සද්ධර්ම රත්නාවලිය- xvi

120. සුප්රතබුද්ධ ශාක්ය වස්තුව

සංස්කරණය

තව ද වැද ගත් ගිනි දාරු පර්ණාදි ඉන්ධන රහිත වීමෙන් හෝ පටග්ගි දානයෙන් මුත් එක් තරම් දෙයකින් නො නවත්නා සේ කළ පාප කර්මට ක්ෂයයයෙන් හෝ අනුපධිශේෂ නිර්වනණ ධාතුවට පැමිණ මුත් කො තැන රඳා ත් නො නවත්නා පරිදි හඟවන්ට සුප්රශබුද්ධ ශාත්යා වස්තුව දක්වම්හ.

කෙ සේ ද යත්-

ඒ ශාක්ය රජ්ජුරුවෝ තමන් දූ වූ බිම්බා බිසොවුන් වැන්දඹ කොට මහණ ව බුුදුවන්ට ගිය හෙයිනු ත් තමන් ගේ පුත් දෙවිදතුන් මහණ කොට ලා උන්ට වෛරී ව සිටි ය යි යන්නකු ත් අස්ථානයෙහි සිතා ගෙන බුදුන් කෙරෙහි ගල් නියෙන් කනන්නා සේ වෛර කොට ගෙන එක් දවසක් ආරාධනා කළ තැන දන් වළඳා පිය නොදෙමි’යි වඩනා මඟ අහුරා හිඳ රායක් බොති. ‘ශාක්යො රජදරුවන් පන් සිල් රකිති’ කීයේ භියේයා වෘත්තින. බුදුන් එ තැනට මහණගණ පිරිවරා වැඩි කලට ‘බුදුහු වැඩි සේකැ’යි කිවූ ය. ඒ අසා සුප්රනබුද්ධ ශාක්ය යෝ වයසින් අපට වැඩි මාලු නො වත් වයසින් වැඩි මාලු වුව ත් නෑ කමින් බාල ව සිටි පසු ඉවත් ව ලා යන්ට කියව. මම ඉව ත් නො වෙමී’ කිවූ ය. තවත් තවත් එ ලෙස ම කියා ලා ඉවත් නො ව ම හිඳිති. අකුශල මාර්ගීයෙන් ඉවත් නූවූවා ත් කුශල මාර්ග යෙන් ඉවත් වූ ම ය. බුදුහූ මයිල් ශාක්ය රජ්ජුරුවන් ගෙන් අවසර නො ලද ත් ඊ රොසයක් නැති බැවින් නැවතී සේක. උයිත් ‘යව, ගොසින් කියන‍ බණන දෙයක් ඇත් නම් අසා ගෙන එව’යි කියා ලා එකකු යවු ය. බුදුහු සසර ගමනින් නවත්නා දවස සිනා පහල නො කළ ත් එ දවස් සිනා පහළ කළ සේක.

සිනා පහළ කිරීම් නම් දත් දල්වා කල බිඳිනා හඬ සේ මහත් කොට සෙන සිනා නො වෙයි. සිනා සෙන්ට සිතා වදාල කලට සතර දළදාවෙන් සුදු රස් මෑත් ව ලා ඉඳුනිල් මිණිමුවා දාගබක් වටා රිදී උළින් පවුරක් බඳනා සේ තුන් විටක් පැදකුණු කොට ලා රත් පියුම් ගබකට වදනා සුදු හස් පෙළක් මෙන් ශුභ්ර් වූ රශ්මි පූඤ්ජය මුඛ ගර්භයට ද දන්න ‍ශ්රේෙණි නමැති හංසාඞ්ගනාවන්ගේ වි‍යෝග ය ඉවසිය නො හෙන්නාක් මෙන් වැද යෙයි.

අනඳ මහ තෙරුන් වහන්සේ ද ‘ස්වාමීනි, සිනා පහළ කිරීමට කරුණු කිම් ද? නො කරුණෙක සිනා පහළ නො කරවු ම ය’යි වදාළ සේක. කාරණ වදාරණ සේක් ‘ආනන්දුයෙනි, සුප්රිබුද්ධ ශාක්යු

120. සුප්රනබුද්ධ ශාක්ය, වස්තුව 685

යන් දුටුදැ’යි විචාරා ‘එ සේ ය’ ස්වාමීනි, දුටුම්හ’යි කී කල්හි ‘උන් කළ දෑ නපුර. මා වැනි බුදු කෙණකුන් සිඟා යන්ට අවසර නො හැර නිවන් පුර වදන කුසල් මඟ අකුසල් හෙළා ගත්හ. මෙයට සත් වන දවස් ඒ කළ අකුශලයෙන් දෙව් ලොවට යන මඟු ත් ඇසු සුණු හෙයින් තමන්ගේ මාළිගා‍වේ යට මාලේ හිණි පා මුල දී නිරෑමඟ අගුල් අළ හෙයින් පොළොවට වදිතී’ වදාළ සේක. කියන බණන බස් අසන්ට ගිය තැනැත්තෝ ඒ කථාව අසා ‘අපගේ බැණනුවන් යන ගම‍නේ කියේ කිම්දැ’යි විචාළ කල්හි බුදුන් වදාළ ලෙස අවික්ෂිප්ත ව ත් අසා ගත් හෙයින් එ ලෙස ම කියා ලී ය.

උයි ත් ඔහුගේ බස් අසා ‘අප ගේ බෑණනුවන්ගේ කථා වෙන් වරදනා දෙයෙක් නැත. යමක් ඌ කිවු නම් වන්නේ එ ම. එ සේ වුව ත් බොරුවකින් හසු කෙරමි. මූ තුමූ සත්වන දවස් පොළොවට වදනා නියාව කියන තැනැත්තෝ සාමාන්ය.යෙන් නො කියා යට මාලේ හිණ මුල දී පොළොව වදිති’යි බිම් නියමය ත් කියා ලූ ය. සත් වැනි දවස ය යි දවස් නියමය ත් කියා ලූය. මෙ වක් පටන් සත් වන දවස ඉක්මෙන තෙක් යට මාලේට නො බසිමි. යටමාලයට නො බට කලට හිණි පා මුලත් නැත. මේ අතුරු සිතා ගත හෙන නියාව නො දත් වන උඩු මාල්වලට පෝරු විනා පෙළෝ ත් නැති බැවින් භූමි නියම ය වැරදීමෙන් ම කාල නියමය ත් වැරද ගිය කලට උන්ගේ බස බොරු ය.

එ කල බොරුවෙන් හසු කෙරෙමි’යි සිතා තමන්ට අනුභවයට නිසි සියල්ලක් ම සත් මාල් මාළිගාවේ උඩු මාලට නංවා ගෙන හිණි ත් උගුලුවා හරවා පියා මාලින් මාලේ ම දොරවලු ත් අගුළු තවා ගෙන එකි එකී දොරකඩක් පාසා මල්ලවයන් දෙදෙණකු රඳවා ලා ‘ඉඳින් සිහි නැති ව යට මාලේට බසිම් නම් අල්වා රඳවව’යි මල්ලවයන්ට තර ව සම්මත කොට ලා සත් වන මාලේ ශ්රීබ යහන් ගබඩාවේ හුන්නේ ය.

බුදුහු එ පවත් අසා ‘මහණෙනි, මාළිගාවේ මතු මාලේ තබා සුප්ර්බුද්ධයෝ ආසට නැඟී ලා ආස හිඳිත්ව’ පඩව් නැඟී ලා මුහුදට යෙත්ව යි ජීවත් වනු නිසා ගල් හස්සට වදිත්ව යි බුදුවරුන් විවරණ ලත් තැන් පටන් අත්ථිව භඤ්ජක බොරුවක් නො කියන හෙයින් බුදු වූ අවස්ථාවෙහි දෙ බස් ම නැත. මා කියලු තැනින් ම පොළොවට වද්දී. පව් කළවුන් ආස හුන්න ත් මූදට පැමිණිය ත් ගල් හස්සක රඳා ත් කළ පවින් ගැළවීමෙක් නැත. යම් තැනක සිටි කල මරණ නවතා පියා නම් එ සේ වූ බිම් පියසෙක් දස දිග ම නැත නිවණට


686 සද්ධර්ම රත්නාවලි ය

පැමිණියෝ නම් ඒ නිවණ මරණ නැති හෙයින් නිවන් කරා පැමිණ ක්ර මයෙන් මරණ නවත්තී වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණීමෙන් කළ පවින් මිදෙන තැන් ලත්හ.

සත් වන දවස් බුදුන් සිඟා වැඩ ලා විහාරයට වැඩ පි කල වහන්දෑ‍ගේ ත් සිඟා ගමන් නිමි කලට සුප්රවබුද්ධයන්ගේ මඟුලසා යට මාලේ සිටියේ මත් ව ගොසින් ඒ ඒ භික්ති පහරනේ ය. උඩු මාලේ හුන් සුප්රාබුද්ධයෝ ඒ අරගල අසා කුමක් දැ යි විචාළෝ ය. මඟුලසු මත් වූ නියාව කිවු ය. ඒ අසා ද වැළි ත් සුප්ර බුද්ධයන් දැක ම සන්හි‍ඳෙ යි. ඔහු සන් හිඳුවනු නිසා හුන් තැනින් නැගිට දොරකඩවල් කරා ගියහ.

දොර ත් බෑනණුවන් වහන්සේ මහභිනික්මන් නික්මෙන දවස් ඔබගේ කුශලානුභාවයෙන් වාසල් දොර ඇරුණා සේ ම මුන්ගේ අකුශලානුභාවයෙන් තෙමේ ම හැරිණ. ඉවත් කරවා පී හිණ ත් යථා ස්ථානයෙහි ම සැලසී සිටී ය. දොර කඩවල රකවල සිටි මල්ලවයෝ උඩට යන කෙණකුන් නවත්තා සේ සුප්රඩබුද්ධයන් බොටුව අල්වා ගෙන පාත් බලා දමා පූ ය. ඉක්බිත්තෙන් යට මාලේ හිණි පා මුල් කරා පැමිණ කලට ලා ලූ නකතක වේලා නුඟුළු වන්නාසේ මහ පොළොව නව ලක්ෂ් සැට දහසක් පමණ ගවු පොල ඇත ත් අකුශල කර්මී නමැති සෙණ පහරින් පැළිණ. සුප්ර බුද්ධයෝ ත් ඒ සිදුරෙන් ගොසින් අවීචියෙහි උපන්හ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සුප්ර්බුද්ධයන් මරන දුකින් වැළහෙන්ට සත්මාල් මාළිග‍ාවේ උඩු මාලට නැගී ත් ඉන් නො මි දුණූ නියාව සලකා නව ලොවුතුරා දහම් නමැති නව මාලේ පායෙන් නව වැනි වූ උඩ නිවන් මාල් තිබිය දී ම අට වැනි වූ අර්හත් ඵල සමාපත්ති මාලට නැගෙන්නා ම, ක්ෂෙණික මරණ විනා සෙසු මරණ නැති නියාව ත් යට මාලේ වූ ශ්රොලත ආපත්ති මාර්ග යේ පටන් මරණ තුනී වන නියාව ත් දැන මාළිගා ලබතො ත් වන මාල් වූ ලොවුතුරා මාළිගාව ම ලබන්ට උත්සාහ කට යුතු.

121. යවග වහන්දෑ‍ෙග් වස්තු දෙක

සංස්කරණය

තව ද අනුන්ට හිංසා පීඩා කිරීමෙහි නපුර දක්වන්ට සවග වහන්දෑ ගේ වස්තු දෙක දක්වමු.


121. යවග වහන්දෑ‍ෙග් වස්තුව 687

කෙ සේ ද යත් -

එක් සමයෙක් සතළොස්, වග වහන්දෑ සැතපෙන තැන් ඉදිකොට ගත් කලට, සවග වහන්දෑ ‘අප වැඩි මහලු වහන්දෑ සිටිය දි තොපට ත් සෙනසුන් ඇතිනියා දැ’යි විනය ප්රපතිපත්තිසූත්රි ප්ර තිපත්ති දෙක්හි ම ගෞරව නැති හෙයිනු දු දුහග පමණකුත් ‍නොබලා ‘තෙල සෙනසුන් අපට පැමිණෙ’යි කියාලා ‘අප ඉදිකොට ගත් තැන් අපි නො‍ දෙම්හ’යි කී කල්හි සවග වහන්දෑ උරණ ව ලා සතළොස් වග වහන්දෑ මැරූ දෑ ය. සතළොස් වග වහන්දෑ ගෙඩි කා ලා ඒ විනා අනික් කට හැකි දෙයක් නැති බැවින් හැඬූ දෑය. බුදුහු හඬන අඬ අසා වදාරා ඒ නියාව දැන ‘මහණෙනි, ආදී නො දැන කළ ත් මෙ වක් පටන් තෙල ලෙස කට නො හැක්ක. මා මෙ ලෙස කියවා ලා යමෙක් එ ලෙස කොළෝ නම් උන්ට විනය විරොථ ඇතැ’යි වදාළ සේක.

නැවත එක් දවසක් ඒ සවග වහන්දෑ දෙ වරු හිඳ සතළොස් වග වහන්දෑ සැතපෙන තැන් ඉදි කළ කලට ‘අප වැඩි මහලු තැන් හින්ද දී තොපට ත් සැතපෙන තැන් ඇති නියා දැ’යි කියා ලා ඒ වහන්දෑ නො දෙන හෙයින් සික පදයේ පැකිළ ආදි ලෙසින් මැරිය නො හි භය ගන්වා නෙරන ලෙසට අත් එසවූ දෑ ය. සතළොස් වග වහන්දෑ එසවීම ත් මැරැවා කොට ම සිතා ගෙන හැඬූ දෑ ය. බුදුහු එ දවසු ත් හඬන අඬ අසා මුන් හඬන්නේ හැයිදැ’යි විචාරා ‘සවග වහන්දෑගේ ගහටයෙනැයි’යි කී කල්හි ‘මහණෙනි මෙ වක් පටන් භය ගන්වා අත් සැත් ආදිය ත් එසවිය නො හැක්ක. යම් කෙණෙක් එ ලෙස කොළෝ නම් උන්ට විනය විරොධ වෙයි. සේනාසන ලොලුප්ප ය නිසා ධූතඞ්ග භෙදය ත් වෙයි. ධූතඞ්ග භෙදයෙන් සුත්රල විරෝධය ත් වෙයි’ වදාරා බණ වදාරණ බුදුහු ‘අජානීය අශ්වයන් හා ආජානිය හස්තීන් හා වෘෂභරාජයන් හා රහතන් හැර යම් සේ රජ දරුවන්ගෙන් හැම දෙන රැස් වන්ට විධාන ය කළ කල රාජමාත්යනයන් හැර සෙස්සෝ රැස් වෙත් ද. එ මෙන් සෙසු සියල්ලෝ මැරීම් තැළීම් ආදි වූ හිංසා පීඩා ලබති.

එ කී සතර පක්ෂ් ය හැර සෙස්සෝ මරණට බති. මුන් සතර ‍පක්ෂයෙන් රහතන් හැර අනික් තුන් පක්ෂර ය ඇතුළු වූ හැම දෙනාට ජිවිතය ත් ප්රි‍ය ය. ආජානීය අශ්වාදී වු සතර පක්ෂයෙන් රහතන්ට සත්වව සංඥාව ම ප්ර හීණ හෙයින් මියන සත්ව් කෙණෙක් ම නො දන්නා හිංසා පීඩාවෙක්, මරණෙක්, භයෙක් නැත. අනික් තුන් පක්ෂායට සත්කාය දෘෂ්ටි ය බලවත් හෙයින් තමන්ට ප්ර්තිපක්ෂහ



688 සද්ධර්මවරත්නාවලි ය

සත්ව කෙණකුන් ම දක්නට නැති හෙයින් නො බති. තම තමා හිංසා බතො ත් පීඩා බතො ත් මරණ බතො ත් මරණ බන නො බන ජීවිතයෙහි ඇලුම් ඇති නැති සියල්ලවුන් ම තම තමා ලෙසට සිතා ගෙන මැරීම් තැළීම් ආදි ය කට යුතු නො වෙයි’ වදාළ සේක. මේ දේශනා කෙලවර ත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් සත්පුරුෂයන් විසින් හිංසා පීඩාදිය ත් නුවුව මනා වී නම් මරණයෙහි ත් භය ඇත් නම් ජාති ජරා රහිත නිවන් ම සාධා ගන්නා ඉන් වන භය නැති බැවින් නිවණට ම උත්සාහ කට යුතු.

122. බොහෝ කුමාරවරුන් ගේ වස්තුව

තව ද හිංසා පීඩා කළවුන්ට පර‍ ලොව සැප නැති නියාව ත් ඒ නො කළවුන්ට පර ලෙව්හි සැප ඇති නියාව ත් හඟවන්ට බොහෝ කුමාරවරුන්ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

එක් දවසක් බුදුහු සැවත් නුවරට සිඟා වඩනා සේක් අතුරු මඟ දී බොහෝ කුඩා සුඟුන් එක් කළු නයකු දඬු හැර ගෙන මරන්නවුන් දැක ‘කුඩා කොල්ලනි, කුමක් කරවු දැ’යි විචාරා සර්පයකු මරම්හ’යි කී කල්හි ‘කුමක් නිසා මරවු දැ’යි විචාරා ‘ඩෑපියති යි සිතා ය’යි කි කල්හි ‘තෙපි තොපට සැප කරම්හ’යි සිතා මූ මරා උපනුපන් තැන මූ දැන් සැප නො ලද්දා සේ ම සැපයක් නො ලබව. තමහට සැපයක් පතතො ත් අනුන්ට සැපයක් කොට මුල් අනුන්ට දුක් කොට වැල්ලෙන් තෙල් ලද නො හැක්කා සේ ලද නො හැක්කැ’යි වදාරා ලා බණ වදාරන සේක් ‘යම් කෙණෙක් තමන්ට සැප සිතා සැපයක් ම කැමති වන් මුක් දුක් නො කැමැති සතුන්ට හිංසා පිඩා කෙරෙද්ද, අනුන්ට කළ පීඩාව නිසා පරලොව දිත් පීඩාවක් ලබතො ත් මුත් හමු වපුළවුන් විකක් නො ලබන්නා සේ සැපයක් නො ලබති.

‘යම් කෙණෙක් තමන්ට සැප සිතා අනුන්ට පීඩා නො කෙරෙද්ද, දුක් නො කෙරදේද දුක් නො කැමැති ව සැප කැමැත්ත වුන්ට සැප කළා වූ ඒ සත්වෙයෝ වි වපුට වි ම ලබන්නා සේ, පරලොව බොහෝ සැප ලැබෙති’යි වදාළ සේක. දේශනා කෙළවර සර්පයා තළ තළා සිටි කුඩා සුඟු ඒ තැළීම හැරලා සත්කාය දෘෂ්ට්යා දී වු දෝෂයන් තළා මරා නිමවා සෝවාන් වූහ.

123. කුණ්ඩධාන තෙරුන් වහන්සේ ගේ වස්තුව 689

එ හෙයින් සත් පුරුෂයන් විසින් කරණ හිංසා පීඩාවක් කෙලෙසුන්ට ම කොට යම් සේ කිරි බොන දරු කෙ‍ණෙක් තමන් බොන කිරි මුත් මවුනට ඇති පීඩා නො සලකත් ද, එ‍ මෙන් කෙතෙක් පීඩා වුව ත් පින් කිරීමෙහි ඇලුම් ඇති ව, තව ද යම් සේ මහ රුකෙක් පුෂප ඵල පල්ලවයෙන් සමන්විත ද, එ මෙන් සීල සමාධ්යාතදි ගුණයෙන් යුක්ත ව - තව ද යම් සේ රුකෙක් තමා කරා එළඹියවුන්ට සිල් සෙවණ ව සිටි ද - එ පරිද්නේ තමා කරා එළඹියවුන්ට ආමිෂ සංග්රවහ දෙකින් සංග්ර හ සිලී ව - තව ද යම් සේ මහ රුක පැමිණියවුන් ගෙන් උත්තමයන්ට එක් ලෙසක් හා මධ්ය මයන්ට එක් ලෙසක් හා අධමයන්ට එක් ලෙසකැ යි වෙනසක් නැත්තේ ද, එ මෙන් සතුරු මිතුරු ආදීන් කෙරෙහි හිත අදහසින් වෙනසක් නැති ව දවස් යවා ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කටයුතු.


123. කුණ්ඩධාන තෙරුන් වහන්සේ ගේ වස්තුව

සංස්කරණය

තව ද අකුසලින් දුරු වන්නවුන් විසින් එහි ආදිනව දතමනා හෙයින් ඒ දක්වන්ට කුණඩවිධාන තෙරුන් වහ්නසේ ගේ වස්තුව කියමු.

කෙසේ ද යත්-

එ තෙරුන් වහන්සේ මහණ වූ දවස් පටන් එක් ගෑනු රුවෙක් තෙරුන් වහන්සේ හා කැටි ව ම ඇවිද්දි. තෙරුන් වහන්සේ උන් නො දක්නා සේක. ඔබ හැර සෙසු හැම දෙනා ම දකිති. ඇතුළු ගමට සිඟා වැඩි කල ත් මිනිස්සු ඔබට බත් සැන්දක් පිළිගන්වා ලා ‘තෙලේ අපගේ යේළිණියන්ට ය’යි කියා ලා අනික් බත් සැන්දකු ත් පිළිගන්වති.

මෙ ලෙස වන්ට කාරණ කවරේ ද යත්; කසුප් බුදුන් සමයෙහි යාළු මිත්රා දෙ නමක් එක මෑණියන් දරුවන් මෙන් ඉතා සමගි සේක. බොහෝ ආයු ඇති බුදුන් වහන්සේ ලා සමයෙහි හවුරුද්දෙන් හවුරුද්දේ හෝ ස මසින් ස මස හෝ පොහොයට රැස් වන සේක. එ හෙයින් ඒ දෙ නම ත් ‘පොහොයට යම්හ’යි වසන තැනින් නික්මුණු සේක. තවුතිසා වැසි දෙවතාවාන කෙණෙක් ඒ දෙ දෙනා වහන්සේ දැක ‘මේ ‍දෙ නම ඉතා සමගි සේකත ඒ වහන්දෑ බිඳවා පියන්ට පිළිවන්දෝ හෝ’යි සිතා කළ පින් ඇති ව දෙව්ලොව ඉපැද දිව සැප ත් ලත් පමණක් මුත් නුවණක් ලද නුහුනු හෙයින් සිතා පූ සිතිවිලි පමණකින් හැර නො පියා දෙ නමින් එක් කෙණකුන් වහන්සේ ‘ඇවැත්නි, මඳක් සිටිය මැනව.


690 සද්ධර්ම්රත්නාවලි ය

‘ශරීර කෘත්යම ය කරණට යම්හ’යි වදාළ කල්හි ඒ ‍දේසක් මවා ගෙන ශරීර කෘත්යෘයට වැඩි තෙරුන් වහන්සේ වලට වැඩ ලා වලින් මෑත් වන වේලාට එක් අතකින් හිසකේ ගවස ගවසා එක් අතකින් හිණ කඩ හැඳ හැඳ වලින් මෑත් වන තැනැත්තන් වහන්සේ පසු පසුසෙහි මෑත් වූ ය. පසු පස්සේ මෑත් වුව ත් ඔබ උන් නුදුටු සේක. රැක සිටි තෙරුන් වහන්සේ දේවතාවාණන් ගෑනු වෙසක් මවා ගෙන අර ලෙසින් එන්නවුන් දුටු සේක. ඒ දේවතාවා ද අන් වහන්සේ තමා දැක සැක කළ නියා ව දැන ලා සැක උපදවා ලිමට එ විතරක් ම සෑහෙන හෙයින් අතුරුධන් වි ය.

රැක සිටි තෙරුන් වහන්සේ ශරීර කෘත්යකයට ගිය තෙරුන් වහන්සේ තමන් වහන්සේ ලඟට ආ කලට ‘ඇවැත්නි, දුටු ලෙස නපුර, විපන්න වූ දැ’යි විචාළ සේක. ‘ඇවැත්නි, එ බන්දෙක් මට නැතැ’යි තමන් වහන්සේ අර ගෑනු රුව ත් නුදුටු හෙයින් උන් වහන්සේට සංශ ය නැඟි නියාව නො දැන යුහු ව ම වදාළ සේක. ඒ අසා අනික් තැනැත්තන් වහන්සේ ‘කුමක් කියන නියා ද? දැන් මම මෙ තැන රඳා සිටි ගමනේ තමන් වලින් මෑ ත් වන්නා ම තමන් පසු පස්සෙහි එක් අතකින් හිස කේ ගවස ගවසා ලීල් ව ගිය පිළි ත් හැඳ හැඳ සග ගෑනියක එන නියාව දිටිමි. තුමූ ‘එ බන්දක් නො කෙළෙමි’ කියති. මා දුටු ලෙසට තෙල ලෙස කී ව යි මා හදහා ගන්නේ කෙ සේදැ”යි කී සේක.

සිරුරු කිස සපයා ආ තෙරුන් වහන්සේ ද අර මුන් වහන්සේ කියා ලූ බස හිස හුණූ සෙණක් සේ සිතා ගෙන එ බන්දක් සීනෙනු ත් වුව යි නියම නැති හෙයින් ‘ඇවැත්නි, කළ දෙයක් කියා මුත් මා නො නසව’යි කී සේක. අනික් තැනැත්තන් වහන්සේ ‘අනික් කෙණකුන්ගේ කීමෙකින් මා කරණ සැකයෙක් නො වෙයි. ව්යතපිචාරයේ හැසිර එන ලෙස මාගම සිය ඇස පුරා මම් ම දිටිමි. තමන් කුමක් කියත ත් මා හදහා ගන්නේ කෙසේදැ’යි කියා ලා අරමුන් වහන්සේ ගෑනු රුවක් නුදුටු හෙයින් එ බන්දක් නැති නියාවට තර ව සිටිනා සේ ම අර මුන් වහන්සේ ත් එ ලෙසින් එන නියාව දුටු හෙයින් දිවස් ඇත්තෝ ත් දිවසින් දැක සැක හරු ත් මුත් සෙසු ලෙසින් සැක ය හැර ගත නොහැකි හෙයින් නො හඳහන සේක. එ සේ කියා ලා දර දණ්ඩක් බිඳී ගියා මෙන් බිඳී ගොසින් නැතක් කල් පැවති මිත්රතකම් හැර පියා නැඟී ‍ගිය සේක.




123. කුණ්ඩධාන තෙරුන් වහන්සේ ගේ වස්තුව 691

‘‍ෙපාහෝ කරණ තැන දී ත් මම මුන් හා එක් ව පෙ‍ාහෝ නො කෙරෙමී’ කියා ලා පොහෝ කරන්ට ත් මැළි වූ සේක. අනික් තෙරුන් වහන්සේ ත් ‘මාගේ සීලයට හානි නැතැ’යි වහන්දෑට කී සේක. අනික් තෙරුන් වහන්සේ ද ‘වරදක් කළ කෙණෙක් විචාරයෙන් එවා ගනු ත් මුත් තුමූ ම කියා ලන්නෝ ඇද්ද? තමන් කුමක් කියත ත් තමන් පසු පස්සෙහි මාගම එක් අතකින් හිසකේ ගවස ගවසා, එක් අතකින් හින කඩ හැඳ හැඳ එන නියාව මම දිටිමී’ දුටු ම හෙයින් තර සේක. උන් වහන්සේ එ ලෙසින් තර හෙයිනු ත් අරුන් වහන්සේ නො ගිවිස්ම නිසා ත් දෙ තැනට ම පරලොවින් හානි නැත.

දේවතාවා ත් එක් ව පොහෝ කරන්ට මැළි නියාව දැන ‘මා කළ දෑ නපුරැ’යි සිතා ලා ‘ස්වාමීනි, උන් වහන්සේ ගේ සීලයට හානි නැත. මුඹ වහන්සේගේ මිත්ර කමෙහි තරම් බලන්ට මෙ ලෙසක් කෙළෙම් මම් ය. පොහෝ කළ මැනැවැ’යි කිවූ ය. දේවතාවාණන් අහස සිට කියා ලූ හෙයින් හදහා ගෙන පොහෝ කළ සේක. පොහෝ කළ පමණක් මුත් දැක පූ ලෙස සිත වැද ගත් හෙයින් මෙත් සිත් ආදි ලෙසට ඇති නො වීම ය. දේවතා කළ පව් මෙ විතරෙක.

සිත එකඟ කිරීම බැරි ව ගොසින් තෙල දෙනම ම මොක්ෂයට පැමිණ ගත නෙ‍ා හී ස්වර්ගසයට පැමිණි සේක. දේවතාවා අවීචියෙහි ඉපැද එක් බුදු අතුරක් එහි පැසී මේ අපගේ බුදුන් සමයෙහි සැවැත් නුවර ඉපැද මහණ වන වයස මහණ ව මලු පැවිදි වන වයස මාලු පැවිදි වූ සේක. උන් වහන්සේ මහණ වූ තැන් පටන් ගෑනු රුවක් පුරාකෘත අකුශලයෙහි වුන් අනිෂ්ට විපාක ය කර්මන සාදෘශ්ය විපාක වශයෙන් එ ලෙස පෙනෙයිත ආදි නම කවරේ වුව ත් කුණ්ඩධාන නම ත් තබා ගත්හ.

මේ දැක වහන්දෑ අනේපිඬු සිටාණන්ට ‘සිටාණෙනි, තෙල දුශ්ශීලයාණණ් තොපගේ විහාරයෙන් නෙරව. තුලුන් නිසා සාමාන්ය් කොට සිතිමෙන් වහන්දෑට ත් අයස ඇතැ’යි කී සේක. වහන්දෑ‍ගේ දැන්ම තරමට ම තමන්ගේ දැන්ම වැඩී සිටි හෙයින් ‘බුදු සස්නට ත් මාගේ විධාන ද? බුදුහු වෙහෙර නැද්දැ’යි කිව් ය. ‘බුදුහු වෙහෙර ය’යි කී කල්හි ‘එ සේ වී නම් ඔබ දන්වන බව ය’යි කිවු ය. වහන්දෑ ද තමන් වහන්සේගේ නො දැන්ම අනේ පිඬු මහ සිටාණන් දන්නා මඳින් විසාඛාවන්ට ත් ගොසින් කී සේක. විශාඛා‍වෝ ත් සිටාණන් කී සෙ ම දැන්ම එත තරම් හෙයින්



692 සද්ධර්ම රත්නාවලි ය

කිවූ ය. වහන්දෑ ත් තව ම බුදුන්ට දන්වන්ට නො ගොසින් කොසොල් රජ්ජුරුවන් කරා ගොසින් රජ්ජුරුවන්ට ‘මහ රජ’ කුණ්ඩධානයෝ එක් ගැහැනියක හැර ගෙන ඇවිද වහන්දෑට අයස උපදවති. තොපගේ විධාන පවත්නා තැනින් නෙරුව’යි උන් වහන්සේගේ ම අකුශලයට සහාය වන්නා සේ කී සේක.

රජ්ජුරුවෝ බුදුන්ට ම භාර නො කොට ‘උන් වහන්සේ ‍කොයි දැ’යි විචාරා ‘වෙහෙර ය’යි කී කල්හි ‘වැඩ හිඳිනා ගෙය කවරේ දැ’යි විචාළෝ ය. වෙහෙර අසවල් ගේ ය යි කී කල්හි ‘එ සේ වී නම් ඔබ හැම වඩනා බවය. මම නිස්ස දනිමී’ කියා ලා සවස වෙහෙරට ගොසින් උන් වහන්සේ සැතපෙන ගෙය වට කොට රකවල් ලවා ලා තෙරුන් වහන්සේ වැඩහුන් තැනට රජ්ජුරුවෝ ගියෝ ය. තෙරුන් වහ්නසේ ත් අරගල අසා උඩු මාලෙන් පාත බැස ලා පෙර මාලේ සිටි සේක. ඒ ගෑනු රුව ත් තෙරුන් වහන්සේ පිටි පස්සේ සිටියවුන් රජ්ජුරුවෝ දුටුවු ය. තෙරුන් වහන්සේ රජ්ජුරුවන් ආ නියාව දැන උඩුමාලයට නැඟිලා වැඩ හුන් සේක. රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ නො වැන්දෝ ය. පසු ව බලා ගෑනු රුව ත් නුදුටුවු ය. නො දැක උන් ගිය තැන් අසු කරන්ට දොර බා මුල්ල ත් යට ත් බලවා නො දැක ‘ස්වාමීනි, එන ගමනේ මුඹ වහන්සේ පිටි පස්සේ ගෑනියක් සිටියා බල බලා ආමි. දැක වැඳ නො ගත්තේ ඉන. දැන් ඌ කොයි දැ’යි විචාළෝ ය. ‘මහ රජ නුදුටුම්හ’යි වදාළ සේක. ‘මුඹ වහන්සේ පිටි පස්සේ සිටි නියාව බල බලා ආමි’ රජ්ජුරුවන් කීව ත් කර්ම භවයෙහි දී ත් නො පැනීම කර්ම ය කළ හෙයින් නො දැක ම ‘නුදුටුම්හ’යි කී සේක.

රජ්ජුරුවෝ ත් කර්මෙ ස්වරූප ය නො දන්නා හෙයින් තෙම් කිම්දැ යි සිතාලා ‘ස්වාමීනී, පෙර මා‍ලේ සිටිනා බව ය’යි සැක ම හරනා නිසා කිවු ය. ඔබ ත් ගොසින් පෙර මාලේ සිටි කලට ඒ ගෑනු රුව පිටි පස්සේ පෙනෙයි. රජ්ජුරුවෝ දැක ලා තෙරුන් වහන්සේ උඩු මාලයට වඩින්ට කියා ලා උඩු මාල වට කොට ගෙන හසු කරන්ට තුමු තෙරුන් වහන්සේලා කැටි ව ම උඩු මාලට නැංගාහ. තෙරුන් වහන්සේ ත් වැඩ හුන් සේක. රජ්ජුරුවෝ ලඟට අවුත් ගෑනු රුව නො දැක හැම තැන ම බලවා ත් නො පෙනෙන හෙයින් ‘ස්වාමීනි, මෙ තැන සිටි ගෑනි කොයි දැ’යි විචාළෝ ය. එ විට ත් ‘නුදුටුයෙමි’යි වදාළ සේක. ‘ස්වාමීනි, කුමක් කියන නියා ද? මුඹ වහන්සේ පිටි පස්සේ සිටි නියාව මා දුට, පාන් කන්ද මුල අඳුර



123. කුණ්ඩධාන තෙරුන් වහන්සේ ගේ වස්තුව 693

නො හැරෙන්නා සේ මුඹ වහන්සේ ම නො දකින්ට කාරණ කිම්දැ’යි කී කල්හි ‘එ සේ ය, මහරජ, බොහෝ දෙන ත් මා හා කැටි ව ගෑනියක් ඇවිදිති කියති. මා උන් දක්නේ නැත. ඊට කාරණත් බුදුන් ම දනු ත් මුත් මම නො දනිමි’ වදාළ සේක.

රජ්ජුරුවෝ කාරණයක් වුව මැනැවැ යි සිතා ‘ස්වාමීනි, තෙල තැන සිටිය මැනැවැ’යි කියා නැවත ත් තෙරුන් වහන්සේ පෙර මාලේ සිටි වේලාට ගෑනු රුව පිටි පස්සේ සිටියා දැක උඩු මාලට නැඟි කලට හැම වේලේ ම තෙරුන් වහන්සේ මුත් ගෑනු රුව නො දැක තව ත් තෙරුන් වහන්සේ අතින් විචාරා ‘ඔබ නුදුටුයෙමි’යි වදාළ කල්හි ‘මුන් වහන්සේ පෙර මාලේ සිටි කල පෙනෙන්ටන ත් මුන් වහන්සේ ත් මා ත් උඩු මාලට නැඟි වේලාට මෙ තෙක් රකවල් ඇති ව තිබූ තැන අනික් සැඟවෙන තැන ත් නැති ව නො පෙනෙන්ට ත් නැවත පෙර මාලේ සිටි වේලාට පෙනෙන්ට ත් අප දැන ගත, සොයා ගත නො හැකි කාරණයක් වුව මැනැවැ’යි සිතා ලා තෙරුන් වහන්සේට ‘ස්වාමීනි, තෙල සේ වූ කිලිටක් මුඹ වහන්සේ කැටි ව ආ කලට තත්ව ය දත් මා විනා අනික් කෙණකුන් මුඹ වහන්සේට දන් දෙන්ට නො සිතති. එක් වන් මාගේ ගෙට ම සිඟා වඩනා බව ය. මම සිවු පසයෙන් උපස්ථාන කෙරෙමි’යි කියා ලා ගියෝ ය.

වහන්දෑ ත් ‘ඇවැත්නි, රජුජුරුවන්ගේ පවිටු කමක් බලව. රටින් නෙරිනට කියා ලූ ගමනේ පවිටු අදහසින් සරි හෙයින් දෝ දන් දෙන්ට පවරා ගත් හ’යි රජ්ජුරුවන්ට ත් දෙඩූ සේක. කුණ්ඩධාන තෙරුන් වහන්සේට ත් ‘දුශ්ශීල ය, තෝ දැන් රාජ කුලුපග වීදැ’යි කී සේක. කුණ්ඩධාන තෙරුන් වහන්සේ ආදි කුමක් කියා ගත නුහුන ත් රජ්ජුරුවන් ම තමන් වහන්සේ සුශීල නියාව දත් හෙයින් උනු ත් පෘෂ්ටි බලකොට ගෙන ‘දුශ්ශීල වත ත්, කුමක් වත ත් තමන් වුව මැනව. තට ඒ හැම හැයි දැ’යි කියන සේක. ඒ වහන්දෑ ගොසින් බුදුන්ට එ පව ත් දැන්වූ සේක. එ පවත් නම් ගෑනු කෙණකුන් කැටි ව ඇවිදිනා නියා නො වෙයි. දුශ්ශීල වාද කියා ලා බණන කියා ය. බුදුහුත් ඔබ කැඳවා ලා සැබැදෑ යි විචාරා සැබව කී කල්හි ‘කුමක් නිසා බණවු දැ’යි කී සේක.

‘මා දුශ්ශීල නො වන්නවුන්ට එ ලෙස කියන හෙයින් ආදී ඒ කීම නිසා බැණ නො නැඟී හුන ත් රජ්ජුරුවන් මගේ තත්වි ය දත් පසු සුශීලයන්ට එ ලෙස කීම යුක්ත නො වන හෙයින්



694 සද්ධර්ම රත්නාවලි ය

ඉන් නවතනු පිණිස එ ලෙස ම කියමි’ කී සේක ‘මහණෙනි, තොප මුන්ට එ සේ කියන්ට කාරණ කිම්දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, මුන් වහන්සේ පසු පස්සෙහි ගෑනු කෙණකුන් යන නියාව දැකය’යි කී සේක. එ විට බුදුහු ‘කුණ්ඩධානියෙනි, මූ වන්නා තොප හා කැටි ව යන එන ගෑනු කෙණකුන් දැක එබන්දක් ඇති නියා ය’යි සිතා එ ලෙස කියති. ඉන් උන්ට වරද කිම් ද? තොපි මුන් ගෙන් කුමක් දැක දුශ්ශීලවාදයෙන් කථා කරවු ද? පෙ ර ත් නපුරු අදහසින් කළ කට යුතු නිසා මෙ සේ වුව. දැන් මෙ ලෙස දොඩා කුමක් වවු දැ’යි වදාළ සේක. වහන්දෑ පෙර කළ පවු විචාල සේක.

බුදුහු කසුප් බුදුන් සමයෙහි කළාවු ඒ පාප ය වදාරා ලා ‘මහණ , තා ම කළ ලෙසට මේ සා මහත් අයසකට පිමිණීයෙහි දැනු ත් සිල්වතුන්ට දොඩා බැණ තවත් අයස ලබන්ට ද, මෙ වක් පටන් කවුරුන් කුමක් කීව ත් අසහන වශයෙන් බැණ නො නැ‍ඟෙව’යි වදාරා ලා බණ වදාරන සේක් ‘කිසි කෙණකුන්ට ත් සිත් ඝැටෙන ලෙස රළු පරළු බස් නො කියව. එ සේ කී කල උයි ත් පෙරළා එ සේ ම තොපට කියති. තෙපි ත් පෙරළා දොඩව. මෙ ලෙස කරණ කලට දෙ පක්ෂසයට ම දුක. මුව විටී නැති තළියක් කෙ සේ ගසා ලුව ත් නො හඬන්නා සේ කවුරුන් කුමක් කීව ත් නො දොඩවු නම් එ ම යහපත. එ ලෙස කට හුනු නම් නිවන් නුදුටු නමුත් නිවණට පැමිණියා හා සරි ය. එ සේ කලට ‘තෙපි දුශ්ශීල ය. අපි සුශීලයම්හ’යි පවත්නා කරණුත්තරිය කරැණ ත් නැතැ’යි වදාළ සේක. දේසනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. කුණ්ඩධාන තෙරුන් වහන්සේ ද බුදුන්ගේ අවවාදයෙහි පිහිටා රහත් වූ සේක. රහත් වීමෙන් කර්මවය ගෙවුනා සේ ම කර්ම විපාක ව පෙනෙන්නා වු ගෑනුරුව ත් නො පෙනෙ යි දත යුතු.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ක්රො ධයෙහි ආදිනව සලකා ක්රොෙධ ය හැරී‍මෙන් රළු පරළු තෙපුලු ත් හැර මෛත්රි යෙහි අනුසසු ත් සලකා සියල්ලවුන් කෙරෙහි මෛත්රීෙත් ඇති ව කුසල් පුරා අධිමුක්ති වූ ලෙසින් තුන් බොධීන් එක් බොධියකට පැමිණිය යුතු.

124. විශාඛාදී උපාසිකාවරුන්ගේ පෙහෙවස් විචාළ වස්තුව

සංස්කරණය

තව ද නො එක්දෙනාගේ නො එක් සිතිවිල්ල තරම හඟවන්ට විශාඛාදි උපාසිකා වරුන්ගේ පෙහෙවස් විචාළ වස්තුව කියමු.


124. විශාඛාදී උපාසිකාවරුන්ගේ පෙහෙවස් විචාළ වස්තුව 695

කෙ සේ ද යත්-

සැවත් නුවර බොහෝ දෙනා පෙහෙ වන දවසෙක පන් සියයක් විතර උපාසිකාවරු පෙහෙ ව ගෙන වෙහෙරට ගියහ. විශාඛාවෝ ඒ පන් සියෙන් මැහලි උපාසිකාවරුන් කරා ගොසින් ‘අම්මාවරිනි, පෙහෙ වූයේ කුමක් පතා දැ’යි විචාළෝ ය. මැහැලි උපාසිකාවරුන් ‘අපට සෙස්සෙන් කම් කිම් ද? දිව සැපත් පතා ය’යි කි කල්හි ඒ තමන් සිත් නො වන් හෙයින් මධ්යෙම තරම් ස්ත්රීපන් ලඟට ගොස් ‘නැ‍ඟෙණි - බූනැණියෙනි, මුඹ හැම පෙහෙ වූයේ කුමක් පතා දැ’යි විචාළෝ ය. උන් හැම සපත්නි රොෂයෙන් මිදෙනු නිසා ය’යි කී කල්හි එයි ත් තමන් සිත් නොවන් හෙයින් සඟ බාල ස්ත්රීැන් කරා ගොසින් ‘යෙහෙළිණීයෙනි, තෙපි හැම කුමක් පතා පෙහෙ වූ දැ’යි විචාළෝ ය.

උන් ‘ආදියෙන් පිරිමි පුතුන් ලබනු නිසා ය’යි කී කල්හි ඒ ප්රාාර්ථනාව ත් හීන හෙයින් කුමාරිකා වරුන් ලඟට ගොසින් ‘දරුවෙනි, තෙපි කුමක් නිසා පෙහෙ වූ දැ’යි විචාළෝ ය. උන් ගෙයි හිඳ ම මූකුරා නො ගොසින් බාල කල ම සරණ යෑම පිණිස ය’යි කී කල්හි වයස් ගතයන්ගේ ත්, මධ්ය ම තරමුන්ගේ ත්, සග බාලයන්ගේ ත් කථා හැම ම අසා හැම දෙන ම කැඳවා ගෙන බුදුන් කරා ගොසින් එ පමණක් තබා වඩා වුව ත් කියා ලන්ට පිළිවන් හෙයින් පිළිවෙළින් කිවු ය.

බුදුහු ඒ අසා වදාරා ‘විශාඛාවෙනි, මේ සතුන්ගේ ජාති ආදිහු කෙවිටි දඬු ගත් එ‍ඬේරන් වැන්නහ. ජාතිතොමෝ ජරාව කරා පමුණුවාලයි. ජරාව ‍ව්යා ධි ය කරා පමුණුවාලයි. ව්යාඛධි ය මරණය කරා පමුණුවා ලයි. පොරොවින් කපන්නා සේ හැම එක් ව ගෙන සිඳිති. එතකු දු වුව ත් මෝහ බල‍ෙයන් තෙමේ පතන ලෙසය. නිවන් පතන කෙණෙක් නැතැ’යි වදාරා ලා ‘විශාඛාවෙනි, යම් සේ ගෙරි රැකිමෙහි දක්ෂව වූ එ‍ඬේරෙක් ඉවත් ව යන සරක් දණ්ඩෙන් ගසා ඉවත ගමන් වලකා ලා ද, එ ම දණ්ඩෙන් ගසා තණ පැන් ඇති තැනකට නමා ලා ද, එ‍ මෙන් ජාති ය හා ජරාව හා එ‍ඬේරකු මෙන් ව ඒ ගෙරි සමූහයක් වැනි ජීවිතෙන්රිලා ය ගොදුරු බිමක් වැනි මරණට පුමුණුවයි. ඉන් ජාති තොමෝ රූ අරූ දුවිදු ජරාව කර පමුණුවා ලයි. ජරා තොමෝ ව්යාටධි ය කරා පමුණුවා ලයි. ව්යාදධිය ඇළින් හොයින් ගඟට පැමිණියා මුහුදට පමුණුවන්නා සේ මරණට ලං කොට ලයි. මරණ තෙමේ වඩබා මුඛයට සම්භ වූවාක් මෙන් සියලු ලෙසින් නැති කෙරෙයි. මේ භව



 696					සද්ධර්ම රත්නාවලි ය

සම්පත් පැතූවන්ට වන දෙය ය. නිවන් පතා වී නම් යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණීයහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ‘ජරාව ත් ව්යා.ධිය ත් මරණයත් ඇති වන්නේ ජාති ය නිසා ය. මූල කාරණ වූ ජාති ය නැතිවන්නේ රහත් වීමෙනැයි’ රහත් වීමට උත්සාහ කටයුතු.

125. අජගර ‍ප්රේමත වස්තුව

සංස්කරණය

තව ද පාපයෙහි ම ආදීනව දක්වන්ට අජගර‍ ප්රේුත වස්තුව කියමි.

කෙ සේ ද යත්-

එක් සමයෙක් මුඟලන් මහ තෙරුන් වහ්නසේ ලක්ෂණණ මහ තෙරුන් වහන්සේ හා සමඟ ගිජුකුළු පවුවෙන් බස්නා සේක් දිවසින් දකිනා සේක් ගවු සියයක් පමණ දිග ඇති පිඹුරු සටහන් වූ ප්රේාතයකු දුටු සේක. උගේ හිසින් නැඟි ගිනි දැල් බඳ හොස්සේ ගොසින් ශරීර කෙළවරට යෙයි. ශරීර කෙළවරින් නැඟි ගිනි දැල් හිස කරා යෙයි. දෙ ඇළයෙන් නැඟි ගිනි දැල් ශරීර මධ්යනයට යෙයි. මහ තෙරුන් වහන්සේ ඒ දැක තමන් වහන්සේ ඒ දුකින් මිඳන නියාව සලකා සිනා පහළ කොට වදාරා ලක්ෂනණ මහ තෙරුන් වහන්සේ සිනාවට කාරණ විචාල කල්හි ‘හෙම්බා ඇවැත්නි, මට දැන් කාරණ කියා ලන්ට ‍සිඟා යන වේලාව හෙයින් බැරි ය. බුදුන් ලඟ දී විචාළ මැනව. නො කරුණෙක් සිනා නැත්තේ වේ දැ’යි කියා ලා රජගහා නුවර සිඟා පියා බුදුන් ලඟට ගිය ගමනේ සිනාවට කාරණ ය ලක්ෂරණ මහ තෙරුන් වහන්සේ විචාළ කල්හි ‘හෙම්බා ඇවැත්නි, මම එ තැන දී පිඹූරකු වැනි ප්රේ තයකු දිටිමි. දැක ‍ ‘මෙ සේ වූ ආත්ම භාවයක් මා පෙරාතු දුටු විරූ නැත. මෙ සේ වූ ආත්මභාව පහළ වන්නේ භව ක්ෂයය නො කළ වුන්ට ය. මේ ජාති ය හැර අනික් ජාතියක් මට නැති බැවින් මම ඉන් මිදිණිමී සිතා සිනා පහළ කෙළෙමි” වදාළ සේක.

බුදුහු ත් ‘මගේ සවුවෝ ඇසි ඇති ව වෙසෙති’ යනාදීන් වදාරනසේක් - මුඟලන් මහ තෙරුන්වහන්සේගේ කථාව හදහන ලෙසට පිහිටුවා ලා ‘මහණෙනි, ඒ ප්රේහතයා බුදු වූ දවස් බෝ මැඬ දී මම ත් දිටිමි. කියා ලූ කල යම් කෙණෙක් සියක් ගවු උසැති ප්රේ්තයන් ඇති නියා දැ’යි මාගේ බස් අදහා නො ගත්තු නම්


125. අජගර ‍ප්රේරත වස්තුව 697

උන්ට බොහෝ අවැඩ වෙයි යන අදහිසන් නොකිමී. දැන් මුගලන් මහ තෙරුන් දුටු හෙයින් උනු ත් සාක්ෂි කොට කියමි. මම ත් උන්ට සාක්ෂිු වෙමි’ වදාරා ලා ඔහු කළ අකුසල කර්මස ය කවරේ දැ’යි වහන්දෑ විචාළ කල්හි ප්රනකාශ කරන බුදුහු :

‘කසුප් බුදුන් සමයෙහි සුමඞ්ගල නම් සිටාණ කෙණෙක් ඇත. ඌ තුමූ මෙ කල අනේපිඬු සිටාණන් මසුරන් අටළොස් කෙළක් සුලසින් ඇතුට දෙව්රම් වෙහෙර විහාර බිම් ගත්තා සේ රන් උළු කරවා ලා ඒ උළු අතුරුවා ඉන් වැසුණූ ඉසුබ් ගණනින් විසි ඉසුබක් විතර හා යට ගණනින් සාර සියයක් යට හා රියන් ගණනින් දෙ දාස් අට සියයක් රියන් විතර දිග පළල ඇති බිම වසා සිටි උළු දී ලා බිම ඇත්තවුන්ගෙන් හැර ගෙන එ තෙක් ම රනු උළු දි විහාරය කරවා ලා නිමි පූජාව ත් එතෙක් ම රන් උළු දී කැරවූහ. ඒ උන් කරවා කසුප් බුදුන්ට පිළිගැන් වූ විහාර ය නම් මෙ ම දෙව්රම් මය;

ඌ එක් දවසක් උදෑසන ම බුදුන් ලඟට යන්නෝ නුවර දොර වාසල කෙරේ එක් ශාලාවෙක් කළු දෑකඩෙකින් ඉස වසා පෙර ව පය බොර සෝධා නො පියා වැද හොත් එත් සොරකු දැක මූ රෑ දෙ වරු ඇවිද පය මඩ ‍ගා ගෙණ වැද හොත් මිනිසකු සැටි ය’යි කිවු ය. සොරා ත් කර ඔසවා බැලූයේ සිටාණන් දැක ‘වන්නාට ඊට නිස්ස දනිමී’යි සිටාණන් කෙරෙහි වෛර බැඳ ගෙන සත් වරෙක් පැසී තුබූ ගොයම් ගිනි ලා දවා පියා දෑකැත්තෙන් දවන්ට නො තුබූයේ ය. සත් වරෙක ගොවු ත් වල සිටි ගෙරින්ගේ කකුල් කපා පී ය. සත් වරෙක හිඳිනා ගෙවල් නංවා ගත් සේ ම ගිනි ලා දමා පී ය. තව මෙ විතරෙකිනු ත් ක්රොනධ ය සන්හිඳුවා ගත නො හී උන්ගේ බුලත් කවන්නා කැටි ව. සාද ව ගෙන ‘තොපගේ සිටාණන්ට ප්රිඳය කවරේ දැ’යි විචාරා ‘බුදුන් වැඩ හිඳිනා ගඳකිළියට වඩා අනික් ප්රිණය දෙයක් නැතැ’යි අසා ‘වන්නාට ය, ගඳකිළි ය දවා නිවෙන විටෙක ඒ ගිනි නිවීයා සේ ක්රොැධ ගින්න ත් නිවා ගනිමි’යි බුදුන් සිඟා වැඩ පි වේලාට පැන් වළන් ගසා බිඳ පියා ගඳ කිළි ය ගිනි ලා නරක ගිනි ‍තරයේ ම අත් කෙළේ ය.

සිට‍ාණෝ ත් ගඳ කිළි ය දන නියාව අසා නිවන්ට එන තැනැත්තෝ ද නිමා ගිය කලට අවුත් දා නිමී ගිය ගඳ කිළි ය බලා කෙසහක් පමණ ත් දොම්නස් නූපදවා වමත හකුළුවා ගෙන දකුණතින් අපොළාපූ ය. ලඟ සිටි මිනිස්සු ස්වාමීනී. මෙ තෙක් වස්තු වියදම්



 698					සද්ධර්මුරත්නාවලි ය

කොට කරවාපු ගඳ කිළි ය දා ගිය කල තර ව මුසුප්පු වත් මුත් මෙ සේ කරන්නට කාරණ කිම් දැ’යි කිවු ය. සිටාණෝ කියන්නේ ‘හෙම්බා මේ ගඳ කිළිය දැව ත් මෙයට මා වියදම් කළ වස්තුව නිකම් දමාපු යෙම් නො වෙමි. සොර සතුරු ආදින් විසින් උවදුරක් කට නොහමැකි බුදුසසුන් නමැති මහා ‍ක්ෂේම ස්ථානයෙහි පින් නමැති පෙට්ටගම් වල, පත්තායම් වල ලා නුවණ නමැති යතුරු ලා තබා ලීමි. කෙතෙක් දෙන කුමක් කොට ත් ඒ මාගේ අනුගාමික නිධි ය නසා ගත හෙන කෙණෙක් නැත. තව ත් මෙ ම තෙක් ම වියදම් කොට විහාර ය කරවා ගනිමි සිතා සමාධී ව අපො ළා පී නියාව කිවුය. එ සේ කියා ලා දෙ දාස් අටසියයක් රියන් විතර දිග පළල ඇති බිම වැසෙන විතර රන් උළු දී පෙරළා ත් බිම හැර ගෙන එ ම තෙක් ම වියදම් කොට විහාර කරවා ලා බුදු පාමොක් සඟනට දන් දුන්හ.

සොරා ඒ දැක, ‘මම මොහු මරා මුත් මුන්ට මුසුප්පුවක් කොට නො හෙමි. කෙත් වතු දැවුව ත් ගෙවල් දැවුව ත් මුන්ට මුසුප්පු නැත. මුන ම මරා මා සිත සතුටු කෙරෙමි’යි සිතා සිරියක් කළවයේ පැඳ ගෙන සතියක් මුළුල්ලෙහි විහාරයේ ඇවිද ත් පින් කමින් අවසර නො පෑ ඇවිදිනා සිටාණන් මරන්ට අවසරයක් ලද නොහිණ. සිටාණෝ ද සතියක් මුළුල්ලෙහි බුදු පාමොක් සඟනට මහදන් දී ලා බුදුන්ට දන්වන්ානෝ ‘ස්වාමීනි, එක් මිනිසෙක් සත් වරෙක මාගේ පැසී තුබූ වෙල් වරු පෙත්1 ගිනි ලා දවා පී ය. සත් වරෙක ගෙරි සරක්ගේ පා කැපීය. සත් වරෙක මා හිඳිනා ගෙවලු ත් දැවී ය. මේ ගඳකිළිය ත් දැවුයේ ඌ ම ය. අනික් කෙණකුන් වන්ට කාරාණා නැත. ඒ කෙ සේ ඌ කුමක් කළ නමුත් ගිනිවර කළ කළ පමණින් රත් රන් ඇණ වඩන්නා සේ මාගේ මෙත් සිත ත් වැඩුන මනා වේද? මේ මා කළ පින් පළමු කොට ඌට දෙමි. ඒ පින් අනුමෝ ව ලා වයිර හළ නම් යහපතැයි’යි කිවූ ය.

ඒ අසා සොරා ‘මා කළ දෑ ඉතා නපුර. මේ සා මහත් අනර්ථයක් කළ මා කෙරෙහි කිසි ත් මුසුප්පුවක් නැත්තෝ ය. මා ලූ ගින්නෙන් වෙල් වරු පෙත් ආදි ය දා ගිය පමණක් මුත් ඒ ගිනි මුන්ගේ අදහස් නමැති රත්රන මෛත්රී නමැති ඇණ වඩන්ට කළ ගිනි වරක් වැන්න. තමන්ගේ මේ සා මහත් ‍දනෙක පිනු ත් පළමු කොට මට ම දුන්හ. මම මුන් ක්ෂාමා කරවා නොගතිම් නම් ගෙවල් ගිනි ගත්තා සේ ම ගිනි සෙනෙක් හි ලා මා


1. වෙල් වරුකෙත්


125. අජගර ‍ප්රේ්ත වස්තුව 699

හිස ත් වැදගත් නම් නපුරැ’යි ගොසින් සිටාණන් වැඳ ගෙන වැදහෙව, ස්වාමීනී, ක්ෂ මා කළ මැනැවැ’යි කියා ‍’මේ කිම්දැ’යි විචාල කල්හි ‘මෙ තෙක් අනර්ථ මුළුල්ලා ම කෙළෙම් මම ය. ඊට ක්ෂතමා කරන්නේ’යි කියා සිටාණෝ ත් මෙ කි සියල්ල කොළෝ තෙපිදැ’යි විචාරා එ සේ ය යි කි කල්හි ‘තොප මා දුටු විරූ නැත. කුමන මුසුප්පුවකින් කළා දැ’යි විචාළෝ ය. ‘මුඹ වහන්සේ නුවරින් නික්මුණු දවසෙක ශාලාවෙක ඉස් වසා පෙරව ගෙන මා වැදහොත් දවසෙක රෑ දෙ වරු ඇවිද පියා පය මඩ ගාගෙන වැද හෝනා එකෙකැ යි මුඹ වහන්සේ කියා ලූ බසෙක් ඇත. ඒ නිසා වූ මුසුප්පු වෙකැ’යි සොර තැනැත්තෝ කීහ. සිටාණෝ ත් තමන් කී නියාව සඳහන් කොට පියා ‘එසේ කීයේ සැබැව. තොපි ත් එබසට ක්ෂමමා කරව’යි ක්ෂපමා කරවා ගෙන එ විතර වරදට ඌ ගේ ක්ෂ මා කිරිම විස්ම නො වතත් ඌ කළ ඒ සා මහත් අපරාධ මුළුල්ලට ම ක්ෂාමා කොට ගෙන නැඟී සිට ‘පලායව’ යි කිවු ය.

ඉදින්, ස්වාමීන්, ක්ෂකමා කළ සේක් වී නම් අඹුදරුවන් පිටින් මා මුඹ වහන්සේගේ ගෙට වාලට හැරගත මැනැවැ’යි කී ය. ‘කුඩෙනි, තෙපි මා කියා ලූ මෙ විතර බස් පමණකට මේ සා මහත් අනර්ථයක් කලව. ලංව හුන් කළ නම් යමක් කියා නොලනට බැරි ය. දුර ව තුබු ගිනි සෙණ ලං කළ මනා ද? ක්ෂ මා ක්ෂ මා මය. තෙපි යව’යි කිවු ය. සොර තැනැත්තෝ ත් ඒ පවු කොට ආයු කෙළවර මිය ගොසින් අවීචියේ ඉපැද බොහෝ කලක් පැසි පියා නරකයෙහි ආයු නිමිය ත් තව අකුශල විපාක නිමා වන්ට නුවූ හෙයින් දැන් ගිජුකුළු පව්වෙහි ප්රේ ත ව ඉපැද දුක් විඳි’යි. බුදුහු ඒ ප්රේ‍තයාගේ අකුශල දර්මප ය වදාරා ලා බණ වදාරන සේක් ‘මහණෙනි, නුවණ නැති සත්තු පවු කරණ කල තමන් කරණ දෙය පවු නියාව දනිත් නමුත් පවින් සිද්ධ වන නපුර දත ‍නො හෙති’ නො දැන්ම නිසා නුවණ නැති සත්තු අනුන් කළ දෙයක් නො ව තමන් ම කොට ගත් දෙයින් නිරා දුකට ප්රේැත දුකට පැමිණ පියා ගින්නේ පැළහී ගිය කෙණකුන් මහ අවුවේ ලා ලූවා මෙන් තැවෙති’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ ‍දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පවට සිත නැමුණු කල දී පවින් සිද්ධ වන අනිෂ්ට විපාක දැන මිල බොහෝ දෙයක් මිල බෝහෝ නියා ව දැන හැර ගන්ට මැළි වන්නා සේ පවෙහි ත් හැසිරෙන්ට මැළි ව පිළිවන් ලෙසින් පිණෙහි හැසිර සසර විඳ ආ දුක් නිවන් පුර වැද ගෙවිය යුතු.



 700					සද්ධර්මවරත්නාවලි ය


126. මුලගන් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව

සංස්කරණය

තව ද යම් කෙණෙක් නිරපරාධයන්ට අපරාධ කළෝ නම් උන් ආදිනව දසයකට හෝ ඉන් එකකට වුව ත් පැමිණෙන නියාව හඟවන්ට මුගලන් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙසේ ද යත් -

එක් සමයෙක් තීර්ථකයෝ එක් තැන් ව පියා ඔවුනොවුන් හා කථා කරන්නාහු ‘මහණ ගොයුමු හට ලාභ-සත්කාර බලවත් වන්නට කාරණා දනු දැ’යි විචාළෝ ය. ‘අපි නො දනුම් හ. තෙල ලෙස විචාළේ තොප හැම දන්නා නියා දැ’යි කිවූය. ‘එ සේ ය, අපි දනුම්හ. එක මුගලන් තෙරුන් නිසා උපදනා ලාභසත්කාර ය. උන් නිසා උපදනේ කෙසේද යත් - ඌ තුමූ දෙව් ලොවට ගොසින් මිනිස් ලොව සිටිනා කල දේවතාවන්ට නිසි ව කළ පින් විචාරා ගෙන උත්සාහ වඩනා නිසා මේ මේ පින්කම් කළාහු දෙව් ලොව ඉපැද දෙව් සැපත් ලැබෙතී’ මිනිසුන්ට කියති.

‘කලෙක නරකයට ගොසින් හැසිල්ලකට නරක ගිනි නිවාලා නිරා දුකට කාරණ වූ පවුකම් විචාරා ගෙන අවුත් මේ පවුකම් කොළෝ නරකවල ඉපැද මේ මේ දුක් විඳිති’යි කියති. මිනිස්සු ඒ අසා පවින් දුරු ව පින්කම හැසිරෙන්නාහු බොහෝ වූ ලාභ සත්කාර එළවති. මිනිසුන් දෙව් සැපතේ ආල ය කරන්ට ඒ විස්තර කොට කියන්නෝ ත් ගොසින් බලා ආ‍ හෙයින් ම ඌ මය. පවෙහි ආල ය හරවන්ට එයි ත් ආ හෙයින් නරක දුක් කියන්නෝ ත් ඌ මය. දෙ ලෙසින් ම ලාභයට මං කළහ. ඉදින් උන් මරා පීමෝ නම් ලාභ සත්කාර යටගං බලා යන දිය වඩදිය වේලාට උඩු ගං බලා යන්නා සේ තවත් එ බඳු කෙණකුන් පෙනෙන තෙක් අප කර‍ා එයි’ කිවුය.

ඒ උපදෙස යහපතැ යි හැම දෙන ම එක් සිත් ව‍ ගෙන මරණ උපදෙස් සිතන්නාහු ත්ම න්ගේ උපාසකවරුන් සමාදන් කරවා ගෙන මසු දහසක් ලදින් මිනී මරා ඇවිදිනා සොරුන් කැඳවා ගෙන්වා ගෙන මහ මුගලන් තෙරහු කළුගල වෙසෙති. එ තැනට ගොසින් උන් මරා පියව’ කියාලා අත්ලසට මසු දහසක් දුන්හ. සොරු ත් වස්තු ලෝභයෙන් නො ගිවිසි මනා දෙය ගිවිස ගෙන මහ තෙරුන් වහන්සේ මරණූ නිසා ගොසින් ඔබ වැඩ හිඳිනා තැන්

126. මුගලන් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව 701

වටකොට ගත්හ. මහ තෙරුන් වහන්සේ ත් උන් වට කළ නියාව දැන කෙසි සිදුරෙන් නික්ම ලා කැමති තැනකට වැඩි සේක.

සොරු ත් එ දවස තෙරුන් වහන්සේ නො දැක අනික් දවසෙක ත් අවුත් ගල් ගෙන රැක ගත්හ. මහ තෙරුන් වහන්සේ දැන ලා ආදි දවස් ගිය මඟ රැක ගත්හ යි මහක යන කෙණකුන් මෙන් කැණි මඩල පලා ගෙන අහසට නැඟි සේක. මෙ ලෙසින් දෙ මසක් විතර ම මහ තෙරුන් වහන්සේට කුමකු ත් කොට ගත නුහුනු වූය. තුන් වන මස දී මහ තෙරුන් වහන්සේ සොරුන්ට වැළහෙන්ට පිළිවන් වුව ත් තමන් වහන්සේ කල අකුසල කර්මනයට වැළහෙන්ට තමන් වහන්සේ තබා බුදුන්ට ත් බැරි බැවින් එ දවස් නො ගොසින් වැඩ හුන් සේක. සොරු ත් ගසා අල්වා ගෙන සියල් සිරුරෙහි ඇට තළා පයියක පුරා ලූ සාල් මෙන් බිඳ සුණූ කොට පියා මළ යි සිතා එක් කැලයකට දමා පියා ගියහ.

මහ තෙරුන් වහන්සේ ‘බුදුන් දැක ම පිරිනිවන් පයිමි1’ යි තමන් වහන්සේගේ අත් බැව බුන් වළඳක් වැලි ත් වෙළා තර කරන්නා සේ ධ්යාසනයෙන් වෙළා තර කොට ගෙන අහසින් බුදුන් ලඟට ගොසින් බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, පිරිනිවන් පයිමි’ යි කී සේක. පිරිනිවන් පවුදැ’යි බුදුන් විචාරා ‘ එසේය, ස්වාමීනි’ යි කී කල්හි ‘එසේ වී නම් අපට බණඛ් කියා ලා යව. මෙ වක් පටන් තොප වැනි සවු කෙණකුන් දක්නට ත් නැත්තේ වේ දැ’යි වදාළ සේක. ‘යහපත, ස්වාමීනි, එ ලෙස කෙරෙමි’යි කියා ලා බුදුන් වැඳ ගෙන අහසට නැඟී සැරියුත් මහ තෙරුන් වහන්සේ පිරිනිවන් පානා දවස් පෙළහර දැකුවූවා මෙන් පෙළහර දැක්වීමට තමන් වහන්සේ බුදුන්ට ඉක් බිති හෙයින් විශේශ කොට පෙළහර දක්වා බුදුන්ගේ ආරාධනාවෙන් බණ ත් වදාරා අහසින් බැස කළුගල් ලෙනට වැඩ පිරිනිවි සේක.

සොර කෙණෙක් මුගලන් මහ තෙරුන් වහන්සේ මැරූ ය යි යන කථා ඔබ ත් ප්ර්සිද්ධ ව සිටි හෙයින් සියලු දඹදිව විස්තීර්ණප විය. අජාසත් රජ්ජුරුවෝ ත් සොරුන් හසු කරන්ට මිනිසුන් විධාන කළහ. ඒ සොරුනු ත් රා විකුණන තැනින් රා හැර ගෙන බොන කලට එකෙක් එකකුගේ රා ඔඩම ගසා හෙළා පීය. ඒ ඕ හට කිපී ගොසින් ‘හැයි කොල මාගේ රා ඔඩම ගසා කුමට හෙළී ද.


1. පාමිය, පමි යි, පාවිම් යි


 702					සද්ධර්ම රත්නාවලි ය

මුගලන් මහ තෙරුන් වහන්සේට පළමු කොට ගැසූයේ තෝද? මා ත් ගුසුව’යි කියා මෙ ලෙසින් ඔබ මැරීමට එක් වූ හැම දෙන ම තම තමන්ගේ බසින් ම පෙනෙනවූ ය.

හසු කරණට සිටියෝ ත් උන් තම තමන් ම කියා සිටිය හෙයින් සොරුන් හැම ගසා අල්වා ගෙන රජ්ජුරුවන්ට පෑවූ ය. රජ්ජුරුවෝ ද ‘මහ තෙරුන් වහන්සේ මැරුවෝ තෙපි දැ’යි විචාරා එ සේ ය යි කී කල්හි ‘තෙපි ම සිතා ගෙන මැරූ ද? ඔබ්බේ විධානයකින් ‘මැරූදැ’යි විචාළෝ ය. නිවටුන්ගේ විධ‍ානයෙනැ’යි කි කල්හි රජ්ජුරුවෝ පන් සියයක් නිවටුන් ගෙනවා ගෙන පන් සියයක් සොරුනු ත් උනු ත් සහස සෙඬුලුවෙහි1 පෙකිණි පමණට වළ ගස්වා ලා ඊ සිටුවා පස් තළවා ලා පිදුරෙන් වස්වා ලා උදේනි රජ්ජුරුවන් මාගන්දිාය නම් බැමිණි‍යගේ නෑයන් ලා කැර වූ ලෙසට ම ගිනි ගැස්වූහ. ගිනි ගසා දා ගත් නියාව දැන ය නඟුල් බා ලා සාවා පියා හිරි කොට පෑළුහ.2

ධම් සෙබෙහි රැස් ව හුන් වහන්දෑ ත් ‘ඇවැත්නි, මුගලන් මහ තෙරුන් වහන්සේ පිරිනිවි ලෙස ඔබට තරම් නො‍ වෙ’යි කී සේක. බුදුහු ඒ අසා වදාරා ‘මහණෙනි, මෙ වක මෙලෙස මිය යිම උන්ට තරම් නො වන පමණක් මුත් සක්ලෙශී ව සිටියෝ වූ නම් පෙර උන් කළ ලෙසට තරම් මය ‘යි වදාරා පෙර කළ අකුශල කවරේදැ යි විචාළ කල්හි විස්තර විසින් වදාරන සේක් -

‘යට ගිය දවස බරණැස් නුවර වසන එක් කුල දරුවාණ කෙනෙක් තුමු ම පරමන් - පිසමන් ආදිය කෙ‍රෙමින් දෙ මවුපියන් රකිති. උන්ගේ දෙ මවු පියෝ ද ‘පුත, තොප තින ව ම ගෙයි ත් දඩ ත් මෙහෙවර කොට තොපට ආයාස මහත. දිග පමණක් විතාරන්ට සුදුසු තැනකින් සරණක් ගෙන්වා දෙමෝ දැ’යි විචාරා ‘මට ඉන් ප්රතයෝජන නැත. යම් තාක් මුඹ දෙන්න ජීවත් වන දෑ වී නම් ඒ තාක් සිය අතින් උපස්ථාන කෙරෙමි’යි කියා සරණ ගෙන්වීමෙහි රුචි නැත ත් නැවත නැවත පැරැත්ත කියා කුමාරිකා කෙණකුන් සරණ ගෙන්වා දුන්හ.

කුමාරිකා ද තම පය ඔබා ගන්නා තෙක් දවස් ගාණක් නැඳි මයිලන්ට කළ මනා උපස්ථාන අඩුවක් නැති ව කොට ලා පසු ව නැදි මයිලන්ගේ දැකීම පමණකුත් නො කැමැතිව ‘මුඹට ගන්නා දිග මුත් මුඹගේ දෙ මවු පියන්ට මෙහෙ මට බැරි ය’යි කියා උන්


1. සෙණ්ඩුවාලයෙහි 2. පෑලූහ

126. මුගලන් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව 703

තමන් කුමක් කීව ත් නො ගිවිස්නා හෙයින් සමුණන් පිටතට ගිය කලට නර කෙස් නියාවක් හඟවන්ට නියඳ කෙඳි ත් සොටු සෙම් මාරුවට කැඳ පෙණ ත් හැර ගෙන ඒ ඒ තැන තබා පියා සමුණන් අවුත් මේ කිම් දැ යි විචාළ කල්හි ‘මේ මුඹගේ ඇස් කන් නැති දෙ මවු පියන්ගේ කට යුතු ය. හිස කේ පීරන කල කඩා ලති. සෙම් කාරා ඒ ඒ තැන ලති. සූරා සොටු දමති. කසළ කළ කළ සේ දමා කි විටෙකැයි කියා ‍ගේ දොර පිසීම් ද? මුන් දෑ හා මා හා එක් ව රඳා ලන්ට නො පිළිවනැ’යි එක් වන් කිය යි. මෙ සේ උන් කියන කලට එකාසඞ්ඛ්ය කල් ලක්ෂියක් වමත් සවුවන්ට පතා ආ මහා පුරුෂයාණෝ දෙ මවු පියන් කෙරෙහි බිඳී ගත්හ. බිඳී ලා ඊට නිස්ස දනිමි’ කියා ලා දෙ මවු පියන් කවා පොවා ලා ‘දෙ මවු පියෙනි, මුඹගේ අසවල් තැන හිඳිනා නෑයෝ මුඹ දක්නා කැමැත්තෝ ය.

‘ඔබ යම්හ’යි කියා ලා ගැලකට නංවා ගෙන යන තැනැත්තෝ අඩෙවි මහ වලකට ගිය කලට ‘මුඹ දෑ හැම මෙස් රැහැණ අල්වා ගෙන පයින් සන් කොට ලන්නා ගොන් යෙති. මේ තැන සොරු ඇත. මම බැස ලා සොරුන්ගේ සඤ්චාර ය දැන ගෙන යෙමී’ කියා ලා දෙ මවු පියන් අතට රෑණ දී ලා බැස පියා මඳක් තැන් ගොසින් තබා ලා කට හඬ ත් පෙරළ ලා කෙලෙස් සොරුන් විනා අන් සොර කෙණකුන් එ තැන නැත ත් සොරුන් අවුත් වන් සැටියක් කළහ. දෙ මවු පියෝ ත් අරගල අසා ලා සොරු දෝ හෝ’යි සිතා ලා ‘පුතඬ, අපි මාලු ව ගියම්හ. අප මළත් මළේ ය. ගැළවුණු ගමන් මුඹ ගැළවෙන්නේ ය’යි කිවු ය. ඌ තුමූ දෙ මවු පියන් එ ලෙස කී කල සොරුන් පලවා පියා ආ ලෙසක් සේ අවුත් ලි මොළොක් සිත් ඇති ව දෙ මවු පියන් කැඳවා ගෙන පෙරළා ගෙට යන ලෙසකු ත් නො කොට -

“බලවන්තෝ දුබ්බලා හොන්ති - ථාමවන්තොපි හායරෙ, චක්ඛුමන්තොන්ධිතා හොන්ති මාතුගාම වසංගතා”

යන්නෙහි පිහිටා ඥාන ශක්තිය නැති විමෙන් දුර්වවල ව නුවණැස නැති වීමෙන් අන්ධ දෙ මවු පියන්ට වඩා අන්ධව රක්ෂාව කළ ඇඹේණියන්ගේ අදහස ම රැකී පමණක් මුත් පර ලොව නසා සොරුන් ලෙසට අරගල කෙරෙමින් අවුත් ලා තළා පියා වල දමා පියා ‍ෙගට ගියහ.

බුදුහු ඔබගේ මේ අකුශල කර්මප ය වදාරා ලා ‘මහණෙනි, මුගලන් මහ තෙරහු මේ පව් කම කොට නො එක් හවුරුදු ලක්ෂර



 704					සද්ධර්මඑරත්නාවලි ය

ගණන් නරකයෙහි පැසි පියා තවත් අකුශල විපාකය නො ගෙවුණූ හෙයින් අත්බැව් සියයෙක මේ ලෙස ම තැළුම් කා මරණයට පැමිණියහ. මෙ සේ මුගලන් ‍මහ තෙරුන්ට පැමිණි මරණ දැන් උන්ගේ තරමට තරම් නො වතත් නො එක් ලෙසින් නිකෘෂ්ට අදහස් ඇති ස්ත්රීදන්ගේ බසින් දෙ මවු පියන්ට කොට ලූ ලෙසට තරම් ම ය. සොරුන් හා නිවටුන් හා දහසක් නිරපරාධ වූ ම පුතුන්ට වරද ලද මනා ලෙස ලත්හ’යි වදාරා බණ වදාරණ සේක් ‘යම් කෙණෙක් මුගලන් මහ තෙරුන් මෙන් නිරපරාධයන්ට සොරු - නිවට දෙ පක්ෂක ය කළ අපරාධ සේ අපරාද කෙරෙත් ද, මරත් ද, තළත් ද ඌතුමූ හිස රුජා ආදි වු බලවත් වූ දුකට ද, දුක සේ සොයා උපයා ගත් වස්තුව යම් කිසි ලෙසකින් අත මිට නැති වීමට ද, නැවත කුෂ්ඨ රෝග පාණ්ඩුරෝගාදී වු අසාද්ධ්යඅ රෝග ඇති වීමට ද, ය‍ුෙක්ෂාරන්මාද පිත්තොන්මාදාසියට ද පැමිණෙති.

‘නොයෙක් ලෙසින් ඒ ඒ තැන පතල කීර්තියෙක් ඇත්නම් එයි ත් පරිවාර සම්පතු ත් නස්සි. සෙනවිරත් තනතුරු ආදියෙන් හෝ පිරිහෙති. කරන්නා තබා නොසිතූ ත් විරූ උමං බිඳීම් ආදි වූ නො කළ නොපිළිපන් දෙය ත් ඔවුන් කරා පැමිණෙයි. නොබෝ හෝ කලකින් ම පිහිට ව සිටිනට නිසි නෑ කෙණෙක් ඇත් නම් ඌ හෝ නසිති. නැවත ගෙයි විකෙක් සාලෙක් ඇත් නම් නිෂ්ප්රඇයෝජන ලෙසට ඒ බොල් වෙයි. රත්රන් ඇත්නම් ඒ අඟුරු වෙයි. මසුරනෙක් ඇත් නම් කැබිලිති වෙයි. වාල් සරක් කණ පිළී වෙති. තව ද හිඳිනා ගෙවල් හවුරුද්දකට දෙ තුන් වරෙක ගිනි වැද ගෙන දයි. මෙ ලොව මේ දසයකට ම හෝ මෙයින් එකකට වුව ත් පැමිණ පරලොව බාධා නැති ව නරකයට පැමිණ බොහෝ දුක් ගිනිති’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙනෙක් නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් දුක් වේදනා නො කැමැතො ත් වස්තු හානි අඞ්ග හානි නො කැමැත්තො ත් රොගී විම නොකැමැත්තො ත් යක්ෂෝන්මාදාදිය නො කැමැත්තො ත් උපන් කීර්ති හා පරිවාර සම්පතත ත් නො නට මනා වී නම් නැති දෙයින් අභ්යා ඛ්යාරන නො ලද මනා වි නම් නැවත නෑයන් සියන් නො නට මනා වී නම් වී සාල් ආදි ය බොල් නො වුව ‍මනා වී නම් හිඳිනා ගෙවල් කවර ලෙසිනු ත් නො දැව මනා වී නම් ඒ හැමට ත් වඩා නරක දුක් නුවුව මනා වී නම් බණවු ලෙසින් වූ නම්




127. බහුභාණ්ඩික නම් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව 705

සාපරාධයන්ට ත් අපරාද නො කල මනා තැන නිරපරාධයන්ට අපරාද කරන්නට තබා සිතිනු ත් නො සිතිය යුතුයි.

127. බහුභාණ්ඩික නම් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව

සංස්කරණය

තව ප්ර ත්යාණබාහුලික විමෙහි නපුර හඟවන්නට බොහෝ භාණ්ඩ ඇති හෙයින් බහුභාණ්ඩික නම් තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

සැවැත් නුවර වසන කෙළෙඹියාන කෙණෙඛ් ඇඹේණීයන් මියන්නා ම මහණ වූ ය. මහණ වන ගමනේ ම තමන් වසන්ට පිරිවෙණක් ද ගිනි හල් ගෙයක් ද පිරිකර තබන්ට ගබඩා ද කරවා ලා ගබඩාවල ගිතෙල් මි සකුරු ආදි ය තබා ලා මහණ වූ කල ත් පිළිවෙත් පිරීමට ත් වඩා කුක්ෂි පූරණයට ම උත්සාහ ඇත්තා‍ සේ මුළුල්ල ම පිරිමස්වා ගෙන මහණ වූහ. මහණ ව තමන්දෑගේ කෙල්ලන් කැඳවා ලා විධාන කොට රැචි ලෙසට බත් මාළු ඉදිකරවා ගෙන වළඳනා දෑය. මහණ වූ ගමන නම් කර්මාතන්තයට මැළි ව මහණ වු ගමනක් වැන්න. පිරිකර ත් බොහෝ ව ම ඇත. රෑ දවස වෙන ම තුන් සිවුරක් වළඳන දෑය. දාවල් අත් ගා සිලුටු කළ තුන් සිවුරක් වළඳින දෑය. දන් පිසිවා ගෙන්වා වළඳනු නිසා විහාර කෙළවර වසන දෑ ය.

එක් දවසක් සිවුරු හා ඇතිරි ඒ මේ අවු ගස්වන කලට විහාර බලා ඇවිදිනා වහන්දෑ රදා තොටෙක පිළි වනා පියා තුබුවා සේ බොහෝ සිවුරු හා පිළි වනා පියා තුබුවා දැක, ‘ඇවැත්නි, මේ හැම කාගේ දැ’යි විචාරා ‘අනික් කාගේ ද? අපගේ ය’යි කී කල්හි ‘ඇවැත්නි, බුදුන් අනුදැන වදාළේ තුන් සිවුරු පාත්රද පමණෙක. තුමූ වැළි ත් අපිස් සතොස් බුදුන්ගේ සස්නෙහි මහණ ව බොහෝ පිරිකර ඇති ව වෙසෙති. ඊට කාරණා කිම් දැයි නො කැමති කරවා ම බුදුන් ලඟට ගෙන ගොසින් පිළිපදිනා ලෙස ත් පිරිකර බොහෝ ව ඇති නියාව ත් කී සේක. බුදුහු ත් සැබෑ දැ’යි විචාරා ‘සැබැව, ස්වාමීනි’යි කි කල්හි ‘මහණ, තෝ කුමක් නිසා අපිස් සතොස් වන්ට මා කියමින් සිටිය දී ලත් ලත් දෙයක් දන් නො දී පිරිකර බොහෝ කෙළෙනැ’යි වදාළ සේක.

කන මී ඕනා සේ, බුදුන් වදාල එ විතර බසි පමණකු ත් ඉවසා ගත නො හී ‘මෙ ලෙස නිෂ්පලිබොධ වීම යහපත්දැ’යි පොරෝනා ගළවා දමා පියා පවත් මධ්යීයෙහි ලජ්ජා නැති නියාව

 706					සද්ධර්මපරත්නාවලි ය

කියා හඟවා ලන්ට බැරි හෙයින් කොට හඟවන්ට කළා සේ හඳන ය පමණකින් සිටි දෑ ය. එ වේලෙහි බුදුහු හෙන ගෙට දෙන රුකුලක් සෙයින් උන්දෑට ම උපස්තම්භක ව ‘හැයි’ මහණ තෝ පෙර දිය රකුසුව උපන් කල පවා හිරි-ඔතප් රැක ගෙන දොළොස් හවුරුද්දක් විසී ය. දැන් මෙ වෙනි බුදු සස්නෙක මහණ ව සිවු වනක් පිරිස් මැඳයේ පොරෝනය ත් දමා පියා පොරෝනයෙන් වැසී තුබූ විලිලජ්ජා ත් හැර සිටියෙනැ’යි වදාළ ‍සේක. උන් දෑත් බුදුන්ගේ බස් අසා හිරි - ඔතප් එළවා ගෙන පොරෝන ය වැළඳ ගෙන බුදුන් වැඳ ලා එකත් පස් ව හුන් සේක. වහන්දෑත් දෙවධර්මැ ජාතක කථා ව අසනු කැමැති ව බුදුන්ට ආරාධනා කළ සේක.

බුදුහු වදාරන සේක් ‘මහණෙනි, යට ගිය දවස බරණැස් රජ්ජුරුවන්ගේ අග මෙහෙසුන් බිසෝවුන් කුස මහ බෝසත්හු පිළිසිඳ ගත්හ. උපන් කුමාරයන්ට මහිංසාසක කුමාරයෝ ය’යි නම් තුබූහ.ඉක්බිති ව උපන් කුමාරයන්ට චන්ද්රස කුමාරයෝ ය’යි නම් තුබුහ.ඒ කුම‍ාරවරුන් දෙන්නා වදාලා ඒ බිසොවුන් මළ කලට රජ්ජුරුවෝ අනික් කෙණකුන් අග මෙහෙසුන් කළහ. උයිත් පුතණු කෙණකුන් වැදූහ. උන්ට සූය්ය්ු කුමාරයෝ ය’යි නම් තුබූහ. ඒ පුතණුවන් දැක රජ්ජුරුවෝ සතුටු ව බිසොවුන්ට ‘වරයෙක් දෙමි’ කිවු ය. බිසොවුන් ‘පසු ව හැර ගතිමී’ කියා එ වක තබා පියා පුතණුවන් වැඩි විය පැමිණි කල්හි ‘රජ්ජුරුවන් වහන්ස, ම පුතුන් උපන් කල දි වරයක් දුන්නේ ඇත්තේ වේ ද? සෙසු වරයකින් කම් නැත. ම පුතුන්ට රාජ්යක ය දුන මැනවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ‘මළ බිසොවුන් ගෙන් පෙරාතු උපන් පුත් දෙ බෑයෝ තෙජසින් ගිනි කඳ පරිද්දෙන් බබළති. එ සේ හෙයින් තොපගේ පුතණුවන්ට රාජ්යනය දෙන්ට බැරි ය’යි කිවු ය.

රජ්ජුරුවන් එ සේ කීව ත් බිසොවුන් පසු ව උපන් උපන් පුතණුවන්ට රාජ්යරය දෙන්ට කියන හෙයින් ‘පෙරාතු උපන් පුතුන් දෙන්නකු හින්ද දී උන්ගේ මෑණීයන් නැති පමණකට තමාගේ පුතුට රාජ්යර ය ඉල්වයි. රාජ්යන ලෝභයෙන් ම පුතුන්ට අනර්ථයක් කළ නමුත් නපුරැයි’යි පුතුන් කැඳවා ලා දරුවෙනි, මම තෙල තොපගේ වෙන මවුන් දරු මලණුවන් උපන් සමයෙහි නො සලකා වරයක් දිනිමි. දැන් උන්ගේ මෑණීයෝ රාජ්යඋ ය ඉල්වති. මම ත් තොප දෙ බෑයන් හින්ද දී උන්ට රාජ්යද ය නො දෙමි. ගෑනු නම් අනර්ථකාරී හෙයින් ගස්වල වළඳිනා ලිය ගසට නො සිතා තමාට පිහිට නිසා වළඳිනා සේ කවුරුන් වුව ත් භජන ය කෙරෙති.



127. බහුභාණ්ඩික නම් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව 707

“නත්ථිුත්ථි නං පියො නාම - අප්පියොජි න විජ්ජ්ති, ධනං තා පතිවෙල්ලන්ති - ලතාව දුම නිස්සිතා”

“ යනු හෙයින් වස්තු විනා අනික් තැකිවිල්ලක් නැති හෙයින් තොපට අනර්ථයක් කොළෝ නමුත් නපුර. තෙපි වලට පලා ගොසින් මා අයාමෙක අවුත් රාජ්යළය හැර ගනුව’යි විධාන කොට ලා යැවූහ.

උයි ත් පියාණන් වැඳ ලා මාළිගාවෙන් බටවූ ය. බට කලට සෙණ්ඩුලුවේ1 කෙළිමින් සිටි වෙන මවුන් දරු සූය්ය් ස කුමරුවෝ දෙ බෑයන් වලට නික්මුණු නියාව දැන උන් හා සමඟ තුමූ ත් නික්මුණාහු ය. ගොසින් හිමවතට වන් කල්හි බෝසත්තු මගින් ඉවත් ව රුකක් මුල ඉඳ බාල ව සිටි සූය්ය් ව කුමාරයන්ට ‘මල, තෙල විලට ගොසින් නා පියා පැන් බී පියා නෙළුම් පතෙකින් පැන් මුළකු ත් අපට ගෙනෙව’යි කිවු ය.

ඒ විල ත් වෙසවුණූ රජ්ජුරුවන් ගෙන් එක් දිය රකුස්සකුට දෙව් දහම් දන්නා කෙණකුන් හැර සෙසු කෙණෙක් මේ විලට බටවු නම් උන් හැර ගෙන කව’යි විධාන කොට දෙවු විලෙක. එ වක් පටන් ඒ රකුසු ඒ විලට බට කෙණෙක් ඇත් නම් දෙව් දහම් විචාරා පියා දන්නවුන් හැර නො දන්නවුන් කයි.

සූය්ය් ඇ කුමාරයෝ ත් රාක්ෂුස පරිගෘහිත නියාව නො දැන ඒ විලට බටුවු ය. රකුස්සා ත් දෙව් දහම් විචාළ කල්හි ‘දෙව් ‍දහම් නමි හිර - සඳ ය’යි කිවු ය. ‘තොප දන්නා දෙව් දහම් නැතැ’යි කියා ලා දිය තුළට ගෙන ගොසින් තමාගේ විමන සිඳවා ලී ය.

බෝසත්තු ත් සූය්ය්් ද කුමාරයන් කල් යවන්නා සඳ කුමරුන් යවූහ. උයි ත් ගොසින් විලට බැස දිය රකුස්සා දෙව් දහම් විචාල කල්හි ‘දෙව් දහම් නම් සතර දිග ය’යි කිවු ය. දිය රකුසු උනුත් දෙව් දහම් නො දන්නා නියාව දැන හැර ගෙන ගොසින් තමාගේ විමන හිඳුවා ලීය.

බෝසත්තු උනු ත් කල් යවන්නා උවදුරක් ඇති නියා යයි තමන්දෑ ගොසින් දෙන්නා ම බට පිය මුත් නැඟි පිය නො දැක මේ විල රාක්ෂ ස පරිගෘහිත විලෙක් වනැ යි දැන කඩුව කර එවා ගෙන නිර්භීත ව වසවත් මරු කෙරේ භය නැති විමට කරණ


සෙණ්ඩුවා‍ළුවේ - ඇතැම්

 708					සද්ධර්මදරත්නාවලි ය

අභියෝගයක් මෙන් තර ව සිටි දෑ යත රකුස්සා ත් බෝසතුන් බුදු බව නිසා සසරට බටුවා සේ විලට නො බස්නා නියාව දැන වල කර්මා න්ත කරණ මිනිසකු ලෙසින් අවුත් ‘පින්වත, තෙපි ගමනේ විඩා විය. විලට බැස ගිම් නිවා නො නාන්නේ ත් හැයි ද, පිපාසා නිවා පැන් නො බොන්නේ ත් හැයි ද, බැස ලා නා ත් පියා පැනු ත් බී පියා නෙළුඹල ත් කා ගෙන මල් පැළඳ ‍ගෙන වය’යි කීය. බෝසත්තු ඌ දැක ම යම් රකුස්සෙක් මේ විල වෙසේ වම් මේ ඒ ම ය’යි සියල්ල ම නුවණින් දන්නා සේ ම අනුමාන ඥානයෙන් දැන ‘තෙපි මේ විල වසන රකුස්සාණෝ දැ යි නො විචාරා ‘අ‍පගේ මල් බෑයන් දෙන්නා හැර ගත්තෝ තෙපි දැ’යි විචාරා ‘එ සේ ය’යි කී කල්හි ‘කුමක් නිසා දැ’යි විචාලහ.

‘මම මේ විලට බට කෙණෙක් ඇත් නම් ලැබෙමී’ තමා‍ෙග් බසින් ම රකුසු නියාව දැන ගත හෙන මහ බෝසතුන්ට හැඟවී ය. ‘කුමක් ද, බට යම් කෙණඛුන් ම ලබවු දැ’යි බෝසත්තු නිචාරා ‘දෙව් දහම් දන්නවුන් හැර සෙස්සන් ‍ලැබෙමී’ කී කල්හි ‘තොපට දෙව් දහමින් ප්රැයෝජන ඇද්දැ’යි විචාරා ‘එසේය’ යි කී කල්හි බෝසත්තු ත් ‘ඒ මම දනිමි’ කිවූ ය. ‘එ සේ කල කිව මැනැවැ’යි කි කල්හි ‘ධර්මත ය නම් සත්වම සන්තානයේ අපවිත්රඇ නො වත් අපවිත්ර දෙයක් වි නම් දේ ද අපවිත්රහ ශරීර ය හැර ගෙන කිව මනා ය. නො එක් ලෙසින් සැරහී සිටිනා ධර්ම ය ඉස් සෝධා නා සැරහී මුත් කියන්නට බැරි ය’යි බෝසත්තු කීහ. රකුසුත් මහ බෝසතුන් ඉස් සෝධා නාවා පියා පැනි පොවා ලා මලින් ගඳින් සරහා ලා සරහන ලද රුවන් මඬුවෙක පනවන ලද හස්නෙක හිඳවා ලා තුමූ

“හිරිඔතප්පසම්පන්නා - සුක්කධම්මසමාහිකා, සන්තො සප්පුරිසා ලොකෙ - දෙවධම්මාති වුච්චරෙ”

යනු හෙයින් ‘යම් කෙණෙක් අමෙධ්යියෙහි ග්රා ම සූකරයා මෙන් නො ව පාපයෙහි ජුගුප්සාකාරයෙන් පවත්නා ලජ්ජාව හා වහ්නියෙහි සලභයා මෙන් නො ව පාපයෙහි භයාකාරයෙන් පවත්නා ඔතපු ත් ඇත්තෝ ද, එයින් අවශිෂ්ට වූ ත් ශීලසමාද්ධ්යාරදී ගුණයෙන් යුක්තයෝ ද, නැවත රාගාදි එකොළොස් ගින්න තදඞ්ගාදි වශයෙන් නිවා ගත් හෙයින් සන්හුන්නු ද බුදධාදි වු සත්පුරුෂයන්ගේ ස්වභා‍වයෙහි පිහිට හෙයින් සත්පුරුෂයෝ ද ඒ හිරිඔතප් ආදිහු සංවෘති ආදී වු දේවත්ව යට කාරණ හෙයින් දෙවධර්මු හ’යි තුණ්ඩිල ජාතකයෙහි හුරු ව උපන් බෝසතුන් ධර්මය ය



127. බහුභාණ්ඩික නම් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව 709

නම් මඬ නැති විලෙක යනාදින් කියා ලූ බණ සේ ම රකුස්සාට දෙව් දහම් කීහ.

රකුසු ද මහ බෝසතුන්ගේ බණ අසා පැහැද ගොසින් බෝසතුන්ට ‘පණ්ඩිතයෙනි, මම තොප කෙරෙහි පහනිමි. පහන් මම එක් මලණු කෙණකුන් දෙමි. කවර මලණුවන් දෙම් දැ’යි විචාළහ. කාය්ය්ෙණ ශක්ති ය හඟවන බෝසත්හු බාල මලණුවන් ගෙනවුත් දෙන්ට කී හ. ඒ අසා රකුසු තෙමේ ‘පණ්ඩිතයෙනි, තෙපි නුවණැති හෙයින් දෙව ධර්මතය අනුව දන්නා පමණක් මුත් තොප ඊ පවත්නේ නැතැ’යි කීය. ‘කාරණා කිම් දැ’යි විචාල හෙයින් වැඩි මාලු තැනැත්තව්නු හින්ද දී බාල මලණුවන් ගෙන් වන හෙයික් කුල දෙටුවන් පිදීම නැති නියා වේ දැ’යි සිතා ය’යි කීය. ‘හෙම්බා රකු‍ස්සාණෙනි, මම දේව ධර්මසය ත් දනිමි. ඊ ත් පවතිමි. එතකුදු වුව ත් අපි මේ වලට එන්නමෝ ත් මුන් නිසා ආම්හ. උන් නිසා ආයේ හැයිද’යි යත හොත් මු වෙන මෑණි කෙණකුන්ගේ පුතණු කෙණෙක. මුන්ගේ මෑණියෝ වර ඉල්වන ගමනේ මුන්ට රාජ්යග ය ඉල් වූය. අපගේ පියාණණ් වහන්සේ එලෙස නො කොට මුන්ගේ මෑණියන්ගෙන් අපට උවදුරක් වෙතී සිත‍ා අප රක්නා නිසා වලට එවූ සේක.

මේ කුමාරයෝ අප නොකැඳවා ම අප හා කැටි ව අවු ය. ඔබ ගිය කල මුන් විචාළවුන්ට ‘වල යකෙක් හැර ගතැ’යි කීමෝ නමුත් අප ගැළවී ගිය කළට කිසි කෙණකු ත් හදහා නො ගනිති. රාජ්යි ලෝභයෙන් මරා පුව යි ම සිතති. අනික් තැනත්වුන් එක් කුසේ උපන් හෙයින් යකෙක් හැර ගතැ යි කී කල ‘එසේ ව ත් නමුත් මුන් එන කල අරුන් අනික් ලෙසකට නස්නට කාරණ නැතැ’යි ඒ හදහති. නින්දා් පරිභවයෙන් මිදෙනු නිසා මුන් ගෙනවමී” යි කිවු ය. බෝසතුත් කෙරෙහි රකුසු තර ව පැහැද ‘සත් පුරුෂයාණෙනි, දෙව් දහම් දන්නා නියා ත් එහි පවත්නා නිසා ත් යහපතැ’යි දෙ බෑයන් ම ගෙනවුත් ආළවක් නම් යක් සෙනෙවියා හත්ථාාළවක කුමාරයන් බුදු වූ අවස්ථාවෙහි දුන්නා සේ ම දුන්හ. මහ බෝසත්හු ද රකුසු බොහෝ ආදීනව තියා පන්සිල් පිහිටුවා ලා ප්රාහණ වධ හුර වූහ.

මහ බෝසත්හු ද රකුස්සාගේ සහායෙන් කිසි ත් උපද්ර.වයක් නැති ව වල රඳා හිඳ ලා පියාණණ් මළ කල රකුස්සා ත් කැඳවා ගෙන බරණැසට අවුත් රාජ්යියෙහි පිහිටා සඳ කුමරුන්ට යුවරජ තනතුරු දීලා, සූය්ය්ිට කුමරුන්ට සෙනෙවිරත් තනතුරු දී ලා



710 සද්ධර්මුරත්නාවලි ය

රකුස්සාණන් ටත් සිත් කළු තැනෙක දෙවොලක් කරවාලා බොහෝ ලාබ සත්කාර ලබන ලෙසට ප්ර සිද්ධ කළහ.

බුදුහු මේ ජාතක දේශනාව ගෙන හැර වදාරා ‘එ කල බොහෝ පව් රැස් කළ දිය රකුසු නම් මෙ කල බොහෝ පිරිකර රැස් කළ මහණ ය. එ කල සූය්ය්් කුමාරයෝ නම් දැන් අනඳ මහ තෙරහු ය. එ කල සඳ කුමරු නම් දැන් සැරියුත් මහ තෙරහු ය. එ කල මහිංසාසක කුමාරයෝ නම් මම් ම ය’යි ජාතක ය වදාරා ‘මහණ, තෝ පෙර දෙව් දහම් සොයමින් හිරි - ඔතප් ඇති ව යක්ෂ ව පවා වැස දැන් බුදු හමුවෙහි සිවු වනක් පිරිස් මැඳට පැමිණ පොරෝන ය දමා පියා හඳන ය පමණකින් සිටි නියාව යහපත් නොවෙ’යි වදාරා බණ වදාරාණ සේක් ‘මෙලෙසින් සංසාර සුද්ධි ය කරම්හ’යි පිලි නො හැඳ හැවිදීමෙනු ත් දළ මඬුලු ධැරීමෙනු ත්, දැවිටි නො කෑමෙන් මැලි හුන් දත් ඇති වීමෙනු තු, නැවත කුදු මසුරු දෙයක් මුත් බත් අනුභව නොකිරීමෙනු ත්, හැඳ කළාල් ආදියෙහි වැද හෙවීම් හැර බිම් හෙවීමෙනු ත් , තව ද ඉස් සේධීම් නෑම් නැති වීමේන තුඹස් ගොඩවල් සේ ධූලි තැවරීමෙනු ත්, එලිල්ලෙන් හිඳ ප්රෑධන් විය්ය්ස කිරීමෙනු ත්, පිළිවෙත් නො පිරෙ යි. හුදක් මිථ්යලදෘෂ්ටිය ය ම ප්ර කාශ වෙ යි. තව ත් අනිකෙක් වේ නම් ශරීර පිඩා පමනෙක. මෙ සේ කළ පමණෙකින් සත්කායදෘෂ්ටි ය වඩිතො ත් මුත් ප්රහහීණ වන්ට නැති හෙයින් මෙ ලෙස කොට ඇවිද්දහු නිවණට පමුණුවා නො ලයි’ වදාල සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. පරිෂ්කාර බාහුලික නමට පෙණුන අධිග‍මයෙක් නැත. දේශනාව වාසනාභාගිය නො වන්ටය කරණ නැත.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ෂඩ්විශුද්ධි පරම්පරාවෙන් ගොසින් සත් වැනි වූ ඥානදර්ශරන විශුද්ධීයට පැමිණිය යුතු.

128. යන්තති ඇමැත්තන් ගේ වස්තුව

සංස්කරණය

තව ද පින්කම සමාදන් කරවීමෙහි විපාක හඟවනු නිසා සන්තති ඇමැත්ත‍න් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

ඒ ඇමැත්තාණෝ එක් කලෙක කොසොල් රජ්ජුරුවන්ගේ පසල් දනවුවේ සොරුන් හකුළුවා ලා අවු ය. කොසොල් රජ්ජුරුවෝ උන් කළ සපන්කමට සතුටු ව සත් දවසකට රාජ්යජ ය දි ලා නිටීම් , ගී කීමෙහි දක්ෂ වූ ස්ත්රිුයක ත් තත්විෂ ය සුඛානුභව ය

128. සන්තති ඇමත්තන් ගේ වස්තුව 711

පිණිස පාවා දුන්හ. සන්තති ඇමැත්තෝ ත් සත් දවස මුළුල්ලෙහි රා බී මත් ව සත් වන දවස් සව් බරණ ලා සැරහී ඇතු පිට හිඳ ගෙන ගඟට යන්නෝ සිඟා වඩනා බුදුන් වාසල කෙරේ දී දැක ඇතු පිට හිඳ ම වැඳ ලා හිස සළ සළා නික්මුණාහ.

බුදුහු ත් සිනා පහළ කොට වදාරා ලා අනඳ මහ තෙරුන් වහන්සේ සිනා පහළ කිරීමට කාරණා විචාළ කල්හි කාරණ වදාරන බුදුහු ‘ආනන්දයෙනි, සන්තති ඇමැත්තත් ඇතු පිට හිඳ ගෙන ගඟට යන්නවුන් දුටුවා ද? අද ම හන් පළන් පිටින් මා කරා අවුත් සතර පදයකින් යුත් ගාථාවක් ම ගෙන් අසා ඒ ගාථා කෙළවර තමන් ලත් රාජ්යස ය එ දවසින් ඔබ්බට නැත ත් නිවන් රජ සාදා අර්හත් ඵල වොටුනු පැළඳ, ආස සත් තලක් නැඟි ලා හිඳ පිරිනිවන් පයිති. ඇසිල්ලකට තමන් කරණ ‍කට යුතු සලකා සිනා සී ගෙන ගියා සේ ම දැක සිනා පහළ කෙළෙමී’යි වදාළ සේක.

බුදුන් අනඳ මහ තෙරුන් වහන්සේට වදාරන කථ‍ාව බොහෝ දෙන ඇසූ ය. ඉන් මිථ්යාේ දෘෂ්ටිකයෝ ‘මහණ ගොයුම්හුගේ කට යුතු බලව. කියා ලූ නපුරැ යි කියන්නවුන් නැති හෙයින් දෝ කටට ආ දෙයක් ම කියයි. සන්තති ඇමැත්තෝ රා බි මත් ව පියා මොළ කම් කොට ඇවිදිනෝ හන් පළන් පිටින් තමන් කරා අවුත් තමන්ගේ බණ අසා රහත් ව වෘද්ධ නො ව පිරිනිවන් පයිත් ල. මේ කවුරුන් හැදහු ව මනා දෙයක් ද? බසක් නම් කියා ලන කල අනුනු ත් හදනා ගන්නා ලෙසට කිව මනා වේ ද? මුන්ගේ බසෙහි ම සැබෑව බොරුව අද ම දත හැක්ක. අද ම ය යි නියම කොට තියා ලූ හෙයින් පදුව කලෙකදි රහත් වූ නමුත් මුන්ගේ බස බොරුම ය. බොරුවෙන් හසු කරම්හ’යි කඟවිසුනන්ට හං දෙකක් නැත්තා සේ ‍බුදුන්ගේ ත් දෙ බස් නැත ත් තමන් හැම කියා කොට ඇවිදනා බොරු ම හෙයින් එ ලෙස සිතූ ය.

සම්යනක් දෘෂ්ටිකයෝ ‘සර්වදඥවරයන්ගේ ආනුභාවයක් බලව. අද බුදුන්ගේ අනන්යාසාදාරණ වූ සර්වසඥ ලීලාව ද සන්තති ඇමැත්තන්ගේ ලීලාව ද දකුම්හ. බුදුන් වදාළ දෙය නම් ආසට දමා ලූ කැට බිම හී නමුත් නො නවත්නා සේ වන්නේ නියත ය’යි සිතූ ය.

සන්තති ඇමැත්තෝ ද ගඟට ගොසින් කෙලෙස් ගිම් නිවන්ට පෙරාතු අවු ගිම් නිවන්නා සේ දවස මුළුල්ලෙහි දිය



712 සද්ධර්මාරත්නාවලි ය

කෙළ කෙළ පියා උයනට ගොසින් රා මඬුල්ලෙහි රා බොන්නට හුන්හ. නළු ගෑනි ද රඟ මඬලට බැස නටන්ට ත් ගී කියන්න ට ත් පටන් ගත. උනු ත් නෘත්යෙ ලීලා දක්වනු නිසා සත් හය මුළුල්ලෙහි පණ නොයන විතරක් මුත් බත් බොහෝ කොට නො කෑ බැවින් නටා ගී කියා ආයාස මහත් ව ඇතුළු කුස ශස්ත්රොක නම් රුජා ඇති ව ලෙයි මස් කැපී පොළු ගැසිණ. ඌ ඒ ඇසිල්ලෙහි ඇසු ත් කට ත් දල්වා ගෙන මළහ. සන්තති ඇමැත්තෝ ද ඒ ස්ත්රි යගේ ආයු සන්තති ය පරීක්ෂාම ‍කරන්ට කියා මළෝ ය යි කී කල්හි බලවත් වූ ශෝක ඇති වූහ. සතිය මුළුල්ලෙහි ම පැවති රා මත හුණු කබලෙක හිස ලූ පැන් බින්දුවක් මෙන් ඒ ඇසිල්ලෙහි ම නැති විය.

ඌ තුමූ ‘මට මේ වූ ශොක ය නිශ්හොකී වු බුදුන් විනා අනික් සන්හිඳුවා ලිය හෙණ කෙණෙක් නැතැ’යි මහ පිරිස් පිරිවරා සවස් වේලෙහි බුදුන් කරා ගොසින් වැඳ ලා ‘ස්වාමීනි, මට බලවත් වූ ශොකයෙක් ඇති වි ය. මුඹ වහන්සේ ඒ මා ශොක නමැති ගින්න දහම් නමැති වැසි වස්වා නිවා ලති සිතා අයිමි. මට පිහිට වුව මැනැවැ’යි කිහ. බුදුහු ත් ‘ශොක සන්සිඳුවා ලිය හෙන්නවුන් කරා ම ය ආයේ. මේ ගැහැනිය මෙ ලෙසින් මළ කල තොප හැඬූ ගමනේ තොපගේ ඇසින් වගුළ කඳුළු සතර මහ මුහුද පැනට ත් බොහෝ ය’යි වදාරා ‘පෙර තොපගේ ඇති කෙළෙස් කුණු ත් නැති කරව. පසු ව ත් තොපට රාගාදී කිලුයෙක් නො වේ ව යි දැනු ත් එ බන්දෙක් නො ගෙන ශාන්ත ව ඇවිදු’යි වදාරන බුදුහු -

“යං පුබ්බේ තං විසොධෙහි - පච්ඡා තෙ මාහු කිඤ්චනං, මජ්ඣෙ චෙ නො ගහෙස්සසි - උපසන්තො චරිස්සසි.

යන ගාථාව වදාළ සේක. ගාථා කෙළවර හන් පළන් පිටින් සිටි සන්තති මහ ඇමැත්තෝ ඒ ආභරණයෙන් ලබන ගුණ විශේෂයට ප්ර්යෝජන නැති බැවින් නව ලොවුතුරා දහම් නැමැති ආභරණ ලා සැර හී රහත් ව නිවන් පුර වන්හ.

වැඳ නැතක් දවස් ඵල සම වත් සුව විඳිමින් රඳා හිඳිනට ආයු ශක්ති ය බලා එ දවස් එ වේලාට මුත් ආයු ශක්ති ය නැති නියාව දැන පිරිනිවන් පානට අනුදන්වන නියායෙන් බුදුන්ට දැන් වූ සේක. බුදුහු උන් වහන්සේ කළ පින් කම් තමන් වහන්සේ දනිත ත් ‘බොරුවෙන් නිගනුම්හ’යි රැස් වූ මිථ්යා දෘෂ්ටිකයන්ට මත්


128. සන්තති ඇමත්තන් ගේ වස්තුව 713

තෙහි බසක් බැණ නහා ලන්ට අවකාශ‍යකු ත් නො පෙනුණ මැනව. සර්වඥ ලීලාව ත් සන්තති මහාමාත්යව ලීලාව ත් දකුම්හ’යි රැසු වූ සම්යවග් දෘෂ්ටිකයන් මුන් කළ පින් කම් මුන් අතින් ම අසා දැන පින් කම ඇලුම් කළ මනා වේ දැ’යි සලකා ලා ‘එ සේ වී නම් රහත් වන්ට නිසි වූ තොප කළ පින් කම් අපට කියව. කියන කල ත් එයි ත් බණක් හෙයින් බිම සිට නො කියා ආස සත් තලක් පමණට පැන නැඟී ලා උඩ හිඳ කියව’යි වදාළ සේක.

සන්තති ඇමැත්තන්දෑ ත් ‘යහපත, ස්වාමීනි’යි කියා බුදුන් වැඳ ලා අභිඥ පාදක වූ චතුත්ථිද ධ්යාවනයට සම වැද ආකාශ ගමන ඉටා ගෙන ආසට තලක් පමණ නැඟි ලා බැස තව ත් බුදුන් වැඳ ලා, ආසට දෙ තලක් විතර නැඟි ලා බැස තවත් බුදුන් වැඳ ලා, නැවත තුන් තලත් විතර නැඟි ලා බැස තව ත් බුදුන් වැඳ ලා, නැවත සතර තලක් විතර නැඟි ලා බැස තවත් බුදුන් වැඳ ලා, නැවත පස් තලක් විතර නැඟි ලා බැස තවත් බුදුන් වැඳ ලා, නැවත ස තලක් විතර නැඟි ලා බැස තවත් බුදුන් වැඳ ලා, සත් වෙනි වාරයේ සත් තලක් විතර ආසට වැඩ නඟා ලූ යන්ත්රබ රූපයක් මෙන් පැන නැඟී ලා තුසී පුරෙන් මෙතේ බෝසතුන් දිව්යාතභරණයෙන් සැදි බණ කියන්ට අවුත් හුන් කලක් මෙන් පලක් බැඳ ගෙන හිඳ ‘ස්වාමීනි, මම පෙර කළ පින් අසා වදාළ මැනැවැ’යි කියා ලා ‘ස්වාමීනි, මේ මුඹ වහන්සේ බුදු වූ කපට එකානුවන කප විදර්ශි නම් බුදුන් සමයෙහි මම බන්ධුමතී නුවර එක්තරා කුලයක ඉපැද අනුන්ට ගහටක් නැති ව තමාට ත් පින් වඩනා කට යුතු කවරේ දෝ හෝ’යි සලකන්නෙම් බණට හඬ ගෑම එ බඳු නියා ව දැන එ වක් පටන් බණ පවත්නා විටෙක බණට හඬ ගාන්නෙම් බොහෝ දෙනා සමාදන් කරවා ගෙන පින් කම් කෙරෙමි. පොහෝ දවස් පෙහෙ ත් වෙමි. දනු ත් දෙමි. බණට හඬගෑමට ම කමසේ නොව බණ ත් අසමි. තුනුරුවන්ට වඩනා අනික් රුවනෙක් නැතැ’යි යනාදීන් තුනුරුවන්ට සත්කාර ත් කරමි.

‘එක් වන් මෙ ලෙස මා කියා කරවා ඇවිදිනා නියා ව බුදුන් පිය වූ බන්ධුමා රජ්ජුරුවන් වහන්සේ දැන මා කැඳවා ලා කුමක් කොට ඇවිදුදැ’යි විචාරා ‘රජ්ජුරුවන් වහන්ස, තුනුරුවනෙහි ගුණ මා දත් තරමෙක කියා බොහෝ දෙනා පින් කම යොදා ඇවිදීමි’ කී කල්හි ‘කවර ලෙසින් ඇවිද කියවු දැ’යි විචාරා පයින් ගොසින් කියා ඇවිදිමී’ කී හෙයින් ‘පුත, තොප තෙල තරම් කටයුතු තෙල ලෙස කියා ඇවිදිනා ‍කපට තොපගේ අදහස තරමට



714 සද්ධර්මකරත්නාවලි ය

තරම් නො වෙයි. මේ මල් වඩම් කරලා ගෙන තෙල අසු පිට හිඳ කියව’යි මුත් හරක් වැනි මල් දමකු ත් මට දීලා අසකු ත් දුන් දෑය. එ ලෙසින් මා කියා ඇවිදිනා කලට එ ම බන්ධුමා රජ්ජුරුවෝ මා කැඳවා ලා ‘කුමක් කොට ඇවිදු දැ යි විචාරා ආදි කරණ දෙය මැ’යි කී කල්හි ‘පුත, තොප උසස් ගුණ තරමට අසා ත් තරම් නො වෙයි. තිලී හිඳ කියා ඇවිදුව’යි සුදු අසුන් සතර දෙනකු යෙදූ රථයක් දුන් දෑ ය.

‘රථයේ හිඳ ත් කියා ඇවිදිනා නියාව අසා ගෙන්වා ලා ‘පුත, තොප කරන්නේ කිම්දැ’යි විචාරා එ ම නියාන කී කල්හි ‘පුත, තොපගේ උසස් ගුණ තරමට රථ ය තරම් නො වෙයි’යි කියා ලා පළඳින්ට ආභරණ පටන් සියලු සම්පත් මට දෙවා ලා නැ‍ඟෙන්ට ඇතෙකු ත් මට දුන් දෑ ය. මම ත් අද සේ ම සව් බරණ ලා සැරහී අසූ දහසක් හවුරුදු මුළුල්ලෙහි ඇත් වාහන ය පිටින් බණට අඬ ගා ඇවිද්දෙමි. එ වක් පටන් මෙ වක දක්වා බණට අඬ ගෑ පින් කමින් උපනූපන් ජාතියෙහි මාගේ සකල ශරීරයෙන් රත් සඳුනේ සුවඳ හම යි. බණ අසන්ට අඬ ගා ලූ මුඛයෙන් උපනුපන් ජාතියෙහි මානෙල් සුවඳ හම යි. මේ මා කළ පිණැ’යි මෙ කපට එ කානු වන කප කළ පින් කම කියා ලා අහස හිඳ ම තෙජො කසින ධ්යායනයට සම වැද ලා පිරිනිවි සේක. පිරිනිවි කලට ශරීරයෙන් ගිනි නැඟී ලා මස් ලේ නහර දවා පියා දෑ සමන් කැකැළු රැසක් මෙන් ධාතු පමණෙක් තේරිණ. බුදුහු පාත සුදක් ‍අතුරුවා ලූ සේක. ධාතූන් වහන්සේ ඊට බට සේක. ‘බොහෝ දෙන පින් පුරා ගනිති’යි ඒ ධාතු වඩා මාවත් බඩ දා ගබක් කැර වූ සේක.

ධම් සෙබෙහි රැස් ව හුන් වහන්දෑ ත් ‘ඇවැත්නි, සන්තති මහ ඇමැත්තෝ බුදුන් කරා අවුත් චතුර් විධ විනෙය ජනයන් ගෙන් තමන් උද්ඝවිතඥ හෙයින් ගාථා පමණක් අසා රහත් ව හන්පළන් පිටින් ම අහස හිඳ පිරිනිවියහ. කුමක් ද? මුන්ට ශ්රමමණ ව්යනවහාර කට යුතු ද නොහොත් බ්රාතහ්මණ ව්යිවහාර කට යුතු ද, භික්ෂු ව්යශවහාර කට යුතු දැ’යි කාථාව ඉපැද වු සේක. බුදුහු ඒ තැනට වැඩ කෙරෙමින් හුන් කථාව විචාරා වදාරා මේ නියාව දැන ‘මහණෙනි, ම පුතුන්ට ශ්රවමණ ව්යේවහාර කළ ත් සමිතපාපි හෙයින් යහපත. ප්රාමහ්මණ ව්යමවහාර කළ ත් බාහිතපාපී හෙයින් යහපත. භික්ෂු ව්යපවහාර කළ ත් යහපතැ’යි වදාරා බණ වදාරණ සේක් ‘යම් කෙණෙක් තමු හැඳ පැළඳ සිට ත් තුන් දොරින් සිද්ධ වන අකුසලින් දුරු බැවින් ලොවී ලොවුතුරා සැප ත් දෙකට ම සම ව සිටිනා



129. පිලොතික තෙරුන් වහන්සේ ගේ වස්තුව 715

කුසල්හි හැසිරෙද්ද රාගාදී කෙළෙසුන් නැති වීමෙන් සන්හුන්නු ද රූපා දී සාරමුණු නමැති වල්හි ගැලී හිඳිනා රා දොස් ඈ කෙළෙස් සොරුන් චක්ෂුරාදී වු සදොර සිහි නමැති රකවල් ලා හිඳීමෙන් කෙලෙසුන් වසඟ කොට දැමුණා වූ ද, චතුර්විධ මාර්ගියට පැමිණි මෙන් බොධියට ම නියත වූ ද, බුදු - පසේ බුදු සවුවන් හා බඹුන් ගේ ලෙස හැසිරෙද්ද, හිංසා-පීඩා කිරීමට හේතු නැති බැවින් සියල්ලවුන්ට කරණ හිංසා පීඩා ත් නැත්තෝද, උන්ට ශ්රපමණ යයි කියන්ට ත්, බ්රා්හ්මණ ය යි කියන්ට ත්, බුන් කෙළෙසුන් ඇති හෙයින් භික්ෂු ය යි කියන්ට ත්, විරොධ නැතැ’යි වදාළ සේක. මේ දේශනා කෙළවර ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නැවණැත්තවුන් විසින් සන්තති මහ ඇමැත්තන් තමන් සිතින් ම සිතා ගෙන කළ පින් අසා තබා ගෙන එ ලෙසින් පැවන උන් ලත් ලොවී ලොව්තුරා සැප ත් තම තමා ත් සිද්ධ කටයුතු.


128. පිලොතික තෙරුන් වහන්සේ ගේ වස්තුව

සංස්කරණය

තව ද නුවණැත්තවුන් කුණු කඩරෙදි පමණක් ඇදුරු කොට තබා තමන්ට පිහිට කරණ පරිදි දක්වන්ට පිලොතික තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙසේ ද යත්-

එක් දවසක් අනඳ මහ තෙරුන් වහන්සේ කුණු රෙද්දක් හැඳ ගෙණ කබල් කෙටියක් හැර ගෙණ සිඟා කා ඇවිදිනා කු‍ඩා සුඟකු දැක ‘දරුව, තොප මෙ ලෙස සිඟා කා ඇවිදිම් විතරකට මහණ වූ කල නපුරු දැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, මම මහණ වෙම් නමුත් අප වැන්නවුන් මහණ කරණ සේක් කවුරුන් වහන්සේ දැ’යි කිවු ය. ‘මහණ වීමට දුක්පත් සැවපතැ යි නැත. උන් උන්ගේ අදහස් පමණෙක. තෙපි මහණ වවු නම් මම මහණ කෙරෙමි’ වදාරා ලා උන් කැඳවා ගෙන ගොසින් තමන් වහන්සේ ම කමටහන් උගන්වා පීමෙන් අර්හත්වකයට බාදා ත් නැති කොට මහණ කළ සේක. උන් ආදි හන් කඩ රෙද්ද ත් සෝධා පියා යමකට ගත හැකි දෝ හෝ විදා බලා පෙරාන්කඩක් පමණට ත් තර තැනක් නොදැක කඩ‍රෙද්ද ත් කබල් කෙටිය ත් එක් ගසෙක අත්තක් පිට


716 සද්ධර්මැරත්නාවලි ය

තබා ලූ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ අස්ථාන නි‍යෝජනයක් සෙස්සෙහි ත් නැති නියාව තෙලේ තබාලූ තරමෙන් ම දත යුතු.

උන්දෑ ත් මහණ මාලු පැවිදි ව බුදුන්ට උපන් දෙය සුව සේ වළඳන සේක් මස් ලේ ඇති ව ගෙණ බුද්ධානුභාවයෙන් ලත් මාහැඟි සිවුරු වළදනා සේක් ආදි සැටි ය නැති ව සස්නෙහි උකටලී ව ‘ශාසනාභිරතිය නැති කලට සැදෑ ඇත්තවුන් දී ලු දෙයින් ප්ර යෝජන නැත. මාගේ කුණු රෙද්ද තව තිබුයේ වේ ද, ඒ හැඳ ගෙණ සිවුරු හරිමී’ එ තැනට ගොසින් කඩ රෙද්ද අතට හැරගෙන බලා පියා කඩ රෙද්ද නපුරු සේ ම සිතූ සිතිවිල්ල ත් නපුරු නියා ව දැන තමන් වහන්සේ ම තමන් වහන්සේට බණන සේක් ‘අලජ්ජි තැනැත්තව, වළඳිනට යහපත් සිවුරු ලැබෙන ‍බුදු සස්න හැර ප‍ියා මේ කුණූ රෙද්ද හොතාහෙණ පාත්රසයෙන් සිඟන සිඟමන් හැර පියා කබල් කෙටි ය හැරගෙණ සිඟා කන්නට යෙහිද? මහණ වූ දවස් කුණු රෙද්ද ත් කබල් කෙටිය ත් මාපීවො ත් කඩ රෙද්ද දිරා ගියේ නම් කබල් කෙටි ය බිඳී ගියේ නම් අද කුමක් කෙරේද, අනේ ලැජ්ජාවක් නැති නියා ය’යි අනික් තැනක් මෙන් තමන් වහන්සේ ම තමන් වහන්සේට ඔවා දුන් සේක. ඔවා දෙමින් සිටියදී ම උකටලිය ත්දුරු විය. කඩ රෙද්ද ත් කබල් කෙටිය ත් එතැන ම තබා ලා පෙරළ වෙහෙරට ම ගිය සේක.

කීප දවසක් ගිය කලට සිත නම් එ බඳු තරමක් ඇති හෙයින් තව ත් උකටලී ව ආදි ලෙස ම කඩ රෙද්ද තුබූ තැනට ගොසින් කඩ රෙද්ද බලා පියා උන් ම කියන මාල් කමක් මෙන් මාලු කම් කියාගෙණ නැවත විහාරයට ගොසින් ඇවිදීම් බොහෝ කලට වහන්දෑ ත් එක්වන් කොයි ගොස් එවු දැ’යි විචාරන සේක. එ සේ විචාළ වහන්දෑට අපගේ ආචාරීන් වහන්සේ ලඟට ගොසින් ඔබගෙන් අවවාදල ලැබ එම්හ’යි කියා ලා මෙ ම ලෙසින් තමන් වහන්සේගේ කඩරෙද්ද හා කබල් කෙටිය භාවනා විදි උගන්වාලන්ට අශක්ති වුව ත් ශාසනාභිරතිය උගන්වාලන්ට ශක්ති ඇති හෙයින් උන්ගේ මාලු කමින් ශාසනේ උකටලී හැර ශාසනාභිරති ය ඇති ව විවසුන වඩා කිප දවසකින් ම රහත් වූ‍ සේක.

රහත් ව සසර ගමන් නැති වූවා සේ ම කඩ රෙද්ද තුබූ තැනට ත් ගමන් නැති කලට වහන්දෑ ‘හැයි, ඇවැත්නි, දැන් ආචාරීන්




129. පිලොතික තෙරුන් වහන්සේ ගේ වස්තුව 717

කරා ගමන් නැද්දැ’යි විචාළ සේක. ‘යන්ට කාරණ අවධීයෙහි යම්හ. දැන් ඒ කාරණ ය සුන් හෙයින් නො යම්හ’යි වදාළ සේක. වහන්දෑ ද බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, පිලෝතික තෙරහු තමන් රහත් නියාවක් කියති’යි දැන් වූ සේක. බුදුහු ත් ඒ අසා ‘එ සේ ය, මහණෙනි, ම පුත්තු කෙලෙස් සිතින් කිලුටු අවස්ථා වෙහි සසර ගමන් බොහෝ වුවා සේම බොහෝ කොට ඇවිද්දෝ ය. දැනු තමන් නිකෙලෙස් හෙයින් සසර ගමන් නැති වූවා සේ ම ඒ ගමන ත් නැති වී ය’යි වදාරා ලා බණ වදාරන බුදුහු ‘යම් සේ හික්මුණා වූ අසෙක් තමා කරා හෙන සැමිටි ය වළහමින් තමා ඇඟ වැද ගත නොදේ ද, එ මෙන් ම යම් කෙණෙක් මහණ ධම් කරන්නෝ තමන්ට උපදනා නින්දාද පරිභව තමන් කරා වැද්ද නො දී කර්මර බලයකින් මෙ ලොව දී වැදි ගියෝ නමුත්1 පර ලොව වළහා පියත් ද එසේ වූ තමන් ට උපන් අකුසල් සිත් ලජ්ජාවෙන් දුරු කොට ගන්නා කෙණෙක් පිලොතික තෙරුන් මෙන් කිසි කෙණෙක් ම වෙති.

තව ද යම් සේ සොඳුරු වූ අසෙක් යම් ‍කිසි අවලාදෙයකින් සැමිටි පහරක් කා පියා අප වැන්නනු ත් සැමිටි පාර කන නියා වේදැ’යි පසු ව උත්සාහ කෙරේ ද, එ පරිද්දෙන් තෙපි හැම ත් කෙලෙසුන් තවන වීය්ය්ව ය ත් ඇති ව ව, සසර කළකිරීමු ත් ඇති වව. එ සේ වූ තෙපි ලොවී ලොවුතුරා සැදෑ ත් ඇති ව සිවු පිරිසිදු සිල්හි පිහිටා කායික වූ ත් චෛතසික වූ ත් වීය්ය්වූ ඇති ව ලොවී ලොවුතුරා සමාධි ත් උපදවා ගෙණ හෙවත් ධ්යාතන පාදක වූ මාර්ගව ඵල උපදවා ගෙණ කාරණාකාරණා දන්නා නුවණ ත් ඇති ව ත්රි විද්යාම හෝ අෂ්ටවිද්යාක හෝ අපදවාගෙන සීලා දි පසළොස් චරණ ධර්ම්යනු ත් ඇති ව හැම තැන්හි ම සිහි ඇති ව සසර බොහෝ කලක් විඳ ආවා වූ ‍බොහෝ දුක් පිලොතික තෙරුන් ‍කඩ රෙද්ද හා කබල් කෙටි ය අරමුණු කොට හළුවා සේ සසර විඳ ආ දුක් ම අරමුණු කොට හරුව’යි වදාළ සේක, දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් මේ දේශනාව සිත් හි තබා කෙලෙසුන් වශග නො ව කුසල් පුරා ත්රි්විධ බොධීන් එක් බොධියක් සිද්ධ කට යුතු.


1. වැරද ගියෝ නමුත් - වැද්ද ගියෝ නමුත්




718 සද්ධර්මයරත්නාවලි ය

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xvi&oldid=5692" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි