සද්ධර්මරතනාකරය-පරි‍ච්ඡෙද 33-34

33 වැනි පරිච්ඡෙදය.


තවද සද්ධර්මිරත්නාකරයෙහි සඞඝාදභූතකථාවන්ට අනතුරුව නිද්රාලසවපන විභාවන කථා කවරැ? යත්:— මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය.

කෙසේ ද? යත්:— ස්වප්නයන් දක්නා කල්හි නිද්රාිවට පැමිණියේ දක්නේ ද? නොහොත් පිබිදියේ දක්නේ ද? නොහොත් නො නිදනුයේ දක්නේ ද? නොහොත් නො පිබිදියේ දක්නේ දැ? යි කියත් හොත් ඉදින් හුදෙක් නිද්රා වට පැමිණියේ දක්නේ






නිද්රාිස්වප්නකථා] සංඝාද්භූතකථා. 427

නම් අභිධර්ම යට විරුද්ධ වන්නේ ය. ඉදින් පිබිදියේ දක්නේ වී නම් විනයට විරිද්ධ වන්නේ ය, ඉදින් නො නිදනුයේ දක්නේ වී නම් පියෙහි සිතින් දක්නේ ය. ඉදින් නො ම හොත්තේ දක්නේ වී නම් ස්වජනයක් තමා ම නො දක්නේ ය. මෙසේ නිද්රාොවට පැමිණියේ ද පිබිදියේ ද නො නිදනුයේ ද නො පිබිදියේ දැයි යන මේ සතර දෙන ම සවප්න නොදක්නාහු වී නම් ඉදින් කවරෙක් දකී ද? එසේ නො වෙයි. මේ සතර ආකාරය ම හැර කපි නිද්රාමවට පැමිණියේ සවප්න දක්නේයි. කපි නිද්රාව නම් කවරැ? යත්:- වානර ජාතීහු රාත්රි්භාගයෙහි අතුවෙළෙප්වල හිඳ උනුනැඟ වැතිර නිද්රාාවට පැමිණියාහු මඳක් ඇසිපිය වසා නිද්රාතවෙන් ශරීරය අවසඟ ව ගිලිහෙයි යන භයින් නිදති. එහෙයින් නිද්රාසව ලඝු ව පරිවර්තීනය වන්නේ ය. එසේ ම යමක්හුගේ නිද්රානවෙන් චිත්තය භවාඞග නො ව යුහු ව ඉගිලේ ද, සම්මොහය දුරු ව උදක්ම නුපුබුදනේ ද, එසේ හෙයින් හුදෙක් නුපුබුදනේ ද, හුදෙක් නොනිදන්නේ ද, සවප්න දක්නේයි. මෙසේ සවප්න දක්නේ කුසලචිතතයෙනුත් අකුසලචිතතයෙනුත් අව්යායකෘත චිතතයෙනුත් දක්නේයි දහගැබ් මහබෝ මුනිමැදුරු සිද්ධස්ථාන වඳිනාක් මෙන් ද, සවප්නයෙන් දක්නේ කුසලචිත්තයෙන් දක්නේ නම් වෙයි. දැල්පන් වට ලමින් සතුන් අසු කොට නසන්නාක් මෙන් ද, සතුරු ව හිඳිනන් ලුහුබඳවා අල්වා ඇන බැඳ වෙහෙස දන්නාක් මෙන් ද සවප්න දක්නාහු ද, තමා සිංහ ව්‍යාඝ්ර දිවි බලු යමපලු ගිනිදැල් ආදියෙන් වෙහෙස විඳනාක් මෙන් දක්නාහු අකුසලචිත්තයෙන් සවප්න දක්නාහු නම් වෙති. අව්යා කෘත චිත්තයෙන් දක්නාකල දහගැබ් මහබෝ ප්ර්තිමාරූප දකිමින් විඳිමින් සිට ප්රාාණඝාත කරන්නාක් මෙන් ද, මහ වන මැද සතුන් ලුහුබඳවා දිවන්නාක් මෙන් ද, දක්නාහුයි.§ මේ සියලු සවප්නයන් ශෛක්ෂ යන්ට මුත් අෂෛ‍ක්ෂමයන්ට නො පෙණෙන්නේයි. මෙසේ පෙණෙන්නා වූ සවප්න සතර ආකාරයකින් දක්නාහු ය.

කෙසේ ද? යත්:- ධාතුක්ෂො.භයෙන් ද අනුභූතපූර්වසයෙන් ද දෙවතා‍උපස භාරයෙන් ද පූර්වහනිමිත්තයෙන් දැයි යන මේ සතර කාරණාවෙන් දක්නාහුයි එයින් ධාතු‍ක්ෂොුභයෙන් සවප්න දක්නා කල වාත පිත්ත ශ්ලෙෂ්මා යයි යන ත්රි විධ දොෂය උත්සන්න ව අනෙකප්ර කාර වූ සිහින දකිති. කෙසේ ද? යත්:-


§ මේ කථා ධර්මමවිරොධයි.







428 සද්ධර්මධරත්නාකරය. [33 පරිච්ඡෙදය

වායු කිපුනු කල සවප්න දක්නාහු අහසින් යන පවන් හ සමග ධාවනය කරන්නාක් මෙන් දකිත් පිත් කිපීමෙන් සවප්න දක්නා කල උමතු ව ඔබමොබ සිසෑරී භ්ර්මණය කරන්නාක් මෙන් පෙණෙයි. ශ්ලෙෂ්ම කොප්යව ව සවප්න දක්නාකල ගංහෝ වල්හි දිය කෙළිනාක් මෙන් පෙණෙන්නේ ය. මේ ධාතුක්ෂොබභ සවප්න නම්.

අනුභූතපූර්ව් නම් නිද්රා.වට පූර්වොයෙහි කිසිවක්හු හා සමග කිසියම් කාරියක් කියමින් හුන්නේ ද, එම සවප්නයෙනුද්රට පෙණෙන කල ඒ කියමින් හුන්කාරිය ම ය. මෙ නම් වස්තුවක් වුව මැනව, මෙ නම් සිද්ධස්ථානයක් වඳින්ට වුව මානැව. මෙ නම් රටකට වෙලෙඳාමෙහි යන්ට වුව මැනැව. මෙ නම් රටක් ගන්ට වුව මැනැවැ”යි සිතා උන් කල එලෙස ම පෙණෙන්නේ ය. කිසියම් ශාස්ත්රාටදියක් දහවල් හදාළේ ද, එලෙස ම සවප්නයෙනුදු හදාරන්නේ ය. මේ අනුභත පූර්වර වූ සවප්න නම.

දෙවතොපසංහාර නම් කිසිවක්හු කෙරෙහි දෙවතාවෝ ප්රනසන්න ව ද අප්රොසන්න ව ද, වැඩ ඇවැඩ දෙක කරණු කැමැති ව අනෙකප්රවකාර සවප්න දක්වන්නාහුයි. එයින් කිසියම් සත්වෙයක් හට දෙවතාවෝ ප්රපසන්න ව අවුරුද්දක් ඇවෑමෙන් ඔහුට ලක්ෂ යක් වස්තු හෝ රාජ්යක සම්පත්තියක් හෝ ලැබෙන්නේ වී නම් රුධිර පානය හා සමග අලුත් මිනීමස් අනුභව කරන්නාක් මෙන් දක්වති. යමෙක් මණ්ඩලෙශ්වර වන්නේ වී නම් නීචයකු විසින් සෙනා වාහන සනනදධ ඔහු වසන ගෘහය වටලුවාක් මෙන් දක්වති රජෙක් වෙනත් රාජ්යවයක් ලබන්නේ වී නම්, ඔහු වසන නුවර නීවයකු විසින් සෙනා වාහන සන්නද්ධ ව ව‍ට කළාක් මෙන් දක්වති. යමක්හුගේ පුත්රුදාරාදීන්ට අභිවෘද්ධියෙක් පැමිණෙන්නේ වී නම්, අශිෂෙකප්රාකප්ත ව හුන්නා වූ රජක්හු ද හස්ත්යදලඞකාරයෙන් සැරහු මඟුලැතක්හු ද, සරහනලද වෘෂභයකු ද, හස්තප්රා‍ප්ත වූ කනක රාශියක් ද දක්වති. යමක්හට මහත්සම්පත්තියෙක් හස්තප්රා්ප්තවේ නම්, ශුභ්ර වු වෘෂභරාජයක්හු පිටට පැන නැංගාක් මෙන් ද, හස්ත්යපලඞකාරයෙන් සැරහූ ලක්ෂ ණාන්විත විනීත ඇත්රජක්හු පිටට පැන නැංගාක් මෙන් ද, ප්රායසාදලඞකාරයෙන් ප්රාිසාදාවහවූ ප්රාජසාදයක් මුදුනෙහි හිඳිනාක් මෙන් ද, බොහෝ ගිරිකුළින් පිරිවරණලද පර්වයතකූටයක් මුදුනෙහි හිඳිනාක් මෙන් ද මහ වන








නිද්රා ස්වප්නකථා] සවප්නාකථා 429

මැද හැම වෘක්ෂායන්ට උස් ව සිටිනා දිඹුල් නුග බෝ ආදී වූ අපුෂ්ප ඵල ඇති වනස්පති රුකක් මුදුනෙහි හිඳිනාක් මෙන් ද, අමෙධ්යබ ඇඟ ගල්වන්නාක් මෙන් ද, මහත් කඳුලුධාරා ඉසිමින් අඬන්නාක් මෙන් ද අහසින් යන්නාක් මෙන් ද, දක්වති. යමෙක් ස්වකීය කුලයට ප්ර්ධාන වේ නම්, ප්රා්සාදයක් මුදුනෙහි හිඳ බත් අනුභව කරන්නාක්හු මෙන් ද, මුහුදු දිය මුදුනෙහි පලක් බැඳ හිඳිනාක් මෙන් ද දක්වති. යමෙක් ප්රරඡාවෙන් ප්ර්ඛ්යා ත වනු යේ මේ නම්, දියමැද නෙළුම්පතක් මුදුනෙහි හිඳ ඝෘතමිශ්ර් වූ මධුර ක්ෂීවර පායාසයක් අනුභව කරන්නාහු මෙන් දක්වති. යමක්හට සකලාභිවෘද්ධි වර්ධදන වනුයේ වීනම් ආසනයෙහි ද සයනයෙහි ද යානාවෙහි ද ශරීරයෙහි ද වාහනයෙහි ද හිඳිනා ගෘහයෙහි ද ගිනි ගෙණ ඇවිල නැගෙන කල්හි පුබුදුවති. යමක්හට යශස් වර්ධනන වේ නම් ඝෘත ලාභයක් දක්වති. මෙසේ ඉෂ්ටවිපාක දෙන සවප්නයන් දක්වති. අනිෂ්ටවිපාක දායක සවප්නයන් දැක්වීම ද මෙසේ මැයි. මෙයින් ප්රිථම යාමයෙහි ස්වජනය අවුරුද්දකින් විපාක දෙන්නේය. අන්තිම යාමයෙහි දැක්වූ සවප්නය පස් මසකින් විපාක දෙන්නේය. අලුයම් වේලෙහි දැක් වූ සවප්නය දසදවසකින් විපාක දෙන්නේය. මෙසේ සවප්න දක්වන්නා වූ දෙවතාවෝ ප්රසසන්න වූවාහු නම්, ඉෂ්ටාන්ෂ්ට දෙක ම ඇති ලෙස ම දක්වති. අප්රවසන්න වූවාහු නම් ඔවුන්ට අනර්ථ් පමුණුවනු පිණිස හිතෛෂි කමක් සේ සවප්න දක්වා ඒ හිතෛෂි කමින් අනර්ථව පමුණුවති. එසේ දක්වන්නා වූ සවප්නයන් යන්නේ කාරණ මේ මතු කියන පරිද්දෙන් දතයුතු.

කෙසේ ද? යත්:- යටගිය දවස ලක්දිව රුහුණු ජනපදයෙහි  ක්ෂී‍රනාග නම් මහාවිහාරයෙක් වි ය. ඒ විහාරයෙහි වාසය කරන්නා වූ බොහෝ භික්ෂුප සංඝයාවහන්සේ අතුරෙන් අසඤ්ඤතකාරී වූ යුහුසුලු එක් මහතෙරකෙ‍නකුන් වහන්සේ තමන් වහන්සේට කිසි ප්රරයොජනයක් පිණිස ඒ විහාර සමීපයෙහි සිටි දෙවතා අධිගෘහිත නාගසක් ඒ වෙහෙර භික්ෂුරස සයා වහන්සේ හා රක්ෂාමවෙහි සිටි ආරාමිකයනුත් නො ගිවිස්වා ම සිඳුවාපූසේක. එකල්හි ඒ නාගසෙහි වසන්නා වූ දෙවතාවා ඒ තෙරුන්වහන්සේ කෙරෙහි කිපී “මෙබඳු අසඤ්ඤතකාරී වූ සුවච නොවන පරවැ‍ඩෙහි ලොභයක් නොකරණ අවැඩකරු මහණුව අනර්ථීයක් පමුණුවාලන්ට වුව මැනැවැ” යි සිතා “මා විසින් මෝහට කිසිවක්


 “රෙහණෙකිර නාග මහාවිහාරෙ” සාරසංග්ග






430 සද්ධර්මණරත්නාකරය [33 පරිච්ඡෙදය

කිරීමට පාපභයින් නොහැක්නෙමි” යි කෛරාටික ඥානයක් සිතා “පළමු කොට මේ මහණු මා කෙරෙහි ප්ර්සන්න ක‍රවාගෙණ පසු ව සුදුසු කෙනෙකුන් ලවා මේ මහණුට නිහඬක් කියමි” යි සිතා පළමු කොට ඕහට ශුභ සවප්න දක්වමින් උන්වහන්සේට බොහෝ වැඩ සිද්ධ කොට තමා කෙ‍රෙහි කල් යාමකින් දවසෙක අලුයම්වේලෙහි සවප්නයක් දක්වනුයේ දෙවතාස්වභාවයෙන් අවුත් වැඳ ලඟ සිට නොසතුටු ආකාර දක්වා කියනුයේ: “ස්වාමිනි! නුඹවහන්සේට සත් දවසකින් අඩුවෙන් වෙ’ යි කී ය. “ඒ කිමෙක් දැ” යි විචාළ කල්හි තමන් වහන්සේට චතුර්විධ ප්රවත්ය’යෙන් උපස්ථාන කරන්නාවූ කුලුපග යස පිහිට ව සිටින මෙනුවර රාජශ්රීි විඳිනා මහරජතෙම මෙයින් සත් දවසක් ගියකල ස්වර්ග සම්පත්තිය ලබන්නේ වේ ද, එපවත් නුඹවහන්සේ රාජපුරුෂයන්ට කියා තබාලුව මැනැවැයි කී ය. ඒ තෙරුන්වහන්සේ ද මිත්රු ප්ර තිරූපකවූ දෙවතාවා කියාලූ බස පළමු සේ ම සැබවැයි සිතමින් උදාසන්හි ම එනුවර රාජපුරුෂයන් කැඳවා නොසතුටු ව සිට මෙපවත් කීසේක. එබස් ඇසූ ඇමැතියෝ තෙරුන්වහන්සේ කී ලෙස ම නුවර ප්ර කාශ කොට කීහ.

එකල්හි නුවරවාසීහු මහත් ‍‍ශොකයෙන් වැලැප නුවර එකකොලාහල කළාහු ය. ඒ මහරජතෙම නුවර වාසීන්ගේ අඬුහක ප්රනලාපරොදන ශබ්දයන් අසා “මේ කිමෙක් දැ?” යි කී කල්හි, “ක්ෂීරරනාගවිහාරයෙහි වසන ඔබවහන්සේගේ කුලුපග වූ මෙනම් මහතෙරුන්වහන්සේ සවජනයක් දිටිමියි කියා, නුඹවහන්සේට ආයුෂය සතියෙකැයි කීසේක. එපවත් අසා නුවරවාසීහු හඬනාහු ය” යි කීහ. එබසට මහරජ කියනුයේ “මහතෙරුන්වහන්සේ කී බස සැබෑ වී නම් තෙපි හැම ඊට උපකාර කරව. බොරු වී නම් මම ඊට නිහඬ දන්නෙම් වේදැ” යි කියා එදවස් පටන් දවස් එකයි දෙකයි ගැණ සත්දවසක් ඉක්මුනු කල්හි තමහට කිසි පීඩාවක් නො දැක “මුන් වහන්සේ මෙබඳුවූ බොරුවක් කීවේ තමා කෙරෙහි සතුරු ව නුවරින් වෙන් කරණු පිණිස ය” යි වරදවා සිතාගෙණ අටවන දවස් තෙරුන්වහන්සේගේ හස්තපාද ඡෙදනය කරවා තෙරුන් වහන්සේ අසඤ්ඤතකාරී වරද තමාගේ ඇඟ ලාගෙණ එපවින් තෙමේ ගොස් නරකයෙහි උපන. මෙසේ ඒ දෙවතාවා ද තමා වසන නාගස සිඳුවාපු පමණකට කිපී ඔවුන්ගේ හස්තපාදයන් සිඳුවීය. එසේ හෙයින් දෙවියන් දක්වන්නාවූ සවප්න ද සමහරෙක් විද්යාාමාන ය. සමහරෙක් අවිද්යාදමාන ම වෙයි. එතෙකුදු වුවත් වඤ්චකවූ ඉෂ්ට දෙවතාවන් විසින් දක්වන ලද්දාවූ සවප්න






නිද්රාුස්වප්න කථා.] සවප්නකථා. 431

හැම සත්ව‍යන්ට සකලාභිවෘද්ධිවර්ධසනය කෙරෙමින් චිත්තනන්දයනය කරවන්නේයි. මේ දෙවතා උපසංහාර නම

පූර්වවනිමිත්තයෙන් දක්නා සවප්න නම් කවරැ? යත්:- බොධිසත්වකයන්වහන්සේ ලැබීමට පූර්වවභාගයෙහි මහාමායාදෙවීන් විසින් දුටුවාවූ සවප්න වැන්න. බුදුන් බුදු වන්ට පූර්ව්භාගයෙහි දෙවන දවස්හි දුටුවා වූ පංචමහාසවප්න වැන්න. පසෙනදී කොසොල් මහරජු විසින් මතු කලියුගකාලප්ර වෘත්තිය මේ යයි යනු පිණිස දැක්වීමෙන් එදවස් රෑ දුටු සොළොස් සවප්නයන් වැන්න.

මේ ත්රිෙප්රරකාර සවප්නයන් අතුරෙන් බොධිසත්වො ත්පත්තිය පිණිස මහාමායාදෙවින් දුටු සවප්නය නම් කවරැ? යත්:- අප මහාබොධිසත්වයයන් වහන්සේ මහාමායා දෙවින් කුස පිළි සිඳිනා ඇසළමස මැදිපොහෝ දවසට පළමු සත්වැනිදා පටන් සකල වස්තුවෙන් අවිකල කපිලවාස්තු පුරයෙහි ඇසළ කෙළි නම් වූ මහත් උත්සවයෙක් වි ය. ඒ උත්සවයෙහි සියලු ජ‍නයෝ ම ඉස් සොධා නහා සුවඳමල් පැලඳ විලවුන් ගෙණ නිසි ලෙස කාබී කෙළිමින් සෙමින් සෙමින් නෘත්ය ගීතාදියෙන් සන්තුෂ්ට ව කාලාතික්රාින්ත කොට සත්දවසක් මගුල් කෙළි කෙ‍ළිති. එකල සුද්ධොදන මහරජ ද සොළොස් කළයක් සුවඳ පැනින් ඉස් සෝධා නහා ලක්ෂදයක් අගනා මනහර සළුවක් හැඳ සූසැටක් ආභරණයෙන් සැරහී ශක්රනදෙවෙන්ර්යනප ලීලාවෙන් සහසෙන ඇමති ගණයා පිරිවරා උත්සව කෙළි බලනුයේ ය. එකල මහාමායා දෙවීද දෙවඟනක මෙන් සැරහී පන්සියයක් පුර ස්ත්රී.න් පිරිවරා මගුල්පොකුණට වැද ජලක්රීනඩා කොට ලක්ෂයයක් අගනා කසී සළුවක් හැඳ සුපුෂ්පිත ස්වර්ණොලතාවක් සේ නානාරත්න නිමග්න ප්රයමදාහරණ භූෂිත ව රාජභවනයට වැද එහි මතුමහල්තෙලෙහි සරහනලද ශ්රීනයහන් ගබඩාවට වැද කොඳ ඈ පුෂ්පරාශීන් බහා අතුළාවූ යහනාවෙක බැස හෙව එදවස් රාත්රිටයෙහි නිද්රානවට පටන් ගත්හ. එසඳ බුදුන්ගේ ප්ර තිසන්ධිහ වේලාවෙහි මහාමායා දේවී මෙබඳු සවප්නයක් දුටහ. කෙසේ ද? යත්:- එ ක්ෂ්ණයෙහි සතරවරම්රජහු තුන්ගවු උස දිව්ය්ශරීරයෙන් ශොභාවත් ව දෙවින් සැතපුනු සපුමල්දමක් සේ කරහොවා ගෙණ පන්සියයක් යොදුන් උස ඇති හිමාලය පර්වුත මුදුනෙහි පසේබුදුවරයන්වහන්සේ වැඩ සිට සිවුරු වලඳනා සැටයොදුන් දිග පුළුල ඇති මනොසිලා ගල්තල අස සතර







432 සද්ධර්මුරත්නාකරය. [33 පරිච්ඡෙදය.

යොදනක් උස සල්රුක මුල යොදනක් උස පමණ මල් ගොඩක් මුදුනෙහි වඩාලු නම.

එසඳ වරම්රජුන්ගේ දිව්යයස්ත්රීමහු සතරදෙන දිවසරන් පිරිවරා අවුත් බිසවුන් වඩාගෙණ ගොස් පණස් යොදුන් දිග පුළුල ඇති අනවතප්ත විල දෙව්දූවරුන් බැස දිය කෙළනා තොටැ දී දෙවීන් නාවා දිවසළු හඳවා පශ්චිමදිග්භාගයට සිරස ලා සතප්වා දක්ෂිටන දිග්භාගයෙන් ජම්බුද්වීපය ඇතුළත් කොට දෙවීන් පිරිවරා සිටියෝ තම. ඒ රිදී පර්ව්තයට නුදුරු තැන සිටි ඝනරන්මය වූ දෙසියක් ගවු උස ඇති චිත්රරකූට පව්රවත මුදුනෙහි සිට හැලි ඇත් පැටවෙක් තමාගේ රිදීදමක් වැනි වූ සොඬසුහින් සුදුනෙළුම් මලක් අල්වාගෙන චිත්රඇකූට පර්වමතයෙන් බැස බිසොවුන් බල බලා සැතපිය දී ම ඒ රිදීපර්වෙත මුදුනට නැගී රන්පායට වැද බිසොවුන් සැතපුනු යානාව වට කොට තුන්යළක් ප්රදදක්ෂි ණා කෙරෙමින් දක්ෂිවණභාගයෙන් බිසොවුන්ගේ කුසට ප්ර විෂ්ට වූයේ නම. එකෙණෙහි බිසවු පිබිද නැගී සිට යාන පිට උන්හ. එසඳ දේවීන්ගේ බඩ වීදුරු පුරවාලුවාක් මෙන් බර වි ය. බිසවු නො නිදා ම හිඳ පහන් වූ කල්හි සුද්ධොදන මහරජු කරා ගොස් දැන්වූහ.

එසඳ සුදොවුන් මහරජ තෙම වෙදයෙහි නිපුණ වූ බමුණන් සූසැටක් ගෙන්වා චතුමධුර මිශ්රම කොට පිසූ නිරුදක පායාසය ලක්ෂැයක් වටනා රන්තලි සුසැටක වඩා ඒ පායාස රන්තලි බමුණන් ඉදිරියෙහි තබා ක්ෂීපරපායාසය අනුභව කරවා රන්තලි හැම බමුණන්ට දන් දෙමින් කපුරු තකුල් නැ‍රභ ලමඟ ඉඟුරු යයි යන මේ පස්පලවතින් යුතු බුලත් දෙමින් බමුණන් සතුටු කරවා බිසොවුන් දුටුවාවූ මේ සවප්නය ඔවුන් අතින් කවර කාරණයක් දැ? යි විචාළහ. ඒ බමුණෝ හැම සවප්නය පරීක්ෂාත කොට තෝරා යවන්නාහු “දෙවයෙනි! ඒ තොපගේ මහාමායා දෙවින් දුටුයේ දරුසීනයෙක. එසේ හෙයින් සුදු ඇත් පැටවෙක් නම් බුදුවන බුද්ධාංකුරායක. ශුද්ධ පද්මයෙක් නම් ප්ර බුද්ධ වූ සම්යවක් සම්බොධි ඥාන ය සොඬින් ගත්තේ නම් බුදු වන ලොභයෙන් ඒ සම්යහක් සම්බොධිඥානය හස්තප්රාසප්ත කොට ගෙණ සිටි නියා ය. කුක්ෂිමයට වන්නේ නම් ත්රි‍භුවන කුක්ෂිසය අතුරු නොහැර කීර්ති පතුරුවන්ට වන් නියා ය. එසේ හෙයින් දෙවීන් කුස විශුද්ධ ඥානය ඇති දරුගර්භායෙක් ප්රීතිසන්ධි ගත. එතෙම චක්රේවර්ති රජ හෝ වෙයි. නොහොත් ලොවුතුරා බුදු වන්නේය” යි කියා







නිද්රාිස්වප්න කථා.] සවප්නකථා. 433

සවප්නය තෝරා මහරජහු සන්තොෂ කරවමින් අවසර ගෙණ ගියාහු ය. මේ බුද්ධාංකුරොත්පත්තියට පූර්වනනිමිත්ත වූ මහාමායා දෙවීන් දුටු ප්රුතිසන්ධිඑ සවප්න ය.

තවද, අප බුදුන් බුදු වන්නට දෙවන දවස් දුටු පංචමහා සවප්නය නම් කවරැ? යත්:- මෙසේ ශ්රිු මහාබොධිනත්වුයන්වහන්සේ බුදු වන්ට පෙර දවස් සිතනසේක් “සෙට වෙසඟ මැදි පොහෝ දින ය. වෛශාඛ යොගයක් යෙදින. එසේ හෙයින් සෙට දවස් බුදු වන්නේ නියම ය” යි සිත සිතා සැතපුනුසේක් මඳක් නිද්රාසවට පැමිණිසේක. එදවස් විටෙක දක්නාසේක් “මේ මහපොළොව යහනක් කොට හිමාලය පර්වඟතය බිම්බොහනයක් කොට සතරමහා සාගරයෙහි සතර ගාතය ගලගලා ඇඟිලි අගින් සක්වළගල පිරිමැද මැද ඌර්ධ්වමුඛ ව සැතපුනු සේක් නම, එකෙණෙහි සදිව්‍යලොකය සොළොස් බඹතල යයි යනාදි වූ හැමතැන්හි වසන දෙවිබඹුන් හා විමාන එකාඬගණ ව පෙණෙන්නට වන් නම. මෙසේ දැක ඒ ක්ෂිණයෙහි පිබිද තමන් වහන්සේ වූයේ නම් සම්ය ක්සම්බොධිඥානය පිටිවහල් ව යහනක් මෙන් තැනෙන වන. හිමාලයපර්වනතය බිම්බොහනයක් වූයේ නම් මම බුද්ධඥානය මුදුන් පත් වන නියාව ය. සතර මහා සාගරයෙහි හස්තපාදයන් ගලා චක්රධවාටය ඇඟිල්ලෙන් පිරිමැද්දේ නම් චක්රමවාලාභ්ය න්තරය අතුරු නො හැර ධර්මිය පවත්වා සම්පූර්ණට කොට ඒ සද්ධර්මනසාග‍රයෙහි නිමග්න ව කෙළන නියාව ය. ඌර්ධව මුඛ ව සැතපුනුකල්හි මුළුලොව එකාඞගණ වූයේ තම සංසාරසාගරයෙහි අධොමුඛව කලක් හික්මුනාවූ ආත්මය සෙට දවස ඌර්ධව බුද්දඥානයෙන් දැක්මට එකාඞගණ වන නියා ය” යි. මෙසේ සවප්නය සිතින් විමසා”එකාන්තයෙන් මම සෙට බුදු වෙමි” යි සිතූසේක.

තවද එ ම රෑ විටෙක දක්නාසේක් සුරක්ත වූ ඊතණ අංකුරයෙක් තමන්වහන්සේ‍ගේ නාභිමණ්ඩලයෙන් පැන නැගී නගුලිසක් පමණ මහත් ව සියක් යොදුන් උස් ව නැවැත මහත් ව දහසක් යොදුන් උස් ව වැ‍ඩැවැඩී සදෙව්ලොව ගෙවා සොළොස් බඹතලය ගෙවා ගොස් තණගොබ මුදුන් ව නික්මෙමින් සිටිය දී ම වටින් තණකොඳුශාඛා පත්රාවට පැතිර මුළු සක්වළ අතුරු නො හැර වසාගෙණ ඉඳුනිල්මිණි සතක් සේ ගැවසී සිටියේ නම. මෙසේ වූ සවප්නයක් ද දැක පිබිද “මෙසිදු අනික් කාරණයෙක් නො වෙයි. බුදුමඟුලටම

28






434 සද්ධර්ම්රත්නාකරය. [33 පරිච්ඡෙදය

කාරණ වූ සීනයෙක හීතණනම් බුදු පීමෙහි හුනුවාවු තෘෂ්ණාව ය. ඒ තෘෂ්ණා සැහැ ශාන්තිවෘක්ෂයය උස් ව මහත් ව ලොවපුරා ගත්තේ නම් මුළුලොවට ශුභ ශාන්ති පැමිණෙන නියා ය. ඒ ශාන්ති වෘක්ෂතය නාභිය මැදින් නැඟි හෙයින් ඒ ලොකාභිවෘද්ධිය තමන්වහන්සේ නිසා ම මුළුලොව දලුලන්නේ ය” යි සිතා මේ දෙවන සවප්නයෙන් ද බුදු බවට කාරණා දැක තවද එ ම රාත්රිනයෙහි එක් විටෙක දක්නා සේක්: හිස කලු වූ ධවල වූ පණුවන් ජාතියෙක් තම. මෙසේ දහස් සුවහස් ගණන් කෘමීහු ඒ ඒ දිගින් අවුත් තමන්වහන්සේ සිසාරා අතුරු‍ නො දී ගලා ගෙණ දෙපත්ලෙහි පටන් දෙදන දක්වා පැන නැඟී වසාගත්තු නම. එ වේලෙහි දු පිබිද අතිප්රෙසන්න ව ඉතා නිල් වූ කෙස්වැටිය ඇති සුදුවස්ත්රර ඇන්දා වූ නොහොත් සුවිශුද්ධ වූ වංශ ඇති වෙනෙය්යවජනයෝ පාදමූලයෙහි රැස් ව සරණ ගැන්මට කාරණ ය” යි සිතා සනිටුහන් කොට මේ තුන්වන සවප්නය තෝරා “සෙට බුදු වන්නේ නියම ය” යි සනිටුහන් කළසේක.

තවද එම රාත්රිළයෙහි එක්විටෙක දක්නාසේක්: නොයෙක් පැහැ ඇති ලිහිණියෝ සතර දෙනෙක් සතර දිගින් දිව අවුත් බෝසතුන් පාදමූලයෙහි හිඳ ඇසිල්ලකින් තමන්ගේ පූර්ව පැහැය හැර ඉතා සර්වමඞග ධවල ව එකවර්ණණ වූ සුදුපැහැ ලැබ ගියෝ නම. එවේලෙහිදු පිබිද සතුටු වෙමින් සිතනසේක් “ලිහිණියෝ සතරදෙන නම් රජ බමුණු වෙළඳ ගොවි යයි යන චතුර්වටර්ණනයෝ ය. ඔවුන් ඇග නොයෙක් පැහැ ඇති වූයේ නම් නානාවර්ණ නානාජාති නානා චඡන්දිගක නානාදෘෂ්ටි ඇති නියාවට කාරණය. ඔවුන් මෙතනට පැමිණි‍යේ තම නොයෙක් ජාතීන් සවපාද මූලයට රැස් වන්ට කාරණා ය. ඒ ලිහිණියන් සමීයට පැමිණ තමන්ගේ වර්ණ හැර ‍‍ෙශවත වර්ණා ව ගියේ නම් බුදුසසුන් වැද මහණ ව පිරිසිදුවූ සිත් ඇති ව නිවන් දක්නා නියා ය” යි සිතා මේ සතරවන සවප්නය විභාග කොට බුදු වෙ ම් මය” යි සනිටුහන් කළසේක.

තවද එම රාත්රිකයෙහි එක් විටෙක සවප්නයක් දක්නාසේක්: යොදනක් උස ඇති අමෙඩ්ය් පර්වයතයක් මුදුනට පැනනැගී ඔබිනොබ සක්මන් කොට ඇවිදිනාසේක් නම. එකල එයින් අමෙධ්ය් බින්දුවක් පමණක් ශ්රී පාදයෙහි නො වැක්කේ නම. එවේලෙහි දු පිබිද මහත් සන්තොෂයෙන් ඒ සවප්නයෙහි අර්ත්ථ විමසන සේක්: ‘මෙයිදු සෙට බුදු වීමට කාරණා ය. අමෙද්ධ්යථ පර්වෙතය නම් චතුර්විධ







නිද්රායස්වප්න කථා] සවප්නකථා. 435

ප්ර්ත්යවයාදී වූ බොහෝ ලාභසත්කාර සමූහ ය. එහි මුදුනෙහි සක්මන් කරන්නේ නම් බොහෝ ලාභසත්කාර පැමිණීමට කාරණා ම ය. එයින් බින්දුවක් පමණකුත් පය නො ඇලුනේ නම් ඒ හැම ලාභ සත්කාර කෙරෙහි ස්වල්පයකුත් ඇල්මක් නැති නියාව ය” යි මෙසේ පස්වන සීනය ද ඇතිසැටියේ ම තෝරා නියම දැන “සෙට දවස් බුදුබව සිද්ධ වන්නේ නියම ය” සි සනිටුහන් කොට අලුයම් වේලෙහි හුනස්නෙන් පැන නැඟී නික්ම ගොස් අජපාල නිග්රොසධ මුලයෙහි දී සුජාතාවන් දුන් කිරිපිඬු පිළිගෙණ නෙරඤ්ජරා ගං තෙර දී වළඳා තලිය උඩුගං බලා හැර සල්වෙනෙහි දිවාවිහාර කොට බෝමඬට වඩිනාසඳ අතරමග දී සොත්ථි ය නම් බ්රාාහ්මණයෙකු දුන් කුසතණ පිළිගෙණ ගොස් බෝමුල්හි සලා හෙළා පොළොව පලා නැගී තුදුස්රියන් විදුරසුන් පැන නැගී හිඳ මාරපරාජය කොට ස්වාසනසර්‍ නක්ලෙශයන් ප්රාහීණ කොට එදවස් අලුයම් වේලෙහි ම සවප්නය දැක සනිටුහන් කළ නියාවට ම ලොවුතුරා බුදු ව උදන් අනා මුළුලොව සතුටු කරවා නිවන් සම්පත් දෙවු සේක. මේ පූර්ව්නිමිත්තයෙන් බොධිසත්වනයන් වහන්සේ දුටු පංචමහා සවප්න නම්.

තවද පසේනදී කොසොල් මහරජහු දුටු සොළොස් සවප්න නම් කවරැ? යත්:- එක් දවසෙක්හි කොසොල් මහරජතෙම රාත්රි යෙහි නිද්රාහවට පැමිණියේ පශ්චිම යාමයෙහි සොළොස් සවප්නයක් දැක භයින් ත්රාස්ත ව පිබිද “මේ දුටුවා වූ සවප්නයෙන් කවර දොෂයෙක් වේ දෝ හෝ”යි යහන්හි නො නිඳා ම හිඳ පහන් කොට පීය. එදවස් පාන් වූ කල්හි ශාන්ති බමුණන් හා පුරොහිතවරු රජ්ජුරුවන් දකින්ට පැමිණියහ. එසඳ මහරජානන් බමුණන් දැක සිටිකල්හි බමුණෝ වේද මන්ත්රාපදිය කියමින් ශාන්ති කොට ඉක්බිති කියන්නාහු “දෙවයන් වහන්ස! කිමෙක් ද? රාත්රිකයෙහි සැප සේ නිදා පිබිදිසේක් දැ?” යි විචාළහ. එබසට කොසොල් මහ රජානෝ කියන්නාහු “කිමෙක් ද? ආචාය්ය්ක වර යෙන්! ඊයේ රෑ අලුයම් වේලෙහි සොළොස් සවප්නයක් දිටිමි. එවේලේ පටන් භය ගෙන නො නිදා ම හිඳ පහන් කෙළෙමි” යි කීහ. එබසට බමුණෝ කියන්නාහු “දෙවයන්වහන්ස! කෙසේ වූ සවප්නයක් දුටුසේක් දැ?” යි විචාළාහු ය. එබසට මහරජානෝ තමන් දුටු සොළොස් සවප්නය වෙන වෙන ම කීහ. බමුණෝ එපවත් අසා අත සලා “දෙවයන්වහන්ස1 නුඹවහන්සේ දුටුයේ ඉතා ම අනර්ත්ථපකාරී වූ සවප්නයෙක. එසේ හෙයින් මේ සවප්න විපාකයෙන් රාජ්යම භොග ජීවිතාන්තරයාදී වූ ත්රි විධ අන්තරාය






436 සද්ධර්ම රත්නාකරය [33 පරිච්ඡෙදය.

යෙන් එකක් වන්ට කාරණ ය” යි කීහ. එබසට මහරජ කියනුයේ “එම්බා පුරොහිතයෙනි! මීට දොෂනිවාරණ වූ ප්ර.තික්රිරයා කළ හැකි ද? නොකළ හැකි ද?” විචාළහ. “දෙවයන්වහන්ස! සවප්නය උග්රර බැවින් තැතින් මුත් ප්ර?තික්රිකයා කළ නො හැක්ක. එතෙකුදු වුවත් ඒ සවප්නවල දොෂාදොෂ පහ කරවු දැ?” යි කීහ. එබසට බමුණෝ කියන්නාහු “දෙවයන්වහන්ස! සර්වරතුෂ්ක නම් යාගයක් කළ කල දුඃසවප්න දොෂ පහ ව ශුභ ශාන්තී වෙ” යි කිවූ ය. පසේ නදි‍ කොසොල් මහරජ ද “වුවමනා ශ්ර භ ශාන්ති ම ය” යි සිතා “අචාය්ය්ර වරයෙනි! එසේ වුව හොත් තොප සිතූ ලෙසම යාග කරව” යි නියොග කළහ. බමුණෝ ද “තමන්ට කනබොනදෑ ආදී වූ බොහෝ වස්තු ඇරගන්ට උපමාවෙක් දැන් පෙණිනැ” යි සිතා නොයෙක් ලෙස මහරජාණන් තැති ගන්වමින් රජගෙන් පිටත් ව ගොස් රජහු කී මෙහෙවර ලෙස ම සුදුසු මිනිසුන් ඇරගෙණ යාග ශාලාවක් කරවා සියල්ලෙන් ම සතරක් සතරක් බැගින් ඒ යාග ශාලාවට රැස් කරන්නාහු චතුප්පාද ජාතීන්ගෙන් සතර සතර දෙනා බැගින් යාගසතමහයෙහි බඳවා එසේ ම පක්ෂීදනුදු බඳවා නැවැතත් “මෙනම් මෙනම් දෙය වුව මැනැවැ” යි ඔබිනොබ දිව පැන ඇවිදිනාහු ය.

එකල්හි මල්ලිකාදෙවි මෙසේ දිව පැන ඇවිදිනා බමුණන් දැක රජ්ජුරුවන් කරා ගොස් කියන්නාහු “දෙවයන්වහන්ස! මේ බමුණෝ අමුතු ව පැමිණි කාරියක් ඇත්තා සේ දිව පැන ඇවිදිති. ඒ කිමෙක් දැ?”යි විචාළහ එබසට කොසොල්මහරජ කියනුයේ “තෙපි පොහොසත් ව ගොස් දැන් මෙතැන පැමිණි අඩුවැඩියක් නො දන්නෝ වේ දැ?”යි කීහ. එබසට මල්ලිකාදෙවි කියන්නී ‘දෙවයන් වහන්ස! එසේ නො වදාළ මැනැව. ඇති සැටියේ ම කිවහොත් ඊට සුදුසු කාරිය දැනගත නො හැක්කේ දැ”යි කිවූ ය. එබසට මහරජ කියනුයේ “දෙවිනි! සවප්න සොළොසක් දිටිමි. ඒ විපාක බමුණන් අතින් විචාළ ගමනේ බමුණෝ යහපත් නො වෙයි කියා ඊට ප්ර තික්රිකයා කරණු පිණිස සර්වාචතුෂ්කයයි යන යාගයක් කරන්ට උත්සාහ කෙරෙති”යි කීහ. දෙවයන් වහන්ස! නුඹවහන්සේට නුවණ මඳ ද? සමස්ත ලොකය ඇතඹුලු සේ දන්නා ධර්මීරාජොත්තමයානන් වහන්සේ මේ සැවැත් නුවර සමීපයෙහි ම දෙවුරම වැඩවසමින් සිටියදී ගිනි යයි සිතා රෑරඟමඬුලු එක්කොට ගින්නෙන් ප්රුයොජන පිණිස පිඹ මුළු








නිද්රා ස්වප්නකථා.] සවප්නකථා. 437

කරන්ට උත්සාහ කරන්නවුන් සේ මෙ බමුණන් ඇරගෙණ කුමක් පිණිස වෙහෙස විඳිනා සේක් දැ?” යි කියා, “නුඹවහන්සේ නො පමා ව සර්විඥයන්වහන්සේ ලඟට ගොස් දුටු සවප්නවල තොරතුරු විචාරාගත මැනැවැ”යි කීහ.

එබසට කොසොල් මහරජතෙම “යහපතැ”යි ගිවිස මල්ලිකා දේවීන් කී ලෙස ම දෙව්රම්වෙහෙරට ගොස් සකලඥෙයමණ්ඩලය පිරිසිඳ දත්තා වූ මුනිරජහු දැක පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව හුන්නේ ය. මෙසේ හුන්නා වූ කොසොල්මහරජහට බුදුහු වදාරණසේක් “එම්බා මහරජ! තෙපි කවර කාරණයක් පිණිස උදාසන්හි ම අවු දැ”යි විචාළසේක. කොසොල්මහරජ දොහොත් මුදුන් දිදී කියනුයේ “ස්වාමීනි! අලුවම් රාත්රිියෙහි සවප්න සොළොසක් දැක භය ගෙණ නො නිදා ම හිඳ පහන් කොට උදයෙහි බමුණන්ට කීකල්හි බමුණෝ එපවත් අසා ඒ සීන දෙසනු පිණිස සර්වඋචතුෂ්ක නම් යාගයක් කරම්හයි කිවූ ය. එසේ වූ යාගය කරණ කල්හි බොහෝ ප්රාඋණීහුත් නැසෙති. එසේ නැසෙන ප්රා ණීනුත් ගොඩ ලා මේ සවප්නවල තො‍රතුරුත් සැක හැර විසඳා වදාළ මැනැවැ” යි කී ය. එසඳ සකලලොකඥ සර්ව ඥයන් වහන්සේ ඔහු දුටු සවප්නයන්ගේ විභාග ප්ර්කාශ කරණු පිණිස වදාරණසේක් “එම්බා මහරජ! තොප දුටු සීන අප ඉදිරියෙහි කියව”යි වදාළසේක. එසඳ කොසොල් මහරජතෙම දොහොත් මුදුන් දිදී තමා සීන දුටු සැටියේ කියනුයේ — “ උසභා රුක්ඛා ගාවියො ගවා ච අසෙසා කංසො සිඟාලී ච කුම්භො, පොකඛරණි අපාතචන්දීනං ලාපූනි සීදනති සිලා පලවන්ති මණඩුකියො කණහසපෙප ගිලනති කාකං සුවණණා පරිවාරයන්තී තසාවකා ඵළකානං භයාති”

යනාදීන් “ස්වාමීනි! එක් ස්වප්නයක් ප්රසථමයෙන් මෙසේ දිටිමි. අඳුන්වන් පැහැ ඇති වෘෂභයන් සතරදෙනෙකු පොර අරයා කුරුදැ තජ ලමින් සතර දිගින් පොරට එන්ට වන් කල්හි මහාජනයා රැස් ව ඒ ගොන්පොර බලම්හ” යි මහත් අභිප්රා යෙන් සිටි කල්හි ගොන් සතරදෙන ම උනුන් හා අරයන පොර තබා ලඟටත් නො පැමිණ ඒ ඒ දිග පලා ගියහ. මේ පළමුන සවප්නයට විපාක කිම්දැ?’යි කී ය. එබසට බුදුහු වදාරණ





438 සද්ධර්මෙරත්නාකරය. [33 පරිච්ඡෙදය.

සේක් මේ සවප්නයට විපාක තොප අප සමයෙහි නො වෙයි. අනාගතයෙහි රාජධර්ම යෙහි නො පවත්නා වූ කෘපණ රජුන් සමයෙහි කලි වසින වන්ට වන්කල්හි මන්ත්රී හු අධර්මිෂ්ඨ වෙති. ඔවුන්ගේ අධර්මවතාවෙන් සෙවකයෝ ක්රෑ ර වෙති. සෙවකයන්ගේ තදකමින් ජනපදවාසීන් ආදී වූ සියලු සත්වුයෝ දයාවක් නැති ව උනුන් කෙරෙහි ස්වල්පවූ කටයුතු නිසා වෛර බැඳ සිතින් ම බොහෝ කලි ගෙණ ඔවුන් නසන්ට උත්සාහ කෙරෙති. එසේ වූ කාලයෙහි සියලු කාරණයෙන් ම ධර්ම ය ක්ෂනය ව අධර්මෙය වර්ධෛන වෙයි. එකල්හි කලට වස්නා වැසි නො වැස සුළං ආදිය විපරීත ව පවත්නේ ය. එකල්හි රට දනවු දුර්භික්ෂෙ වෙයි. එයින් පීඩිත වූ සත්වළයෝ කලට ගොවිතැන්බත් කිරීමට වැසි පතා ඉඳිනාහ. එසේ කල්හි ඔවුන් පොලඹන්නාක් මෙන් මෙඝ කූට සතරදිසාවෙන් උද්ගත ව මහත් ගජිනා කෙරෙමින් ‘දැන් දැන් වැව් පොකුණු උතුරුවා දිය ගල’යි සිතෙන සේ සිටි කල්හි සතර දිගින් කලු ගොන් පොර අරයා සතරදිගින් අවුත් ලං නොව ව ගොන්ගේ පොර බලන්ට බොහෝ මිනිසුන් රැස් ව සිටි කල්හි මඳකුත් ලං නොව ඒ ඒ දිග ගියාක් මෙන් වැසි නො වැස ඒ ඒ දිග වැසි කුළු පලා යන්නේ ය. මේ කාරණය තොප දුටු සවප්නයෙහි විපාක ය. එපමණ මුත් තොපට කිසි අන්තරායයෙක් නො වෙයි. අනාගත කාලයෙහි සත්ව යන්ට පැමිණෙන්නා වූ අශුභ ය” යි වදාරා “දෙවැනි සවප්නය කියව”යි වදාළසේක.

එසඳ කොසොල් මහරජ කියනුයේ “ස්වාමීනි! මහත් වෘක්ෂෙයන් සිටි තෙන කුඩා ගස් වියත් උස රියන් උස ඵල නැගී පලලව මලින් සශ්රී්ක ව සෙසු මහත් වෘක්ෂගයන් අභිභවමින් සැදී සිටියා දිටිමි”යි කී ය. එබසට බුදුහු දෙවන සවප්නයෙහි විපාක වදාරණසේක් “එම්බා මහරජ! මතු ලොව පිරිහී මන්දාසයුෂ්ක වූ කල්හි සත්වකයෝ බාල්යවයෙහි ම කුටුම්බස්ථානය කොට පුත්රි දුහිතෲන් ලැබ දෙමවුපිය මුතුන් මිත්තන් නො පිළිවිස ම උන්ට ව‍ඩා තුමු ස්වශක්තියෙන් ම පුත්ර‍දාරාදීන් රක්ෂාු කොට වෙසෙමින් මහත් ගස් අභිභවා කුඩා ගස් ඵල පලලව මලින් සශ්රිමක වූවා සේ දෙමවුපියන්ට වඩා රැකෙති. මෙයිදු අනාගතයෙහි ලොව පවත්නා ලාමක ස්වභාවයෙක. මෙයිනුත් තොපට උපද්රිවයෙක් නො ම ඇත්තේ ය. එසේ හෙයින් තුන්වන සවප්නය කියව” යි වදාළසේක.

එසඳ මහරජ කියනුයේ ‘ස්වාමීනි! එදවස් ම ජාත වූ වැස්සන්ගෙන් මව්දෙනුන් සිට කිරි බොන්නා දිටිමි”යි කී ය. එපවත් අසා






නිද්රාරස්වප්නකථා.] සවප්නකථා. 439

බුදුහු වදාරණසේක් “එම්බා මහරජ! මෙයිදු එනදවස හිරිඔතප් රහිත වූ ලදරු වු අඥානසත්වදයෝ වර්ගඑජ්යෙ ෂ්ඨ වූ ගරුතර නෑයන් නො පිළිවිස ම තමතමන් සිතු සිතූ සෙල ම කුටුම්බසථාපනය කොට රැකෙමින් දෙමවුපිය බෑයන් මුතුන් මිති ආදී වු වර්ගි ජ්යෙමෂ්ඨයන්ට වස්ත්රම ආහාරාදීන් උපස්ථාන නො කෙරෙති. ගරු කොට නො සිතති. එසේ උපස්ථාන නො ලබන්නා වූ මවුපිය ආදිහු එකියන දරුවන්ගේ ගෙහි ම දුටුවක් කොට බත් පිළි ඉල්වා ගෙණ ජීවත් වෙති. එසේ තමන් නිසා රැකෙන ගරුතර නෑයන් කෙරෙහි ආදර නො කෙරෙති. මොහු තමන් වදාගත් වැස්සන්ගේ තනයෙන් කිරි බොන මහදෙනුන් වැනියහ. එසේ හෙයින් මේ සවප්නයෙනුදු තොපට වන අන්තරායෙක් නො ම ඇත්ත් ය. සතරවන සවප්නය කියව” යි වදාළසේක.

එසඳ කොසොල් මහරජ කියනුයේ “ස්වාමිනි! බර පිරූ මහ ගැල් අදිනා ලෙසට බලවත් වූ යහපත් වෘෂභයන් යුගපරම්පරායෙන් වැල් කැරලි අග යොදා බාලවස්සන් රථය මුල යොදා රථය අදනා ලෙස සන්කළ කල්හි මුල බැඳි වස්සෝ ගැල අදින්ට ශක්ති මඳ ව කරින් විය දමා රථය ඇදගත නො හී වෙහෙස විඳ වෙළඳාමට ගැල් ගෙණයා නො හී සිටියහ” යි කීහ. එසඳ බුදුහු වදාරණසේක් “එම්බා මහරජ! මේ සවප්නයටත් විපාක අනාගතයෙහි ම වෙයි මතු පක්ෂහග්රාොහී වූ නුවණ මඳ රජදරුවෝ පරම්පරා දැන්මෙහි ද ඒ ඒ කාය්ය්ක අයෙහි ද සමර්ත්ථණ වූ වංශවත් මහා අමාත්යදවරුන්ට යස පිරිවර නො දී කාය්යා අ කාය්ය්ථණ නො දන්නා වූ නුවණ මඳ ක්රීඅඩාපර බාලජනයන්ට ස්ථානාන්තර දී රාජ්යාානුශාසනයෙහි සලස්වති. එසේ රජහුගෙන් නියොග ලත් රාජාභ්ය්න්තර ලදරු අමාත්යාවරු තමන් ලත් ඓශ්චය්ය් නියන් ධරාගත නො හී යුක්ත්ය‍ යුක්ති විනිශ්චයයන් කුමක් බවත් නො දැන සිතු සිතුවක් ම කියමින් රජහු ල ගන්වති. එපවත් අසා රජතෙම එම සැබෑවයි සිතමින් සියලු විනිශ්චය ම උන් පිළිබඳ කෙරෙති. එසේ කල්හි රාජකාය්ය්ස ද අධිකරණ විනිශ්චය ආදිය ද පිරිහෙන්නේ ය. එකල්හි සියලු සත්ව යන් ම චිත්තඛෙදයට පැමිණ ධර්මා ධිකරණයෙහි නියුක්ත වූ ප්ර ඥාවත් මහා අමාත්යමවරුන්ට කී කල්හි ඔහු කියන කල රාජ නියොග ලත් අභ්යකන්තර කුඩා මන්ත්රී වරුන්ට ම කියා පිරිමස්වා ගන්නැ”යි කියා ලොකනීති ධර්මක නීති රාජකාය්ය්රී ආදියෙහි ව්යාරවෘත නො වෙති. එසේ කල්හි ගැල සමීපයෙහි වැල්කැරැල්ල මුල බැඳී වස්සන් ගැල අදින්ට බැරි ව විය දමා සිටියාක් මෙන් ඒ ලදරු මන්ත්රීකවරු මහොත්සාහයෙන්







440 සද්ධර්මසරත්නාකරය. [33 පරිච්ඡෙදය.

රාජකාය්ය්ද්ධ කරම්හයි ව්යරසන විඳත් පිරිමස්වා ගත නො හෙති. මෙසේ රජහට සියල්ලෙන් ම පිරිහීම වන්නේ ය. එසේහෙයින් මහරජ! මේ සවප්නයෙනුත් තොපට වන අන්තරායයෙක් නො ම ඇත්තේය” යි වදාරා පස්වැනි සවප්නය කියවයි වදාළසේක.

සර්වසඥයන් වහන්සේ විසින් වදාළාවූ සවප්නවිසර්ජනය අසා සමාධි ව නැවැතත් කොසොල්මහරජ කියනුයේ ස්වාමීනි! දෙ දිසාවෙන් මුඛ දෙකක් ඇති අශ්වයෙක් දෙපිටෙන් ම දෙන තණ කන්නේ ය. කෙතෙක් කෑවත් දුන් දුන් තණ අනුභව කරණ අශ්වයෙකු දිටිමි” යි කී ය. එබසට බුදුහු වදාරණසේක් ‘මේ සවප්නයටත් විපාක අනාගතයෙහි ම වන්නේ ය. මහරජ! එන දවස සත්වුකරුණාව මඳ වූ ධනාර්ත්ථය වූ රජදරුවන් සමයෙහි වස්තු උපදවාගන්නා පිණිස අල්ලසෙහි ලොල් වූ විනිශ්චයෙහි අශුද්ධ වු උභයලොකාර්ත්ථස රහිත වූ කෘපණඅධිකරණනායකයන් විනිශ්චයෙහි සලස්වති. එසේ කල්හි යුක්තියෙහි ආද්යඅන්ත පරීක්ෂාච නො කොට අත්ලසෙහි ම ආද්ය්න්ත පරීක්ෂාය කෙරෙමින් යුක්ති ඇති තැනට නැති කොට නැති තැනට යුක්ති ඇති කොට යුක්ති ඇත්තන් තැති ගන්වා බෙණෙති. යුක්ති නැත්තාහු දුන්නාවූ අත්ලස් බලයෙන් ජය ගෙණ සිටිති. එසේ කල්හි යුක්ති ඇත්ත නැත්තවුන් ජය ගන්නේ අත්ලස් බලයෙන් ම ය. අපත් දන්නා යම් පමණෙක අත්ලස් දුන්නොත් විනා මුත් ජය ගන්ට බැරි ය’ යි ඔවුනොවුන් පරදවා මෙසේ දෙපක්ෂ්යෙන් ම අත්ලස් දෙති මහරජ! අශ්වයා දෙ‍දිසාවෙන් ම කෑම කන්නා සේ දෙපිටින් දුන් අත්ලස් ම අධිකරණ නායකවරු ඇර ගෙණ දෙපක්ෂියට ම කිසිවකුත් කියාගත නො හි තුෂ්ණිම්භූත ව හිඳ උනුන් මුහුණු බලන මුත් ඇති යුක්තිමාර්ගාය නො බලති. එසේකල්හි දෙලොවින් ම උන්ට අවැඩ මුත් අර්ත්ථඇසිද්ධියක් නො වන්නේ ම ය. එසේහෙයින් මහරජ! මේ සවප්නයෙනුදු තොපට වන ව්ය සනයෙක් නො ම ඇත්තේ ය. තව ද සවැනි සවප්නය කියව” යි වදාළසේක.

එසඳ මහරජ කියනුයේ “සවාමීනි! ඝන රන්තලියෙක සිඟාලයක්හු මුත්රහකෘත්ය ය කරුණු දිටිමි” යි කී ය. එබසට බුදුහු වදාරණ සේක් “මේ සවප්නයට ද විපාක අනාගතයෙහි ම වන්නේ ය. මහරජ! මතු ධාර්මික නො වන්නා වූ රජදරුවෝ තමන් කෙරෙහි ‍ද්වෙෂපර ව ඔවුන් නිසි වූ සථානාන්තරයෙක නො පිහිටු






නිද්රොෙස්වප්නකථා] සවප්නකථා. 441

වනි. ඔවුන් ජීවත් වනු පිණිස යශස් නො දෙති. කුල ජනයන් ලං නො කොට අකුලීනයන් ම අභ්යඔන්තර කරවා ගෙණ ඔවුනට දැසිදැස්ගොමහිසාදී වූ උපභොග පරිභොග සම්පත් දීලති. එසේ කල්හි කුලජනයෝ දුගී ව ජීවත් ව ගන්ට බල මඳ හෙයින් රක්ෂා්ව ඇති අකුලීනයන්ට තමාගේ දූදරුමුනුපුරන් රක්ෂාග කරණු පිණිස පාවා දෙමින් තුමූ ද ‍ඔවුන් හා ආශ්රාය කොට ගෙණ රැකෙති. එකල්හි අකුලීනයෝ ද කුලස්ත්රීනන් රඳවාගෙණ දරුමුනුපුරන් ලැබ වර්ග ය මහත් කොට ඔවුන්ගේ නෑසියන්ට ද උපකාරී වෙති. එසේහෙයින් රන්තලියෙහි ජරසිගාලයා කළ මුත්ර කෘත්යිය වැන්න. එසේහෙයින් මේ සවප්නයෙනුදු තොපට භයෙක් නො ම ඇත්තේ ය. තවද, සත්වැන් සවප්නය කියව”යි වදාළසේක.

එසඳ කො‍සොල්මහරජ කියනුයේ “ස්වාමීනි! එක් මිනිසෙක් වරමන්දක් අඹර අඹරා පුටුවෙක හිඳ පය මුල කැටි කරන්නේ ය. පුටුව යට කැනහිල්දෙනක හිඳ අඹර අඹරා පය මුල කැටි කරණ වරමන්ද අනුභව කරන්නා දිටිමි”යි කී ය. එසඳ බුදුහු වදාරණසේක් “එම්බා මහරජ! මේ සවප්නයට විපාක නම් එන දවස ස්ත්රීවහු දුරාච‍ාරී ව තමන්ගේ පුරුෂයන් කෘෂිවාණිජ්යාු දී වූ දුකින් උපයාගත් සම්පත්තිය තුමූ චොර පුරුෂයන් හා එක් ව ගෙණ ඔවුන් කවනු පොවනු පිණිස පුටුව යට හිඳ නො හඟවා ම වරමන්ද කන සිඟාලධෙනුව මෙන් නසා සිතුවක් කරන්නී ය. එම් කාරණයෙනුත් තොපට උපද්රනවයෙක් නැත. එසේ හෙයින් අ‍ටවැනි වූ ස්වප්නය කියව”යි වදාළසේක.

එසඳ කොසොල් මහරජ කියනුයේ “ස්වාමීනි! මාලිගා දොර කඩ බොහෝ සිස් වූ කුම්භ වට පිරිවරා තබා දිය පිරී තිබෙන මහත් කුම්භයක් මැද තබා ක්ෂෝත්රි්ය බ්රා හ්මණ වෛශ්ය ශුද්රි යයි යන සතර ජාති වූ සියලු සත්වරයෝ ම දිය කළ සිය දහස් ගණන් ඇද මැද තුබූ දිය කුම්භයෙහි ම වත්කෙරෙති. සිස් ව තිබෙන්නා වූ ඝටයන් නුවනගිනුත් නො බලති. මැද පිරි කුම්භයෙහි වත්කළ දිය ඉතිර ඉතිර වැගිරෙයි. එසේ වී නමුත් නැවැත නැවතත් එහි ම දිය වත්කරන්නා දිටිමි”යි කී ය. එබසට බුදුහු වදාරණසේක් “මහරජ! මේ සීනයටත් විපාක අනාගතයෙහි ම වෙයි. එන දවස රජ යුවරජ මහාමාත්යාවදීහු දුක් පතුන්ට වෙහෙස දී උන්ගේ සවලප වූ ධාන්ය කහවණුවෙක්






442 සද්ධර්මවරත්නාකරය [33 පරිච්ඡෙදය.

ඇති නමුත් ඔවුන් රැකෙන්ට මඳකුත් නො තබා ඇරගෙණ තමන්ගේ සම්පූර්ණව ව තිබෙන භාණ්ඩාගාරවල ම පුරවති. තුමුන් දිළින්දන්ගේ දසාව නුවනගිනුත් ‍නො බලති. එසඳ මෙසේ පිරි කළයෙහි ම දියපුරන්නා සේ පොහොසතුන්ට ම දෙති. එසේ හෙයින් තොප දුටු සවප්නයෙන් තොපට උපද්ර වයෙක් නැත්තේ ය. නවවැනි සවප්නය කියව” යි වදා‍ළසේක.

එසඳ නවවැනි වූ සවප්න්යය කියන්නාහු “ස්වාමීනි! පස්පියුමෙන් ගැවැසීගත්තා වූ වටින් ම තොට ඇති පොකුණෙක වටින් විපදචතුෂ්පදාදීන් බැස පැන් බොන තැන් පැහැදී තිබෙයි. මැද කිසි කෙනෙකුනුත් නො බස්නා තැන දිය කැලඹී තිබෙයි. මීට කරණා කිම් දැ” යි පුළුවුත්හ. “මහරජ! මීට කරණා නම් එන දවස රට රකින්ට යයි හිඳිනා මහරජහු රාජධර්ම යෙහි නො පවතිත්. ඔවුන් එසේ නො පවත්නා කල්හි මන්ත්රීිවරු අධර්මිෂ්ඨ වෙති, එසේ කල්හි රට මැදවල ස්වකීය වූ ප්ර්වෙණි ගම් පරම්පරාවෙන් ම වටාගෙණ හිඳිනා සත්පුරුෂජනයන්ට හිමිකම් නැති ව අහිමියන්ට සැලසෙයි. එසේ කල්හි සත්පුරුෂයෝ ඔවුන් කරණ තදකමින් මිරිකී ඒ ඒ දිග පලා ගොස් ප්රෙත්යඑන්තවල මලයදෙශයෙහි තමන්ට රක්ෂා්ස්ථානවල් බලාගෙණ කඳු මුදුන් ආදී වූ පර්ව තාශ්ර්ය වලට ගොස් කටුසර ශස්ය්යන් කොට ගෙණ දුක සේ රැකෙමින් හිදිති. රට මැද ගම් කම්හයි උන් අහිමියෝ ද ලෙදෙක හිඳ ගත නො හී පර්වකතාශ්රිය වල්හි හිඳිනා සත්පුරුෂයන් ලඟට ගොස් ජීවත් වෙති. එසේ කල්හි පොකුණෙහි වට දිය පැහැදී තිබෙන්නාක් මෙන් වට ප්රතත්යලන්ත මලය දෙශවල වැටෙන්නේ ම ය. මැද යහපත් ක්ෂෙ ත්ර වස්තු පොල් පුවකින් සැදි ගම් බිම් පාලු ව අසත්පුරුෂ සංචාර වන්නේ ය. එසේ හෙයින් මේ සවප්නයෙනුත් අනාගතයෙහි ලොවට වන අවැඩ මුත් තොපට කිසි භයෙක් නො ම ඇත්තේ ය” යි වදාරා “දසවැනි සවප්නය කියව” යි වදාළසේක.

එසඳ කොසොල්මහරජ “ස්වාමීනි! එක සැළ පැසෙන්නා වූ බත් සරියේ ම තුන් පණතෙක පැසෙන්නේ එක් භාගයෙක බත් ඉතා‍ උක්කිරිව ද එක් භාගයෙක බත් සාල්ව ද එක් භාගයෙක බත් යහපත් ව ද පැසෙන්නා දිටිමි” යි කීය. එබසට බුදුහු වදාරණසේක් “මහරජ! මේ සවප්නයෙහි විපාකත් අනාගතයෙහි ධාර්මික නො වන්නා වූ රජ යුවරජ මහමාත්යා දීහු වෙද්ද ඔවුන්ගේ අධර්මයතාවෙන් පන්තියෙන් ම රට දනවු මනුෂ්යකයන් හා ලොකපාලදෙවතාවෝ ද හිර සඳ තක්ෂුත්ර‍රාශීහු ද යන මේ සියල්ලෝ ම සම්යකක්






නිද්රාෝස්වප්නකථා.] සවප්නකථා. 443

ප්ර්වර්තපනයෙන් නො පවත්නාහ. එසෙකල්හි ගොවිතැනට කලට දෙන වැසිදිය හැමතැන්හි එක්නලකට නො දෙන්නේය. එසේ වැසිදිය නො දී සමහර ජනපදවල වැසි වැස පැලපත කුණු කොට නසන්නේ ය. පූදිනා කල්හි මල්කට දිය වැද කරල් කිරි වැද යා නො දී බොල්කරන්නේ ය. පැසුනේ නමුත් වතුරෙන් වැස්සෙන් ගොයම් බිමහෙලා කුණු කොට නසන්නේ ය. එක් ජනපදයෙක මහත් නියං කොට පැලපත දවා නොහොත් ගොයම් බඩඋයාපිද යා දෙන්නේ ය. නොහොත් කිරි වැද යා නො දී කරලින් නසන්නේය. එක් ජනපදයෙක කලට වැසි වැස පැලපතෙහි පටන් ගොයම් පැසී දා මිරිකන තෙක් යහපත් ව වැසිදිය දෙන්නේ ය. මෙසේ සමහර ජනපදවල වැස්සෙන් නසා සමහර ජනපදවල නියඟින් නසා සමහර ජනපදවල යහපත් ව පැසෙන්නාසේ එකසැළෙහි බත් තුන්පණ්තෙක පැසුනා දුටුයේ නම් එක රජහුගේ විජිතයෙහි ශස්‍මහයන් තුන්පණතක වන නියා ය”යි වදාළ සේක. මෙසේ වදාරා “මේ සවප්නයෙන් ද තොපට වන උවදුරෙක් නැත. අනාගතයෙහි ලොවට වන උවදුරු ය’ යි වදාරා ‘මහරජ! එකොළොස්වැනි සවප්නය කියව”යි වදාළසේක.

එසඳ, මහරජතෙම නැවැත කියනුයේ “ස්වාමීනි! ලක්ෂනයක් ව‍ටනා හඳුන් හරක් කුණුමොරට විකුණන්නා දිටිමි”යි කී ය. එබසට වන්කල්හි භික්ෂූෂහු ග්රටන්ථධූර විදර්ශුනාධූර ආදී වූ සාසන ක්රටමයෙහි ද ත්රි විධ රත්නයට කළ මනා මානනාදියෙහි ද ලොභය නැති ව මෙලොවින් ජීවත් ව ගන්නා පිණිස සිවුපසයෙහි ලොභ උපදවා කුලයා සිත් ගෙණ කඩ පිඬු උපදවා ගැන්මෙහි ම වෑයම් විඳ අකප්පියවචනාදියෙන් සමාදන් කොට ප්ර ත්යඬය උපදවමින් තවද බුදුන්ගේ අනර්ඝච වූ තවලොකොත්තරසද්ධර්මණය සවල්ප වූ ලාභයන් නිසා ගෘහස්ථයන්ට කියා ලාභය උපදවන්ට උත්සාහ කෙරෙති. ප්ර ත්යගයලොභයෙන් සිතිවිලි වෙන් කොට මා විසින් ඔවුන්ට බණ කියා ස්වර්ග්මොක්ෂ සම්පත් සිද්ධ කළ මැනවැයි සිතා නිශ්ශරණාද්ධ්යා ශයෙන් සිත ශ්ර ද්ධ කොට ගෙණ බණ කිය නොහෙති. ලාභය තකා බණ කියති. මාගේ කථිකකම ද මධුරස්වරය ද වාග් ලීලිව ද මොහු අසා මට බොහෝ ලාභ සත්කාර දෙතියි සිතා ම බණ කියති. සමහර භික්ෂූ හු මාලිගාවෙහි ය, වහසල් වලෙහි ය, වීථිවල ය, මංසන්ධික ගොතටු රුප්පාදියෙහි ය යනාදී වූ තැන්වල හිඳ පස් මඳටක් නිකන් පමණ ස්වල්ප වූ කහවණු නිසාත් මහත් ලෙස කටහඬ ලීලා දක්වා බණ කියති. මා විසින්







444 සද්ධර්මිරත්නාකරය [33 පරිච්ඡෙදය.

නිර්වාබණසම්පත්තිය අගය කොට දෙසු දහම කහවණුවට දෙසන්නා ලක්ෂීයක් අගනා සඳුන් හරය කුණුමොරට විකුණන්නා වැන්න. එසේ හෙයින් මේ සවප්නයෙනුත් තොපට වන උවදුරෙක් නො ම ඇත්තේ ය”යි වදාරා “දොළොස් වැනි සවප්නය කියව”යි වදාළ සේ ක.

* එසඳ “ස්වාමීනි! මහත් කුළු ගෙවල් පමණ ගල් දිය මතු පිට නැව් මෙන් ඉල්ප වියලි ලබු දියෙහි යට ගිලී ගියා දිටිමි” යි කි ය. එබසට බුදුහු වදාරණසේක් “මහරජ! මෙයිදු මතු රාජධර්මියෙහි ප්රිමාද වූ රජුන් දවස ලොකයෙහි යහපත පෙරළෙන්ට වන්කල්හි රජදරුවෝ කුල පුත්රරයන්ට යශස් නො දෙති. අකුලීනයන්ට ම යශස් දෙමින් ඇති කෙරෙති. එසේ කල්හි අකුලීනයෝ ඉසුරුමත් වෙති. කුලජයෝ දිලිඳු වෙති. එසේ කල්හි කුලජවූ නුවණැති සත් පුරුෂ ජනයන්ගේ බර වූ බස් අසාර කොට ලඝු කෙරෙති. අකුලීන වූ අඥාන අසත්පුරුෂ දුර්ජනයන්ගේ බසු සාර කොට බර කොට ස්ථිර කෙරෙති. කුලජ වූ සත්වසයෝ ප්රයවෙණි ග්රාසමක්ෂෙනත්රූ ආදී වූ කිසි ලාභසත්කාරයක් නො ලැබ දිළිඳු ව ඒ සා මහත් කුළුගෙවල් පමණ ගල් ඉල්පෙන්නාක් මෙන් ලඝු වෙති. අකුලීනයෝ වියලි ලබු බර ව දිය ඇතුළෙහි ගැලෙන්නාක් මෙන් වස්තුවෙන් ද ප්ර භූත්වයෙන් ද අධිකරණ බිණීමෙන් ද ගරු වන්නාහ. එසේහෙයින් මහරජ! අනාගතයෙහි තුච්ඡසත්ව්යෝ බරවෙති. කුලජසත්වකයෝ ලඝු වෙති. ඒ කාරණයෙන් මේ සවප්නයෙනුදු තොපට වන උපද්රතවයෙක් නො ම ඇත්තේ ය. එසේ හෙයින් මහරජ! තුදුස්වැනි සවප්නය කියව”යි වදාළසේක.

එසඳ කොසොල්මහරජ කියනුයේ “ස්වාමීනි! මී පුප් පමණ මැඩිපැටියන් මහත් වූ කෘෂ්ණසර්පයයන් වෙගයෙන් ලුහුබඳවා ගෙණ ගලන්නා දිටිමි”යි කී ය. එසඳ බුදුහු වදාරණසේක් “මහරජ! අනාගතයෙහි ලොකවාසී සත්වියෝ ‍ක්ලෙශ වසඟ ව තමාගේ උපභොග පරිභොග ආදී වූ සියලු සම්පත්තිය ඔවුන් නතු කොට ඒ ස්ත්රීඋන්ගේ විධානයෙන් ම වියදම් කෙරෙති. එසේ කල්හි වස්තු හිමි වූ පුරුෂ‍යන් කිසි කලක ‘අසවල් රන්රුවන් වස්ත්රාදභරණධනධාන්යානදිය කොයි දැ?’ යි විචාළකල්හි ඔහු තමන්ගේ ප්රවධානත්වවය ම පවත්වා ‘ඒ හැම වස්තුයෙන් නුඹට කාරිය කිම් ද? මම ඒ හැම දන්නෙම් වෙදැ’ යි කියා උන් කීවා වියදම් කරන්ටත් නො දී ඔහු කී බස් නො ඉවසා අක්රො ස කොට මැඩියන් මහ


* තෙළෙස්වන සවප්නය ද මෙහි ම ඇතුළත් වේ.






නිද්රාාස්වප්නකථා සවප්නකථා 446

නයින් ගලන්නාක් මෙන් ඔහුගේ සිතිවිලි නෙරපා තමාගේ ආධිපත්ය්ය ම පවත්වන්නාහ. එසේ හෙයින් මේ කාරණයෙනුත් තොපට උපද්රමවයෙක් නො ම ඇත්තේ ය” යි වදාරා “පසළොස් වන සවප්නය කියව” යි වදා‍ළසේක.

එබසට මහරජ කියනුයේ “ස්වාමීනි! ඇතුළෙන් පිටින් කෘෂ්ණ වූ කිසි ගුණසාරයක් නැති විහගාධම වූ කපුටුවකු රන්වන් හංසයන් පිරිවරාගෙණ ඇවිදිනා දිටිමි” යි කී ය. එබසට බුදුහු වදාරණසේක් “මහරජ! අනාගතයෙහි රජදරුවෝ ශිල්ප ශාස්ත්රා දිය දැරීමෙහි ප්රවමාද ව වෙසෙති. එසේ හෙයින් ශත්රැක භයින් සමානජාති වූ කුලපුත්ර්යන්ට තනතුරු නො දී තමන්ට මෙහෙකරු වූ අකුලීනයන්ට තනතුරු දෙති. එසේ කල්හි ජාති සම්පන්නකුලපුත්රෙයෝ ස්වශක්තීන් රජහට කිසිවක් කියාගත නො හී ජීවත් ‍වන්ට අසමර්ත්ථ් ව යශසෙහි පිහිටියා වූ ජාතිගොත්රක හීන වූවන් පිරිවරා ඇවිදිති. මෙසේකල්හි රන්වන් හංසයන් කවුඩන් පිරිවරා ඇවිදිනාක් වැන්න. එසෙහෙයින් මේ සවප්නයෙනුදු තොපට භයෙක් නො ම ඇත්තේ ය” යි වදාරා “සොළොස් වන සවප්නය කියව” යි වදාළසේක.

එසඳ මහරජානේ කියන්නාහු “පෙර සැබැවින් දිවියන් එළුවන් ලුහුබඳවා අල්වා ගෙණ ගොස් අල්වා ගෙණ කන්නා දිටිමි. දැන් සිහිනෙන් එළුවෝ දිවියන් ලුහුබඳවා ගෙණ ගොස් අල්වා ගෙණ කත් නම. ලඟසිටි සෙසු දිවියෝ එළුවන්ට භයින් ඒ ඒ අත දිවමින් මහ වල් වදිත් නම. මේ කාරණය කවරේ දැ?” යි විචාළහ. එබස් අසා තිලෝගුරු සම්යවක්සම්බුද්ධරාජොත්තමයාණන්වහන්සේ සවප්නය තෝරා පසේනදි කොසොල් මහරජානන්ට වදාරණසේක් “මහරජ! මේ සවප්නයත් අනාගතයෙහි ම රාජධර්මමයෙහි ප්රකමාද වූ රජුන් දවස අකුලීනයෝ ධනාඪ්යච වෙති. ඉසුරුමත් වෙති. කුල පුත්රජයෝ අප්ර්සිද්ධ වෙති. නිර්ධබන වෙති. එකල්හි රාජාභ්ය්න්තර වූ අවශෙෂ ජාතීහු කුලජයන්ගේ ග්රා‍මක්ෂෙවත්රධ ආදිය තමන්ට වුව මැනවැ යි උදුරති. එසේ උදුරා ගත් කල්හි කුලජයන් ‘පෙර තෙපි අප ඇසුරු ව හිඳ රැකී ජීවත් ව ගෙණ දැන් අපගේ ගම් කුඹුරු උදුරවු දැ?” යි කියා ‘යුක්ති කියම්හ’ යි ගොස් විනිශ්චය ස්ථානයෙහි දී ‘කවුරු හිමිදැ’ යි විචාළ කල්හි රාජාභ්ය්න්තර ව සිටිනා අවශෙෂ ජාතීන් කුලජයන්ට කියන කල ‘තොපටත් ගම් ඇත් ද? තොපගේ විවර තොපට නො දැනේ ද? තොපිත් අප හා සමග යුක්ති බණවු ද? රජ්ජුරුවන්වහන්සේට දන්වාලා තොපට







446 සද්ධර්මේරත්නාකරය. [34 පරිච්ඡෙදය

කරණ කාරිය බලා හිඳුව’ යි ඔවුන්ගේ කර පිටිකර මස්වා ‘අප හා කැටි ව යුක්ති බැණ තොපට වනදෑ බලා හිඳුව’ යි කියා භය ගැන්වූ කල්හි කුලපුත්ර‘යෝ රාජවල්ලභ වූ අවශෙෂයන්ට භයින් තමන් සන්තක කෙත් වත් අරම් ආදිය තොපට ම යයි කියා ඒ අකුලීනයන්ට ම හැර ඔවුන් සිත් ගෙණ තමන් බැඳගත් පැලට වැද ‍භයින් කිසිවකුත් නො කියා ඒ එළුවන් දුටු දිවියන් මෙන් සැඟව සිටිති. මේ කා‍රණයෙනුත් තොපට කිසි උපද්රයවයෙක් නොම ඇත්තේ ය” යි වදාරා “මහරජ! මේ සොළොස් සවප්නය දැන් මතු නො වෙයි; පළමුත් රජහු දුටුවෝ වේදැ” යි වදාරා මහාසුපින ජාතකය දෙශනා කොට වදාළසේක. එසඳ බොහෝ දිව්යු මනුෂ්ය“යෝ සද්ධර්මසශ්රටවණය ‍කොට අමෘතමහානිර්වා ණපුරප්රාෝප්ත වූහ. එසේ හෙයින් අතීත අනාගත වර්තරමාල සංඛ්යාසත ත්රිඅවිධකාලය හස්තාමලකයක් මෙන් අනාවරණඥනයෙන් දැක සියලු සත්වඋයන් සිතට උපන් භය දුරු කොට සකලාභිවෘද්ධි සිද්ධ කොට දෙන කරුණා නිධාන වූ විපදොත්තමයානන්වහන්සේට මහත් භක්තීන් පූජා කොට අමාමහනිවන් දකින්ට උත්සාහ කටයුතු දක්වනලද මැයි:-

“ ඉති තිවිධපදඤ්ඤ ලොකනාථසස සම්මා සහිතමහිමහිත්වාද භොගමතතාය තිච්චං, නිජමතිමථ මනත්වාඤ සම්මසිත්වාි ගුණොඝං ලභථ තිවිධභොගං වාථ මොක්ඛං ච අ‍මෙහා.”

මෙතෙකින් මේ සද්ධර්මොරත්නාකරයෙහි නිද්රාඝවිභාවන සවප්නදීපන කථා නම් වූ

තෙතිස්වන පරිච්ඡෙදය කියා නිමවන ලදී

34 වන පරිච්ඡෙදය

තවද මේ සද්ධර්මචරත්නාකරයෙහි සවප්නදීපනකථාවන්ට අනතුරු ව කර්මහ විභාග නම් කවරැ? යත්:- මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය.

කෙසේ ද? යත්:- සියලු සත්ව යන් විසින් කරණු ලබන කුශලා කුශලකර්මයයෝ සෞත්රානන්තිකවශයෙන් එකාදශප්රීභෙද වෙත්.





කර්මරකථා] කර්ම:විභාගකථා 447

කෙසේ ද? යත්:— දෘසටධර්ම4වෙද්යිකර්මලය, උප්පද්ය වෙද්යතකර්මකය, අපරාපය්ය් කවවෙද්යදකර්මරය, යද්ගරුකකර්මශය, යද්බහුලකර්මදය, යදාසන්නකර්මවය, කෘතත්වාත්කර්ම ය, ජනකකර්ම්ය, උපස්ථම්භකකර්මයය, උපපීඩකකර්මමය, උපඝාතකකර්මරයයි. මෙසේ එකොළොස් වැදෑරුම් කර්මෙයන් අතුරෙන් ප්රාඥාවර්ජනාප්ර.ත්ය ය සන්තීරණයෙන් ගුණ මධුරත්වතය විඳගැන්මෙහි එක් වූ ශ්රාඩාචිත්තය කුසලජවනචිත්ත නම් වෙයි. විද්යා මාන වූ යහපත් ගුණය තමාගේ චිත්තයට නිශ්චය කොට දැනෙමින් සිටිය දී ම අඥනය පෙරදැරි කොට සැලකීමෙන් ගුණයෙහි විපරිත ව පැවැත්තා වූ චිතතය අකුශල ජවන චිතත නම් වේ. මේ ජවනයන් අතුරෙන් ලද්දා වූ ආවර්ජනා ප්රචත්යවය ඇති යම් ජවන කෙනෙක් බොහෝ සේ සත්වරෙක එක ජවන වීථියෙහි දිවෙත් ද, හෙවත් පවතිත් ද, ඔවුන් අතුරෙන් ප්රසඥාලම්බන වූ ප්රදථම ජවන චිත්තය ශ්රපද්ධාව හා එල්බුණු ක්ෂ නෙයෙහි නිෂ්පන්න වූ කර්මතයෙක් ඇද් ද, ඒ කර්මනය දෘෂ්ටධර්මරවෙද්යු කුශලකර්මෙ නම් වෙයි. අවිද්යා්ලම්බන ප්රමථමජවනචිත්තය ක්ලේශ වසඟ වූ ක්‍මනණයෙහි ජනිත වූ කර්මුය දෘෂ්ටධර්ම‍වෙද්යප අකුශල කර්ම නම් වෙයි. මේ දෘෂ්ටධර්ම‍වෙද්ය කුශලාකුභලකර්ම් දෙක ම මේ ආත්මභාවයෙහි ම විපාක දෙන්නේ ය. එසේ විපාක නුදුන් නේ වී නම් අභාවකර්මල නම් වේ.

මෙපරිද්දෙන් පැවැත්තා වූ ජවනයන්ගෙන් සත්වන ජවන චිත්තය උපපද්ය්වෙද්යතකර්ම් නම් වේ. ප්රුථමජවනය හා සත්වන ජවනයට අතුරු පස් ජවන්හු අපරාපය්ය්න් වෙද්ය කර්මච නම් වෙත්. මෙයින් දෘෂ්ටධර්මතවෙද්යුකර්මශ ප්ර වෘත්තිවිපාකය දෙනමුත් ප්ර තිසන්ධිය විපාක නො දෙන්නේ ය. එසෙහෙයින් ඉහ ආත්මභාවයෙහි ම විපාක නුදුන්නේ වී නම් මත්තෙහි කිසිකලෙකත් විපාක නො දෙන්නේ ම ය. බැදපු බිජුවටක් මෙන් ඇස් ව අවිපාකභාවයට පැමිණෙන්නේ ය. අභාවකර්ම. නම් වේ.

මේ දෘෂ්ටධර්ම්වෙද්යභකර්මෙය කුශලපක්ෂේයෙහි කාකවලිය සිටානන්ට හා පූර්ණකක සිටානන්ට මෙන් කුසලවිපාක දෙන්නේ ය. අකුශලපක්ෂ්යෙහි චිංචාමාණවිකාව, සුප්රනබුඬ ශාක්යකය, දෙවදත්තය, කොකාලිකය, නන්ද,ගොඝාතකය, නන්දණයක්ෂාය යි යන මොවුන්ට දුන්නාවූ විපාක මෙන් අකුශල විපාක දෙන්නේ ය. මේ දෘෂ්ටධර්මුවෙද්ය කර්ම ය තෙම මුවවැද්දහුගේ උපමාවෙන් දත යුත්තේ ය. කෙසේ ද? යත්:- යම් සේ මුවවැද්දකු මුවදඩ ගොස් නිති මුවන් ඇලෙන තැනෙක ඉඳරා සැඟවී ගිය දුනුපිට ලා සිටිකල්හි අභිමුඛයෙහි සම්ප්රා ප්ත වූ මෘගයක්හු දැක ඍජු ව බලා ඇද විදි සැරය ඉදින්





448 සද්ධර්ම රත්නාකරය [34 පරිච්ඡෙදය.

නො වැරැද්දේ වී නම, ඒ මෘගයා ඒ ස්ථානයෙහි ම හෙලන්නේ ය. විදිසැරය වැරදගියේ වී නම් ඒ මෘගතෙම භයින් ත්රාස්ත ව මහ වනෙහි වදනා මුත් වැද්දහුගේ සැරපසට ලං නො වන්නේ ය. භය ගෙණ දිවපු මෘගයා හෙයින් වැදි කෙතෙක් ප්රපයොග‍ කෙළේ වී නමුත් ඔහු අසු කොට ගත නො‍ හෙන්නේ ය. දෘෂ්ටධර්මතවෙද්යර කර්මසයාගේ විපාකය සැරය නො වැරැදි කල් වැන්න. අවිපාක භාවය සැරය වැරදිකල් වැන්න. මේ කර්මයය ඉහආත්මභාවයෙහි විපාක දෙන බව මෙසේ දත යුතු. කෙසේ ද? යත්:-

රාජගෘහ නම් වූ පුරවරයෙහි බිම්බිසාර මහරජානන් රාජ්යමශ්රීු අනුභව කරණ කල්හි ඒ නුවර කාකවලිය නම් මහ දුගියෙක් සහඹු ව වාසය කරන්නේ ය. එකල්හි දවසෙක ඔහු බැළමෙහෙයට නික්මුනු කල්හි ඔහුගේ භාය්යාු තොම එදවස් දෙදෙනා යැපෙන පමණකටත් ආහාරයකට ආධාර‍යක් නො ම ඇතිහෙයින් පණ්ණම්බිලියාගු නම් ඇඹුල් කැඳක් පිස තබා තමාගේ හිමියා එන තෙක් බලා හුන. එදවස් මහාකාශ්ය්ප ස්ථවිරයන් වහන්සේ නිරොධසමාප්තින් නැගී ‘අද දවස් කවර සත්වායක්හට අනුග්ර්හ කෙරෙම් දෝ හො” යි දිවැසින් බැලූසේක් ඒ කාකවලිය නම් මහදුගියා දැක හුනස්නෙන් නැගී සිට ශරීර ප්ර්තිජග්ගනාදිය කිරීමෙන් සුපිළිසන් ව ගැටවටු ගන්වා පාත්රනය අතින් ගෙණ ඔහුගේ ගෘහද්වාරයට ගොස් සිඟා වැඩසිටිසේක. එකල ඒ දුගියාග් භාය්යාහද් තොමෙ සිඟා වැඩ සිටි තෙරුන්වහන්සේ දැක “මේ උත්තමයානනවහන්සේට වැළඳීමට සුදුසුවූ උතුම් ආහාරයක් පිළිගන්වාලන්ට අප දුගීහෙයින් නො පිළිවන. එතෙකුදු වුවත් “අරුණු” යි කිම යහපත් නො වන්නේ ය. තම හට උපන් ආහාරයක් පිළිගැන්විය යුත්තේ ම ය” යි සනිටුහන් කොට මහත් ආදරයෙන් තෙරුන්වහන්සේ වැඳ පාත්රිය ගෙණ තමා පිළියෙල කළා වූ පණ්ණම්බියාගු නම් වූ ඇඹුල් කැඳිත්ත නිරවශෙෂ කොට ම පාත්රෙයෙහි බහා පිළිගැන්වුව.

මහාකාශ්ය‍ප ස්ථවිරයන්වහන්සේ ද පිළිගත් කැඳ පාත්රරය වෙහෙරට ගෙණවුත් ලොවුතුරා බුදුන්ට පිළිගැන්වු සේක. එසඳ බුදුහු තමන්වහන්සේ යැපෙන පමණක් ගෙණ සෙසු කැඳ පන්සියයක් දෙනා වහන්සේට පැළඳීමට දෙවූසේක. එකල්හි කාකවලිය නම් මහදුගියා ද බැළමෙහෙයට ගියේ තැනින් තැන බැළමෙහෙ ගන්නවුන් පරීක්ෂාග කොට ගෙණ ගොස් දෙව්රම්වෙහෙරට වන. එසඳ දෙව්රම්වෙහෙර සිටි දුගියාට එ කැඳින් මඳක් දෙවූ කල්හි ඒ දුගියා ද කැඳ අනුභව කොට එතැන්හි සිටියේ ය. එසඳ






කාකවලියචරිත] කර්ම.විභාගකථා 449

මහාකාශ්යරප ස්ථවිරයන් වහන්සේ ලොවුතුරාබුදුන් අතින් විචාරණසේක් “ස්වාමීනි! මේ යාගුදානයෙන් ඔවුන්ට කෙ බඳු කුශලඵලයෙක් දේ දැ?”යි විචාළසේක. එබසට බුදුහු වදාරණසේක් “එම්බා මහාකාශ්ය්ප ස්ථවිරයෙනි! මෙතැන් පටන් සදවසක් ගොස් සත් වැනි දවස් කාකවලිය නම් දූගීතෙම මහත් ඓශ්චය්ය්රයෙ ලැබ සිටු පට බැඳ සේසත් නංවා කාකවලිය නම් මහසිටානෝ යයි යන නමින් ප්ර්සිද්ධ වන්නේ ය”යි වදාළසේක.

බුදුන් වදාළා වූ මෙ පවත් දුගී තෙම අසා තමාගේ ගෙට ගොස් කියනුයේ “සොඳර! තොප අද මහාකාශ්යාපස්ථවිරයන් වහන්සේට දුන්නා වූ කැඳිත්තෙහි අනුසසින් මෙයින් සත්වන දවස්. අපට සිටුතනතුර ලැබෙති යි බුදුහු වදාළසේකැ”යි කී ය. එපවත් අසා ඒ දුගීදු කියන්නී “එම්බා මේ නුවර ධනවතුන් අරුම හෙයින් නුඹලාට ම සිටු තනතුරු දීපු නියාවේ දැ?”යි කියා “කවරෙක් වේ ව යි! දුටුවක් දකුම්හ. බුදුන් වදාළේ ඇති දෙයක් ම වනැ”යි පහන් සිතින් හුන්නී ය. එකල්හි සවෙනි දවස් එනුවර ‍රජය කරණ බිමිසරමහරජ තෙම සපිරිවරින් නුවර ප්ර්දක්ෂිනණා කොට යනුයේ නගරාසන්නයෙහි අමුසොහොනෙක දිවස්හුල නැඟූ පුරුෂයකු දුටුයේ ය. ඒ දිවස්හුල උන් පුරුෂ තෙම මහරජහු දැක මහත් කොට ශබ්ද පවත්වා කියනුයේ “මහරජානන්වහන්ස! නුඹවහන්සේට මෙහෙ නිමවන්ට පිළියෙල කළ රාජභොජනයෙන් බත් අනුභව කරණු කැමැත්තෙමි. ඒ රාජභොජනය එවුව මැනැවැ”යි අඬ ගා කී ය. මහරජ තෙම එපවත් අසා කරුණාචෙතනාවෙන් යහපතැයි කියා නික්මුනේ ය. එදවස් සවස මහරජහට මෙහෙ වඩනු පිණිස රාජභොජනය එළවූ කල්හි දිවස්හුල තුබූ පුරුෂයා කී වචනය සිහි කොට මහරජ තෙම කියනුයේ “එම්බා සගයෙනි! නුවරින් පිටත අමුසොහොනෙහි දිවස්හුල උන් පුරුෂයෙක් රාජභොජනය ඉල්ලී ය. ඕහට මේ රාජභොජනය ගෙණ ගොස් දෙන්නට සමර්ත්ථයයක්හු ගෙන්ව” යි කී ය.

එබසට රාජපුරුෂයෝ මිනිසකු පරීක්ෂා කොට ලැබගත නුහුනුවාහු රජහට දැන්වූහ. එබසට මහරජ කියනුයේ “එම්බා සගයෙනි! දහසින් බැඳි පියැල්ලක් වත් බැඳ දී ගෙන්ව”යි කී ය. “එබසට රාජපුරුෂයන් දහසින් බැඳි පියැල්ලක් ගෙණ නුවර ගොස් මේ දහසින් බඳ පියැල්ල ගෙණ නුවරින් පිටත අමුසොහොනෙහි දිවස්හුල තිබූ මිනිසාට රාජභොජනය ගෙණ ගොස් දී එව”යි කියා තුන්විසටෙක නුවර කියවූ කල්හි තුන්වන වාරයෙහි කාකවලිය දුගියාගේ භාය්යායි කතොම “රාජභොජනය ගෙණ



29



450 සද්ධර්මරරත්නාකරය [34 පරිච්ඡෙදය

ගොස් දෙමි”යි කියා ඒ දහසින් බඳ පියැල්ල ගෙණ රාජපුරුෂයන් හා සමග ගොස් රජහු දැක මෙපවත් කී වා ය. එසඳ මහරජ “එම්බා! තෙපි සත්රීව ව සිට භය නැති ව කෙසේ යවු දැ?”යි කීකල්හි “දෙවයන්වහන්ස! පුරුෂවෙෂයකින් පංචායුධසන්නද්ධ ව බත් තලිය ගෙණ යෙමි”යි කිව. මහරජ එපවත් අසා ඒ සත්රිරය එ ම ලෙස ම සරහා බත්තලිය දී නික්ම වි ය. ඒ ස්ත්රි.ය පුරුෂවෙෂයෙන් පංචායුධස්න්නද්ධ ව බත්තලිය ගෙණ නුවරින් නික්ම යන කල්හි එනුවරින් පිටත තල්ගසෙක වසන දීඝතඵල නම් වූ යක්ෂරයෙක් තමාගේ වෘක්ෂනමුලයෙන් නික්මෙන්නා වූ ඒ සත්රිමය දැක “එම්බා! මේ රුක්සෙවනට පැමිණ මට ගොදුරු ව සිට ගැලවී යන්ට කාරණ කිම් ද? සිටුව, සිටුව, නො යව”යි කී ය. එබසට ඒ සත්රීා කියන්නී “එම්බල යක්ෂයය! තාගේ රුක් සෙවනට පැමිණියත් තට ගොදුරු වන්ට කාරණ නැතැ”යි කිව.

එබසට යක්ෂ යා කියනුයේ “කවර කාරණයෙක් ද? ඇතිසැටියේ ද කියව”යි කී ය. එබසට “තමා රාජදූත හෙයිනැ”යි කි ව. “කවර දූත මෙහෙවරෙක යෙයි දැ?”යි විචාළේ ය. “තෙල දිවස්හුල හිඳිනා පුරුෂයාට රජහුගේ මෙහෙවරින් රාජභොජනය ගෙණ දෙනු පිණිස යෙමි”යි කිව. එබසට දීඝතඵල යක්ෂවතෙම කියනුයේ “එසේ වී නම් මාගෙනුත් අස්නක් ගෙණ යා හෙයි දැ?”යි කි ය. එබසට සත්රීය කියන්නී “තොපගෙන් දුන් අස්නෙක් ඇත් නම්, තොප දෙන්ට කී තැනකට දෙමි”යි කිව. එබසට යක්ෂනයා කියනුයේ “එම්බා! තෙපි යන ගමනේ ම කියාගෙණ යන කල දීඝතඵල යක්ෂකයානන්ගේ භාය්යා වූ සුමන දෙව්රජහුගේ දුහිතෘ වූ කාලි නම් දෙව්දූතොම පුත්ර්යකු වැදුහ යි හඬ ගා කියාලව”යි කියමින් “තොප කියන්නා වූ දූත වචනයට පඬුරු පිණිස මේ තල්ගස මුල තිබෙන නිධාන සත තෙපි ඇරගණුව”යි කී ය. එ බස් අසා “ඒ ස්ත්රිා ‍තොමො යක්ෂ යා කී ලෙස ම “දීඝඵල යක්ෂගයානන්ගේ භාය්යා් වූ සුමනදෙව්රජහුගේ දූ වූ කාලි නම් දෙව් දු පුතකු වැදුහ”යි අඬ ගා කියමින් නික්මුනා ය. එකල්හි යක්ෂව සමාගමයෙහි හුන්නා වූ සුමනදෙවරාජ තෙම එපවත් අසමින් ම මහත් සමාධියෙන් “මනුෂ්යදයෙක් මට ප්රිුය වචනයක් කියන්නේය” යි කියා ඈ තමා වසන වෘක්ෂෙමූලයට ගෙන්වා ගෙණ ඈ කීවා වූ අස්න අසා ප්රවසන්න ව තමා වසන වෘක්ෂනච්ඡායා මණ්ඩලය ඇතුළත තිබූ බොහෝ නිධානයන් දක්වා හැරගන්ට කී ය.

මෙසේ ඒ ස්ත්රීනතොමො තමා යන මග දෙවියන්ගෙන් බොහෝ සංග්ර හ විඳගෙණ බත්තලිය ඇරගෙණ යන්නී දිවස්හුල





කාකවලියචරිත.] කර්මිවිභාගකථා. 451

උන් මිනිසා ලඟට පැමිණ “එම්බා! තොපට රාජ භොජනය ඇර ගෙණ ආමි”යි කිව. හෙ ද බත් ගෙණා බව අසා හුල හුන් වෙදනාවටත් වඩා ආහාරතෘෂ්ණාව බහුල හෙයින් සතුටු ව ගෙණෙව”යි කියා බත් ලඟට ගෙන්වා ගෙණ බත් කා නිමි කල්හි මුඛය පිටත වැකි ඉඳුල් උළුබත් කැවූ තැනැත්තියට ම පිසින්ට කි ය. එකල්හි ඒ පුරුෂවෙෂයෙන් ගිය ස්ත්රිු ද තමාගේ අතින් ඔහුගේ මුඛය පිටත වැකුනු ඉඳුල් උළු පිස හෙලුව. එසඳ ඒ හුල හුන් පුරුෂයා ඇගේ අත මුහුණ වැදගත්තා වූ මොළොකින්ම මේ ස්ත්රිතයකගේ අතැ ස්පර්ශාය”යි දැන අනුරාගචිත්තයෙන් ඇගේ ඉසකෙස් වැටිය තමාගේ කටින් බැහැගත්තේ ය. එකල ඒ ස්ත්රීය තමාගේ කෙස් වැටිය ඔහුගේ කටින් ගලවා ගත නො හී තමා අත තුබූ කඩුවෙන් කපා ඔහුගේ මුඛයට ම හැර නැවැත අවුත් නුවරට වැද මහරජ දුටුවා ය. ඒ මහරජතෙම ඒ ස්ත්රිගය අතින් ආගිය පවත් විචාරා තතුලෙස ම අසමින් “එම්බා! තොප බත් ගෙණ ගොස් හුලහුන් එකා කැවූ ලෙස අපට කෙසේ දැනේ ද? තොප බත් ගෙණ ගොස් කැවීමියි කිවත් සාක්ෂැයක් ඇතොත් මුත් නොදැනෙයි”යි කී ය. එබසට ස්ත්රි‍තොම රජහට කියන්නී “දෙවයන් වහන්ස! මාගේ හිසකෙස් වැටිය ඔහුගේ මුඛයෙහි තිබෙන බව බලාවත් සැක හළ මැනැවැ”යි කි ව.

මෙසේ තමා ගොස් ඔහු බත් අනුභවකරවූ නියාව බිම්සර මහරජහට සැක හරවා කියා නැවැත කියන්නී යනමග තල් ගසෙක වසන යක්‍හරයකු තමාට කී අස්නක් සුමනදෙව්රජහට කී පවතුත් තල්ගසමුල තුබූ නිධාන සතත් සුමනදෙව්රජහුගේ වෘක්ෂෙමූලයෙහි තුබූ බොහෝ නිධානත් තමහට සතුටුපඬුරු කොට දුන් නියාව කියමින් දෙවනදවස් රාජපුරුෂයන් ඇර ගෙණ ගොස් ඒ සියලු නිධාන ම තුබූ තුබූ තැනින් උගුළුවාගෙණ ඒ මහත්වූ ධනරාශිය ගෙන්වා ගෙණවුත් මහරජහට දැක්වූහ. මහරජාණෝ ඒ සියලු ධනරාශිය දැක ජනිත වූ මහත්සන්තොෂයෙන් එ හැම ඔවුන්ගේ පිණින් ම උපනැයි කියා ඇගේ වල්ලභ වූ කාකවලිය දුගියා ගෙන්වාගෙණ පටබඳවා සිටු සේසත් නංවා ඒ හැම වස්තු ඔවුන්ට ම පමුණුවා “කාකවලිය මහසිටානෝ ය”යි කියා එනුවර මහාධන සිටුවරුන් සිටිනා ස්ථානන්තරයෙහි ම පිහිටවූහ. කාකවලිය සිටුතෙම මහසුප් මහතෙරුන්වහන්සේට පිළිගැන්වූ කැඳිත්තෙහි අනුසසින් ඉහතාත්මභාවයෙහි ම එ ම නුවර මහාධන සිටු වි ය. මේ දෘෂ්ටිධර්මසවෙද්යාකුශලකර්ම විපාක ය.








452 සද්ධර්මදරත්නාකරය [34 පරිච්ඡෙදය

තව ද, රජගහනුවර සුමන නම් සිටානකෙනෙකුන්ගේ ගෙයි පූර්ණටක නම් දුගියෙක් බැළමෙහෙ කොට ජීවත් ව තමාගේ භාය්යාිටා ව හා උත්තරා නම් දියනිකෙනෙකුන් රක්ෂාට කෙරෙයි. මෙසේ ම ඔහු වසන කල්හි දවසෙක ඒ රජගහනුවර සත්දවසක් නකත් කෙළිනා පිණිස රාජවිධානයෙන් බෙර ලැවූහ. එ පවත් අසා සුමන සිටානෝ උදාසන්හි ම නැඟී සිට පූර්ණනක නම් දුගියානන් බණවා “එම්බා පූර්ණිකයෙනි! අපිත් අපගේ දාසකර්මිකාරාදී වූ සියලු දෙනත් අද නකත් කෙළි කෙළුම්හ. තෙපිත් නකත් කෙළි කෙළු ද? නොහොත් බැලමෙහෙ කරන්ට යවු දැ?” යි විචාළහ. එබස් අසා දුගියා කියනුයේ “ස්වාමීනි! කෙළි නම් පොහොසත් කෙනෙකුන්ට මුත් අප වැනි දුගීන්ට එයින් ප්රුයොජන කිම් ද? සෙසු දෑ තබා අද දවස් අප හැම යැපීගන්නා ලෙසට සාල් නැළියක් මනාවකටත් ලෙද මඳ. එසේ හෙයින් නකත්කෙළි තබා ගොන්ගෙයක් ගෙණ සාන්ට යෙමි” කියා නගුල් වියදඬු කැවිටි බාන් ගෙණ සී සාන්ට යනුයේ තමාගේ ගෙට ගොස් ඇඹෙනියන් බණවාලා “සොඳුර! නුවර ජනයෝ අද නකත්කෙළි කෙළිති. අපි දුප්පත් හෙයින් බැළමෙහෙයට යම්හ. එසේහෙයින් තෙපි දහවලට මෙතෙක් දවස් පිසන තරමින් වඩා බත් මාලු පිස ගෙණෙව”යි කියා සීසාන්ට වෙලට ගියේ ය.

එදවස් දම්සෙනෙවිසැරියුත් මහතෙරුන්වහන්සේ නිරොධ සමාපත්තින් නැඟී “අද කවරක්හට අනුග්රවහ කෙරෙම් දෝ හෝ”යි දිවැසින් බලනසේක් පූර්ණෙක නම් දුගියානන් දැක “අද මා එතැනට ගිය කල තමන්ට උපන් ආහාරය පිළිගන්වා එම කුසලානුභාවයෙන් අද දවස් ම සිටු තනතුරට පැමිණේ ය”යි දිවැසින් දැක ගැටවටු ගන්වා පාත්රකය අතින් ගෙණ සී සානා දුගියානන් සමීපයට ගොස් කුඹුර අස කැලය බලබලා වැඩසිටි සේක. එසඳ පූර්ණදක නම් දුගියා ද මහතෙරුන්වහන්සේ දැක සිනාසී කැවිටි බහන් තබා උන්වහන්සේ කර අවුත් පසඟ පිහිටුවා වැඳ සිතනුයේ “මුන්වහන්සේ වනලැහැබ බලබලා සිටි සේක් දැවටුද‍ඬෙන් ප්රමයොජන ඇති නියා වනැ”යි සිතා දැවටුලී පිළගැන්වී ය.

ඉක්බිති මහතෙරුන්වහන්සේ පාත්රපයත් පෙරහන්කඩත් දෙවාලූසේක. මුවෙන් නො බැණ දුනන් දියෙන් ප්රපයෝජන ඇතිවනැ”යි සිතා පාත්ර ය ගෙණ ගොස් පැන් පෙරා පිළිගැන් වී ය. එසඳ දැව‍ටූ දිය වළඳා ශරීරය ප්ර තිජගගනය කොට පාත්ර ය ගෙණ එතැන්හි මඳක් සිට ඇතුළුනුවර බලා නික්මුනුසේක. එකල්හි ඒ පූර්ණ ක නම් දුගියාගේ ඇඹෙණියෝ තමන්ගේ වල්ලභයානන් සී






පූර්ණාකචරිත.] කර්මීවිභාගකථා. 453

සානා තැනට බත් මාලු පිස ගෙණ තමන්ගේ උත්තරා නම් දියනියන් ගෙයි රඳවා තුමූ බත්පැස හිස තබා ගෙණ අවුත් මඟට බැස වඩනා තෙරුන්වහන්සේ දැක වස්තුවෙන් දුගී වුවත් ශ්රඅද්ධාචිත්තය බහුල හෙයින් එසඳ සිතන්නී “කිසිකලෙක පිළිගන්වාලන්ට සුදුස්සෙක් සම්භව වී නම්, කුශලක්ෂෙඑත්රග වූ අපගේ ස්වාමිදරුවානන්වහන්සේ සම්භව කොට ගත නො හෙම්හ. ස්වාමිදරුවානන් වහන්සේ අරුමයක් සේ ලදුමෝ නම්, පිළිගන්වාලන්ට සුදුස්සක් සම්භව කොට ගත නො හෙම්හ. අද වූ කලී ගුණසම්පන්න වූ උත්තමයානන් වහන්සේත් සම්භව වූ සේක. ඉතා මධුරත්වලයක් නැතත් මාගේ අදහසින් පවිත්ර් වූ බත් පමණෙක් ඇත. එසේ හෙයින් මෙතෙක් කල් බොහෝදෙනාට කුශලයෙන් සංග්රැහ කොට ගෙණ ආ සේක් අප සේ වූ දුගීන්ටත් දැන් අනුග්රශහ කරන්නේ නියමය”යි ශ්ර්ද්ධාචිත්තය පෙරදැරි කොට බත්පැස හිසින් බා තබා මහතෙරුන්වහන්සේ ලඟට ආදරයෙන් නැමි නැමී නුදුරු ව ගොස් වැඳලා “ස්වාමිදරුවානන්වහන්ස! ගැත්තවුටත් මිඩියටත් කරුණා කොට අපගේ දුක්පත් දන්සුඟ ඉවසා වදාළ මැනැවැ”යි ආරාධනා කොට පැසින් බත් ගෙණ ගොස් පාත්රනයට පිළිගන්වන්ට වන්හ. එසඳ මහතෙරුන් වහන්සේ ද බත් පිළිගන්නාසේක් ආහාරයෙන් භාගයක් පිළිගන්වාසූ කල “ඔවුන්ටත් භාගයක් වුවමනා වේදැ”යි සිතා පාත්රිය අතින් වසාගත් සේක. බත් පිළිගන්වන තැනැත්තෝ ද මහතෙරුන්වහන්සේගේ අදහස් දැනලා කියන්නාහු “ස්වාමීනි! මේ එක්කෙනෙකුන්ට පොහොනා බත්සුඟ දෙභාගය කළ කල ඔබත් මොබත් නො පොහොනේ ය. ගැත්තවුන්ට මෙලොවින් කරණ සංග්ර්හ තබා පරලොවින් කරණ සංග්රේහ කොට වදාළමැනැවැ”යි ආරාධනා කොට පැසෙහි බත් සුඟකුක් නො තබා පාත්රේයට පිළිගන්වමින් “මේ ආහාරය දන් දුන්නා වූ කුසලයෙන් අතිමධුර වූ නිවන්රසය ලබමෝව”යි කියා ප්රාහර්ත්ථ නා කොට ගත්හ. ඒ ආහාර පිළිගත් සැරියුත්මහ තෙරුන්වහන්සේ “ඒ තොප ප්රානර්ත්ථකනා කළ ලෙස ම සිද්ධ වේව”යි කියා ඔවුන් අදහස් යහපත් වන ලෙසට බණ වදාරා ආහාර ගෙණ වැඩපූ සේක. එකල්හි ඒ උපාසිකාවෝ ද නැවැතත් තමන් ගෙට ගොස් සාල් සුඟක් සොයා බත් පිස ගෙණ එන්ට වන්හ.

එකල පූර්ණික නම් දුගියානෝ ද කල් ඇතිහෙයින් බිජුවට දැමුණක් චීවර සීසා නිමවන තෙක් බත් නො ගෙණා හෙයින් විඩාපත් ව‍ ගොන් මුදා තණබිමට හැර ක්ෂුනධා ඉවසාගත නො හී එක් සෙවනෙක බත් ගෙණෙන පෙරමග බලබලා හුන්හ.







454 සද්ධර්මාරත්නාකරය. [34 පරිච්ඡෙදය

ඔහුගේ ඇඹෙණියෝ ද වේලා නංවා බත් ඇරගෙණ එන්නාහු සීසා ශොන් උනා හැර රුක්සෙවන උන් දුගියානන් දැක “අනේ මාගේ මිනිසා උදාසනත් බත් කාලා එන්ට නො වූ හෙයින් සා විඩා ව පෙරමග බලබලා හුන්නේ මා දැක තොරතුරු නොදැන කිපෙමින් ලඟ තිබූ කැවිටිලිය මුල පෙරළා ගැසූයේ වී නම්, මාගේ දානාධ්යාීශය නපුරු ව ඔහු අනුමෝදන් කරවන කුසලටත් බාධා වෙති”යි සිතා ලං නො වී දුර ම සිට අඬ ගා කියන්නී “හිමියානෙනි! අද එකදවස් මා කළා වූ කුසලය අනුමෝදන් ව සිත පහදවා ගත මැනැව. මා අදදවස් කල් තබා ම නුඹට බත් පිස ගෙණ එන්නෙම් අතුරුමඟ දී දම්සෙනෙවි සැරියුත්මහතෙරුන් වහන්සේ දැක නුඹට පිස ගෙණ එන බත් ඔබට පිළිගන්වා පියා නැවැත ගෙට ගොස් බත් පිසගෙණ එන හෙයින් කල් ගියේ ය. එසේ හෙයින් ඒ දුන්නා වූ දෙනෙහි පින් අනුමෝදන් වන්නැ”යි කිව.

ඒ ශබ්දය අසා පූර්ණසක නම් දුගියා ද ක්ෂුුධාවෙන් පීඩිත ව කන් අගුලු වැටී ඈ කියන්නා වූ බස තෝරා අසාගත නො හී ‘කිම් ද? තොප කියන්නේ ය”යි කී ය. එබසට භය ගෙණ නැවැතත් තමා කීලෙස ම තෝරා අස්වා කිව. එබස් අසා දුගියා අපමණ සනෙතාෂයට පැමිණ “එම්බා සොඳුර! තොප දුන් දානය ඉතා ම යහපතැ”යි පින් අනුමෝදන් ව “අප සසර සිටිනා තෙක් කල් මුළුල්ලෙහි බතින් වෙහෙසක් නො විඳිමෝව”යි කියා සිත පහදවා ප්රා ර්ත්ථහනා කොට ගත්තේ ය. එසඳ තම‍ාගේ අඹුව එළවූ බත් අනුභව කොට වේලා ගොස් බත් කෑහෙයින් ඇගේ ඇකයෙහි හිස තබා මඳක් සැතපුනේ විඩාවෙන් නිදි ගෙණ පිබිද හිස ඔසොවා වෙල් මැද බැලුයේ ය. එකල්හි තමා උදාසන පටන් සීසෑ තැන් සියල්ල ම කිහිරිමල්පිටක් සේ රත්රන් පිටවලු ගැසී බබලන නියාව දිට. එසඳ තමාගේ ඇඹෙණිය බණවා “එම්බල කෙලි! මා කල් වරදවා බත් කෑමෙන් ඇස් බමණ හෙයින් දෝ හෝ තෙල සී සෑ තැන් සියල්ල ම රන්වන් ව පෙණෙන්නේ ය”යි කී ය. එබස් අසා ඒ දුගීදූ ද කියන්නී “ස්වාමිපුත්ර යානෙනි! මා කල් යවා කෑ බතෙක් නැත. එතෙකුදු වුවත් මගේ ඇසටත් එසේ ම පෙණෙන්නේ ය” යි කිව.

එසඳ පූර්ණෙක නම් දුගියා තමා උන්තැනින් නැඟී සිට සීසෑ තැනට ගොස් ඉන් එක පිඩවල්ලක් ඇරගෙණ නගුලිස ගසා බලා රත්රන් බව දැන “අනේ! මේ කිමෙක් ද? දම්සෙනෙවි




පූර්ණ්කචරිත.] කර්ම්විභාගකථා 455

සැරියුත්මහතෙරුන්වහන්සේට දුන් දනෙහි විපාක අද ම කල් නො යවා පල දුන් සැටි ය” යි සිතා මෙතෙක් රත්රන් සඟවා තබාගෙණ ප්ර යොජන විඳගත් නො හැක්ක. සොඳුර! කුමක් කරමෝදැ?” යි කියා කථා කොට බත් ගෙණා පැස රත්රණින් පුරා ගෙණ රජගෙට ගොස් රත්රන්පැස රජු ඉදිරියේ තබා පාමින් “දෙවයන් වහස්ස! අද මා සෑතැන් මුළුල්ල ම රත්රන් වි ය. ඒ හැම රත්රන් භාණ්ඩාගාරයෙහි රැස් කරවාගත මැනැවැ” යි කී ය. එපවත් අසා මහරජ සිතනුයේ “නො කරුණෙක මෙසේ වන්ට කාරණ නැත. තොප අද කුමක් කළා දැ?” යි විචාළේ ය. එබසට ඔහු කියන්නාහු “දෙවයන්වහන්ස! අද අප කළ දෙයෙක් නම් දම්සෙනෙවි සැරියුත් මහතෙරුන්වහන්සේට දනක් දුනුම්හ. මුත් වෙන කළ දෙයක් නැතැ” යි කිවූ ය. එබසට මහරජානෝ සිතන්නාහු “උන් වහන්සේට දුන් දනෙහි විපාක කල් නො යවා අද ම පල දුන් නියා‍ වේ දැ” යි සමෘධි ව “අප දැන් ඊට කළ මනා කිම් දැ!” යි විචාළහ. එබසට ඔහු කියන්නාහු “දෙවයන්වහන්ස! ගැල් දහස්ගණන් ගමන් කරවා රත්රන් පටවා ගෙන්වා ගත මැනැවැ” යි කීහ.

මහරජානෝ ද එපවත් අසා රාජපුරුෂයන් හා ගැල්දහස් ගණන් යැවූහ. ඒ රත්රන් ගෙණෙන්ට ගිය රාජපුරුෂයෝ මහරජහුගේ නම කියා ගැළෙහි පැටවූ රත්රන් පිඩවලු මැටි කිටි වි ය. බිම තුබුවා රත්රන් ම ය. රාජපුරුණයෝ මෙපවත් දැක නැවැත අවුත් රජහට කීහ. මහරජ එපවත් අසා “ඔවුන්ගේ පිණින් උපන් රත්රනට අපගේ නම් කියා ගැල්හි පටවන්ට කාරණ කිම් ද? පූර්ණගක නම් දුගියානන් සන්තක රත්රණැ යි කියා ගැල්වල පටවා ගෙණ එව” යි කී ය. රාජ පුරුෂයෝ ද එසේ ම කියා ඒ හැම රත්රන් ම ගැල්පු‍රා පටවා ගෙණවුත් සෙණ්ඩුවාලු මලුවෙහි රැස් කළහ. ඒ රැස් කළා වූ රත්රන්ගොඩ වඩුවෙන් අසූරියන් උස වි ය. අවටින් ද ඊට සුදුසු ප්ර මාණ භූමිය පුරා සිටගත. එසඳ මහජානෝ නුවරවාසීන් රැස් කරවා ඔවුන් අතින් විචාරන්නාහු “මේ නුවර මෙතෙක් වස්තු කවුරුන්ට ඇද්දැ?” යි විචාළහ. නුවර වාසීහු කියන්නාහු “සෙස්සන්ට මෙච්චර වස්තු ඇත්තේ රජ ව සිටි නුඹ වහන්සේට ඇත් නම් වේ දැ” යි කී හ. රජ්ජුරුවෝ එපවත් අසා “මෙ තෙක් වස්තු ඇති තැනැත්තන්ට සිටුතනතුරු ම සුදුසු වේ දැ?”යි කියා බොහෝ පරිවාරසම්පත් දෙමින් සිටු සේසත් නංවා ඔහු බහුධනසිටානෝ ය යි පට බඳවා තනතුරු දුන්හ.









456 සද්ධර්මතරත්නාකරය. [34. පරිච්ඡෙදය

සිටු පට බඳවාලා පළමු සිටානකෙනෙකුන්ගේ ගෙබිමක් දක්වාලා එතැන්හි ගෙවල් කරවා හිඳුව යි විධාන කළහ. ඒ පූර්ණ ක බහුධන සිටානෝ ද ඒ ගෙබිම වල් හරවා බිම තනන්නාහු බෙහෝ වස්තු කටාරම් දැක රජහට කියා යැවූහ. ඒ ඇසූ රජහු ඒ වස්තුව ද ඔහුගේ පිණින් ම ලත් හෙයින් ඕහට ම යයි කී කල්හි කීප දවසක් ඇතුළත ගෙබිම් තනවා මාලිගා කරවාගෙණ ගෙවදිනා මගුලුත් සිටුපට බැඳි මගුලුත් එකවිට ම කරන්නාහු සතියක් මුළුල්ලෙහි බුදුපාමොක් මහා සඞඝයාවහන්සේට මහදන් දුන්හ. එකල්හි බුදුහු ඒ පූර්ණ්ක නම් බහු ධන සිටාණන්ට බණ වදාළසේක. ඒ වදාළ බණ අසා සිටානෝ ද ඔහුගේ භාය්යාි බ වෝ ද උත්තරා නම් දියනියෝ ද යන තුන්දෙන ම ඇසූ බණින් සෝවාන් මාර්ග්ඵලයෙහි පිහිටියාහ. මෙසේ දම්සෙනෙවිසැරියුත්මහතෙරුන්වහන්සේට දන් දීමෙන් එම ආත්මභාවයෙහි පූර්ණමක නම් දුගියා ලද්දා වූ සිටු සම්පත්තිය දෘෂ්ටධර්මඑවෙද්ය කුශලකර්ම නම් වෙයි.

දෘෂ්ටධර්මාවෙද්යට අකුශලකර්මට කවරැ? යත්:- හේ මතු කියන පරිද්දෙන් දතයුතු. කරුණානිධාන වූ ධර්මෙරාජොත්තමයානන් වහන්සේ සද්ධර්මා මෘතවර්ෂා වස්වමින් විනෙයජනශස්යවයන් විස්මය පත් කරවමින් මුළුලෝ කෙත බබුළුවන කල්හි එයින් ජනිත වූ බොහෝ ධාන්යෙයන් එක්තැනෙක්හි රාශි කළාක් මෙන් බුද්ධශාසනයට ලාභසත්කාර බොහෝ ව උපදින්ට වන. තීර්ත්ථළකයෝ හිරුරැසට නිෂ්ප්රිභා වූ කදෝකිමියන් සේ ලාභසත්කාරයෙන් පිරිහී බුද්ධසාසනයෙහි ‍ වෙෂපර ව කළහැකි දෙයක් නැතත් කියා ජය ගණුම්හ යි අසම්මුඛයෙහි වීථිසන්ධිවල ඒ ඒ තැන්හි සිටගෙණ බෞද්ධයන් දැක “තොපි කුමක් කරවූ ද? ශ්රැමණ භවත් ගෞතමයෝ ම තොපට බුද්ධ ද? අපි බුදු නො වමෝ ද? උන්ට දුන් දෙයෙහි ම විපාක වැඩි ද? අපට දුන් දෙයෙහි විපාක අඩු ද? ඔහු ම තොපට නිවන් දෙ ද් ද? අපි තොපට නිවන් ‍දී ගත නො හෙමෝ ද? උන්ට දුන් දානයට වඩා අනුසස් නැතැ යි නො සිතව. අපටත් දන් දුන හොත් බොහෝ අනුසස් දක්වා ලම්හ”යි මුව නො පොහොනා ලෙස කියා ඇවිදත් ලාභසත්කාර නො ලදින් තනි ව හිඳ ඔවුනොවුන් හා මන්ත්රාණය කොට “කවර ලෙසකින් මොවුන්ගේ ගුණ මකා නුගුණයක් උපදවා ලාභ සත්කාරයෙන් පිරිහෙළමෝ දැ?” යි කියමින් රහස් ප්ර්යොගයක් සිතන්නාහු එකලට සැවැත්නුවර චිංචාමාණවිකා නම් වූ පරිබ්රාමජිකාව උගන්වා ගෙණ නුගුණයක් උපදවම්හ යි කියා ගිවිස්වා ගෙණ උන්හ.







චිංචාමාණවිකාචරිත] කර්මරවිභාගකථා. 457

එකල්හි දවසෙක එකියන චිංචාමාණවිකාතොම තීර්ත්ථ්කාරාමයට ගොස් ඔවුන් වැඳලා සිටියා ය. ඈ දැක තීර්ත්ථීකයෝ කථාවක් නො කොට ම සිටියාහ. චිංචාමාණවිකාත් තමාගේ “වැරැද්දක් ඇද්දෝ හෝ” යි සිතා චකිත ව තුන්විට දක්වාත් වැඳ “ස්වාමීනි” යි කියා උන්ගෙන් බසක් නො ලදින් තොමෝ ම කථාවක් උපදවන්නී ‘කථා නොකරන්නට ම‍ාගේ කවර වරදෙක් දැ?”යි කිව. එබසට තීර්ත්ථීකයෝ කියන්නාහු “ඇයි චිඤචාමානවිකාව! ශුමණභවත්ගෞතමයෝ ලොකයා සිත් ගෙණ අපට උපදනා ලාභසත්කාර සියල්ල ම තමන්ට ම නිල සිටුවා ගත්තෝ වේදැ?” යි කීහු. එසඳ මාණවිකා කියන්නී “ස්වාමීනි! මම මෙතෙක් දවස් එපවත් නො දනිමි. අද දැනගත් වේලෙහි පටන් කළ මනා කිම් දැ?” යි කිව. එබසට තීර්ත්ථොකයෝ කියන්නාහු “තොපි අපට වැඩක් කැමැත්තා නම්, තොපගේ උපදෙශයකින ශ්රිමණභවත්ර්ගෙදතමයන්ට නුගුණයක් උපදවාලිය හැක්කැ” යි කීහ. එබසට “ස්වාමීනි! කෙසේ දැ” යි කිව. එවිට කියන්නාහු “තී විසින් උන්ට නුගුණයක් ඉපදවූ කළ වඩදිය වේලාවට ගංදිය උඩුගං බලා නික්මෙන සේ සියලු ලාභය ම අප කරා එන්නේ වේදැ”යි කීහ. එබසට මානවිකාතොම කියන්නී “ස්වාමීනි! මා ඉන්ද දී මේ විවරකට සිතින් වෙහෙස විඳුනේ කිම් ද? උන්ට නුගුණ උපදවාලා ලාභසත්කාරයෙන් පිරිහෙළමි” කියාලා එතැනින් නික්ම ගොස් ස්ත්රීාමායමෙහි තමා දක්ෂියෙහින් එතැන් පටන් සැවැත් නුවරවාසීන් සවස වෙහෙරට ගොසින් බුදුන්ගෙන් බණ අසා රෑ විහාරයෙන් නික්ම එන වේලාවට තොමෝ රනිඳුගෙව්වකු සේ රත්පලසක් පෙරෙව ගෙණ සුවඳකරඬුවක් නික්මුනා සේ සියලඟින් සුවඳ විහිදුවා මගදිග අතින් හිසින් සුවඳ මල් වගුරුවා ගෙණ දෙව්රම් බලා නික්මෙයි. එවේලෙහි නුවර වාසීන් ඈ දැක “මෙවේලෙහි තොප කොයි යවු දැ?” යි විචාළකල්හි “මා යන එන තැන් තොපි විචාරා සිටිත් ද? තොපට එයින් කාය්ය් දැ කිම් දැ?” යි කියා තමා‍ සේ ම පවිටු අදහස් ඇත්තවුන්ට මතු ශංකා උපදනා ලෙසට ගැබ් ගන්නා බස් කියාලා ජෙතවනවිහාරය දිසාවෙහි තීර්ත්ථදකාරාමවල ලැගලා උදාසන ශ්රනද්ධාවත් උපාසකවරුන් “අපි පළමු ව බුදුන් වඳුම්හ” යි විහාරයට නික්මුනු වේලාවට තොමෝ දෙව්රම ලැගලා එන එකක මෙන් නුවරට එන්නී ය.

එසඳ ඈ දැක ‘තොප ලැග එන්නේ කොයි සිටදැ?” යි විචාළවුන්ට “මා කොයි ලැගියත් තොපට කිම? තොප විචාරා සිටියා






458 සද්ධර්මමරත්නාකරය. [34 පරිච්ඡෙදය.

දැ?” යි කියා ගෙණ තමා යන ගමන් පලාගොසින් මෙසේ මසක් යෙළ මසක් ගිය කල “තොපි කොයි ගොසින් ලගු දැ?” යි විචාළවුන්ට “අනික් කොයි ලගිම් ද? අප රූ ඇති ව ඇති වේ ද? දෙව්රම් වෙහෙර ගොස් ශ්රීනගන්ධනකුටියේ සැතපුනේ අද ඉඳ ද? තොපි මා අතින් කුමක් විචාරවු ද? යන එන ආකාරයෙන් ම නොදැනේ දැ?” යි කියා පෘථග්ජනයන්ට සැක උපදවමින් මෙසේ තුන් සාරමසක් විවර ගියකලට කඩරෙදි තබාලා තමන්ගේ බඩ මහත් ව තිබෙන ලෙසට වෙළා ගෙණ දැරි ඇති සැටියක් දුටුදුටු වන්ට හඟවමින් බඩ වසා රත්පලසක් පෙරෙවගෙණ “ශ්ර මණභවත් ගෞතමයන්ට දා ව දරුකෙනෙක් බඩ පිළිසිඳ ගත්හ” යි නුවණ නැත්තවුන්ට කියා ගිවිස්වීමෙන් බොහෝ අකුසල් උපදවාගෙණ එතැන් පටන් අට නව මසක් ගියකල තමාගේ බඩ දරදඬු මිටියක් බැඳගෙණ දෙවුරත් බඩත් වසා පලසක් පෙරෙවගෙණ අතුල් පතුල් පිටි ගෙරිහනු ඇටලා තළා උදුම්වාගෙණ වදන දවස් මස් ලං වූවා සේ හඟවා එක් දවසෙක සවස්වේලෙහි අනාථ නාථවූ කරුණාසමුද්රසසද්ධර්මාරාජොත්තමයාණන්වහන්සේ සකල ශ්රීරන් වාරාජමානවූ ධර්මාසභාමණ්ඩපයෙහි බුද්ධාසනාරූඪ ව සිවුවණක් පෂිත් පිරිවරා වැඩහිඳ කරවීකනාද නිරිවිශෙෂාෂ්ටාඞග සමුපෙතබ්රරහ්මඝොෂ විහිදුවා ධර්මැදෙශනා කරණකල්හි දම් සභා මණ්ඩපයෙහි රැස් ව උන් බණපිරිස් මැද බුදුන් ඉදිරියෙහි සිටගෙණ “නුඹ මහණයෙමි යි හිඳ බොහෝදෙනා වටලා බණ කියන දෑ ය. අසන්නවුන් අසා රිසි නො යන තරම් කටහඬත් යහපත. ඊටත් වඩා රූපශොභාවත් යහපත. මාගේ බඩත් නුඹට දා ව දරුකෙනෙක් ඇති වූහ. දැන් වදන දවස් මස් ලං වී ය. වදන ගේකුත් නියම තැත. අභිරමණය කොට හුන් ගෙවල දී වදන්ටත් බැරිය. එතෙකුදුවුවත් තව දක්වා තෙල් මිරිසකට ප්රනයොගයකුත් නැත. තමා බුදුකම් අස්වා හිඳිනෙන් ඊට උත්සාහ නො කරතත් ඉත ව හිඳිනා අනේපිඩු කොසල විසාඛාදීන්ට කියා “තෙල චිංචාමාණවිකාවෝ දැරි ඇත්තෝ යයි කියා අපට දා දරුවෝ යයි එළියේ නො කියතත් ‘තුලුන්ට කළමනා දෙය අප සිට කරවන්නාක් මෙන් කරව’ යි විධාන‍ නො කරන්නේත් ඇයි ද? එදවස් පැරැත්ත නැති කල දැන් පැරැත්ත කියන්ට වුව මනා දැ?” යි කියා සධාතුක පුරුෂයක්හට සකාමික කාන්තාවක් කියන සුමධුර මැසිවිලි සේ අමෙධ්යයයක් ගෙණ චන්ර්්හ මණ්ඩලය දූෂ්ය් කරන්ට උත්සාහ කරන්නියක මෙන් මෙසේ නොයෙක් බස් බිණුව. ඒ මාණවිකාව විසින් ම බිණියහැකි ද? පළමු ‍කළ අකුශලකර්මඒය තෙම එදවස්








චිංචාමාණවිකාචරිත] කර්ම?විභාගකථා 459

නස්නෙන් මෙසේ බණන ලෙසට ඈට සමමත කොටලා තෙමේනට. එසේ හෙයින් උගේ විධානය උගුළුවා ගත නො හී ඒ චිංචාමාණවිකා ද බුදුන්ට බිණුව.

එසඳ බුදුහු තමන්වහන්සේ සිවුවණක් පෂීදට වදාරණ ධර්මබය අතුරෙහි සන්ධිද කොට තබාලා මඳක් වැඩහිඳ වදාරණසේක් “එම්බල චිංචාමාණවිකා! තීගේ බස් සැබෑ වී නමුත් බොරු වී නමුත් දන්නමෝ තෙපි ලා අපි ලා ම වේදැ” යි වදාළසේක. එවිට චිංචාමානවිකා කියන්නී “සත්පුරුෂයන්ගේ තුඩ බොරුවෙක් නො වැකෙන්නේ ය. ඇති ලෙසම කී නියාව යහපත. ශ්රනමණ භවත්ගෞතමයෙනි! දෙවෙනි තුන්වැනි වත් ‍එසේ ම කියාලව. කීමෙන් ප්රරයොජන නැත. එසේ කියාලා ම නො තබා වැදීමට වුවමනා ගෙවලුත් තෙල් මිරිස් ආදියත් සැපයෙන ලෙදක් කියාලව. බණ අසුන් නැඟීලා කන් සලසලා හිඳ රට ඇත්තන්ට බණ කීමෙන් ප්රායෝජන නැතැ” යි කීව. එකල්හි ඒ අසත්ය වචනය ප්රතසිද්ධ වූ හෙයින් ඒ ක්ෂචණයෙහි ශක්රලදෙවෙන්ර්ැ අයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හුණු වී ය. එසඳ දහසක් නුවණැස් ලා මිනිස්ලොව බලනුයේ මාණවිකාව බුදුන්ට කීබස් බොරුබව දැක දිඹුලෙහි මල් ඇතැයි කියන්නාක්මෙන් කියන බොරුබස් බොරු නියාව හඟවනු පිණිස දෙවිමිනිසුන් මධ්යනයෙහි ප්රබකාශ කළ මැනැවැ යි කියා දෙවියන් සතරදෙනෙකුන් ඇරගෙණ ඒ ක්ෂ්ණයෙහි දෙව් ලොවින් අවුත් දෙව්රම ධර්මවසභාවෙහි පැමිණ කිසිවක් හටත් අදෘශ්ය්මාන ව මූෂික වෙස් මවාගෙණ චිංචාමාණවිකාවට නො දැනෙන සේ පිටිපස්සෙන් නැඟී දරමිටිය බට බැඳගත් වැල් සතර ම එකවිට ම කපා එලූහ. එවිට වසා පෙරවගත් කඩ වාත මණ්ඩලිකාවෙක් අවුත් පැහැර දැමී ය. ඈ දැරි ඇතියෙමි කියා බඩ බැඳගත් දර මිටියත් ඇගේ පිටපත්ලෙහි ම වැටී සම්මස් සිඳ ලෙහෙබත් ලෙහෙඹු වි ය. රැස් ව හුන් බණපිරිස එපවත් දැක “කාලකණ්ණි කෙල්ල! නිෂ්කලඞක වූ බුදුන්ට මෙලෙස කීමට කාරණ කිම්දැ” යි හිස බොල්කෙළ වක්කරන්නා සේ අතින් පයින් කැටින් වැලින් මරා තළා විහාරයෙන් පිටත් කරපීහ. එසඳ ඈ තමා බුදුන්ට පෙණෙන තැන් පියවා මඳක් ගිය සඳ, මහපොළොව ඈ සිටි තැනින් පැළී විවර විය. අවීචිමහා නරකයෙහි ගිනිදැල් අවුත් ඈ පෙර රත්පලස් පෙරවියා සේ සකල ශරීරය ගිනිදැලින් වෙළා ගෙණ එවිට ම ගෙණ ගොස් අවීචියෙහි හෙලී ය. මෙසේ චිංචාමාණවිකාව





460 සද්ධර්මයරත්නාකරය. [34 පරිච්ඡෙදය.

ලවා තීර්ත්ථධකයන් බුදුන්ට පරිභව කැරවූ නියාව නුවර ප්රයකාශ වි ය. එකල්හි පළමු ඒ තීර්ත්ථ්කයන්ට උපදනා මඳ මඳ ලාභයෙක් ඇත් නම් එයින් පිරිහින. පාන්තුඩ තෙල් ගෑ කල වඩ වඩාලා පහන බබලන්නා සේ බුදුන්ට ලාභසත්කාර එතැන් පටන් බලවත් වී ය. එදවස් දම්සභ‍ාවෙහි රැස් වූ සිවුවණක් පෂීදව ධර්මා දෙශනා කොට මාර්ග ඵල දෙවමින් බොහෝදෙනා මුව නො පොහොනා ලෙස සාධුකාර දෙවවූ සේක. මේ දෘෂ්ටධර්මලවෙද්යහ අකුශලකමර්‍ නම් වෙයි.

තවද, අප බුදුන්ගේ මයිල් වූ සුප්රමබුද්ධ නම් වූ ශාක්ය රජ තෙම “තමාගේ ධිතු වූ යසොධරා දෙවීන් වැන්දඹු කොට හැර පියා බුදුවන්ට පලාගියසේකැ” යි කියාත් “තමාගේ පුත්ර වූ දෙවදත්තස්ථවිරයන් අජාසත් රජහු පහදවා ගෙණ බුදුන්ට අපරාධයට මෙහෙයූ නාලාගිරි නම් ඇතු දමනය ලා ගෙණ තමන්ගේ පුතනුවන්ට ඉකුත්වත් දක්වා බොහෝ නුගුණ කියාලා ලොකප්ර සිද්ධ ක‍ළසේකැ” යි වරදවා සිතා “ශාසනයෙහි මහණ කොටලා උන්වහන්සේ කීවා නො කොට සෙසු භික්ෂූසන්වහන්සේට ස්ථානාන්තර දෙවූසේකැ” යි කියා ද බුදුන් කෙරෙහි නිෂ්කාරණයේ වෙෂපර ව එක් දවසක් ආරාධනා කළ තැනකට බුදුන් වළඳන්ට වඩනා දැක යා නො දෙමි යි කියා වඩනා මග අවුරා ගෙණ හිඳ සුරාපානය කරන්නේ ය. එසඳ බුදුහු මහණගණයා පිරිවරා එතැනට වැඩිකල්හි සුප්රරබුද්ධ රජහට කියන්නාහු; “බුදුහු වඩනාසේක. මගින් පහ වුව මැනැවැ” යි කිවූ ය. ඒ අසා සුප්රනබුද්ධශාක්යමතෙම කියනුයේ “බුදුහු නම් අපට වයසින් වැඩිමහලු නො වෙති. නෑකමිනුත් මගේ සහෝදර නැගනියන්ගේ පුත. මාගේ බෑනනුවෝය. එසේහෙයින් මා හුන්මගින් මට ආදර දක්වා ඉවත් ව පලායන්ට කියව. මම මගින් ඉවත් ව නො යමි කීය. තව තවත් ලඟ සිටියවුන් විසින් ඉවත් වන්ට කිය දී ම එලෙස ම කියාලා ඉවත් නො වී ම හිඳියි. එසඳ, බුදුහු මයිලනුවන්ගෙන් මග අවසර නො ලදත් කරුණාවෙන් ම වඩනා ගමන් වැළකූසේක. එසඳ සුප්රුබුද්ධ ශාක්යඅයෝ තමන්ගෙන් දූත‍යකු ලඟට කැඳවා “එම්බා සගය! බුදුන් පසුපස්සෙහි ගොස් කියන කරණ දෙයක් ඇත් නම්, අසාගෙණ අවුත් මට කියාලව” යි කිවූය. බුදුරජාණන්වහන්සේත් සසර ගමනින් නැවතී දවස් සිනා පහළ නො කළත් එදවස් සිනා පහළ කළසේක. බුදුන්ගේ සිනා පහළ කිරීම නම් සෙසු ජනයන්ගේ දන්තයන් පෙන්වා දන්තාවරණයන් විවර කොට මුව හයා දියකළ මුණින් හමන හඬ සේ මහත්කොට ශබ්ද පවත්වා







සුප්රපබුද්ධචරිත] කර්මුවිභාගකථා 461

සිනාවෙක් නැත. බුදුන් සිනාසෙන්ට සිතා මුව ප්රහබොධ කළ කල්හි සතරදළදා වහන්සේගෙන් සුදු බුදුරැස් කිරිදහර සතරක් සේ නික්ම එක් ව ලා ඉඳුනිල්මිණිදාගබක් වට රිදී පවුරක් බඳනා සේ සිරොධාතු වට තුන්විටක් ප්රලදක්ෂිවණා කොටලා රන් පියුම්ගබකට වදනා ශ්වෙතහාසාවලියක් මෙන් නැවැතත් මුඛ ගර්භකයට වදන්නේ ය. බුදුන් එසේ සිනා පහළ කළ කල්හි අනන්දඛ ස්ථවිරයන්වහන්සේ බුදුන්ට පෙරටු ව බද්ධාඤ්ජලි ව සිට “ස්වාමීනි තිලෝගුරු බුදුරජ‍ාණන්වහන්ස! දැන් සිනා පහළ කිරීමට කාරණ කිම් ද? නො කරුණෙක සිනා පහළ නොකරණ සේක. ඊට කාරණ අසනු කැමැත්තෙමි”යි කීසේක. බුදුහු එබසට වදාරණ සේක් “සුප්ර බුද්ධ ශාක්ය යෝ අප ඇමට සිඟායන්ට අවසර නො හළ අකුශලයෙන් අදට සත්වන දවස තමන්ගේ මාලිග‍ාවෙහි යට මාලේ හිණිපාමුල දී පොළොව පළා වැද නිරයෙහි හෙන්නාහු වේ දැ?”යි වදාළසේක.

මේසේ බුදුන් වදාළ කල්හි රහස් අසන්ට ගිය තැනැත්තේ එපවත් අසමින් අවුත් සුප්ර බුද්ධශාක්ය්යන්ට කී ය. ශාක්යවයෝ එපවත් අසා “අපගේ බෑනනුවෝ නම් වන දෙයක් මුත් නො වන දෙයක් නො කියති. යම් බසක් කිවු නම්, එ ම සිද්ධ වන්නේ නියම ය. එසේ වී නමුත් බොරුවකින් හසු කෙරෙමි”යි සිතා ‘මුන්වහන්සේ මා සත්වන දවස් පොළොව ගැලෙතී, කියන තැනැත්තන් වහන්සේ සාමාන්ය යෙන් නො කියා යටමාලේ හිණි පාමුල දී පොළොවට වදිති යි බිම් නියමයත් කියාලූ ය. සත්වන දවස ය යි දවසත් නියම කොට ලූ ය. මෙ වක් පටන් සද්දවස ඉක්මෙන තෙක් යටමාලට නො බසිමි. “යටමාලට නො බට කල හිණිපාමුලත් නැත. මේ අතුරට අප සුදුසු කාරණය සිතන බව නොදත් වන. උඩුමාලට පෝරු විනා පොළොවක් නැති බැවින් භූමි නියමය වැරදීමෙන් කාල නියමයත් වරදනේ ය. මේ දෙක ම වැරදිකල උන් කී බසත් වරදනේ ය. එකල බුදුන් බොරුවෙන් හසු කෙරෙමි”යි සිතා තමනට අනුභවයට නිසි සියල්ලක් ම සත් මහල් ප්රාෙසාදයෙහි මුදුන් මාලෙහි තබා ගෙණ සත්මහලේ ම ඉණිමං පන්ති උගුළුවා ඉවත් කොට මාලෙන් මාලෙහි මහදොරවල් අගුලු ලවා එකි එකී දොරකඩ මල්ලවයන් දෙදෙනකු බැගින් සිටුවා “මා ඉදින් සිහි නැති ව යටට බසිතොත් අල්වා රඳව” යි මල්ලවයන්ට අරතර ව ම සමමත කොට සත්වන මහලේ ශ්රීැ යහන් ගබඩාවට වැද හුන්හ. බුදුහු මොහු කළ සියලු ප්ර යොගය ම අසා භික්ෂූ න්වහන්සේට වදාරණසේක් “එම්බා මහණෙනි! ඒ සුප්රගබුද්ධයන්






462 සද්ධර්ම්රත්නාකරය [34 පරිච්ඡෙදය

මතුමහල්තලය තබා අහසට නැගිලා හුන්නත් නැව් නැගී ගොස් මුහුදු මැද හුන්නත් පර්වහත විවරයකට වැදලා හුන්නත් මේ අකුසලයෙන් පොළොව ගලන්නේ නියම ය. එතෙකුදු වුවත් කියාලූ සත්වන දවස් තමා වසන මාලිගාවෙහි හිණිපාමුල දී භූමි වදනේ බුදුන් සිඟා වැඩලා නැවැත විහාරයට වැඩි කල්හි සුප්රණබුද්ධ ශාක්යේයන්ගේ මංගලඅශ්වයා යට මාලෙහි සිටියේ උන්මත්ත ව ගොස් භිත්තිවල පහරණේ ය. එසඳ උඩුමාලේ හුන් සුප්රහබුද්ධ ශාක්යවයෝ ඒ ශබ්දය අසා “කිමෙක් දැ?” යි විචාළහ. එසඳ එතන සිටියෝ කියන්නාහු “දෙවයන්වහන්ස! නුඹවහන්සේගේ මංගල අශ්වයා උන්මත්ත ව ගැසෙන්නේ ය. නුඹවහන්සේ දැක මුත් නො සංහි‍ඳෙ”යි කිවූ ය. එබස් අසා ඔහු සංහිඳුවනු පිණිස උන් තැනින් නැඟීසිට දොර සමීපයට ගියහ. එසඳ ඔහුගේ අකුසලානු භාවයෙන් දොර තෙමේ ම ඇරීගියේ ය. ඉවත් කරවූ හිණිමං මතු තුබු තුබූ තැන ම පිහිටියේ ය. දොරකඩවල රැක සිටි මල්ලවයෝ ඔහු දොර කඩින් පිටත් වන්ට යන බව දැක අල්වා උඩු මාලට දමම්හ යි සිතා සුප්රවබුද්ධයන් අල්වා යටමාලට දැමූහ. මෙසේ මල්ලවයන් මහලින් මහලේ සිට ම පාත බලා දැමූ කල්හි සුප්රයබුද්ධයන් යටමාලේ හිණිපාමුලට පැමිණ සිටි සඳ දෙලක්ෂැසතළිස් දහසක් යොදුන් ඝනකට බොල් මහපොළොවින් එක්ලක්ෂමවිසිදහසක් පස්පොළොව විවර ව සුපබුද්ධයන් ඇදගෙණ ගොස් අවීචියෙහි හෙළී ය. එසේ හෙයින් නුවණැත්තවුන් විසින් සුප්රඇබුද්ධයන් අකුසලයෙන් මිදෙනු පිණිස කෙතෙක් උත්සාහ කළත් නො මිදුනු නියා දැන නවලොකොත්තර සද්ධර්මල නැමැති ප්රාණසාදරූඪ ව නිවන් සැප වළඳන්නට සිතන්නවුන් විසින් සියල්ලවුන් කෙරෙහි ම මෛත්රීා කොට සකලක්ලෙශයන් සංහිඳුවා නිවන්පුර පැමි‍ණෙන්ට උත්සාහ සිතුව යහපති. මේ සුප්රලබුද්ධ ශාක්යනයන් කළා වූ දෘෂ්ට ධර්මිවෙද්යකඅකුශලකර්ම්යෙක.

තවද, දෙවිදත් මහතෙරු විසින් බුද්ධාණත්තිය උගුළුවා සඞඝයා භෙද කොට බුදුන්ට අපරාධ ලෙස බොහෝ ප්රපයොග කෙරෙමින් වධ යොදා කළා වූ අකුශලකර්මෙය ඕහට මේ ආත්මභාවයෙහි ම විපාක දීමෙන් භූමිය විවර කොට ගෙණ ගොස් අවීචිමහා නිරයෙහි හෙළා විඳුවයි. ඒ අකුශලකර්ම්ය ද දෘෂ්ටධර්ම වෙද්යය අකුශලකර්මනය නම් වෙයි.

තවද, දෙවදත්තසථවිරයන්වහන්සේට ශ්රාකවක වූ කොකාලික මහණතෙම සැරියුත් මහමුගලන් දෙදෙනාවහන්සේ







දෘෂ්ටධර්මමවෙද්යතකර්ම්] කර්ම විභාගකථා 463

කෙරෙහි ඊර්ෂ්යාලවෙන් නො තකා තමාගේ විවරක් නො දැන බිණුවා වූ අකුශලවිපාකයෙන් එම ආත්මභාවයෙහි පොළොව පළාගෙණ ගොස් පදුම නම් නිරයෙහි හුනුයේ ය. මෙයිදු දෘෂ්ටධර්මගවෙද්යුඅකුශලකර්මර ය.

තවද, සැවැත් නුවර නන්දග නම් ගොඝාතකයෙක් පණස් අවුරුද්දක් මුළුල්ලෙහි ගොඝාතක‍වකර්මනයෙන් ජීවත්වනුයේ එක් දවසෙක බත් අනුභව කරන්ට හුන්නේ මාංස නැති ව බත් නො කන හෙයින් එදවස් මස් නො ලැබ පට්ටියෙහි සිටි ජීවමාන ගොනකුගේ දිව කපා ගෙණ අඟුරු මුදුනෙහි ලා පලහා අනුභව කරන්ට පටන්ගත. එකල්හි ඒ දිව අනුභව කරන්නා තබා ඊට පළමු තමාගේ දිව මුලින් කැඩී ඒ බත්ගොඩහි වැටින. එකල්හි හේ මහ හඬින් හඬහඬා කාලක්රිායා කර නිර‍ා වන. මෙයිදු දෘෂ්ටධර්මිවෙද්යහඅකුශලකර්මායෙක.

තවද, නන්ද‍ නම් යක්ෂයයෙක් එක්තරා යක්ෂියකු හා සමග කිසි කටයුත්තක් පිණිස අහසින් යනුයේ දම්සෙනෙවිසැරියුත් මහතෙරුන්වහන්සේ රාත්රිිභාගයෙහි දික් නො වූ කෙසමස්සු ඇති ව අබෙභාකාසයෙහි වැඩහුන් බව දැක “හිසට පහරක් දෙනු කැමැත්තෙමි” යි එක් ව යන යක්ෂනයාට කී ය. ඔහු මහත් කම්පාවට පැමිණ “නො කළ මනා දෙය නො කරව” යි කියා වැළැක්විය දී ම පහළේ ය. එසඳ උන්වහන්සේගේ හිස පුළුන් රළක් වැදගත් පමණක් නො දැනුනේ ය. එසේ ද වුවත් එම අකුසලවිපාකයෙන් එවිට ම දර්ශැනාවසානයෙහි දී පොළොව පළාගෙණ අවීචියෙන් මහත් ගිනික‍ඳෙක් දිව අවුත් හඬව හඬවා ඔහු වෙළා ඇදගෙණ ගොස් අවීචියෙහි හෙළී ය. මෙයිදු දෘෂ්ටධර්මඬවෙද්යළඅකුශලකර්ම යෙක.

තවද, මේ බුදුසස්නෙහි අග්රදශ්රාවවිකාතනතුරුලත් උත්පලවර්ණාෙ නම් මෙහෙණ තොමෝ මේ මහාභද්රයකල්පයට සට ලක්ෂටයක් වන කපින් මත්තෙහි එක බුදුකෙනෙකුන්වහන්සේගෙන් සාර වූ සාර නම් කල්පයෙහි බුදු වූ පියුමතුරා නම් බුදුන් සමයෙහි ද්විතීය අග්ර ශ්රාරවිකා වූ අසමා නම් භික්ෂුුණියක දැක “මම ද මෙසේ ම බුදු කෙනෙකුන්වහන්සේට අග්රරශ්රාාවිකා වෙම්ව” යි කියා උන්වහන්සේගේ ශ්රී පාදමූලයෙහි වැදහෙව උන්වහන්සේ අතින් “මෝ තොමෝ මේ කල්පයට ලක්ෂ යක් වන කපින් මත්තෙහි ගෞතම නම් බුදුකෙනෙකුන්ගේ ශාසනයෙහි මහණ ව උත්පලවර්ණා






464 සද්ධර්මාරත්නාකරය [34 පරිච්ඡෙදය.

ස්ථවිරාය යන නමින් විතීය අග්රනශ්රා4විකා ව නිවන් දකි”යි විවරණ ලැබ එතැන් පටන කප්ලක්ෂයයක් මුළුල්ලෙහි දානාදී වූ කුසල් රැස් කොට දිව්යද මනුෂ්යි ලොකයෙහි සැරි සරමින් දිව්ය‍ මනුෂ්යෙසම්පත් වළඳා අප බුදුන් බුදු වූ මේ බුද්ධොත්පාදයෙහි දෙව්ලොවින් චුත ව අවුත් සැවැත් නුවර සිටුකුලයක ඉපිද නිලුපුල්දමක් මෙන් ප්ර්භාසම්පන්න ව ශොකමාන වූ රූපශ්රි්යක් ලදහ. මෙසේ නිල්පුල්දමක් වැනි වූ ශරීරවර්ණ‍යක් ඇති හෙයින් “උත්පලවර්ණායදෙවි ය” යි නම් තුබූ හ.

එක්බිති ඒ උත්පලවර්ණාෙ දෙවිතොම වැඩි විය පැමිණ යෞවන ප්රාුප්ත ව දුටු දුටුවන්ගේ නෙත්රසයෙහි ඇඳි රසාඤ්ජනයක් මෙන් නෙත්රි ශිශිරත්වපයට පමුණුවා මනොනන්දගනය කරවන්නාහ. එකල ජම්බුද්වීපයෙහි මොවුන්ගේ රූපශ්රිුය ඇසුවා වූ රජ යුවරජ ශ්රේෂ්ඨි ආදීහු උත්පලවර්ණා දෙවීන්ගේ පීතෘ වූ සිටානන්ට බොහෝ පඬුරු ගමන්කරවා උත්පලවර්ණා දෙවීන් ගෙන්වා‍ගන්ට බොහෝ ප්රතයත්න කොට දූතයන් යැවූහ. එකල්හි උත්පලවර්ණාග දෙවීන්ගේ පීතෘ වූ සිටුතෙම සිතනුයේ “මම දැන් මෙකී රජ යුවරජ සිටුවරුන්ගෙන් එකක්හට මාගේ දුව පාවා දනිමි නම්, සෙසු හැම මට සතුරු වෙති. එසේහෙයින් ඒ සියල්ලවුන් ම මට මිතුරු වන ලෙස උපායක් කෙරෙමි” යි සිතා තමන්ගේ දුහිතෘ වූ උත්පලවර්ණාන දෙවීන් ලඟට කැඳවා කියන්නේ “අම්ම ! නුඹ පිණිස මේ දඹදිව රජයුවරජඇමැති සිටුවරුන්ගෙන් පඬුරු පාක්කුඩම් නො එවූ කෙනෙක් නැත, එසේ හෙයින් තී ඒ සියල්ලවුන්ට ම චිත්ත වෙදනා නො කරවා මහණ වන්ට කැමැති වන්නී දැ?” යි විචාළේ ය.

එකල උපුල්වන් දේවී ද ‘තුමූ මෙම ජාතියෙහි අපගේ බුදුන්ට අග්රයශ්රාරවිකා වන්ට කප්ලක්ෂ යක් පාරමිතා පුරා ආ කෘතාධිකාර උත්තම ස්ත්රිරයක හෙයිනුත් නිවන් දක්නා පශ්චිමාත්මභාවය හෙයිනුත් පිය සිටුහු කීවා වූ වචනය ශතපාකසහස්රිපාකතෛලයක් හිස සිහිල් වන ලෙස මුදුනෙහි වත්කළාක් මෙන් මුදුනෙන් පිළිගෙණ මහත් සමාධීන් “යහපත, මහණවෙමි” යි කීහ. එකල්හි සිටුතෙම මහත් සත්කාර කොට දියනියන් වෙහෙරට කැඳවා ගෙණ ගොස් මහණ කරවී ය. එකල්හි මහණ වූ නොබෝ දවසකින් ම භික්ෂුමණීන් ම පොහොය කරන්නා වූ උපොසථ සාලාව හමදනා පිළිවෙළින් ම වත් කිරීම මුන්ට පැමිණියේ ය. එදවස් මෝ තොම පහන් ලමින් පොහොගෙය වත් කොට කුණු දමා හස්තපාද ධොවනය කොට පොහොගෙයි සිට ඇවිලෙන්නා වූ පහනක් බලා ගෙණ සිට ඒ ඇවිල නැගෙන්නා වූ ප්රටදීප ශිඛාව ම නිමිත්ත කොට ගෙණ නැවතත්






උත්පලවර්ණාූවචරිත.] කර්මිවිභාගකථා 465

එම ප්රරදීපය ම බල බලා සිට තෙජොකසිණය අරමුණු කොට ධ්යා5න උපදවා එම ධ්යා්නය පාදක කොට ගෙණ සතරමඟ සතර ඵලයට පැමිණ සිවුපිළිසිඹියාපත් රහත් ව අමාමහනිවන් දුටහ.

මෙසේ මාර්ගනඵලප්රාොප්ත වූ ඒ උත්පලවර්ණාණ ස්ථවිරීතොම එයින් මෑත භාගයෙහි දවසෙක ජනපදචාරි‍කාවෙහි ගොස් ගම්නියම්ගම් රාජධානි පිළිවෙළින් දනවු සැරිසරා ඇවිද නැවැත අවුත් අන්ධගවනයෙහි වැද උන්නී ය. එකල්හි එතැන්හි ශ්රිද්ධාවත් උපාසකයෙක් කිළියක් කැප ලෙස කරවා දෙමින් යානක් පණවා වටතිර ඇද පරික්ෂිචප්ත කෙළේ ය. එකලට භික්ෂු ණීන් අරන්යායෙහි වාසය කිරීම් බුදුන් විසින් නො වළකන ලද්දේ ය. එසේහෙයින් ඒ අන්ධ වනය මැද කැප කිළියෙහි වසන්නා වූ උත්පලවර්ණා් මහා ස්ථවිරිතොම දවසෙක ඒ අන්ධි වනයෙහි සිට පෙරවරු ගැටවටු ගන්වා පාත්රදය අතින් ගෙණ පිඩු පිණිස සැවැත්නුවරට නික්මුනාය. ඒ උත්පලවර්ණාරමහාස්ථවිරීන්ගේ මයිලනුවන්ගේ පුත්රන වූ නන්ද.මාණවක නම් පුරුෂයෙක් ඒ උත්පලවර්ණා් ස්ථවිරීන් ගිහි කාලයෙහි පිළිබඳ සිත් ඇත්තේ ඔවුන් ජනපදචාරිකාවෙහි ගොස් අන්ධ‍වනයට ආ බව අසා එදවස් උන් පිඬු පිණිස සැවැත් නුවරට වන් නියා දැන තෙමේ ඒ මහාස්ථවිරින් එන්ට පළමු ව අන්ධ්වනයට ගොස් එවුන් සැතපෙන ගෙට වැද ඇඳයට සැඟවී හුන්නේ ය. එකල්හි උත්පලවර්ණා මහාස්ථවිරී ද සැවැත්නුවර දී වළඳාලා පස්වරු භාගයෙහි තමා ‍වසන වනයට අවුත් ගෙට වැද දොර වසා ඇඳපිට උන්කල්හි බැහැර සිට අව්වෙහි අවුත් ගෙයි හුන් හෙයින් ඇඳිරියක් මෙන් ගෘහගර්භහය ඉඳුරා නො පෙණින. එකල්හි අධොමංචයෙහි නිලීන ව හුන් නන්දෙමාණ වකතෙම එළිබැස මංචකමස්තකාරූඪ ව “අඥානය! තෝ නොනැසෙව. නො නැසෙව”යි කියා වැළකිය දී ම ස්ථවිරීන් අභිභවනය කොට තමා ප්රාසර්ථිතකර්මනය සිර්ඩි කොට ගෙණ ගෘහයෙන් නික්මුනේ ය. ඉක්බිති ඒ නන්දසමාණවකයා කළා වූ අධර්මයය දුටුවා වූ මහාපෘථිවි තොම ධරාගත නො හී විවර වූවක් මෙන් ඒ ක්ෂවණයෙහි මහපොළොව දැදුරු ව ස්ථවිරීන්ගේ දර්ශොනාවසානයෙහි පොළොව විවර වූ තැනින් අවීචියෙන් ගිනිදැල් අවුත් නන්දරමාණවකයා වෙළා ගෙණ ගොස් අවීචියෙහි ම හෙළී ය. මෙයිදු දෘෂ්ට ධර්මරවෙද්යාාඅකුශලකර්ම නම් වෙයි. “මේ දෘෂ්ටධර්මිවෙද්යයකර්මනයෙහි කුශලාකුශල විපාකය”යි දතයුතු. මෙසේ මෙකී කුශල අකුශල කර්මයයෝ ඉහාත්මභාවයෙහි විපාක දී ගත නුහුනුවාහු නම් ඉදින් මත්තෙහි කිසි කලෙක විපාක දී ගත නො හෙන්නාහු ය. එසේ හෙයින් අභාවකර්මෙ නම් වේ.

30






466 සද්ධර්මමරත්නාකරය. [34 පරිච්ඡෙදය

“ දි‍ට්ඨධම්මවෙදනීයං - පඨමං ජවනං භවෙ, අලධාසෙවනතතා තං - අසමත්ථංහ භවනතරෙ.”

මේ දෘෂ්ටධර්ම්වෙද්යමකර්මංය ය. උප්පදයවෙද්යමකර්මම නම් කවරැ? යත්:- සත්වන ජවන චෙතනාව උප්පද්යඨවෙද්යමකර්මං නම් වේ. ඒ උප්පද්යයවෙද්ය්කර්ම ය කළා වූ සත්වචයාහට මේ ආත්මභාවයෙන් චුත ව ගිය කල දෙවන ජාතියෙහි විපාක දෙන්නේ ය. ඒ උප්පද්යආවෙද්යුකර්ම ය වනාහි කුශලපක්ෂ්යෙහි අෂ්ට සමාපත්ති වශයෙන් විපාක දෙන්නේ ය. අකුශලපක්ෂවයෙහි පංචානනතය්ය්ය වකර්මය වශයෙන් විපාක දෙන්නේ යයි දතයුතු. එයින් කුශලය අෂ්ටසමාපත්තිවශයෙන් විපාක දීම නම්, අෂ්ටසමාපත්තිලාභී වූ උත්තම පුරුෂයෙක් සත්සමාපත්තියක් තබා එක සමාපත්තිලාභී වූ උත්තම පුරුෂයෙක් සත්සමාපත්තියක් තබා එක සමාපත්තියෙකින් බ්ර්හ්ම ලොකයෙහි උපදනේ ය. සෙසු සමාපත්තීහු එහි ම අන්තගීත වන මුත් සමාපත්තියකට ජාතියක් බැගින් නූපදනේ ය. එසේහෙයින් සෙසු සමාපත්ති කුශලකර්මතය අභාවකර්මි නම් වේ. මේ උප්පද්ය වෙද්යග කුශලකර්මයය.

උප්පද්යාවෙද්යතඅකුශලකර්මමය නම්, ඉදින් කිසි පාපීපුරුෂයෙක් මාතෘඝාතක කර්මදය ද, පිතෘඝාතක කර්මමය ද, අරහන්තඝාතක කර්මමය ද, ලොහිතුප්පාදක කර්ම-ය ද, සංඝභෙදක කර්මපය දැයි යන මේ පංචානනතය්ය් මා කර්මකය ම කෙළේ ද, ඒ තෙම නියත ගති කර්මං කළ හෙයින් මේ ආත්මභාවයෙන් චුත ව දෙවන ජාතියෙහි එකාන්තයෙන් ම නිරයෙහි ඉපිද කල්පයක් මුළුල්ලෙහි මහදුක් විඳිනේ ය. ඒ ආනනතය්ය්න් කර්ම සතරදෙනා එහි ම අන්තර්ගෙත වන මුත් එක එක ආනනතය්ය්ද කර්මයයකට වෙන වෙන ම විපාක දෙන්ට වෙන වෙන ම ප්රිතිසන්ධි‍ නො දෙන්නේ ය. මේ කර්ම්ස්වභාව යයි දතයුතු. මේ උප්පද්ය්වෙද්යනකර්ම ය ද දෙවන ජාතියෙහි කිසියම් කාරණයකින් විපාක දී ගත නුහුයේ වී නම්, මත්තෙහි කවර කලෙකත් විපාක නො දෙන බැවින් යට කී මෘගව්යාහධොපමායෙන් ම අභාවකර්මක නම් වේ. අහොසිකර්ම ය නමුදු එම වෙයි. මේ උප්පද්ය්වෙද්යෙකර්මයෙහි කුශලාකුශල නම.

“ වෙදනීයනතුපපජජ - පරියොසානම්රිතං, පරිනිටඨිතකමමතතා - විපචිචති අනනතරෙ.”







යද්ගුරුකර්මමකථා.] කර්මතවිභාගකථා 467

මේ යට කී එක් වැනි සත්වැනි ජවනචිතතයන්ට අතුර සිටි පංචජවනචිතතයෝ අපරාපය්ය්ැන වෙද්ය කර්මනයෝ නම් වෙති. ඒ අපරාපය්ය්තයෝවෙද්යිකර්මයයෝ නම් කවරැ? යත්:- අපරාපය්ය්් නවෙද්යරකර්මයය කළා වූ සත්වපයන්ට මේ ජාතිය දෙවන ජාතිය තුන්වන සතරවන දසවන සියක්වන දහසක්වන ලක්ෂවයක් වන ජාතියෙහි ද එයින් මත්තෙහි අසවල් වන ජාතියෙහි විපාක දෙයි යන නියමයක් නැත්තේ ය. ඒ අපරාපය්ය්් වෙද්යයකර්මදය කළා වූ සත්ව්යන් නිවන් නො දක්නා තෙක් ම මේ අතුර අවසර ලත් විටක විපාක දෙන්නේ ය. ඔහු නිවන් නො දැක සසර සිටිනා තෙක් කල් මුළුල්ලෙහි දැන දැනැයි කියා අවසර බලා විපාක දෙන්ට ම සිටිනා මුත් අභාවකර්මු නො වන්නේ ම ය. කුමක් මෙන් ද? මුවැද්දෙකු සුනඛයකු ගෙණ දඩ ගියේ මෘගයෙකු දැක සුනඛයාට දැක්වූ කල්හි ඒ සුනඛතෙම සමාන චතුෂ්පදිකයා හෙයින් පසුපස්සෙහි නො හැර ම “දැන් ගණිමි. දැන් ගණිමි”යි සිතා ලුහුබඳවා දුවන්නේ අවසරයක් ලත් විටෙක ම අල්වන මුත් නිරුත්සාහව ම නො සිටිනේ ය. එපරිද්දෙන් ම මේ අපරාපය්ය්නිරවෙද්යනකර්මයය නො නැසී විපාක දෙන්ට තිබෙන පරිදි නම්, කිසිවෙක් තමා ඉපයාගත් ධාන්ය්යක් කොටුවෙක්හි රැස් කොට තබාලා පමණක් ගෙණ ප්රවයොජන විඳිමින් අමුතුව අමුතුවත් ඉපයූ ධාන්යවය කො‍ටුවෙහි ම රැස් කෙරේ ද, මඳක් ප්රවයෝජනයට ගෙණ බොහෝ ව උපයා රැස් කරණ බැවින් කොටුගුලු පිරුණු වන ම තිබේ ද, එමෙන් අපරාපය්ය්ෝ වෙද්ය කුශලකර්මනයෝ ද සමහරක් විපාක දුනත් බොහෝ සේ කොටුගුලුවල රැස් කළ ධාන්යරය මෙන් මතු මත්තෙහිත් විපාක දෙන්ට ම සිටිනාහුය. ඒ අපරාපය්ය්්පමවෙද්යවකර්ම යෙන් මුක්ත වූ සත්වපයෙක් මේ ලොකයෙහි නො ම ඇත්තේ ය.

“ සෙසානි වෙදනියානි - පරියායෙ පරෙ පන, ලඬාසෙවනතො පාකං - ජනෙතති සති වච්චයෙ.”

මේ අපරාපය්ය්නියවෙද්යචකර්මයය නම් වේ. යද්ගුරුකර්මය නම් කවරැ? යත්:- කිසිවක්හු විසින් කරණලද්දා වූ කුශල කර්මෙයට අකුශල කර්මමය ගුරු ව තිබේ ද, අකුශලකර්ම යට කුශලකර්ම ය ගුරු ව තිබේ ද, ඒ යදිගුරුකර්මේය නම් වේ. කෙසේ ද, ඒ වනාහි කුශල පක්ෂ්යෙහි සධාතුකචෛත්යරබන්ධ නාදී වූ මහාර්ග් කුශලයක් කෙළේ කුන්ථ කිපිල්ලිකාදී වූ ලඝු ප්රාසණියක්හු ජීවිතෙන්රි‍ මුයෙන් තොර කෙළේ ද, අකුශලපක්ෂියෙහි කිසිවෙක් පංචානන්තය්ය්හ






468 සද්ධර්මාරත්නාකරය. [34 පරිච්ඡෙදය

කර්‍මය කෙළේ අශුඬ චෙතනා‍වකින් සුනඛාදියක්හට ආහාර ලොපාර්ඩායක් දුන්නේ ද, මෙයින් මහාර්ඝච වූ කුශලය දියමුදුනෙහි තුබූ මුං ඇටක් පමණ වී නුමුත් අකුරෙක් හෝ යගුළියෙක් හෝ දියපිට ඉල්පෙන්ට නො හැකිව ඇතුළෙහි ම දියෙහි ගැලේ ද, එපරිද්දෙන් කුශලය බර හෙයින් එම පළමු විපාක දෙන්නේ ය. අකුශල පක්ෂ යෙහි පංචානන්තය්ය්ුශලකර්මයෙහි ද, මෙසේ මැයි. මේ යද්ගරුකර්ම නම් වෙයි.

යද්බහුකර්ම නම් කවරැ? යත්:- යමක්හු විසින් කරණලද කුශලාකුශලකර්ම දෙකින් වනාහි යමෙක් බහුල වේ ද? ඒ කර්මය යද්බහුල නම් වේ. හෙද බොහෝ කාලයක් ලබ්ධාසෙවන වශයෙන් දත යුත්තේයි. යමෙක් වනාහි බලවත් වූ කුශලකර්මයෙහිත් සොම්නස් උපදවා ද, අකුශලකර්මයෙහි බහුල වූ සන්තාප උපදවා ද, මේ යද්බහුලකර්ම නම් වේ. කුමක් මෙන් ද? යම් සේ මල්ලවයන් දෙදෙනෙකු යුද්ධභූමියට බැස යුද්ධ කරණ කල්හි එයින් බලවත් එකෙක් දුර්බලය හෙළා නික්මේ ද, එපරිද්දෙන් ම දුර්බල කුශලානුකර්මය යද්බහුල වශයෙන් විපාක දෙන්නේ ය. මේ යද්බහුලකර්ම නම් වේ.

යදාසන්නකර්මය නම් කවරැ? යත්:- යම් සත්ව කෙනෙක් කුශලාකුශලකර්ම දෙක ම කෙළේ ද? එහෙයින් ඔහු මරණාසන්නයෙහි අකුශලයෙක් සිටි වී නම් අපායෙහි හෙන්නේ ය. කුශලයෙක් සිහි වී නම් දෙව්ලොව ඉපිද දිව්යනසම්පත් විඳින්නේ ය. කුමක් මෙන් ද? යම් සේ සග මහලු නෙලකාදි වූ බොහෝ ගවයන් ගවපාලයෙක් සවස රැස් කොට ගෙණවුත් ගාලෙහි ලා උදෑසන අවුත් ගවයන් තණ බිමට හරිණ පිණිස ගාල් දොර ඉදිහළ කල්හි එහි පුරාසිටි ගවයන්ගෙන් බලවත් වෘෂභරාජයන් ඇතත් ඉදිදොරකඩට ලංව සිටි මහලු ගවයෙක් හෝ වස්සෙක් හෝ බලසම්පන්න වෘෂභයෙක් හෝ සිටියේ වී නම් ඉදිදොර සිටි එකා පිටත් වූ කල මුත් සෙසු ගවයන් නික්ම යන්ට අවසර නො පෙණෙන්නේ ය. එපරිද්දෙන් ම කළ කුසල් අකුසල් කොපමණක් ඇතත් මරණාසන්නයෙහි ප්රදස්තුති ව චුතිචිත්තයට ආසන්න වූ කුශලකර්මණයක් පළමුවෙන් විපාක දෙමින් මාර්ගවඵලයකට නො පැමිණියොත් තෙසු කුසල් අකුසල් විපාක දෙන්නේය. හේ එසේමැයි:—








දමිළදොවාරිකචරිත.] කර්මාවිභාගකථා. 469

යටගිය දවස මධුඅඞගණ නම් ග්රාලමයෙක්හි වසන්නා වූ දෙමළ දොවාරික පුරුෂයෙක් හැම දවස්හි උදෑසන්හි ම සිට බිළී කටු ලනු ගෙණ ගොස් බිළී බා ගෙණවුත් ගෙණා මච්ඡයන් තුන් භාගයක් කොට එක්භාගයක් දී සහල් ගෙණ එක්භාගයක් දී කිරිදීතෙල් ගෙණ එක්භාගයක් නිසි ලෙස පිස පුත්රෙදාරාදී වූ සියල්ලන් හා අනුභව කොට ජීවත් වෙයි. මෙසේ ප්රාතණඝාත කොට වසන්නා වූ ඒ දෙමළ දොවාරික තෙම පණස් අවුරුද්දක් ඉක්මුනු කල්හි මෑතභාගයෙහි වෘද්ධව යා ඉය ගත නො හී ගෙයි ම අනුට්ඨාන සෙය්යාකවට පැමිණියේ ය.

එකල්හි ගිරිවාහාර වාසී වූ චුල්ලපිණඩපාතිකතිසස සථවිරයන්වහන්සේ දවසෙක එගමට සිඟා වැඩිසේක් එකල්හි මේ අනුට්ඨාන සෙය්යාිවෙන් සැතපෙන්නා වූ පුරුෂයා දැක ඔහුගේ ගෘහසමීපයට ගොස් වැඩසිටිසේක. එසඳ ඔහුගේ භාය්යාුෂ තොමෝ දොරකඩට කර පොවා තෙරුන්වහන්සේ දැක නැවැත ගෙට වැද තමන්ගේ වල්ලභයාට කියන්නී “හිමියානෙනි! එක් තෙරකෙනෙකුන්වහන්සේ දොරකඩ සමීපයට වැඩිසේකැ”යි කිවූ ය. එබසට දෙමළ දොවාරිකතෙම කියනුයේ “එම්බල! දැන් පණස්අවුරුද්දක් දක්වා මේ ගම්හි වැස තෙරකෙනෙකුන්වහන්සේ ලඟට යෙමි ද? තෙරුන් වහන්සේට ආ පසු වඩින්ට කියාලව”යි කී ය. එබස් අසා ඒ මැහැලි කියන්නී ස්වාමීනි! මෙතෙන ප්ර්ස්ථාව නො වෙයි. අනික් ගෙදරකට වැඩපුව මැනැවැ”යි කිවූ ය. එබසට තෙරුන්වහන්සේ කියනසේක “එම්බා උපාසිකාවෙනි! තොපගේ වලලභයානන්ට ශරීර ආයාස කිම් දැ?”යි විචාළසේක. එබසට “ස්වාමීනි! දුර්වලකම් වැඩිය” යි කිව.

එබස් අසමින් තෙරුන්වහන්සේ ඇතුළුගෙට වැද ඕහට කියන‍ සේක් “එම්බා පුරුෂයානෙනි! තොප මදක් සිහි උපදවා ගෙණ පන්සිල් ඇරගණුව”යි කී සේක. ඒ අසා යහපතැ යි කීය. තෙරුන්වහන්සේ ඔහු ත්රිනවිධ ශරණයෙහි පිහිටුවා පන්සිල් දෙන්ට පටන්ගත් සේක. එසඳ පන්සිල් ගෙණ නිමි කල්හි ම තෙරුන්වහන්සේ වැඩපු සේක. උන්වහන්සේ වැඩි නොබෝ කලෙකින් ම කාලක්රිතයා‍ කොට ආසන්න කුසලානුභාවයෙන් නිදා පිබිදියකු මෙන් චාතුර්මෙභාරාජිකදිව්යනලොකයෙහි යොදුන් ගණන් උස දිව්ය්ප්රාිසාදයෙක දිවසෙනග පිරිවරා දිව්ය්ශ්රීෙ ශොභාවෙන් බබලමින් උපන එසඳ ඒ දෙමළ දොවාරික තෙම දෙව්ලොව ඉපිද ඒ ක්ෂෙණයෙහි ම කවර කුසලයකින් මේ දිව්යා ලොකයෙහි උපන් නියා වේ දැ?”යි දිවැසින් බලනුයේ තෙරුන්







470 සද්ධර්මවරත්නාකරය [34 පරිච්ඡෙදය.

වහන්සේ දුන් පංචශීලානුභාවයෙන් ලත් දිව්ය සම්පත්තිය බව දැක ඒ ක්ෂසණයෙහි ම දිවසෙනග පිරිවරා දෙව්ලොවින් නික්ම අවුත් තෙරුන්වහන්සේ දැක පසඟ පිහිටුවා වැඳ සක්මන් කෙළවර සිටියේ ය. තෙරුන්වහන්සේ දිව්යඟපුත්රැයා දැක “එම්බල! තෙපි කිනම්හු ද? කවර දෙව්ලොවක සිට දැන් අවු දැ?”යි විචාළසේක. එබසට දිව්යකපුත්රිතෙම කියනුයේ “ස්වාමීනි! නුඹවහන්සේ පන්සිල් දුන් දෙමළ දොවාරිකයා”යි කී ය. එම්බා! තොපි කොතැන්හි ඉපිද මෙතැන්හි අවුදැ?”යි කියා වදාළසේක. “ස්වාමීනි! චාතුර්මිභාරාජිකභව‍නයෙහි ඉපිද ඔබවහන්සේ දැක වැඳ වඩ වඩා කුශල වර්ධ නය කොට ගන්නා පිණිස මෙතැන්හි පැමිණියෙමි”යි කියා තෙරුන්වහන්සේ ප්ර‍දක්ෂි්ණා කොට වැඳ නැවැතත් තමා වසන දිව්ය ලොකයට ම ගොස් දිවසිරි විඳින්නේ ය. මේ යදාසන්න කුශලකර්ම්යෙහි විපාක ය.

යදාසන්න අකුශලකර්මනය නම් කවරැ? යත්:— සිරිලක අන්තර ගංගා නම් ගම මහාවාචකාල නම් උපාසකයෙක් තෙම වසනු යේ ය. ඒ උපාසකයා බුද්ධශාසනයෙහි ප්රනසන්න ව දානමානනාදී කුසල් කෙරෙමින් මාර්ගනඵල උපදවනු පිණිස ධ්යාෙනභාවනා කරණු කැමැත්ාතේ සෝවාන්මාර්ගාඵල ලද මැනැවැ යි කියා තිස් ‍අවුරුද්දක් මුළුල්ලෙහි වත්තිංසාකාර කර්ම ස්ථාන භාවනා කෙරෙමින් ඒ තාක් කල් මුළුල්ලෙහි ආලොක පමණකුත් නො ලැබ සිතනුයේ “දැන් තිස්අවුරුද්දක් මුළුල්ලෙහි සෝවාන් මාර්ග ඵල ලබනු පිණිස වත්තිංසාකාර කර්ම්ස්ථාන භාවනා කෙළෙමි. එසේ භාවනා කොට වෙහෙස විඳත් ආලොක පමණකුත් නො ලදිමි. එසේ හෙයින් මේ බුද්ධශාසනය නෛය්යාො ණික නො වන සැටි ය. ශුද්ධ වූ බුද්ධශාසනයක් වී නම් මේ කළාවූ භාවනාවෙන් මාර්ග‍ඵලයක් ලද මනා වේ ම ය. මාර්ගශඵලයක් නොලදුවේ අශුද්ධ නිසා වේ දැ”යි දෘෂ්ටි විපය්යාම ය සයට පැමිණ තමාගේ හේතුව නුමු කළ බව නො දැන නෛය්යාද් ණික ධර්ම්යට අනාදර සිතුයේ ය. ඒ සිතුවා වූ දෘෂ්ටි විපය්ර්න‍යාස චිත්තය මරණාසන්නයෙහි ප්රිස්තුත ව ඒ චිත්තය හා සමග කාලක්රිටයා කොට මහවැලිගඟ නවඉස්බක් පමණ දිග ඇති ව එපමණට සුදුසු මහත් ශරීරයක් ඇති ව කිඹුල් ව උපන්නේ ය. ඒ කිඹුලා ද දවසෙක ගොදුරු සොයා ඇවිදිමින් කසාතොටට පැමිණියේ ය. එදවස් ගල්ටැම් පිරූ ගැල් සැටක එපමණ බර අදින්ට සුදුසු පමණ ගවසමූහයක් යොදා ගැල් මෙගොඩ ගෙණෙනු පිණිස කසා තොටට පැමිණ මෙගොඩ එළවූහ. එකල්හි ඒ ටැම් පිරූ ගැල්








ජනකකර්මමවිභාග] කර්මඑවිභාගකථා 471

සැටත් අදනා වූ ගවසමූහයත් මේ සියල්ල ම ඒ කිඹුල්තෙම ගිලිමින්, තවද ක්ෂු ධාව සංසිඳුවා ගත නුහුනුයේ ය. මේ බුද්ධශාසනයට වරදවා සිතූ අනාදරයෙන් ලද්දා වූ යදාසන්තකඅකුශලකර්මු විපාක ය. මේ යදාසන්නකුශලාකුශලකර්මය නම් වේ.

කෘතත්වාකත්කර්ම‍ නම් කවරැ? යත්:— මෙයින් විනිර්මුක්ත ව අඥානවශයෙන් කළා වූ කර්මශ කෘතත්වා ත්කර්ම? නම් වේ. ඒ කර්මය වනාහි යම් සේ කුශලපක්ෂනයෙහි හෝ අකුශලපක්ෂවයෙහි හෝ පැමිණ විපාක දෙන කල්හි කිසියම් උමමතතක වූ පුරුෂ‍යෙක් දුනු හී ගෙණ තමා උමතු හෙයින් කොපමණක් ඇද කොතැන්හි කුමකට කුමක් පිණිස විඳිනා බවත් නො සලකා සැරය හැරපී ද, ඒ සැරය ගොස් හැදීමෙන් හෝ ලකින් හෝ ඍජු ව බැලීමෙන් හෝ මේ කිසි දෙයකිනුත් ගරුභාවයක් නැති ව ශරය ගොස් වැටේ ද, උමමතතකයා විදි ශරයෙහි කිසිවකිනුත් ගරු භාවයක් නැත්තා සේ කෘතත්වා ත්කර්ම විපාකය ද අනියම් ව ගරු භාවයකුත් නැති ව ප්රාසප්ත වූ යම් කිසි තැනෙක්හි අසාර ව විපාක දෙන්නේ ය. අඥාන භාවයෙන් නො දැන අසාර වශයෙන් වික්ෂිකප්ත ව කළාවූ කුශලා කුශලකර්මදයෝ එපරිද්දෙන් ම අගරු ව විපාක දෙන්නාහු යි. මේ කෘතත්වාාත්කර්ම‍ය නම් වේ.

ජනකකර්මය නම් කවරැ? යත්:- යම් කිසිවෙක් කුශලයක් කළ කල ඒ කළාවූ කුසලානුභාවයෙන් පිරිසිදු වූ ක්ෂයත්රිරයවංශයක ප්ර තිසන්ධි ලැබ යහපත් ලෙස ගභීපරිහාරය ලැබ උපන් කල්හි දු සත්කාර ලැබ එතැන් පටන් ප්රාවෘත්තියෙහි අනික් කර්මර විපාකයක් ජනිත ව වඩනට නුවූයේ ආහාර වස්ත්රි ශයනාසනාදී වූ ඓශ්චය්ය්බ ත් ලැබ ගත නො හී අපරපක්ෂකයෙහි චන්ර්න යා මෙන් අඩු ව අ‍ඩු ව අවුත් දුක්ඛිත ව ජීවත්වන්නේ ය. මේ ජනකකර්මච කුශලප්රරතිසන්ධිය නම් වේ.

ජනකකර්මඅකුශලප්රරතිසන්ධිය නම් කවරැ? යත්:- යම් සත්වයෙක් අකුශලයක් කොට ඒ තමා කළාවු අකුසලයෙන් දුඃඛිතවූ කුලයෙක හෝ හීන කුලයෙක හෝ දාසියක බඩ හෝ ප්රවතිසන්ධි ගණී. ඇය නිරන්තරයෙන් මෙහෙවරෙහි ව්යායවෘත වන කල්හි තැළි තැළී බොහෝ වෙහෙස විඳ ඔහු කන බොන වේලාවට කනබොන දෙයක් නො ලැබ ක්ෂුලධාවෙන් පීඩිත වන කල්හි එයිනුත් වෙහෙස විඳ ජාත වීමට නිසි ගෘහ මංචාදී වූ සැපතැනක් නො ලදින් පැමිණි තැනෙක ජාත ව සප්පාය වූ තෙලොදකභොජනාදියක් සුදුසු ලෙස නොලැබ දුක්ඛිත ජීවිකාවෙන් වර්ධ න වෙමින් මවුපියන්ගෙන් ලබන්ට වත්






472 සද්ධර්ම රත්නාකරය [34 පරිච්ඡෙදය.

එයින් ජීවත් වන්ට වත් කිසිවක් නැතත් ප්රිවෘතතියෙහි අනික් කර්මඵලයක් ප්ර සතුත ව පූර්වාවර්ධකමාසචන්ර්රියයා මෙන් වස්ත්රා්භරණ අන්නපානාදිය සම්භව රාජරාජමහාමාත්යාටදීන් ලඟ අභිප්රාරය ලෙස දවස් ඇර සෙවය කෙරෙමින් සිත් ගෙණ නම් තනතුරු ද ලැබ උපභොග පරිභොග සම්පත් දැසිදස්ගවමහිෂාදි වූ සියලු ඓශ්චය්ය්රු ම ක්ර්මයෙන් ලැබ ගෙණ සුඛිත ව ජීවත් වන්නේ ය. මේ ජනක කුශලාකුශලප්ර‍තිසන්ධි නම් වේ.

උපසතම්භක කර්මය නම් කවරැ? යත්:- කිසිවෙක් ප්ර සන්න චිතතයෙන් කුසලයක් කොට එ කුසලානුභාවයෙන් ඒ ජාති කෙළවර කුශලප්ර්තිසන්ධි වශයෙන් සුගතියෙහි ඉපිද ඒ කුශලකර්මයෙන් ජනිත වූ නොයෙක් ඓශ්චය්ය්බ ග අනුභව කොට ඒ ජාතිය ක්ෂපය වූ කල්හි ඒ ජාතියෙහි සිට කරගත් කුශලකර්මයකින් හෝ අපරාපය්ය්්ෂපවෙද්යජකුශලකර්මයකින් හෝ ගෘහයකට සිටුවූ සත්මහයක් ජීර්ණජවූ කල්හි අමුතු ව සත්මහයක් සිටවූවා සේ පූර්වයයෙහි කෘත භුකෘතකර්මයක් උපස්තම්භ ව සුගති ප්රතතිසන්ධි වශයෙන් ස්වර්ගනයෙහි උපදනේ ය. මෙසේ නොයෙක් ලක්ෂ්ගණන් හවුරුදු දිව්යය මනුෂ්යවලොකයෙහි ඉපිද සුගතියෙන් සුගතියට සැරිසරා ඇවිද දුගීතියකට නො පැමිණ දිව්ය මනුෂ්යය ලොකයෙහි උපදියි. මෙසේ ප්ර ථමයෙන් කළා වූ කුශලකර්මයට උපස්තම්භ වූවාක්මෙන් ඒ ඒ ජාතිවල ප්රයතිසන්ධියකටම කුශලකර්මයෝ උපස්තම්භ ව දුගීතියකට යා නො දෙන්නාහු ය. මේ කුශලොපස්තම්භක නමි. කිසිවෙක් ඉහාත්මභාවයෙහි අකුශලකර්මයක් කොට ඒ අකුශලකර්මයෙන් දුගිතිභවයෙහි ඉපිද බොහෝ දුක් අනුභව කෙරෙමින් එතැන්හි වැස නැවැතත් එතැන්හි දී කොට ගත් අකුශල කර්මයකින් හෝ පුරාකෘත අපරාපය්ය්ත් වෙද්යශඅකුශලකර්මයෙන් හෝ ඔහු ඒ අපායෙන් චුත වන කල්හි වෙන තැනෙක්හි ඔහු උපදිනා ප්රකතිසන්ධිචිත්තයට උපස්තම්භ ව නැවැතත් අපායෙහි ම උපදනේ ය. මෙසේ නොයෙක් ලක්ෂ‍ගණන් ජාතියෙහි පිළිවෙළින් ම ඒ ඒ ජාතියෙහි ජනිත කරවන ප්ර තිසන්ධීන්ට අකුශලකර්මයෝ උපස්තම්භ ව උපදවා බොහෝ දුක් විදුවා ඇවිදුවන්නාහු ය. මේ අකුශලකර්ම උපස්තම්භක නම් වෙයි. මේ කුශල කුශලඋපස්තම්භකකර්ම නම් වේ.

තවද උපපීඩකකර්ම නම් කවරැ? යත්:- පෙර තමා කළ කුශලාකුශලකරුමයකින් ප්රිතිසන්ධි දුන් කල ප්රයවෘත්තියෙහි උපන් දුක්සැප







වාතකාලචරිත] කර්මවිභාගකථා. 473

දෙකට එසේ ම පෙර කළ කුශලාකුශලකර්මයෙන් එකෙක් උදා ව පීඩා කෙරෙමින් කලක් නො පැවැත්ත දී බාධා කරන්නේ ය. කෙසේ ද? යත්: කුශලකර්මය විපාක දෙනකල අකුශලකර්මයෙක් උපපීඩිත ව ඔහු විපාක දී ගත නො දෙයි. අකුශලකර්මය විපාක දෙන්ට වන්කල්හි කුශලකර්මයෙක් උපපී‍ඩක ව විපාක දී ගත නො දෙන්නේයි. හේ එසේ ම ය. යම්සේ වර්ධ නය වන්නා වූ වෘක්ෂල ලතාදියක් කිසිවෙක් ශස්ත්රකයකින් හෝ දණ්ඩකින් හෝ ඡෙද්යධ භෙද්යන කෙළේ නම්, එකල ඒ වෘක්ෂෙලතාදිය වර්ධරනය නො වන්නේ ය. එහෙයින් ම කුසල විපාක දෙනුයේ අකුශලයෙන් පීඩිත වන්නේ ය. අකුශලවිපාක දෙනුයේ කුශලයෙන් පීඩිත ව විපාක දෙන්ට නො පිළිවන් වෙයි. මෙයින් සුනක්ඛත්තයාගේ අකුශලකර්මය කුශලකර්මයට උපපීඩක වි ය. චොරඝාතකයාගේ කුශලකර්මය අකුශලකර්මයට උපපීඩක වි ය. කෙසේ ද? යත්:-

රජගහනුවර වසන්නා වූ වාතකාල නම් මිනිසෙක් රජහට අභ්යඅන්තර ව සිටිනේ ය. ඒ පුරුෂයා නුවර චෞරකර්මාදිය කළ සොරුන් අල්වාගෙණ අවුත් රජහට පෑ කල්හි මහ රජ තෙම “මොවුන්ට නිග්රයහ කරව” යි කියා ඒ වාතකාලයාහට පාවා දෙන්නේ ය. ඒ පාවාදුන් සොරුන්ට කළමනා වධකොට රජහු සිත් ගෙණ වසන්නේ ය. මෙසේ වසන්නා වූ ඒ වාතකාලයාට පණස් අවුරුද්දක් අතික්රාණන්ත විය. මෙසේ ඒ වාතකාල නම් වූ චොරඝාතක තෙම චොරඝාතක කර්මය කොට ම ජීවත් වන්නේ ය. මෙසේ රාජසේවය කොට කල් යාමෙන් වයොවෘද්ධ වූ කල්හි දවසෙක මහරජහට කියන්නේ “දෙවයන්වහන්ස! චොරඝාතකයා ඉතා ම දුර්වරල වි ය. චොරඝාත කර්මය ඕහට නොපිළිවනැ” යි රජහට දැන්වී ය. එබසට මහ රජ කියනුයේ “සගයෙනි! එසේ වී නම් ඔහු ඒ තනතුරෙන් පහ කොට අනිකකු සලස්ව” යි කී ය. එබස් අසා අමාත්යවවරු ඔහු ඉවත් කොට අනිකකු සැලැස්වූහ. එතැන් පටන් චොරඝාතක තෙම දුක්ඛිතභාවයට පැමිණ තරවස්ත්ර යක් ඇඳගන්ට ද සුගන්ධකපුෂ්පමාලාදියක් පළඳින්ට ද මධුර වූ ක්ෂිකරපායාසාදි ආහාරයක් අනුභව කරන්ට ද සීසධොවන ස්නානාදී ශරී‍ර සැපයක් ගන්ට ද නො ලැබ කලක් මලින ව හුන්නේය. මෙසේ හුන්නා වූ චොරඝාතක තෙම දවසෙක තමාගේ භාය්යාලින ව කැඳවා කියනුයේ “එම්බා සොඳුර! අද දවස් මම යහපත් වූ ක්ෂි‍රපායාසයක් අනුභව කරණු කැමැත්තෙමි” යි කී ය. මෙසේ තමාගේ







474 සද්ධර්ම රත්නාකරය. [34 පරිච්ඡෙදය.

භාය්යාතෙ වට කියා හිසින් නහා එනු පිණිස දිය තොටට ගොස් ඉස්සොධා නහා අමුතුවස්ත්රධයක් හැඳ සුවඳ මල් පැලඳ තමාගේ ගෙට ම එනුයේ අතරමඟ දී දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ දැක “අද සකිලිටු භාවය පහ කෙළෙමි. ආය්ය්හැඳයන් වහන්සේ දිටිමි” යි මහත්සන්තොෂයට පැමිණ තෙරුන්වහන්සේ තමාගේ ගෙට වැඩම කරවා ගෙණ ගොස් අස්නක් පණවා වඩා හිඳුවා අළුත් එලඟිතෙල් උක්සකුරු සුණු සහිත කිරිබත් පිළිගැන්වි ය. එසඳ කිරිබත් පිළිගෙණ සැරියුත්මහතෙරුන් වහන්සේ ඕහට කුශලානුමොදනා කොට බණ වදාළසේක. ඒ වාතකාල පුරුෂ තෙම දම්සෙනෙවි සැරියුත්මහතෙරුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් මාර්ගුයට මෑත පිළි ලබන්නාවූ අනුලොමක්ෂා න්තිය ලැබ තෙරුන්වහන්සේ නික්මුනු කල්හි පසු ගමන් කොට ගෙයින් මඳක් තැන් අවුත් අවසර ගෙණ ආපසු ගෙට එනුයේ අතරමග වදා සිටි දෙනක අත නැසී තවුතිසා භවනයෙහි දිවසිරින් විසිතුරු වූ දිව්යවප්රා සාදයක උපන්නේ ය.

එකල්හි ධර්මීසභාමණ්ඩපයෙහි රැස් ව හුන් භික්ෂූින්වහන්සේ ඔවුනොවුන් වහන්සේ හා සමග කථා කරණ සේක් “ඇවැත්නි! අද චොරඝාතක තෙම සකිලිටුභාවයෙන් මිදී අද ම කාලක්රි“යා කෙළේ ය. කොතැනෙක උපන් දෝ හො” යි කියා සාකච්ඡා කෙරෙමින් හුන්හ. එසඳ තිලෝගුරු සම්ය ක්සම්බුද්ධ රාජොත්තමයානන්වහන්සේ ශ්රීනගන්ධැකුටියෙහි වැඩ හිඳ ධර්ම් සභාවෙහි ජනිත වූ කථාස්වරූපය දිව කණින් අසා වදාරා ශ්රීන ගන්ධටකුටියෙන් නික්ම බුද්ධ තෙජසින් දිළිහී ධර්ම්සභාමණ්ඩපයට වැඩ හුන්නා වූ භික්ෂුන පර්ෂකද බුද්ධතෙජසින් චලිත කර වමින් පළවනලද බුද්ධාසනමස්තකයෙහි වැඩ හුන්සේක. එකල්හි සුපිළිසන් වූ භික්ෂූදන් වහන්සේ දොහොත් මුදුනෙහි තබා ගෙණ නමස්කාර කළකල්හි බුදුන් භික්ෂූ න්වහන්සේ බලා “මහණෙනි! මා එන්නාට පූර්ව්භාගයෙහි තෙපි කිනම් කථාවකින් යුක්ත ව උන්නු දැ” යි වදාරා වැඩහුන් කල්හි එබස් ඇසූ භික්ෂූභන් වහන්සේ විසින් “ස්වාමීනි! චොරඝාතක තෙම අද දවස් ම සකිලිටුභාවයෙන් මිදී අද දවස් ම කලුරිය කෙළේ ය. එතෙම මෙතෙක් පාපකර්ම යන් කොට කොතැන්හි උපන් දෝ හෝයි කියමින් උනුම්හ” යි කීසේක. එබසට බුදුන් වදාරණසේක් “මහණෙනි! ඒ චොරඝාතක තෙම අද දවස් ධර්ම දෙශනාපති වූ ශාරිපුත්රු ස්ථවිරයන්ට දුන්නා වූ දානයෙහි අනුසසින් ත්ර්ය




උපපීඩකකර්මු.] කර්මවිභාගකථා. 476

ත්රිංකශද් භවනයෙහි දිව්යවප්රාාසාදයක නොයෙක් දිව්යථ සෙනාව පිරිවරා දිව්ය රාජ ව ඉපිද දිව්යකසම්පත්තිය ලද්දේ වේ දැ” යි වදාළසේක.

එසඳ භික්ෂූුන් වහන්සේ ද බුදුන්ගෙන් එපවත් අසා නැවතත් දන්වනසේක් “ස්වාමීනි! චොරඝාතක තෙම බොහෝ කලක් මනුෂ්ය ඝාතකර්මනය කෙළේ ය. එසේහෙයින් ඔබ වහන්සේ විසින් ම ප්රාෙණඝාත අකුශලකර්ම‍ය මහත් කොට වදාරණලද. එතෙකුදු වුවත් මොහු කළා වු මහත් අකුශල කර්මඝය විපාක නොදේ දැ?” යි දැන්වූසේක. එසඳ බුදුහු වදාරණසේක් “මහණෙනි! ඒ එසේ ම ය. ඉදින් අකුශලකර්මසය කළාහට බලවත් වූ කල්යාකණ මිත්ර සහායත්වනයෙක් පැමිණියේ වී නම් මෙසේ කර්මසය විපාක නො දෙන්නේ ම ය. එසේහෙයින් අනතිමයෙහි දුන්නා වූ දානයෙහි අනුසසිනුත් එදවස් ඇසුවා වූ ධර්මායෙහි අනුසසිනුත් අනුලොමක්ෂාුනතිප්ර තිලාභය වූයේ ය. එයින් මේ ආත්මභාවයෙන් චුත ව දෙව්ලොව උපන්නේ වේ දැ?” යි වදාරා මේ මතු කියන ගාථාව වදාළසේක. කෙසේ ද?

“ සුභාසිතං සුණිත්වාපන - නාගරියො චොරඝාතකො, අනුලොමඛන්තිං ලඬාන - මොදති තිදිවං ගතො” යි

මෙසේ වාතකාල චොරඝාතකයාගේ කුශලකර්මමය අකුශලකර්ම”යට පීඩා කෙළේ ය.

සුනක්ඛත්තයාගේ අකුශල කර්මදය කුශලකර්මමයට උපපීඩක වූ පරිදි නම්, අකුශලකර්ම්ය කුශලකර්මශයෙන් ජනිත වූ ප්රොවෘත්තියට පැමිණ කුශලකර්ම ඵල දී ගත නො දී අකුශල ඵලය නිෂ්පාදනය ‍කරන්නේ ය. පැමිණියා වූ කුශලකර්මකයට පීඩා කොට නි‍රොජ කොට හෙවත් ඔජස් රහිත කොට වියලා නීරස කරන්නේ ය. කෙසේ ද? ඕහට උපද්ර ව ‍එළවන්නේ ය. භොග නසන්නේ ය. මව්කුස පිළිසිඳී කල්හි එතැන් පටන් ම මෑනියන්ට අස්වසෙක් හෝ සැපයෙක් හෝ නො ම වන්නේ ය. මාතෘපීතෲන්ට පීඩා ව උපදනේ ය. බොහෝ උපද්රවව පමුණුවන්නේ ය. දරුවා මවුකුසින් බිහි වූ තැන් පටන් ගෘහයෙහි සියලු භොගයෝ ම දියෙහි බහන ලද්දා වූ ලවණයක් මෙන් රාජ චොරශත්රැෘ ආදීන් විසින් විලීනභාවයට පමුණුවනු ලබන්නාහු ය. පළමු කිරි බොහෝ කොට දෙන්නා වූ දෙනුන්ගේ කිරි ද මඳ වන්නේ ය. විනීත වූ ගවමහිසාදීහු ද කුළු ව සීසෑමට ඉසිලීමට නො යන්නාහු ය. සරක් පට්ටිවල කුර රොග ආදී වූ උපද්රළව උපදනේ ය. දැසිදස් ආදීහු කීකරු නො වෙති. කළා වූ ශස්යපයෝ ද යහපත් ව ඵල නො දෙන්නාහ. ගෙයි තුබූ වස්තුව






476 සද්ධර්මරතනාකරය. [34 පරිච්ඡෙදය.

ගෙන් ම නස්නේ ය. වල තිබූ දෙය වලින් ම අපවත් වන්නේ ය. මෙසේ ක්ර්මක්රනමයෙන් කන බොන දෑ ද ඕහට දුර්ල්භව නො ලැබෙන්නේ ය. ඔහු මවුකුසින් බිහි වූ කල්හි තනයෙහි කිරි සි‍ඳෙන්නේ ය. මෙසේ ඒ දරුවා කිසි පරිහරණයක නො ලදින් ඔජස් රහිතව මලින ව පීඩා විඳින්නේ ය. මෙසේ අකුශලයෙන් කුශලය උපපීඩිත වන්නේ ය. මේ උපපීඩකකුශලාකුශලකර්ම නමි.

උපඝාතක කර්ම නම් කවරැ? යත්:- කුශලස්වභාවය ද අකුශලස්වභාවය ද සමානව සිටියේ ද, මඳක් එක් කර්ම යෙක් දුර්වුල වී නම් ඒ කර්මයය මදීනය කොට ඒ දුර්ව ලකර්ම්යෙන් දෙන විපාකය පිළිබහා තමා දෙන්නා වූ විපාකයට අවකාශ කොට ගන්නේ ය. මෙසේ ඒ කර්මෙය විසින් අවකාශ කළ කල්හි දෙන්නා වූ විපාකය උපදනේ නම් වෙයි. උපච්ඡෙදක කර්ම්ය ද මෙම ය යි කියත්. කුශලකර්ම‍ය විපාක දෙන කල්හි එක් අකුශලකර්මේයක් විපාක දෙන කල්හි එක් කුශලකර්මයෙක් උපස්ථිත ව ඒ කර්මය සිඳ හෙළන්නේ ය. මේ උපච්ඡෙදකකර්මයෙන් අජාසත් මහරජහුගේ ආනන්තය්ය්සි කර්මය කුශලච්ඡෙදක වි ය. අඞගුලිමාලස්ථවිරයන් වහන්සේගේ ශීල සමාද්යා‍දී වූ කුශලකර්මය අකුශලචෙඡදක වූයේ යි. මේ උපඝාතකකර්ම ය යි කියා ද උපච්ඡෙදකකර්මය යි කියා ද කියත්. දීර්ඝා යුෂ්ක වූ කර්මයෙන් උපන්නාහට ද මේ උපච්ඡෙදක කර්මය පැමි‍ණියේ වී නම් ආයුෂ එතැන්හි සිනුවන්නේ ය. කුමක් මෙන් ද? යම්සේ පුරුෂයෙක් අට ඉස්බක් තැන් නික්මෙන වෙග දනවා සැරයක් විඳී ද, ඒ සැරය ධනුයෙන් පිටත් වූ ක්ෂ ණයෙහි ම අන්පුරුෂයෙක් එතැන්හි සිට මුගුරකින් පැහැර සැරය එතැන්හි ම ඵළා ද, එපරිද්දෙන් ම දීර්ඝාියුෂ්ක වූ කර්මයන් උපන්නහුගේ උපච්ඡෙදක කර්මය පැමිණ ආයුෂය සිදුවන්නේ ය. කෙසේ ද? සොරුන් වසන වනයකට හෝ මෙහෙයන්නේ ය. කිඹුල් දැතිමුවර ආදී වූ චණ්ඩ සත්වපයන් වසන ජලප්රෝවාහයකට හෝ පමුණුවන්නේ ය. අනිකුත් උපද්ර්ව ස්ථානයකට හෝ පමුණුවන්නේ ය. මේ උපච්ඡෙදක කර්ම නම් වේ.

මේසේ දක්වනලද්දා වූ කර්ම එකොළොසින් මුල දෙවෙනිව කී උපපද්යකවෙද්ය කර්මය හා තුන්වැනි ව කී අපරාපය්ය්ෝසනවෙද්ය කර්මය යන් මේ දෙකින් ප්රදතිසන්ධි‍ත් දෙමින් ප්රවවෘත්ති විපාකයත් දෙන්නේ ය. පළමුවෙන් කී දෘෂ්ටධර්මවෙද්යිකර්මයෙන් ප්‍රවෘත්තිවිපාකය දෙන මුත් ප්රතතිසන්ධි.යෙක් දීගත නො ගෙන්නේ ය. රහතුන් වහන්සේට වනාහි උපපද්යවවෙද්ය කර්මය ද අපරාපය්ය්වෙදවෙද්ය කර්මය දැ යි






සොළොස්කර්මෙ] කර්මයවිභාගකථා. 477

යන මේ කර්මෙයෝ දෙදෙන ම කර්ම‍මක්ෂයයකර වූ අර්හත්මාර්ග්යෙන් නසනලද්දාහු ම වෙති. මේ දෘෂ්ටධර්මමවෙද්ය කර්මවයක් ඇති කල්හි ‘ඒ දෘෂ්ටධර්මවවෙද්යනකර්මකමය තෙම රහත් බවට පැමිණියා වූ උත්තමයන් වහන්සේලාට ද විපාක දෙන්නේ ම වෙ’යි යනු දක්වනු පිණිස “අරහනතානං හි උපජජවෙදනියං ච අපරාපරියවෙදනියංචාති ඉමානි වෙ කම්මානි කමමකඛයකරෙන අරහතත මගෙගන සමුග්ඝාතිතානි දිට්ඨධමමවෙදනියං අත්ථෙ, තං, අරහනනපපතතසසාපි විපාකං දෙති යෙව”යි කී හෙයින් මෙහි විද්යිමාන වූ අර්ත්ථප සැලකිය යුතු. මෙසේ සෞත්රා නතිකපය්යාව යයෙන් එකොළොස් කර්ම යෝ විභාග කොට දක්වනලද්දාහු ය.

අභිධර්මොපය්යා ය යයෙන් වනාහි කර්මපම සොළොසක් දක්වනු ලැබේ. ඔවුහු කවරහ? යත්:- පාපත වූ කර්ම්යෝ ගතිසම්පත්තිය, උපධිසම්පත්තිය, කාලසම්පත්තිය, පයොගසම්පත්තිය යන මෙයින් ප්රමතිබාධිත ව විපාක නො දෙන්නා වූ සතරක් ද, ගති විපත්තිය, උපධිවිපත්තිය, කාලවිපත්තිය, පයොගවිපත්තිය යන මොවුන් නිසා විපාක නො දෙන්නා වූ සතරක් දැ යි මෙසේ අටදෙනෙක් ද කල්යා ණකර්මි සමාදානයෝ ගතිවිපත්තිය, උපධිවිපත්තිය, කාලවිපත්තිය, පයොගවිපත්තිය යන මෙයින් ප්ර තිබාධිත ව විපාක නො දෙන්නා වූ සතරක් ද, ගතිසම්පත්තිය, උපධිසම්පත්තිය, කාලසමපත්තිය, පයොගසම්පත්තිය යන මොවුන් නිසා විපාක දෙන්නා වූ සතරක් දැයි මෙසේ දක්වනලද අටදෙනෙකැයි ඇතුළුව සොළොස් කර්මපකෙනෙක් වෙත්.

එහි විභාග කවරැ? යත්:- යමෙක් අනිෂටාලම්බනානු භවයට නිසි පාපකර්ම ඇති කල්හි ම සුගතිභවයෙහි උපදී ද, ඔහුගේ පාපකර්මෂම ගතිසම්පත්තීන් බාධිත ව විපාක නො දෙන්නේ නම් වේ. යමෙක් පාපකර්ම මයෙන් දාසියකගේ හෝ කර්මකමකාරියකගේ හෝ කුස පිළිසිඳ ඉපිද උපධිසම්පන්න ව හෙවත් රූපශ්රීේන් යුක්ත ව වැඩි විය පැමිණ සිටී ද, එකල ඔහුගේ ස්වාමි පුත්රෙතෙම මොහුගේ රූපශ්රිධය දැක තමහට ජාතකපුත්රියකු මෙන් සිතමින් ඔහු සැපයෙන් වර්ධුනය කොට භාණ්ඩාගාරික ස්ථානාන්තරාදියක තබමින් ඒ ස්ථානාන්තරයෙන් නිසි ලෙස පරිහරණය කෙරෙයි. මෙබඳු සත්වායාගේ විද්යාාමාන වූ පාපකර්මය උපධිසම්පත්තීන් බාධිත ව විපාක නො දෙන්නේ නම් වේ. යමෙක් ප්රතථමකල්පයෙහි මනුෂ්යෙයන් කෙරෙහි හෝ සුලභ වූ අනනපානයන් ඇති කාලයෙහි හෝ උපදී ද, ඔහුගේ විද්යා‍මාන වූ






478 සද්ධර්ම රත්නාකරය. [34 පරිච්ඡෙදය

පාපකර්මය කාලසම්පත්තීන් බාධිත ව විපාක නො දෙනු නම් වේ. යමෙක් සම්යරක්ප්රතයොග නිසා ජීවත් වෙයි ද, යමක්හු සමීපයට එළඹෙන්ට සුදුසු කාලයෙහි එළඹේ ද, යන්ට සුදුසු කාලයෙහි පලා යා ද, දුර ගමනකට සුදුසු කල්හි නික්ම යේ ද, සුදුසු කාලයෙහි ලඤ්ඡදානය කෙරෙයි ද, සුදුසු කලෙක චෞරකර්ම කෙරෙයි ද, මෙබඳු වූ සත්වියාගේ විද්යදමාන වූ පාපකර්මය ප්රරයොගසම්පත්තීන් බාධිත ව විපාක නො දෙනු නම් වේ. දුර්ගාතිභවයෙහි උපන්නා වූ සත්ව‍යාගේ පාපකර්මනය ගති විපත්තිය නිසා විපාක දෙනු නම් වේ. යමෙක් දාසියක කුස පිළිසිඳ දුර්වරර්ණේ ව උපදී ද, පුරුෂයෙක් වී නම් ඇත් අස් ගවමහිසාදීන් බලන සේ හෝ සලස්වති. කෙළමලා වහන් ආදිය හෝ ගන්ට සලස්වති. ස්ත්රි්යක් වී නම් හස්ති අශ්ව සුනකාදීන්ට භක්තපචනාදි නින්දිත වූ කර්මයන්හි සලස්වති. මෙබඳු සත්වවයාගේ පාපකර්මය උපධීවිපත්තිය පිණිස විපාක දෙනු නම් වේ. යමෙක් දුර්භික්ෂීකාලයෙහි හෝ පිරිහෙන්නාවූ සැපත් ඇති කාලයෙහි හෝ අනතඃකල්පාන්තයෙහි මනුෂ්ය්යන් කෙරෙහි හෝ ‍උපදී ද, ඔහුගේ පාපකර්මය කාලවිපත්තිය නිසා විපාක දෙනු නම් වේ. යමෙක් ප්රදයොග සම්පාදනය කරණ සේ නො දනී ද, උපසංක්රෙමණාදියට නිසි කල්හි උපසංක්රසමණය නො දනී ද, අපසංක්රේමණයයට—ලඤ්ඡදානයට—චෞරකර්මයට නිසි වූ කාලයෙහි ඒ හැම නො දනී ද, ඔහුගේ පාපකර්මය ප්රකයෝගවිපත්තිය නිසා විපාක දෙනු ‍නම් වේ. මේ අනිෂටාලම්බනඅෂ්ටකය.

යමෙක් ඉෂ්ටාලම්බානානුභවයට නිසි කර්මයක් ඇති කල්හි ගොස් දුගීතිභවයෙහි උපදී ද, ඔහුගේ කුශලකර්මය ගතිවිපත්තීන් බාධිත ව විපාක නො දෙනු නම් වේ. යමෙක් කුශලානුභාවයෙන් රාජරාජමහාමාත්යා දි කුලගෘහයෙක්හි ඉපිද අන්ධව බධිර මුග ඛඤ්ජ පක්ෂාභඝාත ආදී වසයෙන් ඉන්රි කුලයවිකලත්වකයකට පැමිණියේ ද, එකල්හි ඕහට ස්වකීය කුලානුචිත රජ යුවරජ සෙනෙවිරත් භාණ්ඩාගාරිකාදී වූ සථානාන්තරයක් නො පමුණුවති. එසේ හෙයින් ඕහට ඒ කුසලය උපධිවිපත්තීන් බාධිත ව විපාක නො දෙනු නම් වේ. යමෙක් දුර්භික්ෂසකාලයෙහි ද සම්පත්තික්ෂායකාලයෙහි ද, අන්තඃකල්පාන්ත සත්වායන් කෙරෙහි ද උපන්නේ වී නම් ඔහුගේ කල්යාොණකර්මය කාලවිපත්තීන් බාධිත ව විපාක නො දෙනු නම් වේ. යමෙක් ප්ර යොග සම්පාදනය නො දනී ද ඔහුගේ කල්යාවණ කර්මය ප්රේයොගවිපත්තීන් බාධිත ව විපාක නො දෙනු නම් වේ. යමෙක් කල්යාිණකර්මයෙන් සුගතිභවනයෙහි උපදනේ ද, ඕ හට ඒ කුශලකර්මය ගති සම්පත්තිය නිසා විපාක දෙනු නම් වේ. යමෙක් රාජරාජමහාමාත්යා දීන්ගේ කුලයෙහි ඉපිද උපධිසම්පත්තියට ප්රාුප්ත ව හෙවත් රූපශ්රීහන් ආත්මය සමෘඬ ව සිටියේ ද, ඔහුගේ




දොළොස්කර්ම්] කර්මමවිභාගකථා 479

රූපසම්පත්තිය දැක මෝහට රජ යුවරජ සෙනෙවිරත් ආදී වූ උතුම් සථානන්තර උචිතය යි තරුණ වයසෙහි ම සථානාන්තරයට පමුණුවති. මෙබඳු සත්වඋයාගේ කල්යා ණකර්මිය උපාධි සම්පත්තිය නිසා විපාක දෙනු නම් වේ. යමෙක් ප්රාථම කලපයෙහි මනුෂ්යණයන් කෙරෙහි හෝ සුලභ වූ අන්තපානයන් ඇති කාලයෙහි හෝ උපදී ද, ඔහුගේ කල්යා ණකර්මඅය කාලසම්පත්තිය නිසා විපාක දෙනු නම් වේ. යමෙක් සුදුසු කාලයෙහි සථානාන්තර ප්රායප්ත ධනවත් ප්රනභූසත්වයන් කරා ගොස් ඔවුන් සිත් ගෙණ මධුර වූ වචනයන් කියා සේවනය කොට සිටී ද, ඒ ප්රලභූ සත්වරයන් කිපී කිසිවක්හට වධාදියක් යොදන කල්හි තෙමේ ඔහු ඇස නො පැණීම ඉවත් ව යේ ද, ඒ ප්රකභූසත්වයන්ට ආපදාදියක් පැමිණි කල්හි ගෙට ගමට රටට නො පැමිණ අන්ය රටක හෝ දෙශාන්තරයක හෝ පලායේ ද, සොරකමට සුදුසු තැන්හි සොරකම් කොට වස්තු රැස් කෙරේ ද, එ හැම වස්තු පැහැර ගන්නා පිණිස ප්රමයත්න කරණ තැන්හි මධුර වචනයෙන් හා යාච්ඤා කිරීමෙන් අල්ලස් දීමෙන් වස්තුවට හානියක් විය නො‍ දේ ද, තෙමේත් සැප සේ ජීවත් වේ ද, මෙසේ ඒ ඒ ප්රසස්තාවයෙහි ප්ර යොගසම්පත්තිය නිසා විපාක දෙනු නම් වේ. මෙසේ අභිධර්ම,මපය්යාඒ යයෙන් දැක්වූ සොළොස් කර්ම මයෝ කියා නිමවන ලද්දාහු ය.

තවද, ප්රපතිසංවින් මාර්ග පය්යාවට යයෙන් ඬාදශ කර්ම්කෙනෙක් දක්වනු ලැබෙත්. ඔහු කවරහ? යත්:- අභූත්කර්ම ය අභූත්කර්මධවිපාකය, අභූත්කර්මකය නාභූත්කර්මමවිපාකය, අභුත්කර්මකය අස්තිකර්මවිපාකය, අභුත්කර්ම ය නාස්තිකර්මවිපාකය, අභුත්කර්මභම භවිෂ්යයත්කර්මාවිපාකය, අභූත්කර්මසය නගවිෂ්යරත්කර්මෝවිපාකය, අස්තිකර්මතය අස්තිකර්මාවිපාකය, අස්තිකර්මවය නාස්තිකර්මවවිපාකය, අස්තිකර්ම ය භවිෂ්යතත්කර්මිවිපාකය, අස්තිකර්මවය නගවිෂ්යරත්කර්මවිපාකය, භවිෂ්ය ත්කර්මය භවිෂ්යාත්කර්ම විපාකය, භවිෂ්යයත්කර්මකය නභවිෂ්ය්ත්කර්මවිපාක ය යි යන මොහු ද්වාදශ කර්මයෝ යි. මොවුන්ගේ විභාග නම්:- යම් කර්මයයෙක් ගිය දවස ආයුභිත වූයේ කිසි ප්ර්ත්ය.යකින් අතීතයෙහි ම විපාකවාර ලදින් ප්රයතිසන්ධිය ප්රගවෘත්ති විපාක දේ ද, හේ අභූත්කර්මනය අභූත්කර්මමවිපාක යයි කියනලද. යම් කර්මධයෙක් වනාහි අතීතයෙහි විපාකවාර නො ලදින් ප්රමතිසන්ධියප්ර වෘත්ති විපාකය නො දිනි ද, ඒ අභූත්කර්මොමය නාභූත්කර්මත විපාක යයි








480 සද්ධර්මකරත්නාකරය [34 පරිච්ඡෙදය

කියනලද. යම් කර්ම[යෙක් වනාහි අතීතයෙහි ආයුහිත වූයේ දැන් විපාක දෙමින් සිටියේ ද, එතෙම අභූත්කර්ම්ය අස්තිකර්මාම විපාක යයි කියනලද. එසේ නො වනුයේ අභුත්කර්මය නාස්ති කර්මෙවිපාක ය යි කියනලද. යමෙක් අතීතයෙහි ආයූහිත වූයේ අනාගතයෙහි විපාකවාර ලදින් ප්රමතිසන්ධිලප්රතවෘත්තිවිපාක දේ ද, හේ අභූත්කර්මමය භවිෂ්යෙත්කර්මලවිපාක යයි කියනලද.එසේ නොවනුයේ අභුත්කර්මපය නභවිෂ්යහත්කර්ම්විපාක යයි කියනලද. යම් ‍කර්ම‍යක් දැන් ආයූහිත වූයේ කිසි ප්රිත්යයයකින් දැන් ම විපාක වාර ලද ද, හේ අස්තිකර්ම‍ය අස්තිකර්මූවිපාක ය යි කියනලද. එසේ නො වනුයේ අස්තිකර්ම නාස්තිකර්ම විපාක ය යි කියනලද. යම් කර්මලයක් වනාහි දැන් ආයූහිත වූයේ අනගතයෙහි විපාක වාර ලැබේ ද, හේ අස්තිකර්ම ය භවිෂ්යනත්කර්ම විපාක ය යි කියනලද. එසේ නො වනුයේ අස්තිකර්ම නභ විෂ්යකත්කර්මභ විපාක ය යි කියනලද යම් කර්මයක් අනාගතයෙහි ආයුහිත වේ ද, අනාගතයෙහිම විපාකවාර ලැබේ ද, හේ භවිෂ්යමත්කර්මය භවිෂ්යයත්කර්මවිපාක යි කියනලද. එසේ නොවනුයේ භවිෂ්යයත්කර්ම ය නභවිෂ්යයත්කර්මවිපාක ය යි කියන ලද. මෙසේ ප්රිතිසංවින්මාර්ගේපය්යා භ සයෙන් විභාග කරණලද්දා වූ ද්වාශකර්මයෝ දක්වනලද්දාහුයි.

මෙසෙයින් කියනලද මෙ දොළොස් කර්මේයෝ ද, අතුරෙහි දැක්වූ සොළොස්කර්මයෝ ද. ප්ර ථමයෙන් සෞත්රාුන්තික ලෙශයෙන් දැක්වූ එ‍කොළොස් කර්මසයෙහි ම අන්තර්ගරත වෙති. මෙයින් ප්රකතිසංවින් මාර්ග්පය්යානල යයෙන් කී වාදශකර්මයෝත් අභිධර්මඅපය්‍්ිෂ ායයෙන් කී ෂොඩශ කර්මයෝත් සෞත්රාශන්තික පය්යාර්ම සයෙන් කී එකොළොස් කර්මයන්ගෙන් අටදෙ‍නකු ඇතුළු ව මෙකී කර්මයෝ සතිස්දෙන ම දෘෂ්ටධර්මතවෙද්යළකර්මය, උපපද්යුවෙද්යකකර්මොය, අපරාපය්ය්්ිෂවෙද්යයකර්ම ය යි කියනලද තුන්කර්මයෙහි ම අනතගිත වෙත්. මේ හැම කුශලාකුශලකර්මවිභාග නම් වේ. එසේ හෙයින් දක්වනලද මැයි-

“ පාකකාලවසෙනාපි - කාලාතීතවසෙන ව, චතුද්ධෙවම්පි අක්ඛාතං - ‍කමමමාදිචචබන්ධු නා”යි.

මෙතෙකින් මේ සද්ධර්මංරත්නාකරයෙහි කුශලාකුශල කර්මවිභාකප්රසකාශක වූ සූතිස්වැනි පරිච්ඡෙදය කියා නිමවනලදි.