සද්ධර්මාලඞකාරය - ප්‍රස්තාවනාව

සද්ධාර්මාලංකාරය පිලිබද තොරතුරු බෞද්ධ ජනසමාජය දිගුකලක් තිස්සෙ කුසලයට නැඹුරු කිරීම, මෙන්ම ඔවුන් ගමන් මග නිවැරදි කිරීමත්, ජනතාවට ගැඹුරු ජීවන අත්දැකීම් ලබා දීම, සහ මානව සිත් සතන් හි ශ්රීද්ධා රසය ජනිත කරවමින් ධර්මඥානය දියුණු කිරීම සමග ජීවිතාව බෝධය ලබාදීම සඳහාත් ධර්මද සාහිත්යයයක් වශයෙන් දිගුකලක් තිස්සෙ බණකථා සාහිත්යධ විසින් සිදුකර ඇති මෙහෙය අතිශයින් වැදගත් වූවකි. එසේ ම දේශීය චිත්රද හා මූර්ති කලාවේ සංවර්ධනය සිදු වූයේ ද බණකථා සාහිත්යසය පාදක කොට ගනිමිනි.

බණකථා සාහිත්යනය ආරම්භ වන්නේ ගාථාගත බුදුරජාණන් වහන්සේ දෙසූ සූත්රය හා විනය පිළිබඳ නිදාන කථාවන් ද, සූත්රකයන්හි ඇතුළත් උපමා දේශනා සහ වෘත්තාන්ත ස්වරූපී සූත්රවයන් ද මුල්කර ගනිමිනි. ධර්මයේ ඇතුළත් ගැටළු තැන් විස්තර කිරීම සඳහා බුදුරදුන් ජීවමාන සමයෙහි ම දෙසූ විස්තරාර්ථ ඇතුළත් සූත්ර තුළ ලක්ෂණ දක්නට ලැබුණ අතර, අටුවා සම්පූර්ණ වීමත් සමගම දඹදිව ජනකථා ආදීය ද බෞද්ධ කථා සාහිත්යෙයට ඒකරාශී වීමෙන් බණකථා සාහිත්යඹය එම යුගයේදී ම බෙහෙවින් පෝෂණයට පත්විය.

ලක්දිව මහානාම රජු දවස බු.ව. (953-975) බුද්ධඝෝෂ මාහිමියන් විසින් අටුවා සම්පාදනය ක‍ිරීමත් සමඟ1 ශ්රී‍ ලංකාවේ පැරණි සමාජ සිද්ධීන් පිළිබඳ කථාවන් ද ධර්ම කරුණු විස්තර කිරීම සදහා අටුවාවන් එකතු වූ බව පැහැදිලි වෙයි. පොළොන්නරු යුගයෙහි ටීකා සම්පාදනය වීමත් සමග ම2 දේශිය බණ කථා සාහිත්යුය තවදුරටත් සංවර්ධනට පත්වූ බව පැහැදිලිය.


1. මහාවංසය. 37 පරි, 243,244‍,245, ගාථා

2. සදධම්මසංගහ, ග. පුඤ්ඤාසාර හිමි සංස්. 1989. 30 පිට


විශේෂයෙන් බුද්දක නිකායට අයත් විමානවත්ථු පෙතවත්ථු ථෙරගාථා. ථෙරිගාථා. අපදාන. බුද්ධවංස චරියා පිටක යන කෘතීන් හි ඇතුළත් චරිත කථා හා නිදාන කථා මගින් ද බෞද්ධ බණකථා සාහිත්යතය අර්ථවත් ලෙස පෝෂණය වූයේ ය. විශේෂයෙන් ධම්මපදයේ අටුවාව වූ ධම්මපදට්ඨ කථාව සහ ජාතක නිදානයන් දක්වන ජාතකට්ඨ කථාවද මුල්කොට බිහි වූ ජාතක කථා සාහිත්යයය විසින් බෞද්ධ කථා සහිත්යමය නවමඟකට යොමුකළ බව සඳහන් කළ යුත්තකි.

ජාතන නිදාන මුල්කොට ලංකාවේ පන්සිය පණස් ජාතක පොත සම්පාදනය වීමත් සමඟ දේශීය සිංහල බණකථා සාහිත්යොය තවදුරටත් පැහැදිලි අර්ථවත් මඟකට යොමුවිය.3 ශ්රී‍ ලංකාවේ ලියැවුණු පැරණි ගද්යන පද්යද සාහිත්ය ය සම්පූර්ණයෙන් ම ජාතක කථා පාදක කොට ගෙන බිහි විය. සාහිත්යො කරුවන් විසින් බුදුසිරිත වැනිය යුතුය යන්න පැරණි බෞද්ධ සාහිත්යිය රීතින්හි අනිවාර්ය පිළිගැනීමත් බවට පත්වන තිබිණි.

භාරතයේ බිහිවූ සෑම මහා කාව්ය යක් ම හින්දු දේව කතා මුල්කොට ගෙන නිර්මාණය වූ ඒවා බැවින් ඒවායෙන් ප්රකචලිත වූයේ හින්දු දහම පිළිබඳ පිළිගැනීම් ය. මේනිසා බෞද්ධයන් විසින ජන සමාජය තුළ බෞද්ධ සාරධර්ම පෝෂණය කිරීම පිණිස බුදුදහම මුල්කරගත් කථා සාහිත්යාය උපයෝගී කරගැන්මට තීරණය කරගත් බවක් දැකිය හැකිය. එහිදී ස්වකීය බුදුබැතිය ප්රකකට කරණූ සඳහා චරිතය වර්ණනයට භාජන කිරීම සහ ඒ හා සබැඳි ජාතක කථාවස්තුන් ප්ර ස්තුත කරගනිමින් සාහිත්ය. කරණය ඉදිරියට ගෙනගිය බව පැහැදිලි වේ. එමගින් දේශීය බෞද්ධ සාහිත්යිය අනන්යැතාව සහ ස්වාධීනත්වය සුරක්ෂිත කරගන්නට ද සමත් වූහ.


3. සිංහල සාහිත්යහ වංශය, පුංචිබංඩාර සන්නනස්ගල 1964, 204 පිට


මේ හැර මුලින් සඳහන් කළ පරිදි ශ්රීව ලංකාවේ බිහිවූ සිහලවත්ථු, සහස්සවත්ථූ, රසවාහිනී ආදී පාලි ජනකථා සාහිත්යවය බෙහෙවින් ජනප්රිතය ත්වයට පත්විය. පසුකල ඒවා සිංහලයට පරිවර්තනය වූයේ ස්වාධීන කෘතින් වශයෙනි.

‘සහස්සවත්ථුව’ යන්නෙහි තේරුම ‘ස හාසවත්ථු’ හෙවත් හර්ෂ සහිත බව, ප්රී තිය උපදවන බව වියයුතු යයි පොල්වත්තෙ බුද්ධදත්ත හිමියෝ සඳහන් කරති.4 එහෙත් ඇතැම් උගතකුගෙ අදහස් වන්නේ කථා දහසක එකතුව සහස්සවත්ථුව වීය යනුවෙනි. එසෙ වුවත් සහස්සවත්ථුවේ දක්නා ලැබෙන්නේ කථාවස්තු 94 ක් පමණක් බැවින් මුල් අදහස වඩා අර්ථවත් බව කල්පනා කළ හැකිය.

මෙය ධර්මරුචි නිකායට අයත් කෘතියක් වන්නේ යැයි මහාචාර්ය මලලසේකර මහතා සඳහන් කරයි.5 වේදේහ හිමියන් තුදුස්වන සියවසෙහි සම්පාදනය කළ රසවාහිනියට පාදක වූ මෙම කෘතිය ගැන එහි සඳහන් වන්නේ,

“තත්ථ තත්ථූපපන්නාති වත්ථූහනි අරහා පුරේ ආභාසු දිපභාසාය තං ඨපෙසුං පුරාතනා

මහාවිහාරෙ තං ගුත්තවංක පරිවෙණවාසිකො රට්ඨපාලොති නාමෙක සීලාචාරගුණාකරො

හිතාය පරි වත්තෙසි පජාතං පාලි භාසතො.6

යනුවෙන්, ඒ ඒ තැන්වල සිදුවූ කථා ප්ර වෘත්තීන් පෙරසිට රහතන් වහන්සේලා ප්රජකාශ කළ බවත්, පුරාතනයේ ඒවා හෙළදිව් බසින් තැබුණු අතර, මහා විහාරයෙහි ගුත්තවංක පිරිවෙන් වැසී වූ ශීලාචාර ගුණයන්ට ආකර වූ රට්ඨපාල නම් තෙරනම මහජනයාට හිත පිණිස එය පාලි භාෂාවට නැගූ බවත් එයින් කියැවේ.7

______________________________________

4. පාලි සාහිත්ය_ය 11. කොටස. පොල්වත්තෙ බුද්ධදත්ත හිමි 396 පිට 5. ලංකා පාලි සාහිත්ය_ය. ගුණපාල මලලසේකර. 1928. 90 පිට 6. සහස්සවත්ථුප්පකරණය පෙරවදන, v. vi පිටු. 7. එම.


සහස්සවත්ථු කථා සංග්ර.හ පිළියෙළ කරණ ලද්දෙ මහාවිහාරවාසී ගුත්තවංක පිරිවෙන් වැසී රට්ඨපාල තෙරුන් විසිනැයි එහි පැහැදිලිව ම සඳහන් වන බැවින් එය ථෙරවාදී වූවක් මිස ධර්මරුචි නිකායට අයත් වූවක් නොවන බව පැහැදිලිවම පිළිගන්නට සිදුවේ.

සීහලවත්ථු යනු මෙම කථා සාහිත්යසයේ සීහල දීපයට අයත් කථාවස්තුන්ගේ ඒකරාශීත්වයක් යැයි මලලසේකර මහතා සඳහන් කරයි.8 මෙම කෘතියෙහි සද්ධාතිස්ස රජුගෙන් පසු යුගයගැන කිසිවක් සඳහන් නොවන බැවින් මෙය අටුවාකාලයට පෙර ලියන ලද්දක් විය යුතු යැයි පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ පෙන්වා දෙති.9 එය කණ්ටසොල පටුනෙහි ඉපිද පට්ටකෝට්ට විහාරයෙහි විසූ ධම්මනන්දි තෙරනම විසින් ලියන ලද්දක් බව බුද්ධදත්ත හිමියෝ වැඩිදුරටත් පෙන්වා දෙති.10 මෙම බණකථා කෘති පෙලෙහි අග්රමගන්යර කෘතියක් ලෙස පාලි රසවාහිනිය සම්භාවනාවට පාත්ර්වේ. එය ලියන ලද්දේ වේදේහ හිමියන් විසිනි. සමන්තකූඨ වර්ණනාව ලියන ලද්දෙත් උන්වහන්සෙ විසිනි.11 මෙහි දඹදිව කථා සතලිසක් සහ ලක්දිව කථා හැටතුනක්ද ඇතුළත් වේ.

සද්ධර්මාලංකාරය

පාලි බණකථා සිංහලයට නැගූ ග්ර න්ථාවලියට ඇතුළත්වන සද්ධර්මාලංකාරය සද්ධර්මාය අලංකාර ධර්මයක් ලොස ඉදිරිපත් කිරීම පරමාර්ථ කොට ලියන ලද්දෙකි. එය පාලි කෘතියක හුදු පරිවර්තනයක් නොවන අතර, පාලි රසවාහිනියට අනුගතව රචනාකරන ලද්දක් බව පැහැදිලිය. සද්ධර්මාලංකාරය පාලි රසවාහිනියට නෑකම් කියන ග්‍රන්ථයක් වන අතර එයට පාලි

_____________________________________

8. ලංකා පාලි සාහිත්ය_ය ගුණපාල මලලසේකර. 168 පිට 1928

      (මෙය මෙතැන්සිට ලං.පා. සා. යනුවෙන් යොදනු ලැබේ.)

9. සීහලවත්ථූෙව පෙරවදන. පොල්වත්තේ බුද්ධදත්ත හිමි 1959.111 පිට. 10. එම 11. පාලි සාහිත්යථය 11.. පො. බුද්ධදත්ත හිමි 418 පිට (මෙය මෙතැන්සිට පා. සා. යනුවෙන් යොදනු ලැබේ.)


රසවාහිනියේ ඇසුර වැටී ඇතැයි ඒ සම්බන්ධයෙන් පුඤචිබණ්ඩාර සන්නස්ගල මහතා සඳහන් කරයි.12 සද්ධර්මලංකාරය පාලි රසවාහිනියේ හුදු පරිවර්තනයක් ලෙස සැලකිය නොහැකිය යන්නට බොහෝ උගත්තු එකඟ වෙති.

සද්ධර්මාලංකාරය දඹදිව උපන් කථා හා ලක්දිව උපන් කථා වශයෙන් ප්රකධාන කොටස් දෙකකින් යුක්තය. ලක්දිව උපන් කථාවන්හි ද අනුරාධපුරය හා රුහුණේ කථාවස්තු වශයෙන් පැහැදිලි කොටස් දෙකක් ද දැකිය හැකිය.

සද්ධර්මාලංකාරයේ ආරම්භයෙහි දක්නා ලැබෙන ධර්ම සංග්රකහ වර්ගය නිදාන වර්ගය සහ අභිනීභාර වර්ගය ද රාසවාහිනියෙහි දක්නට නැත. එම පරිච්ඡෙදත්රේය පෙළ හා අටුවා ඇසුරිනුත්, දැනට අභාවිත සොදත්තක නිදාන” “ය‍සෝදරාපදාන” හා කතුහිමියන්ගෙ ආචාර්ය හිමියන් විසින් රචිත “පාරමි සතක” හා “සූවිසිවිවරණය” නම් පාලි ප්රිබන්ධත් ආශ්ර4ය කොට ලියා ඇතැයි සන්නස්ගල මහතා13 සද්ධර්මාලංකාරයෙහි ඇතුළත් පද්මාවතී වස්තු හා වෙත්තෙය්යන වස්තුත් රසවාහිනීයෙහි දක්නට නැත. පද්මාවති වස්තු ‍ෙක්ෂ්යමින්ද්රතගේ අවදාන කල්පලතාවෙහි ද, මෙත්ත්යෙ යවස්තුව අනාගතවංසයෙහිද ඇතුළත්වන බව ඒ මහතා විසින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.14

රසවාහිනියෙ ඇතුළත් බොහෝ කථා වස්තු සද්ධර්මාලංකාරයෙහි ඇතුළත්ව ඇතත් ඒවායේ දැක්වෙන සවිස්තරාත්මක බව රසවාහිනියේ දැකිය නොහැකිය. එම විස්තර පෙළ අටුවා ‍‍ටීකා හා මහාවංසය ඇතුළු වංසකථාවන්ගෙන් ද සපයා ගන්නට ඇතැයි සැලකිය හැකිය. සද්ධර්මාලංකාරයෙහි ඇතුළත් බො‍හෝ විස්තර අතර නිදාන වර්ගයෙහි ඇතුළත් කරුණු


_____________________________________ 12. සිංහල සාහිත්ය_ වංශය. පුංචිබණ්ඩාර සන්නස්ගල. 227 පිට. ඉ.ස. 13. එම. 227, 228. පිටු. 14. එම. 228 පිට


කෝට්ටේ කාලයෙහි සියම්දේශයෙහි ලියැවුණු ග්රපන්ථ‍යක් සේ සැලකෙන ජීනකාලමාලියෙහි අන්තර්ගත කරුණු සමඟ බෙහෙවින් සැසදෙන බවක් දැකිය හැකිය.

සද්ධර්මාලංකාරයෙහි ඇතුළත් දඹදිව කථාවස්තුවල බුද්ධ පරිනිර්වාණයෙන් පසු විස්තර දක්නා ලැබේ. එසේ ම පූර්ව ජන්ම පිළිබඳ කථාවන්ද ඇතුළත්වේ. කර්ම සංකල්පය මුල්කොට ගෙන ජනතාව කුසලයට නැඹුරු කිරීමත්, ඔවුන් තුළ සදාචාර ගුණධර්ම පෝෂණය කිරීමත් අරමුණු කොට මෙම විස්තර ඇතුළත් කරන ලද බව පෙනේ.

සද්ධර්මාලංකාරයෙහි පළමු පරිච්ඡෙදය වූ ධර්මසංග්ර හ වර්ගයෙහි ප්රධථමයෙන් ම දැක්වෙන්නේ තෙරුවන් නැමදීමේ අගය යි. බුදුරදුන්ගේ ශරීර ලක්ෂණ හා අනතුරු ව නවඅරහාදී බුදුගුණයන් හි ඇතුළත් විශිෂ්ඨ බුද්ධඥානයන් ද එහි සඳහන්කර තිබේ. පහන් සිතින් බුද්ධවන්දනා කළ ගෝපිකා නම් රාජ කන්යාහව ස්ත්රීණ භාවය හැර ශක්රුයාගේ පුත්ර ව ඉපිද ශක්රකසම්පත් ලද ආකාරය සඳහන් කරන අතර, ශක්රරයා බුදුන් හමුවීමට පැමිණ බුදුරදුන් සමඟ ධර්ම කරුණු සාකච්ඡා කළ විස්තරයක් ද එහි ඇතුළත් කර තිබේ.15

ශක්රතයා මෙහි දී බුදුරදුන් හමුවීමට පැමිණෙන්නේ තම ආයුෂ ගෙවී යමින් තිබූ බැවින් ආයුවර්ධනය කරගැන්මේ අපේක්ෂාවෙන් බව එහි සඳහන්කර තිබේ.සක්කපඤ්භ සූත්රමයේ මේ සිද්ධිය සඳහන්වී ඇතත් ඒ වනවිට ශක්රබයාගේ ආයුෂ හීනවී තිබුණු බවක් එහි නොදැක් වෙයි.16 එහෙත් ශක්රටයා බුදුරදුන් ඉදිරියේදී ම ආයුෂ ගෙවී චුතව යලිත් ශක්රස ආත්ම භාවයම ලබා පහළවූ බව ‍එහි සඳහන් වෙ.


______________________________________________

15. සදධර්ම_ලංකාරය, මකුළුදූවේ පියරතන හිමි සංස් 1972. 5. පිට

     මෙතැන් සිට මෙය ස.ල. යනුවෙන් යොදනු ලැබේ.

16. සක්කපඤ්හ සූත්රංය. දීඝනිකාය. බ.ජ.මු. 11. 396 පිට.


මෙහි දී ශක්ර්යා දිව්යර සම්පත් විඳි ස්ථාන දැක්වීමේ නියායෙන් කතුවරයා විසින් සදිව්යාලෝක. දසබඹතල. පඤ්චසුද්ධාවාස. ආදිය පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීමටද මඟ පාදාගෙන තිබේ.17

එත්නත්රවය කෙරෙහි වන්දනා ‍කළෝ බවදුක් නිවාරණය කරන ආකාරයත් විස්තර කොට අනතුරුව දසපින් කිරියවත් හා ධර්මයේ උතුම් රසය, ද දානානිසංසයන්ගේ විශිෂ්ඨත්වය, ආදීය පැහැදිලි කරමින් පාඨකයා තුළ බුදුදහමේ ප්රාසයෝගික කරුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ආරම්භයේදීම ඇතිකිරීමට උනන්දුවී තිබේ. එම පරිච්ඡේදයෙහි අන්තර්ගතය පිළිබඳ විමසන විට එහි තෙරුවන් වැඳීමේ අනුසස්, හා දසපින්කිරීවත් අනුගමනයේ වැදගත්කම, දානානිසංස සහ ධර්මයේ උතුම් බව ද දක්වන අතර, බුදුදහමේ වර්ගීකරණ විස්තර ද ඉතා පැහැදිලිව සඳහන් කිරීමට දිගුකාලයක් මිඩංගුකර තිබේ.18 ත්රිිපිටක ධර්මය පිළිබඳ නිවැරදි පැහැදිලි අවබෝධයක් ගොඩනැගීමට එම ත්රිේපිටක ග්ර න්ථ පිළිබඳ විස්තර බෙහෙවින් උපයෝගී වේ. බුදුදහම හැදෑරීමට බසින්නකු විසින් ධර්ම විනයෙහි කොටස් පැහැදිලි ව දැන සිටිය යුතුය යන්න එයින් අදහස් කළ විය හැකිය.

ග්රවන්ථයේ නිදානවර්ගය මැයෙන් වූ දෙවැනි පරිච්ඡෙදය මගින් සංඛ්යා විභාගය කල්පවිභාගය, සමග බෝසතුන්ගේ පූර්ව චරිතාපදානයන් විස්තර කිරීමට ද මහපාදාගෙන තිබේ. එහිදි කල්ප වල ස්වරූපය දක්වමින් මහාකල්ප අසංඛ්යා කල්ප අන්තඃකල්ප යනු කල්පත්ර ය පිළිබඳ සම්පුර්ණ විස්තරයක් ඉදිරිපත්කර තිබේ.19 විශ්වයේ ඉතිහාසය හදාරන්නට හා පුනර්භව සංකල්පය පිළිබඳ පර්යේෂණ කරන්නටද, මෙහි ඉතා වැදගත් කරුණු රැසක් ඉදිරිපත්කරන බැවින් බෙහෙවින් ප්ර,යෝජනවත් විය හැකිය.

__________________________________

17. ස.ලං. 8. පිට 18. ස. ලං. 24-44, දක්වා පිටු. 19. එම. 34-44 දක්වා පිටු.


ලෝකයේ සම්භවය හා පැවැත්ම පිළිබඳව දේවවාදී ආගම් දර්ශන ඉදිරියේ බෞද්ධ අදහස කුමක් ද යන්න ගැන අවබෝධයක් ලබා ගැන්මට ද මෙම පරිච්ඡේදය වැදගත් මඟපෙන්වීමක් ලබාදෙයි.

ග්රචන්ථයෙහි ඉක්බිතිව දැක්වෙන කොටසින් නිදාන වර්ගයෙහි අර්ථය පැහැදිලි කරමින් බාහිර නිදානය, මහා නිදානය අතිදූරේ නිදානය, දුරේ නිදානය, අවිදුරේ නිදානය, සන්නිකේ නිදානය යන කරුණු පිළිබඳ විස්තර “යසෝදරාපදානය” සහ සෝදන්තක නිදානයෙහි දැක්වෙන පරිදි විස්තරකරන බව දක්වමින් දීර්ඝාවිස්තරයක් ඒ ඒ මාතෘකා යටතේ ඉදිරිපත්කර තිබේ.20

තුන්වැනි අභිනීභාර වර්ගය විසින් ඉදිරිපත් කර ඇත්තේ ඒ ඒ කල්පවලට පහළවන බුදුවරයන් වහන්සේලා පිළිබඳ විස්තර දක්වා බෝසතුන් සුවිසි බුදුවරයන් වහන්සේලාගෙන් නියත විවිරණ ලත් විස්තරයයි. මෙම විස්තරය පූජාවලියෙහි සංක්ෂිිප්තව දක්වා ඇත.21 අභිනීභාර මඟුල් පූ‍ජාකථා යනුවෙන් එය නම්කර තිබේ.

සද්ධර්මාලංකාරයෙහි බණකථා වස්තු දැක්වීම පැහැදිලි ව ආරම්භවන්නේ තුන්වැනි වූ ධර්ම සොණ්ඩක වර්ගයේ සිටය.22 එහි ප්ර්ථමයෙන් ‍දහම් සොඬ කුමරා පිළිබඳ කථාවස්තුව ඉදිරිපත්කර ඇත. රසවාහිනියේ ද එය ඒ අයුරින් ම ඉදිරිපත් කර තිබේ. රසවාහිනියේ දෙවන කථා වස්තුව මීගලුද්දක වස්තුව වූවත් සද්ධර්මාලංකාරයෙහි එය දැක්වෙන්නේ තෙවැනි කථාව වශයෙනි. දෙවැනියට දක්වා ඇත්තේ වෙස්සාමිත්තාවගේ කථාවයි. එය රසවාහිනියේ එම වර්ගයේ සත්වැනි කථාව ලෙස දක්වා ඇත. සද්ධර්මාලංකාරයෙහි එම වර්ගයට පරණ ස්ථවිර සහ බුද්ධවම්ම යන කථාවත් සමඟ කථාවස්තු පහක් පමණක් දක්වන අතර.

__________________________________

20. එම. 34 පිට. 21. පූජාවලිය කිරිඇල්ලෙ ඤාණවිමල හිමි සංස්. 1986. 17 පිට සිට 22. සලං 98 පිට


රසවාහිනියෙහි එම කථාවස්තුද්වය ද ඇතුළත් ව ‘කථාවස්තු සතක් දක්වා තිබේ. මහාමන්ධාතු හා රූපදේවීයා වස්තුව ද එයට අමුතුවෙන් ඇතුළත්කර තිබේ.

සද්ධර්මාලංකාරයෙහි ඊළඟ වර්ගය වශයෙන් දැක්වෙන්නේ පස්වැනි මහාමන්ධාතු වර්ගයයි. රසවාහිනියේ එවැනි වර්ගයක් දක්නට නොලැබෙන අතර මහාමන්ධාතු කථාව දහම්සොඞ වර්ගයටම ඇතුළත්කොට දක්වා තිබේ. සද්ධර්මාලංකාරයෙහි ඊළඟ නන්දිරාජ වර්ගයෙහි ද කථාවස්තු පහක් පමණක් දක්නට ලැබෙන අතර රසවාහිනියෙහි එම වර්ගයට කථා වස්තු දසයක් ඇතුළත්කර තිබේ.

සද්ධර්මාලංකාරයෙහි ඇතුළත් කථාවස්තුන් ගෙන් දෙකක් පමණක් එහි ඇතුළත්ව ඇත. මෙසේ රසවාහිනිය සහ සද්ධර්මාලංකාරයෙහි සම විෂමතා රැසක් දැකිය හැකිය. මේ නිසා සද්ධර්මලංකාරය රසවාහිනියෙහි පරිවර්තනයක් නොව ස්වාධීන මගක ගමන් ගත් කෘතියක් ලෙස හැදින්විම නිවැරදිය.

සද්ධර්මාලංකාරයෙහි පරමාර්ථය ඇතැමෙක් දක්වන පරිදි හුදෙක් දානානිසංසයන් දැක්වීම ම නොවේ. ඛුද්දක නිකාය ගත දේශනාවන් ය. එහෙත් පශ්චාත් ප්රවකාරණයක් වු සද්ධර්මාලංකාරයෙහි රත්නත්රයයේ අගය, ශීලයේ වැදගත්කම, හා අනුසස් ද, ධර්මය රස වශයෙන් ද පිටක වශයෙන් ද, සංඛ්යාත හා දේශනා වශයෙන් ද, සූත්රර වශයෙන් ද, අටුවා ටීකාවශයෙන් ද වර්ගකොට දක්වා තිබේ. බෝසත් චරිතය පිළිබඳ සවිස්තර වර්ණනාවක් ද, කුසලයෙහි යෙදීමේ වැදගත්කම ද පර්යාප්ති ප්රසතිපත්ති ප්ර්තිවේධ ධර්මයන්ගේ හරය සහ ජනතාව ධර්මයෙහි හැසිරීමේ වැදගත් කම ද නො අඩුව විස්තර කර තිබේ. බොහෝ කථා වස්තුන් මගින් ජනතාව සුමඟට යොමුකිරීමේ පරමාර්ථය සාර්ථක කරගැනීමට උත්සාහ දරා ඇත.


ග්රැන්ථයේ පරමාර්ථය

ග්රැන්ථයෙහි පරමාර්ථය වී ඇත්තේ ධර්මයෙහි වැදගත්කම රසවත්ව හා සරළව ද ජනතාවට වැටහෙන පරිදි ඉදිරිපත්කර ඔවුන් ධර්මාවබෝධය ලබාදීම සහ ඔවුන් ප්රාහයෝගිකව ධර්මය අනුගමනයට යොමුකිරිම බව පෙනේ.

“අහස හිරු නැගි කල්හි ඇස් ඇත්තවුන් ලොව විද්යාමමන වස්තුන් දක්නා සේ නුවණ නැමැති ඇස් ලද්දාවූ පින්වත් සත්වයෝ ඒ සූත්රාදන්ත විනය සංඛ්යාලත වු ධර්මාලෝකයෙන් සියලු සම්පතට පැමිණෙන්නාවූ ප්රරතිපත්තිමාර්ගය දක්නා හ. සූත්රායන්ත ධර්ම නැති කල්හි භික්ෂූහු විනය ක්රිමයෙහි අදක්ෂ වෙති. එකල සූර්ය මණ්ඩලය අස්ත පර්වතයට ගිය කල මුළුලොව අඳුරු වන්නාසේ සත්වයන්ගේ චිත්තසන්තානයෙහි මෝහ නැමති අන්ධකාරයෙන් ඒකාන්ධකාර වන්නේය පර්යාප්ති ධර්මය රක්ෂායකළ කල්හි ප්රයතිපත්ති ධර්මය රක්නා ලද්දේම වේ. එපරිද්දෙන් ප්රකතිපත්ති ධර්මයෙහි පිහිටියා වු නුවණැති යෝගවචර භික්ෂූහු භාවනානු යෝගයෙහි යෙදී මාර්ග ඵල සංඛ්යාෝත ප්ර තිවේධ ධර්මයෙන් නොපිරිහෙති. හෙවත් මඟ ඵල උපදවා අමාමහ නිවන් දකින්නාහ. එබැවින් සර්වඥශාසනයට මුල්නම් පාලි ධර්මයෙම වෙදැයි කීහ....23” යයි පර්යාප්ති, ප්ර්තිවේධධර්මයන්හි අගය විස්තර කර තිබේ. ධර්මයෙහි රසයද, ඵලයන්ද, පැහැදිලි කරමින් ධර්මය නම් මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා උපනුපන් ජාතියෙහි දිව්ය මනුෂ්යි සම්පත් ආදී වූ කැමති වස්තුන් සිද්ධ කොට දෙන සිතුමිණ රුවණක් සදෘශයැයිද ධර්මයේ අගය තවදුරටත් විස්තර කර තිබේ.

ඒ අනුව ජනතාවට ධර්මයෙහි අගය වටහා දී ඔවුන් යහමගෙහි මෙහෙය වීම මෙම ග්රමන්ථයේ මූලික පරමාර්ථය වු බව පැහැදිලිවේ. ධර්මයට ජනතාව යොමු කිරීම සම්බන්ධයෙන් කෙත‍රම් අවධානයක් ප්රමමුඛත්වයක් යොමුකර තිබේ ද යන්න

_________________________________

23. ස.ලං. 24. පිට


ග්ර_න්ථයෙහි දැක්වෙන තවත් ප්රෙකාශයන්ගෙන් පැහැදිලි වෙයි. ධර්මයට වහා යොමුවියයුතු ආකාරය පැහැදිලි කරමින්,

“..... ධර්මයෙහි බහුමාන උපදවා නොකොඳුරා නොතතනා අන්ය.වීහිත නොව බණ අසා දිවාරාත්රික දෙක්හි නොපමාව දශවිධ කුශල ධර්මයෙහි යෙදී එයින් ජනිතවූ ඉෂ්ට විපාකයෙන් මතු දිව්ය් මනුෂ්යර සම්පත් විඳ අමාමහ නිවන් දකින්නට උත්සාහ කළ මැනවි......”24

යනුවෙන් ඒ පිළිබඳ උනන්දුව හා ධෛර්යය ගොඩනගා තිබේ. ජනතාව ධර්මයට යොමු කිරීම පිණිස ධර්ම සන්නිවේදනයෙහි යෙදී ම හෙවත් බණ කීම මෙ‍ම කතුවරයාගේ මූලික අරමුණ වු බව මෙම ප්රතකාශයෙන් පැහැදිලි වන අතර, දහම් මහ පැහැදිලි කොට නිවනට යොමු කිරීම ම පරමාර්ථය වූ බව තවදුරටත් පැහැදිලිය.

මෙසේ සද්ධර්මලංකාරය ධර්ම ග්රරන්ථයක් වශයෙන් ජනතාවට සරළව ධර්මය ඉදිරිපත් කිරීමට සෑම ප්රහයත්නයක් ම දරා ඇති අතර ධර්ම කරුණු සාධක මගින් සනාථ කිරීම පිණිස කථාවස්තුන් ද ඉදිරිපත් කිරීමෙන් වඩාත් පහසුවෙන් ධර්මාව බෝධයෙහි පිහිටන්නට මඟ පාදා දී තිබේ. සිංහල සාහිත්යවයෙහි බිහිවූ පරමාර්ථ සාධණයෙහි සමත්වූ අගනා විශිෂ්ඨතම කෘතියක් ලෙස සද්ධර්මාලංකාරය මේ නිසා සදාතනිකව සම්භාවනාවට පාත්ර් ‍වන්නේය.


සද්ධර්මාලංකාර කතුවරයා හා කාලය

සද්ධර්මාලංකාරයෙහි කතුවරයා කවරෙක් ද යන්න නිගමනය කර ගැනීම අතිශයින් වැදගත් කරුණෙකි. ඒ සඳහා සද්ධර්මාලංකාරය ලියැවුණු යුගය හා එම යුගයේ උගතුන් පිළිබඳව සාවධානව කරුණු විමසා බැලිය යුතුවේ. බොහො උගතුන්ගේ

___________________________

24. ස. ලං.33. පිට


මතයේ හැටියට සද්ධර්මාලංකාර ලියැවී ඇත්තේ ගම්පල යුගයේදීය. එම යුගයෙහි සාහිත්යධ කරණයෙහි ගෞරවය හිමිවන්නේ බෙහෙවින් ධර්මකීර්ති සඟපරපුරට ය. උන්වහන්සේලා පාලි සිංහල භාෂා ද්වයෙන් ග්රමන්ථ සම්පාදනය කිරීමෙහි යෙදුනාහ.

එම යුගයේ ලියැවුණු පාලි කෘති අතර “පාරමිසතකය” “ජින්බෝධාවලිය” “සුවිසිවීවරණය” යන ග්ර න්ථ වැදගත් තැනක් ගනියි.

මෙයින් “පාරමිසතකය” ලියන ලද්දේ ගණවාසික වංසාභිජාත සිලවංස නම්වූ ප්රතථම ධර්ම කිර්ති මාහිමියන් විසින් යැයි සද්ධර්මරත්නාකරයෙහි සඳහන් වේ.25 උන්වහන්සේ විසින් “ජනානුරාග චරිත ය” නම් වූ පාලි ප්රිබන්ධය ද රචනාකර ඇති අතර, ස්වදේශ හා විදේශ යන්හි ව්යා්ප්ත වූ කීර්තියෙන් යුක්තව බොහෝ දෙනාගේ ගෞරවයට පාත්රදව ධන්යයකටකයෙහි ගල්විහාරයක් ප්රාතිසංස්කරණය කොට පූජා පැවැත්වීම ද ලංකා‍වට වැඩ අලවතුරේ පර්වතයෙහි ශෛලමය විහාරයක්ද, ගඩලාදෙණියෙහි විසිතුරු කර්මාන්ත සහිත “සද්ධර්මතිලක” නම් විහාරයක්ද කරවූ බව සද්ධර්මරත්නාකරය වැඩිදුරටත් විස්තර කරයි.26

එම විස්තරයෙහි තවදුරටත් පැවසෙන පරිදි සද්ධර්මාලංකාර මහා ප්රවබන්ධයත් බාලාවතාර නම් ශබ්ද ශාස්ත්රකයට සං‍ෙක්ෂ්්සෙන්නයත්, ජ්නබෝධාවලි නම් පාලි පද්ය ග්රරන්ථයත් රචනා කරන ලද්දේ ඉහත සඳහන්කළ ප්ර්ථම ධර්මකීර්ති ශාස්ත්රාාගමඥ වූ ජයබාහු දේවරක්ෂිත ස්ථවිර නම් වූ පුර්ව නාමයක් ඇති දෙවන ධර්ම කීර්ති මාහිමියන් විසින් බව පැහැදිලි ව සඳහන් වේ.27

____________________________________

25. සද්ධර්ම_රත්නාකරය. සුගුණසාර හිමි සංස්. 1923; 490 පිට 26. එම 491 පිට. 27. නිකායසංග්ර1හය. ඩී.පී ආර්. සමරනායක සංස්. 90 පිට.


එපමණක් නොව නිකය සංග්ර1හය නම් වූ සංක්ෂිසප්ත ඉතිහාස කෘතිය සම්පාදනය කරන ලද්දේද උන්වහන්සේ විසිනැයි නිකාය සංග්රෂහය අවසානයෙහි සඳහන් වේ. එහි සඳහන්වන පරිදි.

......ශ්ර ද්ධා බුද්ධි සම්පන්න විචාරක්ෂම මධ්යරස්ථ රාජ ර‍ාජමහාමාත්යා දීන් නිසා ශාසනය පවත්නා බව හඟවන පිණිස දේවරක්ෂිතාභිධාන ජයබාහු මහාස්ථවීරයන් විසින් උපදවන ලද මේ නිකාය සංග්රයහය නම් වූ ශාසනාවතාර චරිතය ....” යන පැහැදිලි ප්රරකාශය අනුව නිකාය සංග්ර හය ඉහතකී ජයබාහු දේවරක්ෂිත හිමියන් විසින් ම රචනාකරනලද බව පැහැදිලිය.28

එහි තවදුරටත් පාලි පද්යරයෙන් මෙසේ විස්තරකර ති‍ෙබ්.

“ගංගාසිරි පුරේ රමෙම භූවනෙක භූජේ පුරේ රජ්ජං කාරයමාතේ යො ධම්මකිත්ති යතිස්සරො

ගඩලාදෙණි ගාමම්භී සද්ධම්මතිලකව්හයං විහාරං කාරයිත්වාන වාසයී සුවිරං තහිං

තස්ස සිස්සුතො ධීරෝ දෙවරක්ඛිතනාමකො ජයබාහුති නාමෙන විස්සුතො ලොක පූජිතො

ධම්මකිත්ති මහා ථෙරෝ ඉති තන්නාම භුසිතො පත්වා යො සංඝරාජත්තං සොහෙසි ජිනසාසනං...”29

යන ගාථාවන්ගෙන් කියැවෙන පරිදි පෙර ගම්පල නුවර භූවනෙක බාහු රජු රජකරන කල්හි ධර්ම කීර්තිනම් යතිවරයෙක් ගඬලා දෙණියෙහි සද්ධර්ම තිලක නම් විහාරයක් කරවා බොහෝ කල්හි එහි විසී ද එතුමාගේ ශිෂ්යර පුත්රමවූ දේවරක්ෂිත ජයබාහු

_____________________________________

28. නිකාය සංග්ර_හ 90 පිට. ඉ.ස. 29. එම . 90. පිට.


යන නම්දෙකින් ප්රඑකට වූ ලෝක පුජිත ධර්මකීර්ති මහා ස්ථවිර යන තෙවෙනි නමකින් ද ප්රාකටව සංඝ රාජ්යහත්වය ලබා ශාසනය බැබලවූ බව එහි වැඩිදුරටත් විස්තරවේ. නිකාය සංග්රමහ සම්පාදනය කරන ලද්දේ උන්වහන්සේ විසින් බව එම පාලි පද්ය පන්තියේ අග සඳහන්වේ.

මෙම විස්තර අනුව “පාරමි සතකය” කරන ලද්දෙ විජයබාහු රජු දවස ඉහත සද්ධර්මරත්නාකරයෙහි ද විස්තර කළ පරිදි ගඩලාදෙණි විහාරය කරවූ ශීලවංස ධර්ම කීර්ති සංඝරාජයන් වහන්සේ බව සඳහන්විය.30

නිකාය සංග්ර හය හා සද්ධාර්මාලංකාරය ලියන ලද්දේ උන්වහස්සේ ගේ ශිෂ්යල දේවරක්ෂිත ජයබාහු නමින් ප්රිකටව සිටි සංඝරාජ පදවිය ලැබීමේදී ධර්මකීර්ති නම් තුන්වැනි නමක් ලද දෙවැනි ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේ විසින් බව පැහැදිලිය.31

ගඬලාදෙණි සන්නය පිළිබඳව හික්කඩුවේ සුමංගල නාහිමි සංස්කරණයෙහි සඳහන් වන්නේ කලිකාල සාහිත්යක සර්වඥ පණ්ඩිත පරාක්රණම බාහු මහරජාණන් කාලයෙහි ගඩලාදෙණි විහාරයෙහි විසූ පණ්ඩිත ස්ථවිර කෙනෙක් විසින් කරන ලද හෙයින් ගඩලාදෙණි සන්නය යැයි ව්ය වහාර කෙරෙත් යනුවෙනි.32 මේ බව වස්කඩුවේ ශ්රීඑ සුභූති හිමියන් විසින් ද සඳහන්කර තිබේ.33

බාලාවතාර නම් වූ ශබ්ද ශාස්ත්රනයට සංක්ෂිනප්ත සන්නයක් කරනලද්දේ දෙවන ධර්මකීර්ති මහා ස්වාමි වූ මහදැලියා වංශයට ප්ර‍දීපයක් බඳුවූ දේවරක්ෂිත ජයබාහු තෙරුන් විසින් බව සද්ධර්මරත්නාකරය පැහැදිලිව සඳහන් කරයි.34


30. සද්ධර්ම රත්නාකරය. 490 පිට ඉ.ස. (මෙතැන් සිට ස.ර. වශයෙන් සඳහන් කරනු ගැබේ.) 31. එම. 491. පිට. 32. ගඩලාදෙණි සන්නය, සංඥාපනය. හික්කඩුවේ සුමංගල හිමි. සංස්. 1906. 4 පිට 33. නාමමලා, පූර්වාරරම්භ කාණ්ඩය, වස්කඩුවේ සුභූති හිමි. 1876. xxv

      පිට.

34. සර 491 පිට.


සද්ධර්මාලංකාරයෙහි අග නිගමන ගාථාවන්හි දැක්වෙන පරිදි “ජනානුරාග චරිත ය” හා “පාරමි මහා සතකය” කළ ස්වදේශ විදේශයන්හි බොහෝ විහාර කරවා ගඩලාදෙණි විහාරයෙහි විසූ ධර්මකීර්ති නම් හිමියන්ගේ අනුජාත ශිෂ්ය වූ එම ධර්ම කීර්ති පරම්පරාවෙහි නාමය ඇති සංඝරාජ තෙම සද්ධර්මාලංකාරය කළේයැයි සඳහන් වේ. එහි 12 වැනි ගාථා වෙහි දැක්වෙන පරිදි නිකාය සංග්රෙහය ද, ජීනබෝධාවලියද, බාලාවතාර සන්නයද රචනා කරන ලද්දේ උන්වහන්සේ විසිනි.35

සද්ධර්ම රත්නාකරයද, සද්ධර්මාලංකාරයද මෙසේ එකම අදහසක් ඉදිරිපත්කරන බව පැහැදිලිය. මේ අනුව ධන්ය කටකයෙහි ගල්විහාරය ප්රතකෘතිමත් කළ අලවතුරේ පර්වතාග්රකයෙහි විහාරය සහ ගඩලාදෙණියෙහි සද්ධර්ම තිලක විහාරයද කරවූ පා‍රමිශතකය සහ ජනානුරාග චරිතය කළ ශීලවංස ස්ථවිර නමින් මුලින් හැදින්වුණු පසුව ධර්ම කීර්ති නමින් සංඝරාජ පදවිය ලද මාහිමියෝ ප්රවථම ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේ බව මෙතෙක් කරන ලද විස්තර විමසීමෙන් මනාව පැහැදිලි විය.

උන්වහන්සේගේ අනුජාත ශිෂ්ය වූ ගඩලාදෙණි සන්නය ජීනබෝධවලිය නිකාය සංග්ර්හය යන කෘතීන් සම්පාදනයකළ දේවරක්ෂිත ජයබාහු නමින් ප්රහථමයෙන් හැඳින්වී පසුව ධර්මකීර්ති නමින් සංඝරාජ පදවිය පත්වූයේ දෙවැනි ධර්මකීර්ති සංඝරාජයත් වහන්සේ ය. සද්ධර්මාලංකාරයේ කතුවරයා උන්වහන්සේ බව පැහැදිලිය. උන්වහන්සේ විසින් නිකාය සංග්රෙහය කරන ලද්දේ ථෙර පදවිය දැරූ කාලයේය. එනම් සංඝරාජ පදවිය ලැබීමට පෙරාතුව බව පැහැදිලිය.

ශ්රීේ පරාක්රනම බාහු රජුගේ අනුමැතියෙන් සද්ධර්මරත්නාකරය ලියූ ප්රීථමයෙන් ධම්මදින්න විමලකිත්ති නමින් හැඳින්වී පසුව ධර්මකිර්ති නමින් සංඝරාජ පදවිය පත්වූ ධර්මකීර්ති හිමියෝ _________________________________________

35. ස. ල. 894. පිට


තුන්වැනි ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේ බවද පැහැදිලිය. සද්ධර්ම රත්නාකරය ලියන ලද්දේ උන්වහන්සේ විසිනි. මේ අදහසට පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ ද එකඟ වෙති.36

එහෙත් සද්ධම්මසංගහ සංස්කාරක ගම්මැදදේගොඩ පුඤ්ඤසාර හිමියන් විසින් සද්ධම්මසංගහ සංස්කරණය පිළිබඳ සංඥාපනයෙහි සඳහන්කර ඇත්තේ සද්ධර්මාලංකාරය ලියූ ධර්මකිත්ති සංඝරාජයන් වහන්සේ තුන්වැනි ධර්මකිර්ති සංඝරාජයන් වහන්සේ වශයෙනි.37

ලක්දිව මහාසාමි සංඝරාජවරයන් වහන්සේලාගේ විස්තර සටහනක් දක්වන සද්ධම්මසංගහ සංස්කාරක හිමියෝ දේවරක්ෂිත ජයබාහු ධම්මකිත්ති හිමි ජිවත් වූ කාලය (1380-1398) වශයෙන් දක්වති.38

පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මහතා දක්වන ආකාරයට නිකාය සංග්රිහය ලියැවී ඇත්තේ ක්රිද. ව. (1390-1398) කාලවකවානුවේය. සද්ධර්මාලංකාරය ලියැවුණු කාලය ලෙස එතුමා දක්වන්නේ (1398-1410) වශයෙනි.39

ලංකා විශ්ව විද්යාශලය ලංකා ඉතිහාසය දක්වන ආකාරයට එම රාජාවලි ලැයිස්තුව අනුව 1408 දක්වා රාජ්යරත්ව දරා ඇත්තේ පස්වන භුවනෙකබාහු රජතුමා ය.40 එහෙත් මහාචාර්ය මැන්දිස්


_______________________________________

36. පාලිසාහිත්යය 11 පොල්වත්තේ බුද්ධදත්ත හිමි. 121 පිට 37. සද්ධම්මසංගහ සඥාපනය (ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර)හිමි

     සංස්.  1989. xxiii. පිට

38. සද්ධම්මසංගහ සංඥාපනය. xxxvii. ඉ.ස. 39. සිංහල සාහිත්යං වංශය . 224, 225, 227 පිටු ඉ.ස. 40. ලංකා ඉතිහාසය 808 පිට 1972


රෝහණදීර මහතා සඳහන් කරන්නේ දේවරක්ෂිත හිමියන් නිකාය සංග්රීහය ලියූ ක්රි්. ව. 1386 කාලයේදී සංඝරාජ පදවිය ලබා නොතිබුණු අතර ක්රි‍. ව. 1395 -96 කාලයෙදී සංඝරාජ පදවියට පත්ව සිටි බවය.41

උන්වහන්සේ සයවැනි පරාක්ර්මබාහු රජු ක්රි5. ව. (1412-1467) මුල්කාලය වනවිටත් සංඝරාජ පදවිය දරමින් සිටිබව ගුත්තිල කාව්යදයෙහි එන සංඥාපනයක් අනුව කරුණු විමසා බලමින් උන්වහන්සේ 1412 වනවිටත් ජිවත් සිටියේයැයි පිළිගත හැකි යයි. රෝහණදීර මහතා සඳහන් කරයි.42

ඒ අනුව සද්ධර්මලංකාර උන්වහන්සේගේ අවසාන වැදගත් කෘතිය වියහැකියයි සඳහන් කරන ඒ මහතා ගම්පල අගනුවර වී තිබුණු එම යුගය තුන්වැනි ධර්මකීර්ති මාහිමියෝ තුන්වැනි වික්රවමබාහු ක්රීය. ව. (1360-72) පස්වන භුවනෙක බාහු ක්රිහ. ව. (1372-91) වීරබාහු ක්රි.. ව. (1347-1409) යන රජවරුන් තිදෙනෙකුගේ පාලන සමයන්ට අයත්විය හැකි යැයි රෝහණදීර මහතා වැඩිදුරටත් පැහැදිලි කරයි. ඒ අනුව මෙණවර විරබාහු රජුගේ අනුග්රටහයෙන් ක්රිය. ව. 1396 දී පැවැත්වූ ශාසන සංශෝධනයේදී උන්වහන්සේට සංඝරාජ පදවිය ලැබෙන්නට ඇතැයි සිතිය හැකි බව ද ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.43 නිකාය සංග්රවහය ලියූ සමයෙහි උන්වහන්සේට වූයේ ථෙර පදවිය පමණක් බව නිකාය සංග්රසහය අවසානයේ දැක්වෙන විස්තරයෙන් පැහැදිලි විය. එහෙත් සද්ධර්මාලංකාරය අවසාන ගාථාවන්හි කතුවරයා පිළිබඳ හැඳින්වීමෙහි ධම්මේ වත්තිත ධම්මකිත්තික මහා සංඝස්සරාජා සදා යන සඳහන අනුව උන්වහන්සේ සද්ධර්මාලංකාරය ලියන සමය වනවිට සංඝරාජ පදවිය ලැබසිටිය බව පැහැදිලි වේ.

_______________________________

41. ශ්රී_ ලංකාවේ මහාසාමි සංඝරාජ පරපුර 103, 105 පිටු රෝහණදීර.1996 42. එම. 103 පිට 43. වූලවංසය රජවරුන්ගේ නාමාවලිය


එම යුගය සම්බන්ධයෙන් රජවරුන් පස්දෙනෙකුගේ නාමාවලියක් චූලවංසයෙහි සඳහන් වේ. සද්ධර්මලංකාරය ලියැවුණුසමය ලෙස පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මහතා දක්වා ඇත්තේ ක්රි . ව. (1398-1410) වැනි සමයයි.44 ඒ අනුව මැන්දිස් රෝහණ දීර මහතාගේ අදහස නිවැරදි විය හැකි බව කල්පනා කළ හැකිය.

අලංකාර ධර්මයක්, සද්ධර්මය පදය මුල්කොට ගත් නමකින් ඉදිරිපත් කරන ලදැයි සද්ධර්මාලංකාරය ගැන දේවරක්ෂිත හිමියන් විසින් සඳහන් කර තිබේ. 45 සද්ධම්ම සංගහය ලියන ලද්දේ පළමුවැනි ධර්මකීර්ති මහාසාමී විසිනැයි සැලකේ.46 සද්ධර්මරත්නාකරය කතුවරයා දක්වන ආකාරයට ගඩලාදෙණියෙහි සද්ධර්මතිලක විහාරය කරවන ලද්දේ ද ප්ර ථම ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේ විසිනි. සද්ධර්මාලංකාරය ලියන ලද්දේ දෙවැනි ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේ විසිනි. තුන්වැනි ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේ විසින් සද්ධර්ම රත්නාකරය ලියා තිබීමෙන් පැහැදිලි වන්නේ එම සංඝරාජ පරපුර විසින් “සද්ධර්ම” යන්න මුල්කොට ස්වකීය නිර්මාණයක් කරමින් සද්ධර්මයට සග්ර හ කළ බවය.47

සද්ධර්මාලංකාර ඉතිහාස කෘතියක් වශයෙන්:-

ශාසන වංශකථාව සංක්ෂිිප්තව සඳහන් කොට අනතුරුව ප්රකස්තුතයට යොමුවීම පැරණි බෞද්ධ සාහිත්ය්යෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. ශාසන ඉතිහාසයත් ඊට අනුබද්ධ වූ ‍ලාංකේය ඉතිහාසයත් අඛණ්ඩව පවත්වාගෙන ඒම බෞද්ධ සාහිත්යව කරුවන් විසින් ඉතිහාසය පුරා දැඩි වගකීමකින් යුතුව ඉටුකළ බව එම

______________________________

44. සිං.සා. 227 පිට. 45. ස. ලං. 894 පිට 46. සද්ධම්මසංගහ, සංඥාපනය xxiii පිට. 47. සර, 491 පිට.


තොරතුරු වලින් පැහැදිලි වෙයි. බෞද්ධ විනය සාහිත්යර විසින් බුදුසසුනෙහි ඉතිහාසය අඛණ්ඩව පවත්වාගෙන ඒම මනාලෙස සිදුකර ඇත. එය අතිශය අගය කළ යුතු වැදගත් කාර්යයකි.

ලක්දිව ලියැවුණු මහාවංස, දීපවංසය ඇතුළු වංසකථා සාහිත්යන මඟින් බෞද්ධ ඉතිහාසය සහ ලක්දිව සිංහලයාගෙ ඉතිහාසයද මැනවින් වාර්තාගත කොට තිබීම ඉතා වැදගත් ඓතිහාසික ක්රිායාවකි.

එයට අමතරව පැරණි පාලි හා සිංහල ගද්යහ පද්යය කෘතීන් විසින් ද එම වැදගත් කර්තව්යිය අඛණ්ඩව පවත්වාගෙන ඒම මනා අවධානයකින් යුතුව ඉටුකර තිබේ. අනාගත පරපුර තුළ බුදුසසුන හා එහි ගමන් මඟ පිළිබඳව නිවැරදි අවබෝධයක් මෙන් ම විශ්වාසනීයත්වයද තහවුරු කිරීම එයින් අපේක්ෂා කළා විය හැකිය.

රාජාවලිය නිකාය සංග්රයහය පූජාවලිය මෙන්ම සද්ධර්මාලංකාරය විසින් ද එම වගකීම මැනවින් ඉටුකර තිබෙන ආකාරය පැහැදිලි දැකිය හැකිය. එය සද්ධර්මරත්නාකරය දක්වාද විහිද ගොස් ඇති බව මෙතෙක් සාකච්ඡාකළ කරුණු වලින් පැහැදිලි විය.

සද්ධර්මාලංකාරය විසින් කෙතෙක් දුරට බෞද්ධ ඉතිහාසය පිළිබඳ තොරතුරු ස්වකීය කෘතිය මගින් අනාවරණය කොට තිබේද යන්න මීළගට විමසා බැලීමට අදහස් කෙරේ.

සද්ධර්මාලංකාරයේ පළමුවැනි ධර්මසංග්රටහ වර්ගය විසින් ත්රි පිටක සාහිත්යා සහ අටුවා ටීකා ගැනද ඓතිහාසික වශයෙන් කරුණු පැහැදිලිකර තිබේ.48 දෙවැනි පරිච්ඡේදය මගින් කල්ප විභාග තොරතුරු සකච්ඡාකොට භද්රතකාල්පයෙහි පහළවන කකුසඳ කෝණාගම කාශ්ය ප ගෞතම මෛත්රෙයය යන

_______________________________

48. ස.ලං. 24, 25 පිටු


බුදුවරයන් වහන්සේලා දක්වමින් එයට පෙර වීසතී අසංඛ්ය, කල්ප ලක්ෂයකින් ඔබ්බෙහි බුදුවරයකු පහළ නොවූ බව දීර්ඝතර ඉතිහාසය විමසමින් බුද්ධවංසය පිළිබඳ ඉතිහාසය පැහැදිලි කොට තිබේ.49

අනතුරුව අභිනිභාර වර්ගය මුල්කොට අප මහා බෝසතුන් ඒ ඒ බුදුවරයන් වහන්සේලාගෙන් සිරිත් පරිදි නියත විවරණගත් අයුරු දක්වා ඇත. සමත්රිංසශත් පාරමී පුරණයකොට බුද්ධත්වය ලබා ඉසිපනය දක්වා වැඩම වීම සුංසුමාර ගිරි ආදී පර්වත පාදයන් හි සැරිසැරීම දක්වා විස්තර වෙස්සමිත්තා වස්තුවෙහි ඇතුළත්කර තිබේ.50 සැවත් ජේතවනයෙහි වැඩවාසය කළ යුගයේ තොරතුරු රැසක් මිගලුද්දක වස්තුවේ දක්වා තිබේ.51

ලංකාවේ බුද්ධ ශාසනය ස්ථාපනය කිරීම පිළිබඳ තොරතුරු හමුවන්නේ තෙභාතික වර්ගයේ තෙභාතික වස්තුවේ සිටය.52 ධර්මාශෝක රජු නිග්රෝ ධ සාමණේරයන් වහන්සේ සහ අසන්ධි මිත්රාෝ බිසව සමඟ දෙවන පෑතිස් රජු පිළිබඳ පූර්ව ප්ර‍තිසන්ධිකථා විස්තරය බෙහෙවින් අප්රිකට ඉතිහාස තොරතුරු ලෙසද සඳහන් කළ හැකිය. ගන්ධමාදන පර්වතයෙහි වැඩවිසූ සුවකර ගනු පිණිස මීපැණි සොයා පැමිණි ගමනකදී එක් කාන්තාවක් උන්වහන්සේට මී ඇති වෙළඳ සැලක් පෙන්වූවාය.

සල්පිල පවත්වාගෙන ගිය තුන්බෑ වෙළෙන්දන්ගෙන් ඒ මොහොතේ සිටි බාලයා පසේ බුදුරදුන්ගේ අවශ්ය්තාව දැන මී කළයක් පිදුවේය. පසුව පැමිණි වැඩිමහල් දෙබෑයෝ මීපැණි කළය ගැන විමසා පසේ බුදුන්ට මීපැණි පිදීම ගැන අමනාපව පසුව සතුටු වුහ.

___________________________________

49. ස.ලං 42 පිට 50. එම, 114-122 දක්වා පිටු 51. එම 123 පිට 52. එම. 358 පිට


එම කුසලයෙන් පසු අත්භවක මිපැණි පිදූ බාලයා අශෝක රජුව උපන්නේය වැඩිමල් සො‍ෙහායුරා නිග්රොශධ සාමණේරව උපන් අතර දෙවැනි සොහොයුරා දෙවනපෑතිස් රජව ලක්දිව උපන්නේය. මීපැණි පිදීම ගැන නොසතුටුව “පසේ බුදුන් මුහුදින් එතර දමාපියවය” කී බැවින් ඔහු මුහුදෙන් එතර ලක්දිව උපන් බව සඳහන්වේ. වෙළඳ සැලට සිතින් මග පෙන්වූ කාන්තාව අශෝක රජුගේ අගබිසවූ වූ අසන්දිමිත්රා ව වූවාය.53 මෙම කථාපුවත මේ අයුරින්ම මහාවංසයේද සඳහන්වේ.54

මීපැණි පිදීමේ කථාව පූජාවලියෙහිද සඳහන්වන අතර එහි දැක්වෙන්නේ මී පැණි පිදුවේ ගිලන් භික්ෂුඑවකට බවය. පසේ බුදුවරයකු ගැන එහි සඳහන් නොවේ.55 භාරතයෙහි රාජ්යබත්වයටපත් අශෝක රජු යුවරජ සමයෙහි බින්දුසාර රජුගේ මරණින් පසු රාජ්ය්ත්වය උදෙසා සුමන හැර අටඅනුවක් කුමාර වරුන් මැරවීම නිසා චණ්ඩාශෝක නම් වියැයි සද්ධර්මාලංකාරය සඳහන් කරයි.56

කලින් පියදාස නමින් හැඳින්වුණු යුවරජ වෙටීස නම් නුවරදි වේටිස නම් කුමරියක තම බිසව් කරගත් බව සඳහන්වේ. මිහිදු මාහිමියන්, සුමන සාමණේරයන් ඇතුළු පිරිස සමඟ වේදීස ගිරි විහාරයෙන් අහසට පැන නැගී මිශ්රරක පර්වතයෙහි පිළයකූඨ නම් ගල්කුල මුදුනට බට බව සද්ධර්මාලංකාරයෙහි.57 සඳහන් වන අතර පුජාවලියෙහිද මිහිදු මාහිමියන් අහසින් ලක්දිවට වැඩමකළ බව සඳහන් වේ.58

___________________________________

53. ස. ලං. 362 පිට 54. මහාවංසය: 5 පරි. 50-63 ගාථා. 55. පූජාවලිය, 758 පිට. කිරිඇල්ලේ ඤාණ විමලහිමි සංස්. 1986 56. ස.ලං. 363 පිට. 57. සලං. 392 පිට 58. පූජාවලිය. 762-763 පිටු ඉ.ස.



මිහිඳු මාහිමියන් මහා සෘද්ධි ඇතිව අහසට පැනනැගී මිශ්ර ක පර්වතයෙහි සියල් කුළ නම් ස්ථානයට වැඩම කළ බව මහා වංසයෙහි සඳහන් වේ.59 එහෙත් පුජාවලිය මිහිඳු මාහිමියන් බට පියල්කුළ ගැන අමතක කරතිබේ.69

මිහිදු මාහිමියන් වැඩම කළ යුගයේ අනුරාධපුර නගරයේ ස්වභාවය පිළිබඳ විස්තර රැසක් සද්ධර්මාලංකාරයේ කථාපුවත් ඇසුරින් විස්තරවේ. ශ්රිද්ධා සුමනා වස්තුව සඳහන් කරන ආකාරයට අනුරාධපුර නගරය තුළ තුන් ගව්වත් දිග මහවැලි වීථිය නමින් වීථියක් විය.61 මේ හැර නගරයේ ප්ර්ධාන වීථි අතර සිඟුරුවක් හා වීථිය චන්ද්රකවංක වීථිය ද වූ බව සඳහන් වේ.62

අනුරපුර බුදුරදුන් දවස ඉතිහාසය ගෙනහැර දක්වමින් බුදුරදුන් තුන්වැනිවර ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී අනුරපුර නග‍ුරයේ පසුකාලීන ව පිහිටුවන්නා වූ දකුණුමහසෑය, පුලිල මලුව. මහමෙව්නා උයන් මැද බෝධිස්ථානය මුචලින්ද මාලකය, ලෝවාමහාපායස්ථානය, රාසිමාලකය, උතුරු දෙස ජන්තාඝර, ගිනිහල් පොකුණ, රුවන් මහපා පිහිටි තැන ථූපාරාමස්ථානය මහසල සෑය ආදිය පිහිටන තන්හි ධ්යාසනසුවයෙන් වැඩහිද එම කථාපස්තුව නම් පරිච්ඡේදයෙහි විස්තරකර තිබේ.63.

මෙම මහා භද්රාකල්පයෙහි පහළ වූ සිව්බුදුවරයන් වහන්සේලා විසින්ම වැඩම කොට ධ්යාකන සුවයෙන් වැඩ සිට එම ස්ථාන පූජනීය බවට පත්කළ ආකාරය මහාවංශයෙහි දීර්ඝ වශයෙන් විස්තර කර තිබේ. විජයාවතරණයද, භද්දකච්චානාගේ

________________________________

59. ම.ව. 13 පරි. 20 ගාථා. 60. පූජාවලිය 763 පිට 61. සලං 45 පිට 62. එම 450-654 63. එම 444 පිට


සොහොයුරන් පැමිණ ලක්දිව ඒ ඒ තැන නගර පිහිටුවා අතීත ලක්දිව සංවර්ධනය කිරීමට පියවර ගත් ආකාරයද පණ්ඩුකාභය හා ඔහු පුත් මූටසිව විසින් අනුරාධ නගරය සංවර්ධනයට පත්කළ ආකාරයත් එම බොධිරාජවර්ගයේ ම සඳහන්වේ.64

දෙවනි පෑතිස් රජු මිහිදු මාහිමියන්ගේ උපදෙස් පරිදි මහමෙව්නා උයනෙහි පුජ්ය ස්ථාන ඉදිකිරීම සඳහා තෝරාගත් වාස්තු විද්යා් සැලැස්ම වුයේ සිංහ වීක්රාහන්ති සැලැස්මයි. මංජු ශ්රීො භාෂිත වස්තු විද්යාැ ශාස්ත්රපයෙහි ආරාම සැලසුම් අතර ස‍ිංහ චික්රා්න්ත සැලසුම ගැනද සඳහන් වේ. එහි දැක්වෙන පිළිවෙලට අනුරූප ඇතැම් ලක්ෂහණ අනුරාධපුරයෙහි මහාවිහාරය පිළිබඳ එම පූර්ව සැලැස්මෙහි ද වූ බව දැකිය හැකිය. සිංහයකු වාලධිය දික්කොට හස්තපාද තලයන් නොසරි කොට ඉදිරිව තබා දක්ෂිණ පාර්ශ්වයෙන් ආපසු බලාසිටී කල්හි යම්සේ එම සිංහයාගේ වාලකෝටිස්ථානයෙහි මහා බොධිගෘහයද දක්ෂිණපාදස්ථානයෙහි මහාපායද චාමපාදස්ථානයෙහිසන්නිපාතසාලාවද, නිභිස්ථානයෙහි කණ්ඨකූප නම් පුෂ්කරණිය ද, වන අතර කරඅඹරා දක්ෂිණ පාර්ශවය බලා සිටිය හුගේ දෘෂ්ටි නිපතනස්ථානයෙහි ප්රෂතිමාගෘහයද පිහිටියයුතු අයුරින් සිංහ චික්රාරන්තිය කරවා මහාවිහාරය ගොඩනැගූ බව විස්තරවේ. 65 මෙහි ‍ෙලාහොපහය විශාල කොට තැනීම රුවන් වැලි මහසෑය ඉදිකිරීම් ආදීය පශ්චාත් යුගයේ පහළවන දුටුගැමුණු රජු විසින් කරවන බව රන්පටෙක ලියා තිබි දුටුගැමුණු රජු ලැබී ඒවා ඉදිකරවූ බව මහාවංශයේ විසිහත්වැනි පරිච්ඡේදයෙහි සඳහන් වේ. එය ලියවා තබන ලද්දේ මිහිඳු මාහිමියන් විසිනැයි දැක්වේ.66

________________________________

64. එම 447 පිට. (ම. ව. 13 පරි. 20 ගාථා) 65. ස.ලං. 448 පිට. 66. ම. ව. 27 පරි 4,5, ගාථා.


පුරාතන අනුරාධපුර නග‍රයේ ස්වභාව සිරිය විස්තරකරන සද්ධර්මාලංකාර කතුවරයා නගරයේ ඒ ඒ තැන ප්රැකාර පන්තීන්ද, දාගබ් පන්තීන් ද, සියදහස් ගණන් භික්ෂූැ භික්ෂූපණින් විසින් ආකිර්ණ වීමෙන් අති මනොඥ වූ දුටු දුටු ජනයින් සිත් පැහැරගන්නා තරම් අනේකාලංකාරයෙන් යුක්ත වු නොයෙක් විහාරරාමයන් ගෙන් සැරසුනේ යයි ද විස්තර කර ඇති අතර එහි දෙමහල් තෙමහල් මහ මැදුරු ලක්ෂ ගණනින් අනුරාධපුර නගරය අලංකෘත කළේයැයි නගරයෙහි ස්වභාවය පාඨක මනසෙහි චිත්රිලතවන ආකාරයෙන් විස්තර කර තිබේ.67 අනුරාධපුර නගරයෙහි මෙබදු ශ්රීරයාවකින් යුක්ත වූ බව අටුවා කථාවන්ගෙන් ලැබෙන තොරතුරුවලින් පැහැදිලි වේ.

අනුරාධපුර නගරයෙහි ඒ ඒ ද්වාරයන් හි පිහිටි විහාරස්ථාන ගැන විස්තර සාලිය‍රාජ වර්ගයෙහි සඳහන් වේ. අනුරාධපුරයෙහි පිහිටි පඤ්චවාසයන් ගැන සඳහන්කරන ශ්රිද්ධා සුමනා වස්තුව දෙනානකය බගිරිනකය, මිරිස වැටිය, දකුණුගිරි විහාරය, මහා විහාරය යන විහාරස්ථාන ප්රලමුඛ වූ මහා විහාරහය නම්කර ඇත.68

තාලවතුෂ්කය නම් ස්ථානයෙහි සුදස්සන නම් ශාලාව පිහිටා තිබිණු බව සද්ධාතිස්ස අමාත්යිවස්තුවෙහි සඳහන්වන අතර 69 අසික්ගාහක නම් පිරිවෙන චන්ද්රමවංක වීථිය සමීපයෙහි පිහිටා තිබිණු බව චූලනාගථෙර වස්තුවෙන් හෙළි වෙයි.70 අනුරාධපුරයට බටහිරිනි මල්වැස්සානම් ගමක් විය.71 දකුණින් බ්රා හ්මණ චෝල නම් ගමවිය.72 එසේම දකුණු දෙසින් විල්ගම යැයි ප්රිසිද්ධ ¬¬¬¬¬ 67. සලං 450 පිට. 68. එම 455.පිට 69. එම 464. පිට 70. එම 654 පිට. 71. එම 691 පිට. 72. එම 700 පිට.


ගමක් විය73. අනුරාධපුරයේ සිට නූගගල් කඩුව හරහා ගල්වල් රටට ප්රදධාන මාර්ගයක් විය.74 ගල්වල රට අනුරාධපුරයට දකුණු දිගින් වුයේ යැයි රට්ඨිකපුත්ත වස්තුවෙහි සඳහන්වේ.75

මෙම තොරතුරු අනුව පුරාතන අනුරාධපුර නගරය පිළිබඳව ඓතිහාසික ගවේෂණයක් කරන්නකුට සද්ධර්මාලංකාරය තුළින් වැදගත් තොරතුරු රැසක්ම හෙලිගරගත හැකි බව පැහැදිලිය.

ලංකාවේ ආදී වැසියන් පිළිබඳ තොරතුරු විමර්ශනය කරනවිට නාගයන්පිළිබඳ වැදගත් තොරතුරු රැසක්ද සද්ධර්මාලංකාරයෙන් සොයාගත හැකි ය. පුරාණ ලංකාවේ නාග භවන තුනක් තිබූ බවත් ඒවා නම් 1.වඩුන්නාගල නාග භවනක් විය. එය තිස්කෙළක් ජනගහනයෙන් යුක්ත විය. එහි පාලකයා වූයේ චු‍ලෝදර රජු ය. 2. කැළණිගගබඩද නාග භවනක් වුයේය. මණිඅක්ඛිත නාරජුය. 3. මණිනාග දිවයින සමුද්රන නාග භවනක් විය. එහි පාලකයා වූයේ මහෝදර රජුය. මහෝදර දුවක් වඩුන්නාගල චුලෝදරට පාවාදී සත්රුවණින් විසිතුරු මිණිපළඟක් ද දුන් අතර පසුව ඒ සම්බන්ධයෙන් නාගයන් අතර යුද්ධයක් හටගත් ආකාරය නාගවස්තු වෙහි සඳහන් කර තිබේ.76

උතුරු දිග නාගමහා විහාරය නමින් විහාරයක් වූ බව තිස්ස සාමණේර වස්තු සඳහන් කරයි.77 එසේම උතුරු දිග නාගකාර නම් වූ බවක් දන්ත කුටිම්බික වස්තු සඳහන් කරයි.78

_____________________________

73. එම. 749. පිට. 74. එම. 711. පිට. 75. එම. 728. පිට. 76. එම. 480 -481. පිට. 77. එම. 815 පිට. 78. එම. 848. පිට.


දෙවන පෑතිස් යුගය සිට ගෝඨාභය දක්වා කථා පුවතද මහා වංසයට අනුරූපව දක්වා තිබේ. දුටුගැමුණු රජුගේ පියා වූ කාවන්තිස්ස රජු එම නම ලැබුයේ කවුඩන්ගේ බස දන්න‍ා නිසායැයි කාකවර්ණ වර්ගයෙහි සඳහන්‍ වේ.79 කවුඩන්ගේ බස දත් භික්ෂුවක් කවුඩකුගේ මඟපෙන්වීම යටතේ මාතුළ නම් ගම සිට දකුණට පැමිණ පිඩු හා චීවරද ලැබූ පුවතක් ද සද්ධර්මාලංකාරයෙහි සඳහන් වේ.80 කැළණිතිස්ස රජු වැරදි අවබෝධයක් නිසා කැළණි තෙරුන් තෙල්කඨාරයක දමා මැරවීමෙන් කුපිත වූ දෙවිවරු මුහුද ගැලීමට සැලැස්වීම නිසා ලක්දිව පිරිවර වූ කුඩා දිවයින් නවයක් හා උතුරු පෙදෙස සිට පන්තිස් දහස් පන්සියයක් ගම් ද මහපටුනු ගම් වැව් අමුණු කෙත්වත් ආදී විශාල ප්ර්මාණයක් මුහුදට යට වූ බව කාකවර්ණ වර්ගයෙහි සඳහන් වේ.81 මේ හේතුව නිසා ලක්දිව විශාල කොටසක් මුහුදට යටවී ගිය බව පැහැදිලි ය.

මෙහි දී මුහුදෙහි පාකර හරින ලද්දේ දේවී නම් කුමරියයි. ඇය සහිත රන් සැල රුහුණු ලංකා විහාරය අභියස ට ගොඩබට බව මහාවංසය සඳහන් කරයි.82 එහෙත් සද්ධර්මාලංකාරය සඳහන් කරන්නේ තොටලු තොට වෙරළට ලඟාවූ බවය.83

දුටුගැමුණු රජු පෙර අත්බවකය දී මෛත්රේය බුදුරදුන්ගේ දකුණත් ‍සවිවීමට ප්රා ර්ථනා කළ බව දුටුගැමුණු වස්තුවෙහි සඳහන්වේ.84 දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරුට අශෝක මාලාව මුණ ගැසුණේ අනුරාධපුර නගරද්වාරයෙහි දියැයි ද කුමරු රථයෙන් යද්දී එහිදී අශෝක මාලාව දුටුවේයැයි ද

______________________________________

79. එම. 509. පිට. 80. එම. 674. පිට. 81. එම. 513. පිට. 82. ම. ව. 22. පරී. 22. ගාථා. 83. ස. ලං 513 84. එම. 514. පිට.


සිහළවස්තුව85 සඳහන් කරන නමුත් සද්ධර්මාලංකාරය සඳහන් කරන්නේ ඇය හෝපලු ගසදි දුටු බවය.88 සාලිය කුමරු මෛත්රේය බුදුන් දවස බ්රෝහ්මණවර්ධනම් කුලපුත්රරයකුව ඉපිද පැවිදිව පිරිනිවන් පාන්නේයැයි එහි වැඩිදුරටත් සඳහන්වේ.87

ලංකාවේ දකුණු දිග්භාගයෙහි පිහිටි ගම් හා වෙහෙර විහාරස්ථාන රැසක් ගැනද ඓතිසහාසික තොරතුරු සෑහෙන ප්ර මාණයක් සද්ධර්මාලංකාරයෙහි සඳහන් ‍වන අතර එම යුගයේ දකුණේ සහ අනුරාධපුරයෙහි ජනතාවගේ සිරිත් විරිත් හා ගතිපැවතුම් පිළිබඳ තොරතුරු රැසක් ද සද්ධර්මාලංකාරයෙන් හෙළි වෙයි. ලංකා ඉතිහාසය ගවේෂණය කරන්නකුට සද්ධර්මාලංකාරයෙන් ලබාගත හැකි පිටිවහල අතිශයින් වැදගත් වූවකි. දෙවැනි ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේ ලංකා ඉතිහාසය පිළිබඳව වැසී තිබුණු ඇතැම් වැදගත් කරුණු ද නොයෙක් ඉතිහාස පුවත් පිළිබඳ දීර්ඝ විස්තර මෙසේ ඉදිරිපත් කිරීමට සමත්කම් දක්වන ලද්දේ උන්වහන්සේ විසින් බෞද්ධ ඉතිහාසය සහ ලක්දිව ඓතිහාසික තත්වය පිළිබඳවද පුර්ණ ගවේෂණයක් සිදු කොට තිබුණු බැවිණි.

එහි සංක්ෂිතප්තයක් ලෙස නිකාය සංග්රකහය ලියන ලද බව පැහැදිලිය. මේ නිසා උන්වහන්සේ විසින් සද්ධර්මාලංකාරයෙහි ඉදිරිපත් කොට ඇති බෞද්ධ ඉතිහාසය සහ දුටුගැමුණු රජතුමාගේ වෘත්තාන්තය සහ තවත් රජවරුන්ගේ ලංකාවේ ඓතිහාසික තත්වය සහ නගර ගම් පිළිබඳ තොරතුරු ද සත්යස ඒවා පිළිගැනීමට බාධාවක් නැත.

_________________________________

85. සීහල වත්ර්__ ව. 28. පිට. 86. එම. 63334. පිට. 87. සලං. 642. පිට.




සාහිත්ය_ කෘතීයක් වශයෙන්

සද්ධර්මාලංකාරය ලිවීමෙහිදී කතු හිමියන් විසින් අපදාන අනාගතවංසය සිහලවත්ථුව සහස්සවත්ථුව රසවාහිනිය ධම්මපදය හා ධම්මපදට්ඨකථාව පේතවත්ථුව චරියා පිටකය සහ මහා වංසය ඇතුළු ඓතිහාසික ග්රාන්ථ රැසක් අශ්රටය කර ඇති බව සද්ධර්මාලංකාරයෙහි උදාහරණ වශයෙන් දක්වා ඇති ගාථා හා විස්තර වලින් පැහැදිලි වේ.

ශ්රැරතිගෝචර රටාවෙන් ලියා ඇති සද්ධර්මාලංකාරය ශ්රා වකයා තුළ ශ්රැද්ධා රසය සහ ධර්මාවබෝධය හා ජීවිතාවබෝධය ද ලැබෙන අයුරින් පිළියෙළ කර තිබේ. කථාපුවත් මගින් ලැබෙන සමාජ අත්දැකීම් සියල්ල ශ්රායවකයා දැහැමි හා නිවැරදි ධෛර්ය සම්පන්න ජීවිතයක් කරා යොමුකරවයි. ග්රහන්ථයේ අතැම් තැනෙක දීර්ඝ ශෛලියක් දැකිය හැකිය. තෙභාතික වර්ගයෙහි යුදමය අවස්ථාවක මෙසේ දක්වා තිබේ.

“.........එපවත් අසා යුවරජ තනතුරෙහි සිටි වෙන මවුන් දරු සුමන නම් වූ වැඩිමහල් රාජ කුමාරයෝ කිපී අද මරණ හෝ වුව මැනව, රාජ්යුය හෝ ගත මැනවැයි වහසි බස් බැණ තමන්ට වසඟව සිටි අටානුවක් මල් රාජ කුමර වරුන් පිරිවරා තරුපිරිවැරූ, චන්ද්ර්යා සේ දිළිහෙමින් මහසෙනඟ රැස් කරවා වෙන වෙන අතින් ගෙන උඩුකරන ලද ආයුධ සමූහයෙන් මුළු නුවර නිලුපුල් කැකුළෙන් ගැවසී සිටගත් මහවිලක් සේ සරහමින් ප්රළවාල සාගරයෙහි එක හෙළා දිවෙනරළපතර සමූහයක් මෙන් ඔද වැඩි පෙනෙමින් දිවගෙන අවුත් වැද ගියහ.......”88

මෙයින් යුදමය අවස්ථාවක් පාඨක මනසෙහි විත්රි ත කිරීම අරමුණු කොට විචිත්රස භාෂා ස්වරූපයක් අනුගමනය කළ බවක් පෙනේ.


___________________________________

88. සලං. 363. පිට


බුදුරදුන් විශාලාවේ සිට රජගහනුවරට වැඩමකළ ආකාරය සිපිපත් කරමින් අශෝක රජතුමා විසින් ඉන්දගුත්ත තෙරුන් වැඩම කරවීම විස්තරකර ඇත්තේ වර්ණනාත්මක භාෂා ස්වරූපයක් උපයෝගී කරගනිමිනි.

එහි මෙසේ දැක් වේ.

“.....එසේම ඒ තන්හි රන් ඇගෑරිදී ඇගෑ මල් ඇගෑ පංක්තිහු සකස් කොට සරල ලන ලදහ තවද මඟ දෙපසැ රන්වැට ය. රිදී වැටයෑ ලිය වැටයැ ලොහො වැටයෑ දඩු වැටය යනාදීයෙහි සුවඳ තෙල් වන් කොට ප්රවදීප පන්තිහු දල්වන ලදහ. බඳනා ලද රන් දද ආදියෙන් හා නීලපීතාදී නානාවර්ණධවජපතාක සහස්රුයෙන් මහදෙපස මහ වනය ගැවසී සිටගත...

.....නා සපු දුනුකේ දොඹ මුහුළු ආදී වූ ඵලජ කුසුමයෙන් හා රත් නෙළුම් හෙළනෙළුම් රත් උපුල් හෙළ උපුල් නිල් උපුල් හෙල්මැලි ආදී වූ ජලජ කුසුමයෙන් හා දෑසමන් දෙඉද්ද පරසතු මඳාරා දී නොයෙක් ලක්ෂ සුවහසක් ගණන් මල්දම් සමූහයෙන් සියලු මාර්ගය එක හෙළා විචිත්රහ විය....”89

මෙම වර්ණනාත්මක භාෂා හෛලිය බෝධිවංසය සිහිපත් කරවයි. එහෙත් මෙහි එතරම් කඨොර බවක් දක්නට නැත. පාඨකයාට පහසුවෙන තේරුම් ගත හැකි එමෙන්ම භාෂාවේ සරළ බවද සුරකිමින් පාඨකයාට නිරන්තරයෙන් හසුවන උපමාවන් ද යොදමින් ඉදිරිපත් කරණ අවස්ථාව පාඨක මනසෙහි විත්රිඋතවන අයු රින් එක්තරා ස්වාධීන මඟක් අනුගමනය කරමින් භාෂාව හසුරුවා ඇති ආකාරයක් පෙනේ.


¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬_______________________________

89. එම. 350. පිට


සංස්කෘත සාහාත්ය්යෙහි ගද්ය0 ආඛ්යා්න‍යන් හි මෙවැනි වර්ණනාත්මක භාෂා ස්වරූපයක් උපයෝගී කරගෙන ඇතත් ඒවා සමාස බාහුල්යනයෙන් ගහණ බැවින් දුරව බෝධය. එහෙත් සමස්තයක් වශයෙන් ගත්කල සද්ධර්මාලංකාරයෙහි බස බෙහෙවින් සරළය. දුරවබෝධස්ථාන හමුවන්නේ විරළ වශයෙනි.

සාලිය රාජ වර්ගයෙහි අසෝක මාලාවන්ගේ ස්ත්රි ලක්ෂණයෙන් අනූන ශරීරලක්ෂණයන් විස්තර කිරීමෙහිදී ද කතුවරයා විසින් රමණීය භාෂා ස්වරූපයක් යොදාගත් බව දැකිය හැකිය.

“......සාලියි කුමරයන්ගේ බිසෝ වූ ඒ අශෝකමාලා දේවි නම් අතිමනෝහර වූ රන්වන් ශරීර ඇතියහ. නිල්මහනෙල් පෙති දෙකක් මෙන් දිගුපුළුල්වූ ප්රීසන්න වූ ඇස් සඟලක් ඇතියහ. පළල්ව සම්පූර්ණ වූ ජංඝා ප්ර්දේශ ඇතියහ. ස්වර්ණ සාගරයෙහි දියසලාවක් මෙන් දක්ෂිණාවෘතව ගැඹුරුවූ නාභිමණ්ඩලයක් ඇතියහ. සමවගා යෙදූ දුනුමිටික් මෙන් සිහින් වූ කටී ප්රාදේශයක් ඇතියහ.....”90

යානාදී වශයෙන් සාමුද්රිාකා ලක්ෂණයෙහි දක්ෂවූ බමුණන් විසින් දුටුගැමුණු රජු ඉදිරියෙහි අශෝක මාලාවන්ගේ ස්ත්රීු ලක්ෂණ විස්තර කළ ආකාරය දක්වා තිබේ. මෙය එක්තරා ප්ර මාණයකට ශෘංගාර රසය දනවන්කි. එහෙත් එය කතුහිමියන් විසින් ඉදිරිපත් කර ඇත්තේ තමන් ඉදිරිපත් ව අශෝක මාලාවන්ගේ ශරිරලක්ෂණය වර්ණනා කරන ආකාරයේන් නොව බමුණන් ලවා කියවන ආකාර සංයමයෙකි නි. මෙම වර්ණනය බෝධිවංශයෙහි යසෝධරා දේවියගේ රූප ශෝභාව විස්තර වර්ණනය සිහිගන්වන්න කි. එහිදැක්වෙන අයුරු


_____________________________

90. ස. ලං. 637.පිට.


........ “තමලු ලියසේ නිල් වූ සියුම් සුවඳ ඇත්තාවූ කේශකලාපයක් ඇති පුන්සඳ මඬලසේ සෞම්යිවු මුහුණු ඇති සුපිපි නිලුපුල් සේ මනොඥවු ඇස් ඇති දේදුනුසේ වක්වූ නිල් වූ බැම ලිය ඇති බඳුවද පෙති සේ රත්වූ අධරපල්ලවයන් ඇති.”91 යනාදි වශයෙන් ශෘංගාර රසය දනවමින් කර ඇති ස්ත්රී වර්ණනය සංස්කෘත මහා කාව්යද සහ ආඛ්යානන සිහිපත් කරවයි. සංස්කෘත සාහිත්යාය නම් සමාස බාහුල්යරයෙන් භාෂාව ඕජෝගුණ බහුල කොට කඨොර බවට පත් නොකරමින් සරළ සුගම යෙදුම් තුළින් රසවත් ලෙස පුද්ගල හා අවස්ථා නිරූපනය කිරීමට බෞද්ධ සාහිත්යු කරුවන් සමත් වී ඇති බව මෙම වර්ණනා ද්වයෙන්ම පැහැදිලි වෙයි. මේ අනුව සද්ධර්මාලංකාර කතු හිමියෝ ස්වකීය පරමාර්ථය සපුරා ගැන්මේදී පාඨකයන් ඇද බැඳ ගැනීම පිණිස ඇතැම් තැනක වර්ණනාත්මක භාෂාවද යොදා ගත්හ. උන්වහන්සේ ස්වකීය ධර්ම සාහිත්ය් කෘතිය කාව්යාොලංකාරයන් හි ඉගැන්වෙන මුලධර්මයන් ද අමතක නොකරමින්, විද්වතුන්ගේ ගෞරවයට පාත්රනවන ආකාර ස්වකීය පාණ්ඩිත්යනය හා සාහිත්යගකරණය පිළිබඳව තිබූ පුලුල් අවබෝධය ද පැහැදිලි කරමින් ශ්රාාවක ජනතාව වෙත ධර්මය ඉදිරිපත් කිරීමට අතිශයින් සාර්ථක මගක් අනුගමනය කර ඇති බව පැහැදිලි වෙයි.


______________________________________


91. බෝධිවංසය ලං. වන්දැරතන හිමි. සංස්. 1970. 49. පිට


පාලි බණ කථා සිංහලයෙන් ඉදිරිපත් කිරීම අරමුණ වූවද, ස්වකීය ස්වාධීනත්වය හැම අයුරින් ම ප්රරකට වන අයුරින් සිංහල ගද්යය සාහිත්ය9යට අනගිතම මාණික්යමක් එක්කරන්නාක් මෙන් සද්ධර්මාලංකාරය මගින් ධර්මය අලංකාරවත් ව ඉදිරිපත් කොට ඇති ආකාරය සමස්ථ විද්වතුන්ගේ නොමද සම්භාවනාවට පාත්රරවී ඇත. සදධර්මා්ලංකාරය සනාතන අගයකින් යුත් සිංහල සාහිත්යතයේ විශිෂඨතම කෘතියක් ලෙස සියල්ලන්ගේ ගෞරවයට පාත්ර්වේ.


ආචාර්ය. මීගොඩ පඤ්ඤාලෝක හිමි

පාලි හා බෞද්ධ අධ්යරයනාංශය

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාමලය

ගංගොඩවිල

නුගේගොඩ


97.07.23