සද්ධර්ම රත්නාවලිය- xviii

140. උපනන්දන තෙරුන් වහන්සේ ගේ වස්තුව සංස්කරණය

තව ද තමා යහපත් තරම් නැති ව අනුන්ට අනුශාසනා කිරීමෙන් තමාගේ ලඝුව ම ප්රහකාශ වන නියාව හඟවන්ට උපනන්දක තෙරුන් වහන්සේ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

උපනන්දද තෙරුන් වහන්සේ පිළිවෙත් පිරීමෙහි අදක්ෂ වුව ත් අලගර්ද පය්යාදද ප්තීන් උග ත් බණ කීමෙහි දක්ෂ් සේක. තමන් වහන්සේ මහෙච්ඡ සිට ත් අල්පේච්ඡතාවෙන් යුක්ත කොට කියන උන්වහන්සේගේ බණ අසා බොහෝ වහන්දෑ අධික සිවුරු පුදා පියා තෙචීවරික ධූතාඞ්ගය සමාදන් වූවෝ ය. වහන්දෑ ‘අධික ය’යි හළ පිරිකර උපනන්දූ තෙරුන් වහන්සේ ම හැර ගත් සේක.

උන් වහන්සේ ම එක් වස් අවධියෙක දනුවුවට වැඩි සේක. එක් විහාරයක හුන් ලදරු වහන්දෑට ත් සාමණේර වහන්දෑට ත් බණ ඇසීමෙහි ලොභ ය ඇති ව ඒ විහාරයේ වස් වසන්ට කි සේක. මෙ තැන විසූ කල වස්සාවාසික ලාභ ය කෙ තෙක් විචර සම්භව වේ දැ’යි විචාරා ‘එක ‍කඩෙකැ’යි කී කල්හි එ තැන වහන් තබා ලා අනික් විහාරයකට ගොසින් මෙ තැන විසූ කල කුමක් ලැබේ දැ’යි විචාරා පිළී දෙකක් ලැබෙ යි’ කී කල්හි සැර යටි දණ්ඩ තබා ලූ සේක. තුන් වන විහාරයට ගොසින් මෙ තැන විසූ කල කුමක් ලැබේ දැ’යි විචාරා ‘පිළී තැන්ක ලැබෙ යි කී කල්හි එ තැන ඩබරාව තලා ලූ සේක.


758 සද්ධර්මවරත්නාවලි ය

සතර වන විහාරයට ගොසින් ‘මෙ තැන විසූ කල කුමක් ලැබේ දැ’යි විචාරා පිළී සතරක් ලැබෙ’යි කී කල්හි ‘යහපත, මෙ තැන වෙසෙමී’ කියා ලා වැස බණ ඇසීමෙහි ලොභ ය ඇති වහන්දෑට ත් ගිහින්ට ත් බණ කියන සේක. බණ අසා ගිහි බොහෝ පිළි පිදූ ය. වහන්දෑ බොහෝ සිවුරු පිදූ සේක. උපනන්දා තෙරුන් වහන්සේ ද සතර වන විහාරයෙහි වැස ලා සෙසු විහාරවලට ත් කියා යවා ලා ‘අප ඒ ඒ විහාරවල පිරිකර තබා ලා ආ හෙයින් වස්සාවාසික ලාභ ය අප ලද යුතු ය. ඒ අපට එ වුව මැනැවැ’යි සියල්ල ම ගෙන්වා ගෙණ ගැලක් පුරා ගෙණ නික්මුණු සේක.

ඉක් බිත්තෙන් එක් විහාරයක හිඳිනා බාල දෙ නමෙක් පිළී දෙකකු ත් පලසකු ත් ලැබ පිළි දෙකක් හෙයින් බෙදා ගන්ට පිළිවන් වුව ත් පලස එක හෙයින් බෙදා ගත නො හී මං බඩ හිඳ විවාද කරණ සේක. ඒ වහන්දෑ ද උපනන්ද තෙරුන් වහන්සේ දැක ‘ස්වාමීනි, අපට මේ බෙදා දුන මැනැවැ’යි කී සේක. ‘තමන් ම බෙදා ගත මැනැවැ’යි කී සේක. ‘අපි බෙදා ගත නො හෙම්හ. මුඹ වහන්සේ ම බෙදා දුන මැනැවැ’යි කී සේක. ‘මා කියා ලූ ලෙස සිටිනේ ඇදුදැ’යි විචාරා, ‘සිටුම්හ’ යි කි කල්හි ‘යහපත, එ සේ වී නම් බෙදා දෙමැ’ යි කියා දෙ නමට පිළී දෙක දෙවා පියා ‘මේ පලස බණ කියන හෙයින් පෙ‍ාරොනය අපට තරමැ’යි තියා මා ඇඟි පලස ඇර ගෙණ නික්මුණූ සේක. බාල දෙ නම ත් මුසුප්පු ව බුදුන් කරා ගොසින් බුදුන්ට එ පවත කී සේක. ‘මහණෙනි, තොප සන්තක දෙය හැර ගෙණ තොප මුසුප්පු කරවූයේ දැන් මතු නො වෙයි පෙර ත් කෙළේ ම ය’යි වදාරා ඉකු ත් වත් ගෙණ හැර දක්වන සේක්-

යට ගිය සවස ගොඩස්බඩ1 ඇවිදිනා වු ත් ගැඹුරු තැන ඇවිදිනා වූ ත් මස්කාවෝ දෙන්නෙක් රේ මසකු ලදින් ‘හිස තොපට ය. නඟුට මට ය’යි විවාද කරන්නාහු බෙදා ගත නො හි එක් කැණහිලකු දැක ‘මාම, මේ අපට බෙදා දුන මැනැවැ’යි කිවු ය. කැණහිලා ත් කියන්නේ ‘රජ්ජුරුවන් වහන්සේ ගෙන් යුක්ති විචාරාණ ලෙස අධිකරණයට නිල කළ හෙයින් නැතක් වේලා යුක්ති විචාරන්ට ඉඳ පියා පා රෙදෙනා හෙයින් මඳක් ඇවිද ඉරියවු පෙරළා ගන්ට අයිමි. දැන් මා මඳක් අවසර නැතැ’යි අගු වඩන්ට2 කී ය. ‘මාම, එ සේ නො කිව මැනව. බෙදා දුන මැනැවැ’යි කිවු ය. පසු ව අනිකක් නො කියන ලෙසට තර ය


1. ගොඩත් මඩත් 2. අඟවන්ට

140. උපනන්ද තෙරුන් වහන්සේ ගේ වස්තුව 759

කර වන්නේ, මා කියා ලූ යුක්ති‍යෙක සිටිවු දැ’යි කියා ‘සිටුම්හ’යි කී කල්හි හිස පොළු ගසා එක් තැ‍නෙක තබා ලා නගුට ත් කපා එක් තැනෙක තබා ලා ‘කුඩාචරිනි, යම් කෙණෙක් ගොඩස් බඩ1 ඇවිද්දා නම් ආයාස බලවත් නො වන බැවින් නගුටු භාග ය හැර ගනුව. යම් කෙණෙක් ගැඹූරු තැන ඇවිද්දා නම් ආයාස බලවත් හෙයින් හිස්කඩ හරගනුව. අප මැදහත් ව යුක්ති විචාරන හෙයින් මැදකඩ අපට වුව මැනවැ’යි උන් දෙන්නා ගිවිස්වනු නිසා යුක්ති ශාස්ත්රමයෙහි තුබූ සොළෝවක් පානා මෙන් -

අනුතිරවාරි නඞ්ගුය්ඨං - සිසං ගම්භිරවාරිනො අථාය මජ්ඣිමෝ ඛණ්ඩො - ධම්මිඨස්ස භ විස්සති

යන මේ ගාථාව කියා ලා මැඳකඩ හැරගෙන නික්මුණවු ය. මස්කාවෝ දෙන්න මුසුප්පු ව ගෙන බල බලා සිටියහ. බුදුහු මේ දේශනාව ගෙන හැර වදාරා යටත් මුසුප්පු කැර වූ නියා ව සාධන සේක්, ‘එවක මස්කාවෝ දෙන්න නම් දුන් මේ පලස නිසා මුසුප්පු වූ භික්ෂූ දෙන්න ය. කැණහිලා නම් උපනන්දනයෝ ය’යි වදාරා ලා උපනන්දන තෙරුන් වහන්සේට නින්දා කරන සේක් අනුන්ට අවවාද කරණ කල නම් තමා ත් කියන අවවාද තරම් ඇති ව වේ දැ’යි වදාරා බණ වදාරන සේක් -

යම් කෙණෙක් අනුන්ට අල්පේච්ඡතාදී ගුණෙන් හෝ ආය්ය් ඇ වංශ ප්ර තිපද‍ාදීන් හෝ අවවාද කෙරෙත් නම් උන් තමනු ත් ඒ බඳු ගුණයෙන් නො පිහිටා අනුනට අනුශාසනා කෙරෙත් නම් ඒ අනුශාසනාව ගරු කරන්නෝ නැත. තුමූ ම නින්දා පරිභවයට පැමිණෙති. අනුන් පිහිටනට කියන ගුණයෙහි යම් කෙණෙක් තුමූ පළමු පිහිටා අනුශාසනා කෙරෙත් නම් පවිත්ර විම නැඟී සඳුනව් ගස් මෙන් අවවාද කළවුනු ත් කළ අවවාද ත් ගරුතර කොට සිතතී’ වදාල සේක. දේශනා කෙළවර පලසින් පැරැදී දෙන ම ලක්ෂ යක් හෝ ඉන් මෑත හෝ වටනා පලසින් පැරැද්ද ත් අනර්ඝ වූ ලොවුතුරා ගුණින් නො පැරදි හෙයින් සෝවාන් වූ සේක. උපනන්දු තෙරුන් වහන්සේඤට දිරා නැති වන පලස සම්භව වුවා සේ නො දිරන නිවන් සම්භව වන්ට නො වී ය. මේ දේශනාව සෙසු ත් බොහෝ දෙනා ට ප්ර්යෝජන විය.

එ සේ හෙයින් නුවනැත්තවුන් විසින් නිස්ස‍ාර වූ ලාභයෙහි ලොභ ය හැර නිවන් පතා පින් කම යෙදි විසිය යුතු.


1. ගොඩස් මඩ

760 සද්ධර්මසරත්නාවලි ය

141. පධානික තිස්ස තෙරුන් වහන්සේ ‍ෙග් වස්තුව සංස්කරණය

තව ද ප්ර.යෝජනයෙක නො යෙ‍ාදා අනුන් නිඳා පිය නො දි ඔවුන් නිඳන නිඳි ත් තමන් ම නිඳන්නවුන් නිඳි පමණක් විනා ලබන ගුණ විශේෂයක් නැති නියා ව දක්වන්ට පධානික තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

ඒ තෙරුන් වහන්සේ බුදුන්ගෙන් කමටහන් ඉගෙන පන් සියයක් වහන්දෑ ඇරගෙන කරණ භාවනා කම් වුව ත් වලට පලා ගොසින් වස් වැස ‘ඇවැත්නි, නිඳීම් හැර බුදුන්ගෙන් උගත් කමටහන මෙනෙහි කොට නො පමාව පහණ ධම් කරව’යි වහන්දෑට අවවාද කොට ලා තමන් වහන්සේ පලා ගොසින් සුවසේ නිඳන සෙක. ඒ වහන්දෑ ද පෙරයම සක්මන් කොට මැඳුම් යම දී සිරුරු සතපනු නිසා සැතපෙන ගෙට වඩනා සේක. පධානික තිස්ස තෙරුන් වහන්සේ ද පිබිද පියා ඒ වහන්දෑ ලඟට අවුත් කුමක්ද? මේ වලට එනගමන නිඳන්ට ආ නියා ද? වහා ගොසින් මහණ ධම් කළ මැනවැ’යි කියා වහන්දූ යවා පියා තමන් වහන්සේ පලා ගොසින් සුවසේ නිඳන සේක.

සෙසු වහන්දෑ මධ්ය ම රාත්රි යෙහි ත් සක්මන් කොට පියා අළුයම සැතපෙන්ට ගෙට එන සේක. ඒ වහන්ද‍ෑ ගෙට එන වේලාට තෙරුන් වහන්සේ පිබිද පියා ඒ වහන්දෑ ලඟට ගොස් එවේලේ ත් සැතපි ය නො දී පිටත් කොට පියා තමන් වහන්සේ අළුයම ත් නිඳන සේක. සෙසු වහව්දූට නිඳන්ට නියම මැඳ යම් පමණක ත් නිඳි නැත. තෙරුන් වහන්සේට තුන්යම් රාත්රි යේ ම නින්දෙන් පමාවෙක් නැත. ඒ වහන්දෑ ද නිරන්තරව ව ම මෙ සේ ම කරණ හෙයින් හැදෑරීම් - පිරවීමකු ත් කට නුහුණු සේක. සැතපෙන්නට ම නැති හෙයින් සිත එකඟ නො ව කමටහනු ත් මෙනෙහි කට නුහුණූ සේක. තෙරුන් වහන්සේ නින්ට මුත් සෙස්සකට අවසර නැති හෙයින් කළමනා දෙයින් කුමකු ත් කට නුහුණු සේක.

ඒ වහන්දෑ පන්සියය ත් අපගේ ආචාරීන් වහන්සේගේ වීය්ය්් ක බලවත් සැටි ය. ඒ පරීක්ෂාී කරම්’යි සිතා පරීක්ෂාල කරණ සේක් උන් වහන්සේ නිඳන්ට කරණ වීය්ය්න් යක් මුත් සෙස්සකට කරණ වීය්ය්යි නැති නියා ව දැන’අපි හැම දෙන ම ධුරද්වයින් පසු බටුම්හ. ආචාරීන් වහන්සේ නිකම් ම දොඩා හඬා ඇවිදි සේකැ’යි කිවු ය.

141. පධානික තිස්ස තෙරුන් වහන්සේ ‍ෙග් වස්තුව 761

රාත්‍රියෙහි තුන් යම ම නිඳි නොලද්මෙන් මිරිකි ගත් විසින් පන්සියයක් දෙනා වහන්සේගෙන් එක නමෙකු ත් ගුණ විශේෂයක් නො ලත් සේක. තෙරුන් වහන්සේ නිඳා පිරීමෙන් භාවනාවට අවසරයක් නො ලදින් නො දැන් ම මුල් ව ගුණ විශේෂයක් ‍නො ලත් සේක.

ඒ වහන්දෑ පන්සිය ය දවස් පවරා ලා බුදුන් ලඟට ගොසින් බුදුන්ගෙන් සාද සාමීචි ලදින් ‘කුමක් ද, මහණෙනි, නො පමාව මහණ ධම් කළා දැ’යි විචාළ කල්හි එ පවත දැන් වූ සේක. බුදහු ‘මහණෙනි, තොප ලබන ගුණ විශේෂයට තුලුන් බාධා කෙළේ දැන් මතු නො වන්නේ වේ ද - යට ගිය දවස තුලුන් ගමන් කුකුළු ව උපන් කලෙක ත් හඬන වේලා තිබැද්දී නැතක් වේ ලේ දී ම හඬා පිරුවා පියා නිදීමෙන් සම්භව වන ඥාන ශක්ති ය ත් අඩු කළේ වේ දැ’යි වදාරා -

“අමාතා පිතරි සංවඩ්ඪො - අනාචාරිය කුලෙ වසං, නායං කාලමකාලං වා - අභිජානාති කුක්කුටො”

යන මේ ගාථාවෙන් යුක්ත වූ මේ අකාලරාවි කුක්කුට ජාතක ය ත් වදාරා ‘එ කල නිඳි මඳ ව හඬන කුකුළු නම් දැන් නිඳන්ට සුරු පධානික තිස්ස තෙරුන්ය. එ කල ශිල්ප උගන්නා ලදරුවෝ නම් දැන් මේ භික්ෂූ පන් සියය ය. දිසාපාමොක් ආචාරී නම් මම ම ය’යි ජාතක දේශනාව නිමවා වදාරා තව ත් බණ වදාරාන බුදුහු ‘මහනෙනි, වම් ලෙසක කරන්ට අනුන්ට අවවාද කරතො ත් ආයුධ ශ්රුම පානවුන් තමනු ත් කොට පානා සේ අවවාද කරණ ලෙස ම තමා ත් කළ මැනව. අනුන් හික්මවිමට ත් වඩා තමා හික්මවා ගැන්ම මහා අට්ටල් හෙයින් නො එක් ලෙසින් තමා ආදි හික්ම ගෙන පසු ව අනුන් හික්මවීම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර නිදි නො ලැබීමෙන් මිරිකුණු පන් සියයක් දෙනා වහන්සේ සසර දුකින් නො මිරිකී සව් කෙලසුන් ගෙවා රහත් වූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ මුව වැද්දෙක් නිඳා පී කලට දඩ මස් වරදිනා හෙයින් නිඳි දුරු කෙරේ ද එ මෙන් නිදීමට ත් වඩා නිඳන ඇස ත් පිණට ම නියැ ලී, තව ද, යම් සේ මුව වැදි මුවන් කෙරේ ම සිත හෙළා ද, එ මෙන් කුසල් විෂ‍යෙහි ම සිත හෙළා, තව ද යම් සේ මුව වැදි වැදි කම් කරණ වේලාව දනී ද



762 සද්ධර්මලරත්නාවලි ය

එ මෙන් කුසල් කිරීමට සිතා ගත් ඇසිල්ල ම කල් නියාව දැන, තව ද යම් සේ මුව වැදි මුවන් දැක ම සතුටු වේ ද, එ මෙන් පින් කිරීමට සේරුව දැක සමාධි ව උපන් සමාධි නො පිරිහෙළා කුසල්හි හැසිර ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.

142. කුමාර කසුප් තෙරුන් වහන්සේ‍ ගේ මෑණියන්දෑ ගේ වස්තුව සංස්කරණය

තව ද අනුන්ගෙන් පිහිට රැක නො හිඳ තමා ම තම හට පිහිට වන පරිදි දක්වන්නට කුමාර කසුප් තෙරුන් වහන්සේ ගේ මෑණියන්දූ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

ඌ තුමූ රජගහා නුවර සිටාණන්ගේ දුවණියෝ ය. නා මනා දත් තැන් පටන් තුමූ ම තමන්ට පිහිට වනු නිසා මහණ කරවන්ට දෙ මවු පියන්ට යාච්ඤා කෙරෙති. යාචඤා කොට ‍ත් දෙ මවුපියන්ගෙන් අදහස් නො ලදින් වැඩි විය පැමිණ සරණ ගොසින් ස්වාමීහු දේවතා තරමේ තබා පතිව්රනතා ධර්මල ය රක්ෂාව කෙරෙමින් වෙසෙති. සරණ ගිය නො බෝ කලකින් ම බඩ දරු කෙණෙක් පිහිටා ගත්හ. ඌ තුමූ බඩ දරුවන් පිහිටි නියා ව නො දැන මහණ වීමේ සදෑ සමණයන්ට කියා උන් ලබ්බා ගත්හ. ඌ ද මහ පෙරහරින් මෙහෙණවරට ගෙන ගොසින් නො දැන දෙවිදතුන්ට පක්ෂද මෙහෙණින්නන් ලවා මහණ කරවූහ.

කල් යත් යත් මෙහෙණිනි වහන්දෑ අර භික්ෂුණීන් දැරි ඇති නියාව දැන ‘මේ කිම් දැ’යි විචාරා ‘මම නො දනිමි. මාගේ සිලයට වූ හානි නැතැ’යි කී කල්හි දේවදත්ත පාක්ෂික මෙහෙණින්නෝ අර භික්ෂුණීන් දෙවිදතුන් ලඟට ගෙන ගොසින් ‘මූ තුමූ සැදෑයෙන් මහණ වූ ය. ශාසනික ව මෙ බන්දක් කරණ තරමක් පෙ නෙන්නට නැත. මුන් බඩ දරුවන් කවර කල පිහිටි බව ත් නො දනුම්හ. කුමක් කරමෝ දැ’යි විචාළෝ ය. දෙවිදත්තු තමන් බුදු නො වන හෙයින් මෙහෙණින්ට පැමිණෙන අයසස් පමණක් සලකා අර භික්ෂුණියගේ තරම් පදම් නො සලකා ‘සිවුරු හරව’යි කිවු ය. ඒ අසා සැදෑයෙන් මහණ වූ ලදැරි මෙහෙණිනි වහන්දෑ ‘ම නො නැසුව මැනව. මා දෙවිදතුන් උදෙසා මසණ වූයේ නැත. මාගේ ප්ර ව්රයජ්යාාව බුදුන් සන්තක ය. ගිය දවස පැවැති දෙය ත් එන දවස දෙය ත් බුදුහු මෙ වක පවත්නා දෙය


1. නුවණැති බවට පත් තැන් පටන්

142. කුමාර කසුප් තෙරුන් වහන්සේ ගේ මෑණියන්දෑ ගේ වස්තුව 763

දන්නා සේක් මය. බුදු නුවණින් බලා නිසි වුවො ත් හැර ගන්නා සේක. නො නිසි වුවො ත් හරනා සේක. මා බුදුන් කරා දෙව්රමට ගෙන යව’යි කිවුය.

උයි ත් ගිවිස දෙව්රමට ගෙන ගොසින් එ පවත බුදුන්ට දැන්වූහ. බුදුහු උන් ගිහි අවස්ථාවෙහි දරු ගැබ පිහිටි නියාව බුදු නුවණින් දත ත් පරූපවාදයෙන් මිදෙනු පිණිස කොසොල් රජ්ජුරුවන් ද මහ අනේ පිඬු සිටාණන් හා කුඩා අනේපිඬු සිටාණන් ද විශාඛාවන් ද තව ත් තව ත් ප්ර සිද්ධ කෙණෙක් ඇත් නම් උන්දැ’යි මුන් හැම ගෙන්වා ‍ලා විනයධර තැනට අග්රද උපාලි මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘උපාලීනි, සිවු වනක් පිරිස් මැද තෙල මෙහෙණින්න විචාරා ශුද්ධ කරව’යි වදාළ සේක. උපාලි මහ තෙරුන් වහන්සේ ද රජ්ජුරුවන් ලඟට විශාඛාවන් කැඳවා ලා දරු ගැබ ගිහි අවස්ථාවෙහි පිහිටියො ත් එ ලෙස හා මහණ වූ කල වී නම් එ ලෙස හා නිශ්චය කරන්නට විශාඛාවන්ට භාර කළ සේක. .

විශාඛාවෝ ද තිරයක් අද්දවා ලා තිර ය ඇතුළත දී උන්ගේ අතුල් පතුල් හා පෙකණිය ත් උදරාවසානය ත් බලා තම දරු විස්සක් වදා සිටි හෙයින් මස් දවස් ගැන පියා මහණ වූ කලුත් විචදාරා පියා මහණ වූ කල වි නම් අතුල් පතුල් හා පෙකණිය ත් උදරාවසානය ත් මෙ ලෙස තිබෙන්ට කාරණා නැත. ගැබ පරිණත හෙයින් මෙ ලෙස වූ යේ ය’යි සිතා ගිහි කල ම දරු ගැබ පිහිටියේ ය’යි දැන උපාලි මහ තෙරුන් වහන්සේට එ පවත කිවු ය. මහ තෙරුන් වහන්සේ ද සිවු වනක් පිරිස් මැදයේ ‘මූ මුලාපත්තිවෙන් නිරාපත්තිකයහ’යි ශුද්ධ කළ සේක. සිවු වනක් පිරිස් මැදයේ කළ ශුද්ධි ය හෙයින් ‘දෙවිදතුන් අශුද්ධිය ට හළවුන් බුදුහු ශුද්ධියට හැර ගත් සේකැ’යි යන අපවාදය ත් නැති වි ය.

භික්ෂූණී ත් දවස් මස් පිරුණූ කලට පියුමතුරා බුදුන් සමයෙහි ශ්රාිවක බොධියට පැතූ පැතීම් ඇති මහානුභාව සම්පන්න වූ පුතණූ කෙණකුන් වැදූහ. එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ මෙහෙණවරින් යන්නෝ බාල දරුවන් හඬන හඬ අසා මේ කිම් දැ’යි විචාරා එ පවත් දැන ඒ කුමාරයන් රජ ගෙට ගෙන්වා ගෙන වඩා වර්ධන කරන්ට කිරි මවුන්ට පාවා දුන්හ. නම් තබන දවසු ත් කාශ්යෙප නම් තබා ලා කුමාර පෙරහරින් වැඩි හෙයින් ‘කුමාර කසුබැ’යි නම් තබා ගත්හ.



764 සද්ධර්මවරත්නාවලි ය

ඒ කුමාරයෝ ද කෙළි මඬ‍ලේ දී කුඩා සුඟුන් ගසා වසා ලා ‘මවු පියන් නැති තැනැත්තහුගේ කට යුතු ය’යි මවු පියන් නැති නියාව කියා ලා දෙඩූ කල්හි රජ්ජුරුවන් කරා ගොස් ‘රජ්ජුරුවන් වහන්ස, එක් ව කෙළනා සුඟු ‘මවු පියන් නැති තැනැන්තෝ ය’යි කියා ලා මට දොඩති. පියාණන් වහන්සේ මුඹ වහන්සේ වේ ද? මෑණීයන් වහන්සේ කවුරු දැ’යි විචාරා රජ්ජුරුවන් කිරි මෑණි කෙණකුන් පෑ ලා තුලු ය’යි කියා ලූ කල්හි ‘මූ මාගේ මෑණියෝ නො වෙති. මෑණියන් තව ඇත මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ‘මුන්ට සඟවා ලිය නො හැකිකැ’යි තොපගේ මෑණියන්දෑ නම් මෙහෙණි කෙණකුන්දෑ ය. මම වඩන්ට ගෙන්වා ගතිමී’ කිවු ය. මහ පිණැති හෙයින් එ පමණකින් ම ගිහි සම්පත ආල ය හැර ‘පියාණන් වහන්ස, මා මහණ කර වුව මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ත් ගිවිස මහ පෙරහරින් කැඳවා ගෙන ගොසින් බුදුන් ලඟ මහණ කැරවූහ.

උන් වහන්සේ ද උපසම්පදාව ත් ලදින් කුමාර කසුප් තෙරුන් වහන්සේ ය’යි ප්රතසිද්ධ වූ සේක. එ ලෙසින් ප්ර්සිද්ධ වූ තරමෙක නො තබා බුදුන් ගෙන් කමටහන් ඉගෙන ගෙන වලට පලා ගොසින් උත්සාහ කොට ත් වපුට ලූ දා ම දා ගන්ට බැරියා සේ තව නුවණ මඳක් හෙයින් ගුණ විශේෂයක් උපදවා ගත නො හී ‘තව ත් කමටහන විභූත කොට විචාරමි’යි බුදුන් ලඟට අවුත් අන්ධ වනයේ රුඳුනු සේක. කසුප් බුදුන් සමයෙහි එක් ව මහණ ධම් කොට අනාගාමී ව බඹ ලොව උපන් බඹ දෙවියාණෝ අවුත් ප්රුශ්න පසළොසක් විචාරා ‘මේ ප්රඹශ්න බුදුන් විනා අනික් විසඳා ලිය හෙන කෙණෙක් නැත. ගොසින් බුදුන් ගෙන් තෙල ප්රරශ්නවල අර්ථ දැනගත මැනැවැ’යි කියා ලා යවූහ. උන් වහන්සේ ත් එ ලෙස ම කොට පැන විසඳා නිමි කල්හි රහත් වූ සේක.

උන් වහන්සේ ද තමන්දෑ නික්මුණූ වක් පටන් දොළොස් හවුරුද්දකු මවු මෙහෙණින්දෑ අසින් කදුළු ධාරා පවත්ති. දරු ශොකයෙන් ශොකි ව මහණ ධම ත් සිත් නො හෙළා කඳුළු වැකි මුහුණින් සිඟා යන ගමනෙහි ඇතුළු වීථීයේ දී තෙරුන් වහන්සේ දැක ‘පුතඬ පුතඪැ’යි කිය කියා අතින් ඇඟ අල්ලන්ට උදවුව යන ගමනෙහි කඩා ගෙන හී පියා ත් තනවලින් නිකුත් කිරි වලින් තෙත් සිවුරු ඇති ව නැඟි සිට තෙරුන් වහන්සේ අල්වා ගත්හ. උන් වහන්සේ ච ‘මූ මාගෙන් මොළොක් බසක් ලද්දා නම් ස්නෙහ සිඳ ගත නො හි වියළි නසිති. තද කොට ම බස් කියා මුන් හා




142. කුමාර කසුප් තෙරුන් වහන්සේ ගේ මෑණියන්දෑ ගේ වස්තුව 765

කථා කෙරමි’ ස්නේහ නම් මහණ ධමට යහපත් දෙයක් නො වත් ගොයම් කරන්නවුන් ගොයම් වසන තණ පමණක් උදුරා ගත නො හී ශස්ය ඵලයෙන් පිරිහෙන්නා සේ ස්නේහ ය පමණක් සිඳ ගත නො හී මහණධමිනු ත් මහණ ධම් තබා ජීවිතයෙනු ත් පිරි හෙන නියා වේ දැ’යි වදාළ සේක. භික්ෂුණීන් දෑ ද ‘පුතඬ, කුමක් කියන්නෙහි දැ’යි විචාරා එ ලෙස ම කී කල්හි ‘මම මුන්දෑ නිසා දොළොස් හවුරුද්දක් හඬා කා හඬා බී ඇවිද්දෙමි. අනේ මුන් දෑගේ ලය ත් තද නියා ය. සසර සිටිනා කල දරු නූවුවෝ කවුරු ද? මුන්දෑ ගෙන් මට ප්ර යෝජන කිම්දැ’යි දොළොස් හවුරුද්දක් ප්රවබන්ධ ව පැවති ස්නෙහ ය හැසිල්ලෙකින් සිඳ පියා එ දවස් ම සසර අනන්ත කාලයක් පැවත ආ සව් කෙලෙසුන් නසා රහත් වූහ.

කලක දී ධම් සෙබෙහි ත් ‘අනේ දෙවිදතුන්ගේ නොද‍ැන්මක් බව හැසිල්ලෙකින් කුමාර කස්සප කසුප් තෙරුන් මවුන් හා නසාපුවෝ ය. බුදුහු උන්න පිහිට වු සේකැ’යි කථාව ඉපැද වූ සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි, මුන් දෙන්නාට මා පිහිට වුයේ දැන් මතු නෙ‍ා වෙයි. පෙර ත් පිහිට වීමි. මාත්, දෙවිදතුනු ත්, මේ මෙහෙණින්න ත් කුමාර කුසුබුනු ත් මුව ව උපන් අවධීයෙක එක් දවසක් මුන් ගෙන් මුවකු හා ක් දවසක් මා ගෙන් මුවකු මියනු නිසා දම් ගෙඩියේ හිස තබා ගන්ට වූ නිලයක් හෙයින් මෑට පැමිණි වාරයේ දී මෑත් තමා දැරි ඇති හෙයින් ඒ වාරය රඳවා අනික් මුවකු නිල කරන්ට ම තත්පර ව කීව ත් මුන් නොගියවිස්නා හෙයින් එ දවස් මම් ම පලා ගොසින් දම් ගෙඩියේ හිස තබා හෙය මෑත් ගළවාපිමි‍. මෑගේ පුතු කුඩා මුව පැටවා ත් ගළවාපීමි. උන් තබා සෙසු ත් මුවන් පටන් සිවුපාවුනු ත්, පක්ෂීන් කුඩ මස්සන් පටන් සියල්ලන් ම තමන් ම තමන් ම මියන ගමනක් මුත් නො මරණ ලෙස එ වක කරවා මෙ වක සියල්ලන් සසරින් ගළවන්ට ශක්ති ඇති වීමි’ යි වදාරා

"නිග්‍රොධමෙව සෙවය්ය් - න සාඛමුපසංවසෙ, නිග්රොගධස්මිං මතාං සෙ‍ෙය්යාත - යඤ්චෙ සාඛස්මං ජීවිතං”

කියා මේ නිග්රොධධමිග ජාතක ය ත් විස්තර වශයෙන් වදාරා ‘එකල කොළමුවා නම් දෙවිදතා ය. ඔහුගේ පිරිසි දෙවිදත් පිරිස් ය. වාර ය පැමිණි මුව දෙන් නම් මේ මෙහෙණිනි ය. පුත් මුව පැටවා කුමාර කසුප්හු ය. දැරි ඇති මුව දෙනට දිවි පිදූ නිග්රොයධ මුවරජ නම් මම් ය’යි ජාතක ය නිමවා ලා ස්ථවීරින්දෑ දරු පෙම් සිඳ තමන්දෑ



766 සද්ධර්මනරත්නාවලි ය

ම තමන්දෑට පිහිට කොට ගත් නියාවට ප්රයශංසා කොට බැණ වදාරණ බුදුහු ‘යම් හෙයකින් මිනිසත් බව පිහිටා සිටියවුන් විසින් දානාදි වු පින් කම් කොට ස්වර්ග්යට පැමිණෙන්නට ත් මාර්ගි ඵල උපදවා ගන්ට ත් පිළීවන් ද, එහෙයින් තුමූ ම තමන්ට පිහිට වෙති. තමා ම තමාට කොට ගන්නා පිහිටක් මු ත් අනික් කවුර පිහිට වෙත්ද? යම් කෙණෙඛ් තුමූ මනාව හික්ම ගත්තු නම් ඉතා ලැබ ගත නො හැකි නව ලොවුතුරා දහම් පිහිට ලැබෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තන් විසින් අනුන් රැක නො හිඳ යම් සේ බිළී වැද්දෙක් බිළීයෙන් කුඩ මස්සන් ගොඩ නඟා ද, එ මෙන් නුවණින් තමා ගොඩ නඟා, තව ද යම් සේ බිළි වැදි යම්තම් කුඩ මසු කෙණකුන් ගෙන් බොහෝ ලාභ ලබා ද, එමෙන් යම්තම් කුසල් විතරෙකින් බොහෝ සැපත් ලදින් නිවන් සැපතින් කුළු ගන්ට උත්සාහ කට යුතු.


143. මහාකාළ නම් සෝවාන් උපාසකයන්ගේ වස්තුව සංස්කරණය

තව ද අපායෝත්පත්ති භවොත්පත්ති නවතා ලිය ‍හෙන තරම් නිවන් පුරා කෘත අකුසල ය නවතා ලිය නො හෙන නියාව හඟවන්ට මහා කාළ නම් සෝවාන් උපාසකයන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

ඒ කාළ නම් උපාසකයෝ මසකට අට දවසෙක පෙහෙ ව ගෙණ වෙහෙරට ගොසින් රාත්රික බණ අසති. එක් දවසක් රෑ සොර කෙණෙක් එක් ගෙයක උමං බිඳ වස්තුව හැර ගෙන ලෝ වළන් හඬා නැගි හඬින් ගෙ හිමියන් පිබිද ගොසින් ලුහුබඳවා ගත් කල්හි ගත් ගත් දෙය දම දමා පියා දව ගත්හ. වස්තුව ඇත්තනු ත් ලුහුබැඳ වුව ත් ඒ ඒ අත දිව ගත්හ. එක් සොරෙක් විහාරයට යන්නා වූ මග දිව ගෙණ ගොසින් මහාකාළ නම් උපාසකයන් රාත්රික බණ අසා පියා උදාසන වෙරෙහ පොකුණෙන් මූණ සෝදන කලට තමන් ගෙන ගිය දෙය මහාකාල නම් උපාසකයන් ඉදිරියට දමා පියා සොරා ඉවත් විය. සොරුන් ලුහුබඳවා ගිය මිනිස්සු අරුන් ලඟ තිබූ වස්තුව දැක ‘තෙපි ගෙවළ සොර කම් කොට ගෙණ බණ අසන බඳු ව ඇවිදු දැ’යි මහා කාළයන් අල්වා ගෙණ මරා පියා ගියහ. උදෑසන ම කළ කොතලා හැර ගෙණ පැනට ආ බාල වහන්දෑ මළ උපාසකයන් දැක ‘සැදෑ

143. මහාකාළ නම් සෝවාන් උපාසකයන් ගේ වස්තුව 767

ඇති උපාසකයන් බණ අසා යන්නවුන් එ බඳු වරදක් නැති ව මළ සේ නපුරැ’යි බුදුන්ට දැන්වූ සේක.


බුදුහු ත් ‘එසේය, මහණෙනි, දැන් මළ ලෙස යහපත් නො වෙයි. පෙර මුන් තමන් කළ පව් ලෙසට කර්මන ය නො ගෙවෙන හෙයින් යුක්තයා සේ තිබෙයි’ වදාරා වහන්දෑ මේ උපාසකයන් පෙර කළ පව් කවරේ දැ’යි විචාළ කල්හි ‘හෙම්බා මහණෙනි, යටගිය දවස බරණැස් රජ්ජුරුවන්ගේ විධාන පවත්නා තැන එක් පසල් ගමකට ආසන්න වලක වල් සොරු හිඳ ගෙන ගම් පහරති. රජ්ජුරුවෝ වන දොරකඩ යොධයාණ කෙණකුන් රඳවා ලූහ. ඌ මිල හැරගෙන මිනිසුන් වලින් ඈත් - මෑත් කෙරෙති. ඉක්බිත්තෙන් එක් මිනිසෙක් රූප ත් වූ තමාගේ අඹ කෙණකුන් ගැලෙක හිඳුවා ගෙන එ තැනට ආය. වන දොරකඩ සොරභය නිසා සිටි යෝධයා‍ණෝ ද අර ස්ත්රි ය දැක ම ඈ කෙරෙහි ප්රේඩමයක් ඇති ව ගෙන ‘අප වනින් ඈත් කළ මැනැවැ’යි කි කල්හි ‘දැන් වෙලා නැත. උදෑසන ම ඈත් කෙරෙමි’යි කිවු ය. ඒ අසා අරූ ‘තව වේලා ඇත. දැන් ම අප ඈත් කරවා ලුව මැනැවැ’යි යොධයාණන් නපුරු අදහසින් රඳවන නියා ව දැන ලා‍ දෝ කිවු ය. ඒ අසා යෝධයාණෝ ‘අද රඳව, වතු ත් නවාතැනු ත් අපගෙන්ම දෙම්හ’යි කිවු ය. උන් කෙසේ කීව ත් ගමනී තැනැත්තෝ රඳන්ට මැළියෝ ය. යෝධයාණෝ ත් මිනිසුන්ට කියා ලා ගැල නවත්වා ලා උන් රඳන්ට මැළි වුව ත් වාසල ලගින්ට නිල කොට ලා රෑට බත්තු නිල කලහ.

යෝධයාණන්ගේ ‍ගෙයි ත් මැණිකෙක් ඇත. ඌ ඒ මැණික අරුන්ගෙන් ගැල ලවා පියා පාන්දර වේලේ සොරුන් ගෙට වන් සැටියක් හඟවාලූ ය. උන්ගේ මිනිසුන් ‍ගෙයි තිබූ දෙය නො තුබූ දෙය සමන්නන්නේ ‘ස්වාමීනි, මැණික හැරගත්තු ය’යි කිවු ය. ඌ ගම් දොරකඩ රකවල් ලවා ලා ගමින් පිටත් ව යන්නවුන් අත මිට සමන් ව’යි කිවු ය. අමුතුව ලැගි තැනැත්තෝ ද උධෑසන ම ගැල ලදවා ගෙන නික්මුණාහු ය. ඉක්බිත්තෙන් උන්ගේ ගැල ත් බලන්නාහු තමන් බහා ලූ හෙයින් මැණික දැක ‘තෙපි බත් දී නවාතැන් දි නවතාලුවාට මැණික සඟවා ගෙන යවු දැ’යි මරා තළා පියා ඇර ගෙන ‘ස්වාමීනි, සොරු අල්වා ගතුම්හ’යි ගම් මුදලියාට පැවු ය. ‘අප නවාතැන් දුන්නේ යහපත් කෙණකුන්ට ‍නියා වේ දැ’යි කියා ලා ස්ත්රිනයක් නිසා නිවරදෙයි වරද සලසා ලා නිරපරාධ තැනැත්තවුන් මරවා තුමු සාපරාධ වූහ. මේ මුන් කළ පවුකම ය.



768 සද්ධර්මවරත්නාවලි ය

උයි ත් මිය අවීචියෙහි ඉපැද බොහෝ කල් පැසී පියා තව ත් පාප ය නො‍ ගෙවුණූ හෙයින් අත් බැව් සියයෙක මෙ ලෙසින් ම මළවු ය. පොලියට ගත් දෙයක් දී නො නිමි කලට පොලී සිටිනා සේ වක මුන්ගේ වරසක් නැත ත් එ වන කළ වරද ම වරදවා සිටී’ යි වදාරා ‘මහණෙනි, මේ සතුන් තමන් කළ පාපය ම උන් තමන් මිරික’යි වදාරා බණ වදාරන සේක ‘මහණෙනි, යම් සේ ගලින් ම වූ විදුරු ‘මේ අපගේ ජාතියේ ගල් වේ දැ’යි නො සිතා මැණික් ගල් සිදුරු කොට නිෂ්ප්ර්යෝජන කෙරේ ද, එ මෙන් තමා ගෙන් ම සිද්ධ වූ පාප ය මුන් නිසා වේදැ යි අප ඇති වූයේ ය’යි නො සිතා නුවණ නැති සත්ව යන් සතර අපාය නමැති යත ලා ලා මිරික’යි වදාළ සේක. දේශණා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ වඩුවෝ කළු හූ ගසා ලා හළ මනා තැන් සැස හරිත් ද, එ මෙන් බුදුන්ගේ අනුශාසනා ලෙසින් සිල් නමැති පොළොවෙහි පිහිටා සිට සැදැ නමැති අතින් නුවණ නමැති වෑය හැරගෙනඅකුසල් නමැති බොරු හර සැස හැර කුසල් හර පමණක් සිටුවා ගෙන නිවන් පුර වදනා වාසල් කරන්ට උත්සාහ කටයුතු.

144. දෙවදත්ත සඞ්ඝභෙදක වස්තු දෙක සංස්කරණය

තව ද යම් කෙණෙක් තෘෂ්ණා වශභයෝ වූ නම් අපායභාග් ව යටත් වත් මුත් උසස් වීම් නැති නියා ව හඟවන්ට දෙවදත්ත වස්තුව මුත් තමා‍ට අහිත ය ‍කොට ගන්ට මුත් හිත ය කොට ගන්ට නො පිළිවන් නියා ව හඟවන්ට සඞ්ඝභෙදක වස්තුව ත් කියමු.

කෙ සේ ද යත්-

එක් වහන්දෑ ධම් සෙබෙහි රැස් ව හුන් සේක් ‘ඇවැත්නි, දෙවිදතුන් නපුරු වූ ය. තමන් නපුරු හෙයින් තෘෂ්ණා වශඟ ව අජ‍ාසත් රජ්ජුරුවන් යහපත් තැනැත්තවුන් අදහස් නපුරු කරවා පියාණනු ත් මරවා උන්ට අධිගම අන්තරාය ත් කොට තුමූ ත් උන්ගෙන් ලාභ සත්කාර උපදවන්නෝ උපදවා ගත් ලොවීගුණ විශේෂයෙනු ත් පිරිහී තමන්ට වන අනර්ථ මදින් කොට ගත නුහුණු පමණක් මුත් බුදුන්ට ත් බොහෝ අනර්ථ කරන්ට උත්සාහ කොළෝ ය’යි වදාළ සේක. බුදුහු ඒ අසා මහණෙනි, තුලූ මට අනර්ථයට උත්සහා කරන්නේ දැන් මතු


144. දේවදත්ත සංඝභෙදක වස්තු දෙක 769

නො වන්නේ වේ ද? සසර සැරිසරා සිටිනා කල ත් උමංදායෙහි දී කේවට්ට බමුණු ව ආදි මා කෙරේ අමුතු නැත ත් ධර්මි යුද්ධයෙහි දි නළල උළා වණ කළ හෙයින් වෛර කොට ගෙන චූලනි රජ්ජුරුවන් ලවා මා මරවන්ට ප්රහයොග කොට ත් ගත නො හිණ. පරන්තප ජාතකයෙහි දී සතුරු රජුන් නුවර වට ලා ගත් කල්හි මා සටනට යන්ට කියා නපුරු කාරණයක් දැක මා යන්ට මැළි වුව ත් යවා ලා මරන්ට ප්රනයොග කළ ත් මම මාගේ උපදෙසින් ජීවත් ‍වීමි.

මේ තෙමේ සතුරන්ගෙන් ගැළවී වලට ‍ගොසිනු ත් පරන්තප නම් කොල්ලා අත නට යනාදින් නො එක් ජාතක වදාරා සැප ත් පිරිසට බණ වදාරණ සේක් ‘යම් කෙණෙක් පවිටු අදහස් ඇත්තෝ වූ නම් උන්ගේ ඒ පවිටු අදහස නිසා ඇති වූ අෂ්ටොත්තර ශත ප්රිභෙද වූ තෘෂ්ණාව යම් සේ සල් ගසකට හෝ අනික් ගසකට හෝ නැගී මාලුවා ලිය ය ගස වසා වැළඳ ගෙණ වැසි දවසෙක බොකු පත්වල පැන් සිට ගෙණ ලා ගස් බිඳ හෙළා ගෙණ ලා හැම ම වසා වළදී ද, එ මෙන් තෘෂ්ණාව යම් කෙණකුන්ගේ සන්තානයෙහි පැවැත්තේ වී නම් මාලුවා මාලුවා ලිය ය ත් සත්ව් සන්තාන නමැති රුක් වැළඳ විපාක දාන නමැති වැස්සෙන් භව නමැති බිම හෙළා ගෙන මිසක් ඔසවා ලිය නො දී වස යි. යම් සේ අනර්ථක නමැති සතුරෙක් ද තමා ත් ඒ සතුරා මෙන් කෙරෙයි’ වදාළ සේක. දේශනා‍ කෙළවර බොහෝ දෙන සෝවාන් ඵල ආදියට පැමිණියහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් සත්ව සන්ත‍ාන නමැති රුක් වලට තෘෂ්ණා නමැති ම‍ාලුව‍ා ලියය නැහී කුසල් නම‍ැති දළු හට ගත නො දෙන මුත් නුවණ නමැති යකඩ සැදෑ නමැති ගල ගා ගෙන තෘෂ්ණ‍ා නමැති ම‍ාලුව‍ා ලියය කපා අවිද්යාෂ නමැති මුලත් උදුරා දෙව්දත්තු සංඝ භේදයට උත්සාහ කරන්නෝ අනඳ මහ තෙරුන් වහන්සේ ‍සිඟා වඩනා ‍දැක තමන්ගේ අදහස කිවු ය. ඔබ අසා බුදුන්ට දැන්වූ සේක. කෙසේ දැන්වූ සේක් ද යත් ‘ස්වාමිනි, මම අද පෙර වරු රජගහා නුවරට සිඟා ‍ගියෙමි. සිඟන ගමනේ දෙවිදත්තු මා දුටුහු ය. දැක මා කර අවුත් ‘ඇවැත්නි, අද පටන් බුදුනු ත් හැර භික්ෂූ සංඝයා ත් හැර පොහෝ ත් ‍කෙ‍ෙරමි. ‍සෙසු සඞ්ඝ කර්ම ත් කෙරෙමී’ කිවු ය.




770 සද්ධර්ම රත්නාවලි ය

‘ස්වාමීනි, අද දෙවිදත්තු දහම නො දහම යනාදින් ගෙණ සතර දෙනකු ගෙන එක සිම පොහොය කෙරෙමින් සමඟ සඟුන් බිඳිනා නිසා පොහොය ත් කෙරෙති. සෙසුත් සඞඝ කර්මි කෙරෙති’ කී සේක. එ සේ කී කල්හි බුදුහු -

“සූකරං සාධුනා සාධු - සාධූ පාපෙන දුක්කරං, පාපං පාපෙන සුකරං - පාපමරියෙහි දුක්කරං”

යනු හෙයින් ‘ආනන්ද්යෙනි, යහපතක් කරන්ට යහපතුන්ට ම පිළිවන් මුත් පාපීන්ට නො පිළිවන. පාපීන්ට පිළිවන් පාප ය මය. එම පාප ය කරන්ට නිෂ්පාපීන්ට බැරි ය’යි වදාරා බණ වදාරාන සේක් ‘යමෙක් තෙමේ සාවද්ද1 වී නම් කළවුන් අපයෙහි උපදවා නම් සියලු ලෙසින් ම අහිතයක් එළවා නම් එසේවූ දෙය අනන්ත කාලයක අභ්යා ස ය ඇති බැවින් කරන්ට පිළිවන. යමක් කළ කල මෙ ලෝ පර ලෝ දෙකින් ම අනර්ථයක් නො වේද? ස්වර්ගේ ‍සම්පත්, මෝක්ෂ සම්පත් සාධා දී ලා ද එ සේ වු සුචරිත ය යට ගං බලා යන ගඟ නවතා අඩු ගං බලා කොට ලන්ට බැරියා සේ ඉතා බැරි ය. ආනන්තරික දෙකක් ම මූ කරණ තැනැත්තහු උපදවා ගත් පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති පමණකුත් තර කොට නුහුණූයේ තමාගේ ම පවිටු කමින් වේ දැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් සඞ්ඝ භේද ය ‍කළ දෙවිදතුන්ට වූ හානි දේවදත්ත වතින් ම දත් බැවින් පඤ්චානන්තරිය කර්ම‍යෙනු ත් දුරු ව ප්රාතණවධාදීනු ත් දුරු ව තුන් සුසිර පුරා අධිමුක්ති වූ පරිද්දෙන් ත්රිණවිධ බොධින් එක් තරා බොධියකට පැමිණිය යුතු.

145. කාළ නම් තෙරුන් වහන්සේ ගේ වස්තුව සංස්කරණය

තව ද කවුරුන් කුමක් කීව ත් මහ පිණැත්තවුන් කළ මනා දෙයක ම හැසිර වැඩ සාධා ගන්නා නියාව කාළ නම් තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වා කියමු.

කෙ සේ ද යත්-

සැවැත් නුවර එක් උපාසිකා කෙණෙක් කාළ නම් තෙරුන් වහන්සේට මවු තරමේ සිට උපස්ථාන කෙරෙති. උන්ගේ ගෙට ඉක් බිති ගෙවල ඇත්තෝ බුදුන් ගෙන් බණ අසා ලා ‘අවුත් අනේ! බුදුන්ගේ තරමක් අරුම නියා ය. බණ වදාරා පියන ලෙසකු ත්


1. සාවද්ද - ඇතැම් 145. කාළ නම් තෙරුන් වහන්සේ ගේ වස්තුව 771

විස්ම නියා ය. අප මෙ‍ තෙක් දෙනා වෙන වෙන ම සිත් ගෙන බණ වදාරන සේක. ශබ්ද මාධුය්ය්යා නම් කන මී හෝනා සේ ය. යනාදින් විස්තර කොට කියති. කාල තෙරුන් වහන්සේට උපස්ථාන කරණ උපසිකාවෝ ද ඒ කථාව අසා තෙරුන් වහන්සේට ‘ස්වාමිනි, මම ත් බුදුන්ගෙන් බණ අසනු කැමැත්තෙමි. මියුරු දෙය නම් කාට ත් මියුරු වේ දැ’යි කිවු ය.

උපසිකාවන්ගේ අදහස යහපත් පමණක් මුත් උන්ගේ දන් වැළඳුව’යි තෙරුන් වහන්සේ‍ගේ අදහස යහපත් නො වන බැවින් බුදුන් කරා යන ගමන ත් සිනෙනු ත් බඳ දුටු කල බාධා සේ, දී ලබන බතට හැනියක් වේ දෝ හෝ යි බාධා කළ සේක. උපාසිකාවෝ ද තමන්ගේ ඔබ ගමනින් වන ප්ර යෝජනයෙක් ඇත් නම් ඊට බාධාවක් කට හෙන්නවුන් නැති හෙයින් තුන් වාරයක් දක්වා ත් බණ අසන්ට යනු කැමැති ව කියා තුන් වාරයේ ම නැවතුව ත් සැඬ ව යන දියක් බැඳ රඳා ලිය නො හැක්කා‍ සේම යනු කැමති වූය.

තෙරුන් වහන්සේත් මෙ සේ ම නවතනේ හැයි ද යත් උන්ට වන උවදුරෙක් නිසා නොවෙයි. බුදුන්ගේ බණ අසා ඔබ පැහැද ගත්තු නම් තමන් වහන්සේ කෙරෙහි උදාසීන වෙති යි යන අදහසින. බුදුන්ගේ බණ අසා නිවන් දැක අචල ශ්රනද්ධාවෙහි පිහිටියෝ නම් මේ අදහස තර ව ගත්ති සිතා පිය ත් නො හී ය.

ඒ උපාසිකාවෝ ද එක් දවසක් උදෑසන ම බත් කා ලා පෙහෙව ගෙන ‘පුතණ්ඩ, මේ ගෙයි දී වළඳන ස්වාමීන් සොඳ කොට වළඳවා ලන්නැ’යි දුවණියන්ට සම්මත කොට ලා බුදුන් දකින්ට ත් බණ අසන්ට ත් විහාරයට ගියහ. දුවණියෝ ද වළඳන්ට වැඩි තෙරුන් වහන්සේ වළඳවා ලා ‘වැඩි මාලු උපාසිකවෝ කොයි දැ’යි විචාළ කල්හි ‘බණ අසන්ට විහාරැයට ගියහ’යි කිවු ය. උන් වහන්සේ ත් ඒ අසා මහා බඩ ගිනි ඇති ව’ මෙ තෙකට මා කෙරේ බිඳී යෙති’ වහ වහා විහාරයට ගොසින් බුදුන්ගෙන් බණ අසන්නවුන් දැක තමන් තා ගත නො හෙන්නවුන් අනුනු ත් කනු නො කැමැත්තා සේ උන්ගේ බණ ඇසීම ඉවසා ගත නො හී වදාරන බණට බාධා කරවනු නිසා බුදුන්ට ‘ස්වාමීනි, නුවණ මඳ වූය. තමන් නුවණ මඳ හෙයින් සියුම් බණ දැන ගත නො හෙති. ‘බිඳම් මුසු කොට නො වදාරා දන් දීම් ආදියෙහි විපාක පමණක් වදාළ යහපතැ’යි පරසිත් දන්නා බුදුන්ටු තමන් වහන්සේගේ අදහස් නපුරු නියාව හඟවා කී සේක.


772 සද්ධර්මේරත්නාවලි ය


බුදුහු ත් ඇඟිල්ල පෑලු කලට ඒ තබාලා අත් කර අල්වන්නා සේ කියා ලූ බස තිබිය දී අදහස දැන ලා ‘නුවණ නැති පාපි තැනැත්තව, කියා පියන්ට බසක් නැත්තා සේ මා කියන බණට තෙල ලෙස කුමට කියයි ද? කෙ තෙක් බණ පිරිස් හුන ත් එකි එකී තැනැත්තන් සිත සො ළොස් සොළොස් ආකාරයකින් බලා පරීක්ෂාඑ කොට ලා උන් උන්ගේ අදහස් ලෙසට බණ කියන තරම් දෙසනා විලාසයක් ඇති මම දත මනා දෙයින් කුමකුත් නො දන්න තොප වැන්නවුන් කි ලෙස බණ කියම් දැ’යි වදාරා ලා බණ වදාරණ බුදුහු ‘නුවණ නැති සත්වයෝ තමන්ට වන ලාභයට හානි වේ දෝ හෝ ‍යි යන නපුරු අදහස නිසා දෙන දනට බාදා කොට හෝ අසන බණට බාධා කොට හෝ තව තව ත් කරණ පින් කමට බාදා කොට කියත් නම් බුදු සස්නට පටහැනි ලෙස කියා මේ ලොව අයසස් හා පර ලොව අපාය දුක් ලැබෙති. එ ලෙසින් උන්ට පැවැති පවිටු අදහස හුණ ගසින් තල ගසින් ඇති වූ හුන වී තල ඇට එ ම හුණ ගස් තල ගස් නසන්නා සේ පවිටු අදහස් ඇත්තවුන් ම නස යි’ වදාළ සේක.

දේශනා කෙළවර තෙරුන් වහන්සේ නැවතුව ත් නො නැවත බණ අසන්ට ආ උපාසිකාවෝ අපාය ගමනින් නැවත සෝවාන් වූහ. උන් ලද්දා වූ සෝවාන් ඵල ය කේල් කැන් - කිතුල් කැන් - හුණ වූ ආ‍දි ය ප්රියෝජනවත් වන්නා මෙන් ම ක්රකම ක්රනමයෙන් සංසාරොත්පත්ති නැති කිරිමට හේතු වීමෙන් මහා ප්රෙයෝජන විය. සෙසු ත් බොහෝ දෙනාට ප්රැයෝජන විය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කුසල් විෂයෙහි කරණ බාධා, බාදා කොට නො සිතා කුසලයෙන් නැවතෙන ගමනු ත් අකුසලනේ ම නැවත සසර ගමන් නැවැතිය යුතු.

146. චූළකාල උපාසකයන්‍ ගේ වස්තුව සංස්කරණය

තව ද නො කළ වරදකු ත් කළ ලෙසට සැලසී ජීවිත හානියට නිල ව තුබූ අකුශල කර්ම යෙක් ලං ව ගත නොහිණි නම් වන හානි නැති නියාව හඟවන්ට චූළ කාල උපාසකයන් ‍ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

මහා කාළ වත කියන ලද ලෙසින් ම එක් දවසක් උමං සොරු උමං බිඳ ගෙන ගෙට වස්තු ස්වාමීන්


146. චූලකාළ උපාසකයන් ගේ වස්තුව 773

ලුහුබඳවා ගත් ගමනෙ ත් විහාරයට ගොසින් රාත්රිු බණ අසා පියැ උදාසන විහාරයෙන් නික්ම සැවත් නුවරට එන චූලකාළ උපසාකයන් ලඟට සොරා ගත් දෙය දමා පියා සොරා පලා ගියහ.

මිනිස්සු උන් දැක ‘මූ රෑ සොක කම් කොට පියා පින් කරන්නා සේ ඇවිදිති. තුලුන් අල්වව’යි කියා ලා අල්වා ගෙන මරන්ට වන්හ. කළ මිඬියෝ පැන් තොටට යන්නාහු උන් දැක ‘තුලුන්දෑ එබන්දක් කරණදෑ ද? මුන්දෑ එ තරමක් නො කරණ නියාව කවුරු නො දනිද්ද? මුන්දෑට ගැහැට කට නො හැක්කැ’යි නො එක් කාරණා කියා හරවා පූ ය. චූල කාළ උපාසකයෝ ද විහාරයට ගොසින් ‘කළ මිඬියන් නිසා මුත් හැසිල්ලෙකින් ම නටුයෙමි’ වහන්දෑට කිවු ය. වහන්දෑ බුදුන්ට දැන් වූ සේක. බුදුහු ඒ අසා මහණෙනි, චූල කාළයෝ කළ මිඬියන් නිසා ත් මූ තමන් එ බන්දක් නො කළ යෙහිනු ත් ජීවිතය ලද්දෝ ය’යි බණ වදාරන සේක් යම කෙණෙක් ප්රාීණවධාදි වූ පව් කොළෝ නම් ඌ නරකාදී වූ අපායට තුමුම තමන් කෙලෙසති.

යම් කෙණෙක් පවින් දුරු ව දානාදි වූ පින්කම හැසුරුණාහු නම් ඌ ස්වර්ග සම්පතට ත් නිවන් සම්පතට ත් පැමිණ තුමූ තමන් ම පිරිසිදු වෙතා. කළ කුශලානුභාවයෙක් ඇත් නම් කළ වුන්ට මය. එක් කෙණකුන් කළ අකුසලින් අනික් කෙණකුන්ට අපායට පැමිණෙන්නේ ත් නැත. එක් කෙණකුන් කළ කුසලින් අනික් කෙණකුන් ලොවී ලොවුතුරා සැප ත් ලබන්නේ ත් නැත. සසර රඳා සිටිත ත් සසරින් ගැළ වෙත ත් තම තමා ම කොට ගත් දෙයකැ’යි වදාළ සේක. දේශනා කෙළවර චූලකාළ උපාසකයෝ තමන් කළ පිනින් තුමු සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙන තම තමන් කළ පිනින් තුමු තුමු ම සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සර්ව ඥවරයන් පැරුම් බිම දි පිරූ දානාදි පුරුම් ඔබට ම බුද්ධත්වය හා සාධා දී ලන පමණක් මුත් අනික් තැනකට ප්රුත්යෙධක බොධි ය හා ශ්රා වක බොධිය සාදා දි නො ල යි. ඒ තැන්ගේ ප්රකත්යෙයක බොධියට හා ශ්රා්වක බොධියට කළ පින් බුදුවරුන් වහන්සේගේ සම්ය ක් සම්බොධි ය සාධා දි ලන්නේ නො වෙයි. එහෙයින් තමා ම කොට ගත් දෙයකැ’යි සිතා පින්කම හැසිර ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු.


774 සද්ධර්ම රත්නාවලි ය

147. අත්තදත්ථ‍ තෙරුන් වහන්සේ ‍‍ගේ වස්තුව සංස්කරණය

තව ද අත් වැඩ පර වැඩ හැසිරෙත් මුත් අත්වැඩ හැර පියා පර වැඩෙහි ම හැසිරීම යුක්ත නොවන නියාව හඟවනු නිසා අත්තදත්ථ තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

බුදුන් පිරිනිවන් පානා සමයෙහි වහන්දෑ බණවා ලා ‘මහණෙනි, මම මෙ තැනට සාරමසක් ගිය කල පිරිනිවන් පාමී’යි වදාළ කල්හි සත් සියයක් පමණ පාථග්ජන වහන්දෑ සසර භය ඇති ව බුදුන් අත් නො හැර ම බුදුහු ත් පිරිනිවන සේක. අපි ත් අපට තව දක්වා පිහිටක් කට නුහුණුවම්හ. කුමක් කරමෝ දැ’යි කුශල සන්නිශ්රි ත කථා කරණ සේක. ඉන් අත්තදත්ථ. නම් තෙරුන් වහන්සේ ‘බුදුහු වැළි ත් සාර මසක් විතරින් පිරිනිවන් පාලා සේක්ල. මම ද වැළි ත් පෘථග්ජනයෙමි. බුදුන් පිරිනිවන් නො පානා තෙක් රහත් වන්ට උත්සාහ කෙරෙමි. වහන්දෑ ලඟට ගොසින් කථා කිරීමෙන් හස්සාරාමත්ථට ය සිද්ධ වත් මුත් භාවනාරාමත්ථ.ය කට නො හැක්කැ’යි වහන්දෑ ලඟට නො යන සේක. වහන්දෑ ත් තමන් අප ලඟට නො යන්නේ ත් හැයි ද? කථා නො කරන්නේ ත් හැයි දැ’යි කියා ලා බුදුන් කරා ගෙන ගොසින් එ පවත් කී සේක.

බුදුහු ත් ඔබගේ ම අදහස හඟවනු නිසා ‘කුමක් නිසා ඒ ලෙස කරවු දැ’යි විචාල කල්හි ‘ස්වාමීනි, නුඹ වහන්සේ නැඟි හිර තිස් පැයකින් ගල හෙන්නා සේ සාර මසක් විතරින් පිරිනිවන් පානා සේක. දවාල වත් වත් බකමුහුණන්ට අඳුරු වන්නා සේ සර්විඥ සූය්ය් සේයා පහළ ව පන් සාලිස් හවුරුද්දෙන් සාර මසක් විතර තුබූ හෙයින් අනුපධි‍ශේෂ නිර්වුණ ධාතු නමැති හස්ත ගිරියට පැමිණෙන්ට ත් ආසන්න විය. තව දක්වා ත් මාගේ මොහඳුරු දුරුවන්ට නොව අඳුරු වම තිබෙයි. එ හෙයින් මුඹ වහන්සේ පිරිනිවන් නොපානා තෙක් රහත් වන්ට උත්සාහ කෙරෙමී’යි කී‍ සේක. බුදුහු ත් සාධූකාර දෙවා වදාරා ‘මහණෙනි, යම් කෙණෙක් මට ගෙන් ගතු වූවාහු නම් උන් අත්තදත්ථරයන් මෙන් වුව මැනව. සුවඳ මල් ආදියෙන් මට පූජා කරණ කෙණෙක් ඇත්නම් ඌ මට පූජා කළ නම් නො වෙති. මට පූජා කළා නම් ප්රඌතිපත්ති පූජා ම ය.

එ‍සේ හෙයින් කවුරුන් වුව ත් අත්තදත්ථ්ය්න මෙන් විය යුතු ය’යි බණ වාදරණ සේක් ‘අනුන්ට දහසක් වටනා තරම් ප්රටයෝජන නිසා ත් තමහට වන්නා වූ ‍දෙවියට සම‍ාරක් විතර වුව ත් ප්රරයෝජන ගිහීන් විසින් නො පිරිහෙළිය යුතු. ස්වල්ප මාත්රරයක් වුවත් 148. දහර භික්ෂූ කෙණකුන් වහන්සේ ගේ වස්තුව 775

තමහට වත් මුත් අනුන්ට වන්නා වූ ප්රණයෝජනයෙන් තම හට ප්රතයෝජන නැත. මෙ තැන වැළි ත් කමටහන් මුඛයෙන් කියන ලද. එහෙයින් අතුවැඩ නො පිරිහෙළමි’ කියා සඞ්ඝයා වහන්සේ පිළිබඳ කට යුතු වේව යි උපාද්ධ්යාහය වත් ආදි ය වේව යි නොපිරිහෙළි ය යුතු ය. ආභිසමාචාරික වන්හි හැසිරෙන්නාහු ම මාර්ග ප්රිතිවෙධ ය පල ප්රපතිවෙධ ය කට හෙති. එ හෙයින් හැම ත් අත් වැඩ ම ය. යම් කෙණෙක් වඩනා ලද වීය්ය්තිව ඇත්තෝ වූ නම් ‘අදින් සෙටින් අධිගමය කෙරෙති’යි සිතන තරමට තිබේ නම් උන් ඇදුරු වත් ආදි ය හැර ත් උදවුව සිදධ වන අධිගමය ම සිද්ධ කට යුතු ය. අභිසමාචාරිකවතු ත් අධිගම සිද්ධි ය නිසා ම කරණ හෙයින් අධිගම ය උදවුව සිද්ධ වේ නම් අභිසමාචාරික ය හළ ත් වරද නැතැ’යි වදාල සේක. දේශනා කෙළවර අත්තදත්ථළ තෙරුන් වහන්සේ රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙනා නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පර වැඩ කරම්හ යි අත් වැඩ නො හැර අත් වැඩ කරම්හ යි පර වැඩත් නො හැර පර වැඩ හැසිරෙන්ට බැරි වී නම් අවැඩෙහි නො හැසිර පිළීවන් වී නම් අත් වැඩ පර වැඩ දෙකෙහි ම හැසිර නිවන් වැඩ සාධා ගත යුතු.


148. දහර භික්ෂූ කෙණකුන් වහන්සේ ගේ වස්තුව සංස්කරණය

තව ද සත්ව යන්ගේ අදහස් දැන්ම බුදුන්ට මුත් සෙස්සන්ට අවිෂ ය නියාව හඟවන්ට දහර භික්ෂූ කෙණකුන් වහන්සේ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

එක් තරා කෙණකුන් වහන්සේ බාල නමක් කැඳවා ගෙණ උදාසන ම විශාඛාවන්ගේ ගෙට වැඩි සේක. විහාඛාවන්ගේ ගෙයි ත් නිරන්තර ව පන් සියක් දෙනා වහන්සේට කැ‍ඳෙක් නිල ව තිබෙයි. තෙරුන් වහන්සේ එ තැන දි කැඳ වළඳා පියා බාල නම් එ තැන රඳවාලා තමන් වහන්සේ බත් වළඳන්ට අනික් ගෙයට වැඩි සේක.

එ සමයෙහි විශාඛාවන්ගේ මිනිබිරි කෙණෙක් මුත්තණියන් සේ ම වහන්දෑට මෙහෙ ‍කෙ‍ෙරති. උයි ත් බාල නමට පැන් පරහා දෙන්නෝ සැළ පැන ඡායාවෙන් තමන්ගේ මූණ බලා සිපූ ය. බාල නම ත් කුමාරිකාවන්ගේ මූණ බලා සි පූ සේක. කුමාරිකාවෝ උන් වහන්සේ සිපූ නියාව දැක ‘මේ හිස කැපුයේ මා දැක සිනා සෙයි’ කිව. ඒ අසා බාල නමත් ‘තෝ හිස


776 සද්ධර්මසරත්නාවලි ය


කැපූ විය. තොගේ මව ත් හිස කැපූ විය. තිගේ පියෝ ත් හිස කැපුවෝ ය’යි ඝටාබිණූදෑ ය. ඈ හඬා ‍ෙගන මුත්තණියන් විශාඛාවන් දන් පිසන තැනට ගොසින් හැඬී ය. ‘කුමක් ද පුතඬැ’ යී කි කල්හි එ පවත් කිවු ය. විශාඛාවෝ බාල නම ලඟට අවුත් ස්වාමීනි, බාල දරුවන් කියා දෙයට මුසුප්පු නුනුව මැනව. හිස කේ කපා පියා කපා කළ සිවුරු පෙරව ගෙණ මැටි කබලක් හැර ගෙණ සිඟා කන කල තෙල විතරයක් නො ඉවසත් දැ’යි කිවු ය.

ඒ අසා බාල නම ‘එ සේය, උපාසිකාවෙනි, අප හිස මුඩු ‍නියාව ත් පවුල් සිවුරු පොරෝනා නියාව ත් තුමූ ම දනිති. හිස කැපූයේ ය’යි කියාලා බණන්ට ත් තමන්ගේ ම මිනිබිරියන්ට තරමැ’යි කි සේක. විශාඛාවෝ දෙ පක්ෂි ය ම බාල හෙයින් පාල නම ත් ගිවිස්වා ලිය නො හෙති. මිනිපිරියනු ත් ගිවිස්වා ලිය නො හෙති. ඒ වේලාට තෙරුන් වහන්සේ අවුත් මේ කිම් දැ’යි විචාරා එ පවත අසා දැන බාල නමට අවවාද කරන සේක් ‘ඇවැත්නි, නො දොඩව, හිස කේ කපා පියා පවුල් පෙරව ගෙන මැටි කබලක් හැර ගෙණ දොර දොර සිඟා කා ඇවිදිනා කල තෙල තරම් බිණීමු ත් බිණීමි ද? ඉවසව’යි වදාළ සේක. ‘එ සේය, ස්වාමීනි, තෙල තරමෙක මට බැණ ලූ තැනැත්තවුන්ට කුමකු ත් නො කියා මුඹ වහන්සේ ත් මට ම දොඩන සේක් ද? උන් බිනුයේ බිණුයේ ම දැ’යි කී සේක. තෙරුන් වහන්සේත් විශාඛාවනු ත් බාල ගනමගේ අදහස් දන්ට නුවූයේ ය.

එ වේලාට බුදුහු ත් එ තැනට වැඩ මේ කිම් දැ යි විශාඛාවන් විචාළ සේක් ‘විශාඛාවෝ එ පවත් දැන්වූ’ ය. බුදුහු ත් ඒ බාල නම සෝවාන් වන්ට කළ පින් ඇති නියාව දැන යහපත් දෙයක් ලබන්ට නිසි දරු කෙණකුන් නපුරු දෙයක ඇවිටි කරන කල ඒ ඇවිටි හරවන්නා සේ ම ‘මූ මට නැමි ලුව මනා වෙයි’ සිතා විශාඛාවන්ට ‘කුමක්ද, විශාඛාවෙනි, තොපගේ මිනිබිරිය හිස කේ කපා පී පමණකට, පවුල් පෙරවි පමණකට, පාත්රියෙන් සිඟා කන පමණකට, තෙල ලෙස බිණිය හැකිද? මහණ සරුප් නො වන හෙයින් හිස කෙහෙ නො කපන්නේ ත් කෙසේද? නො කපා හළ සිවුරට චෞරොපද්රසව ඇති හෙයින් කපා කළ සිවුරු නොවළඳින්නේ ත් මිනිබිරියන් එ ලෙස කියන්ට වි කාරණ කවරේදැ’යි වදාළ සේක. බාල නම ‍ද දෝත් මුදුනේ තබා ගෙන ‘ස්වාමීනි, මිනිසුන්ගේ තරම් පදම් අපගේ උපාද්ධ්යා යයන් වහන්සේ හා විශාඛාවන් ම දනුත් මුත් මුඹ වහන්සේට හැ‍ෙඟ් දැ’යි කි සේක.


149. සුදොවුන් මහ රජ්ජුරු‍වන්ගේ වස්තුව 777

බුදුහු ත් බාල නම තමන් වහන්සේට නැම‍ුණු නියා ව දැන බණ වදාරන සේක් ‘යම් අකුසලයක් නරකාදියෙහි උපදවා දුක් විඳීමෙන් හා නො එක් ලෙසින් හින ලෙසට පමුණූවා නම් එසේ වූ හීන තරමේ නො පවත්නේ ය. පමා විම නම් සසරින් නො මිදි මට ම කාරණ හෙයින් ප්ර මාද ව ත් නො විසි ය යුතු ය. සම්යොක් දෘෂ්ටියට විරුද්ධ මිථ්යාන දෘෂ්ටිය ත් දිශවියත්හුගේ බෑයා මිථ්යාි දාෂ්ටි බලයෙන් බුද්ධාන්තර සූ සැටක් නරක දුක් ගත් හෙයින් නො ගන්නේ ය. යමෙක් මිසදිටු ගෙන වෙසෙත් නම් සසර දික්වන හෙයින් ලොව වඩන්නා නම් වෙති. එ ලෙස නො වඩා හිල සමාධ්යා දි ගුණ වඩන්නේය’යි වදාළ සේක. දේශනා කෙළවර කුඩා සිඟිත්ති ය කියා ලූ බසට මුසුප්පු වූ වහන්දෑ නම බුදුන්ගේ බසට සතුටු ව එකඟ සිතින් බණ අසා සෝවාන් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන්ත දුටහ.

එ හෙයින් සත් පරුෂයන් විසින් හීන වු අකුශලයෙහි නො හැසිර උතුම් වූ කුසලයෙහි හැසිර සගමොක් සිද්ධ කටයුතු.


149. සුදොවුන් මහ රජ්ජුරු‍වන්ගේ වස්තුව සංස්කරණය

තව ද තක් පුඬුවලින්1 විහාරවල ගෙන්නවා වළඳන්නාට ත් වඩා එක් විසි අන්වෙෂණයෙන් හැර භික්ෂානටන වශයෙන් පාත්ර පය්ය්න පන්නය ම උත්ම නියාව හඟවන්ට සුදොවුන් මහ රජ්ජුරුවන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

බුදුහු බුදු ව ලා පළමු ගමනින් කිඹුල් වත් නුවරට ගොසින් නිග්රො ධාරාමයට වැඩ නෑ කමින් හා වයසින් මූකුරා සිටි නියාවට නො වඳුම්හ’යි සිතා හුන් නෑයන්ගේ මන් බිඳිනා නිසා ගුණෙන් උසස් ලෙසට අහස්හි රුවන් සක්මන් මවා එහි සක්මන් ‍කොට බණ වදාළ සේක. නෑයෝ ත් පැහැද සුද්ධොදන රජ්ජුරුවන් පටන් හැම දෙන ම වැන්දාහ. එක් ලක්ෂට සැට දහසක් නෑයන් රැස් වූ තන්හි කැමැත්තවුන් තෙමෙන හෙයින් හා තෙමෙනු නො කැමැත්තවුන් ඇඟ පොද නො වැකී නෙළුම් පත්වල වට වැසි සේ නො තෙමෙන හෙයින් හෝ ය, නොහොත් නෙළුම් පතක් සා වැසි වලාවක් ඇති වලා ක්රෙම ක්රනමයෙන් මහත් ව වස්නා වැසි ය.


1. කත්පිඩුවලින් - ඇතැම් 778 සද්ධර්මවරත්නාවලි ය


ඒ අරභයා කථා අපන් කල්හි ‘මහණෙනි, මේ පොකුරු වැස්ස මෙ තෙක් නෑයන් රැස් ළුූ තැන වටුයේ දැන් මතු නො වෙයි.

යට ගිය දවස සඳ මහ රජ්ජුරුවන් හා ඵුසති බිසොවුන් හා වෙස්සන්තර රජ්ජුරුවන් හා මද්රි් බිසොවුන් හා ජාලිය කුමාරයන් හා කෘෂ්ණජිනාවන් හා හිමවත වක් ගල් කුසට එක් තැන් වූ කල්හි දු පොකුරු වැසි වට’යි වදාරා වෙස්සන්තර ජාතක ය වදාළ සේක. බණ අසා යන එක් ලක්ෂ සැට දහසක් විතර නෑයන් අතුරෙන් එක ද කෙණකු ත් ඔවුනො‍වුන් අත් බලා දෝ නො හොත් ආදි දවස් සුදොවුන් මහ රජාණන්ට නිල වුව මනා හෙයින් දෝ ආරාධනා නො කළහ. රජ්ජුරුවෝ ද ‘ම පුතණුවන් වහන්සේ මාගේ ගෙට නො වැඩ අනික් කොයි වඩනා සේක් දැ’යි ආරාධනා නො කොට ම ගියහ. ගොසින් විසි දහසක් රහතන්ට ත් බුදුන් ට ත් කැඳ අවුළු පත් ආදි ය සපයා ලා හසුන් පනවා ලූය.

දෙ වන දවස් බුදුහු සිඟා වඩනා සේක් ‘කුමක් දෝ? පූර්ව් බුද්ධචරයෝ පිය රජුන්ගෙන් නුවරට ගොසින් ඉඳුරා ම පිය රජ්ජුරුවන්ගේ ගෙට ම සිඟා යෙත් දෝ නොහොත් ගෙ පිළිවෙළීන් සිඟු දෝ හෝ’යි බලන සේක් - ගෙ පිළිවෙළින් සිඟු නියාව දැන නුවර පළමු ලෙයි පටන් සිඟ සිඟා නික්මුණු සේක. එ පවත රජ්ජුරුවන්ට කිවු ය. රජ්ජුරුවෝ සළු ව එකතින් ගෙන වහ වහා අවුදින් බුදුන් වැඳ ලා ‘හැයි පුතණුවන් වහන්ස, මා කුමක් නිසා නසන සේක් ද? මට මුඹ වහන්සේ සිඟීම නිසා ලජ්ජා බලවත. විසි දහසක් රහතන්ට තබා විසි ලක්ෂ යක් හරතන්ට ත් මා දන් දී ලිය නො හෙතො ත් මුත් මාගේ ප්රිභූ ශක්ති ය ඇති කල මෙ ලෙස කෙළේ හැයි ද? මෙ ම නුවර රන් සිවි ගෙවල් ආදින් ඇවිද බුදු ව පින් ගෙවුනා සේ දැන් සිඟා ඇවිදීම යුක්ත ද? මට මෙ සේ ම ලජ්ජාව උපදවා පූයේ හැයි දැ’යි කිවු ය. ‘මහ රජ. තොපට ලජ්ජාව උපදවන්ට නො වෙයි. මාගේ කුල පරම්පරා පවත්වමී’ වදාළ සේක. ‘කුමක් ද? පුතණුවන් වහන්ස, අපගේ කුල පරම්පරාවෙහි සිඟා කන්නවුන් ඇති නියා දැ’යි විචාළෝ ය.

‘මහ රජ, මේ කුල පරම්පරාව තොපගේ නො වෙයි. මාගේ කුල පරම්පරාව ය. නො එක් දහස් ගනන් බුදුවරහු සිඟා ම ජිවත් වූ හ’යි වදාරා බණ වදාරන සේක් සිඟා නො ගොසින් දන් ගෙනෙන තෙක් විහාරයේ ම රැක හිඳීම යුක්ත නො වන හෙයින් ගෙ පිළිවෙළින් සිඟා ලබන ආහාරයෙහි නො පමා වන්නේ ය.


150. පන්සියයක් දෙනා වහන්සේ ගේ වස්තුව 779

කුහන - ලබනාදී වු මිථ්යාෙජීවය හැර සුචරිත ධර්ම යෙහි දෝ හෝ නොහොත් දවස දවස සිඟී මෙහි හැසිරෙන්නේ ය. මෙ ලෙස පවත්නෝ මෙ ලොවත් පර ලොව ත් සුව සේ දවස් යවද්ද, හැසිල්ලෙක වුවත් භික්ෂාමචාරා සඞ්ඡ්යාදත කුශල ධර්මතයෙහි ම හැසිරෙන්නැහ. වෙසියාදි අගෞරවයෙහි නො හැසිරෙති. මෙ ලෙස කළ කෙණෙක් ඇත් නම් ඌ මෙ‍ ලොව ත් සුව සේ දවස් යවති. උන්ට මෙ ලොව ත් ධර්මත ජීවිකාව හෙයින හානි නැත. පිළිවෙත් නිසා සිඟන සිඟමන් හෙයින් පර ලොව ත් හානි නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර රජ්ජුරුවෝ ලබන්නා වූ ධර්ම’ සංග්රසහ ය ක්රාම ක්රුමයෙන් ලබන්නා සේ සෝවාන් වූහ. එ තැනට තව ත් පැමිණියෝ ලොවී ලොව්තුරා සැපතින් නො සිස් වූ හ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පිණ්ඩචාරික භික්ෂූන් භික්ෂාවටනයෙහි නො පමා වන සේ කුසලයෙහි නො පමා ව ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xviii&oldid=5694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි