70. සුධර්මු තෙරුන් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද අනුශාසනා මුඛයකින් නො ව ඝැටුණු සිතින් ඝටා බිණිමෙහි නපුර හඟවනු නිසා සුධර්ම තෙරුන්වහන්සේගේ වස්තුව දක්වමු.



488 සද්ධර්ම්රත්නාවලි ය

කෙ සේ ද යත්-

‍මච්ජිකාසණ්ඩ නම් නුවර චිත්ත නම් සිටිණෝ පස් වග වහනදෑට ඇතුළත් මහානාම තෙරුන් වහන්සේ සුපිළිස්න ලෙසින් සිඟා වඩනා දැක ඔබගේ පියොවෙහි පැහැද පාත්ර් ය හැර ගෙන ගෙට වඩා ගෙන ගොසින් වළඳවා ලා, වළඳා අන්තයෙහි බණ අසා සෝවාන් විමෙන් තුමු නිවන් වළඳා ගෙන මහ මෙර සැලි යේ නමුත් නො සැලෙන සැදෑ ඇති ව තමන්ගේ අම්බාටක නවන නම් උයන වහන්දෑට පිළිගන්වනු කැමැති ව මහානාම තෙරුන් වහන්සේ අත පැන් වත් කොට උයන පිළිගැන්වුහ. ඒ වෙලෙහි බුදුසස්න පොළව ත් පිහිටි ය යි දිය පොළොව දක්වා මහ පොළොව වෙවුලා ගියේ ය. මහ සිටිණෝ උයන විහාරයක් කරවා ලා සියලු දිගින් වඩනා වහන්දෑට සාඞ්ඝික කොට පිළිගැන්වුහ.

ම්ච්ජිකාසණ්ඩ නම් නුවර ත් සුධර්ම නම් තෙර කෙණකුන් වහන්සේ නෙවාසාකව හිඳන සේක. පසුන ව කලෙක දී චිත්ත නම් සිටාණන්ගේ යහපත් තරම් අසා දෙ අග සවුවන් වහන්සේ උන්ට සංග්රීහ කරණු කැමැති ව ඒ සිටා‍ණන් වසන නුවරට වැඩි සේක. චිත්ත නම් සිටාණෝ ත් ඔබ දෙ දෙනා වහන්සේ වැඩි නියාව ආසා දෙ ගවුවක් විතර පෙර ගමන් කොට ගොසින් වඩා ගෙනවුත් විහා‍රයේ ලා ලා ආගන්තුක සාද කොට ලා බණ සුඟක් අසනු කැමැත්තෙන් ධර්මානසෙනෙවි ස්වාමින්ට ආරාධනා කොළෝය. ඔබ ත් ගමන් ආයාස ඇත. මඳක් අසව’යි වදාරා ලා යන් තම් බණක් වදාළ සේක. ඌ ඔබ ගෙන් බණ අසා අනාගාමි වුය. අනාගිමි ව ලා දෙ දෙනා වහන්සේ නිත්ය පරිවාර දහසක් දෙනා වහන්සේ හා සමඟ දෙ වන දවස් තමන්ගේ ගෙයි දි වළඳනට වඩනට පෙරාතු ආරාධනා ‍ කොට ලා පසු ව නෙවාසික සුධර්ම නම් තෙරුන් වහ්න්ෙසේ ත් දෙ දෙනා වහන්සේ ලා කැටි වම සිඟා යන්ට ආරාධනා කොළෝ ය. පසු කොට ලා ආරාධනා කළ හෙයින් මුසුප්පු ව ලා කීප ‍විටක් ‍ කොට උපාසකයන් ආරාධනා කළ ත් නො ඉවසූ සේක.

උපාසකයෝ ද ‘මුඹ වහන්සේගේ නො දැන් ම නිසා මුම වහන්සේ ම පෙනෙන සේක් වේදැ’යි කියාලා පාලා ගොසින් දෙවන දවස් තමන්ගේ ගෙයි මහ දන් සැරහූ ය. සුධර්මප තෙරුන් වහන්සේත් සිටාණන් අගසවු වහන්දෑහට දන් සැරහූ සැටි ය. මාගේ වැළදීම් නැත ත් සෙට ගොසින් බාල පියමි’ සිතා ලා උදාසන ම පා සිවුරු හැර ගෙන උන්ගේ ගෙට වැ‍ඩි සේක. ‘ස්වාමිනි, වැඩහුන්


70. සුධර්මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව 489

මැනැමැ’යි සිටාණන් කිව්ත නො රාඳා ම ‘සිඟා යෙමි’ යි කියා ලා යන ගමන් නැගී ත් නො ගොසින් සිටාණන්ගේ දන් බලා පියා ආදි මුසුප්පු ඇත ත් දන් මා හැඟි නියාව දැක සමාධි වුව මනා තැන රොෂ සිතින් සිටාණන්ට තල කුලයක් කයා බණනු නිසා සිටාණෙනි, තොපගේ දන් යහපත. එකක් නැති හෙයින් අඩු ව ඇතැ’යි කියා ලා කුමක් ද? නැත්තේ ය ‘යි විචාළ කල්හි ‘සුණ්ඩැඟි ය’යි කියා සිටාණනු ත් කවුඩන් වැනි කොට දෙඩු කල්හි ආරාධනා පසු කළාට ත් වඩා උරණ ව තෙල තොපගේ විහාර ය පාවා ගනුව. යෙමි’යි කියා තුන් විටක් දක්වා රඳන්ට සිටාණන් කිව ත් නො රඳා බුදුන් ළඟට ගොසින් උන් කී බස ත් තම්න වහන්සේ කි බසු ත් බුදුන්ට දැන් වු සේක.

බුදුහු සැදැ ඇති උපාසකයන් තබා සැදැ නැති කෙණකුන්ට වු වත් ජාත්යා දීන් ඝටා බිණිම් නපුර මුන්ට ත් ජාතීන් ඝටා බිණු බව නපුරැ’යි වරද තෙරුන් වහන්සේ කෙරෙහි ම නඟනු පිණිස පටිසාරණිය කර්මඝ යත් කරවා කර්මම ය ලදින් ගිය ත් සිටාණන් ක්ෂුමා නො කරණ නියා ව දැන වදාරත ත් ‘මුන්ගේ මන් අධික ය, එක් සිය විසි ගවුවක් ඇවිදුවා ලීමෙන් මන් හරවා ලිය හැක්කැ’යි සිතා වදාරා ක්ෂයමා කරවන උපදෙස නො වරදවා ම ‘යව සිටාණන් ක්ෂ්මා කරව’යි යවු සේක. උන් වහ්නසේ ත් ඔබ ගොසින් සිටාණෙනි, වරද අපගේ ම ය. ක්ෂ මා කරව’යි වදාළ සේක. කළ මනා දැ තව ඇති හෙයින් ‘ක්ෂ මා නො කෙරෙමි’ සිටාණන් කියන්නා ක්ෂිමා කරවා ගත ‍නො හී පොළොව පැකිළ ගියවුන්ට ‍පොළොව ම පිහිට වන්නා සේ පිහිට නම් බුදුන් ම හෙයින් පෙරළා ත් බුදුන් ම කරා ගිය සේක.

යෑමෙන් ඊමෙන් දෙ සිය සතළිස් ගව්වක් ඇවිද මන් හැර ගත් කලට අනික් නමකට ‘තෙපි ගොසින් ක්ෂමා කරවා ලව’යි වදාරා ලා මහණුන් විසින් නම් අපගේ විහාර ය. අප වසන තැන ය, අපගේ උපාසකයෝ ය. අපගේ උපාසිකාවෝ ය, යනාදීන් සිතා මනක් වේව යි ඊර්ෂ්යාඅවක් වේව යි කිරිම නපුරැ ‘යි වදාරා ලා බණ වදාරන සේක් “හෙම්බා සුධර්ම යෙනි, නුවණ නැති මහණ තෙමේ සැදෑ නැතිව ත් සිල් නැතිව ත් ඇසු පිරුවු තැන් නැතිව ත් විවේක වාස ය නැති ව ත් සියල්ලෙහි ම මැළිව ත් සිහි නැතිව ත් රහත් නොව ත් සත්වායෝ තුමු මුන් වහන්සේ සැදැ ඇති සේක. වඩනා ලද විය්ය්වි ඇති සේක. එළඹ සිටියා වු සිහි ඇති සේක. එකඟ වූ සිත්



490 සද්ධර්මිරත්නාවලි ය

ඇති සේක. නුවණැති සේක. රහත් සේකැ’යි මා දනිත්ව’යි අවිද්යග මාන ගුණෙන් ම සම්භාවනා කැමැති වන්නේ ය. නැවත තමාගේ කිසි දැන්මක් නැත ත් ‘සියළු වෙහෙර වහන්දැ මා ම පිරිවරා ඇවිදිනා සේක් නම් යහපතැ’යි, ප්ර්ශ්න විචාරත ත් මා අතින් ම විචාරතො ත් යහපතැ’යි නපුරු අදහසින් භික්ෂුන් පිරිවරා ‍ඇවිදීම ත් කැමැති වෙයි.

නැවත සාඞ්ඝික විහාරවලට වලා ගොසින් යහපත් සෙනසුන් හිතමිත්රත භික්ෂුනට පමුණුවා පියා තෙමේ ත් යහපත් සෙනස්නක් පමුණුවා ගෙන කසළ ව තිබෙන, දුරු ව තිබෙන, උවදුරු ඇති ව තිබෙන, සෙනස්නෙක් ඇත් නම්’ තමන් තිලි විසුව මැනැවැ’යි ආගන්තුක තැනට පමුණුවමින් මෙ සේ විහාරවල ත් තමාගේ ඉසුරු පවත්වනු කැමැති ය. නැවත දෙ මවු පිය කමක් වේව’යි සෙසු නෑ සිය කමක් වේව යි නැති ව උපාසක වරුන් සාමැන්යෙ අදහසින් කරණ ලද උපස්ථාන අනුන්ට නො කොට මට ම කෙරෙත් නම් යහපතැ’යි සිතයි. තව ද ‘ගිහින් වුව ත් වහන්දෑ වුවත් විහාරවල යම් යම් කර්මාින්තයේක ඇත් නම් මාම කරවු වා කො සිත ත්ද මුත් ඒ දෙ පක්ෂියට ම අනික් කෙණකුන් කරවුව යි යන අදහසෙක් නො වේව’යි යන මෙ සේ වූ පවිටු අදහසු ත් ඇති වෙයි.

තව ද ගිහි වුව ත් වහන්දෑ වුවත් විහාර කර්මාමන්තයෙහි දඩු පත් ගෙනෙන්ට ගැල් හා ගොන් වුව ත් දඬු පත් ‍ෙකාටන්ට යකඩ යසැත් වුව ත් ලැබ්බ යුතු වී නම් එයි ත් යටත් පිරිසෙයින් කර්මාාන්ත කරන්නවුන්ට උළුකැන් පමණක් බත් පමණක් වුව ත් කුඩා මහත් කවර ත් කට යුත්තෙක මා ම් මුල් කොට මා විචාරා කරත් මුත් අනික් විධානයෙක නො පවත්ව’යි යන මෙ සේ වූ අදහසෙකු ත් ඇති වෙයි. යමක් හට මෙ බඳු ඉවඡා හා මෙ බඳු අදහස් අති වු න්ම උන්ට භාවනා ‍යෙන් එක් තරා භාවනාවෙකු ත් ඇති නො වෙයි. හෝ හිස වැසි නැති කලට හොය පැන් නැත්තා සේ විවසුන් නැති හෙයින් ම මාර්ගාිධිගම ඵලාධිගම ත් නැත. සඳපානට මූද වඩ නා ‘දිය සේ’ හුදක් ස දොර උපදනා තෘෂ්ණාව හා වන විධ මාන ය ම වඩ’යි වදාළ සේක. හුදක් සුධර්ම තෙරුන් වහන්සේට ම වදාළ බණක් නො වන හෙයින් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණ ඉච්ඡාව ත් මානය ත්, දුරු කළහ.

සුධර්මටන තෙරුන් වහන්සේ ද මේ අවවාද අසා බුදුන් වැඳ පැද කුණු කොට ලා පාවා දීලූ වහන්දැ නම කැඳවා ගෙන ගොසින් ගිහි

1 මුද බඩ දිය සේ. මුද වඩ (නා) දිය සේ

70. සුධර්ම තෙරුන් වහන්සේ ගේ වස්තුව 491

පටිසංයුක්ත හෙයින් උපාසකයන්ට පෙනෙන තැන හිඳ ඇවැත් දෙසා ගෙන උපාසකයන් ක්ෂෙමා කැර වූ සේක. උපාසකයනු ත් මම ක්ෂ මා කෙළෙමි. මාගේ වරදෙක් ඇත් නම් ඔබ ත් ක්ෂකමා කළ මැනැවැ’යි කල්හි සුධර්ම තෙරුන් වහන්සේ ද ක්ෂමා කිරිමේන සර්ව ඥ අනුශානසාවෙහි තර ව පිහිටා කීප දවසකින් පිළිසිඹියා පත් රහත් වූ සේක.

චීත්ත නම් සිටාණෝ ත් ‘මම ත් බුදුන් නො දැක ම සෝවා නු ත් විමි. තව ත් නො දැක ම සෙදගැමිත් විමි. අතගැමි ත් විමි. බුදුනුත් දිටිමි නම්යහපතැ’යි සිතා දානොපකරණ වූ උඳු මුගු සාල් තල ගිතෙල් මී සකුරු යානාදින් හා සිවුරු පිළි ආදි වු මහ පිරිකරින් ගැල් පන් සියයක් පුරා ගනෙ බුදුන් දක්නට වඩනා තැනක් වඩනා බව ය. යාදී ත් බතින් අඵාසුවක් නො කෙරෙමි’යි භික්ෂුන් වහන්සේට ත් භික්ෂුණින් වහන්දැට ත් උපාසක උපාසිකා වරුන්ට ත් කියා යැවුහ.

උන් හා කැටි ව සඟ ව ප්න සියයෙක් ද, මෙහෙණින් පන් සිය යෙක් ද, උපාසක පන් සියයෙක් ද, උපාසිකා පන් සියයෙක් දැ යි දෙ දාසක් විතර පිට ත් අය ත් නික්මුණාහ. සිටාණෝ ඒ දෙ දහසට ද තමන් ගෙන් දහසකට දැ යි තුන් දහසකට එක් සිය විසි ගවුවක් විතර මග යම් සේ බතින් බුලතින් අඩුවෙක් නො වේ නම් එ ලෙසට විධාන කළහ. සිටාණන් සැවැත් නුවරට යන නියා ව අසා දෙවියෝ සතර ගවුවෙන් සතර ගවුවට කඳවුරු බැඳ ගෙන දිව බත්, දිව කැඳ, දිව අවුළු පත් ආදියෙන් සි‍ටාණන් හා කැටි ව යන එ තෙක් දෙනාහට සංග්රෙහ කළහා. කිසා කෙණකුන්ට කිසිවක‍ිනු ත් අඩුවෙක් නො වී ය. මෙ සේ දෙවියන් ගෙන් සාද විඳමින් දවසකට සතර ගවුවෙකින් වඩා නො යන සිටාණෝ මස කින් සැවැත් නුවරට ගියහ. ගැල් පන් සිය ය පිරුණු වන ම තුබුයේ ය. දෙව් මිනිසුන් ගෙනා දෙය ම වියදම් වි ය.

බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේ බණවා ලා’ආනන්දයයෙනි, අද පස් වරු චිත්ත නම් සිටාණෝ පන් සියයක් උපාසකවරුන් පිරිවරා අවුත් මා වඳිති’යි වදාළ සේක. වදාළලෙසින් ම අදහස දැන ‘කුමක් ද ස්වාමිනි, උන් අවුත් වඳනා කල වන පෙළහරෙක් ඇත් දැ’යි විචාරා ‘‍එ සේ ය, ඇතැ’යි වදාළ කල්හි කුමක් දැ යි විචාළ‍ සේක. ‘උන් අවුත් මා වඳනා කලට එක් යාළ දොළොස මුණක් වපයන බිම ඔබා ලූ කලට දණ පමණ ලෙසට පස් වනක් මලින් ඝන වැස්සක් සේ මල් වැස්සෙක් වස්සි’යි වදාළ සේක. ඒ කථාව


492 සද්ධර්මවරත්නාවලි ය

අසා නුවර වැස්සෝ ‘මෙ බඳු ආනුභාව ඇති චිත්ත නම් සිටාණ කෙණෙක් අවුත් අද බුදුන් වදිත් ල, මෙ බඳු පෙළහරෙකුන් වෙ ල, අපි ත් ඒ මහා පිණැත්තාණන් දකුම්හ’යි දුටු කල දෙන්ට පඬුරු ‍හැර ගෙන මග දෙවනත සිටියහ.

විහාර ය ළඟට ගිය කලට පන් සියයක් වහන්දැ උන් හා කැටි ව ම බුදුන් කරා යාම් කිම් දැ යි පෙරාතු ගිය සේක. චිත්ත න්ම සිටාණෝ උපාසිකාවරු ප්න සිය ය පසු ව ලා එන්ට සම්මත කොට ලා පන් සියයක් උපාසකවරුන් පිරිවරා බුදුන් ළඟට ගියහ. බුදුන් ඉදිරි ව ලා අවුරා ගෙන එ සේ මෙ සේ හිඳනා කෙණෙකුත් නැත. සිටිනා කෙණෙකු ත් නැත. ඉදිරි දසාවෙන් කෙ තෙක් තැන් වුව ත් බුද්ධ විථීය හාර ලා දෙවන ත් වදෙ පෙළේ සිටුවා ලූ ගල් රූ පරිද්දෙන් නිශ්චල ව සිටිති. සිටාණෝ ත් හැර තුබුව‍ා වු බුද්ධ විථියට බටුවු ය. අනැගැමි සිටාණන් බැලු බැලු අත ම උන්ගේ ගුණානුභාවයෙන් වෙවුලන්නා සේ වි ය. බොහෝ දෙන ත් ගුණ ශොභාව ත් වැද ගොසින් ඉතා හොබනා උන්ගේ රූප ශොභාව බලති. උයි ත් බුදුන් කරා ගොසින් සවනක් බුදු රස් හස්සට වැද ලා අඩු ව තුබු ශොභාවෙක් ඇත් නම් ඉන් අඩු ව හැර බුදුන්ගේ දෙ පය වළලුකර දී අල්වා ගෙන වැඳ ගත්හ. එ වේලෙහි යට කියා ලූ ලෙසට බුදුන් කෙරෙහි හැදහිලි නැත්තවුන්ට හැදහිලි උපදමින් මල් වැස්ස වැස පීය. බො හෝ දෙන සාධු කාර දුන්හ.

මසක් මුළුල්ලෙහි ම බුදුන් ළඟ ම රඳා හුන්හ. හිඳිනා ගමනේ ත් ඒ මස ම බුදු පාමොක් වහන්දැ සිඟා නො යවා වෙහෙර ම රඳවා ලා මහ දන් දුන්හ. තමන් හා කැටි ව සෙසු ආවවුනු ත් ඇතුළු වෙහෙර ම රඳවා බත් පසුන්හ. එක දවසෙක ත් තමන්ගේ ගැල්වලින් වියදම් වූ දෙයෙක් නැත. කරණ වියදමට දෙවි මිනි සුන් ගෙනා දෙය ම ඇති විය. සිටාණෝ තුමු බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, මම මුඹ වහන්සේට දන් දෙන්ට එන්නෙම් අතුරු මඟ මසක් ම රැඳිණිමි. මුබ ත් මසෙක් ගියේ ය. ගැල් පන් සියයෙන් ගෙනා දෙයින් කිසිවකිට ත් අඩුවෙක් නො පැනිණ. මෙ දෙ මස දනට ත් සෙසු වියදමට ත් දෙවි මිනිසුන් ගෙනා දෙය ම සෑහිණි. ඉදින් මම මී හවුරුද්දක් රඳා හුනිම් නමුත් කළ පින් නො ගෙවෙන්නා සේ ම සම්පතු ත් නො ගෙවෙයි. ගැල් අවසර කොට ගෙනග යනු කැමැත්තෙමි. දා‍ෙනාපකරණ ය ලවා පියන තැනක් වදාළ යහපතැ’යි කිවු ය. බුදුහු තමන් වහන්සේ ඒ වදාරන්ට තරම් නො වන හෙයින් අනද මහ තෙරුන් වහන්සේට ‘ආනන්දු


70. සුධර්ම් තෙරුන් වහන්නසේ ගේ වස්තුව 493

යෙනි, එක් නිසි තැනක් අවසර කරවා දී ලව’යි වදාල සේක. ඔබ ත් එක් තැනක් අවසර කරවා දුන් සේක. බුදුහු ත් කැප කිළි චිත්ත නම් සිටාණන් මුල් ව අනු දත් සේක.

සිටණෝ තමන් හා කැටි ව ආ තුන් දහසක් කැඳවා ගෙන සිස් ගැලු ත් ගෙන්වා ගෙන යන්ට නික්මුණුව ය. දෙවි මිනිස්සු හැයි, ස්විමීනි, මුඹ කළ පින් සිස් ගැල් ගෙන්වා ගෙන යන තරමට දැ’යි ගැල් පන් සිය ය සත් රුවනින් පූරා ලූ ය. අබුද්ධොත්පාද කාලයෙහි දනක් දෙන්ට සිතු අඩිකුර රජ්ජුරුවන්ගේ ගැල් පන් සිය ය සත් රුවනින් පුරා ලූ කල බුදු ප‍ාමොක් සඟනට දන් දී යන සිටාණන්ගේ ගැල් පිරි ම විස්ම නො වෙයි. ගැල් පුරා සත් රුව්න තිබි ය දී ම මුදල සිටිය දී පොලියෙන් ම ප්රසයෝජන විඳිනා සේ පෙරළ පෙරළා ත් ගෙනෙන පඬුරෙන් ම කැටි ව යන තැනට බත් පසිඳුවති.

අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන් වැඳ ලා “ස්වාමීනා, චිත්ත නම් සිටාණෝ මුඹ වහන්සේ ලඟට එන ගමනේ ත් මසක් විතරින් අවු ය. අවුදිනු ත් මසක් රඳා හුන්නත. මෙ තෙක් දවස් මුළුල්ලෙහි ගෙන්වා ගෙන ආ දෙය තිබියදී දෙවි මිනිසුන් ගෙන් ලත් පඬුරෙන් ම දන් දුන්හ. දැන් ගැල් අවසර කරවා ගෙන මසක් විතරින් ම සිය නුවරට යෙති. දෙවි මිනිස්සු ගැල් සිස් නියාවම දැක කොට පුරා පී පින් කම් විපාකයෙන්සිස් නො වත් ගැල් සිස් වන්ට කාරණ කිම්දැ’යි සත් රුවන් පුරා ලූ ය. තවත් තවත් ලත් පඬුරෙන් කැටි ව යන තැනට බත් දෙවති. කුමක් ද? ‘ස්වාමීනි, මුම වහන්සේ ළඟට එන කල ම බුද්ධානුභාවය ත් එක් ව ලා මේ සත්කා රඋපද්දීද? නොහොත් අනික් තැනකට යත ත් මෙ ලෙස ම වේදැ’යි විචාළ සේක. ‘ආනන්දතයෙනි, මා කරා එත ත් කොයි යෙත ත් තෙල සත්කාර ය, තුලුන්ට වන ලෙස ම ය’යි වදාළ සේක.

ඒ අසා අනඳ මහ තෙරුන් වහන්සේ උන් පෙර කළ පින් කම් විචාළ සේක. බුදුහු වදාරන සේක් “හෙම්බා ආනන්දෙයෙනි, මු පියුමතුරා න්ම බුදුන් වසයෙහි ‘උපාසකවරුන් ගෙන් අග්රළ උපස්ථායක ව එක් තරා බුදු කෙණකුන් වහන්සේට උපස්ථාන කට හෙම්ව’යි පතා කප් ලක්ෂසයක් මුළුල්ලෙහි දෙව් සැප ත් මිනිස් සැප ත් වළඳා කසුබ බුදුන් සමයෙහි වැදි කුලයෙක ඉපැද වැසි වට දවසෙක මුවන් මරණු නිසා තෙබ හැර ගෙන වලට ගොසින් මුවන් බලන්නෝ එක් ගල් තල්ලෙක හිස් වසා පෙරට ගෙන එක් භික්ෂු කෙණකුන් හුන්නා දැකක ‘මුන් වහන්සේ මෙ තැන වැඩ හිඳ මහණ ධම් පුරන නියා වන.


494 සද්ධර්මනරත්නාවලි ය

මුන් වහන්සේට බතක් ගෙනෙමි’යි ‘වහා ගෙට ගොසින් ඊයේ ගෙනවු ත් තුබු දඩ මසකු ත් ඇතී හෙයින් එයි ත් බතු ත් පිසව ලා සිඟා ආ භික්ෂු කෙණකුන් දැක උන්ගේ පාත්රහය හැර ගෙන ගෙයි හිඳුවා ලා දන් ඉදි කොට මුන්වහන්සේ වළඳව’යි අනික් කෙණකුන්ට විධාන කොට ලා ගෙන යන බත නිසා වළ‍ඳෙක ලා ගෙන යන්නෝ අතුරු මඟ දී වන පස මල් කඩා මුළෙක බැඳ ගෙන ගල් තල්ලේ හුන් භික්ෂුන් කරා ගොසින් ‘ස්වාමිණි. කරුණා කළ මැනවැ’යි කියා ලා පාත්රක ය පුරා ලා බික්ෂුන්ට පිළි ගන්වා ලා වන පස මල් පුදා ලා ‘යම් සේ මේ මල් පූජාව හා සමඟ මස් රසයෙන් යුක්ත වූ මේ බත මා සතුරු කරවා ද, එ පරිද්දෙන් මා උපනුපන් තැන දහස් ගණන් ලක්ෂ ගණන් පඬුරු ගෙනවු මා සතුටු කෙරෙත් වා යි, උපනුපන් තැන පස් වනක් මල් වැසි ත් වසීව’යි පැතූය.

ඌ ආයු පමනින් දඩ මස් මැරීමට නො හිඳ පින් කොට දෙව් ලොව උපන්හ. දෙව්ලොව උපන් දණ පමණට මල්වැසි වට මේ ජාතියෙහි ත් උපන් දවස් මල් වැසි වැසීම ත් මේ තැනට ආ දවස් මල් වැසි වැසී ම ත් මහ වතුරක් මෙන් පඬුරු ගෙනීම ත් ස්ත රුවනින් ගැල් පිරි ම ත් ව‍ැදි ම උපන් සමයෙහි කළ පින් කමෙහි අමුඛ්යස විපාක ය’යි කියා වදාළ සේක.

නුවණැත්තවුන් විසින් එක බත් පාත්රප ය ලා එක මල් මුළෙක විපාක මෙ තරම් කල බොහෝ බත් පාත්ර වල බෝසේ වල් මුළුවල විපාක කියනු ම කම් දැ’යි පිළිවන් ව පෙනෙන මලුත් ඉඳුරා ම පුදා අභිඥ මල් පැළඳ නිවන් පුරට යා යුතු.


71. ව න වා සි ක ති ස් ස තෙ රු න් ව හ න් සේ ගේ ව ස් තු වසංස්කරණය

තව ද ලඝු වු ම කුශලයෙහි විපාක ය මහත් නියාව හඟවන් නට වනවාසික තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු -

කෙ සේ ද යත් -

සැරියුත් මහ තෙරුන් වහන්සේට පිය වු වඩ්ගන්ත නම් බමුණානන්ට යාළු වු මහාසේන නම් බමුණාන කෙණෙක් රජගහ නුවර හිඳිති. සැරියුත් මහ තෙරුන් වහන්සේ එක් දවසක් සිඟා වඩනා ගමනේ ‘මහා සේන නම් බමුණානන්ට ප‍ර ‍ ලොවින් වැඩක් කෙරෙමි’යි උන්ගේ ගෙ දොරට වැඩි සේක. බමුණානෝ ද වැළි ත් සම්පත් නැති ව දුක් පත් වුහ. සිඟා වැඩි මහ තෙරුන් වහන්සේ දැක, ‘ම පුතණුවන් වහන්සේ මා ගේ ගෙට සිඟා වැඩි සැටියට මම ත් ඉතා දුක් පත් විමි. මා දුක් පත් නියාව ත් දත් සැටි නො 71. වනවාසික තිස්ස තෙරුන් වහන්සේ ‍ගේ වස්තුව 495

වෙයි. දැක අරුණු යි කිම් බලා ත් නො දැක්විම යහපතැ’යි සැඟවීග්තහ. මහ තෙරුන් වහන්සේ උන් ගෙන් ලබන බතකට ත් වඩා තම්න වහන්සේ මුල් ව පරලොවින් උන් ලබන ප්රනයෝජන ය ම සලකා තව ත් දවසක් එ ගෙට සිඟා වැඩි සේක. බමුණා ‍නෝ ත් තමන්ට පිළිවන් එ ම හෙයින් සැඟවී ගත්හ. ‘කිසිවක් ලදිම් නම් පිළිගන්වමී’ සිතා ත් නො ලැබෙති.

ඉක් බිත්තෙන් එක් දවසක් බමුණන් හෝම කරණ තැනින් දළ හිණ කඩක් හා කිරි බත් තළිය ත් ලදින් ගෙට ගෙනවුත් තබා ලා මහ තෙරුන් වහන‍සේ සලකුණනු කළහ. මහ තෙරුන් වහන්සේත් එ වේලෙහි ධ්යානනයට සම වැද ලා ධ්යා නයෙන් නැගී ඒ බමුණන් දිවසින් දැක ‘බමුණානෝ දිය යුත්තක් ලදින් මා දක්නා කැමැති වු ය. ම‍ා එ තැනට ගිය මනා වේ දැ’යි ගැටවටු ගන්වා ගෙන පාත්ර ය පටවා ගෙන ගෙ දොර සිඟා සිටි සේක. මහ තෙරුන් වහන්සේ දැක බමුණානන්ගේ සිත ඉතා පහන් වි ය. පහන් සිතින් ගොසින් වැඳ ලා සාදසාමීචි කොට ලා ඇතුළු ගෙයි වඩා හිඳුවා ලා බත් තළිය හැර ගෙන ගොසින් මහ තෙරුන් වහන්සේගේ පාත්රයයට පිළිගන්වන්ට වන්හ. භාගයක් විතර පිළිගන්වා ලන්නා උන්ට ත් භාග වුව මනා වේ දැ’යි අතින් පාත්ර්ය වසා ගත් සේක.

බමුණානෝ ද ‘ස්වාමීනි. මේ බත එක කෙණකුන්ට මුත් දෙන්නකුට සෑහෙන්නේ නො වෙයි. මෙ ලොවින් කරන සංග්රඑහයටත් වඩා මට කළ මනා නම් පරලොව සංග්රයහ ම ය. මත්තෙහි ලබන සම්පතු ත් කැබැලි නො වුව මනා වේ ද, හැම ම පිළිගන්වමි’ කියා ලා පිලිගන්වා පු ය. මහ තෙරුන් වහන්සේ ත් වළඳන නියා ව බලා සිත පහදවනු පිණිස එ ගෙයි වැඩ හිඳ ම වැළඳු සේක. වළඳා අන්තයෙහි ඒ කඩ ත් පිළිගන්වා ලා වැඳ ගෙන ‘ස්වාමිනි, අපට සෙස්සකින් ප්රියෝජන නැත. නිවන් සම්පත් ම ලදිම් නම් යහපතැ’යි නිවන් ම පැතුහ. නිවන් පතා පින් කළ කල සියල්ල ම සමෘද්ධ වන හෙයින් පතා ගත් නියා ව ගැටවා ය. මහ තෙරුන් වහන්සේ ත් ඒ ඒ සේ නම වේව’යි වදාරා ලා අනුමෙවුනි බණ ත් වදාරා ලා නික්මුණු සේක් රඳා කළ මනා ප්ර යෝජන නිමි හෙයින් දෙව්රම් වෙහෙරට ම වැඩි සේක.

දුක් පත්ව කළ පින් කම් නම් ඉතා ම සිති සතුටු කරව ලන හෙයින් බමුණානෝ ද ඒ දන් දී ලා පහන් සිතින් ආදි චෙතනා සේම, මධ්යම චෙතනා සේම, අපර චේතනා ත් යහපත් කොට


496 සද්ධර්ම රත්නාවලි ය

ගෙන මහ තෙරුන් වහන්සේ කෙරෙහි ප්රේ ම ත් බලවත් කළහ. කළ ප්රේාම නො පිරිහෙලා ම මිය ගොසින් කළ යන්තම් උපකාරයට බලවත් ප්ර ත්යුධපකාර විඳිනා කැමැති ව රට බිම විචාරා ගෙන යන්නා සේ මහ තෙරුන් වහන්සේ වැඩඩි සැවැත් නුවර ම ඔබගේ ම උපාසක කුලයෙක පිළිසිඳ ගත්හ. මුන් තමන් මහ පිණැති හෙයින් මෑණෂියෝ ත් තමන් බඩ දරු කෙණකුන් පිහිටි නියා ව දැන සමණන්ට කිවු ය. උ යි ත් උන්ට ඇඹුල් අධික දෙය හැරිම, ලුණු අධික දෙය හැරිම, ඉතා හුණු දෙය හැරීම, ඉතා සිහිල් දෙය හැරීම, යනාදි වූ ගබ පෙරහරන දුන්හ. ගබ පෙරහර ලදින් සුව සේ දරු ගැබ පිරිමසන්නා වූ උන්ට මෙ බඳු දොළෙක් ඇති වි ය.

කෙසේ වූ දොළොක් දයත් - ‘සැරියුත් ස්වාමීන් ප්රිධාන කොට ඇති පන් සියයක් දෙනා වහන්සේට ආරාධනා කොට ගෙයි වඩා හිඳුවා පැන් නුමුසු හුදෙක් කිරින් පැසවා ගත් කිරි බතක් දන් දී ලා මම ත් රන් වන් පිළියක් හැඳ පෙර ව, රන් තැටියක් හැර ගෙන පාළි කෙළවර හිඳ එ තෙක් වහන්දැ හළ බත්ක් අනුභව කෙළෙම් නම් යහපතැ’යි යන දොළෙක උන් තමන් රන් වන් පිළි හඳිනට පොරෝනට දොළ ඇති වුයේ බඩ උපන් දරුවන් බුදු සස්නෙහි මහණ වීමට පූර්වෝ නිමිත්ත ය. උපාසිකාවන්ගේ දෙ මවු පියෝ ත් ‘අප‍ගේ දුවණියන්ට ඇති වු දොළ දුක් ඉතා ම යහපතැ’යි සැරියුත් ස්වාමින් මුල් කොට පන් සියයක් දෙනා වහන්සේට පැන් අමිශ්රත කිරිබත් ඉදි කරවා දුන්හ. උපාසිකාවෝ ත් රන් වන් කඩක් හැඳ රන්වන් කඩක් පෙර වරන් තැටියක් හැර ගෙන පෙළ කෙළවර හිඳ ඉඳුල් බත් අනුභව කළහ. දොළත් සන්හුන්හ. උන් දරුවන් වදන තෙක් සත් මසින් සුණු ගෑම් ආදි වු මඟුලෙහි ත්. දස මස් අයාමෙන් පුතණුවන් වදා පී කළ කරණ හිරු වඳ වන මඟුල් ආදි වු මඟුලෙහි ත් ආදි ලෙසින් ම පන්සියයක් දෙනා වහන්සේට කිරි බත් දුන්හ. මේ සියල්ල ම කුමාරයන් දෙවන ජාතියෙහි මහාසේන නම් බමුණුන ව දී ලූ එක කිරි බත් තළියේ විපාක ය.

උපන් මඟුල් කරණ දවස් ඒ කුමාරයන්ද උදාසන ම නාවා පියා සරහා ලා ශ්රීු යහනෙහි ලක්ෂරයක් වටනා පලසක් මොළොකට අතුට ලා වැද හොවා ලූ . එහි වැද ‍ෙහාත් කුමාරයෝ ධම් සෙනෙවි ස්වාමීන් බලා පියා ජාති සිහි කරන නුවණින් ‘මුන් වහන්සේ මට ආචාරි සේක. මා මේ සා මහත් සම්පත් ලද්දේ මුන් වහන්සේ නිසා ය’යි සිතා ගෙන තවත් ‘මුන් වහන්සේට මේ



71. වනවාසික තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව 497

සම්පතට වඩා වැඩියුරු සම්පතක් ලබන්ට යමක් දෙමි’ සිතා නම් තබන්ට ගෙනෙන ගමනේ වැද හොත් ඒ පලස සුළැඟිල් ලෙන් වෙලා ගත්හ. ඉක්බිත්තෙන් පලස ඇඟිල්ලේ ඇවිණ ගතැ යි ඇඟිල්ලෙන් ගළවන්ට පටන් ගත්හ. කුමාරයෝ හඬන්ට වන්හ. දෙ මවු පියෝ දරුවන් නො හඬව’යි කියා ලා පලස හා එක් ‍ කොට ම ගෙන වු ය. කුමාරයෝ ත් මහ තෙරුන් වහන්සේ වඳවන වේලේ පලස ඇඟිල්ලෙන් ගළවා ඔබගේ පාමුල හෙළා ලූ ය.

දේ මවු පියෝ තමනුත් සැදැ ඇති හෙයින් ‘බාල දරුවෝ නො දැක කොළෝ ය’යි නො කියා ‘දරුවන් දීපු දෙය දීපු යේ ම ය’යි කියා ලා ‘ස්වාමිණි, ලක්ෂ යක් වටනා පලසක් දී ලූ වන්ට නම් තබා වදාළ යහපතැ’යි කිවුය. ‘කුමන නමක් ද වුවමනා ය’යි වදාළ කල්හි ඔබ ගිහි සමයෙහි උපතිස්ස නම් හෙයින් ඉන් නම් කැබැල්ලක් සලකා ‘ස්විමාන්ගේ නම වි නම් යහපතැ’යි කිවු ය. ‘එ සේ වී නම් මෙවක් පටන් මූ තිස්සඉ කුමාර යෝය’යි නම් තබා වදාළ සේක. මෑණියෝ ත් පුතණුවන්ට යම් අදහසෙක් ඇති වී නම් ඒ අදහස මිරිකා නො පියමි’යි සිතූහ. මෙ සේ කුමාරයන්ට නම් තබන මඟුල ත් කොට ලා නැවත බත් කවන මඟුලේ ද කන් විඳිනා මඟුලේ ද පිළි හදවන මඟුලේ ද කුඩුම්බ තබනා මඟුලේ ද ධම් සෙනෙවි ස්වාමින් මුල් කොට පන්සියක් දෙනා වහන්සේට එක කිරිබත් තළියක් නො ගෙවෙන නියාවට පැන් නුමුසු කිරි බත් ම දුන්හ.

කුමාරයෝ ත් වැඩි වර්ධන ව සත් හැවිරිදි අවස්ථාවෙහි ‘මෑණියන් වහන්ස, තෙරුන් වහන්සේ ළඟ ම මහන වෙමි’යි කිහ. ‘යහපත, පුතණ්ඩ, මම ආදි ම මුඹගේ අදහස මිරිකා නොපියමි’ සිතිමි. මහණ වන්නැ’යි කියා ලා මහ තෙරුන් වහන්සේට ආරාධනා කොට ගෙන්වා ගෙන දන් දී ලා ‘ස්වාමීනි, මුම වහන්නසේ ගේ කොලු පැටවා මහන වෙමි යි කිය යි. මුන් කැඳවා ගෙන සවස් වේලාවට එම්හ’යි විහාරයට මහ තෙරුන් වහන්සේ යවා පියා සවස් වේලෙහි මහණ වන්නවුන්ට කළමනා පූජා කරවා ගෙන වෙහෙරට ගෙන ගොසින් පාවා දුන්හ.

මහ තෙරුන් වහන්සේ ද පාවා දී ලන්නා ම මහණ කොට නොපියා ‘තිස්ස කුමාරයෙනි, මහණ විම නම් ඉතා බැරි ය. හුණු කැමැති සිහිල් ලැබෙ යි. සිහිල් කැමැත හුණු ලැබෙ යි. අනුභව කරන්නේ ත් එක වේලේ ය. තෙපි ත් ඉතා සිවුමැල්ල ව දුකටක පැමිණ ‘ආදී නො වදාළේ හ යි දැ’ කියවු නමුත් ය යි කී නියා ය.


498 සද්ධර්ම රත්නාවලි ය

කළ මනා කිම් දැ’යි විචාරා මහණ ව්නට ම තර ව ‘වදාළ ලෙසක කෙරෙමි’ කී කල්හි මහ තෙරුන් වහන්සේ ත් ගිවිස උන් පිළිකුල් මෙනෙහි කරණ ලෙසට තවපඤ්චක ය පමණක් උගන්වා ලා මහන කළ සේක.

පඨවි කොටස් විස්ස හා ආපෝ කොටස් දොළොස හා එක් කොට දෙ සොළෙනානස ඉගැන්වුව ත් යහපත. ඒ හැම කියා ගත නොහෙ ත් නම් තව පඤ්චක ය පමණකුත් කිය යුතු. මේ කා ගියා සී කමටහන් නම් සියලු බුදුවරුන් වහන්සේ ම අත් නො හැර පිරිමසන දෙය ය. යම් කෙණෙක් කා ගියා සි නැමැති බෙහෙත් වළඳා ශරීර ශුද්ධියකට නුහුණු වු නම් නිවන් නමැති අමා රස උන්ගේ සතන ධරාගත නොහෙති. කෙස්ණ ආදී වු දෙතිස් කොටසින් එ කි එකී කොටසක් ම අරමුණු කොට විවසුන් වඩා රහත් වු මහණ-මෙහෙණන්ගේ ත් උපාසක-උපාසිකා වරුන් ගේ ත් ගණ නෙක් නැත. අව්යණක්ත තැන් කුල දරුවන් මහණ කරණ කල තව පඤ්චක ය පමණකු ත් ‍නො කියා මහණ කිරිමෙන් රහත් වන්ට නිසි හේතු ව නසන සේක. එ සේ හෙයින් මහ තෙරුන් වහන්සේ තව පඤ්චක ය වදාරා ලා මහන කළ සේක.

දෙ මුව පියෝ ත් පුතණුවන් මහණ වූ පූජා කරනාහු බුදු පා මොක් සඞ්ඝයා වහන්සේට සතියක් ම විහාරයේ රඳවා ලා පැන් නුමුසු කිරිබ ත් ම දුන්හ. වහන්දෑ ත් සතියක් මුවල්ලෙහි ම වළඳා දෙන්නවුන් නුකුසී ව දෙත ත් වළඳන්නට කුසී සේක. දෙ මවු පියෝත් සත් දවසක් දන් දී ලා සත්වන දවස් ගෙවලට ගියහ. තිස්ස සාමණේරයන්දැ ත් මහන වූ අට වන දවස් වහන්දෑ කැටි ව සිඟා ගිය සේක. සැවැත් නුවර ඇත්තෝ ‘හෙරණුන් වහන්සේ අද සිඟා එන සේක. සාද කරම්හ’යි පිළි පන් සියයක් හා සමඟ බත් වසුන් පන් සියයක් ඉදි කරවා ගෙන පෙර මග සිටියෝ ය. සිට ලා හෙරණුන්දැ දැක පිළිගැන්වුහ. දෙ වන දවස් බත් වසුන් පන් සියයකුත් පිළි පන් සියයකු ත් විහාරාසන්නයට ම ගෙන ගොසින් දුන්හ. මෙ සේ හෙරණුන්දෑ දවස් දෙකකින් පිළිදහසකු ත් බත් වසුන් දහසකු ත් ලැබ වහන්දෑට දෙවා පූ සේක. බත් වසුන් දහස වන්නා බමුණු කල දුන් බත් තළියේ අනුහසින. පිළි දහස ලද්දේ කවර පිණකින් ද? ය්ත-බත් තළි ය හා එක් ‍ෙකාට දුන් දළ ව තිබුණ කඩ පොල්ලේ අනුහසින, ඉක්බිත් තෙන් වහන්දෑ පිණ්ඩපාත දායක තිස්සයෝ ය යි න්ම තබා ගත් සේක.



71. වනවාසික තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව 499

නැවත එක් දවසක් හෙරණුන්දැ සිත වේලෙක විහාරවල ඇවිදානා දෑ වහන්දැ ගිනිහල් ගෙවල් ආදියෙහි සිට ගිනි තපිනා දැක ‘ඇඟ අළු නංවා ඇසට දුම් වද්ද මේ ගිනා තපිනේ හැයි දැ’යි විචාළ සේක. ‍ ‘‍තොප නම් සග බාල හෙයින් ස‍ීත නැත. අප ම‍ාලු ව ගිය හෙයින් අපට සීත ඇත්තේ වේ දැ යි සිත හෙයින්ගිනා තපුම්හ’ යි කී කල්හි ‘ස්වාමිනි, සීත වේලට කම්බිලි යහපත් වේ දැ’යි කී සේක. ‘හෙරණෙනි, තෙපි මහ පිණැති හෙයින් කම්බිලි ලබව. අප තොප සේ පිණක් කට නුහුණ. අපට කම්බිලි කොයින් ද? එ බඳු පින් නො කොට කම්බිලියට ආල ය කරමෝ දැ’යි කී සේක.

‘ එ සේ වී නම් කම්බිලි වුව මනා තැනක් මා හා කැටි ව එන බව ය’ යි ගණ ය මුළුල්ලට කියා ලු සේක. වහන්දෑ ත් හෙරණුන් ලා කැටි ව ගොසින් කම්බිලි ලබම්හ’යි පින් කමින් මුකුරා සිටිය ත් වයසින් සත් හැවිරිදි හෙරණුන්දෑ ලා කැටි ව වහන්දෑ දහසක් විතර නික්මුණු සේක. හෙරණුන්දෑ ත් බත් තළි ය පිළි ගන්වන ගමනේ බොහෝ ය’යි භාගයක් රඳවා නො ගත් සෙයින් ‘වහන්දෑ බොහෝ ව මෙතෙක් වහන්දෑට කම්බිලි කොයින් දැ’යි යන්නක් ම නො සිතා වහන්දෑ දහස පිරිවරා නුවර බලා නික්මුණු සේක. කම් පල අදහා යහපත් අදහසින් දන් දුන්නවුන්ට මේ වන තරම් ය. හෙරණුන්දෑ ත් කම්බිලියේ දෙයක් ම නො කියා ගෙ පිළිවෙළින් නුවරින් පිටත සිඟන ගමනේ කම්බිලි පන් සියයක් ලදින් ඇතුළු නුවරට වත් දෑ ය. මිනිස්සු ත් හෙරණුන්දැ ගෙන් කන්සන් නැත ත් උන්දෑ කළ කුශලයාගෙන් කැනියල් දැඩි හෙයින් ඈතින් මෑතින් කම්බිලි ගෙනෙන්ට පටන් ගත්හ.

එකෙක් තෙ‍මේ සල්පිලක් ළඟින් යන්නේ පන් සියයක් විතර කම්බිලි විකුණන්ට තබා ගෙන හුන් කම්බිලි වෙළෙඳකු දැක තමා යන ගමන් තබා ලා ‘හෙම්බා, එක් හෙරණ කෙණකුන් දැ ක්ම බිලි එළවා ඇවිදිනා දෑය. තොපෙගේ කම්බිලි සගවා ලව’යි කීය. ‍ඌ ඒ අසා ‘කුමක් ද? උන්දෑ දුන් දෙය්ක හැරගන්නා දෑ ද? නො හොත් උදුරා ත් හැර ගන්නා දෑ ද’ විචාරා ‘දුන් දෙයක් මුත් කම්බිලි තබා දාහු වැලයකු ත් නුදුන්නා ගන්නේ නැතැ’යි කී කල්හි ‘එ සේ වී නම් දෙම් නම් දෙමි. නො දෙමි නම් නො දෙමි. ඒ භාර මටම වේ ද? තොප යන ගමන් යව’යි කී ය. නුවණ නැති තද මසුරු සත්තු තමන් ගෙන් දෙන දෙයකු ත් නොව අනුන් ගෙන් දෙන දෙයට මසුරු ව කොසෝල රජ්ජුරුවන්ගේ ආසදෘශ දානයෙහි සිත පහදවා ගත නො හී කාල නම්


500 සද්ධර්මදරත්නාවලි ය

සෙනෙවි  රදුන්  නරකයේ උපන්නා  සේ නරකයෙහි උපදිති.  අනික් පවක් කළ මැනැවැ’යි  නැත.  කම්බිලි වෙළෙඳාණෝ  සිතන්නෝ “මේතෙමේ  තමා යන ගමන් තබා ලා මාගේ  කම් බිලි  සඟවා ලන්ට කි ය.

දුන් දෙයක් ගන්නා දෑ වි නම් දෙමි නම් දෙමි. නො දෙමි නන් නො දෙමි’ කිමි. ලබන්ට නිසි තැනක් දුටුවොත් නුදුන් කල ලජ්ජාත් කෙරෙයි. තබා සතු දෙය සඟවා ලූය’යි වරද නැත. මේ කම්බිලි පන් සියයෙන් කම්බිලි දෙකක් ලක්ෂඟ ය ලක්ෂයය වටී. ඒ දෙක සඟවා ලීම් නම් යහපතැ”යි කම්බිලි දෙකෙහි දාවලු එක් කොට ගැට ගසා ලා කම්බිලි හස්සේ සඟවා ලූහ. හෙරණුන්දෑ ත් සඟ දහස පිරිවරා ගෙන එ තැනට ගිය දෑය. කම්බිලි වෙළෙඳාණන් හෙරණුන්දෑ දැක ම මහාසේන නම් බමුණු කල ධර්මග සෙනෙ‍වි සැරියුත් ස්වාමීන් කෙරෙහි තමන්දෑ කළ ප්රේුම ය මෙන් හෙරණුන්දෑ කෙරෙහි පුත්රා ප්රෙ ම ය උපන. ඌ තුමු සිතන්නෝ ‘මුන්දැ දුටු කල කම්බිලි ය තබා ළෙහි මස් වත් වුව මනා වී නම් දිය යුතු ය’ යි සඟවා තුබු කම්බිලි දෙක ඔබට දෙන්ට තුබුවා සේ මෑත් කොට ලා හෙරණුන්දෑ පාමුල තබා ල‍ා වැඳ ගෙන ‘ස්වාමිනි, මුම වහන්සේ ලබන නිවන් මම ත් ලබම්ව’යි පෑතුය. ‘ ඒ එ සේ ම වේව’ යි කී දෑ ය. හෙරණුන්දෑ, ඇතුළු නුවරින් කම්බිලි පන් සියයක් ලත් දෑ ය, මෙ සේ එක දවසින් ම කම්බිලි දහසක් ලැබ ගෙන කැටි ව ශිය වහන්දෑ ත් එ ම කැමැති ව ගිය හෙයින් දහස දහසට දෙවූ දෑ ය. කම්බිලි දන් දී කම්බිලි දායක තිස්සයෝ ය’යි නම ලත් දෑ ය.

කවර ත් කුශලයක ජවන් සිතින් ප්රෙතම ජවන චෙතනාව මේ ජාතියෙහි විපාක දෙත් මුත් පසු ව ජාත්ය්න්තරයෙහි විපාක දෙන්ට සමථි නො වන හෙයින් නම් තබන දවස් ධම්සෙනෙවි ස්විමින්ට දන් දුන් ලක්ෂේයක් වටිනා කම්බිලි ය සත් හැවිරිදි අවස්ථාවෙහි දී කම්බිලි දහසක් දෙවාලී . යම් තැනකට මඳක් දී ලා විපාකාවස්ථාවෙහි මල්ලිකාදීන් මෙන් බොහෝ සම්පත් ලැබෙත් ද, බොහෝ කොට දී ලා විශාඛාවන් මෙන් ඉතා බොහෝ සම්පත් ලැබෙත් ද, එ සේ වු තැනෙක් බුදු සස්නට වඩා නැත. වෙළඳාමෙහි දක්ෂම කෙණකුන් ම එක මස්සකින් මසු දහසක් කොට ගන්නා සේ තමන්දෑ ත් කුසල් වෙළඳාමෙහි දක්ෂක හෙයින් එක කම්බිලියෙන් කම්බිලි දහසක් ලත් සේක. සසර සිටියොත් තව තෙල විතරකින් නො නිම යි.



71. වනවසාකි තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව 501

හෙරණුන්දෑ ත් දෙව්රම් වෙහෙර රඳා හිඳිනා හෙයින් ළං ව තිබෙන්නා නෑසුඟ අවුදින් කථා කෙරෙති. එ කල හෙරණුන්දෑ සිතන දෑ ‘මා මි රඳා නෑසුභුන් අවුදින් කථා කරණ කල උන් හා කථා කිරිමෙන් මට ‍පිහිටක් කට නො හැක්ක. කරණ කථාත් අල්පේච්ඡ කතාදියක් නොවන හෙයින් භස්සාරාමතාවෙහි ඇතුළත් වත් මුත් සාර්ත්ථි ක කථාවෙකු ත් නො වෙයි. මෙ ලෙසින් දවස් යවන කල මහණ ව ලබන ලොවි ලොවුතුරා ගුණ විශෙෂ කවරේද? බුදුන් විචාරා කමටහන් ඉගෙන ගෙන වලකටක ම නැගී ගියෙම් න්ම යහපතැ’යි සිතා ලා බුදුන් කරා ගොසින් වැඳලා රහත් විම දක්වා කමටහන් විචාරා ගෙන උපාද්ධ්යා යයන් වහන්සේත් වැඳලා පා සිවුරු හැර ‍ගෙන ‘ඉදින් ළ‍ඟෙක රඳා හුණ නෑයෝ සි‍යෝ අර කන්නවුවට මේ කන්නවුවට මා කැඳවති’යි සිතා ලා සාර සිය අසූ ගවුවක් විතර දුරු ව ගිය දෑ ය.

එ සේ ගොසින් එක් ගම් දොරකින් යන දෑ එක් මාලු උපාසක කෙණකුන් දැක ‘කුමක් ද උපාසකයෙනි, මේ ගමට සම්භ වූ වහන්දෑ ඇත නම් රඳා හිඳිනා වනවාස විහාරයෙක් ඇත් දැ’යි විචාළ දැ ය. ඇතැයි කී කල්හි ඊට මං විචාළ දෑ ය. මහාසේන න්ම බමුණු මහල්ලන් සේ ම මාලු උපාසකයන්ට උන්දෑ දැක පුත්ර ප්රෙ ම ඇති වි ය. එ තැන සිට ම මඟ නො කියා ‘වැඩිය මැනව’ මඟ පෑ ලමි’ කියා ලා කැඳවා ගෙන නික්මුණවු ය.

හෙරණුන්දෑ ත් උන් හා කැටි ව යන අතුරු මඟ ‍ෙනා එක් මලා මැල්ලෙන් හා නො එක් ඵලාඵලයෙන් ගැවසී ගත් ගසින් කොළින් සැදුණු සතර පස් තැනක් දැක ‘මෙ තැන කිම් ද, මෙ තැන කිම්දැ’යි විචාළ දැය. උයි ත් ඒ ඒ විචාළ තැන නම් කියමින් වනවාස විහාරයට ගොස් ‘ස්වාමිනි. මෙ තැන ඵාසු ය. මෙ තැන විසුව මැනවැ’යි කියා ලා ‘ස්වාමිනි, කිනම් සේක් දැ’යි නම ත් විචාරා ගෙන සෙනට අපගේ ගමට සිඟා වඩනේ යහපතැ’යි කියා ලා තමා වසන ගමට ගොසින් ‘වනවාසික තිස්ස නම් තෙර කෙණකුන් වහන්සේ විහාරයට වැඩි සේක. ඔබට ‍කැඳ අවුළු පතු න් දනු ත් ඉදි කරව’යි මිනිසුන්ට විධාන කෙළේ ය.

හෙරණුන්දෑ ත් පළමු දෙමවු පියන් තුබු නමින් ‘තිස්ස’ නම් ව දෙ වනු ව ‘පිණ්ඩපාතදායක තිස්ස’ නම් ව, තුන් වනු ව කම්බලදායක තිස්සස’ නම් ව. සතර වනුව ‘වනවාසාකතිස්ස’ නම් යයි නම් සතරෙන් ආදි නම් තුන හැරී පසු නමින් ප්රතසිද්ධ වු දෑ ය.


502 සද්ධර්ම රත්නාවලි ය

හෙරණුන්දෑ ද දෙ වන දවස් උදාසන ම ගමට සිඟා වැඩි සේක. මිනිසුන් බත් පිළිගන්වා ලා වැන්දාහ. ‘සුවපත් වව, දුකින් මිදෙව, යන පස් දෙක පමණක් මුත් බහුභාණි නො වන හෙයින් බසක් නො වදාළ සේක. එක කෙණෙකු ත් බත් පිළිගන්වා ලා පිටි පෑ නැගි යා නො හෙති. බල බලා ම සිටිනාහ. හෙරණුන්දෑ ත් කෙ තෙක් දෙනා කෙ සේ බත් ගෙනාව ත් තමන්දෑ යැපෙන පමණක් පිළිගත් දෑ ය. ගම මඇත්තෝ මුළුල්ල ම වැඳ පෙරළි පියා ‘ස්වාමීනි, මුම වහන්සේ මේ වස් තුන් මස මෙ තැන වැඩහුනො ත් තුන් සුසිරි පුරම්හ. අප ත් සසරින් ගළවා මෙහි සුව සේ විසුව මැනැවැ’ ආරාධනා කළහ. උන්දෑ ත් ආරාධනාව ගිවිස නිරන්තරයෙන් එ ගම සිඟන සේක. වැඳි කළ ත් ‘සුවප ත්වව, දුකින් මිදෙව’ යන බස් දෙක ම කියා ලා ‘ලෙඩ දුක් කිම් ද? යනාදීන් අනික් කථාවක් නො කියා ම යන දෑ ය. මෙ ලෙසින් වස් තුන් මසින් දෙ මසක් යවා පියා තුන් වන මස නිම ත් නිම ත් සතර වන මසට නො යවා පිළිසිඹියාපත් රහත් වූ සේක.

වස ත් නිමි කලට ධම් සෙනෙව ස්වාමි බුදුන් කරා ගොසින් ‘ස්විමීනි, තිස්ස හෙරණුන් විචාරන්ට යෙහි’ කී සේකත. ‘යහපත් යහ’ යි වදාළ කල්හි තමන් වහන්සේගේ පිරිවර පන් සියයක් දෙනා වහන්සේ හැරගෙන වඩනා සේක් මුගලන් මහ තෙරුන් වහන්සේට ත් තමන් වහන්සේ ඔබ වඩනා නියාව කී සේක. ඔබ ත් ‘අපිත් එම්හ’යි කියා ලා පිරිවර පන් සියයක් දෙනා යහන්සේ හැර ගෙන නික්මුණු සේක. මෙ ලෙසින් අසූ මහ සවුවන් වහන්සේ සහ පිරිවරින් නික්මුණු සේක. අසු මහ සවුවන වහන්සේ හැර පිරිවර වහන්දෑ ම සතළිස් දහසෙක. සතළිස් දහස පිරිවරා අසූ මහ සවුවන් වහන්සේ සාර සිය අසූ ගවුව ගෙවා ‍ෙගාසින් හෙරණුන්දෑගේ ගොදුරු ගමට ගිය කල්හි හෙරණුන්දෑට නිරන්තර උපස්ථාන කරණ උපාසකයාණෝ කම් දොරකඩ දී දැක පෙර ගමන් කොට ගොසින් වැඳ ලා සිටියාහ. සැරියුත් මහ තෙරුන් වහන්සේ ‘‍උපාසකයෙනි, මේ ගම වනවාසයෙක් ඇත් දැ’ යි විචාරා ඇතැ’යි කී ක්ලිහ ‘වහන්දැ ඇත්දැ’යි විචාළ සේක.

ඇතැයි කී කල්හි කි න්ම සේක් දැ යි විචාළ සේක් ‘වනවාසී තිස්ස තෙරුන් වහන්සේ ය’යි කි, කල්හි එ සේ වි න්ම ඒ වන වාසයට මඟ කියව’යි වදාළ සේක. මුඹ වහන්සේ හැම කවුරුන් ගෙ දොර අවුදැ’යි විාචරා හෙරණුන් දෑ ළඟට ආම්හ’යි කී කල්හි එ විට උපාසකයා ත් බලා පියා ධම්සෙනෙවි ස්විමින් ලා අප්රනසිද්ධ තැන් නො වන හෙයින් ආදි ත් හඳුනන හෙයින් හැඳින ගෙන


71. වනවාසික තිස්ස තෙරුන් වහන්සේගේ වස්තව 503

බලවත් සාමධිව ‘ස්වාමිනි, මඳක් වැඩ සිටිය මැනැවැ’යි රඳාවාලා ගමට දිව ගෙන ගොසින් ‘ධම් සෙනෙවි ස්වාමින් පටන් අසූ මහ සවුවන් වහන්සේ සතළිස් දහසක් වහන්දෑ පිරිවරා හෙරණුන් වහන්සේ ‍විචාරන්ට වැඩි සේක. අප තකා ගෙන උන් තැනගේ තරම යහප්ත නියාව මින් ම දැනුව. හැඳ-කළාල්-කොට්ට-මාවුළා පැන් වළන් ආදී වූ දෙය හැර ගෙන වහා නික්මෙව’යි විධාන කළහ. මිනිස්සු ත් ගම ත් නු කුඩා හෙයින් මිනිසුනු ත් බො‍හෝ හෙයින් වහන්දෑ හැමට සෑහෙන ලෙස කළාල් ආදි ය සපයා ගෙන හඹා ගොසින් තෙරුන් වහන්සේලා කැටි ව ම විහාරයට ගියහ.

හෙරණුන්දෑ ද වහන්දෑ හැඳින ලා ධම් සෙනෙවි සාමීන් පටන් ගණනක් දෙනා වහන්සේටග් පා සිවුරු හැර ගෙන තැන ප්ත කොට තබා ලා පා සේදිම් ආදි ය ත් සෙසු තැනට ත් කළ මනා දැ කරවන කලට අඳුරු දැඩි වි . ධම් සෙනෙවි සාමි උපාසකවරුන් බණවා ලා ‘උපාසකවරිනි. අඳුරු දැඩි වෙයි, යව’යි වදාළ සේක. ‘ස්වාමිනි, මෙ තෙක් දවස් බණක් අසා ගන්ට නුවුයේ ය. බණ නො ලත් සිත් නම් පැන් නො ලත් ගොයම් හා සරි ය. අද වෙනි දවස් මෙ තෙක් දෙනා වහන්සේ රැස් වු තැන. බණෙක් පැවැත්තේ නම් යහපතැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ත් ‘එ සේ වී නම්, හෙරණෙනි, පහන් පුදා ලා බණට හඬ ගාව’යි වදාළ සේක. ඔබ ත් එ ලෙස ම කළ සේක. ඉක්බිත්තෙන් ධම් සෙනෙවි සාමි ‘තිස්සයෙනි, තොප‍ගේ උපාසකවරු බණ අසම්හ’යි වදාළ සේක. උපාසකවරු එක විට ම නැඟි සිට ස්විමීනි, අපගේ ‘ස්වාමි සුවපත් වව, දුකින් මිදෙව’ යන බස් දෙක ම තබා අනික් බණක් නො දන්නා සේක. බණ කියන්ට අනික් තැනකට විධාන කළ යහතපතැ’ය කිවු ය. හෙරනුන් දෑ රහත් වත් බණට කළ ආරාධනාවක් නැති‍ හෙයිනු ත් තමන්දෑ සිතා ගෙන ත් උන්ට බණක් නො කී දැ ය.

ධම් සෙනෙවි ස්විමි ද “හෙරණෙනි. තෙපි සුවපත් වව, දුකින් මදෙව’ යි කියන්නාවාද? වඩා බණ නොකැමැත්තේ සුවප්ත වන්නේ ත් කෙ‍ සේද? දුකින් මිදෙන්නේ ත් කෙ සේ ද? තෙල පද දෙකෙහි අත්ථි‍ කියව” යි වදාළ සේක. උන්වහන්සේ ත් යහපතැ’යි වදාරා ලා බණ අස්නට පැන නැගි ලා විජිනි පත්රන ය හැර ගෙන සඟි පසින් අර්ථ ත් කාරණා ත් උපමා ත් හැර ගෙන සතර මහ දිවයින එක පැහැර වස්නා වැස්සක් පරිද්දෙන් අභිධර්මත කථාව



504 සද්ධර්මැරත්නාවලි ය

එළවා ගෙන සත් තිස් බොධිපාක්ෂික ධර්මවයෙන් විදහා කියා ලා ගෙවල් කොට නිමවා ලා කොත් පළඳවන්නා සේ අර්හත්ත්ව‍යෙන් දෙශනා කුළු ගෙන රහත් වු කෙණෙක් සුවපත් වෙති. ඌම සියලු දුකින් මිදෙති. සෙස්සෝ ජාති දුක් ආදීන් ද නරක දුක් ආදින් ද නො මිදෙති”යි කී දෑ ය. මෙ සේ මේ පද දෙකෙහි අර්ථ් තුන් යම් රාත්රිදයෙහි ම කී දෑ ය. පාන් වත් ම හෙරණුන්දෑගේ උපාසකවරු දෙ භාග වුහ. එක් භාගයෙක් ‘අනේ මෙ සේ වු තද නමක් නුදුටු විරූමහ. මවු පියි තර‍ේ සිට උපස්ථාන කළ අපට මෙ සේ බණ දැන ත් නො කි සේකැ’යි මුසුප්පු වුහ. එක පක්ෂකයෙක් ‘ගුණා ගුණ නො දැන ම උපස්තාන ත් කළම්හ. නැතක් දවස් නො වැස තබා ලා මහ්ත වැස්සක් වස්නා සේ දැන් බොහෝ බණ ත් වදාළ සේක. අපට වුයේ ලාභයෙකැ යි සතුටු වු ය.

බුදුහු එ දවස් අළුයම් වෙලෙහි දැළ පතුරුවා ලොව බලනසේක් වනවාසික තිස්ස තෙරුන් වහන්සේගේ උපාසකවරුන් නුවණදැළෙහි බැඳුණවුන් දැක කුමක් වේ දෝ හෝ යි බලක සේක් උන්ගේ උපාසකවරුන් ගෙන් සමහර කෙණෙක් සතුටු වූ ය. සමහර කෙණෙක් නො සතුටු වූ ය. යම් කෙණෙක් ම පුතණුවන්ට නො සතුටු වූ නම් ඌ අපායට පැමිණෙති. උන් නිසා ත් මා ඔබ යා යුතු . ගිය කල මාගේ ගමන් නිසා ම නො සතුටු ව හුන්නෝ ත් උන් කෙරෙහි මෙත් සිත් ඇති ව උන් කියන බස ලෙසට දුකින් මිදෙති. මෙ තෙක් ප්ර්යෝජන මාගේ ගමන් නිසා වෙ යි’ සිතා වදාළ සේක.

ඒ උපාසකවරු ද සතළිස් දහසක් වහන්දෑට ත් අසූ මම සවුවන් වහන්සේට ත් ආරාධනා කොට ලා ගමට පාලා ගොසින් මහත් කොට මඩුවකුත් කරවා ලා කැඳ බත් සපයා අසුනු ත් පණවා ලා පෙර මහ බල බලා හුන්හ. වහන්දෑ ද වත් සපයා ගෙන සිගා නික්මෙන වේලෙහි ගමට සිඟා වඩනා සේක් හෙරණුන්දෑ බණට ලා ‘කුමක් ද, තිස්සයෙනි. තෙපි අපහා කැටි ව සිඟ එවු ද? නො‍ෙහාත් පසු ව එවුදැ’යි විචාරා ‘මා මෙ තෙක් දවස් එන වේලාවට ම එමි. වඩනා බව ය’යි කී කල්හි වහන්දෑ සහළ සිවුරු හා පාත්රත හැර ගෙන කොයි වඩිත ත් එව තෙක් ම හෙයින් නික්මුණු සේක.


හික්ඛාය උපගතං දිස්වා- සක්ත්තානං පරිච්චජි දනෙන මෙ සමො නත්ථිව- එසා මෙ දානපාරමි.



71 වනවාසික තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව 505

යනු හෙයින් සස ජාතක සිවි ජාතකාදි නො එක් ජාතකවල දන්පැරුම් පිරුව ත් -තව ද : සුලෙහි විජ්ඣයන්තොපි - කොටඨයන්තොපි සත්තිහි, භොජ්පුත්තෙන කුප්පාමි - එසා මෙ සීලපාරමි.

         යනු හෙයින් සඞ්ඛපාල ජාතකය භූරිදත්ත ජාතකාදි නො එක් ජාතකවල සිල්  පැරුම්  පිරුව ත්- තව ද:

මභාරජ්ජං හත්ථැගතං - බෙළපිණ්ඩං ව ඡඩ්යිං, වජතො න ‍ෙහාති ලගනං - එසා මෙ නෙක්ඛම්මපාරමි.

        යනු හෙයින් චූලසුතසොම  ජාතකාදි නො එක් ජාතකවල මහ සැපත් හැර මහණ ව නෛෂ්ක්රෙම්යච පාරමිතාව පිරුවත් - තව ද:

පඤ්ඤාය පටිමායන්තො - බ්රායහ්මණං මොවයිං දුඛා පඤ්ඤාය මෙ සමො නත්ථි් - එසා මෙ පඤ්ඤා පාරමි. ‍ යනු හෙයින් සත්තුභත්ත ජාතක - උම්මග්ග ජාතකාදි නො එක් ජාතක වලි ප්ර ඥපාරමිතාව පිරුව ත් - තව ද: අතීරදස්සි ජලමජ්ඣෙ - හතා සම්බෙව මානුසා චිත්තස්ස අඤ්ඤථා නත්ථිප - එසා මෙ විරිය පාරමි

            යනු හෙයින් මහාජනක ජාතක  - කලන්ද ක  ජාතකාදි නො එක් ජාතක වල විය්ය්    පාරමිතාව පිරුව ත් - තව ද:

අවෙතනං ව කොට්ටෙන්තො - තිණ්හෙන එරසුනා ම. කාසිරාජෙ න කුප්පාමි - එසා මෙ ඛන්ති පාරමි.

         යනු හෙයින් ක්ෂාාන්තිවාදි  ජාතක  - ධර්ම පාල    ජාකතාදි නො එක් ජාතක වල ක්ෂාකන්ති පාරමිතාව පිරුව ත් - තව ද:

සච්චාචං අනුරක්ඛන්තො - වජිත්වා මම ජිවිතං මොචයිං එකසතං ඛන්තියෙ - එසා මෙ සච්චපාරමි

          යනු  හෙයින්  මහා ‍සුතසොම   ජාතකාදියෙහි  සත්යකපාරමිතාන පිරුව ත් - තව ද:

මාතා පිතාන මෙ දෙස්සා - නපි මෙ දෙස්සං මහා යසං, සබ්බඤ්ඤුතං පියං මය්හං - තස්මා වතමධිටඨහිං

          යනු  හෙයින්  මුගපක්ඛ   ජාතකාදී   ‍නො එක් ජාතකවල අදිටන් පැරුම් පිරුව ත් - තව තව ද:

න මං කොවි උත්තසති - නපිහං භායාමි කස්සචි, මෙත්තාබලෙනුපත්ථසද්ධො - රමාමි පවනෙ සදා

           යනු හෙයින්  එකරාජ   ජාතිකාදි නො එක් ජාතකවල මේත් පැරුම් පිරුව ත් - තව ද:


506 සද්ධර්මසරත්නාවලි ය

සුසානෙ සෙය්යං් කප්පෙමි -ඡවටිඨිකං උපනිධාය’හං, ගොමණ්ඩලා උපාගන්ත්වාය - රූපං දස්සෙන්තානප්පකං

යනු හෙයින් ලෙම්හ ස ජාතකාදි ‍නො එක් ජාතකවපල උපෙක්ෂා් පැරුම් පිරුව්ත - නැවත ඒ හැම නෙ කළා සේ තරි විධ වය්ය්ෂා යෙහි හැසුරුණ ත් පඤ්වවිධ පරිත්යා ග ය කළ ත් මෙ සේ වු තැන දි උදාසීනවන්ට නො වන හෙයින් එ තෙක් දෙනා අපාය භාග්විම ආලාභ හෙයිනු ත් තමන්වහන්සේ බණ අසා නිවන් දක්නවුන් ඇති හෙයිනු ත් බුදුහු දෙව්රම දී ම ගැටවටු ගන්වා ගෙන පාත්රව ධාතූන් වහන්සේ ත් හැරගෙන ඇසිල්ලකින් වැඩ වහන්දෑට පෙරාතුව ලා වැඩසිටි සේක.

බුදුහු වැඩසිටි සේකැ යි ගම මුළුල්ල ම ඇසිණ. මිනිස්සු ත් රජ සැපතක් පිට සක්විති සැපතක් සම්භ වුවාක් මෙන් බලවත් සේ සතුටු ව බුදු පාමොක් වහන්දෑ, වඩා හිඳුවා කැඳමෙන-අවුළු පත් පිළි ගන්වුහ. වහන්දෑ කැඳ වළඳා ලා හුන් කලට හෙරණුන් දෑ ත් ගමට සිඟා වන්දෑ ය. ගම ඇත්තෝත් මෙ තෙක් දා ලෙසට ගෙන් ගෙන් ගෙනවුන් බ්ත පිළිගැන් වුහ. යපෙන පමණක් පිළිගෙන බුදුන් ළඟට ගොසින් උපන්නක් දික්කළා සේ සිඟා ගෙන ගිය පාත්රගය බුදුන්ට දික්කළ සේක. බුදුහුත් ‘ මෙසේ ගෙනෙව, තිස්ස යෙනි’යි වදාරා ජාල ලක්ෂණයෙන් විසිතුරු වූ හස්ත ය දිඟුකොට පාතරෙන ය අතට හැර ගෙන ‘ශාරීපුත්රයයෙනි, තොපගේ හෙරණුන්ගේ පාත්රප ය බලව’යි වදාරා පාත්ර ය ඔබට පෑ සේක. ඔබ බුදුන් අතින් පාත්රො ය ගෙන හෙරණුන්දෑට දී ලා ‘යව’ තොපට යහපත් හස්නෙක හිඳ වැළඳු කැඳත් නැති බැවින් වළඳව’යි වදාළ සේක.

ගම්වැස්සෝ ද බුදු පාමොක් වහන්දෑ වළඳවා ලා අනුමේවෙනි බණට ආරාධනා කළහ. බුදුහු ත් අනුමෙවෙනි බණ වදාරණ සේක් ‘උපාසකවරිනි, කුලුපග හෙරණුන් නිසා සතළිස් දහසක් පිරිවර සහිත අසූමහ සවුවනුත් දුටුව. උන් හැම තබා මා ත් දුටුව. තොපට වුයේ ලාභයෙකැ’යි වදාළ සේක. මිනිස්සු ත් ඒ අසා ‘බුදුනු ත් වහන්දෑ ත් සිත් ගෙන හිඳිනා තැනක් ම ලැබ ඔබට උපස්ථාන කළම්හ. අපට වුයේ බලවත් ලාභයෙකැ’යි නො සතුටු ව හුන් යම් කෙණෙක් වූ නම් සතුටු වුහ. සතුටු ව හුන්නෝ වඩ වඩා ම සතුටු වුහ. අනුමෙවෙනි බණ කෙළවර සෝවාන් ඵලාදියෙට බොහෝ දෙන පැමිණියහ. බුදුහු හුනස්නෙන් නැඟි වැඩි සේක. මිනිස්සු ත් ගමන් පසු කොටක ලා නැවැත්තාහ.

71. වනවාසික තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව 507

බුදුහු හෙරණුන්දෑ ත් කන් සරියේ කොට වඩනා සේක් ‘‍හෙරණෙනි, මෙ තැන කිනම්දැ’යි විචාරන සේක. හෙරණුන් දැ ත් ආදි ම තමන් විචාරා දත් හෙයිනුත් විචාරා නො දත්ත් ත් දන්ට බල ඇති හෙයිනු ත් ඒ ඒ තැන නම් කිය කියා ම යන දෑ ය. බුදුහු දෑ වසන තැනට ගොසින් ගල් මුදුනකට නැඟි සේක. ඒ තැනට නැගි කලට මහ මුහුදත් පෙනෙයි. බුදුහු හෙරණුන් දෑ අතින් විචාරන සේක් ‘තිස්සයෙනි, මේ ගල් මුදුනේ සිට ඈත මෑත බලා කුමක් දකුම්දැ’යි විචාළ සේක. ‘මහ මුහුද දකිමි”යි කී දෑය. ‘මුහුද දැක කුමක් සිතවු දැ’යි විචාළ කල්හි “මි දුකට පැමිණි කල හැඬු කදුළු මුහුදු සතරේ පැනටත් වඩා බො‍හෝව’යි සිතමි. ස්වාමිනි”යි කී දෑ ය.

‘යහපත. තිස්සයෙනි, ඒ එ සේ මය’යි වදාරා නැවත ‘තිස්සයෙනි, තොප සැතපෙන්නේ ‍කොයි දැ’යි විචාරා තෙල ගල් තෙලේ ය’යි කී කල්හි ‘එහි වසන තොප සිතන්නේ කිම් දැ’යි විචාරා ‘ජාති බොහෝ හෙයින් මෙ තැනදි මිය ගිය වාර ගණන් නැතැ’යි සිතමි’ කී කල්හි ‘යහපත, යහපතැ’යි තිස්සයෙනි, ඒ එ සේ ම ය. පමණක් නැති සතුන් අතුරෙන් එක සතකු ම මේ පොළොව වැද හෙව නො මළ තැනක් නැතැ’යි වදාරා ‘අනුන් නො දැවු තැනක් සොයන ගමනේ පර්වළත මුදුනෙක ගල තුනක් හස්ස දැක මෙ තැන දවන්නෝ නැත්තෝ වෙත් දැ’යි සො‍ුෙහාන් බිම කරන්ට ව්න තැන සෙසු නමින් ප්රතසිද්ධ ව මළ කල දැවුවා හැර උපසාළ්හක නමින් ප්ර සිද්ධ ව මළ කපල දැවු වාරා ම තුදුස් දහසෙක’ යනාදීන් ‍ දුක නිපාතයෙහි උපසාළ්හක ජාතක ය ත් වදාළ සේක. මෙ සේ පොළොව ආදි නෙ මල තැනෙක මියන කෙණෙක් නැත.

අනඳ මහ තෙරුන් වහන්සේ වැනි තැන් නො මළ විරූතැන තමන් මියන සේක. ඒ එ සේ මැ යි. අනද මහ තෙරුන් වහන්සේ එක් සිය විසි හැවිරිදි අවස්ථාවෙහි දී ආයු ශක්තිය බලන සේක් ආයු ගෙවි ගිය නියා ව දැන මෙයින් සත් වන දවස් පිරිනිව්න පාමී’යි වදාළ සේක. ඒ අසා රෝහිණි නම් ගඟ එ තෙර මිනිස්සු ‘අපි මහ තෙරුන් වහන්සේට උපකාරිම්හ. අපට ළංව පිරිනිවන් පානා සේකැ’යි කියති. මෙ තෙර මිනිස්සු ‘අපි උප කාර්ම්හ. අපට ළංව පිරිනිවන් පානා සෙකැ’යි කියති. මහ තෙරුන් වහන්සේ ඒ අසා ‘දෙ තෙර ඇත්තෝ ම උපකාරි වු ය. මූ උපකාරිහ, මූ උපකාරිහ, මූ අනුපකාරිහ’යි කියන්ට බැරි ය. ඉදින් මම මෙ තෙරදි වුවත්ස එ තෙරදී වුව ත් පිරිනිවියෙම් නම්



508 සද්ධර්මවරත්නාවලි ය

ධාතු නිසා දෙ තෙර ඇත්තෝ ම කළශ කෙරෙති. කලහයෙක් උපදී නම් නමුත් මා නිසා ම උපද්දීත සන්හි‍ඳේ නමුත් මා නිසා ම සන්හි‍ඳෙ’යි වදාරා ලා ‘මෙ තෙර ඇත්තවුන් මෙ තෙරට ම රැස් වුව මැනව. එ තෙර ඇත්තවුන් එ තෙරට ම රැස් වුව මැනැවැ’යි වදාළ සේක.

ඉක් බිත්තෙන් සත් වන දවස් ගං මැඳ සත් තලක් පමණ අහස පලක් බැඳ ගෙන වැඩහිඳ බො‍හෝ දෙනහට බණ වදාරා ‘මගේ ශරීර ධාතු භාගයෙක් මෙ තෙර වැගිරේව යි, භාගයෙක් එ තෙර වැගි‍ෙර්ව’යි සිතා ලා වැඩ හුන් සේක් ම තෙජො ධාතුවට සමවන් සේක. පිරිනිවෙන්නා ම ශරීරයෙන් නැගි ගිනි දැළින් ම සම් මස් නහර දා ධාතු පමණක් වෙන් ව මැන ලූවාක් මෙන් ඉද්දි මල් රැසක් සේ ධාතු භාගයෙක් මෙ තෙර වැගිරිණ. භාගයෙක් එ තෙර වැගිරිණ. බො‍හෝ දෙන ත් හඬා වැගුරුණවු ය. පොළොව පැළි යන කලක් මෙන් වි ය. බුදුන් පිරිනිවි දවසට ත් වඩා වලප් වලාම් මහත් වි ය. මිනිස්සු ත් ‘බුදුන් පිරිනිවිය ත් අනඳ මහ තෙරුන් වහන්සේ ජිව්ත ව සිටි සේක් වි නම් බුදුන් ජිවත් වුවා හා සරි ය. බුදුන් පිරිනිව්යේ අද’යි කිය කියා සාර මසක් මුළුල්ලෙහිමන් හැඬු ය. එ සේ හෙයින් අනඳ මහ තෙරුන් වහන්සේ පිරිනිවියේ අනික් කෙණකුන් මළ තැනෙක් නො වෙයි.

නැවත බුදුහ හෙරණුන්දෑ අතින් විචාරන සේක් ‘තිස්සයෙනි, මේ වල දිවි ආදීන්ගේ හඬ අසා බවු ද, නො බවුදැ’යි විචාළ සේක.ත ‘මට භයෙක් නැත. උන් හැමගේ හඬ ඇසූ පමණෙකින් මේ වල ඇලුම් ඇති වෙයි’ කියා ලා ගාථා සැටක් විතරින් වන වර්ණනා ව කළ දෑ ය. ඉක් බිත්තෙන් බුදුහු ‘තිස්සයෙන‍ී’යි බණවා ලා ‘අපි යම්හ. අප හා සමඟ තෙපි එවු ද, රඳවු දැ’යි විචාළ සේක. ‘අපගේ උපාධ්යාායයන් වහන්සේ කැඳවා වදාළ සේක් වී නම් රඳමි’යි ශික ෂා ගරුකාර හෙයින් බුදුන්ට ත් වඩා උපාධ්යා යයන් වහන්සේ ගරු කළ සේක. බුදුහු භික්ෂු සඞ්ඝයා වහන්සේ හැර ගෙන වැඩ පී සේක.ත හෙරනුන්දෑගේ අදහස නම් එ තැන වාස ඵාසු ව ඇති හෙයින් රදන්ට ම‍ . ධම් සෙනෙවි ස්වාමි ද අදහස දැන ‘රඳනු කැමැත්තා නම් රඳව’යි වදාළ සේක. හෙරණුන්දෑ ද බුදුහු ත් වහන්දෑ ත් වැඳගෙන රැඳුණු දෑ ය. බුදුහු දෙව්රමට වැඩි සේක.

‘මහණ වු කල බුදු පාමොක් වහන්දෑ වෙහෙරක ම රඳවා ලා සතියක් කිරිබ්ත ම දුන් හ. මහණ වු අටවෙනි දවස් හා නව වෙනි දවස් හා දෙ දවසින් පිළි දහසක් හා බත් වසුන් දහසක් ලත්හ. නැවත එක් දවසක් පලස් දහසක් ලත්හ. මෙ සේ මෙ තැන රඳා

72. රාධ තෙරුන් වහන්සේ ගේ වස්තුව 509

හිඳිනා කල ත් ලාභ සත්කාර මහත. එ සේ වුව ත් ඒ හැම හැර වලට ගොසින් සැඳි බත්පමණෙකින් යපෙති. කරණ දැ ඉතා ම යහපතැ’යි කතා උපන.

බුදුහු අවුත් විචාරා මේ කථාව නියාව කී කල්හි ‘එ සේ ය, මහණෙනි, ලාභ නිසා පිළිපැදීම අනිකෙක, නිවන් නිසා පිලිපැදීම අනිකෙක, ලාභ නිසා පිළිපදනෝ නිවන් ලද ත් නො හෙති. නිවන් නිසා පිළිපදනෝ ලාභයෙහි නො ඇලෙති. ලාභයක් උපදවා ගන්නා කල පවෙහි හැසුරුන මැනව. කොවුන් කමුත් කළ මැනව. කොවුන් කමෙක් නැත් නම් ලාභයෙක් නැත. කිරි බත් පාත්ර යට පවා ඉඳුරා ඇඟිල්ල බා ලූව යි ගැලෙන කිරි බතෙක් නැත. මඳක් වුව ත් වක් ‍ෙකාට ලා ඇඟිල්ල බා ලන්නා කිරි බත් ගැලෙන්නේ ය. එ සේ ම ලාභයක් වුව මනා වී නම් අවශ්ය යෙන් ‍ කොවුන් කම ත් ඇති මැනව. එ සේ උපදනා ලාභ ය ධාර්මික නොවෙයි. ධූතඞ්ග පුරාණාදි මූලික ව උපදනා ලාභ ය ධාර්මික ය. ධූතඞ්ඝ පූරණානදිය ත් ලාභ නිසා නො වන හෙයින් නිවන් නිසා පිළිපැදිම ය. බුදු සවුවෝ තුමු ලාභ සනනිශ්රිනත ප්රනතිපදාව හැර නිවනට පමුණුවා ලන ප්රදතිපදාවෙහි හැසිර වෙසෙත් න්ම ලාභ සත්කාරයෙහි ඇලුම් හැර ඇලුම් කළ මනා නිවනෙහි ම ඇලෙති’යි වදාළ සේක. මේ දෙශනා කෙළවර බො‍හෝ දෙන ‍ සෝවාන් ඵලාදියට පැමිණියහ.


72. රා ධ තෙ රු න් ව හ න් සේ ගේ ව ස් තු වසංස්කරණය

තව ද මනාවුන් කරා ගොසින් කරණ භජන ය නො සිස් නියාව හඟවන්ට රාධ තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.

  	කෙ සේ ද යත්  -

ඒ රාධ තෙරුන් වහන්සේ ද වැළි ත් ගිහි අවස්ථාවෙහි සැවත් නුවර ලොවි සැපතට පින් නැති දුක් පත් බමුණාන කෙණෙක. ඌ තුමු සෙසු ලෙසකින් ජිවත් විය නො හී වහන්දෑ ළඟ රැකෙමි’යි සිතා වෙහෙර තණ කසළ හරිමින් ගෙ මලු හමදිමින් දැහැටි පැන් දිම් ආදී වු අත් පා මෙහෙවර කරමින් ගමට ‍ෙනා ගොසින් විහාරයේ ම රඳති. වහන්දෑත් මෙහෙවර කොට ලන හෙයින් බත් දෙවන සේක. උන් තමන් මහණ විමෙහි රුචි ඇත ත් මෙහෙ‍වර නැති වෙයි යන සිතින් දෝ මහණ නො කරණ සේක. බමුණානෝ ද මහණ විමෙහි සිතිවිල්ල බලවත් හෙයින් ‍එයි ත් නැති වන්නා සිතිවිලි ගනෙ දුර්ව පල වුහ. බුදුහු එක් දවසක් ලොව බලන සේක- බුදු නුවණින් මේ බමුණානන් දැක ඕ හට කුමක් වේ දෝ ‍හෝ යි බලන සේක් රෙදි කඩෙකින් වසා තුබූ මැණිකක් මෙන් 510 සද්ධර්ම්රත්නාවලි ය

රහත් වන්ට නිසි පින් ඇත්තෝ ය යි දැන දෙ වන දවස් සවස් වේලෙහි වෙහෙරවල ස‍ැරිසරන්නාක් මෙන් බමුණාන් ළඟට වැඩ ‘බමුණ. කුමක් කොට ඇවිදිදැ’යි විචාළ සේක.

‘වහන්දැට වත් පිලිවෙත් කොට ඇවිදිම්’යි කී ය. එ සේ මෙහෙ කොටත් සංග්ර හ ත් ලැබෙයි දැ’යි විචාරා වදාරා ‘බත් පමණක් ලැබෙමි. මහණ කරන්ට මැළි සේකැ’යි කී කල්හි කාරුණිනක වු බුදු රජුන් වහන්සේ වහන්දෑ රැස් කරවා ලා ‘කුමක් ද, මහණෙනි, මේ බමුණු කළ උපකාරයක් සඳහන් ඇති කෙණෙක් ඇත් දැ’යි විචාළ සේක. ඒ අසා සැරියුත් මහ තෙරුන් වහන්සේ ‘ස්වාමිනි, එක් දවසක් රජගහා නුවර මා සිඟන ගමනේ මුන් තමන්ට ගෙනා බත් සැන්දක් මට ලවා පි නියාවෙක් මා සිත ඇතැ’යි වදාළ සේක. බුදුහු ඒ අසා ‘හැයි, ශාරීපුත්රියෙනි, තොපට දුන් දෙයෙහි අනුසස් නම් පමණෙක් නැත. තෙල තරම් උපකාරය්ක සිත ඇතිවැ තුලුන් සසර දුකින් නුමුදන්නේ හැයිදැ’යි විචාළ සේක. ‘යහපත ස්වාමිනි, එ සේ වි නම් මහණ කෙරෙමි’යි වදාරා ලා මහණ කළ සේක.

උන් වහන්සේ වළඳන්ට හිඳුනා කල අලුත මහණ වු හෙයින් පාළි කෙළවට පැමිණෙ යි. එ සේ හෙයින් කැඳ බත් ආදියෙන් ඵාසුවෙක් නැත. ධම් සෙනෙවි ස්වාමී ද එ බව දැන උන් වහන්සේ කැඳවා ගෙන සැරි සරා වැඩ පි සේක් එක් වන් තොප විසින් මේ කළ මනා දෙය ය. මේ නො කළ මනා දෙය’යි සරි ත් වරි ත් සිඛයෙහි හික්මවන සේක. උන් වහන්සේ ද සුවච කීකරු ව අනුහානනා ලෙස පිළිපදිනා සේක් කීප දවසකින් භාවනාවට ගන්නා දුක් ආදි ම ගෙන නමවා පූවා සේ රහත් වුසේක. කළ භජනය ත් ඉතා යහප්ත විය. මහ තෙරුන් වහන්සේ ද උන් වහන්සේ කැඳවා ගෙන සටන් ජය ගත් කෙණෙකුන් රජදරුවන්ට පාන්ට ගෙන යන්නා සේ බුදුන් කරා ගෙන ගෙ‍ාසින් වැඳ ලා බැඩ හුන් සේක. ඉක් බිත්තෙන් බුදුහු ‘ශාරිපුත්ර යෙනි, ‘තොපගේ සද්ධි විහාරිකයාණෝ සුවච කීකරුවෝ දැ යි විචාරා ‘එ සේ ය. ස්වාමීනි, ඉතා ම කීකරුවෝ ය. කවුරුන් කුමක් කිව ත් කිපෙන්නෝ නැතැ’යි වදාළ කල්හි ‘මෙ සේ වුවන් ලබතොත් කෙ තෙක් විතර රඳවවු දැ’යි විචාළ ‍සේක. ‘මෙ සේ වුවන් කෙ තෙක් දෙන වුව ත් රැඳවිමෙහි ආයාස මඳ හෙයින් රඳව්නට පිළිවනැ’යි කී සේක.

ධම් සෙබෙහිකත් කථාවෙක් උපදානේ ‘කළ දෙයෙහි උපකාර දැන් ම සැරියුත් මහ තෙරුන් වහන්සේ ‍ගේ ඉතා යහපත. බත්


72. රාධ තෙරුන් වහන්සේ ‍ගේ වස්තුව 511

සැන්දක් පමණින් කළ උපකාර සලකා  දුක්පත් බමුණාන් මහණ කළ සේක. ඌ තුමුත්  අවවාදක්ෂ ම ව අවවාදක්ෂ්ම තැන් ම ආශ්ර යට  ත් ලත් දැ’යි  යන කථාව ය. බුදුහු  ඒ අසා වදාරා ‘මහාණෙනි,  ශාරිපුත්රතයන් කළ දෙයෙහි  උපකාර දන්නේ  දැන් මතු නො වෙ යි. යට ගිය දවස ත් තමන් ඇත් ව උපන් කල  කැලැවල දඬු පත් කපා ගිය වඩුවන් තම්න පය අනුණු හුල්  කඩ තමන්  කෙරෙහි භයක් නැති ව හැර ලා පය සුව කොට ලූ  හෙයින් සුදු ඇත් පැට්වකු  වඩුවන්ට ගෙනවුත් දුන්හ.  එ කල  එකචාරි  ඇත‍ාණෝන  නම් සැරියුත්  මහතෙරහු ය’  යනාදීන් අලීන ච්ත්ත  ජාතකය වදාරා ලා

“හෙමස්බා මහණෙනි, භික්ෂුන් විසින් නම් රාධයන් මෙන් වවිය යුතු ය. වරද දක්වා කවර තරමෙක අවවාද කරත ත් උරණ නො විය යුතු ය. යම් කෙණෙක් තුමු බාල ව සිට ත් අවවාද කෙරෙත් නම් උන් බාල වුව ත් කරණ අවවාද ය බාල නො වන බැවින් ආලෙස්සම් කොට සිතිය යුතු නො වෙ යි. යම් සේ දුප්පත් කෙණෙක් මරා තළා පියා ත් තෙලෙ හැර ගනුව’යි වස්තුවෙන් පිරුනා වු නිධානයක් පවිත් න්ම කෙසේ මරත ත් තළත ත් උ්න කෙරේ මුසුප්පු නැති ව සමාධි වෙත් ද, එ මෙන් වරදක් සොයා ගෙන සඟ මැද නුගුණ පතුරුවම්හ’යි යන කුලුණු අදහසින් දක්නා වරදක් නො ව ‘මේ වැරැද්ද කියා නො දත් දෙය දන්වා ලම්හ. දත් දෙය පිරිමස්වා ලම්හ. සීල සමාධ්යා දි ගුණෙන් වසා ලම්හ යන අදහසින් දුටු වරද කියා අවවාද කරන්නවුන් නිධාන කියන්නවුන් කොට සිතා, නැවත යම් කෙණෙක් සද්ධි විහාරිකාදීන්ගේ අසාරුප්පයක් දැක දැක මූ අපට සකස් කොට අත් පා මෙහෙවර කෙරෙති. ඉදින් මේ අසරුප කියා ලු ‍ මෝ නම් කෙරෙමින් සිටි දෙය තබා පියති. යන සිතින් බැණ නො නැගෙත් නම් ඌ මේ සස්නේ කසළලන්නා නම් වෙති. එ සේ වුවන් හැර යම් කෙනෙක් කළ වරද ලෙසට තර්ජනය කෙරෙමින් දඬුවම් කරවා වැඩි වරදට විහාරයෙන් නෙරා හික්මවත් නම් එ ලෙස නිග්ර හ කරන්නා වු නැවත. ධර්මොමප ප්ර්ඥවෙන් යුක්ත වු සත් පුරුෂයන් භජන ය කටයුතු ය. එ බන්දවුන් භජන ය කරන්නවුන්ට වැඩෙක් ම ව්ත මුත් අවැඩෙක් නො වෙ’යි වදාළ සේක. මේ දෙශනා කෙළවර ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ සේ හෙයින් සාධු ගු‍ණයෙන් යුක්තයන් විසින් හීනොපාශ්රෙය නො කොට ස්ත පුරුෂොපාශ්ර‍ ය කොට උන්ගේ අනුශාසනායෙහි



512 සද්ධර්මාරත්නාවලි ය

පිහිටා යම් සේ ගිනි ද‍ඬු පත් ආදි වු සියල්ල ම දවා ද - එ මෙන් සන්තානයෙහි පවත්නා වු කෙලෙස් නැමැති මහ කසළ තදඞ්ග විමුක්ත්යාදදි වු විමුක්ති නමැති ගින්නෙන් දවා ද, නැවත එ ම ගිනි කා කෙරෙහි ත් දයාවක් කරුණාවක් නැත්තේ ද, එ මෙන්‍ කෙලෙසුන් කෙරෙහි දයාවකු ත් කරුනාවකු ත් නැති ව, තව ද ඒ ගිනි යම් සේ ශිත නසා ද එ මෙන් වීය්ය්කා නමැති ගින්නෙන් කෙලෙස් නමැති ශිත පීඩා නසා. තව ද ඒ ගිනි අනුනයක් ප්රයතිඝයක් නැත්තේ ද එ මෙන් ප්රදතිඝානුන ය නැති ව, තව ද ඒ ගිනි අඳුරු නසා ද, එ මෙන් මොහ නමැති අඳුරු නාස. තව ද ඒ ගිනි ආ‍ලොක පතුරුවා ද එ මෙන් මාර්ගද ඥන නමැති ආ‍ෙලාක පැතිර වීමෙන් ලෝ සසුන් බැබළවි ය යුතු.



73. අස්සජ් - පුනබ්බසුක වස්තුවසංස්කරණය

තව ද ගිවිසිත ත් නො ගිවිසිත ත් ගොඩ ත් දියෙහි ත් වසිනා වැසි පරිද්දෙන් අවවාද කට යුතු නියාව ම හඟවනු පිණිස අස්සජි- පුනබ්බසුක වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

මේ දෙශනාව කීටාගිරි න්ම දනවුවෙහි දි උපන. සවග වහන්දෑ කෙරෙහි ඇතුළත් වු ඒ අස්සජි - පුනබ්බසු‍වෝ ද අග සවුවන් වහනසේට සද්ධිවිහාරික ව්ත ජාතිසම්පන්නයන්ට දා වත් තරම් නපුරු නසේ ඉතා අලජ්ජිහ. පවිටු තරම් ඇත්තෝ ය. තමන්ගේ පිරිවර හා සමඟ බුදුන්ට දුරු ව කළ යම් දෙයක් විකනු නිසා කීටාගිරියෙහි වසන්නාහු කුල සංග්ර්හ සඳහා මල් ගස් රොපණ ය කිරිම ආදී, විසින් නො එක් අනාචාරා කොට කුලදුෂණයෙන් ලද දෙයින් ජිවත් වන්නාහු තමන් වසන තැන මාලුවා ලිය ය නැගි ගස් පරිද්දෙන් සිල්වත් තැන්ගේ විසිම නැති කළහ බුදුහු ත් ඒ අසා වදාරා පබ්බාජනීය කර්මත ය නම් කුල දුෂකයන්ට නියම හෙයින් ඔවුන්ටන ඒ කර්මර ය කරණු නිසා පිරිවර සහිත අග සවු දෙන ම බණවා ලා ‘ශාරිපුත්ර මෞද්ගල්යා යනයෙහින, එබ ගොසින් යම් කෙණෙක් තොප කීවා නො කෙරෙත් නම් උන්ට පබ්බාජනීයය කර්මන ය කරව. යම් කෙණෙක් තොප කී ලෙස කෙරෙත් නම් අවවාද අනුශාසනා කරව.

මෙහි අවවාද නම් උපන් වස්තුව දැක කියන දෙය ‍ හෝය. හමුයෙහි කියන මැලු කම් හෝ ය, එක විට කියා ලන දෙයක් ‍හෝ ය, අනුහාසනා නම් වරද් නුදුට ත් මත්තෙහි අයසෙක් උපදි. 74 ඡන්න තෙරුන් වහන්සේ ගේ වස්තුව 513

නමුත් ය’යි දුර තබා කියන දෙය හෝ ය, නො හමුයේ ම කියා යැමිම හෝ ය, පෙරළ පෙරළා ත් මාලු කම් කීම හෝ ය. නො‍ෙහාත් අවවාද ය ම අනුශාසනා නමුත් වෙයි. මෙ ලෙස ‍ෙකාට අකුසලින් දුරු කරවා කුසල්හි හසුරුව ව මෙසේ කරණ අවවාද ත් යහප්ත අදහස් ඇත්තවුන්ට ප්රිෙය ය. නපුරු අදහස් ඇත්තවුන්ට අප්රි්ය ය. යහපත් අදහස් ඇත්තෝ රහල් තෙරුන් මෙන් අසා පිළිගනිති. නපුරු අදහස් ‍ඇත්තෝ කර්ණ කඨෝර දෙය්ක මෙන් අසනු ස කැමැති නො වෙති. එ කෙ සේ වුව ත් අනුශාසක ව සිටියවුන් විසින් අනුශාසනා කට යුත්තේ ය’යි වදාළ සේක. මෙ දෙශනා කෙළවර බොහෝ දෙන මාර්ගාටධිගම - ඵලාධිගම කළහ. අග සවු දෙ දෙනා වහන්සේ ද ඔබ ගොසින් අවවාද කළ සේක. සමහර තැන් අවවාද පිළිගෙන සම්යෙක් ප්රිතිපදාවට පැමිණි සේක. සමහර තැන් සිවුරු හළවු ය. සමහර තැන් පබ්බාජනීය කර්මි ය ලද්දාහු ය.

එ සේ හෙයින් නුවණැත්තුව්න විසින් යම් සේ සුළඟ සුපිපි වන ලැහැබට හමා ද එ පරිද්දෙන් අර්හත් ඵල විමුක්ති නමැති මල් ඇති, අර්හත් ම‍ාර්ගර නමැති ගසින් යුත් නිවන් නමැති මහ වනයෙහි ඇලුම් ඇති ව, යම් සේ මහ සුළඟ තර ව හමා ලා ගස් කොළ වගුරුවා ද ළු පරිද්දෙන් රාගාදි කෙලෙසුන් වගුරුවා තව ද ඒ සුළඟ අහස ම හැසිරේ ද- එ මෙන් ලොවුතුරා දහම් ම අහස සේ උස හෙයින් එහි ම හැසිරෙන්ට උත්සාහ කොට නැවත ඒ සුළඟ යහප්ත තැනකට හැමි නම් සුවඳ අනුභව කෙරේ ද, එ මෙන් යහපත් තැනට පැමිණිමෙන් සිල් නමැති සුවඳ විලවුන් ගෙන, නැවත ඒ සුළඟ ප්රණතිනියත වාසස්ථාන නැත්තේ ද එමෙන් කිමෙක ත් ඇලුම් නැති ව, ගුණ දහම් පුරා නිවන් පුර අත් කර ගත යුතු.


74. ඡන්න තෙරු‍න් වහන්සේ ගේ වස්තුවසංස්කරණය

තව ද අවවාදක්ෂ ම නො වීමෙහි ආදීනව දක්වන්නමෝ ඡන්න තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

එ ආයු බොහෝ‍ වු සත් තෙරුන් වහන්සේ “මම මේ බුදුන් මහන වන්ට එන දවස් කෙ තෙක් දෙනා ඇත ත් අත් ‍ෙනා හැර අසිමි. එ දවස් කැටි ව ආ එක කෙණකුනු ත් නුදුටුයෙහි. අද මෙ වක ‘සැරියුත් මහ තෙරහු නම් අපි ය’යි කියා ලා සමහර 17 514 සද්ධර්මකරත්නාවලි ය

තැන් පෙනෙන සේක. ‘මුගල්න මහ තෙ‍රහු නම් අපි ය’යි කියා ලා සමහර තැන් පෙනෙන සේක. මේ කිම් දැ’යි දෙ අග සවු තැන් ‍අරභයා බැන ඇවිදිනා සේක. බුදුහු ඒ පවත් අසා සන් තෙරුන් වහන්සේ කැඳවා ලා අවවාද කරණ සේක. අවවාද කළ වෙලේ මඳක් තබා ලා මුඛර ව දොඩන්ට සුරු හෙයින් නැවත ත් බණන සේක් ම ය.

මෙ‍ ලෙසින් බණට කලට තුන් වාරයක් දක්වා කැඳවා ගෙන්වා ගෙන අවවාද වදාරා ‘සන් තෙරිනි තෙල අග සවු දෙ දෙන තොපට කල්යාවණමිතර ව සිටිති. උතුම් ගු‍ණයෙන් ඉතා උතුම් ව ත් සිටිති. භජන ය කළ මනා එ බන්දවුන් ම ය. අකුසල්හි හැසිරෙන පවිටු මිත්ර යන් භජන ය නො කළ මැන ව ගිහි වුවො ත් උමං බිඳිම් ආදියෙහි හෝ ශාසනික වුවො ත් එක් විසි අන්වෙෂණයෙහි හෝ යෙදෙන නිකෘෂ්ට සත්වහයනු දු ළං නො කරන්නේ ය. එ සේ කල භජන ය කළ මනා ත් ළං කල මනාත් කවුරුන් ද යත්-මෙ ‍ලෝ පර ‍ලෝ දෙකින් වන්නා වු වැඩෙහි අසුරුවන බුද්ධාදී වු සත්පුරුෂය්න ම භජන ය කට යුතු ය. සත් පුරුෂ යන් ම ළං කළ යුතු ය’ යි වදාළ සේක. දෙශනා කෙළවර ආධාන ග්රා.භී හෙයින් සත් තෙරුන් වහන්සේ හැර බොහෝ දෙන නිවන් දුටහ.

සන් තෙරුන් වහන්සේ මෙ තෙක් අවවාද අසා ත් මුණින් නමා ලු කළයක් වස්නා පැනට ආධාර නො වන්නා සේ බුදුන් වදාළ අවවාදයට ත් ආධාර ව ගත නො හී නිරපරාධ තැනට බිනිමෙන් වදනා පාපයට ම ආධාර ව නැවත ත් බණන සේක් ම ය. පෙරළා ත් බුදුන්ට දැන්වු කල්හි මා ඇත් තෙක් කල් උන් හික්මවන්ට බැරි ය. මා පිරිනිවි කලට පිලිවනැ’යි වදාරා ලා පිරිනිවන් පානා දවස සන් තෙරුන් වහන්සේ කෙරෙහි පිළි පත මනා තරම කවරේ දැ’යි අනඳ මහ තෙරුන් වහන්සේ විචාළ ගමනේ ‘ආනන්දේයෙනි. සන් තෙරුන්ට බ්රදහ්ම දන්ඩය දිය යුතු ය’යි මුඛර තැනට නීල ව තිබෙන කර්මයය කරන්ට වදාළ සේක.

බුදුන් පිරිනිවි පුස අනඳ මහ තෙරුන් වහන්සේ වදාරා යවු බ්රතහ්ම දණ්ඩ ය අසා තුන් විටක් විත රමුර්ච්ඡා ‘මා නො නැසුව මැනැමැ’යි පැරැත්ත ත් ගෙන යහපත් ව පැවත නො බො‍ුහෝ කලකින් ම පිළිසිඹියා පත් රහත් වීමෙන් හැම කර්මවයෙන් ම ගොඩ නැගි හෙයින් බ්රිහ්ම දණ්ඩයෙනු ත් මිදුණු සේක.


75. මහාකප්පිත තෙරුන් වහන්සේ වස්තුව 515

එ හෙයින් සුජනයන් විසින් කට නම් ඇති වුයේ කවුරුන් හා ත් දොඩන්ට වේ දැ යි සැති මුඛර නොව, යම් සේ පර්වුතයෙක් නිශ්චල ද එ මෙන් කා කුමක් කිව ත් නිශ්චල ව තව ද ඒ පර්වතත ගල තද බැවින් කිසිවක් හා නො ඇ‍ලේ ද එ මෙන් කිසිවෙක ත් නො ඇලි, නැවත ගල මත්තේ බිජුවට හට නො ගනි ද, එ මෙන් සිත් නමැති කුඹුරේ කෙලෙස් නමැති බට තල් හට ගති නො දී, තව ද ඒ පර්වෙත ගල කෙ තෙක් දෑ ලා පුව ත් නො නැමේ ද, ඒ හැම හැර ගත් කලට ඉපිල ත් නො යේ ද, එ මෙන් ලාභයෙහි දි උඩඟු ත් නො ව අලාභයෙහි දි මඳකු ත් නො බා හැමයට ම එක තරමේ දවස් යවා. චිත්තසුද්ධිය කටයුතු.


75. ම හා ක ප් පි ත තෙ රු න් ව හ න් සේ ගේ ව ස් තු වසංස්කරණය

තව ද කුශලයෙහි අනුසස් දක්වා සතුන් පිණෙහි ම යොදනු නිසා මහා කප්පිත තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.

එහිලා මේ පිළිවෙළ කථාව ය:- යට ගිය දවස ආයු බොහෝ වු මේ මහා කප්පින මහ තෙරුන් වහන්සේ මහ සවු තනතුරට පියුම තුරා බුදුන් සමයෙහි පතා එ වක් පටන් සසර හැසිරෙන සේක් එක් කලෙක බරණැනනසට නුදුරු එක් සාලි ගමෙක් එ ගම සාලින්ට මුදලි ව උපන් සේක. එ කල දහසක් පමණ පසේ බුදුවරුන් වහන්සේ අට මසක් මුළුල්ලෙහි හිමවු පියස වැස පියා වැසි සාර මස දනවුවට බැස ලුණු-ඇඹුල් මුසු දෙය වළඳනු පිණිස එහි වසන සේක. එක් වස් අවධියෙක බරණැස් නුවරට නුදුරු තැනකට බැස ලා වස් වසන ගෙවල් ඉදි කරවා දෙන නියායෙන් හස්ත කර්ම් ය නම් එක්තරා ද්රලව්ය යක් නො වන හෙයින් ඒ ඉල්වා රජ්ජුරුවන් ළඟට යව යි පසේ බුදුවරුන් වහන්සේ අට නමක් යවු සේක. එ කල රජ්ජුරුවන්ගේ වප් මඟුලෙක් ඇත. පසේ බුදුවරුන් වහන්සේ වැඩි නියාව අසා වප් මඟුල් විධාන තිබැදි ම අවුදින් වැඩි කරුණු විචාරා ‘සෙට වප් මඟුල් හෙයින් අද ත් සෙට ත් අවසර නැත. අනික් දවස් කරවමි’යි කියා ලා පසේ බුදුවරුන් වහන්සේට ආරාධනා නො කෙ‍ාට ම රජ ගෙට ගියහ. පසේ බුදුවරුන් වහන්සේ අට නම ත්’අනික් ගමකට සිඟා යම්හ’යි නික්මුණු සේක.

එ වේලෙහි සාලි මුදලියාණන්ගේ ඇඹේනියෝ කිසි කට යුත් තෙක බරණැසට යන්නෝ එ පසේ බුදුවරුන් යහන්සේ දැක වැඳ ලා මෙවේලේ වැඩියේ කුමක් නියා දැ යි විචාරා ආද‍ි‍යේ පටන්

516 සද්ධර්මයරත්නාවලි ය

වැඩි පවත කී කල්හි. සැදැහැත් ඇති එ තරමට නුවණ ත් ඇති උපාසිකාවෝ ‘ස්වාමිනි, සෙට දවසට මිඬියට කරුනා කොට වදාළොත් යහපතැ’යි ආරාධනා කොළෝ ය. ‘උපාසිකාවෙනි, අපි බොහෝ දෙන ය’යි වදාළ සේක. ‘කෙ තෙක් දෙනා වහන්සේ දැ’යි විචාර ‘දහසක් දෙනම්හ’යි කී කල්හි තම්න නුවණැති නියාවට ‘ස්වාමිනි, මේ සාලි ගම ත් සාලි දහසෙක් ඇත. එකී එකි කෙණෙක් එකි එකී නමට දන් දෙති. එ සේ හෙයින් මට ම භාර වන්ට නැත. ඉවසා වදාරන බව ය. මාගේ බලයෙන් මම් ම හැම දෙනා සමාද්න කරවා වස් වසන තැනුත් කරවා දෙමි’යි කිවු ය. පසේ බ‍ුදුන් වහන්සේ අට නම ද ආරාධනා ඉවසු සේක.

උපාසිකාවෝ ද ගමට ‍ෙගාසින් සිහි නැත ව වැද ‍නො හිඳ ගම් මධ්යියෙහි සිට හඬ ගා කියන්නෝ ‘මම මුඹ හැම ත් සලකා දහසක් පමණ පමන පසේ බුදුවරුන් වහන්සේට ආරාධනා කොට සෙට මුඛ දී වළඳන්ට වඩනට නිල කෙළෙමි. මට ම හැර නො ලා ආ කල වැඩ හිඳිනා තැනකු ත් ඉදි කළ මැනව. කැඳ බත් ආදි වු දෙය ත් සපයා ලු ව මැනැව’යි කිවු . උන්ගේ විධාන අසා තමන් හැම ත් සැදැ ඇති හෙයින් හැම දෙම ම ලැබුණවු ය. ලැබුණවුන් හැම හැර ගෙන තුමු මුල් වන මඬුවකුත් ලවා ලා හසුනු ත් පනවාලා දෙ වන දවස් පසේ බුදුන් වහන්සේ දහස වඩා හිඳුවා ලා මධුරාහාර ය වළඳවා ලා වළඳ අන්තයෙහි එ ම ගම වසන ගෑනු මිනිසුන් කැඳවා ගෙන ගොසින් පසේ බුදුවරුන් වහන්සේ වැඳ ලා වස් වසනට ආරාධනා ත් කොට නැවත ගමට වැද ලා හඬගා කියන්නෝ ‘ද මවු පියෙනි, මල් බැයෙනි, එ කි එකී ගනේ එ කි එකී පිරිමි දරුකෙණෙකුන් ම පොරෝ ආදි වු යකඩ හැර ගෙන වලට පලා ගොසින් දඬු ප්ත ගෙ ‘වුත් ස්වාමි දරුවන් වස් වසන තැන් කළ මැනව’යි කිවු හ.

ගම් වැස්සෝ ත් තම්න සිතා ගෙන කරණ දෙයක් නො වන බැවින් උන්ගේ විධානයේ සිට එ කී එකී කෙණෙක් එකක් බැගින් පන් සල් දහසක් කොට ලා තමන්ගේ පන් සල්වල වස් විසු පසේ බුදුන්ට වෙන වෙන ම සැරහී දන් දුන්හ. වස් අන්තයෙහි ‘ තමන් තමන් උපස්ථාන කළ පසේ බුදුන්ට සිවුරු පිළි දෙන්ට වුව මැනවැ’ය සාමදන් කොට එකි එකී නමට දහස දහස නියායෙන් දහ ලක්ෂැයක් වටනා සිවුරු පිළි දුන්හ. පසේ බුදුවරුන් වහන්සේ ත් වස් අන්තයෙහි බණ වදරා ලා වැඩ ප සේක.



75. මහා කප්පිත තෙරුන් වහන්සේ ගේ වස්තුව 517

නායක සාලි දුවණියන් පටන් ගම් වැස්සෝ ත් මේ පින්කම් කොට එයින් මිය දෙව් ලොව ඉපැද සමුහ ව ලා උපන් හෙයින් ගණ දෙවතාවෝ ය යි ප්රනසිද්ධ වුහ. ඒ දිව්ය ලොකයෙහි ආයු පමණින් දෙව් සැප ත් වලදා කසුප් බුදුන් සමයෙහි බරණැස් නුවර කෙළෙඹි කුලවල උපන්හ. එ වක නායක සාලියාණෝ නායක කෙළෙඹියාණන්ට පුත් ව උපන්හ. එ වක පින්කමට නායක වු සාලි දුවණියෝ අනික් කෙළෙඹි මුදලියාණ කෙණෙකුන්ට දු වු හ. වැඩි විය පැමිණ සරණ යන්නෝ ත් සාලි අවධියේ ස්වාමි වු කෙළෙඹි පුත්රවයාණන් කරා ම සරණ ගියහ. සෙසු සෙස්සෝ අනික් අනික් කෙළෙඹි කුලවල ඉපැද වැඩි විය පැමිණ සරණ යන්නෝ සාලි අවධියේ යම් යම් කෙණෙක් තමන් තමන්ට ස්වාමි වු නම් උන් උන් කරා ම සරණ ගියහ.

එක් දවසක් වෙහෙර බණට හඬ ගෑ ය. ‘බුදුහු බණ වදාරන සේකැ’යි යුන අසා සියලු කෙළෙඹියෝ තමන් තමන්ගේ කෙළෙඹි දුන් හා සමඟ බණ අසම්හ යි විහාරයට ගියහ. උන් වෙහෙරට යන්නා ම එ වක දහම් වැස්සෙන් තෙමි පිය නොහෙන හෙයින් තෙමෙන්ට වන්නා සේ වැස්සෙක් වස්නට වන. යම් කෙණකුන්ගේ නෑ වහන්දැ වේ ව යි පුරුදු වහන්දෑ වේව යි ඇත්න්ම ඌ ඒ ඒ වහන්දැගේ පිරිවෙන් ආදියට වන්හ. මූ හැම තමන් අමුතු ව ලා ගිය හෙයින් එ බඳු තැනක් නැති ව වෙහෙර මැද ම තෙමි තෙමි සිටියහ. තෙමි පියා කෙළෙඹි මුදලියාණෝ කියන්නෝ අප හැමට ම වු දෑ දුටු වු ද? කුල දරුවන් ලජ්ජි වන්ට මෙ තෙක් මඳ දැ’? යි කිවු ය. හැම දෙන ම ඒ ලජ්ජා වන්ට වන්නා මෙ තෙක් ඇත. ලජ්ජාව පියා කුමක් කරමෝ දැ’යි කිවුය. නො තෙමි සිටිනට නිසා තැනක් ලබන්ට පෙර පිණක් නො කළ හෙයින් දැන් නො ලද ත් මතුත් වී න්ම ලබන්ට හැම දෙනමෝ රනක් එක් කොට බා ඒ දී පිරිවෙණක් කරම්හ’යි කිවු ය. උයිත් ‘යහපතැ’ යි ගිවිස්සහ.

නායක තැනැත්තෝ රනින් නායක වුවා සේ ම සෙස්සනුත් නායක වන්ට මසු දහසක් දුන්හ. සෙසු කෙළෙඹියෝ පන් පන් සිය ය දුන්හ. ගෑනු දහස දෙ සිය පනස දෙ සිය පනස දුන්හ. මෙ සේ සත් ලක්ෂ පනස් දහස්ක රන් එක් කොට ගෙන කරවා බුදුන්ට ම පිළිගන්වුන නිසා කුව ගෙවල් දහසකින් ‍හොබනා මහ පායක් කරව්නට පටන් ගත්හ.

කර්මාොන්ත ය මහත් හෙයින් ආදි එක් කළ රන් මඳ නියාව බාල ආද පන් සිය ය දුන්නවුන් ගෙන් දෙ සිය පනස හා දෙසි ය


518 සද්ධර්ම රත්නාවලි ය

පනස දුන්නවුන් ගෙන් එක් සිය පස් විස්ස වන නියායේන තුන් ලක්ෂප පන් සැත්තෑ දහසක් එක් කොට ලා දෙමුරයෙන් කැටි ව එක් වු ‍එකොළොස් ලක්ෂ‍ පිස විසි දහස් සත් සියයක් පමණ රනින් ගඳ කිළිය කරවා ලා කරවා නිමි පූජාව කරවන්නාහු බුදු පාමොක් විසි දහසක් රහතන්ට සතියක් මුළුල්ලෙහි මහ දන් දී සිවුරු පිරිකර ත් දි ආදි දහසක් දි අති වු පොහොසත් කමින් එ වක විසි දහස්ක දුන්හ. කෙළෙඹි මුදලි‍න්ගේ ඇඹේණියෝ කරණ පින්කම හැම දෙන හා සරියේ ත් කොට ලා තමන් නුවණැති හෙයින් වඩාත් පිණික් කරණු කැමිතක ව අ‍නෝජ‍ා මල් සමූහයක් සේ රන් වන් වු දහස්ක වටනා හිණ කඩකුත් අනෝජා මල් සුමුගකුත් ගෙන්වා ගෙන බුදුන් බණ වදාරන වේලේ අනෝජා මල් පුදා ලා රන්වන් හිණ කඩ ත් රන් වන් බුදුන් පා මුල තබා ලා ‘ස්වාමිනි, මා උපනුපන් තැන මාගේ ශරීර ය ත් අනෝජා මල් දමක් සේ රන්වන් වේව’යි තම ත් අනික් නමක් නො ව අනෝජා නම් ම වේව යි පැතූ ය. කසුප් බුදු රජුන් වහන්සේ ත් වන නියා ව දැක ‘ඒ එ සේ ම වේව’යි වදාළ සේක.

ඔහු හැමදෙන ත් ආයු පමණින් සිට එයින් සැව දෙව්ලොව ඉපැද මේ අපගේ බුදුන් සමයෙහි දෙව් සැපතින් ම සතුටු නො ව නිවන් සැපතු ත් ලබනු සඳහා දෙව් ලොවින් සැව නායක කෙළෙඹියාණෝ දඹදිව කුක්කුටවති නම් නුවර රජ කුලෙහි උපන්හ. ඉපැද කප්පින රජ්ජුරුවෝ ය යි ප්රරසිද්ධ වුහ. කැටි ව පින් කළ සෙස්සෝ ඇමැති කුලවල උපන්හ. නායක කෙළෙඹියාණන්ගේ ඇඹේණියෝ මදු රට සාගල නුවර රජ කුලයෙහි උපන්හ. උන්ගේ ශරීරය ත් අනෝජා මල්දමක් සේ රන්වන් වි ය. නම ත් අනෝජා නම ම තුබුහ. ඌ වැඩිවිය පැමිණන කප්පින රජ්ජුරුවන්ට ම සරණ ගොසින් අනෝජා බිසවු ය යි ප්රයසිද්ධ වුහ. සෙසු ගෑනු දහසත් ඇමැති කලවල ඉපැද වැඩි විය පැමිණ යම් යම කෙණෙක් පූර්ව් ස්වාමි ව සිටියෝ නම් උන් උන් කරා ම සරණ ගියහ.

කප්පින රජ්ජුරුවන් හා එක් ව පින් කළ හැම දෙන ම රජකම මුත් සෙසු සැප ත් සරි‍යේ ම අනුභව කෙරෙති . යම් දවසෙක රජ්ජුරුවෝ සූ සැට රාජාභරණ ලා සැරහී ගෙන ඇතුකු නැගි ගෙන ඇවිදිත් නම් එ කල ඌ හැම ත් එ සේ ම ඔටුන්න හැර සෙසු ආභරණ ලා සැරහී ගෙන ඇතුන් නැඟි ගෙන ඇවිදිති. රජ්ජුරුවන් අසු නැඟි හෝ රථය නැගී හෝ යන කල උන් හැම දෙන ත් එ සේ ම අසුන් නැඟි ගෙන ‍හෝ රථ නැඟි ගෙන හෝ යෙති.



75. මහා කප්පින තෙරුන් වහන්සේ ගේ වස්තුව 519

මේසේ ඔහු හැම දෙන කරණ පින්කමුත් සම සිත් ව එක් ව කළ හෙයින් සම්පතු ත් එක් ව ම එක සරිසේ විඳිති

රජ්ජුරුවන්ගේ ත් වාල ය, වාලවාහන ය, පුෂ්ප ය. පුෂ්ප වාහන ය, සුපත්ත ය යි බලවත් අස්සු පස් දෙනෙක් ඇත. රජ්ජුරුවෝ තුමු සුපත්ත නම් අසු ‍නැ‍ඟෙති. අනික්ක අසුන් සතර දෙන සතර දිග ගොසින් මුවමිරි හසුන් ගෙනවුත් කියන ලෙසට අසරුවන් සතර දෙනකුට දුන්හ. රජ්ජුරුවෝ උන් සතර දෙනා උදාසන ම බත් කවා ලා ‘තෙල අසුන් නැඟී ගෙන දස ‍දෙළොස් ගවු විතර සතර කඩ ගොසින් තුනුරුවන් ලොව පහළ වු නියාවක් දැන ගෙන මා කන අමා ඕනාක් මනේ කියව’යි විධාන කොට ලා යවති. ඌන සතර දෙන වාසලින් නික්ම අසුන් පිටින් යන ගමන හෙයින් දස දොළොස් ගවු විතර ගොසින් පියා හස්නක් නො ලදින් ම පරෙළා එති.

එක් දවසක් රජ්ජුරුවෝ සුපත්ත නම් අසු නැඟී ලා ඇමැති දහස පිරිවරා උයනට යන්නෝ වෙළඳුන් පන් සියයක් දුර සිට ආ හෙයින් ගමන් විඩාව නුවරට වදිනවුන් දැක ‘මු ගම්න විඩාව එන කෙණෙක. මුන්ගේ එක් යහපත් අස්නක් අසන්ට වුව මැනැවැ’යි උන් ගෙන්වා ලා ‘කොයි සිට අවුදැ’ යි විචාළෝ ය. රජ්ජුරුව්න වහන්ස, මෙ තැනට සාරසිය අසූ ගවුවක් විතරින් ඔබ්බෙහි සැවැතක් න්ම නුවරෙක් ඇත. ඊ සිට ආම්හ’යි කිවු ය. ඒ තොපගේ රට අමුතු පවත් කිම් දැ’යි විචාළෝ ය. ‘අනික් අමුත්තෙක් නැත. සව්නේ ගෙවා දත් පස් මරුන් ජය ගෙන සිටි න්වන් පතා පින් කළවුන්ට නිවන් මං පාතා තිලෝගුරු බුදුරජුන් වහන්සේ පියවි හිර එක් සක්ළෙක ම ආලෝක පතුරුවන හෙයින් දේශනා ලෝක ය හා ශරීරාලෝක ය අනන්තපාය්ය්ක මන්ත සක්වළවල පතුරුවන්ට පහළ වූ හිරක් මෙන් පහළ වු සේක යි කිවුය.

රජ්ජුරුවෝ එ බස් අසමින් කප් අසඞ්ඛ්ය යෙකු ත් කන හෙන බසක් නො වන හෙයින් හ තමන් බලවත් සැදැ ඇති හෙයින් පද් වනක් ප්රීනතීන් පිනා ගොසින් කිසිවකු ත් සලකා ගත ‍ෙනා හී මඳක් කල් යවා පියා ‘සගයෙනි. කුමක් කියවු දැ යි දෙවැනි ව ත් තුන් වැනි ව ත් විචාරා, දෙ වැනි ව ත් තුන් වැනි ව ත් බුදුන් උපන් නියාව කි කල්හි ප්රීනතින් පිනා ගොසින් කිසිවකු ත් සලකා ගත නො හී සතර වෙනි වාරයේ විචාරා ‘බුදුහ‍ු ලොව උපන් සේකැ ‘යි කී කිල්හි එ විට සලකා පියා ‘සගයෙනි, තොප තෙල කියා ලූ බසට මසු ලක්ෂයයක් දෙමි’ කියා ලා ‘අසනිකුත්


520 සද්ධර්ම්රත්නාවලි ය

අමුත්තෙක් ඇතිදැ’යි විචාළෝ ය. පිටක වසයෙන් තුනක් පමණ වු, නිකා ය වසයෙන් පසක් පමණ වු. අඞ්ග වසයෙන් නවයක් පමණ වු, දහම් කඳ විසින් සුවාසු දහසක් පමණ වු පෙළ දහම් හා සමඟ නව ලොවුතුරා දහම් පහළ වු නියාව කී කල්හි ආදි ලෙසින් ම තුන් වාරයෙකි කුල්මත් ව ගොසින් සලකා ගත නො හි සතර වෙනි වාරයේ අසා සලකා පියා ‘තෙල බසට ත් මසු ලක්ෂොයක් දෙමි’ කියාලා තවත් අමුත්තෙක් ඇත් දැ’ යි විචාළෝ ය. ඒ ධර්ම ය දරා සිටිනා වු සුප්රමතිපන්නතාදි ගුණ ගණාඞ්ගසඞ්ගත අෂ්ටාය්ය්යි පුද්ගල සඞ්ඝයා වහන්සේ ලොව පහළ වු නියාව කී කල්හි රජ්ජුරුවෝ ආදි ලෙසින් ම තුන් වාරයෙක කිසිවකු ත් සලකා ගත නො හි සතර වෙනි ව‍ාරයේ අසා සලකා පියා ‘මේ බසට ත් මසු ලක්ෂොයක් දෙමී’ කියා ලා ඒ අසුන් තුනට වඩනා අනික් හස්නක් සමස්ත ලෝකයෙහි නැති හෙයින් තව ත් අමුතු ඇත් දැ යි නො විචාරා ඇමැති දහස මුණු බලා ‘සගයෙනි, කුමක් කරවු දැ’යි විචාළෝ ය.

රජ්ජුරුවන්වහන්ස, මුඹ වහන්සේ කරන්නේ කිම්දැ’යි විචාළ කල්හි ‘සගයෙනි, මම තුනුරුවන් ලොව පහළ වු නියාව අසා නිස්සාර වු රාජ්යඇ සම්පතක් නිසා පෙරළා ඇතුළු නුවරට නො යෙමි. බුදුන් උදෙසා ගොසින් යන ගමන් ත් සාථික කොට ඔබ ළඟ මහණ වෙමි’ කිහ. ‘රජ්ජුරුවන් වහන්ස පින් ම රැකි නො හිඳ බො‍හෝ ආයාසයෙන් ලද මනා රජ සැපත් හැර මුඹ වහන්සේ මහණ වන්ට යන කල ඇමති සැපතින් අපට කම් කිම් ද? අපි ත් කැටි ව එම්හ’යි කිවුය. රජ්ජුරුවෝ බිසොවුන්ට කියා යවන පවත් රන් පටෙක හිඟුලෙන් ලියා යවාලා වෙළඳුන්ට කියන්පනෝ ‘අපගේ අ‍නෝජා බිසවු මසු තුන් ලක්ෂයයක් තොපට දෙති, එයි ත් හැර ගනුව. බි‍සොවුන්ට ත් කියන කල රජ්ජුරුවන් වහන්සේ රජ සැපත් මුළුල්ල ම මුඹ වහන්සේට හළ සේක. බි‍සෝවරුනුත් රජ කමට හැකි හෙයින් රජ සිරි විඳුව මැනැවැ’යි කියව. ඉදින් ‘රජ්ජුරුවන් වහන්සේ කොයි දැ’යි විචාළෝ නම් බුදුන් ළඟ මහණව්නට ගිය නියාව කියව’යි කිවු ය. ඇමති දහසත් තම තමන් ගේ අඹුවන්ට තම තමන් කියා යවන හසුන් කියා යවූහ.

රජ්ජුරුවෝ වෙළඳුන් යවා ලා ඇමැති දහස පිරිවරා ලා ඒ ඒ ඇසිල්ලෙහි ම නික්මුණ වු ය. බුදුහු පෙරාතු දවස් අලුමය ලොව බලසන සේක් පිරිවර සහිත වු කප්පිත මහ රජුන් දැක ‘මේ මහා කප්පිත රජ වෙළඳුන්ගෙන් තුනුරුවන් ලොව පහළ වු නියාව අසා බස් තුනට තුන් ලක්ෂ යක් පුදා රජ සැපත් හැර ඇමැති දහස


75. මහා කප්පින තෙරුන් වහන්සේ ගේ වස්තුව 5‍21

පිරිවරා මහණ වනු කැමැති ව මා උදෙසාස සෙට නික්මෙයි. අ වුත් මාගේ බණ අසා සහපිරිවරින් පිළිසිඹියා පත් රහත් වෙයි. මම ද ඕ හට පෙර ගමන් කොට යෙම්’යි දෙ වන දවස් සක් විති රජ කෙණකුන් කුඩා රජකුට පෙර ගමන් කරණ කලක් මෙන් අනඳ මහතෙරුන් වහන්සේ පහණකුත් ‍ෙනා කැඳවා තමන් වහන්සේ තමන් වහන්සේගේ සඟළ ත් පාත්රන ධාතුව ත් හැර ගෙන සාර සිය අසූ ගවුවක් වැඩ චන්ද්රහභාගා නම් ගං බඩ නුග ගසක් මුල සවනක් රස් විහිදුවමින් වැඩ හුන් සේක.

රජ්ජුරුවෝ ත් එන්නෝ එක ග්හරක් කරා පැමිණ මේ ගහ කි නම් දැ යි විචාරා ආරව්ච්ඡා නමැයි කී කල්හි ගැඹුර - පළල විචාරා ‘ගැඹුරෙන් ගවුවෙක , පළලින් දෙ ගවුවෙකැ’යි කී කල්හි මින් ඇත් වන්ට හොරු - අඟුළු ඇත් දැ’ය විචාරා ‘නැතැ ‘යි කී ‘කල්හි ‘හොරු - අඟුළු බලා හිඳුමෝ නම් ආයු ගෙවන නියාව උදවු හෙයින් මේ ජාති ය අප ජරාවට පමුණුව‍යි. ජරාව අ වුත් වැද නලා තමා නො කැමැති දෙය්ක අනුන්ට දෙන්නා සේ අප මරණට පමුණුනවා ලයි. පසු ව මහණ වන්ට යන්නෝ කවුරු ද? මම තුනු රුවන් අරභයා විමතකි නැතු ව මහණව්නට අයිම් නම් එහි න ආනුභාවනේ මේ පැන් පැන් නොවේ’යි කියා සාමාන්යමයෙනුත් තුනුරුවන් ගුණ සලකා ආවෙණික වු මේ කාරණයෙනු ත්’ බුදුහු නිකෙලෙස් සේක යනාදිනව අරහාදි බුදු ගුණ සඳහන් කෙරෙමින් අසුන් දහස දිය පිටට පැන්න වු ය. වඤ්වා අදහසක් නො ව සැබෑ ම අදහස් හෙයින් අස්සු දහස ගල තලෙක නික්මුණු කලක් මෙන් නික්මුණවු ය. කුරවල් අක් පමණක් ම තෙමිණ.

රජ්ජුරුවෝ එ ගඟින් එ තෙර ව ල ඔබ්බේ යන තැනැත්තෝ අනිකු ත් ගඟක් දැක ‘මේ ගඟ කි නම් දැ’යි විචාරා නීල වාහිනි නැමැති කී කල්හි ගැඹුරු - පළල විචාරා ගැඹුරෙනු ත් පළලිනු ත් දෙ ගවු දෙ ගවුය යි කි කල්හි හොරු - අඟුළු ආදි ය විචාරා එයි ත් නැතැයි කී කල්හි සෙස්ස ආදි ලෙසින් ම සලකා ඒ ගඟින් එ තෙර වන රජ්ජුරුවෝ පෙළ දම් සහිත වන ලොවුතුරා දහම් ගුණ සලකමින් එ ගඟින් නික්ම ඉදිරියෙහි යන්නෝ අනික් ගඟක් ැදක ‘මේ ගඟ කිනම් දැ’යි විචාරා චන්ද්ර් භාගා නමැ යි කී කල්හි ගැඹුර - පළල විචාරා ගැඹුරෙනු ත් පළලිනු ත් සතර ගවු - සතර ගවු පමණ ය‍ යි කී කල්හි සෙස්ස ආදි කි ලෙස ම විචාරා සලකා පියා ඒ ගඟින් එ තෙර වන රජ්ජුරුවෝ ‘බුදුන්ගේ සවුවන් වහන්සේ මධ්යඟම ප්රනතිපදාවට පැමිණි හෙයින් මනාව පිළිපන් සේක’ යනාදින් සඞ්ඝ


522 සද්ධර්මුරත්නාවලි ය

ගුණ සලකමින් ඒ ගඟිනු ත් එ තෙර ව ඉදිරියෙහි යන්නාහු වැඩ හුන් නුග ගස කඳ වෙළෙප් ආදි ය ‍නො එක් පෑ ඇති කෙරෙමින් දිවන සවනක් රස් දැක රජ්ජුරුවෝ සිතන්නෝ:

‘මේ අප දුටු ‍ආලොක ය නම් හිරු ආ‍ෙලාකයකු ත් නො වෙයි. රුදවස්ක්ෝ ‍ෙනා වන හෙයිනු ත් මෙ සේ වු ශොභාවෙක් ඊ නැති හෙයිනු ත් ස‍ඳෙක ආ‍ෙලාකයකු ත් නො වෙයි. දිව්යභ බ්රිහ්ම නාග සුපණිදින් අතුරෙන් එක්තරා කෙණකුන්ගේ ශරීරාලොකයකුත් නො වෙයි. මම එකාන්තයෙන් ම බුදුන් අරභයා අයිමි. ඒ බුදු රාජාණන් වහන්සේගේ ශරීරා‍ෙලාක ය නියාය’යි බුදු රස් දකිමින්ම අසු පිටින් බැස පියා බුදු රස් දිවන අතින් ම බුදුන් ළඟට ගොසින් සිරියෙල් කල්කයෙක ගැලෙන කෙණකුන් මෙන් බුදු රස් ඇතුළට වැද බුදුන් වැඳ එකක් පස් ව හුන් හ. බුදුහු පිළිවෙළ කථාව වදාළ සේක.

බණ දෙසුන් කෙළවර රජ්ජුරුවෝ සහපිරිවරින් සෝවාන් ව අසු පිටින් ආ ගමන් හෙයින් ගමන් විඩි මඳ වුව ත් බො‍හෝ ව තිබෙන කෙලෙස් විඩා මඳ කළහ. ඉක් බිති හැම දෙන ම මහණ කරන්ට ආරාධනා කළහ.

බුදුහු ත් මුන්ට ඍද්ධිමය වූ පා සිවුරු පහළ වේ දෝ හෝ යි බලා ‘මේ කුලදරුවෝ පසේ බුදුවරුන් දහසකට පිරිකර දහසක් දුන්හ. කසුප් බුදුන් සමයෙහි විසි දහසක් රහතන්ට විසි දහසක් පිරිකර දුන්හ. එක පිරිකරක් - දෙ පිරිකරක් පවා දුන්නන්ට පහළ වන කල මුන් ට පහළ විම විස්ම නො වෙ’යි දැන රන් වලා ගබෙකින් විදුලියක් මෑත් වන කලක් මෙන් දකුණත දික් කොට වදාරා ‘මහණෙනි ‘ සසර දුක් නසන නිසා බඹසර හැසිරෙන්ට එව’යි වදාළ සේක. ඒ ඇසිල්ලෙහි තුන් සිවුරු පාත්රාන දි වු අට පිරි කර දරා සිය වස් ගිය මහ තෙරුවරුන් මෙන් ආකල්ප සම්පන්න ව අහසට පැන නැගි ලැ බැස බුදුන් වැද ගෙන වැඩ හුන් සේක.

ඒ වෙළෙන්දෝ ද රජ ගෙට ගොසින් රජ්ජුරුවන්ගේ මෙහෙවර ගිය නියාව කියා යවා බි‍ෙසාවුන‍ු ත් ‘යහපත, එ ත් ව’යි කි කල්හි ගොසින් වැඳ ලා එකත් පස් ව සිටියහ. බිසවු ‘කුමකට අවුදැ’යි විචාරා රජ්ජුරුවන් වහන්සේ මොබ එවා වදාළ සේක. මසු තුන් ලක්ෂමයක් දෙවා වදාළ මැනැවැ’යි කී කල්හි ‘සගයෙනි, ඉල්වා ලන නියාව බො‍ෙහාව. රජ්ජුරුවන් වහන්සේට තොප කළේක කුමක් ද? කුමක් නිසා එක පැහැර මෙ තෙක් වස්තු දෙ වු සේක් දැ’යි


75. මහා කප්පින තෙරුන් වහන්සේ ගේ වස්තුව 523

විචාළෝ ය. ‘බි‍ෙසාවුන් වහන්සථ අනික් අප කී කළ දෙයෙක් නැත. එක් අමුතු හස්නක් කියම්හ’යි කිවු ය. බිසවු ඒ අසා ‘එන් හස්න අපට ත් කියන්ට පිළිවන් දැ’යි විචාළෝ ය. ‘බිසොවුන් වහන්ස, පිළිවන’යි කිවු ය. ‘ එ සේ වි නම්. සගයෙනි, කියව ‘යි කී කල්හි බිසොවුන් වහන්ස, බුදුහු ලොව උපන් සේකැ’යි කිවුය.

බිසවු ත් අසා රජ්ජුරුවන් පරිද්දෙන් ප්රීවතින් පිනා ගොසින් කිසිවකු තු තුන් විට ක් කොට සලකා ගත නො හී සතර වෙනි වාරයෙහි සලකා පියා ‘මේ බස අසා රජ්ජුරුවන් වහන්සේ කුමක් දුන් සේක් දැ’යි විචාරා මසු ලක්ෂ යක් දුන් නියා ව කී කල්හි බිසවු න් ‘මේ නියා වු හස්නක් අසා රජ ව සිටි ලක්ෂයයක් දුන් බව රජ කමට තරම් නො වෙ යි. මම උන් වහන්සේ තරමට දුක් පත් නියාවට තුන් ලක්ෂරයක් දෙමි’යි කීහ. ‘අනික කුමක් කිවු දැ’යි විචාරා ධර්ම පහළ වු නියාව ත් සඞ්ඝයා වහන්සේ පහළ වු නියාව ත් කිම්හ’යි කී ක්ලහි තුන් වාරයක් සලකා ගත නො හී සතර වෙනි වාරයේ සලකා පියා තුන් තුන් ලක්ෂකයක් දෙවුහ.ක වෙළඳු පන් සියය ත් ගියා වෙළඳාම තිබිය දී ම රජ්ජුරුව්නගෙන් තුන් ලක්ෂ.යක් හා බිසොවුන්ගෙන් නව ලක්ෂ යක් හා එක් කොට දොළොස් ලක්ෂ්යක් තුනුරුවන් ආනුභාවයෙන් ම ලත්හ. බිසවු ද මසුරන් දොළොස් ලක්ෂලයක් දී ලා ‘රජ්ජුරුවන් වහන්සේ කොයි දැ’යි විචාළහ. බුදුන් ළග මහණ වන්ට ගිය සේකැ’යි කිවු ය. ‘අපට කියා එවුයේ කුමක් දැ’යි විචාරා ‘රාජ සම්පත් ඔබ වහන්සේට ම හැර රජ සිරි විඳිනට කියා එවු සේකැ’යි කිවු ය.

‘ඇමැත්තෝ කොයි දැ යි විචාරා ‘උයිත් රජ්ජුරුවන් වහන්සේ හා කැටි ව ම ගියෝ ය’යි කී කල්හි උන් හැම දෙනානගේ අඹුවන් කැඳවා යවා ලා උන් හැම ආ කල ‘එම්බා’ තොප හැම ස්වාමීහු කප්පින රජ්ජුරුවන් වහන්සේ හො බුදුන් ළඟ මහණවන්ට ගියෝ ල. තෙපි හැම කුමක් කරවු දැ’යි විචාරා ‘මහණ වන්ට යන ගමනේ උන් හැම අපට කියාලා එවුයේ කුමක් දැ’යි විචාළ කල්හි න’තමතමන් ගේ සම්පත් තොප තොපට ම හළ නියාව ත් අභිප්රායය ලෙස සම්පතින් ප්‍තමයෝජන විඳින්නට ත් කියා එවු ය’යි බිසවුකිවුයය. ඒ එසේම ය’ මුම වහන්සේ කරන්නේ කිම්දැ’යි විචාළෝ ය. ‘හෙම්බා, උන්දෑ රජ ව සිට මහඟ සිට ම තුනුරුවන්ට ත් තුන් ලක්ෂවයක් පුදා ලා ‍මේසා මහත් රජ සැපත් කාරා දමා පු කෙළක් කොට ත් නොසිතා මහණවන්ට ගිය සේක් ම ය. මම ද තුනුරුවනේ පවත් අසා නව ලක්ෂනයක් පිදිමි. ඒ සම්පත් වැළි ත් රජ්ජුරුවන්ට ම දුක් ඵළ වන්නේ නො


524 සද්ධර්මදරත්නාවලි ය

වෙයි මම ත් ඇලුම් ඇති වය රැඳිණිම් නම් මට ත් දුක් එළව යි. රජ්ජුරුවන් වහ්නසේ ක‍ාරා දමාපු කෙළක් නො වළහා කටින් හැර ගන්නා සේ උන් වහන්සේ හළ සම්පතෙහි මම ආල ය කෙරෙම්ද? උන් වහන්සේට ඉන් පරන් යෝජනයක් නැත්තා සේ මට ත් ප්රනයොජන නැත. මම ද බුදුන් ළඟට ගොසින් මහණ වෙමි’යි කිවු ය.

‘බි‍සොවුන් වහන්ස. මුඹ වහ්නසේ සිතූ සිතිවිලි අපත් සිතූකල නපුරු ද? අපි ත් මුඹ වහන්සේ ලා කැටි ව අවු ත් මහණ වම්හ’යි කිවු ය. අදහස් නම් එක තරමේ නො තිබෙන ‍හෙයින් ඉනු ත් ගෑනු අදහස් හෙයින් ‘ එ ලෙස කටයැකි වී නම් යහපත් වේ දැ’ යි කියා ලා උන් හැම තර ව සිටි කල්හි ‘එ සේ වී නම් එව’යි කියා ලා රථ දහසක් යොදවා ලා රථවලට නැඟි උන් හැම හැ සමඟ නික්ම අතුරු මග දි ගං තුන ම දැක රජ්ජුරුවන් විචාළ සේ ම නම් වෙන වෙන ම ආස දැන ගං වල ගැඹුර හා පළල ත් විචාරා ගං තුනේ ප්‍රමාණය ත් රජ්ජුරුව්න දත්තා සේ ම දැන හොරු ආදි ය විචාරා එයින් නැති නියාව දැන ගං තුන දි ම අපි හොරු ආදි ය ලබන තෙක් හිඳුමෝ නම් ජාති තොමෝ තමා මුල කාරණ හෙයින් සෙසු ත් ප්රයත්යඳය ජාත ය හැර ගෙන ජරාවට පමුණුවයි . ජරාව මරණට පමුණු වයි. මළ කල මහණ වන්ට යන්නෝ කවුරු දැ’ යි ‘මේ ගං තුන නම් රජ්ජුරුවන් වහන්සේගේ ත් අපගේ ත් තුනුරුවන් විෂයෙහි විමතියක් නැති ව ම නික්මුණු නියාව හඟවන්ට පහළවුවා සේ වුව. තුනුරුව්න නැමැති හොරු අඟුළු නම් සත්ත්වය යන් සසර නමැති මහ මුහුදින් වුවත් එතෙර කරත්. බොහෝ දෙනා සසර නමැති ඒසා මුහුදකින් පාව ඈත් කොට‍ නිවන් පර තෙරට පමුණුවන්නේ පළලින් ගවු දෙ ගවු පමණ පළල ඇති ගං දෙකක් හා සතර ගවුවක් පමණ පළල ඇති ගඟක් හා ගං තුන පමණකින් අප හදහස්ක දෙනා එතෙර කොට බුදුන් කරා පමුණුවා නො ලා ද? අපි තුනුරුව්න ගුණ නමැති ‍ෙහාරු අඟුළු - කරම්හ’යි තුනුරුවනේ ගුණ සලකා තුන් ගඟින් එ තෙර වුහ.

බුදුහු ත් උන් එන නියාව දැන තමන් වහන්සේ ළඟ හුන් සඟ දහස යම් සේ උන්ට ‍ෙනා පෙනෙන සේක් වී න්ම ඒ ලෙසට අධිෂ්ඨාන බලයෙන් සඟවා ලු සේක. උයි ත් යන තැනැත්තෝ අමුතු පැයක් එවන්ට නොඑක් පැ ඇති වයිති යොදන්නා සේ බුදුන්ගේ ශරිරයේන දිවෙන සවනක් රස් දැක කප්පින රජ්ජුරුවන් සිතූ ලෙස ම සිතා බුදුන් ළඟට ගොසින් වැඳ ලා එකත්පස සිටියාහු ‘ස්වාමිනි කප්පින රජ්ජුරුව්න වහන්සේ මහණ වන්ට මොබ ආ සේක් වේද උන් වහන්සේ කොයි ද? අපට පැ වදාළ යහපතැ ‘යි කිවු ය. ‘තව


75. මහා කප්පින තෙරුන් වහ්න‍සේ ගේ වස්තුව 525

සිටුව. හොබ්බකට ‍ෙනා ගොස් මෙ තැන දි ම දැක්ක හැක්කැ’යි වදාළ සේක. ඌ හැම දෙන ත් මෙ තැන දි ම දැකුමේ ල’යි සතුටු වු හ .බුදුහු ත් උන් හැම දෙනා‍ගේ අදහස් බලා බණ වදාළ සේක. බණ අසා අනෝජා බිසවු සහ පිරිවරින් ශෙරා ව ත ආපත්ති මාර්ග. ඥන නමැතිච මිහිරි පැන් අනුභව කොට සත්කාය දෘෂ්ට්යේදි ‍ෙදාෂ නැමති පිපාසා සන්සිඳුවා ගෙන ශ්රොැත ආපත්ති එලාලඞ්කාර ලා සැරහුනාහු ය. මාහ කප්පපිත තෙරුන් වහන්සේ උන් හැමට වදාළ බණ අසා අනුන්ට ලා ලු දෙයක් කන කලක් පරිද්දෙන් සැඟවි උන් ගමනේ ම ධර්ම ප්ර තිවේධ කොට සහපිරිවරින් පිළිසිඹියා පත් රහත් වු සේක.

ඒ වෙලෙහි බුදුහු ඒ වහන්දැ බිසවුන් පෑ වදාළ සේක. ආ වේලේ නො දැක්කුවේ හැයි ද යත් - ආ විට ම හිස කේ කපා සිවුරු පෙරවා සිටියා දුටු කලට බි‍සොවුන් ලා ත් ඒ වේලාවට පෘථග්ජන හෙයින් ආදි වෙන සැටියෙක දකිනවුන් දැන් වෙන සැටියෙක දුටු කලට සිත එකඟ නො වන කලට අධිගමයක් කරවා ලිය නො හැක්ක’යි සිතා වදාරා සෝවාන් ව නිසල සැදැවෙහි පිහිටි කලට රහත් වු වහන්දෑ දක්වා වදාළ සේක. ඔහු ද ඒ වහන්දෑ දැක පසඟ පිහිටුවා වැඳ ගෙන ‘ස්වාමිනි, මුම වහන්සේ හැමට මහණ ධර්ඹැ මුදුන් පැමිණියේ’යි කියාලා බුදුන් වැඳ එකත් පස් ව සිටියාහු සෝවාන් පමණෙකින් ශාසන සමය දක්නට නුවු හෙයින් හෝ දත ත් ආරාධනා කළ මනා හෙයින් මහණ කරන්ට ආරාධනා කළහ. බුදුහු ඒ අසා ‘සැවැත් නුවරට ගොසින් මෙහෙණවර මහණ වව’යි වදාළ සේක.

ඌ හැම දෙන ත් ඔබ යන්නාහු අතර මග දි බොහෝ දෙනා ගෙන් සාද සාමිචි විඳිමින් පියන් ම සාර සිය අසූ ගවු ව ගෙවා ගොසින් මෙහෙණවර මහණ ව රහත් වුහ. බුදුහු ත් වඩනා ගමනේ තනි ව වැඩිය ත් එක දවසින් ම මහණ මහලු පැවිදි කොට රහත් කරවා ගත් සඟ දහස පිරිවරා දෙව්රම් වෙහෙරට වැඩි සේක. කප්පින මහ තෙරුන් වහන්දසේ ද රැ වසන තැන් දවල් වසන තැන් ආදියෙහි දී ඉතා සැප ය’යි උදන් අනන සේක. ‍ඒ අසා වහන්දෑ ත්, ස්වාමීනි, කප්පින තෙරුන් වහන්සේ ඉතා සැප ය. ඉතා සැප ය’යි කියන සේක. රජ සැප ත් අරභයා ‍ දෝ හෝ’යි සිතම්හ’යි කි සේක.

බුදුහු ඔබ කැඳවා ලා ‘සැබැ ද තෙපි කප්පිනයෙනි, රජ සිරින අරභයා උදන් අනවු දැ’යි විචා‍රා ‘ඒ අරභයා උදන් අනනස නිසාත් ‍ෙනා අනන නියා ත් ස්වාමින් ම දැන වදාර ත් වු වව මා අතින් විචාරා වදාරන්නේ හැයි දැ’යි කි කල්හි බුදුහු ‘මහණෙනි, ම පුතණුවෝ රජ සැපතක් අරභයා උදන් අනන්නෝන ‍ෙනා වෙති. ම පුතු තමන්

526 සද්ධර්මැරත්නාවලි ය

මාගෙන් ලත් නිවන් රස අරභයා උදන් අනති වදාරා ධර්මැ ය නම් හඹු- උළු - කැන් තැටිවල මුඩම් වල වත් ‍ කොට ගෙන බොන්නා බි පියන්ට‍ බැරි වුව ත් යම් කෙණෙක් පෙළ දහම් ‍ඉගෙන අර්ථන රස ය නුවණ තුඬින් බොත් නම් නව ලොවුතුරා දහමින් මාර්ග් ධර්මන ය හවත් න්ම , ඵල ධර්ම් ය සාක්ෂාරත් කෙරෙත් නම් නිවන් දහම් අරමුණු කෙරෙත් නම්, ඌ ධර්මය ය බොන්නා නම් වෙති. කෙලෙස් කිලුටු නැති විමෙන් ඉතා පහන් සිතින් මෙ සේ ධර්මන ය බොන්නා වු සත්වසයෝ සතර ඉරියවුවෙන් සුව සේ දවස් යවති. නුවණැත්තෝ තුමු බුද්ධාදීන් විසින් දෙසන ලද සත් තිස් බොධි පාක්ෂිතක ධර්මනයෙහි හැම කල ම ඇලෙතී ‘යි වදාළ සේක. මේ දෙශනා කෙළවර ත් බොහෝ දෙන නව ලොවුතුරා දහම් යථොක්ත ලෙසින් පුහ. එ හෙයින් නුවණැත්තවුන් විසින් පෙළදම් අර්ථම ප්රනතිවේධ වශයෙන් බි නව ලොවුතුරා දහම් මාර්ග් භාවනාදින් පිමට උත්සාහ කටයුතු


76. ප ණ් ඩි ත සා මණෝ ර ව ස් තු වසංස්කරණය

තව ද යම් කෙණෙක් ඉතා දුක් පත් වත් පින් කෙරේත නම් උන් කෙසේ දුක් පත් වුව ත් කර්මු බවයෙහි දි පැවැති කුශල චෙතනා ත් විපාක භවයෙහි දි සම්භ වන සමෘර්ධිය ත් දුක් පත් නො වන නිසා ව හඟවන්ට පණ්ඩිත සාමණෝර වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

යට ගිය දවස කසුප් බුදුහු විසි දහසක් රහතන් පිරිවරා බරණැස් නුවරට වැඩි සේක. මිනිස්සු තමන්ගේ පෝමන් සලකා දසයකු ත් විස්සක් ත් වඩා ත් එක් ව ගෙන අමුතු ව ලා වැඩි බුදුන්ට අමුතු දන් දුන්හ. එක් දවසක් බුදුහු වළඳා අන්තයෙහි අනුමෙවෙනි බණ වදාරාන සේක් “උපාසකවරිනි. ම ‍ලොව සමහර කෙණෙක් තමා සතු දෙය දී ම ම යහපත. අනුන් පින් කම සමාදන් කරවා කිම් දැ’ යි තුමු තමන් සතු දෙයින් දන් දෙති. අනුන් සුඟකු ත් සමාදන් නො කරවති. උන් උපනුපන් තැන උන්ට ධන ධාන්යන සම්පත් බොහෝ ව ඇති වෙයි. පරිවාර සම්පතට හේතු වු සමාදාන ය නුවු හෙයින් කලෙි - කොලු පමණෙක ත් පරිවාර නැත. සමහර කෙණෙක් බණ දහම් කියා අනුන් සමාදන් කරවති. තමන් දෙය වේයන් බඳ නා තුමස් සේ උපයා රැස් කර ත් මුත් දනක් දි නො ලති. ඌ උපනුපන් තැන පරිවාරා සම්පත් ලැබෙති. භොග සම්පතට ‍ හේතුව නු වු හෙයින් පරිවාරයටත් වඩා තමන්ට බත් පමණකු ත් ඇත් නම් ඇත.

සමහර කෙණෙක් මසුරු සිත බලවත් හෙයින් තුමු ත් නො දෙති. පිනකට අදහස් නැති හෙයින් අනුන් සමාදනු ත් නො කර 76. පණ්ඩිත සාමණේර වස්තුව 527

වති. උන් උපනුප්න තැන දෙක ම උන්ට නො උපද්දි. සිඟා කා ජිව්ත වෙති. තමන් කළ ලෙස සලකා ගත නො හි අනුන්ට මැසෙති. සමහර කෙණෙක් දෙක ම කෙරෙති. උන් උපනුපන් තැන උභය සමෘර්ධි යම ඇතැ”යි වදාළ සේක. ඒ බණ අසා එක් ළඟ වසිටි නුවණැති කෙණෙක් ය්ම ලෙසක කළ කල සම්පත් දෙක ම මට සම්බ වේ නම් බුදුන් ම උපදෙස් වදාළ ඒ ලෙස කෙරෙමි’යි ඌ තුමු බුදුන් වැඳලා ‘ස්විමිනි. සෙට දිනයට කරුණා කොට වදාළ යහපතැ’යි කිවු ය. ‘වහන්දැ බොහෝ වුව. කෙ ‍තෙත් විතර වුව මනා දැ’යි විචාරා නිත්ය පරිවාර වහන්දෑ කෙ තෙක් දෙනා වහන්සේ දැ’යි උපාසකයන් විචළ කල්හි ‘විසි දහසෙකැ’යි වහන්දෑගේ ගණන වදාළ සේක. ස්විමිනි, එ සේ වි නම් එක නමකු තක් නො හැර කැඳවා ගෙන සිඟා වඩානේ යහපතැ’යි කිවු ය. බුදුහු ත් ඉවසා වදාළ සේක.

ඌ ගමට වැදලා තම්න තකා ම කළ ආරාධනාවක් නො වන හෙයින් ‘‍ෙදමවුපියෙනි’. නෑයිනි,සියෙනි, සෙට දවසට බුදු පාමොක් සඞ්ඝයා වහන්සේට නුම හැම ත්තකා ආරාධනා කෙළෙමි. මාගේ ම බලයකට හෝ පොහොසත් කමකට නොවෙයි. යම් විතරකට දන් දෙන්ට පිළිවන් වි න්ම එ තරමකට නුඹ නුඹගෙන් දන් දුන මැනැවැ’යි කියා ඇවිදිනෝ තමන් තමන්ගේ බල ය සලකා අපි නමකට දෙම්හ. “අපි විසි නමකට දෙම්හ’යි, අපි සඟ සියයකට දෙම්හ. අපි පන් සියයකට දෙම්හ, යනාදීන් කී කල ‘දන් දෙම්හ’යි නිල වුවනු ත් දන් දෙන වහන්දෑගේ සඞ්ඛ්යා ව ත් වට්ටෝරු කොට ගත්හ. එ සමයෙහි වැළිත් එ බැරණැස් නුවර ඉතා දුක් පත් හෙයින් මහ දුගියා යයි ප්රසසිද්ධ වු කෙණෙක් ඇත. උනු ත් එ තැනට ආවවුන් දැක ‘සබඳ මහදුගිය. බුදු පාමොක් වහන්දෑට සෙටයට ආරාධනා කෙළෙමු. නුවර ඇත්තෝ හැම එක් ව සෙටන දන් දෙති. තොපි කී නමකට දන් දී ලිය හෙවු දැ’යි විචාළෝ ය.

‘ස්වාමීනි. මට වහන්දෑ හැයිද, වහන්දෑ වුව මනා නම් දන් දිලිය හෙන කෙණකුන්ට වේ ද? මාගේ සෙසු පැදීම් තබා සෙටන උළු කැන් බී පියන්ට සාල් නැළියකට විදි කිදි ත් නැත. මම බැළමෙහෙ කොට ලා ජිවත් ‍වෙමි. වහන්දෑගෙන් ලබත් මුත් ඔබ දී ලන්ට මාගේ බලයක් නැති පසු මට වහන්දැ හැයිදැ’යි කිවු ය. පින් කම සමාදන් කරවන්නවුන් විසින් නුවණැති ත් විය යුතු ය. නුකුසි ත් විය යුතු ය. එ සේ හෙයින් නැතැ’යි කී ව ත් පලා නො ගොසින් ‘සබඳ මහ දුගි ය. මෙම නුවර ඉස් සෝධා නා පියා සුවසේ බත් කා ගෙන සළු සොළි පිළි බ හැඳ පියා නො එක ආභරණ ලා සැර හී ශ්රීස යහන්වල සැතපෙමින් බොහෝ දෙන කළ පින් ලෙසට සම්පත්

528 සද්ධර්මදරත්නාවලි ය

විඳිති. තොපි රඟමඩුල්ලෙක පුරමාට්වු පානා කෙණකුන් මෙන් කුණු රෙද්දකින් අමුඩක් ගොතා ගෙන උදාසන පටන් සවස් වෙලා වන තුරු බැළ මෙහෙ කොට ත් කුස පිරෙන පමණක් නො ලැබෙ යි. එ සේ වුව ත් ‘දන් මා නො ලබන්නේ පෙර දනෙහි යොදා යමක් නුදුන් හෙයිනැ’යි නො දත් නිසා දැ’යි කිවු යය. ‘දනිමි. ස්වාමිනි’යි කිවුය. ‘දන්නා කල මේන දැන් දනට පිණට මැළියෙයි න. තොප දුක් පත් බව මුත් වයස් පාල නො ගිය හෙයින් දැඩිතර වුව. කුමක‍ු ත් කොට ලිය හෙත් බැළ මෙහෙ කොට වුව ත් පොහෝනා පමණෙක දන් සුඟක් දුන් කල නපුරු දැ’යි තර ව කිවු ය.

දුගියාණෝ ත් උන් තර ව කියත් කියත් තුමු ත් කාරණ සිතා පියා අදහස දුගි කම් නැති ව ‘එ සේ වි නම් මට ත් නමක් වට්ටෝරුවේ ලියා ගත මැනව. බැළ මෙහෙය්ක ‍ෙකාටක ලත් යෙකින් නම කට ද්න දෙමි’යි කිවු ය. දන් විධාන කොට සමාදන් කරවන නැතැත්තෝ ත් දස නම- විසි නම - සඟ සිය ය-පන් සිය ය ලි වට්ටෝරුවල එක නම ලියන්නේ කිම් දැ යි නො ලිවුවෝ ය. එයි ත් මහ දුගියාණන්ගේ ම එ වක සැපතට දෛව නැත ත් නිසි ම තැනක් ලබන්ට වු නිලයෙක මහ දුගියාණෝ ද ගෙ පැල් පතට ගොසින් ඇඹේණියන්ට කයන්නෝ ‘සොඳුර. නුවර ඇත්තෝ හැම දෙන එක් ව සෙටන මහ දන් දෙති. දන් විධාන කොට සමාදන් කර වන තැනැත්තෝ දුක්පත්මි කිව ත් කර බඳිනා යෙදක් මෙන් නමක් මට ත් නිල කොළෝ ය. අපි ත් නමකට සෙට දවස දන් දෙම්හ’යි කිවු ය. උන්ගේ ඇඹේණියෝ ද ‘අප දුක් පත් වුව ගිවිස් සේ ඇයිදැ’යි ‍ෙනා කියා ‘කළ දැ ඉතා ම යහපත. පෙර ත් කිසිවක් නො දී දැන් දුක් පත් වුම්හ. දැන් යමක් කට නුහුණුමෝ නම් රෑ වත් අඳුර දැඩි වන්නා සේ වඩ වඩා ලා ම දුක්පත්කම් ම ය. අපි දේනන කැටි ව බැළ මෙහෙ කොට ඉන් ලද දෙයකින් නමකට දන් දෙම්හ’යි කියා දෙන්න ම බැළ මෙහෙ සොයා ගියහ.

එ නුවර මහ සිටාණෝ ද මහ දුගියාණන් දැක ‘කුමක් ද, සබඳ මහ දුගිය, බැළ මෙහෙ කෙ‍රේ දැ’යි විචාරා ‘එ සේ ය’ යි කී කල්හි ‘කවර කර්මාරන්කයක් කෙරෙ යිදැ’යි විචාළෝ ය. ‘කමක් වේව යි වදාළක් කෙරෙමි’යි කි ය. ‘ එ සේ වී න්ම වහන්දෑ දෙතුන් සිය ය කට සෙසට අපගෙන් දන් දෙම්හ දන් පිසන්ට දර පළා දෙව’යි කියා ලා ගැට පැස පියන්ට වෑයකුත් දෙවා ලා දර පළන්ට පොරවකු ත් දුන්හ. මහ දුගියාණෝ ද මහා උත්සාහයෙන් වෑයෙන් කැපුව මනා තැන් වෑයෙන් කපමින් පොරොවින් පැළු ව මනා තැන් පොරොවින් පළමින් වහ වහා දර පළති. සිටාණෝ දැක ‘සබඳ, තොපි

76. පණ්ඩිත සාම‍ණේර වස්තුව 529

මෙතෙක් දා සේ නො වව  අද මෙහෙ කොට ලන නියා ව බලවත. කාරණ කිම්දැ ‘යි විචාළෝ ය. “මින් ලද දෙයක් හැර  ගෙන නම  කට දන් දෙමි. සිතා ය” යි කිවු  ය.  සිටාණෝ  ඒ අසා  සතුටු  ව ‘අනේ මුන් කරණ දැ යහපත,  “මම දුක් පත්මි කියාලා  වැද  නො හිඳ  එක් නමකට දන් දෙත් ල’යි සිතුය. සිටු දුවණියෝ ද  බැළ- මෙහෙයට  ගිය දුගී  අඹුවන් දැක ‘කුමණ මෙහෙවරක් ‍කරවු  දැ’යි විචදාරා ‘කැමැති මෙහෙවරකැ’යි කී කල්හි වන්-මො‍ෙහාල් තිබෙන ගෙට ගොසින් වුනත් මො‍හොලු ත් දෙවා ලැ දන් වි පාරින්ට නිල කළහ.

ඌ තු තුමු සතුටු ව නටන කෙණකුන් මෙන් වී පැර පැර වි පු කෙරෙති සිටාණන්ගේ ඇඹේණියෝ ද ‘සතුටු සතුටු ව වි පෑරපුව. මිල ආසාවෙන් පාරිනා පමණ මු ත් මහ දුක් වුව. සතුටු වන්ට කාරණ කිම්දැ’යි වි‍චාරා එක් නමකට දන් දෙන්ට සිතන නියාම කී කල්හි සිටු දුවණි‍යෝ ත් දුක් පත් ව සිට කරණ දෑ යහපතැ’යි සිතුහ. සිටාණෝ ද දුගි‍යාණන් දර පළා ලු කල මේ ‘තොප කළ මෙහෙයට මිල ය ‘යි හැල් වී සතර නැළියක් දෙවා ලා අනික් තු හැල් වී සතර නැළියක් මිලයෙන් පිටත් ව සතුටු ව දෙන දේ ය’යි දෙවුහ. ඌ ගෙට ගොසින් ඇඹේණියන්ට ‘මම බැළ මෙහෙ කොට හැල් විකක් ලදිමි. ඒ බතට ඇත. තොප ලබන දෙයට සරි කර දි තෙල් දුරු මිරිස් ආදි ය හැර ගනුව ‘යි කිවු ය. සිටු දුවණි‍යෝ ත් උන්ට කන තලේ මුට්ටියකු ත් දි අත් ප්රවතළයකු ත් දුරු මිරිස් ආදිය ත් ඇල් සාල් නැළියකුත් දෙවුහ. දෙන්නා ගෙන් කැටි ව සාල් පස් නැළියක් මුළුලු වි ය.

උන් දෙන්න ම දානෝපරණ මුළුලු වු නියාවට සතුටුව පාන්වන්නා ම නැඟි සිට පලා කඩා ගෙනෙව’යි දුගිය්න්ට ඇඹේණ‍යෝ විධාන කොළෝ ය. උයිත් අංගාණියට ගොසින් බො‍හෝ දෙනා ම මිල දී හැරග්ත හෙයින් පෙළා කොළක් නො දැක ගඟ බඩට ගොසින් ‘අද නමකට දන් දෙම්හ’ යන අදහසින් සතුටු සතුටු ව තමන් දුක්පත් තරමේ උගත් ගීයකු ත් කියා කියා පලා සොයා ඇවිදිති. මහ දැල් දමා ලා සිටි කෙවුළෝ මහ දුගියා දෙඩු හ‍ඬෙකැ ‘යි සිතා කැඳවා කඩන පලා තිබිය දී සතුටු සතුටු ව ගී කියන්ට සිතට ඇති සුව ය කවරේ දැ’යි විචාළෝ ය. ‘පලා කඩමින සිටියෙමි’ කිවු ය. ‘පාල කුමට දැ’යි විචාළ කල්හි එක් නමකට දන් දෙමි. දනට මාළුවට ය’යි කිවු ය. ‘‍අනේ තොපගේ පලා කොළ වළඳන වහන්දෑත් තොප සේ ම පින් නැති නියා වේ ‘යි කිවු ය. සබඳනි, කුමක් කියා ද? දන් දි ලා වන සුවපත් කමක්


530 සද්ධර්ම රත්නාවලි ය

මුත් දන් දෙනු නිසා සුවපත් වන්ටත් බැරිවේ ද? මට උපන් සැටියෙක දෙමි’ කිවුය.

එ සේ වී නම් මෙ සේ එව’යි කැඳවා ලා තෙල අප දැල් ගසා ලා ලු කුඩ මස්සන් අකක් අගනා ලෙසට ත් දෙ අකක් අගනා ලෙසට ත් කහවණු වක් අගනා ලෙසටන ත් වැල්වල අවුණාලව’යි කිවුය. උයි ත් එසේ ම කොළෝ ය. ඇවුණු ඇවුණු කුඩමස්සන් නුවර ඇත්තෝ තම තමන්ගේ දනට හැර හැර ගෙන ගියෝ ය. උනු ත් කුඩමස්සන් වැල්වල අවුණන්නවුන්ට වහන්දෑ සිඟා වඩනා වේලා ආසන්න විය. උයිත් වේලාව සලකා ලා වහන්දෑ සිඟා වඩනා වේලාව ය.මම යෙමි ‘යි කිවු ය. ඇල්වල අවුනා තුබු කුඩමස්සෝ ඇත් දැ යි විචාරා නැත. නිම්ම ය යි කී කල්හි එ සේ වි නම් රේමස් සතර දෙනකුන් කය කල ගෙන යම්හ’යි වැලිසාරා ලා සඟවා තබැලුම්හ. ඉදින් නමකට දන් දෙවු නම් උන් ගෙන යව’යි කිවු ය.

එ දවස් වැළි ත් බුදුහු අළුයම‍ ලොව බලනන සේක් ගඟ කුඩ මස්සන් කෙවුළු දැලට හසුව්න්නා සේ මහ දුගියාණන් තමන් වහන්සේ ගේ විනේජන කුඩමස්සන් හසුකරවන්නට සක්වළ ගබ් නැමති මුහුදට දැමු. නුවණ දැල බැඳුණවුන් දැක ඕ හට වන්නේ කැම්ක දෝ හෝ යි බලන සේක් ‘මහ දුගියාණෝ ත් නමක් පමණට දනක් දෙමි. අඹුව හා දෙන්න බැළමෙහෙ කොළෝ ය. දන් වළඳන්නට කවර නමක් ලැබේ දෝ යි ස‍ිතා ‘වට්ටෝරු ලු ලෙස සඟුන් බෙදි ඒ ඒ ගෙවලට වළඳන්ට ගිය කලට මා විනා න අනික් නමක් නොලබන්නේන ය’යි දැක වදාළ සේක

සර්වනඥවරයෝ නම් කරුණා පුඤ්ජයක් සේ හෙයින් දුක්පතුන් කෙරෙහි අනුපම්පා බලවත් ව ඇති සේක. එ සේ හෙයින් බුදුහු උදාසන ම සිරුරු කිස සපයා ගෙන මහ දුගියාට කරුණා කෙරෙමින් හුදකලාව ම කථාකරන්ට වෙන්වවා සේ ගඳකිළියට වැද ලා වැඩහුන් සේක. මහ දුගියාණන්දැ කුඩමස්සන් ද හැරර ගෙන ගෙට එත් එත් සක් දෙවිඳු‍ගේ පඬු ඇඹුල් සලහස්න හුණු වි ය. හුණු වන්ට කාරණ කිම්දෝ හෝ යි විමසන්නෝ ඊයේ දවස් මහදුගියා වහන්දැ නමකට දනක් දෙමි’යි තමාගේ අඹුව හා සමඟ බැළ මෙහෙ කෙළේ ය. ඉන් ලද දෙයින් අද දන් දෙයි. ඌගේ දනට නිලවන නම කවුරුන් වහන්සේ දෝ හෝ යි සිතා අනික් නමක් ඕහට සම්භ ව්නට නැත. බුදුහු ඕහට කරුණා කෙරෙමි යි සිතා ගඳ කිළියේ වැඩහුන් සේක.


76. පණ්ඩිත සාමණේර වස්තුව 531

මහදුගියා ත් තමන්ට පිළිවන් තරමෙක කැඳ බත් ඉදි කරවා දෙයි. මම මහ දුගියාගේ ගෙට ගොසින් ඌ ගෙන් කරණ දැය ම සකස් වන ලෙසට අරක්කැමි කමක් කෙලෙමි වි නම් යහපතැ’යි සක් දෙවිඳු වෙස හැර ලා අනික් වෙසකින් මහ දුගියාණන්ගේ ගෙය ළඟට ගොසින් බැළ මෙහෙයකින් ප්රකයෝජන කාටදැ’යටි විචාළෝ ය. මහ දුගියා ද උන් දැක ‘සබඳ, තොපි කුමන කර්මා න්තයක් කරවුදැ’යි විචාරා මා නො දන්නා ශිල්පයක් නැත. සෙස්ස තබා සුප ශාස්තරතයක ලෙසින් කැඳ බ‍ත් ආදි ය පිසන සේ ත් දනිමි.’යි කිවු ය. ‘සබඳ අපි වන්නා අපගේ දන් ඉදි කිරිමකු ්ත ඇති හෙයින් මෙහෙ කරවා ගන්නා කැමැත්තම්හ. මෙහෙය කරවා ගෙන දී ලන්ට මිල නැතැ’යි කිවු ය. ‘තොපට කළ මනා කුම‍ක් දැ’යි විචාරා ‘එක් නමකට දනක් දෙන හෙයින් පිසමනු ත් දන්නා පසු ඒ ඉදි කොට දි ලිම කැමැත්තෙමි’කි කල්හි ‘ඉදින් වන්දෑ නමකට දනක් දෙවු නම් තොපගේ මිලයෙන් මට කම් නැත. තොප දුක් පතුන්ට පින් යහපත් කළ මා ත් දුක් පත් තැනැත්තවුට පින් නපුරු දැ’යි කවර කල ත් දුක් පත් කම ම කියා එන ශක්ර වරුන් හෙයින් එ ලෙස කි වු ය.

එ අසා මහ දුගියාණෝ ‘එ සේ වි නම් පලා එව ‘යි කැඳවුහ. උයි ත් උන් ගෙට ගොසින් සාල් මාළු ගෙන්වා ගෙන ‘තොපි ගොසින් තොපට පැමිණ තැන්ක කැඳවා ගෙන එව’යි කියා ලා යමුහ. දන් විධාන කොට සමාදන් කැර වු තැනැත්තෝ ද වට්ටෝරු වු ලෙසින් වහන්දෑ ඒ ඒ ගෙවලට යවුහ. මහ දුගියාණෝ ද උන් ළඟට ගොසින් ‘මට නිල කළ වහන්දෑ නම දුන මැනැවැ’යි කිවුය. ඌ එ වේලේ සලකුණු කොට පියා සලකුණු නො වි ය’යි කිවු ය. මහ දුගියාණෝ ද තමන් දුක සේ සපයා ගත් දනක් හෙයින් සැර පහරක් සේ බත් පහර ලදින් වහා මුසුප්පු ව ‘සබඳ, මා කුමට නසයි ද? ර ව කියා නිල කළ හෙයින් දෙ මහල්ලන් ම දවස මුළුල්ලේ ම බැළ මෙහෙ කොට එ සේ ත් විඩා ව අද උදාසන ම පලා සොයා ගොසින් ගං බඩ ඇවිද එ සේ ත් විඩා ව පියා අයිමි. එ සේ මෙහෙ කොට ඇවිද වු කාය පීඩා විතරට ත් දැන් ඇති වු චිත්ත පීඩා විතර මහත. දන්නා යම් ලෙසකින් වහන්දෑ නමක් නිල කළ මැනවැ’යි කියා ලා හඬන්නට වන්හ.

මිනිස්සු ත් රැස් ව් පියා ‘මේ කිම් ද. මහ දුගිය’යි විචාළෝ ය. දුගියාණෝ ද එ පවත් කිවු ය. තෙල සැබැ දැ’යි විචාරා සැබැව’යි කි කල්හි මේ තෙක් දෙනාට මෙ තෙක් වහන්දෑ නිල කරණ



532 සද්ධර්මතරත්නාවලි ය

ගමනේ වහන්දෑ විසි දහසක් සෙයින් මඳ නො වත් නමක් පමණ නිල නො කෙළේ නපුරැ’යි සමාදන් කරවා ඇවිද තැනැත්තා වුන්ට කිව ය. උයි ත් ඒ අසා මහා මුසුප්පු ව ‘සබඳ මහ දුගිය මා නො නස ව, තොප නිසා ත්මට වුයේ මහා මුසුප්පු ය. මිනිස් යු ත් වට්ටෝරු ලෙසට වහන්දෑ නිල කොට ගෙන තම තමන් ගේ ගෙවලට වඩා ගෙන ගියහ. එක නමක් කිම් දැ ‘යි වට්ටෝරු කරව්නට ත් ‍නො වි ය. තම තමන්ගේ ගෙවල වළඳන්ට ගිය වහන්දෑ මා ඉල්ලුනව’යි කියා මට හරින්නේ ත් නැත.. බුදුහු වැළිත් තව දක්වා න වහන්දෑ ලා කැටිව ත් නො වැඩ ගඳ කිළියට ම වැද ලා වැඩ හුන් සේක.

රජ, යුවරජ, සෙනෙවි ආදිහු බුදුන් ගඳ කිළියේන මැත් වන තෙක් පෙර මග බලා හිඳිති. බුදුන්ගේ පාත්ර ය හැර ගන්නා නිසා ය. උන් කෙ සේ හුන ත් බුදුවරුන් වහන්සේ දුක් පතුන් කෙරෙහි අනුකම් පා ඇති සේක. තොපි වෙහෙරට ගොසින් ‘ස්වාමීනි, මම දුක් පතිමි. කරුණාව නම් දුක්ඛිත සත්වවයන්ගේ දුක්ඛාපගමයටක වේ ද, මට කරුණා කළ මැනැවැ’යි කියා ලා වඳගෙන වැද හෙව ඉදින් තොපෙගේ පිණෙක් ඇත් නම් බුදුන් ම ලබව’යි සිත් දෙවිඳු අවුත් ඇඟ ආවේස වුවා මේන කිවු ය.

උයින් ඒ අසා වෙහෙරට යන්ට නික්මුණාවු ය. මෙ තෙක් දවසුත් විහාරයට සිඟා කන්ට යන හෙයිනු ත් රජ යුව රජ ආදීහු ‘හැයි, මහ දුගිය, තව වළඳන වේලාවක් නො වත් කුමට යෙහි දැ’යි කිවු ය. ‘වළඳන වේලාව ‍නො වන නියා ව දනිමි. බුදුන් වඳින්ට යෙමි’ කියමින් ගොසින් ගඳ කිළියේ එළි පත ඉස තබා ලා පසඟ පිහිටුවා වැඳ ගෙන ‘ස්වාමිනි, මේ නුවර මට වඩා දුක් පත් කෙණෙක් නැත. බුදුවරුන් වහන්සේ දුක් පතුන් කෙරෙහි කරුණාව ඇත්තේ නියම වි නම් මට කරුනා කරණ බව ය’යි කිවු ය. බුදුහු ගඳ කිළියේ දොර ලා සම්පතක් ඉල්වා අතදික් කළ කෙණකුන්ට මහත් නිල් මැණිකක් දෙන කලක් මෙන් පාත්රා ධාතූන් වහන්සේ ඔහුගේ අත තබා ලු සේක. උයි ත් පාත්රල ධාතූන් වහන්සේ ඔහුගේ අත තබා ලු සේක. උයිත් පාත්රි ධාතූන් වහන්සේ ලදින් සක් විති රජ සැපතකට පැමිණි කෙණකුන් මෙන් වුහ. රජ යුව රජ ආදිහු උනුත් මුණු බලා පිහ. මහ දුගියාණන්ට බුදුන් දෙවා ලු පාත්රර ය පො‍ෙහාස්ත කමින් ඇරග්නට සමථි කෙණෙක් නැත. ඔවුහු මෙ සේ කිවු ය.

“සබඳ මහ දුගිය, බුදුන්ගේ පාත්රකය අපට දිනි නම් තට බොහෝ සම්පත් දෙම්හ. තෝ ඉතා දුක්පත්ති, තට වුවමනා


76 පණ්ඩිත සාමණේර වස්තුව 533

සම්පත් මිස මේ පාත්රේයෙන් ප්ර යෝජන කිම් ද යනාදින් ගුණෙන් කිහ.

දුගිය‍ාණෝ ‘කිසි කෙණකුන්ට ත් පාත්රදය නො දෙමි. මට වස්තුවෙන් කම් නැත. බුදුන් වළඳෙන වම්’ කිහ. පාත්ර ය. ඉල්වා නො ලදින් සෙසු හැම දෙන ම රඳා පිහ. රජ්ජුරුවෝ සිතන්නෝ ‘මේ මහ දුගියා වස්තු දෙම්හ’යි කිව ත් බුදුන්ගේ පාත්රා ය නො දෙයි. බුදුන් වහන්සේ ත් තමන් වහන්සේ ම දෙවා වාදළා වු පාත්රර ය කිසි කෙණකු ත්හැර ගත නො හෙති. මූ ඉතා දුක් පත් හෙයින් දී ලන දෙය කවර තරමක් බව ත් නො දැනෙයි.. මූ තමා දෙය දෙන සැටියක දි පූ කල්හි බුදුන් වඩා රජ ගෙට ගොසින් මට සපයා තුබු අහර දෙමි’ සිතා බුදුන් හා කැටි ව ම නික්මුණා හ.

සක් දේව රජ ද කැඳ බ්ත ඉදි කොට ලා බුදුන් වැඩ හිඳිනා ලෙසට හසුනකු ත් පනවා ලුහ. මහ දුගියාණෝ බුදුන් වඩා ගෙන ගොසින් ‘ස්වාමිනි‍, ගෙය ඇතුළට වැඩිය මැනැ‍ව’යි බුදුන්ගේ උස තරමට තමන් ගෙය මිටි වුව ත් කිවු ය. උන් දුක් පත් හෙයින් හිඳිනා ගෙය ත් මිටිය. නැඹුරු නො ව වදනට නො පිළිවන. බුදුවරුන් වහන්සේ ත් ගෙවලට වදනා කල කරණ පින් කම් මිටි නො කළ මනාහෙයින් කර බා ගෙන නො වදිනා සේක. ඒ එසේ මැයි ගෙවලට වදනා කළ පොළොව හෝ පාත බස්සි. ගෙය හෝ උඩ පැන නැහෙයි. පින් කරණ කල කරණ පින් සකස් කොට කිරිමෙහි අනුසස ය. නැවත වැඩ පි කලට ආදි ලෙසට ම වෙයි. ඒ කාරණනයෙන් බුදුහු කර නො බා වැද සක් දෙවිඳු පැනවු හස්නෙහි වැඩ හුනු සේක.

බුදුන් වැඩ හුන් කල්හි රජ්ජුරුවෝ ‘දුගියාණෙනි, තෙපි අප හැර ඉන්වා ත් බුදුන් ගේ පාත්ර් ය නුදුන්නු ය. තොප ඉදි කරවා තුබු දන් බලන්ට වුව මැනව. අපට පාව’යි කිවු ය. ඉක් බිත්තෙන් දුක් පත් වෙස් ගත් සක් දෙවිඳු කැඳ බඳුන් ආදියෙහි වැසුම් හැර ලා පැවු ය. ඒ බඳුනේ සුවඳ සියලු මුළු නුවර පැතිර සිටියේය. රජ්ජුරුවෝ කැඳත් අවුළු සියලු මුළු බලා පියා බුදුන්ට දන්වන්නෝ ‘ස්වාමිනිථ මම මේ දුගියා දෙන දන් කවර තරම් හෝ යි බලා මු දෙන දෙය දි පි කලට මුඹ වළඳවන්ට සිතා අයිමි. මා මේ බඳු බතක් කන්නා තබා දුටු විරූ ත් නැත. ම‍ා මෙස් තැන රඳා පී කලට මහ දුගියාට ගහට වේ දැ’යි බුදුන් වැඳ ගෙන නික්මුණවු ය.



534 සද්ධර්මබරත්නාවලි ය

ශක්රදයෝ ද තමන් සකසා ඉදි කළ දැ සකසා ම වළඳවා ලු ය. බුදුහු ත් වළඳා අන්තයෙහි අනුමෙවෙනි බණ වදාරා ලා වැඩි පී සේක. සක් දෙවිඳුන ද මහ දුගියාණන්ට ‘බුදුන්ට ගමන් පුස කොට යව’යි විධාන කළහ. මහ දුගි ත් බුදුන් ගේ පාත්රඅ ය එන ගමනේ ත් තමන් ම ගෙනා හෙයින් වඩනා ගමනේත් හැර දෙන්ට පාතර්ර ය තුමු ම හැර ගෙන නික්මුණවු ය. සක් දෙවිඳු මද තැනක් ගොසින් ලා රඳා බුදුන් එක් තරමෙක් සංග්‍රහ කළ මහ දුගීන් ටතුමු මාහ සංග්ර්හයක් කරණු කැමැති ව මහ දුගායාණන්ගේ ගෙදොර සිට අහස බලා ලු ය. අහස සිස් වුව ත් කළ පින් නො සිස් හෙයින් සත් රුවන් වැසි වැස ලා උන්ගේ ගෙට රෑට බත් පිස කන විතරට ත් අවසර නො කොට සියලු වළ දු ත් පුරා ලා සිටිනා පමණකට ත් අවසර නො තබා රුවන් ගෙය්ක පුරා ලු ය. දුගියාණන්ගේ අඹුවෝ ද පින් කොට ත් මේ තරම් නපුරු ගෙවල හිඳුමේ දැ යි මැත්වුවා සේ තමන්ගේ දරු පැටවුනු ත් කැඳවා ගෙන මෑත් ව ලා සිටියෝ ය.

දුගියාණෝ ත් බුදුන් කැටි ව ගොසින් ලා පෙරලා ආ තැනැනත්තෝ අඹු දරුන් පිටත සිටියවුන් දැක මේ කිම් දැයි විචාරා ගෙය මුළුල්ලේ සත්රුවන් ගෙයින් සිටිනා පමණකටත් අවසර නැති නියාව කී ක්ලහි ‘මා දුන් දනෙහි විපාක ය පර ලොව ලබනවා තිබිය දී මෙ ‍ෙලාව ත් පෙණිනැ’යි සිතා ලා රජ්ජුරුවන් ළඟට ගොසින් දැක ලා ‘කුමක් නිසා අවු දැ’යි විචාළ කල්හි ‘අපගේ ගයෙ සත් රුවනින් පිරිණ. ඒ වස්තුව ගෙන්වා වදාළ මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ගුණයෙන් මුඳුන් පත්බුදු රජුන්ට දුන් දන් අද ම මුදුන් පැමිණියේ ය යි සිතා සමාධි ව ‘තොපට වුව මනා කුමක් දැ’යි විචාරා ‘ගැල් දහසක් දෙන්ට වුව මැනැවැ’යි කි කල්හි ගැල් දහසක් දුන්හ. ඉක්බිත්තෙන් ගැල් දහස පුරවා ගෙන වස්තුව සෙණ්ඩුළුයෙහි ලු කලට විටප ලා ගිය තල් ගසක් පමණ ගොඩ විය. රජ්ජුරුවෝ නුවර වැස්සන් එක කරවා ලා මේ නුවර මෙ‍ෙතක් වස්තු කවුරුන්ගේ ඇත්දැ’යි විචාරා රජ ගෙයක ත් මෙ තෙක් වස්තු ඇත් නම් වේ ද සෙස්සවුන්ට ය’යි කී කල්හි ‘ මේ සා මහත් වස්තුවක් ඇත්තවුන්ට දුන මනා තනතුරු කවරේ දැ’යි විචාළෝ ය. ‘සිටු තනතුර වේ දැ’යි කී කල්හි රජ්ජුරුවෝ උන්ට පෙරහර කොට සිටු තනතුරු දුන්හ.

ඉක් බිත්තෙන් පෙර එක් සිටාණ කෙණකුන්ගේ බිමක් පාවා ලා ‘තෙල තැන වල් හරවා පියා ගෙයක් නංවා ලා



76. පණ්ඩිත සාමණේර වස්තුව 535

ගෙණ වසව”යි කිවු ය. උනුත් එ තැන වල් හරවා පියා තලවුව කරන්ට බිම් කණන කල්හි සැළින් සැළ ගැසි නිධාන සැළවල් නැංග. රජ්ජුරුවන්ට කී කල්හි ‘තොපගේ පිණින් උපනුවා තෙපි ම හැර ගනුව’යි කිහ. උයි ත් ගෙය කරවා ලා එ ම ජාතියේ ආදි එක නමකට දවසෙක දුක ‍සේ දන් දුන් තැනැත්තෝ එ වක බුදු පාමොක් විසි දහසක් රහතුන්ට සිතියක් මුළුල්ලෙහි දන් දුන් හ.

එයින් මත්තෙහි ආයු පමණින් පින් කම් කොට ආයු කෙළවර දෙව් ලොව ඉපැද එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දෙව් සැප ත් වළඳා ‍මේ බුදු හමුයෙහි දෙව් ලොවින් චුත ව සැවත් නුවර සිටු කුලයෙක සිටු දුවණියන් කුසන පිළිසිඳ ගත්හ. ඒ සිටු කුලයෝ ද වැළි ත් ධර්මු සෙනෙවි ස්වාමින්ට උපාසක ව හිඳිති. එ සිටාණෝ ද සිටි දුවණියන් බඩ. දරුව්න පිහිටි නියා ව දැන ගබ පෙරහර දුන්හ. සිටු දුවණියන්ට දොළෙක් ඇති වන්නේ ‘ධම් සෙනෙවි ස්වාමින් මුල් කොට පන්සියක් දෙනා වහසන්සේට රේමස් හා සමඟ බතක් දන් දී ලා රන්වන් පිළි හැඳ පෙර ව පාළි කෙළවර හිඳ වහන්දැ වළඳා හළ බතින් බත් සුඟක් හැර ගෙන කෑම් නම් යහපතැ’යි මෙ බඳු දෙළෙක් උපත. උයි ත් සිටාණන්ට එ ලෙස කියා ලා එ සේ කළහ. දෙළ ත් සන්හුන. ඉන් මෑත සත් මසින් සුනු ගැබ් ආදි මඟුල් සතෙිහ ත් රේමස් රසෙන් යුත් බත් ධම් සෙනෙවි ස්වාමින් මුල් වු පන් සියක් දෙනා වහන්සේට දුන්හ. මෙහි නො කි සියල්ලෙක් ඇත් නම් වනවාසි තිස්ස තෙරුන් වහන්සේ ගේ වත කී ලෙසින් දතයුතු.

මේ කුමරුන් මහ දුගී සමයෙහි දුන්නා වු දුගී නො වන දනෙහි විපාක ය. නම් තබන දවස් වළඳවා ලා ‘ස්වාමිනි. මුඹ වහන්සේගේ කොලු පැටවුට නම් තබා වදාළ මැනව යි කී කල්හි මුන්ට කුමන නමක් වුවමනාදැ’ යි විචාරා ‘ස්වාමිනි, මේ දරුවන් මවු කුස උපන් වක පටන් මේ ගෙයි නුවණ න‍ැති කෙළ තොලු මිනිස්සු ත් මහාපණිඩිත වුහ. එ හෙයින් මේ දරුවන්ට පණ්ඩිනත නම වි නම් යහපතැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ත් ඒනම ම තබා වදාළ සේක. කුමාරයෝ ත් සත් හැවිරිදි වයස දී මෑණියන්ට ‘තෙරුන් වහනසේ ළඟ මහණ වේමි’ යි කිවු ය. ‘මහණ වත ත් කුමක් කරත ත් බාධාව්ක නො කෙරෙමි’යි සිතා හිඳිනා ම නුඹ දැන් අනිකක් නො කියා මා ත් සස්නෙහි ඇතුළත් ව මහණවෙමි’ යි කියන්ට බාධා කිම් දැ’යි කියාලා ධම් සෙනෙවි ස්වාමින් දන් වළදවා ලා’ස්වාමිනි, මේ දරුවෝ අප‍ගෙන් කිමක් නැති ව මහණ


536 සද්ධර්ම රත්නාවලි ය

වෙමි යි කියති. මුන් මහණ කළ මැනමැ ‘යි කියා ල මහ තෙරුන් වහන්සේ වඩා යවා පියා නෑයන් රැස් කරවා ලා ‘අපගේ දරුවන් ගිහි ව වුව මනා යම් සැපතෙක් ඇත්නම් අද ම කරම්හ’යි මහත් වු සත්කාර කොට උන් කැඳවා ගෙන වෙහෙරට ගොසින් මහ තෙරුන් වහ්නසේට මහණ කරවන්ට පාවා දුන්හ.

මහ තෙරුන් වහ්නසේ ද මහණ වු කල වන අට්ටාල් වදාරා ‘ස්වාමිනි’ සිතා ගෙන කිරිම කුමක් වු ව ත් මුඹ වහන්සේ වදාළ ලෙස කෙරෙමි’කී කල්හි ‘එ සේ වි නම් මෙ සේ එව’යි හිසකේ තෙමා පියා කපා වදාරා තවපඤ්චකය පමණක් උගන්වා ලා මහණ කළ සේක. දෙ මවු - පියෝ ද සතියක් මුළුල්ලෙහි ම වෙහෙර නබිම මහත් හෙයින් වෙහෙර ම රඳා බුදු පාමොක් සඟනට රේමස් රසෙන් යුත් දන් දී සත්වන දවස් ග්ම ගෙවලට ගියහ. මහ තෙරුන් වහන්සේ අටවෙනි දවස සිඟා වඩනා ගමනේ වහන්දෑ හා කැටුව සිඟ නො වැඩි සේක. කුමක් නිසා ද යතහොත් - අලුත් මහණ වු පණ්ඩිත සාමණෙරය්න දෑ ගැටවටු ගන්වා සිවුරු වළදිනා සේ තව දන්ට ත් නැත. පාත්රැ ය පටවා ගන්නා සේ දන්ට ත් නැත. ආධුනික හෙයින් ආකල්ප සමෘද්ධිය ත් තව නො ආයේ ය. තව ද මහ තෙරුන් වහන්සේ වෙහෙර කළමනා වතුත් ඇත. මෙ‍ තෙක් දවසු ත් වහන්දෑ සිඟා නැඟි ගිය කලට වෙහෙර මුළුල්ලේ ඇවිද නො හැමඳි තැන් හැමඳ පියා සිස් ව තුබු පැන් වැළදේ. පැන් පෙරහා වසා තබා ලා නපුරු ව තුබු හැ‍ඳෙක් - පුටුවෙක් ඇත්නම් එයි ත් තැන් පත් කොට තබා ලා සිස් ව තුබු වෙහෙරට අවුදින් නපුරු ව තුබුවක් දැක මහණ ගොයුම්හුගේ සවුවන් හුන්‍ තැන සැටි බලව’යි තිථිකයන් කියන ලෙසට ‍ෙනා තබා ව්ත මුළුල්ල සපයා ලා පසු ව පියා සිඟ‍ා වඩනා සේක. එ හෙයින් එ දවසු ත් හෙරණුන් දෑ ලවා සඟල සිවුර හා පාත්රව ය ගෙන්වා ගෙන දාවල් කොට සිඟා ව‍ැඩි සේක. හෙරණුන්දෑ උපාද්ධ්‍යායයවන් වහන්සේ ලා කැටි ව යන දැ අතුරු මඟ කුඹුරට දිය ගෙන යන ඇළක් දැක ‘ස්වාමිනි, මේ කිම්දැ’යි විචාළ දෑ ය‍. ‘හෙරණිනි’ මිට ඇළය යි කියති. වදාළ සේක.

මින් කරන්නේ කුම්ක දැ’යි විචාරා කැමති තැනකට පැන් ගෙන ගොසින් කෙත් වලට නමා ගොයම් කෙරෙති’ වදාළ කල්හි ස්වාමිනි, මෙ පැනෙයි සිත් ඇත් දැ’යි විචාරා නැතැ යි වදාළ කල්හි ‘මෙසේ සිත් නැති පැන් තමන් කැමැති තැනකට ගෙන යෙත් දැ’යි කී සේක. ‘එ සේ ය, ඇවැත්නි’යි වදාළ කල්හි’ අනේ


76. පණ්ඩිත සාමණේර වස්තුව 537

මේ සිත් නැති පැන් පවා සිත් ඇති මිනිස්සු අමුණු බැඳිම් ආදි වු නො එක් උපදේස් කොට ගෙන තම තමන් කැමිත තැනකට ගෙන ගොසින් ගොයම් කෙරෙත් ල සිත් ඇත්ත වුන් සිත් නැති පැන් පවා පනත් කොට ගන්නා කල තමාගේ සිත් පමණක් පනත් කොට නො හෙන්ටන කාරණ කිම් දැ’යි එයි ත් සිති තබාගෙන ඉදිරියේ යන දෑ හි වඩුවන් හි දඬු ගින්නෙහි තව තවා ඇසි කෙළවරින් බල බලා හැද මඬිනවුන් දැක ‘මු කවුරු දැ’යි විචාරා හි වඩුවෝ ය යි වදාළ කල්හි මුන් කරන්නේ කිම් දැ’යි විචාරා ‘ගින්නේ තව තවා හි ද‍ඬු පාව හැද හැර ගන්නා කල සිත් ඇත්තවුන් සිතෙහි ම ඇද හැර ගත නො හෙන්ටන කාරණ කිම්ද? දණ්ඩට ත් වඩා සිත් ම ඇද නියා දැ’යි සිතා ඉදිරියෙහි යන දැ දැවිය, නිමි වළලුය නැඹ ය යනාදි ය සසිනවුන් දැක ‘මූ කවුරු දැ’යි විචාරා වඩුව්න නියාව වදාළ කල්හි ‘උන් කරන්නේ කිම් දැ’යි විචාරා ‘ගැල් ආදියට සක් ආදිය කෙරෙති’යි වදාළ කල්හි ‘එයිත් සිත් ඇත් දැ’යි විවාරා ඊ සිත් නැතැ’යි වදාළ කල්හි ‘සිත් නැති දඬු කඩවල් පවා කපා තමා කැමැති ලෙසට කරන කල තමාගේ සිත් පමණක් තමාට නම්මවාගෙන සිත් ඇත්තවුන් මහණ ධර්මල නො කරන්ට කාරණ කිම් දැ’යි මේ කාරණ තුන තර ව සිත තබාගෙන ‘ස්වාමිනි, ඉදින් මුම වහන්සේ‍ගේ පා සිවුරු මුම වහන්සේ ම හැරග්ත සේක් නම් මම රඳා පියමි’යි කී සේක.

මහ තෙරුන් වහ්නසේ ද කාරණ දන්නා හෙයින් මේ අලුත මහණ වු හෙරණ අනුබුද්ධ ව සිටි මට මෙ ලෙස කියන්නේ ය’යි නො සිතා ‘මෙ සේ දෙව’යි වදාරා ලා තම්න වහන්සේගේ සඟළ හා පාත්රනය හැර ගත් සේක. හෙරණුනන් දෑ ද උපාද්ධ්යා යයන් වහන්සසේ වැඳ ලා රඳන දැ ස්වාමිනි, ඉදින් මට බත් ගෙනෙක සේක් ව් නම් රේමස් රස හා බත් ගෙනව මැනවැ’යි කි දැ ය. ‘ඇවැත, කෙ සේ කොයින් ලබමෝ දැ’යි විචාළ සේක. ස්වාමිණි, ම‍ුඹ වහන්සේගේ පිණෙකින් නො ලබතත් මාගේ පිණෙන් ලබන සේකැ’යි කී දැ ය, මහ තෙරුන් වහන්සේ ද හෙරණුන් දෑ ඉතා බාලවත් හෙයින් පිටත හුන් කලට උපද්රපවයෙක් වේ නමුත් ය යි උන්දෑ එ දවස් රහත් වන නියාව ය යි නො සලකා හෝ සැලකුව ත් එ ලෙසක් කළ මනා හෙයින් ගබඩාවේ දොර හරනා කෙස්ස දෙවා ලා මා සැතපෙන ගබඩාවේ දොර හැර ලා ගබඩාවේ ඇතුළට වැද ලා හිඳුව’යි කී සේක. උන්දෑ ත් එ ලෙස ම කොට ලා තමන් දැ ආදි තමපඤ්චකය උගත්



538 සද්ධර්මතරත්නාවලි ය

බැවින් නුවණැති බව හේතු ‍ කොටගෙන අඩුව ත් පුරාගෙන කා ගියා සී කම්ටහන් මෙනෙහි කරමින් හුන් දැය. උන්දෑගේ ගුණානුභාවයෙන් ශක්රාකසන ය හුණු විය.

කාරණ කිම්දෝ හෝ යි ශක්‍හුයෝ සනකා ‘පණ්ඩිත හෙරණුන්දෑ මහණ ධම් කිරිමට සිඟා නො ගොස් රැඳුණු දෑ ය. මා ත් ඔබ ගිය මැනවැ යි සිතා ලා සතර වරමුන් බණවා ලා ‘විහාරයට ආසන්න යෙහි හඬා අරගළ කරන්නා වු සමන් කුකුළු ආදි වු පක්ෂිනු ත් දුර පලවා පියා වට රකවල් ගනුව’යි කියා ලා චන්ද්රු දිව්යප පුත්ර යනුත් සුය්ය්ුවබ දිව්යත පුත්ර්යනු ත් දෙන්නා ම බණවා ලා ‘තොප දෙන්නා ගේ විමන් දෙක නො යා දි රඳවා ලව’යි විධාන කොට ලා තුමු පලා ගොසින් අගුළු කණුව කෙරේ රකවල් ගෙන සිටියාහ. විහාරයේ පරඬලක් සෙලවෙන හ‍ඬෙක් නැත. හෙරණුන්දෑගේ භාවනාව කරන්ට සිත එකඟ වි ය. උන්දෑ පෙරවරු ම විවසුන් වඩා අතැගැමි වුහ. මහ තෙරුන් වහන්සේ ද ‘හෙරණා‍නෝ මහණ ධමට වෙහෙර ම රඳා හුන්හ. උන් රුචි ලෙසට බතක් අසවල් තැනින් ලදහැක්කැ’ යි සිතා තම්න වහන්සේට ආවේණික මමායන ඇති එක් යෙකට වැඩි සේක.

ඒ ගෙයි මිනිස්සු ද ඒ දවස් රේමස් ලදින් මහ තෙරුන් වහන්සේ වඩනේ කවර විටෙක දෝ හෝ’යි පෙර මං බලා බලා හුන්හ. මහ තෙරුන් වහන්සේ වඩානා ඇතුළු ගෙට වඩා ගෙන ගොසින් ආදි ම සපයා තබා ලා හුන් හෙයින් දෝ ‍හෝ ‍ෙනාහොත් ඇසිල්ලෙක සපයා කැඳ අවුළු පත් පිළිගන්වාලා රේමස් හා බත් වළඳින්ට පිළිගැන් වු ය. මහ තෙරුන් වහන්සේ ගෙන යන ආකාර දැක් වු සේක. ‘වළඳා වදාරණ බවයකැ . ගෙන යසන බතු න් පිළි ගන්වම්හ’යි කියා ලා මහ තෙරුන් වහන්සේ වළඳා අන්තයෙහි රේමස් හා බත් පාත්ර ය ය පුරා ලා දුන්හ.

මහ තෙරුන් වහන්සේ ද නිවන් රස වළඳා සිත් පුරා ගෙන හුනත් මේ වේලාවට බඩ සා වේදැ’යි සිතා වදාරා වහ වහා නික්මුණු සේක. බුදුහු එ දවස් වේලා ඇති ව තැබිදි ම වළදාලා විහාරයට ගොසින් පණිඩිත ස‍ාමණේරයෝ උපාධ්යාතයයය්නට පා සිවුරු දි පියා මහණ ධම් කාරන්ට නැවැත්තෝ ය. මහණ වුව වුන් සිද්ධ කළ මනා ප්රධතිපත්ති සාර ය සිද්ධ ව්දෝ හෝ’යි ‍ෙනා වී දෝ ‍හෝ ‘යි විමසන සේක් තුන් මග තුන් ඵලයට පැමිණි නියාව දැන පලඟ නුගුළුවා රහත් වේ දෝ හෝ නො වේ දෝ හෝ’යි බලන සේක් පෙරවරු ම රහත් වන නියා ව දැන වදාළ සේක.


76. පණ්ඩිත සාමණේර වස්තුව 539

ඉක්බිත්තෙන් මෙ ‍සේ වූ අදහසෙක් වි ය. ‘සැරියුත් මහ තෙරහු පිටත කිසි කටයුත්තෙක ගොසින් කල් යවා පී මෑණි කෙණකුන් කිරි බොන දරු පොවන්ට වහ වහා දිවෙන කලක් මෙන් බත් හැර ගෙනග වහ වහා එති. උන්ගේ ඊම නිසා රහත් විමට බාධා වී නමුත් නපුර. දොරටුවේ රකවල් ගෙන හිඳ ලා ශාරිපුත්ර යන් අතින් ප්රපශ්න සතරක් විචාරමි. ඒ පැන විසඳන කලට හෙරණෝ පිළිසිඹියා පත් ව රහත් වෙති. එ සේ හෙයින් මා ගෙනුත් රකවල් ඇත මැනැවැ’යි ගොසින් දොරටුවේ වැඩ සිට එ තැනට වැඩි මහ තෙරුන් වහන්සේ අතින් ප්රයශ්න විචාරන බුදුහු ‘ශාරිපුත්ර යෙනි, තොප ගෙනෙන්නේ කිම් දැ’යි විචාරා ‘අහර ය’යි කී කල්හි ‘ඒ අහර කුමක් එ ළවා දැ’යි විචාළ සේක.

‘වේදනා උපදව’යි උන් වහන්සේ කී කල ‘වේදනාව කුමක් එළවා දැ’යි විචාරා ‘රූ උපදව’යි කී කල්හි ‘රූ කුමක් එළවා දැ’යි විචාරා වදාළ සේක. එ සේ විචාළ බුදුරජුන් වහන්සේට ‘රූ බ පස උපදව’යි කී සේක. එ සේ මැයි බඩ සාය උපදවයි. බඩ සාය ඇත්තවුන් අනුභව කළ ආහාර ය සා දුක් නසා සැප වූ ශරීර වේ ද නාව එළව යි. ආහාරානුභවය නිසා සැපයට පැමිණිය හට ශරීර ශොභාව ඇති වෙයි . එ හෙයින් වේදනාව රූ එලව යි. ආහාරජ රූපයන්ගේ වසයෙන් උපන් සුව සොම්නස් ඇත්තේ හිඳිත ත් හොවිත ත් සුවපස ලැබෙ යි. මෙ සේ මේ පැන සතර විසඳා නිමි කලට හෙරණුන් දෑ රහත් වු දෑ ය. රහත් විම හා සමඟ ම පඤ්ච ප්රමකාර අර්ථ යෙහි ප්රණභෙද ගත ඥන ය ය, පඤ්ච පකාර ධර්මපයෙහි ප්ර භෙද ගත ඥනය ය, ඒ දෙක භගවා සි‍ටිනා නිරුක්තියෙහි ප්රතභෙද ගත ඥන ය ය, ඒ නුවණ තුනෙහි ප්රතභෙද ගත ඥන ය ය යන පිළිසිඹියා ත් ආ ය.

බුදුහු සැරියුත් මහ තෙරුන් වහන්සේ ට ‘ තොපගේ හෙරණුන් ට බත් ගෙන ගොස් දෙව’යි්ු‍ වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ද ගොසින් ‍ෙදාර නිය පිටින් ගසා ලූ සේක. හෙරණුන් දෑ අවුත් මහ තෙරුන් වහන්සේ අතින් පාත්රපය හැර ගෙන එක් තැනෙක තබාලා තල් වැටක් හැරගෙන මහ තෙරුන් වහන්සේට පවන් සැලු සේක. ‘හෙරණනි, පත් සැලීම් පසු කොට පළඳව’යි වදාළ සේක. ‘ස්වාමීනි, මුඹ වහන්සේනැ’යි විචාළ කල්හි ‘අපව වළදා ලා ආම්හ. තෙපි වළඳව’යි වදාළ සේක.

සත් හැවිරිදි වයස මහණ ව අට වෙනි දවස් ඒ ඇසිල්ලෙහි පිපි පියුමක් මෙන් මුඛ ශෝභා ඇති ව අහර පිහිටනා බ තැන් පිළිකුල් විසින් සලකා වැළඳු සේක. වළඳා අන්තයෙහි පාත්රළ ය

540 සද්ධර්ම රත්නාවලි ය

සෝධා පියා දිව සිඳ තැන් පත් කොට තබා පී කලට සඳ දෙවි පුත් රඳවා ගෙන සිටි සඳ මඬල හළ රිවි දෙවි පුත් රඳවා ගෙන සිටි හිරු මඬල ත් හළ. සතර වරම් රජහු සතර දිග රකවල් හළහ. සක් දෙව්ඳුහු කණුව කෙරේ තමන් ගත් රකවල් හළහ. ඉර ත් මුදුනෙත් ඉවත් වි ය. වහන්දෑ ත් ඒ දැක ‘අඩු වුව මනා ඡායාව පස් වරු සෙයින් බෝ වි ය. පණ්ඩිත හෙරණුන්දෑ ත් වළදා නිමවු ය. වේලාට වැළඳු දෝ‍ හෝ කිම් දෝ ‍හෝ යි කුකුස් කළ සේක.

බුදුහු එ පවත් කුකුස් හරවනු නිසා එ තැනට වැඩ ‘තොප හැම කියන්නේ කිම්දැ’යි විචාළ සේක. පවත් දැන් වු කල්හි ‘මහණෙනි. පින් කරන්ට සතුන් මැළි බව මුත් මහා පිණත්තැන් මහණ ධම් පුරන කල-මහ බෝසතුන් පැරම් පුරා නිමවා බුදු වන කල යම් සේ දස දහසක් සක් වළ පොළොව බුදු වන නියාව හඬ ගා කියන්නා සේ ගුගුරා ද, නැවත දස දහසක් සක්වළ දේව බඹහු බරණැස වැඩ හිඳ ධම් සක් පැවතුන් සුත දෙසන දවසු ත් නො රඳා බණ අසන්ට එම්හ’යි හඟවන්නාක් මෙන් මෙ මඟුල් සක්වළට රැස් වු ද, තව ද ‘අපි යම් රූපවචර ධ්යාෙන බලයකින් බඹ ලොව උපනමෝ ද මුඹ වහන්සේ ත් ඒ රූපාවචර ධ්යාහන ලබන සේකැ’යි හඟවන්නාක් මෙන් මවු කුසින් බිහි වන්නා ම පළමු කොට බඹු පිළිගත්හු ද, ඉක්බිත් ව වරම් රජහු පිළි ගත්හු ද, තුන් වැනි රූපාවචර ධ්යායන ලැබීමට කාරණ ව මිනිස්සු පිළිගත්හු ද-

තව ද බුදු වු කල මියුරු කට හඬින් බණ කියන්නේ මෙයට වඩා ය යි හඟවන්නාක් මෙන් ඒ ඒ දෙනා පළත් ආභරණ හා ආතත විතතාදී වු තූය්ය්ාක භාණ්ඩ තෙමේ ම නාද පැවැත් වී ද, තව ද සියල්ලන්ගේ මන් බි‍ඳෙන්නේ ත් මෙ ම ලෙස ය යි, හඟවන්නාක් මෙන් බන්ධන ගත සත්වලයෝ බැම්මෙන් මිදුනා වු ද, කෙලෙස් ලෙඩ හරණ නියාව හඟවන්නාක් මෙන් සත්වමයන්ගේ රෝග පීඩා හැරිණි ද, දිවස් ලැබීමට කාරණ ව අන්ධයෝ ඇස් ලද්දු ද, දිව කන් ලැබීමට කාරණ ව බිහිරි ශබ්ද ඇසු ද, සතර සිහිවටන් ලැබීමට කාරණ ව නුවණ නැත්තෝ නුවණ ලද්දු ද, තව ද ඍද්ධිපාද ලැබීමට කාරණ ව පිළි වු සත්තු පයින් ගමන් ලද්දු ද, සිවු පිළිසිඹියා ලැබීමට කාරණ ව පටුන් වැරද ගියා වු නැව් - පඬවු බට මනා තොටවලට ම අවුත් බට ද, තව ද හස්තාමලක න්යාායයෙන් සියල්ල දැක්මට කාරණ ව බිම වූ ත් උඩ වූ ත් රුවන් බබළා ගියේ ද, එකොළොස් ගිනි නිවීමට කාරණ ව නරක ගිනි



76. පණ්ඩිත සාමණේර වස්තූව 541

නිවිණි ද, හැම තැන නිශ්චල නියාවට කාරණ ව ගං වල පැන් නිශ්චල ව සිටයේ ද -

තව ද මොහඳුරු නැසීමට කාරණ ව ‍‍ලෝ ඇඳිරි නරකවල ආලොක පහළ වී ද, නො එක් ජාති ඇත්තවුන් ආය්ය්රි ජාතීන් සරි විමට කාරණ ව මුහුදුවල පැන් ලුණු රස නැත ව මිහි‍රි පැන් වී ද, තව ද දෙ සැට මිථ්යා දෘෂ්ටි ය හැරිමට කාරණ ව තද සුළං නො හැමි ද, පඤ්චවිධ විමුක්ති නැමැති මලින් බුද්ධොත්පාද නමැති කප් රුක සදන නියාවට කාරණ ව දස දහසක් සක් වල හස් තුරු ලිය ආදියෙහි මල් පිපණි ද, බොහෝ දෙනාට සිත් කලු වීමට කාරණ ව සඳ ඉතා බබළා ගියේ ද, කටය සිතට පීඩා දුරු විමට කාරණ ව හිරු රස් මොළොක් වි ද, තව ද බොහෝ දෙනා අනුශාසනාවෙහි පිහිටා සරණ යෑමට කාරණ පක්ෂින් ගේ අහස ගමන් හැර බිම ඉගමන් වී ද, සදහම් වැසි වැස්වීමට කාරණ ව සතර මහා දිවයින මිහිර පැන් ඇතිව ව සිටි ද, තව ද බුදුන් බුදු ව ලා උද්න ඇනීමට කාරණ ව දෙවියන් තම තමන් ගේ විමන්වල සිටි කෙළි නළු පැවැත්වී මු ත් වි ද, නිවන් පුර වදනා අෂ්ටාඞ්ගික මාර්ග වාසල් හැරීමට කාරණ ව දොරවල් තෙමේ ම තමාට හැරිණ ද, තව ද කා ගියා සී නමැතකි අමා ලැබීමට කාරණ ව සත්වමයන්ට සා දුක් පිපාසා දුක් නැති වී ද, තව ද බ්ර හ්ම විහාර සතර ලැබීමට කාරණ ව කවුඩු බකමුණූ ආදීන්ට ඒ වේලාවට වුව ත් ඔවුනොවුන් කෙරෙහි මෙත් සිත් ඇති වී ද, එ පරිද්දෙන් සඳ දෙව් පුත් සඳ මඬල රඳව යි. සතර වරම්මු වෙහෙර සතර දිග පවත්නා අරගල සන්සිඳුවා රකවල් ගනිති. සත් දෙවිඳු අගුළු කණුව කෙරේ රකවල් ගත

මම ද ‘සම්යතක් සම්බුද්ධයෙම් වේද’යි ‍නො සිතා ම පුතුන්ට දොරටුවේ රකවල් ගතිමි. මෙ ලෙස රකවල් ගත් කලට ම පුත්තු පොළොව උස් තැන් කැපීමෙන් හා මිටි තැන් පිරවිමෙන් ඇළ ව්ල ‍ හෝ ඉඳි කොට ගෙන පිළි ‍ ‍හෝ තබා ගෙන තමන් කැමැති තැනකට පැන් ගෙන යන දියාළුවෝ සිත් පිත් ඇති දෙයක් මෙන් තමන් කැමැති තැනට ගෙන ගොසින් තමාගේ ‍ගොයම් කෙරෙති. හී වඩුවෝ ත් සිත් පිත් නැති දඬ ගින්නෙන් තවා හැද මැඩ විද ලූ කලට දුර යන ලෙසට ඉදි කෙරෙති. වඩුවෝ වල් විටියට ගෙනවු ත් ලා ලු කලට නිම් වළලු



542 සද්ධර්ම රත්නාවලි ය

ආදි ය නිසා සසිනෝ තමන් රුචි ලෙසට වක් වුව මනා වී නම් වක් කෙරෙති. හැද වුවමනා වී නම් එ ලෙසට කෙරෙති.

මෙ පමණක් අරමුණුන කොට තමන්ගේ සිත ත් කෙතට පැන් ගෙන යන දියාළුවන් මෙන් විවසුන් නැමැති ඇළි අමුණු කෙතට නම්මාගෙන, භාවනා නමැති ගොයම් කොට හී වඩුවන් හී දණ්ඩේ හැද හරනා සේ තමන්ගේ සිත ඇති මායා සාඨෙය්යාවදී වකුත් හැර වඩුවන් නිම් වළලු ආදියට දඬු සසිනා සේ තදඞ්ගාදි වශයෙන් කෙලෙසුන්ගේ ඖදාරිකාවස්ථා සැස අෂ්ටාඞ්ගාක මාර්ගඞ නමැති රථාවයවයෙන් අර්හත් ඵල නැමැත් රථය කොට ගෙන සසර කතරින් එ තෙර වන්ට ඒ රථයට නැංගෝ ය’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටුවු ය.

එ සේ හෙහයින් නුවණැත්තවුන් විසින් මේ අරමුණු පණිඩිත සාමණෙරයන්දෑට ම තිබි ආ දෙයක් නොවන බැවින් තම තමා ත් එ ම අරමුණු කොට භාවනා කර කාල චිපත්ති ආහාර - විපත්ති ආදි ය නිසා දැන් එක් තරා ගුණ විශෙෂයක් උපදවා ගත නො හෙතත් මත්තට වුව ත් හේතු කට යුතු.


77. ල කු ණ් ට ක භද්දි තෙ රු න් ව හ න් ස ගේ ව ස් තුවසංස්කරණය

තව ද ය්ම කෙණෙක් අනුන් මහත් කොට කරණ පින් කමක් කුඩා කරව ත් නම් හෝ බොහෝ කොට කරණ දෙයක් මද කරව ත් නම් ඉන් වන නපුර දක්වනු පිණිනස ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

‍ ඒ තෙරුන් වහන්සේ ගේ ශිල සාමධ්යා දි ගුණෙන් මහ මෙරට ත් වඩා උස් බවක් මුත් අනුන් මහත් කොට කරණ පින් කමක් කුඩා කරවා පී හෙයින පස්වා දහස අන්ත අවධියෙක උපන් කෙණකුන් මෙන් මිටි සිරුරු ඇති ව ඉතා කුඩා මුඬා සේක. ඔබගේ තරම ‍ොන දන්නා පෘථග්ජන බාල වහන්දෑ ත් සාම‍ණේර වහන්දෑ ත් ඔබ දුටු කල කන් රොඹුව ත් අල්වා ගෙන ‘කුමක් ද, කුඩා පියාණන් වහන්ස, සස්නෙහි උකටලී තැන් දැ’යි උන් වහන්සේ රහත් නියාව නො දන්ාන හෙයින් වෙහෙසනු නිසා මෙ සේ කියන දෑ ය.

තෙරුන් වහන්සේ එ තැන් හැම බ කුමක් කියත ත් අල පත නෙළුම් පත ඔත් දියත්තක් මෙන් සිත උරණ ක් තමා නැති

78. කාණමාතා වස්තුව 543

හෙයින් මුසුප්පු  නො වන සේක. ධම්  සෙබෙහි ත් කෙළිවෙළඹි වහන්දෑ මේ කරණ ලෙස ත් ඔබ ත් ඊට මුසුප්පු  නැති නියාවව ත් කයා කථා උපන. බුදුහු  එ තැනට වැඩ  ‘කුමක් කියවු ද. මහණෙනි’යි  විචාරා මේ නියා ව දැන ‘ එ සේ ය. මහණෙනි, රහත්තු  නො කිපෙන්නෝ වෙත් දැ’යි  වදාරා  ‘යම් සේ සිදුරක් නැති  විමෙන් ඝන වු ගලෙක් සතර දිගින් හමන මහ සුළඟින්  වෙවුලා නො යේ ද එ පරිද්දෙන් නුවණැත්තෝ  අෂ්ට ලොක  ධර්ම  නැමැති  සුළඟින්  වෙවුලා නොයෙති’යි  වදාළ සේක.  මේ දෙශනා කෙළවර ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ ගලතල මත්තෙහි පස් බිම්ද තැන් නම් ගොයම් නො නැගේ ද එ මෙන් තමාගේ සිත් සතන් කෙලෙසුන් හට නො ගන්නවා, තව ද යම් සේ අහස අල්වා ගත නො හැකි ද, එ මෙන් කෙලෙසුන් විසින් අල්වා ගත නො හැකි ව, තව ද ඒ අහස යම් සේ සිද්ධ විද්යානධරාදීන් විසින් හැසිරෙන ලදු ව තිබේ ද, එ මෙන් ති ලකුණු නැමැති අහස සිත හසුරුවා, තව ද ඒ අහස යම් සේ නිරාලම්බන හෙයින් භය කරවා ද, එ මෙන් භවොත්පත්තියෙහි භය ඇති ව, තව ද ඒ අහස යම් සේ අනන්ත ද එ මෙන් අනන්ත ශිල සාමධ්යා දි ගුණ ඇති ව චිත් ශුද්ධිය කට යුතු.

78. කා ණ මා තා ව ස් තු වසංස්කරණය

තව ද නුවණැත්තවුන් විසින් තුමූ සලකාගත නො හෙත් නමුත් කාරණ දන්නවුන් කී කාරණ අසා සලකන නියාව හඟවනු පිණිස කාණමාතා වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

කාණ නම් වූ උපාසිකාව සමණන්ගේ ඔබ යන්නී ‘සිසතින් නො ගිය මනා වේ දැ යි මෑණියන් ඉදි කළ කැවුම්, සතර වාරයකින් කැටි ව සතරනමකට දුල් කල්හි කාණාවන්ගේ ගමන් කල් යන හෙයින් රක්ෂා කළ සමණන් අනික් අඹු කෙණකුන් ගෙන කල්හි කාණාවෝ එ පවත් අසා ‘හැයි. මේ වහන්දෑ එක් වරෙක හෝ වැඩි ගියේ නම් දෙ වාරෙක හෝ ඉදි කළ කැවුම් පමණක් පිළිගතොත් කැවුම් ඉදි කිරිමෙන් කල් යන්ට නැති ව ලා ඔබ ගියො ක් උන් ඔබ්බෙන් ගෙනෙන මිනිස්සු නැත්තෝ වෙත් ද. මෙ සා හානියක් කළ දෑ වහන්දෑ වේ ද’යි දුටු දුටු වහන්දෑට කාරණ


544 සද්ධර්මහරත්නාවලි ය

සලකා පිය නොහි දොඩන්ට බණන්ට වන්හ. වහන්දෑ ත් බිණුම් ඇසිය නො හී ඒ විථියයට සිඟා එන්ට මැළි සේක. බුදුහු එ පවත් දැන ක‍ානාවන්ගේ ගෙ දොරාට වැඩි සේක. කාණාමාතාවෝ ද අවුත් වැඳ ලා සැදැ ඇත්තවුන්ගේ ගෙ දොර නහසුන් පනවා ම තිබෙන හෙයින් පනවන ලද බුදු හස්නෙහි වඩි හිඳුවා කැඳ අවුළු පත් පිළිගැන්වුහ. බුදුහු කැඳ වළඳා ලා ‘කාණාවෝ කොයි දැ’යි විචාළ සේක. මෑණියෝ කියන්නෝ ‘හඬන්නේ කුමට දැ’යි විචාරා වදාළ කල්හි මෑණියෝ ම කියන්නෝ ‘ස්වාමිනි, මූ තුමු වහන්දෑ දුටු කල දොඩති, බෙණෙති. එ සේ හෙයින් තමන්ගේ අපරාධ ය සලකා දෝ හඬති’ කිවු ය.

බුදුහු උන් කැඳවා ලා ‘හ‍ැයි , කාණාවෙනි. මා දැක සතුටු වුව මනා නැත.න හඬන්නට කාරණ කිම් ද? හඬන්නේ ශොකයෙක් ඇතු ව වේ ද? ශොකයට මුල් වන්නේ ජාතිය වේ ද? එ ජාතිය පවා නැති කරවන්නෙම් ශොක ය නැති කරවා ලිය නො හෙම් ද? කියව’යි වදාළ සේක. එසේ වුව ත් උන් කියා ගත නො හි සිටිනා මෑණියෝ ‘සමණන්ගේ ඔබ මුන් යසන ගමනේ සිසතින් යෑම නපුරු වේ ද’යි තමන් කැවුම් ඉදි කළ නියාව ත් සිඟා ආ නමකට ඒ පිළිගන්වා පියා දෙ වැනි ව ඉදි කොට අනික් නමකට එයි ත් පිළිගන්වා තුන් වැනි ව ත් සතර වැනි ව ත් ඉදි කොට එයි ත් ආ ආ දෙනමකට පිළිගන්වා කැවුම් නැති ව මුන් තමන්ගේ කමන පමා හෙයින් එක්ෂා කළ සමණන් අනික් මිනිස් කෙණකුන් ගෙන්වා ගත් නියාව අසා මුසුප්පු බලවත් මේ වුයේ වහන්දෑ නිසා වේ දැ යි වහන්දෑට දොඩති, බෙණෙති’ කිවු ය. බුදුහු ඒ අසා වදාරා ‘කුමක් ද කාණාවෙනි. මාගේ සවුවෝ තොප දුන් දෙයක් පිළිගත්තු ද? නොහො ත් නො කැමැති කරවා නුදුන් දෙයක් අරගත්තු දැ”යි විචාරා දී ලපු දෙය ය, ස්වාමිනි’යි කී කල්හි ‘ඉදින් මාගේ සවුවො සිඟා ආ ගමනේ සිඟා සිට තොප දී ලු දෙය පිළිගත්තු නම් උන්ගේ වරද කවරේ දැ’යි විචාළ සේක. ‘ස්වාමිනි, වහන්දෑගේ කිසි ත් වරදෙක් නැත. නිරපරාධ වහන්දෑට බිණුවන්ගේ ම වරද යැ’යි මෑණියෝ කිවු ය.

බුදුහු කාණාවන්ට වදාරණ සේක් මා ගේ සවුවෝ ගෙ පිළි වෙළින් සිඟන ගමනේ ඒ ගෙය ත් සිඟුව මනා ගෙයක් හෙයින් සිඟා සිටියේ ය.


78. කාණමාතා වස්තුව 545


තොපගේ මැණි‍යෝ කැවුම් පිළිගැන්වූ ය. මාගේ සවුවන්ගේ වරද කව‍රේ දැ’යි වදාළ සේක. කාණාවෝ ත් ස්වාමීනි. වහන්දැගේ වරදෙක් නැත. සිතා වරද්දාපු මාගේ වරද ය’යි කියාලා බුදුන් වැද ක්ෂ මා කරවා ගත්හ. බුදුහු ත් තමන් වහන්සේ වැඩි කටයුත්ත තුබු සේ තුබු හෙයින් කාණාවන්ට පිළිවෙළ කථාව වදාළ සේක. කාණාවෝ ත් සෝවාන් ව ශොක දුක් දුර ගෙවුහ.

බුදුහු ත් හුනස්නෙන් නැඟිද වෙහෙරට වඩනා සේක් වඩනා තව ත් මං ඇත ත් රජ්ජුරුවන්ගේ/ සෙණ්ඩුළුවෙන් ම නික්මුණු සේක. රජ්ජුරු‍වෝ ත් දැක ‘බුදුහු වඩනා සේක් ය’යි විචාරා එ සේ ය’යි කී කල්හි ‘යව. ගොසින් මා වඳිනට එන නියා ව කියව යි කියා යවා ලා වැඩ සිටි බුදුන් කරා ගොසින් වැඳ ගෙට ‘ස්වාමිනින, වැඩියේ කොයිදැ’යි විචාරා ‘කාණමාතාවන්ගේ ගෙට ය’යි වදාළ කල්හි ‘වැඩි කටයුතු කවරේ දැ’යි විචාළෝ ය.

‘කාණා තොමෝ කාරණ නො සලකා භික්ෂුන්ට බෙණෙ’යි නවදාළ කල්හි ‘ස්වාමිනි, නො බැණන ලෙසත් කොට වදාළේ ඇත් දැ’යි විචාරා ‘එ සේ ය, මහරජ ‍ෙලාවුතුරා සැපතින් යන්තම් සැපතක් දෙවා ලා මෙ ව‍ක් පටන් නො බණන ලෙසක් කරවා ආම්හ’යි වදාළ කල්හි ‘ස්වාමිනි, මුඹ වහන්සේ ලොවුතුරා සැපත් දෙවු සේක් නමුත් ‍ෙලාවි සම්පත්තීන් පිරිහී මුසුප්පු වු තැනැත්තවුට මම ලොවි සැප ත් දෙමි’ කියලා රැඳුණු තැනැත්තෝ වාහනයක් ‍දෙවා, උන් ගෙන්වා ගෙන ශ්රොාත ආපත්ති ඵලාලඞ්කාර ය සිත සරහා ලන බ මුත් ශරීර යට සරහා ලිය නො හෙන හෙයින් ගෑනුන්ට වුමනා පා මුදු - පාඩගම් ආදී වු ආභරණයෙන් සරහා ලා නායක දූ තරමේ තබා ලා ‘ම දූන් පාවා ගෙන යන්ට තරම් කෙණකුත් අවුත් කැඳවා ගෙන ගිය මැනවැ’යි විධාන කළහ. රට තොට විචාරා සිටි එක් ඇමැත්තාණ කෙණෙක් මම කැඳවා ගෙන ගොසින් රකිමි’යි කියා ලා තමන්ගේ ගෙට කැඳවා ගොසින් සියලු ඉසුරු ම අතට හැර ලා කැමති ලෙසකින් පින් කරව’යි විධාන කොළෝ ය.

කාණාවෝ ද එ වක් පටන් සතර වාසල මිනිසුන් සිටුවා භික්ෂු වහන් දෑ වේව යි. භික්ෂුණී වහන්දෑ වේව යි තමන්ගේ ගෙදොරට ම එත් මුත් තමන් ඔබ යා යුතු තරමට නො කොළෝ ය. උන්ගේ ගෙදොර මහ දන් පහ වතුරක්‍ මෙන් පවත්ති. ධම් සෙබෙහි ත් කථාවෙක් උපදනේ වැඩිමාලු කල මහණ වු සතර නමෙක් කැවුම් පිළිගැන්ම ම දත් බව මුත් කාණාවන්ගේ අදහස් නො දැන මුසුප්පු කැර වු සේක. බුදුහු 18

546 සද්ධර්මැරත්නාවිල ය

කැවුම් පිළිගන්නා පමණක් වදාරාලීමෙන් මතු - මත්තෙහි මෙ ලෙසින් උපදනා මුසුප්පු ත් හරවා වදාළ සේක. උන්ගේ අදහස දැන බණ ත් වදාරා ‍ සෝවාන් කරවා ලීමෙන් මතු ‍ෙනා දොඩන ලෙසට සැදෑ ත් ඇති කරවා ලා භික්ෂු වහන්දෑ වුව ත් මෙහෙණින්නන් වුවත් ‍ආරාධනාවට වේව යි උපස්ථාන කරන්ට වේව යි හුන් හුන් තැනට කාණාවන් තමන් නො ඇවිදුවා භික්ෂු - භික්ෂුණි දෙ පක්ෂ ය ම උන්ගෙන් උපස්ථාන විඳ උන්ගේ ගෙට එළඹෙන ලෙසක් කරවා ලූ සේක. අනේ බුදුන්ගේ ආනුභාවයක් ඉතා යහපත් නියා ය’යි කියා කථා කළ සේක.

බුදුහු වැඩ කෙරෙමින් හුන් කථාව විචාරා මේ නියා ව දැන යටගිය දවස කාණාවන් මී ව උපන් නියාව ත් කැවුම් පිළිගෙන මුසුප්පු කැර වූ මාලු වහන්දෑ සතර නම එ තැන එ වක බළල් ව ඉපැද මීව උපන් කාණාවන්ට මුසුප්පු කැර වු නියාව ත්. ගල් වඩු ව උපන් තමන් වහන්සේ පිළිවහණ මුවා ගෙයක් කොට මීයාට දී මියාට ඇති වු මුසුප්පු ව බළලුන්ට පමුණුවා, ඈට ඒ මුසුප්පු හැර වු නියාව් ත් බබ්බු ජාතකයෙන් විස්තර කොට වදාරා ‘මහණෙනි , දැන් බුදු ව හැම දෙනාගේ මුසුප්පු හරවන්ට පොහොස්ත අවධිය තබා පැරුම් බිමදී ත් හරවා ම ආයෙමි වේ දැ’යි වදාරා ලා-

යම් සේ මහ මුහුද ජාතින් සතළිස් දහසක් යොදුන් කුඩ මස් සන්ගෙන් කැළඹෙන හෙයින් හා මුදුනෙන් සතළිස් දහසක් යොදුන් පමණ තැන සුළඟින් ඇළලෙන හෙයින් පාතින් හා උඩින් අසු දහසක් යොදුන් පමන තැන් හැර මැඳින් සාරා ‍දහසක් යොදුන් පමණ ගැඹුර ඇති මුහුදු භාග ය ‍ නොහොත් සිවුරඟ සෙනග ට ත් කැළඹි ‍ෙනා යන තරම් ගැඹුරු විල නො කැළඹි ප්රුසන්න ව තිබේ ද, එ පරිද්දෙන් නුවණැත්තෝ තුමු බණ අසා යම් සේ ඒ විල නො කැළඹෙන හෙයින් ප්රතසන්න ද නො සැලෙන හෙයින් ඇළලීම් නැත් ද, ‍එ මෙන් සෝවාන් - සෙදගැමි - අනැගැමි වීමෙන් උපක්ලෙශ රහිත වු සිත් ඇති බවට පැමිණ පහදිති. රහත් වුවෝ වැළි ත් විශෙෂයෙන් පහදිති’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ සඳ තෙමේ පෙර දෙ පෝයෙහි කලා පුරණ වසයෙන් විඩි ද එමෙන් සීලසමාද්ධ්යාෙදි ගුණයෙන් දිවි පමණින් වැඩි තව ද යම් සේ සඳ තරුඅ මුළුල්ලටම අධිපති ද එ මෙන් උදාරතාර වු ඡන්දදධිපති ආදි ය ඇති ව තව ද යම් සේ සඳ ජන සඤ්චාර රහිත රාත්රිරයෙහි හැසිරේ ද


79. පන්සියය්ක දෙනා වහන්සේ ගේ වස්තුව 547

එ මෙන් විවේකාධ්යායශ ය ඇති ව තව ද යම් සේ සඳ-හිරු-තරු- පෙනෙන දෙව් ලොව විමන් වලින් ඉතා ප්රෙසිද්ධ ද, එ මෙන් සිලාදී ගුණෙන් ප්ර4සිද් ව, තව ද යම් සේ සඳ ආදියෙන් දක්නා කලට මහෝත්සාහයෙන් බලා දකිත් ද එමෙන් ම බොහෝ දෙනා විසින් ප්රා රථනීය ව කුසල්හි හැසිර භවභොග සම්පත් සාධාගෙන කෙළවර නිවන් සම්පත් ලැබ්බ යුතු.

79. ප න් සි ය ක් දෙ නා ව හ න් සේ ගේ ව ස් තු වසංස්කරණය

තව ද සුව පත් වු කල ගුණ හීන අසත්පුරුෂයන් උඩඟු ව පවතු ත් මුත් දුක් පත් වු කල එක් තරමෙකවි නමුත් තමන් දවස් යැවිය හෙන බව හා බඩ සායෙහි නපුර දක්වනු නිසා සිඟන්නන්ගේ දොස් වදාළ පන්සියක් දෙනා වහන්සේ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

බුදුහු පළමු විසි හවුරුදු ඇතුළත වේරඤ්ඡාවට වැඩ වේරඤ්ජ නම් බමුණානන්ගේ ආරාධනාවෙන් පන් සියක් දෙනා වහන්සේ හා සමඟ වේරඤ්ජාවෙහි විසූ සේක. වස් වසන්ට ආරාධනා කළ වේරඤ්ජ නම් බමුණානෝ ද මාරයා ඇඟ ආවිෂ්ට ව තමාගේ දිව්ය ‍ෙලාකයෙන් ඇසිල්ලක් හා මිනිස් ලොවින් තුන් මසක් කුට්ටල ව ඇඟින් පහ නු වු හෙයින් වස් තුන් මස මුවල්ලෙහි එක දවසක ත් ආරාධනා කළ නියාවක් වේ ව’යි බුදුන් එහි විසූ නියාවක් වේව’යි සඳහන් නො කොළෝ ය. වේරඤ්ජාවෙ ත් බත් නැත. වහන්දෑත් නුවර ඇතුළ පිටත සිඟා ත් බත් නො ලදින් මිරිකුණු සේක. එ නුවරට අසුන් විකුණන්ට ගිය අස් වෙළෙන්දෝ යව සාල් නැළිය නැළිය ඔබාදීන් දවස් පතා පන් සියක් නැළි පමණ යව සාල් දෙවුහ.

යව සාල් නමුත් නීරස දෙයක් හෙයින් ඒ වළඳා වෑර ගිය වහන්දෑ දැක මුගලන් මහ තෙරුන් වහන්සේ පොළොව පත්ලෙහි තුබු රස ඕජාවක් වළන්දනු කැමැති වු සේක. තමන් වහන්සේගේ ආනුභාවයෙන් උතුරුකුරු දිවයිනට සිඟා ‍ හෝ ගෙන යුන කැමති වූ සේක. බුදුහු එක් ව කළ අනිවාය්ය්ුවද කර්මියක් නියාව දැන නැවතු සේක. එ වහන්දෑට ත් අනඳ මහ තෙරුන් වහන්සේ විනා හැම තැන් ම රහත් හෙයින් රස තෘස්ණා ව සුන් හෙයිනු ත් තදඞ්ග වසයෙන් වුව ත් අනඳ මහ තෙරුන් වහන්සේට රස තෘෂ්ණා ව සුන් හෙයින් බතක් පැනක් නිසා චිත්ත පීඩා නොවි ය. බුදුහු එහි වස් වැස නිම වා ලා ආරාධනා කළ වුන්ට වස් අන්ත නියාව කීම

548 සද්ධර්මනරත්නාවිල ය

පනතක් හෙයින් කළ උපස්ථානයක් නැත ත් වේරඤ්ජ නම් බමුණාණන්ට වදාරා ලා උන් ගෙන් වස් තුන් මසින් වුව මනා උපස්ථාන එක දවසින් විඳ ගෙන උන් සරණ සීලයෙහි පිහිටුවා මත්තට හේතු ඇති කරවා ලා එයින් නික් ම පිළිවෙළින් සැරසරණ සේක් එක් සමයෙක සැවැත් නුවරට පැමිණ දෙව්රම වසන සේක.

සැවැත් නුවර වැසේසෝ අමුතු ව ලා වැඩි බුදුන් ට අමුතු දන් දෙන්ට පටන් ගත්හ. එ කල පන් සියයක් පමණ සිඟන්නෝ වහන්දෑ ගෙන් සිඟා කා ලා විහාරේ ම රඳා හිඳිති. ඔහු වහන්දෑ වළඳා ඉතිරි මියුරු ආහාර ය කා ලා වැද නිඳා නැගි සිට ගං තොටට ගොස් මහත් කොට හඬ ගසමින් ඒ ඒ තන්හි පනිමින් පොර‍ මල්ලව අල්ලමින් කෙළ ඇවිදිති. විහාරයෙහි ඇතුළත ත් පිටත ත් අනාචාර ම කෙරෙති. ධම් සෙබෙයි රැස් වු වහන්දෑ ‘බලව ඇවැත්නි. මේ සිඟන්නෝ දුගටියා අවධියේ චෙරඤ්ජාවෙහි දි කිසි විකාරයක් නො කළවු ය. දැන් මෙ බඳු මියුරු ආහාර කා ලා නො එක් විකාර දක්වමින් ඇවිදිති. වහන්දෑ චෙරඤ්ජා වෙහි දී ත් උපශාන්ත ව වැස දැනුත් උපශාන්ත ව ම වසන සේකැ’යි කථාවක් ඉපැදවු සේක.

එකල බුදුහු ධම් සභා මණ්ඩපයට වැඩ ‘මහණෙනි, මා එන්නාට පළමු කුමක් කියමින් හුනු දැ’යි විචාරා මෙ පවත් කි කල්හි මොහු පෙර ත් ගද්රවභ යොනියෙහි පන් සියයක් පමණ කොටළු ව උන්නාහු පැන් නුමුසු රසවත් වූ මිදි පැන් මිරිකා පන් සියක් අසුන් පොවා පිටත දමන ලද ඉඳුල් මිදි සප ගෙන පැනෙහි මැඬ නියද වැහැරියෙන් පෙරා පෙවු රස නැති ලාමක වු කසට මිදි පැන් බී ම් නබී මන් වූ බමරුන් මෙන් නාද කෙරමින් ඇව්දුදාහු වෙත් දැ’යි වදාරා ආරාධිත වු බුදුහු -

‘එම්බා මහණෙනි. රස නැති ලාමක වූ පැන් මුසු මිදි පැන් බී පවා එ කල කොටළුවන්ට සත්කාර මදය උපන්නේ ය. අසුන්ට වානහි පැන් නුමුසු රසවත් වූ සිය දැ මිදි පැන් පුව ත් සත්කාර මදයෙක් නුපන්නේ ය. එ සේ හෙයින් හීන ජාතියෙහි උපන්නාහු යන්තම් රස යක් බී ත් එයින් මත් ව උඬඟු වෙති. උතුම් කුලයෙහි උපන් ආචාර සීලයෙන් යුත්තවූවාහු අග්ර රස ය පාන ය කොට ත් එයින් මත් ව උඩඟු නොවෙති. යනාදීන් වා‍ෙලාදක ජාතක ය විස්තර වසයෙන් ගෙන හැර දක්වා සත්පුරුෂයෝ මෙ සේ ‍ෙලාභ ය දුරු කොට සුව පත් කල්හි ද, දුප්පත් කල්හි ද අන් විකාරයකට නො පැමිණෙන්නාහු ය’යි පූර්වාපපරසන්ධි ගළපා මත්තෙහි ද බණ වදාරන බුදුහු “සන්සුන් ගුණෙන් යෙදුණු සත්පුරුෂ වූ බුද්ධාදි

80. ධම්මික තෙරුන් වහන්සේ ගේ වස්තුව 549

නුවැණැත්තෝ පඤ්වස්කන්ධා දී සියලු උපදාන ධර්මගයන් කෙරෙහි අන්තර්ග ත වූ ජන්දසරාග ය අර්හන් මාර්ගනන ඥනයෙන් පහ කොට අදනා හු දුරින් දුරු කෙරෙති. පඤ්ච කාම ගුණයන් හේතු කොට ගෙන තුමූ ත් කථා නො කෙරෙති . අනුන් ලවා ත්කථා නො කරවති.

‘ය්ම කිසි මහන කෙණෙක් අහර සොයා ගම් වදනාහු ලොභා භිභුත ව කිමෙක් ද. උපාසයෙනි, තොපගේ අඹු දරුවන්ට ගමමහිෂාදීන්ට උපද්ර.ව නැත් දැ’යි යනාදීන් කියන්නානහු වී නම් ඔහු පස ය පිළිබඳ කථා කරන්නාහු නම යම් කෙණෙක් එ පරිද්දෙන් කියා ‘ එ සේ ය, ස්විමීනි අපට කිසි දුකෙක් නැත. දැන් අපට බතින් බුලතින් සැප ය. මෙ තැන ම විසුව මැනැවැ’යි තම හට ආරාධනා කරවන්නාහු වි නම් ඔහු පස ය නිසා කථා කරවන්නාහු නම. බුද්ධාද්හු වනාහි දෙක ම නො කෙරෙති. අෂ්ටලෝක ධර්ම.යෙන් පහරන ලද්දාහු වු නමුත් සතුටු - නො සතුටු විම වශයෙන් හෝ ගුණ නුගුන ඇස්විම වශයෙන් හෝ උසස් - යටත් වු ආකාරයක් නො දක්විති’යි වදාළ සේක. මේ දෙශනා කෙලවර බොහෝ දෙන සෝවාන් ආදි වු සතර මග සතර ඵලයට පැමිණ අමා මහ නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් අෂ්ට ලෝක ධර්මසයෙන් අනභභූත සියලු අකුශලයන් දුරු කොට කුශල කර්මටයන්පුරා නිවන් සැප සෑධි යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xi&oldid=5687" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි