සද්ධර්ම රත්නාවලිය- x

60. ලාළුදායී තෙරුන් වහන්සේගේ වස්තුව සංස්කරණය

තව ද නුවණ නැත්තවුන් ගේ සියලු ලෙසින් අඩු ව අඟවනු පිණිස ලාළුදායි තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු. කෙ සේ ද යත්— රට හුන්නාට සසුන් වැද මහණ වූ පමණක් විනා දත මනා දෙයින් කිසිවකු ත් නො දන්නා ඒ ලාළුදායි තෙරුන් වහන්සේ එක් දවසක් මහ තෙරුන් වහන්සේ රැස් ව හිඳ ලා වැඩ පී කල්හි ධර්මඑ සබයට ගොසින් දැන්මක් හඟවමී සිතා නො දැන ම හඟවන්ට බණ හස්නෙහි හුන් සේක. එ සේ හුන් කලට අමුතුව ලා ආ හෙයින් තරම් පදම් නො දන්නා වහන්දෑ පෙනුම් මහත් ව බණ හස්නෙහි හුන්නා දැක නුවණින් ත් පෙනුම වනැ යි සිතා සූත්රු හා විනය ත් නො දන්නා තෙරුන් වහන්සේ ගෙන් විදම් විචාරා හර නැති ගස් කපා ගෙන ගොසින් හර නැති නියා ව


458 සද්ධර්මනරත්නාවලි ය


දුටුවා සේ නුවණ හරක් නැති නියා ව විචාළ දෙය කියා ලිය නුහුණු හෙයින් ම දැන “ බුදුන් හා එක් ව හිඳ ත්මෙ පමණක් දන්ට නැතැ’යි දොඩා ගෙන ගොසින් බුදුන්ට එ පවත් දැන්වූ සේක. බුදුහු ඒ මුල් ‍කොට ගෙන බණ වදාරන සේක් “නුවණ නැති කෙණෙක් දිවි හිමියෙනු ත් නුවණැත්තවුන් කරා එළඹ උන් කෙරේ වැස මේ බුදු වදනැ’යි කියා වේව යි ‘බුදු වදන් නම් මෙ තෙකැ’යි කියා වේව යි පය්යායි කප්ති ධර්මවය ත් නො දනිත් ද, ඒ නොදැන්මෙන් ම සූත්රැ - ප්රාතිපත්ති දෙක ත් නො දනිත් ද, පිළිවෙත් නො දැන්මෙන් මං නො දන්නවුන් ගමන් නො දන්නා සේ පිළිවෙතින් ලද මනා නිවනු ත් නො දනිති. කුමක් මෙන් ද යත් : කෙ තෙක් දවසුත් බත් මාළු පෙරළූ සැන්ද බත් මාළුවේ රස නො දන්නා මෙනි. යම් සේ සැන්ද කෙ තෙක් දවස් බත් පැන ගෑවී තමා කෙටි වන තෙක් මේ මාළුවේ ලුණු ඇත, ලුණු නැත, මී ඇඹුල් දැඩි ය, මී ඇඹුල් මො‍ළක, මේ මාළුව තිත්ත රස ය, මේ මාළුව කට ද යි, මේ මාළුවේ දුවීම නපුර, දුන යහපතැ’යි යනාදි ය නො දනී ද එ මෙන් නුවණ නැත්තෝ කෙ තෙක් දවස් නුවණැත්තවුන් හා එක් ව ගෑවුණ ත් දත මනා දෙයින් කුමකු ත් නො දනිති” යි වදාළ සේක. දෙශනා කෙළවර අමුතු ව ගිය වහන්දෑ පරණ ව තුබූ සක්ලෙශි කම හැර වදාරා නික්ලෙශි ව රහත් වූ සේක. එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් ඇති නුවණ ම රැක නො හිඳ නුවණැත්තවුන් කරා ගොසින් අඩු වැඩි විචාරා දැන ගෙන මනා පිළිවෙත හැසිර ගස් කොළ ලා ලා ඊ ප්රසයෝජන විඳිනා සේ ප්ර තිපත්තියෙන් ලද මනා අනුසස් ලැබ්බ යුතු.


61. භද්ද වග්ගිය තෙරුන් වහන්සේ ගේ වස්තුව සංස්කරණය

තව ද නුවණැත්තවුන්ට ධර්ම් ප්රනතිවෙධය නිරායාස නියා ව හගවනු පිණිස භද්දවග්ගිය තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු. කෙ සේ ද යත් — භද්දවග්ගිය රජ කුමරුවන් තිස් දෙනා - නොසෙවුව මනා දෙය සොයා ඇවිදිනවුන්ට සෙවිය යුතු නව ලොවුතුරා දහම් සොයනු පිණිස බණ වදාළ සේක. ඒ බණ අසා හැම දෙනාට වැඩි මාලු තැනැත්තෝ අනගැමි ව හැමට බැල තැනැත්තෝ සෝවාන් ව තිස් දෙනා ගෙන් රහත් කෙණකුන් පුහුදුන් කෙණකු ත් නැති ව මෙසේ එව. මහණෙනි’ වදාළ බස් පමණින් ම ඍද්ධීන් උපන්


61.භද්දවග්ගිය තෙරුන් වහන්සේගේ ‍වස්තුව 459

පා සිවුරු ධරා මහණ මහලු පැවිදි ව තෙළෙස් දුහග සමාදන් ව වසන සේක් කල් යෑමෙකින් බුදන් කරා එළඹ අනමතග්ග සූත්රෙය අසා අක් මුල් ඇති සසරෙහි තමන් වහන්සේට අක් ඇති ව රහත් වූ සේක. සෙසු වහන්දෑද සමහර කෙණකුන් රහත් වන්ට දවස් ගණන් මාස් ගණන්, හවුරුදු ගණන් දුක් ගන්නා තරමට ත් මේ තිස් නම රහත් වූ නියාව උදවු ය’යි කථාව ඉපැදවූ සේක. බුදුහු ඒ අසා ‘හෙම්බා මහණෙනි, මුන් උදවු වූයේ මෙ වක මතු නො වෙයි. යටගිය දවස ත් මූ තිස් දෙන ධූර්ත ව රා බී ඇවිදිනෝ තුණ්ඩිල ජාතකයෙහි දී මා හුරු ව හූරු තුඩින් කියා ලූ බණ අසා පැයක් විතරට ත් කල් නො යවා පන්සිල් සමාදන් ව රක්ෂා කරණ පන්සිල් කල් යවා සැට දහසක් හවුරුදු රැක එ ම හේතුවෙන් දැන් පලහ නුගුළුවා හුන් හස්නෙහිම හිඳ එ කල රා බීම් ‍හළුවා සේ ම දැන් සව් කෙලෙසුන් හැර රහත් වූහ’යි වදාරා බණ වදාරන සේක් ‘කළ පින් ලෙසට නුවණැත්තෝ හැසිල්ලෙක් ත් නුවණැත්තන් කරා ගොසින් පාලි ඉගෙන අර්ථ් විචාරා පය්යාිල පිති යෙහි නිවයම දැන උන් ගෙන් කමටහනු ත් කියවා ගෙන, පිළිවෙත් පුරා යම් සේ ජිහ්වාප්රැසාද ය නො නට කෙණෙක් රස ය දන්නා පිණිස ඒ අනුභව ‍කට යුත්ත දිවග තබා ලා ලුණු ඇඹුල් ආදිය දනි ත් ද, කල් නො යවත් ද, එ මෙන් නුවණැත්තෝ සදහම් නමැති අමාව සිත් නමැති තුඩ තබා ලා ම නිවන් රස ය දැන ගනිති’යි වදාළ සේක. මේ දේශනා කෙළවර ත් බොහෝ දෙන රහත් වුහ. එ හෙයින් නුවණැත්තවුන් විසින් ඇති නුවණ දියුණා යම් සේ මඬ බොර නැති ව වැලි බොරලු ඇති තන්හි උනා ඇති වූ පැන් ස්වභාවයෙන් පිරිසුදු ද, එ සේ ම ස්වභාවයෙන් පිරී සුදු අදහස ආගන්තුකොපක්ලේශයෙන් නො කළඹා, නැවත යම් සේ ඒ පැන් හුණු වූ විටෙක මුත් ස්වභාවයෙන් ම සිහිල් ද එ මෙන් කොධූපානාහාදී අවු ගිනි දෙකින් හුනු නො කොට අදහස සිහිල් ලෙස ම තබවා ලා සියල්ලවුන් කෙරෙහි කරුණා ඇති ව, තව ද යම් සේ පැනින් අපවිත්ර්යක් පවිත්රල කොට ලා ද එ මෙන් නපුරු තරම් ඇත්තවුන්ට ත් අවවාද කියා තරම් යහපත් කරවා තව ද යම් සේ ඒ පැන් බී පියන්ට නා පියන්ට බොහෝ දෙනා විසින් ආල ය ‍කට යුතු ද එ පරිද්දෙන් තමා‍ගේ යහපත් තරමින් බොහෝ දෙනා විසින්ප්රායර්ත්ථයනීය ව, තවද යම් සේ පැන්


460 සද්ධර්ම රත්නාවලි ය


කවුරුන්ට ත් වැඩ කරු ද එ මෙන් සියල්ලවුන්ට ම ප්රනයෝජන වත් ව කුසල්හි සැහිරීමෙන් ලද අත් බැව සඵල කොට භවක්ෂව යට ම තැත් පිරි ය යුතු.


62. සුප්පබුද්ධ කුෂ්ඨ වස්තුව සංස්කරණය

තව ද අධිතගයන් නම් ප්ර්ථම මාර්ග යෙන් ම සංශ ය ලක්ෂිණ වූ විචිකිත්සාව නසා පී හෙයින් තුනුරුවන්හි විමති නැති නියාව හඟවන්ට සුප්පබුද්ධ කුෂ්ඨ වස්තුව දක්වමු. කෙ සේ ද යත්— රජගහ නුවර වසන ඇඟ කුෂ්ධයක් ඇතු ව සුප්පබුද්ධ නම් කෙණෙක් ඇඟ කුෂ්ට හෙයින් තමන් පිරිස් මැදට වැද්ද ‍නොදෙන්නා පිරිස් කෙළවර හිඳ බණ අසා සෝවාන් වීමෙන් බණ අසන විට බණ පිරිසට පිටත හුන් ත් ආය්ය්ිස් ජාතියට ඇතුළත් ව තමන් ලත් ගුණ දහම් බුදුන්ට දන්වන්ට පිරිස් ඇතුළට යනු කැමැති වත් වැද ගත නො හී නුවර ඇතුළේ දී බණ වදාරා ලා විහාරයට වඩනා ගමන් හෙයින් බොහෝ දෙනා බණ අසා බුදුන් වැඳ ගෙන පසු ගමන් කොට ගොසින් ලා හැම දෙනා නැවත පී කල්හි තුමූ විහාරයට නික්මුණවු ය. එ වේලෙහි සක් දෙවිඳු මේ සුප්පබුද්ධ නම් කුෂ්ටයාණෝ තමන් බුදුන් ගෙන් ලත් ගුණ ය ‘මඳක් ලත් කෙ‍ණකුන් තමන් ලත් දෙය මඳ නියාව අප ලද්දේ මෙ තෙකැ යි දුන්නවුන්ට පානා සේ බුදුන්ට හඟවනු කැමැත්තෝය’යි දැන තමන් අධිගත නොවන හෙයින් විමසා පියමී සිතා අවුත් අහස සිට “ සුප්පබුද්ධයෙනි, තෙපි මිනිස් දිළිදාණ කෙණෙක් වුව. මම තොපට බොහෝ වස්තු දෙමි, ‘බුදුහු බුදු නො වන සේක. දහම් දහම් නොවෙයි. සඟහු සඟහු නො වෙති. බුදුන්ගෙනු ත් මට කම් නැත. දහමිනු ත් මට ප්ර්යෝජන නැත, සඟුන්ගෙනුත් මට කම් නැතැ’යි කියව”යි කිවුය. ඔහු ඒ අසා ‘තෙපි කවුරු දැ’යි විචාරා ‘මම සක් දෙවිඳය’යි කී කල්හි ‘දෙව් සැපත් ලබන්ට පින් ඇති පමණක් මුත් නුවණ නැති, ලජ්ජා ත් නැති. සැදෑ ත් නැති, ශක්රියෙනි, තෙපි මා හා කථා කරන්ට තරම්මු ද? තෙපි මා දිලිඳු ය යි දුක් පතැ යි කියව යම් කෙණකුන්ට ශ්රවද්ධාදී වූ සප්තවිධ ආය්ය්්මු ධන ය ඇත්තේ වී නම් උන් කබලක් හැර ගෙන දොර දොර සිඟා කතත් දිළිඳු




62. සුප්පබුද්ධ කුෂ්ඨ වස්තුව 461

නො වෙති කියා ත් එ සේ ම ඔවුන්ගේ ජීවත් වී ම යහපතැ’යි කියා ත් බුද්ධාදීන් ම වදාළ හෙයින් සත් රුවන් ආදී වූ සත් රුවන් ඇති සක්විත්තනු ත් වුවමනා වස්තුවෙන් මා හා සරි වී ය නො හෙන හෙයින් ආය්ය්ළ ධන සත ම මට ඇති හෙයින් මම දිළිඳු නො වෙමි’යි තමන් අධිගත නියාව ශක්රියන්ට හැඟ වූ ය. ශක්ර.යෝ උන්ගේ කථාව අසා උන් පසු කොට පියා බුදුන් කරා ගොසින් තමන් කී කථාත් උන් කී කථා ත් බුදුන්ට දැන්වූහ. බුදුහු ‘හෙම්බා ශක්රලයෙනි, තොප වැන්නෝ සියයෙකු ත් දහසෙතු ත් වඩා ත් උන් ලවා එ ලෙසක් කියවා පිය නො හෙති. උන්ගේ මාර්ග ගත ශ්රසද්ධාවත් සුනිඛාත ස්තම්භයක්1 සේ නිශ්චලය’යි වදාළ සේක. සුප්පබුද්ධ කුෂ්ඨීහු ත් බුදුන් ළඟට අවුත් රෑ නපුරු වුව ත් මිනුසුන් තමන් දා දරුවන් හා ප්රිබය වූ තෙපුලෙන් කථා කරන්නා සේ බුදුනු ත් සාද සාමීව කළ කල්හි තමන් සෝවාන් වූ නියාව බුදුන්ට කියා ලා යනට නික්මුණවු ය. උන් මඳ තැනක් ගිය කලට අලුත වදා පියා සිටි දෙනක් දෝ වෙහත් එ ලෙසින් සිටි යකින්නක් සුප්පබුද්ධ කුෂ්ඨීන් ඇන මරා පිව. මේ යකින්න මෙ ලෙසින් ම මැරුයේ මුන් මතු ත් නො වෙයි. මේ එක මුරයෙ ත් නො වෙ යි. මේ යකින් ඒ ඇසිල්ලෙහි අනැගැමි වූ පුක්කුසාති රජ්ජුරුවනු ත් රහත් ව ලා මහණ වන්ට සිවුරු සොයා ඇවිඳිනා බාහිය නම් වූ දාරුවීරිය තෙරුන් වහන්සේ ත්, ඒ ඇසිල්ලෙහි සෝවාන් වූ තඹදැළි නම් සොර මරුවාණනු ත්, මුහු ත් ය යි මුන් සතර දෙනා වෙන වෙන සියක් අත් බැව දෙන් වෙස් මවා ගෙන මැරුව. මෙ සේ මරන්ට පූර්ව වෛර කවරේද? යත් - ඔහු සතර පක්ෂතය යට ගිය දවස සිටු පුත්රරව ඉපැද එක් වේසා දුවක උයනට කැඳවා ගෙන ගොසින් ප්ර හෙණක ය දී ඈ හා සහවාසය කොට සවස් වේලෙහි දී ‘මෙ තැන අප සතර දෙනා මුත් අනික් කවුරු ත් නැත. මෑට දුන් මසු දහස ත්, මෑ පළන් ආභරණ ත්, මෑ මරා පිය හැර ගෙන යම්හ’යි කථා කොළෝ ය. ඔයි ත් ඒ කථාව අසා ‘අනේ මූ ලජ්ජා නැත්තෝ ය. මා හා සමඟ සහවාස ය ත් කොට පියා වස්තු ලොභයෙන් මා මරති. මළ ත් මම ත් මුන්ට නිස්සක් කෙරෙමි’යි සිතා ගෙන මරණ වේලෙහි දී ‘මම යකිනි ව ඉපැද පියා මුන් මා මැරුවා සේ ම මාත් මුන් මැරි ය හෙම්ව’යි පැතුව. එ සේ පතා ගත් ම නිසා මෙ ලෙසින් මුන් මැරුව. ________________________________________ 1. ශුතිකා ස්තම්භයක්


