සද්ධර්ම රත්නාවලිය- viii
40. ආරබ්ධ විදර්ශරක භික්ෂූපන් වහන්සේ ගේ වස්තුව
සංස්කරණයතව ද විදර්ශසනා ධූරයෙහි යෙදී වසන තැන් එහි රුචි කරවනු සඳහා ආරබ්ධ විදර්ශ්ක භික්ෂූන් වහන්සේ ගේ වස්තුව දක්වමු. කෙසේ ද යත්:
සැවැත් නුවර වසන පන් සියයක් දෙනා වහන්සේ බුදුන් ගෙන් අර්හත්වම ය දක්වා කමටහන් ඉගෙන ගෙන මහණ ධම් කරම්හ යි සාර සියයක් ගවු විතර දුරු බා ගොසින් එක් බොහෝ මිනිසුන් ඇති ගමකට වැඩි සේක. පෙර වරු වේලේ වැඩි හෙයින් එ ගම මිනිස්සු පවරා ගෙන වඩා හිදුවා මධුරාහාර වළඳවා වළඳා අන්තයෙහි වඩනේ කොයි දැ යි විචාරා වස් වැස ගන්නා තෙනකට යම්හ යි වදාළ කල්හි ‘මෙ අත වැස මෙහි ම විසුව මැනව. අපි මුඹ වහන්සේ මුල් ව තසරණ පිහිටා පන් සිල් පමණක් වුව ත් රැක ගනුම්හ’යි ආරාධනා කොට ආරාධනාව ඉවසූ කල්හි ‘ස්වාමීනි, නුදුරු තැනක වන ලැහැබෙක් ඇත. ඊට වැස වදාළ මැනැවැ’යි කියා ලා ඔබ යවූහ. වහන්දෑ ද ඒ වන ලැහැබට වැඩි සේක. ස්වාමි දරුවන් මෙහි වසන කල දරු මල්ලන් හැර ගෙන ගස් උඩවල හින්ට බැරි ය’යි බිමට බැස පියා ‘ස්වාමි දරුවෝ අද එක දවසක මෙ තැන රදවා ලා සෙට වඩනා සේකැ යි සිතූහ. වහන්දෑ ද දෙ වන දවස් ඇතුළු ගම සිඟා වළඳා ලා නැවත ඒ වනයට ම වැඩි සේක. දෙවියෝ සිතන්නාහු සෙටට ආරාධනාවක් ඇති නියා ය. එසේ හෙයින් වඩනේ ය. සෙට දවස් වඩනා සේකැ’යි සිතූහ.
මෙ ලෙස ම සිතා දෙ පෝයක් විතර බිම ම රඳා උන්හ. බිම ඉඳ වේසී පියා සිතන්නාහු ‘මුන් වහන්සේලා මී ම රඳනා සේක් වී නම් අප ගස් උඩවල හිඳිනට ත් රිලවුන් - වඳුරන් නො වන හෙයින් බැරිය. ඊට වඩා බිම විසීම ත් අනභ්යා ස හෙයින් දුක. යම් කිසි ලෙසකින් මේ වහන්දෑ මෙ තැනින් යවා පුවොත් යහපතැ’යි ඒ ඒ රෑ වසන තැන්වල ද දාවල් වසන තැන්වල ද සක්මන් කෙළවර ද තමන්ගේ ආනුභාවයෙන් මිනී හිසු ත්, හිස් නැති කොටවලු ත් මවා දක්වන්ට වන්හ. භය ජනක වූ යක් හඬක් ගසති. වහන්දෑට ද කැසි කිඹිසි ආදී වූ ලෙඩ දුකු ත් ඇති කළහ. ඔවුනොවුන් වහන්සේ අතින් ලෙඩ දුක්. විචාරා ‘අපට කැසි ඇත. අපට කිඹිසි ඇතැ’යි කියා ‘ඇවැත්නි, අද සක්මන් කෙළවර මිනී හිසක් දුටුම්හ. රෑ වසන තෙන හිස් නැති
40. ආරබ්ධ විදර්ශඅක භික්ෂූන් වහන්සේ ගේ වස්තුව 333
මිනියක් දුටුම්හ. අපි දාවල් රඳා හුන් තැන යකුන් ගසා පූ හඬ කු ත් අසුම්හ’යි කියා ලා ‘එසේ හෙයින් මෙ තැන හළ යුතු ය. බුදුන් ළඟට ම යම්හ’යි නික්ම බුදුන් කරා ගොසින් වැඳ එකත් පස් ව හුන් සේක.
බුදුහු ‘කුමක් ද, මහණෙනි, එ තැන රඳා ගත නුහුණු දැ’යි විචාරා ‘එසේ ය, ස්වාමීනි: මේ මේ ලෙස උවදුරු ඇති හෙයින් රඳා ලිය නො හී මුහුදුළිහිණියා සේ මුඹ ආම්හ’ යි දැන්වූ කල්හි ‘මහණෙනි, තෙපි නිරායුධ ව ගියහ. ආයුධ අත ඇත් නම් බූමාටු දෙවියන් තබා කවර කෙණකුන් තොපට කුමක් කටහෙද්දැ’ යි වදාරා ‘දැන් ආයුධ කවරේ දැ’යි විචාළ සේක. ‘ආයුධ හඳුනන්නෝ ආයුධ ශ්රවම දන්නෝ ය. තොපට නො දැනෙයි. කරණීය මෙත් සුත් චක්රාධ යුධ ය ගෙන යව. එ සේ ගොසින් තෙල සූත්රො ය උවසර හිම පටන් පිරිවාමින්1 ඇතුළු විහාරයට යව’යි වදාරා ලා කරණීය මෙත් සුත් පිරිවමින් වන ලැහැබට වන් සේක.
සියලු වනයේ දෙවියෝ සූත්රාිනුභාවයෙන් මෙත් සිත් ලදින් වහන්දෑ දක්මින් ම පෙර ගමන් කොට ගොසින් ව්රාත සම්පන්නයන් මෙන් පා සිවුරු ත් ඉල්වූහ. අතපත රුජා ඇත් නම් මඬිමෝ දැයි විචාළහ. වසන තෙක් කල් උවදුරු නැති ලෙසට රක්ෂාාවක් තබාලූහ. හුණු දෙයක් පැනක ලා පු කලක් මෙන් සන්හුන් හ. ඒ වහන්දෑගේ සිතු ත් ලබන නානා වික්ෂෙණප ය නැති ව එකඟ වි ය. රෑ වසන තෙන ත් දාවල් වසන තෙන ත් හිඳ විදර්ශෙනාවට ම සිත යොමු කොට මේ අත් බැව බිඳෙන බැවින් හා තර නොවන බැවින් කුඹල් වළඳක් වැනි ය යි සිතා විවසුන් වඩන්ට පටන් ගත් සේක. බුදුහු ත් ගඳ කිළිසේ වැඩ හිඳ සාර සියයක් ගව්වෙන් ඔබ්බෙහි හුන් වහන්දෑගේ සිත විදර්ශදනාවට නැඟී නියාව දැන රස් කඳක් විහිදුවා ළඟ වැඩ හුන් සේ ‘හෙම්බා මහණෙනි, දුර්වනල හෙයිනු ත් බොහෝ කලක් නො පවත්නා හෙයිනු ත් යම් තාක් පවතී නම් ඒ තාක් මුත් වඩා නො පවත්නා හෙයිනු ත් මේ දෙ තිස් කුණු කොටසින් ගැවසී ගත් මේ ශරීර ය බිඳෙන සුලු ලෙසට කුඹල් වළඳක් මෙන් සිතා යම් සේ නුවරෙක් ගැඹුරු අගල් හා උස් පවුරු ඇති හෙයිනු ත් මහ වාසල් පැන් වාසල්
1. පිරිවහමින්
334 සද්ධර්මිරත්නාවලි ය
අට්ටාල් ආදි ය ඇති හෙයිනු ත් පිටතිනු ත් තර ව මනා කොට විභාග කරණ ලද වීථි හා වීථි සන්ධි හා සල් පිල් ආදිය ඇති හෙයින් ඇතුළෙනු ත් තර ව පිටතින් ආ සොරුන්ට පිළිවන්ව නො තිබේ ද, එ මෙන් ම විවසුන් සිත ත් තර පාරු නුවරක් මෙන් තර කොට තබා ගෙන නුවර ඇතුළත සිටියවුන් ආයුධ අත ලා අවුත් සොරුන් අල්වා ගන්නාක් මෙන් විදර්ශ නා සම්ප්රුයුක්ත වූ ත් ආය්ය්ුළ මාර්ගය සම්ප්රසයුක්තවූ ත් ප්රගඥා නමැති ආයුධයෙන් ඒ ඒ මාර්ගසයෙන් මැරිය යුතු කෙලෙස් සොරුන් මැරිය යුතු ය.
නැවත යම් සේ යෝධයෙක් සටන් බිම බල කොටුවක් කොට ගෙන සතුරන් හා සටන් කරන්නේ බඩ සා වී නම් හෝ පිපාසා වී නම් හෝ සන්නාහ ය ලීල් වී නම් හෝ ආයුධ ය හෙළා පී නම් හෝ බළ කොටුවට වැද ලා මඳක් සැතපී ලා බතුත් කා පැනු ත් බී ගෙන සන්නාහය ත් තර කොට බැඳ ගෙන ඇතුළෙන් ආයුධයකු ත් හැර ගෙන පිටත් ව ලා සටන් කොට සතුරන් පරදවා ද, ජය නො ගත් සටන ජය ගනිද් ද, ලත් ජය තර කෙරේ ද, වන් ගමනේ ඉදින් බළ කොටුවේ ම රඳා පී නම් රට සතුරනට ම හරී ද, එ මෙන් ලැබ ගත් තරුණ විදර්ශුනාව ත් ආවාස සත්ප්රාීය ය, ඍතු සත්ප්රා ය ය, භොජන සත්ප්රාය ය, පුද්ගල සත්ප්රාවය ය, ධර්මස ශ්රටවන සත්ප්රාලය ය යනාදිය අත් නො හැර සෙවුණේ අතරතුරේ ලද මාර්ගයේ ඵල සම වතට සම වැද ත් එයින් නැඟී විවසුන් සිතින් සංස්කාරයන් සමනමින් තරුණ විපස්සනාවන් රක්නේ ය. එලෙස ම ඵල සමවත් ම සම වදී නම් මතු මත්තෙහි මාර්ගස භල උපදවන්ට අසමර්ත්ථල ය’යි වදාළ සේක. මේ දෙශනා කෙළවර පන් සියයක් දෙනා වහන්සේ හුන් තෙන ම හිඳ සිවු පිළිසිඹියා පත් රහත් ව බුදුන්ගේ රන් වන් ශරීරයට ස්තුති කෙරෙමින් වඳිමින් ආ සේක.
එ සේ හෙයින් ශාසනික වූ යොගාවචර කුල දරුවන් විසින් ග්රරන්ථ ධූරය පුරතත් බත් කා අන්තයෙහි බුලත් කා කපුරු නකුල් ආදිය කන්නා සේ හැසිල්ලක වූව ත් විදර්ශ නාභියොග ය කට යුතු.
41. පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව
සංස්කරණයතව ද ජීවිත ය විදුලියක් මෙන් චිරස්ථිතික නො වන නියා ව ද හවුරුදු අසඞඛ්යීයක් සිටිය ත් දිය බුබුලක් මෙන් බිඳෙන සුලු නියාව ද තණ අග පිනි බින්දු මෙන් ආයුඃක්ෂටයෙහි සිඳෙන නියාවද දියෙහි ඇඳි හිරක් මෙන් මැකෙන නියාව ද දක්වන්නමෝ පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
41. පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව 335
කෙ සේ ද යත්—
සැවැත් නුවර වැසි කුල දරුවාණ කෙණෙක් බුදුන් වදාරණ බණ අසා සස්නෙහි ළැදී මහණ ව උපසම්පදා ව ලදින් තිස්ස තෙරුන් වහන්සේ ය’යි ප්රනසිද්ධ වූ සේක. කල් යෑමකින් ඔබගේ ඇඟ මරණින් මුත් පිළියමින් අසාධ්ය ඉතා බලවත් රොගයෙක් ඇති විය. කෙ සේ ඇති වී ද යත් - හබ සා විතර සීන් කස් ඇති ව ලා පසු ව මුං සා ව, පසු ව මෑ ඇට සා ව, පසු ව ඇඹුල සාව, පසු ව බෙල් සා ව, ලා පැසී ගොසින් පැළී සිල් වන්ට වන. සියල් සිරුර වේයන් කෑ පරඬල් පතක් මෙන් සිදුරු විසිදුරු වි ය. එවක් පටන් පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ ය යි ප්ර සිද්ධ වූ සේක. පසු ව දවස් ගණනෙකින් ඇට ත් බිඳින. බැලීමට ත් අක්ෂරම වූ සේක.හඳනා පොරෝනා සිවුරු පූයා හා ලේයෙන් වැකී පුස් කා ගිය පැණි කැවුම් සේ විය. ශිෂ්යි වහන්දෑ ත් බැලිය නො හී අත්හල සේක. උන් වහන්සේ ද කිසි පිහිටක් නැති ව මඤ්ච පරායණ ව හොත් සේක.
බුදුවරුන් වහන්සේ ත් දවසකට දෙ විටක් ලොව බලන සේක. අළුයම ලොව බලන කල සක්වළ මෝ විට පටන් වැඩ හිඳිනා ගඳ කිළියට නුවණ පතුරුවා බලන සේක. සවස බලන කල ගඳ කිළියේ පටන් සක්වළ මෝ විට දක්වා නුවණ පතුරුවා බලන සේක.
එ කල බුදුන්ගේ නුවණ දැළ ඇතුලට ඇඟින් කුණු වුව ත් රහත් වන්ට නිසි පිණක් කුණු නේ වන පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ පෙනුණු සේක. බුදුහු උන්වහන්සේගේ සන්තානයෙහි මඬක තුබූ මැණිකක් මෙන් රහත් වන්ට නිසි හෙතු දැක ‘මුන් සබ්ර ම්සරහු ත් පිළිගින්ට බැරි ම හෙයින් අත්හළ වූ ය. කෙලෙස් ලෙඩට පිළියම් දන්නා මා සෙසු ලෙඩට ත් දන්නා හෙයින් මා විනා මුන්ට අනික් පිහිටෙක් නැත. තනා මැටියෙන් ගොමින් පිරියම් කට ලො හැක්කා සේ මුන්ට තුබූ රෝගයට ප්රෙතිකාර නො කොට කෙලෙස් පිළියම් කට නො හැක්ක. සෙසු කරන්නවුන් නති කල මා වී නමු ත් කළ මනා වේ දැ’ යි ගඳ කිළියෙන් නික්ම වෙහෙර අවිදිනා සේක් ගිනි හල්ගෙට වැඩ පැන් හණු කරණ සැළි ය කුස රජ කල ත් වළන් සෝධා පුරුදු බැවින් සෝධා පියා උදුනේ පුරුදු හෙයින් තබා ලා පැන් නඟා ලා පැන් හුණු වන තෙක් ගිනි හල් ගෙයි පුක්කුසාති නම් කුල දරුවාණන් නිසා කුඹල් හල වැඩ හුන්නා මෙන් වැඩ සිටි සේක. සිට ලා පැන අත ගාලා පැන් හුණු වූ නියාව දැන තෙරුන් වහන්සේ වැඩ හොත් තෙනට වැඩ හැඳින් ම මෑත් කරන්ට හැඳ එක් දිසාවක් අල්වා ගත් සේක.
336 සද්ධර්මැරත්නාවලි ය
එ වේලෙහි වහන්දෑ ‘ස්වාමීනි, වැඩ සිටිනා බව ය. අපි අල් වම්හ’යි හැඳ පිටින් ම ඔසවා ගෙන ගිනි ගල් ගෙට ගෙනා සේක. බුදුහු හොරුවක් ගෙන්වා ගෙන හුණු පැන් වත් කරවා ලා වහන්දෑ ලවා, පොරෝනා සිවුරු මෑත් කරවා හුණු පැන් මඬවා වදාරා මඳ අවුවෙක රළු ව නො වියළෙන්ට ලවා ලූ සේක. කෙළෙස් කුණට කැත ඇති පමණක් මුත් තෙල සේ වූ කුණට කැතයක් නැති හෙයින් උන් වහන්සේ ළඟ ම වැඩ සිට මතු ඇති වන තැනට දෘෂ්ටානුගතිය නිසා තමන් වහන්සේගේ ශ්රීව හස්තයෙන් උණු පැන් වත් කොට උළා නෑවූ සේක. උන් වහන්සේ ද ආරොග්යයතාවට පින් නැත ත් ශක්ර බ්ර හ්මාදීන් ගෙන් අත් පා මෙහෙ ලබන බුදුන් ගෙන් අත් පා මෙහෙ ලබන්ට පින් ඇති හෙයින් බුදුන් නාවන නෑවීම ලැබී වැඩ හොත් සේක. නාවා පි කලට පොරෝනා සිවුරු වියළිණ. ඒ ගෙනවුත් හඳවා ලා හඳනා සිවුරු හුණු පැණින් සෝධවා අව්වේ ලවා ලූ සේක. නෑ ඇඟ දිය සිඳී ගත් කලට හඳන ය ත් වියළිණ. උන්වහන්සේ ද හඳනයත් වැළඳ ගෙන පොරෝනයත් පෙර ව පුයා කුණු හැරී ශරීරය ත් ලඝු ව එකඟ සිතින් හැඳ වැද හොත් සේක.
බුදුහු ඉස් දොර වැඩ සිට හුණු පැන් නහා ඉක් බිත්තෙන් භොජනානු භවයක් කර වන්නා සේ ‘එම්බල, මහණ, යම් සේ දඬු පතින් ප්රරයෝජන ඇති මිනිස්සු වලට වැද ලා හැද නැති දඬු හැද තැන් දිරා ගිය තැන් ගැට තැන් කපා එ තැන්හි ම හැර පියද්ද, පසු ව ත් දඬු පත් සොයා ආ කෙණෙක් නිසි දණ්ඩක් පතක් කපා ගෙන යත් මුත් කපා හළ දඬු කැබලි එ මේ හැර නො ගනිද් ද තවත් ඉන් පා අළු ආදිය්කමට ප්රඬයෝජනයෙක් වී නමුත් මේ අත් බැව දෙ තිස් කුණු කොටසින් එක් කොටසකු ත් පා අළු ආදි වූ කිසිවකට ගත නො හැකි බැවින් කපා හළ දඬු කැබැලි ආදිය ත් වඩා නිෂ්ප්රියෝජන ද එ හෙයින් මේ ශරීරය ද අරූ දිවිදු නැති වන්නා ම ශ්රීා යහන්වල හොත ත් දැවීම් ආදි ය පොළොවට ම වන හෙයින් නොබෝ කලකින් ප්ර්යෝජන නැති හෙයින් හළ දඬු කඩක් මෙන් පොළොවට ම පැමිණෙයි.
සියල්ලකට ශරීරය ක්ෂයම නො වත ත් සිත තර ව තුබූ බැවින් මෙ බඳු කුණු අත් බැවු තබාලා තව පඤ්චක පමණක් මුත් වඩා කුණු කොටස් නැති දිව ඇත් බැව් හා බඹ අත් බැවු ත් නැති ව ම නිසා භව ක්ෂුයට උත්සාහ කට යුතුය යි වදාළ සේක. මේ දෙශනාව
41. පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව 337
කෙළවර පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ සිවු පිළිසිඹියා පත් රහත් ව කෙලෙස් ලෙඩින් ගොඩ නැගී ආයු ශක්ති ය එ තෙක් ම හෙයින් පිරිනිවන් පෑ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටුවු ය. බුදුහු ඔබ ආදාහන කරවා පියා ධාතු ගෙන දා ගබක් කරවූ සේක.
වහන්දෑ ‘ස්වාමීනි, තෙරුන් වහන්සේ මේ සා දුකකින් පෙළී ශරීර වේදනාව බලවත් වූ හෙයින් චුති සුද්ධිය කෙ සේ ද? කොයි උපන් සේක් දැ’ යි විචාළ සේක. බුදුහු පිරිනිවි නියාව වදාළ සේක. රහත් වූ නියාව අසා ‘ස්වාමීනි, රහත් වන්ට නිසි මේ තරම් පින් ඇති ව ශරීර ය කුණු වූයේ ත් හැයි ද? ඇට මුළුල්ල බිඳී ගියේ ත් හැයි ද? රහත් වූයේ ත් කෙ සේ දැ’යි විච ළ සේක. ‘එම්බා මහණෙනි, මේ මුළුල්ල ම අනික් කෙණකුන් කළ දෙයක් නො වෙයි. මුන් තමන් තමන් ම කළ ලෙස ය’ යි වදාරා කර්මණ ස්වරූප ය අසනු කැමැති වහන්දෑට ‘එ සේ වී නම්, මහණෙනි, අසව, මේ තෙමේ කසුප් බුදුන් සමයෙහි පක්ෂීන් බදා විකුට ජීවත් වන වැදි කුලයෙක් ඉපැද මොනර කුකුළු ආදී වූ පක්ෂීන් බදා ගෙන නො මරා වඩනු නිසා බොහෝ දෙනාට ත් දෙයි. ඉතිරි පක්ෂීන් ඇත් නම් මරා කන්නවුන්ට ත් විකිණෙය්. විකුට ත් ඉතිරි පක්ෂීන් මරා තුබූ කලට කුණු වෙති. පියාසර නො කොට හැකි ලෙසට කකුල් ඇට ආදිය බිඳ තබා ලා විකුණෙයි. ඉතා බොහෝ කොට ලත් නම් තෙමේ ත් පිසවා කයි.
මූ එක් දවසක් මස් රසයක් පිසූ කලට රහත් කෙණෙක් සිඟා ඇවිදිනෝ මුගේ ගෙ දොරට ගියෝ ය. තෙමේ උන් දැක පැහැද ‘අනේ බොහෝ ප්රාපණ වධ කෙළෙමි. මුන් වහන්සේ මා ගේ ගෙ දොරට සිඟා වැඩි සේක. ගෙයි මස් රසයකු ත් ඇත. මසවුළෙන් යුක්ත කොට බතක් දන් දෙමි’ ආරාධනා කොට පාත්ර ය හැර ගෙන මස් රසයෙන් යුත් බත් පාත්ර්ය පිළිගන්වාලා රහත් තෙරුන් පසහ පිහිටුවා වැඳ ගෙන ‘ස්වාමීනි, නුඹ වහන්සේ ලත් නිවන් රස මා දුන් මස් රසයෙහි මුඛ්ය විපාකයෙන් මට ත් වේව’යි පැතූයේ ය. රහත් මහ තෙරහු ත් ඒ එ සේ ම වේව’යි කීහ. මහණෙනි, එ කල පක්ෂීන් ගේ ඇට බිඳ ලූ ලෙසින් මු ගේ ශරීරය ත් කුණු වි ය. ඇට ත් බුන. රහතුන්ට දුන් බතෙහි අනුසසින් නිවන් රස ලදැ’යි වදාළ සේක.
සත් පුරුෂයන් විසින් සද්ධර්මය රත්නාවලියෙහි ඇවිණි. මේ සදහම් රුවන පමණිනුත් පින් කම් නමැති බඩු සොයා ගෙන ලොවි ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු.
338 සද්ධර්මුරත්නාවලි ය
42. නන්දගෝපාල වස්තුව
සංස්කරණයතව ද කළා වූ අකුශලයෙහි අනිෂ්ට විපාක දෙන නියාව හඟවන්ට නන්ද ගෝපාල වස්තුව දක්වා සතුන් අකුසලින් දුරු කරවමු.
කෙ සේ ද යත්:-
සැවැත් නුවර මහා සම්පත් ඇති නන්ද නම් කෙණෙක් මහා සම්පත්තීන් යුක්ත කේණිය නම් දුළුල්ලන් සම්පත් රැක ගන්නා නිසා තවුස් ලෙසින් ඇවිදිනා සේ, තුමූ ත් සම්පතට හානියක් නො වන ලෙසට අනේ පිඬු මහ සිටාණන් ගේ ගෙරි සරක් රකිති. නන්ද ගෝපාලයෝ ය යි ප්ර සිද්ධ වූ හ. ඌ තුමූ කලිය් කලට අනේපිඩු සිටාණන්ට පස් ලෝ රස ගෙනවුත් දී ලා බුදුනු ත් දැක බණ ත් අසා සිටාණන් ගෙන් ලබන සංග්රසහ නැත ත් බුදුන් ගෙන් සද්ධර්ම සංග්රණහ ලැබෙති. සද්ධර්මර සංග්රතහ ලදින් බුදුන් තමන්ගේ ඔබ වඩනට ආරාධනා ත් කෙරෙති. බුදුහු ත් උන් කිරෙයි මුසුන් ගසා දි වන තෙක් හිඳිනා සේ උන් කෙ සේ ආරාධනා කළත් නුවණ මුහුකුරණ තෙක් හිඳිනා සේ උන් කෙ සේ ආරාධනා කළත් නුවණ මුහුකුරණ තෙක් නො වැඩ නුවණ මුහු කළ නියාව දැන එක් දවසක් බොහෝ භික්ෂු සඞඝයා වහන්සේ පිරිවරා සැරිසරා වඩනා සේක් මගින් ඉවත් ව උන් පට්ටි කොට වසන තැනට ආසන්නයේ ගසක් මුල වැඩ හුන් සේක. නන්ද ගොපල්ලෝ ත් බුදුන් ළඟට අවුත් වැඳ ගෙන පිළිසඳර කථා ත් කොට ලා ආරාධනා කොට සතියක් මුළුල්ලෙහි මහා ප්රතවාහයක් මහ වතුරක් මෙන් පස් ගෝ රස ඇතුළු ව මහ දන් දුන්හ. සත් වෙනි දවස බුදුහු අනු මෙවෙනි බණ වදාළ සේක.
බණ කථා කෙළවර නන්දක ගොපල්ලෝ සෝවාන් ව සියලු ම අකුශලයෙහි අපායගාමී අවස්ථාව නසා බුදුන්ගේ පාත්රය ය හැරගෙන පසු ගමන් කොට යන්නෝ නැතත් තැන් ගොසින් කැටි ව යත ත් උන්ට ඒ මරණ නො නවත්නා හෙයින් ‘සිටු ව, උපාසකයෙනි, බුදුන් වදාළ කල්හි වැඳ ලා රඳා පූහ. එක් වැද්දෙක් විද නන්දග ගොපල්ලන් මරා පී ය. බුදුන්ට පසු ව යන වහන්දෑ නන්දව ගොපල්ලන් මිය හොත්තවුන් දැක බුදුන්ට දන්වන සේක් ‘ස්වාමීනි, මුඹ වහන්සේ මොබ වැඩි හෙයින් නන්දහ ගොපල්ලෝ මහ දන් දී ගමන් පසු කොට අවුත් මර දුන්හ. ඉදින් මුඹ නො වැඩියොත් නො මියන්නෝ වේ දැ’යි ධර්ම ස්වරූපය නො දත් තැන් වදාළ සේක.
43. සොරෙය්යළ වස්තුව 339
කර්මූ නියම ය බුදුන්ට ම විෂ ය හෙයින් බුදුහු වදාරණ සේක් ‘මහණෙනි, මා ආව ත් නො ආව ත් සතර දිගට වුව ත් සතර අනුදිගට වුව ත් ගොසින් මූට ගැළවීමෙක් නැත. සතුරෙක් සතුරකු දැක වේව යි වෛර ඇති එකෙක් තමා කෙරෙහි වෛර ඇති එකකු දැක වේව යි යම් අනර්ත්ථෛයක් අවැඩක් කෙරේ නම් එයින් අනර්ත්ථි ය ලබන තැනැත්තේ පුරාකෘත අකුශල කර්මත බල යෙන් ලැබෙයි. උන්ගේ කර්මතය ගෙවෙන පමණක් නො ව අකුශලයෙහි ඇසිරී අනර්ත්ථමය කරණ තැනැත්තවුගේ ත් අදහස නපුරු හෙයින් දෘෂ්ට ධර්මහ වෙද්යර විපාක වශයෙන් මේ ලොව ත් බොහෝ දුකට පැමිණ පරාලොව ත් ලක්ෂට ගණන් ජාති නස යි. අරුන්ගේ අකුශල කර්මැ ය ගෙවුණැ යි අර මුන්ට අකුශල ය සිද්ධ වීමේ අඩුව නැතැ’යි වදාළ සේක. උන් කළ අකුශල කර්මය ය වහන්දෑ නො විචාළ හෙයින් බුදුහු නො වදාළ සේක. මේ දෙශනාවෙනු ත් බොහෝ දෙන නිවන් පුර වන්හ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සියලු ලෙසින් අකුසලින් දුරු ව කුසල් පුරා චිත්ත සුද්ධි ය කටයුතු.
43. සොරෙය්යු වස්තුව
සංස්කරණයතව ද සිතින් සිතාපී පමණකිනු ත් අකුශලයෙහි එ තරම් ම නපුරක් ඇති නියාව හඟවනු පිණිස සොරෙය්යු වස්තුව දක්වමු.
කෙසේ ද යත් —
ති ලෝ ගුරු බුදුන් සැවැත් නුවර වසන කල දඹදිව සොරෙය්යප නම් නුවර සොරෙය්යු නම් සිටු පුත්රනයාණ කෙණෙක් යාළුවාණ කෙණකුන් හා සමග වාහනයකට නැඟී මහ පිරිවරින් ගඟට නාන්ට යන්ට නුවරින් නික්මුණාවු ය. එ වේලාවට කසයින් මහ තෙරුන් වහන්සේ සොරෙය්යර නුවරට සිඟා වඩනා කැමැති ව නුවරින් පිටත සිට ගැටවටු ගන්වන සේක. මහ තෙරුන් වහන්සේගේ ශරීරය ද රූපත් වන පින් බොහෝ කොට කළ හෙයින් රන් කඳක් පරිද්දෙන් ඉතා ශොභමාන. සොරෙය්යහ නම් සිටුපුත් ඔබ දැක ‘මුන් වහන්සේගේ ගුණ ශොභාව මට වී නම් යහපතැයි නො සිතා රාගයෙන් රැඳී මුන් වහන්සේ මට පාදපරිචාරිකා වූ සේක් නම් යහපත. නොහොත් මුන් වහන්සේගේ රූප ශොභාව අපගේ සිටු දියණියන්ට සම්භ වී නම් යහපතැ’යි සිතන සිතු ත් නපුරු ලෙසින් සිතීම බාල ලක්ෂමණ හෙයින් තමනු ත් එවකට එහි ඇතුළත් හෙයින් සිතූහ. සිත සිත හා සමග ම 340 සද්ධර්මිරත්නාවලි ය
මිය ම උපන් කලක් මෙන් පුරුෂත්වා ය නැති වැ ස්ත්රීි ව ගියෝ ය. ඌ ලජ්ජා ව වාහනයෙන් බැස පියා පලා ගියෝ ය.
පිරිවර ඇත්තෝ ත් හැඳින ගත නො හී මේ කිම් ද, මේ කිම් දැ යි කිවු ය. සොරෙය්යඇ නම් සිටු පුත්රේයෝ ද සසර වියවුල හඟවන්නාක් මෙන් ගෑනු ව පියා දිසා පාමොක් ආචාරීන්ගෙන් සූප ශාස්ත්ර උගන්ට යන කෙණකුන් මෙන් තක්සලා නුවරට යන මඟට නික්මුණාවු ය. කැටි ව ආ යාළු සිටාණෝ ද ඈත මෑත බලා ත් නුදුටුවාහු ය. හැම දෙන ම න හා පියා ගෙට නැඟී ගියහ. සිටු පුත්රලයාණෝ කොයි දැ යි විචාළවුන්ට ‘නාහාපියා අපට පෙරාතු පලා ආව යි සිතා පලා ආම්හ’ යි කිවු ය. ඉක්බිත්තෙන් උන්ගේ දෙ මවු පියෝ ත් සොයා නො දැක හඬා පියා වැලප පියා මළ නියා ව නැ යි පින් පෙත් දුන්හ.
සිටු දියණියෝ ත් තක්සලා නුවරට යන සත්වා මුළක් දැක පසු පස්සෙහි යන්ට ගත්හ මිනිස්සු ද දැක අප පසු පස්සේ ත් එව. තොප කාගේ දරු කෙණකුන් බව ත් නො දනුම්හ. මේ කෙසේ වූ ගමනෙක් දැ’ යි විචාළෝ ය. මා නොවිචාරා ගැලපදනා බව ය. ගැල පස්සේ මම එමි’යි කියා ලා නැතක් තැන් ගිය කලට පයක් රිදෙන්නේ1 ඇඟිල්ලේ ලූ මුන්ද දීලා තමන්ට ත් ගැලින් අවසරයක් කරවා ගත්හ. මිනිස්සු ත් සිතන්නෝ තක්සලා නුවර අපගේ සිටු පුත්රකයාණන්ට අඹුවෝ නැත. උන්ට මුන්ගේ පුවත කියා උන්ගෙන් සංග්ර හ විඳුම්හ’යි සිතා ගෙන තක්සලා නුවරට ගොසින් සිටු පුත්රියාණන්ට ‘මුඹට තරම් ගෑනු බාලකෙණකුන් ගෙනාම්හ’ යි කිවු ය. උයි ත් ගෙන්වා ගෙන තමන්ගේ අදහස් ලෙසට ම උන් තරම් නියා ව දැක තමන්ට පාදපරිචාරිකා කළහ.
සසර ඉතා දික් හෙයින් පිරිමින් ගෑනු නො වූ විරූ ත් නැත. ගෑනුන් පිරිමි නො වූ විරූ ත් නැත. පිරිමි පරදාර කර්මතයෙහි හැසිර අවුරුදු ලක්ෂි ගණන් නිරව දුක් ගෙන එයින් මිදී මිනිස් ලොව උපදි ත් නම් ගෑනි ව සියක් වර උපදිති. කප් ලක්ෂ යක් පිරූ පැරුම් ඇති අනඳ මහ තෙරුන් වහන්සේ පවා සසර සිටිනා කල බඩාල් කුලයෙක උපන් ගමනේ පරදාරයෙහි හැසිර නැතක් කල් නිරෑ දුක් ගෙන තව ඒ අකුශල ය ගෙවී නො ගිය හෙයින් තුදුස් ජාතියෙක ගෑනි ව උපන් සේක. ජාති සතෙක බීජොද්ධරණ ය ලත් සේක. ගෑනු මිනිස්සු දානාදී පින් කම් කොට ගෑනු වීමෙහි ඇලුම් නැති ව පිරිමි වීම පතා පුරුෂත්වෑය ලැබෙති. සෙසු පින්කම් නැත ත් පති
1 රිදෙන්නා
43. සොරෙය්යැ වස්තුව 341
ව්ර්තා ව විසීමෙන් මිථ්යා චාරය නැත් වත් පිරිමි ව උපදිති. සොරෙය්යන නම් සිටු පුත්රමයාණෝ ද කසයින් මහ තෙරුන් වහන්සේ විෂයෙහි නො සිතුව මනා ලෙස සිතා එ ම ජාතියෙහි ඔබ්බකට නො ගොස් ගෑනු වූ ය.
තක් සලා නුවර සිටාණන් හා සඟවාස ය නිසා සොරෙය්යය නම් සිටු දුවණියන් බඩ දරු කෙණෙක් ඇති වූ ය. දස මසකින් පුතණු කෙණකුන් වදා පියා උන් පියවර ඔසවා ඇවිදිනා අවධියට අනික් පුතණු කෙණකුන් වැදූ ය. මෙ සේ තුමූ ගෑනු ව දස මසක් කුසිනු සුලා දරුවන් දෙන්නෙකැ යි පුත්තු සතර දෙනෙක් වූ ය.
එ කල සොරෙය්ය නුවර සිට උන්ගේ යාළු සිටු පුත්රතයාණෝ ගැල් පන් සියයකින් බඩු ගෙන්වා ගෙන තක් සලා නුවරට ගොසින් යන්ට සැප වාහනයෙකින් නුවරට වන්හ. සොරෙය්යො සිටු දියණියෝ ද මතු මාලේ කවුළු දොර හැරලා වීථිය බල බලා සිටි තැනත්තෝ සිටු පුත්රනයාණන් හැඳින ගෙන කෙල්ලක යවා කැඳවා ගෙන්වා ගෙන සැඳැල්ලේ හිඳුවා ලා සත්කාර සම්මාන කළහ. සිටු පුත්රනයාණෝ ද සාද විඳ ගෙන ‘සිටු දියණියෙනි, නුඹ අපි පෙර හඳුනන්නෝ නැත. සාද සාමීචිය ත් බලවත. කුමක් නිසා දැ’යි විචාළෝ ය. නො හඳුනන්නේ හැයි ද? මම හඳුනමි. නුඹ හිඳිනේ සොරෙය්යය නුවර වේ දැ’ යි කි වූ ය. එ සේ ය යි සිටු පුත්රියාණන් කී කල්හි දෙ මව් පියන් දෙන්නාගේ ද පිරිමි අවධියේ ඇඹේණියන්ගේ ද උන් හැම සුව සේ හුන් නියාව කියා ලා හඳුනන්නෝ ඇද්දැ යි විචාළෝ ය.
“එ සේ ය, දනිමී. උන්ගේ එක් පුතණු කෙණෙක් ඇත්තෝ වේ ද, ඌ දැන් කොයි දැ’ යි විචාරා ‘මා අතින් උන් විචාරන්ට නො කැමැත්තෝ ය. එක් දවසක් උන් හා මා හා වාහනයෙක් හිද නාන්ට ගොසින් උන් කොහි ගිය බව ත් නුදුටු වම්හ. නො දැක ගොසින් දෙ මවු පියන්ට කිවු ය. උයි ත් සොයා නො දැක හඬා පියා මළ නියා යැ යි සිතා පින් පෙත් දුන්හ’ යි කිවු ය. ඒ සිටු දියණියෝ ඒ අසා ‘එ සේ වී නම් ඒ සිටු පුත්ර යාණෝ මම් ම ය’ යි කිවු ය. ‘කුමක් කියවු ද? මා ගේ යාළුවාණෝ දිව්යට කුමාරයක්හු මෙන් පුරුෂයාණ කෙණෙකැ’යි කියා ලා නො ගිවිස්සෝ ය. ‘නුඹ කුමක් කියත ත් මම ඌ මැ යි’ කිවු ය. ‘එ සේ කල මේ කුමක් වූ නියා දැ’ යි විචාළෝ ය. එ දවස් කසයින් මහ තෙරුන් වහන්සේ දුටුයේ දැ යි විචාරා ‘එ සේ ය දිටිමි’ කී කල්හි “එ දවස්
342 සද්ධර්මේරත්නාවලි ය
මම ඔබ දැක මේ සා මහත් අකුශලයක් සම්භ ව ‘මුන් වහන්සේ හෝ මට අඹු වූ සේක් නම් යහපත. අප ගේ සිටු දියණියන්ට හෝ මේ රූප ශොඵාව වී නම් යහපතැ’යි සිතිමි. සැරහී සිටි කෙණකුන් ඇඟට කසළක් දමන්නා සේ කෙළෙස් කසළින් නිකසළ වූ ඒ ස්වාමි දරුවාණන් වහන්සේට එ තරම් කටයුත්තක් සිතා උඩු සුළඟ සිට දමා ලූ දෙයක් තමා ඇඟ වැද ගන්නා සේ මම් ම ගෑනු වීමි. ලජ්ජා බලවත් ව ගොසින් නුඹ කිවු ය. ‘කළ දෑ ඉතා නපුර කාට ත් නො කියත ත් මට නො කියන තරමෙක් ද? මිත්රක කම් නම් මෙසේ වූ තැනකට නො වේ ද? මහ තෙරුන් වහන්සේ ක්ෂසමා කරවා ගන්නා පමණෙක් වී නම් මෙ ලෙසක් නො වන්නේ වේ ද? ක්ෂ්මා කරවීම වී ද, නො වී දැ’ යි විචාළෝ ය.
ස්වාමීනි, එ සේ වූ යහපත් කට යුතු ත් ඇති නියා ද? එ සේ වූ දෙයෙක් කෙළේ නැත. ඔබගේ පුවතක් දන්නෝ ඇද්දැ’යි විචාරා මෙ ම නුවර ය යි කී කල්හි ‘සිඟා වඩනා ගමනෙක මෙ සේ වැඩි සේක් වී නම් දන් දෙන්නමෝ වේ දැ’යි කිවු ය. ‘එ සේ වී නම් මහ දන් සරහා ලන්නේ. මම ක්ෂයමා කරවා ලමි’යි කසයින් මහ තෙරුන් වහන්සේ ළඟට ගොසින් වැඳ ලා එකත් පස් ව හුන්නෝ ‘ස්වාමීනි, සෙට ආරාධන මා ගෙනැ යි කිවු ය. ‘තෙපි ආගන්තුකවා දැ’යි වදාළ සේක. ‘එ සේ වදාරන්නට නො කැමැත්තේ ය. සෙට දවස් දන් මා ගෙන් ම ය’ යි කී කල්හි මහ තෙරුන් වහන්සේ ත් ඉවසා වදාළ සේක. ගෙයිත් දන් සැරහු ය. මහ තෙරුන් වහන්සේ ඒ ගෙට සිඟා වැඩි සේක. ඉක්බිත්තෙන් වඩා හිඳුවා ලා වළඳා අන්තයෙහි සිටු පුත්රේයාණෝ සිටු දුවණියන් කැඳවා ගෙණ ගොසින් මහ තෙරුන් වහන්සේ වැඳ හොවා ලා ‘ස්වාමීනි, මුන් කළ වැරැද්දකට ක්ෂනමා කොට වදාරන්නේ යහපතැ’යි කිවු ය. ‘කුමක් දැ’යි විචාළ කල්හි ආද්යලන්ත මුළුල්ල ම සැල කළෝ ය. ‘එ සේ වී නම් නැඟී සිටුව. ක්ෂවමා කෙරෙමි’ වදාළ සේක.
මහ තෙරුන් වහන්සේ ක්ෂහමා කෙළෙමි යි වදාරන්නා ම ස්ත්රීකත්ව්ය නැති ව පිරිමි ව ගිය හ. පුරුෂත්වමය පහළ වන්නා ම තක්සලා නුවර සිටාණෝ ‘සබඳ, මේ දරුවන් දෙන්නා තොප කුසින් උපන් හෙයිනු ත් මට දා හෙයිනු ත් අප දෙ පක්ෂමයට ම භාරයෝ ය එක් ව ම වසම් හ’යි කිවු ය. ඒ අසා සොරෙය්යත නම් සිටු පුත්රියාණෝ ‘සබඳ, කුමක් කියවු ද? මම මේ එක ජාතියෙහි
43. සොරෙය්ය වස්තුව 343
පළමු සිටු පුත්රණ ව, දෙවෙනි ව සිටු දූ ව, තුන් වැනි ව සිටු පුත්ර’ වීමි, තව ත් රඳා හිඳ දූ වන්ට ද? පෙර මා නිසා මට දා වූ දරු දෙන්නෙක. දැන් නුඹ නිසා මාගේ කුසින් වැදූ දෙන්නෙක. එක ජාතියෙක මේ තරමක් වන්නා තබා වෙතී යන්නකු ත් නො දැන දැන් වූ කලි ගිහි ගෙයි නො රඳන්ට මෙ විතරකු ත් මඳ නියා ද? මා මේ හීන තරමින් උත්තර තරමෙහි තබා ලූ උත්තමයාණන් වහන්සේ ළඟ මහණ ව යම් තරමෙක් හැමට ම වැඩි නිටි නම් එ සේ වූ තරමු ත් ලබනු නිසා මහණ වෙමි. මේ දරුවන් දෙන්න නුඹට බාරයෝ ය. උන් රැක්ක මැනැවැ’යි කියා ලා දරුවන් දෙන්නා සනා පියා පියාණන්ට ම පාවා දී ලා නික්ම මහ තෙරුන් වහන්සේ ළඟ මහණ වූ ය.
මහ තෙරුන් වහන්සේ ද මහණ ත් මහලු පැවිදි ත් කොට ලා කැටි ව හැර ඟෙන සැරිසරා වඩනා සේක් සැවැත් නුවරට වැඩි සේක. උන් වහන්සේ ත් ආදි සොරෙය්යර සිටාණෝ ය යි ප්රැසිද්ධ නො ව සොරෙය්ය තෙරුන් වහන්සේ ය යි ප්රරසිද්ධ වූ සේක. දනවු වැස්සෝ ද මෙ පවත් අසා විස්ම ව අවුත් මෙ සේ වූ පවතෙක් ඇසිණ. ඒ එ සේ ම දැ’යි විචාරා එ සේ ම ය යි වදාළ කල්හි ‘මෙ සේ ත් වන නියා වේ ද? නුඹ වහන්සේ එක නොබෝ කලකින් කැටි ව පුත්තු සතර දෙනෙක් ඇත්තෝ වෙත්ද? ඉන් කවුරුන් කෙරෙහි ප්රේැම බලවත් දැ’ යි විචාරති. ‘ගෑනි අවස්ථාවෙහි කුසින් උපන් දරුවන් දෙන්නා කෙරෙහි පෙම් බලවතැ’යි වදාරන සේක. ආ ආ යම් කෙණෙක් ම එ ම විචාරන්ට තබා ගත්හ. තෙරුන් වහස්සේ ද එක්වන් ව ම වදාරා ලජ්ජා ව ගොසින් පසු ව කථාවට නො ලැබී විවේක වාසයට පැමිණ විවසුන් වඩා පිළිසිඹියා සතර ත් මාර්ගට සතරත් ඵල සතර ත් නො බෝ කලකින් ලැබ රහත් වූ සේක.
රහත් වූ පසු ත් ආ ආ කෙණෙක් පුතුන් සතර දෙනා ගෙන් ප්රේටම ය මහත් කවුරුන්ට දැ’ යි විචාරති. එ සේ විචාළවුන්ට ‘මා කවුරුන්ට ත් ප්රේළම නැතැ’යි වදාරන සේක. වහන්දෑ ද ඒ අසා ‘මූ මෙ තෙක් දවස් තමන්ගේ කුසින් උපන් දරුවන්ට පෙම් මහතැ’ කියා ලා දැන් රහත් නියාව ත් හඟවන්ට දෝ කවුරුන්ට ත් ප්රේ්ම නැතැ’යි කියති’ යි බුදුන්ට දැන් වූ සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි, ම පුත්තු එ බන්දක් කියන්නෝ නොවෙති. රහත් වූ තැන් පටන් කිසි කෙණකුන් කෙරෙහිත් ප්රේපමයක් නැත. අකුශල විෂයට නො හැර කුශල විෂයෙහි යොදා යහපත් කොට ගත්තා වූ
344 සද්ධර්මපරත්නාවලි ය
සිත යම් ස්නෙහයක් කොට ලා නම් ඒ ස්නෙහය දෙ මවු පිය නැඳි මයිල් බෑබුන් ආදීන් අතුරෙන් කිසි ද කෙණෙක් කොට ලිය නො හෙති. එ සේ හෙයින් කවර ලෙසකිනු ත් පනත් කොට සකස් කළ මනා නම් තමාගේ සිත ම ය.
දෙ මවු පියෝ දරුවන්ට සම්පත් දෙත් නම් එක ජාතියක රැක ගන්නා තරමට මුත් වඩා දී ලිය නොහෙති. විසාඛාවන්ගේ දෙ මවු පියෝ පවා එ තෙක් ම සම්පත් ඇති ව එක ජාතියෙක රැකෙලා පමණට මුත් වඩා දී ලිය නුහුණු වු ය. දරුවන්ට සක්විති සැපත් දී ලිය හෙන දෙ මවු පියෝ නැත. දිව සැපත් කැල ම දී ලිය නො හෙති. දැන් සමවත් ආදී වූ ලෞකික ගුණයක් වේව’යි මාර්ගි ඵලා දී වූ ලොවුතුරා ගුණයක් වේව යි දී ලිය නො හෙත් ම ය. පිරිසුදු කළා වූ මෙකී සිත සියල්ල ම දි ල’ යි වදාළ සේක. මේ දෙශනා කෙළවර ත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණිය හ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් යම් උත්සාහයකිනු ත් සිත ම පනත් කොට ගෙන නිවන් පුර වැද සැනහෙන්ට උත්සාහ කට යුතු.
44. පෘථිවි සන්නිශ්රිතත කථාකරණ භික්ෂූන්වහන්සේ ගේ වස්තුව
සංස්කරණයතව ද සප්රහයෝජන වූ ස්වර්ගි මොක්ෂක බාධක නො වන කථා මුත් බාග්යස කථාවෙන් කිසි ත් ප්රජයෝජනයක් නැති නියාව හඟවන්ට පෘථිවි සන්නිශ්රිාත කථා කරණ භික්ෂූසන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
ඒ දෙසේ ද යත්—
බුදුන් හා සමඟ දනවු සැරිසරා ගිය පන් සියයක් දෙනා වහන්සේ සැවැත් නුවර දෙවුරමට අවුත් සවස් වේලෙහි සන්නිපාත ශාලාවෙහි හිඳ ‘මේ පොළොව නම් පස් පොළොව ය. දිය පොළොව ය. වා පොළොව යි තුනෙක. ඒ පොළොවල දිග සඞඛ්යාොවක් නියමයක් නැතිහෙයින් මනැතත් පස් පොළොවබොළ-
“ දුවෙ සතසහස්සානි - වත්තාරි නහුතානි ච, එත්තකං බහළත්තෙන - සඞඛාතායං වසුන්ධරා”
යනු හෙයින් යොදුන් ගණනින් දෙ ලක්ෂ හතළිස් දහසක් යොදුන. ගවු ගණනින් නව ලක්ෂි සැට දහසක් ගවු ය. දිය පොළො
44. පෘථිවි සන්නිශ්රිපත කථාකරණ භික්ෂූන් වහන්සේ ගේ වස්තුව 345
වෙහි ගැඹුර යොදුන් ගණනින් සාර ලක්ෂෘ අසූ දහසක් යොදුන. ගවු ගණනින් දහ නව ලක්ෂඹ විසි දහසක් ගවු ය. වා පොළොවෙහි ඝන ය යොදුන් නව ලක්ෂස විසි සැට දහසක් යොදුන. ගවු ගණනින් අට තිස් ලක්ෂ සතළිස් දහසක් ගවු ය. බුදු නුවණින් දැන වදාළ හෙයින් මුත් කවුරුන්ට මේ දැන ගැන්ම පිළිවන් දැ’ යි වන මේ කථාව තබා පියා තමන් වහන්සේ ගිය ගිය තෙන ‘අසවල් ගමට යන්නා වූ මහ සෙල් බැවින් නැති බැවින් සැප ය. අසවල් තෙන සෙල් ඇත. අසවල් තෙන මඩ බොර දැඩි ය. අසවල් තෙන තඹ වනැ’යි මෙ සේ වූ කථාවක් කරණ සේක.
බුදුහු වැඩ විචාරා වදාරා කරමින් හුන් කථාවේ ලෙස දැන් වූ කල්හි ‘එම්බා මහණෙනි, තෙල පොළොව ගොයම් කිරීම ආදී වූ බාග්ය කාරියට ආධාර වත් මුත් විවසුන් සී සා මාර්ගග නමැති බිජුවට වපුට ඵල සමවත නමැති පත් කොට ගන්ට ආධාර නො වෙයි. තොප විසින් සිත් සතන් නමැති පොළොව පිළිබඳ දෙයක් ම කිය යුතු ය’ යි වදාරා ඒ වහන්දෑ තදනුරූප වූ කථාවෙන් විචාරන්ට අසමර්ථය හෙයින් තමන් වහන්සේ ම ‘කවර කෙණෙක් මේ අත් බැව් නමැති පොළොව තමන්ගේ නුවණින් දනිද්ද, මල් කැඩීමෙහි දක්ෂ මාලා කාරයකු ගොතන්ට නිසි මල් හැඳින නෙළා ගන්නා සේ සත් තිස් බොධ පාක්ෂික ධර්මග ය කවර කෙණෙක් දනිද්දැ’යි වහන්දෑ විචාරණ ලෙසින් තමන් වහන්සේ විචාරා විභාග කොට වදාරන සේක් ‘අරි පුඟුලන් අට දෙනා ගෙන් අට වැනි තැනත්තන් ත්රිොවිධ ශික්ෂා‘වෙහි හික්ම නිමා සිටි හෙයින් උන් හැර අනික් සත් දෙන මේ අත් බැව් නමැති පොළොව රහත් මගින් එහි ඇලුම් හරණාහු අනුන්ට දෙන දෙයක් ගැන නියම දැන දෙන්නා සේ භරණාවුනු ත් තත්වහ ය දැන හරනා හෙයින් දනිති. සියලු ම ආය්ය්්වහයන් අපාය භූමි අසඤ්ඤ භූමියෙහි නූපදනා හෙයිනු ත් දෙව්ලොව මිනිස් ලොව සහිත වූ සතර අපාය ක්රිම ක්රිමයෙන් භව නිකාන්තිය හැර ගෙන ගොසින් රහත් මඟ දී සියලු ලෙසින් හරණ හෙයින් එහි ත් ඔහු ම දනිති.
මල් ගෙතීමේ දක්ෂත මග් කරුවා මල් වත්තට ගොසින් ලා ලා කැකුළු ත් පණුවන් කෑවා ත් පර මලු ත් හැකිළීමෙන් ගොතන්ට
346 සද්ධර්මපරත්නාවලි ය
බැරි වූවා ත් හැර යහපත් මල් ම තෝරා කඩා ගන්නා සේ ශෛක්ෂ යෝ සත් දෙන ම බොධි පාක්ෂික ධර්මමයෙන් සත් තිස් දෙනා නො එක් ලෙසින් විභාග වත් කොට තමන්ගේ නුවණින් දනිති. එ හෙයින් තෙපි හැම ත් මේ හැම දනු නම් ශෛක්ව්න් න්ට උත්සාහ කරව. මේ දෙශනා කෙළවර පන් සියයක් දෙනා වහන්සේ පොළෝ පිළිබඳ කථාව තබා බිම ත් උඩ ත් උත්පත්ති නැති ව සිවුපිළිසිඹියා පත් රහත් වූ සේක.
එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් නිෂ්ප්රඩයොජන කථා නම් හස්සාරාමතාවෙහි ඇතුළත් බැවින් හැර අල්පෙච්ඡතාදී වූ සප්ර යෝජන කතාවෙන් යුක්ත ව සුචරිත පුරා භව ක්ෂලයට උත්සාහ කටයුතු.
45. මිරිඟු කමටහන් කළ භික්ෂූන්වහන්සේ ගේ වස්තුව
සංස්කරණයතව ද පින් කිරිය වත සැබවින් දාන ශීල භාවනා තුන ඇතුළත් හෙයිනු ත් දන් දීත්, සිල් රක්ෂාකොට ත්, ති ලකුණු පමණ වුව ත් භාවනායෙකින් මුත් මාර්ගාතධිගම ඵලාධිගම ය නො වන හෙයින් භාවනාමය කුශල ම අත්යගන්තොපකාරී නියාව හඟවනු පිණිස මිරිඟු කමටහන් කළ භික්ෂූන් වහන්සේගේ වස්තුව දක්වමු.
ඒ කෙසේ ද යත් —
භව ක්ෂ ය කිරීමෙහි බලවත් රුචි ඇති එක් තරා භික්ෂු කෙණකුන් වහන්සේ බුදුන් ගෙන් කමටහන් ඉගෙන ගෙන ‘මහණ ධම් කෙරෙමි’ කියා මහ වලට ගොසින් බොහෝ වූ උත්සාහයෙනු ත් රහත් විය නො හී ‘ බුදුන් වදාළ ලෙසින් අඩුවක් ඇති නියා ය’යි නිරිජට කොට නිරාකුල කොට පෙරළා ත් කමටහන් කියවා ගනිමි’ යි බුදුන් ළඟට වඩනා සේක් අතුරු මඟදී මහ අවුවේ පෙනෙන මිරිඟු දැක ‘යම් සේ මේ ගිම් අවධියේ පෙනෙන මිරිඟු දුර සිටි ය වුන්ට සැලෙන්නා සේ පෙනේ ද, මුවන්ට පැන් පරිද්දෙන් වැටහේ ද, ළඟට එ ත් එ ත් නො පෙනේ ද එ පරිද්දෙන් මේ අත් බැව ත් ඉප දීමෙන් හා උපන්නා සේ ම නස්නා හෙයින් මේ මිරිඟු සේ ම ය යි ද දුර සිටිය වුන්ට පෙනෙන ලෙස ඉපදීම හා ළඟට ගිය කලට නො පෙනෙන නියාව නස්සා සැටියට සිතා ගෙන භාවනා කොට කොට එන සේක් ගමන් විඩා ව අචිරවතී ගඟට බැස නහා පියා
46. විඩුඩභ වස්තුව 347
හැළි බඩෙක රුප්පායෙක හුන් සේක් මහත් පෙණ පිඬු නැගි නැගී බිඳෙන්නා දැක මේ අත්බැව ත් ඉපැද ලා නැති වීමෙන් මෙවැනි ය යි සිතා ගත් සේක.
බුදුහු ගඳ කිළියේ වැඩ හුන් සේක් ම සතර ගවුවෙක තිබූ දෙය ම’සැසට පෙනෙන හෙයින් ගඟක් බඩ වැඩ හුන් තෙරුන් වහන්සේ දැක. ‘මහණ, ඒ එ සේම ය. නුවණින් සලකන්න වුන්ට මේ අත් බැව අතිදුර්ව්ල ලෙසින් පෙණ පිඬක් හා සරි ය. ඇති ව නැති වන හෙයින් මිරිඟු හාත් සරිය’ යි වදාරා, යම් කෙණෙක් මෙ ලෙස දත්තු නම් තදනුරූප වූ පිළිවෙතින් රහත් බැව්හි පිහිටා නිරුපධිශෙෂ නිර්වාතණ ධාතුයෙන් පිරිනිවන් පාතී වදාළ සේක. දේශනා කෙළවර මිරිඟු ත් දැක පෙණ පිඬු ත් දැක භාවනා කෙරෙමින් හුන් තෙරුන් වහන්සේට කැඩ පත නිර්මපල කලට රූප ගාත්රරය ත් ප්ර්සන්න ව පෙනෙන්නා සේ භාවනා ව ත් විභූත ව ලා ති ලකුණු ත් සකස් ව වැටහී සිවු පිළිසිඹියා පත් රහත් ව සටන ජය ගත් යොධයාණ කෙණකුන් කළ දස් කම රජ්ජුරුවන්ට කියන්ට යන කලක් මෙන් සිවුරඟ සෙනඟිනු ත් ජය ගත නො හැකි කෙලෙස් සතුරන් තනි ව ජය ගත් හෙයින් බුදුන් කරා ගොසින් වැඳ තමන් වහන්සේගේ ජලයත් නියාව ත්, තමන් වහන්සේට පටහැණි වූ කෙලෙස් සතුරන් අර්හත් මාර්ගත ඥාන නමැති කඩුවෙන් පොලු ගැසූ නියාවත්, බුදුන්ට හැඟවූ සේක.
සාධු ජනයන් විසින් තිලකුණු පමණ වූ ත් භාවනාමය පින් කම හැසිර අවශ්යජයෙන් භව ක්ෂියට උත්සාහ කට යුතු.
46. විඩුඩභ වස්තුව
සංස්කරණයතව ද යුගාන්ත කාලයෙහි සත් ගිර පහළ ව හැම මූදු නැති කළා සේ බුදු හමු නමැති යුගාන්තයෙහි නව ලොවුතුරා දහම් නමැති නව හිර පහළ ව මහ ගඟු ත් සසර මුහුද ත් වියැළීයෙත් මුත් යම් තාක් කෙලෙස් මහ ගං ඇත නම් සසර මුහුද නුසුන් නම් කළ කුශලයෙහි ඉෂ්ට විපාකය ත් අකුශලයෙහි අනිෂ්ට විපාකය ත් නො සිඳී පවත්ති. ඉන් අකුශලයෙහි අනිෂ්ට විපාක ය නො නවත්නා නියාවට විඩූඩභ වස්තුව ගෙන හැර දක්වා සතුන් අකුශලින් මුදමු.
ඒ කෙ සේ ද යත්:-
සැවැත් නුවර මහ කොසොල් රජ්ජුරුවන් ගේ පුත් වූ පසේනදී කුමාරයන් හා විසල් මහ නුවර මහාලී නම් ලිච්ඡවි කුමාරයන් හා
348 සද්ධර්ම රත්නාවලි ය
කුසිනාරා නුවර රජ්ජුරුකෙණකුන්ගේ පුත් වූ බන්ධුල කුමාරයන් හා, තුන් දෙන දිසා පාමොක් ආචාරීන් ගෙන් ශිල්ප උගන්නා පිණිස තමන්ගේ නුවර ශිල්ප උගන්වා ලිය හෙන්නවුන් ඇත ත් දෙශකීර්ති දන්නා පිණිස ත් තමන්ගේ ශරීරක්ෂගම කරණු නිසා ත් තක්සලා නුවරට ගොසින් නුවරින් පිටත් ව තිබෙන ශාලාවකට සම්භව ඔවු නොවුන්ගේ නෑයන් සියනු ත් රට බිමු ත් ජාති ගොත්රත ත් ආ කාරණ ත් විචාරා තුන් පක්ෂය ම රජ නියාව දැන මිත්ර් ව එක් ව ම ආචාරීන් කරා ගොසින් ගිය නොබෝ කලකින් ම පින් පමණ නුවණ ඇති බැවින් ශිල්ප ඉගෙන නිමවා ගෙන ආචාරින්ට කියා ලා තේරෙන තැන් දක්වා එක් ව ගොසින් තමන් තමන්ගේ නුවර වලට ගිය හ. ඉන් පසේනදී කුමාරයෝ තමන් උගත් ශිල්ප පියාණන්ට දක්වා පහන් පිය රජ්ජුරුවන් ගෙන් රාජ්යී සම්පත් ලදහ. මහාලී කුමාරයෝ විසල් මහ නුවර ලිච්ඡවි රජුන්ට ශිල්ප දක්වන්නෝ මහත් වූ උත්සාහයෙන් දුක් වූහ. ආයාස ය නිසා උන්ගේ ඇස් දෙක ම නටහ. ලිච්ඡවි රජ්ජුරුවෝ ද ‘උන් ඇස් නැත ත් නුවණැස් ඇති හෙයින් අත් නො හරුම්හ. රකුම්හ’ යි සිතා ගෙන සුංගම් රනින් ම ලක්ෂයක් නිමන වාසලක් දුන්හ. උයි ත් ඒ වස්තුව නිසා ජීවත් වන්නෝ පන් සියයක් ලිච්ඡවි කුමාරවරුන් ශිල්ප උගන්වති.
බන්ධුල කුමාරයෝ ද එකි එකී මිටියට හුණු දඬු සැටක් සැටක් ගෙණ හුණු දඬු මද්ධ්යදයෙහි ය නාරාව ලා හුණු දඬු සැට මිටියක් සිටුවා ලා මල්ල රජ දරුවන් ‘තෙපි කඩු සරම උගත්තෝ නම් තෙල හුණු දඬු සැට මිටි ය පොලු ගසා වගුරුවා පු කල ය’යි කී කල්හි කඩුව අත ලා ගෙන අහසින් අසූ රියනකට පැන පියා බිමට බැස කඩුවෙන් හුණ දඬු මිටි පොලු ගසා ගෙන යන්ට වස්හ. කෙළවර මිටියෙහි දී කඩුව ය නාරාවයේ වැද ගත් හඬ අසා මේ කිම් දැ යි විචාරා හුණු දඬු සැට මිටි යේ හුණ දණ්ඩක් පාසා ය නාරාව ලූ නියාව අසා කඩුව දමා පියා මුසුප්පුව ගෙන ‘මාගේ මෙ තෙක් නෑයන් සියන් අතුරෙහි එක ද කෙණකුන් මට හිත ව මෙ පවත් කියාලුවෝ නැත. ඉදින් මම දනිමි නම් ය නාරාව ය නොහඬවා ම ගසා පියමි. මුන් හැම දෙන ම මා මරා රාජ්ජ්යමය කරණ නියා මේ දැ’යි දෙ මවු පියන්ට කිවු ය. ඌ ඒ අසා අදහස දැන ‘පරම්පරාවෙන් පැවත ආ රාජ්ජ්යාය එ සේ හැරගන්ට බැරිය’යි කිවු ය. උන් කෙ සේ කීව ත් කුසිනාරා නුවර රඳන්ට මැළි හෙයින් එ සේ වී නම් තොපට මිත්ර ව හිඳිනා කොසොල් රජ්ජුරුවන් ළඟට යව’යි කී කල්හි සැවැත් නුවරට ගිය හ. පසේනදි රජ්ජුරුවෝ ද බන්ධුලමල්ල කුමාරයන් එන නියාව අසා පෙර
46. විඩුඩභ වස්තුව 349
ගමන් කොට ගොසින් මහ පෙරහරින් නුවරට ගෙන ගොසින් සෙනෙවිරත් තනතුරු දෙවා සංග්රහහ කළහ. බන්ධුලමල්ල සෙනෙවිරද්දු තුමූ තරව පිහිටා ගෙන දෙ මවු පියනු ත් කුසිනාරා නුවර රැඳීමෙන් වන උවදුරෙක් ඇත් නමු ත් ඒ නිසා ගෙන්වා ගෙන සැවත් නුවර ම රැඳ වූ ය.
එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ මාලිගාවේ මතු මාලේ සිටි තෙනැත්තෝ වීථි ය බලා අනේ පිඬු සිටාණන්ගේ ගෙට ද සුළු අනේ පිඬු සිටාණන්ගේ ගෙට ද, විශාඛාවන් හා සුප්පියාවන්ගේ ගෙට ද, නොයෙක් දහස් ගණන් වහන්දෑ වඩනා දැක ‘මේ වහන්දෑ කොයි වඩනා සේක් දැ යි’ විචාරා ‘රජ්ජුරුවන් වහන්ස! අනේ පිඬු මහ සිටාණන්ගේ ගෙට ත් නිති බත්, ගිලන් බත් නිසා සඟ දෙදාසෙක් වඩනා සේක. සුළු අනේ පිඬු සිටාණන්ගේ ගෙට ත් සඟ පන් සියයක් වඩනා සේක. විශාඛාවන්ගේ ගෙට ත් සුප්පියාවන්ගේ ගෙට ත් එ සේ ම සඟපන් සියයක් වඩනා නියා ය’යි කි වූ ය. රජ්ජුරුවෝ ත් ඒ අසා තුමූ ත් වහන්දෑට උපස්ථානයක් කරනු කැමැති ව වෙහෙරට අවු ත් බුදු පාමොක් සඟ දහසකට ආරාධනා කොට සතියක් මුළුල්ලෙහි දන් දී සත් වන දවස් වැඳ ලා නිත්යර පරිවාර සඟ පන් සියය හා සමග බුදුන් රජ ගෙයි නිරන්තර ව සිඟන්ට ආරාධනා කළහ.
බුදුහු වදාරණ සේක් ‘මහරජ, බුදුවරු එක් තෙනකින් ම නිබඳ නො වළඳන්නාහ’යි වදාළ සේක. ‘එ සේ වී නම් සඟ පන්සියය හැර ගෙන අසූ මහ සවුවන් වහන්සේ ගෙන් එක් කෙණකුන් වහන්සේ නිරන්තර ව වඩනා ලෙස විධාන කොට වදාළ යහපතැ’යි කිවු ය. බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේට භාර කළ සේක. රජ්ජුරුවෝ ද’මුන් වහන්දෑ වළඳවා ලුව මැනවැ’යි එක් කෙණකුන්ට භාර නො කොට සතියක් මුළුල්ලෙහි තුමූ ම සිට දන් වළඳවා ලා අට වැනි දවස් විධාන කළ මනාරාජ කාරිය ඇති බැවින් පමා වූ ය. රජ ගෙවල ත් රාජ විධානයක් ඇති ව මුත් තමන් ම සිතා ගෙන හිඳිනා අසුන් පනවා වඩා හිඳුවා වළඳවන කෙණකුන් නැති හෙයින් වහන්දෑ රැක සිට වෙහෙසී පියා බොහෝ තැන් වැඩපී සේක. රජ්ජුරුවෝ දෙ වන දවසු ත් රැඳුණු වහන්දෑ ගෙන් බොහෝ වහන්දෑ වැඩපී සේක. තුන් වන දවසු ත් කල් යවා පීහ. එ දවස් අනඳ මහ තෙරුන් වහන්සේ පමණ සිටියදී සෙසු වහන්දෑ වැඩපී සේක.
350 සද්ධර්මේරත්නාවලි ය
මහ පිනැති තැන් නම් පින් බරින් බර හෙයින් ලඝු නො වන සේක. කාරණ සිතිය හෙන සේක. ශීල සංරක්ෂුණය සේ ම උපාසක කුලයාගේ අදහසු ත් රක්නා සේක. අපගේ බුදුන්ට ත් සැරියුත් - මුගලන් දෙ අගසවුවන් වහන්සේ හා මෙහෙණි සස්නෙහි අග්රබශ්රාෂවිකා දෙ නම හා උපාසකවරුන් අතුරෙහි චිත්ත නම් සිටාණන් හා හත්ථාලවකයන් හා උපාසිකාවරුන් අතුරෙහි වෙළු කණ්ඩකී නන්ද් මාතාවන් හා ඛුජ්ජුත්තරාවෝ ය යි මේ අට පක්ෂ ය පටන් ඒ ඒ තනතුරට පැමිණි සියලු ම සවුවන් වහන්සේ දස පැරුමෙන් සමහරක් වුව ත් පිරූ හෙයින් මහ පිණැති සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ත් ඊට ම ඇතුළත් හෙයින් මහ පිණැති සේක. කාරණ සලකා උදක ප්ර සාද මාණික්ය යක් මෙන් රජ්ජුරුවන්ට උපන් ප්රහසාදය අඩු නො වන නිසා වහන්දෑ හැම යෙත ත් තමන් වහන්සේ පමණක් රඳාපී සේක. ඔබ පමණක් වඩා හිඳුවා වැළඳ වූ ය.
රජ්ජුරුවෝ වහන්දෑ වැඩපී කලට අවුත් ‘සඟ පන් සියයට සපයාලූ දන් නමක් වැළඳූ පමණෙකින් අඩුවක් නැති ව තුබුවා දැක ‘වහන්දෑ අද නො වැඩි නියා දැ’යි විචාරා අනඳ මහ තෙරුන් වහන්සේ පමණක් වැඩි නියාව අසා සෙසු වහන්දෑ ආරාධනාව ඉවසා ලා නො වැඩී නියාවට මුසුප්පුව බුදුන් ආරාධනාව ඉවසා ලා නො වැඩී නියාවට මුසුප්පුව බුදුන් ළඟට ගොසින් ‘ස්වාමීනි, මම සඟ පන් සියයකට දන් ඉදි කරවා ලීමි. ඉදි කළ දන් වළඳන්නට එක අනඳ මහ තෙරුන් වහන්සේ පමණක් වැඩි සේක. රජ ව සිටි මා කළ ආරාධනාවට මා ගෙන් අඩුවක් නො දැක මෙ ලෙස කරන්ට කාරණ කවරේ දැ’යි කිවු ය.
බුදුහු වහන්දෑගේ වරද නැති හෙයින් ම වරද නො වදාරා රජ්ජුරුවන්ගේ වරද කථා ලෙශයකින් වදාරණ සේක් “මහ රජ, මාගේ සවුවන් තොප හා පුරුදු කමෙක් නැත. එ සේ හෙයින් නො ගිය නියාවනැ යි වදාරා වහන්දෑ බණවා ලා, කුලවලට එළඹෙන්ට කාරණා ත් නො එළඹෙන්ට කාරණා ත් වදාරණ සේක්: මහණෙනි, යම් කුලයකට එළඹි කල දැක ඉඳුරා නැඟී නො සිටිද්ද, ලා හෙළා කරණ ලෙස මුත් ඉඳුරා වැද නො ගනිද්ද, ඉඳිනා අසුන් පමණකුත් පනවා නො දෙද්ද, විද්යුමාන වූ දෙය ධර්මකය ත් දෙන්ට මැළි ව නො එක් දුප්පත්කම් කියා හඟවද්ද, බොහෝ ව ඇත ත් සිත කුඩා හෙයින් මඳක් දෙද්ද, මිහිරි දෙය තෝරා තබා ගෙන තමන්ට ත් ප්රතයෝජන නැති නපුරු දෙයෙක් දෙද්ද, දෙන දෙය ත් නිහරසර ව දමන දෙයක් මෙන් දෙද්ද, අනුමෙවෙනි අසන්ට නො රඳද්ද, රඳාපු නමුත් නැති යම් කථාවක්
46. විඩූඩභ වස්තුව 351
ලා ගෙන හෝ කෙළියක සිනාවෙක් ඇවිස පියා හෝ අනිකුත් යම් යම් ලෙසකින් ඉඳුරා අසා නො ගනිද්ද, එ සේ වූවන්ගේ කුලයට ආදි නො එළඹුනො ත් එළඹෙන්ටත් තරම් නො වෙයි. නො සලකා එළඹුනො ත් හිඳින්න ත් තරම් නො වෙයි. එළඹෙන්ට ත් එළඹ හිඳිනට ත් තරම් කුල කවරේ ද? යත්:
දැක අනාදර භයින් වහා නැඟී සිටිද්ද, පෙමු ත් ආදරය ත් උපයා වැද ගනිද්ද, හිඳිනා නියායෙන් හසුන් පනවා දෙද් ද, ඇති ව තුබූ දෙය ත් ආදි එළියේ තුබුවා කොල්ල භයින් සඟවන්නා සේ සඟවා නො තබද්ද, බොහෝ ව තමන්ට ඇත් නම් අදහස් මහත් බැවින් අදහස් ලෙස ම බොහෝ කොට දෙද්ද, මිහිරි දෙය මිහිරි කොට දෙද්ද, දෙන දෙය ත් කම් ඵල අදහා සකස් කොට දෙත් මුත් නිහරසර ලෙසින් නො දෙද් ද, අධිගතය ත් නව ලොවුතුරා දහම්හි රුචි ඇත්තා සේ බණ ඇසීමෙහි රුචි ඇත්තෝ ද, ඇසූ දෙය ත් ගල කොටා පූ අකුරු මෙන් සිත තබ ත් ද, එ සේ වූ කුලවලට ආදි නො ගිය විරූ වුව ත් එළඹෙන්ටත් තරම හැසිල්ලක් වුව ත් හිඳිනට ත් තරම’යි වදාරා ‘මහ රජ, මාගේ සවුවනු ත් තොපගේ එ බඳු තරමක් නැති හෙයින් නොගිය නියා ය’යි වදාරා නිකම් කියා ලුව යි නො ගිවිස්සවුන්ට කාරණා කියා ගිවිස්නා සේ අතීත කථාවක් එළවා ගිවිස්වනු පිණිස ‘එම්බල මහ රජ, පෙර නුවණැත්තෝ පුරුදු කමක් නැති තෙන කරණ උපස්ථානය කවර තරමෙක බලවත් වුව ත් මරණාසන්න තරම් ලෙඩ ඇති ව පුරුද්දවුන් ඇති තෙනට ම ගියෝ වේ ද’ යි වදාරා එ පමණෙක ම නො රඳා ‘ඒ කෙ සේ ද, ස්වාමීනි, විචාළ රජ්ජුරුවන්ට භස්ම ප්රරච්ඡන්නජාත වෙදයක් ප්ර කාශ කරණ කලක් පරිද්දෙන් දෝ හෝ නො හොත් වලාවෙන් සැඟවී තුබු සඳ වලා පීරා පානා කලක් පරිද්දෙන් දෝ හෝ නොහොත් සිත්තම් කොට හකුළුවා තුබූ පෙත්තක් විදහා පානා කලක් පරිද්දෙන් ඉකුත් වත් දක්වන සේක.
යට ගිය දවස බරණැස් නුවර බඹදත් නම් රජකු රජ කරණ සමයෙහි දඹ දිව එක් නුවරෙක කෙශව නම් රජ්ජුරු කෙණෙක් රජ සැපත් හැර මහණ වූ ය. උන් මහණ වන ගමනේ කැටි ව පන්සියයක් දෙන මහණ වූ ය. රජ ව ප්රවසිද්ධ වූ වා සේ ම මහණ වත් කෙශව තාපසයෝ ය යි ප්රණසිද්ධ වූ ය. මගුල් කපුවාණෝ ත් මහණ ව කප්ප නම් අතවැසි වූ ය. කෙශව තවුසෝ තවුස් පිරිස් හා සමග අට මසක් මුළුල්ලෙහි හිමවත වැස වස් අවධියෙහි
352 සද්ධර්ම රත්නාවලි ය
ලුණු ඇඹුල් අනුභවය වූවො ත් මුත් රෝග හට ගන්නා හෙයින් ලුණු අඹුල් සෙවුනා නිසා බරණැසට අවුත් නුවර ඇතුළට සිඟා වන්හ. රජ්ජුරුවෝ සන්හුන් පියෝ ඇති තවුසන් දැක පැහැද වස් සාර මස තමන් ළඟ වසන ලෙසට ආරාධනා කොට උයන වස්වා සවස ත් උදෑසන ත් තවුසන් වඳින්නට පුදන්නට යෙති. සෙසු තවුසෝ ත් කීප දවසක් රඳා ලා ගම් ආසන්න ව රඳා හිඳි හෙයින් නො එක් අරගල අසා උකටලී ව ‘ආචාරීන් වහන්ස, මෙ තැන රඳන්ට කාය ඵාසුව ඇත ත් චිත්ත ඵාසුව නැත. චිත්ත ඵාසු ව නැති කල හුදක් කාය ඵාසුවෙන් කම් නැත. යම්හ’යි කිවු ය. ‘යන්නේ කොයි දැ’යි විචාළ කල්හි ‘මිනිස් අරගල නැත්තේ හිමවත වේ ද, ඔබ යම්හ’යි කීහ.
රජ්ජුරුවෝ අප හැම ආ දවස් ම වස් සාර මස රඳන්ට ආරාධනා කොළෝ ය. අපි ත් ආරාධනා ගිවිස්සම්හ. මසක් විතර ත් රඳා නො පියා නැඟී යන්නේ කෙසේ ද? උන්ගේ ප්ර සාද හානිය වන්නේ වේ දැ’යි කිවු ය. ‘ආරාධනා කරන්නා ම අප හැම නො විචාරා ආරාධනා ඉවසූ සේකු ත් මුඹවහන්සේ ය. ප්ර්සාද හානිය නොවන්නට රඳත ත් ඔබ ම රඳන බව ය. රජ දරුවන්ගේ රදහස් පුරන මුඹ වහන්සේගේ අදහස් පුරා අප රඳන්ට බැරි ය. දුර ත් නො ගොසින් පව ත් ඇසෙන තැනෙක රඳා පවතු ත් දැන ළඟක හිඳුම්හ’යි වැඳ ගෙන නික්මුණාවු ය. කපුකුලෙන් මහණ වූ කප්ප නම් තවුසාණෝ පමණෙක් ආචාරීන් හා සමග රැඳුණා වූ ය. රජ්ජුරුවෝ අවුත් ‘තවුසන් වහන්සේ කොයි දැ’යි විචාළෝ ය. ‘රඳනු අභිප්රාුය නැත්තම්’ යි කියා ලා හිමිවතට ම ගියෝ ය’ යි කප්ප නම් තවුසාණෝ ද කීප දවසක් රඳා ලා උකටලී ව ආචාරීන් රඳන්ට කීව ත් නො රඳා ම නික්මුණා වු ය. සෙසු තවුසන් ළඟට නො ගොසින් ආචාරීන්ට නුදුරු ව රඳා හුන්හ. කල් යෑමක දී අත වැස්සන් කෙරෙහි ශොක ඇති ව ආචාරීන් බඩ රොගයෙක් ඇති වි ය. රජ්ජුරුවෝ වෙදවරුන් ලවා පිලියම් කරවති. විපිළිසර මුල් ව ඇති වූ රොගය හෙයින් පිළියමින් සන් නො හිඳෙයි.
කෙශව තාපසයෝ විචාරන්ට ආ රජ්ජුරුවන්ට ‘මහ රජ, මාගේ රොග පීඩා සන්හිඳුවනු කැමැත්තාදැ’යි විචාරා ‘ඉදින් පිළිවන් වී නම් දැන් ම සන්හිඳුවනු කැමැත්තෙමි’යි කී කල්හි ‘ඉදින් මහ රජ, එ ලෙසක් කැමැත්තා නම් මා අපගේ අතවැස්සමන් ළඟ ලවා පියව’යි කීහ. රජ්ජුරුවෝ ත් යහපතැයි ගිවිස දෝළි සැල්ම ආයාස වේ දැ යි හැඳක් පන්ති කරවා ලා එහි සතප්ප
46. විඩූඩභ වස්තුව 353
වා ලා නාරද නම් ඇමැත්තන් ඇතුළු වූ ඇමැත්තහන් සතර දෙනකුට ‘තෙපිත් කැටි ව ගොසින් මුන් වහන්සේගේ ලෙඩෙහි පවත් දැන මට කියා එව’ යි කැටි ව යවූහ. කප්ප නම් තවුසාණෝ ඇදුරු තවුසන් එන නියාව අසා පෙර ගමන් කොට ගොසින් සෙස්සෝ කොයි දැ යි විචාළ කල්හි අසවල් තෙන වෙසෙතී කීහ. එ බස් අසමින් ම කායික රොගයට ඒ තමා බෙහෙදක් නො වන හෙයින් ඒ පසු කොට චෛතසික රොග වූ ශොක ය සන්හුණ. සෙසු තවුසෝ මුළුල්ල ත් ඇදුරු තවුසන් ආ නියාව අසා එ තැනට ම අවුත් ආචාරීන්ට පැන් හුණු කොට දී ලා ඔජා සම්පන්න ඵලා ඵල ගෙනවු ත් දුන්හ. රොග කාරණ ය තවුසන් දුටු ගමනින් ම සන්හිඳී ඵලා ඵල අනුභව කරන්නා ම බඩ රොගය ත් සන්හුණ. කීප දවසකින් ම දුර්වල කම ත් හැරී ගොස් නඟා පි රන් පිළිමයක් මෙන් රන් වන් වු හ.
නාරද නම් ඇමැත්තෝ ද —
“මනුස්සින්දංෝ ජභිත්වා්න - සබ්බකාම සමිද්ධිනං, කථන්නු භගවා කෙසි - කප්පස්ස රමති අස්සමෙ”
යනු හෙයින් අපගේ රජ්ජුරුවන් වහන්සේ ගෙන් එ තරම් උපස්ථානයක් ඇතත් උයන ඵාසු වුව ත් කප්ප නම් තවුසන් වහන්සේගේ පන්සල සිත ඇලෙනැ’යි විචාළහ.
“සාදුනි රමනීයානි - සන්ති රුක්ඛා මනොරමා, සුභාසිතානි කප්පස්ස - නාරද රමයන්ති මං”
යනු හෙයින් ‘උන්ගේ පන්සල බඩ සිටියා වූ ගස් කොළ ත් උන්ගේ මියුරු කථා ත් මා සිත අලව යි’ කිවු ය. ඒ අසා නාරද ඇමැත්තෝ —
“ සාලීනමොදනං භුත්වා - සුචිංමංසුපසෙවනං, කථං සාමාකනීවාරා - අලොණා ඡාදයන්ති තං”
යනු හෙයින් ‘අපගේ රජ්ජුරුවන් වහන්සේගෙන් දෙවන රස මසවුළෙන් යුක්ත හැල් සාලේ බත වළඳා හිඳ ඵලා ඵලයෙන් යපෙන්නේ කෙසේ දැ’යි විචාළෝ ය. තවුසෝ ඒ අසා —
“ අසාදුං යදි වා සාදුං - අප්පං වා යදි වා බහුං, විස්සත්ථොි යත්ථ් භුඤ්ජෙය්යි - විස්සාසා පරමා රසා”
යනු හෙයින් ‘යහපත් වේව යි නපුරු වේව යි මඳ වේව යි බොහෝ වේව යි ප්රේහම ඇත්තවුන් දුන් දෙයෙහි ම රස යහපතැ’යි කිවු ය. 12 354 සද්ධර්ම රත්නාවලි ය
බුදුහු මේ දෙශනාව ගෙනවුත් දක්වා ‘එ කල රජ්ජුරුවෝ නම් මුගලන් මහ තෙරහු ය. නාරද ඇමැත්තෝ සැරියුත් මහ තෙරහු ය. කප්ප නම් තවුසෝ අනඳ මහ තෙරහු ය. කෙශව තවුසෝ මම ය’ යි වදාරා ‘මහ රජ, මෙසේ පෙර නුවණැත්තෝ බලවත් ලෙඩට පැමිණ ත් පුරුදු තෙනට ම ගොසින් පිළියමින් නො සන්සුන් ලෙඩ සෙසු ලෙසින් නො සන්හුන් කෙලෙසුන් මාර්ගියෙන් සන්හිඳවූවා සේ ගුණ කළහ. මාගේ සවුවන් තොප හා එ බඳු පුරුදු කමෙක් නැති නියා ය’යි වදාළ සේක.
රජ්ජුරුවෝ වහන්දෑ හා පුරුදු ව ගන්නා කැමැති ව කෙ සේ කළහො ත් පුරුදු විය හැකි දෝ හෝ යි සිතා ‘බුදුන්ට නෑ වන ශාක්යු කුලයෙහි බිසෝ කෙණකුන් ගෙන්වා අග මෙහෙසුන් කෙළෙම් නම් බුදුහු මට නෑ වන සේක. එ සේ කලට බාල වහන්දෑ ත් වැඩි මහලු වහන්දෑ ත් බුදුන්ගේ නෑ රජ්ජුරුවෝ ය යි එක් වන් මා ළඟට වඩනා සේකැ’යි සිතා ශාක්යු රජදරුවන්ට දූ දරු කෙණකුන් සරණ එවන්නට කියා ය වූ ය. යවන්නෝ ම ‘අසවල් ශාක්යි රජ්ජුරුවන්ගේ දුවණියෝ ය යි නියම දැන අවුත් කියව’යි විධාන කළහ. ඔහු ද ගොසින්, ශාක්ය රජ්ජුරුවන්ට එ පව ත් කි වු ය. ශාක්ය රජ්ජුරුවෝ ද රැස් ව ‘පක්ෂන බල ඇති රජ්ජුරුවෝ ය. ජාති මදෙන් මත් ව දූ දරු කෙණකුන් සරණ නුදුන්නමෝ නම් එයි ත් කාරණ නො වෙයි. තමන් බලි හෙයින් අප දුර්වල වන්නා නසා පියති. රජ පමණක් මුත් ජාති රපගේ ජාති ය හා සම නො වෙයි. කළ මනා කිම් දෝ හෝයි’ කථා කළෝ ය.
මහානාම ශාක්යද රජ්ජුරුවෝ ‘අපගේ කෙල්ලකගේ දුවක් අපට දා ය. රුවින් බැලූ කලට මිඬි තරමක් නැත්තී ය. ඈ සරණ දෙම්හ’ යි නියම කොට ලා ආ මෙහෙවර කරන්නවුන්ට ‘යහපත, තොපගේ රජ්ජුරුවන්ට අප ගෙන් දූ දරුවන් සරණ දෙම්හ’යි කිවු ය. ‘කවර රජ්ජුරු කෙණකුන් වහන්සේගේ දුවණි කෙණකුන් දැ’යි විචාළ කල්හි ‘බුදුන්ට කුඩා පිය වූ අමිතොදන නම් ශාක්යජ රජ්ජුරුවන්ගේ පුත් වූ අනුරුද්ධ මහ තෙරුන් වහන්සේට බැණ වන මහානාම ශාක්ය රජ්ජුරුවන්ගේ දූ වූ වසභඛත්තියාවෝ ය’ යි කී කල්හි උයි ත් ගොසින් එ පවත් රජ්ජුරුවන්ට කිවු ය.
කොසොල් රජ්ජුරුවෝ ද ඒ අසා ‘එ සේ වී නම් ඔබ්බකට නිල නො වන තෙක් වහා කෙනෙව. රජ දරුවෝ නම් බොහෝ
46. විඩූඩභ වස්තුව 355
මායම් දනිති තමන්ගේ දූ ය යි කියා ලා කෙල්ලකගේ දුවක් වත් එවා ලන සේ දනිති. බුදුන්ට නෑ වන්ට සිතා කොල්ලන්ට නෑ වුවො ත් නපුර. පියාණන් හා කැටි ව හිඳ බත් කෑ කෙණකුන් ගෙනෙව’ යි විධාන කොට යවූහ. උයි ත් ගොසින් මහානාම රජ්ජුරුවන්ට ‘රජ්ජුරුවන් වහන්ස, මුඹ වහන්සේ හා කැටි ව කන කෙණකුන් දැක කැඳවා ගෙන යන්ට වදාළ සේකැ’යි කිවු ය. මහානාම රජ්ජුරුවෝ ත් තමන් මේ නිමවා නිමන වේලාට වාසඛත්තියාවනු ත් ආභරණ ලා සරහා ගෙන්වා ලා එක් ව කෑම නැත ත් එක පාවාඩයේ හුන් පමණකිනු ත් කැටි ව කෑ ලෙසක් ගියවුන්ට හඟවා ලා කැඳවා ගෙන යන්ට නිළ කළහ. උයි ත් කැඳවා ගෙන සැවැත් නුවරට ගොසින් එ පවත් රජ්ජුරුවන්ට කිවු ය. රජ්ජුරුවෝ සතුටු ව උන් පන් සියයක් ගෑනුන්ට නායක කොට අකුශලක් පැමිණ මිඬි වුව ත් බිසෝ වන්ට නිසි පින් ඇති හෙයින් අග මෙහෙසුන් කළහ.
උයි ත් නො බෝ කලකින් ඔටුනු පළඳනා පින් ඇති රන් වන් වූ පුතණු කෙණකුන් වදා පූ ය. උන්ට නම් තබන දවස් රජ්ජුරුවෝ තමන්ගේ නැඳි මයිලන් ළඟට ‘ශාක්යන රජදරුවන්ගේ දූ වූ වාසඛත්තියාවෝ පුතණු කෙණකුන් වැදූ ය. උපන් කුමාරයන්ට තුබු ව මනා නම් කියා එවන්ට වුව මැනව’යි කියා යවු හ. මෙහෙවර ගිය තැනැත්තවූ කන් මඳක් බීරි ය. ඒ ගොසින් කොසොල් රජ්ජුරුවන් කී පවත් නැඳි මයිල් රජ දරුවන්ට කීය. ඌ ඒ අසා ‘වාසභඛත්තියාවෝ පුතුන් නො වදා ත් රජ්ජුරුවන්ට වල්ලභයෝ ය. දරුවන් වැදූ පසු වල්ල්භව කම් කියනු කිම් දැ’යි කිවු ය. බීරි ඇමැති ත් ‘වල්ලභ’ ය යන බස වරදවා අසා ගෙන ‘විඩූඩභ’ ය යි සිතා ගෙන රජ්ජුරුවන් කරා අවුත් ‘රජ්ජුරුවන් වහන්ස, කුමරුන්දෑට විඩූඩභ යන නම තබා ලුව මැනවැ’යි කීය. රජ්ජුරුවෝ ද ඒ උන්ට පැවත ආ නමක් නියා ය යි සිතා විඩූඩභ ය යි නම් තබා ලූහ. උන් බාල කල්හි ම බුදුන්ගේ නෑ තෙනැත්තවුන් හෙයින් ඔබට සතුටක් කළ මනා වේ දැ යි සෙනෙවිරත් පට බඳිනට වයසක් නො වත ත් ඇති ව ගත නො හෙන ගස් බාල කල ම පල ගන්නා සේ සෙනෙවිරත් කළහ.
උයි ත් කුමාර පෙරහරින් වඩනෝ සත හැවිරිදි වයස දී සෙසු කුමාරවරුන්ගේ මුතුන් පක්ෂනයෙන් ඇත් රූ අස් රූ ආදි ය ගෙනෙන්නා දැක මෑණියන්ට කියන්නෝ ‘සෙසු කුමාර වරුන්ගේ
356 සද්ධර්මෝරත්නාවලි ය
මුතුන් පක්ෂධයේ නො එක් පඬුරු ගෙනෙති. අපට ගෙනෙන කිසි කෙණෙක එවන කෙණකුන් නැති හෙයින් දෝ නැත. කුමක් ද? මුඹගේ දෙමවු පියන් නැති නියා දැ’ යි විචාළෝ ය. පුත, කුමක් කියවු ද? ශාක්යි රජ දරුවෝ තොපගේ මුතුන් පක්ෂහ ය. දුර වසන හෙයින් කිසිවක් නො එවතී’ කියා පුතණුවන් යවා ලූ ය. නැවත ත් ඌ සොළොස් හැවිරිදි අවස්ථාවෙහි ‘මුතුන් මිත්තන් දක්නා කැමැත්තෙමී’ යි කියා නො කැමැත්තේ ‘පුත, එ තෙක් කතර ගොසින් ප්ර්යෝජන කිම් දැ’ යි නො එක් ලෙසින් බාධා කොට කීව ත් කුමාරයෝ යන්ටම තත්පරයෝ ය. තත්පර කලට රැඳවීම යුක්ති නො වන්නේ වේ දැ යි යහපතැ යි ගිවිස්ාසෝ ය. ඌ පිය රජ්ජුරුවන්ට කියා ලා මහ පෙරහරින් නික්මුණාවු ය.
වාසභඛත්තියාවෝ තමන්ගේ පුතණුවන්ට කුමක් වුව ත් තමන්ට දැනෙන හෙයින් පතක් පෙරාතු කොට යවන තෙනැත්තෝ ‘මම මෙ තැන සුව සේ රැකෙමින් සිටියෙමි. ස්වාමි දරුවන් කිසි ලෙසකිනු ත් තෙල ගියවුන්ට තොරතුරක් නො පෑව යහපතැ’යි යච්ඤා කොට කියා යවු ය. ශාක්යත රජ දරුවෝ ද විඩූඩභයන් එන නියාව දැන ‘වයසින් බාල වුව ත් රප ගෙන් කිසි කෙණකුන් උන් වඳිනට තරම් නො වන්නෝ වේ දැ’යි බාල කුමරුවන් දනවුවලට යවා පියා වයසින් වැඩි සිටියාහු තේරී ගෙන උන් කිඹුල්වත් නුවරට වන් කල්හි හැම දෙන රැස්වන්නා වූ ශාලාවට රැස්වූහ. කුමාරයනු ත් ගොසින් සිටියවුන්ට ‘තුලු තොපගේ මුත්තණුවෝ ය. තුලු තොපගේ මයිලණුවෝ ය’ යනාදීන් ඒ ඒ දෙනා තෝරා කිවු ය. ඌ තුමූ නෑ කම් නැත ත් වැන්ද මනාවුන් හෙයින් ම වැඳ වෙහෙසී පියා තමන්ට වඳිනා එක කෙණකුනු ත් නො දැක ‘මා මෙතෙක් දෙනා වැන්ද ත් මා වඳිනා එක කෙණකුනු ත් නැති නියා දැ’යි විචාළෝ ය. ශාක්යඳ රජ දරුවෝ ‘පුත, තොපගේ මල්බෑයෝ කිසි කට යුත්තෙක දනවුවට ගියහ’ යි කිවු ය. කියා ලා උන්ට මහත් කොට සත්කාර කොළෝ ය. උයි ත් කීප දවසක් රඳා ලා මහ පිරිවරින් නික්මුණා වූ ය.
එක් කෙල්ලක් උන් හුන් පුවරුව සෝධන තෙනැත්ති මිඬියගේ පුතු හුන් පුවරුව ය’යි බැණ බැණ කිරි පැන් සඳුන් පැනින් සෝධ යි. එක් හේවායෙක් තමාගේ ආයුධ ය සලකුණු නැති ව තබා පියා ගොසින් පෙරළා ආ තෙනැත්තෝ කෙල්ල විඩූඩභයන්ට බණන හඬ අසා ඒ තොරතුරු ඈ අතින් විචාරා
46. විඩූඩභ වස්තුව 357
ගෙන සේනාවට කියාලි ය. ‘වාසඛත්තියාවෝ බිසෝ බවට වන් බව මුත් කෙල්ලගේ දුවණියෝ ල. විඩූඩභයෝ රජ කමට ගැසෙන මුත් මිඬියගේ පුතණුවෝ ල’යි මහා කොලාහල වි ය. විඩූඩභයෝ ඒ අසා ‘මා හුන් පුවරු ව මුන් කිරි පැන් සඳුන් පැනින් සේධ වූ පසු මා රජ පැමිණි කල මුන්ගේ බොටුවල ලෙහෙයෙන් මා හුන් පුවරුව සෝධවමි’ සිතා ගත්හ. උන් සැවැත් නැවරට ගිය කල්හි ඇමැත්තෝ ඒ සියලු පවත් රජ්ජුරුවන්ට කිවු ය. කොසොල් රජ්ජුරුවෝ ‘තමන්ගේ මිඬියගේ දුව අපට බිසෝ කමට පාවා දුන් නියා වේ දැ’ යි ශාක්යි රජ්ජුරුවන්ට මුසුප්පු ව දුර හුන්නවුන්ට කට හැක්කක් නැත ත් වාසභඛත්තියාවන්ට දුන් බිසෝ තනතුර ත් පුතණුවන්ට දුන් සෙනෙවිරත් තනතුර ත් උදුරා ගෙන කෙළි කොල්ලන් ලැබ්බ යුතු විතරක් ම දෙවා උන් වහල් නියාවට ප්ර සිද්ධ කළහ.
කීප දවසකින් බුදුහු රජ ගෙට වැඩ පනවන ලද බුදු අස්නෙහි වැඩ හුන් සේක. රජ්ජුරුවෝ ත් අවුත් වැඳ ලා ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ නෑයෝ මා තමන්ට නෑ කමට නො තරම් හෙයින් දෝ තමන්ගේ කෙල්ලකගේ දුවක් තමන්ගේ දූ ය යි කියා ලා මට පාවා දුන්හ. මා උන් මිඬි නියාව ඔබින් දත් පමණෙකින් ම තරම් නො දැන දෙ පුතු මවුන්ට දුන් තනතුරු හැර ගෙන කෙළි කොල්ලන් ලද මනා විතරක් ම දිනිමී’යි කිවු ය.
බුදුහු ඒ අසා ‘මහ රජ, මාගේ නෑයන් වුව ත් කෙළේ අයුත්තිය. නො දෙතොත් නො දෙත් නමුත් දෙන කල සරි සමාන කෙනකුන් දිය යුතු ය. මහ රජ, තොපට එකක් කියමි. මෙ වාසඛත්තියාවෝ මවු පක්ෂි ය කුම් වුව ත් රජ්ජුරු කෙණකුන්ට දායෝ ය. නැවත රජ්ජුරු කෙණකුන්ට අග මෙහෙසුන් වූ ය. විඩූඩභයෝ ද රජ්ජුරු කෙණකුන්ට දා ව උපන්හ. මවු පක්ෂයෙහි යාපතින් නපුරින් ප්රකයෝජන කිම් ද, පිය පක්ෂක ය යාප ත් කල ය? පුරාතන රජදරුවෝ දිලිඳු ව දර විකුට කන කෙල්ලට අග මෙහෙසුන් තනතුර දුන්හ. ඈ කුස උපන් කුමරු අට සාලිස් ගවු පමණ දිග පළල ඇති බරණැස් නුවර ඔටුනු පැළඳ කට්ඨවාහන නම් රජ වී ය’ යි කට්ඨභාරි ජාතක ය වදාළ සේක. රජ්ජුරුවෝ ද දහම් නමැති මියුරු පැන් බී කෝප නැමති ගිම් නිවා ගෙන පිය පක්ෂය ම උතුම් ල යි සතුටු ව උදුරා පී පැළ දෙකක් නො මියන තෙක් හිඳුවා ඇති කරන්නා සේ දෙ පුතු මවුන්ට ආදි දී ලා හැර ගත් තනතුරු පෙරළා දුන්හ.
358 සද්ධර්මආරත්නාවලි ය
බන්ධුල සෙනෙවි රදුන්ගේ ත් කුසිනාරා නුවරම උපන් වැඩී මල්ලිකා නම් දේවී බොහෝ කලක් උන් කෙරේ රඳා හිඳ ත් දරු කෙණකුන් නො ලත්හ. බන්ධුල සෙනෙවිරද්දු දේවීන් වඳ හෙයින් මුසුප්පු ව ‘තොපගේ දෙ මවු පියන්ගේ ඔබ යව’යි කුසිනාරා නුවරට ම යවා පීහ. උයිත් ඔබ යන්නෝ “බුදුන් වැඳ ගෙන යෙහී’ යි දෙවුරමට ගොසින් වැඳ ලා සිටියෝ ය. බුදු රජුන් වහන්සේ කොයි යවු දැ යි විචාරා වදාළ කල්හි බනුධුල සෙනෙවි රදුන් නෙරනා හෙයින් දෙ මවු පියන්ගේ ඔබ යන නියාව දන්වා කාරණ කවරේ දැ යි විචාරා වදාළ කල්හි තමන් වඳ නියා හෙයින් ය යි දැන් වූ ය. ‘එ සේ වී නම් යාමෙන් ප්රළයොංන නැත. රඳා ප්ර්යෝජන ඇති වන බැවින් රඳව’යි වදාළ සේක. ඌ තුමූ බුදුන් වදාළ බස ම දරුවන් ලද්දා සේ සිතා සතුටු ව බුදුන් වැඳ ගෙන ගෙට ගොසින් ‘රඳා පියේ හැයි දැ’යි විචාළ කල්හි ‘බුදුන්ගේ පැරැත්තට වඩනා පැරැත්ත නැත්තේ වේ ද, ඔබ වදාළ හෙයිනැ’ යි කිවු ය.
බන්ධුල සෙනෙවිරද්දු ‘රැඳීමෙහි ප්රහයොජන නු බුදු හෙයින් මා නො දත ත් ඒ මුනි උතුමාණන් වහන්සේ දත් නියා ය’යි සිතා රැඳීම තුමූ ත් ගිවිස්සෝ ය. දේවී ත් නො බෝ කලකින් දරු කෙණකුන් උපන් සිටි හෙයින් දොළක් ඇති ව තමන්ට දොළ දුක් ඇති නියාව සමුණන්ට කිවු ය. කෙසේ වූ දොළෙක් දැ’යි විචාළ කල්හි විසල් මහ නුවර රජ කරණ සත් දහස් සත් සිය සත් දෙනකු පමණ රජදරුවන්ගේ අභිෂෙකයට පැන් හැර ගන්නා මඟුල් පොකුණට බැස නා පියන්ට ත් පැන් බී පියන්ට ත් දොළ ඇති නියාව කිවු ය. බන්ධුලයෝ ත් යහපතැ යි කියා ලා දහසක් දෙනා ඇද ලන තර ය ඇති දුන්න හැර ගෙන රථයකට පැන නැගි ලා සැවත් නුවරින් නික්ම රථ ය පදිනා තෙනැත්තෝ මහාලී නම් ලිච්ඡවි රජ්ජුරුවන්ට දුන් වාසලින් විසාලා නුවරට වන්හ. මහාලි ලිච්ඡවින්ගේ ගෙය ත් වාසල ගාවා ය. ඌ රථ ය එළි පත වැද ගත් හඬ අසා ‘බන්දුල මල්ලයන්ගේ රථය හඬ ය. ලිච්ඡවීන්ට අද භයෙක් ඇති වෙයි’ කිවු ය. පොකුණ වසා ලෝ දැළක් හැද තිබෙන හෙයිනුත් පිටත ත් රැකවල් ඇති ව තිබෙන හෙයිනු ත් මිනිසුන්ට තබා පක්ෂීන්ට වුව ත් වැද ගන්ට බැරි ය. බන්ධුල සෙනෙවි රද්දු රථයෙන් බැස පියා රකවල සිටියවුන් මේ වැළින් ගසා පලවා පියා කඩුවෙන් ලෝ දැල කපා පියා ඇතුළු පොකුණෙන් ඇඹේණියන් නාවා පැනු ත් පොවා පියා තුමූ ත් දොළ දුක් නැත ත් නා පියා නැවත රථයට පැන නැඟී නුවරින් නික්ම ආපස්සේ නික්මුණාවු ය. රකවල සිටියෝ ත් ලිච්ඡවීන්ට ගොසින් කිවු ය. ලිච්ඡවී ත් කිපී ගොසින් පන් සියයක් දෙන පන් සියයක්
46. විඩූඩභ වස්තුව 359
රථවලට නැගී බන්ධුල මල්ලයන් අල්වම්හ යි නික්මුණාවු ය. ඒ බව මහාලී රජ්ජුරුවෝ අසා උන් හැම කැඳවා ලා ‘අපි බොහෝ දෙන ය. උන් තනි තෙනැත්තවුන් කිම් දැ’යි සිතා යවු නමුත් තමන් සමර්ත්ථ හෙයින් තොප හැම ම මරති. උන් සමර්ත්ථස නියාව තොප මෙ තෙක් දෙනා හුන් තෙනට තනි ව නැඟී ආ ගමනින් ම නො දැනේ ද? නො යව’යි තමන් උන්ගේ තරම ඉඳුරා ම දන්නා හෙයින් නැවතූහ. ඌ හැම දෙන යන්ට තරයෝ ය. ගමන නවතා ගත නො හී ‘අර්ථ ව යව නම් උන්ගේ රථ සක සක් නැබ දක්වා පොළෝ ගැලී ගිය තෙනක් දුටු නම් එ තැන දී නැවත පියව. එ සේ ත් නො නැවත ගියහු නම් ඉදිරියේ දී සෙණක් ගසා පීවා සේ මහත් හඬක් ඇසූ නම් එ තැන දී රඳා පියව. එ සේ ත් නො රඳා ගියා නම් තොපගේ රථ පන් සියයෝ විය ම එක එල්ලට සිටියා දුටු නම් එ තැන පටන් නවතුව. ඉදිරියට යන්ට නො කැමැත්තේ ය’යි කිවු ය. උන් කෙසේ කීව ත් ක්රොයධ වේගයට වඩා කර්මත වෙගය බලවත් හෙයින් මහාලීන් කීව නො ගිවිස ලුහුබඳවා ගත්හ. මල්ලිකාවෝ රථයේ පසු කෙළවර හුන්නෝ එන්නවුන් දැක ‘රථ සමූහයෙක් පෙනෙන්නේ ය. ස්වාමීනි, කිවු ය. එ සේ වී නම් බලා හිඳ ලා එක රථයක් සේ පෙනෙන කලට කියාලව’යි කිවු ය. උයි ත් බලා ඉඳ ලා එක රථයක් සේ පෙණෙන කලට ‘ස්වාමීනි, එක රථයක් සේ පෙනෙ’යි කිවු ය.
‘එ සේ වී නම් තෙල රෑණ අල්වා ගනුව’යි රෑන උන් අතට දී ලා රථයේ සිට දුන්න නඟා ලූ ය. රථසක නැබ දක්වා පොළොව ගිලිණ. ලිච්ඡවීහු එ තැන දැක ත් කර්මඟ ස්වරූපය නො දැක නික්මුණෝ වූ ම ය. බන්ධුලමල්ලයෝ මඳ තැනක් ගොස් ලා දුනු දිය අත පොළාලූ ය. ලිච්ඡවීන් පන්සියයට වන හානි නිසා සෙණ ගසා පීවා සේ මහත් ව හඬා පී ය. ඒ අසා ත් ඌ නො නැවැත්තෝ ය. ලුහු බඳවා දිවෙත් ම ය. බන්ධුල මල්ලයෝ රථයේ සිට ම විෂ පෙවූ පළල් හීයක් විද පූ ය. ඒ හීය ත් පන්සියයක් රථවල රිය හිස් සිදුරු කොට ගෙන සන්නාහ ලා සිටි රජ දරුවන් පන් සියයක් විදගෙන කළ අපරාධ ය බලවත් හෙයින් සැඟවෙන්නා සේ පොළොවට වන. ඌ හැම තමන් වීත් කෑ නියාව සන්නාහ බැඳ ගත් වේගයෙන් නො දැන ‘කොල සිටුව, කොල සිටුව යි කිය කියා ලුහුබඳවත් ම ය.
බන්ධුලයෝ රථ ය රඳවා ලා ‘තෙපි හැම දෙන ම මේ මුරයට මිය ගියව. මළවුන් හා මා හා කුමන සටන් දැ’යි කිවු ය. රජ පන් සියය ඒ අසා කොල, මළවුනු ත් අප සේ ම දිවන නියා දැ’යි කිවු ය. එසේ වී නම් මළ නො මළ නියාව දන්ට පෙරාතු සිටි තෙනැත්තන්
360 සද්ධර්මතරත්නාවලි ය
ගේ සන්නාහය උනව’යි කිවු ය. ඒ අසා සන්නාහය උනා පියන්නා ම මිය හුණුවු ය. ‘තෙපි හැම දෙන ත් තෙල තෙක් ම ය. ගෙවලට පලා ගොසින් විධාන කළමනා දෙය ත් විධාන කොට ලා අඹු දරුවන්ට ත් කිවමනා මාලු කම් කියා ලා සන්නාහ උනව’යි කිවු ය. උය් ත් එ ලෙස ම කොට මහාලී ලිච්ඡවීන්ගේ අවවාද මැඬ ත් මරු මැඬ පිය නුහුණුවූ ය.
බන්ධුලමල්ලයෝ ද මල්ලිකාවන් සැවැත් නුවරට ම කැඳවා ගෙන අවු ය. උයි ත් සොළොස් වරකින් නිමුන් පුතුන් දෙතිසක් වදා ලූ ය. හැම දෙන ම උගත මනා ශිල්ප ත් ඉගෙන නිමවා බොහෝ දවසක් ජීවත් වීමට අසමර්ත්ථ වුව ත් සෙසු ලෙසින් සමර්ත්ථන වූ හ. එ කි එ කී දෙනාගේ ආණ්ඩුව දහස දහස ය. මුන් තිස් දෙනා දෙ තිස් දහස පිරිවරා නික්මුණු කලට රජ්ජුරුවන්ගේ සෙණ්ඩුවාලුව උන්ගෙන් ම පිරෙයි.
ඉක්බිත්තෙන් එක් දචසක් යුක්තියක් බැණ පැරදි එකෙක් බන්ධුලමල්ලයන් හුන්නවුන් දැක අධිකරණ නායකයන් අත්ලස් කා ලා කරණ අයුක්තිය කිව. ඌ ඒ අසා අධිකරණයට ගොසින් යුක්තිය තරාදියක් සේ මැදහත් ව විචාරා හිමි තැනැත්තවු ම හිමි කොළෝ ය. බොහෝ දෙන ත් යුක්තිය තමන් සිතට ත් නැඟී හෙයින් සාධුකාර දුන් හ. රජ්ජුරුවෝ ත් මේ කිම් දැ’යි විචාරා එ පවත් අස සතුටු ව අධිකරණ නායක සියල්ලවුන් ම හැර බන්ධුල මල්ලයන්ට ම අධිකරණ කටයුත්ත නිළ කළය. එවක් පටන් අයුක්ති නැති ව ඒ නැති වීමෙන් ම අල්ලසු ත් නැති ව පෙර අධිකරණ නායක වරු දුක්පත් ව ගොසින් බන්ධුල මල්ලයන් නසා පියන්ට උපදෙස් බලන්නෝ රජ්ජුරුවන් කරා ගොසින් ‘රජ්ජුරුවන් වහන්ස, මේ බන්ධුල මල්ලයෝ පුතුන් දෙතිසකු ත් ඇති ව සමර්ත්ථම හෙයින් මුඹ වහන්සේ මරා රාජ්යේය ගන්ට සිතා යුක්ති පිට ලා ලා හැම දෙනා සිත් ගනිති’ කිවු ය.
රජ්ජුරුවෝ ත් මුන් සමර්ත්ථ නියාව ත් හැම දෙනා මුන්ට ලැබෙන නියාව ත් දැන උන් තරම් නො දත් හෙයින් සැබව’යි සිතාගෙන මෙ තනදී ම මරවා පීවො ත් පෙනී සිටි ද්රොසහයක් නැති හෙයින් රට වැස්සෝ කළකිරෙතී යන සිතින් කාටත් නො හඟවා තමන්ගෙන් ම මිනිසුන් යවා පසල් දනවුව පහරවා ලා බන්ධුල මල්ලයන් කැඳවා ලා ‘පසල් දනවුව පෙරළි වූයේ ල. පුතුන් කැඳවා ගෙන ගොසින් සොරුන් අල්ව’යි විධාන කොට යවා ලා ගිය තෙන දී පුතුන් දෙතිස හා සමග බන්ධුලමල්ලයන් මරා ඉස් ගෙනව යි සමර්ත්ථග වූ බලවත් යෝධයන් උන් හා කැටි ව ම
46. විඩූඩභ වස්තුව 361
යවූහ. උන් පසල් දනවුවට යන්නා ම නො සොර සොරහු පලා ගියෝ ය. ඌ එ තැන සොරුන් හකුළුවා ලා ගියවුන් ගෙන්වා සලස්වා ලා නුවරට එන්ට අවු ය. නුවරට නුදුරු තෙනකට ආ කලට විධාන ලත් යොධයෝ පුතුන් දෙ තිස හා සමග බන්ධුලමල්ලයන් මරා පියා ඉස් කපා ගත්හ.
එ දවසට වැලි ත් බන්ධුල මල්ලිකාවෝ පන් සියයක් දෙනා වහන්සේ හා සමඟ අග සවු දෙ දෙනා වහන්සේ ට ආරාධනාවක් කොළෝ ය. පෙර වරු වේලේ ම සමණනු ත් පුතුනු ත් මරාපී නියාව කියා පතකු ත් ගෙනවුත් මල්ලිකාවන්ට දුන්හ. ඌ එ පවත් දැන කාට ත් කුමකු ත් නො කියා පත එකුරුත්තේ බාඳ ගෙන වළඳවන වැළඳීම වළඳවති. කැටි ව වළඳවන්නෝ බත් පිළිගන්වා ලා කන තෙල් සැළක් ගෙනෙන්නාහු තෙරුන් වහන්සේ ළඟ දී බිඳ පූ ය. ධම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ බිඳෙන සුලු දෙය බිඳෙයි. මුසුප්පු වියයුත් නො වෙ යි’ වදාළ සේක. ආදි ම තමන් ඒ බණ සැලකූ නියාව හඟවන්ට දෝ හෝ නොහොත් තමන්ගේ සාර ගුණ ය හඟවනු පිණිස එකුරුත්තේ තුබූ පත මෑ ත් කොට ලා පුතුන් සමග බන්ධුල මල්ල සෙනෙවි රදුන් වහන්සේගේ පෙනෙන වරදක් නැත ත් මරාපී නියාවට මේ ගෙනා පත ය. මම් මෙ පවත් අසා පවා අමුත්තක් නොසිතුයෙම් තෙල් සැළකට කුමක් සිතම් දැ’යි කිවු ය. ධම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ද ශොක තුනී වන්ට කාරණ වූ බණ වදාරා ලා විහාරයට වැඩ පී සේක.
බන්ධුල මල්ලිකාවෝ ද යේළින් දෙතිස බණවා ලා තොප හැම දෙනාගේ ස්වාමීහු නිරපරාධයෝ ය. එතකුදු වුව ත් කර්මා පරාධ ය බලවත් හෙයින් මේ තරමකට පැමිණියෝ ය. ශෝක කිරීමෙන් ප්ර්යෝජන නැති හෙයින් තෙපි ශෝක ත් නො කරව. රජ්ජුරුවන් වහන්සේ කෙරෙහි ත් මුසුප්පු නො වව’යි අවවාද කොළෝ ය. රජ්ජුරුවන්ගෙන් හැර, මුන් හැම මරවා පී හෙයින් නුවර වැස්සන් කියන බණන කථා අසන්ට නිල කළ චර පුරුෂයෝ ඒ කථාව අසා උන් නිවරද නියාව ගොසින් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ ත් නො විමසා කළ කට යුත්තක් හෙයින් මුසුප්පු ව පියා බන්ධුල මල්ලිකාවන්ගේ ගෙට තුමූ ම ගොසින් උනු ත් උන්ගේ යේළියනු ත් ක්ෂලමා කරවා ගෙන මල්ලිකාවන්ට වරයක් දෙමී කිවු ය. ‘ඌ පසු ව පිළිවනැ’යි කියා ලා රජ්ජුරුවන් ගිය කල මළවුන්ට පින් පෙතු ත් දෙවා ලා
362 සද්ධර්මකරත්නාවලි ය
ඉස්සෝධානා පියා රජගෙට ගොසින් ‘රජ්ජුරුවන් වහන්ස, වරයක් දෙවා වදාළේ ඇත්තේ වේ ද, මට අනික් වරයකින් ප්රළයෝජන නැත. අපගේ යේළියනු ත් අප ත් දෙ මවුපියන්ගේ ඔබම යන ලෙස සමු දෙවු ව යහපතැ’යි කිවු ය. රජ්ජුරුවෝ ත් ‘යහපතැ’යි ගිවිස්සෝ ය. යේළියන් උන් උන්ගේ දෙ මවු පියන් ළඟට යවා පියා තුමූ කුසිනාරා නුවර තමන්ගේ දෙ මවු පියන් ළඟට නැගී ගියහ.
රජ්ජුරුවෝ ත් බන්ධුලමල්ල සෙනෙවිරදුන්ගේ දීඝකාරායණ නම් වූ බෑනණුවන්ට සෙනෙවිරත් පට දුන්හ. ඌ සෙනෙවිරත් තනතුර ලද ත් මයිලණුවන් මරවා පී හෙයින් ඒ වෛර ය සිත තබා ගෙන විපාක දී පියන්ට අවසරයක් බලන කුසල් අකුසල් පරිද්දෙන් අවසරයක් ම බලති. රජ්ජුරුවෝ ද නිරපරාධ වූ බන්ධුල මල්ලයන් මරවා පු තැන් පටන් බලවත් වූ විපිළිසර ඇති ව සිතට සැපයක් නො ලැබෙති. රජ ඉසුරු ත් නො විඳිති. එ කල බුදුහු ශාක්ය් රජ දරුවන්ගේ උලුම්ප නම් නියම් ගම වසන සේක.
රජ්ජුරුවෝ ඔබ ගොසින් වෙහෙරට නුදුරු තෙනක කඳවුරු බඳවා පිරිස රඳවා ලා මඳ දෙනකු හැර ගෙන බුදුන් වඳිනට වෙහෙරට ගොසින් මඟුල් කඩුව පටන් පඤ්චරාජ කකුධභාණ්ඩය දීඝකාරායණයන්ට දී ලා තනි ව ම ගඳ කිළි ඇතුළට වන්හ. සෙසු කිය යුතු සියල්ල ම ධම්මචෙතිය සූත්රියෙහි කියා ලූ ලෙසින් දත යුතු. රජ්ජුරුවන් ගඳ කිළියට වන් කලට දීඝකාරායණයෝ අතට සම්භ වූ මඟුල් කඩුව ය, හෙළ කුඩ ය, නළල් පට ය, රන් මිරිවැඩි සඟළ ය, වල් විදුනාව ය යන මේ රජ පෙරහර ඇති ව විඩූඩභයන්ගේ රජ කමට යම්තම් පිණක් ඇති හෙයින් උන් ඔටුනු පළඳවා ගෙන රාජ සම්පත් ඇති රජ්ජුරුවන්ට අසකු හා ගැනියක රඳවා ලා සැවත් නුවරට ගියහ.
රජ්ජුරුවෝ ද බුදුන් හා මියුරු කථා කොට ලා පිටත් තෙනැත්තෝ සේනාව නො දැක රඳා සිටි ගැනි ය. අතින් විචාරා එ පවත් අසා ‘මාගේ බෑන අජාසත් රජ්ජුරුවන් කැඳවා ගෙන අවුත් විඩූඩභයා අල්වමි’ රජගහ නුවරට යන තෙනැත්තෝ සවස් ව ගොසින් නුවර වාසල් යතුරු ලාපි හෙයින් නුවරින් පිටත ශාලාවක ලැග ගමන් අවුත් මිරිකී ලා එ දවස් රෑ ම මළහ. පාන් ව ගිය කල ‘අනේ රජ්ජුරුවනි, තිසරණ ව මළ සේකැ’යි කොසොල් රජ්ජුරුවන්ගේ පවත්
46. විඩූජභ වස්තුව 363
කියා හඬන ගෑනියගේ හැඬීම අසා අජාසත් රජ්ජුරුවන්ට කීහ. උයි ත් අවු ත් මහ පෙරහරින් කොසොල් රජ්ජුරුවන් මළ වුන්ට කළ යුතු දෙය සිරි ත් විසින් එ තෙක් ම හෙයින් දවා පීහ.
විඩූඩභයෝත් රජ පැමිණ ශාක්යු රජදරුවන් කෙරෙහි බැඳ ගත් වෛර සලකුණු කොට පියා ‘ශාක්ය යන් මරමි ‘සෙනඟ සරහා ගෙන කිඹුල් වතට යන්ට නික්මුණාවු ය. බුදුහු එ දවස් අලුයම ලොව බලන සේක් නෑයන්ට වන විනාශ ය දැක ඥාත්යිර්ත්ථදචය්‍්අල ාව ත්රි්විධ චය්යාා වෙන් එකක් වන හෙයින් නෑයන්ට සංග්රඥහයක් කෙරෙමි සිතා පෙර වරු සිඟා වළඳා අන්තයෙහි ගඳ කිළියෙහි සිංහ ශය්යා වෙන් සැතපී ලා සවස් වේලේ අහසින් වැඩ කිඹුල් වත් නුවර බඩ තුනී සෙවණ ඇති එක් ගසක් මුල වැඩ හුන් සේක.
විඩූජභයන්ගේ රටෙහි මැ ද ඝනච්ඡායා ඇති මහ ත් නුග ගසෙක් ඇත. විඩූඩභයෝ බුදුන් දැක ගොසින් වැඳ ලා ‘ස්වාමීනි, මේ ගිම් වේලේ සෙවණ සකස් නැති මේ ගස මුල වැඩ හුන්නේ හැයි ද? තෙල ඝන වූ සෙවණ ඇති ගස මුල වැඩ හිඳිනේ යහපතැ’යි කිවු ය. ‘වන්නාට, මහරජ, නෑ සෙවණ සිහිල් වේ දැ’යි වදාළ කල්හි නෑයන් පිණිස වැඩි නියා ය යි සිතා ලා බුදුන් වැඳ ලා පෙරළා සැවැත් නුවරට ම ගියෝ ය. බුදුහු ත් අහසින් දෙව් රමට වැඩි සේක.
විඩූඩභයෝ වෛර ය සිත තබා දෙවනුව ත් නික්ම ආදී ලෙසින් බුදුන් දැක රඳාපීහ. තුන් වන වර ත් නික්ම බුදුන් දැක ම රැඳුණාවු ය. සතර වන වර විඩූඩභයන් නික්මුණු කලට බුදුහු ‘මේ මා දැක තුන් වාරයක් ගමන් තබා පියා සතර වනුව ත් නික්මිණ. අර මුන් හැම සසර සිටිනා කල කළ අකුසල් කවරේ දෝ හෝ යි බලන සේක. ගඟෙක කුඩ මස්සන්ට වසයක් ලා මැරූ පව් කම වැළකිය නො හැකි බව දැන සතර වැනි වර බුදුහු නො වැඩි සේක. විඩූඩභයෝ ත් ශාක්යොයන් මරමි. මහ සෙනග හැර ගෙන නිකිමුණාවු ය. බුදුන් නෑයෝ වැළි ත් තුමූ මියෙන් නමු ත් අනුන් නො මරණ හෙයින් ප්රාරණ වධ නො කරත ත් විදමන දක්ෂය හෙයින් ‘අපගේ ධනුශ්ශිල්පයෙහි අරුමය පෑ පලවම්හ’ යි සන්නාහා ලා නික්ම සටනට පටන් ගත් හ. උන් විදි හී දඬු විඩූඩභයන්ගේ පිරිස් හසු හස්සෙන් ශාක්යන රජ දරුවන්
364 සද්ධර්මෙරත්නාවලි ය
ප්රාසණ වධ නො කරණ නියාව හඟවන්නාක් මෙන් එක් කෙණකුනු ත් ඇඟ වැඳ නො ගෙන සිස් ව ම යෙයි. මිනිසුන්ට ළං වී නමුත් පටාල හස්සෙන් හෝ ඔවා ගත් අත් හස්සෙන් හෝ කන් සිදුරෙන් හෝ පලා යෙයි.
විඩූඩභයෝ හී දඬු විදිනා නියාව දැක “හැයිශාක්යංයෝ ප්රා ණ වධ නො කරම්හ’යි කියා හිඳු ත් තෙලෙ කුමක් කරණ නියා දැ’ යි කිවු ය. එ තැන සිටි එකෙක් පවිටු අදහස් ඇත්තවුන් හැම කල්හි ම ඇති බැවින් ‘මුඹ වහන්සේ කියන්නේ කිම් දැ’යි විචාරා ‘ශාක්යියෝ විද මාගේ පිරිස් නසතී’ කී කල්හි ‘මුඹ වහන්සේ ගෙන් මළ එක් කෙණකු ත් නැත. මාගේ බස් නො අදහතොත් පිරිස් ගණවා පිව මැනැව’යි කිවු ය. දුටු ගැස්වීමෙන් ගණවා පියා එක් කෙණකුන් ගෙනු ත් අඩුවක් නුදුටුවු ය. යන්ට ගොසින් තබා ලා නැවත අවුත් ‘කොල, යම් කෙණෙක් ශාක්යකයම් හ යි කිවු නම් නො තෝරා මරව. යම් කෙණෙක් ශාක්ය යම් හ යි කිවු නම් නො තෝරා මරව. යම් කෙණෙක් අපගේ මුතුන් මහානාම ශාක්ය රජ්ජුරුවන් වහන්සේ ලඟ සිටියෝ වී නම් උන් නො මරව’ යි විධාන කොළෝ ය. ශාක්යවයෝ ත් දිවි රක්නා උප දෙසක් නො ලදින් සමහර කෙණෙක් තණ ගස් ඩෑ ගෙන සිටියෝ ය. සමහර කෙණෙක් හුණු දඬු අල්ලා ගෙන සිටියෝ ය. ‘තෙපි ශාක්ය යෝ ද නො වේ දැ’ යි විචාළ කල්හි පණ යේ නමුත් තමන් බොරුවක් නො කියන යෙහින් තණ ඩෑ ගෙන සිටියාහු ‘මේ ශාක්ය යෝ නො වෙයි. තණ ය’යි තණ ය’යි කියති. හුණ දඬු ගෙන සිටියාහු, ‘මේ ශාක්ය යෝ නො වෙයි. හුණ දඬු ය’යි කියති.
ශාක්යේ නො වෙයි කී බසින් ශාක්යයෝ නො වෙතී සිතා ගෙන උනු ත් මහානාම රජ්ජුරුවන් ළඟ සිටියවුනු ත් හැර සෙසු කිරි බොන දරුවන් දක්වා ත් නො තෝරා මරවා ලේ ගඟක් කරවා උන්ගේ බොටුවල ලෙහෙයෙන් තමා හුන් පුවරුව සෝදවා පියා පුවරුව ශුද්ධ නු වූවා සේ ම තෙමේ ත් ශුද්ධ ව ගත නො හිණ. ඉන් යම් කෙණෙක් තණ ඩෑ ගෙන සිටියෝ වූ නම් ඌ ජාති අඩු ව එ වකට ඒ ක්රිවයා දොෂයක් හෙයින් දෝ තෘණ ශාක්යට වූහ. යම් කෙණෙක් හුණ දඬු අල්වා ගෙන සිටියෝ වූ නම් ඌ නළ ශාක්යත වූහ. මෙසේ ශාක්යව වංශ ය විඩූඩභයෝ නැසූ හ.
ඌ මහානාම ශාක්යහයන් කැඳවා ගෙන යන්නෝ පෙරවරු වේලේ බත් කන්ට හිඳ පොහොසත් කම මුත් තරම නො සලකා කැටි ව කන්ට නො පොහොසත් තරම දත ත්, තරම් ඉන් වී නමුත් සිටුවන්ට කැටි ව කන නියායෙන් මහානාම ශාක්ය යන්
46. විඩූඩභ වස්තුව 365
කැඳවා යවුහ. ශාක්ය රජ්ජුරුවෝ මියෙත් නමුත් වාල් කැටි ව නො කති. එයින් මහානාම ශාක්යභයෝ ‘ඇඟ කුණු ය. තෙල විලට බැස නාන්ට වුව මැනවැ’ යි විඩූඩභයන්ට කියා යවූහ. රජ කමට පැමිණි බව මුත් තමන් උභයකුල පර්ශුද්ධ වන්ට මවු පක්ෂය ය යහපත් නො වන හෙයින් රජ මායම් සිතිය නො හී ‘යහපත, අපගේ මුත්තණුවන් වහන්සේ නාවව’යි විධාන කළහ. මහානාම ශාක්යයයෝ ද ‘මේ තමා හා කැටි ව නො කෑයොත් මරව යි ඌ අත මියනු නො තරම්, මා ම මිය යෑම යහපතැ’යි හිසකේ හුනා පියා අග දී ගැට ගසා ලා දියට බැස ලා පය මා පටැඟිලි හිසකේ අග ගසා ලූ ගැටෙහි අවුළුවා ගෙන දියෙහි ගිලුණා වු ය.
උන්ගේ ගුණානුභාවයෙන් නාග භවන ය. විල පත්ලෙහි හෙයින් හුණු වි ය. නා රජ්ජුරුවෝ කුමක් දෝ හෝ යි විමසන්නෝ එ පවත දැන අවුත් මහානාම ශාක්යන රජ්ජුරුවන් මුචලින්දෝ නම් නා රජ්ජුරුවන් දරණ ගැබ වැඩහුන් බුදුන්ගේ මලණු කෙණකුන් හෙයින් මුනු ත් පණයෙහි හිඳුවා ගෙන නාග භවනයට ගෙන ගියහ. උයි ත් ගිය දොළොස් අවුරුද්දක් නාග සම්පත් විඳ නාග භවනයේ හුන්හ.
විඩූඩභයෝ ත් ‘මාගේ මුත්තණුවන් දැන් එන සේක. දැන් එන සේකැ’යි වේසී පියා ඉතා ම කල් යන්නා විල පරීක්ෂාැ කරවා පියා තව ත් බැලුව මනා තැන් විමසවා බලවා නො දැක නැඟී ගිය නියා ය යි තුමූ ත් නික් ම සවස් වේලාවට අචිරවතී ගඟ කරා අවුත් ගඟ බඩ මත්තෙහි නියං සමය හෙයින් වැද හොත්හ. සමහර කෙණෙක් ගොඩ වැද හොත්හ.
ගඟ ඇතුළ වැද හොත්තවුන් ගෙන් එදා මියන්ට නිසි පෙර කළ පව් නැත්තවුන් වැද හොත් තැන කඩියෝ නැගී ලා උන් කා උගුළුවා ලූ ය. උ පලා ගොසින් ගොඩ වැද හොත්තෝ ය. ගොඩ වැදහොත්තවුන් ගෙන් එදා මියන්ට කළ පම් ඇත්තවුන් වැද හොත් තෙන ත් කඩියෝ නැඟී ලා කා උගුළුවාලූ ය. උයි ත් ගොසින් ගං වැල්ලේ වැද හොත්හ. මෙසේ කළ පින් ඇත්තවුන් තේරී ගොඩට වූ කලට කළ පම් ඇත්තවුන් තේරී ගං වැල්ලකට වූ කලට වැස්සෙක් නඟා ගෙන ගං හිස පාණ වැස්සෙක් වැස ගඟ මහ වතුරු නැතක් කල් පීනන්නවුන් හෙයින් අතුරෙක නො රඳා මුහුද ලා පී ය. මුහුදට පැමිණි හැම දෙන ම ‘මුහුදු බත් වූහ’ යනු ව්යීවහාර පමණක් හෙයින් මස් කැස්බන් ට බත් වූහ.
366 සද්ධර්මනරත්නාවලි ය
බොහෝ දෙන ත් ‘අනේ ශාක්යා රජ දරුවන්ට තමන්ගේ ආවා වූ මරෙක මිය ත් මුත් මෙ ලෙසින් ආයුධ ලා කොටා මැරිය යුත්ත නොවෙ’යි කථා ඉපදවූහ. බුදුහු ඒ අසා වදාරා ‘කි සි සේ ත් මේ ජාතියෙහි තෙල ලෙස මිය යෑම යහපත් නො වෙයි. පෙර කළ පව් ලෙසට තෙලේ තරම් ම ය’යි වදාරා පෙර කළ පව් කවරේ දැ යි විචාළවුන්ට හැම දෙන ම එක් ව ලා ගඟ කුඩ මස්සන් මියන්ට විෂයක් ලු නියාව වදාළ සේක.
නැවත එක් දවසක් ධම් සෙබෙහි රැස් ව හුන් වහස්දෑ ‘විඩූඩභයෝ එක් ලක්ෂ සැට දහසක් විචර ශාක්යව රජ දරුවන් බොහෝ සේ මරා එන තැනැත්තෝ තමන්ගේ මන දොළ මුදුන් නො පැමිණෙන තෙක් මෙ තෙක් දෙනා සමග වතුරේ ගොසින් මස් කැස්බන් බත් වූහ’යි කථාවක් ඉපද වූ සේක. බුදුහු ත් ඒ අසා ‘මහනෙනි, යම් සේ මාලා කාරයෙක් මල් වත්තකට වැද ලා මල් කඩා ගනිමි යි ගසෙක මල් කඩා නිමවා ගෙන අනික් ගසෙක මල් කඩනු නිසා යන්නේ මල් වත්ත මුළුල්ල ම සිත හෙළා ද මල් කඩන තැනැත්තේ කඩන මල් මුත් අනිකෙක සිත නො හෙළා ද මල් කැඩීමෙහි ගෙන සෙසු ත් කළ මනා දෙයෙහි පමා වේ ද එපරිද්දෙන් සමහර කෙණෙක් නො එක් මල් ගසින් යුත් මල් වත්තක් වැනි වූ පස්කම් ගුණයට පැමිණ සිත්කලු වූ රුවක් ලදින් එ පමණෙක නො සිට යහපත් ශබ්දයක් අසනු කැමත් වෙද්ද, යහපත් සුගන්ධයක් අගනු කැමති වෙද්ද, යහපත් රසයක් ලබනු කැමති වෙද්ද, යහපත් පහසක් ලබනු කැමැති වෙද්ද, නොහොත් ඒ පසින් එකක් ලදින් අනි ක් නො පතා ලද දෙයෙහි ම මමායන ය කෙරෙද්ද, නැවත කෙත් වත් ලදින් ගම් බිම් හා ගම් බිම් ලදින් රට තොට හා රට තොට ලදින් සෙසු සියල්ලක ඇලුම් කෙරෙද්ද, අනගාරික කෙණෙක් වූ නම් වෙහෙර පිරිවෙන් පා සිවුරු ආදියෙන් යම් කිසිවෙක ඇලුම් කෙරෙද්ද, එ ලෙස දෙ පක්ෂිය ම ඇලුම් කරමින් සිටියදී ම මර සොර අවුත් ලා නිඳන ගම් වැස්සන් නිඳමින් සිටිය දී වතුරක් අවුත් ලා ගෙන යන්නා සේ හැර ගෙන ය යි’ වදාළ සේක.
මේ වන්නා ශාක්යා වංශ ය නට ලෙස ය. මුන් හැම මුලින් පහළ වූ සැටි කෙසේ ද යත් —
මේ කප ආදියෙහි රජකම් කො ළෝ මහා සම්මත නම් රජ්ජුරු කෙණෙක. උන්ට ඉක්බිති ව උන්ගේ පුත් වු රෝජ රජ්ජුරුවෝය. උන්ට ඉක්බිති ව උන්ගේ පුත් වූ වරරෝජ රජ්ජුරුවෝ ය.
46. විඩූඩභ වස්තුව 367
උන්ට ඉක් බිති ව උන්ගේ පුත් වූ කල්යාජණ රජ්ජුරුවෝ ය, උන්ට ඉක් බිති ව උන්ගේ පුත් වූ වර කල්යාපණ රජ්ජුරුවෝ ය, උන්ට ඉක් බිති ව උන්ගේ පුත් වූ උපොසථ රජ්ජුරුවෝ ය. උන්ට ඉක් බිති ව උන්ගේ පුත් වූ මහාමන්ධාතු නම් සක් විති රජ්ජුරුවෝ ය. උන්ට ඉක් බිති ව වර රජ්ජුරුවෝ ය. උන්ට ඉක් බිති ව උපවර රජ්ජුරුවෝ ය. උන්ට ඉක් බිති ව මඛාදෙව රජ්ජුරුවෝ ය:
“ අසඞ්ඛෙය්යා යුකා එතෙ - අට්ඨවීසති භූමිපා. කුසාවතිං රාජගහං - මිථිලඤ්චාපි ආවසං”
යනු හෙයින් මූ හැම දෙන වෙන වෙන අසඞ්ඛ්යාථයුෂ්ක ව කුසාවතී ආදී වූ නුවර තුනෙහි රඳා හිඳා රජ කම් කළහ. ඉන් කෙළවර මඛාදෙව රජ්ජුරුවන්ගේ පරම්පරාවෙහි අසූ දහසක් රජ දරුවෝ වූහ. උන්ට මෑත ඔක්කාක පරම්පරා තුනෙක් විය. ඉන් තුන් වන ඔක්කාක රජ්ජුරුවන්ගේ අග මෙහෙසුන් බිසෝවරු පස් දෙණෙක් වූහ. මේ බිසෝවරුන්ගේ අග මෙහෙසුන් බිසෝ වරු පස් දෙණෙක් වුහ. මේ බිසෝවරුන් පස් දෙනාගෙන් එ කී එ කී තැනැත්තන්ට පන් සියය පන් සියය වන නියායෙන් පිරිවර ගෑනු ත් දෙ දාස් පන් සියයෙක් ඇත. බිසෝවරු පස් දෙනා ගෙන් හැම බිසෝවරුන්ට වැඩි මාලු බිසෝවුන්ගේ පුත්තු සතර බෑ කෙණෙක් ඇත. දූ පස් දෙණෙක් ඇත. ඉන් එක් දුවණි කෙණෙක් ඇම දෙනාට ම වැඩි මාල්ලහ. අන්ක් දූ සතර දෙන පිරිමි පුතුන්ට බාලයහ. මෙ සේ ඒ වැඩිමාලු බිසවු දරුවන් නව දෙනකු වදා ලා මළහ. රජ්ජුරුවෝ ද ප්ර ධාන බිසොවුන් මියන්නා ම පස් දෙනා පුරා අන්ක් බිසෝ කෙණකුන් ගෙන්වා අග මෙහෙසුන් කළහ. උයි ත් රජ්ජුරුවන්ට පුතණු කෙණකුන් වදා දරු දස දෙනා පුරා ලා උපන් පස් දවසින් කුමාරයන් සරහා ලා රජ්ජුරුවන්ට පෑවූ ය. රජ්ජුරුවෝ සතුටු ව වරයක් හැර ගන්ට කිවු ය. උයි ත් රජ්ජුරුවන්ගේ ආදි උපන් පුතුන් සතර දෙනකු හින්ද දී පසු ව උපන් තමන්ගේ පුතණුවන්ට රාජ්යි ය ඉල්පා තමන්ගේ නො දැන් ම හැඟවූහ.
රජ්ජුරුවෝ රාජ්ජ්යඋ ය ඉල්වූ බිසොවුන්ට බැණ පියා ‘හැයි මාගේ වැඩි විය පැමිණි සිටි පුතු නැ’යි කිවු ය. අපෝ කොට ලා තව තව ත් තමන්ගේ පුතණුවන්ට රාජ්ය ය ඉල්වත් ම ය. රජ්ජුරුවෝ රාජ්යව ලොභයෙන් ම පුතුන්ට විනාශයක් කොට පූ නමුත් නපුරැ’යි පුතුන් සතර දෙනා කැඳවා ලා ‘එම්බා දරුවෙනි, මම තෙල පසු ව ගෙනා බිසොවුන් වැදූ කුමාරයන් දැක උන්ගේ මෑණියන්ට යුහු ව වරයක් දිනිමි. ඌ තමන්ගේ පුතණුවන්ට
368 සද්ධර්ම රත්නාවලි ය
රාජ්යනය කරණු කැමැත්තෝ ය. උන් කැමැත්ත ත් මම නො කැමැත්තෙමි. තොප සතර දෙනා මුඛ හුන් පමණින් නසා පූ නමුත් නපුර. යම් කිසි තැනකට පලා ගොසින් රඳා හිඳ ලා මා අයාමෙහි අවුත් රට ගනුව’යි විධාන කොට ලා ඇමැත්තන් අට දෙණකු පාවා දී ලා යවූහ.
ඌ සතර බෑයෝ ත් බූනණියනු ත්, නඟුන් සතර දෙනා ත් කැඳවා ගෙන සිවුරඟ සෙනඟ හා සමඟ නුවරින් නික්මුණාහ. රට වැස්සෝ ද ‘මේ කුමාරවරුන් වහන්සේ පියාණන් වහන්සේගේ අයාමෙහි මේ රට කරණ සේක. මෙ වක් පටන් ම අත් නො හැර සිටුම්හ’යි බොහෝ දෙන කැටි ව නික්මුණාහ. පළමු දවස් සතර ගවුවක් විතරේ පුරා ගත්හ. දෙ වන දවස් අට ගවුවක් විතරේ පුරා ගත්හ. තුන් වන දවස් දොළොස් ගවුවක් විචරේ පුරා ගත්හ. කුමාරවරු රැස් පිරිස් බොහෝ නියා ව බලා පියා ‘සටන් කොට එක් විචර රටක් හැර ගත ත් මුන් මෙ තෙක් දෙනාට නො සෑහෙයි. අනුන්ට ගහට කොට ත් දැන් උදුරා මතු දෙන බව වේ ද? දඹ දිව රට කුඩා නො වත ත් වල් පාළු ව තිබෙන තෙනක නුවරක් මවම්හ’යි හිමවු පියස බලා නික්මුණා වූ ය.
නික්ම හිමවු පියසට ගොසින් වසන තෙනක් බලා ඇවිදිති. එහි හිමවු පියස ත් කපිල නම් තවුසාණ කෙණෙක් වෙසෙති. උන් වසන්නේ ත් පොකුණක් බඩ ය. ඌ හැම දෙනා ත් උන් වසන තෙනට ගියහ. තවුසාණෝ ත් උන් හැම දැක ආද්යබන්ත විචාරා සියලු පවත් දැන ජීවිතාශාවෙන් විජිතාශාව හැර වල් වන් නියාවට කම්පා වූහ. ඒ තවුසාණෝ ද වැළි ත් යම් විද්යාශවෙක බලයෙන් පොළොවින් අසූ රියනක් හා අහසින් අසූ රියනෙක දොෂා දොෂ දැනේ නම් එ සේ වූ භුම්මාජාල නම් වූ විද්යාොවක් දනිති. එ සේ හෙයින් තවුසාණන් පන්සල කළ තැන නම් ජය භූමියෙක.
ජය භූමි වූයේ කෙ සේ ද යත් — එ තැන හුන් හුරු කෙණෙක් මුව කෙණෙක් එ තැනට ආ සිංහ - ව්යාඑඝ්රාුදීන් ලුහුබඳවා ගනිති. මඩුවන් හා මීයෝ සර්පයන් භය ගන්වති. එ හෙයින් ජය භූමි ය.
තවුසාණෝ සජ කුමරුවන් බණවා ලා ‘ඉදින් මෙ තැන මා ගේ නමින් නුවරක් කරවු නම් දෙමි’ කිවු ය. උයි ත් ගිවිස්සෝ ය. තවුසාණෝ එතැන තරම කියන්නෝ: ‘මෙ තැන සැඬොලෙක් රඳා හුන් නමුත් සක් විත් සෙනඟක් ආ මුත් පරදව’ යි කියා ලා ‘මේ පන්සල රජ්ජුරුවන්ට ගෙය කොට ලා වට කොට නුවර ඉදි
46. විඩූඩභ වස්තුව 369
කරව’යි කියා අවසර කොට ලා තුමූ ඊට නුදුරු තෙනක ගල් පාවුලක් බඩ පන්සලක් කොට ගෙන විසූ ය. කුමාරවරු ත් තවුසන්ගේ විධාන ලෙස ම නුවර කරවා ලා කපිල නම් තවුසාණන් විසූ තැන්හි වූ හෙයින් කිඹුල්වත් නුවර ය යි නම් තබා ලා විසූහ. ඇමැත්තෝ අට දෙන හා කුමාරයන් වහන්සේ ද වැඩී ගිය සේක.
‘පියාණන් වහන්සේ මුබ වුවො ත් බිසෝවරුන් වහන්සේ නිල කරණ සේක. මෙ විට අපට භාර වේ දැ’ යි සිතා ලා කුමාර වරුන් හා කථා ත් කළහ. කුමාරවරු ‘රටවල් තබා ලා වලට පලා ආ හෙයින් සරි සමාන කුලවලින් බිසෝවරුන් නො ලබම්හ. ජාති සම්භෙදයක් වෘ නම් නපුරැ’යි බුන් බිසොවුන් මවු තනතුරෙහි තබා ලා සතර බෑයෝ නඟුන් සතර බින්නන් අග මෙහෙසුන් කළහ. බුන් බිසොවුන්ට කුෂ්ඨ රොගයෙක් ඇති වි ය. ඇඟ මුළුල්ල ම කොබෝලීල මල් සේ විය. රාජ කුමාරවරු ‘මුන් වහන්සේට මේ ඇති වූ කුෂ්ඨ රොග ය එක් ව රඳා හිඳීමෙන් අපට ත් ආ නම් නපුරු’යි සිතා ලා උයන් කෙළියට යන බඳු ව බිසොවුන් වාහනයෙක් ලවා ගෙන මහ වලට ගොසින් ගැඹුරු කොට වළක් කණවාලා දැව සිටුවා පෝරු අතුරුවා ලා ඇතුළේ ම බත් පැනු ත් නිළ කරවා ලා මතුපිට පස් වස්වා පියා නැඟී ගියහ.
එ සමයෙහි ඊට පෙරාතු ව රාම නම් රජ්ජුරු කෙණෙක් කුෂ්ඨ ඇති ව නුවර රඳන්ට ලජ්ජාවෙන් වැඩි මාලු පුතණුවන්ට රාජ්ජය දී පියා වලට ගොසින් වන මුල් පකා පැකී අනුභව කරන්නාහු කිසි බෙහෙතක් සම්භ ව කුෂ්ඨ නැති ව රන්වන් ව ගොසින් හිම වු පියස ඇවිදිනා තෙනැත්තෝ සිදුරක් ඇති මහ ගසක් දැක ඒ ඇතුළත සොළොස් රියන් උස ගස් සිදුර පීරඹු කසළ හැර පල්ලෙන් පුවරු උස් කොට අතුට ගෙන ඇතුළත් වන්ට ත් පිට ත් වන්ට ත්, දොරකු ත් ලා ගෙන කවුළු දොරකු ත් තබාගෙන හිණකු ත් බැඳ සිටුවා ගෙන ඒ ගස් සිදුරේ හිඳිති. රෑ දවස් වක් ගිනි කබලෙක ගිනි මොළවා තබා ගෙන වැද හොවිති. යම් තෙනක සිංහ කෙණකුන් - ව්යාාඝ්ර කෙණකුන් - දිවි කෙණකුන් හැඬූ නියාවක් ඇසූ නම් පාන් වූ කල ඔබ ගොසින් කා වගුරුවා පු මස් ගෙනවුත් කකාරා ගෙන කති. එක් දවසක් අලුයම් වේලෙහි ගිනි මොළවා ලා හුන්න. එ කල ව්යාෙඝ්ර යෙක් ඉව බලවත් හෙයින් බිසොවුන් ඇඟ මනුෂ්යන ගන්ධ ය අසාලා වසා ලා ලු පස් පීරාපියා පුවරු ත් උගුළුවා සොලවා පී ය. යට හුන් බිසවු පෝරු හස්සෙන් ව්යා්ඝ්රවයා දැක හඬා මුර ගෑවු ය. මනුෂ්යප ශබ්ද ය භය ජනක හෙයින් ව්යාෙඝ්රායා ත් පලා ගියේ ය.
370 සද්ධර්ම්රත්නාවලි ය
රජ්ජුරුවෝ ත් ඒ හඬ අසා ගෑනු කෙණකුන්ගේ හඬ ය යි කියා ත් දැන උදාසන එ තැනට ගොසින් ‘තෙල තැන කවුරු දැ’යි කිවු ය. ‘එ සේ නො එමි’ කී කල්හි ‘නො එන්ට කාරණ කිම් දැ’ යි කිවු ය. තමන් මුළාවට පැමිණිය ත් අභිමානයට වූ හානි නැති හෙයින් තමන් බිසෝ නියාව කිවු ය. රාම රජ්ජුරුමෝ ද ආද්ය න්ත මුළුල්ල ම විචාරා දැන ‘මම ත් වලට ආ බව මුත් රජ්ජුරු කෙණෙකිමි. කිරට හෙළඟිතෙල් සම්භ වූවා වැන්න. පලා එව’යි කිවු ය. රජ නියාව ත් තත්ත්වර හෙයින් ම දැන ගෙන මා ඇඟ කුෂ්ඨ නැති වූ බෙහෙත් ඇති බැවින් බෙහෙත් පිළිවන, මෑත් වව’යි හිණක් සිටුවා මෑත් කොට ගෙන තමන් අනුභව කළ බෙහෙත් ම දී නො බෝ කලෙකින් ම කුෂ්ඨ ය නැති කොට උන් තමන්ට බිසෝ කළහ. උයි ත් දැරි ඇති ව ලා වර්ගව පරම්පරාව මහත් වුවමනා හෙයින් සොළොස් වාරයකින් දෙන්න දෙන්නා ඔබාවාදීන් පුතුන් දෙ තිසක් වදා පූහ. උන් ශිල්ප උගන්නා අවස්ථාවෙහි දී පියාණෝ ශිල්ප ඉගැන්වූහ.
එක් දවසක් රාම රජ්ජුරුවන්ගේ නුවර වසන එකෙක් ආකරවල රුවන් සොයා ඇවිදිනේ එ තැනට අවුත් රජ්ජුරුවන් දැක හැඳින ගෙන තමා හඳුනන නියාව කියා කොයි සිට අයි දැ යි විචාළ හෙයින් නුවර සිට ආ නියාව කිවු ය. උන් කථා කරමින් හින්දදී කුමාරවරු අවු ය. කුමාරවරුන් දැක ‘මූ කවුරු දැ’යි විචාළහ. දරුවන් නියාව කී කල්හි ‘ස්වාමීනි, මෙ තෙක් රජ පෙරහැර ගෙන වල හිඳිනේ හැයි ද? නුවරට වැඩිය මැනැවැ’යි කී ය. දරුව, ඔබ හැයි ද? මෙ ම සැප ය’යි කිවු ය. එ තෙමේ මා ගරා පෙරා ඇවිදින්නේ ත් රුවන් ම වේ ද? මේ ගොසින් කී කලට ඔබින් ද රුවන් මතු ද නො වෙයි. බිම් පමුණුත් ලබමි’යි නුවරට ගොසින් රාම රජ්ජුරුවන්ගේ පුතණුවන් ට කී ය. උයි ත් පියාණන් කැඳවා ගෙන යන ලෙසට අවුත් නො එක් ලෙසින් කැඳවා ත් යන්ට මැළි හෙයින් ‘එ සේ වී නම් මෙ තැන ම නුවරක් ඉදි කරවමි’ යි සිතා ඒ ගෙය කොට ගෙන හුන් ගස උදුරුවා දම්මවා පියා එ තැන මාළිගාවක් ඉදි කරවා ලා වට නුවරක් කරවා ලා කොලොම් ගස උදුරුවා එ තැන්හි කළ හෙයින් එ නුවරට කොලිය නුවර ය යි නම් තබා ලා පලා ගියහ.
කුමාරවරුන් දෙ තිස වැඩි විය පැමිණි කල්හි මවු බිසවු ‘කිඹුල් වත් නුවර හිඳිනා රජ දරුවෝ මාගේ මලුත් හෙයින් තොපගේ
47. පතිපූජිකා වස්තුව 371
මයිලෝ ය. උන්ගේ දූ ඇත්නම් තොපට බිසෝ කරව’යි කිවු ය. කුමාරවරු ත් ඒ අසා රාජ කුමාරිකාවරුන් දිය කෙළියට එන වේලාවට තුමූ පලා ගොසින් සැඟවී සිට ලා දෙන පිළී නම්, බුලත් නම්, තමන් නියාව හඬ ගා කියා ලා තමන් අභිප්රා ය කෙණකුන් හැර ගෙන යෙති. රජ දරුවෝ ත් අසා ‘උන් සිතක් ය. අවශ්ය බෑණන් හෙයින් ගෙන්වා ත් පාවා දුන මනා තෙන කළ දෑ ම යහපතැ’යි කියා ලා හිඳිති. මේ කොලිය රජ දරුවන් ඇති වූ ලෙස ය.
කිඹුල් වත පහළ ව නුවර කොට ගෙන හුන් නියා ව අසා ඔක්කාක රජ්ජුරුවන් සමර්ත්ථවයෝ ය යි කියා ලු බස නිසා ශාක්යව රජ දරුවන් ඇති වූ ලෙස ය. සුද්ධොදන ය, අමිතොදන ය, ධොතොදන ය, සුක්කොදන ය, සක්කොදන ය යි යන පස් බෑ රජුන් දක්වා පැවැති එක් ලක්ෂි සැට දහසක් පමණ රාජ කටක ය පහළ වූ ලෙස යැ. තෙල විඩූඩභයන්ගේ වශයෙන් නට ලෙස ය.
එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් මර සොර නො එන තෙක් අන්ත්යජතාවට මේ සෑහෙන් හෙයින් අනිත්ය තාව සලකා පින්හි හැසිර නිවන් අත් පත් කටයුතු.
47. පතිපූජිකා වස්තුව
සංස්කරණයතව ද මිනිස් ලොව ආයු හවුරුදු අසංඛ්ය යකට වුව ත්, සමහර නරකවල ආයු දුටු කලට මකුළු හුයක් යටි පිටින් දා උඩු පිටින් කළු වන් වන විතරට ත් මඳ සේ හෙයින්, මිනිසුන්ට පතුල් තෙමෙන්ට ත් මඳ පැන් කූඹුවනට මහ වතුරු වන්නා සේ ජීවත් ව සිටිනා හවුරුදු ගණන ත් වස් දවස් ගණන ත් අජරාමර සේ සිතා ගෙණ පිණ හැසිරෙන්ට මිළියවුන් පිණෙහි හසුරුවනු සඳහා පතිපූජිකා වස්තුව දක්වමු.
ඒ කෙ සේ ද යත්:-
තවුතිසා දෙව් ලොව මල් පළඳනා දෙව් පුතෙක් දෙවඟනන් දහසක් පිරිවරා උයනට මල් පළඳින්ට වන. ඉන් පන් සියයක් පමණ දෙව් දූ ගස්වලට නැඟී මල් ගෙන ගොස් දෙවතාවා සරහති. මල් කඩා වගුරුවන දෙව් දූන් අතුරෙන් එක් දෙවතා දුවක් ආයු ගෙවුණු හෙයින් හෝ නොහොත් පින් ගෙවුණු හෙයින් මල් ගසදී ම මළා ය. තුන් ගවු උස සිරුර ත් පහණක් නිවා පූ කලක් මෙන් නැති වි ය. උයි ත් සැවැත් නුවර එක් කුලයෙක ඉපැද උපන් ඇසිල්ලෙහි ම ඉකුත් ජාති සිහි කරණ නුවණ 372 සද්ධර්මතරත්නාවලි ය
ඇති ව තමා මාලාහාරී දෙව් පුත්හුගේ දෙවඟනක නියාව දැන වැඩි විය පැමිණ මල් පුදා, පාන් පුදා, බණ අසා, මාලාහාරි දෙව් පුත්හු ළඟ ම උපදනට පැතුව. උයි ත් තමන් සොළොස් හැවිරිදි කල සරණ ගොසින් ලා බත් ආදි ය දන් දී ත් මාලාහාරී දෙව් පුත්හු ළඟ ම ඉපදීමට පතති. ඉක් බිත්තෙන් වහන්දී ‘මූ පින් කමක් කොට ලා පූර්ව් ජාතියෙහි ස්වාමී ව සිටි දෙවතාවාණන් පතති. එ හෙයින් පතිපූජිකාවෝ ය’ යි නම් තබා ලු සේක.
දෙ මවු පියන් තබා ලූ නම් අප්රතස්ද්ධ ව එ නමින් ම ප්රීසිද්ධ වූහ. උයි ත් නිරන්තර ව තමන් ස්වභාවයෙන් ම සැදැහැ ඇති හෙයිනු ත් මාලාහාරී දෙව් පුතුන් ළඟ උපදනට පතා ත් භොජන ශාලාව ත් හමදිති. පැන් පරහා ගෙනවුත් තබති. හසුනු ත් පනවා ලති. මුන් සැදැහැ ඇති නියාව දැන සෙසු සෙස්සෝ ත් මාළු ගෙනවුත් දී ලා ‘පුත, තෙල ඉදි කොට වහන්දෑට දෙව’යි විධාන කෙරෙති. උයි ත් ඒ විධාන ලදින් දන් සකස් කොට ඉදි කොට ලා ගෙන වුත් දෙති. මෙ ලෙසින් මූ විහාරයට යන එන ගමනින් කුසල් සිත්හි උපදනා සවිභක්තික අවිභක්තිකයන්ගේ වශයෙන් චිත්ත ය හා සමඟ කුසල් ධම් සූ පණසෙක් ලැබෙති.
උන්ගේ කුස දරු කෙණෙක් ඇති වූ ය. දස මස් අයාමෙන් පුතණු කෙණකුන් වදා උන් පියවර ඔසවා ඇවිදිනා කලට අනික් කෙණකුන, උන් පියවර ඔසවන කලට අනික් කෙණකුනැ’යි පුතුන් සතර දෙනකු ලද්ද.
ඌ එක් දවසක් දන් දී ලා පූජා සත්කාර ත් කොට බණ අසා පන් සිල් සමාදන් ව සවස් ව ගිය කලට එ වේලේ ම ඇති වූ රොගයකින් මිය ගොසින් මාලාහාරි දෙව් පුතුන් මල් පළඳිමින් උන් තෙන ම උපන්හ. සෙසු දෙවඟනෝ පන් සිය ය මෙ තෙක් කල් මුළුල්ලෙහි මල් පළඳවත් ම ය. මල් කඩන දෙවඟනෝ මල් කඩත් ම ය. මාලාහාරි දෙව් පුත් ද එ විට උපන් දෙවඟණන් දැක ‘උදාසන පටන් මෙ තෙක් වේලා වන තුරු නුදුටුවමෝ කොයි ගියා දැ’ යි විචාළෝ ය. ‘මළෙම් වේ දැ’යි කී කල්හි ‘කුමක් කියා ද, හදහා ගත නො හී විචාළෝ ය. මළ නියාව ම නියත කොට කියා ‘කොයි උපනු දැ’යි විචාළ කල්හි සැවැත් නුවර කුල ගෙයක උපන් නියාව කිවු ය. ‘තොප ඔබ රැඳුණේ කෙ තෙක් කල් දැ’යි විචාළ කල්හි ‘මිනිස් ලොව මස් ගණනින් දස මසක් මවු කුස විසූ නියාව ත් දස මස් අයාමෙන් මවු කුසින් පිහි ව එ වක් පටන් සොළොස් හැවිරිදි වන තුරු දෙ වමු පියන් අතුරෙහි රඳා එ වකට සරණ හිඳිනා
47. පතිපූජිකා වස්තුව 373
වයස් හෙයින් සරණ ගොසින් ආදි උපන් දරුවන් පියවර ඔසවා ඇවිදිනා කලට අනික් දරු කෙණකුනැ’යි පුතුන් සතර දෙනකු වදා දානාදී වූ පින් කම් කොට මුඹ වහන්සේ ම පතා පතිපූජිකා නමින් ප්රුසිද්ධ ව මුඹ වහන්සේ ළඟ ම උපනිමී’ කිවු ය.
මෙ වක මිනිසුන්ට ආයු කෙ තෙක් ඇද්දැ’යි විචාරා හවුරුදු සියයෙකැ යි කී කල්හි එ තෙක් ම දැ’යි විචාරා ආයු ශක්ති ය බොහෝ ව ඇති බක්කුල මහ තෙරුන් නහන්සේ පවා එක් සිය සැට අවුරුද්දක් ම ජීවත් වූ හෙයින් අවුරුදු සියයට මඳක් වඩා හෝ අඩු ව මුත් ජීවත් වීම නැතැ යි කී කල්හි ‘මෙ තෙක් ආයු හැර ගෙන උපන් මිනිසුන් පව් කම යෙදී පමා ව වෙසෙද් ද නො හොත් සු දහසක් ඇති කෙණකුන් අනික් දහස් ගණනක් උපදවා ගන්ට උපදෙස් කරන්නා සේ පින් කමු ත් කෙරෙද්දැ’යි විචාළෝ ය. ‘ස්වාමීනි, කුමක් කියන සේක් ද? මියයන්නන් දෙන්නන් බල බලා ත් හවුරුදු අසඞ්ඛ්යනයක් ආයු ඇත්තා සේ ජරා පමණක් ම නැත්තා සේ ඇවිදිනා බව මුත් පින් කරන්නා තබා උත්සාහ පමණකු ත් ඇත්තෝ බොහෝ නොවන්නෝ වෙත් දැ’යි කිවු ය. මාලාහාරී දෙව් පුත් හට ‘මෙ තෙක් ආයු හැර ගෙන මිනිසුන් දන් පින් පමා නියා ය’යි බලවත් මුසුප්පු ඇති වි ය.
මිනිස් ලොවින් හවුරුදු සියයෙක් තවුතිසා වැසි දෙවියන්ට දවසෙක. එ සේ වූ දවසින් තිස් දවසෙක් මසෙක. ඒ දෙවියක්ට වස නම් මිනිසුන්ට තුන් දහසක් හවුරුදු ය. ඒ නිසා මසින් දොළොස් මසෙක් ඒ දෙවියන්ට හවුරුද්දෙක. ඒ දෙවියන්ගෙන් හවුරුද්දෙක් මිනිසුන් ට හවුරුදු තිස් දහසෙක. ඒ නියා හවුරුද්දෙන් ඒ දෙවියන්ට ආයු හවුරුදු දහසෙක. මිනිසුන්ට තුන් කෙළ සැට ලක්ෂුයක් හවුරුදු ය. එ සේ හෙයින් පතිපූජිකාවන් හවුරුදු සිය ය පුරා නුහුන් හෙයින් මාලාහාරී දෙව් පුත් හට දවසක් පුරා නො ගියේ ය. ඇසිල්ලක් විතර ය. එසේ හෙයින් දෙවතාවාණෝ මුසුප්පු වූ ය.
දෙ වන දවස් වහන්දෑ ද ගමට සිඟා වන් සේක් අසුන් හල නො හැමඳ පු නියාව ත් හනුන් පනවා නු තුබූ නියාව ත් පැන් පරහා නු තුබූ නියාව ත් දැක, පතිපූජිකාවෝ කොයි දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, ඊයේ මුඹ වහන්සේ ලා වළඳා ලා වැඩ පී කලට සවස් වේලා වන තුරු කිසි ද ලෙඩක් නැති ව හිඳ ලා සවස් වේලාට එ විට ම ඇති වූ ව්යා්ධියකින් මළෝ ය’යි කිවු ය. ඒ අසා පෘථක් ජන වහන්දෑ උන්ගෙනු ත් ලත් උපකාර සලකා කඳුළු රඳවා ගත නො හී වැලපී සේක. රහත් වහන්සේට හඬන්ට කාරණා
374 සද්ධර්මනරත්නාවලි ය
වූ ශොක ය නැති හෙයින් සියලු ප්ර තීත්යල සමුත්පන්න ධර්ම.යන් කෙරෙහි හයාකාරයෙන් පවත්නා නුවණ ඇති වි ය. ඒ වහන්දෑ වළඳා ලා වෙහෙරට ගොසින් ‘ස්වාමීනි, පතිපූජිකාවෝ කවර ත් පිණක් සොත්සාහ ව කොට ලා තමන්ගේ සමුණන් ම පැතූ ය. ඌ දැන් පර ලොව ගියහ. උන් උපන්නේ කොයි දැ’යි විචාළ සේක. ‘තමාගේ ස්වාමීහු ළඟ ම උපන්හ’යි වදාළ සේක.
‘උන් ළඟ නැති වුව. ස්වාමීනි, කී කල්හි ‘තෙල ස්වාමීහු පතා කළ පින් කමෙකු ත් නො වෙ යි. තුලු පැතූයේ ත් නැත. පතිපූජිකාවන්ගේ මීට පෙරාතු ජාතියෙහි තවුතිසා දෙව් ලොව මාල හාරී නම් දෙව් පුතෙක් ස්වාමි වූයේ ඇත. ඌ දැන් පර ලොව ගියහ. උන් උපන්නේ කොයි දැ’යි විචාළ සේක. ‘තමාගේ ස්වාමීහු ළඟ ම උපන්හ’යි වදාළ සේක.
‘උන් ළඟ නැත් වුව, ස්වාමීනි, කී කල්හි ‘තෙල ස්වාමීහු පතා කළ පින් කමෙකු ත් නො වෙ යි. තුලූ පැතුයේ ත් නැත. පතිපූජිකාවගේ මීට පෙරාතු ජාතියෙහි තවුතිසා දෙව් ලොව මාල හාරි නම් දෙව් පුතෙක් ස්වාමි වූයේ ඇත. ඌ මල් පලඳනා වේලෙහි මිය මේ මිනිස් ලොව ඉපැද පෙරළා ත් මල් පළඳිමින් හුන් තෙන ම උපන. අනික් දවසෙක මල් පළඳිමින් හුන් තෙන ම උපන. අනික් දවසෙක මල් පළඳිමින් හුන් තෙන ම උපන. අනික් දවසෙක මල් පළඳිමින් හුන් විටෙක ත් නො වෙයි. තමා මළ දවස් ම මල් පළඳිමින් හුන් දවස ය’යි වදාළ සේක. ඒ අසා වහන්දෑ ‘අනේ ස්වාමීනි. මේ මිනිසුන්ගේ ආයු ශක්තිය ලඝු ය. පෙර වරු දවස් අප වළඳවා ලා සුව සේ ම හුන් තෙනැත්තෝ සවස් වේලාට මළෝ ය’යි මරණ සී භාවනාවට එ යි ත් අරමුණු කළ සේක. බුදුහු ද ‘හෙම්බා මහණෙනි, මල්වත්තෙහි මල් කඩන මාලාකාරයා කඩමින් සිටි මල් කඩා නො නිමන තෙක් ම මල් ගෙතීම් ආදී වූ අත්යාායික කටයුත්තෙක කැඳවා ගෙන යන සේ නෙ ලද සම්පත් පතා නො ලබන තෙක් ලද සම්පත් ප්රයෝජන විඳ නො නිමන තෙක් මර අවුත් වැද ලා හඬමින් වලපමින් සිටියදී ම කවුරුන් කෙරෙහි ත් අවස්ථාවක් නො කොට හැර කෙන යෙයි’වදාළ සේක. මේ දෙශනා කෙළවර ත් බොහෝ දෙන සෝවාන් - සෙදගැමි - අනගැමි රහත් වූහ.
එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් මිනිස් ලොව එක දවසක් රඳා හිඳිත ත් නො පමාව පින් කොට භව සම්පත් වළඳා කෙළවර නිවන් සම්පත් සෑධිය යුතු.
48. මච්ඡරිය කෝසිය සිටාණන් ගේ වස්තුව
සංස්කරණයතව ද මාලුවා ලිය වැළඳි ගස් කොළවල වැඩියුරුවක් නැත්තා සේ තද මසුරු සිත් ඇත්තවුන් පිණට නො ලැගෙන නියාව හඟවනු පිණිස මච්ඡරිය කොසිය සිටාණන්ගේ වස්තුව දක්වමු.
ඒ කෙ සේ ද යත්:-
රජගහ නුවරට නුදුරු තෙන සක්ඛර නම් නියම් ගමෙක් ඇත. ඒ නියම් ගම මච්ඡරිය කොසිය නම් සිටාණ කෙණෙක්
48. මච්ඡරිය කෝසිය සිටාණන් ගේ වස්තුව 375
වෙසෙති. සම්පත් බලා ලූ කලට අසූ කෙළක් විතර ය. තණ අග ගලා තෙල් බින්දුඡවක විතරක් අනුන්ට දීල ත් නම් සිතට දුක් බලවත් හෙයිනු ත් නො ලබන දුක් පතුන් සේ ම තමන් ප්රඅයෝජන විඳිනට නැති හෙයිනු ත් දුක් පත් කම සම්පතට වඩා මහත අනුන්ට දී නො ලන හෙයිනු ත් තමන් ප්ර යොජන නො විඳිනා හෙයිනු ත් උන් ලද සම්පත නම් රකුස්සන් තමන් නො බොන හෙයිනු ත් අනුන් බිය නො දෙන හෙයිනු ත් රකුසු රකවල තුබූ විලක් වැන්න.
බුදුහු එක් දවසක් අළු යම් වේලෙහි මහ කුලුණු සම වතින් නැඟී ගඳ කිළියේ පටන් සක්වළ මුව විට දක්වා නුවණ දැළ පතුරවා නිවන් දක්වන්ට නිසි සත්ත්ව යන් බලන සේක් සැවැත් නුවරට එක් සිය අසූ ගවුවකින් ඔබ්බෙහි වසන මච්ඡරිය කෝසිය සිටාණන්ගේ හා සිටු දුවණියන්ගේ හා සෝවාන් වීමට නිසි හෙතුව දුටු සේක.
පෙරාතු දවසක දි සිටාණෝ රජ ගෙට ගොසින් එන තෙනැක් තෝ එක් සාකුස් ඇති දනවු මිනිසකු කුම්මාසයන් පිරුණු කබලු පූවක් කන්නවුන් දැක සම්පත් මහත් වූව ත් අදහස කුඩා හෙයින් ඒ කබලු පූවෙහි රුචියක් ඇති ව ගෙන තමන්ගේ ගෙට ගොසින් ‘ඉදින් කබලු පුවක් කනු කැමැත්තෙමි කීම් නම් මා කැමති වූවා සේ ම බොහෝ දෙන ත් කන්ට සිතා ගනිති. එ සේ කලට මා ගෙන් බොහෝ සාල් හා කිරි පැණි සකුරු ආදි වූ බොහෝ දෙයට අළවි පෙනෙයි. කිසි කෙණකුන්ට ත් නො කියමි’ යි සම්පත් ඇති සියා ව කාට ත් නො හඟවන්නා සේ ම කබලු පුවට කළ ආලය ත් සිටු දුවණියන් පමණකට ත් නො හඟවති. නො හැඟවීමෙන් කල් යත් යත් කසා යුස වත් කොට පිසූ කබලු පූ සේ පඬුවන් පැහැ ඇති විය. නො තර මාලු කඩෙක වැල් පැද ලූ කලක් මෙන් ඇඟ නහර වැලුත් ඉපිළ ගියේ ය.
කබලු පූවට රුචි බලවත් වත් ශ්රී යහන් ගබඩාවට වැද ලා, යහනට පැන නැඟී ලා, වස්තුව ප්රනබල වුව ත් සිත දුර්වාල හෙයින් වක ගසා ගෙන කබලු පූවෙන් මුත් නො සන්හිඳෙන තරම් සිත ව්යාබධි ය ඇති ව වැද හොත්තේ ය. එ සේ වුව ත් වස්තු හානිය ම සලකා ලජ්ජා සම්පන්න කෙණකුන් අස්ථානයෙහි ඇති ලෙඩක් අනුන්ට කියන්ට මැළි වන්නා සේ කියන්ට මැළි ව කිසි කෙණකුන්ට ත් නො කියති.
376 සද්ධර්මයරත්නාවලි ය
ඉක් බිත්තෙන් ඇඹේණියෝ හැඳ බඩට ගොසින් පිට පිරිමැඳ පියා ‘ඇඟට නුසුව කුමක් දැ’යි විචාළහ. ‘මට කිසි ත් අඵාසුවෙක් නැතැ’යි කී කල්හි ‘රජ්ජුරුවන් වහන්සේ ගෙන් උදහසක් වූ නියා දැ’ යි විචාරා ‘එ සේ ත් නැතැ’යි කී කල්හි ‘දූ දරුවන් ගෙන් හෝ ගෙයි කෙලි කොල්ලන් ගෙන් මුසුප්පු වන්ට නිස්සක් කළ නියා දැ’යි විචාරා එ සේ ත් නැතැ’යි කී කල්හි ගෙයි දඩ විචාරී මෙහි කුසී කමක් නැත්තා සේ ම විචාරීමෙහි නු කුසීත ව ‘එ සේ කල කිසි දෙයක් කන්ට රුචි ඇති නියා දැ’යි විචාළහ. එ සේ වුවත් වස්තුව අගිදම් වෙයි යන භයින් කිසිවකු ත් නො කියා ම වැද හොත්හ. ඉක් බිත්තෙන් සිටු දුවණියෝ මට කියන දෙයට මැළ් වන්නේ හැයි ද? කිව මැනැවැ’යි තරව කිවු ය. එ වේලෙහි දී රළු දෙයක් සපා දුක සේ ගලන පරිද්දෙන් කිසිවක් කන්ට ආලයෙක් ඇතැ’යි කිවු ය. ‘කුමකට දැ’යි විචාළ කල්හි සිත හා උනු ත් ගෙන කබලු පූවකට ය’යි නැතක් වේලකින් කෙසි විදට මහත් දෙයක් කෙසි විදකුන් අදනා කලක් පරිද්දෙන් දුක සේ කියා පීහ.
සිටාණන්ගේ අදහස පටු වුව ත් තමන්ගේ අදහස විශාරද හෙයින් ‘ඇයි මෙ විතරක් කියන්ට මැළි වූයේ, අසූ කෙළක් වස්තු ඇති ව ත් දුක්පත් හෙයින් ද? සියලු ම මේ සක්ඛර නම් නියම් ගම් ඇත්තවුන්ට සෑහෙන ලෙස කබලු පූ පිසම්1 දැ’යි එ තෙක් කල් උන් ළඟ වැස ත් උන්ගේ අදහස සිතට නො නැංගා සේ විචාළෝ ය. ඒ අසා සිටාණෝ ‘උන් අපට හැයි ද? ඌ රුචි ඇත්ත වූ නම් තම තමන් ගෙන් කතී’ කිවු ය. ‘එ සේ වී නම් මේ නියම් ගම එක් වීථියක් ඇත්තවුන්ට සෑහෙන ලෙස පිසෙම් දැ’යි කිවු ය. ‘හැයි තොප මා ඇතුන් නියා ව අපි දන්නමෝ වේ දැ’යි කියා ඊට ත් මැළි වූ ය. එ සේ වී නම් මේ මාළිගාව ඇතුළත වසන්නවුන්ට සෑහෙන ලෙස පිසම් ද’ යි කිවු ය. උන් තමන්ගේ අදහස් ලෙසින් විචාරන්නා ‘තොපගේ අදහස විශාරද නියා ව ආදි නො හැඟුණ ත් දැනු ත් නො හැඟේද? එ සේ ත් නො කැමැත්තේ ය’යි කිවු ය. එ සේ වී නම් මුඹගේ අඹු දරුවන් පමණකට සෑහෙන සේ පිසම් දැ’යි කිවු ය. ‘සෙසු වුව මනා දවස් නැති හෙයින් අද ම වුම මනා ද? උන් හැම හැයි දැ’යි කිවු ය. ‘එ සේ කළ මේ සා මහත් සම්පත් ඇති මුඹ ම තනි ව තබා ගෙන අනුභව කරන්නේ කෙ සේ ද? මුඹට ත් මටත් අප දෙන්නා පමණකට යට ත් පිරිසෙයින් සාල් එක් නැළි මනාවක් විතර වන හෙයින් එ පමණක් පිසමෝ දැ’යි විචාරා ‘තෙපි කා
1. පිසෙම්
48. මච්ඡරිය කෝසිය සිටාණන් ගේ වස්තුව 377
කුමක් කරා දැ’යි කී කල්හි උන්ගේ මනුරු අදහස සියලු ලෙසින් දැන ලා ‘එ සේ වී නම් මුඹ පමණකට කබලු පිසෙම් දැ’යි විචාළෝ ය.
ඒ ගිවිස ලා මෙ තැනදි පිසතො ත් බොහෝ දෙන ආල ය කෙරෙති. සාල් ඇර ගන්නා කල ත් නො කඩ සාල් හැර නො ගෙන කඩ සාල් හැර ගෙන ඉඳින්නකු ත් කබල් පූ කිරි ත් හැර ගෙන කිරි පැණි ත් මී ත් කබලුව කා ගන්නා විවර මුත් වඩා ත් හැර නො ගෙන සත් මාල් මාලිගාවේ උඩු මාල ට නැඟී ලා පිසව. මම ත් උඩු මාලේ දී ම කමි’ යි තමන්ගේ මසුරු කමෙහි තරම සුඟකුත් පසු ව හඟවන්ට නො තබා හඟවා පූ ය. උයි ත් යහපතැ යි ගිවිස කබලු කැවුමට වුව මනා දෙය ගෙන්වා ගෙන මාළිගාවට නැගෙන්නෝ කෙල්ලනුත් සිටුවා පියා සිටාණන් පමණක් හැර ගත්හ. උයි ත් මාලින් මාලේ අගුළු ලා ගෙන සත් වන මාලට නැඟී ලා සත් වන මාලේ කවුළු දොරත් පියාපුවො ත් අඳුරු හෙයින් කවුළු දොර හැර තබා ලා මහ දොර අගුළු ලා ගෙන කබලු කන්ට දෑපී උන්හ. සිටු දියණියෝ ත් උදුනෙහි ගිනි මොළවා ලා කබල උදුනේ තබා ලා පාත දී ම කොටා සලා ගත් පිටි හෙයින් කබලු පිසන්ට පටන් ගත්හ.
ඉක් බිත්තෙන් බුදුහු උදාසන ම ඍද්ධිමත් තැනට අග පත් මුගලන් මහ තෙරුන්වහන්සේ බණ වා ලා “හෙම්බා මුගලන්නි” රජගහ නුවරට නුදුරු සක්ඛර නම් නියම් ගම මසුරු සිටාණන් කබලු කමින් ‘මී අනික් කෙණෙක් දැක ආල ය කෙරෙත් දෝ හෝ’යි යන භයින් සත් වන මාළිගාවේ උඩු මාලේ වැද හිඳ කබලු පිසවයි. තෙපි ඔබ ගොසින් තොපගේ ආනුභාවයෙන් මසුරු සිත් හරවා තොප කෙරෙහි පහදවා ගෙන උන් දෙ මාල්ලන් ලවා පිසූ කබලු පු ත් පැණි ආදිය ත් ගෙන්වා ගෙණ තොපගේ ආනුභාවයෙන් එක් සිය අසූ ගවුව ගෙවා වළඳන වේලාවට මේ දෙව්රමට එව, නිති පිරිවර පන් සියයක් භක්ෂූන් හා සමග වෙහෙර ම රඳා තනි සිටාණන් පමණකට ඉදි කළ කබලු ම සහපිරිවරින් හිඳ වළදම් හ’යි වදාළ සේක.
මුගලන් මහ තෙරුන් වහන්සේ ‘යහපතැ’යි ගිවිස බිමින් යන ගමන් කල් යන හෙයින් අහසින් ඒ නියම් ගමට වැඩ මාළිගාවේ සිවු මැදුරු කවුළුව ගාවා ගැටවටු ගන්වා අහස ඉඳුනිල් මිණි රුවනක් මෙන් වැඩ සිටි සේක. සිටාණෝ ද තෙරුන් වහන්සේ දැක. “මම ත් වැළි ත් මෙ තැනට එන්නෙම් පාත වී නම් යමෙක්
378 සද්ධර්ම්රත්නාවලි ය
එ තැනට සම්භ වෙති. සම්භ වු නම් පවා පිලිණි කබලු කෑමට ආල ය කළ කල උ තුමූ මෙ තරම් දෙයකට කැල ම ආල ය කෙරෙති යි උන් කෙරෙහි ම සැකයෙන් මෙ තැනට අයිමි. සීනෙන් සැඟවෙන්නට බැරියා සේ මුයි ත් අවුදින් මෙ තැනට සම්භ වූ ය. ආදි ම කවුළු දොර ත් මෙසේ වූ අවුල් තකා වසාලන්නට නුවූ හෙයින් මුන් අවුත් සිටිය දී වසා ලන්ට ත් තරම් නො වෙයි. කළ මනා කිම් දෝ හෝ”යි සිත ත් කබලු කන්ට සිතා ගත් උපදේශ මුත් පරලොවින් ගැළ වෙන්නට උපදෙස් පමණකු ත් තමන් නො දත් හෙයින් එ සේ වූ තැනට සිතන්ට නිස්සක් සිතා ගත නොහී ගින්නට දමා ලූ ලුණු මෙන් ත තනමින් ‘මහණ, මේ අහස සිටිනා තබා සක්මන් කෙළෙහි නමු ත් මින් ලබන දෙයෙක් නැතැ’යි කී ය. ඒ අසා මහ තෙරුන් වහන්සේ උන්ට ඒ බැරෑරුම් වුව ත් තමන් වහන්සේට බැරෑරුම් නො වන නියාව හෙයින් නිරාලම්බන වූ අහස සක් මන් කරන්ට පටන් ගත් සේක.
සක් මන් කරණ නියාව දුටු කල හිඳනට පිළිවන් ම නියා වේ දැ යි සිතා ගත නොහී ‘සක්මන් කරන්නා තබා අහස පලක් බැඳ හුන්න ත් මින් ලබන දෑ නැතැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ද මුන් කී කී දෙයක් ම කළ මනා වේ දැ යි කාය චිත්ත ගතිය ලඝු කොට ගෙන අහස වැඩ හුන් සේක. ‘තෙල ලෙසින් හිඳ කුමක් ද? අහසින් අවුත් කවුළු දොර කෙරේ සිටිය නමුත් මින් ලබන දෙයෙක් නැතැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ත් වැඩ කවුළු දොර එළිි පත වැඩ සිටි සේක. ‘එ තන සිටියා තබා දුමා ගිය ත් මින් ලබන දෙයෙක් නැතැ’යි කිවු ය.
මහ තෙරුන් වහන්සේ කබලු පිසන උදුනෙන් නැඟෙන දුමට ත් වඩා දුමා ගිය සේක. සියලු මාළිගාව දුම් ගෙයක් සේ විය. සිටාණන්ගේ ඇසට දුම් වැද ලා කබලු මඳ හෙයින් හඬන්නා සේ ඇසින් දිය වැගිරෙන්නට වන. ‘දුමන්නා තබා දිළිහී ගිය නමුත් නො ලබව’යි කිව මනා බස ගොය දා යේ දෝ හෝ යි යන භයින් නො කියා ‘මේ මහණ මටත් වඩා කැවුමට රුචි ඇති වන. නො ලද හොත් මේ තරම් තරයක් ඇති තැනැත්තෝ නො යෙති. එක් කබලු කැවුමක් දෙවමි’යි පිස නිමියායෙන් දෙත හොත් එක් කබලු කැවුම මහතැ යි සිතා සිටු දුමණියන්ට ‘කුඩා ම කොට ලා කබලු කැවුමක් පිස ලා තුලුන්ට දී උන් මෙ තැනින් නික්මෙන ලෙසක් කරව’යි කිවු ය.
48. මච්ඡරිය කෝසිය සිටාණන්ගේ වස්තුව 379
සිටු දුවණියෝ ද හැඳි අගින් පිටි සිඟිත්තක් හැර ගෙන කබලු පිසන කබලේ වත් කොට ලූ ය. සුධා භොජන ජාතකයෙහි මෙ ම මසුරු සිටාණන් කිරි බත් කන්ට පත් කෙනෙන්ට කී කල හිම වතට අත පුවා ලා අඬන්නා සා මහත ඇති මාලුවා පත් අතුළා සේ ම පිටි සුඟක් වත් කළ ත් මහ තෙරුන් වහන්සේ ගේ ආනුභාවයෙන් ආදි පිසූ කබලු මුළුල්ලට ත් වඩා කුඩා කරන්ට සිතූ කබලු කැවුම මහත් වි ය. ‘ඒ මහතැ’යි තවත් කුඩා ම කොට පිසන්ට ප්රූයොග කළසේ ම කැවුම මහත් වේ ම ය. සිටාණෝ මුසුප්පුව පියා සිටු දුවණියන්ට කියන්නෝ ‘සොඳුර, කුඩා වත් කිම් මහත් වත් කිම? තිලින් එකක් හැර ගෙන පිළිගන්වන්ට ය යි එකක් අල්වන්නා මහ තෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් හැම කබලු කැවුම් ම එක බඳ ව ඇලිණ.
සිටු දුවණියෝ එකක් වෙන් කරන්ට උත්සාහ කොට ලා ‘මේ කබලු කැවුම පිසීමෙන් වෙන් බව මුත් තිබීමෙන් එක් වි ය. වෙන් කොට ගත නො හැකි ය’යි කි වු ය. එ සේ වී නම් ඉඳෙ යි කියා ලා තුමූ ත් එකක් වෙන් කරන්ට යත්න කොට වෙන් කොට ගත නු හුණුවු ය. පිසූ තැනැත්තවුන් හා පිස වූ තැනැත්තවුන් හා දෙන්න එක් ව එකක් වෙන් කොට ගන්ට යත්න කොට ත් වෙන් කොට ගත නුහුණුවු ය. ගත් ආයාසයෙන් ඇඟින් ඩා ත් වැගිරෙන්ට වන. කබලු කැවුමට රිසි ත් ගියේ ය. ඉතිකින් දෙන්ට ත් සිතා ගෙන ‘අපට කබලු කැවුම් නො කැමැත්තේ ය. පැසින් ම දී පියව’යි කියා සිටු දුවණියන්ට කිවු ය. උයි ත් කබලු පැස හැර ගෙන මහ තෙරුන් වහන්සේ ළඟට ගියෝ ය. මහ තෙරුන් වහන්සේ උන් දෙන්නාට තුනුරුවන ගුණ ත් දන් දීමෙහි අනුසසු ත් විභූතකොට දක්වා බණ වදාරා දෙන්න ම සතුටු කැරවූ සේක.
බණ අසා පහන් සිතැ’ති සිටාණෝ ‘ස්වාමීනි, ඇතුළු මාළිගාවට වැඩ ශ්රීව යහන් මත්තේ වැඩ හිඳ කබලු වැළඳුව මැනැවැ’යි කිවු ය. ‘සිටාණෙනි, අප එසේ වළඳන්නේ කෙසේ ද, බුදුහු නිති පිරිවර සඟ පන් සිය ය හැර ගෙන සිඟා ත් නො වැඩ කබලු වළඳන්ට වෙහෙර ම වැඩ හුන් සේක. තොපගේ කබලු කැවුමට රුචි තැත ත් බුදුන් කරා යන්ට රුචි ඇත්තා නම් සිටු දුවණියන් හා තෙල හැම ගෙන්වා ගෙන යම්හ’ යි වදාළ සේක. සිටාණෝ ත් ‘බුදුහු දැන් කොයි දැ’යි විචාරා ‘මේ තැනට
380 සද්ධර්මගරත්නාවලි ය
එක් සිය අසූ ගවු වෙකින් ඔබ්බේ දෙව් රම් වෙහෙර වසන සේකැ’යි වදාළ කල්හි ‘වේලා නො වරදවා මෙ තෙක් කතර යා හැකි දැ’යි විචාළහ.
‘සිටාණෙනි, තෙපි රුචි ඇත්තා නම් මම මාගේ ආනුභාවයෙන් කැඳවා ගෙන වේලා නො වරදනා තෙක් ඔබ ලා ලමි’ වදාළ සේක. එ තැන තබා බඹ ලොව වැඩ හුන්න ත් ඔබ වී නමුත් ලා ලන්ට බල ඇති සේක. මෙ සේ වදාරා ලා ‘සිටාණන්ගේ මාළිගාවේ ගිණි හිස මේ මාළිගාවේ ම වේව’යි හිණි පා මුල දෙව් රම වේව යි ඉටා ලා උන් දෙමල්ලන් කැඳවා ගෙන උඩු මාලෙන් යට මාලට බසිනා වේලාවට ත් වහා ම දෙව්රමට වැඩි සේක. ඔහු දෙන්න ද බුදුන් ළඟට ගොසින් වළඳන වේලා නියාව දැන්වූහ. බුදුහු වළඳ ගෙට වැඩ පනවන ලද බුදු හස්නෙහි සඟ ගණ පිරිවරා වැඩ හුන් සේක. සිටාණෝ ද බුදු පාමොක් සඟගණ අතට පැන් දුන්හ. සිටු දුවණියෝ බුදුන්ගේ පාත්රගයට කබලු පිළිගැන්වූ ය. බුදුහු ත් යපෙන පමණක් පිළිගත් සේක. පන් සියයක් දෙනා වහන්සේ ත් තමන් වහන්සේ යපෙන පමණක් පිළිගත් සේක. සිටාණෝ ද මී සකුරු පැණි ආදි ය පිළිගැන්වූ ය. බුදුහු සහ පිරිවරින් බතට ත් කොට කබලු ම වැළඳූ සේක.
සිටාණෝ ද වළඳා ඉතාරි ව ගිය දෙය හෙයින් ඇඹේණියන් හා සමඟ බඩ පුරා ම කෑවු ය. වළඳන වේලාවට වෙහෙරට රැස් වූ සිය ගණන් සිඟන්නන් පුලන්නන්ට ත් දීත් සිටාණන් පමණකට ඉදි කළ කබලු නො නිමා සිටු දුවණියන් විචාළ ලෙසින් සියලු සක්ඛර නම් නියම් ගම ඇත්තවුන්ට දුන ත් නො නිමන තරමේ තිබෙයි. උතුරු කුරු දිවයිනි න් ගෙනා සාල් නැළියෙක කබලු ත් නො වෙයි. වහන්දෑ ද බුදුන් ළඟට ගොසින් කබලු නොනිමෙන නියාව දැන්වූ සේක. බුදුහු ඒ අසා ‘එ සේ වී නම් වෙහෙර දොරටුව කෙරේ ලවා පියව’ යි වදාළ සේකත වදාළ විධානයෙන් දොරටුව ළඟ ගල් තල්ලෙක ලා පී සේක. ඒ ගලට අද දක්වා ත් ‘කබලු ගල ය’යි කියති. සිටාණන් හා සිටු දුවණියෝ ද බුදුන් ළඟට ගොසින් වැඳ ලා එකත් පස් ව සිටියහ. බුදුහු උන් අනුභව කළ කබලු රස ය වෘත්ත සන්නිශ්රි ත හෙයින් විවෘත්ත සන්නිශ්රිහත රසයක් දෙවනු නිසා බණ වදාළ සේක. බණ අසා දෙන්න ම සෝවාන් ව බුදුන් වැඳ ගෙන වෙහෙර දොරටුවෙහි පිහිටා තුබූ හිණට නැඟී ලා තමන්ගේ මාළිගාවට ම ගියහ. සිටාණෝ ද එ වක් පටන් අසූ කෙළක් වස්තු මසුරු සිත් නැති වූ හෙයින් දන් විධානයට ම නිල කළහ.
49. පාඨෙය්යනකාජීවක වස්තුව 381
දෙ වන දවස් සවස ධම් සෙබෙයි රැස් ව හුන් වහන්දෑ ‘ඇවැත්නි, මුගලන් මහ තෙරුන් වහන්සේගේ ආනුභාවයක් බලව, මසුරු සිටානන්ගේ සැදෑ ත් නො නසා සම්පතට ත් හානියක් නො කොට ඇසිල්ලකින් ම උන් පහදවා ගෙන පාත්රසයට පිළිගෙන ගෙනෙන්ට පිළිවන් කබලු උන් ලවා ගෙන්වා ගෙන අවුත් බුදුන්ට ළං කොට ලා සෝවාන් කරවා ලූ සේක. අනේ ඔබගේ ආනුභාවයක් බලවත් නිසා ය’ යි ඔබගේ ගුණ වදාළ සේක.
බුදුහු එ තැනට වැඩ කෙරෙමින් හුන් කථාව විචාරා වදාරා මුගලන් මහ තෙරුන් වහන්සේගේ ගුණ කථාව නියාව දැන් වූ කලිහ් ‘මහණෙනි, කුල පහදවන්නවුන් විසින් සැදෑවට ත් භොගයට ත් හානියක් නො කොට මල් රොන් ගන්නා මී මැසි බඹර මැසි ආදීන් මලෙහි පෑයට ත් සුවඳට ත් හානියක් නො කොට වුව මනා රොන් පමණක් හැර ගෙන මී රස කරණු නියා වලට ගොසින් ගස් සිදුරු ආදියෙහි මල් රොන් ලා ලා සෙසු ත් වුව මනා දෙය ත් ලා ලා මී බැඳ මී රස අනුභව කරන්නා සේ ගම්වල සිඟා ඇවිද ලද දෙයක් ගමින් පිටත පැන් ඵාසු තැනක දී හිඳිනා කඩ ලා ගෙන වැද හිඳ පිළිකුල් විසින් මෙනෙහි කොට බත අනුභව කොට ලා වලට වැද කමටහන යෙදී මාර්ගදඵල උපදවා ගෙන නිවන් රස අනුභව කරන්නෝ ය’යි වදාරා බොහෝ දෙන නිවන් දක්වා මුගලන් මහ තෙරුන් වහන්සේ ගිය දවස ත් ශක්රා ව ඉපැද මසුරු සිටාණන් දන් පින්හි යෙදූ සැටි ය දක්වන්ට -
“ උභො ඛඤ්ජා උභො කුණි - උභො විසමවක්ඛුලා, උභින්නං පිළකා ජාතා - නාහං පස්සාමි ඉල්ලිසං”
යනාදීන් ඉල්ලීස ජාතකය ත් වදාළ සේක.
එ සේ හෙයින් නුවණ ඇත්තවුන් විසින් මසුරු සිත නම් දියෙහි හට ගත් සෙවෙලක් මෙන් කුසල් සිතට පිළිපක්1 හෙයින් කළ පිටින් සෙවෙල් ඉවත් කරන්නා සේ තදඞග වශයෙන් වුව ත් මසුරු සිත නැති කොට කුසල්හි යෙදී නිවන් අත් කට යුතු.
49. පාඨෙය්ය කාජීවක වස්තුව
සංස්කරණයතව ද සුචරිත පූරණයට නම් අනුන් අත් බලා හිඳීමෙන් ප්රැයෝජන නැති නියාව දක්වන්නමෝ පාඨෙය්ය්කාජීවක වස්තුව දක්වමු
1. පිළිවක් 382 සද්ධර්මිරත්නාවලි ය කෙසේ ද යත් - සැවැත් නුවර හිඳිනා එක් උපාසිකාවක් පාඨෙය්යතක නම් ඇජීවකයකු තමාගේ වදා1 පුතකු නො වන හෙයින් පුත් තරමේ තබා උගෙන් කිසි ද ප්රගයෝජනයක් නැත ත් පිළිදග්ගි ඉක් බිති ගෙවල මිනිස්සු බුදුන් කරා ගොසින් බණ අසා අවුත් අනේ බුදුන්ගේ බණක් ඉතා මධුර නිසා’යි විස්තර කොට කියති. ආජීවකයාට මවු ව හිඳිනා උපාසිකාවෝ ද බුදුන් ගෙන් බණ අසනු කැමති ව එ පවත් ආජීවකයාට කියා ලා යම්හ යි කිවු ය. ඒ යන්ට නො කැමැත්තේ ය යි වැළකී ය. උපාසිකාවෝ ‘තෙමේ තමා සැදෑවක් නැති හෙයින් කා ගත නො හෙන්නවුන් අනුනු ත් කනු නො කැමැත්තා සේ විහාරයට ගොසින් බණ අසා ගත නො දෙයි. ආරාධනා කොට බුදුන් මුඛ ගෙන්වා ගෙන මුඛ දී ම බණ අසමී’ සවස් වේලේ පුතනුවන් බණවාලා ‘යව, විහාරයට ගොසින් සෙට දවස් බුදුන් මුඛ දී වළදන්ට වඩනා නියායෙන් නිල කොට ගෙන එව’යි කිවු ය. උයි ත් විහාරයට යන තැනැත්තෝ පළමු කොට ආජීවකයා ළඟට ගොසින් වැද ලා හුන්හ. ආජීවකයා ‘කොයි යවු දැ’යි විචාරා මෑණියන්ගේ විධානයෙන් බුදුන්ට ආරාධනාවට යෙමි. කී කල්හි, ‘තෙපි ආරාධනාවට විහාරයට නො යව’යි කී ය. ‘මම අපගේ මෑණියන් වහන්සේ කියා ලූ මෙහෙවර වරද්දා නො පියහෙමි’යි කිවු ය. ‘එ සේ නො කැමැත්තේ ය. උන්ට ඉදිකළ දන් දෙන් එක් වලා කම්හ නො යව’ යි කී ය. ‘මුඹගේ විධානයට වඩා අපගේ මෑණියන් වහන්සේගේ විධානය ම අපට වැටෙන හෙයින් යෙම් ම’යි කිවු ය. ‘එ සේ තොප තත්පර පසු ගොසින් සාමාන්යෙයෙන් ආරාධනා කොට ලා ‘තොප හිඳිනා ගෙය අසවල් විථියේ ය. අසවල් තැන ය යි නො කියා අසවල් මඟ වැඩිය මැනැවැයි නො කියා එව යි. තමා කුසල් මං අකුසල් මං නොදන්නා සේ ම බුදුනු ත් උන්ගේ ගෙය පමණට ත් මං නො දනිතී සිතා එයි ත් නො කියන්නට කී ය. එ ලෙස කියා ලා කළ මනා ලෙස කියන්නේ ‘තොප ආලෙද ත් නො කියා මඳක් සිට ලා අනික් මගෙක එව’යි කිවු ය. එයි ත් ඒ ගිවි ස ගෙන බුදුන් ළඟට ගොසින් ආරාධනා පමණක් කොට ලා අසවල් අසවල් විථියේ අසවල් ගෙට වඩනා
1.වැදූ . වදුපු
49. පාඨෙය්ය කාජීවක වස්තුව 383 බව ය යි නො කියා මඳක් සිට ලා ආ ලෙ ද තබා ලා අනිත් මගෙකින් ආජීවකයා ළඟට අවුත් කියා ලූ ලෙසට නො වරදවා කළ නියාව කී ය. ආජීවකයා ද ඒ අසා ‘කළ දෑ යහපත ඉදි කළ දන දෙන්න කම්හ’යි කියා ලා දෙවන දවස් උදාසන ම ආජීවකයා එ ගෙට ගියේ ය. ඌ කැඳවා ගෙන පිටි පස්සේ ගෙයක හිඳවා ලා ඒ උපාසිකාව තමන් බුදුන්ට දන් දී නුපුරුදු හෙයින් අසුන් පනවන ලෙස නො දන්නා ඉක් බිති ගෙවල මිනිස්සු එ ගෙයි ගොම පිරි බඩ ගෙන ලා ලද පස් මල් විසුරුවා ලා බුදුන් වැඩ හිඳිනට මාහැඟි කොට හස්නක් පනවා ලා කළ මනා පිළියෙළ කොළෝ ය. බුදුවරුන් වහන්සේ එක් කෙණකුන් මඟ කිව මැනවැ යි නැත. පැරුම් පුරා නිමවා බෝ මැඩ වැඩ හිඳ බුදු වන දවස් ම තව බුදු නො වන තුරු ‘මේ නරකයට යන මග ය. මේ තිරිසන් යෝනි යට යන මග ය. මේ ප්රේනත ලෝකයට යන මග ය, මේ මිනිස් ලොකයට යන මග ය, මේ දෙව් ලොවට යන ග ය, මේ බඹ ලොවට යන මග ය, මේ නිවන් මග ය’යි සියලු ම මං දැක වදාළ හෙයින්, ගම් නියම් ගම් ආදියට මං කැල ම දැන වදාළ හෙයින්, බුදුහු උදාසන මී තමන් වහන්සේ පමණකට කළ ආරාධනා හෙයින් පා සිවුරු තමන් වහන්සේ ම හැර ගෙන උපාසිකාවන්ගේ ගෙදොරට වැඩි සේක. උයි ත් පෙර මගට අවුත් බුදුන්ට පසඟ පිහිටුවා වැඳ ගෙන ඇතුළු ගෙට වඩා ගෙන ගොසින් හස්නෙහි වඩා හිඳුවා සස්නෙහි පහන් ව අතට පැන් වඩා ලා තමන් තමන්ගේ බල පමණෙක ඉදි කළ ත් දෙවියන්ගේ වසයෙන් අති මධුර වූ ආහාර වළඳවා ලා වළදා අන්තයෙහි අනුමෙවෙනි බණට ආරාධනා කොට පාත්ර ය ගත්හ. බුදුහු මියුරු කට හඬින් බණ වදාරන්ට පටන් ගත් සේක. උපාසිකාවෝ ද සාධුකාර දි දී බණ අසති ආජීවකයා ද පිටි පස්සේ ගෙයි හුන් තැනැත්තේ උපාසිකාවන් බණ අසා සාධුකාර දෙන හඬ අසා හිස රුජා ව ඇති කෙණකුන් මහත් කොට දොඩන බස් ඉවසි ය නො හෙන්නා සේ කන මී වත් කරන්නා සේ ඇසෙන සාධුකාර සැහැදැ නැති හෙයින් කන හුල් ගසන්නා සේ තෙමේ ඉවසා ගත නො හී පිටි පස්සෙන් අවුත් ‘කාලකණ්ණි තැනැත් ති ය. තුලුන්ට තෙල ලෙස සත්කාර කොට බණ ත් අසා මෙ තෙක් දවස් ගරුතර ව හුන් තරම ත් නසා ගත්තී ද, ඉතිකින් ති වැඩෙක් නම් නැත’ යනාදීන් උපාසිකාවන්ට ත් දොඩා ගෙන කළ ආරාධනාවෙන් දන් වළදන්ට වැ හුන් බුදුන්ට ත් දන් වළඳා පමණකට බැණ ගෙන නිරා වදිනට පලා ගියේ ය.
384 සද්ධර්මෙරත්නාවලි ය
උපාසිකාවෝ ද උගේ දෙඩීම් බිණීමෙන් බලවත්ලජ්ජා ඇතිව සිත එකඟ නො වී බණ දෙසුම් ලෙසට නුවණ මෙහෙයා ගත නුහුණු වූ ය. බුදුහු ඒ දැන ‘කුමක්ද, උපාසිකාව, කෙතකට පැන් ඇළත් යොමු කරන්නා සේ බණට සිත යොමු කොට ග නොහේදැ’යි විචාරා ‘එ සේ ය, ස්වාමීනී, වැඩෙමින් සිටි දළුවකට නියඟක් කළ වියවුලක් මෙන් තුලුගේ කථාවෙන් වික්ෂෙපයට පැමිණ සිත එකඟ නො වෙ’යි කිවු ය. බුදුහු ද ඒ අසා තෙල සේ වූ වන්ගේ බස් නම් වැසි නැති ව හඬන අහසක් මෙන් නිෂ්ප්රකයෝජන හෙයින් සිත් බෙළා ඇසි ය යුතු නො වෙ යි. ඇසී ගිය ත් සිත තිබි ය යුතු නො වෙ යි. කවුරුන් කුමක් කීව ත්, කුමක් බිණු ව ත්, දෙඩීම් බිණීම් ලබන්ට වරදක් නැති පසු ඒ උන්ට ම නැගෙ යි. සිතා ගෙන ගිහි වූ වො ත් ‘අසවල් තැනැත්තෝ සැදැහැ නැත්තෝ ය. දැන් පින් නො කෙරෙති’ කියා ත් ශාසනික වූ වොත් ‘අසවල් වහන් දෑ සැදෑනැති සේක. ‘ඇඳුරු වතෙක් වේ ව යි, තෙර වතෙක් වේ ව යි, ආගන්තුක වතෙක් වේව යි, ගමික වතෙක් වේව යි, මහ බෝ වතෙක් වේව යි, පොහො’ග වතෙක් වේව යි. බොජුන් හල වතෙක් වේව යි, ගිනි හල් ගෙයි වතෙක් වේව යි, වතෙකැ යිකියා කරණ දෙයෙක් නැත’ යනාදීන් එයි ත් නො සලකා තමා ම කළ නො කළ දෙය සලකා කළ දෙය කළාට ම හැර නො කළ වත් පිළිවේ ශාසනිකයන් විසින් කොට ගිහින් විසිනු ත් තුන් සුසිරි පුරා නිවන් අත් පත් කට යුතු ය යි වදාළ සේක. ඒ බණ අස උපාසිකාවෝ සෝවාන්ව ආජීවක භක්ති සත්කාය දෘෂ්ටි නැති වීමෙන් ම හළ වූ ය. මේ දෙශනාව බොහෝ දෙනාට ත් ප්රකයෝජන වි ය. එ සේ හෙයින් සැදෑ ඇති කුල දරුවන් විසින් කවුරුත් කුමක් කීව ත් ඒ සිතට නො නඟා තුන් දුසිරිත් දුරු ව තුන් සුසිරි පුරා නිවන් දහම් පසක් කට යුතු.