සං ඥා ප න ය.


පරෙවි සන්දොශ කාව්යි වර්ණයනාව වනාහී පරෙවි සන්දෙෑශ කාව්‍කොයන් ගේ අර්තිවාදිය ආශ්රිාතව පවත්නා ති‍ෙදීශාදීන් දැක්වීම පරමාර්තදථකොට සම්පාදනය කරන ලද්දකි. නාමය.

මෙම සන්දෙලශ කාව්යියට මෙම නාමය පාරාපත පක්‍ෂියෙකු මෙම ග්ර න්ථයෙහි පෙනෙන ප්ර්කාර දූත මෙහෙවරෙක යොදා යැවීමේ විලාසය කථා ශරීරය කොට රචනා කිරීමෙන් යෝජිතව පවත්නා බව ප්ර කාශිත වෙයි. කර්තෘ ‍.


මෙම ග්රචන්ථයෙහි කතුවරයානෝ වනාහී ෂඩ්භාෂාපරමේශ්වර ශ්රී රාහුල ස්වාමිපාදයෝ වෙති. එ තුමාණෝ වූ කලී ජයවද්දන පුර සිරි පැරකුම් මහරජාණන්ගේ කාලයෙහි විසූ පඬිවරුන් අතුරෙන් ශාස්ත්රීිය විසාරදත්‍වයෙන් අති ශ්රේරෂ්ඨයාණෝ වෙත් ය යි එතුමාණන් ගේ කෘතීන් දෙස බැලීමෙන් ‍ප්රවකාශ වේ.

එ තුමාණන් ධරමානව සිටියා වූ කාලය වනාහි ආගම ශාස්ත්ර ධාරි පණ්ඩිත රත්නයන් කරනකොට ගෙන අප රට බැබලෙමින් පැවතුනේ ය යි කියයුතු වේ. එ කල්හි විසිදාගම බුවනෙකබුජ මහ තෙරය, පඤ්චපරිවෙනාධි වාසී මඩගල මහා ස්ථවිරය, කෑරගල වනරතන මහා ස්ථවිරය, විසිදාගම මහනෙත්රග ප්ර සාදමූල මහා ස්ථවිරය, ධම්මදින්නාවරිය මහා ස්ථවිරය, වෑත්තෑවේ නමින් පසිදු ස්ථවිරය, ඉරුගල් කුලතිලක මහා ස්ථවිරය යනාදී ශාසන ශාස්ත්රාේ රක්ෂක උත්තමයන් නිසා අප රට ධර්මි ශාස්ත්රායලෝකයෙන් විරාජිතව බැබළුනේ ය යි කියයුතු වේ.

තවද, ශ්රීක රාහුල ස්ථවිරයෝ ‍මෞය්ය්ර්ම වංශික රාජ කුමාරයෙක්ව ඉපද පැවිදි බවට පැමිණි‍යා වූ උත්තමයෙක් වූහ.

එ සේ ම මාස වියවුලට පෙර ලක්දිව්හි සයානුවක් වස් පැවැති සොළී වියවුලෙන් අප රට මුදවාගත් මහ විජයබාහු රජු‍ ගේ රාජ පවුලට අයත් බන්‍ධු පරම්පරාවෙන් පැවතෙන්නෙක් වූහ. මාස වියවුලෙන් පසු පොළොන්නරු පුර අණසක පවත්වමින් විසූ රාජ පරම්පරාව බන්‍ධනගත වූවාක් මෙන් ද කැලෑ වැදී ගියාක් මෙන් ද වූ බව ඉතිහාසය මගින් ප්රජකාශ වේ.


ශ්රීක රාහුල මහ තෙරිඳු තුමාණන්ගේ පිය මුතුන් පරම්පරාවට ද ඒ විපතට අසු වීමෙන් දුබලව සිටිනා කල්හි ශ්රීා රාහුල මහ තෙරිඳුන් ගේ පහළවීම සිදුවී ය යි සැලකීමට හේතු පෙනේ.

මෙම පොතෙහි අගට යෙදු කවියට ලියනා ලද නිර්දේශ පාඨයන් බැලීමෙන් ඒ එ සේ වියයුතු බව සැලකීමට මං සැලසෙන බව පෙනී යේ. කාලය.

මෙම ප්ර්කරණය බඳනා ලදුයේ ජයවර්ධසන පුර සිරි පැරකුම්බා මහ රජු එ නුවර රාජාසනාරූඪ වූ සතළිස් වසරකට පසුව ය යි සැලකිය යුතු වේ. එ රජුන් ක්රින: ව: 1412 දී පමණ රයිගම් පුරයෙහි රාජ්ය යට පැමිණි නමුත් ජයවර්ධකන පුරයේ සිහසුන පිහිටුවාගනු ලද්දේ බුධ වර්ෂී 1968 දී හෙවත් ක්රිැ: ව: 1415 දී විය. ඒ ජයවර්ධුන පුර පැමිණි වර්ෂ යෙන් 39 වන වර්ෂියෙහි දී පැපිළියානේ සුනෙත්රාසදේවි පිරිවෙන් විහාරය කරවන ලද්දේ ය යි එහි වූ ශිලා ලිපියෙහි සඳහන්ව පවත්නේ වෙයි. පරෙවි සන්දෙිශයෙහි වූ 46 වන දස පද සැහැල්ලෙහි එම විහාරය එ කලට තිබුණු බව සඳහන්ව පවත්නේ වේ. මෙම ප්රලවෘත්තීන් ආශ්‍ බයකොට ගෙන මෙම ප්රමකරණය බු: ව: 1958 ට හෙවත් ක්රිප: ව: 1455 ට පසු කාලයක දී කරන ලද්දකැ යි අප ගේ නිගමනය වේ. ප්රියොජනය.

ජයවර්ධරන පුර ආදි කාල‍යන්හි රචනා කරනා ලද කාව්යද ශෙඛරය, ගුත්තිලදා කව, පරෙවි සන්දෙ ශාදි කාව්යරයන් මෙ කලට අප අතර නො පැවතුනේ නම් සිංහළ යන ජාතියවත් ඔවුන් ගේ භාෂාව පමණක් නොව ඔවුන් ගේ ශිෂ්ඨාචාරය රැකගන ආ සම්බුඞ ශාසනයවත් අප අතර ඇති වෙතැ යි පසුගිය ප්රාඞගි, ලන්දේසි, ඉංග්රීපසි ආණ්ඩු කාලයන් පිළිබඳ ඉතිහාසය දෙස බලනා නැණවතුන්ට පෙනී යන්නේ වෙයි.

ඒ බව මීට ශත වර්ෂෙයකට පමණ පෙර සිටි ව්ය වස්ථාදායක මන්ත්රගණ සභාවේ මන්ත්රීරවරයෙක් වූ ද ප්රාිචීන භාෂාඥානයෙහි විසාරදයෙක් වූ ද, එසේම ක්රිීස්තියානි ලබ්ධිකයෙක් වූ ද වංශාධිපති ජේම්ස් අල්විස් තුමාගේ ප්රවකාශයකින් ද පෙනී යේ.

එ කල්හි සිංහළ ජාතික මහජනයා යන මග දෙස බලමින් එ තුමා අනාගත වාක්යහයක් ප්රජකාශ කරන්නේ,


“තව අවුරුදු හැට හැත්තෑවකින් මත්තෙහි සිංහළ යන ජාතියක්වත්, ඔවුන්ගෙ ශිෂ්ටාචාරය සමග පැවත ආ බුඞාගමවත් මේ ලක්දිව තුල දක්නට නැතිවන්නේ වේ” ය යි ප්ර”කාශ‍යක් කළ බව එ තුමා ගේ ජීවන චරිතයෙහි සඳහන්ව පවත්නේ වෙයි.

නමුත් 18 වන ශතවර්ෂළයේ දී මෙ ලකට පහළ වූ කරුණා මෙත් ගුණයෙන් ඇතිකළා වූ බුද්ධශාසනාලොකයත් 19 වන ශතවර්ෂ යා ගේ අග සහ 20 වන ශතවර්‍ පය ගේ මුල භාගයෙහි ද මෙ ලකට පහළ වු හික්කඩුවේ සිරි සුමගුල් මාහිමි තුමාණන් වහන්සේ ප්රයධානව ඉපදෙව්වා වූ ශාස්ත්රාිලෝකයත් මුල් වීමෙන් ප්රාසචීන භාෂාවන් පිළිබඳ පොත පත ද එලි බසින්ට පටන් ගන්නට සිදු නො වී නම් ජේම්ස් අල්විස් තුමා ගේ අනාගත වාක්යිය ද මෙ කලට සත්යන වන්නට තිබුනේ ය යි කියයුතු වේ.

එ හෙයින් මෙවන් පොත පත හැදෑරීම ද එක්තරා ජාතික සංග්රලහයකට සහභාගි වීමක් හෙයින් ආධුනිකයින් ගේ භාෂා ශාස්ත්රා භිවාධියට මෙම ප්රීකරණය ද ප්රකයොජනවත්ව පවත්නා බව කිය යුතුයි. විශේෂයෙන් සැලකිය යුතු කරුණු.

පරෙවි සන්දෙැශ කාව්යස වර්ණභනා නමැති මෙය සම්පාදනය කිරීමෙහි අප ගේ විශේෂ අදහස වනාහි එහි වූ නක්ෂ ත්ර මුහුතිය සහිත පුද්ගල නාමාදීන් පිළිබඳව ඉතිහාසානුගතව ප්රසකාශ කළ යුතුව යමක් පවතී ද අප අදහසේ ප්රිකාරයට ඒ ප්රිකාශ කරලීම බව කියමු.

ඒ ‍එසේ කිරීම ආධුනිකයින් ගේ විචක්‍ෂණ බුඬිය ප්රශබොධ වීමට හේතුවක් වේ ය යි කොළඹ සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ අධ්යික්‍ෂ තැන්පත් ඇම්.ඩී. සිරිසේන මහතා විසින් මෙහෙයවනු ලදුවමෝ අපි මේ ව්යාඅපාරයෙහි යෙදුනෙමු.

ඒ අතර අප ගේ මේ සං‍ස්කරණය මීට පෙර සංස්කරණයන් ගේ අදහස් වලට වෙනස් අදහස් වලින් යුක්ත විය හැකි බව ද එ සේ ම ශබ්ද ශාස්ත්රානනුගත ‍සදොස් තැන් වලින් යුක්ත විය හැකි බව ද ප්රිකාශ කරමින් ඒ ගැන සමාධිය භජනය කරන මෙන් ශාස්ත්රාකභිලාෂී සුධී ජනයාගෙන් අයැද සිටින් නෙමු.


මීට,


ඩබ්ලිව්. ඒ. ඇප්. ධර්මරවර්ධන.

18. 4. 1948

ආඬියාවත්ත,

පානදුරය.

"https://si.wikibooks.org/w/index.php?title=සං_ඥා_ප_න_ය&oldid=4218" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි