150. පන්සියක් දෙනා වහන්සේ‍ ගේ වස්තුවසංස්කරණය

තව ද භාවනාභියෝග ය යහපත් නියාව දක්වන්ට වඩනා ලද වීය්ය්ස්ත ඇති පන්සියක් දෙනා වහන්සේ‍ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

ඒ වහන්දෑ ද බුදුන් ගෙන් කමටහන් ඉගෙන වලට පලා ගොසින් වීය්ය්. ැ කොට ත් ගුණ විශේෂයක් ලද මනා අවධිය තව නො ආ හෙයින් ලද නො හී කමටහන ඉඳුරා විචාරා ගනුම්හ’යි බුදුන් ලඟට වඩනා සේක් අතුරු මඟ දී මහ අවුවෙහි පෙනෙන මිරිඟු බලා ‘මෙ තෙමේ මෙ සේ පෙනෙන ‍පමණක් මුත් ගිය ගිය සේ ඇති දෙයක් නො වෙයි. එ හෙයින් පෙනෙන බව මුත් නැති හෙයින් අනිත්ය ය යනාදීන් භාවනා කෙරෙමින් එන සේක. ඒ වහන්දෑ විහාරයට ආ කලට වැස්සෙක් වට. ඒ වහන්දෑ ත් ඒ ඒ පෙර මාල්වල සිට ධාරා වේගයෙන් නැඟි ලා බි‍ඳෙන දිය බුබුළු ත් දැන ‘මේ අත් වැබ ත් උපදවා ලා බිඳීමෙන් මේ දිය බුබුළු හා ම සරි ය’යි ආදි සුඟ කොට කෑවවුන් පසු ව එවා ලා මදක් කා සාය යපෙන්නා සේ එයි ත් භාවනාවට අරමුණූ කළ සේක.

බුදුහු ගඳ කිළියේ වැඩ හිඳ ම ඒ වහන්දෑ දරක රස් විහිදුවා ලා ලඟා වැඩ උන්නා සේ ව ලා බණ වදාරන සේක් ‘මහණෙනි, දිය බුබුළු දැක යම් ආකාරයකින් අනිත්ය තා වටහා ගත් ද, නැවත

780 සද්ධර්මාරත්නාවලි ය

මිරිඟු දෝ නොහොත් ගෙවල් ආදි ලෙසින් සිටියා වූ ඉන්ද්රවජාල ලඟට ගිය ගිය පමණින් ඇති දෙයක් නො වන හෙයින් නැති නියාව දනිත් ද, එ මෙන් සත්වය සන්තාන ත් අනිත්යානදි වශයෙන් දක්නවුන් මරණ ‍තෙමේ දැක ගත නො හෙයි. උන්ට මරණ නැති හෙයිනැ’යි වදාළ සේක. දේශනා කෙළවර ඒ පන් සියයක් දෙනා වහන්සේ පාරණයක්1 ම ලදින් කා බඩ පුරන්නා සේ නිවන් රසින් සිත් පුරා සිටි තැන ම සිට රහත් ව සසර ගමනින් රඳා ගි‍ය සේක.

එ හෙයින් සත් පුරුෂයන් විසින් දිය බුබුළු නො තර ලෙසින් හා මිරිඟු නැති ලෙසින් සිතට වටහා පිහිට කොට ගත් පන් සියක් දෙනා වහන්සේ මෙන් සම්පත් අස්ථිර නියාව ත් ඊට වඩා ජීවිත ය අස්ථිර නියාව ත් දැන නො තර දෙයක් දී පියා ර දෙයක් හැර ගන්නා සේ අස්ථීර වූ සම්පත් දන් දී තර වූ නිවන් සාධා ගත යුතු.

151. අභයරාජ කුමාරයන්‍ ගේ වස්තුවසංස්කරණය

තව ද ජීවිතයෙහි නො තර බව හඟවනු නිසා අභයරාජ කුමාරයන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්- අභය රාජ කුමාරයන් පසල් දනවුවු සන්හිඳවා ලා ආ දවසෙක පියාණෝ බිම්සර මහරජහු සමාධි ව නැටීමෙහි - ගී කීමෙහි දක්ෂම වූ ස්ත්රිුයක ත් පාවා දී ලා සත් දවසකට රාජ්යමය ත් දුන්හ. අභයරාජ කුමාරයෝ ද ගෙන් පිටත් නො ව සතිය මුළුල්ලේ රජ සිරි විඳ ලා අට වැනි දවස් ගඟට ගොසින් නහා පියා උයනට වැද සන්තති ඇමැත්තාණන් මෙන් රජ්ජුරුවන් ගෙන් පාවා දුන් ස්ත්රිැයගේ නැටුමු ත් බල බලා ගී ත් අස අසා උන්හ. ඒ ස්ත්රීර ද ඒ ඇසිල්ලෙහි සන්තති ඇමැත්තාණන්ගේ ස්ත්රි්ය මෙන් රුජාවක් පැහැර ලා මළහ. අභය රාජ කුමාරයෝ ද උන් මළ හෙයින් බලවත් ශොක ඇතිව මට මේ උපන් ශොක බුදුන් විනා අනික් හරවාලිය හෙන කෙණෙක් නැතැ’යි බුදුන් කරා එළඹ ‘ස්වාමීනි, මට බලවත් ශොකයෙක් ඇත. මුඹ වහන්සේ නිශ්ශොකය සේ ම මා ත් නිශ්ශොක කළ මැනැවැ’යි කිවු ය.

බුදුහු උන් අස්වසා ලා කුමාරයෙනි, තොප මෙ ම තැනැත්තිය මළ කල හඩා ඇසින් වගුළ කඳුළු විවට්ට සාගරයෙහි හෙවත් කල්ප විනාශ කාලයෙහි පාත අජටාකාශයෙහි පටන් උඩින්


1. පුරාණයක් - ඇතැම් 152. සම්මුඤ්ජනී තෙරුන් වහන්සේ ගේ වස්තුව 781

නො නට බඹ ‍ලොව දක්වා කෙළ ලක්ෂයක් සක් වළ වල් ඇතුළත පැවති මූද පැනට ත් වඩා බොහෝ ව’යි වදාරා හොක ය තුනී නියාව දැන ‘කුමාරයෙනි, ශොක නො කරව’යි කියා බණ වදාරන සේක් ‘කුමාරයෙනි, යම් අතු බැවක් නිසා නුවණ නැත්තෝ සසර ලැසි ගනිද්ද, එ ම අත් බැව නුවණෑත්තවුන්ට ඇලුම් නැද්ද, රථාලඞ්කාරයෙන් විසිතුරු රථයන් මෙන් ස්කන්ථයන් පස් දෙනා ගේ හා ආයතනයන් දොළොස් දෙනාගේ හා ධාතූන් අට ළොස් දෙනාගේ වශ‍යෙන් විසිතුරු වූ මේ අත් බවැ නිත්යා දි වශයෙන් නො සලකා අනිත්යාවදි විසින් සලකා ශොක තුනී කරව’යි වදාළ සේක. දෙශනා කෙලවර අබය රාජ කුමාරයෝ සෝවාන් වූහ. ආදි කී බොධි රාජ කුමාරයන් වෙන ම රාජ කුමාර කෙණකුනැ යි දත යුතු. සෙසු ත් බොහෝ දෙනාට මේ දේශනාව සප්රකයෝජන විය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ පැන් පිරුණු සැළෙක් නො සැලී, තව ද යම් සේ රත් කළ යකඩෙක් තළා පැන පොවා ලූ කලට පවතී ද, එ මෙන් පින් කම හැසිරීමෙන් තමාගේ ගුණ පවත්වා තව ද යම් සේ රත් කළ යකඩ වරෙක පොවා ලූ ‍පැන් නො වමාරා ද, එ මෙන් තුනුරුවන් විෂයෙහි එක විටෙක ත් පැවති ප්රීසාද ය නැති ‍නො කොට චිත්තප්රතසාද ය මුල් ව ඇති වූ ශ්රෙද්ධාවෙන් කුශල් සිත් හළවා කුසලයෙහි හැසිර නිවන් සාධා ගත යුතු.

152. සම්මුඤ්ජනී තෙරුන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද පරීක්ෂා කාරී ව සලකා කරණ දෙයක් මුත් නො සලකා කිරීමෙහි නපුර හඟවන්ට සම්මුඤ්ජනී තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

ඒ තෙරුන් වහන්සේ උදාසන වුව ත් සවස වුව ත් මේ හැම දනා වේලා ය යි නියමයක් නැති ව සිඟා වඩනා ගමනෙක් නැත් නම් උදාසන පටන් වළඳනා තුරු ත් වළඳා අන්තයෙහි පටන් සවස් වේලා වන තුරු ත් ඒ ඒ තැන් හැමඳ ඇවිදිනා සේක. උන් වහන්සේ එක් දවසක් හමඳනා මුස්න හැර ගෙන රෙවත තෙරුන්



782 සද්ධර්ම්රත්නාවලි ය

වහන්සේ කරා ගොසින් ‘මූ මහා කුසී කෙණෙක, සැදෑ ඇත්තවුන් දී ලු දෙය වළඳා ලා දවල් දවස් වැද හිඳිති. රෑ දවස් නිඳති. මෙ ලෙස කරන්නවුන් එක් වේලෙක වුව ත් මුස්න හැර ගෙණ මළු කඩක් පමණ හැමඳි කල නපුරු දැ’යි කී සේක. උන්වහන්සේ තමන් වහන්සේ කමසේ නැති ව භාවනා නමැති මුස්නෙන් හැමඳ හළ මනා කෙළෙස් කසළ හැමඳ නිමි හෙයිනු ත් මළු හමඳනා වේලෙක් මුත් සෙසු වේලේ හැමඳීම් යුක්ත නො වන හෙයිනු ත් මළු හැමඳීමෙහි ම නියුක්ත ව කෙළෙස් කසල හැමඳීමට උත්සායහක් මඳ තෙරුන් වහන්සේට අවවාද කරනු නිසා ‘මෙ සේ අව මැනැව’යි කැඳවා ලා ලඟට ගිය කලට නා පියා එන්ට වදාළ සේක.

උන් වහන්සේ ත් නා පියා වැඩි සේක. ඉක් බිත්තෙන් රෙවත තෙරුන් වහන්සේ හමඳනා තෙරුන් වහන්සේ එක ත් පසෙක හිඳුවා ලා ‘හෙම්බා ඇවැත්නි, වත් පිළ‍ිවෙත් කරම්හ’යි කියා ලා හැම වේලේ ම මුළු හැමඳ ඇවිදිනා කලට කෙලෙස් කසල හමඳින්ට වේලා කවරේ ද? උදාසන ම හමදනා තැනක් හැමද පියා සිඟා වළඳා අවුත් රෑ වසන තැන හෝ දාවල් වසන තැන හෝ හිඳ දෙ තිස් කුණු කොටස් පිළිකුල් විසින් සලකා සවස් වේලේ නැඟී සිට හැමඳ මැනව. හැමඳුම්හ යි කියා ලා තම හට පි‍සහියක් නො කළ මනා දැ’යි කී‍ සේක.

උන් වහන්සේ ද රෙවත තෙරුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා මළු හැමදීම විතරක් මුත් බොහෝ නො කොට විෂ්කම්භන වශයෙන් හළ මනා කෙලෙස් කසළ සමථ භාවනා නැමැති හිරට මුස්නෙන් හැමඳ හැර සමුච්ඡේද වශනේ හළ මනා කසල විවසුන් නමැති කොළ මුස්නෙන් හැමඳ මාර්ගුඥාන නමැති අතින් හැර ගෙණ දමා ඵල ඥාන නැමැති පැනින් අත සෝධා, නො බෝ කලකින් රහත් වූ සේක. මෙ තෙක් දවස් නො කමසේ ව හමඳනා තැන් හැමඳීම් නැති ව කසල විය. කෙලෙස් කසළ නැති වී මෙන් සිත් සතන් පිරිසිදු විය. වහන්දෑ ද ‘ඇවැත්නි, හැමන්ද මනා මළු මං පෙත් ඉතා ම කසළ ව තිබෙයි. නො හමදන්නේ කුමක් නිසා ද’යි කී සේක. ඔබ ඒ අසා ‘ආදි පමා හෙයින් හැමඳ ඇවිද්දම්හ. දැන් නො පමා හෙයින් නො හමඳුම්හ’යි කී සේක. වහන්දෑ ද මූ තුමූ තමන් රහත් නියාවක් හඟවතී’ බුදුන්ට දැන් වූ සේක.

බුදුහු ත් එ ම සාදන සේක් ‘මහණෙනි, ම පුත් පෙර තමා පමා සමයෙහි හැමඳ ඇවිද්දේ ය. දැන් තමා නො පමා හෙයින් ඵල



153. අඟුල්මල් තෙරුන් වහන්සේ ගේ වස්තුව 783

සමවත් සුවයෙන් දවස් යවන හෙයින් හමඳනා අවසර නැති හෙයින් නො හමඳි’යි වදාරා බණ වදාරන සේක් ‘යම් කෙණෙක් පෙර වත් පිළිවෙත් කිරීමෙන් හෝ හැදෑරීමෙන් හෝ පිරිවීමෙන් හෝ පමා ව පසු ව ඵල සමවත් සුවයෙන් දවස් යැවීමෙන් නො පමාවෝ ද ඌ තුමූ පඤ්චොපක්ලෙශයෙන් විනිර්මුක්ත වූ සඳ එක විට දිවයින් තුනක් බබුළුවන්නාක් මෙන් ස්කන්ධාදිවු ලොව බබුළුවතී වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් යම්සේ කුඩ ය කවුරුන්ට වුව ත් මුඳුන් ව හැසිරේ ද, එ මෙන් ගුණෙන් උස් ව, තව ද යම් සේ කුඩ ය වැස්සෙන් හා අවුවෙන් වන පිඩා ව දුරු කෙරේ ද එ මෙන් කෙලෙස් පීඩා තදඞ්ගාදී විමුක්ති නමැති සේසතින් වළහා නිවන් පුර වුන යහපති.


154. අඟුල්මල් තෙරුන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද කළ පාප ය කෘත පුණ්යරයන්ට පිණින් වැසෙන නියාව හඟවන්නමෝ අඟුල් මල් තෙරුන් වහන්සේගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

උන් වහන්සේගේ උත්පත්ති කථාව අඞ්ගුලිමාල සූත්ර්යෙන් අසා දත යුතු. උන් වහන්සේ බුදුන් ලඟ මහණ ව රහත් වූ සේක. රහත් වූ අඟුල් මල් තෙරුන් වහන්සේ ‘යම් කෙණෙක් පෙර පමා ව ත් පසු ව නො පමා වූ නම් සඳ පරිද්දෙන් ඌ මෙලොව බබළවතී’ යනාදින් උදන් අනා පිරිනිවි කල්හි ‘ඇවැත්නි, අඟුල්මල් තෙරහු කොයි උපන්නු දැ’යි ධම් සෙබෙහි කථාව ඉපැද වූ සේක. ධම් සභයට වැඩි බුදුහු මේ කථාව අසා වදාරා ‘මහණෙනි, ම පුත්තු පිරිනිවියහ’යි වදාළ සේක. ‘ස්වාමීන්, මිනී මැරීම ත් එක් පිණක් සේ මෙ තෙක් මිනී මරා පියා පිරිනිවී නියා ද? එ සේ කලට, රහත් නොවන තැනක් නැති නියාවනැ’යි විචාල සේක. ‘එ‍සේය, මහණෙනි, ඌ පෙර කල්යාෙණ මිත්රෙ කෙණෙකුන් නො ලදින් මෙ තෙක් පව් කළහ. කල්යා්ණ මිත්රන කෙණකුන් සම්බ වීම ත් එ බඳු පින් ඇති කෙණකුට ය. දැන් කල්යායණ මිත්රහ සමවාසයෙන් නො පමා වූයේ ය. එ හෙයින් ඒ කළ පාපය පිණින් වැසිනැ’යි වදාරා බණ වදාරන සේක්’ පඤ්චානන්තරිය කර්මඒය හැර සෙසු පාප ය යම් කෙනකුන්ට ආය්ය්දාර මාර්ග කුශලයෙන් වැසේ ද, ඌ තුමූ රහත් මගින් මොහඳුරු සියලු ලෙසින් නැසූ හෙයින් මේ 784 සද්ධර්ම රත්නාවලි ය

ස්කන්ධාදී වූ ලොව බබළවතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් නො දන්නා අවස්ථාවෙහි පව හැසුරුණ ත් පින් කොට එයින් වඩා නිවන් දැක්මෙන් සිද්ධ වූ කුසල් අකුසල් දෙක ම වඳට බෙහෙත් දුන්නා සේ වඳ කරන්ට උත්සාහ කටයුතු.

155. පෙහෙර දුවණියන් ගේ වතසංස්කරණය

තව ද මරණ සී භාවන‍ාවෙහි අනුසස් දක්වන්නමෝ පෙහෙරැ දුවණියන්‍‍ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

එක් දවසක් අළවු නුවර ඇත්තෝ බුදුන් අළවු නුවරට වැඩි කල්හි ආරාධනා කොට දන් දුන්හ. බුදුහු වළඳා අන්තයෙහි අනු මෙවෙනි බණ වදාරණ සේක් ‘ජීවිත ය අස්ථිරය ය. මරණ ය නියතය ය. ජිවිතය නම් මරණ කෙළවර කොට ඇත්තේය. එහෙයින් මරණ සී භාවනාව කරව. යම් කෙණකුන් මරණ සී භාවනා නැත්නම් ඌ කෙළවර අවස්ථාවෙහි දි සර්පයන් දැක බන්නවුන් මෙන් මරණට බා මුර ගා හඬමින් මියති. යම් කෙණකුන් මරණ සී භාවනා හැවු නම් ඌ සර්පයන් දුර දී ම දැක දණ්ඩෙන් ඔබා ගෙන, බදා ගෙන, දුරට දමා පියා සිටියවුත් මෙන් මියන වේලේත් මරණ භය නමැති සර්පයන් දුර තබා ම මරණ සී නමැති දණ්ඩෙන් ඔබා ගෙන දමා පී හෙයින් නො බති. එ හෙයින් මරණ සී භාවනාව ගැවිය යුතු ය’යි වදාළ සේක. සෙස්සෝ බණ අසා ලා මරණ සී භාවනාව කුම් වුව ත් තමන් තමන් කළ මනා දෙය කරන්ට එළී ගත්හ. එක් සොළොස් හැවිරිදි පෙහෙර දුවක් බුදුවරුන් වහන්සේ නම් අවැඩට නිස්සක් නො වදාරණ සේක. මරණ සී භාවනා මම ත් කෙළෙමි නම් යහපතැ’යි රෑ ත් දවාල ත් මරණ සී භාවනාවම කෙරෙති. බුදුන් එයින් නික්ම දෙවුරමට වැඩි සේක. ඒ කුමාරාකවෝ ද තුන් අවුරුද්දක් පමණ මරණ සී භාවනා ම කළහ.

එක් දවසක් බුදුහු අලුයම් වේලේ ලොව බලන සේක් ඒ පෙහෙර දුව තමන් වහන්සේගේ නුවණ දැළට හසු වූ නියාව දැන ඒ කුමාරිකාවට වන ප්ර යෝජන කවරේ දෝ හෝ යි සලකන සේක් ‘මේ කුමාරිකාවෝ මාගේ බණ ඇසු තැන් පටන් තුන් හවුරුද්දක් මරන සී භාවනා හැවුව. දැන් මම ඔබ ගොසින් ප්රටශ්න සතරක් විචාරා උන් විසඳු කලට සතර තැනක දී සාධූකාර 154. පෙහෙර දුවණියන් ‍ගේ වත 785

දී ගාථාවක් කියමි. ගාථා කෙළවර දී ඕ තොමෝ සෝවාන් වෙයි. ඒ කුල දුව නිසා බොහෝ දෙනාට ප්‍ෙ.යෝජන වෙයි’ දැක පන් සියක් දෙනා වහන්සේ පිරිවරා දෙදව්රමින් නික්ම පිළිවෙළින් අග්ගාලව නම් වෙහෙරට වැඩි සේක. අළවු නුවර ඇත්තෝ බුදුහු වැඩි සේකැ’යි අසා වෙහෙරට ගොසින් ආරාධනා කළහ. සොළොස් හැවිරිදි පෙහෙර දුව බුදුන් වැඩි නියාව අසා ‘මාගේ පියාණන් වහන්ස, මාගේ ස්වාමි දරුවන් වහන්සේ, පුන් සඳක් වැනි මුහුණක් හැර ගෙන වැඩි සේක් ල’යි සතුටු ව ‘මෙ තැනට තුන් අවුරුද්දකින් යට රන් වන් බුදුන් දුටු පමණෙක. දැන් වූ කලි බුදුන්ගේ රන්වන් වූ සුගන්ධ ශරීර ය ද දක්නට ත් ලැබෙමි මියුරු වූ බණ ත් අසමි’ සිතූහ.

උන්ගේ පියාණෝ ද හලට යන්නෝ ‘පුත, අන්න් සන්තක කඩක් වියන්ට අල්වා ලීමි. විය ගෙන ගොසින් වියතක් විතර තුබුයේ ය, අද ඒ වියත නිමවන්ට ය. වහා අඬු අඹරා ගෙනව’යි කිනූ ය. කුමාරිකාවෝ ද ‘මම බුදුන්ගෙන් බණ අසනු කැමැත්තෙමි. පියාණන්දෑ ත් මෙ ලෙස කියන දෑය. කුමක් දෝ? ගොසින් බණ අසම් දෝ දඬු අඹරා ගෙන යෙම් දෝ හෝ’යි සිතන්නවුන්ට මෙ සේ වූ අදහසෙක් විය. ‘දඬු අඹරා නො ගෙන ගියො ත් පියාණන් වහන්සේ මා මරණ සේක. එ හෙයින් දඬු අඹරා ගෙන ගොස් දී ලා පසු ව ගොස් බණ අසමී’ සිතා පුටුවේ හිඳ දඬු ඇඹරූ ය. අළවු නුවර ඇත්තෝ ද බුදුන් වළඳවා ලා අනුමෙවෙනි බණට ආරාධනා කළහ. බුදහු ‘මම යම් කුමාරිකා කෙණකුන් තකා දොළොස් ගවුවක් ගෙවා අමි නම් අද ත් තව උන්ට අවසරයක් නො පෙනෙයි. උන් අවසරයක් ලත් විට අනුමෙවෙනි බණ කියමී’ සිතා බැණ නො නැඟී හුන් සේක. බුදුන් බැණ නො නැඟී වැඩහුන් කලට දිව්ය’ -බ්රණහ්මාදීන් අතුරෙන් කිසි කෙණකු ත් කිසිවක් කියා ලන්ට බල නැත්තෝ ය.

ඒ කුමාරිකාවෝ ද දඬු අඹරා පැස ලා ගෙනපියානන් ළඟට යන්නාහු බුදු පිරිසි කෙළවරින් බුදුන් බල බලා ම යෙති. බුදුහු ත් කර ඔසවා ගෙන කුමාරිකාවන් මුහුණ බැලූ සේක. කුමාරිකාවෝ ද බලා වදාල ලෙසින් ම ‘මේ සා මහත් බුදු පිරිසක් බල බලා සිටිය දි ත් තෝරා ලා මා මුහුණ බලා වදාරණ සේක් තමන් වහන්සේ ළඟට මා යනු කැමති ව බැලූ දස් කැ’යි දැන ලා දඬු අඹරා ලා ගත් පැස තබා ලා බුදුන් ලඟට ගියහ. බුදුහු කුමක් නිසා උන් මුහුණ බලා වදාළ සේක් ද යත් - මෝ මුඹ නො අවුත් ගියා නම් තුන් අවුරුද්දක් මුළුල්ලෙහි කළ මරන සී භාවනාවෙහි බලයෙන් මරණ භය නැත ත් පුහුදුන්ව මිය ගති නියම නැති වෙයි. මා ළඟට



786 සද්ධර්මෙරත්නාවලි ය

අවුත් ගියේ නම් මාගේ බණ අසා සෝවාන් ව නියත ගතික ව අද දවස් මරණ නියත ම බැවින් තුසී පුරයෙහි උපද්දී දැන වදාළ ‍සේක. කුමාරිකාවෝ ද බලා වදාරන්නාම බණවා ලූවා මෙන් බුදුන් ළඟට ගොසින් නිවන් ලබන්ට ආභරණ ලා සැර හෙන කෙණකුන් මෙන් සවනක් රස් අතුරට වැද බුදු රසින් සැරහී ලා වැඳ එකත් පස් ව සිටියාහ.

එ තෙක් වෙලා උපාසකවරුන් කුමක් කීව ත් ‍බැණ නො නැඟි වැඩ හුන් බුදුහු කුමාරිකාවන් වැඳ ලා සිටිනා ම’ කුමාරිකාවෙනි, කොයි සිට අවුදැ’යි විචාළ සේක. ‘නො දනිමි ස්වාමීනි’යි කිවු ය. ‘කොයි යවුදැ’යි විචාරා වදාළ සේක. ‘නො දනිමි’ කිවු ය. මෙසේ බුදුහු ‘කොයි සිට අවු ද? කොයි යවුද? නො දනුද? දන් ද? යන ප්රීශ්න සතර විචාළ සේක. බොහෝ දෙන ඒ අසා ‘තෙල පෙහෙර දුවගේ තරමක් බලව. බුදුන් ලඟ දී කටට ආ දෙයක් ම කියයි. හැයි, මෑ ‘කොයි සිට අයි දැ’යි විචාළ කල ‘සාලි ගෙයි සිට ය’යි කිය යුතු වේද? කොයි යවු දැ’යි විදාල කල ‘පිළී වින හලට යෙමි’යි කිය යුතු වේ දැ’යි කිවු ය. බුදුහු ඒ අසා බොහෝ දෙන කරණ අරගලයන් හිඳුවා ‘හැයි, කුමාරිකාව, කොයි සිට අවුදැ’යි විචාළ ගමනේ ‘නො දනිමි’යි කීයේ කුමක් නිසා දැ’යි විචාල සේක.

“ස්වාමීනි, මුඹ වහන්සේ කාලත්රොයවර්ති වූ සියලු ධර්ම යන් පරොපදෙශ රහිත ව ස්වයම් බූඥානයෙන් කර තල කලිත කොල ඵල න්යාමයයෙන් දත් හෙයින් මා සාලි ගෙයි සිට ආ නියාව දන්නා සේක. කොයි සිට අවු දැ’යි විචාළේ නම් ‘කොයින් චුත ව අවුත් මුඹ උපනුදැ’යි විචාරා වදාල නියා ය. මා කොයින් අවුත් උපන් බව ත් නො දන්නා හෙයින් නො දනිමි’යි කීමි” කිවු ය. බුදුහු ඒ අසා තමන් වහන්සේ විචාළේ ත් එ සේ ම සිතා හෙයින් විසඳා ලූ නියාව යහපත් හෙයින් සාධූකාර දෙවා වදාරා ‘වන්නට එ සේ මය. ‘කොයි යවු දැ’යි විචාළ ගමනේ ‘කොයි යන බවක් නො දනිමි’ කියා කුමක් පිණිස කිවුදැ’යි විචාල සේක. ස්වාමිනි, මුඹ වහන්සේ මා පැස හැර ගෙන හලට පිළී වියන තැනට යන නියාව දන්නා සේක. දැන දැන ත් ‘කොයි යවුදැ’යි විචාළෝ නම් ‘මෙයින් සැව කොයි අපනුදැ’යි විචාළ නියා ය. මම ත් මිය ගොසින් උපදනා තැන් නො දන්නා බැවින් හලට යන නියාව දැනෙත ත් ‘නො දනිමි කීමි’ කිවු ය. යහපත, කුමාරිකාවෙනි,




154. පෙහෙර දුවණියන් ‍ගේ වත 787

මා විචාළ ලෙසට ම ය විසඳා ලූ යේ’යි දෙ වෙනි ව ත් සාධුකාර දෙවා වදාරා ‘වන්නාට ය, එයිත් යහපත. ‘නො දනු දැ’යි සාමාන්යන කොට විචාළ ගමනේ ‘දනිමි’ කියා කුමක් නිසා කිවු දැ’යි විචාළ සේක. ස්වාමීන්, මා උපන් නියාව ත් මියන නියාව ත් දනිමි. ඒ හෙයින් ‘දනිමි කීමි’ කිවු ය. බුදුහු ඊට ත් ‘විචාළ ලෙසට ම විසඳා ලූ නියාව යහපතැ’යි සාධු කාර තුන් වැනි ව ත් දෙවා වදාරා ‘එයි ත් යහපත, ‘දනු දැ’යි මා විචාළ ගමනේ නො දනිමී කීයේ කුමන් නිසාදැ’යි විචාළ සේක.

“ස්වාමීනි, මා මියන පමණක් දන්නා බව මුත් රැයෙක වේව යි, දාවලෙක වේව යි’ පෙර වරුවෙක වේව’යි පස් වරුවෙක වේව’යි මියෙමි යි වේල‍ා නියම ය නො දන්නා හෙයින් ‘නො දනිමි’යි කිවු ය. බුදුහු ‘මා විචාල ලෙසට ම විසඳා ලූ තනියාව යහපතැ’යි සතර වැනි ව ත් සාධූ කාර දෙවා වදාරා බුදු පිරිස් බණ වා ලා ‘තෙපි මෙ තෙක් දෙන අනුන්ට දොඩන සේ උග ත් බව මුත් මා කියා ලූ දෙය සොළොස් හැවිරිදි කුමාරාකාව දත් ලෙස තෙපි හැම දෙන ත් දත නුහුණුවා ද, දැන කියා‍ ලූ කුමාරිකාවට නො දැන්මේ වැටි දෙඩු බව වේ ද? යම් කෙණකුන්ට නුවණැස නැත් නම් ප්රකසාද චක්ෂුසින් කම් නැත. ඌ අන්ධැයෝ මය, යම් කෙණකුන්ට නුවණැස ඇත් නම් ඇස් ඇත්තෝ නම් ඌ මය’ යි වදාරා බණ වදාරන සේක් ‘මේ ලෞකික ජනයෝ නුවණැස නැති හෙයින් දත යුතු වූ සියල්ලක් දක්නට නැති හෙයින් අන්ධයහ. යම් කෙණෙක් අනිත්යා දි වශයෙන් තිලකුණු මෙනෙහි කෙරෙත් නම් ඌ මඳ වූය.

යම් සේ වටු දැල් දැමීමෙහි දක්ෂන වූ වටු වැද්දහු නො වරදනා ලෙස දැල් දමා ලූ කල කිසි කෙණෙක් දැලට හසු නො ව සෙස්සෝ දැල ඇතුළට හසු වෙත් ද එ මෙන් මරහු නමැති වටු වැද්දහු තෘෂ්ණ‍ා නමැති දැල දමා ලූ කල‍ට අපාය නමැති දැල් හස්සට බොහෝ දෙන සම්භ වෙති. සග මොක් දෙකට සම්භව වන්නෝ ම‍ඳෙකැ’යි වදාළ සේක. දේශනා කෙළවර පෙහෙර කුමාරිකාවෝ මෙ විට කොයි යවු දැ’යි විචාළොත් ‘ස්වර්ගහයට යෙමී කියන්ට ශක්ති ඇති ව සෝවාන් වූශ. බොහෝ දෙන හටත් මේ දේශනාව සාර්ථක විය.

උයි ත් දඬු පැස හැර ගෙණ පියාණන් පිළී වියන තැනට ගියහ. උයි ත් හිඳ ම නිඳාපූ ය. කුමාරිකාවනු ත් නො සලකා පැස තබන ගමනේ පැස වම් කෙළවර වැද ගෙණ ලා ශබ්ද පැවැත්



788 සද්ධර්ම රත්නාවලි ය

විය. පේරාණෝ ද පිබිද ගොසින් ආදි තබා ලු ලෙසින ම වෙම ඇදලු ය. වම් කෙළවර ගොසින් එල්ල ව සිටි කුමාරිකාවන්ගේ ඇඟ තර ව ඇනිණ. උයි ත් එතැන ම මිය හහුණ වූය. පියානෝ නැඟ බැලූ තැනැත්තෝ ඇඟ මුළුල්ල ලෙයෙන් තැවරී හොත්තවුන් දැක බලවත් වූ ශොක ඇති වූ ය. උයි ත් බුදුන් ළඟය ගොසින් දුවණියන් මළ නියාව ත් ඒ නිසා ශොක බලවත් වූ නියාව ත් කිවු ය. කියා ලා ‘නිශ්ශොකි වූ ස්වාමි දරුවාණන් වහන්ස, මා ත් නිශ්ශොක කළ මැනැවැ’යි කිවු ය. බුදුහු ත් උන් අස්වසන සේක් ‍ ‘තෙපි ශොක නො කරව. අක් මුල් නැති සසර සෙසු දරු කෙණකුන්ට නො ව මෙම දූ ම මළ කල යතාප ඇසින් වගුළ කුඳුළු සතර මහ මුහුද පැනට ත් බොහෝ වෙ’යි වදාරා අනමතග්ග සූත්රු ය වදාළ සේක. උයි ත් ශොක තුනී ව ගොසින් බුදු සස්නෙහි මහණ ව මාලු පැවිද්ද ත් ලදින් නො බෝ කලකින් රහත් ව නිශ්ශොක වූහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් පෙහෙර දුව මෙන් නුවණැසින් පර ලොව භය දැක ඉන් මිදෙනු නිසා කුසලයෙහි හැසිර සග මොක් සැපත් සිද්ධ කරණු මැනවි.

155. තිසක් පමණ භික්ෂූන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද තෙල ගලා තුබූ පාන් උදවු ව ඇවිළෙන්නා සේ විචසුන් නමැති තෙල ගාලා තුබූ සිත් නමැති පහන් කඩ මාර්ගෙ ඥාන නමැති පහන් ඇවිළ ගැන්ම උදවු නියාව කියන්ට තිසක් පමණ භික්ෂූන් වහන්සේ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

එක් සමයෙක ඒ ඒ දිග වසන තිස් දෙනකුන් වහන්සේ බුදුන් කරා වැඩි සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ත් බුදුන්ට වත් පිළිවෙත් කරණ වේලාට අවුත් ඒ වහන්දෑ ‘දැක බුදුන් මේ වහන්දෑලා හා ‍කථා කොට වදාළ කල්හි වත් පිළි වෙත් කරමී’ සිතා ලා දොරටුවේ ම වැඩ සිටි සේක. ඒ බණ අසා ලා ඒ වහන්දෑ ද කෙලෙස් කසල හැර දමා රහත් ව අහසින් ගිය සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ඒ වහන්දෑ කල් යවන හෙයින් බුදුන් කරා එළඹ ‘ස්වාමීනි වහන්දෑ තිස් නමකේ මුඹ ආ සේක් වේද? එන නියාව දුටු බව මුත් යන නියාවක් දුටුවේ නැත. කොයි දැ’යි විචාළ සේක. ‘ගියෝ ය, ආනන්ද යෙනි, වදාළ සේක. ‘කවර මඟික්න ගිය සේක් දැ’යි විචාළ


156. චිඤ්චමානවිකාවන් ගේ වස්තුව 789

කල්හි ‘ආසිනැ’ යි වදාළ සේක. ‘කුමක් ද, ස්වාමින්, ඒ වහන්දෑ රහත් වූ නියා දැ’යි විචාළ සේක. ‘එ සේ ය, ආනන්ද යෙනි, දැන් මුඹ ආ ගමනේ මාගේ බණ අසා රහත් වූ හ’යි වදාළ සේක.

එ වේලාට ම ආසින් හංසයෝ ත් ගියහ. බුදුහු එයි ත් මුල්කොට ගෙන බණ වදාරන සේක් ‘යම් සේ මේ හංසයෝ තමන්ට ජාති සිද්ධ හෙයින් ආසින් යෙත් ද? එ මෙන් නුවණැත්තෝ ත් මරුන් පරදවා මෙ ලොවින් නික්මෙති. වදාළ සේක. දේශණා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සිත් නමැති කුඹුරුවල කුසල් නමැති බිජුවට වපුරන්ට සැදෑ නමැති පැන් මේයා ගන්නා නියායෙන් නුවණ නමැති ඇල ඇතිව, තව ද යම් සේ කුඹුරෙක් පැන් නො හැසිර රඳා තිබෙනු නිසා මියර ඇති ව තිබේ ද ? එමෙන් සැදෑ නමැති පැන් රඳා තිබෙන්ට සිල් නමැති මියර ඇති ව කුශල් නමැති ගොයම් කොට ගෙන සග මොක් සැප ත් නමැති ශස්යෙ ඵල සෑධිය යුතු.

156. චිඤ්චමානවිකාවන් ගේ වස්තුවසංස්කරණය

තව ද නිරුපද්දව තැන් කෙරෙහි කළ උපද්දවයෙහි ආදිනව දක්වන්නමෝ චිඤ්චමානවිකාවන් ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

බුදුන් බුදු වූ කලට සව්වන් වහන්සේ ත් බොහෝ ව බොහෝ දෙනාගේ නිවන් දැකීමු ත් ඇති ව නව අරහාදි බුදු ගුණ ත් ලොව පහළ කල්හි මුහුද මුව දොරවල් හැ ම එක් තැනට වූවා‍ සේ ලාභ සත්කාර බොහෝ කොට උපදින්ට වන. තීර්ථකයෝ හිර නැගෙත් නැගෙත් කදෝපැණියන් වැනි වූ ය. හිර නැඟි කලට යම් සේ කණමැදිරියෝ නිෂ්ප්රනභා වූ ද, එ සේ ම තිර්ථක ජන නමැති කණමැදිරියෝ ත් සර්විඥ නමැති සූය්ය් යා පහළ ව ශරීරාලොකදේශනාලොක පහළ කරත් කරත් ප්රූසිද්ධ ශෝභා නැති වූහ. ලාභ සත්කාර නැති ව පියා බත් නො බලන බලු මුළු උඩු බිරුම් බුරන්නා සේ වීථි ඇතුළ ඒ ඒ තැන සිට ගෙන ‘කුමක් ද? තොප හැමට බුදුහු නම් මහණ ගොයුම්හු ද? අපි බුදු නො වමෝ ද? උන්ට දුන් දෙයෙහි ම විපාක බොහෝ ද? ගෑනි ව ත් දරුවන් නැත්තාසේ අපට දුන් දෙයෙහි විපාක නැද් ද? මහණ ගොයුම් හට දුන් දෙයෙහි විපාක ඇත් නම් අපට දුන් දෙයෙහි ත් විපාක ඇත. අපටත් දෙව. සත්කාර කරව’යි හඬ ගා මොර ගා ඇවිද ත් 790 සද්ධර්මහරත්නාවලි ය

ලාභ සත්කාර නො ලදින් තනි ව හිඳ ‘කවර ලෙසකින් මහණ ගොයුම්හුගේ නුගුණයක් උපදවා ලාභ සත්කාර නැති කරමෝ දෝ හෝ’යි සිතූහ.

එ කල සැවත් නුවර චිඤ්චමානවිකා නම් වූ පරිබ්රා ජිකා කෙණෙක් උතුම් රූ ධරති. දෙවඟනක් මෙන් ශරීරයෙන් රස් විහිද්දී එක් මන්ත්රී් වූ තිර්ථකයෙක් ‘චිඤ්චමානවිකාවන් මුල් ව මහණ ගොයුම් හට අයසක් උපදවම්හ’යි කීය. ඌ හැම දෙන ත් ‘‍එ ලෙස කරම්හ’යි ගිවිස්සෝ ය. ඉක්බිත්තෙන් චිඤ්චමානවිකා ද තීර්ථකාරාමයට ගොසින් වැඳ ලා සිටියා ය. තීර්ථකයෝ ඈ හා කථා නො කළහ. උයි ත් තමාගේ වැරැද්දක් ඇතැ’යි චකිත ව තුන් විටක් දක්වා ත් ‘වදිමි, ස්වාමීනි’ කියාත් උන්ගෙන් බසක් නො ලදින් තොමෝ ම කථා අපදවන්නී ‘හැයි’ ස්වාමීනි කථා නො කරන්ට මාගේ වරද කවරේ දැ’යි කිව. ස්වාමීනි කථා නො කරන්ට මාගේ වරද කවරේ දැ’යි කිව. එ විට හැයි, පිරිවැජිය, මහණ ගොයුම්හු ලොව නළවා ගෙන අපට උපදනා ලාභ සත්කාර ත් තමන්ට ම නිල කරවා ගෙන අප නිෂ්ප්රපභා කෙරෙමින් ඇවිදිනා නියාව නො දනු දැ’යි කිවු ය. ‘ස්වාමීනි, මම මෙ තෙක් දවස් නො දනිමි. අද දත්තමේ වේද? මා ඊට කළ මනා කිම් දැ’යි කිවු ය.

‘ඉදින්, පිරිවැජිය, තෙපි අපට වැඩක් කැමැත්තාහු වූ නම් තොපගේ උපදෙසකින් මහණ ගොයුම් හට නුගුණයක් උපදවා ලා ලාභ සත්කාර ය වඩදිය වේලාට ගඟදිය උඩු ගං බලා නැමුණා සේ ම අප කරා නම්වා ලව’යි කිවු ය. පුරිසයෙක් මුත්ර ජලයෙන් ගැනුණ‍ා සේ කුණු අදහසින් එක් ව යහපතැ’යි ගිවිස ‘මුසුප්පු නුව මැනැවැ’යි කියා ලා පලා ‍ගොසින් නුවණ විෂයෙහි දැන්ම නැත ත් ස්ත්රීු මායමෙහි තමා දක්ෂල බැවින් එ තැන් පටන් සැවැත් නුවර ඇත්තවුන් රෑ බණ අසා පියා විහාරයෙන් නික්මෙන වේලාට රතිදු ගොවුවකු සේ රත් වූ පිළී හන් පෙරව ගෙන සුවඳ මල් ආදි ය හැර ගෙණ දෙව්රම් වෙහෙර බලා යෙ යි.

‘මේ වේලේ කොයි යවුදැ’යි විචාළ වුන්ට ‘මා යන තැන් තෙපි විචාරා සිටියා ද? තොපට ඒ හැයි දැ’යි තමා සේ ම පවිටු අදහස් ඇත්තවුන්ට සැක උපදනා ලෙසට ගර්හ ගන්වා බස කියා ලා දෙව්රම් වෙහෙර ලඟ තීර්ථයකන්ගේ විහාරවල ලැග ලා උදාසනම සැදෑ ඇති උපාසකවරුන් හැම දෙනාට පෙරාතු බුදුන් වඳුම්හ’යි විහාරයට නිකුමුණු කලට දෙව්රම් ලැග ලා යන එකක මෙන් නුවරට යන්නී ‘ලැග්ගේ කොයි දැ’යි විචාළ වුන්ට ‘තොපට



156. චිඤ්චමානවිකාවන් ගේ වස්තුව 791 ‍ මා කොයි ලැග්ග යි කිම? තෙපි ඒ විචාරා සිටියා දැ’යි කියා ලා ‘බැණ පලා ගොසින් දෙ පෝයක් මසක් ගිය කල විචාළවුන්ට ‘අනික් කොයි ලගිම් ද? රූ ඇති ව වූ මුළා ය. දෙව්රම් වෙහෙරට ගොසින් මහණ ගොයුම්හ හා සමඟ එක ගඳ කිළියේ සැතපීලා ආමි’ කියා පෘථග්ජනයන්ට සැක උපදවමින් තුන් සාර මසක් විතර ගිය කල කඩ රෙදි බහා ලා මහත්ව තිබෙන ලෙසට බඩ වෙළා‍ ‍ගෙන දැරි ඇති සැටියක් හඟවමින් වබ වසා රත් පිළි හන් පෙර ව ගෙණ ‘මහණ ගොයුම් හට දා ව දරු කෙණෙක් බඩ පිළිසිඳ ගත්හ’යි නුවණ නැත්තවුන් ගිවිස්වමින් බොහෝ අකුසලු ත් ගප් ගන්නා අට නව මසක් ගිය කලට බඩ දර දඬු මැඬිල්ලක් බැඳ ගෙණ දෙවුරය ත් බඩ ත් වසා පිළියක් පෙරව ගෙණ අතුල් පතුල් ගෙරී ඇට බා ලා තළා උදුම්මා ගෙණ වදන පොදන අවස්ථා තරමක් සේ ව එක් දවසක් සවස බුදුන් බණ වදාරණ කල්හි ධම් සබයට ගොසින් බුදුන් ඉදිරයේ සිට ගෙණ -

“මහණ, තෝ බොහෝ දෙනාට බණ කිය යි. අසන්නවුන් අසා රිසි නො යන තරමට කට හඬ ත් බලවත. ඊට ත් වඩා රූප ශොභා බලවත. මා බඩත් මුඹට දා ව දරු කෙණෙක් ඇති වූහ. වදන පොදන අවස්ථායෙමි. වදන කල ගෙවලක ත් නියම නැත. තසා නො කරතත් උපාසක ව සිටිනා කොසොල් රජ්ජුරුවන්ට වේව යි, අනාථ පිණ්ඩික සිටාණන්ට වේව යි, විශාඛාවන්ට වේව යි, ‘තෙල චිඤ්චමානවිකාවෝ දුරි ඇත්තෝ ය. අපට ද දරුවන් හෙයින් අපට කළ මාන දෙය තිබැ දී තුලුන් ට කළ මනා දෙය නො පමා ව කරව’යි විදාන නො කරන්නේ ත් හැයි‍ද?

‘අප හා වාසයට පැරැත්ත නැත්තා සේ ම තෙලේ ව ත් අප ගෙන් පැරැත්ත නැති ව විධාන කළ මාන‍ වේ දැ’යි පවිත්ර ශීලි කෙණකුන් ඇඟට අමෙධ්යතයක් දමන්නා සේ කිව. එ සේ කියා ලා ‘අප හා බැඳී බඩ දරුවනු ත් ඇති කළ කල වදන්නවුනට කළ මනා දෙය ත් කරවා ලුව මනා වේ දැ’යි සඳ මඬලේ ගොසින් වැද නො ගනිත ත් ගොම පිඩක් අල්වා ගෙණ දමන එකක මෙන් සිවු වනක් පිරිස මැද සිට ගෙණ බුදුන්ට බිණුව. ඕ තොමෝ බිණිය භෙද පුරා කෘත අකුශලය තෙමේ නස්නෙන් බණන ලෙසට ඈට සම්මත කොට ලා නට. එ හෙයින් ඌගේ විධාන ය උගුළුවා ගත නො හී බිණු ව.




 792					 සද්ධර්මේරත්නාවලි ය

බුදුහු ත් වදාරන බණ සන්ධි කොට ලා සිංහ නාද පවත්වන සිංහයක්හු මෙන් ‘පිරිබ්රාාජිකාවෙනි, තීගේ බස සැබෑ වී නමුත් බොරු වී නමුත් ති හා අපි ය වේ ද දන්නමෝ ය’යි වදාළ සේක. ඒ අසා චිඤ්චමානවිකාව ‘මහණ ඒ එ සේය. තොප හා මා ලත් බැවින් ම වේ ද, එ බන්දක් වූයේ ය’යි කිව. එ වේලෙහි සක් දෙවිඳුන්ගේ හස්න හුණු විය. උයි ත් බලනුවෝ සැති මනෙවි දූ දිඹූලේ මල් නැත්තා සේ නැත්තෙන් ම බුදුන්ට බණන්නී ය’යි දැන ‘මේ බොරු නියා ව සාධා ලමි’ දෙවියන් සතර දෙනකු කැඳවා ගෙණ අවු ය. දෙවියෝ සතර දෙන ද මි පැටි වෙස් මවා ගෙණ දර මඬුලු බැඳ ලූ ලණු එක විට ම කපා පූය. වසා පෙරවා ගත් කඩත් සුළ‍ඟෙක් අවුත් ලා ඔසවා පීය දර මඬුල්ල ත් හෙන්නේ ඇ‍ඟේ පිටි පත්ලේ ම හිණ. හී ලා ඇගේ අක් පතුල් දෙක ම කඩා පළවා පීය.

මිනිස්සුත් ඒ හැම දැක ‘කාලකණ්ණි කෙල්ල, නිෂ්කලඞ්ක වූ බුදුනට මෙ ලෙස කරන්ට කියන්ට කාරණ කිම් දැ’යි හිස කෙළ ඔමින්1 අතින් පයින් ඇන තළා මරා විහාරයෙන් පිටත් කළහ. ඉක් බිත්තෙන් ඈ බුදුන්ට පෙනෙන තැන් ගෙවා ගිය කලට මහ පෙ‍ාළෝ අට නව මස හිරී ලා ලා තිබී ලා පැළී ගියාක් මෙන් පැළී විවර විය. ඒ හස්නෙන් අවීචියෙන් ගිනි දැල් නැඟි ලා පිළී පෙරෙවියා සේ ම සැති ‍මනෙවිය වසා ගත. වසා ගෙණ ලා අවීචියේ හෙළී ය. තීර්ථකයන්ට ත් යන් තම්ව උපදනා ලාබ සත්කාර ඇත්නම් එයි ත් පිරිහිණ. පානු තුඩ තෙල් ගෑ කල වඩ වඩා ම පාන බබළන්නා සේ බුදුන්ට ලාභ සත්කාර බලවත් විය.

දෙ වන දවස් ධම් සෙබෙහි රැස් ව හුන් වහන්දෑ ‘ඇවැත්නි, සැති මණෙවි දූ තිලෝ ගුරු බුදුන්ට නැත්ත කියා බැණ මේ සා මහත් විනාශයකට පැමිණියහ’යි කථාව ඉපැද වූ සේක. බුදුහු ත් ඒ අසා ‘මහණෙනි, නැත්ත කියා බැණ මහා විනාශයට පැමිණියේ උන් මතු නො වන්නේ වේද? යට ගිය දවස ත් මහා පදුම කුමාර නම් වූ මා හා මෝ තොමෝ බැඳී වසනු කැමැති ව සාරා සඞ්ඛ්ය කප් ලක්ෂනයේ ම ජාතිවල වෙනසක් ඇත ත් ගුණෙහි වෙනසක් නැති බැවින් අපගේ මවු බිසොවුන් මළ පසු මුන් තමන් අපගේ පිය රජ්ජුරුවන් කෙරෙහි රුකුණූ හෙයින් මා මරණු නිසා නො එක් විකාර ත් කොට නො එක් දෑ ත් කියා මට වූ අනර්ථ නැත. එ වකත් මෝ තොමෝ ම විනාශයට පැමිණියා ය.


1. හිස කෙළෙසමින් - හිසකේ ඔසවමින්


157. අසදිස දාන වස්තුව 793


වක ත් මෑ කළ දෙයෙන් වෙනස නම් මෙ වක කියා කට හුණු දෙයෙක් නැත. එ වක මැගේ බසින් අපගේ පිය රජ්ජුරුවෝ සොරුන් හෙළන ගලෙකින් මා එලවා පූය. ඒ ගල වසන දේවතාවා ගල ගැසී යා නොදී මා පිළිගෙන නා රජ්ජුරු කෙණෙකුන්ගේ පණ ගබ හිඳුවා ලූය. නා රජ්ජුරුවෝ ද මා තමන්ගේ නාග භවනයට ගෙන ‍ගොසින් තමන්ගේ නාග භවනයෙන් භාගයක් දුන්හ.

මම ඊ අවුරුද්දක් රඳා හිඳ ලා මහණ වනු කැමති ව හිම පියසට අවුත් මහණ ව අභිඥාලාභී වීමි. එක් වැද්දෙක් මා දැක අපගේ පිය රජ්ජුරුවන්ට කීය. රජ්ජුරුවෝ මා ලඟට අවුත් මා මරණ දුකින් මිදුණූ ලෙස් අසා ගොසින් රාජ්යයය කරන්ට මට ආරාධනා කෙට මට රාජ්යණය නො කැමැත්තේ දශරාජ ධර්මාය අකොප්යම කොට මුඹ ම රාජ්ය ය කරන්නැ’යි කී හෙයින් හඬමින් වලපමින් සියරට පෙරළා යන්නාහු අතුරු මහ දී මෙ තරම් පුතණු කෙණකුන්ගෙන් මා නුවුයේ කවුරු නිසා දැ’යි ඇමැත්තන් අතින් විචාරා අග මෙහෙසුන් බිසොවුන් නිසා ය යි කි කල්හි ඒ බිසෝවන් ගලින් එළවා පියා දැහැමින් රජ කළහ. එ වක මරණයට ප්ර යෝග කොට තොමෝ ම නට’යි යනාදින් මහ පදුම ජාතක ය වදාරා ‘දැන් ගුණ මාරණයට ප්ර යෝග කොට නටැ’යි වදාරා සම්ප්රාටප්ත පර්ෂ දට බණ වදාරාන සේක් ‘දවසක් මුළුල්ලෙහි කියත ත් සැබෑවක් නැති ව බොරු ම කියන්නා වූ දිව සැප ත් වේව යි මිනිස් සැප ත් වේව යි, නිවන් සැප ත් වේව යි ලබන්ට නැති හෙයින් පරලොව අත්හළ අසත් පුරුෂයන් විසින් නො කළා වූ පවු නැත. කවර ත් පාප ය බොරු කීවන්ට සිද්ධ වේ ය’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. එ හෙයිනි සත් පුරුෂයන් විසින් බොරු නම් විෂ පරිද්දෙන් සලකා හැර සැබෑ බස නම් ඉෂ්ට මිත්රව කෙණකුන් ‍ෙමන් සිතා ගෙණ කුසලයෙහි හැසිර නිවන් සාධා ගත යුතු.


157. අසදිස දාන වස්තුවසංස්කරණය

තව ද සත්ව යන් දන් දීමෙහි යොදනු නිසා අසදිස දාන වස්තුව දක්වමු.

‍ෙකසේ ද යත්-

එක් සමයෙක බුදුහු දඹදිව සැරිසරා වැඩ පියා නිත්යද පරිවාර පන්සියක් දෙනා වහන්සේ හැර ගෙන දෙව්රම් වෙහෙරට වැඩි

 794					 සද්ධර්ම රත්නාවලි ය


සේක රජ්ජුරුවෝ විහාරයට අවුත් බුදුන්ට ආරාධානා කොට ලා දෙ වන දවසට අමුතු දනක් සරහා ලා අපගේ දන් බලන්ට අව මැනැවැ’යි නුවර වැස්සන් කැඳවා යවූ ය. නුවර වැස්සෝ ද අවුත් රජ්ජුරුවන්ගේ දන් දැක දෙ වන දවස් රජ්ජුරුවන් දුන් දනට වඩා දනක් දෙන්ට සිතා බුදුන්ට ආරාධනා කොට දනක් සරහා ලා ‘රජ්ජුරුවන් වහන්සේ අපගේ ත් දන් බලන්ට වැඩිය මැනැවැ’යි කැඳවා යවූ ය. රජ්ජුරුවෝ උන්ගේ දන් දැක ‘මූ නො රජ ව සිට ත් මාගේ දනට වඩා පූය. රජ ව සිටි මා ත් වඩා පුවමනා වේ දැ යි තුන් වන දවසට ත් දන් සරහා ගත්හ. නුවර ඇත්තෝ ඒ දන දැක ‘තනි රජ්ජුරුවන් වහන්සේ මේ තරමෙක දන් දුන් කල අපි මෙ තෙක් දෙනමෝ වඩාපියම්හ’යි සතර වැනි දවසට දනක් සරහා දුන්හ.

මෙ සේ දන් දෙන ගමනේ රජ්ජුරුවෝ නුවර ඇත්තවුනු ත් පරදවා ලිය නො හෙති. නුවර ඇත්තෝ රජ්ජුරුවන් පරදවා ලිය ත් නො හෙති. නුවර ඇත්තෝ රජ්ජුරුවන් පරදවා ලිය ත් නො හෙති. පස්වැනි මුරයේ රජ්ජුරුවන් දන් දුන් කලට ස වන වාරයේ නුවර ඇත්තෝ සීයක් ලෙසින් දාසක් ලෙසින් වඩා යම් ලෙසකින් ‍මේ දනට මේ මේ දෙය නැතැ’යි කියාලන්ට බැරි වී නම් එ ලෙසටය දන් සැරහූය. රජ්ජුරුවෝ නුවර වැස්සන් තමන්ට වඩා සරහා ලූ දන දැක ‘ඉදින් මම මුන්ගේ දනට වඩා දිය නුහුණිම් නම් ජීවත් වීමෙන් ප්රදයෝජන නැතැ යි සිතා ගෙන සැතපුණාහ. මල්ලිකා බිසවු රජ්ජුරුවන් කරා එළඹ ‘මහරජ, මුසුප්පු ගෙන වැද හොත්තේ හැයි ද, මූණ පෑය ත් නැතැ’යි විචාළහ.

‘බිසවුන්, මුසුප්පු වන්ට කාරණ නො දනු දැ’යි විචාරා නො දනිමී’ කී කල්හි නුවර වැස්සන් දනින් වඩන හෙයින් මුසුප්පු නියා ය’යි වුවො ත් මුසුප්පු නුවු ව මැනව. නුවර ‍වැස්සන් කෙතෙක් දෙනා එක්ව ත් රජ්ජුරු කෙණෙකුන් පරදවා පූ නියාවක් කවර කලෙක දුටු විරූ ඇතිද? දක්නා තබා ඇසු විරූ ත් ඇත්ද? මුඹ වහන්සේ විධාන කොට දන් වඩාගත නො හෙන සේක් නම් මම විදාන කෙරෙමි’ අසදාශ මහ දන් තුමූ විධාන කොට දන් වඩ‍ාගත නො හෙන සේක් නම් මම විදාන කෙරෙමී’ අසදෘශ මහ දන් තුමූ විධාන කරණූ කැමති ව, ‘මහරජ, බුදුන්ගේ නිත්යන පරිවාර පන්සියක් දෙනා වහන්සේ දන් වළඳන්ට වැඩ හිඳිනට අනික් දණ්ඩක් පතක් නැතිව මඩුවෙහි මද්ධ්යව මණ්ඩපයේ සල් කලණ පෝරුව අතුරුවා ලුව මැනව. බුදුන් හා ඒ පන්සියයක් දෙනා වහන්සේ හා සල් කලණ පෝරු පිට වැඩ හිඳිනා සේක. සෙසු වහන්දෑ ඒ



157. අසදිස දාන වස්තුව 795

පොරුවෙන් පිටත හිඳිනා සේක. හෙළ කුඩ පන්සියයක් කරවා ලුව මැනව. ඇත්තු පන්සියයෙක් කුඩ පන්සියය පන් සියක් දෙනා වහන්සේ හිසට කෙරෙති. රන් ‍හොරු අටක් හෝ දසයක් කරවා ලා මණ්ඩපය මැද තබ්බවා ලුව මැනව.

‘දෙ නමකට දෙ නමකට අතුරෙහි එකි එකී බිසෝ කෙණකුන් හිඳ සුවඳ අඹරන්ට වුව මැනව. එකි එකී බිසෝ කෙණකුන් තල් වැට චාමර හැර ගෙන දෙ නම දෙ නමට පත් සැලුව මැනව. සෙසු බිසෝවරුන් අඹරා නිමි සුවඳ ගෙනවුත් රන් හොරුවල ලුව මැනව. බන් ම සමහර බිසෝ කෙණකුන් මහනෙල් මල් කලප් හැර ගෙන රන් හොරුවල ලා ලූ සුව‍ඳෙහි ගල ගලා සුවඳ ගැල්වුව මැනව. නුවර ඇත්තවුන්ට එ තෙක් බිසෝවරුන් තබා එක බිසෝ කෙණකු ත් නැත. සෙනෙවිරත් ආදීන්ට කුඩ තුන සතර ඇති වත ත් හෙළ කුඩ පන් සියයකු ත් නැත. ඇතුනු ත් ඇති වතො ත් එකකු දෙන්නකු මුත් පන් සියයක් ඇත්තු ත් නැත. එසේ ‍කලට ඒ හැම මුඹ ඇති වන්නා නුවර ඇත්තෝ පරදිති. එ ලෙස කරවුව මැනැවැ’යි කිවුය.

රජ්ජුරුවෝ ත් සතුටු ව යහපතැ’යි උන් කියා ලූ ලෙස ම සියල්ල ම රජව සිටින්නවුන්ට බැරි නොවන හෙයින් කරවා ලූහ. වහන්දෑගේ ගණනට ඇතෙක් මඳ ව රජ්ජුරුවෝ එ පවත කීහ. මල්ලිකා බිසවු ‘කුමක් කිය සේක් ද? ඇතුන් පන් සියයකට ත් නැති නියාදැ’යි කිවුය. ‘පන් සියයකට වඩා ත් ඇත. සෙසු ඇත්තු මොළ නුවු ය. එක ඇත් පොව්වකු හෙළ කුඩයක් හැර ගෙන සිටිනා තැනක් දනිමි’යි කිවුය. ‘කො තැනක සිටුවමෝ දැ’යි විචාළ කල්හි ‘අඟුල් මල් මහතෙරුන් වහන්සේ ලඟ සිටුවා ලුව මැනව’යි කිවු ය. රජ්ජුරුවෝ ත් එ ලෙසම කැරැවූහ. ඇත් පොවුවා ද වාලධිය කළවා හස්සෙහි ගන්වා ගෙන කන්පත් දෙක ත් හෙළා ලා ඇසි දෙක ත් පියා ගෙන මහ තෙරුන් වහන්සේගේ තේජස නමැති ඇත්කෝලින් ඇන රඳවන ලදු ව නො සැලී සිට පීය. බොහෝ දෙන ත් මෙ සේ වූ මොළ ඇත් පොවා අඞ්ගුලිමාල ස්ථවීර නමැති සිංහයාණන් කරා පැමිණ එඩි දර්ප නැති ව ගොසින් මේ තරමක් ව ගතැ’යි ඇතු ම බලන්නාහ.

රජ්ජුරුවෝ ද බුදු පාමොක් සංගයා වහන්සේ වළඳවා ලා බුදුන් වැඳ ‘ස්වාමීනි, මේ මාගේ දන් දෙන තැන තුබු කැප බඩුවකු ත්



  796					 සද්ධර්මමරත්නාවලි ය

අකැප බඩුවකු ත් ඇත් නම් ඒ සියල්ල ම මුඹ වහන්සේට දෙමී කිවු ය. ඒ දන ද වැලි ත් එක දවසට ම තුදුස් කෙළක් වස්තු වියදම් විය. බුදුන් හිසට කළ හෙළ කුඩ යද, වැඩ හිඳිනා පලඟ ද, පාත්රක ධාතූන් වහන්සේ තිබූ වළල්ල ද, නො දෙවි පා තබන පාද පීඨ ය දැ’යි මේ සතර අග ය නැත්තේ ය. නැවත මේ තරම් දනක් දී ලිය හෙන කෙණෙක් නැත. එහෙයින් මේ දනට අසදෘශ දාන ය යි කියති. එක් බුදු කෙණකුන් වහන්සේට මෙ බඳු දනක් එකක් ම වත් මුත් දෙකෙක් නැත. කවර ත් බුදු කෙණකුන් වහන්සේට මේ දන ඇත් මය. ඒ දන විධාන කොළො ත් ගෑනු කෙණෙක් ම ය.

රජ්ජුරුවන්ගේ කාල නම් වු ත්, ජුණ්හ නම් වූ ත් ප්ර ධාන ඇගමැත්තෝ දෙන්නෙක් වූහ. ඒ දෙන්නාගේ කාල නම් ඇමැති තමාගේ නම තරමට ම ‘අනේ රජ්ජුරු කෙණකුන් වහන්සේගේ සම්පතකට වූ හානියක් ය. කෙළවර එක දවසින් ම තුදුසු කෙළක් වස්තු වියදම් විය. මේ වහන්දෑ ද මේ දන් වළදා ගොසින් නිඳන සේක. රජ සම්පත ඉතා ම නට බඳ’යි සිතී ය. ජුණ්හ නම් ඇමති රුවන ‘අනේ රජ්ජුරු කෙණකුන් වහන්සේගේ දන බලවත. නො රජ ව සිට මේ ලෙස දී ලන්ට බැරි ය. පින් කෙරෙත් නමුත් කළ පින් දී ලන කෙණෙක් නැත. මා මේ පින් අනුමෝ වුවමනා වේ දැ’යි සිතී ය.

රජ්ජුරුවෝ වළඳා ‍අන්තයෙහි අනුමෙවෙනි බණට ආරාධනා කළහ. බුදුහු ත් කළ ආරාධනාවට බණ නො වදාරා තමන් වහන්සේ සම්පජානකාරී හෙයින් ‘රජ්ජුරු‍න් මහ වතුරක් මෙන් මහ දන් දුන් නියව බලවත. තමන් මෙලෙස දී ගත නො හෙත ත් දෙන දන් බලා බොහෝ දෙන සිත් පහදවා ගත නුහුණු වූ දෝ කිම් දෝ හෝ’යි බලන සේක් ඇමැත්තන් දෙන්නා සිතූ ලෙස දැන වදාරා ‘ඉදින් රජ්ජුරුවන්ගේ දන ලෙසට අනුමෙවෙනි කිම් නම් කාල නම් ඇමැත්තහුගේ හිස සත් කඩක් ව පැළෙයි. ජුණ්හ නම් ඇමති සෝවාන් වෙයි’ දැන වදාරා කාල නම් ඇමැත්තහු කෙරෙහි කරුණාවෙන් ඒ සා මහත් දනක් දුන් රජ්ජුරුවන්ට එක ගාථාවක් පමණ වදාරා ලා හුනස්නෙන් නැඟී විහාරයට වැඩි සේක.

වහන්දෑ අඟුල් මල් තෙරුන් වහන්සේ අතින් කුමක් ද, ඇවැත්නි දුෂ්ට ැතු කුඩ ය අල්වා ගෙන සිටි ගමනේ ඌ බල බලා බා නො ගිය දැ’යි විචාළ සේක. තමන් වහන්සේට ඇත් භය තබා



157. අසදිස දාන වස්තුව 797

හැම භයම නැති හෙයින් ‘මට භයෙක් නැත’යි වදාළ සේක. වහන්දෑ බුදුන්ට ‘ස්වාමීනි, අඟුල් මල් තෙරහු භය නැතැ යි කී මෙන් තමන් රහත් නියාවක් හඟවතී’ කී සේක. බුදුහු ‘මහණෙනි, රහතන්ට භය නැති බැවින් මුන් තමනු ත් රහත් හෙයින් උන්ට භය නැතැ’යි වදාල සේක.

කොසොල් රජ්ජුරුවෝ ද එක දවසින් තුදුස් කෙළක් වියදම් ව ත් මුසුප්පු නැති ව අනුමෙවෙනි බණ සුඟ මඳ ව ගන්නා ම මුසුප්පු ‍ව ගොසින් ‘කුදුස් කෙළක් වස්තු ගෙනා මේ සා මහත් දනක් දී ලූ කල සුවාසු දහසක් යොදුන් ගැඹුර ඇති මහ මුහුදින් හබළුවකින් උකා ගත් පැණින් මිනිසුන්ට ප්ර්යෝජන මඳ සේ සුවාසු සහසක් ධර්මබස්කන්ධ තුබු තැනින් එක ගාථා පමණකත් වදාරා වැඩි සේක. මගධ නැළීයෙන් සොලොස් නැළියක බත් කන මට සාල් පතක බත් මඳවා සේ ගාථා පමණකින් කුමක් දනිම් ද? මේ සා මහත් වියදමක් කොට දෙන දන ත් බුදුන් ට නිසි ලෙසක නුදුන් නියා ය. කැප බඩු නො දී අකැප බඩු ම දුන් නියා ය. ඒ නිසා බුදුන් නො සතුටු නියාය. විකිණි ඇර ගනුනා බඩුවක් පවා වටනා දෙයක් නොවටනා ලෙස හැයි ද? මා දී ලු දන් තරමට බණ වදාළ මනා වේ දැ’යි සිතා වෙහෙරට ගොසින් බුදුන් වැඳ ලා’ස්වාමීනි, කුමක්ද? මා දන් දෙන ගමනේ දිය යුක්තකින් නුදුන් දෑ ත් ඇත් ද? දෙත ත් අකැප දෙයක් ම දුන් නියා දැ’යි කිවු ය. ‘මහරජ, ඒ කිම් දැ’යි වදාළ සේක.

‘මේ සා මහත් පරිත්යා ගයක් කළ මට අනුමෙවෙනි බණ මඳ කොට වදාළ හෙයිනැ’යි කිවු ය. ‘මහ රජ , තොප දන් දුන් නියාව ත් බලවත. මට ම තරම් කොට දුනුව. මේ අසදෘෂ දාන ය නම් එක් බුදු කෙණකුන්ට එක වරෙක මුත් දෙ වරෙක සම්බ වන්ට නැත. තෙපි පෙරළා කැර නු නමුත් මෙයට වඩා කට නො හැක්කැ’යි වදාල සේක. ‘එසේ කල අනුමෙවෙනි බණ මඳ කෙළෞ හැයි දැ’යි විචාළේය. ‘මහ රජ, තොපගේ පවත් අශුද්ධ හෙයිනැ’යි වදාළ සේක. රජ්ජුරුවෝ පර්ෂකද නපුර කවරේ ද, ස්වාමීනි කිවු ය. ඉක් බිත්තෙන් බුදුහු කාල - ජුණ්හ දෙ දෙන ම සිතූ සිතිවිලි වදාරා ලා කළු ඇමැත්තා කෙරෙහි කරුණාවෙන් රජ්ජුරුවන් සිත් පුරන්ට බණ කියා කළු ඇමැත්තහු හිස පැළුණ නපුරැ යි බණ නො වදාළ නියාව වදාළ සේක. රජ්ජුරුවෝ ද සැබෑ ද? කාලයෙනි, තෙපි එ සේ සිතූයෙහි දැ’යි විචාළහ. ‘සැබෑ ය’යි කි කල්හි ‘තොප සන්තක දෙයක් නො ගෙණ මා සන්තක දෙය ම මාගේ අඹු දරුවන් හා සමඟ දන් දුන්න යි තොපට



  798				 	සද්ධර්ම රත්නාවලි ය

හානි කවරේ ද? තොපට දී ලු සම්පත් දුන්නේ මය. ඒ නො ගනිමි. මාගේ රට තොපට හිඳිනට බැරි ය. තොප කැමති තැනකට යව’යි සිතා පූ නපුරු සිතිවිල්ල නිසා රටින් නෙර පියා ජුණ්හයන් කැඳවා ලා ‘තොප තෙල ලෙස පින් අනුමෝදන් වන්ට සිතුයේ ඇද්දැ’යි විචාරා සැබෑ ය’යි කී කල්හි ‘මා තොප කෙරෙහි ඉතා පහනිමි. තෙපා මාගේ පරිවාර ත් හැර ගෙණ මා දුන් ලෙස ම සත් දවසක් දන් දෙව’ යි රාජ්යේ ය සතියකට දී ලා බුදුන්ට දන්වන්නෝ ‘ස්වාමීනි, නුවණ නැත්තවුන්ගේ කට යුතු බලා වදාරන බව ය. මෙ සා මහත් වියදමක් කොට දන් දුන්නෙම් මම ය. වියදම් වූයේ ත් මා ගෙණ. කළු ඇමැත්තවුන්ගේ අදහස් නපුරු නිසා ය’යි කිවු ය.

බුදුහු ත් ‘එසේය, මහරජ’යි වදාරාලා එ දවස් වදාරන බණින් දුස් සිත් වන කෙණකුන් මුත් සත් කඩක් ව හිස පැළෙන්නවුන් වැනි හෙයින් බණ වදාරණ සේක් ‘රජ්ජුරුවෙනි, දන් දීමෙහි අදහස් නැති තද මසුරු සත්තු කොට ගත හෙන පින් කමක් නැති හෙයින් ධ්යාළන බලයෙන් උපදනා මභ ලෝ තබා දිව්යන ලොකවලට ක් පැමිණ ගත නො හෙති. නුවණ නැති සත්තු තමන් ‍ගෙන් දෙන දන් තබා අනුන් දෙන දන ත් සිත් පහදවා ගත නො හෙති. යම් කෙණෙක් තුමූ දන් දී ගත නො හෙත් නමුත් අනුන් කරණ පින් කම සිත පහදවා සමාදන් වූ නම් එ පමණකිනු ත් දිව්යන ලෝක සම්පත් ස‍ාාධා ගෙණ සුව විඳිති’ වදාළ සේක. දේශනා කෙළවර පවිතු සිතිවිලි සිතූ ජුණෟහ නම් ඇමැත්තාණෝ අති පවිත්ර වූ ලොවුතුරා සැපතට පැමිණෙන්නෝ සෝවාන් වූහ. එ තැනට පැමිණි කෙනකුන්ට ත් රජ්ජුරුවන්ගේ දන සප්රපයෝජන වුවා සේ ම දේශනාවන් සප්රුයෝජන වීය. ජුණ්හයෝ ද සෝවාන් ව ලා සතියක් මුළුල්ලෙහි රජ්ජුරුවන් දුන් ලෙසින් ම දන් දුන්හ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් තමා සන්තක දෙය දන් දෙන්ට සිතන ගමනෙක් මුත් අනුන් දෙන කාල නම් ඇමැත්තා මෙන් සිත දූෂ්යට නො කොට සෙසු ත් අකුසලින් දුරු ව කුසල්හි ම පිහිටා නිවන් දහම් පසක් කටයුතු.

157. අනේපිඬු මහ සිටුහු ගේ පුත් කාළ නම් සිටුපත්ර.යා ගේ වස්තුවසංස්කරණය

තව ද තමාගේ එ බඳු අදහසක් මඳ වුව ත් අනුන්ගේ වසයෙන් කළා වු කුසලය ත් සප්රබයෝජන ‍වූ නියාව හඟවන්ට අනේපිඬු මහ සිටුහු ගේ පුත් කාළ නම් සිටුපත්රරයා ගේ වස්තුව දක්වමු.


158. අනේපිඬු මහ සිටුහු ගේ පුත් කාළ නම් සිටු පුත්රහයා ගේ වස්තුව 799

කෙසේ ද යත්-

ඒ කාළ නම් සිටු පුත්ර තෙමේ එසේ වූ සැදෑ ඇති සිටාණන්ට පුත් ව ඉපද ත් නෙළුම් මල මොළකැටි වුව ත් නෙළුම් දණ්ඩ රළුවා සේ බුදුන් කරා විහාරයට යන්ට වේව යි තමන්ගේ ගෙට වැඩි කල දක්නට වේව යි. බණ අසා ගන්ට වේව යි, සඞ්ඝයා වහන්සේට වෙය්යාිවතක් කරන්ට වේව යි. නො කැමැත්තෝ ය. පියාණන් තෙල ලෙස නො කරව’යි කිව ත් උන්ගේ බසු ත් නොගිවිසති.

ඉක්බිත්තෙන් අනාථ පිණ්ඩික සිටාණෝත් තමන් බාල කලත් තෙල ලෙස නො කළ විරූ හෙයින් තමන්ට ඒ අප්රිමය හෙයින් ‘මූ මෙ ලෙස ම කෙරෙත් නම් නරකොත්පත්තියක් විනා ස්වර්ගො ත්පත්තියක් මුන්ට වන්ට කාරණ නැත. අප වැන්නවුන්ට පුත් වූ ත් නරකයෙහි අපන්නු නම් උන්ට ම ඒ තරම් වත් මුත් අපට තරම් නො වෙයි. මෙ ලොව ධන ධාන්යඅ සම්පතට නො නැමෙන කෙණෙක් නැත.

එ හෙයින් සම්පත් පෑ ලා වුව ත් මට නම්වා ගනිමි’යි සිතා එක් දවසක් ‘පුත, පෙහෙ ව ගෙන වෙහෙරට ගොසින් බණ අසා එවත කොපට මසු සියයක් දෙමි’යි කිවු ය. ‘දෙන සේක් ද, දෙන සේක් දැ’යි තුන් විටක් ම විචාරා තුන් විටක් ම ‘දෙමි’ කියවා තර ය කරවා ගෙණ පෙහෙ ව ගෙණ විහාරයට ගියහ. විහාරයට ගිය පමණක් මුත් බණ ඇසී‍මෙන් තමනට ප්රෙයෝජනයක් නැති හෙයින් සැප තැනක වැද හෙව නිඳා පුරා පියා උදාසන ම ගෙට ගියහ. අනාථපිණ්ඩික සිටාණෝ ද ‘ම පුත්තු ඊයේ පෙහෙ වූ ය. එ හෙයින් රෑ සයින. වහා උළු කැන් හා කැවුම් ගෙනෙව’යි ගෙන්වා දුන්හ. ඌ ‘රන් නො ලද්දොත් නො කමි’ කියා ලා උළු කැන් හා කැවුම් ත්, සෙස ත් ‍ෙගනා දෙය ත් නො කති. සිටානෝ ද උන්ට වන පීඩා ව බවසා ගත නො හී රන් පියල්ලක් දෙවාලූ ය. ඒ රන් පියල්ල අතින් අල්වා ගෙන පිණට ලොභ නැත ත් වස්තු ලොභ ය බලවත් හෙයින් ආදි නො කෑව ත් රන් ලැබ අතට හැර ගෙණ බත් පැන් අනුභව කළහ.

දෙවන දවස් සිටාණෝ ‘පුත තොපට මසු දහසක් දෙවා ලමි’ බුදුන් ඉදිරියේ සිට එක බණ පදයක් ඉගෙන එව’යි කිය ලා යවු ය. උයි ත් වෙහෙරට ගොසින් බුදුන් ඉදිරියෙහි සිට එක බණ පදයක් ඉගෙන ගෙණ ලා කල් යවා රඳන්ට මැළි ව නික්මෙන් කැමැති වූ ය. උන්ගේ සිතිවිල්ලට බුදුන්ගේ සිතිවිලි පෙරාතු ව


800 සද්ධර්මනරත්නාවලි ය

ලා තමන් වහන්සේ ලඟට ගිය කලට ඒ වදාළ පදය නො සැලකෙන ලෙසට කළ සේක. පද ය සලකා ගත නොහී ‘අනික් පදයක් උගනිමි’යි සිට ඇසූ මය. උගනිම්හ ‘යි අසන්නෝ සකස් කොට අසති. මෙ සේ අසන්නවුන් අසන දෙය සිත හෙළා අසන හෙයින් දැන විදලූ හි දණ්ඩ ඉලක්ක ය වැද ගන්නා සේ භාවනා සිත ත් ති ලකුණෙහි වැද ගෙන නිවන් සාධා දී ලයි. උයි ත් ‘උගනිමි’ සිතා ම අසති. බුදුහු ත් වදාල පද ය නො සැල කෙන ලෙසට කරණ සේක. උයි ත් අනික් පදයක් උගනිමි සිට අසන්නෝ ම ආදි ‍ ආදි ඇසු පද ත් පසු ව නො සැලකෙන බව මුත් පරතොඝොෂප්ර ත්යද ය ලෙසට ආදි ඇසු හෙයිනුත් කෙළවර පදය අසා නිමවා ම කෑ කෑ දෙයින් බඩ පිරුණා සේ ඇසු ඇසු දෙයින් අර්ථ ප්ර තිවෙධ ය වූ හෙයින් පිණට මැළි කම් පලවා සෝවාන් වූහ.

සිටු පුත්රමයාණෝ නිවන් රස අනුභව කොට ලා දෙ වන දවස් බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ ලා කැටි ව අනාථ පිණෟඩික සිටා‍ණන්ට වූ පුත් කමින් හැරී බුදුන්ට පුත් වූ නියා ව හඟවන්නාක් මෙන් සැවැත් නුවරට වන්හ. සිටාණෝ ද පුතණූවන් දැක ‘අද ම පුතුන්ගේ සැටි ය යහපතැ’යි සිතූ ය. සිටු පුත්රතයානෝ ද ‘අද අපගේ පියාණන් පහන්සේ බුදුන් ලඟ දී පදයක් ඉගෙන ආවො ත් දෙමී කී මසු දහස නුදුන් ලඟ දී පදයක් ඉගෙන ආවො ත් දෙමී කි මසු දහස නුදුන් සේක් නම් යහපත. ඊයේ රන් නිසා පෙහෙ වූ නියාවක් නො කී සේක් නම් යහපත. ඊයේ රන් නිසා පෙහෙ වූ නියාවක් නො කී සේක් නම් යහපතැ’යි සිතූහ. බුදුහු වැළි ත් මුන් ඊයේ රන් නිසා පෙහෙ වූ නියාව දත් සෙක්.

මහ සිටාණෝ බුදු පාමොක් මහ සඟනට කැඳ අවුළු පත් පිළිගන්වා ලා පුතණූවන්ට ත් කැඳ අවුළු පත් දෙවූහ. ඌ වැද හිද රන් නො ඉල්වා ම හුළු කැන් ත් පූය. කැවුමු ත් කෑවුය. පසු ව බතු ත් කැවු ය. රනින් විඳිනා ප්රනයෝජන විතරට ත් නිවනින් විඳග්නනා ප්රුයෝජන බලවත් ව ගොසින් රනෙක නමක් ම නො කීවෝය. මහ සිටාණෝ ද බුදුන් වළඳා අන්තයෙහි පුතණුවන් ලඟ මසුදාසින් බඳ පයිල්ල තබ්බවාලා ‘පුත, තොපට මසු දහසක් දෙමී කියා ලා විහාරයට යැවිමි. සෙල ඒ දහස හැර ගනුව’යි කිවු ය. උයි ත් බුදුන් ලඟ දී රන් හැර ගන්ට කී හෙයින් ලජ්ජාව ‍ගොසින් ‘අපට රන් නො කැමැත්තේ ය’යි කියා නැවත කීව ත් හැර නො ගත්හ. මහසිටාණෝ ද බුදුන් වැඳ ලා ‘ස්වාමිනී අද ම පුතුන්ගේ සැටි ය යහපතැ’යි කියා ‘කුමක්ද, මහ සිටාණෙනි, වදාළ කල්හි ‘ස්වාමිනි, පෙරාතු දවසෙක ‘මසු සියයක් දෙමී විහාරයට ගොසින් ‘එව’යි කියා යවා ලූ ගමනේ අවුත් රන්



159. මාර දූන් තුන්දෙනා ගේ වස්තුව 801

අතුට ඇරගෙන සිට ය. බතක් පැනක් අනුභව කෙළේ. අද අතින් රන් ඇරගන්ට කිව ත් ආදි සියය පමණක් ඇරගත් තැනැත්තෝ දැන් දාසක් ඇරගන්ට මැළියෝ ය’යි කිවු ය. බුදුහු ත් ‘එසේය, මහ සිටාණෙනි, එ ලෙස වන්ට කාරණ ඇතැ’යි වදාරා බණ වදාරන සේක් - සත් රුවනෙහි ආනුභාවයෙන් මුළු සක්වල සාධා ගෙන සත් රුවනින් සමන්විත ව සක්විති රාජ්ය ය කිරීමෙනු ත් කිසි කලෙක නරකා දි වු සතර අපායට පැමිණ දුක් විඳිනා හොයින ප්ර යෝජන නැත. දිව්යන සම්පත්තියෙනු ත් ශ්රුද්ධාවාස බ්රරහ්ම සම්පත් හැර සෙසු බ්රධහ්ම සම්පතිනු ත් කලෙක උන් හැම කදෝ පැණිව ත් උපදනා හෙයින් ප්ර්යෝජන නැත. හැම තන්හි සියල්ලවුන්ට ඉසුරු පවත්වා නායක වීමෙනු ත් කිසි කලෙක අනුන්ට අයිති වන හෙයින් ප්රසයෝජන නැත. ප්රකයෝජන කවරේ ද යත් අපාය දුකින් මි‍ඳෙන හෙයින් හා කලෙක දී සසර දුකින් මි‍ඳෙන හෙයිනු ත් සෝවාන් පමණක් වුව ත් එම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ශක්රි සම්පත් බ්ර‍හ්ම සම්පත් මාර සම්පත් චක්රවවර්ති රාජ්යර සම්පත් ප්ර‍දේශ රාජ්ය් සම්පත් ආදියෙහි ඇලුම් හැර නිවන් සම්පත් ම සාධා ගත යුතු.

159. මාරදූන් තුන්දෙනා ගේ වස්තුවසංස්කරණය

තව ද සර්වපඥයන් වහන්සේ තමන් වහන්සේ කවර නම් පරිභවයක් ලබත . ඒ නො සලකා අනුන්ට වන ප්රනයෝජන ම සල කන පරිදි හඟවන්ට මාර දූන් තුන් දෙනා ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

කුරු රට මාගන්දිය1 නම් බමුණානන්ගේ මාගන්දියා2 නම් දුවණි කෙණෙක් ඇත. ඌ තුමූ උතුම් වූ රූ ධරති. උන් පතා බොහෝ බ්රාුහ්මණවරු ත් රජ දරුවෝ ත් තමන්ගේ දුවණියන් අපට සරණ එවුව මැනවැ’යි මාගන්දිය නම් බමුණන්ට කියා යවති. ඌ තුමූ මුඹ හැම සම්පතින් වඩිත ත් රුවින් අපගේ දරුවන් හා සරි නො වන දෑය යි බාධා කොට කියා යවති.

ඉක් බිත්තෙන් එක් දවසක් බුදුහු අළුයම් වේලෙහි ලොව බලන සේක් - තමන් වහන්සේගේ නුවණ දැල බැඳුණු මාගන්දිය බමුණානන් දැක උන්ට වන ප්ර්යෝජන කව‍රේ දෝ හෝ යි බුදු ‍


1. මාගන්දියා 2. මාගන්දිය 26 802 සද්ධර්‍මරත්නාවලි ය

නුවණින් බලන සේක් - ඒ බමුණා‍ණනනු ත් උන්ගේ බැමිණිනියනු ත් අනාගාමි වන නියා ව දුටු සේක. ඒ බමුණානෝ ද නිරන්තර ව ගමින් පිටතට අවුත් ගිහි දෙවියා පුදති. බුදුහු උදෑසන ම සඟල කර ලා ගෙන පාත්රටය හැර ගෙන බමුණානන් ගිහි දෙවියා පුදන තැනට වැඩි සේක. බමුණානෝ ද බුදුන්ගේ අනන්යිසාධාරණ වූ රූප ශොභාව දැක මේ ලොව රුවින් මුන්තරම් කෙණෙක් නැත. මූ අපගේ දුවණියන්ට තරම්හ. අපගේ දුවණියෝ ත් මුන්ට තරම්හ. මුන්ට උන් පාවා දෙම්හ’යි සිතාගෙණ බුදුන්ට ‘මහණ, මාගේ ඉතා රූපත් වූ දුවෙක් ඇත. මම උන්ට තරම් කෙණෙක් නො ලත් හෙයින් කිසි කෙණකුන්ට ත් පාවා නුදුන්නෙමි. තෙපි තව ත් නිස්සව, මම් ම දුන් තොපට සරණ පාවා දෙමි. මා උන් කැඳවා ගෙණ එන තෙක් ඔබ්බකට නො ගොස් මෙ තැන ම රඳව’යි කිවූ ය.

බුදුහු උන්ගේ කථාව අසා ‘යහපතැ’යි කියා ත් නො කැමැත්තේ ය’යි කියා ත් නො වදාළ සේක. බමුණානෝ ද ගෙට ගොසින් තමන්ගේ බැමිණියන්ට ‘පින්වත, අද ගිනි දෙවියා පුදන්ට ගිය ගමනේ ම දුන්ට තරම් කෙණකුන් දිටිමි. උන්ට මුන් පාවා දෙම්හ’යි දුවණියන් සරහා ලා කැඳවා ගෙන බැමිණිනියන් හා සමග එ තැනට ගියහ. බොහෝ දෙන ත් තමන් හැම ත් නුදුටු විරූ දෙයක් වන්නා විස්මපත් ව කැටි ව ම නිකමුණාහු ය.

බුදුහු ද බමුණානන් කී තැන ම වැඩ නොසිට එ තැන්හි මි දෙව් දුවගේ නළල තිලක දෙන කලක් මෙන් පදලස දක්වා ලා ගොසින් අනික් තැනක වැඩ සිටි සේක. බුදුන්ගේ පියවර නම මේ පියවර අසවල්හු දකිත්ව’යි සිතා ලා ඔබා ලූ තැන ම පෙනෙයි. සෙසු තැන දක්නේ නැත. බමුණානෝ ද තමන් හා කැටිව යන බැමිණි ය උන් දැන් කොයි දැයි විචාළ කල්හි ‘මෙ තැන සිටින්ට ඕ හට කීමි’යි කියා ලා බලන්නෝ පදලස දැක ‘තෙලෙ උන්ගේ පියවර ය’යි කිවූ ය. බැමිණියෝ ත් ලක්ෂලණ මන්ත්රද යහපත් ව දන්නා හෙයින් බමුණ, මේ පත්ල ගිහි ව සිටි කෙ‍ණකුන්ගේ පත්ලෙක් නො වෙ යි කියා ලා බමුණා ‘පින්වත, තී පැන් සැළියේ කිඹුලුන් දක්නා එකෙක් වැන්නී ය. මම ද ඕ හට ම දුව දෙමි යි කිමි. උයි ත් ගිවිස්සෝ ය. අනභිප්රා ය වූ‍වො ත් නො කැමති නියාව කියන්නෝ වේද’යි කී කල්හි ‘බමුණාණෙනි, තොපි දන්නා නම් ගිනි මොළවන්නා සේ ම හෙයින් සෙස්සක් දන්ට නැති වන්නා කියව. මේ පත්ල වූ කලී බඹ ලොව ගෑනු


 159.	මාර දූන් තුන්දෙනාගේ වස්තුව       			803

නැත්තා සේ සන්තානයේ කෙලෙස් ලව නැති කෙණකුන්ගේ පත්ලෙකැ’යි කිවූ ය.

බමුණානෝ ‘පින්වත, තෝ නො දොඩා බැණ නො නැගි මා හැ කැටි ව එව’යි කියා ලා යන්නාහු බුදුන් දැක ‘මා කී තැනැත් තෝ නම් තුලු ය’යි පෑ ලා බුදුන් කරා ගොසින් ‘ම දුව තොපට සරණ පාවා දෙන්ට ගෙනාමි. උන් පාවා ගනුව’යි කිවූය. ‘තොපගේ දුවණියන් අපට නො කැමැත්තේ ය’යි නො වදාරා එක් කාරණයක් තොපට කියා ලමි. ඒ අසවු දැ’යි විචාරා ‘අසමි’ කී කල්හි මහබිනික්මන පටන් සඞ්ෂ් ලමප කථාවක් දක්වන සේක් ‘හෙම්බා, මම විසි නව හවුරුදු රජ සැප ත් හැර කන්ථක නම් අස් රජහු නැඟී ඡන්ත නම් ඇමත්තාහු හා සමඟ මහණ වන්ට නික්මුණු ගමනේ නුවර වාසලින් පිටත සිටි වසවත් මරහු ‘සිද්ධාත්ථි කුමාරයෙනි, රඳව, සත් වන දා වස් සක් රුවන පහළ වෙයි ‘කී කල්හි ‘මාර ය, මම දනිමි. නො නවතිමී’යි කී හෙයින් ‘නො නවත්නේ කුමක් නිසා දැ’යි කී ය. බුදු වන නියා ය’යි කී කල්හි ‘එ සේ වී නම් අද පටන් නපුරු සිතක් නො සිත ව. නපුරු සිතක් සිතූ නම් ඊට නිහඬ දනිමි’ කියා ලා එ තැන් පටන් අවසරයක් දක්නට සත් අවුරුද්දක් උත්සාහ කළේ ය.

‘මම ද සාවුරුද්දක් දුෂ්කර ක්රි්යා පුරා බුදු ව පස් වන සතිය අජපල් නම් නුඟ ගස මුල උනිමි. ඒ වේලාට මාරයා මම මෙතෙක් කල් මුළුල්ලෙහි ත් තොරතුරක් සොයා අත් නො හැර ඇවිද ත් ‍තොරතුරක් දැක්ක නුහුණුයෙමි. මාගේ විෂ ය ඉක්මවා පූ ය’යි මුසුප්පු ව ගෙන මාවතකහුණ. ඉක් බිත්තෙන් ඔහුගේ තණ්හාවෝය, අරතී ය, රඟාවෝ ය යන දූන් තුන් දෙන ‘අපගේ පියාණන් වහන්සේ නො පෙනෙන සේක. දැන් කොයිදෝ හෝ ‘යි බලන්නාහු උන් මාවත මුසුප්පුව ගෙන හුන්නහුන් දැක උන් කරා ගොසින් පියාණන් වහන්ස මුසුප්පු හැයි ද’යි විචාළෝ ය. ඌ තමන් සිත ඇති මුසුප්පු ව දූන් තුන් දෙනාට කී ‍කල්හි ඌ ඒ අසා ‘පියාණන් වහන්ස, මුසුප්පූ නූ ව මැන ව. අපි උන් පොලොඹා අපට වසඟ කොට ගෙන එම්හ’යි කිවූ ය. ‘කිසි කෙණකුන්ටත් ඌ වසඟ වන කෙණෙක් නො වෙති. දරුවෙනි, තොපට බැරිය’යි කිවූ ය.

‘පියාණන් වහන්ස, අපි ගෑණු ජාති වේ ද, දැන් ම යෞවන පුරුෂයන් බදන්ට නිල ව තිබෙන අපගේ කෙලෙස් නමැති, අඟර මළින් බදාගෙණ එම්හ. මුඹ වහන්සේ මුසුප්පු නූව මැනවැ’යි කියා ලා බුදුන් කරා ගොසින් ‘මහණ තොපට අඹු වම්හ’යි

804 සද්ධර්මපරත්නාවලි ය

කියා ලා තුන් බින්න වෙන වෙන ම ස්ත්රී විලාස දැක්වූහ. බුදුහු උන් කියන බස් දත් වගුළ කැණහිල් දෙනුන්ගේ හඩ කොට ත් නො සිතූ සේක. උන් තමන් දා වැකිටි ගැසී ගිය වැඳිරි මෑල්ලන් තරමට ත් නො තැකූ සේක. ඇස දල්වා උන් දසා වත් බලා වදාළේත් නැත. ගල් පිළිමයක් මෙන් නිශ්චල ව වැඩ හුන්‍ සේක. නැවත ත් මාරයාගේ දූන් තුන් දෙන පිරිමින්ගේ අදහස් නම් නො එක් සිතිවිලි වෙයි. සමහර කෙණෙක් දස දොළොස් ඇවිරිදිවිවරයන් කෙරෙහි ඇලුම් කෙරෙහි. සමහර කෙණෙක් සග බාල ස්ත්රීරන් කෙරෙහි ඇලුම් කෙරෙති. සමහර කෙණෙක් මද්ධ්ය ම තරමුන් කෙරෙහි ඇලුම් කෙරෙති. සමහර කෙණෙක් මෑළි ගෑණුන් කෙරෙහි ඇලුම් කෙරෙති. නො එක් ලෙසින් වුව ත් පොලොඹා ගනුම්හ’යි එ කී එ කී තැනැත්තෝ ම සරණ යන අවස්ථාව ය, දරුවන් ලබන අවස්ථාව එක් දරුමා අවස්ථාව ය, දෙ දරුමා අවස්ථාව ය; මද්ධ්ය ම තරම් අවස්ථාව ය. මෑලි අවස්ථාව ය’යි මුල් අවස්ථාසයක් ඇති ව අත් බැව් සියක් සියක් මවා බුදුන් ලඟට ගොසින් ‘මහණ තොපට අපි තුන් බින්න ම අඹුවම්හ’යි කිවූ ය. එයි ත් බුදුහු සිත්හි නො ලා කෙ‍ තෙක් වේලා ත් බැණ නොනැගෙ ත් උන් එතැනින් නො‍යන හෙයින් ‘පාපී කෙල්ලෙනි, පලා යව. තෙල ලෙස ම තොප ආයාස ‍ගන්නේ හැයි ද? තෙල ලෙස කළ මනා කෙලෙස් ඇති කෙ‍ණකුන් ට ය. සර්ව්ඥවරයන්ට රාගාදී වූ කෙලෙස්හු තොපට ගුණයක් දහමක් නැත්තා සේ නැති වූහ’යි වදාරා බණ වදාරණ සේක්-

‘යම් සර්ව ඥ කෙණකුන්ට ශ්රොදත ආපත්යාාදි ඒ ඒ මාර්ගායෙන් නටුවා වූ කෙලෙස්හු පෙරළා පැවැත්මක් නැති හෙයින් නපුරු කොට නසල ලද්දෝ නො වෙත් ද, නටුවා වූ කෙලෙසුන් ගෙන් කිසි කෙණකු ත් උන් අනු ව නො පවත්තී ද, අනන්ත වූ විෂ ය ඇති සර්වකඤතා ඥාන ය ලැබ සිටියා වූ රාගා දී කෙලෙසුන් නසා ඒ සර්ව්ඥයන් කවර ලෙසකින් තොපට නම්වා ගනු ද? තව ද යම් සර්ව ඥ කෙණකුන්ට කවර ත් තැනකට පමුණුවා ලන්ට නිසි වූ අෂටොත්පරශතප්ර්භෙද වූ තෘෂ්ණා වූ නැද්ද, තෘෂ්ණා ව සියලු ලෙසින් ම නසා සිටි සර්වෂඥවරයන් කවර ලෙසකින් තොප කරා නම්වාගනු දැ’යි වදාළ සේක. මේ දේශනාවගේ කෙළවර බොහෝ දෙවියෝ නිවන් දුටහ.

මාරයාගේ දූන් තුන් දෙන ත් එ තැනින් ම සැඟවී පලා ගිහය. බුදුහු ඒ දේශනා ව ගෙන හැර වදාරා ‘මාගන්දියෙනි; මම පෙර තව පඤ්චක පමණක් විනා අනික් කුණු කොටස් සත් විස්ස ම දෙවතා දූන්ට නැති විසින් රන් කඳ වැනි අත් බැවු ඇති දෙව් දූන් තුන් දෙනා දැක ත් මා උන් කෙරෙහි ඇල්මෙක් ගින්නෙහි පාළ නො නැගෙන්නා සේ හට නො ගත. තොපගේ දුවණියන්ගේ ශරීර ය නම් උන්ට ලා තොපට ම යහපත් සේ

160. යමා මහ පෙළහර වත

වැටහෙන බව මුත් දෙ තිස් කුණු කොටසින් ගැවසී ගෙන තිබෙයි. පිරිමැස්ම නම් අසූචි පුරා ලූ කළයක් ‍පිටත සිත්තම් කරන්නාක් වැන්න. ඉදින් මාගේ පය අපවිත්රචයෙහි ගෑවිණි නම් මෑ පය පිස්නා දඬු කඩක් ලෙස සිටියා නමුත් මෑගේ ඇඟ මාගේ අපවිත්රල ව ගියා වූ පය පමණක ත් නො පිසිමි’වදාරා ලා-

“දිස්වාන තණ්හං අරතිං රගං ච- නාහොසි ඡ‍ෙන්ද අපි මෙථුනස්මිං, කිමෙවිදං මුත්තකරිසපුණ්ණං- පදාපි නං සසමුථුසිතුං නං ඉච්ජෙ”

යන ගාථාව වදාළ සේක. ගාථා කෙ‍ළවර බමුණානන් සහ බැමිණියන් හා දෙන්න අනාගාමි වූව. සමහරුන්ට අමා සමහරුන්ට වස වන්නා සේ ඒ බණ මාගන්දිනයා නම් කුඩා බැමිණියට වය වි ය. සෙසු යම් තැනකට ම සප්රායෝජන විය.

එහෙයින් නුවණැත්තවුන් විසින් බුදු රජුන් වහන්සේ මාගන්දි යා නම් බැමිණිය තමන් වහන්සේ කෙරෙහි වෛර බැද ගෙණ බණවන්නී හරසර නො සලකා අරුන් දෙ මහල්ලන්ට වන ප්රරයොජන පමණක් සලකූවා සේ මෙ ලොව විඳිනා ඵාසු නො සලකා මත්තෙහි ලබන නිවන් සලකා නො පමා ව වසනු මැනවි.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xix&oldid=5695" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි