සද්ධර්ම රත්නාවලිය- xiv

100. සාතාගිර - හේමවත දෙදෙනා ගේ උත්පත්ති කථාව

සංස්කරණය

තව ද නපුරු ව කෙ තෙක් දවස් ජීවත් වීමට ත් වඩා එක දවසක් වුව ත් යහපත් ව විසී ම යහපත් නියාව හඟවන්ට සාතාගිර - හෙමවත දෙදෙනා ගේ උත්පත්ති කථාව කියමු. 100. සාතාගිර - හේමවත දෙදෙනා ගේ උත්පත්ති කථාව 605

කෙ සේ ද යත් —

බුදුවරුන් වහන්සේ පස් නමක ගෙන් හෙබියා වූ මේ භද්රේ කල්පයෙහි විසි දහසක් හවුරුද්දට ආයු ඇති ව ඉපැද පරමායු කාලය පස් කොටසක් කළ කල කොටසක් තිබියදී සතර කොටසක් නිමවා පිරිනිවෙන හෙයින් සාර දහසක් හවුරුදු තිබිය දී ම සොළොස් දහසක් හවුරුදු ජීවත් ව වැඩ සිට ලා කසුප් බුදුන් පිරිනිවි කල්හි මහ පෙරහරින් ආදාහන පූජා ව කළහ. අපගේ බුදුන් මෙන් අල්පායුෂ්ක නොව දීර්ඝාහයුෂ්ක වූ බුදුවරයන් වහන්සේගේ ධාතු නො විසිරෙන හෙයින් කසුප් බුදුන්ගේ ධාතු නො විසිර රන් කඳක් මෙන් සිටි සේක.

අල්පායුෂ්ක බුදුවරුන් වහන්සේගේ ධාතු විසිරෙන්ට කාරණ කිම් ද යත් - තමන් වහන්සේ බොහෝ කලක් ජීවත් නු වූ හෙයින් ධාතු පූජා නිසා ත් සත්ව යන්ට වැඩ සඳහා ඉසිරෙන්ට ඉටා වදාරන හෙයිනි. කසුප් බුදුන්ගේ ධාතු වඩා සතරගවුවක් විතර උස ඇති රන් දා ගැබක් කළහ. රන් දා ගැබ කරණ ගමනේ ත් මැටියට සිරියෙල් හැර ගෙන නිකම් මැටි නො ගෙන, පැනට සුවඳ තෙල් හැර ගෙන නිකම් පැන් නො ගෙන, එකි එකී උළ මසු ලක්ෂ්යක් වටනා වූ රන් උළින් එක් මුණක් කිකී රජ්ජුරුවන් හා, එක් මුණක් එ ම රජ්ජුරුවන්ගේ පුත් වූ පඨවින්ධර නම් කුමාරයන් හා, එක් මුණක් සෙනෙවි රදුන් පටන් ඇමාත්තන් හා, එක් මුණක් සිටාණන් පටන් දනවු වැස්සන් හා, තම තමන්ට නිළ කොට ගෙන බඳවා නිම වූහ. සතර ගවුව ම මිනිස්සු බැඳපු ද යත් — මිනිස්සු තමන්ට පිළිවන් විතරක් බැන්දහ. සෙස්ස දෙවියෝ බැඳ නිමවූහ.

මෙ සේ රන් දා ගැබ බැඳ නිමවා පූජාව ත් කරවා නිමි කල්හි කුල දරුවෝ දෙ යාළු කෙණෙක් ගිහි ගෙන් නික්ම බුදුන් ළඟ මහණ වූ වහන්දෑ කෙරෙහි මහණ වූ ය. එ සේ මැ යි, මහණ කරත ත් මාලු පැවිදි කරත ත් නිස දෙත ත් බුදුන් ළඟ මහණ ව මාලු පැවිදි වූ කෙණෙක් මේ තුන කරණ සේක. පසු පසු ව මහණ වූ තැනට මහණ කිරීම් මාලු පැවිදි කිරීම් නිස දීම් බැරි ය. ඒ කුල දරු‍වෝ දෙ‍ දෙන ද මහණ ව ලා ශාසනික තැන් පිරිය යුතු වූ ධුර කීයෙක් දැ යි විචාළ සේක. ග්ර්න්ථ ධුර ය හා විවසුන් ධුරය හා දෙක නියා ව වදාළසේක. එයි ත් තෝරා විචාළ කල්හි මහණ වූ කුලදරුවන් විසින් ඇඳුරු තෙරවත් තෙර තැන් ලඟ නිසපිළිබඳ හෙයින් පස් වසක් මුළුල්ලෙහි


606 සද්ධර්මබරත්නාවලි ය


රඳා හිඳ වත් පිළිවෙත් පුරා පාමොක් ද දෙ තුන් බණවරක් පමණ සූත්ර් ද උගෙන චරිත ලෙසට කමටහනු ත් ඉගෙන කුලෙහි ගෙණෙහි ඇල්මක් නැති ව වලට පලා ගොසින් රහත් වන්ට භාවනා කිරීම විවසුන් ධුරය ය. තමාගේ බල පමණින් සඟියක් හෝ සඟි දෙකක් තුනක් හෝ පස ම හෝ පාළි හෙයිනු ත් අර්ත්ථ හෙයිනු ත් ඉගැන් ම ග්ර න්ථ ධූරය යි කී සේක.

ඒ කුල දරු දෙ දෙනා වහන්සේ ත් ‘අපි තව බාලයම්හ. මාලු වූ කල විවසුන් පුරම්හ. මේ අවස්ථාවේ දී ග්රූන්ථධුර ය පුරම්හ’යි සිතා ගෙන අකුරට පටන් ගත් සේක. දෙ‍ දෙනා වහන්සේ ම මහ නුවණැති හෙයින් නො බෝ කලකින් ම තෙවළා ධර ව විනය විනිශ්චයේ ත් දක්ෂන වූ සේක. ඇසීම් පිරිවීම් නිසා කැටි ව වහන්දෑ ත් බොහෝ වූ සේක. ගණි කම නිසා ලාභය ත් බොහෝ වි ය. එකි එකී තෙරුන් වහන්සේගේ පිරිවර වහන්දෑ පන් පන් සිය ය. ශාසනාකාශයට හිර සඳ වැනි සේක. එක බුදුන් පිරිනිවියාට සර්වයඥ දෙ නමක් ලොව පහළ වූවාක් වැන්න.

එ කල ලජ්ජි පෙශල ශික්ෂා කාමී නමෙකු ත්, අලජ්ජි නමෙකු ත් ගම්බල් වෙහෙරක එක් ව වසන සේක. ඉන් අලජ්ජි නම ගුණ ස්නෙහ රහිත වීමෙන් තෙල් හැර ගත් මුරුවටක් මෙන් රළු පරළු දෑ ය. අකුරු පුළුල්ලක් මෙන් මුඛරි දෑ ය. උන්දෑගේ නපුරු තරම ලජ්ජි තැනැත්තන් වහන්සේට එක් ව හිඳිනා හෙයින් හැඟී තිබෙයි. උන් වහන්සේ ත් දැන දැන නො කිම නපුරු වේ දැ යි සිතා තෙල කිරීම සර්වදඥ අනුශාසනාවට පිටි පා තිබෙන්ට නො කළ මැනැවැ’ යි මාලු කම් ‍කියන සේක. එ සේ කී කලට ‘තෙල ලෙස කියන්ට අප ගෙන් දුටුයේ කිම් ද? ඇසුයේ කිම් දැ’ යි කියන දෑ ය. ලජ්ජි තැනැත්තන් වහන්සේ ත් අපට ඒ දැනේ ද? ඒ දන්නා සේක් වී නම් විනයධරයන් වහන්සේ වේ දැ’ යි කී සේක.

අලජ්ජි නම ඒ අසා ‘ඉදින් විනයධර තැනක් මේ කටයුත්ත විචාළ සේක් වී නම් සතෙකිච්ඡ ලෙසට කළ දෙයක් නැති හෙයින් මේ ශාසනයෙන් අපට පිහිටෙක් කොයි ද- සිතා විනයධරයන් වහන්සේ තමන්ට පක්ෂහ කරුණු කැමැති ව සිවුරු පිළී හැර ගෙන ඒ තෙර දෙ දෙනා වහන්සේ විනයධර කමට ප්රකසිද්ධ ව සිටිනා හෙයින් පෙරාතු කොට ම ඔබ ගොසින් ගෙන ගිය පිරිකර දෙ දෙනා වහන්සේට දී සිත් ගෙන ලා ඔබ අතුරෙහි ම රඳා හිඳ සැදෑ ඇති වත් පිළිවෙත් සරුකෙණකුන් මෙන් අත් පා මෙහෙයට ත් පටන් ගත්හ. එක් දවසක වත් පිරිත් අන්තයෙහි


සාතාගිර - හේමවත දෙදෙනා ගේ 607 උත්පත්ති කථාව

සැතපෙන්ට යව යි කීව ත් නො ගොස් ම සිටිති. තෙර දෙදෙනා වහන්සේ ත් ‘කුමක් ද? කියයුත්තක් ඇති නියා දැ’ යි විචාළ සේක. ‘එසේ ය, ස්වාමීනි, මාගේ නපුරක් දැක එක් කෙණකුන් වහන්සේ මා හා විවාදයෙක් ඇත. ඉදින් උන්වහන්සේ අවුත් මුඹ වහන්සේලාට කී සේක් නම් ධර්මයවිනයානුකූල ලෙසට විචාරන්ට නො කැමැත්තේ ය’යි කීහ. තෙර දෙ දෙනා වහන්සේ ‘සඟ මැදට එවා ලූ කටයුත්ත නො විචාරන්ට යුක්ත නො වෙයි’ කී සේක. ‘ස්වාමීනි, ඉඳින් ඒ කටයුත්ත විචාරන ලෙසට විචාළො ත් මට ශාසනයෙන් පිහිටෙක් නැත. වන පවෙක් මට ම වන්නාට ය. මුඹ වහන්සේලාට ඉන් කිම් ද, නො විචාරන බව ය’යි කුවු ය. තෙර දෙ දෙනා වහන්සේ ත් යහපතැ’ යි ගිවිසි සේක.

උයි ත් ඒ ලෙස ගිවිස්වා ගෙන තමන් රඳා හුන් විහාරයට ගොසින් විනයධර දෙ දෙනා වහන්සේගේ පක්ෂ කමක් නිසා ලජ්ජි තැනැත්තන් වහන්සේ හෙළා දකින්ට වන්හ. ලජ්ජි තැනැත්තන් වහන්සේ ත් ‘මූ තුමූ නිරාශංකයෝ ය. විනයධර තැන් පක්ෂි වූ නියා ය’ යි ඒ ඇසිල්ලෙහි ම ගොසින් තෙර දෙදෙනා වහන්සේ හා කථා නො කොට පිරිවර සඟ දහස කරා ගොසින් ‘හැයි ඇවැත්නි, සඟ මැදට නො පැමිණියේ නමුත් පැමිණි පසු විචාළ මනා වේ ද? ඉඳින් සඟ මැඳට නො පැමිණියත් ගෙන්වා විචාරා දුටු වරදකට නිස්ස කරවා ලා සමග හෝ කැරවිය යුතු ය. තෙරවරුන් වහන්සේ දෙක ම නො කළ සේක. මේ කිම් දැ’ යි කී සේක.

ඒ වහන්දෑ ත් ‘අපගේ, ගුරුවරයන් වහන්සේ එකක් සිතා වේ ද උදාසීන වූයේ ය’ යි තමන් වහන්සේ ත් උදාසීන වූ සේක. අලජ්ජි තැනැත්තො ත් අවසර ය ලදින් ‘හැයි, ආදි විනයධර තැන් දනිති නො වේ ද කීයේ. ඒ කියන විනයධර තැනු ත් සම්භ වුව කිවමැනවැ’යි කියා ලා ලජ්ජි තැනැත්තන් වහන්සේ ම බොහෝ කලක් විසූ වෙහෙරට නො වදින්ට කියා ලා පලා ගියහ. උන් වහන්සේ ත් තෙර දෙ නම කරා ගොසින් ‘මුඹ වහන්සේ උගත් බණ නියාවට කුමක් කළ නියා ද? සිත් ගත් පමණකට පවිටු පුඟලන් මුහුණු බැලූ බව මුත් ශාසන ය නො බැලූ සේක.

“ඡන්දා දොසා භයා මොහා - යො ධම්මං අතිවත්තති, නිභීයති තස්ස යසො - කාළපක්ඛෙව චන්දිමා

යන පක්ෂදයෙහි සිටි බව මුත් —


608 සද්ධර්ම රත්නාවලි ය

“ඡන්දා දොසා භයා මොහා - යො ධම්මං නාතිවත්ත ති, ආපුරති තස්ස යසො - සුක්කපක්ඛෙ ව චන්දිමා”

යන පක්ෂද ය බුලුයේ ම නැත. මෙ වක් පටන් විනය විනිශ්චයක් නො කළ මැනව. කසුප් බුදුන් පිරිනිවියේ ත් අද ය. ඔබගේ සස්න නැති වූ යේ ත් අද ය’යි අඬාගෙන පලා කිය සේක.

තෙර දෙ දෙනා වහන්සේ ත් මුසුප්පුව ගොසින් ‘අනේ අපි පුද්ගලයන් මුහුණු බලා පවතිමින් සිටි සසුන් රුවන හෙබක හෙළා පුම්හ’යි කුකුස් උපදවාගෙනා එ ම කුකුසින් වැඩිමහලු තෙරුන් වහන්සේ මිය ගොසින් දෙව් ලොව ඉපැද ගත නොහී හිම වත හෙමවත නම් පර්වේතයෙහි හෙමවත නම් යක්ෂ ව උපන්හ. දෙවන තෙරුන් වහන්සේ මිය ගොසින් මධ්යය දෙශයෙහි සාත නම් පර්වනතයෙහි සාතාගිර නම් යක්ෂ් ව උපන්හ. පිරිවර සඟ දහස ත් ධර්මෙ වින ය ලෙසට නො කොට ඒ දෙ නමගේ රුචි විලසට කළ හෙයින් දෙව් ලොව ඉපැද ගත නොහී යක්ෂඒ ව ඉපැද පියා සාතාගිර - හෙමවත දෙ දෙනාහට පරිවාර වූහ. එ තෙක් දවස් කරණ දෙයක් කළමනා ලෙස කරන්ට නු වූ හෙයින් තෙලේ වූ තරම එ තැනට උපස්ථාන කළ උපාසකවරු කළ මනා ලෙස කළ හෙයින් දෙව්ලොව උපන්හ.

හෙමවත - සාතාගිර දෙ දෙන ත් මහානුභාව සම්පන්න ව සක් දෙවිඳුගේ අ‍ටවිසි යක් සෙනෙවියන්ට ඇතුළත් වූහ. යක් සෙනෙවියෝ අට විස්ස ද වැළි ත් ‘මසකට අට දවසක් ගැණි සැඟිණි නිසා හිමවත රත් ගල් තෙලෙහි භගලවති නම් මණ්ඩපයට දෙවියෝ රැස්වෙති. එ තැනට අප යා යුතු ය’යි කතිකාවක් කළහ. එහෙයින් සාතාගිර - හෙමවත් දෙන්න ත් සෙසු පුණ්ණකාදී යක් සෙනෙවියන් හා සමග ඒ දෙවතා සමාගමයට ගොසින් ඔවුනොවුන් දැක හැඳින ගෙන ‘තොපි කොයි උපනු ද තොපි කොයි උපනුදැ’යි ඔවුනොවුන් උපන් තැන් විචාරා කළ කම් වූ නියාවට මඳ වැරැද්දකින් වූ අඩු ව දැන ‘අපි, සමඳිනි, විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි මහණ ධම්කොට පාපී කෙණකුන් නිසා උන්ගේ නපුරු සමවායෙන් යක්ෂ ව උපනුම්හ. අපට දන් දුන්නෝ දෙව්ලොව උපන්හ. අපි විසි දහසක් හවුරුදු ජීවත් ව කුමක් වූ මෝ ද, ඒ උපාසකවරු එක දවසක් ජීවත් වූ නමුත් ඒ ම යහපතැ’යි තමන්ට වූ හානි නිසා මුසුප්පු වූහ.

ඉක්බිත්තෙන් සාත නම් පවුවෙහි වසන සාතා ගිර නම් යක් සෙනෙවියෝ හිමවත - හෙමවත නම් පව්වෙහි වසන හෙමවත නම්

100. සාතාගිර - හේමවත දෙදෙනා ගේ 609 උත්පත්ති කථාව

යක් සෙනෙවියන්ට ‘සබඳ, හිමවත බොහෝ ආශ්චය්ය්ි ඇත. ඉන් ආශ්චය්ය්වියයක් දැක හෝ අසා හෝ මට ත් කියව’යි කිවු ය. හේමවත නම් යක් සෙනෙවියෝ ද සාතාගිර නම් යක් සෙනෙවියන්ට ‘සබඳ, මධ්යි දෙශයෙහි බොහෝ ආශ්චය්ර්ත‍ය ඇත. ඉන් ආශ්චය්ය්’වූයක් දැක හෝ අසා හෝ මට ත් කියව’යි කිවූ ය. මෙ සේ ඒ යක් සෙනෙවියන් දෙන්නා කථා කොට ගෙන ඒ යක්ෂ ආත්ම භාවයෙන් නොමි ඳී වසන කලට බුද්ධාන්තරයෙක් ඉක්මිණ. දහසක් හවුරුද්දෙන් අඟලක් වඩනා පොළොව සත් ගවුවක් විවර වැඩිණ. එ කල අප බෝසත්හු දිවකුරු බුදුන් සමයෙහි බුදු වන්ට පැතූ පැතීම් ඇති ව වෙසතුරු අත් බැව් දක්වා පැරුම් පුරා නිමවා තුසී පුරෙහි ඉපැද එහි ආයු පමණින් සිට දෙවි බඹුන් විසින් බුදු වීම නිසා මිනිස් ලොව උපදනා ලෙසට අයදනා ලදු ව කල් දෙස් ආදි ය බලා දෙවි බඹුන්ගේ ආ‍රාධනා ඉවසා මිනිස් ලොව මවු කුස පිළිසිඳ ගත්හ.

එ වේලෙහි දී පොළොව ගිගිරීම් ආදී වූ දෙ තිසක් විතර ආශ්චය්ය්සා පහළ වි ය. ඒ දැක මේ යත් සෙනෙවියෝ දෙන්න මේ කාරණයෙන් මේ පහළ වූ ආශ්චය්ය්. හ නියාව නො දත්හ. මවු කුසින් බිහි වූ දවස් ආශ්චය්ය්ෂහෝ පහළ වූ ගමනේ ත් නො දත්හ. මහභිනික්මන් නික්මෙන දවස් පහළ වූ ආශ්චය්ය්න් දැක ත් කාරණ නො දත්හ. බුදු වූ දවස් පහළ වූ අශ්චය්ය්ය්ය දැක ත් බුදුන් බුදු වූ නියාවට පහළ වූ ආශ්චය්ය්ත නියාව නො දත්හ. දහම් සක බරණැස දී පවත්වන දවස් පහළ වූ ආශ්චය්ය්ත දැක යක් සෙනෙවියන් දෙන්නා ගෙන් සාතාගිර නම් යක් සෙනෙවියෝ ම පළමු කොට දුටුවු ය. දැක කාරණාත් දැන ගෙන සහ පිරිවරින් බුදුන් කරා ගොසින් බණ ඇසු ය. බණ අසා ත් නිවන් එ දවස් දැකගත නුහුණුවු ය. කුමක් නිසා ද යත් — ඌ බණ අස අසා සිට ම හෙමවතයන් සිහි කොට පියා රැස් වූ යක් පිරිස් බලනුවේ නො දැක ‘එන ගමනේ මාගේ යාළුවාණන්ට ත් සැළ නො වී ය. ඌ සම්භනුවූයෝය’ යි සිත සිතා බණට නුවණ යොමු කරන්ට නො වී ය. බුදුහු ත් හිර ගළ හෙන්නා ම බණ ත් සන්ධි කළ සේක.

සාතාගිර නම් යක් සෙනෙවියෝ ද බණ නම් අද වදාළ බණ ම නොව ත් තවත් තවත් වදාර ත් මාගේ යහළු වූ හෙමවතයනු ත් කැඳවා ගෙන අවුත් උන් හා එක් ව බණ අසමි ‘සිතා ඇත් වාහන අස් වාහන ගුරුළු වාහනාදිය මවා ගෙන පන් සියයක් සෙනඟ පිරිවරා හිමවත බලා නික්මුණවු ය. එ කල හෙමවත නම් යක් සෙනෙවියෝ ද බුදුන් මවු කුස පිළිසිඳ ගන්නා දවසු ත්, බිහි වන දවසුත්, මහභිනික්මන් දවසු ත්, බුදු වන දවසු ත්, පිරිනිවන් පානා දවසු ත්, පහළ වු දෙ තිසක් පමණ ආශ්චය්ය්මන් ඇසිල්ලෙහි නැති

20 610 සද්ධර්ම රත්නාවලි ය

වත ත් ධම් සක් පැවතුන් සුත් දෙසන දවසු ත්, පස්වා දහසක් පවත්නා බණ හෙයින් ආශ්චය්ය්ැ දෙ තිසක් නැතක් වේලා පවත්තී. හිමවත ත් පහළ වූ බොහෝ ආශ්චය්ය් පැ දැක ‘මා මෙහි උපන් වක් පටන් මේ හිමවුපියස මෙ ලෙස සිතුකලු වූවා දුටු වීරූ නැත. මාගේ යහළු වූ සාතාගිරයනු ත් කැඳවා ගෙන අවුත් වනසිරි වඳිමි’ යි සිතා හිමවත සිට මද්ධ්යු දෙශ ය බලා එ තැනට එති. ඔහු දෙ පක්ෂරය ම ‍රජගහා නුවරට උඩ අහස දී එක් තැන් ව ඔවුනොවුන්ගේ ඊමට කාරණ විචාළහ.

හේමවතයෝ ‘නිදුක, මා උපන්වක් පටන් මේ හිමවු පියස රුවන් වොටුන්නක් මෙන් මෙ සේ ‍ශොභාව ත් වූ කලක් නුදුටු විරීමි. එක් ව වන සිරි විඳින නිසා තොප කැඳවා යන්ට ආමි’ යි කීහ. සාතාගිර නම් යක් සෙනෙවියෝ ‘මෙ සේ හිමවත ශොභාවත් වන්ට කාරණ දනුදැ’ යි විචාළෝ ය. ‘නො දනිමි’ කී කල්හි හෙම්බා නිදුකාණෙනි, මේ ආශ්චය්ය් හුදෙක් තොපගේ හිමවත නො වෙයි. හුදෙක් දඹ දිව ම නො වෙයි. හුදෙක් මේ සක්වළ ම නො වෙයි. දස දහසක් සක් වළ මුළුල්ලෙහි ම මේ සැටි ම ය. මෙයට කාරණ අනිකෙක් නො වෙයි. බුදුහු ලොව පහළ ව අද ධම් සක් පැවැත්වූ සේක. ඒ නිසා පහළ වි ය’ යි කීහ. මෙ සේ සාතාගිරයෝ හෙමවතයන්ට බුදුන් උපන් නියාව කියා ලා සබඳ හෙමවතයෙනි, අද දවස ඇසළ මස පුර පසළොස්වක් දවස ය. අද රාත්රිෙය ත් පිරී නැඟී ස‍ඳෙහි සඳරසින් හා දස දහසක් සක්වළින් රැස් වූ දෙවි බඹුන්ගේ ශරීරාලොකයෙන් හා රැඳී ගියාක් මෙන් ඉතා හොබ්බි. ඒ හැමට ත් වඩා බුදුන්ගේ සකල ශරීරයෙන් නිකුත් සවනක් රස් සියලු ශොභාව මඬිමින් රාත්රි ය ඉතා හොබවයි. එ හෙයින් මෙ තරම් රාත්රිභයක් ලබන්ට බැරි ය. මේ නිසා රාත්රි් ය සිස් නොයවා බුදුන් දක්නට යම්හ’ යි හෙමවත යන්ට කිවු ය.

හෙමවතයෝ ඒ අසා ‘සාතාගිරයෝ බුදු කෙණකුන්ගේ පවත් කියති. පූරණ කාශ්යඅපාදී වූ ස දෙනෙකු ත් බුදුම්හ’ යි කියා ඇවිදිති. සර්ව ඥවරයන්ගේ ලොව පහළ වීම ත් අරුම ය. ලද්දා වු ගුණ විශෙෂ ය. දතො ත් බුදු නියාව දත හැක්ක. ඒ විචාරමී’ සිතා ‘කුමක් ද? තොපගේ බුදුන්ගේ සිත මඩෙයි ඇති කූරක් සේ නොවළහා ලාභාදි ය නිසා වෙව් ලා නො යාමෙන් ගැඹුරු වන වළෙක හිඳුවා ලූ ටැඹක් මෙන් නිශ්චල ද? හිත අහිත සියල්ලවුන් කෙරෙහි ම මැදහත් වූ ද? ඉෂ්ට රූපාදියෙහි ඇලුම් නැත්තෝ ද?



100. සාතාගිර - හේමවත දෙදෙනා ගේ උත්පත්ති කථාව 611

අනිෂ්ට රූපාදියෙහි ඝැටීම් නැත්තෝ ද ඒ කියව. ඒ කී කල ම බුදු නියාව දත හැක්කැ’යි කිවු ය.

ඒ අසා සාතාගිරයෝ බුදුන්ගේ ගුණ විචාළ හෙමවතයන්ට තමන් දත් විවර ගුණ කියන්නෝ නිදුකාණෙනි, මම ‍ඒ බුදුන් ගේ ගුණ විස්තර කොට කියන්ට කවරෙක් මි ද? මඳක් වුව ත් කියමි. තෙපි නුවණැත්තහු වී නම් බොහෝ කොට සිතා ගනුව. දෙ ලක්ෂත සතළිස් දහසක් යොදුන් බොල ඇති පස් පොළොවට පාතින් දිය පොළොව හෙයින් උඩින් සිස් හෙයින් සැලී යේ නමුත් දිය පොළොවට පාත වා පොළොව හෙයින් සාර ලක්ෂස අසූ දහසක් යොදුන් ගැඹුර ඇති දිය පොළොව සැලී යේ නමුත් නව ලක්ෂන සැට දහසක් යොදුන් බොල ඇති වා පොළොව සැලෙන හෙයින් ම සැලේ නමුත්, ඒ මාගේ ස්වාමි දරු වූ බුදු රජුන්ගේ සිත කෙලෙස් පවතින් සෙලවී යන්ට නැති හෙයින් නිසල ය. බුදු වූ අවස්ථාවෙහි නිසල වී මෙහි අරුම කිම් ද? ධද්දන්ත ජාතකයෙහි සදත් ව උපන් කල පවා විෂ පොවා පී පළම් හීයෙන් විත් කා ත් විදි තැනැත්තවුන්ට පර ලොවින් වූ හානි හා තමන් වහන්සේගේ ශරීරයට වූ හානි මුත් සිත වෙවුලා නො ගියේ ය. සිත අනිකක් නැති නියාව සවනක් රස් විහිදිනා දළ දෙක කපා දුන් ගමනින් ම දැනෙයි. මහාකපි ජාතකයෙහි වඳුරු ව උපන් කල පවා වළ හුණු මිනිසා ගොඩ ලා ඔළුව පළවා ගෙන ත් ඌ සීරු තැන ලුවා බුදු වන්ට සිතූ සිත ම තර කරන්ට වුව.

විධුර පණ්ඩිත ව උපන් සමයෙහි පය අල්වා ගෙන දෙ සිය සතළිස් ගවුවක් උස ඇති කාල ගිරි පර්වපතයෙන් හෙළූවන්ට ත් සාධුනරධම්ම නම් බණ කියා උන්ගේ සිත මොළොක් කැරවූවා ත් තමන් වහන්සේගේ සිත සියල්ලවුන් කෙරෙහි ම මැදහත් හෙයින් වුව. තව ද ඒ බුදුහු සුව එළවනු කැමැති බැවින් හා දුක් පහ කරණු කැමැති බැවින් සියල්ලන් කෙරෙහි ම සම අදහස් ඇති සේක. තමන් වහන්සේ කෙරෙහි යම් අදහසක් ඇති සේක් වී නම් - සෙස්සවුන් කෙරෙහි ත් එ තෙක් ම ය. මහමායා බිසොවුන්ට යම් අදහසෙක් වී නම් චිඤ්චා මානවිකාවන්ට ත් එ තෙක් ම ය. සුදොවුන් රජ්ජුරුවන් කෙරෙහි යම් අදහසෙක් වී නම් අත්යෙන්ත විරොධී වූ මයිල් සුප්පබුද්ධ ශාක්යන රජ්ජුරුවන් කෙරෙහි ත් එ තෙක් ම ය. රාහුල තෙරුන් වහන්සේ කෙරෙහි අදහස යම් සේ වී නම් දෙවදත්ත - ධනපාල - අඞගුලිමාලාදීන් කෙරෙහි ත් එ තෙක් ම ය. තව ද කවර තරම් යහපත් දෙයක ත් ඇලුම්



612 සද්ධර්මනරත්නාවලි ය

නැති සේක. කවර තරම් නපුරු දෙයක ඝැටී මුත් නැති සේක. තව ද ඒ බුදු රජුන් වහන්සේ දැන් බුදු වූ සම ය තබා අනන්ත කාලයක ත් පවින් දුරු සේක. ඒ නිසා දෙ තිස් මහා පුරුෂ ලක්ෂයණ සම්භ වි ය. නැවත සියලු ලෝ වැස්සන් ගෙන් සම්භාවනා ත් ලබන සේකැ’ යි කිවු ය.

හෙමවත ‍නම් යක් සෙනෙවියෝ ද තමන් කසුප් බුදුන් සමයෙහි කළ ධර්මා භියෝග ය නො මඳ හෙයින් තුන් දොරින් සිද්ධ වන අකුසලින් බුදුන් දුරු නියා ව විචාරීම් තබා වැඩි තරම් බුදු ගුණ විචාරන්ට බල ඇති හෙයිනු ත්, සාතාගිරයන් වැඩියුරු බුදු ගුණ කියන්ට බල ඇති හෙයිනු ත් තව ත් තව ත් විචාළහ. විචාළ විචාළ දෙය උයි ත් තමන් ‍දත් තරමෙකින් කියන්නෝ තොප විචාරන්නේ ත්රිිවිද්යාචදියෙන් යුක්ත නියාවක් වේ ද? එ සේ ය.

‘ඒ බුදුහු කෙ තෙක් කල් වුව ත් පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ ත් ඇති සේක. දිවසින් බලා දක්නට නිස්ස දිවැසිනු ත් දක්නා සේක. සව් කෙලෙසුන් ම රහත් මඟින් නැසු සේක. මාර්ගත භාවනා නිසා නො වත ත් ඵල සමවත් සම වැදීම් නිසා විවසුන් නුවණ ත් ඇති සේක. සිරුරු අබතුරේ දි ම රුවක් මවා මුඛයෙන් පිටත් කරණ සේක. එකක් ව බොහෝ වීම් ආදීන් විසින් විකුර්වවන ඍද්ධීන් ඇති සේක. අනන්ත අප්රමමාණ සක් වළින් එ පිට වුව ත් පැවැති ශබ්ද ය අසන තරම් දිව කන් ඇති සේක. එ කි එ කී කෙ‍ණකුන්ගේ සිත සොළොස් සොළොස් ලෙසකින් දක්නා හෙයින් පර සිත් දන්නා නුවණ ත් ඇති සේක. මේ සෙසු තැනට ත් වේ ද යත්- බුදුන් තරමේ සෙසු තැනට නැත. සිවු පිරිසුදු සිල් ආදී වූ පසළොසක් පමණ චරණ ධර්ම්යෙනු ත් සමන්විත සේකැ’යි සාතාගිරයෝ කිවු ය.

හෙමවත නම් යක් සෙනෙවියාණෝ ත් සාතාගිරයන් හකුළුවා කියා ලූ බුදු ගුණ තුමූ විස්තර හෙයින් සිතා ගෙන සිස් වූ අහස සිටත බුදුන්ගේ නො සිස් ගුණයට සමාධි වූහ. සාතාගි‍රයන් කෙරෙහි ත් වඩ ව‍ඩා ම සමාධි වූහ.

එ දවස් ද වැළි ත් රජගහා නුවර ඇසළ මස හෙයින් නක ත් කෙළියෙක් ඇත. නුවර ත් දෙව් නුවරක් මෙන් සරහා හැම දෙනා උත්සව කරණ කලට කාලී නම් වු උපාසිකා කෙණෙක් මාළිගාවට නැඟී ළා සී මැදුරු කවුළු දොර හැර ලා ඇඟට පවන් ගස්වනු නිසා කවුළු දොර ගාවා සිටි තැනැත්තෝ යක් සෙනෙවි


101. සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ මිත්රනබමුණානන් ගේ කථාව 613

යන් දෙ‍න්නා කියන බුදුගුණ ඇසූ ය. ඒ අසා බුද්ධාලම්බන ප්රී ති ය උපදවා ගෙන ප්රීදතිවෙග ය විකඹමින් භාවනා කොට මාළිගාවේ සිටි තැනැත්තෝ සෝවාන් වූ හ.

ඒ යක් නෙනෙවියෝ දෙන්නත් දහසක් යකුන් පිරිවරා මධ්යවම රාත්රිෝ වේලාවට ධම් සක් පැවතුන් සුත්ර යේ බණ අසන්ට ගිය දෙවි බඹුන් බණ නිමි හෙයින් අධිගමය ත් නිමවා ඉගිළ ගිය ත් පළඟනුගුළුවා වැඩ හුන් බුදුන් ලඟට ගොසින් වැඳ ලා සිටියහ. වැඳ සිටි දෙන්න ගෙන් නුවණින් හා තෙජසින් වැඩී සිටියා වූ හෙමවත නම් යක් සෙනෙවියෝ ‘කුමක් ඇති කල ලොව ඇති වේ ද’ යනාදීන් ප්රෙශ්න විචාළහ. බුදුහු ත් ‘ච ක්ෂු රාදී වූ ආධ්යාපත්මිකායතනයන් ස දෙනා හා රූපාදි වූ බාහ්යා යතනයන් ස දෙනා ඇති කලට ලෝ ‍වැස්සෝ ඇත්තෝ නම් වෙතී’ යනාදීන් උන් කවර ලෙසින් අධිගම ය කරත ත් අර්හත්වෝ ය කුළු ගෙන දෙශනා නිමවූ සේක. දෙශනා කෙළවර පිරිවර යකුන් හා සමග සාතාගිර - හෙමවත දෙන්නා සෝවාන් වූහ.

එ‍ හෙයින් සත් පුරුෂයන් විසින් ම‍ඳෙකින් වැරද යෑම මුත් දෙන්නාට ම නො වන හෙයින් තම තමන් කෙරෙහි ත් වන හෙයින් ජිවත් වන හැසිල්ලක ත් නිෂ්ප්රෙයෝජන නො කළ යුතු.

සද්ධර්මෙ රත්නාවලියෙහි ශාසනික තැනට ම ආවේනික කොට ලියා නූ හෙමවත කථාව නිමි.


101. සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ මිත්ර බමුණානන්ගේ කථාව

සංස්කරණය

තව ද මවු දෙන සිටිය දි අන්ක් දෙන කරා කිර‍ට ගිය වස්සාට ඇන්ඩෙන්1 පාර විනා කිරක් ම නැත්තා සේ බඹ ලොවට යන මං තිබිව දී අපාය මාර්ගයෙහි හැසිරෙනවුන්ට අපාය විනා අනිකක් සම්භ නො වන නියා ව හඟවන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේගේ මිත්රි බමුණානන්ගේ කථා ව දක්වමු.

කෙ සේ ද යත් —

මහ තෙරුන් වහන්සේ උන් කරා ත් ගොසින් කථාව එළවනු නිසා ‘කිම් ද, බමුණානෙනි, පින් කරවු දැ’ යි විචාළ සේක. ‘එ සේ ය, ස්වාමීනි’ යි කිවු ය. ‘කුමණ පිණෙක් දැ’ යි විචාළ කල්හි ‘බොහෝ දෑ වියදම් කොට යාග කෙරෙමී’ කිවු ය. මහ තෙරුන් වහන්සේ උනුත් බුද්ධ වෙනෙය්යා හෙයින් බුදුන් කරා ගෙන ගොසින් බඹ ලොවට

1. ඇගෙන් - ඇ‍ඬෙන

614 සද්ධර්මනරත්නාවලි ය

යන මඟ තබා ලා වල් හිරන නියා ව වදාරා බඹ ලොවට යන මඟ ත් නිවන් මඟ ත් වදාළ යහපතැ’යි දැන්වූ සේක.

බුදුහු ත් බමුණානන්ට ‘බඹ‍ ලොව පතා යාග කරවු දැ’ යි වදාරා එ සේය යි කී කල්හි ‘හෙම්බා බමුණානෙනි, පන් සිල් පමණෙක ත් නො පිහිටි ලෞකික ජනයනට තෙපි ත් පින් කම් හවුරුද්දක් මුළුල්ලෙහි කරන්නාහු බොහෝ සේ මඟුල් දවස් දිය යුතු වු දන් වුව ත්, සරහා දෙන අමුතු බත් වුව ත්, කම් පල හදහා දෙන දන් වුව ත් දෙවු නම් ඒ මුළුල්ල ම මාගේ ශාසනයෙහි යට ත් පිරිසෙයින් සෝවාන් කෙ‍ණකුන් වේව යි, උඩ ත් පිරිසෙයින් රහත් කෙ‍ණකුන් වේව යි ‘යම් කෙණෙක් පහන් සිතින් වැඳීම් පමණකු ත් කොළෝ වූ නම් උන්ට උපන් කුශල චෙතනා මුළුල්ල තිබිය දී ඒ කුශලචෙතනාවෙන් සිද්ධ වූ විපාක ය සතරක් කළ කල ඉන් එක් භාගයක් විතරට ත් සෙස්ස නො අග්ගී. නිස්සාර බිම ගොයම් සේ විපාක සමෘර්ධිය නැත. තමා ‍කාමාවචර හෙයින් බඹ ලොව ත් උපදවාලිය නො හෙයි. බඹ ලොව උපන මනා වී නම් සිල් රැක සමථ භාවනායෙහි යෙදී ධ්යාින උපදවා තත්පාදක වූ මාර්ග උපදවා ගත නො හී නම් බඹ ලොව උපදව’යි වදාළ සේක. දෙශනා කෙළවර බමුණානෝ රූපාවචර කුසල් පසු කොට ලොවුතුරා කුසල්හි පිහිටා සෝවාන් වුහ. සෙසු ත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියාහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් යම් සේ සක් විති රජ්ජුරුවෝ සතර සංග්රිහ වස්තුවෙන් ජන සංග්රසහ කෙරෙද්ද, එ‍ මෙන් සිවුවනක් පිරිස් සිත් ගෙන, යම් සේ සක් විත්තන්ගේ රට සොරු නැද්ද, එ මෙන් තම තමා සතන්හි කෙලෙස් සතුරන් හින්ද නො දී, යම් සේ සක් විත්තෝ දවස් පතා මුළු සක් වළ සිසාරා ඇවිද්ද, එ මෙන් දවස් පතා තම තමන්ගේ ගුණ අයුණු විමසා ගුණ පක්ෂරය ගෙන නුගුණ පක්ෂ් ය හැර, යම් සේ සක් විත්තන්ට ඇතුළ පිටත රකවල් තර ද, එ මෙන් රූපාදි ෂඩාලම්බන විෂයෙහි පවත්නා කෙලෙස් සතුරන් රඳවනු නිසා සිහි රකවල් තර කොට ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.


101. දීඝායු කුමාරයානන්ගේ වත

සංස්කරණය

තව ද වැඳීමෙහි අනුසස් දක්වනු සඳහා දීඝායු කුමාරයන්ගේ වත දක්වමු.



102. දීඝායු කුමාරයානන් ගේ වත 615

කෙ සේ ද යත් —

දිඝලම්බික නම් නුවර වසන බමුණෝ දෙන්නෙක් ශාසනයෙන් පිටත මහණ ව අට සාළිස් හවුරුද්දක් තපස් කොළෝ ය. උන් දෙන්නාගෙන් එක් කෙණෙක් ‘කලත්රුපරිග්රකහ ය නැති කලට අපගේ කුල පරම්පරාව නස්සි යි සිතා තමා රැකි තපස් අනුන්ට විකුට දෝ හෙවත් එහි පින් දී ගෙරි සියයකු ත් මසුරන් සියයකු ත් පාදපරිචාරිකා කෙණකුනු ත් ලදින් පුත්රද ප්රකතිලාභ ය තකා කලත්රය පරිග්ර හ ය කොළෝ ය. උන්ගේ ඇඹේණියෝ ත් දරු කෙණෙකුන් වැදූහ.

තපසේ ම සිටි යාළුවාණෝ දුරෙක රඳාලා එම නුවරට පෙරළා අවු ය. උන් ආ නියාව අසා අඹු දරුවන් කැඳවා ගෙන දක්නට ගොසින් පුතණුවන් මෑණියන්ට වඩා ලා තුමූ වැන්දෝ ය. මෑණියෝ ද පුතණුවන් පියාණන්ට වඩා ලා තුමු වැන්දෝ ය. උන් දෙපක්ෂණයට ම ‘බොහෝ කලක් ජීවත් වව’යි කිවු ය. පුතණුවන් වඳවා ලූ කලට නුපුරුදු හෙයින් බැණ නො නැ‍ඟෙන්නා සේ ආයුශක්ති ය මඳ නියාව දැන බැණ නො නැංගෝ ය. “අප දෙන්නා වැඳි ගමනේ වයස් ඇති ව සිටිය වුන්ට ‘බොහෝ කලක් ජීවත්වව’ යි කියා ලා මුන් බොහෝ කලක් ජීවත් වන්ට නිසි තැනැත්තන් බලා නියම දත් බව මුත් කාල චක්ර ය නො දත් හෙයින් බැණ නො නැඟී නියා දැ’ යි විචාළෝ ය. ‘මුන්ට එක් උවදුරෙක් පෙනෙ’ යි කිවු ය. කෙ තෙක් දවස් ජීවත් වෙද් දැ’ යි විචාළ කල්හි ‘සත් දවසක් ජීවත් වෙතී’ කිවු ය. ‘උවදුරු දුරලන්ට කාරණ ඇද්දැ’ යි විචාරා නැතැ යි නො කියා ‘මම නො දනිමි’ කී හෙයින් ‘අනික් කාරණ දන්නෝ ඇද්දැ’ යි විචාළෝ ය.

‘මහණ ගොයුම්හු ඊට කාරණ දනිති. ඉන්ද්ර්ශාල ගුහාවෙහි දී ශක්ර යන් වැඳ ගෙන හොත් ගමනේ ම මළවුන්ට ‘ජීවත්වව’ යි වදාළ බස් පමණකින් මිනිස් ලොව ආයුගණනින් තුන් කෙළ සැට ලක්ෂවයක් අවුරුද්දට ශක්ර යන්ට ආයු දුන් කල මුන්ට ත් මෙ වක පවත්නා ආයු දෙන්ට කාරණ ය දනිති. ඔබ යව’යි කිවු ය. ‘ඔබ ගියො ත් තපසට හානි වේ දෝ හෝ යි බමි’ කිවු ය. ඉදින් තොපට දරු පෙමෙක් ඇත් නම් තපස් හානි නො සලකා මහණ ගොයුම්හු කරා ගොසින් ඊට උපදෙස් විචාරව’යි කිවු ය. උයි ත් බුදුන් ලඟට ගොසින් බුදුන් ගෙනු ත් කථාව එවා ගන්නා පිණිස වැඳ ලා සිටියෝ ය. බුදුහු ‘බොහෝ කලක් ජීවත් වව’යි වදාළ සේක. කුමාරයන්ගේ මෑණියන් වැඳ ලා සිටි කල ත් එ ලෙස වදාළ සේක.


616 සද්ධමූරත්නාවලි ය

පුතණුවන් වඳවා ලූ කල මුවෙන් බැණ නො නැ‍ඟෙන්නට කාරණ ඇති නියාව බුදු නුවණින් ම දත් හෙයින් බැණ නො නැඟි සේක. බැණ නො නැ‍ඟෙන්ට කාරණ බුදුන් අතිනු ත් විචාළහ.

බුදුහු ත් තවුසාණන් බුදු නූව ත් ශිල්පානුභාවයෙන් දැන කියා ලූ ලෙසට ම වදාළ සේක. වෙනස නම් පිළිබහන්ට නිසි කාරණ උන් නො දත් බව ය. බමුණානෝ ද මේ උවදුරු සන්හිඳුවන්ට නිසි උපදෙස් ඇද්දැ යි විචාරා ඇතැ යි වදාළ කල්හි ‘උපදෙස් කවරේ දැ’යි විචාළෝ ය. ‘ඉදින් තොපි තොපගේ ගෙදාර මඬුවක් ලවා ලා මඬුව මැඳ පිළක් ලවා ලා ඒ වට කොට ආසන අටක් හෝ සොළසක් හෝ පනවා ලා මාගේ සවුවන් එහි හිඳුවා ලා සතියක් මුළුල්ලෙහි අවිච්ඡින්න කොට පිරිතක් බණවා ගත හුනු නම් ඒ උවදුර නැති වෙ යි’ වදාළ සේක. ‘මම වන්නා වදාළ ලෙස සෙස්ස කරවා ලමි. වහන්දෑට මාගේ විධාන නැත. කෙ සේ ලැබෙම් දැ’ යි කිවු ය. ‘තොප සෙස්ස කරවා ලන්නා මම වහන්දෑ එවමි’ වදාළ සේක. යහපතැ යි ගිවිස තමන්ගේ ගෙ දොර කැර වුවමනා දෙය වදාළ සේ ම කරවා බුදුන් ලඟට ගියහ. බුදුහු වහන්දෑ යවු සේක. වහන්දෑ ගොසින් හනුන්වල වැඩහුන් සේක. කුමාරයනු ත් බිම් පිළ වැද හොවා ලූ ය. වහන්දෑ ද සතිය මුළුල්ලෙහි විච්ඡෙදයක් නැති ව පිරිත් බිණූ සේක.

සත් වන දවස් ත්රිව විධොපද්ර්වයන් සන්සිඳුවන්ට විශාලාවට වැඩියා සේ ම බුදුහු ත් වැඩි ‍සේක. බුදුන් වඩනා ම මුළු සක්වළ දෙවියෝ ත් රැස් වුහ. ගුණයට වි‍රුද්ධ වූ අවරුද්ධක නම් යක්ෂනයෙක් දොළොස් හවුරුද්දක් වෙසවුණු රජ්ජුරුවන්ට සේව ය කොට උන්ගෙන් සංග්ර්හ ලබන්නේ එ දවසට සත් වන දවස් ඒ කුමාරයන් කන්ට ලද හෙයින් එහි සිටියේ ය. බුදුන් වැඩ මහෙශාක්යද දෙවියනු ත් රැස් වු හෙයින් අල්පෙශාක්යියෝ පසු බැස අවසර පානාහු අට සාළිස් ගවුවක් විවර පසු බටහ. අවරුද්ධකයෝත් වෙසවුණන්ට කළ සේව ය මුත් බුදුන්ට කළ සේවයක් නැති හෙයින් එ සේ ම පසු බටහ. බුදුහු ත් තුන් යම් රාත්රිුයෙහි පිරිත් බිණූ සේක. සතියක් ඉකුත් ව කාල නියම ය වැරදි හෙයින් අවරුද්ධකයන්ට බිලිය ත් විරුද්ධ වි ය. අට වන දවස කුමාරයන් ගෙන වුත් බුදුන් වඳවා ලූහ. බුදුහු එ දවස් ‘බොහෝ කලක් ජීවත් වව’ යි වදාළ සේක. බමුණානන් කෙ තෙක් කල් ජීවත් වේ දැ’ යි විචාළ කල්හි ‘එක්සිය විසි හවුරුද්දක් ජීවත් වෙති’ වදාළ සේක. ඒ නියාවට ආයුවර්ධන කුමාරයෝ ය යි නම් තැබූහ.



103. සංකිච්ච සාමණේර වස්තුව 617

උයිත් වැඩී වර්ධන ව පන් සියයක් උපාසකවරුන් පිරිවරා ගෙන ඇවිදිති. එක් දවසක් වහන්දෑ ධම් සෙබෙයි දී ‘ඇවැත්නි, සත් වන දවස් මර ළං ව සිටි ආයුවර්ධන කුමාරයෝ දැන් එක් සිය විසි හවුරුද්දට ආයු ඇති ව පන් සියයක් උපාසකවරුන් පිරිවරා ගෙන ඇවිදිති. මේ ලොව ගෙවී ගිය ආයු පෙරළා වඩන්ට ත් කාරණ ඇති නියා වේ දැ’ යි කථා ඉපැද වූ සේක. බුදුහු එ තැනට වැඩ අඩාල ව තුබූ කථාව විචාරා වදාරා මේ නියාව දැන ‘මහණෙනි ගුණ ඇත්ත වුන්ට වඳනෝ ආයු පමණකින් ම වඩනෝ නොවෙති. අනිකු ත් තුනෙකින් වඩිතී’ වදාරා ‘නිරන්තරෙයන් තුනුරුවන් වඳනාසුලු වූ දෙ මවු පිය නැඳි මයිල් බෑ බුන් ආදී වූ වෘද්ධයන්ට ආදර සම්භාවනා ඇති ගිහින්ට ද ශාසනික වුවො ත් ප්රබව්රෘජ්යාසවෙන් උපසම්පදාවෙන් වැඩි සිටියවුන් කෙරෙහි ආදර ඇත්තවුන්ට ද ඒ ඒ තැන්හි ප්රරතිනියත වූ ආයු ද ශරීර වණීය ද ශරීර ඵාසු ද ශරීර බලය ද යන සතර වඩිඩි.

යම් කෙණෙක් සියක් හවුරුදු ජීවත් වන තරම් පින් කම් කොළෝ වී නම් පනස් ඇවිරිදි අවස්ථාවෙහි දී උන්ට පෙනුණු උවදුරු වැදීම නම් බලී බලවත් කුශලයක් හෙයින් එහි බලයෙන් උවදුරු සන්හිඳී මියන්ට ආසන්න ගසක් පැන් ලදින් බොහෝ කලක් පවත්නා සේ ඌ තුමූ ආයු නිමන තෙක් සිටිති. ශරීරවර්ණාදි වූ අනික් තුන ත් ආයු හා සමග වඩ්ඩි. ඒ වඩනට වෙන පිණක් කළ මැනැවැ’යි නැත. සියක් හවුරුද්දෙන් ඔබ්බෙහි හවුරුදු දහසක් වුව ත් වඩා වුව ත් එ තෙක් ම ය. ආයු වැඩීම නම් මේ ලෙසින් වත් මුත් විබන්ධ නැති ව පවත්නා ආයුෂයෙහි වැඩි වීමෙක් නැතැ’යි වදාළ සේක. දෙශනා කෙළවර ආයුවර්ධන කුමාරයේ පන් සියක් දෙනා හා සමග දෘෂ්ටධර්මසවෙද්යි විපාක වශයෙන් මේ ජාතියෙහි ආයු වැඩිය ත් සසර ආයු ගෙවා සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් වැඳීම නම් ආයාස දෙයක් නො වන යෙහිනු ත් ලොභ උපදන්ට වියදම් වන දෙයක් නො වන හෙයිනු ත් එයින් ජනිත වූ කුශලයෙන් විපාක සතරක් ලබන හෙයිනු ත් ලොවුතුරා විපාක ත් නිරායාසයෙන් සිද්ධ වන හෙයිනු ත් වැඳීමෙන් සිද්ධ වන කුශල ය සිද්ධ කට යුතු.


103. සංකිච්ච සාමණේර වස්තුව

සංස්කරණය

තව ද කළ පින් ඇත්තවුන්ට කවර තරම් හානියක් වුව ත් ප්රවහායක - ප්රදහාතව්යන දෙකින් ප්රවහායකයාගේ ම බලි කම දක්වන්ට සංකිච්ච සාමණේර වස්තුව දක්වමු. 618 සද්ධර්මතරත්නාවලි ය

කෙ සේ ද යත්-

සැවත් නුවර කුලදරුවෝ තිස් දෙනෙක් බුදුන්ගේ අතිමධුර බණ අසා සස්නෙහි ළ දී මහණ ව මාලු පැවිදි ව පස් වස් ගිය කලට වෙන වසන්ට නිසි ව ගෙන භාවනා උගන්නා නිසා බුදුන් කරා ගොසින් රහත් වීම දක්වා කමටහන් කියවා ගෙන භාවනා කරනාට එක් වලකට යම්හ යි බුදුන්ට දැන් වූ සේක. බුදුහු ත් කොතැනකට යවුදැ’ යි විචාරා ‘අසවල් තැනට ය’ යි කී කල්හි ‘එතැනට මුන් ගිය කලට එක් සිඟන්නකු නිසා භයෙක් උපද්දී. ඒ උපන් භය ත් සැරියුත් මහ තෙරුන්ගේ සද්ධිවිහාරික වූ සත් හැවිරිදි වසස් වූ සංකිච්ච සාමණේරයන් ගිය කලට උන්ගේ ගුණානුභාවයෙන් සන්හි‍ඳෙයි’ දැන වදාළ සේක.

ඒ සාමණේරයන්දෑ ගේ උත්පත්ති කථාව කවරේ ද යත් - උන්දෑගේ මෑණියෝ නම් සැවත් නුවර පොහොසත් කෙණකුන්ගේ දුවණි කෙණෙක. උයි ත් උන්දෑ බඩ කල එක් බලවත් ව්යා ධියක් ඇති ව ලා ඒ ඇසිල්ලෙහි ම මළහ. මළවුන් දවන ගමනේ ත් දරුවන් පිහිටි බඩ මස් තිබිය දී සෙසු මස් දා ගියේ ය. බඩ මස් නො දා තිබෙන්නා දවන පිණිස දර සෑයෙන් මෑත් කොට ගෙන විසුරුවනු නිසා හුළකින් දෙතුන් තැනකට ඇන ලූ ය. හුල් කෙළවර වැදෑ මසින් වැසී හොත් දරුවන්ගේ ඇතුළු ඇස නො ඇනී ඇස් කෙළවර ඇනිණ. මෙ සේ ගබ්මස ගිනි වදිනා ලෙසට සිදුරු කොට ලා අඟුරු ගොඩ මත්තේ ලා අඟුරෙන් වසා ලා පලා ගියෝ ය. තව ඇණ ආදි වූ රත් රනෙක රිදී භාග ය දා නැති ව යන්නා සේ ගබ් මස ත් දෑ ය. අඟුරු මත්තෙහි ගිනිවර කළ රන් පිඩවැල්ලක්1 වැනි දරුවෝ රත් පියුම් ගබකට වන් හංස පැටවකු මෙන් වැද හොත්තෝ ය. රහත් වන පින් ඇත්තවුන් රහත් වන ජාතියේ මහ මෙර බා ලා ගැසුව ත් රහත් නො ව මිය යාමෙක් නැත.

දෙ වන දවස් අළු හස් කරන්ට ආ මිනිස්සු කොට නිමි පිළිමයක් ඔප් ලනු නිසා හුණුවන්ට අඟුරු මත්තේ තබා ලූ වා‍ සේ අඟුරු මත්තේ හොත් දරුවන් දැක විස්ම පත් ව ගොසින් මෙ තෙක් දරින් මිනිය දන ගමනේ ත් මේ දරුවෝ දා නො ගියහ. කුමක් නිසා දෝ හෝ’ යි නො දන්ට කාරණ ය දැන ගත නො හී දරුවන් හැර ගෙන ඇතුළු ගමට ගොසින් නිමිත්ත දන්නවුන් අතින් විචාළෝ ය. ඔහු තමන්ගේ ශාස්ත්රනයෙහි එ බන්දක් ඇති හෙයින් හෝ නොහොත් විචාළ දෙයට එකක් කිව මනා හෙයින් ඉඳින් මේ දරුවෝ ගිහි ගෙයි රඳා හුන්නෝ වී නම් සත් වන කුල

1. රන් පිඩැල්ලක් 103. සංකිච්ච සාමණෙර වස්තුව 619

පරම්පරාව දක්වා නෑයෝ දුප්පත් වෙති. මහණ වූ නම් පන් සියයක් මහණුන් පිරිවරා ඇවිදිති’ කිවූ ය. රහත් වන නියාව තමන් නො රහත් හෙයින් දත නුහුනු වු ය. හුළ ඇස් කෙළවර ඇති කැළැල් වූ හෙයින් සංකිච්ච ය යි නම් තුබූහ. උයි ත් ඒ නමින් ප්රිසිද්ධ වූහ. නෑයෝ ත් වැඩී ගත් කල සැරියුත් මහ තෙරුන් වහන්සේ ලඟ මහණ කරම්හ’යි වඩා වර්ධන ය කළහ.

කෙළි මඬලේ දී කුඩා කොල්ලන් මුන් තමන් සත් ඇවිරිදි අවස්ථාවෙහි ‘තොප බඩ කල තොපගේ මැණියෝ මළෝ ය. උන් දවන ගමනේ ත් තොපි දා නො ගියව’ යි කී කථාව අසා ‘ මම මෙ සේ වූ දුකෙකින් ගැළවිණිම් ල. ගිහි ව සිටී මෙන් කම් නැත. මහණ වෙමි’ නෑයන්ට කිවු ය. උය් ත් තමනු ත් සිතන්නා එ ම හෙයින් යහපතැ යි ගිවිස සැරියුත් මහ තෙරුන් වහන්සේ ලඟට ගෙන ගොසින් මහණ කරන්ට පාවා දුන්හ. මහ තෙරුන් වහන්සේ තවපඤ්චක ය උගන්වා ලා මහණ කළ සේක. උන්දෑ ද පිපෙන්ට මෝරා තුබූ පියුමක් හිරු රැස් ගැසී ලා වහා පිපෙන්නා සේ කරගෙයි දී ම සිවු පිළිසිඹියා පත් රහත් වූහ. සංකිච්ච හෙරණුන් දෑ නම් මුන්දෑ ය.

බදුහු ද මේ තිස් දෙනා හා කැටි ව ගියොත් රහත් වීමෙන් කෙලෙස් ගිනි නිවුවා මෙන් සිඟන්නහු ගෙන් වන භය ත් සන් හි‍ඳෙයි දැන ‘මහණෙනි, තොපගේ වැඩි මහලු බෑණන් වූ සැරියුත් මහ තෙරුන්ට ත් කියා ලා යව’ යි වදාළ සේක. ඒ වහන්දෑ ත් යහපතැ යි ගිවිස මහ තෙරුන් වහන්සේ ලඟට ගොසින් ‘කුමක් ද ඇවැත්නි’ යි කී කල්හි ‘අපි බුදුන් ගෙන් කමටහන් ඉගෙන භාවනාවට වලට යනු කැමැත්තම්හ. බුදුහු නුඹ වහන්සේට ත් කියා යන්ට වදාළ සේක. එ හෙයින් අපි ආම්හ’ යි කී සේක. මහ තෙරුන් වහන්සේ ද, යහපත, ගිය මැනැවැ’ යි නො වදාරා බුදුන් කරුණක් නිසා මුබ එවූයේ ය යි ඒ කාරණ ය කිම් දෝ හෝ යි සලකන සේක් කියා ලූ ම‍ඟෙක යන්නා සේ බුදුන් දුටුවා ම දැක ‘කුමක් ද, ඇවැත්නි, කැටි ව හෙරණ කෙණෙක් ඇත්තා දැ’ යි විචාරා ‘නැතැ’ යි කී කල්හි ‘කැපකරු කෙණකුන් නැති ව යන්නේ කෙ සේ ද? තෙල සංකිච්ච භෙරණුන් කැඳවා ගෙන ගිය මැනැවැ’ යි කී සේක. ‘තෙල පැටවාණන් ගෙන ගිය කලට අට්ට ල ය. අප වල වසන්නවුන්ට හෙරණුන් හැයි දැ’යි කී සේක.

‘ඇවැත්නි, තමන් හැම නිසා මුන්ට අට්ටල් ව‍තො ත් මුත් මුන් නිසා තමන් හැම දෙනාට අට්ටලෙක් නැත. බුදුහු ත් මා


620 සද්ධර්මඅරත්නාවලි ය

ලඟට තමන් හැම එවන සේක් මේ හෙරණුන් තමන් හැම හා කැටි ව යවනු පිණිස එවූ සේක. කැඳවා ගෙන ගිය මැන වැ’යි කී සේක. ‘වහන්දෑ ත් යහපතැ’යි ඉවසා හෙරණුන් දෑ හා එක් ව එක් තිස් නම ම තෙරුන් වහන්සේ ගෙනු ත් සමු ගෙන වෙහෙරින් පිටත් ව සැරිසරන සේක් සාර සිය අසූ ගවුවකින් ඔබ්බේ එක් ගෙවල් දහසක් ඇති ගමකට පැමිණි සේක. ඒ ගම මිනිස්සුත් ඔබ හැම දැක ආකල්ප සමෘද්ධීන් ම පැහැද ආරාධනා කොට දන් වළඳවා ලා ‘ස්වාමීනි, කොයට වඩනා සේක් දැ’ යි විචාරා ‘ඵාසු තැනකට යම්හ’යි කී කල්හි බැස හෙව වැඳ ලා ඔබ හැමට ශරීර ඵාසු කොට ලා තමන්ට පර ලොව වැඩ සාදනු නිසා වස් විසීමට ආරාධනා කළහ. ඔබ හැම ත් ඉවසූ සේක. උපාසකවරු ද වස් වසන්ට විහාර කරවා දී ලා අද අපි උපස්ථාන කරම්හ. හෙට අපි උපස්ථාන කරම්හ’යි නියම කොට ගෙන සැරහී ම උපස්ථාන කෙරෙති.

තෙරුන් වහන්සේ ත් වස් වසන දවස් ‘ඇවැත්නි, බුදුන්ගෙන් කමටහන් උගෙන භාවනාවට නියැළී මෙ තෙක් තැන් ආ බැවින් එ බඳු පිළිවෙතක් නැති ව බුදුන් සිත් ගත නො හැක්ක. සසර ත් ලුහුඬු කළ නො හැක්ක. එන ගමනේ ආ සාර සිය අසූ ගවුව මෙන් සසර ලුහුඬු වුවමනා වී නම් සිඟා නික්මෙන වේලාව හා වත් - පිරිත් වේලාවේ මුත් දෙ නමෙක් එක් තැන් නො වම්හ. යම් කෙණෙකුන්ට‍ ලෙඩෙක් දුකෙක් ඇත්නම් උන් අවුත් ගෙඩිය ගසා ලන්නා ම උන් ලඟට අවුත් - ගිලන් වත් පුරා බෙහෙත් කරම්හ. මෙ වක් පටන් රෑ - දාවල් නො පමා ව භාවනාවෙහි යෙදී වසම්හ’ යි කතිකා කළ සේක.

මෙ සේ කතිකා කොට ගෙන වසන කලට එක් දුප්පත් එකෙක් දුවක දී ලූ දෙයක් කාලා රැකෙන්නේ එ තැන බත් නැති කලට අනික් දුවක නිසා ජීවත් වනු කැමති ව ඒ ගමට යන්ට මඟට පිළිපන. තෙරුන් වහන්සේ ද ගම සිඟා පියා වසන තැනට වඩනා සේක් අතුරු මඟ එක් ගඟක දී පැන් සනහා පියා වැලි තලා මත්තේ වැඩ හිඳ වළඳන සේක. ඒ වෙලාවට දුක්පතියා වළඳන තැනට අවුත් එකත් පස්ව සිටියේ ය. තෙරුන් වහන්සේ ත් කොයි යවු දැ’යි විචාරා දුවකගේ ගමට රැකෙනු නිසා යෙමි’ කී කල්හි කරුණාව නම් දුඃඛිත සත්වගයන්ගේ දුඃඛාපගම ය කටැටි හෙයින් ඔහු කෙරෙහි කරුණාවක් උපදවා ‘උපාසකයෙනි, තොප බඩ සා ය. ගොසින් පතක් ගෙනෙව. නමකට



103. සංකිච්ච සාමණෙර වස්තුව 621

ආලොපයක් දෙම්හ’යි කියා ලා උනු ත් නො මැළි ව පතක් ගෙනා කල තමන් වහන්සේ වළඳන ලෙසින් ම හනා ලා එකි එකී ආලොපය දුන් සේක. දන් වුව ත් වළඳන තැනට ආවවුන්ට බත් දෙන කල අනුදත්තන්ට මුත් සෙස්සන්ට අගින් නො දී හෙවත් නො වළඳන තුරු නො දී තමා වළඳන ලෙසින් මඳක් වත් බොහෝ වත් බත් දීම වත. එ හෙයින් ඔබ හැම ත් වත් පිරෙනු නිසා දුන් සේක.

දුගියා ද බත් කාලා ‘ස්වාමීනි, ආරාධනා කොට දන් දුන් කෙණෙක් ඇද්දැයි විචාළෝ ය. ‘උපාසක ය, ආරාධනාවෙක් නැත. මිනිස්නු දවස් පතා සිඟා ගිය කල මෙ ලෙස ම දෙතී’ වදාළ සේක. ඒ තෙමේ සිතන්නේ ‘අපි දවස් පතා ඇඟ වැර සිඳ සොයා උපයා ‍ත් ලබන්ට නිසි දෛව නැති හෙයින් මෙ සේ වූ නිරායාස බතක් නො ලබම්හ. ඔබ ත් ගොසින් මෙ ලෙස ලබන්ට නැති පසු මේ වහන් දෑ ලඟ ම රඳමි, සිතා ගෙන ‘ස්වාමීනි, පිළිවන් අත් පා මෙහෙයක් කොට ලා ස්වාමිදරුවන් ලඟ ම වසනු කැමැත්තෙමි’ යි කිවු ය. ‘යහපත, උපාසක ය’යි වදාළ සේක. එහෙත් ඔබ හැම වසන තැනට ගොසින් යහපත් කොට ම වත් පිළිවෙත් කෙරෙමින් වහන්දෑ සිත් ගෙන සුව සේ ම රැකී ලා දෙ මසක් විතර ගිය කලට දුව දක්නා කැමැති ව “ඉදින් මේ ස්වාමි දරුවන්ට ඔබ යන නියා ව කිම් නම් තමන් වහන්සේට මා සුව ලද හෙයින් යා නො දෙන සේකැයි සිතා සුඛිත ගුණය නැත්තා සේ ම සුජන ගුණය ත් නැති හෙයින් නො කියා ම නික්මිණ. එ තැනට ආ දෙමසට නො කියා පලා ගිය ගමන් විනා අනික් අඩුවක් නො පැවසී ය.

ඔහු යන මහ ත් පන් සියයක් සොරුන් රඳා හිඳිනා අ‍ඩවි වලෙක් ඇත. ඒ සොරු ත් තමන්ට ලාභ ය මඳ හෙයින් යම් කෙණෙක් මේ වලට අවුත් සම්භ වූ නම් උන් මරා පියා උන්ගේ මස් ලෙයෙන් තොපට බිලියම් කරම්හ’ යි ඒ වල දෙවියන්ට ආරාධනා කොළෝ, ඒ දවසට සත් වන දවස ය. එ හෙයින් සොර දෙටුවා ගසට නැගී ලා යන එන්නවුන් බලන්නේ ඔහු දාක සොරුන් කියා ලී ය. උයි ත් ඔහු වල් මධ්යීයට ආ නියා ව දැක ගසා අල්වා ගෙන තරයේ ම බැඳ ගෙන ගිනි ගා හෙළා ගෙන දර කඩා රැස් කොට පියා ගිනි මොළවා ලා හුල් හසිති.

එයිත් ඒ හැම දැන ස්වාමීනි, මෙ තැන පලහා ගෙන කන්නට හූරු කෙණකුත් මුව කෙ‍ණකුත් නැති. මේ කුමක් නිසා කරණ


622 සද්ධර්ම රත්නාවලි ය

නියා දැ’යි විචාළහ. ‘තොප මරා තොපගේ මසින් හා ලෙහෙයෙන් වන දෙවියන්ට බිලියම් කරම්හ’යි කිවු ය. ඒ මරණ භයින් තැති ගෙන ගැළවෙන්ට උපදෙස් මුත් වහන්දෑගේ උපකාර නො සලකා ‘ස්වාමීනි, මම සිඟන්නෙක්මි. ඉඳුල් උළු ගසා කා වැඩි‍ණිමි. සිඟන්නෝ නම් කාළකණ්ණිහු ය. සශ්රි ක වූ දෙවියන්ට නිශ්රිාකයන් ගෙන් කම් නැත. වහන්සෑ නම් කොයින් අවුත් මහණ වුව ත් උත්තම ගුණ‍ යොගයෙන් උතුම් සේක. අසවල් තැන එක් තිස් නමෙක් වසන සේක. දෙව පූජාවෙන් අභිමතාර්ත්ථක ය සිද්ධ වුවමනා වී නම් ඒ වහන්දෑ මරා බිලියම් කළ මැනව. දෙවියෝ ඉතා පහදිතී’ කිවු ය.

සොරු ත් ඒ අසා කට යුත්තක් කොට සිතා ගෙන මූ කියන්නේ කට යුතු ය. මූ සිඟන්නවුගෙන් ප්රතයෝජන නැත. උත්තමයන් ම‍ර‍ා බිළී දෙම්හ’ යි සිතා ඒ වහන්දෑ වසන තැන් කියව’ යි මං කියන්ට ඌ නිළ කොට ගෙන එ තැනට ගොසින් වෙහෙර මැද වහන්දෑ නො දැක ‘වහන්දෑ කොයි දැ’යි ඌ අතින් විචාළෝ ය. එයි ත් දෙ මසක් විවර එ තැන රඳා උන් හෙයින් වහන්දෑගේ කතිකා වත දන්නේ මේ වේලාට වහන්දෑ ගණ සඞගණිකාවාස ය නැති හෙයින් තම තමන් වහන්සේ රෑ වසන තැන හිඳිනා සේක. එක කෙ‍ණකුන් වහන්සේ තෙල ගෙඩි ය. ගසන්නා රැස්වන සේකැ’ යි වළඳන තැන බලා සිට වහන්දෑට අඵාසු කරණ මනුෂ්යත ප්රේතයකු මෙන් කී ය. සොර දෙටුවා ම ගෙඩි ය ගසාලන ක්රසමය ත් අරූගෙන් ම දැන ගෙන ගෙඩි ය ගසාලී ය. වහන්දෑ ත් ගෙඩියේ හඬ අසා ගෙඩි ය ගැසුව මනා වේලෙක ගැසු ගෙඩියක් නො වෙයි. කිසි තැනකට අඵාසුවක් ඇති නියා දෝ හෝ යි වෙහෙර මැදට අවුත් පත්තීන් ම පනවා තිබෙන ගල් ලෑලි වල වැඩ හිඳ වැඩි මහලු තෙරුන් වහන්සේ සොර දෙටුවා ගෙන් ‘මේ ගෙඩි ය, ගැසුවෝ කවුරු දැ’යි විචාළ සේක. සොර දෙටුවා ‘ස්වාමීනි, මම ය’ යි කීයේ ය. කුමක් නිසා දැ’ යි විචාළ කල්හි ‘සම්භ වූ කෙණකුන් මරා උන්ගේ මස් ලෙහෙයෙන් වන දෙවියනට ත් පූජාවක් කරම්හ’යි කළ ආරාධනාවෙක් ඇත. ඒ නිසා එක් වහන්දූ නමක් ගෙන යම්හ යි සිතා ය” යි කිවු ය.

ඒ අසා වැඩි මහලු තෙරුන් වහන්සේ සෙසු වහන්දෑට කියන සේක් - ‘ඇවැත්නි, බාල මල් බෑයන්ට පැමිණි කටයුතු වැඩි මහලු බෑණන් විසින් පිරිමසා ලිය යුතු ය. මම මාගේ ජීවිත ය තමන් හැමට ම පරිත්යා්ග කොට මුන් හා කැටි ව යෙමි. හැම දෙන ම නො පමා ව මහණ ධම් කළ මැනවැ’යි කී සේක. ඔබට ඉක්බිති ව


103. සංකිච්ච සාමණෙර වස්තුව 623

තෙරුන් වහන්සේ ‘ස්වාමීනි, වැඩි මාලු බෑණන්ට පැමිණි කටයුත්ත බාල මල් බෑයන් විසින් පිරිමසා ලිය යුතු ය. මම මුන් හා කැ‍ටිව යෙමි. මුඹ වහන්සේ හැම නො පමා වුව මැනව. මම ගියෙම් නම් වැඩි මාලු බෑණන්ගේ ත් බාල මලුන් ගේ ත් කට යුතු පිරිමැසුවා වෙමි’ යි කී සේක.

මේ ලෙසින් ‘අපි යම්හ. අපි යම්හ’ යි පිළිවෙළින් හුන් තිස් දෙනා වහන්සේ ම නැඟී සිටි සේක. මේ ලෙස කරන්ට ඒ තිස් දෙනා වහන්සේ බුදු සස්නෙහි මහණ වූ හෙයින් බුදුන් මවු පිය පමණක් මුත් සෙසු ලෙසකින් එක මෑණි කෙ‍ණකුන්ගේ එක පියාණ කෙණකුන්ගේ දරුවන් සේ නො වන සේක. එතකුදු වුව ත් ඒ තරමට ත් වඩා ඔවුනොවුන් වහන්සේ කෙරෙහි මමායන ය කළ සේක. මෙයි ත් සලකා සමඟ වාස ය අවශ්යෙයෙන් ම කට යුතු ය. ඒ තිස් දෙනා වහන්සේ ගෙන් එක නමෙකු ත් ‘තමන් වහන්සේ ගිය මැනව, තමන් වහන්සේ ගිය මැනැවැ’ යි කියා ගත නුහුනු සේක. කවර කලෙක ත් එක් වසන තැන් තෙල ලෙස විසීම යහපත.

සංකිච්ච තෙරණුන්දෑ වහන්දෑගේ කථාව අසා ‘ස්වාමීනි, මුඹ වහන්සේ රැඳුණ මැනව, මාගේ ජීවිත ය. මුඹ වහන්සේට පුදා මම යමී’ කී දෑය. ‘ඇවැත්නි, අපි හැම මිය මෝ නමුත් තොප නො යවම්හ’ යි වදාළ සේක. ‘නො යවන්ට කාරණ කිම්දැ’ යි විචාළ හෙයින් ‘තෙපි අනුබුද්ධ ව සිටි ධම් සෙනෙවි ස්වාමීන්ගේ හෙරනයෝ ය. අපි තොප සොරුන්ට පාවා දුනුමෝ නම් ඔබ ඒ අසා කැප කරු කමට යවා ලූ හෙරණුන් සොරුන්ට පාවා දුන්නේ කවුරුන්ගේ සම්මතයකින් දැ’යි යනාදි ය වදාරා අප හැමට නින්දා කරණ සේක.

එ සේ කරණ නින්දාවෙන් ගැළ වෙන්ට බැරි හෙයින් නො යවම්හ’ යි වදාළ සේක. සංකිච්ච හෙරණුන් දෑ ද ‘ස්වාමීනි, එ සේ වී නම් බුදුහු මුඹ වහන්සේ අපගේ උපාධ්යාෙයයන් වහන්සේ ලඟට එවන සේක ත් අපගේ උපාධ්යාඅයයන් වහන්සේ මා මුඹ වහන්සේ ලා කැටිව එවන සේකු ත් මේ දැක එවා වදාළ සේක. අනිකක් නිසා නො වෙයි. හැම තැන් ම රඳන බව ය. මම මුන් හා කැටි ව යෙමි’ හැම තැන ම වැඳගෙන ක්ෂ.මා කරවා ගෙන නික්මුණු සේක.

වැඩි මාලු තෙරුන් වහන්සේ ද අධිගත ගුණ විශෙෂය එබඳු කරුණක් ඇති කල මුත් නිධාන ලත් සාර පුරුෂයන් නිධාන


624 සද්ධර්මාරත්නාවලි ය

රක්නා සේ අනුන්ට නො හඟවන හෙයින් හෙරණුන් දෑ රහත් නියා ව නො දැන සොර දෙටුවාට ‘තුලු බාලයෝ ය. තොප ගොසින් ගිනි මොළවන නියාව ත්, උල් සසිනා නියාවත්, කොළ අතුරන නියාව ත්, දැක බා යෙති. උන් මුවා තැනෙක හි‍ඳුවා ලා ඒ ඇම කරව’ යි වදාළ සේක. වදාළ පමණක් මුත් කැඳවා ගෙන නික්මෙන්නා ම වහන්දෑට බලවත් මුසුප්පු ඇති විය. ඇස්වල කඳළු ත් පිරිණ. මොර ගා නො හැඬූ පමණෙක.

සොරු ත් හෙරණුන් කැඳවා ගෙන ගොසින් මුවා තැනෙක හිඳුවා ලා බුදු ‍වන්ට මවු කුස උපන් දවස් පවා නරක ගිනි නිවූ බුදුන්ට පුත් වූ ඍද්ධ්යාටනුභාවයෙන් එ ම නරක ගිනි ඇසිල්ලෙක නිවා ලන්ට බල ඇති මුගලන් මහ තෙරුන් වහන්සේට බෑණ වූ, හෙරණුන්දෑ සැරියුත් මහ තෙරුන් වහන්සේගේ පුත් වූ නියාවත් නො දැන, නැවත මාර්ගන ඥාන නමැති පැනින් ද්වෙෂ ගින්න ආදී වූ බලවත් එකොළොස් ගින්න නිවා සිටි තැනට මේ ගිනි ගිනි නො වන නියාව නො දැන ගිනි ත් මොලවා ලා, කෙලෙස් හුල් ඇඟ නො ඇනෙන තැනට මේ හුලින් ප්ර යෝජන නැති නියාව නො දැන හුලු ත් සැස ලා, සෙසු ත් කළමනා දෙය කොට ලා සොර දෙටුවා කඩුව කොපුවෙන් හයා ගෙන හෙරණුන්දෑ ලඟට ගියේ ය. හෙරණුන්දෑ ද උපාද්ධ්යා ය වූ ධර්ම සෙනෙවි ස්වාමීන් රජ ව උපන් කලෙක ඇන ලූ ඔළුවේ ටොක්කක් නිසා පූර්වග වෛරයක් ඇති යක්ෂ යකු ඔබ අලුත හිස කේ බාපු දවසෙක ඔළු වේ ඇන වෛරය තුනී කරන්ට එන්නහු දැක අවුත් ඔළුවේ අන්නට පෙරාතු නිරොධයට සම වන්නා සේ හිඳිනා හෙරණුන් දෑ ද අධිෂ්ඨානාදි ය කොට ලා නිරොධයට සම වන් සේක.

සොර දෙටු ද කඩුව සලා දී ලා හෙරණුන් දෑ කරට පහරක් ගැසී ය. ගසා ලූ කඩුව දෙ මුවාත එක් ව නැමී ගියේ ය. පහර ලෙස වත් නො වී ය යි සිතා නැවත මුවාත හැද හැර ලා ගැසී ය. එ විට ‍තෝඩුව කන තබන්ට හකුළු වන තුඹ පතක් මෙන් හැකිළී කඩු මිට දක්වා හැකිළිණ. කඩුවකින් තබා මහ මෙරෙන් වුව ත් ගසා ඔබට එ වේලෙහි අමුත්තක් කට නො හැක්ක. මෑණියන් දෑව ත් මුන් දෑ නො දෑ ගමන ම ඊට දෘෂ්ටාන්ත ය.

සොර දෙටු ද ඒ පෙළහර දැක ‘පෙරමාගේ කඩුව ගල් ටැඹක් වුව ත් කිළිල් කඩක් මෙන් කපා පළවා පිය යි. දැන් ආදී විට ගසා ලූ ගමනේ දෙ වුමා ත් එක් ව නැමිණ. පසු ව විට කල් පතක් හකුළුවන්නා සේ අග සිට මුලට හැකිළිණ. මේ සිත් පිත් නැති යකඩ


103. සංකිච්ච සාමණෙර වස්තුව 625

කැටි ය පවා මුන් වහන්සේගේ කුණ දත. සිත් ඇති ව ත් අහෙතුක දුහෙතුකයන් නිවන් දත නො හෙන්නා සේ මම දත නුහුනුයෙමි. අනේ මා කළේ කිම් දැ’ යි කඩුව බිමට දමා පියා වැඳ ගෙණ වැද හෙව ‘ස්වාමීනි, ජීවත් වන්ට නිසි නිරවද්යද බොහෝ උපදෙස් ඇතත් සාවද්ය වු සොර කම හැසිර වස්තු නිසා තපසට නියම වලට අවුත් වනුම්හ. අප දුර දුට ත් දහස් ගණන් වුව ත් භයින් වෙවුලා යෙති. දෙ තුන් දෙනෙක් වී නම් කියනු ම කිම් ද?

“තාසො තෙ නත්ථිට න භයං - භී‍මෙය්යස වණ්ණො පසීදති, කස්මා න පරිදෙවෙසි - එවරූපෙ මහබ්භයෙ.

යනු යෙහින් මුඹ වහන්සේට භයෙක් මුසුප්පුවෙක් නැත. දවා ගිනි වර කළ රත්රනක් මෙන් ද, සවක් ව පිපී ගිය කිණිහිරි මලක් මෙන් ද මුඹ වහන්සේගේ මූණ ඉතා ම හොබ්බී. කාරණ කිම් දැ’ යි විචාළහ. හෙරණුන්දෑ ද නිරොධයෙන් නැඟී —

“නත්ථි චෙතසිකං දුක්ඛං - අනපෙක්ඛස්ස ගාමිණි, අතික්කන්තෙ භයා සබ්බා - ඛීණසංයොජනො ඉසි.

ඛීණාසවස්ස භවනෙත්ති - ද්ට්ඨා ධම්මා යථා තථං, නිබ්භයං මරණං හොති - භාරවොරොපනං යථා”

යනු හෙයින් ‘හෙම්බල සොර දෙටුව, කිසිවෙක ඇලුම් නැති රහතන් සිතට දුක් නැත. සියලු ම භය ත් නැත. රහතන්ගේ අත් බැව් නම් හිස තුබූ බර අවශ්යදයෙන් එක් තැනෙක තබන හෙයින් හිස තබා ගෙන ම නොහිඳිනා හෙයින් ඒ හා සරි ය’ යි බණ වදාළ සේක. සොර දෙටුවාණෝ ද ඔබගේ බණ අසා පන්සියයක් මූණු බලා ‘තෙපි හැම කුමක් කරවු දැ’ යි විචාළහ. ‘මුඹ දෑ කුමක් කරන්නේ දැ’ යි විචාළ කල්හි ‘මෙ බඳු පෙළහරක් දැක තවත් සොරකමට ගිහිගෙයි රැඳීමෙන් ප්රයයොජන නැත. මුන් වහන්සේගේ ලඟ මහණ වෙමි’ යි කිවු ය. ඌ හැම ත් ඒ පෙළහර තමනු ත් දුටු හෙයින් සොරකමට එක් වුව ත් මහණ වීමට එක් වුව යි වරද නැති හෙයින් ගිවිස පන් සියක් දෙනා ම සාමණෙරයන්දෑ වැඳ මහණ කරන්ට ආරාධනා කළහ.

වයස අවුරුදු සතක් ම හෙයින් මාලු පැවිදි වස් දසයක් යන්ට නුවුව ත් ස්ථිර වූ සීලසමාද්ධ්යායදි ගුණයෙන් යුක්ත හෙයින් තෙර කමු ත් කරණ සේක් හී තල බා ලා හිස කේ ත් කප්පා පිළි යෙහි ‍දාවළු ත් කප්පවා ගුරු මැටියෙන් පිළි පො වා පියා ඒ සිවුරු හඳවා පොරවා ලා දස සීල පිහිටුවා ලා සාමනෙර පන් සියය හැර 626 සද්ධර්මවරත්නාවලි ය

ගෙණ යන සේක් ‘ඉදින් මම තිස් දෙනා වහන්සේ නො දැක ගියෙම් නම් ඒ වහන්දෑ මහණ ධම් කට නො හෙන සේක. මේ සොරුන් ගෙන් වන උවදුරට සහාය වූ කල කෙලෙස් සොරුන් ගෙන් වන උවදුරට ත් මා සහාය වුව මනා වේ ද? සොරුන් මා හැර ගෙණ නික්මුණු වේලේ පටන් කඳුළු ධාරා නුහුණු එක නමකු ත් නැත. මා නුදුටුවො ත් ‍ශොක කාරණයක් මුත් භාවනා වැ‍ටහෙන්ට කාරණ නැත. එ හෙයින් මා ආ කට යුත්තෙන් එකක් සිද්ධ වූ බැවින් අනික ත් සිද්ධ කරවමි’ පන්සියයක් දෙනා වහන්සේ පිරිවරා ඒ තිස් දෙනාවහන්සේ කරා ගොසින් දැක ම අර්හත්ව ය ලත් කල වන සතුටට පූර්වව නිමිත්තයා සේ සතුටු වූ වහන්දෑ ‘සත් පුරුෂයාණෙනි, දිවි ලත් නියා වේ දැ’ යි කී කල්හි ‘එ සේ ය, ස්වාමීනි, මූ මා මරණු කැමති ව ත් මා මරා පියන්ට නිසි කර්මා්පාරාධයක් බාහිය - දාරුවිරියාදි තැනට මෙන් මා කෙරෙහි නැති බැවින් මරා ගත නො හී මාගේ ගුණයෙහි පැහැද මහණ වු ය.

‘මම ද යන ගමනේ මුඹ වහන්සේ හැම දැක යෙමි’යි අයිමි. වල් සොරුන් ගෙන් ගැළවුණුම්හ යි පමා නො ව කෙලෙස් සොරුන් ගෙනු ත් ගැළවෙන්ට යත්න කළ මැනව. මම බුදුන් ලඟට යෙමි’ කියා ලා ඒ වහන්දෑ වැඳ ගෙන සහපිරිවරින් උපාද්ධ්යා යයන් වහන්සේ ලඟට ගොසින් ‘කුමක් ද? සංකිච්චයෙනි, අනුන්ට අතවැසි ව ගොසින් අතවැසි කෙ‍ණකුන් ලැබ අවු දැ’යි විචාළ කල්හි ‘එ සේ ය, ස්වාමීනි’ යි ඒ පවත ඔබට සැළ ‍කළ සේක. මහ තෙරුන් වහන් සේ ත් ‘යව, සංකිච්චයෙනි, බුදුන් දකුව’යි වදාළ කල්හි යහපතැ යි ගිවිස මහ තෙරුන් වහන්සේ වැඳ ලා සහපිරිවරින් බුදුන් ලඟට ගොසින් බුදුනු ත් ‘සංකිච්චයෙනි, අතවැසි කෙ‍ණකුන් ලදු දැ’ යි විචාළ කල්හි ඔබට ත් අතවැසි තැන් ලත් ලෙස වදාළ සේක. බුදුහු ත් ‘එ සේද, මහණෙනි, විචාරා වදාරා ‘එ සේ ය, යි කී කල ‘යම් කෙණෙක් සොර කම් ආදී වූ පව්‍ කොට හවුරුදු සියයක් ජීවත් වෙත් නම් උන් එ‍ සේ ජීවත් වන ජීවත් වීමට යම් තම් පමණෙක ත් පින් නම හැසිරෙන්නවුන්ගේ එක හවුරුද්දක වුව ත් එක මසෙක වුව ත් එක දවසෙක වුව ත් එක දවාලෙක වුව ත්, එක රැයෙක වුව ත්, එක වේලෙක වුව ත් ජීවත් වීම ධර්මව ජීවිකා හෙයින් යහපතැ’යි වදාළ සේක.

දේශනා කෙළවර සංකිච්ච හෙරණුන්දෑගේ අතවැසි පන් සිය ය පළමු සොර ව විසූ හෙයින් කෙලෙස් සොරුන් හා එක් වුවත් එ දවස් ඒ එක්ක ම හැර බුදුන් බළ කොටු කොට කෙලෙස්



103. සංකිච්ච සාමණෙර වස්තුව 627

සොරුන් මරා නිමවා සිවු පිළිසිඹියා පත් රහත් වූ සේක. තම ත් එ තැනට පැමිණි බොහෝ දෙන නිවන් සාධා ගත්හ. අර තිස්දෙනා වහන්සේගේ අධිගම ය අටුවායෙහි නො ආව ත් සංකිච්ච හෙරණුන්දෑගේ බලයෙන් වල් සොරුන් ගෙන් ගැළවී මාර්ගව භාවනා බලයෙන් කෙලෙස් සොරුන් නසා රහත් වුව යි ම දත යුතු.

පසු ව කල් යෑමක දී සංකිච්චයන්දෑ උපසම්පන්න ව දවස් ගොසින් අතිමුත්තක නම් බෑනණු කෙණකුන් මහණ කොට ගෙන මාලු පැවිද්දට වයස් ඇති තැන දී බණවාලා ‘‍තොප මාලු පැවිදි තරම්හ. තොපගේ නෑයන් ලඟට ගොසින් හවුරුදු ගණන උන් ගෙනු ත් විචාරා ගෙන එව’ යි යවු සේක. උන්දෑ ත් දෙ මවු පියන් ලඟට යන ගමනේ අතුරු මඟ දී සොරුන් පන් සියයක් වන දෙවියන්ට බිලියමට මරන්ට අල්වා ගත් කල්හි උන්ට බණ කියා උනුත් පැහැද ‘අප මෙ තැන සිටි නියාව කාට ත් නො කිය මැනවැ’ යි කියා ගිවිස්වා ලා හළ කල්හි පෙර මඟ දෙ මවු පියන් එන්නවුන් දැක දෙ මවු පියන් රැක්මට ත් වඩා බස රැක්මෙහි තර ව එ ම මඟ යන දෙ මවු පියන්ට ලෙශයෙනු ත් නො කී දෑ ය. සොරු ත් උන් අල්වා ගෙණ මරා තළා ගහට කරන්ට පටන් ගත්හ. දෙ මවු පියෝ ත් ‘අනේ පුත, අතිමුත්තකයෙනි, තෙපිත් සොරුන් හා එක් ව ගෙණ අපට ම ගහට කරවු දැ’ යි කිය කියා හඬති. සොරු ඒ අසා දෙ මවු පියන් පමණකට ත් නො කී නියා වේ දැ’ යි පැහැද ‘දෙ මවු පියන් තරමට ත් ව‍ඩා පිළිවෙත් ගරු කළ ඔබ ලඟ ම මහණ වම්හ’ යි සිතා ගෙන මහණ කරන්ට ආරාධනා කළහ.

උන්දෑ ත් සංකිච්ච තෙරුන් වහන්සේ, සාමණෙර භූමියෙහි සිට සොරුන් පන්සියය මහණ කළ ලෙසින් ම මහණ කොට ලා සංකිච්ච තෙරුන් වහන්සේ ලඟට ගොසින් ඔබගේ විධානයෙන් බුදුන් ලඟට පැමිණ සියලු පවත් සැළ කළ සේක. බුදුහුත් ‘එ‍ සේ ද මහණෙනි, වදාරා එ සේ ය’ යි දැන් වූ කල්හි වස්තු දෙක ම එක ලෙස පැවැති හෙයින් සංකිච්ච වත වදාළ බණ ම චරිත ත් 609 එකම හෙයින් වදාළ සේක. ඒ දෙශනා කෙළවර ත් අතිමුත්තකයන් දෑගේ අත වැසි පන් සිය ය රහත් වූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් එක දවසක් ජීවත් වත ත් පින් කම ම හැසිර ජීවත් විය යුතු.



628 සද්ධර්මවරත්නාවලි ය


104. ඛාණු කොණ්ඩඤ්ඤ වස්තුව

සංස්කරණය

තව ද නපුරු තරම් ඇති ව කෙ තෙක් කල් ජීවත් වීමට ත් වඩා යහපත් තරම් ඇති ව හැසිල්ලෙක ත් ජීවත් වීම ම යහපත් නියාව හඟවන්ට ඛාණු කොණ්ඩඤ්ඤ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් —

ඛාණුකොණ්ඩඤ්ඤතෙරුන්වහන්සේ බුදුන්ගෙන් කමටහන් උගෙන භාවනා කරණු නිසා වල වසන සේක් රහත් ව බුදුන් ගෙන් උගත් කමටහනින් සිද්ධ කළ මනා දෙය සිද්ධ වූ නියාව බුදුන්ට දන්වනු නිසා ඒ වලින් එන සේක් අතුරු මඟ දී විඩා ව, මගින් ඉවත් ව ගල තලක් පිට උන් සේක. පැන් වළඳා විඩා සන්හිඳුවන්නා ධ්යා නයට සම වන් සේක. සොරුන් පන් සියයෙක් එක් ව ගමක් පැහැර පියා තමන් ගෙණ යා හෙන තරමට පොදි බැඳ ගෙණ හිස තබා ගෙණ පිට බැඳ ගෙණ යන්නාහු බර ත් දැඩි හෙයින් විඩා ව ගොසින් ‘බර ත් දැඩි ය. ගමන ත් බොහෝ වි ය. තෙල තැන ගල තෙලෙක් ඇත්තේ වේ ද සැතපෙමිහ’ යි ගම්වලට නුවර වලට දුරු හෙයින් නිරාශඞක ව මඟින් ඉවත් ව ගල තල කරා ගොසින් තෙරුවන් වහන්සේ දැක ‘මෙ තැන මේ වේලාට මිනිස්සු කොයින් ද? කණුවක් නියා ය’යි සිතා ගෙන එක් කෙණෙක් තමන් ගෙණ ගිය පොදිය ඔබ හිස පිට තබා ලූ ය.

අනික් කෙණෙක් ඊ පිට තුබූ ය’ යි පන් සියයක් දෙන පන් සියයක් පොදි ඔබ වසා පියා තුමූ ත් ඊ වැතිර නිඳා පියා පාන් වන වේලෙහි පිබිද තම තමන්ගේ පොදි ගන්නාහු තෙරුන් වහන්සේ දැක කඳබර බා තබා පූ තෙරුන් වහන්සේ එ තෙක් බර ඔසවා ත් ධ්යානන බලයෙන් නො සෙල්වුණු හෙයින් යක් කෙණකු නැයි සිතා ගෙණ හැර ගන්නා කල උත්සාහවත් ව හැර ගත්තා සේ ම අනුන්ට ත් භය උපදවන පක්ෂ යෙක නො වම්හ. බුදු සවු වම්හ’ යි වදාළ සේක. ඌ හැමත් තෙරුන් වහන්සේ වැඳ ගෙන හෙව ‘කණු වෙකැ’ යි සිතුම්හ. මුඹ වහන්සේ නියාව නො දතුම්හ. ක්ෂ මා කරණ බව’ යි කියා ක්ෂගමා කරවා ගෙණ සොර දෙටුවාණන් ඔබ කෙ‍රෙහි පැහැද ‘මහණ වෙමි’ යි කී කල්හි සෙස්සෝ ත් ගිවිස මහණ වන්ට සිතා ගෙණ පව් කමට එක් වුවා සේ ම පින් කමට ත් එක් සිත් ව පන්සියයක් දෙනා ම පළමු කොණ්ඩචඤ්ඤ නම් වුව ත් කණුවෙකැ’යි



105. සප්පදාස තෙරුන් වහන්සේ ගේ වත 629

සිතූ ද? එ තැන් පටන් ඛාණු කොණ්ඩඤ්ඤ නම් වූ තෙරුන් වහන්සේට තමන් මහණ කරන්ට ආරාධනා කළහ.

තෙරුන් වහන්සේ ද අටපිරිකර පමණකට හිස කේ බනා එක් කරයක් ම හෙයින් හී තලවලින් හිස කේ බා පඬුවෙන් රඳනට පඬු නැති හෙයින් වර්ණ භෙද ය නිසා ගුරු මැටියෙන් රඳා සංකිච්ච තෙරුන්වහන්සේ මෙන් මහණ කොට ලා අතවැසි පන්සිය ය හැර ගෙණ තමන් වහන්සේ ලත් ගුණවිශෙෂ ය බුදුන්ට හඟවා ලා බුදුන් ගෙන් ඒ පන්සියයට ත් ගුණ විශෙෂ ය දෙවනු නිසා බුදුන් කරා වැඩි සේක. බුදුහු ත් මෙ තැන රඳා ලබන පර්ෂන ත් නැති හෙයින් පර්ෂරත් සොයා ‍ගියා සේ පර්ෂ ත් ලදු දැ’ යි විචාරා තෙරුන් වහන්සේ ත් ආද්යෙන්ත මුළුල්ල වදාළ කල්හි බුදුහු ත් ඒ අසා ‘එ සේ ද මහණෙනි, විචාරා ස්වාමීනි, මෙසේ වූ ආනුභාවසම්පන්න තැනක් නුදුටු ‍විරූම්හ. ඔබ කෙරෙහි පැහැද මහණ වුම්හ’ යි කී කල්හි බුදුහු ත් ඒ අසා ‘මහණෙනි, උන් එ බඳු වූයේ තමන්ගේ නුවණින් වේ ද? යම් කෙණෙක් නුවණ නැති ව හවුරුදු සියයක් වේව යි වඩා වේව යි ජිවත් වෙත් නමුත් ඉන් ප්රෙයෝජන නැත. එක දවසක් වුව ත් නුවණ නම් එ බඳු තරමක් ඇති හෙයින් නුවණින් යෙදී විසීම ම යහපතැ’ යි වදාළ සේක. දෙශනා කෙළවර බාණු කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේගේ අතවැසි පන් සියයක් දෙනා වහන්සේ මහණ වන දවස් ම වස්තුකාම වූ පොදි ‍හළ හෙයින් එ දවස් කෙලෙස් කම් හැර පිළි සිඹියා පත් ව රහත් වූ සේක. තව ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් කෙ තෙක් කල් ජීවත් වත ත් නුවණින් යෙදී විසිය යුතු.


105. සපපදාස තෙරුන් වහන්සේ ගේ වත

සංස්කරණය

තව ද නූපන් අකුසල් නූපදනා පිණිස හා උපන් කුසල් වැඩි යුරු වීම නිසා වීර්ය වැඩීමෙහි අනුසස් දක්වන්නමෝ සප්පදාස තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් —

සැවැත් නුවර කුල දරුවාණ කෙණෙක් බුදුන්ගෙන් බණ අසා ශාසනාභිරති ය ඇති ව මහණ ව උපසම්පදාව ත් ලදින් කල් යෑමකින් සස්නෙහි උකටලී ව ගිහි වියටි ව ‘අප වැනි කුල දරුවන් ශක්රාිත්ම භාවයකින් බ්රලහ්මාත්මභාවයකින් චුත- 630 සද්ධර්මමරත්නාවලි ය

වන්නා සේ ගිහි වීම රජ ව සිට ඇඟ මඬ ගා සී සාන්නා සේ තරම් නො වෙයි. මෙ සේ සිතන්නේ ජීවත් ව සිටිනා හෙයින් වේ ද? ගිහි බවට නො පැමිණ මේ ලෙසින් ම මෙළෙම් නම් යහපතැ’යි සිතා මියන්ට උපදෙස් සිත සිතා ඇවිදිනා සේක. එක් දවසක් වහන්දෑ සිඟා වළඳා ලා විහාරයට අවුත් ගිනි හල් ගෙයි හොත් නයකු දැක ඔහු ඔබා අල්වා ගෙණ එක් කළයෙක් ලා ගෙණ දුර ලන්ට ය යි කළ ය පිටින් නයි හැර ගෙණ වෙහෙරින් නික්මුණු සේක. උකටලි තැනන් වහන්සේ ද සිඟා වළඳා ලා විහාරයට එන සේක් ඒ වහන්දෑ දැක ‘කුමක් ද?, ඇවැත්නි’යි විචාරා නයෙකැ’යි කී කල්හි ‘මූ කුමක් කරන්ට දැ’ යි විචාළ සේක.

දමන්ට ගෙණ යම්හ’ යි කී කල්හි එහු ලවා තමන් වහන්සේ කවා ගෙණ මියෙමී සිතා මෙ සේ දෙවන1 බව ය. මම දමමි’ යි කියා ලා ඒ වහන්දෑ අතින් කළ ය හැර ගෙණ එක් තැනක හිඳ ඌ ලවා කවන්ට උත්සාහ කළ සේක. සර්පයා ඔබ කන්නා තබා කළයෙනු ත් මෑත් නො වෙයි. උන්වහන්සේ කළයට අත බා ලා අත ඈත මෑතත් ඇවිදුවන සේක. නයින්ගේ කට දල්වා ලා බිළිඳු2 නො වත ත් නයින් කටට අත් දෙන සේක. ඔබ කෙ සේ කළ ත් ඩෑ පියන්ට කාරණයක් නැති හෙයින් මෙ තෙමේ ඩෑ නො පිය යි. ‘මේ නයෙක් නො වෙ යි. විෂ නැති ‍එකෙකැ’ යි ඔහු හැර පියා විහාරයට වැඩි සේක. වහන්දෑ ත් සර්පයා හැරපු දැ’ යි විචාරා ‘ ඒ සර්පයෙක් නො වෙයි. විෂ නැති එකෙකැ’යි කී කල්හි ‘ඇවැත්නි, ඒ නයා ම ය. අල්වන වේලේ පෙණය ත් කෙළේ ය. සුස්මන ත් හෙයින් අල්වා ගත්තෙ ත් දුකින “නයකු නොවෙතී” කුමක් නිසා කියවු දැ’ යි විචාළ සේක. ‘ඇවැත්නි” ඌ ලවා මා කඩා කවා ගන්ට නො එක් ප්ර යොග කළ ත් ඒ නො කෑයේ ය. එ සේ හෙයිනැ’ යි කී සේක. ඒ අසා වහන්දෑ මුඛයෙනු ත් නො බිණු සේක. බුදුන්ට ත් දැන්වූයේ නැත.

එක් දවසක් කරනවෑමියෙක් කර සඟලක් හැර ගෙණ විහාරයට අවුත් එක් කරයක් බිම තබා ලා අනික් කරයෙන් වහන්දෑගේ අවුත් එක් කරයක් බිම තබා ලා අනික් කරයෙක් වහන්දෑගේ හිස කේ බායි. සසුනේ උකටලී තැනැත්තන් වහන්සේ බිම තිබූ කර ය අතට හැර ගෙණ ‘මින් බොටුව කපා ගෙණ මිය යෙමි’ එක් ගසෙක හිස ඔබා ගෙණ කර ය බොටුව තබා ගෙණ සිටි සේක් උපසම්පදා මාලකයෙහි පටන් තමන් වහන්සේ රක්ෂා කරණ දෑරඟ මිණක් වැනි වූද පඤ්චොපක්ලෙහයෙන් විනිර්මුක්ත


1. දෙන බව ය 2. බිළිඳු


105. සප්පදාස තෙරුන් වහන්සේ ගේ වත 631

සඳ මඬලක් වැනි වූ ද අත්ය න්ත පරිශුද්ධ ශීලය සිල් බැලීමෙන් දුටු සේක. නිර්මලල වූ ශීල ය දකු ත් දකුත් සක් විති රජ්ජුරු කෙ‍ණකුන් සක් රුවනෙහි ආනුභාවයෙන් අහසට නැඟී හෙළ පියුම් විල් සේ කො දිව් පිරිවැරූ මහ දිවයින් බලන්නවුන්ට උපදිනා ප්රීෙතියට ත් ව‍ඩා බලවත් ප්රීිති උපන. උපනේ ප්රීිති පමණෙක නො රඳා ප්රී ති ය. විකඹමින් විවසුන් වඩා සිවු පිළිසිඹියා පත් රහත් ව කර ය හැර ගෙණ විහාරයට ආ සේක.

වහන්දෑ ද ‘කොයි ගියා දැ’ යි විචාරා ‘මේ කරයෙන් බොටුව කපා ගෙණ මියනුට ගියෙමි’ කී කල්හි නො මලේ හැයි දැ’ යි විචාළ සේක. ‘එ ලෙසක් කරන්ට අයොග්යි වීමි. මේ කරයෙන් බොටුව කපන්ට ගොසින් අර්හත් මාර්ග ඥාන නමැති කරයෙන් කෙලෙස් සතුරන්ගේ බොටුව කැපීමි’ යි වදාළ සේක. වහන්දෑ ඒ අසා ‘මූ උත්තරිමනුෂ්යොධර්මානරොවන ය කෙරෙති’ යි බුදුන්ට දැන් වූ සේක. බුදුහු වහන්දෑගේ බස් අසා ‘මහණෙනි, රහත්තු සියතින් අනුන්ගේ ජීවිත ය නො නස්නා සේ තම තමන්ගේ ජීවිත ත් නො නසති’ යි වදාළ සේක. ‘ස්වාමීනි, රහත් වන්ට නිසි ව සිට සස්නෙහ් උකටලී වූයේ හැයි ද? රහත් වන්ට නිසි පිණු ත් කවරේ ද? කුමක් නිසා ත් සර්පටයා නො කෑ දැ’යි විචාල සේක. ‘මහණෙනි, ඒ නයා නම් මෙයට තුන් වන අත් බැව දී මුන්ගේ කොල්ලෙක. ස්වාමි පක්ෂ පාත ව කා පිය නො හිනැ’ යි විචාළ කාරණයෙන් එකක් වදාළ සේක. එ තැන් පටන් ඒ තෙරුන් වහන්සේ සප්පදාස තෙරුන් වහන්සේ ය යි ප්ර්සිද්ධ වූ සේක.

“උකටලී වන්ට කාරණ කවරේ ද යත් — කසුප් බුදුන් සමයෙහි එක් කුල දරුවාණ කෙණෙක් බුදුන්ගේ කර්ණරසායන වූ බණ අසා සසර කළකිරී මහණ ව උපසම්පන්න වූ සේක් උකටලියක් උපන් තැන දී එක් යාළු මිත්රහ නමකට කී සේක. උන් වහන්සේ ද ඒ අසා එක් වන් ම ගිහි වීමෙහි ආදීනව කියන සේක. උකටලී නම ද ඒ අසා ශාසනාභිරති ය ඇති ව සිට සස්නෙහි ඇලුම් නැති අවධියේ පිරිමැස්මක් නැති වූ පුස් කා ගිය සිවුරු ආදී වූ මහණ පිරිකර ගල් කෙමක් බඩ තබා ගෙණ පවිත්ර කෙරෙමින් හුන් සේක. යාළු මිත්රර නම ත් ලඟ ම හුන් සේක. ආදි උකටලී වපසු ව ශාසනාභිරති ය ඇති වූ නම ‘මම සිවුරු හලිම් නම් මේ මහණ පිරිකර විකොට නො කා මුඹ වහන්සේට දෙන්ට සිතීමි’ කී සේක.



632 සද්ධර්මලරත්නාවලි ය

උන් වහන්සේ ද ඒ අසා මුන් ශාසනයෙහි සිට ත් ගිහි වත් මට ප්රහයෝජන කිම් ද? තව ත් සිවුරු හළ වූ නම් මේ පිරිකර මට ලැබෙ’යි සිතා පිරිකර ම සලකා පර ලොව නො සලකා එ වක් පටන් මඟුලට ගැසූ බෙර මිනි බෙර කොට ගසන්නා සේ ආදි වැඩට කියා ලූ අවවාද අවැඩෙහි යොදා කියන සේක් ‘ඇවැත්නි, සුව සේ උපයා සොයා කා ලා අඹුවන් දරුවන් ඇති ව වසන විසීම් තබා පියා කබල් හැර ගෙන දොර දොර සිඟා කා රැකෙනු සෑහෙනු කිම් ද’ යනාදීන් ගිහි වීමෙහි ගුණ කියන‍ සේක. අර මුන් වහන්සේද ඒ අසා පෙර ත් උකටලී ව පියා නැවත සිතන සේක් ‘පළමු මා උකටලී විමි කී කල්හි ගිහි වීමෙහි ආදීනව කියා දැන් මා එ බන්දක් නො කීව ත් එක් වන් ගිහි වීමෙහි ගුණ කියන සේක.

‘කාරණා කිම් දෝ හෝ’ යි සිතා ‘මේ මහණ පිරිකරෙයි ලෝභයෙන. අනිකකින් නො වෙ යි’ දැන තමන් වහන්සේ ම අනික් කෙණකුන්ගෙන් මහලු කම් නැති ව උකටලී වීමෙන් නැවති සේක. මහණ පිරිකර නිසා උකටලී ඉපැදවූවෝ අනික් කෙණෙක් නො වෙති. මෙ සප්පදාස තෙරහු ය. කසුප් බුදුන් දවස නිස්සාර පිරි කරක් නිසා උකටලී හැර උන්නවුන්ට උපදවා ලූ උකටලිය නිසා දැන් උකටලී ඇති වී ය. මුන්ගේ බසින් අරුන් ශාසනයෙන් නො පිරිහුණුහෙයින් මුනු ත් ශාසනයෙන් පිරිහෙන්නට නූ වූයේ ය. විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි කළා වූ මහණ ධම් රහත් වීමට මුල් වී ය’ වදාළ සේක.

වහන්දෑද සර්පලයා මුන් වහන්සේ දෂ්ට නො කරන්ට කාරණය ත් උකටලීවන්ට කාරණ ය ත්, රහත් වන්ට කාරණ ය ත් බුදුන්ගෙන් අසා ශෙෂව තිබූ සුඟක් ඇති හෙයින් ඒ විචාරණ සේක් ‘ස්වාමීනි, මුන් වහන්සේ කර ය බොටුවේ තබාම නොකැපෙන තෙක් රහත් වූ සේක. මෙ විතර උදවුවෙක ත් රහත් විය හැකි දැ’යි විචාළ සේක. ‘එසේය. මහ‍ණෙනි, වඩනා ලද වීය්ය් ද ඇත්තවුන් යන්ට ඔබා ලූ පය බිම නො තබන තෙක් අර්හත්ව ය සිද්ධ වෙ යි’ වදාරා ගිහි ව කළ මනා නිරවද්යව කෘෂි වණික් ආදියෙහි ද ශාසනික ව පිරුව මනා වින ය ප්රකතිපත්ති සූත්රන ප්රිතිපත්ත‍ියෙහි ද කුසීත ව කිසියම් කෙණෙක් අවුරුදු සියයක් ජීවත් වත් නමුත් ඉන් ප්රකයෝජන නැත. උභය පක්ෂි ය ම එක දවසක් වුව ත් සම්‍යක් ප්රඉධාන වීය්ය්ැ වශයෙන් වඩනා ලද වීය්ය්ස ඇති ව විසීම යහපතැ’ යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ තැන් සෝවාන් ඵලාදිට පැමිණි සේක.



106. පටාචාරා වහන්දෑ ගේ වස්තුව 633

එ හෙයින් සත් පුරුෂයන් විසින් වීය්ය්ස වඩා අකුසලින් දුරු ව කුසල් පුරා ත්රියවිධ බොධියෙන් එක් තරා බොධියකට පැමිණිය යුතු.


106. පටාචාරා වහන්දෑ ගේ වස්තුව

සංස්කරණය

තව ද කළ පින් ඇත්තවුන්ට ත් අවසර ලත් අකුශලයාගේ වශයෙන් වන ආපද් දක්වනු නිසා පටාචාරා වහන්දෑ ගේ වස්තුව කියමු.

කෙ‍ සේ ද යත්-

සැවත් නුවර සතළිස් කෙළක් විවර වස්තු ඇති සිටාණ කෙණකුන්ගේ දුවණි කෙණෙක් ඇත. මනහර වූ රූ ධරති. උන් සොළොස් හැවිරිදි වයස දී මිථ්යානචාරයෙන් නවතනු නිසා සත් මාල් පායේ උඩු මාලේ ශ්රීඋ යහන් ගබඩාවෙක ලා රකිති. එ සේ වුව ත් ඌ තුමූ තමන්ගේ ම ගෙයි කොල්ලකු හා බැඳී වෙසෙති. උන්ගේ දෙ මවු පියෝ ජාතීනු ත් සම්පත්තීනු ත් සම තරම් වූ සිටු පුත්රියාණ කෙණකුන්ට සරණ දෙන්ට නියම ව දවස් නියම කළහ. නකත් දවස් උදවු කලට සිටු දුවණියෝ බැඳී වසන කොල්ලාට කියන්නේ ‘ මා අසවල් දවස් සිටු පුත්රියාණන්ට සරණ දෙති. මා උන් කරා සරණ ගිය කල පඬුරක් හැර ගෙන ගිය නමුත් ඔබිනු ත් වෙන ම රකවල් හෙයින් දක්නා පමණකට ත් නො ලබව. ඉදින් මා කෙරෙහි ප්රේනමයක් ඇත් නම් ඔබ නො යන තෙක් දැන් ම මා කැඳවා ගෙන කැමති තැනකට යව’යි කිවු ය. උයිත් යහපතැ යි ගිවිස ‘එ සේ වී නම් මම සෙට දවස් නුවර වාසල කෙරේ අසවල් තැන සිටිමි. මුඹ ත් එක් උපදෙසකින් කාට ත් නො හැ‍ඟෙන ලෙස එ තනට අව මැනැවි’ යි කියාලා දෙ වන දවස් කියා ලූ තැන ම සිටියහ.

සිටු දුවණියෝ ද දෙ වන කිලුටු අදහස් සේ ම කිලුටු කඩරෙද්දක් කොයින් දෝ සොයා හැඳ‍ ගෙන මිඬියන්ගේ ලෙසට ලිල් කොට හිස කේ බැඳ ගෙන රෑ දෙ වරු වී පෑරියා සේ ඇඟ මුළුල්ලේ ධූලි ගා ගෙන කළයක් හැර ගෙන පැනට යන කෙල්ලක මෙන් කෙල්ලන් හා එක්ව ගෙන් පිටත් වී මිඬි වෙස් ගත් ලෙසට කොල්ලා සිටින තැනට ගියහ. ඒ කොලු ද ක්රිපයාවෙන් කුමක් වුව ත් ජාතීන් සම්පත්තීන් උතුම් තරම් ඇති සිටුදුවණියන් රෙදි කඩකින් වසා ලු මැණිකක් පරිද්දෙන් කැඳවා ගෙන දුරට ගොසින් එක් ගමෙක රඳා හිඳ අයට අඳයට සී සා



634 සද්ධර්ම්රත්නාවලි ය

ගෙන, වප් වපුට ගෙන දර පලා ගෙනවු ත් ජීවත් වෙති. සිටු දුවණියෝ ද කුස රජ ව උපන් බෝසතුන් ප්රනභාවතියන් නිසා නිකෘෂ්ට ලෙසින් හැසිරුණු නියාවට හුදෙක් පිරිමිහු ම ගෑනුන් නිසා නිකෘෂ්ට ලෙස ඇවිදිනෝ නො වෙති. ගෑනු ත් පිරිමින් නිසා නිකෘෂ්ට ලෙසින් හැසිරෙති යන්න හඟවන්නාක් මෙන් කළයෙන් පැන් ගෙනවු ත් තබමින් සිය අතින් ම පරමන් පිසමන් ආදි ය කෙරෙමින් තමන් යට කළ අකුශලයෙහි අනිෂ්ට විපාක ය වි බත් කමින් සිට, හමු බත් කන්නා සේ අනුභව කරන්ට පටන් ගත්හ.

ඉක් බිත්තෙන් උන්ගේ බඩ දරු කෙණෙක් ඇති වූ ය. වදන අවස්ථාවෙහි දී ‘මෙ තැන අපගේ නෑසිය කෙණෙක් නැත. දෙ මවුපියෝ නම් දරුවන් ගේ කවර තරම් වරදක් ඇත ත් තමන් දරුවන්ට පදමාණවක ජාතකයෙහි තමන් යකිණ වුව ත් අත හැර යන පුතණුවන් කෙරෙහි කළා වූ ශොකයෙන් ළය පැළී මළ හෙයින් මොළොක් අදහස් ඇත්තෝ ය. දරුවන් වදන්ට මා ඔබ ගිය ගිය මැනැවැ’යි සමුණන්ය යාච්ඤා කොළෝ ය. ඌ ඒ අසා ‘කුමක් කියන නියා ද? මුඹ දුවණියන් හෙයින් මුඹට කරණ කියන දෙයක් නැත ත් මා අයති හෙයින් කළ අපරාධ තරමට මරවා පියන සේක.

‘මා ඔබ යන්ට බැරි ය’යි කීය. සිටු දුවණියෝ තව ත් තව ත් කියා ත් උන් මැළි හෙයින් උන් කර්මාන්තයට ගිය දී ඉක් බිති ගෙවල ඇත්තවුන්ට ‘ඉදින් අවුත් මා නො දැක විචාළෝ නම් දෙමවු පියන්ගේ ඔබ මා ගිය නියාව කියා ලුව මැනැව’යි කියා ලා ගෙයි දොර පියා නික්මුණවුය. උය ත් අවුදින් සිටු දුවණියන් නො දැක ඉක් බිති ගෙවල ඇත්තවුන් විචාරා එ පවත් අසා රඳවන්ට ය යි ලුහුබඳවා ගොසින් දැක නො එක් ලෙස යාච්ඤා කොට ත් රඳවා පියා නුහුනුවු ය. යන ගමනේ දී එක් තැනක දී විළි පහරන්ට වන. ඌ එක් කැලෑ හස්සකට වැද ලා සමුණනු ත් එ තැන දක්වා ගිය හෙයින් විළිපහරන නියාව කියා ලා ප්රලසව වේදනා බලව ත් හෙයින් හැසී වැසී දුකින් පුතණු කෙණකුන් වදා පියා ‘යම් කටයුත්තෙක දෙ මවු පියන් ලඟට යමෝ නම් ඒ සමෘර්ධ වී ය’යි නැවත ත් රඳා හුන් තැනට ගොසින් රඳා හුන්හ.

කල් ගිය සේ තව ත් බඩ දරු කෙණෙක් ඇති වූ ය. දෙවන වරෙහි ද වදන අවස්ථාවෙහි දී දෙ මවු පියන් ලඟට කැඳවා ගෙන යන්ට පෙරැත්ත කියා පියා උන් නො ගිවිස්නා හෙයින් ආදී



106. පටාචාරා වහන්දෑ ගේ වස්තුව 635

උපන් දරුවන් පයින් යන්ට අබල හෙයින් උන් ත් වඩා ගෙන බඩ දරුවනු ත් බඩින් හැර ගෙන නික්මුණාහ. සමුණන් ලුහුබඳවා ගෙන ගොසින් රඳවන්ට උත්සාහ කොට ත් නොරඳා නික්මුණ වූ ය. සමුණෝ ත් කැටි ව නික්මුණවූ ය. මෙ සේ එක් ව යන කලට නො කල් නො වේලා කොට ලා මහ වැස්සෙක් නැඟී ය. ඒ වේලාට ගසන විදුලියෙන් හා මෙඝ නාදයෙන් හා වස්නා වැස්සෙන් ආකාශ ය අතුරු සිදුරු නැති විය. ඒ වේලාවට ම පිට පිට හෙළා විදුලිය ගසන්නා සේ විළි ත් පහරනට වන. ආස ගුගුරන්නා සේ හඬ ගසන්ට ත් වන. වස්නා වැසි බෝවා සේ ම ප්රවසව දුකු ත් බෝ වීය. සමුණන් බණවා ලා විළි ත් පහරනට වන. ශීත පීඩා බලවත් හෙයින් ඇල් වැද පියා විළි ත් ලාගත නො හෙමි. නොතෙමී වදා පියන තැනක් ඉදිකරව’ යි කිවූ ය. උයි ත් දණ්ඩක් පතක් කපා ගන්ට නිසි යකඩක් හැරගෙන දඬු පත් බලා ඇවිදිනෝ තුඹසක් පිට සිටි කැලයක් දැක දණ්ඩක් පතක් කපන්ට වන්හ. කපන සොල්මනට කුඹසින් නයෙක් අවුත් ලා දඬු කපන තැනැත්තවූ කාපී ය.

එ වේලෙහි ම මරාලු ගසෙක වැද ගත් ගින්නක් මෙන් දෂ්ට මුඛයේ පටන් විෂ ය නැඟී ලා ලේ ගුණ ය නැවත ලා, ගත නිල් ව ගොසින් මිය වැටී ගියේ ය. සිටු දුවණියෝ ද මහත් දුක් විඳිමින් දඬු කපා ගිය තැනැත්තවුන් නඟන ගෙවල් තබා උන් තමනු ත් නො ලැබ අනිකුත් පුතණු කෙණකුන් වදා පූය. දරුවෝ දෙන්න සුළං ශීත ඉවසා ගත නො හි හඬති. සිටු දුවණියෝ ද දරුවන් දෙන්නා බඩතුරෙහි ලා ගෙන දෙ දණ ත් දෙ වැළ මිට ත් බිම ඔබා ලා නැඹුරු ව ගෙන සිට තුන් යම් රාත්රිෙ ය ගෙවා පීහ. රාත්රිැය මුළුල්ලේ තෙමී ලා සුදුමැලි ව පාන් වූ කලට එ දවස් උපන් දරුවන් උකුළෙහි හිඳුවා ගෙන වැඩි මාලු පුතණුවන් ඇඟිල්ල අල්වා ගෙන ‘ව‍රෝ දරුවෙනි, තොපගේ පියාණෝ තෙල සේ ගියෝ ය’ යි කියා ලා තුඹස දක්වා ගොසින් තුඹස් බඩ මිය පියා හොත්තවු දැක, ‘මා නිසා සමුණෝ අතුරු මඟ දී මළෝ ය’ යි හඬමින් වලපමින් දෙ මවු පියන්ගේ ඔබ යන්ට නික්මුණවු ය.

රෑ වැසි වැස ලා අචිරවති නම් ගඟ දණ පමණ, තන මතු පමණ වතුරු යන්නා දැක තමන් මන්ද්බුද්ධි හෙයින් සිතා ගත නො හී දරුවන් දෙන්නා ම බර නොවත ත් වඩා ගෙන එක විට ම ගෙන යන්ට හැකිව ත් ජීවත් වන්ට උන්ගේ දෛව නැති හෙයින් වැඩි මාලුපුතණුවන් මෙ තෙර සිටුවා ලා බාල දරුවන් වඩා ‍ගෙන



636 සද්ධර්ම රත්නාවලි ය

එ තෙරට ගොසින් කොළ අතු බිඳ ලා ලා ඒ දරුවන් ඊ මැද හොවා ලා මෙ තෙර සිටි දරුවන් කැඳවා එමි කියා ත් සිතා ත් බාල දරුවන් හැර පියා යත් නො හී ගොසිනු ත් බලා සිට ත් බලා මෙ තෙර දරුවන් ලඟට යන්ට නික්මුණවු ය. ඉක් බිත්තෙන් දෙ දරුවන්ට ම නුදුරු ව ගං මැදට ගිය කලට එක් උකුස්සෙක් ලේමස් ගඩුවක් සේ අතු මත්තේ හොත් දරුවන් දැක මස් වැදැල්ලෙකැ’යි සිතා අහසින් බට.

සිටු දුවණියෝ ත් පුතණුවන් ගසා ගන්ට බස්නා උකුස්සා දැක අත්ලෙන් අත්ල ගසා අරගල කළහ. උක්ස්සා ත් අරගල අසා ‍ගත නො හී අලුත උපන් කුමාරයන් ගසා ගත. ඔබින් දරුවෝ ත් නැත. මෙතෙර සිටි කුමාරයෝ මෑණියන් ගං මැද සිට අත ඔසවා ලා අරගල කළා දැක අසා තමන් කැඳවතී යන්නක් කර්මම බලයෙන් සිතා ගෙන මෑණියන් එන තුරු ත් නො රඳා වහා දියට බටවූ ය. බැස ත් තමන්ට, දිය බොහෝ හෙයින් වතුරේ ගිය හ. එලෙසින් මෙ ගොඩ සිටි පුතණුවෝ ත් නැත. සිටු දුවණියෝ ද අතුරු මඟ දී රක්ෂාය කළ සමු‍ණෝ මළෝ ය. බාල දරුවන් උකුස්සෙක් ගසා ගත වැඩි මාලු දරුවෝ දියෙන් ගියෝ ය’යි හඬමින් වලපමින් යන තැනැත්තෝ සැවත් නුවර සිට එන කෙණකුන් දැක කොයි සිට එවු දැ’යි විචාරා සැවැත් නුවර අසවල් වීදියේ මෙ නම් සිටු කුලයෙක් ඇත. හඳුනන්නේ ඇද්දැ යි විචාරා ලා ‘උන්දෑ ලා හඳුනෙමි. අනික් පවතක් විචාරා ත් මුත් උන්දෑගේ පවත් මා අතින් විචාරන්ට නො කැමැත්තේ ය’යි කී කල්හි ‍’සෙසු පවතින් මට ප්රැයෝජන නැත. මට වුව මනා ඒ පවත ම ය’යි කිවූ ය.

‘මුඹ තත්පර ව විචාරන පසු කිව මනා වේ ද? ඊයේ රෑ දෙවරු වැසි වට නියාව දුටුවේ ඇද්දැ’යි විචාළෝ ය. ‘එ සේ ය, ඒ වැස්ස අනුන්ට වට වැස්සෙක් ද? මට ම වට වැසි වේ ද? ඒ කාරණය පසු ව කියා ලමි. මා විචාළ සිටාණන් වහන්සේගේ පවත කථාවෙන් වසා ලූ පමණක් මුත් කියා ලූයේ නැත්තේ වේ ද, ඒ කියන්ට වුව මැනැවැ’යි කිවූ ය. එ සේ වී නම් ඊයේ රෑ සිටාණනු ත් සිටු දුවණියනු ත් සිටාණන්ගේ පුතණුවනු ත් තුන් පක්ෂක ය තනා ගෙන හිඳිනා මාළිගාව හුණූ හෙයින් මිය ගියවුන් එක දර සෑයට නඟා ලා දවති. තෙල පෙනෙන දුම ඒ ය’යි කිවු ය. ඌ ඒ වේලෙහි ශොක ය බලවත් ව සැලී පෙළෙන්නෝ තමන් හන් පිළි හෙන නියා ත් නො දැන උමතු බවට පැමිණ -

“උභො පුත්තා කාලකතා - පන්ථෙ මය්හං පතී මතො මාතා පිතා ච භාතා ච - එකවිතකස්මිං ඩය්හරෙ”


106. පටාචාරා වහන්දෑ ගේ වස්තුව 637

යනු හෙයින් ‘දරු දෙන්න‍ ත් මළෝ ය. සමුණෝ ත් මළෝ ය. මුඹ රැකෙන්ට අවු ත් මවු පිය දෙ දෙනා ත් බෑණෝ ත් එක සෝනේ දවති’ යි හඬමින් වලපමින් හුණු පිළී ත් අඳිනට නැති හෙයින් උපන් වතින් ම හඬා ඇවිදිති. මිනිස්සු උන් දැක සසර දෝස නො සලකා වියරු හුණූ එකෙකැ’යි කියා ගෙන කසල ත් පසු ත් හැර ගෙන ඕනෝ කැට කැබිලිති බාලා ගසති.

බුදුහු දෙව්රම් වෙහෙර දී උපාසක පර්ෂද ය - උපාසිකා පර්ෂද ය - භික්ෂු පර්ෂද ය භික්ෂුණී - පර්ෂද ය යි සිවු වනක් පිරිස් ද තවත් යවු මහ රජයෙහි පිරිස - තව්තිසා පිරිස - රජ පිරිස - බමුණු පිරිස - මාර ගොවි පිරිස - ගොවි පිරිස - මහණ පිරිස - බඹ පිරිස යන අට වනක් පිරිස් පිරිවරා බණ වදාරණ සේක් එන සැටි ය නපුරු වුව ත් කප් ලක්ෂියක් පෙරුම් පුරා ආ හෙයින් ඒ ලෙසින් යහපත් ව එන හිරි ඔතප් සළු නො ලදින් උපන් වතින් එන සිටු දුවණියන් පෘථග්ජන ලෙසින් තව බිළිඳී තැනැත්තවුන් දුටු සේක. ඌ වැළි ත් පියුමතුරා නම් බුදුන් සමයෙහි ඒ බුදුන් එක් විනයධර මෙහෙණි කෙණකුන් උඩ ඔසවා නඳුනුයන සිටු වන්නා සේ විනයධර මෙහෙණින්නන්ට අග තැන් තබන්නා දැක ‘මම ත් මුඹ වහන්සේ වැනි බුදු කෙණකුන් වහන්සේ සමයෙක මේ තනතුරු ලැබෙම්ව’යි පැතූහ. පියුමතුරා බුදුහු ත් එන දවස බලා පැතීම සමෘර්ධ වන නියාව දැන ‘මතු එන දවස ගොයුම් බුදුන් සමයෙහි විනයධර මෙහෙණින්නන්ට අග්රි ව පටාචාරා ස්ථවිරි ය යි ප්රෙසිද්ධ වව’යි වදාළ සේක.

මෙ සේ පැතූ පැතීම් ඇති මහ පිණැති තැනැත්තවුන් එන්නන් දුර දී ම දැක ‘මුන්ට මා විනා අනික් පිහිට විය හෙන කෙණෙක් නැත. පිහිට ත් වුව මනා‍ වේදැ’යි යම් ලෙසක ඉවත නො ගොසින් වෙහෙරට ම එත් නම් ඒ ලෙසට කළ සේක. පර්ෂදත් උන් එන්නවුන් දැක ‘තෙල වියරු හුණු තැනැත්තිය මෙයට වැද්ද නො දෙව’යි කිවූ ය. බුදුහු ත් ‘උන් නො නවතිව’යි වදාරා ලා ලඟට ආ කලට ‘තොප ශොක මහත් ව මෙ ලෙසක් වූ බව මුත් සිහි නුවණ නැති කෙණකුත් නො වත් සිහි ලබව’යි වදාළ සේක. උයි ත් ඒ ඇසිල්ලෙහි බුදුන්ගේ ආනුභාවයෙන් සිහි නුවණ ලත්හ. හිණ පිළී නැති නියාව එ වේලෙහි සලකා හිරි ඔතප් ගෙන එළිල්ලෙන් හුන්හ. එක් කෙණෙක් තමන් පෙරව සිටි උතුරු සළුව දමා ලූ ය.

ඌ ඒ හැඳගෙන බුදුන් ලඟට ගොසින් පැමිණි බොහෝ අවමඟුගෙන් මිදී මඟුල් නිසා අටතුරාසියක් මඟුල් ලකුණෙන්


638 සද්ධර්මරරත්නාවලි ය

විසිතුරු වූ ඇඟිලි නමැති පෙත්තෙන් හා තඹවන් නිය‍ නමැති කෙසුරෙන් හොබනා වූ සක් නමැති පියුම් කෙමි ඇති බුදුන්ගේ පා පියුම් පසඟ පිහිටුවා වැඳීමෙන් හිස පැළඳ ‘සියල්ලවුන්ට පිහිට ව සිටි ස්වාමි දරුවාණන් වහන්ස, රක්ෂාෙ කොට ගෙන හුන් සමුණන් ගෙන් නො ව අසරණ වූ වදා ගත් දරුවන් ගෙන් නූ වු හෙයින් දරු පිහිටකුත් නැති. දෙ මවුපියනුත් නො ලත් හෙයින් මවු පිය සහායක් නැති, මල්බෑයන් නොලත් හෙයින් බන්ධූසහායකුත් නැති වාසය නිකෘෂ්ට වූ හෙයින් ක්රිපයා‍ දෝෂ ය නිසා ජාතීන් නසා ගත් මා උතුම් වූ ආය්‍ර්ය ජාතියෙහි පිහිටුවා ලොවී සැපතින් පිරිහුණු මිඬිය ලොව්තුරා සැපතෙහි පිහිටුවා සහාය ව වදාළ ‍යහපතැ‍’යි කිවූ ය.

බුදුහු උන්ගේ බස් අසා පට ය යි කියා වස්ත්රියට නම් හෙයින් වස්ත්රව නැති වීමෙන් නට ආචාර එ ම වස්ත්ර ය නිසා පෙරළා ත් ඇතිවූ හෙයින් පටාචාරාවෝ ය යි පසු ව ප්රවසිද්ධ වන හෙයික් පටාචාර නම තමන් වහන්සේගෙන්ම උන්ට දෙන සේක් ‘පටාචාරාවෙනි, තෙපි මුසුප්පු නො වව. ආයේ ත් පිහිට වන්ට බල ඇති තැනක් කරා ම ය. යම් සේ මේ ජාතියෙහි තොපගේ බාලදරුවන් උකුස්සා ගසා ගත් ද, අනික් දරුවෝ දියෙන් ගියෝ ද, මඟ දී සමුණෝ ත් මළෝ ද, මවු පියොත් බෑණෝ ත් හිඳින ගෙය කඩා ගෙන හී මළෝ ද, එ පරිද්දෙන් මේ සසර සිටිනා තෙක් කල් දෙ මවුපියන් ආදීන් නට කල හඬා වගුළ කඳුළු -

“චතුසු සමුද්දෙසු ජලං පරිත්තකං, තතො බහුං අස්සුජලං අනප්පකං. දුක්ඛෙන ඵුට්ඨස්ස නරස්ස සොචනා, කිං කාරණා සම්ම තුවං පමජ්ජසි.”

යනු හෙයින් සතර මහ මුහුද පැන් විතරට ත් බොහෝ ව යනාදීන් අනමතග්ගපරියායා සූත්රහ ය වදාර ත් වදාර ත් මුවහත් තබන යකඩෙක මල කඩ ඉගිලෙන්නා සේ සෝක දුක්ඛ ය තුනී විය. සොක දුක්ඛය තුනී නියාව දැන ලා බුදුහු පටාචාරවන් බණවා ලා ‘හෙම්බා පටාචාරාවෙනි, දෙ මවු පිය ආදීහු මිය පර ලොව යන්න වුන්ට තුමූ ජීවත් ව හිඳ ත් පිහිට විය නො හෙති. නුවණැත්තවුන් විසින් සීල විසුද්ධි ය කොට ගෙන තම තමන්ට පිහිට විය යුතු ය’යි වදාරා විසි වන මග්ග වග කෙළවර ගාථා දෙකින් බණ වදාළ ‍සේක. දේශනා කෙළවර පටාචාරාවෝ පොළව පස් විතර



106. පටාචාරා වහන්දෑ ගේ වස්තුව 639

ට ත් බොහෝ කෙලෙසුන් ගෙවා සෝවාන් වීමෙන් ආය්ය් ජාතියෙහි පිහිටා ජාතින් ශුද්ධ කළහ. සංසාර දෝෂ ය නිසා ඇති නුගුණ ත් හළහ. නටුවා වූ ලොවී සැපට ලොවුතුරා සැපතු ත් යන්තම් විතරක් ලත්හ. සෙසු ත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

පටාචාරාවෝ ද සෝවාන් ව ලා ගිහි ගෙයි රඳා හිඳ දුටු සැපයක් ම නැති හෙයින් මහණ කරන්ට ආරාධනා කළහ. බුදුහු උන් මහණ කරන්ට මෙහෙණින්නන් ලඟට යැවූ සේක. මෙහෙණින්නෝ ත් මහණ මාලු පැවිදි කළහ. ආචාය්ය්ක උපාධ්යා ය තැන් ඇති ව මහලු පැවිද්ද ලත් හෙයින් නැති වූ දෙ මවු-පිටන්ට ශාසනයෙන් දෙ මවු-පියනු ත් ලැබ පටාචාරා ස්ථවීරි ය යි ප්ර්සිද්ධ වූහ.

එක් දවසක් කළයකින් පැන් හැර ගෙන පය සෝදන්නාහු පයට පැන් වත් කළහ. ඒ පැන් බිම මඳ තැනක් ගොසින් ලා බී ගියේ ය. දෙ වන දවස් පය සේධු පැන් ආදි දවස් පැන් ගිය තැන පැන් බී යන්ට මඳ හෙයින් ඒ පන් වා මඳක් දුරු වැ ගොසින් ලා බී ගියේ ය. තුන් වන දවස් පය සේධූ පැන් දෙ දවස ගිය තරමින් වඩා ගොසින් ලා බී ගියේ ය. පටාචාරා වහන්දෑ ද විවසුන් වැඩීමට අනික් අරමුණක් නො සොයා තුන් දවස් පය සේධු පැන් ගොසින් සුන් ලෙස ම අරුමුණු කරණ දෑ ආදියෙ ත් දවස් මඳක් ගොසින් ලා සුන් පැන් සේ මේ සත්තු ආදි වයස උපන් තැන් පටන් තෙ තිස් අවුරුද්ද ඇතුළත ත් මියෙති. දෙ වන දවස් මඳක් දුරට ගොසින් සුන් සේ මධ්යරම වයස් වූ තෙ තිසේ පටන් සත් සැට දක්වා මේ අතුරෙ ත් මියෙති. තුන් වන දවස් සුන් පැන් මෙන් කෙළවර වයස් වූ සත් සැට පටන් සීයේ දක්වා මේ අතුරෙත් මියෙති. එ හෙයින් උපන් සතුන්ට මරණ නියත ය යි සිත සිතා හුන්දෑ ය.

බුදුහු ගඳ කිළියේ වැඩ හිඳ රස් කඳක් විහිදුවා ලා ලඟ වැඩහිඳ කථා කරන්නාක් මෙන් ‘එම්බා පටාචාරාවෙනි, යම් කෙණෙක් රූ අරූ පස් කඳින් අවිද්යා් ප්රැත්යායයෙන් රූ උපද්දී, තෘෂ්ණා ප්රකත්ය්යයෙන් රූ උපද්දී කර්මච ප්රදත්ය්යයෙන් රූ උපද්දී, ආහාර ප්රකත්ය්යෙන් රූ උපද්දී, උත්පත්ති ලක්ෂණය නම් උදය ය, අවිද්යාූ ය, තෘෂ්ණා ය, කර්මය ය, ස්පර්ශ් ය චතුර්විධ ප්රරත්යයයෙන් වෙදනා ය, සංඥා ය, සංස්කාර ය යන ස්කන්ධ්යෝ තුන් දෙන වෙති. මුන් තුන් දෙනාගේ උත්පත්ති උදය ය, අවිද්යාී ය, තෘෂ්ණා ය, කර්මිය, නාමරූපය ය යන චතුර්විධ ප්ර්ත්ය,යයෙන් විඥාන ස්කන්ධය


640 සද්ධර්ම රත්නාවලි ය

වෙයි. මොහුගේ උත්පත්ති උදය ය යි මෙ සේ පඤ්චස්කන්ධ විෂයෙහි එකකට එකකට ආකාර පසක් පසක් වන නියා‍ෙයන් ආකාර පස් විස්සෙකින් උදය ලක්ෂ ණය ද, එ සේම අවිද්යාආ නිරොධයෙන් රූප නිරොධය වෙයි යනාදීන් යොදා නිරොධය දක්නේ ව්ය යය දක්කි යි කියා සලකා පඤ්චස්කන්ධ විෂයෙහි පස් විස්සක් විතර මේ ආකාරයෙන් ව්යකය දැයි සම පණස් ලකුණෙන් උදාවිය1 නො දකිත් නම් එ සේ වූවන් අවුරුදු සියයක් ජීවත් වත ත් ප්ර යෝජන නැත. සම පනස් ලකුණෙන් උදාවිය1 දක්නවුන් එක දවසක් ජීවත් වත ත් එ ම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර පටාචාරා වහන්දෑ පිළිසිඹියා පත් රහත් ව සෝක දුක් නැති වූවා සේ ම සසර දුක් නැති කළ දෑ ය.

එ හෙයින් සත්පුරුෂයන් විසින් අකුසලින් දුරු ව කුසල්හි පිහිටා හැම දුකට මුල් වූ ජාති දුක ම නසන්ට උත්සාහ කටයුතු.


107. කිසාගොතමීන්දෑ ගේ වස්තුව

සංස්කරණය

තව ද කවරේට යත් නුවණම පිහිට වන නියාව හඟවන්ට කිසාගෝතමීන්දෑ ගේ වස්තුව දක්වමු.

කෙසේ ද යත් -

සැවැත් නුවර එක් සිටාණ කෙ‍ණකුන් ගේ ගෙයි සතළිස් කෙලක් පමණ වස්තුව උන්ගේ එ බඳු අකුශල කර්ම ශේෂයකින් අඟුරු ව පියා සිටියේය. සිටාණෝ ඒ දැක මුසුප්පු බලවත් ව ගොසින් බත් කෑමුත් නැති ව හැඳට නැඟී ලා වැද‍ හොත්තෝ ය. උන්ගේ යාලුවාණ කෙණෙක් උන්ගේ ගෙට අවුත් ‘සබඳ, මුසුප්පු හැයිදැ’යි විචාරා එ පවත් අසා ‘සබඳ, ඒනිසා මුසුප්පු නො වව. අඟුරු වූයේ ත් සම්පත් ම වේද, උපදෙසකින් සම්පත් ම වේ නමුත් එ ම අඟුරු වේ ද, ඒ අඟුරු සම්පත් වන්ට නිසි උපදෙසක් දනිමි රත්රන් රිදි නො වන දෙය පවා උපදෙස් බලයෙන් රත්තරනු ත් කෙරෙති. රිදී ත් කෙරෙති. තොපි ත් මා කී උපදෙස කරව’යි කිවූය. කුමක් කෙරෙම් දැ’යි විචාළ කල්හි ‘තොපගේ සල්පිල්වල කළාල් පැදුරු අතුරුවා ලා ඒ අඟුරු ගෙන්වා ගොඩ කරවා ලා අඟුරු විකුණන කෙණකුන් මෙන් හිදුව එතැනට ආ ආ කෙණෙක් සෙස්සෝ තෙල් මී සකුරු පිළී ආදිය තබා‍ ගෙන විකුණති. තෙපි අඟුරු තබා ‍ගෙන විකුණව’යි කියත් නම් තොපි උන්ට ‘මට ඇති දෙය නො විකොට කුමක් විකුණෙම් දැ’ කියව.


1. උදය ව්යිය - ඇතැම් 107. කිසාගෝතමීන්දෑ ගේ වස්තුව 641 යම් කෙණෙක් ආ කල ‘සෙස්සෝ පිළී ආදි ය තබා ගෙන විකුණති. තෙපි රන් රිදී තබා ගෙන විකුණව’යි කිවූ නම් ‘රන් රිදී කොයි දැ’යි උන් අතින් විචාරා මේ මේ ය යි කී කල්හි ‘ඒ මෙ සේ දෙව’ යි උන් ලවා ගෙන්වා තොප අතර ඇර ගනුව. එසේ උන් දෙන දෙන දෙය තොප අතට පැමිණ ත් තරයේ ප්ර සිද්ධ විය නො හෙන්නා සේ රත්රන් රිදී ම වෙයි. ඉදින් තොප අතට දුන් තැනැත්තෝ කුමාරිකා කෙණෙක් වූ නම් උන්ගේ වසයෙනු ත් සම්පත තර වනු නිසා උන් ගෙන්වා තොපගේ පුතණූවන්ට පාවා දෙවා ලා සතළිස් කෙළක් වස්තුව ත් ඒ කුමාරිකාවන්ට ම නතු කොට දෙවා ලා උන් දුන් දෙයක් ප්රතයෝජන විඳුව. ඉදින් තොපට රත්රන් ආදි ය දුන් තැනැත්තෝව කුමාර කෙණෙක් වූ නම් තොපගේ වැඩිවිය පැමිණි දුවණියන් උන්ට පාවා දෙවා ලා සතළිස් කෙළක් වස්තුව ත් යේළණියන්ට පාවා දුන්නා සේ බෑණනුවන්ට ත් පාවා දෙවා ලා උන් දී ලූ දෙයක් හැර ගෙන ප්රායෝජන විඳුව. මෙ ලෙසින් මු ත් තොප සන්තක කොට තබා ප්රූයෝජන විඳිනට නො සිතව’යි කිවූය.

උයි ත් උපදෙස් යහපතැ යි සල් පිළ පිට අඟුරු ලවා ලා විකුණන බඳු ව ලා හුන්හ. එ කල ශරීරය අතිදුර්වාල හෙයින් නමින් කිසා ගෝතමී නම් වුව ත් පිණින් දුර්ව.ල නො වන ඉතා දුප්පත් කුමාරිකා කෙණෙක් එක් තරා කට යුත්තක් නිසා සල් පිළ කරා ගිය තැනැත්තෝ සිටාණන් දැක ‘සෙස්සන් පිළි ආදි ය තබා ගෙන විකුණන කල මුඹ දැන් රත්රන් තබා ගෙන විකුණන්නේ හැයි ද? සෙස්ස විකොටත් එවා ගත මනා දෙය වේදැ’යි කිවුය. ‘පුතණ්ඩ, රත්රන් කොයි දැ’යි විචාළ කල්හි ‘මඟ ‍යෙමින් සිට ම මඟ කොයි දැයි තමන් විචාරන්නා සේ තෙලෙ තබා ගෙන හිඳිනා ගොඩවල් රත්රන් වේ දැ’යි කිවූ ය. ‘එ සේ වී නම්, පුත, ඉන් යමක් ගෙනවුත් මා අතට දෙන්නැ’යි කිවූ ය.

ඉන් අඟුරු මිටක් කුමාරිකාවන් අතට හැර ගන්නා ම පිළින්දිවච්ඡ සාමීන්ගේ ඍර්ධයානුභාවයෙනු ත් ආරාමිකයන්ගේ කුශලානුභාවයෙනු ත් ඈ තමා අතට හැරගත් සුම්මාඬිය රන්මාලා වූවා සේ ම කුමාරිකාවන්ගේ කුශලානුභාවයෙන් රත්රන් විය. සිටාණන් අත ලූව ත් අඟුරු නො ව රත්රන් විය. සිටාණෝ ද පුත, තොපගේ ගෙය කොයි දැ’යි විචාරා ලා අසවල් ගේ ය යි කී කල්හි සරණ විචාළවුන් ඇති නැති නියාව ත් විචාරා විචාළවුන් නැති නියාව ත් දැන අය වියදම් කරවා උන් තමන්ගේ පුතණු



642 සද්ධර්ම්රත්නාවලි ය

වන්ට ගෙන්වා පාවා දී සතළිස් කෙළක් වස්තුව ත් දායදා කොට උන්ට ම දුන්හ. අඟුරු ගොඩවල් රත්රන් රිදී ගොඩවල් වී ය.

සරණ ආ නොබෝ කලකින් උන් බඩ අල්පායුෂක දරු කෙනෙක් පිහිටා දස මස් අයාමෙන් දවස් ගත ව ආ කෙණකුන් මෙන් පුතණු කෙණෙක් උපන්හ. ඌ පියවර ඔසවා ඇවිදිනා අවධියේ මළෝ ය. කිසාගෝතමීන් තමන් පෙර මළ කෙණකුන් නුදුටු විරූ හෙයින් දවන්ට හෝ වළලන්ට හෝ ගෙන යන්න පුතණුවන් රඳවා ලා ‘ම පුතුන්ට බෙහෙදක් විචාරමී’ මළ දරුවන් කර හොවා ගෙන ‘කුමක් ද? ම පුතුන්ට බෙහෙත් දනු දැ’යි ගෙයක් ‍ෙගයක් පාසා විචාරා ඇවිදිති. ‘මළ දරුවන්ට බෙහෙත් විචාරන්නේ පුත තොපට විකාර ඇති නියාදැ’යි ඇසු ඇසුවෝ විචාරති. කවුරුන් කුමක් කීව ත් ඌ තමන් විචාරන බෙහෙත් ම විචාරති.

එක් නුවණැති කෙණෙක් මුන් දැක ‘කුළුදුල් දරුවන් ම හෙයින් දෝ මුන් මළ දරුවන් නුදුටු විරූ නියා ය. මා මුන්ට පිහිට වුව මනා වේ දැ’යි සිතා ‘මම, පුත, එ බඳු බෙහෙත් නො දනිමි. බෙහෙත් දන්නා තැනක් දනිමී’ කිවූය. ‘පියාණන් වහන්ස, බෙහෙත් දන්නෝ කවුරුදැ’යි විචාළෝ ය. ‘පුතණ්ඩ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ සියල්ල දත්තෝ බෙහෙත් පිළියම් හැර නො වන්නෝ වේ ද? ඔබ සියල්ලකට ම බෙහෙත් දන්නා සේක. ඔබ ගොසින් විචාරව’යි කිවූ ය. යහපතැ යි කියා බුදුන් කරා එළඹ එකත් පස් ව සිට ‘ස්වාමීන්, මුඹ වහන්සේ ම පුතුන්ට බෙහෙත් දන්නා සේක් දැ’යි විචාළෝ ය. ‘සියලු ලෙසින් නොමියන ජාති ජරා ව්යාටධි නැති වන බෙහෙත් දන්නමෝ තෙල විතරක් නො දනුමෝ ද? දනුම්හ’යි වදාළ සේක.

වුව මනා කුමක් දැ යි විචාරා ‘හබ අඩ කුළුදුල්ලක් විතර වුව මැනැවැ’යි වදාළ කල්හි ඒ වන්නා සෙවිය හැක්කේ වේ ද? කෙ සේ වූ තැනෙකින් ගෙනෙම්දැ’ යි විචාළෝ ය. මුන්ගේ ඥාන ශක්ති ය හබ ගෙනෙන්නට වදාල බස් පමණකින් ම හබ සොයා නො ගෙ‍ාසින් අද්යනන්ත විචාල ගමනින් ද දත යුතුය. ‘හෙම්බා ගොතමීනි, දුටු පාඩු ගෙවලින් නො කැමැත්තේ ය. යම් කෙණකුන්ගේ ගෙයි දුවණි කෙණෙක් වත් පුතණු කෙණෙක් වත් නො මළෝ නම් එ සේ වූ ගෙයකින් ගෙනෙව’යි වදාළ සේක. උයි ත් යහපතැ’යි ගිවිස බුදුන් වැඳ ලා මළ දරුවන් කර හොවා ගෙන ඇතුළු ගමට වැද ලා පළමු වන ගෙ දොර සිට ‘මේ හබ ඇද්ද? ම පුතුන්ට


107. කිසාගෝතමීන්දෑ ගේ වස්තුව 643

ඉන් බෙහෙත් ඇතැ’යි කියා ඒ ගෙයි ඇත්තවුනු ත් ඇතැ’යි කී කල්හි ‘එසේ වී නම් දුන මැනැවැ’යි කිවූ ය. උන් හබ ගෙනා කලට ‘මේ ගෙයි පුතණු කෙණකුන් වත් දුවණි කෙණකුත් වත් මළ විරූ නැද්දැ’ විචාරා ‘පුත, කුමක් කියවුද? ජීවත් වූවන් විතරට මළෝ ම බොහෝ වෙත් දැ’යි කී කල්හි ‘එසේ වී නම් තෙල හබ ම පුතුන්ට බෙහෙත් නො වෙයි’ කියා ලා පෙරළා දුන්හ.

මෙ ලෙසින් ගම මුළුල්ලේ ම විචාරා ඇවිද එක ගෙයකිනු ත් වදාළ ලෙසට හබ නො ලදින් සවස් වේලේ දී ‘අනේ කට යුත්තක් බැරි නියා ය. මම, ම පුත්තු ම මලෝ ය’යි සිතා හිඳිමි. තම මුළුල්ලේම හුන් දූන් පිතුන්ට වඩා මලෝ ම බෝහෝ ල’යි සිතන කලට ඒ ලෙඩට බෙහෙද විනා අනික් බෙහෙදක් නැති බැවින් පුත්රත ස්නේහ නැමැති ලෙඩත් යන් තම් විතරක් තබා සන්හුණ. ප්රේරම මූලික වූ ‍ශෝක සන්හි‍ඳෙ ත් සන්හි‍ඳෙ ත් ළය ත් තද වී ය. ඌ තුමූ උද්ධු මාතක පිළිකුල ඒ අවස්ථාවෙන් පැන පූ කලට හරනා යෝගාවචරයන් මෙන් පුතණුවන් වල දමා පියා බුදුන් ලඟට ගොසින් වැඳ එකත් පස් ව සිටියෝ ය. බුදුහු ත් නො ලැබෙන නියාව දැනෙත ත් ‘හබ සුඟක් ලදු දැ’යි විචාළ සේක. ‘ස්වාමීන් නො ලද්දෙමි. ගම මුළුල්ලේ ම නො මළ දූන් පුතුන් විතරට මළෝ ම බොහෝ ය’යි කිවූ ය.

‘අප කියා ලූ බෙහෙත් බඩු සපයා දී ලිය නො හෙන කල අප කරන්නේ කිම් ද? යම් සේ එ බඳු හබයක් ලද නො හැකි ද - එ ලෙසින් මළවුන්ට ත් කළ මනා බෙහෙත් නැත. කරතොත් කළ මනා තමා නො මියන්ට බෙහෙදකැ’යි වදාරා විසි වන මග්ග වගින් ගාථාවක් වදාළ සේක. ගාථා කෙළවර කිසාගෝතමී සෝවාන් වීමෙන් නිවන් බෙහෙත් අනුභව කොට සත්කායදෘෂ්ට්යානදී වූ ලෙඩ තුන ත් නැති කළහ. සෙසු ත් බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියහ. සෝවාන් ව ජාතිදුක්ඛාදි රෝග පිළියම් ශාසනික ව කරණූ කැමති ව මහණ කරන්ට ආරාධනා කළහ. බුදුහු මෙහෙණින්නන් ලඟට යවා මහණ මහලු පැවිදි කැරවු සේක. මාලු පැවිදි ලදින් කිසාගෝතමී ස්ථවීරීන්දෑ ය යි ප්රකසිද්ධ වූ දෑ ය.

උන්දෑ එක් දවසක් පොහො ගෙයි වත් මුර ය පැමිණ පාන් පුදා ලා හුන්දෑ පහන් දැල් සි‍ඳෙන නියාව ත් ප්රනබන්ධොත්පත්ති වශයෙන් උපදනා නියාවත් දැක ‘මේ සත්වතයෝ ත් භවෝත්පත්තිය නවතා ගත නුහුනු නම් උපදිති. උපන්නවුන්ට මරණ ඒකාන්ත භාවී හෙයින් මියෙති. අනුපධිශේෂ නිර්වා්ණ ධාතුයෙන් නිවියාහු ම


644 සද්ධර්ම රත්නාවලි ය

නො පෙනෙති. ඇවිළෙන පහන ම පෙවූ අතට සම්භ වූ ආයුධයක් මෙන් අරමුණු කළහ.

බුදුහු ත් ගඳ කිළීයේ වැඩ හිඳ ම රස් කඳක් අභිමුඛයට විහිදුවා ලා ලඟ වැඩ හිඳ කථා කරන්නාක් මෙන් ‘ගොතමීනි, ඒ එ සේ මය ‘මේ සත්වියෝ නම් විඥප්තිරූප හා ලක්ෂකණරූප හැර සෙසු රූපයන් චිත්ක්ෂයණ සතළොසකට මුත් වඩා ආයු නැති හෙයිනු ත් අරූප ධර්මරයන් උත්පාද, ස්ථිති, භඞ්ග සඞ්ඛ්යානත ත්රිආලක්ෂුණයෙහි මුත් වඩා නො පවත්නා හෙයිනු ත් ක්ෂමණික මරණිනු ත් සත්තති මරණිනු ත් මියෙති. මළාහු උපදිති. නිවණට පැමිණියන්ට කලෙක දී වුවත් ඒ නැත. එ හෙයින් යම් කෙණෙක් නිවන් නො දැක මෙ වක පරමායු වශයෙන් සියක් හවුරුදු ජීවත් වත් නමුත් ඉන් ප්රියෝජන නැත. එක දවසක් වුව ත් නිවන් දැක ජීවත් වීම ම අපාය භය නැති හෙයින් සංසාර භය තුනී හෙයින් එ ම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර කිසාගෝතමීන් දෑ හුන් තැනම හිඳ ම පිළිසිඹියා පත් රහත් ව ශරීර ය කිස වුවත් ගුණ පුෂ්ටි ය එවා ගත් දෑ ය.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ශරීර පුෂ්ට ය නැත ත් චිත්ත පුෂ්ටි ය ඇති ව අකුසලින් දුරු ව කුසල්හි පිහිටා ගුණපුස්ඨ ය එවා ගත යුතු.


108. බහුපුත්තක ස්ථවීරීන්දෑ‍ ගේ වස්තුව

සංස්කරණය

තව ද ප්ර.තිපත්ති පූරණයෙහි උත්සාහ වඩනු නිසා බහුපුත්තික ස්ථවීරීන්දෑ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

සැවැත් නුවර එක් කුල ගෙයක පුතුන් සත් දෙනකුන් හා දූන් සත් දෙනෙක් ඇත. ඌ හැම දෙන ම වැඩි විය පැමිණ ගෙවල් දොරවල් ඇති ව සුවෙන් ජීවත් වෙති. කල් යෑමක දී පියාණෝ මළෝ ය. මෑණියෝ තුමූ සම්පත බෙදා නො දෙති. දරුවෝ තුදුස් දෙන ‘මෑණියන් වහන්ස, අපගේ පියාණන්දෑ නට පසු මේ සම්පත මුඹ දෑ ම තබා ගෙන හිඳීමෙන් ප්රෝයෝජන කිම්ද? සම්පත බෙදා දුන ත් ගිනි පිඹගෙන පෙනෙල්ල දැමුවා සේ කරමෝද? නො රකුමෝ දැ යි කිවු ය. ඌ උන් හැමගේ කථා අසා ත් බැණ නො නැඟී හිඳ එක්වන් ම බෙදීමේ දෑ කියන හෙයින් සම්පත නො බෙදා තබා ජීවත් වන්ට ගන්නා ආ‍යාස බලා ත් බෙදා දී ලා දරුවන්


108. බහුපුත්තික ස්ථවීරීන්දෑ ගේ වස්තුව 645

නිසා ම ජීවත් වෙමී සිතා සියලු සම්පත් දෙකක් කොට බෙදා ලා එක් කොටසක් පුතුන්ට දී ලා, එක් කොටසක් දූන්ට දුන්හ.

කීප දවසක් ගිය කලට කරණ සංග්රාහ දක්නා නිසා වැඩි මාලුපුතණුවන්ගේ ගෙට ගියහ. ගිය නැන්දණීයන්ට යේළණියෝ ‘අපගේ නැන්දණියන් වැඩි මාළු පුතණුවෝ ය යි වඩා දීලු දෙයක් ඇති සැටියේ තෝරා ලා මේ ගෙට ම එන්නේ ඉන් වේ දැ’යි කිවූය. සෙසු පුතුන්ගේ අඹුවෝ ත් තම තමන්ගේ ගෙවලට ගිය කල කථා කොට ගත්තා සේ එ සේ ම කිවුය. පුතුන්ගෙන් ලද සාද එ පමණක් හෙයින් දූන්ගෙන් සාද විඳිනා නිසා දූන් සත් දෙනාගේ ගෙවලට ‍ගොසිනු ත් මූණූ ගසා කියන බස මු ත් සංග්රදහයක් නොලත්හ. ඌ තුමූ ලත් සංග්රනහ නැත ත් ලජ්ජා ඇතිව මුන් ලඟ රඳා කිම් ද? මෙහෙණි ව ජීවත් වෙමී’ සිතා මෙහෙණවරට ගොසින් තමන් මහණ කරන්ට කිවුය. උයි ත් උන් මෙහෙණි කළහ. උපසම්පදාව න් ලදින් බහුපුත්තික ස්ථවිරී යි ප්ර සිද්ධ වූහ.

මෙහෙණිණිවත් ‘මම වැඩිමාලුකල මහණ වීමි. නො පමා වුව මනා වේ දැයි වත පිළිවෙත ත් නො පමාව තුන් යම් රාත්රිව ය මුළුල්ලෙහි ත් මහණ ධර්මි කෙරෙමි’ කියා යට මාලේ ටැඹක් අතින් අල්වා ගෙන වට කොට ඇවිද මහණ ධම් කරණ දෑ ය. සක්මන් කරණ කල ත් රුක්වල ඉස ඇනී යේ දෝ හෝ යි රුක අතින් අල්වාගෙන සිසාරා ඇවිද ථීනමිද්ධයට අවසර නො පා භාවනා කරණ දෑ ය. බුදුන් වදාළ පිළිවෙත් ම කරණ ඇල්මක් මිස ශරීර ඵාසුවට ආල ය නැති ව මහණ ධම් කරණ දෑ ය. බුදුහු ත් ගඳ කිළියේ වැඩ හිඳ ම භාවනාවෙහි පවත් විචාරන්ට යවන කෙණකුන් මෙන් රස් කඳක් විහිඳුවා ලා ලඟ වැඩ හිඳ කථා කරන්නාක් මෙන් ‘බහුපුත්තිකාව, යම් කෙණෙක් පය්යාවනාවප්ති - ප්රිතිපත්ති - ප්ර්තිවෙධ වශයෙන් ත්රිා විධ ධර්ම ය නො සලකා ඒ වු ලෙසින් නො පැවත හවුරුදු සියයක් ජීවත් වත් නමුත් ඊට වඩා එක ඇසිල්ලෙක වුව ත් සියල්ලක් ම මුල් එ ම හෙයින් ම ධර්ම ය වූ ලෙස පවති ත් නම් එ ම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බහුපුත්තික ස්ථවීරින්දෑ පිළිසිඹියා පත් රහත් ව පුත්රේ ධන ය හැර අවුත් ආය්ය්ා ක ධන ය ලත් දෑ ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කෙතෙක් ධන ධාන්ය සම්පත් වුව ත් උපද්රිවයක් විනා නිරුපද්රතතාවක් ඉන් සම්භ නො වන හෙයින් එහි ඇලුම්‍ හැර යම් සේ වේයෝ ගොදුරු සොයා යන කල තමන් වසා වේ පස් බැඳීමෙන් සැඟවී ගෙන හෙද්ද - එ මෙන් දාන ශිලාදී සුචරිතයෙන් අකුසල් වසා - තවද යම් සේ බළල්ලු

646 සද්ධර්ම රත්නාවලි ය

කොතැනකට ගියත් මියන් ම සොයන්ද උන්ට සිතිවිලි නම් ඒ මද, එ පරිද්දෙන් කවර කො තැනක දී ත් කුසල් අදහස් ඇති ව, තව ද යම් සේ ගෝනුස්සෝ තමන්ගේ නඟුට ම ආයුධ කොට තකත් ද, එ මෙන් නුවණ ම අත ආයුධයක් සේ සිතා ගෙන, තව ද යම් සේ මුගටීයෝ නයින් කරා වදාන කල බෙහෙත් ගස්වල ගෑවී පියා යෙත් ද, එ මෙන් ක්රෝ ධ නමැති සර්පයන්ට මෛත්රීේ නමැති බෙහෙත් ඇති ව. තව ද යම් සේ කැණහිල්ලු කුමන අපවිත්රසයක් ලද ත් පිළිකුල් නැත්තෝ ද එ මෙන් කවුරුන් කෙරෙහි ත් හීලන ය නැතිව -

තව ද යම් සේ මුවෝ අඩ යටි ආදිය දමා ලූ කළ වලහා පියත් ද එ මෙන් අවුත් වදනා අකුසලින් වැළහී, තව ද යම් සේ මු‍වෝ මඳ දෙයකට ත් බත් ද, එ මෙන් මඳ වරදට ත් භය ඇති ව, තව ද යම් සේ ගෙරි සරක් තමන්ගේ පට්ටිය නො හරිත් ද, එ මෙන් හැසිරිය යුතු කුසල් අත් නො හැර, තවද යම් සේ එ ම ගෙරි සරක් යත යොදා ලූ කල උනා හරනා තෙක් අත් නො හරිත් ද, එ මෙන් මිය සැව වන තෙක් ශීල සංරක්ෂ ණ ය අත් නො හැර, තව ද යම් සේ හූරෝ ගිම් තද වේලේ ඇඟ සීල් කරන්ට පැන් ඇති තැනකට යෙත් ද, එ මෙන් ක්රෝධ නමැති ගිම් දැඩි වී නම් මෛත්රිි නමැති පැන් කරා එළඹ ක්රො ධ ගිම් සන්හිඳුවා, තව ද යම් සේ ඇත්තු යන ගමනින් පොළොව දැදුරු කෙරෙත් ද, එ මෙන් අකුසල් මැඬ මිරිකා, තව ද ඇත්තු බලන බලන දෙයක් ඉඳුරා ම බලත් ද, එමෙන් දක්නා යම් දෙයක් නුවණින් ම බලත්මුත් නුනුවණින් නො බලා, තව ද යම් සේ ඇත්තු නෙළුම් - ඉපුල් මහනෙල් ආදි ය ඇති විල්වලට බැස පියා කෙළිත් ද, එ මෙන් අති පවිත්රද වූ සදහම් දියෙන් පිරුණු විමුක්ති නමැති පස් පියුමෙන් සුසන් සිහිවටන් පොකුණට බැස නුවණ කෙළි කෙළ, තව ද යම් සේ ඇත්තු සිහි ඇති ව ම පා තබත් ද සිහි ඇති ව ම පා උදුරත් ද, එ මෙන් හැම වේලෙහි ම සිහි නුවණ ඇති ව ම -

තව ද යම් සේ සිංහයෝ පවිත්රමශීලිහු ද එ මෙන් නිරන්තරයෙන් ම, පවිත්රන වූ අදහස් ඇති ව, තව ද යම් සේ සිංහයෝ තුමූ නසිත් නමුත් අනුන්ට යටත් නො වෙත් ද, එ මෙන් කවර ලෙසිනු ත් අකුසලයට යටත් නොව, තව ද යම් සේ සිංහයෝ ගොදුරු නිසා යම් තැනකට පිනූ නම් කුමක් වුව ත් එ තැනින් සම්භ වූ දෙයක් අනුභව කෙරෙත් මුත් තුල් තුල් දෙයක් නිසා එ දවස් අනික් තැනට නො යෙත් ද, එ මෙන් දෛවානුරූප ව නිරවද්යා ව සම්භ ‍වූ දෙයකින් ජීවත් වත් මුත් අත්රි,ච්ඡතාදි ය නිසා අකු



109. සුළු එක්සළු බමුණන් ගේ වත 647

සල්හි නො හැසිර, තව ද යම් සේ සක්වා ලිහිණියෝ දිවි හිමියෙන් දෙන්නෙක් මුත් තනි ව නො ඇවිදි ත් ද එ මෙන් දිවි හිමියෙන් කුසලින් වෙන් නො ව, තව ද යම් සේ එ ම සක්වා ළිහිණීයෝ ප්රාදණ වධ නො කෙරෙ ත් ද එ මෙන් ප්රාවණ වධ මුඛයෙන් පස් පව්හි නො හැසිර, තව ද යම් සේ පරවියෝ කවර ‍ගෙයක හුන්න ත් ඒ ගෙයි සම්පත ඇලුම් නැත්තෝ ද, එ මෙන් අනුන් සන්තක දෙයෙහි ආල ය නැති ව, තව ද යම් සේ බකමූණෝ කවුඩන් හා වෛර ඇති ව රෑ දවස් කවුඩන් කරා ගොසින් බොහෝ කවුඩන් මරත් ද, එ මෙන් නුවණින් නුනුවණ නසා, තව ද යම් සේ කෑරලු හැඬීමෙන් අනුන්ට වන වැඩ අවැඩ හඟවත් ද එපරිද්දෙන් ලාබ සත්කාර නිරත නො ව බණ කියා පින් පව් හඟවා. තව ද යම් සේ වවුලෝ ගෙවලට වන් කල ඇවිද පියා නැඟී යෙත් ද, ඒ ගෙයි කිසිවෙක ඇලුම් නැත්තෝ ද, එ මෙන් දුටු දෙයක් දුටු පමණකින් හරුත්ය මුත් එහි ගෙධ නූපදවා -

තව ද යම් සේ වවුලෝ අනුන්ගේ ගෙවල හිඳිනා කල ඊට හානි නො කෙරත් ද එ මෙන් ඇසිරු කළවුන්ට හානි නො සිතා, තව ද යම් සේ පූඩැල්ලෝ යම් තැනක් ඩෑ ගත්තු නම් ඒ තැන ම ඩෑ ලෝ බොත් මුත් ඒ ඒ තැන් නො ඩාත් ද, එ මෙන් යම් යම් තැනක් භජන ය කළොත් නො නිසි තරමක් දුටොත් මුත් අන් භජන ය නැති ව, තව ද යම් සේ සර්පයන් ගමන් යන කල බඩගා යෙත් ද අන් ගමණෙක් නැද්ද එ මෙන් නුවණින් යන ගමන් මුත් අන් ගමන් නැති ව, තව ද යම් සේ සර්පයන් යන කල බෙහෙත් වළහා යෙද්ද එ මෙන් සතර ඉරියවුවෙන් ම පව් වළහා, තව ද යම් සේ සර්පයන් මිනිසුන් දුටු කල බත් ද එ මෙන් පාපයෙහි ආදීනව දැක පවු බා, තව ද යම් සේ පිඹූරෝ මහකුස් ඇති‍ හෙයින් කුස පුරා ලබන්ට නැති වන්නා ම‍ඳෙකින් ම යැපෙත් ද, එ මෙන් තෘෂ්ණාව නුපුරා, තව ද යම් සේ දිවි මකුළුවෝ මඟ අවුරා දැල්බැඳ ලා මැසි මදුරු ආදීන් ඊ බැඳුණවුන් ම කත් ද එ මෙන් චක්ෂුරාදී වු ස දොර සිහිවටන් නැමැති දැල බැඳ ලා කෙලෙස් නමැති මැසි - බූවණූ ආදීහු බැඳුණ වූ නම් භාවනා මුඛයෙන් සපා කා නිමවා කෙළවර නිවන් රස අනුභව කට යුතු.


109. සුළු එක්සළු බමුණන් ගේ වත

සංස්කරණය

තව ද කරණ පින් කම් ලැසි ගෙන කෙරෙත් නම් දන්හල් වලට යන ගමන ලැසි ගත් කල දෙයක් මඳ වන්නා


648 සද්ධර්ම රත්නාවලි ය

සේ ලබන විපාක ත් ලැසි ගන්නා නියාව හඟවනු නිසා සුළු එක් සළු බමුණන් ගේ වත දක්වනු.

කෙ‍ සේ ද යත්-

විදර්ශී නම් බුදුන් සමයෙහි මහ එක්සළු බමුණාන කෙණෙක් වූ ය. දැන් මේ අපගේ බුදුන් සමයෙහි සැවැත් නුවර සුළු එක් සළු නම් බමුණාන කෙණෙක් ඇත. උන්ට එ සේ ‍කියන්ට කාරණා කිම් ද යත් - ජාති යහපත් වුව ත් දුක් පත් හෙයින් උන් තමන් හඳනට එක් කඩක් හා බැමිණියන් හඳනට එක් කඩෙක් ඇත. පිටත යන කල දසරුව වසා ගෙන යන්ට දෙන්නාට කැටි ව එක උතුරු ස‍ළුවෙක් ඇත. පිටත යන කල බමුණානන් ගෙයි රඳවා බැමිණියෝ හෝ යෙති. බැමිණිණියන් ගෙයි රඳවා බමුණානෝ හෝ යෙති. එක් දවසක් වෙහෙර බණ අසන්ට හඬගෑ කල්හිසුළු එක් සළුවෝ බැමිණිණීයන්ට ‘පින්වත, වෙහෙර බණ අසන්ට හ ඬ ගෑ හඬ ය. කුමක් ද? රෑ ත් දාවලු ත් පවත්නා බණ හෙයින් බණ අසන්ට දාවල් යවු ද නොහොත් රෑ යුව දැ’යි විචාළෝ ය.

බැමිණි‍ණීයෝ ත් උතුරු සළුව එක ම හෙයින් දෙන්නා එක විට ගමන බැරි නියාව දැන ‘බමුණානෙනි, රෑ දවස් බණ අසන්ට ගමන මට බැරි ය. දාවල් යෙමී’ කියා ලා උතුරු සළුව පෙරවගෙණ යන්නවුන් හා කැටි ව දාවල් ගියහ. බමුණානෝ උන් බණ අසා ලා ආකලට දාවල් දවස යවා පියා රෑ දවස් ගොසින් බුදුන් ඉදිරි ව ලා කො තැන හුන ත් පෙනෙන මුහුණක් හෙයින් මුහුණ බල බලා ඉඳ බණ අසති. සොඳ මුහුණ ත් දැක, මිහිරි බණ ත් අසා සියල් සිරුරු පිවමින් ප්රීතති උපන. උපන් ප්රී තීන් පෙරව ගෙන ගිය උතුරු සළුව පුදනු කැමති ව ‘ඉදින් පුදාපීම්නම් මට ත් බැමිණියන්ට ත් උතුරු සළු නැතැ’ යි සිතූය.

එ සේ සිත ත් සිත ත් පුදන්ට සිතා ගත් කුසල් සිත පසුබස්වමින් දහස් ගණන් මසුරු සිත් ඇති විය. නැවත එ මහ අතුර පුදන්ට ත් සිතෙක් සිතිණ. නැවත එයි ත් පසු බස්වා මග යන කෙණකුන් ලුහුබඳවාවල් නංවන්නා සේ ‘මේ ඓශ්චය්ය් ය අනුන්ට නො වේව යි මට ම වේව’යි යන ආකාරයෙන් පවත්නා දහස් ගණන් මසුරු සිත් ඇති විය. නැවත බලසම්පන්න කෙ‍නකුන් දුර්වාලයන් කෙතෙක් දෙනා පටහැණි ව ලා ආව ත් පසු නො බස්නා සේ පුදනු කැමති ලෙසින් සැදැහැ සිතෙක්



109. සුළු එක්සළු බමුණන් ගේ වත 649

ඇති ව ලා මසුරු සිත් මුළුල්ල ම තනි බුදුන් මර සෙනඟ පසු බැසුවූවා‍ සේ පසු බස්වයි. දෙම් දෝ නොදෙම් දෝ හෝ යි ඔහු සිතීය. දිම පෙර යම් දස පැය පලා ගො‍සින් මධ්යෙම රාත්රි ය පැමිණියේ ය. දෙම් දෝ නො දෙම් දෝ හෝ යි සිතා සිතා හින්ද දී ම මධ්යයම රාත්රි ය ත් ඉකුත් ව අලුයම් දසපැය පැමිණියේ ය. අළුයම දස පැය සුළු හක් සළු බමුණානෝ සිතන්නෝ ‘මා ගේ සැදෑ සිත ත් මසුරු සිත ත් උන් න් හා දබර වැදගත් හෙයින් ඒ දෙපක්ෂ්යේ ඇත්තවුන්ගේ තරම් බල බලා විසි පෑ විතර පලා ගියේ ය.

රැයින් තුබූයේ දස පැයෙක, ඒ දෙපක්ෂෙයේ ඇත්තවුන්ගේ විවාද කවර කලෙක සන්හිඳුවිය හැකි ද? මා තර ව එකක් ‍කොට පි කලට උනුන් කැණිවිලි සන්හ‍ඳෙත් මුත් තුමූ තමන් ම කවර කලෙක සන්හි‍ඳෙත් ද? උන් දෙපක්ෂනයෙන් දෙනු කැමති ව පවත්නා තැනැත්තෝ ඉතා යහපත්යහ. මට කවර තරම් වැඩකුත් සාධා දී ලති. නො දෙනු කැමති ව පවත්නා තැනැත්තෝ නම් මහා නපුරු කෙණෙක. උන්ට ආශ්රොය ව සිටිනා ප්රතතිඝ චිත්තයාණෝ නම් උන්ට ත් වඩා නපුරු වූ ය. මා මුන්ට නැමුණොත් දෙපක්ෂැය ම එක් ව සතර අපායේ හෙළා ලා මා ඉස් නඟාලිය නො දෙති. එ හෙයින් උන්ගෙන් මට ප්ර යෝජන නැත. දෙනු කැමති ව පැවති සැදෑ සිතට ම නැමී කෙරෙමි. දහස් ගණන් මසුරු සිත් පරදවමින් ආදියෙන් පැවැති සැදෑ සිත ම පළමු කොට ලා උතුරු සළුව හැරගෙන බුදුන් පා මුල තබා ලා මසුරු සිත් පැරදි නියාවට දිනා ගියෙමි’ යි තුන්විටක් කිවු ය.

කොසොල් රජ්ජුරුවෝ බණ අස අසා හුන්නෝ එ බස් අසා එ සේ වූ බස් රජ ව සිටියවුන්ට අප්රිසය හෙයින් දිනා ගියේ කාටදැ’යි විචාරව’යි කිවූ ය. රාජ පුරුෂයන් ගොස‍ින් විචාළ කල්හි මසුරු සිත් පරදවා සිටි හෙයින් ඒ නිසා කී නියා ව කිවූ ය. රජ්ජුරුවෝ ඒ අසා තමන් අරුම ය දන්නා හෙයින් කළ දෙයට සතුටු ව සංග්ර්හ කෙරෙමින් පිළි සඟළක් යවූහ. ඌ ඒ පිළී සඟල ත් බුදුන්ට ම දුන්හ. පැරද සිටි මසුරු සිත් තරයේම පැරද ගත් හෙයින් ඊට අවුලක් කට නුහුනු වූ ය. රජ්ජුරුවෝ ඒ අසා පිළී ‍ෙද සඟළක් යවූහ. බමුණානෝ එයි ත් බුදුන්ට ම දුන්හ. ඒ අසා සතර සඟළක් යවූහ. ඒ ත් බුදුන්ට ම දුන්හ. නැවත අට සඟළක් යවූහ. ඒ ත් බුදුන්ටම දුන්හ. රජුජුරුවෝ නැවත සොළොස් සඟළක් යවූහ. දෙනු කැමති ව පවත්නා චිත්තයාණන් බලී ව මසුරු සිත් වැදගත නො හෙන ඒ සොළොස් සඟළ ත් බුදුන්ට ම දුන්හ.



650 සද්ධර්මළරත්නාවලි ය

රජ්ජුරුවෝ බමුණානන් ගේ දානමය කුශලයෙහි දෘෂ්ට ධර්මබවෙද්ය් විපාක බලවත් නියා ව හඟවන්නාක් මෙන් අජාසත් රජ්ජුරුවන් ධාතු නිධානයෙහි හැම කරඬු ත් හැම දා ගබු ත් වසා දෑවාණ දහගබ සිටුවූවා සේ ම දුන් හැම සඟළවලට මහත් ‍කොට දෙතිස් සඟළක් යවූහ. එක උතුරු සළුව දන් දී බමුණානෝ එ ම ජාතියෙහි සඟළ ගණනින් තෙ සැට සඟළක් හා පිළී ගණනින් එක්සිය විසි සයෙක් පමණ පිළී ලත්හ. කෙළවර දෙ තිස් සඟළ ලැබ ලා යවා ලූ දෙය තුමූ මඳකු ත් නො ගෙන දන් ම දෙති. වැඩියුරුවක් ලබන්ට නියා දෝ හෝ යි කියන උපවාදයෙන් මි‍ඳෙනු නිසා තමන්ට පිළී සඟළක් හා බැමිණිණියන්ට පිළී සඟළක් තබා ගෙන අනික් තිස් සඟළ බුදුන්ට ම දුන්හ. එක් සිය ස විසි පිළීයෙන් බුදුන්ට එක් සිය දෙ විස්සක් හා තමන්ට සතරෙක් විය. රජ්ජුරුවෝ ද බමුණානෝ තුමූ හැර නො ගෙන සියක් වර දෙත් නමුත් දියුණා සියක් වර වුව ත් දෙති. දෙ තිස් සඟළින් බමුණන් දෙ සඟළක් හැර ගත් හෙයින් රජ්ජුරුවෝ දීමෙන් නැවැත්තාහ. විදර්ශී බුදුන් සමයෙහි දි මහ එක් සළු බමුණානෝ කෙළවර වාරයේ පිළී සූ සැට සඟළක් ලදින් දෙ සඟළක් හැරගත්හ. මූ දෙතිස් සඟළක් කෙළවර දෙ සඟළක් හැර ගත්හ.

රජ්ජුරුවෝ රාජ පුරුෂයන් බණවා ලා ‘දුක් පත් ව සිට බමුණාණන් කළ දෑ යහපත. රජ ගෙයි දී මා සඳහන් කරව’යි කිවු ය. උයි ත් සඳහන් කැරවූය. රජ්ජුරුවෝ ලක්ෂප වටිනා පලස් දෙකක් බමුණාණන්ට දෙවූහ. බමුණානෝ ද දන් දීමට ම සිත නැමි ගොසින් ‘මේ පලස් මාගේ කුණූ ශරීරයෙහි ගාන්ට තරම් නො වෙයි. බුදුන්ගේ සුගන්ධ ශරීරයට ම තරමැ යි එක් පලසක් ගඳ කිළිය ඇතුලේ වියනක් කොට බඳවා ලූ ය. එකක් තමන්ගේ ගෙයි දි නිරන්තර වළඳන තැනැත්තන් වහන්සේ වළඳන්ට හිඳිනා තැන වියනක් කොට බඳවා ලූ ය. රජ්ජුරුවෝ සවස් වේලේ බුදුන් ලඟට අවුත් පලස හැඳින ගෙන ‘ස්වාමීනි, මේ පලස පිදුවෝ කවුරුදැ’යි විචාරා එක් සළු බමුණානන් නියාව වදාළ කල්හි ‘බමුණානෝ මා පහන් නැන ම පහන්නු ය’යි උන් කෙරේ පැහැද ඇතුන් සතර දෙණකු ය, අසුන් සතර දෙණකු ය, මසුරන් සාර දාසෙක, පාදපරිචාරිකා කොට ගෑනුන් සතර දෙණකු ය, කෙල්ලන් සතර දෙණකු ය, කොල්ලන් සතර දෙණකු ය, ගම්වර සතරෙකැ යි යමෙක් මිනිසුන්ට ප්රසයෝජන වී නම් ඒ සියල්ලෙන් සතරක් ඔබාදීන් දෙවූහ.




109. සුළු එක්සළු බමුණන් ගේ වත 651

ධම් සබෙහි රැස් ව හුත් වහන්දෑ ත් ‘සුළු එක් සළුවන්ගේ කට යුත්තක් ඉතා ආශ්චය්ය්ස් නියා ය. එක් උතුරු සළුව දී ලා පිළි එක් සිය ස විස්සක් ලදින් ඉන් එක් සිය දෙ විස්සක් බුදුන්ට දී ලා ගනනින් මඳ වුව ත් අගයෙන් බොහෝ ව තිබෙන පලස් දෙකක් ලදින් එය ත් ශාසනයට ම නිල කොට දි ප්රියෝජනවත් සියල්ලෙන් සතරක් සතරක් ලත්හ. තැන කොට ගත් කුසල හෙයින් අද ම විපාක දිනැ’යි කථාව ඉපදවූ සේක. බුදුහු එ තැනට වැඩම කොට නො නිමි කථාව විචාරා වදාරා මේ කථාව නියාව දැන ‘ඉදින් මේ එක් සළු බමුණු දෙන්ට සිතූ ගමනේ ලැසි නො ගෙන පෙර යම දී පි නම් සියල්ලෙන් සොළොස සොළොස ලද්දේ ය. එ සේ දී ගත නො හී ඉන් පිරිහිණ. ඉදින් මධ්යසම රාත්රි යෙහි දී පි නම් සියල්ලෙන් අටක් අටක් ලද්දේ ය.

එ සේ දී ගත නො හි ඉන් පිරිහිණ. අළුයම ත් ගෙවා පාන්දඩ දී ලූ හෙයින් රාත්රි ය ගෙවුණා සේ අරත් ගෙවී සියල්ලෙන් සතර සතර ලද පින් කරණ කළ නම් උපන් අදහස නො පිරිහෙලා එ විට ම කටයුතු ය. ගිහි වුවො ත් ලාබ ත් දීම් ආදි වු පින් කම් සෙසු කෙණකුන් පෙරාතු වෙමි’යි වහ වහා කට යුතු ය. ශාසනික වුව ත් අන් තැනකට අවසර නො පෑ උපාද්ධ්යාහය වත් ආදි ය වහා කට යුත ය. පිණට මතු නො හිඳ පවකට නැමෙන සිත ත් වැට කොට ගොයම් බිමින් සරක් නවතන්නා සේ නවතා කුසල් හි පිහිට විය යුතු. සෙවෙල් ගලක යන ගමණක් සේ දෙම් දෝ නො දෙම් දෝ කෙරෙම් දෝ නො කෙරෙම් දෝ හෝ’යි ලැසි ගෙන පින් කරන්නවුන්ගේ සිත නම් ගෙවල් ඉදි කරණ කල ආයාසය සේ පිණට සිත නමන්ට ආයාස බව මුත් නඟා ලූ ගෙයක් නිගි ලන්ට පිළිවන් වන්නා සේ පවට සිත නමාලීම නිරායාස හෙයින් වහා පවට සිත නැමෙයි. එ සේ හෙයින් පිණක් කරන්ට නැමුණු කල එ සිත නො පසුබස්වා-

“අජ්ජෙව කිච්චං ආතප්පං - කො ජඤ්ඤා මරණං සුවෙ නහි නො සඞ්ගරන්තෙන - මහාසෙනෙන මච්චුනා”

යනු හෙයින් එ ම වක් වන් සඳහන් කෙරෙමින් ලැසි ගැන්මෙන් පවට නැමෙන සිත ත් පිණට නමා පින් කට යුතු ය’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එහෙයින් නුවණැත්තවුන් විසින් කරණ පින් කමට ලැසි ගැන්මෙක් ඇත් නම් ඒ එක් පවක් කොට සිතා ගෙන ඒ පවිනු ත් ‍‍සෙසු


652 සද්ධර්මවරත්නාවලි ය

පවිනු ත් දුරු ව පින් කම් හැසිර ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xiv&oldid=5690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි