සද්ධර්ම රත්නාවලිය- xii
80. ධ ම් මි ක තෙ රු න් ව හ න් සේ ගේ ව ස් තු ව
සංස්කරණයතව ද සත්ව යන් අධර්ම යෙන් වළකා දහම්හි පිහිටුවනු සඳහා ධම්මික තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු. කෙසේ ද යත් :-
සැවැත් නුවර එක් උපාසක කෙණෙක් දැහැමින් සෙමින් ගිහි ගෙයි වෙසෙති. ඌ තුමු පැවිදි වුන කැමැති ව එක් දවසෙක ඇඹේණියන් හා සමඟ හිඳ කථා කරන්නෝ ‘සොඳුර මම මහණ වනු කැමැත්තෙමි’ කිවු ය. එ බසට උන්ගේ ඇඹේණියෝ කියන්නාහු ‘ස්වාමීනි, මා බඩ දරුවන් වදා පියන තෙක් බැලුව මැනැවැ’යි කිවු ය. උපාසකයෝ ද යහපතැ’යි ගිවිස ඒ දරුවන් බිහි ව පියවර ඔසවන කාලයෙහි නැවත ත් ඇඹේනියන් විචාරා පළමු පරිද්දෙන් ම ‘ස්වාමීනි මේ දරුව්න වැඩි ගන්නා තෙක් බැලුව මැනැවැ’යි කී කල්හි ‘මුන් විචාරා යෑමෙන් ප්රරයෝජන කිම් ද, නො විචාරා වී නමුත් ගොසින් මට දුකට පිළිසරණක් කෙරෙමි’යි ගෙන් නික්ම ගොස් මහණ වු ය. 550 සද්ධර්මිරත්නාවලි ය.
ඌ තුමු තමන්ට සුදුදු වු කමටහනක් ඉගෙන ගෙන උත්සාහ විය්ය්වී කරන්නෝ තමන්ගේ පැවිදි විමෙන් වන කාය්ය්හ නිමවා නැවත ඒ දෙ පුතු මවුන් දක්නා පිණිස සැවැත් නුවරට ගොසින් පුතණුව්නට ගිහි ගෙයි ආදීනව දක්වා බණ කිහ, ඒ පුත් කුමර ගිහි ගෙන් නික්ම මහණ ව නොබෝ දවසකින් රහත් බවට පැමිණියේ ය. තෙරුන් වහන්සේ ගේ පොරණ ඇඹේණියෝ ද ‘යම් කෙණකුන් පිණිස මම ගිහි ගෙයි විසීම් ද ඒ දෙ දෙන ම මහණ වු ය. දැන් ගිහි ගෙයි විසිමෙන් මට පරහි යෝජන කිම් ද? මම ත් මහණ වෙමි’යි ගිහි ගෙය හැර ලා ගොස් මහණ ව ලා ම නො බෝ දවසෙකින් රහත් වු ය.
ඉක්බිති එක් දවසෙක ධම් සෙබෙහි රැස්ව හුන් වහන්දැ ‘ඇවැත්නි, ධම්මික උපාසකයෝ තුමු දහම්හි පිහිටි හෙයින් ගිහි ගෙන් නික්ම මහන ව රහත්ව ලා අඹු දරුවන් ද ගිහි ගෙට වඩා ශසනයෙන් පිහිට වු ය’යි කථා කළ සේක. බුදුහු එ තැනට වැ ඩ කෙරෙමින් සිටි කථාව විචාරා වදාරා කථා පුවත දැන ‘මහණෙනි, නුවනැත්තෝ තුමු තමන් නිසා වේව යි පනිවා ආදී වු පව් නො කෙරෙති නැවත දරුවන් වේව යි වස්තු වේව යි රට තොට වේව යි, කැමැතිව ත් පව් නො කෙරෙති. තමන්ට වන්නා වු මේ ප්ර යෝජනයක් ඇත් නම් එයි ත් නුවණැත්තෝ අධර්මියෙන් උපදවන්ට පර ලොවින් ප්රවයෝජන ලවයක් නැති හෙයින් නො කැමති වෙති. යම් කෙණෙක් යථොක්ත වු මේ ගුණ ඇත්තෝ වූ නම් සිල්වතු ත් ඌ ම ය. නුවණැත්තෝ ත් ඌ ම ය. මැදහත්තු ත් ඌ ම ය. අනි ක් කෙණෙක් නොවෙති’යි වදාළ සේක. මේදේශනා කෙළවර ත් බොහෝ දෙන මාර්ගක ඵලාලඞ්කාරයෙන් සැරහී නිවන් පුරයට වන්හ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ සක් දෙවිඳු ශක්රය සම්පත ඇලි වෙසේ ද, එ මෙන් නිවන් සම්පත ඇලි - තව ද යම් සේසක් දෙවිඳු දෙවියන් දැක සංග්රනහ කෙරේ ද, එමෙන් කුසල් විෂයෙහි පසු නො බස්නා සිතට බල ලබ්බා දිමෙන් හා තෙපුලෙන් සිද්ධවන කුසලයට තෙපුල ලබ්බා දීමේන හා සිතින් සිද්ධ වන කුසලයට සිත ලබ්බා දෙීමෙන් සංග්රබහ ශිළී ව - තව ද යම් සේ සක් දෙවිඳු හට දිව සැපතෙහි උකටලි නැත ද, එ මෙන් කුසල් විෂයෙහි උකලි නො ව ත්රි විධ දුශ්චරිතයෙන් දුරු ව ත්රිාවිධ සුචරිත පුරා ස්වර්ග- සම්පත් අනුභව කොට කෙළවර නිවන් සම්පතු ත් සාධා ගත යුතු.
81. ධර්ම්ශ්රසවණ වස්තුව 551
81. ධ ර්ම ශ්රා ව ණ ව ස් තු ව
සංස්කරණයතව ද බණ අසා ඒ වු පරිද්දේන් පිළිපදු ත් මුත් නොපිළි පැදීමෙන් ප්ර යෝ ජන නැති නියාව දක්වන්ට ධර්මදශ්රොවණ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
සැවැත් නුවර එක් විථියෙක මිනිස්සු එක් ව ගෙන සෑහෙන තරමේ දන් දී ලා රාත්රිු බණ ත්අසන්ට පටන්ගෙන සියලු රාත්රීේ යෙහි ආසා ගත නො හී සමහර කෙණෙක් කෙලෙස් සිතින් රැඳි පියාබණ සන්ධි නො වන තෙක් ම තමන්ගේ ගෙවලට ගියහ. සමහර කෙණෙක් බොහෝ දෙන රැස් වු තැන හෙයින් අඬ දබර කොට ගෙන ගියහ. සමහර කෙණෙක් සිත හෙළා අසන්ටන නැති හෙයින් ඇසට නිඳි එන්නා නිඳා වැතිර ගියහ. දෙ වන දවස් වහන්දෑ එ පවත ධම් සෙබෙයි දී කී සේක. බුදුහු ත් වැඩ එ පවත් දැන ‘මහණෙනි, සත්වධයන් අතුරෙන් යම් කෙණෙක් නිවනට පැමිණෙත් නම් ඌ බොහෝ දෙනෙක් නො වෙති. බොහෝ සර්වනඥවරයන් වැඳ ත් නිවන් දැක ගත නුහුණු සත්හු ම බොහෝ වු ය. යම් කෙනෙක් බුදුන්ගේ බුදු වදන් අසා මනා ව පිළිපදි ත් නම් එබදු තරමක් ඇති වු කෙණකුන් විසින් මුත් එ තෙර විමය නො හැකි කෙලෙස් මරහු වසනු තැනක් වැනි සසර හැර ඌ තුමු නිවන් පරතෙරට පැමිණෙනවති වදාළ සේක. මේ දෙශනාව කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණ නිවන් පුර වන්හ.
එ හෙයින් සත්පුරුෂය්න විසින් යම් සේ සක්විති රජ්ජුරු කෙණෙක් සතර සංග්රසහ වස්තුවෙහි ජන සංග්ර්හ කෙරෙත් ද එ මෙන් සිවු වනක් පිරිසගේ අදහස් ලෙස ට ධර්මර දානයෙන් කර්ණවකඨොර නො වන ප්රිෙය තෙපුල් ම කියන බණිනු ත් කිමෙන් වැඩෙහි හැසිරිමෙන් අනුශාසනා ලෙස පවත්තවුන්ට ආත්ම සමානතාව ඇති විමෙන් ද මෙසේ සතර සංග්රනහ වස්තුව ත් ඇත්ව, තව ද යම් සේ සක්විත්තන් සන්තක සතර මහ දිවයින සොරු නැත් ද, එ මෙන් තමා සතන්හි කෙලෙස් සොරුන් විසිය නො දී, තව ද. යම් සේ සක්විත්තෝ දවස් පතා මුව පොළොව සිසාරා ඇවි ද යහපතු ත් නපුරු ත් දකිත් ද එ මෙන් දවස් පතා තුන් දොරින් වැරදි සලකා වැරදි කෙයට නිසි වු ප්රනතාකාර කොට අකුසලින් දුරුව කුසල් පුරා ත්රිදවිධ බොධින් එක් බොධියකට පැමිණිය යුතු.
552 සද්ධර්මකරත්නාවලි ය
82. ආ ග න් තු ක ප න් සි ය ක් දෙ නා ව හ න් සේ ගේ ව ස් තු ව
සංස්කරණයතව ද සාමාන්ය යෙන් සියලු ම අකුසලින් දුරු ව සාමාන්ය යෙන් සියලුන ම කුසල්හි යෙදෙනු සඳහා ආගන්තුක පන්සියක් දෙනා වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්-
පන් සියක් පමණ වහන්දෑ කොසොල් රට වස් වැසලා අන්තයෙහි බුදුන් වදනට යෑම අවශ්යවයෙන් ම කළ මනා හෙයින් දෙව්රම් වෙහෙරට ගොසින් බුදුන් වැඳ එකත් පස් ව හුන් සේක. බුදුහු ඒ වහන්දෑගේ තරමට අනුකූල ලෙසට බණ වදාරන සේක ‘මහණෙනි, නුවණැත්තෝ තුමු සත්වෑ ප්රා ණහර විෂ මෙන් සලකා සියලු ම ලඝු තරම් වුවත් , බලවත් තරම් වුවත් අකුසල ය නො කිරිම් වසයෙන් හැර මහණ වන්ට අවුත් මහන වූ තැන් පටන් රහත් වන තැන් දක්වා කාය සුචරිතාදි සියලු ම කුසල ය වඩන්නෝ ය. එ කුසල ය වඩන්නේ කුමක් ද යත් - තෘෂ්ණා ව නම් සියලු ම දුකට මුල් කාරණන හෙයින් එ හැර නිවන් නම් ලොවි ලොවුතුරා සැපයට කාරණ හෙයින් නිවන් පතා ඊට පැමිණෙන පිණිස කුසල් කරන්නෝ ය. කුසල් කරණ කල ත් රූප ශබ්දාදි වූ වස්තු කාම සැප ත් තත් තත් විෂය වු කේලශකාමය ත් හැර යම් දෙයෙක්හි ඇල්ම කරවා ම මුත් කට නොහැක්කේ වී න්ම එ සේ වු නිවන්හි ඇලුම් කොට නිවන් පතා කළ කුසලින් සියල්ලක් ම සිද්ධ වන හෙයින් තර ව නිවන් කැමැති වන්නාහ.
නැවත නුවණැත්තෝ තුමු යම් කෙලෙස් සිතෙක් ඇති න්ම ඒ කෙලෙස් සිත් සතන් කෙලෙසන හෙයින් තදඞ්ගාදි වසයෙන් පස් නීවරණයන්දුරු කීරිමමෙන් සිතක ත් නිර්මනල කෙරෙති . එ සේ නිර්මෙල කොට ගත් සිත යම් කෙණකුන් විසින් මාර්ගොරත්පාදන - ඵලොත්පාදනයට කාරණ වු ස්මෘති ආදි වු ධර්මුයන් සත් දෙනා විෂයෙහි මනාකොට හවන ලද්දේ වී නම් එ සේ හැවිම හේතු කොට චතුර් විධ වු උපාදානයෙන් කිසිවකු ත් නො ගෙන භවොත්පත්ති ය හැරීමෙහිත් ඇලෙති. මෙ ලෙසින් ක්ෂ ය කරණ ලද ආශ්ර වයන් ඇති මාර්ග ඥන ශොභාවෙන් ශොභාවතක් වු ඔහු රහත් වු තැන් පටන් කෙලෙස් වට කම්වට ගෙවා පි හෙයින් හා චුති චිත්ත නිරෝධයෙන් විපාක වෘත්තය ගෙවා පී හෙයින් නිර්වෘිණ ධාතු දෙකින් ම පිරිනිවියාහු නම් වෙතී’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් පුර වන්හ.
83. ජිවකයන් පැන විචාළ වත 553
එ හෙයින් නුවණැත් තවුන් විසින් යම් සේ වේයෝ තමන් වසා පස්කඳු බැඳ ගෙන තුමු සැඟය වී ගොදුරු සොයා එත් ද. එ මෙන් අකුසල් නො වදනා ලෙසට පින්කම් සෙවින්නෙන් වැසි ගෙන, තව ද යම් සේ බළලෙක් කොතැනට ගිය ත් මියන් ම සොයා ද එ පරිද්දෙන් කොතැනට පැමිණ ත් සසරින් මිදෙන්ට උපදෙස් ම සොයමින්, තව ද, යම් සේ බළලා දුර නො ගොස් ආසන්න යෙන් ම ගොදුරු සොයා ද - එ මෙන් මිනිස් ලොව ආයු දේව ලොව ආයු දුටු කලට ඉතා බොහෝ ෙනා වන හෙයින් මරණාසන්නා කොට සිතිමෙන් මරණ සී භාවනායෙහි ත් හැසිර කාය ජිවිත නිරපෙක්ෂ ව සුචරිත පුරා නිවන් සිද්ධ කටයුතු.
83. ජි ව ක ය න් පැ න වි චාළ ව ත
සංස්කරණයමෙ තැන්හි රහතන්ගේ රහත් ගුණ හගවනු නිසා ජිවකයන් පැන විචාළ වත ද, මහසුප් ස්වාමින්ගේ වත ද, බෙලට්ඨීසීස තෙරන් ගේ වත ද, අනුරුද්ධ තෙරුන් වහන්සේගේ වත ද, කසයින් මහ තෙරුන් වහන්සේ ගේ වත ද කොසඹෑ නුවර වසන තිස්ස තෙරුන් වහන්සේගේ වත ද සැරියුත් මහ තෙරුන් වහන්සේගේ වත ද නැවත ඔබ පැන විසඳු වත ද. කිහිරි වෙනෙහි රෙවත මහ තෙරුන් වහන්සේගේ වත ද නම් හොත් හෙයින් ප්රිසිද්ධ නො වන එක්තරා ස්ත්රි්යකගේ වත ද කියමු.
කෙසේ ද යත් -
එක් සයෙක් දෙවි දත්තු මුව කුසින් බිහි නො ව ම පියාණන්ට සතුරු වු හෙයින් අපාතයත්තු නම් වු රජ්ජුරුවන් හා එක් ව ගෙන උන් ලවා උන්ගේ පියාණන් මරවා පියා තුමු උනු ත් සහාය කොට ගෙන බුදුන් මරමි සිතා ගිජු කුව පව්වට නැගී ගල් පාවුල සක්මන් කරණ බුදුන් හිසට ගලක් පරළා ලු ය. බුදුන් ගේ ආනුභාවයෙන් දෙකන්නෙත් ගල් කුළු දෙකෙක් අවුත් ලා උඩින් හෙළූ ගල මැද කොට ලා පිළිගත. ගලින් ගල වැද ගෙන නැඟි ගල් පොඩියෙක් ගොසින් බුදුන් පිටි පත්ලෙ ගෙන අකුශල කර්මදයෙහි ප්රොවෘත්ති විපාක ය බුදුන් ට වුව ත් නො නවත්තා නියාව හඟවමින් මහ මෙරින් ගැසූව ත් ඡවි ය කැඩෙන්ට නැති හෙයින් ලෙයෙක් එකතැන් කරවා පඃ ය. වේදනා ව බලවත් වි ය. වහන්දැ බුදුන් මද්දකුච්ජි නම් තැනට ගෙන ගිය සේක. බුදුහු පයට පිළියමක් ලවනු කැමති ව බුදා කෙණකුන් වහන්සේට පිළියමක් කරන්ට කප් ලක්ෂයයක් පතා ආ ජිවකයන්ගේ අඹ උයනට ගෙන යන්ට වදාළ සේක. වහන්දෑ බුදුන් වඩා හැරගෙන ජිවක වනයට වැඩි සේක.
554 සද්ධර්මවරත්නාවලි ය
ජිවකයන්ගේ ප්ර්වෘත්ති කථාවක් පිළියම් උන් උගත් ලෙසුත් කියතො ත් කරණ ග්රගන්ථ ය බර වන හෙයින් හළුම්හ. අර්ථි තැනක් කඳුව ත් බලා දත යුතු ය. ජිවකයෝ ද බුදුන් පිටි පත්ලේ ගල් පොඩියක් වැදගත් නියා ව අසා බුදුන් ළඟට ගොසින් එක තැන් වු ලෙය සිඳෙනු නිසා එ තැන බෙහෙදක් තබා ලා වසා බැඳ ලා බුදුන්ට දන්වන්නෝ ‘ස්වාමීනි, මම ඇතුළු නුවර එක් මිනිසකුට බෙහෙදතක් කෙරෙමින් සිටියෙමි. එ හෙයින් ඌ ළඟට ත් ගොසින් පිය එමි. මේ බැඳ ලූ බෙහෙද ත් මා එන තෙක් නූනා තිබෙන්ට වුව මැනවැ’යි කියා ලා ගොසින් උන්ට කළමනාදෙයක් කොට ලා වාසල් වල යතුරු එළන්නාට පෙරාතු ව්නට එන තැනැත්තෝ එ වේලාවට නැගී එත නුහුණවු ය. වාසල් වල ත් යතුරු ලවාපුව. ජිවකයෝ ‘අනේ මා කල දෑ නපුර. සෙසු වණ ඇත්තවුන්ට බඳනා බෙහෙත් සේ බුදුන් පය ත් ලෙය සුන මනා හෙයින් රූක්ෂෑ බෙහෙදක්තබා බැඳලිමි. ඒ බෙහෙද මුදන වේලා ය. මේ වේලේ උනා නූපුවො ත් රාත්රිා ය මුළුල්ලෙහි ම බුදුන්ට ආයාස මහත් වී නම් පා පිළියම් උගත්තේ කිම් ද? අනේ මට වු දෙයෙක් ය’යි සිතු ය.
එ වේලේහි බුදුහු ජිවකයන් නිදන් දන්නා සේ ම පරසිතක් බල වත් ව දන්නා හෙයින් ජිවකයන් සිතූ සිතිවිල්ල දැනගෙන අනඳ මහ තෙරුන් බණවා ලා ‘ආනන්දකයෙනි, ජිවකයෝ සවස බෙහෙත් මුදන්ට එන තැනැත්තෝ වාසල් වල යතුරු එලා පී හෙයින් නැගි ආ නුහුණුවු ය. අවුදින් උනාපිය නුහුණ් ත් උනන්ට හඬ ගැවා සේ සිතූ ය. බෙහෙත් මුඳා පියව’යි වදාරා ලා තෙරුන් වහන්සේ ලවා උනවා පී සේක. එක තැන් වු ලෙය ත් සිඳි වණය ත් නැති වි ය. ජිවකයෝ ද අරුණු වේලාවට පෙරාතු ම බුදුන් ළඟට වහා අවුත් ‘ස්වාමිනි, කුමක් ද, වනයෙහි දාහ ඇත් දැ’යි විචාළෝ ය.
බුදුහු ‘ජිවකයෙනි, බෝ මැඩ දි ම සියලු දාහ සන්හුන.දැන් සන් හිඳෙන්නේ කිම්දැ’යි විචාරා උන්ට රහත් ගුණ හඟවා බණ වදාරණ සේක් සසර යම් ගමනෙක් ඇත් නම් ඒ ගමන ගොසින් නිමවා පී ශොක කාරණ වු ජාති නැති හෙයින් කිසි ද ශොකයක් නැති, කාමභවාදි වු සියලු භවයනු ත් අණ්ඩජ ජලාබුජාදි වු සියලු යෝනියෙන ත් දිව්යී ගති ආදී වු සියලු ගතියෙනු ත් එකත්ත කාය එකත්තසඤ්ඤී ආදී වු විඥන ස්ථීතිනු ත් ඒ සත ම මත්තෙහි නෙවසඤ්ඤනාසඤ්ඤයතන හා අසඤ්ඤය ලා ලන්නා සත්වාථවාස නවයෙනු ත් විදි සිටි අභිජ්ඣාකායග්ර්න්ථාදි ග්රතනථ රහිත වු රහතුන්ට ශිතෝෂ්ණා වශයෙන් උපදනා ශාරීරිකබාධ ය.
84. මහසුප් මහතෙරුන් වහන්සේ ගේ වත 555
ඇත ත් වෙතසිකාබාධ ය කෙලෙසුන් නැති හෙයින් නැති’යි වදාළසේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් - සෙදගැමි - අනැගැමි රහත් වුහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ශාරීරිකාබාධ ය රහත් වුව ත් නො නවත්නා හෙයින් ඊට කරණ ව්යාීයාම හැර චෙතසි කාබාධ වු කෙලෙසුන් නසන්ට යත්ත කට යුතු.
84. ම හ සු ප් ම හ තෙ රු න් ව හ න් සේ ගේ ව ත
සංස්කරණයඑක් සමයෙකු බුදුහු රජගහා නුවනර වස වැස ලා වස් අන්ත වු දෙ පෝයක් විතරින් සැරිසරා වඩනා සේක් කැටි ව වඩනට සිතන වහන්දෑට සිවුරු රැඳිම් ආදි වු කාය්ය්ා ව සපයනු නිසා සැරිසරා වඩනා නියාව අනඳ මහ තෙරුන් වහන්සේ ලවා කියවන සේක. ඒ කවරදා ත් තිබි ආ පනතෙක. වහන්දෑ සිවුරු රැඳිම් ආදියට පටන් ගත් කලට මහසුප් මහ තෙරුන් වහන්සේ ත් තමන් වහන්සේගේ ඝන බොල් වු පවුල් සිවුරු සෝධනට පටන් ගත් සේක. වහන්දෑ ද ඔබ සිවුරු සෝධන්නා දැක ‘මුන් වහන්සේ සිවුරු සෝධන්නෝ හැයි ද? මේ නුවර ඇතුළත කැටි ව පිටත මිනිස්සු අටළොස් කෙළක් වෙසෙති. උන් හැම දෙනා ගෙන් යම් කෙණෙක් මුන් වහන්සේට නො නෑයෝ වූ උපාසකවරු ය. යම් කෙණෙක් උපාසක නො වෙත් නම් ඌ නෑ යෝ ය. එ සේ හෙයින් ඒ දෙපක්ෂරය ම මුන් වහ්නසේ ට සකසා උපස්ථාන කෙරෙති. මෙ තේක උපස්ථාන තිබිය දි මුන් වහන්සේ කො යි යන සේක් ද, සිවුරු සෝධන්නේ රට සැරි සරන නිසා ය. ඉදින් වඩනා සේක් වි නමුත් බුදුහු යම්හෙයක් බඩ සිටි රැඳවි ය යුතු නැත් රඳවා නො පමාව යි වදාරා ලා රඳවන සේක් වී නම් ඒ නො පමා න්ම හොය කරා ගොසින් ලා නවත්නා සේකැ ‘යි කිසේක.
බුදුහු ත් සැරිසරා වඩනා සේක් ‘මෙ නුවර ත් අටලොස් කෙළක් මිනිස්සු වෙසෙති. උන් හැමගේ මඟලේ අවමඟුවලේ භික්ෂුන් එළඹිය මැනව. එ හෙයින් වෙහෙර සිස් කරන්ට ත් බැරි ය. කවුරුන්න රඳවමෝ දෝ’යි සිතා වදාරා ‘මහසුප් මහ තෙරුන් වහ්නසේගේ නෑයන් නහා උපාසකවරු බොහෝ ය. උන්ට එ සේ හෙයින් සිවු පසයෙන් හානි නැත. අන් රඳවමි’යි සිතා මහසුප්නි වෙහෙර සිස් කරන්ට බැරි ය. මිනිසුන්ගේ මඟුලේ අවමඟලේ දී භික්ෂුනු ත් අනුමේවෙනි ආදි ය නිසා ඇත මැනව. තොපි තොපගේ පිරිස ත් හා සමඟ රඳව’යි වදාළ සේක. ‘යහපත, ස්වාමිනි’ කියා ලා පිරිවර හා සමඟ රැඳුණු සේක. වහන්දෑ ද
556 සද්ධර්මඟරත්නාවලි ය
ඔබ රැඳුණා දැක ‘ඇවත්නි, දුටුවු ද? යමක් අපි කීමෝ නම් එ ම විය. සිවුරු සෝධයන්ට වන්නේ ත් සෝධන සිවුරෙක් නො වන නියා වේ දැ’යි කී සේක.
බුදුහු වහන්දෑගේ කථාව අසා කුමක් ද තොප හැම කියන්නේ’ය යි විචාරා මහසුප් ස්වාමින්ගේ පවත් නියාව කී කල්හි ‘මහණෙනි, තෙපි මහසුප් මහ තෙරුන් කුලෙහි ගෙණෙහි ඇලි වෙසෙති කියවු ද? උන් තමන් රඳන්ට සිතා රැඳුණු ගමනෙක් නො වේ යි. මාගේ බසින් රැඳුණු ගමන. හෙම්බා, මූ පෙර මේ තනතුරට පතන්නෝ ත් සඳ යම් සේ රස් පතුරුවන පමණක් මු ත් කුමන ත් නො ඇලේ ද එ මෙන් සිවු පසෙහි ඇලුම් නැති ව කුලවලට එළඹෙන්ට සමත්ථිො වේව යි පැතු ය. එ හෙයින් මුන්ගේ කුමක් ත් ඇලුම් නැත. වන්දෙිපමා පටිපදාව ත් ආය්ය්හ වංශ පිටිපදාව කියන්නා වු මම ද මුන් මුල්ව කොට කිමි’ වදාළ සේක. වහන්දෑ මේ තනතුරට මුන් වහන්සේ පැතූ ක්ල විචාරා අසනු කැමැත්තෝ දැ’යි වදාළ කල්හි’ එ සේ ය. ස්වාමීනි’කි සේක.
බුදුහු ‘මෙයට ලක්ෂතයක වන කප පියුමතුරා න්ම බුදු කෙණෙක් ලොව උපන්හ. යනාදීන් පියුමතුරා නම් බුදුන් සමයෙහි පැතූ පැතිම ආදි කොට මහ තෙරුන් වහන්සේගේ පූර්වන චරිත ය මුළුල්ල ම වදාළ සේක. එ ථෙරගාථා පෙළ විස්තර හෙයින් ආයේ ය. මෙ සේ වදාරා ලා ‘මහණෙනි. ම පුත් මහසුප් මහ තෙරහු කුඩා විලකට බැස ගොදුරු කා ලා විල වේව යි කුමන වේව යි ඇල්මක් නැති ව යස රාජහංසයක්හු මෙන් කිසිවෙක ත් ඇලුම් ඇත්තෝ ෙනා වෙති’ වදාරා තව ත් රහතන්ගේ ම ගුණ වදාරා රහත් වීමට උත්සාහ කරවන බුදහු ‘සෙස්සවුන්ට සිහි ඇත ත් සිහි විපුල කොට ඇත්තේ රහතන්නට හෙයන් සිහිමත් වු රහත්හු තමන් ලද්දා වු ලොවුතුරා ගුණෙහි ත් ධ්යා්නාදී වු ලොවි ගුණෙහි ත් ආවර්ජනාදීන් යෙදි වෙසෙති. කිසිවෙක ත් උන්ගේ ඇල්මෙක් නැත
යම් සේ ගොදුරු බොහෝ විලකට බැස පක්ෂිහු ෙගාදුරු අවුළා කාලා යන කල ‘අපගේ විල ය, අපගේ පැන ය, අප ගෙ පියුම ය, අපගේ ඉපුල ය, අපගේ තැන ය’යි කිසි ඇල්මෙක්නො කොට හැර පියා උඩ නැඟි අහස කෙළනාහු තමන් රුචි තැනකට යෙත් ද, එ පරිද්දෙන් රහත්හු ද යම් කිසි තැනෙක කිසිවෙක් ත් නො ඇලි යන කල ත් මාගේ වෙහෙර ය. මාගේ පිරිණෙ ය, අපගේ උපාසක වරු ය’යි සියල්ලෙහි ම
85. බෙල්ලටඨිසීස තෙරුන් වහන්සේ ගේ වස්තුව 557
ඇලුම් හැර යෙති’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. එ හෙයින් ස්ත පුරුෂයන් විසින් සියල්ලක් ම ඇල්ම න්ම තෘෂ්ණාව තමා ධර්මද හෙයින් එකතු බව මුත් අවස්ථාව හෙයින් එක් සියඅට සැටියක් ඇති හෙයින් ක්රිමක්රතමයෙන් තුති කොට ගෙන ගොසින් රහත් මගින් තුති අවස්ථාවක් නසන ලෙසට උත්සාහ කට යුතු.
85. බෙ ල් ල ට් ඨි සී ස තෙ රු න් ව හ න් සේ ගේ ව ස් තු ව
සංස්කරණයඑ තෙරුන් වහන්සේ ඇත්ගම එක විථියෙක සිඟා ගෙන ඒ වළඳා ඒ නැවත අනික් විථියක සිඟා ලත් රළු බත් වෙහෙරට ගෙන ගොස් පිරිමසා තබා ලා දවස් පතා සිඟිම් නම් දුකැ’යි කීප දවසක් ධ්යා න සුවයෙන් දවස් යවා ලා ආහාරනුභව ය වුව මනා කලට පිළිගත් දවස් පෙරවරු පමණකුත් ඉක්මා පු හෙයින් සන්නිධි වුවා සිඛ පද නො පැන වු හෙයින් වළඳන සේක. වහන්දෑ දැන බුදුන්ට එ පවත් දැන් වු සේක. බුදුහු එ බන්ද හරනා ලෙසට සිඛ පද පනවා ලා තෙරුන් වහන්සේ ආදිකම්මික හෙයින් ඔබ නිරාපත්ති කෙරෙමින් වින ය සන්නිධි හරවා ලා බණ වදාරණ බුදුහු ‘මහණෙනි, යම් කෙණකුන්ට මත්තෙහි භවොත්පත්තියෙක් නැත් නම් විපාක දානයෙහි සමත්ථිෙ වු කර්මෙසන්නිවය හෙයත් පුරාකෘත කුශලාකුශල කර්‍මයන් රහත් මගින් නසා පී හෙයින් නැත් ද-
නැවත වෙහෙර වසන භික්ෂුන්ට එක් උක් සකුරු කැටියක් හා උක් සකුරු පිඬි සතතරක් කළ කල ඉන් භාගයක් විතර ගිතෙල් හා සාල් නැළියක් විකර බෙහෙත් නිසා තබන්නවුන්ට ප්රයතයය සන්නිවය නැති හෙයින් ඊට වඩා නො තිබිමෙන් ප්රාත්යපය සන්නිවය ත් නැත් ද, යම් කෙණෙක් අනුභව කරණ දෙය ‘මේ කැඳය, මේ අවුළුපත ය. මේ බත ය. මේ මාළු ය’යි දැන පිළිකුල් මෙනෙහි කොට දිවි රැක සිල් රැකෙන හෙයින් දිවි රක්නා සඳහා රස තෘෂ්ණාව හැර අනුභව කෙරෙද්ද, නැවත යම් රහත් කෙණකුන්ට රාගාදී කෙළෙසුන් නැති හෙයින් හා ඉන් මිඳෙනුන හෙයින් සුඤ්ඤත වාමොක්ෂන නම් වු රාගාදීන් නිමිතත් රහිත හෙයින් හා ඉන් මිඳුණු හෙයින් හා අනිමිත්තවිමොක්ෂා නම් වු ද රාගාදි ප්රතණිධි නැති හෙයින් හා ඉන් මිඳුණු හෙයින් අප්රණිහිත විමොක්ෂී නම් වු ත් නිවන් ඵල සමවතට සම වැදිම් වශයෙන් අරමුණු කරන්නවුන්ට
558 සද්ධර්මතරත්නාවලි ය
ගෝචර ද, ඒ ඔව්නුගේ භව යොනි ගති ආදියෙහි ගමනක් නැති හෙයින් අහස යන පක්ෂින්ගේ ගමන ඇත ත් පියවර ඔබා ගිය තැනක් නො පෙනෙන්ාන සේ අසෝ ගියහ යි ගමනක් ම අනුපධිශෙෂ නිර්වානණ ධාතුවේ පටන් නැති හෙයින් දත නො හැක්කැ”යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් වස්තුසන්නිචය නැති ව කුශල සන්නිවය කොට ගෙන භව සැපත් වළඳා කෙළවර රහත් වීමේන කුසල සන්නිවය ත් හළ යුතු.
86. කා ෂ් ඨ වා හ න ර ජ් ජු රු ව න් ගේ ක ථා ව
සංස්කරණයසව් කෙලෙසුන් නසා රහත් වු තැනගේ උතුම් තරම් හඟවන්ට කාෂ්ඨවාහන රජ්ජුරුවන්ගේ කථාව මෙ තැන්හි කියමු.
කෙ සෙ ද යත් -
යට ගිය දවස බරණැස් නුවර වසන එක් දඬු වඩුවාණ කෙණෙක් වඩු ශිල්පයෙහි ඉතා දක්ෂනය හ. වඩු කමින් උන් හා සරා කෙණෙක් එ වක දඹ දිව නැත.. උන්ගේ අතවැසි වඩුවෝ සොළොස් දෙනෙක් ඇත. ඉන් එකි එකී කෙණෙකුන්ගේ ම අතවැස්සෝ දහස දහස ඇත. මෙ සේ ආචාරීන් ඇතුළු ව වඩුවෝ සොළොස් දහස් සතළොස් දෙනෙක. හැම දෙන ම බරණැස් නුවර හිඳ වඩු කමෙන් රැකෙන්නාහු වලට පලා ගොසින් දඬු පත් කපා ගෙන ඒ වල දි ම මාළිගා ආදායට නිසි කොට දඬ පත් සැස නිමවා ගෙන එ දඬු පත් පසුරු බැඳ ලා ඊ ලා ගෙන ගඟින් බරණැසට ගෙනවු ත් රජ්ජුරුවෝ කැමැත්තෝ නම් උන්ගේ අදහස් ලෙසට මාළිඟා කොට දෙති. ඉදින් උන්ට ප්‍ැතයෝජන නැත් නම් විකොට පියා ඉන් ලත් දෙයකින් අඹු දරුවනු ත් රැකගෙන තුමුත් රැකෙති.
එක් දවසක් වඩු ආචාරීහු ‘මේ වඩු කම් නම් ශක්ති ඇති අවස්තාවට මුතක් මාලු ව ගිය කලට පිළිවන් නො වෙයි. මාලු වුව ත් ආයු පමණින් රැකෙන ලෙසට වුව මනා වේ දැ’යි අතවැස්සන් බණවා ලා ‘දරුවෙනිණ, දිඹුල් දඬු ආදි වු හර නැති දඬු ගෙනෙව’යි විධාන කළහ. උයිත් ගොසින් සුලභ ව ලැබෙන හෙයින් ගෙනාවු ය. වඩු ආචාරිහු ඉන්ගුරුළු යන්ත්රෙයක් ඉදි කොට ලා ඒ ඇතුළට වැද ලා යන්ත්රද ය මිරිකා ලු ය. මිරිකා ලන්නා ම ගුරුළකු පරිද්දෙන්න අහසට නැඟි ලා සිසෑරි ඇවිද ලා අතවැස්සන් ඉදිරියට බට.
86. කාෂ්ඨවාහන රජ්ජුරුවන් ගේ කථාව 559
වඩු ආචාරිහු මෙ සේ වු යන්ත්රජ ය ඉදි කොට ගත්තෝ ‘අප ත් නැතක් දෙනා හෙයින් දඹ දිව මුවල්ල වුව ත් හැර ගන්ට පිලිවන. තෙපි ත් තෙල ලෙස යන්ත්රෙ ඉදි කරව. හැම දවස් ම වඩු කමින් රැකෙන්ට බැරි ය. රටව්ල හැර ගෙන තුබු කැබැල්ලේ රාජ්යර ය කරම්හ’යි කිවු ය. උයි ත් යන්ත්ර ඉදි කොට ලා ආචාරින්ට කීහ. ආචාරිහු ‘අහසින් ගොසින් කවර නුවරක් හැර ගනුමෝ දැ’යි විචාළෝ ය. ආදියෙහි පටන් පුරුදු ව ගිය හෙයින් අත හැර යා නොහී ‘මේ බරණැස් නුවර ම හැර ගනුම්හ’යි කිවු ය. ‘ ඒ නො කැමැත්තේ ය. අප කවර තරමකට පැමිණිය ත් වඩු යුව රජ්ජරුවෝ ය, වඩු සෙනෙවිරද්දු ය, යනාදීන් මෙ තැන රඳා හුන්නොන ත් වඩු කුල ය හැරි නො යෙයි. දඹ දිව මහත. අනික් තැනකට යම්හ’යි කිවු ය.
එ සේ කියා ලා අඹු දරුවනුත් හැර ගෙන ගුරුළු යන්ත්රෙවලට නැගි ලා ආයුධ සන්නද්ධ ව අහසට නැඟිලා හිමවු පියස බලා ගොසින් හිමාලය ගාවා එක් නුවරකට බස්නාහු එ නුවර රජ්ජුරුවන්ගේ මාළිගාවට බැසන ලා එ නුවර ත් රටතක් හැර ගෙන ආවාරින් ඔටුනු පළඳනවා ලා රජ කළහ. ඌ තුමු කාෂ්ඨවාහන රජ්ජුරුවෝ ය යි මෙ නමින් ප්රසසිද්ධ වුහ. එ නුවර ත් කාෂ්ඨවාහන නුවර ය යි මෙ නමින් ප්රළසිද්ධ වි ය. රට ත් එ නම ම විය. කාෂ්ඨ වාහාන රජ්ජුරුවෝ රාජ්යෙලොභයෙන් අනුන් මරා අනුන් සන්තක රට ගත් බව මුත් කෘතපුණ්ය හෙයින් ධර්මිෂ්ඨයහ. යුවරජ සෙනෙවිරත්න ආදිහු ත් එ සේ ම මැදහත් හ. උන් මැදහත් හෙයින් උන්ගේ රට ත් සියල්ලෙන් ම සැදි සැදි සිට්ටි. නුවර වැස්සෝ ත් රට වැස්සෝත් රජ්ජුරුවන් කෙරෙහි ත් රාජ අමාත්යියන් කෙරෙහි ත් පැහැද හිඳිති.
ඉකි බිත්තෙන් එක් දවසක් මැඳම් පියස හිඳනා වෙළෙන්දෝ රන් රිදී ආදි වු බඩු හැර ගෙන හිමාලයාසන්න වු කෘෂ්ඨවාහන නුවරට ගොසින් පඬරු දි ලා ක ෂ්ඨවාහන රජ්ජුරුවන් දුටුවු ය. රජ්ජුරුවෝ ‘කොයි සිට අවුද’ යනාදීන් සියලු පවත් විචාළෝ ය. බරණැස සිට ය’යි කී කල්හි ‘තොප ගෙ බරණැස් රජ්ජුරුවන් හා අප හිත කරවා ලව’යි කිවු ය.උයිත් යහපතැ’යි ගිවිස්සාහ රජ්ජුරුවෝ ත් වෙළඳන්ට ප්රාසාද දෙවා ලා උන් හැම යන කල ත් සාද සාමිචි කොට ලා මඳක් පසු ගමනු ත් කොට ලා උන් යවුහ. උයිත් බරෂණැසට ගොසින් කාෂ්ඨවාහන රජ්ජුරුවන් කී කළ ලෙස බරණැස් රජ්ජුරුවන්ට කිවු ය. එ අසා බරණැස් රජ්ජුරුවෝ කාෂ්ඨවාහන රට සිට ආ වෙළඳ කෙණෙක් ඇත්නම් උන්ට නුවර සුංගම හරනා ලෙසට බෙර ලවා සුංගම් හරවා ලා ඒ රජ්ජුරුවනුත්
560 සද්ධර්මවරත්නාවලි ය
නො දැක ම මිත්රම වු හෙයින් තුමූ ත් නො දැක ම මිත්රර වුහ. කාෂ්ඨ වාහන රජ්ජුරුවෝ ත් තමන්ගේ නුවරට බරණැසින් ගියවුන්ට තමන්ගේ නුවර සුංගම් හරනා ලෙසට ත් සාද සාමිචි කරන්ට ත් බෙර ලවා විධාන කළහ.
ඉක්බිත්තෙන් බරණැස් රජ්ජුරුවෝ කෘෂ්ඨවාහන රජ්ජුරුවන්ට තමන් ගේ රට දැක්ක තරම් යහපත දෙයක් ඇති වි නම් අපට බලනට එවන්ට වුව මැනව. කන් නමැති රන් තැටිවල වත් කොට සිත් නමැති තුඩින්න බී පියන්ට නිසි යහපත් හස්නෙක් ඇත් නම් එයි ත් කියා එවුව මැනැවැ’යි සන්දෙයශපත්රා යවුහ. කාෂ්ඨවාහන රජ්ජුරුවෝ එ සන්දෙමශ පත්රස ය බාල දැක දක්නටන නිස්සක් අසන්ට නිස්සක් යවා ලන්ට නැති හෙයින් තුමූ ත් පෙරළා එලෙස ම සන්දෙකශ පත්ර්යක් යවුහ. මෙ සේ කථා කොට ගෙන හුන් කලට කලෙක දී කෘෂ්ඨවාහන රජ්ජුරුවන්ට ඉතා මාහැඟි වූ පලස් සම්භ වි ය.
ළහිරි මඩල සේ ඉතා ශොභාවත් කෘෂ්ථවාහන රජ්ජුරුවෝ එ පලස් දැක ‘මාගේ යාළු වූ බරණැස් රජ්ජුරුවන්ට ත් මින් පලස් යවමි’යි මාහැඟි වූ වා අයොග්යග කොට යවන්ට මැළි ව දළ කඩ ලියන්නවුන් ලවා දළ කඩ කරඬු අටක් ලියවා ලා ඒ කරඬු අටෙහි පලස් අට ලවා ලා කරඬු පිධාන ගැළවි නො යන ලෙසට හී වඩුවන් ලවා කරඬු මුළුල්ල වසා බඳවා ලා ඒ කරඬු අට ම එක් කරඬුකෙ ලා ලා කඩෙකින් වස්වා බඳවා ලා හස් මුන්දකින් ඔබ්බවාල ‘බරණැස් රජ්ජුරුව්නට දෙව’යි ඇමැත්තන්ට සම්මත කොට යන ඇමැත්තන් අත ම ‘තෙල අපගෙන් යවා ලු පඬුරු නුවර මැද දී අස් කඩවා පියා බැලුව මැනැව’යි බරණැස් රජ්ජුරුවන්ට කියා යවුහ. බරණැස් රජ්ජරුවෝ ද නුවර මැද දී අස් කඩවා පියා වසා ලූ කඩ වස්නෙන් මැත් කොට ගෙන මහ කරඬුව හැරලා කඩ වටවල් අට දැක ‘බොහෝ දෙනා රස් කරවා ලා නුවර මැඳ දී හස් කඉන්ට කියා එවා ලු නියාව කෙ සේ දෝ? අපගේ යාළණුවෝ කුඩා කොල්ලන් ලා ලී ලන්ට එවා ලු ලා ලී වට මෙන් මෙ තෙක් තැන් සිට මෙ තෙක් කලකින් මාගේ රට ලාකඩ අරුම ය’යි සිතා සෙසු කඩවට එවු ය’යි මුසුප්පු ව පියා එක් ලාකඩයක් උරණ නියාව හඟවන්ට කරන්නා සේ හුන් හස්නෙහි ගසාලු ය.
එ වේලෙහි ලා වටක කැඩි පියා කරඬුව හැරි ගොසින් දෙ පියන වෙන් විය. ඇතුළු කරඬුවෙහි තුබු පලස දැක අනික් ලා වට සත ත් බිඳුවා කරඬු හැරඇතුළේ තුබු පලස් දුටුවු ය. එකි එකී
86 කාෂ්ඨවාහන රජ්ජුරුවන් ගේ වස්තුව 561
පලසෙක් ම දිගින් සොළොස් රියන. පළලින් අටරියන පලස් මෑ ත් කොට ලා විදාලන්නා ම හිරු අටක් එකවට නැගි කලක් මෙන් නුවර මුළුල්ල බබළා ගියේය. රජ්ජුරුවෝ පිළි පලස් ආදියෙහි අග ය කරන්නවුන් ගෙන්වා ගෙන පලස් අට ම අගය කැරවුහ. අටෙහි ම අගයෙක් නැත. බරණැස් රජ්ජුරුවෝ උන්ට ත් මා පඬුරක් යැවි යුතු ය. පසු ව යවාලන පඬුරු නම් පෙරාතු එවු පඬුරට වැඩි සිටිය මැනව මාගේ යාළෂණුව්නට කුමක් යවම් දො හෝ’යි සිතූහ . එ කල ද වැළිත් කසුප් බුදුහු ලෙවුහි ඉපැද බරණැස වැඩ වසන සේක. බරණැස් රජ්ජුරුවෝ ද මේ ලෙව්හි ලා රුවනෙක් වි නම් තුනුරුවන්ට වඩා නැත. තුනුරුවන් ලොව පහළ වු නියා ව මාගේ යාළු වු කාෂ්ථවාහන රජ්ජුරුවන්ට කියා යවමි’යි කියා ලා:-
බුද්ධො ලොකෙ සමුප්පන්නො - හිතාය සබ්බපාණිනං ධම්මො ලොකෙ සමුප්පන්නො - සුඛාය සබ්බපාණි නං; සඞෳඝො ලොකෙ සමුප්පන්නො - පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
යන මේ ගාථා පෙළ ද මනා ව පිළිපදනා තැන් මහණ වු තැන්පටන් රහත් වන තෙක් පිළිපදනා ප්රපතිපත්ති ක්රපමය ත් රන් පත දෑහිඟුලේන ලියවා ලා ඒ රන් පත් රුවන් කරඬුවෙක ලවා ලා ඒ රුවන් කරඬුව ඉඳ නිල් මිණිමුවා කරඬුවෙක ලා ලා ඒ කරඬුව මැ සිරිගල් මැණික් කරඬුවෙක ලා ලා ඒ කරඬුව රත් මැණික් කරඬුවෙක ලා ලා ඒ කරඬුව රන් කරඬුවෙක ලා ලා ඒ කරඬුව රිදි කරඬුවෙක ලා ලා මුළු කරඬුව වසා සිටි සඳුන් කරඬුව පෙට්ටගමෙක ලා ලා ඒ පෙට්ටගම කඩෙකින් වසා බඳනා ලා හස් ඔබ්බවා ලා ඇතකු යහපත් කොට සරහා ලා අෟ පිට හස්නක් පනවා ලා ඒ හස්නෙහි පෙට්ටගම තබ්බවා ලා හෙළ කුඩයක් නංවා නො එක් පෙරහර ඇති ව තමන් සන්තක රට බද මානයේ මඟ ක් සරහවා ලා ඒ දෑතුරෙහි තුමු ම වඩා ගෙන ගියහ. තමන්ගේ රට හිම සිට අතුරු රටවල රජ දරුවන්ට ත් තෙල ලෙස ම පුජා කරවමින් ඔබ කාෂ්ඨාවාහන රටයට යවන්ට කියා යවූහ.
ඒ අසා රජ දරුවෝ ත් පෙර මගට ම අවුත් කාෂ්ඨාවාහන රාජ්යප සිමාව දක්වා තම තමන්ගේ රටවලින් මහා පෙරහරින් වඩා ගෙන ගියහ. කාෂ්ටවාහන රජ්ජුරුවෝ ත් පෙර මගට අවුත් එ ලෙසින් ම පුජා කෙරෙමින් තමන්ගේ නුවරට ගෙන ගොසින් ඇමැත්තන් සොළොස් දෙනා ත් නුවර වැස්සනු ත් රැස්කරවා ලා නුවර මැඳ දි වසා බැඳ ලු කඩවසන උනවා පියා පෙට්ටගම තුබු
562 සද්ධර්ම රත්නාවලි ය
කරඬු දැක ආදි සඳුන් කරඬුව හැර ලා ඒ ඇතුළේ තුබු දළ කරඬුව ත් හැර ඒ ඇතුළේ තුබු රිදි කරඬුව ත් හැර ලා ඒ ඇතුළේ තුබු රන් කරඬුව ත් හැර ල, ් ඇතුළේ තුබු රන්මිණි මුවා කරඬුව ත් හැර ඒ ඇතුළේ තුබු ඉඳුනිල් මිණිමුවා කරඬුව ත් හැර ඒ ඇතුළේ තුබු මැසිරි ගල්මිණිමුවා කරඬුව ත් හැර ඒ ඇතුළේ තුබු සත් රුවන් මුවා කරඬුව ත් හැර ඒ ඇතුළේ තුබු රන් පත සන්දෙ ශ ය දැක ‘අනේ මාගේ යාළණුවෝ බිම ලා පුවොත් දිරා පස්ව යන, ගින්නේ ලා පුවොත් දා නැති ව යන, ෙසාර සතුරු ආදීන් ගෙන් භය උපදවන පලස් අටක් යවුව ට කප් අසඞ්ඛ්ය,යකිනු ත් ලද නො හැකි පඬුරක් එවු ය’යි බලවත් ව සතුටු ව එ පවත් ඇසු පමණකින් ප්‍යයයෝජන කිම් ද? ගොසින් බුදුනු ත් දැක බණ ත් ඇසීම් නම් යහපතැ’යි සිතා ලා ඇමති සොළොස් දෙන බණවා ලා තුනුරුවන් ලොව පහළ වුව කළමනා කිම්දැ’යි කිවු ය. මුම වහන්සේ මුක ම රඳා හුන මැනව. අපි ගොසින් බනතව ත් දනුම්’යි ඇමැත්තෝ සොළොස් දෙන පිරිවර සොළොස් දහස ත් හැරගෙන රජ්ජුරුව්න වැඳලජ ‘ඉඳින් බුදුහු ලොව උපන් සේක් වී නම් ඔබ ගෙන බණ ත් ඇසුමෝ නම් -
බුද්ධො සබ්රීහ්මකෙ ලොකෙ - කරවිකස්සරො වත. වීණාය හත්ථිීකන්තාය - තන්තියා දෙව කුඤ්ජරා.
යනු හෙයින් හස්තිකාන්ත විණා නාදයෙහි ඇලුණු ඇතුන් ඔබ්බට යා නො හෙන්නා සේ අපි ත් ඔබ ම රඳන්නා මුත් මුඹ නො එම්හ. නූපන් සේක් වි නම් එම්හ’යි කියාලා නික්මුණාහ.
රජ්ජුරුවන්ගේ බෑනණුවෝ ත් රජ්ජුරුව්න වැඳ ලා ‘හැම දෙනා යන කල මම ත් යෙමි’ යි කිහ. යහපත, තොපි පලා ගොසින් බුදුන් උපන් නියා ව තත්වමයෙන් දැන ලා සෙස්සවුන් සේ නො ව තොපි අවුත් මට කියාලව’යි කිහ. උයි ත් යහපතැ’යි ගිවිස්සාහ. ඔහු හැම දෙන ම කල් යන හෙයින් දෙ රැයක් එක තැනක නො ලැබ බරණැසට ගියහ. උන් හැම නොයන තෙක් ම සර්ව ඥ නැමැති සුය්ය් ලැයාත් අනුපදිශෙෂ නිර්ව්ණ ධාතු නැමැති අව රන් පත් විමේන අනන්ත අප්ර්මාණ සක්වළවල් එක පහැර රෑ වි ය. ගියා වු ඔහු හැම ත් බුදුහු කොයි දැ’යි විහාර ය මුළුල්ලෙහි සොයා ඇවිදානාහු බුදුන් හඳුනන වහන්දෑ දැක විචාළෝ ය. ඒ වහන්දෑ බුදන් පිරිනිව් නියා ව කී සේක.
ඌ හැම දෙන ත් මෙ තෙක් තැන් අවුත් ඇසට රොග නො වන ලෙසට දැක පිය නුහුණුම්හ. කෙළෙස් විඩා සන්සිඳුවා දහම් පැනු ත් නො ලදුම්හ’යි හඬන්නා හු ‘ස්වාමිකරුවනි. බුදුන් පිරිනිවිය ත් ඔබ වදාළ දෙයෙක් ඇත් න්ම එයි ත් එකවිට ම නැති වන්ට නැති බැවින් එ ඇත්තේ වේ ද, ඒ කිම් දැ’යි 86. කාෂ්ඨවාහන රජ්ජුරුවන් ගේ වස්තුව 563
විචාළෝ ය. ‘එ සේ ය, උපාසකවරිනි. තිසරණ පිහිටිය යුතු ය. පන් සිල් සමාද්න ව ඒ රැක්ක යුතු ය. පොහොය අටසිල් රැක්ක යුතු ය. දන්දිය යුතු .ය සෙසු ත් පින් කට යුතු ය. අදහස් ලැබේ නම් ගිහි කම් කටොළු හැර මහණ විය යුතු ය. යනාදි ය වදාළ අවවාද ය ය කී සේක.
ඔහු ඒ අසා කාෂ්ඨවාහන රජ්ජුරුව්නට බැන වු ඇමැත්තණුව්න සිටිය දි සෙසු ඇමැත්තෝ ත් පිරිවර ත් මහණ වුහ. රජ්ජුරුවන්ගේ බැන ඇමැත්තණුවෝ බුදුන්ගේ පාරිභොගික ධාතු වු ඩබරාව ත් හැර ගෙන තවෙළාධර තෙර කෙණකුන් වහන්සේ ත් කැඳවා ගෙන කාෂ්ඨවාහන නුවරට ගොසින් බුදුන් උපන් නියාව ත් විස දහසක් හවුරුදු ජිවක් ව වැඩ හිඳ ලා පිරිනිවි නියාව ත් රජ්ජුරුවන්ට කියා ලා වදාළ අවවාද ත් තමන් අසා ගත් ලෙස ම කියා ලු ය. රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ ළඟට ගොසින් බණ අසා පැහැද විහාරයකු ත් කරවා ලා ධාතු වඩා දාගබකු ත් බඳවා ලා බොධි කෙණකුන් වහන්සේ ත් පිහිටුවා ලා දිවි හිමියෙන් තිසරණත් පන්සිලු ත් පිහිටා මස සතර පොහොය නො වරදවා පේ වෙමින් වැඩි තෙරුන් වහන්සේ මුල් ව ඇති වු වහන්දෑට දන් දෙන්නාහු. ආයු පමණක් සිට කළ කාමාවචර පින් හෙයින් කාමාවචර දෙව් ලොව උපන්හ. මහණ වු ඇමැත්තන් හා පිරිවර ත් ගුණ විශෙෂයක් ලදච නුහුණු හෙයින් කාමාවචර දේව ෙලාවදිත් නායක ව සිටි තැනැත්තවුන් පිරිවරා උපන්හ. ඉපැද කසුප් බුදුන් පිරිනිවි තැන් පටන් අපගේ බුදුන් නුපදනා තෙක් දෙව් ලොව ම රඳා අපගේ බුදුන් උපදනාට පෙරාතු දෙව් ලොවින් සැව නායක තැනැත්තෝ පසේනදි කොසොල් රජ්ජුරුවන්ගේ පිය වු මහ කොසොල රජ්ජුරුවන්ගේ පුරෝහිත බමුණන්ට පුත් වුහ.
උපන් බමුණු කුමරුන්ට බාවාරිය නම තැබුහ. දෙ තිස් මහා පුරුෂ ලක්ෂ ණයෙන් ලක්ෂ ණ තුනකු ත් ඇත. වේද තුනකු ත් ඉගෙන නිමවා පියා පියාණන් මළ පුස පූරෝහිත තනතුර ලත්හ. සොළොස් දහස් සොළොස් දෙනුක පමන වු සෙස්සෝ ත් එ ම සැවැත් නුවර බමුණු කුලවල උපන්හ. වඩු ව උපන් සමයෙහි ත් ප්රෝධාන වු වඩු ආචාරින් කෙරෙහි වඩු කම් උගත් බමුණෝ සොළොස් දෙන බාචාරි නම් වු පුරෝහිත බමුණන් කෙරෙහි ම ශිල්ප උගත්හ.අනික් සොළොස් දහස ද ඒ සොළොස් දෙනා කෙරෙහි ශිල්ප උගත්හ. මෙ සේ ඌ හැම දෙන ම වඩු අවධියේ ත් දේවතා අවධියේ ත් එක තැන් වුවා සේ ම බමුණු අවධියේ ත් එක තැන් වුහ.
564 සද්ධර්මිරත්නාවලි ය
මහ කොසෝල රජ්ජුරුවෝ ත මළහ. පසේනදි කුමාරයන් ඔටුනු පළඳවා රජ කළහ. බාවාරි සරි වයස් හෙයින් උන්ට ත්පුරොහිත වුහ. පසේනදි කොසොල් රජ්ජුරුවෝ පිය රජ්ජුරුවන් බාවාරි පුරොහිතයන්ට දුන් පෙරහර ත් දුන්හ. තමන් ගෙනුත් වඩා සංග්ර හ කළහ. කළ සංග්රදහ නො සිස් ලෙසට බාවාරින් අතරෙහි ම ශිල්ප ඉගෙන රාජ ගුරු කළහ.
බාවාරි ද නුවණ මුහුකුරු ත් මහණ විමෙහි රුචි ආති ව ‘රජ්ජුරුවන් වහන්ස, මහණ වෙමි’ යි කාහ. රජ්ජුරුවෝ ඒ අසා ‘ආචාරීන් වහන්ස. ‘මහණ වෙමි’යි යන්නක් නො කිය මැනව. මුඹ මා ළඟ රඳා හුන්නෝ ත් අපගේ පිය රජ්ජුරුවන වහන්සේ මළ ත් නො මළා හා සරි ය. සමිපතෙහි අඩු ඇත් නම් සම්පත් පුරා දෙමි. මහණ නුව මැනැවැ”යි කිවු ය. ‘ඇති සම්පතෙහි ඇලුම් තැත්තෙම් වඩා සම්පත් කැමැති වෙම් ද? ඒ නො කැමැත්තෙමි. මහණ වෙමි’ යි කිහ. රජ්ජුරුවෝ නවතා ගත නො හි එ සේ වි නම් නො නැවත මහණ වන පුස උදාසන ත් සවස ත් ගොසින් දක්නා ලෙසට මාගේ උයන්හි දි මහණ වු මැනැව’යි කිහ. ආචාරිහු ද සොළොස් දහස් සොළොස් දෙනා හා සමඟ තව බුදුන් නුපන් හෙයින් හෝ උපන ත් උපන් නියාව නො දැන තවුස් වෙසින් දළ මඬුලු වල්කලා ආදි ය ඇතිව මහණ ව රාජොද්යාළනයෙහි විසූහ. රජ්ජුරුවෝ ත් සිවු පසයෙන් උපස්ථාන කෙරෙති. උදාසන සවස දක්නට ත් යෙති.
එක් දවසක් අතවැසි තවුසෝ නායක තවුසාණන්ට ‘නුවර ආසන්න ව වසිම මහා නපුර සිත එකඟ වන්ට නැත. තපසට නිය ළුණ කල කම් බඩවලු ත් වුව මනා ද? නුවරට මඳක් දුරු ව තිබෙන තැනකට යම්හ’යි කිවු ය. නායක තවුසාණෝ ද යහපතැ යි ගිවිස එ පවත රජ්ජුරුවන්ට කිවු ය. රජ්ජුරුවෝ තුන වර නදක්වා ත් දුරු ඛා නො යන්ට කියා නවතා ගත නො හී ඇමැත්තන් දෙන්නකුට මසු දෙ ලක්ෂායක් දෙවා ලා ‘මේ තවුසන් වහන්සේ යම් තැනක වසන සේක් වි නම් එ තැන තෙල දෙ ලක්ෂකය වියදම් කොට විහාර න කරවා දෙව’යි කිහ නායක තවුසාණෝ ද අතවැසි තවුසන් හැර ගෙන ඇමැත්තන් දෙන්න කැටි ව උතුරු දනවුවෙන් දකුණු දණවුව බලා නික්මුණාහ. එ සේ නික්ම හිම වතින් ආ ගොධාවරී නම් ගඟ යම් තැනක දි දෙකක් ව බෙදි ගොසින් අතුර දෙළොස් ගවුවක් විතර දිග පළල ඇති දිවයින් ගොඩක් කොට ලා පාත දී එක් වේ ද. යම් තැනෙක සරඟඞ්ගාදි
85. කාෂ්ඨවාහන රජ්ජුරුව්න ගේ වස්තුව 565
මහා පුරුෂයෝ තපස් කොට විසු ද- ඒ ගිවුළු වනයට පැමිණ ‘මෙ තැන සැරුප, සිත ඇලෙයි’ කියා කැටි ව ගිය ඇමැත්තන්ට කී ය උයි ත් ඒ බිම අනුන් සන්තක හෙයින් උන්ට දෙ ලක්ෂිය දී ලා ඒ බිම ත් හැර ගෙන ඒ බිම මඳ හෙයින් තවත් අට ගවුවක් විතර හා එක් කොට විසි ගවුවක් විතකර හැර ගෙන පන්සල් කරවා ලා සැැවත් නුවරින් තවත් වස්තු ගෙන්වා ගෙන කැරැ වු පන්සල් වලට ගමකු ත් ගෙන ලා ලා දන් විධාන කොටලා ගියහ. සොළොස් දහස් සතළොස් දෙනකු පමණ වු ඒ තවුසෝ ද ඒ ගම නිසා ත් වන මුල් - පකා - පක්කෙනු ත් රැකි ඒ පන්සල් වල වෙසෙති.
ඒ තවුසන් එ තැන රඳා හුන් අට හවුරුද්දක් විතර ගියකලට බුදුහු ලෙව්හි පහළ වු සේක. බුදුන් පහළ වු නියා ව අසා බාවාරිය තවු න් රඳවා ලා උන්ට ප්ර ධාන ශිෂ්ය වු දුළුල්ලන් සොළොස් දෙනා නික්මුණු කලට සූ විසි ගවුවක් විතරේ පැතිර සිටිනා පිරිස් වුහ. දේවරම වසන බුදුහු ද ‘බාවාරියන්ගේත අතවැසි දුළුල්ලෝ බොහෝ දෙනා පිරිවරා මා කරා එති. තව උන්ගේ ඉඳුරෝ ත් මුකුරා නොගියෝ ය. මෙ තැන ත් සැප ස්ථාන නො වෙ යි . මධ්යඉ මණ්ඩල යෙහි පාෂාණක චෛත්යදස්ථාන ය යහපත එ තැන දි බණ කී කල බොහෝ දෙන නිවන් දකිති. මෙ තැනින් නික්මුනු කල ම මුන් හැම නුවරින් නුවර වැද මා විචාරා ගෙන එන කලට බොහෝ දෙනා ත් උන් හා එක් ව එති. නුවණ ත් එතකට මුහුකුර යි’ සිතා වදාරා බොහෝ වහන්දැ පිරිවරා සැවැත් නුවරින් රජගහා නුවර බලා නික්මුණු සේක. බාවාරියි තුවසන්ගේ අතවැසි දුළුල්ලෝ ද සැවැත් නුවරට අවුත් බුදුහු කො යි දැ’යි සොයමින් ගඳ කිළිය කරා ගොසින් බුදුන් ඔබා ලු පදලස දැක වේද මන්ත්රබ සලකා බුදුන් නියා ව නියම කොට ගෙන සතුටු වුහ. බුදුහු ත් කිඹුල් වත් ආදි වු බොහෝ නුවරවලට වැද ගෙන බොහෝ දෙනාට වැඩ සඳහා පාෂාණ ක ෛචෙත්යව ය කරා වැඩි සේක.
ඒ පාෂාණනක චෛත්ය ය නම් කෙසේ වු තැනෙක් ද යත්බුදුන් නුපන් අවධිවල ගල් මුදුනේ දෙවොල් ව තිබෙ යි. බුදුන් උපන් කලට විහාර ව තිබේ යි. විහාර වුව ත් නම පළමු ලෙසින් ම පවති දුළුල්ලෝ ත් බුදුන් සැවැත් නුවර නැති හෙයින් ඉන්නික්ම ධාතු නිධානයෙහි ධාතු තිබිය දි දම්සෝ රජුන් දාගැප් මුවල්ල විදහා බැඳවුවා සේ බුදුන් ගල් දහගබ් වෙහෙර වැඩ ඉන් ද දී සියුල නුවරවලට වැද ගෙන පසුව බුදුන් වැඩ හුන් ගල්දාහගබ් වෙහෙරට ගියිහ. ගොසින් සක් දෙවිඳු මවා ලු මණ්පයෙහි වැඩ හුන් බුදුන් දුටහ.
566 සද්ධර්මඳරත්නාවලි ය
බුදුහු තක් සාද සාමිචි කොට ලා හැම දෙනාගේ අදහස් සරි නො වන හෙයින් එකම දෙශනාවක් අනුකුල නො වන නියාව දැන ප්ර ධාන දුළුල්ලන් සොළොස් දෙනාගෙන් අජිත තාපසයන්ට කුදුගොත් සඟිය සුත්රළ නිපාතයෙහි පාරායණ වග අජිත සුත්රඅය වදාළ සේක. දේහනා කෙළවර පිරිවර දුළුල්ලන් දහස හා සමඟ අජිත තෙරුන් වහන්සේ රහත් වු සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක්බිති ව තිස්සමෙත්තෙය්යහ තවුසාණන් හා පිරිවර දුළුලු දහසට තිස්සමෙත්තෙයය සුත්රඉ ය දෙසු සේක. දේශනාව කෙළවර පිරිවර දහසක් දුළුල්ලන් හා සමඟ තිස්ස මෙත්තෙය්ය තෙරුන් වහන්සේ රහත් වු සේක. සෙසුත් බොහෝ දෙන නිව්න දුටහ. ඉකිබිති පුණ්ණක නම් තවුසාණන් හා පිරි වර දුවල්ලන් දහසට පුණ්ණක සූත්ර් ය දෙසු සේක. දේහනා කෙළවර පුණ්ණක තෙරුන් වහන්සේ ත් පිරිවර දහසත් රහත් වූ සේක. සෙසුත්ක බොහෝ දෙන නිවන් දුටහ.
ඉක්බිති මෙත්තභු1 තවුසාණන් හා පිරිවර දහසට මෙත්තභු සුත්ර ය දෙසු සේක. දේශනා කෙළවර පිරිවර දහස හා සමඟ මෙත්තභු තෙරුන් වහන්සේ රහත් වු සේක. සෙසුත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක්බිති ව ධොතක තවුසාණන් හි පිරිවර දහසට දොතක සුත්රෝය වදාළ සේක. දේහනා කෙළවර ධොතක තෙරුන් වහන්සේ ත් පිරිවර දහස ත් රහත් වු සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක් බිත් ව උපසීව තවුසාණන් හා පිරිවර දහසට උපසීව සුත්රු ය වදාළ සේක. දේහනා කෙළවර උපසීව තෙරුන් වහන්සේ හා පිරිවර දහස රහත් වු සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක්බිත් ව නන්ද තවුසන්නට නන්දව නම් සූත්රන ය. දෙසූ සේක. දේහනා කෙළවර පිරිවර දහස හා සමඟ නන්දද තෙරුන් වහන්සේ රහත් වු සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක්බිති ව හේමක තවුසාණන් හා දුළුල්ලන් දහසට හේමක සූත්රන ය දෙසූ සේක. දේශනා කෙළවර පිරිවර දහස හා සමඟ හේමක තෙරුන් වහන්සේ රහත් වු සේකත. සෙසුත් බොහෝ දෙන නිවන් දුටහ.
ඉක්බිති ව තෝදෙය්යේ තවුසාණන් හා පිරිවර දහසට තෝදෙය්යු සූත්රේය දෙසු සේක. ඒ සූත්ර දේශනා කෙළවර පිරිවර දහස හා සමඟ තෝදෙය්යය තෙරුන් වහන්සේ රහත් වු සේක. සෙසුත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක්බිති ව ක්පප න න්ම තවුසන් හා පිරිවර දහසට කප්ප සූත්ර ය දෙසූ සේක. ඒ සුත්රත දේශනා කෙළ වර පිරිවර දහස හා සමඟ කප්ප තෙරුන් වහන්සේ ත් රහත්
1 මෙත්තගු - සමහර
86. කාෂ්ඨවාහන රජ්ජුරුව්න ගේ වස්තුව 567
වු සේක. සෙසුත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක් බිති ව ජතුකණ්ණි නම් තවුසාණන් හා පිරිවර දහසට ජතුකණ්ණි සූත්ර ය දෙසු සේක. ඒ බණ අසා ජතුකණ්ණි තෙරුන් වහන්සේ ත් පිරිවර දහස හා සමඟ රහත් වු සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක් බිති ව භද්රාසයුධ තවුසාණන් හා පිරිවර දහසට භද්රානයුද සූත්ර ය දෙසු සේක. දෙහනා කෙළවර බොහෝ කෙලෙස් සතුරන් නැසීමෙහි වජ්රාසයුධයක් ව භද්රා යුද තෙරුන් වහන්සේ ත් පිරිවර නදහස ත් රහත් වු සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක් බිති ව උදය තවුසාණන් හා පිරිව රදහසට උදය සුත්රතය දෙසූ සේක. දෙශනා කෙළවර උදය තෙරුන් වහන්සේ හා පිරිවර දහසත් රහත් වු සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.
ඉක්බිති ව පෝසාල තවුසාණන් හා පිරිවර දහසට පෝසාල සූත්ර ය දෙසූ සේක. දෙශනාව කෙළවර සහපිරිවරින් පෝසාල තෙරුන් වහන්සේ රහත් වු සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක් බිති ව මොඝරාජ තවුසාණන් හා පිරිවර දහසට නමින් කුමක් වුව ත් තමා අමොඝ වු මෝඝරාජ සුත්රණය දෙසූ සේක. මෝඝරාජ තෙරුන් වහන්සේත් පිරිවර දහසත් රහත් වු සේක. සෙසුත බොහෝ දෙන නිවන් දුටහ. ඉක් බිති ව පිංගිය තවුසාණන් හා පිරිවර දහසට පිංගිය සූත්ර ය දෙසූ සේක. බණ අස අසා ම බාවාරි නම් වු මයිල් තවුසාණන්ට මේ සදහම් නැමැති අමා රස සම්භ වේ දෝ නො වේ දෝ හෝ’යි යන සිතිවිලි නිසා සිත තර ව යොමු කරන්ට නු වු හෙයින් පිංගිය තෙරුන් වහන්සේ රහත් වන්ට නො ව අනැගැමි වු සේක. පිරිවර දහස එ බඳු වික්ෂෙසපයක් නැති හෙයින් රහත් වු සේක.
පිංගිය තෙරුන් වහන්සේ තමන් වහන්සේ ඇසූ බණ ගොස් මයිල් වු බාවාරි තවුසන්දෑට කියන කලට බුදුහු වැඩ හුන් ගල් සැවෙහෙරින් බොහෝ වහන්දෑ පිරිවරා දෙව්රම් වැඩි සේක. ඊ වැඩ හිඳ ම රස් කඳන් විහිදුවා පියා පිංගිය තෙරුන් වහන්සේ හා බාවාරිය තවුසන්දෑ හුන් තැන වැඩ හුන්නා සේ ව ලා බණ වදාළ සේක. බණ කෙළවර පිංගිය තෙරුන් වහන්සේ මයිලණුවන්දැ, හැර අනුභව කරණ දහම් අමා හෙයින් ආදි සිත සේ අනුභව කරන්ට නු වුවත් එ විට සිත සේ අනුභව කොට රහත් වු සේක. බාවාරි තවුසන්දෑ අනගැමි වු දෑ ය. බාවාරියන්දෑගේ අතවැසි පන් සිය ය සෝවාන් වුහ.
568 සද්ධර්ම රත්නාවලි ය
මෙ සේ - “තතො පාසාණකෙ රම්මේ - පාරායණ සමාගමෙ, අමතං පායයී බුද්ධො - චුද්දසා පාණකොටියො’
යනු හෙයින් ගල් සෑ වෙහෙරදි තුදුස් කෙළක් නිවන් දැක් වු සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් මෙත් සිත්හි තබා අධිගම ව්යකක්තියට උත්සාහ කට යුතු.
87. අ නු රු ද් ධ ම හ තෙ රු න් ව හ න් සේ ගේ ව ත
සංස්කරණයඑක් දවසක් අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ සිවුරු දුර්ව ල හෙයින් කසළ ගෙඩ ආදි වු තෙ විසි තැනින් තමන් වහන්සේ අත්කෘෂ්ට පාංශුකුලික හෙයින් කඩ රෙදි සොයන සේක. උන් වහන්සේ ගේ මේ ජාතයට තුන් වන ජාතියෙහි පාදපරිචාරිකා වු කෙණෙක් තව්තිසා දෙව් ලොව ඉපැද ජාලිනි නම් දිව්යපඞ්ගනා වුහ. ඌ මහ තෙරුන් වහන්සේ ආදි සම්පත් විදි ලෙසට දැන් කඩ රෙදි සොයන්නා දැක දිගින් තෙළෙස් රියන් වු පළලින් සතර රියන් දිව සළු තුනක් හැර ගෙන ඉදින් මම මෙ ලෙසින් ගෙන ගොස් දෙම් නම් අපිස් ව හැර ෙනා ගන්නා සේකැ’යි සිතා කඩ රෙදි සොයො ඇවිදිනා තැනට ඉදිරියේ එක් කසළ ගොඩක දවලු පමණක් පෙනෙන ලෙසට තබා ලුහ. මහ තෙරුන් වහන්සේද ඒ මඟින් කඩ රෙදි අවුළා ඇවිදිනා සේක් දිව සළුවේ දවලු පමණක් දැක දාවලු අල්වා ගෙන අදනා සේක. කියා ලු පමණ ඇති දිව සළු දැක පංසුකූල ධුතඞ්ගයෙහි උත්කෘෂ්ට තරමට ඇතැ’යි හැර ගෙන වැඩ පි සේක
ඉක් බිත්තෙන් සිවුරු කරණ දවස් බුදුහු පන් සියය්ක දෙනා වහන්සේ හැර ගෙන උන් වහන්සේගේ විහාරයට ගොසින් වැඩ හුන් සේක. අසූ මහා සවුවන් වහන්සේත් ගොසින් වැඩ හුන් සේක. සිවුරු ගෙත්තමට මහසුප් තෙරුන් වහන්සේ මුල වැඩ හුන් සේක. සිවුරු ගෙත්තමට මහසුප් තෙරුන් වහන්සේ මැද වැඩ හුන් සේක. අනඳ මහ තෙරුන් වහන්සේ අග වැඩ හුන් සේක. ඔබට අග සෙසු වහන්දෑ වැඩ හුන් සේක. එ සේ ම වැඩ හුන් සෙසු වහන්දැ හූ අඹරා දෙන සේක. බුදුහු සර්වකඥකමට වැඩ නො හිද දුන් දුන් හූ ඉඳි කටුවල අවුණා දෙන සේක. ගෙත්තමට නියම ව හුන් මහසුප් සැරියුත් - අනඳ තුන් දෙනා වහන්සේ සිවුරු ගෙත්තම් කරණ සේක. මුගලන් මහ තෙරුන් වහන්සේ ඒ ගෙත්තමට යමක් යමක් වුවමනා වී නම් එ පසාඳිනා සේක.
87. අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ ගේ වත 569
සිවුරු පිළි දුන් දෙවු දුවණියෝ ද ඇතුළු ගමට වැද ලා අනුරුද්ධ මහ තෙරුන් වහන්සේගේ සිවුරු ගෙත්තමට බුදුහු අසු මහ සවුවන් වහන්සේ හා සමඟ නිත්යනපරිවාර සියක් දෙනා වහන්සේ ත් රැගෙන වෙහෙර වැඩ හුන් සේක. කැඳ බත් ගෙන්වා ගෙන ට විහාරයට යව’යි විධාන කොළෝ ය. මුගලන් මහ තෙරුන් වහන්සේ බත් වලඳන්ට අතුරෙහි මහ දඹයක් ගෙනවු ත් දුන් සේක. පන්සියක් දෙනා වහන්සේ එක දඹය වළඳා ත් නිමවාගත නුහුණු සේක. සක් දෙවිඳු තෙමේ සිවුරු ගෙත්තම් කරණ තැන හිඟුල පිරිබඩ ගත. ඒ බිම අලතාවෙන් තෙමා ලුවාක් මේන රත් වි ය. දෙනා දනුත් එ තෙක් ගෙනා වහන්සේ ත් වළඳා බොහෝ ව ඉතිරි වි ය. ඉන් සමහර වහන්දෑ ‘මෙ තෙක් වහන්දෑට මෙ සේ බොහෝ කොට රැස් කෙළේ හැයි ද? වහන්දැගේ ගණන සලකා මෙ විතරක් ගෙනෙව යි නෑයන් - සියන්ට කිය යුතු වේද ? අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ නෑයන්-සියන් බොහෝ නියාව හඟවන සැටි ය’යි කී සේක.
බුදුහු ඒ අසා ‘ කුමක් කියවු ද, මහණෙනි ‘යි විචාරා වදාරා මේ නියාව දැන’ කුමක් ද, මහණෙනි, තෙපි මේ අනුරුද්ධ මහා තෙරුන් වහන්සේගේ විධානයකින් උපන්නා කොට සිතූ දැ’ යි විචාරා ඔබට කරණගෙත්තම හෙයින් එ සේ සිතුම්හ’යි කි කල්හි ‘හෙම්බා මහණෙනි. ඌ තුමු මෙ බන්දක් නොකියති. රහතන්ගේ පස පිළිබඳ කථා නැත. මේ කැඳ බත් දෙවියන්ගේ ආනුභවයෙන් උපනැ’යි වදාරා බණ වදාරණ බුදුහු -
යම් කෙණකුන්ට කාමාශ්ර වාදි චතුර්විධ ආශ්ර වයෝ ක්ෂෙය වු ද මුල් ව සිටිනා අවිද්යාුශ්රරව ය ක්ෂුය විමේන සියලු කෙලෙස්හු නට වු ද නැවත තෘෂ්ණා දෘෂ්ටි වසයෙන් ආහාර සන්නිශ්රිත නො වෙද්ද, රස තෘෂ්ණාව සියලු ලෙසින් ම නැද්ද සුඤ්ඤත විමොක්ඛා දී නමින් පැවති නිවන් යම් කෙණකුන්ට රහත් ඵල සම වත් සුව විදිමෙන් ගොදුරු ද, එ සේ වු රහතන්ගේ යම් සේ අහස යන පක්ෂීන්ගේ මෙ තැන පසුර ඔබා ලු තැන ය, මෙ තැන බඩ වැද ගත් තැන ය, මෙ තැන හිස වැදගත් නැන ය, මෙ තැන පියා වැද ගත් නැන ය යි දක්නට නො පිළිවන් ද, එ මෙන් මොහු මේ නරකයට ගිය පිය ය. මෙ තිරිසන් යෝනියට ගිය පිය ය. මේ ප්රේයත ලොකය ගිය පිය ය, මේ අසුර නිකායට ගිය පිය ය යි මෙ සේ දුගති වසයෙනු ත්. තව ද මේ මිනිස් ලොවට ගිය පිය ය, මේ දෙව් ලොවට ගිය පිය ය, මේ බඹ ලොවට ගිය පිය ය යි මෙ සේ සුගති වසයෙනු ත් ගිය පියයන් ම නැති හෙයින් දත නො හැක්කැ’යි වදාළ සේක.
570 සද්ධර්ම රත්නාවලි ය
දේශනා කෙළවර බොහෝ දෙන නිවන් පුර වන්හ. එහෙයින් නුවණැත්තවුන් විසින් රහත් වන්ට නිසි පින් කොට රහත් ව මෙ ගුණ තමා කෙරෙහි ත් ඇති කරවන්ට උත්සාහ කට යුතු.
88. ක ස යි න් ම හ තෙ රු න් ව හ න් සේ ගේ ව ත
සංස්කරණයඑක් සමයෙක් බුදුහු වස් පවරන දවසෙක විශාඛාවන් කැරැ වු පායෙහි යට මාලේ අසූ මහ සවුවන් වහන්සේ පිරිවරා වැඩ හුන් සේක. එ කල කසයින් මහ තෙරුන් වහන්සේ අවන්ති න්ම රට වසන සේක. උන් වහන්සේ කොයි වැඩ හිඳ ත් බණ වදාරන වේලේ දි අවුත් බණ අසන සේක. එ හෙයින් මහ ෙතරුන් වහන්සේ හිඳිනා ගමනේ ඔබ වඩනා නියාව දන්නා හෙයින් ඔබට අවසර තබා ලා වැඩ හුන් සේක. සක් දෙවිඳු ද දෙ දෙව ලොව දෙවියන් හි සමඟ අවුත් ගඳන් - පමලින් බුදුන් පුදා වැඳ එක ත් පස් ව සිටියාහ. සිට කසයින් මහ තෙරුන් වහන්සේ නො දැක තමන් ඔබ කෙරේ ආවේණික මමායන ඇති හෙයින් ‘හැයි කසයින් ස්වාමි, මෙ තැන නැත්නම් ඔබ ත් වැඩිය යහපතැ’යි සිතුහ. උන් වහන්සේ ත් ඒ ඇසිල්ලෙහි ම අවුත් තමන් වහන්සේට නිළ වු හස්නෙහි ම හිඳ පෙනුණු සේක.
සක් දෙවිඳු ත් මහ තෙරුන් වහන්සේ වැඳ පය අල්වා ගෙන ‘වැඩිනියා වේ ද? මම ත් වඩනා කැමති විමි’යි කියා ලා ආවෙණික ව ඔබ ත් පුදා වැඳ ගෙන එක ත් පස් ව සිටියහ. සමහර වහන්දෑ ඒ දැක ‘සක් දේවිඳු ත් කරණ දෙයක් මුණ බලා ම කරණ වන. බුදුන් විනා සෙසුඅ තැනකට මෙ සේ නො කොට කසයින් මහ තෙරුන් නවහන්සේ දැක ලා ගොසින් පය අල්වා ගෙන ‘වැඩි සේ ම යහපත. මම ත් වඩනා කැමති විමි’යි කියා ලා මලින් ගඳින් පුදා එක ත් පස් ව සිටියෝ ය’යි ගුණමකුව කී සේක.
බුදුහු ඒ කථාව අසා ‘මහණෙනි, ම පුත්හු කසයින් මහ තෙරහු තමන්ගේ යහපත් තරමින් ම දෙවි මිනිසුන්ට ප්රිිය වෙති’යි වදාරා රහතන්ගේ අනන්යේ සාධාරණ ගුණ වදාරණ සේක් ‘අසුන් හික්මවිමෙහි දක්ෂ වු රිය ඇදුරක්හු හික්මවා ගත් අසුන් මෙන් යම් කෙණකුන් ගේ වක්ෂුරාදි ෂඩින්ද්රිහයෝ දෝ හෝ නොෙහාත් සදොරින් නික්ම රෟපා දී සාරමුණෙහි පවත්නා සව් කෙලෙස්සු විවසුන් බෙලෙන් ක්රෙමක්රොමයෙන් සන්හිඳි රහත් විමෙන් සියලු ලෙසින් ම සන්හුන්නාහු ද උන්නති ලක්ෂ්ණ වු නව විධ මාන ත් නසා පීචා වු චතූර්විධ ආශ්රහවයෙන් කිසි ද ආශ්රවයක් නැති අෂ්ට ලොක ධර්මපයෙහි අකම්ප්යහ වු ඒ රහතන්ගේ දැක් ම දෙවියෝ ත් කැමති වෙති. මිනිස්සු ත් කැමති වෙති’ වදාළ සේක. 89. සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව 571
දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් යම් තරමක් ඇති කලට දෙවි මිනිස්සු දක්නා කැමැති වෙත් නම් එ තරම් එවා ගන්නා නිසා කුසල්හි හැසිරෙන්ට උත්සාහ කට යුතු.
89. සැ රි යු ත් ම හ තෙ රු න් ව හ න් සේ ගේ ව ස් තු ව
සංස්කරණයඑක් සමයෙක්හි සැරියුත් මහ තෙරුන් වහන්සේ වස් වැස වස් පවරා ලා සැරිසරා වඩනා කැමැති ව බුදුන්ට දන්වා ලා බුදුන් වැඳ ගෙන පන් සියක් පමණ පිරිවර වහන්දෑ හා සමඟ නික්මුණු සේක. ගමන් පසු කොටත් බොහෝ නික්මුණු සේක. මහ තෙරුන් වහන්සේ ද නම් ගොත් හෙයින් ප්ර සිද්ධ තැන් නම් හොත් කියා බණවා ලා සමු දී රඳවන සේක. නාම ගොත්රරයෙන් අප්ර සිද්ධ වු පසු ව නුගුණයෙන් ප්රකසිද්ධ වන එක් නමෙක් ඔබගේ වසයෙනු ත් ප්රරසිද්ධ වනු කැමැති ව මා ත් නම් ගොත් කියා බණවා ලා රදවා පී සේක් වි නම් යහපතැ’ය සිතූ සේක ප්රැසිද්ධ වන තරමට ප්රබසිද්ධ ව තිබෙන පිණක් නො කළ හෙයිුන ත් සියලු ලෙසින් අදහස දන්ට බුදුන්ට මුත් ඔබට අවිෂ ය හෙයිනු ත් මහ තෙරුන් වහන්සේ බොහෝ වහන්දෑ හෙයිනු ත් ඒ නමගේ අදහස සලකා ගත නුහුණු සේක. එ පමණෙකින් ම ඒ නම ත් මහ තෙරුන් වහන්සේ කෙරෙහි වෛර බැඳි දැ ය.
මහ තෙරුන් වහන්සේස වඩනා ගමනේ ඔබගේ සඟළ කෙළවර නඅර නමගේ ඇඟ ගැවිණ. ඒ කර්මබ ය කළ නම එ පමණකිනු ත් වෛරය තර කළ දෑ ය. වෛර බලයෙන් මහ තෙරුන් වහන්සේ වෙහෙර ඉම පැන වැඩ පු නියාව දැන ලා බුදුන් කරා එළඹ ‘ස්වාමීනි , සැරියුත් මහ තෙරුන් වහන්සේ මුම වහන්සේගේ අගසවු යෙමි යි කියා ලා මා කන්සක ගසා ලා රෙදවා පියා ත් ක්ෂ්මා කරවා නො ගෙන පිටිසර ගිය සේකැ’යි කී දැ ය. බුදුහු ත් මහ තෙරුන් වහන්සේ කැඳවා යවු සේක. ඒ වෙලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ ත් අනඳ මහ තෙරුන් වහන්සේ ත් දෙ දෙනා වහන්සේ සිතන සේක් ‘අපගේ වැඩි මාලු බෑණන් වහන්සේ ඒ නමට නො ගැසු නියාව බුදුහු නො දන්නා සේක් නො වන සේක. දන්නා සෙක් මය. ඔබ ලවා සිංහක නාද කරවනු කැමැති නියා ය. වහන්දෑ රැස් කරම්හ’යි කෙසි මුඳු හැර ගෙන පිරිවෙන්වල දොරව්ල හැර ‘දැන් දැන් සැරියුත්මහ තෙරුන් වහන්සේ සිංහ නාද කරණ සේක. ඒ සංහ නාදය අසන්ට වහා අව මැනැවැ’යි කැඳවා රැස් කළ සේක. මහ තෙරුන් වහන්සේ නත් අවු ත් බුදුන් වැඳ ලා වැඩ හුන් සේක.
572 සද්ධර්මතරත්නාවලි ය
බුදුහු ගැසු නො ගැසු නියාව විචාළ සේක. ඔබ ද ‘මම නො ගැසුයෙමි’ නො වදාරා තමන් වහන්සේගේ ගුණ වදාරාන සේක් ‘ස්වාමිනි, යම් කෙණෙක් කා ගියා සී කමටහන පිරිමැසිම නැත්තෝ නම් ඌ තුමු දැත්ම ප්රෙත්යීවෙක්ෂාිව නැති හෙයින් සබ්රමම්සරුන් ගසා ක්ෂයමා කරවා නො ගෙන පිටිසර යෙති’යි වදාරා ලා ගුණ අයුණු ඉවසීමට තමන් වහන්සේ පොළොව හා සම නියා ද, එ සේ ම ක්රො ධ නැමැති ගිනි නිවිමට පැන් හා මස නියා ද, එ සේ ම කෙලෙස් කුනු දෑවිමෙහි ගින්නක් හා සම නියා ද, කෙලෙසුන් දුරු කිරිමෙහි සුළඟක් හා සම නියා ද නිහතමානි කමට පා පිස්නා බිස්සක් හා සම නියා ද, අගර්ව් කටම සැහතඬොල් කුමරකු ැවනි නියා ද උඩඟු නො විමට හං බුන් ගොන් වැනි නියා ද, සර්පකුණපාදියක් මෙන් තමන් වහන්සේගේ ශරීරය පිළිකුල් කොට දක්නා නියා ද, මනුෂ්ය් ශරීර ය බැවින් තමන් වහන්සේගේ ශරීර ය අසුවි පුරා ලු කළය්ක මෙන් පිළිකුල් නියාව ද මේ උපමා නවයෙන් වදාරා නව වාරයෙක වහ පොළොව ගුගුරුවා පී සේක. පා පිස්නා බිසි උපමාව හැ සැඬොල් කුමර උපමාව හා අසුචි පිරූ කළ උපමාව කි කල්හි පෘථග්ජන වහන්දෑ කඳුළු රඳවා ගත නුහුණු සේක. රහතන්ට සියලු ප්රෘත්යදය සුමත්පන්න ධර්ම විෂයෙහි භයාකාරයෙන් උපදනා නුවණ උපන.
මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ගුණ වදාර ත් වදාර ත් ඔබගේ ගුණ දරා ලිය නො හි ත් කම්පා වු කළක් මෙන් මහ පොළොව වෙවුලා ගිය කලට නැත්ත කියා දෙඩු නමගේ සකල ශරීරයෙහි දහ වැද ගත. උන්දැ එ විට බුදුන් පා පිට ම හි පියා තමන්දෑගේ වරද කියා ලා ක්ෂවමා කරවවුදෑ ය. බුදුහු මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘තෙපි තොපගේ අක්ෂුමාවක් නැත ත් බස කියා නුලු නම් තෙල නිකමාගේ හිස සත් කඩ ව පැළී ගිය ත් නපුර. ඌගේ ජිවිත රක්ෂ ණ ය නිසා තෙපි ත් ක්ෂතමා කරව’යි වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ද බුදුන්ගේ ළඟ එළිල්ලෙන් හිඳ දෝත් මුදුනේ තබා ගෙන ‘ස්වාමිනි, ඒ ආයුෂ්මතුන්ට ක්ෂඳමා කෙරෙමි. ඉදින් මාගේ වරදේක ඇත් නම් ඒ ආයුෂ්මතුහු ත් ක්ෂ මා කෙරෙත්ව’යි වදාළ සේක. වහන්දෑ ද ඒ අසා ‘ඇවැත්නි. මුන් වහන්සේගේ බුද්ධකල්ප වු ගුණයෙක තරම් බලව මේ තරමක් කියා ලු මුන් කෙරෙහි මුසුප්පුවක් නොව තමන් වහන්සේම එළිල්ලෙන් හිඳ ක්ෂමමා කරවන සේක. ඔබ කළ සිංහ නාද ඔබට ම තරමැ’යි කී සේක.
බුදුහු ඒ අසා වදාරා ‘මහණෙනි, කුමක් කියවු දැ’යි විචාරා පෙරළා ත් කියාව ගෙන ‘මහණෙනි, සැරියුත් වැන්නවුන්ට ගල්
90. කොසඹෑ නුවර තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව 573
නියෙන් කා නිය රෙදව ත් මුත් ගල් රෙදවන්ට බැරියා සේ සුමුප්පු උපදවන්ට බැරි ය’යි වදාරා මහණෙනි, යම් සේ පොළොව සුවඳ මල් ආදි වු සුවඳ ත් ලත් ද, කෙළ සෙම් ආදි වු අපවිත්රව ත් ලත්ද, එ සේ ම නුවර වාසල් කෙරේ හිඳු වු ඉන්ද්ර ඛීලයට බාල දරුවෝ කුණු කසළ දමා අපවිත්රල කෙරෙත් ද, දන්නෝ සුවඳ මල් ආදි ය පුදත් ද, පොළොවට ත් ඉන්ද්රඛිලයට ත් අපවිත්රව ය ලීම දැමිම නිසා කොපයෙක් වේව යි, පවත්රො ය ලිම පිදිම නිසා ප්රෙපම යෙක් වේව යි නැද්ද, සුඩි - අසුචි නික්ෂෙවප ය. නිසා දියට වේව යි ගින්නට වේව යි සුළඟට වේව යි ලු ලු යම් දෙයක් ගෙන යැම දැවිම් හැමදවිම කරත් මුත් සුචි දෙයෙහි අනුනයක් හා අසුචි දෙයෙහි ප්ර්තිඝයෙක් දියට ත් ගින්නට ත් සුළඟට ත් නැත් ද, එ පරිද්දෙන් අෂ්ට ලෝක ධර්මටයෙන් අකම්ප්යළ වු සොඳුරු වු ව්ර්තසමාදාන ඇති රහත්හු ‘මොහු අපට සිවුපසයෙන් උපස්ථාන කෙරෙති . උන් කෙරෙහි අනුනයක් වේව යි ‘මු අපට උපස්ථාන නොන කෙරෙති. උන් කෙරෙහි ප්ර තිඝයක් වේවයි නො කෙරෙති. කුමක් සේ වේද් ද යත්-යම් සේ මඬ බොර නැති විලෙක පහන්පැන් ඇත්තේ ද එ මෙන් පහ වු කෙලෙසුන් ඇති බැවින් රා දොස් ආදි වු මඬ බොර නැති ව පහන් සිත් ඇති වෙති. එ බඳු වු වන්ට සුගති දුර්ගදති දෙක්හි හැසිරිම් නැති හෙයින් සසර නැතැ’ වදාළ සේක.
මේ දේශනා කෙළවර උපමා නව ය විතරට ම නව දහසක් වහන්දෑ පිළිසිඹියා පත් රහත් වු සේක. එ සේ හෙයිසන් නුවණැත්තවුන් විසින් ධම්සෙනෙවි ස්වාමීන් තමන් වහන්සේ කෙරෙහි පිහිටුවා වදාළ උපමා නව ය ඔබට ම තිබි ආ දෙයක්ක නො වන බැවින් තම තමා කෙරෙහි ත් ඇති කොට ගෙන ඔබ සිංහ නාද කළ ලෙස ම සිංහනාද කරන්ට උත්සාහ කට යුතු.