462 සද්ධර්මිරත්නාවලි ය


බොහෝ වහන්සෑ සුප්පබුද්ධ කුෂ්ඨින් මළ නියා ව බුදුන්ට දන් වා ලා ‘ස්වාමීනී, උන් මිය උපන්නෝ කොයි ද? උන්ට කුෂ්ඨ ඇති වූ යේ ත් කුමක් නිසා දැ’යි විචාළ සේක. බුදුහු ත් සෝවාන් ව උන් තව්තිසා දෙව් ලොව උපන් නියා වත් එක් ජාතියෙක තගර සිඛී නම් පසේ බුදුන් දැක කාරා කෙළ දමා ඒ පවින් බොහෝ කලක් නිරෑ දුක් විඳ විපාකාවශෙෂයෙන් කුෂ්ඨ ඇති වූ නියා ව ත් වදාරා ලා බණ වදාරන සේක් ‘නුවණ නැති සත්වවයෝ තුමු තමන්ට සතුරන් පරිද්දෙන් යමක් කළ කල මෙ ලෝ පර ලෝ දෙකින්ම වැඩෙක් නැත් නම් එසේ වූ ඉතා තදපද වූ දුක් ඇති පව් කම් කොට ඇවිදිති. කරණ අවස්ථාවෙහි සතුටු සතුටු ව කෙරෙති. නරකාදී වූ සතර අපායට පැමිණි කල මුසුප්පු මුසුප්පු ව හඬ හඬා දුක් විඳිති’යි වදාළ ‍සේක. මේ දේශනාව අසාත් බොහෝ දෙන නිවන් දුටහ. එ හෙයින් නුවණැත්තවුන් විසින් ආදියෙහි දී ම පව්කම් අනිෂ්ට විපාක ‍සලකා විෂ නියා ව දත් කල විෂානුභවයට මැළි වන්නා සේ පව් කිරීමට මැළි ව සියලු ලෙසින් පින්කම් හැසිර සසර මුහුදු ගෙවා නිවන් පර‍ තෙරට පැමිණිය යුතු.


63. එක්තරා කර්ෂසයක්හු ‍ගේ වස්තුව සංස්කරණය

තව ද කවර ලෙසකිනු ත් නපුරු දෙයක් නො කට යුතු නියා ව හඟවන්නට එක් තරා කර්ෂකයක්හු ගේ වත කියමු. කෙ සේ ද යත්__ ඒ සී සානා තැනැත්තේ සැවැත් නුවරට නුදුරු තැනෙක එක් කුඹුරක් ‍කසෙයි. පෙරාතු දවස් රෑ සොරු නැසින්නෙන් නුවරට වැද ලා එක් පොහොසත් කෙ‍ණකුන් ගේ ගෙට උමඟක් බිඳ පියා බොහෝ රත්රන් ආදි ය හැර ගෙන එම නැසින්නෙන් පිටත් වූහ. ඉන් එක් සොරෙක් සෙසු සොරුන්ට සොරා දහසින් බැඳ පියල්ලක් හිණ තබා ගෙන අර මුන් දෙ වන දවස් සාසා කුඹුරට ගොසින් සොරකම් කළ දෙය එක් ව බෙදා ගෙන කක්කු වික්කු ව ලා1 යන ගමන හෙයින් සොරුන්ට සොරාගත් දහසින් බැඳි පියල්ල තබා හිණින් ‍හෙන නියා ව නො දැන ම සොරා නැඟි ගියේ ය. බුදුහු එ දවස් අළුයම් වේලෙහි ලොව බලන සේක් සෙට දවස් සැවැත් නුවර ළඟ කුඹරේ සී සානා තැනැත්තවුන් නුවණ දැළට හසුවූ නියා ව දැන ඕ හට වන්නේ කුමක් දෝ හෝ යි සලකන සේක්.

1. තක්කු වික්කුවාලා


63. එක්තරා කර්ෂාකයක්හු ගේ වස්තුව 463


මේ කර්ෂේකයා උදාසන ම සාන්ට යෙයි. වස්තු ඇත්තො ත් සොරුන් විමසන්ට ගියාහු දහසින් බැඳ පියල්ල මූ ලඟ තුබු වා දැක මොහු අල්වති. මූ සොරකම් නොකළ නියාවට මා විනා අනික් කෙණෙක් දෙස් විය නො හෙති. සෝවාන් වන්ට පිනු ත් ඕ හට ඇතැ’යි දුටු සේක. දැක ලා ‘මාත් ඒ කුඹුරට යා යුතු ම’යි සිතා වදාළ සේක. සී සානා තැනැත්තෝ උදෑසන ම සානට ගියහ. බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ගෙන එතැනට වැඩි සේක. කර්ෂයකයාණෝ ත් බුදුන් දැක ‘ස්වාමිනි, මෙ බන්දෙක් මට වෙයි. එ තැන දී මට සහාය වුව මැනවැ’යි සහාය වන්ට වඳනා කලක් මෙන් වැඳ ලා නැවත ත් සානට පටන් ගත්හ. බුදුන් උන්ට කුමකු ත් නො වදාරා රන් පියල්ල තුබූ තැනට වැඩ ප්ර සාද වක්ෂුසිනු ත් දැක වදාරා අනඳ මහ තෙරුන් වහන්සේට ‘ආනන්දරයෙනි, සර්පායා දුටු දැ’යි වදාළ සේක. ඔබත්, ස්වාමීනි, සරිපියා දිටිමි’යි වදාළ සේක. ඒ අසා ලා කර්ෂදකයාණෝ මෙතැනනම් වේලෙත් නො වේලෙත් මා අවුත් සානා තැන ය. මෙ තැන නයකු ඇති නියා වේ දැ’යි සිතා ලා බුදුන් වැඩපී කල්හි ඒ සර්පයා මරා පිය මි යි කැවිට හැර ගෙන ආ තැනැත්තෝ රන් පියල්ල දැක ලා තමන් නුවණැති හෙයින් ‘සර්පයන් පරිද්දෙන් ළං නො විය යුතු හෙයින් මේ සලකා වදාළ නියා ය’යි සිතා ගෙන ගොසින් තමා සොර කම් නො දන්නා හෙයින් ඉතා මුවාවෙක ත් නො තබා ළඟ තබා ලා පස් සුඟකින් වසා ලා නැවත ත් සාන්ට වන්හ. මිනිස්සු පාන් ව ගිය කලට උමං බිඳ පියා සොරුන් සොරකම් කළ නියාව දැක ලුහුබඳවා ගෙන යන්නාහු ඒ කුඹුරට ගොසින් සොරුන් ඒ කුඹුරෙහි දී වස්තු ව බෙදා ගත් නියා ව මඬ ලා තුබූ ලෙසිනු ත් හරනට නිස්සක් හළුවා ත් දැක දැන ගෙන සී සානා තැනැත්තක් එ තැනට ආ පිය ත් දුටහ. දැක ලා ඒ හොස්සේ ගොසින් ඉඳුරා වසාලන්ට නූ වූ හෙයින් පස් ඉවත් කොට ලා පියල්ල ත් හැර ගෙන ‍තෙපි සොරකම් කොට ලා කුඹුරු සා ඇවිදුදැ’යි කියා ලා මරන්ට වන. මරා පියා බැඳ ගෙන ගොසින් රජ්ජුරුවන්ට පැවු ය. රජ්ජුරුවෝ ද එ පවත් අසා පියල්ලෙන් ම නො නිම ත් තවත් වස්තු ඇති බැවින් විචාරය’යි නො කියා මරා පියව යි විධාන කළහ. මිනිස්සු ත් උන් හැර ගෙන සැමිටි බාලා මරා මරා සොරුන් මරණ තැනට ගෙන යන්ට වන්හ. උයි ත් මර ත් මර ත් අනිකක් නො කියා ‘අනන්දැයෙනි, සර්පයා දුටු දැ’යි බුදුන් වදාළ බවත් මහ තෙරුන් වහන්සේ ‘එ සේ ය. ස්වාමීනි, සර්පයා දිටිමි’යි වදාළ බස ත් කිය කියා යෙති. ගෙන යන


464 සද්ධර්මකරත්නාවලි ය


මිනිස්සුත් ‘බුදුන් ගේ හා අනද මහ තෙරුන් වහන්සේ ගේ ත් කථා වක් කියති. ඒ කිම් දැ’යි විචාරා ‘රජ්ජුරුවන් වහන්සේ දිටිම් නම් කියමී’ කී කල්හි පෙරළා ත් රජ්ජුරුවන් ලඟට ගෙන ගොසින් රජ්ජුරුවන්ට එ පවත් කිවු ය. රජ්ජුරු‍වෝ ත් කුමක් නිසා කිවු දැ’යි විචාර තමන් සොර නො වන නියාව ත්, සාන්ට ගිය නියාව ත් බුදුන් ඒ කුඹුරට වැඩ ‍නයෙකැ යි වදාළ බසින් නයි මරන්ට ගොසින් දුටු රන් පියල්ල ගෙනවුත් තබා ලූ පමණක් නියාව ත් සියල්ලම කිවු ය. රජ්ජුරුවෝ ඒ අසා ‘මේ තෙමේ බුදුන් දෙස් කොට පායි. කියන ලෙසින් මුන් ගේ වරදක් කිය නො හැක. මෙයට කළමනා ‍දෙය මම දනිමි’යි ඔහු කැඳවා ගෙන සවස බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ගෙන පෙරවරු මූ සානා තැනට වැඩියේ ඇත් දැ’යි විචාරා ‘එ සේ ය, ගියම්හ’යි වදාළ කල්හි ‘එ තැන දැක වදාළේ කුමක් දැ’යි විචාළෝ ය. ‘දහසින් බඳ පියල්ලක් දුටුම්හ’යි වදාරා ‘ඒ දැක වදාළේ කුමක් දැ’යි විචාළ කල්හි ඔහු රජ්ජුරුවන්ට කී ලෙස ම වදාළ සේක. ‘ස්වාමීනි, මේ තෙමේ දෙස් බවට මුඹ වහන්සේ වැනි තැනක් නො ලද්දේ වී නම් අද මූ ජීපවත් වන්ට කොයින් ද? මුඹ වහන්සේ වදාළ බස කියා මරණ නො වී ය’යි කිවු ය. බුදුහු ඒ අසා ‘මහරජ, මම ත් විතරක් ම කියා ලා ගියෙමි. ඉසින් මේ තෙමේ මා කියා ලූ බසින් දහසින් බඳ පියල්ල නයකු කොට සිතා ගෙන නො ඇල් වී නමුත් යහපත. ඇල්වුව ත් මේ වන ප්‍ා යෝජන ය’යි වදාරා ‘මොහු කළ සොර කමෙක් නැත. සොරකම් කොළෝ අනික් කෙණෙක් ම ය.යි කියා නො වදාරා බණ වදාරණ බුදුහු ‘සත්වොයෝ තුමූ යමක්, කොට පියා ‘අනේ අප කෙළේ කිම් දැ’යි පසුතැවිලි වෙත් නම්, කළා වූ අකුශලයෙහි කටුක වූ විපාක ය කඳුළු වැකුණ මුහුණු ඇති ව හඬ හඩා විඳි ත් නම්, මියෙත ත් එ සේ වූ කටුක කටයුත්ත කිරීම නපුරැ’යි වදාළ සේක. මේ දෙශනා කෙළවර කවුරුන් දෝ ගෙන ගිය රන් පියල්ලක් ගෙන ගොස් ළඟ තබා ලූ පමණකට බුදුන් වදාළ බස මුත් මැරීමට නියත වූ කර්ෂ කයාණෝ සෝවාන් වූහ. එ වක් පටන් ‍එ සේ තුබූ දෙයකු ත් සොර සිතින් ගෙන යන්ට නො නිසි වූහ. එ තැනට පැමිණි බොහෝ වහන්දෑ ත් නිවන් දුටු සේක. කොසොල් රජ්ජුරුවන් මෙතේ බුදුන් සමයෙහි නිවන් දකිනා හෙයින්දෝ කිසි තැනෙක ත් උන්ගේ අධිගමයෙක් නො පෙනෙයි. දසදිස දානය වැනි දනක් දුන්නවුන්ට මෙතේ බුදුන් සමයෙහි වුව ත් අධිගගම නැති වන්ට කාරණා නැත.



64. සුමන මාලාකාර වස්තුව 465


එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් දැන් අධිගම බැරි වේදැයි නො සිතා මත්තෙහි ලබන අධිගම නිසා ත් ත්රි්විධ සුචරිත ය පිරිය යුතු.


64. සුමන මාලාකාර වස්තුව සංස්කරණය

තවද මල් පූජාවෙහි මැළියවුන් මල් පිදීමෙහි ඇවිටී වන්ට සුමන මාලාකාර වස්තුව දක්වමු. කෙ සේ ද යත්— රජගහ නුවර වසන ඒ මාලාකාරයෝ දවස් පතා උදාසනම දෑ සමන් මල් අට නැළියක් බිම්සර මහරජුන්ට දී ලා දවස් පතාම මල් නැළියකට මස්සක් බැගින් අට ‍කළඳක් ලැබෙති. ඉක් බිත්තෙන් එක් දවසක් සමන් මල් කරුවන් මල් අට නැළිය හැරගෙන රජගෙට යන්ට නුවරට වන් කල්හි බුහුදු භික්ෂු සඞ්ඝයා වහන්සේ පිරිවරා රන් විමනෙක රුවන් ගොනැස්1 උරවන කලක් මෙන් දස දිග සවනක් රස් විහිඳුවමින් තවත් අනන්ත වූ බුද්ධානුභාවයෙන් යුක්ත ව ඇස් ඇත්තවුන්ගේ ඇසට රසාඤ්ජනයක් මෙන් නුවරට සිඟා වන් සේක. බුදුහු සමහර දවසෙක අඟුල් මල් මහ තෙරුන් වහන්සේට පෙර ගමන කොට දොළොස් ගවුවක් වැඩිය ගමන් සේ ම නො එක් පෑ ඇති රුවන් කඩෙක ලා ලා බඳිනා සේ සවනක් රස් සිවුරු හස්සේ ම සඟවා ගෙන සිඟා වඩනා එක් තරා භික්ෂු කෙණකුන් වහන්සේ මෙන් වඩනා සේක. සමහර දවසෙක කිඹුල් වත් නුවරට වැඩි ගමන සේ ම සවනක් රස් විහිදුවමින් වඩනා සේක. එ දවසු ත් බුදුහු සවනක් රස් විහිදුවමින් රජගහා නුවරට සිඟා වන් සේක. මාලාකාරයෝ ද බුදුන්ගේ දෙ තිසක් විතර මහ පිරිම්නී ලකුණෙන් හා අශිත්යායනුව්යේඤ්ජනයෙන් රන් ඇගැයක් රුවන් ඇගෑයක් වැනි වූ පිණින් ම හඹා පූවාක් වැනි වූ වඩු රියනින් දොළොස් රියන් උස ඇති බ්යාඇම ප්රවභා සතර රියන් හා කෙතුමාලා දෙ රියන් හා එක් කොට අටළොස් රියන් පමණ වූ දිව්ය ලොකයෙහි නගා ලූ රුවන් තොටණට අපහාසයඅට කරන්නා වූ අත් බැව් දැක පහන් සිත් ඇති ව ‘මේ නියා වූ බුදුන්ට කවර නම් සත්කාරයක් කෙරෙම් දෝ ‍හෝ’යි සිතා පුදා පිය හැකි අනිකක් නුදුටු වන්නා ම ‘මේ මල් පුද කෙරෙමි’යි සිතු ය. නැවත ‘මේ මල් වැළි ත් විකුණන්ට ඒ මේ නෙ යන මල් ‍නො වෙයි. රජ්ජුරුවන්ට දවස් පතා වඩනට ගෙන යන ඒවා ය. රජ්ජුරුවන් වහන්සේ ත් මේ මල් නො ගෙන ගිය 1. ගෝනැස්


466 සද්ධර්මැරත්නාවලි ය


කලට මා සිර ගෙයි හෝ ලවා ගන සේක. මරවණ සේක. නැත් නම් ර‍ටින් හෝ නෙරනා සේක. කළ මනා කුමක් දෝ හෝ’යි සිතුහ. එ ස් සිතා ලා නැවත සිතන්නෝ ‘රජ්ජුරුවන් වහන්සේ කළ දෙය වැටහෙන හෙයින් මරණ සේක් ව යි, තළන සේක්ව යි, රටින් නෙරපා ලන සේක්ව’යි, කුමක් කරත ත් කිම? ඉඳින් යමක් දෙවත ත් මෙ ලොව ජීවත් වීම් පමණකට යමක් දෙවා පියන සේක. ‘ඉදින් බුදුන්ට මේ මල් සුඟිත්ත පුදා පීම් නම් ඛණ්ඩ සුමන මහ තෙරුන් වහන්සේ සසර සිටිනා කල එක් පෙත්තක් පණුවන් කෑ තුන් පෙති දෑ සමන් මලක් පුදා ලා හවුරුදු අසූ කෙළක් දිව සැප ත් වළඳා කෙළවර නිවන් සම්පතත් ලත් හෙයින් මේ දෑසමන් මල් අට නැළියක් හෙයින් නො එක් කප් කෙළ ග‍ණනේ ලොවී සැප ත් සාධා දී ලා කෙළවර ලොවුතුරා සැපත ත් සාධා දී ලන්නේ ය’යි සිතා “තමන්ගේ ජීවිතය මළ ත් සාර්ත්ථසක වුව මනා වේ දැ’යි බුදුන්ට ජීවිත ය පිදු ය. පුදා ලා ‘යම් තාක් මාගේ පහන් සිත පසු නො බසී ද, ඒ තාක් කරන්ට සිතූ පූජා කෙරෙමි’යි සතුටු සිතින් කුප් මත් ව පියා පළමු කොට මල් දෙ මිටක් බුදුන්ගේ ඉස් මුදුන දසාවට දැමූය. ඒ මල් දෙමිට මුදුනෙහි හී මල් වියනක් ව සිටියේය. තව ත් මල් දෙ මිටක් බුදුන් දසාවට දැමූ ය. ඒ මල් දෙමිට දකුණ ත් පස මල් තිරයක් ව සිට ගත. අනිකුත් දෙ මිටක් දැමූ ය. ඒ මල් දෙමිට බුදුන්ගේ ත් පිටි පස්සෙහි මල් තිරයක් ව සිටි ය. තවත් මල් දෙ මිටක් දැමූ ය. ඒ මල් දෙමිට වම ත් පස මල් තිරයක් ව සිටියෝ ය. මෙ සේ අට නැළියක් විතර දෑ සමන් මල් අට මිටක් ව ඉස් මුදුනේ ය. දැළයේ ය, පිටි පස්සේ ය’යි සතර දිසාවකින් වඩා සිටි ය. ඉදිරි දසාවෙනු ත් වඩනට අවසර පමණක් හැර ලා දෙ ඇළ ය දසාවෙන් ආ මල් සැරහී සිට ගත. දෑ සමන් මලෙහි නටු ඇතුළත් ව ලා පෙති පිටතට බලා සැලසිණ. බුදුහු ද සුදු මල් වට සැලසී සිට ගත් හෙයින් සවණක් රසු ත් මල් හස්සෙහි ලා වෛවර්ණහ පට කඩ අතර තුර ලා විදි සුදු පට කඩ තිරයක් වට අද්දා ගත් කලක් මෙන් නික්මුණු සේක. සිත් පිත් නැති මල් වුව ත් බුදුන්ගේ බුද්ධානුභාවයෙන් නො බිඳී නො විසිරී බුදුන් හා සමඟ යෙයි. බුදුන් රඳා සිටි තැන දී සිටිනේ ය. බුදුන්ගේ ශ්රීී ශරීරයෙන් සිය රැළි විදුලි ය කලප් දුවන්නා සේ රස් නික්මෙන්ට පටන් ගත. ඉදිරි දිසාවෙන් ද, පිටිපස දසාවෙන් ද, දකුණැළය දසාවෙන් ද, වම් ඇළය දසාවෙන් ද, ඉස් මුදුන දසාවෙන් ද නික්මුණා වූ රශ්මි අතුරෙන් එක රශ්මියකු ත් ගිය ගිය අතින් නො ගොස් සියලු රශ්මි ම බුදුන් තුන් වටක් පැදකුණු



64. සුමන මාලාකාර වස්තුව 467


කොට ලා නාඹ තල් කඳ සා ව ඉදිරි දසාවෙන් ම දිවෙයි. අසුරන් වන්දිව්යව පුර ය මෙන් සියලු නුවර මුළුල්ල ම ඇළලී ගියේ ය. රජගහ නුවර ද පවුරෙන් ඇතුළත මිනිස්සු නව කෙළෙක, පවුරෙන් පිටත නව කෙළෙකැ යි අටළොස් කෙළක් මිනිසුන් අතුරෙහි එක ද ගෑනු කෙණකු ත් පිරිමි කෙණතු ත් පිළිගත්වන්ට බතක් ගෙනා කෙණෙක් නැත. බොහෝ දෙන ඔල්වර හඬ ගසා ගෙන බුදුන්ට‍ පෙරදැරි ව ලා යෙති. බුදුහු ත් මාලාකාරයන්ගේ ගුන පළ කරවනු නිසා තුන් ගවුවක් විතර නුවර රාජ විථියේ ම වඩනා සේක. මාලාකාරයානන්ගේ සකල ශරීරය ත් බස් වනක් ප්රී තීන් පිනා ගියේ ය. ඌ මඳ තැනක් ම බුදුන් හා කැටි ව ගොසින් ලා සිරියෙල් කල්කයෙක හැලී ගියාක් මෙන් බුදු රැස් ඇතුළට වැදලා බුදුන් වැඳ සිස් පෙට්ටිය හැර ගෙන ගෙට ගියෝ ය. ඇඹේණියෝ මල් කොයි දැ යි විචාරා ‘බුදුන්ට පුදා පීමි’ කී කල්හි ‘තෙපි වන්නා පුදව, රජ්ජුරුවන් වහන්සේට කුමක් කරා දැයි කිවු ය. ‘රජ්ජුරුවන් වහන්සේ මර ත් කිම? නෙරු ත් කිම? මල් තබා ජීවිතය ත් බුදුන්ට ම පුදා පියා මලු ත් පුදා පීමි. මල් අට නැළිය අට මිටෙක් වි ය. අටමිට ත් මුදුනට මල් වියනක් ව ඉදිරි දසාවෙන් වඩනට අවසර පමණක් තබා වටින් මල් තිරයකු ත් විය. බොහෝ දෙන ත් ඔල්වර හඬ ගසා ගෙන බුදුන් හා කැටි ව ම යෙති. මෙ තැනට යම් අරගලයෙක් ඇසේ නම් ඒ එ තැන ය’යි කිවු ය. එ බස් අසමින් නුවණ නැත්තා වූ ඕ තොමෝ එ බඳ පෙළ හරෙක් පැහැද ගත නොහී ආවැඩුව මනා මාලාකාරයන්ට බැණ පියා ‘රජ දරුවෝ නම් තදයෝ ය. මුරයෙක කිපිය ත් අත් පා කැපීම් ආදී වූ බො‍හේ අනර්ත්ථු කෙරෙති. කළ ආකාරිය නිසා මට ත් අවැඩක් වේ නමුත් ය’යි තමාගේ දරුවනු ත් කැඳවා ගෙන රජ ගෙට ගොසින් රජ්ජුරුවන් දැක මේ කිම් දැයි විචාළ කල්හි ‘ස්මාමීනි, අපගේ ස‍මණෝ නුඹ වහන්සේට වඩනට ගෙනෙන මල් බුදුන්ට පුදා පියා සිස් පෙට්ටි ය හැර ගෙන ගෙට ගොසින් මල් කොයි දැ’යි මා විචාළ තැන බුදුනට පිදූ නියාවක් කිවු ය. ‘මම උන්ට දොඩා ගෙන බැණ ගෙණ ‘රජදරුවන් වහන්සේ නම් තද සේක. සිතා ගත් කල කවර තරම් අනර්ත්ථ යකු ත් කරවා ම නවත ත් මුත් උපකාරී කම් එ මේ දන්ට නැත. තොප කළ දෙයින් මට ත් මුළාවෙක් වේ නමුත් ය’යි උන් අත්හැර නැඟී අයිමි. උන් කළ දෑයහපත් වත් කිම? නපුරු වත් කිම? ඉන් වන දෙයක් උන්ට ම ය. මා ඊ සබඳකම් නැති ව නැඟී ආ


468 සද්ධර්ම රත්නාවලි ය


නියාව දැන වදාරන බව ය’යි සඳුන් තුබූ තැනින් අමෙද්ධ්යසයක් දුරු කළා සේ තමා දුරු වූ නියාව කිව. බිම්සර මහ රජහු ද බුදුන් ආදියෙන් දුටු ‍දවස් ම තමන් සෝවාන් ව අචල ශ්ර්ද්ධාවෙහි පිහිටි හෙයින් ‘අනේ මේ කෙලී නුවණ නැති එකක. මාලාකාරයාට මේ මුල් ව අනර්ත්ථවයෙක් වේ නමුත් බුදුන්ට කළ පූජාවෙහි තමා සිත පහදවා ගත මනා තැන කුමක් වේ දෝ හෝ යි සිතාපුව’යි තමන්ට ගෙනෙන මල් පිදූ නියාවට මුසුප්පු වූ වා සේ වලා තා ‘තොප කියන්නේ කුමක් ද? මට ගෙනෙන මල් ඒ පිදී දැ’යි විචාළෝ ය. ඒ සේ ය. ස්වාමීනි, කී කල්හි ‘ඌ හැර පියා නැඟීආ බව යහපත. මට ගෙනෙන මල් පිදුවවුට කළ මනා දෙය මම දනිමි’යි කියා ඈ යවා පියා වහා ම බුදුන් කරා ගොසින් වැඳ ලා බුදුන් හා කැටි ව ම පූජා බල බලා නික්මුණවු ය. බුදුහු රජ්ජුර්වන්ගේ ත් චිත්තප්රාසාද ය දැන රාජ විථියෙන් වැඩ රජ්ජුරුවන්ගේ රජ ගෙට ම වැඩි සේක. රජ්ජුරුවෝ පාත්ර ය හැර ගෙන ලා ඇතුළු රජ ගෙට වඩා ගෙන යන්ට ආරම්භ කළහ. බුදුහු සෙණ්ඩුලුයෙහි ම වැඩ හිඳිනට කැමැති වූ සේක. රජ්ජුරුවෝ ඒ අදහස් දන මඩුවක් කරව යි විධාන කොට ලා වහාම වඩුවක් ලැවූහ. බුදුහු ත් භික්ෂු සඞඝයා වහන්සේ හා සමඟ මඬුවෙහි වැඩ හුන් සේක. රජ ගෙය ඇතුළට නො වැඩ එ තැන ම වැඩ හුන්නේ කුමක් නිසා දැයි යත හොත් __ ‘ඉදින් මම ඇතුළු රජ ගෙයි උනිම් නම් බොහෝ දෙන මා දැක ගත ත් නො හෙති. මාලාකාරයාගේ ගුණත් පහළ නො වෙයි. සෙණු‍ඩුලුයෙහි උන් කලට බොහෝ දෙන ත් මා දකිති. මාලා කාරයාගේ ගුණ ත් පහළ වෙයි’ කියා ය. ගුණ ඇත්තවුන්ගේ ගුණ බුදුවරුන් වහන්සේ සඟවන්ට මැළි සේක. සෙස්සෝ කියන්ට ත් මැළියෝ ය. මල් පට සතර සතර අත සිට ගත. බොහෝ දෙන ත් බුදුන් පිරිවරා සිට ගත්හ. රජ්ජුරුවෝ බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ වැළඳවූ ය. බුදුහු වළදා අන්තයෙහි අනුමෙවෙනි වදාරා ලා මල් පට පිරිවරා බොහෝ දෙනා හා සමඟ විහාරයට වැඩි සේක. රජ්ජුරුවෝ ද බුදුන් හා කැටි ව ගොසින් ලා නැවත රජ ගෙට අවු ත් මාලාකාරයන් ගෙන්ව‍ා ලා ‘මට ගෙනෙන මල් කුමක් සිතා කුමක් කියා බුදුන්ට පිදුදැ’යි විචාරා තමන් සිතා කළ සැටි ය මුළුල්ලු ම කී කල්හි රජ්ජුරුවෝ තෙපි ජාතීන් කුමක් වුව ත්



64. සුමන මාලාකාර වස්තුව 469


අදහසින් හා තරමින් ස්වල්ප කෙණෙක් නොවෙ’යි කියා ලා ඇතුන් අට දෙණකු ය. අසුන් අට දෙණකු ය, කොල්ලන් අට දෙණකුය. කෙල්ලන් අට දෙණකු ය, අට දහසක් පමණ රනැ යි කියා මෙයි ත් දෙවා ලා නැවත පළඳනට තරම් ආභරණත් දෙවා ලා ආභරණ ලා සැරහුණු ගෑණුන් අට දෙණකුත් දෙවා ලා යහපත් ගම්වර අටකු ත් දුන් හ. පිදූ මලු ත් අට මිටෙක. එ ම ජාතියෙහි ලද්දේ ත් සියල්ලෙන් අටෙක අටෙක. මල් පුදන්ට මැළි පමණක් විනා තෙල සැප ත් ලබන ලෙස ය. අනඳ මහ තෙරුන් වහන්සේ සිතන සේක්. “අද උදෑසන පටන් බොහෝ විස්ම පැවැත්තේ ය. මාලාකාරයාණන්ට වන අභිවෘද්ධි ය කවරේ ‍දෝ හෝ’යි සිතා ගොස්නි බුදුන් අතින් විචාළ සේක. බුදුහු ‘ආනන්දායෙනි, මුගේ මල් පූජාව ලඝු ය යි නො සිතව. මේ තෙමේ තමාගේ ජීවිතය ත් මට ම පුදා මල් පූජා ති කෙළේ ය. මෙ ම කෙරෙහි සිත පහදවා මේ කළා වූ පූජාවෙන් කප් ලක්ෂ යක් මුළුල්ලෙහි දුගතියකට නො ගොස් දෙව් ලොව දෙව් සැප ත් මිනිස් ලොව මිනිස් සැප ත් වළඳා කෙළවර මෙයට ලක්ෂසයක් වන කප සුමන නම් පසේ බුදු වෙ යි’ වදාළ සේක. බුදුන් වෙහෙරට වැඩ ගඳ කිළියට වඩනා කලට ඒ මල් දොරටු වේ වැගිරිණ සවස ධම් සෙබෙයි රැස් ව හුන් වහන්දෑද ‘අනේ මාලාකාරයාගේ කටයුතුක් බලවත් නියා ය. බුදුන්ට දිවි පුදා මල් පූජා ත් කොට ඒ ඇසිල්ලෙහි සියලු ප්රබයෝජන වස්තුවෙන් අටක් අටක් ලද් දැ’යි කථාව ඉපැදවූ සේක. බුදුහු ගඳ කිළියෙන් ගොචරාශායෙන් ගුහායෙකින් පිටත් වන සිංහ‍රාජයකු මෙන් සියල්ලවුන්ගේ අභිමතාත්ථ්ර්ථ සාධනාශායෙන් නික්ම තුන් කරා ගමනින් එක්තරා ගමනෙකින් ධම් සබයට වැඩ බුද්ධානස මස්තකස්ථ ව ‘මහණෙනි, මා එන්නාට පෙරාතු කෙ සේ වූ කථාවක් කොට කොට හුන්නු දැ’යි විචාරා, මේ නියා ව කී කල්හි ‘එ සේ ය මහණෙනි, යමක් කළ කල සත්වවයෝ පසු තැවිලි නො වෙත් ද, යමෙක විපාක ය කුඩු කැවුම් දී ලා මාලාකර දුවණියන් බිසෝ පට බැඳ සතුටු ව රජසිරි වුන්නා සේ සතුටු සතුටුව විඳිත ද, එ සේ වූ දිව්යස ලෝකයෙහි උපදවා ශක්රන සම්ප ත් ආදි සම්පතු ත් මිනිස් ලොව උපදවා සක්විති රජ සැප ත් ආදී මිනිස් ලොව සම්පතු ත් සාධා දී ලන්ට නිසි වූ සිහි කළ විට බලවත් ප්රීආති ය උපදවා ලන පින් කම් ම කිරී ම යහපතැ’යි වදාළ සේක. මේ දෙශනා කෙළවර ත් සුවාසූ දහසක් දෙනා මාර්ගම ඵල නමැති ආභරණ ලා සැරහී ගෙන නිවන් පුර වන්හ.


470 සද්ධර්මනරත්නාවලි ය


එ හෙයින් නුවණැත්තවුන් විසින් සැදැ ඇත්තවුන් හැර මිළ දී ගෙන පුදන මල් හෙයින් නො මිලයෙන් ලැබෙන මල් පුදා සෙසු ත් පින් කම හැසිර සුමන මාලාකාරයන් ලත් ලොව් සැපත් ලැබ කෙළවර උන් ලබන නිවන් සම්පතු ත් ලද යහපති.


65. උත්පලවර්ණාැ වස්තුව සංස්කරණය

තව ද උග්ර වූ අකුශලයෙහි උග්රව වූ විපාක ය දක්වනු පිණිස උත්පලවර්ණ නා වස්තුව කියමු. කෙ සේ ද යත්:- ඒ උත්පලවර්ණාා වහා ස්ථවීරීහු, මෙහෙ‍ණනි අග්රලශ්රානවිකාවන්ට පැරුම් බිම එකාසංඛා කප්ලක්ෂ යක් නොව කප් ලක්ෂරය ම හෙයින් පියුමතුරා බුදුන් සම‍යෙහි එක් තරා බුදු කෙණකුන් වහන්සේ ට අග්රෙශාවිකා වීම බුදුන් ගෙන් විවරණ ලදින් කප් ලක්ෂ යක් මුළුල්ලෙහි පින් කරන්නෝ දෙව් ලොව මිනින් ලොව උපදනාහු මේ අපගේ බුදුන් සමයෙහි දෙව් ලොවින් සැව සැවත් නුවර සිටු කුලයක උපන්හ. දෙ වන අගසවු ‍වන පිරිමි නම ත් ගැනු නම ත් නිල් වුව මනා හෙයින් මුනු ත් එ තනතුර ලබන හෙයින් නිල් මහ නෙල් මල් දමක් සේ නිල් වූහ. එ හෙයින් උන්ට උත්පලවර්ණාය නම තුබූහ. උන් වැඩි විය පත් කල්හි දඹදිව සියලු රජදරුවෝ ද සිටුවරු ද ‘තමන්ගේ දුවණියන් අපට පාවා දුන මැනැවැ’යි කි ය කියා යවති. දඹ දිය රජ දරුවන් ගෙනු ත් සිටුවරුන් ගෙනු ත් උන් සරණ විචාරා නො යවු කෙණෙක් නැත. සිටාණෝ සිතන්නෝ ‘විචාළවුන් ගෙන් එක් කෙණකුන්ට සරණ දිණීම් නම් සෙස්සෝ කළකිරෙති. එ සේ හෙයින් උපායක් කෙරෙමි’ යි සිතා දුවණියන් ළඟට කැඳවා ‘මෑණියෙනි, මහණ වුව දැ’යි විචාළහ. පශ්චිම භවික හෙයින් පියාණන් කී වචනයට සතුටු ව ‘පැවදි වෙමි, පියාණන් වහන්සැ’යි කියා උයි ත් ගිවිස්සෝ ය. සිටාණෝ මහා පූජාවෙන් මෙහෙණවරට ගෙන ගොස් මෙහෙ‍ණින් කැර වූ හ. අලුත මහණ වුව ත් පොහෝ ගෙයි වත උන්ට පැමිණියේ ය. උයි ත් පහන උදාසන ලා පොහෝ ගෙය හැමඳ පියා ඇවිළෙන පහන බල බලා සිටි තැනැත්තෝ තෙරො කසින ධ්යාැන ය උපදවා එ ම පාදක කොට විවසුන් වඩා රහත් වූහ. අර්හත් මාර්ගය ය හා සමඟ ම සිවු පිළිඹියාව ත් අභිඥාව ත් සම්භ විය. එ දෙකට වෙන කළ උත්සාහ නැත.


64. උත්පලවර්ණා වස්තුව 471


	ඒ උපුල් වන් මහා ස්ථවිරීන්දෑ ද එක් සමයෙක දනවූ සැරිසරා පියා පෙරලා අවුත් සැවැත් නුවරට ළං ව තිබෙන අන්ධ වනයට තමන් අනන්ධ හෙයින් වන්හ. එ කල මෙහෙණින් වල්හි විසීම ව්යානභිවාරයක් නො පෙනුණු හෙයින් නවතා වදාළේ නැත. උන් පලවර්ණා වහන්දෑ ත් ඒ වෙනෙහි කිළිපැළක් කොට ගෙන වසනු කැමති හෙයින් කිළියක් ඉදි කොට ලා හැඳක් ලා ලා තිරයක් ඇදලූ ය. උන්දෑ ත් සැවැත් නුවරට සිඟා ගොසින් පියා පෙරලා නික්මුණු දෑ ය.

මයිලණු කෙණකුන්ගේ පුත් වූ නන්දහ නම් ළදරුවාණ කෙණෙක් කාමයෙන් මත් ව ‍මෙහෙණින් දෑ ගිහි කල පටන් පිළිබඳ සිත් ඇති ව ඊට ආ නියා ව අසා ස්ථවරීන් දෑ සැ‍තපෙන කුටියට උන්දෑ එන්නාට පෙරාතුව ඇවිදින් ඒ කිළි ය ඇතුළට වැද ලා හැඳ යට සැඟවී හිඳ ලා ස්ථවිරීන්දෑ අවුත් කිළියට වැද දොර පියා ලා හැඳ වැද හුන් කලට දොර අව්වේ සිට ලා ගෙට වන් හෙයින් ඇස බමන ලෙසක් සන් නො හි‍ඳෙන තෙක් මෝහ පටල ය වැසී කිසි වකු ත් සලකා ගත නොහී යට හැඳින් මෑ ත් ව ලා හැඳට පැන නැගී ලා ‘නුවණ නැති නැනැත්ත ව ‘නො නැසෙව නො නැසෙව’යි ස්ථවිරීන්දෑ කියා දී ම අසංඥයන්ට කවරක් අදහසක් නැත්තා සේ උන්දෑට ත් එ බඳු පවිටු අදහසක් නැත ත් ඍද්ධි බලයක් කරන්ට ත් නූවූ හෙයින් නිවට තරම් ඇති තැනැත්තේ තමා‍ගේ පවිටු අදහස පුරාගෙන මෙ ලෝ පර ලෝ දෙක ම නසාගෙන කින්මිණ. භික්ෂූපණීන්දෑ ගේ ගුණානුභාවයෙන් ගුණ ය ධරාලන්ට බැරියා සේ පොළොව දෙකක් ව පැළී ගියේ ය. එයි ත් පැළුණු පොළොවින් ගොසින් කළ ලෙසට ලද මනා හෙයින් අවීචියෙහි උපන. ස්ථවිරීන්දෑ එ පවත මෙහෙණිනි වහන්දෑට කී දැය. ඒ වහන්සෑ භික්ෂූන් වහන්සේ ට කී දෑ ය. භික්ෂූන් වහන්සේ බුදුන්ට දැන් වූ සේක. බුදුහු භික්ෂූන් වහන්සේ බණවා ලා ‘භික්ෂුක කෙ‍ණෙක් වෙත් ව’යි භික්ෂුණී කෙණෙක් වෙත්ව’යි උපාසක කෙණෙක් වෙත්ව’යි උපාසිකා කෙණෙ ක් වෙත් ව’යි සර්වවඥානුශාසනාව මැඩ පවත් වා හැසිරෙත් නම් කළා වූ පවු මෙ ලොව වේව යි පරලොව වේව යි යම්තාක් විපාක දී ගත නොහේ ද ඒ තාක් මී සතුරු ආදී වූ මිහිර අනුභව කරන්නවුන් සතුටු සතුටු ව අනුභව කරන්නා සේ කරන්නා වූ පවත් සතුටු සතුටු ව ඔද වඩ වඩා කෙරෙති. යම් කලෙක වධ බන්ධහනාදියට පැමිණීමෙන් මෙ ලොව දී වේව යි නරකාදියට පමුණුවා ලා පර ලොව දී වේ වයි.


472 සද්ධර්මොරත්නාවලි


විපාක තබා ගත් කල නම් පවෙහි තරම් එ කල දන්නෝ ය’යි බණ වදාළ සේක. මේ දෙශනා කෙළවර ත් බොහෝ දෙන නිවන් දුටහ. එ හෙයින් සත්පුරුෂයන් විසින් උග්ර් පාපය මුත් ලඝු පාප යෙන් කිම් දැයි ගිනි පුපුර ලඝු කොට සිතිය යුතු නො වන්නා සේ ම පාප ය ලඝු කොට නො සිතා මහත් කොට ගන්නා පින් කමක් මුත් ලඝු වූ පිණිනු ත් කිම් දැ යි කුශලය ත් ලඝු කොට නො සිතා ලඝු වූ පවිනු ත් දුරු ව කුශලය ලඝු වුව ත් එහි හැසිර සසර දුග් ගෙවන්ට ම උත්සාහ කටයුතු. බුදුහු කොශල රජ්ජුරුවන් ගෙන්වා ‘මහරජ, මාගේ ශාසනයට යම් සේ කුල දරුවෝ අවුත් වැද මහණ වෙත් ද එ පරිද්දෙන් ම කුලදුනු ත් බොහෝ නෑයන් - සියන් හැර බොහෝ සැප තුන් හැර අවුත් මෙහෙණනි ව වල්හි වෙසෙ ති. එ සේ වසන ලදට රාගයෙන් රැදුණු පවිටු පුඟුලෝ උන් දුක සේ රැක ගන්නා බඹසරට බාධා කෙරෙති. එ සේ හෙයින් මෙහෙණින්නන්ට ඇතුළු නුවර ම වසන තැනක් කරව’යි වදාළ සේක. රජ්ජුරුවෝ ත් සහපතැ’යි ගිවිස නුවර එක් ඇළයෙක මෙහෙණවර කැරවූහ. එ වක් පටන් මෙහෙණෙනි වහන්දෑ ඇතුළු ගම ම වසන දෑය. ________________________________________


66. ජම්බුකාජීවක වස්තුව සංස්කරණය

තව ද කුල මත්සය්යාාජ දියෙහි ආදීනව දක්වනු සඳහා ජම්බුකා ජීවක වස්තුව කියමු. ‍කෙ සේ ද යත් __ යට ගිය දවස කසුප් බුදුන් සමයෙහි එක් ගමෙක හිඳිනා කෙළෙඹියාණ කෙණෙක් එක් තෙර කෙ‍ණකුන් වහන්සේ ට විහාරයක් කොට දී ලා එහි වසන තෙරුන් වහන්සේට සිවු පසයෙනි උපස්ථාන කෙරෙති. තෙරුන් වහන්සේ එක් වන් උන්ගේ ගෙයි දී වළඳන සේක. එක් රහත් කෙණකුන් වහන්සේ වේලා ආසන්නයෙහි උන්ගේ ගෙට සිඟා වැඩි සේක. කෙළෙඹියාණෝ ඔබ දැක ඔබගේ ඉරියව්වෙහි ම පැහැද ගෙට වඩා ගෙන ගොසින් මධුරාහාර ය සකස් කොට වළඳවා ලා ‘ස්වාමීනී, මාගේ මේ හිණකඩින් සිවුරක් කොට ගෙන රඳා වැළැන් ද මැනවැ’යි සිවුරට සෑහෙන තරම් කඩකු ත් පිළිගන්වා ලා ‘ස්වාමීනි, නුඹ වහන්සේගේ හිස ගේ දිග, හිසකේ බාන්ට කරනැවෑමියක් කැඳවා ගෙන විහාරයට එමි. නැවත සැතපෙන්ට හැඳකු ත් ගෙන්වා ගෙන එමි’කිවු ය.


66. ජම්බුකාජීවක වස්තුව 473


එක්වන් උන්ගේ ගෙයි දී වළදන තෙරුන් වහන්සේ උපාසක යන් කොට ලූ සාදය ත් කියා ලූ සාදය ත් දැක ත් අසා ත් සිත පහදවා ගත නුහුණු සේක් ‘මූ මේ ඇසිල්ලෙහි දුටු තැනට මේ තරම් සාදයන් කෙරෙති. තමන්ගේ ම විහාරයෙහි රඳා තමන් ගෙන් ම උපස්ථාන විඳිනා අපට බත් අරුමයකින් හිඳිනා සේ අමුත්තක් නැත්තෝ ය’යි සිතා ගෙන වසන විහාරයට ගිය සේක. රහතන් වහන්සේ ත් උපාසකයන්ගේ ආරාධනාවෙන් උන් වහන්සේ හැ කැටිව ම ගොසින් සිවුරු කොට රඳා ගෙන වැළඳ ගත් සේක. කෙළෙඹියාණෝ ද කරනැවෑමියා කැඳවා ගෙන ගොසින් රහතන් වහන්සේ ගේ හිස කේ බාවා පියා හැඳක් අතුට ලා ස්වාමීනි, තෙල. හැඳ සැතැපුණ මැනැවැ’යි කියා ලා දෙ දෙනා වහන්සේට ම සෙට දවසට ආරාධනා කොට ලා ගියෝ ය. නෙවාසික නම ත් එක් කොට කළ ආරාධනාව ත් තමන් වහන්සේ පමණකට නොව ඔබට ත් කළ හෙයින් එයි ත ඉවසා ගත නුහුණු සේක. සවස් වේලෙහි රහතන් වහන්සේ සැතපුණු තැනට ගොසින් ලා ‘ආගන්තුකයාණෙනි. තොප අපගේ උපාසක යන් ගෙන් දෙන බත් අනුභව කිරීම් බලා ත් අමෙද්ධ්යාඋනුභව ය යහපත. උන් කැඳවා ගෙන ආ කරණවැමියා ලවා හිස කේ බෑවීමට වඩා තල් ඇටින් හිස කේ උදුරු පී ම යහපත. උපාසක යන් දුන් සිවුරු වළදිනා ගමන් උපන් වනින් ම ඇවිදීම යහපත. උපාසකයන් ගෙනා හැඳ හිඳීම් විතරට බිම හෙවීම යහපතැ’යි රහතන්ට තබා දෘෂ්ටිගතික කෙ‍ණකුන්ට වුව ත් නො බණනා තරමේ මේ සතර කියා බිණුදැ ය. රහත් තෙරුන් වහන්සේ ත් මේ කාළකණ්ණි තැනැත්තන් බල බලා ත් මා නිසා නො නටමනා වේ දැ’යි කළ ආරාධනාව ත් හැර උදාසන ම වැඩ පී සේක. නේවාසික වහන්සේ ද වේලා පස ම වෙහෙර වත් සපලා සිඟා යන වේලෙහි ‘තව දක්වා ත් ආගන්තුකයාණන් නිඳන නියා වේ ද? ගෙඩි ය ගසා ලූ හඬ අසා පුබුදින් නමුත් ය’යි ගැසුසේ ය’යි පමණට නිය පිටින් ගෙඩි ය ගසා ල‍ා හීන කාලයෙක උපන්නවුන්ට ත් ඇති වන්ට නො තරම් කුණු අදහස් ඇති ව සිඟා ගමට වැන්දෑ ය. කෙළෙෂියාණෝ ද දන් සරහා ලා පෙර මඟ බල බලා හුන්නෝ ගුණෙන් ඇතැන් වැසි වූ තැන් වැසි නම දැක ‘ස්වාමීනී, අනික් ස්වාමි කොයි දැ’යි විචාළෝ ය. තැන්වැසි නම ඒ අසා ‘උපාසකයෙනි, කුමක් කියවුද? තොපගේ කුලුපගයාණෝ ඊයේ තොප නැගී එන්නා ම ගබඩාවට වැද ලා නිදන්ට පටන් ගත් තැනැත්තෝ උදාසන පටන් විහාර ය හමදනා හඬ ත්



474 සද්ධර්ම රත්නාවලි ය


බොන පැන් නහන පැන් තබන වළද පැන් වත් කරණ හඩත් සිඟා එන වේලෙහි ගෙඩි ය ගසා ලූ හඬ ත්, පරමත් ව නිඳන හෙයින් නො දනිති. අපි උදාසන ම කළ මනා වත් සපයා ලා නැඟී ආම්හ’යි කී දෑ ය. උපාසකයෝ ඒ අසා තමන් සැදෑ මතු නො ව නුවණ ත් ඇති හෙයින් ‘මෙ බඳු සන්හුන් පියොවක් ඇති ස්වාමීන් මේ වේලා වනතුරු නිදන්ට කාරණ නැත. මා ඔබ කෙරෙහි ආවේණික මමායන ය ඇති නියා ව දැන ලා ලාභ - දෙභාග වෙති යන නපුරු අදහසින් මුන් වහන්සේ කියා ලූ දෙයක් ඇති නියා ය’යි සිතා ගෙන සිත කෙ සේ නො සකස් වුව ත් සකස් කොට වළඳ වා ලා පාත්රභ ය යහපත් කොට සෝධා පියා නො එක් අග්රස රසයෙන් යුත් බත පුරා ලා ‘ස්වාමීනි, ඉදින් එබ දුටො ත් තෙල බත් පිළි ගන්වා ලුව මැනැවැ’යි කිවු ය. ඒ වහන්සේ ද ඒ හැර ගෙන ‘ඉඳින් ඌ තුමූ මෙවෙනි බත අනුභව කොළෝ වූ නම් මෙ තැන රඳා ගෙන නො යෙති. උපාසකයෝ ත් ගුණ ප්රභසන්න හෙයින් රඳවා ගෙන උපස්ථාන කෙරෙති. එ සේ කලට මාගේ මෙ තැන වාස ය වේ හෝ ය. නොවේ හෝ ය. එ ලෙසක් නො වන ලෙස කෙරෙමි’යි අතුරු මඟ දී බත් දමා පියා වෙහෙරට ගොසින් විහාරය මුළුල්ල ම බලා ත් රහතන් වහන්සේ නුදුටුයේ ය. ඌ තුමූ මේ අකුසල ය නිසා විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි කළ මහණ ධම් රැක ගිය නුහුණ. ආයු කෙළවර අවිචියෙහි ඉපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි පැසී මේ බුදුන් සමයෙහි රජ ගහ‍ා නුවර එක් බොහෝ බත් පැන් ඇති කෙණකුන් ගේ ගෙයි උපන්හ. පියවර ඔසවා ඇවිදිස තැන් පටන් ඇ‍ඳෙක වැද හෝනට ත් බත් කන්ට ත් නො කැමැත්තෝ ය. තමන්ගේ මුවා පස ම බතට අනුභව කෙරෙති. බාල ගෙයින් නො දැන කෙරෙති සිතා උන් වඩ ත් ම ය. වැඩී ගත් කල ත් පිළි ත් නො හඳිති. බිම ම හොවිති. අත් පස ම කති. දෙ මවු පියෝ ‘මූ අපට තරම් නො වෙති. පිළි නො හැඳ ඇවිදිනා නිවටුන්ට තරම්හ’යි උන් කරා ගොසින් ‘මුන් මහණ කළ මැනැවැ’යි කීහ. උයි ත් ස්වභාව යෙන් ම පිළි නො හඳානා හෙයින් නො මැළි ව මහණ කළහ. මහණ කරණ ගමනේ ත් කරවටක් පමණ වළෙක සිටුවා ලා දෙ දසරුව මත්තෙහි පෝරු ලාගෙන ඊමත්තේ වැඩ හිඳ තල් ඇටින් හිසකේ උදුරා හළවු ය. ඉක් බිත්තෙන් උන්ගේ දෙ මවු පියෝ සෙටයට ආරාධනා කොට ලා ගියහ.


66. ජම්බුකාජීවක වස්තුව 475


දෙවන දවස් ආජීවකයෝ ‘ගමට දන් කන්ට යම්හ. එව’යි කීහ. ‘මුඹ හැම ගිය මැනව, මම රඳමි’යි කියා නැවත නැවත කීව ත් නො යන හෙයින් හැර පියා ම ගියහ. උයි ත් උන් ගිය නියාව දැන අත් පස් වළ පුවරු උගුළුවා ලා බැස දෑතින් ම උකා ගෙන අත් පස් අනුභව කළහ. ආජීවකයෝ ඇතුළු ගමින් බතු ත් එවූ හ. කො තැනට කන්ට ද? එයි ත් නො කැමැති ව පැරැත්ත බොහෝ වත් වත් ‘මම බතක් ලදිමි’ කියා කොයින් දැයි විචාළ කල්හි මින් ම යයි කිවු ය. දෙ වන දවසු ත් තුන්වන දවසුත් සතර වන දවසු ත්උන් හැම කෙ සේ තත්පර ව කැන්දූ ව ත් ‘මම මොබ රදමි’යි කියා ලා රැදුණාවු ය. ආජීවකයෝ සිතන්නාහු ‘දවස වස කැඳවුව ත් ගමට එන්ට ත් පැණියෝ ය. අප එවූ බතු ත් නො කති. මුබින් ම බත් ලදිමි යි ත් කියති. කුමක් දෝ විමසම් හ’යි ගමට යන ගමනේ ඒ විමසනු නිසා එකකු දෙන්නකු රඳවා ලා ගියහ. ඌ එක් දෙ දෙන ත් අරුන් හැම හා කැටි ව යන බඳු ව ගොසින් ලා සැඟවී සිටියහ. උයි ත් උන් හැම ම ගියහ යි සිතා ආදී ලෙසින් ම වැසි කිළියට බැස අත් පස හැර ගෙන කර්මාඋනුරූප ව අනුභව කළහ. විමසනට සිටියාහු එ දැක ආජීවකයන්ට කීහ. ආජීවකයෝ ඒ අසා ‘මුගේ කටයුත්ත නො කොට යුතු වත් මුත් කට යුත්තෙක් නො‍ වෙයි. මහණ ගොයුම්හු ගේ සවුවෝ දත්තු නම් ආජීවනයෝ අත් පස් කා ඇවිදිති’යි අපට අපකීර්ති පමණුවති. මේ අපට තරම් එකෙක් ‍නො වෙ’යි තමන් ලඟින් නෙරපූහ. උයි ත් එතැනින් පලා ගොසින් බොහෝ දෙන අත් පසට යන එක් ගල් පොත්තෙක් ඇත. ඒ ගල් පොත්තේ ම මහත්වූ ගල් කෙමෙක් පැනින් පිරී සිට්ටී. ඌ එ තැනට ගොසින් රෑ දවස් අමෙද්ධ්යාලනුභව ය කොට ලා බොහෝ දෙන අත් පසට එන වේලාවට එක් පයක් ඔසවා අනෙක් පය දණ කෙරේ තබාගෙණ එක් අතකින් පය එල්බ ගෙන උඩු සුළඟට මූණ ලා සිට කට දල්වති. බොහෝ දෙන ඒ විකටය දැක ගොසින් වැඳ ලා ‘ස්වාමීනි, මුඹ වහන්සේ කට දල්වාගෙන සිටිනේ කුමක් නිසාදැ’යි විතාරති. ‘මම හෙම්බා, සුළං අනුභව කෙරෙමි. අනික් මා අනුභව කරණ දෙයෙක් නැත’යි කිවු ය. ‘එ සේ කල එක් පයක් ඔසවා අනෙක් පයද දණ තබා ගෙන සිටිනේ හැයි දැ’යි විචාළෝ ය. ‘මම බලවත් වූ තපස් ඇත්තෙමි. මම දෙ පය ම සමසේ පොළොව තබා ලී ම් නම් පොළොව ධරා ලිය නො හෙයි. එ හෙයින් සිටින



476 සද්ධර්මොරත්නාවලි ය


ඉරියවුව විනා වැද හිඳීමක් වැද හෙවීමක් නැති හෙයින් එක් අතකින් පය එල්බ එ විතරකු ත් වුව මනා වේ දැයි සිටීමි කිවු ය. මිනිස්සු නම් බොහෝ සේ කොහොන්1 කමෙහි පහදනා හෙයින් ඒ අසා ‘ඉතා ආශ්චය්ය්ොන් ය. මෙ සේ වූ තපසු ත් ඇති නියාව මෙතෙක් කල් අප දුටු විරූ නැතැ’යි අඟු රට - මගධ රට ඇත්තෝ ඉතා පැහැද ගොසින් මසින් මසට අවුත් මහත් සත්කාර එළවති. ‘මම සුළං මුත් අනිකක් අනුභව නො කෙරෙමි. මා දුක සේ රැක ගන්නා වූ තපස් නස්සී’යි කවුරුන් ගෙනා කුමකු ත් අනුභව නො ‍‍කෙරෙති. මිනිස්සු ත් ‘ස්වාමීනි, අප නො නැසුව මැනව, නොහො ත් අපට පර ලොවින් වන වැඩ නො නැසුව මැනව, මුඹ වහන්සේ වැනි ගුණ සම්පන්න තැන් අප ගෙනා දෙය අනුභව කළ කල අපට බොහෝ කලක් හිත සුව පිණිස වෙයි’ බොහෝ කොට පෙරැත්ත කියති. උන් හැම කෙ‍‍ සේ කීව ත් අනුභව කරණ අමෙද්ධ්ය ය මුත් උන්ට අනික් දෙයකට රුචි නැත. එතකදු වු ව ත් හැමගේ අදහස් මිරිකෙයි සිතා උන් හැම ගෙන ආ තෙල් උක් පැණි ආදි යහී තණයක් අග ගලා ගෙන මඳක් දිවග ගාලා ‘තොපට පිණට මෙතෙක් සෑහෙයි යව’යි කියා සමු දී යවති. මේ සේ මූ පස් පනස් හවුරුද්දක් පිළි ත් නො හැඳ අමොද්ධ්යාගනුභවය කෙරෙමින් නැගී නැගී සේ කෙස් උදුරුවමින් බිම වැද වෙට දවස් ‍ගළවති. බුදුවරුන් වහන්සේ අළුයම ලොව බැලී ම නම් අත් නො හරනා ‍දැයෙක. එ සේ හෙයින් එක් දවසක් අළුයම් වේලෙහි බුදුන් ලොව බලන කලට ජම්බුකාජීවකයෝ නුවණ දැළ ඇතුළේ පෙනුණවු ය. බුදුහු ඕ හට වන්නේ කුමක් දෝ හෝ යි සලකා උන් පිළිසිඹියා සමඟ රහත් වන්ට නිසි පින් කළ නියාව දැන ‘මම මුන් මුල් ම එක් ගාථාවක් කියමි. ගාථාව කෙළවර සුවාසූ දහසක් දෙන සිවන් දකිති. මුන් නිසා බොහෝ දෙනාට ත් වැඩ වන්නේ ය’යි දෙ වන දවස් රජගහා නුවර සිඟා වළදා අන්තයෙහි අනඳ මහ තෙරුන් වහන්සේ ‘ආනන්ද යෙනි, ජම්බුකා ජීවකයන් ළඟට යම් හ’යි වදාළ සේක ‘ස්වාමීනි. කුමක්‍ ද? මුඹ වහන්සේ ම ම වඩනා සේක් දැ’යි විචාළ කල්හි ‘එ සේ ය, අපි යම්හ’යි වදාරා ලා බුදුහු සෙවණ වඩන වෙලේ උන් ළඟට වඩනට නික්මුණු සේක.

1. කොවන්


66. ජම්බුකාජීවක වස්තුව 477


දෙවියෝ ‘බුහුහු ජම්බුකාජීවකයන් ලඟට වඩනා සේක. ඌ ද වැළිත් අශුචින් ම ගැවසී ගත් හෙයින් ඉතා අපවිත්රල වූ ගල් පොත්තෙක හිඳිති. ගල් පොත් සෝධනු නිසා වැසි වස්වම්හ’යි තමන්ගේ ආනුභාවයෙන් ඒ ඇසිල්ගෙහි වැසි වැස්වූහ. ගල තල ත් සේ දී ගොසින් ඉතා පවිත්ර වි ය. පවිත්ර ගල තල මත්තෙහි මලස්නෙක මල් පුදන කලක් මෙන් පස් වනක් මල් වස්වාපීහ. බුදුහු සවස් වේලෙහි එ තැනට ව‍ැඩ ‘ජම්බුක ය’ යි හඬ ගා වදාළ සේක. මට ජම්බුක ය යි කියන්නෝ කවුරු දැ’යි සිතා ලා ‘කවුරු දැ’යි කී ය. අනන්ත කාලයෙක මොළොක් කොට කීම පුරුදු හෙයින් මොළොකෙකින් ‘මම ය ජම්බුක ය’යි වදාළ සේක. ‘කුමක් ද. මහණැ ‘යි කී ය. ‘අද එක රැයට මා සැතපී ගන්ට අවසරයක් පෑ ලව’යි වදාළ සේක. ගල් පොත්ත කුඩා නොවන ත් තමා කරණ කටයුත්ත ප්ර කාශ වෙයි යන සිතින් ‘මහණ, මේ තැන අවසර නැතැ’යි කියා අවසර නැත්තා කොට කී ය. ‘ජම්බුකයෙනි, එසේ නො කරව. එක රැයක් ලැඟ පිය දෙව. පිවිදිවරු පැවිදිවරුන් කමැති වෙති. මිනිස්සු තමන් සේ ම මිනිසුන් කැමැති වෙති. සිවු පාවෝ සිවු පාවන් කැමැති වෙති. තොප මා කැමැති නො වන්ට කාරණ කිම්දැ’යි විචාළ සේක. ජම්බුකයෝ ඒ අසා ‘තෙපි පැවිදි කෙණෙක් දැ’යි විචාළෝ ය එ සේ ය යි වදාළ කල්හි ‘ඉදින් තෙපි පැවිදි කෙණෙක් වූ නම් තොප ගේ කමණ්ඩා ව ත් කොයි ද? දුම් කෙණෙස්ස ත් කොයි ද? යාගසූත්රායත් කොයි දැ’යි තමා දන්නා පැවිදි වරුන් ගේ ඒ හැම ඇති හෙයින් විචාළෝය. ‘හෙම්බල, ඒ හැම ම මට ඇති වෙන වෙන හැර ගෙන ඇවිදිම දුක් හෙයින් සිරුර අබතුරෙහි ලා ගෙන ඇවිදිමි’ වදාළ සේක. ‘තෙපි ත් මෙ හැම හැර ගෙන ඇවිදු දැ’යි කිපුනවු ය. බුදුහු අමුතු ව හඟවන සන්හුන් කමක් නො වන බැවින් සන්හිඳී ‘ජම්බුකයෙනි, නො කිපෙව. රෑ ව පියා ආ මා වසන තැනක් ම කියව’යි වදාළ සේක. පෙරළා ත් වසන තැන් නැතැ යි කිවු ය. ඔහු වසන තැනට ආසන්නයෙහි ගල් තල්ලෙක් ඇත. බුදුහු ඒ පැලා ‘ජම්බුක ය, තිලි හිඳින්නෝ කවුරු දැ’යි විචාළ සේක. ‘වසන කෙණෙක් නැතැ’යි කී කල්හි ‘එ සේ වී නම් එ තැන මට දෙව’යි වදාළ සේක. ‘මහණ. තෝ ම දනැ’යි කී ය. බුදු හු ඒ ගල් තල්ලේ හිඳිනා කඩ ලා ලා වැඩ හුන් සේක.


478 සද්ධර්මනරත්නාවලි ය


පෙර යම් වේලේ සතර වරම් මහ රජ දරුවෝ ශරීරාලෝක යෙන් බබළමින් සතර දිගින් බුදුන් දක්නට අවු ය. ජම්බුකයෝ රාත්රීැ වේලේ සඳ පානකු ත් නො ව මහා ආලෝක ය දැන මේ කෙ සේ වූ ආලෝකයක් දැයි සිතූ ය. මධ්යාම රාත්රීෙ වේලේ දස දික් බබුළුවමින් සක් දෙවිඳු අවු ය. ජම්බුකයෝ උන් ත් දැක කවුරු දෝ හෝයි සිතු ය. අළු යම් වේලේ එක් ඇඟිල්ලකින් එක සක් වළක් හා ඇඟිලි දෙකකින් සක් වළ දෙකක් හා දස ඇඟිල්ලෙන් දස සක් වළක් බබුළුවන්ට තරම් ආනුභාව ය ඇති මහ බඹහු වන ය බබුළුවමින් අවු ය. ජම්බුකයෝ උන් ත් දැක කවුරු දෝ හෝ යි සිතා උදාසන ම බුදුන් කරා ගොසින් සාද සාමීචි කොට ලා එකත් පස් ව සිට ‘මහණ, පෙර යම සතර දිඟුන් බබුළු වමින් තොප කරා ආ සතර කෙන කවුරුදැ’යි විචාරා, වරම් රජුන් නියා ව වදාළ කල්හි කුමට අවු දැයි විචාරා තමන් වහන්සේ දක්නට ආ නියා ව වදාළ කල්හි ‘කුමක් ද? තෙපි සතර වරමූන්ට ත් වඩු දැ’යි විචාළහ. ‘එසේ ය. බුදු වූ කල තබා මා බුදු වන්ට ය යි දෙව් ලොවින් චුත ව මවු කුස් පිළිසිඳ ගත් තැන් පටන් මවු කුසින් බිහි වන තෙක් මුන් සතර දෙනා ශ්රීව යහන් ගබඩාවේ සතර මුල්ලේ කඩු හැර ගෙන රකවල සිටි හෙයින් හා දස දහසක් සක් වළ ගල සතළිස් දහසක් වරමුන් ගබඩාවේ එළිපත පටන් සක් වළ ගල දක්වා රකවල් ගත් හෙයින් ද මම උන්ට වඩිමි’යි වදාළ සේක. ‘මධ්යහම රාත්රීව වේලෙහි ආ තැනැත්තෝ කවුරු දැ’යි විචාරා සක් දෙවිඳු ය යි වදාළ කල්හි කුමකට අවුදැ යි විචාරා දක්නට ය යි වදාළ කල්හි තොප ශක්රසයන්ට ත් වඩනා නියා දැ’යි විචාළහ. ‘එ සේ ය, ජම්බුකය. ඒ ඒ බුදු මඟුලෙහි මට සක පිඹ සිටි හෙයිනු ත් මා ලෙඩ දුක් විටෙක කැප කරු හෙරණ කෙණකුන් මෙන් බා බලා ලන හෙයිනුත් මම උන්ට ත් වඩිමි’යි වදාළ සේක. ‘පාන්දර වේලේ සියලු වන ය බබුළුවා ගෙන ආ තැනැත්තෝ කවුරු දැ’යි විචාරා ‘මෙ ලොව බමුණු ආදීහු කිඹින පියා ත් ‘මහාබ්ර හ්මයා වඳුම් හ’යි යමක්හට කිය ත් නම් ඒ මහ බඹ ය’යි වදාළ කල්හි ‘තොප මහ බඹුන්ට ත් වඩනා නියා වේ දැ’යි කිවු ය. ‘එ සේ ය, ජම්බුකය, මා බිහි වන වේලේ මූ තමා අවුත් රන් දැළකින් පිළිගත් හෙයිනුත් ඒ ඒ බුදු මඟුලෙහි දී මට කුඩ ලා සිටිනා හෙයිනුක් මම ඕ හට වඩිමි’යි වදාළ සේක. ‘මහණ, තෝ මහානුභාව ඇත්තෙහි පස් පනස් හවුරුද්දේ මෙ තැන මා රඳා හිඳිනා ගමනේ ත් මින් එක කෙණකු ත් මා දක්නට නො ආවෝ ය. මම මෙ තෙක් කල්



66. ජම්බුකාජීවක වස්තුව 479


මුළුල්ලෙහි සුළං අනුභව කොට ලා සිටිනා ඉරියව්වෙන් ම දවස් යවා පීමි. මේ තරම් මා ගුණයක් ඇත ත් මින් මට නැමුණු කෙණෙක් නැතැ’යි බුදුන් එ විතරක් තබා වඩා වුව ත් දත හෙන නියාව නො දැන පෙනී පෙනී සිට ම ‘මා සොයා ගනුව’යි කියන්නා සේ උගුරට සොරා කන බෙහෙදක් සේ කී ය. බුදුහු ‘ජම්බුක ය, තෝ නුවණ නැත්තවුන් නළවා බදා පුරුද්දට මට ත් වළහන්ට සිතයි ද? තෝ පස් පනස් හවුරුද්ද මුළුල්ලේ බතට වඩා අමෙද්ධ්යාතනුභව ය ම කෙළෙහි වේ ද? නැවත බිම හොත් තෙහි වේ ද? මෙ දෑතු‍රෙහි පිළි නො හැන්දෙහිත් වේද, තල් ඇට පළුවෙන් හිස කේ ත් උදුරුවා හළුයෙහි වේ ද? ලෝ වැස්සන් නළවා බැඳුවා මදින් ‘සුළං අනුභව කෙරෙමි. එක් පයින් සිටිමි’ යනා දිය කියා මා ත් වළහයි ද? අකුසල් බලයෙන් දෘෂ්ටියක් ත් ලාගෙන මේ පස් පනස් හවුරුද්දෙහි අමෙධ්යා නුභව ය ත් කොට පිළි ත් නො හැඳ තල් ඇටි න් හිස කේ ත් උදුරුවා බිම ත් වැද හෙව ඇවිද පුවා මදින් තව ත් එ ම කරන්ට සිතයි දැ’යි වදාළ සේක. තමනු ත් සිතා පී නියා වේ ද? මා කෙළේ කුමක්ද, මහණැ’යි විචාළ කල්හි කසුප් බුදුන් සමයෙහි කළා වූ පාප ය හකුළුවා තුබූ පෙත්තක් විදහා පියා පානා කලක් පරිද්දෙන් ප්රකකාශ කොට වදාළ සේක. බුදුන් ඒ වදාර ත් වදාර ත් කර්මක බලයෙන් වූ නියා ව දැනෙ ත් දැනෙ ත් භය ලජ්ජා ඇති විය. ඒළිල්ලෙන් හුන්නවුට බුදු රජාණන් වහන්සේ නහන කඩ දෙවා වදාළ සේක. ඔහු ඒ හැඳ ගෙන බුදුන් වැඳලා එකත් පස් ව හුන්හ. බුදුහු ත් පිළිවෙළ කථා වදාරා ලා චාරිත්රාහනුකූල බණත් වදාළ සේක. දෙශනා කෙළවර රහත් ව ලා නැගී සිට බුදුන් වැඳ ලා මහණ කරන්ට ත් මහලු පැවිදි කරන්ටත් ආරාධනා කළ සේක. එ වකට පෙර කළ පවු ත් ගෙවිණ. එ සේ මැ යි. මුන්දෑ රහතන් වහන්සේ ට ආක්රො.ශ සතරකින් බිණු හෙයින් දහසක් අවුරුද්දෙන් අඟලක් වඩනා පොළොව සම්පමණ කෙලෙකින් සත් ගවුවක් පමණ උස් වී ද ඒ තාක් අචීචියෙහි පැසී තව පාප ය නො ගෙවුණු හෙයින් පස් පනස් හවුරුද්දක් මේ සා මුළාවකට පැමණි දැ ය. එ සේ හෙයින් ඒ පාප ය ගෙවිණ. විසි දහසක් හවුරුදු පිරූ පහණ ධම් වඳ ‍කට නොහැකි හෙයින් හා එහි භික්ෂුත්වෙයට හෙතු ත් දැක බුදුහු ත් දකුණත් දිඟු කොට ලා මහණ, මෙ සේ එව ‘යි වදාළ සේක. බස වදාරන්නා ම ගිහි සැටි නැති ව අට පිරිකර හැඟ පහණ ව සැට වස් ගිය මහ තෙර නමක් මෙන් ආකල්ප සම්පන්න් වූ සේක.



480 සද්ධර්ම රත්නාවලි ය


අඟු රට මගධ රට ඇත්තවුන් උන් වහන්සේට සත්කාර ගෙන ආ දවස දෙ රට ඇත්තෝ උන් වහන්සේ දැක කුමක් දෝ? අපගේ ජම්බුකාජීවකයන් වහන්සේ වඩනා සේක් දෝ නො හොත් මහණ ගොයුම්හු වඩිත් දෝ හෝ යි සිතා ‘ඉදින් මහණ ගොයුම්හු වඩිත් නම් ජම්බුකාජීවකයන් වහන්සේ ඔබ යන සේක. ජම්බු කාජීවකයන් වහන්සේ වඩනා බැවින් මහණ ගොයුම්හු මුබ අවු ය’යි සිතූහ. බුදුහු ත් බොහෝ දෙනාගේ අදහස් දැන ‘ජම්බුකයෙනි, තොපගේ උපාසකවරුන්ගේ සැක ය හැර ලව’යි වදාළ සේක. උන් වහන්සේ ත් ‘වදාරන තෙක් ම හුනිමි’ වදාරා ලා අර්හත් මාර්ගි ය හා සමඟ ම පිළිසිඹියා ත් අභිඥා ත් පහළ වූ හෙනින් අභිඥාවට පිහිට වූ චතුත්ථ්ධ්යාපනයට සම වැද ලා එයින් නැගී තලක් පමණ අහසට පැන නැගී ලා ස්වාමීනි, මුඹ වහන්සේ මට ශාස්තෘ සේක. මම මුඹ වහන්සේ ගේ සවු වෙමි’ වදාරා ලා බිමට බැස වැඳ ලා නැවත දෙ තලක් පමණකට නැඟ ය. තුන් තලක් පමණට නැහ ය. යනාදීන් සත් තලක් පමණ විතර අහසට පැන නැගී ලා බැස තමන් වහන්සේ බුදු සවු නිවා ව රැස් බුවන්ට දක්වා ලූ සේක. ඒ විස්ම ය දැක බොහෝ දෙන ‘අනේ බුදුවරුන් වහන්සේ නම් ‍මහානුභාව සම්පන්න සේක. මෙ තරම් තැනට පවා මෙ විතරක් කළ කලය’ යි සිතූහ. බුහුදු ත් රැස් වුවන්ට බණ වදාරන සේක් ශීල සමාද්ධ්යා.දී ගුණ රහිත තීර්ත්ථා්යතනයෙහි උන්ගේ ලබ්ධි ගෙන මහණ වූ අඥානයෝ තපස් කරම් හ යි කියා ලා බණෙක දහ‍මෙක ආ දෙයක් නො ව තමන් ම සිතා ගත් ලබ්ධියක් හෙයින් මසකට එක දවසක් හි තණ ගලා පැණි ආදි ය දිවග තබා මෙ ලෙසින් කරණ තපස හවුරුදු සියයක් කෙළේ වී නමුත් ඒ තපස කුශල සන්නිශ්රී ත නො වන හෙයින් යටත් පිරිසෙයින් සෝවානුනට හෝ උඩ ත් පිරිසෙයින් රහතන්ට වේලාව ඇත ත් නො පෙනේනම් වේලායෙහි වේව යි වින වීම් ආදී විසින් උපන් බතක් වී නම් එ බත වේව යි කුකුස් ඇති ව යටත් පිරිසෙයින් සෝවානුන් හා උඩ ත් පිරිසෙයින් රහත්හු අනුභව දෙරෙත් නම් සුන් බත් වී ම් විසින් පැවැති එක ම චේතනාව සොළොස් වන කොටසින් සොළොස් වන භාගයට ත් හවුරුදු සිය යක් මුළුල්ලෙහි අතුරෙක බත් අනුභව යක් නැති ව මසකට එක් දවසක් හීතන අග ගලා පැණි ආදි ය දිවග තබා කරණ තපස


67. කාකප්රේගත වස්තුව 481


බත් නො කෑම් වසයෙන් හවුරුදු සියසේ පැවැති බොහෝ චෙතනා කුසල සන්නිශ්රිමත නො වන හෙයින් නො අග්නි වදාළ සේක. මේ දෙශනා කෙළවර ත් සුවාසූ දහසක් දෙන නිවන් දුටහ. එ සේ හෙයින් සෞජන්යියෙහි පිහිටියවුන් විසින් ආ‍ෙය්යාේ ද පවාදය ත් මහා සාව්යන නියාව දැන සෝවාන් ආදී වූ ආය්ය් චෙයන්ට වේව යි ආය්ය්ය ගුණ ඇත්තවුන්ට වේවයි තමාට වරදනා ලෙස වරදවා නො බැණ නො දැන වරද ගිය ත් බණෙහි කියා ලූ ලෙසින් අර්යොපවාද ය දෙසා ගෙන මෙතේ බුදුන් නො වරද දක්නා ලෙසක් සිතු ව යහපති.


67. කාකා ප්රේ ත වස්තුව සංස්කරණය

තවද මඳකු ත් භයක් නැති ව සහ සතු කෙත් වත් ආදී වූ ස්ථාවර වස්තුවන් වේව යි පාත්ර චීවරාදියක් වේව යි යටත්පිරි සෙයින් වහන්දෑ සන්තක බත් වු ව ත් සඞ්ඝ ලාභයට යම් කෙණෙක් අලාභ කෙරෙත් නම් බුදුන් සන්තකයට ත් අලාභ කෙරෙත් නම් උන්ට වන හානි ය දක්වන්නට කාකප්රේ ත වස්තුව ත් අභිප්රේනත වස්තුව ත් දෙක කියමු. කෙ සේ ද යත්__ එක් දවසක් උරුවෙල් කසුප් ආදී තුන් බෑ තෙරුන් වහන්සේ ගේ දුළුලු දහසට අතුළ ත් වූ ආයු බොහෝ වූ ලක්ෂ ණ මහ තෙරුන් වහන්සේ හා බුඳුන්ට වමත් සවු වූ මුගලන් මහ තෙරුන් වහන්සේ හා දෙ දෙනා වහන්සේ රජගහා නුවර සිඟම්හ යි ගිජු කුළු පව්වෙන් බස්නා සේක. ඒ දෙ දෙනා වහන්සේ ගෙන් මුගලන් මහ තෙරුන් වහන්සේ එක් කාක ප්රේනතයක් ගිජුකුළු පවු මුඳුනෙහි ගිනි කඳක් සේ පැසෙන්නාහු දැක ඔහු කළ පව් විචාරන සේක ‘හෙම්බල ප්රේනතය, තාගේ දිව විසි ගවුවක් විතර ය. හිස මහත ස තිස් ගවුවක් විතර ය. තාගේ බඳ දිග ත් ගවු සියයක් විතර ය. කෙ සේ වූ පවත් කොට මේ සා දුකකට පැමිණියෙහි දැ’යි විචාළ සේක. ඒ අසා කාක ප්රේයතයා තමා කළ පවු කියන්නේ ‘ස්වාමීනි, ගිය දවස් කසුප් බුදුන් සමයෙහි බොහෝ වහන්දෑ එක් ගමකට සිඟා වැඩි සේක. එ ගම මිනිස්සු අසුර යුද්ධයට සැරහී ආ දෙවතා සමූහයක් සේ කෙලෙස් සතුරන් හා සටනට සිල් නමැති සන්නාහ සමූහයක් සේ කෙලෙස් සතුරන් හා සටනට සිල් නමැති සන්නාහ ලා නිරන්තරයෙන් සැරහී සිටිනා ඒ වහන්දෑ දැක පැහැද 16


482 සද්ධර්ම රත්නාවලි ය

අසුන් හල වඩා හිඳුවා ලා කැඳ ඉදි කරවා කැඳ අවුළු පත් වළඳ වා ලා වහන්දැගේ පා ‍සෝධා පියා පාවල තේල ගල්වා ද්ක උදවු වන තෙක් බණ අසා හඅඳ ලා වේලාසන්නයෙහි පාත්රප හැර ගෙන තම තමන්ගේ ගෙවල දී නො එක් අග්රල රසයෙන් යුත් බත් පුරා ලා පිළිගන්වන්ට ගෙන යෙති.

 	එ කල මම කවුඩු  ව ඉපැද  අසුන් හල පළ ය පි ටහුන්නෙමි ඒ ගෙනෙමින් සිටි බ්ත දැක කෑ කල වන ආදිනව ය තිරිසන් හෙයින් නො දැන එක් කෙණෙකුන් ගෙනෙන පාත්ර යෙන් කට ත් පුරා පවු ත් පුරා අදහස පිරෙන්ට නැත ත් බත් තුන් කටක් විතර හැර ගෙන කෑමි. එ බත ත් වැළි ත් තව පිළිගන්වන්ට නූ වු හෙයින් වහන්දෑ  සන්තක ත් නො වෙයි. නියම  කොට වෙන වෙන ම පිළිගන් වා පුයේ ත් නැත. පාත්රෙ  ය පුරා ගෙන ගිය බත් හෙයින් මා කාපු බත් තුන් කට නම් වළඳා ඉතිරි කලට ගෙනාව  උන් ම තම තමන්ගේ  ගෙවලට ගෙන ගොසින් කන්ට ත් ඇත.  හුදෙක් වහන්දැට පිරිනැමි ගිය පමණෙක.  වහන්දැ  සන්තක  ගමක් බිමක් හැර ගත්තෙ ත් නැත. ගසක්  කොළක් හැර ගත් තෙ ත් නැත. වාලක් සරකක් හැර ගත්තෙ ත් නැත. සෙ‍සු කිසිවක් හැර ගත්තෙ ත් නැත. වළඳා ත් ඉතිරි වන බතින් තුන් කටක් කාපු පමණෙක. ඒ තුන් කට කා ලා පුරා අන්තඃ කල්පයට ආයු ඇති අවිච්යෙහි ඉපැද එහි ආයු පමණින් පැසී  පියා තව  කර්මර ය නො ගෙවුණුහෙයින් දැන් මේ ගිජු  කුළු පව්වෙහි  කාක ප්රේිත ව ඉපැද  මේ දුක් විඳිමි‍’යි කී ය.

මේ කාක පේත යා කළ පව් ය.


68. අ භි ප්රේත ත වස්තුව සංස්කරණය

	එ සේ ම එක් දවසක් මුගලන්  මහ තෙරුන් වහන්සේ  ලක්ෂන මහ තෙරුන් වහන්සේ හා සමඟ  රජගහා නුවරට සිඟා වඩානට ගිජු කුළු පව්වෙන් බස්නා සේක් සර්පයකු වැනි ප්රේනතයකු දැක ‘අනේ මු විඳිනා දුකක් ය’යි ඔහු කෙරෙහි අනුකම්පාව ඇත ත් තමන් වහන්සේ ඒ දුකින් මුඳුණු නියාව සලකා සිනා පහල කළ සේක. ලක්ෂසණ මහ තෙරුන් වහන්සේ සිනා පහළ කළ නියාව  දැක ‘සී පිය යුත්තෙක ත් බුදුන් වදාළේ සතුටු  පමණක් වුව.  සිනා  පහළ කිරිමට  කාරණ කිම්දැ යි විචාළ සේක.  ‘දැන් සිඟා යන ගමන හෙයින් කියන්ට අවසර නැත. බුදුන් ළඟ දී විචාළ මැනැවැ ‘යි කී සේක. ඒ සෙේවදාරා ලා රජගහා නුවර සිඟා


68. අභි ප්රෙ ත වස්තුව 483

ගෙන බුදුන් ළඟට ගිය කල්හි ලක්ෂදණ මහ තෙරුන් වහන්සේ මුඟලන් මහ තෙරුන් වහන්සේට ඇවැත්නි, ගිජුකුළු පවුවෙන් බස්නා ගමනේ සිනාවක් පහළ කොට සිනා පහළ කිරිමට කාරණ විචාළ හෙයින් බුදුන් ළඟ දී විචාරන්ට කීයේ ඇත්තේ වේ ද, ඒ කාරණය දැන් කිව මැන වැ ‘යි කී සේක.

‘මම, ඇවැත්නි, නො කරුණෙක සිනා පහළ කෙළෙම් නො වෙමි. එක් ප්රෙමතයකු දැක ය. ඌගේ හිස නම් මිනිසුන්ගේ හිස වැනි ය. ඌගේ බඳ ත් සියක් ගවු විතර ය. සෙසු අත් බැව් නයකු වැනි ය. උගේ හිසින් නැඟි ගිනවි දැල් නඟුට දක්වා දවා ගෙන යෙ යි. මැදින් නැගි ගිනි දැල් දෙ දිසාවට දවා ගනෙ යෙ යි. දැලයෙන් නැගි ගිනි දැල් පිට දවා ගෙන යෙ යි’ වදාළ සේක. බුදුහු ත් දෙස් ව වැඩ සිටි ‘හෙම්බා, ඒ ප්රෙැතයන් දුටුවෝ මු මතු ‍ෙනා වෙති. බුදු වු දවස් බුදු නුවණින් මම ත් දිටිමි. මේ තෙක් කල් නො වදාළේ හැයි දැ යි සිතවු නම් මා කියා පූ කලට හදහා ගත හැකි තරමක් නො වන්නා හදහා නො ගත්තෝ වු නම් උන්ට බොහෝ පවු පිරෙන හෙයින් නො කිමි. දැන් මා මුන්ට දෙස් ව සිටි හෙයින් මුන් ම දෙස් කොට සිටුවා ගෙන කියිම’යි වදාළ සේක.

වහන්දෑ ද කාක ප්රෙනතයාගේ අකුශල ය ඌ ගෙන ම පුකාශ හෙයින් අභිප්රෙදතයාගේ අකුශල ය විචාළ සේක. බුදුහු ඒ වදාරන සේක්’ ‘යට ගිය දවස බරණැස නිසා ගඟ බඩ පසේ බුදුකෙණකුන්ට පන්සලක් කළහ. උයි ත් එහි රඳා එක් වන් නුවරට සිඟා යෙති. නුවර ඇත්තෝ ත් උදාසන ත් කැඳ අවුළු පත් ආදි ය ගෙන්වා ගෙන දවස දවස සුවඳ මල් ආදි ය ගෙන්වා ගෙන පසේ බුදුන් වඳින්ට පිදනුට හා උපස්ථාන කරන්ට ත් යෙති. බරණැස වසන එකෙක් එම බඩ කුඹුරක් සාන විට බොහෝ දෙන ත් පන්සලට යන කල ඒ කුඹුර මැඬ ගෙන යෙති. කුඹුර සානා තැනැත්තෝ ‘මාගේ කුඹුර නො මඬුව’යි කියාත් වළකා ගත නො හිණ. බොහෝ දෙනාට කුසල් මං කොට පිටි මඟකුත් තබා නො ලි ය. සී සානා තැනැත්තේ ‘ඉදින් මෙ තැන පසේ බුදුන්ට පන් සැලක් නො වී නම් මාගේ කුඹුර නො මඬිති’යි නුනුවණින් සිතා ගෙන පසේ බුදුන් සිඟා නැඟි ගිය කල කළ ‍ෙකාතලා-සැළ-තාලි-වක් ගිනි කබල් ආදී වු වළඳු ත් සපා බිඳ පියා පන්සැලත් ගිනි ලා දවා පී ය. පසේ බුදුහු ත් පන්සල දා ගියා දැක අනික් තැනකට ගියහ. බොහෝ දනෙ සුවඳ මල් ආදි ය හැර ගෙන අවු ත් පන්සල දා ගියා දැක ‘අනේ. ස්වාමි කො යි වැඩ පී සේක් දෝ හෝ’යි තමන් අතුරේ කිවු ය.



484 සද්ධර්ම රත්නාවලි ය

අර කාළකණ්ණියා ත් හැම දෙනා හා කැටි ව අවුත් සපන් කමක් සේ ‘මම ය පන්සල ගිනි ලුයෙමි’යි කිහ. බොහෝ දෙන ‘තෙල පවිටා අල්වව, තුලු නිසා පසේ බුදුන් වහනේසේ දක්නට ත් නැතැ’යි ගසා අල්වා ගෙන මරා පීහ. එයි ත් අවීචියෙහි උපන් තැනැත්තේ අන්තඃ කල්පයක් නරකයෙහි පැසී පියා තව ම අකුසල් ගෙවි නො ගිය හෙයින් ප්රෙනත ව උපනැ”යි වදාරා ලා බණ වදාරන බුදුහු ‘මහණෙනි, යම් සේ දෙව ගත් කිරි මුසුන් ‍ෙනා ගැසූ නම් හෝ දී තුබු කිලන් තුබු වළ‍ඳෙක දෙව ගත් වළඳිත් නොව ත් කොළෝ නම් ඒ තාක් ම තමාගේ කිරි අවස්ථාව නො හරි ද ඒ හැම කළ කල පසු දී බවට පැමිණිමෙන් කිරි අවස්ථාව හරි ද, ඒ මෙන් පව්කමු ත් කෙරෙමින් සිටිය දී ම විපාක බවට පෙරළි නො යෙයි, ඉදින් එ සේ පෙරළි යේ නම් කිසි කෙණකුත් පව් කට නො හෙන්නාහු ම ය. යම් සේ හළුවෙන් වැසී තුබු අඟුරු මාඩ ගත ත් හළුවෙන් වැසී තුබු හෙයින් තව පය ‍ෙනා දා ද, කල් යවා සිට පී කලට වැසී තුබු හළු ත් හුණු කොට ගෙන සම් මස් ආදිය දැවිම වශයෙන් හිස් මුල දක්වා දවා ගෙන යේ ද, එ පරිද්දෙන් පව් කමු ත් දෙවන අත් බැව ‍හෝ නරකාදි වු සතර අපායෙහි උපදවා පියා දවා ගෙන යෙයි. කල් ගිය පමණින් නිවන් දුට ත් ප්ර තිසන්ධි විපාක නැති වු නමුත් ප්ර වෘත්ති විපාක වුව ත් දී මුත් නො නවත්ති’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ සේ හෙයින නුවණැත්තවුන් විසින් තුනුරුවන් සතු දෙය විෂයකට ත් විෂ ඝොර සර්පයන්ට ත් ගින්නට ත් වඩා දුක් දෙන ‍නියාව සලකා ජිවිත විනාශයක් වත ත තුනුරුවන් සුත දෙයකට විනාශයක් නො සිතා කාක ප්රෙසත යා හා අභාප්රෙතත යා මසැසින් නුදුට ත් බණින් අසා දුටු බැවින් එ වැනි දුකින් මි‍ඳෙනු කැමැත් තො ත් තුනුරුවන් සතු දෙයෙහි ඇලුම් නො කොට පින් කම හැසිර නිවන් අත් කට යුතු.


69. ස ට් ඨි කූ ට ප්රෙු ත ව ස් තු ව සංස්කරණය

තවද කියන්ට පටන්ගත් ගමනේ අකුසල කර්ම‍යෙහි අනිෂ්ට විපාක දක්වන්නමෝ සට්ඨිකූට ප්රෙේත වස්තුව කියමු.

කෙ සේ ද යත්:-

ආදි කී ලෙසින් ම මුගලන් මහ තෙරුන් වහන්සේ ලක්ෂමණ මහ තෙරුන් වහන්සේ හා සමඟ ගිජු කුළු පව්වෙන් නබස්නා සේක් එක් තැනක දි සිනා පහළ කොට කාරණ විචාළ කල්හි බුදුන් ළඟ දී


69. සට්ඨිකූට ප්රේ්ත වස්තුව 485

කාරණ විචාරන්ට කියා ලා සිඟා නිමවා ලා බුදුන් ළඟට ගොසින් සිනා පහළ කිරිමට කාරණ විචාළ කල්හි ‘මම, ඇවැත්නි, තුන් ගවුවක් විතර උස ඇති ප්රෙ තයකු දිටිමි. ගිනි ගෙන දිළියෙන යකුළු සැට දහසක් ඔසවා ගෙන එක විට ම හිසට බා ලති. එසේ බැලු කල හිස පැළි ලා කර්ම බලයෙන් පෙරළා ත් හට ගන්නේ ය. ඔහු දැක ‘අනේ මේ සංසාර ‍ෙදාෂ ය මට නැතැ’යි සිතා සිනා පහළ කෙළෙමි”යි වදාළ සේක. බුදුහු ත් අසා වදාරා තමන් වහන්සේ ත් බුදු වු දවස් දුටු නියා ව වදාරා මුගලන් මහද තෙරුන් වහන්සේට දෙස් වු සේක. තමන් වහන්සේ ත් දුටුවා මුගලන් මහ තෙරුන් වහන්සේ දැක කී හෙයින් ඔබ ත් තමන් වහන්සේට දෙස් කළ සේක. යහන්දෑ අසා පාපයෙහි හය ඇති වනු නිසා ඔහු කළ පව් විචාළ සේක.

බුදුහු වදාරණ සේක් “යට ගිය දවස බරණැස අතුකරු ගැසී- මෙහි දක්ෂම එක් පිළේ අත. එ තෙමේ නුවර වාසල් දොර කෙරෙහි සිටි නුග ගසක් යට වැද හිඳ කුඩා කොල්ලන් එ තැනට අවුත් ‘අපට තෙලෙ නුග පතින් අතකුරු ගසා ඇත් රූ ආදි ය පැව මැනැවි’යි කී කල්හි අතකුරෙන් ම ඇත් රූ අස් රූ ගොන් රූ ආදියෙන් කැමැති රුවක් ම කප්පවා පෑ ලා උන් ගෙන් කන බොන දෑ ලැබෙයි. එක් දවසක් රජ්ජුරුවෝ උයනට යන ගමනේ ඒ තැනට අවුත් වන. කුඩා කොල්ලෝ පිළා අරළු හස්සේ ලා ලා දිව පු ය. හිර මුඳුනේ සිටි වෙලේ රජ්ජුරුවන් නුග ගස යටට වන් හෙයින් නුග පත්වල සිදුරුවලින් ඇත් රූ ආදි ආකාර ඇති අවුව ඇඟ හිණ. මේ කිම්දැ යි උඩ බැලුවා නුඟ පතෙහි ත් ඇත් රූ ආදි ය කැපි සිදුරුවා දැක මේ කොළෝ කවුරුදැ යි විචාරා පිළි නියා ව ආස පිළු ගෙන්වා ගෙන ‘දරුව, අපගේ පුරෝහිත බමුණාණෝ දොඩන්ට සුරු වුහ. මා එක බසක් කියා පී ව ත් අකුරු මුළුල්ලක් සේ දොඩා වගුරුවා පියති. උන් දොඩන විටි එළු බෙටි නැළියක් විතර උන් කටට ගසන්ට පිළිවන් දැ’යි විචාළෝ ය.

‘රජ්ජුරුවන් වහන්ස. ඒ පිළිවන, ඒ එළු බෙටි නැළියක් ගෙන්වා මට දෙවා ලා පුරොහිතයන් හැර ගෙන මුඹ වහන්සේ තිර ය ඇතුළේ හුන මැනව. සෙස්ස මට පිළිවනැ’යි කිවු ය. රජ්ජුරුවෝ ත් එ ලෙස ම කරවා ලුහ. පිළාණෝ ද කතුරු අගින් එළු බෙටි ය විතරට තිරයෙහි සිදුරක් කොට ලා පුරෝහිතයන් රජ්ජුරුවන් හා කථා කරන්ට කට දල්වා ලූ කලට එකි එකි එළු බෙටියක් අතකුරු ‍කොට ගසා ලති. පුරෝහිතයෝ ත් කටට වන්



486 සද්ධර්මථරත්නාවලි ය

වන් එළුබෙටි සැම තමන් කරණ කථාවෙහි ම හී ගෙන ගිලෙති. පිළාණෝ ද එළු බෙටි නිමි කල තිර ය සොලපවා ලු ය, රජ්ජුරුවෝ ඒ සලකුණෙන් එළු බෙටි නිමි නියා ව දැන ‘ආචාරිනි, මා මුඹ හා කථා කොට පය ඇද ගෙන නැඟි යන්ට බැරි ය. මුඹ වැළි ත් එළු බෙටි නැළියත් විතර ගල ත් දෙඩිම තබා පියා නො හෙත් දැ’යි කිවුය. පුරොහිතයෝ ත් ලජ්ජා ව එවක් පටන් රජ්ජුරුවන් හා එළු බෙටි ‍ බො‍හෝ ව යේ නමු ත් යයි බොහෝ කෙට කථා නො කෙරෙති. රජ්ජුරුවෝ ත් පිළා ගෙන්වා ගෙන ‘තොපන නිසා නැතක් දවස් පටන් කන් කෙටුවිම් නැති ව සුව සේ හුන්නෙමි’ සතුටු ව ප්රදයොජනවත් වු සියල්ලෙන් අටක් අටක් දෙවාලා නුවර සතර දිගින් කම් සතරක් දුන්හ.


       ඉක් බිත්තෙන් එක් මිනිසෙක් පිළාණන් ලත් සම්පත් දැක සිතන්නේ ‘මේ පිළා පවා මේ සිල්ප ය නිසා මේ සා මහත් සම්පතක් ලද මා ත් මේ ශිල්පය උගත්තොත්  යහපතැ’යි  සිතා උන් කරා ගොසින් වැඳ ලා ‘ආචාරිනා,  තෙල සාලිත්තක ශිල්ප ය මා ත් උගන්වා ලුව මැනැවැ ‍’යි කී ය. උයිත් ඒ ශිල්ප ය ලඝුව යෙති යන අදහසින් උගන්වන්ට බැරි යයි මැළිව කිවු ය. වන්නාට ය, සිත් ගෙන ඉල්වා ගනිමි’ සිතා  උන්ට කීකරු ව කී යම් දෙයක් ම කොට සිත් ගෙන ලා ශිල්ප ය ඉල්වි ය.  උයිත් උපකාරි ව  සිටි හෙයින් ශිල්ප ය උගන්වාලා ශිල්ප ය ඉගෙන නිමියේ.  ඉතිකින් කුමක් කරවුදැ’යි විචාළෝ ය. පිටතට පලා ගොසින් ශිල්පය අතට ආ නියාව විමසමි’කී ය.  ‘විමසන්ට කරන්නේ  කිම් දැ’යි කී  හෙයින් ගෙරි සරකක්  හෝ මිනිස්  කෙණකුන් හෝ පැහැර මරමි’ කී ය. කඩෙති , සරකක් මරා පීවොත් දඩ සියයෙක් ඇත. මිනිස් කෙණකුන් මරා පීවො ත දඩ දහසෙක. තොප දුප්පත්   හෙයින් ඒ පසිඳලන්ට බැරි ය.  ශිල්ප විමසම්හයි නො නසුව. යම් කෙණකුන් මළ කල දඩෙක් මුඩෙක් නැත් නම් මවු පියන් නැති සෙසු නෑ සිය කෙණකු ත් නැති එ බඳු  කෙණකුන්  මැරුව මැනැවැ’යි  කිවු ය.

උයි ත් ‘යහපතැ’යි ගිවිස කිරිවාණ හකුරු ඉන ලා ගෙන එ බඳු කෙණකුන් බලා හැවිදිනේ දෙනක දැක ඈටත් නො ගසා මිනිසකුත් දැක දඩ දහස දී ලන්ට බැරි හෙයිනුත් ඌගේ දෙමවු පිය්න ඇති හෙයිනුත් ඌටත් නො ගසා තවත් බලා ඇවිද්දී. එ කල සුනෙත්ත නම් පසේ බුදු කෙණෙක් නුවර නිසා පන්සලෙක වෙසෙති. සිඟා එන්නවුන් නුවර වාසල කෙරේ දී දැකලා ‘මුන්ගේ මුව ප‍ියෝ නැත. මුන් මළ යි දඩත් නැතැ’යි සිතා උගත් ශිල්ප


70. සුදම් තෙරුන්වහන්සේගේ වස්තුව 487

යෙන් ලබන ප්රුයොජන ත් නැති ව බොහෝ අකුසල් රැස් කෙරෙමින් පසේ බුදුන්ගේ දකුණනු කන් සිදුර කරා අතකුරක් ගසා ලි ය. උන්ගේ ත් එ බඳු අකුශල කර්මකයක් පැමිණ ගසා ලූ හකුර දකුණු කන සිදුරෙන් වාදි ලා වම් කන් සිදුරෙන් නික්මිණ. බලවත් දුක් විය. පසේ බුදුහු සිඟාගත නො හී අහසින් පන්සලටගොසින් පිරිනිවියහ. මිනිස්සු දෙවන දවස් පසේ බුදුන් නො ආ හෙයින් අපාසුවක් නියා ය යි සිතා පන්සලට ගොසින් පිරිනිවියා දැක හැඬුහ.


         ඒ කාලකණ්ණියා ත් බොහෝ දෙනා යන්නවුන් දැක තෙමේ ත් ගොසින් පසේ බුදුන් හැඳින ගෙන  මූ සිඟා යන ගමනේ වාසල කෙරේදි මට ළං වු ය. ශිල්පය විමසන්ට ය යි අතකුරක් ගැසූ යෙම මමය’යි  කීය. මිනිස්සු ත් ‘පසේ බුදුන් වහන්සේ මැරුයේ තෙලෙල. තුලු අල්වව’යි කියා ලා අල්වා ගෙන මරා පීහ.  නිරවද්යේ ශිල්ප  උගත්තෝ  ඓහ ලෞකික වු ත් පාර ලෞකික වු ත් ප්ර යෝජන  ලැබෙ ත්. මේ තමා  උගත්තා සාවද්ය   ශිල්ප ය හෙයින් මරණ ලද. මිය ත් අධොමුඛ  නකකින් ශාස්ත්රතයට පටන් ගත්තා  සේ  අවිචියෙහි ඉපැද අන්තඃ කල්පයක් පැසී  තව අකුසල් නොගෙවුණු  හෙයින් ගිජු කුළු පවුවෙහි ප්රේඃත ව උපනැ යි වදාරා ලා  ‘මහණෙනි,  අඥනයෝ  යම් ශිල්පයක් දනි ත්  නම් එයින් යම් සම්පතක්  ඉසුරක් ලද්දු නම් එයින් වෑයෙන් පො‍රොවෙන් කොටන සේ නො දැන කොටන්නවුන්ට  අන්ත්ථි  එළවන්නා  සේ යම් තාක් ම අනත්ථිේ එළවයි. කුමක් මෙන් ද? ය්ත සාලිත්තක ශිල්ප ය උගත්තා මෙනි. ‍එ සේ වුවන්ගේ නුවණෙක් ඇත් නම් එයිත් නසමින්  කුසල් කොටසු ත් සන යි” වදාළ සේක. මේ දෙශනා කෙළවර ත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණ නිව්න පුර වන්හ.

නුවණැත්තවුන් විසින් උගන්නා ශිල්පය ත් අනර්ත්ථානවහ නො වන නිරවද්යත දෙය්ක ම ඉගෙන ලබන සම්පතුන් දැහැමෙන් සෙමෙන් ම ලැබ ශිල්ප හා සම්පත් හා දෙකින් ම මෙ ලෝ පර ‍ලෝ වැඩ සාධනු මැනවි.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_x&oldid=5686" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි