන් නො කරණ දෙය තෙමේ ත් නො කෙරෙයි. අපට වූයේ මහත් ඵලයෙකැ’යි නුවරට‍ පලා ගොසින් ඒ ඒ තැන සිට ගෙන අපි අපගේ රහත් ගුණ රකින මෝ දඩු කඬුක් නිසා අපගේ රහත් ගුණ නිධාන රක්නා සේ ද අප කෙරෙහි තබා රැකි බව මුත් අනුන්ට නො හැඟවුම්හ. මහණ ගොයුම්හුගේ සවුවෝ තමන් සිසසාර හෙයින් බලවත් දෙයකු ත් නො ව දඬු කඩක් නිසා තමන්ගේ ගුණ ය බොහෝ දෙනාට හැඟවූ ය. මහණ ‍ෙගායුම් හා සමග පෙළහර කරම්හ. පසු නො බසුම්හ’යි කියා ඇවිදිති.

බිම්සර මහරජහු ඒ කථාව අසා බුදුන් ලඟට ගොසින් ස්වාමිනී මුඹ වහන්සේ සවුවන් වහන්සේට පෙළහර නො කරණ ලෙසට කොට වදාළ සම්මත ඇද්දැ’යි කී ‍ය. ‘එ සේ ය’ යි වදාළ සේක. දැන් තීත්ථිළකයෝ මුඹ වහන්සේලා එක්ව පෙළහර කරම්හ’යි කියති. කළමනා කුමක් දැයි කිවූය. මහ රජ ඌ පෙළහර කෙරෙත් නම් අපි ත් කරම්හ යි වදාළ සේක. ‘හැයි, ස්වාමිනී සිඛ පද පනවා වදාලේ ඇත්තේ වේ ද? එ සේ වන්නා කෙසේ ද’යි කිවූ ය.



810 සද්ධර්‍මරත්නාවලි ය

මම. මහරජ, මට සිඛ පද නො පනවමි. මා පැන වූ සිඛ පද නම් මාගේ සවුවන්ට මය’යි වදාළ සේක. ‘මුඹ වහන්සේ හැර ත් පන වන සිඛ පද ඇත්දැ’යි විචාළහ. ‘එ සේ වී නම්, මහ රජ තොප ම විචාරම්හ.

‘මහරජ, තොපගේ රට අඹ දඹ ආදිය ඇති උයන් ඇද්දැ’යි විචාළ සේක. ‘ඇතැ’යි කිවූ ය. ‘ඉදින්, මහ රජ තොපගේ උයන් වලින් බොහෝ දෙනා අවුත් අඹ ආදි ය කත් නම් කළ මනා ‍කිම් දැ’යි විචාළ සේක. ‘අඹ ආදිය කෑවන්ට දඩ ඇත්තේ වේ දැ’යි කිවූ ය. ‘උයන අඹ ආදි ය තොපට ලැබේ ද, නො ලැබේ දැ’යි, විචාළ සේක. ස්වාමිනී, මට දඩ නැත. මා‍ෙග් උයන්වල අඹ ආදිය මා අනුභව කරල කල වළකන්නෝ කවුරු දැ’යි කිවූ ය. ‘මහ රජ තොප එක් දාස් දෙ සියයක් ගවු පමණ රටක් කරණ තැනැත්තවුන් උයන්වල අඹ ආදි ය කන කල දඩ නැති කල සෙස්සන්ට දඩ ඇති කල මාගේ ආඥාව කෙළ ලක්ෂඩයක් සක් වල පවතු ත්, එ හෙයින් මාගේ විධාන ය අනුන්ට මුත් මට නැත. පෙළහර කෙරෙමී තොපගේ උයන්වල අඹ ආදි ය කෑ කල තොපට දඩ නැත්තා සේ ම අනුන් නො කරන්ට විධාන කළ දෙය මා කළැයි වරද නැතැ’යි වදාළ සේක.

තීත්ථිේකයෝ ද ඒ කථාව අසා ආද්යඋන්තයක් සිතා කාරණ කියන දෙයක් නො වන බැවින් සඳුන් පාත්රායට තරමුම්හ යි කියා ත් අපගේ ම නො තරම හැඟවූම්හ. දැනු ත් මහණ ගොයුම් හා සමඟ පෙළහර කරම්හ’යි කියා ත් වෙන ම වියවුලෙක් වද්දී. ආදී කුම් වුව ත් මෙ වක් පටන් නටුම්හ. මහණ ගොයුම්හු සිඛ පද පැනවූයේ සවුන්ට ම ල. ඒ විධාන තමන්ට නැත් ල. තුමූ ම දැන් පෙළහර කෙරෙත් ල. කුමක් කරමෝ දැ’යි ඔවුනොවුන් හා කථා කළහ. බිම්සර මහ රජ ද බුදුන් කරා ගොස් ස්වාමිනී, පෙළහර කවර කලෙක වේදැ’යි විචාළහ. මෙ තැනට සාර මසක් ගිය කල ඇසළ මස පුර ප‍සළොස්වක ය’යි වදාළ සේක. ‘කොයි දී දැ යි’ ස්වාමීනී’යි රජ්ජු‍රුවෝ විචාළහ. ‘මහ රජ, සැවැත් නුවරදී ය’යි වදාළ සේක. බුදුහු කුමක් නිසා මෙ සේ ම දුර දී පෙළහර කරන්ට සිතා වදාළ සේක් ද යත් - කවර ත් බුදු කෙණකුන් වහන්සේ තිත්ථිකක මථන ය නිසා යමා මහ පෙළහර කරණ සේක් වී නම් එ තැන දී ම හෙයිනුත් තවද බොහෝ දෙනා රැස් වනු නිසා ත් දුරු බා නිල කළ සේක.

තිත්ථිතකයෝ ඒ කථාව අසා “ මෙ තැනට සාර මසක් විතර ගිය කලට මහණ ගොයුම්හු සැවැත් නුවර දී පෙළහර ‍කෙරෙත් ල.


160. යමා මහ පෙළහර වත 811

මෙ වක් පටන් උන් අත් නො හැර ම ඇවිදුම්හ. බොහෝ දෙනා ත් අප දැක මේ කිම් දැ’යි විචාරති. අපි උන්ට කියන කල ‘මහණ ගොයුම්හු හා පෙළහරක් කරම්හ’යි බසක් කියා පූම්හ. ඌ අප කෙරෙහි භයින් පලා යෙති. උන් ලුහුබඳවා පියා අල්වන්ට යන නියා ය’යි කියම්හ. එයි ත් එක් මිනිසා වන් කමෙකැ1 යි කථා කොට ගත්හ. බුදුහු ත් රජගහ නුවර සිඟා වළඳා ලා නික්මුණු සේක. තීත්‍ථිකයෝ ත් පස්සේ නික්ම බුදුන් වැළඳූ තැන තුමු ලගිති. බුදුන් සැතපුණු තැන දී තුමු බත් කති. දුටු කෙණකුන මේ කිම් දැ’යි විචාළ කල තමන් ආදී කියා ගෙන හුන් ලෙස ම කියති. බොහෝ දෙනා ත් පෙළහරෙයි ස්වරූප තීර්ථකයන් ගෙන් ම ප්‍රසිද්ධ හෙයින් පෙළහර බලන්නට නික්මුණාවු ය.

බුදුහු සැවැත් නුවරට වැඩි සේක. තීත්ථිකකයෝ බුදුන් හා කැටිව ම ගොසින් තමන්ට උපාසක ව හිඳිනවුන් සමාදන් කරවා ගෙන මසූ ලක්ෂකයක් ලදින් කපට කිහිරි කප ම ලවා මණ්ඩපයක් කරවා නිල් මහනෙල් මල් පෙත්තෙන් හොයවා ලා පෙරහර මෙ තැන දී ම කරම්හ’යි හුන්හ. පසේනදී කොසොල් රජ්ජුරුවෝ බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, තීත්ථිසකයෝ තමන්ට පක්ෂො කෙණකුන් හැර ගෙන මසු ලක්ෂායටක් දී ලා මණ්ඩපයක් කරවා ගත්හ. මම ද මුඹ වහන්සේට මණ්ඩපයක් කරවා දෙමි’ කීහ. ‘මහ රජ නො කැමැත්තෙමි. අප මණ්ඩප කරවන්නෝ ඇතැ’යි වදාළ සේක. මණ්ඩපයක් කරවා දී ලන්ට මා විනා අනික් ශක්ති ඇත්තෝ කවුරු දැ’යි කිවූ ය. ‘මහ රජ, සක් දෙවිඳු ය’යි වදාළ සේක. ස්වාමිනී , පෙළහර කරන්නේ කො තැනක දී දැ’යි කිවූ ය. ‘මහරජ, ගණ්ඩම්බ නම් අඹ ගස මුලදීය යි වදාළ සේක. තීත්ථිවකයෝ අඹ ගසක් මුල දී බුදුන් පෙළහර කෙරෙති’ පරම්පරා කථාවෙන් අසා තමන්ට පක්ෂක ව හිඳිනවුන්ට කියා ලා සතර ගවුවක් ඇතුළත යටත් පිරිසෙයින් එ දවස් නැඟී අඹ පැළ දක්වා ත් උදුරුවා ගණ්ඩම්බ නම් අඹ ගස තෝරන්ට කළා සේ වලට දමාපූ ය. බුදුහු ත් ඇසළ මස මැදි පොහෝ දවස් ඇතුළු නුවරට සිඟාවන් සේක. රජ්ජුරුවන්ගේ ගණ්ඩම්බ නම් වූ උයන් ගොව් ද විළිකුන් අඹ එ වකට නිමලූ ව ත් දිමිති කැදැල්ලමක් ඇතුලේ තිබී විළික්සුණු අඹයක් රස ලොභයෙන් පිරිවරා හුන් පක්ෂීන්ගේ වශයෙන් දැක උන් නෙර පියා අඹ ය. කඩා ගෙන රජ්ජුරුවන්ට

1. එක් මිනිස් කමෙකැ’යි - එක් මිනිස් වැනි කමෙකැ’යි එක් මින්ස වත් කමෙකැ’යි - එක් මිනිස් වන් කමෙකැ’යි

812 සද්ධර්‍මරත්නාවලි ය

දෙන්ට යන තැනැත්තෝ අතුරු මඟ දී බුදුන් දැක ‘රජ්ජුරුවන් වහන්සේ මේ අඹය මේ නිමවු සේක නම් සමාධිව මට අට මස්සක් හෝ සොළොස් මස්සක් හෝ දෙවා වදාරණ සේක. මාගේ දෛව එ පමණකට ම හෙයින් වඩා නැත. උන් වහන්සේ ගෙන් ලත් අට මස්සක් වුව ත්, සොළොස් මස්සක් වුව ත්, මේ ඒක ජාතියේ පමණකු ත් මා රැක පිය නො‍ හෙයි. ඉදින් මම මේ අඹ ය බුදුන්ට පිළිගන්වා පීම් නම් අනන්ත කාලයක් මුළුල්ලෙහි මට ලොවී සම්පත් සාධා දීලා එක ආම්රම ඵලයකට ශ්රාමමාණ්යො ඵල සතර වුව ත් සාධා දී ලයි’ සිතා ඌ ඒ අඹ ය බුදුන්ට පිළිගන්වන්ට ගෙන ගියහ. බුදුන් අනඳ මහ තෙරුන් වහන්සේ මූණ බලා වදාළ සේක. ඔබ ද වරම් රජුන් දුන්නා වූ මුං වන් සල ගල් පත්ර් ය. පිළිගන්වා ලූ සේක.

බුදුහු ත් පාත්රළ ය පෑ ලා අඹ ය පිළිගෙන අඹ ය දුන් උයන් ගොවුවාණන්ට ලොවී ලොවුතුරා සැප ත් නිල කරවා එ තැන් හි දී ම අඹ ය වළඳනු කැමතිව වදාළ සේක. තෙරුන් වහන්සේ සඟළ සිවුර සතර පට කොට ලා පනවා ලූ සේක. එහි වැඩ හුන් කලට තෙරුන් වහන්සේ පැන් හරහා ගෙන අවුත් අඹ ය මැඬ අඹ පැන් කොට ලා දෙවා ලූ සේක. බුදුහු අඹ පැන් වළඳා ලා ගණ්ඩම්බයන්ට ‘තෙල, අඹ ඇටය නිකම් දමා නො පියා මෙතැනම පස් පීරා ලා හිඳුවා ලව’යි වදාළ සේක. උයි ත් එ ලෙස ම කළහ. බුදුහු ත් හිඳුවා ලූ අඹ ඈට මත්තට අත සෝධා වදාළ සේක. බුදුන්ගේ ශ්රීද හස්තය තෙ මා ගෙන පැන් වැගිරෙන්නා ම අඹ කඳ නඟුලිසක් සා ව ලා උසින් පනස් රියන් ව පැන නැංගේ ය. සතර දිගට ගිය සතර කඳ ත් මුදුනට ගිය කඳ ත් පනස් පනස් රියන් පමණ ය.

එ හෙයින් ඒ අඹ ගස මුල පටන් අගට සියක් රියන් උස ය. නැගෙන හිර අතු අග පටන් බස්නා හිර අතු අගට සියක් රියන. දකුණු දිග අතු අග පටන් උතුරු දිග අතු අගට ත් සියක් රියන. සෙවන මඬුවල්ලවට තුන් සියක් රියන. ඒ අඹ ගස ඒ ඇසිල්ලෙහි ම මල් පල්ලෙන් සෑදී සිටි ය. විළිකුන් අඹ ත් පඬරු අඹ ත් මූකළ අඹ ත් පැසී ලන තරම් අඹ ත් මැලැසි අඹ ත් ඇති විය. මාර්ගි ඵල හා සමඟ ලබන අභිඥා සේ ම මල් කැනු ත් ඇති වි ය. බුදුන්ට පසු ව ලා වඩිනා වහන්‍ දෑ ඒ ගසින් විළිකුන් අඹ වළඳා ම වැ‍ඩි සේක. රජ්ජුරුවෝ ත් මෙ තරම් අඹ ගස් ඇති වී ල, යනු අසා කපා නො පියන ලෙසට තර කොට රකවල් ලවා ලූහ.



160. යමා මහ පෙළහර වත 813

ඒ අඹ ගස ත් ගණ්ඩම්බ නම් උයන් ගොව්වා හිඳුවා ලූ හෙයින් ගණ්ඩම්බ ය යි ප්රතසිද්ධ වි ය. එ තැනට සම්භ වූ ධූර්ත යෝ ත් අඹ ගසට රකවල් මුත් විලික්සී වැගිරෙන අඹයට රකවල් නැති හෙයින් අවුලා කා පියා ‘කොල දුෂ්ට වූ නිවට කොල්ලෙනි, මහණ ගොයුම් ගණ්ඩම්බ නම් අඹ ගස මුළදී පෙළහර කරන්නේ ය’යි ඒ බොරු කරන්නට සතර ගවුවක් අතුළත එ දවස් නැඟී අඹ පැළ ත් උදුරා දම්මවා ඇවිද්දවු ද? හෙම්බා, ඒ කියන ගණ්ඩම්බ ය නම් තෙළේ ය. තෙලේ ගණ්ඩම්බ වූයේ හුදෙක් ගණ්ඩම්බ නම් උයන් ගොව්වා ඇති කළ හෙයින් ම නො වෙයි. තෙල ලෙසිනු ත් ගණ්ඩම්බ වුව මැනවැ’යි කියන්නාක් මෙන් කා කාපු ඇට බා ල මරා තීත්ථිෙකයන් ඇඟ නංවා පූහ.

සක් දෙවිඳු ද වාතවලාහක දෙවි පුතුන්ට තීත්ථිෙකයන් ඉදිකළ මණ්ඩප ය සුළඟක් හමවා ලා , කසල ගොඩට දමවා පියව යි විධාන කොළෝ ය. උයි ත් එ ලෙස ම කළහ. සූය්ය්ල දිව්ය පුත්රගයා ණන්ට අවුව තද කරන්නට විධාන කළහ. උයි ත් අවුව තද කළහ. නැවත සක් දෙවිඳුහුගේ ම විධානයෙන් වාතවලාහකයෝ මහ සුළඟක් හමවා ලා අවුව තද ව ඩා වගුරුවා හුන් තීත්ථිහකයන් ඇඟට ධූලි නංවා පූරා ලූ ය. උන්ට පෙළහර නම් එ ම වන්නා සේ තුඹස් ගොඩවල් මෙන් වූහ. සක් දෙවිඳුහුගේ විධානයෙන් ම වස්සවලාහකයෝ ද දළ දළ කොට ලා පොද වස්වා ලූ හ. එ කළ තීත්ථිතකයෝ කබර ලා ගොන් මෙන් තිත් ගැසී ගියහ. ඌ තුමූ පෙළහර තබා බොහෝ විපිළිසරට පැමිණ තමන්ගේ ආසින් ගමන් නැත ත් දුක සේ කරවා ගත් මණ්ඩප ය සුළ‍ඟේ ගිය හෙයිනු ත් තමන් තේජසක් නැත ත් හිරු තේජස් මහත් ව අභිමාන ගුණ ය වැගිරෙන්නා සේ බොහෝ ඩා ත් වැගිර ගොසින් පෙරළා හමන සුළඟ ගිම් නිවන්ට ත් නොව ධූලි ගෙනවුත් ඇඟ පුරා පී හෙයින් රඟමඬලකට කොමාලින් සේ මව ගොසින් පසු ගසන පොද බුඳ ත් ඝන ව වැස පිපාසා නිවා පැනක් බී පියන තරමට දිය හෙළා වැස පියන්ට ත් නො ව දළ දළ කොට ලා තුලී නො ව වැස පී හෙයින් හබර ලා ගොන් සේ ව පියා තමන් දන්නා පෙළහර නම් එ ම හෙයින් කිසි ත් පිහිටක් නැති ව ඉස් ලූ ලූ අත දිවන්ට වන්හ.

නිවටුන් මෙ‍ ලෙසින් නික්මුණු කලට පුරණ කාශ්ය පයාට උපාසක ව හිඳිනා එකෙක් සීයක් සාමින් සිට ‘මේ අපගේ රහතන් පෙළහර කරණ වේලා ය. සී පසුව ත් සාන්ට හැක්ක, පෙළහර බැලුව මැනවැ’යි සිතා සානා ගොන් උනා හැර පියා


814 සද්ධර්‍මරත්නාවලි ය

උදෑසන උළුකැන් ගෙනා කළය ද රෑන බාන් ද හැර ගෙන එන තැනැත්තෝ පූරණ කාශ්යැපයා තමා නො රහත් නියා ව හඟවන්නාක් මෙන් උපන් වතින් දුවන්නහු දැක ‘ස්වාමීනි, මම සානා සීත් අදට දමා පියා මුඹ වහන්සේලාගේ පෙළහර බලන්ට එමි. මුඹ වහන්සේ වඩනේ කොයට දැ’යි කිවූ ය. තාගේ වළාම් පෙළහර තබා මට තෙල කළය ත් රෑණ ත් දී පියව’යි කියා ලා නො සිටිනා ගෙරි සරක් බැඳ ගෙන සිරි දෝනට යන එ‍ඬේරකු මෙන් කළය රෑණත් හැර ගෙන ගඟ බඩින් ගොසින් රෑණෙන් කළ ය බැඳ ලා තමා බොටුවේ බැඳ ගෙන දිය පිට පැන කිමිද කුඩමස්සන් අල්වන්ට බස්නා කෙවුළු කොල්ලෙකු මෙන් දියබුබුළු නංව නංවා ගිලී ගොසින් මිය ආයු පමණින් සිටිය ත් යන්නා ඔබ හෙයින් අවිචියෙහි උපන.

සක් දෙවිඳු ද ආස රුවන් සක්මනක් මැවූහ. ඒ සක්මන එක් කෙළවරක් නැගෙනහිරින් සක්වළ ගල් මුව විට වි ය. එක් කෙළවරක් බස්නාහිර සක්වල ගල් මුව විට විය. බුදුහුත් පෙළහර බලන්ට බොහෝ දෙන අවුත් එක්සිය සැට ගවුවෙක විතර සැලසී සිටි කලට පස්වරු වේලේ දැන් පෙළහර පානා වේලා ය යි ගඳකිළි ඇතුලතින් නික්ම පෙරමාලේ වැඩ සිටි සේක. එ කළ ඝරනී නම් අණගැමි උපාසිකා කෙණෙක් කමන් බලවත් සෘද්ධි ඇති හෙයින් බුදුන් කරා අවුත් ‘ස්වාමීනි, දරුවන්ගේ ප්රනයෝජන නම් මෙ සේ වූ තැනට වේ ද? මා තරම් දුවක හින්ද දී මුඹ වහන්සේ ආයාස ගන්නේ හැයි ද, මුඹ වහන්සේ පෙළහර දක්වා වදාළ මනා එක අවධියේ අනිකුත් බුදු කෙණකුන් වහන්සේ ඇත්නම් ඔප හා එක් ව වේ ද? බැලූවන්ට රිසියෙන්නෙ ත් එසේ ය. කාමරාග ව්යාපපාද නිඃශෙෂයෙන් පැසුණු හෙයින් තෙල කොල්ලන් හා ස්පර්ධාවට මම ත් තරම් නො වෙමි. එකතුදු වුව ත් මුඹ වහන්සේ රඳවන නිසා මම පෙළහර දක්වමී’ කිවූ ය.

බුදුහු ද උන් හා සිංහනාද කරවනු පිණිස ‘ඝරණිනි, පෙළහර කෙලෙස කරවූ දැ’යි වදාළ සේක. එක් සක්වළෙක මහ පොළොව මුහුදක් කොට මවා ලා මම දියකා වෙසක් මවා ගෙන කිබිස පියා නැගෙනහිර සක්වල ගල කෙරෙන හිස නඟා ලමි. එ තැනින් කිබිසි කල බස්නාහිර සක්වල ගල කෙරෙන් හිස නඟාලමි. දකුණු දිග සක්වල ගල කෙරෙන් කිබිසි කල උතුරු දිග සක්වළ ගල කෙරෙන් හිස නඟමි. එ තැනින් කිබිසි කළ දකුණු දිග සක්වළ ගල කෙරෙන් ඉස නඟමි. වටින් කිබිසි කළ මධ්යකයෙන් හිස නඟමි. මධ්යළයෙන් කිබිසි කල වටින් හිස නඟමි.


160. යමා මහ පෙළහර වත 815

තුලූ කවුරු දැ’යි විචාළ කල්හි ඝරණී නම් අනගැමි උපාසිකා කෙණෙකැ යි කියති. ගෑනු ව සිටි මුන්ගේ ආනුභාව ය මෙ තරම් කල බුදුන්ගේ ආනුභාව කවර තම් දැ’යි තීර්ථකයෝ මුඹ වහන්සේ නො දැක ම පලා යෙතී’කීහ. බුදුහු ‘ඝරණීනි, තොප එ බඳු බල ඇති නියාව දනුම්හ. එ තකුදු වුව ත් මේ තොප පිළිබඳ දෙයක් නො වෙ ‘යි වදාළ සේක.

ඉක්බිති අනගැමි වූ සුළු අනේපිඬු සිටාණෝ ‘මා වැනි අනගැමි උපාසකයෙකු ඉන්ද දී මුඹ වහන්සේ ආයාස ගන්නේ හැයි ද? මම පෙළහර දක්වමි’ කියා ලා කවර ලෙස පෙළහර කරවු දැ’යි විචාරා වදාළ කල්හි ‘මම, ස්වාමිනී, අට සාළිස් ගවුවක් විතර උස ඇති බඹ අත් බැවක් මවා ගෙන මේ සා මහත් පිරිසක් මැද මෙඝ නාදයක් වැනි වූ බ්ර හ්මනාද පවත්වමින් අත් පොළසන් දෙමි. බොහෝ දෙන මේ කුමන කොලාහලයක් දැ යි විචාල කල්හි සුළු අනේපිඬු සිටාණන් බඹ වෙස් මවා ගෙන අපොළන නියා ය යි කී කල්හි තීර්ථකයන්ට භය උපදවමින් ප්රාශංසා කෙරෙති. තීර්ථකයෝ ද’මහණ ගොයුම් හට උපාසක ව සිටි සිටාණන්ගේ ආනුභාව මෙ තරම් කල මහණ ගොයුම්හුගේ ආනුභාවය කියනුම කිම්දැ’යි මුඹ වහන්සේ නො දැක ම පලායෙතී’ කිවූ ය. බුදුහු එයි ත් නො ගිවිසි කල්හි උයිත් ඉවත්ව ලා සිටියහ.

ඉක්බිති ව වීරා නම් රහත් සා‍මණේරි කෙණෙක් ගුණෙන් මූ කුරා සිටිය ත් තුමු සත් හැවිරිදි වූවා හු බුදුන් වැඳලා ‘මේ තීත්ථිහකයන් පමණකට මම පෙළහර කෙරෙමි’යි කිවූ ය. පෙළහර කරන්නේ කෙ‍ සේ දැ යං විචාළ කල්හි ‘ස්වාමීනි, මම මහ මෙර ද සක්වළ ගල ද හිමාල ය පර්වේත ය ද මෙ තැනට ගෙනවුත් මෙ තැන පිළි වෙළින් තබා ලා මම මෙහෙණිනි වෙස හැර ලා හංස ධෙනු වෙසක් මවා ගෙන මහමෙර ත් සක් වල ගල ත් හිමාල ය පවර්තලය ත් තුන එක් කොට විද අවුණන්නා සේ මඳ පැකිලීමකුත් නැති ව විනිවිද ගෙන යෙමි. බොහෝ දෙන මා දැක මූ කවරු දැ යි විචාරා මා නියාව දනිති. තීර්ථකයෝ ද සිත කණ වුව ත් ඇස් නො කණ හෙයින් මේ පෙළහර දැක ‘මුන් මෙ තරම් කළ මහණ ගොයුම් හුගේ ආනුභාව බලවත් ම වේනු’යි සිතා මුඹ වහන්සේ නො දැක ම පලා යෙතී’ කීහ. බුදුහු එයි ත් නො ගිවිසි කල්හි තව ද පිළිසිඹියා පත් රහත් සත් හැවිරිදි චුන්දල නම් හෙරණ කෙණකුන්දෑ බුදුන් වැඳ ලා දෙ මවු පියන්ට බාල දරුවන් ‍කරණ දෙස නම් සුරතලක් සේ වේ ද, මම පෙළහර කරමී’ කී සේක.


816 සද්ධර්‍මරත්නාවලි ය

‘පෙළහර කරන්නේ කවර ලෙස දැ යි විචාළ කල්හි ‘මම ස්වාමීනී, දඹදිවට සලකුණු වූ මහ දඹ ගස අල්වා ගෙන සොල්වා මහ දිය කළ සා දඹ වගුරුවා ගෙන අවුත් ‘එක් සිය සිවු සාළිස් ගවුවෙක පැතිරි සිටි පිරිසට බඩ පුරා කන පරිද්දෙන් දී ලමි. ඒ කා ලා සිටියවුන් පළඳනා ලෙසට තව්තිසා දෙව් ලොව ගොසින් පරසතු ගසින් මල් සලා වගුරුවා ගෙනවුත් දෙමී’කී දෑ ය. බුදුහු එයි ත් නො ගිවිසි හෙයින් උපුල්වන් මහා ස්ථවීරින්දෑ බුදුන් වැඳලා ‘ස්වාමීනී, මුඹ වහන්සේගේ ගෑනු දු බව මුත් මුඹ වහන්සේගේ සෙසු ගෑනු දුන් ගෙන් මට වඩා සෘද්ධිමත් කෙණෙක් නැත. මා තරම් දුවක ඇති ව මුඹ වහන්සේ ආයාස ගන්නේ හැයිද, මම පෙළහර කෙරෙමී’ කී දෑය. ‘තොපි පෙළහර කවර ලෙස කරා දැ’යි විචාළ කල්හි ‘ස්මාමිණී, මෙ වක සක් විති කෙණෙක් නැත්තෝ වේ ද, දගිනු ත් පළලිනු ත් අට සාළිස් ගවුවෙක පැතිර සිටි වටින් එක සිය සිවු සාළිස් ගවුවෙක පැතිර සිටි සක් විති පිරිස් ඇති ව සක් රුවනින් සමන්විත වූ සක්විති වෙසක් මවා ගෙන අවුත් මුඹ වහන්සේ වඳිමි. බොහෝ දෙනා මා දැක විචාරති. විචාරා මා නියාව දනිති. තීත්ථි කයෝ ද සියලු ලෙසින් දුර්ව ල ව සිටි ගෑනු පක්ෂ්යෙහි ආනුභාව මෙ තරම් කල මහණ ගොයුම්හුගේ ආනුභාව නම් කවර තරම් දැ’යි මුඹ වහන්සේට ලං නො ව ම යෙතී’කී දෑ ය.

බුදුහු එයි ත් නො ගිවිසි හෙයින් උපුල්වන් මහ ස්ථවීරින් දෑ ත් ඉවත් ව ලා සිටි පස්සේ බුදුන්ට ඉක්බිති සෘද්ධිමත් මුඟලන් මහ තෙරුන් වහන්සේ බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, න‍ෙන්ද පනන්ද දමනයෙහි න‍ෙන්දවපනන්දව නම් නා රජහු දරණ පට සතෙකින් මහ මෙර වෙළා ගෙන ඵණයෙන් මෙර මුදුන වසා අඳුරු කළ කල්හි උගේ සත් පටට තුදුස් පටක් ලා ලා එණ ය මත්තෙහි එණ ය තබා ගෙන මැඩ මිරිකා ඌට කළ දෙය දැක වදාළ මම පෙළහර දක්වමී’ කී සේක. ඒ වන්නා ‍දුටුමෝ වේ ද? තව කවර ලෙස පෙළහර කරවූදැ’යි විචාළ සේක. ‘ම ස්වාමීනී, එක් ලක්ෂේ අට සැට දහසක් යොදුන් උස ඇති සුවා සූ දහසක් යොදුන් ඝන ය ඇති මහ මෙර මාගේ දත් හස්සේ තබා ගෙන බැද පූ උඳු පියල්ලක් මෙන් සපා කත ත් පිළිවනැ’යි වදාළ සේක.

‘අනික් කුමක් පිළිවන් දැ’යි විචාල කල්හි ‘ස්වාමීනි, දෙලක්‍ෂ හතළිස් දහසක් යොදුන් බොල් පොළොව පාන් කඩක්1 සේ හකුළුවා ගෙන ඇඟිලි හස්සේ තබා ගනිමී’ කී සේක. අනික් කුමක් කරා දැ’යි විචාල කල්හි මේ මහ පොළොව යට පිට උඩ ත් කොට

1. කටසාරකං විය - ධම්මපදට්ඨ කථා

160. යමා මහ පෙළහර වත 817

පෙරළා ගෙණ පොළොව රස ඕජා ව ගෙවලට ගොස් බත් පැන් අනුභව ක‍රණ තෙක් පෙළහර බලන්ට රඳා සිටිනා ලෙසට අනුභව කරවමී වදාළ සේක. ‘අනික් කුමක් කරා දැ’යි විචාළ කල්හි ‘මේ දඹ දිව මාගේ වමත්ලෙහි තබා ගෙණ දඹ දිව් වැස්සන් අනික් දිවයිනෙක ලා පියමී’ වදාළ සේක. ‘අනික් කුමක් කරවූ දැ’යි විචාළ කල්හි ‘මහ මෙර කුඩ දණ්ඩක් කොට ගෙන මහ පොළව කුඩ මැඬිල්ලක් සේ ඊ මත්තේ තබා ගෙන පත් කුඩයක් හැර ගෙණ සක්මන් කරණ භික්ෂූ කෙණෙකුන් පරිද්දෙන් මෙර දඬු පොළෝ කුඩ ය හැර ගෙණ ආස සක්මන් කෙරමි’කී සේක. ‘තොප ත් එ බඳු ආනුභාව ඇති නියාම දනුම්හ. සුළු අනේපිඬු සිටු ආදී නු ත් තමන් තමන් කියා ලූ තරමේ පෙළහර දක්වන්ට බල ඇති නියාව දනුම්හ. එ තකුදු වුව ත් මේ තොප හැම දෙනා පිළිබඳ දෙයක් නො වෙ’යි වදාළ සේක. ‘අප හැම තැන්ගේ පෙළ හරට ත් වඩා බලවත් පෙළහරක් වුව මනා තැනක් නියා ය’යි සිතා ලා ඉවත් ව ලා සිටි සේක.

එ වේලෙහි බුදුහු මුඟලන් මහ තෙරුන් වහන්සේ බණවා ලා එක් සිය සිවු සාළිස් ගවුවෙක පැතිර සිටි පිරිස් මද්ධ්යායෙහි තොප හැම දෙනාගේ ආනුභාව ප්ර්කාශ වන ලෙසට තොප හැම ලවා සිංහ නාද කරවන්ට මුත් බුදුවරුන්ට ම ආවේණික ව පැමිණි කට යුත්ත තොප හැම දෙනාට බැරි ය. මම නම් කවුරුන් හා ත් සම නො වෙමි. මට පැමිණි බරක් මා ම උසුලා මුත් අනික් කෙ තෙක් දෙන්නා ත් අද ලිය නුහුණු වූ ය’යි. වදාරා ලා-

“යතො යතො ගරූධුරං - යතො ගම්භීර වත්තනී, තදස්ස කණ්හං යුඤ්ජන්ති - ස්වාස්සු තං වහතෙ ධූරං. මනාපමෙව භාසෙය්යං - නාමතාපං කුදචනං, මනාපං හාසමානස්ස - ගරු හාරං උදඛ්ඛහි. ධනඤ්ච නං අලබ්හෙසි - තෙන වත්තමනො අහු.

යනාදීන් නන්දිහවිසාල ජාතක ය විස්තර කොට වදාරා තමන් වහන්සේ කරණ යමා මහ පෙළහර තමන් වහන්සේට මුත් ඔබකට බැරි නියාව සාධා ලා රුවන් සක්මනට නැඟී සේක. බුදුන්ට පෙරටු ව ත් පිරිස අට සාළිස් ගවුවෙක සිටියහ. පිටි පස් සෙ ත් අට සාළිස් ගවුවෙක ම සිටියහ. දකුණ ත් පස වම ත් පසත්



818 සද්ධර්‍මරත්නාවලි ය

එ සේ ම සිටියහ. එක් කොට දිගින් පළලින් සයානූ ගවුවෙක පැතිර සිටිහය. වටින් දෙ සිය අසූ ගවුවෙක පැතිර සිටියහ. බුදුහු මැද වැඩ සිට යමා මහ පෙළහර කරණ සේක.

යමා මහ පෙළහර කෙළේ කවර ලෙස ද යත් - තෙජො කසීණයට සම වැද ලා එයින් නැඟී පෙකිණියෙන් උඩ වූ ශරීර භාගයෙන් ගිනි කඳ පවත් වන සේක. ආපො කසිණයට සම් වැද ලා එයින් නැඟී පෙකණියෙන් පාත ශරීර භාගයෙන් දිය කඳ පවත් වන සේක. පෙරළා දිය කඳ පැවති අධඃකයින් ගිනි කඳ පවත් වන සේක. ගිනි කඳ පැවැත ඌර්ධ්ව කයින් දිය කඳ පවත් වන සේක. බඩ දසාවේ ශරීර ‍භාගයෙන් ගිනි කඳ පවත් වන සේක පිට දසාවේ ශරීර භාගයෙන් දිය කඳ පවත් වන සේක. පිට දසාවේ ශරීර භාගයෙන් දිය කඳ පවත් වන සේක. දිය කඳ පැවැති පිට දසාවෙන් ගිනි කඳ පවත් වන සේක. දිය කඳ පිට දිසාවෙන් දිය කඳ පවත් වන සේක. තව ද දකුණු ඇසින් ගිනි කඳ පවත් වන සේක. වම් ඇසින් ගිනි කඳක් හා දකුණැසින් දිය කඳක් පවත් වන සේක. තව ද දකුණු කන් සිදුරෙන් ගිනි කඳක් හා වම් කන් සදුරෙන් දිය කඳක් පවත් වන සේක. පෙරළා වම් කන් සිදුරෙන් ගිනි කඳක් හා දකුණු කන් සිදුරෙන් දිය කඳක් පවත් වන සේක. තව ද දකුණු නාසා සිදුරෙන් ගිණි කඳක් හා වම් නාසා සිදුරෙන් දිය කඳක් පවත් වන සේක. නැවත වම් නාසා සිදුරෙන් ගිනි කඳක් හා දකුණු නාසා සිදුරෙන් දිය කඳක් පවත් වන සේක.

තව ද දකුණු උරයෙන් ගිනි කඳක් හා වම් උරයෙන් දිය කඳක් පවත් වන සේක. පෙරළා වම් උ‍රයෙන් ගිනි කඳක් හා දකුණු උරයෙන් දිය කඳක් පවත් වන සේක. තව ද දකුණු ශ්රීා හස්තයෙන් ගිනි කඳක් හා වම් ශ්රිඳ හස්තයෙන් දිය කඳක් පවත් වන සේක. පෙරළා වම් ශ්රී හස්තයෙන් ගිනි කඳක් හා දකුණු ශ්රිහ හස්තයෙන් දිය කඳක් පවත් වන සේක. තව ද දකුණු ඇළ යෙන් ගිනි කඳක් හා වම් ඇළයෙන් දිය කඳක් පවත් වන සේක. පෙරළා වම් ඇළයෙන් ගිනි කඳක් හා දකුනු ඇළයෙන් දිය කඳක් පවත්වන සේක. තව ද දකුණු පයින් ගිනි කඳක් හා වම් පයින් දිය කඳක් පවත් වන සේක. පෙරළා වම් පයින් ගිනි කඳක් හා දකුණු පයින් දිය කඳක් පවත් වන සේක. තව ද අත ඇඟිලි දහයෙන් හා පය ඇඟිලි දහයෙන් හා ඇඟිලි විස්සෙන් ගිනි කඳු දහසයක් හා දිය කඳ දසයක් පවත් වන සේක. අත ඇඟිලි හසු



160. යමා මහ පෙළහර වත 819 අටින් හා පය ඇඟිලි හසු අටින් හා ගිනි කඳ අටක් හා දිය කඳ අටක් හා සොළොසක් පවත්වන සේක. තව ද අනූනව දාසක් ලොමින් එ කී එ කී ලොම් අගකින් ගිනි කඳක් හා ලොම් පිහිටි වළින් දිය කඳක් පවත්වන සේක. පෙරළා ලොම් අඟින් දිය කඳක් හා ලොම් පිහිටි වළින් ගිනි කඳක් පවත්වන සේක. ගිනි කඳ දිය කඳ පවත්වමින් සිට ම රන් විමනෙක රුවන් ගොනැස් උරවන කලක් මෙන් සවනක් රස් විහිදුවන සේක.

තව ද එක විටෙක හිරු දෙකක් පහළ වූවා සේ අනික් බුදු රුවන් මාව ලූ සේක. මාව ලා තමන් වහන්සේ සතර රියන් සක්මන ක එ කෙළවරින් එ කෙළවරට නිමවා ගොස් මුත් අතුරෙක නො නවත්නා සේ සක් වළ දිගට මවා ලූ රුවන් සක්මන නිමවා ම සක්මන් කරණ සේක. බුදුන් සක්මන් කරණ කලට මවා ලූ බුදුහු සිටිනා සේක් හෝ ‍හිඳිනා සේක් හෝ වැද හෝනා සේක් හෝ ය. බුදුන් වැඩ හුන් කලට මවා ලූ බුදුනා හිඳිනා ඉරියවුව හැර ලා අනික් තුන් ඉරියවුවෙන් දවස් යවන සේක. බුදුන් සිටි සේක් වී නම් මවා ලූ බුහුහු සිටිනා ‍ඉරියවුව හැර ලා අනික් තුන් ඉරියවුවෙන් දවස් යවන සේක. බුදුහු වැද හොත් සේක් වී නම් මවා ලූ බුදුහු වැද හෝනා ඉරියවුව ඇර ලා අනික් තුන් ඉරියවුවෙන් දවස් යවන සේක. සර්වඉඥවරයන්ගේ යමා මහ පෙළහර නම් මේ ය. බුදුහු වැළි ත් මේ සියල්ල රුවන් සක්මන සක්මන් කෙරෙමින් සිට ම කළ සේක. මේ හැම නිසා සක්මන් අඩු නො කළ සේක.

ශරීරයෙන් නිකුත් ගිනි කඳ බුදුන්ගේ අදහස්සේ මොළොක් ව සීලස වූව ත් දිය කඳ හා මුසු නො වෙයි. දිය කඳ ගිනි කඳ හා මුසු ත් නො වෙයි. වෙන් වෙන් ව පවතිත ත් බලා සිටිනවුන්ට එක් ව පවත්නා සේ තිබෙ යි. දැනෙ යි. සෙසු තැනට අවසර නො දෙවුයේ මේ අවිෂ ය හෙයින. ශරීරයෙන් නිකුත් ගිනි කඳ හා දිය කඳත් බඹ ලොව දක්වා නැඟී ලා සක්වළ ගල් මුව විට වැගිරෙ යි. ශරීරයෙන් නිකුත් රසු ත් යන්ත්රැවලින් මැඩ නැඟූවාක් මෙන් විහිද ලා බඹ ලොව දක්වා නැඟී ලා සක් වළ ගල් මුව විට බස්සී. එ දවසට මේ සක් වල ගබ මුළුල්ල ම රුවන් ‍ගොනැස් උරවා කළ බොධි ගෙයක් මෙන් ඉතා ශොභාවත් වි ය.

එ දවස් බුදුහු යමා මහ පෙළහර දක්වමින් රැස්වූවන්ට අතරතුරෙහි බණ ත් වදාරණ සේක. වදාරන කල ත් දෙව් මිනිසුන්



820 සද්ධර්‍මරත්නාවලි ය

කුසී නො කරවා අවසර පෑ පෑ බණ වදාරණ සේක. එ වේලාට බොහෝ දෙන ත් සාධු කාර දෙති. උන් හැම සාධු කාර දෙන වේලේ දී බුදුහු ඒ සා මහත් පිරිසෙක සිත් හසර බලන සේක. එ කී එකී දෙනාගේ සිත් සොළොස් සැටියෙකින් බලන සේක. සර්වඑඥවරයන්ගේ සිත් නම් මෙ‍ සේ ලඝු ව පෙරළෙයි. යම් යම් කෙණෙක් යම් යම් ධර්මරයෙක, යම් යම් පෙළහරෙක පහදී ත් නම් උන් උන්ගේ අදහස් ලෙසට බණ ත් වදාරණ සේක. පෙළහර ත් පානා සේක. මෙ සේ වදාරන බණ ත් ආසා පෙළහර ත් දැක බොහෝ දෙන නිවන් දුටහ.

බුදුහු ඒ සමාගමෙහි තමන් වහන්සේගේ අදහස් ලෙසට ප්‍රශ්න විචාළ හෙන තැනක් නැති නියාව දැන බුදු කෙණකුන් වහන්සේ මවා ලූ සේක. ඔබ විචාළ ප්‍රශ්න තමන් වහන්සේ විසඳන් සේක. තමන් වහන්සේ විචාළ ප්‍රශ්න ඔබ විසඳන සේක. මෙ සේ කොට වදාරන බුදු රජුන් වහන්සේගේ පෙළහර දැක බණ ත් අසා ඒ සමාගමයෙහි විසි කෙළක් නිවන් දුටහ. බුදුහු පෙළහර කරණ සේක් ම යට ගිය දවස බුදුවරු මේ පෙළහර කොට ලා වස් කොයි විසූ දෝ යි බලා තව්තිසා දෙව්ලොව වස් වැස මාතෘ දිව්‍ය පුත්‍ර ප්‍රමුඛ දෙවියන්ට විදම්1 පිටක ය දෙසතී දැක ඔබට වඩනට ය’යි සිතා සිතූ ඇසිල්ලෙහි ම නැමී අවුත් ලං වූ දෙ සාළිස් දහසක් යොදුන් උස ඇති යුගඳුරු මුදුනෙහි දකුණු පය ඔබා වම් ශ්‍රී පාදය එ තැනට නැමී ලං වූ දෙ සාළිස් දහසක් යොදුන් පමණ මහ මෙර මුදුනෙහි තබා වදාරා එක් පියවරින් පඬු ඇඹුල් සල හස්න කරා වැඩි සේක. රුවන් සක්මන පටන් සූවාසූ දහසක් යොදුන් පමණ තැන් තුන් අඩියකින් වැ‍ඩි සේක. අඩි ද තුරු දෙකක් ම වි ය. සක් දෙවිඳු ද බුදුන් දැක ‘බුදුන් මේ වස් තුන් මස පඬු ඇඹුල් සල හස්නේ වසන ලෙස ය. බොහෝ දෙවියන්ට වැඩ ය. බුදුන් මෙහි විසූ කලට සෙසු කෙණකුන් මී හිඳිනා තබා අත් බාලන්ට ත් බැරි ය. මේ පඬු ඇඹුල් හස්න ත් දිගින් දෙ සිය හතළිස් ගවුවෙක පළලින් ගවු දෙසියයෙක.

‘බුදුහු වඩු රියනින් දොළොස් රියන් සේක. ඛ්යාගම ප්රනභාව සතර රියනෙක. කෙතු මාලාව දෙ රියනෙක. එක් කොට අටළොස් රියන් බුදුන් වැඩ හුන් කලට මේ හස්න සිස් සේ තිබෙයි’ සිතූහ. බුදුහු උන්ගේ අදහස දැන තමන් වහන්සේගේ වියතින් නව වියත් දිග සවියත් පළල සඟළ සිවුර සලහස්නෙහි හෙළා ලූ සේක. කුඩා

1. විජම් - ඛිදම් 160. යමා මහ පෙළහර වත 821

පුටුවෙක මහ දෙ පත් වයිනක් හෙළා ලූ වා සේ හැම වසා ගිය සක් දෙවිඳු ඒ දැක ‘සඟලින් කෙ සේ වැසුන ත් තමන් වහන්සේ වැඩ හිඳිනේ මඳ තැනෙක වේදැ’යි සිතූ ය. බුදුහු ඒ අදහස ත් දැන ඒ සා මහත් ආසනය දණ මඩුළු හස්සේ ම සැඟවෙන ලෙසට තමන් වහන්සේ ත් මහත් නො ව ආසනය ත් කුඩා නො කොට වැඩහුන් සේක.

පෙළහර බලන්ට රැස් වූ මිනිසුන් ද රුවන් සක්මන බුදුන් නො දැක මහ මුසුප්පු වූහ. ගිර ගල හුණු කලක් මෙන් ද, සඳ ගල හුණු කලක් මෙන් ද, දස දහසක් සක්වළ එක පැහැර අඳුරු වී ය. බොහේ දෙන ද-

‘ගතො නු චිත්තකූටං වා - කෙලාසං වා යුගන්ධරං, න නො දක්ඛෙම සම්බුද්ධං - ලොකජෙට්ඨං නරාසභං, යනු හෙයින් බුදුහු සිතූ කුළු පවුවට වැඩ සේක් දෝ නො හොත් කෙලෙස් තුළට වැඩි සේක් දෝ යුගඳුරු පවුවට වැඩි සේක් දෝ -

පවිවෙක‍රතො ධීරො - නයිමං ලොකං පුනෙහීති, න නො දක්ඛෙම සම්බුද්ධං - ලොක ජෙට්ඨං නරාසහං

යනු හෙයින් බුදුහු නම් පව්වෙක වාසයෙහි ඇලී වසන සේක. මේ සා පිරිස් මැදක මෙ වෙනි පෙළහරක් කළෙමී’ ලැජ්ජාවෙන් අනික් රටකට වැඩ පී නියා ය’ යි කියා කියා හඬමින් වලපමින් මුඟලන් මහ තෙරුන් වහන්සේ කරා ගොසින් ‘ස්වාමීනී, බුදුන් කොයි දැ’යි විචාළහ. ඔබ බුදුන් වැඩි පී තැන් තමන් වහන්සේ ‍දනි තත් අනුන්ගේ ත් ගුණ පහළ වුව මැනව යන අදහසින් අනුරුද්ධ මහ තෙරුන් විචාරව’යි වදාළ සේක. උයි ත් ඔබ කරා ගොසින් විචාළහ. ‘තව්තිසා දෙව් ලොව පඬු ඇඹුල් සල හස්සෙහි වස් වැස මාතෘ දිව්යකපුත්රි ප්ර මුඛ දෙවියන්ට විදම් පිටක ය දෙසන සේකැ’යි කී සේක. ‘ව‍ඩනේ කවර කල දැ’යි විචාළහ. ‘වස් තුන් මස විඳම් දෙසා වදාරා වස් පවරන දවස ය’යි කී සේක. එකි එකී අතින් අට සාළිස් අට සාළිස් ගවුවේ හා වටින් එක් සිය සූ සාළිස් ගවුවෙක පැතිර සිටි පෙළහර බලන්නට ආ පිරිස් බුදුන් දැක මුත් නොයම්හ’යි එහි ම කඳවුරු බැඳ ගත්හ. නිකම් සිස් අහස ම උන්ට ගෙවල් විය. ඒ අහස රෑ දවසට රන් තරු රිදී තරු සහිත නිල් වියනක් මෙන් සිට්ටි දුරු ව තිබෙන පමණක් විනා සක්වළ ගලම හිත්තිව සිට්ටි. මේ සා මහත් පිරිසක් හුන් තැන පොළොව විවර ව ලා


822 සද්ධර්‍මරත්නාවලි ය.

ගිය ත් මුත් කිස මුවා පසක් පෙනෙන්නට නැත. පොළෝ තල ය හැම ම අති පවිත්ර ව තිබෙ යි. බුදුහු පළමු කොට මුගලන් මහ තෙරුන් වහන්සේට ‍ ‘තෙල පිරිසට තොපි බණ කියව. සුළු අනේ පිඬුසිටාණෝ බත් දෙතී’ වදාල සේක. එ හෙයින් ඒ සිටාණෝ මේ සා මහත් පිරිසට බත් - බුලත් - සුවඳ - විලවුන් ආදි ය පසි දිති. මුඟලන් මහ තෙරුන් වහන්සේ බණ වදාරණ සේක. පෙළ හර දකින්ට ආ ආවුන් විචාළ ප්රනශ්න ත් විසඳන සේක.

තාවතිංසෙ යදා බුද්ධො - සිලායං පණ්ඩුකම්බලෙ, පාරිච්ඡත්තක මූලස්මිං - විහාසි පුරිසුත්තමො

චක්කවාල සහස්සෙසු - දසස්ව පි ච දෙවතා, පයිරුපාසන්ති සම්බුද්ධං - වසන්තං නාගමුද්ධනි1.

න කොචි දෙවො වණ්ණෙන - සම්බුද්ධස්ස විරොවති, සබ්බෙ දෙවෙ අධිග්ගය්හ - සම්බුද්ධො ච විරොවති,

යනු හෙයින් බුදුන් යමා මහ පෙළහර කොට ලා විදම් බණ දෙසනු නිසා තව්තිසා දෙව් ලොවට වැඩ පඬු ඇඹුල් සල හස්නේ වස් විසූ කලට දස දහසක් සක්වල දෙවි බඹහු පිරිවැරූහ. රැස් වූ දෙවි බඹුන්ගෙන් කිසි කෙණකුත් ශරීර ශොභාවකින් බුදුන්ට වඩනෝ නැත. තරු හොබවා නැඟී සඳක් මෙන් බුදුහු ම වඩනා සේක.

මෙසේ බුදුහු වීදම් බණ දෙසන්ට දස දහසක් සක් වළ දෙවි බඹුන් පිරිවරා සුවාසූ දහසක් මැණික් මැඳ සක්විතිත්තන්ගේ කුශලානුභාවයෙන් උපන් වඩු රියනින් සතර රියන් පමණ චින්තා මාණික්යේය තබා ලූ වා සේ වැඩ හුන් කලට දිව්යන පුත්රප ව උපන් මෑණියන් දෑ ද තුෂී විමනින් අවුත් බුදුන්ට දකුණත් පස හුන්හ. ඉන්ද‍ක නම් දෙවි පුත් ද අවුත් දකුණු පස හුන. අඞ්කුර නම් දෙවි පුත් මහානුභාව සම්පන්න දෙවියන් රැස් වත් වත් පසු බස්නේ ඇතුළත පොහොසත් දෙවියන් සැලහුණු හෙයින් අට සාළිස් ගවුවෙකින් ඔබ්බෙහි හිඳිනට අවසර ලද ඉන්දණක නම් දෙවිපුත් කෙ‍ තෙක් පොහොසත් දෙවියන් රැස් වුව ත් පසු නො බැස හුන.


1. නහමුද්ධති - ඇතැම්.


160. යමා මහ පෙළහර වත

බුදුහු ද- ‘ඔලොකෙක්වා න සම්බුද්ධො - අඞ්කුරඤ්වාපි ඉන්දකං දක්ඛිණෙය්යංව පහාවෙත්තො - ඉදං වචනමබ්රැුවී

මහා දානං තයා දින්නං - අඞ්කුර දීඝමන්තෙරෙ සූවිදුරෙ නිසින්නොසි - ආගච්ඡර මම සන්තිකං

යනු හෙයින් උන් දෙන්නා ම බලා පියා තමන් වහන්සේගේ ශාසනයෙහි සිල්වත් තැනට දී ලූ දෙයින් විපාක බලවත් නියාව හඟවන්ට ‘අඞ්කුරයෙහි, තෙපි දස දහසක් හවුරුදු මුළුල්ලෙහි දනට බත් මාළු පිසන්ට ම අට සාළිස් ගවුවක් විතරේ ලිප් බඳවා ගෙන මහදන් දුන්නුව. එ සේ වූ තෙපි අවුත් මා ළඟ හිඳ ගා පසු බැස ගොසින් අට සාළිස් ගවුයෙකින් පිටත හිඳිනට අවසර ලදුව මේ ඉන්දිාක නම් දෙවි පුත් කවුරුන් ආව ත් නො ඉගිළී තමා හුන් තැන ම හුන. ඌ නො ඉගිළී හිඳින්ට ත් තොප ඉගිළෙන්ට ත් කාරණ කම් දැ’යි විචාළ සේක.

එ සේ විචාළ බුදුන්ට අඞ්කුර නම් දෙවි පුත් - ‘උජ්ජඞ්ගලෙ යථා ඛෙත්තො - බීජං බහුකම්පි රොපිතං, න විපුලං ඵලං හොතී - න පි තොසෙති කස්සකං,

තථෙව දානං බහුකං - දුස්සීලෙසු පතිට්ඨිතං, න විපුලං ඵලං හොතී න පි තොසෙති දායකං’

යනු හෙයින් ‘ස්වාමීනි, යම් සේ නිසරු කුඹුරෙක බොහෝ බිජු වට වපුළ ත් කුඹුර නිස්සාර හෙයින් හසු පැවත නපුරු ද, කුඹුර වපුල තැනැත්තවු සතුටු කරවා ලීය. නො හේ ද, එ මෙන් දෙන කලත් බුද්ධෝත්පාදක කාලයක් නොව දුශ්ශීලයන්ටම දුන් හෙයින් කවර වලවත් විපාක‍යක් දී මා සතුටු කරවා දැ’යි කිවූ ය.

උන් එසේ කී කල්හි බුදුහු ඉන්දිකක නම් දෙවි පුත් බණවා ලා ‘ඉන්දයකයෙනි, පොත අවුත් මට දකුණ ත් පස් ව හිඳ මහෙශාඛ්ය දෙවියන් කෙතෙක් දෙනා ආවත් පසු නො බැස හින්ට කාරණ කිම්දැ’යි විචාළ සේක. එ කල ඉන්දනක නම්දෙවි පුත් ‘ස්වාමිනී යම් සේ සරු කෙතෙක ගොවිකමුත් දන්නා කෙණෙක් මද බිජුවටකු ත් වපුට ලා හසු පැවත යහපත් වීමෙන් වපුල තැනැත්තෝ සතුටු වෙත් ද, එ පරිද්දෙන් එක් බත් සැන්දක් වුව ත් මුඹ වහන්සේගේ ශාසනයෙහි දිවැස් ඇති තැනට අග පත් වූ අනුරුද්ධ මහ තෙරුන් වහන්සේට දන් දුන් පමණකින් සිල් වත් තැනට පවිත්ර අදහසින් දී ලූ දනෙහි මෙ බඳු 824 සද්ධර්‍මරත්නාවලි ය

තරමක් ඇති හෙයින් පසු නො බටු වෙමි’ කිවූ ය. ඉන්ද ක නම් දෙවි පුත්හු මෙ ලෙස කී කල්හි බුදුහු අඞ්කුර නම් දෙවි පුතුන්ට ‍ ‘දනක් නම් දී ලන කල පිළි ගන්ට නිසි ගුණ ඇත්තවුන් සලකා ලා දිය යුතු ය. එ සේ දුන් කලට සරු කෙතෙක මඳ ‍කොට ත් ගොවි කම් දැන වපුල බිජුවටක් මෙන් හෙවත් ඊ ශස්යර ඵල ය බලවත් මෙන් අනුසස් මහත් වෙ යි. තෙපි තොපගේ සම්පත් මහත් බැවින් දී ගිය බව මුත් නිසි තැන් සලකා නුදුනු ව. එ හෙයින් විපාක ය මහත් නො වීය’යි වදාළ සේක. දෙශනා කෙළවර ඉන්ද.ක අඞ්කුර දෙන්න සෝවාන් වූහ. මිනිස් ලොවටත් අස්වා වදාළ බණ හෙයින් සෙසු ත් බොහෝ දෙන බොහෝ දෙන නිවන් දුටහ.

ඉක්බිත්තෙන් බුදුහු දෙවි පිරිස් මැද වැඩ හිඳ මෑණියන්දෑ මුන් ව වීදම් පිටක යදෙසනට පටන් ගත් සේක. මෙ සේ මිනිස් ලොව ආයු ගණනින් තුන් මසක් විතර හා දෙව් ලොව ආයු ගණ නින් මස් විතරට ත් දවස් විතරට ත් පෑ විතරට ත් මද හෙයින් නව විනාඩි ගාවක් විතර හිඳ බණ දෙසන සේක් හිඟා වඩනා වේලේ දී තුන් මසට අනු වාරයක් සිඟා වැඩිය මනා හෙයින් තව් තිසා දෙව් ‍ලොවින් නව විනාඩි ගාවට ම අනූ විටක් සිඟා ගිය කලට සිස් ව තිබීම ඉතා අනුචිත හෙයින් ‘මා වළඳා ලා එන තෙක් බණ කියත්ව යි අනික් බුදු කෙණකුන් වහන්සේ මවා ලා තමන් වහන් සේ හිම වතට ගොසින් නාලිය දැවිටි වළඳා ලා එන තෙක් බණ කියත්ව යි අනික් බුදු කෙණකුන් වහන්සේ මවා ලා තමන් වහන්සේ හිම මතට ගොසින් නාලිය දැවිටි වළඳා පැරහුව මැනවැ’යි නැති හෙයින් අනවතප්ත විලින් කට සෝධා උතුරු කුරු දිවයින සිඟා බත් ගෙනවුත් මහ විසල් මළුයෙහි හිඳ වළඳන සේක.

සැරියුත් මහ තෙරුන් වහන් සේ එතැනට වැඩ වළඳන බුදුන්ට කළ මනා වත් කරණ සේක බුදුහු වළඳා නිමවා ලා ‘ශාරිපුත්රමයෙනි, අද මම මෙ තෙක් බණ කීමි. ඒ බණ තොප අත වැසි පන්සියයක් භික්ෂූන්ට කියව’යි යමා මහ පෙළහරෙහි පැහැද සැරියුත් මහ තෙරුන් වහන්සේ කෙරෙහි මහණ වූ වහන්දෑ පන්සිය ය නිසා බුදුහු වඳාළ සේක. එසේ වදාරා ලා දෙව් ලොවට වැඩ මවා ලූ බුදුන් දෙසූ තැන් පටන් අඩු ව තමන් වහන්සේ දෙසන සේක. සැරියුත් මහ තෙරුන් වහන්සේ ද තමන් වහන්සේට බුදුන් වදාළ බණ තමන් වහන්ේසේගේ අත වැසි පන්සියයට වදාරණ සේක. ඒ පන් සියය ද බුදුන් දෙව් ලොව වැඩ ඉන්ද දී ම ප්රයකරණ සත ධාරා ගත් සේක. ප්රදකරණ ධැරීමෙන් ම විදම් පිටක ය ප්රදගුණය.

එ‍ ලෙස ප්රාගුණ වන්ට කළ පින් කවරේ ද යත් - ඒ වහන්දෑ කසුබ් බුදුන් සමයෙහි පන් සියයක් කිරි වවුලන් ව ඉපැ ද එක් 160. යමා මහ පෙළහර වත

කටාර නැති ලෙන තල්ලෙක එ ලෙනාහු එ ම ගල් ලෙන වසන තෙර දෙ දෙනකුන් වහන්සේ විදම් බණින් සප්ත ප්රලකරණ මාතෘකා පමණක් පිරුවාණා ගමනේ මේ බණෙක යන සිතිවිලි පමණක් ඇති ව වස් තුන් මස ඇසූහ. අත්ථින නො දත ත් ශබ්ද පමණක් ඇසූ පමණකින් එයින් සැව දෙව් ලොව ඉපැද විසි දහසක් අවුරුදු ක්රිම ක්ර මයෙන් පිරිහී දස අවුරුද්දට බැස දස අවුරුද්දේ පටන් කුශල ධර්මර ය සමාදාන වශයෙන් අවුරුදු වැඩී අසඞ්ඛ්යවය දක්වා ගොසින් ලා එ තැන පටන් අකුශල ධර්ම සමාදාන වශයෙන් හවුරුදු සියයකට ආයු එන තෙක් දිව සැපත් වදාළා මේ බුදුන් සමයෙහි සැවැත් නුවර කුලගෙවල ඉපැද යමා මහ පෙළහරෙහි පැහැද සැරියුත් මහ තෙරුන් වහන්සේ ලග මහණ ව මිනිසුන් ගෙන් හැම තැනට පළමු ව විදම් පිකට ය ධැරූ සේක.

බුදුහු ත් ඒ වස් තුන් මස විදම් බණ දෙවියන්ට දෙසූ සේක. දෙශනා කෙළවර අසූ කෙළක් දෙවියෝ නිවන් දුටහ. මා දෙවි1 පුත් ද සෝවාන් වූහ. දිගින් පළලින් සයානු ගවුවෙක හා වටින් එක් සිය සිවු සාළිස් ගවුවෙක පැතිර සිටි පිරිස් වස් පවරන්ට සතියක් තිබැදී ම මුගලන් මහ තෙරුන් වහන්සේ කරා ගොසින් ‘ස්වාමීනී, බුදුන් දෙව් ලොවින් බස්නා දවස් දන්ට වුව මැනැව. බුදුන් නො දැක නො යම්හ’යි කීහ. මුගලන් මහ තෙරුන් වහන්සේ ද එ පවත් අසා එ තැනින් ම පොළොව කිමිද මෙර පල්ලට ගොසින් ‘මෙර ඇතුලතින් මා නැ‍ඟෙන නියාව රැස්ව සිටියෝ දකිත්ව’යි ඉටා ලා මැණිකෙක් අවුණන නිල් පලස් හුයක් මෙන් හැම දෙනාට ම පෙණෙමින් මහ මෙර මැදින් නැගෙන සේක. මිනිසුන් ද ‘සතර ගවුවක් විතර නැඟී සේක. අට ගවුවක් විතර නැඟී සේක’ යනාදීන් බල බලා සිටියහ.

මහ තෙරුන් වහන්සේ ත් බුදුන්ගේ ශ්රීට පාදය ඉසින් ඔසවන්නාක් මෙන් මහ මෙර මුදුනට නැඟී ලා බුදුන් වැද ‘ස්වාමීනි, පෙළ හර බලන්ට රැස් ව සිටි පිරිස් මුඹ වහන්සේ දැක මුත් නො යම්හ’යි තරයෝ ය. මිනිස් ලොවට බැස වදාරන්නේ කවරදා දැ’යි විචාළ සේක. ‍ ‘තොපගේ වැඩි මාලු බෑණෝ සැරියුත් මහ තෙරහු දැන් කොයි දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, සකස් පුර නුවර වස් විසූ සේකැ’යි කී කල්හි ‘එ සේ වී නම් මම මෙ තැනට සත් වන දවස් සකස් පුර නුවරට බස්මි. මා දක්නා කැමති කෙණෙක් එ තැනට එන්ට කියව’යි වදාළ සේක. එ සේ වදාරා ලා සැවැත් නුවර සිට සකස් පුර නුවර එක් සිය විසි ගවුවෙක. මෙ තෙක් තැන් යන


1 මවු දෙවි පුත් ද 826. සද්ධර්මැරත්නාවලි ය

ගමනේ කිසි කෙ‍ණකුන්හට ගෙණ යන බත් සාල් නැති ව උදාසන පෙහෙව ලා ලඟ විහාරයකට බණ අසන්ට යන්නවුන් මෙන් එන්ට කියව’යි වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ත් ගොසින් එ පවත් පිරිසට වදාළ සේක.

බුදුහු වස් වැස පවරා ලා සක් දෙවිඳු හට ‘ශක්ර යෙනි, මිනිස් ලොවට යම්හ’යි වදාළ සේක. ශක්ර යෝ ද බුදුන් බසින්ට මැණික් හිණක් මද්ධ්යෝයේ මවාලා දෙවියන් බසින්ට රන් හිණක් හා බඹුන් බසින්ට රිදී හිණක් දෙ පස මැවූහ. ඒ හිණිවල හිණි පා මුල් සකස් පුර නුවර පිහිටා සිටි ය. හිණි හිස් මෙර මුදුන්හි පිහිටිණ. ඉන් දකුණ ත් පස රන් හිණ දෙවියන් බස්නට ය. වමත් පස රිදී හිණ බඹුන් බස්නට ය. මද්ධ්ය යෙහි මැණික් හිණ බුදුන්ට නියම ය. බුදුහු ත් මෙර මුදුනේ වැඩ සිට ‍දෙවෙ‍ාරොහණ පෙළහර කරණ සේක් එ තැන් පටන් උඩ බලා වදාළ සේක. බඹ ලෝ නවය ම එකාඞ්ගණ වි ය. පාත බලා වදාළ සේක. අවීචි ය දක්වා එකාඞ්ගණ විය. සරස බලා වදාළ සේක.

නො එක් දහස් ගණන් සක් වළවල් එකාඞ්ගණ වි ය. දෙව් බඹහු මිනිස් දකිති. මිනිස්සු දෙවි බඹුන් දකිති. එ දවස් ඒ බුදු සිරි බලා බුදු වන්ට නො පැතූ කෙණෙක් නැත. රන් හිණින් දෙවියෝ බසිති. ‍රිදී හිණිත් බඹහු බසිති. මැණික් හිණිත් බුදුන් ම බස්නා සේක. පඤ්චසිඛ නම් දෙවි පුත් ඛෙළුව නම් වූ වීණාව ගාමින් දකුණ ත් පසින් බුදුන්ට පූජා කරමින් බස්සේ ය. සහම්පති නම් මහ බඹු වම ත් පසින් බුදුන් සිරසට කුඩයක් කොට ගෙන බස්සී. සූයාම නම් දෙවි පුත් වල් විදුනාව සලමින් බස්සි. බුදුහු මහ පිරිවරින් බැස සකස් පුර නුවර පිහිටි සේක. සැරියුත් මහ තෙරුන් වහන්සේ ද අවුත් බුදුන් වැඳ ලා -

“න මෙ දිට්ඨො ඉතො පුබ්බෙ - නස්සුතො උදකස්සවි, එවං වග්ගුවදො සත්ථාො - තුසිතා ගණිමාගතො”

යනු හෙයින්. මෙ තරම් බුද්ධානුභාවයක් පෙර මා දුටු විරූ නැත. දක්නා තබා ඇසූ විරූ ත් නැත. යනාදීන් තමන් වහන්සේට උපන් සමාධි ය හඟවා ලා ‘ස්වාමීනී, අද සියලු ම දෙවි මිනිස්සු ආවෙණිකයක් ව මුඹ වහන්සේගේ දර්ශසන ය පතති. කැමැති වෙති’ වදාළ සේක. එ කල බුදුහු ‘ශාරීපුත්ර යෙනි, මෙ බඳු තරම් ඇති බුදු වරහු දෙවි මිනිසුන්ට ප්රිිය වෙති’ වදාරා ලා බණ වදාරණ සේක.



160. යමා මහ පෙළහර වත

ලක්ෂණූපනිද්ධ්යාුනය ආරම්මණූපනිද්ධ්යාිනය යන ද්වි ප්ර කාර වූ ධ්යා.නයෙහි හෙවත් විදර්ග්නාවෙහි හා සමථයෙහි ආවර්ජනාදි වශයෙන් යෙදී වෙසෙත් ද, මහා කරුණා සමාප්තියට අරමුණු වෙනව් වුව ත් ඵල සමවතට අරමුණු කිරීම් වශයෙන් නිවන්හි ඇලුම් ඇත්තෝ ද, සිඟිමත් ඒ සර්ව ඥවරයන් හා නො කැමැති වන්ෙනෝ කවුරු ද? සිඟිමත් ඒ සර්වසඥවරයන් නො කැමැති වන්නෝ කවුරු ද? දෙවියෝ ත් මිනිස්සු ත් කැමැති වෙති’ වදාළ සේක.

දෙශනා කෙළවර තිස් කෙළක් ප්රාිණිහු සැවැත් නුවරින් සකස් පුර නුවරට අවු ත් ඊ සිට ලා නිවන් පුර වන්හ. සෙ සේ යමා මහ පෙළහර දැක විසි කෙළක් හා විදම් බණ අසා දෙවි බඹුන් ගෙන් අසූ කෙළක් හා දෙවොරොහණයෙන් තිස් කෙළක්හා එක් කොට එක් සිය තිස් කෙළක් විතර සත්වරයෝ යමා මහ පෙළ හර මුල් ව නිවන් දුටහ. ධම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේගේ සද්ධිවිහාරික පන් සියක් දෙනා වහන්සේ වවුල් ව ඇසූ විදම් බණින් දෙව් සැප ත් වළඳා බුදුන් වදාළ බණ අසා රහත් වීමෙන් නිවන් සැප ත් ලත් සේක.

හැම ‍බුදුවරුන් වහන්සේ ම යමා මහ පෙළහර කොට ලා තව්තිසා දෙව් ලොව වස් වැස සකස් පුර නුවරට බස්නා සේක. එ හෙ‍යින් බෝ මැඬත්, ධම් සක් පැවතුන් සූත්රපය දෙසන තැන ත්, දෙව්රම් වෙහෙර ඇඳ පළත්, සකස් පුර නුවරට දෙව් ලොවින් බට තැන ත්, සෙසු තැන් නියම නැත ත් මේ සතර තැන නියම ය. දකුණු පත්ල පිහිටි තැන ‍නිසල මහ සෑ නම් වෙයි. බුදුහු එ තැන ‍සිටි සේක්. - පුහුදුන් ආදීන්ට විෂය වූ පැන විචාළ සේක. පුහුදුන්හු තමන්ට විෂ ය වූ පැන ය විසඳා ලා සෝවානුන්ට විෂ්යන පැන විසඳා ගත නුහුණු වූ ය. සෝවාන් හු තමන්ට විෂය පැන විසඳා ලා සෙදැ ගැමියන්ට විෂ ය පැන විසඳා ගත නුහුණු වූ ය. දෙසගැමියෝ තමන්ට විෂය පැන විසඳා ලා අනගැමියන්ට විෂ ය පැන විසඳා ලා සෙදැ ගැමියන්ට විෂ ය පැන විසඳා ගත නුහුණු වූ ය. සෙදගැමියෝ තමන්ට විෂය පැන විසඳා ලා අනගැමියන්ට විෂය පැන විසඳා ගත නුහුණු වූ ය. අනගැමියෝ තමන්ට විෂය පැන විසඳා ලා රහතන්ට විෂ ය පැන විසඳ ගත නුහුණු වූ ය. රහතන් වහන්සේගෙනු ත් මහ සවුවන් වහන්සේ තමන් වහන්සේ විෂය පැන විසඳා ලා අග සවු දෙ නමට විෂ ය දෙය විසඳා ගත නුහුණු සේකද. අග සවු දෙ නමෙනු ත් මුගලන් මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේට විෂය පැන විසඳා ලා සැරියුත් මහ තෙරුන් වහන්සේට විෂ ය දෙය විසඳා ගත නුහුණු සේක.

සැරියුත් මහ තෙරුන් වහන්සේ ද තමන් වහන්සේ ට විෂ ය ප්රටශ්න විසඳා ලා බුදුන්ට විෂය දෙය විෂදා ගත නුහුණු සේක. 828 සද්ධර්ම රත්නාවලි ය

විසඳා ගත නො හී දස දිග බලා දස දිගින් බුදුන් විනා ඒ විසඳා ලියහෙන්නවුන් නැති ව බුදුන් ගෙන් ම නය ලදින් විසඳා වදාළ සේක. සැරියුත් මහ තෙරුන් වහන්සේට විෂ ය ප්ර්ශ්නය බුදු කෙණකුන් වහන්සේ මුත් අනික් කෙණෙක් කියා ලිය නො හෙන සේක. එ හෙයින් ම මහ තෙරුන් වහන්සේ එක් දවසක් බුදුන් ඉදිරියේ සිට ‘ලොක ස්වාමි වූ බුදුරජුන් වහන්ස, මා එක ප්රනශ්නයක් විසඳු කළ ගං පත්ලෙන් වැඩි ඇටක් වේව’යි මුහුදින් පැන් බින්දුහවක් හෝ පෙ‍ාළොවින් වැලි ඇටක් සා පස් සුඟක් හෝ ගණන්ට නො තබා ප්රසශ්න සිය ගණනින් හෝ දහස් ගණනින් හෝ ලක්ෂ ගණනින් හෝ විසඳූ කල්හි ඒ සමූහ ව තුබූ ප්රගශ්නවලට වැලි ඇට හෝ දිය බිඳු හෝ පොළොවින් වැලි ඇට විතර පස් හෝ ගණන්ට ‍තබ ත් නම් වහා ම ගං පත්ලේ වැලි වුව ත් නිම යි. මුහුදු පැන් වුවත් බිඳු හෙයින් ගෙන ත් නිම යි. පොළොව පස් වුව ත් වැළි ඇට තරම් හැර ගෙන ත් නිම යි. මාගේ ප්රගශ්න විසඳීම නො නිමයි. යන ‍තරමේ හැර ගෙන ත් නිම යි. මාගේ ප්ර ශ්න විසඳීම නො නිම යි යන තරමේ බුද්ධි සම්පන්න මහ තෙරුන් වහන්සේ බුද්ධි විෂයෙහි ප්ර‍ශ්න ය අසා අගක් මුලක් නො දැක බුදුන් දුනු නයයෙහි සිට ම විසඳූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් අනන්ය සාධාරණ වූ අනො පම වූ ගුණ ඇති බුදු රජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා එයින් ජනිත කුශලානුභාවයෙන් භව සැපත් වළඳා කෙළවර නිවන් අත්පත් කට යුතු.

161. ඒරකපත්ත නා රජ්ජුරුවන්ගේ වතසංස්කරණය

තව ද ලඝු වූ ත් අකුශලයෙහි අනිෂ්ට විපාක ය දක්වන්ට ඒරකපත්ත නා රජ්ජුරුවන් ගේ වත කියමු.

කෙ සේ ද යත් - ඒ ඒරකපත්ත නම් නා රජ්ජුරුවෝ පෙර කසුබ් බුදුන් සමයෙහි සසුන් වැද මහණ ව ‍ග‍ඟෙකින් හඟුලකට නැඟී ලා යන ගමනේ එරුත්පත්තක් අල්වා ගෙන හඟුලට නැඟී හඟුල යත ත් පත්ත හැර පියන්ට නො වී ය. හඟුල යත් යත් එරුපත්ත කැඩිණ. මේ යත්තමෙක් වේ දැ’යි ආපත්තියක් නො දෙසා විසි දහසක් හවුරුදු මහණ ධම් කොට ත් මියන අවස්ථාවේදී එරුපත අවු ත් කර එළි ගත්තාක් මෙන් ඇවැත් දෙසනු කැමැති ව ත් අනික් නමක් ලැබ ගත නො හී විපිළිසර බොහෝ ව ගොසින් මිය එක් දඬු හොරුවක් සා නාග රාජ ව සාපත්තික තැනට


161. ඒරකපත්ත නා රජ්ජුරුවන් ගේ වස්තුව

නරක ය හෝ තිරිසන් අපාය නියම හෙයින් උපන්හ. ඒරකපත්තය යන නම නියම විය ය. ඌ උපන් ඇසිල්ලෙහි නාගාත්මභාව ය දැක ‘විසි දහසක් හවුරුදු මහණ ධර්ම කොට මඩුවන් ගණන් කන ලෙස නාඟ ව උපන්මී’යි මුසුප්පු වූ ය.

ඌ එක් දියණි කෙණකුන් ලදින් ගං මැද දිය පිට එණ ය. මහත් කොට මවා ගෙන දුවණියන් පෙණ ගබ හිඳුවා ගෙණ ‘බුදු කෙණකුන් වහන්සේ ලොව උපන් සේක් වී නම් මෙ ‍උපදෙසින් දනිමි’යි පෙණ ගබ සිටි දුවණියන් ලබා ගීයක් කියව කියවා නටවති. මෙ ලෙස ප්රදසිද්ධ කොට ලා ‘යම් කෙණෙක් මේ ගීයට පෙරළා ගීයක් කිවූ නම් උන්ට මුන් සරණ දෙමී ‘කියාත් කියති. මෙ ලෙසත් ප්රාසිද්ධ වූ කලට නාග මානවිකාවෝ දෙ පෝ දවසින් දෙ පෝ දවසට පියාණන් ගේ පෙණ ගබ සිට -

“කිංයු ආධිපති රාජා - කිංසු රාජා රජිස්සරො, කථංසු විරජො හොතී - කථං බාලොති වුච්චති”

යන මේ ගීය කියති. සියලු දඹ දිව වැස්සෝ ‘නා මෙනෙවිය නිල කොට ගනුම්හ’යි ගොසින් තම තමන්ගේ නුවණ ලෙසින් උන් කී ගීයට පෙරළා ගී කියති. නාග මානවිකායෝ ඒ ගී නො ගිවිසිති. මෙසේ නාග මානවිකාවන් දෙ පෝයෙන් දෙපෝයට පණ ගැබ සිට ගී කියන්නවුන්ට එක් බුද්ධාන්තරයෙක් ගියේ ය.

ඉක් බිත්තෙන් අපගේ බුදුහු ලොව ඉපැද එක් දවසක් අළුයම් වේලේ ලෝ වැඩ බලන සේක් එරුපත් නා රජුන් පටන් උත්තර නම් ළදරුවාණන් පටන් තමන් වහන්සේගේ නුවණ දැළ බැඳුණවුන් දැක කුමක් හෝ හෝ යි සලකන සේක් ‘අද එරුපත් නා රජුන් දුවණියන් පණ ගැබ හිඳුවා ගෙණ නටවන දවස ය. උත්තර මානව ද උන්ට කී ලෙසට මා කියා ලූ ගාථාවක් අසමින් ම සෝවාන් ව ලා නා රජ්ජුරුවන් ලඟට යෙයි. ඔහු ඒ ගීය අසා මා උපන් නියාව දැන ලා මා ලඟට එති. මම උන් අවුත් බොහෝ දෙන රැස් වූ තැන දී ගාථාවක් කියමි. ගාථාව කෙළවර සුවාසු දහසක් සත්වණයෝ නිවන් දකිති’ දුටු සේක.

එ සේ දැක වදාරා බරණැසට නුදුරු තැනෙක මහරි ගස් සතෙක් ඇත. ඉන් එක් ගසක් මුල වැඩ හුන් සේක. දඹ දිව වැස්සෝ ද ගීයට පෙරළා ගී හැර ගෙණ අවුත් රැස් වූහ. බුදුහු ත් ලඟින් යන උත්තර නම් ලදරුවාණන් දැක ‘උත්තරයෙනි’ වදාළ සේක.

830 සද්ධර්මවරත්නාවලි ය

‘කුමක් ද, ස්වාමීනි’යි කී කල්හි ‘මෙ සේ එව’යි වදාළ සේක. ගොසින් වැඳ ලා සිටියවුන්ට ‘කොයි යවුදැ’යි විචාරා එරුපත් නා රජුන්ගේ දුවණියන් ගී කියන තැනට ය’යි කී කල්හි කියා ලූ ගීයට පෙරළා කියන ගී දනු ද’යි විචාරා ‘දනිමි’ කී කල්හි ‘කියා බලග’යි වදාළ සේක. උන් තමන් දත් සැටියේ කී කල ‘උත්තරයෙනි, තෙල ගීය උන් ගීයට ගීයෙක් නො වෙයි. තොප උත්තර නම් වූවා සේ ම තෙල ගීයට ත් උත්තර ඇත. මම තොපට නිරුත්තර ගීයක් උගන්වාලමි. ඒ ගීය ඉගෙන යවු දැ’යි විචාළ සේක. ‘යහපත, ස්වාමීනී,යි කිවූ ය. බුදුහු උන්ට උත්තරයෙනි, තොපි නාග මානවිකාව ඒ ගීය කී කලට - ජද්වාරාධිපති රාජා _ රජ්ජමානො රජිස්සරො. අරජ්ජරං විරජො හොතී - රජ්ජං බාලොති වුච්චති.

යන මේ ගීය කියා ලව’යි වදාළ සේක.

නාග මානවිකාවන්ගේ ගීයේ අත්ථිු ය නම් කුමකට අධිපති කෙණෙක් රජ වෙත් ද? කුමක් විෂයෙහි රජ ඉසුරු කෙරෙත් ද? කවර ලෙසින් විරජ නම් වෙත් ද? කවර ලෙසින් බාල නම් වෙත් දැ’යි යනු ය. උත්තර මානවකයන් බුදුන් ගෙන් ඉගෙන කී ගීයට පෙරළා කියන ගීයෙහි අත්ථි් නම් ‘යම් කෙණෙක් චකුෂුරාදී ස දොරට හමු වූ රූපාදී ෂඩාලම්බනයට යටත් නො වෙත් නම් ඌ රජ නම් වෙති. යම් කෙණෙක් රූපා දී සාරමුණ එළෙත් නම් ඌ රජ ඉසුරු නම් වෙති. ඊ නො ඇලෙන්නෝ විරජ නම් වෙති. එහි ඇලෙන්නෝ බාල නම් වෙති’ යනු ය.

මෙ සේ බුදුහු උත්තරයන් මේ ගීය උගන්වා ලා ‘උත්තරයෙනි, තොප මේ ගීය කී කලට නාග මානවිකා තොමෝ - ‍ කෙණස්සු වුය්හති බාලො - කංථ නුදති පණ්ඩිතො, යොගක්ඛෙමි කථං හොති තං මෙ අක්ඛාහි පූච්ඡිතො.

යන ගීය කිය යි. ඒ ගීයෙහි අත්ථිි ය නම් ‘ නුවණ නැත්තෝ සසර නමැති මුහුදට කුමකින් ගෙනයනු ලැබෙත් ද? නුවණැත් තෝ කවර ලෙසින් ඒ දුරු කෙරෙත් ද? කවර ලෙසින් නිරුපද්රතව වෙත් ද? මා විසින් විචාරණ ලද්දේ එය කියව’ යනු ය. ඒ කී කලට තොපි - “ඔඝෙන වුය්හති බාලො - යොගා නුදති පණ්ඩිතො, සබ්බ යාගවිසංයුත්තො - යොගක්ඛෙමිති වුච්චති”


161. ඒරකපත්ත නා රජ්ජුරුවන්ගේ වත

යන ගීය කියාලව. ඒ ගීයෙහි අත්ථිෙය නම් - “නුවණ නැත්තෝ කාමොඝාදී කෙලෙස් වතුරෙන් සසර මහ මුහුදට ගෙන යනු ලබති. නුවණැත්තෝ සම්යෙක් ප්රමධාන වීය්ය්ත නමැති නැවෙන් කෙලෙස් වතුරෙන් එ තෙර ව නිවන් ‍පර තෙරට පැමිණෙති. කාම යොගාදී චතුර්විධ යොගයෙන් යම් කෙණෙක් වෙන්වූ නම් උන්ට කවර ත් උපද්ර ව නැතැ’යි යනු ය.

උත්තර නම් ලදරුවාණෝ පෙරළා කියන්ට දෙ වනුව උගන් වන ගීය අසා සෝවාන් වූහ. ඌ ‍සෝවාන් ව ලා ඒ ගී දෙක ත් හැර ගෙන ගොසින් නාග මානවිකාවන් කියන ගීයට ගීයක් ඉගෙන අයිමි. මට අවසර දෙව’යි කියා ලා ගහණව සිටි බොහෝ දෙන පීරා ගෙන ගියහ. නාග මානවිකා‍ව ද පියාණෙන්ගේ පණ ගැබ සිට නටන්නී ආදී කියන ගීය කිය යි. උත්ත‍රයෝ ‘ඡද්වාරාධි පතී රාජා” යනාදීන් කිවූ ය. නැවත නාග මානවිකාවෝ ‘කෙනස්සු වුය්හති බාලො’ යනාදී ගීය කිවූ ය. ඊට පෙර ළා ගීය කියන උත්තරයෝ ‘ඔඝෙන වුය්හති බාලො’ යනාදී ගීය කිවූ ය. නා රජ්ජුරුවෝ ඒ අසා බුදුන් උපන් නියාව දැන බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මෙ සේ වූ පදයක් නො ඇසූ විරිමි. බුදුන් ලොව උපන් නියා වේ දැ’යි සතුටු ව නගුටෙන් දියට ගැසූහ. මහ රළ නඟා ලා දෙ තෙර ම ඉවුර බිඳිණ. එ‍ තෙරින් එක් සිය සතළිස් රියනෙක හා මෙ තෙරින් එක් සිය සතළිස් රියනෙක මිනිස්සු ගැලෙන්ට වන්හ. නා රජ්ජුරුවෝ ද දිය බී මියන බොහෝ දෙනා පෙණෙ ගබ හිඳවා ගෙන ගොඩ ලා පියා උත්තරයන් කරා ගොසින් ‘ස්වාමීනි, බුදුහු කොහි දැ’යි විචාළෝ ය. තෙල මහරි ගස මුල ය’යි කීහ. ‘යහපත එ සේ වී නම් අව මැනැවැ’යි උත්තරයන් කැඳවා ගෙන බුදුන් කරා නික්මුණාහ. බොහෝ දෙන ත් උන් හා කැටිව ම නික්මුණාහ.

නා රජ්ජුරුවෝ ගොසින් සවනක් බුදු රස් හස්සට වැදලා බුදුන් වැඳගෙන හඬ හඬා සිටියහ. බුහුදු ‘නා රජ්ජුරුවෙනි, හඬානැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, මම මුඹ වහන්සේ වැනි බුදු කෙණකුන් වහන්සේට බුදු සවුව විසි දහසක් හවුරුදු මහණ ධම් කෙළෙමි. එ තෙක් කල් කළ මහණ ධම් නිශ්ර්රුදයෝජන විය. එරුපත් කැඩී ගිය පමණකට අහේතුක ව ඉපැද බඩ ගා ඇවිදිනා තැන උපනිමි. බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මිනිසත් බවකු ත් නො ලද්දෙමි. අද විනා බුදු කෙ‍ණකුන් වහන්සේ නුදුටුයෙමි. බණ ඇසීමකු ත් නො වී ය. ඒ නිසා හඬමී කිවූ ය. බුදුහු උන්ගේ



832 සද්ධර්ම්රත්නාවලිය

කථාව අසා බණ වදාරන සේක්. පින් කම් කොට බොහෝ උත්සාහයෙන් ලද මනා හෙයින් මිනිසත් බවත් දුක සේ මුත් නො ලැබෙයි. සත්වමයන්ගේ ජීවිත් වීමත් කොපමණ කලක් සිටිත ත් දුකසේ ම මුත් ජීවිත් වීම බැරි හෙයින් දුක. නො එක් කප් ගණනෙත් ධර්ම දෙශක කෙනකුන් නො ලද හැකි හෙයින් බණ අසා ගැන්මත් බැරිය. කප් අසඞ්ඛ්යුයක ත් සර්ව්ඥයන් පහළ නොවන හෙයින් සර්වගඥවරයන් ගේ පහළ වීමත් දුකැ’යි වදාළ සේක. දෙශනා කෙළවර සුවාසු දහසක් දෙන නිවන් දුටහ.

නා රජ්ජුරුවෝ ද එ දවසට ත්රිද හෙතුක වූ නම් සොවාන් වෙති. තිරිසන් යොනියෙහි උපන් නිවන් සම්භව නො වීය. නාගව උපන් කල පිළිසිඳ ගන්නා කලත්, සැව ගලවන කලත්. තරව නිදන කලත්, සජාතීන් හා මෙවුන් ධමෙහි ත්, චුත වන කල ත් ය ‘යි මේ පස් තැනේදි නයි නාග ශරීර ය පහළ වන හෙයින් ගහට විඳිති. මු තුමූ ඉන් ගහට විඳීම් නැති ව ලදරු වෙසින් ම ඇවිදිති.

එ හෙයින් නුවණැත්තවුන් විසින් නො ලැබ්බ හැකි මිනිසත් බව ත් ලත් පසු එම තරම්ම බුදුහමුව ත් ලත් බැවින් ජීවිකාව කෙසේ වත් කිම. පින් කම් කිරීමට හේතුව සිටිනා බණ අසා ඒ වු පරිද්දෙන් පිළිපැදි ලොව් ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු. ________

162. අනඳ මහ තෙරුන් වහන්සේ ප්ර්ශ්නවිචාළ වස්තුවසංස්කරණය

තව ද සර්වතඥානුශාසනා සැකෙවින් දක්වනු නිසා අනඳ මහ තෙරුන් වහන්සේ ප්රුශ්න විචාළ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

එක් දවසක් අනද මහ තෙරුන් වහන්සේ ‘තිලෝ ගුරු බුදුහු විදර්ශී ආදී වූ සත් බුදුන්ගේ දෙ මවු පියන් ද ආයුපරිච්ඡේද යද බොධිද ශ්රා වක සන්නිපාත ද අග සවු තැන් ද උපස්ථායික තැන් දැ’යි සියල්ලම වදාළ සේක. පොහෝ කිරීම වදාළේ නැත. කුමක් දෝ ඒ බුදුවරුන් වහන්සේට ත් පො‍හොය මෙ ම දෝ නොහොත් අනිකක් දෝ හෝ’යි සිතා බුදුන් කරා ගොසින් විචාළ සේක. යම් හෙයකින් ඒ බුදුවරුන් වහන්සේට ත් කාල විශෙෂයක් විනා පාමොක් උසුරුවන ගාථාවල වෙනස නැද්ද- එසේ මැයි. විපස්සී බුදුහු සත් හවුරුද්දෙන් සත් හවුරුද්දෙන් පොහොය කරණ සේක. එක් දවසෙක කළ අවවාදයම සත් හවුරුද්දටම පිරිමැස්ම යහපත් හෙයින් සෑහෙයි. සිඛි බුදුහු හා වෙස්සභූ බුදුහු ස වන

         163. අනඳ මහ තෙ‍රුන් වහන්සේ ප්රදශ්න විචාළ වස්තු              833

සවන හවුරුදු පො‍ෙහාය කරණ සේක. එක ද‍ා කළ අවවාද ය සාවුරුද්දට සෑහෙයි. කකුසඳ- කොණාගමන දෙ දෙනා වහන්සේ හවුරුද්දකට එක් පොහෝ කරණ සේක. ඒ අවුරුද්දට ඒ අවවාද ම සෑහෙයි. කසුබ් බුදුහු ස මසින් ස මසට පො‍හොය කරණ සේක.

එක දා කළ පොහොය ස මසට සෑහෙයි. ඒ හෙයින් අපගේ බුදුහු තමන් වහන්සේට එසේ වූ කාල විභාගයක් නැති හෙයින් පර්ෂ ද අශුද්ධියක් දැක තමන් වහන්සේ පොහෝ කිරීම් හැර දෙ පෝයෙන් දෙ පෝයේම බණ පිරිවා පොහෝ කරන්ට වහන් දෑට ම අනුදත් හෙයිනු ත් ඒ ඒ බුදුවරුන් වහන්සේ ගේ කාල විභාග ය ත් වදාරා කවරත් බුදුවරුන් වහන්සේගේ අවවාද ගාථා එම නියාව ම වදාරා ඊ ස්වරූප ය, වදාරන බුදුහු තුන් දොරින් සිද්ධ වන සියලු අකුසල් හි නො හැසිරීම ද, අගාරික වූ වත් අනාගාරික වූව ත් ආපාණ කොටික ව කුසල්හි හැසිරීම ද පස් නීවරණයන් දුරු කිරීමෙන් තම සිත් සතන් නිර්මකල කිරීම ද හෙවත් මෙ ලෙස කිරීමට සර්ව ඥවරයන්ගේ අනුශාසනාව ය. තවද ක්ෂහමාව නම් මේ බුදු සස්නෙහි උතුම් වූ තපසෙක බුදු පසේ බුදු බුදු සවුවෝ සියල්ලකට ත් වඩා නිවන් ම උතුමැ’යි කියති. පැවිදි ව සිටි යම් කෙණෙක් අනුන්ට පීඩා කෙරෙත් නම් වෙස් ධරන පමණක් මුත් ඌ මහණහු නම් නොවෙති. යම් කෙණෙක් අනුන්ට උපවාද විසින් නො දොඩත් ද, අනර්ත්ථෙවහයක් නො කෙරෙත් ද, ප්රාසති මොක්ෂව සංවර ශීලයෙහි හා ඉන්ද්රී්ය සංවර ශීලයෙහි පිහිටියෝ ද, තවද ආජීව පාරිශුද්ධි ශීලයෙහි හා ප්රවත්යවය සන්නිශ්රීීත ශීලයෙහි ත් තර ව පිහිටියෝ ද ප්රාදණවධාදී ත්රිරවිධකාය දුශ්චරිතයෙන් වැළකීම් වශයෙන් කායික වූ සිලයෙන් හා මුසාවාදාදී වූ චතුර්විධ වාක් දුශ්චරිතයෙන් වැලකීම්වශයෙන් වාචසිකසීලය‍ත් පුරත් ද විවේක වාස ය ඇති වීමෙන් ත්රිශ විධ ශික්ෂාෙයෙහි හැසිරෙත් ද, සර්වකඥවරයන්ගේ අනුශාසනාව කළා නම් වෙතී’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ කුඹුරට ගොඩ වානවාරී වුවො ත් මුත් ඇළ අමුණු ඇති ව තිබේ ද? එ මෙන් කුසල් කෙතට සැදෑ ඇළ ඇතිව , තව ද, යම්සේ කෙතෙක් ලු ලූ දිය රඳවන මියර ඇති ව තිබේ ද, එමෙන් සිල් නැමැති මියර ඇතිව, තව ද යම් සේ කෙ තෙක් තෙමේ ආද්ය,වස්ථාවේ නිස්සාර වී නමුත් කොට ගන්නා ලෙසින් සරුවේ ද, එ මෙන් සාර ගුණෙයි පිහිටා ගෙන අධිමුක්ති වූ ලෙසින් ත්රිනවිධ බෝධීන් අතුරෙන් එක් බෝධියකට පැමිණිය යුතු.

834 සද්ධර්මේරත්නාවලිය

163. අනභිරතන භික්ෂූන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තවද ලඝු නිසා ත් සස්නෙහි උකට ලී වීමෙහි නපුර හගවන්නට අනභිරත භික්ෂූන් වහන්සේ ගේ වස්තු ව දක්වමු.

කෙ‍ සේ ද යත්-

එ භික්ෂූන් වහන්සේ වැළි ත් සසුන් වැද මහණ ව උපසම්පදා ව ත් ලදින් අසවල් තැනට ගොසින් හදාරා පිරිවාව’යි උපාද්ධ්යාලය යන් වහන්සේගෙන් විධාන ලදින් ඔබ ගිය සේක.

ඉක්බිත්තෙන් ඔබගේ පිය උපාසකයන්ට රෝගයෙක් ඇති වි ය. උන් පුතණුවන් වහන්සේ දක්නා කැමැති ව කැඳවා ගෙන එන්ට නිසි කෙණකුන් නො ලදින් පුත්රේ ප්රෙතමය මුල් වන වියළී ගොසින් ජරා දුර්වණලව මියන්ට ආසන්න ව ගොසින් ‘මේ ම පුතණුවන් වහන්සේට කැප පිරිකරට මිල වූවත් යහපතැ’යි මසු සියයක් උන් වහන්සේගේ බාල මලණුවන් අතට පාවා දෙවා ලා මළෝ ය. මලණුවෝ ද උන් වහන්සේ වැඩි කල හඬා පියා වැලප පියා ‘ස්වාමිනී, මුඹ වහන්සේගේ පියාණන් වහන්සේ මුඹ වහන්සේ නො දැක ශෝකයෙන් නන් දොඩමින් මළ සේක. මියන ගමනේ මුඹ වහස්සේට කැප පිරිකර ක් ගෙණ දෙන්ට මසු සියයක් දෙවාලූ සේක. ඉන් වුවමනා කුමක් දැ’යි විචාළහ. ‘ඒ මට හැ යි දැ’යි කියා පියා පසුව කලක දී ‘සිඟා කා ජීවත් වීමෙන් මට කම් කිම්ද? මසුරන් සිය ය මුල් ව ජීවත් විය හැක්ක, සිවුරු හරිමි’ අල්ප වූ භොග රාශී ය හැර මහණ වන්ට සිතුවමනා තැන මඟුලට ගසන බෙර අවමඟුලට පෙරළා ගසන්නා සේ සිවුරු හරින්ට සිතා ගත්හ.

සිවුරු හැරීම ට සිත තමා පියා යෙදී වසන කමටහනු ත් හැර සිතිවිලි නිසා පාණ්ඩුරෝග ඇත්තා සේ සුදු මැලි වූ සේක. යහළු මිත්රස වහන්දෑ ද ‘වෑරුනේ1 කුමක් නිසා දැයි විචාරා උකටලී වූ නියාච කී කල්හි උන් වහන්සේ ගේ ගුරුවරයන් වහන්සේට කී සේක. ඒ වහන්දෑ ද බුදුන් කරා ගෙන ගොසින් බුදුන්ට කෙළෙස් සොරුන් හා එක් ව ගෙණ උන්ගේ බසින් එක මසු සියයක් නිසා බොහෝ ගුණ බඩු නසා දෙසා පියා සස්නෙන් යන්ට සිටිනා නියාව කී සේක. බුදුහුත් ‘සැබෑ දැ ‘යි විචාරා ‘සැබෑව’ යි කී කල්හි කුමක් නිසා ඒ සේ කෙරෙයි ද? එ සේ ගිය ත් ජීවත් වන උපාය ඇත් දැ’යි විචාරා මසුරන් සියයක් ඇති නියාව කී කල්හි එ පමණකින් ජීවත් විය හැකි නියාව

1 වාරිනේ- 163. අනභිරත භික්ෂූන් වහන්සේ ගේ වස්තුව 835

නොහැකි නියාව කියා ලූ පමණෙකින් තොපට නො හැඟුණු නමුත් පාලා ම භඟවා ලන ලෙසට එ ම රන් ගණනේ කිරිවාණා හකුරු අවුළා ගෙනෙව’ යි වදාළ සේක. උන් වහන්සේත් ගෙනා සේක.

බුදුහු තෙල මසු සියය ගණනේ ගෙණ හකුරෙන් සරි බලනු නිසා පනසක් සාල් හැර ගන්නා නිසා තබා ලව. අනික් පනසෙක් තුබුයේ වෙ ද, ඉන් සූ විස්සකින් සානා ගොන් ගෙයක් හැර ගන්ට තබා ලව, තව ස විස්සක් තුබුයේ වේ ද, ඉන් භාගයක් සානා කුඹුරට බිජුවට හැරගන්ට තබා ලවා තමා වඩු කම් නොදන්නා බැවින් භාගයක් නඟුල් විය දඬු හැර ගන්ට තබා ලව. හුදැල්ල කුත් අවශ්යනයෙන් ඇත මනා බැවින් හුදැල්ලකට භාගයක් නිල කොට තබව. නඟුල කෙටි වූ කලට වක නිසි දණ්ඩක් කපා ගන්‍‍ට ‍පොරවකු ත් ඇත මැනව. ඒ සැස ගන්ට වෑයකු ත් ඇත මැනැව. විද අවුණා ගන්ට නියනකුත් ඇත මැනව. ඊට භාගයක් තබව. යනාදීන් වදාරන කලට ඒ සිය ය තබා තව සිය ගණනකු ත් මඳ ව පෙනිණ.

බුදුහු ‘මහණ තාගේ මසු සියය කෙතෙක් කුමක් හෙයින් රන අඩුව තෘෂ්ණාවෙන් පුසී ද? තෝ එක මසු සිය ය ඇති තැනාත්තවූ තබා මහා මන්ධාතු සක්විත්තෝ ආස බලා අත් පිඩි ගසා ලූ පමණකින් අට සාළිස් ගවුවක් විතරේ සත් රුවන් වස්වන තරම් පිණැති ව ත් මිනිස් ‍සම්පතට ශක්රි සම්පත් බලවත් නියාව අසා තව් තිසා දෙව් ලොවට ගොසින් ශක්ර වරුන් ස තිස් දෙනකු පරමායු තුන් කෙළ සැට ලක්ෂා, තුන් කෙළ සැට ලක්ෂන ම නිමවා පියන තෙක් ශක්රම සම්පත් වළදා මියන අවස්ථාවෙයි තෘෂ්ණාව පුරාගත නොභී ම මළෝ ය’යි වදාරා ඒ කෙසේ දැයි විචාළ වහන්දෑට—

යාවතා වන්දිම සූරියා — පරිහරන්ති දිසා භන්ති විරොවනා, සබ්බෙ දසා මන්ධාතා— යෙ පාණා පඨවිනිස්සිතා.

යනාදීන් මහා මන්ධාතු ජාතක ය විස්තර කොට වදාරා ඉක්බිතිව සෙසු තබා සත් රුවන් වැසි වැස පුවත් පැන් උනන තැනින් ඉතිර යත ත් උනා යෑමෙහි නියමයක් නැත්තා සේ මෙ තෙක් ඇත්තේ වේ දැයි යන තෘෂ්ණාව නිවාරණයෙක් නැත.


836 සද්ධර්මනරත්නාවලිය

තත්වර ලෙසින් සැලකූ කලට සම්පතු ත් තත් විෂය වූ තෘෂ්ණාව ත් සීනෙන් විඳිනා දෙයක් මෙන් ආශ්වාදයකුත් මඳ අඥානව කෙ‍ සේ සිතත ත් ඊ සැපයකු ත් නැත. එ සේ කලට පිළිපන් මනා කෙ සේ ද? දිව්යස සැප ත් වුවත් අමෙද්ධ්යෙයක් මෙන් සිතා ඊ ඇලුම් හැර අර්භත්ව ය ම සාධා ගන්ට සිත ත් නම් වුවමනා එ ම ය’යි වදාළ සේක. දෙශනා කෙළවර මසු සියයක් නිසා ශාසනාභිරතිය වරනට වන් භික්ෂූන් වහන්සේ ලක්ෂර ගණන් වූවත් එහි නො ඇලී සෝවාන් නිවන්හි ඇලුණු සේක. තව ත් බොහෝ දෙන නිවන් දුටහ. ලොව් සැපත් ලද්දවුන් කියනු ම කිම් ද?

එ හෙයින් නුවණැත්තවුන් විසින් නිස්සාර දෙයෙහි කරණ ඇලුම් හැරසියලු ලෙසින් ම සාර වූ නිවන්හි ම ඇලුම තර කටයුතු.

164. අග්ගි දන්ත නම් පෙරෙවි බමුණානන්ගේවස්තුවසංස්කරණය

තව ද අස්ථාන භජනයට ත් වඩා ස්ථාන භජනය ම සප්රායොජන නියාව හඟවන්ට අග්ගිදත්ත නම් පෙරෙවි බමුණානන් ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්—

ඒ බමුණානෝ නම් මහ කොසොල් රජ්ජුරුවන්ගේ පුරොහිත යාණෝ ය. මහ රජ්ජුරුවන් මළ පසු පසේනදී කොසොල් රජ්ජුරුවෝ ද පියාණන්ට ත් පුරොහිත කම් කළ හෙයින් ගෞරවය ඇති ව එ ම තනතුරෙහි තබා තමන්ට රාජ සේවයට ආකල පෙර ගමන් කොටත් යෙති. ‘ආචාරිනි. තිලි හුන මැනවැ’ යි කියා ලා සරි සරියේ ම හිඳිනට අවසර ය ත් පතති. පුරොහිත යෝද ‘මේ රජ්ජුරුවන් වහන්සේ මා කෙරෙහි ගෞරව බලවත්ව ඇති සේක. රජදරුවන් නම් සිත් ගත ත් නො හැක්ක. වයසින් බාලත් සේක. සිරි විඳිත ත් සරි වයස් ඇති රජ දරුවන් හා වී නම් යහපත. උපදවා ගත් සම්භාවනා නැති වූ නමුත් නපුර. මම ද වැළි ත් මාලු ව ගියෙමි. තුන් වයසින් එක් වයසක් වුව ත් සිස් වූ කල ත් නපුර. ‘මහණ ව ගතිම් නම් යහපතැ ‘යි සිතා ලා රජ්ජුරුවන්ට කියා මහණ වීමට අනුදන්වා ගෙණ නුවර බෙර ලවා යදි දිළිඳුන් රැස් කරවා නැතක් කලකින් උපයා රැස් කළ සම්පත මී බඳින්ට කල් යන බව මුත් බැඳී මී සලන්ට කල් නො යන්නා සේ සතියක් විතරින් දන් දී නිමවා පියා කුමක් කරමෝ ද සිතා ඉසි වෙස් ගෙණ මහණ වූහ. උන් ප්රමසිද්ධ තැනැත්තවුන් සෙයින් කැටී ව දස දහසක් මහණ වූහ.

             164. අග්ගිදත්ත නම් පෙරෙවි බමුණානන් ගේ වස්තුව           837

අග්ගි දත්ත නම් තවුසාණෝ ද උන් හැම හා සමග මගධ රටත් කුරු රට ත් අතුර පන්සල් කොට ගෙන රඳා හිඳ තමන් තවුස් පිරිසට ‘දරුවනි, තපසට අවුත් යම් කෙ‍ණකුන්ට කෙලෙස් සිතෙක් ඇති වී නම් එකී එකී වැලි ගොටුවක් එක් තැනෙක ලා ලුව මැනවැ’යි අවවාද සෙයින් විධානයක් කළහ. උයි ත් යහපතැ යි ගිවිස එ සේ වූ සිතක් සිතුණ විටම නිග්රනහ නිසා වැලි ගොටුවක් ලති. කල් ගිය කලට මහවැලි ගොඩෙක් වි ය. ඒ වැලිගොඩ නා රජ්ජුරු කෙණෙක් පිහිටා ගත්හ. මගධ රට ඇත්තව වුන් හා කුරු රට ඇත්තෝ ද ඒ නා රජ්ජුරුවන්ට මස් පතා මහ පෙරහරකෙරෙති. නා රජ්ජුරුවන්ට සත්කාර නිසා ගියවුන්ට අග්ගිදත්ත නම් තවුසාණෝ ලෙව්හි තුනුරුවන් නැත්තාසේ ‘මෙරු යුගන්ධරාදී පර්වවත සරණ යව. හිම වූ වනවල් සරණ යව. ගස් කොළ සරණ යව. එසේ කොට දුකින් මි‍ඳෙව’යි ඔවා දෙති.

එවකට බුදුහු දෙව්රම වසන සේක් අළුයම් වේලේ ලොව බලා අතවැසි දස දහස හා සමග අග්ගිදත්ත තවුසන් තමන් වහන්සේ ගේ නුවණ දැළ බැඳුණවුන් දැක ‘මූ හැම දෙන කළ ඇතුළේ ඇවිළෙන පහන් මෙන් රහත් වන පින් ඇත්තෝ ය’ යි දැන සවස් වේලේ දී මුගලන් මහ තෙරුන් වහන්සේට ‘මෞද්ගල්යා නයෙනි, අග්ගිදත්ත‍යන් ඇතුළු වූ බොහෝ දෙන සම්යවක්ප්රදතිපදා නමැති තොට තිබිය දී විරුද්ධ කල්පනා නමැති ගඟ හොස්සේ සසර නමැති මුහුදට වදනවුන් නො දකුද? තොපගේ අවවාද නමැති නැව පෑ ලා ඊට නංවා ගෙන නිවන් පරතෙරට පමුණුවා නොලා නැ ‍’ යි වදාළ සේක. ස්වාමීනි, මුඹ වහන්සේ ත් සහාය වුවො ත් පිළිවනැ’යි වදාළ සේක. තොපට ම කිය ලා මම වැදහිඳිමි ද? මම ත් එමි. මා එන නියා ව කියන්ට යන්නාක් මෙන් තොපි පෙරාතු යව’ යි වදාළ‍ සේක.

මහ තෙරුන් වහන්සේ ද වඩනා සේක ‘මූ ‍බොහෝ දෙන ය. බලී කමුත් ඇත්තෝ ය. ඉදින් හැම දෙනා එක් තැන් ව හුන් තැන දී යමක් කියාලීම් නම් හැම දෙනා එක් ව ගෙන දොඩවන්ට පැන හෙති. බුදුන්ගේ මෙහෙවරිවන් තබා මා ම අවත් එ තරම් නො වන්නේ වේ දැ’යි හැම දෙනා වෙන් කරණු නිසා දළ දළ පොද ඇති කොට වැස්සක් වස්වා ලූ සේක. ඌ හැම දෙන ත් පොද ගස ත් ගසත් නැඟී සිටි ත් තමන් තමන්ගේ පන්සල්වලට වන්හ. මහ තෙරුන් වහන්සේ අග්ගිදත්ත තවුසන්ගේ පන්සල් දොරකඩ සිට ‘අග්ගිදත්තයෙහිනි’යි වදාළ සේක. ඌ ඒ අසා



838 සද්ධර්ම්රත්නාවලිය


මෙලොව මට තෙල ලෙස කියා හඬ ගානා කෙණෙක් නැත. ඒ ලෙස කීවෝ කවුරු‍ දෝ හෝ යි මනින් තදවලා ‘කවුරු දැ’යි කිවුය. බමුණානෙනි, අපි ය’යි වදාළ සේක. ‘බෑණවුයේ හැයි දැ’යි විචාරා ‘අද එක රෑ සැතපී යන් ට අවසරයක් ඉල් වූ නියා ය’යි කී ‍කල්හි මේ පන්සල එක් කෙණකුන් මුත් දෙන්නකු වැද භෝනට අවසර නැත. එ සේ වන්නා අවසර දෙන්නේ කෙසේ දැ’යි මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේ නිරවකාශයා සේ ම අවසර දෙන්ට මැළි වූහ.

මහ තෙරුන් වහන්සේ ද ‘අග්ගිදත්තයෙනි, මිනිස්සු මිනිසුන් ලඟට යෙති. ගෙරි සරක් ගෙරි සරක් ලඟට යෙති. පැවිදිවරු පැවිදිවරුන් ලඟට යෙති. අපි ත් ගිහීන් කරා යන්නට බැරි බැවින් තොප කරා ආම්හ. එක රැයක් පමණට වුව ත් සැතපෙන තැනක් දෙව’යි වදාළ සේක. එ කල අග්ගිදත්තයෝ කුමක් ද? තෙපි පැවිදි කෙණෙක් දැ’යි විචාරා එ සේ ය’යි කී කල්හි ‘තෙපි පැවිදි කෙණෙක් වු නම් වල් කලා සිවුරු ආදී ය කොයි දැ’යි විචාළහ. ‘පිරිකර ඇත. වෙන වෙන හැර ගෙන ඇවිදින්ට තරම් නො වන හෙයින් සිරුරු අබතුරෙහි ම ලා ගෙන ඇවිදුම්හ. බමුණානෙනි’ වදාළ සේක. බමුණානෝ ඒ අසා ගුණෙන් වැඩියුරු තරමක් හඟවා ලූ හෙයින් කෝප කළහ. මුගලන් මහ තෙරුන් වහන්සේ ‘අග්ගිදත්තයෙනි, උරණ‍නො ව සැතපෙන තැනක් දෙව’යි වදාළ සේක. පෙරළා ත් එතැන වසන තැන් නැතැ යි කිවු ය. තෙල වැලිගොඩ වසන්නෝ කවුරු දැ’යි විචාරා ‘නා රජ්ජුරුකෙණෙකැ’යි කී කල්හි ‘එ තැන දෙව’ යි වදාළ සේක. ‘ඒ නා රජ්ජුරුවෝ යහපත් කෙණෙක් නො වෙති. දෙන්ට බැරි ය’යි කිවූ ය. ‘උන් යහපත් වත් කිම. නපුරු වත් කිම. එතැන දෙව,යි වදාළ සේක. ‘එසේ වී නම් තොපි ම දැනුව’යි කි ය. මහ තෙරුන් වහන්සේ වැලිගොඩ කරා නික්මුණු සේක

නා රජ්ජුරුවෝ ත් ඔබ වඩනා දැක ‘මේ මහණ මෙතැනට එයි මාගේ තරම නොදන්නා වනැ’යි දුම් කඳක් විහිදුවමින් මොහු මරමී’යි දුමා ගියේ ය. මහතෙරුන් වහන්සේ ද තමන් වහස්සේ ටත් පිළිවන් හෙයින් දුමා ගිය සේක දෙ තැන ඇඟීන ම නිකුත් දුම් කඳ බඹ ලොව දක්වා නැංගේ ය. දෙ දුම් එක් ව ලානයාණන්ටම පීඩා කෙරෙයි. මහ තෙරුන් වහන්සේට කිසි ත් පිඩා නැත. නා රජ්ජුරුවෝ ද දුම් දැඩි කලට ගිනි දල්වන්නා සේ ගිනි ගෙන දිලිහුණුවු ය. මහතෙරුන් වහන්සේත් සෘද්ධීන් ගිනිගෙන දිලි හුණු සේක. දෙපක්ෂුයෙන් ම නැඟී ගිනිදැල් බඹ ලොව දක්වා


            164.   අග්ගිදත්ත නම් පෙරෙවි බමුණානන් ගේ වස්තුව              839

නැංග දෙතැනින් ම නැඟී ගිනි දැල් එකොළොස් ගින්න නිවා සිටි මහ තෙරුන් වහන්සේට කුමකුත් කොට නොහී නයාණන්ට ම පීඩා කෙරෙයි. දස දහසක් පමණ තවුසෝ ද ඒ දැක ‘නා රජ්ජුරුවෝ මහණහු දවති. යහපත් මහණ ය. අප හැම කිවා නො කොට නටහ යි සිතුහ. නයිට ම පීඩා වූ නියාව නො දත්හ. මහ තෙරුන් වහන්සේත් න‍හෙන්දා පනන්දපයන් මෙන් මුනු ත් භික්මවා ගෙන වැළි ගොඩ මත්තෙහි වැඩ හුන් සේක.

නා රජ්ජුරුවෝ ද මහ තෙරුන්වහන්සේ ගේ බරින් වැලි ගොඩ විසිරෙන මුත් නො විසිරෙන්ට ගල් වැටියකින් තර කරන්නාක් මෙන් වැලි ගොඩ සිසාරා දරණ වෙළා ගෙණ කුළු ගෙයක් සා විතර ඵණයක් මවා ගෙණ තෙරුන් වහන්සේ ඉසට කළහ. තවුසෝ හැම ත් උදාසනම ‘මහණහු මළ නොමළ නියාව දනුම්හ’ යි වැළි ගොඩ කරා අවුත් බලා වැළි ගොඩ මත්තෙහි වැඩ හුන්නා දැක දොහොත් මුදුනේ තබා ගෙණ ස්තුති කෙරෙමින් ‘කුමක් ද? නා රජ්ජුරුවන් ගෙන් පිඩාවෙක් නො වී දැ’යි විචාළහ. ‘මා විචාරන්නේ හැයි ද ? නා රජ්ජුරුවන් මා හිසට ඵණය කොට ගෙණ සිටි නියාව නුදුටු දැ’යි විචාළ සේක. ඌ හැම ත් බලා සමාධි ව ‘මෙ සේ වූ නයින් පවා මෙ තරමකට පමුණුවා ගත් කල ආනුභාව ය කියනු ව කිම් දැ’යි මහ තෙරුන් වහන්සේ පිරිවරා ගෙණ සිටියහ.

ඒ වේලාවට බුදුහු ත් වැඩිසේක. මහතෙරුන් වහන්සේ බුදුන් දැක නැඟී සිට අවුත් වැඳි සේක. තවුසෝ ඒ දැක ‘මුන්දෑ මුඹට ත් වඩනා නියා දැ’යි විචාළහ. එ සේ විචාළවුන්ට ‘හෙම්බා මුන් වහන්සේ බුදුහු ය. මම ඔබට වම ත් සවු ව සිටියෙමි’ වදාළ සේක. බුදුහුත් යොධයන් සාධා ලූ රටෙක රජ්ජුරු කෙණකුන් ගොසින් හිඳිනා සේ වැලි ගොඩ මත්තෙහි වැඩ හුන් සේක. අග්ගිදත්ත ප්ර්මුඛ දස දහසක් තවුසෝ ද ‘අග සවු නමගේ ආනුභාව මේ තරම් කලට බුදුන්ගේ ආනුභාව කවර තරම් දෝ හෝ’ යි දොහොත් මුඳුනේ බැඳ ගෙණ බුදුන් වැඳ වැඳ සිටියහ. බුදුහු ත් අග්ගිදත්ත නම් තවුසාණන් බණවා ලා ‘අග්ගිදත්තයෙනි, තොපි තොපගේ තවුස් පිරිසට ත් උපාසක වරුන්ට ත් අවවාද කරණ කල කවර ලෙසක කරවු දැ’යි විචාළ‍ සේක. ‘මම ස්වාමිනී, පර්ව.ත වන ආදීය සරණ යව. එ ලෙසින් දුකින් මි‍ඳෙව යි මෙ ලෙස අනුශාසනා කෙරෙමි” යි කිවු ය.

බුදුහු ඒ අසා ‘අග්ගිදත්තයෙනි, තෙල දුකින් මි‍ඳෙන්ට උපදෙස් නො වෙයි. උපදෙස් නම් මේ ය’ යි වදාරන බුදුහු


840 සද්ධර්මනරත්නාවලි ය

හෙම්බා අග්ගිදත්තයෙනි, බොහෝ දෙන තමන්ට පැමිණිභයෙක් ඇත් නම් ඉන් මිදෙනු නිසා ත් පුත්ර ප්රොතිලාභාදී ය නිසා ත් ඉසිගිලි වෙඵුල්ල වෙහාරාදී පර්වමතයන් ද මහා වන ගොසිඞ්ග සාලාවනාදී වන ද වෙළුවනා ජීවිකා අම්බවනාදී වූ ආරාම ද උදෙන චෛත්යි ගොතමක චෛත්යා දී චෛත්යඅ වෘක්ෂල ද තම තමන්ට රක්ෂාර ස්ථාන ය යි සිතති. කෙසේ සිතා කළ ‍ත් ඒ තෙමේ රක්ෂා් ස්ථාන ත් නො වෙයි. නිරුපද්රනව කාරණ ත් නො වෙයි. සත්වතයෝ ඒ පර්වවතාදිය නිසා ජාති මරණින් මිදෙන්නෝ ත් නො‍ වෙති. යම් කෙණෙක් නව අරහාදී බුදු ගුණ සලකා බුත්සරණ යෙත් ද, ස්වාක්ඛාතතාදීන ධර්මන ගුණ සලකා දහම් සැරණ‍ යෙත් ද , සුප්ර්තිපන්නතාදී සඞ්ඝ ගුණ සලකා සඟ සරණ යෙත් ද, තීර්ත්ථාක භජනාදී ය නිසා පෘථග්ජන ව සරණ යෑමට හානි වේ මුත් මාර්ගල ගත සරණ සීලය නිශ්චල හෙයින් මාර්ගන භාවනා කොට සත්යහ ප්රමතිවෙධ ය කිරීමෙන් සෝවාන් පමණකුත් වීමට උත්සාහ කෙරෙත් ද, ඒ ලෙසින් මාර්ගප ගත ව සම්භ වූ සරණ යෑමෙක් ඇත් නම් ඒ නිරුපද්රභව ය. ඒ උතුම් ඒ සරණ යෑම නිසා සත්වරයෝ ජාති දුඃඛාදීයෙන් මිදෙතී’ වදාළ සේක.

දෙශනා කෙළවර අග්ගිදත්ත ප්රාමුඛ දස දහසක් තවුසෝ පිළිසිඹියා පත් රහත් ව මහණ කරන්ට ආරාධනා කළහ. බුදුහු ත් රත් වලා ගැබකින් නිකුත් වන විදුලියක් මෙන් දකුණු ශ්රී‍ හස්ත ය දික් කොට ලා ‘මෙ සේ එව, මහණෙනි’ වදාළ සේක. ඒ හැම තැන් අට පිරිකර ධාරා සිය වස් ගිය මහතෙරුන් වහන්සේ මෙන් ආකල්ප සම්පන්න වූ සේක. එ දවස ද වැළි ත් දෙ රට ඇත්තවුන් පූජා භාණ්ඩ ගෙන්වා ගෙණ නා රජ්ජුරුවන් ලඟට එන දවස ය. උයි ත් සත්කාර නිසා ආවා වූ තවුසන් හැම මහණ වූවා දැක කුමක් දෝ අපගේ අග්ගිදත්තයන් වහන් සේ බලවත්සේක් දෝ හෝ නො හොත් බුදුහු බලවත් සේක් දෝ හෝ’යි සිතා බුදුන් හුන් තැනට අග්ගිදත්තයන් වහන්සේ නො ගොසින් බුදුන් ම මොබ ආ හෙයින් අග්ගිදත්තයන් වහන්සේ ම බලවත් සේකැ’යි සිතා ගත්හ. බුදුහු ත් උන්ගේ අදහස දැන ‘අග්ගිදත්තයෙනි, තොපගේ උපාසකවරුන්ට ඇති වූ සැක ය හරවා ලව’යි වදාළ සේක. උන්වහන්සේ ත් ‘මම ද ඒ ලෙසක් ම සිත සිතා හුන්නෙමි’ වදාරා ලා සෘද්ධින් අහසට සත් විටෙකින් සත් තල් විතර පැන නැඟීලා සත් විටක් ම බැස බට විට ම බුදුන් වැඳ ලා ‘ස්වාමිනි මුඹ වහන්සේ මට තබා තුන් ලෝ වැස්සන් මුළුල්ලට ම වඩනා සේක. මුඹ වහන්සේ බුදු සේක. මම බුදු සවු වෙමි’ කියා රැස් වු වන්ට උපන් සැක ය හරවා ලූ සේක.



      165.   අනඳ මහ තෙරුන් වහන්සේ ප්ර්ශ්න විචාළ වස්තුව          841

එසේ හෙයින් නුවණැත්තාවුන් විසින් කරණ යම් භජනයක් තුනුරුවන්ට ම කොට දුකින් මිදෙන්ට උත්සාහ කටයුතු. _________

165. අනඳ මහ තෙරුන් වහන්සේ ප්ර.ශ්න විචාළ වස්තුවසංස්කරණය

තව ද සර්වතඥවරයන් ගේ පහළ වීම අරුම නියාව හඟවන්ට අනඳ මහ තෙරුන් වහන්සේ ප්රඥශ්න විචාළ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්—

අනඳ මහ තෙරුන් වහන්සේ එක් දවසක් “ආජානීය හස්තීහු සදැත් කුලෙහි හෝ පෞෂථ කුලෙහි හෝ උපදිති. අශ්වයෝ වලාහක කුලෙහි උපදිති. ආජානීය වෘෂභයෝ දකුණු දික්භාගයේ උපදිති’ යනාදීන් වදරන බුදුහු ආජානීය හස්ති ආදීන්ගේ උත්පත්ති ‘ස්ථාන ම දක්වා වදාළ සේක. පුරුෂොත්මයන් උපදනා ස්ථාන කවර දෝ හෝ යි’ සිතා බුදුන් කරා එළඹ බුදුන් විචාළ සේක. බුදුහු ‘ආනන්දියෙනි, පුරුෂොත්තමයෝ සෙස්සවුන් සේ හැම තැන උපදනෝ නො වෙති. නැගෙන හිරින් කජංගලා නම් නියම් ගමින් එ පිට සල්ගස හා අග්නි කොණයෙන් සලලවති නම් ගඟ හා දකුණු දිගින් ශ්වෙතකර්ණික නම් නියම් ගම හා බස්නා හිරින් ථුන නම් බමුණු ගම හා උතුරු දිගින් උසීරධ්වජ පර්වාත ය හිම් කොට දිගින් තුන් සියයක් පමණ වූ පළලින් දෙසිය පනස් යොදුන් පමණ වූ වටින් නවසියක් යොදුන් පමණ වූ මද්ධ්ය මණ්ඩයෙහි ම පුරුෂොත්තම වන ජාතියෙහි උපදිති. උපදනා බුදු පසේ බුදු සවුවන්ගෙන් බුදුවරහු එසේ මෙ සේ කුලයෙක නූපදිති.

රජ මහසල් කුලෙහි හෝ බමුණු මහසල් කුලෙහි හෝ උපදිති වදාරා ලා බණ වදාරන සේක් ‘පුරුෂොත්තමයන් පුරුෂෝත්තම වන ජාතියෙහි ප්රවත්යහන්තවල නූපදනා හෙයින් හා බුද්ධ බොධිසත්වයයන් බුදු වන ජාතියෙහි රජ ව බමුණු ව විනා අනික් තරමෙක නුපදනා හෙයින් පුරුෂොත්තමයෝ ඉතා දුර්ලභ යහ. යථොක්ත ලෙසින් හැම කල උපදනෝ ත් නො වෙති. හැම තැන උපද‍නෝ ත් නො වෙති. සර්ව ඥවරයෝ යම් කුලයක උපන්නු නම් ආජානීය අශ්වයන් මවුන්ගේ දකුණු ඇල ය පළාගෙණ උපදනා සේ නොව; මවු කුස උපදනා දවස් සුදු ඇත් පැටවකු ලෙස සින් හෙළා පියුමක් හොඬින් හැර ගෙන මහාමායා බිසවුන් දකුණු ඇලය පලා ගෙන කුස ය ඇතුලට වන් ලෙසින් සීන ය ලෙසට ත් නො ව සීනයේ අර්ත්ථල ය ලෙසට ඒ කුසලයට ත් බො‍හෝ වැඩ ය’යි වදාළා සේක. දේශනා කෙලවර බොහෝ දෙන සෝවාන් ඵලා දියට පැමිණියහ. 842 සද්ධර්මවරත්නාවලිය

එ හෙයින් නුවණැත්තවුන් විසින් දුර්ලභ ව උපදනා පුරුෂොත්තමයන් මෙන් දුර්ලභ ව පහළ වන සීල සමාද්ධ්යාභදි ගුණයෙහි පිහිටා නිවන් සාධා ගන්ට උත්සාහ කටයුතු. ____________

166. බොහෝ භික්ෂූන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තවද මේ ලෙව්හි යමෙක් ඉතා සුව වී නම් ඒ දක්වා නු පිණිස බොහෝ භික්ෂූන් වහන්සේ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්—

එක් දවසක් පන්සියයක් විතර වහන් දෑ රැස් ව හිඳ ඇවැත්නි, මේ ලොව සුව නම් කවරේ දැ’යි කථාව ඉපැද වූ සේක. ඉන් රජ කුලෙන් මහණ වූ තැන් ‘රජ සුව තරම් සැපයෙක් නැතැ’යි කී සේක. ගිහි අවස්ථාවෙහි ඔළමොළ ව ඇවිදි තැන් ‘ලොකාස්වාද රතියට වඩනා තරම් සැපයක් නැතැයි කි සේක. කිසිකෙනෙක් මසවුළෙන් යුක්ත බත් ආදීය අනුභව කළ කල සැප ය’යි යනා දීන් සැප නො වන දෙය ම සැප ය’යි කී සේ බුදුහු ඒ වහන්දෑ වැඩහුන් තැනට අවුත් කෙරෙමින් හුන් කථාව විචාර ඒ නියාව දැන ‘මහණෙනි, තොප සැප’යි සිතට නැගු දෙය වෘත්ත දුඃඛයෙහි අන්තර්ගත හෙයින් දුකම ය. එ සේ කල සැප නම් කවරේ ද යත්— යම් කලෙක බුදු කෙණෙක් ලොව උපන්නු නම් සතුන් දුකින් මුදන හෙයින් බුදුන් ගේ ඉපදීමත්, බුදුන් උපන් පමණෙකින් නොව බණ අසාම සතුන් දුකින් මිදෙන හෙයින් බණ දෙසීම ත් සැප කාරණ හෙයින් සැප ය.

යම් ගෙයකින් බුදු වදන් උගනුත ත් ධුතඞ්ග පුරණාදී වූ මහණ ධර්මගකරතත් සමඟ ව මුත් බැරිද, එ හෙයින් සඞ්ඝයා සමඟ වූ නම් උන්ගේ තපසුත් සැප ය. විරුද්ධ වූ අදහස් නො ව ගඞ්ගොදක ය හා යමුනොදක ය සේ සම අදහස් ඇති වීම ත් සැප ය’යි වදාළ සේක. දෙශනා කෙළවර නො සැප සැප ය’යි සිතා ගෙන හුන් පන් සියයක් දෙනා වහන්සේ රහත් ව නිවන් සැප විදගත් සේක. දෙශනා ව ත් බොහෝ දෙනාහට සප්රරයෝජන වි ය.

එ හෙයින් සත් පුරුෂ තැන් විසින් දිවි පමණින් භික්ෂූහු සමඟව රැස්වෙත් ද, සමඟව නැ‍ඟෙත් ද, සඞ්ඝකරණියත් සමඟව කෙරෙත් ද උන්ට අභිවෘද්ධියක් මුත් හානියක් නැත, යන අනුශාසනා ලෙසට පිළිපැද නිවන් දහම් පසක් කට යුතු 167. තොදෙය්යක බ්රාතහ්මණ වස්තුව 843


167. තොදෙය්ය් බ්රා හ්මණ වස්තුවසංස්කරණය

තවද තුනුරුවන් විෂයෙහි කළ පූජාවෙහි විපාක මහත් නියාව ගඟවන්ට ‍ෙතාදෙය්ය බ්රාිහ්මණ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

බුදුහු සැවැත් නුවරින් නික්ම ගම් නියම් ගම් වල සැරිසරා බරණැස වඩනා සේක් අතුරු මග තෝදෙය්යම නම් බමුණු ගමට ලඟ බොහෝ වහන් දෑ පිරිවරා එක්තරා දෙවොලක් බඩට වැඩ එ තැන වැඩ හිඳ දහම් බඩ අනඳ මහ තෙරුන් වහන්සේ යවා නුදුරු තැනෙක සීසාමින් සිටි බමුණු කෙණකුන්ගේ අදහස් නමැති කෙතට සැදෑ නමැති බිජුවට දෙවනු නිසා සාන සී පමා කරවා ත් ගෙන්වා වදාළ සේක.බමුණානෝ ද අවුත් බුදුන් නො වැඳ එ ම දෙවොල වැඳ ලා සිටියහ . බුදුහු අප හින්ද දී තෙලෙ තැන කුමක් නිසා වැන්දෙයි දැ’යි විචාළ සේක. අපගේ පරම්පරාවෙහි වැඳ පුදා ආ දෙවොලක් හෙයින් මම ත් ඒ පනත නො පිරිහෙළා වැඳිමි’යි කිවු ය. ‘බමුණ, තා තෙලෙ තැනට වඳිනා බව යහපතැ’යි බුදුහු සතුටු වු සේක.

වහන්දෑ ද ඒ අසා ‘තෙල තැන වැඳීමට සතු‍ටු වන්ට කාරණකිම් දැ’යි කාරණයෙහි සැක වු සේක. බුදුහු ද ඒ වහන්දෑගේ සැක ය හරවනු නිසා මැදුම් සහි ය ඝටීකාර සූත්රකයත් වදාරා තමන් වහන්සේගේ ආනුභාවයෙන් කසුප් බුදුන්ගේ ධාතුපරිනිර්වාසණ ය වුවත් පොළොව සැඟ වී සිටි සතර ගවුවක් උස රන් දාගැබ් රන් පර්ව්තයක් මෙන් අහස රඳවා බොහෝ දෙනාට දක්වා ලා ‘බමුණ, පූජාවට නිසි වූ මෙබඳුවන්ට වැඳීම්-පිදීම් කළමනා දෙයෙ කැ’යි වදාරා දික් සඟි ය මහාපරිනිර්වාාණ සූත්රබයෙහි වදාළ ලෙසින් ම බුද්ධාදී වූ පිදිය යුතු තැන් වදාරා ලා ශරීර ධාතු වඩා කළ දා ගබ් ද නැවත ශරීර ධාතු ද, උද්දෙසික ධාතු ද, පාත්රඩ ධාතු ආදී වූ පාරි භොගික ධාතු දැ යි චෛත්යස තුනක් වෙනසක් නැති කොට වදාරා බණ වදාරන සේක- ‘යම් කෙණෙක් ආමිස පුජා ත් ප්රිතිපත්ති පූ‍ජාත් විඳින්ට නිසි බුදු පසේ බුදු මහ රහතන්ට තමන්ගේ බල පමණින් පූජා කෙරෙත්නම් පූජා කළවුන්ට සිද්ධ වන කුශලය මෙතෙකැයි ලාසෙකින් නැළියෙකින් මැන පමණ දැන ගත හැක්කක් නො ව‍න හෙයින් එ සේ තරාදී ආදීන් කිරා ගත හැක්කක් නො වන හෙයින් එ සේ වේ තරාදි ආදින් කිරා ගත හැක්කේ නො වන හෙයින් එසේ වේ වයි මේ මෙතෙක් වුව මැනව’යි අනුමානයකින් වේවයි, මේ මෙ තෙක, වඩා නැතැ’යි ගණන් කරන්ට දිව්ය බ්රමහ්මාදීන් අතුරෙන් කිසි කෙණකුන්ට ත් බැරි ය. අනන්තය යන නියමය විනා සඞ්ඛ්යාකවටත් බැරිය’ යි වදාළ සේක. 844 සද්ධර්මදරත්නාවලි ය

දෙශනා කෙළවර දෙවොල වැඳ ආ බමුණෝ නො දැන වැන්ද ත් වැන්දමනා ම ස්ථානයක් හෙයින් සෝවාන් වුහ. සතර ගවුවක් උස රන් දා ගබ ත් සතියක් මුළුල්ලෙහි ම ආස ම රඳා සිටි ය. බොහෝ දෙනත් රැස් ව සතියක් මුළුල්ලේහි මහ පුද කළහ. දෘෂ්ටි ගතිකයන්ගේ මිථ්යාන දෘෂ්ටියත් හැරිණ. සති කෙළවර බුදුන්ගේ ආනුභාවයෙන් ඒ දා ගබත් ආදී තුබූ තැන ම පිහිටා සිටි ය. ඒ රන් දා ගබ පිහිටි තැන මුදුනෙහි ඒ වේ ලේ ම මාරුවක් ලා ලා ගියා සේ ගල් දා ගබෙක් වී ය. ඒ බණ අසා සුවාසු දහසක් දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින්-

‘තිට්ඨන්තෙ නිබ්බුතෙ වාපි - සමෙ චිත්තෙ සමං ඵලං,1 වෙතොපසාද හෙතුම්බි - සත්තා ගච්ඡන්ති සුග්ගතිං’

යනු හෙයින් බුදු පසේ බුදු මහ රහතන් ඇත ත් පිරිනිවි යත් අදහස සරි වී නම් විපාක ත් සරි‍ වෙ යි -යනු සිත් හි තබා දැනු ත් පූජා සත්කාර කිරීමෙහි නිරුත්සාහ නො ව භව සැපත් වළඳා නිවන් සම්පතු ත් අත් කට යුතු. _______________

168. නෑයන් ගේ කලහය සංහිඳ වූ වස්තුවසංස්කරණය

තවද කලහයෙහි ආදීනව දක්වනු සඳහා බුදුන් තමන් වහන්සේගේ නෑයන් ගේ කලහ ය සන්සිඳ වූ වස්තු ව කියමු.

කෙ සේ ද යත්-

ශාක්ය රජ දරුවන් හා එ ම පක්ෂතයෙහි කොලිය රජදරුවන් හා කිඹුල් වතට ත් කොලිය නුවරට ත් අතුරෙහි රොහිණි නම් ගඟ අවුණු බඳවා ලා වරුපෙත්වල ගොයම් කරවති. ඉක්බිත්තෙන් පොසොන් මස් ඉද්දෙහි නියන් තද ව ලා ගොයම් මීයන්ට වන් කල්හි දෙ පක්ෂ්යේ රජ දරුවන්ගේ බත්ගම් පරිවාර රැස්ව ලා කොලිය නුවර රජුන්ගේ ගොයම් කළ මිනිස්සු ශාක්යේ රජදරුවන් ගේ ගොයම් කළවුන්ට ‘හෙම්බා, මේ ඇළ දිය දෙ භාගයේ වරුපෙතට එක් කොටනමතොත් ‍ෙතාපට ත් නො සෑහෙයි. අපට ත් නො සෑහෙයි. අපගේ ගොයම් එක පැන් මුර‍යකින් පැසෙ යි. තොපට ගෙණ යන්ට නො සිතා අපට හරුව’යි කීහ. ශාක්යි රජ දරුවන්ගේ සී වැස්සෝ ‘තොප ගොයම් පැසවා ගෙන දා මිරිකා -අටු- කොටු පුරා ගත්කල අපි රත්රන් හැර ගෙන මලු පෙට්ටි 1 සමං චිත්තං

                     168.  නෑයන් ගේ කලහය සන්හිඳ වූ වස්තුව                 845

හැර ගෙන තොපගේ ගෙවලට වී ඉල්වා එත නො හෙම්හ. අපගේ ගොයමු ත් එක පැන් මුරයකින් පැසෙයි. මේ පැන් මුර ය අපට දෙව’යි කීහ.

අපි එ සේ නො දෙම්හ’යි කි කල්හි තෙපි නො දෙවු නම් අපි ත් නො දෙම්හ’ යි කියා කලහ වඩා ගෙන එකෙක් නැඟී සිට එකකුට පහරක් ගැසී ය. ඒ අනිකකුට ගැසීය යි ඔවුනොවුන් හා කලහ කොට ගෙණ මුදළි ව සිටි රජ දරුවන්ට ත් බණන්ට පටන් ගත්හ. ඉන් කොලිය රජ දරුවන්ගේ බත්ගම වැස්සෝ කිඹුල් වත රජ දරුවන්ගේ මිනිසුන්ට ‘කොල, කිඹුල් වත රජ දරුවන හැර ගෙන බෑවෙවු ද? තිරිසනුන් පරිද්දෙන් තමන් තමන්ගේ එබඳු ගරු තරමක් ඇත මනා‍වේ ද? ඩබරට අවු නම් නපුරු අසා ගෙණ යන බව වේ ද? උන්ගේ සිවුරඟ අපට කුමක් කෙරෙත් ද යනාදීන් දෙඩූහ.

ශාක්ය රජ දරුවන්ගේ මිනිස්සු ත් කොලිය ‘රජ දරුවන්ගේ මිනිසුන්ට ‘කිඹුල්වත ම බිසෝ කෙණකුන් ඇඟ කුෂ්ඨකයක් ඇති වූ තැන කොළාම් ගස් බිලයෙක රඳා හිඳ සේරුවක් කරවා ලා ලවා ලූ තැන යම්කිසි ලෙසකින් කුෂ්ඨරොග නැති වු වත් කිඹුල් වතට යන්ට මැළිව කොළොම් ගස මුල ම නුවරක් කරවා ගෙන දරු මුනුබුරු පරම්පරාවෙන් රඳා හුන් පමණට එයි ත් කුලයක් කොට ගෙන තෙපි කුෂ්ඨ ඇත්තවුන්ගේ දරුවන් හැර ගෙන බෑ වෙවු ද? තිරිසනුන් පරිද්දෙන් ගමක් දිවෙලක් නැති ව කොළොම් ගස් බිලයේ හුන්හ. උන්ගේ සේනාව ත් උයි ත් අපට කුමක් කෙරෙත් ද? අවු නම් තමන්ගේ තරම් අසා ගෙන යන බව වේද යනාදීන් බිණූහ.

තුමු දෙ පක්ෂඅ ය ඩබර කොට ලා නික්ම උන් රජදරුවන්ට බැණ දොඩා තමන් තමන්ට විධාන කොට සිටි ඇමතීවරුන්ට ගොසින් පැමිණියහ. ඌ ගොසින් රජදරුවන්ට කීහ. ශාක්යග රජ දරුවෝ ත් නඟුන් රක්ෂාි කළවුන්ගේ බල දක්වම්හ’යි සටන් සරහා නික්මුණහ. කොලිය රජ දරුවෝ ත් ගස් බිලයේ උපන් නවුන්ගේ බල පාම්හ’යි සටන් සරහා නික්මුණහ. බුදුහු ත් අළුයම් වේ‍ලේ ‍ෙලාව බලන සේක දෙපක්ෂක ව හිඳිනා- නෑයන් හා සටන සරහා නික්මුණාන් දැක මම ඔබ නො ‍ගියෙම් නම් මූ හැම නසිති. මුන් හැම දෙනාගේ අකුශල කර්ම ය මූකුරා නො යන තෙක් මුන් නස්නට කාරණ කිම් ද? මා ඔබ ගිය මනා වේ දැ’යි සිතා තනි



846 සද්ධර්මතරත්නාවලිය


ව ම අහසින් වැඩ රොහිණී ගං මැද අහස පලක් බැඳ ගෙන වැඩ හුන් සේක.

සටනට ආ නෑ රජ දරුවෝ බුදුන් දැක ආයුධ දමා පියා වැඳ ලා සිටියහ. බුදුහු නො දත් බඳු ව ලා ‘රජ දරුවෙනි, මේ කුමන ඩබරෙක් දැ’යි විචාළ‍ ‍සේක. තමන් නො දත් හෙයින් ‘‍ෙනා දනුම්හ’යි කිවු ය. ‘දන්නෝ කවුරු දැ’යි විචාරා ‘සෙනෙවි රද්දු දනිති’ කී කල්හි උන් විචාර වදාරා උන් ‘යුව රජ්ජුරුවන් දනිති’ කී කල්හි උනු ත් විචාරා මෙ ම ලෙසින් පරම්පරාවෙන් ඩබර කළ කොල්ලන් අතින් විචාළ සේක. ඌ තුමු ‘ස්වාමිනි, දිය ඩබරෙකැ’යි කිවු ය. එ වේලෙහි බුදුහු රජ දරුවන් බණ වා ලා ‘රජ දරුවෙනි, තොපගේ ඩබර මුල් වූ පැන් කෙතෙක් වටී දැ’යි විචාළ සේක. “මිලයකට ගනිතොත් වේ ද මිල දැනෙන්නේ, එතකුදු වූව ත් ඒ කුමක් වටී ද, ඉදින් වටී නමුත් මඳක් මුත් බො‍හෝ දෙයක් නො වන්නේ වේ දැ’යි කිවුය. ‘‍ෙතාප හැම දෙනාගෙන් එක් කෙණෙක් කෙ තෙක් වටු දැ’යි විචාළ සේක. ‘රජදරුවන්ට අග ය නැත්තේ වේදැ’යි කී කල්හි ඉදින් අග ය කරතොත් මඳ වුව ත් අග ය ඇති පැනිත්තක් නිසා අගයක් නැති තොප හැම දෙනා නස්නට කාරණ ඇද්දැ’යි විචාළ කල්හි මුවෙන් නොබැණ සිටියහ.

ඉක්බිත්තේන් රජ දරුවන් බණවා ලා ‘රජ දරුවෙනි, කුමක් නිසා මෙ ලෙසක් කරවු ද, ඉදින් මා නො අ‍ෙවාතින් මේ ගඟ ලේ ගඟක් ව ගියේ ය’යි වදාරා බණ වදාරන සේක් “යම් ගිහි කෙණෙක් වත්, පැවිදි කෙණෙක් වත් පාපී ව වසන්නාහු “සුව සේ ජීවත් වම්හ’යි කියා ඉඳිත් නම් උන්ගේ ඒ සිතිවිලි පමණෙක අප නිෂ්පාපී හෙයින් අපි සුව සේ ජීවත් වම්හ. යම් කෙණෙක් කෙලෙස් ලෙඩින් ලෙඩ ව හිඳ ත් කන්නට බොන්නට ඇති හෙයින් ‘අපි සුව සේ ජීවත් වම්හ’යි සිතා හිඳිත් නමුත් ඒ උන් ගේ සිතුවිලි පමණෙක. අපි ඇම නිකෙලෙස් හෙයින් සුව සේ ජීවත් වම්හ. යම් කෙණෙක් ගිහි කම් කටුල් කෙ සේ දුක් වුව ත් ‘සුව විඳුම්හ’යි සිත ත් නම් කපුරු හා තැඹිලි පැන් අනුභව කරණ කල විරස නැත ත් පසුව දුක් වන්නා සේ, තෙල් හුරු මස් හා කිරි අනුභව කරණ කල මීර වු වත් පසු ව දුක් වන්නා සේ උන්ට සැප නැත් මය. අපට ගිහි කම් කටුලේ උත්සාහ නැති හෙයින් සුව සේ ජීවත් වම්හ”යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.



   169.   මාරයා ගේ වත                                    847

එ හෙයින් නුවණැත්තවුන් විසින් පව්හි නො හැසිරීමෙන් නිෂ්පාපී ව කෙළෙසුන් නැසීමෙන් කෙලෙස් ලෙඩ නැතිව කුසල් විෂයට කරණ උත්සාහයක් මුත් පාපොත්සාහයක් නැති ව පිළි පැද භවක්ෂණයට උත්සාහ කට යුතු.

169. මාරයා ගේ වතසංස්කරණය

තව ද වසවත් මරහු ගේ පාපී වූ අලුව දක්වන්ට මාරයා ගේ වත කියමු.

කෙ සේ ද යත්—

එක් දවසක් බුදුහු තමන් වහන්සේ එ දවස් එ ගමින් ලබන බතක් නැතත් කුමාරිකාවරුන් පන් සියයක් ලබන නිවන් රස සලකා අනුන්ට අමුතු බත් දෙන කලක් මෙන් පඤ්චසාල නම් බමුණු ගම රැඳුණු සේක. ඒ කුමාරිකාවරුන් පන් සියය ද එක් උත්සව දවසෙක ගඟට ගොසින් නා පියා ආභරණ ලා සැරහී ගෙණ ගමට එන්ට නික්මුණාහ. බුදුහු දෙතිසක් විතර මහා පුරුෂ ලක්ෂ්ණ නමැති ආභරණ ලා සැරහී ගෙණ ඒ ගමට සිඟාවන් සේක. වසවත් මර ද මිහිරි දියෙක පතළ වසක් මෙන් ගම් වැස්සන් මුළුල්ලේ අඟ ආවිෂ්ට ව බුදුහු යම් සේ බතක් නොලබන සේක් වී නම් ඒ දවස් එ ලෙසට කොට ලා තෙමේ අනන්ත කාලයක් බත් නොලබනු ව පාත්රද ය සෝධා පුවන ම හැර ගෙණ වඩනා බුදුන් ගම් දොරදී දැක ‘කිම් ද? මහණ, සිඟා බතක් ලදී දැ’යි නො හික්මුණු සැටියට විචාළහ. බුදුහු ඒ අසා කුමක් ද, මාර ය, තෝ මා බත් ලබන ලෙසක් කෙළෙහි දැ’යි වදාළ සේක. එ විට වස වත් මර ‘මාගේ බසින් පෙරළා ගමට වන්නු නම් ඇම දෙනා ඇඟ ආවිෂ්ට ව ලා සිඟු ගෙවලා පෙරළා ත් සිඟන නියාවක් කියවා බත් නො ලද ත් නින්දාවක් ලබ්බවමී’ සිතා ගෙණ ‘ස්වාමිනි, ආදී වැඩි වේලාව බත් නො පිළිගැන් වූ නමුත් පෙරළා ත් සිඟා වැඩිය යහපතැ’යි කී ය. මාර්ගැ ඥාන ය එක විටක උපදු ත් මුත් දෙවිටෙක නූපදනා සේ සිඟා පී ගම එ දවස් පෙරළා සිඟීම නැති හෙයින් නො වැඩි සේක.

එ වේලාව කුමාරිකාවරු ද ගම් දොරට පැමිණ බුදුන් දැක වැඳ ලා එකත් පස් ව සිටියහ. වසවත් මර ද බුදුන්ට ‘කිමෙක් ද? ස්වාමිනී, බත් වළඳන්ට නුවු හෙයින් බඩ සාය ඇත්තේ වේ දැ’යි කී ය. බුදුහු ඒ අසා ‘මාර ය, අපි කුමක් නො ලද නමුත් ආහස්සර නම් බඹලොව බඹුන් පරිද්දෙන් ප්රීුතිය අනුභව කොට ප්රීදති සුවෙන් ම

848 සද්ධර්මනරත්නාවලිය

දවස් යවම්හ’යි වදාරා ‘රස තෘෂ්ණාව යම් කෙණකුන්ට ඇත්තේ වී නම් සා දුක් උන්ට ම වේනු යි අපට එ බන්දක් නැති හෙයින් මහා කපින් අට කපක් මුළුල්ලෙහි ප්රීඅති ය ම අනුභව කොට වසන ආහස්සර බඹුන් මෙන් බත් නො ලබන්ට උපදෙස් කල තා කෙරෙහි රුෂ්ට අදහස් සඳුන් දණ්ඩෙහි පූති ගන්ධ ය නැත්තා සේ නැති බැවින් ප්රීරති නමැති සුධා භොජන ය වළඳා මහා කරුණා සමාපත්ති ඵල සමාපත්ති නමැති පැනින් අඩු ව පුරා වළඳා දවස් යවම්හ’යි වදාළ සේක. දෙශනා කෙළවර කුමාරිකාවරු පන් සියය වළඳන තැනට ගොසින් හළ බත් කා බඩ පුරවන්නවුන් මෙන් සෝවාන් ව නිවන් රස අනුභව කළහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් රස තෘෂ්ණාව නම් අකුශළ සන්නිශ්රීවත හෙයින් ඒ හැර කරණ ඇල් මත් නිවන් විෂයෙහි ම කොට භවක්ෂසයට උත්සාහ කට යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xx&oldid=5696" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි