සද්ධර්මරතනාකරය-පරි‍ච්ඡෙද 15-26

15 නව පරිච්ඡේදය. _______


තවද මේ සද්ධර්මඛරත්නාකරයෙහි සම්මජ්ජනානිසංස ප්රාකාශ ක වූ දත්තභික්ෂූ කථා නම් කවරැ? යත්:- මේ මතු කියන්නේ එහි පිළිවෙළකථා ව ය.

කෙසේ ද? යත්:- ත්රිමවිධරත්නාකර වූ මේ ශ්රීපලඞකාවීපයෙහි රූණුරට ශ්රේමණගුණාභිරාම සුගතොරස මහාසංඝයාවහන්සේට




564 සද්ධර්මිරත්නාකරය (15පරිච්ඡේදය

වාසස්ථාන වූ ශ්ර මණසාරූප්යහ විහාරවින්යා්සයෙන් ශොභමාන වූ ලෝකන්ද ර නම් විහාරයෙක් වි ය. එහි වසන්නා වූ මහාසංඝයා වහන්සේ අතුරෙන් දත්ත නම් එක් ලදරු භික්ෂූ කෙනෙකුන් වහන්සේ එ ම වෙහෙර භූමඞගනාවගේ මස්තකයෙහි විරාජිමාන රජතකිරීටයක් වැනි වූ ‘ස්තූපප්රාාන්තවර්තිප්රානකාරවලයාන්තර වෙන් නිර්මරල වූ දාගැබ් මලුවක් හැමැද මහත් ප්රීපතිප්ර්මොද්යූයෙන් ඒ හැමදි මලුව බලබලා එක්පසෙක බුද්ධානුස්මෘති භාවනා කෙරෙ මින් වැඩසිටිසේක. ඒ ක්ෂයණයෙහි ඒ කුශලානුභාවයෙන් ජනිත වූ සමාධීන් අවදාන කසිණ සමාපත්තිප්ර තිලාභයට පැමිණ පඤ්ච භිඥා අෂ්ටසමාපත්ති උපදවා විදර්ශපනා වඩමින් සෝවාන් මාගීය ඵලය සකෘදාගාමී මාර්ගමය ඵලය අනාගමීමාර්ගපය ඵලය කියන ලද ත්රි විධ මාර්ගාඵලයට පැමිණ නිර්වාාණසම්පත්තිය හස්තප්රානප්ත කළසේක. මෙසේ පරවැඩෙහි නියුක්ත වූ මහොත්තමයන්නගේ අස්ථීන් පවා ප්රපතිෂ්ඨා කළ චෛත්ය්ය වට භූමිය ද ප්රතසන්න චිත්ත යෙන් බලබලා සිටියවුන්ට නිවන් සම්පත් දෙන කල එබඳු උත්තමයන් සජීව කල්හි ද ඔවුන්ගේ ධාතූන්ට ද ඔවුන් සදෘශ වූ ප්රතතිමාරූපයන්ට ද තමාගේ ශක්ති පමණින් ආහාර දීප ධූප පුෂ්පාදී වූ වස්තුයෙන් පූජා කොට වැන්දවුන්ට සිද්ධ වන ස්වර්ගී මොක්ෂීසම්පත්තිය කියනු ම කවරේ ද ? එසේ හෙයින් මේ හැම නුවණැති සත්පුරුෂයන් විසින් පරමප්ර තිෂ්ඨාව තමහට ද මුළුලොව ට ද අභිවෘද්ධි ම සිද්ධ කරන්ට උත්සාහ කටයුතු. කියනලදුයේ මැයි:-

“සුසන්නදත්තො ඉති භික්ඛු සාධුකං සකෙන සම්මඪසුවෙනියඞ්ගණං, සමක්ඛ ‍ෙතාසෙන අලත්ථ, පන්තියං කරොථ මනත්වාු නිධ පුඤ්ඤසාඤ්චයං.”

මෙතෙකින් මේ සද්ධර්මඤරත්නාකරයෙහි

දෙවන සම්මජ්ජනානිසංස ප්රපකාශක දක්ෂක භික්ෂු කථා නම් වූ

පසළොස් වන පරිච්ඡේදය

කියා නිමවනලදී.




නිෂ්යනප්ර.ශ්නකථා.) සම්මජ්ජනකථා. 365

16 වැනි පරිච්ඡේදය ____

තවද මේ සද්ධර්මපරත්නාකරයෙහි තිස්ස ප්ර ශ්න කථා නම් කවරැ? යත්:- මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථා වය.

කෙසේ ද? යත්:- එක්සමයෙක්හි සකලශ්රීනන් විර‍ාජිත ලංකා වීපාභ්යකන්තරප්රෙදේශයෙක්හි ස්වකීයනාමයෙන් ප්ර්සිද්ධ වූ ජම්බු කොලපට්ටනම් යයි යන පටුන්ගමෙක් වි ය. ඒ පටුන්ගමෙහි තුන්බෝධි පිහිටියා වූ දඹකොළ නම් විහාරයෙක් වි ය. ඒ විහාරයෙහි චතුර්විධබ්රධහ්මවිහාරයෙන් විහරණ කරන්නා වු බොහෝ භික්ෂූයන් වහන්සේ අතුරෙන් තිස්ස නම් එක් නවන භික්ෂූව කෙනකුන් වහන්සේ එම දඹකොළවෙහෙර දාගැබ් මලුවක් හැමැද කුණුගොඩ කොට මුසුන්හල මුස්නා තබා කුණු දමන පිණිස කචවරබ්රෑදහය සමීපයෙහි උක්ලාපශූපිය ගෙණ සිටිසේක. එකල්හි අන්යදදෙශයෙක්හි සිට නැව් නැගී ආවාවූ තිස්සදත්ත නම් එක් තෙරකෙනෙකුන්වහන්සේ නැවින් ගොඩ බැස ජම්බු කොළවිහාරයෙහි ඒ මලුව හැමැද කුණු දමනු පිණිස කුණු ගොටුව ගෙණ සිටිය තිස්ස නම් භික්ෂුඒන්වහන්සේ සමීපයට අවුත් හැමැද්දාවූ දැගැබ් මලුව බලබලා සිටිසේක “ මේ මලුව එකාන්තයෙන් ම භාවිතවි‍ත්තොත්මයක්හු විසින් හැමැදි වනැ” යි සිතා එතැනින් සිටි භික්ෂූින්ගෙන් පිළිවිස, ඒ දගර භික්ෂූපන් වහන්සේ බව දැන ජනිත වූ බහුමානයෙන් සිතන සේක් “මෙබඳු ජනොත්තම තෙම මාගේ චිත්තයෙහි ජනිත වූ ශංකා දුරු කරන්ට සමර්ථ වනැ” යි උන්වහන්සේ අතින් ප්රජශ්න දහසක් විචාළසේක. උන්වහන්සේ ද එතැන් හි ම වැඩසිටි තෙරුන් වහන්සේගේ සැක දුර ලා ඒ ප්රිශ්න දහස ම හස්තාමලකයක් මෙන් දැන උත්තානිස්වභාවයෙන් විසර්ජපනය කළසේක. එකල්හි තෙරුන්වහන්සේ කියනසේක් “ඇවැත්ති! මේ මලුව සුවිසුඬ කොට දුටුදුටු ජනයන් සන්තුෂ්ට වන ලෙස හැමන්දාක් මේන ග්රරන්ථිස්ථානමලප්රික්ෂාුලනය කොට ප්රනශ්න දහසම විසර්ජනය කළ බව ඉතාම යහපතැ” යි සාධුකාර දෙමින් එතැන්හි ම වැඩ සිටි ලබ්ධාධිගමයක් හු මෙන් සම්මජ්ජිතාඞ්ගණයෙහි සිත් පහදවා ත්රිවවිධසම්ප්තතිය ම හස්තප්රාඉප්ත වන ලෙස ප්රාහර්ත්ථතනා කළ සේක. එසේහෙයින් සත්පුරුෂයන්ගේ විද්යා මනගුණයෙහි පැහැද එයින් ජනිත වු කීර්ති බහුමානාදියට භාජන ව සකලලොක




566 සද්ධර්මයරත්නාකරය (17පරිච්ඡේදය


පූජ්ය ව උභයලොකාර්ථ සිද්ධිසම්පාදනය කටයුතු. කිනලදුයේ මැයි:-

“පසාද යෙසු ගුණෙසු අම්භො - පසාදනං සාධුජනස්ස ධම්මො,

තමත්ථයමඤ්ඤාය සුසජ්ජ නානං- ගුණෙ විදිත්වාොන චිනාථ ධම්මං”

මෙතෙකින් මේ සද්ධර්මජරත්නාකරයෙහි තුන්වන සමජ්ජනානිසංස ප්රදකාශක වූ තිෂ්යාප්ර්ශ්න කථා නම් වූ

සොළොස්වන පරිච්ඡේදය

කියා නිමවන ලදී. ____

17 වන පරිච්ඡේදය. ____

තවද මේ සද්ධර්ම රත්නාකරයෙහි චතුර්භික්ෂු‍ කථා නම් කවරැ? යත්:- මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාවය.

හේ කෙසේ ද? යත්:- ජිනවර රිභොගාශෙෂභූමිප්ර්දෙශ සිංහලවීපයෙහි ඊදිසාභිධාන නාමවිහ්නවින්යාශසදීන් අප්රභසිද්ධ වූ එක්තරා විහාරයෙක්හි වසන ලොකොත්තර ගුණසම්පන්න එක් තෙ‍රකෙනකුන් වහන්සේ අවීක්ෂිරප්තචිත්තයෙන් යුක්ත වූ දාගැබ්මලුවක් හැමදා බුද්ධානුස්මෘතියෙන් ප්රකමුදිත ව බලබලා වැඩ සිටිසේක. එකල්හි යොනකදෙසයෙන් තෙරසතර දෙනෙකුන් වහන්සේ චිත්තීකෘත්ස්ථානදර්ශ්නය වන්දහනය පිණිස නික්ම ඒ ඒ තන්හි උද්දේශිකශාරීරකපාරිභොගිකාදී විශිෂ්ට චෛත්යකප්රහතිෂ්ඨිත වූ බොහෝ පූජනීයස්ථාන වැද පුදමින් ඒ විහාරයට පැමිණ සකස් කොට හැමන්දාවූ මලුව දැක ඉන්ර්ාන ඛීලයෙන් ඇතුළට නො වැද වහසල්දොරටුයෙහි ම සිට ජග්ගිතාඞ්ගණය බලබලා බුඬාලම්බන ප්රිෙතින් ඒ ක්ෂසණයෙහි ධ්යාජන උපදවමින් පූර්වොනිවාසානුස්මෘති ඥානය ලැබ ඒ සතර දෙනා වහන්සේගෙන් එක්තෙරකෙනෙකුන් වහන්සේ අෂ්ටකල්පාන්තරයක් දක්නා පමණ දිවැස් ලත් සේක. එක්කෙනෙකුන් වහන්සේ ෂොඩශ කල්පාන්තරයක් ද ක්නා තරම් දිව්යරවක්ෂු්ෂ් ප්රසතිලාභය කළසේක එක්කෙනෙකුන් වහන්සේ එක්විසිකල්පයක් දක්නා තරම් විශුඬබුද්ධිදිව්යඩ විලොවනය ලත්සේක. එක්කෙනෙකුන් වහන්සේ සමත්රිංරශත් කල්පාන්තරයක් දක්නා තරම් දිව්යලචක්ෂුුෂ් ප්රෙතිලාභය කළසේක. මෙසේ හාමැන්දාවූ මලුව දුටු පමණකින් උත්තමයන්ගේ ගුණ දැන




අන්‍යතරස්ථවීරකථා) සම්මජ්ජනකථා 367

ගන්නා කල ඔවුනොවුන් හා සම්භාෂණයෙන් සත්පුරුෂයන්ගේ ගුණය ප්රාාඥයන්ට දැනෙන්නේ ම ය. එසේ හෙයින් ධාර්මික මධ්යයස්ථසත්පුරුෂයන් විසින් මාත්සය්ය්න්ටය දුරු කොට ප්රිසාදනී ය වූ විද්යා්මන ගුණයෙහි පැහැද ස්වර්ග මොක්ෂට සම්පත්තිය හස්ත ප්රාොප්ත කටයුතු. කියනලදුයේ මැයි:-


“යතීහි දිස්වාන විධොතමඞගණං

	 පසන්න චීත්තෙන දිවක්ඛලත්ථ  තං,
	 තමත්ථ මඤ්ඤාය පි භො ගුණෙසින
	 පරායනත්ථා් ය කරොථ මානනං.”

මෙතෙකින් මේ සද්ධර්මයරත්නාකරයෙහි සම්මජ්ජනාණිසංස ප්රෙකාශක වූ චතුර්භික්ෂූ‍ කථා නම් වූ

සතළොස්වන පරිච්ඡේදය. කියා නිමවන ලදී. ______

18 වන පරිච්ඡේදය ________

තවද මේ සද්ධර්මුරත්නාක‍රයෙහි අන්යණතරස්ථවිර කථා නම් කවරැ? යත්:- මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය.

