53. දුෂ්ටග්රාාමණි වස්තුව

තවද මෙහි දෙවන දුෂ්ටග්රා්මණී 1 වස්තුව නම් කවරැ යත් ?

මෙහි විස්තර කථාව මහාවංශ ආදියෙහි දක්වන ලද්දේ ය.

මෙ තන්හි ම එහි 2 විස්තර කථාව හැර මහත් වූ යශස් තෙජස්3 ඇති දුටුගැමුණු රජ්ජුරුවන් විසින් අගසව් බව පතා අතිතජාතියෙහි කළා වු පූර්වැප්රාජර්ථනාව දක්වා මෑත භාගයෙහි කරන ලද මහත් වූ පුරුෂවික්රතම හා සැදැහැයෙන් රැස් කළා වු අනෙකප්රාකාරකුශලසම්භාරයන් එකදෙශමාත්රූයෙකින් ගෙනහැර දක්වමි. තමහට වැඩ තැමැති ශ්රලද්ධාවන්ත වීරපුරුෂයන් විසින් සාවධාන ව ඇසිය යුතු. කෙසේ ද යත් ?

ඒ දුටුගුමුණුරජ්ජුරු‍වෝ වනාහි මෙ ම භද්රවකල්පයට එකාසඞ්ඛ්ය කල්පලක්ෂමයෙකින් යටැ “වර” නම් 4 කල්පයෙහි ලොවැ පහළ වූ අනොමදස්සී නම් බුදුන් සමයෙහි එක්තරා 1. දුෂ්ටගාමිණි 2. එයින් 3. යශොතෙජස් 4. වරන නම්


කාකවර්ණස වර්ගිය 515

කුලගෙයෙකැ ඉපද වැඩිවිය පැමිණ මහාජනයා1 හා සමඟ විහාරයට ගොස් බණ අසා ශ්රසද්ධාවන්ත ව වසනුවෝ මෑත භාගයෙහි එක් දවසෙකැ බණ අසන පිණිස විහාරයට කියහ. එකලැ බුදුහු සවනක් රසින් දිලිහිදිලිහී සිවුවනක් පිරිස් මැදැ2 බුද්ධානමස්තකයෙහි වැඩහිඳ මධුරස්වර විහිදුවා ධර්ම්දෙශනා කොට ඉක්බිති එ ම පිරිස් මධ්යකයෙහි නිසහ නම් මහතෙරකෙනකුන් වහන්සේගේ ගුණනුවණ වර්ණසනා3 කොට වදාරා උන්වහන්සේට දකුණත්සව්තනතුරු දුන්සේක.

එකලැ මේ දුටුගැමුණුරජ්ජුරුවෝ එ පවත් දැක මම ද මතු මේ නිසඟ නම් මහතෙරුන් වහන්සේ සේ ම බුදුකෙනකුන් වහනසේගේ ශාසනයෙහි මහණ ව නුවණගුණයෙන් අගතැන්පත්ව දකුණත්සවු වෙම්ව යි4 ප්රා්ර්ථානා කොට එ නැත් පටන් එකාසඞ්ඛ්යැකල්පලක්ෂුයක් 5 මුළුල්ලෙහි දානශීලාදිවශයෙන් බොහෝ කුශලසම්භාරයන් රැස් කෙරෙමින් ජාතියෙන් ජාතියෙහි දිව්යකමනුෂ්යරසම්පත් විඳ ක්රාමයෙන් අවුත් මෙ ම ලඞ්කාද්වීපයෙහි එක්තරා කුලගෙයෙකැ ඉපද කටයුතු දන්නා අවස්ථාවට පැමිණ සසුන් වැද මහණ ව රුහුණුරටැ කෙළපව්ව සමීපයෙහි මනහරවිහාරයෙකැ වසන්නාහු, මේ මිනිසත්බවැ ඉපදීම නම් ඉති දුර්ලීභ ය, බුද්ධොත්පාදකාලය ඉතා දුර්ලසභ ය, ශාසනයෙහි මහණ වීම ඉතා දුර්ලුභ ය, අෂ්ටදුෂ්ටක්ෂපණයෙන් 6 මිනිර්මුක්ත වූ නව වන බුද්ධොත්පාදක්ෂඉණයෙහි ඉපද සසුන් වැද මහණ වූ 7 මා විසින් අප්රබමාද ව කුසල් කටයුතුතේ ය යි කල්පනා කොට සාමණෙරභූමියෙහි සිට පුහුණු කළමනා ධර්ම්ය අසා පිරිවහා පුහුණු කොට අප්රෙමාද ව වතපිළිවෙතැ යෙදී සඞ්ගයාවහන්සේට නහන බොන පැන් පරහා දෙමින් දැහැටිදඬු එළවමින් මළු පෙත්මං අමදිමින් බුදුන් උදෙසා මල් සුවඳ ආදිය පුදමින් දහගබ් මහබෝ ආදියෙහි ද වත් සපයා මහත් වූ ආදරනම්භාවනාවෙන් බොධින්වහන්සේට පැන් වඩා සුවඳ මල් සුවඳ සුණු ආදිය පුදමින් මෙසේ දවස් පතා කුශලක්රිවයායෙහි යෙදෙමින්8 දවස් යවන්නාහු දවසෙකැ ආකාශචෛත්ය් නම් දාගැබ පිහිටි දාගබ්මළුවට නැගෙන පියවරපදනම9 සිථිල ව තබෙන හෙයින් මහගල්තුනක් ගෙනවුත් පියවරපහණතනා මෙසේ නිරන්තර ව මෙහෙ කිරීමෙන් ශරීරය මිරිකී ගිලන්පත් වූහ. 1. මහාජනයන් 2. පර්ෂ්ත් මධ්යලයෙහි 3. ගුණවර්ණ්නා. 4. ලැබෙම්වයි 5.කප් - 6. ඉපදීම නම් ඉතා දුර්ලභය. අෂ්ටදුෂ්ටක්ෂහණයෙන් 7. ව. 8. කුශලක්රිකයායෙන්ම 9. පියවරපහණ







516 සද්ධර්මාරලඞ්කාරය

එකලැ සැදැහැයෙන් වත්පිළිවෙත් සපයා සුවච ව දවස් හළ1 හෙයින් කෙළෙහි උපකාර දන්නා භික්ෂූෙන්වහන්සේ කෙළපවුවෙහෙරැ සිට සිවිකාවෙකින් උසුළාගෙන ඇවිත් තිස්සමහවෙහෙරැ සල්වසපිරිවෙත2 ය යි යන ලැගුම්ගෙයි සතප්වා3 ලෙඩ බලනසේක. එකලැ යටැ කියන ලද කාවන් තිස්ස රජ්ජුරුවෝ විහාරමහාදේවීන් හා සමඟ රුහුණුමාගමැ රාජ්යඑය කෙරෙමින් උපමා නොකළහැකි මහදන් පවත්වා දානපති ව වසන්නාහු දවසෙකැ භික්ෂූකසඞ්ඝයාවහන්සේට පෙරවරු මහදන් දී පස්වරු විහාරමහාදෙවීන් හා සමඟ මහත් රාජානුභාවයෙන් යුක්ත ව තිස්සමහවෙහෙරට ගොස් ඒ ඒ පිරිවෙන්ගෙවලැ වසන භික්ෂූ්න්වහන්සේ වඳිමින් ගිලනුන් වහන්සේට බෙහෙත් පිළියෙළ කෙරෙමින් අෂ්ටවිධපානවර්ගසයන් එළවමින් කපුරු තකුල් ආදි වූ පස්පලවතින් යුක්ත ව බුලත් පිළිගන්වමින් මෙසේ භික්ෂූනන් වහන්සේට උපස්ථාන කෙරෙමින් පිළිවෙළින් ගොස් සල්වස නම් පිරිවෙනට වැද එ තන්හි වැඩහුන්4 මහතෙරුන් වහන්සේ දැක වැඳ එකත්පස් ව උන්හ. එකල්හි ඒ මහතෙරුන් වහන්සේ රජ්ජුරුවන් හා බිසවුන්ට බණ වදාරනසේක් :-

“මහාසම්පත්ති තුම්හෙහි. ලඬායං පුඤ්ඤකම්මුනා, අප්පමාදොච කාතබ්බො, පුඤ්ඤකම්මෙ ඉදානිපි”

යනාදීන් එම්බා, තෙපි හැම පෙරජාතියෙහි කළා වූ කුසල යෙන් දැන් මෙබඳු මහත් වූ ‍ෙ‍එශ්චය්ය්යෙහසම්පත්තියක් ලදුව එබැවින් දැනුදු අප්ර මාද ව කුසල් කළා නම් මතු දිව්ය මනුෂ්යම සම්පත් විඳ නිවන්සම්පත් ලබන්නා වේ දැයි වදාළසේක.

එ තෙපුල් අසා රජ්ජුරුවන් සමීපයෙහි උන් විහාරමහා දෙවී කියන්නී ස්වාමිනි, මා වඳවුව,5 දරුසිරි නැති අපට සම්පත්තියෙන් ප්රදයොජන කිම් දැයි කීහ. එ තෙපුල් ඇසූ මහතෙරුන් වහන්සේ මේ බිසවුන්ට පුත්රුලාභයෙක් වේ දෝ නො වේ දෝ හෝ යි දිවසින් බලනසේක් දරුකෙනකුන් ලබන බව6 දැක එම්බා දෙවිනි, තෙල ඇතුළුගෙයි නැතැපෙන ගිලන් සාමණේරයන් හා කථා කරව යි වදාළසේක. එ බස් ඇසූ බිසවු ඒ ලැගුම්ගෙට වැද සාමණේරයන් වහන්සේ සමීපයට එළැඹ පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි, ඉතා ගිලන්පත් වූ සේක. ආපසු කවරේ දැ යි විචාර එකත්පස්ව හිඳ ස්වාමීනි, මෙයින් ගොස් කො උපදනා කැමැති සේක්දැයි. විචාළහ එ තෙපුල්

1.අළ 2. පාළියෙන් “සිලාපස්සයපරිවෙණ” 3. සතප්පවා 4. වැඩඋන් 5.මම්වදඋව 6. සේ






කාකවර්ණ් වර්ගීය 517

අසා සාමණෙරයන් වහන්සේ එම්බා දෙවිනි, දිව්යසලොකය ඉතා සිත්කලු ය. එබැවින් දෙව්ලොවැ උපදනා කැමැත්තෙමි යි වදාළ සේක. එ තෙපුල් අසා බිසවූ ස්වාමීනි, 1 දිව්ය ලොකසම්පත්තිය නම් කොටුවෙකැ ලා තිබූ විටිකක් කා නිමවා දෙවැනි ව ගොයම් ‍කොට බත් සොයන්නා සේ වෙයි. මිනිස්ලොවැදී 2 කළ කුසලයෙන් දෙව්ලොවැ කොපමණ3 සැප විස්දත් 4 මිනිස්ලොවට ඇවිත් කුසල් කළ මනා ම ය. කුසල් වඩනට කාරණයෙක් දිව්ය්ලෝකයෙහි නැත. උදාරතර වු කුසල් කිරීමට රජ වීම හා සමාන තැනෙක් නැත. එබැවින් මට පුත් ව උපත මැනැවැයි කීහ.

බිසවුන් ‍එසේ කිව ද මිනිසත්බව පිළිකුලැයි5 සිතා නො කැමැති වූසේක. ඒ බව දන්නා වූ විහාරමහාදේවී ස්වාමීනි, දානාදී වූ කුසල් කිරීමට රාජානුභාවය බැලුව මැනැවැයි කියා සාමණෙරයන් වහන්සේ සැතැපෙන ගෙයි විසිතුරු වියන් බඳවා6 බිමැ සුවඳ පිරිබඩ ගෙන සමන්මල් අතුරන ලද මොළොක් ඇතිරිමත්තෙහි සාමණෙරයන් වහන්සේ සතප්වා උක්පැණි වළඳවා පස්පලවතින් බුලත් වළඳවා සඳුන් අගරු දෙව්දුරු ආදි වූ සුවඳ හා සමන් දෙයිද්දමල්7 ආදීන් පිරුණා වූ මල්කරඬු හා මහනෙල් උපුල් රත්නෙළුම් හෙළනෙළුම් ආදි වූ මාලා කලාප‍යන් ද නානාවර්ණම වස්ත්රෙජාතීන් ද එසේ ම භික්ෂූකන් වහන්සේට සිවුරු පිණිස සියුම් මොළොක් සළුපිළී ද ගිතෙල් මී වෙඬරු උක්සකුරු උක්පැණිසැළවල් ද එසේ ම භාජන පුරා අෂ්ටවිධපානවර්ගමසන් ද 8 මෙසේ නොයෙක් දානොපකරණ සකස් කොට ගෙන්වා ගෙන ස්වාමීනී, නුඹවහන්කසේට පින් පෙත් ‍කොට දෙමි. සිත් වූ පරිද්දෙන් දන් දුන මැනැවැයි කියා රජ ව උපන් කලැ බුද්ධශාසනයට උපකාරී ව බොහෝ පින් කොට ගන්ට පිළි‍වන. ස්වාමීනි, මට පුත් ව උපන මැනැවැයි කීහ.

සාමණෙරයන් වහන්සේ බිසවුන්ගේ බස් අසා දානසම්භාර බලා සතුටු ව රජ ව උපන හොත් බුද්ධශාසනයට උපකාරී ව බොහෝ පින් කොට ගතහැක්කැයි 9 සිතා එළැඹ සිටියා වූ දව්ය ලොකසම්පත්තිය හැර බිසවුන්ගේ ආරාධනාව පිළිගත් සේක. විහාරමහාදෙවි ඒ බව දැන සතුටුසිත් ඇති ව10 වැඳ අවසර ගෙන නුවර බලා නික්මුණාහ. ඵකල්හි බිසවුන් රජ්ජුරුවන් හා සමඟ රථ‍යට නැගී නික්මුණු වේලෙහි

1. බිසවු කියන්නී ස්වාමීනි 2. සේ මිනිස් ලොවදී 3. කෙපමණ 4. විඳිත් 5.පිළිකුල්ව 6. බැඳ 7. ඉද්දමල් 8. එසේම අෂ්ටවිධ පාතවර්ගව භාජනයන් ද 9. ගත්ව පිළිවනැයි 10. සතුටු සිතින්






518 සද්ධර්මා ලඞ්කාරය

සාමණෙරයන් වහන්සේ චුත ව බිසවුන් කුසැ පිළිසිඳගත්සේක. මෙසේ කුසැ පිළිසිඳගත් උන්වහන්සේ කුශලානුභවයෙන් බිසවුන් දසාවෙහි රථ චක්රදය නාභිය දක්වා පොළොවැ ගැලිණ. බිසවුන් කුස විදුරු පුරාපුවාක් මෙන් බර විය. එ පවත් දැන බිසවුන් එකාන්තයෙන් සාමණෙරයන්වහන්සේ කාලක්රි යා කළසේක් වනැයි සිතා මිනිසකු යවා කාලක්රියයා කළ බැව් දැන පෙරළ විහාරයට අවුත් පූජාසත්කාරයෙන් මෘතශරීරය ආදාහන කොට සඞ්ඝයා වහන්සේට මහදන් පවත්වා නුවරට ගියහ.

මෙසේ උන්වහන්සේි කුසැ පිළිසිඳගත් ඇසිල්ලෙහි බිසවුන්ට දොළෙක් උපන. කෙසේ වු දොළෙක් ද යත් ? සියක් රියන් දිග ඇති මහත් මීවදපටලයක් සමීපයෙහි හිස තබා යහන් පත්ව1 සැතැපී දොළොස් දහසක් දොනාවහන්සේට මී දන් දී ඉතිරි මී තමන්ම කඩාගෙන කන්නට ද, නැවැත අනුරාධපුර නුවරැ රජ කරන එළාලරජ්ජුරුවන් ගේ විසිමහායොධයන් අතුරෙන් නායකයොධයාගේ හිස කැපූ කඩුව සේධූ 2 පැන් ඔහුගේ ඉස මැඩගෙන බොන්නට ද , නැවැත අනුරාධපුර නුවරැ දෙමළරජුගේ මහනෙල්මල්කෙතින් මලා නොගිය ම‍ානෙල්මල් පළඳින්නට ද, තිසාවැවින් ගෙනා පැනින් ඉස් සෝධා3 නහා පැන් බොන්නට ද යන මෙතෙක් දොළ දෙවීන්ට උපන. එකලැ බිසවු මෙ කී දොළ ලැබ ගැන්ම දුර්ල භ හෙයින් කිසිවක්හටත් නො කීවාහු ම ය. අභිප්රාමය වූ දොළ නොලැබී මෙන් බිසවුන්ගේ ශරීරය දවසින් දවසැ දුර්ව ල ව පඩුවන් පැහැ විය. ඵ් බව දැක රඡු මෙසේ දුර්වශල වන්ට කාරණා කිම් දැයි දෙතුන්වරෙකැ විචාළ කල්හි තමන්ට උපන් මේ දොළ සියල්ල ම කීහ. ඒ පවත් අසා රජ්ජුරුවෝ නුවරැ බෙර ලවන්නාහු4 යමෙක් සියක් රියනක් දිග මීයක් දැක කීයේ වී නම් ඕහට බොහෝ සම්පත් දෙමි යි කියා නුවරැ බෙර ලැවූහ. එකලැ බිසවුන් කුසැ පිළිසිඳගත් කුමාරයන්ගේ කුශලානුභාවයෙන් ගොළුමුහුඳැ වෙරළ අසැ මුණින් නමා තුබූ මහලු නැවක් ඇතුළ තැ සියක් රියන්5 පමණ නැතැ මීමැස්සෝ මහත් වූ මීපටලයක් බැඳ

1. යහපත්ව 2. සේදූ 3. සෝදා 4. ලන්නාහු 5. පුස්කොළ පිටපත්හි “සියක් රියන්” යනු එයි. ථුපවංශයෙහි ද එ සේ යි රසවාහිනියෙහි “විසතියට්ඨප්පමාණෙ” (විසියටක් පමණ) යනු එයි. එය ම ඇතැම් පුස්කොළපිටපත්හි ‘විසියටක්” යි දැක්විණ. මුද්රිෙත පොත්හි ‘විසියටක්’ යන්න “විසිඅටක්” යි ගෙන ‘රියන්’ යන්න ද එකතු කොට යෙදූ බව පෙනේ. ‘යට’යනු සත්රියනෙකි. එහෙයින් රියන් විසි අටක් යනු ‍නො ගැළැපේ. විසියටට රියන් එක්සිය සතලිසෙකි.





කාකවර්ණස වර්ග ය 519

ගියහ. එක් දනව්වැසි පුරුෂයෙක් ඒ දැක ගොස් රජ්ජුරුවන්ට දැන්වී ය. රජ්ජුරුවෝ සතුටු ව ඕහට බොහෝ සම්පත්1 දී වහපෙරහරින් බිසවුන් එතනට කැඳවාගෙන ගොස් එතන්හි ම මහත් වූ මණ්ඩපයක් කරවා ඒ මණ්ඩපය සරහා යහනක් 2 පනවා යටැ කී පරිද්දෙන් දොළොස් දහසක් රහතුන් වහන්සේට මී දන් දී බිසවුන් ද මී අනුභව කරවූ හ.

සෙසු දොළ ද පසිඳිනා කැමැති ව ඊ‍ට සමර්ථයො කවුරු දෝ හෝ යි පරීක්ෂාළ කරන්නා වූ 3 රජ්ජුරුවෝ වෙළුසුමන නම් යොධයා සිතුව හොත් සියලුදොළ ම සමෘද්ධ වේ ය යි සිතා වෙඵසුමනහන් කැදවා ඵ පවන් ඕහට කීහ. ඵ තෙපුල් අසා වෙළුසුමනයා ස්වාමිනි, ඉදින් මම සමර්ථයෙක් වීම් නම් කැමැති වූ දොළ ගෙනෙන්නෙම් වේ දැයි රජහුගේ බස් මුඳුනෙන් පිළිගත. ඉක්බිති රජ්ජුරුවෝ ඕහට බොහෝ සත්කාරකොට අප්ර මාද වෙ ව යි අවවාද දී නික්මවූහ. එකලැ ‍වෙළුසුමන යොධයා තමාගේ ගෙට ගොස් නාවිසයකු 4 ගෙන්වා ගෙන කුඩුඹිය පමණක් තබා ඉසැ කෙස් බාවා රජහුගෙන් ගෙඩි දුන්නා කොට පිටැ වැවරි5 දක්වා රත්පිළි දෙකක් ඇඳ උදාසන්හි ම ගෙන් පිටත් ව ගොස් දිගාමඬුල්ලේහිදී පෙරවරු බත් අනුභව කොට පස්වරු ‍මහවැලියඟැ වඩමන් නම් තොටට ඇවිත් එතැනැ රැකවලැ සිටි දහසක් දෙමළුන් එක් ව කැඳවමින් සිටියදී ම ගඟින් මෙතෙර ව මෙ ගොඩ රැකවලැ සිටි දෙමළුන් ළඟට පිමිණ උන් හා එක් ව ගොස් එළාලජ්ජුරුවන් දැක වැඳ සිට්යේ ය.

රජ්ජුරුවෝ වෙළුසුමනයන් දැක එම්බල සගය, තෝ කොයි සිට අයි දැයි විචාළය. වෙළුසුමනයා ස්වාමීනි, මම මාගමැ සිට ආමි යි කී ය. එ බසට රජු කුමක් පිණිස අයි දැයි විචාළ කල්හි එසේ වී නම් දෙවයන් වහන්ස, ඇසුව මැනැව; කාවන්තිස්සරජ්ජුරුවෝ එකාවන් ව නුඹවහන්සේගේ අගුණ ම තමන්ගේ අමාත්යිවරුන්ට කියා ආක්රො ෂපරිභව බෙණෙති. මම ඒ අසා ස්වාමිනි, එසේ නොබිණුව මැනැව, එළාල රජ්ජුරු වන් වහන්සේ මහත් වූ රාජඍද්ධි ඇතිසේක. මහත් වු ආනුභාව ඇති සේක. ඉතා ධර්මිෂ්ඨසේක. ධර්මි8 රජ්ජුරුවන් වහන්සේ ය. තමන්වහන්සේත් යුද්ධක්රිියාවෙහි දක්ෂෂ යොධයාණන් වහන්සේ ය. නොයෙක් දහස්ගණන් යොධයන් විසින් පිරිවරන ලදසේක. අසුරහටයන් විසින් පිරිවරන ලද වෙපපචිත්ති නම් අසුරෙන්ර්රන යා වැනි‍සේක. යම්කිසි සතුරුකෙ‍නකුන් විසින් අනභිභවනීය

1. සැපත් 2. යානාවක් 3. - නාහු 4. කරනැවියකු 5. වෛරී 6. ධර්මිෂ්ඨ





520 සද්ධර්මා්ලඞ්කාරය

සේකැයි යනාදින් නුඹවහන්සේගේ ශොරවීය්ය් ානබලපරාක්රේම ගුණයන් වර්ණිනා කෙට කීමි. මාගේ මෙපමණ වැරැද්දක් සිතැ තබාගෙන තෙපි මාගේ ලඞ්කාද්වීපරාජ්යනයට සතුරු ව ඉන්නා වූ දෙමළ රජුගේ ගුණ වර්ණඞනා කරව් දැයි කියා මාගේ හිසැ කෙස් කප්වා 1 මරා තළා දුර්වගල කොට කසාරෙදි අඳවා2 පලායව, කොල, තාගේ එළාලරජු සමීපයෙහි හිඳ සැප සේ වසව යි 3 කියා මා රටින් නොරැපූ හ. එසේ හෙයින් මම නුඹ වහන්සේ ළඟට ආමි. කීහ.

එ බස් අසා එළාලරජ්ජුරුවෝ තොප ආයේ ම යහපතැයි ඔහු බස් ගිවිස තොපගේ රටුදී කවර කටයුත්තෙකැ නියුක්තව සිටියා දැයි 4 විචාර අසුන් බලා සිටියෙමි, අසුන නැහෙන සේ ත් දනිමි, යුද්ධ කරන සේ ත් අනිමි, කීපදවසෙකිම කාවන්තිස්ස රජු බැඳගෙන ඇවිත් නුඹවහන්සේට ගැති කොට පාවා දීලමි. ගඟින් එතෙරැ අද පටන් නුඹවහන්සේගේ ම ය යි ගජිනා කොට සබාදෙයක් සේ 5 වහසි බිණිය එළාලරජ 6 වෙළුසුමනයන්ගේ වහසිබස් ‍අසා බොහෝ සත්කාර සම්මාන කොට අස්සලයන්ට 7 නායක කොට ස්ථානාන්තාර දුන්නේය .

වෙළුසුමනයෝ අසුන් බලන්නාහු සියලු දසුන් ම පරීක්ෂාර කොට බලා ලක්ෂසණසම්පත්ති “රණමද්දව” නම් වූ සෛන්ධකව අසකු 8 ‍තෝරාගෙන කීපදවසක් ගියකල්හි කුඹල්වීථියෙන් මහත් කළයක් ගෙන9 තිසාවැවින් පැන් ගෙනවුත් 10 කොළොම් ඔය සමීපයෙහි සඟවා තබා නැවැත මහනෙල් කෙතට ගොස් මහනෙල් මල් මිටියක් කඩා ගෙනවුත් එ ම කොළොම් ඔය අසැ සඟවා තබා දෙවන දවස් උදාසනැ ම රණමද්දව නම් අසුපිටට පැනනැගී රාජවීථිම්යායෙන් ගොස් නැගෙනහිරිවාසලින් පිටත් ව එම්බල කොල, වෙළුසුවසයා නම් මම ය යි තමා නම අස්වා කියා මම දැන් රණමද්දව නම් සෛන්ධීවයා ආදි වූ මේ මේ දැ ඇරැගෙන11 අපගේ රජ්ජුරුවන් වහන්සේ ළඟට 12 යෙමි. තොපගේ එළාල රජ්ජුරුවන්ට මෙ පවත් කියාලව. සපන් කෙනෙක් මා අල්වා ගනුව යි අඬ ගා අසුට විළුඹින් 13 සන් කොට අශ්වවෙගයෙන් දිවනුයේ කොළොම්හොයැ සඟවා තුබූ පැන්කළය හා සමඟ මහනෙල්මල්මිටියත් ගෙන මිහින්තලාසමීපයට‍ ගොස් අසුගේ ගමන්වෙග සංසිඳුවා 14 සෙමෙන්සෙමෙන් නික්මිණ.

1. කප්පවා 2. අන්දවා 3. ජිවත් වෙවයි 4. -කටයුත්තෙක සිටියා දැයි 5. සබා දෙයක් මෙන් 6. -රජු 7.අස්හලයන්ට 8. - අශ්වයකු 9. ගෙන්වා ගෙන 10. ගෙන්වා ගෙන 11. සෛන්ධසවයා ආරැගෙන 12. සමීපයට 13.විළිබෙත් 14. සන්සිඳුවා






කාකවර්ණව වර්ග ය 521

මෙසේ වෙළුසුමනයන් වහස කියා නික්මුණු බව එළාලරජ අසා තමාගේ මේල්දෙව1 නම් ප්රිධානයොධයා කැඳවා එම්බල සබඳ ‍තෝ ‍යොධයන් සියයක් ඇරැගෙන නොපමා ව දිව ගොස් වෙළුසුමනයා අල්වා මරා සෛන්ධබවයා ඇරැගෙන එව යි කියා වෙත නම් සෙනෙවිරත්කෙනකුන් හා සමඟ නික්මවී ය. ඉක්බිති ඔහු බත් කා සියලු අලංකාරයෙන් සැරැහී 2 මාණික්යකමයකුණ්ඩලාභරණ පැළැඳ දෙදෙන ම ආජානීය නෛන්ධලවයන් දෙදෙනකු පිටට පැනනැගී සෙනාව ගෙන නික්මුණාහු මිහින්තලාසමීපයට පිමිණියාහ3 එකලැ වෙළුසුමනයා තමා ලුහුබැඳගෙන දිවෙන4 දෙමළයොධයන්5 දැක අසු6 වේග දනාව කීපවිටෙකැ මණ්ඩලාකාරයෙන් ශීඝ්රන ව අසු පන්වා ඛුරසංඝට්ටනයෙන් ධූලිකඳු නංවා රජස්ධූලියෙන් එකාන්ධනකාර කොට කැළයක් මුවා ව අසුපිටැ හිඳ ම කොපුවෙන් කඩුව හයා අශ්වවේගයෙන් දිවෙන 4 දෙමළයොධයන්ට කඩුව සරස් කොට පෑ අල්වාගෙන හුන්නේ ය. එකල්හි අශවවේගයෙන් දිවෙන4 දෙමළයොධයන්ගේ හිස් කැපිණ. වෙළුසුමනයෝ ඔවුන්ගේ හිස් දෙක බිමැ හිය නො දී අල්වාගෙන හිසැ කේ එක් වගැට ගසා අසුපිටැ තබාගෙන දෙමළයොධයන් ගෙනා අසුන් දෙදෙනා ද නො හැර අල්වාගෙන ඉර මුඳුනේ සිටියදී ම මහවැලිගඟැ වඩමන් නම් තෙටට අවුත වන්හ7

එ කල්හි තොටැ රැකවලැ 8 සිටි දහසක් පමණ දෙමළ යොධයෝ වෙළුසුමනයන් 9 දැක මොහු අල්වව යි වටලාගත්හ. එකලැ වෙළුසුමනයා ඔවුන් හා යුද්ධ කොට එතන්හිම දහසක්දෙනා මරා අසුන් හා සමඟ ගඟට පැන එතෙර විය. එකලැ ගඟ එතෙරැ රැකවලැ සිටි වඩ්ඪමාන නම් දෙමළා දහසක් පුරුෂයන් හා සමඟ අවුත් පළමු පරිද්දෙන් ම වෙළුසුමනයන් වටකොට ගත. එ වේලෙහිද ‍වෙළුසුමනයා9 නොයෙක් සියගණන් මනුෂ්යටයන් පොලුගෙන 10 වතුරුවා 11 ඵතනින් ද නික්මිණ. එ තැන් පටන් වඩමන් නම් තොට දහස්තොට යයි කියා ද අස්මඩලාතොට ය යි ද වැවැහාර 12 විය. මෙසේ වෙළුසුමනයේ එ දවස් අසුන් ගෙන දිගාවැවින් ඉස් සෝධා13 නහා පැන් බී යන්නාහු සවස්වේලෙහි ම මාගමට පැමිණ නුවරැ වහසල්දොර හරවා14 ඇතුළු නුවරට වැද රජ ගෙයි දෙරකඩැ දී අසුපිටින් බැස අසුන් සතප්වා ගෙන

1. වේල්දේව - මේලදේව (රසවාහිනියේහි “චෙතිය” මහ‍වංසටිකායෙහි “නන්ද්සාරථි”) 2. සැරැසී 3. ගියහ 4. දුවන 5. -යොධයා 6. අසුන් 7. වන 8.රකවල් 9. වෙළුසුමනයා 10. පොලුගසා 11. වතුරුවා 12. ව්යිවහාර 13. සෝදා 14.අරවා







522 සද්ධර්මා.ලඞ්කාරය

ගොස් අස්හලැ බැඳ මානෙල්මල්මිටිය හා සමඟ පැන්කළය ද කුණ්ඩලාභරණ සහිත දෙමළයොධයන්ගේ හිස්දෙක ද යන සියල්ල ම රජ්ජුරුවන්ට දැක්වූහ.

ඒ දැක සන්තුෂ්ට වූ රජ්ජුරුවෝ වෙළුසුමනයන්ට බොහෝ සත්කාර කොට රන්තැටියක් ගෙන්වා එහි කඩුව සේධූ1 පැන් පුරා රන්මිණිකෙඬොල් සහිත දෙමළහිස්දෙක පිටැ බිසවුන් සිටුවා තිසාවැවින් ගෙන ගිය පැනින් ඉස් සෝධා2 නාවා රන්තැටියෙන් පැන් පොවා ම‍ානෙල්මල් පැළැඳවූ හ. එකෙණෙහි බිසවුන්ට උපන් දොළ සංහිඳිණ.3 ඉක්බිති කාවන්තිස්සරජ්ජුරුවෝ නිමිත්තපාඨකයන් ගෙන්වා මෙබඳු දොළ උපන් කලැ එහි විපාක කවරේ දැයි විචාළහ. එකල්හි නිමිත්තපාඨකයෝ එහි විපාක ප්රේකාශ කොට කියන්නාහු :-

“සූරවීරබලුපෙතො , මෙරුසාරො ගුණකරො, ධීරො සුමතිවික්කන්තො, පුත්තො තෙ දෙව ජායති.

බතනිංසදමිළෙ හනත්වාො, කත්වා යුද්ධං අසාදිසං, වසෙ කත්වාළ නිමං ලඞ්කං , එකරජ්ජං කරිස්සති.

අනුරාධපුරෙ රමමෙ, වසන්තො සාසනං ඉමං, සොහෙස්සති යථා ‘සොකධම්මරාජාච සාසනං”

යනාදීන් දෙවයන්වහන්ස, නුඹවහන්සේට ගෞරවීය්ය් රිපුරුෂ බලපරාක්රදමයෙන් යුක්ත මහමෙර සේ ධිරසාර ගුණ ඇති ධෛය්ය්අස සම්පන්න වූ ප්රරඥා වික්ර්ම ඇති පුතණු කෙනකුන්වහන්සේ උපදනාසේක. උන්වහන්සේ මතු අසුරයුද්ධ කරන්නා සේ අසමාන වූ මහත් වූ යුද්ධ කොට දෙමළදෙතිස්කඳවුරෙහි 4 ඇණි ලා උන් දෙමළ මහසෙනඟ සාධා ලඞ්කාද්වීපය එකච්ඡත්රස කොට රාජ්යූය කරනසේක. දිව්යඞපුරයක් වැනි ඉතා රම්යර වූ අනුරාධපුරයෙහි රජසිරි විඳ වෙසෙමින් ධර්මරශොකරජ්ජුරුවන් වහන්සේ සේ ම සර්වාඥශාසනය බබුළුවනසේකැයි කීහ.

එ බස් අසා සනතුෂ්ට වූ රජ්ජුරුවෝ නිමිත්තපාඨකයන්ට බොහෝ සත්කාර සම්මාන කොට5 ඉක්බිති බිසවුන් බඩැ දසමඑකඩමස් පිරුණු කල්හි එක් දවසෙකැ විහාරයට ගොස් භික්ෂූ්න් වහන්සේ වඳිමින් ගිලනුන්වහන්සේට බොහෙත්පස එළවමින් 6 උපස්ථාන කරමින් ඇවිදිති. එකල්හි එක් භික්ෂුඉ කෙ‍නකුන්වහන්සේ‍ගේ ශරීරයෙහි මකුණන් කෑ නැතැ ගඩු දැක ස්වාමිනී, මේ කිමෙක් දැයි විචාළහ. එ බසට උන්වහන්සේ‍ මහරජ මකුණන් කෑ තැනැයි වදාළ‍සේක .එ බසට රජ්ජුරුවෝ

1. සේදු 2. සෝදා 3. සන්සිඳිණ 4. කදයුරෙහි 5. සත්කාරකොට 6.එළවා




කාකවර්ණද වර්ගේය 523

ඇඳැ ඇතිරිලි1 නැතිවනැ යි සිතා උතුරුසළුව දෙනු කැමැති ව තමන් ඉණැ එකසළුව හෙයින් දිපිය නො හී එතනින් පසඹ මළුවට 2 ගොස් ත්රි පිටකතිස්ස මහතෙරුන්වහන්සේ වැඳ එකත් පස්ව උන්හ. එකල්හි උන්වහන්සේ රජ්ජුරුවන්ට බුද්ධසිංහ නාද නම් සූත්රසයෙන් බණ වදාළසේක. රජ්ජුරුවෝ බණ ආස පැහැද උන්වහන්සේට උතුරුසළුව දෙනු කැමැති වත් ඉණැ එක සළුව ම හෙයින් පසුබට වූවා වූ දානචෙතනා ඇති ව රජගෙට ගොස් පසුව සෙසු භික්ෂූ න්වහන්සේට ද මහතෙරුන් වහන්සේටද ඇතිරිලි සිවුරු ආදි වූ දෙයට බොහෝ පිළී එවමි යි සිතසිතා උන්හ.

එකෙණෙහි එක් කවුඩෙක් අවුත් අඹගසැ අතුඅතරෙහි හිඳ රජ්ජුරුවන්ට කියනුයේ :-

“දෙය්යකධම්මෙසු මා රාජ, ඔස්සක්කාපය මානසං, උප්පන්නං කුසලං විත්තං, නෙ වොස්සක්කත්ති පණ්ඩිතා.

දෙහි දානං යථාකාමං, තව විත්තානුකූලකං, අහං තෙ ආහරිං පඤ්චසාසනං තුට්ඨිදියකං”

යනාදීන් එම්බා මහරජ, දියයුත්තා වූ දානවස්තුවෙහි මඳකුත් සිත පසු නො බසුව. නුවණැති ශ්රඨද්ධාවන්තයෝ උපන්නා වු කුශලචිත්තය පසු නොබස්වන්නාහු ම ය, තොපගේ චිත්තානුකූල වූ දානය ඒ තොප සිතූ පරිද්දෙන් ම දිපියව, මම තොපට සතුටු එළවන්නා වූ හසුන් පසක් ගෙනාමි කී ය. මෙසේ ද කියා මහරජ , විහාරමහාදේවී මහත් වූ පින් ලකුණු ඇති මනහර පුතණුකෙනකුන් වැදූහ. මේ එක් අස්නෙක. උපොසථකූලයෙන් ඵක් ඇතින්නක් ආකාශයෙන් ඇවිත් තිත්තිවිල3 සමීපයෙහි සර්වාූඞ්ගයෙන් ධවල වූ බලයෙන් හා ලක්ෂාණයෙන් සම්පන්න වූ ඇළිඇත්පැටවකු වදා දමා ගියා ය. 4 මේ එක් අස්නෙක. වලාහකඅශ්වකුලයෙන් එක් වෙළඹක් ආකාශයෙන් ඇවිත් ගොණගමැ වෙළඹපැටියකු වදා ගියා ය. 2 මේ එක් අස්නෙක. ගොළුමුහැඳැ පටපිළි ආදි භාණ්ඩයෙන් පිරුණු නැව්සැටෙක් 5 ඇවිත් සිටියේ ය. මේ එක් අස්නෙක අතුරුවඩමන් 6 නම් පව්වසමීපයෙහි රාජමානයෙන් දොළොස්කිරියක් පමණ තැතැ7 තල්කඳ පමණ රත්පැළ නැගී සිටියේ ය.

1. ඇතිරි 2. පැන් පලමළු (ධාතු) 3. තිත්තිවල “තිත්ථවසර” – (මහා රස) “තිරසර” (සහ) 4. ගියහ 5. නැව්පන්සියයක් (ධාතු ) රනවළන් පිරුණු නැවක් (ථූප) 6. උතුරු වඩමත් - (අන්තරවඩ්ඨ - (රස) අන්තර වඩ්ඪමාන - (සහ) 7. සොළොස්කිරියක් - දෙකිරියක් (ධාතු)





524 සද්ධර්මාසලඞ්කාරය

මේ එක් අස්නෙකැ යි මෙසේ මඟුල්අසුන් පසකුත් ගෙනාමි. තවද ගිරිපාද නම් දනව්වෙහි කොතුරුකඩුවෙහෙරැ 1 මහානාග නම් මහතෙරුන්වහන්පසේ 2 සත්තලක් උස ආකාශයෙහි වැඩ හිඳ පිරිනිවිසේක. මේ අනිත්ය්තා ප්රදකාශ කරන්නා වූ අස්නක් ද ගෙනාමි කියා ස්වාමීනි, සිත සතුටු වූ තැනට ම වස්ත්රාය දුන මැනැවැයි කී ය.*

ඒ බස් අසා රජ්ජුරුවෝ සිනා පහළ ‍කළහ . ඒ දැක තිස්ස මහතෙරුන්වහනසේ මහරජ, කුමක් පිණිස සිනා පහළ කළා දැයි විචාළසේක. තෙල කවුඩා කී අසුන් අසා සිනා සීමි යි රජ්ජුරුවන් කී කල්හි තෙරුන්වහන්සේ ද රජ්ජුරුවන් පූර්වනජාතියෙහි කළ කුසලය සිහි කොට සිනා පහළ කළසේක. ඵ් දැක රඡු කුමකු පිණිස ස්වාමිනි. සිනා පහළ කළසේක් දැයි විචාළ කල්හි මහරජ, තොප මරුපුල නම් ගමැ අමරැප්පල නම් කුමාර ව උපන්සමයෙහි වැලිදාගබට නැඟූ නූල්පතාකයෙහි විපාකය අද තොප විසින් ලබන ලදැයි සිතා සිනා සීමි වදාළ සේක. එ බස් අසා රජ්ජුරුවෝ තමන් පූර්වනජාතියෙහි කළ කුස‍ල් කවරේ දැයි විචාළහ. තෙරුන්වහන්සේ ද මුලැ කාකවර්ණ වස්තුවෙහි කීපරිද්දෙන් කාවන්තිස්සරජ්ජුරුවන් පළමු ජාතියෙහි වැදි ව ඉපද කළා වූ ඒ සියලු ම කුසලය ප්රනකාශ කොට වදාළසේක. මෙසේ තමන්ගේ පූර්වූචරිතය අසා සන්තුෂ්ට වූ රජ්ජුරුවෝ තෙරුන්වහන්සේට උතුරුසළුව දන් දී කොතුරුපටුවිහාරයට ගොස් මහානාගමහතෙරුන්වහන්සේ ආදාහන කරවා ධාතු ගෙන දාගබක් කරවූහ.

ඉක්බිති තමන් හා තමන් පුත් කුමරුවන්ගේ පිනින් උපන් සළු සෝලී කසීසළු පටපිළී ආදී වු නානාවර්ණර වස්ත්රා ජාතීන් හා රන්රිදී මුතු මැණික් රන්වළන් ඇත් අස් ආදි වු සියල්ල ම ගෙන්වා ගෙන එයින් මහාසංඝයාවහනසේට තුන්සිවුරු පසතුරුණු ආදිය පිණිස ඊට සුදුසු පිළී දන් දුන්හ. ගෝණගමැ දික්හුණ නම් බමුණුගමැ බමුණකු පළමු වෙළඹපැටියා දැක ඇවිත් කී හෙයින් වෙළඹට දිඝථූර්ණු 3 ය යි නම් තුබුහ. නිත්තවිලැ බිලී බාන්ට ගිය කඩුලු4 නම් බිලීවැද්දා

* කාකයකු අසුන් කී බවෙක් මහාවංශයෙහි නො එයි. මෙහි මඟුල් හසුන් පසංඟා  අවමඟුල් හසුනෙක් ද වෙයි. ධාතුවංශයෙහි අවමඟුල් හස්නන් සමඟ ම හසුන් පසෙකි. අස්පැටවාගේ හස්න එහි නොමැත සහස්ස වත්ථුලයෙහි නැව්සැට හා රන්පැළපුවත එකක් සේ යෙදිණ.

1. කොත්කරකට්ඨපබ්බත මහාවිහාර -(රස) කොන්තරකටක මහාවිහාර (සහ) කොත්තරට්ඨක වෙහෙර - (ධාතු) 2. කොන්තරට්ඨක නම් තෙරුන් (ධාතු) 3.දීඝහුණි - ස. වත්ථු්යෙහි “තිස්සගොණිකා” 4. කඩුල






කාකවර්ණු වර්ගතය 525

ඇත්පැටවකු දැක ඇවිත් කීහෙයින් ඔහුට කඩුලැතා1 ය යි නම් තබා පෙරහැර දුන්හ. තවද අන්තඃපුර පිටිපුර රට දනව් වැසියන් හා සමඟ තමන් පුතණුවන් උපන් දවස්2 පටන් ගෙන සත්දවසක් මුළුල්ලෙහි සැණකෙළි කෙළ උත්සවමගුල් කළහ.

මෑතභාගයෙහි ඒ කුමාරයාට නම් තබන මඟුලෙහි කපණද්ධික වර්ණාබ්බකාදි වූ සොළොස්යාචකයන්ට මහදන් පවත්වා දොළොස්දහසක් පමණ මහාසඞ්ඝයාවහන්සේට ආරාධනා කොට සිතන්නාහු මගේ මේ පුතණුවෝ මුළු ලක්දිවැ දෙමළුන් සාධා රාජ්යටය එක්සත් කොට බුදුසසුන් බබුළුවත් නම් අටදෙනකුන්වහන්සේ උතුරු කොට ඇති දහසක් රහතුන් වහන්සේ සුපිළිසන් ව සිවුරුගැට වටුගන්වා පාත්රාට3 උඩුකුරු කොට අල්වා ගෙන වඩනා සේක්ව යි ඒ හැමදෙනාවහන්සේ ම පළමුකොට දක්ෂිිණශ්රී පාදයන් එළිපතැ4 ඇතුළෙහි තබන සේක්ව යි, ගොතමනම් තෙරකෙනකුන්වහන‍සේ මපුතණුවන් අතින් අල්වා ගන්නාසේක්ව යි, උන්වහන්සේ ම සරණශීලයෙහි පිහිටුවන සේක් වයි සිතූහ. ඒ සියල්ල ම රඡ්ඡුරුවන් සිතු පරිද්දෙන් ම විය. ඵ් දැක සනතුෂට වූ රජ්ජුරුවෝ සඞ්ඝයාවහන්සේ වඩා හිඳුවා මිහිරි වූ ක්ෂීරරපායාසයෙන් සන්තර්පිණය කොට ස්විමීනි, මපුතණුවන්ට සුදුසු නමක් තිබුව මැනැවැයි කීහ. එ තෙපුල් අසා සඞ්ඝයාවහන්සේ මාගමැ නායකත්වවය හා පියරජාණන්ගේ නාමාධියක් ගෙන ගාමිණී අභය 5 කුමාරයෝ ය යි නම් තුබූසේක.

ඉක්බිති එ ම අවුරුද්දෙහි ම විහාරමහාදෙවී අනිකුත් මහ පිනැති පුතණුකෙනකුන් වැදූහ. 6 ඔවුන්ට තිස්ස ය යි නම් තුබූහ. ඒ කුමාරයෝ නම්7 පළමු කී ආනොමදස්සි බුදුන් සමයෙහි ඍද්ධිමත් වූ ආනොම නම් මහතෙරකෙනකුන්වහන්සේට වමත්සවුතනතුරු දෙන්නා දැක තුමු ද ඒ තනතුර පතා ඒකාසඞ්ඛ්යහකප්ලක්ෂනයක් මුළුල්ලෙහි බොහෝ කුශල සම්භාරයන් රැස් කෙරෙමින් ආවා වූ පින්වත් මහතාණ කෙනෙක් ම ය. මෙසේ මහකුසල් ඇති ව දෙව්කුමරුවන් මෙන් වැඩෙන ඒ කුමාරවරු දෙදෙනා බත් කවන මගුල, කන් විදින මගුල, ඉසැ කේ8 බහවන මගුල යනාදි වූ ඒ ඒ මඞ්ගල දවස්වලැ රහත් පන්සියයක් පන්සියයක් දෙනාවහන්සේට මහදන් දුන්හ. තවද ඒ කුමාරවරුන් දෙදෙනා දසදොළොස්

1. කඩොලැතා 2. උපන්තැන් 3. පාත්ර 4. එළිපතින් 5.ගාමණී අභය 6.වදා 7. කුමාරයෝද 8. ඉසකෙස්







526 සද්ධර්මා7ලඞ්කාරය

ඇවිරිදි වූ කලැ රජ්ජුරුවෝ ඔවුන් විමසනු පිණිස පන්සියයක් සඞ්ඝයාවහන්සේ රැස් කරවා1 මහදන් සරහා අහර වළඳවා වැළැඳූ අන්තයෙහි ඉඳුල් අහර කලියෙකැ ලවාගෙන දෙබෑයන් බා හිඳුවාගෙන2 තලියේ බත් තුන් කොටසක් කොට ඔවුන් ඉදිරියේ තබා දෙබෑයන්ට කියන්නාහු එම්බා දරුවෙනි, අපගේ කුලදෙවතා වූ සඞ්ඝයාවහන්සේට විමතියක් නො කරම්හ යි කිසියම් දෙයක් දන් නො දි ‍නොකම්හ යි කියා මෙයින් එක් බත්කොටසක් කව යි කීහ.

එ බස් ඇසූ දෙබෑයෝ අපි දෙන්නම සඞ්ඝයාවහන්සේට නුඹවහන්සේ වදාළ ලෙස ම විමතියක් නො කරම්හ යි. කියා පළමු වන ‍කොටස කැවූය.නැවැත රජ්ජුරුවෝ අපි3 දෙබෑයෝ ඔවුනොවුන්ට විපක්ෂ නොවම්හ යි කියා දෙවැනි කොටස කවයි කීහ. ඒ කොටසත් එසේ ම කියා අමාවක් මෙන් කැවූ ය. නැවැත රජ්ජුරුවෝ දෙමළුන් හා සමඟ සටන් නො කරම්හ යි දිවුට තුන වන කොටස කවයි කීහ. එ බස් අසා තිස්සකුමාරයෝ තමන් අතින් ගත් බත්පිඬ බිමට දමා පලා ගියහ.4 ගැමුණු කුමාරයෝ ද එසේ ම තමන් ගත් බත්පිඬ අතින් අමා හුනස්නෙන් නැගී තමන් වසන ගබඩාවට ම වැද යහනට නැගී අතපය අකුළුවා ගෙන වැද ඔත්හ. 5 එසේ වැදහොත්තා වූ ගැමුණුකුමාරයන් දැක විහාරමහාදෙවී කිමෙක් ද පුත ගැමුණු කුමාරයෙනි, මේ යහනැ6 අතපය දික් කොට සුව සේ ‍නො සැතැපෙවු දැයි කීහ. එබසට ගැමුණුකුමාරයෝ මෘණියන් වහන්ස, කුමක් කියනසේක් ද? ගඟින් එතෙරැ දෙමළු ය.7 මෑතින්8 ගොළුමුදුඳ ය7 කෙසේ8 මා අත පය දික්කොට සුව සේ වැදහෝතෙමි දැයි 10 කීහ.

කාවන්තිස්සරජ්ජුරුවෝ එ පවත් අසා ඔවුන්ගේ11 අභිප්රාකය දැන කුමාරවරුන් දෙදෙන ම හස්තිශිල්ප අශ්වශිල්ප රථශිල්ප ඛඩ්ගශිල්ප ධනුශ්ශිල්ප යනාදි වූ ශිල්පයෙහි නිෂ්පත්තියට පැමිණිවූහ.12 ඉක්බිති ගැමුණුකුමාරයො ක්රදමයෙන් වැඩී සොළොස්හැවිරිදි වයසට පැමිණියහ. 13 ඒ කුමාරයෝ මහපින් ඇත්තෝ ය. 14 මහත් යසසට පැමිණියෝ ය. ධෛය්ය්මු යෙන් ද තෙජසින් ද බලපරාක්ර‍මයෙන් ද යුක්ත ය. ඒ මහපිනැති ගැමුණුකුමාරයෝ මාගමැ විසූහ.

1. කොට 2. වඩාහිඳුවා ගෙන 3. අප 4. දමා ගියහ. 5. හොත්තාහ 6. යහනේ 7. වුව 8. වමත 9. වැදහෝතෙම් ය යි 11. ඔවුන් 12. පැමිණවූහ 13. ඇවිරිදි වූ ය 14. ඇත්තාහ.







කාකවර්ණර වර්ගිය 527

කියන ලදුයේ මැයි මහාවංශයෙහි :-

“සො කමෙනාභිවඩ්ඪෙන්තො, අහූ සොළසවස්සිකො, පුඤ්ඤවා යසවා ධීමා, තෙජොබලපරක්කමො.

හත්ථඤස්සථරුකම්මස්ස, කුසලො කතුපාසනො, සො ගාමණිරාජසුතො, මහාගාමෙ වසී තදා” යි.

ඉක්බිති කාවන්තිස්රජ්ජුරුවෝ පුතණුවන් ගැමුණුකුමාරයන්ට සේනාවක් දී ඇති කරනු පිණිස නන්දිුමිත්රාගදි දසමහා යොධයන පාවා දුන්හ. ඔහු කිනම්හ යත්-“නන්දිනමිත්රු ය, සුමනිර්මොල ය, මහාසොණ ය, 1 ගොඨයිම්බර ය, ථෙරපුතථාභ ය, භරණ ය, වෙළුසුමන ය, ඛඤ්ජදේව ය, ඵුස්සදේව ය, ලභිය වසභ ය” 2 යන මොහු දසදෙනා ය. මොහු 3 දසදෙන ම වෙන වෙන ම දසදසදෙනා බැගින් සියයක් යොධයන් පිටුවූහ. ඒ සියයක් දෙනා තමතමන්ට දසදසදෙනා යොධයන් සිටුවූහ. ඒ සියයක් දෙනා තමතමන්ට දසදසදෙනා බැගින් දහසක් යොධයන් සිටුවූහ. ඒ දහසක් දෙනම එසේ ම දසදසදෙනා බැගින් දසදාසක් යොධයන් සිටුවූහ. මෙසේ පළමු කී නන්දි මිත්රානදිවූ දසමහායොධයන් ඇතුළු ව යොධසේනා ව ම එකොළොස්දහස් එකසියදසදෙනෙක් වූහ.

එසේ හෙයින් කියන ලදී :-

“එකාදසසහස්සානි, දසුත්තරසතම්පි ච , අහෙසුං පිණ්ඩිතා5 යො‍ධා, මහබ්බලපරක්කමා” යී

එකලැ කාවන්තිස්රජ්ජුරුවෝ ඒ සියල්ලවුන්ට ම ගම් නියංගම් ක්ෂෙ ත්රජවස්තූන් හා බොහෝ සම්පත් දී පුත්කුමරුවන් හා සම කොට සිතා දසමහයොධයන් ගුමුණුකුමාරයන්ට පාවා දුන්හ. බාල වූ තිස්සකුමාරයන් රට දක්නා පිණිස ගොවිතැන් බත් කරවන පිණිස බලවාහන දී දිගාමඬුලු යැවූහ. එකලැ ගැමුණුකුමාරයෝ කාවන්තිස්රජ්ජුරුවන් සමිපයෙහි ම රැඳුණාහු තමන්ගේ බොහෝ හස්ත්යකශ්වරථපත්තිසඞ්ඛ්යා තචතුරඞ්ගිණී සේනාව හා දසමහායෝධයන් දැක මේ සේනාව හැරැගෙන ගොස් දෙමළුන් හා සටන් කරමි6 සිති එ පවත් කිවන්තිස්ස රජුජුරුවන්ට සැළ කරවූහ. රජ්ජුරුවෝ එ පවත් අසා සටනෙහි ජයපරාජය නම් කවුරුන්හට බවත් නො දැනෙයි. දෙමළ සේනාවක් ඉතා බලවත් ය යි සිතා පුත්කුමරුවන්7 නැසීයෙති යන ශොකයෙන් 8 එම්බා, අපට මහවැලිගඟින් මෙතෙර පමණ ය, ඇතැ දෙමළුන් 9 හා යුද්ධයෙන් ප්ර,යොජන කිම් දැයි වැළැකූහ.

1. මහාසෙන ය 2. ලිසය්යමවසභ - (මහා) 3. ඔහු 4. සහස්සංච 5. පණ්ඩිතා 6. කළමැනැවැයි 7. පුත්කුමරුවෝ 8. නැසීයෙත්ල සිතා ශොකයෙන් 9. පමණය දෙමළුන්



528 සද්ධර්මා ලඞ්කාරය

එසේ වැළැකුව ද ගැමුණුකුමාරයෝ සටනෙහි කළ ලොභයෙන් දෙවැනි තුන් වැනි වත් කාවන්තිස්සරජ්ජුරුවන්ට කියා යවා තුන්වාරයෙහි ම රජ්ජුරුවන් නොගිවිස්නා හෙයින් සතර වන වාරයෙහි මපියාණන්වහන්සේ පිරිමියෙක් වී නම මෙසේ මා සටනට යන ගමන් නොවළක්නාසේක් ම ය. ගැහැනියක හෙයින් 1 ‍වේද මා සටනට යා නොදෙන්නේ ය යි පියරජ්ජුරුවන්ට කිපී අදවත් පටන් මපියාණන් වහන්සේ එකාවැළ දහන්හූ කටීසූත්රය තීසරපට ඔටුනු ආදි වූ පිරිමි ආභරණ තොපළඳනෝ ම ය.2 පාමුදු පාඩගම් රුවන්තනපට පමුතිලිඞ්ගම් පට්ටකාර මේ ආදි වූ බිසෝ පළඳනා පළඳනෝ ය යි3 කියා ගැහැනුආභරණ කරවා කාවන්තිස්රජ්ජුරුවන්ට 4 යවූහ. ඒ දැක කාවන්තිස්රජ්ජුරුවෝ ගැමුණුකුමාරයන්ට කිපී කොල, වහා රන්ඇකිල්ලක් කරවා ඔහු ඒ රන්ඇකිල්ලෙන් මසා මිස රැකගත නොහැක්කැයි උදහස් වූහ.

එ පවත් අසා ගැමුණුකුමාරයෝ පියරජ්ජුරුවන්ට කිපී නො කියා ම මායාරටැ කොත්මලයට* පලාගොස් අප්ර සිද්ධ ව විසූහ. මෙසේ පියමහරජාණන්ට නො කියාම දුෂ්ට ව ගිය හෙයින් දුෂ්ටගාමිණි ය යි ව්යකවහාර කළහ. ඉක්බිති කාවන් තිස්රජ්ජුරුවෝ නුගුළුමහසෑ නම් දාගබ බඳවා ධාතුකොත් පිහිටුවන පූජාදවස් සූවිසිදහසක් පමණ මහසඞ්ඝයා වහන්සේ රැස් කරවා දසමහායොධයන් ගෙන්වාගෙන ඉදිරියේ දවසැ තමන්5 ඇවෑමෙහි රාජ්යදසම්පත්තිය නිසා තමන් පුත් කුමරු වන් දෙදෙනාගේ කලහවිග්රාහයෙක් වී නමත් දසමහයොධයන් දෙපක්ෂ යට ම එක් නොවන සේ සඟමැඳැ දිවුරවාපීහ.

මෙසේ ඒ කාවන්තිස්රජ්ජුරුවන්6 සූසැටවිහාරයක්7 කරවා සූසැටඔටුන්නක් පැළැඳ සූසැටඅවුරුද්දක් රාජ්යරය ‍කොට තමන් පුත් කුමරුවන් රක්නා සඳහා ම දසමහායොධයන් සපථ කරවා රාජ්යසය තැන්පත් කොට ඉකුත් වූ පසු තිස්සකුමාරයෝ රජ්ජුරුවන් මළවපත් අසා දිගාමඩුල්ලෙන් අවුත් මහපෙරහරින්8 සිරුර9 ආදාහන කරවා සොහොන් අස් කොට ඒ පවත් 10 දුටුගුමුණුකුමාරයන්ට කියා නො යවා ම මෑණියන් විහාරමහාදෙවීන් ද කඩුලැතා ද සෙසු රාජසැපත ද ගෙන්වා ගෙන බෑණන් 11 කෙරෙහි භයින් ඔටුනු නො පැළැඳ

1. ගැහැනියක් එහෙයින් 2. නොපළඳනේමය 3. පළඳනේය යි 4. රජ්ජුරුවන් ළඟට 5. ඉදිරියේ තමන් 6. එක්සියඅටතිසක් විහාර (ධාතු) 8. -පෙළහරින් 9. මිනිය 10. අස්කොට තබා එපවත් 11. බෑසත්. * මහාවංශයෙහි එන්නේ මලයරටට ගිය බවයි. එම ටිකායෙහි “කොට්ඨනාමකං මලයං” යි එයි.





කාකවර්ණ් වර්ගනය 529

දිගාමඩුල්ලට ම ගියහ. එකල්හි මාගමැ උන් අමාත්ය වරු එක් ව එ පවත් කියා නොලස් ව වැඩිය මැනැවැයි දුටුගැමුණු කුමාරයන්ට පතක් ලියා යවූහ. ගැමුණුකුමාරයෝ ඒ බව දසා නොලස් ව උදාසන්හි ම කොත්මලයෙන් පිටත් ව ගුත්හලට ඇවිත් එතන්හි රකවල්1 ලවා මාගමට අවුත් එතැනැ උන් අමාත්යලවරුන් හා කථා ‍කොට ඔටුනු පැළැඳ ඉක්බිති මෑණියන් විහාරමහාදෙවීන් හා කඩුලැතා ගෙන්වාගෙන එන ලෙස දිගාමඩුල්ලැ උන් තිස්සකුමාරයන්ට දූතයන් යවූහ.

එකල්හි තිස්සකුමාරයෝ මපියාණන්වහන්සේ කාලක්රිරයා කළසේක. ඉක්බිති මෑණියන්වහන්සේට උපස්ථාන කෙරෙමින් මෙහි ම වෙසෙමි කියා මව්බිසවුන් නො එවූහ. එ බස් අසා දුටුගැමුණුරජ්ජුරුවෝ මම වැඩිමහල්ලෙමි. එසේ හෙයින් මෑණියන්වහන්සේට උපස්ථාන කිරීම මට ම වේ ද භාර ය යි. මෙසේ තුන්වාරයෙකැ පත් යවා තුන් වන වාරයෙහි යවූ පතටත් මවුබිසවුන් නො එවන2 හෙයින් සතර වන වාරයෙහි ඉදින් මේ වාරයෙහි ආ නුදුන්නාහු නම් ගෙන්වා ගන්නා සැටි ඉදින් දනිමි. මෑණියන්වහන්සේ හා කඩුලැතු ගෙන්වා ගනිමී කොප කොට4 පත්අස්නක් යවූහ. එසේ කියා යවුවත් තිස්ස කුමාරයෝ මවුබිසවුන් නො එව්වාහු ය. එකලැ ගැමුණු රජ්ජුරුවෝ මවුබිසවුන් නො එව්වාහු ය. එකලැ ගැමුණු රජ්ජුරුවෝ මෙ විටැ මම යෙම යි සේනාවාහනනස්හඞ ව නික්මුණාහ තිස්සකුමාරයෝ ද බෑණන්වහන්සේ වේ ද එන සේකැයි 5 නැකුලුකමෙක්6 වේ ව යි නායකරජ්ජුරුවන්වහන්සේ වෙත් දැයි 7 සරුවක් නො කොට තුමු සේනාව පිරිවරා කඩුලැතුපිටට පැනනැගී සටනට සැරැසී නික්මුණාහු ය. 8 සුළභූණුපිටියේදී 9 දෙබෑයන්ගේ මහසටන් විය. එ දවස් සටනේ දසමහායොධයෝ දෙබෑයන්ගේ සටනෙකැදී එක්කෙනකුන් නතු නො වම්හ යි10 රජ්ජුරුවන්ට පළමු සපථ11 කළ හෙයින් දෙබෑයන්ගේ සටනට නො ගියහ. 12 එ දවස් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ නොයෙක් දහන්ගණන් සේනාව නටහ. සටනෙන්13 මිය වැගිරගියහ. එකලැ දුටුගැමුණු රජ්ජුරුවෝ 14 තිස්ස නම් අමාත්යුයා හා දීඝථූණී15 නම් වෙළඹ පමණක් ඇරැගෙන බිඳ පැලෑහ.16

1. රකවල් 2. ආ නොදෙන 3. ගන්නා සැ‍ටියේ ම 4. කොපයට 5. බෑයන් වහන්සේ එනසේකැයි 6. නෑකුළුපග කමක් 7. වේදැයි - වේවයි 8. අවුත් 9. යුදහණා පිටියේ දී - (ථූප) 10. එක්කෙනකුන්ට එකකු නොවම්හ්යි 11. සත්තක 12. සවන නොඉවසා සිටියාහුය. 13. භවනේ 14. රජ්ජුරුවන්ගේ 15. දීඝහුණී - (දීඝජන්තුනී - (ථූප) - දීඝථූනිකා - (මහා) - දීඝගොණා - (සහ) එහි වෙනතැනෙක “තිස්සගොණික” 16. පලඟ






530 සද්ධර්මාතලඞ්කාරය

තිස්සකුමාරයෝ එසේ බිඳී පලා යන බෑණන්1 පසුපස්සෙහි සේනාව හැරැගෙන කොල, මෙසේ නික්මෙව යි මහසෙනඟ මෙහෙයමින් ලුහුබැඳ දිවූහ. එසේ දුවන2 තිස්සකුමාරයන් හා ගැමුණුරජ්ජුරුවන්ට මධ්යියෙහි රහතන්වහන්සේ මහත් ගල්කන්දක් මැවූසේක. ඒ දැක තිස්සකුමාරයෝ රහතන් වහන්සේ වැවූ ගල්කන්ද බව 3 දැන සේනාව හැරැගෙන පෙරළා දිගාමඩුලු 4 ගියහ.

කියන ලදුයේ මැයි මහාවංශයෙහි :-

“අහූ ද්වින්තං මහායුද්ධං, චුල්ලඞ්ගණියපිට්ඨීයං, නත්ථඅ නෙකසහස්සානි, පතිංසු රාජිනො නරා

රාජා ච තිස්සාමච්චෙ ච, වළවා දීඝථූනිකා, තයොයෙව පලාසිංසු, කුමාරො අනුබන්ධිි තෙ

උභින්නමන්තරෙ භික්ඛු, මාපයිංසු මහිධරං, තා දිස්වා භික්ඛුසඞ්ඝස්ස, කම්මා ඉති නිවන්ති සො” යී.

මෙසේ දුටුගැමුණුරජ්ජුරුවෝ බිඳී පලා යන්නාහු සප්පඳුරුහොයැ 5 දියවැල්ලා නම් තොටට ගොස් සන්තාභය ගලවා තබා ඇමැත්තහු බණවා බෑණෙනි තිස්සයෙනි, සාදුකට ව‍ඩා දුකෙක් නැත. ඉතා ම සයින් පීඩිතයෙමි. බතෙත් ඇද්දැයි විචාළහ. එ බස් ඇසු තිස්ස නම් අමාත්යෑයා ස්වාමීනී, රන් තැටියෙන් ගෙනා බතෙක් මෑත් කොට රජ්ජුරුවන්ට දින. එවේලෙහි රජ්ජුරුවෝ පියවර බලා වේලාව ඇති බව දැන සඟුරුවන්ට දන් දී මුත් නො කමී සිතා ඒ රන්තැටියෙන් ගෙනා බත සඞ්ඝයාවහන්සේට දන් දෙන්නට ද තමන්ට ද අමාත්යියාට ද වෙළඹට ද යන මෙසේ6 සතර කොට්ඨාසයක් කොට බොදා තබා බෑණෙනි, සඞ්ඝයාවහන්සේට සිඟා වඩනට අඬග ගාව යි කීහ.

එකල්හි අමාත්ය යා ස්වාමීනි, දැන් මේ සංඝයාවහන්සේ සිඟා වඩනා කලැයි කාලඝොෂා කෙළේ ය. එකල්හි පළමු මෙ ම දුටුගැමුණු රජ්ජුරුවන්ට ශික්ෂා පද දුන් ගොතම නම් තෙරුන්වහන්සේ *පුවගුදිවයිනැ වැඩසිටිසේක් ඒ ශබ්දය

1. බෑසන් 2. දිවන 3. බැව් 4. දිගැමඩුලු 5. පස්පඳුරු -(කප්කඳුරු -(ථූප.) කප්පකන්ද.රනදී - මහාවංසාදියෙහි ) 6. වෙළඹට ද මෙසේ * බොධිමාතු මහාතිස්ස ය යි අඞ්ගුත්තර අටුවායෙහි එයි. වැඩවිසු තැන නො දැක්වේ කුටුමුබියතිස්සතෙරහු ම පුවඟුදිවයිනේ සිට දිවකනින් අසා වැඩිබව ථූපවංසයෙහි එයි. තිස්සතෙරුන් එවූසේක් ‍ෙගාතම තෙරුන් වහන්සේ ය යි මහාවංසයෙහි ද දැක්වේ.




කාකවර්ණෙ වර්ගසය 531

දිවකනින් අසා තමන්වහන්සේගේ අතැවැසි වූ කුටුම්බියතිස්ස නම් මහතෙරුන්වහන්සේ කැඳවා එ පවත් කියා නික්මවූසේක. උන්වහන්සේ ද යහපතැයි ගිවිස ආකාශයෙන් අවුත් රජ්ජුරුවන් ඉදිරියෙහි වැඩසිටිසේක. එකල්හි රජ්ජුරුවෝ උන්වහන්සේ දැක වැද පාත්රඉය අතින් ගෙන දන් දෙන්ට තිබූ කොට්ඨාසය හා තමන්ට තිබූ භාගය පාත්රදයේ බහාපීහ. වෙළඹ ද තමාගේ කොට්ඨාසය ද දෙනු කැමැති ව රජ්ජුරුවන් මුහුණ බලා කුරයෙන් සංඥා කළා ය. ඒ දැක අභිප්රානය දැන ඇගේ කොට්ඨාසය ද පාත්රයයෙහි බහා තෙරුන්වහන්සේට පත්පාත්රිය පිළිගැන්වූ හ.

කුටුම්බියතිස්ස තෙරුන්වහන්සේ ඒ බත් පාත්රරය ගෙන ගොස් ‍ගොතම තෙරුන්වහන්සේට දුන්සේක. උන්වහන්සේ ඒ බත් පන්සියයක් දෙනා වහන්සේ හා සමඟ බෙදා වළඳා එකී එකී නමකගෙන් බත් ආලොපයක් බිගින් පාත්ර ය පුරා මේ බත්පාත්ර ය ආකාශයෙන් ගොස් රජජුරුවන් ඉදිරියෙහි අත පොවා ගත හැකි සැටියේ සිටිව යි අධිෂ්ඨාන කොට අහසට හළසේක. එවේලෙහි පාත්රසය එපරිද්දෙන් ම අවුත් ඉදිරියෙහි සිටියා දැක තිස්ස නම් අමාත්යියා පාත්රයය අතින් ගෙන තබා රජ්ජුරු‍වන් ‍බත් අනුභව කරවා තෙමේත් බත් කා වෙළඹත් බත් කැවීය. ඉක්බිති රජජුරුවෝ පාත්ර්ය සෝධා දිය සිඳ තමන් පෙරෙවි සන්නාහය සුඹුළුවක් කොට පාත්රබය පිටැ තබා මේ පාත්රිය තෙරුන්වහන්සේ‍ගේ අත්ලෙහි පිහිටාව යි සිතූහ. ඒ සිත හා සමඟ පාත්රබය අහසින් ගොස් තෙරුවන්වහන්සේගේ අත්ලෙහි ම පිහිටියේ ය.

ඉක්බිති රජ්ජුරුවෝ මඳක් සැතැපී මාගමට අවුත් නොබෝදවසෙකින් සේනාව රැස් කොට ගෙන සැටදහසක් පමණ මහසෙනඟ පිරිවරා පඤ්චායුධසන්නද්ධ ව වෙළඹපිටට පැනනැගී මලණුවන් හා සටනට නික්මුණහ. එ පවත් අසා තිස්සකුමාරයෝ ද කඩුලැතුපිටට1 පැනනැගී ආයුධසන්නද්ධව මහබල‍් සෙනඟ පිරිවරා ඉදිරියට ඇවිත් වන්හ. මෙසේ යුද්ධසන්නද්ධ ව ආවා වූ දෙබෑරජුන් හා දෙසෙනහ ද ඔවුනොවුන් දැක සටන් කෙරෙමින් ඇවිත් එකතැන්ව සටන් ‍කරන වේලෙහි සේනාව නස්නා දැක ගැමුණුරජ්ජුරුවෝ සිතන්නාහු ඉදිරියේ දවසැ මා කරන දෙමළ සටන් ඇත. සේනාවනට2 කළැ සටන් කොටගත නොහැක්කැයි 3 සිතා සටන්

1. කඩුලැතා - 2. නැති 3. සටන්කළ නො හැක්කැයි







532 සද්ධර්මාැලඞ්කාරය

කොට කොට ම තිස්සකුමාරයන්ට කියා යවන්නාහු එම්බා, සටන් කොට සේනාව නො නසා මා සමීපයට නො බා එන්ට කියව යි කියා මලණුවන් ළඟට මිනිසුන් යවූහ.

එ බස් අසා තිස්සකුමාරයෝ බෑණන්ට 1 කිපී තෝමරස අමෝරා මූණෙ ඉදිරි කොට ඇතු ඉදිරියට විහිදුවාලූහ. එ වේලෙහි ගැමුණු රජ්ජුරුවෝ තිස්සයා එන ගමන සැදැහැයෙන් එන ගමනෙක් නො වෙයි සිතා කඩුව තරයේ අල්වා ගෙන වෙළඹපිටැ උන්නාහු තමන්ට සැහැසී තිස්සකුමාරයන් දැමූ තෝමරය වළකා2 ඉදිරියට ගොස් ඇතු වට කොට මණ්ඩලා කාරයෙන් වෙළඹ විහිදුවා මහසෙනඟ ලුහුබඳවා නොයෙක් දහස්ගණන් සේනානව අවසරයක් දැක ඇතු හා ඇතුපිටැ හුන් තිස්සකුමාරයන් හිසැ උ‍ඩින් වෙළඹ විහිදුවා පතැ තිබූ කඩුපිටින් මලණුවන් පිටැ ලූ 3 සන්නාහය පිටට 4 ගැසූහ. එ දවස් සටනෙහි තිස්සකුමාරයන්ගේ නොයෙක් දහස්ගණන් සේනාව මළහ. සෙසු ඇණි ලා සිටි මහබලසෙනග5 ද ඒ ඒ අතැ බිඳී දිවපීහ.

කියන ලද මැයි මහාවංශයෙහි  :-

“රාජ මළවමාරුය්හ, තිස්සො තු කණ්ඩුලං කරිං වෙහාතරො සමාගඤ්ජුං , යුජක්ධ මානා රණෙ තදා.

රාජා කරිං කරිත්වංන්තො , වළවා මණ්ඩලං අකා, තථාපි ජිද්දං නො දිස්වා, ලඞ්ඝාපෙතුං මතිං අකා

වළවං ලඞ්ඝයිත්වා න, 6 හත්ථිිතං භාතිකොපරි. 7 තොමරං ඛිජි වම්මඤ්ච,8 යථා ජිජ්ජති 9 පිට්ඨියං.

අ‍නෙකානි සහස්සානි, කුමාරස්ස නරා තහිං, පතිංසු යුද්ධෙ යුජක්ධන්තා , හිජ්ජි වෙව මහබ්බලං” යි.

මෙසේ වෙළඹ ලවා කඩුලැතු ඉස පන්වා සේනාව ද බිඳී පැලැවූ කල්හි කඩුලැතා සිතනුයේ පිරිමිරජු ගැහැනු10 වෙළඹ ලවා, මා ඉස පැන්වූයේ මා පිටැ හුන් තිස්සකුමාරයාගේ නාපිරිමිකමින් වේ දැයි සිතා පිටැ හුන් තිස්සකුමාරයන් පිටැ ඉඳ නො දී සලසලාගෙන ගොස් ගසකට11 නංවා තෙමේ ඇවිත් ගැමුණුරජ්ජුරුවන් දිට. තිස්සකුමාරයෝ ගසින් බැස විහාරයක් බලා නික්මුණහ. ඒ දැක ගැමුණුරජ්ජුරුවෝ

1. බෑයන්ට 2. වළා 3. පිටට 4. පිට 5. සේනාව 6. වළවාය ලඞ්ඝාධෙත්වාු න -(රස) 7. භාතිකො සිරං 8. බග්ගා පහරි චම්මස්ස 9. ජින්ද ති - 10. ගෑනු 11.ගසට



කාකවර්ණත වර්ගාය 533

සේනාව හැරැගෙන තිස්සයා නො මරා අල්වව යි කියමින් පසු පස්සේ ලුහුබඳවා ගත්හ. තිස්සකුමාරයෝ දිවගෙන ගොස් විහාරයට වැද එහි වසන තෙරුන්වහන්සේට වැඳ ස්වාමීනි, ගැත්තාවු ගලවාගත මැනැවැයි කියා ගේ මැඳැ සිටගත නො හී බෑණන් කෙරෙහි1 ගත් හයින් තෙරුන් වහන්සේ සැතැපුණු ඇඳයටට වන්හ.

එවේලෙහි තෙරුන්වහන්සේ ඇඳයටැ උන් කුමාරයන් නො පෙනෙන සේ ඇඳ වසා සිවුරක් අතුළසේක. දුටුගැමුණු රජ්ජුරුවෝ කුමරයන් ලුහුබඳවා අවුත් විහාරය වට කොට සේනාව සිටුවා2 තුමු විහාරයට ඇවිත් තෙරුන් වහන්සේ වැඳ ස්වාමීනි, තිස්සයා කොයි දැයි විඩාළහ. තෙරුන්වහන්සේ මහරජ, තිසසයා ඇඳයටැ සැඟවුණේ වනැයි සිතා එතෙකුදුටුවත් කුලදෙවතාවන් අතින් පටහැනිව විචාරීම අප සේ වූ තුනුරුවන්දස්3 ශ්රෙද්ධාවන්තයන්ට සුදුසු නො වෙයි කල්පනා කොට නැවැත තෙරුන්වහන්සේ වැඳ අවසර ගෙන එතනින් නික්ම විහාරය වටැ රකවල් ලවා තුමු දොරටුවේ රකවල් ගෙන සිටගත්හ. එකලැ තෙරුන්වහන්සේ තිස්සකුමාරයන් ඇදෙකැ ලා සිවුරෙකින් වසා බාල සතරදෙනකුන්වහන්සේ ලවා මළසගරුවනක් ගෙන යන පරිද්දෙන් තිස්සකුමාරයන් ගෙන්වාගෙන ගොස් විහාරයෙන් පිටත් කළසේක.

එපරිද්දෙන් තිස්සකුමාරයන් ගෙන යන්නා දැක ගැමුණු රජ්ජුරුවෝ කියන්නාහු එම්බල තිස්සය. තා සේ වූ තුනුරුවන් ගැත්තෝ කුලදෙවතා ව සිටි ස්වාමිදරුවන් ඉසපිටින් යෙද්දැයි කියා ස්වාමිදරුවන් අතින් බලාත්කාර‍යෙන් උදුරා ගැන්ම අප වැන්නවුන්ට තරම් නො වෙයි. තෙල ස්වාමිදරුවන් තට කළ උපකාරය මතු සිහි කරව යි කීහ. මෙසේ ද කියා ඉක්බිති සේනාව හැරැගෙන මාගමට යන රජ්ජුරුවෝ මෑණියන්වහන්සේත් දැන්4 කැඳවාගෙන යන්නෙම් 5 නම් බලාත්කාරයෙන් ගෙන ගියා සේ තිබෙයි. ඒ මතු ඇසූවන්ටත් නින්දානම ය යි සිතා තුමු මාගම් ගොස් ආදරසහිත ව මහත් පෙරහරින් දිගාමඩුල්ලෙහි6 උන් මෑණියන් 7 ගෙන්වා ගත්හ.

තිස්සකුමාරයෝ සඞ්ඝයාවහන්සේගේ අනුග්රහහයෙන් ගැලැවී අප්රසසිද්ධවෙශයෙකින් දිගාමඩුල්ලට8 ගොස් ගොධගතතතතිසස8නම් මහතෙරකෙනකුන්වහන්සේ සමීපයට එළැඹ දැක වැඳ

1. බෑයන් වහන්සේ කෙරෙහි 2. රදවා 3. දත් 4. දැක 5. ගියෙමි 6.දිගැ 7.මෑණියන්වහන්සේ 8.යොධහස්තතිස්ස - යොධගතතතිස්ස






534 සද්ධර්මා7ලඞ්කාරය

එකත්පස් ව සිට ස්වාමීනි මම මාගේ බෑණන්වහන්සේට 1 බොහෝ අපරාධ කෙළෙමි. එබැවින් මම ම ගොස් ඔබ දැකගත නො හෙමි. ඔබවහන්සේ2 මා කැඳවාගෙන ගොස් මහ තෙරුන්වහන්සේ යහපතැයි ගිවිස තිස්සකුමාරයන් අතට පාත්රගය හා කුඩයත් 3 දී කප්පියකාරලෙසට 4 කැඳවාගෙන පන්සියයක් පමණ මහාසඞ්ඝයා පිරිවරා මාගමට ගොස් රජගෙට වැද ඉණිඉසැ තිස්සකුමාරයන් රඳවා රජ්ජුරුවන් සමීපයට වැ‍ඩිසේක.

රජ්ජුරුවෝ තෙරුන්වහන්සේ ඇතුළු වූ පන්සියයක් දෙනාවහන්සේ දැක වැඳ වඩාහිඳුවා 5 පතුල් සෝධවා6 තෙල් ගල්වා වළඳන්ට කැඳබත් ආදිය එළැවූහ. තෙරුන්වහන්සේ පාත්රනපතින් පාමුව 7 වසා වදාළසේක. එවේලෙහි රජ්ජුරුවෝ අහර නො පිළිගන්නා 8 හෙයින් ඇයි ස්වාමීනි, වැඩිකාරිය කව‍රේ දැයි විචාළහ. එකල්හි මහතෙරුන්වහන්සේ මරහරජ, තිස්සකුමාරයන් දක්වනු පිණිස කැඳවාගෙන ආම්හ යි වදාළසේක.

එබසට රජ්ජුරුවෝ ස්වාමීනි, ඒ සොරා දැන් කොයි දැයි විචාළහ. එකලැ තෙරුන්වහන්සේ තිස්සකුමාරයන් ඉණිඉසැ රඳවාලා ආම්භ යි වදාළසේක. එ බස් අසමින් ම විහාරමහාදේවී සන්තුෂ්ට ව නොලස්ව ගොස් ඉණිහිසැ සිටි තිස්සකුමාරයන් දැක ළං කොට ගෙන හඞා වැලැප සිටියහ. දුටුගැමුණු රජ්ජුරුවෝ මහතෙරුන්වහන්සේට කියන්නාහු ස්වාමිනා, ගැත්තහු කරා සත්හැවිරිදි සාමණෙරකෙනකුන්වහන්සේ හා එක් ව තිස්සයා නො එවාපියා මෙ තෙක් සඞ්ඝයාවහන්සේ ඇරැගෙන ස්වාමිදරුවන් වඩනට කාරණා කිම් දැයි කියා නැවැත තෙරුන්වහන්සේට කියන්නාහු ස්වාමිනි, ගැත්තවුට දැන් වදාරන අවවාදය ආදියෙහි ම වදාළෝ නම් 10 මෙතෙක් දහස්ගණන්සේනාව නොනස්නේ වේ ද, එබැවින් ගැත්තවුන්ගේ වරද නැත. ස්වාමිදරුවන්ගේ ම වරද ය යි කීහ. 11 ඉක්බිති මලණුවන් ගෙන්වා ගෙන මහාසඞ්ඝයා වහන්සේ මැඳයේ දෙබෑයන්12 ඔවුනොවුන් වැලැඳගෙන පියමහරජාණන්ගේ ගුණසිහි කොට 13 අඬා වැලැප ඉස් සෝධා

1. බෑයන් 2. නුඹ 3. කුඩයක් 4. කප්පියකාර ලෙසයෙන් 5. වැඩහිඳුවා 6.සෝදවා 7. පාත්රාිපය මුවපතින් 8. පිළිනොගන්නා 9. එවා නො පියා 10. වදාළොක් 11. කියා 12. දොබෑයෝ 13. සිහිකර







කාකවර්ණස වර්ග්ය 535

නාහා ඇවිත් සඞ්ඝයාවහන්සේ වළඳවා දෙබෑයෝ එක් ව හිඳ බත් අනුභව කොට සඞ්ඝයාවහන්සේ වැඳ පුදා පසුගමන් කොට අවසර ඉල්වාගෙන මාලිගාවට ඇවිත් වන්හ.

එයින් කීපදවසක් ගියකල්හි මතුමහල්තෙලෙහි හුන්නා වූ රජ්ජුරුවෝ පළමුකොට ගොවිතැන් කරවා රට බතින් සුභික්ෂහ කොට ගෙන දෙමළුන් හා සටන් කළ මැනැවැයි සිතා රාජ්යටවාසින්ට නොපමා ව ගොවිතැන් කරන සේ සම්මත කොට තිස්සකුමාරයන් දිගාමඩුලු 1 යවා බොහෝ කොට ගොයම් කරවන්ට නියොග කොට තුමු මාගමැ හිඳ කුඹුරුකිරි තනවා බොහෝ ගොයම් තැනැවූහ. මෙසේ ගොයම්බත් කරවා රට බතින් සමෘද්ධ කොට ඉක්බිති සේනාවට ගම්බිම් ක්ෂෙ ත්රා වස්තු දැයි දස් ගවමහිසාදින් ස්ථානාන්තර කොට සැලැස්වීමෙන් 2 සේනාවගේ 3 සිත් ගෙන දැන් දෙමළකසළ දුරු කොට බුදුසසුන් ශුද්ධ කිරීමට කලැයි සිතා ඇත් අස් රථ පදාති වූ චතුරඞ්ගිණිසේනාව හා කඩුපලිස පලඟ පත්තිරම් අසිසත්නි තෝමර භෙණ්ඩිවාලචන්ර්ිණ වක්රාපදි වූ ආයුධ ආදිය ද රජදූ කුප්පයම් සීරා සත් 4 ආදි වූ නස්සාහ ද යන සියල්ල ම සමුදා කරවා තමන් අල්වන මඟුල්කොන්තයෙහි ධාතු පිහිටුවා තුමු ශක්ර දෙවෙන්ර්ා කලීලාවෙන් සැරැහී 5 මහත් වූ රාජානුභාවයෙන් යුක්ත ව මහබලසෙනඟ පිරිවරා අපරිමිතරාජ්යලශ්රීවන් දිලිහි දිලිහී තිස්ස නම් ආරාමයට ගොස් මහාසඞ්ඝයාවහන්සේ වැඳ ස්වාමීනි, බුදුසසුන් වඩා6 ගන්නා පිණිස මහවැලිගඟින් එතෙර යෙමි යි, වැඳ පුදා දන් දී ගන්නා පිණිස 7 මා හා කැටි ව වඩකට භික්ෂූින්වහන්සේ සලස්වා වදාළ මැනැවැයි සඞ්ඝයාවහන්සේ දැක්ම අපට මඟූල් නමත් වෙයි. ආරක්ෂා නමුත් එ ම වේ දැයි කිහ.

සඞ්ඝයාවහන්සේ ද එ තෙපුල් අසා යහපතැයි ගිවිස පළමු දෙබෑරජුන් කරන සටන් නොවැළැකූ දඬුවමට පන්සියයක් රහතන්වහන්මසේ සැලැස්වූසේක. එකල්හි රජ්ජුරුවෝ මාගමැ පටන් මහදිගැ වල් කප්වා 8 එලි කරවා සඞ්ඝයාවහන්සේ ඉදිරි කොට තමන් මෑණියන් විහාරමහාදවීන් ද යානාවෙකින් ගෙන්වාගෙන තුමු කණ්ඩුල නම් ඇත්රජපිටට 9 පැනනැගී නන්දිාමිත්රාැදි දසමහයොධයන් හා පසු ව එක් වූ දාඨාසෙනයන් ඇතුළු ව එකොළොස්දහස් එකසියඑකොළොස් මහායොධයන්

1. දිගැමඩුලු 2. ස්ථානාන්තර සැලැස්වීමෙන් 3. සේනාව 4. සික්- සීයක් 5. සැරසී 6. වවා 7. ලෙස 8. කප්පවා 9. කඩුලැත් රජපිටට







536 සද්ධර්මා.ලඞ්කාරය

පිරිවරා මහබලාසනග දෙපසැ සලස්වා මහත් වු රාජශ්රීාන් මහත්පෙරහරින් මාගමින් පිටත් ව අසුරවිජයට නික්මුණු ශක්රීදේවෙන්ර්පෙරයා සේ දෙමළුන් හා සටනට නික්මුණාහ.

කියන ලදුයේ මැයි මහාවංශයෙහි :- “දුට්ඨගාමිණී සො රාජා ,1 කත්වාාන ජනසඞ්ගහං, කුන්තෙ ධාතුං නාධාපෙත්වා , සයොග්ගබලවාහනො.

ගන්ත්වාධ තිස්සමහාරාමං, වන්දියත්වාස සඞ්ඝමබ්රැ වි, පාරගඞ්ගං ගමිස්සාමි, ජොතෙතුං සායනං අහං.

සක්කාතු භික්ඛවො දෙථ, අම්හෙහි සහගාමිනො, මඞ්ගලං වෙව රක්ඛා ව, භික්ඛුනං දස්සනං හි නො.

අදාසි දණ්ඩකම්මත්ථංස , සඞ්ඝො පඤ්චයතං යතී, භික්ඛුසඞ්ඝං තමාදාය, තතො නික්ඛම්ම භූපති.

සොධාපෙත්වාංන මලයෙ, ඉධාගමනමඤ්ජය, කණ්ඩුලා හත්ථිමමාරුය්හ, යොධෙහි පරිවාරිතො, මහතා බලකායෙන , යුද්ධාය අභිනික්ඛමි” යි.

එ දවස් රජ්ජුරුවන් හ කැටි ව නික්මුණු සේනාව මාගමැ පටන් ගුත්හල දක්වා අතුරු නො හැර වතුරක් සේ සිටගත. මෙසේ මහබලසෙනග පිරිවරා මාගමින් නික්මුණු රජ්ජුරුවෝ එ දවස් ඇවිත් කළුවලැ ලැගුම් ගත්හ. එයින් නික්ම ඇවිත් එහලැ ලැගුම් ගත්හ. එතැනැ සැතැපී සඞ්ඝයාවහන්සේ වැඳ පුදා දන් දී ඉක්බිති සේනාව කා බී සැරැහුණු කල්හි එතනින් නික්ම ඇවිත් ගිකිත්තේ ලැගුම් ගත්හ. එතනින් නික්ම ඇවිත් ගුත්හලැ ලැගුම් ගත්හ. එතනින් නික්ම ඇවිත් ගිරිගමැ 2 ලැගුම් 3 ගත්හ. එයින් නික්ම ඇවිත් නියමුල්ලේ ලැගුම් ගත්හ. ඵතනින් නික්ම ඇවිත් මැදගම් උයන්තොටැ ලැගුම් ගත්හ. ඵතනින් නික්ම ඇවිත් තුන්ගම් කසටපි‍ටියේ 4 ලැගුම් ගත්හ. එතැනැදි සේනාව සන්නාහසන්නද්ධ ව 5 විදිනට කොටන්නට සැරැහි සිටියා වූ නැගෙනහිරැ පිරිස්කෙළවරැ පටන් බටහරැ පිරිස් කෙළවරට සතරගව්වෙකැ උරයෙන් උරය ගැටී සිටගත.

එවේලෙහි රජ්ජුරුවෝ පෙළ සැදී සිටි සේනාව බලා දෙමළමහසෙනග වු නියාවට මේ සේනාව නම් යම්තමෙක. 6 එතෙකදු වුවත් එකාන්තයෙන් බුද්ධශාසනයෙහි තර සැදැහැයෙක්

1. රාජාථ - (මහා. හා රස.) 2. කිරිගම (ථූප) 3. ඉඩම 4. කහට පිටියේ. 5.සන්නාහයෙන් සන්නද්ධව 6. මේ සේනාව යම්තමෙක.



කාකවර්ණසය 537

මට ඇත් නම් දෙමළුන් සාධා මේ නැසූ වෙහෙර සසුන කරවමි යි යන මනදොළෙක් මට හැමවේලෙහි ම ඇත් නම් දෙවියොත් මට පිටිවහල් වන්නාහු ම ය යි සිතා එ දවස් රෑ සැතැපී උදාසන්හි ධාතුන්වහන්සේ වැඳපුදා පන්සියයක් රහතන් වහන්සේට දන් දී රජ්ජුරුවෝ තුමු ද කා බී සැරැහී දසමහා යොධයන් ඇතුළු වූ මහාසේනාව ද කා බී සැරැහී සිටි කල්හි1 ඔවුන් ට ප්ර සාද දී ගැටබෙර, පණාබෙර, එකැස්බෙර, මිහිගුබෙර. මද්දල, පටහ, ලොහොබෙර, තලප්පර, වීරන්දවම්, තම්මැට්ට, නිසාන, රණරඞ්ගඝොෂා, සමුදුඝොෂා ආදි වූ සියගණන් දහස්ගණන් 2 හෙරිජාතීන් 3 එකපැහැර ගස්වමින් රන්සක්, රිදීසක්. රුවන්සක්, රන්සිත්තම් , රිදිසිත්තම්. රුවන්සිත්තම් රන්දාරා, රිදීදාරා, දළදාරා, දළහං, ලෝහං, විජයොධ්වනා, 4 ඔත්තු තන්තිරි, පටසිරිවිල් ආදි වූ කාහළජාතීන් ද එකපැහැර පුඹවමින් යුගන්ධවරසමීපයෙහි සාගරනාදයක් මෙන් මහත් කොලාහල කරවා කෙළිමින් සෙමින් අසුරයුද්ධයට 5 නික්මුණු ශක්රොදේවෙන්ර්් ආයා පිරිවැරූ දේවතාසමූහයක් මෙන් මහසෙනග6 පිරිවරා තුන්ගම් කසටපිටියෙන් 7 නික්ම මියුඟුණයට අවුත් එහි වසන ඡත්ර නම් දෙමළා හා සටන් කොට ඔහු ඇතුළු වූ දෙතිස්දහසක් පමණ දෙමළුන් මරා ගහැ බහා ඉක්බිති මියුගුණයෙහි පළමු අප බුදුන්ගේ බුද්ධරශ්මි නැමැති අමෘතජලයෙන් ස්නානය කොට ලීලොපෙත වූ සමුද්රග නැමැති දිවසළුවක් හැඳ මහවැලිගං නැමැති මුත්හරයක් පැළැඳ තුනුරුවන් නැමැති ස්වර්ණානභරණයෙන් සැරැහී සිටියා වූ ලඞ්කා නැමැති රජහුගේ මුඳුනෙහි පළඳවන රජතකිරීටයක් මෙන් අසුරියන් උස මියුඟුණුමහසෑය බැඳවූහ. එහි පිළිවෙළ කථාව සද්ධාසුමනා වස්තුවට මූලාරම්භයෙහි දක්වන ලද්දේ ය.

මෙසේ දුටුගැමුණුරජජුරුවෝ මියුගුණුමහසෑය බඳවා8 පූජා කරවා මියුගුණෙන් නික්ම අඹුටුවට ගොස් අඹුටුදෙමළා හා සටන් කොට ඔහු සාරමසෙකින් සාධා, එ නුවරින් නික්ම මහසෙනග පිරිවරා මහත් බලසෙනඟ ඇති සත්බෑකෝට්ටය වටලාගෙන සත්බෑදෙමළුන් ඇතුළු වූ 9 බොහෝ දෙමළ සේනාව එ දවස්හි ම සාධා සේනාවට රන් ප්රෑසාද දී මහසෙනඟ සිත් ගෙන එයින් නික්ම අතුරඹට10 ගොස් වැද මහාතුණ්ඩ 11

1. වේලෙහි 2. සියදහස්ගණන් 3. හෙරිතය්ය් නි භාණ්ඩයන් 5. කෙළිමින් අසුරයුද්ධයට - කෙළිමින් මෙන් අසුරයුද්ධයට 6. මෙන් ඒ දුටුගැමුණු මහරජ මහසෙනග 7. කහටපිටියෙන් 8. බැඳ 9. සත්බෑ දෙමළුන් සත්දෙනා 10. ඇතුරොබට - (ථුප) අන්තරාසොබ්හ - (මහා .හා රස.) 11. මහාකූණ්ඩල - මහාකොණ් ඩි - (රස) - මහාකොට්ඨ - (මහා.)






538 සද්ධර්මා්ලඞ්කාරය

නම් දෙමළා හා යුද්ධ කොට ඔහු ඇතුළු බොහෝ දෙමළුන් මරා1 දෙණගම් ගොස් ගවර නම් දෙමළා සාධා, එයින් නික්ම නාලකෝල නම් නුවරට ගොස් එහි වසන මහාඉස්සරිය නම් දෙමළා සාධා, එයින් නික්ම ගොස් පොල්වත්තේ 2 නාළික3 නම් දෙමළා සාධා එයින් නික්ම දිඝාභයගල්ලට ගොස් දීඝාභය දෙමළා සාධා එයින් නික්ම කසාතොටැ වසන වසකිඤ්ච4 නම් දෙමළා හා සටන් ‍කොට ඔහු සාරමසෙකින් සාධා එයින් නික්ම වෙඨ නම් නුවරැ වෙඨ නම් 5 දෙමළා ද භාණක නම් ගමැ භාණක නම් දෙමළා ද වහිසිට්ඨ 6 නම් ගමැ වහිසිට්ඨ6 නම් දෙමළා ද ගාමිණී නම් ගමැ ගාමිණී නම් දෙමළා ද කුම්භ නම් ගමැ කුම්භ නම් දෙමළා ද නන්දිීක 7 නම් ගමැ නන්දිෙක නම් දෙමළා ද බානුක නම් ගමැ බානුක නම් දෙමළා ද තඹුන්නා 8 නම් ගමැ තඹ, උන්නා නම් 9 දෙමයිල් දෙමළුන් දෙදෙනා හා සටන් කොට බොහෝ දෙමළුන් සාධා, එයින් නික්ම අඹුන්නරුවේ9 දෙමළුන් හා සටන් කරන වේලෙහි සිය සේනාව ය, සතුරු සේනාව ය යි යන වෙනසක් නැති ව එකසැරැහුම් යෙහින් එ දවස් දුටුගැමුණුමහරජ තමාගේ සේනාව ඔවුනොවුන් තෝරා ගත නො හී මරති යනු අසා ඒ සටන්බිමැදී සත්යාක්රිුයා කරනුයේ මම කිසි කලෙක්හිත්10 මට රජසැපතක් 11 පිණිස සටන් කරන්නෙම් නො වෙමි. සම්යික්සම්බුදුරජාණන්වහන්සේගේ පස්වා දහසක් හවුරුදු පවත්නා ශාසනය පිහිටුවන12 පිණිස සටන් කරන්නෙමි යි යන මනදොළෙක් මට ඇමවේලෙහි ම ඇත් නම් ඒ සත්යයක්රි යායෙන් මාගේ මේ සේනාව හන් පිළී ද පළන් ආභරණ ද අතින් ගත් ඵලකායුධ ද යන මේ සියල්ල ම ගිනි ගෙන දිලිසෙන්නාක් 13 මෙන් වේව යි දෙමළුන්ට එසේ නො වේව යි සත්යනක්රිනයා කෙළෙ ය. එකල්හි රජ්ජුරුවන්ගේ සත්ය ක්රිේයාව එපරිද්දෙන් ම විය.

කියන ලද මැයි මහාවංශයෙහි :-

“අජානිත්වාක සකං යෙනං, භාතෙන්ති සජනා ඉති, සුත්වාාන සච්චකිරියං , අකරී තත්ථ් භුපති.

1. සාධා 2. නාලිසොබ්න (මහා) 3. නාලිය 4. කි.වි. - කපිසීස - (මහා) කිංචිසීස - (ථූප) - ඇතැම්පොතෙක “කව්සිහ, කඤ්විසීහ” යනාදින් ද එඩි 5. “කොටනගරෙ කොටං” - (කෝට නුවර කෝට - මහා) වෙඨනගරෙ නාළදමීළං - (වේඨනගරයෙහි තාළදෙමළා - පාළිථූපවංසය) 6. වසීට්ඨ 7. නන්දී (මහා හා ථූප) 8.තඹුත්ත - තමුත්තා 9. දමුන්නරුවේ 10. කිසි කලෙකත් 11. කිසිකලෙක්හි රාජ්යේසැපතක් 12. ශාසනයට පිහිට වන 13. දිලිහුණාක්






කාකවර්ණන වර්ගාය 539

රජජසුඛාය වායාමො, නායං මම කදාවිපි, සම්බුද්ධසාසන‍ස්සෙව, ඨපනාය අයං මම.

තෙන සචෙචන මෙ සෙනාකායොපගතහණ්ඩකං, ජාලවණ්ණාව හොතු ‘ති , තා තථෙව තදා අහූ” යි.

මෙසේ ඒ නුවර සාධා මෙපරිද්දෙන් ම දුටුගැමුණු රජ්ජුරුවෝ ගඞ්ගාතීරයෙහි පටන් සුවිස්සක් පමණ දෙමළකඳවුරු පැහැර විජිතපුරයට නික්මුණහ. එකලැ සටන් කළ කළ නුවරවලැ ගැලැවුණු දෙමළු අවුත් මහබලසෙනග ඇති ඒ විජිත පුරයෙහි රැස් වූහ. එකල්හි දුටුගැමුණුරජ්ජුරුවෝ විජිතපුර සමීපයෙහි කඳවුරු1 බැඳ ඒ නුවර ගන්නා කැමැති ව දසමහා යොධයන්ගේ බල විමසමි යි සිතා මගධනැළියෙන් සොළොස් නැ‍ළියක් පමණ රා ගන්නා ‍ලෙස නික්දහසෙකින් 2 රාඔඩමක් කරවා කහවණුතුනමුණක් රැස් කොට ඒ කහවණුරැස මත්තෙහි සුරා පිරූ රා ඔඩම තබා එකොළොස් මහායොධයන් කැඳවා සපත් කෙනෙක් තෙල රා බී නිමවා නික්දහසෙකින් 2 කළ රා ඔඩම හා සමඟ තෙල කහවණු තුනමුණ ගනුව යි කීහ. එ බසට යොධයෝ මුවෙන් නො බැණ සිටියහ.

එකලැ රජ්ජුරුවෝ ‍ගොඨයිම්බර ය, ථෙරපුත්තාභ ය, දාඨාසෙන ය යන යොධයන් තුන්දෙනා ද වෙන වෙන ම කැඳවා රා බොන්නට නියොග කළහ. ඔහු තුන්දෙන ද දෙවයන් වහන්ස , අපි රා බොන්නට නුසුදුස්සම්හ යි කියා ප්ර තික්ෂේප කළහ. එකලැ රජ්ජුරුවෝ සුරනිර්මයල නම් යෝධායා කැඳවා එපරිද්දෙන් ම රා බොන්නට කී හ. එකලැ ඒ යොධයා කිය නුයේ දෙවයන්වහන්ස, මම තෙල රා බොම් ම ය. මා3 රා පුබව අසා බොහෝදෙන රැස් වෙති යි, එසේ රැස් වූ මහජනයාට දෙන්නට තෙල කහවණු මඳ වෙය කී ය. එ බස් අසා රජ්ජුරුවෝ අනිකුත් සාමුණක් පමණ කහවණු අතන්හි ම රැස් කරවූහ. 4 එකල්හි නිර්මුල නම් යොධයා රාසැළ පුරා තුබු ඒ රා සියල්ල ම නො තබා ම බී එතන්හි රැස් වූ මහජනයාට කහවණු බෙදා දින. මෙසේ රා පූ බැවින් ඕහට සුරනිර්මැලය යි

1. කඳයුරු 2. තිස්සහසෙකින් -කහවණු දහසෙකින් 3. මම 4. රැස් කළහ.








540 සද්ධර්මාරලඞ්කාරය

ව්යනවහාර කළහ.* මෙපරිද්දෙන් රජ්ජුරුවෝ ඔහු විමසැ නන්දිවමිත්ර යන් විමසනු කැමැති ව තමන්ගේ කණ්ඩුල නම් ඇතු රා පොවා කිපෙන්නට සුදුසු බස් බණ නියපිටැ ගල් ගස්වා1 ඩවුරසිත්නම්සක්පඤචලොහොබෙරතලප්පරවීරන්ද ම් ආදි වූ හෙරිතූය්ය්් භාණ්ඩයන් එකපැහැර ඝොෂා කරවූහ.

එකෙණෙහි කඩුලැතා මුහුඳැ දියකඳ දවාගෙන වඩබාමුඛ යෙන් පිටත් ව ගිය නරකගිනිකදක් සේ රළු පරළු වූයේ මහ පොළොව යද‍ුඬෙන් ගසාලූ 2 ඝණ්ඨාවක් සේ 3 අනුරාව දෙවින් ගුගුරන හඬින් දසදික් බිහිරි කෙරෙමින් කොපයෙන් පය ඇදැලු කෙණෙහි මකුළුහුයක් කඩන්නා සේ බැඳැලු යදම් සුණු විසුණු කෙරෙමින් නෙළුඔුදැලියක් උපුටා ගන්නා සේ බැඳලූ කඹය4 පෙරැළි සිට ඇත තුන කෙරෙමින් සිටි ඇත්හල පැහැර ධූලි කෙරෙමින් බිඳපු කඹය4 හකුළු වා කටතුළැ ලා දළහස්සෙ 5 තබාගෙන තමාගේ සේයාවට 6 ඇනැලූ ඇන්මෙන් මහපොළොව දැදුරු කෙරෙමින් දිව ලුහුබඳවා පළාපු මිනි දළඅගැ අමුනා නඟමින් ලෙහෙයෙන් රැදීගිය මුහුණින් බැලුබැලුවන් ඇස් පියවමින් ලෙහෙයෙන් රැඳීගිය මුහුණින් බැලුබැලුවන් ඇස් පියවමින් ලෙහෙදරාවෙන් රැදී ගිය දළඅගින් ගොන් මීවුන් ලුහුබඳවා ඇන පළමින්7 ඔවුන්ගේ අතුනුබහනින් වෙළීගිය දළින් බැලුබැලූ දිසායෙහි වැසියන් ඇස් පියවමින් සොඞ කටැ ලා ඉස සලසලා ‍ ගුගුරමින් මෙසේ අවුත් 8 වීථීයට වන.

එවේලෙහි රජ්ජුරුවන් දක්නට එන නන්දිීමිත්රස නම් යොධයාණෝ ඇතුකෙරෙහි ගත් භයින් සේනාව ඒ ඒ අතැ

1. ගසා 2. ගැසු 3. මෙන් 4. කුඹය 5. හකුළුවා දළහස්සේ 6. සෙවනට 7. පලවමින් - එළමින් 8. මෙසේ කඩුලැන් අවුත් * මේ පුවත මහා‍වංස ථූපවංස දෙක්හි නැත සහස්සවන්ථුනයෙහි පෙනේ. රා ඔඩමක් තනවා පරීක්ෂහණයක් කෙළේ විජිතපුරයෙහි දී නොව අන් තැනෙක දි බව එහි කියැවේ. දුටුගැමුණුරජු මාගම සත්දිනක් බෙර ලවා මම නම් ලක්දිවිහි දෙතිස්රජුන් ගෙන ඵක රාඡ්යදය කරමි යි කියා සෙනග රැස් කරවා ගෙන මාගමින් පිටත් ව සිතුල්පව්විහිරයටට ගොස් මහදන් දී භික්ෂූෙසඞ්ඝයා වැඳ එයින් නික්ම කුබ්බන්තඝාමයටද කලම්බ දීපයට ද කොමෙන් ගොස් ඉන් නික්ම දීඝවාපියට ගොස් දෙමළරජුන් දෙදෙනකු ගෙන එතනින් අම්බරගාමය (අම්පාරේ ?) ළඟ මහාඅම්බිය පිට්ඨයඞ්ගණයෙහි කඳවුරු බැඳ හුන්කල්හි පරීක්ෂඅණය කළහ යි දැක්වෙයි එහි එන්නේ දසමහායොධයනට ම රා බොන්නට කී මුත් ඔවුන් එය ප්ර්තික්ෂෙේප කළ බවයි වෙළඹට ද රා පොවන්නට තැත් කළ ද ඈ ඒ රිසි නො කළ බව කියැවෙයි රජු ක්ර‍මයෙන් සටන් කරමින් ගොස් විජිත නගරය ගැනීමට යන අතරමග පහසු වූ අඞ්ගණයෙක (තැන්නෙක) කඳවුරු බැඳගත් බවත් ඒ ස්ථානය “කඳවුරුපිටිය” නම් වූ බවත් මහා වංශය කියයි. සහස්සවත්ථුියෙහි අම්බරගාමසමීපයෙහි “මහාඅම්බිලපිට්ඨියඞ්ගණ” යි දැක්වූණෙන් එය ම ය යි හැ‍ඟේ.



කාකවර්ණම වර්ග ය 541

දිවන්නා දැක සිතන්නාහු මේ කඩුලැතා ඡද්දන්තකුලයෙහි උපන් හෙයින් ඇත්බලයෙන් සියක්කෙළ ඇතුන්ගේ බල දරන්නේ ය. පුරුෂබලයෙන් කෙළදහස්පුරුෂයන්ගේ බල දරන්නේ ය. එතෙකුදු වුවත් ඇතකු දැක හිසැ කේ පිටිකරැ හෙළා ගෙන දිවීම මා සේ වු යොධයක්හට තරම් නො වෙ යි. අද ඇත්රජහට කියවියක් කියමි යි වමත හකුළුවා දකුණතින් අත්පොළසන් දි මහත් කොට බැණනැගී තමන් ඉදිරි‍යට දිවගෙන අවුත් වන් ඇතු සොඬ හයා කරපිටැ තබා දැතින් දෙ‍දළ තරයේ ගෙන උක්කුටුකයෙන් හිඳුවාපීහ. එවේලෙහි දුටුගැමුණුමහරජ මහත් වූ සන්තොෂයෙන් පිනා ස්තුති කෙළේය. මහාසේනාව ද නන්දිුමිත්ර යන්ගේ පුරුෂබලපරාක්ර මයෙක් ඉතා ආශ්චය්ය්ව නියා ය යි සන්තුෂ්ට ව එකපැහැර ස්තුති කෙරෙමින් මහත් කොට කොලහල පැවැත්වූහ. එකල්හි කඩුලැතා හා නන්‍දිමිත්රටයන් හා පොරගත් තන්හි පසු ව කරවු ගම ඇතුපොරය යි ව්යලවහාර 1 විය.

කියන ලද මැයි මහාවංශයෙහි :-

“ගණහිතුං ආගතං හත්ථිං්, නන්දි්මිත්තෙ කරෙහි නං, උභො දන්තෙ ගහෙන්ථා න, උක්කුටිං කාරසි තදා.

හත්ථිනනා නන්දි මිත්තො තු, යස්මා යත්ථස අයුජ්ඣි යො, තස්මා තත්ථග කතො ගාමො, හත්ථි පොරොති වුව්වති” යී.

‍මෙසේ දුටුගැමුණුරජ්ජුරුවෝ නන්දිතමිත්රා‍දි වූ එකොළොස් මහායොධයන්ගේ බල විමසා විජිතපුරනුවරැ දෙමළසටනට සැක නැතැයි සනිටුහන් කොට විජිතපුරයට යන්නට නික්මුණාහ. එ පවත් අසා දෙමළු ද සන්නාහසන්නද්ධ ව කඩුපලග අතැ ල ඉදිරියට දිව අවුත් වන්හ. එකල්හි ඔවුන් හා දසමහා යොධයන්ගේ අතිභයානක වූ මහසටන් විය. එකල්හි නැගෙනහිරවාසල්හි වෙළුසුමන නම් යොධයා අසුපිටට පැන නැගී යුද කරනුයේ නොයෙක් සියදහස්ගණන් දෙමළුන් මැරීය. එකල්හි දෙමළු වෙළුසුමනයන් කෙරෙහි භයින් තැතිගෙන3 අතැ තිබූ ආයුධ හෙළා ඇතුළුනුවරට වැද වහසල් දොර අගුළු හෙළා ඉදි ඇද අට්ටාලවලට නැංගාහ. එකලැ දුටුගැමුණුරජ යොධයන් කැඳවා එම්බා සගයෙනි, තෙපි හැම තමතමාගේ බලවාහන ගෙන සතරදිගැ සතරවාසලැ වෙත වෙන ම සටන් කරව යි නියොග කෙළේ ය. එකලැ කඩුලැතා හා නන්දිොමිතු , සුරනිර්ම ල යන මේ තුන්දෙනා දකුණුවාසලැ

1. බැවහාර 2. “උභොදන්තෙ පිළියත්වාි උක්කුවිකං නිසීදයි” (මහා සහ රස.) 3. තැතිගැනී





542 සද්ධර්මා3ලඞ්කාරය

සටනට වන්හ. මහාඝෝණය , ගොඨයිම්බර ය, ථෙරපුත්තාභය යන මේ තුන්දෙනා4 හා සෙසු යොධයෝ ඉතිරි වාසල්වලැ සටනට වන්හ.

ඒ විජිතපුරය වනාහි වියළි අගල ය, කලල් අගල ය, දියඅගල යී අගල්තුනෙකින් පරික්ෂිාප්ත ය. අටළොස්රියන් උස මහපවුරෙකින් වට කරන ලද්දේ විය.ඒ ඒ තන්හි නොයෙක් සියගණන් මහාබලයොධයන් විසින් ගැවැසි ගත්තා වූ දිගපුළුල ඇති මහවාසලින් හා සදොරින් යුක්ත ය. පවුර මුඳුන ඒ ඒ තන්හි කරන ලද අට්ටාල අන්තරට්ටාල බලකොටු ඉඩඞ්ගිනි කුරුබිලි පුලිමුගම් ආදියෙහි සිටියවුන් විසින් ගසන විදුනා ලද2 අසිසත්ති තෝමර හෙණ්ඩිවාල කරවාලාධචන්ර්යවුවක්රාඉදි වූ නානාප්රිකාර ආයුධවර්ෂාධවෙන් හා ශරප්රසහාරයෙන් අතිභයානක ය. එසේ ම යතුරුදුනුයන්ත්රද පාෂාණයවටාදියෙන් ද කකාරා දමන ලද යමල දුම්මල කැකුණමල ආදියෙන් ද අවසරයෙක් නැත්තේ ය.

එකලැ කඩුලැත් දිවගෙන ගොස් පෙර ව අත දණ3 බිමැ ඔබා සිට දෙදළින් පවුරෙහි උළුසුණු ගල් ආදිය බිඳ හෙළා යදොර බිඳිනට වන. එකලැ වහසලැ උඩැ සිටි දෙමළු අනෙකප්ර්කාර ආයුධසමූහයන් හා රත් කරන ලද යවට ගැසුහ. එසේ නො වැළක දොර බිඳිනා බලා කකියවාපු යමලකඩ ඇතුපිටට දැමූහ. එවේලෙහි කඩුලැතා වෙදනාවෙන් පීඩිත ව මහහඬින් හඞා දිවගෙන ගොස් දියඅගලෙහි ගැලිණ. මෙසේ දිසෙහි ගිලුණු ඇතු දැක ගොඨයිම්බරයොධයා කියනුයේ එම්බල, තා මෙතෙක් දා බොන රා සේ නො වෙයි. දෙමළ වහසල් බිඳීම නම් ඉතා බැරිදෙයෙක. කොල, බලා නො සිට පලා ගොස් පිළිවත් වී නම් යදොර බිද හෙළාපියව යි කී ය. එ බස් අසා කඩුලැතා අටගත්තා වූ අභිමාන ඇති ව මහාජන යන්ගේ දෙකන් පළා බිහිරි කරන්නා සේ 4 ගජිනා කොට කුඤ්චනාද කෙරෙමින් දිය දෙබෑ කොට ගොඩැ නැගී නික්මිණ.

එකල්හි ඇත්වෙදහු ඇවිත් ඇතු පිටැ ඇලුණු 5 මලකඩ සෝධා බෙහෙත් ගැල්වුහ. එකල්හි ගැමුණුරජ්ජුරුවෝ6 ඇතුපිටට පැනනැගී අතින් කුඹ පිරිමැද මා උපන් දවස් මාගේ පිනින් උපන් ඇත්රජ්ජුරුවෙනි, මේ සියලු ලක්දිවැ රාජ්යයය ‍තොපට දෙමි යි මෙසේ මිහිරි කොට තෙපුල් 7 කියා ඇතු සතුටු කොට තමන් මෙහෙ නිමවන්නට තුබූ උතුම් රාජ භොජන ඇතු‍ට 8 කවා පිටැ වණය සිහින් සළුවෙන් වසා ඊපිටැ මීසම්සියක්පට අතුට ඊමත්තෙහි තෙලිසම් බැඳ ඇතු දොර

1. යොධයන් තුන්දෙනා 2. විදිනා ලද 3. ගොස් අත දණ 4. කරනසේ 5.ඇතුලු 6. රජ 7. මිහිරි තෙපුල් 8. ඇතු





කාකවර්ණ වර්ග්ය 543

බිඳිනට අළහ. එවේලෙහි ඇත්රජ කුල්මත් ව සෙණහඩ සේ ගජිනා කොට ඇතුළුනුවරැ දෙමළුන් භය ගන්වමින් දිවගෙන ගොස් දළින් යදොර ඇන බිඳ එළිපතට පසින් ඇනැලී ය. එකලැ දොරබාව හා ‍යදොර මහහඩින් ගුගුරා හිණ. එකල්හි වාසලැ ‍දාරුසම්හාර බිඳ ගෙන ඇතු යට කොට හෙන්නා දැක මහබල ඇති නන්දිඇමිත්රහයොධයාණෝ මාගේ රජ්ජුරුවන්ගේ මගුලැත්වාහනය නැසුණ හොත් අලාභ ය යි සිතා දිවගෙන ගොස්1 තමන්ගේ උරබාවෙන් පැහැර ඉස්බක්2 පමණ තැන් දමාපී ය.

ඒ දවස් කඩුලැතා පළමු තමා දෙදළ ගෙන කෙළින් හිඳුවාපු වෛරය හැර සතුටු ව තමා පිටට නැගෙනු කැමැති ව නන්දි්මිත්රරයන් මුහුණ බැලී ය. එ බව දැන නන්දි මිත්රගයෝ එම්බල කොල, අන්කෙනකුන් කළ මගෙකින් 3 පෙරැ මම කවර කලෙකැ වනිම් දැයි වහසි බැණ උසින් අටළොස්රියන්4 පමණ මහපවුර උරයෙන් පැහැර අටඉස්බක්2 පමණ තැන් බිද හෙළා සුරනිර්මකලයන් මුහුණ බැලී ය. ඒ යොධයා ද නුඹ බිඳිකඩින් මම වදිම් දැයි තමා උරයෙන් පැහැර අටළොස්රියන් මෙන් නුවරමැඳැ හිණ. එ බව දැක ගොඨයිම්බර නම් යොධයා ද ථෙරපුත්තාභය නම් යොධයා ද මහාසෝණ5 නම් යොධයා ද වෙළුසුමන නම් යොධයා ද භරණ නම් යොධයා ද ඛඤ්ජදෙව නම් යොධයා ද ඵුස්සදෙව නම් යොධයා ද ලභියවසභ නම් යොධයා වද දාඨාසෙන නම් යොධයා ද යන මෙ කී මහායොධයෝ හැමදෙන ම එකතු වන් කඩින් අනිකකු6 නො වැද වෙන වෙන ම එකි එකි දෙන අට අට ඉස්බක් 2 පමණ තැන් බිඳ හෙළා7 ඇතුළුනුවරට වන්හ. එකලැ වෙළුසුමනයා අසුපිටින් නුවරට වැද ඝනාන්ධ කාරයෙහි වටැ සිසාරන ලද මහගිනිකඳක් සේ අසු විහිදුවා මහකඩුවක් ගෙන දෙමළුන් මරන්නට වන. කඩුලැතා රථසකක් ගෙන දෙමළුන් මැරී ය. නන්දිනමිත්රරයා ගැලැත්තක් 8 ගෙන දෙමළුන් 9 මැරී ය. ගොඨයිම්බරයා පොල් ගසක් කඩාගෙන දෙමළුන් තැළී ය. සුරනිර්මිලයා උතුම් වූ කඩුවක් ගෙන දෙමළුන් පොලුගසා හෙළී ය මහාසොණ5 නම් යොධයා තල්ගසක් උදුරාගෙගන දෙමළුන් තැළීය. ථෙරපුත්තාභය නම් යොධයා යගදාවක් 10 ගෙන දෙමළුන් තැළී ය.

1. දිවගොස් 2. ඉස්මක් 3. මගින් 4. -රියනක් 5. මහාසේන 6.අභිකෙක් 7. බිඳගෙන 8. ගැල්සකක් 9. -ගෙනඅතලා 10. යකදාවක්








544 සද්ධාර්මාසලඞ්කාරය

එසේ හෙයින් කියන ලදී :-

“හත්ථි් ගහෙත්වාල රථවක්ක , මිතෙත සකටපක්ජ රං නාළිකෙරතරුං ගොඨො, නිම්මලො ඛග්ගමුනනමං.

තාලරුක්ඛං මහාසොණො, ථෙරපුත්තො මහාගදං, විසුං විසුං විථිගතා, දම්ළෙ තත්ථ මුණ්ණයුං” යී.

සෙසු යොධයෝ ද තම තමන් අභිප්රාථය වූ ආයුධ ගෙන ඒ ඒ වීථිවලැ වෙන වෙන ම දිවෙමින් බොහෝ දෙමළුන් මැරුවාහු ම ය. මෙසේ විජිතපුරය සාරමනෙකින් සාධා එයින් නික්ම ගිරිනිල්1 නුවර ගොස් වැද ගිරිනිල් 2 දෙමළා මරා රතනින් නික්ම ම‍ානෙල් 3 නම් නුවරට ගොස් මානෙල් 3 දෙමළා හා සටන් කොට ඔහු සාරමසෙකින් සාධා එයින් නික්ම එලිල්ලන්කඩ 4 පැන කෙළිමින් සෙමින් ගොස් කසගලුගල්පාකඩැ5 කඳවුරු 6 බැඳගෙන හිඳ එතන්හි පොසොන්නරු නම් වැවක් බඳවා සේනාව හා සමඟ මහත් වූ පෙරහරින් පොසොන්මසැ දිය කෙළියට පටන්ගත්හ.

එස‍මයෙහි එළාලරජ දුටුගැමුණුරජ්ජුරුවන් ආ බව අසා තමාගේ ඇමතියන් හා සමග කථා කරනුයේ කිමෙක් ද ? අමාත්ය්වරුනි, තොප වැනි මන්ත්රී වරුන් අරත්තේ මෙසේ වූ තැනට වේ ද, දුටුගැමුණුරජ මියුගුණෙහි පටන් සියලු දෙමළ කඳවුරු 6 පැහැර දැන් අප උන් මේ අනුරාධපුරය ගනුම්හ යි සැහැසී 7 කසගලුලග්පාකඩැ කඳවුරු 8 බැඳගෙන හිඳගත. 8 ඒ දුටුගැමුණුරජතෙමේ 9 ශෞරවීය්ය්සගලසම්පන්න වූ මහාබල යොධයෙක. ඒ රජහුගේ සෙසු සේනාව හැර සටනෙහි පසු නොබස්නා බලසම්පන්න වූ යොධසේනාව ම එකොළොස් දහස් එකසියඑකොළොස්දෙනෙක්ල. ඔවුන් හා සමග කෙසේ සටන් කරමෝ දැයි කී ය.එ බස් අසා 10 දීඝජන්තු 11 නම් යොධයා ආදි කොට ඇති එළාලරජුගේ යොධසෙනාවෝ12 කියන්නාහු මෙලොවැ නුවණින් පරීක්ෂා කොට කළමනා සියලු කටයුත්තෙහි කෙළ පැමිණ සිටියා වූ අප ‍වැනි යොධ මනත්රීෂන් විසින් පිරිවරන ලද නුඹවහන්සේ කිසි සැකයක් ‍නො සිතා සෙට දවස් ම සටන් කොට වදාළ මැනැවැයි කීහ.

1. ගිරිල - (මහාවංසයෙහි “ගිරිලක” -රසවාහිනියෙහි “ගිරිලොක”) 2. ගිරිය - (මහා. හා රස.) 3. මහෙල (මහා හ රස) 4. එලිනාල්ලන්කඩ 5.කසාගල් බ‍ඩැ -(ථූප) 6. කඳයුරු 7. සාහසිකව 8. බැඳහිඅගන 9. තෙමේද 10. ඇසූ 11. දිඝජන්තු 12. සේනාව





කාකවර්ණන වර්ගතය 545

එ බස් ඇසූ එළාලරජ්ජුරුවෝ දිඝජන්තු නම් යොධයා ඇතුළු වූ විධිමහායොධයන් ප්රජධාන කොට මහත් වු දෙමළ සේනාවට රන්ප්ර සාද දී සිත් ගෙන දුටුගැමුණුරජ්ජුරුවන්ට කියා යවන්නාහු සටනට ඇවිත් එතැනැ ඉඳ පමා වන්නේ කිම් ද? සෙට දවස් ම සටනට වහා ම අව මැනැවැයි කියා යවූහ. එ පවත් ඇසූ1 දුටුගැමුණුරජජුරුවෝ සටනට කියා එවුව මනා ද? අපි ම එමින් සිටියම්හ. සෙට දවස් සටනට සැරැසී සිටිය මැනැවැයි කියා යවා නන්දිනමිත්රයයන් ආදි වූ තමන්ගේ මහායොධයන් ළඟට කැඳවා නන්දිැමිත්රනයන් ආදී වූ තමන්ගේ මහායොධයන් ළඟට කැඳවා එම්බා. මේ නුවරැ සටන් සෙනුතැනැ කළ සටන් සේ නො වෙයි. අසුරභටයන් වැනි සටනෙහි පසු නොබස්නා විසිමහායොධයන් හා මාර සේනාවක් වැනි මහබලසෙනඟින් පිරිවරන ලද දෙමළදෙතිස් කඳවුරට 2 නායක වූ එළාලරජ්ජුරුවන් හා සෙට දවස් සටන් කෙසේ කරමෝ දැයි විචාළහ. එ බස් අසූ යොධයෝ දෙවයන්වහන්ස, එක එළාලරජු හා සේනාවක් තබා දසදහසක් යොදුන් දඹදිවැ සියලුරජුන් හා මහසෙනග අවුදිනුත් අප හැම ජයගත නොහෙන්නාහු ම ය. ඊට සැකයක් නොසිතු මැනැවැයි කීහ. එ බස් අසා දුටුගැමුණුරජ්ජුරුවෝ සතුටු ව සේනාවට ප්රොසාද දී සන්නාහසන්නද්ධ ව සටනට නික්මුණාහ. එපරිද්දෙන් ම එළාලරජජුරුවෝ ද දෙවනදවස් සන්නාහසන්නද්ධ ව3 මහාපර්ව ත නම් ඇතුපිටට පැනනැගී දෙමළමහසෙනග පිරිවරා අවුත් වන්හ.

එවේලෙහි දුටුගැමුණුරජ්ජුරුවෝ මෑණියන් විහාරමහාදෙවින් හා මන්ත්රිණය කොට “දීඝජන්තු” නම් තපාකයොධයා පිණිස මෑණියන්ගේ උපදෙශයෙන කරවන ලද දෙතිස්බල කොටුවෙහි ධවලච්ඡත්ර නංවා සර්වායභරණයෙන් සැරැහූ කිහිරිහරින් කළ රජරූ දෙතිස්බලකොටුවෙහි සිටුවා තෙතිස් වන මහාබලකොටුවෙහි තුමූ ම සිට ගත්හ. මෙසේ සටනට සැරැහී 4 දෙපෙළ ඇණි ලා සිටි දෙසෙනඟ ඔවුනොවුන් හා සටනට වැදගත් කල්හි එළාලරජ්ජුරුවන්ගේ දීඝජන්තු නම් යොධයා ‍කඩුපලඟ ගෙන බිමින් අටළොස්රියනක් අහසට පැනනැගී දෙවැනි ව බිමැ නො හී අහසින් ම කරනම් පැන පැන ඇවිත් දුටුගැමුණුරජ්ජුරුවනැයි සිතා පෙරට සිටි බලකොටුවෙහි රජරුව දෙපළු කොට ගසා පළමු වන බලකොටුව බිඳ එපරිද්-

1. අසා 2. - කඳයුරට 3. වූ 4. සැරසී

18







546 සද්ධර්මා ලඞ්කාරය

තමා නැගි කඩුලැතු ලවා එළාල රජු නැගි ඇතුට අන්වා තමා අතැ තෝමරයෙන් එළාලරජු ළෙන් ඇත පිටින් නැංවී ය.1 එකලැ ඇතු හා සමඟ එළාලරජ එතන්හි ම හිණ මෙසේ ජය ගන්නා ලද සතුරු සටන් ඇති දුටුගැමුණු මහරජ ලඞ්කාව ඒකාතපත්ර කොට මහත් වූ චතුරඞ්ගිණීසේනාව පිරිවරා දෙදෙව්ලොවැ දිවසෙනඟ පිරිවැරූ සක්දෙව්රජහු මෙන් මහ පෙරහරින් අනුරාධපුරනුවරට වන.

කියන ලද මැයි මහාවංශයෙහි  :-

“සනනදෙධා සයමාරුය්හ, සන්නද්ධං කණ්ඩුලං කරිං, එළාරං අනුඛන්ධයන්තො , දක්ඛිණවාරමාගමි.

පුරෙ දක්ඛිණවාරම්හි, උහො යුජ්ඣිංසු භූමිපා, තොමරං ඛිපි එළාරො, ගාමිණි තමවඤ්චයී.

විජ්ඣාපෙසි ච දන්තොහි. තං හත්ථිංය සකහත්ථි්නා, තොමරං ඛිපි එළාරං, සහත්ථිංහ තත්ථථ සො පති.

තතො විජිතසඞ්ගාමො, සයොගගබලවාහනො, ලඞ්කං එකාතපත්නං සො, කත්වාහන පාවිසී පුරං” යි.

ඉක්බිති දුටුගැමුණුරජ නුවරැ බෙර ලවා විටින් සතර ගව්වක් පමණ තැනැ මහජනයා රැස් කොට එළාලරජුගේ මළ ශරීරයට මහත් වූ සත්කාර කරවා රන්සිවිගෙයෙකින් ගෙන ගොස් ආදාහන කරවා සොහොන් හස් කොට ඔහු දැවූ තැනැ එළාල නම් දාගබක් කරවා මා ඇතුළු ව එන දවසැ රජදරුවන් ඇතුන් අසුන් ඉදෝලි 2 කුණම් නැගී මෙතනින් නොයා යුතුය. බෙරත් නොගැස්වු ව මැනැවැයි2 පෙරහර තබා දී සිලාලෙඛනයක් සිටුවූහ.4 මෙතැන් දක්වාත් රජදරුවෝ ඒ ස්ථානයට පැමිණි කලැ බෙර ආදිය නො හස් වන්නාහු ම ය.

ගැමුණුමහරජ පළමු යම් දවසෙකැ විජිතපුරය පැහැර ගත් ද, එ දවස් ම දීඝජත්තු නම් යොධයා එළාලරජු කරා එළැඹ5 තමාගේ බෑන වූ භල්ලුක නම් යොධයාගේ බල රජ්ජුරුවන්ට කියා ඔහු එන පරිද්දෙන් දඹදිව් පත් යවී ය. එ පවත් ඇසූ භල්ලුකයා එළාලරජ්ජුරුවන් දැවු සත් වැනි දවස් සැටදහසක් යොධයන් පිරිවරා පඩව් නැගී මාවටුතොටට අවුත් බැස එළාලරජු මළ පවත් අසා ලජ්ජාවෙන් නැවැත රට නො යමි සටන් කෙරෙමි යි මාවටුතොටින් නික්ම

1. ඇන්වී ය 2. දෝලි 3. යුතුය යි 4. කෙටවුහ. 5. පැමිණ




කාකවර්ණන වර්ගයය 547

තමා නැගි කඩුලැතු ලවා එළාල රජු නැගි ඇතුට අන්වා තමා අතැ තෝමරයෙන් එළාලරජු ළෙන් ඇන පිටින් නැංවී ය. 1 එකලැ ඇතු හා සමග එළාලරජ එතන්හි ම හිණ මෙසේ ජය ගන්නා ලද සතුරු සටන් ඇති දුටුගැමුණු මහරජ ලඞ්කාව ඒකාතපත්රස කොට මහත් වූ වතුරඞ්ගිණිසේනාව පිරිවරා දෙදෙව්ලොවැ දිවසෙනග පිරිවැරූ සක්දෙව්රජහු මෙන් මහ පෙරහරින් අනුරාධපුරනුවරට වන.

කියන ලද මැයි මහාවංශයෙහි :-

“සන්නදධො සයමාරුය්හ, සනනදධා කණඩුලං කරිං, එළාරං අනුබන්ධයනෙතා, දක්ඛිණවාරමාගමි.

පුරෙ දක්ඛිණවාරම්හි, උහො යුජ්ඣිංසු භූමිපා, තොමරං ඛිපි එළාරො, ගාමිණි තමවඤ්චයී.

විජ්ඣාපෙසි ච දන්තෙහි. තං හත්ථිංය සකහත්ථිනනා, තොමරං ඛිපි එළාරං, යහත්ථං තත්ථූසො පති.

තතො විජිතසඞ්ගාමො, සයොගගබලවාහනො, ලඞ්කං එකානපතතං සො, කත්වාබන පාවිසී පුරං” යී.

ඉක්බිති දුටුගැමුණුරජ නුවරැ බෙර ලවා විටින් සතර ගව්වක් පමණ තැනැ මහජනයා රැස් කොට එළාලරජුගේ මළ ශරීරයට මහත් වූ සත්කාර කරවා රන්සිවිගෙයෙකින් ගෙන ගොස් ‍ආදාහන කරවා සොහොන් හස් කොට ඔහු දැවූ තැනැ එළාල නම් දාගබක් කරවා මා ඇතුළු ව එන දවසැ රජදරුවන් ඇතුන් අසුන් ඉදෝලා2 කුණම් නැගී මෙතනින් නො යා යුතු ය.‍ බෙරත් නොගැසුවුව මැනැවැ යි 3 පෙරහර තබා දී සිලාලෙඛනයක් සිටුවූහ.‍4 මෙතැන් දක්වාත් රජදරුවෝ ඒ ස්ථානයට පිමිණි කලැ බෙර ආදිය නො ගස් වන්නාහු ම ය.

ගැමුණුමහරජ පළමු යම් දවසෙකැ විජිතපුරය පැහැර ගත් ද, එ දවස් ම දීඝජත්තු නම් යොධයා එළාලරජු කරා එළැඹ5 තමාගේ බෑන වූ භල්ලුක නම් යොධයාගේ බල රජ්ජුරුවන්ට කියා ඔහු එන පරිද්දෙන් දඹදිව් පත් යවී ය. එ පවත් ඇසූ භල්ලුකයා එළාලරජ්ජුරුවන් දැවු සත් වැනි දවස් සැටදහසක් යොධයන් පිරිවරා පඩව් නැගී මාවටුතොටට අවුත් බැස එළාලරජු මළ පවත් අසා ලජ්ජාවෙන් නැවැත රට නො යමි සටන් කෙරෙමි යි මාවටුතොටින් නික්ම

1. ඇන්වී ය 2. දෝලි 3. යුතුය යි 4. කෙටවුහ. 5. පැමිණ




548 සද්ධර්මාීලඞ්කාරය

කොලඹලා1 නම් ගමැ2 කඳවුරු3 බැඳ උන්නේ ය. එ පවත් අසා දුටුගැමුණුවහරජ සන්නාහසන්නද්ධ ව කඩුලැතුපිටට පැනනැගී මහසෙනඟ පිරිවරා මහත් වූ ශ්රීාසෞභාග්යතයෙන් මහත් වූ පෙරහරින් සටනට නික්මුණාහ. ඵුස්සදෙව නම් යොධයා ද පඤ්චායුධසන්නද්ධ ව ගැමුණුරජහු නැඟි ඇතුගේ පශ්චිමාසනයෙහි උන්නේ ය. භල්ලුක නම් යොධයා ද පඤ්චායුධසන්නද්ධ ව ඇතුකු පිටට පැනනැගී මහ සෙනඟ සෙනඟ පිරිවරා ගැමුණුරජජුරුවන් 4 අභිමුඛයට අවුත් වන. එ දවස් කඩුලැතු ඔහුගේ වෙග මඳ වන 5 පිණිස සෙමෙන්සෙමෙන් පසුබැස යෙයි. ගැමුණුරජු හා සේනාව ද ඇතු හා සමග පසුපස්සෙන් බටහ. එවේලෙහි දුටුගැමුණුරජු ඵුස්සදෙව නම් යොධයාට කියන්නාහු 6 මේ ඇත්රජ පෙරැ අටවිසි මහසටන්7 කරනකලැ පසු නො බට. දැන් භල්ලුකයාගේ සටනෙහි කුමක් පිණිස පසු බසී දැයි විචාළහ.

එ තෙපුල් අසා ඵුස්සදෙව නම් යොධයා දෙවයන්වහන්ස,ජය අපට ම ය. මේ ඇත්රජ ජයබිමක් 8 සොයා පසු බස්නේ ය. එබැවින් රජබිමකට පැමිණිකලැ එ තන්හි සිටින්නේ ය යි දැන්වී ය. ඉක්බිති කඩුලැත් ද පසුපස්සෙන් 8 බැස අනුරාධපුරසමීපයෙහි පුරදෙවියා කෝවිල්අසැ මහා විහාරසීමාඅන්තයෙහි සිටගත එවේලෙහි භල්ලුකයා ද ගැමුණුරජු අභිමුඛයට අවුත් මයිලණුවන් මැරූ මේ රජහු මුඛයට විදිමි යි හීසක් හිඳුවාගෙන කිමෙක් ද මහරජ! යි හඬ නැගී ය. 10 ගැමුණුරජ ද11 කඩුතලයෙන් මුඛය පියාගෙන කිමෙක් ද තිවට දෙමළැයි බැණනැංගේ ය. බිණු රජුගේ 12 මුඛයට විදිමි යි භල්ලුකයා ගීයක් හැරැපී ය. ඒ හීය ගොස් කඩුපිටැ ‍වැද ගෙන බිමැ හිණ. එවේලෙහි රජ්ජුරුවෝ ක‍ටැ තිබූ 13 ලාරසය බිමට නැමූහ. 14 ඒ දැක භල්ලුකයා දුටුගැමුණු රජ්ජුරුවන්15 මුඛයට තර කොට විද්දෙමි සිතා මහසොම්නසින් ඔල්වරහඬ පැවැත්වී ය.

එකෙණෙහි රජ්ජුරුවන්ට පශ්චිමාසනයෙහි හුන් ඵුස්සදෙව නම් යොධයා රජ්ජුරුවන් පැළැඳි කුණ්ඩලාභරණය පැහැර ගෙන භල්ලුකයා මුඛයට 16 සැරයක් විද්දේ ය. 17 එවේලෙහි විත් කා රජ්ජුරුවන්ට පය ලා හෙන්නාහුගේ දණැ නැවත

1. කොලම්බහාලක - (ථූප) 2. ගමෙක 3. කදයුරු 4. රජහු 5. මඩවන 6.කියනුයේ 7. මහසටනක් 8. ජයභූමියක් 9. පසුපස්සේ 10. හඞගීය 11. රජු 12.රජ 13. තුබූ 14. දැමුහ 15. රජු 16. මුඛයෙහි 17. විද්දහ.







කාකවර්ණය වර්ග ය 549

සැරයෙකින් විද රජ්ජුරුවන් දසාවට හිස ලා හෙළී ය. මෙසේ භල්ලුකයා හුණුකල්හි මහසෙනඟ එකපැහැර ජයනාද පැවැත්වූහ.

කියන ලද මැයි මහාවංශයෙහි :-

“රඤ්ඤේ පච්ඡා නිසින්තො, සො ඵුස්සදෙවො මහබ්බලො, කණ්ඩං ඛිපි මුඛෙ නස්ස, ඝට්ටෙන්තො , රාජ කුණ්ඩලං.

රාජානං පාදතො කත්වා්, පතමානස්ස තස්ස තු, ඛිපි‍ත්වාව අපරං කණ්ඩං, විජ්ඣිත්වාස තස්ස ජණ්ණුකං.

රාජානං සීසතො කත්වා් , පාතෙසි ලහුහත්ථතකො, භල්ලුකෙ පතිතෙ තස්මිං, ජයනාදො පවන්තථ” යී.

එ දවස් ලබන ලද ජය ඇති දුටුගැමුණුරජ්ජුරුවෝ නුවරට අවුත් වන් කල්හි පුස්සදෙව නම් යොධයා රජ්ජුරුවන්ගේ කුණ්ඩලාභරණය පැහැර තමන් සැරය විදි දඬුවමට තමන්ගේ කන්වැලින් ලෙහෙ ගෙන රජහට දැක්වී ය. රජු1 මේ කිමෙක් දැයි විචාළ කල්හි ස්වාමීනි, එ දවස් මා නුඹවහන්සේගේ කුණ්ඩලාභරණය පැහැර සැරය විදි හෙයින් ඒ අපරාධයට දඬුවමැයි දැන්වී ය. එවේලෙහි රජ්ජුරුවෝ මාගේ සතුරන් සාධනු පිණිස විද්දව. ඉන් තොපට වරදෙක් නැතැයි කියා ඉක්බිති ඒ දවස් විදි ඊදඬුදෙක ගෙන්වා ගෙන පගලියෙන් පගලිය අමුනා2 එල්ල කොට සිටුවා ඒ උසට මසුරන් ගොඩක් කොට ඵුස්සදෙවයන්ට දෙවූහ. මෙසේ දුටුගැමුණු රජ්ජුරුවෝ දෙමළදෙතිස්කදවුරෙහි3 දෙතිස් දෙතිස් දහස් බැගින්4 ඇණි ලා උන් දසලක්ෂරසුවිසිදහසක් 5 පමණ දෙමළ මහසෙනඟ හා සමග ‍දෙමළදෙතිස්රජුන් සාධා ලඞ්කාද්වීපරාජ්යිය6 ඒකාතපත්ර කොට ඔටුනු පැළැඳ දස්කම් කළ යෝධයන්ට හිමි7 පමණ රත්රන් ගවමහිසාද වස්තු දීමේ9 ස්ථානානතර සලස්වා ඉක්බිති එක් දවසෙකැ තමන්ගේ සියලු සම්පත්තීන් ප්රඳසාදකර වූ ප්රාසසාදයෙහි ඇතුළු මතුමහල් තලයට පැනනැගී දිවයඟනක් බඳු වූ ශ්රිදයහන්මස්තකයෙහි සැතැවී දිව්යතසම්පත් 9 හා සමාන තමන්ගේ සම්පත් 10 සමූහය බලා ගිජජාතියෙහි කළා වූ සුචරිතපින්කමින් මෙ සා මහත් සම්පතක් ලදිමි යි සතුටු ව නැවැත තමන් විසින් මරන ලද

1. රජහු 2. අවුනා 3. -කඳවුරෙහි 4. කදයුරෙහි දෙතිස්දහසක් බැගින් 5. සලක්ෂ සුවිසිදහසක් 6. ලඬ්කාරාජ්ය ය 7. හිත් 8. රත්රන් දි ගවමහිෂාදිවසන දීමේ 9. -සම්පත්තියක් 10. සමපතකි -





550 සද්ධර්මාවලඞ්කාරය

අටළොස්කලන්දධයක්1 දෙමළුන් සඳහන් කොට ඒ නිසා තමන්ට මතු ස්වර්ගම මොක්ෂ් දෙකට අන්තරායෙක් වේ දෝ හෝ යි සැක සිතා මහත් වූ දොම්නසට පැමිණියහ.

එකල්හි පුවඟුදිවයිනැ වසන රහතන්වහන්සේ රජ්ජුරුවන් සිතූ සිත දිව්යිඥානයෙන් දැන රජ්ජුරුවන් අස්වසනු සඳහා රහතුන් අටදෙනකුන් වහන්සේ එවාවදාළසේක. ඒ අටදෙනාවහන්සේ ඇවිත් රජජුරුවන්ට කියා යවා මාලිගාවෙහි මතුමහල්තලයට නැගිසේක. රජ්ජුරුවෝ තෙරුන්වහන්සේ දැක වැඳ අසුන් පනවා වඩාහිඳුවා වැඩිය කාරණා කිම් දැයි විචාළහ. එවිටැ තෙරුන්වහන්සේ මහරජ, තොප සිතැ 2 උපන් දොම්නස්කාරණයක් දැක ඒ සැකය අරවන පිණිස ආම්හ යි වදාළසේක. එ බස් අසා රජ්ජුරුවෝ එසේ ය ස්වාමිනි, අටළොස්කලන්දයක් 1 පමණ දෙමළුන් මරා මෙසේ මහත් යුද්ධයක් කළා වූ3 මා විසින් බොහෝ පව් රැස් කරන ලද ඒ අකුශලකර්මෙය නිසා මට මතු ස්වර්ගනමොක්ෂ්දෙකට බාධාවෙක් වේ දෝ හෝ යි සිතා දොම්නස් වීමි කීහ.

එ බසට තෙරුන්වහන්සේ මහරජ, තොප එ තෙක් දෙමළුන් මැරුවත් මතු තොප ලබන ස්වර්ගනමොක්ෂෙසම්පත්තියට ඒ නිසා වන අන්තරායෙක් නැත. ඒ දෙමළුන් අතුරෙන් තොප විසින් මරන ලද්දෙ නම් සරණශීලයෙහි පිහිටි එකකු හා පඤ්චශීලයෙහි පිහිටි මනුෂ්යෂයකු ඇතුළු ව එකකු හා භාගයෙක් ම ය. සෙසු දෙමළු ආචාරශීලය පමණකුත් නැති දුස්සීලයහ. මිත්යාාග දීෂ්ටි ගත්හ. එ බැවින් දෙමළු ගෙරින් බල්ලන් මියන්නා සේ මළහ යි වදාළසේක.

කියන ලද මැයි මහාවංශයෙහි :-

“සග්ගමග්ගත්තරායො ච, නත්ථි තෙ තෙන කම්මුනා, දියඩ්ඨමනුජා වෙත්ථය , ඝාතිතා මනුජාධිප.

සරණෙසු ධීතො එකො, පඤ්චසීලෙසු චා ‘පරො, මිච්ඡාදිට්ඨි ච දුස්සීලා, යෙසා පසුසමා මතා1” යී.

මෙසේ රජ්ජුරුවන්ට පව් නැතැයි කියන්ට කාරණා කිම්ද යත් ? මේ දුටුගැමුණුරජ්ජුරුවෝ නම් එකාසඞ්ඛ්යකකල්පලක්ෂ යක් පිරූ පාරමිතා ඇති කෘතාධිකාර මහතාණකෙනෙක 5 මෙයින් ගොස් තුසිතභවනයෙහි ඉපිද අපමණ

1. -කලංකයක් 2. සිතට 3. යුද්ධ කළා වු - යුද්ධයක් කොට 4. හතා -රස 5. කෙනෙක් ම ය.





කාකවර්ණා වර්ගනය 551

දිවඉසුරු වළඳා මෛත්රෙ ය1 බුදුන් සමයෙහි මිනිස්ලොවැ ඉපද සසුන් වැද මහණ ව දකුණත්සම්තනතුරු ලැබ බුදුසසුන් බබුළුවා අමාමහනිවන් දකිති. එබැවින් මේ රජ්ජුරුවන් සසරැ විසීමෙක් නැත. සසරැ බොහෝකල් විසීමක් නැතිහෙයින් ප්පයට අවකාශ නැතැයි දැන මෙ තෙක් කාරණා සලකා රජ්ජුරුවන් සිතැ දොම්නස් හරවා සතුටු කොට පව් නැතැයි වදාළසේක.

මෙසේ තෙරුන්වහ‍න්සේ වදාළ කාරණා අසා සතුටු ව 2 අස්වැසුණු රජ්ජුරුවෝ ඒ රහතන්වහන්සේ වැඳ අවසර දී නික්මවා ඉක්බිති එක්දවසෙකැ සිතන්නාහු මාගේ මව්පිය3 දෙදෙන බාල අවස්ථායෙහි ම සඞ්ඝයාවහන්සේට දනක් නො දී කිසිවක් ‍අනුභව නොකරන්ට කියා අප දෙබෑයන් දිවුරවාපීහ. එබැවින් අනක් නො දී කැදෙයෙක් ඇද්දෝ හෝ යි නැද්දෝ හෝ යි පරීක්ෂාව කරන්නාහු සිහිමඳ ව දන් නොදී කැ මලමිරිස් පැස්සක් සඳහන් කොට මා විසින් කෙළේ මහා අපරාධයෙක. ඊට දඬුවමක් 4 කළ මැනැවැයි සිතා මිරිසවිටිවිහාරය 5 කරවන්නට පටන්ගෙන තමන්ගේ ධාතු සහිත ජහකොන්තය පිහිටුවා ධාතුපූජා පිණිස පිදූ අනර්ඝ් වස්තු හැර එකුන්විසි කෙළක් 6 පමණ ධන වියදම් කොට මිරිසවිටිමහසෑය6 බඳවා එහි සඞ්ඝාවාස ද සමෘද්ධ කොට විහාරවින්යනස කරවා එ තන්හි රැස් වූ ලක්ෂ යක් පමණ භික්ෂූාන්වහන්සේ හා අනූදහසක් පමණ භික්ෂූ ණීන්වහන්සේට දාගබ සහිත ඒ විහාරය පිළිගන්වා සත්දවසක් මහදන් දී පූජා කරවූහ.

ඊට ඉක්බිති එක්පෙළකැ ටැම සතලිසක් බැගින් සතලිසක් බැගින් සතලිස් පෙළෙකැ එක්දහස් සසියයක් පමණ මහටැම් පිහිටුවා අනර්ඝැ වස්තු සතරක් හැර තිස්කෙළක් පමණ ධන වියදම් කොට දහසක් කන්කුළුගෙවලින් හා දහසක් 7 ගබඩාවෙන් යුක්ත වූ නවමහල්ලෝවාමහපාය කරවා භික්ෂූකහික්ෂු ණීන් වහන්සේ ගෙන් එක්ලක්ෂ්අනූදහසක් පමණ මහාසඞ්ඝයාවහන්සේට පිළි ගන්වා සත්දවසක් මුළුල්ලෙහි මහත් වූ දානපූජා පැවැත්වූහ. තවද අනර්ගනවස්තු සූවිස්සක් හැර කෙළදහසක් පමණ ධන පරිත්යාූග 8 කොට තුන්සියසැටක් පමණ විහාරාරාමයෙන්8 සරහා ශ්රීවලඞ්කාද්වීපයට ආභරණයක් වැනි වූ රුවන්වැලි මහසෑය බඳවා දෙළොස් ඇවිරිදි සොණුත්තර නම් සාමණෙරකෙනකුන්

1. මෛත්රීෙ - මෛත්රීමය 2. සන්තුෂ්ටව 3. මවුපියෝ 4. දඩයක් 5. මිරිසවැටි 5. එකානුකෙළක් පමණ වස්තුහු ය යි ථූපවංසයෙහි . 7. සියක් 8. වියදම් 9. විහාරාරාමයන්






552 සද්ධර්මා ලඞ්කාරය

වහන්සේ යවා අනන්ත1 නම් නාගරාජයා කෙරෙහි තිබූ ද්රොකණයක් පමණ ධාතු ගෙන්වා එ ම මහසෑයෙහි පිහිටුවා සයානූකෙළක් පමණ රහතන්වහන්සේට සත්දවසක් මුළුල්ලෙහි මහදන් දී මාහැඟි කොට වෛත්යහපූජා කරවූහ. මෙසේ ඒ දුටුගැමුණුමහරජ කුශලක්රිනයාවෙහි අප්රෛමාද ව සූවිසිඅවුරුද්දක් මුළුල්ලෙහි ලක්දිවැ රාජ්යැය කරනුයේ නවානූවක් විහාර කරවා එකුන්විස්සක් මහාපූජා කරවී ය. තවද සූවිසිවාරයෙකැ බුදුන් උදෙසා ම වෙසක් පූජා සූවිස්සක කරවී ය.

මේ ශ්රීි ලඞ්කාද්වීපයෙහි හැම භික්ෂූ්න්වහන්සේ නො වරදවා තුන්වාරයෙකැ තුන්සිවුරු පාත්රා්2 ඇතුළු ව5 අටපිරිකර දන් දී සඞ්ඝපූජා කරවී ය. සත් සත් දවස් බැගින් ශ්රීප ලඞ්කාද්වීපය පස්වාරයෙකැ තුනුරුවන්ට පූජා කෙළේය. තවද සුදු සිනිඳු පහන් පියලි අඹරා එළඟිතෙලැ ගලා තෙල් වත් කොට දොළොස් තෙනෙකැ දවස් පතා දොළොස්දහස බැගින් 4 යන්ත්රො පහන් පූජා කරවී ය. ලඞ්කාද්වීපයෙහි අටළොස් තෙනෙකැ වෙදහල් නංවා වෙදවරුන්ට භාණ්ඩාගාරයෙන්5 මිල දි ලක්දිවැ රෝගී වූ සියලු ගිලනුන්ට පිළියම්6 කරවා වෙදවරුන් කී ලෙස නිරන්තරයෙන් පථ්යම සි‍ටියේ7 ආහාරය දෙවූහ. තවද දවස් පතා සූසාලිස්තෙනෙකැ මනාකොට කරන ලද මිපිඬු තබා දුන්හ. එසේ ම සූසාලිස්තෙනෙකැ නිරන්තරයෙන් තෙල් උපුල්වා පිසූ8 කිරිබත් තබා දුන්හ. තවද සූසාලිස්තෙනෙකැ එළඟිතෙලින්9 බදනා ලද පුලුබ්බදරා10 හා සමඟ සූපව්යවඤ්ජන සහිත බත් තබා දුන්හ. තවද ලඞ්කාද්වීපය මුළුල්ලෙහි සියලු විහාර ම නො වරදවා සූවිසිඅවුරුද්දක් ඇතුළතැ මසකට අට දවසක් බැගින් මහසාරපෝයෙහි11 පහන්පූජාවට තෙල් තබා දුන්හ. එසේ ම හැමතන්හි ම12 මැඳහත් ව පැමිණි අධිකරණ විචාරනයේ නියොග කොට අධිකරණශාලා ද කරවූහ. මේ මුළු ලක්දිවැ ගැබිනි ගැහැනුන්ට13 දුරුමිරිස් ලුණු ද ප්රළසව කළ මිනිතඹුවන්ට14 පිළී ද භාණ්ඩාගාරයෙන් 5 ම දෙවූහ. තවද දාවල් ගෝනි15 ඇද රෑ සයින් සිටිනා ගොනුන්ට මීයේ වැකූ පිදුරු දන් දුන්හ.

මේ සියලු ආමිසදානයට වඩා ධර්ම දානය ම උත්තම ය යි අසා තමන් තෙවළා නිමවූ හෙයින් ලෝවාමහපායේ යටිමාලව

1. මහකෙළ - (ථූප) මහාකාළ -(මහා.) 2. පාත්රට 3. තුන් සිවුරු ඇතුළුව 4.දොළොස්දාස් බැගින් 5. භාණ්ඩාරයෙන් 6. වෙදකම් 7. පවත්වන සැටියේ, -ප්රවත්යසය සැටියේ 8. පිස 9. -තෙල 10. පුළුප්බදනා 11. බැගින් ම සාරපෝයෙහි 12. ඒ හැම තන්හි ම 13. ගර්භිනී - 14. විනීතඹුවන්ට 15. ගැල් - නඟුල් - ඇතැම් පොත්හි )






කාකවර්ණෙ වර්ගතය 553

මහසඟපිරිස් රැස් කොට තුමු ධර්මා සන පැනනැගී මඞ්ගල සූත්රඅයෙන් බණ කියමි පටන්ගෙන දොළොස්දහසක් පමණ රහතන් වහන්සේ දැක උපන්නා වු අස්ථානභයින් බණ කිය නො හී සර්වාවඞ්ගයෙහි ඩා සෙලවි ධර්මාාසනයෙන් බැස බණ කීම නම් ඉතා බැරිදෙයෙකැයි සිතා එ තැන් පටන් මේ ශ්රීිලඞ්කාද්වීපයේ1 හැමදෙනා බණ අසන ලෙස ධර්මෙකථිකයන්ට මහත් සත්කාර කොට මේ සියලු විහාරවලැ තමන් නමින් බණ පවත්වා එකී එකී ධර්මමකථිකයක්2 හට ගිතෙල් මී උක්පැණි ශකිරා ආදිය නැළිය නැළිය බැගින් දී සතරගුල් පමණ වැල්මීකඩක් හා පිළීසඟළක් බැගින් මස්3 පතා මෙ කී වෘත්ති නංවා දී එකී එකී ධර්මිශාලාවෙහි අනගි වූ වියතක් ධර්මාැසනයක් ඇතිරියක් දණ්ඩාසනයක් බණවස්තක් කබලියක් විජිතිපත්රයයක් බණ පොතක් බැගින් සලස්වා මෙසේ ධර්මවයට ද සත්කාර කොට බණ කියවා සියල්ලවුන් ම ධර්මොදානය දෙවූහ.*

මෙසේ දුටුගැමුණු මහරජ අනෙක ප්ර්කාර කුශල සම්භාරයන් රැස් කරමින් සූවිසිඅවුරුද්දක් මුළුල්ලෙහි දශරාජධර්ම යෙන් රාජ්ය්ය කොට ආයුකෙළවරැ මරණමඤ්චකයෙහි වැදහොත්තේ ය. එකල්හි ඒ ඒ විහාරවලැ වැඩහුන් මහාසඞ්ඝයාවහන්සේ රජ්ජුරුවන් ගිලන්බව අසා සුවඳක් විචාරනු පිණිස අවුත් රජ්ජුරුවන් හා කථා කොට අවස්ථා බලා ගණසජ්ඣායනා වසයෙන් බණ පිරිවහන්ට පටන්ගත්සේක.

එකල්හි දෙවියෝ සදිව්යටලොකයෙන් රථසයක් ගෙනවුත් පිළිවෙළින් තබා රජ්ජුරුවන්ට කියන්නාහු එම්බා රජ්ජුරුවෙනි, අපගේ දව්ය්ලොකය ඉතා රමණීය ය,4 අපගේ දිව්යාලොකයෙහි ආයුසත් බෙහෙව, එසේ හෙයින් අපගේ දෙව්ලොවට5 පලා එව යී කියා වෙන වෙන ම6 රජ්ජුරුවන්ට යාච්ඤා කළහ. දෙවියන් කියන බස් අසා රජ්ජුරුවෝ යම් තාක් මම බණ අසම් ද, ඒ තාක් කල් ඉවසව යි දකුණත ඔසවා දෙවියන්ට සංඥා කළහ. ඒ දැක මහාසඞ්ඝයාවහන්සේ පිරිවහමින් සිටි බණ තබා වදාළසේක. එවේලෙහි රජ්ජුරුවෝ බණ තිබුවා දැක ස්වාමීනා, බණ නො පිරිවහා තිබුයේ කුමක් නිසා දැයි7 විචාළහ. එබසට සඞ්ඝයාවහන්සේ

1. මේ ලඞ්කාද්පයේ 2.ධර්මමකථිකයන් 3. මාස් 4. රම්යේස 5. දිව්ය ලොකයට 6.-කියා සදිව්යත ලොකයෙහි දෙවියෝ වෙන වෙනම 7. කිම්දැයි. • මරණමොහොතෙහි හැම පින්කමට වඩා තම සිත් ගත් තණබත් දානය හා යුදඟණාපිටියේ යුදසමයෙහි වෙනෙහිදී දුන් දානය ද මහාවසංසාදියෙහි විශේෂයෙන් දැක්වුණ නමුත් මෙහි නො දැක්වේ.






554 සද්ධර්මාණලඞ්කාරය

මහරජ, තොප අතින් සංඥා කොට වැළකූයෙහිනැයි වදාළසේක. එ තෙපුල් අසා රජ්ජුරුවෝ ස්වාමීනි, මම පිරිවහන බණ වැළැකූයෙම් නො වෙමි1 දෙවතාවෝ සදිව්යුලොකයෙන් රථ සයක් ගෙනවුත් සිට තම තමන්ගේ දෙව්ලොවට මා කැඳවති. ‍එසේ හෙයින් යම් තාක් මම බණ අසම් ද, ඒ තාක් බලව යි සිතා සංඥා කෙළෙමි දැන්වූහ.

ඒ අසා සමහර කෙනෙක් සිතන්නාහු මේ දුටුගැමුණු මහරජ මරණභයවත් ව නන්දොඩයි.2 එබැවින් මරණට නොබ‍ාන කෙ‍නෙක් නම් නැතියි සිතූහ. ඔවුන්ගේ අදහස් දැන ථෙරපුත්තාභය නම් මහතෙරුන්වහන්සේ කිමෙක් ද මහරජ, දිව්යනලොකයෙන් රථසයක් ගෙනාහ යි3 යනු කෙසේ අදහාගත ‍හැකි දැයි වදාළසේක. ඒ අසා රජ්ජුරුවෝ ආකාශයට මල්දම්සයක් දැම්මූහ. 4 ඒ මල්දම්සය ගොසින් වෙනවෙනම රථහිස්වලැ එලුනේ ය. එවේලෙහි මහාජනයෝ රථහිස්වලැ එලෙන්නා වූ මල්දම් දැක සැක දුරු කළහ. ඉක්බිති රජජුරුවෝ ස්වාමිනි, සදෙව්ලොවින් කවර දෙව්ලොවෙක් යහපත් දැයි විචාළහ.

එකලැ මහතෙරුන්වහන්සේ එම්බා මහරජ, තුෂිත භවයට යහපත. මතු බුදු වීමට කල් බලා හිඳිනා‍ මෛත්‍රෙය 5 බොධිසත්ත්වියෝත් එහි ම වෙසෙති යි වදාළසේක. එ තෙපුල් අසා රජ්ජුරුවෝ තුෂිතභවනයෙහි ඇල්ම උපදවා තමන් බැඳවූ රුවන්වැලිමහසෑය වැඳ බලබලා ඔත්තාහු එයින් මිස නිදා පිබිදියාක්හු මෙන් තුෂිතභවනයෙන් ගෙනා රථයෙහි ඔපපාතිකදිව්යනපුත්රප ව ඉපද තමන් කළ කුසලයෙහි විපාක විශෙෂය මහජනයාට ප්රකකාශ කොට දක්වනු පිණිස රථයෙහි ම සිට සැටගැලක් පුරාලන පමණ දිව්යාාභරණයෙන් සැරැහී බොහෝදෙනා බලබලා සිටියදී රථයෙන් බැස තුන්විටෙකැ රුවන්වැලිමහසෑය වැඳ ප්රදදක්ෂිනණා කොට භික්ෂූීසඞ්ඝයා වහන්සේ වැඳ අවසර ඉල්වාගෙන තමන් මල් තිස්සකුමාරයන් ඇතුළු වූ රාජ්යසවාසීන්ට තමන් ලද්දා වූ දිව්ය සම්පත් බලා රෑ දෙවෙහි නොපමා ව කුසල් කරන සේ අවවාද කොට සියල්ලවුන් ම බලබලා සිටියදී ම දිවසෙනඟ පිරිවරා තුෂිතදිව්ය ලොකයට ම ගියහ.

මෙසේ ශ්රතද්ධාවන්තසත්පුරුෂයෝ පළමු තමන් කළ කුසලයෙන් හස්තගත ව සිටියා වූ දිව්යදලොකසම්පත්තියෙහි

1. වැළකුයේ නොවෙහි 2. නන්දොඩති 3. ගෙනායයි 4. දැමූහ- දැම්මවූහ. 5. මෛත්රීහ -






කාකවර්ණහ වර්ගවය 555

ආලය හැර 1 වඩවඩා කුසල් කරනු සඳහා ම මිනිස්ලොවැ ඉපද එබඳු රාජ්යැසම්පත්තියක් ලැබත් ‍සැප සේ රජඉසුරු විඳුම්හ යි නො සිතා සුපරිශුද්ධ වූ බුද්ධශාසනය පන්දහසක් අවුරුදු නිර්මැල ව පවත්නා පරිද්දෙන් චිරස්ථියී කරනු කැමැති ව නිරන්තර වීය්ය්ර කිරීමෙන් අනෙකප්රාකාර වූ මහදුක් විඳ ලෝසසුන් වවා රැදෙවෙහි නොපමා ව ඇමදවස් ම සාදරසිතින් උතුම් උතුම් වූ2 අපමණ කුශලසම්භාරයන් රැස් කොට3 ගෙන දෙව්ලොවැ ඉපද මහත් වූ දිව්යමසම්පත් ලබන්නාහු ම ය. එබැවින් මේ කථාප්රලබන්ධ ය ඇසූ සත්පුරුෂයන් විසින් අප්ර මාද ව කුසල් කොට මතු දිව්යකමනුෂ්යමසම්පත් විඳ අමාමහනිවන් දකින්නට උත්සාහ කළ මැනැවි .

කියන ලදුයේ මැයි :-

“දෙවන්නං උපතිට්ඨතං 4 ගති වසා හිත්වාං භවෙ සාධවො, දුක්ඛං ‍නෙකවිධං ‘නුභුය සතතං කත්වාංන වීරියං ථීරං ඉච්ඡන්තා ජිනසාසනස්ස සුවීරං ඨානං සදා සාදරා, කුඛ්ඛනෙත’ව මනනතමග්ගකුසලං පපෙපානති සග්ගං සුඛං” යි. ___________

මේ මෙහි දෙවන දුෂ්ටග්රාගමණීවස්තුව ය.

මෙ තන්හි ඒ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කී නො කී නෑ නො නෑ6 සියල්ලවුන් අතුරෙන් කාවන්තිස්සරජ්ජුරුවෝ මතු බුදු වන මෛත්රෙ ය බුදුන්ට බුදු වන ජාතියෙහි පිය වන්නාහ. විහාරමහාදේවී මව්7 වන්නාහ. මෙ ම දුටුගැමුණු රජ්ජුරුවෝ ඔබට දකුණත් සව් වන්නාහ. තිස්ස නම් මලණුවෝ ඒ බුදුන්ට වමත් සව් වන්නාහ. කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ නං වූ අනුලා නම් බිසව් ඒ බුදුන් 8 බුදු වන ජාතියෙහි ගිහිගෙයි වසන කල්හි ලක්ෂූයක් බිසෝවරුන්ට නායක ව අගමෙහෙසුන් වන්නාහ. * දුටුගැමුණුරජ්ජුරු‍වන්ගේ පුත් වූ සාලිරාජ කුමාරයෝ මෙතේ බුදුන් බුදු වන ජාතියෙහි පුත් වන්නාහුය. මෙ ම ගැමුණුරජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරරක්ෂාවවෙහි සිටි සඞ්ඝ

1. සම්ප්ත්තියහැර 2. සිතින් උතුම් වූ 3. කර 4. උපනිට්ඨිතං (රස.) 5. කත්වා 6. කී නො කී නො නෑ 7. විහාරමහාදේවී මෙතේ බුදුන්ට වම් 8. ඒ මෙතේ බුදුන් * මෙය මහාවංසයෙහි නැත.




556 සද්ධර්මාවලඞ්කාරය

නම අමාත්යදයා ඒ මෛත්රෙ ය1 බුදුන්ට අග්රදඋපස්ථායක වන්නේ ය.* ඒ භාණ්ඩාගාරිකයාගේ දූ බුදුන්ට අග්රී උපස්ථායිකා වන්නී ය. * මෙසේ මොහු හැම දෙන ම මාහැඟි කොට කරන ලද කුසල් ඇත්තාහු ඒ මෛත්රෙඋය1 බුදුන්ගෙන් බණ අසා සිවුපිළිසිඹියාපත් රහත්බවට පැමිණ කෙළවරැ අමාමහනිවන් දක්නාහු ය යි දත යුතු යි.

“දුට්ඨාදිගාමිණිමහාවනිපොව තුමෙහ කත්වාුන නෙකකුසලං තුසිතොපගන්ත්වාව, මෙ‍තෙතය්යකනාථවරදෙසිතසාධුධමමං සුත්වාටන දීපවිභවං අධිගච්ඡ පච්ඡා.”

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්මාලඞකාරය_-_ix&oldid=5667" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි