16. දෙවදත්ත වස්තුවසංස්කරණය

තව ද අති උග්ර_ වූ අකුසල කර්මකයෙන් ලබන දුකු ත් අති උග්රෙ වූ නියා ව දක්වන්නමෝ දෙවදත්ත වස්තුව දක්වා අකුසල් අදහස් ඇත්තවුන් අකුසලින් නංවා කුසල්හි පිහිටු වමු. කෙ සේ ද? යත්:

අප තී ලෝ ගුරු බුදු රජුන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන් ගේ අනුපිය නම් නියම් ගම අනුපිය නම් අඹ උයනේ වසන කල රජව ත් කීම්. බුදුව ත් කීම්, පිරිවරා ඇවිද්ද මනා වේ දැ’ යි නිළ කළ රාජකුමාරවරුන් අසූ දහස බොහෝ සේ මහණවුවත්

                                          1 පූප වර්ගාාදි 

174 සඬර්මදරත්නාවලි ය

භද්දිය කුමාරයෝ ය. අනුරුද්ධ කුමාරයෝ ය. භගු කුමාරයෝ ය. කිම්බිල කුමාරයෝ ය. ආනන්ද කුමාරයෝය, දෙවදත්ත කුමාරයෝ ය යන රාජ කුමාරවරුන් ස දෙනා මහණ නුවු නියා ව දැක ‘අපි අප ගේ දරුවන් මහණ කැරවුම්හ. මුන් ස දෙනා ගේ දෙමවුපියන් බුදුන්ට නෑ නොවන නියා වේ ද? එසේ හෙයින් වේ ද මහණ නො කරන්නේ ය’යි මහණ වූ තැන්ගේ දෙ මවු පියෝ අරුචි ලෙස කථා ඉපදවූ ය. එ ලෙස කථා ව උපන් පසු අනුරුද්ධ කුමාරයාගේ බෑණෝ මහානාම ශාක්ය යෝ මලණුවන් අනුරුද්ධ කුමාරයන් ළඟට අවුත් මලණ්ඩ, අපගේ කුලෙන් මහණ වු කෙණෙක් තව දක්වා නැත. එසේ කලට අපගේ අඩුවක් සේ තිබෙයි. ඊට ත් වඩා අපගේ නෑ උතුමාණන් වහන්සේ ගෙන් ශාසනිකව ලද මනා සංග්රටහය ත් නො ලබම්හ. එසේත් මහා අලාභ ය. එ සේ ගෙයින් තෙපි ගොසින් මහණ වව. තොප මැළි වුවො ත් ශාසනය ත් සිස් නොවන නියා යෙන් මම හෝ මහණ වෙමි’ කිවු ය.

ඒ අනුරුද්ධ කුමාරයෝ නම් ඉතා සියුමැල්ලෝ ය. මහ පොහොසත් හ. මහණ ව සිඟා ගිය කල අරුණු ය යි කියා ලූ බසෙහි අර්ත්ථව දැන ගන්නා විතරත්, නැතැ යි යන බස් පමණකුත් ඇසූ විරූ නැත. එ සේ ඇසූ විරූ නියා නැත්තේ කෙ සේ ද යත් - එක් දවසක් භද්දිය ආදි වූ ඒ කුමාරවරු ස දෙන පළස් පූවට දම දමා ගුළ කෙළි කෙළිති. එ සේ කෙළිනා කල්හි අනුරුද්ධ කුමාරයෝ පැරැද ගොසින් ගිවිස ගත් ලෙසට කැවුම් සොයා ගෙට යැවු ය. මවු බිසෝ කැවුමක් පන්ති කරවා යවූය. ස දෙන එක් වී හිඳ කැවුම් අනුභව කොට ලා නැවත ත්‍ කෙළ අනුරුද්ධ කුමාරයෝ ම පැරැද හොසින් නැවත ත් කැවුම් සොයා ගෙට යවා ගෙනා කැවුම් කා ලා කෙළ තුන් වන වාරයේ ත් පැරද විටින් විට ම කැවුමට ම ගිවිස්නා හෙයින් කැවුම් ගෙන්වා කා ලා සතර වන වාරයේ ත් කෙළ පැරැද පියා කැවුම් සොයා යවූහ. තුන් වාරයක් කොට යවා ගෙයි කැවුම් නිම හෙයින් මවු බිසවු කැවුම් නැති නියා ව කියා යවුහ.

අනුරුද්ධ කුමාරයෝ තමන් නො ඇසු විරූ බසක් හෙයින් එ නම් කැවුම් වර්ගුයක් නියා ය යි සිතා ගෙන ‘නැති කැවුමැ යි යන කැවුම ත් ඇති නියා වේ ද, ඒ ගෙනෙව’ යි විධාන කොළෝ ය. මවු බිසවුන් ඒ අසා ‘ම පුතුන් විසින් නැතැ යි යන බසක් ඇසූ විරූ නැත. එක් උපදෙසකින් එ බසෙහි අර්ත්ථබ ය අඟවා පියිමි’ යි සිස් රන් තළියක් කැවුමෙන් සිස් වුව ත් පිනින් නොසිස් වුවා


                                   16. දෙවදත්ත වස්තුව                                        175


අනික් රන් තළියකින් වස්වා ලා යවු ය. නුවර රකවල සිටි දෙවියෝ ‘මේ අනුරුද්ධ කුමාරයෝ අන්නභාර නම් දුගි අවස්ථාවෙහි තමන් කන්ට ඉදි කළ ‘රස පරසරයක් නැති බත රස වත් සිතින් උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේට නැතැ යි නො කියා පිළිගන්වා ලූ හෙයින් නැතැ යි යන බසක් නො අසම්ව’ යි කියා ත් පැතූහ. බත් උපදින්නේ අසවල් තැනිනැ’යි කියා ත් නො දනිම්ව’යි පැතූ ය. ඉදින් මූ තුමූ සිස් තළි ය දුටු වූ නම් තොප උදාසින වූ යේ හැයි දැ යි කියා නො සතුටු ව දෙවියෝ අප දිව්යම සමාගමයට ත් වැද්ද නො දෙන සේ දනිති. අප ගේ ඉස් හෝ සත් කඩක් ව පැළෙ’යි සිතා තළියෙහි දිව කැවුම් පුරා ලූහ. නිමුඩු සාලේ බතක් ගොසින් සිතෙහි නිමුඬු කමක් නැති ලෙසට දිව කැවුම් වි ය.

තළි ය ගෙන ගිය තෙනැත්තෝ ගෙන ගිය තළි ය කෙළනා තැන තබා ලා වසා ලු තළි ය නැතැ යි යන බස අර්ත්ථි හඟවන්නට හළ වූ ය. හැරපී කලට බස්වල අර්ත්‍ථ හැඟ වීම කුමක් වුව ත් කුශ ලානුභාව ය. හඟවමින් දිව කැවුමේ සුවඳ මුළු නුවර පැතිරිණ. කැවුම් කැබෙල්ලක් කඩා ගෙන මුඛයෙහි තබා ලන්නා ම සත් දහසක් රස නහර පිනා ගියේ ය. කැවුම් කා ලා අනුරුද්ධ කුමාර යෝ ‘අනේ! අපගේ මෑණියන් වහන්සේ මෙ තෙක් කල් මට ලෙන් ගතු කමක් නැති සේක් වන. මේ කැවුම් නො එවුයේ එසේ හෙයින් නියා වේ දැ’යි සිතා ගෙන ‘මෙ වක් පටන් මේ කැවුම් විනා අනික් කැවුමක් නො කමි. නිවන් කැවුම් නො ලත් හෙයින් සිතා ගෙන ගෙට ගොසින් මෑණියන් වහන්ස, මම මුඹට ප්‍ි ලයයෙම් ද, අප්රිසයයෙම් දැ’ යි විචාළෝ ය. ඒ අසා බිසවූ ‘පුත කුමක් කියා ද? එක ඇසක් ඇති කෙණෙකුන්ට ඒ එක ඇස යම් සේ ප්රිමය ද, එ පරිද්දෙන් තෙපි ත් මට ප්රිඇයව’යි කිවු ය. ‘එ සේ කල මෙ තෙක් කල් අද යැවු නැති කැවුම් නො යැවුයේ හැයිදැ’යි කිවුය.

බිසවු ඒ අසා කැවුම් ගෙන ගිය තෙනැත්තවුන් අතින් කුමක් ද දරුව, ඒ තළියෙහි කුමක් ඇද්දැ’යි විචාරා ‘බිසොවුන් වහන්ස, තලිය කැවුමෙන් පිරින ඉස් වන අපට සම්භ වූ හෙයින් දැනෙන්නේ වේ ද? මේ තරම් කැවුමක් නුදුටු විරිම්’යි කිවු ය. බිසවු ඒ අසා ‘ම පුත්තු මහ පිනැත්තෝ ය. පිණින් නො සිස් තැනැත්තවුන්ට දෙවියන් දිව කැවුමෙන් තළි ය පුරා ලූ නියා’ යයි සිතා ගත්හ. අනුරුද්ධ කුමාරයෝ ද මෑණියන් වහන්ස, මෙවක් පටන් මට කැවුමක් එවතොත් මේ විනා අනික් කැවුමක්


                                           1 නිබුද්ධ 

176 සඬර්ම රත්නාවලි ය

එවන්ට නො කැමැත්තේ ය’යි කිවු ය. එ වක් පටන් බිසවු ද පුතණුවන් ‘කැවුමක් කමී’ කී කල, තෙල් නො දවා සාලු ත් නො නසා හිස් තළියක් අනික් තලියකින් වසා ලා යවති. යම් තාක් ගිහි ගෙයි රඳා හුන්නෝ වූ නම් ඒ තාක් දෙවියෝ දිවස් ඇති තෙනට උතුම් වන මහතාණන්ට දිව කැවුම් දුන්හ.

බෑ‍ණන් විසින් මහණ වන්ට කී කල්හි නැතැ යි යන බසෙහි අර්ත්ථ පමණකුත් නො දන්නා කුමාරයෝ මහණ වීම් නම් කවර බවත් නො දැන එ තමා කුමක් දැ යි විචාරා ‘හෙම්බා මලණ්ඩ, ඉසකේ කපා පිසා සිවුරු පෙරව ගෙන දඩු මැස්සෙක වේව යි. පෝරු හැ‍ඳෙක වේව යි සැත පී මැටි පයක් ගෙන සිඟා කැමෙක් ඇත් නම් මහණ විම නම් ඒ ය ‘යි කී කල්හි ‘බෑණන් වහන්ස, මම ඉතා සියුමැල්ලෙමි. පඩු පොවා බර කළ සිවුරු ධරන්ට ත් මට බැරි ය. දඩු මැසි ආදියෙහි වැදහෝනට ත් ඉතා බැරි ය. සිඟා කා ලන්ට ත් බැරි හෙයින් ම බැරිය. එ සේ හෙයින් මම මහණ නො වෙමි’ යි කිවු ය. ඒ අසා බෑණෝ ‘මල, එ සේ වී නම් කර්මා න්ත ඉගෙන ගිහි ව වස ව අප දෙන්නාගෙන් එක් කෙණකුන් මහණ නො වන්ට නො පිළිවනැ’ යි කීහ. බත් පමණක් උපදනා තැන් නො දන්නා මහ පිණැත්තාණෝ කර්මාාන්ත තමා ම නො දන්නා හෙයින් ඒ තමා කර්මා න්ත නම් කුමක් දැ’ යි විචාළෝ ය.

බත් උපදනා තැන් පමණ ත් නො දන්නේ කෙ සේ ද යත් එක් දවසක් කිම්බිල කුමාරයන් හා භද්දිය කුමාරයන් හා අනුරුද්ධ කුමාරයන් හා කථාවක් කොට කොට හුන්නෝ ‘බත් තමා උපදනේ කොයින් දැ’යි විචාළහ. කිම්බිල කුමාරයෝ ‘බඩ හලින් උපදිතී’ කීහ. ඒ අසා භද්දිය කුමාරයෝ ‘තෙපි නො දනුව. බත් උපදනා තැන් දන්නෙම් මම ය. බත් උප‍දනේ සැළියෙනැ’ යි කිවු ය. ඒ අසා අනුරුද්ධ කුමාරයෝ ‘තෙපි දෙන්න ම නො දනුව, බත් නම් උපදනේ රියනක් උස පියුම් කැකුළක් ඇති මුව විට හිරිසියයක් ඇති රන් තළියෙනැ ‘යි කිවු ය. මුන් තුන් දෙනා මෙ සේ කියන්ට කාරණ කවරේ ද? විචාළාට ‍වැනි ව සිතට හැංගක් කී නියා ද, නො හොත් දුටු දෙයකින් ද යත් - එක් දවසක් කිම්බිල කුමාරයෝ විකක් ගුළින් බානා දැක බත් අටුවෙන් උපද්දී සිතූහ. දඩ බිමකට නො ගිය නියා ඉන් ම හැ‍ඟෙ යි. භද්දිය කුමාරයෝ එක් දවසක් සැළියකින් බතක් ලන්නා දැක බත් උපදනේ සැළියෙනැ’ සිතූ ය. දඩ බිම් තබා බඩාල් දසා‍වට ත් උන් නො ගිය නියා ව ඉන් හැ‍ඟෙයි. අනුරුද්ධ



                                              16 දෙවදත්ත වස්තුව 			177

කුමාරයෝ ගුළින් වී බාන නියාවක් වේව යි, සැළියෙන් බත් ලන නියාවක් වේ ව යි, තමන් නුදුටු විරූ හෙයින් තළියේ ලා ලා පෙරට තුබූ බත් පමණක් ම දක්නා හෙයින් තළියෙන් බත් උපදනේ ය යි සිතූහ.

එ හෙයින් බත් උපදනා පමණක් ‍තමන් නොදන්නා ඒ කර්මාන්ත නම් කවරේ දැ යි විචාරා ‘පළමු කොට කුඹුරු ගෙවඩි ය යුතු ය. ඉක් බිති බිම් නැඟිය යුතු ය. පසු ව දෙ සී සෑ ව යුතු ය. මියර කෙටිය යුතු ය. තුන් සී සාන්ට යුතු ය. කැට තළා පෝරු ගෑ යුතු ය. කළල්ලෑම් කට යුතු ය. ඉස්නන් තෙමිය යුතු ය. දිය බැන්ද යුතු ය. ගොයම් රොගයට කෙම් කළ යුතු ය. ගොයම් පැසී ගිය කලට දා මැඩ වී අටු කොටු වල ලිය යුතු ය. පෙරළා හිපනැලි සෑ ව යුතු ය. වල්පොළ කෙටිය යුතු ය. දවා හෙළි කට යුතු ය. ‘යනාදීන් හවුරුදු පතා කළ මනා කර්මාුන්තයෙහි නියම යක් නැති කොට කීවා අසා ‘සසර කෙළවරක් නො පෙනෙන්නා සේ මේ කර්මාවන්තයෙහි ත් කෙළවරක් ම නො පෙනෙයි. කර්මානන්ත යෙහි ම නියමයක් නැති කල සම්පත් විඳින්නේ කවර දා ද? මුඹ වහන්සේ ම නියමයක් නැති කර්මායන්ත කොට නියමයක් නැති සසර රඳන්ට ගිහි ව විසුව මැනව. කොට ගත හුණො ත් නියමය පෙනෙන මහණ වීම මට වුව ‍මැනවැ’ යි මහණ වීමෙහි රුචි ඇති ව, මහණ වීමට අනුදන්ව මවු බිසොවුන්ට කියා උන් විසින් තුන් විටක් කොට නවතා ත් නැති කැවුමට ත් වඩා නිවන් කැවුමට අදහස තර ව නො නවත්නා හෙයින් මෙ ලෙසිනුත් නැවතිය හැක්කැ යි සිතා ‘ඉදින් තොපගේ යාළු වූ භද්දිය කුමාරයෝ මහණ වෙත් නම් තෙපි ත් මහණ වව’ යි කී කල්හි උන් කරා ගොසින් ‘මාගේ මහණ වීම මුඹ පිළිබඳ ය, යනාදීන් නො එක් ලෙස කියා සත් වන දවස් එක් ව මහණ වන ලෙසට ගිවිස්වා ගෙන මහණ වීමෙහි තර වූ ය.

ඉක්බිත්තෙන් භද්දිය කුමාරයෝ ය. අනුරුද්ධ කුමාරයෝ ය, ආනන්දම කුමාරයෝ ය, භගු කුමාරයෝ ය, කිම්බිල කුමාරයෝ ය, දෙවදත්ත කුමාරයෝය, යන මේ රාජ කුමාරයෝ ස දෙන උපාලී නම් කපුවාණනු ත් හැර ගෙන දෙවියන් දිව සැපත් විඳිනා කලක් පරිද්දෙන් සතියක් මුළුල්ලෙහි රජ සැපත් විඳ උයන් කෙළියට යන්නවුන් මෙන් සිවුරඟ සෙනඟ පිරිවරා නික්ම තමන්ගේ දෙශ ගෙවා පර දෙශය පැමිණ රජ අණින් සෙනඟ රඳවා පියා රජ දරුවෝ ස දෙන තම තමන් පළන් ආභරණ ගළවා පොදි කොට



178 සඬර්මපරත්නාවලි ය

බැඳ ලා හිඳ ‘උපාලීනි තෙල හැර ගනුව’යි ආයු පමණින් තොප ජීවත් වන්ට තෙල තෙක් දෑ සෑහෙයි’ කියා ලා උන්ට දුන්හ. ඌ තුඹූ ත්, හඩමින් වලපමින් රජ අන සක මැඩිය නොහී නැවැත්තාහ. රජ දරුවන් ස දෙනා ත් කපුවාණනු ත් වෙන් වූ කලට මහවල ත් අඳුරු බිහිරි වීමෙන් හඩන්නා සේ වී ය. මහ පොළොව ත් වෙවුලන්නා සේ වී ය.

උපාලි කපුවාණෝ ත් මඳ තැනක් ආ පස්සේ යන්ට ගොසින් ලා ‘ශාක්ය රජ දරුවෝ නම් මොළොක් බුදුන්ට නෑ බව මුත් මහා ‍තදයෝ ය. මා ඔබ ගිය කලට කුමාර වරුන් නො දැක කුමාරවරුන් නො ආවේ මරා පී නියා වේ දැ’යි ආද්යකන්ත නො සලකා මාත් මරා පී සේක් නමුත් කාරිය නො වෙ යි. මේ රාජ කුමාරවරු රාජ සම්පතු ත් හැර මා හැඟී වූ මේ ආභරණ ත් මට දී පියා ගොස් මහණ වෙති. ඒ මහණ වීම මට ත් නපුරු නොව ත් මමත් මහණ වෙමි’ සිතා ලා ඒ පොදිය මුදා පියා ආභරණ ගස්වල කප් රුක් සදන කලක් මෙන් එල්වා පියා ‘කැමැති කෙණෙක් හැර ගත මැනැවැ’යි කියා ලා රජ කුමරුන් කරා ගොසින් ‘අවුනැ යි විචාල කල්හි තමන්ගේ අදහස් කිවු ය. ඒ අසා උනු ත් කැඳවා ගෙන බුදුන් කරා‍ ගොසින් ‘ස්වාමිනි, අපි ශාක්ය කුලෙහි උපන් හෙයින් නඟුලිස් ගැළපු පිඹුරන් මෙන් මනින් තද ව සිටුම්හ. මුන් අපගේ කපුවාණන් හෙයින් මූ අපට අඩු වූවෝ වේ ද. මුන් පෙරාතු ව මහණ කොට ලන්නා ම උන්ට වැඳීම් පිදීම් ආදී වූ ආදර සම්භාවනා කරම්හ. එ සේ කලට අපගේ මන් මිරිකී ගනී. ශාසනයට මන් නම් වුව මනා දෙයෙක් ‍නො වන්නේ වේ දැ’යි මඟුල් කපුවාණන් පළමු මහණ කරවා ලා තුමු ස දෙන පසු ව මහණ වූහ.

ඉන් භද්දිය තෙරුන් වහන්සේ නෑ උතුම් බුදු රජාණන් වහන්සේ බුදුවන දවස් රාත්රිතයෙහි පෙර යම් දස පැයින් උපදවා ගත් පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ ත්. මැද යම් දස පැයින් උපදවා ගත් දිව ඇසත්, අළු යම් දස පැයින් උපදවා ගත් බුදු නුවණ හැර අර්හත් මාර්ගප ඥානය ත් යන මේ ත්රිඅ විද්යා ව හා සෙසු ත් ශාසනික ව ලද මනා ලොවි ලොවුතුරා සැප ත් සඳහා යම් සේ ඉදුබෙක් ‍ගොඩ ඇවිදි නමුත් තමාට පිහිට ව තිබෙන හෙබ් - වළ ආදි ය අත් නො හරී ද , එ මෙන් සියල්ලවුන් කෙරෙහි පතළ මෙත් සිත් අත් නො හැර යම් සේ එම ඉදුබා දියෙහි ඉපිළෙන්නේ හිස මතු කොට ලා කිසි කෙණෙකුන් දැක ගැඹුරු දියෙහි ගැළී යේ ද, එ පරිද්දෙන් සසුන් මහ විල්හි පිළිවෙත් හිස් ඔසවා ඇවිදිනා සේක් කෙලෙස් සතුරකු දුටු කල භාවනාදියෙහි



                                16. දෙවදත්ත වස්තුව                                       179

ගැළෙමින් ද යම් සේ එම ඉදුබා දියෙන් ගොඩ නැඟී කබල හිණි ගන්වා ද, එ මෙන් කෙලෙස් දියෙන් තෙමුණු සිත් නමැති කබල සම්යලක් - ප්ර්ධාන වීය්ය් අවුවෙන් ගිනි ගන්වා ද, තව ද යම් සේ ඒ ඉදුබා පොළොව කැණ ගෙන ගොසින් ඒ උපද්රනව භයින් විජන ස්ථානයක වෙසේ ද, එ මෙන් ලාභ සත්කාර හැර සසර භයින් මහවල් වැද රුප්පා - කඳු රැළි - ගල් ගුහා ආදිය නිසා වැස යම් සේ ඒ ඉදුබා ඇවිදිනේ කිසි කෙණකුන් දැක හෝ අරගලක් ‍අසා හෝ කකුල් සතර ත් හිස ත් කබල යට සඟවා ද, ඒ පරිද්දෙන් චක්ෂුරාදි වූ ස දොරට රූපාදි වූ ඉටු - අනිටු සාරමුණු හමු කල්හි සාරමුණු නමැති මහ වල්හි සැඟවී හිඳිනා කෙලෙස් සතුරන්

“ තෙ කිලෙස මහාවොරා - ආලම්බණවනාසයා, න ධංසෙන්ති මනොගෙහං - සතාරක්ඛෙ උපට්ඨීතෙ”

යනු හෙයින් හැම වේලෙහි ම සිහි ඇති වීමෙන් චක්ෂුරාදි ස දොරින් වැද සිත් නැමැති ගෙයි තුබු ගුණ රුවන් ගත නො දී තුන් මස ඇතුළ ම ත්රි් විද්යාන නමැති වේද තුන ද, ශීලාදි ගුණ දහම් නමැති වේදාඩ්ග ද දැන ගෙන සූත්රද ප්රතතිපත්ති නමැති සූත්රද ලා අර්හත් ඵල නමැති දක්ෂිණාව සිඟා සම්ය යක් සම්බුද්ධ නමැති සක්විති රජ්ජුරුවන්ගේ පිරිසිදු සිල් නමැති පවුරු වළල්ලක් ඇති හිරි ඔතප් නමැති අගලක් ඇති, නුවණ නමැති වාසල් ඇති, විය්ය්ය නමැති අට්ටාල ඇති, සදැහැ නමැති එසිකාස්තම්භ ඇති, සිහි නමැති වාසල් රක්නවුන් ඇති. නව ලොවුතුරා දහම් නමැති නව මහල් පායක් ඇති, චතුර් විධ මාර්ගත නමැති සිව් කොන් විර්ථව ඇති, ති ලකුණු නමැති තුන් කොන් විථි ඇති, විනය පිටක නමැති අධිකරණ ශාලා ඇති. සිහවටන් නමැති රාජ විථි ඇති, අභිඥා නමැති මල් තබා විකුණන සල්පිල් ඇති, සිවු පිරිසිදු සිල් නමැති සුවඳ සල් පිල් ඇති, චතුර් විධ ශ්රාතමාණ්යව ඵල නමැති ඵලාඵල තබා විකුණන පිල් ඇති, කෙලෙස් පිළියමට ගත යුතු වූ සත් තිස් බොධ පාක්ෂික ධර්මඵ නමැති බොහෙත් බඩු තබා විකුණන සල් පිල් ඇති, ජරා විලිපිලි නැති විමෙහි සමර්ත්ථිත වූ කාගියාසී නමැති අමා තබා විකුණන සල්පිල් ඇති, නිවන් ගෙන දීමෙහි සමර්ත්ථය වූ ශීල - සමාද්ධ්යා දී රුවන් පිරුණු සල් ඇති, ඒ ඒ දෙය ලබන්ට තර මුන්ට දෙන ලෙස ජාති සම්පත් භොග සම්පත් ආයු සම්පත් ආරොග්යද සම්පත් වර්ණට සම්පත් ප්ර්ඥ සම්පත් මනුෂ්යර සම්පත් දිව්යර සම්පත් බ්ර,හ්ම සම්පත් නිවන් සම්පත් පිරුණු සල් ඇති සදහම් නුවරට වන් සේක.



180 සඬර්ම රත්නාවලි ය

අනුරුද්ධ මහ තෙරුන් වහනසේ ද විදර්ශ නාවට විෂය වු සංස්කාරයන් විෂය නොව විවසුන් වඩනා සේක් කළා වූ පාන් ජූජාවෙහි මුඛ්ය විපාක වශයෙන් දිව ඇස් උපදවා ගෙන පසු ව රහත් වූ සේක. ආනන්ද මහ තෙරුන් වහන්සේ ද, යම් සේ හුණ ගසක් සුළං අතට නැමේ ද, අනික් අතකට නො නැමේ ද, ඒ පරිද්දෙන් පය්යාුළං ප්ති සුළඟින් ප්රතතිපත්ති සුළං පිටට නැමී රහත් වීම බුදුන් පිරිනිවි කලට තබා සෝවාන් ව නිවන් රටින් කැබලි සුඟක් අත් කළ සේක. ඟගු - කිම්බිල දෙ දෙනා වහන්සේ ද යම් සේ නැගූ දුන්න මුල පටන් අග දක්වා නැමි තිබේ ද, එ පරිද්දෙන් බාල තෙනට ත්, මධ්ය්ම තෙනට ත්. සම සම තෙනට ත් නො තද හෙයින් නැමීම ඇති ව යම් සේ කවුඩුවෝ හැම වෙලේ ම සැක ඇති ව වෙසෙද්ද, එ පරිද්දෙන් හැම වේලේ ම පාපයේ භය ඇති ව යම් සේ කවුඩුවේ ලද දෙයක් සෙසු කවුඩුවන් හැර නො කද්ද. එ පරිද්දෙන් සිඟා ලද දෙයක් සෙසු කවුඩුවන් හැර නො කද්ද. එ පරිද්දෙන් සිඟා ලද යෙදක් බෙදා දීම වශයෙන් සංවිභාගසීල ව යම් සේ වඳුරෝ වාසයක් එක් තැන කෙරෙත් නම් අතු පතරින් ගැවසී ගත් මහ ගස් ඇති තමන්ට ඵාසු තෙනක වෙසෙද් ද, එ පරිද්දෙන් ලජ්ජී වූ සිල්වත් වූ යහපත් තරම් ඇති බොහෝ ඇසූ විරූ තැන් ඇති බැවින් ධර්මදධර වූ ගරුතර වූ සම්භාවනීප වූ දුටු වැරැද්ද කියා නවතන සත්පුරුෂොපාශ්ර්ය ලදින් යම් සේ ලබු වැලක් අතරණ කල තණ වේව යි. දඩු වේ ‍ව යි, යමෙක යමෙක කොන්දෙන් එලී ලා මතු පිටින් අතරා ද එ මෙන් විදර්ශුනාවට විෂය වන අරමුණෙහි විවසුන් නුවණ නමැති කොන්දෙන් එලී අර්හත් මාර්ග‍ නමැති වැලින් අතර ඵල සම වතින් පල ගත් සේක.

උපාලි මහ තෙරුන් වහන්සේ ද සඟ දහසක් හැර ගෙන බුදුන් කෙරෙහි වින ය අසා විනයධර තෙනට අග තැන් පත්ව රහත් වූ සේක. දෙවිදත් වහන්සේ භද්දියාදි කුල දරුවන් හා එක් ව අවුදින් මහණ ව රුවන් දෙන තැනට ගොසිනු ත් රුවන් නො ලද්දා සේ නිවන් දැක ගත නො හී අෂ්ට සමාපත්ති උපදවා අභිඥා ලැබ වසන දෑ ය. බුදුන් කොසඹෑ නුවර වසන කලට ගං මුල්ලෙහි මුව දොර එක් තැන් වූ කලක් මෙන් පාරමිතා භූමියෙහි දී පැරුම් පුරා අවසර නුවු හෙයින් මෙ තැන්හි දී අවසර ලත් තෙනට ලාභ සත්කාර බොහෝ ව උපදනට වන.

සිවුරු පිළි ආදී වූ දෙය හැර ගෙන මිනිස්සු වෙහෙරට ගොසින් ගුණෙන් උතුම් වූ බුදුහු කොහි ද? දකුණ ‘ ත් සවු ව සිටි ධම් සෙනෙවි ස්වාමි කොයි ද? වම’ ත් සවු ව සිටි මුගලන් ස්වාමි කොයි ද, අපිස් තෙනට අග තැන් පත් මහසුප් ස්වාමි


                                       16. දෙවදත්ත වස්තුව                                  181

කොයි ද, ත්රි විද්යාමවෙන් අග තැන් පත් භද්දිය ස්වාමි කොයි ද? චිත්ර කථි වූ කුමාරකසුබ් ස්වාමි කොයි ද? දිවැස් ඇති තෙනට අගතැන් පත් අනුරුද්ධ ස්වාමි කොයි ද? අවවාදක්ෂරම‍ තෙනට අග තැන් පත් රාහුල ස්වාමි කොයි ද? දානලාභී තෙනට අගතැන් පත් සීවලි ස්වාමී කොයි ද? උපස්ථායී තෙනට අග තැන් පත් ආනන්දප ස්වාමි කොයි ද? යනාදීන් අසූ මහ සවුවන් වහන්සේ ම විචාරා ඇවිදිති. දෙවිදත් තෙරුන් වහන්සේ කොයි දැ යි විචාරන තරම් ප්ර්සිද්ධ ගුණ‍යක් නැති හෙයින් විචාරන කෙණෙක් නැත.

එ සේ නැති කලට එක් දවසක් ‘මම ද වැළි ත් භද්දියාදීන් හා එක් ව ම අවුත් මහණ විමි, මූ හැම ත් රජ කුලයෙන් ම අවුත් මහණ වුව, මම ත් රජ කුලයෙන් ම අවුත් මහණ විමි. ජාතියෙන් රජ කුල ය නිසා සරිය මුත් ගුණෙන් අඩු ව සිතා ගත නොහි යම් යම ලාභයක් ගෙනා කෙණෙක් මුන් හැම විචාරති. විචාරන්නා තබා මා සලකුණු කරණ කෙණෙකු ත් නැත. කවර උපදෙසකින් කවුරුන් පහදවා ගෙන ලාභයක් එළවා ගනිම් දෝ හෝ ‘යි සිතූහ. සිතා ලා ‘මේ බිම්සර රජ්ජුරුවෝ බුදුන් ආදියෙන් දුටු දවස් ම එක් ලක්ෂ දස දහසක් හා සමග සෝවාන් වූහ. තර අදහසින් ශපථයක් කළ කෙණකුන් හා ශපථ වූ දෙය අරවා ගත නො හැක්කා සේ මුන් හා අපගේ අදහස් ලෙසට එක් කරවා ගත නො හැක්ක. මාර්ග ගත වු ප්රටසාද ය නම් රාජ හංසයන්ගේ අදහස පියුම් වලට මුත් කසළ ගොඩට නො නැමෙන්නා සේ බුද්ධාදීන් හැර අන් තැනකට නො නැමෙ යි.

‘කොසොල් මහ රජ්ජුරුවන් නිවන් නුදුට ත් මල්ලිකා බිසොවුන්ගේ සමවායෙන් බුදුසස්නෙහි පහන් හෙයින් අප සිතන ලෙසට නමා ගත නො හැක්ක. රජ දරු කෙණකුන් මුත් සෙස්ස වුන්ගෙන් ප්රොයෝජන ත් නැත. බිම්සර මහ රජ්ජුරුවන්ගේ පුත් වූ අජාසත් කුමර නූපද ම පිය මහ රජුන්ට සතුරු හෙයින් කාට වුවත් සතුරු වන්ට නිසි ය. කවුරුන්ගේ ත් ගුණ අයුණු නො ද නිති. උන් හා එක් වෙමී’ සිතා කො‍සඹෑ නුවරින් රජගහ නුවරට ගොසින් බාල තරම් ඇති වන ලෙසින් ම කසුබු1 වෙසක් මවා නයින් දෙන්නකු දෑත වෙළා නයින් දෙන්නකු දෙ පය වෙළා එකකු කර එල්වා ගෙන එකකු එකස් කොට එල්වා එකකු හකුළුවා සුම්මැඩියක් සේ ඉස තබා ගෙන අහසින් රජ ගෙට බැසලා අජාසත් රජ්ජුරුවන්ගේ ඔර හිඳ උන් බා ගොසින් තිගැස්සී බලා තෙපි කවුරු දැ යි විචාළ කල්හි ‘මම දෙවිදතැ’යි කිය ලා අජාසත් කුමරුන්ට භය හරවනු නිසා ඒ‍ වෙස හැර


                                     1 කුඩාහමු. 

182 සද්ධර්ම රත්නාවලිය

මහණ වෙස මවා ඉදිරියෙහි සිට උන් පහදවා ගෙන නිරන්තර ව බත් කත් පන් සියයක් දක්වා ත් ලාභ ය උපදවා ගෙන ළාභ ය බොහෝ වු පමණින් ‘මම බුද්ධරාජ්ජයට පැමිණ භික්ෂූ සඞඝයා පිරිමසමී ‘යි පවිටු සිතක් සිතා සසර පිහිටුවනු ව ලැබ ගත් ගුණෙනු ත් පිරිහී වෙළුවන වෙහෙර බුදුන් බණ වදාරන තෙනට ගොසින් වැඳ ලා දොහොත් මු‍දුනෙහි තබා ගෙන ස්වාමීනි, මුඹ වහන්සේ මාලු ව ගිය සේක. අයාස නො ගෙන වැඩ හුණ මැනැව. ක්රසම දැන ගත් බැවින් මම ගණ පරිහරණය කෙරෙමි. භික්ෂූ සඞඝයා මට පාවා දුන මැනැවැ’ යි කියා බුදුන් නො ගිවිසි හෙයින් නො සතුටු ව, සේරි වාණිජ ජාතකයෙහි රන් තළිය නිසා කළ වෛර ය මේ කපට පස් වන හෙයින් ඒ වෛරය නවමු1 කරන්නාක් මෙන් බුදුන් කෙරෙහි පළමු වෛර ය බැඳ බුදුන් සස්නෙහි රැඳුණු පමණක් මුත් මියන්ට ආසන්න වුවන් මළා නම් වන්නාද සේ ශාසනයෙන් පිටත් වූ ය. බුදුහු ත් ඔවුන් ශාසනයෙන් පටත් කොට හළ සේක.

තුමුන් හළ නියාව දැන ‘මහණ ගොයුම්හු අප හළ වූ ය. පිටත් ව ගත් බැවින් අනර්ථයක් ම කෙරෙමි’ ය බුදුන් බුදු වීමට පැතුවා සේ ම හුනු ත් බුදුන් නසන්ට ම පස් කප මුළුල්ලෙහි පතා ආ හෙයින් අජාසත් රජහු කරා එළඹ කිරෙහි මුසු ව මුසුන් කිරි රස ය හරවා, දී රස ය කරවා ලන්නා සේ උන්ගේ කිරි රසයේ තුබූ යහපත් අදහස තමන්ගේ කිලන් රසයේ නුපුරු අදහස හා එක් කරවා ගන්නා නිසා ‘හෙම්බා කුමාරයෙනි පෙර උපන් මිනිසුන්ගේ ආයු ශකිත් ය ඇත. දැන් මිනිසුන්ට එ සේ නො වෙය. බිම්සර රජුන් මියන තෙක් රාජ්ජ ය තකා හිඳ නම් අතුරේ කුම්ක වනු බව ත් නා දැනේයි. එ බැවින් තෙපි තොපගේ පියාණන් මරා රාජ්ජ ය ලැබ ගනුව මම මහණ ගොයුම්හු මරා බුද්ධරාජ්ජ ය ලැබෙමි’ යටත් පිරිසෙයිනුත් රාරා සැකි කප් සුවහසක් පැරුම් පුරා ලැබ්බ යුත්තට ධ්යා න නැති ව බඹ ලොව පතන්නා සේ අහේතුක ව, දුහෙතුක ව ඒ ජාතියෙහි නිවන් පතන්නා සේ බුද්ධරාජ්ජ ය පතා තමන්ගේ නියෝගයෙන් බිම්සර මහ රජුන් මරා උන් රජ පැමිණි කල්හි බුදුන් මරවනු ලෙසට අජාසත් රජ්ජුරුවන්ගේ දුනුවායන් ඉල්වා ගෙන බුදුන් විදිනට උන් යවා ඒ ගියවුන් බුදුන් විද ගත නො හී තමන්ට පිළිවක් ව සිටි කෙලෙස් සතුරන් විද මරා සෝවාන් ව ප්රා ණ වද තබා පස් පව් ම කරන්ට නො කිසි වූ කල්හි ‘මාසේ වූ කෙණෙකුන් විනා අනික් කෙණෙකුන් මහණ ගොයුම්හුගේ මුහුණ දුටු වූ


1 තර ව මු කරන්නාක් ‍ තව මු කරන්නාක්


16. දෙවදත්ත වස්තුව 183

නම් අනර්ථ කට නො හෙති. මම් ම යත්නයක් කෙරෙමි’ යි ගිජුකුළුවට නැගි ගලක් පෙරලා හෙළි ය.

ඒ ගල පිළිගන්ට පොළෙව පළා ගෙන ගලක් නැඟී ඉන් ඊ පිට වැද ගෙන ගල් පපටිකාවක් ගොසින් බුදුන් පිට පත්ලේ වැද ගෙන ලේ එක් තැන් ව ආනන්තර්යක කර්මු පසින් ලොහිතුප්පා ද ය සිද්ධ කිරිමෙන් අවිචි ගමණ නියම කොට එ ලෙසිනු ත් බුදුන් මරා ගත නො හී නැවත මෙ තෙක් දවස් රා අට කලයක් බොන නාළාගිරි නම් ඇතු රා සොළොස් කළයක් පොවා මත් කර ව විහිදු වූ ය. ඔහු ගුගුරා ගෙන එන්නහු දැක අනඳ මහ තෙරුන් වහන්සේ ‘මා මරා නමුත් බුදුන් නො මරව ‘යි ජිවිත ය බුදුන්ට ම පුදා ඉතිරි ව ‍ගොසින් සිට තමන් වහන්සේගේ පක්ෂ පාත කම් හැඟැ වූ සේක. බුදුහු එබ පසු කොට ලා මොළොක් බස් නමැති බෙහෙදින් ඔහුගේ රා මත සන්හිඳුවා හික්මවා ‍වදාරා අඳුන් කුලක් සේ කළු වූ ඇතු සදත් කුලෙහි ඇතකු සේ සුදු කරවා නුවරින් නික්ම වෙහෙරට වැඩ දහස් ගණන් උපාසකවරුන් ඇද රැස් කළ මහ දන් වළඳා එ දවස් රැස් වූ ඇතුළු නුවර වසන අටළොස් කෙළෙක් මිනිසුන්ට බණ වදාරා සුවාසු දහසක් දෙනා නිවන් පුරයෙහි ලා වදාළ සේක.

“අනඳ මහ තෙරුන් වහනසේගේ තරමක් බැලුව මැනව. නාළාගිරියා ගුගුරා පියා බුදුන් මරන්ට ආ කල්හි තමන් වහන්සේ පෙරටුව ලා සිටි සේකැ’යි වහන්දැ උන් වහන්සේගේ කියන ගුණ අසා අනන්ත කාලයක පටන් ඇති ගුණ ම නියාව හඟවන පිණිස තමන් වහන්සේ ත් උන් වහන්සේ ත් හංස ව උපන් කලෙක සසර මළෙහි බැඳීම් නැත ත් නිකම් මළෙහි බැඳුණු තන්හි අත් හැර නො ගිය නියාව දක්වන්ට චුල්ලහංස ජාතක ය ද මහා හංස ජාතක ය ද, තමන් වහන්සේ සාලින්දි ය නම් බමුණු ගම බමුණු ව උපන් කල මුන් වහන්සේ කුකුළු ව ඉපද කැවි‍ඩිය ගේ දොළ පසිඳින්ට කවුඩාගේ නියොගයෙන් නයකු තමන් වහනසේගේ කෙණ්ඩ මස දෂ්ට කළ කල්හි ඇස් සාරන්ට ආ කවු‍ඩා අල්වා ගෙන ඌ හඬන හඬ අසා ආ සර්ප යා ත් අල්වා ගෙන නයි ලවා උපදෙසින් විෂ ය උරවා ගෙන උන් දෙන්නා ගේ ජිවිත ය නො නසා ත් තමන් වහනසේගේ ජිවිත ය රැක දුන් නියාව හඟවන්ට සුවන් කකුළු දා ත් වදාළ සේක.

සෝවාන් රජ්ජුරුවන් මරා පී වත්. බුදුන් විදිනට දුනුවායන් මෙහෙයූව ත්, හිසට ගල් පරලුව ත්, වඤ්චා ලෙස කළ හෙයින්


1 ගිජුකුළ, ගිජුකුළු පව්වට,


184 සද්ධර්මනරත්නාවලි ය

දෙවිදතුන්ගේ කටයුත්ත ඉතා ප්ර්සිද්ධ නො වී ය. මූ ම කොළෝ ය යි නො හැඟිණ. නාළාගිරින් මෙහෙයු දවස් පටන් රජ්ජුරු‍වන් මැර වීමට ත් බුදුන් විදින්ට දුනුවායන් මෙහෙයිමට ත් මුල් වූවෝ දෙවිදත්තු ම ය. බුදුන් හිසට ගල් පෙරලුවෝ ත් මූ ම ය. රජ්ජුරුවන් වහන්සේ ත් මුන් සේ වුවන් හැර ගෙන ඇවිදිනා සේ කැ යි කුලප්පම් කොළෝ ය. රජ්ජුරුවෝ ත් උන් හැම දෙනා ගේ කථා අසා තමන්ගේ නිවන් දැක්මට හේතු ව නසා ලූ වා‍ සේ ම දන් ද කඩවා රක්ෂාව ත් නසා ලා ළඟට ගමන ත් හළ වූ ය. සිඟා වන් කල බත් හුළක් පමණ ත් නුවර ඇත්තෝ නො ලා හළ වූ ය. ලාභ සත්කාර නැති ව ‍ගොසින් රැකී ගන්නා මඟක් නැති ව කොවුන් කමකින් ජිවත් වෙමි’ යි සිතා බුදුන් කරා ගොසින් ‘වහන්දෑ දිවි හිමියෙන් ම වල්හි ම වසන්ටත්. කෙතෙක් ආරාධනා ඇත ත් සිඟා ගොස් මුත් නො වළඳන්ට ත් , පසුල් සිවුර විනා අන් සිවුරක් නොධරන්ට ත්, රුක් මුලකම මුත් සැතපෙන නිසා සෙනස්නකට නො වදින්ට ත්. දඩ මස් හා කුඩමස්සන් අනු භව නො කරන්ට ත් විධාන කළ මැනැව’ යි කියා, බුදුන් ඒ ගිවිස්සා මනා දෙයක් නො වන හෙයින් නො ගිවිසි කල්හි ‘මම පිළිවෙත උත්කෘෂ්ට තරමෙක තබා කියමි. බුහුදු ඒ නොගිවිස්නා සේක. සසර දුක් ගන්නා කෙණකුන් රඳව. දුකින් මිදෙනු කැමැති කෙ‍ණෙකුන් මා හා කැටි ව අව මැනැව’ යි කියා ලා තුමු සසර කුකට ම නියැලී තමන් හා එක් වූ කෙණෙක් ඇත් නම් උනු ත් සසර දුකට ම නියම කොට ලා නිකුමණාහ.

උන්ගේ බස් අසා අලුත මහණ වූ හෙයින් පිළිවෙත නො හසළ නුවණ මඳ සමහර තැනෙක් ‘ දෙවිදත් වහන්සේ‍ගේ කතාව යහපතැ’ යි එක් ව නික්මුණු සේක. එ සේ නික්මුණු පන් සියය හැර ගෙණ තමන් කියා ගත් වස්තු පස පෑ ලා නුවණ මඳා ලෝ වැස්සන් පහදවමින් සිඟා ලබන දෙයක් නැති ව ඉල්ලා කා ගෙන සමඟ සඞඝයා වහන්සේ බිඳින්ට උත්සාහ කොට ඇවිදිති. බුදුන් ඒ අසා ‘දෙවිදතිනි, ඒ සේ නො කරව. සඞඝභොද ය නම් මහා වරදෙකැ’යි වදාළ ත් එ නො ගිවිස ඇවිදිනෝ එක් දවසක් අනඳ මහ තෙරුන් වහන්සේ සිඟා වඩනා ගමනේ දැක ‘හෙම්බා ඇවැත්නි, මම මේ වත් පටන් බුදුනු ත් හැර බික් සඟුණු ත් හැර පොහෝ පවුරුණු ආදී වූ සඞඝ කර්මම කෙරෙමි’ යි කිවු ය. අනද මහතෙරුන් වහන්සේ ද එ පවත් බුදුන්ට දැන් වූ සේක. බුදුහු ‘අනේ දෙවිදතු කරණ දෙය්ක ඉතා නපරු නියා ය. එක ජාතියක් නිසා බොහෝ ජාති නස යි.



 				16.	දෙවදත්ත වස්තුව				185

“සුකරං සාධුනා සාධු - සාධු පාපෙන දුක්කරං, පාපං පාපෙන සුකරං - පාපමරියෙහි දුක්කරං”

යනු හෙයින් මේ කුශල ය සත් පුරුෂයන් විසින් සුව සේ කට හැකි පමණක් මුත් පාපීන් විසින් කොට ලිය හැක්කේක් නො වෙයි. පාපීන් පාප ය නිරායාසයෙන් සිද්ධ ය. උත්තම යන්ට ඒ පාපා ය සිද්ධ නො වෙයි. සෝවාන් වූවන් මුඛයෙහි රා වත් කළ ත් උගුරෙන් පාතට නො බස්නා සේ ම ය යි වදාළ සේක. දෙවදත්හු ද පොහෝ දවසෙක තමන්ගේ පර්ෂස ත් හැරගෙන එක සිමැ1 එක් තෙ‍නක හිඳ, යම් කෙණකුන්ට මා කියා ලු වත් පස අභිප්රාැය වූ නම් එ ලෙස පවති ත් නම් ළා පත් ගත මැනැවැ’ යි පන් සියයක් විතර වහන්දෑ ශාසන ක්‍රම නොද ත් හෙයින් ළා පත් හැර ගත් කල්හි පෝය කිරීමෙන් සංඝ භෙද ය කොට ලා ඒ වහන් දෑ හැර ගෙන ගයා හෝ හිසට ගියහ. උන් ඊට ගිය නියා ව අසා කැටි ව ගිය වහ්නදෑ තර ව එකෙක ඇලී නොයන තෙක් ගෙන් වා ගන්නා නිසා අග සවු දෙන ම යවා වදාළ සේක.

ඒ වේලාවට දෙවිදත්හු කෙමෙන2 පිට මල් පදුන්නා සේ බණක් කියමින් හුන් තැනැත්තෝ ගිය අගසවු දෙ දෙනා වහන්සේ දැක සර්වනඥ ලීලා දක්වා ‘ශරිපුත්රෝයෙනි, පිට රෙදෙ යි3. මදක් සැතපී ගන්නා කැමැත්තෙමි. බණ කියව’ යි අවසර දුන්හ. දුන් අවසරයෙන් දෙ දෙනා වහන්සේ වැඩ හිඳ කැණවිලුන් හැඬු තෙන සිංහ නාද පවත්වන කලක් මෙන් අනුභාව දක්වමින් බණ වදාරණ සේක් සිරිංගි4 වත් කළ වළඳ අමා වත් කරන්නා සේ අදහස් වෙන් කර වා නිවන් දක්වා ගෙන ඒ සඟ පන් සිය ය හැර ගෙන අහසින් නික්මුණු සේක.

නික්මුණු පසු උන්ගේ කොකාලික නම් අගසවුවාණෝ දෙවිදතුන් වැදහොත් තෙනට ගොසින් ‘ඇවැත්නි, දෙවිදත්නි, නැඟී සිටුව. සැරියුත් - මුගලන් දෙන්නාගේ අදහස් නපුරු නියා ව අප කීව ත්, අප බණ කිය නො හෙන්නා සේ බණ කියන් උන් අවසර පෑ පර්ෂුත් හැර ගෙන ගියෝ ය. කීකරු කම්ක නැත්තා නැ’ යී කියා ලා උන් ගේ බුදු කම් ලෙසට ත්, තමන් ගේ අගසවු ලෙසට ත්, වැදහොත් දෙවිදතුන් බොරු ලජ්ජාවට බොරු පිළියමක් සේ ලපැත්ත මධ්ය යට දණහිසින් පහරක් දුන්හ. පහර තර ව ගොසින් ඉතිරි ව තිබූ ගිය වාග් දොෂයක් ඇත් නම් නඟන කලක් පරිද්දෙන් කටින් හුණු ලේ නඟාපූ ය. වහන් දැ ද සැරියුත් මහ තෙරුන් වහන්සේ සඟ පිරිස් පිරිවරා අහසින්


1 සීම 2 කිමෙන 3 රිදෙයි 4 සිරිහි 186 සද්ධර්ම්රත්නාවලි ය

වඩනා දැක බුදුන් ළඟට ගොසින් ‘ස්වාමිනි, සැරියුත් මහ තෙරුන් වහන්සේ වඩනා ගමනේ දෙ නම පමණෙක් වැඩ, පෙරළා මොබ ‍වඩනා ගමනේ සඟ පිරිස් පිරිවරා වඩනා නියා ව ඉතා යහපතැ’ යි කී සේක. බුහුහු ඒ අසා වදාරා -

       “හොති සීලවතං අත්ථොප - පටිසත්ථා ර වුත්තිනං,

ලක්ඛණං පස්ස අයන්තං - ඤාතිසඞඝ පුරක්ඛතං අථ පස්සසි’ මං කාලං - සුවිහීනං ච ඤාතිහි”

	යනු හෙයින් “හෙම්බා මහණෙනි, ලක්ඛණ  මීග ජාතක යෙහි මා ත් තමුන් ත් මුව ව උපන් කල පවා කාළ නම් වු ව උපන් මුන් තමන්ට පාවා දි ලූ මුවන් නැසී දෙසි එක මුවකු ත් නැති ව තමන් ආව ත් ලක්ඛණ නමු මුව ව උපන් මුන් තමන්ට පාවා දි ලූ මුවන් ගෙන් එකකු ත් නොනසා තමන් මුවන් හැර ගෙන ආ නියා ව තිරිසන් ව කළ හෙයින් යහපත. එ කල කාළ නම් මුවාණෝ දෙවිදත්හු ය. ලක්ඛණ නම් මුවාණෝ සැරියුත් මහ තෙරුනහු ය’ යි වදාළ සේක. නැවත හන්දැ ‘ස්වාමීනි, දෙව් දත්හු මුඹ වහන්සේ අගසවු දෙ නම ඇළයේ ලා වැඩ හිඳ බණ වදාරන්නා සේ ම මුයි ත් තමන්ගේ කොකාලිකාදි අගසවු ව්යැවහාර පමණක් ඇති ගැවියන් ඇවියන් ඇළයේ ලා ගෙන බණ කියන්නෝ වේ දැ’ යි කී කල්හි -
                “	අපි විරක පස්සෙසි - සකුණං මඤ්ජුභාණකං,

මයූඍගීව සඞකායං - පතිංමය්හං සවිට්ඨකං.

උදකථල වරස්ස පක්ඛිනො - නිච්චං අමාක මච්ඡාහොජිනො, තස්සා’ නුකරං සවිට්ඨකො - සෙවාලෙ පලිගුණ්ඨි‍තො ‍මතො”

යනු හෙයින් ‘දැන් තබා මා දියෙහි ත් ගොඩෙහි ත් හැසිරෙන්ට සමර්ථ ව පක්ෂි ව උපන් කල මේ තෙමේත් සවිට්ඨක නම් පක්ෂි ව ඉප ද මා කළ කළ දෙය ම කෙරමී කියා සෙවෙලේ බැඳි මළේ වේ දැ’යි මේ ජාතත කථාව ත් වදාළ සේක. නැවත නො එක් ලෙසින් වධයට උත්සාහ කළ නියා ව කී කල්හි කුරුඞකමික ජාතක - පරන්තප ජාතකාදි නො‍ෙයක් ජාතකවල ම තමන් වහන්සේ මරන්ට නො එක් ප්රතයොග කළ නියාව ත් ඒ කළ ප්රජයෝගයෙන් තමන් වහන්සේට වූ හානිය නැති නියාව ත් වදාරා නැවත ලාභ සත්කාරයෙන් පිරිහුණු නියාව ත් ගුණ විශෙෂයෙන් පිරිහුණු නියාව ත් කි කල්හි -


                   		16.	දෙවදත්ත වස්තුව			        187
               “ අක්ඛි හින්නා ප‍ටො නට්ඨො -සඛි ගෙහෙ ච භන්ඩනං, 

උභතො පදුට්ඨ කම්මන්තො - උදකම්හි ථලම්හි ච”

	යනු හෙයින් මුන් තමන් එක් ජාතියක දි කුඩ මස්සන් මරන්ට ගොසින් බිළී බෑ නියාව ත්, බිළි ය කණුවෙක ඇවිළ ගත් නියා හෙයින් මහ මසකු ය යි සිතා කඩ රෙද්ද ‍ගොඩ තබා ලා  දියැ කිමිද කණුවක් ඇස ඇණී ඇස් දෙක ම නට නියාව ත් ගොඩ තුබූ කඩ අත්පත් ගා නො දක්නා හෙයින් මඟ යන කෙණකුන් හැර ගත් නියාව ත්, ගෙයි හුන් ඇඹේණියන් හා නැගණියන් ඩබරක් කොට තමන්ට ම දඩ හුණු නියාව ත්, යනාදින් රජගහා නුවරදි බුදුහු දෙවිදතුන් අරභයා නො එක් ජාතක වදාරා ගල තල පිට වට වැසි සේ උන්ට ඉන් ප්රනයෝජන නැත ත් උන් තමන් ගෙන් තමන් වහන්සේට ප්ර යෝජන නැතත් වදාළ බණින් බොහෝ දෙනාට බොහෝ ප්රනයෝජන කොට වදාරා රජගහ නුවරින් සැවැත් නුවරට වැඩ දෙව්රම වැඩ වසන සේක.

දෙවිදත්හු ද නව මසක් මුළුල්ලෙහි ලෙඩ ව හෙව මියන අවස්ථාවෙහි බුදුන් දක්නා කැමැති ව තමන්ගේ සවුවන්ට ‘මම බුදුන් දක්නා කැමැත්තෙමි. මා දක්ව’ යි කිවු ය. ‘මුඹ තර ව හිඳිනා සමයේ බුදුන්ට වෛරී ව වැස පියා දැන් දකින්ට සිතා ගත්තෙහි ද? අපි නො ගෙන යම්හ’ යි කි කල්හි ‘මා නො නසව මා කෙ සේ වෛර කළ ත් බුදුන් මා කෙරෙහි කෙසඟක් පමණ ත් වෛරයක් නැත.

                “වධකෙ දෙවදත්තම්හි - චොරෙ අඞගුලිමාලකෙ,

ධනපාලෙ රාහුලෙ වෙව - සබ්බත්ථි සම්මානසො”

	යනු හෙයින් ‘මේ සා මහත් අපරාධයක් කළ මා කෙරෙහි ත් මරා ඇඟිලි කපන්ට දිව ගෙන ආ  අඟුල්මල් සොරහු කෙරෙහි ත්, එසේ ම මරන්ට දිව ගෙන ආ කාළගිරි පර්ව තයක් සේ වූ නාළාගිරි නම් ඇතු  රහල් කුමරුන් කෙරෙහි ත් ඒ බුදුහු සම අදහස් ඇති සේක. මාගේ වෛර ය නො කියා මා ගෙන ගොසින් දක්ව’යි නැවත නැවතත් කිවු ය. එසේ කී කල්හි මළවුන් ගෙන යන්නා සේ ම ඇඳක බැඳ ගෙන නික්මුණාහු ය. උන් එන නියාව වහන්දෑ අසා බුදුන් කරා ගොසින් ස්වාමිනි,  දෙවිදත්හු මුඹ වහන්සේ දක්නට එමින් සිටියෝ ය’ යි බුදුන්ට දැන්වූ සේක.  ඒ අසා බුදුහු ‘දෙවිදත්හු ඒ අත් බැවින් මා දැක්ක නො හෙති’ වදාළ සේක. එසේ වදාරන්ට කරුණු කිම යත් - යම් කෙණෙක් පඤ්ච වස්තු යාච්ඤා කොළෝ වී නම් ඔහු ඒ ජාතියෙහි දැක්ක නො හෙති. අසවල් අසවල් තැනට අවු ය යි කීව ත් ‘කුමක් 

188 සද්ධර්මටරත්නාවලිය

කෙ‍රේව යි ඌ මා දැක්ක නො හෙති’යි වදාළ සේක. සතර ගවුවක් තබා, දෙගවුවක් තබා අවු ය යි පොකුණ බඩට අවුය යි කීව ත් දෙව්රම් වෙහෙර ඇතුළට ආ ‍නමුත් ඌ මා දැක්ක නො හෙතී’ වදාළ සේක. දෙවිදතුන් ගෙනාවෝ ත් දෙව්රම් පොකුණ බඩ දි හැඳ බා තබා ලා පොකුණට‍ නාන්ට බට වූ ය. දෙවිදත්හු නැඟී සිට දෙ පය බිම තබා හුන්හ. තබා ලූ දෙ පත්ල ම පොළොවට වන. ක්රහමක්ර මයෙන් ගොප් මස දක්වා ය. දණ දක්වා ය, උකුළ දක්වා ය, තන මත්ත දක්වා ය, කර දක්වා ය යි මෙ‍ සේ ගැලී නිකට දක්වා පොළොව ගැලුණු කලට -

                          “ඉමෙහි අට්ඨිහි තමග්ගපුග්ගලං

දෙවාති දෙව‍ං නරදම්මසාරථිං සමන්තචක්ඛුං සතපුඤ්ඤලක්ඛණං පාණෙහි බුද්ධං සරණං ගතො ‘ස්මී”

යනු හෙයින් ‘සියලු ලොවට අග පුඟල් වූ, සිය පින් ලකුණු දරන බුදුන් සරණ යෙමි’යි මියන කල කට හෙළා ලන පැනිත්තක් මෙන් එ විට වුව ත් සරණ සිලයෙහි පිහිටියහ. බුදුහු ත් මුන් මහණ කරණ සේක් ‘ඉදින් මේ ගිහි ව සිටියේ වී නම් බොහේ අකුසල් රැස් කෙරෙයි. මත්තට පිහිටකත් කට නො හෙයි. මහණ වී නම් කෙ තෙක් අකුසල් රැස් කෙළේ වී නමුත් මත්තට පිහිටක් කොට ගනිති’ යි ම තෙන සලකා මහණ කළ සේක. මහණ ව මාලු පැවිදිවු කෙණෙකුන්ට වුව සඞඝ භෙද ය සිද්ධ වන්නා මහණ කළ හෙයින් වේ ද සඞඝ භෙද ය සිද්ධ වූයේ ය යි යත හොත් ගිහි වුව ත් ලොහිතුප්පාද කර්මභ ය සිද්ධ වන හෙයින් සඞඝ භෙදය සිද්ධ නූවූවත් කම් ද? මත්තට කොට ගන්නා පිහිට නිසා මහණ කොට වදාළ හෙයින් ඔහු ද ඒ පිහිට කොට ගෙන මේ කපට ලක්ෂනයක් වන කප පසේ බුදු වෙති. සරණ සීලයෙහි පිහිටි පමණකින් ම පසේ බුදු වතො ත් පසේ බුදු වීම අරුම නැති නියා වේ ද යත් - යට දෙයා සඞඛ්යබ කප් ලක්ෂ යක පැරුම් පිරූ හෙයින් මේ ඊට නිවෙන පානෙක තෙල් වත් කළා සේ උපස්ම්භ වි ය.

දෙවිදතුන් ද පොළොව ගැල ගෙන ගොසින් අවීචියෙහි ලා පිය. නිශ්චල වූ බුදුන්ට කළ අපරාධ හෙයින් නිශ්චල ව පැසුණා මනා වේ දැ යි අවීචි නරකයෙහි උසත් සාර සියයක් ගවු හෙයින් දෙවිදත් අවධියේ මිටි වුව ත් අපරාධ උස් හෙයින් එ තරමට ම සාර ‍සියයක් ගවු විතර උස ඇති වූහ. කන් සිළුව දක්වා උඩ යක බල ගැලී සිටී. පතුල් දෙකද ගොප් අග දක්වා ‍යට පොළොව ගැලි සිටි. මහ තල කඳක් සාගිනි ගෙන දිළිසෙන ය හුළෙක් බන්සා හිරි භිත්තියෙන් 16. දෙවදත්ත වස්තුව 189

නික්ම අවුත් පිට දෙ මඬ ය පළා ගෙන බඳින් නික්ම නැ‍ඟෙන ගිරි දක් භිත්තියට වන. අනික් ඒ සා මයහුළෙක් දකුණු දිග භිත්තියෙන් නික්ම අවුත් දකුණැ’ ළ ය පළා ගෙන වමැ’ ළයෙන් නික්ම උතුරු දිග භිත්තියට වන. අනික් ය හුළෙක් මත්තේ ය කබලින් නික්ම හිස් මුදුන පළා ගෙන බඩ ඔස්සේ බැස1 යට පෙළොවට බට මෙ‍ සේ නිශ්චලව පැසෙති. වහන්දා ද ‘දෙවිදත්තු මෙ තෙක් තැන් අවුදින් බුදුන් දැක ගත නො හී නරක ගිනි දකින්ට පොළොවට වන්හ’ යි කථා ඉපදවූ සේක.

බුදුහු ‘මට අපරාධ කොට පෙළොවට වන්නේ දැන් මතු නො වෙයි. යටගිය දවස ත් මට අපරාධ කොට පොළොවට වනැ’යි හඟවනු නිසා ඛන්තිවාද ජාතක - චුල්ලධම්මපාල ජාතකාදී නො එක් ජාතක වදාළ සේක. දෙවිදතුන් පොළොවට වන් කල්හි බොහෝ දෙන සතුට‍ු ව ධජ පතාක නංවා, කෙහෙල් ගස් හිඳුවා. පුන් කලස් තබ්බවා, මහා උත්සව කරවූහ. වහන්දෑ එ පවත බුදුන්ට දැන්වූ සේක. බුහුදු ‘මූ මළ ගමනේ හැම දෙනා සතුටු වූයේ දැන් මතු නො වෙයි. යටගිය දවස මේ තෙමේ පිඞගල නම් රජ ව චණ්ඩ පරුෂ ලෙසින් දවස් ගළවා මළේ ය. මළ පසු හැම දෙන සතු‍ටු ව උත්සව කළ දී වාසල රකිනා තැනැත්තෝ හඬති. හැම දෙන අවුත් ‘අප මෙතෙක් දෙනාගෙන් තාම හඬන්ට කාරණ කිම් දැ’යි විචාළ කල්හි ‘මා හඬන්නේ සෙස්සකට නො වෙයි. රජ ගෙන් පිටත් වන කල ‍ටොකු තුනක් හා ඇතුළු රජ ගෙට එනකල ‍ටොකු තුනක් හා තුනක් හා දවස්පතා ‍ටොකු සයක් කන හෙයින් මා හිසින් තර තෙනෙක් නැත.

‘යම රජ්ජුරුවෝ ත් මුන් දැක දුෂ්ට හෙයින් ඔබ ත් නො විකන්නා පෙරළා ත් මුබ එවති. දවස් ගණනේ සැතපී ගිය හිස පෙරළා ත් සැතපෙන්ට නැති හෙයින් ඒ සිතා හඬමි’ යි වාසල රකවල සිට තෙනැත්තවුගේ කථාව ප්රිකාශ කොට පිඞගල ජාතක ය වදාළ සේක. වහන්දෑ ද දෙවිදතුන් උපන් තැන් නො දැන ‘ස්වාමීනි, දෙවිදතුන් උපන්නේ කොයි දැ’ යි වදාළ සේක. බුදුහු අවීචියෙහි උපන් නියාව වදාරා ‘මහණෙනි, පව් කළාහු තමන් කළ පව් සිහි වූයේ මෙ ලොව ත් තැවෙති. පර ලොව අනන්ත දුක්ට පැමිණ කයිනු ත් තැවෙති. සිතිනු ත් තැවෙති. පව් කළ වුන්ට මෙ ලොව පරලොව දෙක්හි ම දෙවිදතුන්ට මෙන් කිසිත් සැපයක් නැතැ’ යි බණ වදාළ සේක.


1. බඳ ඔස්සේ බැස.


190 සද්ධර්මඔරත්නාවලි ය

සමහර බෙහෙදක් බොන කල දුක් මුත් බී පී කලට ලෙඩ නැති ව ඵාසු වන්නා සේ මේ වදාළ බණ ත් නරක දුක් හෙයින් අසන කලට දුක් වුව ත් අසා නිම වා බොහෝ දෙන නිවන් දුටහ.

සත් පුරුෂයන් විසින් හැම වේලේ ම මේ බණ සිත තබා තුන් දොරින් සිද්ධ වන අකුසලින් දුරු ව, කුසල් පුරා, ලොවී ලොව්තුරු සැප ත් නිරායාසයෙන් සිද්ධ කට යුතු.

— — + ——


17. සමන්දෙවි වතසංස්කරණය

තව ද අවු කෑවන් සෙවණ කැමැති වන්නේ සේ, සසර දුක් බන්න වුන් නිවන් කැමැති වන්නා සේ පවෙහි භය ඇත්තවුන් කුසල්හි කැමැති ව ඇලෙනු සඳහා සමන් දේවි වත මේ තැන්හි කියමු.

‍කෙ සේ ද? යත් :-

සැවැත් නුවර අනේපිඬු මහා සිටාණන්ගේ ගෙයි දී දවස් පතා සඟ දෙ දාසෙක් වළඳන සේක. එ සේ ම විසාඛාවන්ගේ ගෙයි දී ත් සඟ දෙ දාසෙක් ම වළඳන සේක. සැවැත් නුවර යම් යම් කෙණෙක් රජුජුරුවන් දක්වා ත් දනක් දෙත් නම් මුන් දෙන්නාගෙන් අවසරයක් ලදින් මුත් අනික් ලෙසකින් දන් වුව ත් දි ලිය නොහෙති. ඊට කාරණ කිම් ද යත් :- පෝමන් නැත්තෙකින් නො වෙයි. ‘තොප දන් දෙන තැනට අනේපිඬු මහා සිටාණෝ හෝ විසාඛාවෝ හෝ අවුදැ’යි විචාරා නැතැ යි කී කල්හි ලක්ෂ ගණන් වියදම් කොට දුන් දනක් වුව ත් ලුණු නො ලා දුවාපු මාළුවක් මෙන් ඒ දනන් කොට නො කියති. ඌ දෙන්න වහන්දෑගේ ‍රුචි ය, අභිප්රානය, ඉඳුරා දනිති. උන්ගේ විධානයෙන් ඉදි කළ දන් වහන්දැ සුව සේ වළඳන සේක. එ සේ හෙයින් දන් දෙන කෙණෙක් උන් දෙ පක්ෂද ය කැඳවා ගෙන යෙති.

එ සේ හෙයින් තම තමන්ගේ ගෙවල දී වළඳන වහන්දෑ වළඳ වන්ට උන් දෙන්නාට අවසර මඳ එ කල විසා‍ඛවෝ තමන් අවසර මඳ හෙයින් තමන් තරමේ සිට වළඳවා ලන කෙ‍ණකුන් විමසන්‍නෝ තමන් පුතණු කෙණකුන්ගේ දුවණ කෙ‍ණකුන්ට ට සමර්ථ නියා ව දැන වැළඳවීමට උන් නිල කළහ. එ වක් පටන් ඒ සඟ දෙ දාස ඌ වළඳවති. අනේපිඬු මහා සිටාණෝ ද එ ලෙසට තමනගේ වැඩි මාලු දු වූ මැලි සුභද්රා වන් නිල කළහ. ඌ ඒ ලෙස දන් වළඳ වන්නෝ බණ අසා සෝවන් ව ගෙන ආය්ය්ට මාර්ගද ශ්රොලත යට පැමිණි බව මුන් කෙළෙස් ශ්රොාතස සියලු ලෙසින් සිදින්ට


17. සමන් දේවි වත 191

නුවූ හෙයින් සරණ ගියහ. ඉක් බිත්තෙන් කුඩා සුභද්රාන නම් දුවණියන් දන් වළඳවන්නට නිල කළහ. උයි ත් දන් වළඳවන්නාහු සෝවාන් ව තුමූ නිවන් වළඳා විය පැමිණ සරණ ගියහ. ඉක් බිති සුමනා නම් වූ බාල දුවණියන් දන් වැළඳවීමට නිල කළහ. ඌ දන් වළඳවන්නෝ සෙදැහැමි ව ගෙන පස්කම් පා තුනී හෙයින් සරණ නො ගොසින් දන් වළඳවන්නෝ එක් තරා ලෙඩක් නිසි බත් කැවිලි නැති ව පියාණන් දක්නා කැමැති ව කැඳවා ය වූ ය.

සිටාණෝ ද එක් දන් දෙන තෙනක විදාන කෙරෙමින් සිටි තෙනැත්තෝ එ බස් අසමින් ගොසින් ‘කුමක් ද පුත, සුමනා දෙවිනි’ කිවූ ය. එසේ කියා ලූ බසට ‘කුමක් ද? බාල මලණුවෙනි’ කිවූ ය. ඒ ආසා සිටාණෝ ‘කුමක් ද පුත නන් දොඩන නියා දැ’ යි විචාළෝ ය. ‘කුඩා මලණුවෙනි, මා නන් දොඩන්නේ නැතැ’ යි කී ය. කියා ම මිය සත් පනස් කෙළ සැට ලක්ෂියක් හවුරුද්දට ආයු ඇති තුසී පුරෙහි ආයු පමණින් රෝගයක් නැති ව දිව අත් බවක් ලදින් උපන්හ. සීටාණෝ ද දෘෂ්ටි විචිකිච්ඡා නසා පු බව මුත් ‍ෙශාක නසා පියන්ට නුවූ හෙයින් බලවත් වූ ශොක ඇති ව දුවණියන් දවා පියා හඬමින් වලපමින් ශොකී ව නිශ්ශොක වු බුදුන් කරා ගොසිස් ‘හැයි’ සිටාණෙනි, හඬැති’ යි විචාරා වදාළ කල්හි ‘ම‍ාගේ කුඩා දූ සුමනා දෙවි මළෝ ය. ඒ නිසා ය. ස්වාමීනි, කිවූ ය.

බුදුහු ඒ අසා “උපන් සතුන්ට මරණ නියත නියාව විවරණ ලත් බෝසතුන්ට බුදු බව නියත යා සේ නො දනු ද? හඩන්ට කාරණ කිම් දැ’ යි වදාළසේක. ‘ස්වාමිනි, ඒ දනිමි. මාගේ ඒ නියා විළි ලජ්ජා ඇති දරුවෝ මියන වේලෙහි සිහි එළවාගත නො හී තන් දොඩමින් මළෝ ය. ඒ නිසා මුසුප්පු වෙමි. “ස්වාමිනි” කිවු ය. ‘සිටාණෙනි, ඌ කුමක් කිවු දැ’යි විචාරා ‘ස්වාමීනි, තමන්ට පුතන්ඩව යි යන්නා දෙ විටක් කොටම ‘බාල මලණුවෙනි, මට කිවූ ය. එ සේ කියන්නේ නම් සිහි එළවාගත නොහි වේ දැ යි ස්වාමිනි” කිවූය. බුදුහු ඒ අසා “සිටාණෙනි, ඌනන්දොඩන්නෝ නැත. තොප වයසින් හා නෑ කමින් කුම් වුව ත් ගුණෙන් බාල හෙයින් කිවු ය. තෙපි සෝවාන් වුව. තොපගේ මළ දුවණියෝ සෙ‍දගැමි වූහ. තමන් ම‍ාර්ග. ධර්මමයකින් හා ඵල ධර්මේයකින් තොපට වැඩි හෙයින් එ සේ කිවු ය’ යී වදාරා ‘දැන්, ස්වාමීනි, ඌ කොයි උපන්නු දැ’ යි විචාළ සිටාණන්ට තුසී පුරයෙහි උපන් නියාව වදාරා ‘හෙම්බා සිටාණෙනි! කළ පින් ඇත්තෝ මේ ලොව ත් තමා කළ පින් සඳහන් කොට සතුටු වෙති. පර ලොව ත් අනන්ත වූ සම්ප



192 සද්ධර්ම රත්නාවලිය

තම පැණි සතුටු වෙති. එ හෙයින් කුශල ය නම් මේ ලොව - පර ලෝ දෙක්හි ම යහපත් දෙයෙකැ’ යි වදාළ සේක.

මේ දෙශනාවගේ කෙළවර බොහෝ දෙනා නිවන් පුර වැද සැනහුණු ය. එ හෙයින් නුවණැත්තවුන් විසින් සියලු ලෙසින් අන්ර්ත්ථායවහ වූ අකුසලින් දුරු ව බොහෝ අනුසස් ඇති කුසල්හි පිහිටා ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කටයුතු. _________


18. මිත්ර දෙනමගේ වස්තුවසංස්කරණය

තව ද යම් කෙණෙක් සදහම් දැන ත් ඒ වූ පරිද්දෙන් පිළි නො පදි ත් නම් ආයුධ සරම නො දන්නවුන්ට ආයුධයෙන් ප්ර්යෝජන නැත්තාත සේ ‍ඒ දහමින් උන්ට ප්ර යෝජන නැති නියාව ත්. පිළිපදින්නවුන්ට , නැව සිටිය වුන්ට පිහිට වන නැවක් සේ වලවත් ව පිහිට වන නියාව ත් දක්වන්නමෝ මිත්රි ව වසන දෙනමකගේ වස්තුව දක්වමු.

කෙ‍ සේ ද? යත් :-

සැවැත් නුවර වසන කුල දරුවෝ දෙදෙනෙක් බුදුන් වසන දෙවුරමට ගොසින් බණ අසා සැප ත් හැර සසුන් වැද මහණ ව මාලු පැවිදි ව නිස පිළිබඳ ව වසන පස් වස ඇදුරු වූ තෙරුන් වහන්සේ ළඟ වැස වස්පස පිරෙන්නා ම නිසා නො ගෙන වසන්ට නිසි ව බුදුන් කරා ගොසින් යෙදුන මනා ධුර විචාරා ධුරද්ව ය විස්තර සෙයින් අසා දෙ නමින් නමෙක් ‘ස්වාමිනි, මා වැඩි මාලු කල මහණ වූ හෙයින් ග්රෙන්ථ ධුර ය පුරා ගත නො හෙමි. විපස්සනා ධුර ය වදාළො ත් යහපතැ’ යි රහත් වීම දක්වා කියවා ගෙන යම් සේ පියුමෙක් දියෙහි ඇති ව, දියෙහි වැඩී, එ ම දිය හා එක් ව නො වේ ද, එ‍ මෙන් කුලෙහි ගෙණෙහි ඇල්මක් නැතිව යම් සේ ඒ පියුම දියට උස් ව සිටී ද , එ මෙන් රහත් වී මෙන් උස් වනු නිසා යම් මේ පියුම මද සුළඟිනු ත් වෙවුලා වෙවුලා තිබේ ද, එ සේ ම ඇසිල්ලකු ත් කෙලෙසුන් ගේ පහළ වී මෙක් වී නම් භයින් වෙවුල වෙවුලා යම් සේ ඇස නොවන යහපත් බිජුවට තෙමේ මනා වී නමුත් සරු කෙත වපුරන ලද්දේ වැසි දිය ලත් නම් අසු පැවත යහපත් ද, එ මෙන් බුදු සසුන් නමැති සරු ‍ෙකත, සිල් නමැති බිජුවට වපුට, භාවනා නමැති ඇල වලින් මාර්ගන නමැති දිය පෑ අර්හත් ඵල නමැති වී ලබනු නිසා වීය්ය්ුව නමැති කර්මාතන්ත කොට, යම් සේ සී සකස් කුඹුරෙහි වපුළ බිජුවට වපුළවුන් සතුටු

			  18.	මිත්රි දෙනම ගේ වස්තුව 				  193

කරවා, උදවු කොට ම පී ද, පැසේ ද, එ මෙන් විය්ය්ාන් කර්මාසන්තයේ සකස් නිසා කෙලෙස් කුඩු මැටි නෑඟ නො දී බුදු සසුන් කෙතින් රහත්ළුල නැමැති වී මිරික සිත් සතන් ගුළෙහි පුරා ගත් සේක.

බාල ව මහණ වූ අනික් නම ‘මම ග්රසන්ථ ධුරය පුරමි’ උත්සාහ කොට තෙවලා බුදු වදන් ඉගෙන ‍ඒ මුල් කොට පිළිවෙත යෙදී ප්රුති වෙධයට නො සිතා අසන තැන් කීමෙහි රුචි ඇති ව පන්සියක් දෙනා වහන්සේට අසන තැන් කියන සේක් අටලොස් ගණයකට ඇඳුරු වූ සේක. වහන්දෑ ද බුදුන් ගෙන් කමටන් ඉගෙන රහත් තෙරුන් වහන්සේ ළඟට ගොසින් උන් වහන්සේ ගෙනු ත් උප දෙස් ලදින් රහත් ව තෙරුන් වහන්සේ වැඳලා ‘මහණුවම් මුළුලු නියාව දන්වන්නට බුදුන් කරා යම්හ ‘යි කියන සේක. රහත් තෙරුන් වහන්සේ ද ‘යව ඇවැත්නි, මගේ වැඳීමෙන් බුදුන් වැඳ අසූ මහ සවුවන් වහන්සේ ත් වඳුව. ගිහි කල මිත්රත ව හුන් අපගේ තෙරුන් වහන්සේට ත් මා වැඳි නියා කියව’ ය යි වදාරන සේක. ඒ වහන්දෑ ද වෙහෙරට ගොසින් බුදුනුත් අසූ මහ සවුවන් වහන් සේ ත් වැඳ ලා තෙවලා ධර තෙරුන් වහන්සේ කරා ගොසින් ‘ස්වාමීනි. අප‍ෙග් ආචාරීන් වහන්සේ මුඹ වහන්සේ වැඳ එවු සේකැ’ යි කියන සේක.

‘තමන් හැ‍මගේ ආචාරීන් වහන්සේ නම් කවුරුන් වහන්සේ දැ’යි විචාළ තෙන දී ‘මුඹ වහන්සේ ත් ඔබ ත් ගිහි කළ මිත්ර් තෙරුන් වහන්සේ ය’ යි කියන සේක. රහත් තෙරුන් වහන්සේ එක්වන් ව වැඳ එවන කල්හි තෙවළාදර තෙරුන් වහන්සේ කීප දවෙසක ඉවසා හිඳ පියා පසු ව ඉවසා ගත නොහී ‘ අපගේ ඇදුරු තෙරුන් වහන්සේ මුඹ වහන්සේ වැඳ එවූ සේකැ’ යි කී කල්හි තමන් හැමගේ ඇදුරු තෙරහු නම් කවුරු දැ’ යි අරුචි සුවක ව විචාරා ‘මුඹ වහන්සේ යාළු තෙරුන් වහන්සේ ය’ යි කී කල්හි ‘උන් සමීපයෙහි තමන් උගත්තේ කිම ද? දික් සඟි ආදියෙන් එක් තරා සඟියෙක් හදාළ නියා ද? පිටක තුනෙන් එක් පිටකයක් හෝ ඇසූනියා දැ’යි විචාරා සතර පදයෙන් යුත් ගාථා පමණකුත් නො දැන පවුල් සිවුරු පෙර ව මහණ වූ ගමනේ ම අපිස්කමට වල් වැද කියන අසන තැනකු ත් නැති ව අත වැස්සන් බොහෝ කළ නියා ද? මුඹ අවු නම් ශකිත් බලන්ට ප්රැහ්න විචාරමී’ සිතූ සේක.

පසු ව කල දී රහත් තෙරුන් වහන්සේ බුදුන් දක්නට වැඩි සේක් යහළු තෙරුන් වහන්සේගේ නපුරු අදහස ආවර්ජනය නො කළ හෙයින් නො දැන පා සිවුරු ඒ විහාරයෙහි තබා

7 194 සද්ධර්මාරත්නාවලි ය

ගොසින් බුදුනු ත් අසූ මහ සවුවන් වහන්සේ ත් වැඳ යහළු තෙරුන් වහන්සේ වසන තෙනට පසු ව ආ සේක. තෙවළාධර ඒ තෙරුන් වහන්සේ ද කැරවුව මනා වත් කරවා ලා හිඳිනා අසුන් සමකොට පනවා ගෙන, ප්රැශ්න විචාරාමි යි සැරහී උන් සේක. ඒ වේලෙහි බුදුහු ‘මේ තෙමේ තමා බහුශ්රැාත පමණක් ඇති හෙයින් ප්රසශ්න විචාරා ම පුතුන් පෙළා නමුත් ඒ කෙ‍ාට නරකයෙහි උපන් නමුත් නපුරැ’යි උන් වහන්සේ කෙරෙහි කරුණාවෙන් වෙහෙර සැරි සරන්නාක් මෙන් දෙන ම වැඩහුන් තෙනට ම වැඩ කවර තෙනක වහන්දෑ හිඳිනා කල ත් බුහු හස්නක් පනවා තබන හෙයින් ඒ තැන ත් පනවා තුබූ බුදු හස්නෙහි වැඩහුන් සේක.

වැඩ හිඳ තෙවළාධර තෙරුන් වහන්සේ අනින් ප්ර්ධම ද්ධ්යබන විෂයෙහි ප්ර ශ්න විචාරා උන්පහන්සේගේ ආගමාභියොග ය ඇති හෙයින් ඒ කී කල්හි ද්විතීය ද්ධ්යා්නයයෙහි පටන් සමාප්ති මුළුල්ල ම විචාරා එයිත් කී කල්හි, ප්රෙථම මාර්ගී විෂයෙහි ප්රෙශ්න විචාළ සේක. කෙසේ තෙවළා ධැරුව ත් අදිගත වූවොත් මුත් ඒ බැරි හෙයින් කියනුහුණු සේක. මෙ ම ප්ර.හ්න ය රහත් තෙරුන් වහන්සේ අතින් විචාරා වදාළ කල්හි තමන් වහන්සේ අධිගත හෙයින් වහා ම වදාළ සේක. බුචුහු ඊට සාධු කාර දෙවා වදාරා අනික් ත්රිදවිධ මාර්ගු ය ත් අරභයා ආගම ධර භික්ෂූන් වහන්සේ අතින් ප්රධශ්න විචාළ සේක. ප්රිථම වාර්ග ය පමණකට ත් නො පැමිණි හෙයින් ඒ කියා ලිය නුහුණු සේක. රහත් තෙරුන් වහන්සේ එයි ත් තමන් වහන්සේ අධිගත හෙයින් සැකයක් ම නො තබා වදාළ සේක.

බුදුහු, ඒ සතර නැත්හි ම රහත් තෙරුන් වහන්සේට සාධු කාර ‍දුන් සේක. ඒ සාධුකාර ශබ්ද ය අසා බුමාටු දෙවියන් පටන් කොට අකනිටා බඹ ලොව දක්වා සියලු දෙවියෝ ද, නාග සුපර්ණවයෝ ද, සාධු කාර දුන්හ. ඒ සාධුකාර ශබ්දය අසා ත්රි පිටක ධර තෙරුන්වහන්සේගේ අතවැසිවහන්දෑ ද සද්ධි විභාරික වහන්දෑ ද බුදුන් කෙරෙහි නො සතුටු ව’ බුදුන් විසින් මේ කුමක් කළ නියා ද? කිසිවක් නො දන්නා මහලු තෙරුන් වහන්සේට සතර තෙනක දී සාධු කාර දුන් සේක. තෙවළා ධර වු පන් සියයක් වහන්දෑට නායක වූ අපගේ ගුරුන් වහන්සේට සාධුකාර තබා යහපතැ යි යන බස් පමණකුත් නො වදාළ සේකැ’ යි බුදුන්ට නුගුණ කිවු ය. ඉක්බිති බුදුහු කුමක් කියවු ද, ‘මහණෙනි’ යි ඔවුන් විචාරා ඒ කාරාණ ය දැන් වූ කල්හි ‘මහණෙනි, තොප හැ‍මගේ ආචාරි තෙරහු නම් බැළ මේ පිණිස ගෙරින් රක්නා ගො පල්ලකු ‍වැන්නෝ ය.



18. මිත්රප දෙනම ගේ වස්තුව 195

‘මාගේ පුතණුවෝ අභිප්රාරය වූ පරිද්දෙන් පස් ගෝ රස අනුභව කරන්නා වු ගෙරින් හිමි පුරුෂයකු වන්නේ ය’ යි වදාරා මත්තෙහි බණ වදාරන බුදුහු ‘හෙම්බා මහණෙනි, මේ සස්නෙහි ප්රදමාදශීලි වු යම් මහණෙක් ආචාරිවරයන් කරා එළඹ තෙවළා බුදු වදන් ඉගෙන අනුන්ට බොහෝ කොට උගන්වන්නේ ද තෙමේ වනාහි ඒ බණ අසා එලෙස පිළියම් කරන්නා වූ පුඟුලක්හු විසින් යම් දහමකට පැමිණිය යුතු ද, එ බඳු පිලිවෙත්හි නො පවතී ද කුකුළකු පියා පහරන පමණ ඇසිල්ලකුදු අනිත්යාඑදි වශයෙන් නමස්කාර නො පවත්වා ද, එ බඳු මහණ තෙමෙ යම් සේ ගොපල්ලෙකු බැලමේ පිණිස ගව මුළක් උදෑසන පාවා ගෙන දිවස භාග ය මුළුල්ලෙහි තණ - පැන් කවා - පොවා සවස ගෙණවුන් ගම ස්වාමීන්ට පාවා දී දවස වැටුප් මාත්රලයක් ලැබේ ද කැමති පරිද්දෙන් පඤ්ච ගව රස ය අනුභව කරන්ට නො ලැබේ ද, එ පරිද් දෙන් ම අත වැසි මහණුන් ගෙන් වත් පිළිවෙත් කරවා ගන්නා පමණකට හිමිවෙ යි. ශ්රාසමණ්ය ඵල ය යි කියන ලද ලොකොත්තර ධර්මායට හිමි නො ව යි. හේ එ සේ මැ යි. ගව පාලයා විසින් රැක පාවා දුන් ගවයන්ගේ ගව රස ය ගව ස්වාමීහු අනුභව කෙරෙති. වීය්ය් ව වඩන්නා වූ පුද්ගලයෝ ද බුදුන් විසින් වදාළ වූ දහම් අසා අනුශාසනා වූ පරිද්දෙන් පිලිපැද සමහර කෙණෙක් ප්රහථම ධ්යාඅනාදියට ද සමහර කෙණෙක් විවසුන් වඩා සතර මග සතර ඵලයට ද පැමිණෙත්. හෙවත් ගව ස්වාමීන් ගව රසයට හිමි වූ වා සේ ම ශ්රලමණ භාවයට හිමි වෙත්.

මෙ සේ බුහුදු මේ සස්නෙහි සිල්වත් ව බහුශ්රැ ත ව අනිත්යාසදි වශයෙන් කමටහන් වෙනෙහි නොකොට ප්ර මාදශීලි ව වසන්නා වූ මහණුන්ගේ වශයෙන් පළමු ව බණ වදාරා, දෙවෙනි ව අල්පශ්රැැත වුව ද යෝනිසොමනස්කාරයෙන් යෙදී කමටහන් මෙනෙහි කරණ වීය්ය්ත් වත් පුද්ගලයන්ගේ වශයෙන් බණ වදාරණ සේක ‘අප්රීමාදී වු යම් පුද්ගලයෙක් තෙම එක වර්ගය ද්වි වර්ගව වශයෙන් ඇති ස්වල්ප වූ ත් යම් කිසි ධර්ම්යක් සිත හෙළා අසා එහි අභිප්රා්ය ද එයින් ලැබ්බ යුතු ගුණ ධර්ම ය ද දැන නව ලොවුතුරා දහමට අනුරූප වූ පූර්ව භාග පටිපදා ය යි කියන ලද චතුපාරිශුද්ධි ශීලය, තෙරස ධුතරගුණ ය, දශ අශුභ කර්ම ස්ථාන ය යනාදී වූ ප්රාභෙද ඇති ධර්මල ය සිත්හි පවත්නා හෙයින් ලොවී ලොවුතුරා දහම් අනු ව පවත්නේ වේ ද ‘අද දවස් ම දැන් ම මග පල ලැබෙමි’ යි ධර්මො ප්රනතිවෙධයෙහි සිත් ලා හැසිරේ ද ඒ මහණ තෙම මේ සම්යදයක් පිළිවෙතින් රාග - ද්වේෂ - මෝහාදී වූ කෙළෙසුන් පහ



196 සද්ධර්මතරත්නාවලි ය

කොට සම්ය ක් හේතු නයින් පිරිසිඳ දත යුත්තා වූ ධර්මරයන් පිරි සිඳ දන්නේ තදඪිග ය විෂ්කම්භණ ය සමුච්ඡෙද ය ප්ර තිප්රූශ්ර‍බ්ධි ය නිශ්ශරණ ය විමුක්ති ය යන මොවුන්ගේ වශ‍ෙයන් අතිශයින් මිදුණු සිත් ඇත්තේ මෙ ලෝ පර ලෝ දෙක්හි ම අන්තර්ගකත වූ හෝ ආධ්යාමත්මික - බාහිර වූ පඤ්චස්කන්ධ ය ද්වාදස අයතන ය අට්ඨාරස ධාතු ය යන මොවුන් සතර උපදාන රූපයන් හා සමඟ කිසිවක් නො ගන්නා වූ මහා ක්ෂිණාශ්රපව තෙමේ මාර්ගි ය යි කියන ලද ශ්රා මණ්යය ගුණයාගේ වශයෙන් ආවා වූ ඵල සමාප්ති යට ද පසක් පමණ වූ අශෛක්ෂ ධර්මාස්කන්ධයට ද හිමිවෙ යි වදාරා රුවන් මඩුල්ලෙකින් නිමි ගෙයක් මෙන් අර්හත් ඵලයෙන් දෙශනාව කුළුගන්වා වදාළ සේක.

මේ ධර්මඵ දෙශනාවගේ කෙවර බොහෝ දෙනා සතර මඟ සතර ඵලයට පැමිණියහ. එ හෙයින් නුවණැත්තවුන් විසින් බුදුන් වදාළ වූ ධර්ම ය ඉගෙන ඒ වූ පරිද්දෙන් පිළිපැද නිව්න දහම් පසක් කට යුතු. ________


19. උදේනී වස්තුවසංස්කරණය

තව ද සත්වෙයන්ට කුශාලා ‘කුශල යන දෙදෙනාගේ ඉෂ්ටානිෂ්ට විපාක හඟවනු පිණිස සමාවතීන් ඇතුළු වූ පන්සියයක් බිසෝ වරුන් හා මාගන්දිය ඇතුළු වූ ඔවුන් නෑ පන් සියයක් දෙනාගේ කථා වස්තුව දක්වන්නමෝ මෙ තැන්හි පළමු කොට එහි ම ඇතුළත් වූ උදෙනී වස්තුව දක්වමු.

කසේ ද යත් -

යට ගිය අවස අල්ලකප්ප නම් රට අල්ලකලප්ප නම් රජ්ජුරුවෝ ය. ‍වවෙඨදීප නම් රට වෙඨදීප නම් රජ්ජුරුවෝ ය යන මොහු දෙදෙන බාල අවස්ථාවෙහි පටන් මිත්රම ව එක ගුරුන් කෙරෙහි ශිල්ප ඉගෙන තමන්ගේ පිය රජ්ජ්රුවන් ඇවෑමෙන් දහසක් දහසක් යොදුන් රටට රජ වූහ. ඔහු පසු ව ත් අතර තරෙහි ඔවුනොවුන් කරා එළඹ එක් ව හිඳ සිට, එක් ව, සැතපී සුදුසු කෙළි සිනාවෙන් දවස් යවන්නාහු‍ ලොකයෙහි උපදනා වූ ද මිය යන්නා වූ ද මහා ජනයන් දැක සියල්ල ම අනිත්යළය යි සලකනුවෝ මෙ ලොවින් පර ලොවට යන සත්වැයා පස්සෙහි යන්නා වු එක ද වස්තුවෙක් නැත. යටත් පිරිසෙයින් තමා සන්තක ය යි තබා ගන්නා වූ එක් ව උපන් ශරීර ය දක්වා සත්වපයන් හා එක් ව පර ලොවට නො යෙයි. එ සේ හෙයින් සියල්ල ම හැර පියා යා 19. උදේනි වස්තුව 197

යුතු ය. එ සේ වූ මේ සංසාරයෙහි සිටි අප හැමට රාජ්ය සම්පත්තියෙන් ප්රුයෝජන කිම් ද? ගිහි ගෙය හැර මහණ වම්හ’යි කියා මන්ත්රාණය කොට තම තමන් සන්තක රාජ්යනය අඹු දරු වන්ට පාවා දී තාපස ප්ර ව්ර’ජ්යානවෙන් මහණ ව හිමාලයෙහි එක් ව වෙසෙමින් එක් දවසක් ඔවුනොවුන් හා එක් ව කථා කරන්නාහු ‘අපි දෙ දෙන රාජ්යක සම්පත් හැර මහණ වන්නමෝ ජිවත් වන උපායක් නැති හෙයින් මහණ වුවමෝ නො වෙමු. සසරින් ගැළවී යන උපාය සොයා ම මහණ වුම්හ.

‘ එ සේ මහණ වු අපි එක තෙ‍න වසමෝ නම් දෙන්නකු එක තැන වසන කල්හි අල්ලාප - සල්ලාප කථා මාත්රමයකුදු කරමෝ නම් අප හණ වූ ව ත් මහණ නුවූවා සමාන ය. එ සේ හෙයින් අප වෙන වෙන ම විසුව මැන ව. තෙපි එක් පර්වවතයෙක වස ව. අපි එක් පවර්තවයෙක වසම්හ. පස‍ළොස් දවසින් පසළොස් දවස පොහොයෙහි එක් වම්හ’ යි මන්ත්රකණය කොට නැවත කියන්නාහු ‘එ සේ පෙහොයෙහි එක් වම්හ’ යි මන්ත්ර්ණය කොට නැවත කියන්නාහු ‘එ සේ පෙහොයෙන් පොහොයෙහි එක් විම ගණ සඞගණිකා වට ‍කාරණ ය. එ සේ හෙයින් දෙ දෙන ම එක් නො වම්හ. තෙපි තොපගේ පර්වතතයෙහි ගිනි දල්වා ලව. මම මාගේ පර්ව තයෙහි ගිනි දල්වා ලමි. ඒ සලකුණෙන් ඔවු නොවුන් දිවි ඇති බව දනුම්හ’යි නියත කොට එ පරිද්දෙන් ම ඔවු නොවුන්ට උවදුරු නැති බව හඟවා දවස් යවති.

මෙ සේ කලාතුරක් ගිය කල්හි වෙඨදිප තා‍පසෙයෝ මිය මහොසාඛ්යන දිව්ය රාජ ව උපන්හ. ඉක් බිති ‍පසළොස්වක් පොහෝය පැමිණි කල්හි පර්වයතයෙහි ගිනි නොදැක ඔවුන් මළ බව අල්ලකප්ප තාප‍සයෝ දත්හ. වෙඨදීප තාපසෙයෝ දෙව් ලොව උපන් ඇසිල්ලෙහි ම තමන්ගේ අසාධාරණ වූ දිව්ය‍ සම්පත් දැක ‘කවර කුශලක් කොට දෝ හෝ මා මේ සම්පත් ලද්දේ ය’යි බලන්නාහු ගිහිගෙන් පිට ත් දවස් පටන් ගිය ජාතියේ තමන් රැක්කා වූ ශීල ය දැක ‘මා හා එක් සිල් රැක්කා වූ මාගේ යාළු තාපසයන් බලා පියා එමී’ සිතා දිව්යා ශරීරය හැර මගී වෙසක් මවා ගෙන අල්ලකප්ප තාපසයන් හුන් තෙනට ගොසින් වැඳ එකත් පස් ව සිටියහ.

ඔවුන් දැක තාපසෙයෝ ‘පින්වත, තෙපි කොයි සිට අවු දැ’ යි විචාළහ. ඒ අසා දිව්යා පුත්රහ තෙම’ ස්වාමිනි, මම දුර සිට එන්නා වු මගි එකෙකිමි. ස්වාමීනි, මේ තැන්හි නුඹ වහන්සේ හුදෙකලා ව1 තපස් කරණ සේක් ද? අනික් කෙ‍ණෙකු ත් ඇද්දැ’ යි විචාරා

1. උදකලාව 198 සද්ධර්මලරත්නාවලි ය

මාගේ එක් සහාය තාපස කෙණෙක් ඇතැ’ යි කී කල්හි ‘දැන් උන් වහන්සේ කොයි දැ’ යි විචාරා ‘ඒ අපි දෙ දෙන ඔවුනොවුන්ට උපද්රව ව නුවු බව හඟවණු පිණිස බෙහෝ දවසින් පොහෝ දවස ඔවුනොවුන්ගේ පර්වපතයෙහි ගිනි දල් වම්හ. මේ පොහෝයෙහි ඒ තාපසයෝ තමන්ගේ පර්වවතයෙහි ගිනි නො දැල් වූ හ. එ සේ හෙයින් ඔවුහු මළහ යි සිතමි’ කී කල්හි ‘එ සේ ද, ස්වාමීනි’ යි කියා ඉක් බිති ‘ස්වාමීනි, මම අනිකෙක් ම නො වෙමි. නුඹ වහන්සේ ගේ යාළු තාපසයෝ නම් මම ම ය’ යි කීහ.

‘කොයි උපනු දැ’යි කී කල්හි ‘මා රැක්කා වූ ශීලයෙහි අනුහසින් දෙවු ලොව මහෙශාක්යු දිව්යක රාජ ව උපනිමි. දැන් නුඹ වහන්සේ දක්නා සඳහා ආමි. මේ තැන්හි වසන නුඹ වහන්සේට කිසි උපද්රයවයෙක් ඇද්දැ’ යි විචාරා ‘අපට අනික් උපද්රසවයෙක් නැත. ඇතුන් විසින් උපද්ර වයෙක් ඇතැ’යි කී කල්හි ‘ස්වාමීනි, ඇත්තු කුමක් කෙ‍ෙර ද්දැ’ යි විචාරා ‘හැමදි තෙන බෙටි ලති. පයින් පැහැර පස් උඩ නගති. මම හැරම දවස් ම ඇති බෙටි දමමින් පස් තනමින් වෙහෙස ගනිමි’ කී කල්හි ‘කිමෙක් ද උන් නො එන්නා කැමැති සේක්දැ’ යි විචාරා ‘එ සේ ය’ යි කී කල්හි ‘එ සේ වී නම් ඇතුන් නො එන සේ කෙරෙමී’ සිතා තාපසයන්ට හස්තිකාන්ත විණාවක් ද හස්තිකාන්ත මන්ත්රියක් ද දුන්හ. ඒ වීණාව දෙන්නාහු ද එහි තුන් තතක් සාදා පෑ ලා තුන් මන්ත්රියක් උගන් වා ලා ‘ස්වාමීනි, මේ තත ගසා මේ මන්ත්රෑය කී කල්හි ඇත්තු පෙරළී සිට බලන්ට ත් අසමර්ත්ථි ව පලා යෙති. මේ මන්ත්ර්ය කියා මේ තන ගැසු කල්හි පෙරළී ආපසු බල බලා යෙති. මේ තන ගසා මේ මන්ත්රරය කී කල්හි ඇත් මුළට නායක වූ ඇත් තෙමේ ම නැමි නැමී අවුත් පිට දෙ යි’ කියා ‘මෙයින් මුඹ වහන්සේට අභිප්රාේයක් කළ මැනැවැ’ යි කියා ගියේ ය. එ තැන් පටන් තාපසයෝ ඇතුන් පළා යන්ට සුදුසු මන්ත්රපය කියා උල් පලා යන්ට සුදුසු වූ තත ම ගසා ඇතුන් දුරු කොට කාය - චිත්ත සමාධි ලදින් යෙහෙන් පන්සලෙහි වෙසෙති.

එ සමයෙහි කොසඹැ නුවර පරන්තප නම් රජ්ජුරු කෙණෙක් රාජ්යිය කෙරෙති. ඔහු එක් දවසෙක දැරි ඇති බිසොවුන් හා සමඟ උදාසන්හි අවුව තප්මින් ආකාශ තලයේ අබ්භ්යඑවකාශයේ සඳැල්ලේ උන්හ. ඉක්බිති බිසවු රජ්ජුරුවන් පොරෝනා ලක්ෂයක් වටනා පළසක් පෙරවාගෙන රජ්ජුරුවන් ඇඟිල්ලෙහි තුබූ ලක්ෂයක් වටනා මුන්ද ත් තමන් ඇඟිල්ලෙහි



19. උදේනි වස්තුව 199

ලාගෙන, රජ්ජුරුවන්ට නුදුරු ව කථා කෙරෙමින් උන්හ. එ කල්හි හස්ති ලිඞග නම් පක්ෂියෙක් ආකාශයෙන් යන්නේ පළස පෙර ව ගෙන හුන්නා වූ බිසොවුන් දැක මස් කැටියෙක් දෝ හෝ යි යන සංඥාවෙන් ගසා ගෙන යන පිණිස පියා විදහා ගෙන බස්නට වන. රජ්ජුරුවෝ ඔහු බස්නා හඬින් නැඟී සිට ඇතුළු රජ ගෙට වන්හ. බිසවු ගර්භිණි ව බඩ බර හෙයින් හා ස්වභාවයෙන් ම භය ඇති හෙයින් වහා නැඟී යන්ට අසමර්ත්ථු වූහ. ඉක්බිති පක්ෂි තෙම අවුත් බිසොවුන් නිය අස්සේ හිඳවා ගෙන අහසට පැන නැංගේ ය.

ඒ පක්ෂීහු නම් අතුන් පස් දෙනෙකුට බල ඇතියහ. එ හෙයින් කිසි යම් සතකු අහසින් ගෙන ගොසින් තමන් කැමැති තෙන හිද මස් කති. ඒ බිසවු ද දවසක් පක්ෂීහු විසින් ගෙන යන වේලෙහි මරණ භයින් භය පත් ව තමන් නුවණැ’ති හෙයින් සිතන්නාහු ‘ඉදින් මම මේ තැන්හි දී හැඬීම් නම මිනිසුන් ගේ ශබ්දය තිරිසනුන්ට භය එළවන හෙයින් එළාපුව හොත් මම මාගේ දරුගැබ හා සමඟ බිම හා සමඟ බිම හී නැසෙමි. එ සේ හෙයින් යම් තෙනෙක්හි මා තබා ලා කන්ට පටන් ගනී ද එ තන්හි දි මහත් කොට හඬා ගසා මොහු ලුහුබඳවා පියමී’ සිතූහ. ඒ පක්ෂියා පළ මුත් හිමාලයෙහි මඳක් වැඩී මණ්ඩලාකාර ව සිටි නුඟ රුකෙක්හි බැස හිඳ තමා ගෙන ගිය ඌරන් - මුවන් ආදී වූ යම් කිසි ‍ගොදුරක් කන්නේ ය. එ සේ හෙයින් ඒ බිසෝවුන් ද එ පරිද්දෙන් ම ගෙන ගොසින් ඒ නුඟ ගස වෙළෙප් අතුරෙහි තබා ලා ආ මග දසාව බැලී ය.

පක්ෂීන් ගොදුරු ගෙන ගොස් එක් තැනෙක බැස හුන් කල පෙරළී ආ මඟ දසාව බැලීම ස්වභාව ධර්මනයෙක් ම ය. එ සේ හෙයින් ඔහු පෙරළී ආ මඟ බැලූ කෙණෙහි බිසවු ‘මෙ විට මොහු නෙරපියමි’ යි සිතා අතින් අත පැහැර මහත් කොට හඬා ගසා පක්ෂියා ලුහු බැඳ වූහ. ඉක්බිති එ දවස් ම හිරු හස්තයට යන වේ ලෙහි බිසොවුන්ට විළි පහරන්ට පටන් ගත. සියලු දිශා භාග යෙහි ඝොර වූ ගර්ජනා කෙරෙමින් මහත් වූ මෙඝයෙක් නැඟී ය. සැප සේ වැඩී ‍ගිය බිසවු ‘නො බව මැනැව ‘යි යන වචන මාත්රබය කු ත් නො ලබන්නානහු දුකින් පීඩිත ව රාත්රිරය මුළුල්ලෙහි නින්දක් නො ලදහ. ඒ රාත්රිු ය පහන් ව ගිය කල්හි වැසි වලා පහ වීම ද අරුණු නැඟීම ද, දරුවන් වැදීම ද, එක විට ම වි ය. බිසවු මෙඝ ඍතුව ද, පර්ව ත ඍතුව ද, අරණු ඍතුව ද, ගෙන උපන් හෙයින් පුතණුවන්ට උදේනි කුමාරයෝ ය යි නම් තැබූහ.



200 සද්ධර්මතරත්නාවලි ය

අල්ලකප් තාපසයන් වසන්නා වූ පන්සල ද ඒ නුග ගසට නුදුරු තැන්හි වි ය. ඔහු ස්වභාවයෙන් ම වැසි දවස් ශීත භයින් වනයට වැද්ද නො හී ඒ ගස මුලට ගොසින් පක්ෂීන් හා හෙලූ ඇට අවුළාගෙන තළා පියා රස කකාරා බොති. එ සේ හෙයින් එ දවස් ද ඇට අවුළා ගෙනෙමි යි සිතා එ තැනට ගොසින් ගස මුල ඇට සොයන්නාහු ගස උඩ හඬන්නා වූ කුමාරයන් ගේ ශබ්ද ය අසා උඩ බලා බිසොවුන් දැක ‘තෙපි කවුරු දැ’ යි විචාරා ‘මම මනුෂ්යම ස්ත්රිටයක්මී’ කී කල්හි මෙ තැනට කෙ සේ අවු දැ යි විචාරා තමන් පක්ෂීහු ගෙනා පවත් කි කල්හි ‘ එ සේ වී නම් බැස පියව’යි කී ය. ‘මාගේ ජාතියට විරෝධයක් වෙති - භය ඇත්තෙමි. ස්වාමීනි’ යි බිසොවුන් කී කල්හි ‘තෙපි කවර ජාතියෙහි කෙණෙක් දැ’ යි විචාරා ‘මම ක්ෂ ත්රිීය ජාතියෙහි ය’ යි කී කලන්හි ‘මම ද ක්ෂ ත්රිීය ජාති ඇත්තෙමී’ කී .

‘ එ සේ වී නම් ක්ෂවත්රිිය මායම් කියව’ යි කී කල්හි ක්ෂිත්රිීය මායම් කියා ‘එ සේ වුවහොත් ගසට නැඟි මාගේ පුතණුවන් බා ගන්ව’ යි කී කල්හි තාපසයෝ එක් දසාවකින් ‍ගසට නැගෙන උපායක් ඉදි කොට උඩට නැගී දරුවන් පළමු කොට ගසින් බහා. පසු ව බිසොවුන් බාගෙණ පංසලට ගෙන ගොසින ශීල භෙදයක් නො කොට උන් කෙරෙහි ම අනුකම්පාවෙන් පණු පිළවුන් නො වන් මි හා සයඤ්ජාත හැල් ගෙනවුත් මැඬ කැඳ පිස දුන්හ. මෙ‍ සේ ඔවුන් රක්නා කල්හි බිසවු සිතන්නාහු ‘මම මා පක්ෂීහු ගෙන ආ හෙයින් මනුෂ්යස පථයෙහි සිට ආ මඟත් නො දනිමි. නැවත මෙ තැන සිට යන මඟ ත් නො දනිමි. මේ තාපසයන් හා මාගේ කිසි විශ්වාසයකු ත් නැත. ඉදින් මේ තාපසයෝ අප හැර පියා බැහැර කිසි තෙනකට ගියාහු වී නම් අපි දෙ දෙන මේ තැන්හි ම මරණට පැමිණෙම්හ. එ සේ හෙයින් මොවුන් අප නො හරන පරිද්දෙන් ම මොහු ශීල භෙදයට පමුණුවා කාම පාශයෙන් බැඳ රඳවා ගත මැනැව’යි සිතා -

      “මුට්ඨස්සති කා බන්ධන්ති - පෙක්ඛිතෙන මිහිතෙන ව

අථො’ පි දුන්නිවත්ථෙබන - මඤ්ජුනා භණිතෙන ච”

යනු ස්ත්රීුන්ගේ ස්වභාව ධර්මනයක් හෙයින් ස්වභාවයේන ම රසවත් වූ රජ කුලෙහි උපන්නා වූ තාපසයන්ට හැඳි වස්ත්ර ශීථිල කිරීම ආදීන් මනහර ලොහ කටයුතු වූ ප්රීදෙශ දක්වා තාපසයන් ශීල භෙදයට පමුණුවා එ තැන් පටන් දෙ දෙන ම සමඟ වාසයෙන් වෙසෙති.



				19.	උදෙනි වස්තුව			            201

ඉක් බිති එක් දවසක් තාපසයෝ නක්ෂකත්ර යොගයන් බලන් නාහු කොසඹෑ නුවර රජ කරන්නා වූ පරන්තප රජ්ජුරුවන් ගේ ජන්ම නක්ෂනත්රහයට වූ පීඩාවක් දැක බිසොවුන්ට කියන්නාහු ‘සොඳුර, කොසඹෑ නුවර රජකරන්නා වූ පරන්තප රජ්ජුරුවෝ මළහ’ යි කීහ. ඒ අසා බිසවු ‘ස්වාමිනි, කුමක් නිසා එ සේ කියන සේක් ද? ඒ රජ්ජුරුවන් හා වෛරයෙක් ඇද්දැ’යි කීහ. එ කල තාපසයෝ කියන්නාහු ‘සොඳුර, එ සේ නො ‍කියව, මා ඔවුන් හා වෛරරෙයක් නැත. ඒ රජ්ජුරුවන්ගේ ජන්ම නක්ෂ ත්ර,යට වූ පීඩාවක් දැක ය මා කියන්නේ ය’යි කීහ. එ බස් අසා බිසවු මහා ශොක පත් ව හඩන්ට පටන් ගත්හ. තාපසයෝ ‘කුමක් සිතා හඬවු දැ’යි විචාරා එ බිසවු තමන් කොසඹෑ නුවර පරන්තප රජ්ජුරුවන්ගේ බිසොවුන් බව කී කල්හි තාපසයෝ කියන්නාහු ‘සොඳුර, ‍ශොක නො කරව, උපන් සත්වවයෝ මරණ එකාන්ත ය’ යි කීහ. ඒ අසා බිසෙවු ‘උපන් සත්වොයන්ට මරණ නියත බව දනිම් මැ’යි කී කල්හි ‘එ සේ කල කුමක් කිසා හඬවු දැ’ යි විචාරා ‘මා හඬන්නේ ම පුතණුවන්ට පියාණන් සන්තක රාජ්යසය ලබන තරම් පින්ක් නැති හෙයිනැ’ යි කීහ.

ඒ අසා තාපසයෝ එසේ වූව ‍ශොක නො කරව . තොපගේ පුතණුවන් රාජ්ය ය ලබන්නා වූ උපායක් මම දනිමී’ යි කියා රාජ කුමාරයන් කැඳවා ‘හස්තිකාන්ත වීණාව ඔවුන්ට දී හස්තිකාන්ත මන්ත්ර ය උගන්වා නො එක් දහස් ගණන් ඇතුන් නුග රුක මුළට රැස් වන දවස් කුම‍ාරයන් කැඳවා ‘ කුම‍ාරයෙනි තෙපි ඇතුන් එන්නාට පළමු කොට නුග රුකට නැගී වෙළෙප් මත්තෙහි හිඳ ඇතුන් මුළුල්ලත රැස් වූ කල්හි මේ මන්ත්රගය කියා මේ මෙ තත ගසව සියලු ඇත්තු ම තොප දිසාව පෙරළී බැලිය නො හී පලා යන්නාහ. එ සේ ඇතුන් ගිය කල්හි තෙපි ගසින් බැස මා කරා එව’යි කීහ. කුමාරයෝ එපරිද්දෙන් ම කොට ‍අවුත් එ පවත් තාපසයන්ට කීහ. ඉක් බිති තාපසයෝ දෙ වන දවස් කියන්නාහු අද තෙපි ගසට නැගි ඇතුන් ආ කල්හි මෙ මන්ත්ර්ය කියා මේ තත ගසාලව එ සේ කල්හි ඇතුන් තොප දවාස ‍ෙපරළි බල බලා දිවෙතී’ යි කියා යවූහ කුමාරයෝ ද එ දවස් එ පරිද්දෙන් ම කොට අවුත් තාපසයන්ට කීහ. ඉක් බිති තාපසයෝ බිසොවුන්ට කියන්නාහු තොප ගේ පුතණුවෝ තමන් පියාණන් සන්තක රාජ්ය්ය ගනිති. උන්ට හස්නක් කියා නික්මවා පියව’යි කීහ.

එ කල්හි බිසවු පුතණුවන් කැඳවා කියන්නාහු ‘පුත තෙපි කොසඹෑ නුවර පරන්තප රජ්ජුරුවන්ගේ පුත‍ණුවෝ ය. තොපට 202 සද්ධර්මනරත්නාවලි ය.


මා දැරි ඇති කල්හි මා පක්ෂීහු ගසා ගෙන ආ බව කියා ඒ දෙශයෙහි සෙනෙවි රදුන් ආදීන්ගේ නම් සලකුණු මෙ සේ කියව. ඉදින් නො අදහත් නම් තොපගේ පියාණන් අත ලන මේ මුන්ද හා පොරොනා පළස හා දක්වා ලව’ යි පළස හා පේරැස් මුන්ද දී සලකුණු අසුන් කීහ. කුමාරයෝ තාපසයන් කරා ගොසින් ‘මෙ විට කුමක් කෙරෙම් දැ’යි විචාළහ. තාපසයෝ ‘අද තෙපි නුඟ ගසට නැඟී ‍පාත අත්තේ හිඳ මේ මන්ත්රඅය කියා මේ තත ගසා ලව. එ සේ කල්හි සියලු ඇතුන්ට නායක වූ ඇත් රජ තෙම තොපට පිට දී අවුත් සිටිනේ ය. තෙපි ඔහු පිටට නැඟී ගොස් තොප පියාණන් සන්ත රාජ්ය ය ගනුව’යි කීහ. එ බස් අසා කුමාරයෝ මෑණියන් හා තාපසයන් වැඳ අවසර ගෙන පලා ගොස් නුග ගසට නැඟි පාත අත්ත මත්තේ හිඳ මන්ත්රව ය පිරිවහා වීණාවෙහි තුන් වන තත ගසා ලූහ. එ වේලෙහි ඇත් මුළට නායක වූ මහ ඇත් රජ නැමි නැමී අවුත් පිට දින. එ වේලෙහි ඔහු පිටට නැඟී ‘මම කොසඹෑ නුවර පරන්තප රජ්ජුරුවන්ගේ පුතණුවෝ ය. මට පියාණන් සන්තක රාජ්යප ය ගෙල දෙව’ කියා ඇතු කනට කොඳුරා කීහ.

ඒ ඇත් රජ එ බස් අසා නො එක් දහස් ගණන් ඇතුන් රැස් ‍වන පරිද්දෙන් මහත් කොට ගර්ජනා කෙළේ ය. ඒ හස්ති ගර්ජනාව අසා නො එක් දහස් ගණන් ඇත් සෙනඟ රැස් වූහ. ඉක්බිති වැඩි මහලු ඇතුන් හා බාල ඇතුන් දුරු වන පරිද්දෙන් ඊට සුදුසු හඬින් ගර්ජනා කෙ‍ළේ ය. ඒ හඬ අසා මහලු ඇතුන් හා ඉතා බාල ඇත්තු දුරු ව ගියහ. ඉක්බිති රාජ කුමාරයෝ ද හස්තීන් දහස් ගණන් පිරිවරා පසල් ගමකට ගොසින් ‘මම පරන්තප රජ්ජුරුවන්ගේ පුත‍ණුවෝ ය. සම්පත් කැමැති කෙණෙක් මා හා කැටි ව එත්ව’ යි බොහෝ දෙනා කැඳවා ගෙන ආ ආ මනුෂ්ය යන්ට සංග්රිහ කෙරෙමින් රාජ්යව ය සමීපයට ගොස් නුවර වට කොට ගෙන මා හා සමග යුද්ධ ය හෝ කළ මැනව. රාජ්ය ය හෝ දුන මැනැවැ’ යි කියා අසුන් යවූහ.

අමාත්ය යෝ එ පවත් අසා ‘අපි රාජ්ය ය ත් නො දෙම්හ යුද්ධ ත් නො කරම්හ. අපගේ රජ්ජුරුවන් වහන්සේගේ බිසොවුන් වහන්සේ ගර්භිණි අවස්ථාවෙහි ම පක්ෂියෙක් ගසා ගෙගන ගියේ ය. එ බිසොවුන් වහන්සේ ඇති බව ත්, නැති බව ත්, නො දනුම්හ. එ පවත් නියම දැන පියන තෙක් අප දෙන රාජ්යායක් නැත. කරණ සටනු ත් නැත’ යි කියා යවුහ. එ තෙපුල් අසා රාජකුමාරයෝ ‘එ සේ වුව හොත් මම ඒ රජ්ජුරුවන්ගේ


20. ඝොෂක සිටාණන් ගේ කථාව 203

පුතණුවේ ය’ යි කියා බිසොවුන් කී පරිද්දෙන් සෙනෙවිරත් ආදීන්ගේ නම් සලකුණු කිය යවා එ සේ ත් නුවර වාසීන් නො අදහස හෙයින් රජ්ජුරුවන් අත ලූ මුන්ද දැක හැඳින ගෙන සැබැවැ යි ගිවිස ගෙන නුවර දොර හැර මහත් වූ රජ පෙරහරින් රාජ කුමාරයන් ඇතුළු නුවරට ගෙන වොටුණු පළඳවා රාජ්යරයෙහි පිහිටු වූහ.

මේ උදේනි රජ්ජුරුවන්ගේ උත්පත්ති කථා ක්රෙමය යි. _______________

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_iv&oldid=5680" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි