25. කුම්භ ඝොෂක සිටාණන් ගේ කථාවසංස්කරණය

තව ද බොහෝ සම්පත් ඇත ත් සැපත් මදයෙන් උඩඟ නො ව අනුන්ට යටත් ව විසීම නුවණැති සත් පුරුෂ බොහෝ දෙනාගෙන් හා නිසම්මකාරී රජුන්ගෙන් ගුණ ඇසීමට ද තමන් සැප ත් සස්ථිර කරවා ගැන්මට ද ඒකාන්ත කාරණ වන බව හඟවන පිණිස කුම්භඝොෂක සිටාණන්ගේ වස්තුව දක්වමු.

256 සද්ධර්‍ පරත්නාවලි ය

කෙසේ ද යත් -

රජගහා නුවර ධන සිටාණ කෙණෙකුන්ගේ ගෙයි අභිවාතක නම් ‍රෝගයෙක් උපන. ඒ රෝගය අති වු කල ගෙයි මැස්සන් ආදි කොට ගවයන් දක්වා තිරිසන්නු පළමු කොට මියෙති, ඉක්බිති දැසි දස් ආදීහු මියෙති. ඒ සියල්ලවුන්ට පසු ව ගෙ හිමියෝ මියෙති. එ කල්හි ද එ පරිද්දෙන් ම අභිවාතක රොග ය සියල්ලවුන්ට පසු ම සිටාණන් හා ඇඹේණියන් ගත රෝගයෙන් පීඩිත වූ ඔහු දෙදෙන සමීපයෙහි සිටි පුතණුවන් මුහුණ බලා කඳුළු පිරුණු දැස් ඇති ව ඒ පුතණුවන්ට කියන්නාහු ‘පුතණ්ඩ, මේ රෝග ය ඇති වු කල ගෙයි භිත්ති බිඳ ගෙන ගියාහු ජිවත් වෙති. තෙපි අප නො බලා ‍ගොස් ජිව්ත ව ගෙන පසු ව අවුත් අසවල් තෙන නිධාන කොට තුබූ සතළිස් කෙළක් වස්තුව ඇත. ඒ හැර ගෙන සැප සේ රැකෙව’ යි කීහ. තෙම ඔවුන්ගේ බස් අසා හඬා වැලප දෙ මවු - පියන් වැඳ මරණ භයින් බිය පත් ව ගෙයි බිත්ති බිඳ ගෙන නික්ම පර්වෙත ගහනයකට පලාගොස් දොළොස් අවුරුද්දක් එ තැන් හි වැස පසු ව අයේ ය. ඔහු බාල කල ගොස් දැළි රුවුළු ඇති කල ආ හෙයින් කිසිවකු ත් හැඳින ගත නුහුණු වූ ය.

ඒ තෙමෙ දෙ මවු - පියන් කී සලකුණෙන වස්තුව තුබූ තැනට ගොස් ධන ය නො නැසුණු බව දැක සිතනුයේ ‘මා අඳුනන කිසි කෙණෙක් නැත. ඉදින් මම මේ ධන ය උගුළුවා ප්රනයෝජන වින්දෙමි වීම් නම් එක් දූඃඛිතයෙක් නිධානයක් උදුරා ගතැ යි මා අල්වා ගෙන බොහෝ සේ වෙහෙසට දෙති. එ බැවින් බැළ මෙහෙ කොට ජිවත් වීම නම් යහපතැ’ යි සිතා එක් දවසෙක කඩ රෙද්දක් ඇඳගෙන බැළ මෙහෙ කරවන කෙණක් ඇද්දැ යි විචාරාමින් බැළයන්ගේ වීථ්ය්ැ ට පැමිණියේ ය . ඉක්බිති ඔහු බැළයෝ දැක කියන්නාහු ‘ඉදින් තෙපි අපට එක් කාරියක් කරවූ ‍නම් තො පට බත් මිල පමණක් දෙම්හ’ යි කිවු ය. ‘කුමන මෙහෙයෙක් දැ’ යි කී කල්හි, අපගේ මිනිසුන් ඒ ඒ කටයුත්තෙහි යොද විධාන කිරීම ප‍මණෙක. ඉදින් පිළිවන් වී න්ම උදාසන්හි ම නැඟී සිට ‘එම්බා මල්බෑයෙනි, වහා නැඟි සිටුව. ගැල් ගෙනෙව, ගොන් යොව. ඇත් - අස් ආදී ට තණ ගෙනෙන්ට යන වේලා ය’ යි පිරීමින්ට විධාන කරව. ගැහැනුන්ට ද එ සේ ම ‘මෑනියෙනි, නැඟණියෙනි, බූණැණියෙනි, තෙපි හැම ත් නැගී සිටු ව, කැඳ පිසව. බත් පිසව යි යනාදීන් ඒ ඒ තැන ගොස් විධාන කරව’ යි කිවූ ය. උයි ත් ‘යහපතැ’ යි ගිවිස්සෝ ය. ඉක්බිති උන් වසන්ට ගෙයක් දුන්නු ය. උයි ත් ඒ ගෙයි හිඳ සැතැපී ඇම දවස් ම උදාසන්හි නැඟී සිට ඒ පරිද්දෙන් මිනිසුන්ට විධාන කොට ඇවිදිති.

		     25.	කුම්භඝොෂඛ සිටාණන් ගේ කථාව 		 257

ඉක්බිති එක් දවසෙක් බිම්සර රජ්ජරුවෝ විධාන කොට ඇවිදිනා උන්ගේ ශබ්ද ය ඇසූ ය. ඒ බිම්බිසර රජ්ජුරුවෝනම් සියල්ලවුන්ගේ ශබ්දයෙහි විභාග දනිති. එ සේ හෙයින් උන්ගේ ශබ්ද ය අසා බොහෝ වස්තු ඇති මිනිසකුගේ ශබ්දයෙකැ යි කිවු ය. ‍ඉක්බිති රජු ළඟ සිටි එක් පුර ස්ත්රිවයක් සිතන්නී ‘මේ රජ්ජුරුවන් වහන්සේ එ සේ මෙ සේ වු නිකම් බසක් නො කියන සේක. මේ කාරණ ය මා විමසනු මැනැව’ යි සිතා උන් බලා පරීක්ෂාන කොට එන සේ මිනිසකු යැවී ය. ඒ මිනිසා වහා දිව ගෙන ගොසින් ඔහු දැක නැවත අවුත් කියන්නේ ඒ විභවි එකෙක් නො වෙයි. බැළයන්ට බැළ මෙහෙ කෙරණ එක් දුප්පත් මිනිසෙකැ ‘යි කී ය. රජ්ජුරුවෝ ද මනුගේ බස් අසා මුයෙන් නො බැණ හිඳ දෙ වන තුන් වන දවස්හි ද ඔහුගේ ශබ්ද ය අසා පළමු පරිද්දෙන් ම මහ සම්පත් ඇති මිනිසකුගේ ශබ්දයෙකැ’ යි කිවූ ය.

ඒ පුර ස්ත්රීි පළඹු පරිද්දෙන් ම සිතා නැවත නැවත ත් මිනිසුන් යවා දුක් පත් මිනිසෙකැ’ යි කී කල්හි තොමෝ සිතන්නී ඔහු දුක් පත් මිනිසෙකැ’ යි කිව ත් රජ්ජ්රුවෝ නො අදහති. කෙතෙක් කිව ත් බෙහෝ ධන ඇති මිනිසෙකුගේ ශබ්දයෙකැ යි කියා ම කියති. රජ්ජුරුවන් කියනනේ කාරණයක ශබ්දයෙකැ යි කියා ම කියති. රජ්ජුරු‍වන් කියන්නේ කාරණයක් ම ය. දැන් මා ම විමසුව මැනව’ යි සිතා රජ්ජුරුවන්ට කියන්නී දෙවයන් වහන්ස. භාණ්ඩාග‍ාරයෙන් මසු දහසක් ලදිමි නම් මාගේ දුව කැඳවා ගෙන ඔහු වසන ගෙට ගොස් ඒ වස්තුව රජගෙයි ලවා ලමි’ යි කිව. රජ්ජුරුවෝ මසු දහසක් දෙවාලූ ය. ඌ ඒ හැර ගෙන දුක් පත් සැටියට දුවණියන් කෙලෙසී ගිය මාලු කඩක් හඳා ලා උන් හැර ගෙන නික්ම මගී බඳු ව බැළයන් හිඳිනා විථියට ගොසින් එක් ගෙයකට වැද ‘අපි දෙ පුතු මවු ගම්නිම්හ.1 එක් දෙ දවසක් මේ ගෙයි රඳාපියම්හ’ යි කිවු ය. මේ ගෙයි මිනිසුන් බොහොව. මෙ තැන අවසර නැත. තෙල කුම්භඝොෂකයන්ගේ ගෙය උන් තමන් පමණක් හෙයින් අවසර ඇත. බ ගිය මැනැව’ යි කිවූ ය.

ආදි කොට ම එ තැනට ය ම තමන් සිතා ආ කටයුත්තට නො නිසි හෙයින් නො ගිය බව මුත් යා යුතු එ ගෙට ම හෙයින් ගොසින් ‘ස්වාමීනි, අපි මගී දුප්පත් මිනිස් කෙණෙකුම්හ. එක් දෙ දවසක් මෙ තැන රඳා පියම්හ’ යි කියා උන් බැරි ය යි කීව ත් අද එක දවසක් රඳා පියා උදාසන යම්හ’ යි කියා ලා එ දවස් රඳා ගෙන, දෙවන දවස් උන් තමන්ගේ මෙහෙවර යන්නවුන්ට ‘සාල් සු‍ඟෙක් ඇත් නම් දුන් මැනව. නිකම් හිඳනා ගමනේඅ දවාලට

1. ගමනින් මිරිකි ගියම් හ, අපි දෙපු ද ම වුම්හ .

                                                                                                          8

258 සද්ධර්ම රත්නාවලි ය

බත් පිස තබා ලම්හ’ යි බත් පිසීම් පිට ලාලා එ දවසු ත් රඳන්ට සිතූහ. කුම්භ‍ඝෝෂකයෝ වස්තුව එළිබසිතී යන භයින් එ සේ නො කැමැත්තෝ ‘ මෙ තෙක් දවස් මට පිසන්නෝ අනික් කෙණෙක් ද? මම් ම පිස ගෙන කමී’ යි කිවූ ය. උන් එ සේ කීව ත් හූරු තුඩ සීවැල් තුඩ තුබුවා සේ රජ ගෙයක ත් වැඩී ගත් හෙයින් නො එක් ‍ෙලසින් කියා ගිවිස්වා ගෙන උන් දුන් දෙය නො අල්වා ම තබා ලා වළන් විකුණන තෙනින් කුඹල් වළඳකුත් අංගානියට ‍1යවා කැකුළු සාලකු ත් ගේන්වා ගෙන රජ ගෙයි දී පිසන ලෙසට ම සුදුසුවක් කොට බත් ද ඉති පත් කඩ ලාලා2 මාළු දෙකක් තුනක් ද පිස ලා වල සිට ආ බැළයාණන්ට බත ලාලූ ය. බත් කා ලා කෑ බතින් ම ආදි වේග ය නැති ව අදහස මොළොක් වූ කලට ‘ස්වාමීනි, ගමන් ඇවිද මිරිකී ගියම්හ. එක් දෙ දවසක් දෙපුතු මවු කැටි ව කපු කැට ලා මෝල් කොටා ලා ත් පය සතපා ගන්නා කැමැත්තම්හ’ යි කිවුය.

උයි ත් උන් ගේ බසු ත් මිහිරි හෙයින් ලාලූ බත් ඊට වඩා මිහිරි හෙයින් ‘යහපතැ’ යි කිවූ ය. රෑ දවස ත් දෙවන දවස ත් බත් මාළුව යහපත් කොට ම දිවි හිමියෙන් වුව ත් රඳන්ට කියන ලෙස ම ඉදි කොට දුන්හ. තරයේ ම තමන් කෙරෙහි නැමුණු නියාව දැන ‘පය සතපා දවස් ගණනක් ම රදම්හ’ යි කියා ලා රඳා හුන්නෝ මුවාත් යකඩෙකින් බැළයාණන් වැද හෝනා හැ‍ඳෙහි හැඳ පත් තමන් සිතන ලෙසට හැඳ වියමන් නපුරු හෙයින් දෝ හෝ යි හැඳ වැළ යටින් පිටින් කීප තැනකින් හැඳපත් කපා ලු ය. උන් අවුත් හැඳ බැස හිඳිනා ම හැඳ බොකු පහරින්ට වන. ‘හැයි මේ ‍හැඳ මෙ‍ සේ විනැ’ යි විචාළෝ ය. ‘ස්වාමීනි, මේ තැනට එන කුඩා බාලයන් නවතා ලන්ට අපට බැරි ය. අවුත් අවුත් ලා මේ හැඳට ම නැඟිලා මොළ කම් කෙරෙති’ යි කිවු ය. ඒ අසා බැළයාණෝ ‘ ඒ ‍එ සේ වි නම් මුඹ හැම නිසා වූ මුළා ය. මෙ තෙක් කල් මම් පිටතට යන කල දොර බැඳ ලා‍යෙමි’ යි කිවු ය. ‘මම පුතණ්ඩ කුමක් කෙරම් ද මා කිවා යි ඒ කුඩා කොල්ලෝ වළකිද්දැ යි කිය කියා දෙ තුන් දවසක් විතර හැඳපත් ක්ර ම ක්ර්මයෙන් කපා හැඳ බොකුරු පහැරි පැහැරි සේ උන් මුසුප්පු වුව ත් එළී ගෙන තිබෙන ලෙසට අතරතුරෙන් හැඳ පත් දෙකක් තුනක් විතර ති‍බිය දී සෙසු හැඳ පත් කපා ලූ ය.

එ දවස් රෑ අවුත් හැඳ වැද හෝනා ම හැඳ පත් කඩා ගෙන බිම හිණ.හිස ත් දණ ත් එක් ම වැද ගත. එ වෙලෙහි නැඟී සිට වැද හිඳ මා වැදහෝනට යන්නේ ත් කොයි ද, මුඹ හැමට නවා තැන් දී වැද හෝනා හැඳනු ත් නූයෙමි3 අනේ මා කරන්නේ 1 ආගානියට 2 ඉතිරි පත් කඩලා 3 හුනුයෙමි


25. කුම්භඝොෂක සිටණන්ගේ කථාව 259

කිම් දැ’ යි කිවු ය. ‘පුතණ්ඩ, අපි කුමක් කරමෝ දැ? කුඩා කොල්ලන් වළකා ලන්ට කාට පිළිවන් ද? නො කරන්ට කීවොත් කරන්නා ම වූ ය. වන්නාට ය. මුසුප්පු වත් ප්ර යෝජන කිම් ද? මේ වේලේ යා හැකි තැනත් නැති බැවිනු ත් ගිය ත් ඉඩ වගාවක් පෙනෙන්ට නැති බැවිනු ත් අවසරයක් කොට‍ ගෙන වුවත් සැතැපුණු මනා වේ දැ’ යි කියා ලා දියණියන් බණවා ලා ‘පුත, තොප ගේ බෑණන් වැද හෝනට අවසරයක් පෑ ලව’ යි කිවු ය. එයි ත් මෑණියන් කියන්නා ම එක් ඇළයකට නැමී ගෙන ‘මෙ සේ අවුත් වැද හොත් මැනැවැ’ යි කිවූ ය. කුම්භඝොෂකයන් මැළි ව හිඳනා ම රෑ දෙ වරු නො නිඳා හිඳින්ට පිළිවන් ද? තුලුන් පෑ ලු අවසරයේ ගොසින් වැද හොවිද්දා මැනැවැ’ යි කිවු ය.

එයි ත් එ දවස් ‍ගොසින් උන් හා සමග එක තැන හෙව මෑණියෝ යම් අදහසකින් හැද පත් කැප්පවු නම් හැඳ පත් කැප්පවුයේ මේ නිසා ය යි තමන් නො දත් හෙයින් උන්ගේ ඒ අදහස ම සිද්ධ කළහ. තමන්ගේ අදහස වරදවා පීහ. ඒ නියාවක් වූ නියාව මෑණියන්ට හඟවන්ට කුමාරිකාව හඬා පුත ‘හැයි කුමක් දැ’ යි විචාළ කල්හි මෙ බන්දෙක් වී යයි කුමාරිකාවෝ කිවු ය. ‘වන්නාට යහපත, කරන්නේ කිම් ද? ඒ දරුවන්ගේ ත් තොපගේ ත් කවර වරදෙක් ද? සංසාර දොෂයක් වුව, තොප ත් හැම දවස් ම මෙ ලෙසින් හිඳිනට බැරි බැවින් එක් තැනෙක රැකුණ මැනව. තෙල දරුවන්ට ත් පිස ලා ලන කෙණකුන් ඇත මැනව. උනු ත් හැම දවස් ම මෙ ලෙසින් දවස් යවන්නට බැරි ය. පිස ලාලන කෙණකුන් ඈත මැනැවැ’ යි කියා ලා බැළයාණන්ට කියා ගෙන හුන් දරු කම එ වක් පටන් හැර බෑන කළහ.1 ඌ දෙපක්ෂලය ත් එ වක් පටන් සමඟ ව විසූ ය.

කීප දවසක් ගිය කලට බැළයන් හිඳනා විථියෙහි උත්සවයක කරන්ට ත් විධාන අසා ත් යම් කෙණෙක් උත්සව නොකොළෝ නම් උන්ට දඩ ත් නිළ කරන්ට විධාන කර එවන්ට ත් කුම්භ‍ඝොෂයකයන්ට නො හැ‍ඟෙන ලෙස රජ්ජුරුවෝ ත් විධාන කෙලෝ ය. එ කල කුම්භඝොෂකයන්ගේ නැන්දණියෝ බැනණුවන්ට ‘මේ විථියෙහි රදොල් විධානයෙන් උත්සවයෙක් අති වි ය. කළ මනා කුම්ක් දැ’ යි කිවු ය. ‘නැන්ද මම බැළ මේ කොට ත් ඉඳුරා ජිවත් ව ගත නො හෙමි. කුමක් කෙරෙම් දැ’ යි කිවු ය. ‘හෙම්බා බෑන, ගිහි ව රැකන කල නයක් නො රගන බරි ය. නො පමා වුවො ත් දරන නය ගෙවන්ට ත්




260 සද්ධර්ම රත්නාවලි ය.

බැරි නො වෙයි තමා ම පෙර පින් නො කළ කල රජදරුවන්ගේ විධාණ නො කරන්ට බැරි ය. හැර ගත් නය නම් පිරිමි කල කවරෙ ලෙස ත් ගෙවිය හැක්ක. යව, ගොසින් ලැබෙන තැනකින් මස්සක් වුව ත්, දෙ මස්සක් වුව ත්, ගෙනෙව’ යි කිවූ ය. උයි ති මහා අධනි කෙ‍ණෙකුන් සේ මුසුප්පු ව ගෙන සතළින් කෙළක් වස්තු තුබූ තෙනින් දුක සේ එක මස්සක් ගෙනවු ය.

පුර වධූ ද ඒ මස්ස අතට හැර ගෙන ඒ රජ ගෙට යවා පියා තමන් අත රන් ඇති මයින් ඉන් වියදම් කොට උත්සව කොට ලා නැවත දෙ තුන් දවසකින් රජ්ජුරුවන්ට කියා යවා ආදී ලෙස ම උත්සව කරන්ට ත් නො කළවුන්ට දඩ ත් නියම කරවා ගෙන පළමු කී ලෙස ම බෑනණුවන්ට කීහ. උයි ත් බලවත් මුසුප්පු ඇති වත් දඩෙක් වි නම් තුන් මස්සෙකින් නො යන හෙයින් පලා ගොස් දර දියට බඳුව ලා1 සතළිස් කෙළින් තුන් මස්සක් ගෙනවුත් දුන්හ. පුර වධූ ඒ රනුත් රජ්ජුරුවන්ට යවා පියා තමන්ගේ රනෙකින් උත්සව කෙට ලා කීප දවසක් ගිය කල මිනිසුන් එවා ලා බැළයාණන් ගෙන්වූ ව මැනැවැ’ යි රජ්ජුරුවන්ට කියා යවු ය. රජ්ජුරුවෝ උන් සොයා මිනිසුන් යවු ය. ගිය මිනිස්සු කුම්භාඝොෂකයෝ නම් කවුරුන් දැ යි විචාරා සොයා යන්නාහු දැක ගෙන ‘එව. පින්නවත, රජ්ජුරුවන් වහන්සේ තොප කැඳවා වදාළ සේකැ’ යි කිවු ය. උයි ත් බා ගොසින් ‘මා රජ්ජුරුවන්ට හඳුනන්නේ නැතැ’ යි කියා ලා යන්නට මැළියෝ ය. ඉක් බිත්තෙන් බලයේන ම අත අල්වා ගෙන අද්දෝ ය.

නැන්දනියෝ ත් උන් දැක නො හඳුනන්නා සේ ‘හැයි කොළ, තොප වැන්නෝ ත් මාගේ බෑනණුවන් මාත් බල බලා සිටිය දී අත අල්වා අදින්ට නිස්සෝ දැ’ යි කිය ලා බැණ ‘ තෙපි රජ්ජුරුවන් වහන්සේ ළඟට එව. ගුණෙන් කැඳවා ගෙන යාම තිබැද්දී තොප ඇද පැද මෙ ලෙස කළවුන්ගේ අත් කප්පවමි’ යි කියා ලා දියණියන් කැඳවා ගෙන පෙරාතු ව පලා ගොසින් රජ ගෙට වැද ලා කොට ගෙන ගිය වෙස හැර ලා සව් බරණ ලා සැ හී දවස් ගණන විසූ ලෙසට දෙවතා දූන් දෙන්නකු පරිද්දෙන් එකත් පස් ව සිටියහ. කුම්භඝොෂකයනු ත් ඇද ගෙන ගියහ. ගොසින් වැඳ ලා සිටියවුන්ට රජ්ජුරුවෝ ‘පූර්ණයකුම්භාකෘති වූ කුම්භඝොෂකයෝ නම් තෙපි දැ’ යි විචාරා ‘ එ සේ ය’ යි කී කල්හි මෙ තෙක් වස්තු නො නසා පිරිමසා තබා ගෙන අපට ත් භාග නො දී තොප ම ප්රකයෝජන විඳන්නේ හැයි දැ’ යි විචාළෝ ය.


1 බදු පිටලා


25. කුම්භඝොෂක සිටාණන් ගේ කථාව 261

‘ස්වාමීනි, මට වස්තු කොයින් ද? බැළ මේ කොට රැකෙන් නෙම් වේ දැ’ යි කිවු ය. ‘අපට ‍හඟවන්නේ හැයි ද? නො හඟවා ‍කියවය’ යි කිවු ය. ‘ස්වාමීනි. මා සඟවන්ට කාරණ කිම් ද? වස්තු ඇත්නම් මේ සා මහත් ආයාසයක් ගත මනාද ? මාගේ වස්තු වෙක් නැතැ’ යි කිවු ය. රජ්ජුරුවන් තමන් ගෙන්වා ගත් දෙ තුන් මස්ස උන්ට පෑ ලා ‘මේ රන් කා ගේ දැ’යි විචාරා උනු ත් ඒ රන්හැඳන ගෙන ‘ඉතිකින් නටිමි. රජ්ජරුවන් වහනසේට කෙ සේ සම්භ වූ නියා දැ’ යි ඈත මෑත බලා අර මුන් දෙ පුතු මවුන් වස්තු ඇති නියාවට දෙස් කියන්ට සැරහි සිටියා සේ යහපත් ව සැරහී ගෙන සිටියවුන් දැක ‘අනේ කට යුත්තක් බැරි නියා ය. රජ්ජ්රුවන් වහන්සේ ම මුන් යවා නියා වේ දැ යි සිතා ලා ‘කුමක් කියම් දෝ හෝයි කුමක් කරම් දෝ හෝ’ යි සිත සිතා සිටියෝ ය. රජ්ජුරුවෝ ‘කිය, පින්වත. කුම්ක නිසා මෙ ලෙස කෙළෙහි දැ’ යි කිවු ය.

‘රජ්ජුරුවන් වහන්ස, මට පිහිටෙක් නැත’ යි කීයාලා ‘මටත් ව‍ඩා පිහිටක් වුවමනා දැ’ යි කී කල්හි ‘ එ සේ පිටහිට වන සේක් වී නම් යහපත් වේ දැ’ යි කිවුය. ‘පිහිට‍ වෙමි. තොපගේ වස්තු කෙතෙක් ඇද්දැයි’ විචාර ‘වඩා නැත, සතළිස් කෙළක් විවර ය ‍’ යි කීකල්හි ‘වුව මනා කුමක්දැ’ යි විචාරා ‘ගැල් වුව මැනැවැ’ යි කී කල්හි නො එක් සිය ගණන් ගැල් යවා වස්තු ගෙන්වා ගෙන සෙණ්ඩුවාලුවෙහි රැස්කරවා ලා නුවර වැස්සන් ගෙන්වා ලා ‘මේ නුව‍ර මෙ තෙක් වසුතු ඇත්තේ කා ගේ දැ’ යි විචාළෝ ය.

‘කාගේ ත් නැත, වියදම් බොහෝ හෙයින් තව මුඹ වහන්සේ ගෙ ත් මෙ තෙක් වස්තු ඇත් නම් වේ ද’ යි කී කල්හි ‘ මෙ තෙක් වස්තු ඇත්තවුන්ට කළ මනාකිම් දැ’ යි විචාරා ‘තනතුරක් දුන මනා වේදැ’යි කී කල්හි මහ පෙරහරින් සිටු තනතුරු දීලා උන් කෙරෙහි රැකුණු දුවණියන් ත් ඒ තරම් සරුසාර මිනිසුන් අපවත් නො කළ මනා හෙයින් උන්ට ම පාව දෙවා ලොවි සම්පත් දී නිමි කල්හි උන් කැඳවා ගෙන බුදුන් කරා ගොසින් වැඳ ලා ‘ස්වාමීනි, මුන් දැක වදාළේ ඇත්තේ වේ ද? මුන් තරම් සරු සාර කෙණෙක් නැත. සතළිස් කෙළක් විතර වස්තු ඇති වත් ඉපිල්ලාවාසි කමෙක් වේ ව’ යි අභිමානයෙන් වේව යි නැත. කිසිවක් නැති දුක් පත් එකක්හු මෙන් රෙදි කඩක් හැඳ ගෙන බැළ වීථියෙහි පැළයන්ට බැළ මේ කොට ලා ඉඳිති. මම මුන් හඬ ගා ඇවිදිනා කට හඩින් ‍ම සධනී නියාව දැන මෙ සේ වූ උ‍පදෙසින් ගෙන්වා ගෙන වස්තු ඇති නියාවට ඉන් එවා ගත් රන් පෑ ලා උන් ම


262 සද්ධර්මිරත්නාවලි ය.

ගිවිස්වා ලා ඒ වස්තුව ගෙන්වා ගෙන සිටු සේ සත් දෙවා ලා උන් ගේ සම්පත් උන්ට ම නිල කරවා ලා මුන්ගේ තරම් දැන අප ගෙන් දියණි කෙණකුන් මුන්ට පාවා දෙවා ලා බන්දූන් කොට ගතිමි. මෙ‍ සේ වූ පුරුෂ රත්නය්ක දුටු විරූ නැතැ’ යි කිවූ ය.

බුදුහු ඒ අසා වදාරා ‘මහ රජ, යම් කෙණෙක් මෙ සේ මෙ ලෙස කියවා ගෙන ජිවත් වෙත් නම් ඒ යහපත. සොරකම් ආදිය කෙට කරණ ජිවිකා නම් මෙ ලොව ත් වධබන්ධන ආදියට පැමිණිමෙන් දුක් එළවයි. පර ලොවත් ඒ මුල් ව වන සැපයෙක් නැත. සම්පත් නැත ත් චතුර් විධ වූ සම්ය ක් ප්රගධාන වීය්ය්ප ඇති ව සිහි නුවණින් යෙදි කරණ දෙයකුත් යහපත් කොට කියන දෙය කුත් කුසල් වඩනා ලෙස ම යහපත් කොට සිතා නැවත නිදන් බලා කරණ පිළියමක් සේ කළ කල ‍මෙ බන් දෙක් වෙයි කියා මෙ සේ හැමයෙහි ම පරීක්ෂාකාරීව තමා ගෙන් තොරතුරක් අනුන්ට නො පෑ ගිහි වූවො ත් තුලා කූට - මාන කුඨාදිය හැර කෘෂි වණික් ආදී වු නිරවද්‍ය ජිවිකාවෙන් ද ශාසනික වූවොත් කුහනාලපනාදී වූ මිථ්යා්ජීව ය හැර දැහැමෙන් සෙමෙන් නො පමාව වසන්නාහට යස ඉසුරු වඩනේ ය’ යි වදාළ සේක. බණ වදාරා නිමි කල්හි කුම්භඝොෂක සිටාණෝ විසූ ලෙසට සංග්රසහ ලත් හෙයින් නම් කියවාලා පස් පැණි තකවන්නා සේ1 රජ්ජුරුවන් ම කොට ලු සහායෙන් සතළිස් කෙළක් වස්තුට ත් වඩා සාර ව රැක්ක යුතු වූ සෝවාන් පෙළෙහි පිහිටීමෙන් බුදුන් ගෙන් ලොවුතුරා සැපවත් ලදහ. සෙසු බොහෝ දෙන නිවන් මහ මුහුදින් ඵල සමවත් රුවන් ලදහ. මේ දෙශනාව ත් පස්වා දහස මුළුල්ලෙහි බොහෝ දෙන හට බොහෝ ප්ර්යෝජන සාධන්නේ විය.

එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් යම් සේ ධම් ‍ෙසනෙවි ස්වාමින්ගේ සද්ධි විහාරික කෙණකුන් වහනසේ උපාධ්ය යයන් වහනසේ ගෙන් උගත් කා ගියා සී කමටහන තමන් වහන්සේ ගේ චරිතයට අනුකූල නො වන හෙයින් චරිත දැන්ම සියලු ලෙසින් බුදුන්ට මුත් සෙසු තැන ට බැරි නියාව හඟවා සාර මසක් මුළුල්ලෙනු ත් රහත් වන්ට නිසි වත් රහත් විය නො හී පසු ව බුදු රජුන් වහන්සේ භවොත්පත්ති නිමන්ට මවා දි ලූ රත් නෙළුම් මලක් දැක රහත් වන ජාති ඇතුළු ව පිට පිට හෙළා පන් සියක් ජාතියෙහි ඛඩාල් ව උපන් හෙයින් දවා ඇණ වැඩු රත්රන් දැක අභ්යා්සයනටදුටු රත්නෙළුම් මල වර්ණ කසිනයක් කොට ගෙන ධ්යාරන උපදවා ගෙන එ ම නෙළුම් මල පර වූ නියාව ත් නැති වූ නියාවත් දැක

1. පස් පැනිත්තක් එවන්නා සේ 26. චුල්ල පන්ථක තෙරුන් වහන්ෙසේ ගේ වස්තුව 263

        ‘හුත්වා භොවතො නිච්චං - උදයව්යතය පීලිතා

දුක්ඛා අවසවත්තිතා - අනත්තාති තිලක්ඛණං

යනු හෙයින් ඉපැද ලැ නැති වන හෙයින් නිත්ය යහ. උදාවි යෙන් පෙරළෙන හෙයින් දුක්හ. තමා විසිය නො පවත්නා හෙයින් අනාත්ම ය යි තිලකුණු මෙනෙහි කිරීමෙන් රහත් වූ සේක් ද. ඒ රහත් වීමට රත්රන් දැක්මේ කළ අබියොගය සිනා රත් නෙළුම් මලෙහි වර්ණදය මුල් වී ද, එ පරිද්දෙන් කුසල්හි තවර ව අභ්යා ස කිරී මෙන් අකුසලින් දරු ව ලොවී ලොවුතුරා කුසල් සිතින් සිත් සතන් පවිත්රු කට යුතු. —— x ——


26. චුල්ල පන්ථක තෙරුන් වහන්සේ් ගේ වස්තුවසංස්කරණය

තව ද යම් තම් විතර වූව ත් භාවනාමය කුසල්ය භවක්ෂ්යට මහා ප්රදයෝජන නියාව දක්වන්නට චුල්ලවපන්ථක නම් තෙරන් වහන්සේගේ වස්තුව කියමු. කෙ‍ සේ ද යත් : රජ ‍ගහා නුවර මහා සම්පත් ඇති සිටාණ කෙණකුන්ගේ දුවණි කෙණෙක් වැඩි විය පැමිණි කල දෙ මවු පියන් විසින් සත් මාල් පායෙක උඩු මාලේ ලා රක්නා ලාබනුව ත් සිතට ලූ රකව ලක් නැති හෙයින් යෞවන මදයෙන් මත් ව පුරුෂයන් කෙරෙහි ලොල් ව කුලජ කෙණකුන් නො ලදින් තමන්ගේ ම ගෙයි කොල්ලකු හා සහවාස ය කොට ‘මෙ තැන රඳා හිඳ ‍මේ අප ගේ අකාරිය අනික් කෙණෙකුන් නො ලදින් තමන්ගේ ම ගෙයි කොල්ලකු හා සහවාස ය කොට ‘මෙ තැන රඳා හිඳ මෙ අප ගේ අකාරිය අනික් කෙණෙක් දත්තු නම් යහපත් නො වෙ’ යි සිතා කොල්ලණුවන්ට ‘අප මේ තැන රඳා හිඳිනට නො පිලිවන. ඉදින් අපගේ මවු පිය දෙ දනෙ මේ දත්තු නම් යහපත් නො වෙ’ යි සිතා කොල්ලණුවන්ට’ අප ‍මේ තැන රඳා හිඳිනට නො පිළිවන. ඉඳින් අපගේ මවු පිය දෙ දෙන මේ දත්තු න්ම තමන් කළ තරමට මේ පිටි පෑ තිබෙන හෙයින් දරු කමු ත් වාල් කමු ත් පසු කොට කළ වරදට ‍තරම් ලෙසින් දඩ කඩ කොට කපා දමා පියති. දුරකට ‍පලා ගොසින් වසහම්’ යි කිවු ය. කියා ලා තමන් නිස්සාර වුව ත් සාරවස්තු ගෙන යන විතරක් හැර ගෙන ආදි හළ වාසලින් නික්ම දුරු ඛාම පලා ගොසින් එක් තැනකෙ රඳා හුන්හ.

එ සේ ‍වසන කල කොල්ලණුවන්ට දාව සිටු දුවණියන් බඩ ක්රි.යා දොෂ‍ෙයන් උන් තමන් නපුරු වුව ත් මුතු බෙල්ලන් බඩ මාහැඟි මුතු ඇති වන්නා සේ දරු කෙණෙක් ඇති වූහ. ඒ සිටු දුවණියෝ ද දරු ගැබ මුහුකුරා ගොසින් වදනට අවස්ථාවෙහි අර මූට කියන්නේ දරු ගැබ ත් මුහුකුරා ගියේ ය. නෑයන් සියන් නැති තෙන දි දරුවන් වැදිම නිසා තොපට ත් අට්ට්ල අපට ත්


264 සද්ධර්මිරත්නාවලි ය

දුක. දෙ මවුපියන්ගේ ඔබට ම යම්හ’ යි කුස උපන් දරුවන් ක්රිායා විරෝධි නැති කළාක් මෙන් කිවූ ය. දරු ඒ අසා ‘ඉදින් මම මුන්දෑගේ බසින් ඔබ ගියෙමි නම් ජිවිත ය නැතැ’ යි යන භයින් ‘අද යම්හ. සෙට යම්හ’ යි කියා ම කල් යවයි. සිටු දුවණියෝ ‍ ‘මේ තමාගේ වරද මහත් සෙයින් යන් ට මැළි ය. දෙ මවුපියෝ නම් දරුවන්ගේ කෙ තෙක් නුගුණ වුව ත් හිත කමින් අඩුවක් නැත්තේ ය. මේ යේව යි නො යේව යි මම යෙමි’ සිතා ලා ඌ ගෙන් බැහැරක් ගිය කල ගෙයි ඉද්ද ඊල යහපත් කොට තබාලා තමන් ‍ෙදමවුපියන්ගේ ඔබ යන නියාව ඉක්බිති ගෙවලට කියාලා නික්මුණවූ ය. පැහැර ගිය දරු ද ගෙට අවුත් සිටු දුවණියන් නො දැක ඉක් බිති ගෙවල ඇත්තවුන් විචාරා දෙ මවු පියන්ගේ ඔබ ගියෝ ය’ යි කී කල්හි ගිය දුවණියන්ගේ සාරවන ආස ගෙන්වා ගණිත් දොහෝ යි යන භයින් උන් රඳවනු නිසා වහා ලුහු බඳවා ගෙන ගොසින් අතර මඟදී ම දිට.

සිටු දියණියෝ ත් එ තැන දි ම වදාපු ය. වාදූ යේ ත් කප්ලක්ෂනයක් මුළුල්ලෙහි ශ්රා වක බොධියට පිරු පැරුම් ඇති සසර දුක් ගෙවා නිවන් පුර වදනට ආසන්න ව සිටි මහ පිණැති පුතනු කෙණකුන. කොල්ලණුවනු ත ‘දරුවන් වදන නිසා ම වේ ද ඔබ නික්මුණේ. සොයා යන බෙහෙද පෙර මඟ සම්භවූවා සේ ඒ අතුරු මඟ දී ම සිද්ධ වු පසු මෙ විට කළ මනා කුමක් දැ’ යි ගම‍නේ ම රුචි නැති ව විචාළ කල්හි ඉතිකින් ඔබ ගොසිනු ත් කුමක් ද? කවර යහපතක් අසන්ට යමෝ ද? රඳා හුන් තෙනට යම්හ’ යි දෙන්න ම එක් සිත් ව නැවත රඳා ගියහ. උපන් කුමාරයන්ට ද මඟ දි උපන් සෙයින් මඟට ත් පන්ථ යනු මගධ ව්යැවහාර හෙයින් පන්ථක ය යි නම් තුබූහ. ඒ කුමාරයන් පය ඔසවා ඇවිදිනා කලට පෙරළා ත් දරූ කෙණෙක් සිටු දුවණියන් බඩ පිහිටියහ. ඒ දරු ගබ ත් මුහුකුරා ගිය කලට ගමන් සැරූ නියාත් අර මූ මැළ ව කල් යමු නියා ත් සිටු දුවණියන් නික්ම අතරු මඟ දී ම ආදි සේ ම තමන් :

      	        ‘නහීයති පුරිසෝ නිහීය සෙවි

න ච ‍හායෙථ කදාවි තුල්යහසෙවි සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං තස්මා අත්තනො උත්රිං භජෙථ

යන්නෙහි නො පිහිටා තෙල ලෙස වුව ත් පෙරළා ත් මහපිණැති පුතණු කෙණකුන් වැඳු නියා ත් දෙමවුපියන් ඔබ නො ගොසින් පෙරළා රැඳුණු නියා ත් ආදි ලෙසින් ම දත යුතු. මුන් නො ගොසින් රැඳුණු ලෙස නම් උපන් දරුවන් දෙන්නා ත් සසර ගමන් නැති ව නිවන් පුරෙහි රඳන‍ ලෙසට ය. ඒ කුමාරයනු ත් 26. චුල්ල පන්ථක තෙරුන් වහන්සේ ගේ වස්තුව 265

මගදී ම උපන් හෙයින් පළමු උපන් තැනැත්වුන්ට මහාපන්ථක ය යි නම් තබාලා පසු උපන් තැනැත්තවුන්ට චුල්ලපන්ථක නම් තබා ලූ ය. මෙ සේ තබාලා දරු දෙන්නා ත් හැර ගෙන පෙර රඳා හුන් තැනට ම ගියහ.

එ සේ ගොසින් වසන කල මහා පන්ථක කුමාරයෝ එක් ව කෙළන කුඩැ සුඟුන් සිළිපිය මාලුපිය,1 මයිල්. මුතුන් ආදීන් ගේ පවත් කියනු අසා මෑණියන්ට ‘සෙසු කුඩා කොල්ලෝ තමන් තමන්ගේ නෑයන් සියන්ගේ පවත් කියති. මුඹ දෙන්නා මුත් අපගේ නෑ කෙණෙකුන් නැති නියා දැ’ යි විචාළෝ ය ‘පුත, එ සේය . තොපගේ නැයෝ මොබ නැත. රජගහ නුවර මහා ධන සිටාණෝ තොප දෙන්නාගේ මුත්තණුවෝ ය. ඔබ‍ තොපගේ නෑයෝ බොහෝ යයි කිවු ය. කුමාරයෝ ඒ අසා පින් කළ නියාව මහත් හෙයින් ‘එ සේ කළ ඔබ නො යමොනැ’ යි විචාළෝ ය. නො යන කාරණ ය තත්වන වශයෙන් මෑණියන් කීව ත් බිජුවට මූ කුරා ගිය කලට කුකුළු පැටවුන් මෑත් වන්ට සිතන්නා සේ අර් හත්වතයට උපනිශ්රලයක් මූකුරන හෙයින් කුමාරයෝත් ඔබ ම යන් නරයෝ ය. මෑණියෝ ද තමන්ගේ නිකෘෂ්ට අකුශල කර්මමයට පුතුන්ගේ උත්කෘෂ්ට කුශල කර්මය ය බල හෙයින් අදහස් මිරිකා ගත නො හී කොල්ලණුවන්ට කියන්නෝ ‘රෙම් දරුවෝ මුතුන් අප කළ වරදට උරණ වත් මුත් මරා - පියා මස් කාපිය ත් ද, අප ගේ වරද ඇති හෙයින් අපට කුමක් කෙරත් නමුත් තමන් ගේ මුණුබුරන්ට කුමක් කෙරෙද්ද, එව, මේ දරුවන් ඔබ ගෙන යම්හ’ යි කිවූ ය.

ඒ අසා එතෙම ‘මම ඒ මුදළිවරුන් මුණ නො පෙනෙමි. මුඹ හැම කැඳවා ගෙන යන්ට පිළිවනැ’ යි කිවු ය. කවර ලෙසකින් වේව යි මුන් මුන්ගේ මුතුන් මිත්තන් දක්නට වුව මැනැව’යි කියා ලා දෙන්න ම කුමාරවරුන් දෙදෙනා හැර ගෙන රජගහා නුවර කරා ගොසින් නුවරින් පිටත් ශාලාවෙක සැතපී ලා සිටු දුවණියෝ තුමූ ම ආදි කොට නොගොසින් දරු දෙන්නා ත් කැඳවා ගෙන තමන් ආ නියාව දෙ මවු - පියන්ට කියා යවු ය.

දෙ මවු - පියෝ ද ඒ ආසා තමන් ඉතා ව්යාුවස්ථික හෙයින් ‘සසර ඇවිදිනාවුන්ට කිසි කලෙන දෙමවු - පිය ව හා කිසිකලෙක දරුව නුඅවූ කෙණෙක් සසර අකු මුල් නැත්තා සේ ම නැත. අප ගේ තරමට තමන් කළ කට යුත්ත තමන්ට ම තරම් වත් මුත් අපට තරම් නො වෙයි. තුමූ අපට මුණ දකින්ට ආදි ම නැති වූ ලජ්ජාව හෙයින් එත් නමුත් අප හැම ලජ්ජාවට හිඳිනවුන්


1. සුළු පිය 266 සද්ධර්මඑරත්නාවලි ය

හෙයින් තමන් මූණ දකින්ට බැරි ය. බල1 එකෙක් නම් දරු වූ පමණකට ගිය තැනක රැකෙන නියායෙන් වස්තුවක් එවාලම්හ. ඒ හැරගෙන තමන්ගේ නිකෘෂ්ට අදහස් ලෙසට සම්බ වූ තැනැත්තහු හැරගෙන ගොසින් කැමැති ලෙස රැකෙන බව ය. දරුවන් දෙන්නා දා තැන්2 නපුරු වුව ත් ධෙනු න්යා යෙන් උපන් තැන් යහපත් හෙයින් ඒ භාග ය හැරගෙන වුව ත් වඩම්හ. උන් පමණක් අපට එවා පිව මැනැවැ’ යි වස්තු දී ගළවා ගන්නා සේ වස්තුයවූහ. උයිත් අසා යවු සම්පත් තුමූ හැර ගෙන දරු සම්පත ගියවුන් හා කැටි ව ‍ෙද මවු - පියන් යවූහ.

කුමාරවරු දෙන්න ත් මුතුන් මිත්තන් අතුරෙහි වැඩෙති. ඉන් චුල්ලපන්ථක කුමාරයෝ ඉතා බාලයෝ ය. මහා පන්ථක කුමාරයෝ මුත්තණුවන් ලැ කැටි ව ගොසින් බුදුන් ගෙන් බණ අසති. එක් වන් යෑමෙන් බණ අසැ බුදුනු ත් දැක සසර දුකින් මි‍ඳෙනු නිසා මහණ වන්ට සිතාපී ය. සිතාලා මුත්තණුවන්ට මුඹ වහන්සේ අනුදතොත් මහණ වනු කැමැත්තෙමි’ යි කිවුය. මුණුබුරු කුමක් කියවු ද, කොට ගත හෙවු නම් රට ඇත්තෙන් මුළුල්ලගේ මහණ වීමට ත් වඩා තොපගේ මහණ වීම මට යහපතැ යි කියලා බුදුන් ළඟට ගෙන ගොසින් ‘සිටාණෙනි, දරු මුණුබු‍රු කෙණෙකුන් ලැබ පුදැ’ යි විචාරා වදාළ කල්හි ‘ස්වාමීනි, මූ මාගේ මුණු බුරාණෝ ය. මුඹ වහන්සේ ළඟ මහණ වනු කැමැත්තෝ ය’ යි කවූ ය. බුදුහු එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ කැඳවා ලා තුලුන් මහණ කරව යි වදාළ සේක. උන් වහන්සේ ත් තපච්චකය කියවාලා මහණ කළ සේක.

උන් වහන්සේ ද බොහෝ බුදු වදන් ඉගෙන විසි හවුරුදු පිරෙන්නා ම මාලු පැවැදි ව ගෙන ග්රුන්ථ ධුර ය ඉගෙන නමී හෙයින් විවසුන් ධුර ය පුරන් සේක් රහත් ව ආය්ය් ග් ජාතියට පැමිණ පිය පක්ෂ්යෙහි අඩුවත් හැර තෘෂ්ණා දශත්වරයෙනුත් මිදුණු සේක. ධ්යාින සමාප්ති සුවෙන් හා ඵල සමාප්ති සුවෙන්හ දවස් යවන සේක් එක් දවසක් ‘මේ මා ලත් නිවන් රස3 අප‍ගේ මලණුවන් චුල්ලපනථකයන්ට ත්, දෙන්ට පිළිවන් දෝ හෝ යි සිතා මුතුන් සිටාණන් ලඟට ගොසින් ‘මහ සිටාණෙනි, කැමැත්තහු නම් මම චුල්ලපන්ථක කුමාරයන් මහණ කෙරෙමි’ යි කී සේක. සිටාණෝ තමන් සස්නේහි පැහැද වසන හෙයිනුත් මු පුතණු වෝ දැ’යි විචාළවුන්ට ‘රටින් ගිය දුවණියන්ගේ පුතණුවෝ ය’ යි කියන් ලජ්ජා ඇති වත් සුව සේ ම මහණ වන්ට අනුදත්හ.

ම‍හාපන්ථක තෙරුන්වහන්සේ ද චුල්ලපන්ථක කුමාරයන් මහණ කළ සේක. මහණ වන්නා ම බත් කෑ කලට බඩ සාය 1 බලී 2 ධාතුර 3 නිවන් සැප 26. චුල්ල පන්ථ තෙරුන් වහන්සේ ගේ වස්තුව 267

නැති වන්නා සේ, පැන් පු කලට පැන් පවස් නැතිවන්නා සේ වැසි වට කලටගිම් නැතිවන්නා සේ. ගොයම් දා ගෙන කුඹුරු සේන් හළ කලට වැට - ‍කොටු නැතිවන්නා සේ, නියඟ තර කලට හෝ ආදියෙහි පැන් නැති වන්න‍ා සේ, ත්රිේ හෙතුක හෙයින් ඇති නුවණ පසු ව කළෙක දි ඇති වත ත් අකුශල කම්රච බලයකින් නුවණ නැති විය. එ සේ හෙයින් පදයෙන් වී නම් සතර පදයක් පමණ වුත් අකුරු ගණනින් වි නම් ගාථාව තමා වංශස්ථ වෘත්තයෙහි ගාථා හෙයින් අටසාළිසක් පමණ වුත් -

                “පදුමං යථා කොකනදං සුගන්ධං

පාතො සියා ඵුල්ලමවීතගන්ධං, අඞගීරංස පස්ස විරෙවමානං තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ”

යන ගාථාව සාර මසකිනු ත් උගත නො හෙන දෑ ය. කවර කල වුව ත් නුණ මඳ තැනට වෙහෙසෙන්ට පිළිවන් බව මුත් කවර කුමකුත් තෙලෙ උගන්ට බැරි සැටි ය.

මුන්දෑ මහණ වෙලා මෙසේ නුවණ නැතිවන්ට කාරණ කව රේ ද යත් :- මේ චුල්ලපන්ථක සාමණේරයන් දෑ කසුප් බුදුන් සමයෙහි මහණ ව මහා නුවණැති ව නුවණ මඳ නමෙක් පාළි උගන්නා නියාව අසා සමහර නුවණැති කෙණෙකුන්ට ඇති නුවණ නිසා මී හං වලින් දුනුකේ ගස් නැගෙන්නා සේ දි ලාපු තැන් හී තණ නැගෙන්නා සේ, තල මුරුවට ල තැනින් හත් තන ගස් නැගෙන්නා සේ, එබඳු උද්දාම ගුණයක් ඇතිවන හෙයින් අන්ධ ගතික සම් රජ්ජා වන තරම් ව සිනාසී වේසා ලූ දෑය. ඒ නම ත් කරමින් සිටි අකුරු වෙසිඅ ම නිසා තබා පී සේක. ඒ අකුශල ය ද අවසරයක් බලා ඇවිදින්නේ මේ තැනට සම්භව ගොසින් නුවණ නැති කරවාපී ය. එ සේ හෙයින් ගාථාව උගන්නා ගමනේ මුල පද ය ඉගෙන දෙව පදයට ගිය කල මුල පද ය සලකුණු නැති වෙයි. තුන් වන පදයට ගිය කල දෙවන පදය සලකුණු නැති වෙයි. සතර වන පදයට ගිය කල තුන්වන පදය සකලකුණු නැති වෙයි. පෙරළා මුල පදයට යන කල සතර පදය ම සලකුණු නැති වෙයි. මෙ ලෙසින් එක ගාථා උගන්ට සාර මසක් ගියේ ය.

මහා පන්ථක තෙරුන් වහන්සේ ද ගාථාව පමණකුත් මලණුවන් වහන්සේ්ට උගන්වා ගො හී එක ගාථා සාර මසකින් උගත නො හෙන තෙපි ලක්ෂස ගණන් පමණ වු තෙවළා බුදුන් වදන් කෙතෙක් කලිනු ත් උගත හෙවු ද? හෙම්බා, මේ ග්රතන්ථ ධූර පුරණ ය නම් පද වසයෙන් සැට දහසක් පද හෝ ගාථා වසයෙන් ගාථා



268 සද්ධර්මෙරත්නාවලි ය

පසළොස් දහසක් එක ශ්රැසතීන් ධරන්ට සමර්ථ වූ අනඳ මහ තෙරුන් වහන්සේ සේ ම මහා නුවණැති තෙනට මුත් බැරි ය. ප්රවතිපත්තියට ත් ප්රහති වෙධයට ත් මුල කාරණ වූ පය්යාතෙන ප්තයි පිළිවෙතින් ලද මනා මාර්ගප ඵල උපදවන්නේ ත් කෙසේ ද? ඒ හැම නැති කල ශාසනයේ රඳා ත් ප්රවයෝජන කවරේ ද? ශාසනයෙන් යව’ යි වදාළ සේක. උන් වහන්සේ ද ශාසනයෙහි ඇලුම් ඇති බැවින් බෑණන් වහන්සෙම් එ ලෙස කීව ත් යන්ට මැළි සේක.

එ කල මහා පන්ථක තෙරුන් වහන්සේ වෙහෙරට ගෙනවුත් දුන් බත් හැම තෙනට බෙදා දෙන සේක. අභය රාජ කුමාරයන් විසින් වඩා වර්ධන ය කරණ ලද ජිවකයෝ පිදිය යුතු සුවඳ මල් ආදිය ගෙන්වා ගෙන තමන්ගේ අඹ උයන් වැඩ හුන්‍ තොලෝගුරු බුදු රජාණන් වහන්සේ කරා එළඹ බුදුන් වැඳ පුදා සදහම් අසා ගෙන මහාපන්ථක තෙරුන් වහන්සේ කරා ගොසින් බුදුන් ලඟ වහන් දැ කෙතෙක් දෙනා වහන්සේ දැ යි විචාරා පන්සියයක් දෙනා වහන්සේ යැ යි කී කල්හි ‘සෙට, ස්වාමීනි , බුදු පාමොක් සඟ පන්සියය හැරගෙන අ‍පගේ මාළිගාවට සිඟා වඩනේ යහපතැ’යි කිවූ ය. ‘උපාසකයෙනි, චුල්ලපන්ථකයන් නුවණ මඳ හෙයින් ශාසනයට යොග්යා නොවන්නා උන් හැර සෙසු තැනට කළ ආරාධනා ඉවසම්හ’ යි වදාළ සේක.

චුල්ලපන්ථක හෙරණුන්දෑ ද ඒ අසා ‘අපගේ බෑණන් වහන්සේ මෙ තෙක් දෙනා වහන්සේට කළ ආරාධනාව හා හැර ඉවසන සේක. එ සේ වන්නේ මා කෙරෙහි සිත බිඳී තිබෙන හෙයින. බෑණන් වහන්සේගේ අදහස් පමණකු ත් පසු බැස තිබෙන කල ශාසනයෙහි රැඳීමෙන් ප්රවයෝජන කිම් ද? ශාසනික ව කයටුතු වූ ශීල සංරක්ෂ ණ ය බැරි වුව ත් ගිහි ව දානාදී වු පින්කම් කෙරෙමි සිතා හරනට සිතන සිවරු ත් පින් කමෙහි ම යොදා දෙවන දවස් උදාසන ම සිවුරු හරන්ට නික්මුණු සේක.

බුදුහු ද දවස් පතා දොළොස් කෙළ ලක්ෂනයක් අර්හත් ඵල සමාප්තියට හාදොළොස් කෙළ ලක්ෂ යක් මහා කරුණා සමාප්ති යට හා සම වදනා හෙයින් දවස මුළුල්ලෙන් නැටි ව සූවිසි කෙළ ලක්ෂතයක් පමණ සමවතින් නැගී අලුයම ලොව බලන සේක් මේ කාරණ ය දැක පළමු කොට ම වැඩ චුල්ලපන්ථක හෙරණුන් දැ සිවුරු හරනට නික්මුණු මඟ දොරටුව කෙරේ සක්මන් කොට කොට වැඩ සිටිසේක. චුල්ලපන්ථක හෙරණුන් දෑ ද බුදුනු දැකලා සිවුරු හැරීමට බලවත් බාධා හෙයින් ගොසින් බුදුන් වැඳලා


26. චුල්ල පන්ථක තෙරුන් වහන්සේ ගේ වස්තුව 269

සිටි සේක. බුදු රජුන් වහන්සේ නො දත් බඳු ව වලා ‘හැයි, චුල්ල පන්ථකයෙනි, සිඟා යන වේලකුත් නො වත් ආරාධනා ත් ඇත. මේ වේලේ කොයි යවු දැ’ යි විචාරා වදාළ කල්හි ‘ස්වාමීනි, අප ගේ බෑණන් වහන්සේ ශාසනයෙන් නෙරනා හෙයින් සිවුරු හරනට නික්මුණු නියා ය’ වදාළ සේක.

ඒ අසා බුදුහු ‘හැයි, චුල්ලපන්ථකයෙනි, තොපගේ මහණ විම කවුරුන් මහණ කළ ත් මා මුල්ව වුව. ශාසනය ත් මාගේ බව මුත් තොපගේ බෑණන්ගේ නොව ත් උන්ගේ කීමෙන් මාගේ කීමක් නැති ව තොප යන්නේ හැයි ද? ශක්රන සම්පත්තීන් බ්ර හ්ම සම්පත්තීන් පිරිහෙන්නා සේ සිවුරු හැරීමෙන් ප්ර යෝජන නැත. එක් බමුණකු තමා‍ෙග් දුව සරණ දෙන ගමනේ වෙළෙඹියන් වෙහෙසන්ට කියා ලූ බස බස් කොට සිතා ගෙන අනුන් නො පැළඳි මල් පළඳවන්ට සිතා කිසි කලෙක ත් නැති ව තිබෙන දිඹුල් මල් සොයා ඇවිද ආයාස ගත් කල බුදුන් නූපන් කලෙක නැති ව තිබෙන බව මුත් බුදුන් ඇති සමයේ ඇති ව තිබෙන නිවන් නිසා ගන්නා ආයාස ය යහපත් බැවින් උන් ළඟ රඳන්ට බරි වුව ත් තෙපි මා ළඟ රඳව. උගන්වා ලන ක්ර ම නො දැන එක ගාථාව සාර මසකින් උගන්වා ගත නාහුණුවා මම අද පෙර වරු ඇතුළත තෙවළා බුදුන වදන් උගන්වා ගත නො හීණිම් නම් එ දා යා නො හැකි ද? තෙපි රඳව යි මොළොක් බසු ත් වදාරා ලා බස මොළෙ‍ාකට නො අඩු ඉතා මොළකැටි අතින් උන් වහන්සේගේ හිස ත් පිරිමැඳ කැඳවා ගෙන ගොසින් ගඳ කිළි පෙර මාලේ නිවන් පුර යන්ට ආදියෙන් යන ගමනේ නැ‍ඟෙනහිරට මූණ ලා හිඳුවා ලා අතිශුභ්රු වූ කඩ සිහිත්තක් මවා ලා “චුල්ලපන්ථකයෙනි, තෙපි‍ තෙල කඩරෙද්ද අල්වා ගෙන හිඳ ‘රජොහරණං’ යන විවරක් කිව’යි මුදු මලක් හා සමාන සුදු කඩරෙද්දන දෙවා ලා සිඟා වඩනට කල්වු කල්හි මහණ ගණ පිරිවරා ජිවකයන්ගේ මාළිගාවට වැඩ පනවන ලද බුදු හස්නෙහි වැඩ හුන් සේක.

චුල්ල පන්ථක හෙරණුන්දෑ ද සසුන් අදහස රහත් මඟ නුවණ අලොක පුතරුවමින් පහළ වීමට කාරණ ව නැ‍ඟෙන හිරට මූණ ලා හිඳ කඩරෙද්ද පරිමැඳ මැඳ චාරිත්රා නුකූල කොට වදාළ රජොභරණ භාවනාවට පටන් ගත් සේක. පිරිමඳිමින් හින්ද දී ම ඩාදිය වැද ගෙන කඩ රෙද්ද කිලුටු විය. හෙරණුන්දා ද සිතන දෑ ‘දුක් පත් වුව ත් ජාතිමතුන්ගේ ජාතිය යහපත් සේ මේ තමා රෙදි වුව ත් පෑයෙන් යහපත් ව තිබූ මේ කුණු අත් බැව නිසා ආදි ලෙස හැර අනික් ලෙසට පැමිණියේ ය. ප්රමත්යැසමුත්පන්නය නම් කවරේ වුව ත් මෙ තෙක් ම ය යි භාවනාවට පටන් ගත්‍ සේක.


270 සද්ධර්මනරත්නා වලි ය

බුදුහු චුල්ල පනථකයනගේ සිත විවසුන් වැඩීමට පැමිණි ය යි දැන් වදාරා අවශ්යල කට යුතුත්කට මිනිසුන් යවා නිහඬ නැති හෙයින් තමා ම යන්නා සේ ශරීරයෙන් රස්කඳක් උන්වහන්සේ වැඩ හුන් තෙනට වගිදුවා තමන් වහන්සේ ම වැඩියා කොට හඟවා ‘හෙම්බා, චුල්ලපන්ථකයෙන්. තෙපි මෙ කඩ ‍රෙද්ද පමණක් කිලුටු වූවා කොට නො සිතව. තොපගේ සිත් සතන රාගාදී වූ කසළ බෙහෙව. රජ ය’ යි කියා දූලි පමණකට නම් නො වෙයි. රාග වේෂ, මොහ තුනට ත් නම් ම ය. යම් කෙණක් ඇඟ වැද ගත් ධූලි සෝධා පි කලට නිකසළයෝ ද, එ මෙන් ම සන්තානවර්ති වූ කෙලෙස් ඩා කුණු මාර්ගි ඥාන ජලයෙන් සෝධා පූ නම් බුදු සන්සෙහි නිකසළ ව වසන්නාහු යයි මේ අර්ථ ය හඟවා -

      “	රාගො රාජො න ච පන රෙණු වුච්චති, 

රාගස්සෙතං අධිවචනං රජොති; එතං රජං විප්පජහිත්වජ භික්ඛවො, විහරන්ති තෙ විගතරජස්ස සාසෙන.

දෙසො රජො න ච පන රෙණු වුච්චති, දොසස්සෙතං අධිවචනං රජොති; එති රජ විප්පජහිත්වර ශික්ඛවෝ විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.

මොහො රජො න ච පන රෙණු වුච්චති, මොහස්සෙතං අදිවනං රජොති; එතං රජං විප්පජහිත්වව භික්ඛවො විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.”

යන ගාථ තුන වදාළ සේක. ගාථා කෙළවර දෝ හෝ නො හොත් ගාථා වදාරා අන්තයෙහි එක ගාථාව සාර මසකිනු ත් උගන්ට නැති නුවණ තෙවල බුදු වදන් දවග ලෙලෙන සේ වන පොත් වන තරම් නුවණ ත් ඇති ව, සිවුපිළිඹියා පත් රහත් වීමෙන් චුල්ලපන්ථක තෙරුන් වහනසේ අසූ මහ සවුවස් වහන්සේ ට ඇතුළත් වූ සේක.

මෙ සේ උදවු වුව භාවනා වැටහෙන්ට ත් රහත් වන්ට ත් හේතු කවරේ ද යත් :- මුන් වහන‍ෙස් පෙර එක් සමයෙක රජ ව ඉපැද නුවර පැදකුණු කරණ ගමනේ නළලින් ඩා වැගිරෙන හෙයින් සළු පටින් නළල පිස පී සේක. සළුව දැළි වස්නක් සේ කිලුටු වි ය. ඒ දැක ‘මේ කුණු ශරීරයක් නිසි මෙ සේ වූ සළුව මෙ ලෙස විය. අනිස - දුක - අනතැ යි අනිත්යා තාව සිතට නැඟූ 26. චුල්ල පන්ථක තෙරුන් වහන්ටසේ ගේ වස්තුව 271

සේක. ඒ භවනාව ම හළු ටය සැඟ වී තිබූ ගිනි හඟුරක් හළු ඉවත් ව පෙරළා ත් ගිනි ඇති වීමට කාරණ වන්නා සේ දැනු ත් රහත් වීමට කාරණ වි ය.

ජිවකයෝ ද බුදුන් දක්ෂිණොදක ය එළවා ලූහ. බුදුහු ‘හැ යි ජිවකයෙනි, වෙහෙර සඟහු ඇත්තෝ වෙත් දැ’යි වදාරා අත්න පාත්රිය වසා ගත් සේක. එ වේ‍ලෙහි මහ පන්ථක තෙරුන් වහන්ිසේ මලණුවන් වහනසේ සිවරු හරනට ගිය ගමනේ කාරණ නමැති නකත් නැති හෙයින් විහාරයේ රැඳුණු නියාවත් සිවුර නො හළ නියාව ත් ආවර්ජන ය නො කළ හෙයින් නො දැන වෙහෙර වහන්දැ නැති සේක් වේ දැ’යි කී සේක. බුදුහු ආසාත් ‘ඇත, ජිවිකයෙනි’ වදාළ සේක. ජිවකයෝ එ විට එක් කෙණකුන් බණවා ලා ‘වෙහෙර වහන්දෑ ඇති නැති නියාව විමසා එව’ යි කිවු ය. එ වේලෙහි චුල්ලපන්ථක තෙරුන් වහන්සේ ‘බුදුන් වෙහෙර වහන්දැ ඇතැ’ යි වදාළ ත් තමන් වහන්සේ සලකා ‘බුදුන් වෙහෙර වහන්දැ ඇතැ’ යි වදාළ ත් තමන් වහන්සේ සලකා නො බලා වෙහෙර වහන්දැ නැතැයි අපගේ බෑනන් වහන්සේ වදාළ සේක. බෑණන් වහන්සේ වදළා ලෙසට නැති ලෙසක් නො හඟවා බුදුන් වදාළ ලෙසින් ඇති නියාව හඟවමි’ යි :-

      ‘	සහස්සක්ඛත්තුමන්තානං - නිම්මිනිත්වායන පන්ථකො, 

නිසීදි අම්බ‍වනෙ රම්මෙ - යාවකාලප්පවෙදනා’

යනු හෙයින් සඟ දහසක් මවා සියලු අඹ උයන් වහන්දැ ගෙන් පුරා ලූ සේක. ඉන් සමහර තැන් සිවුරු ගෙත්තම් කරණ සේක. සමහර තැන් පඬු කකාරා සිවුරු රඳන‍ සේක. සමහර තැන් හදාරන සේක. ඒ ගිය තැනැත්තෝ ද‍ වෙහෙර රැස් ව හුන් බොහෝ වහන්දෑ දැක ගොසින් වෙහෙර බොහෝ වහන්දෑ වැඩ උන් නියාව ජිවකයන්ට කිවූ ය. ඉක් බිත්තෙන් බුදුහු වෙහෙරට ගිය තැනැත්තවුන් ම බණවා ලා චුල්ලපන්ථක තෙරුන් වහන්බසේගේ ඍද්ධ්යාවනුභවය පහළ කරන්ට ‘චුල්ලපන්ථකයන්ට අප කැඳ වූ නියාව කියව’ යි වදිළ සේක. උයි ත් ගොසින් ‘බුදුහු චුල්ලපනථක ස්වාමීන් කැඳවා එවූ සේකැ’ යි කිවු ය. උන් වහන්සේ ගේ ම ඍද්ධ්යාලනුභාවය හෙයින් ‘අපි චුල්ලපන්ථක යම්හ’ යි දහසක් දෙනා වහන්සේ ම බැණ නැඟී සේක. ගිය තැනැත්තෝ ද පෙරළා ගොසින් හැම තැන ම චුල්ලපන්ථක නම් සේකැ’ යි බුදුන්ට දැන් වූ හ.



272 සද්ධර්ම රත්නාවලි ය

‘ එසේ වී නම් තොපි ගොසින් පළමු කොට යම් කෙණෙක් ‘මම චුල්ලපනථක යෙමි’යි කිවයු නම් උන් අත අල්වා ගනුව. සෙස්සෝ අතුරුදන් වෙති’ යි වදාළ සේක. උයි ත් එ ලෙස ම කළහ. සඟ දහස ම අතුරුදහන් වූ සේක. චුල්ලපන්ථක තෙරුන් වහන්නසේ ගිය තැනැත්තවුන් ලා කැටි ව වැඩි සේක. බුදුහු වළඳා අන්තයෙහි ජිවකයන් බණවා ලා ‘ජීවකයෙනි, අනුමෙවෙනි බණට චුල්ලපන්ථකයන් ආරාධනා කරව. ඌ බණ කියති’ යි වදාළ සේක. ජිවකයෝත් ඔබට ම ආරාධනා කළහ. ඔබ ද සිංහ නාද කරණ සිංහ පැටවක්හු මෙන් පෙරවරු පමණෙක උගත් ධර්මව ය, බොහෝ නියාව හඟවා බොහෝ බණ වදාළ සේක.

බුදුහු හුනස්නෙන් නැඟී සඟ ගණ පිරිවරා වෙහෙරට වැඩ ගඳ කිළි කෙළවර පෙර මාලේ වැඩ සිට භික්ෂූන් වහන්සේට සුග‍ෙතාවාද දී කමටහනු ත් වදාරා ඒ තැනට යවා වදාරා නො එක් සුවඳින් සුවඳ ගන්වන ලද ගඳ කිලියට වැඩ දකුණැලයෙන් සැතපි වදාළ සේක.

ඉක්බිත්තෙන් සවස් වේලාවේ වහන්දැ ද අවුත් රැස් ව රත් පළසකික් කළ තිරයක් අදනා කල් ‍පරද්දෙන් ධම් සෙබෙහි වැඩ හිඳ බුදුන්ගේ ගුණ කථාවට පටන් ගත් සේක. ‘ඇවැත්නි, මහා පන්ථක තෙරුන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන් වහන්සේගේ අදහස් පමණකු ත් දැන ගත නො හි එක ගාථාව සාර මසක් විවරකිනු ත් උගත නො හෙති යි නුවණ නැත්තෝ ය යි විහාරයෙන් නෙරපී සේක. බුදුහු තමන් වහන්සේ නෙරිය මනා කෙණකුන් මුත් නො නෙරිය මනාවුන් දන්නා හෙයින් පෙර වරු ඇතුළත සිවු පිළීසිඹියා පත් රහත් කැරවූ සේක. සිවුපිළිසිඹියාපත් එවා ලීමෙන් ම තෙවළා බුදු වදනු ත් පරවරුයෙන් ම උගන්වා ලු සේක. අනේ සර්ව්ඥවරයන්ගේ තරමක් ඉතා බලව්ත නියා ය’ යි කී සේක. බුදුහු ධම් සෙ‍බෙහි පැවැති මේ කථාව දිව කනින් අසා වදාර මා ඔබ යාම යුතු ය යි බුද්ධ සෙය්යා වෙන් නැඟී අලතාපි‍ඬෙක නැඟී පබළු දළුවක් වැනි ව ඉතා රතු වු හඳනා සිවුර තිමඩුලු වසා වැලැද රන් පර්වවතයක් විදුලියකින් වෙළනා කලක් මෙන් පටී දා බැඳ මහ මෙර රත්වලාවෙකින් වසන කලක් පරිද්දෙන් සුගත් පවුවල් සිවුරු පෙර ව, ගඳකිළියෙන් නික්ම උතුම් වූ මතැතක්හුගේ දෝ‍ හෝ නොහොත් සිංහරාජයකුගේ ගමන් බඳ වූ ලීලොපෙත ගමනින් හා නො එක් බුද්දානුභාවයෙන් බඳ වූ ලීලොපෙත ගමනින් හා නො එක් බුද්දානුභාවයෙන් යුක්ත ව ධම් සබයට වැඩ නො එක් ලෙසින් සදන ලද වට මළු


26. චුල්ල පන්ථක තෙරුන් වහන්සේ ගේ වස්තුව 273

මධ්යතයෙහි පනවන ලද බුදු හස්නට නැගී සවනක් රස් විහිදවීමෙන් මුහුදු කුස අළලමින් යුගඳුරු මුදුනෙහි වොරජනා ළහිරු මඬලක් මෙන් වැඩ හුන් සේක.

බුදුන් එ තැනට වඩනා ම බුදු වන දවස් මුද රළ නැති වූවා සේ ම වහන්දැගේ කථාව ත් තිබීණ. බුදුහු ත් කරුණාවේන් මොළොක් සිතින් වැඩ හුන් සඟ පිරිස බලා පියා ‘මේ පිරිස ද රන් නැවක් මැඳි කොට පිපී වැනීගිය රත් නෙළුම් වනයක් සේ ඉතා හොබති. එක කෙණකුන්ගේ ත් අත සොලවා ලීමෙක් වේව’ යි පය සොලවා ලිමෙක් වේව යි කැස පීමෙක් වේව යි නැත. හැම දෙන ම මාගේ තෙදින් හැකිළි හිඳිති. මාගේ බුද්ධානුභාවයෙන් මුන්ගේ ගුණානුභාව ය වැසිණ. මම ආයුඃ කල්ප ය මුළුල්ලෙහි ත් බසක් බැණ නො නැහෙම් නම් පළමු කොට කථාවක් උපදවා ලන කෙණෙක් නැත. නිවණටත් මා ම පළමු වූවා සේ බණ කීමට ත් මා ම පළමු වූවා සේ කථාවට ත් මම් ම පළමු වෙමි’ යි සිතා වදාරා බ්රාහ්ම නාදය සේ මනහර වූ කට හඬින් වහන්දැ බණවාලා ‘මහණෙනි, මෙ තැනට මා එන්නාට පළමු කුමන කථාවක් කොට කොට හුනු දැ යි අඩාළ ව තුබූයේ කවර කථාවෙක් ද නිමවා දි ලන්ට ය’ යි වදාරා චුල්ල පන්ථක තෙරුන් වහන්සේ පිළිබඳ කථාව නියාව කී කල්හි ‘මහණෙනි, චුල්ලපන්ථකයන් නුවණ නැති වූයේ ත් උන්ට මා පිහිට වූයේ ත් දැන් මතු නො වෙයි. යට ගිය දවස ත් මෙයට ත් වඩා නුවණ නැති වු ය. දැන් ලොවුතරා සැපතට හිමි කෙළෙමි. පෙර‍ ලොවින් සැපතට හිමි කෙළෙමි’ වදරා ඒ කට යුක්ත විස්තර කොට අසුන කැමැති වහන්දැගේ ආරාධානාවෙන් ඉකුත් වත් ගෙන හැර දක්වන සේක්:

යට ගිය දවස බරණැස වසන එක් කුල දරුවාණ කෙණෙක් හිල්ප උගන්නා සිනා තක්සලා නුවර ගොසින් සිල්ප උග්නවන්නා වූ ගුරුන්ට මිළයක් දී ලා ශිල්ප උග්නට තමන් බලා නැති ‍හෙයින් ගුරුන්ට දාවල් දවස මෙහෙවර කොට ලා ලද ලද අවසරයෙහි ශිල්ප උගණිති. ආචාරින්ට මෙහෙයෙන් අපකාරී කම් මහත. මෙහෙයට උපදෙස් මුත් ශිල්පයට නුවණ නැති හෙයින් ශිල්ප උගත නො හෙති. ආචාරීහු ද මූ මට හිත පක්ෂ්යෝ ය. මාගේ හුත කමුත් පෙනෙන්නේ හිල්පයක් උගන් වාලූවෝතිනැ’ යි බොහෝ උත්සාහ කොට ත් උගන්වා ගත නො හෙති. උයි ත් බොහෝ දවස් වැස පියා කිසි දෙයකුත් උගත නො හි මුසුප්පු ව පියා යෙමි’ කියා ආචාරීන්ට කිවු ය.



274 සද්ධර්මමරත්නාවලි ය

අචාරීන් කිසිවක් උගන්වා ගත නුහුණු හෙයින් තුමූ ත් මුසුප්පු ව පියා ‘අවශ්යියෙන් මුන්ට මා පිහිටක් වන්ට වුව මැනැවැ’ යි ලුහුඬු කොට මන්ත්ර යක් බැඳ ලා වලට කැඳවා ගෙන ගොසින් ‘ගැසිණ, ගැසිණ, කුමක් නිසා සැලෙයි ද? මම වැළි ත් තා දනිමි. යන මේ මන්ත්රග ය උගන්වා ලා නො එක් වාරයෙක් අසෙවන ය කරවා වන පොත් දැ යි විචාරා ‘එසේ ය, වන පොතැ’ යි කී කල්හි නුවණ නැත්තවුන් උත්සාහයෙන් උගත් දෙය වන පොත් නො හැරෙන්නේ ය’ යි සිතා මහඟට සැලක් බතකුත් ලවා ලා “යව, ගොසින් තෙල මන්ත්ර යෙහි ආනුභාවයෙන් රැකෙව වන පොත් නො වැගිරෙන්ට එක් වන් ‘පිරිවාව’ යි විධාන කොට ලා යවූහ. උන් බරණැසට ගිය කල ම පුතු ශිල්ප ඉගෙන අවු ය යි මෑණියෝ බොහෝ සාද කොළෝ ය.

එ කල බරණැස් රජ්ජුරුවෝ තමන්ගේ නො මැදහත් කමෙන් ඇද්දෝ හෝ යි පරීක්ෂාජ කරන්නෝ කිසි අඩුවක් නො දැනෙයි. දැනෙන්නේ අනුන්ට ය. නුවර විමසමි’ සිතා අප්රකසිදධ සැටියෙකින් නික්ම “බත් කා ලා වැද‍ හෙව, මිනිසුන් කරණ කථා අසමි ඉදින් අධර්ම්ෂ්ඨයේන රජ්ජය කෙරෙම් නම් ‘රජ්ජුරු කෙණකුන්ගේ අධර්මිෂ්ඨ කමෙක. බොහෝ ගහට වුණුම්හ’ යි නුගුණ කියති. ඉදින් දැහැමින් රජ ය කෙරෙම් නම් ‘අනේ අපගේ රජ්ජුරුවන් වහන්සේට ආයු බොහෝ වන සේක්ව’ යි කියා ආ වඩති. ඒ මා දත මනා වේදැ’ යි ඒ ඒ බිතක් කන්වල ඇවිද කියනබණන කථා අසති.

ඒ වේලාවට උමං සෙරු ගෙය දෙකට මිදින් එක උමගින් දෙ ගෙට ම වැද්ද හැකි කොට උමං බිඳිති රජ්ජ්ර්වෝ උන් දැක මුවා ව ලා සිටියෝ ය. උන් උමඟ බිඳ පියා ගෙට වැද බඩු සමන්වන 1 කල මන්ත්ර ය ඉගෙන ආ තැනැත්තෝ පිබිද පියා ‘ගැසෙවුණ 2, ගැසෙවුණ, කුමක් නිසා ගැසෙවු ද? කෙ‍ සේ සඟවා ගළ ත් මම තොප දසිමි’ යන මන්ත්ර් ය පිරිවාති, සොරු ද ඒ අසා ‘මූ අප දත්හ වූයේ විකාශයෙකැ’යි මන්ත්රනය දන්නා තැනැත්තේ මන්ත්ර,යෙහි අර්ථ ය දනිත්ව යි නො දනිත්ව යි තුමූ මන්ත්රනයෙහි අර්ථ ය සොයා සොර කම් දත්තා සේ ම දැන ගෙන ඇඳ ගෙන ආ පිළි පමණකු ත් දමා පියා ඉස් ලූ අත ගියහ.

රජ්ජුරුවෝ එ ගෙන් කිසිවකුත් නො ගෙන සොරුන් යන්නවුන් දැක සොරුන් හසු කරන්නට නො නවත ත් මන්ත්රස ය පිරිවූ නියාව ත් අසා මන්ත්ර යෙහි අර්ථ තමන්ට හැඟුණ්

1. සමන්නන් 2. ගැසෙව්න


26. චුල්ල පන්ථක තෙරුන් වහන්සේ ගේ වස්තුව 275

හෙයින් නුවර ත් විමසා නිමවා පියා රජ ගෙට ම ගියහ. රාත්රි5 ය පාන් වූ කල්හි එකකු කැඳවා ලා ‘අසවල් විථියේ යම් ගෙයකට උමගෙන් බිදලා තිබූ යේ ද, ඒ ගෙයි තක්සලා නුවරින් ශිල්ප ‍ඉගෙන ගෙන ආ එකෙක් ඇත. ඌ කැඳවා ගෙන එව’ යි කියා විධාන කොළෝ ය. එයි ත් ගොසින් රජ්ජුරුවන් වහන්සේ කැඳ වු සේකැ’ යි කියා ලා කැඳවා ගෙන ගියේ ය.

රජ්ජුරුවෝ උන් දැක ‘තෙපි ‍තක්සලා නුවරින් ශිල්ප ඉගෙන ගෙන අවුදැ’ යි විචාරා ‘එසේ ය’ යි කී කල් හි ‘අපට ත් ඒ ශිල්ප ය දෙව ‘යි කිවු ය. ‘යහපත, සරි හස්නෙක හිඳ උගත මැනැවැ’යි සැඩොල් ව උපන් බෝසතුන් සොරා අඹ කඩන්ට රජ්ජුරුවන්ගේ මඟල් උයන අඹ ගසකට නැඟී අඹ කඩමින් සිටි රජ්ජුරුවන් සල වට මත්තෙහි හිඳ පුරොහිතයන් බිම හිඳුවා ලා ශිල්ප උගන්නා දැක ඒ අධර්මල ය ඉවසා ගත නොහි සොර කම ත් ප්ර කාශ කොට ගසින් බිමට පැන පියා රජ්ජුරුවන්ට කි බණ අසා දත්තා සේ කිවු ය. රජ්ජුරුවෝ ත් එ ලෙස ම කොට මන්ත්ර ය ඉගෙන ගෙන ‍මේ ගුරු පූජා ය යි මසු දහසක් දුන්හ. මන්ත්රාමනුභාව ය ත් එ කලට එ විතරෙක් පෙනිණ.

එ කල සෙනෙවිරද්දු රජ්ජුරුවන්ගේ අන්දම් තබන කර නැවෑමියාට අන්දම් තබන්නේ කවරදා දැ යි විචාරා සෙට හෝ අනික්දා ය යි කී කල්හි මසු දහසක් අත්ලස් කොට දීලා ‘මාගේ කටයුත්තෙක් ඇතැ’ යි කිවු ය. ‘කුමක් දැ’ යි විචාළ කල්හි ‘රජ්ජුරුවන් අන්දම් තබන ගමනේ කර ය යහපත් කොට අත පැස පියා බොටුව කපාපු නම් තෙපි සෙනෙවිරත් වව, මම රජ වෙමි’ යි කිවු ය. උයි ත් ජාතීන් කුම් වුව ත් නපුරු අදහසින් සරි හෙයින් ගිවිස්සෝ ය. රජ්ජුරුවන් අන්දම් තබන දවස් සුවඳ පැනින් දැලි තෙමා පියා කර ය අත පැස පියා නළල් කෙළවර අල්වා දැළි තෙමා පියා කර ය අත පැස පියා නළල් කෙළවර අල්වා ගෙන දැළි මඳක් කපා බහා ‘කරයේ කැපීම තව නපුරු. එතක විටින්ම බොටුවේ නහර කපා පියමි’ යි නැවත ත් කරයේ මුවා ත් නඟ යි . එ වේලේ රජ්ජුරුවෝ තමන් උගත් මන්ත්රක ය සලකණු කොට පියා ‘සලෙයින1 සැලෙයින, කුමක් නිසා සැලෙයි ද? මම වැලි ත් දනිමි‍’ කිවු ය. ඒ කියන්නා ම කරනැවෑමියා ඇඟින් ඩා බිඳ ගෙන ලා රජ්ජුරුවන් වහන්සේ ත් අපගේ දුර්මෑන්ත්රාණ ය දත් සේකැ’ යි බා ගොසින කර ය බිමට දමා පියා වැඳ ගෙන හොත්තේ ය.


1. සැලෙයි.


276 සද්ධර්ම රත්නාවලි ය


රජ්ජුරුවන් නම් බොහේ සේ පින් පමණ නුවණ හෙයින් ‘හැයි, කොළ, මා රජ නියාව ත් නො දනී දැ’යි භය ගන්වා කියා ලූහ. එ යි ත් තරයේ භය ගෙනා පියා ‘ස්වාමීනි, අභය දෙවුව මැනැවැ’ යි කිවු ය. රජ්ජුරුවෝ ‘තෝ නො බා කියව’ යි කිවූ ය. අභ ය ඉල්වා ගැන්මෙන් භය නැති ව සෙනෙවිරදුන් අත්ලස් දුන් නියා ව ත් කළ කථාව ත් මුළුල්ල ම කිවු ය. රාජ්ජුරුවෝ ඒ අසා ආචාරීන් නිසි දිවි ලදිමි සිතා, සෙනෙවිරදුන් ගෙන්වා ලා ‘හැයි’ සෙනෙවිරදිනි, අ‍පගෙන් තොප නො ලත් සංග්රතහ කවරේ ද? ධර්මිෂ්ඨ ව ‍රජකම් කරණ හෙයින් මම තොප නො මරවමි. මාගේ රට නො ඉඳව’ යි රටින් නෙර පියා ආචාරින් ගෙන්වා ගෙන ‘මුඹ නිසි දිවි ලදිමී. සෙනෙවිරුරදුන් කරනැවෑමියා නිළ කළ ‍සෙනෙවිරත් පට ආචාරීන්ටත් දෙවා මහ පෙරහරින් සෙනෙවිරත් කළහ. ඒ සෙනෙවිරත් වූ තැනැත්තෝ දැන් චුල්ලපන්ථක තෙරුහු ය. දිසා පාමොක් ආචාරී නම් මම ය.

එ සේ හෙයින් එ වක ත් මුන්ට පිහිට වීමි’ යි වදාරා නැවත එක් දවසක් මේ චුල්ලපන්ථක තෙරුන් වහන්සේ කථාව පැවැති කල්හි තමන් වහන්සේ චුල්ල නම් සිටු ව උපන් කල්හි මුන් වහන්සේ චුල්ලන්තෙවාසික ව තමන් වහන්සේගේ කථාවෙන් මළ මීයකු හැර ගෙන පිළි පිරිමසා තබා කුණන්නවුන් බළලුන් ඇති කරණ හෙයින් බළලුන් ඇති ගෙයකට ඒ මීයා දිලා හූ මල් කෙන්දක් හැර ගෙන සරඬු අඹරා මූණු මල් ගොතා ගෙන ඒ දීලා උක් පැණි හැර ගෙන උක් පැණි ලා පැන් වත් කොට දීලා මාලා කාරීන්ගෙන් ඉද්ද මල් හැර ඒ දීලා එද තුන් මස්සක් හැර ගෙන ඒ දෙ තුන් මස්සෙනු ත් මල් හැර ගෙන ඉන් දස විසි මස්සක් හැර ගෙන යනාදීන් ක්ර්ම ක්ර මටයන් දෙලක්ෂ යක් විතර සම්පත් එක මීයා මුල් ව ලදින් කෙලවර සිටුතනතුරු ත් ලත් නියාව හගවමින් චුල්ලාසෙට්ඨි ජතක ය වදාරා චුල්ලන්තෙවාසිකයා නම් චුල්ලපන්ථක තෙරුන් වහන්සේ නියාව වදාළ සේක.

නැවත එක් දවසක් මෙ ම කථාව උපන් කල්හි බණ වදාරන බුදුහු කසුප් බුදුන් සමයෙහි ලාබත් පාත්රහ විස්සක් විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි දන් දී ඒ පින් කමින් දෙව් ලොව ඉපැද අපගේ බුදුන් දක්වා බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දිව සැපත වළඳා අපගේ බුදුන් සමයෙහි වෙදහ රට සද්ධම්මකොස නම් නුවර සිටු කලෙහි ඉපැද පුතුන් සත් දෙනකු හා දුන් සත් දෙනකු හා ‍ෙය්ළීන් සත් දෙනකු ත් ඇති ව පොවන දෙනුන් සත් විසි දහසක් හා ගොන් තුන්දාසක් හා එක් ව ගෙරි සරක් තිස් දහසක් විතර ඇති


27. බාලනක්ඛත්ත වත 277

ධනිය සිටාණන් මෙන් යම් කෙණෙක් තමන්ගේ සරක් සම්පත් ඇති හෙයින් උන් බිය පත් ව රැක ගන්නා නිසා ලිහිණි ආදි වූ පක්ෂීන් ගස් අක්වල කදලු බඳනා නියා ත් කකුළුවන් දිය ගාවා බිල ඇස් වාලා ගොසින් ගොඩත බිල කරණ නියාව ත් දැක ඒ තමා වැසි ලකුණු හෙයින් වතුර ගහට නැති ගොඩ රටවල ගාල් ගස්වා සරකුන් රඳවා තුමූත් ගොඩරට ම රඳත් ද වළ රට හළුවා සේ අකුසල් හැර උන් ගොඩ රට පිහිටියා සේ කුසල්හි පිහිටා -

තව ද උන් පක්ෂීන් බිම්බා කදලු බඳිනා නියා ත් කකුළුවන් ගොඩත බිලවල් ඇස්වා දිය‍ කේල්බඩින් බිල තබන්නා නියාත් දැක, ඒ තමා නියන් ලකුනු හෙයින් විල් බඩ වැව් පඩ හෝ බඩ ගං බඩ ය යි ජලාශ්රා ය තැන ගාලු ත් ගස්වා සරක් එහි රඳවා තුමු ත් පැන් ඇති තැනකට , ළං ව වෙසෙත් ද උන් ගොඩ තැන් හළුවා සේ අකුසල් හැර උන් පැන් ඇති තැන් අසිරු කළා සේ කුසල්හි පිහිටා උන් පස්ගෝ රස සුව සේ අනුභව කළා සේ පය්යා අස ප්ති සහිත වූ චුර්විධ මාර්ගා නැමැති දෙනුන් පස් දෙනාගෙන් නිවන් සහිත වූ චතුර් විධ ඵල නැමැති පස්ගෝ රස යම් කෙණෙක් අනුභව කරණු කැමැත්තා වූ නම් ඌ වීය්ය් ච ‍ ඇති ව නො පමා ව පිරිසිදු සිල්හි පිහිටා එ බඳ පිළිවෙත් ඇති ව මුත් පිහිටක් නො ලද හැකි සසර මහ සයුරෙහි කෙලෙස් වචුරෙන් නො නස්නා වූ අර්හත් ඵල නමැති පිහිට කෙරෙති’ යි වදාළ සේක. නුවණැත්තවුන් විසින් මිථ්යා ප්රනතිපදාවෙන් දුරු ව සම්ය ක් ප්රනතිපදවෙහි පිහිටා චුල්ලපන්ථක තෙරුන් වහන්සේ සසර සයුරෙන් එතර වන්ට කළ විහිට තමන් කටයුතු. ____________


27. බාලනක්ඛත්ත වතසංස්කරණය

තව ද නුවණ නැත්තවුන් තමන්ගේ නුවණ නැතිකම නිසා පමා ව වසන නියාව ත් නුවණැත්තවුන් තමන්ගේ නුවණ නිසා නො පමා ව වසන නියාව ත් දක්වන්ට බාලනක්ඛත්ත වත දක්වමු.

කෙසේ ද යත් :-

එක් සමයෙක සැවැත් නුවර නුවණ නැති අඥාන ජනයෝ එක් ව ගෙන් හළු ත් ගොම ත් දැලි ත් ඇඟ ගා ගෙන සතිසක් මුළුල්ලෙහි ගෙයක් ගෙයක් පාසා ගොසින් අසහ්යි1 තෙපුල් කියා ඇවිදිනාහ. එ සේ බණන්නාහු මවු - පියන් පටන් නෑයන් කෙරෙහි වේව යි සිල්වත් ගුණවත් තැන් කෙරෙහි වේව යි ලජ්ජාවක් නො කෙරෙති. ඒ සතිය මුළුල්ලෙහි නො කා නො බී ‍බැරි හෙයින්

1. අසබ්හ 278 සද්ධර්මෙරත්නාවලි ය

කන - බොන වේලාව හැර සෙසු හැම වේලෙහි ම ගුණ ඇත්තවුන් කන වැකෙන්ට ම නො තරම් බස් ම කියා ඇවිදිති. යම් කෙණෙක් පින් වඩාන දෙයක් නො වන හෙයින් අසනු නොකැමැත්තෝ වූ නම් මිල යවති. ඒ මිල හැර ගෙන උන් උන්ගේ ගෙවල් ළඟින් ඔබ්බට පලා යෙති. සැවැත් නුවර පස කෙළක් විතර ආය්ය් ගෙ ශ්රාිවක උපාසකවරු බුදුන් කරා ගොසින් ‘ස්වාමිනි, මේ සතියෙහි සහපිරිවරින් නුවරට සිඟා වඩනට නො කැමැත්තේ ය. වෙහෙර ම රඳා වඩ හිඳිනා බව ය, අපි දන් එවම්හ’ යි ආරාධනා කොට ලා දනුත් ගණයට බාවති. තුමූ තුමූ ත් ගෙවලින් පිටත් නො වෙති.


ඒ කෙළි වියරු සතියකින් නිම කල්හි අට වැනි සවස් බදුන් පවරා සහ පිරිවරින් නුවරට ගෙන ගොස් මහදන් දීලා එකත් පස්ව හිඳ ‘ස්වමීන්, මේ සත් දවස උන් හැමට කෙසේ ගියත් අපට ගිය නියාව ඉතා දුක නපුරු වියර බණන්නවුන් කට එළෙන විවර ය. අසන්නවුන් කණ් පැළී යන විතර ය. බණ‍න්නෝ බිණි මෙහි ත් අසන්නේ ඇසීමෙහිත් ලජ්ජාවක් ම නැත්තේ ය. මුඹ වහන්සේලා ත් නුවරට සිඟා වැඩිය නුදුන්නේ අමා තුබූ වළද වස ඕනා සේ නපුරු බස් කන හී යෙති’ යි සිතා ය. අපි ත් ලජ්ජාවෙන් ම ගෙන් පිට ත් නුවුම්හ’ යි කිවූ ය.

බුදුහු උන්ගේ බස් අසා ‘අඥානයෝ මෙ ලෝ නො දැන ගිනි තැපීමේන වන අඵාසු නො සලකා යම් තම් ඵාසුවක් පිනිස ගිනි තපිනවුන් මෙන් පමා වෙති. පමා ව අකුසල්හි හැසිර අස්වාද වුන් කලට වඩා බොහෝ කලක් අපාය දුක් විඳිති. නුවණැත්තෝ තුමූ අපි ත් රැකෙම්හ යි ඇසුරු කළවුනු ත් රකුම්හ යි වස්තුවක් තබා රක්නා සේ ප්රුථමද්ධ්‍යාන ප්රිථම මාර්ගාකදි වූ ලොවි ලොවුතුරා ගුණ ලබම්හ යි නො පමා විමෙන් අනුසස් දක්නාහු උතුම් ධනයක මෙන් පින් කම්හි නො පමා බව රකිති’ වදාළ සේක.

චුල්ලපන්ථඛ වස්තුව අසා ත් මේ වස්තු ආස් ත් බෙහෝ දෙන නිවන් පුර වැද‍ සැනහුණාවු ය. එ සේ හෙයින් නුවණැත්ත වුන් විසින් ඇත් පියෙහි සියලු පියවර ඇතුළත් ව සිටිනා සේ සියලු කුශල ය අප්රසමාද පදයෙහි ඇතුළත් බැවින් පින් කම අප්ර මාද ව කුසලින් දුරු ව කුසල් සෙවුනාවුන් විසින් සිත් සතන් පිරිසිදු කට යුතු.



279


28. දික්සඟි අටුවායෙහි කථාවසංස්කරණය

සියලු ම කුශල ය අප්ර මාද පදයෙහි ම ඇතුළත් නියාව සාධන්ට මෙ තැන්හ දික් සඟි අටුවායෙහි කථාවක් දක්වමු

කෙ සේ ද යත් : යට ගිය දවස බරණැස බඹ දත් නම් රජ්ජුරු‍ කෙණෙක් රජ කෙරෙති. සමහර අවධියේ දඹ දිව සුවසුදහසක් විතර නුවර පහළ වෙයි. සමහර කලෙක සැට දහසක් විතර පහළ වෙයි. සහමර කලෙක සතළිස් දහසක් විතර පහණ වෙයි. සමහර කලෙක විසි දහසක් විතර පහළ වෙයි. ඒ රජ්ජුරුවන් සහයට ත් විසි දහසක් නුවර ය. විසි දහසක් පමණ මාළිගා ත් ඇත. විසි දහසක් පමණ ඇත්තු ත් ඇත. විසි දහසක් පමණ වූ ම අස්සු ත් ඇත. රථ ත් විසි දහසක් පමණ ඇත. විසි දහසක් පමණ යෝධ සේනාව ත් ඇත. විසි දහසක් පුරාඞගානා ත් ඇත . විසි දහසක් පමණ නළු ගෑණු ත් ඇත. විසි දහසක් පමණ ඇමත්තෝ ත් ඇත. ඒ තරම් සම්පත් අති ව රජ්ජාය කරණ ඒ රජ්ජුරුවෝ තමන් පින් කම1 නො පමා බැවින් -

       “ඉද්ධිවිධං දිබ්බසොතං - පරවිත්තවිජානනං,

පුබ්බෙනිවාසානුස්සති - දිබ්බවකඛූති පඤ්වාධා”

යනු හෙයින් ඍද්ධිවිධාදි වූ අභිඥාවන් පස් දෙනා ත් රූපාවවර සමාපත්ති සරත හා අරූපාවවර සමාපත්ති සතර ත් උපදවා ගත්හ. රාජ්යස ය කිරීම නම් ප්රහමාද ස්ථාන වුව ත් කමහන් නො පමා හෙයින් වොටුනු පළන් රජවරන් අදිකරණයෙහි හුන මනා බැවින් එක් දවසක් උදැසන ම බත මෙ නිමවා ලා අධිකරණයෙහි හුන්හ. එ තැන ත් බොහෝ දෙනා ගැණිසැඟනිය කියන තැනක් බැවින් මහ අරගල ඇති වි ය . රජ්ජුරුවෝ ද ‘මේ ශබ්ද ය නම් ඇසට කටුවක් සේ ධ්යා නයට විරුද්ධ ය. මාළිගාවට නැගී ලා ධ්යා්නයට සමවදිමී’ සිතා ගෙන හිඳ ත් වික්ෂෙතප ය බලවත් ව ගොසින් ධ්යා්නයෙන් පිරිහී ධ්යාිනයනට සම වැද ගත නුහුණු වූය. ධ්යාවනයෙන් පිරිහි පියා ‘රාජ්යය සම්පත් යහපත් දෝ හෝ මහණ ධම් යහපත් දෝ හෝ’ යි සිත ‘මේ රාජ්යෙ සම්පත් නම් ප්රතයෝජන සැලකූ කලට ස්වල්පයෙක. ඒ නිසා වන ආදීනව බලා ලූ කලට සම්පත් නො පමණ ය. ඒ බෙහෙව, මහණ ධම් තෙමේ මඳක් වී නමුත් අනුසස් බොහෝව, කළ මනා එ ම ය’ යි සිතා තුමූ අවසර ගන්නා නිසා ‘රාජ්ය ය යහපත් කොට දැහැමින් සෙමින් විචාරව’ යි එක් ඇමැත්තාණ කෙණකුන්ට සම්මත කොට ලා තුමූ මාළිගාවට නැඟී ලා අපවත් දෙයක්

1.තමන් කම 280 සද්ධර්ම රත්නාවලි ය

සොයා ගත්තා සේ නටුවා වු ධ්යාපන ය උපදවාගෙන සමවත් සුවෙන් දවස් යවති. බත් ගෙන යන පැන් ගෙන යන කෙණකුන් මුත් අනික් කෙණෙක් ලඟට නො යෙති.

‍මේ සෙයින් දෙ පොයක් විතර ගිය කලට රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවු ‘රජ්ජුරුවන් වහන්සේ කොයි ගියා නියා ද? දවස් ගණනෙක පටන් නුදුටුම්හ’ යි කිවූ ය. රජ්ජුරුවන් මහණ ධම් කරණ නියාව බිරසොවුරුන්ට කිවු ය. බිසවු ඒ අසා රාජ්යනය විචාරන්ට විධාන ලත් ඇමැත්තාණන්ට ‘රාජ්යු ය තමන්ට භාර වූ පසු මා හැර රාජ්යනය ත් නො වන හෙයින් මා ත් භාර වූනියා ය. අප හා සහ වාසය අව මැනැවැ’ යි යහපත් අදහස් ඇත්ත වුන් කෙරේ වැසත් තමන්ගේ අදහස් නපුරු බැවින් කියා යවී ය. ඌ ඒ අසා ඇසිය යුත්තක් ම නො වන හෙයින් දෑතින් කන වසා ගත්හ. බිසවු දෙ තුන් වායෙක් කොට කියා යවා පියා නො ගිවිස් නා හෙයින් භය ගන්වා ‘තනතුරු හෝ උදුරා ගනිමි මරවා හෝ පියමි’ යි කියා යවූහ. ඇමැත්තණුවෝ ත් බා ගොසින් ‘ගෑනු න්ම සිතා ගත් දෙයක් කතරයෝ ය. එක් සිය විසි හැවිරිදි වසයස් ඇති ව පුරුෂයන් පතා වැදූ පුතණුවන් මරණ්ට සිතා කඩ වසා ලා තුබු දිඹුල් දණ්ඩෙහි පොරෝ බෑ කෙණෙක මා නස්වපුව ත් නවුරැ’යි සිතා එක් දවසක් සොරා ගොසින් උන් හා සහවාසය කලෝ ය. ඒ විසෝ වුන් මහ පිනැති හෙයින් සුව පහස් ඇත්තාහ.

ඇමැතින් උන් හා බැදුණු තැනැත්තේ සැක ඇති ව ඇති ව වන් උන් කරා යෙයි පසු ව කල්යාමක දී ගෙ හිමියක්හු මෙන් පිට බඩ සැකයක් නැති ව බිසෝ ගෙට යෙයි. රජ ගෙයි නියුක්තයෝ ත් එ පවත් රජ්ජුරුවන්ට කිවු යැ. රජ්ජුරුවෝ ත් තමන්ගේ අදහස පවිත්රම හෙයින් අදහා නොගණිති. දෙ වැනි වත් තුන් වැනි ව ත් කිහ. රජ්ජුරුවෝ සැඟවී සිට තුමූ ම දැක ඇමැති විසි දාස ගෙන්වා ලා එ පවත කිවු ය. ඒ ඇමැත්තෝ ද ‘මේ රාජ ද්රොිහියා වේ ද? අත් පා හෝ කැපුව මැනැව හුළ හෝ නැඟව මැනැවැ’ යි කිවුය. රජ්ජුරුවෝ ‘මූට අඞ්ග හානි ය වුවත් මට පව් ය. ජවිත හානි ය වුව ත් මාගේ ප්රජයෝගයෙන් වූ හෙයින් මට ප්රාවණ වධ සිද්ධ වෙයි. සම්පත් හැර ගතො ත් මට අයිනාදන් සිද්ධ වෙයි. ඒ හැම නොකමැත්තෙමි, මු ත් සාපරාධ තැනැත්තහු රටින් නෙරිය යි වරද නැත. රටින් නහව’ යි කිවු ය. ඇමැත්තෝ ත් ඔහු රටින් නැඟුහ. ඒ තෙම තමාගේ සම්පත් හා අඹු දරුව්න හඅර ගෙන අනිත් රටෙක අනික් රජ්ජුරු කෙණකුන් කර පලා ගියේ ය.



28. දික්සඟි අටුවායෙහි කථාව 281

ඒ රජ්ජුරුවෝ ද ඔහු දැක කුමක් නිසා අවු දැ යි විචාළෝ ය. මුඹ වහන්සේට සේවා කම් කරන්නට ය’ යි කී කල්හි ගිවිස්සෝ ය. එයි‍ ත් දවස් ගණනකින් ම රාජ වල්ලභ ව ගෙන ඒ රජ්ජුරුවන්ට ‘ස්වාමීනි, නිමැයි මීයක් දිටිමිත ඒ කන කෙණෙක් නැතැ’යි කිවූ ය. රජ්ජුරුවෝ වෙහෙසෙන්ට කියතී සිතා දෝ ඒ මීයෙක් වී නම් නපුරෙක් ම ඇතියි සිතා හෝ උගේ බස් නොඅදහති. තවත් අවසර‍යක් ලදින් අදහා ගන්නා ලෙසට තරව කී ය. රජ්ජුරුවෝ නිමැසි මී නම් කවරේ දැ යි විචාරා බරණැස් නුවර යැ යි කී කල්හි ‘ මා ඔබ කොට ගෙන මරණු කැමැත්තෙහි දැ’ යි කිවු ය. ‘එ සේ සිතා නො වෙයි මාගේ බස් නො අදහතො ත් මිනිසුන් යවා උන්ගේ බසින් අදහාගත මැනවැ’යි කිවු ය. රජ්ජුරුවෝ රාජ්යන ලොභ ය බලවත් හෙයින් මිනිසුන් යවු ය. ගිය මිනිස්සු ත් වාසල කෙරේ පටන් උමං බිඳ ගෙන ගොසින් රජ්ජුරුවන්ගේ ශ්රී් යහන් ගබඩාවට වන්හ. රජ්ජුරුවෝ උන් දැක ‘කුමට අවු දැ’ යි විචාළෝ ය.

‘අපි සොරුම්හ’ යි කී කල්හි උන්ට වස්තුව දෙවා ලා ‘මෙයින් මතු මෙ ලෙසක් නො කරව’යි කියා ලා යවා පීහ. උයිත් ගොසින් රජ්ජුරුවන්ට එ පවත් කීහ. එක වරින් අදහා ගත නොහී දෙ තුන් වරකට මිනිසුන් යවා ආදි ලෙසින් ම විමසා පියා ‘බරණැස් රජ්ජුරුවෝ නම් තද කෙණෙක් නො වෙති. මොළොක් කෙණෙක් ය. ඒ නුවර හැර ගත හැක්කැ’ යි සිවුරඟ සෙනඟ සරහා ගෙන බරණැස් නුවර සන්තක වූ එක් නුවරකට ගොසින් ඒ නුවර ඇමැත්තාණන්ට ‘නුවර හෝ දෙව. සටන් හෝ කරව’ යි කියා යවූහ. ඌ එ පවත් බ්ර හ්මදත්ත රජ්ජුරුවන්ට කියා යවා ලා ‘වදාරා එවන බව ය. සටන් කරමෝ ද නුවර දී පියමෝ ද? කළ මනා කිම් දැ’ යි විචාරා යවු ය. ‘සටන් කිරීම නම් පව් පිරෙන දෙයක් බැවින් සටනෙන් ප්රමයෝජන නැත. උන් කැමති නුවර උන්ට ම හැර පියා තමන් මුඹ නැඟී අව මැනවැ’යි කියා යවු ය. උයි ත් එ ලෙස ම කළහ. සතුරු රජ්ජුරුවෝ ද හැරපී එ නුවර හැර ‍ගෙන තව තව ත් බරැණැස් නුවර සන්තක නුවරවල සිටියවුන්ට එ ලෙස කියා යවු ය. ඒ ඒ ඇමැතිවරුන් බරණැස් රජ්ජුරුවන්ට කළ මනා කිම් දැ යි විචාරා යවා ‘සටන් නො කැමැත්තේ ය. නුවරවල් උන්ට ම හැර පියා අව මැනවැ’ යි කී කල්හි ඌ හැම ත් බරණැසට ම ගියහ.

එ සේ ගිය ඇමැතිවරු ‘රජ්ජුරුවන් වහන්ස, සෙසු නුවරවල්, හළ ත් මේ නුවර උන්ට නො හරුම්හ. උන් හා සටන් කරම්හ’යි කිවු ය. රජ්ජුරුවෝ සටන් කරන්ට කීවොත් ප්රා්ණ වධ ය සිද්ධ වෙයි සිතා ලා නවතා පුව. ඇමැත්තෝ රජ්ජුරුවන් වහන්ස


282 සද්ධර්මසරත්නාවලි ය

අපි ඒ රජ්ජුරුවන් නො මරා ම අල්වා ගෙනවුත් දී ලම්හ’ යි නො එක් ලෙසින් කියා ගිවිස්වා ගෙන රජ්ජුරුවනු ත් කැඳවා ගෙන යන්ට වන්හ. රජ්ජුරුවෝ ‘මිනිසුන් නො මරවු නම් කොල්ල නොකවු නම් එමී’ කිවු ය. ‘අපි මුඹ වහන්සේ තෙල සේ වදාළ කල සටනු ත් නො කරම්හ. කොල්ල ත් නො කම්හ. භය ගන්වා පලවා පියම්හ’ යි කියා ලා සිවුරඟ සෙනඟ සරසා ගෙන රෑ කොට ලා කළ වල පහන් තබා ගෙන ගියහ. සතුරු රජ්ජුරුවෝ එ දවස් ‘බරණැස හා නුවර ගෙන ඉතිකින් කුමක් ද? බරණැස හැරගන්ට පිළිවන් වේ දැ’ යි ආලෙස්සම් ව ලා සන්නාහ ය ත් උනා පියා වැද හෙව නිදා පීහ. බරණැස් රජ්ජුරුවන්ගේ ඇමැත්තෝ බ්රයහ්මදත්ත රජ්ජුරුවනු ත් හැර ගෙන සතුරු රජ්ජුරුවන් කඳවුරු බැඳ ගෙන හුන් තෙනට ගොසින් ලක්ෂ ගණන් කළ වලින් පාන් මෑ ත් කොට ලා හිර නැඟී පාන් වූවා සේ එක් හෙළි වූ කල්හි හඬ ගසා ලූහ.

සතුරු රජ්ජුරුවන්ගේ ඇමැත්තෝ තමන් නො පහන් බව මුත් පහන් රජ්ජුරුවන්ගේ පහන් ආලෝකයෙන් මහ බල ඇණි දැක තමන්ගේ රජ්ජුරුවන් ලඟට ගොසින් ‘වැද හෙව නිඳන්නේ හැයි ද? නැඟී සිට නිමැසි මී කව මැනවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ත් නැඟී සිට සේනාව බලා පියා බා ගියහ. තරයේ ම බවන්ට කොල්වර හඬක් ගසා ලූහ. එ වේලෙහි ද ඌ තුමු එක සාවාගේ බසින් බොහෝ සිවුපාවුන් මුදු බත් වන්ට ආසන්න වූවා සේ ය යි උන් නො සිතුව ත් සැටි ය. එ සේ හෙයින් ‘අනුන්ගේ බසින් සතුරන්ට සම්භවූම්හ’ යි රෑ නිදි නැති ව හුන් වන ම හිඳ පාන් කොට පියා දෙ වන දවස් ‘මේ රජ්ජුරුවෝ මැදහත් කෙණෙකි. ළඟට ගිය යි කියා මරවා නො පියති. ක්ෂූමා කරවා ගනිමි’ යි සිතා රජ්ජුරුවන් කරා ගොසින් බැස හෙව වැඳ ලා ‘රජ්ජුරුවන් වහන්ස, නො දැන කළ වරද ක්ෂසමා කළ මැනව’යි කිවු ය. රජ්ජුරුවෝ ත් අවවාද කියා ලා ‘නැඟී සිටිය මැනව, ක්ෂාමා කෙරෙමී’ කිවු ය. රජ්ජුරුවන් එ සේ කියන්නා ම භය ත් හැරී ගොසින් බරණැසට නුදුරු තෙනකින් ම රටකු ත් ලදින් මිත්රහ ව එහි විසූ ය.

බ්රකහ්මදත්ත රජ්ජුරුවෝ ද සතුරු සෙනඟ ත් තමන්ගේ සෙනඟ ත් සමඟ ව සිටි නියාව දැක ‘මා එක තැනැත්තවුන්ගේ මෙත් බලයෙන් මේ සා මහත් රැසක් පිරිසක් සටනට අවුදිනු ත් මැස්සකු බී පියන ලේ විතරකු ත් ඇති නුවූයේ ය. ඉතා යහපතැ, සියලු සත්හු නිදුක් වෙත්ව’යි යනාදීන් මෙත් උපදවා ගෙන ධ්යා.න පාදක කොට විවසුන් ව‍ඩා නො පමා ව විසීම නිසා ඇත් කඳ මත්තේ හිඳ ම පසේ බුදු වූ සේක. විසි දහසක් පමණ ඇමැත්තෝ ද පසේ


28. දික්සඟි අටුවායෙහි කථාව 283

බුදු වූ නියාව නො දැන වැඳ ලා ‘රජ්ජුරුවන් වහන්ස, වඩන බව ය. සතුරන් කවර ලෙසින් වුව ත් සාධාලු සෙනගට ප්රකසාද දෙවන්ට වුව මැනව. පිට පුරා සිටියවුන්ට වැ‍ටුප් වියදම් දෙන්ට වුව මැනැවැ’යි කිවු ය. ‘ඒ හැම තොප කිව හැරුණ ත් රාජ කෘත්යස ය නැති ව පසේ බුදු වු තැනට ඉන් ප්රකයෝජන නැත්තේ වේ දැ’ යි පසේ බුදුහු වදාළ සේක. ඇමැත්තෝ ද ඒ අසා ‘කුමක් වදාරණ නියා ද? වොටුනු පැළඳ සූ සැට රාජාභරණ ලා ඇතුන් පිට හිඳිනා පසේ බුදුන් ඇති නියා දැ’ යි කිවු ය.

‘‍එ සේ කල පසේ බුදුවරු කෙ සැටියෝ දැ’ යි විචාළ සේක. හිස‍ කේ දෑගුල් පමණ ව තුන් සිවුරු පාත්ර ධර ව සිටිනා සේකැ’ යි කිවු ය. එ වේලෙහි දකුණතින් ඉස පිරිමැඳ ලූ සේක. එ වේලෙහි ම ඍධ්යළනුභාවයෙන් මවා ගත් රුවක් මෙන් ගිහි වෙස් අතුරු ධන් ව පැවිදි වෙස් පහළ විය. දෙ අඟුල් පමණ හිස කෙස් ඇති ව තුන් සිවුරු පාත්ර ඇති ‍ව අංගමවිත ව සියවස්1 ගිය මහතෙර නමක් වැනි වූ සේක. එ වේලෙහි දී අභිඥාවට පිහිට වූ චතුර්ත්ථ ද්ධ්යා1නයට සම වැද ලා අභිඥා චිත්තයෙන් අහසට නැඟීලා පියුමක් මවා ගෙන පියුම මත්තේ වැඩ හුන් සේක. එ වේලෙහි ඇමැත්තෝ වැඳ ලා ‘ස්වාමීනි, පසේ බුදු වූ සේක් නම් ඒ විභාග කොට වදාරන සේක්:

“පබ්බතූපත්ථටරෙ රම්මෙ - ජාතා පොක්ඛරණි සියා, තං සිගාලො අපාපාසි - ජානං සීහෙන රක්ඛිතං”

යනු හෙයින් පර්වපත මුදුනක සිංහයෙකු ගෙන් රකවල් ඇති පොකුණකට සිංහයා පිළිබඳ නියා ‍දැන කැණහිලකු ගොසින් පැන් බොන්නා සේ මට නො එක් තරමින් අඩු ව සිටි ඇමැත්තකු පුර ‍ද්රොපහි නියාව මා ම දැක ත් ඝැටුණු මනා තෙන ඔහු කෙරෙහි මෙත් සිත් පැතිරවීමි. ඔහුගේ බසින් මා මරන්ට ආ සතුරු රජ්ජුරුවන් අතින් මාර්ගත ඥාන නමැති කඩුව ගෙන කෙලෙස් සතුරන් නසා පසේ බුදු වන්නා ම මම මෙත් සිත් මුල් කෙළෙමි. ඒ සියල්ල ම මා නො පමා ව පිළිපන් හෙයිනැ’ යි කී සේක.

“සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං, න පුත්තමිච්ඡෙය්ය් කුතො සහායං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.

යනු හෙයින් ම වදාරණ ලදී.

1. සිය වයස්

284 සද්ධර්ම රත්නාවලි ය


29. අන්ත්ථිගන්ධ කුමාරයන්ගේ කථාවසංස්කරණය

තව ද එක් කුල දරුවාණ කෙණෙක් කසුප් බුදුන් සමයෙහි විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි නො පමා ව මහණ ධම් කරන්නාහු කිසුණු පිරියම් කොට ධ්යාුන උපදවා ගෙන චිත්ත සුද්ධි ය ඇති බැවින් ලක්ෂයණ රසාදි විසින් නාම රූප ව්යාවස්ථාව කිරීමෙන් දෘෂ්ටි ශුද්ධිය ත් ඇති ව විවසුන් වඩා ත් අධිගමය කට නො හී ධ්යාළන බලයෙන් බඹ ලොව උපන්හ. පසු ව කලෙක දී බඹ ලොවින් චුත ව බරණැස් රජ්ජුරුවන්ට පුත් ව ඉපැදැ වැඩී වර්ධන වන්නාහු යම් අවධියෙක පටන් මෝ ගෑනි ය, මේ පිරිමියා ය යි විභාගය දනිද් ද එ තැන් පටන් කිරි මවුනු ත් ළං වනු නො කැමැත්තෝ ය. නෑවීම ආදිය ත් නො ඉවසති. ඒ සියල්ල ම පිරිමින්ට ත් පිළිවල් හෙයින් ඌ ම කෙරෙති. කිරි පොවන කල කිරි මවු ඇඟ මුළුල්ල වසා සැට්ට ලා‍ ගෙන පිරිමි වෙස් ගෙන තන පුඬු පමණක් පිටත් කොට ලා කිරි පොවති. ඒ කුමාරයෝ තුමු නො පෙනෙන තෙනට වුව ත් සිත්රීක කෙණෙක් ළංව අවු නම් හෝ සිත්රීය කෙණකුන්ගේ බසක් ඇසූ නම් හඬති. වැඩි විය පැමිණි කල ත් බඹ ලොව රඳන කල විරූ හෙයින් දැක්ම නො කැමැත්තෝ ය.

එ සේ හෙයින් අන්ත්ථිඹගන්ධ කුමාරයෝ ය යි නම් තබා ලූහ. සොළොස් හැවිරිදි කල්හි පිය රජ්ජුරුවෝ කුල පරම්පරාව පැවැත්ත මනා වේ දැ යි ජාති සම්පන්න නො යෙක් කුලවලින් ස්ත්රීලන් ගෙන්වා තුලුන් කෙරෙහි කුමාරයන් ඇලුම් ක‍රව යි එක් ඇමැත්තකුට විධාන කළහ. ඇමැති ත් උපදෙසකින් ඇලුම් කරවනු කැමති ව කුමාරයන් ළඟ තිරයක් අද්දවා ලා රඟ මඬුලු කරවි. කුමාරයෝ නටන ගී කියන බෙර ගසන හඬ අසා මේ කුමන අරගලයක් දැ යි විචාළහ. ඇමැත්තණුවෝ ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ නළුවන් රඟ මඬුලු බැඳ ගෙන කෙළී නළු1 පානා නියා ය. තෙල ඇති වන්නේ මහ පිණැති තැනට ය. මුඹ වහන්සේ ත් මහ පිණැති සේක. කෙළි නළු1 බැලුව මැනැවැ’යි කිවු ය. කුමරයෝ ඒ අසා ඇමැත්තණුවන් මරා නෙරපීහ. උයි ත් ගොසින් එ පවත් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරවෝ බිසවුන් කැඳවා ගෙන අවුත් කුමාරයන් ක්ෂ්මා කරවා ලා පෙරළා ඇමැත්තවුන් ක්ෂරමා වූ හෙයින් පාවා දුන්හ. කුමාරයෝ රජ්ජුරුවන්ගේ ඊට කරණ උත්සාහ හරවනු පිණිස බඩාලුන් ගෙන්වා ගෙන යහපත් රත්රනක් ලවා ලා ස්ත්රීහ රුවක් කරවා ලව’ යි විධාන කළහ. උයි ත් විශ්වකර්මර නිර්මිතියක් සේ ශොභා මත් වූ ආභරණ ලා සරහන ලද සිත්රීු රූපයක් කොට පෑවූ ය.


1. කෙළි‍ලල 29. අන්ත්ථිතගන්ධ කුමාරයන් ගේ කථාව 285

කුමාරයෝ දැක විස්ම ව ඉස සලා පියා ‘ඉදින් මෙ බඳු ස්ත්රීස කෙණෙක් සම්භ වෙත් නම් ඉවසමි’ රන් රුව දෙ මවු පියන් ළඟට යවුහ. දෙ මවු පියෝ ද ‘අප ගේ පුත‍ණුවෝ මහ පිණැති වූයෝ ය. අවශ්යයයෙන් මුන් හා එක් ව පින් කළ කෙණෙක් ඇති වෙති’ යි ඒ රන් රුව රථයක සිටුවා ලා ඇමැත්තන්ට පාවා දී ලා ‘යව, ගොසින් රුවින් තෙල රන් රුව තරම් රූ ඇති කෙණකුන් විමසව’ යි කිවු ය. උයි ත් ඒ රන් රුව ඇර ගෙන සොළොස් මහ දනවුවෙහි ඇවිදින්නාහු ‍ඒ ඒ ගම්වලට පැමිණ පැන් තොට ආදි වූ යම් තෙනක දී බොහෝ දෙන දකිත් නම් ඒ තැන දේවතා දුවක මෙන් ඒ රන් රුව සිටුවා ලා මා හැඟි පිළි හඳවා ලා ආභරණ ලා මල් පළඳවා ලා එ තැන විනයක් බඳවා ලා තුමූ මුවා වෙලා සිටිති. මෙ ලෙස කරන්නේ කුමක් නිසා දැ යි යත හොත් - මේ තරම් රුවක් දුටු කෙනෙක් ඇත් නම් මූ අසවල් තැනැත්තෝ ය යි කියති. මෙ ම ලෙසින් මදු රට සාගල් නුවර හැර සෙසු රටවල ඇවිද ඒ කුඩා ර‍ට වේදැ යි ආලිස්සම් කොට සිතා තමන් ඈත මෑත ඇවිදිනා ගමන් පළමු කොට ඔබ ත් ගොස් නො පියා ආ පස්සේ නික්මුණාහ. නික්ම සිට සිතන්නාහු ‘මදු රට සාගල් නුවර රූ ඇත්තන් ඇතැ’යි අසම්හ. ඔබ නොගොසින් ම ගිය කලට රජ්ජුරුවන් වහන්සේ පෙරළා එවන සේක. ඔබ ත් ගොසින් යම්හ’ යි සිතා මදුරට සාගල් නුවරට ගියාහ.

සාගල් නුවර මද්ද නම් රජ්ජුරු කෙණෙක් ඇත. උන්ගේත් සොළොස් හැවිරිදි දුවණි කෙණෙක් උතුම් රූ ධරති. උන්ගේ කම්මිත්තෝ ද නහන පැන් සොයා තොටට ගියාහු එ තැන සිටි රන් රුව දැක ‘අප පැනට එවා ලා ලද අවසරයේ පැන් තොටට පලා ආ නියා වේ දැ’ යි කියමින් ළඟට අවුත් ‘මුන්දෑ අප ගේ ස්වාමි දුවණියන් දෑ නො වෙති. උන් වහන්සේ රුවින් වඩනා සේකැ’ යි කුසල් නමැති බඩාලුන්ගේ කර්මාතන්ත ඉතා විසිතුරු හෙයින් කීහ. ඇමැත්තෝ ද ඒ අසා මද්ද රජ්ජුරුවන් කරා ගොසින් සුදුසු ලෙසින් ඒ කුමාරිකාවන් අනිත්ථි ගන්ධ කුමාරයන්ට සරණ විචාරා නිල කළහ. මද්ද රජ්ජුරුවෝ ත් යහපතැ යි ගිවිස්සාහ. ඇමැත්තෝ ද ‘එවූ රන් රුවට වඩනා තරම් කුමාරිකා කෙ‍ණකුන් දෑ මදු රට සාගල් නුවරින් සම්භ වූ සේක. තමන් වහන්සේ අවුත් කැඳවා ගෙන වඩිනේ ඇද්ද? අපි කැඳවා ගෙන එම්මෝ දැ’ යි විචාරා බරණැස් රජ්ජුරුවන් ළඟට මිනිසුන් යවූහ. රජ්ජුරුවෝ මා එන කලට ජන පී‍ඩාව




286 සද්ධර්මමරත්නාවලි ය

මහත. තමන් ම කැඳවා ගෙන එන බව ය’ යි කියා යැවූහ. ඇමැත්තෝ ත් කුමාරිකාවන් කැඳවා ගෙන යන්නාහු ම රන් රුවට ත් වඩනා තරම් කුමාරිකා කෙණකුන් දෑ සම්භ වූ දෑ ය යි අනිත්ථි්ගන්ධ කුමාරයන්ට කියා යවූහ. කුමාරයෝ ද අසා රාගයෙන් මඬනා ලදුව උපදවාගත් ප්ර්ථම ධ්යාානයෙන් පිරිහුණාහ. ‘වහා ගෙනෙව’ යි ‘වහා ගෙනෙව’ යි කියා යවති.

උයි ත් දෙ රැයක් එක් තෙනක නො රැඳීමෙන් බරණැසට පැමිණි නුවරින් පිටත රඳා හිඳ ‘අද ම කැඳවා ගෙන එමෝ ද? නුවර සරහා ලා කැඳවා ලා එවූ විටෙක එම්මෝ දැ’ යි කියා යවුහ. රජ්ජුරුවෝ ‘මහ පොහොසතුන්ගේ දරුවෝ ය. මඟුල් පෙරහර කරවා වුව මනා ලෙසින් ගෙන්වන තෙක් උයන රඳව’ යි කියා යවූහ. උයි ත් විධාන ලෙස ම කළහ. කුමාරිකාවෝ ද තමන් ඉතා සියුමැලි බැවින් උසුලා ලීමෙන් ආයාස ඇති ව ලා රුජා ඇති ව මිරිකා පී මල් දමක් සේ ම වෙලා එ දවස් රූ ම මළහ. ඇමැත්තෝ සංග්රවහයෙන් පිරිහුණම්හ යි කියා හැඬූහ. රජ්ජුරුවෝ ත් නුවර වැස්සෝත් ආදියෙන් ම නිල කොට ගෙනා කුමාරිකාවන්දූ නට හෙයින් පසු එවන්නෝ ඇද්ද නැද්ද? කුල පරම්පරාව සි‍ඳෙන නියා ය’ යි හැඬූහ. නුවර ත් මහා කොලාහල වි ය. අසමින් ම පෘථග්ජන දොෂ ය නිසා කුමාරයන්ට ත් ශොක බලවත් විය.

ශොක ය බලවත් වුව ත් ඊට ම දැපී නො හිඳ ශොකයට මුල සොයන්නෝ ‘මේ ශොකය නම් නූපන් කෙණකුන්ට ආධාර නැති බැවින් සිස් අහස මල් නො පිපෙන්නා සේ ඇති නො වෙයි. උපන් කෙණකුන්ට ම වෙයි. එ හෙයින් ‍ශොකයට මුල් වන්නේ ජාතිය ය. ඒ ජාතියට මුල කවරේ දෝ හෝ යි ඊ මුල් සොයන්නාහු ජාතියෙක් වේ නම් කුශලාකුශල චෙතනා සඞඛ්යා තකර්මතභවය නිසා වෙයි. ඒ භව ය දෘඪග්රාවහ සඞඛ්යායත උපාදාන ය නිසා වෙයි. උපාදානය අෂ්ටොත්තරශත ප්‍ෙයෙ‍භද වූ තෘෂ්ණාව නිසා වෙයි. තෘෂ්ණාව වෙදනාව නිසා වෙයි. ඒ වෙදනාව චක්ඛුසම්ඵස්සාදි ඵස්ස ය නිසා වෙයි. ඒ ඵස්ස ය ෂඩායතන නිසා වෙයි. ඒ ෂඩායතන නාම රූප ය නිසා වෙයි. ඒ නාම රූප ය ප්රාතිසන්ධිවිඥාන සඞඛ්‍ාඒ ත විඥානය නිසා වෙයි. ඒ විඥානය පුඤ්ඤාභිසඞඛාරාදි වූ සංස්කාරය නිසා වෙයි. ඒ සංස්කාරය භවාදීනව ප්ර්ච්ඡාදක වූ අවිද්යාිව නිසා වෙයි. ඒ අවිද්යාවවට ආශ්රිව සමුදය මුල් වෙයි. අවිද්යාිව නැති වන්නා ම ශොකය තබා කුමකු ත් නැතැ’යි පූර්වා භාවනාභියොගය මුල් ව අනුලොම විසින් ප්රනත්යායාකාරය සලකා විවසුන් වඩමින් එ තැන


29. අන්ත්ථිරගන්ධ කුමාරයන් ගේ කථාව 287

හිඳ ම පසේ බුදු වූ සේක. කුමාරිකාවන්ගේ මිය යාම දෙමවු පිය ආදීන්ට අලාභ වුව ත් මුන් වහන්සේට භවොත්පත්තිය නු වූ හෙයින් මහා ලාභ ය.

මාර්ග් සුවෙන් ඵල සුවෙන් නියුක්ත ව වැඩ හුන් පසේ බුදුන් දැක, සැටියෙන් පසේ බුදු සැටි නැති හෙයින් ඇත්තෝ වැඳලා ‘රජ්ජුරුවෙනි, ශොක නොකළ මැනව. දඹදිව මහත් බැවින් නොගිය තැනට ගොසින් රන් රුව සේ ම රූපත් කුමාරිකා කෙණකුන් දෑ ගෙනවුත් පාවා දෙම්හ’යි කිවු ය. ‘මට ශොක නැත. නිශ්ශොක ව පසේ බුදු වීමි’ යි කී සේක. කුමක් අරමුණු කොට ද පසේ බුදු වූයේ ය යි විචාළ කල්හි —

සංසග්ග ජාතස්ස භවන්ති ස්නෙහා ස්නෙහත්වායං දුක්ඛමිදං පහොති, ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො එකො චරෙ ඛග්ග විසාණකප්පො.

යනු හෙයින් යම් කෙණකුන්ට ලක් දිව කළු දික් නම් ගම වසන කෙළෙඹි දුවක් කැලණියේ සිට ගොසින් සිඟමින් සිටි කිසිත් පුරුදු කමක් නැති ළදරු කෙණකුන් වහන්සේ දැක පිළිබඳ සිත් ඇති ව දුටු පමණක් මුත් අනික් දෙයක් නැති ව රාග නැමැති වහ්නීන් දා මළා මෙන් ද, මළ කෙළෙඹි දුවණියන් හැඳි පිළිය දැක මෙබඳු ස්ත්රිනයක හා සහවාස ය නො වී ය’ යි ආඳා යවා තබාලා වල් පත ඇල්ලුවා සේ උන් නො මියන අවධියේ ත් තෙල සේ ම දුර්වයල අදහස් එකක් නො ව පසු ව ශොකයෙන් මළ ළදරු තැනැත්තන් වහන්සේ මෙන් දැකීම පමණකින් ම ඇල්ම ඇද්ද මෙ සේ ම මෙම ලක් දිව ගල්ගමුවේ හිඳිනා කැඹිරි දුවක තමා සේ ම කුඩා කොල්ලන් පස් දෙනකු හා කැටිව පියුම් විලකට ගොසින් නා පියා මල් පැළඳ ගෙන ගොඩ නැඟී ලා ලීලොපෙත කොට ගීයක් කියන්නා අසා පසඟුළු ලෙණ වසන අභිඤ්ඤාලාභී තිස්ස නම් භිකෂූන් වහන්සේ අහසින් යන ගමනු ත් නැති ව ගුණ විශෙෂයෙන් පිරිහුණුවා කැඹිරි දුව කියා ලූ ගීය අසා ලූ හෙයින් ඇසූ බස් පමණෙක ත් ඇලුම් ඇද්ද?

එ‍ සේ ම මෙම ලක් දිව අනුරාධපුර නුවර රුවන්වැලි මළුවෙ හිදී බණ කියමින් හුන් බාල නමක් බණ අසන්ට ගිය රාජකුමාරිකාවක් දැක කර්මානනුරූප ව මියත ත් එපමණකින් ම නැවත නොපියා සිඛ පද විකුම් කොට හස්තග්රානහාදී විසින් කාය සංසර්ගනයට පැමිණ පෙරළා තිර ය ඉවත් කොට බැලූ කලට මිය පියා හොත් බාල

1. හල්ගමුවේ 288 සද්ධර්මගරත්නාවලි ය

භික්ෂූන් දෑ හා රාජකුමාරිකාව මෙන් ඇඟ අල්වා පීමෙනුත් ඇලුම් ඇද්ද, එ සේ ම මෙම ලක් දිව මිරිසවැටිය පූජාවෙහි දී හුණු කැඳ වළඳන ගමනේ අත දන නියාව බලා හැම තැනට බාල වූ සාමණේරනමට දළකඩ වළල්ලක් දීලා කථා කළ සාමණේරි කෙණකු ත්, ඒ වළල්ල පිළිගත් හෙරණුන් දෑ ත් දෙපක්ෂය පසු ව මාලු පැවිද්ද ත් ලදින් මාලු පැවිද්දේ පටන් සැට වයස් පලා ගොසින් යම් කිසි ආපදාවකින් රට පලා ගොසින් රට දී ඔවුනොවුන් හා කථා කොට හැඳින ගෙන එපමණ කථාවකින් හා එපමණ ප්රඔයොජනයකින් ඔවුනොවුන් විෂයෙහි විපන්න වූ බැවින් කථා පමණෙක ත් සංග්රඔහ පමණෙක ත් ඇලුම් ඇද්ද, ඒ ඇලුම් මෙ ලෝ පරලෝ දෙක්හි බොහෝ දුකට ආයාසයට පමුණුවාලව යි ඒ ආදීනව සලකා ඉන් මිදෙන්නට පසේ බුදු වූ නියාව වදාළ සේක.

තව ද එක් කුල දරුවාණ කෙණෙක් කසුප් බුදුන් සමයෙහි විසි දහසක් හවුරුදු මහණ ධම් කොට ත් ‍‍භවොත්පත්ති ය නැති කට නුහුණු හෙයින් සසර ඇවිදින්නාහු එක් සමයෙක බරණැස් නුවර මහා සම්පත් ඇති සිටු කුලයෙක උපන්හ. කුසල්හි හැසිරෙන්ට නොව පින්හි අනදර සිතින් පරදර කම්හි හැසිර මිය ගොසින් නරකයෙහි පැසී පරදාර කර්මනයෙහි තම විපාක ය නො නිමි හෙයින්, සිටාණ කෙ‍ණකුන්ට දූව උපන්හ. උන් මවු කුස පිළිසිඳ ගත් ගමනේ නරකයෙන් ආ හෙයින්, ඇඟ හුණු හෙයින් සිටු දුවණියෝ බොහෝ දුක් ගෙන දුකින් ම වැදුය. කුමාරිකාවෝ ද උපන් දවස් පටන් දෙ මවුපියන්ට වුව ත් සෙසු නෑයන්ට වුව ත් පරදාර හැසිරෙන සමයේ කාටත් අප්රි්යයා සේ ම අප්රි යයෝ ය. වැ‍ඩි විය පැමිණ සරණ ගිය කල ත් සමණන්ට වුව ත් නැඳි මයිල් ආදීන්ට වුව ත් ඉතා අප්රිඩයයෝ ය. උත්සව දවසකදී සිටු පුත්ර යා‍ණෝ උන් හා එක් ව උත්සවයට මැළි ව වෙශ්යාිවක ගෙන්වා ගත්හ.

සිටු දුවණියෝ කෙල්ලන්ගෙන් එ පවත් අසා සිටු පුත්රදයාණණ් කරා ගොසින්‍ නො එක් ලෙසින් පයිලි කම් දක්වා ‘ස්වාමීනි, ස්ත්රීඑහු නම් රජ දරුවන් දශදෙනකුට නෑ ව සිටියෝ නමුත්, සක් විත් කෙණකුන්ට දූ වූ නමුත්, ස්වාමි ව සිටි තැනැත්තවුන් දුක් පත් වුව ත් උන්ට යටත් ව සිටිති. රක්ෂා කළ ස්වාමීන් බැණ නො නැගෙන කලට උන්ට මහා දුක. මා ත් කැමැත්තො ත් රඳවන බව ය. නැත්නම් හැරපියන්නා දෙමවුපියෝ නො දමන්නෝ වේද? ඔබ යෙමි’යි කිවු ය. ඒ අසා සිටු පුත්රදයාණෝ අනුකම්පා ඇති වලා වන්නාට ය, මුසුප්පු නො ව උත්සවයට සැරහී ගනුව. එක් ව



29. අන්ත්ථිගන්ධ කුමාරයන්ගේ කථාව 289

උත්සව කෙළිමි’යි කිවු ය. සිටු දුවණියෝ එ පමණකිනු ත් වහා සතුටු ව ‘සෙට නකත් කෙළි කෙළිමි’යි බොහෝ කන බොන දෑ ඉදි කරවු ය. සිටු පුත්රබයාණෝ ද දෙ වන දවස් නො කැඳවා ම උත්සවයට ගියහ. සිටු දුවණියෝ ත් කැඳවා එතී කියා රැක හිඳ වේසී පියා කල් යන හෙයින් එ පවත් දන්නට මිනිසුන් යවු ය. ගිය මිනිස්සු පෙරලා අවුත් සිටු පුත්ර්යාණන් උත්සවයට ගිය නියාව කිවු ය.

උයි ත් සියලු උත්සවෝපකරණ ගෙන්වා ගෙන රථයකට නැඟීලා උයනට යන්ට නික්මුණාහු ය. ඉක්බිත්තෙන් ගඳ මහන්පව්වෙහි නන්දව මූලක නම් ලෙන වසන පසේ බුදු කෙණෙකුන් වහන්සේ සත් දවසක් නිරොධ සමවතට සම වැදලා සත්වන දවස් නිරොධයෙන් නැඟී අනවතප්ප විල දී නාලිය දැවැටි වළඳාලා සිඟා අද කොයි යෙම් දෝ හෝ යි සලකන සේක් ඒ සිටු දුවණියන් දැක ‘මෝ මට යමක් පිළිගන්වාපු නම් ශෙෂ ව සිටි පාප ය ගෙවෙන්නේ ය’ යි දැන ගල්ලෙන ආසන්නව දෙසිය ශතළිස් ගවුවක් උස ඇති රත් සිරියෙල් ගලෙක් ඇත. ඊ වැඩ සිට ගැට වටු ගන්වා සිවුරු වැලඳ ගෙන පාත්රිය හැර ගෙන ඍද්ධ්යනනුභාවයෙන් අහසින් වැඩ සිටු දුවණියන් එන පෙර මග බරණැස් නුවරට මූණ ලා වැඩසිටි සේක. ඔබ දැක සිටු දුවණියන්ගේ කෙල්ලෝ සිටු දුවණියන්ට කිවු ය.

උයිත් රථයෙන් බැස පියා පසඟ පිහිටුවා සකස් කොට වැඳලා පාත්රස ය හැර ගෙන මධුරාහාරයෙන් පුර ලා පියුමෙකින් වසාලා පියුමක් මත්තේ තබාගෙන මල් කළඹක් අතින් හැරගෙන පසේ බුදුන් වහන්සේ ළඟට ගොසින් පාත්රන යි පිළිගන්වා ලා වැඳ ගෙන මල් කලඹ අල්වා ගෙන සිට ‘මේ මල් කලඹ දුටු යම් කෙණකුන්ට ප්රිනය ද එ පරිද්දෙන් උපනු ‘පන් ජාතිවල දුටු දුටුවන්ට ප්රියය වෙම්ව’ යි පළමු කොට පැතූ ය. නැවත ‘ස්වාමීනි, මවු කුස විසීම නම් නරක දුකට නො අඩු ලෙසින් දුක. එ සේ හෙයින් උපදනා යම් ජාතියෙක පියුම් ගැබෙක ම උපදිම්ව’යි දෙවෙනි ව පැතූ ය. තුන් වෙනි ව ‘ස්වාමීනි, ගෑනු ව ඉපදීම නම් මිනිස් ලොව ඉපද ත් හීන වූවා සේ ඉතා ලාමක ය. එ සේ හෙයින් නිවන් දක්නා ජාති දක්වා විවරණ ලත් මහ බෝසතුන් මෙන් ගෑනි නො වෙම්ව’ යි පැතූ ය. සතර වැනි ව ‘මුඛ්ය විපාක විසින් නිවන් දකිම්ව’යි පැතූ ය. මෙසේ පැතීම් සතරක් පතා ලා ඒ මල් කළඹ පසේ බුදුන්ට පිළිගන්වා ලා පෙරළා ත් වැඳ ලා ‘මාගේ ශරීරයෙහි සුවඳ ත්’ පෑය ත්


1 ගඳ මහත් 2 දෑවැයි

10 290 සද්ධර්ම රත්නාවලි ය

මේ මල් කලඹ සේ ම වේව’ යි පැතූ ය. පසේ බුදුහු ත් පාත්රාය ත් මල් කලඹ ත් හැර ගෙන අහසට පැන නැඟී ලා ප්ර ත්යෙඳක බුද්ධ ගාථා දෙකකින් අනුමෙවෙනි බණ වදාරා ‘සිටු දුවණියෝ මා නික්මෙන නියාව දකිත්ව’යි ඉටා ලා ගඳ මහන් පව්වෙහි නන්ද‘ මූලක ලෙණට ම වැඩි සේක.

සිටු දුවණියන්ට ත් ඒ දැක බලවත් ප්රීවති උපන. තුන්වන ජාතියෙහි කළා වු පරදාර කර්මටයෙන් නරකයෙහි පිසී ශෙෂව තුබුවා යම්තම් ව තුබූ පැනක් මහ අවු පැහැර සුන්නා සේ ගෙවිණ සිනිඹලා යුෂයකින් තඹ මල නැති වූවා සේ පුරාකෘත පාප ය ගෙවී පිරිසුදු වූහ. එ වේලේ ම නැඳිමයිලන්ගේ මිනිස්සු ත් දෙමවු-පියන්ගේ මිනිස්සු ත් හිත පක්ෂන ව ගෙන පඬුරු එවන්ට පටන් ගත්හ. ආදි නො කැමැති සිටු පුත්රමයාණෝ ත් ‘මම එන ගමනේ සලකුණු නැති ව නැඟී අයිමි. වහා කැඳවා ගෙන එව’යි මිනිසුන් යවු ය. එවක් පටන් ළෙයි ගල්වා ලූ සඳුනක් මෙන් ද, කර පළන් මුත් හරක් මෙන් ද, මල් දමක් පරිද්දෙන් ද සිතා පිරිමසති.

සිටු දුවණියෝ ත් ආයු පමණින් සැපත් වළඳා පින්කම් බෙහෙදින් ස්ත්රීක වන්ට නිසි අකුසල් ලෙඩ සන්හිඳුවා ගත් හෙයින් ස්ත්රීම ලෙඩ නැති ව දෙව් ලොව උපදනා තැනැත්තෝ පියුම් ගබක් ඇතුළත දිව්යි පුත්රබ ව උපන්හ. ඒ දෙවතාවාණෝ යම් තෙනකට යෙත් නමුත් පියුම් ගබින් ම යෙති. සිටිත් නමුත් පියුම ඇතුළේ ම සිටිති. හිඳිත් නමුත් පියුම මත්තේ ම හිඳිති. වැදහොවිත් නමුත් පියුම වැද හොවීති. මහ පියුම් දෙවි පුත්හු ය යි නම තබා ගත්හ. මෙ සේ ඒ දෙවි පුත්හු මෙ බඳු ශොභා ඇති ව ස දෙව් ලොව ම පාත දෙව් ලොව පටන් උඩ දෙව්ලොව දක්වා ත් ඒ ඒ දෙව් ලොව ආයු පමණින් දෙව් සැප විඳිති.

මෙ සේ උන් දෙව් ලොව සැපත් විඳිනා ‍කලට බරණැස් රජ්ජුරුවන්ගේ විසි දහසක් පමණ පුරඟලෝ ඇත. ඉන් එක කෙණකු ත් මහ පියුම් දෙව් පුත්හුගේ නියෝගයෙන් මෙන් දරු කෙණකුන් නො ලැබෙති. දරුවන් නැති නියාව දැක ඇමැත්තෝ ‘ස්වාමීනි, පුරවධූන් බිසෝවරුන් වදන දරුවන් නැති පසු ප්රැවෙණි රක්නා නිසා දරු කෙණකුන් නිසි තෙනකින් හැරගෙන වඩන්ට වුව ත් වුවමනා වේදැ’ යි සරුප් ලෙසකින් කීහ. රජ්ජුරුවෝ ඒ අසා එ සේ වී නම් අග මෙහෙසුන් බිසොවුන්ට එ ලෙස තරම් නො වන හෙයින් උන් හැර සෙසු විසිදහසක් පුරඟනන් ම වෙශ්යා ලෙසට රජ ගෙන් පිටත් කරව’යි කිවු ය. සත් දවසක් විතරට එලෙස කොට ත් පිරිමි තල්ගස තල් නො ගන්නා සේ සතියක්


29. අනිත්ථිටගන්ධ කුමාරයන් ගේ කථාව 291

මුළුල්ලෙහි ත් පුත්රත ප්රධති ලාභයකට නිසි පින් නැති හෙයින් දරුවන් නො ලත්හ. නැවත ඇමැත්තෝ රජ්ජුරුවන්ට කියන්නෝ ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ අග මෙහෙසුන් බිසොවුන් වහන්සේ නුවණින් පිණින් ස්ත්රීනන් මුළුල්ලට ම වඩනා සේක.

‘ධර්ම. නාටක වීම ඕ හට තරම් නො වත ත් මුඹ බහන්සේ මුල් ව පුතණු කෙණකුන් වහන්සේ ලත් සේක් නම් යහපතැ’යි කිවුය. රජ්ජුරුවෝ එ පවත බිසොවුන්ට තුමූ කිවු ය. බිසවු ‘මහ රජ. යම් ගෑනු කෙණෙක් බොරු නො කියත් නම් ආචාර සීලී වූ නම් දරු කෙණකුන් වදත ත් ඌ වදති. විළි ලජ්ජා නැත්තවුන්ට එයි ත් පිණින් වන දෙයක් හෙයින් දරුවන් ඇති වන්නේ කෙසේ ද? විළි ලජ්ජා ඇති ව වසන්නවුන්ට දරුවන් සම්භ වන නියාව බැලුව මැනවැ’යි මතුමාලට පැන නැඟීලා පන් සිල් සමාදන් ව ගෙන ආනුභාව සම්පන්න මන්ත්රටයක් ලක්ෂ් දෙන කලක් මෙන් තමන් සමාදන් වූ පන් සිල් එක්වන් සලකන්ට වන්හ. එසේ සලකා ලා දරු කෙණකුන් පතන්නා ම ඒ බිසොවුන්ගේ ගුණානුභාවයෙන් සක් දෙවිඳුහුගේ හස්න හුණු වි ය. සක් දෙවිඳු ද හස්න හුණුවන්ට කරුණු විමසනුයේ මේ කරුණු දැක ‘ගුණ සම්පන්න බිසොවුන්ට දරු කෙණකුන් දෙමි යි අහසින් අවුත් ඉදිරි ව ලා සිට ‘බිසොවෙනි, කුමක් පතවු දැ’ යි විචාළේය.

‘දරු කෙණකුන් පතමි’ කී කල්හි මුසුප්පු නො වව. දරු කෙ‍ණකුන් දෙමි’ යි කියා ලා දෙව් ලොවට ගොසින් ආයු ගෙවී ගිය දෙවතා කෙණෙක් මේ දෙව්ලොව ඇද්දෝ හෝ යි බලනුවෝ මහ පියුම් දෙවිපුත්හු මේ දෙව් ලොවින් චුත ව උඩ දිව්යහලොකයෙහි උපදිති යි දැන උන්ගේ විමනට ගොසින් ‘මහ පියුම් දෙවි ‍පුත, මිනිස් ලොව උපදුව’යි කියු ය. දෙවි පුත්හු ඒ අසා ‘මිනිස් ලොව නම් කාම ස්වර්ගි ව තිබෙන පමණක් මුත් ඉතා පිළිකුල. ඊ උපදනට කියන්ට නො කැමැත්තේ ය’යි කිවු ය. පුත, තොප මුබ උපන්නෙ ත් මිනිස් ලොව දී පින් කොට ය. මහ බෝසත්හු පවා දෙව් ලොව බඹ ලොව දී පැරුම් නො පිරෙන හෙයින් ඊ ආයු පමණින් නො සිට මිනිස් ලොව උපදිති. තෙපි ත් එහි ඉපැද ප්රකත්යෙුක බොධියට පැරුම් පුරව’යි පැරුම් පිට ලා කීහ. මහරජ, මිනිස්ලේව කුණිනු ත් මවු කුස් නම් ඉතා කුණු ය. අඳුරු බලා ලූ කලට ලෝ ඇඳිරි නරකයක් වැන්න. වෙනසෙක් නම් කු‍ඩා පමණෙක. දුගඳ පිළිකුල් සැටියට අත්පස් නරක ය වැන්න. වෙනස නම් නරකායු පමණට ඊ දසමසක් හෝ දසමස් දෙපෝයක් හෝ


292 සද්ධර්ම්රත්නාවලි ය

හිඳිනා විතරෙක. එ සේ හෙයිනු ත් මිනිස් ලොව උපදනට බැරි ය’යි කුවු ව. ‘පුත, තොප මවු කුස ඉපදීමෙන් ප්ර්යෝජන කිම් ද? යම් ලෙසකින් පියුම් ගබ උපදිතොත් එ ලෙසට තෙපි පින් කළව. දෙව් ලොව පහළ වන පියුම් ඔබ දී පහළ නො වේ ද? එ හෙයින් මිනිස් ලොව උපදුව’ යි නො එක් කාරණ කියා ගිවිස්වා පී ය.

මහ පියුම් දෙවි පුත්හු ද සක් දෙවිඳුගේ නියෝගයෙන් දෙව් ලොවින් සැව බරණැස් රජ්ජුරුවන්ගේ උයන ගල් පොකුණෙහි පියුම් ගබෙක සංසේදජ ව උපන්හ. දරුවන් පතා හොත් බිසවු ද එ දවස් රෑ අලුයම් වේලෙහි සීනෙන් විසි දහසක් විතර පුරඟනන් පිරිවරා උයනට ‍ගොසින් සල වට හිඳ මඟුල් පොකුණෙහි පියුමෙකින් පුතණු කෙණකුන් ලද්දු නම. සීනය පාන් වමින් දුටු හෙයින් උදවුව විපාක දෙන්නා, රාත්රිදය පාන් වූ කල්හි බිසවු සීනෙන් ගිය ලෙසට ම උයනට ගොසින් එක් පියුමක් ශොභාමත් ව ප්රිබුද්ධාසන්න ව සිටියා දුටු වූ ය. පියුම ඉතා ගැඹුරෙ ත් නො වෙයි. ගොඩට ආසන්නයෙ ත් නො වෙයි. පියුම දකිමින් ම ඇතුළේ හොත් කුමාරයන් නුදුට ත් දරු පෙම් හට ගත. දැකලා අනික් කෙ‍ණකුන් නො යවා තුමූ ම ගොසින් ලා පියුම හැරගන්නා ම පිපී වැනී ගිය ලෙස නම් බිසොවුන්ගේ මුඛ පද්මයෙහි නෙත් නමැති නිල් මහනෙල් මල් දැක පියුමෙහි පෙති එ තමා අරුම දෙයක් හෙයින් එම විස්ම ය දැක සමාධීන් සිනාසී පූවාක් ‍වැන්න.

පිපී ගිය පියුම ඇතුළෙහි තුත්තෙක තුබූ රන් පිළිමයක් මෙන් වැද හොත් කුමාරයන් දුටුවු ය. දැකලා ම පුතණු කෙණකුන් ලදීමි’ හඬ ගා පීහ. බොහෝ දෙන ත් අභිමතාර්ත්ථුය සැධීගිය හෙයින් සමාධි ව සාධුකාර දුන්හ. රජ්ජුරුවන්ට ත් කියා යවුහ. රජ්ජුරුවෝ අසා ‘ලද්දේ කොයිදී දැ’යි විචාරා ලත් තැන් අසා උයන ත් පොකුණ ත් පියුම ත් ඇම අප සන්තක හෙයින් අපගේ ම පුතණුවෝ ය’ යි කියා ලා නුවරට ගෙන්වා ගෙන විසි දහසක් පුරඟනන් ලවා කිරි මා කම් කැරවූහ. යම් යම් පුරවධූ කෙණෙක් කුමාරයන්ගේ අදහස් දැන කැවූ නම් මසු දහසක් ලැබෙති.

සියලු බරණැස මුළුල්ල ම අසුරයන් වන් දෙවු පුරයක් මෙන් ද, දෙවියන් වන් අසුර පුරයක් මෙන් ද ඇලලී ගියේ ය. මුවදොරවල් මුළුල්ල එක්තැන් වූවාක් මෙන් පඬුරු පාක්කුඩමුත් අවුත්


1 පියුම්

29. අන්ත්ථිුගන්ධ කුමාරයන් ගේ කථාව 293

ලක්ෂක ගණන් කෙළ ගණන් උපදනට පටන් ගත. කුමාරයෝ ද ඒ ඒ දෙය ගෙනවුත් ‘මේ කැව මැනව. මේ පුව මැනැවැ’යි කීමෙන් ම තමන් පසේ බුදුන්ට බත් පාත්රේ ය පිළිගන්වා ලා පැතුව මනා දෙය පතා ගත් පමණක් මුත් ගත් පැරැත්තයක් නැති හෙයින් දෝ පැරැත්ත අසා කුසී ව ගොසින් වාසල කරා පලා ගොසින් ලා හු වටක් දම දමා කෙළිති.

එ කල එක් තරා පසේ බුදු කෙණකුන් වහන්සේ බරණැස් නුවර නිසා ඉසිපතන නම් උයන් හි වසන සේක. උන් වහන්සේ ද වේලා පස ම වත් පිළිවෙත් සපයා ගෙන ඵල සම වතින් නැඟි සේක් අහර සිඟා කො තැනකට යමෝ දෝ හෝ’යි සිතා පදුම කුමාරයන්ගේ හේතු සම්පන්න නියාව දැක මුන් ගිය දවස කළ පින් කවරේ දෝ හෝ යි විමසන සේක් ‘මා බඳු වූ පසේ බුදු කෙණකුන්ට බත් පාත්රරයත් පිළිගන්වා ලා ප්රාේර්ත්ථසනා පසක් පැතූහ. ඉන් සතරෙක් සමෘද්ධ විය. එකක් තව සිද්ධ වූයේ නැත. ඒ සිද්ධ නො වී නම් සෙස්සෙන් ප්රධයෝජන නැත. ඊට ත් උපදෙසක් කෙරෙමි’ සිඟා වඩනා බඳු ව කුමාරයන් ළඟට වැඩි සේක. කුමාරයෝත් ආදර්ශපයක් බඳු වූ පසේ බුදුන් දැක ශාසනික බැවහාර නො දන්නා බැවින් ‘මහණ, මුඹ නො එව මුඹ අවු නම් මේ කව, මේ බොව යි කියා මහ ගහට කෙරෙති. තෙල ලෙසින් මම බොහෝ ගහට විඳ පීමි’ යි කිවුය. ඔබ ද ‍එක බසින් ම නැවත පියා කුමාරයන් තමන් වහන්සේ වසන තෙනට ගමන නො නවතනා ලෙස කොට ලා විහාරයට ම වැඩි සේක.

පදුම කුමාරයෝ ද ළඟ සිටියවුන්ට ‘මේ මහණ මා නො එන්ට කියන්නා එක බසින් ම නැවැත්ත. මට උරණ ව දැ’යි විචාළෝ ය. හැම දෙන ‘ස්වාමීනි, තෙල තරම් තැන් උරණ නො වන සේක. ක්ෂමමාව නම් ඔබට ලා ආභරණයක් වැනි ය. සැදෑ ඇති ව යම් කෙණෙක් යමක් දුන්නු නම් ඒ වළඳා ලා මහණ ධම් පුරණ සේක. එ විතරක් මුත් මැරුවවුන් මැරීම හා බිණුවවුන් බිණීම හා ඒ හැම ඔබට නැතැ’ යි කිවු ය. එ සේ කීව ත් කුමාරයෝ තමන් සසරින් නැවත්ත මනා හෙයින් නො නැවත ‘මහණ මට උරණ ම ය. උරණ නැත හොත් අව මනා වේ ද? ඔහු ක්ෂොමා කරවමි’ දෙ මවු පියන්ට කියා ලා ඇතකු නැඟී ගෙන මහ පෙර හරින් ඉසිපතනයට ගොසින් උයන සිටි මුව රළක් දැක මූ කවුරුදැ යි විචාළෝ ය. මුවෝ ය යි කී කල්හි ‘මේ කැව මැනව, මේ පුව මැනවැ’ යි කිය කියා මුනු ත් කුසීත කරවන්නෝ ඇද්දැ’යි විචාළෝ ය. ස්වාමීනී, ඒ හැම ලබන්ට පින් කළ මනා



294 සද්ධර්මෝරත්නාවලි ය

වේ ද? එ බඳු පිනක් මුඹ වහන්සේ ලා සේ නො කළ හෙයින් උන්ට ඒ හැම නැත. යම් තෙනක තණ පැන් ඇත් නම් එ සේ වූ තැනෙක රඳතී’ කිවු ය. කුමරහු ඒ අසා මුන් දවස් යවන නියාව යහපත. කවර දවසෙක දෝ මට එ බන්දක් වන්නේ ය’ යි සිතූහ.

පසේ බුදුහු ත් තමන් වහන්සේ කරා උන් එන නියාව දැන ලා පෙත් මඟ ත් මළුව ත් සක්මන ත් හැම ඳ පියා සක්මනට නැඟී එක් දෙ විටක් සක්මන් කොට පියවර සටහන් දක්වා ලා දාවල් වැඩ හිඳිනා තැන ත් පන් සල ත් හැමඳ පියා ඇතුළට වන් පියවර සටහන් දක්වා ලා පිටතට නික්මුණු පියවර සටහන් නොපා අනික් තෙනකට වැඩ පී සේක. කුමාරයෝ එතැනට ගොසින් පවිත්රු වූ අදහස් ඇති පසේ බුදුන් පවිත්රද කොට හැමඳි මං පෙත් දැක ඒ පසේ බුදුන් වහන්සේ වසන්නේ මෙ තැන ය යි හැම දෙන අතිනු ත් අසා ‘උදාසන ත් ඒ මහණ මා කියා ලූ බසට උරණ ව ගෙන ආ ය. දැනු ත් රැස් පිරිස් අවුත් වැද පියා හැමඳ පියා තුබු මළු මැඬ කසළ කළො ත් කැල ම උරණ වෙති. තෙපි හැම මෙ තන රඳව’ යි පිරිස පිටත රඳවා ලා තුමූ අතු පිටින් බැස පියා තනි ව ම විහාරය ඇතුළට වැද ලා හැමදි තැන්හි ඔබා ලූ පියවර සටහන් දැක ‘එ කාන්ත ව මේ මහණ මෙ තැන වසනුයෝ නවාම් වෙළඳාම් කරනුයේ නො වෙයි. තම හට වැඩක් ම සිත හිඳිනා වන. දැන් ඌ තුමූ කොයි දෝ හෝ’ යි විමසනු නිසා දාවල් වැඩ හිඳිනා තැනට ගියහ. එ තැන ත් පියවර සටහන් දැක ආදි සිතූ ලෙස ම සිතා රූ වසන පන් සලට ගොසින් නැවත දොර හැර ලා ඇතුළු පන්සලට වැද පසේ බුදුන් නො දැක ඈත මෑත බලා උන් වහන්සේ වැඩ හිඳිනා ගල් පෝරුව දුටු වූ ය.

එයි ත් දැක ආදි සිතූ ලෙස ම සිතා එ තැන්හි හිඳ ධ්යාාන උපදවා ගෙන විවසුන් වඩා පසේ බුදු වූ සේක. පසේ බුදු ව ලා පෙරළා නුවරට ගමන නුවුව මනා හෙයින් එ තැනින් නො වඩනා සේක. ඇමැත්තෝ රජ දරුවන්ගේ අණ සක් මැඬ ලිය හැක්කේ නො වෙයි. ‘ම පුතුන් හැර ගෙන මෙ තෙක් වේලා වල කල් යවන්ට කාරණ කිම් දැ’යි මරවා තළවා දඬු මුඬු ගත් සේක් නමුත් නපුර. කුමාරයන් වහන්සේ කැඳවා ගෙන යම්හ’යි පන් සලට වැද ලා පසේ බුදු වූ කුමාරයන් දෑ ම දැක ‘මුන්දෑ පසේ බුදුන් නො දැක සිතිවිලි ගෙන හුන් සේක් වනැ’ යි සිතා ලා ‘ස්වාමීනි, පසේ බුදුහු නිරන්තර ව මෙහි වසන සේක. දුරකට වැ‍ඩ පියන්නේ නැත. සෙට වුව ත් අවු ත් ක්ෂ මා කැරවිය හැක්ක



30. මහසුප් තෙරුන් වහන්සේ ගේ වස්තුව 295

පසේ බුදුන් අද නුදුටුවම්හ’යි මුසුප්පු නො කැමැත්තේ ය. නුවරට යම්හ’යි කිවු ය. ‘මට එසේ මුසුප්පු සිතිවිලි නැතැ’ යි කී කල්හි කුමක් නිසාදැ යි විචාළ කල්හි පසේ බුදු වූ නියාව කී සේක. ‘මෙසේ පසේ බුදු වන්ට බැරි නැති නියා වේ ද? එ සේ කුමක් අරමුණු කොට ද පසේ බුදු වූයේ’ යි විචාළෝ ය.

‘ මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො, යෙන්ච්ඡකං ගච්ඡති ගොචරාය, විඤ්ඤෑ නරො සෙරිතං පෙක්ඛමානො එකො වරෙ ඛග්ගවිසණකප්පො’

යනු හෙයින් වල තණ පැන් අනුභව කොට ලා වසන සිවුපාවුන්ගේ සප්රසධාන වාස ය දැක ඒ අරමුණු කොට පසේ බුදු වූ නියාව වදාළ සේක. එ හෙයින් නුවණැත්තවුන් විසින් ප්ර ත්යෙොක බොධිසත්වව චරිත ත් අසා පින්කම නො පමාව භාවක්ෂතයට ම උත්සාහ කට යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_vi&oldid=5682" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි