සද්ධර්මරතනාකරය-පරි‍ච්ඡෙද 27-30

27 වන පරිච්ඡෙදය.

තවද මේ සද්ධර්මචරත්නාකරයෙහි කොරණකවිහාරවාසි ස්ථවිර භාගිනෙයකථා නම් කවරැ යත්:— මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය.

කෙසේ ද? යත්: අප තිලෝගුරු සම්ය ක්සම්බුද්ධරාජොත්තමයානන්වහන්සේගේ පාරිභොගිකාදි වූ පඤ්චවිධචෛත්යයස්ථානයන්ට වාසස්ථාන වූ සිරිලක්දිව මායාරජයෙහි කැකුලෙන්තිය නම් ගමෙක් වි ය. ඒ ගමට නුදුරු ව චෛත්යකබොධිද්රැයම ප්රුතිබිම්බාලය සංඝාරාමාදීන් ශොභමාන වූ කැකුලෙන්තිය නම් විහාරයෙක් වි ය. ඒ විහාරයෙහි එක් සංඝාවාසයක ශීලාචාරසම්පන්න අප්රලමානගුණාන්විත එක් තෙරකෙනෙකුන් වහන්සේ වසනසේක




ථෙරභාගිනෙය්යව.] සංඝාද්භුතකථා 395

උන්වහන්සේගේ සහෝදරනැගනියන් පුත්රා කුමාරයෙක් ලදරු අවස්ථාවෙහි ම සර්වහඥශාසනයෙහි ප්රපසන්න ව මහණ විමෙහි අභිප්රාවය ඇති ව මවුපියන්ගෙන් අවසර ගෙණ මයිලනුවන් වහන්සේ වසන විහාරයට ගොස් එපවත් දැන්වී ය. තෙරුන්වහන්සේ ද ඔහුගේ අභිප්රාවය දැන මහණ කරවූසේක. මෙසේ ඔහු මහණ කරවා පුහුණු කැරවිය යුතු මහණබණ උගන්වා උපසම්පදා කරවා ත්රි පිටකධර්මා ගමාදිය ප්රමගුණ කරවනු පිණිස රැහුණු ජනපදයට කැඳවාගෙණ ගොස් ගණාචාය්ය්ණු වූ බුද්ධාගමාදියෙහි අතිශයින් පටුතර තෙරකෙනෙකුන් වහන්සේගේ සමීපයෙහි බුදුබණෙහි නිපුණ වනු පිණිස රඳවමින් වැඩිසේක.

එකල්හි කල්යාමකින් ඒ දහරභික්ෂූපහුගේ මෑනියෝ තමන්ගේ බෑනන්වහන්සේ දැක කියන්නාහු “ස්වාමිනි! මාගේ පුතනුවන් වහන්සේ නො දක්නේ නොමද කලෙකැ. එසේහෙයින් උන් වහන්සේ නො දක්නා වූ මට ඇසිල්ලකුත් සැපයෙක් නො ම ඇත. උන්වහන්සේ දැක ශොක සංහිඳුවා ගන්නා පිණිස කැඳවා ගෙණ අවුත් මා ඇස දක්වා ලුව මැනැවැ”යි කිව. මෙසේ ඔවුන් කීවා වූ අඩුන්න මිශ්ර යාච්ඤාවචනයන් අසා යහපතැයි ගිවිස රුහුණු ගොස් බෑනනුවන් දැක එපවත් කීහ. උන්වහන්සේ ද එපවත් අසා තමන්වහන්සේ උගත මනා බණදහම් සම්පූර්නත ව නොනිමිහෙයින් මයිලනුවන් වහන්සේ හා සමග නො වැඩිසේක. මෙසේ කීපවාරයක බෑනන්වහන්සේ අනිත් පුතනුවන්වහන්සේ විචාරා නො දැක දවසෙක තෙරුන්වහන්සේට කියන්නාහු “ස්වාමීනි! නුඹවහන්සේ මාගේ පුතනුවන් වහන්සේ දකින්ට වුවමැනැවැයි කියා කියන මාගේ යාච්ඤාවට ඇතිසැටියේ මට කියා ගත නො හී නුඹවහන්සේ ඔබමොබ ඇවිදිනා මුත් මාගේ දරුවන් ඇතැයි නො සිතමි”යි කිව. එබස් ඇසූ තෙරුන්වහන්සේ මහත් වූ ශොකයෙන් මර්චිත වූ සිත් ඇති ව “නැගනියෙනි1 තොපි එසේ නො සිතව තොපගේ පුතනුවෝ සැපසේ ම වෙසෙති. මේ වා‍රයෙහි රුහුණු ගිය කල කව‍ර‍තරම් කටයුත්තක් ඇතත් තොපගේ පුතනුවන් තොප ඇස දක්වාලමි. ලතැවිලි නො කරව”යි කියාලා බෑනනුවන් කැඳවාගෙණ එනු පිණිස කැකුලන්තිය නම් විහාරයෙන් නික්ම රුහුණු යන්ට වැඩපුසේක.

එකල්හි රුහුණ සිටි මෙකියන ලදරු භික්ෂූගන් වහන්සේ ද එක්දවසෙක කල්පනා කරන්නාහු “මාගේ උපාධ්යාගය වූ මයිලනුවන්වහන්සේත් නොදක්නේ නො‍වද කල ලමන්දුන් ඇතුළු වූ බන්ධූනුත් නොදක්නේ බොහෝකලැ”යි සිතා මෙපවත්






396 සද්ධර්මකරත්නාකරය. [27 පරිච්ඡෙදය.

ගුරුන්වහන්සේට දන්වා වැඳ අවසර ගෙණ රුහුණ වසන විහාරයෙන් නික්ම අවුත් මහවැලිගඟ අස රමණීය වූ ඡායාසම්පන්න සුදුවැලිතලාවෙන් යුක්ත වූ එක් රුකක් මුල සැතපී උන්සේක. එකල්හි මොබ සිට රුහුණු යන උන්වහන්සේගේ මයිලනුවන් වහන්සේ ද එතැන්හි පැමිණ දුටු සේක. මෙසේ දුටු තෙරුන් වහන්සේ කියනසේක් “එම්බා භද්ර මුඛයෙනි! තොපගේ මවු පිය දෙදෙන තොප දක්නා කැමැත්තාහ. එසේහෙයින් දැන් අප එනුයේ තොප කැඳවාගෙණ යනු පිණිස ය”යි කීසේක. එබසට ඒ දහර භික්ෂූ්න් වහන්සේ කියනසේක් “ස්වාමීනි! ඔබවහන්සේ කලක් නුදුටු හෙයින් දැක වැඳ ලමන්දුන් ඇතුළු වූ බන්ධූනුත් දැක යනු පිණිස එන්නෙම් දැන් ඔබවහන්සේ දක්නා කට යුතු සිද්ධ විය. ඉදින් මවුපිය දෙදෙනා දැක එන්නෙම් වේ දැ” යි කීසේක.

එබසට තෙරුන්වහන්සේ කියනසේක් “එම්බා භද්රනමුළයෙනි! තොපගේ මෑනියොත් කලක් තොප නුදුටු හෙයින් මහත් ශොකයෙන් පිඩිත ව අප අතින් බොහෝ සේ ම විචාරති. එසේ හෙයින් ඔවුන්ගේ ශොක සංහිඳුවා පලා එව” යි කියා ඕහට අවසර දෙමින් රුහුණු වැඩිසේක. එකල්හි ඒ දහරභික්ෂූාන්වහන්සේ අවුත් මවු පිය දෙදෙනා වසනා ගම සමීපයෙහි කැකුලෙන්තිය නම් විහාරයට අවුත් එම විහාරයෙහි තමාගේ පිතෘහු විසින් සඟසතු කොට කැරවු සෙනාසනයට පැමිණ එතැන්හි පාසිවුරු තැන්පත් කොට තබා සැතපී වැඩහුන්සේක. දෙවන දවස් ඔහුගේ පීතෘ වූ උපාසක තෙම කිසි කටයුත්තක් පිණිස එම විහාරයට පැමිණියේ ය. එසඳ තමා කැරවූ සෙනස්නෙහි අමුතු ව වත් පිළිවෙත් සපයා තිබුවා දැක ඒ විහාරයෙහ් වසන නෙවාසික භික්ෂූින් අතින් විචාරණුයේ “ස්වාමීනි! මා කැරවූ සෙනස්නෙහි ආගන්තුක ව අවුත් සැතපෙනසේක් කවුරුන් වහන්සේ දැ”යි කී ය. එබසට ඔහු කියන්නාහු “උපාසකයෙනි! ඊයේ දවස අභිනව නමෙක් අවුත් තොපගේ සෙනස්නෙහි සැතපෙනසේක. තොපි ගොස් වැඳ දැක එව” යි කීසේක. එබස් අසා ඒ උපාසක තෙම ඒ සෙනස්නට ගොස් උන්වහන්සේ දැක පසඟ පිහිටුවා වැඳ පිළිසඳර කථා කොට එදවස් ම වස් වසන දවස් හෙයින් එවිට ම ආරාධනා කොට කියනුයේ “ස්වාමීනි! අද දවස මේ සෙනාස‍නයෙහි ම වස් ඉටා වස් තුන්මස මට අනුග්රඑඝ කොට මාගේ ගෙයි දී ම වළඳා වස් අන්තයෙහි මාගේ ගෙට වැඩ වැඳ පුදා ගත්කල පසු ව බැහැර වැඩිය මැනැවැ”යි කී ය. උන්වහන්සේ ද ඔහු කළාවූ ආරාධනා ව මුවෙන් නො බැණ ඉවසූසේක.







ථෙරභාගිනෙය්යේ.] සංඝොද්භූතකථා. 397

එකල්හි උපාසක තෙම තමා වසන ගෘහයට ගොස් තමාගේ භාය්යා.න්වවට කියනුයේ සොඳුර අපගේ සෙනාසනයට ආගන්තුක කෙනෙකුන්වහන්සේ වැඩිසේක. උන්වහන්සේට යහපත් කොට මේ වස් තුන් මස ම උපස්ථාන කරන්ට වුව මැනැවැයි කී ය. එබසට උපාසිකාවෝ ද යහපතැයි ගිවිස දෙවන දවස යහපත් වූ ඛාද්යැ භොජ්යස පිළියෙල කොට තබාගෙණ උන්හ. එකල්හි වේලාබලා ඒ දහර භික්ෂූනන්වහන්සේ ගැට වටු ගන්වා පාත්රතය අතින් ගෙණ දෙමවුපියන්ගේ ගෙදොරට අවුත් සිඟා වැඩ සිටි සේක. එකල්හි මවුපිය දෙදෙනා ම පසඟ පිහිටුවා වැඳ පාත්රෂය ගෙණ තමන්ගේ ගෙට වැඩම කරවා ගෙණ ගොස් හිඳිනා අසුන් පණවා එහි වඩා හිඳුවා තමන් පිළියෙල කොට තිබූ උතුම් වූ ඛාද්යු භොජ්ය ය පිළිගන්වා වළඳවා වළඳා අන්තයෙහි දැවටූ දිය දී බෙහෙත් පිළිගන්වා එතැන්හි හිඳ අනුමෙවුන් බණ අසා ඔවුන් අවසර ගත් කල්හි නැවැතත් තමන්වහන්සේ සැතපෙන වෙහෙරට ම වැඩිසේක. මෙසේ වස් තුන් මස මුළුල්ලෙහි දවසින් දවසට වඩ වඩා උතුම් වූ ඛාද්යේභොජ්ය පාණීයවර්ගස පස බෙහෙත් ආදියෙන් බොහෝ උපස්ථාන කොට වස් තුන් මස නිමි කල්හි දවසෙක ඒ ගෘහායෙහි දී වළඳ අන්තයෙහි ඔවුන්ට අනුමෝදනා බණ දෙසා පින්දෙමින් ඉක්බිත් කියනසේක් “උපාසකයෙනි! වස් තුන් මස සම්පූර්ණ වී ය. ඉදින් අපි බැහැර යම්හ” යි කීසේක. එබස් අසා ඒ දෙදෙන ම කියන්නාහු “ස්වාමිනි! සෙට දවස් මෙතැන්හි දී වළඳා ඉක්බිති ව වඩනේ යහපතැ”යි කීහ. මෙසේ පළමු සේම දන් පිළියෙල කොට උන්වහන්සේ එතැන්හි වැඩි කල්හි පෙර සේ ම වළඳවා ඉක්බිති ව තාන්කඩක් ද තලතෙල් පිරූ කුලාවක් ද උක්සකුරු කැටියක් ද පිළිගන්වා දෙදෙන ම පසඟ පිහිටුවා වැඳ මඳක් තැන් පසු ගමන් කොට අවසර ගෙණ සිටියහ. එකල්හි ඒ දහර භික්ෂුක තෙම ඔවුන්ට අනුමෝදනා බණ කියා එයින් ම නික්ම රුහුණු ජනපදයට ම ගමන් ගත් සේක.

එකල්හි පළමුයෙන් රුහුණු ගිය උපාධ්යා ය වූ මයිලනුවන් වහන්සේ ද වස් අන්තයෙහි පවරා නැවැතත් තමන්වහන්සේ වසන කැකුලෙන්තිය නම් විහාරයට එනසේක් පළමු ව ඔවු නොවුන් වහන්සේ දුටු මහවැලිගං අස රුක් සෙවණෙහි දී ම දැක එතැන්හි උන්වහන්සේ වැඩ හිඳිනා ලෙස අස්නක් පණවා වැඩහුන් කල්හි පත්කඩ තබා වැඳ එකත්පස්ව සිටිසේක. එකල්හි තෙරුන්වහන්සේ කියනසේක් “භද්රාමුඛයෙනි! කිමෙක් ද







398 සද්ධර්මකරත්නාකරය. [27 පරිච්ඡෙදය.

තොපගේ මව්පිය දෙදෙනා දුටු දැ”යි කීසේක. එබසට උන් වහන්සේ කියනසේක් “ස්වාමීනි! මේ වස් තුන් මස ම ඔවුන්ගේ සෙනස්නෙහි ම විසුම් හ. අපටත් ඔහු ම වස් තුන් මස ම උපස්ථාන කළාහු වේදැ”යි කියා ඔවුන් පිළිගැන්වූ තාන්කඩ තෙරුන්වහන්සේට දන්දෙමින් උක්සකුරු වළඳවා කුලාවෙන් තෙල් පයගල්වා “ස්වාමීනි! මට ග්රරන්ථධූර විදර්ශලනාධූර පිරීමට රුහුණ ම සැපය” යි කියා වැඳ අවසර ගෙණ වැඩිසේක.

එසඳ තෙරුන්වහන්සේ තමන්වහන්සේ වසන වෙහෙරට අවුත් සැතපී දෙවන දවස් නැගනියන් දක්නා පිණිස උන් වසන ගමට වන්සේක. ඒ උපාසිකාවෝ තෙරුන්වහන්සේ වැඩි දවස් පටන් මාගේ පුතනුවන් වහන්සේ අද දවස් ම කැඳවාගෙණ වඩිනාසේක. සෙට දවස් ම කැඳවා ගෙණ වඩිනා සේකැයි කිය කියා පෙරමග බල බලා සුහුණු කෑරල් හඬට කන් දිදී තමන්ගේ ගෙට කිසිවක්හු පැමිණි කල්හි උන් අතින් පෙහෙන විචාරමින් ඉනුත් යහපත් වචන‍යන් අස අසා ම සතුටු වෙමින් උන්කල්හි එදවස් ගම්මැදට පැමිණ එන්නා වූ ඒ තෙරුන්වහන්සේ දුර දීම දැක ‘මාගේ පුතනුවන් වහන්සේ කැඳවා ගෙණ බෑයන්වහන්සේ එන සේක් නැ’ යි කියා මහත් සන්තොෂයට පැමිණ උන්වහන්සේට පසුව එන කෙනෙකුන් නොදැක එසේ වී නමුත් මඳක් පසු ව ගියසේක් වනැයි සිත සිතා දැන් දැන් එළි බස්නා සේකැයි බල බලා සිට ගෙදර සමීපයට බෑයන් වහන්සේ එන තෙකුත් තමන්ගේ පුතනුවන් නො දැක “පෙර මා සිතුවා සැබෑ වූ වනැ”යි හෘදයට මෙර පෙරළුවා සේ ශොකභාරය ධරාගත නොහී බෑයන්වහන්සේ සිතනසේක් “කිමෙක් දෝ හෝයි! මා ගිය පසු මෙතැන දරුබිලිඳුන්ගෙන් කිසිවක්හට අඩුවෙක් වී දෝ හෝ”යි සිතා හෘදය ඉපිල සංවෙගයට පැමිණ විචාරණ සේක් කවර කාරණයක් පිණිස තෙපි මෙසේ හඬවු දැ?” යි කීසේක.

එබසට ඔහු කියන්නාහු “ස්වාමීනි! නුඹවහන්සේ කුමක් කියනසේක් ද? මෙතැනින් මට කියා වැඩියේ මාගේ පුතනුවන් වහන්සේ කැඳවාගෙණ එමියි කියාලා නො වේ ද? එසේ වැඩි නුඹවහන්සේ තනි ව ම වැඩියේ මාගේ දරුවන් ඇති හෙයින් දැ?”යි කීහ. එබසට තෙරුන්වහන්සේ කියනසේක් “එම්බා! තෙපි කුමක් කියවු ද? මෙදා මේ වස් තුන් මස තොපගේ සෙනාස‍නයෙහි වස් වැස තොපගේ ගෙයි දී ම වළඳා තොපගෙන් උපස්ථාන විඳ වස් අන්තයෙහි වස්ත්රියකුත් තෙල් කුලාවකුත්






ථෙරභාගිනෙය්ය .] සංඝාද්භූතකථා. 399

උක්සකුරු කැටියකුත් පිළිගෙණ තොපට බණ කියා ගියෝ තොපගේ පුතනුවෝ වේද? එකල්හි මා මෙතැන සිට තොපගේ කියමනින් උන් කැඳවාගෙණ එනු පිණිස යන කලට උයින් මෙතනට එන්නාහු මහවැලිගං අසලදී දැක උන්ට අවසර දෙමින් මෙ පිට එවා අපි රුහුණු ගොස් මෙවක මෙදිග එමිහයි, නැවැතත් අවුත් මේ මහවැලිගං අසට පැමිණි කල්හි මෙතැන සිට යන තොපගේ පුතනු‍වෝත් එතැන්හි අප දැක තොප දුන් තෙල්කුලාවෙන් තෙල් ගෙණ පය ගල්වා උක්සකුරු කැටිය වළඳවා තොප දුන්නාවූ වස්ත්රෙය අපට පිළිගන්වා ගියෝ වේදැ”යි කියා පාත්රකයෙහි තිබූ තාන් කඩ ගෙණ දැක්වූසේක.

එකල්හි උපාසිකාවෝ සකල ශරීරය අමෘවිලෙක ගැල්ලුවා සේ සිහිලස ව එම විට ම ලත් දිවසැපයක් සේ මහත් වූ සන්තොෂයෙන් නැගී සිට තමන් පුතනුවන් ගිය දසාවට දණ්ඩනමස්කාරයෙන් වැඳ වැතිර “මාගේ පුතනුවන්ව්හන්සේ මෙ සේ නොසිතිය හැකි වූ ශ්රවමණගුණයක් ඇතිසේක් ද? අහෝ මේ කවර ආශ්චය්ය්් යෙක් ද? ලොවුතුරා බුදුහු කුලයා කෙරෙහි සිත් නො අලවන ලෙසත් කුලයා සිත් ගන්නා පිණිස නෑකම් ඉතනම් බිණීම් ආදිය නො කළ ම නැවැසි බණ වදාළේ මාගේ පුතනුවන් වහන්සේ වැනි ආය්ය්දි යන්වහන්සේ සාක්ය්තනු කොට ම ය යි සිතමි. මෞනෙය ප්රවතිපත්ති ද නාලක ප්ර තිපත්ති ද තුවටකප්රුතිපත්ති ද රථවිනීත ප්රිතිපත්ති ද සිටුපසෙහි සන්තොෂභාවනාරාමයන් ද ප්ර්කාශ කරන්නා වූ මහාආය්ය්ු වංශප්රනතිෂ්ඨාව පිණිස ප්ර තිපත්ති ද ප්රපකාශ කොට ධර්මනදෙශනා කෙළේ මගේ පුතනුවන්වහන්සේ වැනි උත්තමයන් වහන්සේ උදෙසා වනැ. වස් තුන්මසක් මුළුල්ලෙහි වැදූ මෑනියන්දැගේ ගෙයි දී වළඳා උපස්ථාන විඳිනාසේක් මම නුඹගේ පුතනුයෙමි. නුඹ මාගේ මෑනියෝ ය’ යි ලෙසයකිනුත් නො හඟවා ආය්ය්ේ යන්වහන්සේ කුලයා කෙරෙහි ඇල්මක් නැති බව ම ස්ථිර කොට ධම්මාගියෙහි ම වැඩිසේක. අහෝ! මෙබඳු වූ ආශ්චය්ය්් නයක් මාගේ පුතනුවන්වහන්සේ කෙරෙහි මුත් වෙන කෙනෙකුන් වහන්සේ කෙරෙහි නො පැවැත්තේ ය. මෙ කලට බුදුහු ජීවමානසේක් නම් මාගේ ස්වාමීන්වහන්සේට ස්තුති කරණසේකැ”යි කියා මහත් සොම්නසින් සතුටු කඳුලු ධාරාවන් නියඟින් ඉස ඉස බෑයන්වහන්සේගේ පතුල් දෙක හිස තබා සිය දහස් විට විඳිමින් අවසර ගෙණ සිට තෙරුන්වහන්සේ වඩනා දයාව බලබලා දර්ශ්නාවසානය දක්වා එතැන්හිම සිට සංඝරත්නයෙහි ගුණ මෙනෙහි කෙරෙමින් ප්රලමුදිත වූහ. එසේ







400 සද්ධර්ම රත්නාකරය. [28 පරිච්ඡෙදය.

හෙයින් සම්යධක් සම්බුද්ධ රාජොත්තමයානන් වහන්සේට ප්රෙතිපත්ති පූජා කරණ ශ්රිමණගුණාන්විත භික්ෂූධන් විසින් මෙ පවත් මෙනෙහි කොට සලකා සිත් ගන්නා පිණිස නෑකම් ඉතකම් බිණීමෙන් ප්රූත්ය යොත්පාදනය නො කොට අල්පෙච්ඡ ව දැහැමෙන් වැස ග්ර්න්ථධූරවිදර්ශතනාධූරයෙහි යෙදී ධර්මටය වූ පරිද්දෙන් පිළිපැද ලොකොත්තරසම්පත් සිද්ධ කරන්ට උත්සාහ කටයුතු කියන ලදුයේ මැයි—

“ තථෙව බුධසස ගුණාමතසස - සුපුජමානා පටිපතතියා භි, ඉදං ගුණං සාධුමනෙ නිධාය - කුලෙ මමතතං ත කරොථ නිච්චං”යි

මෙතෙකින් මේ සද්ධර්මධරත්නාකරයෙහි අට වැනි වූ සංඝාද්භූතකොරණක විහාරවාසි සථවිරභාගිනෙය කථා නම් වූ

සත්විසිවන පරිච්ඡෙදය කියා නිමවනලදී.

28 වැනි පරිච්ඡෙදය

තවද මේ සද්ධර්මරරත්නාකරයෙහි ග්රාෙමදහන මහල්ලිකා කථා නම් කවරැ? යත්:- මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය.

කෙසේ ද? යත්:—රුහුණු මායා පිහිටි රජය යි යන තුන් රජයකින් විරාජිත වූ මේ ශ්රීසලංකාද්වීපයෙහි ශ්ර්ද්ධාසම්පන්න ජනයන් විසින් ගැවසීගත් එක්තරා පියසෙක් වි ය. ඒ ගම සමීපයෙහි අපිස් සතොස් සිල් ගුණෙන් යුත් මහපින්කෙත් වූ භික්ෂුීසඞඝයා වසන එක් විහා‍රයෙක් වි ය. ඒ විහාරයෙහි වසන්නා වූ භික්ෂුඝ සඞඝයා වහන්සේ සමීප වූ ඒ ගොවරග්රාකමයෙහි නිරන්තර ව භික්ෂා.වෘත්තියෙන් හැසිර ග්ර්න්ථධූරවිදර්ශකනාධූරයෙහි නියුක්ත ව දවස් හරණාසේක. එකල්හි ඒ ගමෙහි දැහැමි කමට හිඳිනා තියදු ගණනෙක් සිඟා වළඳන භික්ෂූුන් වහන්සේගෙන් කණනක් දෙනා වහන්සේට පැහැද පුත්රනස්නෙහ උපදවා නිවන් පතා දවස් පතා පිළියෙල කොට තම තමන් ගේ ගෙයි දී ම මහත් සත්කාරයෙන් වඩා හිඳුවා වළඳවා බණ අසන්නාහ.

මෙසේ ඒ භික්ෂූදන්වහන්සේට දන් දෙන්නා වූ මැහැල්ලන් වසන ගම එක් දවසෙක ගින්නෙක් වැද ගෙවල් ගණනෙක් ගිනිගත. ඒ ගින්නෙන් දන්දෙන මැහැල්ලන් කීපදෙනෙකුන්ගේ




මහලලිකා කථා.] සංඝාද්භූතකථා. 401

‍ගෙවලුත් දා ගියේ ය. ඒ ඒ ගෙවල දී වළඳන කුලුපග භික්ෂූනහු ද මෙපවත් අසා දෙවන දවස් වෙන වෙන ම අවුත් කුලුපග වූ උපාසිකාවරුන්ගේ ගෙදොරවලට ගොස් සිට “‍ලමන්දුති! තොපගේ ගෙවල් ගිනි ගත් ගමනේ නැසුනේ තිබුනේ කිම් දැ?”යි කියා පිළිවිස “තොපගේ සිතට වැදගත් ව්යාසනයක් බලව”යි කියා “ගෙය ගිනි ගත් කල තිබෙන දෙයකුත් ඇද්දැයි, ඉදිරියේ දවස් සියල්ල ම සොයා සපයාගෙණ ජීවත් වන්ට වුව මනා ම ය. එතෙකුදු වුවත් මෙ තොපට මේ පැමිණියේ පූර්වජයෙහි කළ අපරාපය්ර්ම‍ය වෙද්ය අකුශලකර්මමයෙක. එසේ හෙයින් මේ ලොකයෙහි මෙ බඳු වූ ‍තොපගේ ක්ෂු ද්ර පැල් තබා හිමව් කුළු මහපොළොව සක්වළ ගල් සත්කුළපවු මහමෙර සුර බඹලෙව්හි දෙව් විමන් ආදී වූ සමසත්වසතුයෙන් එක ද වස්තුවකුත් එකාකාරයෙන් නො පවත්නේ ම ය. කල්පානතවහ්නියෙන් ගිනි ගෙණ දා නැසෙන්නේ ම ය. එසේහෙයින් සියලු සංස්කාරධර්ම්යෝ ම අනිත්යේයහ”යි කියා සිතට වටහා ගණුවයි කියා බණ කියමින් මැහැල්ලන් පහදවා විහාරයට ම වැඩිසේක. එසඳ එක් මැහැලිකෙනෙකුන්දැගේ ගෙයි දී වළඳන භික්ෂුඅකෙනෙකුන් වහන්සේ තමන්වහන්සේ ග්රසන්ථධූරවිදර්ශ්නාධූරයෙහි නියුක්ත ව පෙරවරු කල් යවා වැඩිසේක. උන්වහන්සේට දන් දෙන උපාසිකාවෝ ද තමන්ගේ ගෙය ගිනි ගෙණ දා නැසුනු පසු වඩ වඩා ඇඟ ගිනි ගත්තා සේ දෙන දන් කඩ වෙ’යි සිතා ලතැවිලි ව දාගිය ගෙයි නොබිඳුනු වළඳ කබල එකතැන් කොට සාල් සුඟක් ලදින් ඇරගෙණ වුවමනා සුපව්යබඤ්ජන සපයා පළමු දවස් මෙන් දන් පිස තබා දාගිය ගෙයි ම නො වැටී සිටි භිත්තියක් අස සෙවනෙහි උන්වහන්සේ වැඩහිඳිනා ලෙසට අස්නක් පණවා දැවටූ දිය පිළියෙල කොට පරහා තබා පෙරමග බල බලා හුන්නාහුය.එසඳ ඒ භික්ෂුන්වහන්සේ ද වළඳන වෙලා බලා ගැටවටු ගන්වා ගෙණ අතින් පාත්රඑය ගෙණ ඒ දා ගිය ගමට වැද පෙර අවුත් වළඳන කුලුපග මැහැලි උපාසිකාවන්ගේ ගෙදොරට වැඩිසේක. එකල්හි ඒ උපසිකාවෝ ද උන්වහන්සේ දැක වැඳ ආරාධනා කොටැ වැඩම කරවා ගෙණ ගොස් නො වැටී සිටි භිත්ති අසබඩ සෙවනෙහි තමන් පණවා තිබූ ආසනයෙහි වඩා හිඳුවා තමන් පිළියෙල කළා වූ දන් වැළඳවූහ. ඒ භික්ෂූඩහු ද උපාසිකාවන්ට අනුමෙවුනි බණ කියා පෙර දවස වළඳාලා වඩිනාක් මෙන් පාත්රිය බැඳ පිටලාගෙණ නික්ම විහාරයට එ වැඩිසේක.

එවිට ඒ මැහැලි උපාසිකාවන්ගේ දුවනියෝ මෙ පවත් දැක “අනේ! මාගේ මෑනියෙනි! අප උපස්ථාන කරණ අපගේ

26






402 සද්ධර්මපරත්නාකරය [29 පරිච්ඡෙදය.

ස්වාමීන්වහන්සේ ඉතා ම නිෂ්ඨුරසේක. අප ඇමට මෙසේ ම නිෂ්ඨුර වෙද්ද? තෙසු ගෙවල දී ‍වළඳන භික්ෂූඅන්වහන්සේ වැඩ හැමදෙනාගේ කරුණු පිළිවිස කම්පිත ව බණ කියා වැඩිසේක. මුන්වහන්සේ කර බා ගෙණ වැඩ හිඳ වළඳාලා කරුණු පිළිවිස්නා තබා අපට උරණක් මෙන් මුවෙන් නො බැණ ම නික්මුණු සේක. මෑනියෙනි! එසේහෙයින් තෙසු ඇමදෙනා වහන්සේ ම ඉතා යහපත්සේක. අපගේ ස්වාමීන්වහන්සේ ම ඉතා අයාපත්සේක. අපගේ ස්වාමීන්වහන්සේ ම නිෂ්කරුණසේකැ”යි කිව. එබසට උන්ගේ මෑනියෝ කියන්නාහු “පුතණ්ඩ! තොපි කුමක් කියවු ද?, ඒ හැම භික්ෂූසන්වහන්සේලා නුඹ ඇමට යහපත. මාගේ ස්වාමීන්වහන්සේ මට යහපත් සේකැ”යි කිව. මෙසේ කියා තමන්ගේ කුලුපග ඒ භික්ෂූනන්වහන්සේගේ අප්ර මාණශ්රටමණ ගුණයන් දුවනියන් ඇතුළු වූ හැමදෙනා මධ්යෂයෙහි ප්රේශංසා කොට කීහ. මෙසේ ශ්රණමණගුණාන්විත ඒ භික්ෂූමන්වහන්සේ කුලයා කෙරෙහි මමත්වයයක් නැති ව තමන්වහන්සේගේ ධර්ම ය ම සිහි කළසේක. එසේ හෙයින් සියලු ප්ර‍ත්යියලාභයෙහි ඇල්මක් නො කරන්නා වූ අනුතයප්රාතිඝරහිත අල්පෙච්ඡභික්ෂු්න්වහන්සේ විසින් කුලයා කෙරෙහි නො ඇලී ධර්මුපථානුවර්තී ව ත්රිෙවිධසම්පත් සාදා ගන්ට උත්සාහ කටයුතු කියන ලදුයේ මැයි-

“ එවං කුලෙසු මතිමා යතිපුඞගවොව හිත්වාං මමායනමනං ලවලාභහෙතු, මොකඛපපදායකවරං මුනිනා සුවුතතං ධම්මඤජසං භජථ සාධුතරං සුරම්මං.

මෙතෙකින් මේ සද්ධර්මංරත්නාකරයෙහි නවවැනි සඞඝාද්භූතග්රාදමදහන මහල්ලිකා කථා නම් වූ

අටවිසිවන පරිච්ඡෙකය කියා නිමවනලදී.

29 වැනි පරිච්ඡෙදය

තවද මේ සද්ධර්මරරත්නාකරයෙහි සංඝරක්ෂිමතසථවිරභාගිනෙය කථා නම් කවරැ? යත්:- මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය.

කෙසේ ද? යත්:- අප බුදුන් සමයෙහි දඹදිව රජ කරණ පසෙනදිකොසොල් මහරජුගේ ශ්රායවස්ති නම් පුරප්රසවර





සථවිරභාගිනෙයකථා.] සංඝාද්භූතකථා. 403

යෙහි එක්තරා වීථියක වාසය කරන්නා වූ එක් කුලදරුවාන කෙනෙක් සද්ධර්ම්රාජොත්තමයානන් වහන්සේගෙන් බණ අසා පැහැද ගිහිගෙයි සිට සද්ධර්මතය වූ පරිද්දෙන් පිළිපැදීම නො පිළිවන් හෙයින් ගිහිගෙන් නික්ම බුදුසසුන් වැද මහණ ව උපසම්පන්න ව සඞඝරක්ෂිනත සථවිරයන්වහන්සේයයි යන නමින් ප්රවසිද්ධ ව ශාසනාම්බරයෙහි විජරාජයා මෙන් මෛත්රීව අමෘත රශ්මීන් ලොකපූජ්යි ව රහත් වූ සේක. උන්වහන්සේගේ නැගනියෝ ද පුතනු කෙනෙකුන් වදා උන්ට නම තබන්නාහු “මයිලනුවන්වහන්සේගේ නම ම තබන්ට වුව මැනැව”යි කියා සංඝරක්ෂි තකුමාර යයි නම් තුබූහ. එකල්හි සංඝරක්ෂි තකුමාරයෝ වැඩි විය පැමිණ බුදුසස්නෙහි පැහැද මයිලනුවන් වහන්සේ කෙරෙහි ම මහණ ව උගත මනා බණ දහම් ඉගෙණ විසි හැවිරිදි ව උපසම්පන්න ව මයිලනුවන්වහන්සේට ජිවිතයක් මෙන් සුවච කීකරු ව වත්පිළිවෙත් කෙරෙමින් වැස කල් යාමකින් එක්තරා ගමකට ගොස් වස් වසනසේක් එ ගම්හි ජනයන්ට ප්රීෙති ජනිත කරවා බණ දෙසමින් වස් වැස අන්තයෙහි සත්රියන් කඩකි හා අටරියන් හිණ කඩක් වස්සවාසික ලාභයයි කියා පිළිගැන්වූ කල්හි ඒ වස්ත්ර දෙක ලැබගෙණ සිතනසේක් “මේ අටරියන් කඩ දිගින් පුළුලින් මහත් ව සිහින් මෙළෙකිනුදු ඉතා යහපත් ව තිබෙයි. එසේ හෙයින් මේ කඩ මාගේ උපාධ්යා්ය වූ මයිලනුවන්වහන්සේට සිවුරටයයි සිතා ගෙණ වස් අන්ත වූ පසු එතැනින් නික්ම උපාධ්යාායන්වහන්සේ දක්නා පිණිස අද්ධානමාර්ගව ප්රුතිපන්න ව සිඟා වළඳා අවුත් වෙහෙරට පැමිණිසේක. එදවස් තෙරුන්වහන්සේ සිඟාවළඳනු පිණිස විහාරයෙන් බැහැර වැඩපූසේක.

එකල්හි මේ සංඝරක්ෂිඩතයන් වහන්සේ මයිලනුවන් වහන්සේ සිඟා වළඳා එන තෙක් උන්වහන්සේ වැඩහිඳිනා විහාරයෙහි වත්පිළිවත් කොට පාදධොවනාදිය පෙරහා තබා වැඩහිඳිනා ලෙස අස්නකුත් පණවා මයිලනුවන් වහන්සේ දැන් දැන් වඩනාසේකැයි සිත සිතා පෙරමග බල බලා වැඩහුන්සේක. එකල්හි තෙරුන්වහන්සේ ගොදුරුගම්හි හැසිර වළඳා අන්තයෙහි විහාරයට වඩනාසේක. එකල්හි බෑනනුවන්වහන්සේ දුර එනු දැකම පෙර මගට ගොස් පාත්රවයත් සඟළ සිවුරත් ඇරගෙණ තෙරුන්වහන්සේ ඉදිරි කොට වැඩම කරවා ගෙණ අවුත් තමන්වහන්සේ පැණවූ අස්නෙහි වඩා හිඳුවා පත් සලා








404 සද්ධර්මූරත්නාකරය. [29 පරිච්ඡෙදය

ගිම් නිවුනු කල්හි වළඳන ලෙස පිළිවිස පස සෝදවා තෙත් සිඳ තෙල් ගල්වා පත්කඩ තබා වැඳ සිට “සවාමිනි! මම වස් විසූ තැනින් අටරියන් කඩක් හා සත්රියන් කඩක් වස්සාවාසික ලාභය පිණිස ලදිමි. එයින් අටරියන්කඩ මට අනුග්රකහ කොට පිළිගත මැනැවැ”යි කියා ගෙණවුත් පාමුල තබා පත් සලමින් වැඩසිටිසේක. එසඳ තෙරුන්වහන්සේ තමන්වහන්සේ අපිස් හෙයින් “සංඝරක්ෂි්තයෙනි! අපගේ තුන්සිවුරු ම තර ව ‍තිබෙයි. තොපි ම තෙල වස්ත්රිය ප්ර්යෝජන විඳුව”යි කීසේක. එබසට උන්වහන්සේ කියනසේක් “ස්වාමීනි! වස්ර්ල වය ලත්තැන් පටන් ම නුඹවහන්සේට ම දෙමියි නියම කොට තිබීමි. මාගේ චිත්තප්ර්සාදය සංකුචිත නො කොට මේ වස්ත්රේය ප්රියොජන වුන මැනැවැ”යි දෙවැනි වත් කියනසේක් ‘ස්වාමීනි! ත්රිමකොටිපර්ශුද්ධ වූ දක්ෂිජණාවෙන් ලක් මේ වස්ත්රැය ප්රසතික්ෂෙොප නො කළ මැනැව. නුඹවහන්සේට ප්රකයෝජන වුනොත් අපට මහාලාභය”යි කීසේක; මෙසේ යාච්ඤා කොට කියදීත් තමන්වහන්සේ උත්කෘෂ්ට තෙවීවරික හෙයිනුත් රට සිත් ගන්ට ඇඟ ලාගත් අපිස්කමක් නොවන හෙයිනුත් අලපත නෙළුම්පත වක්කළ ජලබින්දුටවක් සේ තමන්වහන්සේගේ චිත්තශ්රහද්ධියෙන් ම වස්ත්රකය ප්ර තික්ෂෙේප කළසේක.

එ වේලෙහි සංඝරක්ෂිිතයන් වහන්සේ තමන්වහන්සේ පිළිගැන්වූවා වූ වස්ත්රෙය නො ගත් හෙයින් සිතනසේක් “කිමෙක් ද, මුන්වහන්සේට ගිහි කලත් අවශ්යච බෑනනුයෙමි. මාගේ මෑනියොත් නැගනියෝ ය. මගේ තෙසු නෑයෝත් මෙම නයින් අවශ්යයයෝ ය. දෙවැනි ව මමත් මුන්වහන්සේ කෙරෙහි ම මහණව සිටියෙමි. මෙසේ නොයෙක් කාරණයෙන් ම අවශ්යේ ව සිටිය දීත් මා සන්තක මේ එක වස්ත්රෙය චිවරත් ප්රෙයෝජන විඳින්ට මැලි‍ සේක. එසේ මැලි කල ම මහණ ව මුන්වහන්සේ ලඟ සිටිය යෙන් කිම් කිම් දැ?”යි සිතා “එසේ වී නම් ගිහි වෙමි. ගිහි වූ කලත් ගිහි කම්කටුලුත් බැලූකල ඉතා ම අවුල. එසේ හෙයින් ගිහි වූ කල කවර ලෙස ජීවත් වෙම් දෝ හෝ”යි සිතින් ම සනිටුහන් කරණ සේකි “දැන් සිවුරු හරණ පමණකට මේ සත්රියන් කඩ ඇත. අටරියන් කඩ විකුට ‍කවර බඩුවක් ගෙණ දියුණු කොට ගණිම් දෝ හෝ”යි සිතනසේක් “එළුවන් බොහෝ දරුවන් වදන හෙයින් මේ ඉණකඩ මිලයෙන් එළුදෙනුන් ඇරගණිමි. ඒ එළු දෙනුන් වැදූ වැදූ එළුවන් විකුට වස්තු උපයා ගෙණ එයින් ක්ෂෙරත්ර වාස්තුවක් ඇරගෙණ උපයා රැස් කොට සුදුසු තැනෙකින්







සථවිරභාගනෙයකථා.] සඞඝාද්භූතකථා. 405

යහපත් විවාහයක් තබාගණිමි. ඒ විවාහය ගෙණා කල ඒ සිඟිත්තී මට පුතනු කෙනෙකුන් වදයි. ඒ කුමාරයන්ට මාගේ මයිලනුවන්වහන්සේගේ නම් තබමි. එසේ නම් තබා ගෙණ රථයක් ඉදි කරවා ගෙණ දරුවනුත් මාගේ සිඟිත්තියත් එක් ව අපගේ මයිලනුවන්වහන්සේ දකින්ට එම්හ. ඒ එන ගමනේ අතුරුමඟ දී ‘දරුවන් මට වඩාලා මේ ගැළ පදුව’යි කියමි. එසේ කි කල්හි ‘කුමක් පිණිස දැ? යි කියා ඕතොමෝ ම ‘මම දරුවන් වඩා ගෙණ යෙමි. නුඹ ගැළ පැද ගෙණ යන්නැ’යි කියාලා දරුවන් මටත් නො වඩා තමාටත් අත බරැයි කියාලා පසු ව මට රොස් ව දරුවන් බිමට දමාපියයි. ඒ බිම හුනු දරුවන් පිටින් ගැල්සක මිරිකා ගෙණ යයි. එසේ කල්හි දරුවන් හඬන හඬ අසා ‘සැඩ දුටුවිය! තී මා ඉල්ලු ගමනේ මටත් දරුවන් නො වඩා කුමක් පිණිස බිම හෙළා මෙතෙක් මුළා කෙළෙයි දැ?”යි කියා “කෙල්ල! තිට බැටක් දෙමි”යි සිත ‍කොප තද විසින් පදනා ගැළ තබා ඔබ මොබ බලා ඉපලක් නො දැක රථය පදිනා කැවිටිලීය ම මුල පෙරළා තර කොට අල්වා ගෙණ පිට දෙමැද අවුරා පහරක් ගසමි”යි සිතූසේක් සල සලා සිටි තල්වැටින් ම මයිලනුවන් වහන්සේගේ හිසට පිළි නො පිළිගත් රෝස් පලවන්නා සේ ඇදගෙණ පහරක් ගැසුසේක් එකෙණෙහි ම “අනේ! මා කෙළේ කිම් දෝ හෝ”යි සිතා විමති ව බලා සිටිසේක.

එවිට තෙරුන්වහන්සේත් “සංඝරක්ෂිගතයන් තල්වැටින් මා හිසට ගසන්ට කාරණ කිම් දෝ හෝ”යි දිවැසින් බලනසේක් උන්වහන්සේ සිතූ සියල්ල ම මුල පටන් තමන්වහන්සේගේ දිවැසින් දැක බෑනනුවන්වහන්සේට කියනසේක් “එම්බා සංඝරක්ෂි්තයෙනි! තොපගේ ගෑණුන් මැරිය නො හී ද අප මහල්ලන්ට ගසන්නේ ය?”යි කීසේක. එබස් අසමින් ‘පිළි පිළි ගැනිවීම් තබා මේ කුමක් වී දැ”යි තැති ගෙණ “දැන් මා සිතූ සියල්ල ම මාගේ මයිලනුවන්වහන්සේ දැනගත්සේක. අනිස! එසේ වූ තෙන සසුන් වැද හිඳීමෙන් කම් කිම් දැ?”යි සිතා සලමින් සිටි තල්වැට බිමට දම ගිහිගෙට යනු පිණිස දොරට පැන නික්මුනු සේක. එවිට උන්වහන්සේගේ මයිලනුවන්වහන්සේ සිතනසේක් “මොහු නික්මෙනුයේ එකාන්තයෙන් ම ගිහි වනු පිණිස ම ය”යි එතැන සිටි උන්වහන්සේගේ හිතමිත්රක භික්ෂූින් පසුපස්සෙහි ලුහුබඳවා නො කැමැති ලෙස ම අල්වා ගෙන්වා ගෙණ ලොවුතුරා බුදුන් කරා නික්මවූ සේක.


˚ වැඩ






406 සද්ධර්ම රත්නාකරය [29 පරිච්ඡෙදය

කරුණානිධාන වූ අප තිලෝගුරු බුදුරජානන්වහන්සේ ඒ භික්ෂූචන් දැක “ඇයි මහණෙනි! තෙපි හැම දැන් මෙතැනට කුමක් පිණිස ආවාහු දැ?”යි වදාළසේක එසඳ එතැන්හි රැස් වූ භික්ෂූපන් වහන්සේ බුදුන්ට දන්වනසේක් “ස්වාමීනි! මේ මහණ ගිහි වනු කැමැති ව නික්මින. එසේ නික්මුනු අ‍පි හැම යා නො දී අල්වා ගෙණ මෙතැනට ආම්හ” යි කීහ. එපවත් අසා බුදුහු වදාරණ සේක් “ඒ සැබෑ ද, මහණ! තෝ සිවුරු හරණට නික්මුනේ ය?” යි විචාළසේක. එබසට සංඝරක්ෂිදතයන්වහන්සේ කියනසේක් “සැබව, ස්වාමීනි! ලජ්ජාවකින් එසේ සිතිනැ”යි කීසේක. එබසට බුදුහු වදාරණසේක් “ඇයි මහණ! එසේ සිතන්ට කාරණ කවරේ ද? තා අල්ප පුරුෂයකුත් නො වත්, වීය්ය්ණම ඇත්තා වූ මා වැනි උත්තමපුරුෂ වූ ධර්ම්රාජයක්හට පුත්රග ව එසේ හීනවිය්ය් ුන වන්ට කාරණ කිම් ද? පිතෲන්ට ඇති වීය්ය්ර් පුත්රගයන්ට නැද් ද? මෙබඳු වූ බුදුසස්නෙහි මහණ ව සෝවානැයි කියා හෝ, සකෘදාගාමිය, අනාගාමිය, අරහතැයි කියා හෝ සියල්ලවුන් විසින් කියවාගත නො හෙයි ද? එම්බා මහණ! තෝ හීනවීය්ය්ියල නො වී වීය්ය්ද් කරව”යි වදාළ කල්හි ඒ භික්ෂූහන්වහන්සේ ද වස්සාවාසික ලත් තැන් පටන් තල්වැටින් මයිලනුවන්වහන්සේගේ හිසට පහළ තැන් දක්වා පැවැති ප්රටවෘත්තිය නො හැර ම බුදුන්ට දන්ව මින් “මයිලනුවන්වහන්සේ මා සිතූ සියල්ල ම දත් හෙයින් ලජ්ජා බලවත් ව නික්මුනෙමි”යි කීසේක. බුදුහු “එසඳ තෙපි ඊට අභිමානයක් නො සිතා හිඳුව යි, චිත්තය නම් පාත අජටාකාසයෙහි පටන් උඩ අජටාකාසය දක්වා දුරු වු තැන් අරමුනු කරණ හෙයින් දුර යන්නේ වෙයි. එසේ හෙයින් තා සිතින් මෙතෙක් සිතිවිලි සිතන්ට අරුමය කිම් ද? තවද, මේ චිත්තය එකවිට දෙතුන් සිතක් පවත්නට නැතිහෙයින් සොරුන් හා එක් නො වන මහසොරකු සේ තනි ව ම හැසිරෙන්නේ ය. එසේ හෙයිනුත් මේ චිත්තය අසු කරන්ට බැරි ය. නැවැත මේ චිත්තය දැක හැඳිනගන්ට ශරීරවත් වූ සැටියකුත් නැත්තේ ය. අරූපස්වභාවයක් හෙයින් එක්තරා පැහැයකුත් මේ චිත්තයට නො ම ඇත්තේය. එසේ හෙයින් මොහු මෙ බඳු ය යි බුදු නොව දැනගන්ට නො පිළිවන. මෙසේ වූ චිත්තය යම් කිසි ස්ත්රී පුරුෂ ගෘහස්ත ප්රවව්රපජිත දිව්යේ බ්රඊහ්ම යක්ෂව රාක්ෂ ස සිද්ධ විද්යාූධරාදී වූ යම් කිසිවෙක් සකල ‍ක්ලෙශයන් කෙරෙන් දුරු කොට ගෙණ කර්මයක්ලෙශ විපාකවතීයෙන් මිදුනේ වී නම් ඔහු අමාමහ නිවන් දකිති”යි වදාළසේක.







ව්යාසලවඤ්චිත කථා. සංඝාද්භූතකථා. 407

මෙසේ බුදුන් වදාළ කල්හි දෙශනා කෙළවර සංඝරක්ෂිාතයන් වහන්සේ සෝවාන් මාර්‍ගඵල ලදින් පළමුවන මගින් නිවන් දැක සසර සයුරෙන් එතෙර වූ සේක. තෙසුන් බොහෝ දෙන සතරමග සතර ඵලයට පැමිණ නිවන් දුටහ. එසේ හෙයින් සත්පුරුෂ ජනයන් විසින් චිත්තසන්තානය පිරිසිදු කොට සසර සයුරෙන් එතෙර ව අමාමහ නිවන් දකින්ට උත්සාහ කටයුතු වදාරණ ලද මැයි:—

“ දූරඞගමං එකචරං - අසරීරං ගුහාසයං, යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්තී මාරබන්ධයනා”යි.

මෙතෙකින් මේ සද්ධර්මනරත්නාකරයෙහි දසවන සංඝාද්භූත සංඝරක්ෂි ත සථවිරහාගිනෙය කථා නම් වූ

එකුන්තිස්වන පරිච්ඡෙදය කියා නිමවනලදී.

30 වන පරිච්ඡෙදය

තවද මේ සද්ධර්මචරත්නාකරයෙහි ව්යානලවඤ්චිත කථා නම් කවරැ? යත්:— මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය.

කෙසේ ද? යත්:- අප බුදුන් සමයෙහි දඹදිව එක්තරා විහාරයෙක්හි වසන සැටදෙනෙකුන් වහන්සේ කරුණානිධාන වූ සම්යනක්සම්බුද්ධරාජොත්තමයානන් වහන්සේ කරා එළඹ උපන් සොම්නසින් පත්කඩ තබා වැඳ එකත්පස් ව සිටි කල්හි බුදුහු උන්වහන්සේලාගේ චරිත බලා භාවනාවට සුදුසු කර්මටස්ථාන දී වදාළසේක. එකල්හි ඒ සැටදෙනාවහන්සේ බුදුන්ගෙන් අවසර ගෙණ නික්ම ගොස් ඵලපල්ලව මලින් සශ්රීටක වූ වෘක්ෂ්සමූහයෙන් හා නෙත්රඵයට මුත් ආරොහණයට අවිෂය වු අත්යු ච්චභයානක ගිරිකුළු පෙළින් හා ගිරිමුදුනෙන් විසිතුරු මහා ශබ්ද පවත්වා පැනනැගී හැලි ගසා දිවෙන සිහිලස ගගුල් හැලි සමූහයෙන් හා සමන්තාතත්තගොචරග්රාලමාදීන් යුක්ත වූ පර්වලත ප්රාාන්තයෙහි පර්ණාශාලා පිළිවෙළින් ම කරවා ගෙණ අසළ ගොදුරු ගම් තිසා වැස ධ්යාතනභාව‍නාදියෙහි නියුක්ත ව වාසය කරණ සේක. එකල ඒ වනයෙහි බොහෝ සතුන් වනසා ජීවත් ව වසන්නා වූ ව්යාසඝ්රරයෙක් දවසෙක ‍ගොදුරු පිණිස ඇවිදිනේ මුන්වහන්සේලා වසන පර්ණසශාලාසමීපයට පැමිණ මනුෂ්යෙගන්ධය








408 සද්ධර්මලරත්නාකරය. [30 පරිච්ඡෙදය

ආඝ්රාේණය කොට පන්සල් පිළිවෙළින් කෙළවර තුබූ ගෙට වැද එහි සැතපුනු භික්ෂූ්හු අල්වාගෙණ වෙනෙහි වැද අනුභව කෙළේ ය. උදාසන ඇමදෙනා වහන්සේ රැස් වන තැනට උන් වහන්සේ නාහෙයින් කවර උපද්රළවයෙක් වී දෝ හෝ යි මහත් වූ වෙදනාවෙන් ඔබිනොබ බලා නො‍ දැක හුන් කල්හි දෙවන දවස් රාත්රිවයෙහි දු ව්යාාඝ්රබයා පළමු දවස් ආ සලකුණෙන් ම අවුත් දෙවැනි ගෙයි සැතපුනු තැනැත්තන් වහන්සේ අල්වාගෙණ තමා වසන මහවෙනෙහි ගෙණ ගියේ ය. එතැන්හි වසන භික්ෂූ න් වහන්සේ දෙවන දවස්හි දු දෙවනගෙයි වසන භික්ෂූෙහු නො දැක වනලැහැප් ලිය මඬුලු වැලිතලා ගගුල් හැලි ගිරිගුහාදී වූ නොයෙක් තැන ගොස් විමසා බලා ඇවිද ව්යා ඝ්රලයා ගිය පද සලකුණු දැක මුන්වහන්සේලාට උපද්රඇව කෙළේ මේ ව්යාිලයා වනැ යි සිතා තුන්වැනි දවස් ඔහු භය ගන්වා ලුහුබඳවනු පිණිස පොලු මුගුරු සපයා තබා වැඩහුන් ගෙවල් වල ම නො සැතැපී බලාහුන් කල්හි තුන්වැනි වාරයෙහි ද මධ්යවම රාත්රිමයෙහි ව්යා්ලයා නිසොල්මන් ව අවුත් තුන්වැනී ගෙයි වසන භික්ෂූ‍හු අල්වාගත. උන් වහන්සේ ව්යාවලයා ගත් බව දැන මහත් කොට ශබ්ද පැවැත්වූ සේක. ව්‍යාලයාද ඒ ශබ්දයට භය නො ගෙණ තමා ගත් ගැන්ම තද කොට අල්වාගත. එකල්හි ගෙවල හුන් හැම භික්ෂූනහු වහා වටින් මලුවට බැස ශබ්ද පවත්වා පොලු මුගුරු ගෙණ ඔහු වටලා ගෙණ ගස් ගල් මුල් ආදියෙහි පැහැර භය ගැන්විය දීත් නොහැර ම ගෙණ නික්මින.

එකල්හි ඒ හැමදෙනාවහන්සේ ගළවාගත ‍හැකැ යි සිතා පසුපස්සෙහි ම ගොස් ඕහට බොහෝ භය දැක්වූසේක. ඒ ව්යාුලයා තමා අල්වාගත් ගොදුරු හෙයින් කෙතෙක් දෙනා භය ගැන්වූවත් නො හැර ම වන මැද වැටී නික්මගිය. මෙසේ නික්මුනාවූ ඒ ව්යානඝ්රැයා එක් තෙනක තබා ගෙණ අනුභව කරන්ට වන්නොත් තමාගේ ගොදුරු ගලවා ගණිතියි සිතා දෝ හෝ මනුෂ්ය යන් විසින් නැගෙන්ට උගහට වූ පර්ව තශිඛරයක් මුදුනට පැනනංගේ ය. එකල්හි පසුපස්සෙහි නික්මුනු ඒ භික්ෂූූහු එතැනින් මත්තෙහි යන්ට අසමර්ත්ථනව උන්වහන්සේට හඬ ගා කියන්නාහු “ඇවැත්නි! මෙයින් මත්තෙහි අප විසින් තොප ගලවා ගන්ට කළ මනා ව්යාඇයාමයෙක් නුපුළුවන. එසේහෙයින් මහාපුරුෂයානෙනි! ඉදින් නුඹට සහායෙක් නම් නුඹගේ චිත්තයම ය. ඉදින් මෙ වැනි තැනකට පැමිණිකල කළ මනා නම් වැඩියක් වීය්ය්තය ය ය. එසේ හෙයින් අධිගමයට වීය්ය්ැඩි කරව. හීන වීය්ය්වා



ව්යායලවඤ්චිත කථා.] සංඝාද්භූතකථා. 409

නො වයි කීසේක. එවිට ව්යායඝ්රකයාට අසුව යන ඒ භික්ෂූැන්වහන්සේ ද උන්වහන්සේලා කියා හඬ නැගූ හිතෙසි වචනයන් අසා එසේ වී නම් එම යහපතැයි නො පමා ව භාවනා කළ මැනැවැයි සිතා භාවනාවට පටන් ගත්සේක.

‍එවිට ව්යාවලයා ද ඒ පර්ව්ත මුදුනට කිසිවකුත් ආ නො හැකි නියාව දැන ගෙණ ගිය ගොදුරු ගල් මුදුනෙහි එක්තෙනක හොවා මඳක් බලා සිට පය පටන් ඇට කිලිල් කඩ සේ බිඳ බිඳ කන්ට පටන් ගත. එසඳ ඒ මහාත්මයානන්වහන්සේ කන්නා වූ ව්යාකලයා කෙරෙහි භයකුත් නැති ව වෙෂයකුත් නො සලකා ශීල විශුද්ධි ආදී වූ සප්ත විශුද්ධි පරම්පරාවෙන් ගොස් දන මඬල මස් අනුභව නොකරණ තුරු සකෘදාගාමි මාර්ගර ඵලයට පැමිණ නාභි මස් අනුභව නොකරණ තුරු අනාගාමි මාර්ගස ඵලයට පැමිණ ඒ ක්ෂවණයෙහි සියලු සසර දුකින් මිදී රහත් ව අමාමහනිවන් දුටුබව කියා උදන් අනා බණ වදාළසේක. මෙසේ මහා පුරුෂයෝ මෙ වැනි මහා ව්යාසනයකට ද පවා පැමිණ එබඳු ව්යේසනයෙහි මඳකුත් නො කලකිරී සසර කලකිරී සියල්ල වුන් කෙරෙහි ම මෛත්රීම කෙරෙමින් පෙර උත්තමයන් විසින් පැමිණියා වූ අමාමහනිවන්පුර පැමිණියහ. මෙසේ සිහි කරන්ට ද අවිෂය වූ ව්යමසන සහනය කෙරෙමින් සිත එකඟ කොටගෙණ අහෝ කෙසේ නම් රහත් වූ සේක් ද? මේ ලොකයෙහි විඳිනා ව්යොසනයට පළමු කොට ව්යවසනයෙහි අගුණ නො දන්නෙන් මුත් කවරෙක් නම් ආත්මප්රෙටම කෙරේ ද, පරාර්ථියෙහි ප්රනමාදී වේ ද? එසේ නො ව රෑදෙවෙහි නොපමා ව ධ්යාෙන භාවනාදී වූ කුසල කරණයෙහි ම නියුක්ත වන්නේය. හේ එසේ ම ය. ඉදින් මෙබඳු ව්යනසනයෙහි කළා වූ වීය්ය් වන ඇසුවා වූ කිසිවෙක් යෙහෙන් සිවුපසයෙන් යැපී සැපයෙන් හිඳ කෙසේ නම් ශ්රකමණ කෘත්යයයෙහි ප්ර මාදී වේ ද? එසේ ප්රසමාදී වීමට සිතිනුත් නොසිතන්නේ ම ය. එසේ හෙයින් සියලු සත්වනයන් විසින් ම දාහයෙන් සිද්ධ වන්නා වූ පඤ්ච කාමසම්පත්තිය ද සිල් රැකීමෙන් සිද්ධ වන්නාවූ රූපාවචර සුගති සම්පත්තිය ද, ප්රතඥ‍ායෙන් සිද්ධ වන්නා වූ නිවන් සම්පත්තිය ද කරුණාවෙන් සිද්ධ වන්නා වූ බුද්ධ පදවි සම්පත්තිය දැයි යන් මේ සියලු සම්පත්තිය ම සිද්ධ වන බැවින් සකල සත්වදයන් විසින් වීය්ය්මෙ යෙහි අප්රමමාද ව කැමැති සම්පත් සිද්ධ කොට ගන්ට උත්සාහ සිතුව යහපති දක්වනලදමැයි-








410 සද්ධර්මදරත්නාකරය. [31 පරිච්ඡෙදය

“ මනුස්ස දෙවිස්සරියඤ්ච මොක්ඛං යදා සුදාතෙන ච සීලපඤ්ඤා බලෙන සිජ්ඣන්ති තථෙව ලොකෙ පධානභූතං වීරියං මහන්තං” යි.

මෙතෙකින් මේ සද්ධර්ම්රත්නාකරයෙහි එකොළොස්වන සංඝාද්භූකව්යාෙලවඤ්චිත කථා නම් වූ

තිස්වන පරිච්ඡෙදය කියා නිමවනලදී