හේ කෙසේ ද? යත්:- නරවරහරින්ර්හ ගුප්තගහනයක් වැනි ධර්මු භාණ්ඩාගාරික ලංකාවීපයෙහි ත්රි:විධරත්නාකරශ්රී‍නික‍රයෙන් ප්රවභාස්වර වූ එක්තරා විහාරයෙක්හි වසන්නා වූ ශ්ර‍මණගුණමර්ණර රත්නාකර ස්ථවිරකෙනෙකුන් වහන්සේ ජනපදවාරිකාවෙහි වඩනා සේ ක් ජනසඤ්චා රවිරහිතචෛත්යනබොධිප්රරතිමාගෘහ ප්රානකාරාඞ්ගණා දීන් සජ්ජිත වූ විහාරයකට පැමිණ ඒ ස්ථානයෙහි උත්කලාපාදීන් පතිත ව නො සකස් ව තුබූ බොධි මලුවක් ද දැගැබ් මලුවක් ද හැමැදැ කසළ දමා ජලස්නානය කරණු පිණිස පර්වකතධෙනුන්ගේ කුහුල් බුරුළු තනයෙන් විදුනා කිරිදහර මෙන් ගිරිඉවුරුයටින් උනා ජලධාරා දමමින් එක්වන් නික්ම හැලි ගසා ශෛලාන්තර ප්රිහරිත සර්වජතොමුඛ ශිඛරොද්ගත වෙගයෙන් විශාල කල්ලො ‍ෙලාපගතජලොගුණ්ඨිතාවහනයෙහි තටාග්ර්ජලචලනවලි ලලිතරැළි පෙළින් සිසිරකරකිරණ සන්නිහ උභයපාර්ශ්වොදිත පුලිනතල



568 සද්ධර්මදරත්නාකරය (18පරිච්ඡේදය

තෙම තෙමා ගලාහෙන පහන් වු සිහිල් දියකඳින් පිරිසොඳුරු ගිරිකඳුරකට ගොස් ජලස්නානය කරණ කල්හි ඒ හැමදීමෙන් සුවිසුඬ මලු පෙළින් සැදි විහාරසමීපයෙහි මධුරනාදයෙන් කන්කලු කොවුල් සිලිමුව කදම්බ තඹසිළු සුව සාලික චකොර දි වූ විහගගණයො විසින් සුපුෂ්පිත ඇසළ මුහුලු කොබෝනීල පළොල් ‍ෙදාඹ කොළඹ බෙලි කැල සල් කිතුල් පළු කරවීර මොර මුරුත පර කරද නිඹ කුඹුක් අඹ කෙහෙල් දඹ තිඹිරි පොල් පුවක් දෝතලු ආදී වූ විසිතුරු තුරු පතර බදා නැගී තමලුලිය කොඳ ඔලිඳ ගිරිනිල්ල යො‍ෙහාඹු ඉදි දෑසමන් මේ ආදී ලිය වැළඳි අතපතර සැදී නො මඳ තුරු අතුරු නො දී සැදී වනමුදුන විමන්කැළැ දෙවතාවෝ හැමදි මලු පෙළ දුටු සතුටු සිතින් අගිල් කළුවැල් සඳුන් සුණු ආදී වූ සුවඳ දුම් දෙවන වස්තුන් හා පතුල් ගල්වන සුවඳ තෙල් පිරූ බඳුන් හා පහන්කඩ තෙල් සහිත ප්රවදීප කපාල සහ ලියවැට ආදී ය ද, නා සපු මහනෙල් උපුල් නෙළුම් ආදී වූ සුවඳ මල් කලප් හා කපුරු තකුල් ලමඟ පුවක් හිඟුරු සුණු සහිත බෙහෙත් ආදීය ගෙණ පහන්සිතින් සුප්රුතිපන්නතාදී වූ සුගතොරසගුණ මෙනෙහි කරමින් සුවිසුඬ දිවදුහුල් උතුරුසළු ඉස්වෙළු බැඳ හැඳ පැළඳ සැදි මඟුල්වෙස් ගෙණ විහාරයෙහි රැස් ව සිටිය හ.

එසඳ තෙරුන්වහන්සේ ජලස්නානස කොට සුසංයම ඉරියා පථයෙන් යුක්ත ව සංහුන්ගමනින් වෙහෙරට පැමිණ ඒ විහාර යෙහි රැස් ව සිටියාවූ ජනයන් දැක “උපාසකවරුනි! තෙපි කවර හට ගමෙහි වන්නාහු ද? දැන් මෙතැන්හි කවර කාරණ යක් පිණිස අවු දැ?” යි විචාලසේක. එබසට ඔහු කියන්නාහු “ස්වාමිනි! අපි හැම බැහැරින් ආවෝ නො වම්හ. මේ වෙහෙර වට වසන වනවාසීම්හ; මෙසේ මේ විහාර සමීපයෙහි ම බොහෝ කලක් වස්නනා වූ අපි හැම මෙතෙක්කල් මෙතැන්හි ම පුරුදුව හිඳ මේ වෙහෙර කළ තැන් පටන් මෙසේ වත් පිළිවෙත් සරු පිරිසුදු හැමදීමක් පළමු හැමැදි කෙනෙකුන් වහන්සේ නැති හෙයින් නුදුටුම්හ. නුඹවහන්සේ මේ කළාවූ වතෙහි පැහැද නුඹවහන්සේට පූජා කරණු පිණිස සුවඳ දුම් මල් පහන් ගෙණ ආම්හ. එසේහෙයින් අප හැම කෙරෙහි කරුණාවෙන් මේ පූජා භාණ්ඩ පිළිගෙණ අපට මතු මත්තෙහි ස්වර්ගෙමොක්ෂෙ සම්පත් සිද්ධ කරටුව මැනැවැ” යි කීහ. එකල්හි ඒ තෙරුන්වහන්සේ ඔවුන් හැම දෙනා කී බස් අසා මැනැවැ යි ඔවුන්ට සම්මජ්ජනානිසංසාදීන්





අභයතෙරකථා.) සම්මජ්ජනකථා 36 9

ධර්මෙදෙශනා කොට ත්රි විධසම්පත්තීන් සිද්ධ වන ලෙස අති ප්රරමුදිත කරවා මුඛ නො සෑහෙන ලෙස සාධුකාර දෙවමින් ඔවුන් විසින් මහිතසමස්තපූජාසත්කාරයට භාජනය ව ශීල සමාධ්යා දී විද්යාාමාන ගුණයෙන් ඔවුන් ප්රපසන්න කරවූසේක. කෙසේ ද? යත්:-

“චිත්තං පසීදති සකං ච පරමපි චිත්තං

දෙ වාපි ඉක්ඛි ය තමත්තමනාපි හොන්ති,
පාසාදිකෙන චිතප්රතඤ්ඤාඵලානුහොන්තී
සග්ගෙපි පෙච්ච මූපපත්ති භවෙය්යන ජගගිං”

යනාදීන හැමදීමෙහි අනුසස් නම් පිරිසිදු වූ කුල ශීල ඥාන ගුණ රූප ශ්රදද්ධාකීර්ති මධුර වචන සුවිශුද්ධවිද්යාමයෙහි නිපුණ වීමය යි යන මේ දසයෙන් එකක් එකකට ම දසයක් දසයක් බැගින් සියයක් කුශල ඵලවිපාක දෙනබැවින් හැමැදීමෙහි අනුසස් මෙබඳු යයි ශ්රශද්ධාබුද්ධිසම්පන්න ජනයන්විසින් නිරන්තරයෙන් මෙනෙහි තබා ගෙණ දැගැබ් මහබෝ සංඝාරාම ප්රනතිමාගෘහාඞ්ගන සුවිශුද්ධ චිත්තයෙන් හැමැද කුසල් රැස් කොට දිව්යජමනුෂ්යන සම්පත් වලඳා කෙළවර අමාමහනිවන් දකින්ට උත්සාහ කටයුතු. කියනලදුගේ මැයි:-

“සුද්ධත්වනඤාථගුණසීලසුරූපසද්ධා

කාරුඤ්ඤභාරතිසිලොකසුසාරවිජ්ජා,
එකෙකමස්ස දසමිච්ච ගුණෙ ගණෙත්වාඤ
ජග්ගා නිසංසමවබුජ්ඣ සතං ඵලන්ති.”

මෙතෙකින් මේ සද්ධර්මඵරත්නාකරයෙහි පස්වන සම්මජ්ජනානි සංස ප්ර්කාශක අන්යමතරස්ථවිරකථා නම් වූ

අට‍ෙළාස් වන පරිච්ඡේදය

කියා නිමවනලදි. ______

19 වන පරිච්ඡේදය. _______

තවද මේ සද්ධර්මිරත්නාකරයෙහි අභය ස්ථවිර කථා නම් කවරැ? යත්:- මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාවය.

කෙස් ද? යත් - සමස්තලොකෛකදිවාකරපරගිතනිරත ධර්ම රාජෝත්මයානන්වහන්සේ සකල ජනාවබොධය කෙරෙමින්



370 සද්ධර්මිරත්නාකරය (18පරිච්ඡේදය

මුළුලොව සරහා වැඩසිට අනුපධිශෙෂනිර්වාවණපුර ප්රමවිෂ්ට වූ නොබෝ කලක් ගියකල්හි ලොකොත්සවජනක ත්රිනවිධරත්නා මෘතවිමලජලසම්පූර්ණර වූ ශෛලතල ශෛවාල මෘගනිමිස පක්ෂිත දර්දුර නිශාචර විහගසඤ්චාරිත කුශලබීජොද්ගතගෘහොද්යාවන ශස්යෂ කෙසර ප්රාිසාදාලය පත්ර  පරිවෘත කීර්ත්යොමොද නානාවර්ණා භ්රාමරගණානුචරිත නගරනිගමග්රාතමාමෙභාරුභාභිරාමමහීධර පද්ම කුඬිමල විවධරත්නාකර වරාටක නානාවිපිත පුෂ්කරපර්ණම නානා විධ ධනපුෂ්කරමධුපුටාලයචෙෂ්ටින් ප්ර විෂ්ට පෘථිවීශ්වර නැමැති කුඤ්ජරශ්රෙණණින්ට මනොඥ ස්පර්ශය දායක සිසිරනීර ක්රීවඩාමණ්ඩල වූ මේ ශ්රී‍ලංකාවීපපද්මසරසියෙහි සඤ්ජායතසහස්රක පත්රඩයක් වැනි වු අනුරාධපුරවරාසන්නයෙහි සුප්ර්තිපත්තතාදී අමිතගුණගණාන් විත යතිගණානුචරිත ත්රි්විධ චෛත්යාරදීතපරමාදර්ශානීය වූ විහාර යෙක් වී ය. ඒ විහාරයෙහි ප්රා්කාරවෙදිකා ගෛරිකකර්ම්නිර්මිත භිත්තිස්තමහාසොපානමාලාදින් පරමතර රමණීය වූ එක් පිරි වෙණෙක්හි ශීලාචාරගුණඥානරූපශ්රිාන් අපමණ ශොභමාන අභය නම් එක් තෙරකෙනකුන් වහන්සේ වැඩවසනසේක.

ඒ අනුරාධපුරප්රේවරාභ්යරන්තරයෙහි අභිරූප යෞවන ලලනාමනොනයනාකර්ෂකණ ශොභමානානන්ද් කර මූර්තියක් ඇති දෙදෙනාම සුවිශුද්ධ ශීලාචාරස්වරූපාදීන් විරාජිත ව වසන කල්හි මේ අමාත්‍යපුත්රයයා ද අභය ස්ථවිරයන් වහන්සේ ද වෙන වෙනම දුටු දුටු ජනයෝ ඔවුන්ගේ රූපශොභාවෙහි අතිප්රසසනන් ව “අහෝ මේ ලොකයෙහි කළ මනා නම් කුසල් ම ය”යි කුශලයෙහි ලොභ උපදවා “මොහු යට ගියදවස කෙබඳු කුශලයක් කළාහුද? අපි එබඳු පිරිසිදු වූ පිණක් කටගතනුහුනුමෝ වේ දැ? යි සිතමින් ඔවුනොවුන් දැක පින් කොට ගන්ට උත්සාහ සිතන්නාහු ය. මෙසේ ඒ දෙදෙනාගෙන් තෙරුන්වහන්සේ දුටුවාහු ඔවුනොවුන් හා කථා කරණකල “සබඳිති! මේ අභය ස්ථවිරයන්වහන්සේ ට සදාශ වූ රූපයක් කොයි ඇද්දැ” යි විචාළකල අමාත්යුපුත්ර යා අඳුනන්නහු “‍ෙතාපි කුමක් කියවු ද? මේ තෙරුන්වහන්සේට සදාශරූපයක් ඇති කෙනෙක් නම් ඇතුළුනුවර වසන අමාත්යව පුත්රූයෙක් ඇත. ඒ අමාත්ය පුත්ර යා වි නා සෙසු කෙනෙකුන් කිය නො හැක්කේ ය’ යි යෙ ති. ඒ කියන අමාත්යතපුත්රපයාගේ රූපය දුටුවාහු “පින්වත්නි! මෙබඳු රූපයෙක් තෙපි දුටු විරූදැ” යි කී කල්හි මේ රූපයට එක් වැනි වු රූපයක් ඇතිසේක අභය ස්ථවිරයන්වහන්සේ ය” යි කියති. මෙසේ ඔවුනොවුන් ගේ රූප




අභයතෙරකථා.) සම්මජ්ජනකථා 371

විශෙෂය ඔවුනොවුන් මධ්ය යෙහි කියා උනුන් දක්නා තරම් සන්තොෂ ජනිත කරවමින් කලක් ගියකල්හි එක් දවසෙක සමස්තලොකයාහට අභිවතාර්ථ් ප්රමදානය කරණ කල්පවෘක්ෂලයක් වැනි වු ශ්රි මහාබොධින් වහන්සේගේ අවයවශ්රී‍ධර දක්ෂිදණශාඛා නැමැති චින්තාමාණික්යිරත්නප්රිතිෂ්ඨිත වු මහමෙවුනා උයනෙහි පිහිටි රුවන්වැලිමහසෑයට මහත් පූජොත්සවයක් කරුණු පිණිස මහමෙවුනාඋයන නදුන්වනයක් මෙන් සරහා හැම සිද්ධස්ථානවල පූජාවට පටන් ගත්හ. එදවස් අමාත්යමපුත්රණතෙම සර්වා භරණයෙන් සැරහී මනහර වස්ත්රෙයක් හැඳ එසේ ම සැරහුනා වූ හිතමිත්ර අමාත්ය‍පුත්ර ගණනක් පිරිවරා රුවන්වැලි මහාසෑය ආදී වූ සිද්ධස්ථාන වන්දිනා පිණිස නික්ම එනුයේ නැගෙන හිර දොරටුයෙන් අවුත් රත්නමාලී නම් චෛත්යානඞ්ගණයට බටුයේය.

එ දවස් අභයස්ථවිරයන් වහන්සේගේ මෑණියන් දෑ අළුත රඳන් කළ ප්රවසාදා වඟ වූ රන්වන්සිවුරක් පුතනුවන්වහන්සේට වෙහෙරට එවා මේ සිවුර වැළඳගෙණ මාගේ ස්වාමීන්වහන්සේ රුවන්වැලි මහාසෑය වඳනා පිණිස වඩනාසේක්වයි වෙහෙරට කියා එවූහ. එබස් අසා අභයස්ථවිරයන්වහනසේ ද කෙස මස්සූන් බහා මෑනියන් දෑ එවූ අළුත් සිවුර වැළඳගෙණ භික්ෂූස සඞ්ඝයාවහන්සේ පිරිවරා ‍ ම චෛත්යව වඳනා පිණිස නික්ම අවුත් පෑළදිග වහසලින් ඇතුලුමළුවට වැද රත්නමාලිචෛත්යතය ඇතුළෙහි දුටුගැමුණුමහරජහු විසින් සප්තවිධරත්නයෙන් කරවූ හැම බුද්ධකෘත්යිප්රුතිමාරූපආදීයෙන් සජ්ජිත වූ ධාතුගර්භවයෙහි ගුණ වර්ණ්නා කෙරෙමින් මහත් භක්තියෙන් පත්කඩ තබා වඳනාසේක:-

“ජිතභුතලභූපතිවාසයුතෙ- සුරභූරුහසනනිභකාමදදෙ, වරභූපති ඡප්පදම්මබුරුහෙ - සුචිභූසුරකාමිනිමොලිනිහෙ

මුනිධම්ම සුධාකරභූත්ත‍ජනෙ - ජිනසඞ්ඝසුධාකරඝම්මහරෙ, පරිභාවිතභාකරමඤජුඝරෙ - රතනාපණසෙණිකතෙරුචිරෙ.

අමරාලයවාසිකනාරිනරෙ - විපුලාමලසම්පදතාභවෙ, අමරාවතිකීත්ය නුරාධපුරෙ - අජරාමරමෙසීනරෙහි කතං.

සකල කමලාසනපභවං - විපුලං වතුදීපවරං සගිරිං, රතනුල්ලසිතං බහියත්ථ ගරූං- පණමෙ රතනාවලිථූපවරං.





372 සද්ධර්මනරත්නාකරය (19පරිච්ඡේදය


සකලං නරනාථවරං පවරං සිසිර ජ්ජු තිභාකරබිම්බයුතං. සුවිසාරද සාරදසාවකතං - පණමෙ රතනාවලිථුපවරං

සුගතං වජිරාසනබොධියුතං - සමරං සබලං නමුවාගමනං, නමූවිවධූයාගමනා දමනා - පණමෙ රතනාවලිථූපවරං

කමලාසනයාචනකාතො දිසනං - අමතාසනභූතලමොනරණං, දනපාලකආලවකද්දමනං - පණමෙ රතනාවලිථූපවරං.


බකසච්චකකස්ස පසන්දසමනං - තිභයං භරිතුං ගහතොගමනං, නගරං සුමහං වරලිච්ඡවිනං - පණමෙ රතනාවලිථූපවරං.

යනාදීන් බුදුගුණ මෙනෙහි නිධාන කෙරෙමින් වැඳ නැගීසිටි පත්කඩ අකුළා ජත්තුයෙහි ගෙණ සංඝයාවහන්සේ පිරිවරා එක්පසෙක ගොපුරච්ඡායාවෙහි වැඩසිටිසේක. එකල්හි අමාත්යප පුත්රායා පිරිවරා ආවාහු ද අභය ස්ථවිරයන්වහන්සේ පිරිවරා ආවා හුද ඔවුනොවුන් දැක සමාධි ව දෙදෙනා එකතෙන දී උනුන් දක්වනු කැමැති අමාත්ය පුත්රදයා කැඳවාගෙණ ගොස් තෙරුන් වහන්සේ දැක්වුහ. ඒකල ඒ මහතෙරුන්වහන්සේ දැක මහත් ආදරගෞරවයෙන් පසඟ පිහිටුවා වැද අපමණ සන්තොෂයෙන් තෙරුන්වහන්සේ බලබලා එකත්පසෙක සිටියේ ය. එකල්හි ඔහු හා සමඟ තෙරුන්වහන්සේ සතුටු සතුටු ව පිළිසඳර කථා කෙරෙමින් වැඩසිටි කල්හි එතැන්හි රැස් වූ ජනයෝ ඒ දෙදෙනා ඔවුනොවුන් හා සමග කියන්නා වු ප්රි්යවචනයන් අසා හැම උනුන් මුහුණු බලමින් “කලකින් එකතැන් ව එක් වැනි රූප ශොභාවෙන් උනුන් ඇස දක්වා එක් වැනි ප්රිණය කථා කරණ සැටි බලය” යි කිය කියා මහත් සන්තොෂයෙන් සිටියහ. එකල්හි තෙරුන්වහන්සේ පියපුත්ර යකු හා සමග කථා කරණ ප්රෙිමභරිත මෑනිකෙනෙකුනදා සේ අමාත්ය්පුත්රකයා බලා ඕහට කියනසේක් “එම්බා දරුව! පෙර තෙපි මහලුවන්දෑ හැමැදි මලුයෙහි කුණු දමාලා දැන් රූ ඇත්තම්හ යි බැහැවෙමින් මෙ තැනට අවු දැ?” යි කීසේක. එබස් අසා පිරිවරා සිටි ජනයෝ එකපැහැර මහ තෙරුන්වහන්සේ වැඳ වැතිර “ කීමෙක් ද? ස්වාමිනී! නුඹවහන්සේගේ පූර්ව්කාරණය නුඹවහන්සේට මුත් දැන් අප හැමට කවර බවත් නො දැ නයි. එසේ හෙයින් අප ඇමට පූර්වහචරිත හැ‍ඟෙන ලෙස ප්ර කාශ කොට වදාළ මැනැවැ” යි කීහ.

එකල්හි තෙරුන්වහන්සේ මලු හැමැදි තමන්වහන්සේගේ ද කුණු දැමූ මහලු මිනිසා‍නන්ගේ ද පූර්විචරිතය ගෙණ ඇර එතැන් හි රැස් වු ජනයන් මධ්යනයෙහි ප්රපකාශ කොට දක්වන සේක.



අභයතෙරකථා.) සම්මජ්ජනකථා 373

යට ගිය දවස තුන් රජයකින් සජ්ජිත වූ මේ සිංහලවීපයෙහි එක්පසෙක පූර්වයකෘතසුකෘතාශ්රජයයෙන් ප්රවතිලභ්ය මාන කලදෝ තප නිය මණිමෞකනිකාදීනානාවිධරත්නයෙන් හා විවිධදෙශජඛො මකොසෙය්යාභදී පට්ටසාටක කප්පාසම්බර ප්රාෙචාරකම්බලාදී අච්ඡාදන පාරූපණ අත්ථටරණසාණි විතානාදී වූ අ‍ෙනකාම්බර විශෙස යෙන් හා මනොඥස්තන්ය මෘතප්ර්දායක වූ සතෙළක අජෙළක ගව මහිෂාදීන් සම්පූර්ණාව්රයජගණාදීන් හා ස්වකීය කාලානුකුලශස්ය‍ඵල දායක ශාලිශීර්ෂෝද්භාරයෙන් මඳක් නම්න වු හැල්පඳුරු සුපිරි නො සිදුරු උරකෙත්වතින් හා ලසුන හලිද්දි සිංගිවෙර හිර වෙර සූපෙය්යහ පණ්ණ මුග්ග මාසාදීන් හා රම්බාම්බජම්බීරපණ සාසන තාල හින්තාල නාලිකෙර ක්රමමුක වෘක්ෂාබදීන් සජ්ජිත අනෙක උද්යා නපංක්තීන් හා තවද ස්වකීයවිභවානුරූපස්වර්ණුරජතතාම්රපලොහ මෘද්දනතකාෂ්ට නාලිකෙර කපාලාදී වූ ක්රීිඩා භාජන සදාගෙණ ඔවුනොවුන් පරයා ඔබිනොබ දිවෙමින් පුලින පාංශුන් පැහැරගෙණ අතුල්සුන්වලින් මැන මැන බෙදමින් භාජන තබා පුරාගෙණ ධොවනපවනභුංජනාකාර දක්වමින් පාංශු වැකි උදර තන හස්තපාදාදීන් යුක්ත ව අන්යෙභන්යද විරොධ ප්ර හරණ පරුෂ භාෂාණනයෙනුදු ක්ෂනණයෙක ම සහනය කෙරෙමින් සිහිමඳ ව ඔවුනොවුන් හා ප්රි යසම්භාෂණයෙන් සන්තොෂව වෙදිකාස්ථලනිම්බකොසාන්තඅඞ්ගණතෙලකසාලා සූවිචාර වතිචාරසාලාදී වූ නොයෙක් තැන්හි කෙළිමඬුලු බැඳ ගෙණ ඔබ මොබ දිවෙමින් අඬමින් අදනෙන් මඳ තෙපුලෙන් සැනහෙමින් බොලදින් ආර්ද්රමවූ වවනාමෘත බින්දූන් මාතෘ පීතෘ නප්රාෙතෘ ආදීන්ගේ කණාන්තයෙහි බහමින් මධුරාර්ද්රනවවනාමෘතපුඤ්ජයන් ඔවුනොවුන් දෙමින් ප්රෙරමණීය වචනයන් කිය කියා කෙළනා වූ අපමණ සුඟු බිලිඳුන් ගෙන් හා තවද යෞවන ජනශබ්ද ගන්ධෙ කරවන මනොඥ තනුප්රමභාසම්පත්න රූපවත් මඤ්චුවාණී ගණිත ස්වස්ථ්යා වහ අනෙකප්රොකාර විශිෂ්ට ප්ර්මදාහරණ භූෂිත ව විචිත්ර් වස්ත්රා ලංකාර යෙන් සැරහී විබුධවධූන් මෙන් ක්රී ඩාපර ව සරණ අතරුණ ශාන්ත තරුණ ස්ත්රීයන්ගෙන් ගැවසීගත්තාවූ ගෘහපංතීන් හා තවද ධර්ම ලාලස විශාරද ශ්රණඬාවත් උපභොග පරිභොග වස්තුනේ ආස්යී වූ ක්ෂ‍ත්රිාය බ්රාඬහ්මණ වෛශ්යගශුද්රා්දී වූ ඉසුරුමත් මහාජනයාගෙන් ගැවසීගත් ග්රා මශ්රෙණණීන්ගෙන් හා ආධුනාගත නානාවිධාර්ථීන්ට අභිවතප්රාධාන සුරද්රැරම නිභසභාශාලා වල්ලිමණ්ඩපමන්දටමාරු‍ෙතාපනීත ශෛත්යග ද්රැශමච්ඡායාදී වු මනොනන්දාන ප්රලදෙශශෙ‍ාභිතප්රනඛ්යායත රුහුණු




374 සද්ධර්මෙරත්නාකරය (19පරිච්ඡේදය

නම් ජනපදයෙහි අනෙකප්ර කාරවර්ණාසභිරක්තමාරුතානුගත කෙතුමාලාකුල ජම්බුඅංකුරොද්ගතප්රාභානිභශාතකුම්භපූර්ණුකුම්භ තිභස්තූපාචලීන ලලිත ශ්යාදමල පෘථුල උත්තුඞ්ග කූටාගාරභරිත විවිධ භූමිප්රපදෙශයෙන් හෘදයඞ්ගම වූ තිස්ලක්ෂකයක් පමණ ප්රාිසාද සමූහයෙන් ගැවසීගත්තා වූ උරගපුරොද්ගත ව පරිවර්තූන වුවාක් මෙන් අනෙක් ශතසහස්රාතපරිමිත ප්රපසාරිතාපණ පඞ්ක්තීන් ස්වාස්ථ්යාශවහ වූ සියගණනන් පීථිපඞ්ක්තියෙන් නිරන්තර වු එකාවන් ව පෞෂථාඞ්ග ශීල චාරිත්ර්ශීල පාලන දානාදී කුශලක්රි යා වෙහි නියුක්ත මහාජනයාගෙන් ගැවසීගත්තාවූ දැන් මාගමයයි යන පුරප්රිවරයාසන්නයෙහි පරමරමණීය වූ භූමිප්ර්දෙශයෙක්හි මුනිමැදුරු දාගැබ් මහබෝ සංඝ‍රාම විහාර වින්යාමසයෙන් ශොභමාන ව කෙළගණන් භික්ෂූැසංඝයා වහන්සේට මාසස්ථාන වූ කදරගමු පුරයෙහි විහාරයෙක් වි ය. ඒ විහාරයෙහි ශ්රනද්ධාබුද්ධි සම්පන්න උපාසකයක් හු විසින් කරවා කප්පිය පරිෂ්කාර සහිත ව පිළිගන්වනලද එක් පිරිවෙණෙක් හි වත්පිළිවෙත් සරු ක්ෂී ණ යෞවන එක් තෙරකෙනකුන්වහන්සේ වැඩ වසනසේක. එසේ හෙයින් කියනලදී.

“ලංකාතලෙ කාවරගාමකො ‘ති- පසිද්ධනාමො ‘සි පුරා විහාරො,

බහුහි ථුපෙහි විරාජමානො - මුනින්දකබිම්බාලයපන්තියුත්තො.

විභූසිතො බොධිමහීරුහෙහි - විරාජිතො සෙතසුමාලකෙහි, සුදස්සනීයො පරිවෙණකෙහි - පීතං පවඩෙඪති සදා ජනානං.

තහිං වසන්තො මුනිරාජපුත්තො - සුපෙසලොනෙකගුණාධීවාසො. කතාදරො සබ්බජනෙහි සම්මා - කරොති අත්තත්ථකපරත්ථාසිද්ධිං”

යනාදීන් සියලු ජනයන්ට කුශල‍ෙක්ෂකත්රථ ව වසන්නා වූ ඒ තෙරුන්වහන්සේ දවසෙක ඒ මහාවිහාරයෙහි සුලක්ෂිණ වලය රක්ෂාථවරණාභ්යාන්තර වූ සුවිශද පුලිනතල මැද චම්පක කඤ්ජකණ්ටක වෙත්රක ප්ර්සූත ස්තබකාදී සජ්ජිත වූ තුන්මාල් පියවසා මස්තකයෙහි පද්මබුද්බුදචතුරස්රරකාණ්ඩ සුරකාණෙඩාර්ධ්වච්ඡත්රහ මස්තකයෙහි වාත්රිංුශත් වරධරණීධර කිරීට විද්යොින මණි සුබද්ධ ස්වර්ණබශෘංගයකින් ශොභමාන ව භික්ෂා ටනය භසමාඞ්ගරාග ගත් මහෙශ්වරයා නිශ්චල ව හුන් කෛලාසකූටය රළපතර සංහිඳුනු ක්ෂී රසාගර ජලතල මධ්ය යෙහි නොපිහිටියෙන් මුත් එබඳුයයි යන උපමා විෂයාත්රාකාන්ත ව මිහිමඬල මැඩ ගිලිනන එලිකමය ධරණීධර සිඛරයක් මෙන් අන්යු ච්ච සුථූලස්තූපය



අභයතෙරකථා.) සම්මජ්ජනකථා 375

සිසාර පිහිටි මහවැලිමලුව හැමද කුණුගොඩ කොට ඒ විහාර යෙහි ප්ර තිමාගෘහ ජග්ගනාදීයෙහි නියුක්ත ගත වයඃස්ථාම යෞවනදන්තාදීන් යුක්ත ප්රා ග්භාර මහලුමිනිසකු කුණු දමන්ට කී කල්හි ඒ උපාසකයා ද මහත් වූ සමාධීන් කුලශීලරූපඥන සුවිශුද්ධාත්වපය ප්රා ර්ත්ථශනා කෙරෙමින් කුණුගොඩ දමා කුසල් රැස් කෙළේය. එකල්හි දැගැබ් මලුව හැමදි මහතෙරුන්වහන්සේ ඒ වෙහෙර මහණදම් පුරා වැස කල් යාමකින් ඒ ආත්මභාව යෙන් චුතව අපරිමිත ශ්රීමසෞභාග්යායෙන් විරාජිත මෙ ම ශ්රීතලංකාවීපයෙහි අනුරාධපුර නුවරට නුදුරු තෙත ස්වසමය භක්තිපුරස්සර කුලදරුවන්ට වාසස්ථාන වූ එක් ගමෙක්හි උභය කුලපරිශුද්ධආචාරශීලශ්රවද්ධාසම්පන්න එක් කුලයෙක්හි අභිනව යෞවනයෙන් ජනනන්දශනය කරවන එක් පුරුෂයක්හු නිසා භාව භාවයෙන් ප්රෙලමණීය වූ ආචාරශීලපාලිත කාන්තාවකගේ කුස පිළිසිඳ දසඑකඩමසක් වැස බිහි වූහ. එසඳ පූර්වලයෙහි දැගැබ් මලුව සැමැදි කුසලානුභවයෙන් රන්රුවක් මෙන් සියලු සත්වපයන්ට වඩා ප්රැභාවත් වූ රූපසම්පත්තියක් ලැබ වැඩී විය පැමිණ බුදුසසුන් වැද මහණ ව අභයස්ථවිරයන්වහන්සේ යය යන නමින් ප්රතසිද්ධ ව විදර්ශ්නා වඩා රහත් ව නිවන් දිටියි. එකල්හි ඒ දාගැබ්මලුවෙහි කුණු දැමූ වයොවෘද්ධ මිනිසානෝ ද ඒ ආත්මභාවයෙන් චුත ව මෙම ශ්රීඒ ලංකාවීපයෙහි සකලභූපාල මූලාලයපච්චත්ථිතවිකලවිලොපදුග්ගාචලසකලනගරාංග සම්පත්තීන් සමෘද්ධ ත්රිලවිධරත්නමණින් සනාථ අනුරාධපුරනුවරෙහි ධනාඪ්යෘ එක් අමාත්යතයක්හට පුත්රය ව ඉපිද ඉතා යහපත් වූ රූපයෙන් දුටු දුටුවන් නෙත් හයා ගන්නා තරම් රම්යය වූ ශොභාවෙන් යුක්ත ව අමාත්යහපුත්රෙයා අද දිටිමි. එසේහෙයින් මේ අමාත්යාපුත්රවයා නම් එදවස් හැමැදි මලුයෙහි කුණු දැමූ මහලු උපාසකයා ය. ඒ මලුව හැමැදි මහතෙරුන්වහන්සේ නම් තමන්වහන්සේ ය යි කියා මේ පූර්වහචරිතය ගෙණඇර දැක්වූසේක. එකල්හි එතැනට රැස් වූ හැම ජනයෝ ප්රීවතිමත් ව සාධුකාර දෙමින් ඔල්වරසන් දෙමින් අත්පොළසන් දෙමින් උතුරුසළු හිස නටවමින් ඔවුන්නොවුන්ගේ උරෙන් උර පහරමින් සන්තොෂගීතිකාවෙන් තෙ‍රුන්වහන්සේට ස්තුතිපූජා කළහ. මෙසේ දාගැබ්මලු හැමදීමෙහි කුශල ඵලය ද කුණු දැමූ අමාත්යේපුත්ර යා විසින් ලද්දා වූ කුශලඵලය ද සිත් තබාගෙණ තමහට වැඩ කැමැති සියලු සත්වටයන් විසින් ම මලු හැමැදීම ආදී වූ යහපත් සුකෘතකර්මැයෙහි නියුක්ත ව සකල





376 සද්ධර්ම්රත්නාකරය (20 පරිච්ඡේදය

ක්ලෙශයන් ප්ර භීණ කොට චතුරය්ය්්ධ සම්පත්තීසංඛ්යාදතනිර්වා ණ සම්පත්තිය හස්තප්රා ප්ත කරන්ට උත්සාහ කටයුතු කියනලදුයේ මැයි:-


“එවං සො සුගතොරසො සුමනසා සම්මජ්ජනෙනඞ්ගණං

සම්මා සග්ගපවගගියං ලහි තථා උක්ගපකච්ඡඩඪකො,
එවං සග්ගමනුස්ස හොගමමිතං සාරං අලත්ථඡබභූතං
අම්හො තං විය සම්පදං ලභථ සම්පාදෙථ මොක්ඛප්පදං.”

මෙතෙකින් මේ සද්ධර්ම රත්නාකරයෙහි සවන සම්මජ්ජනානි සංස ප්ර්කාශක අභයස්ථවිර කථා නම් වූ

එකුන්විසිවන පරිච්ඡේදය කියවා නිමවනලදී. ______

20 වන පරිච්ඡෙදය. ______

තවද මේ සද්ධර්මභරත්නාකරයෙහි සම්මජ්ජනානිසංස කථා වන්ට අනතුරුව සංඝාද්භුත අම්බමුල අන්යරතරස්ථවිර කථා නම් කවරැ? යත්:- මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය.

කෙසේ ද? යත්:- සකලලොකහිතවිධායක වූ (උද්ඝටිතඥ ය විපචිතඥ ය, ඥෙය ය යි යන ත්රි:විධ වූ) සම්යවක්සම්බුද්ධවරයන් වහන්සේගෙන් දීර්ඝාකයුෂ්ක වූ බුදුන්ගේ ත්රියවිධශාසනය බුදුන් පිරිනිවි බොහෝ කලක් නො පවත්නා හෙයින් සම්මුඛශ්රා වකයන් වහන්සේ ගේ ලග මහණ ව නිස ගත් භික්ෂූනන් විනා තුන්වැනි ව ඒ භික්ෂූිහු වෙන කෙනකුන් මහණ කරවා නිස දී ශාසනය වර්ධ නය කළ නො හෙන්නාහ. ඒ භික්ෂු න්ගේ ආයුෂ්කල්පයසම් පූර්ණය වීමෙන් මත්තෙහි ඒ ශාසනය නො පවත්නේ ය ආයුෂය මඳ වූ සර්විඥවරයන්වහන්සේගේ ත්රියවිධශාසනය එ බුදුන් පිරි නිවි කල්හි දූ ශ්රාවවකයෝ අනුබුඬකෘත්යවය සිද්ධ කොට මහණ කර වීම් නිස දීම් කර්මනස්ථාන දීම් ආදී වූ ශ්ර්මණකෘත්යඬය සිද්ධ කොට ජගදභිවෘද්ධිවර්ධමනය කෙරෙමින් ධර්මූදෙශනා කොට හෙතු සහිත සත්වජයන්ට සෝවාන් සකෘදාගාමී අනාගාමී අභීන් මාර්ග්ඵල දෙමින් නිවන් දක්වා පරිච්ඡේද කාලාන්තරයක් මුළුල්ලෙහි පිළිවෙළින් ම ශාසනය පවත්වනසේක. එසේ හෙයින් අපගේ සර්ව ඥයන්වහන්සේ නිවන්පුර වැඩි පන්දහස්හවුරුදු දක්වා



අන්යාතරකථා) සඞ්ඝාද්භූතකථා 377


මහාසංඝයාවහන්සේ ශාසනය පවත්වනසේක. ඒ ශාසනොපකාරී වු අනුනයප්ර තිඝ පරිත්ය ක්තවත් වූ පක්ෂභ එෂණයට නො නැ මෙන වජ්ර ජර්ව7ත මෙන් සෘජුගුණ ඇති පක්ෂපපාතතා රහිත සුගතො රස මහාසංඝයාවහන්සේගේ විද්යාෘමාන ගුණ සමූහයෙන් මඳක් ප්ර කාශ කෙරෙමි. හෙ ද නිවන්පුරට වදනා කැමැති සත්පුරුෂ යන් විසින් අවික්ෂිසප්ත ව ඇසිය යුතු. පන්දහසක් අවුරුදු මුළුල්ලෙහි බුද්ධාශාසනය පවත්නා වූ මේ සිංහලවීපයෙහි බොහෝ සිට කිසි කටයුත්තක් පිණිස එක් තෙර කෙනෙකුන්වහන්සේ එකාකී ව අධ්වානමාර්ගක ප්ර්තිපන්න ව වඩනා සේක එක්තරා ගමක සැතපී උදාසන්හි කළ මනා ශ්ර‍මණ කෘත්යතය සම්පාදනය කොට ගැටවටුගන්වා පාත්රඋය සරුප් ලෙස අල්වා ගොචරග්රා්ම ප්රසවිෂ්ට ව භික්ෂාවචාර වෘත්තියෙන් හැසිර එකලට බොහෝ දුර්භික්ෂ හෙයින් අහර නො ලැබ ගමනින් කලඹුනු හෙයින් යාත්රාටවට අසමර්ත්ථා ව ඵල සැතපුනු සේක මුල ශෛත්යුච්ඡායාවෙහි හිඳින්ට අසමර්ත්ථථ ව ඵල ගෙණ පැසුනු අඹ ගසක් මුල ශෛත්යුච්ඡායාවෙහි හිඳින්ට අසමර්ත්ථථ ව සැතපුනු සේක. අහෝ මහොත්තමයන්ගේ ධර්මයගෞරවයක් ආශ්චය්ය්ා ග නිසා ය. ගමනාභාර වෛකල්යමයෙන් ජීවිතාවසානය වන තරම් ශරීර මදිනය වුවද ශික්ෂායපදමදිනය නො කෙරෙමියි බොහෝ මධුරාම්රස ඵල පතිත ව තිබුවායින් එක අඹගෙඩියකටත් අත නො පො වා ඒ හැම හලාහල විෂ මෙන් සලකා සැතපුනුසේක. හේ එසේ ම ය. “ධනං වජෙ යො පන අඞ්ගහෙතු අඞ්ගං වජෙ ජීවිතං රක්ඛමානො, අඞ්ගං ධනං ජීවි‍තං වාපි සබ්බං වජෙ නරො ධම්මමනුස්සරන්තො” මෙසේ ඒ ගිලන්භාවයට පැමිණි තෙරුන්වහන්සේ සහකාර ද්රැ ම මූලයෙහි ශසනය කළ කල්හි උන්වහන්සේ පූර්වනකෘත අපරා පය්ර්ක‍යවෙද්ය්කුශලකර්මාපනුභාවයෙන් ඒ ස්ථ‍ානයට නුදුරු අසල් ගම් වැසි වයොවෘද්ධ උපාසකයෙක් අඹ ඇසිඳ කන්ට ඒ ගසමුලට පැමිණියේ එතැන්හි ආහාර විකලත්වයෙන් සැතපෙන්නා වවූ තෙරුන්වහන්සේ දැක ලය පිරුණු ශොකයෙන් උන්වහන්සේ ලඟට ගොස් බණවා “මාගේ ස්වාමිදරුවානන්වසහන්ස! මේ තමන් වහන්සේට පැමිණියේ කවර අනාථසරණයෙක් දැ?” යි හඬ හඬා බැණවිය දීත් බැණ නැගී ගත නොහෙන හෙයින් අඹරස මර්දනය කොට පාදා වලඳවා එතැනින් නැගී සිට යාමට ශක්ති මඳ




373 සද්ධර්මයරත්නාකරය. (20 පරිච්ඡෙදය

බව දැන තෙරුන්වහන්සේ තමාගේ කර මුදුනේ තබාගෙණ තමා වසන ගමට යනු පිණීස නික්මුනේ ය. එකල්හි තෙරුන්වහන්සේ මඳක් සිහි ලදින් ඔහුගේ කරමුදුනෙහි ම හිඳ සිතනසේක්: “න පිතා නපි මෙ මාතා - න ඤාතී නපි බන්ධ වො, කරොන්ති ඊදිසං කිච්චං - සීලවන්තස්ස කාරණා.” යනාදීන් සිතනසේක් “දැන් මේ පුරුෂතෙම මාගේ පිතෘ නො වෙයි. මාතෘත් නො වෙයි. ඤාතී ද නො වෙයි. අවශ්ය බන්ධු් වර්ගනබන්ධූම පුරුෂයකුත් නො වෙයි. පූර්වයකෘතොපකාරයට ප්රනත්යූ පකාර කරන්නෙකුත් නො වෙයි. ඒ හැම නො වී සිට මෙබඳු කෘත්යනයක් කරණුයේ ගුණ සලකා ම ය. එසේහෙයින් සිල්වත් ගුණවත් වූ මා විසින් ඕහට කුශලය මහත් කොට ම වර්ඩකන කළ මැනැවැ” යි තමන්වහන්සේ තමන්වහන්සේටම අවවාද කොටගෙණ භාවනා කෙරෙමින් විදර්ශනනා වඩා ඔහුගේ කරමුදුනෙහි ම හිඳ රහත් වූ සේක. මෙසේ වූ ව්යරසනයෙකින් හිඳ අනුන් තමන්හට කළා වූ ගුණ සලකා සිත එකඟ කොටගෙණ භාවනා කෙරෙමින් සොවාන්මාර්ගමය ඵලය සකෘදාගාමිමාර්ගඟය ඵලය අනාගාමිමාර්ග ය ඵලය අර්හන්මාර්ගයය ඵලය යි යන සතරමහ සතර ඵලයට පැමිණ කෙලෙසුන් සිඳ රහත් වූ සේක. මෙසේ රහත් ව නිවන් දුටුවා වූ ඒ තෙරුන්වහන්සේ මහත් සන්තොෂයෙන් කර තබාගෙණ තමා කළ කුශලානුභාවයෙන් ඒ ආත්මභාවයෙහි ම ලත් නිවන් භාරයක් මෙන් උද්වහනය කොටගෙණ තමාගේ වාසස්ථානයට ම ගොස් සරුප්තැනෙක සකස් කොට හිඳිනා අසුන් පණවා එහි වඩා හිඳුවා අපමණ සන්තොෂයෙන් පසඟ පිහිටුවා වැඳ පිරිසිදු සෙනසුන් පණවා සතපමින් දෙවන දවස් මහ දන් දී අනුමෙවුනි බණ අසා ස්වර්ගසමොක්ෂසසම්පත් සිද්ධ වන ලෙස කුශල වර්ඩරනය කෙළේ ය. මෙබඳු ආශ්චය්ය්ෙන වත් වූ සංඝරත්නයෙහි ගුණවිශෙෂය සත්පුරුෂ‍යන් විසින් නිරන්තරයෙන් මෙනෙහි කටයුතු දක්වනලද මැයි:- “සංවෙගං ජනයිත්වාෙන - සම්මසිත්වාින යොනිසො, තස්ස පිඪිගතො ස‍න්තො - අරහත්තමපාපුණි.”

මෙතෙකින් මේ සද්ධර්ම රත්නාකරයෙහි ප්ර්ථම සංඝාද්භුත අම්බමූලඅන්ය තරස්ථවීර කථා නම් වූ 20 වන පරිච්ඡෙදය කියා නිමවනලදී.





මිත්රනස්ථවීරකථා.) සංඝාද්භූතකථා. 379

21 වන පරිච්ඡෙදය.

තවද මේ සද්ධර්මරරත්නාකරයෙහි සංඝාද්භූතමිත්රණස්ථවිරකථා නම් කවරැ? යත්:- මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය.

කෙසේ ද? යත්:- මේ ශ්රීකලංකාවීපයෙහි සකලසම්පත්තීන් අවිකාල වූ රුහුණු නම් ජනපදයෙක් වි ය. ඒ ජනපදයෙහි කස්සක නම් වූ මහත් ගිරිගුහාවෙකැ මිත්රනස්ථවිරයයි යන නමින් ප්රනසිද්ධ ශිලාචාරසම්පන්න එක් භික්ෂුහකෙනෙකුන්වහන්සේ වැඩවසනසේක. එකල්හි උන්වහන්සේ භික්ෂාහචාරවෘත්තියෙන් හැසිරෙන්නා වූ ගොචරග්රායමයන් අතුරෙන් එක්ගමෙක වයොවෘඬ ශ්රකද්ධාවත් උපාසිකා කෙනෙක් වසන්නාහු ඒ තෙරුන් වහන්සේ දුටුකල්හි පටන් තමන්ට පුත්‍් ස්නෙහ උපන් හෙයින් පෑදෙන පමණින් උන්වහන්සේට උපස්ථාන කරන්නාහ. මෙසේ උපස්ෂාන කරන්නා වූ උපාසිකාවෝ එක්දවසෙක්හි දාරුඵලාඵලශාඛාදි වවූ ජීවනොපකරණ පිණිස වන අතුරකට නික්මෙන්නාහු තමන්ගේ දුවනියන් කැඳවා කියන්නෝ “එම්බා දියනියෙනි! මම දර පලා ආදිය ගෙණෙන පිණිස වලට යෙමි එසේ හෙයින් නුඹ කිසිවකටත් ප්ර මාද නො වී ගෙයි අසවල් තැන නැවුම් සැළියෙහි පෑර පෑස තුබූ සුදුහැල්සාලැ. අසවල්තැනැ කිරි යැ. අසවල්තැන සැළියෙහි එලගිතෙලැ. අසවල්තැන මුට්ටියේ උක්සකුරු යැ. අසවල්තැන සැළියෙහි කකාළපැණි ය.මේ හැම ඇරගෙණ අප්රිමාද ව යහපත් සැටියේ දන් පිස තබා නුඹගේ බෑනන්වහන්සේ වැඩිකල සකස්‍ කොට මා මෙතැනැ සිටියා සේ ම දත් පිළිගන්වාලා නුඹත් එ ම බතින් ම බත් අනුභව කරන්න. මම ඊයේ දවස පිසූ බතින් තිබූ පැන්පත් අද උදාසන අනුභව කෙළෙමි. පුතණ්ඩ! මා දහවල් බත් කන්නේ කිම් ද? සවස මා එනකලට ශාකපර්ණ. බහා නිමුඬු සහලින් ඇඹුල් කැඳ පිස මටත් තබාලන්නැ” යි කියා වලට නික්මුනාහ.

එකල තෙරුන්වහන්සේ කල් තබා ම ගැටවටු ගන්වා පාත්රුය අතින් ගෙණ භික්ෂාරවෘත්තියෙන් වඩනාසේක් ඒ ගෙදර සමීපයට පැමිණිසේක. ඒ උපාසිකාවන් දියනියන්ට කියන මෙහෙවර අසා සිතනසේක් “මේ උපාසිකාවෝ මේ ජාතියෙහි මාට නෑසියකමත් ඇතිකෙනෙකුන් නො වෙයි. එතෙකුදු වුවත්





380 සද්ධර්ම රත්නාකරය (21 පරිච්ඡෙදය.

තුමු උදැසන සිහිල් බත් අනුභව කොට දහවල් බතුත් නො කා සවසට නිමුඬු සාලේ ඇඹුල් කැඳ පිසතබන්ට කියා මට හැල්සාලෙහි බත් කිරින් පිස එලගිතෙල් වත්කොට කකාළ පොල්පැණි මිශ්ර් කොට උක්සකුරු සහිත ව පිළිගන්වාලන් තැ යි කියති. මෙසේ මට දෙන්නා වූ ආහාරය ‍ෙක්ෂ ත්ර( වස්තු ආදි වූ තමන් ජිවනොපායක් උදෙසා දෙන දෙයකුත් නො වෙයි. එකාන්තයෙන් ම ‍පරලොව ලබන ත්රි විධ සම්පත්තිය උදෙසා ම ප්රාූර්ත්ථමනා කොට දෙන්නාහු ම ය. මා විසින් ඒ දිව්යි මනුෂ්ය් නිවන් සම්පතැයි යන ත්රිතවිධසම්පත්ති දෙන්ට හැකි ව මේ ආහාරය වැළඳිය යුතු ය. සරාගී ව සදොසී ව සමොහී ව නො වැළඳිය යුත්තේ ය” යි සිතා සිඟනු පිණිස පාත්රද පය්යෙන් එලියට ගත් පාත්රයය දෙවෙනිවත් පය්යෙහි බහා බැඳගෙණ ගැටවටු ගලවා සිවුරු වැළඳගෙණ පාත්රයය කර ලා ආපසු කස්සක නම් ලෙනට වැඩ පාත්ර ය මුදා ඇඳ යට තැටීලිපත පිට වත් සේ නමා තබා ‍සඟළ සිවුර ගෙණ සිවුරුවසයෙහි තබා ඇට නහර සම් මස් ජීර්ණව ව යේ නමුත් රහත් නො වී මේ ස්ථානයෙන් නො නැගී සිටිමියි අධිෂ්ඨාන කොට සැපවිහරණ වූ ආසනයෙහි වැඩ උන්සේක. එකල්හි මඳකලක් භාවනා කොට එ ම පෙරවරු භාගයෙහි ම විදර්ශසනා වඩා සෝවාන් ආදි වූ සතර මග සතර ඵලයට පැමිණ නිර්වාිණසම්පත්තිය සිද්ධ කළසේක.

එකල්හි ඒ ගිරි දොර සමීපයෙහි ‍වෘක්ෂසයෙක වසන දෙවතා වෙක් උන්වහන්සේ කෙරෙහි ප්රීසන්න ව උදාන වශයෙන් කියනුයේ :-

“නමො තෙ පුරිසාජඤ්ඤ - නමො තෙ පුරිසුත්තම, යස්ස තෙ ආසවා ඛීණා - දක්ඛීණෙයෙයාසි මාරිස.”

යනාදීන් උදානවසයෙන් ප්රීශංසා කොට “ස්වාමීනි නුඹවහන්සේ වැනි රහතුන්වහන්සේට දන් දෙන්නාවූ මැහැල්ලෝ දුකින් මිදී මහත්සම්පත්තියෙහි පිහිටා යෞවනශ්රීනන් ජ්යොහතිෂ්මත් ව සුරසිරි විඳිමින් කෙළවර අමාමහනිවන් දක්නාහු වේ දැ” යි කීහ. එකල්හි දිව්ය පුත්රරයා කීයා වූ උදානවචන ඝොසා අසා තෙරුන් වහන්සේ හුනස්නෙන් පැනනැගී දොර හැර අවුත් වේලා බලා වැළදීමට පෙරවරු වේලා ඇතිබව දැන ගැටුවටු ගන්වා පාත්රාය අතින් ගෙණ පිඬු පිණිස ගමට වන්සේක. එකල්හි උන්වහන්සේගේ කුලුපග වූ මැහැලි උපාසිකාවන් කී ලෙස ම දුවනියෝ ද දන් පිළියෙළ කොට ගෙණ හුන්නාහු “මාගේ




මිත්රාස්ථවිරකථා.) සංඝාද්භූතකථා 381


බෑනන්වහන්සේ වඩනාසේකැ” යි සිතා දොර හැර පෙරමග බල බලා හිඳ තෙරුන්වහන්සේ ගෘහවාරයට වැඩ සිගා සිටි කල්හි පාත්රෙය ගෙණ ගිතෙල් පැණි සකුරු මිශ්රේ වූ මධුර ක්ෂීිරපායාසයෙන් පාත්රබය පුරා මිත්රිස්ථවීරයන්වහන්සේට පිළිගැන්වු ය. එකල්හි ඒ තෙරුන්වහන්සේ ඒ ලැදැරියට දානානුමොදනා ධර්මිය වදාරා පාත්රයය ගෙණ ඈ බලබලා සිටිය දී ම අහසට පැන නැඟි තමන්වහන්සේ වසන ගිරිගුහාවට ම වැඩ අහර වළඳා ඔවුන්ට කුශලවර්ඩපනය කළසේක. එකල්හි වල් ගිය මෑනියෝ අවුත් “කිමෙක් ද? දියනියෙනි! තොපගේ බෑනන්වහන්සේ වැඩිසේක් දැ?” යි විචාළහ. එබසට ඒ ලැදැරි කියන්නී “අනේ මාගේ මෑනියනි! බෑනන්වහන්සේ මෙතෙක් කල් සේ නොවන සේක. අද දවස ඉතා ම යහපත් ව ජ්යොකතිෂ්මත් ව බබළන්න වූ රූපශොභාවක් ඇතිසේක. අභිනව සූපුෂ්පිත වූ පියුමක් මෙන් ශොභමාන වූ මුඛමණ්ඩලයක් ඇතිසේක. අම්ම! මම වෙන වෙන කියා ගත නො හෙමි මාගේ බෑනන් වහන්සේ අද මාගේ ඇසට ඉතා ම යහපත් ව බබළන සේකැ” යි කියු. එබස් අසා ඒ උපාසිකාවෝ සිතන්නාහු “එසේ කල මාගේ පුතනුවන්වහන්සේ තමන්වහන්සේ ලත් ජ්රනව්ර“ජ්යාගයෙහි සඵලත්වනය අද දවස මස්තක ප්රා‍ප්ත කළසේක් වනැ” යි දැන මහත් වූ සන්තොෂයට පැමිණ ‘පුත! තොපගේ බෑනන්වහන්සේ ශාසනයෙහි උත්කෘෂ්ටභාවයට පැමිණිසේකැ” යි කියමින් එතැන් පටන් වඩවඩා ශ්රෙද්ධා උපදවමින් උන්වහන්සේට උපස්ථානකොට ඒ ආත්ම භාවයෙන් චුත ව ඒ කුශලානු භාවයෙන් සුරසිරින් විසිතුරු වූ දිව්ය ලොකයෙහි දිව්ය විමානයෙක ඉපිද අපමණ වූ දිවසැපත් වැළදු හ. එසේ හෙයින් ත්රිුවිධ භවභොගදායක වූ අපමණ ගුණාන්විත ශීලවත් වූ ශාන්තසුගතොරස මහසංඝයාවහන්සේට චතුර්විධ ප්රඅත්යි යෙන් උපස්ථාන කොට කැමැති වස්තු සිද්ධ කරන්ට උත්සාහ කටයුතු. කියන ලදුයේ මැයි :- “දානං දත්වාින ගතවයසා මාතුගාමෙන ථෙරෙ සම්මොදිත්වාව සුරපුරසිරිං ලඞභාවං විදිත්වාැ, ශ්රමද්ධාවන්තෙන ගුණ පගුණං සාධු සක්කච්ච කත්වාු දාතුං යුත්තං සහිතජනතා සීලවන්තෙසු දානං

මෙතෙකින් මේ සද්ධර්මතරත්නාකරයෙහි දෙවන සංඝාද්භූතමිත්රයස්ථවිරකථා නම් වූ එක්විසි වන පරිච්ඡෙදය. කියා නිමවන ලදී.




382 සද්ධර්ම්රත්නාකරය.

22 වැනි පරිච්ඡෙදය. _____

තවද මේ සද්ධර්ම රත්නාකරයෙහි ධම්මදින්නස්ථවිර කථානම් කවරැ? යත් - මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය.

කෙසේ ද? යත්:- අප බුදුන්ගේ සද්ධර්ම මන්දියරාකාර වූ මේ ශ්රී ලඞ්කාවීපයෙහි ත්රිවවිධරත්නොපාසිත මහිතාවිතජනනිසෙවිත රුහුණු නම් දනව්වෙහි මහඟු උරුසිරින් විසිතුරු තලඟුරු නම් වෙහෙර වසන සත්වවචිත්තානුකූල නිර්මරලධර්ම් ධම්මදින්න නම් මහතෙරකෙනෙකුන්වහන්සේස භික්ෂූහසංඝාවහන්සේට කර්මරස්ථාන භාවනාකසිණපරිකර්මොනපදෙශාදී වූ අවවාද දෙමින් මහසඟ පිරිස් සද්ධර්මඟමාගියෙහි හසුරු වා සංඝපරිණායක ව වසනසේක. එකල්හි ඒ ධම්මදින්න නම් ස්ථවිරයන්වහන්සේ එක් දවසෙක දිවාවිහාර ස්ථානයෙක්හි වැඩහිඳ දිවැසින් බලනසේක් “කිම් දෝ හෝ! අපගේ ආචාය්ය්ේකූ උච්චවාලික වාසී මහානාග ස්ථවිරයන්වහන්සේට ශ්ර මණකෘත්යාරධිගමය මස්තකප්රා ප්ත වී දෝ හෝ? නො වී දො හෝ?” යි බලා උන්වහන්සේ රහත් නුවු බව දැන “මම දැන් උන්වහන්සේ සමීපයට නො පැමිණියෙමි විම් නම්, රහත් විම ප්රරමාද වන්නේය” යි දැන වැඩහුන්නා වු තැනින් අහසට පැන නැගී සෘද්ධිප්රා තිහාය්‍්යට යෙන් දෙවියන් පොළඹමින් අහසින් ගොසින් තමන්වහන්සේගේ ආචාය්ය්යව වූ මහානාගස්ථවිරයන්වහන්සේ දිවාවිහාරයෙන් වැඩහුන්නා වූ ස්ථානයට ගුවනින් බටසේක. එසේ වැඩි තෙරුන්වහන්සේ ආචාය්ය්න යන්වහන්සේට මහත් වූ භක්තීයෙන් වත් දක්වා පත්කඩ තබා වැඳ එකත්පස් ව උන්සේක. එකල්හි මාහානාග ස්ථවිරයන්වහන්සේ ශිෂ්යමයානන් වහන්සේට කියන සේක් “කිමෙක් ද? ධම්මදින්නයෙනි! අකාලයෙහි කුමක් පිණිස අවු දැ?” යි විචාළසේක. එබසට ධම්මදින්නස්ථවීර යන්වහන්සේ කියනසේක් “ස්වාමීනි! ඔබවහන්සේගෙන් ප්රකශ්න විචාරණු පිණිස අයිමි” යි කීසේක. එබසට මහානාගස්ථවීරයන් වහන්සේ කියනසේක් “ඇවැත්නි! ප්රකශ්න විචාරව. හැකි පමණක් විසර්ජ නය කරමෝ වේ දැ” යි කීසේක. එසඳ ශිෂ්යමයානන් වහන්සේ ආචාය්ය්ි යන්වහන්සේ අතින් ප්ර”ශ්න දහසක් පුළුවුත් සේක. උන්වහන්සේ විචාළා වූ ප්ර්ශ්න දහස ම ආචාය්ය්න් යන් වහන්සේ ද විසර්ජඑනය කළසේක. එසේ විසඳු ප්ර ශ්න දහසට පිළිවෙළින් ම මහත් සමාධි ව ප්රනශාසා කොට “ස්වාමීන්වහන්ස!




ධම්මදින්නස්ථවිරකථා) සංඝාද්භූතකථා. 383

නුඹවහන්සේ ප්රනඥාව අතිතීක්ෂ ණ ය. කවර කලෙක්හි නුඹ වහන්සේ මාර්ග ඵල‍යට පැමිණි සේක් දැ” යි දැන්වූ සේක. එබසට මහානාගස්ථවිරයන්වරන්සේ කියන සේක් “ඇවැත්ති! මඳකලෙක් ද? දැන් පුරා ම සැට අවුරුද්දෙක් නො වේ දැ?” යි කීසේක. “ස්වාමිනි! සමාපත්තියටත් සමවදනා සේක් දැ?” යි පුළුවුත්හ. “ඇවැත්නි! සමාපත්තිට සමවැදීමුත් අප ඇමට ආශ්චය්‍්සේක්යෙක් දැ?” යි කීසේක. “ස්වාමිනි! එසේ වී නම්, තමන් වහන්සේට ඉදිරියෙහි මහත් හස්තිරාජයකු මැවුව මැනවැ’ යි කීසේක. ආචාය්ය්් යන් වහන්සේ ද එවිට ශිෂ්ය යානන්වහන්සේ කී ලෙස ම හස්තිරාජයකු මවනසේක් මහත් කන්තල යුවළ දළ දළින් බබලන සප්තස්ථාන ප්රමතිෂ්ඨිත සම්පූර්ණ් ගාත්ර් ඇති ධවල නිර්මිල කෙලෙස් කුළු වැනිපැහැදුළ ත්රි මදගලිත ගජරාජයකු මැවූසේක.

ඒ ගජෙන්ර්ළු යා දැක ශිෂ්යලයානන්වහන්සේ කියනසේක් ස්වාමිනි! ඇතු මැවු නියාව ඉතා ම යහපත. තෙල සිටිනා නාගෙන්ර්ර යා නුඹවහන්සේට අභිමුඛ ව එන ලෙස මැවුව මැනැවැ” යි කීහ. තෙරුන්වහන්සේ ද උන්වහන්සේ කී ලෙස ම තමන් වහන්සේ ඉදිරියට ඇතු එන ලෙස අධිෂ්ඨාන කළසේක. එකල්හි පළිඟු කුළක් මෙන් සිටි ඒ භෛරව ගජරාජයා රජකයක්හු ඔසොවා සෙලැ පහළ බානවැටියක් සේ සොඬ බිම පැහැර පෙණ දිය ඉසිමින් අකුළා මුඛයෙහි තබාගෙණ කන්තල සිටුවා වාලධිය නඟමින් හිස සලා ගුගුරා මඳමතින් ඇවිස කිසිසතක්හු දුටු වනදන්තියක්හු සේ තෙරුන්වහන්සේගේ අභිමුඛයට සෙද එන්ට වන. මෙසේ තමන්වහන්සේ ම නිර්මිත කළා වූ දන්තාවලයා එන වෙගය දැක තැති ගෙණ එවේලෙහි හුනස්නෙන් නැගී දිවන්ට පටන්ගත්සේක. ඒ ක්ෂ ණයෙහි ශිෂ්යහයානන්වහන්සේ ගුරුන්වහන්සේට කියනසේක් “ස්වාමිනි! මේ කිමෙක්ද? රහතුන් වහන්සේටත් භයෙක් ඇද්ද? ඉනුත් තමා මැවු නාගෙන්ර්ි යා තම හට කුමක් කෙරේ දැ?” යි කියා ගුරුන්වහන්සේගේ සිවුරුපට අල්වාගෙණ භයහ නො ගත මැනැමැ” යි කීහ. එසඳ තෙරුන් වහන්සේ සිතනසේක් “අනිස! මා කෙළේ කිම් ද? මෙත තෙක් කල් මා රහත්මි සිතූ පමණක් විනා නො රහත්බව මට ම දැනුනේ අද මේ දවස ය. පළමු කර්මතස්ථාන ලැබ භාවනා කෙරෙමින් ගුරූප දෙශ වූ ලෙස පිළිපැදගත නො හී රහත් ව ගත නුහුණු නියා වේදැ” යි සිතා කලකිරුණා වූ සිත් ඇති ව අතිජාතශිෂ්යාපුත්රන වූ කල්යාිණමිත්රියානන්වහන්සේ කෙරෙහි පැහැද “මාගේ ශිෂ්යන වූ




384 සද්ධර්මමරත්නාකරය [22 පරිච්ඡෙදය.

ධම්මදින්නයෝ මට අව‍ශ්ය්යෙන් ම පිහිට ව සසරින් ගැළවීමට සිටියෝ වේදැ?” යි කියා ශිෂ්යෝයානන්වහන්සේ සමීපයෙහි උක්කුටිකයෙන් හුන්සේක. එසඳ උන්වහන්සේ කියනසේක් “ස්වාමීනි! අද මම නුඹවහන්සේට අනුකම්පාවෙන් මා වසන විහාරයෙන් ම ආයෙමි. එසේහෙයින් ම මම නුඹවහන්සේට අවශ්යනයෙමි කිසි සැකයක් නො සිතුව මැනැවැ” යි කියා ගුරුන්වහන්සේට රහත් වන උපදේශ කියා කර්මකස්ථාන දුන්සේක. තෙරුන්වහන්සේ ද ශිෂ්යතයානන්වහන්සේ අතින් කර්මලස්ථාන ගෙණ ඒ ක්ෂනණයෙහි ම සක්මණට නැගීසිට මඳක් සක්මන් කරන්ට පටන් ගත්සේක. පළමු පියවරින් දෙවෙනි පියවර තබා තුන්වැනි පියවර තැබූ ක්ෂසණයෙහි විදර්ශ නා වඩා සිවුපිළිසිඹියාපත් රහත් වුසේක. එසේ හෙයින් ශිෂ්ය‍ ව සිට පවා ඒ කියන ගුරුන්වහන්සේ ම දුන්නා වු කර්මපස්ථානයෙන් රහත් ව උන්වහන්සේ කළා වූ උපකාරය තමන්වහන්සේගේ චිත්තයෙහි නිධාන කොට තබාගෙණ ගුරුන්වහන්සේට දෙලොවින් ම වැඩ සිද්ධ කරණු කැමැතිසේක් උන්වහන්සේගේ ප්රුමාදය උන්වහන්සේට ම හඟවා සිත් ගෙණ රහත් වීමට උපදෙශ දී සසරින් ගැලවූසේක. එසේ හෙයින් නිවන්පුර සිරි ප්රා ර්ථනා කරණ සත්පුරුෂයන් විසින් කෘතොපකාරයෙහි ගුන දැන ප්ර්ත්යුිපකාර කෙරෙමින් ධම්මදින්න ස්ථවිරයන්වහන්සේ මෙන් පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි කීර්තිප්රෙබන්ධිය පවත්වා ගන්ට උත්සාහ කටයුතු. කියන ලදුයේ මැයි:—

“ කතුපකාරං සුජනා භි තිච්චං සුධම්මදින්නොච සදා විදිත්වාච, සුනින්දිනතං මච්ඡරියං ච තුච්ඡං ජහාථ භො ඉච්ඡනකා භි සනතිං.

මෙතෙකින් මේ සද්ධර්මරත්නාකරයෙහි තුන්වන සංඝාද්භූත ධම්මදින්නසථවිර කථා නම් වූ

දෙවිසිවන පරිච්ඡෙදය කියා නිමවනලදි.






පීතිමල්ලස්ථවිරකථා.] සංඝාද්භූතකථා. 385

23 වන පරිච්ඡෙදය

තවද මේ සද්ධර්මචරත්නාකරයෙහි පීතිමල්ලසථවිර කථා නම් කවරැ? යත්:— මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාවය.

කෙසේ ද? යත්:- හෙතෙම වනාහි සුවාසූදහසක් රාජධානියෙන් ප්රපතිමණ්ඩිත වූ ජම්බුද්වීපයෙහි එක්තරා නුවරෙක්හි ජනිතව වැඩි විය පැමිණ පීතිමල්ලයයි යන නමින් ප්ර්සිද්ධ ව ආයුධ ශිල්පාදි වූ බොහෝ ශිල්පශාස්ත්රහයෙහි ද කොටිප්රාමප්ත ව ධෛය්ය්ප් බලපරාක්රපමයෙන් යුක්ත ව රණධරණීඅසංහිර ත්රිිමදගල ගජෙන්ර්ප් යකු සේ අතිශයින් සමථ ව බොහෝ සංග්රාබමභූමිවල ජයගෙණ රජුන්ගෙන් ජයවිරිදු කුඩකොඩි පඩි ප්රබසාද ලැබ වසනුයේ යුද්ධයෙන් ජය ගන්ට අවිෂය වූ ශූරයොධ ප්රකධාන ධනීන් සන්නද්ධ රාජධානි තුණක් ජය ගෙණ ජයධ්වජ නංවමින් රුපු ජන පරාජය කොට ගත් ජයකෙතු හා සමඟ මහනැව් නැඟීරුද්දී රත්නාකරයෙන් මෙතෙරව අවුත් සිංහලද්වීපයට බැස සිංහලාධීශ්වර පෘථිවීශ්වරයානන් දිටි. එකල්හි ලංකෙශ්වර තෙම දළ දිපි වඩ්ඪන යොධයානන් දැක පෙර වැ‍ඩි පඩි කා කුඩ කොඩි ලැබ රුපු දප මැඩි යොධයෙකැයි ඔහු කෙරෙහි පැහැද “සගයානෙනි! තෙපි අපට සේවය කොට සිටුව”යි කියා රඳවා ගෙණ ඔහු වැඩිතරමෙක තකා මමත්වනයෙන් සිතන්නේය. එකල්හි ඒ පුරුෂයා ද අප්රුමාද ව රාජසෙවය කෙරෙමින් භය පක්ෂනපාත ව වසනුයේ එක්දවසෙක කිලඤ්ජකාසනසාලාද්වාරයෙන් පිටත් ව යනුයේ බුදුන් විසින් භික්ෂූවන්වහන්සේට අවවාද පිණිස දෙශනා කරණලද්දා වූ “රූපං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ, තං වො පහීණං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති” යනාදීන් භික්ෂූසන් වහන්සේ කරන්නා වූ ධර්මපකාකච්ඡා අසා සිතනුයේ “රූපයත් තමාගේ නො වෙල! වෙදනාවත් තමාගේ නො වෙල! හැමදුකට භාජන වූ රූපවෙදනාදිය හළ කල්හි බොහෝ කලක් වන්නා වූ හිත සැප පිණිස වේ ල! එසේ වේ නම් මා විසිනුදු ඒ රූපවෙදනාදිය හළයුත්තේ ය”යි සිතා “මේ සද්ධර්මාං කුශයෙන් ක්ලෙශවශඟ සිත් නැමැති මතැත්හු රඳවමි” සිතා එතැනින් නික්ම ගොස් මහමෙවුනා උයනෙහි කරවනලද්දා වූ මහාවිහාරයට ගොස් බුද්ධශාසනයෙහි ම‍හණ ව උපසම්පදාව ලැබ උභයප්රාවතිමොක්ෂොය ප්රයගුණ කොට ශ්ර්මණධර්මෙයන් පුරමින් විසී.

25






386 සද්ධර්මධරත්නාකරය [23 පරිච්ඡෙදය

එක්දවසෙක ඒ විහාරයෙන් භික්ෂූ්න් තුන්නමක් ගෙණ ගවරවැලිමලුව යයි යන තැනට ගොස් අධිගමප්රභතිලාභය පිණිස භාවනා කෙරෙමින් සක්මන් ක‍රණසේක. අධිගමයක් ලැබගත නො හී රාත්රිෙදිනයෙහි අධික වූ වීය්ය්ුණ කෙරෙමින් කකුල් ඉදිම පැලී වණ ව පතුල් බිම තබන්ට බැරි වූ හෙයින් ජාණුවෙන් චංක්රඅ මරණයට පටන්ගත් සේක. එකල්හි ඒ වෙනෙහි මුවදඩ ඇවිදිනා වැද්දෙක් රෑ අන්ධටකාරයෙහි යන එන කලබ පමණක් දැක ඉඳුරා විමසා ගත නො හී මෘගයෙකැයි යන සංකාවෙන් තියුණුහීයක් දුනුපිට තබා තද ව ඇද විද්දේ ය. එසඳ මහතෙරුන්වහන්සේ හීය වැදගත්කල්හි කවරෙක් දැ යි කීසේක. එබස් අසා වැදි සඟ කෙනෙකුන් බව දැන “ස්වාමීනි! වැද්දෙකිමියි. මුවෙකැයි සිතා විද්දෙමි”යි කී ය. ඒ මහතෙරුන්වහන්සේ වැද්දාට තෝ නොබවයි කියා ලඟට කැඳවා ගෙණ විදිතැනින් ශවාසය පවත්නෙන් භාවනාවට ශක්ති මඳ ව පුථුජ්ජන ව කාලක්රිදයාව වුව හොත් නො යෙදෙයි සිතා ඔහු ලවා හීය වැද ගත් තෙන කොළකැටියක් ගන්වා විදිමුඛයෙන් ශ්වාස නො පැවැත්ත දී ඇඟ වතුරුවා ගෙණ හිඳුවයි කියා, ඔහු ‍එසේ ම ඇඟ වතුරුවා ගෙණ උන්කල්හි, ඔහු වෙර වැතිර හිඳ විද්දහු කෙරෙහි නො ගැටී දුක්ඛවෙදනාව මඳකුත් නො සලකා භාවනා කෙරෙමින් විදර්ශිනා වඩා සතරමහ සතරඵලයට පැමිණ සිවුපිළිසිඹියාපත් රහත් ව ඒ ස්ථානයෙහි ම වැඩහිඳ වටින් භික්ෂූටන්වහන්සේ රැස් වන ලෙසට මඳක් ශබ්ද පැවැත්වූසේක.

එකල්හි එපවත් ඇසූ භික්ෂූරන්වහන්සේ එතැන්හි රැස් ව වැහෙන්නා වූ රුධිරධාරාවෙන් තෙත් වූ සකලශරීරය දැක මහත් වූ චිත්තඛෙදයට පැමිණ “ස්වාමීනි! මේ පැමිණියේ කවර අනර්ත්ථරයෙක් දැ?”යි විචාළ සේක. එබසට පීතිමල්ල ස්ථවිර‍යන් වහන්සේ කියනසේක් “ඇවැත්නි! පූර්වොේපඬිත අකුශලකර්මීයෙන් ක්ලෙශ කාලුෂ්ය ය පහවීමට පළමු ශරප්ර්හාරයෙක් අවුත් වන. ඒ ශරය ඇද දමා කරණ භාවනා නො හැර ඒ ක්ෂ්ණායෙහි ම ‍ක්ලෙශයනුත් පහ කෙළෙමි”යි කෙළෙස් පහ කළ නියාව කීසේක. එකල්හි රැස් වූ භික්ෂුන්වහන්සේ මහත් වූ ආශ්චය්ය්යි යට පැමිණ “ස්වාමීනි! මෙ බඳු වූ වෙදනාවක් සහනය කොට කෙසේ සිත එකඟ කොට ගත්සේක් දැ”යි කියා මුව නො සෑහෙන පරිද්දෙන් ගුණ කථනය කොට “ස්වාමීනි! ඉදින් බුදුහු මෙකලට ජීවමාන ව වැඩසිටිසේක් වී නම්, එකන්තයෙන් ම හිස පිරිමැද මෛත්රීළ කරණසේක් වේ දැ?” යි කියා මහත් විස්මය පත්වූසේක. එසඳ තෙරුන් වහන්සේ රැස් වූ






අන්යූතරස්ථවිරක්ථා.] සංඝාද්භූතකථා 387

භික්ෂූේන්වහන්සේට අවවාද වශයෙන් කියනසේක් “ඇවැත්නි! මේ රූපය සැපය, දුකය, උපෙක්ෂා යයි යන ත්රිේවිධ වෙදනාව ම විඳුනේ ය. එසේ හෙයින් චිත්තය ඒ රූපයෙන් වෙන් කොට කමසථානාදියෙහි නියුක්ත කළ කල දුක්ඛවෙදනාදිය දුරු වෙයි. ඒ දුරු වූ කල නිවන්සැප ලැබෙයි. ඒ නිවන්සැප ලද්දාහට මත්තෙහි මඳකුත් දුකෙක් ලං නො වෙයි. සැප බොහෝ වන්නේය”යි යනාදීන් ධර්මලදෙශනා කළසේක. මෙසේ බණ කියා ලොකයෙහි ජනිත වූ සියල්ල ම අනිත්යෙයයි කියා සකල සත්වෙයන් විසින් නිත්ය වූ නිර්විණසම්පත්තිය ම හස්ත ප්රාීප්ත කටයුත්තේයයි ප්රයකාශ කොට උදන් අනා වදාරණසේක් මෙසේ වදාළසේක:—

“ භාසිතං බුද්ධසෙඪෙන-සබ්බලොකග්ගවාදිනා, න තුම්භාකං ඉදං රූපං-තං ජහෙය්යාවථ භික්ඛවො. අනිච්චා වත සංඛාරා-උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති-තෙසං වුපසමො සුඛො”යි.

මෙතෙකින් මේ සද්ධර්මසරත්නාකරයෙහි සතරවන සංඝාද්භූත පීතිමල්ල සථවිරකථා නම් වූ තෙවිසිවන පරිච්ඡෙදය කියා නිමවන ලදී.

24 වැනි පරිච්ඡෙදය.

තවද මේ සද්ධර්මරරත්නාක‍රයෙහි චිතතලපබ්බත විහාරවාසී අන්යටතරස්ථවිර කථා නම් කවරැ? යත්:- මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය.

කෙසේ ද? යත්:- අප බුදුන් තුන්වාරයෙක වැඩ පරිත්රාථණ ප්රිතිෂ්ඨා කළා වූ සිංහලද්වීපයෙහි අතුල්පව්වෙන් ගැවසී ගත්තා වූ සිතුල්පව් නම් විහාරයෙක් වි ය. ඒ විහාරයෙහි ශීලාචාර ගුණ සම්පන්න වූ එක් තෙරකෙනකුන්වහන්සේ වාසය කරණ සේක. මෙසේ වාසය කරන්නා වූ ඒ තෙරුන්වහන්සේට එක් දවසෙක්හි උන්වහන්සේ පූර්වායෙහි කළා වූ අපරාපය්ය්න් වෙද්යනකර්මයයෙක් ප්ර ස්තුත ව මහත් වූ රුජාවෙක් කුක්ෂිායෙහි පහරන්ට වන. එසඳ ඒ උදරව්යා්ධියෙන් පීඩිත වූ සේක් ඒ රුජාව සහනය






388 සද්ධර්‍මරත්නාකරය [24 පරිච්ඡෙදය

කොට ගත නො හී මහත් කොට තතනමින් ආශ්වාසය තද කොට හෙළහෙළා ඔබිනොබ පෙරළෙමින් බොහෝ වෙහෙස විඳිනාසේක. මෙසේ උන්වහන්සේ බඩරුජාවෙන් විඳිනා අපමණ වෙහෙස දැක ඒ ස්ථානයට පැමිණි එක් සාමණෙර කෙනකුන්වහන්සේ මහත් වූ කරුණා උපදවා තමන් වහන්සේට පැමිණි ව්යණසන‍යක් මෙන් චිත්තඛෙදයට පැමිණ උන්වහන්සේට මේ ආයාසය කවර ලෙසක සංහිඳී යේ දෝ හෝයි සිතා විචාරණ සේක් “සවාමීනි! නුඹවහන්සේ මෙබඳු ආයාසයකින් ඔබිනොබ පෙරළෙනසේක් එබඳු වූ රුජාව තමා කොතැන්හි ගැණිනි දැ?”යි විචාළසේක. එබසට ඒ තෙරුන්වහන්සේ කියනසේක් “ඇවැත්නි! මේ රුජාව මේ ශරීරයෙන් එකතැනෙක ගණිතියි කියා නැත. සකල ශරීරයෙහි හැමතැන්හි ම පහරණේ ය. දන්නා තෙක් කල් පටන් මෙබඳු වෙදනාවක් නො වූයේ ය”යි කීයේය.

එබසට දහර සාමණෙරයන්වහන්සේ කියන සේක් ‘ස්වාමීනි, එසේ වී නම් තද කොට හෙළන්නා වූ සුස්ම මඳක් ඉවසා බැලුව මැනැවැ”යි කීහ. එබසට තෙරුන්වහන්සේ “යහපත, ඇවැත්නි” යි කියා මහත් කොට හෙළන්නා වූ සුස්ම මඳක් රඳවා ඉවසූ සේක. එසඳ ආශ්වාසය සහනය ‍කළහෙයින් හෘදය මැදින් විදාරණ ව අතුණු බහන් සහ පතිත ව ඇඳ ඇතිරිළි මුදුනෙහි බඩ වැල් ගොඩ පුරා ‍ගත. එකල්හි ඒ බඩවැල් ගොඩ එතැන්හි සිටි දහරසාමණෙරයන්වහන්සේට දක්වා “ඇවැත්නි! දැන් බඩරුජාව ඉවසූ නියාව යහපත් දැ?” යි කී‍සේක. එබස් අසා දහර සාමණෙරයන්වහන්සෙ මුස පත් ව ලය පැළී යන්නාක් මෙන් මහාශොක හෘදයෙන් ජනිත ව මුවෙන් බසකුත් කියාගත නො හී කරබා ගත්සේක. එසඳ තෙරුන්වහන්සේ ද ඒ ක්ෂමණයේ වීය්ය් වඩා ජනිත වූ වෙදනාව සහනය කොට භාවනා කෙරෙමින් එවිට ම සිවුපිළිසිඹියාපත් රහත් ව අනුපාදිශෙෂනිර්වාවණධාතුයෙන් පිරිනිවන් පෑසේක. එකල්හි ඒ ස්ථානයට රැස් වූ බොහෝ භික්ෂූ්න් වහන්සේ හා උපාසකාදී වූ බොහෝ ජනයෝ “අහෝ ආය්ය්නයටයන් වහන්සේගේ ගුණ නම් මෙසේ ම ආශ්චය්ය්ූ බ නියා දැ?”යි කියා මහත් වූ විස්මයට පැමිණ සාධුකාර දෙමින් සංඝරත්නයෙහි ගුණ සලකමින් කළ මනා හැම කෘත්ය යන් සම්පාදනය කොට ධාතුපූජා කළහ. එසේහෙයින් මෙබඳු මහොත්තම වූ සංඝ රත්නයෙහි ගුණ මෙනෙහි කොට එයින් ජනිත වූ ඉෂ්ට විපාකයෙන් මතු ස්වර්ග්සම්පත්තිය හා අමෘතමහා නිර්වාරණසම්පත්තිය සිද්ධ කටයුතු. කියනලද මැයි:-








වෙභාතිකතාගස්ථවිරකථා.] සඞඝාද්භූතකථා 389

“ අතීච චිතතස්ස දදන්තඛෙදං - මුහුතතමතතා සහනඤච කත්වාා, අලත්ථත මොක්ඛං ඉම්මත්ථ]මම්හො - විනාථ මඤ්ඤාය සිවාච සගගං.

මෙතෙකින් මෙ සද්ධර්මංරත්නාකරයෙහි පස්වන සංඝාද්භූතචිත්තලපබ්බත විහාරවාසී අන්යදතරස්ථවිර කළා නම් වූ

සූවිසිවන පරිච්ඡෙදය

කියා නිමවනලදී.

25 වැනි පරිච්ඡෙදය

තවද, මේ සද්ධර්මෙරත්නාකරයෙහි වෙහාතික භාගස්ථවිර කථා නම් කවරැ? යත්:- මෙ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය.

කෙසේ ද? යත්:— සමන්තකූටනිය්යාාග සපුඤ්ජ මස්තකයෙහි ශ්රීඳ පාදලාඤ්ඡන නිමග්න සද්ධර්මඡ භාණ්ජාගාර වූ මේ ශ්රීන ලංකාද්වීපයෙහි ම‍ෙහල නම් නුවර සමීපයෙහි වූ එක්තරා ගමෙක වාසය කරන්නා වූ සාධුගුණ සම්පන්න උපාසිකා කෙනෙකුන්ගේ පුත්රව වූ මහානාගය චූලනාගයයි යන කුමාරවරු දෙදෙනෙක් වූහ. ඒ දෙදෙනා වැඩි විය පැමිණ සර්ව ඥශාසනයෙහි ප්රගසන්නව දෙමවුපියන් ගිවිස්වා ගෙණ ඒ දෙබූයෝම චිත්තලපර්වසත විහාරයට ගොස් එහි වසන්නාවූ එක් තෙරකෙනෙකුන්වහන්සේ උපාධ්යා‍ය කොට මහණ ව බණ පුහුණු කොට උපසම්පන්න ව ත්රිනපිටකාගමයෙහි පාරප්රාහප්තව මහානාගස්ථවිර ය චූලනාගස්ථවිර යයි සුගතශාසනයෙහි ප්ර‍ඛ්යායත වූ සේක. මෙසේ ප්රයසිද්ධ ව සිතුල්පව් වෙහෙර වාසය කරන්නා වූ ඒ දෙබෑයන්වහන්සේට තිස් අවුරුද්දක් අතික්රාබන්ත වී ය. මෙසේ වසන්නා වූ ඒ දෙදෙනා වහන්සේ ග්රවන්ථධූරය තබා විදර්ශ්නාධූරයෙහි නියුක්ත ව කසින පරිකර්මා දීධ්යාේනභාවනා කොට නොබෝ කලකින් විදර්ශේනා වඩා සිවුපිළිසිඹියාපත් රහත් වු සේක. මෙසේ ඒ දෙදෙනාවහන්සේ ම එක්දවසෙක්හි සිතුල්පව් විහාරයෙන් නික්ම ‍මහෙල නම් වූ රාජධානියට ගොස් එම නුවර මහෙලක නම් විහාරයට වැඩ එදවස් ඒ විහාරයෙහි සැතපී දෙවන දවස් උදෑසන කළ මනා ශ්ර මණ කෘත්ය ය සම්පාදනය කොට ගැටවටු ගන්වා කයින් සිවුරු හා අත‍ින් පාත්රමය ගෙණ මෑනියන්දෑ වසන්නා වූ ගමට වැඩ





390 සද්ධර්මාරත්නාකරය [25 පරිච්ඡෙදය.

ගෙපිළිවෙළින් සිඟමින් වඩනාසේක. එකල්හි සිඟමින් වඩනා දෙදෙනාවහන්සේගෙන් මහානාග ස්ථවිරයන්වහන්සේ මෑනියන්දැගේ ගෙයි දොරකට සිඟා වැඩ සිටිසේක.

එසඳ චූලනාග ස්ථවිරයන්වහන්සේ ද එතැන්හිම සිඟා වැඩ සිටිසේක දොර සිඟා වැඩ සිටි දෙදෙනාවහන්සේ ම මෑනියන් දැක මහත් ආදරයෙන් තමන්දෑට උපන්නා වූ කැඳිත්තක් ගෙණවුත් මහානාගස්ථවිරයන්වහන්සේගේ පාත්ර යට පිළිගන්වා උන් වහන්සේ බලා සිට “කිමෙක් දෝ හෝ! මුන්වහන්සේ මාගේ පුත්රම වූ මහානාගයෝ දැ?” යි නො දැන විචාරන්නාහු “ස්වාමීනි! නුඹ වහන්සේ කවර නම් විහාරයක වැඩවසනසේක් ද? කවර දවසක මෙතැන්හි වැඩිසේක් ද? තමන්වහන්සේ මාගේ පුත්රඩව වූ මහානාගයෝ නො වේදැ?”යි කීහ. එබසට උන්වහන්සේ කියන සේක් ‘උපාසිකාවෙනි! ඒ ප්රමවෘත්තිය තෙල සිටිනා තෙරුන් අතින් විචාරා ගණුව” යි කියා තමන්වහන්සේ වඩනා භික්ෂාග වෘත්තියෙන් ම වැඩපු සේක.

එතැන්හි සිටි තෙරුන්වහන්සේට දෙවැනි වත් එලෙසම කැඳ පිළිගන්වා සිට විචාරන්නාහු “ස්වාමීනි නුඹවහන්සේ මාගේ පුත්රි වූ චූලනාගයෝ නො වේදැ?” යි කීහ. එබස් අසා තෙරුන්වහන්සේ කියනසේක් “කිමෙක්ද, උපාසිකාවෙනි! තොප කියන්නේ? පළමුයෙන් සිඟා ගෙණ වැඩි තෙරුන්වහන්සේ අතින් විචාරා නොගත් කල කියන්නේ කිම් දැ?” කියා පිළිගත් කැඳ හැර‍ගෙණ වැඩපුසේක. මෙසේ වඩනා දෙදෙනා වහන්සේ පිට පසු බලා සිට “නො කීකරු පුතුන් වැදු මට ‍එසේ ම වුව මැනැවැ” යි සිතා දොහෝ මැහැලිවහන්සේ ගෙට වැදලා පසුපස්සේ නො ගොසින් හුන් දෑ ය. අහෝ උත්තමයන්ගේ ගුණ මහිමයෙක්! කුලයා කෙරෙහි ඇල්ම තබා සුතප්රෙ මයෙන් වදා වඩා වර්ධගන කොට ගත් මෑනියන් දෑ කලකින් දුටු ගමනේ පවා පුළුවුත් වචනයට ඇල්මක් ඇතිව ප්ර්ති වචනයක් නො දී තමන්වහන්සේගේ ආය්ය්ුත්ධර්මරය ම මෙනෙහි කොට අනුනය රහිත වූ ශ්ර මණධර්මපයම පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි ධර්මඇකථිකයන්ගේ තුඩ තුඩ ම පැවැත්වූ සේක. එසේ හෙයින් ශ්රමමණ ගුණාන්විත හැම භික්ෂු‍න්වහන්සේ විසින් කුලයා කෙරෙහි සිත් නො අලවා තමා රක්ෂා් කරණ ප්රඇතිපත්ති ආගමාදි වූ ශ්රිමණ ධර්මතයෙහි ම සිත් අලවා ධර්මකපථයෙන් ගොස් නිර්වාවණ පුර ප්රතවිෂ්ට ව නිවන් සැප විඳින්ට උත්සාහ කටයුතු කියනලදුයේ මැයි-






මිලක්ඛලුද්දක්කථා.] සංඝාද්භූතකථාං 391

“ එවං මහානුභාවා තෙ - නාගථෙරාව තාදිනො, කුලෙ අනුනයං භිත්වාත - ධමමඤ්ජසෙ භවාථ භොං”

මෙතෙකින් මේ සද්ධර්මෙරත්නාකරයෙහි සවැනි සංඝාද්භූත වෙහාතික නාගස්ථවිර කථා නම් වු

පස්විසිවන පරිච්ඡෙදය කියා නිමවනලදී.

26 වන පරිච්ඡෙදය

තවද මේ සද්ධර්මචරත්නාකරයෙහි මිලක්ඛලුද්දක කථා නම් කවරැ? යත්:—මේ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය.

කෙසේ ද? යත්:— දිගුබිත චිත්ත දීධිතීන් විශ්රැලත දන්ත ධාත්වොරෂධිරඤ්ජිත දෙවඤ්ජස තුල්ය හෙලදිව රුහුණුමඬුලු නම් විහාරයට ගොදුරුගම් වූ පසල්දනව්වෙක වසන මිලක්ඛ නම් වැද්දෙක් බොහෝ ප්රාහණඝාත කෙරෙමින් එයින් ම තමාගේ ජීවිකාව පිණිස වනයෙහි උල් මල උගුළු ලුහුල් සියගණන් බැඳ එයින් බොහෝ ප්රාීණීන් ජීවිතක්ෂ යට පමුණුවා සමහර දවස් එම වනයෙහි දී ම අංගාරමාංස පලහා අනුභව කරන්නේ ය. මෙසේ වසන්නා වූ ඒ ලුද්දක තෙම දවසෙක වනාන්තරයෙහි ඇවිදිනේ උලක හුනු චතුෂ්පාදයකු කපා පලහා වනයෙහි දී ම මාස අනුභව කොට උල් ලුහුල් ආදිය බලා ඇවිදිමින් විඩා ව පිපාසායෙන් පීඩිත වූයේ එම වනයෙහි වසන්නාවූ එක් තෙර කෙනෙකුන්වහන්සේගේ ආශ්රපමපදයකට ගොස් වංක්රයමණාත්තයෙහි පිළපිට වත් ලෙස ම තැන්පත් කොට තිබූ උදකභාජනයක් දැක දිය බොන අභිප්රාළයෙන් ඒ භාජන පිධානය හළුයේ ය. එකල්හි ඒ භාජනය ඇතුළෙහි අත තෙමන පමණකුත් දිය නැති බව දැක එතැන්හි වාසය කරන්නා වූ තෙරුන්වහන්සේට කිපී කියනුයේ “එම්බල මහණ! සැදැහැ ඇත්තන් දෙන්නාවූ සිවුපසය අනුභව කොටලා රෑ දාවල් නිද්රාදවෙන් ම දවස් හරණ මුත් පිපාසිත ව පැමිණි කෙනෙකුන්ගේ තලු තෙමන පමණකුත් දියත්තක් කළපල්ලෙහි නොතබලකල කිම් දැ” යි කියා අසන්තුෂ්ට වී ය. එකල්හි







392 සද්ධර්මිරත්නාකරය. [26 පරිච්ඡෙදය

තෙරුන්වහන්සේ සිතනසේක් “මූ කින්නේ කිමෙක් ද? මම දැන් දිය භාජනයක් පුරා පිළ පිට තබා වත් පිළිපැද සිටිමි. එසේ තබනලද්දාවූ සම්පූර්ණ උදකභාජනය කවර කාරණයක් පිණිස දැන් නැතැයි කියන්නේ දැ” යි සිතා තමන්වහන්සේ ගොස් ඒ බඳන පිධාන හැර එහි පුරා තුබූ දිය දැක ඔහු කැඳවා “එම්බා පුරුෂය! තොප තලු තෙමන පමණ දිය නැතැයි කී මුත් භාජනය පුරා ම දිය තිබෙන බව බලාගණැ”යි කියා පිධානය හැර ජලය පෑසේක.

එකල්හි උන්වහන්සේ අතින් දිය වත්කරවාගෙණ පිපාසා සංහි‍ඳෙන පමණ උදකපානය කෙළේ ය. මෙසේ දිය බී සැතපෙමින් එතැන්හි සිට සිතනුයේ “මෙසේ දිය පුරා තුබූ භාජනය මෙයිදු අකුශල බලයෙක. තවද කළාවූ නොයෙක් අකුශලයෙන් මතු මතුත් කුමකින් කුමක් වේ දෝ හෝ” යි චිත්ත ව්යයසනයට පැමිණියේ මහත් වු අකුශලභයින් තැති ගෙණ අත තුබූ දුනුදඬු දමා තෙරුන්වහන්සේ වැඳ වැතිර කියනුයේ “ස්වාමීනි! නුඹවහන්සේ මා කෙරෙහි අනුකම්පා උපදවා ශාසනයෙහි මා මහණ කරවුව මැනැව” යි කීය. එබස් අසා ඕහට කෙශාදී වූ පඤ්චකර්මනස්ථානය දී පැවිදි කරවූසේක.

එකල්හි පැවිදි ශ්රමමණධර්ම ය රක්ෂාක කෙරෙමින් දුන් කර්මහස්ථාන ලෙසම භාවනා කරන්නාහට බොහෝ මෘගශූකරයන් මැරූ තැන් ම වැටහෙන්නේය. නිරන්තරයෙන් එ ම වැටහෙන්නාහට ශරීරයෙහි දාහ අට ගන්නේ ය. කර්මෙස්ථාන ගෙණ කෙතෙක් භාවනා කළත් කෘෂිකර්මී උද්වහනාදියට චෞර වූ වෘෂභයකු මෙන් කර්මකස්ථානවීථියට චිත්තය නොබස්නේ ය. මෙසේ කර්මයස්ථාන ප්ර්ගුණ කොට ගත නො හී “අනේ මා කෙළේ කිමෙක් දෝ හොයි ඉදිරි භික්ෂුේභාවයෙන් තමහට වන්නා වූ ප්රතයෝජනයෙක් වේ දො හෙ! නො වේ දෝ හො!” යි සිතා මහණ කරවූ තෙරුන්වහන්සේ ලඟට ගොස් පසඟ පිහිටුවා වැඳ “ස්වාමීනි! මහණදම් පිරීමට නො හැක්කෙමි” යි කීය. එපවත් අසා තෙරුන්වහන්සේ කියනසේක් “එම්බා මිලක්ඛයෙනි! එසේ වී නම් අමු දිඹුල්දඬු කපා ගෙණවුත් ගොඩ කොටලව” යි කීසේක. ඒ මහණ ද තෙරුන්වහන්සේ කී ලෙස ම දඬු ගොඩ කෙළේ ය. මෙසේ ද කොට ඉක්බිති කියනුයේ “ස්වාමීනි! ඉදින් මා විසින් කළ මනා කිම් දැ?”යි විචාළේ ය. එබසට තෙරුන්වහන්සේ කියන සේක් “තොප එක් කළා වූ මෙදඬු ගොට වටින් ගිනි මොලවා දමමින් ශෙෂයකුත් නො තබව” යි






මිලක්ඛත්ථෙ රකථා.] සංඝාද්භූතකථා. 393

කීසේක. එබස් ඇසූ මිලක්ඛ නම් මහණ තෙම තමා රැස් කළාවු දඬුගොඩ සතරපිටින් ගිනි දල්වා දවන්ට උත්සාහ කොට තෙත් දඬු හෙයින් දවන්නා තබා ගිනි පමණකුත් මුළු කොට ගත නො හී බොහෝ වෙහෙස විඳිමින් “ස්වාමීනි! මේ දඬුගොට දවන්නා තබා ගිනි පමණකුත් මුළු කොට ගත නො හෙමි” යි කීය.

එපවත් අසා තෙරුන්වහන්සේ ඕහට කියනසේක් “තෙපි ඉදින් ගිනි පමණකුත් මුළු කොට ගත නො හෙව් නම්, මඳක් එතැනින් ඉවත් ව ගණුව” යි කියා ඒ ස්ථානයෙහි පෘථිවිය තමන් වහන්සේගේ ආනුභාවයෙන් විවර දක්වා අවීචිමහානිරයෙන් කදෝකිමියකු පමණ ගිනිපුපුරක් ගෙන්වා ඒ දඬුගොඩෙහි බහාලූසේක. ඒ ක්ෂුණයෙහි ඒ සා අමු දඬුගොඩ වියලි පරඬලා ගොඩක් සේ දා භස්ම වි ය. එසඳ තෙරුන්වහන්සේ අවීචිමහ නිරයෙහි පැසී දුක් විඳිනා සත්වකයන් ඕහට දක්වා “එම්බා මිලක්ඛයෙනි! තොපි සිවුරු හැර ගියා නම්, තෙල අවීචියෙහි පැසෙන සත්වරයන් මෙන් නිරාවල වැටී දුක් විඳිනා වේදැ”යි කියා බණ වදාළසේක. උන්වහන්සේ වදාළ බණ අසා නිරය භයින් සියලඟ ඩහ සෙන්වී තැති‍ ගෙණ “ස්වාමීනි! මේ සර්ව්ඥ ශාසනය මෙසේ ම අද්භූත දැ?” යි කීය. එබසට කියනසේක් “ඇවැත්නි! මේ සුගතශාසනය කෙළවරක් නැත්තා වූ ආශ්චය්ය්ද අද්භූතත්ව යන් පහළ කරන්නේ වේ දැ?” යි වදාළසේක.

එබස් අසා “ස්වාමීනි! එසේ වී නම්, මේ නෛය්යා්ා ණික වූ ධර්මය අර්ත්ථමය ම ප්ර්ධාන වේ දැ?” යි කියා එතැන් පටන් අඛණ්ඩ කොට මහණදම් පුරණසේක් මහත් ව්යා යාමයෙන වත්තපටි වත්තාදීන් පූරණය කොට ධර්ම යෙහි ම සිත් අලවා රාත්රිසන්දිෙනයෙහි අප්රනමාද ව ධ්යාටනභාවනා කෙරෙමින් එකී භූත ව හිඳිනා කල්හි නිද්රායවට පැමිණි කල්හි ද පෙර සේ දුඃස්වප්න නො දැක ශුභස්වප්න දක්නාසේක් ධ්යාණනභාවනාවෙන් ප්රපයත්න කොට සක්මන් කරණ කල්හි ද ශරීර සන්තර්ප ණය කරණ කල්හි ද නිදි එතෙයි සිතා පිදුරු වැටියක් තෙමා තමා හිස තබාගෙණ දෙපතුල් දියෙහි තබා හිඳිනාහ. දවසෙක මෙසේ වීය්ය්බාග කරන්නා වූ ඒ මහණහු පානීයභාජනයක් ගෙණ උදකකීත්වහයට ගොස් පැන් පරහා භාජනය උර මස්තකයෙහි තබා වැහෙන්නා වූ උදකොපච්ඡෙදය කෙරෙමින් සිටිකල්හි ඒ මහතෙරුන්වහන්සේ සාමණෙරයන්හට අවවාද වශයෙන් මෙසේ බණක් වදාරණසේක. කෙසේ ද? යත්-





394 සද්ධර්මශරත්නාකරය. [27 පරිච්ඡෙදය.

“උඨානවතො සතිමතො සුචිකම්මස්ස නිසම්ම කාරිනො, සඤ්ඤතස්ස ච ධම්මජීවිතො - අප්පමත්තස්ස යසො’භිවඩ්ඪති.”

යනාදීන් තෙරුන්වහන්සේ දෙන්නා වූ අවවාද ධමූය අසා මේ ගාථාව අප උදෙසා ම දෙසනලදැයි සිතා “උට්ඨානවත්හු නම් මා සේ ම විය යුත්තාහ. ස්මෘතිමත්හු ද මා සේ ම වියයුත්තාහ. අප්ර්මාද වූවාහු ද මා සේ ම විය යුත්තාහ’ යි මෙසේ ඒ හැම ගුණ ම තමන් වහන්සේ කෙරෙහි පිහිටුවා සිටි පියෙහි ම සිට අනාගාමි මාර්ගයඵල ලබමින් තුටු පහටු වූ සිත් ඇති ව මා වැනි වූ හැම සත්වෙයෝ ම නිර්වා්ණසම්පත්තිය පිණිස වීය්ය්හට වැඩීමෙහි ප්ර මාද නොවෙත්වයි කියා “නිවන් පුරසිරි ප්රා ර්ත්ථදනා කරන්නා වූ හැම සත්ව‍යෙනි! තොපි හීන වීය්ය්ද නො වී උට්ඨානාදීන් වීය්ය් ව වඩා ස්වර්ගහ මොක්ෂට සම්පත්තිය සිද්ධ කරව” යි අනුශාසනය කොට තමන් වහන්සේ වීය්ය්නො යෙන් ලද්දා වූ නිවන් සම්පත්තිය ප්රවකාශ කොට උදන් අනා වදාරණසේක් මෙසේ වදාළසේක.

“ අලලං පලාලපුඤජාහං සිසෙනාදාය චඞකමිං, පතෙතාසමි තතියං ඨානං - අහො ලාභාති මාරිස.”

මෙතෙකින් මේ සද්ධර්ම රත්නාකරයෙහි සත්වෙනි සංඝාද්භූත මිලක්ඛලුද්දක්කථා නම් වූ

සවිසිවන පරිච්ඡෙදය කියා නිමවනලදී.