සරණස්ථවිරවස්තුව කියා නිමවන ලදී. _____

5. බුද්ධවම්මවස්තුව

තවද මේ දහම්සොඬවගැ පස් වන බුද්ධවම්මවස්තුව නම් කවරැ යත්?

පෙරැ දඹදිවැ පැළලුප්නුවරැ වෙළඳාම් කොට ජීවත් වන්නා වූ බුද්ධවම්ම නම් වෙළඳාණ කෙනෙක් වූහ. ඒ වෙළඳාණෝ එක් සමයෙකැ බොහෝ වෙළඳුන් හා සමඟ ගැල් පුරා බඩු ගෙන්වාගෙන ගම් නියම්ගම් රට දනව්3 රාජධානි ආදීයෙහි වෙළඳාම් කෙරෙමින් ඇවිදුනාහ. එ සමයෙහි භාග්යවවත් වූ බුදුරජාණන් වහන්සේ නොයෙක් දහස්ගණන් මහණගණයා පිරිවරා දිව්යවමනුෂ්යානදී වූ බොහෝ සත්ත්වහර්ගටයා මේ අසාර වූ සංසාර නැමැති කාන්තාරයෙන් එතෙර කෙරෙමින් හැම සත්ත්වයයන්ට කුසල් වඩනු සඳහා ගම් නියම්ගම් රාජධානි පිළිවෙළින් දනව් සැරිසරා වඩනාසේක.

එ කල්හි ඒ බුද්ධවම්ම නම් වෙළඳපුත්රනයාණෝ එක් දවසෙකැ මහත් වූ බුද්ධානුභාවයෙන් යුක්ත ව යුගන්ධනරාදී වූ සප්තකුල පර්ව ත‍යන් පිරිවරා ස්වකීය වූ රශ්මිසමූහයෙන් දිලිහෙන ස්වර්ණැමෙරුරාජයා‍ සේ බොහෝ භික්ෂූ ගණයා විසින් පිරිවරනලද වූ තමන් වහන්සේගේ දෙතිස්මහාපුරුෂලක්ෂණ අසූ අනුව්යිඤ්ජන ව්යිමප්රෂභාකෙතුමාලාලඞ්කාරයෙන් ප්රරතිමණ්ඩිත වූ අටළොස්රියන් බුදුබදින් දසදිග4 බබුළුවා තෛකසහස්ර්5 ඉන්ර්අටළචාපයෙන් වළඳනා ලද ස්වර්ණිපර්වෂතයක් මෙන් දිලිහි දිලිහී වඩනා බුදුන් දැක පස්වන ක් ප්රිනතීන් පිනාගිය ශරීර ඇති ව

     1.  එකාවන් සිහි කොට      2.  කටයුතු වන්නේ මැයි        3.  නියම්ගම් දනව්

4. දසදික් 5. අනෙකසහස්ර

140 සද්ධර්ම ලඞ්කාරය

ඉක්බිති සක්විතිරජකු1 දුටු චණ්ඩාලයකු සේ දොහොත් මුඳුනෙහි තබාගෙන ආදරගෞරවයෙන් නැමීනැමී බුදුන් කරා එළැඹ සාදරාවන්ත2 උත්තමාඞ්ගයෙන් නමස්කාර කොට බුදුසස්නෙහි පෙරැ තමන් නුපුරුදු හෙයින් සවස්වේලෙහි බුදුහු අහර වළඳනාසේක දෝ හෝ යි සිතා අද සවසැ3 අපගෙන් අහර වැළැඳුව මැනැවැයි කියමින් බුදුන්ට ආරාධනා කළහ.

ඒ තෙපුල් අසා ඕහට භාග්යැවත් වූ බුදුරජාණන් ව හන්සේ එම්බල වෙළඳපුත්රෙය, සර්වයඥවරයෝ විකාලභෝජනයෙන් වැළැක්කාහ. එසේ හෙයින් පස්වරුභාගයෙහි ආහාරය අනුභාව නොක රත්නාහු වේ දැයි වදාළසේක. ඒ තෙපුල් අසමින් ම වෙළදපුත්රේ තෙම නැවැත බුදුන් වැඳ දන්වනුයේ ස්වාමිනි, බුදුරාජාණන් වහන්ස, එසේ කලැ සර්වබඥවරයෝ සායන්හකාලයෙහි කුමක් අනුභව කෙරෙද්ද? කෙසේ වු දෙයක් කැප දැයි විචාළේය. ඔහු විසින් කියන ලද්දා වූ ඒ වචනය හේතුකොට සර්වයඥයන් වහන්සේ වදාරනසේක එම්බල වෙළඳපුත්රකය, සර්වසඥවර‍යෝ විකාලයෙහි අෂ්ටවිධපානවර්ගකය අනුභව කරන්නාහ. ඒ කවරේ ද යන හොත්? අම්බපාන ය. ජම්බුපාන ය, වොචපාන ය, මොචපාන ය, මධුපානය, බුද්ධිකපාන ය, සාලුකපාන ය, ඵරුසකපාන ය යන මේ අෂ්ටවිධාපනවර්ගක නම් වෙයි. මෙ කී මේ අටවැදෑරුම් වූ පානවර්ග්ය විකාලයෙහි වැළැඳීම පූර්වමබුද්ධවරයන්4 විසිනුදු පසස්නා ලද්දේ ම ය. එසේ හෙයින් මේ අෂ්ටවිධපානවර්ග්ය විකාලයෙහි වැළැඳීම සර්වුඥවරයන්ට එකාන්තයෙන් ම කැපැ ය ඉතා නිරවද්යන ය යි5 වදාළසේක.

මෙසේ බුදුන් වදාළ වචනය අසමින් ම සන්තුෂ්ට වූ සිත් ඇති ඒ වෙළඳ පුත්ර්යාණෝ පැන් නුමුසු කොට සියදාමිදිපැන් මිරිකා උක්සකුරු හා සමඟ සකස් කොට යොදා බුදුපාමොක් මහාසඞ්ඝයාවහන්සේට පිළිගැන්වූහ. එ කලැ සර්ව්ඥයන්වහන්සේ වෙළඳපුත්ර යාණන් විසින් එළවන ලද්දා වූ මුද්දිකපානය බිසක්ඟුන් හා සමඟ වැඩහිඳ වළඳා ඉක්බිති ඕහට අනුමෙවෙති බණ වදාරා ජනපදචාරිකාවෙහි වැඩිසේක. එ කල්හි වෙළඳපුත්ර යාණෝ මහත් වූ ‍සන්තොෂයෙන් පිනපිනා බුදුන්ට පසුගමන් කොට පරමාදර දක්වා දශනඛසමොධානයෙන් සමුජ්ජවලිත වූ දො‍හොත් මුදුනෙහි තබා නමස්කාර කොට අවසර ගෙන නැවැත

      1.  ඇතිව සක්විත රජකු        2.  ශ්රකද්ධාවන්ත      3.  දවසැ      4.  -සර්ව ඥවරයන්

5. කැපය නිරවද්ය යයි


ධර්ම.සොණ්ඩක වර්ග ය 141

සෙසු වෙළඳුන් හා සමඟ ඒ ඒ ජනපදවල්හි වෙළඳාම් කොට ඇවිදුනාහු දියදරවිරහිත මහාවත්තනිය නම් වු කාන්තාර මාර්ගායට පැමිණියාහ.

එකල්හි ඒ සියලු වෙළඳුන් ගේ ගැල්මුළුල්ලෙහි අතරමගැ නහන බොන පිණිස ගෙන යන ලද්දා වූ ජලය හැම නිමාවට ගියේ ය. එ තැන්හි සියලු මනුෂ්යනයන්ට ද ගැල් අදහා ගවසන්ට ද යන හැමදෙනාහට ම තලු තෙමන පමණකුත් පැනෙක් නම් නොවී ය. ඉක්බිති බුද්ධවම්ම නම් වු ඒ වෙළඳ පුත්රතයාණෝ පිපාසිත ව පැන්පවස් ඉවසිය නො භී ඒ ඒ ගැල්හි වෙන වෙන පළමු නහ බොන පිණිස පැන් ගෙනගිය පානීයභාජනවල්හි පැන් පරීක්ෂා කෙරෙමින් ඇවිදුනා හ. එ කල්හි එක් ගැලෙකැ මනුෂ්යවයෝ එ පරිද්දෙන් ම පැන් පරීක්ෂාප කොට ඇවිදුනාහු ඒ වෙළඳාණන් දැක ඔවුන් කෙරෙහි කරුණාවෙන් කියන්නාහු මෙසේ අවමැනැව. මේ සැළෙහි යම්තම් පැතිත්තෙක් ඇත. එයින් පැන් බී මඳක් පිපාස සන්හිඳුවාගත මැනැවැයි කීහ. ඒ තෙපුල් අසා ඒ වෙළඳාණෝ ඒ ගැලසමීපයට ගොස් සැළින් දුන් පැන් ගෙන මඳක් බිපිහ. ඒ කල්හි ඕහට ඒ පැනෙහි රස උක්සකුරු බහා යොදන ලද පැන්නුමුසු සියදැමිදිපැනෙහි රස හා සමාන විය.

එ කලැ පැන් බොමින් සිට ම වෙ‍ළඳාණෝ සිතන්නාහු සහපිරිවර සහිත සම්ය්ක්සම්බුද්ධයන්වහන්සේට එ දවස් මා විසින් දෙන ලද්දා වූ මුද්දිකපානයෙන් ජනිත ඉෂ්ටවිපාකදායක වූ කුශලප්ර වාහය මෙ තැන්හි විපාක දීම් වශයෙන් අදම පැමිණියේ වනැයි සිතා අපමණ වූ ආශ්චය්ය්මෙ යට මහත් වූ2 අද්භූතයට පැමිණි සිත් ඇති ව තමන් සිතැ හටගත්තා වූ අනන්තසන්තොෂයෙන් පිනපිනා සැළ සමීපයට ගොස් අනුන්ට විධානයක් ‍ෙනාකොට සැලමුවිටැ තමන්ගේ විධානයෙන් ම පිධානය හැරැපීහ. එ කල්හි සැළමුළුල්ල අවසර නො හැර සියදැමීදිපැනින් ම පිරී සිටගත්තේ ය.

ඉක්බිති ඒ වෙළඳපුත්රකයාණෝ දිවඔජසින් යුක්ත ඉතා රසවත් වූ කෙනෙක් වියදම් ‍කළත් අඩුවක් නොපෙනෙන්නා වු දෙවියන්ගේ අමෘතපානය හා සමාන මධුරරසයෙන් ආර්ද්ර් වූ සුවඳ විහිදුනා වූ පැන්සැල දැක මහත් වූ ප්රී තින් පිනා3 ගිය ශරීර ඇතිව දිව්යකසුරාපානයෙන් මත්ව ඔල්වරහඬ ගසන අසුරභටයකුසේ සියල්ලවුන්ට ඇසෙන පරිද්දෙන් අඬ ගා කියන්නා හු, එම්බා පින්වත්ති, හැමදෙන ම පැන් නිසා දුක්4 නො විඳ වහා අවුත් සිත් වූ පරිද්දෙන් පැන් බී විඩා සන්හිඳුවා

 1.  ඇවිද්ර්තාවූ     2.  ආශ්චය්ය්ුක්යට පැමිණ මහත් වූ     3.  පින පිනා     4.  දුකක්


142 සද්ධර්ම ලඞ්කාරය

ගනුව යි කියා හඬගෑහ.1 ඔහුගේ ඒ ශබ්දය අසා හැමදෙන ම එ තැන්හි රැස්ව අඩු නොවී පිරී සිටිනා2 භගිරථි නම් ගඞ්ගා වෙහි ජලය මෙන් සමතිත්තික ව මුව විට පැහැර පිරි තුබුවා වූ ඒ පානීයභාජනය දැක මහත් වූ ආශ්චය්ය්ක වයට පැමිණියහ. ඉක්බිති ඒ වෙළඳ පුත්රආයාණෝ ඒ තැන්හි එ රැස් වූ නොමඳ වෙළඳ ජනයා මද්ධ්ය යෙහි සිට බුදුන්ගේ ගුණ බුද්ධානුභාවවිශෙෂය3 ගාථාපඤ්චකයෙකින් ප්රදකාශ කොට දක්වන්නාහු:-

“පස්සථෙදං භවන්තා හො, ආනුභාවං මහෙසිනො,

අචින්තනීයමච්ඡෙරං,  සන්දිනට්ඨිකමකාලිකං
පසන්තමනසා බු‍ඬෙ, දින්නං පානීයකං මයා,
විපච්චති ඉදානෙව, තං දානං මුතිවාහයා.
ඔජවන්තං සුධන්තං ච, සීතලං මධුරොදකං,
දිබ්බපානංච දෙවානං, ජාතමබභූතමක්ඛයං.
සීලවන්තෙසු කො නාම, න දදෙය්යම විචක්ඛණො,
ඉධ ලොකෙ පර‍ෙත්ථ, ව, සුඛදං දානමුත්තමං.
යථිච්ඡිතං ගහෙත්වාොන, පිවන්තු මධුරොදකං,
භාජනානිච පූරෙත්වාො, යන්තු සබ්බෙ යථිව්චිතං”


යනාදීන් එම්බා පින්වත් සත්ත්වවයෙනි, මේ ‍ෙලාකයෙහි විද්යාකමාන ස්ථූල සූක්ෂබමාදී වූ සමස්තවස්තුන් විෂයෙහි නිරාවරණව නිරන්තරයෙන් පැතිර පවත්නා වූ තමන්වහන්සේ ගේ අසාධාරණ වූ දශවිධපාරමිතාබල ප්රිත්ලබ්ධවිශුද්ධඥානයෙන් සියලු සත්ත්වශයන්ට විය යුතු වූ ලෞකිකලොකොත්තරවශයෙන් ද්වීප්රාකාර වු සකලාභිවෘද්ධිසඞ්ඛ්යාලත මහත් වූ අර්ත්ථශසිද්ධියට ඒකාන්තකාරණයන් බලා පරීක්ෂාා කොට හිතසැප සිද්ධ කිරීමෙහි සමර්ත්ථි වූ සර්වාඥයන්වහන්සේ ගේ විශෙෂයෙන් ඉභාත්මභාවයෙහි විපාකදායක හෙයින් ඉතා ප්රරත්ය්ක්ෂි වූ අන්යපකාලාන්තරයට නො යවා කුශනකරණාන්තර ව ඵලප්රකදානය කරන හෙයින් අකාලික වු විශෙස4 ප්රයබුද්ධවිශුද්ධබුද්ධීන් ප්රදසිද්ධ වූ බුද්ධිසම්පන්න මහාජනයන් එක්ව තමන් තමන් නුවණපමණින් දිවිහිමයෙන් සිතුව ද සිතින් සිතා කෙළවර ක් දැක්ක නොහැක්කා වූ ඉතා ආශ්චය්ය්ෙන්වත් වූ මේ ආනුභාවවිශෙෂය බලව.

සකලජනසන්තානවර්ති වූ අශෙෂදොෂාන්ධ්කාරවිශෙෂ විධ්වංසනය හෙතු කොට ගෙන සහස්රූකිරණයක් හා සාදෘශ්යර වු රහත්ගණයා පිරිවරා පරානුග්ර හ පිණිස ජනපදවාරිකාවෙහි

     1.  - ගැය   2. තිබෙනා   3.  බුදුන් ගේ   බුද්ධානුභාව විශෙෂය.   4.  විසදවිශෙෂ

ධර්මවසොණ්ඩක වර්ග-ය 143

වඩනා බුදුන් දැක පහන්සිත් ඇත්තා වු1 මා විසින් උක්සකුරු හා එක් ව සකස් කොට යොදා බුදුන්ට පිළිගන්වන ලද්දා වූ ඒ මුද්දික පානදානය ඉභාත්මභාවයෙහි බුද්ධානුභාවබලයෙන් විපාක දෙන්ට පටන්ගත්තේ ය. දැන් ඒ බුදුන්ට පිළිගන්වන ලද්දා වූ පානීයදානමය කුශලප්රගවාහයෙන් මේ2 ඡායුදකවිරහිත වූ නිරුදක කාන්තාරයෙහි දෙවතාවන්ගේ යුධාභොජනයන මෙන් දිවඔජසින් යුක්ත වූ මහසැළ බඳුන් පරපුරා කොපරණ ජනයන් සිත්වූ පරිද්දෙන් ගෙන ගිය ද ඇද නිමවාගත නොහැක්කේ කා වූ ඉතා අද්භූත වූ අනවතප්ත ජලය මෙන් අතිශයින් සිහිල් වූ දෙවියන්ගේ දිව්යතපානය මෙන් ඉතා මිහිරි වු මෙ බඳු ජලය පහළ විය.

එසේ හෙයින් මෙලෝපරලෝදෙකින්ම නොයෙක් සැප එළවඑළවා4 කෙළවර නිර්වා්ණසැපය සිද්ධ කොට දෙන්නා වූ කැමැති කැමැති වස්තු සිද්ධ කොට දෙන සිතුමිණිරුවනක් හා සමාන වු උතුම් වූ දානය තමහට හිත කැමැති නුවණැත්තා වූ කවර නම් සත්ත්ව්යෙක් සිල්වතුන් වහන්සේට කෙසේ නම් නොදේ ද? ඒ කාන්තයෙන් දෙන්නේ ම ය. එබැවින් මාගේ කුශලානුභාවයෙන් උපන්නා වු මේ බඳුන් පිරිමිහිරිජලය සිත් පිරිය පරිද්දෙන් උකඋකා බොත් වයි මේ තැන් පටන් සැම දෙනා ම පැනින් දුක් නො විඳ තමතමන් සිත් වූ පරිද්දෙන් මහසැළතාළිකූට්ටම්බඳුන් පුරපුරා තඩිපි‍ටින් මැඩීමැඩි මෙයින් පැන් ගෙණ සෙත්ව යි යනාදීන් මෙසේ කියා බුදුන්ගේ බුද්ධානුභාවය හා දානඵලවිශේෂය ප්ර්කාශ කොට දක්වා ඉක්බිති ඒ තැන්හි රැස් වූ මනුෂ්යගයන් හා ගැල් අදහා ‍ගොන් ඇතුළු වූ සියල්ලවුන් ම මුද්දිකපානයෙන් ම සන්තර්ප ණය කොළෝය4

පසුව සෙසු ඒ ඒ දිගින් ආවා වූ මහජනයෝ ද සිත් සේ කැමැති පමණ පැන් බොන්නාහු ම ය. එතෙකුදුටුවත්5 සැළෙහි පැන් අඩු නො ‍වේ ම ය. ඉක්බිති ඒ වෙළඳපුත්ර්යාණෝ සෙසු වෙළඳුන් හා එක් ව ඒ ඒ රටැ ඇවිද වෙළඳාම් කොට ගෙන නැවත තමන්ගේ නුවරට එන්නාහු මුළුලොවට හිත සැප එළවන්නා වු6 බුදුරජාණන් වහන්සේ දැක වැඳ පින් පුරාගෙන යෙමි යි සිතා රජගහනුවර සමීපයෙහි එ ම නුවරැ බිම්සරරජහු විසින් මුනිරජහු7 උදෙසා කරවා පිළිගන්වන ලද වෙළුවනමහාවිහාර යට ගොස් බුදුන් දැක බැතිපෙම් සහිත ව පසඟ පිහිටුවා වැඳ මහත් වූ ප්රී්තීන් පිනපිනා සිටියාහු බුදුන් විසින් අනුදන්නා ලදු ව එකත්පස් ව උන්හ.

       1.  ඇතිව     2.  මේ ඒ       3.  සැප එළවා      4.  කෙළේය.    5.  එතකුදුවුවත්

6. එළවන 7. මුනිදුන්


144 සද්ධර්ම ලඞ්කාරය

එ කලැ බුදුහු ඒ වෙළඳාණන් හා සමඟ කලට1 සුදුසු වූ කන් කලු මිහිරි වූ පිළිසඳරකථා කිරීමෙන් සඳරැස් පතළ කෞමුද වනයක් සේ වඩ වඩා ඔහු සිත සතු‍ටු කරවා වදාළසේක. ඉක්බිති ඒ වෙළඳඋපාසක බුදුන්ට දන්වනුයේ, ස්වාමිනි, නුඹවහන්සේ ගේ ඉතා ආශ්චය්ය්ඳඋපවත් වූ ප්රොමණී ය වූ ප්රානතිහාය්ය්වා දැක විශෙෂ යෙන් ම පහන්සිත් ඇත්තා වූ මම නුඹ වහන්සේ දැක වැඳ පින් පුරාගෙන යෙමි යි සිතා ආමි යි, ස්වාමිනි, පැළලුප්නුවරැ සිට වෙළඳාමට යන්නා වූ අප හැම විසින් අතරමඟැ නගන බොන පිණිස සැළ වළත්2 පුරා ගෙන ගිය ජලය හැම නිමාවට ගිය කල්හි තලු තෙමෙන පමණ පැනක් ලැබගත නො හැක්කා වූ කාන්තාරමාර්ගකයෙහි පවා එ දවස් සඟපිරිස් සහිත නුඹවහන්සේට දුන්නා වූ මිදිපැනෙහි අනුසසින් සිස්බඳුන් පිරී මිහිරි ජලය පහළ විය. ඒ ජලය සීතල ය, මිහිරි ය, ඔජාවත් ය, ක්ෂ ය නො වන්නේ ය, දෙවියන්ගේ දිව්යලපානය හා සමාන ය, නුඹ වහන්සේගේ මහිමයෙන් ම මෙසේ ද පෙළහැර පහළ විය යනා දීන් ආදියෙහි පටන් මඳකුත් නො හැර විස්තර වශයෙන් කීය.3

ඉක්බිති භාග්ය වත් වූ බුදුරජාණන් වහන්සේ ඕහට අමාවැස්සක් වස්වන්නා සේ ධර්ම‍දෙශනා කොට වදාළසේක. ඒ වෙළඳ උපාසකයාණෝ8 ද බුදුන් වදාළ බණ අසා හිරුරැස් පතළ පද්මයක් සේ මහත් වූ සන්තොෂයට පැමිණ සෙටවෙනි දවස් වන්නා වූ ප්රී තිප්රෙමොද්යගය පිණිස බුදුන්ට ආරාධනා කොට මෙ නම් දෙයක් මෙහි නැතැයි නොකියන පරිද්දෙන් දෙවන දවස් මහ දන් දී බණ අසා බුදුන් වැඳ අවසර ගෙන පැළැලුප්නුවරැ තමන්ගේ වාසස්ථානයට ම ගොස් එ තැන් පටන් වඩවඩා දානාදී කුශලසම්භාරයන් රැස් කොට ඒ ආත්මභාවයෙන් මිදි ගොස් දෙව්ලොවැ ‍ෙදාළොස් යොදුන් රන්විමනෙක් හි නොයෙක් සිය දහස් ගණන්5 දෙවගනන් පිරිවරා මහත් වූ දිව්යනඓශ්චය්ය්ගණනයෙන් යුක්ත ව උපන්හ. එ කලැ ඔහු තමා විසින් පූර්වවජාතියෙහි කරන ලද්දා වූ කුශලය ප්ර්කාශ කරනු පිණිස ඒ දිව්ය්පුත්රායා ගේ විමානය සිසාර ඒ ඒ තන්හි දිව්යනමය මිදිපැන් පිරුණා වු සත්රුවන් විසිතුරු දිව්යවභාජන පහළ විය. දෙවතාවෝ එයින් මිහිරි වූ දිවරසයෙන් යුක්ත වූ අනෙකප්රවකාර නෘත්යවගීතවාද්යෙයෙන් උපලක්ෂිිත ව නිරන්ත‍රයෙන් කෙළි කෙළනාහ.

එසේ හෙයින් මුළුලොවට අග්ර‍දක්ෂිකණාහී6 වූ බුදුරජාණන් වහන්සේගේ කිසි විශෙෂගුණසාරයක් නො දන්නා වූ එ බඳු

   1.  තැනට      2.  සැළ තබා වළන්     3.  කීහ.     4.  වෙළඳ පුත්රරයාණෝ     5. සිය 

ගණන් 6. අග්ර දක්ෂිනණෙය්යර


මහාමන්ධා6තු වර්ග ය 145

වෙළද ජනයෝ පවා පහන්සිතින් දුන්නා වු පැන් දන් පමණක් හෙතු කොට ගෙන මෙසේ මහත් වූ දිව්යනසම්පත්1 ලබන්නා හ. එ බැවින් තුන්ලොව්හි පතළ ගුණ ඝොෂාවන් ඇති බුද්ධරත්න ය, ධර්මොරත්නය, සංඝරත්න ය යන ත්රිණවිධරත්නයෙහි විද්යා1මාන ගුණ සමූහයන් තමතමා නුවණපමණින් ඉඳුරා දන්නා වූ පින්වත් සත්ත්වදයෙනි, තෙපි හැම දැන්2 දිවසත්රුවනින් පිරුණා වු මහා නිධාන සේ සියලු ගුණගණාඞ්ගයෙන් අනූන වූ සිල්වතුන් වහන්සේ ට කම්පල අදහා දෙන්නා වූ චීවරපිණ්ඩපාතසෙනාසන ගිලානප්රකත්යනය යන සිවුපසදානය හෙතු කොට ගෙන මතු එන දිවසැ දිව්යාලොකයෙහි ඒකාන්තයෙන් ම විශෙෂවන්ප වූ නොයෙක් ශ්රීදසම්පත්තීන් ලබව. එ බැවින් දානඵලවිශෙෂයෙන් යුක්ත මේ කථාවස්තුව ඇසුවා වූ සත්පුරුෂ ස්ත්රීහපුරුෂයන් විසින් තමතමා ශක්ති පමණින් පිළිවන් කුසල කොට මතු දිවසැපත් විඳින්ට උත්සාහ කළ මැනැවි. කියන ලදුයේ මැයි:- “න විපුලජිනසාරං ජානමානො ජනෙවං

ලභති විපුලභොගං තොසමන්තස්ස දානා,
විදිතගුණගණා හො තීසු චත්ථූවසූ තුමෙහ
ලාභථ බලු විසෙසං සීලවන්නෙසු දානා” යි.

මෙ තෙකින් මේ දහම්සොඬවගැ පස් වන බුද්ධවම්මවස්තු ව කියා නමවන ලදී

මෙ තෙකින් මේ සඬර්මාඬලඞ්කාරයෙහි ධර්මසසොණ්ඩකවර්ගම නම් වූ සතර වන පරිච්ඡේද ය නිමි. _________

5. පරිච්ඡේදය

5. මහාමන්ධායතුවර්ග ය

6. මහාමන්ධායතුවස්තුව

තවද මේ සද්ධර්මාමලඞ්කාරයෙහි මහාමන්ධාසතුවර්ගරය නම් කවරැ යත්?

මෙ තැන්හි මතු කියන්නේ එහි පළමු වන මහාමන්ධා්තු වස්තුව ය. හේ කෙසේ ද යත්?

මේ කල්පයට එකානු වන කපින් මත්තෙහි මහවිපස්සී නම් වු එක් සම්යලක්සම්බුද්ධකෙනකුන් වහන්සේ ලොකයෙහි පහළ ව

       1.  දිවසම්පත්        2.  දැන් දී

146 සද්ධර්මයලඞ්කාරය

පවත්වන ලද උතුම් වූ ධර්මයචක්ර ඇතිසේක් දෙවිමිනිසුන් සහිත සියල්ලෝවැසියන් විසින් පුදන ලදුව බන්ධු මති නම් රාජධානියෙහි වැඩවසනසෙක. එ කල්හි මේ මහාමන්ධාුතු රජ්ජුරුවෝ එම නුවරැ සන්නාලිකුලයෙහි ඉපද එ ම සන්නාලිමෙහෙවර කොට ජීවත් වෙමින් වාසය කරන්නා හ. එ කල්හි ඒ නුවරැ වාසය කරන්නා වූ සියලු මනුෂ්යරයෝම බුදුන් ප්රිධාන කොට ඇති මහාසඞ්ඝයා වහන්සේට දවසින් දවසැ දියුණු1 කෙරෙමින් මහදන් සරහා දෙන්නාහ.

මෙසේ දන් දෙන්නා වූ මහජනයා දැක දවසෙකැ ඒ තුනාදරු තෙම සිතනුයේ, මේ නුවරැ වැසි හැමදෙනා ම දැන් සතුටු සතුටු ව දවසින් දවසැ දියුණ දියුණා මහදන් දෙන්නාහ. මම වනාහි දැන් දුක්පත් හෙයන් දන් දී ගත නො හී වෙන ම තේරී ගියෙමි. ඉදින් මම දැන් මෙ බඳු මේ කුශල‍ ෙක්ෂගත්ර.යෙහි මතු මහත්ඵල මහානිසංස වන්නාවූ පින් බිජුවටක්2 වපුටගත නුහුණුයෙම් විම් නම් එන දවසැ මෙ සසරදුකින් කෙසේ නම් මිදෙම් ද, එ බැවින් මා විසිනුදු දනක් දුන මැනැවැයි සිතා දවසෙකැ උත්සාහවන්ත ව සන්නාලිමෙහෙ3 කොට යම්තම් මිලක් උපදවා ගෙන ඒ මිලයෙන් එක් භික්ෂුල කෙනකුන්වහනසේ පමණක් වන් දනක් දීලන්ට නුවරවැසියන් අවසර නොහරනා හෙයින් අගාතියට දිවගෙන ගොස් මිලදී මහමෑ සුමුහයක් පුරා ගෙවුත් බුදුපාමොක් මහාසඞ්ඝයා වහන්සේ නළඳන භොජනශාලාවට වැද එ පමණකුත් පිළිගන්වාලන්ට අවසරයක් නො ලැබ එකත්පස් ව සිටි මෙසේ සිතුසේ ය කෙසේ ද යත්?

මෙයින් එක් භික්ෂූස කෙ‍නකුන් වහන්සේ පමණකටත් මේ මෑ4 දන් පිළිගන්වාලන්ට අවසර නැත්තේ ය. එ බැවින් මම මේ අතින් ගෙන එකාන්තයෙන් ම අසහට දමමි. එසේ කල්හි අහසින් ගොස් හෙන්නා වූ මෙයින් එකෙක් වී නමුත් එක් භික්ෂූ.කෙනකුන් වහන්සේ වළඳවා පාත්රමයෙහි හුණුයේ වී නම් ඉතා මැනැව. ඒ දානමයකුශලය මතු සසරැ සැරිසරා ඇවිදුනා වූ මට බොහෝ කාලයක් මුළුල්ලෙහි නොයෙක් ජාතිවලැ හිත සැප5 එළැවීමට එකාන්තකාරණා වන්නේ ය යි සිතසිතා මහත් වූ සන්තොෂයෙන් යෙදී තමා ගෙන ගිය රාජමාසයන් සුමුහින් ගෙන අහසට දැමූසේක. ඉක්බිති අහසින් ගොස් ගෙන්නා වූ ඒ සියල්ලම බුදුන් පිරිවරා සිටි දෙවියන්ගේ දිව්යාකනුභාවයෙන් හා බුදුන්ගේ බුඬානුභාවයෙන් එකකුන් පිටතැ නො වැගිර බුදුන්

      1.  දිවුණු     2.  පින් නමැති  බීජයක්     3.  මෙ‍හෙවර     4.  මා    5. නොයෙක් 

හිත සැප


මහාමන්ධා තු වර්ගිය 147

ආදී කොට ඇති හැම භික්ෂූවන් වහන්සේ ගේ පාත්ර යෙහි වෙන වෙන ම ගැණ හෙළා ලූවාක් මෙන් අඩුවැඩි නො ව එක විවරට1 නොවරදවා ම හුණුයේ ය. මෙසේ මහත් වූ ඒ ආශ්චය්ය්ව දැක ඉක්බිති ඒ තුන‍ාදරුතෙම ඉතා ප්රාසන්න වූ සිත් ඇති ව බුදුන් දසාවට නම්න ව දශනඛසමොධානසමුජ්වලිත වූ තමාගේ දොහොත මුඳුනෙහි තබාගෙන කෘතඤ්ජලී ව සිට ප්රාවර්ත්ථමනා කරනුයේ-

“ඉමිනා මෙ අධිකාරෙන, පයාදෙන යතිස්සරෙ,

 කාමභොගානහං අග්ගො, භවෙය්යං් ජාති ජාතියං.
පහරිත්වාො යදා පාණිං ඔලොකෙමි නභොතලං,
සත්තරතනසමපන්නං,2 වස්සං වස්සතු සබ්බදා”

යනාදී මෙසේ මා විසින් දැන් කරන ලද්දා වූ මේ දානමය කුශලබලයෙන් හා රහත්ගණයා පිරිවරා වැඩහුන්නාහු වු සපිරිවර බුදුන් කෙරෙහි කරන ලද මේ චිත්තප්රරසාදයෙන් ජනිත වූ කුශල සම්භාරය හෙතු කොට ගෙන මතු උපනුපන් ජාතියෙහි රූපශබ්දාදී වූ පඤ්චකාමසපත්තීන් යුක්ත ව ප්රුමාණාතික්රාදන්ත වූ මහඉසුරු විදීමින් දිව්යගමනුෂ්යා‍දී වූ සියලු කාමභොගීන් ට අග්ර් වෙම්ව යි, යම් කලෙක් හි මම වමත හකුළුවා දකුණතින් අත්පොළසන් දෙමින් මාගේ ඇස්3 දල්වා අහස්තලය බලම් ද, ඒ හැම කල්හි මාගේ අදහස් වූ පරිද්දෙන් දිව්යූමය වූ සත්රුවන් වැසි වැස මිහිමඬල පු‍රා සිටීව යි යනාදීන් ප්රාවර්ත්ථිනා කොට එ තැන් පටන් එකානුකපක් මුළුල්ලෙහි දිව්ය මනුෂ්යදලොකදෙක්හි ව්යුිතිප්ර තිසන්ධිඑවශයෙන් සැරිසරා ඇවිදිමින් මහත් වූ ශ්රීීසම්පත් අනුභව කොට මේ මහාභද්ර කල්පයෙහි ප්රීථමයෙන් රජ පැමිණි සූය්ය්ාභදපුත්රි වූ මහාසම්මතරජහු පටන් අසම්භින්ග ව පැවැති හිරුගොත්වංසයෙහි සත් වන මහාමන්ධා්තු නම් රජ ව උපන්නේ ය. හේ කෙසේ ද යත්?

ප්රවථම අන්තඃකල්පයෙහි සූය්ය්්ොතදිව්යාපුත්රමයා ශ්රී‍කාන්තා ව හා සඞ්ගමය කළ කල්හි ලෝකයෙහි පහළවූහ යි යන පරමතය හෙතු කොට ගොන සූය්ය්පන පුත්රූ ය යි කියන ලද මහාසම්මත නම් වූ ඔපපාතික රජෙක් විය. ඒ රජ මහාජනයාගේ සම්මතයෙන් පළමු වන අභිෂෙක ය වැළඳ4 රාජ්යමයට පැමිණි හෙයින් මහාසම්මත මහ රජ ය යි5 මේ නමින් ප්රයසිද්ධ ව දශවිධ රාජධර්මහයෙන් යෙදී සකල ජනානුපාලනය කෙරෙමින්අසඞ්ඛ්යියක්

 1.  විවර ද - චීවර     2.  - සම්භූතං     3.  මා දෙ ඇස්     4. පැළද    5. මහාසම්මත 

රජය යි.


148 සද්ධර්ම ලඞ්කාරය

අවුරුදු රාජ්ය ය කෙළේ ය. ඔහු පිත් රොජ නම් රජද අසඞ්ඛ්ය යක් අවුරුදු රාජ්යදය කෙළේ ය. ඔහු පිත් වරරොජ නම් රජ ද අසඞ්ඛ්යඅයක් අවුරුදු රාජ්යදය කෙළේ ය. ඔහු පිත් කල්යාිණ නම් රජ ද අසඞ්ඛ්ය යක් අවුරුදු රාජ්යදය කෙළේ ය. ඔහු පිත් වරකල්යා්ණ නම් රජ ද අසඞ්ඛ්ය්යක් අවුරුදු රාජ්යදය කෙළේ ය. ඔහු පිත් උපොසථ නම් රජ ද අසඞ්ඛ්ය යක් අවුරුදු රාජ්යදය කෙළේ ය.

මෙසේ මහාසම්මතරජහු පටන් සූය්ය් වංශයෙහි අසඞ්ඛ්යාස යුෂක වූ රාජසපරම්පරාවක්1 ගිය කල්හි යටැ කියන ලද්දා වූ තුනාදරුතෙම ක්රසමයෙන් අවුත් එ කල්හි උපොසථරජහට පුත්රා ව ඉපිද මහාමන්ධාමතු නම් සක්විති රජ ව පූර්වඅජාතියෙහි ප්රා ර්ත්ථ නා වූ පරිද්දෙන් ලොකයෙහි නොයෙක් ආශ්චය්ය්ූ පහළ කෙරෙමින් සුවාසුදහසක් අවුරුදු චක්රකවර්තිරාජ්ය් කෙළේ ය. හුදක් ආදියෙහි පටන් චක්ර්වර්තිරාජ්යජය කෙළේ නො වෙයි. ඒ රජ වනාහි එ ම ජාතියෙහි සුවාසුදහසක් හවුරුදු කුමාරකෙළි කෙළියේය. සුවාසුදහසක් හවුරුදු යුවරජය කෙළේ ය. සුවාසුදහසක් හවුරුදු මුළුදඹදිව එක්සත් කොට රාජ්යුය කෙළේ ය.

ඉක්බිති දානශීලාදී වූ දශවිධ සක්විතිවත් පුරා පසළොස් වක් ලත් පොහෝදවසෙකැ උදෑසන්හි2ම ලක්ෂවයක් වටනා වස්තු වියදම් කොට මහදන් පවත්වා සුවඳ පැන් සොළොස් කළයෙකින් ඉස් සෝධා3 නහා ලක්ෂ් සුවහස් වටනා සළු හැද අනෙකප්රනකාරරසයෙන් ආර්ද්රහ වූ නොයෙක් සුපව්යපඤ්ජන යුක්ත දිව්ය භොජනයක්4 හා සමාන වූ සයඤ්ජනා සුවඳ රත්හැල් සාලේ බතක් කල් තබා5 මෙහෙ නිමවා පෞෂථාඞ්ගශීලය6 සමෘදන්ව නානාවිධසම්පත්ති සමූහයෙන් ප්රමසාදකර වූ ප්රායසාදයෙහි ඇතුළැ වු7 මතුමහල්තලයට පැනනැගී සුවඳ තෙල් වත්කළ රන්වැටපහනින් හා ජාතිරඞ්ගමාණික්යාමලොකයෙන් එකාලොක ව දිලිහෙන්නා වූ ශ්රිරයාහන්ගබඩාවෙකැ කොඳමල් රැසක් හා සමාන ශ්වෙතවර්ණ් විචිත්රන ආසත්රණවස්ත්රරයෙන් විරාජමානන වූ ශ්රි යාහන්මස්තකයෙහි බද්ධපය්ය්ත්රඞකයෙන් උප ලක්ෂි‍ත ව ක්ෂීධරසාගරයෙහි පැනනැගී රළපතරසමූහයක් හා සමාන වූ පිවිතුරු උතුරුසළුවක් ඒකාංස කොට බහා ගෙන තමාගේ දානශිලාදී වූ කුශලසම්භාරයන් ආවර්ජකනා කෙරෙමින් හුන්නේ ය.

       1.  රාජ පරම්පරාවක්      2.  උදැසන්හි      3.  සෝදා          4. -භොජනයන්  

5. බතක් තබා 6. උපොසථාෂ්ටාඞ්ගශීලය. 7. ඇතුල් වු - ඇතුලා වු



මහාමන්ධා තු වර්ග ය 149

එකල්හි ඔහුගේ කුශලානුභාවයෙන් සර්වායකාරපරිපූර්ණ නාභිතිම්වළලු සහිත වූ එසේ ම දැවි දැවි දහසෙකින් හා ස්වභාවයෙන් පිඹිනා වස්කුළල් සෙයින් ඇතුළතින් සිදුරු ව විචිත්ර වූ ඡිද්රිමණ්ඩලිකායෙන් පවත් ගෙන පචඤ්චාඞ්ගිකතූය්ය්ිදුනාදයක් මෙන් මධුරනාද පවත්නා වූ මනහර පබළුදඬු1 සියයෙකින් හා නීලපීතලොහිතාදීවූ පස්වනක්2 පැහැයෙන් යුක්තව ලෙල දෙන්නා වු විචිත්රීකුසුමදාමයන් ඇති දිව්යනමය රන්කොත් දෙසියයෙකින් සැදුම් ලද්දා වූ කිරිමුහුදැ පැනනැගී පෙණබුබුලු3 පඞ්ක්තියක් මෙන් අතිධවල වූ ධවලාතපත්රිශතයක්4 ධරා සිටි පබළුදඬුසියයෙකින්න ශොභමාන ව දොළොස්‍ යොදනෙකැ පැතිර පවත්නා වූ මධුරනාදයෙන් සියලු ජනයන්‍ ගේ කර්ණනයන් තමන් දශාවට යොමු කරවමින් සතරගව්වෙකැ පැතිර සිටින්නා වූ අනෙකප්ර‍කාර විචිත්රුශොභවිශෙෂයෙන් යුක්ත චක්ර රත්නය පහළ විය. එසේ ම සියලු අවයවසම්පත්තින් ශොභමාන ව රිදීපර්ව තයක් මෙන් දිලිහෙන්නා වූ සර්වසලක්ෂසණන සම්පන්න හස්තිරත්නය ප්රිධාන කොට ඇති නොයෙක් දහස්ගණන් ඇත්සෙනඟ පහළ වූහ.

‍එසේ ම ජවබලසම්පන්ග අශ්වරත්න ය ප්රෙධාන කොට ඇති නොයෙක් දහස්ගණන් අස්සෙනග පහළ වූහ. සුවාසූ දහසක් පමණ මාණික්ය රත්නයන් පිරිවරා රාත්රිහභාගයෙහි හාත්පසින් සතරගව්වෙකැ අන්ධකකාර විධමනය කොට අලොක පතුරුවා දිලියෙන්නා වූ5 සතරරියන් දිග ඇති අෂ්ටාංශක6 වූ වින්තාමාණික්යිරත්නය ප්ර්ධාන කොට ඇති නොයෙක් දහස්ගණන් මාණික්ය රත්නයෝ පහළ වූහ. බහා පළඳනා ලද මාණිඛමමය කුණ්ඩලාභරණාදී වූ දෙවනිර්මිත නොයෙක් බිසෝ පළඳනායෙන් සැරැහුණා වූ ශරීරශොභාවන් ඇති සිවුසැටක් පමණ ස්ත්රී ලක්ෂාණයෙන් යුක්ත දිව්යවප්සරාවක මෙන් රූපශ්රීීන් විරාජමාන වූ ශරීරසම්පත්තින් යුක්ත ස්ත්රීවරත්නය ප්රකධාන කොට ඇති නොයෙක් දහස්ගණන් බිසෝ වරු පහළ වූහ.

මහපොළොව ඇතුළෙහි පවා යොදනක් පමණ තන්හි ඇතුළතැ පිහිටියා වු නිධාන දක්නා තරම් මහානුභාවසම්පන්න දිවැස් ඇති ගෘහපතිරන්නය ප්රාධාන කොට ඇති සියලු උපභොගපරිභොගවස්තුවෙන් අඪ්යත වූ නොයෙක් දහස්ගණන් සිටුවරු පහළ වූහ. සතිස් යොදනෙකැ පැතිරු සිටි මහසෙනඟ

       1. පබළු දඬුවැට      2. සවනක්         3. පෙණබිබුළු       4.  ධවලානපත්රපයක් 

5. දිලිහෙන්නා වූ 6. අෂ්ටාඞ්ගික


150 සද්ධර්ම ලඞ්කාරය

හා සමග රජහුගේ අභිප්රාාය දැන ඒ වූ පරිද්දේන් පිළිපදනට සමර්ත්ථ වූ පරසිත් දන්නා දිව්යයඥාන ඇති ස්වභාවයෙන් ම ප්රදඥා සම්පන්න වූ කාය්යා ර කාය්ය්‍ැන දැන්මෙහි දක්ෂර යුක්තමුක්තවාදී ජ්යේෂ්ඨපුත්ර වූ පරිනායකරන්නය ප්රතධාන කොට ඇති නොයෙක් දහස්ගණන් සෙවක රජදරුවෝ පහළ වුහ.

තවද පිරිවර සහිත සතරමහාද්වීපයෙහි වාසය කරන්නා වු හැම මනුෂ්යරයන් එකපැහැර තමන් තමන්2 සිත් වූ පරිද්දෙන් උකාගනුත් අඩුවක් නොපෙ‍නෙන්නා වූ වටින් ගව් දෙව් තුන් ගව් සතරගව් වට ඇති ව ගැඹුරෙන් දෙලක්ෂ් සතලිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහපොළොව නිම්ම දක්වා නොයෙක් වස්තුවෙන් පිරි සිටියා වු සතර මහානිධානයෙකුදු පහළ විය. ඒ රජහු ඇමතියන්ට යම් කැමැති3 පරිද්දෙන් ප්රුසාද දෙනු කැමැති ව වමත හකුළුවා දකුණතින් අත්පොළසන් දෙමින් ආකාශමණ්ඩලය බැලූ කල්හි දෙවතාවෝ මහසුළං ගත් සල්වනයක් සේ වෙවුළමින් භයින් තැති ගෙන වෙන වෙන ම දිව්ය ම ය වූ සත්රුවන්වැසි වස්වමින්4 වටින් සතිස් යොදුන් පමණ තන්හි අතුරු නො දී5 උසින් දණ පමණ සත්රුවන් ගොඩ කරන්නාහ. එසේ ම6 රජහුගේ කුශලානු භාවයෙන් නිර්මිත පඤ්චාඞ්ගිකතූය්ය්යොදනාදයක් මෙන් මධුරනාද විහිදුනා වූ මිණිකිකිණිදැල් බැදි නානාවර්ණයධ්වජමාලාවෙන් සැදුම් ලද්දා වු හෙමන්ත ය, ගිම්හාන ය, වස්සාන ය, යන තුන් සෘතුවට සුදුසු වූ තුන්පහය7 සිසාරා අනෙකප්රිකාරදිව්ය මයවස්ත්රාා භරණ අන්නපානාදීයෙන් සැදි සිටගත්තා වූ කල්පවෘක්ෂියෝ මෙ තෙකැයි පමණ නැත.

ඒ රජහු බැණනැගි බස හා සමගඟ මුඛයෙන් නිකුත් මහනෙල්මල් සුවඳ යොදනක් තැන් දිවෙයි. ශරීරයෙන් නික්මුණා වූ දිවසඳුන් සුවඳ සතරගව්වෙකැ පැතිර සිටිනේ 8ය. ආකාශයෙහි දෙවෙන්ර්ඳුනලීලාවෙන් පලක් බැඳ හිඳ මහසෙනඟ තුටු ගන්වා9 අනුශාසනා කරන තරම් මහත් වූ ඍද්ධි ඇතියේ ය. දෙවතාවෝ සතරදෙනෙක් සර්වාාභරණයෙන් සැරැහී දිව රන්කඩු ගත් අත් ඇතිව ඕහට සතරදිගැ රැකවල් ගෙන සිටිනාහ. ඒ රජහු තමාගේ අණසක පවත්නා වූ පිරිවර සහිත සතර මහාද්වීපය බලම්හ යි සිතූ ඇසිල්ලෙහි චක්රරරත්නය අභිමුඛ ව ඉදිරියෙහි නික්ම ගන්නේ ය.

         1. පිළිපදිනට          2. තමතමන්         3.  ඇමතියන් කැමති           4. වස්වා

5. අතුරු නොහැර 6. මෙසේ 7. තුන්පාය 8. සිටින්නේ 9. දුටු ගස්වා



මහාමන්ධා තු වර්ගරය 151

එ කල්හි රජතෙමේ1 සියලු රාජාභරණයෙන් සැරැහී කැමැති වාහනයකට නැගි එසේ ම සර්වා භරණයෙන් සැරැහුණා වූ දෙවඟනන් හා සමාන විශෙෂරූපශොභාවෙන් විරාජමාන වූ මනහර පුරඟනන් හා එසේම අනෙකාලඞ්කාරයෙන් විභූසිතව තල්වැට සෙමර2 විසිරිපත්3 පුන්කලස සෙන්කෝල් පිල්කලඹ4 කුඩකොඩි සේසත් මඟුල්කඩු ආදී කොට ඇති නොයෙක් මඟුල්පෙරහැර5 ගත්තා වූ පරිවාරජනයන් හා එ පරිද්දෙන් ම අනෙකවිධකර්මාපන්ත විශෙෂයෙන් විචිත්රි රජ දූ කුප්පායම් ආදී වූ නානාවර්ණරසන්නභයෙන් අලඞ්කෘත ව අනෙකප්රවකාර ආභරණ ප්රාභායෙන් දිලියෙමින් අතින් ගන්නා ලද අසිසත්තිතෝමරචන්ර්ර චක්රයභෙණ්ඩිවාලාදි වූ විවිධායුධයන්ගේ ප්රනබරණප්ර්භායෙන්6 හා නඟන ලද නොයෙක් දහස්ගණන් ධජපතාකයෙන් ප්ර තිමාණ්ඩිත වූ තමතමන්ගේ7 මහසෙනඟ හා සමඟ අහසින් අවුත් සිටගත්තා වූ යුවරජ සෙනෙවිරත් ඈපා මාපා ආදී වූ මණ්ඩලිකවරුන් හා එ පරිද්දෙන් ම පෙළපෙළ සැදී වෙන වෙන ම අවුත් රැස් වෙමින් සතිස් යොදුන් පමණ තන්හි අතුරු නො හැර දිව්යෙසෙනාවක් සේ සැරැහී සිටගත්තා වු මහසෙනඟ පිරිවරා තරු පිරිවැරූ පූර්ණසචන්‍ද්රදයා සේ දිලිහිදිලිහී ආකාශයෙන් නික්මෙන්නේ ය.8

එ කල්හි රජ්ජුරුවන්ට අභිමුඛ ව දිව්යරඞ්ගනාවක් හා සමාන වූ සැටදහසක් පමණ නාටකසත්රීිහු ආකාශයෙහි දිව්යර ලීලාවෙන් නටාගෙන යෙති. උන්ට අභිමුණ ව එසේ ම දෙවගනන් හා සමාන වූ සැටදහසක් පමණ පුරඟනෝ9 වීණා වෙණු ආලවර්ණන වංගි වස්දඩු එකච්ඡිද්රෙ මණිපර්වන විජයොධ්වති ඔත්තු තන්ත්රිවපට සිරිවිලි කෞලස්වර ආදියෙන් මධුරස්වර පතුරුවා ගායානානාද කෙරෙමින් නික්මෙන්නාහ. එසේ ම දෙව්කුමරුවන් බඳු වූ සැටදහසක් පමණ ගන්ධෙර්වනපුත්ර්යෝ නොයෙක් ලෙසින් සැරැහී ඉදිරි ව සිටි පණාබෙර ගැටබෙර තුණ්ඩිබෙර මහබෙර පොකුරුබෙර රොදු බෙර එකස්බෙර මිහිඟුබෙර දුදුගුබෙර දැදුරුබෙර තම්මැට නිසාන ආදී වූ අනෙක ප්ර්කාර හෙරීඝොෂාවෙන් ඒකකොලාහල කෙරෙමින් නික්මෙන්නාහ. මෙසේ මහපිරිවරින් නික්මුණා වූ රජ්ජුරුවෝ වෙන වෙනම පන්සියයක් පන්සියයක් කොදිව්10 පිරිවරා සිටි දසදහසක් යොදුන් ජම්බුද්වීපය ද සත්දහසක් යොදුන් අපරගොයානය ද අ‍ාටදහසක් යොදුන් උතුරුකුරුදිවයින ද සත්දහසක් යොදුන් 1. තෙම 2. චාමර 3. විජිනිපත් 4. පුන්කලසයෙන් කොලපිල් 5. -පෙළහැර 6. ප්රදභාවයෙන් 7. ප්රණතිමණ්ඩිත වූ තමන්ගේ 8.නික්මෙන්නේය 9. පුරඟනාවෝ 10. කොදෙව්.



152 සද්ධර්ම ලඞ්කාරය


පූර්ව්විදෙහය ද යන සතරමහාද්වීපය බලා දිග්විජය කොට ඇවිද එහි වසන්නා වූ මනුෂ්යෙයන්ට ප්රාීණවධාදී වූ අකුශල ධර්මියන් දුරු කරවා, දානශීලා දී වූ දශවිධ කුශලධර්මධයන් පුරුදු කරව යනාදීන් අවවාද කොට පන්සිල් දී එ ම දවස් පෙරවරු බතට තමන්ගේ මාලිගාවට එන්නා හ.

මෙසේ දැන් මෙ තැන්හි ගෙනහැර දැක්වූයේ වනාහි හිදිකටුසිදුරෙන් ආකාශය දැක්වූවා සේ ඒ සක්විතිරජහුගේ ශ්රීය විභූතියෙන් එකදෙශමාත්රවයෙක් ම ය. එසේ හෙයින් මෙ බඳු අප්රඑමෙය වූ නොයෙක් ශ්රීො සම්පත්තීන් හා සක්විතිරජුන්ට ම එකාන්තනියත වූ මහානුභාවසම්පන්න චක්රතරත්නය, හස්තිරත්නය අශ්වරත්නය, මාණික්යශරත්නය, ස්ත්රීනරත්නය, ගෘහපතිරත්නය, පරිනායකරත්නය යි කියන ලද සප්තවිධරත්නයෙන් හා අතත්යිසාධාරණ1 ප්රි යමමනාපරූපවර්ණයසම්පත්යා්දී වූ සතර මහාසෘද්ධියෙකින් යුක්ත ව වටින් සතිස්ලක්ෂ ‍දසදහසක් කොදිව්2 පිරිවරා වෙරසතරමුණැ2 පිහිටි සතරමහාවීපයෙහි එකානපත්රූ චක්ර්වර්තිරාජ්යිය කෙරෙමින් ප්රිමාණතික්රා න්ත වූ මෙ වැනි ශ්රී් විභූතියක් විඳිනා වූ ඒ මහාමන්ධා තු නම් චක්රාවර්තී රජ්ජුරුවෝ වනාහි තවද වස්තු කාමක්ලෙශකාමයන් විෂයෙහි පැවැත්තා වූ තමන්ගේ ලොභවෙනනාව ඉතා අධික හෙයින් කාමතෘෂ්ණාව පුරාගත නො හී එ බඳු චක්රවවර්තී රාජ්යධසම්පත්තියෙහි පවා කලකිරි දවසෙකැ නොසතුටු වූ ආකාර දැක්වූහ.

එ පරිද්දෙන් ආසන්තොෂ වූ හුන්නා වූ රජ්ජුරු‍වන් දැක අමාත්යුවරු එක් ව කිමෙක් ද දෙවයන් වහන්ස, කවර කාරණයක් පිණිස අසන්තොෂ ව වැඩහුන් සේක දැයි විචාළහ. එ බසට මහාමන්ධා්තරජ්ජුරුවෝ කියන්නාහ එම්බා අමාත්යචවරුනි, පූර්විජාතියෙහි මා විසින් කරන ලද්දා වූ කුශලසම්භාරයන් බැලූකල්හි මෙ ම චක්රිවර්තීරාජසම්පත්තිය කෙතෙක් අගනේ ද? ඉතා ස්වල්ප වන්නේ ය. එබැවින් සියලු සම්පත්තින් මීට වඩනා වූ අන්කිසි තෙනෙක් ඇත් නම් පරීක්ෂා් කොට කියව. කවර තැනෙක්4 උතුම් ද සිත්කලු දැයි විචාළහ. එ බසට අමාත්යඑවරු කියන්නාහු දෙවයන් වහන්ස, දිව්යවලොකය මීට වඩා සියක් ගුණයෙන් වඩනේ ම ය. ඉතා රම්යය ය. විශෙෂ වූ දිව්යයමය වූ පඤ්චකාම සම්පත්තීන් යුක්ත ය යි කීහ. එ තෙපුල් අසමින් මහාමන්ධාිතුරජ්ජුරුවෝ ස්වර්ණඤභිඞ්කාරයෙන් සුවඳ පැන ගෙන “පවත්තතු භවං චක්කරත්නං, අගිවිජිනාතු

      1.  අනන්යතසාධාරණයෙන්    2.  කොදෙව්    3.- මුදුන  - මුදුනේ    4. තැනෙක්හි

මහාමන්ධා“තු වර්ගනය 153

භවං චක්කරත්තං” යනාදීන් වෘක්තිච්ඡාරණය කෙරෙමින් චක්ර රත්නය ට පැන් වැඩූහ. එ කල්හි චක්රවරත්නය දෙවන සඳමඬලක් සේ අහසට පැනනැඟී දසදිග් බුබුළුවමින් ඉදිරියෙහි නික්මූණේ ය.

ඉක්බිති රජ්ජුරුවෝ තුමු ද නානාලඞ්කාරයෙන්1 සැරැහී හාත්පසින් සතිස් යොදුන් පමණ තන්හි අතුරු නො හැර පිරිවරා සිටගත්තා වූ මහසෙනඟ හා සමඟ අහසට පැනනැගී මේ භූමියට දෙසාලිස්දහසක් යොදනින්2 මත්තෙහි පිහිටියා වූ චාතුර්මද භාරාජික දිව්යඅලොකය බලා නික්මුණා හ. එ කල්හි යුගන්ධෙ ර පර්වමතමසත්කයෙහි සක්දෙව්රජ හට රැකවල් ගෙන සිටිනා වූ3 ධෘතරාෂ්ට්ර ය, විරුළ්හක ය, විරූපාක්ෂ්ක වෛශ්ර්වණ ය යි කියන ලද නාමප්ර සිද්ධ වරම්රජ දරුවෝ සතරදෙන දිවමල් දිවසුවඳ ගත් අත් ඇති ව නොයෙක් කෙළගණන් දිවසෙනඟ පිරිවරා පෙර ගමන් කොට අවුත් මහාමන්ධා තුරජ්ජුරුවන් කැඳවාගෙන තමන්ගේ චාතුර්මනභාරාජිකදිව්යධලොකයට ගෙන ගොස් දිව්යෙ රාජ්යද ය දුන්නාහ. මෙසේ ඒ දිව්යයලොකයෙහි දිව්ය්සෙනාව ය, තමන් හා කැටු ව4 ගිය මනුෂ්යුසෙනාව ය යන දෙසෙනඟ පිරිවරා සච්මහරජයෙහි5 දිව්යනරාජ්යෙය කරන්නා වූ මහාමන්ධාජතු රජ්ජුරුවන්ට බොහෝ කාලයෙක් අතික්රාෂන්ත විය. මෙසේ ඒ දෙව්ලොවැ මහත් වූ දිව්යරඓශ්චය්ය් කා විඳීමෙන් පවා තමන්ගේ ලොභතෘෂ්ණාව පුරාගත නො හී ඒ දිව්ය් සම්පත්තියෙහි උකටලී ව පෙරැ පරිද්දෙන් ම දවසෙකැ නොසතුටු ආකාර දැක්වූහ.

ඉක්බිති වරම්රජදරුවෝ සතරදෙන කිමෙක් ද දෙවයන් වහන්ස, නොසතුටු වුසේක් දැයි විචාළහ. ඒ බසට මහාමන්ධාශතු රජ්ජුරුවෝ කියන්නාහු එම්බා දිව්යටරාජයෙනි, මේ දිව්යඒලොකයෙහි මාගේ සිත් ඇලෙන්නේ නො වෙයි. එ බැවින් මේ දෙව් ලොවට වඩා කවර දිව්යනලොකයෙක් සිත්කලු දැයි විචාළහ. ඒ තෙපුල් අසා වරම්රජදරුවෝ සතරදෙන කියන්නා හු දෙවයන් වහන්සේ, අපි හැම නම් අනුන්ට මෙහෙ කරන කර්මිකාරකමනුෂ්යදයන් හා සමානයම්හ. එ බැවින් අපගේ ශක්ර දෙවෙන්ර්ියනයන් වහන්සේ වැඩ වසන6 තව්තිසා දිව්යඅලොකය මීට වඩා ශතසහස්ර්ගුණයෙන් වඩන්නේ ම ය. ඉතා සිත්කලු ය හැම දෙවතාවන්ගේ සිත් ඇලවන්නේ ය.7 දිව්‍සේෙඑශ්චය්ය් හැ ආදී වූ සියල්ලෙන් ම තව්තිසා දිව්‍ඇලෙලාකය උතුමැයි කීහ. ඒ තෙපුල් අසා මහාමන්ධා්තු රජ්ජුරුවෝ පෙරැ පරිද්දෙන් ම චක්ර‍රත්නය

        1.  නොයෙක් අලංකාරයෙන්      2.  යොදුන්       3.  සිටියා වූ        4.  කැටිව

5. සිව්- 6. වසන්නා වූ 7. ඇලෙන්නේ ය.


154 සද්ධර්ම ලඞ්කාරය

ඉදිරි කොට තමන්ගේ මහසෙනඟ පිරිවරා තව්තිසාදිව්ය ලොකයට අභිමුඛ ව නික්මුණාහ. එ කල්හි ශක්රයදෙවෙන්ර් යෝ දිවමල් දිවසුවඳ ගෙන නොයෙක් කෙළසුවහස්ගණන් දිව සෙනඟ පිරිවරා ශක්රකභවනයෙන් පෙරගමන් කොට ඉදිරියට අවුත් මහාමන්ධාවතුරජ්ජුරුවන් අත අල්වාගෙන මෙසේ වැඩීය මැනැව මහරජ කියා ප්රි්යකථා කෙරෙමින් තමන්ගේ දිව්යෙ ලොකයට කැඳවාගෙන නික්මුණාහ.

මෙසේ මහාමන්ධානතුරජ්ජුරුවන් දිවසෙනඟ පිරිවරා මහත් වූ පෙරහරින් අපමණ වූ උත්සවයෙන් අනොපමෙය වූ දිව්යපඓශ්චය්ය්රහරයෙන් යුක්ත ව තව්තිසා දෙව්ලොව බලා නික්මුණු කල්හි ඒ රජහුගේ පරිනායකරත්නය යි කියන ලද ප්ර ධාන පුත්‍ජහයාණෝ සතිස් යොදුනෙකැ පැතිර සිටි මනුෂ්යිසෙනාව හා සමඟ චක්රුරත්නය ගෙන මිනිස්ලොවට බැස තමන්ගේ මාලි ගාවට ම වන්හ. ශක්ර්දෙවෙන්ර්න මයෝ වනාහි මහාමන්ධාවතු රජ්ජුරුවන් තව්තිසාදෙව්‍ ලොවැ තමන්ගේ ශක්ර්භවනට කැඳවාගෙන ගොස් දිවසෙනඟ දෙභාගයක් කොට සෙසු තමන්ගේ දිව්යැ රාජසම්පත්තිය ද දෙදෙනාට සරියේ මැඳින් දෙකක් කොට බෙදා මහාමන්ධානතුරජ්ජුරුවන්ට එයින් භාගයක් දුන්හ. එ තැන් පටන් මහාමන්ධාධතු ය, ශක්ර දෙවෙන්ර්ාතු ය යන රජදරුවෝ දෙදෙන කෙරෙහි මෙත්සිත් පතුරුවා සමඟි ව තව්තිසා දෙව්ලොවැ දිව්යෙරාජ්යකය කරන්නාහ.

මෙසේ දිව්යදඓශ්චය්ය්රාජ විදිමින් බොහෝ කාලයක් ගිය කල්හි ශක්ර දෙවෙන්ර්ය්යතෙම තුන්කෙළසැටලක්ෂ යක් අවුරුදු ආයු වළඳා දිව්යවරාජ්යරය කොට මෙළේ ය. ඉක්බිති අනික් ශක්රෙයෙක් පහළ විය. ඒ ශක්රළයා ද පළමු ශක්රමයා පරිද්දෙන් ම තුන්කෙළසැට ලක්ෂරයක් අවුරුදු ආයු වළඳා මෙළේ ය මෙ ම ක්ර‍මයෙන් වරින් වරැ ඉපද තුන්කෙළසැටලක්ෂකයක් තුන්කෙළසැටක්ෂයයක් අවුරුදු ම ආයු වළඳා අර්ධකරාජ්යකය කොට සතිස් ශක්රකකෙනෙක් මළහ. මහා මන්ධාරතුරජ්ජුරුවෝ වනාහි එ ම මනුෂ්යළශරීරයෙන් ම හිඳ එ තෙක් කල් මුළුල්ලෙහි ම දිව්යරරාජ්යමය කළ හ. මෙසේ දිව්යක ඓශ්චය්ය්ඳ විදීමෙන් කල් යන කල්හි මහාමන්ධා්තුරජ්ජුරු‍වන්ට1 පළමු ‍කාලයට වඩා අධික වූ කාමතෘෂණාව උපන්නේ ය. එ කල්හි තමන් සිතැ හටගත්තා වූ කාමතෘෂ්ණාව ධරාගත නො හී සිතන්නාහු ශක්රඑයන්ගේ උපකාරයෙන් ලද්දා වූ මේ අර්ධරරාජ්යඅයෙන් මට ප්රසයෝජන කිම් ද? එ බැවින් දැන් ශක්රරයන්

   1.  රජහට


මහාමන්ධා1තු වර්ගමය 155


අල්වාගෙන මරාදමා1 වටින් සතිස්ලක්ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් චක්රාවාටපර්ව1තයෙහි බාහිරාන්තය දක්වා අතුරු නො හැර විචිත්රනකාරයෙන් සැදී සිටගත්තා වූ කනකරජත මාණික්යෙමයවිමානපඞ්ක්තීන් යුක්ත තව්තිසතාදෙව්ලොවැ දිව්යත රාජ්යබය එක්සත් කොට පොළෝතෙලෙහි පටන් එක්ලක්ෂල අටසාටදහසක් යොදුන් උස ඇති මහමෙරමුඳුනෙහි පිහිටි දිවසත්රුවනින් විසිතුරු වහසල් පවුරුපදනමින් හෙබියා වූ දහසක්2 රුවන්දොරටුවෙන් පිරිවරන ලද රන් රිදී විදුරු මුතු මැණික් වෙරළුමිණි පබලු ආදී වූ සප්තවිධරත්නයෙන් විචිත්රර විමානමාලාවෙන් හා උයන් පොකුණු ගලතල කල්පවෘක්ෂ් පඞ්ක්තීන් සශ්රී ක වූ ශක්රණභවනයෙහි වාසය කෙරෙමින් සිත් සේ වාසය කෙරෙමි යි සිතූහ.

ඒ රජ හු එ පරිද්දෙන් සිතූ පමණක් මිස ශක්රර දෙවෙන්ර් උ යන් මැරීම3 නොහැක්කේ ම ය. මෙසේ ඔහු සිතැ හටගත්තා වූ ඒ කාමතෘෂ්ණාව වනාහි එකාන්තයෙන් ම ඕහට වන මහත් වූ විපත්තිය මුල් කොට ඇත්තේ ය. හේ එසේ ම ය. මේ ලොකයෙහි ගඟක් දෙපිටැ තණබිමට බට ගවයන් එතෙරැ මෙතෙරැ දුරු නිල්තණ දැක කිඹුල් දැතිමුවර ආදී වූ චණ්ඩසත්ත්වනයන් නිසා වන උපද්රුව නො සලකා ගොචරතෘෂ්ණාවෙන් ඔබිනොබැ දියැ පීනා ඇවිද වෙහෙස විඳිනා සේ මේ ස්ථානය උතුම්, මෙතැන් හි ඉතා සැප ය යි මෙසේ අධික වූ ලොභයෙන් චිත්තඛෙදයට පැමිණ පෙළෙන්නා වූ සත්ත්වහයෝ මෙලෝ පරලෝ දෙකින් හැමකල්හි කිසියම් සැපයක්4 නො ලබන්නාහ. සියලු සත්ත්වහයන්ට තෘෂ්ණාව නිසා ම චිත්තාභ්ය න්තරයෙහි ඉපදි ශරීර ශොෂණය කරන්නා වූ ශොකයත්5 උපදනේ ය. එ ම තෘෂ්ණාව හෙතු කොට ගෙන ශරීරසන්තාප ය කරන්නා වූ භයත් උපදනේ ය එබඳු තෘෂ්ණාවෙන් මිදුණා වූ බුදුපසේබුදු මහරහතන් වහන්සේ ට වනාහි කිසි ශොකයෙක් නැත්තේ ය. භයෙකැ යි යන දෙයෙක් කැලම නැත්තේ ය.

තවද මේ ලොකයෙහි ත‍ෘෂ්ණාවට ගැති ව හෙවත් කාමතෘෂ්ණාවගේ වශගත්වියට පැමිණ වාසය කරන්නා වූ සත්ත්ව්යෝ රජදරුවන් හා සතුරු සොරු ආදීන් නිසා වන්නා වූ අත්පා සිඳීම් කන් නාසා කැපීම් ආදී වූ අනෙකප්රුකාර දුඃඛයට පැමිණ මහත් වූ ක්රෑ්රතර වේදනාවෙන් වෙහෙසෙන්නාහ.6 එසේ ම ‍‍ෙක්ෂූත්රරවාස්තූන් හා රත්රන් අමුරන් ආදී ය ද ඇත් අස් ගව මී

    1.  දැම්මව     2.  දසදහසක්     3.  මරාගත     4.  සැපතක්      5.  ශොකසන් 

6. වෙසෙන්නාහ 7. ක්ෂෙදත්ර වස්තූන්

156 සද්ධර්ම ලඞ්කාරය

දෑසිදසුන් හා අවශෙෂ පරිවාරජනයන් ද යන මේ ආදී වූ නොයෙක් උපභොග පරිභොග වස්තූන් නිසා සිතැ හටගන්නා වූ යම් ලොභයක් හෙතු කොට ගෙන මේ ලොකයෙහි සත්ත්ව යෝ මහත් වූ විනාශයට පැමිණෙද්ද, හැම කල්හි එ බඳු අනර්ත්ථ්වයට කාරණ වූ1 ඒ ලොභතෘෂ්ණාව නුවණැත්තා වූ උත්තම සත්ත්‍ අයන් විසින් තමතමාග් නුවණබලයෙන් සර්වණප්රසකාරයෙන් ම දුරු කටයුත්තේ මැ යි.

එසේ හෙයින් කියන ලදී:-

“වරමත්ර සුඛන්න්යසත්රව, අත්රිබච්ඡාවිභතො න‍ෙරා, ඉධ වා පරත්ථක වා කිඤ්චී, න සාතං වින්දිතෙ සදා.

තණ්හාය ජායතෙ සොකො, තණ්හාය ජායතො භයං, තණ්හාය විප්පමුත්තස්ස, නත්ථිය සොකො කුතො භයං.

තණ්හාදායො නරො එත්ථ , රාජවොරාරියමහවං,2 හත්ථණචෙපදාදිකං දුක්ඛං, පාපුණානි විභඤ්ඤති.

යෙන ලොභෙන ජාතෙන, සදා ජියන්ති පාණිනො, ඛෙත්තං වත්ථුංෙ හිරඤ්ඤං ච, ගවාස්සං දාසපොරියං, සබ්බත්ථාත මෙන සො ලොභො, පහාතබ්බොව විඤ්ඤානා” යී

මෙසේ මහෙච්ඡතාවෙන් මහත් වූ ලොභයෙන් පහරන ලද්දා වූ සිත් ඇති ඒ මහාමන්ධාෙතුරජහුගේ ආයුසංස්කාරය පිරිහිණ. සකලශරීරය යන්ත්රමතලයෙන් රස මිරිකා ගත් උක්සපයක් සේ ජරාවෙන් උපහන වී ය3 එතෙකුදුවුවත්4 මනුෂ්යගශරීරය වනාහි දිව්යඋලොකයෙහි නොනස්නේ ම ය. එබැවින් මහාමන්ධා4තු රජ්ජුරු‍වෝ කල්පාන්ත පවතින් මුලිනුපුළ ශාලද්රැඑම යක් සේ එ කෙණෙහි දෙව්ලොවින් ඉපිල හී මිනිස්ලොවැ පළමු තමන් චක්රසවර්තෙතිරාජ්ය්ය කළ නුවරැ උද්යාතනයට බටහ. එ කල්හි උයනැ රැකවලැ සිටි උද්යාානපාලතෙම නුවරට දිවගෙන ගොස් මහාමන්ධානතු රජ්ජුරුවන් දෙව්ලොවින් ආබව ඒ රජහුගේ ම පුත්ර වූ වරමන්ධානතු නම් රජහට දැන්වීය.

එ පවත් අසා රජ්ජුරුවෝ මහසෙනඟ පිරිවරා නුවරින් නික්ම අවුත් ම හාමන්ධාඅතුරජ්ජුරුවන් දැක පිළිසදරකථා කොට නොයෙක් පරිද්දෙන් උයන සරහා එ ම උයන්හි හිඳිනා අසුන් පැනවූහ. එ කලැ මහාමන්ධා තු රජ්ජුරුවෝ උයන්හි පනවන ලද උතුම් වූ ඒ රාජසමනස්තකයෙහි සැතැපුණාහු නැගී නොසිටිනා.

         1.  කාරණා වූ            2.  රාජචොරදිසමහවං  -  (රස)         3.  උපගතවිය 

4. එතකුදුවුවත්

මහාමන්ධා තු වර්ගඋය 157

සෙය්යාධවෙන් වැදහොත්තාහ. එසේ අනුට්ඨානසෙය්යා වෙන් සැතපුණා වූ රජ්ජුරුවන් දැක අමාත්යදවරු කියන්නාහු දෙවයන් වහන්ස, නුඹ වහන්සේ ස්වර්ගුස්ථ වූ කල්හි එන දවසැ අපි මහජනයාට කුමක් කියමෝ දැයි විචාළහ. ඒ තෙපුල් අසා මහාමන්ධානතු රජ්ජුරුවෝ කියන්නා හු එම්බා ලොවට හිත කැමැති ඇමතියෙනි, මා ඇවෑමෙන් එන දවසැ තෙපි හැම මහාජනයාට මෙසේ කියව. කෙසේ ද යත්?

අපගේ ස්වාමිපුත්රි වූ මහාමන්ධාදතු රජ්ජුරුවන් වහන්සේ සුවාසුදහසක් අවුරුදු කුමරිකෙළි කෙළ සුවාසුදහසක් අවුරුදු යුවරජකම් කොට සුවාසුදහසක් අවුරුදු මුළුදඹදිවැ රාජ්යුය කොට ඉක්බිති සුවාසුදහසක් අවුරුදු සප්තවිධරත්නයෙන් හා සතරමහාඍද්ධියෙකින් යුක්ත ව දෙදහසක් කොදිව්1 පිරිවර කොට ඇති සතරමහාවීපයෙහි එකාතපත්රක වූ චක්රතවර්තිතිරාජ්යතය කොට එ ම ආත්මභාවයෙන් දෙව්ලොවට නැගී චාතුර්ම භාරාජිකදිව්යිලොකයෙහි බො‍හෝ කාලයක් දිව්යෙරාජ්යගය කොට එයින් තව්තිසා දෙව්ලොවට නැඟී ශක්ර‍යන්ගේ අඬිරාජ්යකය ගෙන සතිස්ශක්රතකෙනකුන්ගේ ආයුමණින් එක්විසි විසිනවකෙළ සැටලක්ෂලයක් අවුරුදු තව්තිසාදෙව්ලොවැ දිව්යිරාජ්යසය කොට එ ම මනුෂ්යයශරීරයෙන් නැවැත මිනිස්ලොවට බැස මෙසේ හැම ඇතුළු ව අසඞ්ඛ්යයයක් හවුරුදු ආයු වළඳා කාලක්රිලයා කළසේක. යන මේ අස්න එන දවසැ මහ ජනයාට කිය ව යි මෙසේ අමාත්යවවර්න්2 උගන්වා ඉක්බිති ඒ මහාමන්ධා තු රජ්ජුරුවෝ එයින් කාලක්රියයා කොට තමන්ගේ කම් වු පරිද්දෙන් ගියහ.

ඒ බව ප්රලකාශකොට දක්වනු පිණිස භාග්යමවත් වූ බුදුරජාණන් වහන්සේ සිව්වනක් පර්ෂකද්මඬ්යසයෙහි වැඩහිඳ ගාථාවෙන් වදාරන සේක:-

“යාවතා චන්දි මසුරියා, පරිභරන්ති දිසා භන්ති විරොවනා,

සබ්බො ව දාසා මන්ධාමතා, යෙ පාණා පඨවිනිස්සිතා”

යනාදීන් එම්බා මහණෙනි, මේ චන්ර්ාණා සූය්ය් රජ දෙදෙන යම් පමණතැනෙක්හි අන්ධඑකාරවීධමනය කොට තමන්ගේ ශරීරලොකයෙන් දසදිග් බබුළුවා ප්ර්ජාපාලනය කෙරෙමින් ආකාශමණ්ඩලයෙහි පැළැඹෙද්ද, එ පමණ තන්හි මහපොළොව ඇසුරු කොට වාසය කරන්නා වු යම් පමණ සත්ත්වතකෙනෙක් ඇද්ද, ඒ සියලු සත්ත්වමයෝ ම මහාමන්ධාසතුරජහුගේ පරිවාරදාසයහ යි වදාරා මත්තෙහිදු භික්ෂූ න්වහන්සේට අවවාදවශයෙන් ධර්මාදේශනා කොට වදාරන සේක:-

    1.  කොදෙව්        2.  අමාත්යශවරුන්ට

158 සද්ධර්ම ලඞ්කාරය

“න කභාපණවස්සෙන, තිතති කාමෙසු විජ්ජති,

අප්පස්සාදා දුඛා කාම‍ා, ඉනි විඤ්ඤාය පණිඩිතො.
අපි දිබ්බෙසු කාමෙසු, රතිං සො නාධිගච්ඡති,
තණ්හක්ඛය රතො හොතා, සම්මාසම්බුඬසාවකො”

යනාදීන් එම්බා මහණෙනි, එඒමහාමන්ධාඬතුරජතෙම සෙසු සම්පත්1 තබා මෙසේ දිව්යමමය සත්රුවන්වර්ෂාමවෙන් පවා වස්තුකාමයෙහි මෙ තෙක් පමණැයි යන තෘප්තිනිවාරණයක් නොලද්දේ ය.4 දවසින් දවසැ වඩවඩා තෘෂ්ණාව වසගත්වතයට5 පැමිණ අ‍ෙනාපමෙය වූ එ බඳු දිව්යාසම්පත්තියෙන් පවා පිරිහුණුසේ ය. එ බැවින් ඒ ඒ4 දිශාභාගයෙහි සිට අනවකාශයෙන් අවුත් වදනා නොයෙක් සියගණන් ගඞ්ගාජලයෙන් මහාසාගරය පුරාලිය නො හැක්කා සේ කවර තරම් සම්පත්තියක් ලදත් මහෙච්ඡතාවෙන් යුක්ත ලොභීසත්ත්ව යන්ගේ කාමතෘෂ්ණාව පුරාලීම නො හැක්කේ ම ය.



මේ වස්තුකාමක්ලෙශකාමයෝ ද සිහිනෙන් අනුභව කළ ආහාරයක් සේ ඉතා ස්වල්ප වු ආසාවද ඇත්තාහ. සසර පමණින් නැවත නැවත උපදනා වූ අනෙකප්ර කාර සංසාරදුඃඛයට ආධාර වන හෙයින් බොහෝ දුඃඛයහ යි මෙසේ කාමයන්ගේ ආදීනව දැන සම්යධක්සම්බුද්ධයන්වහන්සේ විසින් වදාරන ලද සදධර්මයය ඇසී මෙහි නියුක්ත වූ නුවණැති යොගවචර මහ‍ණතෙම මනොඥවූ එ බඳු දිව්යමමයපඤ්චකාමසම්පත්තියෙහි පවා මඳවිගසකුත් ඇල්මක් නොකරන්නේ ය. සියලු දුකට කාරණ ව5 සිටියා වු තෘෂ්ණාව ක්ෂඇය කොට අභිත්ඵලසඞ්ඛ්යාිත නිර්වා ණසම්පත්තියට පැමිණීමෙහි ම ඇල්ම කරන්නේ ය. හෙවත් නොයෙක් සසර දුකට භාජනය ව සිටියා වූ තෘෂ්ණාව නැති කොට නිවන් දක්නා සඳහා ම වීය්ය්ට භ වඩන්නේ ය යනාදීන් බණ වදාළසේක.

ඒ බණ අසා බොහෝ දෙන සෝවාන් ආදී වු සතරමඟ සතර ඵලයට පැමිණියහ. එසේ හෙයින් එම්බා පින්වත් සත්ත්ව යෙනි, මෙසේ සම්යණක්සම්බොධියට එකාන්තියත වූ එබඳු උත්තම සත්ත්වීයන් පවා මේ තෘෂ්ණාතොමෝ තමාගේ වශගත්වටයට6 පමුණුවා අනෙකප්රනකාර වූ දුක් දෙන්නීය. එබැවින් සංසාරගති ඇති අප වැන්නාවුන් තමාගේ වසගත්ව්යට6 පමුණුවා දුක් විඳුවයි යනු කියනු ම කවරේ දැයි මෙසේ තමතමාගේ නුවණින් මෙනෙහි කොට මතු අනර්ත්වැදායක වූ එ බඳු ඒ තෘෂ්ණාව දුරු කොට හැර

      1.  සම්පත්ති      2.  නැත්තේය      3.  තෘෂ්ණාවසඟයට      4. මේ තෘෂ්ණාව

නම් ඒ ඒ. 5. කාරණාව 6. වසගත්වකයට.


මහාමන්ධාමතු වර්ගමය 159

සියලු අර්ත්ථ සිද්ධියට කාරණ වූ1 බුද්ධරත්න ය, ධර්ම රත්න ය, සඞ්ඝරත්න ය යන මේ ත්රි විධරත්නයෙහි ගුණ සලකා එ ම තුනුරුවන් භජනය කොට එයින් ජනිත වූ ඉෂ්ටවිපාකදායක වූ කුසලානුභාව යෙන් මතු නිවන් පුරසිරි විඳින්ට උත්සාහ කළ මැනැවි. කියන ලදුයේ මැයි:-

“ඉති ගතිතියතානං බොධියා උත්තමානං

 සකවසමුපනෙත්වාං දෙති දුක්ඛාතිතණ්හා,
 අනියතගතිකානං කා කථා මාදියානං
 ජහථ තමිති මන්ත්වාථ භො ගජ්ඡහෝ නිවත්ථුංව” යි.

මෙ තෙකින් මේ මහාමන්ධාතතුවගැ පළමු වන මහාමන්ධා්තු වස්තුව කියා නිමවන ලදී. ______

7. චොරඝාතක වස්තුව

තවද මේ මහාන්‍ධාතුවගැ දෙවනැ වොරඝාතකවස්තුව නම් කවරැ යත්?

එක් සමයෙක්හි අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ සද්ධර්මෙදෙශනාවෙන් මහාජනයන් ප්රීසති කරවා ඔවුන්ට සර්වි මොක්ෂ සම්පත් සාධා දෙමින් සැවැත්නුවර නිසා දෙව්රම් වෙහෙරැ වැඩ වසනසේක. එ සමයෙහි ගහනනිඃශ්රි්ත ව වසන්නා වූ පන්සියයක් සොරහු වලින් එලි බැස නුවරට අවුත් රාත්රීන භාගයෙහි ඒ ඒ තැනැ සොරකම් කොට වස්තු උපයා එයින් ම ජීවත් ව තමන්ගේ අඹුරුවන් රක්නාහ. මෙසේ දවස් යවන සො‍රහු එක් දවසෙකැ සොරකම් සදහා නුවරට වදනාහු වහසල් සමීපයෙහි සිටි එක් ඉතා දිළිඳු වු දනව්වැසි පුරුෂයකු දැක එම්බා යහළුව, තෙපි ඉතා දුඃඛිතයව, කොයි වසන කෙනෙකු දැයි විචාළහ. එ කලැ දනව්වැසි පුරුෂයා කියනුයේ ස්වාමිනි, මම පිටිසරුවැසි දුක්පත් මිනිසෙක් මි යි කී ය2. ඉක්බිති සොරු3 කියන්නාහු එසේ කලැ යහළු, තෙපි කුමක් නිසා මෙසේ දුඃඛ ජීවිකායෙන් වෙසෙවු4 ද? තොප‍ෙග් මේ අනාථවාසය හැර අප හා එක් ව පලා එව. සිය අතින් දුක් නො ගෙන අනුන් සන්තක වස්තු සොරකම් කොට නොයෙක් වස්ත්රායභරණ හා ධනධාන්යක උපදවාගෙන සියලු සම්පත්තීන් සමෘද්ධ ව සුවසේ කා බී අඹු දරුවන් රැකගනුව යි5 කීහ.

     1.  කාරණා වූ      2.  කිව      3.  සොරහු      4.  වෙසෙහු       5.  රැක ගන්වයි

160 සද්ධර්ම ලඞ්කාරය

එකලැ දනව්වැසි පුරුෂයා ද ‍තමා ඉතා දුක්පත් හෙයින් මොවුන් කියන්නේ කටයුතු ම ය යි සිතා සොරුන්ගේ බස් යහ පතැයි ගිවිස්සේ ය. ඉක්බිති සොරහු එසේ කලැ යහළු, අප හා සමඟ එව යි ඔහු කැඳවා ගෙන ඇතුළුනුවරට වැද ඒ ඒ තැන්හි උමා බිඳ සොරකම් කොට බොහෝ වස්තුව ලද හ. එ කලැ දනව්වැයි පුරුෂ තෙම1 ලබන ලද සම්පත් ඇති ව එ තැන් පටන් එ ම යහපතැයි ඔවුන් හා එක් ව සොරකම් කෙරෙමින් වස්තු උපයා ජීවත් වෙයි. මෙසේ කල්යාමක් ගිය කල්හි එක්දවසක්2 සොරකමට වන්නා වූ ඔවුන් හැම දැක රාජපුරුෂයෝ අල්වාගෙන පිටිතලහයා බැඳගෙන මර මරා3 ගෙන ගොස් කෙ‍සොල් රජ්ජුරුවන්ට දැක්වූහ. එ කල්හි රජ්ජුරුවෝ ඔවුන් දැක කියන්නාහු එම්බා සගයෙනි, තොප හැමදෙනා අතුරෙන් යම් කිසිවෙක් මේ සියල්ලවුන් ම ජීවිතක්ෂායට පමුණුවා නම් ඕහට දැන් ජීවිතදානය දෙමි යි කීහ.

එ තෙපුල් අසා සොරහු තමන් හැම ඥාතිමිත්ර සම්බන්ධදයෙන් ඔවුන්නොවුන්ට අවශ්ය හෙයින් රජහු කී බස් නො ගිවිස්සාහ. එ කලැ දනව්වැසි පුරුෂයා ස්වාමිනි, මට සැ‍බැවින් ජීවිත දානය දෙනසේක් වී නම් මේ සියල්ලවුන් ම මරමි යි කීය. රජ්ජුරුවෝ ද යහපතැයි ගිවිස ඕහට ජීවිතදානය දුන්හ. ඉක්බිති ඒ පුරුෂතෙම රජහුගෙන් ජීවිතදානය ලැබ සොරුන් හැර දෙනා ම මරාපි ය. එ පවත් දැක සන්තුෂ්ට වූ රජ්ජුරුවෝ එ තැන් පටන් සොරුන් මැරීම් ඕහට භාර කළහ. මෙසේ ඒ පුරුෂයා එ වක් පටන් සොරුන් හා සෙසු වධයට පැමිණි‍යවුන් මරමින් පස්විසි අවුරුද්දක් දවස් යවා පසුව මහලුවයසට පැමිණියේ තමාගේ ශරීරයෙහි ඉතා ශක්ති මඳ හෙයින් කීප පහරෙකිනුත් සොරුන් මරාගත නො හෙයි. රජ්ජුරුවෝ එ පවන් අසා සොරුන් මැරීම අනිකක්හට භාර කළහ. එ කලැ ඒ පුරුෂයා චොරඝාතකක්රිරයාවෙන් පිරිහී තමාගේ ගෙයි වෙසෙයි. එ කල්හි ඒ නුවරැ අනික් පුරුෂයෙක් මන්ත්රන පිරිවහා නාසාවාතයෙන් මිනිසුන් මරන මන්ත්රපයක් දන්නේ ය.

හේ එසේ මැයි:-

යම් කිසිකෙනකුන්ගේ දෑත් දෙපා කන් නාසා ආදී වූ ශරීර අවයවයන් අතුරෙන් යම් යම් අවයවයක් සිඳ බිඳ හරනා කැමැති ව මන්ත්ර්ය පිරිවහා නාසාවාතය හරනේ වී නම් ඔවුන්ගේ ඒ ඒ ස්ථානය ම සිඳි බිඳී වෙන් වෙයි. මෙසේ ඒ මන්ත්රමය මහත් වූ ආනුභාව ඇත්තේ ම ය. ඉක්බිති චොරඝාතකයා

        1.  පුරුෂයා        2. -දවසෙකැ       3.  බැඳමරමරා


මහාමන්ධා තු වර්ගසය 161

එ පවත් අසා ඒ පුරුෂයා වැඳ පුදා උපස්ථාන කොට මන්ත්ර ය ඉගෙනගෙන රජ්ජුරුවන්ට කියා යවනුයේ මහරජ, මා මහලු හෙයින් පළමු සොරුන්ගේ හස්තපාදා දී වූ ශරීරඅවයවන් මහත් වූ උත්සාහයෙන් කපාහරිමි. මැරුවමනා මිනිසුන් ද උත්සාහයෙන් ම මරමි. දැන් වනාහී එසේ නො කෙරෙමි. කන් නාසා ආදිය කැපීම් ද මිනීමැරීම් ද යන සියල්ල ම මාගේ මන්ත්රනයෙහි ආනුභාවයෙන් ම සිද්ධ කොට දිලීමි යි කියා යවි1ය. ඒ තෙපුල් අසා රජ්ජුරුවෝ යහපතැයි ගිවිස ඔහු ගෙන්වා ගෙන මිනීමැරීම නැවැත ඕහට භාර කළහ.

ඉක්බිති වොරඝාතකයා ඒ තැන් පටන් නැවැත පස් හවුරුද්දක්2 මුළුල්ලේහි ඒ පරිද්දෙන් ම මිනිසුන් මරමින් දවස් යවා ඉතා ජරාදුර්ව ල ව ආයු ගෙවී මරණමඤ්චකයකට පැමිණ වෙදනා ඉවසිය නො හී භයානක ශබ්ද පවත්වා මහත් කොට මුර ගසා3 සසලමින් ඇස් දල්වා බැලිය නො භී වසන ලද ඇසන් ඉතා භයානක4 වූ නරක ගිනිදැල් දකිමින් භය ගෙන මුර ගා5 වෙවුළමින් සුසුම් ලලා වැදහොත්තේ ය. එ කලැ ඔහු වැදහොත් ගෙට සමීප වූ ගෙවලැ වසන මනුෂ්ය්යෝ ඔහුගේ භයානක ශබ්දය අසා අතිශයින් භය ගෙන තමන්තමන්ගේ ගෙවල් හැර ගියහ. එ දවස් සැරියුත් මහතෙරුන් වහන්සේ දිවසින් ලොවැ බලන සේක. චොරඝාතකයා එ දවස් එයින් මියැ නරකයෙහි උපදනා බව දැක දැන් වනාහි මම එ තනට ගියෙමි වීම් නම් මා කෙරෙහි සිත් පහදවාගෙන ආහාරදානයක් දී ඒ කුශලබලයෙන් දෙව්ලොවැ උපදන්නේ ය යි දැන අද මා ඕහට අනුග්රිහ කළ මැනැවැයි සිතා පෙරවරු එ ම විටැ සුපිළිසන් ව ගැට වටු ගන්වාගෙන චොරඝාතකයාගේ ‍ගෙදොරට6 වැඩිසේක.

එ කල්හි එ තෙම මහතෙරුන්වහන්සේ දැක කිපී මහත් කොපයෙන්7 තට තට යන අනුකරණ පවත්වමින් අද මොහු විද පළා මරමි යි හොත්තේ තැම වැදහෙ ව මන්ත්ර ය පිරිවහා නාසා වාතය හළ. එ කෙණෙහි මහතෙරුන්වහන්සේ ධ්යා්නයට සමවැද එ ම විටැ එයින් නැගී හිරුමඬලසේ බබළමින් වැඩසිටිසේක. තවද චොරඝාතකයා ඒ පරිද්දෙන් ම දෙතුන් වරෙකැ මන්ත්රසය පිරිවහා නාසාවානය හැර මහතෙරුන්වහන්සේට කිසි අන්තරායක් කොට ගත නො හී මහත් වූ ආශ්චය්ය්වහනයට පැමිණ මහතෙරුන්වහන්සේ කෙරෙහි සිත් පහදවාගෙ

    1.  යැවි      2. පස්විසි හව්රුද්දක්      3.  මොරගසා     4.  භයඞ්කර    5.  මුරගහා  

6. ගෙදරට 7. කිපී කොපයෙන්.


162 සද්ධර්මා ලඞ්කාරය

තමහට පිළියෙල කොට තිබූ කිරිබතක් ගෙන්වාගෙන මහ තෙරුන්වහස්සේට පිළිගැන්වීය . එ කල්හි මහ තෙරුන් වහන්සේ ඕහට අනුමෙවෙනි බණ වදාරා විහාරයට වැඩ පිළිගත් අහරු වැළැඳු සේක. එ කලැ චොරඝාතකයා මහතෙරුන් වහන්සේට තමා දුන්නා වූ ඒ දානය සිහි කෙරෙමින් වැද.හොත්තේ ම එ කෙණෙහි කාලක්රිඒයා කොට දෙව් ලොවැ උපත. අහෝ! වීතරාගී වූ බුද්ධපුත්රියන්ගේ ආනුභාවය ඉතා ආශචය්ය්ට යෙක් මැයි. මෙසේ නරකයට ඒකාන්තඟනියත ව සිටියා වූ ඒ බඳු පවිටා පවා රහතන්ට දුන්නා වූ ඒ දානමය කුශලයාගේ බලයෙන් දෙව්ලොවැ උපත. හේ එසේ මැයි. මේ දානය නම් මනුෂ්ය න්ට රක්ෂාබස්ථානයෙක. සියලු දුර්ගතතිභය2 වළකන්නේ ය. දෙව්ලොවට නැගෙන හිණක් වැන්නේ ය. අතිශයින් සාන්ති එළවයි. නිවන්සම්පත් හස්තගත කෙරෙයි. දානය නම් සත්වආයන්ට කැමති කැමති වස්තු සිද්ධ කොට දෙන හෙයින්3 සිතුමිණි රුවනක් වැන්න. කල්පවෘක්ෂතයක් වැන්න. භ‍ද්රපඝටයක් වැන්න. සිල්වතුන්ට දෙන ලද්දා වූ දානයෙන් සත්ත්ව්යෝ මිනිස්ලොවැ චක්රතවර්තිසම්පත් ද දෙව්ලොවැ ශක්රෙසම්පත් ද සියල්ලට ම උතුම් ව සිටි ලොකොත්තර සම්පත්තිය ද සුවසේ ලබන්නාහු ම ය. මෙසේ අකුශලයෙහි නියුක්ත ව නරකයට ගමන්ගතු ව සිටියා වූ එ වැනි චොරඝානකයා පවා සැරියුත් මහතෙරුන් වහන්සේට දුන්නා වූ ආහාරදානයෙහි විපාකයෙන් අනෙකප්රෙකාර දුඃඛරාශීන් ගැවැසිගත්තා වූ නරකයට යන ගමන් පෙරළා දිව්ය්සමූහයා විසින් පිරිවරන ලදු ව සකල සම්පතතීන් සමෘද්ධ වූ දිව්ය‍ලෝකයට ගියේ ය. එසේ හෙයින් කැමති කැමති වස්තු සිද්ධ කෙට දෙන්නට සමත්ථූ වූ දානය දෙන ශ්රඑද්ධාවන්තයන් විසින් ‍සිල්වතුන් උදෙසා ම දියයුත්තේ ය. එසේ දන් දෙන නුවණැති ශ්රධද්ධාවන්තයන් විසින් පන්සිල් අටසිල් ආදී වූ4 සිල් රැකීම ඉතා යහපත් මැයි කීයේ මැ නො. “ දානං තාණං මනුස්සානං, දානං දුග්ගතිවාරණං, දානං සග්ගස්ස සොපානං, දානං සන්තිකරං පරං ඉච්ඡිති වජිතදානෙන, දානං චින්තාමණි විය, කප්පරුකේඛාව සත්තානං, දානං භද්දඝටො විය. ________________________________________ 1. කිරි අහර 2. දුගනි 3. කරන හෙයින් 4. පන්සිල් ආදී වූ

මහාමන්ධාඛතු වර්ග ය 163

සීලවන්තස්ස දානෙන, චක්කචතතිසිරිමසි ව, ලහත්ති සක්කසම්පත්තිං, තථා ලොකුත්තරං සුඛං. පාපකමේමසු නිරතො, ඨීතොයං නරකායනෙ, සාරිපුත්තස්ස ථෙරස්ස, පිණ්ඩපාතස්ස වාහයා. අපායා පරිව‍ජ්ජෙ,ත්වාා, නෙකදුක්ඛයමාකුලං, දෙවසඞඝ පරිබබූල්හො, ගතො දෙවපුරං වරං. තස්මා සුඛෙතෙත සද්ධාය, දෙථ දානනි කාමදං, දානං දෙනේතහි සීලම්පි, පාලනා වාති සුන්දකරං” යි. මෙසේ චොරඝාතකයා දෙව්ලොවැ උපන් කල්හි එ දවස් සවසැ ධම්සභාමණ්ඩපයෙහි1 රැස් ව හුන්නා වූ පෘථග්ජන භික්ෂූ න් වහන්සේ ඔහු මළ පවත් අසා ඒ පාපී පුරුෂයා කවර නරකෙයෙකැ උපන් දෝ හෝ යි ඔවුනොවුන් වහන්සේ හා කථා කෙරෙමින් වැඩහුන්සේක. එ කල්හි සනරාමරලොකෛකශාස්තෘ වූ සර්වෙඥයන් වහන්සේ අනෙක ප්ර කාර සුගන්ධලගන්ධ යෙන් ආර්ද්ර් වූ මනහර ගඳකිළියෙහි2 වැඩ හුන්සේක් ඒ කථාප්රලබන්ධ ය තමන්වහස්සේගේ අසාධාරණ වූ දිවකනින් අසා වදාරා දැන් මම එතනට ගියෙමි වීම් නම්3 ශ්ර ද්ධාවන්ත බොහෝදෙනාට දානඵලවිශෙෂය ප්රමකාශ වන්නේ ය යි සිතා වැඩ හුන් සිරියහනින් පැනනැගී සුරක්තවරවීරවරයන් සකස් කොට හැද පෙරව එබුළුබූ පත්ලෙන් මිහිකත සනහමින් වඩනා සේක් ශ්රි හස්තය නොදික් කරවා තෙමේ ම තමහට හැරුණා වූ ගඳකිළිමහදොරින් පිටත් ව සියලගින් නික්මුණු බුද්ධරශ්මි මාලාවෙන් දසදිග් හොබවමින් එබුඑබූ පත්ලෙහි4 මහපියුම් දක්ව දක්වා අනත්ත වූ ශ්රීගවිලා‍සයෙන් යුක්ත ව ඇත්මුළක් ‍මැඳට නො බා නික්මුණු අභීතකෙශරසිංහරාජයකු සේ ධම්සභාමණ්ඩපයට වැඩ යුගඳුරුමුඳුනෙහි පැනනැගී සාරාහිරු මඬල පරින්දෙන් පනවන ලද බුදධාසනමස්තකයෙහි අනොපමේය වූ බුද්ධලීලාවෙන් දිලිහීදිලිහී වැඩහුන් සේක. එ කල්හි භික්ෂූහන් වහන්සේ කියමින් හුන් කථාප්රිබන්ධ්ය තබාලා හුනස්නෙන් නැගී5 බුදුන් වැඳ බුද්ධරශ්මි නැමැති සූය්ය්් කාන්තිත් හැකිළගිය රතැඹුල් වනයක් සේ දොහොත් මුදුන් දිදී එකපැහැර මොනවට පිපී වැනීගිය රත්පියුම් වනයක් සේ බුදුන් සිසාරා වැඩ සිටිසේක. එ වෙලෙහි බුදුරාජණන් වහන්සේ ඒ පරිද්දෙන් සිටියා වූ භික්ෂු සඞඝයා බලා මහණෙනි, ම‍ා එන්නාට පූර්වසභාගයෙහි කිනම් කථාවෙකින් යුක්ත ව උනු දැයි වදාළ සේක. එ කල්හි භික්ෂූූන් වහන්සේ ස්වාමීනි, නුඹවහන්සේ විසින් ________________________________________ 1. දම් 2. ගඳ කෙළියෙහි 3. ගියෙමි නම් 4. පතුලෙහි 5. හුනස්නෙන් පැන නැගී 164 සද්ධර්මා3ලඞ්කාරය නොකියන්ට වදාළ රජකථා ‍චොරකථා ආදී වූ දෙතිස්කථායෙන් එක කථාවකුත් නෙකීම්හ. මේ නැවරැ චොරඝාතකයා නම් බොහෝ අකුසල් කරපු1 පවිටා හෙයින් ඔහු මළ පවත් අසා හෙතෙමේ දැන් කවර අපායෙකැ උපන් දෝ හෝ යි කථා කෙරෙමිනි උනුම්හ යි දැන්වූ සේක. එ කලැ සකලලොකෛකලොචන වූ බුදුරජාණන් වහන්සේ එම්බා මහණෙනි. යම්සේ ගවයන් සියයක් ‍හෝ පනසක් ‍හෝ ඇති චිවරක් ගෙන හැම එක්ගාලෙකැ ලූ කලැ එයින් ගාල්දොරට2 සරස් ව ළං ව සිටියා වූ දෙනක හෝ ගොනකු හෝ යටත් පිරිසෙයින් වැස්සක හෝ වස්සකු හෝ එ තනින් පිටත් ව ගියකලැ මිස සෙස්සවුන් නික්මෙන්නට අවසර නො පෙනේ ද, එ පරිද්දෙන් ම මරණාසන්නයෙහි කළ කුශලයක් හෝ අකුශලයක් හෝ විපාක දී ඉක්බිත්තේ මිස සෙස්සට අවකාශ නොවන්නේ ය. අද ඒ චොරඝාතකයා සැරියුත් මහතෙරුන්ට3 අහාරදානයක් දින. දැන් එහි අනුසසින් දෙව්ලොවැ ඉපද දිව්යය වූ පඤ්චකාමසම්පත්තීන් යුක්ත ව මහත් වූ දිවසැපත් විඳිනට පටන්ගත. ක්ෂෙසත්රකශුද්ධි බලවත් හෙයින් එ ම කුශලහෙතුවෙන් මතු අනාගතයෙහි පසේබුදු ව නිවන් දක්නේ ය යි වදාළ සේක. මෙසේ එ දවස් සැරියුත් මහතෙරුන් වහස්සේට දෙන ලද්දාවූ දානය එ බඳු ඉතා පවිටු වූ ‍‍චොරඝාතකයා පවා එ ම ඇසිල්ලෙහි දිව්යකලොකයට පමුනුවාලී ය. එසේ හෙයින් පින්වත් සත්ත්වියෙනි, තෙපි හැම ද පරලොවැ දිව්යව මනුෂ්ය සම්පත් හා නිවන් සම්පත් විඳිනා කැමැත්තා නම් කුශල් නැමැති බිජු වැපිරීමට සරුකෙත් ව සිටියා වූ සිල්වතුන් කෙරෙහි දානපරිත්යාුග කොට එයින් ජනිත වූ ඉෂ්ටවිපාකයෙන් මතු ස්වර්ගරමොක්ෂු සම්පත් සිද්ධ කළ මැනැවි. කියන ලදුයේ මැයි :- “ හො සාරිපුත්තේ නිහිතප්පදානං ඛණෙන පාපෙති හි සග්ගමග්ගං, තයමා යුධොතෙනසු දදාථ දානං කාමත්ථු වෙ යග්ග‍මොක්ඛං පරත්ථ ”යි. මෙ තෙකින් එම් මහාන්ධා‍පුවගැ දෙවන චොරඝාතක වස්තුව කියා නිමවන ලදී. ________________________________________ 1. කොට පුරාපු 2. දොරටු 3. වහන්සේට රජගහනුවර “තම්බදාසික” නම් චොරඝාතකයකු ගැන ධම්මපදට්ඨකාථායෙහි ද “වාතකාල” නම් චොරඝාතකයෙකු ගැන අඩ්ගුන්තර අටුවායෙහි ද විස්තර දැක්වේ. මොහු එ දෙදෙනාගෙන් අන්යකයෙකු බව හැගේ. තම්බදාඨික, වානකාල යන දෙදෙන එකකු විය හැකි යි. දෙදෙන ම අනුලොමඛනිත්ය ලද බව ප්රනකාශිත යි. කථා දෙක ද සමාන යි. මහාමන්ධාිතු වර්ගලය 165 8. සීවලී වස්තුව තවද ‍මේ මහාමන්ධාවතුවගැ තුන් වන සීවලීවස්තුව නම් කරැ යත්? මේ මහා භද්රයකල්පයට ලක්ෂවයක් වන කපැ බුදු වූ පියුමතුරා නම් බුදුරාජණන් වහන්සේ සද්ධර්මයදේශනාවෙන් මහජනයා පහදවා ඔවුන්ට ස්වර්‍ජණමොක්ෂය සම්පත් සදා දෙමින් එක්කලෙකැ හංසවතී නම් නුවර තිසා විසිතුරු විහාරයෙකැ වැඩ වසන සේක. එක් දවසෙකැ දිව්යුබ්රකහ්මනාගසුපර්ණ යක්ෂවරාක්ෂ සසිඬද්යා ධරාදීන් හා එම හංසවතී නුවරැ වසන සරාජික පදේමඞ්ය යෙහි සවනක් රැස්න් දිලිහිදිලිහි වැඩහිඳ බණ වදාරා ඉක්බිති එ ම මහපිරිස් මධ්යවයෙහි සුදසුන් නම් එක් භික්ෂුඉකෙනෙකුන් වහන්සේ කැඳවා ඕහට සිවුපසලාභීන් කෙරෙහි අග්ර වූ තනතුරු දෙවූසේක. ඒ දැක හංසවතී නුවරැ රජ්ජු‍රුවෝ තුමු ද ඒ තනතුරු පතා බුදුපාමොක් මහාසඞඝයාවහස්නේට සත්දවසක් මහදන් දී ඉක්බිති බුදුන්ගේ ශ්රී්පාදමූලයෙහි වැඳගෙන හෙව ස්වාමීනී, භාග්ය වත් වූ බුදුරාජණන් වහන්ස, මේ මා දුන්නා වූ දානයෙහි කුශලයෙන් තෙලසුදසුන් නම් මහතෙරුන් වහන්සේ මෙන්1 මම ද මතු එක් බුදුකෙනෙකුන් වහන්සේගේ ශාසනයෙහි සිවුපසලාභීන්ට අග්රම වූ තනතුරු ලැබෙම්ව2 යි ප්රාසත්ථ නා කළහ. එ කලැ බුදු රජාණන් වහන්සේ අනාගතඥානය මෙහෙයා මොහුගේ ප්රලත්ථ්නාව සිද්ධ වේ දෝ හෝ යි දිවසින් බලනසේක් ඒකාන්තයෙන් ම සිද්ධ වන බව දැන දෙව්බඹනාගුරුඵයක් රකුස් මිනිස් ආදී වූ මහපිරිසි මධ්යධයෙහි අෂ්ටාඞගසමුපෙත වූ බ්ර හ්මඝොෂා විහිදුවා වදාරනසේක් එම්බල මහරජ, මෙයින් කප් ලක්ෂ යක් ගියකලැ ‍ගෞතම නම් බුදුකෙනෙක්3 ලොකයෙහි උපදිති. එ කල්හි තෙපි ඒ බුදුන්ගේ ශාසනයෙහි මහණ ව “සීවලී” යන නමින් ප්ර්සිද්ධ ව සිවුපසලාභීන් කෙරෙහි අග්රම වූ ස්ථානාන්තරයට පැමිණ හිරසඳ සේ බුද්ධශාසනයෙහි ප්රධසිද්ධ වන්නාහ යි වදාළ සේක කියන ලද මැයි අපදානයෙහි :- “පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජී නායකො. සාසාවකං මහාලාභිං, පුඤ්ඤවන්තං ජුතින්ධ්රං, ඨපෙසි එතදග්ගම්හි, පුරියාසු විසාරදො. ________________________________________ 1. සේම 2. ලබම්ව 3. කෙනෙකුන්


166 සද්ධර්මා,ලඞ්කාරය තදා’හං ඛත්තියො ආසිං, නගරෙ හංසවත්ව්හයො,1 සුත්වාඑ ජිතස්ස තං වාක්යං , සාවකස්ස ගුණං බහුං නිමන්තයිත්වාව සත්තාහං, භොජයිත්වා් සාසවකං, මහාදානං දදිත්වාජන, තං ඨානමඵිපත්ථොයිං.2 තදා මං වින්තං ප‍ාදෙ, දිය්වාන පුරියාසහො, සො සරෙන මහාවිරොළ ඉමං වචනමබ්රැ වි. සතසහස්සෙ ඉතො කප්පො, ඔක්කාකුලයමහවො, ගොතමො නාම නාමෙන, සත්ථාක ලොකෙ භවිස්සති. තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්ම තිම්මිතො, සීවලී නාම ත්වාංය හුත්වා්, ලචජ‍යොතං අනාගතෙ”3 යි. මෙසේ දිව්යතබ්රවහ්මාදීන් මඬ්යතයෙහි බුදුන් වදාළ වචනය අසා එ ම විටැ ලබන ස්ථානාන්තරයක් සේ සන්තුෂ්ට වු රජ්ජුරුවෝ එ තැන් පටන් වඩවඩා බොහෝ පින් කොට එයින් ගොස් තව්තිසාදෙව්ලොවැ ඉපද බොහෝ කාලයක් දිව්යො සම්පත් විඳියහ. එයින් අවුත්4 බරණැස්නුවරැ බොහෝ සම්පත් ඇති සිටුකුලයෙකැ ඉපද දිවසැපතක් හා සමාන මහත් වූ සිටුසැපත් විඳිනාහු දහසක් පමණ පසේබුදුවරුන්සේ දැක ඊය්යාැපත පථඋපසමියෙහි පැහැද සමීපයට එළාඹ පසඟ පිහිටුවා වැඳ ආරාධනා කොට හැමදෙනා වහස්සේට ම රාත්රීඋ ස්ථාන දිවාස්ථාන සක්මන්මණ්ඩප ආදී වූ වාසස්ථාන කරවා මහත් වූ ආදරසම්භාවනාවෙන් ජීවිතාන්නතය දක්වා උතුම් උතුම් සිවුපසදානයෙන් උපස්ථාන කළහ. ඉක්බිති එයින් ගොස් සදිව්ය ලොකයෙහි වෙන වෙන ම මිණි කිකිණිදැල් බැඳි5 නානාවර්ණක ධව්ජමාලාවෙන් හොබනා මනහර දිව්යවවිමාන වලැ වෙසෙමින් නොයෙක් සියදහස් ගණන් සුරසුන්දහරින් පිරිවරා දිව්යමසම්පත් විඳියහ. ඒ බව දක්වනු පිණිස එ ම සිවලි මහරහතන්6 වහන්සේ විසින් කියන ලදී :- “තතොපරස්මිං යමයෙ, පාරාණසිපුරත්තමො, සෙට්ඨිපුත්තො අහං ආසිං, අඞඨප්පතොනා මහදධනො. සහස්සමතෙන පචෙචකනායකො ච නිමත්තිය, මධුරෙන න්නපානෙන, සන්තප්පෙසිං යදා‍දරො7 තතො බු‍තො ජකාමග්ගෙ, අනුහොසිං මහායසං, දෙවච්ඡරාපරිවුතො, පාසාදෙ රතනමයෙ”යි. ________________________________________ 1.හංසසව්හයෙ - හංසාවතිව්හයෙ (රස). 2. ඨානං අභිපත්ථ යිං 3. සීවලී නාම නාමෙන හෙස්සති සත්ථුජසාවකො, - (රස) 4. ඇවිති 5. බඳ 6. මහ තෙරුන් 7. තදාදරො (රස.) මහාමන්ධාසතු වර්ග)ය 167 තව ද මීට එකානුවන කපැ බුදු වූ මහාවිපස්සි නම් බුදුන් සමයෙහි මෙ ම සීවලී මහතෙරහු බන්ධුපමතී නම් නුවරැ නාමගොත්රනයෙන් අප්රුසිද්ධ1 වූ කුලගෙයක3 ඉපද මුහුකළ වයසට පැමිණ එක්තරා ජනපදජ්යෙුෂ්ඨයකු ඇසුරු කොට ගෙන ඔහු පිළිබඳ නොයෙක් රාජකාරියෙහි ව්යා්වෘත ව වසන්නාවු ය.3 එ ස‍මයෙහි බුදුහු මහජනයාට අනුග්රයහ සඳහා ජනපදචාරිකාවෙහි වැඩ නැවත පියමහරජාණන් වසන බන්ධු මතී නුවරට වැඩිසේක. එ කලැ බන්ධුසමාරජ්ජුරුවෝ ආගන්තුක ව වැඩි බුදුන්ට ආගන්තුකදානයක් දුන මැනැවැ යි සිතා අටසැට ලක්ෂධයක්4 පමණ රහතන් හා සමඟ බුදුන්ට ආරාධනා කොට මහදන් සරහා නුවරැ වැසියන්ට කියා යවන්නාහු හැමදෙන ම අවුත් මාගේ දනට සහාය වව යි කියා යවුහ. ඒ තෙපුල් අසා නුවරැ වැසියෝ අවුත් බලනුවෝ රජහු විසින් පිළියෙළ කරන ලද දානය දැක මේ රජත තමා දෙන දන් පිණිස අප හැම කැඳවා එවුයේ වනැයි සිතා මොහු දුන් දනට වඩා ‍අපිත් දනක් දෙම්හ යි සිතා ඔවුනොවුන් හා මන්ත්රාණයකොට බුදුන කරා එළැඹ අමාබැල්ලෙකැ ගැලෙන්නවුන් මෙන් බුදුන් පාමුල්හි වැඳ පෙරැළී දන් පවරා දෙවන දවස් දන් සරහා තබා එපවත් රජ්ජුරැවන්ට කියා යවූහ. එ බස් අසමින් ම රජ්ජුරෙවෝ ද අවුත් ඔවුන්ගේ දත් දැක මුන් හැම පරදවා මාත් මීට වඩා දනක් දුන මැනැවැ යි සිතා බුදුන් පවරා තුන් වන දවස් මහදන් දුන්හ. මෙ ම ක්රුමයෙන් පස්දවසක් දන් දුන් කල්හි සවන වරැනුවරැ වැසි හැමදෙන ම එක්සිත් ව බුදුන් වැඩහිඳිනා පරිද්දෙන් මාහැගි කොට මහත් පිරිවෙනක් කරවා විහාරය පිළිගන්වන පූජාවෙහි දන් දෙන්නාහු මෙ නම් දෙයෙක් මෙහිනැතැයි නොකියන පරිද්දෙන් දන් පිළියෙළ කොට තබා එම් දනෙහි නැත්තේ කවර දො හෝ යි විමසා බලනුවෝ කකාළ මී හා පරණ දී බෝහෝකොට ඇත ද අළුත් දී හා කැටිම් නැති බව දැක ඒ කෙණෙහි පුරුෂයන් සතරදෙනකු කැඳවා සාරදහසක් කහවණු දී අළුත් දී හා කැටිම් ඇති යම් ම තෙනෙකින් වහා ගෙනෙව යි කියා සතර දිගැ සතරවාසලට යවූහ. ඔහු සතර දෙන සතරදිගැ ඇවිද සොයා අළුත් දී හා මී ලබාගත නො හී බලබලා සිටියාහ. එයින් එක් පුරුෂයෙක් තමා අතට දුන් මසුදහස ගෙන තව පරීක්ෂාි කොට යෙමි යි නුවරැ මහ වහසල්දොරැ සිටගත. ඒ කල්හි යටැ කී ‍දනව්වැසි පුරුෂයා ________________________________________ 1. මොහුගේ නම සෙනගුන්ත යි සහස්සවත්ථුොප්පකරණයෙහි එයි. 2. කුලයක 3. වසනුයේ 4. දහසක්



168 සද්ධර්මා‍ලඞ්කාරය තමාගේ ගම්මුදලියා දක්නා සඳහා අළුත් දීගෙඩියක් හා සමඟ බත් පිසවා ගෙන්වාගෙන නුවරට එනුයේ1 අතරමඟැ දඬුවැල් මීයක් දැක මැස්සන් පලවා දඬුවැල්බෑය කඩාගෙන අවුත් නුවරු වසල්දොරට පැමිණියේ ය. එ කල්හි අළුත් දී හා කැටීම් සොයා ගිය පුරුෂයා දඬුවැල් බැස හා දීමුට්ටිය දැක, එම්බල පින්වත2 මේ කහවණු ගෙන තෙල දඬුවැල්මිය මට දෙව යි ඉල්වී ය. එ කලැ දනව්වැසි පුරුෂයා සිතනුයේ මේ දඬුවැල්බෑය කහවණුයෙන් භාගයකුත් නොවටනේ ය. මේ මිනිසා ආදිකොට එකබසින් ම කහවණුවකට ඉල්වයි. මොහු අතැ මසුරන් බොහෝම අති වන. එබැවින් මිල වැඩුව මැනැවැයි සිතා, එම්බල පින්වත, තෝ කුමක් කියයි ද? උදෑසනැ පටන් වලැ ඇවිද දුකසේ සොයා ගෙන මාගේ රටනායකයන් වහන්සේට ගෙන යන පඬුර එකමස්සකට දිපියම් දැයි කී ය. ඒ තෙපුල් අසා මී සොයා ගිය පුරුෂයා එසේ කලැ යහළු, දෙමස්සක් ඇරැගෙන3 දිපියව යි ඉල්වී ය. එසේ ද නො දෙමි යි කී කල්හි ක්රපමයෙන් තුනෙක සතරෙක පසෙකැයි වැඩිමිලයට ඉල්වා එසේ ද නොදෙන හෙයින් එසේ වී නම් යහළු, මේ සියල්ලම ඇරැගෙන තෙල දඬුවැල්මීය මට දීපියව යි කියා සමුදහස දික්කෙළේය. ඒ දැක දනව්වැසි පුරුෂයා කියනුයේ කිමෙක් ද? යහළු තෙපි වියරුහුණු කෙනෙකු ද? නොහොත් තොපගේ රන් තබන තැනක් නැතිහෙයින් දෙවු ද? මසුභාගයෙන් භාගයකුත් නොවටනා ඉතා ස්වල්ප වූ මේ දඬුවැල්මීය මසුදහසකට ඉල්වව4 මෙසේ ම මෙයින් තොපට කවර ප්රදයෝජනයෙක් දැයි විචාළේය. එ කලැ මී නිසා ගිය පුරුෂයා සිනාසී කියනුයේ, එම්බා යහළු, මම මෙහි අගය නො දැන මසුදහස දෙන්නෙමි නො වෙමි; ඒකාන්තයෙන් ම මස්සෙන් මසුභාගයකුත් නොවටනා බව දනිම් ම ය. එතෙකුදුටුවත්5 මෙයින් මට අවශ්යබ කටයුත්තෙක් ඇත. එ ද වනාහි අනික් කටයුත්තක් නො වෙයි. නුවර වැසි අප හැම එක් ව අටසැටලක්ෂකයක් රහතන් හා සමඟ විපස්සි නම් බුදුරජාණන් වහස්නේට ආරාධනා කොට දනක් සාරහාලුම්හ. ඒ දෙනෙහි නැත්තේ නම් අළුත් මී පමණෙක් ම ය. එසේ හෙයින් මෙසේ වැඩි මිලයට ඉල්වමි යි කී ය. ඒ තෙපුල් අසා දනව්වැසි පුරුෂයා එසේ වී නම් යහළු, මම මිලට නොදෙමි, ඉදින් මට ඒ ‍දනෙහි පින් දෙව් නම් මිල නො ගෙන ම මේ දඬුවැල්බෑය දෙමි යි කීහ. ________________________________________ 1. යනුයේ 2. පින්වත්නි 3. අ‍රගෙන 4. ඉල්වුව් 5. එතකුදු උවත්


මහාමන්ධා තු වර්ග ය 169 එ කලැ මී සොයා ගිය පුරුෂයා ගොසින් නුවර වැසීන්ට එ පවත් කී ය. නුවරවැස්සෝ ඔහුග් ශ්ර ද්ධාව බලවත් බව දැන යහපතැයි පිනි ඇරගන්ව යි කියා තමන් දෙන දනෙහි පින් ඕහට දී බුදුපාමොක් මහාසඞඝයා වඩා හිඳවා පළමු කොට කැඳ අවුළුපත් දළඳවා මහත් රන්තලියක් ගෙන්වාගෙන එතලියෙහි දඬුවැල්පැමණි මිරිකා වත් කරවා ඔහු විසින් ම ගෙනෙන ලද මීමුටුටිය ද එ ම රන්තලියෙහි වත්කරවා පැණි හා මිශ්ර කොට සකුරු දුරුමිරින් හා සමඟ මීපැණි යොදා භොජනශාලාවට එළැවූහ. ඒ වනාහි බුදුන් ප්ර ධාන කොට ඇති අටසැටලක්ෂැයක් පමණ රහතුන් වහන්සේ වළදා ඉතිරි වන සේ බොහෝ වී ය. එ කලැ අග්රාැසනයෙහි වැඩහුන් බුදුන් ඇතුළු ව හැමදෙනා වහන්සේ වඳදා ඉතිරිවත් තුබුයේ1 ම ය. මෙසේ මඳ දෙය බොහෝදෙනා වහන්සේට කෙසේ සැපැයිණි2 දැයි නොසිතිය යුතු. ඒ වනාහි බුදුන්ගේ බුද්ධානුභාවයෙනි සැපැයිණ3 හේ එසේ මැයි. බුදුන්ගේ බුද්ධවිෂය ද ධර්මුවිෂය ද ඉතා නොසිතිය හැක්කේ ය. එ බදු අචිනත්යු වූ බුදුන් කෙරෙහි ද ධර්ම‍යෙහි ද පහන් වූවත් ලබන්න‍ා වූ විපාකය ද නොසිතිය හැක්කේ මැයි. එසේ හෙයින් කියන ලදී :- “ එවං ‍අචින්තියා බුද්ධා, බුධ්ධම්මා අචින්තියා, අචින්තියෙහු පසන්නානං, වි‍පාකො හොති අචින්තියෝ” යි. මෙසේ එ කලැ ඒ පමණ කුසල් කොට ආයුකෙළවරැ තව්තිසා දෙව්ලොව ඉපිද අනුපමෙය්ය වූ දවසැපත් විඳියහ. කියන ලද මැයි :- “ එකනවුතෙ ඉතො කප්පෙ, විපස්සී නාම නායකො, උප්පජ්ජී චාරුනයනො, සබ්බධම්මවිපස්සකො.4 තදා’හා බන්ධු,මතියා, කුලස්සඤ්ඤතරස්ස ච, දයිතො පත්ථිනතොපුත්තො, ආසිං කම්මන්තව්යාපවටො - පෙ- තදා’හං වින්තයිත්වාතන, නවං දධිමධුම්පි ච,5 යොජෙත්වා ලොකනාථස්ස, යසඞඝස්ස ආදාසහං. තෙත ක‍ම්මෙත සුකතෙන, චෙතනාපණ්ධීහි ච, ජහිත්වාා මනුයං දෙහං, තාවතිංසමගඤජහං”යී. මෙසේ බොහෝ කාලයක් දෙව්ලොවැ දිව්ය්සම්පත් විඳ එයින් අවුත් නැවත බරණැස්නුවරැ රජකුලයෙහි ඉපිද පියරජහු ඇවෑමෙන් රාජ්යවයට පැමිණ මහත් වූ යසොතෙජස් ________________________________________1. තිබුයේ 2. සැපවිණි 3. සැපවිණ 4. -විපස්සිකො - (රස.) 5. තදාහමෙව විත්තෙත්වාර දඩිං මධු ව එකනො (රස.) 170 සද්ධර්මාතලඞ්කාරය ඇති ව රජසැපත් විඳිනාහු ඉසුරුමඳයෙන් මත් ව අනික් රජ්ජුරුකෙනෙකුගේ රාජ්යුය පිණිස සිව්රඟසෙන් පිරිවරා සටනට ගොස් නුවර වටලා ගෙන හිඳ අපට රාජ්යුය හෝ දෙව නොහොත් අප හා සමඟ සටන් හො කරව් ය යි කියා නුවරවාසීන්ට අසුන් හා සමඟ මිනිසුන් යවූහ. ඔහු එ පවත් අසා අප දෙන රාජ්යවයෙකුත් නැත, කරන සටනෙකුත් නැතැයි කියා එවා සුළුදොරින් නික්ම දර පලා පැන් ආදිය ගෙන යෙති. සෙසු තමන්ගේ සියලු කාරිය ද කරන්නාහු ම ය. එ කලැ සටනට සැරැහී ගිය ඒ රජ්ජු‍රුවෝ නුවරැ සතරදිගැ මහාවාසල්දොර සතර රැකගෙන සත්අවුරුද් සත්මසක් නුවර වටලාගෙන උන්හ. ඉක්බිත් ඒ රජ්ජුරුවන්ගේ මවුබිසව මෙ තෙක් දවස් මුළුල්ලෙහි රජ්ජුරැවෝ කුමක් කෙරෙද්දැයි වාචාරා ඇතුළු නුවරට වැද්ද නොහී නුවර වටලාගෙන ඉඳති යි යනු අසා මපුතණුවෝ නුවණ මඳ කෙනෙක. වහා ගොසින් රජ්ජුරුවන්ට කියන කලැ නුවරැ සුළුදොරවලුන් වසාගෙන කිසිකෙනකුන් නුවරින් පිටත් විය නොදී 1 තර කොට රැදවල් ලවා හිඳනා කීපදවසෙකින් උකටලී ව වහසල්දොර2 හැරපියති. එ කලැ නුවර ඇරැගත3 හැක්ක. ඒ නියාවට රැකවල් ලවන්ට කියව යි උපදෙස් ‍කියා යවූහ. එ කලැ බරණැස්රජ්ජුරුවෝ මවුබිසවුන් කියා එවූ උපදෙස් අසා ඒ පරිද්දෙන් ම නුවරින් කිසිකෙනකුන් පිටත්විය නොහැකි ‍සේ නුවර සිසාරා රැකවල් ලවාගෙන උන්හ. එකල්හි නුවරවාසීහු තමන් හැම නුවරින් පිටත්විය නොදෙන හෙයින් මැඳිරියේ හසු වූ පක්ෂී න් පරිද්දෙන් උකටලී වූවාහු එයින් සත් වන දවස් තමන්ගේ රජ්ජුරුවන් ම‍රාදමා සටනට ආවා වූ බරණැස් රජ්ජුරුවන්ට රාජ්ය ය පාවාදුන්හ. ඉක්බිති ඒ බරණැස් රජ්ජුරුවෝ ආයු කෙළවරැ එ ම අකුශල කර්මකබලයෙන් අවීචිමහානරක යෙහි ඉපද දහසක් අවුරුද්දෙන් අඟලක් වඩනා මහ පොළොව සත්ගව්වක් උසට වඩනා කල් නරකයෙහි පැසුණාහු ම ය. කියන ලද මැයි, අපදානයෙහි :- “ පුනාහං බාරණසිං, රාජා හුත්වාප මහායසො, සත්තුකස්ස තදා රුද්ධො, ද්වාරරොධං අකාරයිං. තතො තපස්සීනො4 රුද්ධා, ඒකාහං රක්ඛිතා අහු, තතො තස්ස විපාකෙන, සම්පත්තො5 නිරයං භුසං” යි. ________________________________________ 1. නොහැකිසේ 2. දොරවල් 3.හැර‍ගන 4. සම්පත්තිනො (රස). 5. පාපත්තං - සම්පත්තං (රස)


171 මහාමන්ධා තු වර්ග්ය මෙසේ බොහෝ කාලයක් නරකයෙහි පසී එයින් ‍ගොඩැ නැගී අවසර ලද කුශලබලයෙන් පශ්චිමාත්මභාවයෙහි අප බුදුන් දවසැ කොලියනුවරැ මහා ලිච්ඡවි නම් මහරජහු නිසා සුප්රනවාසා නම් අගබිසව කුසැ පිළිසිද යටැ ශෙෂ ව සිටි අකුශල කර්මෙ බලයෙන් සත්හවුරුද් සත්මසක් මුළුල්ලෙහි එලියක් දැක්ක නො හී ලෝ අතුරු1 මහනරකයෙහි හුණුවා වූ නරකසත්වදයකු සේ බොහෝ දුක් අනුභව කොට ඉක්බිති මවුකිසින් බිහි වන කාලයෙහි යොනිමුඛයෙහි සරස් ව සත්දවසක් මහදුක් විඳියහ. මොවුන්ගේ මවුබිසවූ ද එ කල්හි සතුරන් අල්වන්ට උපදෙස් දුන් අකුශලකර්මමයෙන් ඒ සත්හවුරුදු සත්මස මුළුල්ලෙහි මහදුක් අනුභව කොට ඉක්බිති ප්රුසවකාලයෙහි ද සත්දවසක් මුඪගර්භහව දුස්සහවෙදනා සහස්රවභාජන ව මහදුද් විඳයහ. කියන ලද මැයි :- “ පච්ඡිමෙ ච හවෙදානි, ජාතො’හං කොලියෙ පුරෙ, සුප්පවාසා ච මෙ මාතා, මාහාල්ච්ඡවි මෙ පිතා. ඛත්තියෙ පුඤ්ඤකම්මෙන, චාරරොධස්ස වාහයා, සන්තමාසෙ සත්තවස්සේ, වසිං කුච්ජිමහි දුක්ඛිතො. සත්තාහං ද්වාරමූළෙහ’නං, මාහාදුක්ඛයම ප්පිතො, මාතා මේ ඡන්ද,නෙන, එවමාසං සුදුක්ථිතා”යි. මෙසේ මහදුක් විඳනා වූ සුප්රයවාසාවෝ සත් වන දවස් බුදුන් සිහි කොට තමන්ගේ ස්වාමපුත්රස වූ මහාල්ච්ඡවි රජ්ජුරුවන් බුදුන් සමීපයට යවා තමන්ගේ වැඳීමෙන් බුදුන් වැද යවූහ. එ කලැ බුදුරජාණන් වහන්සේ උන් කෙරෙහි උපන්නා වූ මහාකරුණා වෙන් සුප්ර.වාසා නම් වූ කොලියධීතාවෝ නිදුක් නීරොග වෙත්ව යි, සුවපත් වෙත්ව යි, නිරොග ව සුවපත් වූ කොලියධීතාවෝ නිද්රවකිනි නීරොග2 පුතකු වදත්ව යි වදාළ සේක. එ කෙණෙහි ඒ සුප්රදවාසා නම් බිසව් නිදුක් නීරොග සුවපත් පුතකු3 වැදූහ. එ කලැ එ තැන්හි රැස් වූ ඔවුන්ගේ බන්ධු්ජනයෝ එක්ව තමන්ගේ කඳුළු මුසු වූ නොසතුටු මුහුණු සතුටු කරවමින් සෝක ගින්නෙන් තැවෙන තමන්ගේ සිත් සතන් සිහිල් කෙරෙමින් උපන් හෙයින් ඒ කුමාරයන්ට “සීවලී” ය යි නම් තුබූහ. එ කල්හි සන්තුෂ්ට වූ සුප්ර වාසාවෝ බුදුපාමොක් මහාසඞඝයා වහන්සේට සත්දවසක් මහදන් දුන්හ. ඔවුන්ගේ පුත්රා4 වූ ඒ සීවලී කුමාරයෝ ද උපන් දවස් පටන් ධර්ම්කාරකය ගෙන සඞඝයාවහන්සේ ට පැන් පරහා ගෙන්වමින් හිඳිනා අසුන් පනවමින් පතුල් ________________________________________ 1.ලෝ අඳරු 2.නිදුක් නිරොග 4. පුත්රේයකු 5. පුත්.

172 සද්ධර්මාිලඞ්කාරය සෝදමින්1 දැහැටි ගෙන දෙමින් මෙසේ වතාවක් කොට ගිහිගෙන් නික්ම එ දවස් ම සැරියුත් මහතෙරුන් වහන්සේ උපාධ්යාොය කොට මුගලන් මහතෙරුන් වහන්සේ අචාය්ය්හ කොට සසුන් වැද මහණ ව ක‍රගෙහි ම රහත් ව බුදුසසුන් හෙබවූහ. එතැන් පටන් සියලු දිව්ය්මනුෂ්යානදීහු මහවතුරක් මෙන් එකපැහැර සිවුපසය එළවමින් උපස්ථානයට පටන් ගත්හ. කියන ලද මැයි:- “ සාවත්ථිකතො’හං නික්ඛත්තො, බු‍ද්ධෙන අනුකපමිපිතො, නික්ඛන්ත දිවසෙයෙව. පබ්බජිං අනගාරියං. උපජ්ඣා2 සාරියුත්තෝ මෙ, මොග්ගල්ලානො මහින්ධිකො, කෙසෙ ඔරොයපනෙත් ෂම, අනුසාසි මහාමති.. කෙසෙසු ජිජ්ජමානෙසු3 අරහත්තමපාපුණීං, දෙවා නාගා මනුස්සා ච, පච්චයා නුපනෙත්ති මෙ”යි. මෙසේ ඒ සීවලී මහතෙරුන් වහන්සේ බරණැස් නුවරැ රජව උපන් සමයෙහි මව්බිසවුන් කී උපදෙස් ගෙන එ කල්හි සුළුදොර සතර වසා නුවර වාසීන්ට දුක් දුන්නා වූ අකුසලයෙන් නරකයෙහි පැසී එයින් අවුත් ශෙෂ ව සිට එ ම අකුෂලකර්මනයාගේ බලයෙන් මේ පශ්චිමාත්මභාවයෙහි දු එ ම මෑණියන් කුසැ පිළිසිඳ සත් අවුරුදු සත්මසක් මුළුල්නෙහි මව්කුස නරකයෙහි පැසී යළිදු සත්දවසක් යොනිමුඛයෙහි සරස් ව පළමුත් එ ම මෑණියන් වහන්සේ හා දෙදෙනා එක් ව කළ අකුශලකර්ම්ය හෙයින් එක් ව ම දුක්විඳිසේකි. පියුමතුරා නම් බුදුන් සමහෙහි දන් දී කළා වූ ප්රාකත්ථ නාවලයෙන් හි විපස්සී බුසුන් සමීපයෙහි අළුති දී හා කැටිමී දුන්නා වූ කුශල විශෙෂයෙන් බොහෝ ජනසමෘද්ධි ඇති ගම්නියම්ගමරාජධානි ආදියෙහි ද කිසි මනු‍ෂ්යමසඤ්චාරයක්4 නැති මහවල්හි ද ඇල කඳුරු ගං හෝ සත්සයුරු සද්දහතළාදී වූ දියෙහි ද මහමෙර සක්වළගල සත්කුලපව් හිමවත් ආදී වූ ගොඩෙහි ද යන හැම තන්හි සුලභ වූ උතුම් වූ ප්රවත්යඩයලාභයන් ලබනසේක් ම ය. කියන ලද මැයි:- “ පදුමුත්තරනාමං ච, විපස්සිං ච විනායකං, සම්පූජයයි පමුදිතො, පච්චයෙහි විසෙසතො. තතො තෙසං විපාකෙන,5 කම්මානං විපුලුත්තමං, ලාභං ලහාමි සබ්බත්ථද, වනෙ ගාමෙ ජලෙ ථලෙ”යි.

	ඉක්බිති එක්සමයෙකැ භාග්යාවත් වූ බුදුරජාණන් වහන්සේ සැරියුත් මහතෙරුන් වහන්සේගේ බාලමල් වූ රෙවත තෙරුන් 

________________________________________ 1. සොදවමින් 2.උපජ්ඣ 3.ජින්නමානෙසු 4. මනුෂ්යනවාසයක් 5. විසෙසෙන මහාමන්ධා තු වර්ගවය 173 වහස්සේ දක්නා පිණිස කිහිරිවත විහාරයට වඩනා සේක් තිස් දහසක් භික්ෂූ න් හා සමඟ නික්මුණුසේක. ඉක්බිත් මඳක් තැන් වඩනා1 කල්හි අනඳමහතෙරුන් වහන්සේ දෙමඟක් දැක සිටියේක් ස්වාමීනී, මේ මංදෙක ම රෙවතමහතෙරුන් වසන තෙනට යන මාර්ගිය, මේ මං දෙකින් තෙල සැටයොදුන් මහ මනුෂ්ය්වාස ය, තෙල තිස්යොදුන් සෘජු මාර්ගතය මිනිසුන් නැතිඅමනුෂ්යෂවාසය, මේ මංදෙකින් කවර මගෙකැ යමෝ දැයි දැන්වූ සේක. එ කලැ බුදුහු ආනනදගියයෙනි, අප හා සමඟ සීවලී අවු දැයි විචාරා එසේ ය ස්වාමීනි යි කී කල්හි එසේ වී නම් ළං මහැ ම යම්හ යි වදාළසේක. එසේ ව‍දාළේ කුමක් පිණිස ද යත්? දෙවතාවෝ වනාහි බො‍හෝ සේ සීවලීමහතෙරුන් වහන්සේ කෙරෙහි ම පහන් සිත් ඇතියහ. එසේ හෙයින් බුදුහු මම තොපට කැඳබත් ආදිය උපදවා දෙමි. ළං මහැ වය යි නො වදාරා සීවලී මහ තෙරුන් වහන්සේගේ කුශලය විපාක දෙන්ට අවසර ලත් තැන ය යි දැන ම ඔබගේ කුශලමහිමය ප්ර කාශ කොට දක්වන පිණිස සීවලී අටු නම් ළං මහැ යම්හ යි වදාළ සේක. මෙසේ බුදුන් ඒ මගට පිළිපන් කල්හි ‍ෙදවතාවෝ අපගේ ආය්ය්ක් වූ සීවලීමහතෙරුන් වහන්සේට සත්කාර කරම්හ යි ඔවුනොවුන් හා කථා කොට සතර ගව්වෙන් සතරගව්වෙහි එකී එකී විහාරයක් බැගින් කරවා උදෑසන්හි ම දිව්යසමය වූ කැඳඅවුළුපත් ආදිය ගෙන්වාගෙන අවුත් අපගේ ආය්ය්්හි වූ සීවලී මහතෙරුන් වහන්සේ කොයි දැයි විචාර විචාරා ඇවිදිති. තෙරුන් වහන්සේ ද තමන් වහන්සේට ගෙනා කැඳ ‍අවුළුපත් ආදිය බුදුන් ප්රුධාන කොට ඇති භික්ෂුනසඞඝයා වහන්සේට පිළිගන්වනසේක. මෙසේ බුදුහු සහපිරිස් හා සමඟ සීවලී තෙරුන්වහන්සේ පින් අනුභව කෙරෙමින් ම තිස් යොදුන් මඟ ගෙවා වැඩි සේක. රෙවත තෙරුන් වහන්සේ ද බුදුන් වඩනා බව දැන2 සර්වේඥයන් වහන්සේට මනහර ගඳකිළියක් නිරිමිත කොට සෙසු රහතුනුවහන්සේට පන්සියයක් කුළුගෙල් හා පන්සියයක් සක්මන් හා පන්සියයක් පන්සියයක ම රාත්රීගස්ථාන දිවාස්ථාන ආයිද ද නිර්මිත කොට දෙවූසේක. සර්වදඥයන් වහන්සේ එහි වසන සේකුත් සීවලී තෙරුන් වහන්සේට දෙවියන් විසින් එළවන ලද දානය ම වළදා දවස් හළ සේක. නැවැත ඒ කිහිරිවනවිහාරයෙහි සිට පෙරළා වඩනා ගමනෙහි ද මසක් මුළුල්ලෙහි තිස්දහසක් භික්ෂූින් ________________________________________ 1.වැඩි 2. දැක


174 සද්ධර්මාදලඞ්කාරය වහන්සේ හා සමඟ එ ම සීවලී තෙරුන් වහස්නේගේ කුශලයෙන් උපන් ආහාරය ම වළඳා අනුක්රසමයෙන් දුරකතර ගෙවා සැවැත්නුවරැ දෙව්රම් වෙහෙරට ම වැඩ එ ම දවස් සවසැ සඟපිරිස් පිරිවරා ධමසභාමන්ඩපයෙහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ සීවලී තෙරුන් වහන්සේ කැඳවා, “එම්බා මහණෙනි, මාගේ ශාසනයෙහි සිවුපස ලාභීන් කෙරෙහි සීවලී තෙරහු අග්‍නියෝ ය යි” එතදග්ර්පාලියෙහි තබා ස්ථානාන්තර දෙවූ සේක. කියල ලද මැයි එ ම සීවලී මහතෙරුන් වහන්සේ විසින් අපදානයෙහි :- “ රෙවතං දස්සනත්ථාල ය, යදා යාති විනායකො, තිංසභිකඩුයහ‍ස්සෙහි, සහ ලොකග්ගනායකො. තදා දෙවොපනීතෙහි, මද්වත්ථා,ය මහාමති, පච්චයෙහි මහාවීරො, සස‍ඞඝො ලොකනායකො. උපට්ඨීතො මයා බුද්ධො, ගනත්වාත රෙවතමද්දස, තතො ජෙතවනං ගතත්වාධ, එතදග්ගෙ ඨපෙසි මා* “ යී. මෙසේ එ කල්හි ලබන ලද ස්ථානාන්තර ඇති සීවලී මහතෙරුන්වසහන්සේ ප්රී තිවාක්යසවශයෙන් භික්ෂුනසඞඝයා වහන්සේ මඬ්ය යෙහි මේ තමන්වහන්සේගේ පූර්වකචරිතාපදානය ගෙනහැර දක්වා කුශලාකුශලදෙක්හි ඉෂ්ටානිෂ්ටවිපාකවිභාගය හගවා වදාළ සේක. එසේ හෙයින් කුශලකර්ම්යාගේ ආනුභාවය ද ශ්රීගවන්තයන්ගේ සම්පත්තිවිශෙෂය ද යන මේ ආශචය්ය්වි සහිත අද්භූතචරිතය ඇසුවා වූ ශ්රපද්ධාවන්ත සත්පුරුෂනෙයි, තෙපි තෙපිදු මතු ඉදින් භවභොගසම්පත් හා නිවන් සම්පත් කැමතියා නම් සිතැ ඇතිකුසීතභාවය දුරු කොට හැර තමතමා ශක්ති පමණින් නොපමා ව කුසල් කළ මැනවි. කියන ලද මැයි :- “ සුත්වාාන එතං චරිතං මහබ්භූතං පුඤ්ඤානුභාවං ච සිරිං සිරීමතං, හිත්වාන කුසීතං කුසලං කරොථ හො කාමත්ථන කාමං භවභොගකිබ්ඩුතිං”යි. මෙ තෙකින් මේ මහාමන්ධාභතුවගැ තුන් වන සීවලී වස්තුව කියා නිමවල ලදී. ________________________________________

  • අපදානයෙන් ගෙන රසවාහිනියෙහි යොදා ඇති ගාථා කීපයෙක් මෙහි නො යෙදින. සංක්ෂිරප්ත කරන අටියෙන් එසේ කරන ලදැයි හැගේ.

මහාමන්ධා.තු වර්ගාය 175 9. සද්ධෙය්ය වස්තුව තවද මේ මහාමන්ධායතුවගැ සතර වන සද්ධෙය්ය වස්තුව නම් කවරැ යත්? යටැ ගිය දවස මෙ ම කපැ බුදු වූ කාශ්යරප බුදුන් සමයෙහි ශ්ර ද්ධාවන්ත උපාසක කෙනෙක් උක්යත කර්මාරන්තයෙහි නියුක්ත ව එයින් ම තමන්ගේ අඹුදරුවන් රකිමින් ජීවත් වෙති, ඌතුමූ දවසෙකැ ගිලන් සඟරුවනක් දැක ගිතෙල් සැන්දක් පිළි ගැන්වූහ. නැවැත එක් දවසෙකැ එසේ ම ගිලන් භික්ෂූර කෙනකු‍න් වහන්සේ දැක උක්සකුරු පිඩක් පිළිගැන්වූහ. අනික් දවසෙකැ සයින් පීඩිත වූ බල්ලකු දැක ඕහට බත් පි‍ඩෙකින් සංග්රනහා ‍ කළහ. පසුව එක් දවසෙකැ ණයගැති මිනිසකු දැක ඕහට කහවණුවක් දුන්හ. තවද එක් වසසෙකැ බණ අසා පැහැද වස්ත්රටයක් දුන්හ. මෙසේ මේ පමණ කුසල් කොට ඉක්බිති ප්රා ත්ථදනා කරනුවෝ චුතිප්රකතිසන්ධිහවශයෙන් ජාතිජාතියෙහි සසරැ ඇවිදිනා වූ මම සමුද්ර පර්වවතාදී වූ යමි යම් තැනෙක්හි යමක් යමක් කැමති වෙම් ද, මා කැමති කැමැති ඒ සියල්ලම එම ඇසිල්ලෙහි සිද්ධ වේව යි ප්රා්ත්ථ නා කළහ. ඉක්බිති ඒ උපාසකයෝ එ ම කුශල කර්මියන්ගේ හේතුවෙන්2 දෙව්ලොවැ ඉපිද එ කල්හි කළ ප්රා්ත්ථයනා වූ පරිද්දෙන් මහත් වු දිව්යහසම්පත් විද එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි සදිව්ය්ලොක ය, මනුෂ්යිලොක ය යන සප්තවිධකාමස්වර්ගතයෙහි අනොපමේය වූ ආශ්චය්ය්ලොක සහිත දිව්යිමනුෂ්යකසම්පත් වළදා අප බුදුන් සමයෙහි සැවැත් නුවරැ බොහෝ සම්පත් ඇති ‍ලොකපූජිත සිටුකුලයෙකැ ඉපිද අනුක්රමමයෙන් වැඩී සියලු සම්පත්තියෙන් සමෘද්ධ ව මහත් වූ නරඉසුරු විඳමින් වසනුවෝ කලින් කලට විහාරයට එළැඹ බණ අසා ගිහිගෙයි ආදීනව හා මහණ වීමෙහි අනුසස් මෙනෙහි කොට සසුන් වැඳ මහණ ව ධ්යාණන උපදවා සමාපත්තිසැප විඳිමින් ක්රසමයෙනි කෙලෙසුන් ගෙවා රහත් ව යදේධය්යැ මහතෙරුන් වහන්සේ යයි ප්රරස්ද්ධ වූහ. කිය ලදුයේ මැයි :- “ එතෙයං පුඤ්ඤාකම්මානං, වාහසා සාමභුමියං, සම්පත්තිමනුභුත්වා්න, සා‍වත්ථි පුරමුත්තමෙ. ‍ජාතො කුලෙ මහාභොගෙ, වුඬිප්පත්තො සුඛෙ ඨීතො, තස්ස ධම්මං සුණිත්වාගන, පබ්බජිත්වාෙන සාසනෙ. ________________________________________ 1. සඩොපාකස්ස වත්ථුන (රස) 2. කුශලකර්ම.යන් හෙතුකොට


176 සද්ධර්මා්ලඞ්කාරය ලොකුත්තරං අග්ග රසං, භුඤ්ජනෙතා මුනිවාහයා, කිලෙසෙ පජහිත්වාරන, අරහත්තමාපාපුණිං” යි. මෙසේ රහත් ව මුඳුන් පැමිණියා වූ මනොරථ ඇති ඒ සද්ධෙය්යය මහතෙරුන් වහන්සේ එක්සමයෙක්හි බුදුන් වැඳ අවසර ගෙන පන්සියයක් භික්ෂූනන් පිරිවරා උග්ග නම් නුවරට වැඩිසේක. ඒ නුවරැ සිටාණන්ගේ ඇඹණියෝ1 තුනුරුවන්හි පැහැද ශ්රමද්ධාවන්ත ව වසන්නාහු ඒ කලැ ඒ පන්සියයක් භික්ෂූ න් පිරිවරා නුවරට සිඟා වන් තෙරුන් වහන්සේ දැක වහා පෙර මඟට ගොස් පසඟ පිහිටුවා වැඳ පාත්රාය ගෙන මහත් වූ ආදරයෙන් හැමදෙනාවහන්සේ ම ගෙට වඩාගෙණ ගොස් හිඳනා අසුන් පනවා වඩාහිඳුවා පිරිවර භික්ෂූගන් හා සමඟ මහතෙරුන් වහන්සේ වළදවා එම නුවරැ නිබඬවාසයෙන් වසන සේ තෙරුන් වහන්සේට ආරාධනා කොට පන්සියයක් කුළුගෙවල් කරවා උඩැ සුදුවියන් බඳවා තිරජවනිකා ආදියෙන් අලඞකාර කොට සරහා හැදපුටු පනවා පන්සියයක්දෙනා වහන්සේ එහි වස්වා නිරන්තරයෙන් ම2 සිව්පසයෙන් උපස්ථාන කෙරෙති. මහ තෙරුන් වහන්සේ ද ඒ සිටුදියණියන් ආදී වූ බොහෝ දෙනාට කුසල් වඩවා ඔවුන් පන්සිල් පිහිටුවා ඒ නුවරැ අභිප්රාදය කාලයක් වැස අනික් තැනකට වඩනා කැමැති ව එයින් නික්ම අනුක්රාමයෙන් මුහුඳුතෙරැ පටුන්ගමකට වැඩ දවස් ගණනක් එහි වැස පසුව එයින් නික්ම නැව් නැගී පන්සියයක් භික්ෂූ න් හා සමඟ මුහුදුපිටින් වඩනා සේක. එ කලැ එක්දවසෙකැ සමුද්රකමඬ්යූයෙහිදී මහතෙරුන් වහන්සේට බඩරුජාවෙන් පහරනට පටන් ගත. භික්ෂූෙන් වහන්සේ ඒ දැක ස්වාමීනි,3 පළමු මේ රැජාව ගත් කලැ කවර බෙහෙදෙකින් සන්හි‍ඳේ දැයි විචාළ සේක. එ බසට මහතෙරුන් වහස්නේ එම්බා ඇවැත්නි, පළමු මේ රුජාව ගත් කලැ සැන්දක් පමණ ගිතෙල් වැළැඳූ කල්හි සන්හි‍ඳෙයි වදාළ සේක. එ කල්හි භික්ෂූ්න් වහන්සේ ස්වාමීයි. ආයන්නයෙකැ ගමක් ගෙයක් නැති දිගැ සරසැ කෙළවරක් නොපෙනෙන්නාවූ මේ මහා සමුද්‍. මධ්යකයෙහි කෙසේ ගිතෙල් ලබමෝ දැයි කීසේක. ඒ තෙපුල් අසා මහතෙරුන් වහන්සේ එම්බා ඇවැත්නි, ගිතෙල් නම් අපට දුර්ල භදෙයෙක්4 නො වෙයි. තෙල අපගේ පාත්රවය ගෙන මුහුදින් පැන් උකා ගෙනෙව යි වදාළ සේක. එ කලැ භික්ෂූාන් වහන්සේ ද එපරිද්දෙන් ම මුහුඳින් කරදිය උකා ගත්සේක. පාත්රියෙන් ගත් කෙණෙහි එ ම කරදිය පෙරැළී ගිතෙල් විය. ________________________________________ 1. ඇඹෙණියෝ 2. නිරන්තරව 3. සාමීනි 4. දුර්ලාභයෙක්


මහාමන්ධා‍තු වර්ගෙය 177 ඒ දැක ආශ්චය්ය්ෙණ වත් වූ සිත් ඇති භික්ෂූ න් වහන්සේ මහ තෙරුන්වහන්සේට ගිතෙල් එළැවූ සේක. එයින් මඳක් වැළැදූ කෙණෙහි මහතෙරෙන් වහන්සේගේ බඩරුජාවා සන්හිඳණ. ඉක්බිති භික්ෂූහන් වහන්සේ ස්ව‍මීනී, මේ කෙසේ වූ ආශචය්ය්සන යෙක් ද? මෙබඳු පෙළහරක් නුදුටු විරූම්හ යි කී සේක. එ කලැ මහතෙරුන් වහන්සේ එසේ වී නම් ඇවැත්නි, පින්වතුන්ගේ කුශලව්ශෙෂය බලව යි වදාරා මේ මුහුඳ දිය ගිතෙන් වේව යි සිතා සමුද්රපය බැලූසේක. එ කෙණෙහි මහතෙරුන් වහන්සේ බැලූ තෙක් මානයෙහි මුහුඳැ කරදිය පෙරැළී ගිතෙල් ඇතිල්යක් සේ සිටගත. ඒ දැක අතිශයින් ආශ්චය්ය්රදිවත් වූ භික්ෂූගන් වහන්සේ ස්වාමීනි, මේ කෙසේ වූ කුශලවිපාකයෙක් දැයි විචාළසේක. එ කලැ මහතෙරුන් වහන්සේ පෙරැ තමන් වහන්සේ කළ කුශලය ගෙනහැර දක්වන සේක් :- “ කාලො කස්සපබුද්ධස්ස, උව්ඡුයන්තෙ නුයුත්තකො. ගුළකම්මෙන ජීවාමි, පොසෙන්තො පුත්තදාරකෙ”* යනු හෙයින් එම්බා ඇවැත්නි, මම පෙරැ මෙ ම කල්පයෙහි බුදු වූ කාශ්යෙප නම් බුදුන් සමයෙහි උක්යත කර්මායන්තයෙහි නියුක්ත ව උක්සකුරු ලා විකොට එම කර්මා්න්තයෙනි අඹුදරුවන් රැක ජීවත් වෙමි. එ කල්හි ඉතා මිරිකුණා වූ දුර්ව ල ශරීර ඇති ගිලන් වූ භික්ෂූෙ කෙනෙකුන් වහන්සේ ම‍ා‍‍ දොරට සිඟා වැඩිසේක. ඔබ දැක කරුණාවෙන් කම්පිත වූ සිත් ඇති මම දානඵලවිශෙෂය අදහා ඔවවැඩි සිතින් එ දවස් උන්වහන්සේට සැන්දක් පමණ ගිතෙල් දන් දිනිමි. එ කුශලකර්ම බලයෙනි එ තැන් පටන් මෙ තැන් දක්වා එක් බුද්ධාන්තරයෙක් මුළුල්ලෙහි උපනුපන් යම් ජාතියෙකැ සමුද්රකපර්වෙතාවී වූ යම් කිසි තැනෙකිහි ගිතෙල් කැමතිවීම් නම්1 ඒ හැම තැනිහ් ම පමණක් නැති ව ගිතෙල් උපදනේ ය. ඉදින් මම සාගරජලය ගිතෙල් වනු කැමැති වීම් නම් එ ම ඇසිල්ලෙහි මුහුඳ2 කරදිය පෙරැළී ගිතෙල් වෙයි. මේ හැම වැලිත් මාගේ අනික් ඍද්ධිපලමහිමයෙක්2 නෙ වෙයි. එ කල්හි ඒ ගිලන් භික්ෂූින් වහන්සේට දුන්නා වූ ‍ගිතෙල් සැන්දෙහි විපාකය යි වදාළ සේක. මෙසේ වදාරා ඉක්බිති අනික් කුසල විශෙෂයක් දක්වන පිණිස ඒ ඒ තන්හි වටැ සිටියා වූ මහත් මහත් පර්ව තයන් බැලූසේක. එ කෙණෙහි ඒ සියලුම පර්වයතයෝ උක්සකුරු මය වූහ. ඒ දැක විස්මය පත් වූ භික්ෂූලන් වහන්සේ ස්වාමීනී, මේ කවර කුශල විපාකයෙක් දැයි විචාළ සේක.ඒ වෙලෙහි තෙරුන් වහන්සේ ඒ කුශලය ගෙනහැර දක්වන සේක්:- ________________________________________ 1. වීනම් 2. මුහුදු 3. ඍධිමහිමයෙක් * මේ ගාථාව රසවාහිනියෙහි නැත.


178 සද්ධර්මාමලඞ්කාරය “ දිස්වා කස්සපබුද්ධස්ස, කාලෙ එකං ගිලානකං. භික්ඛුං භික්ඛාය සම්පත්තං, පත්තං ආදයහං තදා.”* යනු යෙහින් එම්බා ඇවැත්නි, මම පෙරැ එ ම කාශ්යනප බුදුන් සමයෙහි මා දොරට සිඟා වැඩියා වූ රොගාතුර එක් භික්ෂුකකෙනෙකුන් වහන්සේ දැක උක්සකුරු පිඩක් ගෙණ ඔබගේ පාත්ර්යට පිළි ගැන්වීමි. ඒ ගෙන ගොස් වැළැඳූ කෙණෙහි ඔබගේ ශරීර ආබාධය සන්හිදිණ. ඒ කුශලයෙන් මම දෙව්මිනිස් සැපත් විඳීනනෙම් යම් යම් තැනෙක්හි උක්සකුරු කැමැති වීම් නම් ඒ ඒ තන්හි එ ම විටැ සුලභ වූ උක්සකුරු ලැබෙමි. මහත් වූ ගල්පර්වටත වී නමුදු මාගේ සිත හා සමඟ උක්සකුරු වෙයි.ඒ වනාහි මාගේ අනිත් උප දෙශයෙකැයි නො සිතව. එකල්හි ඒ ගිලන්නමට එ දවස් දුන්නා වූ උක් සකුරු දානයෙයි විපාක ය යි වදාරා තවද අනික් කුශලයක් හඟවන පිණිස වටින් අඩසනක් මානයෙහි සැළින් සැළ ගසා සිටින සේ රසමසුවුළෙන් යුක්තවූ බත් භාජන දැක්වූ සේක. ඒ දැක භික්ෂූටන් වහන්සේ ස්වාමීනි, මේ කෙසේ වූ කුශල විපාකයෙක් දැයි විචාළසේක. එ කල්හි ඒ කුශලය ද ගෙනහැර දක්වන ‍තෙරුන් වහන්සේ :- “ ජාතෙකං සුනවා දීඝවා, එන්ද මානං පුරෙ අහං. හත්ත පිණේඩන සංඞගණ්හි, තම්පි දානං එලාවහං”† යනු හෙයින් එම්බා ඇවැත්නි, එම කාශ්ය ප බුදුන් සමයෙහි දවසෙකැ සයින් පීඩිත වූ බල්ලකු දැක ඕහට බත් පිඩෙකින් සඞග්ර්හ කෙළෙමි. ඒ දානයෙහි විපාකයෙන් ඒ ජාතියෙහි පටන් මෙ තැන් දක්වා බුද්ධාන්තරයක් මුළුල්ලෙහි අන්නපානාදියෙන් ‍අ‍ඩුවන් නො දිටිමි. මා උපනුපන් යම් ම ජාතියෙකැ සුලභ වූ යහපත් අන්තාපානාදිය ලැබෙයි. ඉදින් ආහාරයක් කැමති වීම් නම් මා බැලූ තෙක් මානයෙහි මෙසේ ම හාත්පසැ බො‍හෝ වූ බත් භාජන පහළ වෙයි. මේ හැම ඒ කාශ්යිප බුදුන් සමයෙහි සයින් පීඩිත වූ2 බල්ලාට දුන් පත් පිඩෙහි විපාක ය යි වදාළ සේක. තවද ඉක්බිත් අනිකුත් කුශල මහිමයක් හගවන පිණිස හිමවත්පර්වනතය බැලූ සේක. ඒ කෙණෙහි ඒ තුන්දහසක් යොදුන් වට ඇති හිමාලයපර්වනතය ඝනරන් විය. ඒ දැක භික්ෂූණන් වහන්සේ ඉතා ආශ්චය්ය්ිමසවත් ව ස්වාමීනී, මේ කෙසේ වූ කුශලයෙක් දැයි විචාළ සේක. එ කල්හි ඒ කුශගය ද ගෙනහැර දක්වන තෙරුන් වහන්සේ :- ________________________________________ 1. ලබම් 2. පී‍ඩාපත් වූ

  • මේ ගාථාව රසවාහිනියෙහි නැත.

† මෙහි 1, 2 පාද රාසවාහිනියෙහි වෙනයි.


මහාමන්ධාමතු වර්ගයය 179 “ තම්පි මෙ කුසලං සම්මා, සුණාත සාධු සාධවො, ඉණටඨකස්ස පොසස්ස, අදාසෙකං කහාපණං”* යනාදීන් එම්බා ඇවැත්නි, යැටැ කී කාශ්යුප බුදුන් සමයෙහි ණයගැති ව මා සමීපයට ආවා වූ දුක්පත් මිනිසකු දැක කහවණුවක් දිනිමි. ඒ කුශලයෙන් ඒ ජාතියෙහි පට‍න් මේ තැන් දක්වා උපනුපන් ජාතිජාතියෙහි බොහෝ භවභොගනම්පත් ලැබෙමි1 අපමණ වූ රන්රිදී මුතු මැණික් පබලු වෛදුය්ය්භොගග මසාරගල්ල සඞඛශිලාප්රීවාලරජතස්වර්ණාකදී වූ ධනසම්පත් ලැබෙමි.2 ඉදින් ධන සම්පත් කැමැත්තෙම් වීම් නම් ඒ කෙණෙහි මා සිත හා සමඟ මෙ පරිද්දෙන් ම මහත් ගල්පර්ව්ත පවා ඝනරන් පර්වහත වෙයි. එම්බා, මේ සියල්ලම ඒ දවස් ණයගැති පුරුණයා ණයින් ගලවන්ට දුන්නා වූ කහවණුවෙහි විපාක ය යි වදාළ සේක. තවද ඉක්බිත් අනික් කුශලයක් හඟවන පිණිස ඉදිරියෙහි මහත් වු වනළැහැබක් බැලු සේක. එම ඇසිල්ලෙහි ඒ මහත් වනලැහැබ කප්රුක්3 පහළ වූ කලක් පරිද්දෙන් නීල පීතාදී නානාවර්ණණ වූ විචිත්රහවස්ත්රලජාතීන් ගැවැසී සිටගත. ඒ දැක භික්ෂූනන් වහන්සේ ඉතා විස්මයට පත් ව ස්වාමීනි, මේ කෙසේ වූ කුශල මහිමයෙක් දැයි විචාළ සේක. එකලැ ඒ කුශල කර්මනය ද ප්රමකාශ කොට දක්වන තෙරුන් වහන්සේ:- “දීඝවා කස්සපබුද්ධස්ස, සාසනෙකං බහුස්සුතං† දෙසෙන්තා මුනිනො ධම්මං, සුත්වාස පීණි තමානසො”* යනාදීන් එම්බා ඇවැත්නි, එ ම4 කාශ්යමප බුදුන්ගේ ශාසනයෙහි බහුශ්රැ ත වූ එක් භික්ෂූ කෙනෙකුන් වහන්සේගෙන් දවසෙකැ බණ අසා පහන්සිත් ඇත්තා වූ මම ධර්මූයට වස්ත්ර්යක් පිදීමි. ඒ කුශලකර්මවයෙන් එ තැන් පටන් ම වක් දක්වා දිව්යමමනුෂ්යත ලොක දෙක්හි චුතිප්ර තිසන්ධි වශයෙන් ඇවිදිනා වූ මම උතුම් උතුම් වූ5 බොහෝ වස්ත්රෙ ජාතීන් ලැබෙමි. ඉදින් කැමති වීම් නම් තුන්දහසක් යොදුන් වට ඇති හිමවත් පර්වතතරාජයා වී නමුදු ‍ෙමස් නානාවර්ණ් වස්ත්ර යෙන් ඇසිල්ලෙකැ වසා පියමි. තවද සිතීම් නම් පූර්වතවිදෙහ ය, අපරගෙයාන ය, උතුරුකරු දිවයින, ජම්බුද්වීප ය යන සතරමහාද්වීපයෙහි වසන සත්වායන්ට ඔවුනොවුන්6 කැමැති කැමැති වස්ත්රදයන් දීලමි. මේ මාගේ අනික් උපදේශයෙකැයි නො සිතව. කාශ්ය්ප බුදුන් ________________________________________ 1. ලබමි 2. කප්රුකක් 3. පර්ණිතමානසො 4. ඇවැත්නි දවසෙක එම 5. මම උතුම් වූ 6. ඔවුන්

  • මේ ගාථා වෙහි 1,2 පාද රසවාහිනියෙහි මෙයට වෙනසි.

† මෙහි මුල් පද දෙක රාසවාහිනියෙහි වෙනයි.


180 සද්ධර්මාවලඞ්කාරය සමයෙහි බණ අසා ඒ දවස් ධර්ම්යට පිදුවා වූ වස්ත්රෙනාදයෙහි විපාක ය යි වදාළ සේක මෙසේ තමන් වහන්සගේ පූර්වමජාතියෙහි කළා වූ කුශලය හා ලද්දා වූ සම්පත්තිවිශෙෂය ගාථා සූවිස්සෙකින්* ගෙන හැර දක්වා මත්තෙහිදු සත්ත්වියන් කුශලකරණයෙහි උත්සාහ වඩවන තෙරුන් වහන්සේ :- “ කුසලං නාවමන්තබ්බං, බුද්දකන්ති කදාවිපී, අනන්තඵලදං හොති, නිබ්බානම්පි දදාති නං.” ය‍නාදීන් එම්බා සත්ත්ව්යෙනි, කුශලය නම් ස්වල්ප ය යි නො සිතව. පින්කම් කුඩා වුවත්1 දායකයන්ගේ චිත්තශුද්ධියෙන් හා පිළිගන්නවුන්ගේ ක්ෂෙකත්ර්ශුද්ධිබලයෙන් අනන්ත වූ විපාක දෙයි. ඒ කුශලයම කෙළවරැ නිර්වමණසම්පත්තිය ද සිද්ධ කොට දෙන්නේ යි යි වදාළ සේක. එ කලැ තෙරුන් වහන්සේගේ මේ ධර්ම දෙශනාව අසා එ තැන්හි පැමිණියා වූ භික්ෂූ න් වහන්සේ ද මහජනයෝ ද තමතමන් ශක්ති පමණින් පිළිවන් පින් කොට බොහෝ දෙනා දෙව්ලොවැ උපන්හ. එසේ හෙයින් පින්වත් සත්ත්වහයෙනි ස්වල්ප වූ කුශලය පවා චිත්තප්රයසාදබලයෙන් මෙසේ මහත් වූ විපාක ‍දෙන්නේ ය යි දැන කුශලය නම් කුඩා ය යි නො සිතා අප්රෙමා ද ව තමතමා ශක්ති පමණින් කුසල් කටයුත්තේ ම ය. අප බුදුන් දවසැ මහසුප් මහතෙරුන් වහස්සේට විළඳ පමණක් දන් දී දෙව්ලොව උපන් ලාජ නම් දෙව්දුවගේ විමානවස්තුව හා එසේම පෙරැ ස්වල්පමාත්රන වූ විළදදානයක්දී බොහෝ දිව්යමමනුෂ්ය සම්පත් විදි පද්මාවතී දේවින්ගේ කථාවස්තුව මෙ තැන්හි දෘෂ්ටාන්තවශයෙන් සිහි කොට කුසල් කළ මැනැව. කියල නද මැයි:- “ මනො පසාදෙන’ පි අප්පපුඤ්ඤං එවං මහන්තං භවතී’තී ඤත්වාප, මා අප්පපුඤ්ඤාන්ති පමජ්ජථමෙහා සාරථ දෙවිං ඉධං ලාජදායිං” යි. මෙ තෙකින් මේ මහා මන්ධාිතුවගැ සතර වස සද්ධෙය්ය වස්තුව කියා නිමවන ලදී. ________________________________________ 1. උවත්

  • ගාථා සූවිස්සෙක් රසවාහිනියෙහි ඇත මෙහි දැක්වූ ගාථාවල වෙනස්කම් ද පෙනේ. අදහසිති වෙනසක් නැත


මහාමන්ධා.තු වර්ගෙය 181 10. පද්මාවතී වස්තුව තවද මේ ම‍හාමන්ධා්තුවගැ පස් වන පද්මාවති වස්තුව නම් කවර යත්? යටැ ගිය දවසැ මේ කල්පයට ලක්ෂ්යක් වන කපැ බුදු වූ පදුමුත්තර නම් බුදුන් සමයෙහි පද්මාවතී නම් වූ රාජ මහෙසිකාවෝ හංසවතී නුවරැ සියලු සම්පත්තීන් සමෘද්ධ වූ සිටුකුලයෙකැ ඉපද වැඩිවිය පැමිණ මහජනයන් හා සමඟ බණ අසනු සඳහා දවසෙකැ විහාරයට ගියාහු බුදුහු එක් මෙහෙණින්නක් ඍධිමත් භික්ෂූවණීන් කෙරෙහි අගතැන් තබන්නා දැක සපිරිවර බුදුන්ට සත්දවසක් මුළුල්ලෙහි මහ දන් දී තුමූ ද ඒ තනතුරු පතා ජීවිතාන්තය දක්වා බොහෝ කුසල් කොට වුතිප්ර තිසන්ධි වශයෙන් දිව්යාමනුෂ්යහසම්පත් විද ඇවිදිනාහු මෙ ම කපැ බුදු වූ කාශ්යයප බුදුන් සමයෙහි බරණැස් නුවරැ කීති නම් රජහට දූ ව ඉපිද විසිදහසක්අවුරුදු බඹ සරවස් රැක භික්ෂුෂසඞඝයාට විහාරයක් කරවා දී එ කල්හිදු බොහෝ පින් කොට දෙව්ලොවැ ඉපිද දිව්යරසම්පත් විඳ නැවැත එයින් අවුත් අරිට්ඨපුරනුවරැ තිරීටවච්ජ නම් සිටාණන්ට දු ව ඉපද උප්පදන්ති ය යන නමින් ප්රරසිද්ධ ව අභිපාරක1 නම් සෙනෙවිරදුන්ට ප්රිඨයභාය්යාහ්බ ව මනුෂ්යනසම්පත් විඳ එයින් මිය අපරාපර්යවෙද්යම වූ කිසි අකුශල කර්මරයෙකින් බරණැස් නුවරැ ධනසිටාණන්ට දාසී ව උපන්හ. එ කලැ ඒ සිටාණෝ ‍බොහෝ ඇත්කෙත් වපුරුවා ‍ෙගායම් පිදී පැසෙන අවස්ථාවෙහි ඒ තමන්ගේ දාසීකුමාරිකාවන් කැඳවාගෙන ගොයම් රක්නට යවූහ. එ කලැ ඒ කුමාරිකාවෝ කෙතට ගොස් කුරුළුකොබෝ ආදී වූ සතාසතුන් බැණ ඇල්කෙත අසැ දඩපැලෙකැ උන්නාහු කරල් ගණනක් කඩා ගෙන ගිනි දල්වා පන්සියයක් විළඳ බැඳ තබා විලට ගොස් මුව යුධ කොට නෙළුම් මලක් දැක කඩාගෙන නැවැත අවුත් දඩපැලය නැගී ගී කිය කියා උන්හ. මෙසේ හෙයින් කියන ලදී:- “එකස්මිං සමයෙ සුබෙධ, රමෙම බාරාණසීපුරෙ, බ්රේම්හදන්ත විහයො නාම, රාජා රජ්ජං කරිස්සති. ධඤ්ඤපුඤේඤා මහාහොගෝ, සේට්ඨී ආසි තහිං තදා, දෙන්තක මෙම නියුත්තො යො, බාහුං ඛෙත්තං2 වපාපයි. ________________________________________ 1. අභිපාලක 2. ධනුඛෙන්ත



182 සද්ධර්මාසලඞ්කාරය දිනෙකස්මිං යකං දාසිං, කෙත්තරක්ඛාය පෙසයී, තිසිත්තා ඛෙත්තකුටියං, සා දාසී ඛෙත්තසනතිකෙ. සාලිසීසං ගහෙත්වා න, ලාජං කත්වා න වාදිතුං, තත්ථේකස්මිං සරං ගනත්වාා, බොවිතුං මුථමත්තනො. මහනතං පදුමං දිස්වා, උද්ධරිත්වාත සදරණඩකං, තමාදාය පුනාගම්ම, ගායමානා නිසීදි සා”යි. එකලැ ගන්ධමමාදනපර්වාතයෙහි වසන එක් පසේ බුදු කෙනෙකුන් වහන්සේ නිරොධසමාපත්තීන් නැගි අද වසරක්හට අනුග්රාහ කෙරෙම් දෝ හෝ යි ලොව බලන සේක් ඒ කුමාරිකාවන් සැද1 ඇති බව ද දන් දෙන්ට පොහොසත් බව ද ඒ දවස් තමන් වහන්සේට දුන් දනින් උන් මතු ලබන විපාක විශෙෂය ද යන සියල් ම දිවසින් දැක සුපළිසන්ව ගැට වටුගන්වා පාත්ර ය අතින් ගෙන අහසින් අවුත් බැස ඒ කුමාරිකාවන්ට පෙනෙන සේ එක්තෙතෙකැ2 වැඩ සිටි සේක. එ කල්හි ඒ කුමාරිකාවෝ පසේ බුදුන් දැක පහන් සිත් ඇතිව ඒ තමන් බැද තිබූ විළඳ හා සමඟ නෙළුම් මල හැරගෙන පැලින් බැස පසේබුදුන් කරා එළබැ පාත්රඟයෙහි විළඳ බහා පිළිගන්වා නෙළුම් මලින් පාමුව වසා පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි, මේ දුන් විළඳ දානයෙහි අනුසසින් මේ පොළෝතෙලෙහි රුපත්3 වූ සියලු ස්ත්රීාන්ට වඩා මනහර රූ ඇති වෙම්හ යි, මාගේ ශරීරය රන්වන් පැහැ ඇති වේ ව යි, හැමකල්හි මාගේ ශරීරයෙන් සඳුන් සුවඳ වහනය‍ වේව යි, හැමකල්හි මාගේ ශරීරයෙන් සඳුන් සුවඳ වහනය වේව යි, මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමා බසීව යි, මේ නෙළුම් මල දුන් කුශලයෙන් මා එබූ එබූ පත්ලෙහි මනහර පියුම් නැගේ ව යි, පෘථිවිශ්වර වූ රජක්හට අගබිසෝ වෙම් ව යි, ඒ රජු හා සමඟ ප්රිේය සංවාසයෙන් වසන්නාවු මම මේ දුන් විළඳ ගණනායෙන් ම ප්රාඥාසම්පන්න වූ රූ පින් ඇති පන්සියයක් පුතුන් ලැබෙම්ව යි,4 ඒ සියලු පුත්රායෝ ම නුඹවහන්සේ විසින් පසක් කරන ලද නිවන් දහම් පසක් කටහෙත් ව යි, මම ද මෙසේ මෙ කී පරිද්දෙන් සසරැ සිටිනා තෙක් මහත් වූ ශ්රීව සම්පත් විඳ මෙ ම කුශලය හෙතුකොට ගෙන කෙළවරැ අතිශාන්ත වූ නිවන් පුර පැමිණෙම්ව යි යනාදීන් ප්රායත්ථගනා කළහ. එසේ හෙයින් කියන ලදී :- “හත්තෙ ඉමස්ස දානස්ස, නිස්සන්න්දෙළන ඉතො චුතා, රූපවන්ති නමිත්ථිඉනං, සබ්බාසං අවනීතලෙ. ________________________________________ 1. සැදැහැ 2. තැනෙක 3. රූපවත් 4. ලබම්වයි

මහාමන්ධා තු වර්ගිය 183 අග්නා හුත්වා‍න ජායිය්යාග, අහං සෙට්ඨා මනොරමං, සුවණ්නවණෙණා මෙ කායො, හොතු ගනෙත අනාගතෙ. කායෙ වන්දණනගන්ධනඤ්ච, මුඛෙනුප්පලගන්ධංකං, සදා වායතු මෙ විර, උප්පන්නුප්පන්තජාතියා. අක්කන්ත ක්ක න්ත පාදෙසු, සුඵුල්ලපදුමාති ච, උට්ඨහත්තු මහාපඤ්ඤ, පුෂ්ඵ දානපලෙන මෙ භිමිස්සරො නරින්දොව, පති හොතු පියො මම, තෙන සද්ධිං වසන්තිහං, කරොන්ති පියසඞගමං. ලචෙඡය්යාි පුඤ්ඤවා සෙට්ඨෙ, පුතෙන පඤ්චසතෙ’පි ච, තුමෙහ ත් යො ගුණො ලද්ධො, සබ්බෙ තෙපි ලහන්තු තං එවං වුත්තවිධානෙන, වින්දිොත්වාත මහිතිං සිරිං, පාපුර්ණ්ස්සාමි නිබ්බානං, එලෙනෙතෙනහම්පි ව”යි. ඉක්බිති පසේබුදුන් වහන්සේ ද ඒ තොපි සිතූ පැතූ සියල්ල ඒ පරිද්දෙන් ම සිද්ධ වේව යි අනුමෙවෙනි බණ වදාරා නික්මුණු සේක. එ කලැ ඒ කුමාරිකාවෝ මඳක් බලා සිට සිතන්නාහු පසේ බුදුන්ට මේ මලින් ප්ර යෝජන කිම් ද? මම් ම හැරැගෙන පැළැදගනිමි යි සිතා පසුපස්සෙහි ගොස් පාත්රරය මත්තෙහි තුබූ නෙළුම් මල හැරැගෙන එකෙණෙහි නැවත සිතන්නාහු1 ඉදින් මේ මලින් ප්ර යෝජන නැත් නම් පසේබුදුන් වහස්සේ පාත්රනය මත්තෙහි ආදී ම තිබිය නොදෙන සේක. ඒකාන්තයෙන් ම මේ මලින් ප්රරයෝජනයෙක් ඇත් ම ය යි සිතා නැවැත ගොස් පාත්ර ය මත්තෙහි නෙළුම් මල තබා පසේබුදුන් ක්ෂතමා කරවා ගියහ. ඉක්බිති පසේබුදුන් එ තැන් පියවා මඳක් තැන් වඩිකල්හි පන්සියයක් පමණ ගොපලුදරුවෝ වඩානා පසේබුදුන් දැක සමීපයට එළැඹ කිමෙක් ද ස්වාමීනි, ආහාර ලත්සේක් දැයි විචාළහ. පසේබුදුන් වහන්සේ එසේ ය දරුවෙනි, තෙල ඇල්කෙත් රක්නා කුමාරිකාවෝ විළදදානයක් දුන්හ යි වදාළ සේක, ඒ තෙපුල් අසා ඔහු2 ස්වාමීනී, ඒ කුමාරිකාවෝ වේ විළඳ දන් දී කෙසේ වූ ප්රා්ත්ථඅනාවක් කළෝ දැයි විචාළහ3 මෙසේ මෙසේ පැතුහ යි කුමාරිකාවන් කළ ප්රාකත්‍ථනාව වෙන වෙන වදාළ කල්හි ඔහු3 ද එක්සිත් ව අළුත් දී හා කැටිම් පිළිගන්වා පසේබුදුන් වැඳ ස්වාමීනි, මේ දානයෙහි අනුසසින් ________________________________________ 1. සිතන්නී 2.ඔව්හු 3.විචාරා

184 සද්ධර්මාඔලඞ්කාරය මතු ඒ කුමාරිකාවන් කුසැ පිළිසිඳ අනුක්රනමයෙන් වැඩී සත්හැවිරිදි වයසට පැමිණ නුඹ වහන්සේ සේ ම ‍පසේබුදු වමෝව යි ප්රාසත්ථයනා කළහ. එකලැ පසේ බුදුන වහන්සේ ඔවුන්ට අනුමෙවුනි1 බණ වදාරා දෙපක්ෂහය බලබලා සිටියදී ම ගරුඩරාජයකු සේ අහසට පැනනැගී ඇසිල්ලෙකින් ගන්ධයමාදනපර්වසතයට වැඩ නෙළුම් මල ගෙන ගොස් නන්දයමූලපබ්හාරයෙහි පසේබුදුවරුන් වහන්සේ ඇක්මෙන මස්වැල්පහණ සමීපයෙහි පාපිස්න2 කොට තබා සෙසු පසේබුදුවරුන් හා සමඟ මිදි හා විළඳ වැළැදූ සේක. ඒ කුමාරිකාවෝ කල්යාමෙකින් මිය එ ම දානයෙහි අනුසසින් දෙව්ලොවැ උපන්හ. ඔවුන් උපන් දවස් පටන් එබූ එබූ පත්ලෙහි මහපියුම් නැගෙයි. සෙසු නොයෙක් ආශචය්ය්ද ද පහළ විය. එකලැ ඒ දෙව්ලොවැ සියලු ‍දෙවඟනන් අභිභවනය කෙරෙමින් රූපශ්රී ත් දිලිහි දිලිහි දිවනළුවන් පිරිවරා මනහර දෙව්විමන්හි වැස බොහෝ කලක් දිවසැපත් වළදා එයින් මිය හිමවතැ3 පර්ව තප්රාසන්තයෙකැ පස්පියුමෙන් සැදි මහ විලෙක්හි පියුම් ගැබෙකැ උපන්හ. ඒ විල සිසාරා ඵලපල්ලවකුසුමයෙන්4 සශ්රී ක වූ සපු දුනුකේ නා පනා කොබලීල පළොල ඇසළ කොළොම් සළල මුහුළු අඹ දොඹ කීණ බක්මී ආදී වූ වෘක්ෂජාතියෙන් හා ඔවුනොවුන් පරයා රැව් පිළිරැව් දිදී ගසින් ගසට දිවෙන ගිරා මොනර කොවුලු කොස්ළිහිණි හංස චක්රරවාකාදි වූ පක්ෂීන සමූහයන්ගෙන් ශොභමාන විය. එ විල්හි පඤ්චප්රුකාර පද්මොත්පලයෙහි සුගන්ධවගන්‍ධයෙන් රැස් වූ නානාප්ර කාර හෘඞගජාතීන්ගේ ක්ධගඩකාරනාදයෙන් හා හංසවක්රැවාදී වූ ජලචරපක්ෂීෘන්ගේ මධුරනාදයෙන් ඒකනින්නාද විය. විල්තෙරැ ලියමඩුල් ආදියෙහි නටන වනදෙවඟනන් හි දිව්යනපුත්රායන්ගේ නෘත්යමගීනවාද්ය යෙන් ‍මනහර විය. එ කලැ අප මහා බෝසතාණෝ බමුණු මහසල්කුලයෙකැ ඉපද කාමයෙහි ආදීනව දැක5 ගිහිගෙන් නික්ම තාපසප්රීව්ර‍ජ්යාීයෙන් පැවිදි ව ධ්යාැන උපදවා ඒ විල නිසා පර්වහත සමිපයෙහි පන්සලෙකැ වසන්නාවූ දවසෙකැ උදාසන්හි මුව ශුද්ද කරනු සඳහා විලට ගොස් ඒ නෙළුම් මල දැක සිතනුවෝ මේ නෙළුම් මල සෙසු මලට වඩා ඉතා මහත, සෙසු මල් දවසින් දවසැ පිපී පරවෙයි. මේ නෙළුම් මල කැකුළු ව ම තිබෙයි, මීට කාරණා කිම් දෝ හෝ යි සිතා විලට බැස ඒ මල්කැකැළ අතින් ගත්හ. එ කෙණෙහි බොසතුන් දැක සතුටු ව සෙන්නාක් මෙන් නෙළුම් මල පිපී වැනී ගිය. මහ‍බෝසතාණෝ රන් පිළිමයක් සේ පියුම් ගැබැ හොත් කුමාරිකාවන් දැක දරුපෙම් උපදවා පියුම් හා සමඟ පන්සලට ගෙනවුත් කුරුහැදෙකැ හොවා ලුහ. ________________________________________ 1. අනුමෙවෙනි 2. පාපිස්නා 3. හිමවත් 4. පලුපල්ලව- 5. දැන.

මහාමන්ධාකතු වර්ගපය 185 එ කලැ ඒ කුමාරිකාවන්ගේ කුශලානුභාවයෙනි උන් අතැමහපට ඇගිල්ලෙන් කිරිපිහිරි1 නික්ම මුඛගත ව සිරුර සපා2 සිටගත මහාබෝසතාණෝ ඒ මල මලානික වූ කලැ අනික් මලක් ගෙනවුත් කුමාරිකාවන් එහි ඇර හොවතී. මෙ ම ක්ර මයෙන් ඒ කුමාරිකාවන් වැඩී කෙළ හැවිදිනා අවස්ථාවෙහි ඔවුන් එබූ එබූ පත්ලට මහ පියුම් නැ‍ඟෙන්නට වන. ශරීරවර්ණ්ය දවසින් දවසැ වැඩී වැඩී ඔප් නැගූ රන්රුවන් සේ ඉතා මනොඥ විය. මෙසේ කුමාරිකාවන් ක්රණමයෙන් වැඩී සොළොස් හැවිරිදි වයසට පැමිණි කල්හි ඔවුන්ගේ කුශල තෙජසින් ශක්ර‍යන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හුණු විය. එ කලැ ශක්ර්යෝ කිමෙක් දෝ හෝ යි මිනිස් ලොව බලන්නාහු ඒ කාරණය දැක3 එ කෙණෙහි මහ බොසතුන් කරා අවුත් පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව උන්හ. ‍එ කල්හි ‍බෝධිසත්‍ඟ යෝ ශක්රහයන් හා පිළිසඳර කථා කොට ඉක්බිති ඒ තමන්ගේ දියණියන් ශක්ර යන්ට දක්වා එම්බා ශක්රකයෙනි, මේ කුමාරිකාවෝ පියුම් ගැබෙකින්4 උපන්හ. එසේ හෙයින් මෙවුන්ට සුදුසු නමක් තබව යි කීහ. එ කලැ ශක්‍ක්යෝ ඒ කුමාරිකාවන්ට “පද්මාවතී” ය යි නම් තබා ඔවුන් සුවසේ විසුව මැනැවයි සිතා නොයෙක් රත්න යෙන් විසිතුරු වූ රන්මිණිතොරණින් හොබනා සත්රුවන් මහාපායක් මවා දී උපද්ර්ව දුරු කොට රකවල් ලවා දෙව්ලොවට ම5 ගියහ. එහි වසන කුමාරිකාවෝ නඳුනුයන්හි වසන දෙවඟනක සේ කිසි දොම්නසක් නැති ව දිව්ය්මය අන්තපාතයෙන් සන්තුෂ්ට ව දවසෙකැ ගී කිය කියා උන්හ. එ කලැ බරණැසැ වසන වැද්දෙක් ඒ වලැ6 ඇවිදිනේ කුමාරිකාවගේ කුරවික නාදයක්7 හා සමාන ඒ ගීතිකාශබ්දය අසා පරීක්ෂාි කෙරෙමින් අවුත් රන්පාය සමීප විය. ඒ කෙණෙහි කුමාරිකාවෝ රන් විමනින් පිටත් ව ආකාශයෙහි පහළ රන්විදුලියක් සේ බබළමින් ඔහු ඉදිරියෙහි සිටගත. එසේ හෙයින් කියන ලදී :- “ බාරාණසී පුරෙ ර‍ම්මෙ, සවනෙත්කො වනොචරො, කුරවිකසමං සදදං, අස්සා සුත්වා ගිනිකං, කමෙන උපඛාරෙන්තො, ගතො පාසාදසනතිකං. නික්ඛමිත්වාන පාසාදාං යාපි ආගම්ම තං ඛණෙ, පුරතොතස්ස අටඨාසි, නහෙ විජ්ජුව භාසුරා”යි. මිගානම්ග්ගමෙයන්තො, වනත්තං සමුපාගතො. ________________________________________ 1. පිරිහී 2. යපී 3. දැක 4. හැබින් 5. දෙව්ලොව 6. දවල් 7. කුරවික-

186 සද්ධර්මාකලඞ්කාරය මෙසේ ඉදිරියෙහි සිටි කුමාරිකාවන් දැක ඒ කෙණෙහි වැදි1 මඳක් ඉවත් ව පන්සල දැක සිතනුයේ මිනිස්ලොවැ ස්ත්රීහන්ගේ මෙවෙනි ගායනාවක් හා රූපසම්පත්තියෙක්2 ඇත්තේ නොවෙයි. එ බැවින් මෝ තොමෝ මේ පන්සලැ වසන තාපසයන්ට උපස්ථාන පිණිස දෙව්ලොවින් ආවා වූ දෙවඟනක් දෝ හෝ යි සිතා විමසනු කැමැති ව මහබෝසතාණන් එන පෙරමඟ බල බලා හුන්නේය. එ කල්හි මහා බෝසතාණෝ වලින් ඵලාඵල හැරැගෙන අවුත් වන්හ. කුමාරිකාවෝ බෝසතුන් දැක මාලිගාවෙන් බැස පෙර මඟට ගොස් අනැතිබූ ඵලාපළකද හැරැගෙන තැන්පත් කොට තබා බෝසතුන් සැතපී උන් කල්හි තමන් කළමනා වත් සපයා එකත්පස් ව සිටියාහ. එ කලැ වැදි පුත්රියා මේ කුමාරිකාවෝ තාපසයන්ගේ දියණි කෙනෙක් ම ය යි දැන පන්සලට වැද බෝසතුන් වැඳ එකත් පස්ව හුන්නේ ය. ඒ වේලෙහි බෝධිසත්වබයෝ වැද්දහු3 ඵලාපල කවා පැන් පොවා ඉක්බිති විචාරන්නාහු, කිමෙක් ද පින්වත, මෙ තැන්හි ම රඳයි ද? නොහොත් යනු කැමැත්තෙහි දැයි විචාළහ. එ කලැ වැදි පුත්රවයා ස්වාමීනී, මෙ තැන්හි රදා කුමක් කෙරෙම්ද? මනුෂ්යවපථයට යෙමි යි බෝසතුන් වැඳ අවසර ගෙන පිටත් ව මඟදිගැ අතුසන් දක්වා දක්වා දෙපසැ රුක්සලකුණු ‍සලකමින් ගොස් බරණැස්නුවර වැද රජ්ජුරුවන් දැක තෝ කවරෙක් දැයි විචාළ කල්හි ස්වාමීනි, මම වැද්දෙක්මි, වෙනෙහි ඇවිදිනෙම් හිමවතැ එකපර්වවතයන් සමීපයෙක්හි පන්සලෙකැ වසන තාපස කෙ‍නකුන්ගෙන් ඉතා ආශචය්ය්කපරවත්5 වූ රූපශ්රී න් බබළන මනහර දුවක දිටිමි.ඕතොමෝ දෙවඟනක මෙන් විසිතුරු රන්විමනෙකැ වෙසෙයි. උන් හැර එවැනි රූ ඇති අන් ස්ත්රිසරත්නයක් මේ පො‍ළෝතෙලෙහි නොදිටිමි. එසේ හෙයින් ඒ බව නුඹ වහන්සේට දන්වනු පිණිස ආමි යි කී ය. ඒ තෙපුල් අසා විස්මය පත් වූ රජ්ජුරුවෝ තමන්ගේ අන්තඃපුරයෙහි නොයෙක් වස්ත්රාමලඞකාරයෙන් සැරැහුණා වූ සොළොස් දහසක් පමණ බිසෝ වරුන් ඕහට දක්වා එම්බල සහය, ඒ තා දුටු කුමාරිකාවෝ මෙයින් කවුරුන් වැනියෝ දැයි විචාළහ. එ කලැ වැදි සිනාසී මහරජ, කුමක් කියන සේක් ද, නුඹ වහන්සේ මට නොකිපුන මැනැව. උපමාවක් කියමි. කුමාරිකාවන් දුටු මා ඇසට මොහු රන්රුවක් ළගැ සිටුවූ දඬුරූපයත්6 ________________________________________ 1. වැද 2. -සම්පතෙක් 3. වැද්දවූ 4.නුවරට බැස 5. මත් 6. දඬුරු පෙලක්


මහාමන්ධාලතු වර්ග ය 187 වැනිය හ. රිවිමඬල හමුයෙහි කණමැදිරියන් වැනියහ. දෙවඟනක ළගැ සිටුවූ මැහැලි වැඳරිමුළක් වැනියහ. මේ සියලු ස්ත්රී න්ගේ රූපය ඒ කුමාරිකාවන්ගේ ඇඟින් කෙසඟක් පමණකුත් නො අගනේ ය. එසේ හෙයින් දෙවයන් වහන්ස, ඒ කුමාරිකාවන්ගේ සියලු රූපසම්පත්තිය වෙන වෙන කියා නිමවිය නොහැක්ක. එසේ ද වුවත්2 ඔවුන්ගේ රූපයෙන් එකදෙශ මාත්රමයක් කියමි. ඉඳුරා ඇසුව මැනැව. මහරජ, ඒ කුමාරිකාවෝ රතැඹුලපෙති දෙකක් මෙන් ඉතා රත් වූ පතුල් දෙකක් ඇතියහ. ඔප් නැගූ කනක රූපයක් සේ බබළන රන්වන් ශරීර ඇතියහ. රන් මොනරකර දෙකක් මෙන් යහපත් වූ කෙණ්ඩාසඟළක් ඇතියහ. වටමටසිලුටු වූ කලවා සඟළක් ඇතියහ. ඉත් පළල් වූ උකුළු පෙදෙන් ඇතියහ, සිහින් වූ ‍ කටී පෙදෙන් ඇතියහ. ඉතා රත් වූ අතුල් තල ඇතියහ. පුන්සඳමඬලක් වැනි මුහුණක් ඇතියහ. තිලපුෂ්පාකාර වූ උස් නාසිකාවක් ඇතියහ. ලියනඟලා පෙති සේ ලී‍ලොපෙත ව වට වු අගිලිපෙළක් ඇතියහ. රන්හස්පැටවුන් වැනි මනහර තන සඟළක් ඇතියහ. ඉතා මොළොක් වූ බාහු යුග්මයක් ඇතියහ. උඩු බලා සිටිනා තඹවන් නියපතර ඇතියහ. අඳන්වන් වූ සිනිදු තුනු රොමයන් ඇතියහ. නිලුපුල්පෙති පරයන දිගුපුළුල් වූ නිල් නුවන් ඇතියහ. කොඳ කැකුළු සේ සුදු සිනිදු වූ දන්ත පංක්තීන් ඇතියහ. රනොවිලි දෙකක් වැනි කන්වැල් සඟළක් ඇතියහ. උතුරු මුහුඳැ දියසළාවක් සේ ගැඹුරු වු නාභිමණ්ඩලයක් ඇතියහ. රන්පොරුවක් සේ පළල් වූ පිටක් ඇතියහ. කෙම්වැල දෙකක් සේ රත් වූ තොල් සඟලක් ඇතියහ. බඹර වැල දෙකක් සේ නිල් වූ බැම සඟලක් ඇතියහ. රන්කලසැ කරක් සේ වට වූ ග්රීකවයක් ඇතියහ අක්බඹුරු දික් මොළොක් වූ නිල් කෙස්වැටියක් ඇතියහ. බොහෝ කොට කීමෙන් ප්ර්යෝජන කිම් ද? ඒ කුමාරිකාවෝ තමන්ගේ ශරීරයෙහි රන්වන් පැහැයෙන් දසදිග් හොබවා හිර මඬල සේ බබළතී කී ය. එසේ හෙයින් කියන ලදී:- “ සුරත්ත පාදා සුතනු සුජඞඝා සුවට්ට ඌරු සුවිසාලසොනා, තනුදරා චාරු ථනාහිරාමා චන්දාාතානා සා වරතුඞගනාසා2 ________________________________________ 1. මුහුද 2. චතුරුඞඝනාසා


188 සද්ධර්මාාලඞ්කාරය වට්ටඩ්ගුලි චාරුකරංභිරාමා බාහා මුදු තමබනඛා සුලොමා, සුනීලනෙත්තා වරකුන්දලන්තා සුවණ්ණාදොලා ඉව කණ්ණවල්ලී. ගම්භීරනාභි සුවිසාලපිටඩි රත්නාධරා නිලභමු සුගිවා, නීලා මුදු දීඝසිරාරු හා සා සුවණ්ණවණෙණන විරාජිතායි” යි මෙසේ ද කියා ඉක්බිති මහරජ, එ වැන රූපත් කුමාරිකාවන්ගේ සිරුරුපහස් නොලබන නුඹ වහන්සේට ජීවිතයෙක් හා රාජ්ය සම්පත්තීන්1 ප්රුයෝජන කිම් දැයි කීහ. ඒ තෙපුල් අසා ඔදවැඩි තුටුපහටු සිත් ඇති රජ්ජුරුවෝ එ දවස් ම කුමාරිකාවන් දක්නා කැමැති ව ගමනට සැරැසෙන සේ සේනාවට විධාන කරන්නාහු, එම්බා, මාගේ ධනුශ්ශිල්පයෙහි දක්ෂ් වූ සටනෙහි පසු නොබස්නා ශූරවීර ස්වභාව ඇති නානා ජාතියෙහි ධනුර්ධ රයෝ විසිතුරු සන්නාහ බහා සැරැහී දුනු හී සන්නද්ධව මා හා සමඟ වහා නික්මෙත් ව යි, තවද මහත් ඇත්බඳ වී නමුදු ගසා පලවන්නට සමත්ථිඇ වූ කඩුසරමෙහි3 දක්ෂත මාගේ මහායෝධසේනාව නාගහටයන් සේ මාණිකවචයෙන් සැරැහී කඩුපලහ අතැ ලා ලෙලවමින් වහා නික්මවෙත් ව යි, තවද සතුරන් දැක අඩි පසු නො ලා එඩිතර ව ඉදිරියට දිව අවි පහර දෙන්නට සමත්ථිැ වූ මාගේ මහාබලසේනාව අසුරභටයන්ට සේ සැරැහී තියුණු මුවහත් ඇති නානා ප්රහකාර ආයුධ ගෙන දසදිග මුණ පැපෑ දෙපසැ වහා නික්මමෙත්ව යි, තවද මාගේ අන්තඃපුර වාසීහු ද රජකුමරුවෝ ද වෛශ්යිශුද්රා දීහු ද බ්රාඅහ්මණ‍යෝ ද යන හැමදෙන ම තමතමන්ට3 අනුරූප වූ වස්ත්රකලඞකාරයෙන් සැරැහී මා සමීපයෙහි දෙපස පුරා නික්මෙත්ව යි, තවද මෙයින් අන්යත වූ මාගේ ඇත්සෙනාව ය. අස් සෙනාව ය, රථසේනාව ය, පාබළ සේනාව ය යන චතුරාඞ්ගිණි සේනාව වෙනවෙන සැරැහී ඉදිරි ව නික්මෙත් ව යි, තවද සක්සිත්තම් ආදිය ගත්තාවූ මා‍ගේ තූය්ය් මසේනාව දිව්යෙගන්ධ ර්වසයන් සේ නානාලඞකාරයෙන් සැරැහී යුගදුරුසමීපයෙහි සාගරනාදයක් මෙන් පසඟතුරු ඝොෂා කෙරෙමින් ඉදිරි‍යෙහි නික්මෙත්ව යි යනාදීන් මෙසේ සේනාවට විධාන කළහ. ________________________________________ 1. රාජ්යේයෙන් හා රාජ්යඉසම්පත්තියෙන් 2. කඩු සරඹයෙහි 3. තමන් තමන්ට



මහාමන්ධානතු වර්ගයය 189 කියන ලද මැයි :- “චිත්තවමඹධරා සුරා, ධනුසිපේප හි කොවිදා, බිප්පමායනතු සන්නද්ධා, නානාජවචා1 ධනුග්ගහා. බග්ගහත්ථාත මහායොධා, නාගක්ඛන්ධා තිපාතිනො. නාගහටාව සන්නද්ධා, බිප්පමායන්තු මෙ සහ. සත්තිගාහමහායොධා, තික්ඛගගා තිප්පහාරිනො, අසුරා විය සන්නද්ධා, ටිප්පමායන්තු මෙ සහ. ඔරොධා ච කුමාර ව, වෙස්සා සුද්දා ච බ්රාසහ්මණ,2 විභුසිතඞගපච්චඞ්ගා, ඛිප්පමායන්තු මෙ සහ. හත්ථිි අස්සා රථා පත්ති, සෙනා ච චතුරඞගිණී. අකොබාහිණී අන්ත්තා ච, ගචජන්තු පුරතො මම. පඤ්දඞභිකානි තුරියානි, සඞටකාහළගාහකා, වාදෙන්තු පුර‍තො මය්හං, සාගරොව යුගන්ධුරෙ”යි මෙසේ සේනාවට විධාන කොට ඒ කෙණෙහි රැස් වූ මහ සෙනඟ පිරිවරා වැද්දහු3 ඉදිරි කොට මහත් වූ රාජානුභාවයෙනි දිලිහිදිලිහි නුවරින් නික්ම අනුක්රදමයෙන් දුරුකතර ගෙවා හිමවතට වන්හ. එ කැලෑ මහබෝසතාණෝ එ පවත් දැන තමන්ගේ ඍඞ්යතනුභාවයෙන් ඒ තුන්දහසක් යොදුන් වට ඇති හිමාලයවනයෙහි ගිරිදුර්ගය ආදිය නොපෙනෙන සේ වළගොඩ තනා දෙවියන්ගේ නඳුනුයන සේ සරහා පන්සල්පසැ නුදුරු රුකක් මුලැ උන්හ. එ පවත් දැන ශක්රෙයෝ දිව සෙනඟ පිරිවරා දෘශ්යුමාන රූපයෙන් ඇසිල්ලෙකැ දිව අවුත් තමන්ගේ ආනුභාවයෙන් ඒ ඒ තන්හි නානාවර්ණෙධජපතාක නන්වා රන් රිදී මිණිමුතු තොරණ ආදියෙන් ද දිවමල් දිවසුවද දීපධූප ආදියෙන් ද රන් ඇගැ රිදී ඇගැ ආදියෙන් ද ඒ ආශ්ර්මපදය දිව්යිපුරයක් සේ අලඞකාර කොට සරහා තුබූහ. හිමවතෙහි වසන සමහර දෙවතාවෝ සඤ්චාඞගික තූය්ය්න් භාණ්ඩ ගෙන වාද්යවයට පටන් ගත්හ සමහර දේවතාවෝ දිව්යරමය වූ දීපධූපාදීන් පූජාදියට පටන් ගත්හ. සමහර දේවතාවෝ අත්පොළසන් දිදී පිළි හිසැ සිසාරමින් අනෙක ප්රටකාර නෘත්යහගීතාදියට4 පටන් ගත්හ. මෙසේ ඒ කුමාරිකාවන් පෙරැ නොයෙක් ජාතියෙහි කළ කුශලබලයෙන් සියලු දෙවතාවන් උත්සවයට පටන් ගත් කල්හි ඒ ආශචය්ය්ශලබ දැක විස්මය පත් වූ රජ්ජුරුවෝ බෝසතුන් වසන පන්සල සමීපයෙහි පර්වශත ________________________________________ 1. නානා ධජා 2.වෙසියානාව බ්රාෙහ්මණා 3. වැද්දාවූ 4. ගීතයට

190 සද්ධර්මායලඞ්කාරය ප්රා9න්තයට අවුත් මහසෙනඟ රඳවා මඟුල් කඩුව අතින් ගෙන වැද්දහු 1 හා සමඟ පුරුෂයන් කීපදෙනෙකු කැඳවා ගෙන පන්සලට ගොස් මහබෝසතුන් වැඳ එකත්පස් ව උන්හ. ඉක්බිත් මහබෝසතාණෝ රජ්ජුරුවන් හා සමඟ පිළිසකර කථා කෙරෙමින් දැන දැන ම විචාරන්නාහු, එම්බා මහා පුරුෂය, තෙපි කිනම්හු ද? තොපගේ මව්පියෝ කවුරු ද? කුමක් නිසා මේ මහවලට අවු දැයි විචාළය. ඒ තෙපුල් අසා රජ්ජුරුවෝ ස්වාමීනී, බරණැස් නුවරැ බ්රුහ්මදත්ත රජ නම් මම ය, මාගේ පියාණෝද බ්රීහ්මදත්ත නම් වෙති. දැන් මම නුඹවහන්සේගේ දියණිකෙනකුන් ඇත යනු අසා උන් නිසා ආමි යි කීහ. එ කල්හි මහබෝනතාණෝ මතු අපවාසනිවාරණය පිණිස :- “සබ්බා නදී වඞකගතා, සබ්බෙ කටඨමයා වනා, සබ්බත්ථිායෝ කරෙ පාපං, ලභමානා නිවාතකෙ.” යනාදීන් ගැහැනුන්ගේ2 නුගුණ වෙන වෙන දක්වාලා මහරජ, ස්ත්රීයහු නම් ඉතා ලාමක සත්ත්ව කෙනෙක. එ බැවින් සිහිපත්3 ඇති ව වසව යි රජ්ජුරුවන්ට අවවාද කොට ඉක්බිති මහරජ, මනුෂ්යනයන්ගේ සිත නම් මදෙකින් ම කැලැඹෙයි. එසේ හෙයින් මා දියණියෝ බොහෝ දෙනා මධ්යියෙහි කෙසේ වෙසෙද්දැයි කීය. ඒ තෙපුල් අසා රජ්ජුරුවෝ ස්වාමීනි’ මාගේ සෙසු බිසෝවරුන්ට වඩා මුන් ම නායක තනතුරෙහි තබා රකිමි යි කීය. එ කල්හි මහාබෝසතාණෝ පද්මාවතීන් කැඳවා කියන්නාහු, එම්බා පුත පද්මාවතීනි, තෙපි දැන් වැඩී යෞවනයට පැමිණියව. මෙ තැන් පටන් මේ වෙනෙහි තනි ව විසිය නොහැක්ක. තෙල බරණැස් රජ්ජුරුවෝ ද තොප නිසා මෙතෙක් දුරුකතර ගෙවා අවුත් සිටියහ. එසේ හෙයින් තෙල රජ්ජුරුවන් හා කැටි ව යව යි කීහ. ඒ තෙපුල් අසා කුමාරිකාවෝ යහපතැයි ගිවිස බෝසතුන් වැඳ හඬ හඬා සිටියහ. ඒ දැක රජ්ජුරුවෝ ඔවුන් සිත් ගන්නා සඳහා ඒ තැන්හි ම කහවණු රැසක් පිටැ සිටුවා අභිසෙක මගුල් කොට සරහන ලද රථවාහනයකට නංවා මහපෙරහරින්4 කැඳවාගෙණ නික්මුණාහ. එ කෙණෙහි නානාලඞකාරයෙන් සැරැහී රන්චාමර රිදීචාමර ආදී වූ නොයෙක් මඟුල් පෙරහැර5 ගත්තාවූ මහා ජනයෝ දෙපසපුරා නික්මුණාහ. එසේ ම රන්කරඬු රිදී කරඬු ආදිය ගත්තා වූ දෙවගනන් බඳු උත්තමස්ත්රී හු ඔවුනොවුන් පරයා නික්මුණාහ ________________________________________ 1. වැද්දවූ 2. ගෑනුන්ගේ 3. සිහිපස් - සිහිපහස් 4. මහපෙලහරින් 5. -පෙළහැර.


මහාමන්‍ධාතු වර්ගකය 191 තවද මගුල් වෙස් ගත්තා වූ නොයෙක් සියගණන් ජනයෝ දළපුඩු මුඳුන සැදී සේසත් මුදුන් දිදී කිරිමුහුදැ රළපෙළ දිවන්නා සේ දෙපස පුරා නික්මුණාහ. එසේ ම නොයෙක් වස්ත්රාදලඞකාරයෙන් සැරැහී මිණිදඬු වැට පහන් ගත්තාවූ නොයෙක් සියගණන් ස්ත්රීසහු ඉදිරි ව නික්මුණාහ. සමහර ඇමැතියෝ ඉදිරියෙහි දිව මහදිගැ කණුමුල් උදුරුවා වළගොඩ සම කරවා සුදුවැලි අතුරුවා මහ‍දෙපසැ ඒ ඒ තන්හි සුවඳදිය පිරූ පූණීඝට තනවමින් නික්මුණාහ. එසේ හෙයින් කියන ලදී :- “සජ්ඣුමෙහාදිනෙකාති, චාරුචාමරගාහකා, නික්ඛමිංසු උහොපසෙය, නරං නෙකවිධා බහූ. සුවණ්ණාදිසටුග්ගාති, ධාරායන්තා වරඞගනා, නික්ටමිංසු උහොපසේස, දෙවකඤ්ඤුපමා සුභා.1 තපසා සෙනානි ජන්තානි, ධාරයන්තා සිරොපරී, නික්ඛමිංශු උ‍භොප‍ස්සෙ, නරං නෙකසතා තදා. මණ්දණ්ඩ පදීපානි, ධාරයන්තා2 වරඞගනා ගමිංසු පුරතො තස්සා, දස්සෙන්තා පුඤ්ඤාසම්පදං ගන්ධොුදකසුපුණ්ණානි, ඝටා නෙකයතා තදා, මහගස්ස උභතො පස්සෙ, ඨපිතා හොන්ති භුමියා”යි. මෙසේ මහසෙනඟ පිරිවරා නොයෙක් උත්සවයෙන් පද්මා වතින් කැඳවා ගෙන සරහන ලද මහට පිළිපන් රජ්ජුර‍ැවෝ දුරුකතර ගෙවා අවුත් නුවරැ වහසල් සමීප වූහ. එ කලැ නුවරවාසීහු ඒ ඒ තන්හි ධජපතාක නංවා මඟදෙපසැ3 පුන්කලස තබවා රන්රිදී රඹතොරණ ආදියෙන් මුළු නුවර දෙව්පුරයක් සේ සරහා පෙරමඟට දිවූහ. රජ්ජුරුවෝ සුජාතා නම් අසුරකන්යාපව හා සමඟ දිවසෙනඟ පිරිවරා නඳුන් වනැ උයන් කෙළැ දිව්යනපුරයට වදනා ශක්රසදෙවෙන්ර්රා යා මෙන්4 මහසෙනඟ පිරිවරා පද්මාවතීත් හා සමඟ බරණැස් නුවරට වන්හ. එ කලැ පද්මාවතී තමන්ගේ කුශලමහිමය බොහෝ දෙනාට දක්වනු පිණිස රථයෙන් බැසපීහ. ඔවුන් පය බිම තබත් ම එබු එබු පත්ලෙහි පියුම් නැගෙන්ට වන. මුඛයෙන් නික්මුණු මහනෙල්මල් සුවඳ හා ශරීරයෙනි නික්මුනු චන්දදනගන්ධුය සියලු බරණැස් නුවරැ පැතිර සිටගත. මහාජනයෝ ඒ ආශ්චය්ය්තී ය දැක කුල්මත් වූවාහු කුසල් නම් කළමනා දෙයෙක් ම ය යි. ________________________________________ 1. සහ 2.ධාරයනෙතා 3. මහවේදෙපස 4.සේ


192 සද්ධර්මා.ලඞ්කාරය එක පැහැර සාධුකාර දුන්හ. එ කලැ ඒ කුමාරිකාවෝ තමන්ගේ කුශලමහිමය නුවරවාසීන්ට දක්ව දක්වා මහජනයා පිරිවරා පියුමපටින් ගොස් දෙව්විමනට වඳනා දෙවඟනක සේ මාලිගාවට වන්හ. රජ්ජුරුවෝ එ ම විටැ සොළොස්දහසක් බිසෝවරුන්ට නායක කොට අගබිසෝ තන්හි තබා ඒ තැන් පටන් සෙසු බිසෝවරුන් මුහුණ පමණකුත් නො බලා පද්මාවතීන් කෙරෙහි ම ‍පෙම් බැඳ වෙසෙති. එසේ හෙයින් ඒ බිසෝවරු එක් ව පද්මාවතීන් කෙරෙහි රජු බිඳවනු කැමති ව දවසෙකැ රජු කරා එළැඹ මහරජ, පද්මාවතී මනුෂ්ය ස්ත්රිශයක් නෙ වෙයි. මිනිසුන් එබු එබු පත්ලට කවර කලෙකැ පියුම් නැගෙන්නා දුටු සේක් ද, මෝ1 ඒකාන්තයෙන් යකින්නක් ම ය. එසේ හෙයින් අප හැමත් නො නසා නුඹවහන්සේත් නො නැසී වහා ම නුවරින්2 පිටතැලව යි කීහ. රජ්ජුරුවෝ එ බසට කිසිවකුත් නො කියා පද්මාවතීන් කෙරෙහි ම සිත් අලව3 වෙසෙති. මෙසේ ඔවුන් ප්රිකයසංවාසයෙනි වසන කල්හි යටැ කී පන්සියයක් පමණ හොපලුදරුවෝ ඔවුන් කුසැ පිළිසිඳ ගත්හ. එ කෙණෙහි දවසට ලක්ෂහයක් ධන වියදම් කොට දන් දෙන සේ පද්මාවතීන්ට දෙළෙක් උපන. එ පවත් අසා4 රජ්ජු‍රුවෝ අන්ධමබධිරාදි වූ සියලු යාචකයන්ට එ පරිද්දෙන් ම මහ දන් පැවැත්වූහ. මෙසේ රජ්ජුරුවෝ පද්මාවතීන් කෙරෙහි ම ඇලුම් ඇති ව වසන හෙයින් සෙසු බිසෝවරු එකාවත් ව මේ දැරිය කවර දවසෙකැ පිටි දකුමෝ දෝ හෝ, මෑගෙන් කවර වරදක් දක්වා රජහු බිඳුවාපිමෝ දෝ හෝ යි සිත සිතා ඇවිදිති. ඒ කල්හි රජ්ජු‍රුවන්ගේ පසල් දනව්වෙක් සතුරන්ගෙන් ක්ෂුසහිත5 විය. එපවත් අසා රජ්ජුරුවෝ සටනට යන්නාහු පද්මාවතීන් වදන පියලි6 බඩ හෙයින් සෙසු බිසෝවරුන් කැඳවා උන්ගේ පවිටු අදහස් නොදැන පද්මාවතීන් ඔවුන්ට පාව දී සේනාවහනසන්නද්ධ ව සටනට ගියහ. ඉක්බිති පද්මාවතීත් බඩැ දසඑකඩමස් පිරී දවසෙකැ රාත්රීැයෙහි විලි පහරන්ට පටන් ගත. එ පවත් අසා ඒ බි‍පසෝවරු එක් 7 දුක්පත් ගැහැනියක කැඳවා වෙන වෙන අත්ලස් දී කියන්නාහු, එම්බා මෑණියෙනි, පද්මාවතීත් වැදූකෙණෙහි ඒ දරුවන් සඟවා අපට දී දඬුක‍ඳෙකැ ලේ ගා තබව යි මැහැල්ලට උගන්වා මිනිනඹකමට8 සලස්වා තුමූ දෙන යහන පිරිවරා සිටියහ. ________________________________________ 1. මේ 2.නුවරින් වහාම 3. ඇලවා 4. ඇසූ 5. බිය 6. යපිලි පිලි 7. එක් 8. වින්නඹුකමට


මහාමන්ධාටතු වර්ග ය 193 එ කෙණෙහි පද්මාවතී ඩබරවෙකින් ගත් පැතිත්තක් හළුවා සේ1 කිසි වැසඟයක් නැති ව සුව සේ වදාපිහ. එ කලැ මවුකුසින් උපන්නාවූ මහපදුම කුමාරයෝ ම ය. සෙසු සාරසිය නවනූවක් පමුණ රජකුමරුවෝ එ ම වැදෑමසැ රුධිරයෙහි සංසෙදජ ව උපන්නහ. පළමු අත්ලස් ගත් මැහැලී ඒ කුමරුවන් පන්සියය සඟවා පන්සියයක් බිසෝවරුන්ට දී දඬුකඩෙකැ ලෙහෙ හා තබා පද්මාවතීන්ට පෑ , මෑණියෙනි, මේ තොප වැදුයේ කිමෙක් දැයි කීහ. වැදුවන් ඉදිරියෙහි කොළඹු ලවයි2 යන කරුණ නම් මේ ය යි සිතමි. පද්මාවතී ඒ කාරණය නො දැන පුවරකඩ දැක පෙරැ මම කවර අකුශලයක් කෙළෙම් දැයි බලවත් දොම්නසට පැමිණියහ. එ කෙණෙහි දරුසොර බිසෝ පන්සියය තමන් තමන් ගත් කුමරුවන් උතුරුසළුපටින් වසා ගෙන ගොස් කරඬුවලැ ලා තුබූහ. එ කලැ ඒ කුමරවන්ගේ කුශලානුභාවයෙනි ඔවුන් අතැ මාපට ඇඟිල්ලෙන්3 කිරි එරිණ. එ විගසැ කුමරවරුන්ගේ කුශලතෙජසින් ශක්රමයන්ගේ ආසනය හුණු විය. ශක්රගයෝ එ පවත් දැන අදෘශ්යකමාන රූපයෙන් අවුත් රජතුමරුවන් දැක මොහු බරණැස් රජු නිසා පද්මාවතීන් කුසැ පිළිසිඳ උපන් පන්සියයක් රජකුමරුවෝ ය. පද්මාවතීන්ට වෛරී වූ පන්සියයක් බි‍සෝවරු මොවුන් කරඬුවලැ ලා තුබූහ. මම ශක්ර දෙවෙන්ර්න්සයෙමි. මේ කාරණය ඉඳුරා රජ්ජුරුවෝ දනීන්තව යි4 කරඬුවලැ අකුරු ලියා තබා මේ අකුරු මොවුන්ගේ පියරජ්ජුරුවන්ට මිස සෙසු කෙනකුන්ට නො පෙනේ ව යි අධිෂ්ඨාන කොට දෙව්ලොව ගියහ. බරණැස් රජ්ජුරෙවෝ ද ගිය කාරිය5 තීරණය කොට ගෙන නැවත බරණැස් නුවරට අවුත් මාලිගාවට වැද මතුමහල් තෙලෙහි හුන්නාහු පද්මාවතීන් කැඳවා කිමෙක් ද දෙවිනි, තොප වැදුයේ දුවක් ද නොහොත් පුතකු දැයි විචාළහ. එ බසට පද්මාවතී මුවෙන්6 නො බැණ කර බාගෙන සිටියහ. සෙසු බිසෝවරු අවුත් රජ්ජුරුවන් වැඳ පිළිඳරකථා කොට ඉක්බිති පළමු ලෙහෙගල්වා තුබූ පුවරුකඩ ගෙනවුත් රජු ඉදිරියෙහි තබා මහරජ, නුඹවහන්සේගේ ආවෙනික බිසවුන් වැදූ තෙල පුතණුවන් වඩා ගෙන සනහාපුව මැනැවැයි යනාදීන් කෙළිසිනාමුසු බස් කියා රජහු ලජ්ජා කරවා මහරජ, මෑගේ තරම් පළමුකොට ම නුඹවහන්සේට කී‍වමෝ වේ ද? මෝ තෝමෝ මනුෂ්යැස්ත්රිළයක් නො වෙයි. ________________________________________ 1. ගැලුවා සේ 2. ලූවයි - ලයි 3.‍ අත ඇඟිල්ලෙන් 4. දකිත්වයි 5. කාරණය 6. මූයෙන්


194 සද්ධර්මා.ලඞ්කාරය ඒකාන්තයෙන් ම යකින්නක. වහා ම මේ නුවරින් නික්මවා පියව යි කීය. රජ්ජුරුවෝ පුවරුකඩ දැක ලජ්ජා වූවාහු ඒ බිසෝවරුන්ගේ බසින් අතිශයින් දුර්මුඛ ව පද්මාවතීන් පිටතැ ලැවූහ. එ කෙණෙහි පසේ බුදුන්ට එ දවස් නෙ‍ළුම් මල දී නැවත හැරගත් අකුශලය නිසා එබූ එබූ පත්ලෙහි නැගෙන පියුම් හැම අතුරු දන් විය. ශරීරවර්ණිය ද විවර්‍ණ විය. එ කලැ පද්මවතීන් අප්රශසිද්ධ වෙසින් උදෙකලාව1 වීථිමැසැ යන්නා දැක වයස්ගත ස්ත්රිඑයක් දරු සෙනෙහෙ උපදවා වැදූ දුවක දුටුවා සේ ගෙට කැඳවාගෙන ගොස් හිඳිනා තැන් සලස්වා බත් බුලත් දී උපස්ථාන කළහ. එ කල්හි ඒ පන්සියයක් බි‍සෝවරු එක් ව රජ්ජුරුවන්ට කියන්නාහු, මහරජ, අපි නුඹ වහන්සේ සටනට ගියදවස්ම ඉදින් අපගේ රජ්ජුරුවන් වසන්සේ සතුරන් ජයගෙන වහා වැඩියසේක් වී නම් ඟඟැ දෙවියන්ට බිලියම් කොට දිය කෙළුම් හයි යාදිනියක කළම්හ. එසේ හෙයින් ඊට කල් දත මැනැවැයි කීහ. ඒ තෙපුල් අසා සතුටු වූ රජ්ජුරුවෝ මහසෙනඟ පිරිවරා ගහට ගොස් ගඟැ සරසැ උඩැ පාතැ දැල් බඳවා2 දිය කෙළියට පටන් ගත්හ. එ කෙණෙහි ඒ පන්සියයක් බිසෝවරු හිස වසා පෙරව පන්සියයක් කරඬු අතුරුසළුවලැ සඟවා ගෙන ගඟට ගොස් පෙරවි පිළි හා සමඟ ගඟට බැස කරඬුපන්සියය දියෙහි හැරපීහ. ඒ කලැ ඒ කරඬු ගොස් යටිඟඟැ සරසැ බැඳි දැලෙහි බැඳිණ. රජ්ජුරුවෝ දිවාභාගයෙහි දිය කෙළැ සවසැ ගොඩැ නැගී සිටියහ. එ කලැ දැල් අකුළන කෙවුළෝ ඒ කරඬු දැක ගෙන ගොස් රජ්ජුරුවන්ට දැක්වූහ. රජ්ජුරුවෝ කොල, මේ කිමෙක් දැයි විචාරා නො දනුම්හ. මහරජ යි කී කල්හි කරඬු හරවා බලන්නාහු පළමු කොට මහා පදුම කුමාරයන් හොත් කරඬුව පිධානය හරවා රාජකුමරන් දැක ඒ ලියා තුබූ අකුරු දැක කියවා4 සෙසු කරඬු ද හරවා රන් පිළිම සේ හොත් පන්සියයක් රජකුමරුවන් දැක සන්තුෂ්ට ව ගංතෙරැ5 පටන් මහ සරහා නුවර දෙව්පුරයක් සේ අලඞකාර කොට මහත් උත්සවයෙන් දරුකුමරුවන් ඇරැගෙන සිව්රඟසෙන් පිරිවරා නුවරට ‍ගොස් රජගෙට වැද මතුමහලට නැගී මහා මඞගලික නම් සුශික්ෂිගත අමාත්යමයකු කැඳවා මේ රාජ කුමරුවන් රජපෙරහරින්6 වඩව යි මෙහෙවර කියා පද්මාවතීන් සඳහන් කොට ඇමතියන් මුහුණ බලා එම්බා සගයෙනි, මම අනුන් බස් ගිවිස මෙ බඳු දරුසිරි ඇති පද්මාවතීන් නො සලකා හැරපීමි. දැන් උන් බලා වහා කැඳවාගෙන එව යි කීහ. ________________________________________ 1. උදකලාව 2. කළාස 3. දම්මවා 4. අකුරු කියව 5. සන්තුෂ්ට වූ රජදරුවෝ ගංතෙර 6. රජපෙළහරින්


මහාමන්ධාගතු වර්ග ය 195 රජහුගෙන් නියොග ලත් අමාත්ය යෝ පද්මාවතීන් කොතැන්හි වසන බවත් නො දැන එ විටැ රජුජුරු‍වන්ගේ මගුලැතු සරහා ඔහු පිටැ දහසින් බැඳ පියල්ලක් තබා පද්මාවතීන් දුටු කෙනෙක් අපට කියා මේ දහසින් බැඳි පියල්ල හැරැගනිත්ව යි1 නුවරැ බෙර ලැවූහ. පද්මාවතී එ පවත් අසා තමන් රැකි මෑණියන් කැඳවා අම්ම. තෙල දහසින් බැඳි පියල්ල හැරගනු ව යි2 කීහ. එ බසට මැහැලි වහන්සේ කුමක් කියා ගනිම් ද, බාමි යි කී කල්හි නොබව මැනැව. මා දුවණියන් පද්මාවතීන් උන් තැන් දනිමි කියා ගත මැනැවැයි කීහ. එ කලැ මැහැලිවහන්සේ දුටුවක් දනිමි යි3 දහසින් බැඳි පියල්ල හැරැගෙන4 රාජපුරුෂයන් හා සමඟ ගෙට වන්දෑය. එ කලැ ඔහු5 පද්මාවතීත් දැක හැඳින ගෙන බැස හෙව වැද නැගීසිට එ ම ඇසිල්ලෙහි ඒ ගෙය උඩු සිදුවියන් බඳවා වටතිර අදවා පද්මාවතීන් ඉස් සෝධා නහවා සළු පෙරළා සළු හදවා දොරකඩැ රැකවල් සලස්වා වහා ගොස් රජ්ජුරුවන්ට කීහ. එ පවත් අසා රජ්ජුරුවෝ රන්සිව්ගෙයක් යවා පද්මා වතීන් රන්සිවිගෙයට නොනැගෙන හෙයින් පයින් ම එනු කැමති වනැ යි සිතා රජගෙය පටන් පද්මාවතීන් උන් ගෙය දක්වා මේ දැතුරෙහි6 විථියැ දෙපසැ කිල හිඳුවා රන්රිදී තරු අතුරුවා මනහර වස්ත්රායභරණ හා නොයෙක් මගුල් පෙරහැර7 යවූහ. එ කලැ පද්මාවතී බිසවු සුවඳ පැනින් ඉස් සෝධා8 නහා සියලු වස්ත්රාදලඞක්රයෙන් සැරහී දෙවඟනක සේ රජගෙය බලා නික්මුණාහ. එබු එබු පත්ලට පියවිලි පළා නැගි මහ පියුම් මඬමින් බරණැස් පුරවාසීන්ට තමන්ගේ කුශලසම්පත් දක්ව දක්වා මහ පෙරහරින්9 ගොස් රජගෙට වැද ඒ අතුළ පියවිලි සියල්ල ම තමන් රැකි මෑණියන්ට දී මතුමහල් තලයට නැගී රජ්ජුරුවන් දුටහ. රජ්ජුරුවේ පද්මාවතීන් දැක ප්රෙගම ධරාගත නො හී දෑතින් වැළැද සිඹ සනහා සමානාන ව උන්හ. පන්සියයක් රජතුමරුවෝ ද එ විගසැ දිව අවුත් මෑණියන් පිරිවරා ගත්හ. එ කෙණෙහි පද්මාවතීන් දෙතනයෙන් කිරි පිහිරි නික්ම රජකුමරුවන් මුඛයට විහිදින්ට වන. එ කලැ පද්මා වතීන් හා පන්සියයක් පමණ රූබර පුත්රුවන්10 දැක සන්තෘෂ්ට වූ රජ්ජුරුවෝ මෙ වැනි ස්ත්රී රත්නයක් හා පුත්ර්සම්පත්තියක් ________________________________________ 1. ගන්වයි 2.ගන්නැයි 3. දකිමියි 4. පියල්ල ගෙන 5. ඔවුන් 6. දෙඅතුරෙහි 7. පෙළහර 8. සෝදා 9. මහපෙළහරින් 10. පුත් කුමරුවන්



196 සද්ධර්මා8ලඞ්කාරය දුරු කොට මට මෙ තෙක් අලාභ කළහ යි ඒ පන්සියයක් බිසෝවරුන්ට කිපී ඔවුන් ගෙන්වා ගෙන පද්මාවතීන්ට ප්රසසාද වහල් කොට දුන්හ. එ කලැ පද්මාවතී ද යහපතැයි ගිවිස එසේ වී නම් මහරජ, මොවුන් හැමදෙනා මට මඩිමෙහෙයට දුන් බව කියා නුවරැ බෙර ලැබ්බ මැනැවැසි රජුගේ මෙහෙවරින් බෙර ලවා එ ම වැටැ ඔවුන් නිදහස් කොට නැවත මහරජ, මොවුන් හ‍ැමදෙනා නිදහස් කළ බව, නුවර‍වාසීන්ට අස්වා යළිදු බෙර ලැව්වමැනවැයි කීහ. ඒ තෙපුල් අසා රජ්ජුරුවෝ බෙර ලවන්නාහු පද්මාවතීන්ට ප්ර සාද වහල් කොට මිඩිමෙහෙයට මා දුන් බිසෝ වරුන් පන්සියය නිදහස් කොට පීමි.1 නුවරවාසීනි, තෙපි හැම ද එපවත් දැන හිඳුව යි නුවරැ බෙර ලැබුහ. මෙසේ ඒ බිසෝ වරුන් පන්සියය නිදහස් කොට එම විටැ ඔවුන් තමන්ගේ පන්සියයක් පුත්කුමරුවන්ට කිරිමාකමට2 සලස්වා තුමු මහා පදුම කුමාරයන් වැඩූහ. එ කලැ දෙව්කුමරුවන් සේ වැඩෙන ඒ පන්සියයක් රජකුමරුවෝ අනුක්ර්මයෙන් වැඩී සත්හැවිරිදි වයසට පැමිණ දවසෙකැ සර්වජලඞකාරයෙන් සැරැහී රජ්ජුරුවන් හා සමඟ උයන් කෙළියට ගොස් නඳුනුයන් වන් දෙව්කුමුවන් සේ සරහල ලද උයන්හි නොයෙක් විසිතුරු බලමින් ඒ ඒ තන්ුහි කෙළ ඇවිද පස්පියුමෙන් සැදි මගුල් පොකුණ දැක දියකෙළියට බටුවාහු ඒ පොකුණෙහි අභිනව මල්කැකුළු මුහුකරණ බව හා මුහුකළ කැකැළු පිපෙන බව හා පරණ පිපිමල් පෙති ගිලිහෙන බව දැක මෙ බඳු අනුපාදින්න රූපයට පවා මෙසේ ජරාව පැමිණෙන කලැ අපගේ සඋපදින්න ශරීරයට ජරාව පැමිණෙයි යනු කියනු ම කවරේ දැයි එ ම අරමුණු කොට ගෙණ පළමුත් එක් ව කුසල් කළ හෙයින් හැමදෙන3 එකවැටැ ම විදර්ශටනා වඩා පසේබුදුබවට පැමිණියහ. එසේ හෙයින් කියන ලදී “අථෙකස්මිං දිනෙ රාජා, උය්යාටනං සාධු සජ්ජිතං කීළිතුං සහ පුත්තෙහි, සසොනො සමුපාගමි. තදා පඤ්චස්තං තෙපි, කුමාරා සමලඞකතා, චරන්තා තම්හි උය්යාිනෙ, සමපත්තා පඳුමං සරා. පතමානෙසු පතෙතසු, ඔපුපථපදුමෙ තහිං, පස්සමානාව තෙ සබේබ, වඩ්ඪයන්තා විපස්සනං. ________________________________________ 1. පිහ 2. කිරිමව් 3.පන්සියයක් රජකුමරුවෝ හැමදෙන



මහාමන්ධාවතු වර්ග ය 197 සහෙව කතපුඤ්ඤත්තා, පුබ්බේ නෙකාසු ජාතිසු, පච්චෙක බෝධිඤාණම්පි, සවජාකාසුං සහෙව තෙ” යි. මෙසේ පසේ බුදුවරු1 පිළිමපඞක්තියක් සේ පියුම් කෙමි මත්තෙහි පලක් බැඳ පිළිවෙළින් වැඩ උන්නාහු ය2 පසේ බුදුවරුන් දැක තවද ගිහිවෙස් නොහළ හෙයින් පසේබුදු වූ බව නො දැන සවසැ රාජපුරුෂයෝ කියන්නාහු කිමෙක් ද රජකුමරුවන් වහන්ස, ඉතා ම සවස් විය. වහා රජගෙට වැඩිය මැනැවැයි කීහ. එ තෙපුල් අසා පසේබුදුවරුන් වහන්සේ එම්බා, අපි රජ කුමරුවෝ නො වෙමු යි3 පසේ බුදුහු ය යි වදාළසේක. එ කලැ රාජපුරුෂයෝ ස්වාමිපුත්රරයෙනි, තෙපි හැම සර්වා භරණයෙන් සැරැහීගෙණ ඉඳ කුමක් කියව් ද4 ප්රවත්යෙසකබුද්ධවරයෝ නම් තොප හැම සේ නො වෙති. ඔවුන් හිස මුඩු ය, දැළිරුවුළු නැත, තුන්සිවුරු පාත්රිධරයෝ ය. උපශාන්ත වූ ඊය්යා් හිපථයන් ඇතියහ. දෙසාසඞඛ්ය කජලක්ෂුයක් පාරමිතා පුරා බුදු වන එ බඳු උත්තමයන් හා තොප හැම සමාන කොට නො කියව යි කීහ. එ කල්හි පසේබුදුවරුන් වහන්සේ එසේ වී නම් බලව යි මහමේකුළුපෙළෙකැ5 පහරනා රන් විදුලිය6 පෙළක් සේ තමන් වහන්සේ ගේ දකුණත් ඔසවා ඉස් පිරිමැදි සේක. එ කෙණෙහි හිසැ ‍කේ දැහැගුල් පමණ විය. ගිහිවෙස් අතුරුදන් විය. ශරීරයෙහි පාසිවුරු මැවිණ. ඉක්බිති ඒ හැමදෙනා වහන්සේ පියුම්ගැබින් පැනනැගී අෂ්ටපරිකෙරඩර ව සැටවස් පිරුණු මහතෙරපෙළක් සේ7 සන්හුන් පියෝවින් පොකුණුතෙරැ වැඩ සිටිසේක. එ කලැ ඒ ආශ්චය්ය් ස දුටු රජ්ජුරුවෝ සතුටු කඳුළෙන් දෙනුවන් තෙමා දිව අවුත් දො‍හොත් මුඳුනෙහි තබා වැඳ වැතිර ගියහ. සෙසු රාජසේනාව ද මහපවතින් මුලිනුපුළ සල්වනයක් සේ ‍එකහෙලා වැඳ වැතිර ගියහ. එ පවත් අසා පද්මාවතී බිසව් ද ඇසිල්ලෙකින්8 අවුත් හිරුරැස් පතළ රන් පියුම් වනයක් සේ ශොභාවත් ව පසේබුදු ව සිටියා වූ පන්සියයක් පුත්කුමරුවන් දැක පෙම් ධරාගත නො හී සතුටු තෙපුල් කිය කියා වැඳ වැතිර ගියහ. මෙසේ මහජනයන් වැඳ පෙරැළී නැගී සිට දොහොත් මුදුනෙහි තබ තබා සතුටු සතුටු ව සාධුකාර දිදී පිරිවරා සිටි කල්හි ඒ පසේබුදුවරුන් වහස්නේ රජ්ජුරුවන් ආදී වූ මහාපිරිසට බණ වදාරා සියල්ලවුන් බල බලා සිටියදී ම අහසට පැන නැගී රාජහංසපෙළක් සේ ගන්ධවමාදෙන පර්ව තයට වැඩිසේන. ________________________________________ 1. වරුන් 2. උන්නා වූ 3. නොවෙයි 4. කියාද 5. පෙළක් 6. රන්විදුලිය 7. මහා ථෙර පඞක්තියක් සේ 8. ඇසිල්ලක


198  							       	 සද්ධර්මා.ලඞ්කාරය

බරණැස්රජ්ජුරු වෝ ද වඩනා පසේබුදුවරුන් වහන්සේ දැක දරුශොකයෙන් වැලැප සිව්රහසෙන් පිරිව‍රා පද්මාවතීන් හා සමඟ ශක්රොදෙවෙන්ර්රහසලීලාවෙන් ගොස් බරණැස් නුවරට වන්හ. එ කලැ මෙසේ පූර්වකයෙහි කළ ප්රානත්ථවනා වූ පරිද්දෙන් සමෘධ වූ මනොරධ ඇති ඒ පද්මාවතී නම් රාජමහෙසිකා‍හවෝ කල්යාමෙකින් එයින් මිය දෙවන ජාතියෙහි ඒ තමන්නේ පුත් වූ පන්සියයක් පසේබුදුවරුන් වහන්සේට ආශ්චය්ය්ව වත් වූ දනක් දී ඉක්බිති නිලුපුල් මල් කලප් අටක් ගෙනවුත් පසේබුදුවරුන් පාමුල්හි පුදා මෙහි අනුසසින් මතු උපනුපන් ජාතියෙහි ම‍ාගේ ශරීරවර්ණයය නිලුපුල්හබක් සේ නිල් පැහැ වේවා යි ප්රාාත්ථිවනා කොට එයින් ගොස් දෙව්ලොවැ ඉපද දිව්යලසම්පත් වළදා අප බුදුන් සමයෙහි සැවැත් නුවරැ සිටුකුලයෙකැ ඉපද නිලුපුල් මල්දමක් සේ නිල් රැස් විහිදුනා වූ රෑපශ්රීස ඇති ව1 යෞවන අවස්ථාවෙහි ම සසුන් වැද මහණ ව නොබෝ දවසෙකින් රහත් ව ඍධිමත් මෙහෙණින්න් කෙරෙහි අග්රව වූ තනතුරු ලැබ උපුල් වන් මහාස්ථවිරී ය යි ප්රෙසිද්ධ වූහ. මෙසේ ඒ පද්මාවතී නම් රාජමහෙසිකාවෝ පූර්විජාතියෙහි කරන ලද ඒ පමණ ස්වල්ප වූ පින්කමෙකින් පවා රන්කඳක් මෙන් බබළන සිත්කලු වූ රන්වන් ශරීරයක් ලැබ සියලු ජනයන් විසින් දැකුම් කටයුතු විශිෂ්ට වූ රූපසම්පත්තියෙන් යුක්ත ව මහත් වූ ‍යසොතෙජන් ඇති පින්වත් රජුන්ට අගබිසෝ තනතුරුට පැමිණ අපමණ රජඉසුරු විඳ එ බඳු පසේබුදු වන පහපින් ඇති රූබර පුතුන් පන්සියයක් එකවිටැ ම ලදහ. එසේ හෙයින් පින්වත් සත්වූයෙනි, සියලු සම්පතට මුල් කාරණ ව2 සිටිනා දානශීලාදී වූ දශවිධකුශල ධර්මරයෙහි අප්රකමාද ව තම තමා ශක්ති පමණින් පිළිවන් පින්3 කොට මතු ඒ පද්මාවතීන් පරිද්දෙන් ම දිව්යාමනුෂ්යල සම්පත් හා නිවන් සම්පත් සිද්ධ කරන්නට උත්සහ කළ මැනැවි. කියල ලදුයේ මැයි:- “ ඉති පදුමවතී සා කිඤ්චි කාතුන පුඤ්ඤං කනකරුචිරකායා දස්සනීයාභිරූපා, අවනිපතිමහෙසී ථි යතං පඤ්ච පුත්තෙ ලහි චරහි භවන්තා මාලයා හොථ පුඤ්ඤෙ” යි. මෙ තෙකින් මේ මහාමන්ධිලතුවහැ පස් වන පද්මාවතී වස්තුව* කියා නිමවන ලදී. ________________________________________ 1. රූබර නිල් ශරීර ඇතිව 2. කාරණාව 3. කුසල්.

  • මනොරථපූරණි අඞගුත්තර අටුවායෙහි මේ වස්තුව උප්පලවණ්ණා ථෙරී වස්තුව වශයෙන් එයි. මඳ මඳ වෙනස්කම් පෙනේ.


නන්දිවරාජ වර්ගරය 199 මෙතෙකින් මේ සඬර්මාගලඞකාරයෙහි මහාමන්ධා‍තුවර්ගා නම් වූ පස් වන පරිච්ඡේදය නිමි. ________________________________________

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්මාලඞකාරය_-_iii&oldid=5661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි