37. පුත්ර්වස්තුව

තවද මෙහි දෙවන පුත්ර්වස්තුව* නම් කවරැ යත්? හේ මෙසේ දතයුතු:-

එක් සමයෙක්හි ලඞකාවීපවාසී වු මහණ සැටදෙනෙකුන් වහනසේ බුදුන්ගේ ජයමහාබෝධීන් වහන්සේ වඳනා කැමැති ව එක් ව කථා කෙට ගොස් මාවටුතොටින්1 නැව් නැඟී ක්රකමයෙන් දඹදිව් බැස තමංල්ගමු නම් පටුන්ගමට වැඩ එ තැන් පටන් නියම්ගම් රාජධානි පිළිවෙලින් දනව් සැරිසරා පැළලුප්නුවරට පැමිණ දෙවන දවස් නුවරට සිඟා2 වන්සේක. එකල්හි එ නුවරැ දුප්පත් මිනිසෙක් සිඟා වඩනා ඒ සැටදෙනා වහන්සේ දැක බුඬපුත්ර වූ සඞඝයාවහන්සේ බොහෝ දවසෙකින් දැකපූම්හ යි සතුටු වූ සිත් ඇති ව භාය්යාවූ ව කැඳවා එම්බා සොඳුර, මේ ආය්ය්ම්හයන් වහන්සේට දනක් දෙන්නා කැමැත්තෙමි. පෙරැ අපි පින් නොකළ හෙයින් දුප්පත්3 වූම්හ. දැන් මේ පින්කෙතෙහි කුසල් නැමැති බුජුවටක් රෝපණය නො කළමෝ නම් නැවැතත් මෙසේ ම දුප්පත්3 වම්හ. එබැවින් ගෙයි දෙන්ට නිසි දානවස්තුවෙක් ඇද්දැයි විචාළේය. එ තෙපුල් අසා ඔහුගේ භාය්යා්ට නතොමෝ ස්වාමිනී, අපගේ මේ ගෙයි දන් දෙන්ට නිසි කිසි වස්තුවෙකුත් නැත. එතෙකුදු වුවත් එක් උපායෙක් ඇත. අපගේ මේ දරුවන් මරාපුව හෝත දන් දෙන්ය පිළිවනැයි කිව.

එ බස් අසා පුරුෂයා කියනුයේ එම්බල භද්රා ව,4 දරුවන් මරා කෙසේ දන්දෙමෝ දැයි කීය. එකල්හි ඒ ස්ත්රීක කියන්නී, කිමෙක් ද ස්වාමීනි, මෙපමණකුත් නොදන්න සේක් ද? අපගේ දරුවන් මළ කල්හි අප දෙපක්ෂුයෙහි නෑයන් හා සෙසු යහළු


‍ෙතහාතික වර්ගිය 407

මිත්රතයෝ එ පවත් සා අප සමීපයට එන කලැ යම්තම් වීනමුත් කනබොන දෙයක් ඇරැගෙන එන්නාහු ම ය. අපි ඒ පඬුරු ඇරැගෙන දන් දෙම්හ යි කිව. එකල්හි ඒ උපාසකයා ද යහපත, එසේ ම කරව යි කියා පුතණුවන් මරන්ට උන්ගේ මෑණියන්ට ම භාර කෙළේ ය. ඕ තොමෝ පුතු මැරිය නො හී ස්නේහයෙන්1 කියන්නී, නිලුපුල්පෙති පරයන නිලනුවන් හා කොසඹපතට බඳු වූ යහපත් වැමසඟ‍ළක් ඇති අම්ම, මෑණීයෙනි යි ප්රිාය2 තෙපුල් කියකියා සතුටු වඩවා ඇවිදුනා වූ3 දුක සේ ලත් එක ම පුත්රයයා කවරෙක්4 නම් මැරිය හේද? ඉදින් මරන්නෙම් වී නමුත් එ කල්හි අම්ම, මෑණියෙනි යි මාගේ නම ම කියකියා හඬයි. එසේ හෙයින් දරුවන් මැරිය නො හෙමි. මාගේ ළය මහසුළඟින් වෙටුළන ළදපල්ලවයක් මෙන් ඉතා ම කම්පා වන්නේ ය යි කිව.

එසේ හෙයින් කියන ලදුව :-

“කිච්ඣා ලඬා පියං පුත්තං, අම්ම‘ම්මාති පියංවදං, සුනීලන්තේතං සුගමුං5 කොපක්කමිතු ‘මිච්ඡති.

මාතාරා මාරියනෙත්තාපි, මාතරමෙව රොදති, මාරෙතුං තං න සක්කෝමි, හදයං මෙ පවධති” යි.

මෙසේ ද කියා ඉක්බිති ස්වාමීනි, මම දරුවන් මැරිය නො හෙමි. නුඹ අතින් ම මොහු මරාපිය මැනවැයි පුතණුවන් උන්ගේ පියාණන් සමීපයට යවූ ය.6 එ කල්හි ඔහුගේ පියාණෝ ද පුතණුවන් මැරිය නො හී කියන්නාහු, පිරිමිදරුවෝ තමන් වැඩූ පියන්ට7 දුකක් පැමිණි අවස්ථාවෙහි ඔවුන් ඒ දුකින් ගලවා රක්ෂාි කරන හෙයින් පුත්රා ය යි කියන ලදහ. පිරිමි දරුවෝ නම් හැමකල්හි තමන් වැඩූ පියන්ට7 පැමිණි දුක්සැප සියල්ලට දායාද ව සිටිනාහ. එසේ හෙයින් ඉතා කන්කළු වූ මිහිරි තෙපුල් කිය කියා ළය සනහන මා හා එක් වැනි වූ මේ බාල දරුවන් සොඳුර, මම දැන් මරාපිය8 නො හෙමි. තවද අන් කාරණයෙකුදු ඇත. තමන්ගේ දරුවන් මැරුවාහු මෙ ම ජාතියෙහි බොහෝ අපකීර්ති අසා සියල්ලවුන් විසින් කරනු ලබන නින්දාාවට පැමිණෙන්නාහ. තවද එ ම ප්‍රාණාතිපාතය කළා වූ ඒ අකුසලයෙන් මතු ඒකාන්තයෙන් බොහෝ දුක් විඳිනාහු ම ය යි කීහ.


408 සද්ධර්මාසලඞකාරය

එ‍සේ හෙයින් කියන ලදී:-

“තායන්ති පිතුනො දුක්ඛං, පුත්තා පුත්තා‘ති කිතතිතා, පිතු දුක්ඛං සුඛං පුත්තා, දායාදා හොන්ති සබ්බදා.

තස්මා මෙ සදිසං පුත්තං, පිල්ලකං මඤජුභාසනං, න ස‍ක්කෝමි අගං භදදේ, ඣීවිතා තං වියොජිතුං.

අයසඤච අකිතතිං ච, පප්පෝති පුත්තඝාතකො, පානාතිපාතකම්මම්පි, කාමං සො ඵසතේ නරො” යි.

මෙසේ ද කියා ඉක්බිති ව උපාසක තෙම තොපගේ දරුවන් තෙපි ම මරාපියව යි කියා පුතණුවන් උනගේ මෑණියන් සමීපයටම යවී ය. මෙසේ ඔහු දෙදෙන පුතු මරන්ට උපායක් සොයන්නාහු අපි දෙදෙනම ම මරාපිය නො හම්හ. අප වසන ගොයැ පිටිපස්සෙහි තුඹසැ ඇතුළෙහි එක් නාගරාජයෙක් වෙසෙයි. මේ දරුවන් එ තන්හි යවම්හ. ඒ නාරජ මොහු දෂ්ට කොට මරන්නේ ය යි මෙසේ ඔහු දෙමහල්ලෝ මේ උපාය සිතා ඒ තමන්ගේ පුතණුවන් කැඳවා අඳුන් තෙල් ගා වැල් වළලු ආදියෙන් සරහා ඔවුන් අතට හූවටක් දී එම්බා පුතඬ, ගෙයි පිටිපස්සෙහි තුඹසැ සමීපයට ගොසින් කෙළනැයි යවූහ. එකල්හි ඒ බාලදරුවෝ දෙමවුපියන් කී පරිද්දෙන් ම ගොස් හූවට උඩැ දම දමා කෙළනාහු අත වැරැදි ගොස් තුඹස්බිලෙහි1 හූවට හෙළාපීහ. 2 ඉක්බිති3 කුමාරයෝ හූවට ඇරැගනිමි සිතා තුඹස් සි‍දුරෙහි අත ලූහ.

එකලැ එහි වසන නාගරාජයා කිපී කම්මල්සමක් මඩනා සේ4 සුස්මමින් මහත් වූ පෙණය කොට තුඹස්බිලියෙන් හිස ඔසවා මරහු අතින් ගිලිහී බිමැ හුණු මාරපාසයක් මෙන් අතිභයංකර ව කුමාරයන් මුහණ බලා සිටගත. එවේලෙහි කුමාරයෝ තමන් කිසිවක් නොදන්නා ඉතා බාල හෙයින් නයා බව නො දැන ඔහුගේ ග්රී වය තද කොට අල්වා ගත්හ. එකල්හි ඒ මවුපියදෙදෙනාගේ ශ්ර ඬාබලයෙන් නාරජ්ජුරුවෝ කැමැති කැමැති වස්තුව දෙන තමන් කරැ බඳනා අෂ්ටාංග5 වූ කණ්ඨමාණික්යැරත්නය6 කුමාරයන්ගේ හස්තතලයෙහි එළූහ. 7 එ‍කණෙහි ඒ කුමරුවාගේ මවුපියදෙදෙන තමන්ගේ බාල දරුවන් කරන ඒ සියලු ක්රිඨයාව බලබලා පෑළදොරසමීපයෙහි නො පෙනී සිටියාහු කුමාරයන් නාරරජහුගේ ර්ගීකවය ඇල්ලූ නියාව ද, උන්ගේ අත්ලෙහි බබළන්නා වූ මාණික්ය‍රත්නය ද යන සියල්ල ම දැක වහා දිවගෙන ගොස් පුතණුවන් ශසවා වඩාගෙන අතැ තිබූ මාණික්යමරත්නය අරැගත්හ.

තෙහාතික වර්ගයය 												409

ඉක්බිති ඔහු ඒ මාණික්යයරත්නය සුදක්1අතුට සරහන ලද පිරිසිදු ආසනයක් මත්තතෙහි තබා මල්පහන් සුවඳ ආදිය පුදා සත්කාර කොට අපට වස්තු දුන මැනැවැයි ආරාධනා කාට මාණික්යාරත්නයට පැන් ඉස්සහ. ඔවුන් කැමැති තැමැති වස්තු සියල්ල ම ඉන්ර්යා ජාලයක් මෙන් එකෙණෙහි නිර්මිත ව පෙනී ගියහ. මෙසේ ලබන ලද වස්තු ඇත්තා වු ඒ දෙමහල්ලෝ එ ම මාණික්යෙරත්නයෙහි ආනුභාවයෙන් තමන්ගේ ගෙදොර සමීපයෙහි මහත් වූ මණ්ඩපයක් කරවා උඩ සුදු වියන් ආදියෙන් අලඞකාර කොට බිමැ සුවඳ පිරිබඩ ගෙන ලදපස්මල් ඉස සුවඳ තෙලින් පහන් දල්වා හිඳිනා අසුන් පනවා ලඞකාවීපයෙහි සිට අවුත් ව වැඩි සටැ කී සැටදෙනා වහන්සේට ආරාධනා කොට කැඳවාගෙන අවුත් වඩා හිඳුවා මෙනම් දෙයක් මෙහි නැතැයි නොකියන පරිද්දෙන් මහදන් දුන්හ.

ඉක්බිති පැළලුප්නුවරවාසීහු ඒ මාණික්යදරත්නයෙහි ආනුභාවය අසා බොහෝදෙන‍ා රැස් වූහ. ඔහු දෙමහල්ලෝ නුවරවැසි ඒ මහජනයා මඬ්යදයෙහි තමන්ගේ ශ්රමඬාබලයෙන් ඒ මාණික්ය රත්නය ලත් බව ආදියෙහි පටන් ප්ර‍කාශ කොට කියා මේ මාණික්යලරත්නය දානවිෂයෙහි ම පරිත්යාතග කරම්හ යි එක් තෙනැක2 නිධාන කොට පිහිටුවා ඒ මාණික්යිරත්නයෙහි ආනුභාවයෙන් දන් දෙමින් සිල් රකිමින් පොහොයැ පෙහෙවෙමින් බොහෝ කුසල් කොට ආයුකෙළවරැ දෙව්ලොව දෙව්ලොවැ උපන්හ. මෙසේ මේ මනුෂ්යළලෝකයෙහි සමහර ශ්ර්ඬාවත් සත්ත්වියෝ තමන් වැදූ දරුවන් කෙරෙහි පවා ‍ප්රේයමය සිඳ හැර පියා මතු ලබන්නා වූ ස්වර්ගමෝක්ෂහසම්පත් පිණිස දන් දෙන්නහු ම ය. එඉැවින් දානයෙන් සිඬ වන විපාකවිශේෂය විශේෂයෙන්3 සිහි කරන්නා වූ දන් දෙන්ට පොහොසත් සම්පත් ඇති කවර නම් මනුෂ්ය යෙක් දන් නො දේ ‍ද? ඒකාන්තයෙන් දන් දෙන්නේ ම ය. එසේ හෙයින් පින්වත් සත්ත්වපයෙනි, තම තමා ශක්තිපමණින් පිළිවන් කුසල් කොට ස්වර්ගිමොක්ෂතසම්පත් ශක්තිපමණින් පිලිවන කුසල් කොට ස්වගර්ග මෝක්ෂ්සම්පත් සාදා ගත4 මැනැවි.

කියන ලදුයේ මැයි :-

“ජෙත්වා න පෙමං අපි අත්රරජෙසු දදන්ති දානං ඉධ මානුසෙවං, න දෙති කො නාම නරො සමිදේධා දානං හි දානස්ස ඵලං සරන්තො” යි.

410 සද්ධර්මාසලඞකාරය

මෙ තෙකින් මෙහි දෙවන පුත්රකවස්තුව කියා නිමවන ලදී.

38. ස්වර්ණරතිලකාවස්තුව

තවද මෙහි තුන් වන ස්වර්නයතිලකාවස්තුව ‍නම් කවරැ යත්? එහි පිළීවෙළ කථාව මෙසේ දතයුතු:-

ලඞකාවීපයෙහි අනුරාපුරනුවරැ1 ශ්රසද්ධාවත් වූ එක්තරා ස්ත්රිකයක් නිරන්තරයෙන් මල් කඩා ගෙනවුත් අභයගිරිවෙහෙරැ2 දාගබට පූ ජා කරන්නීය. ඉක්බිත් එක් දවසෙකැ ඒ ස්ත්රික තොමෝ තමාගේ බාල දුවක3 කැඳවාගෙන දාගබට මල් පුදන පිණිස ගොසින් මල්සුන්ගෙයි පැන නො දැක මල්පැස දුව4 අතට දී ලැන් ගෙනෙනු සඳහා කළය රැගෙන පොකුණට ගියා ය. 5 එකල්හි ඒ ස්ත්රිෙයගේ දූ තොමෝ මලස්න නො සෝධා අත ශුඬ නො කොට තමාගේ මව නො එන තෙක් මල් මිටක් ඇරැගෙන මණ්ඩලාකාරයෙන් වට කොට පුදා මෙසේ ප්රා්ර්ථනා කළාය. කෙසේ ද යත්? මහත් වූ වීය්ය් ප ඇති අනන්ත ඥාන‍යෙන් යුක්ත වූ ස්වයම්භූඥානයෙන් සියල්ල ගෙවා දත්තා වූ6 මුළුලොවට හිතාන්රකවසි වු තුන්ලොවට අසහායනායක වූ ලෝකස්වාමි වූ අනාතනාත වූ භාග්යුවත් වූ ත්රෛලලෝකයශසතෘ වු බුදුරජාණන් වහන්සේ උදෙසා දැන් මා විසින් කරන7 ලද්දා වූ මේ මල්පූජාවෙහි අනුසසින් මතු සසරැ මම උපනූපන්ජාතියෙහි යහපත් රූ ඇති වෙම්ව යි ම‍නොඥ වූ ආරෝහපරිණාමයෙන් යුක්ත වෙම්ව යි ශරත් කාකලයෙහි ගුවන්මැඳැ දිලිසෙන සූය්ය්ෝහ මණ්ඩලය පරිද්දෙන් මගේ සියලඟින් රශ්මිමාලාවෝ විහිදෙත්ව යි මා දුටුවා වූ යම් ම පුරුෂයෙක් කාමයෙන් මුර්ජා ව හේව යි8 ලියකිඳුරියන්ගේ නාද මෙන් සියල්ලවුන් ළඟන්නා ඉතා කන්කලු වූ මිහිරි කටහඬක් ඇති වෙමිව යි යනාදීන් මෙසේ ප්රානර්ථනා කළා ය.

එසේ හෙයින් කියන ලදී:-

“මහාවීරස්ස ධරස්ස, සයම්භුස්ස මහෙසිනො, තිලෝකග්ගස්ස නාථස්ස, භගවන්තස්ස සත්ථවනො

සමහං පූජයිං පුප්ඵං, තස්ස කම්මස්ස වාහයා, රූපිනං පවරා හෙස්සං, ආරොහපරිණාහවා



තෙහාතික වර්ගහය 411

මං දිත්වාර ප්රිසා සබ්බේ, මුය්හන්තු කාමමුචජ්තා, නිච්ඣරන්තු සරීරා මෙ, රංසිමාලිව රංසියො.

හදයඞගමා කණ්ණාසුඛා, මඤ්ජුවාණි සුභා මම, කින්නරානං ටථා වාණි, එවමෙවං පවත්තතු” යි.

මෙසේ මල් පුදා ප්රාෙර්ථනා කළ ඉක්බිති ඒ කුමාරිකාවන්ගේ මෑණියෝ අවුත් තමන් දියණියන් මලස්න ශ්රකඬ නො කොට මල් පිදූ බව දැක එම්බල චණ්ඩා‍ලකෙල්ල, අත්යොන්නනිර්ම ල වූ බුදුරජාණන් වහන්සේට මලස්න නො සෝධා කුමක් පිණිස මල් පිදි ද? තී කළේ කටයුත්තෙක් නො වෙයි. ඒ අසා කුමාරිකාවෝ මෑණියන්ට කිපි චණ්ඩාලකෙලී නම් තෙපි ම ය යි කියා තමන් මෑණියන්ට බිණුහ. මෙසේ ඒ කුමාරිකා‍වෝ මෙ පමණ කුසල් අකුසල් කොට මෑත භාගයෙහි එයින් චුත ව දඹදිවැ උත්තරමධුරා නම් නුවරැ වීණා ගායනා කරන එක්තරා චණ්ඩාලබ්රාඹහ්මණයක්1 හට දූ ව උපන්හ.

එකල්හි පළමු කළ ප්රාාර්ථනා වූ පරිද්දෙන් විශිෂට වූ රූ ඇති වූහ. ඔවුන් සියලඟින් විදුලිකලඹයක් වැනි රශුමිමාලා සමූහයෝ නික්මෙති. හාත්පසින් සතරරියන් පමණ තන්හි ශරීරාලෝකයෙන් ම අන්ධූකාර දුරු ව ඒකාලෝක වෙයි. මුඛයෙන් මහනේල මල් සුවඳ හමා බස්සී.2 ශරීරයෙන් සඳුන් සුවඳ වහනය වෙයි. ඔවුන් දෙතනමැඳැ රන්වන් තිලතාහරනයෙක් මැවිණ. ඒ තිලකාහරණයෙන් අභිනවබාලාකී මණ්ඩල සේ රශ්මිසමූහයෝ නික්මෙති ඒ කුමාරිකාවන් දුටු දුටු පුරුෂයෝ බොහෝ සේ ම උමතුවූවන් මෙන් කාමයෙන් මත් ව විසංඥ වෙති අහෝ! කුශලාකුශලකර්මවයන්ගේ ආනුභාවය නම් ඉති නොසිතිය හැක්කේ ම ය. හේ එසේ මැයි.

ගියජාතියෙහි ඒ කුමාරිකාවෝ යම් ක්රෝයධයක් ‍හේතුකොට ගෙන තමන් වැදූ මෑණියන්ට චණ්ඩාලකෙල්ලැයි බිණුවාහූ ද, ඒ අකුශලකර්මආය නිසා උත්තමජනයන් විසින් පිළිකුල් කටයුතු වූ3 හීනජාතියෙහි චණ්ඩාල ව උපන්හ. එ ම කාලයෙහි ඒ කුමාරිකාවෝ බුදුන්ගේ තුන්ලෙව්හි ව්යාණප්ත ව සිටි නවඅරහාදී වූ ගුණධර්මෙයන් සලකා යම් මල්පූජාවක් කළාහු ද, ඒ කුශලකර්මරයාගේ ආනුභාවයෙන් බැලුබැලුවන්ට ඉතා පියකරු වූ මනොඥ රූ ඇති වූහ. මේ ලෝකයෙහි යම් කිසි කෙ‍නෙක් යම් යම් ආකාරයෙකින් පින් පව් දෙක ම කාලාහූ වී නම් ඔහු තමන් විසින් කරන ලද්දා වූ ඒ ඒ කුශලාකුශලකර්මමයට සුදුසු පරිද්දෙන් මනොඥ වු නානාවර්ණ වූ මොනරුන් මෙන්

412 සද්ධර්මාසලඞකාරය

එහි විපාක ලබන්නාහු ම ය. මයුර ජාතීහු වනාහි පූර්වුජන්මයෙහි කළ එක් අකුශලයෙකින් තිරිසන් යෝනියෙහි උපදනාහ. අනික් කුශලකර්මිබලයෙකින් නානාවර්ණහ ව ඉතා පැහැපත් වූ වර්ණු සෞන්දහය්ය්සේටයෙන් යුක්ත වෙයි. එබැවින් මොනරුන්1 තිරිසන් යෝනියෙහි උපදනේ අකුශලකර්මිබලයෙන් ම ය. නානාවර්ණ ව නොයෙක් පැහැයෙන් යුක්ත ව රූපවත් ව උපදනේ පූර්වෙජන්මවලැ2 කළා වූ වෙන වෙන කුශලකර්ම බලයෙන් ම ය. මෙසේ මොනරුන්ගේ කුශලාකුශලකර්මර විභාගය මෙ කී පරිද්දෙන් දත මැනව.

එසේ හෙයින් කියන ලදී:-

“යෙන සා කොධසා මාතු, චණ්ඩාලි ඉති හාසි ව, 3 තෙන සා ආසි චණ්ඩාලි, ජිගුච්ඡා හිනජාතිකා.

සල්ලක්කෙත්වාණන සම්බුඬගුණං පුජෙසි යං තදා, තෙන පුඤ්ඤානුභාවෙන. යා‘සි රුපී මානෝරමා.

යෙන යෙන පකාරෙන, පුඤ්ඤපාපාති යො කරෙ, තස්ස තස්සානුරූපෙන, මොරො‘ව ලභතෙ ඵලං.

පාපෙන ච තිරච්ඣානෙ, ජායන්ති කුසලෙන තෙ, වණ්ණපොක්ඛරතා හොති, මොර‍ානා කම්මමිදිසං” යි.

ඉක්බිති ඒ කුමාරිකාවන්ගේ මවුපිය දෙදෙනා ඔවුන්ට ස්වර්ණමතිලකා ය යි නම් තිබූහ. එකල්හි උත්තරමධුරා නම් නුවරැ මනුෂ්යියෝ ඒ කුමාරිකාවන්ගේ රූපසම්පත්තිය ඇසිමෙන් හා දැකීමෙන් ඔවුන් කෙරෙහි අතිශයන් ඇලුණා වූ සිත් ඇත ද මෝ තොමෝ සැඪොල්දුවකැයි අනුන් කියන නින්‍ාණ බසට භයින් ආවාහ කොට නො ගෙන යති. ඉක්බිති ඒ උත්තමධුරා නම් නුවැරැ නායක චණ්ඩාලබ්රා්හ්මණයාගේ පුත්‍තියෙක් ඒ ස්වර්ණුතිලකාව නිසා ඇගේ මවුපියන් සමීපයට වස්ත්රාගභරණ මල් බුලත් ආදිය ගෙන ගොස් දී ස්වර්ණාතිලකාව පාවාදුන මැනැවැයි කියා යවීය. ඔහු4 එ පවත් සවණිතිලකාවන්ට කීහ.ඕතොමෝ එ පවත් අසා චණ්ඩාල බ්රාතහ්මණයාගේ පුත්ර.යාට පිලිතුල් ව නොයෙක් ආකාරයෙන් ආක්රෝශපරිභව බැණ නින්දාු කළා ය. එකල්හි බ්රා හ්මණපුත්රපයා මහත් වූ ලජ්ජාවට පැමිණ රජ්ජුරුවන් සමීපයට ගොස් තමාගේ වීණාව මුසන් සිටුවා සාදා5 ගායනා කරනුයේ:-

“ලලනාන්තානි චල්ලෝවනාති තරුණාරැණානි චලිතාධරානි, මනුජො හි යො නෙත්තපියං කරොති සතු නිච්ජාතිම්පි නො ජහාති”

තෙහාතික වර්ගමය 413

යනාදීන් ජනප්ර්ධාන වූ රජ්ජුරුවන් වහන්ස්, ඔප් නැඟූ රන්කැටපතක්1 මෙන් බබළන්නා වූ ස්ත්රිාන්ගේ මුහුණ දැලැ බැඳුණු මසුන් මෙන් චලිත ව ‍ලීලෝපිත වූ නෙත්ර යක් ඇත්තේ ද, තරුණහිරුරැස්කලඹක් මෙන් අරුණවර්ණ් ව ලෙල දි දිලිහෙන්නා වූ අධරයුග්මයන් ඇත්තේ ද, එබඳු රූපත් වූ මනහර මුහුණු යම් පුරුෂයෙක් තමා සිය ඇස පුරා දැකපී නම් ඒ තෙම එවැනි රූපසම්පත්තීන් යුක්ත සුත්රීාන් හීනජාතියෙහි උපනත් නො හරනේම ය” යි කීය. එ තෙපුල් අසා කිමෙක් ද තා කියන්නේ? යයි රජ්ජුරුවන් පුළුවුත් කල්හි නැවැත කියනුයේ:-

“සමෙති කිං ද‍දෙව ඡමාය මත්තිකා කදාවි චාමිකරජාතිකාය, සිලාගධෙනූ අපි නීච්ජාතිකා සමෙහි කිං සිහවරනෙ දෙව.”

යනාදින් දේවයන් වහන්ස ‍,දෙවියන්ගේ උපභෝග පරිභෝගයට සුදුසු ව සිටි චාමිකරස්වර්ණිය හා මහපොළොවැ පියවි පස්2 කවර කලෙකැ කෙසේ නම් එක් වේද, නැවත සිවුපා ජාතීන්ගෙන් හීන වූ කැනහිල්ධෙනුවක් තොමෝ උතුම් වූ සිංහරාජයකු හා එක්ව කෙසේ නම් සමාගම වේ දැයි කීය. මෙසේ ද කියා නැවැත ඇසුව මැනැව දේවයන් වහන්ස, මේ උත්තරමධුරා නම් නුවරැ ස්වර්ණවතිලකා නම් වූ එක් සැ‍්ඬොල්දුවක් ඇත. ඕ තොමෝ තමා හා සමාන ජාති ඇති පුරුෂයන් විසින් එවන3 ලද පඩුරු නොගන්නීය. වංශතුන් ම ප්රා ර්ථනා කෙරෙයිත කිමෙක් ද දේවයන් වහන්ස, පක්ෂී්න්ගෙන් හීන වූ කවුඩුධේනුවක්4 තොමෝ කවර කලෙකැ ස්වර්ණ හංසරාජයකු හා සමඟ කෙසේ නම් සමාගම වේ දැ යි කීය. එ තෙපුල් අසා රජ්ජුරුවෝ ස්වර්ණුතිලකාවගේ පියාණන් කැඳවා එම්බල සඟය, තාගේ දුවක් කුලවන්තයන් මිස සමාන ජාති ඇති පුරුෂයන් නොකැමැත්තී ල, කිමෙක් ද? ඒ සැබෑ දැයි විචාළහ.

එකල්හි ඒ චණ්ඩාලබ්රාේහ්මණයා එසේ ය දේවයන් වහන්ස මාගේ ස්වර්ණ්තිලකා නම් වූ දූ තොමෝ ජාතිසම්පත්තිකුලපුත්රනයන් මිස සෙස්සවුන් නොකැමැත්තී ය යි කීය. එ බ්ස්ස අසා රජ්ජුරුවෝ එම්බල් සඟය, එසේ වී නම් පඤ්චමධුරා5 නම් නුවරැ උද්දාල නම් බමුණෙක් වෙසෙයි. ඒ බ්රා හ්මණයා ඉතා ජාතිසම්පන්න ය, මවුපිය දෙපක්ෂකයෙන් ම අතින්දිනත ය, ස්ත්රීහන් දුටුකල්හි මොහු ජුගුප්සා කට යුතු වූ ඉතා පිළිකුල් ජාති


414 සද්ධර්මාසලඞකාරය

යෙකැයි නින්‍දා කොට බැණ ඔවුන් හා සහවාසය නො කෙරෙයි. තමා වසන ගෙන්1 නික්ම රජගෙට යන2 වේලෙහි කිරිපැන්සෙළොස් කළයක් මගදිගැ3 ඉස්වයි. ගැහැණුන් දුටුකලැ ක‍ාලකණ්ණියක දැකිපීම් යි කිරිපැනින් මුහුණ සෝධා‍ ශුඬ කෙරෙයි. එබැවින් තාගේ දූ සමර්ථ වූයේ නම් ඒ බමුණා හා සහවාසය4 කෙරේව යි5 මෙසේ මා කී ලෙස ම තාගේ දුවට කියා බලව යි කීහ.

එකල්හි ඒ චණ්ඩාලබ්රාහහ්මණයා එ බස් අසා තමා වසන ගෙට ගොස් ස්වර්ණ්තිලකාව කැඳවා ඈට රජ්ජුරුවන් කී පරිද්දෙන් ම උද්දාලබ්රාණහ්මණයාගේ ස්වරූපය නො වළහා ම කීය. එ තෙපුල් අසා ස්වර්ණබතිලකා තොමෝ මම ඉදින් සැබවින් ම ගැහැනියක් වී නම් ඒ උද්දාලබ්රාලහ්මණයා එක ව වාසය කෙරෙම් මය. ඉට කිසි සැකයක් නො සිතා ප්රදපඤ්ච නොකොට8 කල් නො යවා උදාසන්හි ම නික්මුණ මැනැව. සෙට දවස් ම යෙමි යි කිව. එකල්හි ස්වර්ණාතිලකාවගේ පියා ද යහපතැයි ගිවිස විසිතුරු වූ කර්මාොන්ත ඇති දහසක් වටනා පලෙසකින් දුවගේ ශරීරය වසා පෙරවා තමා ගායනා කරන වීණාදි වූ තූය්ය් භාණ්ඩ ගෙන්වාගෙන ස්වර්ණරතිලකාවන් හා සමඟ මඟට බැස නික්මිණ. මෙසේ නික්මුණා වූ ඒ චණ්ඩාල බ්රාමහ්මණතෙම අතරමගැ එක් නුවරෙක9 රජ්ජුරු කෙනකුන් දැක වීණාගායනා කරනුයේ ස්වර්ණෙතිලකාව තමා පිටිපසැ හිඳිනා සේ සල්සිවා තෙමේ වීණෘ ගායනා කරන්ට පටන්ගත. එකල්හි ඔහු පිටිපසැ හුන්නා වූ ස්වර්ණීතිලකා තොමෝ නුවන් කෙළවරින් දෘෂ්ටිය හෙළා ස්වකීය ස්ත්රිීලීලාවෙන් යුක්ත ව මඳලසබැල්මෙන් රජහු මුහුණ බලා තමා පෙරට හුන් පලස මඳක් පහ කොට ශරෟරපුභා දක්වාලුව.

රජ්ජුරුවෝ ඇගේ ශරීරාලෝක හා රූපසම්පත්තිය දැක කාමයෙන් විසංඥ ව සිහිමුළා ව මඳ ඇසිල්ලෙකින් ලබන ලද ආස්වාද ඇති ව මෝතෝමොසස්වාමික ද? අස්වාමික දැයි විචාරා අස්වාමික ය. එතෙකුදු වුවත් සැ‍ඬොල්දුවක යනු අසා අනුන් බණන නින්දාාබසට භයින් ස්වර්ණසතිලකා අන්තඃපුරයට ගත නො හී මෙබඳු වූ වර්ණ‍සෞන්ද්ය්ය්තෙකයක් හා රූපසම්පත්තියෙකින් යුක්ත වූ ස්ත්රීනරත්නයක නොලබන්නා වූ මට ජීවිතියෙන් ප්රියෝජන කිම් දැයි ශෝකාතුර ව නොයෙක් ප්ර‍ලාප කියා හඬමින් කාමයෙන් මත් ව කටයුත් නොකටයුත් සලකාගත


තෙහාතික වර්ගනය 415

නො හි කඩුව ගෙන තමන් හිස තුමූ ම කපා මළහ. මෙපරිද්දෙන් ම පඤ්චමධුරා නම් නුවරට යන අතරමගැ රාජධානිපසෙකැ රජදරුවෝ1 පස්දෙනෙක් ඇගේ රූපසම්පත්තිය දැක කාමයෙන් මත් ව කඩු ගෙන තමන් හිස් තුමූ ම කපා මළහ. හේ එසේ මය; සත්ත්වියෝ රත්රන් අමුරන් ආ‍දිය හා දැසිදස් පුත්ර දාරාදී වූ ප්රි්යවස්තූන් නිසා වස්තුකාමක්ලේශකාමයෙන් මුර්ජා ව නොයෙක් වැසනයට පැමිණෙන්නාහු මය. පුත්රකදාරාදී වූ ඒ ඒ මනාපවස්තුයෙහි ප්රි්ය වීම ය, ප්රේමම ඉපදවීම ය, සිත් ඇලවීම ය, කැමැති වීම ය, තෘෂ්ණා වීම ය යි2 යන මේ පසින් එක්තරා කාරණයක් මුල් ව ශරීරශෝෂණය කරන්නා වූ සෝකය ද, කායචිත්තසන්තාප කරන්නා වූ භය ද යන මේ දෙක ම සත්ත්වපයන්ට උප‍දනේය. ඒ ප්රියය භෘවාදි වු පසින් විශේෂයෙන්ම මිදී සිටියා වූ බුඬ ප්ර්ත්යොකබුඬ ආය්ය්ා වශ්රාිවකාදී වූ විශුඬ සත්ත්වියනට කිසි සෝකයෙකුත් නැත. භය සන්ත්රා සය ය යි යන දෙයක් ඒකාන්තයෙන් නැත්තේ ම ය.3 බුදුන් විසිනුදු වදාරන ලද මැයි:-

“පියතො ජායති සොකො, පියතො ජායති භයං, පියතො විප්පමුත්තස්ස, න්ථි- සොකො කුතො භයං.

පෙමතො ජාතයති සොකො, පෙමතො ජායති භයං, පෙමතො විප්පමුත්තස්ස, නත්ථිෙ සොකෝ කුතො භයං.

රතියා ජායති සොකො, රතියා ජායති භයං, රතියා විප්පමුත්තස්ස, නත්ථිත සොකෝ කුතො භයං.

කාමතො ජායති සොකො, කාමතො ජායති භයං, කාමතො විප්පමුත්තස්ස, නත්ථිත සොකෝ කුතො භයං.

තණ්හාය ජායති සොකො, තණ්හාය ජායති භයං, තණ්හාය විප්පමුත්තස්ස, නත්ථි සොකෝ කුතො භයං.” යි.

ඉක්බිති ඒ චණ්ඩාලබ්රා,හ්මණයා ස්වර්ණ තිලකාවන් දෙදෙන අනුක්රිමයෙන් දුරු කතර ගෙවා පඤුචමධුරා නම් නුවරට ගොස් තමන් ආ බව රජ්ජුරුවන්ට කියා යවා එන්ට කියව යි කැඳවූ කල්හි රජගෙට වැද රජ්ජුරුවන් දුටහ. එකල්හි ඒ න්වරැ යටැ කි උද්දාලබ්රා හ්මණයා රජ්ජුරුවන්ට නුදුරු ව බදපුටුවෙකැ පලසක් මත්තෙහි හුන්නේය. ගන්ධමර්වව


416 සද්ධර්මාසලඞකාරය

බ්රාරහ්මණයා ද රජහු වැඳ අවසර ගෙන වීණාගායනා කෙරෙමින් ස්වර්ණමතිලකාව හා සමඟ එකත්පස්ව හුන්නේ ය. එකෙණෙහි තම පියාණන් පිටිපස්සෙහ් උන්නා වූ සවර්ණගතිලකා තොමෝ උද්දාල බ්රාණහ්මණයෝ නම් කවුරු දැයි විචාරා1 තෙල භද්රඋපීටය මත්තෙහි හිදිනාහු ඒ බ්රාණහ්මණයෝ ය යි කී කල්හි තමාගේ නිලුපුල්පෙති දෙකක් හා සමාන නිර්මනල වූ සුනිල්නෙතින් ඔහු බලන්නී, කොඳකැකුළු මෙන් සුදු සිනිඳු දත්පෙළෙහි මනහර සුදුරැසින් භින්නවර්ණන වූ අතිරක්ත අධරයුග්මය පොපි දෙවා මඳ මඳ සිනා පහළ කෙරෙමින් උද්දාලබ්රානහ්මණයා මුහුණ බලා තමා පෙරවගොන උන් පලස මඳක් පහ කොට ශරීරප්රබභා විහිදුවාලුව හිරුරැස්කලඹක් ‍වැනි ඒ ශරීරාලෝකය දැක උද්දාලබ්රාාහ්මණයා ඉතා ආශ්චය්ය්කලඹවත් ව කවර ආලෝකයකින් දෝ හෝ යි විස්මපත් ව බලනුයේ ස්වර්ණයතිලකාව දැක කාමයෙන් උමතු ව මහත් වූ ශෝකයෙන් දාහගත්2 ශරීර ඇතිව හුණු වූ ආශ්වාසප්රයශ්වාසයෙන් පිරුණු මුඛනාසිකා හා කඳුළුධාරවෙන් තෙත් වූ නේත්රර ඇති ව විසංඥ විය.

ඉක්බිති මඳ ඇස්ලලෙකින් ලබන ලද ආස්වාද ඇති ඒ ඒ බ්රායහ්මණ තෙම බලවත් රෝගයෙකින් පීඩිත වූ පුරුෂයෙකු මෙන් කෙඳිරි රජගෙන් නික්ම තමා වසන ගෙට ගොසින් යහළු මිත්ර යන් කැඳවා ඔව්නුට කියනුයේ එම්බා යහළුවෙනි, “යම් කිසි මිත්රන කෙනෙක් ආපදාර්ථයක් පැමිණ් කල්හි තමාගේ යහළුවන් අත් නො හැර සමීපයට එළඹ සිටිද්ද,3 දුක්සැප දෙක්හි ම සම වූ සිත් ඇත්තාහූ ද, 4 මිත්රකයන්ගේ යහපත් ගුණය ප්ර කාශ කෙරෙද්ද, ඇසූ කෙනකුන් නින්දාහ කටයුත් නුගුණයක් ඇත සඟවා වෙසෙත් ද, කළමනා කටයුත්තෙහි යොදද්ද, 5 නොකළමනා දෙය වළකද්ද, මිත්රපයෝ නමුත් ඔහු මය. නෑයෝ නම් ඔහු ම ය. කාමයෙහි ඉතා ලොල් වූ ස්වර්ණොතිලකා නම් ස්ත්රි්යක් තමාගේ නිල්නුවන් නැමැති තද වූ ශරප්ර හාරයෙන් මාගේ සිත් නමැති ශරීරය විද කඩකඩ කොටපුව. ඇගේ මුඛ නමැති රත්පියුමෙහි ඇලුම් කළා වූ මාගේ නේත්ර නැමැති භෘඞගයෝ දෙදෙන මඳකුත් මා සිහි නොකොට ස්වර්ණූතිලකාවගේ මුඛ නමැති පද්මයෙහි ම සිත් අලවා වෙසෙති. ඒ නුවන් නමැති භෘඞගයන් දෙදෙනා හා සමඟ මාගේ ච්ත්තය ද ලජ්ජා නැමැති මහගැඹුරු අගල හා උස් ව සිටියා වූ ධෛය්ය්ගේ නැමැතිමහපුරැ මුඳුන් පැන නික්මිණ. විපරීත ව පෙරැළියා වූ සිත් ඇති හෙයින් වැටහෙන්නා වූ කිසි


තෙහාතික වර්ගිය 417

කාරණයෙකුත් නැත. සියලු අන්ධපකාර වූවක් මෙන් චලිත ව වැටහෙයි. දැන් මට පිළිසඍණ ව සංග්රටහ කර ව යි කිය.

එසේ හෙයින් කියන ලදී:-

“සුවණ්ණතිලකා නාම, ලලනා කාමලාලසා. නීලක්ඛිචණ්ඩකණ්ඩෙහි, විඛණ්ඩේසි මනො මම.

තස්සා මුඛමබුජෙ සත්තා, මම නෙත්තමුධබ්බතා, අප්පම්පි න සරන්තා මං, තතෙවාභිරමත්ති තෙ.

සබෙව තෙහි මෙ චිත්තං, ගතො උල්ලඬ්ඝ්ය උද්ධතො, ලජ්ජාගම්භිරපරිඛං, ධීතිපාකාරමුග්ගතං.

සම්මුයිහාමි පමුයිහාමි. සබ්බා මුය්හන්ති මෙ දිසා තස්ස මෙ සරණං හොත, කරොථ මම සඞග්හං” යි.

මෙසේ උද්දාලබ්රාතහ්මණයා විසින් කියන ලද ඒ වචනය අසා ඔහුගේ මිත්රඋජනයෝ එක් ව කියන්නාහු එම්බා ආචාරිනි, තෙපි දැන් යම් ස්ත්රි.යක් ප්රාරර්ථනා කළා නම් ඕතොමෝ උත්තම ජාතීන් විසන් සහවාසයක් නොකටයුත්තා වු චණ්ඩාලකෙල්ලක් ම ය. කිමෙක් ද ආචාරිනි, ඉතා ළං විය නොහැකි දුගඳ පිළිකුල් වූ අපවිත්රත අමෙධ්ය හා මනොඥ වූ සුවඳ විහිදුනා සිහිල් සඳුන් හා දෙක කවර කලෙකැ කෙසේ නම් එක් වේද? සමාන නොවන හෙයින් එක් නොවන්නේම ය. එබැවින් කිසිකලෙකත් එක්නූවමනා හීනජාතින් හා සමග වාසය2 කරන්නා වූ උත්තම සත්ත්වමයාගේ ශ්රීනකාන්තාව ය, කීර්තා ය, ආයුෂ ය, ශරීරබලය නුවණ ය යන මෙකී සියල්ල ම ඔහු අත් හැර දුරු ව පලා යන්නේ ය. එ තෙම කෙළවරැ බොහෝ අයසා අසා නින්දා්වට පැමිණෙන්නේ ය යි3 කීහ.

එසේ හෙයින් කියන ලදී:-

“යං ත්වංක මාරිස පත්ථෙසි, චණ්ඩාලි සා අසඞගමා, කින්නාමීළ්හෙන සංයොගො, චන්ද නස්ස කදා සියා.

අගම්මනා යාති, නරානං දූරතො සිරි, කිත්තිවායුබලං බුධි, අයසඤ්ච ස ගච්ඡති” යි.



418 සද්ධර්මාසලඞකාරය

මෙසේ අවවාද කී ම්ත්රඞජනයන් ට උද්දාල බ්රා හ්මණයා කියනුයේ:-

“න පරිච්චති ලොකොයං, අමෙජ්ඣේ මණිමුත්තමං, ථිරතනං සුවාණි ව, දුක්කුලා1 අපි ගාහියා”

යනාදින් එම්බා, මේ ලෝකවාසී සත්ත්වාතෙම අනර්ඝ් මුතු මැණික් ආදි රත්නජාතීන් ආමඬ්ය,යෙහි හූණන් අපවිත්ර ය යි නින්දා කොට නො හරනේ මය. එපරිද්දෙන් ම පුරුෂයන් සිත් ගන්නා තරම් මනා වූ මොළයක් තෙපුල් ඇති පඤ්චකල්‍ා් ණරූපයෙන් යුක්ත ව ස්ත්රි රත්නය ද හිනකලුයෙහි උපනත් ගතයුත්තේ ම යයි කියා ඒ ස්වර්ණරතිලකා තොමෝ සස්වාමික දෝ නොහොත් අස්වාමික‍ දෝ හෝ යි විචාරා නියම දැන වහා කැඳවාගෙන එව යි කීහ. එ බස් අසා ඔහු ‍ෙගාස් එපරිද්දෙන් ම විචාරා අස්වාමික බව දැන ස්වර්ණවතිලකාව කැඳවා ගෙන අව්ත උද්දාලබ්රාදහ්මණයා හට පාවා දුන්හ. ඉක්බිති ඒ බ්රාඳහ්මණයා ෂ්වර්ණදතිලකා ගෙට ආ දවස් පටන් සාරමසක් මුළුල්ලෙහි රාජසේවයටත් නොගියේ ය. ඒ බමුණු සමයෙහි පන්සියයක් රජකුමරුවෝ අක්ෂවර ලිඛිත ගණිතාදි වූ නොයෙක් ශිල්පශාස්ත්රල උගනිති. එකල්හි ඒ රජකුමරුවෝ තමන් ශිල්ප උගන්ට නැති හෙයින් බමුණා ගෙන් පිටත් නොවන කාරණය දැන ඉතින් ස්වර්ණශතිලකාව ජීවත් උන හොත් අපගේ ශිල්ප ශාස්ත්රය ඉගෙනීමට අන්තරාය වෙයි. එබැවින් යම්කිසි උපයෙකින් ඈ මරාපුව මැනැවැයි සිතා ඇතරුවන් කැඳවා ඔවුන්ට අත්ලස්2 දී කියන්නාහු එම්බා සබඳිනි, මොළ ඇතකු රා පොවා මත් කරවා ඔහු ලවා ස්වර්ණ තිලකා මරවා පියව යි කීහ. ඇතරුවෝ ද යහපතැයි ගිවිස්සාහ. ඉක්බිති ඒ රජකුමරුවෝ හැමදෙන ම රාජාඞගණයෙහි රැව හිඳ අපගේ ආචාරීන් වහන්සේ දක්නා කැමැත්තම් හයි දූතයකු යවූහ. එකලැ ඒ දූතයා‍ගේ බස් අසා බමුණානන් අවුත් උන් කල්හි කලට සුදුසු වූ පිළිසඳරකථා කොට ඉක්බිති ආචාරීන්වහන්ස, නුඹ වහන්සේගේ භාය්යාථ වූ ස්වර්ණාතිලකාවන් දක්නා කැමැත්නම්හයි කීහ.

එ තෙපුල් අසා බමුණාණෝ ස්වර්ණකතිලකාවන් කැඳවාගෙන එව යි මිනිසුන් යවූහ. ඒ ගිය මනුෂ්යණයන් ස්වර්ණඑතිලකාවන් කැඳවාගෙන වීථිමඞ්ය යට පැමිණි කල්හි මද නැඟී සිටි මොළ ඇතකු රා පොවා මත් කරවා ඇත්කොහොලින් ඇන කුප්පා3 ඉදිරියට ලුහුබඳවාලූහ. එකල්හි රා බී මත් ව කෝපයෙන් සොඬ ගෙන බිම පහරමින් මහත් වූ කුඤ්චනාදයෙන් දසදික්


තෙහාතික වර්ග ය 419

පුරමින් ඒ ඒ අතැ1 මිනිසුන් මරා ලුහුබඳිමින්2 සෙණ පහරැන සේ දිව අවුත් වන්නා වූ ඒ ඇත්තෙම ස්වර්ණ තිලකාව දැක එකෙණෙහි උපන්නා වූ ස්නේහයෙන් සොඬින් ගෙන ඔසවා තමාගේ කුම්භස්තලයෙහි3 තබාගත. එ පවත් දැක රජකුමරුවෝ නොසතුටු ව එපරිද්දෙන් ස්වර්ණ3තිලකාව මරාගත නොහැකි හෙයින්4 දෙවන දවස් මිනිසුන් යවා රාත්රිාභාගයෙහි මරවා පිහ. එකල්හි ඒ උද්දාලබ්රාසහ්මණයා ද මෙබඳු ස්ත්රීගරත්නයෙන් වියෝ ව ජීවත්වීමට වඩා මියයාම යහපතැයි මහත් වූ ශෝකයෙන් නොයෙක් ප්රීලාප කියකියා හඬමින් රාජාඞගණයෙහි දරසෑයක් බඳවා ගිනි වැද මෙළේ ය.

එබැවින් ස්ත්රීාන්ගේ වශගත්වායට පැමිනියා වූ කාමීපුරුෂයෝ පරලොවැ විඳිනා අපායදුක් තබා මෙ ම ජාතියෙහි මෙසේ නොයෙක් වැසන‍ විඳ මරණයටත් පැමිණෙන්නාහු ම ය. ස්ත්රීැහු නම් පුරුෂයන් වඤ්චා කරන හෙයින් මායාරූපයක් වැනියහ. අදහිලි නොකටහැකි හෙයින් මිරිගුදිය වැනියහ. ශෝකය, රෝගය, උපද්ර්වය යන මොවුන් උපදවන ආකරයක් වැනියහ. පුරුෂයන්ට තද වූ බන්ධලනයක් වැනියහ. කාමීපුරුෂයන් බඳනා පිණිස මරහු විසින් මවන ලද තද මලපතක්5 වැනියහ. වැලසින්නන් වසන ගුහාවක් වැනියහ. මරහු වසන ලෙන දොරක් වැනියහ. එබඳු සිත්රීීන් කෙරෙහි යම්කිසි පුරුෂයෙක් විශ්වාස ‍කෙරේ නම් එ තෙම මනුෂ්ය යන් කෙරෙහි අධමයා නම් වේ.

වදාරන ලද මැයි:-

“මායාචෙසා6 මරීච්ච, සොකො රොගො චුපද්දවො, ඛරා ච බන්ධසනාචෙසා6 මච්චුපායොගුහාසයො තාසු යො විස්සසෙ පොසො, සො නරෙසු නරාධමො” යි.

මෙසේ ඒ ස්වර්ණසතිලකා තොමෝ පූර්වොජාතියෙහි ඉඳුරා නුවණින් සලකා කුසල් කොට ගත නො හී අත නො‍ සෝධා නොදෙව් මලස්නෙහි මල් පුදා දුෂ්ට වූ ප්රාීර්ථනාවක් කොට රූපත් ඉපද පවා පිය මනාප අවස්ථාවෙහි මෙබඳු වූ මරණට7 පැමිණියා ය. එබැවින් නුවණ පෙරදැරි ව කුසල් කරන්නා වූ පින්වත් සත්ත්වරයෙනි, බදු පසේබුදු මහසවුවන් විසින් වර්ණ්නීය වූ නිවන්පුරසිරි පතා ම කුසල් කළ මැනවි.


420 සද්ධර්මාසලඞකාරය

කියන  ලදුයේ මැයි:- 

“අයොසිසො සා පුරිමාය ජාතියා පුඤ්ඤං කරිත්වා අලභදිසං ගතිං, ධසම්පයුත්තා කුසලං කරොන්තා නිබ්බානමෙවාභිමුඛං කරොථ” යි.

මෙතෙකින් මෙහි තුන් වන ස්වර්ණනතිලකා වස්තුව කියා නිමවන ලදි.

39. බුද්ධේනි වස්තුව

තවද මෙහි සතර වන බුද්ධේනි වස්තුව නම් කවරැ යත්?

යටැ ගිය දවසැ ජම්බුවීපයෙහි පැළලුප්නුවරැ නිධානගත වූ සතාසුකෙළක් වස්තු ඇති එක් සිටුකුළයෙක් වූයේ ය. ඒ සිටු කුලයෙහි වනාහි නමින් බුද්ධේනි නම් වූ එක ම කුමාරිකා කෙනෙක් වූහ. ඒ කුමාරිකාවන් සත් හැවිරිදි1 කල්හි ඔවුන්ගේ මවුපිය දෙදෙන මිය පරලොව ගියහ. ඒ කුලයෙහි ඇති සියලු සම්පත් ම ඒ කුමාරිකාවන් නතු විය. ඒ සිටුකුමාරිකාවෝ වනාහි විශිෂ්ට වු මනහර රූ ඇත්තාහ.2 දුටුදුටුවන්ට ප්රඒසාද එළවන්නාහ. උත්ම් වූ රූපසම්පත්තීන් යුක්තයහ. මනා වූ ඡවිපහස් ඇත්තාහ. දිව්ය අප්සරාවක මෙන් සියලු අවයව සම්පත්තීන් ශෝභමානය. බැලුබැලූවන්ට පියකරු වන්නාහ. මන වඩන්නාහ. අචල වූ ශ්රනඬා ඇත්තාහ4. තුනුරුවන් කෙරෙහි පහන් සිත් ඇත්තාහ.

මෙසේ බුඬරත්නය, ධර්මරරත්නය, සඞඝරත්නය යන රත්නයෙහි නිරන්තරයෙන් මමත්ව ය ඇති ව වාසය කරන්නාහ. එකල්හි ඒ නුවරැ සිටුවරුන් හා රජ යුවරජ සෙනෙවිරත් ආදීහු ඒ කුමාරිකාවන්ගේ ගුණ නුවණ හා රූපසම්පත්තිය අසා තමන්ට පාදපරිකාචිකා කොට ගෙන යනු කැමති ව වෙන වෙන ම පඬුරු හා සමග මිනිසුන් එවූහ. එසේ එවූ මිනිසුන් අතින් එ පවත් අසා කුමාරිකාවෝ සිතන්නාහු, මාගේ මවුපිය දෙදෙන නොයෙක් කෙළ ගණන් මේ සම්පත් හැර මිය පරලොව ගියහ. මා විසින් වනාහි එසේ නොයා යුතුය. එබැවින් සරණ පිණිස පතිකුලයට යාමෙන් මට ප්රඑයෝජන කිම් ද? හෙ ද වනාහි හුදක් වස්තුවිනාශයට ම කාරණා වන්නේ ය.



‍ෙතහාතික වර්ග ය 421

දැන් මා විසින් මේ සියලු වස්තුරාශිය ම දන්පින් කිරීම් වසයෙන් බුඬශාසනයෙහි නිධාන කොට තිබීම යහපත් වන්නේය යි සිතා සරණ බණවා ආ ආවුනේ1 වචනය ප්ර්ති‍ෙක්ෂාපකොට එතැන් පටන් මහදන් පවත්වා ධාර්මික වූ සියලු ශ්රයමණබ්රා‍හ්මණයන් සිවුපසදානයෙන් සන්තර්පමණය කරවන්නාහු2 ය.

ඒ කුමාරිකාවන්ගේ ප්රාපසාදය නම් සතර දිගින් වඩනා බුදුන් දරු සුපිළිපන් මහාසඞඝයා වහන්සේට සිවුපස පඬුරු පිරූ බඩහලක් වැනි විය. උපකරණ සහිත පානීයසාලාවක් වැනි විය. සතරමංසන්ධිනයෙහි බිඳුනා ලද3 සිහිල් දිය සපිරි4 පොකුණක් වැනි විය. කැමැති කැමැති ප්ර ත්ය යලාභයට කාරනා වූ මහානුභාවසම්පන්න කල්පවෘක්ෂ්යක් වැනි විය. නිරන්තරයෙන් උඩ සුදුවියන් ආදියෙන් අලඞකෘත කොට මලලොඹු එල්වා බිමැ සුවඳ පිරිබඩ ගෙන ලදපස්මල් ඉස පස්වනක් පැහැයෙන් යුක්ත සුවඳ මලින් සරහා සුවඳ තෙලින්5 වටැ වැටපහන් දල්වා යටැකොඳුපලස් එලා මත්තෙහි සුදු අතුට පනවන ලද මනොඥ වූ අ‍ාසනපඞ්ක්තීන් ඇති ශරීරයට සුවපහස් දෙන්නා වු ඒ ආසනයන්හි සාන්තදාන්ත වූ කායවාක්සමාචාරයෙන් යුක්ත ව වැඩහුන්නා වූ තපස්වීරයන් විසින් ඒකාලඞකෘත වූ ඒ කුමාරිකාවන්ගේ ප්රාඩසාදය එකාවන් ව සරහා පිළියෙල කොට තබන ලද උතුම් වූ දන්හලක් වැනි විය. දන් දෙනු සඳහා ම නිරන්තරයෙන් සකසා පිරිසුද් කරන ලද අතුල්තල ඇති කුසල් කිරීමෙහි පවිත්ර වූ අදහස් ඇති අනවරතයෙන් ආදරසිහත ව රක්ෂාල කරන ලද අඛණ්ඩ වූ පඤ්චශීලයන් ඇති කරුණාගුණයෙන් අග්ර වූ ඒ “බු‍ඬෙති” නම් කුමාරිකාවෝමෙසේ අනවකාශයෙන් පසස්නා ලද උතුම් වූ මහදන් පවත්වා දැහැමින් වාසය කරන්නාහ.

එසේ හෙයින් කියන ලදී:-

“චතුද්දිසායාත ජිනත්රා:නං,7 ඔපානභුතං ඝරමාසි තස්සා, යදිච්ඡිතප්පච්චලාභහේතු, දෙවද්දුමෙවොසි මහානුභාවො. පුප්ඵුපහාරාදිවිතානලඞක්තා, පදිප්පඤ්ඤත්තසුභාසනාවලි, සුබාසනාසීනවසිහිලඞක්තා, තස්සාමි තස්මිං වරදානසාලා.


422 සද්ධර්මාතලඞකාරය

සුධොතහත්ථා් සුචිපුඤ්ඤචිත්තා, සදාදරා රක්ඛිතපඤචසීලා. බු‍ඬෙති නාමා කරුණාගුණග්ගා, අදා මහාදානවරං පස්ත්ථං . යි

මෙසේ ඒ කුමාරිකාවන් මහදන් දෙමින් සැප සේ වසන කල්හි එක් අස්වෙළෙ‍ඳෙක් අසුන් ඇරැගෙන වෙළඳා‍ම් පිණිස නැගෙනහිරිදනව්වෙහි සිට බස්නාහිර බලා යනු‍යේ පැළලුප්නුවරට අවුත් ඒ කුමාරිකාවන්ගේ ගෙයි1 නවාතැන් ගත්තේ ය. ඉක්බිති අස්වෙළඳාණෝ සිටුකමාරිකාවන් දැක සෙනෙහ උපදවා තමන්ට දූ තනතුරෙහි තබා සඳුන්සුවඳ කස්තුරිකපුරුමල්සුවඳ වස්ත්රාතභරණයෙන් ආදියෙන් බොහෝ උපකාර කොට නැවත එතනින් නික්ම යන දවස් සිටුදියණියන් සමීපයට කැඳවා එම්බා දියණියන, මේ සිටි අසුන් අතුරෙන් තොපට අභිප්රාවය වූ2 සිත් වන් අසකු තෝරා ඇරැගැන්ව යි කීහ. එවේලෙහි ඒ සිටුදියණියෝ එතන්හි සිටියා වූ අසුන් මුළුල්ල ම බලා පරික්ෂාව කරන්නාහූ එක් සෛන්ධසව අස්පැටවකු දැක මොහු මට දුන මැනැවැයි කීහ. එවේලෙහි වෙළඳාණෝ කියන්නා‍හු එම්දබා දියණියනි, මේ තෙම සෛන්ධ කුලයෙහි උපන් බලසම්පන්න අස්පැටවෙක. එබැවින් අප්ර,මාද ව පෝෂණය කරව යි කියා ඒ අස්පැටවා සිටුදියණියන්ට ම දී තමා ගෙන ආ අස්වෙළඳා‍මට ගියෝ ය.

එකල්හි සිටුදියණියෝ ද ඒ අස්පැටවා මහත් වූ ආරක්ෂාඳවෙන් පෙම්බර දරුකෙනකුන් මෙන් වඩමින් ඔහු ආකාශයෙන් යන ඍඩි ඇති බව දැන දවසින් දවසැ වඩ වඩා ‍ඉඳුරා පෝෂණය කෙරෙමින් සිතන්නාහු දැන් මා විසින් කුසල් කිරීමට සහායෙක්3 ලබන ලද්දේය. මම වනාහි මීට පූර්වමභාගයෙහි සපිරිවර පස්මරුන් බිඳ බුදු වූ බුදුරජාණන් වහන්සේ ජයමහාබෝධීන් වහන්සේ පිහිටි මාරසංග්රානමභූමිය වූ මහාබෝධිමණ්ඩලයට නොගියවිරීමි. එසේ හෙයින් මහා මණ්ඩලාදි වූ ත්රිෝවිධමණ්ඩලෙයන් අලඞකෘත වූ දඹදිවැ මදධ්ය්මණ්ඩලයට කාහිමණ්ඩලයක් හා සදෘශ වූ ශ්රීලමහාබෝධිමණ්ඩලයට ගොස් බුදුන්ගේ සවනක් රැස් විහිදුණා වූ ජයමහාබෝධීන් වහන්සේ වැන්දෙම් නම් යෙහෙකැයි සිතා රන්රිදීමල් ආදි වූ බොහෝ පූජා උපකරණ සපයාගෙන එක් දවසෙකැ අශ්වරාජයා පිටට පැන නැඟී අහසින් ගොසින් මහබෝමළුයෙහි සිට ශ්රී මහාබෝධීන් වහන්සේට රන්මල් පුදනු පිණිස රහතන් වහන්සේ වඩනාසේක්ව යි අඬ ගා කියන්නාහු “යම් අවස්ථාවෙකැ පටන් මම පිරිසිදු සිත් ඇති ව බුඬශාසනයෙහි

තෙහාතික වර්ගසය 423

පහන් වීම් ද, ඒ සත්යඬවචනය හේතු කොට ගෙන මා කෙරෙහි අනුග්රීහබුඬීන් බුඬපුත්රය වූ ආය්ය් ක ශ්රා්වකයන් වහන්සේ නොලස් ව අවුත් ශ්රී්මහාබෝධීන් වහන්සේට සකසා රන්රිදීමලිලු පූජා කොට වඳනා පිණිස වඩනා සේකව යි” කියා හඬ ගෑහ. ඒ වචනය දිවකනින් අසා සිංහලවිපවාසී වු බොහෝ රහතන් වහන්සේ පෙළ සැදී පියුම්විලකට ගමන් ගත් පදුමමධුලොල හංසාසේනාවක් සේ අහසින් අවුත් බෝධිමණ්ඩලයට පැස රන් රිදීමල් බෝධීන් වහන්සේ පූජා කොට සාදරාවන්තඋත්තමාඬගයෙන් නමස්කාර කෙරෙමින් වැඩසිටි සේක. 1

එසේ හෙයින් කියන ලදුව:-

“යතො පට්ඨායහං බුද්ධසාසනෙ2 සුද්ධමානසා, පයන්තා තෙන සච්චේන, මමානුග්ගබුඬියා.

ආගච්ඡන්තු නමස්සන්තු, බෝධිං පූජෙන්තු සාධුකං, සොණ්ණමාලාහි සම්බුඬපුත්තා රියසාවකා.

සුත්වාා තං වචනං අය්යාස,3 බහූ සිහළවාසිනො, ආගම්ම නහසා තත්ථත, චන්දිංනසු ච මහිංසුච” යි.

මෙසේ ඒ කුමාරිකාවෝ එතැන් පටන් බුඬශාසනයෙහි අතිශයින් පහන්සිත් ඇත්තාහු නිරන්තරයෙන් ම දවසැ4 විටෙකැ තමන්ගේ ඒ අශ්වරාජයා හා පිටට පැනනැගී බෝධිමණ්ඩලයට ගොස් රහතන් වහන්සේ හා සමඟ රන්මල් සඳුන් සුවඳ ආදියෙන් ශ්රීහමහාබෝධීන් වහන්සේට පූජා කොට5 එන්නා වූ වැද්දෝ මෙසේ එකාවන් ව ඔබැ6 මොබැ7 යනු එන්නා වූ ඒ කුමාරිකාවන්ගේ රූප සම්පත්තිය9 දැක තමන්ගේ රජ්ජුරුවන්ට ගොසින් කියන්නාහු දේවයන් වහන්ස, දෙවඟනක හා සමාන වූ යහපත් රූ ඇති එක් කුමාරිකාවක් අශ්වරාජයකු පිටට පැන නැගී නිරන්තරයෙන් මෙසේ යනු එන්නී ය. “ඒ කුමාරිකා තොමෝ දේවයන් වහන්ස, නුඹවහන්සේට අගමෙහෙසුන් වන්ට සුදුස්හ යි9 කීහ. එ පවත් අසමින් ම රජ්ජුරුවෝ මහත් වූ සොම්නසට පැමිණ එසේ වී නම් සගයෙනි, ඒ කුමාරිකාවන්10 තිර කොට11 අල්වාගෙන නො කැමැති වුවත් ඇදගෙන පලා එව. ඈ මට අග මෙහෙසුන් කොරමි යි කියා තමන්ගෙන් මිනිසුන් යවූහ.


424 සද්ධර්මාසලඞකාරය

මෙසේ රජහු විසින් යවන ලද්දා වූ රාජපුරුෂයෝ ඒ කුමාරිකාවන් ගොස් බෝධීන්වහන්සේට පූජා කොට එන කල්හි අතරමඟැදී අල්වම්හ යි කියා මඟ දෙපසැ ඒ ඒ තන්හි සැඟවී කුමාරිකාවන් අල්වන්ට සැරැසී සිටගත්හ. එකල්හි ඒ කුමාරිකවෝ අශ්වරාජයා පිටට පැනනැඟී ජයමහාබෝධීන් වහන්සේට මලු පූජා කොට පසඟ පිහිටුවා වැඳ නැවත පැළලුප්නුවරට එන පිණිස රහතන්වහන්සේගෙන් අවසර ගෙන සිටියාහ. ඉක්බිති ඒ රහතන් වහන්සේ අතුරෙන් ධර්මඟරක්ෂිනත නම් වූ එක් තෙර කෙනෙකුන් වහන්සේ ඒ කුමාරිකාවට වදාරණ සේක් එම්බා නැගණියෙනි, අද තොප අල්වන පිණිස අතරමගැ සොරහු සැඟවී සිටියාහ; අසවල් තෙනය ගිය කල්හි අප්රඅමාද ව වහා පලා යව යි වදාළසේක. ඉක්බිති ඒ කුමාරිකාවෝ ද තෙරුන් වහන්සේ වදාළ තෙපුල් සිතැ තබාගෙන සැක1 ඇති ව යන්නාහු ඒ ස්ථානයට පැමිණ සොරුන් විසින් ලුහුබඳනා ලදු ව අශ්වයාට විළුඹින් සන් තොට වහා නික්මුණාහ. එසේ නික්මුණා වූ ඒ කුමාරිකාවන් දැක සොරහු පසුපස්සෙහි ලුහුබඳවා ගත්හ. එවේලෙහි අශ්වරාජ තෙම මහත් වූ වේග දනවා2 පවන්වේගයෙන් උඩැ නැගී පුළුන්පෙදක් සේ අහසට පැනනැංගේ ය.

එකලැ කුමාරිකාවෝ අශ්වරාජයාගේ ගමන්වේගය ධරාගත නො හි අසුපිටින් ගිලිහි වැටෙමින් සිට අශ්වරාජයාට කියන්නාහු, පුත, මා තොපට කළ උපකාර සිහි කරව යි කීහ. ඒ බස් අසමින් ම ඒ අස්රජතෙම නිරාලම්බ ව අහසින් වැටෙන්නා වූ ඒ කුමාරිකාවන් දැක වහා දිවගෙන ගොස් පිටැ හිඳුවා ගෙන අහසින් ගොස් ඒ කුමාරිකාවන්ගේ ප්රානසදයෙහි ම ඇර සිටුවුයේ ය. එබැවින් මෙසේ තිරිසන්නු පවා කෘ‍ෙතාපකාර සිහි කෙරමින් තමන්ට උපකාර කළා වූ සත්ත්වබයන්ට කිසියම් ව්යාසනයක් පැමිණි කල්හි අත් නො හැර සිට ඒ දුකට පිටිවහල් වන්නාහ යි දැන මේ ලෝකවාසි සත්ත්ව යෝ තම තමන්ට උපකාර කළා වූ සත්ත්ව්යන්ට මෙසේ ප්රවත්යුයපකාර කොට සත්පුරුෂධර්මතය රක්ෂාළ කිරීමෙන් කෙළෙහි උපකාර දැන මෙලෝ පරලොව දෙකින් වන්නා වූ සියලු අබිවෘඬියට පැමිණෙත්වා. කියන ලදුයේ මැයි:-

“තිරච්ඡානගතාපෙවං, සරන්තා උපකාරකං. න ජහන්තිති මනත්වාවන, කතඤ්ඤුහොන්තු පාණිනො” යි.

ඉක්බිති එ ම කුමාරිකාවෝ තමන් සන්තක සතාපුකෙළක් පමණ වූ ඒ සියලු ධනරාසිය ම බුදුසසුන් නැමැති සරුකෙතෙහි වපුට දිවිහිමියෙන් පන්සිල් රැක පොහොයැ පෙහෙවස් රැක

තෙහාතික වර්ගපය 425

ආයුකෙළවරැ ඒ ආත්මභාවයෙන් සැව ගොස් නිදා පිබිදී එකක්හූ1 මෙන් සියලු සම්පත්තීන් සමාඬ වූ දිව්ය ලෝකයෙහි ඉපිද මහත් වූ දිව්යමඓශ්වය්ය්ර ක ලද්දාහ. මෙසේ ඉතා ළදැරි වූ ළඳ බොලඳ ප්රිහයකරු යෞවනවයසැ පිහිටා සිටි බාලතරුණස්ත්රීමහු2 පවා දානශීලාදි වු අනේකප්රෞකාර කුශලධර්මයයන් රැස් කොට සැප සේ දිව්යරලෝකයට යන්නාහ. එබැවින් සියලු කුශලයන්ගේ ආනාශංසමහත්ත්වවය3 ඉඳුරා දන්නා වූ පින්වත් සත්ත්වලයෙනි, දානශීලාදි දශවිධ කුශලධර්ම්යෙහි කෙසේ නම් උපෙක්ෂ ක වවු4 ද? එසේ හෙයින් කුසල් කිරීමෙහි අප්රාමාද ව තමතමා ශක්ති පමණින් පිළිවන් කුසල් කොට මතු සසරදුක් නො විඳ සියලු අභිමාතාර්ථයන් සිද්ධ කරන්ට උත්සාහ කටයුතු.

කියන ලදුයේ මැයි:-

“අතිතරුණවයා හො මාතුගාමාපි එවං විවිධකුසලකම්මං කත්වා වජන්ති, කසලඵලමහත්තං මඤ්ඤමානා භවන්තා භවථ කථමුපෙක්ඛා දානමානාදිකම්මේ, ” යි.

මෙතෙකින් මෙහි සතර වන බු‍ද්ධේනිවස්තුව කියා නිමවන ලදී.

40. කුණ්ඩලි වස්තුව

තවද මෙසේ පස් වන කුණ්ඩලි වස්තුව* නම් කවරැ යත්;? හේ මෙසේ දතයුතු.

ලක්දිවැ රැහුණුජනපදයෙහි මාගමැ නොයෙක් සිය ගණන් සක්මන් මණ්ඩප පිරිවෙන්ආදියෙන් ප්රගතිමණ්ඩිත වූ නොයෙක් දහස් ගණණ් භික්ෂුපසංඝයා වහන්සේගෙන් ශෝභාවත් ව තිබෙන්නා වූ “තිස්ස” නම් මහා විහාරයෙක් විය. එ ම විහාරයෙහි “තිස්ස” නම් එක් සාමණෙර කෙනෙකුන් වහන්දෑ6 වාසය කරනසේක. එක් කලෙකැ ඒ සාමණේරයන් වහනසේ ජනපද චාරිකාවෙහි වඩනාසේක පාණව නම් ගමට සිඟා වැඩ ගිතෙල් හා සමඟ යපෙන පමණ ආහාරයක් ලැබ ගමින් නික්ම ‍ගම් දොරට පැමිණ මාගමට අභිමුඛ ව වඩනාසේක් අතරමගැ



426 සද්ධර්මාසලඞකාරය

මිනිසුන් දැක පැන්පාසු තෙනක් විචාළසේක. එකල්හි මනුෂ්යරයෝ ස්වාමීනි, තෙල නුඹ වහන්සේ වඩනා ඉදරියෙහි නුදුරු තෙනැ හැළි ගසා දිවන සිහිල් ජලධාරාවන් ඇති අති ධවල වැලිතලායෙන් යුක්ත කුඹුඛන්1 නම් කඳුරැළියෙක් ඇත. එ තන්හි වැඩ පැන් සනහා සිහිල් සෙවණැ වැලිතලා මත්තෙහි වැඩහිඳ අහර වළඳා සැප සේ වැඩිය මැනැවැයි කීහ. එකලැ සාමණේරයන් වහන්සේ යහපතැයි ගිවිස එතන්හි ගොස් පැන් සනහා අත මුව ශුඬ කොට ඵාසුතෙනෙකැ වැඩහිඳ අටඟ සමනා පස්විකා අහර වළඳන්ට පටන් ගත් සේක.

එකල්හි කිසි කටයුත්තක් නිසා ගමින් නික්ම යන මිනිසුන් හා සමඟ වලට ගියා වූ දැරි ඇති බැල්ලක් එ ම කඳුරැළිය සමීපයෙහි නොතෙමෙන පබ්භාරස්ථානයෙකැ දරුවන් වදා කීප දවසක් නිරාහාරයෙන්2 පිඩිත ව තමාගේ දරු පැටවුන් ළං කොට ගෙන වැදහොත්ති සාමණේරයන් වහන්සේගේ පාත්රුයෙහි ආහාරගන්ධය ආඝ්රාමණය කොට වැදහොත් තැනින් නැඟී සිට වෙවුළවෙවුළා සාමණේරයන් වහන්සේ සමීපයට අවුත් නඟුට සලමින් සාදර දක්වා මුහුණ බල බලා සිටියා ය. සාමණේරයන් වහන්සේ බැල්ල දැක කම්පිත වූ සිත් ඇති ව තමන් වහන්සේ වළඳන්ට පළමුවෙන් අතට ගත් බත් ආලෝපය බැල්ල3 ඉදිරියෙහි තබාලූසේක එකල්හි බැල්ල3 සතුටු ව ඒ බත්පිඬ අනුභව කළා ය. එ පවත් දැක සතුටු වූ සාමණේරයන් වහන්සේ විටින් විටැ බත්පිඩු වටවටා4 ඒ බත් සියල්ල ම බැල්ලට දන් දී පාත්රේය සෝධා දිය සිඳ පසුම්බියෙහි බහා බැඳගෙන5 වැඩිසේක.

ඉක්බිත් ඒ බැලිතොමෝ සාමණේරයන් වහන්සේ කෙරෙහි එදවස් උපදවන ලද්දා වූ චිත්තප්රේසාදයෙන් එයින් මිය දඹදිවැ දේවපුත්රඩ නම් නුවරැ රාජ්ය ය කරන රජ්ජුරුවන්ගේ6 අගමෙහෙසුන් බිසවුන් කැසැ පිළිසඳ දසමස් ඇවෑමෙන් මව්කුසින් බිහි වූ ය. 7 එකලැ කුමයෙන් ඔවුන්ගේ ඉසැ කෙස් බහනා මඟුල්දිනය පැමිනි කල්හි ඒ කුමාරිකාවන්ගේ ඉසැ කෙස් කුණ්ඩලාකාරව නැමී අග්බඹුරු ව තිබෙන හෙයින් මව්පිය දෙදෙන ඔවුන්ට කුණ්ඩලි8 කුමාරිකා ය යි නම් තිබූහ. ඉක්බිති ඒ කුමාරිකාවන් පෙරඬමසා සඳසෙයින් ක්රකමයෙන් වැඩී සොළොස්හැවිරිදිවයසට පැමිණි



තෙහාතික වර්ග ය 427

කල්හි යටැ කියන ලද තිස්ස නම් සාමණේරයන් වහන්සේ බුදුන්ගේ ශ්රීිමහාබෝධීන් වහන්සේ වදනා පිණිස මේ ශ්රීනලඞකාවීපයෙන් නික්ම නැව් නැඟී දඹදිව් වැඩ ගම්නියම්ගම්රාජදානි පිළිවෙලින් සැරිසරා දේවපුත්රිනුවරසමීපයට පැමිණ අඳනා සිවුර තුන්මඩුල්ල වසා වට සම කොට හැඳ කායබන්ධ නය බැඳ සඟළ හා පොරෝණය සගුණ කොට සුපිළිසන් ව ගැට ගන්වා පාත්ර ය අතින් ගෙන නුවරට වැද වියදඬුපමණෙකින් වඩා දුර නො බලා1 බැලුබැලුවන්ට2 රිසියෙන තපොවිලාසයෙන්3 පිඬු පිණිස හැසිරෙනසේක් නුවරැ මහාවීථියට පැමිණිසේක.

එකල්හි කුණ්ඩලි නම් රාජකුමාරිකාවෝ උඩුමහලෙහි සිට සිමැඳුරුකවුළුව4 හැර වීථිය බලබලා සිටියාහු ආහාර සිඟා වඩනා සාමණේරයන් වහන්සේ දැක පර්වාහේතුබලයෙන් උපන්නා වූ බලවත් සෙනහ ඇතිවූහ. එ ම ඇසිල්ලෙහි ඒ කුමාරිකාවන්ට පෙරැ උපන් ජාති දක්වනා ජාතිස්මරණනුවණ පහළ විය. ඒ කුමාරිකාවෝ වනාහි බැලි ව උපදනාව5 පළමු ජාතියෙහි මනුෂ්යක ව ඉපිද භික්ෂුබණිශාසනයෙහි මහණ ව මහණ දම් පුරන්නා වූ එක් භික්ෂුයකෙනෙකුන් වහන්සේට උල්කටුවක් හා සමඟ පොත්ගෙඩියක් හා පහන් තෙල් දන් දී ජාතිස්මරණ නුවණ ඇතිවෙම්වයි ප්රා ර්ථනා කළහ. ඒ කුශලයෙන් ලබන ලද ජාතිස්මරණනුවණින් තමන්ගේ පූර්ව ජාතිය සිහි කොට බලන්නාහු ඒ තිස්ස නම් සාමණේරයන් වහන්සේ විසින් තමන්ට පළමු බැලි වඋපන් ජාතියෙහි කළා වූ උපකාරය දැක සතුටු ව සා‍මණේරයන් වහන්සේ ආ‍රාධනාවෙන් ‍ෙගන්වා රජගෙයි ආසනයක් පනවා එහි වඩාහිඳුවා නොයෙක් රසයෙන් අග්රක වූ රාජභෝජනය වළඳවා සාමණේරයන් වහන්සේ දැහැටි වළදා අත මුව ශ්රරඬ කොට වැඩහුන් කල්හි සමීපයට එලැඹ පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව හිඳ කථා කරන්නා වූ කුමාරිකාවෝ :-

“න සඤ්ජානසි මං ධීර,6 පුබ්බේ‘හං තව දාසිකා, තයාහ7 සුඛිතා ආසිං, තස්මා ත්විම‘සි ඉස්සරො”

යනාදීන් ස්වාමීනි, මා නොහඳුනනසේක් ද, පෙරැ මම නුඹ වහන්සේගේ එක් දාසියකිමි. නුඹවහන්සේ නිසා ම සුවපත් වීමි. එසේ හෙයින් නුඹවහන්සේ මට ඉසුරුසේක, නායකසේක, හිමි සේකැයි කීහ. එ තෙපුල් අසා වදාරණ සාමණේරයන් වහන්සේ :-

“නත්ථිා මෙ තදාසි දාසි, න සඤ්ජානාමි තං අහං, කාසි ත්වංා කස්ස වා ධීතා, තං මෙ අක්ඛාහි පුච්ඡිතා”


428 සද්ධර්මාසලඞකාරය

යනාදීන් එම්බා නැගණියෙණි, කුමක් කියා ද?1 මාගේ එබඳු දාසියක2 ඇත්තේ නැත. මීට පළමු මා තොප හඳුනන්නෙත් නැත. තෙපි තමා3 කවරක් ද? කාගේ දියණි කෙනෙක් ද? මෙසේ මා විසින් විචාරන ලද්දා වූ තෙපි ඒ සියල්ල ම දැන් මට නො වළහා ඇතිසැ‍ටියේ ම කියා සඳහන් කරවාලව යි වදාළ සේක. එකල්හි කුමාරිකාවෝ කියන්නාහු:-

“පාසාණවාපිගාමම්හි, තම්බපණ්ණිම්හි රොහණෙ, භික්ඛිත්වාාන තුවං භන්තේ, යදා කකුබන්දනකන්ද්රෙ.

නිසීදිත්වාාන තං භත්තං, භුත්තකාලං සරිස්සසි, තදා‘හං සුනඛි ආසිං, විජාතා‘ලද්ධගොචරා.

දිස්වා තං මං තදා භන්තෙ, වෙධමානං බුභුක්ධිතං, ඡින්තභත්තෝ තුවං හුත්වාස, මමං භන්තේන තොසයි.

තදා හං මුදුවිත්තේන, තයි චිත්තං පසාදයිං, තෙනාහං පුඤ්ඤකම්මේන. දුතියෙ අත්තසමහවෙ.

ඉධ රාජකුලෙ ජාතා, සබ්බකාමසමිධිනි, චිතිතප්පසාදමත්තෙන, ලෝකනාථස්ස සාසනෙ.

තදහු පබ්බජිතස්සාපි, ඊදිසා හොති4 සම්පදා, කීදියං හොති සම්බු‍ඬෙ, පසාදෙන ඵලං අහො.

අඤ්ඤාති පන කිච්චානි, පහා‍සත්තහිතෙ රතා, අතන්දිිතා6 දිවාරත්තිං, රන්තූ රතනත්තයං”

යනාදින් ස්වාමීනි, බුඬපුත්රි වූ උත්තම තපස්වීන් වහන්ස, දැන් නුඹවහන් සේ කිසියම් ආකාරයෙකින් සිහි කරවා කීකල්හි ඉඳුරා මා හැඳිනගන්නාසේක් වී නම් එපරිද්දෙන් මම නුඹ වහන්සේට සිහි කරවා ලමි. අසාධාරණ වූ ජාතිස්මරණනුවණින් පූර්වේජාති දක්නා මා විසින් දැන හඟවන ලද්දා වූ ක්රසමයෙන් ම මා දැන වදාළ මැනැව. ස්වාමීනි, නුඹවහන්සේ ලක්දිවැ රැහුණු ජනපදයෙහි පාණව නම් ගමැ සිඟා ලත් අහර ගෙන කුඹුඛන්8 නම් කඳුරැලියට වැඩ අහර වළඳන්ට වැඩ උන් දවස සඳහන් ඇද්දැයි විචාරා එසේ ය යි කිකල්හි එකලැ මම බැලිව ඉපද දරුවන් වදා කීපදවසක් නිරාහාර ව එ ම වැදූ දරුවන් කාපියන තරම් ක්ෂු ධාවෙන් පිඩිත ව වෙවුළුම් ගත්තා වූ දුර්ව ල ශරීර ඇති ව ආහාර නිසා ගොසින් නුඹවහන්සේ සමීපයෙහි සිටියෙමි.


තෙහාතික වර්ගීය 429

එකලැ නුඹ වහන්සේ මා දැක උපන්නා වූ කරුණාවෙන් එදවස් නුඹ සුන්බත් ව හිඳ මා බත් අනුභව කරවු සේක.1 එකල්හි මම මොළොක් වූ සිත් ඇති ව නුඹ වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන ඒ කුශලකර්ම යෙන් දෙවන ජාතියෙහි සියලු සම්පත්තියෙන් සමෘඬ වු රාජවංශයෙහි උපන්මි. මේ බුඬශාසනයෙහි එදවස් ම මහණ වූ සාමණේර කෙනෙකුන් වහන්සේ කෙරෙහි පවා මඳ ඇසිල්ලෙකැ කරන ලද්දා වූ චිත්තප්රාිසාදමාත්රැයෙන් මෙබඳු ඉතා උදාරතර වූ සම්පත් ලැබෙන්නේ ම ය. එබැවින් මුළු තුන්ලොවට අග්රැදක්ෂීමණීය2 වූ බුදුරජාණන් වහ්නසේ කෙරෙහි කරන ලද චිත්තප්රළසාදයෙන් ලබන්නා වූ විපාකවිශේෂය කෙසේ කියා නිමවිය හැකි ද? අනන්ත වූ ආකාශය සේ කෙළවරක් දැක්ක නොහැකි ඉතා ආශ්චය්ය්ප වූ3 විපාක දෙන්නේ ම ය. එසේ හෙයින් තම තමන්ට වැඩ කැමැත්තා වූ නුවණැති උත්තම සත්ත්වකයෝ ලත් ලත් අවකාශ‍යෙහි අනි කිසි කාරියෙකැ ව්ය්වෘත4 නො ව රෑදෙවෙහි නොපමා ව පහන්සිතින් තුනුකරුවන් සිහි කොට එ ම කුශලයෙන් සියලු දිව්යිමනුෂ්යිසම්පත් ම සාධා ගනිත්ව යි කීහ.

මෙසේ කුමාරිකාවෝ පූර්වකජන්මයෙහි තමන්ට ඒ සාමණේරයන් වහන්සේ විසින් කරන ලද්දා වූ උපාරය තුමූ ම සිහිකරවා ස්වාමීනි, නුඹවහන්සේ මිඩියට අනුග්ර හ කොට5 ‍ෙමහි ම විසුව මැනැවැයි ආරාධනා කොට ඔවුන් වහන්සේ යහපතැයි ආරාධනා ගිවිස කල්හි රාත්රිනස්ථාන, සක්මන්මණ්ඩප, වහසල් පවුරුපදනම් ආදියෙන් හෙබියා වූ රජමහවිහාරයක් කරවා ඒ “තිස්ස” නම් සාමණේරයක් වහන්සේ ආදි කොට ඇති නොයෙක් සිය දහස් ගණන්6 භික්ෂුමන්වහන්සේට ආරාධනා කොට එ ම විහාරයෙහි වස්වා මහවතුරක් ‍මෙන් දෙන ලද සිවුපස දානෙයන් උපස්ථාන කළහ. ඒ සාමණේරයන් වහන්සේ ද එ දවස් තමන් වහන්සේ විසින් ඒ බැල්ලට දුන්නා වූ ආහාරදානය සිහි‍කො‍ට ඉතා සන්තුෂ්ට වූ සිත් ඇතිසේක මෑතභාගයෙහි :-

“අරහං සුගතො ලොකෙ, භගවා ලෝකපාරගු, විජ්ජාචරණසම්පන්තො, විමුත්තිපද්දායකො.

ජෙට්ඨෝ සම්මාභිසම්බු‍ඬො, සෙට්ඨෝ පුරිස සාරථි, සත්ථාෝ දෙවමනුස්සානං, ලොකෙ අප්පයිපුග්ගලො.

සබ්බලොහිතො බන්ධුෙ, සමන්තා රතනාලයො, සත්තානමනුකම්පාය, ජාතො නාථො සිවඞකරො”


430 සද්ධර්මාසලඞකාරය

යනාදීන් දක්වන ලද බුඬානුසමෘතිකමටහන් මෙනෙහි කරමින් නොබෝකලෙකින් ම රහත්බවට පැමිණ දිවිහිමයෙන් එ ම වෙහෙරැ වැඩවෙසෙමින් බොහෝ දෙනා කුශලකරණයෙහි යොදා1 වදාළසේක. එබැවින් තුන්ලෝවාසී වු සියලු සත්ත්වයයන්ට කැමැති කැමැති වස්තු සිඬ කොට දෙන්නා වූ තුනුරුවන් හා සමාන අන්කිසි කල්පවෘක්ෂැයෙක් අතීත අනාගත වර්ත මාන යන තුන්කල්හි ම නැත. එසේහෙයින් දිව්ය මනුෂ්යනනිර්වා ණ සඞඛ්යාසත ත්රිනවිධසම්පත්තිප්රයදානයට පිහිට ව සිටියා වූ බුඬ ධර්ම‍ සඞඝ යන රතනත්රරය පහන් සිත් ඇති ව අනවරතයෙන් සඳහන් කොට ත්රි‍විධසම්පත්තිය ම සාධාගත මැනැවි.

කියන ලදුයේ මැයි:-

“ලොකත්තයාහහිමතදං සත්තං තිය‍ද්ධේ වත්ථුොතත්යස්ස සදිසං න හි කප්පරුක්ඛං තස්මා නිසම්පදපදං රතනත්තයංච නිච්චං පසන්නමනසා මනසී කරොථ” යි.

මෙ තෙකින් මෙහි පස්වන කුණ්ඩලිවස්තුව කියා නිමවන ලදී.

මෙතෙකින් මේ සද්ධර්මා.ලඞකාරයෙහි තෙහාතිකවර්ග් නම් වූ එකොලොස් වන පරිච්ඡේදය නිමි.


12. පරිච්ඡේදය

12. බොධිරාජවර්ගිය

41. බෝධිරාජවස්තුව තවද මේ සද්ධර්මා්ලඞකාරයෙහි බෝධිරාජවර්ගරය නම් කවරැ යත්?

එහි පළමු වන බෝධිරාජ වස්තුව මෙසේ දතයුතු.

යටැ ගිය දවසැ මෙම ලඞකාවීපයෙහි ශාසනය පිහිටි පසු අකුරැලි නම් ‍ගමෙක් විය. ඒ ගම්හි එක් කුමාරිකාවක් සෙසු ගම්දැරියන් හා එක් ව ඒ ඒ තන්හි කෙළ අවිදිනී ගමට නුදුරු



බෝධිරාජ වර්ග්ය 431

තන්හි දිය ‍පිරී සිටිනා මහත් හෙබක් චැක එතන්හි ගියා ය. එකල්හි ඒ හෙබ සමීපයෙහි එක් මුරුතගසෙක් මුලැ පටන් අග දක්වා සර්වඑප්රවකාරයෙන් මල් පිපී සිටිය. එකලැ බුඬපූජාවට එහි මල් කඩන පිණිස මනුෂ්ය යෝ බොහෝ දෙන එ ම දියට බැස පීනාගෙන ගොස් ගසට නැඟී මල් කඩති. ඒ මනුෂ්යමයන් දැක කුමාරිකාවෝ මොහු සැප සේ ගොස් ගසට නැඟී මල් කඩාගෙන බුදුන්ට පූජා කෙරෙත්ව යි සිතා එතන්හි වියළී ලඝු සැහැල්ලු ව තිබූ එරබදුදණ්ඩක් ගෙනවුත් හෙයක් කොට තුබූහ.2 එ තැන් පටන් මනුෂ්යරයෝ ඒ හෙයපිටින් සැප සේ ගොස් ගසට නැගී මල් කඩන්නාහ. මෙ පමණ පිනක් කොට ඉක්බිති ඒ කුමාරිකාවෝ නොබෝකල‍කින් එයින් මිය එ ම ගෙය ලූවා වූ කුසලයෙන් දඹදිවැ පැළලුප්නුවරැ “සොමදත්ත” නම් රජ්ජුරුවන්ට දුව ව උපන්හ. එ කල්හි ඒ කුමාරිකාවෝ දිව්යාිප්සරාවක් මෙන් බැලුබැලුවන්ට ප්රිහයකරු ව ඉතා උතුම් වූ රූ ඇති වූහ. මව්පිය දෙදෙනා ඔවුන්ට බොධිරාජ කුමාරිකාවෝ ය යි නම් තුබූහ.2

පළමු ජාතියෙහි හෙය ලූ කුශල‍යෙන් ඒ කුමාරිකාවන්ට අහසින් යන ඍඬි ඇති “සුවිරක” නම් වූ සෛන්ධනව අස් පැටවෙක් උපන. ඒ රාජකුමාරිකාවන්ගේ පියරජ්ජුරුවෝ වනාහි බුඬරත්නය මාගේ ම ය, ධර්මුරත්නය මාගේ ම ය, සඞඝ රත්නය මාගේ ම ය යි මෙසේ තුනුරුවන් කෙරෙහි මමත්වමය ඇති ව මහත් වූ පින් රැස් කෙරෙමින් වසන්නාහු ඒ සෛන්ධිව අස්පැටවා දැක දැන් වඩ වඩා පින් කරන්ට නිසි සඟයෙක් ලිදිමි යි සතුටු සිත් ඇති ව ඒ අස්පැටවා පිටට පැනනැඟී දවසැ තුන්විටෙකැ ගොස් ශ්රීත මහාබෝධීන් වහන්සේ වඳනාහ. බොධිරාජකුමාරිකාවෝ ඒ දැක පියරජ්ජුරුවන් සමීපයට ගොස් පියාණන් වහන්ස, එකාවන් ව මේ කොයි යන ගමනෙක් දැයි විචාළහ. එ බසට රජ්ජුරුවෝ මුවෙන් නොබිණූහ. ඉක්බිති රාජකුමාරිකාවෝ නැවැත නැවැතත් පියාණන් වහන්ස, දවැස තුන්විටෙකැ නුඹවහන්සේ කොයි වඩනා සේක්ද? ඒ මට නොවළහා කිව මැනැවැයි කීහ. එ කල්හි රජ්ජුරුවෝ තමන් යන ගමන කුමාරිකාවන්ට ප්රැකාශ කොට හඟවා කියන්නාහු :-

“අමාහකං භගවා පුබ්බේ, පුරෙන්තා දසපාරමි, අදාසි සිසිරත්තක්ඛී මංසජිවිතමෙව ච.

පුත්තදාරෙ ච රජ්ජේ ච, පත්වාු පාරමිමත්ථ,කං, අනප්පකප්පකොටීනං. බෙපෙත්වාා කපිලර්ව්හය.


432 සද්ධර්මාසලඞකාරය

සත්යරරාජකුලෙ1 ජාතො, ලොකෙ අප්පටිපුග්ගලො, සම්පත්තවක්කවත්තිතනං, පහත්වාරන2 නරාදිපො.

දිස්වා නිමිත්තෙ චතුරො, නික්ඛම්ම අභිනික්ඛමං, බොධිමූලමුපාගම්ම, නිසිනෙනා‍ වජිරාසනෙ.

සහස්සබාහුං මාපෙත්වාර, නානායුධසමාකුලං, 3 මහාභීතිකරං වෙසං, කාළපබ්බතසාදිසං.

මාපෙත්වාරන සමාරුය්හ, ගිරිමෙඛලවාරණං, මාරසනං සමානෙත්වාව, ආගතං මකරද්ධජං.

පාරමීබලමොලුබහ4 මාරසෙනං පලාපියා, යත්ථාබයිනො කිලෙසාරිසහස්සං ඝාතයි ජිනො.

නවනංසුජලසෙකෙහි5 සත්තාහං ජානසෙවිතං, පූජිතං සුරබ්රිහ්මේහි6 සිද්ධොරගනරාදිහි, වන්දිංතුං ජයබෝධි තං, ගච්ඡාමි සත්තං අහං.

උපසාති සදා ගනත්වා . යො නරො බෝධිපාදපං, ගන්ධොදදිදීපධුපාදානානාපුජාහි ;සාධුකං, ස නරො නිරාමයො හොති, පච්චත්තේ7 ච පරත්වා ච.

පූජිතො මානිනො හොති, දිඝායු බලවා සුඛී, තදත්ථං පත්ථපයන්තෙන, අත්ථ,කාමෙන ජන්තුනා, උපාසනීයො8 සද්ධාය, නිච්චං සො බෝධිපා‍දපො9”

යනාදින් එම්බා දියණියෙනි, 10 අප බුදුහු පෙරැ මේ මහභද්ර කල්පයට සාරාසඞඛ්යප කල්පලක්ෂනයෙකින් මත්තෙහි ලොවැ පහළ වූ දීපඞකර නම් බුදුකෙනකුන් වහන්සේ දැක බුදුබව පතා ඔබගෙන් විවිරණ ලත් තැන් පටන් දානශීලාදී වූ දශප්රබකාර පාරමිධර්මණයන් පුරනසේක් ඇස් ඉස් මස් ලේ අඹුදරු රට දනව් ජීවිත යනාදි වූ ඉතා නොසිතිය හැකි ප්රිපයවස්තු දන් දීමෙන් කෙළගණනින් පවා පමණ කට නොහැකි අනල්පකාලයක් ගෙවා පාරමිතාධර්මනයන්11 මස්තකප්රා ප්ත කොට කපිලවස්තු නම් නුවරැ ශාක්යතරාජවංශයෙහි මුළුලොවට මුඳුන්මල්කඩක් මෙන් අප්රරතිපුද්ගල ව ඉපිද12 ක්ර මයෙන් වැඩි සතර පූර්වප නිමිත්ත දැක හස්තප්රාවප්ත ව සිටි චක්රයවර්තංතිරාජ්යරය හැර මහබිනික්මන් නික්ම මහණ ව බෝමැඩ කරා එළැඹ විදුරසුන්


බෝධිරාජ වර්ගරය 433

නැඟී වැඩහිඳ එකෙණෙහි තමාගේ එක ශරීරයෙහි දහසක් අත් මවා ඒ දහසක් අතින් ගිනි ගෙන දිලිසෙන අසි සත්ති නොමර ඉට්ටි මිට්ටේරැ ආදි වූ නානාප්ර්කාර ආයුධ ගෙන ඉතා භයංකර වූ කාලපර්වමතයක් වැනි කෘෂ්ණවර්‍ණ හරීරයක් මවා අතිභයානක වූ වෙශභූෂණයෙන් යුක්ත ව එසේ ම අතිභයඞකර වූ දෙවන මාරයකු සමාන ‍ෙයළසියයක් යොදුන් උස ඇති ගිරිමේඛලා නම් ඇත්රජු1 පිටට පැනනැඟී නානාප්ර කාර විරූපවෙශධාරි වු2 දසබිම්බරක් මරසෙනඟ ගෙන අවුත් වන්නා වූ මාරයා හා ඔහුගේ සේනාව දශපාරමිතා නැමැති දශමහායෝධභටයන් මෙහෙයමින් හිසලූලු අතැ ලුහුබඳවා යම් බෝධිමූලයෙක්හි වැඩහිඳ කෙලෙස් නැමැති දහස් ගණන සතුරන් නසා ජය ගෙන බුදු ව බුඞරාජ්යකය ලත්සේක් ද, ඉක්බිති ඒ බුදුරජානන් වහන්සේ විසින් තමන් වහන්සේගේ පසුපෑ දිස්නා වූ ඇස්සඟලින් නික්මෙන තෙත්ර්කාන්තිසමූහ නැමැති ජලපරිෂෙක කෙරෙමින් සත්දවසක් මුළුල්ලෙහි ඇසිපිය නො හෙළා සිටිපිය නො සොල්වා සිට යම් බෝධිකෙනකුන් වහන්සේ භජනය කරන ලද ද, එසේ ම සියලු දිව්යිබ්රඑහ්මනාගසුපර්ණ මනුෂ්යරයක්ෂිරාක්ෂයසසිඬවිද්යාවධරාදීන් විසින් දිවමල් දිවසුවඳ දීපධූපාදීන් යම් බෝධිකෙනකුන් වහන්සේ පූජා සත්කාර කරන ලද ද, ඒ ජයමහාබෝධීන් වහන්සේට නිරන්තරයෙන් සත්කාර කොට වඳනා සඳහා යෙමි.

ඉදින් යම් කිසි ශ්රජඬාවත් කෙනෙක් නිරන්තරයෙන් ඒ බෝධීන් වහන්සේ කරා එලැඹ සුවඳ පැන් සුවඳ සුණු මල් පහන් සුවඳදුම් පිදීම් ආදියෙන් මනා කොට පූජාසත්කාර කෙරෙමින් මානනය3 කෙරෙත් නම් ඔහු මෙලෝ පරලෝ දෙක්හි ම නිරෝගි නිර්යාමානනධි ව දීර්ගේ වූ ආයුෂ ඇති‍ වෙයි. මනා වූ ඡවිවර්ණන ඇති වෙති. සියල්ලනේ සුවපත් වෙති. මහත් වූ ඥානශක්ති ඇති වෙයි. එසේ හෙයින් මේ සියල්ල ප්රා ර්ථනා කරන්නා වූ තමහට වැඩ කැමැති සත්පුරුෂයන් විසින් නිරත්තරයෙන් ඒ ශ්රී මහාබෝධීන් වහන්සේ කරා එළැඹ තමතමා ශක්තිපමණින් ආදරසිහත ව පූජාසත්කාර කටයුත්තේ ය යි කීහ.

මෙසේ පියරජ්ජුරුවන් විසින් කියන ලද ශ්රීඹමහාබෝධීන් වහන්සේගේ ආනුභාව හා ගුණවිශේෂ අසා සන්තුෂට වු කුමාරිකාවෝ ප්රීසතීන් පිරුණා වූ ශරීර ඇති ව තමන්ගේ


434 සද්ධර්මාසලඞකාරය

පියරජ්ජුරුවන් වැඳ කියන්නාහු පියාණන් වහන්ස, මමත් ඒ ශ්රීජමහාබෝධීන් වහන්සේ වඳනා කැමැත්තෙමි, නුඹවහන්සේ හා කැටි ව ම එමි යි කීහ. රජ්ජුරුවෝ වනාහී ඒ කුමාරිකාවන්ට අතරමගැ උපද්රසවයෙක්1 වේ දෝ හෝ යි යන භයින් කැඳවා ගෙන යන්ට මැලි වූහ. 2 ඉක්බිති කුමාරිකාවෝ එපමණෙකින් නො වැළක තුන්යළ දක්වා රජ්ජුරුවන්ට යාව්ඤා ව කන්නලව් කියා ගිවිස්වා ගෙන එ තැන් පටන් පියරජ්ජුරුවන් හා සමඟ අශ්වයා පිටට පැනනැඟී බෝධීන් වහන්සේ වඳනා සඳහා දවැසැ තුන්විටෙකැ යන්නාහ.

එයින් මෑතභාගයෙහි කුමාරිකාවන්ගේ පියරජ්ජුරුවෝ තමන් මරණාසන්නයෙහි සිතන්නාහු මාගේ දියණියෝ නිරන්තරයෙන් ම ශ්රීසමහාබෝධීන් වහන්සේට උපස්ථාන පිණිස යෙති ඉදින් මොවුන්ට මතු යම් කිසි භයෙක් වෙයි නම් මේ ගමන් නිසා ම වන්නේ ය. ඊට කළමනා කිම් දෝ හෝ යි සිතූහ. මෙසේ සිතා ඉක්බිති කියන්නාහු එම්බා පුතඬ,2 මා දුවණියෝ තොප සහාය කොට ගෙන දවසැ තුන්විටෙකැ ශ්රීබ මහාබෝධීන් වහන්සේ වඳිනට යෙති. එ තන්හි උන්ට කිසි යම් භයෙක් පැමිණියේ වී නම් යහපත් නො වෙයි. ඒ යන එන ගමන්හි මාගේ දියණියන් සිහි ඇති ව රැක ගන්ව යි කියා අස්පැටවාට දියණිය භාර කොට තුමු කාලක්රිනයා කළහ.

එකලැ කුමාරිකාවෝ මහත් වූ රජපෙරහරින් පියරජ්ජුරුවන් ආදාහනය කරවා ඉක්බිති පළමු පරිද්දෙන් ම දවසැ තුන් විටෙකැ අශ්වයා පිටට පැනනැඟී ශ්රීුමහාබෝධීන් වහන්සේ වඳිනට යෙති. එකලැ එ තන්හි සමීපගම්වැසිමනුෂ්යීයෝ කුමාරිකාවන්ගේ රූපසම්පත් දැක විස්මයපත්වූ සිත් ඇති ව සිතන්නාහු ඒකාන්තයෙන් ම මේ රජදරුවන්ට සුදුසු වූ පඬුරෙක්ම ය.4 එබැවින් අපි දැන් ගොස් මේ කුමාරිකාවන්ගේ රූපසම්පත්තිය අපගේ රජ්ජුරුවන් වහන්සේට කිවමෝ වී නම් අපට සන්තුෂ්ට කිසියම් සැපතක් දෙනසේක් ම ය. එබැවින් යම්හ යි සිතා රජ්ජුරුවන් කරා එළැඹ වැඳ එකත් පස්ව සිට කියන්නාහු දේවයන් වහනස්, ඉතා රූපත් වූ දෙවඟනක හා සමාන එක් කුමාරිකාවක් දවසැ තුන්විටෙකැ5 අසකු නැගී බෝමැඬ කරා අවුත් සතුටු සතුටු ව ශ්රීවමහාබෝධීන් වහන්සේ වැඳ විදුලියකලඹක් මෙන් බබළමින් යන්නී ය.


බෝධිරාජ වර්ගරය 435

ඒ කුමාරිකාවන්ගේ රූපශ්රී වෙන වෙන වර්ණදනා කොට කිය නො හැක්ක. තමලුලියසිරි පරදවන1අක්බඹරු වූ නිල් සිනිඳු කෙස්වැටියක් ඇතියහ. නිලුපුල්පෙති පරයන දුගුපුළුල් වූ සුනිල්නුවන් අතියහ. රනොවිලි පරදවන විදුලියදෙකක් වැනි කන්වැල්සඟළක් ඇතියහ. රන් හංස පැටවුන් දෙදෙනෙකු වැනි මනොඥ වූ තනසඟළක් ඇතියහ. චන්ර්න් කාන්තිය හා මිශ්රි වූ සන්යාෙකු වලාපටපලයත් මෙන් අතිධවල දන්තරශ්මීන් භින්න වර්ණ වූ සුරක්තවර තොල්සඟළක් ඇතියහත පරවියන්ගේ බැම මෙන් නිම්බපත්රාොකාර ව බබළන්නා වූ සිත්කලු වූ වැමැසඟළක් ඇතියහ. මඳ මඳ සිනා පෙරදැරි ව කියන්නා වූ ළදබොළඳවචනයෙන් ම දුටුදුටුවන් සිත් පිනවන්නාහ.

මහරජ්ජුරුවන් වහන්ස, එබඳු කුමාරිකෙනෙකුන් උන් හැර පළමු අපි කිසිකලෙකත් නුදුටුම්හ. එබැවින් නොපමාව වැඩිය මැනැව. අප කියන ඒ කුමාරිකාවන්ගේ රූසිරි2 සියල්ල නුඹවහන්සේ ම සිය ඇසින් දැන නොබෝකලෙකින් බෝධිමණ්ඩලෙයහි දී ම දක්නාසේක් වේ දැයි කිහ.

එසේ හෙයින් කියන ලදී:-

“බොධිමණ්ඩං සමාගම්මථ අභිණ්හං තුට්ඨමානසා වන්දබන්ති යාති ක‍ඤෙඤකා. විජ්ජුව සිරියා ජලං.

නීලදම්මිල්ලභාරා සා, විසාලායතලොචනා, සො‍ණ්ණදොලාහසවණා, සාමා සුභපයොධරා.

සසිරංසීහි සම්මිස්ස, සජඣමබුදසමාදරා, තුඞගනාසා නීලහමු, හාසනාසා මනෙ‍මාරමා.

ඊදිසා නො මහාරාජ, දිට්ඨපුබ්බා කුදාචනං, එහි තස්සා සිරං දෙව, බෝධිමණ්ඩම්හි දක්ඛිසි” යි.

මෙසේ ඔවුන් විසින් කියන ලද රූපවර්ණෝනා අසා ශ්රිවණ සංසර්ගවයෙන්ම ඒ කුමාරිකාවන් කෙරෙහි පිළිබඳ සිත් ඇත්තා වූ රජ්ජුරුවෝ එ ම විටැ තමන්ගේ මහත් වූ චතුරංගිණී සේනාව පිරිවරා ගොස් මහාබෝමැඩ පවුර වටා පිටතින් සේනාව රැවලා සිටුවා තෙලකුමාරිකාව පලා යා නොදී අල්ව යි නියෝග කළහ. එ කල්හි සේනාව ද මේ කුමාරිකාව අපි අපි ම අල්වම්හ යි සිතා සාහසික ව3 තරහේ සැරැහී4 සිටගත්හ.


436 සද්ධර්මාසලඞකාරය

එකල්හි ශ්රීපමහාබෝධීන් වහ්නසේ වඳිමින් සිටි රාජකුමාරිකාවෝ තමන් අල්වන්ට වටලා සිටියා වූ සේනාව දැක වහා ගොස් අසුපිටට පැනනැඟී විළුඹින්1 සංඥා කළහ.

එකෙණෙහි අශ්වයා මහත් වූ වේග දනවා අහසට පැනනැඟී විදුලියකැලවැදි හෙළ වලාකුළක් ‍මෙන් දිලිදිලිහී යුහු ව ගමන්ගත. කුමාරිකාවෝ වනාහි භය ගෙන ඉක්මන් ව අසු නැඟී ඉඳුරා වැද හිඳින්ට කල් නොවූ හෙයින් අසුගේ ගමන් වේගය ධරාගත නො හි අසුපිටින් ගිලිහී ගියහ. එකල්හි අස් පැටවා බිමැ හෙන්නා වූ රාජකුමාරිකාවන් දැක ඔවුන්ගේූ පිය රජ්ජුරුවන් පළමු ‍තමහට කි අවවාද සිහි කොට ඇසිල්ලෙකින්2 පෙරැළී බැස කුමාරිකාවන්ගේ ඉසැ කෙස්වැටිය ඩැහැ ගෙන උඩට3 ඔසවා පාත් ව පිට දී අහසින් ගෙන ගොස් පැළලුප්නුවරැ රජගෙයි ම ඇර සිටුවී4 ය.

එබැවින් අහේතුකප්රීතිසන්ධිය ඇති තිරිසනුන් පවා තමන්ට තණ පැනි පමණෙකින් කරන ලද ස්වල්පමාත්රස වූ උපකාරය සිතැ තබාගෙන ඔවුන්ට මෙසේ ආපදායෙහි5 අත් නො හැර පිටිවහල් ව සිට දුකින් ගලවා ගන්නා බව මේ අශ්වයාගෙන් දැන සිතැ තබා ගෙන සියලු සත්ත්වසයෝ ම තමතමන්ට උපකාර කළවුන්ට ප්ර ත්යුලපකාර කිරීමෙන් උපකාර දැන වාසය කෙරෙත්වා. මෙසේ ඒ කුමාරිකාවෝ එතැන් පටන් අනිකුත් බොහෝ පින්කම් කොට ස්වර්ගනපදපරායණ5 වූහ. එබැවින් නුවණැති යම් කිසිවෙක් බුදුන් විසින් පුදන ලද ඒ ශ්රීුමහා‍බෝධීන් වහන්සේට බත් මල් පහන් ආදියෙන් පූජා සත්කාර කෙරේ ද, ඒ තෙම උපනූපන්ජාතියෙහි අපමණ වූ භවභොගසම්පත්ති ලබයි7.නිරෝගී නිර්ව්යාිධී වෙයි. හැමතන්හි ම සියල්ලවුන් විසින් ප්රබශංසා කටුයුත වූ මනහර රූ ඇති වෙයි.

එසේ හෙයින් පින්වත් සත්ත්වදයෙනි, තොප හැම විසිනුදු එ ම ශ්රීහමහාබෝධීන් වහන්සේ ය, තදවයභූත ශාකාමහාබෝධීන් වහන්සෙ ය, තත්ප්රයභව ඵලරුමහාබෝධි ය යන තුන් මහා බෝධියෙන්8 සැදැහයෙන් ගොස් දැක වැඳපුදා ගතහැකි යම් බොධි කෙනකුන් වහන්සේ කරා එළැඹ තණ පරඩලා ඇත පහ කොට මළුව හැමද පිරිසිදු සිතින් බත් මල් පහන් ආදියෙන් පූජා‍ කොට මතු සියලු සම්පත් අත්පත් කළ මැනවි.


බොධිරාජ වර්ග‍ය 												437

කියන ලදුයේ මැයි:-

“යො යං දුමින්දංත යතින්න්දලනේන යම්පූජිතං පුජයතෙ සපඤ්ඤෝ ස භොගවා හොති අනීතිකො ච සබ්බත්ථ සො හොති පසත්ථලරූපො” යි.

මෙතෙකින් මෙහි පළමු වන බෝධිරාජ වස්තුව කියා නිමවන ලදී.

42. ලඞකාශාසන කථාව

මෙසේ මේ සද්ධර්මාඞලඞකාරයෙහි ධම්මසොණ්කවස්තුවෙහි පටන් බොධිරාජ වස්තුව අවසන් කොට ජම්බුවීපොත්පන්ත1 එක්සාලිසක් පමණ කථාවස්තූන් වෙන වෙන ම දක්වා මෙයින් මතු ලංකාද්වීපොත්පන්න කථාවස්තූවන්ට උත්පත්තිස්ථාන වූ මේ ශ්රීදලඞකාවීපය අබු‍ඬොත්පාද කාලයෙහි යක්ෂූයන්ට ම නිවාස ව බු‍ඬොත්පාදකාලයෙහි2 මනුෂ්යලයන්ට වාසස්ථාන3 වන බව ද, අනත්තපරිය්න්පත සර්ව2ඥවරයන්ගේ බොධිද්රැවමවල දක්ෂිථණමහාශාඛාවන් හා ධර්ම ධාතු ආදි වූ ශාසනප්රනතිශ්ඨාව මෙහි ම වනු ඒකාන්ත බව ද, සමහර බුදුකෙනෙකුන් වහ්නසේ තමන් වහනසේගේ ප්රනථමබෝධියෙහි ම මෙහි යක්ෂුයන් දුරු ව මනුෂ්යගවාස වූ කලැ පසු ව කල් බලා වැඩ ධර්මරදේශනාවෙන් මහජනයා පහදවා මහාබෝධී පිහිටුවමි4 ආදි වූ5 පාරිභොගික ධාතුප්රජතිෂ්ඨාවෙන් රැකවරණය දි සසුන් පිහිටුවා වඩනාබව ද, සමහර බුදුකෙනකුන් වහන්සේ තමන් වහන්සේ ම වැඩ යක්ෂියන් ප්රාලය කොට මනුෂ්ය්වාසයට අවකාශ කරව,6 කේසධාතු හා පාරිබෝගික දාතු ප්ර තිෂ්ඨාවෙන් අරක් දී රජුන් ඇති කොට මනුෂ්යාවාසය කරවා සසුන් පිහිටුවා සියලු සම්පත්තීන් සමෘඬ කරන බව ද යන මේ සියල්ල ම යටැ කියන ලද තෙහාතිකවස්තුවෙහි දෙවනපෑතිස්කථාවට මූලාරම්භයෙහි ම දැක්විය යුතු වුව ද ග්රහන්ථය විශාල වෙයි සිතා නො දැක්වු හෙයින් මෙතන් හි පළමු කොට ඒ කථාප්ර්බන්ධය ස‍ංක්ෂේපයෙන්7 දක්වා හාසන කථා පමණක් පිළිවෙළින් පහළ කොට තදන්නාර ව ශ්රලඬා සුමනාවස්තුව ගෙනහැර දක්වමි. තමහට වැඩ කැමැති රජ


438 සද්ධර්මාසලඞකාරය

යුවරජ මහඇමති ආදි වූ ශ්රටඬවතුන් විසින් සිත් හෙළා ඇසිය යුතු. ඒ කෙසේද යත්? පෙරැ අතීත කාලයෙහි බුදු වූ අනන්තපරියන්ත සර්වුඥයන් හැර මේ මහා භද්රිකල්පයෙහි පළමු ව බුදු වූ කකුසඳ නම් බුදුන් සමයෙහි මේ ශ්රීමලඞකාවීපය “ඔජදීප” නම් විය. මහමෙවුනාඋයන මහාතීර්ථවන නම් විය. උයනට නැගෙනහිරැ නුවර “අභයපුරු” නම් විය. එහි රජ්ජුරුවෝ ද “අභය” නම් වූහ. දැන් පියල්කුළු නම් වූ මිහින්තලාගල “දෙවකූට” නම් වියත එකලැ මෙහි අප බුදුන් දවසැ විසාලාමහනිවරැ පැමිණි රොගදුර්භික්ෂහයක්ෂදභය සේ ම ඣවර රෝගයකින් මහත් වූ පීඩ‍ාවක්1 ඇති ව බොහෝ සත්ත්වියන් මියන්ට වන් කල්හි ඒ බව දැක කකුසඳ නම් බුදුහු ඔවුන් කෙරෙහි උපන් මහත් වූ කරුණා ඇති ව සතලිස්දහසක් පමණ මහගණයා පිරිවරා තරුපිරිවැරු චන්ර්කරුයා සේ දෙවකූටයට අවුත් බැස සවනක් රැසින් දසදිගුන් බබුළුවා ගලකුළ මත්තෙහි වැඩසිට සියලු සත්ත්වරයන්ට ම පෙනී ඡවරරෝග අන්තර්ධාෙන කෙළේ ය.

එකෙණෙහි තමන් වහන්සේ දැක මහත් වු සන්තෝෂයෙන් ඉපිල නැඟී ඇසිල්ලෙකැ දිව අවුත් පර්වමතය සිසාරා රැස් ව සිටගත්තා වූ රජයුවරජමහඇමැති ආදීන් පිරිවරා ඔවුන්ගේ ම ආරාධනාවෙන් වැඩ මහපොළොව ගුගුරුවා මහත් වූ උත්සවයෙන් මහාතීර්ථවන නම් උයන පිළිගෙන සතලිස් දහසක් මහසව්වන් පිරිවරා වැඩහිඳ අහර වළඳවා අහර වළදා මහජනයාට බණ වදාරා සතලිස්දහසක් පමණ ප්රාිණීන් සසරින් මුදා මහාබෝධිස්ථානයට එළැඹ මොහොතක් කල් ධ්යාණනයෙන් හිඳ එයින් නැඟී අධිෂ්ඨාන කොට දඹදිවැ “ඛෙමවති”2 නම් නුවරැ “ඛෙම” නම් රජහු ලබා තමන්වහනසේගේ මහරි බොධියෙහි සිරියල්රෙඛා දෙවා ස්වංඡින්න ව අහසට පැන නැඟී දක්ෂිෙනමහාශාඛාව රන්කටාරයෙකැ3 පිහිටුවා පන්සියක් භික්ෂු ණීන් හා සමඟ “රැචිනන්දාක” නම් අග්ර්ශ්රාජවිකාවන් ලවා අහසින් ගෙන්වා අභය නම් රජහු ලවා බෝධිප්රශතිෂ්ඨා කරවා එතනට උතුරුදිගැ එකලැ “සිරිසමාලක” නම් ලද ලෝවාමහපාතන්හි වැඩහිඳ ධර්මුදේශනා කොට විසිදහසක් ප්රාරණීන් සසරින් මුදා එයින් ථූපාරාමභූමියට වැඩ ධ්යා‍නයෙන් හිඳ එයින් නැඟී බණ වදාරා දසදහසක් ප්රානණීන් සසරින් මුදා එ තන්හි දාගබක් කරවන සේ4 තමන් වහන්සේගේ ධර්මරකරකය පාවා දී එ ම රුචිනන්දාබ පාවා දී එ ම රුචිනන්දා් නම් ශ්රාකවිකාවන හා පන්


බොධිරාජ වර්ගනය 439

සියයක් භික්ෂු්ණීන් ද “මහාදෙව” නම් මහතෙරුන් වහන්සේ හා දහසක් භික්ෂූ න් ද මෙහි ම රඳවා එයින් දේවකූටයෙහි ආදි බට මහසලසෑ1 පිහිටි තන්හි ම වැඩසිට සියලු දීපවාසීන්ට අනුශාසනා කොට මහජනයා බලබලා සිටියදී ම දඹදිව් ‍වැඩිසේක.

එසේ හෙයින් කියන ලදී:-

“ඉති මුනිකකුසන්ධො දීපමාගම්මමෙතං බහුලජනනිකාය නිබ්බුතං පාපයිත්වාක, තදහනිව සිරීසං බොධිසාඛඤ්ච නෙත්වා නිදහීය ගගනමහා ජම්බුදිපං අගඤ්ජි” යි.

එතැන් පටන් ඒ බුද්ධොත්පාදය මුළුල්ලෙහි උපනූපන් රජ ඇමති ආදිහු තුනුරුවන් පුදාපුදා සගමොක්සැපත් සෑදුහ.3

තවද දෙවන කොනාගම නම් බුදුන් සමයෙහි මේ වීපය “වරදීප” නම් විය. මහමෙවුනාඋයන මහාඅනොමවන නම් විය. උයනට දකුණුදිගැ නුවර “වඩ්ඪමානකපුර” නම් විය. එහි “සමිද්ධ” 4 නම් රජකෙනෙක් රාජ්යවය කළහ. 5 පියලකූටය, සුමනකූට නම් විය. එකලැ මේ වීපයෙහි වැසි නැති ව මේ බු‍ඬොත්පාදයෙහි බෑමිණිවියාසාය සේ ම මහත් වූ දුර්භික්ෂසයෙක් විය.

එකල්හි බුදුහු තිස්දහසක් රහතන් හා සමග ආකාශය‍යෙන් වැඩ සුමනකූටමස්තකයෙහි දසදික් බබුළුවා වැඩ සිට තමන් වහන්සේගේ අධිෂ්ඨානබලයෙන් වැසි වස්වා ගිම් නිවා වැසි අන්තර්ධාසන කොට සියලු සතුන්ට පෙනිපෙනී සියලඟින් නැවැත දියකඳ හැර ජලශාන්ති කොට ඒ ප්රා්තිහාය්ය්න් යෙහි පැහැද තමන් වහන්සේ කරා රැස් වූ මහාජනයා පිරිවරා ඔවුන්ගේ ම ආරාධනාවෙන් වැඩ මහපොළොව ගුගුරුවා “මහා අනෝමවන”6 නම් උයන පිළිගෙන වළදා අන්තයෙහි බණ වදාරා තිස්දහසක් ප්රානණීන් සසරමලින් ගලවා පෙරැ සේම අධිෂ්ඨාන කොට දඹදිවැ “සොහන” නම් නුවැරැ “සොහන” නම් රජහු ලවා තමන් වහන්සේගේ උදුම්බරා බෝධියෙහි දක්ෂිරණශාඛාව යටැ කී පරිද්දෙන් ම ස්වංඡින්න කරවා “කනකදත්ත” නම් ශ්රාාවිකාවන් ප්ර ධාන වූ පන්සියයක් භික්ෂුමණීන් ලවා ඇසිලලෙකැ ගෙන්වා සමිද්ධ නම් රජහු ලවා


440 සද්ධර්මාසලඞකාරය

බොධිප්රාතිෂ්ඨා කරවා එකලැ “නාගමාලක” නම් වූ ලෝවාමහපාභුමියෙහි වැඩහිඳ බණ වදාරා විසිදහසක් ප්රාකණින්ට මාර්ගලඵල දී එයින් ගොස් ථූපාරාමභුමියෙහි ධ්යාදනසුවයෙන් වැඩහිඳ එයින් නැගී ධර්මීදේශනා කොට දසදහසක් ප්රාෙණීන් සසරින් ගලවා එතන්හි චෛත්ය යක් කරවන සේ පටීධාතුව පාවා දී එ ම කනකදත්තා නම් ශ්රා විකාවන් ප්රධධාන ව පන්සියයක් භික්ෂූුණින් හා “සුධර්ම්”1 නමම් මහතෙරුන් වහන්සේ ප්රාධාන වූ දහසක්2 භික්ෂූුන් මෙ ම වීපයෙහි රඳවා එයින් ගොස් “සුදස්සන මාලක” නම් මහසලසෑය පිහිටි තැනැ වැඩ සිට සියලු සතුන්ට අවවාද දී මේ වීපයෙන් ජම්බුවීපයට ම වැඩිසේක.

එහෙයින් කියන ලදී:-

“එවං හි කොණාග‍මනො මුනින්දෝ දත්‍වා බහූනං3 ඵලමග්ගදානං නෙත්වාං තතො‘දුම්බරබොධිසාඛං නිධාය‘ගා ජම්බුසිරිව්හදීපං” යි.

එතැන් පටන් ඒ බු‍ඬොත්පාදයෙහි ද මෙහි උපනූපන් රජදරුවන් හා බොහෝ දෙන තුනුරුවන් වැඳ පුදා සග‍මොක් සැපත් අත්පත් කළහ.

තවද තුන් වැනි ව බුදු වූ කාශ්යගප නම් බුදුන් සමයෙහි මෙ ම වීපය “මණ්ඩවීප4 විය. මහමෙවුනාඋයන “මහාසාගරඋයන්” නම් විය. ඊට පශ්චිමදිශාභාගයෙහි නුවර “විසාලාපුර” නම් විය. “ජයන්ත” නම් රජෙක් එහි රාජ්යාය කෙළේය. 5 පියලකූට‍ය ශුභකූට නම් විය. එකලැ මේ වීපවාසීන් හා රජ යුවරජ මහඇමතිවෝ විභාග ව බෙදී යුඬසන්තඬ ව සටනට පටන් ගත්හ. ඒ බව දැන බුදුහු විසිදහසක් රහතන් පිරිවරා ආකාශයෙන් වැඩ ශුභකූටයට බැස මහ අඳුරක් මවා දෙසෙනඟ ඔවුනොවුන්ට නො පෙනෙන සේ අධිෂ්ඨාන කොට සියලු වීපය දුම්කඳින් වසා එයිදු අන්තර්ධානන කොට සියලු දිග7 ගිනිදැලින් වසා ‍මහසෙනඟ මරණභයින් වෙවුල්වා අතැ තිබූ ආයුධ හෙළවා දෙසෙනඟ සමගි කරවා ගිනිකඳ අන්තර්ධාවන කොට තරුපිරිවැරූ සඳක් සේ සහපිරිවරින් පෙනී සන්තෝෂ කරවා ඔවුන්ගේ ම ආරාධනාවෙන් එදවසුදු මහපො‍ළොව ගුගුරුවා “මහාසාගරවන” නම්

බොධිරාජ වර්ග“ය 441

උයන පිළීගෙන වළදා අන්තයෙහි බණ වදාරා විසිදහසක් ප්රාහණීන්ට මාර්ගිඵල දී එයින් ශ්රීවමහාබෝධීස්ථානයට වැඩ මොහොතක් කල් ධ්යාගනසුවයෙන් යෙදී වැඩහිඳ එයින් නැඟී පෙරැ සේ ම අධිෂ්ඨාන කොට බරණැස බ්රෙහ්මදන්ත රජහු ලවා නිග්රො ධබෝධියෙහි දක්ෂිකණශාඛාව ස්වයංඡින්න කරවා සුර්ධනමා නම් ශ්රා විකාවන් ප්රකධාන වූ පන්සියයක් භික්ෂුිණීන් ලවා පුදපෙරහරින් ගෙනිවා “ ජයන්ත” නම් රජහු තවා මහබෝ1 පිහිටුවා “අසෝකමාලක” නම් වූ ලෝවාමහාපාභුමියෙහි වැඩහිඳ වදාළා වූ බණින් සාරදහසක් ප්රාලණීන්ට අමාමහනිවන් දී ථූපාරාමස්ථානයට වැඩ ධ්යා්නයෙන් නැඟී බණ වදාරා දසදහසක් ප්රාථණීන්ට මාර්ගධඵළ දී තමන් වහන්සේ ජලසා‍ටිකා පිහිටුවා එතන්හි දාගබක් කරවන සේ සලස්වා සුධර්මාැ නම් ශ්රාලවිකාවන් ප්රතධාන වූ පන්සියයක් භික්ෂුාණීන් හා “සර්වපන්දම” නම් මහාස්ථවීරයන් ප්රරධාන වූ දහසක් භික්‍‍ෂුන් වහන්සේ මෙහි ම රඳවා එයින් “සොමනස්සමාලක” නම් වූ මහසල සෑ තන්හි වැඩහිඳ සියලු දෙව්මිනිසුන්ට අනුශාසනා කොට අහස්කුසට පැනනැඟී තරුපිරිවුරූ චන්ර් දෙයා සේ දිලියෙමින් රහතන් හා සමඟ දඹදිව් වැඩි සෙක.

එසේ හෙයින් කියන ලදී:-

“ එතං හි කස්සපඡිනො වරමණ්ඩදීපං පත්තොෙ ඵලග්ගරතනං බහුනො ජනස්ස, දත්වාෙන ආනය තතො වටබොධිසාඛං රොපාපයිත්වංමගමා පුන ජම්බුදීපං” යි.

එතැන් පටන් ඒ බු‍ඬොත්පාදයෙහි ද මෙහි උපනූපන් සරාජික සත්ත්වපයෝ තුනුරුවන් පුදා3 සඟමොක්සැපත් අත්පත් කළාහු ය.

තවද මෙ ම කපැ සතර වැනි ව බුදු වූ මහාගෞතම නම් බුදුරජාණන් වහන්සේ බුදු වූ නව වැනි මසැ දුරුතු මැඳි පොහෝදිනයෙහි3 මේ ලඞකාවීපයට වැඩ මහවැලි ගං අසැ දිග තුන්යොදනක් හා පුළුල දෙයොදනක් පමණැති මහා නාගවන උයන්හි4 කඳවුරු5 බැඳ ඔවුනොවුන් හා සංග්රාපමයට පටන් ගත්තාවූ මහයක්සෙනඟ මැඳෑ ආකාහයෙහි වැඩසිට අහස්පොළෝ ගුගුරුවා යක්ෂපයන් තැති ගන්වා වැසැසුළං සහිත ඝනාන්ධළකාරයක් මවා යක්ෂෂයන් මුර්ජා කරවා අඳුරු දුරු


442 සද්ධර්මාසලඞකාරය

කොට පුන්සඳක් සේ පෙනී නැවැත සියලඟ දුමමින් දුම් සළා හැර යක්සෙනඟ ධුමාන්ධනකාරෙයන් භය ගන්වා පෙනි එකලැ යක්ෂයන් විසින් අවකාශ කොට දෙන ලද මහියඞගණ චෛත්යා ස්ථානයෙහි සම්කඩ අතුට යක්සෙනඟමැඳැ වැඩහිඳ සම්කඩ සතරදිගින් ගිනිකඳු1 සතරක් මවා දසදිගැ ගිනිකඳ විහිදුවා යක්ෂමයන් ලුහුබඳවා මුහුදුවෙරැළැ රැස් කරවා ගිරිදිවයින ගෙන්වා යක්ෂදයන් එහි පිහිටුවා පෙරැ තිබූ තන්හි ම ස්ථාපනය2 කොට එ‍කණෙහි පූජාභාණෟඩ ගෙන නොයෙක් දෙසින් අවුත් රැස් ව සිටියා වූ සමන්කුළැ වසන මහසමන්දෙවිඳු හා ලක්දිවැ ඒ ඒ තන්හි පිහිටි වෘක්ෂය පර්වකත හැළි3 දොළ විල් පොකුණු වැලිතලා ලියමඩුලු ආදියෙහි වසන දෙවදෙවස්ත්රීවන්ට බණ වදාරා නොයෙක් කෙළගණණ් දෙවියන් මාර්ගවඵලයට පමුණුවා අසඞඛ්යරයක් දෙනා සරණශිලයෙහි පිහිටුවා එ දවස් සෝවාන් වූ සමන්දෙව්රජහට කේශධාතුමිටක් දී ලක්දිව සිසාරා ප්රයදක්ෂිඑණා කොට නැවැත යක්ෂාෙවාස නොවන සේ අරක් දී උරුවෙල්දන්ව් වැඩිසේක. එකලැ මහසමන්දෙව්රජ තමහටදුන් කේශධාතූන් රුවන්කරඬුවෙකින් පිළිගෙන බුදුන් වැඩහුන් තෙනැ රුවන්රැසක් පිටට වඩා සත්රියන් උස ඉඳුනිල් මිණි රැයෙකින් වසා අපමණ දිව සුවඳ මල් ආදියෙන් පූජා කෙළේ ය.

ඉන් පසු ව “සරභු” නම් මහරහතන් කෙනකුන් වහන්සේ බුදුන්ගේ ග්රීපවාධාතුව වඩා ඒ වසා මෙඝවණීපාසාණයෙන් දොළොස්රියන් උස දාගබක් මවා මහත් වු පූජා කළ සේක. පසු ව “චුලාභය” නම් රජ5 ඒ ඒ වසා තිස්රියන් උස මහ සෑයක් බඳවා පූජා කළේ ය. ඉක්බිති “දුටුගැමුණු” නම් රජ ඒ වසා අසූරියන් උස මහසෑය බදවා ඝනරන්පතින් වසා ධනපමණින් පූජා කෙළේ ය. සූසැටරියන් උස ය යි කීයා ද කියන්නාහු ම ය.

කියන ලදුයේ මැයි:-

“චූලාභයව්හවනිපො අපරමහි කාලෙ තං එවං තිංසරතනුච්ච මකාසි ථූපං, දුටිඨාදිගගාමිණිනුපො දමිළෙ හන්නතො කාරෙසි කඤුඩුකමථො චතුසට්ඨහත්වාංත” යි.


බොධිරාජ වර්ගකය 443

තවද අප බුදුහු බුදු වූ පස් වන හවුරුදු බගැ අවපසළොස්වක දිනයෙහි චූලොදර, මහොදර නම් මෙයිල්1 නා රජුන් දෙදෙනා මිණිපළඟක් නිසා කරන යුඬයෙහි නස්නා බොහෝ නයින් දැක ඔවුන් කෙරෙහි උපන් මහාකරුණාවෙන් පෙරවරු ම දඹදිව් දෙව්රම්වෙහෙරින් නික්ම එ ම වෙහෙරැ දොරටුවැ පිහිටි කිරිපලුරුක අරක්ගත් “සම්ඬිසුමන” නම් දෙව්රජහු විසින් උපුටා සිරසට කරන ලද එ ම කිරිපලුතුරු නැමැති ඉඳුනිල්මිණිසේසත්සෙවණැ ආකාශයෙන් ම මණිනාග දිවයින් වැඩ ඝොර වූ යුඬයට පටන්ගත් නාගසේනාවට පෙනී අහස්කුසැ වැඩහිඳ අත්වුකාරනිර්මේණාදි නොයෙක් අසිරිපෙළහර දක්වා ධර්මාදේශනා කිරීමෙන් දෙසෙනඟ සමඟි කරවා ඔවුන් විසින් පිළිගන්වන ලද මිණිපලඟමත්තෙහි වැඩහිඳ එ ම නාරජහු විසින් එළවන ලද දිවබොජුන් වළඳා අනුමෙවුනි2 බණ දෙසා අසුකෙළක් නයින් සරණශීලයෙහි පිහිටුවා ඔවුන් වැඳ පුදන සේ කිරිපලුරුක හා සමඟ මිණිපළඟ නාරජුනව්ට පාරිභෝගචෛත්ය කොට පාවා දී මෙසේ දෙවන ධාතුපුතිෂ්ඨාවෙන් ලක්දිවට අරක් දී දෙව්රම්වෙහෙර වැඩිසේක.

එසේ හෙයින් කියන ලදුව:-

“ජලට්ඨෙ ථලට්ඨේ භුජ්ඬේ:ග පනොවං සම්ග්ලගේ කරිත්‍වා මුනි‘සිතිකොටී, පතිට්ඨාපයිත්වාග තතො පඤුචසීලෙ අගා ජෙතනාමං විහාරං උළාරං” යි.

තවද අප බුදුහු බුදු වූ අට වන හවුරුදු “සුනාපරන්තක” නම් මහතෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් පන්සියයක් රහත්න් වහ්නසේ හා සමඟ ස්කදෙව්රජහු මවා දුන් පන්සියයන් රුවන්මඬු නැඟී සුනාපරන්තක නම් ජනදයට වැඩමහුළු නම් ආරාමයෙහි වන්ද නසාලාව පිළිගෙන කීපදවසක් එහි වැස ධර්මහදේශනාවෙන් මහජනයා පහදවා එයින් “නර්මකදා” නම් ගඟට වැඩ එහි වසන නර්මදද නම් නා රජහු දුන් දිව බොජුන් වළඳා දර්මීදේශනා කොට බොහෝ නයින් ශරණශීලයෙහි පිහිටුවා ඒ නාරජහුගේ ආරාධනාවෙන් නර්මොදා නම් ගංතෙරැ රළින් මුවා වන තැනැ3 ශ්රීහපාදයක් දක්වා එයින් සච්චබඩක නම් පර්වපතයට වැඩ වසන සච්චබඞක නම් තෙරුන්4 වහන්සේගේ ආරාධනාවෙන් ඒ පර්විතමුදුනෙහි ද පාදලක්ෂුණයක් හා සමඟ ශ්රීආපාදයක් දක්වා එයින් මහොදර


444 සද්ධර්මාසලඞකාරය

නම් නාරජහු‍ මයිල් මිණි අක් නම් නාරජහුගේ ආරාධනාවෙන් වෙසඟමැඳිපොහෝදිනයෙහි ලක්දිව් වැඩ කැලණිමහසෑය පිහිටි තැනැ ඔහු විසින් මවන ලද රත්නමණ්ඩපයෙහි රහතන් හා සමඟ වැඩ හිඳ එ ම නාරජහු විසින් එළවන ලද දිවබොජුන් වළදා ධර්මවදේශනා කොට නේසුවහස්නයින් තිසරණ ගන්වා එයින් නික්ම සමන්කුළැ වසන මහාසුමන නම් දෙව්රජහුගේ ආරාධනාවෙන් සමනළ1 වැඩ පර්වේත මුඳුනෙහි ගනරන්කඳක් සේ දිලිහිදිලිහී ආකාශයෙහි ම වැඩ සිට දෙව් බඹ නා ගුරුළු ආදීන් විසින් කරන ලද පූජාසත්කාර විඳවිඳ එම දෙව්රජහුගේ ආරාධනාවෙන් අහසින් බැසපැළදික් බලා වැඩසිට තමන් වහන්සේගේ අටතුරාසියක් මඟුල්ලකුණෙන් හෙබියා වූ එක් රියන් එක් වියත් නවඟුල් පමණ වූ අයම් ඇති වාමශ්රී්පාදය සමනළමුඳුන්කුළැ මස්තකයෙහි සලක්ෂ්ණ කොට පිහිටුවා එම පර්ව්තපාර්ශවයෙහි “භගවා” නම් ලෙනැ දිවාවිහාරයෙන්2 වැඩහිඳ එයින් සිරිලක ඇතුළු කොට අනුරාධපුරනුවර වැඩ දකුණුමහසෑය පිහිටි මහපුළිලමළුව හා මහමෙවුන්උයන් මැඳැ මහාබෝධිස්ථානය, “මුචලින්‍දමාලක” නම් ලද ලෝවාමහාපායස්ථානය, පැනඹ මළුව ය යි ව්යිවහාර ලද “රාසිමාලක” නම් වූ ලහබත් ගෙය පිහිටි තැන ය, උතුරුදෙසැ “ඡන්තාඝාර” නම් වූ රුවන්මහපා පිහිටි තැන ය, ථූපාරාමස්ථාන පිහිටි තැන ය, මිහින්තලයෙහි මහසලසෑය පිහිටි තැන ය, රුහුණුජනපදයෙහි දිගානක පිහිටි තැන ය යන මේ නවමහාස්ථානය පුර්වුසර්වගඥවරයනුදු වැඩහුන් තැන් හෙයින් තමන් වහන්සේ ද එතනිහ් ධ්යාවනයෙන් වැඩහිඳ ඒ ඒ තන්හි රැස් වූ දෙවියන්ට බණ වදාරා නොයෙක් ලක්ෂවසුවහස් ගණන් දිව්ය සමූහයන් මාර්ගවඵලාලඞකාරයෙන් සරහා මෙසේ තුන්වා‍රයෙකින් තුදුසුතැනෙකැ තුදුස්මොහොතක් කල් තුදුසුසමවතෙකින් වැඩහිඳ පාරිභොගිකධාතුපුතිෂ්ඨාවෙන් මේ ශ්රිුලඞකාවීපයට අරක් දී ජම්බුවීපයට වැඩිසේක.

එසේ හෙයින් කියන ලදී:-

“එවං ලංකාය නාතො හිතමමිතමති ආයතිං පෙක්ඛමානො තස්මං කාලම්හි ලංකාසුරභුජග්ගණා දිනමත්ථාඤ්ච පස්සං



බොධිරාජ වර්ග‍ය 445

ආගා තික්ඛතතුමෙතං ඉති විපුලදයො ලොකදිපො සුදීපං දීපො තෙනායමාසි1 සුජනබහුමාතො දම්මදීපං2ච හාසි” යි.

තවද මේ ලක්දිවැ රජුන් ඇති ව මනුෂ්යහවාස3 වූ පරිදි කෙසේ ද යත්?

පෙරැ දඹදිවැ කලිඟු නම් සක්විතිරජහුගේ වංශයෙහි උපන් කලිඟුරජහට දූ වූ රාජකන්යා්වක් වගුරටැ වගුරජහු කෙරේ වැස දුවක ලද. ඕ තොමෝ වැඩිවිය පැමිණ අතිකාමී බැවින් වෙස් වළා සෙච්චඡාචාරී ව ඇවිදිනි මගධදේශයට යන වෙළඳකෙනකුන් හා එක් ව ගොස් අතරමගැ ලාටදේශයෙහි4 වන මැඳැ සිංහයක් හට5 අසුව ඔහු කෙරෙහි වැස “සිංහබාහු” නම් රජකුමර සිංහවල්ලි නම් දුවක ලද. පසු ව සිංහබාහු නම් රජකුමර සිංහවල්ලී නම් එ ම තමා නග තමහට බිසෝ කොට ලාටදේශයෙහි4 වන මැද අමුතුව “සිංහපුර” නම් නුවරක් කරවා එහි වැස සෙළොස් වාරයෙකින් නිමුන් දරුවන් දෙතිස්දෙනෙකුන් ලද. එයින් වැඩිමහල්6 විජය නම් රජකුමර අප බුදුන් පිරිනිවන් පානා දවස් සත්සියයක් යෝධයන් ගෙන ලක්දිවට ගොඩැ බැස7 බුදුන්ගේ මෙහෙවරින් සක්දෙව්රජහුගේ නියෝග ලත් උපුල්වන්දෙව්රජහු විසින් කරන ආරක්ෂාස ඇති ව කුවේණි නම් යකින්නගේ සහායත්වියෙන් ලක්දිවැ අතරතුරෙහි නො ගොස් හුන් යක්ෂවයන් මරා ලුහුබඳවා මේ ශ්රීයලඞකාවීපයට “සිංහල” ය යි නම් තබා තම්මමන්නාවෙහි ඒ නමින් නුවරක් කරවා තමාගේ දූතයන් දඹදිව් යවා දක්ෂි ණමධුරා නම් නුවරැ පඩ්රජහුගේ දුව සත්සියයක් පමණ ඇමැති දැරියන් හා සමඟ අටළොස්කුලයෙකැ වැඩිතරමුන්8 පිරිවර කොට පස්කුලයෙකැ කර්මැකාරජනයන් ඇතුළු ව මහපිරිවරිව් මෙ රටට ගෙන්වා ඒ රජකුමරිය තමහට අගබිසෝ කොට ඔටුනු පැළඳ තම්මන්නානුවරැ හිඳ දැහැමින් දවස් යවමින් පුරා අටතිස්අවුරුද්දක් රාජ්යරය කෙළේය.

කියන ලද මැයි මහාවංශයෙහි:-

“හිත්වායන පුබ්බචරිතං විසමං සමෙන ධම්මේන ලඞකමඛිල‍ං අනුසාසමානො, සො තම්බපණ්ණිනගරෙ විජයො නරින්දාා රජ්ජං අකාරයි සමා ඛලු අට්ඨතිංසා” යි.


446 සද්ධර්මාසලඞකාරය

ඒ විජයරජහු ඉක්බිති ව රාජ්යොය කරන්නට නිසි අන් රජක්හු නැති හෙයින් ඔහුගේ ම උපතිස්ස නම් අමාත්ය්යෙක් මහජනයා විසින් අභිසම්මත ව රජ පැමිණ තම්මන්නානුවර හැර අනුරාධපුරයට උතුරුදිගැ ඇළසරැ තමා නමින් උපතිස්ස නම් නුවරක් කරවා එහි වැස අවුරුද්දක් රාජ්ය ය කළේ ය. ඔහුට ඉක්බිති ව විජය රජුගේ මල් වූ “සුමිත්ත” නම් රජු නිසා මදුරජහු දුව වැදූ පුතුන් ‍තුන් දෙනා අතුරෙන් “පඬුවස්දෙව්” නම් බාලරජකුමර ඇමතියන් දෙතිස්දෙනෙකු ගෙන දඹදිවැ සිංහපුරෙයනි නික්ම ලක්දිව් බැස උපතිස්ස නම් නුවරට පැමිණ රාජ්යුය ලැබ තමහට නිසි බිසවක නැති හෙයින් ඔටුනු නො පැළඳ ම රාජ්යජය කෙරෙයි.

එකැලැ අප බුදුන්ගේ සුළු පිය වූ “අමිතෝදන” නම් ශාක්යැරජ්ජුරුවන්ගේ1 පුත් වූ “පණ්ඩුවාස” 2 නම් ශාක්යම රජ්ජුරුවන් “විඩූඩන” නම් සංග්රාළමයෙහි කපිලවස්තුපුරයෙන් නික්ම ගොස් ගගින් එතෙරැ “මොරපුර” නම් නුවරෙක් කරවා එහි වසන සඳැ ඔහු අගබිසව වැදූ දරු3 සත්දෙනකු අතුරෙන් “බදකිසින්” නම් රාජකුමාරියක් කිසි උවදුරක් නිසා වෙස් වළා ඇමැති දූන් දෙතිස්දෙනකු හා සමඟ ලක්දිව් බැස පඬුවස්දෙව් රජහු හට දුට. එකල්හි රජ ඒ බදකසයින් කුමරිය තම අගබිසෝ කොට ඈ හා කැටි ව ආ ඇමැති දැරියන් දෙතිස්දෙනා තමා හා සමඟ ආවා වූ ඇමැතියන් දෙතිස් දෙනා හට සලස්වා මහපෙරහරින් ඔටුනු පැළඳ සාප සේ විසී ය.

එසේ හෙයින් කියන ලදී මහාවංශයෙහි:-

“සුභද්දකච්චානමනොරූපිති මහෙසිහාවො අභිසිඤ්චියත්තනො, සහාගතා තාය පදායි අත්තානා සහාගතානං වසි භුමිපො සුඛං” යි.

මෙසේ පඬුවස්දෙව් රජහු හා බදකසයින්බිසව සමඟ ව වසන සඳැ එ ම බදකසයින්බිසව හා කුසෙහි හොත් රජ කුමරුවෝ සදෙනෙක් ලක්දිව් බැස පඬුවස්දෙව්රජහු දැක නැඟණීයන් හා සුවදුක් කථා කොට තමතමන්ට පහසු තැන් පරීක්ෂාු කොට ඒ ඒ තන්හි නුවර කරවා විසූහ. එයින් රාම නම් ශාත්යතයන් විසූ තැන් “රාම‍ගෝණ” නම් විය. රොහණ නම් ශාක්යරයන් විසු තැන් “රුහුණු” නම් විය. දිගා4නම්

බොධිරාජ වර්ගරය 447

ශාක්ය යන් විසූ තැන් “දිගාමඬුලු” නම් විය. උරුවෙල නම් ශාක්ය න් විසු තැන් “මහවැලිගම්” නම් විය. විජිත නම් ශාක්ය න් විසු තැන් “විජිතපුර” නම් විය. අනුරාධ නම් ශාක්යවන් විසු තැන් “අනුරාධපුර” නම් විය. එකල බදකසයින් බිසවු පඩුවස්දෙව්රජහු නිසා පුතුන් දසදෙනෙකු හා දුවක ලදහ. එයින් මහලු පිත් අභය නම් විය. බාල දූ උන්මන්සිත්1 නම් විය. ඔවුන් පිය වූ පඬුවස්දෙව්රජ තිස්අවුරුද්දක් රාජ්යසය කොට තමා දුව උන්මන්සිත් නම් කුමරිය මතු කියන පණ්ඩුකාභය නම් පුත් කුමරුවා ලද කල්හි ජන්මාන්තරගත විය.

පසු ව ඔහුගේ මහලු පිත් අභය නම් රජකුමරු රජ පැමිණ විසිඅවුරුද්දක් රාජ්ය.ය කෙළේ ය. ඔහු නං යටැ කී උන්මන්සිත්1 නම් කුමාරිකා එක්සත්මහ මැලිගාවෙකැ වසන්නී තමා මයිල්දිගෑණන් දරු වූ දිඝගාමිණි නම් කුමරුවා කෙරෙහි වැස පණ්ඩුකාභය නම් කුමරහු වැදූහ. පසු ව ඒ කුමරු වැඩී තමාගේ ඇවැස්සමයිලන් නවදෙනෙකු මරා තමා මයිල් හරිකණ්ඩ2 නම් රජහු දුව රන්පල් නම් කුමරිය රක්ෂාත කොට සත්තිස්හැවිරිද්දෙහි3 රජ පැමිණ ලඬකා නැමැති අඬගනාවට සිරිකතක්4 වැනි වූ ශ්රීිමහාබෝධිස්ථානයට උත්තරදිශාභාගයෙහි සතරදිග පමණ අයමින් විරිතින් හා සොළොස්ගව් පමණ තැන් වටින් ගෙන දිව්ය පුරයක් වැනි අනුරාධපුර නම් නුවරක් මුල් වස කරවා අභයවැව5 බඳවා ඒ ඒ කුලවාසීන් හා නානාසමයවාදීන්ට වෙන වෙන වාසස්ථාන කරවා ලක්දිවැ මුළුල්ලෙහි ග්රානමසීමා සලකුණු කරවා (මහත්රාජර්ධීන්*) සමන්විත ව7 සැත්තෑඅවුරුද්දක් රාජ්යමය කෙළේ ය. කියන ලද මැයි දික්සඳසෙනවියාපිරිවෙනැ අනාගාමි ත්රිේපිටක මහානාම මහතෙරුන් වහන්සේ විසින් මහාවංශයෙහි :-

“සො පණ්ඩුක ගයමහිපති සත්තතිංස වස්සෝධිගම්ම ධිතිමා ධරණීපතිත්තං, රම්මේ අනූනමනුරාධපුරෙ සමිද්ධෙ වස්සානි සත්තති අකාරයි රජ්ජමත්ථෙ” යි.

මෙ කී පණ්ඩුකාභය රජ හා ඔහු මයිල් අභයරජු හා දෙදෙනාට අතුරෙහි රාජ්යභය නොතැන්පත් වූ සතළොස් හවුරුද්ද එ ම අභයරජුගේ මල් වූ ගණතිස්ස නම් රජහට


448 සද්ධර්මාසලඞකාරය

අයිති වී ය යි දතයුතු. ඉක්බිති ව පණුඩුකා‍භයරජහු පුත් මුටසීව නම් රජ මහමෙවුනාඋයන කරවා සැටහවුරුද්දක් රාජ්යිය කෙළේ ය. පසුව ඔහු වීතියපුත්රන වූ දෙවනපෑතිස් නම් රජ්ජුරුවෝ රජතන් පත් ව ලක්දිවැ නොයෙක් ආශ්චය්ය්ා පහළ කෙරෙමින් යටැ තෙහාතිකවස්තුවෙහි කි පරිද්දෙන් ම මිහිඳු මාහිමියන් වහන්සේගේ අනුශාසනා පිළිගෙන සරණශිලයෙහි පිහිටා පින්පලවෙසෙස් දැන මහමෙවුනාඋයන්හි මහාවිහාරය කරවන්නාහු සිංහවික්රා න්ත කොට කරවූහ.1

කෙසේ ද යත්? සිංහරාජයකු වාලධීය දික් කොට හස්තපාද තලයන් නොසරි කොට ඉදිරි ව තබා දක්ෂිහණාපාර්ශවයෙන් ආපසු බලා සිටි කල්හි යම් සේ එ ම සිංහයාගේ වාලකොටිස්ථානයෙහි මහාබොධිගෘහය වේ ද, දක්ෂිේණපාදස්ථානයෙහි මහාපාය‍ වේ ද, වාමපාදස්ථානයෙහි සන්නිපාතසාලාව වේ ද, ගාභිස්ථානයෙහි ධාගුගෘහය වේ ද,වාමොදරපාර්ශවයෙහි රාසිමාලකය2 වේ ද, දක්ෂිරණහස්තස්ථානයෙහි ලහබත්ගෙය3 වේ ද, වාමහස්තස්ථානයෙහි මහාචෛත්ය වේ ද, කණ්ඨස්ථානයෙහි කණ්ඨකූප නම් පුෂ්කරණිය වේ ද, කර අඹරා දක්ෂි්ණපාර්ශවයෙන් බලා සිටියහුගේ ද‍ෘෂ්ටිනිපත්තස්ථානයෙහි ප්රෂතිමාගෙය වේ ද, එපරිද්දෙන් සිංහවික්රතන්ත කොට මහා විහාරය කරවා, එසේ ම ලක්දිවු ඒ ඒ තන්හි නොයෙක් දහස්ගණන් විහාර දාගබ් කරවා මහාබෝ පිහිටුවා උභය ශාසනය ඇති කොට නොයෙක් දහස් ගණන් භික්ෂුපභික්ෂුාණීන්ගෙන් ආකීර්ණග කරවා අප්රනමේය වූ පින් රැස් කෙරෙමින් සතලිස් අවුරුද්දක් මුළුල්ලෙහි දැහැමින් රාජ්ය්ය කොට දෙව්ලොවැ උපන්හ.

මෙසේ මේ ලඞකාවීපයෙහි හැමකල්හි ම සර්වාඥවරයන්ගේ ආනුභාවයෙන් ම යක්ෂීයන් දුරු ව මනුෂ්යයවාස4 ව තුනුරුවන් පිහිටා හැම සර්වාඥවරයන්ගේ ධර්මනධාතුරක්ෂායවට සුරක්ෂිුත වූ භා‍ණ්ඩාගාරයක් සේ පවත්නා බව ඒකාන්ත‍බැවින් මෙහි මිථ්යායදෘෂ්ටි ගතුවන්ගේ වාසය සථිර නො වේ ම ය. ඉදින් මිථ්යාෙදෘෂ්ටි ගත් රජෙක් කිසිකගෙකැ ලක්දිව බලාත්කාරයෙන් ගෙන රාජ්යිය කෙළේ වී නමුදු ඔහුගේ වංශප්රජතිශ්ඨාව නොවනු බදුන්ගේ ම ආනුභාවවවිශේෂයෙක් ම ය. එසේ හෙයින් මේ ලක්දිව සම්යගග්දෘෂ්ටි ගත් රජුන්ට ම සීහන්නේ ම ය. ඔවුන්ගේ කුලප්රතවේණි පවත්නේ ද ඒකාන්ත ම ය. එබැවින් ලඞකාධිපති රජදරුවන්


බොධිරාජ වර්ගමය 												449

විසින් තුනුරුවන් කෙරෙහි බොහෝ වූ ආදරබහුමානයෙන් ශාසනාරක්ෂාුවෙහි අප්රෝමාද ව ආඥාචක්රාය ධර්මකචරක්රලය පවත්වා රාජ්යවය කිරීමෙන් කුලප්ර්වේණිය රක්ෂාර කළ මැනැවි.

කියන ලදුයේ මැයි:-

“යක්ඛෙ දමෙත්වාා මුනයො ඉමස්මිං වත්ථුකත්තයාවාසමකංසු තස්මා, ධම්මේ ඨිතානාච නාරාදිපානි වං‍සො පවත්තිස්සති සීහලස්මිං.” යි.

මෙසේ හාසනාභාරධාරණාදි වූ අනේකප්රසකාරයෙන් සකල දීපදීපසමාන වූ1 මේ ශ්රීසලඞකාවීපයෙහි කකුසඳ, කොණාගමන, කාශ්ය ප, ගෞතම යන සතරබුදුන්ගේ ධාතුප්රශතිෂ්ඨාවෙන් පවිත්රඳ ව නොයෙක් සියදහස්ලක්ෂබගණන් රහතන්ගේ නිරන්තර සඤ්චාරයෙන්2 හා දහගබ් මහබෝ සුළුපා3 මහපා සක්මන් මණ්ඩප රත්පත්4 පඞ්ක්තීන් ගැවැසිගත්තා වූ අතිපවිත්රුභුමි ප්රසදේශයෙවහි පිහිටියා වූ ඉතා සිත්කලු වූ යටැ කියන ලද ඒ අනුරාධපුර නම් නුවර එකලට පෘථිවතල නැමැති කාන්තාවගේ සරහා පිළියෙළ රකන ලද අතිමනොඥ වූ මුඛමණ්ඩලය වැන්න.

තවද ඒ රාජධානියෙහි ශ්රී සමෘඬිය දක්නා සඳහා නාගභවනයෙන් දිව අවුත් පෙළ පෙළ සැදි හොත්තා වූ හැළිනාග රාජයන්ගේ දරණවැලපඞක්තියක් මෙන් සුණුයමින් ධවල ව හාත්පසින් වට කරන ලද ඉතා උස් වූ ප්රා කාරපඞ්ක්තීන් හා ඒ ඒ තන්හි විචිත්රා කාරයෙන් සරහා කරන ලද වහසල් දොරටු අට්ටාල වටවෙට්ටමින් ප්ර තිමණ්ඩිත ය. ශ්රරද්ධාසම්පන්න වූ දිව්ය මනුෂ්යලයන් විසින් නිරතුරු ව කරන ලද පූජාසත්කාර ඇති කෛලාසකූටශිඛරයක් සේ අතිශයින් උස් වූ දාගබ්පඞ්ක්තීන් ශෝභමාන ය. නිරන්තරයෙන් වැඳ පුදන ලද ලෝකවාසී සත්ත්වශසමූහයන්ට ඉහලොකපරලොකදෙකින් ම කැමැති වස්තු ප්ර දානය කරන හෙයින් කල්පවෘක්ෂකපඞ්ක්තියන් හා සදෘශ ව නානාස්ථානයෙහි පිහිටියා වූ බොධිවෘක්ෂකපංක්තීන් ප්රාතිමණ්ඩිත ය. නොයෙක් සියදහස්ගණන් භික්ෂුකභික්ෂු්ණීන් විසින් ආකීර්නෙ වීමෙන් අතිමනොඥ වූ දුටු දුටු ජනයාගේ සිත් පැහැරගන්නා තරම් අනෙකාලඞකාරයෙන් යුක්ත වූ නොයෙක් සියදහස්ගණන් විහාරරාමයෙන් සැරැහුණේ යි.


450 සද්ධර්මාසලඞකාරය

තවද ඒ අනුරාධපුර නම් රාජධානිය1 බහා පළඳවන ලද රන්කොත්සඹූහයෙන් අලඞකෘත වූ දෙමහල් තුන්මහල් ආදී වු ප්‍ රභේද ඇති නවලක්ෂ්යක් පමණ උස් වූ මහාප්රානසාදපඞක්තියෙන් හා බිම්මහල් අනූලක්ෂසයෙකින් ප්ර තිමණ්ඩිත විය. ස්වර්ණ්රජතමය වූ පූර්ණ්ඝටපූර්ණිකලසමාලාවෙන් හා රනුවැට රිදීවැට ලියවැට දඬුවැට ආදියෙහි දල්වන ලද ප්රිදිපසහස්රෙයෙන්2 හා ඒ ඒ තන්හි නඟන ලද ස්වර්ණිරජතාදි වූ නානාවර්ණප ධ්වජපතාකාපඞ්ක්තීන් හා ඒසේම නානාස්ථානයෙහි විසිතුරු කොට සරහා නඟන ලද රන් රිදී රඹ තොරණ ආදි වූ මනහර තොරණපඞ්ක්තීන් විරාජමාන වූ චන්ර්ඹ තවාකවීථිය, මහවැලිවීථිය, සිඟුරුවක්වීථිය යනාදි වූ වීථි පඞ්ක්තීන් හා චක්රලවාටපර්වරතාකාරගොරපුරපඞ්ක්තීන් ඉතා ශෝභමාන විය.

එසේ ම ඒ පුරමස්තකයෙහි නඟන ලද මහමේකුළු පෙළක් මෙන් ශෝභමාන වූ ධජපතාකාපෙළින් හා රාජවා‍හනොපෙත හස්තිසමූහයෙන් කුඤ්චනාදයෙන් හා එ ම පුරැ සම්පත්ති නමැති මහමුහුඳැ මැඳැ බි‍ඳෙන රළපෙළක් සේ නිරන්තරයෙන් දිවන්නා වූ පනින්නා වූ4 අශ්වයන්ගේ හේෂාරවයෙන් හා දිව්යෙගන්ධතර්ව්යන් වැනි මනහර වාද්යේකාරයන් විසින් ප්රායෝග කරන ලද නානාප්ර්කාර හෙරිතූය්ය්් භාණ්ඩයන්ගේ ශ්ර වණ රමණිය වූ ගම්භිරධීරනාදයෙන් ඒකනින්නාද ය. තාලසුදධි දක්වා ගසන ලද බෙරමඬුලුමධ්යනයෙහි නානාප්රයකාර නාත්යලඞග දක්වමින් රඟ බැස නටන නළුනාටිකාවන් විසින් අලඞකෘත ව ඒ ඒ තන්හි ජනසමූහසම්බාධ ව නිත්යොිත්සවයෙන් හොබනා නෘත්යනමණ්ඩලමාලවෙන් ප්ර්තිමණ්ඩිත ය. නානාප්රකකාර වූ ශ්රී සම්පත්තීන් යුක්ත ස්ත්රි්පුරුෂයන් විසින් ගැවැසීගත්තා වූ ඒ අනුරාධපුර නම් රාජධානිය දිව්යපලෝකයෙහි දෙවියන්ගේ ඇලකමන්දය නම් රාජධානිය3 මෙන් සියලු දිව්යයමනුෂ්යින්ට සන්තෝෂ එළවන්නේ ය.

එසේ හෙයින් කියන ලදී:-

“අනුරාධපුරං රම්මං ආසි ලඞකාමහීතලේ, භුමිකාමිනියා සාධු, මණ්ඩිතං වදනං වියත

මිහාමකාදිඋත්තුඞගහෙමථුපිකසුන්දංරං, නවලක්ඛමිතාකිණ්නපාසාදෙහි සුමණඩිතං.

 බොධිරාජ වර්ගෙය 												451

අනේකවිභවාකිණ්නනරනාරිහි සෙවිතං, දෙවානමාලකං වාතිමනොනන්ද නමාවහං” යි.

මෙ තෙකින් මේ බෝධිරාවගැ ලංකාශාසන කථාව කියා නිමවන ලදී.

43. ශ්රවද්ධාසුමනාවස්තුව

 	මෙසේ සකලසම්පත්තීන් සමෘද්ධ වූ ඒ අනුරාධපුරනවරැ තුන්ගවු පමණ දිග ඇති මහවැලිවීථියෙහි වසන සුමනා නම් වූ ස්ත්රිායක් මහත් වූ ශ්ර ඬා ඇත්තී ය. තුනුරුවන් කෙරෙහි අතීප්රකසන්න ය. ඕතොමෝ ඒ ඒ විහාරවලැ දාගබ් මහාබෝ ආදියෙහි මල්පහන් පුදමින් බැතපෙම් සහිත ව වඳිමින් බණ අසමින් භික්ෂූයන් වහන්සේට ද උපස්ථාන කෙරෙමින් කුශලක්රිබයාවෙහි ම යෙදී වාසය කරන්නී ය. මෙසේ ඒ ස්ත්රි ය ශ්ර ඬවත් ව වසන හෙයින් මෑතභාගයෙහි “ශ්රයඬාසුමනා”1 යයි නම් තුබූහ. එකලැ රුහුණුජනපදයෙහි මාගමැ ‍වසන එක්තරා පුරුෂයෙක් කිසි කටයුත්තක් නිසා අනුරාධපුරයට අවුත් මහවැලිවීථියෙහි ලැඟුම් ගත්තේ ය. 

ඔහු දැක ශ්රපඬාසුමනාවො රාගයෙන් මත් ව මොහයෙන් මුස ව මතු වන දුක් සැප නො සලකා පෙරැ පුරුදු ගෙහිම පුරුෂයකු දුටුවා සේ භයලජ්ජා නැති ව සමීපයට එළඹ ඒ පුරුෂයා හා සමඟ මෛථුන්ය සංවාසයෙන් විශවාසී ව ඕහට ම පිළිබඳ වූහ. අනේ! ගැහැනුන්ගේ නුගුණ විශේෂයක්2 බැලුව මැනැවි. හේ එසේ මැයි. මේ ලෝකයෙහි ලබු පුසුල් සොඬල වැටකොළු ආද් වූ සියලු ම ලියජාතීහු මේ කටු ඇති රුක ය, මේ විෂ ඵල ඇති රුක ය, මේ සඳුන්රැක ය යන විශේෂයක් නො බලා සමීප ව සිටි යම් ම ගසෙකැ තොලු තබා යම් සේ වැළැඳගනිත් ද, එපරිද්දෙන් ම මේ ලෝකයෙහි කාමයෙන් අන්ධඳ වූ ස්ත්රිනජනයෝ ද උත්තම ය, අධම ය, මධ්යධම ය යි මෙසේ පුරුෂයන් ගේ කුල නුකුල නො බලා ඇසැ දුක්මෙන් ම ලෝභ උපදවා ඉතා වෙළහෙන්නාහු ම ය.3

කියන ලද මැයි:-

“අයං කණ්ටකරුක්ඛා ති, විසරුක්කඛාති වා අයං, අයං චන්දකනරුක්ඛෝති, න විස්සේති4 යථා ලතා.

452 සද්ධර්මාසලඞකාරය

		කාමන්ධාා වනිතා ලොකේ, හීනමුක්කට්ඨමඣිමෙ,

කුලීනේ දුක්කුලිනෙපි න ජහන්ති ලතා විය” යි.

මෙසේ සුමනාවන් තමහට වසඟ වූ බව දැන ඒ පිටිසර වැසි පුරුෂයා තෙමේත් උන් කැඳවා ගෙන තමාගේ ගමට ම ගියේ ය. එකල්හි සුමනාවෝ මාගමට ගොස් ඔහුගේ ‍ගෙයි වසන්නාහු දවස් පතා සඟ අටදෙනකුන් වහන්සේට ලහබත් අටක් තබා දෙමින් බණ අසමින් දහගබ් මහබෝ ආදිය වඳිමින් මෙසේ නිරන්තරයෙන් පින්කම් කොට ඇවිදිති.1 ඉක්බිති එක් දවසක්2 ශ්රරඬාසුමනාවෝ ආසනශාලාවට ගොසින් සංඝයා වහන්සේට පැනි පෙරහා ගොනමින් දැහැටිදඬු එළවමින් මෙසේ වතාවත් කෙරෙමින් කල් යවා ගෙට ගියහ. ඒ සුමනාවන්ගේ ගෙහිමිපුරුෂයා වනාහි සාදැහැ නැත්තේ ය. එසේ හෙයින් සුමනාවන් ගෙට ආ කල්හි කිමෙක්ද තෙපි ගෙයි කළමනා දෙයින් කිසිවකුත් නො කොට පින්කම් ම කොට ඇවිදු දැයි කියා සුමනාවන්ට කිපී ගෙන් පිටතට ‍ෙනරැපී ය.3 සුමනාවෝ වනාහි භික්ති වැගිර ගිය මිනිසුන් නැති පාළුගෙයකැ භිත්ති කොනක් අසැ සද්දවසක් මුළුල්ලෙහි නිරාහාර ව ඔක්තාහු සැබැවින්ම ඔහු තමන් නිරාලය ව හළා බව දැන අනුරාධපුරයෙහි තමන්ගේ දෙමව්පියන් සමීපයට යනු කැමැති ව ඔත්තැනින් නැඟී සිට අනුරාධපුරයට යන මාවතට පිළිපන්නාහු ඒ ඒ විහාරවලැ දහගබ්බෝ මහබෝ වඳිමින් ක්ර මයෙන් ගොස් නුඟගල් කඩදොරට පැමිණියහ.

අහෝ! මේ ඛේදයක් ඇසුව මැනැවි. නොකීකරු ව සිත් සේ ඒ ඒ තැනැ ඇවිදිනවුන්ට මෙපරිද්දෙන් ම පිරිහීම වන්නේ ය. ඒ එසේ මැයි:- කුඩා වූ හෝ මහත් වූ හෝ ඉෂ්ටානිෂ්ට වූ යම්කිසි කාරියක් මව්පියන් ආදි වූ වැඩිමහල්ලන් විචාරා ඔවුන්ගේ අදහස් දැන කටයුත්තේ ය. දෙමව්පියන්ගේ අභිප්රාාය නැති ව ඉදින් රාජසම්පත්ත‍ියෙක් ලැබෙන්නේ වී නමුත් ඒ ලාභ ය. සුවච කීකරු ව දෙමව්පියන් අනු ව පවත්වා උත්තමපුත්ර යන් විසින් එබඳු රාජ්ය සම්පත්තියෙහිදු ආලය නොකටයුත්තේ ම ය. මව්පියන් ආදි වු වැඩිමහල්ලන්ගේ අදහස් නො බලා යම්කිසි ආශ්චය්ය්. වත් වූ කාරියක් කළත් මේ සිතුවක් ම කරන7 නොකීකරු එකෙකැයි කියා බන්ධු්ජනයෝ පවා ඕහට නින්දාළ කරන්නාහු ම ය. එබැවින් කවර තරම් තමාගේ සමර්ථකම් ඇතත්



බොධිරාජ වර්ගගය 453

උද්ධත චපල නො වී සිහිනුවණින් යෙදී සන්හිඳුවන ලද ඉඳුරන් ඇති ව කීකරු ව නිහතමානි ව වසන්නා වූ පුත්රනයෝ නෑ නොනෑ බොහෝ දෙනාගෙන් ප්රවශංසා ලැබ සර්වෝප්රබකාරයෙන් ම මහත් වූ අභිවෘඬියට පැමිණෙන්නාහු ම ය.

එසේ හෙයින් කියන ලදී:-

“අනුද්ධතො අචපලො, නිපකො සංවුතින්රිවප්රයො, පසංසං ලභතො පුත්තො, වුඬිං පප්පොති සබ්බසො”* යි.

මෙසේ ඒ ශ්ර ඬාසුමනාවෝ දෙමව්පියන්ට නො කියා තමන්ගේ අභිප්රාශයෙන් ම ආ හෙයින් මෙපමණ දුක් අනුභව ‍කළහ. ඉක්බිති දිව්යරමනුෂ්යමලෝකදෙක්හි ම සැරිසරා ඇවිදිනා වූ ශක්ර‍දේවෙන්ර්ති යෝ එතන්හි සිටියා වූ ඒ ශ්ර ඬ‍ාසුමනාවන් දැක මෝතොමෝ ඉතා ශ්ර‍ඬාවන්ත ය, තුනුරුවන් කෙරෙහි මමත්වකය ඇත්තී ය යි දැන මහලු මිනිස්වෙසක් මවාගෙන බත්මුලක් අතින් ගෙන සුමනාවන් ඉදිරියෙහි පෙනී ඔවුන් සමීපයට ගොස් මෑණියෙනි, කොයි යව් දැයි විචාරා අනුරාධපුරව යෙමි යි ඒ සුමනාවන් කී කල්හි තෙපි ඉතා සයින් පීඩිතය ව.1 මේ බත් අනුභව කරව යි කියා බත්මුල සුමනාවන්ට දුන. 2

එකල්හි සුමනාවෝ බත්මුල අතින් ගෙන මෙතන්හි පැනෙක් නැත. 3 කෙසේ බත් කමෝ දෝ හෝ යි4 සිතා සිටියහ. සක්දෙව්රජ තමාගේ ආනුභාවයෙන් එතනට නුදුරු තන්හි පස්පියුමෙන් සැදි මනහර පොකුණක් මහා දැක්වී ය. සුමනාවෝ පොකුණට ගොස් ඉස් සෝධා5 නහා බත්මුල ගෙන අත සෝධා5 සිට වේලා පරික්ෂාො කොට තව පෙරවරු බව දැන පෙරැ දනක් නො දී බතක් නොකෑවිරු හෙයින් අදත් පළමුකොට දන් දී බත් අනුභව කෙරෙමි යි සිතා කාලඝොස කරන්නාහු දැනි මේ සර්ව ඥපුත්රු වූ සඞඝයා වහන්සේ සිඟා වඩනා9 ‍වේලා ය. එසේ හෙයින් මා කෙරහි කරන ලද අනුකම්පා ඇති ව සඞඝයා වහන්සේ වඩනාසේක්ව යි කියා කාලඝෝෂා කළහ.

එසේ හෙයින් කියන ලදී:-

“කාලොයං මුනිපුත්තානං, භත්තං හොත්තුමුපාගතො, අනුකමංපාය මෙ දානි, අගච්ඡන්තු ජිනොරයා” යි.


454 සද්ධර්මාසලඞකාරය

  	එකලැ තලඟතුරු මුහුඳු පවුවෙහි1 වසන මහා ධම්මරක්ඛිත2 ස්ථවීරයන් වහන්සේ නිරොධසමාපත්තියට සමවැද සත් වන දවස් නිරොධසමාපත්තියෙන් නැඟී අද කවරක්හට අනුග්රතහ කෙරෙම් දෝ හෝ යි සිතා වැඩසිටිසේක්. ඒ ශ්ර ඬාසුමනාවන්ගේ කාලඝොෂාබ්දය දිවකනින් අසා කයින් සිවුරු හා අතින් පාත්රවය ගෙන සුමනාවන්ය නුදුරුතැනැ ඇසිල්ලෙකැ අවුත් වැඩසිටිසේක්. සුමනාවෝ තෙරුන් වහන්සේ දැක පහන් සිත් ඇති ව පාත්ර ය ගෙන බතින් පාත්රමය පුරවා3 තෙරුන් වහන්සේට පිළිගන්වා මඳක් වැඩසිටිය මැනැව ස්වාමීනි, යි කියා පිළිසන් නැතකට වැඳ කොළඅතු කඩා හැඳ තමා ඇඳි කඩ සෝධා4 සුඹුළුවන් කොට අකුළා දන් දුන්හ. ‍ෙතරුන් වහන්සේ ද මේ සුමනාවෝ මා දකිත්ව යි අධිෂ්ඨාන කොට පිළිවැටිය පිටින් පාත්රසය අත්ලෙහි තබා ගෙන අහසට පැනනැඟී විහාරයට ම වැඩිසේක.

ඒ සුමනාවෝ එපරිද්දෙන් වඩ‍නා තෙරුන් වහන්සේ දැක මහත් ප්රීමතීන් පිනාගිය ශරීර ඇති ව තෙරුන් වහන්සේ දර්ශකනපථය ඉක්ම ගිය කල්හි පසඟ පිහිටුවා වැඳ දන් දී ඉතිරි බත අනුභව කොට අනුරාධපුරයට යන මගට පිළිපන්හ. අතන්හි නුගරුකැ වසන දේවතාවා එක් පසියෙකැ5 දිව්යටවස්ත්රව අටක් තබා ගෙන එක් පසියෙකැ5 දිව්යම ආභරණ6 දිව්යතමය වූ අතිරස කැවුම් දිව්යරමය කන බොන දෑ පුරා ගෙන ගැලකට පැනනැඟී ගැල පදිමින්7 අවුත් සුමනාවන්ට නුදුරු තැනැ පෙනි මෑණියෙනි, කොයි යවු දැයි විචාරා අනුරාධපුරනුවරට යෙමි යි සුමනාවන් කී කල්හි එසේ වි නම් ‍මෙසේ එව, මේ ගැලෙහි බැස හිඳුව. මම ද අනුරාධපුරයට යෙමි යි කී කල්හි ශ්‍රඬ‍ාසුමනාවෝ යහපත ස්වාමීනි, නුඹවහන්සේ පසුපස්සෙහි එමි. 8 කොළඅතුකඩ9 හැඳ ගෙන නුඹවහන්සේ හා සමඟ ගැලට නැඟි හිදීම නොපිළවනැයි කීහ. ඉක්බිති ඒ දිව්යසපුත්ර්යා මේ වස්ත්රිය හැඳගෙන ගැලට නැ‍ඟෙව යි කියා එක් දිව්යත වස්ත්ර‍යක් දුන්නේ ය.

ශ්රිඬාසුමනාවෝ ඒ දිව්යවවස්ත්රසය හැඳගෙන ගැලට නැංගාහ. ඒ ගැල වනාහි මොහොතක් පමණ කලින් සෑගිරිසමීපයට




බොධරාජ වර්ගණය 455

පැමිණියේ ය. එකල්හි දිව්ය පුත්රනයා සකුරුපූසිටඹරාව සමීපයෙහි ගැල නවතා මෙ තැන් පටන් මා යා නොහැක්කේ ය යි කියා පිළිපසුම්බිය1 සුමනාවන් අතට දී අන්තර්ධානන විය. එකල්හි ඒ සකුරු පූ සියඹරාවෙහි වසන දේවතාවා පිළිපසුම්බිය1 ගෙන යන සුමනාවන් දැක උන්ගේ මෙහෙකරුවකු මෙන් සුමනාවන් අතින් පිළී ආදි ඒ සියල්ල ම ගෙන අනුරාධපුරයට පැමිණ මහාපාලි නම් වු බත්හල්ගෙට2 සංඝයා වහන්සේ රැස් වන වේලා හෙයින් ඒ සියල්ල3 ම එ තන්හි තබා අන්තර්ධාවන විය.

ඉක්බිති සුමනාවෝ භික්ෂූලන්වහන්සේ දැක පහන්සිත් ඇත්තාහු දෙනානකය, බගිරිනකය, මිරිසවැටිය, දකුණු ගිරිවිහාරය, මහාවිහාරය යන පඤ්චමහාආවාසයන්හි නොයෙක් සිය දහස් ගණන්4 භික්ෂූ්න් වහන්කසේට ද, භික්ෂුාණීන් වහන්සේට ද දිව්යණමය වූ ආහාරයන් හා පූපාපූපවර්ගකයන් ද දිව්යුවස්ත්රව ද දන් දුන්හ.5 එ දවස් රජ්ජුරුවෝ විහාරයට යන්නාහු බත්හල්ගෙයි තුබූ6 ඒ සියල්ල ම දැක විස්මයපත් වූ සිත් ඇති ව මේ කවුරුන් විසින් දෙන ලද්දේ දැයි විචාළහ. එතන්හි රැස් වූ මනුෂ්යවයෝ ශ්රරඬාසුමනාවන් විසින් දෙන ලද දානසම්භාරය යි කීහ. රජ්ජුරුවෝ හ්රරඬාසුමනාවන් කැඳවා මේ දානෝපකරන කෙසේ ලද දැයි විචාළහ. ශ්රරඩසුමනාවෝ ඒ සියල්ල ම විස්තරවශයෙන් කිහ. රජ්ජුරුවෝ සුමනාවන් කෙරෙහි පැහැද ඒ ශ්රාඬාසුමනාවන් තමන්ට අගමෙහෙසුන් කොට අභිෂේක කළහ.7

මෙසේ අභිෂේකප්රාශප්ත වූ සුමනාවෝ රජ්ජුරුවන් ආදී කොට ඇති සියලු නුවරවාසින්ට දිව්ය්වස්ත්ර් ම දුන්හ. එසේ කෙතෙක් දුන්නත් පිළිලැසියෙහි8 දිව්යසවස්ත්රුඅට අඩු නුවූයේ ම ය. ඒ ශ්රතඬාසුමනාවෝ එ තැන් පටන් දානාදි වූ නොයෙක් පින්කම් කොට පරමායුකෙළවරැ අතිප්රඅවර දෙවපුරපරායණ වූශ. එසේ හෙයින් පින්වත් සත්ත්වඅයෙනි, තුනුරුවන් කෙරෙහි පහන් සිත් ඇති උත්තමජනයන්ගේ ශ්රනඬබලමහිමයක් බලව. මෙ ම ජාතියෙහි ම ඔවුන්ගේ ශ්රනඬාවිශේෂය දැක පහන් සිත් ඇති දේවතාවෝ පවා දිව්යිවස්ත්රව දිවඅහර ආදිය ගෙන දෙමින් පක්ෂිපාතදාසිදාසාදින් මෙන් ඔවුන් සමීපගත ව උපස්ථාන කරන්නාහු ම ය. ඒ ශ්රිඬාවෙන් කරන ලද කුශලමහිමයෙන් පරලොවැ දිව්යනමනුෂ්යරලෝකදෙක්හි ඉපද ඔවුන් ලබන මහත් වූ


456 සද්ධර්මාසලඞකාරය

ශ්රීරවිභූතිය කියනු ම ක‍වරේ ද, කියා නිමවිය නොහැක්කේ ම ය. එබැවින් තම තමා1 ශක්තිපමණින් කුසල් කොට මතු දිව්යකමනුෂ්ය සම්පත් ලබන්ට උත්සාහ කළ මැනැවි.

කියන ලදුයේ මැයි:-

“සඬාබලං පස්සථ හො ජනානං ඉධෙව දෙවා තමාපාසයන්ති, කථන්නු දෙවෙසු ච මානුසෙසු පරත්ථු තෙසං මහතිං විභුතිං” යි.

මේ මෙහි දෙවන ශ්රමඩසුමනාවස්තුව යි.

44. ධම්මසවනොපාසිකාවස්තුව

තවද මෙහි තුන් වන ධම්මසවණොපාසිකා* වස්තුව නම් කවරැ යත්? එහි පිළීවෙළ කථාව මෙසේ දතයුතු. කෙසේ ද යත්?

‍මෙ ම ලක්දිවැ රුහුණුජනපදයෙහි නොයෙක් සියදහස් ගණන් භික්ෂු භික්ෂුනණීන් විසින් ගැවසිගත්තා වු නොයෙක් සිය ගණන්2 විහාරාරාමයෙන් හා රත්රන් අමුරන් මුතු මැණික් ආදි වූ නානාප්රවකාර සම්පත්තිසමූහයෙන්3 සමෘද්ධ වූ ඉසුරුමත් මහාජනයාගෙන් ගැවසිගත්තා වූ සත්රුවනින් විසිතුරු සොඳුරු මනහර කොත්සමූහයෙන් බබළන්නා වූ මුදුන්කුළු පෙළින් හා නානාප්රනකාර විචිත්ර්කර්මාතන්තයෙන් ශෝභාවත් වූ දෙමහල් තුන්මහල් ආදි කොට ඇති නොයෙක් මහලින් ගැවැසී ගත්තා වූ තිස්පක්ෂුයක් පමණ ගෘහමාලාවෙන් විභුෂීත වූ නොයෙක් සියගණන් විථිපඞ්ක්තීන් ශෝභමාන ව දිවනළුවන් වැනි නාටකජනයන් විසින් පවත්වන ලද නාත්යෝගීතවාද්යවයෙන් නිතරතු ව මහාජනයන් සන්තුෂට කරවන්නා වූ එකාවන් ව දානක්රීතඩායෙහි නියුක්ත අනෙකප්රහකාර මහාජනසමූහයන්ගෙන් ගැවැසීගත්තා වූ බුඬධර්මිසඞඝ යන තුනුරුවන් අරබයා කරන පූජාසත්කාරයෙහි නිරන්තරයෙන් තත්පර වූ ශ්රසදිධා සම්පන්න මහාජනසමූහයාගේ නිරන්තර සඤ්චාර ඇති කුසල සමාදානයෙහි ලෝභයෙන් ඒ ඒ තන්හි ඇවිදිනා ශ්රසඬාසම්පන්න


බොධිරාජ වර්ගෝය 457

පින්සොඬ වූ මහාජනයන් විසින් සන්තෝෂගීතිකාවශයෙන් පවත්වන ලද සාධුනාදයෙන් ඒකනින්නාද වූ මාගම ය යි ප්රාසිඬ පරමරමණීය වූ මහගමෙක් විය.

ඒ මහමගනුවරැ සමීපයෙහි කරන ලද රාජමහාවිහාරමඬ්යනයෙහි අතිධවල වූ මහාප්රයකායෙන් පරි‍ක්ෂේප1 කරන ලද මුතුරැසක් හා සමාන සුදුවැලිතලාවෙන් ශොභමාන වූ මහවැලි මළුව මැඳැ පාථිවතල නැමැති අංගනාවෝ මුඳුනෙහි බහා පළඳනා ලද රජතකිරීටයක් මෙන් අතිධවලශෝභාවෙන් අගුප්රාළප්ත වූ මාණික්යනමයථුපිකාවෙකින් මුඳුන් පැමිණියා වූ මහත් දාගබෙක් විය. ඒ දැගබැ වහසල්දොරසමීපයෙහි කරන ලද ධර්මාමණ්ඩපයෙහි2 නිරන්තරයෙන් ධර්මසදේශනා පවත්නේ ය. එකල්හි එක් උපාසිකාවක් බණ අසනු පිණිස තමාගේ පුතකු ඇඟිල්ල අල්වා3 ගෙනවුත්4 බණපිරිස්කෙළවරැ හිඳ කිසි පරක්කුවක් නැති ව සිත හෙළා බණ අසයි. එකල්හි ඒ උපාසිකාවගේ පුත්රරයා ඒ ඒ නැතැ කෙළ ඇවිදිනේ පවුරසමීපයෙහි ගොස් වැලි කෙළිමින් හුන්නේ ය. එකලැ එක් සර්පියෙක් පවුරු සිදුරෙන් නික්ම ඔහු දෂ්ට කොට එතන්හි ම සැඟවිණ.

එකල්හි ඒ උපාසිකා තොමෝ තමා පුතුහට දෂ්ට කරන්නා වූ සර්ප.යා දැක කිසිවක්හට මෙ පවත් කීම් නම් මාගේ බණ ඇසීමට අන්තරාය වෙයි. දරුවෝ නම් දුර්ලෙබ නො වෙති. කප් අසඞඛ්යඒයෙකිනුත් බුදුකෙනකුන් වහන්සේ ලොවැ පහළ වීම දුර්ලබභ හෙයින් බු‍ඬොත්පාදක්ෂාණය අතිදුර්ලබ ය, බණ ඇසීම ද එපරිද්දෙන් ම දුර්ල‍භ ය, මනුෂ්යාකත්මභාවයෙහි ඉපදීම ද අති දුර්ලීය ය, මෙබඳු දුර්ලභ වූ මනුෂ්යා ත්මභාවය ලද්දා වූ මා විසින් අතිදුර්ලභ වූ දර්මදය ඇසිම ම උතුම් වන්නේ ය යි සිතා සර්පමයා තමා පුතු දෂ්ට කළ බව කිසිවක් හටත් නො කියා ම සිත එකඟ ව තමා අසන ධර්ම ය ම ඇසුවා ය.5 ඒ ස්ත්රි්යගේ පුත්රසයා ද විෂවේගයෙන් විසංඥ6 විය. ඉක්බිති දර්මරදේශනාවසානයෙහි උපාසිකා තොමෝ නැඟී සිට පුතු සමීපයට ගොස් විෂවේගයෙන් තද වූ ශරීර ඇති පුතු දැක මෙතන්හි මෝහට සෙසු මන්ත්රයයන් හා ඖෂධයෙන් ප්රදයෝජන කවරේ ද? සත්යරක්රි යා නමැති ඖෂධය ම උතුම් වන්නේ ය යි සිතා පුතු ඉස අල්ලා ගෙන සත්යදක්රිතයා කරන්නී7 :-

“යෙන සච්චේනහං බුද්ධසරණෙ සුප්පතිට්ඨිතා, තෙන සච්චේන මෙ පුත්තො, සුඛිතො හොතු නිබ්බිසො.

458 සද්ධර්මාසලඞකාරය

බුද්දො නිය්යුනිකො ධම්මෝ, සන්දිමට්ඨිකමකාලිකො, තෙන සච්චේන මෙ පුත්තො, සුඛිතො හොතු නිබ්බිසො.

ස‍ඞඝො සුප්පටිපන්තො ච, චතුමග්ගඵලෙ ඨිතො, තෙන සච්චේන මෙ පුත්තො, සුඛිතො හොතු නිබ්බිසො.

පඤුචස්සසහස්සාති, සවෙ තිට්ඨති සාසානං, ‍ තෙන සච්චේන මෙ පුත්තො, සුඛිතො හොතු නිබ්බිසො.

යනාදීන් සියලු සත්ත්වෙයන් කෙරෙහි පතළ කරුණා ඇති ලෝකස්වාමි වූ බුදුරජාණන් වහන්සේ “ඉතිපි සො භගවා” යනාදීන් දක්වන ලද පෙදෙහි සඞගෘහිත නවඅරහාදි විශේෂ ගුණධර්මසයෙන් යුක්ත සේකැයි යන යම් සත්යගවචනයක් හේතු කොට ගෙන ඒ බුදුරජාණන් වහන්සේ1 මට මෙලෝපරලෝ දෙකින් ම පිහිට සේකැයි සිතා “බුඬං සරණං ගච්ඣාමි” යනාදීන් මම ශරණශිලයෙහි පිහිටයෙස් වීම් නම් ඒ සත්ය වචනය හේතු කොට ගෙන මාගේ මේ පුත්ර යා විෂවෙගරහිත ව සුවපත් වේවා යි කියා ද, “ස්වාක්ඛාතො භගවතා ධම්මෝ” යනාදී වූ2 යම් සත්යතවචනයක් හේතු කොට ගෙන ස්වාක්ඛ්යාතතාදි ගුණොපෙත සපයාප්තිකනලෝකෝත්තරසද්ධර්මටය ම මට පිහිට ය යි මෙසේ සාදරොදාරශ්රෝඬයාධර්ශයෙන් යුක්ත ව “ධම්මං සරණං ගච්ඡාමි” යනාදීන් දහම් සරණයෙහි පිහිටියෙම් වීම් නම් ඒ සත්යසවචනය හේතු කොට ගෙන මාගේ මේ පුත්රපයා විෂවෙගරහිත ව සුවපත් වේ වා යි කියා ද, “සුපටිපන්නෝ භගවතො සාවකසඞඝො” යනාදි වූ යම් සත්ය වචනයක් හේත කොට ගෙන සුප්ර තිපන්නාතාදිගුණගණාඞගසඞගත අෂ්ටාය්ය්යි පුද්ගලසඞගරත්නය ම මට පිහිට වන්නේ ය යි මෙසේ සාදරසිතින් “සඞඝං සරණං ගච්ඡාමි” යනාදීන් සගසරණයෙහි පිහිටියෙම් වී නම් ඒ සත්යයවචනය හේතු කොට ගෙන මාගේ පුත්රෙයා විෂවේගරහිත ව සුවපත් වෙවා යි කියා ද, “සබ්බං රසං ධම්මරසො ජිනාති” යනාදින් දක්වන ලද යම් සත්යටවචනයක් හේතු කොට ගෙන මූලරසය, බන්ධ”රසය, පුෂ්පරසය, ඵලරසය, බොජසරය යනාදි වූ සියලු ම රසජාතීන්ට වඩා ධර්ම්රසය ම උතුම් වන්නේ ය යි මෙසේ සාදරාවන්ත උතතමාඞගයෙන් යුක්ත ව බණ ඇසීම් වශයෙන් අද මේ ධර්මම රසය අනුභව කරන්නා වූ මම ක්ෂතණමාත්රවයකුත් අත්යදවිහින නො ව ඉඳුරා ඇසුයෙම් වීම් නම් ඒ සත්යකවචනය හේතු කොට ගෙන මපුතගේ විෂ2 විනාශයට යේව යි කියා ද, බණ අසන්ට

බොධිරාජ වර්ග ය 459

උන් වේලෙහි පටන් අසන්නා වූ ධර්ර්මයයෙන් අක්ෂ රයක් හෝ පදයක් හෝ කථාමාර්‍හියක් හෝ මඳකුත් නො පිරහෙලා ඉඳුරා ඇසුයෙම් වීම් නම් මේ සත්යාවචනය හේතු කොට ගෙන මොහුගේ විෂය නොලස් ව බසව යි කියා ද, බුදුහු සව්නේ ගෙවා දැන නෛය්ය්ෂය ණිකසේක් වී නම් ධර්ම රත්නය ඉහාත්ම භාවයෙහි අකාලිකඵල දෙන්නේ වී නම් ඒ සත්ය‍වචනය හේතු කොට ගෙන ‍විෂවේගරහිත ව මපුත් සුවපත් වේව යි කියා ද, සඞඝයා වහන්සේ සුප්ර‍තිපන්නසේක් වී නම් සතරමග සතරඵලයෙහි පිහිටිසේක් වී නම් ඒ සත්ය්ක්රිතයාව හේතු කොට ගෙන මපුත්1 විෂවෙගරහිත ව සුවපත් වේවා යි කියා ද, අප බුදුන්ගේ මේ සර්වමඥශාසනය ඉදින් පන්දහසක් අවුරුදු මුළුල්ලෙහි පැවත සිටිනේ වී නම් ඒ සත්ය්වචනය හේතු කෙ‍ාට ‍ෙගන මපුත් විෂවේගරහිත ව විසංඥභාවය හැරී සුවපත් වේවා යි කියා ද, මෙසේ තමන් පිහිටි ශරණශීලය හා ශ්රවඬාසම්පත්තීන් යුක්ත ව එකඟ වු සිතින් බණ ඇස් බව ද රත්නත්රීයෙහි ගුණානුභාව හා මතු ශාසනය පවත්නා කාලපරිච්ඡේදය ද යන සියල්ල ම දක්වමින් මෙසේ කරන ලද සත්යරක්රි යාවසානියෙහි ඒ ස්ත්රිදයගේ පුත්රරයා නිදුක් නීරෝගී සුවපත් ව නිදා පිබිදියාක්හු මෙන් වහා නැඟී සිට මවසමිපයෙහි සිටගත. මෙසේ ඒ උපසිකාවෝ සත්යමක්රිීයාවෙන් විස බස්වා පුත්රේ නිදුක් නිරෝගී කොට කැඳවා ගෙන තමන්ගේ ගෙට‍ ගොස් එ ම අරමුණු කොට උපන්නා වූ සන්තෝෂයෙන් පිනපිනා මෑතභාගයෙහිදු බොහෝ පින්කම් කොට එයින් ගොස් දෙව්ලොවැ උපන්හ.

මෙසේ ශ්ර්ඬාවත් ස්ත්රි හු පවා පහන් සිතින් ආදරසහිත ව බණ අසා එවැනි උග්රො වූ ස්තබ්ධවිෂය පවා පහ කොට තමන් විසින් කරන ලද එ ම කුශලානුභාවයෙන් දෙව්ලොවැ ඉපිද දිව්යානාටකයන් විසින් ප්රලයෝග කරන ලද අනේකප්රයකාරනෘත්යපගීතවාද්යාාදින් සන්තුෂ්ට ව අප්රෝමේය වූ දිවසැපත් විඳිනාහු ම ය. එබැවින් සැනුදු ශ්රාඬාබුද්ධිසම්පන්න ව සැදැහයෙන් බණ අසා කුශලධර්ම යෙහි හැසිරෙන්නා වූ ජනසමූහයෝ දිව්යාමනුෂ්යන සම්පත් විඳ කෙළවරැ නිවන්සම්පත් ලැබෙති2 යනු ඒකාන්ත වන බැවින් සාදරසිත්න බණ අසා තමතමා ශක්තිපමණින් පිළිවන් කුසල් කොට දිව්යාමනුෂ්යමසම්පත් සාධා අමාමහනිවන් දකින්ට උත්සාහ කළ මැනැවි.



460 සද්ධර්මාසලඞකාරය

කිවන ලදුයේ මැයි:-

“සුත්වා ධම්මං පමුදිතමනා මාතුගාමාපි එවං උප්පජ්ජිත්වා රමති තිදිචෙ කිබ්බිසං වා පහාති, සද්ධාබුද්ධිප්පමුඛජනතා සාධු ධම්මේ චරන්තා නිබ්බානං වා දිවිජමනුජං සම්පදං වානුහොන්ති” යි.

මෙ තෙකින් මේ බොධිරාජවගැ තුන් වන ධම්මස‍වනොපාසිකා වස්තුව කියා නිමන ලදී.*

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්මාලඞකාරය_-_vii&oldid=5665" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි