50. ඡත්තපාණි උපාසක වස්තුවසංස්කරණය

තව ද තුනුරුවන් විෂයෙහි ආදර ගෞරව ඇති ව විසි ය යුතු තරම ඡත්තපාණී උපාසක වස්තුවෙන් දක්වමු. ඒ කෙ සේ ද යත්:- සැවැත් නුවර තෙවළා බුදු වදන් දන්නා අනාගාමී ඡත්තපාණී නම් උපාසක කෙණෙක් අනැගැමියන් පොහෝ දවසින් පොහෝ දවසට පොහො’ය සමාදන් වුව මැනැවැ යි නැති හෙයින් සමහර

50. ඡත්තපානි උපාසක වස්තුව 385

රජ දරු කෙණෙකුන්ට අභිෂෙක ය හා සමඟ පහළ වන රාජර්ධිය සේ පහළ වන අනැගැමි මඟ හා සමඟ ම පහළ වූ පොහො අඟ ඇති හෙයින් පෙහෙ ව බුදුන් කරා ගොසින් වැඳ ලා බණ අස අසා හුන්හ. එ වේලාවට කොසොල් රජ්ජුරුවනවෝ බුදුන් දක්නට අවු ය. ඡත්තපාණී උපාසකයයෝ රජ්ජුරුවන් එන නියාව දැක නැඟී සිටිය යුතු දෝ කිම් දෝ හෝ යි සිතා ගණන් නැති සක්වළවලට අග රජ වූ බුදුන් ළඟ හිඳ සියලු දඹ දිව තබා දඹ දිවින් භාගයක් විතරට ත් නායක කම් නැති රජ්ජුරුවන් දැන නැඟී සිටියෙම් නම් බුදුන්ට ආදර කළා නම් නො වෙයි. රජ්ජුරුවෝ තමන් දැක නැගී නො සිටියාට මුසුප්පු වෙති. උන් සිත් රක්නා නිසා නැඟී සිටි යො ත් බුදුන්ට ත් වඩා උන් උසස් කළ නිසා ය. ‘උසස් කළ මනා බුදුන් වැඩ හින්ද දී මේ රජ්ජුරුවන් උසස් නො කෙරෙමි’යි දැක නැගී නො සිටියහ. නුවණැති කෙණෙක් වූ නම් ගරුතර තැන් ළඟ හිඳ නැගී නො සිටිය යි. මුසුප්පු නො වෙති. මේ රජ්ජුරුවෝ තමන් නුවණ මඳ හෙයින්කාරණ සලකා ගත නො හී මුසුප්පු වූ ය. උන් කෙරේ මුසුප්පු ඇත ත් බුදුන් කෙරෙහි මුසුප්පු නැති හෙයින් වැඳ ලා එකත් පස් ව හුන්හ. බුදුහු රජ්ජුරුවන් උපාසකයන් කෙරෙහි මුසුප්පු නියාව දැන ලා මේ මුසුප්පුව සිත තබා ගෙන තමා රජ හෙයින් මුන්ට අනත්ථපයක් සිතා පී නමුත් නපුරැ යි’ මහ රජ, මේ උපාසකයෝ ත්රි්පිටකධරය, මහා නුවණැති ය, සැවැත් පුරෙහි හිඳිනා පමණක් මුත් අනැගැමි ව නිවන් පුර අත්ගෙන හිඳිනා කාරණා ත් දන්ති’ යනාදීන් උපාසක යන් ගේ ගුණ බොහෝ කොට වදාළ සේක. ගුණ අස ත් අස ත් රජ්ජුරුවෝ මුසුප්පු හළවූ ය. ඉක් බිත්තෙන් එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ මාළිගාවේ මතු මාලේ සිටියෝ ඡත්තපාණි උපාසකයන් බත් කා ලා කුඩ ය හැරගෙන සෙණුඩුලුවෙන් යන්නවුන් දැක කැඳවා යවු ය. ඌ එ වෙලෙහි හිසට කළ කුඩය ත් හැර පියා පය ලා ගෙන යන වහනු ත් පයින් ගළවා පියා රජ්ජුරුවන් කරා ගොසින් වැඳ ලා එකත්පස් ව සිටියහ. රජ්ජ්රුවෝ ‘හැයි, තෙපි හිසට කෙට ගෙන ආ කුඩය ත් පය ලූ වහනු ත් ‍හළා නැ’යි විචාරා මුඹ වහන්සේ කැඳවා වදාළ නියා ව අසා ය’යි කී කල්හි අප රජ රජ නියා ව දන්නේ අද දැ’යි කිවු ය. ‘රජ්ජුරුවන් වහන්ස, අපි හැම දවස් ම දනුම් හ’යි කිවු ය. ‘එ සේ කල එ දවස් බුදුන් ළඟ හුන් ගමනේ අප දැක නැගී නො සිටියේ හැයි දැ’යි විචාළෝ ය. ‘රජ්ජුරුවන් වහන්ස මම තුන්ලොවට උතුම් රජ්ජුරුවන් ළඟ හිඳ මුඹ වහන්සේ දැක 13


386 සද්ධර්මජරත්නාවලි ය

නැමී සිටියෙම් නම් බුදුන්ට කෙළේ ආදර නො වන්නේ වේ දැ යි දැක නැගී නොසිටියෙමි’ කිවු ය. ‘පින්වත, ඒ වන්නාට ය, ඒ කෙ සේ වෙව යි තොප බහුශ්රැෙත ව ආගමධර බැවින් අපගේ පුරඟනන්ට බණ කියව’යි කිවු ය. ‘ස්වාමීනි, රජ ගෙවල කටයුතු නම් මහා බැරි ය. අපගේ පෙර රජ ගෙවල හැසිරීමකු ත් නැති හෙයින් අමුතු ව ලා ඒ බැරි ය’යි කිවු ය. ‘දැක නැගී නො සිටිය නියාවට අප මුසුප්පු ඇතැ යි නො සිතා බණ ඇසීමෙහි ‍තර ව අභිප්රා‘ය ඇත්තවුන්ට බණ කියව’යි කීවත් ‘අපට බැරි ම ය. ශාසනික තැනක් ලවා බණ කියවුව මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ත් ‘යහපත, තෙපි යව’යි කියා ලා බුදුන් කර‍ා ගොසින් ‘ස්වාමීනි, මල්ලිකා බිසවු ත් වාසභඛත්තියාවෝ ත් බණ උගනුම්හ’යි කියති. පන් සියයක් දෙනා වහන්සේ හා සමඟ රජ ගෙට වැඩ උන් බණ උගන්වා වදාළ මැනැව”යි කිවු ය. ‘මහරජ, සර්ව ඥවරයන්ගේ නිබඳ ව එක් තැනකට එළඹීම් නැත. බොහෝ දෙනාට පින් පිරෙන්ට නැති හෙයිනැ’යි වදාළ සේක. ‘එ සේ වී නම් එක් භික්ෂු් කෙ‍ණකුන් වහන්සේට භාර කළ යහපතැ’යි කිවු ය. බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේ ට භාර කළ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ද එක් වන් රජ ගෙට වැඩ බණ උගන්වන සේක. ‘මුන් දෙන්නා ගෙන් මල්ලිකා බිසවු උගන්නා කල ත් බණ සකසා ඉගෙන හදාරා පිරිවා පසු ව වන පොත් පිරිවති. වාසහඛත්තියාවෝ උගන්නා කල ත් සකස් කොට නො උගනිති. නො හදාරති. නො පිරිවති. වනපොත ත් කියා ලිය නො හෙති. එක් දවසක් බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘කුමක් ද, ආනන්දවයෙනි, බිසෝවරු බණ උගනිත් දැ’යි විචාරා ‘එ‍ සේ ය ස්වාමීනී’ කී කල්හි ‘උන් දෙන්නා ගෙන් සිත හෙළා සකස් කොට බණ උගන්නෝ කවුරු දැ’යි විචාළ සේක. ස්වාමීණී, මල්ලිකාවෝ බණ සකස් කොට උගනිති. හදාරන නියාව ත් වන පොත ත් යහපත, මුඹවහන්සේ ගේ නෑයන්ගේ දූ වූ වාසගඛත්තියාවන් බණ උගන්නා නියාව ත්, හදාරන පිරිවානා නියාව ත් වන පොත් කරණ නියාව ත්, යහපත් නො වෙ’යි වදාළ සේක. බුදුහු ඒ අසා, ‘ආනන්ද යෙනි, මා ගේ බණ නම් සකස් කොට නො උගන්නවුන්ට පෑය අතිව ත් සුවඳ නැති මල් පැළදීමෙන් ප්ර යෝජන විඳිනවුන්ට ප්ර්යෝජනයක් නැත්තා සේ හදාරන පිරිවානා නියාව ත් වනපොත ත් යහපත් වුව ත් ඒ වූ පරිද්දෙන්


51. විශාඛා වස්තුව 387

නො පිළිපැද නව ලොවුතුරා දහම් නමැති අබරණින් නො සැර හෙන්නවුන්ට ප්රපයෝජන නැත. යම් කෙණෙක් සකස් කොට ඉගෙන හදාරා පිරිවා ඒ වු පරිද්දෙන් පිළිපදි ත් නම් පෑය නැතිව ත් සුවඳැති මල් පළඳින්නවුන්ට මහා ප්රදයෝජන වන්නා සේ නව ලොවුතුරා දහම් නැමති මලුත් පලඳවා ලන හෙයින් මහා ප්රනයෝජන ය. බණ සකස් කොට උගැන්ම නම් මෙලෝ පර ලෝ වැඩ සාධා දීල’යි වදාළ සේක. බණ දෙසුන් කෙළවර බොහෝ දෙන සතර මග සතර ඵලයට පැමිණියහ. පස්වා දහසක් මුළුල්ලෙහි ත් බොහෝ දෙනහට වැඩ සාධා දින. එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් උගන්නා බණ දහම්‍ සකස් කොට ඉඩගන උගන්නා පමණක් නොව සකසා පිළිපැද පය්යාණප්ති - ප්රධතිපත්ති දෙක මුල් ව ප්රාතිවෙධය ත් සිද්ධ කට යුතු. ________________________________________


51. විශාඛා වස්තුවසංස්කරණය

තව ද හීන ජාතියෙහි උපන ත් බෝධිසත්වකවරයන්ගේ ගුණ යෙන් අඩුවක් නැත්තා සේ ලඝු අදහස් ‍ඇති ස්ත්රිත ව ඉපැද ත් ජාතියෙන් සරි වුවත් අදහසින් සරි නොවන්නවුන් කරා පැමිණ ත් අදහසෙහි අඩුවක් නැති ව බොහෝ පින් කොට දික් ව තිබෙන දෙයක් කපා ලුහුඬු කළා සේ හේතුසම්පන්න යන්ට අක් ඇත ත් මුල් නො පෙනෙන හෙයින් දික්වූ සසර ලුහුඬු කළ ලෙස දක්වන්ට විශාඛා වස්තුව කියමු. කෙ සේ ද යති:- පියුමතුරා නම් බුදුන් සමයෙහි එක් උපාසිකා කෙ‍ණකුන් වර අටක් ලදින් ඒ බුදුන්ට උපස්ථාන කරන්නවු දැක ඊ නිසා කප් ලක්ෂුයක් මුළුල්ලෙහි ත් අග්ර උපස්ථායිකා වීමට පතා විශාඛා‍වෝ දඹදිව් තෙලෙහි අඟුරට භද්දිය නුවර මැඩ මහ සිටාණන්ගේ පුත් වූ ධනඤ්ජය සිටාණන්ට දාව උන්ගේ අරඹේණියන් සුමනා දේවීන් කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් උපන්හ. විශාඛාවන් සත් හැවිරිදි අවස්ථාවෙහි බුදුහු හිරුරුස් ගැසී පිපෙන්ට තුබූ පියුම් සේ නිවන් දක්නට නිසි ව සිටි සෙල බ්රාිහ්මණාදීන් නිවන් දක්වනු පිණිස බොහෝ භික්ෂූන් වහන්සේ පිරිවරා අන්තොමණ්ඩල ය මධ්යාමණ්ඩල ය බාහ්යි මණ්ඩලය යන මණ්ඩල තුනින් එක් තරා මණ්ඩලයෙක සැරිසරා වඩනා සේක් භද්දිය නුවර ත් හේතුසම්පනයන් ඇති බැවින් ඊ පැමිණි සේක.



388 සද්ධර්මසරත්නාවලි ය

එ සමයෙහි ද වැළි ත් මැඩමහ සිටාණෝ මහ පිනැත්තන් පස් දෙනකු ගෙන් අනික් සතර දෙනාට තුමූ නායක ව සිටු කම් කෙරෙති. මහ පැනැති පස් දෙන නම්:- මේ මැඩ මහ සිටාණෝ තුමූ ය. උන් ගේ ම නායක අඹු වූ සඳපියුම් නම් දේවී ය. උන් ගේ ම පුත් වූ ධනඤ්ජය සිටාණෝ ය, උන් ගේ ඇඹේණියෝ සුමනා දේවී ය, හැම දෙනාට ම අයති වූ පුණ්ණ නම් කොල්ලණුවෝ ය යි මොහු පස් දෙන ය. තවත් බිම්සර රජ්ජුරුවන්ගේ විධාන පවත්නා රට ජෝතිය සිටාණෝ ය, ජටිල සිටාණෝ ය, පුණ්ණක සිටාණෝ ය. කාකවලිය සිටාණෝ ය’යි මහ සම්පත් ඇති සිටුවරු සතර දෙනෙක් ඇත. මැඩ මහ සිටාණන් ඇතුළු වූ මහ සම්පත් ඇත්තෝ පස් දෙන ය. ඉන් මැඩ මහ සිටාණෝ බුදුන් ‍තමන් හිඳිනා භද්දිය නුවරට වැඩි නියාව දැන තමන්ට මිණිබිරි වූ පුතණුවන්ට දූ වූ විශාඛාවන් වණවා ලා ‘මිණිබිරිනි, තොපට ත් අපට ත් මහා වැඩ ය. තොපගේ පිරිවර පන් සියයක් පමණ කුඩා කෙල්ලන් හා සමඟ රථ පන් සියයකට නැගී පූජාභාණ්ඩ ත් පිරිවර කෙල්ලන් ලවා ගෙන්වා ගෙන බුදුන්ට පෙර ගමන් කොට යව’යි කිවු ය. උයි ත් යහපතැ යි ගිවිස නික්ම විදුර කුඩා වුව ත් කැපීමේ අඩුවක් නැත්තා සේ මැණික කුඩා වුව ත් අගය මහත්සේ තමන් බාල වුව ත් නුවණ මහත් හෙයින් හා කාරණාකාරණ දන්නා හෙයින් බුදුන් පෙනෙන තැන් දක්වා රථයෙන් ගොසින් බුදුන් දැක රඡයෙන් බැස පියා ළඟට ගොසින් වැඳ ලා එකත් පස් ව සිටියහ. බාල ව සිටි කල පෙර මනට ප්රවසාදයක් දෙන්නා සේ අදහස් බලා බණ වදාළ සේක. ලෙඩ සන්සිදෙන්ට නිසි බෙහෙතක් පූ කල වහා ලෙඩින් ගොඩ නැගෙන්නා සේ බණ අසා සෝවාන් වී මෙන් බලවත් ලෙඩ තුනෙකින් ගොඩනැගී සසර භයින් මිඳුනාවු ය. කැටි ව ගිය කෙළි සුඟු පන් සියය ත් කැටි ව ම සෝවාන් ව නිවන් පුර වන්හ. මැඩ මහ සි‍ටාණෝ ද බුදුන් කරා ගොසින් බණ අසා සෝවාන් ව දෙවන දවසට ආරාධනා කොට ලා දෙවන දවස් තමන්ගේ ගෙයි දී බුදු පාමොක් සංඝයා වහන්සේ මධුරභාර ය වළඳවා ලා මෙ ම ලෙසින් දෙ පෝයක් මුළුල්ලෙහි මහදන් දුන්හ. බුදුහු ත් භද්දිය නුවර නිවන් දුට මනා වුන් නිවන් දැක නිමන තෙක් වැස ලා නුවරින් අනික් තැනකට වැඩ පී සේක.



51. විශාඛා වස්තුව 389 එ සමයෙහි ද වැළි ත් බිම්සර රජ්ජුරුවන්ගේ නැගණියන් කොසොල් රජ්ජුරුවන් කෙරේ හෙයිනුත් කොසොල් රජ්ජුරුවන්ගේ නැගණියන් බිම්සර රජ්ජුරුවන් කෙරේ හෙයිනු ත් එ ලෙසින් දෙන්න දෙ සුරුබඩුවෝ ය. කොසොල් රජ්ජුරුවෝ එක් දවසක් සිතන්නෝ බිම්සර රජ්ජුරුවන්ගේ රට මහා සම්පත් ඇති සිටුවරු ජොතිය ය. ජටිල ය. මෙණ්ඩක ය,පුණ්ණක ය, කාකවලිය යි පස් දෙනෙක් ඇත. මාගේ රට එ සේ වූ කෙණ කුත් නැත. බිම්සර මහ රජු ගෙන් ඉන් එක් කෙණකුන් ඉල්වා ගතිම් නම් යහපතැ’ යි සිතා රජගහ නුවරට ගොසින් බිම්සර මහ රජු ගෙන් සාද සාමීචි විඳ ගෙන ආ කටයුතු විචාළ කල්හි මුඹගේ විධාන පවත්නා රට සිටුවරු පස් දෙනෙක් ම ඇත. මාගේ රට සිටුවරුන් ගෙන් දෙවියන් නැති කෝවිල් සේ, පැන් නැති විල් සේ, ඵළ ජාති නැති ගස් සේ, වහස් දෑ නැති විහාර සේ, රජුන් නැති රට සේ සිස. එක් කෙ‍ණකුන් කැඳවා ගෙන යෙමී සිතා අයීමී. එක් කෙණකුන් මා හා කැටි ව එවුන්ට වුව මැනැවැ’යි කිවු ය. ‘දරු මුණුබුරු පරම්පරාවෙන් නො ගිල පැවත ආ කුල ය. වර්ගු පරම්පරාව ත් මහත. උන් හැම මුල් බැස හුන්නවුන් හෙයින් සොලවා ලන්ට බැරි ය’යි බැරි ම හෙයින් කිවු ය. ‘මහ කුලවල් සොලවා උගුළුවා ලන්ට ඔබ බැරි වී නම් නො ලදො ත් යන්ට මට ත් බරි ය’යි කොසොල් රජ්ජුරුවෝ කිවු ය. ‘මුඹ තත්පර වුව යි කුමක් කොට ලීය හැකි දැ’යි ඇමැත්තන් හා කථා කොට ජොතියාදී සිටුවරු පස් දෙනා උගුළුවා ලීම නම් පොළොව සොලවා ලන්ට බැරියා සේ බරි නියාව දැන මැඩ මහ සිටාණන්ගේ පුත් ධනඤ්ජය නම් සිටාණ කෙණෙක් ඇත. උන් හා කථා කොට ලා නිහඬ කියා ලිය හැක්කැ’යි උන් ගෙන්වා ලා ‘පුත කෝසල රජ්ජුරුවෝ තකා පතකා සිටාණ කෙ‍ණකුන් තමන් රට නිල කරන්ට කැඳවා ගෙසන යන්ට අවු ය. තෙපි උන් හා කැටි ව යව’යි කිවු ය. අප කෙ සේ පොහොසත් වුවත් රජ කරුවන් අයිති හෙයින් නො යන්ට පිළිවන් ද? වදාළ ‍කල ගිය මනා වේ දැ’යි කිවු ය. ‘තොප හැම ලඝු තරමුත් නො වන හෙයින් සිතා ලා යන්ට පිළිවන් ද? ගමන් සරහා ගනුව යි කිවු ය. උයි ත් ගමන් සරහා ගත්හ. රජ්ජුරුවෝ ද තමන්ගේ විධානයෙන් යන හෙයින් බොහෝ සංග්ර හ කොට ලා ‘අර්ථි ව ඉල්වන හෙයින් මුත් යවිය යුත්තෝ නො වෙති. මුන් කැඳවා ගෙන ගිය මැනැවැ’යි කොසොල්



390 සද්ධර්මැරත්නාවලි ය

රජ්ජුරුවන්ට පාවා දුන්හ. රජ්ජුරුවෝ උන් කැඳවා ගෙන උන් ම රැක හිඳ නැතක් දවස් පලා ගිය හෙයින් කල් යවන්ට බැරි වන්නා සේ එක් තැනෙක දෙ රැයක් නො ලැග වහා යන්නාහු එක් දවසක් රෑ වූ තැනක දී වාස ඵාසු තැනෙක නවාතැන් ගත්හ. ධනඤ්ජය සිටාණෝ ‘මේ බිම කවුරුන් සන්තක දැ යි විචාරා කො‍සොල් රජ්ජුරුවන් තමන් සත්තක තැන් නියා ව කී කල්හි ‘ සැවැත් නුවර කෙ තෙක් තැන් ඇද්දැ’යි විචාරා ‘අට විසි ගවුවක් විවර ඇතැ’යි කී කල්හි ‘අපගේ රැස් පිරිස් බොහෝ හෙයින් නුවරට කිට්ටුව ගිය කලට අඵාසු ය. දුර කලට ඵාසු ය’යි සිතාලා ‘රජ්ජුරුවන් වහන්ස, අභිප්රාැය ඇති සේක් වී නම් මෙ තැන ම රඳනු කැමැත්තම්හ’ යි කිවු ය. රජ්ජුරුවෝ ත් ‘යහපතැ’යි ගිවිස එ තැන නුවරක් ඉදි කරවා දී ලා නැගී ගියෝ ය. එ තැන සවස් වේලෙහි නවාතැන් ගත් හෙයින් ඉදි කළ නුවර ට ත් ‘සාකෙත කුවර ය ‘යි නම් තබා ලු ය. සැවත් නුවර ම ත් වැළි ත් මිගාර නම් සිටාණ කෙණෙක් ඇත. අන් ඇති ව සිටුවරුන් සොයා ගියේ හැයි ද යත ‍හොත්නම් පමණක් මුත් ජෝතියාදීන් තරමට උන් මහා ධන සිටු නො වන හෙයිනි. සිටුවරුන් ගෙන් රට සිස් නියා ව කීයේ ත් ධන සිටුවරුන් ගෙන් සිස් බව නියා ය. ඒ මිගාර සිටාණන්ගේ පූර්ණ් වර්ධන නම් සොළොස් හැවිරිදි පුතණු කෙණෙක් ඇත. දෙ මවු පියෝ ‘පුත, තොපට අභිප්රාසය තැනකින් සිටු දුවණි කෙ‍ණකුන් විචාරව’යි කිවු ය. ‘එ සේ වූ අවුලෙන් මට ප්රළයෝජන නැතැ’යි නො කැමති වූ ය. ‘පුත. එ සේ නො කර ව, දරුවන් නැති කල වර්ගප පරම්පරා ව නො පවත්ති. ජාති සරි තැනකින් විචාරා ගෙනෙව’යි කිවු ය. දෙ වු පියන්ගෙන් විධාන බොහෝ වත් බැරි ලෙසක්කියා ලූ කලට කන්සන් නැති වෙයි සිතා ‘එ‍ සේ වී නම් රන් පර්වවත මුඳුනෙකින් හුණු කළු ගඟක් මෙන් දෝ හෝ නො හොත් මුඛපද්මෙයෙහි ශෝභා කිඤ්ජල්ක ය නිසා අවු ත් රැස් වූ බමර වැලක් වැනි ව නිල් වූ උනා හෙළා ලූ කලට විළුඹ දක්වා හී ලා මිබ නො ගෑවී අක් බඹුරු ව තිබෙන හිස කේ ඇති, නැවත රූප නැමැති සාගරයෙහි ගමන් ගත් පබළුම ය නැව් සඟලක් වැනි වූ තොල් සඟලක් ඇති, තව ද පබළු දළුවෙක හිඳුවා ලූ වීදුරු පෙළක් වැනි වූ‍ දෝ හෝ නොහොත් චනද්රපයාගේ සොළොස් කලාවෙන් සොළොන් වන කලාව දන්තශ්රෙ‍ණිව්යා ජයෙන් මුඛ ප්ර විෂ්ට වූ වා සේ ඉතා ශොභාවත් වූ දත් ඇති, තව ද කැළියෝ වී නම් නිල් මහනෙල්


51. විශාඛා වස්තුව 391

මලක ජවියක් සේ ඡවි ඇති, හොළිල්ලෝ වී නම් කිණිහිරිපෙත්තක ඡවියක් සේ තල කැළල් ආදී න් මුසු නො වන ඡවි සමෘර්ධියක් ඇති, දරු දස දෙනකු ලද ත් හැම කල ම සොළොස් හැවිරිදි කෙ‍ණකුන් තරමේ ම සිටිනා වූ කෙණෙක් සම්භ වූ නම් එ සේ වූ කෙණකුන් කෙරේ අභිප්රාරය ඇත්තෙමි’යි කී කල්හි. දෙමවුපියෝ අටෝරාසියක් බමුණන් ගෙන්වා ගෙන කිරිබත් අනුභව කරවා ලා මුන් කියා ලූ තරම් ස්ත්රීගහු මිනිස් ලොව වෙසෙත් දැ’යි විචාරා තමනුත් නුදුටු විරූ හෙයින් වේදශාස්ත්ර් බලා ‘වෙසෙති’ කී කල්හි ‘එ සේ නම් එසේ වූ කෙණකුන් විමසා ගෙනෙන්ට වුව මැනැව’යි අටෝරාසියෙන් අට දෙනකු තෝරා ලා බොහෝ වස්තු දී ලා ඒ සේ වූ කෙණකුන් ලදින් අවු නම් ආ කලත් බොහෝ සංග්රහහ කරම්හ’යි කියා ලා එ සේ වූ කෙණකුන් දුටු කල බත් බුලත් කවන ලෙසට තෙලේ පළඳවා ලව’යි ලක්ෂ යක් වටනා රන් මාලාවක් දී ලා යැවූහ. උයි ත් ප්රෙසිද්ධ ප්ර සිද්ධ නුවරවලට ගොසින් විමසා ත් එ සේ වූ කෙ‍ණකුන් නො දැක නැවත පෙරළා එන්නාහු කවුරුනු ත් එළි බස්නා ‍නකත් කෙළි දවසෙක සාකේත නුවරට අවුත් වැද ‘අද අප ආ කටයුත්ත සමෘද්ධ වන්නැ’යි සිතූහ. එ නුවර ද වැළි ති අවුරුදු පතා ඒ උත්සව ය පවත්තී. එ කල හිර සඳ නො හැඳින හින්නවුන් සහපිරිවරින් ගෙන් නික්ම නො සැංගී නො පැට වී පයින් ම ගං බඩට යෙති. එ දවස් රජ- බමුණු - වෙළෙඳ - ගොවි ආදී ප්රපසිද්ධයන්ගේ දරුවෝ ‘තම තමන් හා සරි සමාන කුල දැරියන් දැක මල් දමා ලා නිල කොට ගනුම්හ’යි මඟ ඒ ඒ තැන සිටිනාහ. බමුණෝ අට දෙන ත් ගඟ බඩ එක් ශාලාවකට වැඳ ලා සිටි යෝ ය. ඒ වේලාවට සොළොස් හැවිරිදි වයස් නමැති සොළොස් කලාවෙන් පිරුණා වූ විශාඛා නමැති පුන් සඳ ද ආභරණ නමැති රශ්මීන් යුක්ත ව පන් සියයක් කුමාරිකා නමැති තරු කැළ පිරිවරා ගඟට ගොස් නා පියමි යි ගං බඩට ගියහ. එ වේලාවට ම වැස් සෙක් නඟා ලා වස්නට පටන් ගත. පන් සියයක් කුමාරියෝ වහා දිවගෙන ගොසින් ශාලාවට වන්හ. ශාලාවේ හුන් බමුණෝ බලා ඉන් එක් කෙ‍ණකුනු ත් සිටු පුත්රගයාණන් කියා ලූ තරම් ඇති නියාවක් නො දැක තවත් එන කෙණකුන් බල බලා හුන්හ. එ කල විශා‍ඛාවෝ ද සසරින් නික්මෙන්නට ඉක්මන් බවක් මුත් නිකම් ගමනේ ඉක්මනක් නැති හෙයින් සෙමෙන් සිට ම ශාලාවට වන්හ. ඒ දැක බමුණෝ ‘අනේ, දරුවෝ මැළි කෙණෙක.


392 සද්ධර්මකරත්නාවලි ය

මෙ සේ වූවන් රක්ෂාග කළ කෙ‍ණකුන්ට කාඩි පමණකු ත් සම්බ නොවෙ’යි කීහ. එ කල විශාඛාවෝ කුමක් කියවුදැ’යි විචාරා උන් කළ කථාව කී කල්හි ‘කවර කාරණයකින් එ සේ කියවුදැ’යි විචාළහ. එ බසට බමුණෝ කියන්නාහු “මුඹගේ පිරිවර කුමාරිකාවෝ හැම දෙන ම තෙමී ශාලාවට දිව ගත්හ. මුඹ වහා එක පමණකුත් නැති ව තෙමී ගෙන ආ දැය. එ සේ හෙයින් මෙ සේ කිය කියා උනුම්හ’යි කීහ. ‘එ සේ එක විටෙක ත් නොකිව මැනව. දිවගෙන එත ත් මම උන්ට වඩා බල ඇත්තෙමි. කාරණයක් තකා දිව ගෙන නො ආමි’යි කිවු ය. ‘කාරණ ය කවරේදැ’යි විචාළ කල්හි ‘සතර පක්ෂමයක ඇත්තෝ දිවෙන කල නො හොබිති. අනිකු ත් කාරණ යෙක් ඇතැ’යි කිවු ය. ‘දිවෙන කල නොහොබිනා සතර පක්ෂුය කවුරුදැ’යි බමුණෝ විචාළෝ ය. ‘එතරමකු ත් මු ඹ හැම නො දත් බැවින් නිව මනා වේ ද? ඔටුනු පළන් රජ්ජුරුවෝ සව් බරණ ලා සැරහී ගෙන අමුඩක් ගොතා පියා ‍දිවෙත් නම් ඉතා නො හොබිති. ‘මෙ රජ ගොවියකු මෙන් දිවෙ’යි කියා දුටුවන්ගෙන් නින්දාබ ලැබෙති. සෙමෙන් සිට යෙත් නම් හොබිති. රජ්ජුරුවන්ගේ මඟුලැතා ත් ආභරණ ලා සරහන ලද්දේ දිවේ නම් නො හොබී. හස්ත ලීලායෙන් සෙමෙන් සිට යන්නේ ම හොබී. තපස්වීවරු ත් සමාහිත ව යන ගමන් හැර දිවෙත් නම් නො හොබිති. දුටු යම් කෙ‍ණකුන්ගෙන් ම “ශ්ර මණ ලීලා නැති ව ගිහින් පරිද්දෙන් දිවෙති’යි නින්දා ලැබෙති. සෙමෙන් සිට යෙත් නම් හොබිති. මුන් හැමට ත් වඩා ගෑනු මිනිස්සු දිවෙත් නම් ඉතා නො හොබිති කිමෙක් ද? මෝ පිරිමියකු මෙන් ගෑනු ලීලාවක් නැති ව දිවෙ’යි කියා නින්දා ලැබෙති. සෙමෙන් සිට යෙත් නම් හොබිති. ගෑණුන්ට නො හොබනා දෙය කරන්නේ කෙසේ දැ යි කියා වහා නො ආයෙමි’ කිවු ය. බමුණෝ ඒ අසා ‘පුත, එ වන්නා ඒ කාරණ ය ගිවිස්සම්හ. අනික් කාරණ කවරේ දැ’යි මඳ බණක් අසන්ට සිතා ත් බණ කියා ලන නියා යහපත් හෙයින් බොහෝ කොට බණ අසන්නා සේ දත් පෙළ දක්නා තරමට යම් තම් කථාවක් කරුණු කැමති බමුණෝ කථා කරණ නියාව යහපත් හෙයින් අනික් කාරණය ත් විචාළෝ ය. ‘මවු පියෝ දුන් වඩනා කල වදා පියා හූරන් සේ හැර නො පියති. අත පය හඹා, කන් නාසා හඹා උන්ගේ ත් ප්රරයෝජන විඳ ගන්නා සෙයින් කෙරෙති. අපි නම් විකිණී බඩුවක් හා සරියම්හ. විකිණී බඩුවක් මැසී තුබුවො ත් විකපත වන


51. විශාඛා වස්තුව 393

බව මුත් යම් කිසි ලෙසකින් නපුරු වී නම් විකපත් නො වෙ යි. අපි ත් තෙමෙන්ට මැළි ව දිව වැටී හුණුමෝ නම් අත හෝ කොර වෙයි. පය හෝ කොර වෙයි. එ සේ කලට සරණ ගෙණ යන කෙ‍ණකුන් නැති ව දෙ මවු - පියන්ට ම භාර වම්හ. තෙමී ගිය යි වන හානි කවරේ ද? ගෙට ගිය කල තෙමී ගිය පිළිවනා පියන්නා වියළී යෙයි. ආභරණ ත් ගළවා තබා පියන්නා හිණි ගැනි යෙයි. මේ හැම සලකා වහා නො ආයෙමි’යි කිවු ය. බමුණෝ උන් කථා කරණ වේලේ සක්පත් සඟළක් වැනි ඉතා ශොභාමත් වූ දත් පන්ති දැක “මෙ සේ වූ රූප ශොභාව මුඹට ම තරමැ’යි කියා ලා ගෙන ගිය රන් මාළාව කර පළදවා ලූහ. මාලාව පළඳවා ලූ ලෙසින් ම එක් තැනකට විචාළ නියා ව දැන ගෙන ‘කවර නුවරක සිට ද ‍ආවෝ ‘යි විචාරා ‘සැවත් නුවර සිට ය’ යි කී කල්හි විචාරා එවූ සිටු පුත්ර යාණන්ගේ පියාණෝ කී නම් දැ’යි විචාරා මිගාර සිටාණෝ ය යි කී කල්හි, සිටු පුත්රායාණන්ගේ නමත් විචාරා පූර්ණ’වර්ධන කුමාරයෝ ය යි කී කල්හි ජාති සරි නියාව දැන ඉවසා එන කල පයින් ආව ත් යන කල නැගීගෙන යන්ට රථ එවුව මැනැ වැ යි පියාණන්ට කියා යවු ය. යන කල රථයෙන් යන්ට කාරණා කවරේදැ යි යතහොත් පරිග්රවහ ය නිසා මාලාව පළඳවා ලූ තැන් පටන් පයින් ගමන බැරි හෙයින් පොහොසතුන්ගේ දරුවෝ ඉදෝළි - කුනම් රථ ආදී වූ යාන වාහනයෙන් යෙති. එක තරම් වූ කඩයක් හෝ තල් වැටක් හෝ ඉසට කෙට ගෙන යෙති. එයි ත් නැත්නම් හැඳගත් කඩින් පටක් හැඳගෙන පටකින් දසරුව වසාගෙන යෙති. විශාඛාවන්ගේ පියාණෝ පන් සියයක් රථ එවාලූ ය. විශාඛා වෝ ද සහ පිරිවරින් රථවලට නැඟිලා ගියහ. බ්රා.හ්මණයෝ අට දෙන ත් කැටිව ම ගියහ. සිටාණෝ ත් දුවණියන් පළන් මාළාව දැක දැන ගෙන බමුණන් අතින් කොයි සිට ආවු දැයි විචාරා සැවැත් නුවර සිට ය යි කී කල්හි සිටාණන්ගේත්සිටු පුත්රවයාණන්ගේ ත් නම් විචාරා, පියාණන් මිගාර සිටාණන් නියා ත් පුතණුවන් පූර්ණවවර්ධන නම් නියා ත් අසා වස්තු කෙතෙකට ඇද්ද යි විචාළහ. සතළිස් කෙළෙකැ යි කී කල්හි අපගේ සම්පත් තරමට මහමෙර ළඟ හබ ඇටක් තබා ලූවා සේ සම්පත් ඉතා ම මඳ සිටු කුලයක් බැවින් රන් මාලාවකුත් පළඳවා ලූ පසු සෙස්සෙන් කිම් කිම්දැ’යි ඉවසා පූහ. ධනඤ්ජය සිටාණෝ ද මෙහෙවර ගිය බමුණන්ට සාද කොට එක් දෙ දවසක් රඳවා ලා යවාපූහ.



394 සද්ධර්ම රත්නාවලි ය

උයි ත් සැවත් නුවරට ගොසින් යම් තරම් කෙ‍ණකුත් විමසන්ට යවු නම් එ තරම් ම කෙ‍ණකුන් නිලකළ නියා ව මිගාර සිටාණන්ට කීහ. මිගාර සිටාණොත් කවුරුන්ගේ දරු කෙණෙක් දැ යි විචාර ධනඤ්ජය සිටාණන්ගේ දුවණියන් නියාව කී කල්හි ‘එ තරමුන්ගේ දරුවෝ රූ නැත ත් පින් ඇත්තෝ ය. වහා ගෙන වුවමනා වේ දැ’යි සරණ ගෙනෙන්ට ඔබ යන නියාව නොසොල් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ ඒ අසා බිම්සර රජ්ජුරුවන්ගෙන් උන් ලදින් කැඳනා ගෙන අවුත් එ තැන රඳවා ලූයෙම් මම් ම ය. මම ත් එමී’ කිවු ය. උයි ත් යහපතැ යි ගිවිස ධනඤ්ඩය සිටාණන්ට කියා යවන්නෝ - අප ඔබ එන කළ රජ්ජුරුවන් වහන්සේ ත් වඩනා සේක. රජ සෙනඟ ත් මහත. මේ තෙක් දෙනාට බත් දෙන්ට පිළිවන් වූ වො ත් කියා එවන බව ය’යි කියා යවූහ. ධනඤ්ජය සිටාණෝ සම්පතට ත් වඩා සිත ත් උදාරතර හෙයින් ‘එක රජ්ජුරු කෙණකුන් තබා රජ කරුවන් දස දෙනකු වුව ත් අමුතු ව අවුත් මෙ තැන රඳා හුන්නැ යි නො සිතා කැඳවා ගෙන අව මැනැවැ’යි කියා යවු ය. මිගාර සිටාණෝ ද ඒ සා මහත් නුවර ගෙවල් දොරවල් බලන පමණක් මිනිසුන් රඳවා ලා සෙසු සත් කෙළක් විතර මිනිසුන් කැඳවා ගෙන ගොසින් සාකෙත නුවරට දෙ ගවුවක් පමණේ සිට රජ්ජුරුවනු ත් තමනු ත් ආ නියාව කියා යවුහ. ධනඤ්ජය සිටාණෝ රජ්ජුරුවන්ට ත් සිටාණන්ට ත් පඬුරු යවා ලා දුවණියන් විශාඛාවන්ට කියන්නෝ ‘පුත, තොපගේ මයිලණුවෝ කොසොල් රජ්ජුරුවන් වහන්සේ ත් කැඳවා ගෙන අවු ය. තොපගේ මයිලණුවන්ට නවාතැනට කවර ගෙයක් නිලකරමෝ ද? රජ්ජුරුවන් වහන්සේට කවර ගෙයක් නිල ‍කරමෝ ද? යුව රජ්ජුරුවන්ට කවර ගෙයක් නිල කරමෝ ද? සෙනෙවි රදුන්ට කවර ගෙයක් නිල කර‍මෝ ද? ලඞ්කා අධිකාර - දෙමළ අධිකාර මුදල් පත් ආදී වූ ඒ ඒ දෙනාට කවර ගෙවල් නිල කරමෝදැ’ යි විචාළෝ ය. කප් ලක්ෂුයක් පිරූ පෙරුම් ඇති විදුරු සේ සියුම් නුවණ ඇති සිටු දුවණියෝ ‘අසවල් ගෙය අප ගේ මයිලණුවන් වහන්සේට නිල කළ මැනැව. අසවල් මාළිගාව රජ්ජුරුවන් වහන්සේට නිල කළ මැනව. යුව රජ - සෙනෙවිරත් ආදීන්ට මේ මේ ගෙවල් නිල කල මැනැවැ’යි සියලු ගෙවල් ම නිල කරවා ලා කර්මාමන්ත කරන්නවුන් බණවා ලා ‘රජ්ජුරුවන් වහන්සේට කළ මනා මෙහෙවර මෙතෙක් දෙන කරව, යුව රජ - ඇමැති ආදීන්ට කළ මනා


 51. විශාඛා වස්තුව 	     	    		395

මෙහෙවර මෙ තෙක් දෙන කරව’යි විධාන කොට ලා ඇති ගොවු අස් ගොව් ආදී වු සියල්ලෝ ම ‘විශාඛාවන්ගේ සරණ මඟුලට ‍ගොසිනු ත් ඇත් අස් ආදීන් ම රැක ඇවිදි බව මුත් අප මඟුල වුන් සැප කවරේදැ’ යි කිය ත් නමුත් එ සේ ත් නො කියවා ඇතුන් බැලීම් ආදිය ත් මෙ තැන රඳා හිඳිනා තෙක් දවස් තෙපි ම කරව’යි තමන්ගේ මිනිසුන්ට ම විධාන කළහ. එ දවස් ම විශාඛාවන්ගේ පියාණෝ දුවණියන්ට මහ ලිය පළඳනාව කරවනු පිණිස කර්මා්න්තයෙහි දක්ෂම බඩාල් පන් සියයක් ගෙන්වා ගෙන ශුද්ධ රත්රන් පස් විසි දහසක් හා හුයින් කළමනා මෙවෙහර රිදියෙන් කරණ ලෙසට රිදී ත් මැණික් සතළිස් නැළියකු ත් විදුරු සතර නැළියකු ති දෙවා ලූහ. බඩාල්ලු ත් කර්මාමන්තයට පටන් ගත්හ. රජ්ජු‍රුවෝ දවස් ගණනක් රඳා ලා ධනඤ්ජය සිටාණන්ට කියා යවන්නෝ ‘අප මෙ තෙක් දෙනා හෙයින් කල් යවා රැඳුණු කලට තමන්ට ම ආයාස ය. සිටු පුත්රායාට දුවණියන් පාවා දෙවා ගමන උදව් කරවුව මැනැවැ’යි මෙහෙවර කියා යවු ය. සිටාණෝ ඒ අසා රජ්ජුරුවන්ටව කියා යවන්නෝ ‘දැන් මේ වැසි කල ය. වැසි මස හෙයින් මේ සාර මස ගමන් බැරි ය. කැටි ව ආ රැස් පිරිස් නම් සත් කෙළක් විතර වේ ද? උන්ට වුව මනා සියල්ලෙක් ඇති නම් මට භාර ය. මා දන්වා ලූ විටෙක වඩනා බව ය’යි තමන්ගේ ප්ර්භුශක්ති තෙල තරමිනුත් හැඟවූ ය. එ වක් පටන් සාකේත නුවර නිරන්තරයෙන් ම මඟුල් ගෙයක් මෙන් සැරහී සිට්ටී. වෙන වෙන ම තම තමන්ට කරණ සාදයක් සේ සිතන ලෙසට බත් දෙවන්ට පටන් ගත්හ. මෙ ලෙසින් තුන් මසක් පලා ගියේය. පලඳනාවේ කර්මාෙන්ත ත් විශාඛාවන් කළ පින් බොහෝවා සේ ම බොහෝ හෙයින් නොනිමෙයි. බත් මාළු ඉඳි කරවා දෙන්නෝ ද අවුත් සිටාණන්ට වී සාල් ආදී වූ සෙස්සෙන් අඩුවෙක් නැත. බත් මාළු පිසින්ට දර නැතැ’යි කිවු ය. ‘තෙල විතරකින් බත් නො දෙන්ට පිළිවන් ද? මෙ නුවර මාළු ඇත් හල්, අස් හල් ද, මාළු ගෙවල් ද, බිඳ දර හැර ගෙන බත් පිසවා දෙව’යි විධාන කොළෝ ය. එ සේ ත් කරන්නවුන්ට ‍දෙ පෝයක් ගියේ ය. නැවත ත් ගොසින් දර මුට්ටු නියාවක් ම කිවු ය. ‘ඝන වැසි හෙයින් දර සොයා දුර යන්ට ත් බැරි ය.




396 සද්ධර්මාරත්නාවලි ය

බත් නො දෙන්ට ත් බැරි ය. පිළී පත්තායම්වල යතුරු හැර දළ දළ පිළි හැර ගෙන වැටි කොට පියා තෙල් සැළවල ගලා දරට මොළවා බත් මාළු උදව’යි විධාන කළහ. එ ලෙස ත් කරන්න වුන් දෙ පෝයක් විතර ගොසින් සාර මස නිමිණ. පළඳනාවත් කොට නිමියේ ය. ඒ පළඳනාවෙහි හියින් කර්මා න්ත නො කළහ. හුයින් කළ මනා කර්මාසන්ත රිදී කෙන්දෙන් ම කළහ. ඒ ආභරණය ත් පළන් කල ඉස්මුදුනේ පටන් පිටි පත්ල ගසා ස්ට්ටී. ඒ ඒ තැන ගැට මනාලෙසට මුඳ ත් යොදා කළහ. ගන්වා ගන කොකු රත්රන් මය ය. ම ළ රිදීම ය ය. ඉස් මුදුනෙහි දී කොක්කක් හා මළෙක. කන් සිළු දෙක කෙරේදී දෙකක. ගලවළුව කෙරේදී එකෙක. දසරුවේදී දෙකෙක. වැළමිටි දෙක කෙරේදී දෙකෙක. උකුළු කෙරේදී දෙකෙක. එ තැන් පටන් පාත ප්ර යෝජන නැති හෙයින් නැත. ඒ පළඳනායෙහි මුඳන නටන මොනරකු කළහ. ඔහුග් දකුණු පියායෙහි රත්රන්මය වූ තඹවන් පත් පන් සියයෙක. වම් පියායෙහි ත් එ සේ ම රන් මුවා තඹවන් පත් පන් සියයෙක. තුඩ පබළුමුවා ය. ඇස් නිල්මිණිමුවා ය. ග්රීළවය ත් පිලු ත් එ සේ ම නිල් මිණිමුවා ය. තඹවන් තටු රිදීමුවා ය. පා සඟල ත් එ සේ ම රිදීමුවා ය. ආභරණ ය පළන් කලට විශාඛාවන්ගේ ඉස් මුදුනෙහි පෙනෙන මොනරා රන් ගල් මුදුනෙක නටන මොනරකු මෙන් පෙනෙයි. තඹවන් තටු දහසේ හඬ දිව්ය ගීතිකා ‍නාදයක් මෙන් ද පසඟතුරු හඬක් මෙන් ද ඇසෙයි. ළඟට ගිය කෙණෙක් ම ඌ ජීව මොනර නො වන නියාව දනිති. පළඳනාව රන් අගයෙන් නව කෙළක් අග්ගි. කළ මිල ලක්ෂතයක් දුන්හ. විශාඛාවෝ ඒ පළඳනාව කුමන පිනක් කොට ලද් ලූ ද යත් ඌ තුමූ කසුප් බුදුන් සමයෙහි විසි දහසක් රහතන්ට සිවුරට පිළි දන් දී ලා ගෙත්තම් කරන්ට හූ ඉදිකටු ත් දුන්හ. කොට නිමි සිවුරු රඳන්ට විටියල ත් තමන් ගෙන් ම පසුන්හ. එහි අන්සසින් මේ මහලිය පළඳනා ව ලත්හ. ගෑණු ව යම් කෙණෙක් අට පිරිකර දන් දුන්නු නම් මෙහෙල පළඳනාවෙන් ලෞකික සැපත් මුඳුන් පමුණු ව යි. පිරිමි ව දුන් අට පිරිකරෙහි විපාක බුදු කෙණෙකුන් වහන්සේ කරා පැමිණ ‘මහණෙනි, මෙ සේ එව’යි වදාළ බස් පමණින් ම පළන් ආභරණ හා හන් පිළි අතුරධන් ව ඍද්ධමය වූ තුන් සිවුරු පාත්ර පහළ වීමෙන් මුදුන් පමුණුවයි.



51. විශාඛා වස්තුව 397

සිටාණෝ ද සාර මසක් විතරින් මඟුල් පෙරහර සරහා ලා දුවණියන්ට දායාද දෙන තැනැත්තෝ ගැල් පන් සියයෙක පුරා මසුරන් දුන්හ. රන් තළි රන් මණ්ඩා රන් මුණ්ඩම් ආදී වූ රන් වළන්වලින් පුරා ගැල් පන් සියයක් දුන්හ. රිදී තළි රිදී මණ්ඩා රිදී මුණ්ඩම් ආදි වූ රිදී වළන් පුරා ගැල් පන් සියයක් දුන්හ. තඹ සැළ කඹ ක‍ටාර ආදී වූ තඹ වළන් හා ලෝකඩ තළි මණ්ඩා මුණ්ඩම් ආදී වු ලෝ වළන් පිරුනු ගැල් පන් සියයක් දුන්හ. සළු ‍සොළී පිළී ආදී වූ නො එක් පිළියෙන් පිරුණු ගැල් පන් සියයකු ත් දුන්හ. ගිතෙල් තල තෙල් ආදී වූ තෙල් කළවලින් හා තෙල් සැල වලින් පිරුණු ගැල් පන් සියයක් දුන්හ. හැල් සාල් පිරූ ගැල් පන්සියයකු ත් දුන්හ. කැති හුදලු වෑ පොරෝ නියන් ආදී වූ යහාවුද ත් පිරූ ගැල් පන් සියයකු ත් දුන්හ. නඟුල් විය දඬු ආදී වූ සියල්ල ත් ගිය තැන ගෙවලට ඉල්වා නො යවුව මනා වේ දැ’යි එ පමණකු ත් දෙවූහ. උන් ගිය තැන නාවා ඉස් සෝධ වා පිරිමැසුව මනා වේදැ’යි පා මුඳු පාඩගම් නුරුවලා ආදී වූ ආභරණ ලා සැරහුණු කම්මිත්තන් එ කි එකී රථයේ තුන් දෙනා එබාදීන් කම්මිත්තන් යෙළ දාසකු ත් පාවා දුන්හ. ඉක් බිත්තෙන් සරක් දායාද දෙන සිටාණෝ මිනිසුන්ට විධාන කොට ‘කුඩා ගොවුදේ හිදි හැර ලා ගෙරි සරක් සැලසි සිටි විතර දන්නා පිණිස දිගින් තුන් ගවුවෙක. ගවුවකට බෙරක් ඔබාදීන් බෙර තුනක් අල්වා ගෙන සිටුව. පළලින් සම රියනින් එක් සිය සතළිස් රියනක් දිගින් තුන් ගවුවෙක. අතුරු හැර ලා දේවනාත බෙර අල්වා ගෙන සිටුව. දිගින් තුන් ‍ගවුව ගොසින් පිරෙන තෙක් නො නවතව. පළලින් එක් සිය සතළිස් රියනින් වඩා යා නො දෙව. දිගින් තුන් ගවුව හා පළලින් එක් සිය සතළිස් රියන පිරුණු කල ගොවුද ඉදි ලව’යි විධාන කොට ලා එ ලෙස ම කළ කල්හි එ තෙක් තැන් පිරුණු ගෙරි සරක් දායාද කොට දුන්හ. විශාඛාවන්ගේ කුශලානුභාවයෙන් රකිනා මිනිසුන් නැවතුව ත් ඉදිවරු පැන ගෙන සැට දහසක් දෙනුනු හා සැට දහසක් ගොනුන් පැන වැගුරුණාවු ය. නවත් ව නවත්වා ත් එක් ලක්ෂ් විසි දහසක් ගෙරි පැන වැගි‍රෙන්ට කළ පින් කවරේ ද යත් වළක් ව වළක්වා ත් දුන් දනෙහි විපාකයෙන. විශාඛාවෝ වැළිත් කසුප් බුදුන් නමයෙහි කිකී නම් රජ්ජුරුවන්ගේ දූන් සත්‍ දෙනා ගෙන් හැම දෙනාට බාල සඞ්ඝදාසි නම් ව විසි දහසක් දෙනා



398 සද්ධර්මඝරත්නාවලි ය

වහන්සේට පස් ගෝ රස දන් දුන්නාහු වළක් ව වළක්වා ම දන් දුන්හ. ඊ අමුඛ්යට විපාකයෙන් ගෙරි සරකු ත් නවත් ව නවත්වාම පැන වැගුරුණාහු ය. සිටාණන් මෙ තෙක් දායාද දුන් කල්හි සිටු දියණියෝ මුඹ වන්නා සම්පත් මුඛ්යෙ ව ඇති හෙයින් මෙ තෙක් දෑ දුන්නේ වේ ද? ගිය තැන තුමූ තමන්ට මෙහෙ කොට ගෙන කත් ද? කෙලී කොල්ලන් නුදුන්නේ හැයි දැ’යි විචාළෝ ය. ඒ අසා සිටාණෝ නො දෙන නියා නො වෙයි. හිත පක්ෂයයන් දන්නා පිණිස ය. මම උන් ලා කැටි ව නො යන කෙණකුන් බලයෙනු ත් නො යවමි. යන කෙණකුන් රඳවන්නෙ ත් නැත. මුන් නික්මුණු කල මුන් හා කැටි ව යනු කැමති කෙණකුන් ගිය මැනවැ යි විධාන කොටලමි. යනු කැමැති කෙණෙක් එක බසින් ම නික්මෙති. උන් හිත පක්ෂම නියාව දැනෙයි. යමෙක් එ සේ කියා ත් නො ගියවූ නම් උන් අභිත අපක්ෂො නියාව දැනෙයි. අහිතයන් අපක්ෂයයන් යවා ත් ප්ර යෝජන නැති බැවින් මුන් මුන් දෙමි’යි නියමයක් නො කළ නියාව කිවු ය. කියා ලා සෙට වෙනි දවස් සරණ නික්මෙති යන කලට ම අද දවස් ම ගබඩවලට කැඳවා ලා ‘හෙම්බා පුත, සරණ ගොසින් රැකෙන්නවුන් විසින් මෙ ම ලෙස කළ මැනැවැ’යි දුවණියන්ට මාලු කම් කිවු ය. මිගාර සිටාණෝ ද ආසන්න ගබඩාවෙක හුන් තැනැත්තෝ ධනඤ්ජය සිටාණන් දුවණියනට කියන මාලු කම් ඇසූහ. උයි ත් අවවා ද කරණ තැනැත්තෝ ‘පුත, නැඳිමයින්ගේ ගෙයි රඳා හිඳිනා කල නම් ඇතුළෙන් ගිනි පිටතට ත් නො දිය යුත්තේ ය. පිටතින් ගිනි ඇතුළටත් නො ගත යුත්තේ ය. දෙන්නවුන්ට ම දිය යුත්තේ ය. නො දෙන්නවුන්ට නො දිය යුත්තේ ය. දෙන්නවුන්ට ත් නොදෙන්නවුන්ටත් දිය යුත්තේය. සුවයෙන් හින්ද යුතු ය. සුව‍ සේ අනුභව කට යුතු ය. සුව සේ වැද හොත යුතු ය. ගිනි පිරිමැසි ය යුතුය. ඇතුළත දෙවියෝ වැන්ද යුත්තාහු ය’යි මේ මාලු කම් දස ය කියා ලා දෙ වන දවස් කැටි ව යන්නවුන් රැස් කරවා රාජ පර්ෂදද් මාධයයෙහි කෙලෙඹි පුත්රෙයන් අට දෙනෙකුට - ‘ඉදින් ගිය තැන නුවණින් මුහුකුරා සිටිය ත් වයසින් බාල කරුවන්ගේ වරකෙද් පෙණිනි. නම්තු තොප අට දෙනා ඒ විචාරන්නට වුව මැනැවැ’යි කියා ලා නව කෙලක් අගනා මහලිය පලඳනා වෙන් දුවණියන් සරහා ලා ඇඟ උලන්ට කසා



51. විශාඛා වස්තුව 399

සුණු හැර ගන්නා පිණිස සිවු පනස් කෙළක් වස්තු දෙවා ලා විශාඛාවන් සැවැත් නුවරට යන්ට රථයට නැඟි කලට සාකෙත නුවර තමන් සන්තක මහතින් ලක්දිව අනුරාධපුර නුවර ස බත්ගම් තුදු සේ හිඳිනා පරිවාරයට ම දුන් හා කැටි ව යනු කැමැති කෙණකුන් ගිය මැනැවැ’යි විධාන කළහ. ඔහු හැම දෙන ඒ අසා සිටාණන්ගේ විධානයට ත් වඩා විශාඛාවන්ගේ කුශල කර්මට විධාන ය බලවත් හෙයින් ආදී ම යනු කැමැත්තාහු ගම් තුදුසෙහි කිසි කෙණෙකුන් නො රඳා නික්මුණවූ ය. පිනි කම් කරණ කල සමාදන් කැර වූ නියාවට තව ඌ බොහෝ නොවෙති. ධනඤ්ජය සිටාණෝ ද කොසොල් රජ්ජුරුවන්ට හා මිගාර සිටාණන්ට ආදී නොක සේ ම සත්කාර සම්මාන කොට මඳ තැනක් පසු ගමන් කො‍ට ගොසින් දුවණියන් නික්මවා ලා තුමූ රැඳණවුය. මිගාර සිටාණෝ ද හැමට පස්සේ යන්නෝ රැසක් පිරිසක් සේ පස්සෙහි එන බොහෝ දෙන් දැක ‘මූ හැම කවුරු දැ යි විචාරා ‘යේළණියන්දැ‍ගේ දායාද වහලැ’යි කී කල්හි කළ පින් ලෙසට සම්භව වූ පටු අදහස් හෙයින් ‘මෙ තෙක් කෙනාට බත් ‍කොයින් ද? මරා තළා රඳවව. අර්ථි ව එන කෙණකුන්ට එන්ට ය’යි විධාන කළහ. යම් සේ රජ දරුවෝ කෙතෙක් රට ලද ත් බොහෝ ය යි නො සිතත් ද, මුහුද කප මුළුන්ලෙහි කෙතෙක් ගං වන ත් උතුරුවා නො පියා ද, ගිනි කෙතෙක් දර වුව ත් නො හරී ද එ මෙන් විශාඛාවෝ ත් තමන් උදාරතර අදහස් ඇති බැවින් ‘උන් නො වළකව. සොයා උපයා වුව ත් බැළ මේ කොට ආයු පමණින් ජීවත් වුවමනා හෙයින් තුමූ ම තමනුට බත් සොයා ගනිති’ කිවු ය. එ සේ කීව ත් මිගාර සිටාණෝ ‘යේළිනි, මෙ තෙක් දෙනා ගෙන් ප්රයයෝජන නැත. තෙපි තත්පර නොව’යි කියා ලා නො රඳන හෙයින් මරා තළා රඳවා පියා තමන් අදහස් විතරක් කැඳවා ගෙන නික්මුණවු ය. විශා‍ඛාවෝ සැවැත් නුවර වාසල කරා ගිය කලට දෝළි කුනම් ආදී වූ වහනයෙන් යෙම් දෝ හෝ නොහොත් රථයෙන් යෙම් දෝ හෝ යි සිතුහ. ‘ඉදින් දෝළි ආදියෙන් යෙම් නම් මහලිය පළඳනාවේ බලවත නුවර වැස්සන්ට පෙනෙන්නට නැතැ’යි අධිගත ගුණ විශෙෂ ය හඟවන්ට මැළි වුව ත් ආභරණ ශොභාව හඟවනු පිණිස රථයකින් නුවර ඇතුළට වන්හ. සැවැත් නුවර


. 400 සද්ධර්මිරත්නාවලි ය

ඇත්තෝ මහලිය පළඳනාවෙන් ඉතා හොබනා රුවක් ඇති ලොවි ලොවුතුරා ගුණ විශෙෂයෙන් හැනීඅති පවිත්රබ වූ සිත් ඇති විශාඛාවන් දැක සාකෙත නුවර දී ඒ තරමුන් දැක්ම නියම නැති හෙයින් ‘විශාඛාවන් නම් පරසතු රුක ශාඛාවක් සේ මුන්දැ ද? මුන්දැගේ රූප ශෝභාව මුන්දැට ම තරමැ’යි ආ වැඩූහ. මෙසේ මහ පෙරහරින් මිගාර සිටාණන් ගේ ගෙට සුදු වලා ගබකට වදනා විදුලියක් මෙන් වන්හ. ගිය දවස් ම සියලු නුවර ඇත්තෝ ‘ධනඤ්ජය සිටාණන් දෑතරමුන්ගේ නුවරට ගිය ගමනේ අප හැමට බොහෝ සාද කළ සේකැ’යි බල පමණින් මඟුල් පඬුරු දුන්හ. විශා‍ඛාවෝ ද එ සේ ලත් පඬුරු එක් කොට නො තබා මුන් ගෙන් එවා ලූ දෙය තුලුන්ට යවා, තුලුන් ගෙන් එවාලූ දෙය මුන්ට යවා, යවන ගමනෙ ත් තරමුන්ගේ තරම් ලෙසට තෙල ‘අපගේ මෑණියන්දෑට දෙව, තෙල අප ගේ පියාණන්දෑට දෙව, තෙල අප ගේ බෑණන්දෑට දෙව, තෙල අප ගේ බූනණියන්ට දෙව, තෙල අප ගේ මලණුවන්දැට දෙව, නැඟණියන්දෑට දෙව’යි පඬුරු ගෙන්වා ගෙන ගියවුන් ගෙන් ම තරම් විචාරා දැන ප්රි,ය තෙපුලෙන් ම සිත් ගෙන ගිය දවස් ම නුවර වැස්සන් නෑයන් සියන් මෙන් කොට ගත්හ. ගිය දවස් රෑ ම එ ගෙයි වෙළඹක් වදා පුව. විශා‍ඛාවෝ කෙල්ලන් ලවා දඬු වැට පහන් ගෙන්වා ගෙන එ තැනට ගොසින් වැදූ වෙළඹ හුණු පැනින් නවා පියා ඇඟ තල තෙල් ගල්වා ලා සැතපෙන ගෙටම ගියහ. මිගාර සිටාණෝ ද පුතණුවන්ට විවා මඟුල් කරණ තැතැන්තෝ ආසන්න විහාරේ වැඩ හිඳිනා බුදුන් තබා ලා ගිනි තිබිය දී කනමැදිරියන් පිඹිනා සේ, මැණික් තිබිය දී බොරලු අවුළන්නා‍ සේ. පාපයෙහි භය ලජ්ජා නැති ලෙස පිළි නො හැඳීමෙන් ම හඟවන නිවටුන් කෙරෙහි තවන් බලවත් භක්ති ඇති හෙයින් ‘මේ මඟලේ අපගේ රහතන්ට ත් උපස්ථානයක් කෙරෙ මි’යි එක් දවසක් නො එක් සිය ගණන් අලුත් සැළවල පැන් නුමුසු කිරිබත් පිසවා පන් සියයක් නිවටුන් පවරා ගෙට ගෙන්වා ගෙන අපගේ යේළණියන් අවුත් රහතන් වැන්ද මැනැවැ’යි විශාඛාවන්ට කියා යවූ ය. විශාඛාවෝ ද තමන් මාර්ගි ගත අචල ශ්රවද්ධාවෙහි පිහිටි හෙයින් රහතන් වහන්සේ ය යි කියන බස අසා ම බලවත් සතුටු ව උන් බත් කන තැනට අවුත්, දඩයම් බලු මුළක් රැස් ව වැඩ හිඳ



51. විශාඛා වස්තුව 401

තළා සපා බත් කන්නා සේ නො සන්හුන් සැටි යෙන් වැද හිඳ බත් කන්නවුන් දැක ‘විළියක් ලජ්ජාවක් නැති මෙ සේ වුන් ළඟට අප වැන්නවුන් කැඳවා එවන්ට අපගේ තරම නො දත් නියා වේ ද, අනිස’ය යි කියා ගෙන තමන් වසන තැනට ම ගියහ. නිවටෝද ඒ දැක බලු මුළක් බුරා වන්නා සේ එක විට ම සිටාණන් ට දොඩා වැද ගියාහු කුමක්ද, සිටාණෙනි, මේ සා මහත් රටින් තොපගේ පුතණුවන්ට නිසි කෙ‍ණකුන් නැති හෙයින් ද? මහණ ගොයුම් හට පක්ෂො ව හිඳිනා මේ කාලකණ්ණි කෙල්ල ගෙනායේ? තොපගේ පුතණුවන්ට යහපතක් වුව මනා වී නම් තෙල කාලකණ්ණිය වහා මෙ ගෙන් නෙරැ’යි කිවුය. සිටාණෝ ඒ අසා ‘මූ මහා පෝසතුන්ගේ දරුවෝය. මෙ පමණකට නරපිම යුක්ත නො වෙ’යි සිතා කියන්නාහු ‘බාල‍යෝ නම් කට යුතු නො දන්නෝ වේ ද? මුඹ වහන්සේ ලා ක්ෂැමාකරණ පක්ෂකයේ හෙයින් ක්ෂෙමා කළ මැනැවැ’යි කියා උන් යවා පියා මාහැඟි කොට අතුළ හස්නෙක වැඳ හිඳ රන් තළියෙක ලවා ගෙන පැන් නුමුසු කිරි බත් කති. එ වේලෙහි එක් තෙර කෙණකුන් වහන්සේ ගෙ පිළිවෙළින් සිඟන‍ සේක් එයිත් ගෙයක් වන්නා ඊටත් සිඟා වැඩි සේක. විශාඛාවෝ ද බත් කන මයිලණුවන්ට පත්සල සලා සිටියෝ “දොර වහන්සෑ ය’යි කීම යුක්ත නො වන්නේ වේ දැ’යි යම් ලෙසකින් තෙරුන් වහන්සේ දකිත් නම් එ ලෙසට ඉවත් වලා සිටියෝය. සිටාණෝ තුමූ තෙරුන් වහන්සේ දැක ත් කෑමෙහි ලොභයක් මුත් පිණෙක ලොභයක් නැති හෙයින් නුදුටු බඳු වලා කරවා ගෙන හිඳ කති. විශාඛාවෝ ද, ඒ බව දැන ලා ‘ස්වාමිණී, අනික් ගෙවලකට සිඟා වඩනා බව ය. අපගේ මයිලණුවන් වහන්සේ පුරාණ ය අනුභව කරණ සේකැ’යි කිවු ය. සිටාණෝ නිවටුන් ගෙන් නෙරනට විධාන කළත් ඉවසා හුන් තැනැත්තෝ කියා ලූ බසෙයි සාරත්ථිාය දැන ගත නොහී හී දුෂ්ටාත්ථිරයක් සිතා ගෙන බතින් අත ඔසවා ගෙන ‘තෙල තළියේ බතු ත් ඉවත් කරව. මේ නියා මඟුල් දවසෙක මා අනුභව කරණ බත අශුචි කොට කිය’යි. අප වැන්නනුන් තමා අශුචි කන්නවුන් කෙරේ ද. තෙලුන් මේ ගෙන් නෙරුව’යි විධාන කළහ.




402 සද්ධර්මනරත්නාවලි ය

උන් එසේ කීව ත් එ තැන සිටින වුන් විශාඛාවන් සන්කත මිනිසුන් ම හෙයින් කවර නම් කෙණෙක් උරණ ව ලා උන් ඇඟ අල්වත් ද? විශාඛාවෝ ද මයිලණුවන්ගේ කථාව නිස්සාර වුව ත් තමන් සාර භාව හෙයින් කියා ලූ බසට ම නො ඉගිළ ‘අප තමා පැනට ආ කළ මිඬියන් ගෙනෙන්නා සේ ගෙනා ගමනක් නො වන හෙයින් තෙල විතරකින් නැගී නො යම්හ. මවු පියන් නැති කෙණකුන් මුත් මවු පියන් ඇතිතෝ කියා ලූ බසට ම නැඟී නො යෙති. අප‍ගේ පියාණන් වහන්සේත් මා මුඹ එවන ගමනේ ගිය තැන වරදක් පෙණිනි. නමුත් විචාරා ලව යි කෙළෙඹි පුත්රවයන් අට දෙනකු මෙ බඳු කට යුතු නිසා ම එවූ සේක් වේ ද? උන් කැඳවා ලා අපගේ වරදෙක් ඇත් නම් විචාළ මැනැවැ’යි කිවු ය. සිටාණෝත් මුන් කියන්නේ කට යුතු ය යි තමන්ගේ කාය්ය් වි ශක්ති ය නැත ත් වෙළෙවි නො වන හෙයින් කෙළෙඹියන් අට දෙනා ගෙන්වා ලා ‘එම්බා, මේ දරුවෝ අද මා බත් කන ගමනේ පත සල සලා සිටි තැනැත්තෝ පැන් නුමුසු කිරි බත් කන මා අශුචි කතී කිවු ය. තෙලේ උත්තුඞ්ග දොෂ වේ ද, තෙමේ වරද ඇති නියාව ගිවිස්වා ලා මෙගෙන් නෙරුව’යි කිවු ය. උයි ත් ඒ අසා සැබෑ දැයි විචාරා “ මුන්දෑ සිතූ ලෙසට මා සිතා කීයේ නැත. එක් තෙර කෙණෙකුන් වහන්සේ දොරකොට සිඟා සිටියදී පාත්රතය හැර ගන්ට වේ ව යි බත් පිළිගන්වන්ට වේව යි නො කියා කරබා ගෙන හිඳ කන බත් ම කන දෙස මා බලා සිට පියා ‘අපගේ මයිලණුවන් වහන්සේ පර ලොව නිසා මෙ ලොව පින් කමක් නො කරණ සේක. පෙර කළ පිණින් ලද දෙය ම අනුභව කරණ සේකැ’යි සිතා පුරාණ කුශල ය සලකා එ සේ කීමි. ඊ වරද කවර්දැ’යි කිවු ය. කෙළෙඹි පුත්රයයෝ ඒ අසා ‘එක අත්ථි.යට නො එක් ශබ්ද ඇති හෙයිනු ත්, එක ශබ්දයෙන් නො එක් අත්ථිඒ ප්රඑකාශ වන හෙයිනු ත් තෙල අත්ථි ය ත් තෙල බස ඇති හෙයින් එ ම සලකා කීපසු අපගේ දරුවන් ගෙන් වරද කවරේ දැ’යි විචාළෝ ය. වන්නාට ය. ඒ වන්නා මම් ව සිතා වරදවා පීමි. තව ත් දත් දෙයෙක් ඇත. මූ එක් දවසක් මධ්යඒම රාත්රීා වේලේ කෙල්ලන් විටක් පිරිවරා ගෙන ගෙ පිටි පස්සට ගියෝ ය. අපට කියා ලා ගිය ගමනක් නො වන හෙයින් අපි මුන් කුමට ගිය බව ත් නො දනුම්හ’යි චූලනී රජ්ජුරුවන් කෙවට්ටයන්ගේ වරද කියන ගමනේ ‘ඇස් ගෙඩි දල්වා ගෙන බලතී’ කීවා සේ ම උන් නොවරදවා කළ ත් තුමූ ම වරදවා සිතා ගෙන එයි ත් වරදක් කොට කිවූ ය.



51. විශාඛා වස්තුව 403

ඒ කුමක් දැ’යි කෙළෙඹියන් විචාළ කල්හි ‘අනික් අකාරියෙක මා ගිය ගමනෙක නො වෙයි. මෙ ගෙයි වෙලඹක් එදා රෑ වදාපුව. මෙහෙ ත් ඒ දන්නා කෙණකුත් නැති හෙයින් මාත් නො දත් කල නපුරැ යි කෙල්ලන් ලවා දඬු වැට පාන් ගෙන්වා ගෙන වදූ වෙළඹට කළමනා දෙය කෙළෙමි. වරදෙක් ඇත්නම් කිව මැනවැ’යි කිවු ය. ඒ අසා කෙළෙඹියෝ ‘හැයි වහන්ස, අපගේ දරුවන් මෙ තරම් කරමෙක සිට ත් මුඹ ගෙයි කොල්ලනු ත් නො කරණ නිකෘෂ්ට කටයුත්ත කළාට යම් වරදක් වතත් මුත් සෙසු වරද කවදේ දැ’යි ඒ වරද ත් සිටාණන් කෙරේ ම ලූ ය. ඊටත් කිය හැකි උත්තර නැති ව ‘එයිත් නිවරද නියාවට ගිවිස්සම්හ. මුන්ගේ පියාණෝ මුන් එන ගමනේ අග ත් මුල ත් නොකියා මාලුකම් දසයක් සඟවා කිවු ය. මුනු ත් ඒ විභාග කොට නො විචාළ හෙයින් කුමට කියා ලූ බවත් නො දනිමි. ඊ අභිප්රා ය ත් අපට කියන්ට වුව මැනව. ආදී කොට ම ‘ ඇතුළත ගිනි පිටතට නොහළ යුතු ය’ යි කිවු ය. උන් එ සේ කීවත් ඉක්බිති ගෙවල ඇත්තවුන් ගිනි සොයා ආ කල තමාගේ ගෙයි ගිනි ඇති ව එයිත් වස්තුවක්සේ නො දෙන්ට පිළිවන් දැ’යි කිවු ය. කෙළෙඹියෝ ඒ කිම් දැ යි විචාළෝ ය. අපගේ පියාණන් වහන්සේ මෙ තෙක් සම්පත් දෙන දෑ ගිනි නො දෙන්ට කුමකට කියන සේ ක් ද? මා දැනගත හෙන හෙයින් සඟවා කියා ලූ බව මුත් ගිනි නො දෙන්ට කී දෙයෙක්නො වෙයි. හෙම්බා පුත, තොප ගේ නැඳි මයිලන්ගේ වේව යි, සමණ‍න්ගේ වේව යි නුගුණයක් දැක පිටත ඒ ඒ තැන නො කියව. කේළමට වඩා ගින්නෙක් නැතැ යි මේ සඳහා කී සේකැ’යි කිවු ය. මා සිතා ගත නුහුණු පමණක් මුත් ඒ එ සේ ම ය. ඒ එ ලෙසට ගිවිසිමි. මුන්ගේ පියාණෝ පිටතින් ගිනි ඇතුළට ගෙනා යුතු නො වෙයි කිවු ය. තමාගේ ගෙයි ගිනි නිවී ගිය විටෙක පිටතින් ගිනි නො‍ ගෙනෙන්නට පිළිවන් දැ”යි කිවු ය. ‘තෙලෙ කිම් දැ’යි කෙළෙඹියන් විචාළ කල්හි ‘අපගේ පියාණන් වහන්සේ තෙලෙ මෙ තෙක් ම වී නම් අපට ම තෝරා ලා කියන සේක ද? කැටි ව එන්නවුන්ට කීවත් පමණ ම වේ ද? උන් වහන්සේ කීයේ හෙම්බා පුත, ඉක්බිති ගෙවල ඇත්තෝ තොප ගේ නැදි මයිලන් ගේත් සමණයන්ගේත් නුගුණයක් කිවු නම් උන් කී දෙය සිත තබාගෙන අවුදින් බිඳුවන නිසා වේව යි යමක්



404 සද්ධර්මමරත්නාවලි ය

ලබනු නිසා වේව යි නො කියව. එසේ කිවු නම් පිටතින් ගිනි ඇතුළේ ලූ නියා ය. තෙල පිටත නුගුණ ඇතුළට කියන ගින්නට වඩනා ගින්නෙක් නැතැ යි’ මේ සඳහා කී සේකැ’ කිවු ය. තෙල විතරකින් ම ඔබ නො විචාරා තබා පුව මනා තැන තමන්ගේ නො පණ්ඩිත කම ත් හඟවා ‘බොහෝ දෙය කී කලට වරදෙක් සම්භ වේ නමුත් ය’යි තෙලෙ ත් නිවරද ගිවිස්සම්හ. මුන්ගේ පියාණෝ ‘දෙන්නවුන්ට ම දිය යුතු ය’යි කිවුය. කෙලි කොල්ලන්ට දෙන දෙයක උන් ගෙන් යමක්ලැබ දුන මනා ද? ඒ කිම් දැ’යි විචාළෝ ය. කෙළෙඹියෝ ඒ අසා ඒ කුමක් දැයි විචාළෝය. “අප ගේ පියාණන් වහන්සේ ත් තෙල ලෙස කියා ලූයේ ‘යම් කෙණෙක්, පුත, තොප ගෙන් ණයක් ගනිත් නම් පරීක්ෂා‘ කෙට ලා පෙරළා දී ගිය හෙන කෙණකුන්ට දිය යුතු ය. ණය දීමෙන් වන වියවුල් මහතැ’යි මේ නිසා කී සේකැ”යි. කිවුය. “ නොදෙන්නවුන්ට නො දිය යුතු ය’ යි කීවෝ ‍වේ ද ඒ කුමක් නිසා දැ”යි විචාළ කල්හි ‘හැර ගන්නා කල නො එක් පයිලි කම් කියා හැර ගෙන දිය යුතු අවස්ථාවෙහි නො එක් වඤ්චා ලෙසින් නො දෙත් නම් එ සේ වූවන්ට දී ලූ කල තමාගේ වස්තුව ත් නස්සි. හිත මිත්ර් කමත් නස්සි. එ සේ වුවන්ට නො දීමෙන් වන හානි නැතැ යි මේ සඳහා කී සේ කැ’යි කිවු ය. “දෙන්නවුන්ට ත් නො දෙන්නවුන්ට ත් දිය යුතුය’යි කිවු ය. දෙන්නවුන්ට දිය යුතු ය යි යන භාව ය විසඳා කියා ලූ හෙයින් ඒ ගිවිසුම්හ. ‘නො දෙන්නවුන්ට නො දිය යුතු ය’යි ආදී කියා ලා දැන් ‘නො දෙන්නවුන්ට ත් දිය යුතු ය’යි කී කල ඒ ගිවිස්නේ කෙ සේද? එයිත් කියන්ට වුව මැනැව” යි කිවු ය. ‘ ඒ කියා ලූයේ දුක් පත් ව පියා නෑයන් - සියන් තමා කරා ආ කල උන් දී ලිය හෙය කිම - නො හොත් කිම? උන්ට දියයුතු ම ය යනු සඳහා කී සේකැ’යි කිවු ය. “ වන්නාට එයිත් කාරණය. ‘සුව සේ හින්ද යුතු ය’යි මුන්ගේ පියාණෝ කිවු ය. හැම දවස් ම ආසන පනවා තිබෙන්ට නැත. ඒ කෙ සේ දැ” යි විචාළ කල්හි එයි ත් තෙල ලෙසට සිතා කී දෙයක් නො වෙයි. නැඳි මයිලනු ත් සමණනු ත් දුටු කල නො ඉගි‍ළීම හිඳිනා ලෙසට කී නියා ය. උන් හැම දුටු කල ඉගිළෙතොත් ඒ සුව සේ හුන් නියා සම් නො වන්නේ වේදැ’යි කිවු ය.



51. විශාඛා වස්තුව 405

“ එයි ත් යුක්ති ය. එයි ත් ගිව්සුම්හ. ‘සුව සේ කෑ යුතු ය’යි කිවු ය. රජ දරුවන්ට පවා කිසි කලෙන බත් මුට්ටු ය. එ සේ වන්නා හැම දාම සුව සේ කන්නේ කෙ සේ දැ”යි විචාළෝ ය. “එයිත් තෙල සිතා ගත් ලෙසට ඔබ කීයේ නැත. ‘හෙම්බා පුත බත් කන කලනැඳි මයිලනු ත් සමණනුත් බත් කවා ලා තව ත් බත් ලද්දවුන් නො ලද්දවුන් විචාරා එයි ත් පිරිමනා ලා පසු ව තමා වැද හිඳ කතො ත් සුව සේ කෑවා නම් වෙයි” කියා මේ සඳහා කී සේකැ” යි කිවු ය. එයිත් ගිවිස ලා “සුව සේ වැද ‍හොත යුතු ය’ යි කිවු ය. හැම දවස් ම යාන් පනවා තිබේ ද? ඒ කිම් දැ”යි විචාළෝ ය. “එයිත් තෙල ලෙස සිතා නො වෙයි. ‘හෙම්බා පුත, බත කා ලා හැම දෙනාට පෙරාතු හැඳට නැගී ලා වැද හොත යුතු නො වෙයි. නැඳි මයිලන්ට ත් සමණන්ටත් කළ මනා සිරිත් කොට ලා තමා පසු ව වැද හොත යුතුය’ යනු සඳහා කී සේකැ”යි කිවු ය. එයිත් ගිවිස නැවත “ගිනි පිරිමැසිය යුතු ය යි කිවු ය. හැම දවස්හි ම ගිනි නො නිවා තබා ගන්නා සේරු නාත. ඒ කෙසේ දැ’යි විචාළ කල්හි මුඹ දැනගත නො හෙන්නාට කුමක් කරමෝ ද? නැඳි මයිලනු ත්, රක්‍ෂා කළ ස්වාමීහු ත් ගිනි කඳක් මෙන් ද සර්ප යන් මෙන් ද දැක්ක යුතු ය යි මේ සඳහා කී සේකැ’යි කිවු ය. කියන යම් දෙයක් ම සකාරණ කොට කියා ලූ හෙයින් එයි ත් ගිවිස ලා “ඇතුළත දෙවියෝ වැන්ද යුත්තාහ’යි කිවු ය. විෂ්ණු ඊශ්වරාදී දෙවියන් ළං කොට තබාගන්ට ත් පිළිවන් ද? ඒ කෙසේ දැ යි විචාළ කල්හි ‘පින් පමණ නුවණ ය’ යනු ව්යතවහාර හෙයින් බොහෝ සේ පින් ඇත්තවුන්ට නුවණකු ත් ඇත. වඩා නැත ත් මෙ පමණක් දන්නා නුවණ නැති වන්ට කාරණා කිම ද? එ බඳු පිණක් නො කළ හෙයින් ස්වාභාවික නුවණ සත් පුරුෂොපාශ්රනයෙක් ඇත් නම් උන් හා කථා ව නිසා ඇති වන ශ්රැනතමය ප්රාඥාත් ඇත්තේ ‍වේ ද? එයි ත් නැත්තේ සත් පුරුෂොපාශ්රඇය ත් නැති නියා වේ ද? අවවාද දසයෙන් නවයෙක අථි කියා ලූ බැවින් දස වන අවවාදයේ අත්ථි ත් අප ම කීවො ත් මුත් කියා ලූ දෙයෙහි එල්බ තදුපදෙශයෙන් දත නො හෙන පසු කියා ම සිතට නංවම්හ. ‘ඇතුළත දෙවතාවෝ ය යි නැඳි මයිලන් හා සමණන් හා දේවතාවන් ලෙස තැකි ය යුතු’යි මේ සඳහා කී සේකැ” යි කිවු ය. මිගාර සිටාණෝ ද මේ අවවාද අශයේ අථර්‍ අසා පියා අනික් කිය ලියා හැකි වරදක් නැති ව වරද කොට සිතා ගත හැකි නිව



406 සද්ධර්ම රත්නාවලි ය

රදකුත් නැති ව සිරිමන්දන ප්රාශ්න ය උගත් විතරක් කියා නිමවා පියා කිය යුතු උත්තර නැති ව සේනක පණ්ඩිතයන් හුන්නා සේ ම කර බා ගෙන හුන් හ. කෙළෙඹි පුත්ර යෝ අට දෙන ‘කුමක් ද, සිටාණෙනි, තවත් අපගේ දරුවන්ගේ වරදක් ඇත් දැ’යි විචාරා නැතැ යි කී කල්හි එසේ කල නිවරද තැනැත්තවුන් ගෙන් නෙරනට කාරණ කිම්දැ’යි විචාළෝය. විශාඛාවෝ එ විට කියන්නෝ, මම මුන් වහන්සේ යන්ට කී විට ම නික්මිණිම් නම් හික්මුණු නියාව නොවන්නේ වේද? අප ගේ පියාණන් වහන්සේ ත් මුඹ අට දෙන මා හා කැටි ව මොබ එවා ලූයේ මෙ ම නිසා වේ ද ? විචාරා නිවරද නියාව ත් දන්නෝ ඇත්තෝ වේ ද, ආදී යන්ට ත් යුක්ති නො වෙයි. දැන් රැ‍ඳෙන්ට ත් යුක්ති නො වෙයි. එසේ හෙයින් ගිය මැනැවැ’යි මිනිසුන්ට යාන වාහන සරහා ගමනාරම්භ කරව’යි විධාන කළහ. මිගාර සිටාණෝ ද ඒ කෙළෙඹියන් සහාය කොට ගෙන “ යේළී, මා නොසලකා කියාපි දෙයට ක්ෂිමා කරව, මා මේ ලෙස ක්රිියා කොට ත් තොප ගේ ඥාන ශක්තිය ම වේ ද ප්රෂකාශ වූ යේ ය’ යි කිවු ය. විශාඛාවෝ ඒ අසා ‘මා ගේ අක්ෂශමාවක් නැති හෙයින් ක්ෂයමා කෙරෙමි. මම වැළි ත් බුදු සසනෙහි තර ව පැහැද හිඳිනා කුලවලට දරු මුනුබුරු වීමි. එ සේ හෙයින් තුනුරුවණින් වෙන් ව විසිය නො හෙමි. මහලිය පළඳනාවේ මෙ තෙක් රුවන් විතර ට ත් මට ප්රිනය නම් බුද්ධාදී වූ රුවන් තුන ම ය. ඉදින් මා ගේ අදහස් ලෙසින් බුදු පාමොක් සඟනට උපස්ථාන ‍කට හෙම් නම් රඳමි’යි කිවු ය. සිටාණෝ එ වකට තමන් සැදැ නැතත් විශාඛා වන්ගේ රැඳීම නිසා ‘මුඹ රුචි ලෙස මුඹගේ රහතන්ට උපස්ථාන කරන්නැ”යි කිවු ය. වි‍ශාඛාවෝ බුදුන්ට ආරාධනා කරවා දෙ වන දවස් තමන්ගේ මාළිගාවට වළඳන්ට වඩා ගෙන්වු ය. නිවටෝ ද බුදුන් මිගාර සිටා‍ණන්ගේ ගෙට සිඟා වඩනා නියා ව අසා ගොසින් ගෙය වට කොට ගෙන හුන්හ. විශාඛාවෝ ද බුදුන් අතට පැන් වඩා ලා ‘දන් සපයා ලීමි. අවුත් වළදන බව ය’යි මයිලණුවන්ට කියා යවු ය. උන් යන්නවුන් නිවටෝ යා නු දුන්හ. තමන්ගේ ගමනට බාධා වූ හෙයින් ‘අපගේ යේළණියන්ට තමන් ම වළඳවන්ට කියව’යි විධාන කොට යැවූහ. විශාඛාවෝ ද කසුප් බුදුන් සමයෙහි විසි දහසක් දෙනා වහන්සේ වළඳවා පුරුදු හෙයින් වළඳවන සේ දන්නා බුදු


51. විශාඛා වස්තුව 407

පාමොක් සඞ්ඝසා වහන්සේ වළඳවා ලා වළඳා අන්තයෙහි බත් වළඳ වන්ට නො ආවත් දහම් රස වළඳන්ට තමන් දෑ අව මැනැවැ’යි කියා යවූහ. සිට‍ාණෝ ද ‘දෙ විටක් කැඳවා ත් නො යාම යුක්ති නො වේ’යි නික්මුණවු ය. නිවටෝ නැවතත් රඳවා ලා නො නැවත යන හෙයින් ‘ගිය නමුත් මහණ ගෙයුම්හු ළඟට නො ගොස් තිරයෙන් පිටත හිඳ අසව’යි කියා ලා පෙරාතු පලා ගොසින් බුදුන්ට අවුරා තිරයක් බැඳ ගත්හ. උයි ත් ගොසින් නිවටුන්ගේ බස් නො කරන තරමක් තව නුවූ හෙයින් තිරයෙන් පිටත හුන්හ. බුදුහු ‘තෙපි තිරයෙන්පිටත වුව ත් හිඳුව. පවුරකින් පිටත වුව ත් හිඳුව. පර්වහතයෙකින් පිටත වුව ත් හිඳුව. මේ සක්වළ හැර ලා පිළිවන් වී නම් පලා ගොසින් අනික් සක් වළෙක වුව ත් හිඳුව. මෙ ලොව බුදු කෙණෙක් වෙත් නම් මම් ම ය. අනික් බුදු කෙණෙක් නැත, තොප ‍කොයි හුන ත් අස්වා බණ කියා ලන්ට මට පිළිවනැ’යි සිතා වදාරා මුල පටන් කඳ වෙළෙප් තේරුණු තැනට ගවු දෙ සියක් උස ඇති, එ තැන පටන් අතු අගට ගවු දෙ සියයක් උස ඇති එක් කොට සාර සියයක් ගවු විතර උස ඇති, නැගෙන හිර අතු අග පටන් බස්නාහිර අතු අගට සාර සියයක් ගවු පමණ වූ, දකුණු දිග අතු අග පටන් උතුරු දිග අතු අගට සිර සියයක් ගවු පමණ වූ, වටින් එක් දහස් දෙ සියයක් පමණ ගවු වට ඇති දඹ ගස අල්වා ගෙන සොල්වා දඹ වගුරුවන කෙ‍ණකුන් මෙන් ද, අමා වැස්සක් වස්වන කෙ‍ණකුන් මෙන් ද, බණ දෙසන්ට පටන් ගත් සේක. බුදුවරුන් වහන්සේ බණ දෙසන කල __ “සද්ධම්ම දෙසනාකාලෙ - පිට්ඨිභාගාදිනිස්සිතා, පුණ්ණචන්ද් ව ගගනෙ - මුඛං පස්සන්ති සත්ථුනො.” යනු හෙයින් ඉදිරියෙහි සිටියාහු ත් පස්සෙහි සිටියාහු ත් දෙ ඇළයෙහි සිටියාහු ත් සිය ගණන්, දහස් ගණන්, ලක්ෂඇ ගණන් සක්වළවලින් ඈත සිටියාහු ත් උඩින් අකණිටා බඹ ලොව සිටියා හු ත්, ‘බුදුදු මා මූණ බලා මට ම බණ වදාරණ සේකැ’යි වෙන වෙන ම කියති. නො දැක නො බලා බුද්ධානුභාවයෙනි කියන්නෝ නො වෙති. බුදුහු උන් උන් ම මූණ බලන්නා සේ උන් උන් හාම කථා කරන්නා සේ වන සේක. බුදුහු නම් සඳ වැනි සේක. යම් සේ සඳ අහස් මැදට පැමිණියේ කොතැනක සිටියවුන්ට ත් මධ්ය වම පෙනේ ද, එ පරිද්දෙන් බුදුවරහු ත් කොයි සිටියවුන්ට ත් අභිමුඛයෙහි සිටියා සේ ම



408 සද්ධර්මභරත්නාවලි ය

පෙනෙන්නෝ ය. මේ වැළිත් ඔටුන්නනෙන් සරහන ලද හිස් කපා දීමෙන්, පස් පෑ දිස්නා ඇස් දන් දීමෙන්, මස් දන් දීමෙන් ජාලිය කුමාරයන් වැනි පවිත්රු අදහස් ඇති පුතුන් හා එ සේ ම පවිත්රන අදහස් ඇති කෘෂ්ණජිනාවන් වැනි දුන් දැසි දස් කොට දන් දීමෙන්, මද්රින බිසොවුන් වැනි අඹුවන් දන් දීමෙන් පුරා මුඳුන් පත් කළ සම තිස් පැරුමෙහි අනුසස. මිගාර සිටාණෝ ත් බුදුන් බණ දෙස ත් ඇසට මුවා වන පමණක් මුත් තිරය කනට මුවා නොවන හෙයින් බණ අසා සහසක් නයින් සැදුම් ලද සෝවාන් පෙලෙහි පිහිටා අචල ශ්ර ද්ධාවෙන් යුක්ත ව තුනුරුවනෙහි සැක නැති ව තිර ය ඔසවා පියා ගොසින් විශාඛාවන්ගේ ප්රායෝගයෙන් ලත් නිවන් හෙයින් පළමු කොට බුදුන් කරා නො ගොස් ලත් නිවන් රසයත් සෝවාන් පමණක් ම හෙයින් මඳවූ යෙන් විශාඛාවන් ලත් නිවන් රසයෙන් මඳක් බොනු කැමැති ව රන් තැටියක් කට තබා ගත්තා සේ විශාඛාවන්ගේ තන පුඩුව කට ලා ගෙන ‘මෙ වක් පටන් මුඹ මා ගේ මෑණියන් වහන්සේ ය’යි මවු තනතුරේ තබා ලා බුදුන් කරා ගොසින් රත් නෙළුම් මල් පලදනා සේ ශ්රීය පාද ය හිස තබා වැඳ ගත්හ. විශා‍ඛාවෝ ත් එ වක් පටන් මිගාරමාතාවෝ ය යි ප්රුසිද්ධ වූ ය. පසු ව, පුතණු කෙණකුන් වදා උන්ට මිගාර නම තබා ඒ නමතර කළහ. සිටාණෝ ද ‘මම, ස්වාමීනී, මිගාර සිටාය’යි නම තුන් විටක් අස් වා ලා __ “ සොහං අජ්ජ පජානාමි - යත්ථ, දින්නං මහප්ඵලං, අත්ථාෝය වත මෙ භගවා - සුණිසා ඝරමාගතා.”

යනු හෙයින් ‘ස්වාමීනි, මා මෙ තෙක් කල් මුළුල්ලෙහි තුනු රුවන් විෂයෙහි කළා මේ තරමෙකැ’යි නිවටුන් ළං කිරීමෙන් දත නොහුණුයෙමි. අද වූ කලී වැඩකරු මාගේ යේළණියන් නිසා දතිමි. සසර දුකින් භාග තුබූ ව ත් අපාය දුකින් මිඳිණිමි. මාගේ යේළණියෝ මුබ එන තැනැත්තෝ මට ම වැඩ පිණිස, අවු ය’ යනාදීන් විශාඛාවන්ට ආ වැඩූ ය. විශාඛාවෝ දෙ වන දවසට ත් බුදුන්ට ආරාධනා කොට දෙ වන දවසු ත් දන් දුන්හ. දෙ වන දවස් නැන්දණියෝ සෝවාන් වූ ය. එ වක් පටන් ‍එ ගෙයි සැපත් බුදු සස්නට ම පිරිනැමිණ.



51. විශාඛා වස්තුව 409

ඉක් බිත්තෙන් සිටාණෝ සිතන්නෝ ‘අපගේ යේළියන්ගේ අපට උපකාරී කම මහත. උන් කළ උපකාරයට ප්ර්ත්යු පකාරයක් කළ තරමට කට නො හැකි වුව ත් තරමෙක කළ මැනව. උන් පලඳනා මහලිය පළඳනාව බර හෙයින් හැම වේලේ පලඳනට නො පිළිවන. හැම වේලේ ම පලඳනා ලෙසට ලඝු සැහැල්ලු කොට ආභරණයක් කරවා පලදවමි’ සිතා ලක්ෂයක් වටනා නාය‍ායෙන් ඝනමට්ටක නම් ආභරණයක් කරවා ලා ආහරණ ය කොට නිමි කල්හි බුදු පාමොක් සඞ්ඝයා වහන්සේට ආරාධනා කරවා සකස් කොට දන් වළදවා පා විශාඛාවන් සුවඳ පැන් සොළොස් කළයක් විතරින් නාවා පියා බුදුන් ළඟ දී ම ආභරණය පලඳවා ලා බුදුන් වැන්දවු ය. බුහුදු උන්ට ඝනමට්ටක නම් පලඳනාව පිටට සදහම් නමැති ආභරණය ත් දෙවා ලා වෙහෙරට ම වැඩි සේක. වි‍ශාඛාවෝත් එ වක් පටන් දානා දී වූ පින් කරන්නෝ කැඳදීම්, ආගන්තුක වහන්දැ වැඩි දවස් දන් දීම්, අනික් තැනකට වඩනා දවස් දන් දීම්. ගිලන් තැනට බෙහෙත් පස දීම්, ආදී වූ වර අටක් බුදුන්ගෙන් ලදින් ශාසනකාශයෙහි චනද්ර ලේඛාකාරයෙන් ප්රවසිද්ධ ව දුන් පුතුන්ගෙන් වැඩියුරු බවට පැමිණියහ. ඒ එ සේ මැ යි. විශාඛාවෝ පුතුන් දස දෙ‍නකු හා දූන් දසදෙ‍නකු එක් කොට දරු විස්සක් වැදු ය. ඉන් එකී එකී කෙණෙක් ම දරුවන් විස්ස විස්ස ලත්හ. ඉනුත් එකී එකී කෙණෙක් විස්ස විස්ස ලත් හ යි දරු මුනුබුරු මී මුනුබුරු පරම්පරාවෙන් අට දහස් හාරසිය විස්සක් විතර දරු මුනුබුරු මී මුනුබුරු වූහ. තුමුත් දරු මුනු බුරු මී මුනුබුරෝ ත් එක් සිය විසි හවුරුද්දක් ම ජීවත් වූහ. ආ‍රෝග්යුතාවට ත් පින් කළ හෙයින් හැම දෙන ම නි‍රොගියහ. එ තෙක් කල් මුළුල්ලෙහි ජාත්යහන්තරයෙහි ලූවා වූ කුසල් නමැති කරුප්පු නිසා නර ත් මුන් හැම දෙනාට ම ඇති නො වීය. මූ හැම දෙන ම නිරන්තරයෙන් අටළොස් හැවිරිද්දා සේ ම සිටිති. දරු මුනුබුරන් පිරිවරා විහාරයට හෝ එක් තැනකට නික්මුණු කලට මින් විශාඛාවන් දෑ කවුරුන් දැ දැ යි විචාරණ තරමේ ම එක් වැනි දරුමුනුබුරන් ලත්හ. යම් කෙණෙක් විශාඛාවන් යන්නවුන් දුටු වූ නම් ‘මඳක් වුව ත් යන දෑ ව යි. ගමන් ම යහපතැ’යි කියති. යම් කෙණෙක් සිටියවු දුටුවූ නම් ‘පය එළෙත ත් සිටිය ද වී නම් යහපතැ යි සිටි නියාව ම යහපතැයි කියති. යමෙක් හුන්නවුන් දුටුවු නම් හිඳිනා ලෙසම යහපතැ’යි කියති. යම් කෙණෙක් වැද හොත්ත දුටුව නම් මදන් වුව ත් වැදහොත්තෝ යහපත. වැද



410 සද්ධර්මෝරත්නාවලි ය

හෝනා ලෙස යහපතැ’යි කියති. සතර ඉරියවුවෙන් අසෝ ඉරි යවුවක් නපුරැ යි කියන්ට බැරි ය. නැවත සසර ගමන් නැති වූ හෙයිනුත් සසර රඳා හිඳී ම නැති හෙයිනුත් සසර නමැති මකුණු හැඳ වැළඳ හෙවීම් නැති හෙයිනු ත් මෙ ලෙසින් සතර ඉරියවුව ඉතා යහපත. ගෑනු පමණක් මුත් මල දායක පින් බොහෝ කොට කළ හෙයින් ඇතුන් පස් දෙනකුට බල ඇත්තෝ ය. කොසොල් රජ්ජුරුවො ඒ නියා ව අසා විමසනු කැමැති ව බණ අසා එන වේලාවට ඇතු මෙහෙයාලුය. ඒ ඇත් සොඬ ඔසවා ගෙන අඳුන් පවුවක් මෙන් විශාඛාවන්ට අභිමුඛ ව නික්මිණ. පිරිවර පන් සියයක් ගෑනුන් ගෙන් සමහර කෙණෙක් ළෙන් ගත්තෝ වී මුත් භය බලවත් ව ආත්මප්රෙ ම බලවත් හෙයින් පලා ගියේ ය. සමහර කෙණෙක් උන් වැලඳ ගෙන සිටියහ. ‘මේ කුමක දැ’යි විශාඛාවන් විචාළ කල්හි ‘රජ්ජුරුවන් වහන්සේ මුඹදෑගේ බල බලන්ට ඇතු විහිදුවූ සේ කැ’යි කිවු ය. විශාඛාවෝ මූ දැක පලා යෑමෙන් ප්ර යෝජන කිම් ද? ඉදින් තරයේ අල්වා ගතිම් නම් මේ ඇත් මිය යෙයි. කවර ලෙසක ‍අල්වමෝ දෝ ‍හෝ’යි දැඟිලි හස්සකින් සොඬ බදා මොළොකෙක අල්වා ගෙන මඳක් නමා නූ ය. ඇත් සිටිය නො හී සෙණ්ඩු ලූයෙහි1 එළිල්ලෙන් හිණ. බොහෝ දෙන සාධුකාර දුන්හ. විශාඛාවෝ ත් සුව සේ ම ගෙට ගියහ. රජ්ජුරුවන්ට ත් සැක හැරිණ. විශාඛාවන්ගේ එ තෙක් දරු මුනුබුරන් ගෙන් ලෙඩ ‍රොගී එක කෙණකු ත් නැත. එ වක ආයු පමණින් සිට මුත් අතුරේ මළ කෙ‍ණකු තු නැත. ඒ ප්රාවණ වධ නො කිරීමෙහි අමුඛ්ය විපාකය. සැවැත් නුවර ඇත්තෝ ත් මගුලෙහි උතුළායෙහි විශාඛාවනු ත්, අට දහස් සාර සිය විස්සක් විදර දරු මුනුබුරනුත් තමන් තමන්ගේ ගෙවලට කැඳවා ගෙන ගොසින් කරණ මඟුලෙන් වැඩ සඳහා පළමු කොට කවා පොවා ලා පසු ව මඟුල් කෙරෙති. එක් මඟුල් දවසෙක නුවර ඇත්තෝ සැදී පැහැදී ගෙන වහන්දෑගේ දැක්ම ත් එක් මඟුලක් හෙයින් විහාරයට යෙති. විශා‍ඛාවෝ ත් මහලිය පළඳනාවෙන් සැරහී ගෙන විහාරයට යන්නෝ අතුරු මඟ දී විහාර ය ආසන්න කලට තමන්දෑ සේ ම ඇතුන් පස් දෙනකුට බල ඇති කෙල්ල බණවා ලා ‘හෙම්බල කෙල්ල, ගුරුන් වහන්සේ ළඟට යන කලට කෙළි පානට යන 1. සෙණ්ඩුවාලයෙහි - සෙණ්ඩ්වාලුවෙහි ඇතැම්.


51. විශාඛා වස්තුව 411

විද්දත් දුන් සේ හිස පටන් පිටි පත්ල දක්වා සිටින ආභරණ ලා ගෙන යෑම අප වැන්නවුන්ට තරම් නොවෙ’යි කියා ලා ආභරණ ය ගළවා ලා කඩක බැඳ ලා කෙල්ල අතට දී ලා ‘විහාරයට ගොසින් එන අත පළඳින්ට දී ල’යි සම්මත කෙළෝ ය. ඒ කෙල්ල විනා උන්ගේ ගෙයි ඒ පළඳනාව ඔසවා ලියහෙන කෙලි කෙණෙක් නැත. ඒ පළඳනාව ඈ අතට දීලා ඝනමට්ටක පළඳනාව පැළඳගෙන බුදුන් දරා ගොසින් බණ අසා ගෙන අන්තයෙහි බුදුන් වැඳ ගෙන ගෙට යන්ට නික්මුණවු ය. ඒ කෙලි ත් යන ගමනේ සලකුණු නැති ව ආභාරණ ය ගණයේ ම තබා පුව. බණ අසා යන්නෝ යම් කිසි‍වක් සිහි නැති ව තබා පූ නම් අනඳ මහ තෙරුන් වහන්සේ තැන් පත් කොට තබන සේක. එ දවස් මහලිය පළඳනාව දැක ‘විශාඛාවෝ මහලිය පළඳනාව සිහි නැති ව තබා පියා ගියහ’යි බුදුන්ට දැන්වූ සේක. බුදුහු ඒ අසා ‘එක් පසෙක තබව’යි ඔබට ම විධාන කළ සේක. තෙරුන් වහන්සේ ත් කාය බලයෙන් ඇතුන් පස් දෙනකුට පල ඇති සේක. එ සේ හෙයින් ඔසවා ගෙන හිණ කෙරේ එල්වා තබා පී සේක. විශාඛාවෝ ද සුප්පියා නම් උපාසිකාවන් හා සමඟ අමුතු ව ආ තැන්, බැහැර යන තැන්, ගිලන් තැන් ඇත් නම් විචාරණ පිණිස යන අර විහාර වලට යෙති. උන් විහාරවලට ගිය කලට බාල වහන්දෑ තළු - තැටි හැර ගෙන ගිතෙල් - මී - ශර්ක රාදිය නිසා බොහෝ සේ පිරිවරන සේක. එ දවසු ත් එ සේ ම පිරිවරා ගත් සේක. සුප්පියාවෝ එක් ගිලන් නමක් දැක ‘රුචි පිපාසා කුමකට දැ’යි විචාරා ආය්ය්ියා ශ්රාිවිකාවන් හෙයින් ප්රා ණවිධ නොකරණ නියාව දැන නො වළහා ‘දඩ මසකට රුචි ඇතැ’යි කී කල්හි ‘යහපත, එවමී’ යිකා ලා ගොසින් දෙ වන දවස් කැප සරුප් මසක් නො ලදින් සිඛ ‍පද නො පැන වූ සමය හෙයින් තමන්ගේ කළවයේ මස ලියා ගෙන ඉදි කොට යවා ගිලන් නමගේ දඩ මසෙහි රුචිය ත් සන්සිඳුවා බුද්ධානුභාවයෙන් තුමූ ත් පියවි වූහ. දෙ වන දවස් ම පය වණය ත් සුව වි ය. විශාඛාවෝ ත් ලෙඩ දුක් වහන්දෑ විචාරා පියා අක් දොරටුයෙ කින් නික්ම වෙහෙර සිම සිට ‘කෙල්ල, ආභරණ ය පළඳින්ට ගෙනැ’යි කිවු ය. එ වේලෙහි ‍කෙලි සිහි නැති ව තබා පියා ආ නියාව දැන’ ස්වාමීනී, සිහි නැති ව තබා පීමි’යි කිවූ ය. ‘ එ සේ



412 සද්ධර්ම රත්නාවලි ය

වී නම් ගොසින් තබා ලූ තැනම තුබූයේ නම් හැරගෙන එව අනඳ මහ තෙරුන් වහන්සේ එක් තැනක තබා වදාළ සේක් වී නම් නො ගෙනැ’යි ඔබ එසේ තිබී ගිය දෙය තබන නියා ව දැන කිවු ය. තෙරුන් වහන්සේ ද ඒ කෙල්ල දැක ‘කුමකට අයි දැ’යි විචාරා ‘පළඳනා ව සොයා ය’යි කි කල’ තෙල හිණ ගාවා එල්වා ලූයේ ගොසින් හැර ගනැ’යි වදාළ සේක. ‘මුඹ වහන්සේ ඒ ආභරණ ය අතින් අල්වා වදාළ හොත් නො ගෙන යන්ට කී සේකැ’යි කියා ලා සිස’තින් ම ගොසින් ‘කුමක් දැ’යි විශාඛාවන් විචාළ කල්හි එ පවත් කිව. ‘මාගේ ස්වාමිදරු වූ අනඳ මහ තෙරුන් වහන්සේ ගේ ශ්‍රී හස්තයේ ගෑවුණා මම නො පළදිමි. ඒ ඔබ ම සන්තක ය. එකතුදු වුව ත් ඒ පිරිමසන්ට ඔබට බැරි ය. ඒ වියදම් කරවා කැප බඩුවක් ගෙන දෙමි’ කියා ‘ගොසින් ගෙනැ’ යි කිවු ය. ඔයි ත් ගෙනවුත් දුන. විශාඛාවෝත් නො පැළඳ ම ගෙට ගෙන ගොසින් බඩාලුන් ගෙන්වා ගෙන අගය කරවා ‘නව කෙළක් අග ය. කළ මිළ ලක්ෂයකැ’යි කී කල්හි පළඳනා ව ගැලෙග තබ්බවා ලා ‘තෙල ගෙන ගොස් විකුණව’යි විකුණන්ට යවා සියලු නුවර එ තෙක් මිළ දී ලා හැර ගත හෙන කෙ‍ණකුන් නැති හෙයින් විශාඛාවෝ තුමූ ම නව කෙළක් හා තව ත් ලක්ෂයක් දී ලා හැර ගත්හ. මිළ දී හැර ගන්නා තබා පළසින්ට ත් මුළු පොළොව විශාඛාවන් හා බන්ධුල මල්ලිකාවන් හා බරණැස් සිටාණන්ගේ දුවණියන් හා මුන් තුන් දෙනා විනා නැත. විශාඛාවෝ ද පළඳනාවෙහි මිළ ය ගැල් ලවා ගෙන වෙහෙරට ගෙන්වා ගෙන ගොසින් බුදුන් වැඳලා ‘අනඳ මහ තෙරුන් වහන්සේ අල්වා වදාළ මහලිය පළදනා ව පළදින්ට මැළිව විකුණුවා කැප දෙයක් පවත් කරවමී - විකුණන්ට යවා එ තෙක් මිළ දී ලා හැර ගත හෙන කෙණකුන් මා විනා මෙ නුවර නැති හෙයිනු ත් මම් ම ඊ‍ට මිළ දී පළඳනා ව හැර ගෙන මිළ ගන්වා ගෙන අයිමි. ‘සිවු පසයෙන් කවර පසයක් හෙළවම් ද, ස්වාමීනි’ කිවු ය. බුදුහු ඒ අසා ‘එ සේ වී නම් නැගෙන හිර දොරටුව කෙරේ සාඞ්ගික කොට ගෙයක් කරව’යි වදාළ සේක. විශාඛාවෝ විහාර කරවා දීමෙහි අනුසස් බලවත් නියා ව ආදි ත් දන්නා හෙයින් සතුටු ව බිම ඇත්තවුන් ගෙන් නව කෙළක් දී ලා බිම ඉල්වා ගත්හ - අනික් නව කෙළක් දී ලා විහාර ය කරවන්ට පටන් ගත්හ.



51. විශාඛා වස්තුව 413

එක් දවසක් බුදුහු අළුයම් වේලෙහි ලොව බලන සේක් දෙව් ලොවින් සැව අවුත් භද්දිය නුවර සිටු කුලෙහි උපන් භද්දිය සිටාණන්ට රහත් වන්ට නිසි පින් ඇති නියාව දැන අනේපිඬු සිටාණන්ගේ ගෙයි දී වළඳා ලා නුවර උතුරු වාසල බලා නික්මුණු සේක. පියවින් ම බුදුහු විශාඛාවන් ගේ ගෙයි දී වළදා ලා දකුණු වාසලින් නික්ම දෙව් රට වසන සේක. පූර්වා රාම‍ය ඇති වූ පසු අනේ පිඬු සිටාණන්ගේ ගෙයි දී වළඳා ලා නැගෙනහිර වාසලින් නික්ම පූර්වා්රාමයෙහි වසන සේක. උතුරු වාසල බා බුදුන් නික්මුනු කලට සැරිසරා පිටත වඩින සේකැ යි දනිති. විශාඛාවෝ උතුරු වාසල බල වඩනා නියා ව අසා වහ වහා අවුත් වැඳ ලා සැරිසරා වඩනා නියා දැ’යි අසා ‘එසේ ය යි වදාළ කල්හි ‘මෙ වකට අටළොස් කෙළක් වියදම් කොට මුඹ වහන්සේට විහාරයක් කරවීමි. රඳා වදාළ යහපතැ’යි කිවු ය. ‘ නො නවත්වන ගමන, විශාඛාවෙනි’ වදාළ සේක. ‘නිවන් දක්වන්ට නිසි කෙණකුන් දැක වදාළ නියා ය’යි සිතා ලා නො නැවත වඩනා පසු කළ නො කළ මෙහෙවර දැන නො කළ දෙයට විධානයට එක් කෙණකුන් වහන්සේ රඳවා ලා වදාළ යහපතැ’යි කිවු ය. යම් කෙ‍ණකුන් රඳවනු කැමැත්තාහුවී නම් උන්ගේ පාත්ර ය හැර ගනුව’ යි වදාළ සේක. ඌ කිසිසේ ත් අනඳ මහ තෙරුන් වහන්සේ කෙරෙහි මමාසනය ඇත්තෝ ය. එතකුදුව ත් මුගලන් මහ තෙරුන් වහන්සේ ඍද්ධිමත් හෙයින් උන්වහස්නේ ගේආනුභාවයෙන් කර්මාගන්ත වහා නිමවනු පිණිස ආරාධනා කොට ඔබගේ පාත්රුය හැර ගත්හ. තෙරුන් වහන්සේ බුදුන් මුහුණු බැලූ සේක. බුදුහු “තොපගේ පිරිවර පන් සියයක් භික්ෂුන් හැර ගෙන රඳව’යි වදාළ සේක. බුදුන්ගේ විධානයෙන් ඔබත් රඳා වදාළ සේක. උන් වහන්සේ ගේ ආනුභාවයෙන් දඬු පත් ආදි ය නිසා ගවු දෙ සියයකු ත් දෙ සිය හතළිස් ගව්වකුත් ව‍ඩා ත් ගියාහු කවර තරම් දෙයක් හැර ගෙන ත් එ දවන් ම එති. ගැල්වලට දඩු පත් නඟන කල ත් ගල් නඟන කල ත් මිනිසුන්ට කිසි ත් ආයාස නැත. කො සා බරක් නැගුව ත් ගැලු ත් නො බි‍ඳෙයි. නො‍ බෝ කලකින් ම දෙ මාල් පායක් කළහ. යට මාලේ ගබඩා පන්සියයෙක උඩු මාලේ ගබඩා පන් සියයෙක. එ හෙයින් ඒ පාය ගබඩා දහසකින් හෙබියේය. බුදුහු මහා මණ්ඩලයට වැඩි හෙයින් නව මසක් සාරිසරා වදාරා පෙරළා සැවත් නුවරට ම වැඩි සේක. විශාඛාවන් කරවණ දෙ මාල් පායේ කර්මා න්ත ත් නව අවුරුද්කිනු ත් නොනිමන



414 සද්ධර්මතරත්නාවලි ය

තරම් වුව මුගලන් මහ තෙරුන් වහන්සේ ගේ ඍඬ්යා නුභාවයෙනුත්, විශාඛාවන්ගේ කුශලානුභාවයෙනු ත්, බුදුන්ගේ බුද්ධානු භාවයෙනු ත්, නව මසකින් නිමියේ ය. පායෙහි කොත පැන් සැට කළයක් ගන්නා විතර මහත් කොට රත්රනින් ම කැරවූහ. බුදුන් දෙව්රමට වඩනා නියා ව අසා පෙර ගමන් කොට ගොසින් තමන් කරවූ විහාරයට ම වඩා ගෙන ගොස් “ස්වාමීනී, මේ සාර මස ම ඔබ්බකට නො වැඩ අලුත කළ විහාරයේ ම වැඩ හිඳිනා බව ය. විහාර නිමි පූජා ව කරවමි’යි කිවු ය. බුදුහු ත් ඉවසා වදාළ සේක. උයි ත් එ වක් පටන් සිඟා නො යවා බුදු පාමොක් සඟනට වෙහෙරට ම දන් බාවති. විශාඛාවන්ගේ එක් යෙහෙළි කෙණෙක් දහසක් අගනා එක් කඩක් හැර ගෙන අවුත් විශාඛාවන්දැට ‘මම මේ හිණ කඩ මුඹගේ පායේ බුමුතුරුණු කොට අතුරනු කැමැත්තෙමි. එක් අවසරයක් පැව මැනැවැ’යි කිව. ‘යෙහෙළි. මම ඉදින් අවසර නැතැ යි කිමි නම් තෙපි අවසරයක් පාන්ට මැළි ව ය යි සිතව. තෙපි ම උඩු මාල ත් යට මාල ත් ගබඩා දහස ත් බලා පියා නිසි තැනක් දනුව’යි කිවු ය. උයි ත් දහසක් වටනා කඩ හැර ගෙන ගොසින් බලා අතුළ පිළියෙන් ඊට අඩු තරම් පිළියක් නො දැක මේ පින් කම මුසුවන්ට නැති නියා වේ දැ’යි මුසුප්පුව ගෙන එක් තැනක හඩ හඩා සිටියෝ ය. අනඳ මහ තෙරුන් වහන්සේ උන් හඩනා නියා ව දැක සත්තු භත්ත ජාතකයෙහි බමුණු ව උපන් තමන් වහන්සේ හඩන කාරණ සේනක පණ්ඩිත ව උපන් මහ බෝසුන් විචාළ සේ ම ‘කුමකට හඬවුදැ’යි විචාළ සේක. ඒ අසා හඬන්ට කාරණය කී කල්හි ‘තෙපි මුසුප්පු නො වව. මම නිසි තැනක් කියාල මී වදාරා ලා ‘හිණට ත් සඳකඩ පාණට ත් අතරෙහි බිස්සක් සේ හකුළු වා ලා තබා ල ව. වහන්දෑ පය සෝධා පියා තිලි පය පිය පියා ඇතුළු ගෙට වඩනා සේක. එ සේ කලට තොපට අනුසස් මහතැ’යි විශාඛාවනු ත් සලකා ගත නුහුණු තැන වදාරා එ ලෙස උන් ලවා කරවා පින් කම උනු ත් මුසු කළ සේක. විශාඛාවෝ ද සාර මස මුළුල්ලෙහි ඇතුළු වෙහෙරදී ම බුදු පාමොක් සඟනට දන් දුන් හ. කෙළවර දවස් කසුප් බුදුන් සම යෙහි විසි දහසකට දී ඉතිරි ය තබා ගෙන හිඳ ලා ඒ වහන්සෑට දෙන ‍කලක් මෙන් තුන් සිවුරට සෑහෙන ලෙස සිවුරු පිළි දුන්හ. හැම තැනට බාල තැන ලත් සිවුරු පිළි රන් එ වකට



51. විශාඛා වස්තුව 415

අරුම නොවන හෙයින් දෝ මුසු දහසක් වටී. හැම දෙනා වහන්සේගේ ම පාත්‍ර පුරා එ තෙක් සරක් ඇත්තවුන්ට ගිතෙල් අරුම නො වන හෙයින් හෙළගිතෙලු ත් ශර්කාරා ආදී‍ා වූ බෙහෙත් බඩු ත් පුරා දුන්හ. දන් දීමට ම අග ය කළ කලට නව කෙළක් වියදම් වී ය. විහාරයට බිම හැරගන්ට නව කෙළෙක. වෙහෙර කරවන්ට නව කෙළෙක. විහාර ය කරවා නිමි පූජාවේ දන් දීමට නව කෙළෙකැ යි සත්විසි කෙළක් බුදු සස්නට වියදම් කළහ. ගෑනුව සිට මිථ්යාි දෘෂ්ටික ගෙවලට පැමිණ ත් පින් විෂයෙහි මෙ බඳු විය‍දමෙක් විශාඛාවන් විනා අනික් කෙ‍ණකුන් ගෙන් එ වක නො වී ය. ඌ විහාර පූජාව නිමි දවස් පස්වරු වේලේ දරු මුනු බුරන් පිරිවරා යමක් තුමූ පැතුවෝ වී නම් සියල්ලම අඩුවන් නැති ව මුඳුන් පැමිණි හෙයින් කරවා ලූ පාය වට කොට ඇවිද ඇවිද __


“කදාහං පාසාදං රම්මං - සුධාමත්තික ලෙපනං. විදාහාරනං දස්සාමි - සඞ්කප්පො මය්හ පූරිතො. කදාහං මඤ්චපීඨං ව - හිසිබ්ම්බොහනානි ව. සෙනාසනහණ්ඩං දස්සාමි - සඞ්කප්පො මය්හ පූරිතො. කදාහං සලාකහත්තං - සූවිං මංසුපසෙවනං, භොජනදානං දස්සාමි - සඞ්කප්පො මය්හ පූරි‍ූනංතො කදාහං කාසිකං වත්ථංි - ඛොමකොටුම්බරානි ව චීවරදානං දස්සාමි සඞ්කප්පො මය්හ පූරිතො. කදාහං සප්පි නවතීතං - මධු තෙලඤ්ච ඵාණිතං හෙයජ්ජදානං - දස්සාමි - සඞ්කප්පො මය්හ පුරිතො’


යනු හෙයින් ‘කෛලාශකුට ප්රමතිභාග ව සුණු වමින් බබළන මිනිස් ලොවට විජජත් පායක් හා සමාන වූ පායක් කරවා කවර කලෙක දන් දෙම් දෝ හෝ යි සිතා ඒ අදහස ත් සමෘද්ධ වි ය. නැවත හැඳ බිසි කන්වයින් ආදී වූ සෙනසුන් පිරිකර කරවා ලූ පහයට කවර කලෙක ලම් දෝ හෝ යි සිතා එයිත් දැන් සමෘද්ධි විය. නැවත අති පවිත්රෝ රස මසවුළෙන් යුක්ත ආහාරය ය ත් සපයා කවර කලෙක සඞ්ඝයා වහන්සේ ට ලා බත් කොට දෙම් දෝ හෝ යි සිතා එයි ත් දැන් සමෘද්ධ වි ය. නැවත සළු සොළී පිළී ආදී වූ පිළි කප්පවා සිවුරු කරවා සිවුරු දනක් කවර



416 සද්ධර්මවරත්නාවලි ය

කලෙක දෙම් දෝ හෝ යි සිතා එයි ත් සමෘද්ධ වි ය. නැවත ගිතෙල් මීසතුරු ආදී වූ දෙය පාත්රඑ පුරා කවර කලෙක සඞ්ඝයා වහන්සේට දෙම් ‍දෝ හෝ යි සිතා එයි ත් අද සමෘද්ධ වී ය’යි මේ භගවා තෙල ගාථා පස කිවු ය. වහන්දෑ ඒ අසා බුදුන් කරා ගොසින් ‘ස්වාමිනී, මේ විශාඛාවන් මෙ තෙක් කල් මුළුල්ලෙහි ගීයක් කියන්නා ඇසූ විරූ නැත. අද දරු මුනුබුරන් පිරිවරා ගෙන තුමූ කුඩා කෙල්ලක සේ ගී කිය කියා පාය සිසාරා ඇවිදිති. කුමක් ද? විහාරයේ කර්මාඩන්ත විධාන නිසා වාග්ව්යාායාමයෙන් පිත් කිපි නියා ද? නොහොත් යක්ෂොවන්මාදයක් නියා දැ’යි විචාළ සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි, ම දු ගී කියන්නී නො වෙයි. තමා පැතූ පැතීම මුදුන් පැමිණි හෙයින් සතුටු ව උදන් අනන්නී ය’යි වදාරා ‘උන් පැතූ ප්රාපත්ථ නාව කවර කලෙක දැ’යි විචාළ කල්හි අසනු කැමැති නියා දැ යි විචාරා එ සේ ය. ස්වාමීනී’යි කී කල්හි “මහණෙනි, මෙ මා බුදු වූ පඤ්චබුද්ධ ප්රාතිමණ්ඩිත භද්රමකල්පයට ලක්ෂ්යක් වන කප ජීවත් ව සිටිනා හවුරුදු ලක්ෂපය මුළුල්ලෙහි අහසින් යන ගමන් හැර පොළොවින් යම් තැනකට යන කලට අනූ රියන් පමණ පියුම් පෙති ඇති, තිස් රියන් පමණ කෙසුරු ඇති, නව කළයක් පමණ රේණු ඇති, දොළොස් රියන් පමණ පියුම් කෙමි ඇති, හෙළ පියුමෙන් රත් පියුමෙන් නික්මෙන හෙයින් හෙවත් ඒ පියුම් මැඩ ගෙන නික්මෙන හෙයින් පියුම තුරා නම් බුදු කෙණෙක් ලොව උපන් හ. උන් උපන් නුවර හංසවතී නම. පියාණෝ ආනන්ද නම් රජ්ජුරුවෝ ය. මෑණියෝ සුජාතා නම් බිසවු ය. නිත්යය පරිවාර භික්ෂූහු ලක්ෂෙයෙක. ගෑනු ව සිට යම් කෙණෙක් ඒ බුදුන්ට උපස්ථාන කෙරෙත් නම් උන්ට උතුම් ව වර අටක් ලදින් එක් උපාසිනා කෙණෙක් උන්ට උපස්ථාන කෙරෙති. සවසත් උදාසන ත් බුදුන් වඳනට යෙති. උන්ගේ එක් යෙහෙළි උපාසිකා කෙණෙක් උන් හා කැටි ව එක්වන් විහාරයට යන්නෝ අරමුන් බුද්ධවල්ලභ නියාව දැක ‘මෙ‍සේ බුද්ධවල්ලභ වන්නේ කුමන පිණක් කොට දෝ හෝ’යි සිතා බුදුන් කරා ගොසින් ‘ස්වාමීනී, මෙ අප‍ ගේ යෙහෙළි තැනැත්තෝ මුඹ වහන්සේට කුමක් වෙත් දැ’යි විචාරා අග්රේ උපස්ථායිකාවෝ ය’යි වදාළ කල්හි ‘ස්වාමීනී. කුමන පිණක් කොට මේ තනතුර ලද හැකි දැ’යි විචාරා ‘කප් ලක්ෂකයක් මුළුල්ලෙහි පින් කම් කොට පතා ය’යි වදාළ කල්හි ‘මෙ වක පතා ලද හැකි දැ’යි විචාළෝ ය. බුදුවරුන් නමුත් මා ම නො වත් අග්රා උපස්ථායිකාවරුනු ත් මුන්ම නො වත් දැන් පතාත් ලද හැක්කැ’යි වදාළ සේක.


51. විශාඛා වස්තුව 417

‘ස්වාමීනී, එ සේ වී නම් ලක්ෂවයක් දෙනා වහන්සේ හා සමඟ සතියක් මාගේ ආරාධනාව ඉවසා වදාළ යහපතැ’යි කිවු ය. බුදුහු ත් ඉවසා වදාළ සේක. උයි ත් මහ වතුරක් මෙන් සතියක් දන් දී ලා කෙළවර බුදු පාමොක් සඟනට සිවුරු පිළි දන් දී ලා බුදුන් වැඳ ගෙන හෙව ‘ස්වාමිනී, මේ සා මහත් දන් දී ලා ශක්රර සම්පත්, බ්රනහ්මසම්පත් ආදියක් නො පතමි. මුඹ වහන්සේ වැන් බුදු කෙණෙකුන් වහන්සේ කරා පැමිණ වර අටක් ලදින් මවු තනතුරෙහි සිට සිවු පසයෙන්උපස්ඛථාන කරණ ගෑනු ජාතියට අග්රද වෙම්ව’යි පැතු ය. බුදුහු ත් ‘මුන්ගේ ප්රාඅත්ථිුනාව මුන් දුන් දන සේ ම උදාරතර ය. සමෘද්ධවේ දෝ හෝ’යි මතුඑන දවස් අනාගත ඥානයෙන් බලන සේක් සමෘර්ධ වන නියාව දැන ‘මෙයට ලක්ෂ යක් වන කප ගෞතම නම් බුදු කෙණෙක් ලොව පහළ වෙති. උන් උපදනා නුවර කිඹුල් වත් නම. පිය රජ්ජුරුවෝ සුදොවුන් නම්හ. මවු බිසවු මහාමායා නම්හ. දකුණ ත් සවු නම සැරියුත් නම්හ. වම ත් සවු නම මුගලන් නම්හ. ඛෙමා නම් උප්පලවණ්ණා නම් මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්රව ශ්රාුවිකා වෙති. ආනන්දල නම් මහ තෙර කෙණෙක් අග්රද උපස්ථායක ‍ව අත් පා මෙහෙ කෙරෙති. අනාථ පිණ්ඩික නම් සිටාණ කෙණෙක් අග්රක උපස්ථාන කෙරෙති. තෙපි එ කල අභිමතාත්ථ් දායක වූ කල්පවෘක්ෂෙ ශාඛාවක් සේ විශාඛා නම් ව ඒ බුදුන් ගෙන් වර අටක් ලදින් මවු තනතුරැ සිට සිවු පද යෙන් උපස්ථාන කොට උපාසිකාවරුන්ට අග්ර් නියාවට එතදග්ර පාළියට නැඟී උපස්ථාන ‍කරව’යි වදාළ සේක. කප් ලක්ෂ‍යකින් වන දෙය උන්ට අවධි නියම වූ හෙයින් සෙට දවස් ලබන දෙයක් සේ සිතින. ඌත් ආයු පමණින් තව තවත් පින් කම් කොට එයින් සැව දෙව් ලොව ඉපැද ව්යු ති ප්රආතිසන්ධි වශයෙන් ඇවිදින්නෝ කසුප් බුදුන් සමයෙහි කිකී නම් කසී රජ්ජුරුවන්ගේ දුන් සත් දෙනාට බාල ව සඞ්ඝදාසී නම් ව තුනුරුවන් සරණ විනා අනික් සරණකට නො ගොස් බුන් හා සමඟ විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි බොහෝ පින් කම් කොට කසුප් බුදුන් සමයෙහි ත් මෙම තනතුරු ම පැතූහ. එ වක් පටනු ත් කළ පින් බොහෝ හෙයින් අපායට නො ගොස් දෙව් ලොව මිනිස් ලොව සැප ත් විඳිනාහු මෙ වක මැඩ මහ සිටාණන් ගේ පුත් වූ ධනඤ්ජය සිටාණන්ට දූව ඉපැද මාගේ සස්නෙහි බොහෝ පින් කොළෝ ය. එසේ හෙයින් , ‘මහණෙනි, ම දුව ගී කියන්නේ නැත. තමා සිතූ පැතූ දෙය සමෘද්ධ හෙයින් උදන් අනයි'



418 සද්ධර්ම රත්නාවලි ය වදාරා මෙහෙවර කියා ගියවුන්ට ප්රවමාද දෙන්නා සේ ‘හෙම්බා මහණෙනි, යම් සේ මල් ගෙතීමෙහි දක්ෂය මාලා කාරයෙක් බොහෝ මල් රැසකින් නො එක් පැ ඇති මල් තෝරා ‍හැර ගෙන එක් දසාවකට නටු තබා ය. දෙකෙළවරට නටු තබා ය. සතර අතට නටු තබාය යනාදීන් නො‍ එක් ලෙස මල් වඩම් ගොතා ද, ඒ පරිද්දෙන් සත්වසයන් විසින් දන් දීම්, සිල් රක්ෂා් කිරීම්, භාවනා කිරීම්, පින් දීම්, පින් අනුමෝදම් වීම,1 බණ ඇසීම්, ගුරුන්ට සිල් වතුන්ට මෙහෙ කිරීම් ආදී විසින් බොහෝ පින් කටයුතු ය. යම් සේ මල් ගොතන මාලාකාරයා දක්ෂව වී නමු ත් මල් මඳ වී නම් සිත් ලෙසට මල් ගොතා ලිය නො හේ ද, මල් බොහෝ ව ත් මල් ගෙතීමේහි අදක්ෂෙ වී නම් ගොතා ලිය නො හේ ද, මලුත් බොහෝ වීනම් මාලාකාරයාත් දක්ෂස වීනම් මල් ගොතා ද එ පරිද්දෙන් යම් කෙණෙක් පින කිරීමෙහි දක්ෂතයෝ වූ නමුත් සම්පත් නැත්තෝ වූ නම් උයි ත් දිළිසු හෙයිනි සැදෑ ඇතත් පින් කොට ගත නො හෙති. සම්පත් බොහෝ වුව ත් සැදෑ නැති ව පින් කිරීමෙහි අදක්ෂ යෝ වූ නම් උයි ත් පින් කොට ත ‍නො හෙති. යම් කෙණෙක් විශාඛාවන් මෙන් සම්පත් ඇති ව පින් කිරීමෙහි අදහසු ත් ඇත්තෝ වූ නම් කුශල ය සිද්ධ වන්නේ උන්ට ය. සැදැ නැත්තවුන්ට සම්භවූ සම්පත් නම් රකුසු රකවලින් තුබූ විල් වන්නැ’යි වදාළ සේක. එසේ හෙයින් සෞජන්ය යෙහි පිහිටි නුවණැත්තවුන් විසින් අකුසලින් දුරු ව කුසල්හි පිහිටා සිත් සතන් පිරිසිදු කට යුතු.


52. ආනඳ මහ තෙරුන් වහන්සේ ගේ පැන විසඳීම් වතසංස්කරණය

තවද යම් සේ මහපොළොව කපුරු - කළු වැල් - සඳන් ආදිය ලීමෙහි ත් කෙළ සොටු ආදී වූ අපවිත්රු ය ලීමෙහි ත් සම ද, එ පද්දෙන් ලාභ යශස් ප්රෙශංසා සුඛයෙහි උඩගු කමු ත් අලාභ අයස් නින්දාල දුක්හි කලකිරුමුත් නැති, තව ද යම් සේ මහ පොළොව සුවඳ විලවුන් ආදී වූ සැරහීම් නැති ව ත් ශුද්ධාෂ්ටක විනිර්මුක්ත පොළොවක් නැති හෙයින් කලාපගත ගන්ධයෙන් සුවඳවත් ද එ මෙන් සුවඳ විලවුන් නැත ත් සිල් නමැති සුවඳින් සුවඳවත් වූ- තවද යම් සේ මහ පොළොව කඩ ‍නොව, සිදුරු නො ව, බොල් ව ඝන ව පැතිරි සිටී ද එ මෙන් ඛණ්ඩිදී භාවයට නො පමුණුවා ධොත සඞඛයක් සේ නිර්ම ල කොට සීල පූරණ ය ඇති- 1. අනුමෝදන් වීම


52. අනඳ මහ තෙරුන් වහන්සේ ගේ පැන විසදීම් වත 419 තව ද යම් සේ මහ පොළොව, නුවර දනවු ගම් ආදිය උසුලා නමුත් පසු බැස්ම නැත්තී ද, එ මෙන් අවවාද අනුශාසනාදියට පසු බැස්මක් නැති, තව ද යම් සේ මහ පොළොව ක්රො ධානුනයක් නැත්තීද, එමෙන් සියල්ලවුන් කෙරෙහි සම අදහස් ඇති සත්පුරුෂයන්ගේ ගුණ ශොභා ව හැම තැන පවත්නා ලෙස හඟවන්නට අනඳ මහ තෙරුන් වහන්සේ‍ ගේ පැන විසඳීම් වත දක්වමු. කෙ සේ ද යත්:- එක් දවසක් අනඳ මහ තෙරුන් වහන්සේ ‘සඳුන් ආදී වූ හර සුවඳ ත්, හිරිවේරිය ආදී වූ මුල් සුවඳ ත්, දෑ සමන් ආදී වූ මල් සුවඳ ත් බුදුහු උතුම් කොට වදාළ සේක. එහි සුවඳ ත් යටි සුළඟට යන්නක් මුත් උඩු සුළගට යන්නක් නැත. යමෙක සුවඳ උඩු සුළඟට ත් යේ නම් එ සේ වූ දෙයකු ත් ඇත් දෝ හෝ’යි සිතා ‘මෙ ම සේ සිතා ප්ර්යෝජන කිම් ද? තරාදිය තිබිය දී අතින් කිරන්නා සේ ය. බුදුන් ම විචාරම්’යි සිතා බුදුන් කරා ගොසින් ‘ස්වාමීනී, සඳුන් ආදී වූ සාර ගන්ධසයෙහි ත්, හිරිවේ‍රිය ආදී වූ මූල ගන්ධියෙහි ත්, චම්පක පුෂ්පාදී වූ පුෂ්ප ගන්ධ්යෙහි ත්, සුවඳ යටි සුළඟට හමත් මුත් උඩු සුළඟට නො හම යි. යටි සුළඟට ත් උඩ සුළඟට ත් හමන සුවඳ ඇත් දැ’යි විචාළ සේක. විචාළ ප්ර ශ්න ය විසඳන බුදුහු ‘හෙම්බා ආනන්දේයෙනි, තොප විචාළ යටි සුළඟට උඩු සුළඟට තබා දස දිගට ම හමන සුවඳ ඇත. ‘ඒ කවරේද යත් - හෙම්බා ආනන්ද යෙනි, යම් ගමෙක වේවයි, නියම් මෙක වේව යි. තො‍ටෙක වේව යි, ගෑනු කෙණෙක් වෙත් ව යි, පිරිමි කෙණෙක් වෙත්ව යි, කවුරු‍ වෙත් ව යි, තිසරණ පිහිටා වෙසෙත් ද, පස් පවිනු ත් දුරු ව වෙසෙත් ද, දස පින්කිරිය වත පුරත් ද, මසුරු සිත් නැති ව දන් දෙත් ද, උන්ගේ ගුණ ඒ ඒ දිග මහණ බමුණෝ ත් කියති. ඒ ඒ දිග වසන දෙවියෝ ත් කියති. එ සේ හෙයින් උන්‍ ගේ ගුණ සුගන්ධ ය දස දිග ම හම යි. සෙසු මල් තබා සාර සියයක් ගවු විතරට සුවඳ හමන පරසතු - මඳාරා මල් හි සුවඳ පවා යටි සුළඟින් සාර සියයක් ගව් හමන පමණක් මුත් උඩු සුළඟින් අඟලක් විතරට ත් නො හම යි. සඳුන් තුවරලා ආදියෙහි සුවඳ ත් යටි සුළඟින් තමා හමන විතරක් හම ත් මුත් උඩු සුළගින් කෙසඟක් විතරක් නො හම යි. ඒ එ සේ වුව ත් බුද්ධාදී වූ සත් පුරුෂයන්ගේ ගුණ සුවඳ උඩින් අකනිට බඹ ලොව දක්වාත් සරසින් අනන්තා පරිමාණ සක්වල ත් පාතින් නාග භවන




420 සද්ධර්මඅරත්නාවලි ය

ගරුඬ භවනාදියෙහි ත් හමයි. උන්ගේ ගුණ ශොභා ව මහත් ව පැතිරීමෙන් මහත් වූ වා සේ ම උන්ට දුන්නා වූ ලඝු දානය ත් විපාක වසයෙන් මහත් වෙ’යි වදාළ සේක. මේ දෙශනා කෙළවර ත් බොහෝ දෙන නිවන් දුටුව ය. එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් පුණ්ය ක්ෂෙනත්ර හැම කල ලද නො හැකි හෙයින් ලත් අවධියෙහි කුසල් පුරා අනු ශාසනා ලෙසින් අකුසලින් දුරු ව ත්රි විධ බෝධීන් එක් තරා බෝධියකට පැමිණිය යුතු. ________________________________________


53. සක් දෙවිඳු බත් දුන් වතසංස්කරණය

තව ද උපදෙස් දන්නවුන්ට කුසල් නිරායාසයෙනි සිද්ධ වන නියා ව හඟවනු පිණිස මහ සුප් තෙරුන් වහන්සේට සක් දෙවිඳු බත් දුන් වත දක්වමු. කෙ සේ ද යත්-- එක් දවසක් මහ සුප් මහ තෙරුන් වහන්සේ සතියක් මුළුල්ලෙහි නිරොධයට සම වැද වැඩ හිඳ එයින් නැගී රජගහා නුවර ගෙපිළිවෙළින් සිඟන්ට නික්මුණු සේක. එ කල සක් දෙවිඳුහුගේ අඩු තුන් කෙළක් පුරඟනන් ගෙන් පරෙවියන්ගේ පා සේ රත් වූ පතුල් ඇති දෙවඟනෝ පන් සියයෙක් ‘මහසුප් මහ තෙරුන් වහන්සේට දනක් දෙම්හ’ යන බලවත් අදහසක් ඇති ව බත් වසුන් පන් සියයක් ගෙන්වා ගෙන අවුත් අතුරුරුමඟ සිට ‘ස්වාමීනී, අපට කරුණා කොට මේ බත් පිළි ගත මැනවැ’යි ආරාධනා කළහ. ‘තෙපි යව. තෙල් කෑ වළදේ ම තෙල් වත් කළ යි සෙසු වළන් තෙල් කා ද? පැන් පිරුණු වළන් ම උතුරුවා පැන් වත් කළ කලට සිස් වළන් සිස් ම වේ ද, එ සේ ම තොපට සංග්රරහ කළ යි සෙසු සංග්රවහ ලද මනා වුන්ට සංග්ර හ කෙ සේ ද? දියෙහි වස්නා වැස්සට වඩා ගොඩ වස්නා වැස්සෙන් ප්රනයෝජන බොහොව. මම දුක් පතුන්ට සංග්රටහ කෙරෙමී වදාළ සේක. ස්වාමීනී, අපට වන වැඩට බාධා නො කළ මැන ව, අනුග්ර හ කරන්ට ම වුව මැනැවැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ නැවත ත් ප්ර‍තික්ෂෙවප කෙට වදාරා ඉවත් නො ව ආරාධනා කරන්නවුන්ට ‘තොපගේ පමණත් නො දනු ද? ඉවත් වව’යි කෝප ලවයක් නැත ත් ඒ ආකාරයෙන් අසුර ගසා ලූ සේක. අසුර ගසා ලූ හඬින් භයින් තැති ගෙන පියා සිටි ය නො හී පලා ගොසින්



53. සක් දෙවිඳු බත් දුන් වත 421

දෙව් ලොවට ම ගියාහු ‘කොයි ගියාදැ’යි සක් දෙවිඳුන් විචාළ කල්හි මහසුප් මහ තෙරුන් වහන්සේට බතක් පිළිගන්වන්ට ගෙන ගිය නියාව කිවු ය. ‘පිළිගන්වා ගතුදැ’යි විචාළ කල්හි ‘නොපිළිගත් සේකැ’යි කිවු ය. ‘කුමක් වදාරා ලා නොපිළිගත් සේක් දැ’යි ශක්ර්යන් විචාළ කල්හි ‘දුප්පතුන්ට සංග්ර.හ කරම්හ’යි වදාරා ලා ය’යි කිවු ය. ‘බත් ගෙන්වා ගෙන තෙපි කවර ලෙසින් ගියා දැ’යි විචාරා ‘දෙවතා වෙසින් ම ය’ කී කල්හි, ‘තොප වැන්නෝ ත් ඔබට බත් පිළිගන්වා ගත හෙත් ද? බලා සිටුව, මම බත් පිළිගන්වමී, කියා ලා ජරා ව දිරා ගොසින් මාලු වූ දෑකැත්තෙක දැති වැගිර ගියා සේ දත් වැගිර ගියා වූ ශරීර නමැති දර ගොඩෙහි ජරා නමැති ගිනි වැඳ ගෙන දා අළු ව ගියාක් වැනි වූ නරකෙස් ඇති වූ, වක බිඳී ගියා වූ, දුටු කල ඉතා කම්පා ‍කරණ තරම් මාලු සාලි‍ වෙසක් මවා ගෙන සුජාතාවනුත් එ සේ මැලි සලි දු වෙසක් මවාලා හූ වත් කොට කොට සිටියෝ ය. මහ තෙරුන් වහස්සේ ද ‘දුක්පත් කෙ‍ණකුන්ට සංග්රයහ කෙරෙමී’ නුවරට වඩනා සේක. නුවරින් පිටත ම වීථි ය දැක ලා වීථිය ඇතුළත බලන සේක් මාලු මෑලි දෙන්නා දුටු සේක. ඒ වෙලාවට ජරා ශක්රතයෝ යන නම් තරමට මාලු - ලෙසින් සිටි ශක්ර යෝ හූ වත් කෙරෙති. මෑ ලී ලෙසින් සිටි සුජාතාවෝ දඬු හඹරති. මහ තෙරුන් වහන්සේ එයි ත් දැක සැබෑ කට යුත්තෙකැයි සිතා මෙ තරම් අවස්ථා‍වේ ත් කර්මාේන්ත කෙරෙති. නො පැදෙන හෙයින් මුත් වැද හෝනා තරම්හ. මේ නුවර මුන්ට වඩා දුක් පත්තු ඇත්තා සේ නො වෙයි. මුන් දී ලූ බත් සරළුවෙක් ඇත් නම් ඒ පිළිගෙන මුන්ට මෙ ලෝ පර ලෝ දෙකින් ම සංග්ර හ කෙරෙමි’යි උන්ගේ ගෙය බලා නික්මුණු සේක. ශක්රමයෝ ද ඔබ වඩනා දැක සුජාතාවන්ට ‘සොඳුර, මාගේ ස්වාමි දරුවාණන් වහන්සේ මුබ වඩනා සේක. තෙපි නුදුටු බඳව ලා බැණ නො නැගී හිඳුවත. නො හඟවා ඇසිල්ලෙකින් බතක් පිළි ගන්වා ගනුම්හ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ත් පද්දොර,1 සිඟා වැඩ සිටි සේක. ඌ දෙන්නා ත් නුදුටු බඳු ව ලා තමන් කරණ කර්මා්න්ත ම දැන් සමයේ සමහර කෙ‍ණකුන් සේ කෙරෙති. මෙ ලෙසින් මඳක් කල් යවා ලා එ විට දුටු ලෙසට ‘දොර වහන්දෑ සැටි ය. ගොසින් බලග’යි මෑල්ලන්ට පැරැත්ත ගත්හ. ‘මෙයට සොයා ගත් නියා යහපත. දුක් සුවත්2 නො දත මනා ද? ගත් 1. බත් දොරපත් - දොර 2. දුක්පත්වත්


422 සද්ධර්ම රත්නාවලි ය

බලයක් නැති හෙයින් මම මා ගෙන නැඟි හින්ද නොහෙමි. මුඹට මේ කරන්නා තබා ය. මුඹ ගොසින් බලන්නැ’යි මාලන්ට කිවු ය. උයි ත් අබලම් හඟවා ඇදී පෑදී ගෙන් නික්ම වෙවුලා වෙවුලා පසඟ පිහිටුවා වැඳ ලා ආයාස මහත් නියාව හඟවන්ට සුස්ම සුස්මා දණ අත ඔබා ගෙන වැඳ සිට පියා කෙළින් නැගී සිට සිගා සිටි සේක් කවුරුන් වහන්සේ දෝ හෝ යි ඇස් බමණ ‍හෙයින් දැන ගත ත් නො හෙමී’කියා ලා ඇස ගෙන අවු ව වසා ලා අත නළල තබා ගෙන මූ ණ බලා පියා ‘අනේ දුකක් නැතත් කලෙකින් මහ සුප් ස්වාමීන් වන, සිඟා මෙයට වැඩි සේක් ඇති ඇඳිරි බලවත් හෙයින් හැඳින්නේ ත් දුකින. මේ ගෙයි හුයා පළා තුබූ යමක් ඇත් දැ’යි මෑල්ලන් අතින් විචාළෝ ය. මැල්ලෝ ත් දැන් සම‍යේ සේ ම පිට ගැසී පියා ලෑටි ව එළිනෝ ‘කුමක් සේ දෝ කිසිවක් ඇතෙ’යි කියා දුක්පත් කම් හැඟවූ ය. එ වේලෙහි මාලු ලෙසින් සිටි ශක්‍තෙයෝ ස්වාමීනී, යහපත නපුර නො සලකා අපට අනුග්රෙහ කළ මැනවැ’යි ආරාධනා කොට ලා පාත්රය ය හැර ගත්හ. මහ තෙරුන් වහන්සේ ‘මුන් දුන් පළා කොළක් වුව ත් කුඩු වුව ත් මුන් මේ දුක්නි මුදනු පිණිස වළඳ මී’ සිතා ලා ම පාත්ර ය දුන් සේක. උයි ත් ඇතුළු ‍ගෙට වැද ලා වසගැසූ පමණක් මුත් තමන් දුක්පත් කෙණෙක් නො වන හෙයින් දිව්යා භෙජනයෙන් පාත්ර් ය පු‍රා ලා මහ තෙරුන් වහන්සේගේ අතට පාත්රි ය පිළිගන්ලූවා ය. අනුරුද්ධ කුමාරයන්ට දෙවියන් දුන් කැවුම් තළියේ සුවඳ කිඹුල්වත් නුවර පැතුරුණා සේ ම මේ බත් පාත්රෙයේ සුවඳත් දෙවියන් ම දුන් හෙයින් රජගහා නුවර මුළුල්ලෙහි පැතිරිණ. ශක්රර නියා ව නො හඟවන්නට දෙවරු1 කළ වඤ්චා කෙ‍ සේ දෝ වි ය. මහ තෙරුන් වහන්සේ ත් ‘මූ ඉතා දුක් පත්හ. දීලූ බත දුක්පත් තරමට නො වෙයි. සක් දෙවිඳහුගේ සුධාභොජන හ හා සම ය. කවුරු දෝ හෝ’යි එ විට පරීක්ෂාස කරණ සේක් ශක්ර යන් නියා ව දැන ‘ දුක්පතුන්ට වන ප්රවයෝජන උදුරා ගත් සේ නපුර. ඉතා දුක් පත් කෙණෙක් අද මට දනක් දුන්නු නම් සෙනෙවිරත් තනතුරු හෝ සිටු තනතුරු ලැබෙති. තොප මේ කුමක් කළ නියා දැ’යි වදාරා ‘මට ත් වඩා දුක්පතුන් ඇති නියා දැ’යි කී කල්හි ශක්ර සම්පත් ලැබ ත් දුක්පත් කම් නොහැරේදැ’යි වදාළ සේක.


1.දෙවුරු


53. සක් දෙවිඳු බත් දුන් වත 423

ඒ අසා ශ්ර කයෝ ‘සවාමීනි, මා ශක්රැ වන්ට පින් කෙළේ බුදුන් නූපන් සමයෙක. බුදු හමුයෙහි පින් කළ චූලරථ ය මහාරථ ය අනන්ත වර්ණ ය යන මේ දිව්ය පුත්රුයෝ තුන් දෙන මට ආ‍සන්න ව උපන්හ. මට නො එක් ලෙසින් බලවත්හ. උන් තුන් දෙන උත්සවයට සහ පිරිවරින් විථියට බට කලට මම ලජ්ජාව පලා ගොසින් විජයත් පායට වැදයෙමි. උන්ගේ ශරීර ශෝභාව අවුත් මා වසා පිය යි. මා‍ ගේ ශරීර ශොභාව උන් කරා යා නො හෙයි. එ සේ හෙයින් මට වඩා දුක් පත්තු කවුරු දැ’යි කියා ගත් දුක් පත් කම එ ලෙසින් ම සෑධූ ය. ‘එ සේ වුව ත් මෙ වක් පටන් මෙ‍ සේ වළහා දන් නො දෙව’යි වදාළ සේක. ‘වළහා ත් මුඹ වහන්සේ ටදුන් දනෙහි ඉෂ්ට විපාක වැළහේ දැ’යි විචාරා ‘සොරා කාපු බතිනු ත් බඩ පිරෙන්නා සේ ම පින් තොපට ඇතැ’යි වදාළ කල්හි’ සොරා වේවයි පෙනී වේව යි මට උවමනා පින් ම වේ දැ’යි කියා ලා මහ තෙරුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගෙන සුජාතාවන් හා සමඟ සක් දෙවිඳු ලෙසින් අහසට පැන නැඟී ලා ‘මහසුප් සාමීන් කෙරෙහි පිහිටි දන උතුම් දනැ’යි උදන් ඇනී ය. බුදුහු ත් වෙළුවනාරාමයෙහි වැඩ හුන් සේක් දිව කනින් ශක්ර යන්ගේ උදන් අසා වහන්දැ බණව‍ා ලා ‘ශක්රනයන් උදන් අනා ගෙන අහසින් යන්නවුන් බලව’යි වදාළ සේක. කුමක් කොට පියා උදන් අන ත් දැ’යි විචාළ කල්හි ‘වඤ්චා ලෙසකින් තමන් ශක්රඩ නියාවක් ම නො හඟවා මහසුප් මහ තෙරුන්ට බතක් දී පියා සොර සටනක් කොට ලත් ජයක් සේ සමාධි ව උදන් අනමින් යෙතී’ වදාළ සේක. ‘තෝරා ලා මහ තෙරුන් වහන්සේ ට දන් දීම යහපැතැ’යි කෙ සේ සිතා ගත් නියා දැ’යි විචාළ සේක. ‘මහණෙනි, ම පුතණුවන් මහා කාශ්ය පයන් වැනන්වුන් දෙවියෝ ත් කැමති වෙති. ශක්රතයෝ ද ම පුතුන්ගේ ගුණ සුගන්ධය අසා අවුත් දන් දුන්හ. සඳුන් තුවරලා ආදියෙහි සුව‍ඳෙක් ඇත් නම් බුද්ධාදින්ගේ ගුණ සුවඳ වූ නියාවට මහ මෙර ළඟ හබ ඇටක් තබා ලූ වා සේ ඉතා ම ලඝු ය. මිනිස් ලොව තුබූ තුවර ලා ආදියෙහි සුවඳ ඹබ ලොව දක්වා හම’යි වදාළ සේක. මේ දෙශනා කෙළවර ත් බොහෝ දෙන නිවන් දුටහ. එසේ හෙයින් නුවණැත්තවුන් විසින් කෙලෙස් මල හරන පිණිස සිල් නැමැති සුවඳ විලවුන් ගෙන වන ලොව්තුරා දහම් නමැති අබරණ ලා සැරහී ගෙන නිවන් පුරට යා යුතු.



424 සද්ධර්මයරත්නාවලි ය


54. ගොධික තෙරුන් වහන්සේ ‍ගේ වත.සංස්කරණය

තව ද කුල දරුවන් ජීවිතයට ත් වඩා උපදවා ගත් ගුණ විශෙෂයෙහි ඇලුම් ඇති නියාව හඟවනු පිණිස ගොධික තෙරුන් වහන්සේ ගේ වත දක්වමු. කෙ සේ ද යති:- ගොධික තෙරුන් වහන්සේ ඉසිගිලි පවුව ගිවා කළු ගල වසන සේක් නොපමා ව භාවනා කොට ධ්යාපන උපදවා ගෙන විකඹුන් වසයෙන් මු ත් සමු‍ච්ඡේද වසයෙනි කෙලෙසුන් නසන්ට නු වූ හෙයින් කෙලෙස් නමැති සොරු වැද ලා ධ්යානන නමැති වස්තු සඟවා ගත්හ. එ සේ හෙයින් ධ්යාරනයෙනි පිරිහී නට නට ධ්යාාන ය පිරිහුණු පිරිහුණු සේ ය වාරයක් දක්වා උපදවා පියා ස වන වාරයේ ත් ධ්යා්නයෙන් පිරහී සත් වන වර ධ්යායන උපදවා ගෙන සිතන සේක් ‘ ස වාරයක් විතර ම ධ්යායනයෙන් පිරිහීණිමි. ධ්යාාන ලාභී වූ වො ත් බඹලොව උපදනා බව මුත් ධ්යායනයෙන් පිරිහුණන්ගේ ගති අනියම ම ය. උපදවා ගත් ධ්යාානයෙන් පෙරළා ත් පිරිහීණිම් නම් නපුර. නපුරු සිත් සිත සිතා හිඳී ම ට වඩා මිය යාම යහපත. බොටුව කපා ගෙන මිය යෙමි’ හිස කේ බානා කර ය හැර ගෙන බොටුව කපන්ට හැඳ වැඳ හොත් සේක. වසවත් මර ඔබගේ අදහස දැන මේ මහණ බොටුව කපන්ට කර ය සැරගෙන වැද හොත්තේ ය. බොටුව කපන්ට සිතන්නාහු ජීවත් වීමෙහි ත් ඇලුම් නැත්තාහ. එ සේ කලට බොටුව කපා හෙව නො මියන තෙක් විවසුන් වඩා රහත් වන සේ ත් දනිති. ඉදින් මම ගොසින් වැළකීම් නමුත් නො නවතිති. බුදුන් ලවා ම වළක්වමි, අප්රඉසිද්ධ වෙශයකින් බුදුන් කරා ගොසින් - “මහා වීර මහාපඤ්ඤ - ඉද්ධියා යසයා ජලං, සබ්බවෙර භයාතීත - පාදෙ වන්දාමි චක්ඛුමං. සා‍වකො තෙ මහාවීර - මරණං මරණාභිභූ, ආකඞ්ඛති වෙතයති - තං නිසෙද ජුතින්ධර. ‍කථන්තු භගවා තුය්හං - සාවකො සාසනෙ රතො, අප්පත්තමානසො සෙඛො - කාලං කයිරා ජනෙසුත.” යනු‍ හෙයින් ‘මහත් වූ වීය්ය්ොණ ඇති, මහා නුවණැති ගුණ ශොභා වෙන් අගපත් වූ බුදුරජුන් වහන්ස, මුඹ වහන්සේගේ පත්ල වැඳ



54. ගොධික තෙරුන් වහන්සේ ගේ වත 425

දන්වමි. මුඹ වහන්සේගේ සවු කෙණෙක් මියනු කැමැති ව මරණ ප්ර යෝග කෙරෙති. ඒ වළකා වදාළ මැනව. ‘ස්වාමීනි, මුඹ වහන්සේ ගේ සවුවන් රහත් නො ව මළ කල හේ කවරේ ද? නො මියන තෙක් වළකා වදාළ යහපතැ’යි කී ය. වළකා ලිය හැක්කේ වී නමුත් ශාක්යකයන්ගේ කර්මැය සේ අනිවාය්ය්ග කර්මෙයට මාරයා කිව යි වඩනා සේක් ද? තෙරුන් වහන්සේ ත් එ වේලාට බොටුව කපන්ට පටන් ගෙන කැපුණු කැපුණු පමණින් වේදනා පරිග්රේහ ය කොට බොටුව කැපීම් පසාරයෙන් ඊ පිට ලා ලා කෙලෙසුන් කපන්නට තර හෙයින් විවසුන් වඩා නිකම් කරයෙන් බොටුව ත් අර්හන් මාර්‍්නඥාන නැමැති කරයෙන් සියලු කෙලෙස් බොටුව ත්, කපාපී සේක. බොටුව කපා නිමා ව ත් රහත් වීම ත් ‍‍එක විට වි ය. බුදුහු ත් ඔහු මරහු නියාව දැන ලා_ “ එවං හි ධීරා කුබ්බන්ති - නාවකඞ්ඛන්ති ජීවිතං සමූලං තණ්හං අබ්බුය්හ - ගොධිකො පරිනිබ්බුතො” යනු හෙයින් ‘හෙම්බල මාර ය. නුවණැත්තෝ ජීවිතයට ත් වඩා භවක්ෂනයෙහි ඇලුම් ඇත්තෝ ය. එ‍ සේ හෙයින් බොටුව කපමින් සිට ම රහත් වුව’යි වදාළ සේක. මෙ‍ සේ වදාරා ලා බුදුහු බොහෝ වහන්දෑ කැඳවා ගෙන ගොධික තෙරුන් වහන්සේ පිරි නිවි තැනට වැඩි සේක. ඒ වේලේ දවසත් මර _ “ උද්ධං අධො ච තිරියං ච - දිසං ව විදිසං තථා, අන්වෙසං නාධිගච්ඡාමි - ගොධිකො සො කුහිං ගතො” යනු හෙයින් ඔබ ‍ගේ පිළිසිඳ සිතක් නැති නියාව තමා නො දත් හෙයින් ඒ පිහිටියේ කොයි දෝ හෝ යි විමසනු නිසා දුම් රැසක් සේ අඳුරු පිඬක් සේ ව පියා ඒ ඒ තැන සොය යි. බුදුහු ඌ දුම් වූ නියාව ත් අඳරු වූ නියාව ත්, ආදී ම මූ තමාගේ තරම් දන්නා හෙයින් ම දැන වදාරා වහන්දැට පෑ ලා ‘හෙම්බා මහණෙනි, මාරයා දුම් ව පියා අඳුරු ව පියා හැම තැන පැතිර ගොධික තෙරුන්ගේ පිළිසඳ සිත පිහිටි තැන් සොය යි. උන් පිරිනිවි හෙයින් මූ ට පෙනෙන්නට නැතැ’යි වදාළ සේක. මාරයා ත් බලා වෙහෙසී ගොසින් සිට දැක ගත නො හී කුඩා කොලු වෙසක් මවා ගෙන වීණාවක් හැර ගෙන බුදුන් කරා ගොසින් ‘සියලු දස ගිස බලා ත් නුදුටුයෙමි. ගොධික තෙරුන් වහන්සේ කොයි දැ’යි විචාළ. බුදුහු රහත් ව පිරිනිව් නියාව වදාළ සේක. ඒ අසා තමාගේ මනොරථ ය නුවූ හෙයින් __


426 සද්ධර්මයරත්නාවලි ය

“ තස්ස සොකපරෙතස්ස - වීණා කච්ඡා අහස්සථ, තතො සො දුම්මනො යක්ඛො - තත්ථෙසවන්තරධායථ.” යනු හෙයින් මුසුප්පු ව වීණාවත් හෙළා ගෙන අතුරුධන් විය. බුදුහු ඔහු සැඟවී සිටි තැනැත්තවුන්ට “නමිනු ත් ‍අන්තක නම් වූ ගුණෙනුත් අන්ත වූ මාරය. තට ගොධික තෙරුන් ගේ උත් පත්ති ස්ථාන විමසීමෙන් ප්රෙයෝජන කිම් ද? ඒ විමසා එ ලෙසක් ‍කොට ගන්නා කෙණකුන්ට වී නම් තවත් යහපත. තවත් දකිත් නම් නවලොවුතුරා දහම් නමැති නව මාල් පායෙන් අට වන මාලට නැඟි කෙණෙක් බලා උත්පත්ති ඇත් නම් එයි ත්, නැත් නම් එයි ත් දකිති. ‘මම ත් ඒ නව මාල් පායේ අට වන මාලට නැග බලමි’ සිත යි නම් ඒ පාය මේ තා සේ වූවන්ට පෙනෙන පායෙක් නො වෙයි. උපසම්පදා මාලකයෙහි පටන් ආපණකොටික ව රක්ෂාෙ කළා වූ සිවු පිරිසිදු සිල් ඇති, හබ ඇටකට ත් කුඩා වූ වරද මහ මෙරට ත් මහත් කොට සිතන කිසි කලෙක ත් පමා ව විසීමක් නැති, තදඞ්ගවිමුතක්ති ආදී වූ පඤ්චවිධ විමුක්තීන් විශෙෂයෙන් මිදී සිටී, භවොත්පත්,ති ය සුන්නවුන්ගේ උත්පත්ති ස්ථානයක් නැති හෙයින් ම තා වැන්නෝ දැක ගත නො හෙතී” වදාළ සේක. චක්රනවර්ති භොජනයෙන් චණ්ඩාලයන්ට ප්ර යෝජනයක් නැත්තා සේ වදාළ බණින් මාරයන්ට ප්රනයෝජනයක් නූ බව මුත් බොහෝ දෙන විමසුන් නමැති හිණින් ‍නව ලොවුතුරා නමැති නව මාල් පායට පැන නැංගෝ ය. එ හෙයින් මේ දේශනාව ත් බොහෝ දෙනා හට ප්රායෝජනවත් වි ය. එ හෙයින් නුවණැත්තන් විසින් මාරයන් සේ අච්ඡන්දි ක නො ව කුශලච්ඡන්දු ය ඇති ව කුසල් හි හැසිරිය යුතු.


55. සිරිගුත්ත වස්තුවසංස්කරණය

තව ද බුද්ධානුභාවය නො දැන මඟ1 තිබිය දී මං මුළා ව වල් වදනවුන් මෙන් තිත්ථිනක භක්ති ගෙන කුසල්හි නො හැසිරෙන්නවුන්ට බුද්ධානුභාව දක්වා මිථ්යා‍දෘෂ්ටි හරවා කුසල්හි හසුරු වනු නිසා සිරිගුත්ත වස්තුව2 දක්වමු. කෙසේ ද යත්__ ________________________________________ 1. මහවත් මඟ. 2.ධම්මපදට්ඨකථාහි මේ කථාවස්තුව “ගරහදින්න වත්ථු” නාමයෙන් දක්වන ලදී.


55. සිරිගුත්ත වස්තුව 427 සැවැත් නුවර සිරිගුත්තයෝ ය. ගරහදින්නයෝ ය යන දෙන්නක් යාළු මිත්ර් ව වෙසෙති. ඉන් සිරිගුත්ත නම් තැනැත්තෝ රාජ හංසයන් පියුම් විල ඇලෙන්නා සේ තමන්ගේ පවිත්රය අදහස සේ ම පවිත්රතයන් කෙරෙහි ත්, ගරහදින්නයෝ ගම් හූරන් කසළ ගොඩ ඇලෙන්නා සේ තමන්ගේ අදහස් ලෙසට කුණු අදහස් ඇති නිවටුන් කෙරෙහි ත් ඇලී වෙසෙති. තමන්ට උපාසක ව සිටි ගරහදින්නයන්ට නිවටුන් කියල කල ‘තොපගේ යාළු වූ සිරිගුත්තයන් මහණ ගොයුම්හු කරා ගොසින් ප්රවයෝජන කිම් ද? ඔහු කරා නො ගොස් අප කරා එන ලෙස ත් ඕ හට දෙන කරණ දෙයන් ඇත්නම් අපට දෙන්ට කරන්ට ත් කථා කොට කරවා ගිය නොහැකි දැ’යි එක් වන් ව කියති. ගරහදින්නයෝ ඒ අසා එක් වන් ව සිරිගුත්තයන් කරා ගොසින් හුන් තැන ත්, සිටි තැනත්, කන තැන ත්, බොන තැන ත්, සිරිගුත්තයන්ට ‘සබඳ සිරිගුත්තයෙනි, තොප මහණ ගොයුම් හු කරා යාමෙනු ත්, ඕ හට දන් දී මෙනු ත් කිම් කිම් ද? අපගේ රහතන් කරා අවුත් වැඳ පුදා ත් ගෙන ඔබට දන් දුන් කල නපුරු දැ’යි කිවු ය. සිරිගුත්තයෝ උන් එ සේ කියත ත් නැතක් දවස් බැණ නො නැඟී හිඳී ලා එක් වන් ව කියන හෙයින් මුසුප්පු ව ලා ‘සබඳ, එක් වන් ව ම තෙපි මේ කථාව කට නො හැර කියන්න‍ා සේ කියව, බඩුවන් පවා හැර ගන්නා කල මිල විචාරති. කරණ උපස්ථාන ත් ස්ථානයෙක කළ මනා වේ ද? මා පුරුදු කමක් නැති හෙයින් විචාරණ නියා ය. තොපගේ රහත් හු කුමක් දනිත් දැ’යි විචාළෝ ය. ‘සබඳිනි. එ සේ ආලිස්සම් කොට කියන්ට නො කැමැත්තේ ය. අපගේ රහතන් නො දන්නා දෙයක් නැත. යට ගිය දවස පැවැති දෙ ය ත් දැන් පවතමින් සිටින දෙයක් මතු එන දවස පවතිනා දෙය ක් සියල්ල ම හස්තමාලක න්යාියයෙන් දන්නා සේක. ඒ හැම‍ නො දනිතො ත් රහත් නම් කිම් දැ’යි කිවු ය. සිරිගුත්තයෝ ඒ අසා ‘අනේ, එ සේ කල මෙ තෙක් කල් මට නො කීයේ හැයි ද? මිත්ර කමට මිටත ඔබ හැමගේ නුවණේ තරම මා දත්තේ අද ය. යන්නේ. ගොසින් මාගේ ආරාධනාවෙන් ආරාධනා කරන්නැ’යි කිවු ය. ගරහදින්නයෝ නිවටුන් කරා ගොසින් වැඳලා ස්වාමිනි, අපගේ යාළු සිරිගුත්තයෝ සෙටයට ආරාධනා කොට එවු ය’යි කිවු ය. සිරිගුත්තයෝ තුමූ ම කිවු දැ යි විචාරා එ සේ ය යි කී කල හැයි මෙ තෙක් දවස් මුන් කීව ත් තමන් නො අවුත් මුන් අත කියා එවන්ට කාරණ කිම් ද? යන මේ විතරකු ත් නො සලසා



428 සද්ධර්මතරත්නාවලි ය පියා ඇසූ බස් පමණෙකින් ම විඳ ගත් සාදයක් නැත ත් සතුටු ව අප කළ ප්රායොග ය සමෘර්ධ වි ය. සිරිගුත්තයන් අපට නැමුණු තැන් පටන් කුමකින් අඩු ඇත් දැ’යි කිවු ය. සිරිගුත්තයනු ත් පොහොසත් හෙයින් ගෙවලු ත් මහත. ඌ තුමූ මහ ගෙට ත් මඩු ගෙට ත් මධ්ය්යෙහි රෑ ම දික් කොට වලක් කණවා පියා බබුරන් ගෙන්වා ගෙන අත් පස් ගෙවල පෝරු උගුළුවා කණවා ලු වළ අත් පස පුරවා ලා වළ ඒ කෙළවර ත්, මේ කෙළවර ත් කණු දෙකක් ගස්වා ලා, ඒ කණු දෙකෙයි රෑණක් බඳවා ලා, හිඳිනට ලන ආසනවල පා මුල දසාවේ පා වළ ඉවුරු අස තබ්බවා ලා ඉස් දොර දසාවේ පා රෑණ පිට තබ්බවා ලා, ලූ ය. එ සේ කෙළේ ආසනවල හුන් කල රෑණ මැඬිය ලා ආසනවල පා පාත් ව බැස ගොසින් නිවටුන් හිස බිම බලා පා උඩු කොට හෙන නිසා ය. එ සේ කොට ලා වළ යම් ලෙසක නො පෙනේ නම් එ ලෙසට අසුන් වසා ත්, වළ මුව විටි වසාත් ඇතිරි අතුරුවා ලූ ය. හිඳිනා අසුන් මෙ ලෙසින් පනවා දන් සරහන තැනැත්තෝ මහ ත් සැළවල් ‍සෝධවා පියා ඇතුළේ කැඳ බතක් නැත ත් කැඳ අවුළු, බත් හුළු ත් සැළ පිට ඉස්වා ලා කෙහෙල් පත් වසා බඳවා ලා කුඩා සැළි හා හැඳි හා සෝධවා ලා ඒ ඇතුළෙ ත් කුමක් නැත ත් අවුළු පත් පොඩි වළන් පිට ඉස්වා ලා, ඊ ත් අළුත් වළඳ කඩ වසුන් බඳ වා ලා, පරණ වළඳ පත් බඳවා ලා අක් පතළා ත් සෝධවා පියා ඇතුළේ කුමක් නැත ත් මත්ස්යා මාංස ‍තෙල් ආදී වූ ‘දෙය වළන් පිට ඉස්වා ලා ඊ ත් පත් බඳවා ලා ගෙන් පිටි පස දසාවේ තබ්බවා ලූ ය. ගරහදින්නයෝ ත් උන්ගේ ගෙට උදාසන ම අවුත් ‘දන් සරහා පූයේ ඇද්දැ’යි විචාරා එ සේ ය’යි කී කල්හි කොයි දැ’යි විචාරා දන් වේ වා කමක් වේ වා’ සරහා තුබූ තැනට ගොසින් මෙ තෙක් සැළවල කැඳ, මෙ තෙක් සැළ වල බත, මෙ තෙක් වළඳ අවුළු පත, මෙ තෙක් අක්පතළාවල ලාලු ය’යි සිරිගුත්තයන් කී කල්හි රහතන්ගේ නුවණ සේ ම නුවණ හෙයින් සැබවැ යි සිතා සමාධා ව ගෙන ගියහ. උන් ගිය කල පන් සියයක් නිවටෝ අවු ය. සිරිගුත්ත යෝ ත් ගෙන් මෑතට අවුත්නො සිතින් වුව ත් පසඟ පිහිටුවා වැඳ ගෙන දොහොත් මුදුනේ තබා ගෙන ඉදිරියේ සිට වාගදෙ කොට නො කියා සිතින් ම සිතන්නෝ ‘මුඹ හැම තුන් කල් දන් නා දෑ ල, මුඹගේ උපාසකයන් මට කීයේ එ සේ ය. තුන් කල් දන්නේ සැබෑ වීනම් මතු තබා මෙ කල් දනිතො ත් අපගේ ගෙය ඇතුළට වදිනට නො කැමැතිතේ ය. ඉදින් ආ මුත් කැඳ


55. සිරිගුත්ත වස්තුව 429

අතළොස්සක් විතර ත් නැත. වළන් පිටත ගෑවුණු දෙයක් මුත් අවුළු පත් පොඩියකු ත් නැත. බතෙක් මාළුවෙක් තමා ම නැත. බතට කළ ආලයෙන් ගෙට ගියො ත් කණවා ඉදි කළ අත් පස් පිරුණු වළ එළවා ගෙන තැළුම් වරක් ලවමී’යි සිතා ලා මිනිසුන්ට විධාන කරන්නෝ, ‘තුලුන් හැම හිඳිනා වේලාට පිරි පස්සේ සිටලා අතුළ ඇතිර හැර ගනුම. තුබුවෝ ත් අත් පත් පස් වැකෙයි’ කිවු ය. ඉක් බිත්තෙන් නිවටුන් ගෙට කැඳවූ ය. කැඳවන්නා ම ගොසින් තුන් කල් තබා එක කලකු ත් නො දන්නා හෙයින් හසුන්වල හිඳිනට ආරම්භ කළහ. මිනිස්සු සිට ලා කියන්නෝ එ සේ තව හිඳිනට නො කැමැත්තේ ය. වත් දැන ය හුන මනා ය’යි කිවු ය. අභිනව ප්රැසාද තර කරන්ට කී කීවාක් ‍ම කරණ හෙයින් නටන්ට කීවත් නටන හෙයින් ‘කුමක් කරමෝ දැ’යි විචාළ කල්හි ‘තම තමා පැමිණි ආසන ගාවා සිට ලා එක විට ම හින් ව වුව මැනවැ’යි පෙරාතු එක් කෙණකුන් හිඳ උන් හුනු නියා ව බලා ලා සේසවුන් නො හිඳිති’යි සිතා කිවු ය. උයි ත් යහපතැ යි ගිවිස තම තමන්ට පැමිණි හසුන් ගාවා පත්තීන් සිටියෝ ය. ‘ඉතිකින් නමකට පෙරාතුත්‍ නො ව පසු ත් නො ව හුන මැනැවැ’යි කිවු ය. කිසිවක් ම නො දන්නවුන් හිඳිනට නැමුණු නියා ව දැන ලා ඇතිරිලි එක විට ම හැර ගත්හ. නිවටෝ කා වටයක් සේ එක විට ම හුන්හ. හසුන්වල රෑණ පිට තුබූ පා පාත බටුයේ ය. නිවටෝ හිස් බිම බලා පා උඩුකුරු කොට ලා, අශුචි නිරයට පූර්වා නිමිත්ත සේ අත් පස් වළ හුණුවු ය. උන් හුණු කල්හි සිරිගුත්තයෝ දොරවල් පියවා ගෙන ගොඩට නැගි නැගියවුන් ‘ඔබ්බේ තුබූ දෙ කල් තබා මෙ කලු ත් නො දත්තෝ ය. මේ කල් දන්නා නියා ද? මෙයට එන්ට ම කාරණ කවරේ දැ’යි මරවා තළවා මෙ තෙක් ‍මුන්ට ඇතැ යි දොරවල් හරවාපු ය. උයි ත් නික්ම යන්ට පටන් ගත්හ. හුන් ගමනේ ගහට වුන්නවුන්ට යන ගමනෙ ත් ගහටයක් කළ මනා වේදැ’යි යන මග සුණුවම් කළ බිම නානු බෙළසුල් වත් කරවා පීහ. පය පලා පලා හුණු හුණුවන් පෙරළා ත් තළවා ‘තොපට දන් නම් තෙල තෙකැ’යි කියා ලා යවා පීහ. උයි ත් ‘දන් කන්ට අවුත්‍ ‍ගෙඩි කෑම්හ’යි කියා හඬා මුර ගා ගෙන මඬ වැකි ගිය හූරු මුළක් මෙන් තමන්ගේ උපාසකයන්ට පමුණන්ට ගියහ. ගරහදින්නයෝ ත් ගාලේ වැද හොවා ලා ගෙට හඬා ගෙන ආ වසු මුළක් මෙන් එ තැනට අවුත් හඬා හූනු තමන්ගේ රහතන්ගේ මේ ලෙස දැක ‘අනේ සිරිගුත්තයන් මට කල මුළා ය.


430 සද්ධර්ම රත්නාවලි ය ‘අත නමා වැන්දවුන්ට ස දෙව් ලොව සම්පත් සාධා දෙන් සමත්ථ වූ පින් කෙත් වූ මාගේ රහතන් මරා ‍තළා මේ සා මහත් මුළාවක් කොට පූ ය’යි සිරිගුත්තයන්ට තරයේ ම මුසුප්පු ව රජ ගෙට ගොසින් රජ්ජුරුවන්ට කියා ‘උන් ගෙන් දඩ දහසක් ගන්ව’යි නිල කැරවූහ. රජ්ජුරුවෝ ද දඩ යොදා ලා දඩ ගන්ට කැඳවා යවු ය. සිරිගුත්තයෝ ත් ‍ගොසින් රජ්ජුරුවන් වැඳලා ‘අභය පක්ෂ යෙන් ම ආද්ය න්ත අසා ගන්නා දඩෙක් ද? උන්ගේ බස් පමණෙකින් ම ගන්නා දඩෙක් දැ’යි විචාරා ගත මනා ම දඩ හෙයිනැ යි කී කල්හි ‘ගත මනා දඩෙක් ඇති වූ නම් ගෙන වදාරති. එතෙකුදු වුව ත් මාගෙනු ත් අසා වදාරාලා ය’යි කියා ‘ගරහ දින්නයන් හුන් තැන සිටි තැන බුදුන් කරා නො එළඹෙන්ට ත් ඔබට දන් නො දෙන්ට ත් උන් හැම කරා යන්ට ත් උන්ට දන් දෙන්ට ත් උන් හැම තුන් කල් දනිති’ කී කථා ත් තුන් කල් දන්නා නියා ව විමසන්ට තමන් කළ දෑ සියල්ල ත් කියා ලා ගත මනා දඩක් වුවොත් ගත මැනව’යි කිවු ය. රජ්ජුරුවෝ ගරහදින්නයන් මූණ බලා ‘තොපි තෙල ලෙස කීයෙහි දැ’යි විචාරා සැබෑව යි කී කල්හි ‘මෙ විතරකුත් නො දන්නවුන්ට රහත්තු ය’යි කියා ගෙන තොප ම තකා ගෙන හිඳිනා මඳින් සර්වුඥ ශ්රායවකයාණන්ට කුමක් නිසා කිවු ද? තුලුන්ට කී වරද තොප කෙරෙහි පිහිටන හෙයින් තොපි ම දඩ දෙව’යි උන්ට ම නිල කළහ. උන්ගේ නිවටුන්ට ම ගහට ත් විය. ඌ තරයේ ම මුසුප්පු ව එවක් පටන් දෙ පෝයක් විතර සිරිගුත්යන් ලා බැණ ත් නො නැගී ‘මා ‍මෙ ලෙස හිඳීම යුක්ත නො වෙයි. උන්ගේ රහතන්ට ත් මුළාවක් කෙරෙමි’ සිරි ගුත්තයන් කරා ගොසින් බැණවු ය. ‘කුමක් දැ’යි කී කල්හි නෑයන්ගේ ත් මිතුරන්ගේ ත් හාද ත් වෙයි. ඩබර ත් වෙයි. මා හා බැණ නො නැංගේ හැයි දැ’යි විචාළෝ ය. ‘තොප බැණ නො නැගෙන හෙයිනැ’යි කී කල්හි ‘වන්නාට ඒ ගියේ ගියේ ම ය. මෙ වක් පටන් සමඟ ව හිඳුම්හ’යි බොහෝ සේ එක් ව ම හිඳිනාහ. එක් දවසක් සිරිගුත්තයෝ මුන් ‍තොරතුරක් සොයා හිඳින නියා ව නො දැන ‘සබඳ, තොපට කුමකුත් නො දන්නා නුවටුන් හැයි ද? උන් කුමකුත් නො දන්නා නියා ව තව ම නො හැඟිණි ද? උන් කරා ගොසින් කුමක් ලබවු ද? අපගේ බුදුන් කරා අවුත් ඔබ ත් දැක පියා රා පූ කටින් අමා බොන්නා සේ ඔබට ත් දන්දුන් කල නපුරු දැ’යි කිවු ය. ගරහදින්නයෝ ත් සිරි ගුත්තයන්ට නැමුණේ මෙ විතරකට ම හෙයින් කණිඩුති තැනක් කසා පුවා සේ


55. සිරිගුත්ත වස්තුව 431 බස අසමින් ම සමාධි ව ‘සබඳ සිරිගුත්තයෙනි, තොපගේ බුදුහු කුමක් දනිත් දැ’යි තමන් අතින් සිරිගුත්තයන් විචාල ලෙසට ම විචාළහ. ‘පින්වත, මාගේ බුදුන්ට තෙල ලෙස නො කිය. හෙම්බල, ඔබ අද දන්නා දෙයක් නො වෙයි. බෝ මැඬ වැඩ හිඳ මහ පොළොව ගුගුරුවා බුදු වූ දවසේ ම සියල්ල ම දත් සේක. ඔබගේ දැන්ම කියතොත් අපට තබා ඔබ සේ ම බුදු කෙ‍ණකුත් වහන්සේට නිමවා කියන්ට ත් බැරි ය. බුදු වූ අවස්ථාවෙහි තබා පැරුම් බිම දී සම්භව කුමර කල සත් හැවිරිදි වයස් වු ත් මුළු දඹ දිව අනික් කෙ‍ණකුන් කියා ලිය නො හෙන ධර්ම යාග ප්රයශ්න යෙහි අථි දැන බුදු වූ ලෙසින් සුචීර නම බමුණන්ට කී සේක. විස්තර කොට කියතොත් පන් සිය පනස් ජාතකයෙනි ප්රණඥාපාරමිතාව අරභයා වදාළ නො එක් ජාතක කථා කිව මැනව. සෙස්ස තබා බන වදාරන කළ කෙ තෙක් පර්ෂ ද් වුව ත් එකී එකී තැනැත්තවුන්ගේ අදහස සොළොස් ලෙසකින් පරීක්ෂාක කොට ලා බණ වදාරන සේක. නැවත සාරා සැකි කප් සුවහස් මුළුල්ලෙහි නිකම් නුහුන්නා සේ බුදුව ත් දිනචය්යා ැත වශයෙන් දවස් පතා උදාසන ම නැගී සිට උවටා තැනට අනුග්රසහ නිසා ත් ශරීර ඵාසුව පිණිස ත් මුව සේධීම් ආදී වූ සිරුරු පිළි දැගීම් කොට සිඟා වඩනා වේලාව එන තුරු විවේක ව වැඩ හිඳ සිඟා වඩනා වේලේ දී ගාමප්ප වෙසන නීහාරයෙන් හඳන ය වැළඳ, පටි දා බැඳ, ගටවටු ගන්වා සිවුරු වැළඳ පාත්රක ධාතූන් වහන්සේ හැර ගෙන කිසි දවසෙක තනි ව ත් කිසි කලෙක වහන්දෑ පිරිවරා ත් ගම් නියම් ගම් රාජධානි වලට සිඟා වඩනා සේක. ‘කිසි දවසෙක සවනක් රස් සඟවා ගෙන වඩානා සේක. කිසි දවසෙක නො එක් පෙළහර දක්වමින් වඩනා සේක. ඒ කෙසේ ද? යත් - බුදුන් සිඟා වඩනා කලට ඔබගේ අදහස සේ ම මොළොක් වූ පවන් පෙරතුව ලා ගොසින් වඩනා මහ කසළ ඉවත් කෙරෙයි. සුදු වලා පටල මඳ මඳ කොට පොද වස්වා බිම ධූලි පැටි කොට ලා වඩනා අතුර මුළුල්ලෙහි වියනක් පරිද්දෙන් සීටි වී. අනික් පවනෙක් සුවඳ මල් ගෙනවුත් ලා මඟ දියට අතුර යි. තව ද__ “ නින්නං ඨානං උන්නමති - ගච්ඡන්තෙ ලොකනායකෙ, උන්නතං ච සමං හොති - පඨවි ච අවෙතනා” යනු හෙයින් උස් ව තුබූ බිම් පියෙන් මිටි වෙයි. වළ තැන් පැරුම් පිරුවා සේ ම පිරෙයි. පත්ල බිම තබා ලූ කලට බිම ‍හෝ සුව පහස් ඇති වෙයි. පියුමතුරා බුදුන්ට හැම දවස් මෙන් පොළොව



432 සද්ධර්ම්රත්නාවලි ය පළා ගෙන පියුම් හෝ නැඟී ලා පතුල් පිළි ගනිති. වාසල එළිපතින් ඇතුළේ ශ්රී. පාදය තබන්නා ‍ම සියල් සිරුරෙන් සවනක් රස් විහිද දකුණු දිග මුහුදින් ගසන රළ පරිද්දෙන් නිල් රස් ද, උතුරු දිග මුහුදින් ගසන රළ පරිද්දෙන් රන්වන් ‍රස් ද, බස්නා හිර මුහුඳින් ගසන රළ පරිද්දෙන් රත් වන් රස් ද, නැගෙන හිර මුහුදින් ගසන රළ පරිද්දෙන් සුදු රස් ද, උතුරු මුහුද රළ හා බස්නාහිර මුහුද රළ ත් එක් වූවාක් මෙන් මඳට වන් රස් ද, මූදු සතරේ රළ ම එක් වූ වාක් මෙන් පැහැසර රස් ද, දස දිග දිවෙයි. ඇත් අස් ආදීහු සිටි සිටි තැන ම සිට ලීලෝපෙත වූ නාද පවත්වති. පසඟතුරුහු ත් තුමූ ම නාද පවත්වති. ‘මිනිසුන් පලන් ආභරණ ත් එ සේ ම නාද පවත්වති. මිනිස්සු ඒ සලකුණෙන් බුදුහු මෙයට සිඟා වැඩි සේකැ යි දනිති. දැන ලා යහපත් ව සැරහී ගෙන සුවඳ මල් ආදි ය ගෙන තම තමන්ගේ ගෙවලින් නික්ම විථියට බැස ලා එ තැනට පැමිණි බුදුන් ගඳින් මලින් පුදා ලා වැඳ ගෙන තම තමන්ගේ බාල පමණින් ‘අපට දස නමෙක. ‘අපට විසි නමෙක’ යනාදීන් උපස්ථාන කිරීමට වහන්දෑත් නියම කොට ගෙන බුදුන්ට ත් ආරාධනා කොට පාත්රන ය හැර ගෙන හසුන් පනවා වඩා හිඳවා දන් වළඳවති. බුදුහු වළදා අන්තයෙහි අනුමෙවෙනි බණ වදාරා__ “ සරණාගමනෙ කෙවි - නිවෙසෙති තථාගතො, කෙචි පඤ්චසු සීලෙසු - සීලෙ දසවිධෙ පරෙ. කස්සචි දෙති සාමඤ්ඤං - චතුරො ඵලමුත්තමං, කස්සච් අසමෙ ධම්මෙ - දෙති සො පටිසම්හිදා. කස්සවි වරසමාපත්තියො - අට්ඨ දෙති නරාසහො, තිස්සො කස්සවි විජ්ජායො - ඡළභිඤ්ඤායො පච්ඡෙඡති” යනු ‍හෙයින් බොහෝ දෙන සරණ සීලයෙහි පිහිටවා හුනස්නෙන් නැගී විහාරයට වැඩ වහන්දෑ වළදා ලා වත් සපයා ගෙන එන තෙක් වට මළුවෙහි පනවා තුබූ බුදු හස්නෙහි වැඩ හිඳිනා සේක. වහන්දෑ ආ කලට උපස්ථායක තෙරුන් වහන්සේ ගොසින් දන්වන්නා ගඳකිළියට වඩනා සේක. මේ හැම දවස් ම පෙරවරු පසළොස් පැය ඇතුළත ලො වැඩ හැසිරෙන ලෙස ය. ‘පස් වරු පසළොස් පැය ඇතුළත ගඳ කිළි පෙරමාලේ වැඩ හිඳ පය ‍ඇලෙන ධූලි නැතත් පය සෝධවා ගෙන ගඳ කිළි ඇතුළට වඩනා අතුරෙහි වහන්දෑට ‘මහණෙනි, නොපමා වව. බුදු හමු වත් ලද නොහැක්ක. මිනිස ත් බව ත් ලද නො හැක්ක. මහණ මහලු පැවිදි ත් ලද නො හැක්ක. බණ ඇසීම ත් ලද නො හැක්ක.


55. සිරිගුත්ත වස්තුව 433

“ ලද අත් බැවි සඵල කරව” යි අවවාද කරණ සේක. වහන්දැ ත් බුදුන් වැද ලා කමටහන් - විචාරන සේක. බුදුහු ත් චරිත බලා කමටහන් දෙන සේක. කමටහන් ඉගෙන ගෙන බුදුන් වැඳ ලා තම තමන් වහන්සේ වසන රුක් මුල් - ගල් ගුහාදියට වඩනා සේක. ‘ඉක් බිත්තෙන් බුදුන් ගඳකිළි ඇතුළට වඩැ ලා අභිප්රාකය ඇත් නම් හැසිල්ලක් කෙළක් වටනා රිදී යානෙහි දකුණැලයෙන් සැතපෙන සේක. සැතපී ලා පස් වරු ඇතුළත ම ලොව බලන සේක. ඉක් බිති සම්ප්රාසප්ත පර්ෂැදට සවස් නො කොට බණ වදාරන සේක. එ සේ ධම්සෙබෙයි වැඩ හිඳ බණ වදාරා ලා පර්ෂ දට සමු දී යවා පියා පාන් සනහනු කැමැත්තෝ ත් ධර්මාාසනයෙන් නැඟී සිට උපස්ථායකයන් පැන් සපයා තුබූ තැනට වැඩ උපස්ථායක තැන අතින් ජල ශාටිකාව හැර ගෙන නහන කොටුවට වදිනා සේක. උපස්ථායක තැන ත් ගඳ කිළි පිරිවෙන බුදු හස්නක් පන වන සේක. බුදුහු ත් පැන් සනහා පියා සිවුරු වැලද ගෙන ගඳ කිළි පෙර මා‍ලට අවුත් වැඩ හිඳිනා සේක. පස්වරු පසළොස් පැය ත් මෙ ලෙසින් ම යෙයි. ‘හැසිල්ලක් එ තැන වැඩ හුන් කලට වහන්දෑත් අවුත් එ තැනට රැස් ව සමහර කෙණෙක් ප්ර ශ්න විචාරන සේක. සමහර කෙණෙක් කමටහන් විචාරන සේක. සමහර කෙණෙක් බණක් ම නො ඇසුවා සේ ම බණට ආරාධනා කරණ සේක. බුහුදු ත් පැන විසඳමින්, කමටහන් උගන්වමින්, බණ කියමින්, පෙර යම් දස පැය යවන සේක. ‘මැදි යම් දස පැය දී දස දහස් සක්වළ දෙවි බඹහු එ වේලේ අවසර ලදින් බුදුන් කරා අවුත් ප්රදශ්න විචාරති. බුදුහු ත් උන්ට පැන විසඳන සේක් මැඳ යම් දස පැය යවන සේක. ‘අළුයම් දස පැය සතර භාගයක් කොට පියා දෙපෑ සමාරක් සක්මන් කරණ සේක. දෙ පෑ සමාරක් ගඳ කිළියට වැඩලා දකුණැළ යෙන් සැතපෙන සේක. දෙ පෑ සමාරක් විවරෙහි දොළොස් කෙළ ලක්ෂණයන් පමණ වූ ඵල සමවතට සම වදනා සේක. දෙ පෑ සමාරක් චිවරෙහි දොළොස් කෙළ ලක්ෂණයක් පමණ වූ මහ කුලුණු සමවතට සම වැද එයින් නැගි සත්වොවපකාර නීසාලොව බලා බොහෝ දෙන නිවන් දක්වන සේක යනාදීන් දල්වා ගත් කටින් බොහෝ ගුණ කීහ.



434 සද්ධර්මවරත්නාවලි ය ‘එ බඳු ගුණ ඇති නියා ව මෙ තෙක් කල් මට නො කීවා නෑ; යව, ගොසින් මාගේ ආරාධනාවෙන් බුදුන්ට ආරාධනා කරව, සෙට දවස් මම දන් දෙමි’ කී ය. සිරිගුත්තයෝ බුදුන් කරා ගොසින් වැඳලා, ‘ස්වාමීනි, අපගේ යාළු වූ ගරහදින්නයෝ සෙටයට මුඹ වහන්සේට ආරාධනා කොට එ වුය. පන් සියයක් දෙනා වහන්සේ හා සමඟ සෙට උන්ගේ ගෙට සිඟා වඩනා බව ය. බල ‍එකෙක් ඇත. එක් දවසෙක උන්ගේ නිවටුන්ට මා කළ දෙයෙක් ඇත. ඒ සිත තබා ගෙන කළාට පෙරළා යමක් කරන්ට සිතා කළ ආරාධනාවක් බව ත් පර සිත් දන්නා නුවණක් මට නැති හෙයින් නො දැනෙ යි. ඉඳුරා සිතින් කරණ දෙයක් බව ත් නො දැනෙයි. තෙල සේ වූ දෙය දකිනා ඇසූ ත් ඔබට ඇති බැවින් බලා වදාරා ඩවසිය යුතු වී නම් ඉවසා වදාරන බව ය. ඉවසිය යුතු නො වේ නම් තවත් සිඟන්ට ගෙවල් ඇති බැවින් නො ඉවසන බව ය’යි තමන් කළ උපාශ්ර ය යහපත් හෙයින් ඒ වූ නියාවට ම දන්වා ලූ ය. බුදුහු ත් උගේ අදහස් කවරේ දෝ හෝ යි බුදු නුවණින් බලන සේක් ‘දෙ ගේ මැද මහ වළක් කණවා පියා ගැල් අසුවක් විතරිත් කිහිරි දර ගෙන්වා ගෙන ඒ වළ පුරා ලා ගිනි කොට අඟුරු බා ගෙන සඟ පන් සියය ත් මා ත් අඟුරු වළ හෙලන්ට සිත යි’ දැන වදාරා නැවත කුමක් ‍දෝ මා එ තැනට යාමෙන් ප්රනයෝජන ඇත්දෝ නැත් ‍දෝ හෝ’යි බලන සේක්’ මම ද වැළි ත් සහපිරිවරින් ගොසින් වසා ලා තුබූ අඟුරු වළට පය දික් කෙරෙමි. වසා ලා තුබූ කළාල් පැදුරු කඩවල් නැති වෙයි. අඟුරු වළ පීරා ගෙන රථසක් සා මහ පියුම් නැ‍ඟෙයි. මම පියුම් කෙමි මැඩ ගෙන ගොසින් බුද්ධාසනයේ හිඳිමි. පන් සියක් පමණ භික්ෂූහු ත් මා මැඩි පියුම් කෙමි තුමූ ත් මැඩ ගෙන ගොසින් තම තමන්ට පත් හසුන් වල හිඳිති. බොහෝ දෙන ත් එ තැනට රැස් වන්නාහ. මම ගාථා දෙකකින් බණ කියමි. ඒ බණ අසා සුවාසූ දහසක් දෙන නිවන් දකිති. සිරිගුත්ත - ගහරදින්න දෙන්න ත් සෝවාන් වෙති. සෝවාන් ව ලා තමන්ගේ සම්පත් බුදු සස්නට ම නතු කෙරෙති. ඒ කුල දරුවන් නිසා යෑම යහපතැ’යි ඉවසා වදාළ සේක. සිරිගුත්තයෝ ද බුදුන් ආරාධනාව ඉවසූ නියා ව ගරහදින්නයන්ට කියා ලා ‘ලෝ උතුමාණන්ට සත්කාර යහපත් කොට කරව’යි විධාන කළහ. ගරහදින්නයෝ ද පිළිවන් වේ දැ’යි කියා ලා දෙ ගේ මධ්යියෙහි දිග ත් ගැඹුරත් ඇති කොට පියා වළක් කණවා ගැල් අසූවකින්

1. නො කිව නැ


55. සිරිගුත්ත වස්තුව 435 ගෙනා කිහිරි දර පුරවා ලා රාත්රිුයෙහි බොහෝ වේලක් ම සම් මැඩ අඟුරු බස්වා ලා වළ මුදුනෙහි නො පෙනෙන ලෙසට පුවරු අතුරු වා ලා පුවරු කළාලින්, පැදුරෙන් වස්වා ලා පුරුව අතුරන ගමනේම එක් දිසාවෙක දිරා ගිය පුවරු අතුරුවා ලා ඒ මැඩ නෙ වඩනා ලෙසට ඉදි කැරවු ය. අඟුරු පීරා ගෙන පියුම් නැගෙන තරම් ආනුභාව ඇති නියා ව නො දැන මැඩ ලූ කලට පෝරු බිඳී ලා අඟුරු වළ හෙන සේකැ යි යන අදහසින් දිරා ගිය පෝරු ඇතිර වූ ය. පිසන ගේ දසාවෙහි සිරිගුත්තයන් කැර වූ ලෙසට ම කරවා දන් වළන් තබ්බවාලූ ය. ආසන ත් වැඩ උන් කල අඟුරු වළ හෙන ලෙසට ම පනවා ලූ ය. සිරිගුත්තයෝ ද උදාසන ම ගරහදින්නයන්ගේ ගෙට ගොසින් ‘දන් සරසා කළ මනා දෙය කළා දැ’යි විතාරා ‘එ සේ ය’යි කී කල්හි ‘සපයා තුබූ දන් කොයි දැ’යි වචාළෝ ය. ගරහදින්න යෝ ත් කැඳවා ගෙන ගොසින් සිරිගුත්තයන් පෑ ලෙස ම පෑ වූ ය. සිරිගුත්තයෝ ත් ඇතුළත නො සිසැ යි සිතා සමාධි වූහ. බොහෝ දෙන ත් රැස් වූහ. කුමක් නිසා ද යත්:- මිථ්යා් දෘෂ්ටිකයන් ආරාධනා කළ කල ‘මහණ ගොයුම් හට කරණ ගහට බලම්හ’යි මිථ්යාි දෘෂ්ටිකයෝ ත් බොහෝ රැස් වෙති. සම්යටග් දෘෂ්ටිකයෝ ත් ‘අද බුදුහු මෙ තෙක් දවසට ත් වඩා සවිශෙෂ කොට බණ වදාරන ‍සේක. බණ ත් අසම්හ. සර්ව ඥ ලීලා ත් බලම්හ’යි රැස් වෙති. එ සේ හෙයින් ජන සන්නිපාත ය එ සේ වූ දවස් බොහෝ වෙයි. ආරාධනා කළ දවසට දෙ වන දවස් බුදුහු නිත්යව පරිවාර පන්සියයක් දෙනා වහන්සේ ත් සමඟ සකල ශරීරයෙන් සවනක් රැස් විහිදු විහිදුවා කුළ පවු පිරිවරා මහ මෙර එක් දසාවකට ගමන් කගත් කලක් මෙන් ගරහදින්නයන්ගේ ගෙ දොරට සිඟා වැඩි සේක. ගරහදින්නයෝ ත් ගෙන් අවුදින් පසඟ පිහිටුවා වැඳ ලා දෝත මුදුනේ තබා ගෙන ඉදිරි ව සිට සිතන්නෝ ‘ස්වාමිනි, මුඹ වහන්සේ තුන් කල් දනිතී’ යනාදීන් මුඹ වහන්සේගේ බොහෝ දැනුම් සිරිගුත්තයෝ කිවු ය. උන් කීයේ තත්වහ වී නම්1 ගෙට ගිය කල වන උවදුර ත් දැනෙන බැවින් නො වනු මැනවි. වනො ත් උන් කියා විසිතර කළ පමණෙක් මුත් දැනුමු ත් නැති නියා ය. කළ ආරාධනා සැබවැ’යි සිත ත් මා ඉදි කරවූ දනෙකු ත් නැත. ‘ඉදි කර වූ දේත් ගේ ඇතුළට ම වනො ත් දැනෙ’යි සිතා ලා බුදුන් අතින් පාත්රවය හැර ගෙන වැඩිය මැනැවැ’යි කියා ලා නැවත යන කලට පෙරාතු ව යන තැන අඟුරු වළ හුණු නියා ව බලා ලා 1. තත්ය් හු වී නම් - ඇතැම්


436 සද්ධර්මයරත්නාවලි ය

සෙසු තැන් පසු බස්නා සේක’ යන සිතින් ‘ස්වාමීනි, අපගේ ගෙට මෙතෙක් දවසෙක නො වැඩි හෙයින් වත් දැක වදාරන්ට නැත්තේ වේ ද? ඒ නො කැමැත්තේ ය. එක් වට එක් නමක් වඩනා බව ය’යි කිවු ය. බුදුහු ත් යහපතැ යි වදාරා ලා වහන්දැ සිටිය දී තමන් වහන්සේ ම නික්මුණු සේක. අඟරු වළ කරා වැඩි කලට ගරහදින්නයෝත් තමන් ඉදි කැරවූ වළට තමන් නො වදනා සේ ඉවත් වූහ. බුදුහු අටෝරාසියක් මඟුල් ලකුණෙන් හොබනා ශ්රීඉපාද ය අඟුරු වළට පොවා ලූ සේක. නැඟි හිරට වැසි වලා ඉවත් වන්නා සේ අතුළ පුවරු ත් වසා ලූ කළාල් පැදුරු ත් නැති විය. අඟුරු වළින් රථසක් සා පියුම් පැන නැංගේ ය. ඒ නැඟී සැටි නම් __

“ කප්පක සායෙ කලියුගෙ - බුද්ධුප්පාදො අහෙ මහච්ඡරියං හුතාවහ මජ්ඣ ජාතං - පමුදිත මකරන්දමිවාරවින්දො.”

යනු හෙයින් ‘යටත් පිරිසෙයින් අවුරුදු සියයෙන් මෑත හා උඩ ත් පිරිසෙයින් හවුරුදු ලක්ෂ්යෙන් ඔබ්බ බුදු වීමට කල් නො වන බව මුත් අතුරු කල් හෙයින් දස දහසක් හවුරුද්දට ආයු ඇති අවධියෙක උපන මනා තැන කලි යුග වූ හීන කාලයෙහි මුන් වහන්සේ පහළ වූ නියාව අප ගිනි අඟුරු පීරා ගෙන පැන නැංගා වන්නැ’යි බුද්ධොත්පාදයෙහි අරුමය හඟවන්නට කළාක් වැන්න. බුදුහු ත් පියුමේ පියුම් තබන කලක් මෙන් පියුම් කෙමි පිටින් වැඩ යුගදුරු මුඳුනෙහි වොරජනා අභිනව සූය්ය් කෙයා මෙන් පන වන ලද බුද්ධාසනයෙහි වැඩ හුන් සේක. වහන්දෑ ත් පියුම් කෙමි මැඩ ගෙන ගොසින් පත් හසුන්වල වැඩ හුන් සේක. කළ ලෙසට පිටි පෑ තුබූ හෙයින් ගරහදින්නයන් ඇඟ දාහයක් මෙන් විය. ඌ සිරිගුත්තයන් කරා ගොසින් ‘ස්වාමීනි, මට පිහිට වුව මැන වැ’යි කිවුය. ‘කුමක දැ’යි විචාළ කල්හි සපයා ලූ දනක් නැති නියා ව කිවු ය. ‘දන් සරහා නූ ලූ කල තොප කෙළේ කිම් දැ’යි විචාළෝය. ‘මා කළ කටයුතු අඥාන ව කළ පමණක් මුත් කරන්නා තබා සිතු ව මනා දෙයකු ත් නො වෙයි. ගහටයක් කරන්ට සිතා දෙ ගේ මැද වළක් බිඳුවා අඟුරු බාවා කෙළෙමි. අඟුරු වළට බුදුන් පය පොවාලන්නාම අඟුරු පීරා ගෙන රථ සකක් විතර පියුමෙක් පැන නැගේ ය. ඒ අඟුරු වළ නම් එ ‍වේලාට පැන නැගී පමණක් මුත් පියුම් විලක් සේ වි ය. පියුම් කෙමි මැඩ ගෙන සහපිරිවරින් බුදුහු වැඩ පැන වූ හසුන් වල වැඩ හුන් සේක.


          			55. සිරිගුත්ත වස්තුව				437

මෙ තරම් විස්මයක් දුටු විරූ නැත. ඔබට ගහට කරන්ට සිතා මට වූ ගහට මහත. ඇඟ මුළුල්ලේ දාහයක් සේ වැද ගත. ගිනි කරවා අඟුරු බාවන කල ත් මෙ තරම් ආයාසයෙක් නො වී ය. මට සහායක් වුව මැනැවැ’ යි කී ය. ‘හැයි, මා ගොසින් විචාළ ගමනේ සපයා තුබූ දන් පෑවා ව ද? මාගේ ස්වාමිදරු පන් කළ පිනින් නැති දෙය ඇති වත් මුත් ඇති යෙද නැති වන තරමට නො වත්. එ කිම්’දැයි විචාළ කල්හි ‘ඒ න‍ිකම් බොරු ය’යි කිවු ය. ‘යව, ගොසින් බලව. බැලූ කලනැත්නම් නැති නියා ය. ඇත් නම් ඇති නියා ය. බුද්ධානුභාව ය ඉන් ම දනුව’යි කියා ලා බලන්ට යවු ය. ගොසින් බැලූ කලට ඒ සියල්ලෙහි කැඳ සැළැ යි කී සැළ හඹු කැඳ, කිරි කැඳ, දිය කැඳින් පිරිණ. අවුළු පතැ යි කී වළඳ අතිරස, පුලුබ්බදනා, මුං, ලාලු ආදී වූ අවුළුපතින් පිරිණ, බත් සැළ යි කී වළද හැල්සාලේ බත් ආදී වූ බතින් පිරිණ, මාළු යැයි කී වළඳ මත්ස්යි මාංස තෙල් ආදි වූ මාළුවෙන් පිරිණ. ඒ දැක රස උළු කැඳක් පුවා සේ ගරහදින්නයන් ඇඟ දාහ නැති වි ය. සිත ත් යම් තරමෙක සතුටු වි ය. සිය අතින් සකස් කොට මදන් වළඳවා ලා අන්තයෙහි අනුමෙවෙනි බණ ට ආරාධනා කළහ. බුදුහු බණ වදාරන සේක්. මෙ සත්හු නම් නුවණැස් නැති හෙයින් මාගේ ත් සවුවන්ගේ ත් ගුණ නො දනිති. කෙ සේ ඇස් ඇතත් නුවණැස් යම් කෙණකුන්ට නැත්නම් ඌ අන්ධයෝ ය. ඇස් ඇත්තා නම් වන්නෝ නුවණැස් ඇත්තෝ ම ය. යම් සේ මාවතෙක හෝ ගම් දොරෙක හෝ රැස් කළ කසළ ගොඩක් පිරා ගෙන පවිත්ර වූ සුවඳ ඇති පෙත්තෙන් හා කෙසු‍රෙන් හා රේණුයෙන් හොබනා වූ පියුමෙක් නැංගේ වී නම් කසළ කසළට යත ත් පියු‍මක් කසලට නො හරින පරිද්දෙන් කෙලෙස් කුණින් පිරුණු හෙයින් ඉතා කසළ වූ, නුවණැස් නැති හෙයින් අන්ධ වූ, පෘථග්ජනයන්ට බුදු සවුවෝ නුවණින් වඩිති වදාළ සේක. දෙශනා කෙළවර සුවාසූ දහසක් දෙන පෘතග්ජන කසළ හැර නිවන් දැක්මෙන් නිකසළ ව ලොවුතුරා නුවණින් බබළා ගියහ. සිරිගුත්ත - ගරහදින්න දෙ දෙන ත් සෝවාන් වූහ. බුදුහු ත් විහාරයට වැඩ පී සේක. සවස් වේලෙහි ධම් සෙබෙහි රැස් ව වැඩ හුන් වහන්දෑ ‘අනේ බුදුන්ගේ ආනුභාවයක් බලවත් නිසා ය. ඒ සා මහත් අඟුරු පීරා පියුම් නැගි නියාව විස්ම ය’යි කථාව ඉපැද වූ සේක. බුදුහු ඒ දිව කනින් අසා වදාරා එ තැනට ව‍ැඩ කෙරෙමින් හුන් කථාව විචාරා පියුම් නැඟි කථා නියාව කී කල්හි ‘මහණෙනි, මා බුදුහු


438 සද්ධර්මථරත්නාවලි ය

අවස්ථාවෙහි අඟුරු පීරා පියුම් නැගි නියාව විස්ම නොවෙයි. බොධිසත්වම අවස්ථා‍යෙහි ත් පසේ බුදු කෙණකුන්ට මා දෙන දනකට බාධා කොට වසවත් මරු මැවූ ගිනි වළිනු ත් පියුම් නැංගේ ය’යි වදාරා විස්තර කොට අසනු කැමැති වහන්දැට බදිරඞ්ගාර ජාතක ය වදාළ සේක. එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් විෂ්කම්භනය ත් සමුච්ඡේදය ත් බැරි වුව ත් තදඞ්ග වසයෙන් වී නමුත් කෙලෙස් කසළ සෝධා හැරීමෙන් නිකසළ ව කුසල් පුරා සිත් සතන් පිරි සුදු කට යුතු.


56. කුමුදුප්පලානීත දුග්ගත සේවක වස්තුවසංස්කරණය

තව ද බණ දහම් නො දන්නවුන් කුසල්හි නො හැසිර සසර දික් කරණ නියාව ත් ව්ය තිරෙකයෙන් බණ දහම් දැන පින් කර හැසිරුනන්ට සසර ලුහුඬු වන නියාව ත් දක්වනු පිණිස කුමුදුප්පලානීත දුග්ගත සේවක වස්තුව කියමු. කෙසේ ද යත්:- පසේනදි කොසොල් රජ්ජුරුවෝ එක් උත්සව දවසෙක චනද්රගකාන්ති පුඤ්ජයක් සේ හැළි වූ හස්ත්යා භරණයෙන් සරහන ලද පුණ්ඩරීක නම් ඇතු පිට හිඳ මහ පෙරහරින් නුවර පැදකුණු කෙරෙති. ‘ඇළ වව’ යි ඇළ වව’යි කියා ලා ලී හැර ගෙන මරා ඉවත් කරත ත් දුවන ගමනේ වුව ත් කර නමා රජදරුවන්ගේ ශ්රීඉ විභූති බලන්නෝ බොහෝ වෙති. ඒ රජ දරුවන් සසර සිටිනා කල සකසා කල පිණෙයි මහිම ය. එක් තරා දුක් පත් එකකුගේ අඹුවක් - දුක් පත් බව මිස මාළිගාවක් ඇති නියා වේ ද - සත් මහල් මාලිගාවේ උඩු මාලේ සිටි තැනැත්තී කවුළු දොර මඳක් හැර ලා රජ්ජුරුවන් නික්මෙන ශොභාව බලා පියා ඉවත් ව ගියා ය. රජ්ජුරුවන්ට ත් උන් ඉවත් කොට ගත් මුහුණ නුවණින් සිතන්ට නුවූ හෙයින් පුන් සඳක් වලා ගබට වන්නා සේ සිතින. රජ්ජුරුවෝ උන් කෙරේ පිළිබඳ සිත් ඇති ව ගෙන ඇත් කඳ පිටින් කාමොන් මාදයෙන් හෙන්නා සේ ව ගොසින් වහා නුවර පැදකුණු කොට පියා රජ ගෙට පිවිස ලෙන් ගතු ඇමත්තකු බණවා ලා ‘අසවල් තැන දී මා බලා සිටි මාළිග‍ාව දිටි දැ’යි විචාරා එ සේ ය යි කී කල්හි ‘ඒ මාළිගාවේ සිටි ගෑනියක දිටි දැ’යි විචාරා ‘දිටිමි’යි කී කල්හි’ යා ගොසින් උන් සස්වාමික - අස්වාමික නියාව දැනැ’යි කිවු ය.



56. කුමුදුප්පලානීත දුග්ගත සේවක වස්තුව 439

උයිත් ගොසින් විචාරා සස්වාමික නියා දැන ගොසින් රජ්ජුරුවන්ට සස්වාමින නියාව කිවු ය. එ සේ වී නම් උන්ගේ සමණන් කැඳවා ගෙන එව’යි කී කල්හි ගොසින් රජ්ජුරුවන් කැඳවූ නියාව කිවූ ය. උයි ත් තම් නුවණැති හෙයින් කැඳ වූ ලෙසින් ම අඹුවන් නිසා ඇති වූ භයෙක් නියා වේ දැ යි දැන ගෙන රාජාඥාව මැඩ ගත නො හී ගොසින් රජ්ජුරුවන් වැඳ ලා සිටියහ. රජ්ජුරුවෝ ‘ සේවා කමට නිල කොට ගෙන වරදක් ලා ලා මරවා පියා අඹුව හැර ගනිමි’ සිතා පර ලොව ම නො සලකා ‘අපට සේවා නම් කරව’යි කිවු ය. ‘රජ්ජුරුවන් වහන්ස, සේවා කම් නම් පැදෙන1 කෙණකුන්ට වේ ද? නැවත මම මා රැකෙන ලෙසකින් රැකි රට හුන්නාට නුඹ වහන්සේට බද්දක් දී ලා හිඳිමී’ කිවු ය. ‘තොපගේ බද්දෙන් අපට ප්රබයෝජන නැත. මෙ වක් පටන් සේවා කම් කරව’යි කියා ලා කඩුවක හා පලගක්2 දුන්හ. උයි ත් ආයුධ ලදින් සේවාකමට කළ නිලයක් නො වන නියාව දැන භය බලවත් ව ඇති ව නො පමාව රාජ සේව ය කෙරෙති. රජ්ජුරු‍වෝ උන්ගෙන් වරදක් සොයා ගත නො හී කාම තෘෂ්ණාව වඩු ත් වඩු ත් වරදක් ලා ලා මරවා පියා ස්ත්රිය ය හැර ගමිනි’යි සිතා කැඳවා ලා ‘හෙම්බා දරුව, මෙ තැනට සතර ගවුවකින් ඔබ්බේ ගඟ බඩ අසවල් තැනට ගොසින් සවස මා නහන වේලාට කඩුපුල් මල් හා අරුණුවන් මැටි ගෙනවුත් දෙව. ඒ වේලාට නාවු නම් ආඥා කරවමි’යි කිවූ ය. සේවා කම් නම් ගෙයි දා වඩා ගත මඟුල් වහල, මිල දී හැර ගත් වහල, කොල්ල වහල, රැකී ගත නො හී තුමූ ම වහල් වූවෝ ය. යන සතර පක්ෂගයෝ වහලයට ත් අඩු හෙයින් හා ඒ වාල් ස්වාමිදරුවන් මෙහෙයක් කී කල්හි ඇඟට නු සුව ය යි කියා ලා රඳන්ට පිළිවන් වුව ත් සේවායන් එ සේ රඳනට බැරි හෙයින් හා තමා අවශ්ය්යෙන් ම මෙහෙවර ගිය මනා හෙයින් ‘කඩුපුල් මල් හා සමඟ අරුණුවන් මැටි ඇත්තේ නාග භවන ය. මම එය කොයින් ලබම් දැයි සිතා මරණ භයින් තැති ගෙන ගෙට ගොසින් ඇඹේණියන්ට ‘සොඳුර, බත් උදව් දැ’යි කිවු ය. “උදුනේ ය’ යි කී කල්හි බත් බා තබන තුරු ත් රඳන්ට බැරි හෙයින් ‘සරළුවෙන් පැන් නිමවා හැර පියා දිය සිඳී නො ගිය බත් ම පෙටිටියෙක ඔබා ගෙන උදවු වූ මාළුවකු ත් ලවා ගෙන ඒ හැර ගෙන සතර ගවුවේ යන්ට නික්මුණා වු ය. යමින් සිටියදී ම බත් පෙට්ටියේ ඔබා ලූ හෙයින් පැසිණ. නොයිඳල් කොට බත සුඟක් හැර තබා ලා බත කන තැනැත්තෝ

1. පැරදෙන 2.පලිහක්

440 සද්ධර්මදරත්නාවලි ය

එක් මගී කෙ‍ණකුන් දැක නොයිඳුල් කොට තුබූ බත් උන්ට කන්ට දී ලා තුමූ ත් බත් කා ගෙන දියෙහි කුඩ මස්සන්ට බත් මිටක් දමා පියා අත කට සෝධා පියා හඬ ගා කියන්නෝ ‘මේ ‍ගඟ වසන දේවතාවෙනි, නයිනි, කොසොල් රජ්ජුරුවෝ මා මරවනු කැමති ව කොට ලිය නො හැකි මෙහෙවරක් හෙයින් කඬුපුල් මල් හා සමඟ අරුණු වන් මැටි ගෙනෙන්නට මට විධාන කළහ. බත් කන ගමනේ ඉඳුල් නො කොට තබා ලා මගී කෙණකුන්ට ත් බත් දිනිමි. ඊ විපාක දහස් ගණන් ඇත. කුඩ මස්සන්නට ත් බත් ලීමි. ඊ විපාක සිය ගණන් ඇත. ඒ පින් කම් දෙවියන් නයින් අනුමෝ ව ඇති තැනකින් මට කඬුපුල් මල් හා සමඟ අරුණුවන් මැටි ගෙවුත් දුන මැනැව’යි තුන් විටක් අඬ ගා කිවු ය. එ ගග පත්ලේ වසන නා රජ්ජුරුවෝ ඒ අසා මාලු වෙසකින් උන් ළඟට අවුත් ‘කුමක් කියවු දැ’යි විචාරා ආදී කී ලෙස ම කී කල්හි ‘තොපි එ පින් දෙව් දැ’යි විචාරා දෙමි’ කී කල්හි තවත් තවත් විචා‍රා තුන් විටක් කොට ම දෙමි කියවා ගෙන කඩුපුල් මල් හා සමඟ අරුණු වන් මැටි ගෙනවු ත් දුන්හ. උන් මේ වර යවා ලා රජ්ජුරුවෝ ත් සිතන්නෝ ‘මිනිස්සු නම් බොහෝ උපදෙස් දනිති. යම් කිසි ලෙසකින් ඒ ලද්දු නම් මාගේ අභිමතත්ථො ය සිද්ධ නො වෙ යි. ඊට උපදෙසක් කළ මනා වේ දැ’යි ආවොතිනු ත් තමා කරා නො එන ලෙසට වේලා පස ම වාසල් වල යතුරු ලවා ලා යතුරු මුදුන් තමන් ළඟ තබ්බවා ගත්හ. සේවාණෝ ද රජ්ජුරුවන් නහන වේලාට ම වාසල කරා ගොසින් වාසල් වල යතුරු ලූ හෙයින් වාසල් රක්න වුන්ට යතුරු හරින්ට කිවු ය. ‘අප යතුරු හ‍රින්නේ කෙසේ ද? වේලා පස ම යතුරු ලවා පියා යතුරු මුදු රජ ගෙට ම ගෙන්වා ගත් සේකැ’යි කිවු ය. ‘මම රජ්ජුරුවන්ගේ මෙහෙවර ගියෙමි. දොර හරුව’යි කියා ත් හරවා ගත නොහී ඉතිකින් රජ්ජුරුවෝ මා නො තබති. කුමක් කෙරෙම් දෝ හෝ’යි සිතා වාසල උඩෙළීයේ මැටි පිඬ තබා ලා ඊ පිට කඩුපුල් මල් ගන්වා තබා ලා මහත් කොට හඬ ගා කියන්නෝ, ‘මුළු නුවර ඇත්තෙනි, රජ්ජුරුවන් වහන්සේ වදාළ මෙහෙවර කඩුපුල් මල් හා අරුණු වන් මැටි හා මා ගෙනවුත් වාසල උඩෙළියේ තබා ලූ නියා ව දනු ව. රජ්ජුරුවෝ නිවරද මා මරවතී’ තුන විටක් හඬ ගා කියා පියා මේ වේලේ කොයි යෙම්දෝ හෝ යි සිතා ‘වහන්දෑ නම් මෙළෙක් අදහස් ඇති සේක. විහාරයට



56. කුමුදුප්පලානීත දුග්ගත සේවක වස්තුව 441

ගොසින් වැද හෝමී’යි සිතින් ම සනිටුහන් කොට ___ පැදෙන කල වහන්දෑ ඇති නියාව ත් නො දැන, දුකකට පැමිණි කල විහාරයට යනු කැමැති වෙති ___ එසේ ‍හෙයින් උයි ත් විහාරයට ‍ගොසින් ඵාසු තැනෙක සැතපී ගත්හ. රජ්ජුරු‍වෝ ඇවිටි කළ ස්ත්රිකය කෙරෙහි සිතිවිල්ලෙන් රෑ නිදි නැති ව කාම තෘෂ්ණාව ත් බලවත් ව ‘පාන් වන්නා ‍ම හුන් තැනකින් අර මූ ගෙන්වා ගෙන මරවා පියා ස්ත්රිළය ගනිමි’ සිතූහ. එ ම රාත්රිමයෙහි දෙ සිය සතළිස් ගවුවක් විතර උස ඇති ලෝ කුඹු නරකයේ උපන් නිරෑ වැස්සෝ සතර දෙනෙක් සැළියෙක පැසෙන සාලක් මෙන් සිසෑරි සිසෑරී පැසෙන්නාහු සැළ මුව විට පටන් තිස් දහසක් හවුරුද්දෙන් පැසී සැළ පත්ලට බැස නැවත තිස් දහසක් හවුරුද්දෙන් සැළ මුව විට කරා පැමිණ පැන නැංගෝ ය. ඔහු සතර දෙන සැළ මුව වටින් හිස ඔසවා පියා ඔවුනොවුන් දැක එකී එකී ගාථාවක් කියනු කැමති ව ගාථා පුරා කියන්ට කල් නැති හෙයින් ගාථා සතරේ මුල මුල අකුරු පමණක් කියා ලා පෙරළා පැසී බසින්ට වන්හ. නො නිඳා හුන් කොසොල් රජ්ජුරුවෝ ත් මධ්යයම රාත්රීබ වේලෙහි නාරකික සත්ව්යන්ගේ ශබ්ද හෙයින් භයානක වූ ඒ ශබ්දය අසා බා ගොසින් ‘මට වන දෙයෙක් දෝ, අග මෙහෙසුන් බිසොවුන්ට වන දෙයෙක් දෝ, රටට වන දෙයක් දෝ’යි සිතා ඇස පිය බානට නැති ව නො නිඳා හිඳ පාන් වන වේලාට පු‍රෝහිත බමුණන් ගෙන්වා ගෙන ‘ආචාරිනි, මධ්ය,ම රාත්‍රියෙහි භයානක ශබ්ද සතරක් ඇසීමි. කුමකින් කුමක් වන බවත් නො දැක තොප ගෙන්වීමි’යි කිවු ය. ‘රජ්ජුරුවන් වහන්ස, ඇසූ ශබ්ද කවරේ දැ’යි විචාළෝය. රජ්ජුරුවෝ “දු” යන ‍හ‍ඬෙක. ‘ස’ යන හ‍ඬෙක. ‘න’ යන හ‍ඬෙක. ‘සො’ යන හඩෙක. ම්න් වන වැඩ අවැඩ සලකව” යි කිවු ය. බමුණානෝ ඒ අසා අඳුරු ගබකට වන්නා සේ හැගුණු කුමකු ත් නැති ව ‘හැගුණු දෙයෙක් නැතැ යි කීම් නම් ලාභ සත්කාර නැති වෙයි’ සිතා තු මූ ත් බා ගියා සේ වලා ‘රජ්ජුරු‍වන් වහන්ස, කාරණා යහපත් නොවේ යි’ කිවු ය. කුමක් දැයි විචාළ තැන ‘මුඹ වහන්සේ ට උවදුරෙක් පෙනෙ’යි කිවු ය. රජ්ජුරුවෝ දියුණු ලා බා ගොසින් ‘ආචාරීනී, ඒ දෙසන්ට නිසි දෑ ඇත් දැ’යි විචාළෝය. ‘රජ්ජුරුවන් වහන්ස, මම වේද දනිමි. වේදයේ තෙල සේ වූ දෙයට නිස්ස ඇතැ’යි කියා ලා



442 සද්ධර්මුරත්නාවලි ය

කුමක් කළ මනා දැයි විචාළ කල්හි ‘‍තෝරා ලා මස් කෑ යුතු සත්ව.යන්ගේ ම පවත් කියා ලීම් නම් දඩ මස් කනු කැමැති වනැ යි සිතා ගත ත් නපුරැ’යි සිතා ‘ඇති සියයක්, අස් සියයක්, ගොන් සියයක්, දෙන් සියයක්, තිරෙළුවන් සියයක්, පලෙළුවන් සියයක්, කුකුළන් සියයක්, හූරන් සියයක්, මුවන් සියයක්, කුඩා කොල්ලන් සියයක්, කිඩෑ කෙල්ලන් සියයක් ය යි සියල්ලවුන්ගෙන් සිය ය සිය ය මරා යාග කිරීම යහපතැ’යි කිවුය. රජ්ජුරුවෝ ද ‘මාගේ ජීවිතයට වඩාත් ඇත් දැ’යි සියල්ලවුන් ගෙන් ම අල්වන්ට විධාන කළහ. විධාන ලද්දෝ වඩ වඩා ලා බැන්දෝ ය. බොහෝ දෙන තමන්ගේ නෑයන් සියන් බඳනා හෙයින් හඬා නැංගෝ ය. පොළොව පැළී යන්නා සේ වී ය. මල්ලිකා බිසවු රජ්ජුරුවන් ළඟට ගොසින් විචාළ තැන සියල්ලවුල් ගෙන් සිය ය සිය ය මරා යාගයක් කළො ත් මුත් ජීවිත හානියක් කිවු ය. මළොත් නපුරැ යි යන අදහසින් මුන් හැම ඇලලවීම්’ කිවු ය. මල්ලිකා බිසව ඒ අසා ‘රජ්ජුරුවන් වහන්ස, මගධ නැළියෙන් සොළොස් නැළියක් සාලේ බත් කන සේ දන්නා බව මුත් කට යුතතක් ම නො දන්නේ හැයි ද? එක් කෙ‍ණකුන් මරා එක් කෙණකුන් ජීවත් වූ නියාවක් කැරුණේ පුවත ත් ඇසූ විරූ ඇත් ද? ප්රාෙණ වධ කළවුන් අල්පායුෂ්ක නියා ව බණිනු ත් නො ඇසූ නියා ද? නුවණ නැති බමුණාගේ බස් ගිවිස මෙ තෙක් දෙනාගේ ප්රායණ හානි කරන්ට කාරණ කවරේ ද? තුන් කල් දැන්මෙහි නො පැකිළ පවත්නා නුවණ ඇති ‍සියලු ලෝ වැස්සන්ට අග පුඟුල් වූ බුදු රජාණන් වහන්සේ ශරීරාලෝක - ඥානාලෝක දෙකින් බබළ බබළා ළඟ විහාරයේ වැඩ හිඳිනා සේක. ගොසින් ඔබ විචාරා ඔබ වදාළ ලෙසක් කළ මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝ එ සේ කියන්නා ම පිළිවන් වාහනයෙකින් මල්ලිකාවනු ත් කැඳවා ගෙන විහාරයට ගොසින් වැද ගත් භය බුදුන් කරා ගොසිනු ත් නො හැරුණු හෙයින් කිසිවකු ත් කියා ගත නො හී වැඳ ලා එකත් පස් ව හුන්හ. බුදුහු නො දත් ලෙසින් ‘රජ්ජුරුවෙනි, වේලින් වේලා පස ම කොයි සිට කුමක් නිසා ආ නියා දැ’යි කථා උපදවනු පිණිස ම විචාළ සේක. කට කෙළ සිඳීලා දෝ ‍රජ්ජුරුවෝ බැණ නො නැංගෝ ය. මල්ලිකා බිසවු “රජ්ජුරුවන් වහන්සේ මධ්ය ම රාත්රීන වේලෙහි භය ජනක ශබ්දයක් අසා පාන් වූ කල පුරොහිත බමුණාණන්ට කී සේක. ඌ ඒ අසා මුඹ වහන්සේ ට උපද්රසවයෙක් පෙනෙයි. සියල්ලවුන් ගෙන් සිය ය



56. කුමුදුප්පලානීත දුග්ගත සේවක වස්තුව 443

සිය ය මරා යාගයක් කළො ත් ඒ උපද්රදව ය නැති වෙයි’ කිවු ය. රජ්ජුරුවන් වහන්සේ ඇත් - අස් - මිනිස් ආදී වූ බොහෝ දෙනා බන්දවා ගෙන් වූ ‍සේක. දොඩා බැණ මම මුඹ කැඳවා ගෙන අයිමී’යි කිවු ය. බුදුහු ‘සැබෑ ද, මහරජ’යි විචාරා ‘සැබව ‘යි කී කල්හි ‘තොප ඇසූ ශබ්දය කවරේදැ’යි විචාළ සේක. රජ්ජුරුවෝ ඇසූ ලෙස ම කිවු ය. බුදු රජුන් වහන්සේ ට අසමින් ම එහි අර්ත්ථක දැනිණ. මහ රජ‍ තෙපි නො බව. තොපටත් කාටත් මේ නිසා වන උපද්ර්ව නැත. නිරෑ වැසි සත්වාෙයෝ නරක දුක් විඳිමින් එ විතරකු ත් කියා පියන්ට යන්තම් අවසරයක් පෙනී ගොසින් තමන් ගන්නා දුක් කියන්ට කිවු ය’යි වදාළ සේක. ‘ස්වාමීනී උන් කළ පව් කවරේදැ’යි විචාළෝ ය. අසනු කැමති නියා වේ දැ’යි විචාරා වදාරා ‘එ සේ ය’ යි කී කල්හි ‘මහ රජ යට ගිය දවස දඹදිව් වැස්සන්ට විසි දහසක් හවුරුද්දට ආයු ඇති සමයෙහි කසුප් බුදුහු ලොව ඉපැද විසි දහසක් රහතන් පිරිවරා දඹදිව් තෙලෙහි සැරිසරන්නාහු බරණැස් නුවරට වැටි සේක. මරණැස ඇත්තෝ දෙන්නත් - තුන් දෙන ත් - දසයකුත් - විස්සකු ත් - සියයකු ත් වඩා ත් එක් ව ගෙන අමුතු ව ලා ගිය බුදුන්ට අමුතු දන් දුන්හ. එ කල බරණැස සතළිස් කෙළක් ධන ඇති සිටු පුත්රනයෝ සතර දෙනෙක් මිත්රු ව වසන්නාහු එක් දවසෙක කථාවක් කරන්නෝ ‘අප අපගේ බොහෝ වස්තු ඇත. ඒ කුමක් කරමෝ දැ’යි කිවු ය. ඉන් එක් කෙණකු ත් ‘බුදුන් මෙ නුවරට වැඩි පසු දන් දෙම්හ පින් කරම්’ය නො කීහ. එක් සිටු පුත්රෙයාණ කෙණක් මේ වස්තුව වියදම් කොට රා හැරගෙන බොම්හ. කුඩමස් ගෙන කම්හ. තව ත් තව ත් රුචි ඇති යෙක් ගෙන කා සුව සේ ඇවිදුම්හ. එ සේ කලට සම්පත වල නො යෙ’යි කිවු ය. අනික් සිටු පුත්ර‘යාණ කෙණෙක් තුන් හවුරුදු සුවඳ හැල් සාල් හැර ගෙන රස මසවුළෙන් යුත් හැල් සාලේ බත් කම්හ’යි කිවු ය. තුන් වන සිටු පුත්ර්යාණෝ ‘අප මෙ තෙක් වස්තුව ඇත්තවුන්ට ත් බත් අරු ම ද? තෙලු ත් පැණි ත් ආදිය මිල දී හැර ගෙන නො එක් වර්ගටයේ කැවුම් ඉදි කරවා කම්හ’යි කිවු ය. සතර වන සිටු පුත්ර යාණෝ කියන්නෝ ‘සබඳිනි, ඒ කුමකු ත් නො කැමැත්තේ ය. වස්තු දෙම්හ’යි කී කල කැමැති නොවන කෙණෙක් නම් නැත, වස්තු දී පියා පරදාර කර්ම.යෙහි හැසිරෙම්හ’යි කිවු ය. හැම දෙනම උන්ගේ කථාව ගිවිස්සෝ ය.



444 සද්ධර්මෙරත්නාවලි ය උයි ත් එ වක් පටන් විශිෂ්ට රූ ඇති ස්ත්රී න්ට වස්තු දෙවා ලා විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි පරදාර කර්මඇයෙහි හැසිර මිය ගොසින් අවීචි නරකයෙහි ඉපැද අනන්ත කාලයක් අවීචියෙහි පැසි ඉන් චුත ව තව ත් අකුසල් නො ගෙවුණු හෙයින් සැළමුව විට පටන් සැළ පත්ලට දෙ සිය සතළිස් ගවුවක් උස ඇති ලෝ දියෙන් පිරුණු ලෝ කුඹු නරකයෙහි ඉපැද තිස් දහසක් හවුරුද්දෙන් සැළ පත්ළට බැස නැවත තිස් දහසක් හවුරුද්දෙන් සැළ මුව විට කරා නැගී තමන් විඳිනා දුක් කියන්ට එකී එකී ගාථාවක් කියනු කැමති ව පුරා කියන්ට අකුසල කර්මායාණන් අවසර නො පානා හෙයින් ගාථා සතරින් මුල මුල අකුරු ම කියාලා නැවත පෙරලා සැළ ඇතුළට ම වන්හ. මහරජ, මෙ සේ ඇසූ පළමු ශබ්දය කවරේදැ’යි විචාරා ‘දු’ යන ශබ්ද ය යි කී කල්හි ඔහු පුරා නොකී ගාථාව කවි පදයක් පුරා පදලන්නා සේ ම- “දුජ්ජිවිතං අජිවිම්හ - යෙ සන්තෙ න දදම්හසෙ. විජ්ජමානෙසු හොගෙසු - දීපං නාකම්හ අත්තනො”යි පුරා වදාරා ලා ‘යම් බදු වූ අපි කැමැති විතරකට සම්පත් ඇත ත් අපට පිහිටක් කට නුහුණුමෝ ද, එ සේ වූ අප විසි දහසක් හවුරුදු දවස් යවූ නියා වනැ’යි පළමු වන ගාථාථිය ත් වදාරා ලා දෙ වන ශබ්දය කවරේ දැ යි විචාරා ‘ස’ යන ශබ්දය යි කී කල්හි ඔහු පුරා නො කී ගාථාව__ “සට්ඨිං වස්සසහස්සානි - පරිපුණ්ණානි සබ්බසො, නිරයෙ පච්චමානානං - කදා අන්තො භවිස්සති”යි

පුරා වදාරා ලා ‘මේ නරකයෙහි පැසෙන්නා වූ අපට පැසී බස්නා කලත්, නැගෙන කල ත්, සැට දහසක් හවුරුදු පිරිණ. කෙළවරෙක් කවරේ දැ’යි අර්ථ වදාරා ලා තුන් වන ශබ්දය විචාරා ‘න’ යන ශබ්දය යි කී කල්හි ඔහු අඬාල කළ ගාථාව__   

“නත්ථි අනිතො කුතො අන්තො - න අන්තො පතිදිස්සති,

 තදා හි පකතං පාපං - මම තුය්හං ව මාරිස” යි.

ගාථාව පුරා වදාරා ලා අප විසිනු ත් තොප විසිනු ත් විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි කරණ ලද අකුශ‍ලයෙහි විපාක දී නිමවා පීමෙන් කෙළවරෙක් නැත. කෙළවරෙක් කොයින්ද? මින් මිදීමෙක් නැතැ’යි තුන්වන ගාථාවේ අර්ථදය ත් වදාරා ලා සතර වන ශබ්දය කවරේදැ’යි විචාරා ‘සො’ යන ශබ්ද ය යි කී කල්හි ඔහු අඬාළ කළ ගාථාව__


56. කුමුදුප්පලානීත දුග්ගත සේවක වස්තුව 445

“සොහං නූන ඉතො ගත්ත්වාප - යොනිං ලද්ධාන මනුසිං,

 වදඤ්ඤු සීලසම්පන්නො - කාහාමි කුසලං බහුං” යි.

පුරා වදාරා ලා, ඉදින් මම මෙයින් චුත ව මිනිස් ලොව උපනිම් නම් බොහෝ පින් කෙරෙමි’ සතර වන ගාථාවේ අර්ථත ත් වදාරා ලා මෙසේ මහ රජ ඔහු සතර කෙන එකි එකී ගාථාවක් කියනු කැමැති ව ත් කියා ගත නොහී මුල මුල අකුරු ම කියා ලා නැවත ලෝකුඹු නරකයටම වන්හ යි වදාළ සේක. පසේනදී කොසොල් රජ්ජුරුවන් ඒ ශබ්දය ඇසූ තැන් පටන් ඌ සතර දෙන සැළ පත් ලා බලා පසු බසිති. ඒ අදවත් නරකයෙහි ආයු කාල ය වෙන් හෙයින් හවුරුදු දහසකට ත් නැත. රජ්ජුරුවන්ට ත් උපයොගි බණක් ම සම්භ ව වූ හෙයින් ඒ බණ අසා බලවත් ව භය ඇති වි ය. ‘අනේ පරදාර කර්ම ය නම් මහා සාවද්යක ය, එක ජාතියෙක කළ පරදාර කර්ම බලයෙන් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි අවීචියෙහි පැසී එයින් චුත ව තව කර්ම‍ය නො ගෙවුණු හෙයින් ලෝ කුඹු නිරයේ ඉපැද ඊ ත් සැට දහසක් හවුරුදු පැසී එයින් මි‍ඳෙන කලක් තව පෙණුණේ නැත. මම ද එ‍ සේ වූ අදහසින් රාත්රිම ය මුළුල්ලෙහි නිඳි නැති ව මේ භය ජනක ශබ්ද ත් ඇසීමි. ඒ ඇසූ සේ ම යහපත. මෙ වක් පටන් පරදාර කර්‍මයෙක නො හැසිරෙමි’යි කියා ගෙන බුදුන්ට දන්වන්නෝ ‘මෙ තෙක් දවස් නිඳා පාන් කරණ හෙයින් නො දත් බව මුත් රෑ දවස බොහෝ නියාව නො නිඳා හුන් හෙයින් ඊයේ රෑ දතිමි’යි කිවු ය. මේ වර ගිය සේවණෝ ත් නුදුරෙක හුන්නෝ ඒ කථාව අසා ‘ මටත් කථා කොට ගන්ට අවසර පෙනිණැ’යි බුදුන්ට දන්වන්නෝ ‘ස්වාමීනි, රජ්ජුරුවන් වහන්සේට රෑ දවස දිග යි දැනුණා සේ ම සතර ගවුව පමණකුත් දුරු නියාව මට ත් දැනිණැ’යි කිවු ය. බුදුහු උන් දෙපක්ෂදයෙහි කථාව එක් කොට ගෙන බණ වදාරන සේක්. ‘රාත්රි ය තමා තිස් පැය වුව ත් මකුණන්ට බත් ව හිර නැගෙන තෙක් ඇළයෙන් ඇළයට පෙරළී පෙරළී නිද්රා පුරන මහ මැළි යන්ට දික් ව නො වැටහෙත්, නැවත සුව සේ අනුභව කොට ලා කයට සිතට ඵාසු ඇති ව ශ්රී් යහන්වල වැද හෙව නිඳන්නවුන්ට දික් ව නො දැනෙත ත් තුන් යම් රාත්රිට ය මුළුල්ලෙහි ප්ර ධාන වීය්ය්න යෙන් හෝ බණ කීමෙන් හෝ බණ ඇසීමෙන් හෝ, එක්තරා රෝග දුකෙකින් පෙලීමෙන් හෝ නො නිදන්නවුන්ට දෙ තුන් රැයක් මෙන් දික් ව වැ‍ටහෙයි.


446 සද්ධර්මලරත්නාවලි ය සතර ‍ගව්වක් වුව ත් ගමන් ගොසින් විඩා වූවන්ට සෙමින් සිට යන ගමන හෙයින් පෙර මඟ එන්නවුන් දැක අසවල් ගම ‍කෙ තෙක් තැන් දැ’යි විචාරා සතර ගවුවෙකැ යි කී කල්හි තවත් මඳක් ගොසින් විචාරා උනු ත් එ සේ ම සතර ගවුවත් විතර ඇතැයි කී කල්හි මඳ තැනත් ගොසින් ලා එන්නවුන් අතින් විචාරා සැබ වැ යි කී කල්හි සතර ගවුවෙක් වී නම් නො‍‍ වේ ද බො‍හෝ වනැ යි වැට හෙයි. සසර ලුහුඬු කරනා ලන සත් තිස් බෝධි පාක්ෂික ධර්මේ ය නො දන්නා නුවණ නැත්තවුන්ට සසර ත් භවක්ෂාය ‍කට නො හෙන හෙයින් දික් වෙ’යි වදාළ සේක. මේ දෙශනා කෙළවර භයින් වෙහෙරට වන් සේවාණෝ ත් සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙන නිවන් දැක සසර නැති කරන්නෝ නැති කොට, ලුහුඬු කරන්නෝ ලුහුඬු කළහ. එ සේ හෙයින් භව ක්ෂනයට ම තැත් පිරිය යුතු. රජ්ජුරුවෝ ත් බුදුන් වැඳ ලා යන්නෝ යාගාවාටයෙහි බැන්ද වුන් ඉන වූහ. ගැළවී ගෙන ඉස් සෝධ නා පියා තම තමන් ගෙවලට යන ගෑනු පිරිමි ‘මල්ලිකා බිසොවුන් වහන්සේ බොහෝ කලක් ජීවත් වන සේක්වා’යි මල්ලිකා බිසොවුන්ට ආ වැඩූහ. සවස් වේලෙහි ධම් සෙබෙයි රැස් ව හුන් වහන්දෑ ත් ‘අනේ මල්ලිකාවෝ ඉතා නුවණැත්තෝ ය. තමන් නුවණැති හෙයින් මෙ තෙක් දෙන රැකපු ය’යි කථාව ඉපැදවූ සේක. බුදුහු ඒ අසා වදාරා ‘හෙම්බා මහණෙනි, මල්ලිකා‍වන් තමන්ගේ නුවණින් බොහෝ දෙනා රැක්කේ දැන් මතු නො වෙයි. යට ගිය දවස ත් මෙ ලෙස ම රැක්කෝ ය’යි වදාරා අසනු කැමැති වහන්දෑට ඉකුත් වත ගෙන හැර දැක් වූ සේක. ‘ යට ගිය දවස බරණැස් රජ්ජුරුවන්ගේ පුතණුවෝ එක් නුග ගසක් කරා ගොසින් ඒ ගස දෙවියාට ආරාධනාවක් ක‍රන්නෝ ‘දෙවි රජ්ජුරුවෙනි, මුළු දඹ දිව රජ දරුවෝ සියයෙකු ත් ඇත. අග මෙහෙසුන් බිසෝවරු සියයෙකුත් ඇත. ඉදින් මම අප ගේ පියාණන් වහන්සේ ගේ ආයාමෙන් රාජ්ජය ලදිම් නම් උන් හැම දෙනාගේ බොටුවේ ලේයෙන් තොපට බිලියම් කෙරෙමි’යි කිවු ය. එ සේ කියා ලා පියාණන් මළ පසු රාජ්ජය ලදින් ‘දෙවතානු භාවයෙන් රාජ්ජය ලත් පසු බිලියම් කෙරෙමි’යි සිතා මහ සෙනඟ පිරිවරා ගොසින් එක් රජ්ජුරු කෙණකුන් වසඟ කොට ගෙන ඒ සෙනඟ ත් තමන්ගේ සෙනඟත් හැරගෙන ගොසින් අනික් කෙණකුනැ’යි සියලු රජදරුවන් ම වසඟ කොට ගෙන අග මෙහෙසුන් බිසෝ වරුනු ත් හැර ගෙන



56. කුමුදුප්පලානීත දුග්ගත සේවක වස්තුව 447

හැම රජුන්ට බා උග්ගසේන රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් දින්නා නම් බිසවුන් දැරී ඇති හෙයින් උන් රඳවා පියා අවුත් මෙ තෙක් දෙනා විෂ පොවා මරමි’යි ගස මුල පවිත්රර කරවූ ය. දේවතාවාණෝ සිතන්නෝ ‘මේ රජ මෙ තෙක් රජදරුවන් අල්වා ගෙන විෂ පොවා මරන්නේ මට බිලියම් කෙරෙමි සිතා මා නිසා ය. මා ගෙන් ප්ර යෝගයක් නැති හෙයින් මට පව් නැත ත් මේ රජදරුවන් නටකල දඹදිව රජ පරපුර නස්සි. මා ගේ ගස මුල ත් කුණු වෙයි. මුන්ගේ මේ ආකාරි ය මම නවතා ගත නො හෙමි. මට බැරි පසු අනික් සමවායකින් වුව ත් නැවතුව මනා වේ දැ’යි අනික් දෙවතාවකු කරා ගොසින් ‘තොපට ‍මේ නවගන්ට පිළිවන් දැ’යි විචාරා උනු න් තමන්ට බැරි ය යි කී කල්හි අනික් දේවතා කෙණකුන්, අනික් දේවතා කෙණකුනැ යි සියලු මේ සක්වළ දෙවියන් කරා ගොසින් උන් හැම ත් බැරි ය යි කී කල්හි සතරවරමුන් කරා ගියෝ ය. අපට ත් මේ නවතා ලන්ට බැරි ය. සක් දෙවිඳ තෙමේ නුවණ පින් දෙකින් ම අපට වැඩී සිටිනේ ය. ඔබ කියව’යි කිවු ය. ඒ දේවතාවා ශක්ර යන් කරා ‍ගොසින් එ පවත් කියා ‘ඉදින් මුඹ වහන්සේ උපෙක්ෂාව වූ සේක් නම් රජ මහ වංස නස්නී. උන්ට පිහිට වුව මැනැවැ යි කිවු ය. ඒ අසා සක් දෙවිඳු ‘මමත් ඒ නවතාලිය නොහෙමි. තොපට උපදෙසක් කියා ලමි. තොපි ගොසින් රජ්ජුරුවන් බල බලා සිටිය දී ම රත් පිළියන් හැඳ ගෙන තොපගේ ගසින් මෑත් ව ලා නික් ම යන ලෙසක් හඟවා ලව. රජ්ජුරුවෝ ද දේවතාවාණෝ යෙති. රඳවමි’යි නො යෙක් ලෙසින් පැරැත්ත ගනිති. තොපි කියන කල ‘රජ දරුවන් සියයත් බිසෝවරුන් සියය ත්, ගෙනවුත් උන් බොටුවල ලේයෙන් මට බිලියම් කෙරෙමී යැද ලැ උග්ගසෙන රජ්ජුරුවන්ගේ බිසොවුන් හැර පියා නැමී අව. තොප සේ වූ බොරු දන්නවුන්ගේ බිලි විධානයෙන් මට ප්රායෝජන නැතැ’යි කියව. එ සේ කී කලට රජ්ජුරුවෝ බිසොවුනු ත් ගෙන්වති. ඒ බිසවු රජ්ජුරුවන්ට බණ කියන්නෝ එම තෙක් දෙනාට ත් මට ත් බැරි වුව ත් එ තෙක් දෙනා රැක පියති’ කිවු ය. දේවතාවා ත් ශක්රටයන් කියා පූ ලෙසම කොට ලී ය. රජ්ජුරුවෝ ත් ‘මෙ තෙක් දෑ කොට මෙ පමණක් වරද්දන්නේ කිම් දැ’යි බිසොවුනුත් ‍ගෙන් වූ ය. අවුත් හැමට ම කෙළවර හුන් තමන්ගේ උග්ගසෙන රජ්ජුරුවන් ම වැන්දෝ ය. ප්ර ධාන ව සිටි බරණැස් රජ්ජුරුවෝ තමන් නො වැඳ හැම දෙනාට බාල


448 සද්ධර්ම රත්නාවලි ය තැනැත්තවුන් වන්දෑ යි බිසොවුන්ට මුසුප්පු වූ ය. බිසවු උන් මුසුප්පු නියාව දැක ලා කියන්නෝ ‘මුන් වහන්සේ මට ඉසුරු සේක. සම්පතුත් දුන් සේක. මුන් වහන්සේ නො වැඳ මුඹ කුමට වඳිම් දැ’යි කිවු ය. ගස්හි වසන දේවතාවාණෝ ‘කී නියාව යහපත් ම ය’යි කියා ලා මල් මිටක් දමා ලා දත් ගුණයට පූජා කළහ. බරණැස් රජ්ජුරුවෝ එ විට ‘මා වන්නාට නො වැන්දව. මේ සා මහත් රාජ්යැ සම්පතක් මට සාධා දුන් දේවතාවාණන් කුමක් නිසා නො වැන්දා දැ’යි විචාළෝ ය. ‘රජ්ජුරුවෙනි, මුඹගේ රාජ්ජය ලැබීමට නිසි පිණින් රාජ්ජය ලත් බව මුත් දේවතාවාණෝ රාජ්ජය දුන්නෝ දැ’යි කිවු ය. එයි ත් අසා දේවතාවාණෝ ‘කිවු නියා යහපත්ම ය. මා මුන්ට රාජ්ජයක් දෙන්ට සිතුවා ත් නැතැ’යි නැවත ත් මල් මිටත් දමා පූජා කළහ. නැවතත් බිසවු රජ්ජුරුවන්ට කියන්නෝ ‘මේ රාජ්ජය දේවතාවාණන් ගෙන දුන්නැ’යි කියා වේ ද කියන්නේ. ඒ එ සේම ආනුභාව ඇති කල තමන් වසන ගසට උඩු සුළඟ සිටි ගස ගිනි වැද ගෙනදා ගියේය. ඒ නිවා ගත නුහුනැ’යි කිවු ය. නැවත ත් දේවතාවාණෝ ඒ එ සේ ම ය යි කියා ලා ආදී සේ ම පූජා කළහ. බිසවු කථා කෙරෙමින් සිට ම ජාති සිහි ‍කරණ නුවණ ත් ඇති ව ගන්නා හඬා ත් පූ ය. සිනාවකු ත් සී පු ය. සෙතො ත් සිනා මම හා හඬතො ත් හඬා ම මුත් එක විට ම සෙන්නෙ ත් හඬන්නෙ ත් වියරුවක් සේ ඇති නියා දැ’යි විචාළ කල්හි ‘රජ්ජුරුවෙනි, වියරු ඇති වුවමැනවුන් හින්දදී අප වැන්නවුන්ට ත් වියරු ඇතිවේ දැ’යි කිවු ය. එ සේ කල හඩන් ට ත් සිනා සෙන්ට ත් කාරණ කිම් දැ’යි කිවු ය. රජ්ජුරුවෙනි, එසේ වී නම් ඇසුව මැනව, මම යටගිය දවස කුල දූ ව ඉපැද සරණ හිඳ රැකෙන්නෙම් අමුතු කෙණකුන් ගෙට ආවුන් දාක උන්ට අමුතු බතක් දෙනු කැමති ව කෙල්ලක අත අංගාණියට රන් යවා ත් දඩ මසක් නො ලදින් ගෙ පිටි පස්සේ හොත් නො බොහෝ ඇසිල්ලනික් මියන එළියක හිස කපා පියා දඩ මස් ඇති ව බත් දිනිමි. මම එළියගේ හිස කපා අනන්ත කාලයක් නරකයෙහි පැසී තව කර්මවය ගෙවන්නට නැති හෙයින් ඇගේ ලොම් ගණනින් හිස් කැපීම් ලදිමි. මෙතෙක් දෙනා මරවා ගැළවෙන්නේ කවර කලෙක දැ’යි මුඹ විඳිනා දුක් සලකා හඬා පීමි” යි කිවු ය. හැඩුයේ වන්නා ඒ නිසා ය. සීපූයේ හැයි දැ’යි විචාළෝ ය’ “කර්ම්ය ගෙවුණු හෙයින් ඒ දුකින් මම් මිදිණිම්’යි සමාධි ව සී පීමි’ කි කිවු ය. නැවත ද දේවතාවාණෝ ඒ එ සේම ය යි කියා ලා මල් මිටක් දමා ලා පූජා කළහ.


57. මහාකාශ්ය.ප සද්ධිවිහාරික එක නමකගේ වස්තුව 449

රජ්ජුරුවෝ ‘අනේ පව් කමක් ඉතා උග්රි නියා ය. මූ එක එළියක මරා නරකයෙහි අනන්ත කාලයක් පැසී ශෙෂව සිටි විපාකයෙන් ඇ‍ඟේ ලොම් ගණනින් හිස් කැපුම් ලද්දු ල. මම මෙ තෙක් දෙනා මරා කවර කලෙක ගැළවෙම් දැ’යි සියලු ම රජ දරුවන් හැර පියා වයසින් තමන්ට වැඩි මාලු රජ්ජුරුවන් වැඳ ලා බාල රජ දරුවන් සිප ගෙන ක්ෂරමා කරවා ගෙන උන්ගේ නුවර වලට යවූහ. බුදුහු මේ ජාතක කථාව ගෙන හැර වදාරා, ‘හෙම්බා මහණෙනි, මල්ලිකාවන් තමන්ගේ නුවණින් බොහෝ දෙන ගැළවූ‍යේ දැන් මතු නො වෙයි. ගිය දවස ත් ගැළවූ ය’යි වදාරා ලා ජාතක ය නිම වූ සේක. එ කල බරණැස් රජ්ජුරුවෝ නම් දැන් කොසොල් රජ්ජුරුවෝ ය. දින්නා බිසවු මල්ලිකා දේවි ය. රුක් දෙවියාණෝ මම් ම ය’යි කියා එයිත් වදාළ ‍සේක. එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් තමන්ගේ ප්රාමණයට විනාශයක් වත ත් ශාක්ය රජදරුවන් මෙන් අනුන් ගේ ප්රාාණයට විනාශ නො සිතීමෙන් ප‍ණිවායෙන් දුරු ව ඉන් දුරු වූවා සේ ම අනික් සතරිනු ත් දුරු ව ත්රිසවිධ සුචරිත ය පුරා නිවන් දහම් පසක් කට යුතු.


57. මහාකාශ්යටප සද්ධිවිහාරික එක නමකගේ වස්තුවසංස්කරණය

තව ද අදහස් විෂමයන් හා එක් ව විසීමට ත් වඩා තමාගේ අදහස් යහපත් වී නම් තනි ව විසූ වත් වරද නැතැ යි හඟවනු පිණිස මහසුප් තෙරුන් වහන්සේ ගේ සද්ධිවිහාරික දෙ නමින් අනුන් කළ දෙය තමා ඇඟ ලා ගෙන වඤ්චා ලෙසින් දවස් යැවූ නමකගේ වස්තුව දක්වමු. ඒ කෙ සේ ද යත්— මහසුප් තෙරුන් වහන්සේ රජගහ නුවර නිසා ‍පුළිල ලෙණ වසන කලට සද්ධිවිහාරික දෙ නමෙක් අත් පා මෙහෙ කරණ සේක. ඉක් එක් නමෙක් සැදැහැ ඇති ව නො පමා ව වත් පිළිවෙත් කරණ සේක. අනික් නම අනුන් කළ දෙය තමා ඇඟ ලා ගෙන දැවිටි පැන් ව්ත සපයා ලූ නියාව දැන ලා මහ තෙරුන් වහන්සේ කරා අවුත් ‘දැවිටි පැන් සැපවිණ. දැවිටි වළඳා වදාළ යහපතැ’යි කියන දෑ ය. පය සෝධන පැන්, නහන පැන් තබා ලූ ව ත් තමන්දෑ තබා ලූවා සේ ම අවුත් කියන දෑ ය. අනික් නම සිතන සේක් ‘මූ නිතර ම මා කළ දෙය ම තමන් කළා සේ හඟව 15


450 සද්ධර්ම රත්නාවලි ය

ඇවිදිති. වන්නාට ඊට නිස්සක් කෙරෙමි යි’ ඒ නම් වළදා ලා නිදි ය දී ම නහන පැන් හුණු කොට අනික් වළදෙක වත් කොට ලා නහන කොටුවට පිටි පස්සේ සඟවා තබා ලා පැන් හුණු ‍කරණ සැළ හුණුසුම් නැ‍ඟෙන පැන් නැළියක් මනාවක් වත් කොට ලා උදුනේ තබා ලා වැද හුන් සේක. කෑම් හා නිඳීම් මුත් වතක් ම නො කරණ අනික් නම සවස් වේලාට නිදා නැඟී සිට පැන් සැළින් හුණුසුම් නැ‍ඟෙන්නා ‍ම දැක ළඟට ‍ගොසින් බලා පියන්ට වත් නො ව පැන් හුණු කොට නහන කොටුව් තුබු නියා ය යි වහා ම ගොසින් මහ තෙරුන් වහන්සේ වැඳ ලා ‘ස්වාමීනි. පැන් හුණු කොට ලා නහන කොටු යේ ය. වඩනේ යහපතැ’යි කියා ලා මහ තෙරුන් වහන්සේ ත් පැන් නො දැක පැන් කොයි දැ යි විචාළ සේක. නො කළ වත් ම කීමෙන් කරණ නම පැන් පළට ගොසින් සාළුව සැළට බා බලා සිස් නියාව දැන ‘සො‍රුන්ගේ සොර කම් බලව. සිස් සැළ ම උදුනේ තබා පැන් හුණු කරණ ලෙසට හඟවා ලා කොයි ගිය නියා ද? මෙ තෙක් දවසු ත් එ සේ ම හෙයින් පැන් හුණු කළැ යි සිතා කියා පීමි”යි තතනමින් කළය හැර ගෙන මෙහෙ කොට කුසී ව ගිය කළ මිඬියක මෙන් පැන් තොට ට නික්මුණහ. අනික් නම ත් තමන් සඟවා ලා තුබූ තැනින් පැන් ගෙනවු ත් නහන කොටුවේ තබා ලූ සේක. මහ තෙරුන් වහන්සේ සිතන‍ සේක්. “ මේ බාලයාණෝ පැන් හුණු කොට නහන තැන තබා ලූයේ ය. වඩනේ යහපතැ’යි කියා ලා දැන් කෙඳිරි ගා මින් කළ ය හැර ගෙන පැන් තොටට යෙති. කුමක් දෝ හෝ යි” දවසින් බලන සේක් ‘මෙ තෙක් කල් මුළුල්ලෙහි මුන් කළ දෙය තමන් කළා කොට හඟවා ඇවිද්දෝ ය’යි දැන ලා සවස අවුත් හුන් නමට “හෙම්බා ඇවැත්නි, වහන්දෑට තරම් නම් තමා ම කළ දෙයක් කළා කොට කීම ය. අනුන් කළ දෙය තමා කළ ලෙස කීම නපුර. දැන් තෙපි ‘පැන් හුණු කොට තිබු යේ ය. නහන්ට වඩනේ යහපතැ’යි කියා ලා මා එන්නා ම කළ ය හැර ගෙන නික්මුණ ව. පැවිදිවරුන් තෙල ලෙස කිරීම නපුරැ”යි අවවාද වදාළ සේක. ඒ වහන්සේ ත් ‘මහ තෙරුන් වහන්සේ ගේ තරමක් බැලුව මැනව. පැන් පමණකට මට මෙසේ කියන සේකැ’යි මුසුප්පු ව දෙවන දවස් කැටි ව සිඟා ත් නො ගිය දෑ ය. මහ තෙරුන් වහන්සේ ත් අනික් නම කැඳවා ගෙන එක් ගමකට සිඟා වැඩි සේක.



57. මහාකාශ්ය ප සද්ධිවිහාරික එක නමකගේ වස්තුව 451 කැටි ව නො ගිය නම බතුත් වුවමනා හෙයින් මහ තෙරුන් වහන්සේ ගේ උපාසක කුලයන් ගේ ගෙට ගොසින් ‘ස්වාමී කොයි දැ’යි විචාළ කල්හි ‘ඔබ ඇහට අඵාසු හෙයින් වෙහෙර ම රඳා වැඩ හුන් සේකැ’ යි කී දෑ ය. ‘වුව මනා කුමක් දැ’යි විචාළවුන්ට ‘මෙබඳු බතක් දෙව’යි තමන්දෑගේ තරම් කුමක් වුව ත් ඔබගේ තරම් නිසා කී දෑය. උයි ත් කී ලෙස ම සපයා දුන්හ. සිතක් මතක් සේ ම කියා ලා කරවා ගත් බත අතුරු මඟදී සිතක් මතක් සේ ම අනුභව කොට ලා විහාරයට ම ගිය දෑ ය. මහ තෙරුන් වහන්සේ සිඟා වැඩි තැන දී දිග - පළල ඇති සින් පිළියක් ලදින් තමන් වහන්සේ ලා කැටි ව ගිය නමට දෙවා පී සේක. උන් වහන්සේ ත් ඒ කඩින් තමන් වහන්සේට සිවුරක් කොට ගත් සේක. මහ තෙරුන් වහන්සේ දෙවන දවස් තමන් වහන්සේ ගේ උපාසක කුලයට වැඩ ‘මුඹ වහන්සේ ලෙඩ ව විහාරයේ ම රඳා වැඩ හුන් නියාව අසා මුබ ආ බාල නම් නියාලූ ලෙසට බතක් ඉදි කරවා යවුමෝ වේ ද, ඒ වළදා ගුණ ඇත් දැ’යි විචාළ කල්හි බැණ නො නැගී සේක. විහාරයට වැඩ සවස ළඟට අවුත් හුන් නමට ‘ඇවැත්ති, තොප ඊයේ මෙ බන්දක් කළා ද? පැවිදි වරුන්ට නම් සිඟා උපන් දෙයක් මුත් විනවා අනුභව කිරීම තරම් නො වෙ’යි වදාළ සේක. දුර්ජන නම කිපී පියා මහ තෙරුන් වහන්සේ කෙරෙහි නිෂ්කාරණයේ වෛර බැඳි දෑය. ‘පෙරාතු දවසෙක පැන් පමණකට මා බොරු කියති කී සේක. අද තමන් වහන්සේ ගේ උපාසනවරුන් ගෙන් බත් පිඬක් කා පූවාට ඉල්ලා කෑම නො වටී ය යි කියන සේක. ලත් කඩ පොල්ල1 පමණකුත් කැටි ව ගිය නමට ම දෙවාපි සේක. අනේ මුන් වහන්සේ ගේ තරමක් ය. වන්නාට ඊට නිස්සක් දනිමි’යි දෙවන දවස් මහ තෙරුන් වහන්සේ ගමට සිඟා යා දී තමන් ද, විහාරයේ ම රඳා සිට දණ්ඩක් හැර ගෙන පැන් වළන් සපා බිඳ පියා මහ තෙරුන් වහන්සේ ගේ පන්සල ගිනි ත්ලා පියා යමක් නො දැ නම් එය මුගුරෙන් ගසා බිඳ පියා ගොසින් මිය අවීචියේ උපන්හ. බොහෝ දෙන ත් මහසුප් ස්වාමීන් ගේ නමෙක් අවවාද ඉවසා ගත නො හී පන්සල ගිනි ලා ගෙන ගිය දෑය’යි කථා ව ඉපැදවුහ. පසු ව එක්තරා භික්ෂුප කෙ‍ණකුන් වහන්සේ ත් බුදුන් දක්නට රජ ගහා නුවරින් නික්ම දෙව්රමට ගොසින් බුදුන් වැඳ ලා සාමීචි කොට ලා කොයි සිට අවුදැයි විචාරා වදාළ කල්හි ජරගහ නුවර ________________________________________ 1. කඩ මාල්ල - ඇතැම්.



452 සද්ධර්මමරත්නාවලි ය සිට ආ නියාව කී සේක. ‘අපගේ පුතණුවන් මහසුප් මහ තෙරුන් වහන්සේට සුව දුක් කිම් දැ’යි විචාළ සේක. ‘අනික් ලෙඩෙක් දුකෙක් නැත. එක් සද්ධිවිහාරික නමෙක් ‍අවවාද කළ තැන මුසුප්පු ව ලා පන්සල ගිනි ලා ගෙන ගියහ’යි වදාළ සේක. ‘හෙම්බා මහණෙනි, උ අවවාදක්ෂ’ම නො වන්නේ දැන් මතු නො වෙයි. පෙර ත් අවවාදක්ෂනම නො වෙයි. ගිනි ලූයෙ ත් දැන් මතු නො වෙයි. පෙර ත් කදලු බිඳ ආ කෙණෙකැ’යි වදාරා ගමන් අවුත් විඩාව හුන් නමට පනක් දෙවන කලක් මෙන් ඉකුත් වත් ගෙන හැර දක්වන ‍සේක්:- බරණැස බඹදත් නම් රජකු රජ කරණ කල්හි හිමවූ පියස එක් පක්ෂියාණ කෙණෙක් කදල්ලක් ඉදි කොට ගෙන වෙසෙති. එක් දවසක් වැස්සක් වස්නා කල්හි එක් වඳුරෙක් ශීතයෙන් වෙවුල වෙවුලා කදල්ල කරා ගියේ ය. පකෂියාණෝ ද ඔහු දැක - “මනුස්සස්සේව තෙ සීසං - හත්ථැපාදා ච වානර,

අථ කෙන නු වණ්ණෙන - අගාරං තෙ න විජ්ජති”

යනු හෙයින් ‘වඳුරාණෙනි, තොපගේ හිස ත් අත් පතු ත් මිනිසුන් සේ මය. එසේ වූ තොපට අපගේ පවා ගෙවල් ඇති කල ගෙවල් නැත්තේ හැ යි දැ’යි විචාළෝ ය. වඳුරාණෝ ඒ අසා - “ මනුස්සස්සෙව මෙ සීසං - හත්ථඒපාදා ච සිඞ්ගිල, යාහු සෙට්ඨා මනුස්සෙහු - සා මෙ පඤ්ඤා න විජ්ජති.” යනු හෙයින් මාගේ හිස ත් අත් පතු ත් මිනිසුන් සේ ම බව නියත ය. මිනිසුන්ට යම් නුවණෙක් ඇත්නම් ඒ නුවණ මට නැත. ගෙවල් නමුත් නුවණින් කළ මනා දෙයක් බැවින් මට ගෙවල් නැතැ’යි කිවු ය. ඒ අසා ඕ හට බණන පක්ෂියාණෝ - “ අනවට්ඨිතවිත්තස්ස - ලහුවිත්තස්ස දුහිනො, නිච්චං අද්ධුවසීලස්ස - සුඛභාවො න විජ්ජති, යනු හෙයින් ‘ම‍ඬෙහි ඇණි හිරටයක් සේ ලඝු සිත් ඇති, සුළං දැඩි තැනෙක තුබූ දෙයක් මෙන් වහා පෙරළෙන සුලු ව, තොප සේ වූවන්ට සැප කොයින්ද ? තමා සිතා ගෙන කරන්ට නුවණ නැතත් අනුන් කළා බලා ත් කට නො හැකි ද? සුව සේ හිඳිනා ලෙසට මා කළා සේ ගෙයක් කොට ගනුව’යි පක්ෂියාණෝ කීහ. වඳුරු තෙමේ අවවාද ලෙස කියා ලූ වා ඉවසා ගත නොහී දැන් සුවසේ වසන ලෙසක් කෙරෙමි’යි කදල්ල බිඳී ය. පක්ෂියාණෝ ත් එක්


58. ආනන්දක සිටාණන් ගේ වස්තුව 453 කන්නෙකින් පලා ගියහ. එ වක වඳුරු නම් මෙ වක පන්සල ගිනි ලූ තැනැත්තෝ ය. පක්ෂියාණෝ නම් මහසුප් මහ තෙරහු ය’යි ජාතකය නිමවා ලා ‘හෙම්බල මහණ, කාශ්යුපයන් වැන්නවුන් මෙ‍ සේ වූවන් හා එක් ව විසීමට ත් වඩා තනි ව විසීම යහපත. ‘ශීලාදී ගුණෙන් තමාට වඩනා කෙණකුන් වේව’යි සරි කෙණකුන් වේව’යි ලද නො හැකි වී නම් වඩනා කෙණකුන් සමභ ව නො වී මෙන් ශීලා දී ගුණෙන් වඩනට නැති හෙයිනු ත් සරි කෙණකුන් සම්භ ව නො වීමෙන් ලද ගුණෙන් නො පිරිහෙන්ට නැති හෙයිනු ත් එ සේ ඒ දෙ පක්ෂවයෙන් එක් පක්ෂනයකු ත් සම්බ ව නො වතො ත් තමාට නො එක් ලෙසින් අඩු තරමුන් හා එක් ව විසීමට ත් වඩා වැඩි යුරු ගුණ ලබන්ට වැඩියුරු තැනක් ලබන තෙක් ලද ගුණ පමණක් පවත්වා ගන්ට සරි කෙණකුන් ලබන තෙක් තනි ව වුව ත් සිත තර කොට ගෙන විසීම යහපත. බාලයන් හා එක් ව විසීම කවර ලෙසිනු ත් නපුරැ’යි වදාළ සේක. මේ දේශනා කෙළවර ආගන්තුක ව ගිය භික්ෂූන් වහන්සේ සෝවාන් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. එ සේ ‍හෙයින් නුවණැත්තවුන් විසින් ගුණින් නුවණින් වඩනා කෙ‍ණකුන් හෝ සරි කෙණකුන් හෝ අත් නො හැර වැඩි තරමුන්ගේ වාසයෙන් ලද ගුණෙන් නො පිරිහී පිළිවෙත් පුරා නිවන් පුරයට පැමිණිය යුතු.


58. ආනන්ද සිටාණන් ගේ වස්තුවසංස්කරණය

තව ද කෙ තෙක් සම්පත් ඇත ත් ඒ සම්පත් සාර ය හැර ගත නො හෙන්නවුන්ට ඒ සම්පත්තීන් මෙ ලොව කෙ සේ වුවත් පාරලෞකික ප්රොයෝජන නැති නියා ව දක්වන්ට ආනන්ද සිටාණන් ගේ වස්තුව කියමු. කෙ සේ ද යත්— සැවැත් නුවර අසූ කෙළක් පමණ වස්තුව ඇති වීමෙන් මහා සම්පත් ඇති ඊ‍ට වැඩියුරු තරම් මසුරු සිතු ත් ඇති ආනන්ද නම් සිටාන කෙණෙක් ඇත. ඌ තුමූ දෙ පෝයෙන් දෙ පෝයට නෑයන් රැස් කරවා ලා මූ ල ශ්රීප නම් වූ පුතණුවන්ට මාලු කම් කියන කළ ‘මේ අසූ කෙළක් වස්තුව බොහෝව යි නො සිත ව. ඇති ව තුබූ වස්තු ව කිසි ලෙසකිනු ත් වියදම් නො කර ව. වඩ වඩාලා ත් උපයා රැස් කරව. දවස දවස එක මස්සක් වුව ත් වියදම් කරතො ත් නොබෝ කලෙකින් ම ගෙවී යෙයි. එ හෙයින්




454 සද්ධර්මගරත්නාවලි ය අඳුන් පුරා ලා තුබූ කරඬුවේ දවස් පතා අඳුන් ගානා කලට අඳුන් නිමන නියා ව දැක වස්තුව වියදම් කරන්නට ත් නො සිතා තුඩු කුඩා වුවත් නො මැළි වීමෙන් වේයන් බැඳ නඟන තුඹසේ මහත දැක උපයා රැස් කිරීමෙහි නො මැළි වන්ට සිතා මී මැස්සන් මල් රොන් ආදීන් මී බැඳ ගන්නා ලෙස බලා උපයා ගන්නා උපදෙසු ත් දැන සම්පත් ඇති කෙරෙති’යි තුන් වේලේ ම කියති. අනුන්ට උපදෙස් කියා ගිය පමණක් මුත් තමන්ට උපදෙසක් ම නො ‍දත් හෙයින් තමන් ගේ මහා නිධාන පමණකු ත් මසුරු සිත් බලවත් හෙයින් පුතණුවන් පමණකට ත් කියා ගත නො හී කුණු මසුරු සිතින් ඉතා කුණාටු ව මිය ගොසින්— එ ම නුවර වාසලක් ගාවා එක් ගමෙක සැඩොල් කුල දහසක් වෙසෙති— ඉන් එක සැ‍ඬොල් කෙල්ලක බඩ පිළිසිඳ ගත්හ. කොසොල් රජ්ජුරුවෝ උන් මළ නියා ව අසා මූලශ්රීර නම් පුතණුවන් ගෙන්වා ලා සිටු තනතුරු උන්ට දුන්හ. ඒ සැඩොල් කුල දහසත් එක් ව බැළ මෙහෙ කරන්නාහු උ පිළිසිඳ ගත් තැන් පටන් බැළ තබා බත් පිඬක් පමණ ත් නො ලැබෙති. ඔහු ‘අපට මෙ‍ තෙක් කල් මෙ සේ නැති ව දැන් මෙ මේ වන්ට කාරණ කිම් ද? අප අතුරේ කාලකණ්ණි කෙණකුන් ඇති නියා ය’යි දෙ භාගයක් ව උන්ගේ දෙ මවුපියන් පමණක් වෙන් වන තුරු දෙ භාග වූහ. දෙභාග වීමෙන් උන් ‍තේරී ගියේ කෙ සේ ද යත්—ආදී දෙ භාග වූ ගමනේ ම යම් භාගයකට නො පැදේ නම් උයි ත් දෙ භාග වූහ. ඉනු ත් යම් භාගයකට නො පැදේ නම් උයිත් දෙ භාග වූහ යි මෙ ලෙසින් උන්ගේ දෙ මවු පියෝ තේරී ගියහ. උන් තේරී ගිය කළ කාළකණ්ණියා ත් උන් කෙරෙහි නියා ව දැන උන් දෙන්නා තමන් ගෙන් පිටත් කළහ. දරුවන් කුස වසන තෙක් එක් දවසෙක යපෙන පමණක් නො ලදින් දුක සේ වැදු ව. උපන් කුමරහුගේ අත පය කන් නාසා ඇස මුහුණ විකාර ලෙස මුත් පනතක් ව නො තුබුණේය. රූපත් වන පිණක් ම නො කළ හෙයින් විරූප ව පාංශුපිශාචයක් හු මෙන් අප්රිමය වූ යේ ය. එ සේ වුව ත් වදාපු දරුවන්ට ප්රේ මය බලවත් හෙයින් මෑණියෝ දමා පියා නො යෙති. මූ කැඳවා ගෙන ගිය දවස් කිසිවකු ත් නො ලැබ ගෙයි රඳවා ලා ගිය දවස් බැඳ මෙහෙ ලැබෙති. ඉක් බිත්තෙන් ඌ සිඟා ගෙන කන්ට බල ඇති වූ ගත් කල දී ලන්ට තැටි පත් නැති හෙයින් කබලක් අතට දී ලා



58. ආනන්දා සිටාණන් ගේ වස්තුව 455 ‘පුත, තොප නිසා මහත් දුකට පැමිණියම්හ. ඉතිකින් තොප රැකලන්ට නොපිළිවන. හෙම්බා, මේ නුවර සිඟන්නන් පුනන් නන්ට තබා දෙන බත් ඇත. සිඟා ගෙන කව’යි කියා හැරපූ ය. උයි ත් ගෙයක් පාසා සිඟා ඇවිදිනෝ ආනන්දය නම් සිටු කල උපන් වැඩි ස්ථානයට ගොසින් ජාති සිහි කරණ නුවණ ඇති ව තමන්ගේ ගෙට ගියහ. වාසල් තුනෙක් කවුරු ත් සලකා ගත නුහුණු වූ ය. සතර වන වාසල දී මූල ශ්රීල සිටාණන්ගේ දරුවෝ දැක නොදුටු විරූ ලෙසක් හෙයින් හඬන්ට වන්හ. සිටාණන්ගේ මිනිස්සු මර මරා නෙරනාහු කසළ ගොඩ ලා පූහ. බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ගෙන සිඟා වඩනා සේක් තෙරුන් වහන්සේ බණවා ලා මූලශ්රීැන් කැඳවා වදාළ සේක. ඒ අමුත්ත දක්නා නිසා බොහෝ දෙන ත් රැස් වූහ. බුදුහු මූල ශ්රී න් බනවා ලා ‘තුලුන් හඳුනා දැ’යි වදාළ සේක. නො දනිමි’යි කී කල්හි ‘තොපගේ පියාණෝ ආනන්ද් සිටාණෝ ය’යි වදාරා ලා ධර්මන ස්වරූපය නො දැන නො හඳුනන හෙයින් ‘ආනන්දු සිටාණෙනි, තොපගේ පුතණුවන්ට මහා නිධාන පස කියව’ යි කියවා ලා දෙ වන ජාතියේ පිය නියා ව සිතට නංවාලු සේක. මූලශ්රීන ත් ඒ ජාතියෙහි නිවන් දක්නට හේතුවක් නැති හෙයින් දෝ නො‍ හොත් නුවණ, ලා හෙයින් සරණ සීලයෙහි පිහිටියහ. පැමිණි පර්ෂිදට බුදුහු බණ වදාරණ සේක් ‘නුවණ නැති සත්හු දරු පෙමින් හා වස්තු ලොභයෙන් ‘අපගේ දරුවෝ ඇත. අපගේ සම්පත් ඇතැ’යි ඇවිද මහිමයෙන් මේ සේ ත් පෙළෙති. දරු වෝ ත් නටවු ය. නස්මින් සිටියෝ ය. ඉදිරියෙ ත් නසිති’යි ‘වස්තුව ත් එ සේ ම ය’යි මෙ ලෙසිනු ත් පෙළෙති. නැවත ද දරු මල්ලන් රැකගනුම්හ’යි. සම්පත් උපදවම්හ’යි රෑ ත් දාවලු ත් නො එක් දුක් ගෙන ත් පෙළෙති. පෙළෙන් පමණක් මුත් වියනට හැඳ වැදහොත් කලට මරණ දුක් ඇති ව ලා නහර බාන් සිදී ඇට සන්ධි ගැළවෙන කලට - පියා ලූ ඇසට පරලොව ත් දල්වා ලූ අසට මෙ ලොව ත් පෙනෙන වේලෙහි දවස තුන් විටක් නාව‍ා තුන් විටක් වුව ත් වඩා වුව ත් කවා සුවඳ මල් ආදියෙන් සරහා කෙ සේ පිරිමැසුව ත් තමාට තෙමේ ත් සහාය ව ගත නොහෙන හෙයින් නැත. ආනන්දක සිටුහු කිසි කෙණකුන්ට කිසිවක් නො දී දරුවන්ට ය යි වස්තුව රැස් කොට ඒ ජාතියෙහි මියයන්ට වැද හොත්තා




456 සද්ධර්මයරත්නාවලි ය හට ත් දැන් මේ සා මහත් දුකකට පැමිණියා හට ත් යම් සේ දරුවෝ නැත් ද, වස්තුව නැත් ද, එ සේ ම තමාට පිහිටක් කොට ගෙන යතොත් දරුවන් කුම් වුව ත් වස්තුව ඇති හෙයින් එ සේ පිහිට නො ‍කළවුන්ට දරුවෝ ත් කොයි දැ’යි වදාළ සේක. මේ දෙශනා කෙළවර සුවාසූ දහසක් දෙනා නිවන් දැක කරුවන් නිසා ත් සම්පත් නිසා ත් ඇලුම් හළවු ය. එ හෙයින් මේ දෙශනා වත් බොහෝ දෙනාට සප්රසයෝජන වි ය. නුවණැත්තවුන් සම්පතට ත් ජීවිතයට ත් වඩා පිණෙහි මාමාය නය ඇති ව කරණ දෙ ය ත්, කියන දෙ යත්, සිතන දෙය ත්, ලොවි ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු. ________________________________________


59. ගණ්ඨිභෙදක චෞර වස්තුවසංස්කරණය

තව ද ප්ර.පාතාසන්න එක් පියවර මඟ ගමනක් මෙන් ද, අත් වැල් නැති පෙතැලි නොව වට ව තිබෙන කුඩා යෙහක ගමන් ‍මෙන් ද, වික්ෂෙපප රහිත ව බණ ඇසීමෙහි යහපත ද, අසන්නට හුන් වේලෙහි පටන් අසන බණෙහි සිතිවිල්ලක් නැති ව නො එක් සිතිවිලි සිත සිතා බණ ඇසීමෙහි නපුර ද දක්වනු පිණිස ගණ්ඨි භෙදක චෞර වස්තුව දක්වමු. හේ කෙසේ ද යත් — සැවත් නුවර වසන සොරු දෙදෙණෙක් බන අසන්ට යන්නවුන් හා සමඟ දෙව්රමට ගොසින් එක් කෙණෙක් ජීවත වනු නිසා සොරකම් කරණ පමණක් මුත් අදහස ඉතා නපුරු නොවන හෙයින් ඉඳුරා බණ ඇසූහ. අනික් තැනැත්තෝ බණ අසන්ට ආවවුන්ගෙන් සොරා හැරගන්ට නිස්සක් ම විමසා බණක් අසා ගත නුහුණ වූ ය. ඉන් ඉඳුරා බණ ඇසු තැනැත්තෝ නිසොර ව සෝව‍ාන් වූ හ. අනික් තැනැත්තෝ රුවන් සොයා ගොසින් කිරි වාණා ලද්දා සේ, වී සොයා ගොසින් දවසෙයියා ලද්දා සේ, එක්කෙණකුන් හිණ ගැට ගසා ලා තුබූ රත්රන් දෑ අකක් ලද්දාහ. ඉන් උන් ගෙයි බතට නිලයෙක් දවස් ගණනකට වුව ත් පෙණින. සෝවාන් වූ තැනැත්තවුන් ලැබගත් නිවන් රුවන වික්ක හැක්කක් නො වන හෙයින් උන්ගේ ගෙයි බතකට නිලයෙක් නොවීය. අන් තමන්ගේ ඇඹේණියන් ‍තොප ඉතා නුවණ නැති හෙයින් හුළු කැන් පමණකට ත් ගෙයි විඳි කිදි නැත. අනික් තැනැත්තවුන්



60. ලාළුදායී තෙරුන් වහන්සේ ගේ වස්තුව 457 නුවණැති හෙයින් උන්ට බතින් අඩු‍වෙන් නො වී ය’යි කියා වෙහෙසූ කල්හි සෝවාන් තැනැත්තෝ දෙව්රමට ගොසින් එ පවත බුදුන්ට දැන්වූහ. බුදුහු බණ වදාරණ සේක් “යම් කෙණෙක් තමන් නුවණ නැති නියා ව එක් වන් සලකත් ද එ පමණකු ත් සැලකීම නිසා ත් නුවණැත්තවුන් කරා එළඹ උන් හා කථා කිරීම ආදී උපදෙසිනුත් පසු ව පණ්ඩිත හෝ පණ්ඩිත සමාන හෝ වෙති. යම් කෙණෙක් මීවින්නන්ට නගුටු නැත්තා සේ, සාවුන්ට අං නැත්තා සේ, තමන් නුවණ නැත ත්, ගුණ නැත ත් නුවණින් ගුණෙන් අප හා සරි අනික් කවුරු දැ’යි ආත්ම ගර්වතයක් කොට ගෙන සඤ්ජය පරිව්රා ජකයන් බුදුන් කරා යන්ට මැළි වූ වා සේ. නුවණැත්ත වුන් කරා නො ගොසින් නුවණ වඩනා ලෙසක් නො කෙරෙත් නම් කළුවර දෙපෝයේ ස‍ඳ පරිද්දෙන් ගුණෙන් නුවණින් අඩු වෙති’යි වදාළ සේක. මේ දෙශනා කෙළවර ත් ආදී බත් කා බඩ පිරුණවුන් තමන් රිසි නැති හෙයින් නො කත ත් බඩ සාය ඇත්තවුන්ට කන බතක් සේ ආදී නිවන් නුදුටු බොහෝ දෙන නිවන් දුටහ. එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් අවික්ෂිප්ත ව බණ ඇසීම සොරුන්ට පවා යහපත් වන හෙයින් යහපත් නියා ව සලකා සකසා බණ ත් අසා සෙසු ත් පින්කම් හැසිර නිවන ත් අත් පත් කට යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_ix&oldid=5685" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි