110. සෙය්යතසක තෙරුන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද පව් කම්හි හැසිරීම මෙ ‍ලෝ පර ලෝ දෙකෙහි ම අනභිවෘර්ධී කාරණ වත් මුත් අභිවෘර්ධි කාරණා නො වන නියා ව දක්වන්නට සෙය්ය්සක තෙරුන් වහන්සේගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

ලාලුදායී තෙරුන් වහන්සේගේ සද්ධි විහාරික වූ සෙය්ය්සක තෙරුන් වහන්සේ තුන් මසක් මං මුළා වූ කෙණකුන් ස මසක් මං මුළා වූ කෙණකුන් ගෙන් මං විචාරන්නා සේ කෙලෙස් පිළියම් විචාරා රාග ප්ර තිපක්ෂෙ වූ අසුභ භාවනා තිබිය දී හුණ ඇත්තවුන්ට තියඹරා කන්ට කියන්නා සේ, සෙම් ඇත්තවුන්ට උක් සකුරු කන්ට කියන්නා සේ, මේහ ඇත්තවුන්ට තෙල් අනුභව කරන්නට කියන්න‍ා සේ, වණ ඇත්තවුන්ට මීවිනි මස් අනුභව කරන්ට කියන්නා සේ රාග වර්ධනයට නිසි වූ පළමු සඟ වෙසෙස් සමාදන් කැරවූ හෙයින් අනභිරතියක් උපන් කල ම මෙවුන් ධර්මව හා සම කොට දැක්වූ ඒ විකුම් කරන දෑ ය. බුදුහු එ පවත් අසා ඒ වහන්සේ ගෙන්වා ලා ‘තෝ එ බන්දක් කෙරෙයි දැ’ යි විචාරා බුදුන් හමුවෙහි දී වළහාලීම බැරි හෙයින් ‘සැබැවැ’යි කී කල්හි මාගේ නිර්ම ල වු ශාසන ය කෙලෙසා. සිස් තැනැත්ත ව, තෙල ලෙස කෙලෙසින.

‘තා ආදිකර්මික හෙයින් තට ඇවැත් නැතත් මෙ වක් පටන් යම් භික්ෂු කෙණෙක් මෙ බන්දක් කොළෝ නම් උන්ට සඟවෙසෙස් වන්නේ ය’ යි සිඛ පද පනවාලා ‘මෙ බන්ද නම් මෙ ලොව නින්දාවටත් කාරණ ය. පර ලොව අපාය දුකටත් කාරණ’ යයි වදාරා ‘ඉදින් යම් කෙණෙක් අනන්ත කාලයක් පුරුදු කොට ආ හෙයින් එක විටක ත් පවක් කොළො’ නම් කල් යවා නො තබා එක විට ම සලකා පියා බුදුන්ගේ අනුශාසනාවෙහි පාපයෙන් වැලැක්මක් මුත් පවෙහි හැසිරීමක් කිසි තැනෙක ත් ‍නො ආ හෙයින් වැරද වුව ත් මෙවක් පටනු කළ මනා දෙයක් නොවෙයි සිතා පාප ය හළ යුතු පව් කිරීම තබා පව් කිරීමට මුල් ව සිටිනා අදහසු ත් විෂ ඵල පලගන්නා ගස මුලින් ම කපා දවා නැති කරන්නා සේ හළ යුතු ය. කුමක් නිසා ද යත් - පව් විෂය සිතින් සිතීම ත් මැරෑ කුඩ මසු කෙණකුන් නැතත් මරා රැස් කළ


111. ලද දෙව් දුවගේ වත 653

කුඩ මස්සන් දැක සතුටු වූ පමණකින් බුදු වුව ත් ප්රදවෘත්ත විපාක ය නැති වන්ට නො ව හිසරුජා ඇති හෙයින් මෙ ලොව ත් පර ලොව ත් දුක් එළව’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයන් සත් පුරුෂයන් විසින් ගඟක් බැඳ රඳවන්ට කරණ යත්නයක් සේ පවින් දුරු වන්ට උත්සාහ කටයුතු.

111. ලද දෙව් දුවගේ වතසංස්කරණය

තව ද යමෙක් තෙමේ නිරවද්ය වී නමුත් ඒ නිසා පරූපවාද ඇති වේ නම් එයි ත් නො කළ මනා නියාව දක්වන්ට ලද දෙව් දුවගේ වත කියමු.

කෙ සේ ද යත්-

මෙහි වත්මනු කථාව රජගහ නුවර පහළ වි ය. ආයුබොහෝ වූ මහසුප් තෙරුන් වහන්සේ රජගහා නුවර ගාවා පුළිලලෙණ වසන සේක් නිරෝධ සමාපත්තියට සම වැද සත් දවසක් නිරාහාර ව වැඩ හිඳ ලා සත් වන දවස් බත් නො ලැබීම යුක්ත නො වන හෙයින් හා යම් කෙණෙක් තමන් වහන්සේට යමක් දුන්නු නම් උන් මහා සම්පත් ලබන හෙයින් බතක් දී ලන්ට නිසි කෙණකුන් දිවසින් බලන සේක් එක් ගැල් සේනක් රක්නා ගෑනියක හැල් කරල් කඩා ගෙන වී හැර ගෙන විළඳ බඳනා නියාව දැක සිඟා ගිය කල දී ලන්ට නිසි සැදෑ ඇත්තෝ දෝ හෝ යි විමසා සැදෑ ඇති නියාව ත් දැන ‘මට සංග්රනහ කට හේ දෝ නො හේ දෝ යි විමසා’ ඒ කුල දූ තොමෝ මට සංග්ර්හ කෙරෙයි. සංග්රොහයක් කොට මෙම ජාතියෙහි සම්පත් ලබන්ට ආයු ශක්ති ය නැත ත් දෙ වන ජාතියෙහි බොහෝ සම්පතුත් ලබන්නීය’යි දැන ගැටවටු ගන්වා සිවුරු වැළඳ ගෙන පාත්රස ය පටවා ගෙන සැල් සේන බඩ සිටි සේක.

කුල දුවණියෝ ද මහ තෙරුන් වහන්සේ දැක පහන් සිතැතිව පස්වනක් ප්රීදතීන් පිනා ගොසින් ‘වැඩ සිටිනේ යහපතැ’යි කියා ලා විළඳ හැර ගෙන වහා අවු ත් මහ තෙරුන් වහන්සේට පිළිගන්වා ලා පසඟ පිහිටුවා ලා වැඳ ගෙන ‘ස්වාමීනි, මේ විළඳ ඇට බැදී සැහැල්ලු වූවා‍ සේ ම කෙලෙස් බරින් සැහැල්ලුව නිවන් දකිම්ව’යි පතා ගත්හ. මහ තෙරුන් වහන්සේ ද දානමය කුශල ය තොපට සිද්ධ වූවා - සේ ම භාවනාමය කුශලය ත් සිද්ධ වේවා’යි වදාරා අනු මෙවෙනි බණ වදාළ සේක.


654 සද්ධර්මසරත්නාවලි ය

උයි ත් මහ තෙරුන් වහන්සේ වැඳ ගෙන තමන් දුන් දන් සලකමින් පූර්ව චේතනා මධ්යත චේතනා සේ ම අපරචේතනා ත් ශුද්ධ කොට ගෙන රැදුණවු ය. ඒ සේනෙ ත් යන එන මඟ එක් බිලයෙක් නයෙක් ඇත. ඒ මහ තෙරුන් වහන්සේගේ සිවුරෙන් වැසී තුබූ කෙණ්ඩ මැඩ පිය නො හින. කුල දුවණියෝ ද තමන් දුන් දන් සලකමින් එ තැනට පැමිණියහ. සර්පයා ද බිලයෙන් නික්ම දුන් දන අනුහසින් දෙව් සැප උදවු කොට ලබ්බවන්ට කරන්නාක් මෙන් දෂ්ට කොට එ තැන ම හෙළා පී ය. ඌ ද විෂ ‍වේගයෙන් අන්ය්ථාත්වනයකට නොපැමිණ පහන් සිතින් මිය ගොසින් තවුතිසා දෙව් ලොව එක් සිය විසි ගවුවක් පමණ රන් විමානෙක නිදා පුබුද් කෙණකුන් මෙන් සව් බරණින් සැදුණු තුන් ගවුවක් පමණ දිව අත් බවකින් යුක්ත ව දේවතා දුව උපන්හ.

ඌ තුමු අට සාළිස් ගවුවක් පමණ දිග ඇති හකුළුවා ලූ කලට තුඹ මලක් සා හෝ පෝටා මලක් සා මහත ඇති සළුවක් හැඳ එ සේ ම සළුවක් පෙරව දහසක් පමණ දෙවඟනන් පිරිවරා පූර්වක ජාතියෙහි කළ කුශලය හඟවනු නිසා රන් විළඳින් පුරා මුතු සාළුවල තබන ලද රන් තැටිවලින් හොබනා විමන් දොර කඩ සිට තමන්ගේ දිව සැප ත් බලා පියා ‘කුමන පිණක් කොට මේ සැප ත් ලදිම් දෝ හෝ යි දිවසින් බලන්නෝ මහසුප් මහතෙරුන් වහන්සේට දුන්නා වූ විළ‍ඳෙහි අනුහසින් දිව සැප ත් ලත් නියා වත් දිවස් ඇති තැනට දුන් හෙයින් දිවස් ලත් නියාව ත් දැන ‘ලඝු කුශලයෙන් මේ සා මහත් සම්පතක් ලදින් මේ දෙව් ලොව තුන් කෙළ සැට ලක්ෂහයක් හවුරුදු පමණ නො ව සසර ඉතා දික් ව තිබෙන හෙයින් පමා වීම නපුර. මහසුප්ස්වාමීන්ට වත් පිළිවෙත් කිරීම නම් ලඝු පින් කමක් නො වන හෙයින් බැරෑරුම් වු ඒ පින්කම කොට උගත් ග්ර න්ථයක් ප්රිගුණ කොට තර කරන්නා සේ තවත් තවත් පින් කිරීමෙන් සම්පත ත් තර කෙරෙමී’ සිතා උදෑසන ම දෝ නොහොත් පාන්දර ම මවා ගන්නා දේ හෙයින් රන් මුස්නක් ද කසල ගොටුවක් ද ගෙනවු ත් මහ තෙරුන් වහන්සේගේ වෙහෙර මළු හැම ද පියා කසළ ත් දමා පියා නඟන පැන් බොන පැන් පරහා තබා ලූ ය.

මහ තෙරුන් වහන්සේ ඒ හැම දැක වත් පිළිවෙත් සරු කෙණකුන් වේලා පස ම අවුත් වත් සපයා ලා ගිය නියා ය යි ආවර්ජනා නො කළ හෙයින් සිතූ සේක. දේවතා දුවණියෝ දෙ වන දවසු ත් වත් පිළිවෙත් එ ලෙස ම කළහ. මහ තෙරුන් වහන්සේ ත් ආදි දා සිතු ලෙස ම සිතූ සේක. තුන් වන දවස් මහ තෙරුන් වහන්සේ


111. ලද දෙව් දුවගේ වත 655

උන් හමදනා හඬ ත් අසා කෙසිවීත්1 ආදියෙන් ඇතුළු ගෙට වන් ශරීරාලෝක දැක දොර වැරලා2 හමදනේ කවුරුදැ’යි විචාළ සේක. ‘ස්වාමීන්, මුඹ වහන්සේට උවැසි ව සිටි ලද දෙව් දූ නම් මම ය‍’යි කිවු ය. ‘අපගේ එ නම් උවැසි කෙණෙක් ඇද්දැ’යි විචාළ සේක. “මම, ස්වාමීනි, මීට පෙරාතු ජාතියෙහි හැල් සේනක් රක්නෙම් කන්ට බැද ගෙන හුන් විළඳ සුඟක් තමා සුඟ වුව ත් බොහෝ දවසකට වුවමනා වේදැ’යි මුඹ වහන්සේට දන්දී ලා සිත පහදවා ගෙන නැවත එන්නෙම් ‘තොප කළ පින් රකවල් පළට වදනා තරම් ද? දෙව් ලොව රන් විමන්වලට එව’යි කැඳවා ආ මේ වර කරන්නකු වැනි නයකු අත මිය තව්තිසා දෙව් ලොව උපනිමි. ස්වාමීනි, මේ සම්පත මුඹ වහන්සේ නිදා ලදිමි. දැනුත් මුඹ වහන්සේ වත්පිළිවෙත් ‍කොට සම්පත් තර කරන්ට සිතා අයිමි’ කිවූ ය.

‘ආදී දෙ දවසු වත් පිළිවෙත් කොළෝ තෙපි දැ’යි විචාරා ‘එසේ ය, ස්වාමීනි’යි කී කල්හි ‘දේවතා දුවණයෙනි, තොප කළ වත් පිළිවෙත් කෙළේය. මෙ වක් පටන් එ බන්දක් නොකරව’යි වදාළ සේක. ස්වාමීනී, එ සේ නො වදාළ මැනව. මුඹ වහන්සේ වැනි පින් කෙතත් ලබන්ට බැරි වුව සිද්ධ වන කුශලය ත් ලඝු නො ව ත්, ලඝු නො වන කුශලයෙන් ලබන සම්පතු ත් ලඝු නො වත්, මා ලබන වැඩියුරු සම්පතට හානි නො කොට වදාළ මැන වැ’යි කිවූ ය. ඔබ ඒ අසා, ‘දේවතා දුව, සම්පත් තර කරණ උපදෙස් මේ විනා නැද්ද? නස්නා සම්පත් කෙ සේ තර කරන්ට සිත යි නමුත් ඒ තර නො වෙයි. තර නම් නොනස් නා බැවින් නිවන. නිවන් පතා අනික් කරන යම් පිණක් කරව. මතු එන දවස් විජිනි පත්රන හැර ගෙන ධර්මඅසනවල වැඩ හිඳ බන කියන්නවුන් ලවා බුදුන් සමයෙවහි මහසුප් මහ තෙරුන් වහන්සේට එක් දෙව් දුවණි කෙණෙක් අවුත් මළු හැමද පැන් පරහා තිබූ ය යි නො කියවව. එ බන්දෙක් ඇසිණි නම් බුදුන් ගෙන් අප ලත් ප්රූශංසාවට ඒ පිටි පෑ තිබෙ යි. මෙවක් පටන් පිළිවෙත් තබා මේ දසාවෙ ත් නො එව’යි වදාළ සේක.

එ සේ වදාළ ත් දේවතා දුවණීයෝ තමන්ට සිද්ධ වන කුශලය මුත් මුඹ වන්නා වූ අසාරුප්පය ය සැදෑ වේගයෙන් සලකා ගත නො හී තවත් නො ගොස් සිටිත් ම ය. මහ තෙරුන් වහන්සේ ද මෝ අප කියත ත් සිටීම ය’යි කිපි ලෙසක් මෙන් ‘තිගේ තරම් නො දන්න‍ී දැ’යි වදාරා ලා අසුර ගසා ලූ සේක. ඌ එ වේලෙහි එ තැන රඳා සිටිය නො හී අහසට පැන නැඟී ලා දෝත් මුදුනේ


1. කෙසිඛිත 2. ඇරලා - හැරලා

656 සද්ධර්මිරත්නාවලි ය

තබා ගෙන ‘ස්වාමීනි, මා ලත් සැපත තර කොට ගත දුන මැනවැ’යි කිය කියා හඬමින් වලපමින් අහස සිටියහ.

බුදුහු රජගහා නුවරට එක් සිය අසූ ගවුවක් විතර තිබෙන දෙව් රම ගඳ කිළියේ වැඩ හිඳ ම දෙව් දුවණියන් හඬන හඬ අසා රස් කඳක් විහිදුවා එ තැන වැඩහුන්න‍ා‍ක් මෙන් පෑලා ‘හෙම්බා දෙව් දුව, ම පුත් මහසුප් මහ තෙරුන්ට තෙල ලෙස කරණ දෙය අසරුප් බැවින් නැවතීම යහපත. පින් කරණු කැමැත්තවුන්ට තව ත් තව ත් පින් ඇති බැවින් අපට ප්ර.යෝජන නම් මෙ ම වේදැ’යි සලකා පින් කිරීම වලක් ව වලක්වා ත් කන බතින් බඩ පිරෙන්නා සේ යහපතැ’යි වදාරා ‘හෙම්බල දේවතා දුව, පින් කරන කල නම් ‘එක් වරෙක පින් කළෙමි. එ තෙක් මට සෑහෙයි’ ඒ පින් කම නො පසු බැස වඩ වඩා පින් කළ මනා ම ය. ‘පින්කම් කරණට ඉදින් විභව නැත් නමුත් කවර විටෙක ය පින් කමක් කොට ගන්නේ ය යි හැම වේලේ ම උත්සාහ කටයුතු. කුමක් නිසා ද යත් - කිරීමෙන් වුව ත්, සීත‍ීමෙන් වුව ත් කුශලය රැස් කිරීම මෙ ලෝ - පරලෝ දෙකට ම යහපත. ඒ හෙනැ’යි වදාළ සේක.

දේශන‍ා කෙළවර දෙව් දුවණියෝ එක් සිය අසූ ගවුවකින් ඈත සිටියෝ ත් සෝවාන් ව ලොවී සැපත් කුම් වුව ත් අනුපධි‍ශේශ නිර්වාිණ ධාතුව දත්වා තිබෙන හෙයින් ලොවුතුරා සම්පත් තර කොට සසර දුක් අත් හළහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කරණ බාධා කළ කෙණෙක් ඇත් නමුත් කළ කුශලයෙන් සිද්ධවන ඉෂ්ට විපාකයන්ට උන් බාධා කොට නො ගෙන හෙයින් එ ම සිත්හි තබා කුශලයෙහි හැසිර අස්ථිර වූ සැප ත් හැර ස්ථීර වූ නිවන් සාධා ගත යුතු.


112. අනාථපිණ්ඩික සිටාණන් ගේ වස්තුවසංස්කරණය

තව ද දඬු පතින් හා ගලින් කර්මාින්ත කළ කල දඬුපත් දිරා ගිය ත් ගල් තිබෙන්න‍ා සේ සැදෑ ඇත්තවුන්ගේ සම්පත්නට ත් සැදෑ සිතෙහි අඩුවක් නැති නියාව දක්වන්ට අනාථ පිණ්ඩික වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

අනේපිඬු මහා සිටාණෝ දෙව්රම් වෙහෙර නිසා සූ පනස් කෙළක් ධන වියදම් කළහ. මේ සිටාණන්ගෙන් අටළොස් කෙළක්

112. අනාථපිණ්ඩික සිටාණන් ගේ වස්තුව 657

විතර නයට ගෙන හැර දෙන විටක දෙන තෙක් උන් ගෙන් එළවීමක් නූ වූ හෙයින් නුදුන්හ. තව ත් මුන් සන්තක අටළොස් කෙළක් වස්තුව ගං බඩ නිධාන කොට තුබුවා වතුර ඊමෙන් ගං ඉවුර බිඳී සැළ පිටින් ම මුහුදට වන. මෙ සේ කල් යෑමකින් වස්තුව මඳ විය. යමල ගෑවෙ ත් ගෑවෙ ත් මුවාත් බලවත් වන්න‍ා සේ වස්තු ගෙවෙත් ගෙවෙත් කුසල් අදහස නයට නුදුන් හෙයිනු ත් මූදට නො වන් හෙයිනුත් බොහෝ වෙයි. එ හෙයින් දන් දෙත් ම ය. දෙත ත් අදහස් පවිත්රහයා සේ විභව ය නැති හෙයින් පවිත්ර කොට දිය නො හෙති.

එක් දවසක් බුදු රජාණණ් වහන්සේ ‘සිටාණෙනි, තොපගේ නිරන්තර දෙන දනු ත් පවතීදැ’යි විචාරා වදාළ කල්හි පවතී ම ය. හෙ ද වැළිත් නිමුඩු සහල් බත් හා කාඩි ම ය’ කිවූය. බුදුහු ඒ අසා

“නත්ථිහ චිත්තෙ පසන්නම්හි - අප්පිකා නාම දක්ඛිණා, තථාගතො වා සම්බුද්ධෙ - අථ වා තස්ස සාවකෙ”

යනු හෙයින් ‘සිටාණෙනි, සිත ප්රෙසන්න වී නම් පරිත්යා ග චෙතනය ත් ප්ර සන්න හෙයින් දෙය්යව ධර්ම් ය කුමක් වුව ත් කිම? අපර ‍ෙචතනාව නපුරු වේ නමුත් දන් නපුරැ යි නො සිත ව. තෙපි තව ත් දන් නපුරු වුව ත් යහපත් වූ අරී අග පුඟුලන්ට දෙන්නා ව ද? එ හෙයින් සරු කෙතක නැඟී ගොයම් අසුපැවත ද වන සේ1 විපාක බලවත් වේ ද? මා වේලාම නම් බමුණු සමයෙහි නඟුල් උඩ බඳවා දඹ දිව් වැස්සන්ට බොහෝ කලක් දන් දෙන ගමනේ ත් අරී අට පුඟුලන් තබා සරණ සීලයෙහි පිහිටි කෙණකුන් පමණ ත් සම්භ නුවූවෝ ය. එ හෙයින් ප්ර තිග්රාිහක සමෘර්ධි ය හැම කල ම සම්භ නො වෙයි. සම්භ වූ අවධියෙහි දෙන්නා වූ දන් අදහස්‍ සේ ම යහපත් කොට සිත ත් මුත් ලඝු කොට නො සිතව. වේලාම බ්රාහහ්මණ සමයෙහි දන් දෙන්නා වූ මම ද මට ශිෂ්යව ව සිටි රජ දරුවන් ගෙනු ත් වස්තුවක් එක් කොට ගන්නා නිසා ආදර්ශි කොට පාත්රදයක් කරවන්නෙම් පාත්රව පත්ලේ සිට මුව විට නියමයට උසින් වඩුයෙන් අට රියනක්, මුඛ පළල නව රියනක් හා ඝන ය අටඟුල් කොට පාත්රන පත්ල බිජුවට අමුණක් වපයන තැන් වැසෙන විතර කොට පාත්රන මුවවිට අසුන් තුන් දෙනකු යෙදූ රථ ය සිසාරා යා හැකි ලෙසට කරවා සුවාසු දහසක් රජුන් කරා යවූ යෙමි.

උනු ත් එ පමණ වූ රන් පාත්රා කරවා රිදී පුරා, රිදී පාත්රු කරවා රන් පුරා, තඹ පාත්ර කරවා සත් රුවන් පුරා, එ කි එකී රජ්ජුරු


	1. 	  අසු පෑ වන සේ - අසු පැවත් වන සේ. 

658 සද්ධර්මාරත්නාවලි ය

කෙණකුන් ‍ෙගන් රිදී පිරූ රත්රන් පාත්රරයක් හා රන් පිරූ රිදී පාත්රවයක් මා සත් රුවන් පිරූ තඹ පාත්ර් තුනක් වන නිය‍ායෙන් සුවාසු දහසක් රජුන් ගෙන් එවා ලූ දෙ ලක්ෂ දෙ පනස් දහසක් පාත්රන හා සුවාසු දහසක් ඇතුන් හා සුවාසු දහසක් අසුන් හා සුවාසු දහසක් රථ හා සුවාසු දහසක් ස්ත්රීාන් හා වස්තුව දැක ලොභ සිත් නූපදවා දඹදිව් වැස්සන්ට දන් දුනිමි. ඒ මාගේ දනට එක ද සිල්වත් කෙණෙක් සම්භ නූවුවෝ ය. මාගේ ඒ සා මහත් පරිත්යාමග ය තොපගේ නිමුඬු සාලේ බත් හා කාඩි වටීද? යනාදින් දන් දීමෙහි උත්සාහ වඩනු නිසා වේලාම සූත්රබ ය ප්රීතිග්රාදහක ශුද්ධයෙන් විපාක ව සමෘද්ධි ය වන නියා ව හඟවන්ට වදාළ සේක.

ඉක් බිත්තෙන් සිටාණන්ගේ වාසල වසන දේවතා දුවක් බුදුනු ත් බුදු සවුවන් ත් එක් වන් දන් වළඳන්ට සිටාණන්ගේ ගෙට වඩනා හෙයින් බුද්ධ තේජසිනුත් සඞ්ඝ තෙජසිනු ත් තමාගේ විමන හින්ද නො හී ‘යම් ලෙසකින් මූ හැම මේ ගෙට නො එත් නම් ඒ සිටාණන්ට එ ලෙසක් කියා බිඳුවා පියමී’ සිතා ත් සිටාණන් පොහොසත් අවධියේ මුහුද පැන් ඉස නිමවා ලිය නොහැක්කා සේ උන්ගේ අදහස ත් පසු බස්වා ලිය නො හැකි හෙයින් කුමකු ත් කියා ගත නො හී, දැන් සම්පත් නැති ව දුක් පත් ව ගත්හ. මාලු කම් පිට ලා කියා ලූ දෙයක් ගිවිස ගනිති’යි රෑ දවස් සිටාණෝ ත් දැක ‘තොප කවුරු දැ’යි විචාරා ‘සතර වන දොරටුවේ වසනා දේවතා දූ නම් මම ය. දේවතා ව ඉපැද ත් මුඹගේ නවාතැනේ ඉන්නා බැවින් ආපදා ත් නො සලකා වරදවා කරණ දෙයට මාලු කමක් කියන්ට අයිමී’ කිවූ ය. ‘එ සේ කල කියව’යි සිටාණන් කී කල්හි ‘මහ සිටාණෙනි, මුඹ එන දවස නො සලකා ම මහණ ගොයුම්හුගේ සස්නට බොහෝ දෙය විදම් කළ දෑ ය.

‘පෝසත් අවදියේ කුමක් කළ ත් දුක් පත් අවස්ථ‍ාවෙහි ත් කටයුතු නො දන්ට කාරණා කිම් ද? මහණ ගෙ‍ායුම්හු හා ඔහුගේ සවුවන් අනුන්ගේ දුක් මුළා නො දනිත ත් තමා ජීවත් වන ලෙසක් දතමනා වේ ද? මෙ ලෙස දන් දෙතො ත් දවස් ගණනකින් සෙසු සම්පත් තබා බත් පිළී පමණකු ත් ඇති වන්ට කාරණා නැත. මහණ ගොයුම්හුගෙන් ප්රණයෝජන කිම් ද? ඕ හට දෙන දෙයක් කර්මානන්තයෙක යොදා සම්පත් ඇති කරවන බව ය. දානවිෂයෙහි වියදමක් නො කරණ බව ය’යි කිවූ ය. සිටාණෝ ද කියා නිමවන තෙක් අසා පියා මේ අපට කරණ අවවාද දැ’යි විචාරා ‘එ සේ



112. අනාථපිණ්ඩික සිටාණන් ගේ වස්තුව 659

ය’යි කී කල්හි ‘තොප සේ වූ එක දේවතා දුවණි කෙණකුන් තබා දේවතා දූ ලක්ෂ’යකු ත් වඩා ත් එ බඳු තර අදහසක් ඇති හෙයින් මා දෙන දන් නවතා ලිය නො හෙති. කියා ලූ ලෙස යහපත් නො වෙයි. තොප වැන්නවුන් අප ලඟ රඳන්ට බැරි ය. තොපි මහලු කම් ලෙස කීවා ව ද? අප මාලු කම් ලෙස කියන දෙයක් නො වෙයි. වහා අප ගෙන් නික්ම යව’යි කිවූය. සෝවාන් සිටාණන්ගේ බස් අසා රඳා ගත නො හී දරුවන් වඩාගෙන අනුන්ගේ සම්පත් රකින්ට කියා තුමූ තමන්ගේ සම්පතු ත් තබා ලා නික්මුණවු ය.

ගොසින් ඔබ්බෙන් නවාතැන් පමණකුත් නො ලදින් සිටාණන් ක්ෂ.මා කරවා ගෙන සිය පළ ම හිඳිමි’ සිතා නුවර රකවල සිටි දෙවියන් කරා ගොසින් තමන්ගේ වැරැද්ද කියා ලා ‘සිටාණන් ලඟට මා කැඳවා ගෙන ගොසින් ක්ෂ මා කරවා ලා වසන තැන ඉල්වා දෙවුව මැනැවැ’යි කිවූ ය. ‘තොප මාලු කම් කියා ලූ ලෙස බුදුනුත් බුදු සවුවනු ත් සිට‍ාණන්ගේ ගෙට වැද්ද නො දෙන ලෙසට කි හෙයින් තොප තොපගේ ගෙට වැද්ද දෙන්ට අප මාලු කම් කී කල නපුරු ලෙසින් තොපගේ මාලු කම ත්, අපගේ මාලු කම ත් වෙනස නැත. ඉදින් තොපි බුදුන්ට ත් බුදු සවුවන්ට ත් වඩනා තරමක් ඇත් නම් තවත් අප මාලු කම් කිය හැක්ක. තොපගේ වඩනා තරම් තබා තමා ම තරමක් නැත. අපි උන් ලඟට මේ නිසා නො යම්හ’යි කිවු ය.

දේවතා දූ ද නවාතැන් මූට්ටු බලවත් හෙයින් සතර වරම් රජුන් කරා ගොසින් උනු ත් බැරි ය’යි කී කල්හි සක් දෙවිඳු තමන් හැමට ම නායක හෙයින් උන් කරා ගොසින් තමන්ගේ වැරැද්ද කියා ලා ‘මම, ස්වාමීන්, වසන තැනක් නැති ව දරුවන් වඩා ගෙන මුළාව ඇවිදිමි. මා වසන තැනක් එ ම වේව යි අනික් තැනෙක් වුව ත් දෙවුව මැනැවැ’යි තමාට සහාය කට හැකි ඔබ්බක් නැති හෙයින් තර ව කීව. සක් ‍දෙවිඳු ත් ඒ අසා ‘තොප තරමුන් නිසා ඒ සා තරමුන් ලඟට අප තරමුන් යන්ට නො පිළිවන. බල, තොපට එක් උපදෙසක් කියමී’ කිවු ය. ‘යහපත, වඩිනට මැළි බැවින් උපදෙස වුවත් යහපත, වදාළ මැනැවැ’යි කිවූ ය. ‘තොපි පලා ගෙසින් සිටාණන්ගේ ගෙයි ලියා සිටිනා ලියනා වෙසගෙන - සිටාණන් ගෙන් අටළොස් කෙළක් වස්තු පත් ලා ලා නයට හැර ගත්තෝ ඇත - තොපි තොපගේ ආනුභාවයෙන් එයි ත් එළවා ගෙන - නිධාන ගත ව තුබූ අටළොස් කෙළකු ත් වතුරේ ගොසින් මූදට වන්නා ඇත. තව ත් අසවල් තැන හිමියන්



660 සද්ධර්ම රත්නාවලි ය

නැති ව තිබෙන අටළොස් කෙළක් පමණ වස්තු ඇත - මෙ සේ තුනින් කැටි ව සූ පනස් කෙළක් හැරගෙන පෙර වස්තු තිබෙන ගබඩාවල් පුරා ලී‍ෙමෙන් දඬුවම් කොට ගෙන ක්ෂකමා කරවා ගනුව’යි කිවු ය.

උයි ත් ‘යහපතැ’ යි ගිවිස සක් දෙවිඳු කී ලෙස ම කොට ලා සිටාණන්ගේ ශ්රීහ යහන් ගබඩාවට වදනට ශක්ති ඇති ව වැද අහස බබළ බබළා සිට ‘කවුරු දැ’ විචාළ කල්හි ‘ස්වාමීනි, සතර වන දොරටුයෙහි හිඳිනා නුවණක් නැති පිණූ ත් නැති දේවතා දූ නම් මම ය. නුවණ නැති ව එ බන්දක් මුඹ වහන්සේ ලඟ දී කියා පීමි. එයි ත් ක්ෂවමා කරණ බවය. සක් දෙවිඳුගේ බසින් සිවු පනස් කෙළක් වස්තු ගෙනාමි. ඉන් අටළොස් කෙළක් මුඹ වහන්සේ ගෙන් නයට ගත් දෑ ය.1 අටළොස් කෙළක් මුඹ වහන්සේ ගෙන් ම අපවත් ව මූද තුබුවා ය. අටළොස් කෙළක් හිමියන් නැති දෙයෙක. ඒ හැම ගෙන භාණ්ඩාර පුරා දඬුවමු ත් මුඹ වහන්සේගේ අදහස් කුම් වුව ත් මාගේ බල තරමට කෙළෙමි. දරුවනු ත් ඇති හෙයින් හිඳිනා තැන් මුළා මහතැ’යි කිවුය. අනේ පිඬු මහ සිටාණෝ ද “ශක්ර්යන් ලඟට ගොසින් කන්නලවු කියා ගත හෙන දේවතා දුවණීයෝ ‘දඬුවමු ත් කෙළෙමී’ කියති. වරද ත් ගිවිස සිටිති. දඬුවමට ත් සිවු පනස් කෙළක් පමණ වස්තු ගෙනවුත් දුන්හ. ලොවී සම්පත් දුන් තැනැත්තවුන් බුදුන්ට දක්වා ලා ලොවුතුරා සම්පතු ත් දෙවමී” සිතා ලා බුදුන් කරා කැඳවා ගෙන ගොසින් දේවතා දුවණියන් කියා ලූ වරදත් තමන්ට දඬුවම් පිට ලා ලා කළ යහපත ත් කිවූ ය.

දේවතා දුවණියෝ ද බුදුන් වැඳ ලා ‘ස්වාමීන්, මුඹ වහන්සේ ගේ ගුණානුභාවය නො දැන කියා ලූ දෙයට ක්ෂ්මා කරණ බවය’ යි බුදුන් ක්ෂේමා කරවා ගෙන පසුව සිටාණනු ත් ක්ෂයමා කරවා ගත්හ. බුදුහු කුසල් අකුසල් දෙකෙහි ඉෂ්ටානිෂ්ට විපාක දැක්වීම් වසයෙන් සිටාණන්ට ත් දේවතා දුවණියන්ට ත් බණ වදාරණ සේක් ‘පව් කම හැසිරීමෙන් පවිටු සත්වනයෝ තුමූ කළා වූ පාප ය යම් තාක් අනිෂ්ට විපාක දීලන්ට අවසරයක් ලද නුහුනු යේ වී නම් ඒ තාක් පුරකෘත සුචරිතානුභාවයෙන් සිද්ධ වූ ඉෂ්ට විපාකය ම දෙකිති.

යම් කලෙක අනිෂ්ට විපාක දී ලන්ට අවකාශයක් ඒ තෙමේ ලැබ පී නම් එ කල පවිටු පුඟුලෝ හමු වපුටවුන් හම් ම දක්නා


1. ගත්තාය.


113. අසඤ්ඤත භික්ෂූන් වහන්සේ ගේ වස්තුව 661

සේ අනිෂ්ට විපාක ම දකිති. පින්කම් කරන්නා වූ සත්ව1යෝ ත් වම් තාක් කළා වූ කුශල ය ඉෂ්ට විපාක දී ලන්ට අවසරයක් නො ලද්දේ වී නම් ඒ තාක් ම පුරාකෘත දුශ්චරිතානුභාවයෙන් අනිෂ්ට විපාක ය ම, ‘සිටාණෙනි, සම්පත් නැති වී‍ මෙන් තොප දුක් දුටුවා සේ දකිති. යම් දවසෙක කළ කුශල ය ඉෂ්ට විපාක දානයට අවසරයක් ලත් නම් තොප දැන් පෙරළා ත් සිවු පනස් කෙළක් වස්තු ලද්දා මෙන් යහපතක් ම දකිති’යි වදාළ සේක. දේශනා කෙළවර දේවතා දුවණියෝ සෝවාන් ව බුදුන්ගේ දැක්මෙහි ආදි අප්රි ය තැනැත්තෝ පසු ව දැක්මෙන් තෘප්තියක් නැති වූ ය.

එ හෙයින් සත් පුරුෂයන් විසින් නො සලකා කියා ලූ දෙයට දේවතා දුවණියන් ගත් අට්ටල් සලකා බුද්ධාදීන් කොරහි ආදර භක්ති ඇති ව ඓහලෞකික වූ ත් පාරලෞකික වු ත් ප්රීයෝජන සාධා ගත යුතු.


113. අසඤ්ඤත භික්ෂූන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද සඤ්ඤතකාරී නො වීමෙහි ආදීනව හඟවන්නට අසඤ්ඤත භික්ෂූන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

එක් භික්ෂූ කෙණකුන් වහන්සේ හැඳ පුටු බිසි කන්වයින් ආදි ය පිටත තබා ප්ර්යෝජන විඳලා තැන්පත් කොට නො තබන සේක. ඒ සෙනසුන් පිරිකර ත්, වැස්සෙනු ත් තෙමී දිරා නස්සී. අවු ත් කා, කරාවු ත් කා නස්සි, වේයෝ මීයෝ ත් කා නස්සී, සෙසු එ ලෙස නො කරණ වහන්දෑ ඒ දැක ‘මෙ ලෙසින් මේ නස්නේ හැයි දැ’යි කී කල්හි ‘මේ හැඳ පුටු ආදි ය සිත්පිත් ඇති දෙයක් නොව ත්, මෙයින් සිද්ධ වත ත් යම් තම් ‍පවෙක් වේදැ’යි කියා ලා වෘද්ධ ගෞරවය නැති ව ඒ ලෙස ම කරණ සේක. වහන්දෑ තමන් වහන්සේට නො නවත්නා හෙයින් ‘‍ඔබ ත් කියා නවතම්හ’ යි බුදුන්ට දැන්වූ සේක.

බුදුහු ත් ඒ නම ගෙන්වා ලා ‘සැබෑ ද , මහණ එලෙස තා කරන්නේය’යි විචාළ සේක. ‘ස්වාමීන්, එ විතරෙකින් කුමක් ද? එ විතර පවත් පවු වේ නම් පව් නොවන්නේ කිම් ද? හැඳ පුටු ආදිය තෙමී ගිය යි දිරා ගිය යි ඒ ප්රාඑණඝාත වස්තුවක් නො වන බැවින් අපට වන පව් කවරේද? යනාදින් අකාරණ ම කාරණ කොට කියා වෘද්ධ ගෞරව ය නැත්තා සේ ම බුද්ධ ගෞරව ය නැති නියාව ත් හැඟ වූ සේක. බුදුහු ඒ අසා ‘හෙම්බල, භික්ෂූන් විසින් 662 සද්ධර්ම රත්නාවලි ය

තෙල ලෙස කිරීම නපුර. පව් නම් ප්රා ණ වධාදි ය ම ය යි සිත ගත්තු ද? යමක් යමක් කරන්ට කීම් නම් ඒ චාරිත්ර් ශීල ය ත් නො කල කල පව් ය. යමක් මම නොකරන්ට කීම් නම් ඒ චාරිත්ර යන් කළ කල නපුර. මේ පාපය ලඝු වුව. මේ කවර කලෙක මා කරා ඒ දැ’යි පාප ය හෙළා දැක්ක යුතු නො වෙයි.

“මුනින්දාකණමතික්කම්ම - කුසග්ගච්ඡේදමත්තකං, එරපත්තෙන යං ලද්ධං - තාදීසං දිපයිස්සති”

යනු හෙයින් එරුපත කැඩෙන නියාව දැන දැන අත නොහළ පමණකින් එරුපත් කැඩී විසි දහසක් අවුරුදු කළ මහණ ධමෙහි විපාක ය දෙ වන ජාතියෙහි දී ලිය නො හි ඒරපත්ත නම් නාග ව උපදවා පියා අධිගම අන්තරාය ත් කළ නියාව නො ඇසී ද? යම් සේ වැසි වේලේ යම් කිසි වළඳක් මුණින් නො නමා තබා ලූ කල එක පෙදෙසකින් ම නො පිරේද? එක විටම නො පිරේ ද, නො එක් විට වට නොයෙක් පොදින් පිරේ ද, එ මෙන් මඳ මඳ පවු ත් එක් වන් කිරීමෙන් ආසෙවන ලාභයෙන් බොහෝ වෙයි’ වදාල සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. අසඤ්ඤත නමගේ සඤ්ඤම ය නොපෙනුණා සේ අධිගමයකු ත් නො පෙනිණ. රක්ෂාත කල ශීල ය වාසනාභාගිය වත ත් වන්නා ම ය.

එ හෙයින් සත් පුරුෂයන් විසින් අගාරික වුව ත් අනගාරික වුව ත් අජව්ර ත ගොව්රිත වශයෙන් බැණ නො නැඟීමි නො ව වාක් සඤ්ඤමය ත් ඇති ව අසන්ත ගුණසම්භාවනිච්ඡා වසයෙන් කරණ කාය සඤ්ඤම නො ව සම්ය ක් ප්ර්තිපත්ති වශයෙන් කාය සඤ්ඤමය ඇති ව ශ්රසද්ධාදී වු සෙසු ත් ගුණයෙහි පිහිටා අධිගම සිද්ධි ය කටු යුතු.


114. බිළාල පාදක සිටාණන් ගේ වස්තුවසංස්කරණය

තව කුශලයන් ලඝු කොට සිතා යමෙක් පින්කම පමා වෙත් නම් ඔවුන් නො පමා වනු නිසා බිළාල පාදක සිටාණන් ‍ෙ‍ඔවග් වස්තුව දක්වමු.

කෙ‍‍ සේ ද යත්-

එක් සමයෙක් සැව‍ැත් නුවර ඇත්තෝ මුළු මුළු ව ‍ෙගන තමන් හැමට ආයාස ත් නොවනු නිසා වහන්දෑට ත් අඵාසු නො වන ලෙසට දසෙන් විස්සෙන් පනසෙන් සීයෙන් එක් ව

114. බිළාල පාදක සිටාණන් ගේ වස්තුව 663

දන් දෙති. බුදුහු එක් දවසක් අනුමෙ‍වෙනි බණ වදාරණ ‍සේක් ‘උපාසකවරීනි, යම් කෙණෙක් තමන් සන්තක යමක් දන් දෙත් මුත් අනුන් සමාදන් නො කරවත් නම් උන්ට භොග සම්පත් විනා පරිවාර සම්පත් නැත. තමන්ගෙන් දීමක් නැති ව අනුන් ම සමාදන් කරවා ඇවිදිත් නම් උන්ට පරිවාර සම්පත් මුත් භොග සම්පත් නැත. යම් කෙණෙක් දෙක ම නො කෙරෙත් නම් සම්පත් දෙක ම නැත. තමන්ගෙනු ත් දන් ‍දී අනුනු ත් සමාදන් කරවන්නවුන්ට සම්පත් දෙක ම ඇතැ’යි පණ්ඩිත සාමණේර වත කසුප් බුදුන් වදාල ලෙස ම පරම්පරාගත ව පැවති කථාවක් වදාරන්නා සේ ම වදාළ සේක.

එක් නුවණැති කුල දරුවාණ කෙණෙක් ඒ බණ අසා වදාළ ලෙස ඉතා ම යහපත. සම්පත් ඇති ව පරිවාර නැත ත් නපුර. පරිවාර ඇති ව සම්පත් නැත ත් නපුර. දෙක ම නැති කලට ඊ ම තබා නපුර. සම්පත් ඇති ව පරිවාර ත් ඇත් නම් පරිවාර ඇති පමණින් යසස් වඩ්ඩි. මම දෙක ම නො වරදවමි’යි සිතා බුදුන් වළඳා ලා වඩනා වේලේ, ‘ස්වාමීන්, සෙට දවස මට කරුණා කොට වදාළ යහපතැ’යි කිවු ය. ‍‍’කෙ තෙක් භික්ෂූන් වුවමනා දැ’යි විචාළ කල්හි ‘හැම තැන්ම ය’යි කිවු ය. බුදුහු ත් උන්ගේ ශක්ති ය දැන ඉවසා වදාළ සේක.

උයි ත් නුවර ඇතුළට වැදලා ‘මවු පියෙනි, නංමල් බෑයෙනි, සෙට දවසට ‍බුදු පාමොක් වහන්දෑට ආරාධනාවක් කෙළෙමි. යම් කෙණෙක් යම් විතරකට දන් දී ලිය හෙත් නම් කැඳට අවුත් පතට බතට සාල් එක් කළ මැනව. එක් කොට ලා එක් තැනක දී පිසවා දෙම්හ’යි හඬගා කියති. ඉක් බිත්තෙන් එක් සිටාණ කෙණෙක් එ ලෙස කිය කියා තමන්ගේ සල්පිළ කරා ආ තැනැත්තන් දැක ‘මූ තුමූ තමන්ට පිළිවන් විතරෙක දනක් දී නො ගෙන ගම මුළුල්ලේ හෝ ගා1 ඇවිදිති’යි කිපී පියා තොප සාල් සොයා ගෙන වළන් මුබ ගෙනෙව’යි කියා ලා ඇඟිලි තුනක් අගින් වෙන විතර සාල් සුඟක් ගන්වා දුන්හ. මුං සුඟකු ත් උඳු සුඟකු ත් එ සේ ම දුන්හ. එ වක් පටන් ඇඟිලි අක් තුන එක් වූ තැන් බළල් පියක් වැනි හෙයින් දෙන දීමන ඉන්දුන හෙයින් බිළාල පාදක සිටාණෝ ය යි ප්රකසිද්ධ වූහ. ගිතෙල් උක් පැණි ආදිය ත් දෙන්නෝ සිත ලෙසට ම කුඩා වූ කරඬු සුඟක් කළ ඇතුළට බාලා එක් කෙළවරකින් උකා ගන්වතොත් බොහෝ වෙයි යන සිතින් පෙතින් කරඬුවට වගුරුවා සුඟ සුඟ ම දුන්හ. විධාන කළ තැනැත්තේ ත් සෙස්සවුන් දුන් දෙය



1. ඕ ගා - ඇතැම් 664 සද්ධර්ම්රත්නාවලි ය


එක් කොට ලා ගෙන බිළා‍ලපාදක සිටාණන් දුන් දෙය වෙන වෙන ම හැර ගත්හ. 

සිටාණෝ ත් එය එ ලෙස දැක ‘මා දී ලු දෙය වෙන් කොට හැර ගන්ට කාරණා කිම්දැ’යි සිතා උන් පසු පස්සෙහි ‘තුලුන් තෙලෙට කරණ ලෙසක් දැන ගෙන එව’යි බුලත් කවන්නාහු යවු ය. උයි ත් ගොසින් දී ලු දෙය මඳ වුව ක් ලබන විපාක බොහෝ වුව මනා වේ දැ යි සාලට දෙක තුන ඔබාදීන් හා මුං උඳු ත් බොහෝ කොට ‍ලන්ට මඳ හෙයින් දෙක තුන ඔබාදීන් හා ගිතෙල් සකුරු ආදිය ත් සෑහෙන ලෙසින් ලවා ලූ ය. බුලත් කවන්නෝ ද ගොසින් සිටාණන්ට එ පවත් කිවු ය. ඒ අසා සිටාණෝ ‘තෙල ලෙස කොටා ලා බොහෝ දෙනා මැදයේ මාගේ මසුරුකම සුරුකම සේ කියා නම් මා හෙළි බා ක‍ී කලට කොටා මරා පියමී’ කලවයේ සිරියක් බැඳ ගෙන දෙවන දවස් ගොසින් වළඳන තැන සිටියෝ ය.

උයි ත් බුදු පාමොක් වහන්දෑ වළඳවා ලා බුදුන්ට ‘ස්වාමීනි, මම බොහෝ දෙනා සමාදන් කරවා දන් දෙවීමි. විධාන ලත් මිනිස්සුන් තමන් බල වූ පරිද්දෙන් මඳ වුවත් බොහෝ වුව ත් හාල් ආදිය දුන්හ. මඳ කොට දුන්නවුන්ට ත් බොහෝ කොට දුන්නවුන්ට ත් විපාක බොහෝ ම වේව’ යි කිවු ය. ඒ අසා බිළාල පාදක සිටාණෝ ‘මම මෙ තැනට එන්නෙම් ‘අසවල් තැනැත්තෝ අසුරු මිටි ලූ ය’යි මා තෝරා ගතු කිවූ නම් මරමී සිතා අයිමි. මූ සාමාන්ය යෙන් නැළිය පත දුන්නවුන්ට ත් අසුරු මිටි දුන්නවුන්ට ත් උමං දායෙහි ඒළක ප්රමශ්න ය සියලු ලෙසින් දත් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ ට ත් උන්දෑ ගෙන් උගෙන කියා ලූ සේනකාදී පණ්ඩිතවරුන්ට ත් ලාභ ය සම වූවා සේම විපාකයෙන් සමවන්ට කියති. ඉදින් මම මෙ තරම් නපුරැ” යි පා මුල වැඳ ගෙන හෙව ‘ස්වාමීනි, ක්ෂුමා කළ මැනැවැ’යි කිවු ය. ‘කුමක් දැ’යි විචාළ කල්හි සියලු පවත් ම කිවු ය. බුදුහු ත් උන් දෙන්නා කියන කරණ දෙය අසා මේ කිම් දැ යි දන් විධාන කළ තැනැත්තවුන් අතින් විචාළ සේක. උයි ත් ඊයේ පටන් පැවැති සියල්ලක් ම නිශ්ශෙෂ කොට කිවු ය.

බුදුහු ත් ‘‍එ සේ ද, සිට‍ාණෙනි’ විචාරා එ සේ ය යි කී කල්හි සිටාණෙනි, පින් කම් නම් මඳ දෙයෙකැ යි නො සිතිය යුතු ය. නුඟ ඇට ය කුඩා වුව ත් ඉන් නැඟී ගස මහත් වන්නා සේ විපාක


115. මහධන වෙළඳාණන් ගේ වස්තුව 665

මහත. එ හෙයින් පින් කරණ කල ‘මා කළ පින් කම් බොහෝ නොවත් කූඹුවකු තමාගේ ආයු පමණින් නැඟී ත් මහ මෙර උඩට නැඟ නො හෙන්නා සේ මේ ලඝු කුශලයක් කවර කලක විපාක දී පිය හේ දැ’යි හෙළා නො සිතිය යුතු ය. යම් සේ එක් වන් වැසි වැසීමෙන් මුණින් නො නමා වැස්සේ තුබූ වළන් පිරේ ද, එ මෙන් නුවණැත්තෝ එක විට කොට ගන්ට නැත ත් වේයන් බඳනා තුඹස් සේ සුඟින් සුහින් පින් කෙරෙ ත් නම් අඞ්ගුලිමාලයන් පළමු කැපූ ඇඟිලි කුණු වන්නා සේ ආදි ආදි කළ පින් නැති නො වන හෙයින් හැම පින් එක් ව කුශල ය බොහෝ වෙයි” වදාළ සේක. දෙශණා කෙළවර බිළාලපාදක සිටාණෝ සෝවාන් ව පළමු ලොවී සැපතට ලෙටි වූවා සේ ම දැන් නො ලෙටි ව සියලු සැපත් බුදු සස්නට වියදම් කළහ.

එ හෙයින් නුවණැත්තන් විසින් සැපතෙහි ලෙටි වීමට වඩාත් පින් කමෙහි ලෙටි ව පින් පුරා ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු.


115. මහධන වෙළඳාණන් ගේ වස්තුවසංස්කරණය

තව ද උපද්ර ව සහිත මහක් සියලු ලෙසින් හළ යුතු වන්නා සේ අකුසලු ත් අවශ්යඋයෙන් හළ යුත් නියාව දක්වන්නට මහධන වෙළඳාණන්ගේ වස්තුව කියමු.

මහධන වෙළඳාණන් ගෙන් යමක් පැහැර ගන්ට සොරුන් පන්සියයක් අවසර බලා කුසල් සිතින් අතුරු නැත්තවුන් ගෙන් අවසරයක් ලැබ ගත නුහුණුවු ය. එක් සමයෙක වෙළඳාණෝ පන් සියයක් ගැල්වල බඩු පුරාගෙන වහන්දෑට කියා යවන්නෝ ‘මම අසවල් තැනට වෙළඳාමට යෙමි. යම් කෙණකුන් වහන්සේ ඔබ වඩනා කැමැත්තෝ ත් වැඩිය මැන ව. මඟ දී සිවු පසයෙන් අඵාසුවක් නො කෙරෙමි’යි කිවු ය. ඒ අසා පන් සියක් ඤෙදනා වහන්සේ උන් හා එක් ව නික්මුණූ සේක. පළඹු අවසර බලා ඇවිදි සොරු වෙළඳාමට නික්මුණු නියාව අසා ගොසින් අ‍ෙඩවි1 මග වල2 පහරින්නට සිටියහ. වෙළඳාණෝ ද ගොසින් වන දොර කඩ එක් ගමෙක රඳා දෙ තුන් දවසක් තුමූ ත් සැත පී ගොනුනු ත් සතපා ගත්හ. කැටි ව ගිය සඟ පන් සියයට ත් නිරන්තර දන් දෙති. සොරුන් ගෙන් වන උපද්ර වයට රකවල් හා සරි ය සොරු පන් සියයත් වෙළෙදාණන් කල් යවන්නා ‘යව, ගොසින් නික්මෙන දවස දැන ගෙන එව’යි එක් සොරකු යවූ ය. එයිත් ඒ ගමට ගොසින් ‘වෙළදාණෝ කවරදා යෙත් දැ’යි යාළුවකු අතින් විචාළහ.

1. අටවි 2. මඟවල 666 සද්ධර්මිරත්නාවලි ය

උයි ත් යුහු ව, දෙ තුන් දවසකිනැ’ යි කියා පියා පසුව සලකා පියා ‘කුමක් නිසා විචාළා දැ’යි විචාළෝ ය. එයි ත් ඔහු තමාට මිත්ර හෙයින් ‘අපි පන් සියයක් විතර සොරුම්හ. උන් අත මිට තුබූ දෙය උදුරන්ට‍ අඩෙවි මහ වල සිටිටම්හ’යි කී ය. ගම් වැසි තැනැත්තෝ ත් ‘එ සේ වී නම් යව. වහා යෙති’ කියා ලා ඔහු යවා පියා ‘කුමක් දෝ සොරු හට සහාය වෙම් දෝ නොහොත් වෙළඳාණන්ට සහාය වෙම් දෝ හෝ’ සිතා ‘සොරුන් ගෙන් මට ප්රෙයෝජන කිම් ද? වෙළඳාණන් නිසා පන් සියයක් දෙනා වහන්සේ ජීවත් වන සේක. වෙළඳාණන්ට සහාය වීම් නම් වහන්දෑට ත් සහාය වූ නියා ම ය. වන සහායක් වෙළඳාණන්ට ම වෙමි’ කියා වෙළඳාණන් ලඟට ගෙසින් ‘යන්නේ කවර දා දැ’ විචාරා ‘අනික් දා ය’යි කී කල්හි ‘මා කියා ලූ දෙයකු ත් කළ මැනව. අඩෙවි වල සොරු පන්සියයක් මුඹ ගෙන් කොල්ල නිසා රැක සිටියෝ ය. තව යන්ට නො කැමැත්තේ’යි කිවු ය. ‘මුඹ දන්නේ කෙසේ දැ’යි විචාළ කල්හි සොරුන් ලඟ අප මිත්රසයාණ කෙණෙක් ඇත. උන්ගේ කථායෙන් දතිමී’ කිවු ය. එසේ වී නම් මා ඔබ යෑමෙන් කම් කිම්ද? වෙළඳාම් තබා සිට රට ම යෙමී’ සිතූ ය.

දෙ තුන් දවසකිනැ’යි කියා තව ත් කල් යවන හෙයින් නැවත සොරුන් ලඟ සිටි ආදි එකා ම අවුත් ආදි විචාළ මිත්රලයා අතින් ම විචාළහ. උයි ත් ගමන බාධා ව සිය රටට නික්මෙන නියාව කිවූ ය. ඒ ගොසින් සොරුන්ට කී ය. සොරු ඒ අසා අඩෙවියෙන් නික්ම සිට රටට ‍යන මඟ රුක ගත්හ. ඌ තුමූ සොරුන්ට වඩා සැදැහැ ඇති හෙයින වෙළඳාණන්ට ම පක්ෂන ව ඒ උන්ට පක්ෂට නියාව සොරුන්ට ත් ‍නො හඟවා සිය රට යන මඟත් සොරුන් රැකි නියාව ත් වෙළඳාණන්ට කිවූ ය. වෙළඳාණෝ නො පෙනී සිට ගුණ බඩු පහරිනා කෙලෙස් සොරුන්ට පවා නුවණැත්තෝ වැළහෙති. පෙනී සොර කම් කරණ සොරුන්ට වැළහෙන්ට බැරි කිම් ද? මෙ තැනත් මට අඩුවක් නැත. එ හෙයින් ඔබ ත් නො යමි. මේ තැන ම රඳමි. සිතා ගෙන වහන්දෑ ලඟට ගොසින් ‘ස්වාමීන් මා වෙළඳාමේ යන නියවා අසා සොරු ඒ මඟ රැක ඒ දැනි ලා නැවත සිය රට යන නියාව අසා ඒ මඟත් රකිත්ල. මම ඔබ ත් මෙබෙ ත් නො ගොසින් අපෝ කොට මි ම රඳමි. ස්වාමීන්ලා ත් රඳනු කැමති තැන් මෙහි ම රඳන බව ය. වඩනා කැමැති තැනක් වඩනා බව ය’යි කිවූ ය. වහන්දෑ ‘එසේ වි නම් අපි යම්හ’යි වෙළඳාණන්ට කියා ලා නැවත සැවැත් නුවරට ගොස්නි බුදුන් වැඳ ගෙන වැඩ හුන් සේක.



116. කුක්කුට මිත්තයන් ගේ වස්තුව 667

බුදුහු ත් කුමක් ද, මහණෙනි, මහධන වෙළඳා හා කැටිව නො ගියා දැ’යි විචාරා, එසේ ය, ‘ස්වාමීන්, උන් අත මිට තුබූ දෙය උදුරන්ට යන මගත් එන මගත් සොරු සිටියෝ ය. එ හෙයින් ඌ ඔබට ත් නො ගොසින් මොබ ත් නො අවුත් හුන් මඟ රැඳුනාහ. අපි පෙරළා ආම්හ’යි වදාළ කල්හි, මහණෙනි, යම් සේ මහධන වෙළඳා ජීවත් වනු කැමැති ව උවදුරු සහිත මඟ වළහා ද, තවද යම් කෙණෙක් ආදීනව සලකා ජීවත් වීමේ රුචි ඇති ව විෂද හරිත් ද, එ පරිද්දෙන් නුවණැත්තෝ ත් නිවන් පුර වැද ජීවත් වනු නිසා ස්වල්ප වුව ත් පව් හරනාහු ය’යි වදාළ සේක. දේශනා කෙළවර පන් සියයක් දෙනා වහන්සේ මහධන වෙළඳාණන් හා කැටිව ගොසින් ලැබ්බ යුත්තෙන් ලත් කිසිවක් නැත ත් පිළිසිඹියාව හා සමඟ රහත් ඵල නැමැති මහධන ලත් සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් වල් සොරුන් පිහිටි මං හළුවා සේ කෙලෙස් සොරුන් පිහිටි අකුසල් මං හැර නිරුපද්ර වූ නිවන් මඟට පැමිණිය යුතු.


116. කුක්කුට මිත්තයන් ගේ වස්තුවසංස්කරණය

තව ද සෝවාන් වුව ත් සංසාර දෝෂ ය රහත් වීමෙන් මුත් නො නිමෙන නියාව දක්වනු පිණිස කුක්කට මිත්තයන් ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

රජගහා නුවර සිටු දුවණී කෙණෙක් විය පැමිණ සත් මාල් මාළිගාවේ සත්වන මාගේ ශ්රී යහන් ගබඩාවේ ලා ලා රකවලට කෙල්ලක ත් පාවා දෙවා ලා දෙ මවුපියන් විසින් රක්නා ලබනු ව වෙසෙති. එක් දවසක් සවස් වේලෙහි සී මැඳුරු කවුළුවෙන් ඇතුළු වීථිය බලන්නෝ පන් සියයක් මළ ද පන් සියයක් හුල් ද හැර ගෙන මුවන් මරා ජීවත් වන කුක්කුට මිත්ත නම් මුව වැද්දහු පන් සියයක් මුවන් මරා මස් කොට ගෙන ඒ මසින් ගැලක් පුරා ගෙන ගැල් හිස හිඳ ගෙන මස් විකුණනු නිසා නුවරට එන්නාඤහු දැක කාම තෘෂ්ණාව මුත් ජාති නො සලකා උන් කෙරෙහි පිළීබධ සිත් ඇති වූ බැවින් කෙල්ල අත රනක් යවා ලා තුලු මස් විකුට පියා යන වේලාව දැන ගෙන එව’යි විධාන කළහ. උයි ත් ‍ෙගාසින් ගෙන ගිය රන් දී ලා යන වේලාව විචාරා ‘අද දඩ මස් විකොට ගෙන උදාසන ම අසවල් වාසලින් පියත් ව ලා යෙමි’ කී කල්හි කෙළී ත් ඒ අසා ගෙන ගොසින් ස්වාමි දූට කිව.


668 සද්ධර්මමරත්නාවලි ය

සිටු දුවණියෝ ද තමන් ගෙන යායුතු වූ පිළි හා ආභරණ ආදි ය නිල කොට ගෙන උදාසන ම කිලිටි කඩක් හැඳ ගෙන පැනට යන කළ මිඬියක මෙන් කළයක් හැර ගෙන අර මුන් කියා ලූ ඉද්දට ගොසින් පෙර මං බලා සිටියෝ ය. උයි ත් උදා සන ම ගැල පැද ‍ෙගන නික්මුණවු ය. සිටු දුවණියෝ ත් පසු පස් සේ නික්මුණවු ය. කුක්කුට මිත්තයෝ ත් සිටු දුවණියන් පසු පස්සේ එන්නවුන් දැක පෙරාතු දවස් දුටු කෙල්ල ත් යන වේලා විචාළා පමණක් මුන් මුන්ගේ ගමන කියා නූ ලූ හෙයින් ‘මම් මුඹ කාගේ දුවණි කෙණකුන් බවත් නොදනිමි. මා හා කැටි ව එන්ට නොකැමැත්තේ ය’යි කිවු ය. මුඹගේ විධානයකින් මා එන ගමනක් නො වත් සිත් හොස්සෙ යන ගමන් වුව. මුඹ නො දොඩා මුඹගේ ගැල ම පදිනැ’යි කිවු ය. එසේ කීව ත් කුක්කුට මිත්තයෝ රඳන්ට ම කියති. එ සේ කියන කලට සිටු දුවණියෝ -

“හත්ථකගතං පත්තගතං - සබ්බං තං ඛාදිතුං වරාං, මාදණ්ඩෙන සිරිං පත්තං - තාමාසා තං පිහී‍යසෙ”

යනු හෙයින් ‘තමා කරා එන ශ්රීා කාන්තාව ගසා පලවන්නෝ ඇද්ද? නොදොඩා නො බැණ තමා යන ගමන් ම යන්ට බැරි නියා දැ’යි කිවුය. උන් එන්ට තර නියාව දැන ගැලට නංවා ගෙන නික්මුණවු ය. සිටු දුවණියන්ගේ දෙ මවු පි‍යෝත් ඒ ඒ තැන බලා නො දැක මළ නියා වනැ’යි සිතා පින් පෙත් දුන්හ. උයි ත් කුක්කුට මිත්තයන් හා බැඳී හිඳ පිට පිට හොළා පුතුන් සත් දෙණකු වදා වැඩි විය පැමිණ්යවුන්ට සරන ගෙන්වා දුන්හ.

ඉක් බිත්තෙන් දවසක් බුදුහු අලුයම් වේලේ කුක්කුට මිත්තයන් අනුන්ට දැල් ගසන්නවුන් පුතුන් හා යේළීන් හා සමග තමන් වහන්සේගේ නුවණ දැළ ඉස් වසා ලා ගත්තවුන් දැක ‘උන් හැමට වන්නේ කුමක් දෝ හෝ’යි සලකන සේක් මේ ජාතියෙහි සතුන් මැරුව ත් නිවන් පතා පින් කළ හෙයින් පුතුන් සත්දෙනා ත් යේළීන් සත් දෙනා ත් කුක්කුට මිත්තයනු ත් පසළොස් දෙනා සෝවාන් වන්ට නිසි නියාව දැන දෙවන දවස් උදාසන ම සඟල සිවුරු හා පාත්රව ය හැර ගෙන කුක්කුට මිත්තයන් මළ ලූ තැනට වැඩි සේක. එ දවස් තෘෂ්ණා නමැති මළ නො බැ‍ඳෙන බුදුන්ගේ ආනුභාවයෙන් එක ද සත් කෙණෙක් මළනොබැඳුණවූ ය. බුදුහු ත් උන්ගේ මළ ඇළයේ පදලසක් දක්වා ලා ඔබ්බට වැඩ ලා කුක්කුට මිත්තයන් මුවන් රැක හිඳිනා සේ ම එක් කැලයක් යට වැඩ හුන් සේක.


116. කුක්කුට මිත්තයන් ගේ වස්තුව 669


කුක්කුට මිත්තයෝ ද උදෑසන දුන්න හැර ගෙන මළ ලූ තැනට අවුත් මළ ත් පන් සියයක් හෙයින් මළ මුළුල්ල ම බලන්නෝ මළ වල බැඳුනු එක ද සත් කෙ‍ණකුනු ත් නො දැක මුවන්ගේ පිය නුදුට ත් බුදුන්ගේ පදලස දැක කිසි කෙණකුන් බැඳුනු සතුන් ගළවා ඇවිදිනා නියා වේ දැ’යි බුදුන් කෙරෙහි වෛර කොට ගෙන යන තැනැත්තෝ කැළ ය යට වැඩ හුන් බුදුන් දැක ‘මාගේ මළ බැඳුනු සතුන් ගළවා හළුවෝ මූ වන. සතුන් විදිනට නුව ත් මුන් විදීමි’ දුන්න ඇද ගත්හ. බුදුහු ත් දුන්න අදනා තෙක් හිඳ ලා හී දණ්ඩ අතින් නො හැරෙන්ට ඉටා වදාළසේක. ඌ තුමූ විද ගත ත් නො හී. නො විදගතත් නො හී පතු ඇට බිඳී යන කලක් මෙන් ඇඟ ත් තද ව දඩ මස් කන්නට උනන් කෙළක් මෙන් කටින් කෙළ වගුරුවා වගුරුවා මතු විදමනකට රිසි යන තරම් ව සිටියෝ ය. බුදුහු ත් බැණ නො නැඟී ම වැඩ හුන් සේක.

උන්ගේ පුත්තු ගිය තැනින් අවුත් පියාණන්ට කල් හෙයින් මේ කිම්දැ යි කියා මෑණියනු ත් පවත් දන්නට යන්ට විධාන කළ හෙයින් දුනු හැර ගෙන ගොසින් පියාණන් ඇදගත ත් විද ගත ත් නොහී විශ්චල බුදුන් වැඩ හුන් සේ ම නිශ්චල ව සිටියවුන් දැක ‘මුන් අපගේ පියාණන්ට සතුරු නියා වේ දැ’යි සත් දෙනා දෙනා ම දුනු ඇද ගෙන බුද්ධානුභාවයෙන් විද ගත නො හී පියානෝ යම් ලෙසක සිටියෝ වී නම් උන්ද දා දර්වන් හෙයින් උන් සිටි ලෙස ම කටින් කෙළ පෙර පෙරා‍ සිටියහ. පියාණන්ට කල් යන හෙයින් පවත් දන්නට ගිය පුතුන්ට ත් කල් යන්නා පුතුන්ගේ පවත් දන්නා නිසා මෑණියෝ යේළීන් කැඳවා ගෙන තුමූ ත් ගොසින් එ ලෙස සිටියවුන් දැක මුන් දුනු ඇද ගෙන සිටිනේ කාට දැ’යි ඈ ත් මෑ ත් බලා රුවිනු ත් ගුණෙනු ත්. බබළ බබළා වැඩ හුන් බුදුන් දැක ‘මා ගේ පියාණන් වහන්සේ නො නසව’යි මහ හඬින් මුර ගෑවූ ය.

කුක්කුට මිත්තයෝ ඒ අසා ‘මුන් වහන්සේ අපගේ මයිලණුවන් වහන්සේ ල. නැඳි මයිලන්දැක ගෙනා සරණක් නො වන හෙයින් ආදි හඳුනන්ට නු වූ හෙයින් අද දැක ලා හැඳින ගත්නේ ත් කෙසේද? අද්ය්න්ත නො සලකා කළ දෙය වැරදි ගියේය’යි කෝප වෙ’ග ය හැර මොළොක් සිත් ඇති වූහ. කුක්කට මිත්තයන් ගේ පුත්තු ත් ‘අපගේ මුත්තණුවන් වහන්සේ නියාවේ දැ’යි ඌ හැම ත් නැඟු දුනු සේ තද නො ව මොළොක් වූහ. මොලොක් සිත් ඇති ව ලා කුක්කුට මිත්තයෝ ත් පුත්තු ත් නො නෑ කමෙහි නෑ කම් සිතා මෛත්රිල ඇති වූහ. සිටු දුවණියෝ ද


670 සද්ධර්මඇරත්නාවලි ය

‘වහා දුනු දමා පියා මාගේ පියාණන් වහන්සේ ක්ෂනමා කරව’යි විධාන කොළෝ ය. බුදුහු ත් උන් හැමගේ අදහස් මොළොක් නියාව දැන දුනු බා ගත දුන් සේක. ඌ හැම දෙන ම බුදුන් වැඳ ක්ෂහමා කරවා ගෙන එකත් පස් ව හුන්හ. බුදුහු ත් බෙදාදීලුව මනා දෙයක් ලැබ්බ යුත්තන් එක් තැන් කොට ගෙන දී ලතොත් ඵාසු බව මුත් සිටි සිටි තැනට ගොසින් දෙන කලට අට්ටල් සේ ම ඒ ඒ දෙනා සිටි තැනට -

“බොධනෙය්යංස ජනං දිස්වා - සතසහස්සෙපි යොජනෙ, ඛණෙන උපගන්ත්වාින - බොධෙති තං මහාමුනිං”

යනු හෙයින් කරවන අවබෝධ බල ත් හැම දෙන ම එක් තැන් කරවා ගෙන උන් හැම දෙනාගේ අදහස් බලා බණ වදාළ සේක. බණ කෙළවර කුක්කුට මිත්තයෝ පුතුන් සත් දෙනා හා ත් යේළීන් සත් දෙනා හා ත් සමඟ තමන් ඇතුළු ව පසළොස් දෙන සෝවාන් ව සිතා ‍ගෙන උන් නෑ කම් කුම් වුව ත් බුදුන්ට දරු වූහ. බුදුහු ත් සිඟා වළඳා ලා පස්වරු විහාරයට වැඩි සේක.

අනඳ මහ තෙරුන් වහන්සේ ‘ස්වාමීනි, වැඩියේ කොයි දැ’යි විචාළ සේක. බුදුහු ත් ‘කුක්කුට මිත්තයන් ලඟට ගියම්හ’යි වදාළ සේක. නො කරුණෙක වඩනට කරුණු ත් නැති බැවින් ‘ප්රාකණ වධ ය හරවා නියා වේ දැ’යි කී සේක. ‘එ‍ සේ ය. අනන්දධයෙනි. ඌ තුමූ ත් උන්ගේ පුත්තු සත් දෙන ත් යේළියෝ සත් දෙන ත් එක් ව පසළොස් දෙන ප්රායණ වධ ත් හළහ. ඒ තබා අයිනාදැනු ත් හළහ. පරදාර පරිග්රරහ ය හා පරපුරුෂ සේවා ත් හළවු ය. බොරු කීමු ත් හලහ. සියලු ම අකුශලයෙන් අපායගාමී බව ත් හළවූ ය යි වදාරා සෝවාන් වූ නියාව හැඟ වූ සේක. කුක්කුට මිත්තයන් සෝවාන් වන්ට පෙරාතු දඩ ගිය කල සමහර දවසෙක ලා නො යත ත් බුදුන්ගේ ගමන නො ලා යෑමෙක් නැති හෙයින් වඩනා යම් ගමනෙක් ම සිස් නො වෙයි. බුදුන් වදාළ බස් අසා වහන්දෑ ‘හැයි ‘ස්වාමීන්, කුක්කුටමිත්තයන්ගේ ඇඹේණියෝ ත් ඇත්තෝ වේ ද? උන් නිවන් නුදුටු නියා දැ’යි විචාළ සේක.

‘ඌ තුමූ අද නිවන් දක්නට හුන්නෝ නො වෙති. දෙ මවු පියන්ගේ ගෙයි දි බාල අවස්ථාවෙහි ම සෝවාන් වූහ’යි වදාල සේක. ඒ අසා කුක්කුටමිත්තයන්ගේ ඇඹේණියෝ බාල කල ම සෝවාන් ව උන්ගේ ගෙට සරණ ගොසින් පුතුන් සත් දෙණකු ලද. ඌ මෙ තෙක් කල් මුළුල්ලෙහි සමුණන් ‘දුන්න ගෙනෙව, හී තල


116. කුක්කුට මිත්තයන් ගේ වස්තුව 671

ගෙනෙව, අඩයටි ගෙනෙව, හුල් ගෙනෙව, මළ ගෙනෙව’යි කී කල ගෙන ගොස් දෙති. උයි ත් උන් දී ලූ දෙය ගෙන ගොස් පනිවා කෙරෙති. කුමක් ද? සෝවාන්නු ත් පණිවා කෙරෙත් දැ’යි කථා ඉපැදවූ සේක.

බුදුහූ ඒ අසා ‘මහණෙනි, සෝවාන්නු පණිවා තබා පස් පව් ම නො කෙරෙති. එතකු දු වුව ත් ඒ සිටු දූ තොමෝ ‘සමුණන් කියා ලූ දෙය කෙ‍රෙමි’යි සිරිත් විසින් කළා ය. මේ හැර ගෙන ගොසින් මුන් ප්රානණ වධ කළ මැනැව’යි යන අදහස් උන්ට නැත. ඉදින් යම් කෙණකුන්ගේ අත වණයෙක් නැත් නම් හැර ගත් වස ය වණ මුඛයෙන් වැද ඇඟ ව්යාමප්ත වන්ට නැති හෙයින් ඒ අතින් වස ය අනුභව කිරීම් නැත ත් අනික් ප්රායෝජනයකට වුව ත් හැර ගන්ට පිළිවන් ද, වණ නැත්තවුන් ඇග විෂ ය නො පැතිරෙන හෙයින් එ සේ ම පවු අදහස් නැති ව විෂ අනුභව යෙහි අදහස් නැති ව අල්වන විෂයක් මෙන් දුනු ආදි ය දුනැ’යි කී කල සුශික්ෂිත තරම් ප්රනකාශ නො වන හෙයින් ඒ ප්රදකාශ කරන්ට හෙයින් පවු නැතැ’යි වදාල සේක.‍ දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ආදියට පැමිණියහ.

තවත් කලක දී වහන්දෑ ‘කුක්ටමිත්තයන් හා පුතුන් හා යේළීන් හා සමඟ සෝවාන් වන්ට කාරාණා කිම් ද? එබඳු පින් ඇති කල වැදි කුලේ ඉපැද සත්වස මාරණ කාරණ ත් කිම දැ’යි කථාවක් ඉපැද වූ සේක. බුදුහු ඒ අසා ‘මහනෙනි, ගිය දවස කසුප් බුදුන්ගේ ධාතු වඩා දා ගැබක් කරණ ගමනේ මිනිස්සු කථා කරන්නෝ ‘මේ දාගබට මැටියට කුමන් ගනුමෝ ද? නිකම් මැටි හා නිකම් පැන් හැර ගත් කලට අමුත්ත කවරේ ද? මැටි වන් කලට යහපත ත් කවරේ දැ’යි කියා ලා මැටියට සිරයෙල් හැර ගෙන පැනට බද්ධයකු ත් ඇති ව තිබෙන හෙයින් තල තෙල් හැර ගෙන සිරියෙල් සුණු කොට ගෙන තල තෙලින් හනා ගෙන උළු ගසා වියලා ගෙන රන් ගාවා පියා ඇතුළ බඳිති. පිටත ඝන රත්රන් උළින් ම බඳිති. එකී එකී උළෙක් ම ලක්ෂබයක් අග්ගි. තුන්මාලේ පිය වස බැඳ නිමවා පුෂකල විධි කරණ තැන් දක්වා බැඳි කල්හි ‘ධාතු පිහිටුවන කල බොහෝ වස්තු ඇත. මැනව. කවුරුන් නායක කරමෝ දැංයි හැම එක් ව කථා කළහ. ඉක්බිත්තෙන් පිටිසර වසන සිටාණ කෙණෙක් ‘මම නායක වෙමි’ කියා ලා ධාතු පිහිටු වන තැන මසුරන් කෙළක් ලූ ය. ඒ දැක රජ වැස්සෝ ‘මේ



672 සද්ධර්මතරත්නාවලි ය

නුවර හි‍ඳිනා සිටාණෝ තෘෂ්ණාවවට ගැති ව පියා වස්තු රැස් කරණ පමණක් මුත් මෙ බඳු පින් කමෙක නායක විය නො හෙති.

‘පිටිසර සිටාණෝ මසුරන් කෙළක් විතර ධාතු නිධානයෙහි ලා එයි ත් අනුගාමික නිධි කොට කරණ පින් කමට නායක වූහ’යි කී ය. නුවර සිටාණෝ සෙවිතව්ය මානයක් හෙයින් මන් වඩා සකෙළක් දුන්හ. පිටිසර සිටා‍ණෝ සත් කෙළක් දුන්හ. නුවර සිටාණෝ ඊට වඩන්ට අට කෙළක් දුන්හ. පිටිසර සිටාණන්ගේ ගෙයි වසුතව අය මුඛය ත් පිටිසර ව හිඳිනා හෙයින් බොහෝ නො වන්නානව කෙළකින් වඩා නැත. නුවර සිටාණන්ගේ ගෙයි නිදාන ගහ වස්තු ව සතළිස් කෙළක් අැත. එහෙයින් පිටිසර සිටාණෝ තමන් පිටිසර වුව ත් නුවණ පිටිසර ‍වැසි නො වන හෙයින් ‘ඉදින් මුන්ට වඩන්ට ඇති නව කෙළක් දි ලන්ට නැති වන්නා ‍පින් කම නිසා ත් මාගේ අධනීකම ත් පෙනෙයි. කවර කල ත් සධනී කම ම හඟවා සිටිනා පික් නම් මාගේ නො දැන්මෙන් එ ලෙසක් හඟවන්ට කාරාණා කිම් ද? යනා දී නො එක් දෑ සිතා ‘මම තෙල සිටාණන් ගෙන් දී ලූ තරමට වස්තු දී නො වඩමි. දුන් දත් කෙළක් දුන්නේ යි. එයි ත් දාගබ සන්තක ම ය මම ත් අඹුදරුවන් සහිත ව දාගබ සන්තක වෙමි’ කියා ලා පුතුන් සත් දෙන ත් යේළීන් සත් දෙන ත් ඇඹේණියනු ත් හැර ගෙන තුමූ ත් එක් ව සොළොස් දෙන චෛත්ය් සන්තක වූ ය.

රට වැස්සෝ ත් ‘වස්තු නම් පිළිවන් දෙයෙක. මේ සිටාණෝ අඹු දරුවන් පිටින් වාල් වූහ’යි උන්ම නායක කළහ. දේවතා බලයෙනු ත් උන් සහායෙනු ත් බැඳ නිමි කලට සතර ගවුවක් උස රන් දා ගබ් වහන්සේට අයිති වූ ය. ‘බුදුන්ට. අයිති නො වන්නෝ කවුරු ද? මුන්ට අඩු නැතැ’යි උන්ම නායක කළ හ. මෙසේ ඒ සොළොස් ‍දෙන දාගබ සන්තක වූහ. රට වැස්සෝ දාගබ් වහන්සේට උන් වටනා මිලදී ගළවා ගෙන නිදහස් කළහ. එ සේ වුවත් දා ගබ ම පිළිදැග ආයු පමණින් රඳා සිට ලා එයින් සැව දෙව් ලොව ඉපැත දහසක් හවුරුද්දෙන් අඟලක් වඩනා පොළාව සත් ගවුවක් වඩනා තෙක් දෙව් ලොවින් චුත ව රජ ගහා නුවර සිටාණන් පින් කරණ අවධියේ ත් සිටු දුව දැනු ත් දූ ව උපන්හ. බාල කර සරණ යන්ට පෙරාතු ව සෝවාන් වූශ. පෘථග්ජන ගති ය නම් අනියත හෙයින් දා ගබට වාල් වීම හැම කලට නියත




117. කෝක නම් වැද්දහූ ගේ වස්තුව 673

නුවූවා සේ ජාති නියමයක් නැති හෙයින් ඒ සිටු දුවණියන් ගේ තුන් වන ජාතියෙහි ස්වාමියාණෝ ද දෙව් ලොවින් චුත ව වැදි කුලයෙක් උපන්හ. එ හෙයින් දුවණියන්ට ත් -

“පුබ්බෙ ව සන්නිවාසෙන - පච්චුප්පන්න හිතෙන වා එවං තං ජායතෙ පෙමං - උප්පලංව යථොදකෙ”

යනු හෙයින් කුක්කුටමිත්තයන් දැක ම ප්රේංම ය උපන. ඌ තුමු සිටු කුලයෙහි ඉපැද ත් වාසනා බලයෙන් වැදි කුලයට ම සරණ ගියෝ ය. තුන් වන ජාතියෙහි පුතුන් දෙව් ලොවින් චුත ව අවුත් උන්ට ම පුත් වූහ. යේළියෝ ත් උන්ට ම යේළි වුහ. එක් වූ මොහු හැම ම දා ගබට කළ මනා මෙහෙ කොට ඒ පින් කමින් සෝවාන් වූහ’යි වදාළ සේක. වැදි කුලයෙහි ඉපදීමට කාරණා අටුවායෙන් නො පෙනිණ. යම් කිසි අකුසල විපාකයෙකිනැ යි දත යුතු.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කුක්කුටමිත්තයන් බුද්ධායත්ත ව ත් පින් කමට නායක වූවා සේ ම කවර කෙණකුන් කරණ කවර පින් කමට ත් නායක ව පින් කම් හැසිර එයින් ජනිත කුශලානුභාවයෙන් භව සැප ත් වළඳා කෙළවර නිවන් සම්පත් අත්පත් කටයුතු.


117. කෝක නම් වැද්දහු ගේ වස්තුවසංස්කරණය

තව ද යම් කෙණෙක් නිරපරාධයන් කෙරෙහි සාපරාධ වූ නම් ගොන් මැස්සන් දැමුවන් කරා යන්නා සේ ඒ අපරාධ ය අපරාධ කළවුන් කරා ම යන පරිදි දක්වන්ට කෝක නම් වැද්දහු ගේ වස්තුව කියමු.

කෙසේ ද යත් -

ඒ වැදි තෙම එක් දවසක් ‍පෙරවරු වේලේ දුන්න හැරගෙන තමා තරමට ම බලු මුළක් පස්සේ ලා ගෙන දඩයමට වල යන්නේ අතුරු මඟ දී සිඟා වඩනා කෙණකුන් වහන්සේ දැක කිපී ගොසින් කාළකණ්ණි කෙණකුන් දැක පීමි. අද මා ලබන කිසිවකු ත් නැතැයි සිතා නික්මිණ. උන් වහන්සේ ද මඟ සිඟා වළදා පියා විහාරයට නික්මුණු සේක. වැදි ත් වල මුළුල්ලේ ඇවිද ත් කුමකු ත් නො ලදින් පෙර ලා එන්නා ම තෙරුන් වහන්සේ දැක දඩ යන ගමනේ ත් මේ කාළකණ්ණියා දැක ගිය හෙයින් ගෝ වළක් පමණකු ත් නොලද්දෙමි. දැනු ත් ගෙට ගිය කල බතකු ත් නො

674 සද්ධර්ම රත්නාවලි ය

ලබන්ට දෝ අවුත් පෙණින. බල්ලන් ලවා කවමි’ සිතා බල්ලන් උනා හළහ.‍ තෙරුන් වහන්සේ ද ‘එ සේ නො කරව, උපාසකයෙනි’යි පැරැත්ත ගත් සෙක. උදෑසන දැක දඩ ගොසින් කුමකු ත් නො ලද්දෙමි. ගෙන් යමක් නො ලබන්ට දෝ දැනු ත් පෙනී ගියව. පැරැත්තයෙක නො නවතිමි, බල්ලන් ලවා කවමි’ කියාලා බල්ලන් මෙහෙයාලී ය. තෙරුන් වහන්සේ ද වහ වහා ගස කට නැඟී ලා ජීවිත සංරක්ෂෙණයට ත් වඩා ශික්ෂා සංරක්ෂාණ ය බලවත් හෙයින් බඹයක් පමණින් වඩා නො නැඟී වැඩහුන් සේක.

බල්ලෝ ත් නැඟී ගස වටකොට ගත්හ. බලු වැදි ත් ගසට නැඟත් තොපට ගැළවීමෙක් නැතැ’යි බිම හෙළනු පිණිස හී තලය අගින් යට පත්ලට අනිති. තෙරුන් වහන්සේ ආපදාවෙහි දී කෙතෙක් උස් වුව ත් ගස් නැඟී‍ෙම් වරද නැත ත් හීතලයෙන් කෙටීම ආපදා වත ත් බඹයෙන් වඩා නො නැඟී ‘එ සේ නො කරව’යි පෙරැත්ත ම ගත් සේක. බලු වැදි තෙම ඔබ කුමක් කීව ත් ඒ නො අසා තමා කරණ දෙය ම කෙරෙයිත තෙරුන් වහන්සේ ද කොටන පත්ල උඩ ඔසවා ගෙන අනික් පත්ල පාත් කරණ සේක. එයි ත් උන් වහන්සේගේ අකුසල් කැමැති ලෙස ත් ගසා හරනක්හු මෙන් ඔබගේ අකුසල් ගෙවෙන හෙයින් එල්වා ලූ පය කොට යි. ඒ පත්ල කොටන නියා තර කලට උඩ ඔසවා ගෙන අනිත් පය පාත් කරණ සේක. ඒ ත් හී තල අගින් විද්ද වණ මුඛයෙන් ලේ උරා බොන්නා සේ අකුසලු ත් උන් වහන්සේගෙන් ගෙවුණා තමා ඇඟ ලයි. ඔබගේ බස් නෙ‍ා ගිවිස කිසි වරදක් නැති සිල්වතුන් වහන්සේගේ පතුල් දෙක ම තමා විදිනා විතරක් විද්ද. උන් වහන්සේගේ පතුල් දෙක ම තමා විදිනා විතරක් විද්ද. උන් වහන්සේගේ සකල ශරීර මුළුල්ල ගිනි ගසා ලූවාක් මෙන් දාහ වැද ගත. වේදනා බලවත් ව සිහි එළවා ගත නො හි පොරෝනා සිවුර හෙන නියාව ත් නො දත් සේක.

ඒ සිවුර ‍ද හෙන්නේ ‘වැද්ද, තෝ මුන් වහන්සේගේ සීල මහිම ය නො දත් නමුත් මම ත් නො දනිම් ද? අපරාධ කළවුන්ට අපරාධ නො කරණ බුදුන්ගේ පුත් හෙයින් මුන් වහන්සේ තට කරණ දෙයක් නැත ත් තෝ බල්ලන් ලවා යම් සේ මුන් වහන්සේ කවන්ට උත්සාහ කෙලෙහි නම් එ ම බල්ලන් ලවා තා කවන්ට මට පිළිවනැ’යි බස්නා කලක් පරිද්දෙන් බැස ලා බලු වැද්දහු හිස පටන් වසා ගෙන සිටි සේ ය. බල්ලෝ ද තෙරුන් වහන්සේ වැටී ගිය යි සිතා සිවුරැ හස්සට වැද ලා මුදලියා ඇඟ මස් ලියා කන්නාහු මුදලියාගේ ඇඟ මස් තිත්ත රසයක් නැති බැවින්



117. කෝක නම් වැද්දහූ ගේ වස්තුව 675

ඇට සැකිල්ල තබා ලා සතුන් මරා ලූ කල බඩපුරා ලබන දඩමසක් නැත ත් මුදලියාගේ ඇඟ මස් බඩ පුරා කෑවූ ය. කා නිමවා ලා සිවුර හස්සෙන් පිටත් ව ලා සිටියෝ ය. තෙරුන් වහන්සේ ද මළ දණ්ඩක් කඩා ගෙන දමා ලූ සේක.

බල්ලෝ තෙරුන් වහන්සේ දැක පදමානවක ජාතකයෙහි නැන්දණියන් දවන්ට සිතා තමන් ම දා ගිය යේළිණියන් මෙන් නිරපරාධ තෙරුන් වහන්සේට අපරාද කොට මුදලියා ම නට නියාව දැන වලට පලා ගියහ. තෙරුන් වහන්සේ ද ‘ම‍ගේ සිවුර නිසා වැදි නට. මා‍ගේ සීලයට හානි ඇද්දෝ නැද්දෝ හෝ’යි කුකුස් කොට ගෙන ගසින් බැස පියා බුදුන් ලඟට ගොසින් සියලු පවත ම වදාරා ලා ‘මාගේ සිවුර නිසා උපාසකයෝ නටවු ය. මාගේ සිලයට හානි ත් නැද් ද? භික්ෂුභාවය මට ඇත් දැ’යි විචාළ සේක. බුදුහු ත් ඔබගේ බස් අසා ‘මහණ, තාගේ සීලයට වූ හානි ත් නැත මිනිස් විකා පරිද්දට ත් ආපත්ය ඞ්ග මනුෂ්යො ප්රාීණියකු බව හා ප්රාසණියෙක යන සංඥා ඇති බව හා වධක චේතනාව හා තදනුරූප ප්ර්යෝග ය හා ඉන් මිය යෑම ය. ඉන් එකකු ත් සිද්ධ නූවූ ය. කුකුස් නො කළ මනා තැන කුකුස් කිරීමෙන් වන දෙයක් විනා තොපගේ මහණ ධමට හානි නැති. බල එකෙක් නම් - ඒ වැදි තෙමේ තොප නිරපරාධ‍යන්ට අපරාථ කොට විනාශයට පැමිණිතෙය් ය. හුදක් දැන් මතු විනාශයට පැමිණියේ නො වෙයි. යට ගිය දවස ත් නිරපරාධයන්ට අපරාධ කොට විනාශයට පැමිණියේ ය’යි වදාරා ඒ කට යුත්ත විභුත කරණ සේක් -

යට ගිය දවස එක් වෙදෙක් වෙද කම් සොයා ගම්වල ඇවිද වෙද කමක් කරවා ගන්නා කෙණකුන් නො ලදින් සාකුස් ඇත්තේ නික්ම ගම් දොර කඩෙක බොහෝ කුමාරවරුන් කෙළිනවුන් දැක ‘මුන් සර්පෙයකු ලවා දෂ්ට කරවා පියා විෂ ය බා පියා බතක් ලැබෙමී’ සිතා එක් ගස් සිදුරෙක හිස පිටත් කොට ලා හොත් සර්පබයකු දැක කුඩා සුඟුන්ට ඔහු පෑ ලා’හෙම්බා කුඩා කොල්ලනි, තෙලේ සැළළිහිණි පැටවෙක. ඌ අල්වා ගනුව’යි කී ය. එක් කුඩා කොල්ලෙක් සර්ප යා සැලිය නො හැකි1 ලෙසට බොටුව මිරිකා අල්වා මෑත් කොට ගෙන ඌ සර්ප්යා නියාව දැන භය ගෙන හඬමින් ලං ව සිටි වෙදා ඇගට දැමී ය. නිරපරාධයන්ට කළ අපරාධයෙක් ඇත් නම් එයි ත් අපරාධ කළවුන් කරා යන්නේ


1. ඩෑලිය නො හැකි - ඇතැම්


676 සද්ධර්මොරත්නාවලි ය

මෙ ම ලෙස ය’යි හඟවන්නාක් මෙන් නයා ගොසින් එ තෙක් දෙනා ගෙන් වෙදා දසරුවේ ම හින. එ සේ හීලා ත් වෙදුගේ කරටිය ම කඩා කා එ තැන ම මරා හෙළා පී ය. එ වක ඒ වෙදා මෙ වක මේ වැද ය. එ වක ඒ විනාශයට පැමිණ මෙ වක මෙ සේ විනාශයට පැමිණියේ ය.

යම් කෙණෙක් තමන්ට වේව’යි අනුන්ට වේව’යි කිසි ත් වරදක් නැත්තවුන්ට එහි ආදීනව සලකා ගත නොහී හෝ සැලකුණ ත් තිරස්ථ ව ද්රොඒහි කෙරෙත් ද, ඒ අපරාධ ය කළවුන් කරා ම එයි. කුමක් මෙන් ද යත් - තමා යට සුළඟ සිට උඩු සුළඟ සිටි කෙණකුන් ඇඟට දමා ලූ සියුම් රජසක් වේව’යි හළු වේව’යි උඩු සුළඟ සිටි උන් කරා නො ගොසින් පෙරළා තමන් යට සුළඟ සිටි හෙයින් එන නියා ව දැන දැන ම දැමූ හෙයින් තමන් ඇඟ ම වැද ගන්නා මෙනැ’යි වදාළ සේක. දේඹනා කෙළවර ඒ තෙරුන් වහන්සේ වැද්දවුන් ගෙන් ලත් ගහට ලෙසට කෙළෙස් සතුරන් ගෙන් ලබන ගහට නැති ව රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙනාට ‍මේ දේශනාව සප්රූයෝජන වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් නිරපරාධයන්ට තබා සාපරාධයන්ට ත් අපරාධ කිරීම් තබා සිතීමුත් මහා අපරාද හෙයින් එයි ත් හැර සෙසු ත් අකුසලින් දුරු ව කුසල් පුරා නිවන් සාදා ගත යුතු.


118. මණිකාර කුලුපග තිස්ස තෙරුන් වහන්සේ ‍ගේ වතසංස්කරණය

තව ද නිරපරාදයන් ම සලකා ගත නො හි කළ අපරාධයෙහි ම ආදීනව දක්වන්ට මණිකාර කුලුපග තිස්ස තෙරුන් වහන්සේ ගේ වත කියමු.

කෙ සේද යත් -

ඒ තෙරුන් වහන්සේ එක් මැණික් සැට්ටරකුගේ ගෙයි දී දොළොස් හවුරුද්දක් විචර වැළඳූ සේක. මැණික් සැට්ටර දෙ මාල් ලෝ දෙ මවු පිය තරමේ සිට තෙරුන් වහන්සේට උපස්ථාන කළෝ ය. එක් දවසක් මැණීක් සැට්ටරාණෝෙ තෙරුන් වහන්සේ ලඟ හිඳ දඩ මස් කපති. ඒ වේලාට කොසොල් රජ්ජුරුවෝ ‘තෙලේ ගිනිවර කොට ගා විද ලා එවා ලව’යි එක් මැණිකක් යවූ ය. මැණික් සැට්ටරයාණෝ ද ලේ වැකි අතින් ම මැණික හැර ගෙන පෙට්ටියක් පිට තබා ලා අත සෝධන්ට ඇතුළු ගෙට වන්හ. ඒ ගෙයි වඩන කොස්වා ළිහිණියෙක් ඇත. ඒ තෙමේ ලෙයේ


118. මණිකාර කුලුපග තිස්ස තෙරුන් වහන්සේ ‍ගේ වත 667

ගඳින් මස් කැටියෙකැ යි සිතා තෙරුන් වහන්සේ බල බලා හින්ද දී ම මැණික ගිලී ය. මැණික ගලින නියාව ඔබ ත් දුටු සේක. මැණික් සැට්ටරා අවුත් මැණික නො දැක ‘මැණික ගතු දැ’යි අඹුවන් අතිනු ත් දූ දරුවන් අතිනු ත් පිළිවෙළින් ම විචාරා උන් දෙ පක්ෂකය ම ‘හැර නො ගතුම්’යි කී කල්හි තෙරුන්ැ වහන්සේ හැර ගත් නියා ය යි සිතා ගෙන ඇ‍ඹේණියන්ට කිවූ ය. ඌ ඒ අසා ‘එ සේ නො කිව මැනව. දොළොස් අවුරුද්දෙක් මුළුල්ලෙහි එ බන්දෙක් ඇත් නම් හැඟී නො යේ ද? ඔබ එ බන්දක් නො කරණ සේකැ’යි ඔබගේ තරම දැන ම කිවූ ය.

එ සේ උන් ඛී වත් මැණික් සැට්ටරා මැණික්වල තරම් දනී. නමුත් ඔබගේ තරම් නො දැන ‘ස්වාමීනී, මෙ තැන තුබු මැණික ගත්තේ ඇද්දැ’යි විචාළේ ය. ‘උපාසකයෙනි, අපි නො ගතුම්හ’යි වදාළ සේක. ‘ස්වාමීනි, මුඹ වහන්සේ විනා අනික් කෙණකු ත් නැත. ගනිත ත් මුඹ වහන්සේ ම ය. ‘මැණික වහා දුන මැනැවැ’යි කිවූ ය. තෙරුන් වහන්සේ හැර නො ගත් ම හෙයින් තර ව සිටිනා ඇඹේණියන්ට තවත් කියන්නෝ සොරා හැර ගත් දෙයක් ‘හැර ගතුම්හ’ යි කියන්නෝ ඇද්ද නිකම් නො කියන බැවින් ගහටයක් කොට ත් විචාරාමෝ දැ’යි කිවු ය. උපාසිකාවෝ තමන් සැදැහැ ඇති හෙයිනු ත් ඔබගේ එ බඳු තරමක් නැති නිසා ඉඳුරා දන්නා හෙයි නු ත් අප නො නැසුව මැනව. මැණික නිසා අපි ගැති මිඬි වමෝ නමුත් සඳ මඬල ගොම ගානා සේ මුන් වහන්සේට තෙල ලෙස කිම නපුරැ’යි කිවූ ය. ‘අපි හැම දෙන ම මිල කළ ත් මැණික නො අගුම්හ’යි කියා ලා ලණුවක් හැර ගෙන තෙරුන් වහන්සේගේ හිස වේළීමෙන් කර්මියා වෙළා ගෙන දණ්ඩකින් මිරිකා ලී ය. තෙරුන් වහන්සේගේ හිසින් ද කනින් ද නාසයෙන්ද ප්ර්වෘත්ති විපාක වශයෙන් ශේෂ ව සිටි අකුශල විපාකයන් බාහ්යන වන්නා සේ ලේ වැගිරෙන්ට වන. ඇස් දෙක ත් පි‍ටත් වන්නා සේ වි ය. වේදනා බලවත් ව බිම වැටී හුණු සේක.

කොස්වා ළිහිණියා ත් ලේ ගඳින් අවුත් ලේ බොයි. මැණික් සැට්ටරා ත් තෙරුන් වහන්සේ කෙරෙහි වූ උරණින් ‘‍තොප කරන්නේ කිම් දැ’යි කියා පයින්ම කොස්වාළිහිණීයා ගසා දැමී ය. එ යි ත් එක පහරින් ම තෙරුන් වහන්සේට බිලි වූවා සේම මළේය. තෙරුන් වහන්සේ ත් පාර කා හුණුවා වූ ළිහිණියා දැක ‘උපාසකයෙනි මා හිස වෙළුව ලිහිල් කොට ලා තුලූ මළ නො මළ




678 සද්ධර්‍මරත්නාවලි ය

නියාව බලව’යි කී සේක. ‘ඌ වන්නා මෙ වකට මළෝ ය. උන් තබා මුඹ ත් මැණික නො දී මියන දෑ වේ දැ’යි කිවුය. ‘උපාසකයෙනි, ලේ වැකි මැණික දැක ගිලූයේ තෙලේ ය.

‘මැණික ගලන නියාව මම දිටිමි. තුලු මළ හෙයින් මුත් නො මළ නම් කර්මාැනුරූප ව මම මියෙම් නමුත් නො කියමි’ වදාළ සේක. එයි ත් ළිහිණි‍යාගේ බඩ පළා පියා කහළ ගොඩක සඟවා ලූ මැණිකක් මෙන් මැණික දැක තමා කළ අකාරිය බලවත් හෙයින් වෙවුලා තෙරුන් වහන්සේ වැඳ ගෙන වැද හෙවා ස්වාමීනි, නො දැන කළ දෙයට ක්ෂසමා කළ මැනැවැ’යි කිවු ය. ‘උපාසකයෙනි, තොපගේ වරදකු ත් නොවෙයි. මෙ වක මාගේ වරදකුත් නො වෙයි. සසර සිටිනා කල වැරැද්දෙක. අක්ෂකමාවත් තමා ම නැති හෙයින් ක්ෂයමා කෙළෙමී’ වදාළ සේක. ‘ස්වාමීනි, ක්ෂවමා වී නම් ආදි ලෙසින් ම අපගේ ගෙයි දී ම නිරන්තර ව වළඳන්ට වුව මැනැවැ’යි කිවූ ය. තෙරුන් වහන්සේ ත් -

“පච්චති මුනිනො භත්තං - ථොක ථොකං කුලෙ කුලෙ පිණ්ඩිකාය චරිස්සාමි - අන්ථි ජඞ්ඝාබලං මම”

යනු හෙයින් ‘උප‍ාසකයෙනි, මෙ වක් පටන් ගිහි ගෙයක සෙවින්නක් ඇතුළතට නො වදිමි. මේ වූයේ ගෙවල හිඳ වැළඳීමේ දෝෂ ය. පය බල ඇත් නම් සිඟා ගොසින් පත් දොර සිට ලත් දෙයක් සරුප් තැනක හිඳ වළඳිමි යි කියා ලා තෙරුන් වහන්සේ වූ පීඩාව මුල් ව නොබෝ කලකින් සසර දුක් ගෙවා පිරිනිවි සේක. කොස්වාළිහිණියා ත් මැණික් සැට්ටරුගේ අඹුවන් බඩ පිළිසිඳ ගත. මැණික් සැටිටරා අරහන්ත ඝාතක කර්මට ය සිද්ධ වූ හෙයින් අවීචියෙහි උපන. මැණික් සැට්ටරාණන්ගේ අඹූවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පහන් සිතින් මිය දෙව් ලොව උපන්හ. එක තැනක රඳා හිඳ ලා ඒ ඒ කටයුත්තේ වෙන වෙන කඩා ගියා සේ ඒ ඒ - තැන උපන මනා ව උපන්හ.

වහන්දෑ ද බුදුන් අතින් උන් හැම උපන් තැන් විචාළ සේක. බුදුහු “‍හෙම්බා මහණෙනි, මළ සතර පක්ෂායෙන් කොස්වාළිහිණියා මවු කුස උපන. මැණික් සැට්ටරා නරකයේ උපන. ඔහුගේ අඹුවෝ රහත් සඟුන් කෙරෙහි කළා වූ චිත්ත ප්රරසාදයෙන් හා දොළොස් හවුරුද්දක් විතර කළ උපස්ථානයෙහි විපාකයෙන් දෙව් ලොව උපන්හ. ජාති කාරණ වූ ‍භව නැසූ හෙයින්




119. තුන්දෙණකුන් වහන්සේ ගේ වස්තුව 679

උන් ගෙන් උපස්ථාන ත් විඳ ගහට ත් වූ1 රහත් සඟුන් පිරිනිවිය හ යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ගර්භාවක්රාදන්ති දු‍ඃඛ ය බලවත් දුක් හෙයින් එයි ත් හැර, නරක දුක් නම් පමණ ඇති දුකක් නො වන හෙයින් එයි ත් හැර, දෙව් සැප ත් නම් ප්ර්මාද කාරණා හෙයින් ඊට ත් ආල ය නො කොට, සියල්ලකට ම උතුම් ව සිටිනා නම් අනුපධිශේෂ නිර්වඇණ ධාතුව හෙයින් ඊට ම උත්සාහ කට යුතු.


119. තුන්දෙණකුන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද අකුශල කර්මය ය කොතැනක වුව ත් නො නවත්නා නියාව හඟවන්ට තැන් දෙණකුත් වහන්සේ ගේ වස්තුව දකුවමු.

කෙ සේ ද යත්-

බුදුන් දෙව්රම් වෙහෙර වසන කල්හි බොහෝ වහන්දෑ බුදුන් දක්නට එන සේක්. එක් ගමක ට සිඟා වන් සේක. ගම් වැස්සෝ ද පාත්රක හැර ගෙන භෝජන ශාලාවේ වඩා හිඳුවා ලා කැඳ අවුළුපත් පිළිගන්වා ලා වළඳන වේලා එන තෙක් බණ අස අසා හුන්හ. ඒ වේලෙහි එක් ග‍ෑනියක බත් පිස තබා ලා මාළු දුමන ගමනේ අක් පතල‍ෙයහි ගිනි ඇවිල ඒ ගින්න නැඟී ගෙයි සෙවින්නේ වැද ගත. තණ කැරැල්ලෙක ඇවිළ ලා අහසට නැංගේ ය. ඒ වෙලේ එක් කඩුවෙක් අහසින් යන්නේ ඒ ගිනි කැටියේ හිස ගන්වා ගින්නේ ම වෙළී දා ගොසින් ගම් මැඳ හිණ. වහන්දෑ ඒ දැක ‘ඇවැත්නි, බලව අහසින් යන කවුඩාට වූ මුළා ය. මොහු කළ අකුශල කර්ම ය බුදුන් විනා අනික් දක්නෝ කවුරු ච? බුදුන් ම විචාරම්හ. විචාළ කල ඌ ගේ කර්මාය ප්රෝකාහ කිරීම් මුඛයෙන් බණ කථාවක් වදාරණ සේක. එයි ත් බොහෝ දෙනාට ප්ර යෝජනවත් වෙ යි’ සිතා ගෙන නික්මුණු සේක.

තමන් වහන්දෑ ගණනක් දෙනා වහන්සේ බුදුන් දක්නට නැව් නැඟී එන කලට නැව් මුහුද මැද දි නිසල ව සිට පී ය. නැව් නැඟී මිනිස්සු ත් ‘කාලකණ්ණි කෙණකුන් මේ නැව ඇති නියා වේ දැ’යි තළියෙක පැන් පුරා තබා ඒ ඒ දෙනාගේ නම් ලියා පත් කඩවල් තළියේ පැන හෙළූ ය. නැවියාණන්ගේ ඇඹේණියෝ ත් යෞවනයෙහි පිහිටා සිටියහ. ප්ර සාදවහයෝ ය. උන් නම පත


1. ගහට ත් විඳි 680 සද්ධර්ම රත්නාවලි ය

ගිලිණ. අත් වැරැද්දකින් වී දෝ හෝ’යි තුන් විටක් දක්වා ම පත් හෙළා උන් නම පත ම තුන් විය ම ගිලුණූ හෙයින් හැම දෙන නැවියාණන් මූණ බැලූ ය. නැවියාණෝ ද ඒ එක් තැනැත්තවුන් නිසා බොහෝ දෙනා නස්නට පිළිවන් ද? තුලුන් දියට දමා හැම දෙනාට වැඩ කරව’යි කිවූ ය. උයිත් දියට දමන්ට වදිනු දැන හඬා‍ පු ය.1

ඒ අසා නැවියාණෝ ‘මුන් හන් පළන් දෙය නැසීමෙන් කර්මන කිම් ද? ආභරණ ගළවා ගෙන කඩ රෙද්දක් දී ලා දියට දමව. මම වැළිත් පැන් බී ඉපිලෙන්නා වුන් බලා සිටිය නො හෙමි.එ හෙයින් දමා ලු කල ‍නොයිපිලෙන ලෙස වැලි කළයක් කර බැඳලා මුහුද‍ට දමව” යි පුරාකෘත අකුශල කර්මියා ගෙන් උගන්වා ලූ සැලැස්මක් මෙන් විධාන කළහ. උයිත් එ ලෙසම කළහ. දමා ලන්නා ගිලුණූ ගමනේ ම මස් කැස්බෝ අනුභව කළහ. වහන්දෑ ද නැව ම හෙයින් එ පවත දැන ‘බුදුන් විනා අනික් කෙණෙක් මුන් කළ අකුශල කර්මව ය නො දනිති. බුද්න විචාරම්හ’යි සිතා ගෙන බට මනා තොටකට බැස පී සේක.

අනිකුත් සත් දෙණකුන් වහන්සේ බුදුන් දක්නට වඩනා සේක් සවස එක් විහාරයකට වැඩ සැතපෙන තැන් විචාළ සේක. එක් ගල් ‍ලෙනක ත් ඇඳ සතෙක් ඇත. ඒ ගල් ලෙන ම සත් දෙනා වහන්සේ සැතපුණු කලට රෑ දවස කුළු ගෙයක් සා ගලෙක් හෙන්නේ ලෙන දොරකඩ වසා ගෙන හින. නෝවාසික වහන්දෑත් ‘අපි ගල් ලෙන ආගන්තුක වහන්දෑට හැඳ සතක් ඇති හෙයින් පමුණුවා ලූම්හ. මේ ගල ත් ලෙන දොරකඩ වසා හින. ගල ඉවත් කර වුව මනාවේ දැ’යි අවට ගම්වල මිනිසුන් රැස් කරවා ගල ඉවත් කරවන්ට උත්සාහ කොට ත් තව කර්මියාණන් ඉවත් වන්ට නැති හෙයින් ගල ඉවත් නුවූයේ ය. ඇතුළත සම්භ වු වහන්දෑ ත් පිළිවන් යත්න කළ සේක.

උදවුව ඉවත් වන ලෙසට ආදී කළ දෙයක් නැති වන්නා සේ ඉවත් නො ව සතිය මුළුල්ලේ නිශ්චල ව සිටියේ ය. ඇතුළට හසු වූ වහන්දෑ සතිය මුළුල්ලේහි බත් නොලදින් දුර්වසල වූ සේක. ඒ සතියෙන් අකුශල කර්මුය ත් දුර්ව ල වි යත සත් වන දවස් දර්ව ල වූ අකුශලයාණණ් රඳවා ලන්ට බල නැති හෙයින් දොර අවුරා හුණු



1. දියට දමන්ට වඳිනා හඬා පූ ය. දියට දමන්ට කරණ වග දැන හඬා පූ ය.


119. තුන්දෙණකුන් වහන්සේ ගේ වස්තුව 681

ගල කිසි කෙණකුන් ගෙනු ත් ප්ර යොග නැති ව තෙමේ ම ඉවත් විය. වහන්දෑ ත් මෑත් ව ගොසින් ‘අපගේ මේ පාප ය බුදුන් විනා අනික් දන්නෝ කවුරු ද, බුදුන් විචාරම්හ’යි නික්මුණු සේක.

කවුඩා මළ පවත්, මුහුදට සිත්රිේ ය දැමූ පවත් දෙක විචාරන්ට නික් මෙන වහන්දෑ හා අතුරු මඟ දී එක් තැන් ව බුදුන් කරා ‍ෙගාසින් වැඳ එකත් පස් ව හිඳ බුදුන් ගෙන් සාද සාමිඡි විඳ ගෙන තම තමන් වහන්සේ දුටු කා‍රණ පිළිවෙළින් ම විචාළ සේක. බුදුහු ත් පිළිවෙළින් ම ප්රඳකාශ කරණ සේක් ‘මහණෙනි, ඒ කවුඩා තමා කළ ලෙස ම දැන් ලද යට ගිය දවස බරණැස් නුවර සී සානා එකෙක් තමාගේ ගොන් සාන සේ කෙ සේ උගන්වා ත් උගන්වා ගත නොහින. එ සේ නො හික්මුණූ ගොන් සාන්ට යොදා ගන්නා මඳක් ගොසින් ලා ම වැතිරෙති. සානා සීයට වඩා වැද හෝනා වැද හෙයී මම බෝහෝව. කෙ සේ නමා ත් නමා ගත නොහී උරණ ව ගොන් නො සානා නියාව සැලකූ බව මුත් තමාගේ සසර රැඳී ම නො සලකා මෙ වක් පටන් සුවසේ වැද හොවිතිත පිදුරු වසා පිදුරු ගොඩක් මෙන් කොටා ලා පිදුරු වෙණියෙන් වෙළා ගිනි ගසා පියා කර්මාය ඇඟ ලා ගත. ‍ෙගාන් ඒ තැන ම දා මළහ.

කවුඩුවා කළ බව තෙලේ ය. ඒ තෙමේ ඊ විපාකයෙන් බොහෝ කලක් නිරෑ දුක් විඳ ඉතිරි ව සිටි විපාකයෙන් සියක් වරෙක කවුඩු ව ඉපැද මෙ ලෙසින් ම ගෙවල වැදගත් ගින්නෙන් අහස දී දා මළේ ය’යි කවුඩාගේ පවත වදාරා ලා ‘මහණෙනි, ඒ මූදුබත් වූ ස්ත්රිස තමා කළ ලෙසට ම මඳ වරදකු ත් නැත් ව විපාක ලද, ඔයි ත් ගිය දවස බරණැස් නුවර එක් ගැහැවියකුගේ අඹුවක් ව පැන් ගෙනීම්, දර ගෙනීම් ආදි සියල්ලක් ම අනික් කරණ කෙණකුන් නැති හෙයින් සියතින් ම කෙරෙයි. ඇ ගෙ ත් එක් බල්ලෙක් ගෙයි සියලු මෙහෙ කරණ නියාව බල බලා ම හිඳී. කුඹුරට - සේනට බත් ගෙන යන කල ත්, දර පලා ආදි ය නිසා වලට යන කල ත් කැටිව ම යෙයි. ඒ දැක වෙළෙඹි‍යෝ ‘හෙම්බා, බලු වැදි දඩ නික්මිණ. අද දඬුමස් හා බත් කම්හ’යි වෙහෙසති. උයිත් ලජ්ජා ව ගොසින් බල්ලා දඬු පත් බා ලා මරා නෙරති. බලු තෙමේ හමඳක් රඳා ලා ත් පසු පස්සේ යේ ම ය.

මැරීම් තැලීම් කා ත් පසු පස්සේ යන්ට කාරණ කවරේ ද යත් : ඒ බලු තෙමේ උන්ට ඊට තුන් වන අත් බැව ස්වාමී විය. එ හෙයින් එ වක ඇති වූ ස්නෙහ ය සිඳ ගත‍ නො හෙයි. අක්මුල්



682 සද්ධර්මනරත්නාවලි ය

නැති සසර ස්ත්රින ව උපදිනවුන්ට ස්වාමි නු වු කෙණකු ත් පුරුෂ ව උපදිනවුන්ට අඹු නූ වූ කෙණකු ත් නැත. එ හෙයින් ඔහු උන්ට ස්වාමි වීම විස්ම නො වෙ යි. තුන් වන ජාති ය නම් මීට ආසන්න හෙයින් ප්රේයම ය සිඳ ලිය නො හැක්ක. එ හෙයින් බලු ප්රේනම ය සිඳ ගත නො හෙයි.

ඌ තුමූ ඔහුගේ ස්නේහ ය තරමේ ම ඔහු කෙරේ ක්රොිධ ය ඇති ව කුඹුරු මෙහෙ කරණ සමුණන්ට උළු කැන් ගෙනයන්න‍නෝ ලණුවක් හිණ තබා ගෙන ගියහ. බලු ත් කැටි ව ම ගියේ ය. ඌ සමුණන් උළු කැන් පොවා ලා උළු කැන් ගෙන ගිය කළ ය හෙයින් සිස් කළ ය හැර ගෙන පැන් වළක් කරා ගොසින් වැලි කළ ය පුරා ලා ලඟ බල බලා සිටි බල්ලාට හඬ ගෑ ලූය. බලු ත් ‘නැතක් දවසින් මිහිරි බසක් අසා පීමි’යි සිත‍ා නො මිහිරි නියාව නො දැන වෙණිය සලසලා ලඟට ගියේ ය. ඒ උපසිකාවෝ ත් බල්ලා කළ ය බැඳ ලා අනික් කෙළවරින් බල්ලාගේ බොටුව බැඳ ලා වැලි කළ ය දියට පෙරළා පුව. බලු ත් වැලි කළ ය ලා කැටිව ම දිය යට වැද ගොසින් මිය ගියේ ය. ඒ උපාසිකාවෝ ඒ අකුශල කර්මට විපාකයෙන් බොහෝ කලක් නරකයෙහි පැසී පියා තව විපාක ඇති හෙයින් අත් බැව් සියයෙක වැලි කළ බැඳලා මෙලෙසින් ම දමන ලදැ’යි මුහුදට දමන ලද තැනැත්තන්ගේ කර්මබය ත් වදාරා ලා ගල්ලෙණ දොර කඩ වහසල්හි සතියක් බත් නොලැත්දින් දුන් වුන් වහන්දෑගේ කර්මෙය ත් වදාරණ සේක් ‘මහණෙනි, තෙපි ත් තොප ඛල ලෙසට ම ලදුව.

යට ගිය දවස බරණැස් නුවර වසන්නා වූ එඩේර සුඟු සත් දෙණෙක් එක් වලෙක සරක් කවා ඇවිදින්නෝ එක් දිගකට නැමූ කල ඒ දිග සතියක් කවති. මේ නියායෙන් එක දවසක් ගෙරි සතක් ‍තණ කවා ගෙන එන්නෝ එක් මහ තල‍ගොයකු දැක ලුහු බඳවා ගත්හ. ගොයා ත් පලා ගොසින් තුඹසකට වන. ඒ තුඹසේ ත් සිදුරු සතෙක් ඇත. එ‍ඬේර සුඟු ද ‘අපි දැන් අල්වා ගත‍නො හෙම්හ. සෙට අවුත් අල්වා ගනුම්හ’යි සත් දෙන කොළ කැටි සතක් කඩා ගෙන කුසල් මඟ හකුල් හෙළනුවන් මෙන් තුඹඹස් සිදුරු සතෙහි ම කොළ ගන්වා ලා පලා ගියෝ ය. දෙ වන දවස් ගොසින් සලකුණූ නො කොට අනික් අතෙක සතියක් සරක් කවා සත් වන දවස් සරක් නමා ගෙන එන්නෝ ඒ තුඹස දැක සලකුණට ගැන් වූ




119. තුන්දෙණකුන් වහන්සේ ගේ වස්තුව 683

කොළ කැටියේ කොළ ත් දැක ගොයි සලකුණු කොට ගොයා කුමක් කොට හුන්නේ දෝ හෝ යි තම තමන් ගැන් වූ කොළකැටි හළවූ ය. ගොයා ත් ඇට සම් පමණක් ව ගොසින් වෙවුල වෙවුලමින් මෑත් විය.

ඔහු ද ගොයි දැක කරුණා ඇති ව ‘ගොදුරු නැති ව දුර්වකළ වි ය. මරා ඇට සම් ගන්නා පමණක් මුත්, පව් ලබත් මුත් මස් ලබන්ට නැත ඌ නො මරම්හ’යි සිතා ගෙන ‍ගොයිගේ පිට ත් අල්වා පියා ‘සුව සේ පලා යව’යි කියා හළවූ ය. ගොයි මරා නුපූ හෙයින් නරකයේ නො පැසුණවු ය. සත් දවස දියුනා තුදුස්, ජාතියෙක සත් සත් දවස බත් නො ලත්හ. ‘හෙම්බා මහණෙනි, එවන එ‍ඬේර ව ඉපැද තෙලේ තොප කළ පව්කමැ’යි තුන් පක්ෂ‘යෙහි පව් ම ප්රතකාශ කළ සේක.

ඒක කෙණකුන් වහන්සේ ‘කුමක් ද ස්වාමීනි, පව් කළවුන් අහසට නැඟී ත් මුහුදට පැමිණ ත් ගල් හස්සට වැදලා ත් ගැලවීම් නැති නියා වේ දැ’යි විචාළ සේක. ‘එ‍ සේ ය. මහණ, යම් කිසි කෙණෙක් ‘මේ උපදෙසින් කළ පවින් මිදෙම්හ’යි අහසට නැඟී ලා ඉඳිත් නමුත්, සුවාසු දහසක් යොදුන් ගැඹුර ඇති මහ මුහුදට වන්නෝ නමුත්, ගල් හස්සට වැද ලා හිඳිත් නමුත් කළ පවින් මිදීමෙක් නැත. යම් තැනෙක රඳා කළ පවින් මිදෙතො ත් එ සේ වූ බිම් පියසෙක් දස දිග ම නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර කර්ම් ස්වරූප විචාරන්ට ගිය තුන් පක්ෂනයේ වහන්දෑ ම සෝවාන්ඵලාදියට පැමිණ අකුසලින් දුරු ව ලොවී ලොවුතුරා කුසල්හි පිහිටි සේක.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ගොන් ගිනි ගසා දවා, වැළි කළ බැඳ බල්ලා දියට දමා, බොහෝ කලක් නිරෑදුක් ගෙන එක මුරයේ ගින්නේ දවා සියක් වර ගින්නේ දැවුණු නියාව ත්, එක වර වැලි කළ කර බැඳ බල්ලා දියට දමා සියක් වර වැලි කළ කර බැඳ දියට දැමුම් ලත් නියාව ත් සිත්හි තබා පණිවායෙන් දුරු ව සෙසු ත් පවින් දුරු ව, ගොයි නො මැරූ පමණින් නරක දුක් නැති වූ නියාව දැන පණිවායෙන් දුරු වීමේ අනුසසු ත් සලකා, තුඹස ඇතුළත් සත් දවසක් නිරාහාර ව හොත්තාට තුදුස් ජාතියෙක නිරාහාර වූ නියාව සලකා ලඝු වූ පව ත් නො හැසිර පිළිවෙත් ලෙසින් පිණ ම හැසිර නිවන් පුර අත් පත් කට යුතු.




684 සද්ධර්මයරත්නාවලි ය

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xv&oldid=5691" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි