සද්ධර්ම රත්නාවලිය- xvii

130. සුඛ සාමණේර වස්තුව

සංස්කරණය

තව ද කුසලයෙහි ම අනුසස් දක්වනු සඳහා සුඛ සාමණේර වස්තුව කියමු.

කෙසේ ද යත්-

යට ගිය දවස බරණැස සිටානන් ගේ ගන්ධ ක කුමාරයෝ ය’යි පුතණු කෙණෙක් ඇත. රජ්ජුරුවෝ උන්ගේ පියාණන් මළ කල උන් ගෙන්වා ලා ශොක තුනී වන ලෙසට අස්වාසා ලා ඒ කුමාරයන්ට මහ පෙරහරින් සිටු තනතුරු දුන්හ. ඌ එ වක් පටන් ගන්ධහක සිටාණෝ ය’යි ප්රසසිද්ධ වූහ.

ඉක් බිත්තෙන් උන්ගේ භාණ්ඩාගාර ගෙය බලන තැනැත්තෝ වස්තු තිබෙන ගබඩාවල දොරවල් හැර ලේකම් කියවා ‘ස්වාමීනි, මෙ තෙක් වස්තු මුඹගේ දෙ මවු පියන් සන්තක දෙය ය. මේ මේ මුතුන් මී මුතුන් ආදීන් සන්තක ය’යි වෙන වෙන ම පෑවූ ය. උයි ත් ඒ වස්තු රාශි ය දැක ‘කුමක්ද ද? ඒ අපගේ දෙ මවු පිය ආදීහු නො ‍ෙගණ ගියෝ දැ’යි විචාළෝ ය. ස්වාමීන්, මිය පරලොව යන කල තමන් කළ කුසල් ගෙණ යත් මුත් යටත් පිරිසෙයින් කොකු මස්සක් විතර ත් ‍ෙගන යන්නෝ නැතැ’යි කිවු ය. ගන්ධතක සිටාණෝ සිතන්නෝ ‘ඌ හැම දෙන තමන් නුවණ නැති හෙයින් උපයා රැස් කොට තබා ලා ගියහ. මම වැළි ත් මිය පර ලොව යත ත් හැර ගෙණ ම යෙමී’ සිතූ ය. සිතන ගමන ත් දන් පින් විෂයක් නො සිතා ‘මේ සියල්ල ම අනුභව කොට නිමවා පියමි. එ‍ සේ කලට භාවිත කළ දෙයක් මෙන් කැටි ව ගෙණ ගියා හා සරි ය’යි සිතූහ.

එ සේ සිතා ලා ඌ තුමූ ‘නුවණින් කෙරෙමි’යි සිතූ පමණක් මුත් නුනුවණින් ම මසු ලක්ෂ‍යක් දී ලා පිළිවහණ මුවා නහන කොටුවක් කැරවූහ. එ සේ ම මසු ලක්ෂසයක් දී ලා නාන්ට දෑවාණමය පෝරුවක් කැරවූහ. එ සේ ම මසු ලක්ෂ යක් දී ලා බත් කන්ට හිඳිනා පලහක් කැරවූහ. ලක්ෂැයක් ම දීලා බත් කන්ට රන් තළියක් කැරවූ ය. තව ත් ලක්ෂැයක් ම දී ලා බත් කන තැන මණ්ඩපයක් කැරවූ ය. ලක්‍ෂයක් ම දී ලා බක් තන තළි ය තබන්ට මොරවයක් කැරවූ ය. ලක්ෂතයක් ම දීලා බත් කන නියා හැම දෙනාට පෙනෙන්ට සී මැඳුරු කවුළු දොරක් කැරවූ ය.

මෙ සේ ඒ හඅමයට සත් ලක්ෂ්යක් වියදම් විය. තමන්ට දාවල් බතට ආදි ය නිසා මසු දහසක් දෙති. රෑට

130. සුඛ සාමණේර වස්තුව 719

බතට ත් අංගාණියට හා සෙසු ත් වුව මනා දෙයට මසු දහසක් දෙති. පුර පසළොස්වක ත් අව ප‍සළොස්වක ත් බත් කෑමට වියදමට මසු ලක්ෂ් ය ලක්ෂප ය දෙවති. ඒ පොහෝ දවස් දෙකෙයි දී ලක්ෂටයක් දීලා නුවර සරහවා ලා ‘ගන්ධක සිටාණන් බත් කන ලෙස බලන්ට හැම දෙන රැස් වුව මැනැවැ’යි නුවර බෙර ලවති. බොහෝ දෙන ත් රැස් ව බත කන ලීලා බලන්ට මැසි මත්තේ මැසි බඳිති. ගන්ධක සිටානෝ ද නහන කොටුවේ නහන පෝරුවේ හිඳි ගෙන සුවඳ පැන් සොළොස් කළයකින් නා පියා සී මැදුරු කවුළු ව හැර ලා පළඟ පිට හිඳිති. උන් ඉදිරියේ මොරවය තබා ලා ඊ මත්තේ රන් තළි ය තබා ලා අගය කළ කලට ලක්ෂ යක් වටනා බල බා ලති. උයි ත් නළුවන් පිරිවරා ශ්රීස සමෘර්ධීන් යුක්ත ව බත් කති.

පසු ව කලක දි එක් පිටිසර වැසි එකෙක් තමාට වුව මනා දෙයක් හැර ගන්නා නිසා කර පළා ආදි ය ගැලෙක ලා ගෙන නුවර ට අවුත් යාළුවාණ කෙණකුන්ගේ ගෙයි නවාතැන් ගත්හ. එ දවස් වැළි ත් පසළොස් වක් දවස ය. ‘ගන්ධක සිටාණන් බත් කන ලෙස් බැලුව මැනැවැ’යි නුවර බෙර ලැවූ ය. අමුතු ව අවුත් නවාතැන හුන් පිටිසර වැසි තැනැත්තවුන්ට ‘මිත්රැයාණෙනි, ගන්ධඛ සිටාණන් බත් කන සැටි දුටු විරූ ඇද්දා’යි විචාරා නුදුටු විරීමි’යි කී කල්හි ‘තෙල බෙර ලවන්නෝ ඒ බලන්ට යනට ය. වරො, වම්හ’යි නුවර හිඳිනා තැනැත්තෝ පිටිසර වැසි තැනැත්තන් කැඳවා ගෙන ගියහ.

බොහෝ දෙන ත් විස්ම පත් ව බලති. පිටිසර වැසි තැනැත්තෝ ඒ බතෙහි ආලයක් ඇති ව මිත්ර යාණන්ට ‘තෙල බත් තළියෙන් බත් පිඩකට ආසා ඇති විය’යි කිවු ය. ‘සබඳ, ඊට ආලයක් නො කරව. ඒ ලද නො හැක්කැ’යි කිවූ ය. ‘සබඳ, ඒ නොලදිම් නම් ජීවත් විය ත් නො හෙමි’යි කිවු ය.නුවර වැසි තැනැත්තෝ කියා ගිවිස්වා ගත නො හි පිරිස් කෙළවර සිට ‘ස්වාමීනි, මුඹ වඳිමි’යි තුන් විටක් කොට වැඳ හඬ ගා ලා ‘කවුරුදැ’යි විචාළ කල්හි මම ය. ‘ස්වාමීනි, යි කිවු ය. ‘කුමකට දැ’යි විචාළ කල්හි ‘මේ පිටිසර වැසි එකෙක් තමාගේ පින් නො සලකා තෙල බත් තළියේ බතින් බත් පිඩකට ආල ය කෙරෙයි. එක බත් පිඩක් දෙවුව මැනැවැ’යි කිවු ය. මෙ ලෝ කාරිය මුත් පර ලෝ කාරියෙහි සිතිවිල්ලක් නැති හෙයින් දෙන්ට බැරි ය යි කිවු ය. ‘සබඳ ඇසුවෙහි වේ දැ’යි බල ආල ය කළ පිටිසර වැස්සාට කිවු ය. ඇසිම් ම ය.




720 සද්ධර්මිරත්නාවලි ය

එ තකු දු වුව ත් සිටාණන් දී ලන්ට මැළියා සේ ම මම ත් ආලය හැර ලන්ට මැළියෙමි. නො ලදොත් මියෙමී’යි කිවුය.

නුවර වැසි තැනැත්තෝ ‘ස්වාමීනි, තුලු තිලින් බත් පිඩක් පමණ නො ලද්දෝ නම් මියෙ ත් ල. උන් රැක සසර සිටිනා තෙක් බොහෝ කලක් ජීවත් වන්ට හෙතු කළ මැනැවැ’යි කිවු ය. සිටාණෝ කියන්නෝ පින්වත, මින් බත් පිඩෙක් නම් සියයකු ත් දෙසියකු ත් වට්ටි. තුලුන්ට දූන් නියා බලා යම් යම් කෙණෙක් ඉල් වූ නම් උන් උන්ට දෙන කලට අප අනුභව කරන්නේ කිම් දැ’යි කිවු ය. කෙ සේ වුව ත් ආල ය තරවු හෙයින් නොලදුදු නම් මූ තුමූ මියෙති. තිලින් පිඩක් දුන්නොත් උන්ට ජීවිතය ත් දුන්නා නම් වන සේක. දෙන්ට ම වුව මැනව. තුලුන් පිටිසර වැසි හෙයින් ආල ය කළ බව මුත් නුවර ඇත්තෝ ඊට කුමට ආල ය කෙරෙත් දැ’යි කියා ත් තරයේ ම කිවුය. ‘නොමිලයෙක දෙන්ට බැරි ය. නො ලදොත් ජීවත් නො වෙත් නම් තුන් හවුරුද්දක් විතර අපගේ ගෙට බැල මෙහෙ කරන්නා බත් පිඩක් තබා බත් තළියක් ම දෙවා ලමි’යි කිවු ය.

පිටිසර වැසි ත් ඒ අසා ‘සබඳ, යහපතැ’යි කියා ලා අඹුදරුවනු ත් හැර එක් බත් තළියක් වුව ත් ඉන් සිද්ධ වන ප්රුයෝජන බොහෝ හෙයින් දෝ තුන් හවුරුද්ද තුන් මසක්, තුන් දවසක්, තුන් පැයක් කොට ත් නොසි තා සිටාණන්ගේ ගෙට බැළමෙහෙ කරන්ට අවුත් කළ මනා බැළ සේ සකස් කොට ම‍ කෙරෙති. ගෙයි වේව යි දඩ වේව’යි දාවල් වේව යි රෑ වේව යි යම් මේයක් ඇත්නම් මුන් ‍ගෙන් ම නිමන්නා සේ තිබෙ යි. බත් බැළයා කියා ඒ නමින් ම සියලු නුවර ප්රකසිද්ධ විය. එක් දහස් අසූ දවස පිරුණු කලට බත් බෙදා දෙන තැනත්තෝ ගන්ධක සිටාණන් කරා ගොසින් ‘ස්වාමීනි, බල් බැළයාට තුන් හවුරුද්දේ එක් දහස් අසු දවස පිරිණ මෙ තෙක් දවසේ බැළ මේ කරණ ගමනේ එක් දවසෙක ත් අඩුවක් නො පෑ මෙහෙ කළ නියාව යහපත් ම ය’යි කිවු ය. සිටාණෝ ත් ඒ අසා තමන්ට දෙ වේල බලට පොහෝ දවස හෙයින් දෙ ලක්ෂ යක් හා බත් බැළයන්ට දාවල් බතට තමන් කන තරමේ හෙයින් ලක්ෂ යෙකැ යි තුන් ලක්ෂ්යක් දෙවා ලා ‘අද මට කළ මනා පෙරහරෙක් ඇත් නම් බල් බැළයන්ට ම කරව’යි කියා ළා ‘චින්තාමණි’ නම් අපගේ සිටු දුවණියන් හැර සෙස්ස මුළුල්ල ම ද ද උන්ට ම කළ මනා දෙය කළ මැනැවැ’යි කියා ලා සියලු සම්පත් ම බත් බැළයන්ට නිල කළහ.


130. සුඛ සාමණේර වස්තුව 721


බත් බැළයාණෝ ද සිටාණන් නානා පැනින් උන් ම නහන කොටුවේ උන් ම හිඳිනා ගල්පෝරුවේ හිඳ නා පියා උන් හඳනා සළු හැඳ උන් බත් කන්ට - හිඳිනා පලහ ම හුන්හ.

ගන්ධ ක සිටාණෝ ‘බත් බැළයෝ ගන්ධක සිටාණන්ගේ ගෙට තුන් හවුරුද්දක් බැළ මේ කොට බත් තළියක් ලද්ද. උන් බත් කන සැටි බලන්ට නුවර වැස්සන් අව මැනැවැ’යි නුවර බෙර ලැවූ ය. බොහෝ දෙන ත් මැසි මත්තේ මැසි ලා ගෙණ බලති. බැලූ බැලූ තැන් වෙව්ලන්නා සේ විය. නළුවෝ ත් පිරිවරා ‍ගෙණ සිටියහ. එක් දහස් අසූ දවසේ කළ මෙහෙ බලත් බත් තරමට එක දවසක නො කළා හා සරිය. බත් තළිය ත් ගෙනවුත් ඉදිරියේ තබාලූ ය. බත් කන්ට ය යි අත සෝදන වේලාට ගඳමහන්1 පව්වේ නන්දේ මූලක නම් ලෙණ වසන පසේ බුදු කෙණකුන් වහන්සේ නිරොධ සමාපත්තියට සම වැද සත් වන දවස් නිරොධයෙන් නැඟී ‘අද සිඟා කොයි යෙම් දෝ හෝ’යි බලන සේක් බත් බැළයන් බත් කන්ට හුන්නවුන් හැම දෙනා බලන හෙයින් තමන් වහන්සේ ත් බැලුවා සේ දුටු සේක.

දැක ත් ‘මූ තුමූ හවුරුදු ගණනින් තුන් හවුරුද්දක් හා මස් ගණනින් ස තිස් මසක් හා දවස් ගණනින් එක් දහස් අසූ දවසක් හා පැය ගණනින් සිවු සැට දහස් අට සියක් පැයෙහි මෙහෙ කොට ත් බත් තළියක් ලද්ද. බත් තළි ය නිසා ගත් දුක් මහත. දුක් නිසා ඇති වන සැදෑ ත් ඇත. මූට සැදෑ ඇද්දෝ හෝ’යි විමසන සේක් සැදෑ ත් ඇති නියාව දැන ‘සැදෑ ඇත ත් සමහර කෙණෙක් සංග්රුහසීලි නො වන හෙයින් සංග්ර හ ‍කට නො හෙති. මේ තෙමේ සංග්රමහ කට හේ දෝ හෝ’යි බලන සේක් සංග්රංහ ත් කටහෙති. කළ සංග්ර.හ ලෙසට මහා සම්පතු ත් ලැබෙ යි දැන, ගැටවටු ගන්වා සිවුරු වැළඳ ගෙණ පාත්ර ය පටවා ගෙණ දකුණු මුහුද ගමන් ගත් නැවක් මෙන් අහසින් අවුත් බිමට බැස ලා උන්ට ඉදිරිව බලා සිටි සේක.

බත් බැළයෝ ත් පසේ බුදුන් වැඩ සිටි නියාව දැක ‘පෙර මා දනක් දී ලිය නුහුණු හෙයින් එක බත් තළියක් නිසා තුන් හවුරුද්දක් මුළුල්ලෙහි අනුන්ට බැළ මෙහෙ කෙළෙමි. එ තෙක් කලින් ලත් බත් තැළි ය රැක ලා නම් දවසක් මුත් වඩා රැක ලිය නො හෙයි. ඉදින් මේ බත් තළිය මුන් වහන්සේට දන් දිනිම් නම්



1. ගඳමදන් 722 සද්ධර්මයරත්නාවලි ය

ඔබගේ සහායෙන් කප් කෙළ දහස් ගණන් මා රැක ලයි. මේ සිටාණන් මෙ තෙක් දවස් කා ගිය බව මුත් තැනෙක හෙළා නුලූව ත් මම මේ බත් තළිය මුන් වහන්සේට දන් දෙමි’ තුන් හවුරුද්දෙකින් ලත් බක් තළියෙන් එක බත් පිඩක් පමණ ත් හැර නො ගෙණ දඬු පත් සපයා නැත ත් දවසකින් ඉදි කළ ගෙයක් විදා පීම කල් නො යන්නා සේ තුන් හවුරුද්ද මුළුල්ලෙහි පැවැති රස තෘෂ්ණාව ඇසිල්ලකින් සිඳ පියා නිවන් රෙසෙහි ලෝභයෙන් තුමූ ම තළි ය ඔසවා ගෙණ පසේ බුදුන් ලඟට ගොසින් තළි ය එක් කෙණකුන් අතට දී ලා ලොවී ලොව්තුරා සැපත් පිහිටුවනු නිසා පසඟ පිහිටුවා වැඳ ගෙණ තළි ය වමතින් අල්වා ගෙණ දකුණතින් පසේ බුදුන්ගේ පාත්රියට බත් පිළිගන්වති. පසේ බුදුහු ත් බතින් භාගයක් දුන් කලට පාත්රේ ය අතින් වසා ගත් සේක.

බත් බැළයාණෝ ‘ස්වාමීනි, මේ එක් කෙණකුන්ට මුත් වඩා නො සෑහෙන බත දෙ භාග කරන්ට බැරි ය. මේ නිසා ලබන සම්පත් ලොවී ලොවුතුරා විසින් දෙකක් වත ත් මේ බත දෙකක් කරන්ට බැරි ය. මෙ ලොවින් සංග්රුහයකට සිතා වදාරන්ට නො කැමැත්තේ ය. කරණ සංග්රෙහයක් පර ලොවින් ම කරණ බව ය. දෙවන සම්පත් නිරවශේශ කොට දෙවන්නා සේ මේ බත ත් නිරව. ශේෂ කොට පිළිගත මැනව. හැමම පිළිගන්වමි’ කියා ලා බත් තළි ය ලබන්ට ඇති වූ උත්සාහ විතරටත් දීමට උත්සාහ බලවත් ව නිරවශේශ දානයෙහි විපාක බලවත් හෙයින් සියල්ල ම දන් දී ලා පසේ බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, මේ බත් තළි ය නිසා තුන් හවුරුද්දෙක ගත් දුක් පමණ නැද්ද, මේ බත් තළි ය නිසා කප් කෙළ දහස් ගණනේ දුකෙක් නො වේවයි, කොට නිමි වොටුන්නේ ඔබන මැණිකක් මෙන මේ බත් තළි ය නිවණින් කුළු ගනීව’යි පතා ගත්හ. පසේ බුදුහු ත් ‘තොපගේ පාර්ථනා පෙර දෙ පොයෝ සඳ පරිද්දෙන් ද චින්තාමාණික්යුයක් මෙන් ද සමෘද්ධ වේ වයි වදාරා ‘මෙ තැන් රැස් වූ බොහෝ දෙන ත් මා ගඳමහන් පව්වට යන තෙක් ම බල බලා සිටිත් ව යි ඉටා ලා අහසින් ගඳමහන් පව්වට වැඩි සේක.

බොහෝ දෙන ත් ඔබගේ අධිෂ්ඨාන බලයෙන් බල බලා ම සිටියහ. පසේ බුදුන් වහන්සේ ත් ඔබ වැඩ එක බත් තළයෙන් උන්ට සිද්ධ වන සැපතු ත් බොහෝ නියාව හඟවන්නාක් මෙන් පන් සියයක් පසේ බුදුවරුන් වහන්සේට බෙදා දුන් සෙක. හැම තැන් ම යපෙන පමණ පිළිගත් සේක.




130. සුඛ සාමණේර වස්තුව 723


බත මඳක් වුව එ තෙක් දෙනා වහන්සේට සෑහී ගියේ කෙසේ ද? බත් බැළයාණෝ දෙ භාග කළොත් පසේ බුදුන්ට මඳ වෙතී’ දෙ භාග නො කළෝ වේ ද? එ සේ කලට මේ කෙ සේ වූ නියාදැ යි සෘද්ධි විෂයෙහි අනිකක් නො සිතිය යුතු ය.

බොහෝ දෙන ත් ගිය පසේ බුදුන් වහන්සේ පන් සියයත් පසේ බුදුන්ට බත් දෙන නියා ත් සෑහුණු නියා ත් දැක මෙතෙක් කලෙක තමන් මේ තරම් විස්මයක් නුදුටු විරූ හෙයින් සාධු කාර දහස් ගණන් දුන්හ. බත් බැළයාණන් ‍ගේ දන් නමැති වැස්සට ජනයන්ගේ සාධූකාර නමැති මේඝ නාද ය ඇති විය.

ගන්ධක සිටාණෝ ත් ඒ අසා තමන් බත් කන දවස් පන් සියයකට තබා එක කෙණකුන්ට ත් දීමක් ම නො පෙනෙන හෙයින් විස්මයක් නැත්තාට ආශ්චය්ය්න්ටය ත් නැති හෙයින් සාධුකාර කොලාහලය අසා ‘බත් බැළයා මා නිල කළ සම්පත ධරාලිය නො හෙන නියා ය. රැස්වූවන් ඒ නිසා කොක්සන් ගසන නියා ය’යි සිතා එ පවත් දන්නා පිණීස මිනිසුන් එවූ ය. උයි ත් අවුත් ඒ විස්මය දැන සැපත් ලබන කෙණකුන් තෙල ලෙස ලදමනා වේ දැයි පැවති පවත විස්තර කොට කියා ලූය. සිටාණෝ ද ඒ අසා පස් වනක් ප්රී තීන් පිනා ගොසින් අනේ උන් කළ දෑ යහපත. අද එක දවසින් මේ සා පිණක් අත බැඳ ගත්හ. මම මෙ තෙක් කල් මුළුල්ලෙහි මේ සා සම්පතකෙ පිහිටා ත් පර ලොවින් කිසි ත් ප්රතයෝජනයක් කට නුඑහුණූයෙමි. කෑරලුන් මහොත්සාහයෙන් විද ගත් සිදුරු වලින් ගිරවුන් ප්රයයෝජන විඳිනා සේ මා රැස් කළ සම්පතින් වුවමනා ප්රියෝජන විඳින්නෝ බත් බැළයානෝ ය’යි උන් කැඳවා ගෙන්වා ලා ‘තොප මෙ බන්දක් කෙළේ සැබෑදැ’යි විචාරා ‘සැබැවැ’ කී කල්හි ‘හිඳ, මේ දහස හැර ගෙන තොප දුන් දනෙහි පින් අපට දෙව’යි කිවූ ය. උයි ත් ගිවිස ‘ඇවිළෙමින් සිටි පානින් කෙ තෙක් පාන් ඇවුළුව ත් පාන් තුඩ තෙල් ගෑවී ගොහාව බවත් වන්නා සේ මා දුන් දනෙහි පින් කෙතෙක් දෙනා හැර ගත ත් පින් දීම ත් වස්තු පරිත්යාඇග ය සේ දීම ම වන හෙයින් යම් තාක් දෙන පින් ගත්තු නම් ඒ තාක් ම පින් වඩනා හෙයින් එක බත් තළි ය බත් .තළි දෙකක් වුව ත් යහපතැ’යි මසු දහස හැර ගෙණ පින් දුන්හ.

ගන්ධක සිටාණෝ නො මැළිව පින් කම දීලු හෙයින් සමාධි ව තමන්ට‍ දුන් පිනට දහස මඳ හෙයින් තමන් සන්තක සම්පත් දෙ භාගයක් කොට පියා එක් භාගයක් දුන්හ. දුන් දනෙහි


724 සද්ධර්මහරත්නාවලි ය

විපාක මෙ ම ජාතියෙහි ලබන්ට දන් පිළි ගත් සේක් පසේ බුදුන් හෙයින් වස්තු සම්පදාව ත් ඇත. ලබන බත් තළි ය බැළ මෙහෙ කොට ලත් බැවින් ධාර්මික වුව යි ප්ර ත්යලය සම්පදාව ත් ඇත. ආදි මධ්යාිවසාන වූ ත්රිකවිධ චේතනාව සොම්නස් සහ ගිය ඥාන සම්ප්රතයුක්ත චේතනා හෙයින් චේතනා සම්පදාව ත් ඇත. පසේ බුදුන් වහන්සේ නිරෝධයෙන් නැඟි හෙයින් ගුණාතිරෙක සම්පදාව ත් ඇත. නිරොධ සමාපත්තීන් නැඟී අනාගාමි තැනකට වේව යි රහත් තැනකට වේව යි දැහැමින් සෙමින් ලත් දෙයක් ත්රිතවිධ චේතනා ශුද්ධි ය කොට ගෙන පසේ බුදුන් සමයෙක වුව ත් බුදුන් සමයෙක වුව ත් දුන් කලක දී නො නිමවන ‍පමණක් මුත් මෙම ජාතියෙහි දී විපාක දෙයි දත යුතු. එහෙයින් සිටාණන්ගෙන් සැපත් ලත්හ.

පසුව රජ්ජුරුවෝ ත් මුන් කළ පින් අසා ගෙන්වා ලා මසු දහසක් ද‍ී පින් හැර ගෙන ලත් පිණට සතුටු ව මහත් සම්පත් දී සිටු තනතුරු දුන්හ. භත්තභතික සිටාණෝ ය යි ප්රටසිද්ධ වූහ. උයි ත් ගන්ධක සිටාණන් හා මිත්රන ව ගෙන පින් කරන්නෝ ආයු පමණින් සිට අයින් සැව දෙව් ලොව ඉපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දිව සැපත් වළඳා මේ අපගේ බුදුන් සමයෙහි දෙව් ලොවින් චුත ව සැවත් නුවර සැරියුත් මහ තෙරුන් වහන්සේගේ උපාසක කුලයෙක පිළිසිඳ ගත්හ. මෑණියෝ ද ගල පෙරහර ලදින් දවස් ගණනක් ගිය කලට සැරියුත් මහ තෙරුන් වහන්සේ ඇතුළු වූ පන් සියයක් දෙනා වහන්සේට නො එක් රසයෙන් යුත් බතක් දී ලා රන් වන් පිළියක් හැඳ ගෙන රන් තැටියක් පෑ ලා පන් සියක් දෙනා වහන්සේගේන් ඉඳුල් බත් හරවා ගෙණ හසුන් කෙළවර හිඳ අනුභව කෙළෙම් නම් යහපතැ’යි දොළ ඇති ව එ ලෙස ම කොට දොල සන්හිඳුවූ ය.

සත් මසින් සුණු ගෑම් ආදිවු සෙසු මඟුලෙ ත් එ ලෙස ම කොට පුතණු කෙණකුන් වදා - නම් තබන දහස් පුතණුවන්ට නම් දෙන්නට සුරියුත් මහ ‍තෙරුන් වහන්සේ ත් මුන්ට නම් කවරේ දැයි විචාරා ‘ස්වාමීනි, මේ දරුවන් බඩ පිළිසිඳ ගත් තැන් පටන් මේ ගෙයි කිසි කෙණකුන්ට ත් දුකෙක් නැත. එ හෙයින් සුභ කුමාරයෝ ය යි යන නම ම වී නම් යහපතැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ත් ඒ නම තබා වදාළ සේක. මෑණීයෝ ම පුතුන්ට යම් අදහසෙක් ඇති වී නම් ඊට බාධාවක් නො කෙරෙමි’යි සිතූ ය. බත් කවන මඟුල් ආදි



130. සුඛ සාමණේර වස්තුව 725

යෙහි ත් ආදි ලෙස ම නො එක් රස ඇති භෝජන ය සැරියුත් ස්වාමීන් මුල් වූ පන් සියක් දෙනා වහන්සේට දුන්හ.

කුමාරයෝ ත් සත් හැවිරිදි අවස්ථාවෙහි මෑණියන් වහන්ස, මහ තෙරුන් වහන්සේ ලඟ මහණ වනු කැමැත්තෙමී’යි කිවු ය. ‘යහපත, පුතඬැ’යි මහ තෙරුන් වහන්සේ ආරාධනා කොට ගෙන්වා වළඳවා ලා ‘ස්වාමීනි, ම පුත්තු මුඹ වහන්සේ ලඟ මහණ වනු කැමැත්තෝ ය. සවස වෙහෙරට කැඳවා ගෙන එම්හ’යි මහ තෙරුන් වහන්සේ විහාරයට යවා පියා කුමාරයන්ගේ නෑයන් එක් කරවා ලා’අපගේ දරුවන් ගිහි ව වුව මනා මඟුල් පෙරහර අද ම කරම්හ’යි කියා ලා පුතණූවන් රජවෙස් ගන්වා සරහා ලා මහ පූජාවෙන් වෙහෙරට ගෙණ ගොසින් මහණ කරවන්ට මහ‍ තෙරුන් වහන්සේට පාවා දුන්හ.

මහ තෙරුන් වහන්සේ ද ‘සිල් රක්ෂා කිරීම නම් ත්රි මද ගලිත හස්තීන් කිඳි මුලින් බැඳ රඳවන්නා සේ බැරි දෙයෙක. සිල් රක්ෂා් ‍කට හෙවු දැ’යි විචාරා වදාල සේක. ‘වදාළ ලෙස ම කෙරෙමි’ කී කල්හි තව පඤ්ඤක කමටහන් දී මහණ කළ සේක. දෙ මවු පියෝ ද මහණ මඟුල් කරන්නෝ සතියක් මුළුල්ලේ තුමූ ඇතුළු වෙහෙර ම රඳා හිඳ බුදු පාමොක් සඟනට නො එක් රස ඇති භොජනය දි සත් වන සවස් වේලෙහි නුවරට ගියහ. අට වැනි දවස් සැරියුත් මහ තෙරුන් වහන්සේ වහන්දෑ වැඩපී කලට වෙහෙර කළ මනා වත් කොට ලා සුඛ සාම‍ණේරයන්දෑ ලවා පාත්රපය ත් සඟළ ත් ගෙන්වා ගෙන ගමට සිඟා නික්මුණු සේක.

හෙරණුන්දෑ ත් අතුරු මඟ දී ඇළ ආදිය දැක පණ්ඩිත හෙරණුන්දෑ මෙන් විචාරා පණ්ඩිත හෙරණුන්දෑට වදාළ ලෙසින් ම මහ තෙරුන් වහන්සේ වදාළ කල්හි වදාළ කාරණ අසා ‘ඉදින් මුඹ වහන්සේ පාත්රේය හා සඟළ හැර ගත් සේක් නම් මම රඳමි’ කියා ලා මහ තෙරුන් වහන්සේ හැර ගත් කල්හි මහ තෙරුන් වහන්සේ වැඳ ලා රඳන සේක් ‘ඉදින් ස්වාමීනි, මා වළඳන්ට බතක් ගෙනෙතොත් උතුරුකුරු දිව බතක් සේ නො එක් රස ඇති බතක් ගෙනෙව මැනැවැ’යි කි දෑය. ‘හෙරණෙනි, කොයින් ලබමෝ දැ’යි විචාළ සේක. බත් තළි ය බාධාවක් නැති ව දුන්නා සේම බාධාවක් නැති ව ලැබෙන නියාව දැනෙන බැවින් මුඹ වහන්සේ පිණින් නො ලබතත් මාගේ පිණින් ලැබෙන සේකැ’යි කී දෑය. මහ තෙරුන් වහන්සේ ද ගෙයි දොර හරනා කෙස්ස දෙවා ලා ගමට සිඟා වැඩි සේක.



726 සද්ධර්මේරත්නාවලි ය

හෙරණුන් දෑ ද විහාරයට ගොසින් මහ තෙරුන් වහන්සේ සැතපෙන ගෙයි දොර හැර ගෙට වැද ලා දොර පියා වැද හිඳ භාවානවට පටන් ගත් සේක. උන්දෑගේ ගුණානුභාවයෙන් සත් දෙවිඳුහුගේ හස්න හුණු විය. ශක්ර්යෝ කුමක් නිසා දෝ හෝ’යි විමසන්නෝ හස්න හුණු කර වූ සුඛ සාමණේරයන්දෑ උපාද්ධ්යාෝයයන් වහන්සේට පාසිවුරු දි ලා මහණ ධම් කරන්ට වෙහෙරට ආ සේක. මහ පිණැත්ත්වුන් මහණ ධම් කරන තැනට නො ගොස් ‍හිඳිනා හෙයින් හින්ද නො දී යවන්ට වූවා සේ හස්න හුණු වුව. අපිත් යම්හ’යි සිතා සතර වරමුන් කැඳවා ලා ‘තෙපි ඇම ගොසින් විහාරාසන්නයෙහි හඬා අරගල කර්ණි රවන්1 කුකුළු ආදී පක්ෂීන් දු පලවාව’යි ඒ වෙහෙරට උන් යවූහ.

උයි ත් එ ලෙස කොට ලා භාවනාවට විරුද්ධ දෑ සන්හිඳුවනු නිසා වට රකවල් ගත්හ. චන්ද්රර - සූය්ය්රක දෙදෙනාට ත් හෙරණුන්දෑගේ කුශලයාණණ් කරණ දෙයක් කොට නිමවා ලන තෙක් තොප තොපගේ විමන් රඳවා ගෙන සිටුව’යි විධාන කළහ. උයි ත් මිත්ර යාණ කෙණකුන් හඹා දිවන සතුරු කෙණකුන් ඒ මිත්රවයානන් නිරුපද්ර ව තැනකට ගොස් වැද යන තෙක් අල්වා රඳවන කලක් මෙන් තමන් තමන්ගේ විමන් නො යා දි රැඳවූහ. තුමූ ත් ගබඩාවේ අගුළු කණුව ගාවා රකවල් ගන්හ. විහාරය ත් සියලු ලෙසින් නිශ්ශබ්ද විය. හෙරණුන්දෑ ත් එකඟ සිතින් විවසුන් වඩා අනාගාමි වූ දෑ ය.

මහ තෙරුන් වහන්සේ ත් ‘හෙරණානෝ නිවන් රස වළඳා ඉක්බිති ‍වළඳන්ට දෝ නො එක් රස ඇති භෝජනයක් ගෙනෙන්ට කිවු ය. කොයින් ලද හැකි දෝ හෝ’යි බලා සැදෑ ඇති කුලයක් දැක උන්ගේ ඔබ සිඟා වැඩි සේක. උයි ත් දැක සමාධි ව ආරාධනා කොට පාත්රේ ය හැර ගෙන වඩා හිඳවා ලා කැඳ අවුළුපත් වළඳවා ලා ඔබ බත් වළඳන තෙක් තමන් දහම් රස වළඳන්ට බණට ආරාධනා කළහ. ඔබ ද සරිතව්යත වූ බණ කථා වදාරා ලා වේලාව සලකා බණ වදාරා නිමවූ සේක. ඔබට නො එක් රස ඇති භෝජනය දි ලා ඒ හැර ගෙන විහාරයට වඩනා කැමැති නියාව දැන ‘වළඳන බව ය. හැර ගෙන වඩනට දෙම්හ’යි කියා ලා වළඳා අන්තයෙහි නො එක් රස ඇති භොජන ය පාත්රව ය පුරා දුන්හ. මහ තෙරුන් වහන්සේ ද ඒ හැරගෙන හෙරණුන් උදෑසන ත් වැළඳු


1. සමන් කැකැළු - සපන් කැකුළු



130. සුඛ සාමණේර වස්තුව 727

දෙයක් නැත‍ි බැවින් නිවන් රස වළඳා සිත් පිරූ නමුත් බඩ සා වේ දැයි වහ වහා වෙහෙරට නික්මුණු සේක.

බුදුහු ඒ දවස් වේල‍ාපස ම වළඳා විහාරයට වැඩ ගඳකිළීයේ හුන් සේක් අද සුඛ සාමණේරයෝ සිඟා ත් නො ගොසින් මහණ ධම් කරන්ට රැඳුණවු ය. කාරි ය සිද්ධ වී දෝ හෝ’යි බලන සේක් අනගැමි වූ නියාව දැන තවත් පරීක්ෂා් කරණ සේක් ‘හුන් හස්න නුගුළුවා දැන්ම රහත් විය හෙති. ශාරිපුත්රෙයෝ හෙරණුන් බඩසා යැ’යි කියා ලා වහා බත් හැර ගෙන අවුත් නිවන් රස වළඳා නිමවා පියා නො දි බත් වළඳවති. උන්ගේ ගමන මඳක් පමා කරවණු නිසා මා ගොසින් දොරටුවේ රකවල් ගත මනා වේ දැ’යි සිතා ගඳ කිළියෙන් නික් ම සර්වඥ කමට නො හිඳ දොරටුවේ රකවල් ගත් සේක. මහ තෙරුන් වහන්සේ බත් ගෙන ආ සේක. පණ්ඩිත සාමණේර වත විචාරා වදාළ ලෙසින් ම ප්රතශ්න සතරක් විචාළ සේක. විචාළ ප්ර ශ්න විසඳා කෙළවර හෙරණු න්දෑ සව් කෙලෙසුන් ගෙවා සිවු පිළිසිඹියා පත් රහත් වූ දෑ ය.

බුදුහු සැරියුත් මහ තෙරුන් වහන්සේට ‘හෙරණුන්ට බත් ගෙණ ගොස් දෙව’යි වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ත් ගොසින් දොර නිය පිටින් ගසා ලු සේක. හෙරණුන්දෑ ත් අවුත් දොර හැර ලා මහ තෙරුන් වහන්සේට කළ මනා වත් කොට ලා වළඳව’යි වදාළ කල්හි මහ තෙරුන් වහන්සේ ත් වළඳන්ට පැරැත්ත ගෙණ ‘ඔබ දී ම අපි වැළඳුම්හ’යි වදාළ කල්හි සත් හැවිරිදි හෙරණුන්දෑ මහණ වූ අට වැනි දවස් රහත් ව අටඟ සලකා පස් විකා ගෙණ වළඳා ලා පාත්ර ය සෝධා ගත් දෑය. පාත්රා ය සෝධා නිම වන්නා ම සතර වරම්මු තමන් ගත් රකවල් හලවූ ය. චන්ද්රට - සූය්ය්ධා දෙ දෙන සිටි විමනු ත් හලවූ ය. සක් දෙවිඳන් අගුළු කණුව මුල රකවල් හලවූ ය. ඉර ත් මුදුනෙන් ඇල වීය. වහන්දෑ ත් හිර මුදුනෙන් ඇල වූ හෙයින් ‘පස් වරු වේ ලා ය. හෙරණුන්දෑ ත් වැලඳූ ය.

වේලාව කුමක් දෝ හෝ’යි කථාව ඉපැද වූ කල්හි ‘මහණෙනි, මහ පිණැත්තන් මහණ ධම් කරණ කලට මෙ ලෙස ම වෙයි. අද සතර වරම්මු වෙහෙර වට කොට හෙරණුන්ගේ අධීගමාන්තරාය වලකා රකවල් ගත්හ. චන්ද්රව - සූය්ය්ය දෙ දෙන වේලා නො වරදනා නිසා විමන් දෙක රඳවා සිටුවූ ය. සක් දෙවිඳු අගුළු කණුව මුල රකවල් ගත්හ. අනුන් ගෙන් ම මෙහෙකෙරවා ආ මම පවා මහ පින් ඇත්තවුන්ට දොරටුවේ රකවල් ගතිමි. අද සුඛ සාමණේරයෝ



728 සද්ධර්මඇරත්නාවලි ය

දියළුවන් සිත් පිත් නැති පැන් ඇළවලින් තමන් කැමැති තැනට ගෙන යන නියා ද, හී වඩුවන් හි දඬු හැද හරනා නියා ද, දඬු වඩුවන් දඬු පත් කප කපා සැස ගෙන රථ සක් ආදිය කරණ නියා ද‍ දැක අනි ත් අරමුණක් නැති ව ලා එ ම අරුමුණු කොට ගෙන රහත් වූ ය’යි වදාරා අරමුණු සරි හෙයින් පණ්ඩිත සාමණේර වත වදාළ බණ ම වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් පුර දුටහ.

එහෙයින් නුවණැත්තවුන් විසින් අරමුණූ බැඳ රඳවා ඇළ වලින් දිය ගෙනයන්නවුන් ඒ දිය ගෙන යන නියා ත් හී වඩුවන්, සිත් පිත් නැති ද‍ඬු පවා ගින්නට පෑ තව කපා සැස ගෙන දැව වළලු ආදි ය කරණ නියා ත් දැක තම තමාගේ දෘෂ්ටි මානාදීන්ගේ වශයෙන් තද ව වක් ව තිබෙන්නා වූ සිත් පනත් කොට ගෙණ කුශල් විෂයට මෙහෙයා ගෙන පින් කම හැසිර ඒ කුශලානුභාවයෙන් භව භෝග සම්පත් වළඳා කෙළවර නිවන් සම්පත් සාධා ගත යුතු.

131. විශාඛාවන් යෙහෙළියන් ගේ වත

සංස්කරණය

තව ද සත් පුරුෂ සමාවායෙහි ම යහපත හඟවන්ට විශාඛාවන් යෙහෙළියන් ‍ගේ වත දක්වමු.

කෙ‍ සේ ද යත්-

සැවැත් නුවර පන් සියක් පමණ කුල දරුවෝ සුවඳ වසා ලූ පතු ත් සුවඳ වහනය කරන්නා සේ මෙ ලෙස කල කල ත් යහපත් වේ දෝ හෝ යි තමන් තමන්ගේ අඹුවන් යහපත යොදුන් නිසා විශාඛාවන්ට පාවා දුන්හ. ඔහු පන් සිය ත් උයනට වේ වයි වෙහෙරට වේව යි යන කල විශාඛාවන් හා කැටි වම යෙති. ඌ එක් සමයෙක සතියක් විතර සුරා උත්සවයක් පැවැත්ත මැනැවැ යි රදොල් විදානයෙක් වූ කල තමන්ගේ ස්වාමීන්ට රායක් පිළියෙළ කළහ. ඔහු ද සතියක් සුරෝත්සවය කොටලා අට වැනි දවස කෘෂි වණික් ආදි වූ මෙහෙයට විධාන කොට බෙරක් ලැවු කල්හි කර්මාවන්තයට ගියහ. ඒ ගෑනු පන් සියයද ‘අපි අපගේ ස්වාමීන් ලඟ දි රායක් බි පිය නො හෙමිහ. ඉතිරි රා ත් ඇත. උන්ට නො හඟවා බොම්හ’යි විශාඛාවන් ලගට ගොසින් විශාඛාවන් වහන්ස, උයන බලන්ට යනු කැමැත්තම්හ’යි කියා යහපත, එ සේ වී නම් කළ මනා දෙය කොට ලා එව’යි කී කල්හි


131. විශාඛාවන් යෙහෙළියන් ගේ වස්තුව 729

සඟවා රායක් ගෙන්වා ගෙණ විශාඛාවන් කැටිව ම ගොසින් බළලුන් ඇස පියා ගෙණ දි කන්නා සේ පර ලොවට හැගෙත ත් විශාඛාවන්ට නො හඟවා උයනේ දි රා බී ලා මත් වූහ.

ආදි නො දත ත් විශාඛාවෝ පසු ව දැන ලා ‘මුන් හැම කළ දෑ නපුර. ‘මහණ ගොයුම්හුගේ ශ්රාසවිකාවරු රා බී ඇවිදිති’යි තීර්ථයෝ මට ත් එක් කොට ලා බෙණෙති’ සිතා උන් හැම බණවා ලා තොප හැම කළ දෑ නපුර. එක් වූ පමණකින් මට ත් අයස ඉපැද වුව. තොප හැමගේ ස්වාමිහු ත් කිපෙති. දැන් කුමක් කරවු දැ’යි කිවු ය. ‘ලෙඩක් ගසා ගනුම්හ’යි කිවු ය. ‘මා තොප රා බොන්ට කීයෙ ත් නැත. ලෙඩ ගසන්ට කියන්නේ ත් නැත. වී වපුළ කෙණෙක් වී දකිති. හමු වපුළ කෙණෙක් හමු දකිති. තොප කළ දෙයින් ‍තොප ම මා මුසු නො කරව’යි කිවු ය. ඌ ගෙවලට ගොසින් බොරු ලෙඩක් ගැසූ ය. උන්ගේ ස්වාමීහු ත් අවුත් කොයි දැ යි විචාරා ලෙඩ වූ යයි අදා ‘ලෙඩ වන්ට කාරණා කිම් ද? ලෙඩක් විත ත් බාගුන් මුත් හැම දෙන ම එක පැහැර ලෙඩ වෙත් ද? පවින් දුරු කරන්ට කොට ත් ඉතිරි ව තුබූ රා පූ නියා ය’යි සිතා ලා මරා තළා බොහෝ ගහට කළහ.

ඔහු එ සේ ගෙඩි කා ත් තවත් රා මුරයෙක දි එ සේම රා බොනු කැමැතිව විශාඛාවන් ලඟට ගොසින් ‘අප උයනට කැඳවා ගෙන ගිය මැනැවැ’යි කිවුය. “ආදි උයනට ගෙණ ගොස් අයසත් උපදවා ලුව. තවත් ගෙන ගොස් ‍අයස ලබන්ට ද? යවු නම් තෙපි ම යව. අප තොප ගෙණ යන්නේ නැතැ’යි කිවු ය. ‘එ ලෙස නො කරම්හ’යි කාථා කොට ගෙණ ‘බුදුන් වඳනා කැමැත්තම්හ. අප විහාරයට කැඳවා ගෙණ ගිය මැනැවැ යි කිවු ය. ‘කරන්ට කරණ දෙයක් වී නම් තෙලෙ කළ මනා දෙය ය. පූජා භාණ්ඩ හැර ගණුව යි කියා ලා නික්මුණාහුය. ඌ හැමත් කරඬුවලින් සුවඳ මල් හැර ගෙන මල් පුදා ලා පැන් ඉස්නට කෙණ්ඩිකා හැර ගත්තා සේ ‍රා පිරුණු මුට්ටි ත් අතින් එල්වා ගෙන මහා පිළි පෙරව ගෙණ විශාඛාවන් හා කැටි ව ගොසින් විහාරයට වදිනාහු එක් මුල්ලකට පලා ගොසින් කුණු කා ගොසින් කළු ව තිබූ සක් පිඹිනට කට තාබා ගත්තවුන් මෙන් මුට්ටි කට තබා ගෙන රා බී පියා මුට්ටි දමා පියා ධම් සභාවට ගොසින් බුදුන්ට අභිමුඛ ව හුන්හ.

විශාඛාවෝ ‘ස්වාමීනි, මූ අප හා එක් ව ඇවිදිති. මුන්ට බණ වදාළ යහපතැ’යි කිවු ය. උයි ත් රා බි මත් ව පියා පූජා අදහසක්



730 සද්ධර්මකරත්නාවලි ය

නැත ත් ‘නටම්හ’යි ගී කියම්හ’යි සිතූහ. මාර පාක්ෂික දේවතාවෝ ත් මුන්ගේ ඇඟ ‍ආවේශ වලා ‘මහණ ගොයුම් ඉදිරියෙහි අකට විකට දක්වම්හ’යි සිතා උන් හැම ඇඟ ආවිෂ්ට වූය. රා මත පිටට යක්ෂෝන්මාද ත් ඇති වලා සමහර කෙණෙක් බුදුන් ඉදිරියෙහි අත් පිඩි ගස ගසා සිනාසෙන්ට පටන් ගත්හ. සමහර කෙණෙක් නටන්ට පටන් ගත්හ. බුදුහු ත් මේ කිම් දෝ හෝ යි සලකන සේක් ඒ කාරණ ය දැන ‘මාර පාක්ෂිකයන්ට අවසරයක් නො පාමී. උන් හැමට අවසර පෙනෙන ලෙසට පිරු පාරමිතාවක් නොවේ ත් ව යි යක්ෂෝන්මාදය නිසා භය ලජ්ජා නැති ව ගිය වුන්ට භය උපදවනු පිණිස බැම ලොමින් නිල් රසක් විහිදු වූ සේක. මඞ්ගල බුදුන් පිරිනිවි කලක් මෙන් මහ අඳුරෙක් විය. සිනා තබා නැටීම තබා තවත් බා ගියහ. බා යන්නා ම රා මතු ත් සුන්හ. බුදුහු ත් හුන් හස්නෙහි ම අතුරුධන් වූ සේක් මහ මෙර මුදුනේ වැඩ සිට උණුලොම් දායෙන් සුදු රස් විහිදු වූ සේක.

ඒ ඇසිල්ලෙහි ම හිරු දහස් සඳ දහස් නැඟි කලක් මෙන් උන් හැමගේ මොහඳුරු තව දුරු නුව ත් නිකම් අඳුරු දුරු විය. ඉක්බිත්තෙන් ඒ ස්ත්රී.න්ට මෙර මුදුනේ සිට ම බණ වදාරා ‘තොප හැම දෙනා අප ලඟට ආ කල පමා විම නපුර, තොපසේ තරමින් ම මාර පාක්ෂික දේවතාවෝ ත් අවසර ලදින් අප ලඟ දී නො කළ මනා දෙය කැරවූහ. විශාඛාවන්ගේ එ බඳු තරමක් නැති හෙයින් උන් ලවා එ බන්දක් කැර විය නො හෙති. රා පීමට ත් වඩා සතන් දවා නැති කරණ රාගා දී ගිනි නිවන්ට ය උත්සාහ කළ මනා’යි වදාරා ලා බණ වදාරණ බුදුහු ‘මේ ලොව නිරන්තර‍යෙන් රාගාදිවූ එකොළොස් ගින්න වැද ගෙන නිවා ලිය හෙන කෙණකුන් සම්භ නො වන තෙක් දමින් සිටිය දී ඒ ගිනි නිවන්ට කරණ උත්සාහයයක් මුත් සිනා ත් හැයි ද? සතුටු ත් හැයි ද?

“න වට්ටති හසන්තෙන - ගන්තුඤ්චෙව නිසීදිතුං, වත්ථුස්මිං හසනීයස්මං - මිහිතමත්තන්තු වට්ටති.

යනු හෙයින් සිනාවට නිසි තන්හි ත් සතුටු පමණකින් වඩා සිනායුක්ත නො වෙයි. මෝහ නමැති අඳුරෙන් වැසුණා වූ තෙපි ඒ අඳුරු දුරු කරන්ට නුවණ නමැති පහන නො නසා කුමක් නිසා සිනා සි නටා ඇවිදු ද? තෙල ලෙස කිරීමෙන් මොඳරු දුරු නො වෙයි, ඒ දුරු වුව මනා වි නම් පින්කම් නැමැති පාන්කඩ සැදෑ නමැති තෙල ගලා, ලොව්තුරා නුවණ නමැති පාන් දල්වා ගෙන



132. සිරිමා වස්තුව 731

මොහඳුරු දුර ලව’යි වදාළ සේක. දේශනා කෙළවර පන් සියක් ගෑනු රා බොන්ට සිතන සිතිවිලි තබා මුඛයට වන් රා ත් නොගිලෙන තරම් ව සෝවාන් වූහ.

බුදුහු ත් ඔහු මාර්ගු ගත වූ නිසල සැදෑවේ පිහිටුවා ලා මෙර මුදුනෙන් බැස බුදු හස්න වැඩ හුන් සේක. විශාඛාවෝ ස්වාමීනි, මේ රා නම් ඉතා නපුරු දෙයෙක. මා හා එක් වීමෙන් මෙ බඳු තරම් ඇති වූ හැම දෙනා පවා මුඹ වහන්සේ වැනි වූ බුදු කෙණකුන් වහන්සේ ඉදිරියේ හිඳ නොසන්හුන් තරම හඟවා සිනා සෙන්ට නටන්ට ගි කියන්ට පටන් ගත්හ. රා පීම නිසා එ බන්දක් වූ බව මුත් තුමූ හැම එ තරම්මු නො වෙතී’ කිවුය. ‘විශාඛාවෙනි, ඒ එ‍සේම ය. රා පූවවුන් නිරාදුක් විද ශේෂ ව සිටි විපාකයෙන් පන් සියයක් ජාතියෙහි යක්ෂි ව, පන්සියයක් ජාතියෙහි බලු ව, අනන්ත ජාතිවල වියරු හි ඇවිදිනා හෙයින් මේ රා නම් ඉතා විකෘෂ්ට ය. මේ නිසා බොහෝ දෙන අලා මුළාවට පැමිණියහ’යි වදාරා ලා ‘ස්වාමීනි, මේ රා ඇති වූයේ කවර කලෙක දැ’යි විශාඛාවන් විචාළ කල්හි එහි උත්පත්තිය විස්තර විසින් දක්වනු නිසා කුම්භජාතක ය වදාල සේක.

එ හෙයින් සත් පුරුෂයන් විසින් රා මෙර නම් සද්යිප්රාාණහරණ විෂ තරමට ත් වඩා සිතා ඒ ඇතුළු ව පස් පවිනු ත් සෙසු පවිනු ත් දුරු ව කුසල්හි පිහිටා චිත්ත ශුද්ධි ය කට යුතු.

132. සිරිමා වස්තුව

සංස්කරණය

තව ද මනුෂ්යත දෙහයෙහි ප්රානතිකූල්යු ය කියා එහි ඇලුම් හරවනු නිසා සිරිමා වස්තුව කියමු.

කෙ‍‍ සේ ද යත්-

ඒ සිරිමාවන් බුදුන් ගෙන් බණ අසා සෝවාන් වූ තැන් දක්වා විස්තර කථාව සතළොස් වන ගොධ වග එයි. ඌ තුමූ රජ ගහ නුවර විශිෂ්ට වූ රූ ධරන වෛශ්යස දුවණි කෙණෙක සෝවාන් වලා බුදුන්ට ආරාධනා කොට දෙ වන දවස් මහ දන් දී වහන්දෑට ලාබත් අටක් තබා දුන්හ. ලාබත් තැබ්බවු තැන් පටන් නිරන්තරයෙන් ම අට නමෙක් උන්ගේ ගෙට සිඟාවඩනා සේක. ගිය වහන්දෑට පාත්රෙ පුරා ගිතෙල්, මී, උක්පැණි ආදිය ත් දෙති. දවස් පතා ම


732 සද්ධර්ම්රත්නාවලි ය

සෙළොස් කළඳක්1 වියදම් කොට බතු ත් දෙති ලත් සම්පත් අය වීම කවර ලෙසකින් වුව ත් වියදම් සාර්ථක ලෙසට යෙදූහ.

ඉක් බිත්තෙන් එක් දවසක් එක් කෙණකුන් වහන්සේ උන් ගේ ගෙයි දී පැමිණ ලාබත් වළඳා ලා දොළොස් ගවුවෙකින් ඔබ්බේ විහාරයකට ගිය සේක‍. සවස වත් පිරිත් වේලේ දී නේවාසික තැනැත්තන් වහන්සේ ‘ඇවැත්නි, කොයි දි වළඳා අවුදැ’යි විචාළ සේක. ‘සිරිමාවන් ගෙන් දෙන ලාබත් වළඳා ආම්හ’යි කි කල්හි ‘ඇවැත්නි, බත් දෙන නියාව යහපත් දැ’යි විචාල සේක. විචාරන්නේ කිම් ද? ඉතා යහපත් කොට දෙති. සකස් කළා ඉතා විපුල නො වන්නේ වේ චැ’යි සිත ත් නමකට දුන්නා වූ දෙය දෙතුන් නමකට වුවත් සෑහෙයි. දන් යහපත් කොට දෙන්නෝ තව ත් ඇත්තෝ වේ ද, උන්ගේ දනට ත් වඩා බලා ඇස ඇද ගත නො හැකි තරම් රූ ඇත්තෝ ය’යි නො කිව මනා දෙ තිස් කථාවෙහි ඇතුළත් වත ත් උන්ගේ රූ වර්ණවනා කොට කි සේක.

එක් කෙණෙකුන් වහන්සේ ඒ අසා භාවනාභියොගයක් නැති හෙයින් ම සිනා සෙන්ට නියාලු දත් පමණක් දැක සියල් සිරුර ඇටසැකිල්ලක් කොට සිතා අට්ඨික භාවනා කොට රහත් වූ මීන් තෙලෙහි තිස්ස තෙරුන් වහන්සේ මෙන් සිතුව මනා ලෙස තිබිය දී උන් නොදැක ම උන් කෙරෙහි ස්නෙහ උපදවා ගෙන ‘මා ගොසින් ලාබත් පිට ලා අන් දුට ත් යහපතැයි’යි ලාබතට උදවුව පැමිණ ගන්ට තමන් වහන්සේගේ වස් ගණන වළඳා ලා ආ නමට කියා ලා අන් වහන්සේ අතින් සෙට පටන් ලාබතට යන වහන්දෑ ගේ වස් ගණනු ත් විචාරා ‘ඔබ ගියො ත් සෙට දවස් අනික් නමකට පළමු ව ගොසින් ලාබත් ඉවසන්ට ඔබ‍ගේ වස් ඇති ව තිබෙ’යි කි කල්හි ඒ ඇසිල්ලෙහි ම පාන් ව යන තුරුත් ඉවසා පිය නො හී සඟළ සිවුර හා පාත්රය ය හැර ගෙණ අශුභ දස යෙන් එක් තරා අශුභයෙක පව ත් අසා භාවනාභියොගයට යන ගමනකු ත් නො ව එක රැයින් දොළොස් ගවුවක් ගෙවා ගොසින් පාන් වූ කලට ‘ලාබත් දෙන තැනට ගොසින් සෙසු ලාබත් ගන්නා තැන ත් අට නම පුරා ආව ත් ඉන් අගින් නමක් හැර මුල් පාළියේ සිට ලාබත් ලත් සේක.

පෙරාතු දවස් අනික් නම වළඳා ලා ගිය වේලාට ම සිරිමාවන් ගේ ශරීරයෙහි අසාද්ධ්ය රොගයෙක් ඇති විය. එ හෙයින් ආභරණ ගළවා පියා වැද හොත්තෝ ය. උන්ගේ කෙල්ලෝත් ලාබත් ලබනට ආ වහන්දෑ දැක සිරිමාවන්ට කිවූ ය. ඌ තුමූ තමන්


1. සෙලොස කහාපණ - ධම්මපදට්ඨ කථා

132. සිරිමා වස්තුව 733

ගොසින් පාත්රස ය හැරගන්ට අශක්ති හෙයින් කෙල්ලන්ට විධාන කරන්නෝ ‘කෙල්ලනි, ආරාධනා කොට පාත්රෙ ය හැරගෙන වඩා හිඳුවා ලා කැඳ අවුළු පත් වළඳවා ලා බත් වේලාට මාගේ අදහස් ලෙසින් බත් පාත්රග ය පුරා ලා පිළිගන්වා ලව’යි කිවු ය. උයි ත් යහපතැ යි ගිවිස කැඳ අවුළු පත් වළඳවා ලා වළඳන වේලාට බත් පාත්රක ය කටයුතු නියා ව සිරිමාවන්ට කිවු ය. ‘ස්වාමි දරුවන් වඳනට මා කැඳවා ගෙන යව’යි කිවුය. අත - පය එල්බවා කැඳවා ගෙණ ගිය කලට කර්මක නමැති සතුරා රෝග නමැති යත ලා ලා මිරිකා දුර්ව්ල කළ හෙයින් වෙවුල වෙවුලා වහන්දෑ වැන්දහ. දක්නා කැමැති ව ගිය නම සිරිමාවන් දැක ලෙඩට දුර්වලල ව ගියවුන් ගේ රුව මෙ තරම් කල ලෙඩක් නැති ව සව් බරණ ලා සැරහී සිටි කලට ලිපාමෙන් ම1 ශොභාමත් පිළිම ය රන්වන් කළ කලට ඉතා ශෝභාමත් වන්නා සේ මුන් ඉතා රූපත් සැටි ය’යි සිතූ සේක.

එ ලෙස සිත ත් සිත ත් අනන්ත කාලයක් පැවත ආ කෙලෙස්හු පිළීවෙත් පිරීමට නැමුණු සිත ඊට නැමිය නො දී සිරිමාවන් දිසාවට නමාපීහ. මොහ නමැති පටල ය වස ත් වස ත් නැවණැස බැලුම් මඳ ව සිල් නමැති ඇඟ ඇති වූ කෙලෙස් නමැති තල කැළල් ආදිය ත් දැකගත නො හී උපන් බත් වළඳා ගත නො හි බත් පාත්ර ය හැර ගෙන විහාරයට ගොසින් පාතු ය වසා එක් තැනක තබා වැළඳ ගත් සිවුරෙන් එක් කෙළවරක් අතුට ගෙන වැදහොත් සේක. නො වැළඳු නියා ව දැන යාළු මිත්රෙ නමෙක් අවුත් නො එක් ලෙස පෙරැත්ත ගෙන ත් වළඳවා ගත නුහුණූ සේක. පිලිවෙතට අ‍ාලෙස්සම් වූ වා සේ ම බත් වැළඳීමට ත් මැළි ව සුන් බත් වූ සේක.

එ දවස් ම සිරිමාවෝ සවස් වේලාට මලන මල් දමක් මෙන් ව මළෝ ය. රජ්ජුරුවෝ ත් ජීවකයන්ගේ නං වූ සිරිමාවෝ මලෝ ය යි බුදුන්ට දන්වා යවූහ. බුදුහු ඒ අසා රජ්ජුරුවන්ට ‘සිරිමාවන් තව දැවුව මැනැවැ යි නැත. අමු සෝනකට ගෙන ගොසින් කවුඩු බලු ආදීන් නො කන ලෙසට උස් කොට මැස්සක් ලවා ලා ඊ ලා ලා රකවල් ලවාව’යි වදාළ සේක. රජ්ජුරුවෝ ත් එලෙස ම කැරවූ ය. පිළිවෙලින් තුන් දවසක් නැඟී ගියේ ය. සතර වන දවසට දුර සිටියවුන්ට ත් පෙනෙන ලෙසට වූවා සේ ම මහත් ව ඉදිමී ගියහ. නව වණ මහදොරින් පණූවෝ වැගිරෙති. සියල් සිරුර ත් බිඳී ගිය හැලි සාලේ බත් සැළියක් මෙන් විය. නො එක් ලෙසින් මිනිසත් බව ආල ය නැතිවන තරම් විය.


1. ලියවීමෙන් ම නෙලීමෙන් ම


734 සද්ධර්මවරත්නාවලි ය

රජ්ජුරුවෝ ද ‘බාල දරුවන් හා ගෙවල් රකිනවුන් පමණක් රඳවා ලා සිරිමාවන් බලන්ට නො ආ කෙණෙක් ඇත්නම් අට අට මස්සක් දඩ දුන මැනවැ’යි නුවර බෙර ලැවූය. නැවත ‘බුදුපාමොක් වහන්දෑ ත් අසුභ බලන්ට වැඩිය මැනවැ’යි බුදුන්ට ත් දන්වා යවූහ. බුදුහු ත් ‘සිරිමාවන් බලන්ට යම්හ. අප හා කැටි ව එව’යි වහන්දෑට විධාන කළ සේක. සිරිමාවන් දක්නට දොළොස් ගවුවෙක සිට ආ බාල නම ද කෙතෙක් තැන් කෙතෙක් පෙරැත්ත කි වත් ශොකයෙන් බඩ පිරී පිරිය නැත්තා සේ සතර දවස ම ලෙඩට ලංඝන කැර වුවමනා සේ ම සුන් බත් වූ සේක. පාත්රවයේ බතු ත් සිරිමාවන් සේ ම කුණු වීය. පාත්රේය ත් පුස් කා ගියේ ය. යාළු- මිත්ර වහන්දෑ ත් අවුත් බුදුන් සිරිමාවන් බලන්ට වඩනා නියාව කි සේක. සතර දවසක් සුන් බත් ව හුන ත් සිරිමාවනැ යි යන බස අසමින් ම බස ඇසිම ම බතක් ලද්දා සේ ම වහා නැඟී සිට බුදුහු සිරිමාවන් බලන්නට වඩනා සේක. තමනු ත් එන්නේ ඇද්දැ’යි කී කල්හි එ බස පැනක් වැළඳුවා සේ සිතා ගෙන උත්සාහ වත් ව බත් දමා පියා පාත්රලය ත් සෝධා බැඳ ගෙන වහන්දෑ හා කැටි ව ගිය සේක.

තරු පිරිවැරූ සඳ පරිද්දෙන් බුදුහු වහන්දෑ පිරිවරා එක් පසෙක සිටි සේක. මෙහෙණින්දෑ ත් එක් පසෙක සිටි දෑය. රජ්ජුරුවන් හා පිරිස ත් එක් පසෙක සිටියහ. උපාසක පිරිස ත් එක් පසෙක සිටියහ. බදුහු බිම්සර රජ්ජුරුවන්ට ‘මහරජ, තුලු කවුරු දැ’යි විචාළ සේක. සිරිමාවන් නියා ව කී කල්හි ‘පෙර මුන් කරා එන කෙණකුන් මුන්ට දෙන්නේ මසු දහසක් වේ ද, දැනුත් මසු දහස දි ලා සිරිමාවන් හැරගන්ට විධාන කරව’ වදාළ සේක. රජ්ජුරුවෝ ත් පෙර දෙන තරමේ ම මසු දහසක් දීලා මුන් හැර ගනුව යි විධාන කොළෝ ය. එ ලෙස හැර ගන්නා තබා එ බස් අසන කෙණකුත් නැත. රජ්ජුරුවෝ එ පවත් බුදුන්ට දැන්වූහ.

බුදුහු ‘මහරජ, එ සේ වී නම් අගය අඩු කරව’යි වදාළ සේක. රජ්ජුරුවෝ අගය අඩුකරන්නේ දහසින් භාග වූ පන්සියයෙක. ඉන් භාග වූ දෙ සිය පනසෙක, ඉන් භාග වූ එක් සිය පස් විස්සක. ඉන් භාග වූ දෙ සැට කළන් සතර අකෙක, ඉන් භාග වූ එකි තිස් කළන් අකෙක, ඉන් භාග වූ පසලොස් කළන් පසෙක, ඉන් භාග වූ අට කළන් අකෙක, ඉන් භාග වූ සතර කළන් දස වියටෙක, ඉන් භාග වූ දෙකළන් පස් වියටෙක, ඉන් භාග වූ එක් කළන් දෙවියට සමාරෙකැ යි අග ය හෙළා ඒ සේ ත් හැර ගන්ට මැලි හෙයින් අසු වියටක් දී ලා හැරගන්ට කියා, එ සේ ත් මැළි හෙයින්


132. සිරිමා වස්තුව 735

සතළිස් වියටක් දී ලා හැර ගන්ට කියා, එ සේ ත් මැළි වු හෙයින් විසි වියටක් දි ලා හැර ගන්ට කියා ලා, එ සේ ත් මැළි හෙයින් දස වියටක් දී ලා හැර ගනුව යි කියා, එ සේ ත් මැළි හෙයින් පස් වියටක් දීලා හැර ගන්ට කියා, එ සේ ත් මැළි හෙයින් දෙවියට සමාරක් දී ලා හැර ගන්ට කියා, එ‍ සේ ත් මැළි හෙයින් එක් වියටයෙළ හමුවක් දී ලා හැර ගන්ට කියා, එ සේ ත් මැළි හෙයින් නො මිලයේ ම හැර ගන්ට කියා විධාන කළහ. භාවක තැනකගේ භාවනාවට ප්රියෝජන වත් මුත් සෙස්සවුන්ට ප්රායෝජනයක් නැති හෙයින් හැර ගන්නා තබා ළඟට වදින්ට ත් රාජ විධානයෙන් ආ පමණක් විනා කැමැත්තෝ නැත. රජ්ජුරුවෝ බුදුන්ට එ පවත් දැන්වූහ.

බුදුහු දක්නට ඇවිටි ව ආ භික්ෂූන් වහන්සේ මුල් කොට වදාරන හෙයින් වහන්දෑ බණවා ලා ‘ ‘මහණෙනි, පෙර දහසක් දීලා දවසකට ලබන තරම් බොහෝ දෙනාට ප්රිියකරු සිරිමාවන් නුවර වැස්සන්ගෙන් නො මිලයේත් හැර ගන්ට සිතන්නෝ නැත. මහණෙනි, තුලුන් මෙ ම ගම ඇවිදි සැටිය කෙසේ තිබේ ද? රන් පර්වනත මුදුනෙකින් හුණු කළු ගඟක් වැනි ය. නොහොත් මුව පියුමෙහි රූප නමැති කිඤ්ජල්කයට බට බමර සමුහයක් වැනි ය යි කවිජන වර්ණමනීය වු හිස කේ දැන් කවර ලෙසක තිබේ ද? නැවත නිල් වළාකුලක් හස්සෙෙන් භාගයක් මෑත් වූ අඩ සඳක් වැනි ය යි වර්ණ නීය වූ නළල කො යිද? දෙව් දුනු සඟළක් වැනි ය යි බාල ජනයන් විසින් සලකන ලද බැමක් කොයිද? රුවන් විමනෙක සිටි ඉඳුනිල්මිණිමුවා කවුළු දොර වැනි ය යි වර්ණමනී ය වූ ඇසු ත් කොයිද? රන් හකුස්සක් වැනි ය යි වර්ණනීය වු නාස ය දුටු කෙණකුන් නාසා හකුළුවන තරමට තිබෙ යි. රූප නමැති සාගරයෙහි ගමන් ගත් පබුළුමුවා නැව් වැනි යැ යි වර්ණනීය වූ තොලු ත් කොයිද? චන්ද්ර්යාගේ සොළොස් කලාවෙන් එක් කලාවක් දන්තශ්රේතණි ව්යාමජයෙන් මුඛගර්භයට වන්නාක් වැනි ය යි වර්ණනීය වූ දත් දැන් කවර ත‍රමෙක තිබෙන නියා ද, යෞවන පුරුෂයන් බදන්ට හටවා ලූ මළ වැනි ය යි වර්ණනීය වූ කන් පණු කඳු මෑත් වන ලෙසට ම තිබෙයි. රන් කලස කරක් වැනි යයි කියන ගෙල මුල අග නො දත හැකි ලෙසට ඉදිමිනත භාවනා කොට ධ්යා න උපදවා ගෙන තත්පාදක මාර්ග ඵල උපදව තො ත් මුත් කිසි ත් කෙණකුන්ට කිසි ත් ප්රනයෝජන නැතැ’යි වදාරා ලා බණ වදාරණ සේක්.




736 . සද්ධර්මිරත්නාවලි ය

කවා පොවා නාවා ඉස් සෝධවා අභරණ ලා සරහන ලද අත් බැවත් බලව, කවර ලෙසට පැමිණි අත්බැවෙක් ද යත් - නව වන මහ දොරින් වැම්මෙන පණු කැලන් ඇති තුන් සියක් ඇට සඟලින් සැලසී සිටි උපන් තැන් පටන් මිය යන තුරු ඉරියවු පෙරුළියෙන් පැවත්තුව මනා හෙයින් නිසාතුර වූ මේ කුණු කය මෙ සේ වුව ත් අසුචී පුරා ලූ කළ පිට සිත්තම් කරන්නා සේ බොහෝ දෙනා නො එක් ලෙසින් කල්පනා කරණ ලද්දා වූ මිනිස් ලොව කිසි කලෙක ආයු පමණින් හවුරුදු අසඞ්ඡ්යදයක් සිටිය ත් කෙළවර නස්නා සුළු වූ, නුවණින් සැලකූ කලට කිසි ත් සාරයක් නැති, දුකට ද ම ආකර වූ ශරීරයේ සැටි බල බලා තෙල අවස්ථාවට පැමිණ ශරීරයෙන් ලැබ්බ යුතු ප්‍රයෝජන ලබව. මේ අවස්ථාවෙහි යම් සේ අනුරාග ය නුපදී ද උපන් අනුරාගය ය හළ නො හෙන්නවුන්ට මාර්ග ඵල නූපද්දී’යි වදාළ සේක. දේශනා කෙළවර සුවාසු දහසක් දෙන කුණු මිනී බල නුකුණු නිවන් දුටහ. සතර දවසක් සුන් බත් වූ භික්ෂූන් වහන්සේ ද සාය මරා ලූ කලට බොහෝ කොට කා ලිය නො හැක්කා සේ මාර්ග හැමයට පැමිණ නිවන් රස බොහෝ කොට වලඳන්ට නො ව පසු ව පුරා නිවන් රස වළඳනා තෙක් සෝවාන් පමණක් වූ සේක.

එ සෙයින් නුවණැත්තවුන් විසින් ආත්ම මණ්ඩනයටත් වඩා ගුණ මණ්ඩන ය කොට අස්ථිර වූ ජීවිතයට ත් වඩා ස්ථිර වූ නිවන් ම සිද්ධ කට යුතු.

133. උත්තරා නම් ස්ථවිරීන්දෑ ගේ වස්තුව

සංස්කරණය

තව ද සෙසු භාවනා ඇතැ ත් මහරණ සි භාවනාව අවශ්යවයෙන් කළ මනා නියාව හඟවනු නිසා උත්තරා නම් ස්ථවිරින්දෑ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

ඒ ස්ථවීරින්දෑ ද එක් සිය විසි හවුරුදු වයස වුව ත් වක ගසා ගෙන විහාරයේ ම නො රඳා වීථීයට ගොසින් සිඟා ගෙන ඇතුළු වීථීයේ දී එක් භික්ෂූ කෙණකුන් දැක බතින් පිළිවිස උන්වහන්සේ ත් ප්රීතික්ෂෙප නො කළ විසින් බත් හැම ම පිළිගන්වා පියා සාරාණීය ධර්ම් ය පුරත ත් වේලා ඇත් නම් තව සිඟා ගෙන වැළඳිය හැක්ක ත් වේලා මඳ හෙයින් දෝ නිරාහාර වූ දෑ ය. දෙ වන දවසු ත් තුන් වන දවසු ත් බත් පිළි ගන්නා තරම වත් නො දන්නා නමක් සම්භ ව බත් පිළිගන්වා පියා නිරාහාර වූ දෑ ය. සතර වන 133. උත්තරා නම් ස්ථවීරීන්දෑ ගේ වස්තුව 737

දවස් සිඟා ඇවිදිනා දෑ පටු තැනෙක දී බුදුන් දැක ඉවත් වන දෑ එ ලෙන සිවුරු පට පැකිළ වයස් ගත හෙයින් කාය ශක්ති යත් නැති ව තුන් දවසක් නිරාහාර හෙයින් ආහාර ශක්ති ය ත් නැති ව රඳා සිට පිය නො හී වැටි ගිය දෑ ය.

බුදුහු ත් උන්දෑ ලඟට ගොසින් ‘මෙහෙණින්න, ඉතා දුර්ව ල වූයෙහි. වයස් ගත හෙයින් ශරීරය නො පවත්ති’යි වදාරා ස්ථිර වූ නිවන් දක්වනු නිසා බණ වදාරාන සේක් ‘මෙහෙණින්න, තීගේ ශරීර ය මැහැලි බැවින් දිරින. දිරා ගිය ත් පවත්නා තෙක් කල් ලෙඩ දුක් නැති ව තිබේ නම් යහපත් වේ ද, එ සේ ත් නැති ව රෝගයට ම ආධාර ය. යම් සේ කැණහිලා බාල වුව ත් ජරසිඟාල ය යි කිය ත්ද, නුමු කළ කිඳි වැලට ත් පුතිලතා ය යි කිය ත් ද, එ පරිද්දෙන් එ දවස් උපන ත් රන් වන් වුව ත් ශරීරයට පූතිකාය යි ම කියති. කුණු වු ශරීරය වුව ත් නො බිඳී තිබේ නම් යහපත් වේ ද, එ සේ ත් නැති ව ඉතා නො තර කුඹල් වළන් මෙන් බි‍ඳෙයි. බි‍ඳෙන්නේ කුමක් නිසා ද යත්- යම් හෙයකින් ජීවිත ය මරණ කෙළවර කොට ඇත්තේ ද එ හෙයින. ජාති මූලක වූ මරණ ය ජාති ය වූ හෙයින් නවතා ගත නො හැකි වුව ත් මුල් ව සිටිනා ජාතිය ක්ෂයය කරන්ට උත්සාහ කරව’යි වදාළ සේක. දේශනා කෙළවර ස්ථවීරින්දෑ වයස් මූකුරා සිටිය ත් ශ්රකද්ධාදි ඉන්ද්රිවයයන් තව මූකුරා නොගිය හෙයින් සෝවාන් වූ දෑ ය. සෙසු ත් බොහෝ දෙන ලොවී ලොවුතුරා සැප ත් ලත් හ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ වැස්සෙක් වැස ධූලි පැටි කෙරේ ද? එ මෙන් ජාති ක්ෂ ය නිසා කුසල් නමැති වැස්සෙන් කෙලෙස් ධූලී පැටි කොට, තව ද යම් සේ වැසි ගිම් නිවා ද එ මෙන් මෛත්රීම නමැති වැස්සෙන් ක්රො ධ නමැති ගිම් නිවා, තව ද යම් සේ වැස්සෙක් පෙර වරු වපුරන්නා වූ හැල් වී ආදි වූ ත් පස් වරු වපුරන්නා වූ උඳු මුං ආදී වූ ත් බිජුවට ඇස් පාවා ද එ මෙන් සැදෑ නමාති බිජු වටින් කුසල් පැළ ඇස් පවා තව ද යම් සේ වැසි වතුරු තෙමේ ත් ඉරුතුයෙන් ඉපැද ඉරුතුයෙන් ම උපන් තණ පිය ආදි ය රකි ද එ මෙන් තමා නිසා ඇති වූ ගුණධර්මයයෙන් තමා රැකී, තව ද යම් සේ වැස්සෙක් වස්නා කල ගං වැවි පොකුණු කඳු රැළි ආදි ය පුරා ද එ මෙන් දහම් නමැති වැසි වස්වා කුසල් නමැති පැනින් සත්වැයන්ගේ අදහස් නමැති වැව් පොකුණු ආදි ය පුරවමින් ලද අත් බැව් සඵල කට යුතු.




738 සද්ධර්ම රත්නාවලි ය

තව ද කිකරු වීමෙහි යහපත දක්වන්ට මාර්ග. ඵලයට නො පැමිණ ම ඊට පැමිණියම් හ යි සිතා ගත් වහන්දෑ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

පන් සියයක් දෙනා වහන්සේ බුදුන් ගෙන් කමටහන් ඉ‍ෙගන ගෙණ වලට පලා ‍ගොසින් කෙලෙසුන් නසන්ට යත්න කරණ සේක් ධ්යාගන උපදවා ගෙන විකඹීමෙන්1 ‘එබී ගත් කෙලෙසුන්ගේ පැවැත්මක් නො දැක ‘රහත් වූම්හ. බුදුන්ගේ අනුශාසනා නො නිස් නියාව බුදුන්ට හඟවම්හ’යි නික්මුණූ සේක. බුදුහු ත් ඒ වහන්දෑ දොරටුව කරා ආ කලට අනඳ මහ තෙරුන් වහන්සේට ‘ආනන්දුයෙනි, තෙල භික්ෂ‍ූන් දැනට මා ලඟට අව මැනැවැ යි නැත. අමු සෝනක;ට ගොසින් ලා පසු ව මා ලඟට අවු නම් යහපතැයි’යි වදාල සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ත් ‍ගොසින් ඒ වහන්දෑ තමන් වහන්සේ සුශික්ෂිත හෙයින් සුවිනීත හෙයින් ‘අපට අමු සෝන් හැයිදැ’යි නො කියා ම ‘දිග දුර දන්නා බුදු රජුන් වහන්සේ ඔබ යෑමෙන් ප්රුයෝජනයක් දුටු නියා ය’යි අමු සෝනට ගොසින් එහි තුබූ මිනී කුණු බලන සේක් එක් දෙ දවසෙක ලා පූ මිනී කුණූ දැක ඊ ප්ර තිඝ උපදවා එ විට ම ගෙනවු ත් ලූ අලුත් මිනී දැක ඊ ඇලුම් උපදවා ‘රහත් වූවෝ ප්රතතිඝානුනය නැත්තෝ වෙද්ද. ඒ හැම ඇත්තේ රහත් නුවු හෙයින් වේ දැ’යි එ විට ම තමන් වහන්සේ සක්ලෙශී නියාව දත් සේක.

බුදුහු ගඳ කිළියේ වැඩ හිඳ ම රස් කඳක් විහිදුවා ලා ඒ වහන්දෑ ලඟ ඉඳ කරණ කථාවක් මෙන් ‘මහණෙනි, කිසි කෙණකුන්ට කිසිත් ප්ර.යෝජනයක් නැති මේ මිනි කුණූ දැක කරතො ත් අසුභ භාවනාවක් මුත් එහි ඇලුම් කිරීම තොපට තරම් දැ’යි වදාරා බණ වදාරණ බුදුහ ‘වැසි වැස පායා පූ කල්හි අවු සුළං ගැසී ඒ ඒ තැන විසිර පියා තිබෙණ ලබු පරිද්දෙන් පරෙවියන්ගේ පෑය සේ සුදු පෑය ත් කළු පෑය ත් එක් ව තිබෙන්නා වූ ඇට සමූහය දැක පිළිකුල් විසින් මෙනෙහි කරත් මුත් එහි ඇලුම් කිරීම යුක්ති නො වන්නේ වේ දැ’යි වදාළ සේක. දේශනා කෙළවර ඒ පන් සියයත් පමණ භික්ෂූන් වහන්සේ ආදි සිතා ගත් ලෙසට ම රහත් ව බුදුන්ට ස්තුති කෙරෙමින් අවුත් වැඳි සේක.

එ හෙයින් සත් පුරුෂයන් විසින් මිනී කුණූ තබා දිව්යව රූපයක් වුව ත් දැක අනූනය ත් නැති ව ප්රේසත රූපාදී වු අනිටු අරමුණක්


1. විකුන් වී මෙන්


134. රූපානන්ද නම් ස්ථවීරීන්දෑ ගේ වස්තුව 739

ටුව ත් ඊ ප්රවතිඝ ත් නූපදවා මැදහත් ලෙසින් පැවත යම් සේ මැණි‍කෙක් සියලු ලෙසින් ම නිකසල ද එ මෙන් පවිත්රප වූ අදහස් ඇති ව, තව ද යම් සේ මැණික කසළ හා මුසු නො වේද, එ මෙන් පාපීන් හා එක් නො ව, තව ද යම් සේ මැණික තව තව ත් රුවන් හා ම එක් වේ ද, එ මෙන් උතුම් ගුණ ඇත්තවුන් හා ම එක් වීමෙන් උතුම් තරම් ඇති ව පින් කම යෙදී භව සැප ත් වළඳා කෙළවර නිවන් සම්පත් සාධා ගත යුතු. ;

134. රූපානන්දා නම් ස්ථවීරින්දෑ ගේ වස්තුව

සංස්කරණය

තව ස සත්ව යන්ගේ අදහස් එක් තරම් නෙ වත ත් උන් උන්ගේ අදහස් ලෙසට බණ වදාරා අවාබෝධ කරවා ලීමෙහි විස්ම හඟවන්නට රූපානන්දන නම් ස්ථවීරීන්දෑ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

ඒ ස්ථවීරීන්දෑ ගිහි අවස්ථාවෙහි එක් දවසක් සිතන දෑ ‘අපගේ වැඩි මාලු බෑණන් වහන්සේ රජ සැප ත් හැර ගොසින් මහණ ව බුදු වූ සෙක. ඔබගේ පුත් රහල් කුමරු ත් ‍ගොස් මහණ වූ ය. මට ස්වාමී ව සිටි නන්දබ කුමරු ත් ගොසින් මහණ වූ යත අපගේ මවු වූ මහා ප්රමජාපති ගෝතමීන් වහන්සේ ත් මහණ වූ සේක. නෑයන් මෙ තෙක් දෙනා මහණ වූ කල්හි ගිහි ගෙයි රඳා මම කුමක් කෙරෙම් ද? මම ත් මහණ වෙමි’යි මෙහෙණවරට ගොසින් මහණ වූ ය. මහණ වන ගමන ත් නෑයන් නිසා මු ත් සැදෑයකින් නො වෙයි. මුලින් ජනපද කල්යානණි නම් වුව ත් රුව බලවත් හෙයින් රූපනන්දාර නමින් ප්රාසිද්ධ වූ දෑ ය. තමන්දෑ රුවට ම බැවි හිඳිනා හෙයින් බුදුන්ගේ දේශනාව ත් ති ලකුණෙහි හෙදූ හෙයින් ඒ තමන්ට රුචි නො වන්නා ම ‘ඔබ ගියො ත් මේ නියා රුව ජරාවක් වැද ලා කිලුටු කරණ නියාවක් හෝ මරණයට පැමිණෙන නියාවක් හෝ වදාරා මට මුසුප්පු උපදවන සේක් වී නමුත් ය’යි දවසෙක ත් බුදුන් ලඟට නො යන දෑ ය.

සැවත් නුවර ඇත්තෝ උදෑසන ම පෙහෙ ව ගෙන දන් දී ලා උතුරු සළු පෙරව ගෙන සුවඳ මල් ආදිය හැර ගෙන සවස් වේලාට දෙව්රමට රැස් ව බණ අසති. මෙහෙණින්නෝ ද තමන් හැම ත් හිඳිනා ඇතුළු ගම ම හෙයින් බණ අසනු නිසා වෙහෙරට අවුත් බන අසන්නාහ. බණ අසා ලා නුවරට වදිනා කල බුදුන්ගේ ගුණ කියන්නාහ. සතරක් පමණ කොට වසන ලෝ වැස්සන් අතුරෙන් යම් කෙණෙක් බුදුන් දැක නො පහදිත් නම් ඌ මඳවූ ය. එ සේ 740 සද්ධර්මේරත්නාවලි ය

මැ’යි රූප ප්ර මාණිකයෝ බුදුන්ගේ ලක්ෂ ණානුව්යනඤ්ජනයෙන් හෙබි යා වූ රන්වන් ශරීර ය දැක එ පමණෙකින් වක්කලි මහ තෙරුන් වහන්සේ මෙන් පහදිති. ඝොෂ ප්ර්මාණිකයෝ ද නො එක් ජාතක වල පැවැති බුදුන්ගේ ගුණ ද අෂටාඞ්ගයෙන් සමුපෙත බ්රෂහ්ම නාද වැනි වූ බුදුන්ගේ කට හඬ ද අසා පහදිති. ලූඛ ප්රාෙමාණිකයෝ ද රූක්ෂන චීවර ධාරණාදි වූ රූක්ෂස ප්ර තිපත්තියෙහි පහදිති. ධර්ම ප්රාපමාණිකයෝ ද. බුදුන්ගේ ශීල ගුණ ය මේ තරමෙක, සමාධි ගුණ ය මේ තරමෙක, ප්රයඥා ගුණ ය මේ තරමෙක, බුදුහු සීල සමාද්ධ්යාිදී ගුණයෙන් අනන්යළ සාදාරණ සේතැ’යි පහදිති. උන් බුදුන්ගේ ගුණ කියන කලට මුඛ නො සෑහෙන්නා සේ ම ය.

බුදුන් ලඟට යන්ට මැළි ව හුන් රූපනන්දාය නම් භික්ෂුණීන්දෑ බණ අසා ආ භික්ෂූණීන්දෑ ගෙනු ත් උපාසිකාවරුන් ගෙනු ත් බුදුන්ගේ ගුණකථා අස අසා ‘මූ හැම දෙන අපගේ බෑණන් වහන්සේගේ ගුණ බොහෝ කොට කියති. ඉදින් මා දැක රුවෙහි දෝෂ එක් දවසක් වදාරන සේක් වී නම් කෙ තෙක් වදාරන සේක් ද? මෙහෙණිනි වහනුදෑ හා කැටි ව ගොසින් බුදුන්ට නො පෙනී හිඳ බුදුන් දැක පියා බණ ත් ඇසීම් නම් යහපතැ’යි සිතූ දෑයත එ සේ සිතා ලා ‘බණ අසන්ට එමී’ මෙහෙණින් වහන්දෑට කී දෑය. මෙහෙණිනි වහන්දෑ ද ‘නැකත් දවසකින් රූපනන්දාඇවෝ බුදුන් දක්නා කැමැති වූහ. අද බුදුහු මුන් මුල් කොට විසිතුරු කොට බණ වදාරන සේකැ’යි සතුටු ව එ දවස් උන්දෑ ත් කැඳවා ගෙන නික්මුණූ දෑය.

උන්දෑ ත් නික්මුණු වේලෙහි පටන් ‘ගිය ත් බුදුන්ට නො පෙනෙමි’යි සිත සිතා ම යන දෑය. බුදුහු ත් ‘රූපනන්දාොවෝ අද මා දකින්ට එති. උන්දෑට කවර ලෙස බණ කීම රුචි දෝ හෝ’යි සිතා ලා ‘ඌ තුමූ රූප ගරුකයෝ ය. ආත්ම ස්නේහ ය බලවත් කටුවෙන් කටු ව ගන්නා සේ රුවින් ම රූ මත හරවා ලීම නිසි ය’යි සනිටුහන් සිතා වදාරා ලා උන්දෑ විහාරයට එන වේලාට සොළොස් හැවිරිදි වූ විශ්ෂට වූ රූ ඇති රන් පිළියක් හැඳ ‍ෙගන ආභරණ ලා සැරහී පවන් පතක් හැර ගෙන තමන් වහන්සේ ඇඟට පවන් සල සාල හිඳිනා ස්ත්රීප රුවක් මවා ලූ සේක. ඒ ස්ත්රීා රුව ත් බුදුන් හා රූපනන්දා.වන් හැර සෙසු දකින්නෝ නැත. උන්දෑ ත් භික්ෂුණී වහන්දෑ හා කැටි ව ගොසින් භික්ෂූණී වහන්දෑ පිටි පස්සේ සිට පසඟ පිහිටුවා බුදුන් වැඳ ගෙන ක්ෂැස්ත්රිිය ජාතීන් කුම් වුව ත් ආය්ය්පස් ජාතීන් ලං වන්ට නූ වූ හෙයින් ලජ්ජා ව මුවා වන්නා සේ



134. රූපානන්දා නම් ස්ථවීරින්දෑ ගේ වස්තුව 741

මෙහෙණිනි වහන්දෑ හස්නෙහි හිඳ දෙ තිස් ලකුණෙන් විසිතුරු වූ අනුව්යනඤ්ජනයෙන් බබලන බ්යාතමප්ර්භාවයෙන් පිරිවරන ලද බුදුන් ගේ රුව දැක රූපනන්දායවෝ පුන් සඳක් සේ සො මි මුහුණ ත් දැක ලඟ සිටි ස්ත්රී රුව ත් දුටුවු ය.

උන්දෑ ඒ මවා ලු මනහර රූ දැක තමන්ද‍ෑ ත් බලා පියා අර රුව තරමට තමන්දෑ රන් වන් හංස ධෙනුවකගේ ලඟ සිටි කැවිඬියක කොට සිතා ගත් දෑ ය. ඒ රුව දුටු වේලේ පටන් රූප නන්දායවන්ගේ ඇස් බමන්ට වන. ‘අනේ මුන්ගේ ශරීර ශොභාව ත් යහපත් නියා ය’යි එක්වන් උන් ම බලන කලට ආත්ම ස්නෙහ ය හැරී ගොසින් උන් කෙරෙහි ස්නෙහ ය බලවත් වි ය. බුදුහු ඒ දැන උන්ගේ ඊ ඇවිටිය ත් හරවා නිවන් රුචි කරවනු නිසා වදාරමින් හිඳ මවා ලූ රුවෙහි සොළොස් හැවිරිදි තරම ඉක්ම විසි හැවිරිදි තරම් ලෙස කොට දක්වා ලූ සේක. රූපනන්දාමවන්දෑ ද ඒ ඒ අවස්ථා දැක උන් කෙරහි පැවති ප්රෙ ම ය සර්වාකකාරයෙන් නො හැර තුනී කළ දෑ මවා පෑලූ රුව මැලි අවස්ථාවෙහි ජරාවෙන් දිරා ජරාතු ව කඩදත් ඇති ව හිස ත් යෞවන නමැති දර දවා හළු කළ හළු රුසක් මෙන් නර ව ගොනැසක්1 මෙන් වක් ව ගොසින් සැරවිටි2 දණ්ඩක් ගෙන වෙවුල වෙවුලා සිටියා දැක ඒ රුව ඉතා විරක්ත වූහ.

බුදුහු ඒ වේලෙහි වර්ණි මදයෙන් මත් වූ රූපනන්දාූවන්දෑගේ වර්ණනමද ය ජරාව දැක්වීමෙන් හරවා ලා ආරෝග්යම මද ය හරවනු නිසා මවා ලූ රුව රෝගයෙන් වැළඳ ගත් ලෙසට කළ සේක. උයි ත් ඒ ඇසිල්ලෙහි එල්බෙන්ට අල්වා ගත් දණ්ඩ ත් තල් වැට ත් දමා පියා මහ හඬින් හඬමින් බිම වැටී පියා කිස මුවා පස වැකෙමින් ඈත මෑත පෙරළුණාහ. රූපනන්දා වන්දෑ ද එයි ත් දැක ඉතා ම විරක්ත වූ දෑය. බුදුහු ත් මවා ලූ රුව මළ සැටි ය දක්වාලු සේක. උයි ත් මිය ගොසින් ඒ ඇසිල්ලෙහි ම ඉදිමි ගියහ. නව වණ මහ දොරින් පූයා පණූවෝ වැගිරෙති. කවුඩු ආදීහු රැස් ව කන්ට පටන් ගත්හ.



1. ගෝනැසක් 2. සාරටි




742 සද්ධර්මැරත්නාවලි ය

රූපනන්දාසවන්දෑ ද රුවට ම බැවි හුන් බව මුත් බුද්ධානුභාවය දන්ට නුවූ‍ හෙයින් බුදුන්ගේ ඍද්ධි බලයෙන් වන නියා ව නො දැන ඒ හැම දැක මා මෙ තැනට එන වේලාට දෙවඟනක් සේ ඉතා රූපත් වූ මේ ස්ත්රි තොමෝ මෙ තැන දීම ක්රීවඩා දශකයේ පටන් අවස්ථා පෙරැලී ජරාවට ත්, ව්යාතධියට ත්, මරණයට ත් පැමිණියා ය. මේ වැන්නුවුන්ට පවා ජරා ව්යා ධි මරණ ඇත. සෙස්සවුන්ට කියනු කිම් දැ’යි අත් බැව ඇති ව ලා නැති වීමෙන් අනිත්යධ නියා ත් උදාවියෙන් පෙළෙන හෙයින් දුක් නියා ත් තමා විසිය නො පවත්නා හෙයින් අනාත්ම නියා ත් සැරලඛ ය. ඉක්බිත්තෙන් උන්දෑට භව තුනී ගිනි ගෙන දන්නාක් මෙන් වැටහිණ. සිත ත් කමටහනට නැමෙන්ට වන. බුදුහු ද තුමූ ම තමන්ට පිහිටක් කට හෙද්දෝ හෝ යි බලා භාවනානුයොගයක් ආදි නූ වූ හෙයින් සහායක් ලදින් මුත් තුමූ ම තමන්ට පිහිට කට නො හෙති යි සිතා වදාරා උන්දෑට අනුකූල ලෙස බණ වදාරණ සේක් -

“ආතුරං අසුචිං පුතිං - පස්ස නන්දි සම්ස්සයං, උග්ඝරන්තං පග්ඝරන්තං - බාලානමහිපත්ථිිතං යථා ඉදං තතා එතං - යථා එතං තථා ඉදං. ධාතු‍තො සුඤ්ඤතො පස්ස - මා ලොකං පුනරාගමී. භවෙ ජන්දංත විරාජෙත්වාථ - උපසන්තෙ චරිස්සසි”

යන බණ වදාල සේක. රූපනන්දා- නම් මෙහෙණින්දෑ ද ඒ බණ අසා සෝවාන් වූ දෑය.

ඉක්බිත්තෙන් එක විට කාගත නො හෙන බාල දරු කෙණකුන් තබාලාත් කවන මෑණි කෙණකුන් මෙන් මත්තෙහි මාර්ගුඵල නිසා කමටහන් වදාරන බුදුහු ‘යම් සේ නුවර රක්නවු වි සාල් උඳු මුං තලකලත් ආදි ය තබනු නිසා ගෙවල් නඟා මුවපාවන් වැලින් වෙලා මැටි ගසා කෙරෙත් ද එ මෙන් සත්ව සන්තාන යෙහි ත් ජරා ය මරණ ය උන්නති ලක්ෂ ණ වූ මානය අනුන්ගේ ගුණ මකන මකු කම ය යන මේ තබනු නිසා ශරීර නමැති ගෙවල් ඇට නමැති මුව පා ලා නහර නමැති වැලින් වෙළා මස් නමැති මැටි ලේ නමැති පැනින් හනා ගසා ඡවි නමැති වැලි මැටි පෑමිටි ගා නුවර කරණ ලදී. කායික වුව ත් චෛතසික වුව ත් පිඩාවෙක් ඇත් නම් ශරීර නමැති නුවර ම ය. ඒ විනා අනික් ගත හැකි දෙයෙක් නැතැ යි වදාළ සේක. දේශනා කෙළවර රූපනන්දාඒවන්දෑ රූප රාග ය තබා උද්ධම්භාගිය සංයෝජන



135. මල්ලිකා බිසොවුන්‍ ගේ වස්තුව 743

යන් පස් දෙනා ම රහත් වූ දෑ ය. සෙසු ත් බොහෝ දෙනා නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ශරීරයෙහි සාර ය තුනුරුවනට නමස්කාර කිරීමෙන් හැර ගෙන මිනිස් ලොව ඉපැදිමෙහි සාර ය පන්සිල් පමණකු ත් රක්ෂාන කිරීමෙන් හැර ගෙන ධන ධාන්යර සාර ය දන් දී මෙන් හැර ගෙන කෙළවර නිවන් සාරය ත් ලබන්ට උත්සාහ කට යුතු.


135. මල්ලිකා බිසොවුන් ගේ වස්තුව

සංස්කරණය

තව ද බොරුවෙහි පනුර දක්වනු සඳහා මල්ලිකා බිසොවුන් ගේ වස්තුව දක්වමු.

ඒ මල්ලිකා‍ බිසවු එක් දවසක් නහන කොටුවට වැද ලා මුව මූණ සෝධා පියා නැඹුරු ව සිට පය සෝධති. උන් හා කැටි ව නහන කොටුවට වන් රජ ගෙයි ම වැඩි බල්ලෙක් බිසොවුන් පය සෝධන්ට නැඹුරු ව සිටියවුන් දැක ග්රා ම ධර්මබයෙහි යෙදෙන්ට පටන් ගත. බිසවු තමන්ට තරම් කට යුත්තක් නො වත ත් විෂයෙහි සම නො වන්නවුන් නැති බැවින් තමන්ගෙන් එ බඳු ප්රතයෝගයෙක් නූවුවත් පහස ඉවසා සිටියහ. කොසොල් රජ්ජුරුවෝ ද උඩුමාලේ සිට කවුළු දොරින් බලනුවෝ ඒ ව්ය භීචාර ය දැක බිසොවුන් රජ ගෙට ආ කල්හි ‘හීන තැනැත්තිය ය තී නසින්ට මෙ බන්දක් කුමට කළෙහිදැ’යි කිවූ ය. කළ දෙය පැටිකරන්ට ‘රජ්ජුරුවන් වහන්ස, මා කෙළේ කිම් දැ’යි කිවූ ය. ‘අනික් කුමක් කෙරෙයි ද? බල්ලා හා සහවාස කෙළේ වේදැ’යි කිවු ය . තමන්ගේ ප්රකයෝගයෙකින් නුවුව ත් ඉවසා සිටි හෙයින් වැරැද්ද ඇති ව ගියා වන්නා ලජ්ජාව ත් බලවත් ව එ සේ වූ දෙයෙක් නැතැ’යි කුවු ය. ‘කයින් සිද්ධ වූ පාප ය මඳ හෙයින් බසිනු ත් පව් පුරා බොරු කියයි ද? මා ම ඇස පුරා දුටු දෙය පව ත් සිද්ධ කොට බොරු නො ‍කිය’යි කිවූ ය.

රජ්ජුරුවෙනි, යම් කිසි කෙණෙක් තෙල නහන කොටුවට වන්නු නම් තෙල කවුළු දොරින් බලා සිටි කෙණකුන්ට එක තැනැත්තෝ දෙන්නකු සේ පෙනෙති. පෙනෙන කල ත් අසද්ධර්මනයේ පවත්නා ලෙසට පෙනෙතී’යි කියා ලු



744 සද්ධර්ම්රත්නාවලි ය

බොරුව බොළඳ රජ්ජුරුවන් හදහා ගන්නා ලෙසට කිවු ය. ‘පවිටු තැනැත්තිය, කෙ සේ කියයි නමුත් මම හදහා නො ගනිමි’ කිවු ය. ‘රජ්ජුරුවන් වහන්ස, අප කී බස් නො හදහන සේක් වී නම් මුඹ වහන්සේ නහන කොටුවට වැද ලා සිටි ය මැනව. මම මේ කවුළු දොරින් බලා සිටිමි’යි කිවු ය. තමන් ඉතා බොළඳ හෙයින් රජ්ජුරුවෝ උන්ගේ බස් ගිවිස ගෙන නහන කොටුවට වන්හ. බිසොවුන් කවුළු දොරින් ‍බලුනවෝ ‘නුවණ නැති රජ්ජුරුවෙනි, රජ ව සිට මෙ තෙක් බිසෝවරුන් හින්ද දී එළි ය හා මිත්ර සන්ථව ය කරන්නේ රජ ව සිටි මුඹට තරම් දැ’යි කිවු ය. රජ්ජුරුවන් ‘මා එසේ කෙළේ නැතැ’යි කිව ත් ‘මම ඇස පුරා දිටිමි. මුඹ කුමක් කීව ත් නො හදහමී’ කිවු ය. රජ්ජුරුවෝ ඒ අසා ඒකාන්තයෙන් මේ නහන කොටුවට වන කෙණකුන් දෙන්නකු සේ මෙ ලෙසින් පෙනෙන නියා ය’යි බිසොවුන් කෙරෙහි පැවැති කට යුත්තක් නැති වන් කොට සිතා ගත්හ.

මල්ලිකා බිසවු ද ‘මේ රජ්ජුරුවන් තමන් බොළඳ හෙයින් මා වළහන්ට කියා ලූ දෙය හදහා ගත්හ. ඌ තිරිසනා හෙයින් පුරුෂ සංසේවා කුම් වුව ත් පව් පව් ම ය. ඒ එ සේ තිබිය දී හැම පව් විතරට ත් උග්රුයා සේ තිබෙන බොරු ත් කියා පීමි. මේ මාගේ කටයුත්ත අඥාන ව මා සඟවන්ට සිතූ බව මුත් තුන් කල් දන්නා බුදුහු ත් අසූ මහ සවුවන් වහන්සේ ත් දන්නා සේක. අනේ මා කළ දෑත් නපුර. කළ දෙයට ත් කී දෑත් නපුරු මය. ඒ පාප ය තුනී ව ගතත් යහපතැ’යි කොසොල් රජ්ජුරුවන් අසදෘස මහදන් දෙන කලත් සහා ය වූය. ඒ දන ත් කෙළවර දවස දුන්නා තුදුස් කෙළක් අග්ගි බුදුන් හිසට කළ හෙළ කුඩය ත් වළඳන්ට වැඩ හිඳිනා පලඟ ත්, පාත්ර් ය තබා ගන්නා පාත්ර්ධාරය ත් නො දෙවි පා තබන පිද පීඨය ත් ය යි මේ සතර අගයක් නැති දෙය ය.

මල්ලිකා බිසොවුන් මියන ගමනේ මෙ බඳු පරිත්යායගයක් සඳහන් නො කොට කළ පව් කම් ම සඳහන් කෙරෙමින් මිය අවීචියෙහි උපන්හ. රජ්ජුරුවන්ට ත් ඉතා ප්රිකයයෝ ය. ශොකය ත් බලවත් විය. උන් දවා පියා ‘උන් උපන් තැන් විචාරමි’යි බුදුන් ලඟට ගියහ. බුදුහු ත් යම් සේ ඒ විචාරන්ට සඳහන් නො කෙරෙත් නම් එ ලෙසට ඉටා වදාළ සේක. උයි ත් අවුත් බුදුන් හා සෙසු කථා කොට පියා රජ ගෙට ගොසින් විචාරන්ට සිටි කථාව සඳහන් කොට පියා “මම මල්ලිකාවන් උපන් තැන්




135. මල්ලිකා බිසොවුන්‍ ගේ වස්තුව 745

බුදුන් අතින් විචාරන්ට ගොසින් සලකුණු නො වීය . සෙට විච‍ාරමි’ දෙ වන දවසු ත් ගියෝ ය. බුදුහු ත් ‍පිළිවෙලින් සත් දවසක් ම සලකුණූ නො වන ලෙස ම ඉටා ලූ සේක. මල්ලිකා බිසවු ද කළ පාප ය පිණින් තුනී කළ බැවින් නරකයෙහි ආයු නො ව මිනිසුන්ගේ ආයු පමණින් සත් දවසක් පැසී ලා අට වැනි දවස් එයින් සැව කියා ලූ බොරු ත් අත්ථි් භඤ්ජක මුසාවක් නො වන හෙයින් එ තරමට කළ පින් බොහෝ හෙයින් තුසී පුරයෙහි උපන්හ.

බුදුහු කුමක් නිසා සත් දවසක් සලකුණු නො වන ලෙසට කළ සේක් දැ යි යත හොත් ඒ බිසවු‍ රජ්ජුරුවන් ප්රිළයයහ. ඒ හෙයින් නරකයෙහි උපන් නියාව අසා දැන් පින් බොහෝ කොට කළ මල්ලිකාවන් පවා නරකයෙහි උපන් කල මම දන් දී කුමක් කෙරෙම් දැ’යි දුන දන යහපත් විපාක නැතැ යි ලබ්ධීන් රජ ගෙන් පන් සියයක් භික්ෂූන්ට තබ්බවාලු දන් හරවා පියා පවුකම ම හැසිර නරකයෙහිම උපදී නමුත් ය යි රජ්ජුරුවන් කෙරෙහි කරුණාවෙන් සතියක් ම සලකුණූ නො වන ලෙසට කොට වදාරා අට වැනි දවස් සිඟා වඩනා ගමනේ තමන් වහන්සේ ම රජ ගෙට වැඩි සේක. රජ්ජුරුවෝ ද බුදුන් වැඩි නියාව අසා අවුත් පාත්රර ය හැර ගෙන උඩුමාලට නැ‍ඟෙන්නට වන්හ. බුදුහු යට මාලේ රථ තිබෙන ගෙයි වැඩ හිඳිනට වන් සේක.

රජ්ජුරුවෝ ත් එ තැන ම වැඩ හිඳුවා ලා කැඳ අවුළු පත් වළඳවා ලා හිඳ ‘ස්වාමිනි, මල්ලිකා බිසොවුන් උපන් තැන් විචාරමී සිතා සත් දවසක් ම ඔබ ලඟට ගොසින් සලකුණු නො ව විචාරා ගත නුහුණුයෙමි. ‘ස්වාමීනි, උන් උපන් තැන් කොයි දැ’යි විචාළෝ ය. ‘මහරජ, තුසී පුරයෙහි නූපනා කල උපදනෝ කවුරු ද? ගෑනු ව උපන්නවුන් ගෙන් විශාඛාදී වු කීප දෙනකු හැර උන් හා සරි කවුරු ද, උන්ට හැම විට ම දන් පින් විධානයක් මුත් අනික් කට යුත්තෙක් ඇද්ද? ස්වාමීනි උන් මළ තැන් පටන් ශොක ය ඉවසන්ට බැරි ය’යි කිවු ය.

මහරජ, මුසුප්පු නො වව. උපන්නවුන්ට මරණ නියම දෙයෙකැ’යි වදාරා ‘මහරජ, මේ රථය කාගේ දැ’යි විචාළ සේක. ස්වාමීන් අපගේ මුත්තණුවන් වහන්සේගේ ය’යි කිවු ය. අනික් රථයක් පෑ ලා ‘තෙල කාගේ දැ’යි විචාරා ලා අපගේ පියාණන් වහන්සේගේ ය’යි කී කල්හි අනික් රථයක් පෑ ලා ‘මේ කාගේ චැ’යි විචාළ සේක. ඒ රථ ය තමන්ගේ නියාව කිවු ය. එ ලෙස කී කල්හි ‘මහරජ, තොපගේ මුත්තණුවන්ගේ රථ ය ද එ ම ලෙසින් ම තොපගේ පියාණන්ගේ රථ ය කරා පැමිණ ගත


746 සද්ධර්මකරත්නාවලි ය

නොහිණ. තොපගේ පියාණන්ගේ රථය ත් එ ම ලෙසින් ම තොපගේ රථ ය කරා පැමිණ ගත‍‍ නොහිණ. මෙ සේ වූ දඬු කඩ වලට පවා ජරාව ඇත. අත් බැවට ජරාව ඊ මෙහි කියනු කිමි දැ’යි වදාරා බණ වදාරන සේක්.

‘රජ්ජුරුවෙනි, රථාලඞ්කාරයෙන් සරහන ලද රථයෝ ත් ඉදි කළ තැන් පටන් ක්රුම ක්ර මයෙන් දිරති. හුදක් රථ මතු නො වෙයි. මමායන කළ ශරීරය ත් උපන් වක් පටන් ම ජරාවට පැමිණෙයි. එ සේ කල ජරාවට නො පැමිණෙන්නේ කවරේ ද යත්- බුද්ධාදි වු සත් පුරුෂයන්ගේ නව ලොවුතුරා දහම් කවර කලෙක ත් එක තරම් ම හෙයින් ජරාවට නො පැමිණෙයි. බුද්ධාදී වූ සත් පුරුෂයෝ කථාවක් කෙරෙත් නමුත් නුවණැත්තවුන් හා ම කථා කරණ මුත් ජරා මරණ සඳහන් නො කරණ අඥානයන් හා කථා කිරීමෙන් ප්ර යෝජන නැති හෙයින් උන් හා කථා නො කෙරෙති’යි වදාළ සේක. දේශනා කෙලවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ජරාව අවුත් ලා සියල්ලකට අක්ෂ.ම නො කරණ තෙක් පින් කිරීමට යෝග්යන අවස්ථා‍වෙහි පින් කම හැසිර එයින් ජනිත වූ කුශලානුභාවයෙන් භව භෝග සම්පත් වළඳා කෙළවර නිවන් සම්පත් සාධා ගත යුතු.


136. ලාලුදායි තෙරුන් වහන්සේ ගේ වස්තුව

සංස්කරණය

තව ද අඥාන වීමෙහි නපුර හඟවන නිසා ලාලුදායි තෙරුන් වහන්සේ‍ ‍ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

ඒ තෙරුන් වහන්සේ මඟුල් කරණ ගෙවලට ගිය කල අනු මෙවනි බණට ආරාධනා කොළෝ ඇත් නම් මළ නෑයන් දවා හළු හස් කොට ලා පින් පෙත් දී අනුමෙවෙනි බණට ආරාධනා කළවුන්ට කිව මනා තිරොකුඩ්ඩ සූත්ර ය කියන සේක. අවමඟුල් දවසේ ද මඞ්ගල සූත්රි ය කියන සේක. මෙසේ ඒ ඒ තැන්හි දී ‘එකක් කියමි’ සිතා අනිකක් කියත ත් ‘මා කියන්නේ ස්ථානෝචිතයක නො වෙ’යි නො දන්න‍ා සේක. වහන්දෑ එ පවත් දැන බුදුන් කරා ගොසින් ස්වාමීනි, මඟුල් අවමඟුල් දෙක ට ම ලාලුදායි ස්ථවීරයන් යන්නේ හැයි ද? ස්ථානොචිත ය නො දැන මඟුල් කිව මනා තැනට අවමඟුල් කියති. අනමඟුල් කිව මනා තැනට 136. ලාලුදායි තෙරුන් වහන්සේ ගේ වස්තුව 747


මඟුල් කියති. එ සේ කල එ සේ වූ තැනට යෑමට ත් වඩා නො යෑම යහපත් වේ දැ’යි කී සේක. බුදුහු ත් ‘හෙමිබා, තුලුන් තෙල ලෙස කියන ලෙස ම ය. හැම කල ම නුවණක් ඇති කෙණෙක් නො වෙති’ වදාරා යට ගිය දවස ත් එ ලෙස ම කියන නියාව දක්වනු නිසා ගිය දවස පැවැති ලෙසක් දක්වන සේක් -

“ගිය දවස බරණැස අග්ගිදත්ත නම් බමුණානන්ගේ පුත් වූ සොමදත්ත නම් කුමාර කෙණෙක් රජ්ජුරුවන්ට සේව ය කෙරෙති. සොමදත්ත කුමාරයෝ ත් රජ්ජුරුවන්ට ප්රි්යයෝ ය. අග්ගිදත්ත නම් බමුණානෝ ද ගොවි කර්මා න්ත කොට ජීවත් වෙති. උන්ගේ ත් සානා ගොන් ගෙයක් මය. වඩා නැත. ඉන් එක් ගොනෙක් මිය ගියේ ය. බමුණානෝ පුතණුවන්ට ‘සොමදත්තයෙනි, තෙපි රාජවල්ලභයෝ ව ද, රජ්ජුරුවන් වහන්සේට කියා ලා අපට ගොනකු ඉල්වා දෙව’යි කිවු ය. සොමදත්තයෝ ද ‘මම ගොසින් ගොන් ඉල්වමී වම් මාගේ ලඝු කම් පෙනෙ’යි සිතා ‘පියාණන් වහන්ස, මුඹ ම රජ්ජුරුවන් වහන්සේ ගෙන් ‍ෙගාන් ඉල්ලුව මැනැව’යි කිවු ය.

‘එ සේ වී නම් මා කැඳවා ගෙන යව’යි කී කල්හි ‘මුන්දෑ ඉතා නුවණ නැති දෑ ය. හිඳීම් සිටීම් දන්නට නැත. කථා කරණ ලෙද දන්නට ත් නැත. එකක් කියන්ට සිතුවො ත් කියන්නේ ඒ තබා ලා අනිකෙක කියන බණන ලෙස උගන්වා ගෙන යමී’ සිතා සොමදත්ත කුමාරයෝ ද, කුමාරයෝ අග්ගිදත්ත නම් පියාණන් ඛීරණත්ථනම්බ නම් සෝනක් බඩට කැඳවා ‍ගෙන ගොසින් මිනිසුන් සැටියට තණ කලප් බැඳ සිටුවා ලා ‘මුන් වහන්සේ රජ්ජුරුවන් වහන්සේ ය. මුන් වහන්සේ යුව රජ්ජුරුවන් වහන්සේය. මු සෙනෙවි රද්දු ය, යනාදීන් භය හැරෙනු නිසා පයාණන්ට පෑලා ‘මුඹ රජ ගෙට ගිය කල මේ ලෙස සිටිය යුතුය. රජ්ජුරුවන් වහන්සේට මේ සේ කථා කට යුතු ය. යුවරජ ආදීන් හා මෙ සේ කථා ‍කට යුතු ය. රජ්ජුරුවන් වහන්සේට කන්නලවු කියන කළ රජ්ජුරුවන් වහන්ස, මුඹ වහන්සේට ජය වේ ව යි කියා ලා -

“ද්වේ මෙ ගොණා මහාරාජ - යෙහි ඛෙත්තං කසාමසෙ, තෙසු එකො මතො දෙව - දුතියං දෙහි ඛත්තිය”

යන මේ ගාථාව කියා ලා ගොන් ඉල්වා ගත මැනැවැ’යි කියා ලා ගාථාව උගන්වාලුය.


748 සද්ධර්මාරත්නාවලි ය

උයි ත් ඒ ගාථාව හවුරුද්දක් විතරින් දුක සේ වන පොත් කොට ගෙන වන පොත් නියාව පුතණුවන්ට කිවූ ය. ‘එසේ වී නම් යන් තම් පඬුරක් හැරගෙන අව මැනව. මම පෙරාතු ගොසින් රජ්ජුරුවන් වහන්සේ ලඟ සිටිමි’යි කිවු ය. ‘යහපතැ’යි කියා ලා තමන්ගේ දුක් පත් තරමට පඩුරකු ත් හැර ගෙන උගත් ගාථාව නොවරවා කියන ලෙසට උත්සාහ ඇති ව රජ ගෙට ගොසින් පුතණුවන් කෙරෙහි ගත්දයින් දැක සතුටු වූ රජ්ජුරුවන් ‘නතක් කලකින් ආ ගමනෙක. තෙල හස්නෙහි හිඳව. කන්නලවු වෙක් ඇත් නම් එයි ත් කියව’යි කී කල්හි උගත් ගාථාව අර්ථ නම් ‘යම් ගොන් කෙණකුන් බැඳ ගෙන සී සෑම් නම් තමා ඇත්තෝ ගොන් දෙන්නෙක. ඉන් එකෙක් මිය ගියේ ය. ගොනකු දුන මැනැවැ’යි යනු ය - මූ ගාථාව කියා ගෙන ගොසින් ගොනකු ඉල්වන තැන දී ‘දුතියං ගණ්හ ඛත්තිය’ කියා සිටි ගොනා ත් රජ්ජුරුවන් ට හැර ‍ගන්ට කිවු ය.

රජ්ජුරුවෝ තවත් ගාථාව කියව’යි කිවුය. තවත් එ ලෙස ම කිවු ය. රජ්ජුරුවෝ තමන් නුවණැති හෙයින් වරදවා කී නියාව දැන ගෙන සී පියා ‘සොමදත්තයෙනි, තොපගේ ගෙයි ගොන් බොහෝ නියා වේ දැ’යි කිවු ය. එ සේ වී නම් ඔබින් දෙවා වදාළ නියා ය’යි කී කල්හි රජ්ජුරුවෝ සෝමදත්තයන් කෙරෙහි පැහැද අග්ගිදත්තයන්ට ගොන් අට ගෙයක් ද‍, බමුණන් පළඳින්නට නිසි ආභරණ ද, රඳා හුන් ගම ද පමුණු කොට දෙවා ලා මහ පෙරහරින් බමුණානන් යවූ ය. සත් පුරුෂ සමවායෙන් එක ගොනකු ඉල්වා ගොසින් ගොන් සොළොසක් හා පමුණු ගමක් ලත්හ.

බුදුහු දේශනාව ගෙන හැර වදාරා ‘එ කල රජ්ජුරුවෝ නම් අනඳ මහ තෙරහු ය. අග්ගිදත්ත බමුණානෝ නම් ලාලුදායි තෙරහු ය සොමදත්තයෝ නම් මම් ම ය’යි ජාතකට නිමවා වදාරා ලා හෙම්බා මහණෙනි, පෙර ත් මේ තොමේ තමා අල්පශ්රැ ත හෙයින් ගොනකු ඉල්වන්ට සිතා සිටි ගොනු ත් හැරගන්ට කී ය. අලුපශ්රැනතියෝ නම් ගොන් වැන්නෝ ය’යි වදාරා බණ වදාරන සේක් ‘යම් කෙණෙක් කමටහන් ඉගෙන ගෙන ඊ යෙදී වෙසෙත් නම් ඌ බහුශ්රැ තයෝ මය. යම් කෙණෙක් එයි ත් නැති ව පිටකයක් පමණෙක වේව’යි සඟියක් පමණෙක් වේව යි, මුල් පණස් ආදි වු පණසක් පමණෙක වේව යි, යටත් පිරිසෙයින් විනයෙන් වුවො ත් මාතෘකා පමණෙක වේව යි, අබිදමෙන් වී




‍ 137. අනඳ මහ තෙරුන් වහන්සේ ‍ප්රවශ්න විචාළ වත 749

නම් සප්තප්රයකරණ මාතෘකා පමණෙක වේව’යි සූත්රපයෙන් වී නම් සූත්රායට මාතාකා වූ සඞ්ගීති සුත්රණ, පමණෙක ත් අභ්යා්ස නැත්තෝ වූ නම් එ ලෙසින් අල්පශ්රැූත වුවාහු යම් සේ ‍ගොන් වඩනා කල ත්, දිරන කල ත් තමන්ගේ දෙ මවු පියන්ට හා නෑයන් සියන්ට ප්ර යෝජන නිසා වඩනෝ ත් නො වෙද්ද, දිරන්නෝ ත් නො වෙද්ද, එ මෙන් කිසි කෙණකුන්ට ප්රදයෝජන නිසා වඩනෝ ත් නො වෙති. දිරන්නෝ ත් නො වෙති. අල්පශ්රැ‍තයන්ගේ වැඩීමෙනු ත් දිරීමෙනු ත් කවුරුන්ට ත් කිසි ත් ප්රනයෝජන නැත.

සෙස්සවුන්ට තබා උන් තමන්ට ත් ප්ර යෝජන නැත. අල්පශ්රැ‍ත බැවින් ම වත් පිළිවෙත ත් නො හැසිරෙති. වත් පිළිවෙතින් වඩනට නැති කලට කුමකින් වඩිත් ද යත හොත් යම් සේ ‘ගොන් උසුලා පිය නො හෙතී’ තණ බිම්වලට හළ කල තණ කා පිරීමෙන් මස් වඩී ද, එ මෙන් නිෂ්ප්ර යෝජන නියාව සලකා ඇදුරු තෙර වත් තෙර තැනින් හරන ලදු ව බුද්ධානුභාවයෙන් ලත් සතර පස ය සුව සේ අනුභව කරන්නවුන්ගේ මස් ලෙස වඩ්ඩී. මස් ලෙස වඩනා මුත් පිණක් වඩන්ට නුවු හෙයින් ත්රිසහෙතුක වන්ට නැති ව ප්ර තිසන්ධි ප්රකඥාව වේව යි ඇසීම ත් පිරිවීම ත් නැති හෙයින් ශ්රැහතමය ප්රවඥාව වේව යි සියුම් සිතිවිල්ලක් නැති හෙයින් චින්තාමය ප්රහඥාව වේව යි භ‍ාවනාහි යෝගයක් නැති හෙයින් භාවනා ප්රිඥාව වේව යි සෙසු ත් ලෞකික වූ ප්ර ඥාවෙක් වේව යි, ලෝකෝත්තර ප්රිඥාවෙක් වේව යි සාවුන්ට හං ඇති වන්ට නැත්තා සේ නො වඩ්ඩි. තවත් වල ඇති වන ගස් තුරු ලිය ආදි ය මෙන් චක්ෂුරාදි වූ ස දොරින් අෂ්ටොත්තරශත ප්ර භේද වූ තෘෂෟණාව හා නව විධ මාන ය වඩ්ඩි. අකුශල පාක්ෂික හෙයින් එයි ත් නිෂ්ප්ර යෝජනය’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් අගාරික වුව ත් අනගාරික වුව ත් සීල භූමියෙහි පිහිටා බොහෝ බණ දහම් ඇසීමෙන් බහුශ්රැනත ව ගෙන අල්පශ්රැ තයන්ට වන දෝෂයෙන් දුරු ව පින් කම හැසිර ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.


137. අනඳ මහ තෙරුන් වහන්සේ ‍ප්රසශ්න විචාළ වත

සංස්කරණය

තව ද යම් කෙණෙක් සසර ඇලුම් හැර ගත නො හෙත් නම් සියලු සර්ව ඥයන්ගේ උදාන ගාතාවල අර්ථ ය දක්වා සසර ඇලුම් හරවනු නිසා අනඳ මහ තෙරුන් වහන්සේ ප්රඋශ්න විචල වස්තුව කියමු.

750 සද්ධර්මේරත්නාවලි ය

කෙ සේ ද යත්-

බුදුහු බුදුවන්ට බෝරුක් මුල වැඩ හිඳ හිර ගල‍ා හෙන්නාට පළමු ව වසවත් මරු ලා මර සෙනඟ පරදවා පෙර යම් දස පැයින් පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ වසා සිටිනා මොහ ය නසා, මැඳයම් දස පැයින් දිව ඇස් උපදවා, අලුයම ප්රටත්යාසකාර ය නුවණ බහා, අනුලොම් පිළිලොම් විසින් සලකන සේක් අරුණු නැගෙන වේලේ දී බුදු ව ලක්ෂැ ගනන් බුදුවරුන් වහන්සේ විසින් පවත්වන ලද උදන් අනන සේක් ‘යම් හෙයකින් ජරාවෙන් ව්යාුධි‍යෙන් හා මරණින් මුසු වූ ජාති ය කරා නැවත නැවත එළඹීම දුක් ද එ හෙයින් ජාති - ජරා - මරණ රඳා හිඳිනට ශරීර නමැති ගෙය කරන්නා වූ තෘෂ්ණා නමැති වඩුවා සොයන්නෙම් යම් නුවණකින් ඔශු දැක්ක හැකි වී නම් ඒ සම්යමක්සම්බොධි ඥාන ය ලබනු නිසා දිවකුරු බුදුන්ගෙන් විවරණ ලදින් එ වක් පටන් මෙ වක් දක්වා නො එක් ලක්ෂිගණන් ජාති ඇති සසර ඒ නුවණ ලැබ ගත නො හී ච්යු්ති ප්රවතිසන්ධි වශයෙන් දිටිමි. සම්යබක් සම්බොධි ඥානයට පැමිණීම නො වී නම් ජාති ය කරා නො එළඹෙන්නට බැරි හෙයින් සාරා සැකි කප් සුවහස් මුළුල්ලෙහි බොහෝ දුක් ගෙන අද ඒ ඥාන ය ලදිමි.

එ සේ හෙයින් ශරීර නමැති ගෙය කළ තෘෂ්ණා නමැති වඩුව, ඈත මෑත ගොසින් දැක්මක් නො ව විදුරස්නෙහි හිඳ ම තා දිටිමි. සංසිකාරාදී ධර්මය නමැති යම් ගැසක් ලා ලා ශරීර නමැති ගෙය කෙරෙහි නම් මාගේ අර්හත් මාර්ගඥාන නමැති පොරොවින් සුණු විසුණු කොට පළා පියා අර්හත් ඵල ඥාන නමැති ගින්නෙන් දවා පීමි. අවිද්යාප නැමැති යම් කැණිම‍ඬෙලක සංස්කාරාදී ධර්මැ නමැති ගොනැස් උරව යි නම් ඒ කැණි මඬල ත් සංස්කාරාදී ධර්මත නමැති ගොනැස් නැසුවා සේ ම නසා පිමි. එ හෙයින් මෙ වක් පටන් තෝ ශරීර නමැති ‍ෙගය කොට ගත නො හෙයි. ගෙවල් කරන්නේ තා ඇතො ත් වේ ද? පහන ඇති වීමෙන් අඳුරු නැති වුවා සේ රහත් මග මට පහළ වීමෙන් ම තෘෂ්ණා නමැති වඩුවා තා ත් තට අතවර කරණ මාන මායා මාත්සය්යාීම දීනු ත් උන් මුල් කොය නසා පීමි. මාගේ සිත ත් උපක්ලෙශයන් කෙරෙන් වෙන් ව නිවන් කරා වන. වාසනා සහිත වූ කෙලෙසුන් ගෙවා බුදු වීමි වදාළ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් රජාණන් වහන්සේ සිතා කොට වදාළ සැලැස්ම නො සැලැස්මක් නො වන හෙයින් ජාතික්ෂේයට ම තැත් පුරා කුසල හැසිරෙන්ට උත්සාහ කට යුතු.



138. මහධන සිටුපුත්හු ගේ වස්තුව

සංස්කරණය

751

තව ද කළමනා සුචරිත විෂය තබා ලා නො කළමනා දෙය කරන්නවුනට වන විපත්ති හඟවන්ට මහධන සිටුපුත්හු ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

ඒ සිටුපුත් තෙමේ බරණැස අසූ කෙළක් වස්තු ඇති සිටු කුලයෙක උපන. උන්ගේ දෙ මවු - පියෝ ‘අපගේ සම්පත මහත, අපගේ පුතණුවන් කැමති පමණකට ඇත. සෙස්ස හැයි දැ’යි විද්වත් කුලයෙක උපන්නා සේ ගී - නැටුම් පමණක් ඉගැන් වූශ. එ ම නුවර අසූ කෙළක් වස්තු ඇති කුලයෙක දුවණි කෙණකුත් උපන්හ. උනගේ දෙ මවු පියෝ ත් අර මුන්ගේ දෙ මවු පියන් සිර්තණ ලෙසට ම සිතා උනු ත් ගී - නැටුම් පමණක් ඉගැන්වූහ. වැඩි විය පැමිණියවුන් ඔවුනොවුන්ට ම නිල කළහ.

කල් යෑමක දී දෙ පක්ෂේයේ ම දෙ මවු පියෝ මළහ. එක්ලක්ෂය සැට කෙළක් පමණ වස්තුව එක ගෙට ම වී ය. සිටු පුත්රමයාණෝ ද දවස තුන් විටක් රාජ සේවයට යෙති. ඉක්බිත්තෙන් එ නුවර රා සොඬහු ඉදින් මේ සිටු පුත්රේය‍ාණෝ ත් රා සොඬහු නම් අපට මහා සැප ය. උනු ත් රා සෙ‍ාඬ කරම්හ’යි සිතූහ. එ සේ සිතා ලා රා ත් හැර ගෙන බැදි දඩ මස් හා ලුණු ත් එකුරුත්තේ බැඳ ගෙන මුල පලා මුලු ත් හැරගෙන උන් රජගෙන් එන තෙක් මඟ බල බලා හිඳ ලා සිටු පුත්රුයාණන් එන්නවුන් දැක රා බී පියා ලුණු කට ලා ගෙන මුල පලා මුල් ඩැ ඩෑ ‘ස්වාමීනි, සිටු පුත්රපයාණන් වහන්ස, බොහෝ කලක් ජීවත් වුව මැනව. අපි නුඹ වහන්සේ ට පිණට කන්ට බොන්ට සමර්ථ වූම්හ’යි කිවු ය. සිටු පුත්රියානෝ ද උන් ගේ බස් අසා පස්සේ එන බුලත් කන්නවුන් අතින් ‘තුලුන් බොන්නේ කුමක් දැ’යි විචාරා ‘එක් පාන වර්ගනයෙකැ’යි කී කල්හි ‘යහපත් දෙයක් දැ’යි විචාලෝ ය. ‘ස්වාමීනි, මෙ ලොව මෙයට වඩා පියයුත්තෙක් නැතැ’යි කීය. ‘එ සේ වී නම් මා ත් ඒ බොන්ට වුවමැනවැ’යි මඳක් ගෙන්වා ගෙන බොති. ධූර්තයෝ ද සිටු පුත්ර යාණනු ත් රා බොන්ට පටන් ගත් නියා ව දැන ගෙන උන් ම පිරිවරා ගත්හ. කල් යත් යත් පිරිවර මහත් විය.

සිටු පුත්ර යානෝ ත් සියයක් යවා ලා ත්, දෙ සියක් යවා ලා ත් රා ගෙන්වා ගෙන බො‍න්නෝ කල් යත් යත් හුන් තැන සිටි




752 සද්ධර්මගරත්නාවලි ය

තැන රන් ගොඩවල් තබ්බවා ගෙන රා බොන කල පළඳිනා ලෙසට ‘මෙ තෙක් රන් දී ලා මල්ගෙනෙව. මෙ තෙක් රන් දී ලා සුවඳ සාන්දුක ගෙනෙව. මූ දූ කෙළියට සුරු වූ ය. මූ නටන්ට සුරු වූ ය. මූ ගී කියන්ට සුරු වූ ය. මූ මද්දල ගසන්ට සුරු වූ ය. මුන්ට දහසක් දෙව. මුන්ට දෙ දහසක් දෙව’යි මෙ ලෙසින් වියදම් කරණ සිටුපුත් නො බෝ කලකින් ම තමන් සන්තක අසූ කෙළක් වස්තුව අසත් පථයේ දි නිමවා ඉක්බිත්තෙන් සිටු දුවණියන් සන්තක අසූ කෙළක් වස්තුව ත් උන් කිව නො කිව ගෙන්වා ගෙන එයි ත් එ ලෙසින් ම දී නිමවා ජීවත් වන උපදෙස් නැති හෙයින් කෙත් - වත් අරම් ආදිය ද, බත් කන රිදී වළක් ආදිය ද, යටත් පිරිසෙයින් හැඳ - කලාල් - කොට්ට - මාවුලා ආදිය දැ’යි තමන් දෙ පක්ෂය සන්තක සියල්ලක් ම විකොට කෑවු ය. ඒ හැම විකොට කා නිමවා ලා මාලු අවස්ථාවෙහි දී හිඳිනා ගෙය ත් වික්කහ. ගෙය විකිණී ව හුරගත්තවුන් ‍ෙගයි ත් හින්ද නො දී නෙරි හෙයින් ඇඹේණියන් කැඳවා ගෙන අනුන්ගේ බිතක් කනකට පලා ගොසින් රඳි හිඳිනහු කබල් කෙටි හැර ගෙන සිඟා ඇවිද බොහෝ දෙනා කා අන්තයේ ලූ බත් කන්ට පටන් ගත්හ. තමන් කොට ලූ පර‍ිත්යාකග ලෙසට ම නිකෘෂ්ට ජීවිකා වි ය.

එක් දවසක් වහන්දෑ වළඳන තැනට ගොසින් වළඳා අන්තයෙහි බාල වහන්දෑ පාත්රනවලින් ගෙනවුත් ලන බත් නො මැළි ව ලවා ගන්නවුන් දැක පුරා දී ලු නියාවට ලබන සැටි ය ඉතා ලඝු හෙයින් පහළ කරණ සිනාවක් මෙන් බුදුහු සිනා පහළ කළ සේක. අනඳ මහ තෙරුන් වහන්සේත් සිනා පහළ කිරීමට කාරණ විචාළ සේක. බුදුහුත් සිනා පහළ කිරීමට කාරණ වදාරණ සේක් අනඳයෙනි, මහධන සිටාණන්ගේ පුතණුවන් දුටුවා ද? තුලූ ‍මෙ ම නුවරදී තමන් සන්තක අසූ කෙළක් හා සිටු දුවණියන් සන්තක අසූ කෙළක් හා මෙලෝ පරලෝ දෙකින් ම කිසිත් ම ප්රවයෝජන‍යක් නැති අකාරිය නිසා වියදම් කොට නසා පියා දැන් සිඟා කා ඇවිදිති. ඉදින් මූ තුමූ පළමු වයස දී වස්තුව නො නසා කෘෂි - වණික් ආදි කටයුත්තෙක යෙදූ නම් මෙ ම නුවර නායක සිටු තනතුරු ලැබෙති. ඉදින් පළමු වයස දි ලොවි සැපත් හැර මහණ වූ නම් රහත් ව ලොවුතුරි සැපත් පුරා ලද්දෝ ය. සිටු දුවණි‍යෝ ත් නායක සිටු තරමට ත් අනාගාමී ඵලයට ත් පැමිණෙති.

ඉදින් මේ සිටු පුත් මධ්යිම වයස දී සම්පත ප්ර‍යෝජන වන ලෙස යෙදූ නම් මෙ ම නුවර දෙ වන සිටු තනතුර ලැබෙති.



139. බොධිරාජ කුමාරයන් ගේ වස්තුව 753

මධ්යමම වයස දී මහණ වු නම් අනාගාමී වෙති. සිටු දුවණියෝ ද දෙ වන සිටු තනතුරට හා සෙදැගැමි ඵලයට පැමිණෙති. ඉදින් කෙළවර වයස දී වස්තුව ප්රුයෝජනවත් ලෙස යෙදූ නම් තුන් වන සිටු තනතුරු ලැබෙති. ගිහි ගෙන් නික් ම මහණ වූ නම් සෙදැගැමි වෙති. සිටු දුවණ‍ියෝ ත් තුන් වන සිටු දූ තරමට ත් සෝවාන් ඵලයට ත් පැමිණෙති. තුන් අවස්ථාව ම වරදවා පී හෙයින් ගිහි සම්පතිනු ත් පිරිහුණාහු ය. ශ්රා මණ්යව ඵලයෙනු ත් පිරිහුණාහු ය’යි වදාරා බණ වදාරණ සේක් ‘නූපන් භොග උපදවා ගන්ට ත් උපන් භොග රැක ගන්ට ත් සමර්ථ අවස්ථාවෙහි තමාගේ ම නො දැන්ම වස්තූන් නො ලදින් නිෂ්ප්රනයෝජන වන වස්තුව හැර ගොසින් හාසනික ව ශීල සංරක්ෂ්ණය ත් නො කොට පැන් සිඳීමෙන් කුඩමස්සන් නැති විල්වල පියා පත් වගුළ කොස්වා ලිහිණියන් මෙන් සිතිවිලි ගනිති. විල පැන් නැත්තා සේ ම හිඳිනා තැනු ත් නැත. කුඩ මස්සන් නැත්තා මෙන් සම්පතු ත් නැති වෙයි. පියා පත් වගුළ කොස්වා ලිහිණියන්ගේ අහස ගමනක් නැත්තා මෙන් කෘෂි වණික් ආදි සම්භව වන වස්තූ ත් නැති වෙයි.

තවද යම් කෙණෙක් ගිහි ව සම්පතින් ප්රදයෝජන විඳිනට නිසි ව සිට සම්පත් ලබන්ට නිරවද්යප වූ උත්සාහ නො කෙරෙත් නම් ලද සැප ත් හැර සසුන් ‍වැද මහණ දම් කොට මහණ දමින් ලැබ්බ යුත්ත නො ලැබෙ ත් නම් ‘පෙර සුව සේ කෑම්හ පූම්හ. සම්පත් වුනුම්හ’ යනාදි ය සිතා හිඳි ත් න්ම විඳ පූ හී දඬු අවුළන්නන් නැති ව දිරන්නා සේ තුන් වයස ම කළ මනා දෙය නො කොට ඉක්මවා පූ නම් මරණින් මැකෙති. උන් ලද අත් බැව් නිෂ්ඵල ය’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් - සෙදගැමි - අනගැමි - රහත් වූහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පළමු වයස වරදවා පී වත් මධ්යඅම වයස දී හෝ මධ්යතම වයස ත් විරැද්දේ නම් කෙළවර වයස දී හෝ පිහිටන තමාට කට යුතුය. ගිහිව පිහිටක් කට නො හැකි වී නම් ශාසනික ව ත් ලද මනා ගුණ විශේෂ ලබන්ට උත්සාහ කට යුතු.


139. බෝධිරාජ කුමාරයන් ගේ වස්තුව

සංස්කරණය

තව ද සත්ව යන්ට ස්ථානෝචිත ප්ර ඥාව වුව මනා දෙයක් නියාව හඟවන්ට බෝධිරාජ කුමාරයන් ගේ වස්තුව දක්වමු.


754 සද්ධර්ම්රත්නාවලි ය


කෙ සේ ද යත් -

ඒ බෝධිරාජ කුමාරයෝ දඹ දිව අනික් රජ්ජුරු කෙණකුන් එ තරමේ කරවා ගත නො හැකි ලෙසට අහස පියාසර කරන්ට සිටි ගුරුළකු වැනි වු කොකනද නම් මාළිගාවක් වඩු කර්මාසන්ත බලවත් කොට දන්නා වඩුවකු ලවා කරවා ලා ‘තොපි අනික් කෙණකුන්ට ත් මෙ බඳු මාළිගාවක් කළාදැ’යි වඩුවා අතින් විචාළෝය. ‘පළමු කළ මෙහෙවර නම් මෙ මය’යි වඩුවා කීය. ‘මේ වඩුවා අනික් කෙණකුන්ට ත් ලාභ ය නිසා මෙ බඳු මාළිගාවක් කොට පි නම් මේ මාළිගාවේ අරුමයක් කැත. මරවා හෝ පියමි. නැත්නම් අත් පා හෝ කපවා පියමි. එ සේ කල ත් අත් පා ඇත්තවුන් ලවා කර්මාැන්ත නො කට හැකි ලෙසට ඇස් හෝ උදුරුවා පියමි. එසේ කලට අනික් කෙණකුන්ට මාළිගා නො කෙරෙ’යි සිතූ ය. සිතා ලා ඒ තමන් සිතූ සිතිවිල්ල තමාගේ සඤ්ජිකා පුත්ත නම් යාළණු කෙණකුන්ට කිවුය. ඌ සිතන්නෝ ‘අදහස් නපුරු ය. මේ බෝධිරාජ කුමාරයෝ මහ ඇඟි කර්මා.න්ත දන්නා වඩුවා නසා පූ නමුත් නපුර. මා තරම් වැඩකරු එකකු ඇති ව මුන් නසන්ට කාරණ කිම් ද? මූට මේ පවත හඟවා පියමි’යි වඩුවා ‍කරා ගොසින් ‘මාළිගාව කොට නිමවා පු දැ’යි විචාරා එ සේ ය’යි කී කල්හි -

“රාජ කුමාරයෝ තොප මරණු කැමැත්තෝ ය. යම් කිසි ලෙසකින් තොපගේ ජීවිත ය රැක ගනුව’යි කිවු ය. වඩුවා ත් ‘ස්වාමීනි, කියා ලූ බව යහපත. මම ඊට නිස්ස දනිමි’යි කියා ලා කුමක්ද? වඩුව අපගේ මාළිගාවේ මෙහෙවර නිමියේ දැ’යි රාජ කුමාරයන් විචාළ කල්හි ‘තව නිමන්ට කොයි ද? නැතක් කර්මායන්ත තුබුයේ ය’යි කීය. ‘තුබු කර්මා න්ත කවරේ දැ’යි විචාළෝ ය. ‘තුබූ මෙහෙවර පසු ව කියාලමි. දඬු පත් ගෙනුවුව මැනැව’යි කිවු ය. ‘කෙසේ වූ දඬු පත් ද ගෙන්වුව මනා‍’යි විචාළ කල්හි ‘හර නැති ලඝු සැහැල්ලු වූ දඬු ය’යි කිවු ය. උයි ත් ගෙන්වා දුන්හ. වඩුවාණෝ කියන්නෝ ‘රජ්ජුරුවන් වහන්ස, මෙවක් පටන් කවුරුනු ත් මා ලඟට නො අව මැනව. සූක්ෂනම කර්මාුන්තය නම් කරණ කල අනුන් ලා කථා කොට කරන කලට සිත එකඟ නො වෙයි. එ සේ කලට වත්තීම් ආදි ය නපුරු වෙයි. බත් වේලාට බත් තු අනික් කෙණකුන් අත නො එවා අපගේ වඩු දුව අත ම එවන්නා පමණැ’යි කිවු ය. රාජ කුමාරයෝත් යහපත’යි ගිවිස්සෝ ය.

වඩුවාත් එක් ගබඩාවෙක් හිඳ ඒ දඬු පත් සැස ගෙණ අඹු දරුවනු ත් තමා ත් ඇතුළත නො හෙවී හිඳිනා ලෙසට විතර කොට


139. බොධිරාජ කුමාරයන් ගේ වස්තුව 755

ගුරුළු යන්ත්රෙයක් කොට නිමවා ලා බත් ගෙනා අඹුවට ‘ගෙයි ඇති සියල්ලෙක් ඇත් නම් විකොට ලා හැර ගනුව’යි කී ය. රාජ කුමාරයෝ ත් ‘වඩුවා සැකයක්1 ලවා ගෙන පලා ගියේ නම් නමුත් නපුරැ’යි ඉදි කරණ ගෙන් මෑත් නො වන ලෙසට වට කොට රකවල් ලවා ලූ ය. වඩුවා ත් ගුරුළු යන්ත්රන ය නිමි කලට අද දරුවනු ත් කැඳවා ගෙන එව’යි ඇඹේණීයන්ට කියා ලා පෙර වරු බත් කා ලා අඹූ දරුවෝ ත් තෙමේ ත් ගුරුළු යන්ත්ර ය ඇතුළේ හිඳ කවුළු දොරින් පිටත්ය යන්ත්රු ය මැඬ අහසට පැන නැඟී ලා අහසින් ශිල්පානුභාවයෙන් වඩුවා පලා ගියේ ය’යි මුර ගාවා ගාවා නික්ම හිමවත බැස නුවරක් කොට ගෙන රජපට ත්2 සොයා ගෙන කාෂ්ඨවාහන නම් රජ වූ ය.

බොධිරාජ කුමාරයෝ ත් ‘ගෙට වදනා මඟුල් කරමි’යි බුදුන්ට ආරාධනා කොට ලා මාලිගාව සිවු දෑ සුවඳින් පිරිබඩ ගන්වා ලා මාළිග‍ාවේ පළමු වන එළි පත පටන් පියවිළි ලවා ලා තමන්ට දරුවන් නැති හෙයින් ‘දරු කෙණකුන් ලැබෙම් නම් බුදුහු පියවිලි මඬනා සේකැ’ සිතා ලා ඉන් දරුවන් සම්භ වන නියාව දන්ට සිතූ ය. බුදුන් වැඩි කල්හි පසඟ පිහිටුවා වැඳ ලා පාත්රස ය හැර ගෙන ‘ස්වාමීනි, වඩනා බව ය’යි කිවු ය. බුදුහු තුන් විටක් දක්වා කීව ත් නො වැඩ අනඳ මහ තෙරුන් වහන්සේගේ මූණ බැලූ සේක. මහ තෙරුන් වහන්සේ ත් බලා වදාළ ලෙසින් ම පියවිළි පිටින් නො වඩනා නියා ව දැන ‘රාජ කුමාරයෙනි, පියවිළි හකුළු ව ව. බුදුහු පියවිළි පිටින් නො වඩනා සේකැ’යි වදාළ සේක. රාජ කුමාරයෝ විධාන කොට හකුළු වා පූ ය. හකුළුවා ලා බුදුන් ඇතුළු මාළිගාවට වඩා ගෙන ගොසින් කැඳ අවුළු පත් වළඳවා ලා වැඳ එකත් පස්ව හිඳ ‘ස්වාමීනි, මම නුඹ වහන්සේට උපකාරීමි. මවු කුස ත් හිඳිනා කල අනුන්ගේ වසඟයෙන් වුව ත් එක වරෙක සරණ ගියෙමි. දෙ වැනි ව කිරි බොන අවස්ථාවෙහි සරන ගියෙමි. තුන් වැනිව වැඩුණු අවස්ථාවෙහි සරණ ගියෙමි. එසේ වූ පියවිළි වැඩ නොගෙන නො වැඩියේ හැයි දැ’යි කිවූ ය.

බුදුහු ත් ‘කුමාරයෙනි, තෙපි කුමක් සිතා පියවිළි ලැවු දැ’යි විචාළ සේක. ‘ඉදින් දරු කෙණකුන් ලැබෙමි නම් බුදුහු මාගේ පියවිළි මඩනා සේකැ’යි සිතා ය’යි කිවු ය. ‘ඒ නිසා පියවිළි ය නො මැඩෙමි’ කියා වදාළ සේක. ‘කුමක් ද? ස්වාමීනි, අප දරු කෙණකුත් නොලබන නියා3 දැ’යි කිවු ය. එ සේ ය යි වදාළ සේක. ඊට කාරණා කිම් දැයි විචාරා ‘එක් ජාතියෙක දී තොප දෙ මහල්ලන්ම කළ අකුසල් නිසා ය’යි වදාළ සේක. ‘දරුවන් නො බලන්ට නිසි පාපය අපට සිද්ධ වූ‍යේ කවර කලෙක දැ’යි විචාළ කල්හි -


1. සකයක් 2. රජ හට ත් පිරිස් 3. නියාව 756 සද්ධර්මකරත්නාවලි ය

යට ගිය දවස නො එක් සිය ගණන් මිනිස්සු මහ නැවකට නැඟි ලා මූදු නැංගෝ ය. නැව මූද මැද දි නට. දෙ මැල් කෙණෙක් එක් පෝරුවන් හැර ගෙන පිනා ගෙන දිවයිනකට සම්භව වූහ. සෙස්සෝ මුළුල්ල ම ජීවත් වන්ට නිසි කුශලයක් නැති හෙයින් මළහ. අරුන් දෙන්නා පැමිණ දිවයින ත් බොහෝ පක්ෂීහු වෙසෙති. අර මුන් දෙන්න ත් සා කුස් ඇත්තා‍හු අනික් කෑ යුත්තක් නො‍ දැක පක්ෂීන්ගේ බිජු වට කෑවූ ය. තත්තෝ ත් අඟු‍රෙහි පළහා ගෙන කෑවූ ය. බිජු වට නිමි කලට පක්ෂි පැටවුන් හැර ගෙන කෑවූ ය. කන්නෝ ත් පළමු වයස ත් මද්ධ්යිම වයස ත් කෙළවර වයස ත් කෑවූ ය. එක වයසකත් නො කන්ට නූවුයේ ය. දෙන්නා ගෙන් එක් කෙණකු ත් නැවත නූපූවෝ ය.

බුදුහු මේ අකුශල කර්ම. ය වාදාරා බණ වදාරන සේක් ‘තමාගේ ආත්ම ය තමා හට ප්රිකයාය සේ දැනේ නම් යම් ලෙසක රැකි කල රැක්කා වේ නම්, රාජ කුමාරයෙනි, ඒ ‍ලෙසට යහපත් කොට රක්නේ ය. ඉදින් ගිහි කෙණෙක් තමන් රකුම්හ’යි සිතා මාළිගා වල යට මාල් හැර උඩු මාල් වලට නැඟි ලා ඉනු ත් ගබඩ‍ාවලට වැද ආත්ම රක්ෂාව ඇති ව වෙසෙ ත් නමුත් පැවිදිවරු භිත්ති හා දොරලි දොර බා ඇත් ගල් ලෙනක වෙසෙ ත් නමුත් සිතින් සන්හුන් කමක් නැත්තෝ වූ නම් ඌ තමන් රක්නා නම් නො වෙති. ගිහි වුවු ත් පව නො යෙදී බල වූ ලෙස දන් පින් කෙරෙ ත් නම් පැවිදි වුව ත් ධුරද්වයින් එක් තරා ධුරයෙක හා වත පිළිවෙත යෙදී වෙසෙත් නම් ඌ තමන් රක්නා නම් වෙති. තුන් වයස පුරා කට නො හෙත ත් නුවණැත්තෝ එක් වයසෙක වුව ත් තමන් රකිති. ඉදින් ගිහීහු පළසු වයසෙහි කෙළි ලළු‍වෙහි ලොල් බැවින් පින් කට නුහුණ වූ නමුත් මද්ධ්ය ම වයස වුව ත් පින් කොළෝ නම් යහපත. ඉදින් මද්ධ්යවම වයස දී අඹු දරුවන් රකිනා නිසා පින් කට නුහුණු වූ නම් කෙළවර වයස දී වුව ත් පින් කළ මනා ම ය. තුන් වයසින් එක් වයසක වුව ත් පමා වූ නම් උන් ගේ ආත්ම ය උන්ට ම සතුරු වත්මුත් ප්රි්ය වූවා නම් නො වෙයි.

මහණ වුවාහු පළමු වයස මාර්ගසධිගම ඵලාධිගම නිසා භාවනා වට පමා වූ නම් මද්ධ්ය ම වයස වුව ත් නො පමා ව මහණ ධම් කොළෝ නම් යහපත. ඉදින් පළමු වයස උගත් පෙළ අර්ථ ත් විනිශ්චය ත් කාරණාකාරණ ත් විචාරීමෙන් මද්ධ්යතම වයස ගියත් කෙළවර වයස වුව ත් තමන්ට පිහිටක් සිර්තද නම් යහපත. වයස් තුනෙක වුව ත් දෙකක වුව ත් නො පමා




140. උපනන්දස තෙරුන් වහන්සේ ගේ වස්තුව 757

විම කෙළවර වයසට සම්භවී නම් තමා රැක්ක නම් ම වෙති. එසේ කොට ගත නො හෙන්නවුන්ට අත් බැව ප්රිතය නො‍ වෙයි. තමන්ට සතුරෝ නම් තුමූ ම ය’යි වදාළ සේක. දේශනා කෙළවර බොධිරාජ කුමාරයෝ පුත්රෙ ප්රොතිලාභයට පින් නැත ත් ශ්රා්මණ්යශ ඵල ප්රරතිලාභයට පින් ඇති බැවින් සෝවාන් වූශ. උන්ගේ වයසෙන් සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් පමා ව වසතොත් තමා ට සතුරු බැවින් කෙලෙස් සතුරන් පරදවනු කැමැත්තො ත් තමාට හිත ව ගෙණ කෙලෙස් සතුරන්ට අවසර නො පෑ නො පමා ව වැස ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කටයුතු.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xvii&oldid=5693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි