සද්ධර්මරතනාකරය-පරි‍ච්ඡෙද 31-32

31 වැනි පරිච්ඡෙදය

  	තවද මේ සද්ධර්මූරත්නාක‍රයෙහි චිතතහස්ත සථවිර කථා නම් කවරැ? යත්:-

මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය. කෙසේ ද? යත්:- අප බුදුන් සමයෙහි කොසොල්රජහු රජය කරණ ශ්රාකවස්ති නම් පුරප්රමවරයෙහි එක්තරා වීථියක වාසය කරන්නා වූ එක් කුල පුත්රමයෙක් කෘෂිකර්මාිදීන් ජීවත් වන්නේ සී සාන්ට ගොස් වෙනෙහි වසන්නා වූ ගොන් සොයා පෙරවරු මුළුල්ලෙහි වෙනෙහි තැනින් තැන වෘක්ෂිච්ඡයාදියෙහි ගොන් බලා ඇවිද දෙව්ලා මධ්ය්යෙහි ගොන් දැක තමා ගෙණවුත් ගවයන් සිටිනා තැනම බැඳලා උදාසන පටන් ගොන් බලා කැළැවල ඇවිදි හෙයින් විඩාව ක්ෂුනදාවෙන් පීඩිත වෙමින් තෙල විහාරයට ගියෙම් නම් බතක් දෙන සේකැ යි සිතා විහාරයට ගොස් භික්ෂූ න් වහන්සේ වැඳ එකත්පස් ව සිටියේය. එසඳ තෙරුන්වහන්සේ ඔහු දැක වළඳා අන්තයෙහි ඉතිරි ව තිබූ බතක් අනුභව කරව යි කියා දෙවූසේ ක. ඒ බත් යහපත් වූ සූප ව්ය ඤ්ජනයෙන් යුක්ත ව තිබූ හෙයින් යැපෙන පමණ ම අනුභව කොට දිය බී සා පිපාසා නිවා හස්ත මුඛ ධොවනය කොට භික්ෂූපන්වහන්සේ අතින් විචාරණුයේ “ස්වාමීනි! කිමෙක් ද? අද දවස ආරාධනා කොට අමුතු ව දුන් දනෙක් ඇද්දැ” යි විචාළේය. එවිට ඕහට කියන සේක්: “උපාසකය! භික්ෂුින් සිඟා ගියත් මෙසේ ම ආහාරය උපදනේ වේදැ”යි කීසේක. එකල්හි ඒ මිනිසා සිතනුයේ “කිමෙක් ද? ඇඳතත් කෝනම් සේලය නුමුදු කෙතෙක්දා උපයා සොයා කෑවත්






ව්යාකලචඤ්චිතකථා.] සංඝාද්භූතකථා. 411

මේ වළඳා ඉතිරි වූ බත් විචරත් යහපත් බත් මාලුවක් කෑ නොහෙම්හ. මේ භික්ෂුෙහු සිඟායන පමණ වෙහෙසක් විනා කිසිත් ව්යබසනයක් නො විඳ මෙසේ මධුර වූ ආහාරය ලබන කල තමා ගිහි ව සිට සී සා වපුට වැට බැඳ රෑ දාවල් රැක බලා මිරිකා අටු කොටු තනා එහි ඇද පැදලා ලුණු ඇඹුල් දුරු මිරිස් තෙල් පොල් මාලුපිණි සොයා වෙහෙස විඳ ප්රදයොජන කිම් ද? නිරාකුලෙන් මහණ ව සිත්සේ කාලා හිඳිමි” යි සිතා ශුද්ධ ශ්රරද්ධාවක් නැතත් තමන් මහණ කරවන්ට භික්ෂූණන් වහන්සේට යාච්ඤා කොට කීය. ඒ භික්ෂූාන් වහන්සේ ද යහපතැ”යි කියා මහණ කොට ලා මහලු පැවිදි කරවූසේක. වත් පිළිවෙතෙයි හැසිර වසතත් වැළඳීමෙන් කයට දුක් නො දෙන හෙයින් සුවසේ වළඳා වැඩහිඳ ඇඟ මස් ලේ ඇති ව ගෙණ සිඟාකෑමෙන් ප්ර යෝජන මෙතෙක් ම වේදැ”යි සිතා සිවුරු හැර නික්ම ගිහිගෙට ගොස් වසනුයේ ඇසිල්ලකුත් එක තැනක හිඳින්ට අවසර නැති ව මෙහෙවරෙහි ම ව්යා පෘත ව ඇවිද සයට වේලාවකට බතක් නො ලැබීමෙන් දුර්වරල ව නැවතත් සිතනුයේ මෙසේ දුක්ගෙණ ප්රායෝජන කිම්දැ”යි නැවතත් විහාරයට අවුත් මහණ ව සපයෙන් වළඳාලා සිහිල් සෙවන හිඳ පුෂ්ටිමත්ව ගෙණ තෙමේ තමා ම බලා මෙබඳු යෞවනයක සිට මහණදම් පුරන්නේ කිම්දැ” යි නැවතත් සිවුරු හැර උපයා සොයා කමින් කල්යාමකදී සිතනුයේ “ගිහිගෙයි විසීම නම් ඉතා ම ව්යයසනය. මේ කවර දුකෙක් දැ” යි නැවතත් මහණවනු පිණිස වෙහෙරට අවුත් මහණ කළ මැනැවැයි කීය. එබසට භික්ෂූතන්වහන්සේ ත් මොහු මහණ ව සිටිනා ගමනෙත් ඉතා ම සුවච කීකරු ව සිටින්නේ ය යි සිටිනා තෙක් වත් පිළිවෙත් කරවාගණුම්හ යි සිතා ඔහු කී කී සේ ම මහණ කරවනසේක. මෙසේ වරින් වර සමුරයක් මහණ ව සවාරයක් සිවුරු හැර ගියේය. භික්ෂූෙන්වහන්සේ ද උන් සිත් සේ ඇවිදි හෙයින් ගුණ විශෙෂයකට පමුණුවා ගත නුහුනුවත් චිත්තහස්නයයි යන නම් තබා ආමන්ත්ර ණය කරණ සේක.

මෙසේ වරින් වර සිවුරු පොරවමින් හරිමින් ඔබමොබ පැන ඇවිදිමින් සිටිය දී ම ඇ‍ඹෙනියන් බඩ දරු කෙනෙක් ඇති වූහ. සත්වනවාරයෙහි සිවුරු හැර ගිහිගෙයි වැස දවසෙක ගොස් සී සා නගුල් විය දඬු ගෙණ ගෙට අවුත් බිතක්කන නගුල් වියදඬු හින රෙදි කඩ හෙයින් අදිනා කඩ ඇරගන්නා පිණිස වැද හෝනා කුස්සි ගෙට වන. එ වෙලාවට ඔහුගේ ඇඹෙනියෝත් මෝල් කොටා ‍විඩාව තමා බවත් නො දැන අපර හර ව වැද හෙවනිදන්නී ය. එසේ කල්හි ඇස පිය පියා තිබෙතත් මුවරව නගමින් දෙකොණින් කුණුකෙළ ධාරා වැහෙන්නේය. දැරි ඇතිහෙයින්






412 සද්ධර්මගරත්නාකරය. [31 පරිච්ඡෙදය

බඩත් මහත් ව තිබෙන්නේ ය. ගෙට ගිය මිනිසා මේ හැම දැක තිවණට අරමුණු වු අශුභ දශයෙන් මේ උඬුමාතකඅසුභයක් මෙන් වැටහුනු හෙයින් අනිත්යකය සලකා “මෙතෙක් කල් මම අනන්තෙ පරිශුද්ධ වූ සසුන් වැද මහණ ව මේ මාගම් කුණපය නිසා පිරිසුදු සස්නෙහි ප්රීරති සැප විඳිනෙම් මෙපමණක් සලකා ගත නුහුයෙමි. එසේ වූ මම දැන් මෙසේ වු කුණපයක් දිටිමි”යි අඳිමින් සිටි කඩ ඉඳුරා ඇඳ නො ගෙණ ම කඩපට බඩතුරෙහි ගන්ව ගන්වා ම ගෙන් නික්මුනේ ය. එසඳ දොර සිටි නැන්දබනියෝ දොරට පිටත් වු බෑනනුවන් දැක “කුඹුරෙහි සිට දැන් ම ගෙට අවුත් ගෙයි මඳකුත් නො සිට කඩ එකතින් ගෙණ පටක් දවට දවටා දොරට පැන වෙහෙර බලා නික්මෙති”යි කිම් දෝ හෝ යි. දුවනියන් වැදහොත් කුස්සි ගෙට කර පොවා නිදන දුවනියන් දැක “මෑ අසඤ්ඤතව වැද හෙව නිදන ලෙස බලා ම සිත කලකිරී දෝ හෝ ගෙන් නික්ම වෙහෙරට යන වන” යි සිතා දුව ගසා පුබුදුවා “කාලකණ්ණිය! නැගී සිටුව තිගේ වල්ලභයා තී වැදහොත් අපරහර දැක කලකිරී දෝ හෝ විහාරය බලා නික්මින. මෙවක් පටන් තිට ආලය හැර පියා ගියයි සිතමි” යි කිවූ ය. එබසට ඒ ස්ත්රීව කියන්නී “ආදිත් කීප වාරයෙක පොරවා ඇරපූ සිවුරු වේ ද? දැනුත් කීප දවසක් එයින් බලා පියා එත් දැ”යි කියා “අම්මෙ! නුඹ නො දොඩා හිඳින්න. උයිත් සිවුරෙ සිටිනා කෙනෙක් ද? දැන් දැන් ගෙදොර සිතාලා තුටු ම එකි උන්ගේ සිතිවිලි මට දැනෙයි. බලන්නැ”යි කිවූ ය. එසේ නික්මුනාවූ ඒ පුරුෂයා තමාගේ සිතට වැටහී ගියාවූ අසූහය ම සිහි කෙරෙමින් ඒ අසූහය ම එල්බ ගෙණ තිලකුණු මෙනෙහි කෙරෙමින් මහණ වන්ට යමින් සිට මඟ අතුරෙහි දී සෝවාන් මාර්ගණ ඵල ලද්දේ ය. මෙසේ සෝවාන් ව වෙහෙරට ගොස් භික්ෂූගන්වහන්සේ වැඳ තමා මහණ කරන්ට ආරාධනා කෙළේ ය. භික්ෂූෝන්වහන්සේ ද ඔහු සෝවාන් වූ නියාව නො දැන “තොප මහණකරවන්ට අපට බැරි ය. තොපට මහණ වීම නම් ලඝු තරම දෙයක් ද? ඉදින් මෙවර මහණ නො වී ම පලායව” යි කීසේක. එබස් අසා තමාගේ සිත තරය තමහට ම දැනෙන හෙයින් “ස්වාමිනි! මේ එකවාරය ම මහණ කරවුව මැනැවැ” යි කීහ. භික්ෂුයහු ද තමන්වහන්සේලාට අත් පා මෙහෙවර කිරීමෙන් උපකාරී ව සුවච ව සිටි හෙයිනුත් මහණ කරවන්ට අභිප්රා්ය ඇති ව ම මහණ නො කරවම්හ යි කීවෝ උන්ගේ සිත තරය ලවාගන්ට වුවමනා හෙයින් මිස මහණ නොකරවනු පිණිස නොවන හෙයින් තැතකින් මහණ ‍කළසේක. මහණ වූ දවස් ගණනකින් ම සකෘදාගාමි







චිත්තහස්තස්ථවිරකථා] සංඝාද්භූතකථා. 413

අනාගාමි අභින්මාර්ගයඵල පිළිවෙළින් ම ලැබ සිවුපිළිසිඹියාපත් රහත්වූසේක. ඒ විහාරයෙහි භික්ෂූමන්වහන්සේ ද ඔවුන්වහන්සේ රහත්වු බව නො දැන උන්වහන්සේ හා සමග කථාකරණසේක් “කිම් ද? ඇවැත්නි! දැන් යන ගමන මේ තෙක් කල් පමා ව ගියේ නො සැලකුනු නිසා ද? මෙවර කල් ගියේ කුමක් පිණිස දැ” යි කීසේක. එබසට උන්වහන්සේ කියනසේක් “ස්වාමීනි! මෙ තෙක් කාලයක් සසර ඇවීද කල් ගිය හෙයින් ගිහිගෙට යාම පිට ම කල් නො ගියේ ය. දැන් බවසයුර සිඳුවන්ට කල් නොගිය හෙයින් ගිහිගෙට යාමට කල් ගියේ”යි කීසේක. මෙසේ කියමින් දක්වන සේක්:-

“ සෙත දෙවූපපතත්යෙසසං ගන්ධේබ්බො වා විහඞගමො, යකඛතතං යෙන ගච්ඡෙය්යං‍ - මනුසසතතං ච අබ්බජෙ. තෙ මය්හං ආසවා ඛීණා - විදධසතා විනලීකතා”

යනු හෙයින් “සිවුරු හරණට ගමන් තබා භව ගමනුත් නැති වී ය” යි තමන්වහන්සේ සිවුපිළිසිඹියාපත් රහත් ව අමාමහනිවන් දුටුබව හැඟවූසේක. එවිට භික්ෂූනන්වහන්සේලා සන්තුෂ්ට ව උන්වහන්සේ බුදුන් ලඟට කැඳවා ගෙණ ගොස් දක්වමින් “ස්වාමීනි! අප මුන්ට මෙලෙස කි තැන මුයිත් අපට මෙසේ කියා තමන් රහත් නියාව හැඟවූ ය. අපට ඒ නො දැනුනේ ය”යි දැන්වූසේක. බුදුහු එපවත් අසා උන්වහන්සේලාට වදාරණසේක් “එම්බා මහණෙනි! උන් කීයේ සබා ම ය. යම් කෙනෙකුන්ගේ චිත්තය රාගයෙන් රැඳී නො තිබේ ද, ‍ද්වෙෂයෙන් කැලඹී නො තිබේ ද, එසේ වූවහුගේ අභින්මාර්ගබයෙන් නටුවාවූ පාපසමූහය ඔහු දස පෙරළා ඉදින් මඳකුත් නො බලන්නේ ය. එසේ හෙයින් මාගේ පුත්ර වූ චිත්තහස්තස්ථවිරයෝ තමන්ගේ චිත්තය තරයක් නැති අවදියේ ඔබනොබ ඇවිද්දත් දැන් කුසල විපාක නැමැති වනු වල ඇති නිවන් නැමැති ගල මුදුනෙහි අභිත් ඵල නැමැති ටැඹ සිටුවා සිත් නැමැති දමින් බැඳපු හෙයින් දැනි යන ගමන් හළුවෝ වේදැ”යි වදාළසේක. මෙසේ කරුණානිධාන වූ බුදුරජානන් වහන්සේ වදාළ කල්හි දෙශනා කෙළවර බොහෝ සත්වායන්ට ධර්මානභිසමය වූසේක.

එකල්හි, එක්දවසක් භික්ෂූින්වහන්සේ ඔවුනොවුන් හා කථා කරණසේක් “ඇවැත්නි! රාග ‍ද්වෙෂ මොහ මදමානමාත්සය්යා හා දී වූ මේ ක්ලේශයෝ නම් කවර තරමුන්ටත් වඩා කොට මුත් නොරඳති. මෙසේ රහත් වන්ට නිසි කුලදරුවානන් පවා ස්වාරෙක






414 සද්ධර්මොරත්නාකරය. [31 පරිච්ඡෙදය

සිවුරු හැර සත්වාරෙක මහණ ව රහත් වූ හෙයින් මුන් තව තවත් සිවුරු නො හරිද්දැ” කියා කථාවක් ඉපැදවූ සේක. එකල්හි අප බුදුහු භික්ෂූකන්වහන්සේ කරණ සාකච්ඡාව දිව කණින් අසා එසඳ සුදුසු වු බුද්ධලීලා‍වකින් ධර්මබසභාවට වැඩ පණවනලද බුද්ධාසනමස්තකයෙහි පලක් බැඳ වැඩ හිඳ වදාරණසේක් “එම්බා මහණෙනි! මා එන්නාට පූර්වැභාගයෙහි කවර කථාවකින් යුක්ත ව හුන්නු දැ?”යි වදාළසේක. එකල්හි භික්ෂූ්න්වහන්සේ කියනසේක් “ස්වාමීනි! ඔබවහන්සේ විසින් නො කියන්ට වදාළ දෙතිස් කථාවන් අතුරෙන් එක් කථාවෙකිනුත් යුක්ත ව අනුමෝ නො වම්හ. දැන් චිත්තහත්තස්ථවිරයන් වහන්සේ කෙලෙසුන් නසා රහත් වූ බව කිය කියා උනුම්හ”යි කීසේක. එබසට බුදුහු වදාරණසේක් “එම්බා මහණෙනි! සොරකම් කරණ සොරු පවා ගේවලට වැද සොරකම් කරන්නාහු වස්තු ඇති ව තිබෙන ගෙවල් බලා වස්තුවෙහි තරම් පදම් බලා වැද සොරකම් කරණ මුත් දිළිඳු ගෙයකට නො වදනාහු ය. ඉදින් කෙලෙස් සො‍රු එසේ තරම් පදම් සලකන්නාහු නො‍ වෙති. කවර තැනත් සොරකම් කෙරෙති. ඉදින් මුන් මුර්තිමත් ව එක් තැනෙක රැස් කරතොත් සරසින් සක්වළත් පටු ය. උසින් බඹලොවත් මිටි ය. එසේහෙයින් මේ ක්ලේශයෝ ම බොහෝ වූවාහු ම වෙති. පාරමිතාභූමියෙහි දී අප වැන්නවුන් පවා ඔබිනොබ ගස් වන්නෝ වෙන කවුරුන් බලද්දැ”යි වදාරා ඉකුත්වත් ගෙණ හැර දක්වා වදාළසේක.

හේ කෙසේ ද? යත්:-යට ගිය දවස බරණැස් නුවර බ්රැහ්මදත්ත නම් රජහු රජය කරණ සමයෙහි කුද්දාල නම් මාණවකයෙක් නිර්ධැන ව රැකෙයි. එතෙකුදු වුවත් ඕහට ඇති රක්ෂුෝවෙක් නම්ව‍රා මනාවක් හා උදැලුකෙටියෙක් මත. එපමණෙකින් ජීවත්ව ගත නො හී “වරා මනාවත් උදැලුකෙටියත් සෙමෙහි තබා තපසට යෙමි”යි කියා ගෙන් නික්ම ගොස් හිමවතට වන. මෙසේ තපසට හිමවතට වන් කුද්දාලමාණවක තෙම වල්කලා හැඳ ඍෂිප්ර්ව්රහජ්යා වෙන් පැවිදි ව වනමූලඵලාහාරයෙන් ජීවත් ව වෙනෙහි වසනුයේ හිමන් ගිමන් අට මස එතැන්හි තපස් කොට වසයි. එකල්හි දවසෙක වැසි වැස බිම තෙමී ගොවිතැනට පදම දුන් කල්හි එපවත් දැක “දැන් මෙ වෙනෙහි තපස් කොට වසන්නෙම් කිම් ද? මම කිසිත් නැති එකෙකිම් නො වෙමි. එන ගමනේ තබාලා ආ වරා මනාවක් හා මැදින් ගෙවී දෙකොණින් උල් ව තිබෙන උදැලුකෙටියෙක් ද ඇත. ඒ වරා මාතාව මෙදා වපුට






චිත්තහස්ත ස්ථවිරකථා.] සංඝාද්භූතකථා. 415

ගත නුහුනුවොත් මත්තට බිජුවට ඇස වෙ”යි සිතා තාපස ප්රවව්රටජ්යාසව හැර ගිහි වෙමින් ගමට අවුත් උදැලුකෙටිය ගෙණ එක් තැනක් උදැලු ගා තනා වරා බිජුවට වපුට වැට බැඳ රැක බලා පැසුනු කල්හි දා මිරිකාගෙණ වරා නැළියක් වෙන ම මැන තබා ඉතිරි වරා සුඟ කා නිමවාලා “ඉදින් හිඳ කරණ ගොවි තැනෙක් නැත. එසේ හෙයින් දැන් මෙතැන අත පිට අත තබා හිඳිනා බලාත් නිකම හිඳිනා ගමනේ තපස් කළ යුතු ය”යි නැවැතත් හිමවතට ගොස් තාපස ව වනමූලඵලාහාරයෙන් ජීවත් ව වැස වරානැළියත් උදැලුකෙටියත් සිත සිතා කිසිත් ධ්යාීන භාවනාදියක් නො කොට හිඳ පළමු සේ ම කලට වැසිපොද ගසා බිම මොලොක් වූවා දැක දෙවෙනි වත් ගිහි ව අවුත් පෙර තුබු වරා නැළිය හා උදැලුකෙටිය දැක “මෙසේ වූ රක්ෂා වක් තිබැදී මා මහණවූයේ කිම් දැ?”යි සිතා එක් තැනක් උදැලු ගා වල් හැර වරානැළිය වපුට රැක බලා දා මිරිකා ඉනුත් වරානැළියක් වෙන ම තබා සෙසු වරා තබාගෙණ කා බී නිමි කල්හි නැවැතත් හිමවතට ගොස් මහණ ව තපස් කෙරෙමින් “මෙසේ එක වරා නැළිය හා උදැලු කෙටිය නිසා සත්වරෙක වෙනෙහි වැද කරණ තපස් හැර ආයෙමි. ‘මේ උදැලුකෙටියත් වරින් වර ගෙවි ගෙවි කෙටි ව ගිය පමණක් විනා මුන්දැලා කරවාලන කාරිය ගෙවෙන්නෙත් නැත. කෙටි වන්නෙත් නැත. එසේහෙයින් මේ දෙක ම තිබූ තිබූ පමණින් වෙහෙස විඳ අවැඩ සිද්ධ වන මුත් වැඩක් සිද්ධ කොට ගත නො දෙයි. එසේ හෙයින් මේ දෙක ම එක් තැනෙක තිබුව ද වලකට දැමුව ද නැවැත ගිය තැනෙකිස් අවුත් මේ වරා නැළිය හා උදලු කෙටිය සාරා සොයා ඇවිදින්ට සැලසෙයි. එසේ හෙයින් මීට කුමක් කෙරෙම් දෝ හෝ” යි සිතා නුවණක් සිතනුයේ “ගඟට ගෙණ ගොස් දියට දැමූ කල යහපතැ”යි සිතා වරා නැළියත් උදැලු කෙටියත් ඇර ගෙණ ‍ගංතෙරට ගොස් තමාට වෙහෙස දෙන සතුරන් දෙන්නකු අල්වාගත් ගමනේ ගැලවී නො ‍යන ලෙස එක් ව මිරිකා බැන්දාක් මෙන් වරා පොට්ටනිය උදුලුපායෙහි තරකොට බැඳලා ගඟබට සිට ඇස් වසාගෙණ ඉස වට තුන් වටක් සිසාරා ගඟ දිය මැදට දමමින් ඇස අයා බලා හුනු තැන් නො දැක “ජිතං මෙ, ජිතං මෙ” කියා තුන්විටක් හඬ ගැසී ය.

එකල්හි බරණැස්රජහු සටනට ගොස් පසල් දනව්වක් ජය ගෙණ බරණැස් ගඟ සමීපයෙහි කඳවුරු බැඳ හිඳ ජලස්නානය පිණිස ගඟට බැස සිටි කල්හි මේ කුද්දාලපණ්ඩිතයන් ‘දිනා ගියෙමි’ යි යන බස අසමින් - රජදරුවන් තම තමන්ගේ වික්රතම පතළ






416 සද්ධර්මරරත්නාකරය. [31 පරිච්ඡෙදය.

ජයඝොෂාවට ප්රතසන්න වන මුත් අනිකක්හු ගත් ජයට ප්රියය නො වන හෙයින් කුද්දාලපණ්ඩිතයන් ලඟට කැඳවා කියන්නාහු ‘එම්බා සගය! මම සතුරන් ලුහු බඳවා ජය ගෙණ අයිමි. තෙපිත් දිනා ගියෙමි” යි කියව, ඒ කවරේ දැ”යි විචාළහ. එබසට කුද්දාල පණ්ඩිතතෙම කියනුයේ “දෙවයන්වහන්ස! සටනට ගොස් නුඹ වහන්සේ ජය ගතත් නැවැත එම සතුරෝ පිට බලයක් ලද්දු නම්, පසු පස්සෙහි ම ලුහුබඳවා ගෙණ අවුත් නුඹවහස්සේ පරදවති. එසේ වු දිනීම් ජය ගැණීමට ම ගත නො හැක්ක. මම වනාහී මසුරු සතුරන් පරදවාපීමි ඔහු දෙවැනි ව මා පරදවා ගත හෙන්නා තබා මාගේ දිසාවත් බැලිය නො හෙති. එසේ වූ දිනීම් දිනීම් නම් වන්නේ ය. එසේ හෙයින් මා ගත් ජය ම යහපතැ” යි කියා ගඟදිය බලබලා සිටියේ ය. මෙසේ ගඟදිය බල බලා සිටි කුද්දාලපණ්ඩිතතෙම දිය පීරා අභිප්රායයානුකූල ධන සමූහයක් ඇරගන්නා සේ ධ්යාකන උපදවා එතැන්හි ම සිට අභිඥා ලාභී ව අහසට පැනනැගී පලක් බැඳ හුන්නේ ය.

බරණැස්මහරජහු ඒ ක්ෂ ණයෙහි සිටි තැන ම සිට අහසට පැනනැගී පලක් බැඳ හුන් බව දැක ආශ්චය්ය්‍ුනයට පැමිණ වැඳ වැතිර කුද්දාලපණ්ඩිතයන්ගෙන් බණ අසා පහන් සිත් ඇති ව තමන් මහණ කරන්ට ආරාධනා කොට තමන්ගේ සතරගව්වක් ගලා සිටි මහපිරිස හා සමග මහණ වූහ. අනිකුත් නුවරෙක රජ්ජුරු කෙනෙක් “බ්රිහ්මදත්ත රජහු මහණ වූහ” යි යනු අසා “එසේ කල ඒ නුවර රාජ්ය සම්පත්තිය අපටම නතු ය. සටන් කොට ගන්නා රජසැපත් බලාත් මෙසේ වූ නිරාකුලරාජ්ය‍සම්පත්තිය යහපතැ”යි සිතා සිවුරඟසෙනග පිරිවරමින් බරණැස් නුවරට අවුත් ධන ධාන්යයසම්පත්තීන් පිරී තුබු නුවර දැක “මෙබඳු නුවරක් හැර ගොස් මහණ වුයේ මීට වඩා එයින් ඵල ඇති නිසා වේදැ”යි තුමුත් ගොස් කුද්දාලපණ්ඩිතයන් දැක උන්ගේ ගුණෙහි පැහැද සහපිරිවරින් මහණ වූහ. මෙසේ ක්ර්මයෙන් සත්රජ්ජුරුකෙනෙක් සත් සෙනඟක් හා සමඟ අවුත් කුද්දාලපණ්ඩිතයන් දැක පැහැද මහණවූහ. මේ හැම දෙන වසන පන්සල් දිගින් පුළුලින් අටවිසිගව් පමණ වි ය. මේ හැම දෙන ම ධ්යානන උපදවා ගෙණ අපරිහීණ ධ්යාඩනයෙන් බ්ර හ්මලොකයෙහි උපන්හ. එකල කුද්දාලපණ්ඩිතයෝ නම් සව්නේ ගෙවා දැන ලොවුතුරා බුදු වූ මම ම ය. එසේ හෙයින් අප වැන්නවුන්ගේ චිත්තය පවා මෙසේ චලිත කළා වූ ‍ක්ලෙශයෝ මහමෙර පරයන සුලඟ පුළුන් නො බලන්නා සේ මුන් බලද් දැ” යි වදාරා ධර්ම දෙශනා කළසේක.






මාතිකමාතුකථා] සංඝාද්භූතකථා. 417

එසේ හෙයින් මේ ලොකයෙහි නුවණැත්තවුන් විසින් මේ අනුශාසනා සිත තබා කිසි ලෙසකිනුත් කෙලෙස් සතුරන්ට අවසර නො හැර කුශල ධර්මය ම සම්පූර්ණ කොට තුන්තරා බොධියෙන් එක්තරා බොධියකට පැමිණෙන්ට උත්සාහ කටයුතු වදාරණ ලදුයේ මැයි:-

“ අනවධිතචිතතස්ස - සධම්මං අවිජානතො, පරිප්ලවපසාදසස - පඤඤා න පරිපූරති. අනවසසුතචිතතසස - අනත්වා හතවෙතසො, පුඤඤපාපපහීණස්ස - නත්ථිා ජාගරතො භයං.”

මෙතෙකින් මේ සද්ධර්මමරත්නාකරයෙහි දොළොස්වන සංඝාද්භූතචිත්තහස්තසථවිර කථා නම් වූ

එක්තිස් වන පරිච්ඡෙදය කියා නිමවනලදී.

32 වැනි පරිච්ඡෙදය.

	තවද, මේ සද්ධර්මථරත්නාකරයෙහි මාතිකමාතු කථා නම් කවරැ? යත්:- මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය. 

කෙසේ ද? යත්:- අප තිලෝගුරු බුදුන් සමයෙහි පසේනදී කොසොල් මහරජහුගේ විජිතයෙහි පර්ව තාශ්රතය ජනපදයෙක මාතිකා නම් ගමෙක් වි ය. එකල්හි භික්ෂූගන් සැටදෙනකුන් වහන්සේ ලොවුතුරා බුදුන් කරා එළඹ දැක වැඳ කර්මාස්ථාන ගෙණ භාවනාවට සුදුසු පියෙසක් බලා දනව් සැරිසරා වඩනාසේක්, පෙරවරුවෙක සිඟා වැළඳීමට වේලා බලා අසල් හෙයින් පර්වරතාශ්රකය වූ ඒ ගමට සිඟා වන්සේක. එකල්හි එගම නායක මාතික නම් උපාසකයෙක් ඇත. ඒ ග්රාඟමභොජකයාගේ මෑනියෝ වැඩි භික්ෂූබන් සැටදෙනාවහන්සේ දැක අතිප්රාසන්න ව තමන් වසන ගෙය සුවඳ පිරිබඩ ගෙණ ආසන පණවා එහි භික්ෂුාන් වඩාහිඳුවා උදෑසන ම සිඟා වැඩි හෙයින් කැඳ අවුළු පිළියෙල කොට වළඳවාලා නොබෝ කලකින් දනුත් වලඳවාලා ඉක්බිති අන්මෙවුනි බණ අසා “ස්වාමීනි! දැන් වඩනේ කොයි දැ?”යි විචාළහ. එබසට කියන සේක් “උපාසිකාවෙනි! පාසුතැනකට යම්හ” 27






418 සද්ධර්ම රත්නාකරය [32 පරිච්ඡෙදය.

ඒ උපාසිකාවෝත් වයොවෘද්ධ පමණක් ම නො ව ඥානවෘද්ධ කමකුත් ඇති හෙයින් “මුන්වහන්සේලා වස් වසන කැනක් සොයා යන සේකැ”යි උන්වහන්සේලා කී බසින් ම දැනගෙණ එවිට පසඟ පිහිටුවා වැඳ, “ස්වාමීනි! නුඹ ඇමදෙනාවහන්සේ ඉදින් මේ වස්තුන්මස මෙතැන විසූසේක් වී නම්, මම ද තිසරණ පිහිටා පන්සිල් සමාදන් ව පොහොයෙන් පොහොයෙහි පෙහෙවස් රකිමි” යි කිවූ ය. එබසට භික්ෂුිහු ද “අපිත් භාවනාවට සුදුසු තැනක් සොයම්හ. එසේ හෙයින් දැන් මුන් ම මුල් කොට ගෙණ සිවුපසයෙන් අපාසූ නො විඳ භාවනා මුදුන් පත් කොට ගෙණ සසර සයුරෙන් එතෙර වම්හ”යි ආරාධනා ඉවසූසේක. උපාසිකාවෝ ද උන්වහන්සේලා සැප විහරණයෙන් වාසය කරවනු පිණිස විහාරයක් කරවා දුන්හ. ඒ සැටදෙනාවහන්සේත් ඒ විහාරයෙහි වසන සේක් එක් දවසක් රැස් ව ඔවුනොවුන් වහන්සේ අපවාද ලෙස කියනසේක් “ඇවැත්නි! අප හැම ඉදින් ධ්යානන භාවනාදියෙහි ප්රසමාද නො විය යුතු ය. මේ ශ්ර ද්ධාවත් උපාසිකා තොමෝ,

“ න පිතා න ච මෙ මාතා - න ඤාති න ච බන්ධ වො, කරොති ඊදිසං කිචචං - සීලවන්තස්ස කාරණා.”

යනු හෙයින්, අප සැටනමින් එක් නමකට වුවත් මේ ජාතියෙහි ම නෑ කමක් නැත්තී ය. හඳුනන්නේත් මේ ගමනේ ම ය. එතෙකුදු වුවත් ‘සිල්වත්සේක, ගුණවත් සේකැ’යි යන අදහසින් තමනුත් සසර දුකින් මිදෙන ලෙස නෑසියකෙනකුන්ට කරණ උපස්ථානයකට වැඩි තරම් ව උපස්ථානත් කෙරෙති. එසේ හෙයින් උන්ගේ අදහස් ලෙසට ම අපත් විසුව මැනැව. එසේ නො විසුවමෝ නම් උන් කරණ උපස්ථානයෙහි අදහස ශ්රසද්ධ බැවින් උන්ට දෙන්නා වූ විපාකයෙහි අඩුවෙක් නො වන්නේ ය. අප හැමගේ පිළිවෙත් අඩුවීමෙන් අප හැමට ම අධිගම බාධක ය”යි කියා, කථා කෙරෙමින් “කළ මනා දෙය තබා අනිකෙක ව්යගවෘත වූවමෝ නම් නිරදොර කෙසේ නම් වසමෝ ද? කමටහන් උගන්නමෝත් කරුණා නිධාන වූ මනා ප්රකතිපත්තියෙහි හැසිරෙන්නා වූ බුදුන්ගෙන් ම උගත්තාමු. ඒ බුද්ධාඥාවට වංචාවක් නො ම කළ හැක්ක. බුදුවරුන් නම් ඡායාවක් සේ විසුවත් තමාගේ ශුද්ධ අදහසින් මුත් වංඤ්චාවෙන් සිත් ගත නො හැක්ක. එසේ හෙයින් උන් වහන්සේ සිත් ගෙණ සසරින් ගැලවෙන්ට සිතන්නා වූ අප හැම උපෙක්ෂයක විය නො හැක්ක. ප්ර්මා‍ද විය නො හැක්ක. එසේ හෙයින් දෙනමක් එක තැනෙක නො සිටිය යුතු ය. නො හින්ද යුතු ය.





මාතිකමාතුකථා.] සංඝාද්භූතකථා 419

සවසත් පිරිත් කරණ වේලෙහිත් උදෑසන සිඟා යන වේලෙහිත් එකතැන් වම්හ. සෙසු වේලෙහි දෙනමක් එකතැන් නොවම්හ. සෙසු වේලෙහි දෙනමක් එකතැන් නො වම්හ. එතෙකුදු වුවත් ගිලන් කෙනෙක් ඇත හොත් වෙහෙර මැද බැඳ එල්වා තිබෙණ මිණියේ ගසා ලන්නා ම ඒ ශබ්ද සලකුණෙන් එක තැන් ව ඊට සුදුස්සක් කරම්හ”යි මෙසේ කතිකා කොට ගෙණ ධ්යානනභාවනාදියෙහි නියුක්ත ව එසැටදෙනා වහන්සේ ම විවෙකස්ථානවල ම වෙන වෙන ම වාසය කරන සේක.

මෙසේ වාසය කරණ කල්හි එක් දවසක් උපස්ථාන කරණ උපාසිකාවෝ තෙල් මීසකුරු ආදී වූ ගිලන්පස බෙහෙත් ගෙන්වා ගෙණ කෙලි ‍කොල්ලන් පිරිවරා සවස්මාලයෙහි විහාරයට අවුත් විහාරමධ්යගයෙහි සංඝයාවහන්සේ නො දැක මේ වෙහෙර වසන භික්ෂූරන් වහන්සේ කොයි වැඩිසේක් දැ?” යි එතැන්හි සිටියවුන් අතින් විචාළහ. ඔවුන් “තමන් වහන්සේලා වසන රාත්රි”ස්ථානදිවාස්ථානවල ම වැඩහිඳිනා සේකැ”යි කී කල්හි එබස් අසා උපාසිකාවෝ විචාරන්නාහු “දැන් උන්වහන්සේලා අප විසින් දක්නට පිළිවන් දැ?”යි විචාළහ. එබසට භික්ෂූ්න්වහන්සේලා කියාගත් කතිකාව දන්නා වු මිනිස්සු කියන්නාහු “තෙල බැඳ එල්වා තිබෙන මිණියෙහි දඩකින් ගැසූකල ඇමදෙනා වහන්සේ ම රැස් වන සේකැ”යි කීහ. එපවත් අසා මිණිය සොලවා ශබ්ද පැවැත්වූහ. එසඳ භික්ෂු සංඝයා වහන්සේ මිණියෙහි ශබ්දය අසා කිසිවක්හු ගිලන් වූ නියායයි හුන් හුන් තැනින් වහා නික්ම අවුත් විහාරමධ්යහයට රැස් වූසේක. එකල්හි දෙනමක් එක් ව නො ඇවිත් ඒ ඒ තැනින් තනි තනි ම ම එන්නාවූ භික්ෂූ්න් වහන්සේ ඒ උපාසිකාවෝ දැක “මාගේ ස්වාමිදරුවූ මේ භික්ෂූ්න්වහන්සේ ඔවුනොවුන් වහන්සේලා කැටි ව විරුද්ධත්වදයක් ඇතිසේක් වනැ” යි සිතා වැඩි සංඝයාවහන්සේ වැඳ, “ස්වාමීනි! නුඹවහන්සේලා තනි තනි ව හිඳිනේ ‍උනුන් වහන්සේලා කැටි ව විරුද්ධත්වවයකින් දැ?යි විචාළහ. එබසට “උපාසිකාවෙනි! අප හැමගේ ඩබරෙක් නැතැ”යි කීසේක. එසේ ඩබරක් නැතිකල සිඟාවඩිනා කල එක් ව වඩින්ටත් දැන් වෙන වෙන ම සිටින්ටත් කාරණ කිම් දැ?”යි විචාළහ. “උපාසිකාවෙනි! වෙන වෙන ම වැඩ හිඳ අපි හැම මහණ දම් පුරම්හ” යි කීසේක. එබසට උපාසිකාවෝ කියන්නාහු “ස්වාමීනි! මහණදම් නම් කුමක් දැ”යි විචාළහ. එබසට කියනසේක් දෙතිස් කුණපකොට්ඨාසය මෙනෙහි කිරීමෙන් කායගතාසතිකර්ම ස්ථානයෙහි යෙදෙම්හ. තිලකුණු මෙනෙහි






420 සද්ධර්මෙරත්නාකරය [34 පරිච්ඡෙදය

කරම්හ”යි කීසේක. උපාසිකාවෝ එපවත් අසා “ස්වාමීනි! ඒ හැම නුඹවහන්සේලාට මුත් අපට නො වටනේ දැ?”යි විචාළහ.

එබසට භික්ෂූ හු කියන්නාහු ‘උපාසිකාවෙනි! ධ්යා‍නභාවනාදිය සියලු රෝගයට හිත බෙහෙතක් මෙන් කාටත් යහපතැ”යි කීසේක. එසේ වීනම් ඒ ධ්යා‍න භාවනාදීක්ර්මය මටත් වදාළ මැනැවැ”යි කීහ. ඔවුන් වහන්සේලා ද “යහපතැ”යි කියා භාවනා ක්රරමය නො වරදවා ඒ උපාසිකාවන්ට කීසේක.

එකල්හි උපාසිකාවෝ ද භාවනා ක්රවමය ඉගෙණ භාවනාභියොගයෙහි යෙදී තමන්ට භාවනාක්රවමය ඉගැන්වූ සංඝයාට පළමු ව අනාගාමී වූහ. ඒ අනාගාමි මාර්ග ය ලැබීම හා සමග ම සිවුපිළිසිඹියාවන් ද ලෞකික අභිඥාවන් ද ලත්හ. මෙසේ උපාසිකාවෝ සමාප්ති සැපයෙන් හිඳ එයින් නැඟී දිවැසින් බලන්නාහු “මාගේ භික්ෂූාන්වහන්සේ මා ලත් මේ ගුණවිශෙෂයට කවර කලෙක පැමිණිසේක් දෝ හෝ’ යි බලා අධිගමයක් තබා ධ්යාාන පමණකුත් නොලත් නියාව දිවැසින් දැක “සෙනාසනඵාසු ඇද්දෝ හෝයි නැද්දෝ හෝ”යි බලා එයින් ඵාසු නියාව දැක “ආහාරසප්පාය සැප දෝ හෝ දුක් දෝ හෝ”යි දිවැසින් බලා උන්වහන්සේලාගේ අභිප්රාරය ලෙස ආහාර සම්භව නොවන හෙයින් ආහාර සප්පාය නැති නියාව දැක එවක් පටන් නොයෙක් ප්රආකාරයෙන් කැඳ අවුළුපත් වර්ග ද නොයෙක් රස ඇති බත් මාලු ද පිළියෙල කරවා උන්වහන්සේලා තමන්ගේ ගෙයි ම වඩා හිඳුවා “ස්වාමීනි! අභිප්රාපය දෙයක් වැළඳුව මැනැවැ”යි ආරාධනා කෙරෙමින් සිත් ලෙසට ම වළඳවති. එතැන් පටන් සප්පාය වූ භොජනය ලදින් කාය සැප ඇති වත් ධ්යාාන භාවනාදියට සිත එකඟ වි ය. එකඟ වූ සිතින් භාවනා කොට විදර්ශධනා වඩා සිවුපිළිසිඹියාපත් රහත් ව සිතනසේක් “අනේ මේ උපාසිකාවෝ අපට බොහෝ උපකාරී වුහ. ඉදින් යම් සේ අපි භොජනයෙන් සැපයක් නො ලදුමෝ නම් මාර්ගබ ඵල ප්ර‍තිවෙධ කළ නො හෙම්හ. දැන් වස් තුන්මසත් ඉක්මින. වස් පවරාලා අප බුදුන් දකින්ට යම්හ. එසේ හෙයින් අප කළාවූ කෘත්යසය සිද්ධ ව දැන් බුදුන් දැක්මට යාම මුන් නිසා ම සිද්ධ වී ය”යි කියා උපාසිකාවන්ට කියනසේක් “අප කළ මනා කෘත්යාය සිද්ධ වි ය. අපි බුදුන් දකින්ට යම්හ”යි කීසේක.

උපාසිකාවෝ ද තමන් කළ උපස්ථානය සප්රනයොජන වූ හෙයින් සමාධි ව “යහපත, ස්වාමීනි! වැඩිය මැනැවැ”යි පසු ගමන්






මාතිකමාතුකථා.] සංඝාද්භූතකථා. 421

කොට මදක් තැන් ගොස් “ස්වාමීනි! තව තවත් මොබ වඩනේ යහපතැ”යි ආරාධනා කොට අවසර ගෙණ සිටියහ.

ඒ සැටදෙනා වහන්සේ ද සැවැත්නුවරට වැඩ බුදුන් දැක වැඳ එකත්පස් ව හුන් කල්හි බුදුන් විසින් “සුව දුක් කිම් දැ යි මහණෙනි” යි වදාළසේක. “ස්වාමීනි! කිසිත් අපහසුවෙක් නැත. අප ගිය තෙන ඇළගමුයෙහි මාතික නම් උපාසකයකුගේ මෑනි කෙනෙක් අපගේ අදහස් දැන මෙබඳු භොජනයක් දුන්නු නම් යහපතැ යි සිතූ කල්හි ඒ සිතූ සිතූ ලෙස ම භොජන සපයා දෙති” යි කියා ඒ උපාසිකාවන්ගේ ගුණ කීසේක.

එපවත් අසා එක්තරා භික්ෂු කෙනෙකුන්වහන්සේ “උන්ගේ ගුණ මෙබඳු වී නම් මමත් ඔබ යා යුතු ය” යි බුදුන්ගෙන් කමටහන් ගෙණ “ස්වාමීනි! මමත් මේ භික්ෂූතන්වහන්සේලා විසූ ඇළගමට ම යෙමි” කියා අවසර ඇරගෙණ දෙව්රමින් නික්ම මගතුර සැතපී එගමට ම වැඩිසේක. එ ගමට වැඩ මාතිකමාතු උපාසිකාවන් කරවූ විහාරයට වැඩ එදවස් ම සිතනසේක් “මෙ වෙහෙර කරවූ උපාසිකාවෝත් පරසිත් දනිත් ල. මම වැලිත් ගමනින් විඩා ව ගියෙමි. විහාරය හැමැඳගන්ට නොහැක්කෙමි. මේ විහාරය වට හමදනා පිණිස මිනිසකු එවූ නම් යහපතැ” යි සිතූසේක. උපාසිකාවෝ ද තමන්ගේ ගෙයි ම හිඳ දිවැසින් බලා ඒ කාරණය දැක මිනිසකු වෙහෙරට එවා හැමඳනුහ. ඒ භික්ෂූඳහු ද දෙවැනි වත් සිතනුයේ “මම ගමන් විඩා ව දිය පිපාසා ඇතියෙමි. මේ උපාසිකාවෝ පැන් පවස් සංසිඳුවනු පිණිස ශකිරා දියත්තක් යොදා එවූ නම් යහපතැ” යි සිතූසේක. උපාසිකාවෝ ද උන්වහන්සේගේ අදහස් දැන මධු ශකිරා බහා යෙදූ ගිලන්පසක් වෙහෙරට එවා වැළඳවුහ. දෙවන දවස් උදාසන ම යහපත් වු දුවාපු දිය කැඳ හා අතිරස තල ලාළු සහිත අවුළුපත් එවූ නම් යහපතැයි සිතූසේක. උපාසිකාවෝ ද එසේ ම කැඳ අවුළුපත් පිළියෙල කොට එවූහ. කැඳිත්ත වළදාලා මදක් සැතපී සිතනසේක් “මෙ වෙලාවට අතුරුපස වළඳන ලෙස අවුළුපත් එවූ නම් යහපතැ”යි සිතූසේක. උපාසිකාවෝ ද එසේ ම අවුළුපත් පිළියෙල කොට වෙහෙරට එවා වැළඳවූහ.

ඒ භික්ෂූකන්වහන්සේ ද සිතනසේක් ‘මෙ උපාසිකාවෝ ද අප සිතූ සිතූ සියල්ල ම ගෙණ බැණ ගන්නා සේ එවාලති. දවාලට සකස් කොට මධුර වු යවකාමු හා මියුරු ව්යගඤ්ජන





422 සද්ධර්ම රත්නාකරය. [32 පරිච්ඡෙදය

යෙන් යුක්ත ඝාතක්ෂී්රය හා ශුද්ධ වු ආහාරයක් ගෙන්වා ගෙණ තුමුත් අවු නම් යහපතැ”යි සිතූසේක. උපාසිකාවෝ ද මාගේ ස්වාමිදරුවන්වහන්සේ දන් හා සමග මා දක්නා කැමැති සේකැ” යි දන් ගෙන්වා ගෙණ තුමුත් ඒ විහාරයට ගොසින් දන් පිළිගැන්වුහ.

උන්වහන්සේ ද දන් වළඳා අනතයෙහි “මාතිකමාතාවෝ නම් නුඹ දැ?” යි විචාළසේක. උපාසිකාවෝ ද උන්වහන්සේ කී බස් අසා “එසේ ය ස්වාමිනි! මම ය. මෙතැන්හි වැඩි කෙනෙකුන් වහන්සේට උපස්ථාන කරන්නෙමි” යි කීහ. එවිට ඒ භික්ෂුහ තෙම කියනුයේ “තෙපි පරසිත් දනු දැ?” යි විචාළසේක. එබසට උපාසිකාවෝ කියන්නාහු “ස්වාමීනි! කුමක් නිසා එසේ විචාළේ දැ?” යි කිවූ ය. එබසට ඒ භික්ෂූෝ තෙම කියනුයේ “උපාසිකාවෙනි! මා සිතූ සියල්ලම දැනගෙණ ඒ වූ ලෙස ම නිෂ්පාදනය කළහෙයිනැ” යි කීසේක. එබසට කියන්නාහු “ස්වාමීනි! පරසිත් දන්නා ඇමදෙනා වහන්සේ බොහෝසේක් වේ දැ” යි කිවූය. එබසට උන්වහන්සේ කියනසේක් “මම භික්ෂූ්න්වහන්සේගේ පරසිත් දැනීම් විචාළෙම් නො වෙමි. තොප පරසිත් දන්නා බව වේ ද මා විචාළේ?” යි කීසේක. එසේ උන්වහන්සේ කීකල්හි ඒ උපාසිකාවෝ කියන්නාහු “ස්වාමීනි! අධිගම ලත් කෙනෙකු මුත් පරසිත් නොදන්නෝත් මෙසේ කෙරෙත් දැ?” යි කිවූ ය. එසේ කීයේ නම් ගුණ විශෙෂයකට පැමිණියවුන් තමන් ලත් ගුණ විශෙෂය කරුණෙක මුත් නො කරුණෙක අනුන්ට නො හඟවන හෙයින. මේ මහාත්මයන්ගේ සවභාව ධර්මුයෙක. උපාසිකාවන් කීවාවූ මේ ප්රනවෘත්තිය අසා ඒ භික්ෂුය තෙම සිතනුයේ “පෘථග්ජනයෝ නම් යහපතක් සිතති. ක්ලෙශවශඟවූ සිත් ඇති හෙයින් නපුරත් සිතති. ඉදින් මා යහපත සිතුයෙන් මුත් කිසි යම් නපුරු සිතක් සිතූයෙම් නම්, සොරකම් කළාවූ බඩු සහිත ව ම සොරකු අල්වා ගන්නා සේ මා සිතුවා දැන ගෙණ වෙහෙසකට පමුණුවාපියති. ඒ නපුර ප්රවකාශ කොට සත්වදයන් ලවා නුගුණ හෝ කියවාපියති. මෙසේ වූ තැනැත්තන් සමීපයෙහි දවස් ඇරීමට වඩා නමාගෙණ පලායාම යහපතැ” යි සිතා “උපාසිකාවෙනි අපි අද ම යම්හ!’ යි කීසේක. එබස් අසා කියන්නාහු “ස්වාමීනි! නුඹවහන්සේ දැන් කොයි යන සේක් දැ” යි විචාළහ. අනික් කොයි යමෝ ද? අපගේ බුදුන්ගේ සමීපයට ම යම්හ” යි කීසේක. උන් වහන්සේ මෙසේ කී කල්හි පෘථග්ජන සාන්තනයට කුමක් සිතෙතත් තමන්ට නුසුදුස්සක් නොසිතන හෙයින් “ස්වාමීනි! රඳන බව යහපතැ” යි කියා එතැන වැඩහිඳීමට ආරාධනා කළහ. එසේ






මාතිකමාතුකථා.] සංඝාද්භූතකථා 423

ආරාධනා කළ දීත් උන්වහන්සේ “එමතැන රැඳීම නො පිළිවන. බුදුන් ලඟට ම යම්හ” යි කීසේක. ස්වාමීනි! එසේ වී නම් ඈත මෑත නො වැඩ බුදුන් ලඟට ම වැඩිය මැනැවැ” යි කීහ.

උන්වහන්සෙ ද ඒ ඇළගමුවෙහෙරින් එදවස් ම පිටත් ව ක්ර මයෙන් අවුත් බුදුන් දුටුසේක. බුදුහු ඒ භික්ෂූ හු දැක “ඇයි, මහණ! මහණදම් නුපුරා ආයේ දැ?” යි වදාළසේක. “එසේය, ස්වාමීනි! ඇළගම විහාරයෙහි රැඳීම උගහට ය. එසේ හෙයින් නො රඳා පලා ආම්හ” යි කීසේක. එබසට බුදුන් වදාරණසේක් “එම්බා මහණ! කුමක් පිණිස එතැන්හි රඳන්ට බැරි දැ?” යි වදාළ කල්හි “ස්වාමීනි! ඒ උපාසිකාවෝ අනුන් සිතූදෑ දනිති. අපි පෘථජ්ජන හෙයින් කුමකුත් සිතම්හ. එසේ හෙයින් නපුරුසිතක් සිතාපූ මෝ නම්, (උන් අනාගාමි නියාව තමන්වහන්සේ නො දැන පර සිත් දැන්ම පෘථජ්ජනයන්ටත් ඇති හෙයින්, අප මාර්ගවඵල නො ලත් වනැයි සිතා) අප කෙරෙහි මෙසේ සිතූසේකැයි තුමූ දැන ගෙණ වෙහෙසීමක් කොළෝ නම්, යහපත් නො වන්නේ ය” යි සිතා එතැන දවස් නො හැර අයිමියි කීසේක. එබසට බුදුන් වදාරණ සේක් “මහණ! තා ඔබයන්ට බැරි දැ?’ යි විචාරා වදාරා “නො හැක්කෙමි” යි කී කල්හි “කිම් ද, මහණ! තෝ බොහෝ දෑ තබා එකක් රැකගත නො හෙයි දැ?” යි වදාළසේක. එබසට භික්ෂූනන් වහන්සේ කියනුයේ “ස්වාමීනි! එකක් රැකගතන්නේ නම් කවරේ දැ?” යි පුළුවුත්සේක.

එබසට බුදුන් වදාරණසේක් “එම්බා මහණ තා එකක් රැකගන්ට කීයේ නම්, තාගේ චිතතය පමණක් රැකගන්ට කී නියා ය. යමෙක් වනාහි හසුරුවා ගතනොහැකි චිත්තය අසුරු සණකට ‍කෙළලක්ෂායක් පමණ පැවැත්ම වෙයි යනු ඖදාරික වශයෙන් කී හෙයින් චිත්ත්යක ලඝු ව පෙරළෙන්නේ ය. එම්බා මහණ! මේ චිතතය ලබන තැනෙක් වෙවයි, නො ලබන තැනෙක් වෙවයි, නිසි තැනෙක් වෙවයි, නො නිසි තැනෙක් වෙවයි, නොබලා ම පවත්නේ ය. මේ යහපත් ජාතිය ය, මේ යහපත් ගොත්රෙය ය, මේ අභිනව වයස ය, මේ වෘද්ධ වයස ය, මේ තරම් තැන ය, මේ නොතරම් තැන ය” යි නො සලකා යම් යම් තැනෙක පවත්නා කැමැත්තේ වී නම්, ඒ ඒ තැන්හි ම ගොස් පවත්නේ ය. එසේ හෙයින් චිත්තය මහමුහුද මළා වූ කුණපයක් එක් ව තොප වන්නාක් මෙන් රාග ද්වෙෂ මොහ මද මාන යයි යන ‍ක්ලෙශයන්







424 සද්ධර්මොරත්නාකරය. [32 පරිච්ඡෙදය

හා ලං නො කොට පවත්වා ගත යුත්තේ ය. යම් සේ මහ මුහුද මුතුමැණික් ආදී වූ බොහෝ රත්නයන් ධරන්නේත් පිටතට උතුරුවා නො දමන්නේ ද, එ මෙන් ශීල සමාධ්යා්දී ගුණ රුවන් කෙතෙක් වුවත් බොහෝ යයි ඒ හැම නො හැර නැවැත නැවැතත් රක්ෂාා කට යුත්තේ ය. නැවැත මහ මුහුද තමා කෙරෙහි වසන මහසතුන් ඇත්තේ ද, ඒ සතුන් සිත් අලවා ද, එසේ ම ලජ්ජ ප්රිකයශීලී වූ සත්පුරුෂයන් තමා කෙරෙහි සිත් අලවා භජනය කරවිය යුත්තේ ය. යම් සේ මහමුහුද වතුරෙන් පිරුණාවූ ගංගා යමුනා අචිරවති සරඵු මහී යනාදී වූ දහස් ගණන් ගංගාවල ජලප්රාවාහය රැස් වීමෙනුත් අප්රාමාණ ව වස්නා වර්ෂද, වෙනුත් පිරී වෙරළ නො ඉක්මේ ද, එපරිද්දෙන් ම ලාභසත්කාරාදිය නිසා ජීවත් වීම පිණිසත් එහි සිත් නො ඇලිය යුත්තේ ය. යම් සේ මහමුහුද ගංහෙ ආදියෙන් නො පිරේ ද, එපරිද්දෙන් ම උද්දෙසපරිපුච්ඡාදී වූ සද්ධර්ම ශ්රෙවණයෙන් තෘප්තියක් නැති ව නැවැත නැවැතත් පුරමින් තමාගේ චිත්තය දමනය ලාභත් කල මෙලොවින් පරලොවින් වැ‍ඩ ම සිද්ධ කරන්නේ ය” යි වදාළසේක.

බුදුහු මෙසේ වදාරා “මහණ! තෝ අනිකක් නො සිතා නික්ම ගොස් එතැන ඇළගමු විහාරයෙහි ම වාසය කරව” යි වදාළසේක. උන්වහන්සේ ද බුදුන් වදාළ අවවාදය පිළිගෙණ අන්යා චිත්තයක් නැති ව ම ඒ උපාසිකාවන්ගේ විහාරයට ම වැඩිසේක. උපාසිකාවෝද එපවත් දිවැසින් බලනුවෝ වැඩියා වූ ඒ භික්ෂූමන්වහන්සේ දැක සිතන්නාහු “මාගේ ස්වාමීන් වහන්සේට අවවාද දුන් ඇදුරු කෙනෙකුන්වහන්සේ ඇතිව දෙවැනි ව වැඩි නියා ය” යි තමන්ගේ නුවණින් ම දැන අදහස් ලෙසට බුදුන්ගෙන් කමටහන් ලදත් අභිප්රා්ය ලෙසට දන් තුමු ඉදි කරවා දුන්හ. උන්වහන්සේ ද භොජන සප්පාය ලදින් කීප දවසකින් ම විදර්ශඉනා වඩා රහත් ව නිවන් දුටුසේක මෙසේ රහත් ව වැඩහිඳ “අනේ! උපාසිකාවෝ භවසයුරෙන් එතෙර වීමට නැවක් මෙන් පිහිට වූ නියාව යහපත. මේ ජාතියෙහි පමණක් පිහිට වූවෝ මේ ද? සසර ඇවිදිනාගල සෙසු ජාතිවලත් මෙසේ ම මට පිහිට වු දෝහෝ” යි කියා දිවැසින් බලනසේක් ජාති එකුන්සියයක් මේ උපාසිකාවන් තමන් වහන්සේට ම පාදපරිචාරිකා ව වස්ත්රාතභරණ අන්තපානාදිය ගෙණ හැඳ පැලඳ කා බී සැප සේ වසන්නාහු, අන්පුරුෂයන් එක් ව බැඳී තමන්වහන්සේ එකුන් සියක් ජාතියෙහි ම







මාතිකමාතුකථා.] සංඝාද්භූතකථා. 425

ජීවිතක්ෂුයට පැමිණවූ බව දුටහ. මෙසේ ඒ උපාසිකාවන්ගේ නුගුණ රාශිය දැක “අනේ! මේ මැහැල්ල කළ දෙයක් බලවයි. අමා මුදුනෙ වසක් ලූවාසේ මේ ජාතියෙහි පිහිට වු පමණක් විනා යටගිය දවස නවඅනූජාතියක් ම මගෙන් ප්රකයෝජන විඳ ඒ හැම නො සලකා අනුන්ගේ බසට අනර්ත්ථස ම කළෝ වේ දැ?” සිතූසේක.

එසඳ උපාසිකාවෝත් තමන්ගේ ගෙයි ම හිඳ “මාගේ ස්වාමීන්වහන්සේට මහණදම් මස්තකප්රාතප්ත වී දෝ හෝ” යි දිවැසින් බලන්නාහු රහත් වූ නියාව දැක නැවැතත් “මා‍ෙග් ස්වාමීන් වහන්සේ දැන් රහත්වුසේක. රහත්වලා වැඩහිඳ මා කළ උපකාරය සිතා යටගිය දවසත් මා කළ උපකාර ඇද්දෝ හෝ නැද්දෝ හෝ යි බලනසේක් වනැ”යි සිතා ඒ උපාසිකාවෝත් තමන් ගිය ජාතිවලත් විසූ ස්කන්ධු පරිපාටිය දිවැසින් බලන්නාහු උන්වහන්සේ දුටු පිළිවෙළ ම දැක වැලිත් ඒ එකුන් සියයක් ජාතියෙහි ම වෙන පුරුෂයන් හා බැඳී මුන්වහන්සේ නෑසුයේ සැබෑ ම ය. එතෙකුදු වුවත් මෙතෙක් නුගුණ රාශිය දැක කුමක් සිතූ සේක් දෝ හෝ” යි උපාසිකාවෝ බලන්නාහු මුන් කෙළේ කිම් දෝ හෝ” යි සිතූ නියාව දැන “වන්නාට කුමක් වෙව” යි සසර සිටිනා කල වෙනත් ජාතිවල කළ උපකාරයෙක් නැද්දෝ හෝ” යි උපාසිකාවෝ දිවැසින් බලන්නාහු නවඅනූ ජාතියෙන් එපිට සියක් වන ජාතියෙහි දී මුන්වහන්සේට පාදපරිචාරිකා ව අභිප්රා ය ලෙස වසමින් යෙහෙන් දවස් හරණා කල්හි දවසෙක මරණට පැමිණි තැන ගලවාපු නියාව දැක “ස්වාමීනි! දැන් තමන් වහන්සේ බලමින් සිටි කඳ පිළිවෙළින් එකුන්සියක් ජාතිය තබා මත්තෙහි සියක්වන ජාතිය බලා වදාළ මැනැවැ” යි සිතූහ. උන්වහන්සේ ද එපවත් දැන උපාසිකාවන් සිතූලෙස ම සියක් වන ජාතිය බලා ඒ ජාතියෙහි උන් කළ උපකාරය දිවැසින් දැක සියක්වන ජාතියෙහි මට උපකාර ව සිටියෝ වේදැ” යි සතුටු වූසේක.

මෙසේ චිත්ත වසඟ ව ප්ර ත්ය යන් කෙරෙහි ලොභ උපදවා ඒ ඉපදවූ ලොභයෙන් චිතත ඛෙදයට පැමිණ ඒ විහාරයෙහි නො රඳා ම නික්ම ගොස් සකලඥෙයමණ්ඩලය හස්තාමලකයක් සේ අනාවරණ ඥානයෙන් විදහා දැන සමස්තසත්වඩයන් කෙරෙහි පතළා වූ කරුණා ඇති මුනිරජහු කරා ගොස් පත්කඩ තබා වැඳ එකත්පස් ව සිට දොහොත් මුදුනෙහි තබාගෙණ දන් වනසේක් “ස්වාමීනි, ඔබවහන්සේ වැඳ කමටහන් ගෙණ භාවනා






426 සද්ධර්මටරත්නාකරය. [33 පරිච්ඡෙදය

කරණු පිණිස වදාළ ලෙස ම ඇළගමු ගොස් මාතික මාතාවන්ගේ විහාරයෙහි වැස ඔවුන්ගෙන් උපස්ථාන විඳ ආහාරසප්පාය ලදින් චිත්තය එකඟ කොට ගෙණ භාවනා කෙරෙමින් රහත් ව පෙර විසූ කඳ පිළිවෙළ බලන්නෙම් එකුන් සියක් ජාතියෙහි ඒ උපාසිකාවන් කළා වූ තදකම් දැක ඒ උපාසිකාවන්ගේ උපදෙශයෙන් සියක්වන ජාතිය බලා ඒ සියක්වන ජාතියෙහි කළා වු උපකාරයට සතුටු ව අභිප්රා යානුකූල ව දවස් ගණනක් එ විහාරයෙහි ම වැස නික්ම ආයෙමි’යි දැන්වූසේක. එබසට බුදුහු ඒ භික්ෂූාන් වහන්සේට “තොප කෙළේ ඉතා ම යහපත. මා‍ දෙශනා කළා වූ ධර්මුය ලෙස ම සිත එකඟ කොට ගෙණ සසර සයුරෙන් ගොඩ නැගී අමාමහ නිවන් දුටුයෙහි වේදැ”යි වදාළසේක එසේ කෙලෙසුන් නසා අමාමහනිවන් දකින්ට උත්සාහ සිතුව යහපති. දක්වනලදමැයි:—

“ දුතනිගගහසස ලහුනො - යත්ථද කාමනිපාතිනො, චිතතස්ස දමථො සාධු - චිතතං දනතං සුඛාවහං”

මෙතෙකින් මෙ සද්ධර්මොරත්නාකරයෙහි තෙළෙස්වන සංඝාද්භූත මාතිකමාතෘ කථා නම් වූ

දෙතිස්වන පරිච්ඡෙදය කියා නිමවනලදී.