ඉක්බිති ඒ පණ්ඩිත පරාක්රනමබාහු මහරජාණන් කෙරෙහි පටන් බෝසත් විජයබාහු ය, යාපව්පුර නිවාසි මහාභුවනෛක බාහු ය. පරාක්ර්මබාහු ය, වත්හිමි භුවනෛකබාහු ය, හස්තිශෛලපුර නිවාසි පණ්ඩිත පරාක්රටමබාහු ය, වන්නි භුවනෛක බාහු ය, විජයබාහු ය යන මේ සත් රජුන් ඇවෘමෙහි මහවැලි ගං අස ගඞ්ගජ ශ්රීු පුර නම් රාජධානියෙහි රජ පැමිණි සතර වැනි භුවනෛකබාහු මහරාජාණන් සතර වන්නට අප බුදුන් පිරිනිවි එක්වා දහස් අට සිය සිවානූ අවුරුද්දෙක් අතික්රා න්ත විය.

එකල මේණවර වංශාභිජාත ‍සේනාධිලංකාර සෙනෙවිරත් නම් මන්ත්රීවහ්වරයාණ කෙණෙක් මුතු මැණික් ආදි බොහෝ වස්තු යවා කංඤ්චි පුරයෙහි සල පිළිම ගෙයක් කරවා දෙවු නුවර තුන් මහල් සිටි පිළිම ගෙයක් කරවා, අක්බෝ වෙහෙ‍ර අටළොස් රියන් මහපිළිම ගෙය්ක කරවා, තව ද තමන්ගේ ජන්ම ප්රමවේණි සිඳුරුවාණ නුවර පර්ණ්ශෛල නම් පර්වතය මුදුනෙහි කෛලාශ පර්වතය සේ ශෝභාමත් වු අභිනව ලඞ්කා තිලක නම් රජමහ විහාරයක් කරවා, තෙසුත් බොහෝ කුශල රාශි වර්ධනය කෙරෙමින් ශ්රකද්ධාවත් ව වසන්නාහු ශාසනාවචර කුල පුත්රුයන්ග‍ේ ශාසන පරිහානිකර වූ අනාචාර බහුලත්වය අසා අමරගිරිවාස වනරතන මහාස්වාමි ප්රශමුඛ උබයවාසයෙහි කාරක මහාසඞ්ඝයා වහන්සේට එපවත් දන්වා රජ බලය පෙර දැරි කරවා ගෙන ශාසනය විචාරා ශුද්ධ කොට කලක් බුදු සසුන් පැවැත් වූහ.

ඉක්බිති ඒ භුවනෛකබාහු මහරජාණන්ගේ ඇවෑමෙහි රජය ලත් පැරකුම් රජහු අවසන එම පුරයෙහි රජ පැමිණි වික්රෙමබාහු මහරජාණන් දවස ගිරිවංසාබිජාත අලගක්කෝනාර නම් මන්ත්රී ශ්වරයාණ කෙනෙක් මහත් වූ තේජෝබල වික්රතමයෙන් ලෝක පූජිත ව වසන්නාහු -

         “පාසාදබෝධිවරචඞ්කමමණ්ඩපේහි

පාකාරසාලපටිමාලචේතියේහි කල්යාසණනාමනගරී රුචිරාපණේහි රාජේති වාරුතරගෝපුරතෝරණේහි”



38




නිකාය සංග්රේහය හෙවත් ශාසනාවතාරය 39

යනාදීන් වර්ණනා කරන ලද බචක්රාගවාල පර්වතෝපම මහාප්රාරකා පඞ්ක්තීන් පරික්ෂිප්ත වූ ඒක භූමිකා, ද්වි භූමික, පඤ්ච භුමිකාදි ප්රබභේද ඇති නානා ප්රතකාර විචිත්රප චිත්රච කර්මාන්ත විශෙෂය‍යෙන් යුක්ත වූ, භික්ති ස්තම්භ සෝපාන මාලාවෙන් ස්මලඞ්කෘත වු සුධාධවල කෛලාශකූට ප්ර තිභාග ප්රනසාද පඞ්ක්තීන් හා ‍එසේ ම නානා ප්ර කාර චෛත්යාකඞ්ගණ, ප්රකතිමාගෘහ, මඞ්ක්රලමණ විශාල ශාළා, ගෝපුර ශ්රේාණින් විරාජමාන වූ විහාරෝප‍ශෝහිත වූ විශාල වීථි වින්යාේසයෙන් සම්පන්න උභය වීථිගත නානා දේශවාසී ජනසමූහ සඞ්කීර්ණ සම්පත්ති සමෘද්ධි සම්පන්න කල්යායණිපුරප්රශවරාදි සිද්ධස්ථාන පිටහි ශ්රීා ලඞ්කා ද්වීපයෙහි ලෝක ශාසන විලෝපකාරි වූ පරශත්රැර ප්ර තිබාහනය1 පිණිස ස්වාර්ථ පරාර්ථ පතිබද්ධ චිත්ත ප්රශවෘත්ි ඇති ශ්ර්ද්ධා භක්ති පුරස්සර සකලාභිමතාර්ථ සාදා දීමෙහි සමර්ථ වූ ස්ථානෝචිත කාර්යාකාර්ය විජානනයෙහි දක්ෂ විචක්ෂණ ගුණි, සුවච, කීකරු සේවක මණ්ඩලිකයන් ලවා විධාන කරවා කෝලම්භාහිධාන ද්රෝෂණ්ි මුඛාසන්නයෙහි නිරන්තර ව දිය පිරි සුරක්ෂිත ව වටා සිටි තඩාග මධ්ය්යෙහි දරු ග්රාසමය සිසාරා ගම්භීර්තර පර්වත ප්රාෂන්තයක් මෙන් අති භයානක වූ ගැඹුර හා පුළුල ඇති මහඅගළ බිඳුවා ස්ථිරත්වය පිනිස අගළ පටන් මු‍දුනෙහි බඳනා ලද සර්ව ශෛලමය මහාප්රාරකාර මස්තකෙයෙහි අතුරතුර විශ්වකර්ම නිර්මාණයක් මෙන් විචිත්රා කොට සරහා ඒ ඒ තන්හි කරන ලද ඉඩඞ්ගණි, පුලිමුගම්, භූමියංතට්ටු, අට්ටාල, වට්ටවෙට්ටමින් සුරක්ෂිත කොට අභිනම ජයවර්ධන ය යි යන නමින් ප්ර්සිද්ධ කෝට්ටයක් ලවා එම නුවර මහපවුර මුදුනෙහි සතර දිග ආරක්ෂා පිනිස සිරිලක අරක් ගත් කිහිරැලි උපුල්වන්. සමන් බොක්සැල්. විභීෂණ, ස්කන්ද කුමාර ය යන සතර වරම් මහරජුන්ට වෙන ගීත වාදනාදියෙන් නිරන්තර පූරෙජ්ත්සව පවත්වන සේ ව්යසවස්ථා කිරවා සකල සම්පත්තීන් සමෘද්ධ කරවා මහත් ජනගහන කරවා උපසංදාවෙහි ඒ සියක් රජුන් හා අටළොස් අක්ෂෞ්හිණියක් පමණ මහබළ සෙනඟ ගෙන චූලනි බ්ර හ්මදන්ත රජහු අවුත් මියලු නුවර වට කළ දවස් ජනහිත නිරත වූ ‍මහෞෂධාභිධාන ශ්රීන


1. ප්රුතිබාධනය






40 නියාක සංග්රවහයට හෙවත් ශාසනාවතාරය

මහාබෝධි සත්වයන් වහන්සේ භය චකිත රහිත ව හිඳ සතුරු මහසෙනඟ ලුහුබඳවා ජය ගත් බවට දෘෂ්ටාන්ත දක්වන්නා සේ සිංහ සමාන වික්ර ම ඇති සංහල දෙමළ මහසෙනඟ පිරිවරා ඇතුළු නුරව උන් තැන ම හිඳ එකල චන්ද්රජ චක්රා දි විවිදායු ගෙන අහස් පොළෝ දෙක දැදුරු කර පුරා බෝ මැඩට දිව අවුත් වන් නානා ප්ර කාර විරූප වේශ ධාරි මාර සේනාව පරිද්දෙන් නානා වර්ණ සන්නාහ බහා ආයුධ සන්නද්ද ව, විස පැලලි, නඩසාල, මාරාසි ඉදි කොට යුද්ධ සජ්ජිත ව දියෙන් ගොඩින් එක විට අවුත් වන් ආර්යචක්ර වර්තීන් හා දෙමළ මහසෙනඟ ලුහු බඳවා නැවත ශ්රී් ලඞ්කාධිපති වූ දුෂ්ටග්රාපමණි පුමුඛ පූර්ව නරවීරයන් විසින් අඹතොට, මියුගුණ, දෙණගමු, අතුරබ, පොල්වත්ත, ඛාණු, තඹුන්න, කසාතොට, සත්බෑකෝට්ට්ය, ගාමිණිගම, වසිට්ඨගම, හාලකෝළපුර, දීඝාභය, මාගල්ල, කුම්භඛාණ, කඳමුන්න, විජිතපුරු, ගිරිනිල් නුවර, මහේල, අනුරාධපුරාදි වූ නානා ස්ථාන ගත දෙමළ කඳවුරු පැහැර කළ වික්රූම මෙලෙස ය යි දියුණු කර දක්වන්නක්හු1 කොළඹ, වත්ත්ල, මීගමු, සලාවත ආිද වූ ඒ ඒ ස්ථානයෙහි තානායම් අල්වා අතුරු නොහැර උන් සතුරු මහසෙනඟ සාධා දශ දිගන්තයෙහි යශස් තේජස් තුරුවා -

        	“තාතනන්තකන්තබ්බසුධාරභූතෝ

රුලඞ්කාරලඞ්කාසුවණ්ණද්දිවාසෝ සපත්තේභකුම්භබ්භේදේ පවීණෝ විරජේති විරාලකාධිසසීසෝ”

යනාදීන් නෛක කවිවරයන් විසින් වර්ණනීය ව ද්විපයධිරාජ ය, මණ්ඩලික රාජ ය, ප්ර්දෙශ රාජ ය, අන්තරභෝගික රාජ ය, අනුශසක රාජ ය යන පඤ්ච ප්‍රකාර රජ දරුවන් කෙරෙහි ඇතුළත් ව දාන, ප්රිඅය වචන, අර්ථ චර්යා, සමානාත්මතා සඞ්ඛ්යා ත චතුස්සඞ්ග්රහහ වස්තුවෙන් ජන රඤ්ජනය කෙරෙමින් පරලෝක ප්රාතිෂ්ඨාව පිනිස මළුකම් කරවා නෛක සහසු වස්තු පරිත්යා්ග පූර්වඞ්ගම ව සිදුරුගිරි විහාරාදි ආරාම වින්යා සයෙන් රජමහවිවාර කරවා කාඤ්චිපුර පුරන්දර ගිරිවංශ ශේකර නිශ්ශඞ්ඛ අලකේහ්වරාදි2 වංශානුගත ග්රෝ ත්රු විරුද3 නාමයෙන්


1. දක්වන්නවුන් 2. අලකේශ්වර යනාදි 3. විරූදු





නිකාය සංග්රවහය හෙවත් ශාසනාවතාරය 41

පිරිවෙන් ව්යයවස්ථා කරවා, තව ද නානා දේශ වාසී නිඛිල ජන ප්රාදර්ථනිය වූ සකල නගරාඞ්ග සම්පත්තීන් යුක්ත ජන්ම ප්රාවේණි වූ රාජග්රාිම පුරවරාසන්නයෙහි ග්රාවමාරණ්යතවාසි1 මහාසඞ්ඝයා වහන්සේට වෙන වෙන විහාර කරවා සිවුපස දානයෙන් උපස්ථාන කෙරෙමින් කුශල රාගී වර්ධනය කෙරෙති.

මෙසේ ශ්රඋද්ධාවත් ව වසන ඒ අමරගිරිවස2 නිශ්ශඞ්ක අලගක්කෝනාර නම් මන්ත්රීරහ්වරයාණෝ ඒ ඒ ස්ථානවල ස්වච්ඡන්දික ව වසන ශාසනාවවරයන්ගේ අනාචාර ස්වරූප අසා තදුපාය සොයන්නාහු සස්ය ජාතාන්තරයෙහි නැඟි තණලවන් නෙළා හැර ශස්යු ජාතයන් රක්නා ඇල් ගොවියන් සේ පූර්ව කාලයෙහි ශ්ර ද්ධාවත් රාජරාජ මහාමාත්යා්දීන් විසින් ආඥා චක්රනය මුල් ව මහෝත්සාහයෙන් බුදු සසුන් පවත්වා කළ කී නොයෙක් ශාසනෝපකාරයෙහි අද්ය්න්ත ප්රුවත්ති අසා පළා බත්ගල වනවාසි පරම්පරා‍වෙන් අසම්භින්න ව පැවැත ආ වූ රක්ෂිත පෝෂිත ශීලස්කන්ධාදි නෛක ගුණ ගණානුභාවෝත් පන්න දස දික්හි පතළ තේජස් කීර්ති ශ්රී් ඇති ශ්රීා ධර්මකීර්ති නම් වූ අප මහාස්වාමි පාදයන්ට එපවත් දන්වා බුදුන් පිරිනිවි එක් වා දහස් නව සිය දොළොස් වන අවුරුදු උභයවාසයෙහි කාරක මහාසඞ්ඝයා රැස් කරවා සඞ්ඝ මධ්ය ගත ව ගල්යාදණාධ්යාාශයෙන් යෙදී රජ බලය පෙරදැරි කරවා ගෙන ලජ්ජීන් වහන්සේට බලය ලා දි ශාසනය විචාරා ප්රාසිද්ධ ව වසන දුශ්ශීල ගණනක් දෙන සිවුරු හරවා කලක් බුදු සසුන් පවත්නා සේ සෙමෙහි තුබූහ.

එකග්හි කර වූ සඞ්ඝ සාමාග්රිසය පස් වැනි භුවනෛකබාහු පසළෝස් වනු පෙරවා කලානුරූප ව පවත්වමින් සිටියේ ය. මෙම පසළෝස් වන්නට අප බුදුන් පිරිනිවී එක් වා දහස් නව සිය එකුන් තිස් අවුරුද්දෙක් අතික්රා න්ත විය. පසු ව එම භුව‍ෙනබොහු විස වන්නෙහි එම රජුන් සුහුරුබඩු මෙහෙණවර විරබාහු නම් ඈපාණෝ රජතන් පත් ව තමන්ගේ නාමයට සුදුසු වූ ගුණ ණුවණ යශස් තේජස්ප්රතතාප රූපෛශ්වර්යාදි වූ සාතිශය විශේෂානුගත හෙතු වූ ශෞර්ය වීර්ය පුරුෂ බල පරාක්ර මයෙන් හා අනේකෝපාය හක්තීන් යුක්ත ව දෙමළ


1. ග්රාරමාරණ්යාවාසවාසි 2. අමරගිරවැස, අමරගිරි වැසි

3





42 නිකාය සංග්රපහය හෙවත් හාසනාවතාරය


මළල යෝනකාදි සතුරු සොර සියලු වියවුල් සන්හිඳවා සකල ලඞ්කා තලය ඒකාතපත්රා කොට රාජ්ය ශ්රීව විඳිමින් පූර්වෝපවිත කුශල බලයෙන් ලද්දා වූ සම්පත්ති විශෙෂය අපවත් නොකළ මැනවැයි යන අදහසින් බුදුන් උදෙසා බත් මල් පහන් පූජා කරවමින් ධර්ම කථිකයන්ට සත්කාර කොට සාදර ව බණ අසමින් අඞ්ඝයා වහන්සේට දරුගම් වටනා පස සලස්වා සිවුපස දානයෙන් උපස්ථාන‍ කෙරෙමින් සමහර බ්රාලහ්මණයන්ට ගම් බිම් කේෂ්ත්රඅ වස්තු දන් දෙමින් සමහරුන්ට වස්ත්රා භරණ ධන ධාන්යල දන් දෙමින් සමහර බ්රෘෂහ්මණයන්ට හා වස්දි භට්ට්යන්ට දැසි දස් ගව මහිෂාදීන් හා අශ්ව දාන, ගජ දාන, ගෝදාන, රත්න දාන, කන්යාද දානාදීන් සඞ්ග්රදහ කෙරෙමින් අවශේෂ යාචයන් අන්න පාන වස්ත්රභ දානාදීන් සන්තෝෂ කරවා මෙසේ තමන්ගේ බාහු බල වික්රදමයෙන් උභය ලෝකාර්ථ සංසිද්ධියටය ඒකාන්ත කාරණ වූ දාන ධර්ම රක්ෂාම කිරීමෙන් ස්ව්දේහ දේශාන්තර දෙක්හි එක පැහැර කීර්ති පතුරුවා -

“රුචිරගුණමණීනං ආකරෝ මේරුසාරෝ විජනමදගජානං දප්පිතො කේසරින්දෝ ක්විජනකමලානං භානුභුතොරුතේ‍ජෝ ජය්ති සකල ලඞ්කං වීරබාහාදිපාදෝ

විමලපිපුලසද්ධෝ සාදානාහිරත්තෝ විදිතසමයතත්තෝ සෝ දයෝ දාරවිත්තෝ ජිනතනුජදිජානං වන්දිනං සේසකානං අදදි පවරගාමේ ගෝගජස්ත්තථිදාසෙ”

යනාදීන් ‍තමන් මෙසේ ස්වභාවයෙන් ම වර්ණනීය විශේෂ ගුණ ඇත්තෝතිනුත්1 –

“අනනඤ්ඤරාජඤ්ඤසමාන මානො මහත්ථදානෙ ධනදෝපමානේ රාජා පජා රඤ්ජනලද්ධවණ්ණෝ තිසීහළං සාසති ධුතවේරි

නිරන්තරං මත්තමතඞ්ගජේව සමාගතා යාවකහිඞ්ගමාලා පීනේති සො දානරසේන සම්මා සයං ව තේසං ථුතිගීතිකාහි”


1. ඇතියනුත්


නිකාය සංග්රථහය හෙවත් ශාසනාවතාරය 43

යනාදීන් දක්වන ලද පූර්ව රාජයන්ගේ සාතිශය විශේෂ ශ්රිවණයෙන් සඤ්ජාත වූ සාභිමාන චිත්තෝත්සාහ ඇති ව ලඞ්කාධි පති වූ ශ්ර ද්ධාවත් මහරජුන් දවස පැවති ධර්මානුගත රජ සිරිත් හැම කාලානුරූප ව පවත්වමි යි යන උදාරාධ්යාජශයෙන් ලෝක ශාසනෝපකාරයෙහි නිරත්රෙන් තත්පර ව ත්රි රන්තානුගත චිත්ත ප්ර සාදයෙන් ම නව රත්නයෙන් හා ත්රිව රත්න ශේභාවෙන් ශ්රීදමත් වූ ශ්රීද ලඞ්කා ද්වීපමට ආරක්ෂා පිණිස ශෞය්ය්ත වීය්‍ාත්න න්චිත සේවක ජනයන්ට තරම් පඩි සලස්වා ඔවුන් හැම ඛඞ්ග කුන්ත ධනුශ්ශිල්පාදියෙහ් දක්ෂ කරවා සේනා වාහන සන්නද්ධ කරවීමෙන් ම රෞද්රන වූ විරුද්ධ ජනයන් භය ගන්වා පර සතුරන් දුරු කොට රජය සෙමෙහි තබා දවසින් දවස පින පිනා කුසල් සිත වඩවමින් දන්හල් කරවා නා නා තමයවාසී වූ පණ්ඩරඞ්ගාදි පාෂාණ්ඩයන් හා අවශේෂ යාචයන්ට දන් දෙමින් බ්රාාහ්මණයන්ට හා වන්දිභට්ට්යන්ට වඩ වඩා ධන ධාන්යක වස්ත්රා භරණ යාන වාහනාදිය දන් දෙමින් සන්තුෂ්ට කරවා ඔවුන් කරන ස්තුති ඝෝෂායෙන් පින පිනා -

තව ද තමන් ස්වභාවයෙන් ම ශාසන භක්ති ඇති හෙය්න්ක උභය වාසයෙහි මහාසංඝයා වහන්සේට නිරන්තරයෙන් මහදන් පවත්වා භාණ්ඩාගාරයෙන් ම සිවුරු දී කුල පුත්රරයන් මහන මහලු පැවිදි කරවා මතු ශාසනාරක්ෂාවට යෝග්ය් තැන් බලා පරීක්ෂා කොට අග තැන් පහපදවි ස්ථානාන්තර පමුණුවා යුක්ත ප්රා්ප්ත කාලයෙහි සඞ්ඝ දර්ශන ප්රගභව ප්රීසති ප්රවමෝද්යෂ රසාස්වාදකෙරෙමින් සඤ්ජාත ව ශාසනාභිලාෂ ඇති ව තමන්ගේ ප්ර්ධාන පුත්රරයාණන් ශාසනස්ථ කරවා වඩ වඩා මෙ‍ෙස් ශ්රනද්ධාවත් ව වසන්නාහු පිටිසර වැිස සමහර ශාසනාවවරයන්ගේ අනාචාර බහුලත්වය අසා යට කියන ලද රක්ෂිත ගෝපිත ශීලස්කන්ධාදි ලෞකික ගුණ ගණානුභාවෝත්පන්න ව දස දික් පතළ තේජස් කීර්තිශ්රීන ඇති ශ්රීස ධර්මකීර්ති මහාස්වාමි පාදයන් වහන්සේටග් අනුජාත ශිෂ්යර පුත්රශ වූ තත්කාල ශාසනානුශාසක ද්විතීය ධර්ම කීර්ති මහාස්වාමි පාදයන් ප්රාධාන කොට ශාසනෝපස්තම්කාරි වූ ගලතුරුමුළ මෛත්රේය මහාස්ථවිර පාදයන් ඇතුළු ව උභයවාසයෙහි මහාසංඝයා රැස් කරවා පෙර පැවති චාරිත්ර ලෙස ලජ්ජින් වහන්සේට බලය ලා ශාසය විචාරා දුශ්ශීල මල පහ කොට නිර්මල කිරිමෙන් බුදු සසුන් බැබැළ වූහ.







44 නිකාය සංග්රකහය හෙවත් ශාසනාවතාරය

එකලට බුද්ධ වර්ෂයෙන් එක් වා දහස් නව සිය එකුන් සාළිස් අවුරුද්දෙක් අතික්රාදන්ත විය.

එසේ හෙයින් ශාසන පක්ෂයපාත මධ්යයස්ථ ශ්රඅද්ධාවත් ධර්මාශෝ‍කාදි වූ මෙකී පූර්ව නරවීරයන් විසින් කරන ලද ශාසන පවිත්රස චාරිත්රදය හා තව ද -

“යෝදාරචාරුමතිමා ජිනස සනම්හි සඤ්ජාතසාසනමලං යදි සෝධයෙය්යත පුඤ්ඤේන තේන නදිවේසු විරං වරිත්වා තේනේව යාති වරසන්තිපුරං සුරම්මං”

යනාදීන් “යම් කිසි ශ්රමද්ධාවත් නුවණැති මහෝත්තමයෙක් ස්වාර්ථ පරාර්ථ භඤ්ජක වූ දුර්ජන දුශ්ශිල මහණුන් නිසා සර්වඥ ශාසනයෙහි උපන් යම් කිසි කිලුටක් අසා දැන ලා හෙළා නින්ුදා නොබැණ ධර්මාන්විත ව විචාරා වස්තු ලෙස පිළිපැද ශාසනය ශුද්ධ කොට ආත්මාර්ථ පරාර්ථ සාධක වූ සාධු සම්මත ලජ්ජි බලය පවත්වා සර්වඥ ශාසනයට පිටුවහල් වූයේ වී නම් මෙතෙම එම කුසලානුභාවයෙන් බොහෝ කාලයක් මුළුල්ලෙහි ව්යුතති ප්රුතිසන්ධි වශයෙන් ස දෙව් ලොව සැරි සරා සැප බිඳ අතිප්රමවර වූ නිවන්පුර පැමිණෙන්නේ ය”යි දක්වන ලද මේ පාලි වචනය සිත තබා තත්කාලෝචිත ආඥා පුරස්සර පුරුෂෝත්තමයන් විසින් තම තමා අවධියට සර්වඥ ශාසන යෙහි පැමිණි දුස්සීල මල පහ කිරීමෙන් පස් වා දහසක් පවත්නා ස්වර්ග මෝක්ෂ සම්පත්ති සංඛ්යාසත සකලාභිමතාර්ථ සිද්ධියම උත්සාහ සිතුව යහපති.

අම්හේහි කිං අසුතමත්ථි ඉතෝ අඤාතං ජානාම සබ්බමිති චෙත්ථ න චින්තනීයං දීපම්හි ජෝතිසහිතෙ පුන තෙලසේක සාදිස්සකං මම ඉදං වචනං හි තස්මා

නිච්චා නේකදිගන්තපත්ථටමහාතේජෝසහස්සංසුනා හෙත්වා දුජ්ජන සබ්බඝෝරතිමිරා නිස්සේසතෝ සන්සතං කෝසෙත්වා සජනාලිහංසසහිතං සංසාරවින්දාතරං ලඞ්කාඝෙ සුචිරං රමන්තු පවරා රාජාදිරංසිස්සස්රා





නිකාය සංග්රිහය හෙවත් ශාසනාවතාරය 45

ධම්මෝ පවත්තත් චිරාය මුනිස්සරස්ස ධම්මේඨිතා වසුමතීපතයෝ භවන්තු කාලේ පවස්සතු ඝනෝ නිඛිලා පජාපි අඤ්ඤොඤ්ඤමෙත්තිපටිලාභසුඛං ලහන්තු

ශ්රඤද්ධා බුද්ධි සම්පන්න විචාරක්ෂම මධ්යාස්ථ රාජරාජ මහා මාත්යාිදීන් නිසා ශාසනය පවත්නා බව හඟවනු පිණිස දේව රක්ෂිතාභිධාන ජයබාහු මහාස්ථවිරයන් විසින් උපදවන ලද මේ නිකාය සඞ්ග්ර හය නම් වූ ශාසනාවතාර චරිතය ශාසනෝපකාර කෙරෙමින් හාසනාන්තය දක්වා පවතිවා.

ගඞ්ගාසිරිපුරෙ රම්මේ භුවනේකභුජේ පුරේ රජ්ජං කාරයමානෙ යො ධම්මකිත්තියතිස්සරො

ගඩලාදෝෂිගාමම්හි සද්ධමතිලකව්භයං විහාරං කාරයිත්වාන වසයි සුවිරං තහිං

තස්ස සිස්සුතෝ ධීරෝ දේවරක්ඛිතනා‍මකෝ ජයබාහූති නාමේන විස්සුතෝ ලෝකපූජිතෝ

ධම්මකිත්තිමහාථෙරෝ ඉති තන්නාමභූසිතෝ පත්වා යෝ සඞඝරාජ‍ත්තං සෝභේසි ජිනසාසනං

නිකායසඞ්ගහං ඒතං සභාසාය සමාසතෝ අකාසි සෝ සදා සත්ථු සාසනස්සාභිවුද්ධියා.

ඉදං චක්ඛුභූතං හිතං ගන්ධජාතං කරොන්තෙන පත්ත මයා යන්තු පුඤ්ඤං ඉමේ තේන සත්තා මුනින්දේන යාතං සිවං විතසො‍කා පදං පාපුණන්තු

සුරා අච්ඡරානං ගණාදිහි සද්ධිං ‍චිරං දොවලෝකේ සුඛං වානුහොන්තු චිරං ඨාතු ධම්මෝ ජින්නදස්ස ලෝකෙ ‍සුඛං ළෝකපාලං මහිං පාලයන්තු

නිකාය සඞ්ග්රපහය

නිමි

නිකාය සංග්රරහය ගැටපදය

ස්වස්ති :- යහපතක් වේවා, සැප ඇති වේවා. මංගල්යියක් වේවා යන අර්ථය ඇති පදයකි. කිසියම් වැදගත් කාර්යයක් අරඹන විට ‘ස්වස්ති’ යි කිම මෙරට පැවැති සිරිකත් විය. ප්රටශස්ත :- පසන්නා ලද, ප්රටශංසා කරන ලද, ශේෂ්ඨ වූ ශ්රී ඝන :- භාග්යසවතුන් වහන්සේ. පුණ්ය සම්පත්තියෙන් ඝන වූ හෙවත් ගහන වූ හෙයින් බුදු රජාණන් වහන්සේට ඒ නම යෙදේ ‘නමඃ ශ්රී‍ඝනාය” යන තන්හි මෙනි. සකල:- සියලු ශාසනාශ්රීි භාරධාරි :- ශාසනයෙහි ශ්රීමයෙහි හෙවත් ශෝභාවෙහි භාරය දරන. ප්රයදිපායමාන :- පහනක් බඳු, ප්රීදීනම, ආයමන. ‘අයාමන’ යන ‘සමාන’ යන අරුත් ඇත් ප්රදත්යරයකි. ලෝක ශාසනානුරක්ෂපණයෙහි :- ලෝකය හා ශාසනය ආරක්ෂා‍ කිරීමෙහි, ශාසන + අනුරක්ෂපණයෙහි. ගුණ නීති මාර්ගානුවර්තක :- ගුණය. නීතිය යන මාර්ග දෙකට අනුව පවත්නා මාර්ග + අනුවර්තක මධ්යගස්ථාහිජාත කිර්ති ප්රයබන්ධ:- මැදහත් බව නිසා උපන් කීර්ති සමූහය ‍ඇති, මධ්යගස්ථ + අභිජාත, ‘අභිජාත’ යනු විශිෂ්ට ලෙස හට ගත් යනු අරුතෙහි ය මෙහි යෙදී ඇත්තේ. අයුරාරෝග්යායදි වූ :- ආයුෂ ආරෝග්යය ආදී වූ, ආරෝග්යශ නම් රෝගයෙන් මිදුණු බව යි. ‘නීරෝග’ යනු යි. සාදරාර්ජිත :- සාදරයෙන් රැස් කරන ලද, ආදර සහිත වූයේ සාදර යි. ස + ආදර + අර්ජීත පුණ්යත සම්භාර :- පුණ්යර රාශිය, පිස් රැස. ප්ර්දාන :- දීම, පරිත්යා ග කිරීම පූර්ඞ්ගම ව :- පෙරටු කොට හෙවත් පෙරදැරි ව අනුනය :- චාටුව, නැළවිල්ල, අනුන්ගේ සිත් සතුටු කිරීම සඳහා කරන කියන දෙය. ප්රනතිඝ :- ක්රෝ ධය, ගැටීම පරිත්යගක්ත :- හරන ලද, දුරු කරන ලද,





48 නිකාය සංග්රරහ ගැටපදය

පූර්ව ලඛිතය :- පෙර ලියන ලද්ද. ප්ර්ත්ය:ක්ෂල කාර්ය මාර්ගය :- පැහැදිලි කාර්ය පිළිවෙළ. ඇසීමෙන් හා දැකීමෙන් පැහැදිලි වූ කටයුතු පිළිවෙළ ජිනවර :- උතුම් වූ, ශ්රෙමෂ්ඨ වූ ජිනයන් වහන්සේ, බුදු රජාණන් වහන්සේ පරිණිර්වාණයෙහි පටන්:- පිරිනිවන් පෑමේ සිට. මෙවක් පෙරවා :- මේ කාලයේ පටන්, බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ තැන් සිට. ශාසන ප්රරවෘත්තිය :- ශාසනය පිළිබඳ පුවත, කථාව සැකෙවින් :- සංක්ෂේපයෙන්, කෙටිටයන්, ලුහුඩින් පුර්වනාම ප්ර:කාශිත :- මුල් නාමයෙන් හඳුන්වන ලද, කියන ලද. ශාසනාවතර චරිතයක් :- ශාසනයට බැස ගැන්මට කථාවක්. ශාසනය සම්බන්ධ පුවතක් ධර්මානුගත :- ධර්මයට අනුකූල ව ගිය ධර්ම + අනුගත, ‘අනුගත’ යනු අනුව ගිය යනු යි. කථා ප්රගබන්ධයෙක් :- ප්ර බන්ධ කරන ලද්දා වූ කථාවක් සිත්හි ලා :- සිතෙහි යොදා, සිත‍ යොමු කොට කරුණා පුරස්සර :- කරුණාව පෙරදැරි කොට ඇති, මුල් කොට ඇති ප්රණභූ ගති :- ප්රපභූත්වට අනුව ගිය පැවතුම් ඇති මහතවුසක් ව :- මහතවුසකු ව. දිවකුරු බුදුන් :- දීපංකර බුදුන් හස්තගත වූ :- අත්පත් වූ, අතට පැමිණි බුද්ධ කාරක ධර්මයන් :- බුද්ධත්වය ඇති කරන ධර්මය හෙවත් පාරමිතා අභිප්රාායෙන් :- අදහසින් විවරණශ්රීක :- විවරණ සම්පත්තිය සාරාසංඛ්යක කල්ප ලක්ෂයක් :- ලෝකය ඇති වී නැති වන තෙක් පවතින කාලය ‘කල්ප’ නම් වේ. මෙතෙක් ප්ර මාණය යි ගණන් කළ නොහැකි ‘කල්ප’ අසංඛ්ය් කල්ප නම් වේ. එබඳු කල්ප ලක්ෂ හතරක් සාරා අසංඛය කල්ප ලක්ෂ්යක නම් වේ. සාර යනු ‘සතර’ යනුයි. වඩනා ලද :- වර්ධනය කරන ලද ඒකාකාර :- එක් අයුරු වූ, ඒක + ආකාර - ‘ඒකාකාර’ දශ ප්ර කාර පාරමී ධර්මයන් :- දස වැදෑරුම් පාරමිතා ධර්මය. දශ පාරමිතා. දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, වීරිය, ඛන්ති, සච්ච, අධිට්ඨාන,‍ මෙත්තා, උපෙක්ඛා යනු පාරමිතා දහය යි. මුහුකුරුවා :- මුහුකරවා, මෝරවා තුසී පුර:- තුසිත නම් දෙව් ලොවට.



නිකාය සංග්ර හ ගැටපදය 49

දශ සහශ්රී් ලෝක ධාතුව :- දහ දහසක් ලෝකයන්හි. අයජමෙන් :- ආයාචනයෙන්. පස් මහබැලුම් :- පඤ්ච මහාවිලෝකන, බෝසත්වරයකු බුදු වන ජන්මය සඳහා බලන මහ බැලුම් පස, බුදු වීමට සුදුසු කාලය, දේශය, කුලය, ද්වීපය හා මව පිළිබඳ ව විමසා බැලීම ප්රපථම කල්පෝද්භූත :- පළමු කල්පයෙහි ආදිම භාගයෙහි හෙවත් මුල දී ම ඇති වූ කල්ප + උද්භූත. මහාසම්පත රජහු පටන් :- සහාසම්මත රජුගේ පටන් මහජනයා විසින් සම්මත කොට ගත් ආදි ම රජ මහාසම්මත නම් විය. මනුරජ යනු ද ඔහු ම ය. අසම්භින්නව :- නො කැඩී, දිගට ම පැවැත ආ ඒක වංශ ප්ර සූත‍ :- එක ම වංශයෙහි උපන් සතානුවක් :- අනූ හතක්, සත + අනුවක් අභිෂේක ප්රා ප්ත :- අභිෂේකයට පැමිණි - රජකමට පැමිණි, ඔටුනු පැළදීමේ දී රජුගේ හිසට ජලය වැක්කිරීම හෙවත් ජලයෙන් තෙමිම අභිෂේක නම් වේ. සූතිස් දහස් :- තිස් හතර දහසක්. සිවු + තිස් - සූතිස් එකානූ!වක් ;- අනූ එකක්. එක් + අනූවක් - එකානූවක් හිරුගොන් රජුන් :- සූය්ය්ක් වංශික රජුන්. පළමු රජු සූර්යාගෙන් උපන්හ යි සැලකේ. ඔහුගෙන් පැවැත එන රාජ වංශය ‘සූර්ය වංශය’ නම් වේ. අන්තර්ගත ව :- ඇතුළත් ව උභයකුල පරිශුදධ :- මවගේ කුලය හා පියාගේ කුලය යන කුල දෙකින් ඉතා පිරිසිදු වූ නරපතිහු නිසා :- රජු කරණ කොට ගෙන දශමාසාවසනයෙහි :- දශ මාසාවසනයෙහි :- දශ මාසයේ කෙළවර, මවු කුස පිළිසිද ගත් දා සිට දස මසක් ගෙවී ගිය කල දශමාස + අවසානයෙහි පසළොස් පෑ පිරුණු සඳ :- පසළොස් පැය ගෙවී යත් ම විසා නැකතින් :- විශංඛා නම් නැකතින් මඟුලුයන්හි :- මඟුල් උයනෙහි. රජුගේ උයන මඟුල් උයන වෙයි අනුක්රනමයෙන් :- පිළිවෙලින් යෞවන ප්රාිප්ත ව :- තරුණ බවට පැමිණ පුරාඞ්ගනාවන් :- අන්තඃපුර ස්ත්රීණන්, පුර + අඞ්ගණාවන් තුන් පා‍යෙහි :- ප්රා්සද‍ තුනෙහි ශක්ර දේවේන්ද්ර ලීලාවෙන් :- සක් දෙවිදුගේ ශෝභාවෙන් නොහොත් ආකාරයෙන්.




50 නිකාය සංග්ර්හ ගැටපදය

රාජ්යෙ ශ්රීර :- රාජ්යා සම්පත්තිය සතර පූර්ව නිමිත්ත :- පෙර නිමිති සතර, යමක් සිදු විමට පෙර හෙවත් පළමු ව ඇති වන ලකුණු පෙර නිමිති නම්‍ වේ. සිදුහත් බෝසත් අබින්ක්මන් කළේ එබදු නිමිති සතරක් දැකීමෙන් පසුව ය. මහලු රුවක්, රෝගියකු, මළ මිනියක් හා පැවිදි රුවක් දැක හට ගත් කලකිරිමෙන් සිදුහත් බෝසත් අබිනික්මන් කළේය ඒ සතර පෙර නිමිති යි. මහබිනික්මන් නික්ම :- මහා අභිනිෂ්ක්රහමණය සඳහා පිටත් වී, මෙහි ‘මහා’ යනු ‘ශ්රෙමෂ්ඨ’ යන අර්ථය දෙයි. එකුන් තිස් :- එකක් උථනු වූ, ඌන වූ හෙවත් අඩු වූ තිස ‘එකුන් තිස්’ නමි. එනම් විසි නවය යි. සාවුරුද්දක් :- අවුරුදු හයක් . ස + අවුරුද්දක් මහාවීර්ය කොට :- මහත් සේ උත්සාහ කොට සල් වෙනෙහි :- සල් උයනෙහි, ශාල වනයෙහි දිවා විහාර කොට :- දහවල් වාසය කොට එළවන ලද :- ගෙන හැර දෙන ලද, පිළිගන්වන ලද ඇසතු බෝ මුල්හි :- ඇසතු (අශ්වත්ථ) නමින් හදුන්වන ලද බෝධි වෘක්ෂි බෝගස මුල දී. තුදුස් රියන් :- රියන් දහ හතරක් වූ විදුරසුන් :- වජ්රා සනය, විදුරු + අසුන්. භාවනා සඳහා හිද ගනු ලබන ක්රුම‍යකි, මෙයින් අදහස් වන්නේ, වජ්රඅ යනු දියමන්ති සඳහා ද යෙදේ චතුරඞ්ග වීර්යාධිෂ්ඨානයෙන් :- අංග සතරකින් යුත් දැඩි අධිෂ්ඨනයෙන්; සම්, මස්, නහර ලේ යන අංග සතර වියළී ගියත් අභිමතාර්ථ සඵල කර නොගෙන මෙයින් නො නැඟිටිමි. යන අධිෂ්ඨානයෙන් පලක් බැද :- පර්යඞ්ගයක් බැඳ ගෙනම පර්යඞ්කයෙන්. එරමිණිය ගොතා ගෙන. සපිරිවාර :- පිරිවර සහිත මහධේශ්වර වූ :- මගධය දේශයට අධිපති වූ, මගධ + ඊශ්වර බිම්සර රජහට :- බිම්බිසාර රජුට සොළොස් වැන්නෙහි :- දහ සය වන අවුරුද්දෙහි, බිම්සර රජ වී අවුරුදු දහසයක් සපිරුණු විට පන්තිස් වන :- තිස් පස් වන, පස් + සිල් - පන්සිල් ලෝසර්වඥපද ප්රාිප්ත ව :- ‘සර්වඥ’ පදවියට පත් ව බුදු ව. ‘සර්වඥ’ යනු සියල්ල දත් තැනැත්තායි සත්සති :- සති හත, බුදු වීමෙන් පසු ව ගත කළ සති හත. බුදු වීමෙන් පසු ව පළමු වන සතිය බෝ මුල ද, දෙවන සතිය බෝධියට ඊසාන



නිකාය සංග්රමහ ගැටපදය 51

දිශාවෙහි ද, තුන් වන සතිය රුව්න සක්මානෙහි ද, සිවු වන සතිය රුවන් ගෙහි ද, පස් වන සතිය අජපාල නුරුරක මුල්හි ද, ස වන සතිය මුචලින්ද නා රජුගේ දරණ තුළ ද, සත් වන සතිය කිරිපලු ගස මුල්හි ද කල් ගෙවූහ. බ්රරහ්මාරධනා :- සහම්පති නම් බ්රමහ්මයාගේ ආරාධනාව, මේ බ්රිහ්මයා බුදුනට දහම් දෙසන ලෙස ආරාධනය කෙළේ ය. ඉසිපතන උයන්හි :- ඉසිපතන නම් උයනෙහි, ඍෂීන් බස්නා හෙයින් ඉසිතතන නම් වී. ධම්සක් පවත්වා :- ධර්ම චක්ර්ය පවත්වා, එනම් සූත්ර ය දෙසා. පන්සාලිස් :- හතලිස් පස් ශාලවනෝද්යා්නයෙහි :- සල් වන උයන්හි, යුග්ම ශාලභ්ය‍න්තරයෙහි :- සල් ගස් දෙක අතරෙහි වැඩ හෙව :- සැතපී නිරුපධිශේෂ නිර්වාණ ධාතුයෙන් :- උපධි නම් පඤ්චස්කන්ධයයි. එයින් කිසිවක් ඉතිරි නොවූ නිර්වාණ ධාතුවෙන්. නිවන්පුර පරායණ වූ :- නිවන් පුරටය පැමිණි. වහස්නා :- දුක් වන අනනක් මහණ ගණයා :- නවක හෙවත් ආධුනික භික්ෂූ සමූහයා අහදා :- අයහපත්, හොඳ නොවූ ඇවැත්නි :- ආයුෂ්මතුනි, ‘ආයුෂ ඇත්තෙනි’ යන අරුතියි, ආමන්ත්රමණය සඳහා යෙදෙන්නකි මහමහණු :- මහා ශ්රුමණයා මහසුප් :- මහාකාශ්යනප, මහ + කසුප් මහසුප් අවසර නොවන සේ :- ඉඩ නොලැබෙන පරිද්ාදෙන්. මහාක්ෂීණාශ්ර වයන් :- මහරහතන් වහන්සේ, කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන ආශ්ර්ව සතර ක්ෂය කාල හෙයින් රහත්හු ක්ෂීණාශ්රදව නම් වෙති. ක්ෂීණ + ආශ්ර,ව - ක්ෂීණාශ්රශව වේහාර පර්වත ප්රාරන්තයෙහි :- වේහාර පර්වතය කෙළවර ගල් ගුහා ද්වාරයෙහි :- ගල් ගුහාවේ දොරකඩ අනේක ප්ර කාර :- නොයේක ආකාර ඇති. චිත්රප කර්මාන්ත විශේෂයෙන් :- සිතුවම් වර්ගවලින් සාද්රපශ්ය් :- සමාන වූ මණ්ඩපයක් :- මඩුවක් නානාවිධ :- නොයෙක් ආකාර. නපුෂ්පෝපහාර :- මල්පූජාවෙන්, පුෂ්ප + උපහාර



52 නිකාය සංග්රනහ ගැටපදය

සමලඞ්කෘත :- මනා කොට සරහන ලද භූමි භාග :- බිම් කොටස් කනක :- රත්තරන් රජත :- රිදී මණිතාරකාදීන් :- මැණික් තාරකා ආදියෙන් ශ්වේත විතාන :- සුදු වියන් ධවලාතපත්රායෙන් :- සුදු කුඩයෙන්, ‘ආතප’ නම් අව්ව යි.එයින් රක්නා හෙයින් ‘ආතපත්රන’ නම් වේ කුඩය යි. විරාජමාන :- නබබළන ගණ ප්රාධාන :- සමූහයාට ප්රුධාන වූ ත්රි්පිටක පර්යාප්ති ‍ප්ර භේද ධර :- සූත්ර , අභිධර්ම, විනය යන ත්රි‘පිටක ධර්ම කොටස් දරන. ත්රි්විද්යාර :- තුන් ආකාර නුවණ, පෙර විසූ කද පිළිවෙළ දන්නා නුවණ, දිව, ඇස, අශ්ර්වයන් ක්ෂය කරන නුවණ. අෂ්ට විද්යා යෙහි කෙළ පැමිණි :- අට වැදෑරුම් ඥානය, විපස්සන, මනෝමය ඉද්ධි, ඉද්ධිවිධ, දිබ්බසෝත, පරවිත්ත විජ්නන, පුබ්බ්බේනිවාසානුස්සතී, දිබ්බචක්ඛු. ආසවක්ඛයකර යනු ඒ අට වැදෑරුම් ඥාන හෙවත් නුවණ ය. එහි කෙළවරට පැමිනි. සිවුපිළිසිඹියා පත් :- සතර පට්සම්භිදාවට පැමිණියා වූ, අත්ථ, ධම්ම නකිරුක්කි, පටිහාන යනු සිවුපිළිසිඹිය, නම් වේ. හසත්යනශ්ව රථ පදාති සඞ්ඛ්යාහත, :- ඇන්. ඇස්, රිය, පාබළ නම් වූ චතුරඞ්ඟනී සේනාව :- අඞ්ග සතරින් යුත් සේනාව. සිවුරඟ සෙනඟ, ඉහත දක්වන ලද අංග හතරින් යුත් සෙනඟ අතුරු නොහැර :- ඉඩක් නො තබා සිසාරා :- වට කොට රකවල් :- රැකවල් ආරක්ෂාව, තබා, මුර කරවා. ජිවමාන කාලයෙහි :- ජිවත් වන කාලයෙහි ව්යාාතික්රසම වස්ත්පත්ති :- ක්රූම ඉක්මවා ගිය කරුනු ඇති වීම නිමිත්ත් කොට ගෙන :- හේතු කොට ගෙන ශාසනස්ථිතිය සඳහා :- ශාසනයෙහි පැවැත්ම සඳහා. ප්රනතිමණ්ඩිත වූ :- යුක්ත වූ පරිජි පවිති දෙ පොතෙහි :- විනය පිටකයට අයත් පොත් දෙකකි මහවග සුළුවග පරිවාර :- මේ විනය පිටකයට අයත් පොත් තුන යි ධම්සඟුණ :- ධම්මසංගණි, අභිධර්ම පිවකයට අයත් ශ්රනන්ථයකි. විහඞ්ග සවුරුණ (විහංග ප්රරකාරණය ) කථාවස්තු, පුද්ගල ප්රරඥප්ති, ධාතුකථා, ඉන්ද්රි්ය යමක, මුලයමක, ද්වික පට්ඨාන, තික පට්ඨාන. ද්විකතික



නිකාය සංග්ර්නහ ගැටපදය 53

පට්ඨාන :- යනු අභිධර්ම පිටකයේ සෙසු ග්රඨන්ථ ය. දීඝනිකාය :- සූත්රභ පිටකයේ මුල් ග්රනන්ථය යි, මධ්යයම නිකාය සංයුත්ත ‍නිකාය, අඞ්ගුත්තර නිකාය යනු ඊට අයත් අනික් ග්රටන්ථ සතර යි. බුද්ධකනිකායෙහි :- ත්රි පිටකයට අයත් මෙහි ග්රයන්ථ පසළොසක් ඇතුළත් වේ. එනම් බුද්ධක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සූත්රතනිපාත, විමාන වස්තු, ප්රේ,තවස්තු. ථෙරගාථා, ථෙරිගාථා, ජාතක, නිර්දේශ ප්ර තිසම්භිදා, අපදාන, බුද්ධවංශ, වරියාපිටක යන මේ ග්රතන්ථ යි. ප්රාකාරණ විහාංගයන් :- පොත් ලෙස බෙදීම ‍වශයෙන් ග්රාන්ථ සඟඞ්ඛ්යානවක් :- ‘ග්රගන්ථ’ නම් අක්ෂ,ර තිස් දෙකකින් යුත් කොටසකි. සුවාසු දහසක් :- අසූ හාර දහසක් ධර්ම ස්කන්ධයෙන් :- ධර්ම සමූහයෙන් පාලි ධර්මය :- ත්රිධපිටක ධර්මය. වියායාභිධර්ම සුත්රඟ සංඛ්යාධත :- විනය, අභිධර්ම, සූත්රත නම් ‍වූ. පිටක ත්රධයෙහි :- පිටක තුනෙහි සඞ්ග්රමහ කරවීමෙන් :- රැස් කරවීමෙන්. දිව සුවඳ වර්ෂා :- දිව්යසමය සුවඳ වැසි, දෙව් ලොවින් ආ සුවඳවැසී. ගුගුරුවමින් :- ඝෝෂණය කරමින්. සත්කුල පව් :- සප්ත කුල පර්වත, යුගන්ධර, ඊසධර, කරවික, සුදස්සන, හේමින්ධර, විනතක, අස්සකණ්ණ යනු සප්ත කුල පර්වත ය. බමවමින් :- බ්රමමණය කරවමින්, කරකවමින් ලොකෝත්සව :- ලෝකයෙහි උත්සව. උත්සව නම් අද්භූත දේ යි. ධර්ම සඞ්ගායනාවසානය කරවා :- ධර්ම සඞ්ගායානාව අවසන් කරවා, නිම කරවා ධර්ම සඞ්ගායනා + අවසානය. මහාස්ථවිර පරම්පරාවෙන් : මහතෙරවරුන්ගේ පරපුරින් හෙවත් පෙළපතින් ථෙරිය නිකාය :- ස්ථවිර නිකාය, තෙරුන්ගේ නිකාය, ශීනයානිකයන් ස්ථවිර නිකායට අය්ත වූවන් සේ සලකා ඇත මහාභික්ෂු සන්තතිය :- මහාභික්ෂු පරම්පරාව පස් වා දහසක් :- අවුරුදු පන් දහසක් ‘වා’ යනු ‘අවුරුදු’ යන අරුත ඇත්තේ යි. නොපිරිහී :- පිරිහීමට පත් නො වී. තැන්පත් කරවූහ :- ස්ථිර කරවූහ.





54 නිකාය සංග්රේහ ගැටපදය


2

ඇවෑමෙහි :- මිය ගිය පසු. පැළලුප් නුවර :- පාටලී පුත්රර නගරය. මගධ රාජ්යසයෙහි අගනුවර ‍වූ මෙය වර්තමානයෙහි ‘පැට්නා’ නමින් හැදින්වේ. විශාලා නුවර :- සොළොස් මහ රාජධානියෙන් එකක් වූ විශාලාව වජ්ජින්ගේ නගරය විය. කප්පති සිඞ්ගිලෝණ කප්පෝ :- ‍අඟක ලුණු දමා ගෙන සිට ආහාර සමඟ මුසු කොට කෑම කැප ය. කප්පති ද්වඞ්ගුල කප්පෝ :- හිරු දැඟුලක්, අඟල් දෙකක් අවරට හැරෙන තෙක් ආහාර වැළඳීම කැප ය. කප්පති ආවිණ්ණ කප්පෝ :- ඇදුරන් කළ දේ නො විමසා ඒ අයුරින් ගැනීම කැප ය. කප්පති ජාතරූපරජතං :- රන් රිදී පිළිගැනුම කැප ය. අභූක පූර්ව :- පෙර නොවූ. අභිප්රාරයානුකූල :- අදහසට, කැමැත්තට අනුකූල ව. අභිප්රාආය + අනුකූල දශ වස්තුවක් :- කරුණු හෙවත් වස්තු දහයක් එනම් විනය ප්රවඥප්ති :- 1 අඟක ලුක දමා ගෙන සිට යාවකාලිකය හෙව්ත මධ්යාාහ්න කාලය තෙක් භික්ෂූනට වැළදිය හැකි ඛාද්ය බෝද්ය වර්ග සමග මුසු ‍කොට වැළඳීම සුසුසු ය. 2. යාවකාලිකය හිරු අවරට හැරි දඟුලක් යන තෙක් වැළඳීම සුදුසු ය. 3 නොපැවරූ භෝජනය, පවාරණය නොකළ භෝජනය අනික් ගමක දි වළදන්නට සුදුසු ය. 4. මහාසීමා ඇතුළත්හි නොයෙක් ආවාසවල වෙන් වෙන් ලොස පොහෝ පවුරුණු ආදිය කරන්නට සුදුසු ය. 5. ඇතුළු සීමාවෙහි වසන භික්ෂූන්ගේ ඡන්දය හෙවත් කැමැත්ත නොගෙන එක් ව පොහෝ ‍ොකට පසු ව ඒ භික්ෂූන්ගේ කැමැත්තට ගන්නට සුදුසු ය. 6 පෙර ඇදුරන් කැප හා අකුප යයි කළ දේ තමන් කිරිම ද කැප යයි කරන්නට සුදුසු ය. 7. පවාරණය කළ හෙවත් වැළකී සිටි දී බවට නොපත් අඩක් මිදුණු කිරි කැප නො ‍ොකට වළදන්නට සුදුසු ය 8. නොළා, නොපැසුණු රා බිම සුදුසු ය. 9 දහ හෙවත් වාටිය නැති නිසදුන් සිවුරු සුදුසු ය. 10. රන් රිදී පිළිගැනීම ස‍ුදුසු ය. විනය ප්රුඥප්ති ;- විනයෙහි පැනවීම්. ශික්ෂාපද පැනවීම. පෙරළා ගෙන :- විපර්යාස කොට ගෙන භේද ‍කළහ :- බිද ලූහ. වෙන් වෙන් කළහ. අර්ය ගණ මධ්යකයෙහි :- ආර්යයන් සමූහය මැද සෝවාන් ආදී සතර මහ සතර ඵල ලද්දෝ ආර්යයෝ නම් වෙති. පිළිවිස්වා :- විවරවා, විමසා. වර්ජනය කරවා :- විසඳවා.


නිකාය සංග්ර හ ගැටපදය 55

විනායන්විත :- විනයානුකූල. අලජ්ජි වූ :- ලජ්ජා නැති. නමහාවන විහාරය නිසා :- මහාවන විහාරය සඳහා මහාවන විහාරය සඳහා මහාවන විහාරය තැනීම සඳහා. ඔවුන් ඇම :- ඔවුන් හැම දෙන. සමාචාර විභාග :- පැවැත්මෙහි වෙනස මැසිවිලි මුසු ‍අ‍ඳෝනා :- අසතුට මුසු වු බැගෑපත් වචන, මැසිවිලි යනු කන්නලව් සඳහා ද යෙදේ. විජිත‍යට :- රාජ්යියට බට නො දෙව :- බසීනු සඳහා ඉඩ නො දෙ වු. විධාන කොට :- නියම කොට. මං වැරද :- මඟ වැරදි. ලෝකුඹු නරකයෙහි :- ලෝකුඹු හෙවත් ලෝහකුම්හි නම් අපායෙහි. පහන් කොට :- එලි කොට රාත්රි යේ නො නිදා සිටී බව යි මෙයින් පැවසෙන්නේ ජ්යෙ ෂ්ඨභගිනි වූ :- වැඩිමහනලු සහෝදරිය වූ. ගෘහ්ස්ථ :- ගිහි ගෙයි වැසි. පිරිහෙළා :- පහන් කොට. ලජ්ජින් :- ලජ්ජා ඇත්තවුන් පිටිවහල් :- උපකාරය. උදව්ව සඞ්ගීති කාරක :- සංගායනා කරන හෝ සංගායනා කළ.


3

ශාසන ප්රකතිෂ්ඨා :- ශාසනයෙහි පිහිට පක්ෂ බල :- තම පක්ෂායට බලයක්, ආධාරයක්. ප්රෂත්ය-ත්ත දේශයට :- මධ්ය දේශයෙන් බැහැර ප්රලදේශවලට ධර්මාධර්ම :- ධර්මය හා අධර්මය මණ්ඩලික රජක්හු :- ප්රා දේශික රජකු. මන්ත්රකණය කොට :- සාකච්ඡා කොටි. අපුර්වා පාඨ :- පෙර නොවු කියමන්. පුදුම කියමන්. බහා  :- යොදා පූර්වාපර විරෝධ :- පෙර පසු නොගැළපෙන තැන් පෙර කී දෙයට පසු කී දෙය ගැළපීමක් නැති නම් පූර්වාපර විරෝධ නම් ‍වේ. අර්ථ කථා :- අරුත් කීම්. අර්ථ කථන, අටුවා



56 නිකාය සංග්රූහ ගැටපදය

උපදවා :- ඇති කොට ධර්මය පෙරළා :- ධර්මය වෙනස් කොට නැති දහම් ඇති‍ කොට බට :- බැස්ස ලහටු කැටියක් සේ :- ලාටු හෙවත් මැලියම් ගුළියක් සේ. සත‍ළොස් නිකායෙක් :- නිකාය දහ හතක් එතතුදු වුවත් :- එසේ වූවත් අටළොස් අවුරුද්දක් :- අවුරුදු දහ අටක්. නව නන්ද රජුන් :- නන්ද යන නම සහිත රජුන් නව දෙනා. ආඥා චක්රරවර්ති වු :- ආඥා චක්ර්ය පවත්වන, අණ සක්විති සිතුමිණි රුවනක් සේ :- චින්තාමණි මාණික්ය යක් මෙන්, සිතූ පැති දේ ලබා දෙන මැණිකක් සේ. පැන නැඟී :- පහළ ව, ඇති වී දෙසිය අටළොස් වන අවුරුදු :- දෙසිය දහඅට වන අවුරුද්දේ බුදු වසින් 218 වන වර්ෂයෙහි. යොදුන් :- ගව් හතරක් යොදූනකි. සැතපුම් දොළොසකි. අද ව්යාතවහාරය අනුව සැතපුම් අටකි. එකච්ඡත්රඅ නංවා :- එක ම සේසතක් යටතට ගෙන, වෙනත් රජකුට ඉඩක් නො තබා මුළු රටම තමන් යට තට ගැනීම ඒකච්ඡත්ර නැංවීමක් සේ සැලකේ. යොත්නෙක් :- යෙදුනකි. සාගර පර්යන්ත ව :- සාගරය කෙළවර කොට. යශස් :- කීර්තිය අමරගණානුබද්ධ ව :- දිව්ය සමූහයා විසින් පිරිවරන ලදුවති දිව්ය සමූහයා එක් කොට ගත්. දේවේන්ද්රද විභ්ර්මයෙන් :- ශක්රපයාගේ විලාසයෙන් හෙවත් ලීලාවෙන් දෙවියන්ට අධිපති හෙයින් ශක්රවයා දේවේන්ද්ර් (දේව + ඉන්ද්රස) නම් වේ. වෛත්යිඞ්ගණ  :- වෛත්යව පිහිටි බිම් කොටස, සෑමළුව චෛත්යල + අඞ්ගණ, ‘අඞ්ගණ’ යනු මිදූල ය. බෝධ්යිඞ්ගණ :- බෝ මළු. බෝධි 9 අඞ්ගණ ප්ර්තිමා ගෘහ :- පිළිම ගෙවල් ප්රායසාද :- මහා මන්දිර වඩ්ක්ර මණ :- සක්මන් මළු ප්රා්කාර :- පවුරු ගෝපුර :- ප්ර ධාන දොරටු.




නිකාය සංග්රනහ ගැටපදය 57

පුෂ්කරණි :- පොකුණු , පුෂ්කර + ණි. පුෂ්කර නම් නෙළුම් ය. නෙළුම් ඇති නිසා පොකුණ පුෂ්කරණි නම් වේ. පුෂ්පාරාම :- මල් වතු, ‘ආරාම’ යනු වතු, උයන් සඳහා ද යෙදේ ඵලාරාම :- පලතුරු වතු. ප්රරතිමණ්ඩිත :- සැරසුණ, අලංකාරවත් වූ. යුක්ත ධාතු කොත් :- ධාතු හා කොත් අසූ කෙළක් :- අසූ කෝටියක් ලෝක විවරණ :- ලෝකය පෙනෙන්ට සැලැස්වීම, ලෝකය දක්වන මහාප්රාරතිහාර්යානුභාවයෙන් :- මහාප්රාමතිහාර්යයේ අනුභාවයෙන්. ප්රායතිහාර්ය නම් පෙළහර යි. අද්භූත දේ යි. අයන්තයෙන් :- උත්සාහයෙන් තොර ව, පහසුවෙන් උදාරතර :- ඉතා උසස් වූ ප්රීතතිප්ර්මෝද රසාස්වාද :- ඉතා මහත් වූ සන්තෝෂ රසය විදිම. සන්තෝෂ ප්රීිති යයි ද මහත් වූ සන්තෝෂය ප්රදමෝද්යර යයි ද කියනු ලැබේ. ශාසන දායාද සඳහා :- ශාසන උරුමය සඳහා තීර්ථකයෝ :- අන්ය ලබ්ධි ගත් අය, මිථ්යාූ දෘෂ්ටී ගත් අය කසා පිළී :- කාසාය වස්ත්රය, කහ පාට රෙඳි හෙවත් සිවුරු. පොහෝ පවුරුණු :- ප්රා්තිමෝක්ෂ ය කිම උදෙසීම හෙවත් කීම හා පවාරණය යන විනය කර්ම, පෝය කිරිම, පවාරණය කිරිම යනුවෙන් අක ව්යීවහාරයෙහි එයි. පොහොය දිනවලට සංඝයා සීමාවට එක් රැස් ව මේ විනය කර්ම සිදු කරති.

ධර්ම විනයාදීන් නිග්රවහ කළ :- ධර්මානුකූලව මෙසේ ය, විනායානුකූලව මෙසේ යයි පෙන්වා දෙමින් අධර්මය හා අවිනය දක්වා නිග්ර්හ කළත්. ශාසනානුකූල :- සසුනට එකඟව ධර්ම විනය දෙක ශාසන නම්‍ වේ. දුර්ලබ්ධි උද්භාවනා කෙරෙමින් :- දුෂ්ට ලබ්ධීන් පහළ කරමින්. සිතින් සැලකවිම උද්භාවනා නම් වේ. සඞ්ඝ සාමග්රීව විසුද්දියට :- සංඝයාගේ පිරිසිදු සමගියට. සංඝයා, සමගි විමෙන් ඇති වන පවිත්රාත්වයට පසු බස්නට :- පසු බසින්නට. දුබල වීමට, පිරිහීමට රඳා :- ‍නතර වී. නැවතී. සමයාන්තතර :- අන්යබ ධර්ම සමාන ලබ්ධිකයන් :- සමාන ඇදහිලි ඇත්තන්, සමාන දෘෂ්ටි ඇත්තන් ලබ්ධි භේද :- විවිධ දෘෂ්ටි හෙවත් ලබ්ධි

4


58 නිකාය සංග්රවහ ගැටපදය

සස්සතවාදය :- ශාස්වත වාදය, ලෝකය නිත්යර ය, හැම කල පවතී යනුවෙන් සැලකීම. එකච්චසස්ස වාදය :- ඒකත්ව ශාස්වත වාදය, ආත්මය නිත්යනයත නොවෙනස් ව පවතී යන ලබ්ධිය. අන්තානන්තිකය :- ආත්මයෙහි අන්ත‍යක් කෙළවරක් ඇත්තේ යයි ගත් වැදය. අමරාවිකොටපිටකය :- එසේත් විය හැක, මෙසෙත් විය හැක ආදී වශයෙන් පවතින නිසා අවසානයක් නැති වාදය. අධිච්චසමුත්පත්තිකය :- අධිත්යහ සමුත්පත්තිය, සත්ත්වයා කුශලාකුශලාදි හේතු නැති ව ම උපන්නේ ය යන වාදය. සඤ්ඤීවාදය :- ආත්ම සංඥාව ඇතැයි ගත් වාදය. අසඤ්ඤීවාදය :- ආත්ම සංඥාව ඇතැයි ගත් වාදය. නේවාසඤ්ඤිනසඤ්ඤීවාද :- ආත්ම සංඥාව ඇතැයි ද නැතැයි ද ගත් වාදය. උච්ඡේද වාදය :- මරණයෙන් ම ආත්මය කෙළවර ‍වෙයි, මතු ඉපදීමක් නැත යන වාදය ද්ට්ඨධම්මනිබ්බානවාදය :- පස් කම් සුව විඳීමෙන් ම තෘෂ්ණාව නවතී. නිවණ නම් ඒ ම ය යි ගත් දුෂ්ටිය. ශඨ :- වඞ්ක කූට :- හොර, වඤ්චක. කෛරාටික :- ප්රකයෝගකාර ලුබ්ධ :- ලෝභී මායාවී :- මායා ඇති. විහජ්ජවාදි වූ :- ධර්මය බෙදා දක්වන වාදය, බුදු රජාණන් වහන්සේ එ‍සේ කළ බැවින් උන්වහන්සේ ගේ වාදය ‘විහජ්ජ වාද’ නම් වේ. එය ගත්තාහු විහජ්ජවාදීහු වෙති. ලජ්ජි බලය :- ලජ්ජා ඇත්තන්ගේ බඉලය.


4

ක්රෝ ධයෙන් දිලිහී :- මහත් ක්රෝෙධයෙන් යුක්ත ව, ක්රෝජධයෙන් දැවි දැවී ශාසනාවගහ :- සසුනට ඇතුළු වීම. බිඳවූව මැනැව :- භේද කළ හොත් හොඳයයි. සමය භේද :- දෘෂ්ටි භේද, ඒ ඒ ධර්මයෙහි වෙනස් කම් යළිඳු :- නැවතත්. වැද්ද‍ නො හී :- ඇතුළු වන්නට නොහැකි ව.



නිකාය සංග්රවහ ගැටපදය 59

එයින් හළ :- එයින් බැහැර කළ. පිරිවහා :- ඉගෙන ගෙන, ධාරණය කොට. විපරියාස කොට :- වෙනස් කොට. පෙරළා ගෙන :- වෙනස් කොට. බිඳිනා ක්රොම :- භේද කරන ක්රණම. බැණ ගෙන :- කථා කර ගෙන. සරැසක් ව :- කණ්ඩායම් හයක් වි. සතැනෙක :- හය තැනක. සද්ධර්ම ප්රටතිරූප කොට :- සද්ධර්මයට සමාන කොට. තන්ත්රම :-‘තන්ත්රව’ නමින් හඳුන්වනු ලබන ග්ර න්ථ විශේෂයක්. කල්ප ශාස්ත්රර - ආචාර විධි උගන්නා ශාස්ත්ර් සඳහා කළ ග්ර න්ථ විශේෂයක්. ශාස්ත්රා්න්තර :- අන්යි ශාස්ත්ර . ශාස්ත්රථ + අන්තර සුත්රාරන්ත :- සූත්රන නමින් හඳුන්වන ධර්ම ග්ර.න්ථ ප්ර්කරණ :- ග්රතන්ථ බෙහෙව :- බොහෝ ය. එකුන් විසි :- එකක් අඩු විස්ස දහ නවය භික්ෂූ ප්ර තිරූප :- භික්ෂු වේශය ගත්, භික්ෂූන් හා සමාන වූ. සද්ධර්ම ප්රරතිබිම්බ :- සද්ධර්මය හා මසාන වූවක්. නිවෘත්ත විය :- නැවතුණේ ය. පැවැතුණේ ය. උපගත විය :- එළඹීයේ ය, පැමිණියේ ය. උපසම්පන්න වූ දොළොස් වස් පිරී :- උපසම්පදා වී දොළොස් අවුරුද්දක් සම්පූර්ණ වූ මැදි පොහෝ දවස් :- මාසයේ මැද එළඹෙන පුර පසළොස්වක දිනයෙහි. මුල නැකතින් :- ‘මුල’ නමින් හඳුන්වන දහ නව වන නැකත එකුන් සාලිස් :- තිස් නවය. අස්සරියෝය :- අසුන් පුහුණු කරන්නෝ ය. පඤ්චද්රායවිධය :- ද්රනවිඩයන් පස් දෙන ය. පර දෙසින් :- අන්ය- දේශයෙන්, පිට රටීන්. බිඳි :- පැරදී වල් වන :- කැලෑවට වැදුණේ ය. උදන් අනා වදාළ :- ප්රීේති වාක්යහ පහළ කළ. ආදි කොට :- මුල් කොට. පශ්විම බුද්ධ වචනය :- අන්තිම බුද්ධ වචනය. පන්සාලිස්  :- හතලිස් පහක්.



60 නිකාය සංග්රිය ගැටපදය

සුපර්ණ :- ගුරුළු. සිද්ධ :- ඍද්ධි බලයෙන් යුත් දේව කොට්ඨාසයක්. විද්ය ධර :- මන්ත්රු ආදී විද්යාස බලය දරන්නන් පද වශයෙන් :- පදයක් අක්ෂුර අටකින් යුක්ත ය. එවැනි පද ව‍ශයෙන්. ග්රවන්ථ වශයෙන් :- ග්රේන්ථයක් අක්ෂ.ර තිස් දෙකකින් හෙවත් පද සතරකින් යුක්ත ය. එබඳු ග්රෙන්ථ වශයෙන්. භාණවාර වශයෙන් :- ග්රකන්ථ දෙසිය පනසකින් යුක්ත වූයේ බණවරකි. එබඳු බණවර වශයෙන් අක්ෂර 8000 ක් බණවරකට අයත් වේ. පරිච්ඡියන්න සංඛ්යා8 සහිත වූ :- මෙ පමණ යයි නියම කරන ලද සංඛ්යාෙ සහිත ව. අනූනව :- අඩුවක් නැති ව. අනධික ව :- අධික වීමක් නැති ව සර්ව දුරුලබ්ධි :- දුෂ්ට ලබ්ධි හෙවත් මිථ්යා දෘෂ්ටි සියල්ල. අසම්මිශ්රල ව :- මිශ්රධ නො වී. ත්රිමවිධ සඞ්ගායනාරූඪ ව :- සඞ්ගායනා තුනට ඇතුළත් ව, ඉහත සඳහන් වූ පරිදි අජාසත්, කාලහෝක හා ධර්මාශෝක යන රජුන් දවස කළ සංගායනා තුනට ඇතුළත් වූ ගගන ගඞ්ගා ප්රූවාහයක් සේ :- අහස් ‍ග‍ඟේ ප්රනවාහයක් සේ; මහ ගං වතු‍රක් සේ. සුපරි ශුද්ධ ව :- ඉතා පිරිසිදු ව. දැරග මිනි රුවනක් සේ :- ජාති රඞ්ග මාණික්යළ රත්නයක් සේ, එය ප්රහකෘතියෙන් ම බබළන සුලු ය. අමෘත මහමේයක් සේ :- අමා මහ වැස්සක් මෙන්. ත්රි විධ බෝධි සම්පදානයට :- බුදු, පසේබුදු, අර්හත් යන තුන්තරා බෝධිය සපයා ගැනීමට. ඍජු රාජ පථයක් ව :- ඍජු වූ මාහර්ගයක් ව. සකල ජන කාමිනි :- සියලු ජනය කැමති වන. සර්ව සම්පත්ති ලාභයට :- සියලු සම්පත් ලැබීමට ඒකාන්ත කාරණ ව :- නිහ්චය කාරණය වී. මුඛපාලි වශයෙන් :- කට පාඩමින් පවත්වා ගෙන ආ පාලි ධර්මය. ජනපදාධිපයක්හුගේ :- ජලපදයක අධිපතියකු ගේ. මාතුල නම් දනව්වෙහි :- මාතලේ නම් ජනපදයෙහි. අලුලෙන :- ආලෝක ගුහාවෙහි. දැන් ‘අලු විහාරය’ යනුවෙන් ප්රහකට යි,





නිකාය සංග්රමහ ගැටපදය


5

තුදුස් අවුරුදු :- දහ හතර අවුරුද්දක්. නිවටකු :- නිගණ්ඨයකු. තීර්ථකාරාමයක් :- නිඝණ්ඨ ආශ්රුමයක්. විධමා :- විධ්වංසනය කොට, විනාශ කොට. පූර්වෝපකාරි :- පෙර උපකාරි වූ අතික්රාකන්ත විය :- ඉක්ම ගියේ ය. බගිරි වෙහෙර :- අභයගිරි විහාරය කෙම්ගලු වැසි :- කෙම්ගලු නම් තැන වසන. කුල සංඝට්ඨ ව :- කුලයා සමග එක් ව, ගිහියන් හා එක් ව. මහවෙහෙර :- අනුරාධපුරයේ මහාවිහාර‍ය. පබ්බාජනීය කර්මය :- සංඝයා කෙරෙන් නෙරපා දැමීමට කරන විනය කර්මය. අතැවැසි :- අන්තේවාසික, ළඟ වසන. අශුද්ධානුවර්තකයහ :- අශුද්ධ තැනැත්තනට් අනුකූල ව පවතින්නාහ. ඕහට :- ඔහුට. උත්ක්ෂේපණිය කර්මය :- ශාසනයෙන් නෙරපීම සඳහා කරනු ලබන විනය කර්මය. භින්නව :- බිඳී, වෙන් ව. ඔවුන්ගේ සමය :- ඔවුන්ගේ ලබ්ධිය ව්යා්ප්ත විය :- පැතිර ගියේ ය. ධර්ම ව්ය‍වහාරයෙහි :- ධර්මානුකූල ව විනිශ්චය කිරීමෙහි. බුද්ධ භාෂිත :- බුදුන් විසින් දෙසන ලද. පර්යාප්ති ශාසනය :- ත්රිිපිටක ධර්මය නමැති ශාසනය.


6

ස පරම්පරාවක් :- පරම්පරා හයක් විචාරවත් :- විමසනසුලු, පරීක්ෂාකාරි. ආගම ව්යා ඛ්යාෙන කළහ :- ධර්මය අරභයා විස්තර ව්යායඛ්යාුන කළහ. සඤ්ජාත විය :- හට ගත්තේ ය. ඇති විය. උපන්නේ ය. දෙනානක වෙහෙර :- ජේතවන නිකායට අයත් විහාරය, ජේතවන විහාරය, අද ජේතවනාරාමය.



62 නිකාය සංග්ර්හ ගැටපදය

පඤ්ච මහා ආවාසයෙහි :- ප්රටධාන ආවාස පහෙහි, මහාවිහාරය,වෙතිය විහාරය, ථූපාරාමය, ඉසුරුමුනිය යන ආවාස පහ යි. පසු කාලයේ දි දෙනානක, බගිරිනක, මිරිසවැටි, දකුණුගිරි, මහාවිහාර යන විහාර පස ගෙන ඇත. වෙර ලකුණු ඔබ්බවා :- ශරීරයෙහි ලකුණු ඔබවා, හංවඩු ගස්වා. දේශ ත්යාුග කරවා :- රටින් නෙරපා, අන් දෙසකට යවා නමාණවකයෙක් :- තර්ණයෙක් දේශාන්තරයෙහි :- අනික් දේශ‍යක සිට පටුන්ගම් වැස්සන් :- නොයෙක් දෙසින් වෙළෙන්දන් පැමිණෙන, යාන වාහන සහිත වූ, එසේ ම මහ වෙළඳ පොළෙකින් යුත් යම පටුන්ගම නම් වේ. එහි වැස්සන් උපවාර :- සැලකිලි, පූජා. ඔවුන් කෙරෙහි මහණ ව :- ඔවුන් ළඟ පැවිදි වී. වත්තෙරුන් :- උපාධ්යාොය ස්ථවිරයන්. පැන් සනහන්ට :- ජලය ස්නානය කරන්නට, නාන්නට. බට දී :- බැස්ස කල. කුමක් කළමනා ද :- කුමක් කළ යුතු ද; කුමක් කළ හොත් මනා වේ ද. නොකළ මනා දෙය්ක ඇද්ද? :- නො කෙට යෙුතු දෙය්ක තිබේ ද? මුලිනුදුරුවා :- මුලින් ම උදුරුවා දමා, සම්පූර්ණයෙන් ම විනාශ කොට මුලින් + උදුරුවා. නස්වා පියම් :- විනාශ කරවම්. සැහැසි ව :- දරුනු ව, සාහසික ව. සිංහලයාට :- ලක්දිවට. නවනවම :- මෙහි අරුත, පැහැදිලි නැත, හොඳ නරක යන ඇරුතෙහි යෙදිනි ද? යහපත අයහපත යන අරුතෙහි ‘නාමනාම්’ යනු යෙදේ. කීවා :- කී දේ. ජන්මාන්තරගත විය :- මිය ගියේ ය. අනික් ජන්මයකට පිවිසියේ ය. සිතට සංවා :- හිතට කා වද්දා. සියක් දඩය :- සීය්ක දඩය වෙයි. බෙර ලැවිය :- බෙර ගැස්වී ය. අණ බෙර ගස්වී ය. සියින් :- බඩගින්නෙන්. සාපරාධ වම්හ :- අපරාධ සහිතයෝ වම්හ. බ්රරහ්මචර්යාන්තරය :- බ්රැහ්ම චර්යාවට අනකුක්. මලය දේශයට :- කඳු සහිත ප්ර දේශයට. උපස්තම්භක කරවා ගෙන :- සහාය කොට ගෙන.




නිකාය සංග්රරහ ගැටපදය 63

පිරිවෙන් :- වටා ප්රා6කාරයක් සහිත ආවාස. මහාපා :- මහාප්රාාසාද සාවා :- හාන්නට සලස්වා. සෑගිරියෙහි :- චේතියගිරි විහාරයෙහි. සත්පුරුෂ සමාගමයෙන් :- යහපත් ඇසුරෙන්. සිව්පසයෙන් :- චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්රගත්යයය යන ප්රකත්ය.ය සතරින් රාජ වල්ලභ :- රජුට ප්රිහය වූ. ලැමිණි දුවක් :- ලම්බකර්ණ වංශයට අයත් කුමරියක් මැඬ :- මර්දයන කොට. පාපමිත්ර: සංසර්ගය :- පවිටු මිතුරන් හා එක් වීම. මහවෙහෙර සිමින් ඇතුළත :- මහාවිහාර සීමාව ඇතුළත. ඇතුළු සිමැ :- ඇතුළු සිමාවෙහි. බාල රජහු :- නුනුවණ රජු. සීමා ඉඟුළුව මැනව :- සීමාව බැහැර කළ මැනවි. ඉවත් කළ මැනවි. ශාසනාන්තය :- අභිඥානවන් ලැබූ, පඥ්වාහිඥා ලැබූ. හෙරණ :- සාමණේර යගදාවක් :- යකඩ මඟුරක් අමෝරා :- ඔසවා. භූමි ගෘහයෙහි :- බිම් ගෙයි. අතුරුදන් ව :- නොපෙනී ගොස්, අන්තර්ධාන ව. සිම් :- සීමාව අන්තිම වස්තුවෙන් :- පාරාජිකා වස්තුරෙවන්. විද්යා මාන චෝදනා :- සත්යත වන චෝදනා විසුද්ධ බුද්ධීන් :- විශේෂයෙන් ශුද්ධ වූ, පිරිසිදු වූ නුවණින්. අටුවාකර්තෲන් වහන්සේ :- ත්රි්පිටක ධර්මයට අර්ත්ථ කථා කළ තෙරුන් වහන්සේ ෂඞ් ද්රාතවිඩය :- ද්රුවිඩයන් සය දෙන. පණ්ඩු, පාරින්ද, කුඩා පාරින්ද, තිරීතර, දැධීය, පිඨිය යන සය දෙන; ද්වතීය පර්ෂ සහස්රියෙහි :- දෙවන අවුරුදු දහයෙහි,1001 සිට 2000 දක්වා තෙක් ද්විතීය සහස්රහය යි. කසී රට :- කාශී දේශ ය. වෙළෙඳ පුත්ර්යෙක් :- වෙළෙන්දෙක්. වෙළඳ කුලේ උපන්නෙක්.





64 නිකාය සංග්රකහය ගැටපදය

ධර්මාධාර්ම විභාග :- ධර්මය හා අධර්මය යන දෙක්හි වෙනස. පුදයට :- පූජාවට මන්දෝත්සාහි වූහ :- උනන්දු නා වූහ, පසු බට වූහ. පැහැයෙන් එක් වැනි :- වර්ණයෙන් හෙවත් පාටින් සමාන වූ. කුරුණුවන් :- කුරුමිනියන්. අධමයන් :- නීචයන්. නිශ්ශෝභා :- හෝබා රහිත, ‘නිශ්ශෝභ’ යනු නිවැරදි රූපය යි කියති. නිකායද්වය වාසීහු :- නිකාය දෙකට අයත් වූවෝ. අසන තැන් කියන මැතියක්හට :- අසන දේ කියන මන්ත්රීෝයකුට. වියත්නා තනතුරු :- ‘වියත්නා’ යන තනතුරු, ව්යා ක්ත නායක වියත්නා යි. සමහරු වාර්තාකාර තනතුර හෙවත් මුකවෙටි තනතුර ය යි කියති. දෙ නකයෙහි :- නිකාය දෙක්හි. නිහතමානිව :- නැසූ මානය ඇති ව, ‘නිහතමාන’ යයි ද ලියති. අවනත ව :- යටහත් ව. පරම බෞද්ධ :- ඉතා ම බෞද්ධ වූ. ව්ය වහිත වූයේ :- යටපත් වූයේ, වැසුණේ.


7

ලමැණි කටුසර :- මෙහි විය යුත්තේ දටුතිස් යනුයි. මහලෑපාණෝ :- මහාආදිපාදයාණෝ, මහලු + ඈපාණෝ. යුත් විසතුරුන් නොහසළ :- සුදුසු වියතුන් හෙවත් පණ්ඩිතයන් ඇසුරු නොකල. අරම්භි :- ආරාමයෙහි. ගිරිවසැ සෙන් :- ගිරි වංශයෙහි උපන් සේන. අරක්කැමියක්හට :- ආහාර පිසන්නකුට ගීනි වදනා :- ගින්නට පිවිසෙන. පළඟක්හු සෙයින් :- පළඟැටියකු මෙන්. අධර්මසමාදානය :- අධර්මය වැළඳ ගැනීම. ඉගිළ :- පිටත් ව. බට :- බැස්සේ ය, ‘බස්’ ධාතුවෙන් සිදු අතීත කෘදන්ත ක්රිියා යි. මුගයින් සෙන් :- දෙ වන සේන රජ ය. ජය බෙර :- ජය ග්ර හනය නිමිත්තෙන් වයන බෙරය. මිණි පා :- මැණික් පාත්රරය. කටු කොහොල් පෙරළා කරවා :- ජරාවාස වු තැන් නැවත කරවා.


නිකාය සංග්රපහ ගැටපදය 65

සුන්බුනු :- සිඳි බිඳී ගිය තැන්. තුන් නකය් :- නිකාය තුන දහම් ගන්වා :- ධර්මයෙහි පිහිටුවා. සෙමෙහි තබා :- සාමයෙහි තබා. කරය වටා :- මුහුද වටා. පරිහරනය කෙට :- භාවිතා කොට ප්රහකාශයට :- ප්රහසිද්දියට.


8

වෙශ්යායවකට :- වෙසඟනකගේ නිවසකට. ලැග :- නිදා ගෙන සිට. අනුසස් :- අනිසංස. වචන කර :- වචනය ඉටුකරන, කී දේ කරන. නිල්පිළී :- නිල් රෙදි. විදග්ධ වේශ්යාාඞ්ඟනාවන් :- ස්වකීය කාර්යයෙහි හසළ වෙසඟනන්. අනවස්ථිත :- ස්ථිර ව නොපිහිටි, චපල. කාමදේවයා :- අනංගයා හෙවත් කාමාශාව. භුවන ත්ර යෙහි :- තුන් ලොවෙහි, දේව, මනුෂ්යක පාතාල යන ලෝක තුනෙහි, අසාධාරණ රත්නය :- සෙසු රත්න හා අසමාන වූ රත්නය. කදා පහණ සේ :- විදුරු ගල් මෙන් නිසරු කොට :- සරු හෙවත් අගය නො කොට. නිස්සාර කොට නීලපට :- නීල් වස්ත්රත. කී‍යේ මැ නො :- කියන ලද්දේ ම නො වේ ද? ශ්රීට හර්ෂ දේවයෝ :- ශ්රී හර්ෂ නම් රජ. අව්යටවස්ථිත :- ව්‍යවස්ථාවට හෙවත් නීතියට එකඟ නො වූ. ශාසන භේදයෙක් :- සසමුන් භේද කරන්නකි. අපාය භාග් වෙති :- අපා ගත වෙති පටිවහල් :- උපකාර. පහන් එකක්හු මෙන් :- ප්ර සන්න වූවකු මෙන්ත නීලපට ධරයන් :- නීල වර්ණ වස්ත්රූ දරන්නන්. පායෙක :- ප්රා-සාදයක අග්නි පූජා කළහ :- ගින්නට පිදූහ. ගිනි තැබූහ.



66 නිකාය සංග්ර හ ගැටපදය.

එයින් වැරදි ගිය :- එයින් මඟ හැරී ගිය, අසු ‍නොවූ. ශේෂය :- ඉතිරි අය. නුසුන් :- විනාශ නො වූ නැති නොවූ. ව්යානධියක් :- රෝගයක්. ලෙඩක්. මෙවක් පෙරවා :- මේ කාලය තෙක්. සායාසු :- අසූ හය. සාධා :-විනාශ කොට, නසා, ජය ගෙන, ශාසන ප්‍රතිශ්ඨාව :- ශාසනයට උපකාර පිණිස, ශාසනයෙහි පැවැත්ම සඳහා. මළු කම් :- උපසම්පදා ක්මය. ගණ පූරකයට :- උපසම්පදා කර්මය සඳහා අවශ්යක භික්ෂූ, සංඛ්යාපව සම්පූර්ණ වීමට ස්ථවීර පද ප්රාධප්ත :- ස්තවිර පදවියට පැමිණි.


8

මහාසම්මත පරම්පරානුයත :- මහාසම්මත පරපුර අනුව ගිය. ඒ පරපුරින් පැවැත එන. රාජ වංශොද්භූතත :- රාජ වංශයෙහි උපන්ත රාජාධිරාජ:- රජුන්ට අධිරාජ වූ, අගරජ වූ නෛකදිගන්ත ව්යාදප්ත :- නොයෙක් දිශා කෙළවර තෙක් පැතිර ගිය. යශෝමරිවි මාලාවෙන් :- කීර්ති රශ්මී සමූහයෙන්. විරාජමාන වූ :- බබලන්නා වූ මහලු මහරජාණෝ :- ප්රනථම හෙවත් පළමු වැනි මහරජාණෝ වන්නි පත්තු සාධා :- වන්නි ප්රථදේහ ජය ගෙන ද්වීප චක්රුවර්තී ව :- මුව දිවයිනට ම ආඥා පවත්වන්නෙක් ව. අන්යෝ න්යව විවාදයෙන් :- ඔවුනොවුන් විර්ද්ධ වීමෙන්. චීවර සිංහල සෙනඟ :- ප්ර මාණවත් වූ සිංහල සෙනඟක්. රන්සිරි බන් :- රනින් කළ කුඩා කඩු හෙවත් ඉළුක්කෝල බැඳි අගම්පරඬි සෙනඟ :- කුළියට සේවය කරන ‍විදේශීය හමුදාව. ජය විරුදු ලා සිටින :- ජය ගැනීම නිසා විරුදනාම ලබා සිටින නැවැණි සෙනඟ :- භට හමුදා දෙක. එක පැහැර :- එක ලෙස.




නිකාය සංග්ර හ ගැටපදය 67

බහු නාසකත්වය :- නායකන් බොහෝ ගණනක් ඇති බව. රාජ්යා සුත්රඟය :- රාජ නීතිය අධිකාරි :- ප්රදධාන ඇමති, අග්ර විනිශ්චයකාර යන අදහස ද සමහරු ගනිති. සෙනෙවිරත් :- සේනාපති, සේනාවේ ප්ර්ධානියා. ඈපා :- ආදිපාද. මහපා :- මහ ඈපා, උපරාජයා මහලෑ :- මහා ලේඛක නායක, මහලේකම. මහරැටිනා :- මහරට (රට නම් පාලනය සඳහා වෙන් කළ ප්රධදේශයකි.) ලද්දො මහරැටි නම් වෙති. ඔවුන්ගේ නායක ‘මහරැටිනා’ නම් වේ. අනුනා :- අනුනාය, දෙවැනි නායක. සභාපතිනා :- ගම් සභාවෙහි නඩු විචාළ වූවන්ගේ නායක. සිටුනා :- සිටුවරුන්ගේ නායක සිරිත් ලේනා :- චාරිත්ර ලේඛන නායක, නීති ලියන්නන්ගේ නායක. දුලේනා :- උපලේකම. වියන්නා :- ව්යාකක්ත නායක, අධ්යාධපනය පිළිබඳ කටයුතු කරන නායක, මහවෙදනා :- ම‍හාවෛද්ය් නායක. මහනැකැතිනා :- නක්ෂහත්ර‍ය පිළිබඳ කටයුතු කරන්නන්ගේ නායක. දහම් පසක් නා :- ධර්මය පිළිබඳ කටයුතු කරන්නන්ගේ නායක. ජනයා ධර්මානුකූල කටයුතුවල යොදවන්නා ‘දහම් පසක්, විය. ප්රමධාන ප්රයවෘත්තිය :- ප්රගධාන පදවි, නායක තනතුරු. වියත්පත් අට ගණය :- අෂ්ට මූලායතනය, එනම් ගලතුරුමුල, උතුරු මුල, විල්ගම් මූල , මහනෙත් පා මුල්, දකුණු ගිරි මුල, කපුරු මුල, සෙනෙවි රත්මුල, යනු මූලායතන අට යි. සමහරු රට පාලනය සඳහා පත් කරන ලද ආයතන නොහොත් මණ්ඩල අටක් යයි කියති. අට මගඩිය :- වෙළඳ පොළවල් අට - පාලනය සඳහා පත් කළ මණ්ඩල අට. සතර මුදල :- අරමුදල (භාණ්ඩාගාරය) පිළිබඳ ව කටයුතු කරන මණ්ඩල හතර මේ දිශාපති පදවි සතරකැයි යන මතයක් ද වේ. අටකුරුව :- ඇතුන් ඇල්ලීම් රාජකාරිය සම්බන්ධ මණ්ඩලය අට දෙනව දහසක් :- නව දහසක් දෙකක්, දහ අට දහසක් ගත්තර ඉවර :- පෙර පැවැති රාජකාරි විශේෂයඥයි කියති. සමහරු ඉහත කී කටයුතු හා සම්බන්ධ නො වූ ගම් යයි කියති. අඛණ්ඩ ව :- පැවැතිම හොඳ ය යි. ව්ය්වස්ථා කරවා :- නීති පනවා




68 නිකාය සංග්රකහය ගැටපදය

වර්ණනීය වූ :- වර්ණනා කළ යුතු. ශක්රැීරාජ චෝළ කුලාන්තක :- සතුරු රජුන් වූ චෝළ කුලයට යම රජ වු සතුරු සතුරු රජුන්ට හා ‍චෝළ කුලයට යම රජ වූ යන අර්ථය ද ගැනෙයි. ‘අන්තක’ නම් යම රජ යි. උද්ධත රාජ නිර්මුල :- උඩඟු රජුන් මුල් නොතබන. උඩඟු රජුන් සහමුලින් විනාශ කරන. දුර්ලබ්ධි මථන :- දුරුල්බ්ධි ගත්තවුන් කලඹන. දුර්නීති වාරණ :- දුෂ්ට හෙවත් නපුරු නීති වළක්වන. ප්ර්කෘතඥ :- කළ ගුණ උසස් ලෙස දන්නා වූ. කළ ගුණ දන්නවුන් අතර උසස් වූ. සකල දිග්විජය :- සියලු දිශාවන් ජය ගන්නා වූ අන්තශ්වර ශත්රැතවිජය :- ඇතුළත, එනම් සිත තුළ තුසිරෙන සතුරන් දිනූ කාම, ක්රොශධ, ලෝභ, හර්ෂ, මාන, මද යනුවෙන් සිත තුළ හැසිරෙන සතුරෝ හය දෙනෙකි. ඔවුන් ජය ගත්. ශරණාගත වප්රත පඤ්ජර :- පිහිට පතා පැමිණියවුන්ට වජ්රළමය කූඩුවක් වැනි. වජ්රගමය කූඩුව ආරක්ෂා සහිත ය. කිසිවකුට බිඳ ලිය හැකි නො වේ. මෙ රජු තමන්ගෙන් පිහිට පතා ආවුන් කිසිවකුටත් කිසිවක් කළ නොහැකි පරිද්දෙන් ආරක්ෂාත කළ හෙයින් මේ විරුද නාමය ලබා ඇත.

පරමන්ත්ර් භේද වික්රකම ප්රරතාප :- අනුන්ගේ මන්ත්ර්ණ (කුමන්ත්ර‍ණ) බිදීමේ වික්රතමය හා තේජස් ඇත්තා. අකලඞ්ක :- කැලල් නැති. දොසින් තොර වූ. සර්ව ශාස්ත්රී් ශිරෝමණි :- සියලු ශාස්ත්රන දත් අයට සිළුමිණක් වූ තැනැත්තා ශත්ර( යයි ගෙන සතරන්ට යන අරුත ද සමහරු දෙති. ප්ර කෘත්යඅනුකෘත්යෙ නිශ්චය :- පළමු කළ යුතු කාර්ය හා දවනුව කළ යුතු කටයුතු. නිශ්චය කරීම් දන්නා සමහරු ‘කෘත්යා නුකෘත්ය නිශ්චය’ යනුවෙන් ගෙන ‘කටයුතු හා ඊට අනුව කළ යුතු දෑ නිශ්චය වශයෙන් දන්නේ’ යනුවෙන් අරුත් ‍දක්වති. පරරාජ ගෝධූර්ජටී :- සතුරු රජුන් නමැති ගවයනට ඊශ්වර වූ. නාහරි කෛරව රාජහංස :- නරසිංහ නමැති හෙළ උපුල්වලට රාජහංසයා වූ. නරසිංහ නම් සංහයන් වැනි වීර නරයෝ යි. පරනාරි සහෝදර :- අනුන්ගේ බිරියන්ට සහෝදරයකු වැනි වූ. අරි රාජ වේශ්යාය භුජඞ්ග :- සතුරු රජුන් නමැති වෙසඟන්ට ස්ත්රි. ධූර්තයකු වැනි අභිනව :- අලුත් වීර විරුද නාමයෙන් :- වීර හෙවත් උතුම් ප්රරශස්ති නම් වලින්, ස්තුති නාමයන්ගෙන් හෙවත් උපාධිවලින්.



නිකාය සංග්රහහ ගැටපදය 69

මාලු වරුන් :- ස්තවිරවරුන් ස්වස්තයෙන් :- සුවයෙන්, නිරෝග වීමෙන්. පූර්වෝක්ත :- පෙර කියන ලද. පූර්ව + උක්ත භින්න නිකාය ව :- නිකාය වශයෙන් භින්නව හෙවත් බිඳි පවත් අසා :- ප්රදවෘත්තිය අසා. නස්සි :- නසී. වහල් වුව මැනැව :- උපකාරි වුව මැනවි ප්ර්ඥ පුරස්සර :- ප්රමභූ ව හෙවත් නුවණ පෙරදැරි කොට ගෙන. කරුණාවෙන් සංවෝදිත :- කරුණාවෙන් මෙහෙයවන ලද අකණ්ඩාච්ඡිද්රාදතාදි :- නාකැඩුණු බව, නෙසිදුරු බව ආදි මේ සීලය පිළිබඳ ව පවත්නා ලක්ෂ්ණ වේ. අඛණ්ඩ + අච්ඡිදතා ආදි. ගුණ ගණෝපලක්ෂිාත :- ගුන සමූහයෙන් යුක්ත වූ, ශෝභමාන වු. ඹෘදුම්බරගිරි :- දිඹුලාගල අරණ්ය්වාසි :- වනවාසී. දුෂ්ප්රරතිපත්තීන් :- නරක ප්ර්තිපත්තියෙන් ලතා මණ්ඩපයෙක්හි :- ලතා ගෘහ.යෙහි.සන්නිහිත කරවා :- රැස් කරවා. තුන්යම් රාත්රිියෙහි :- පෙරයම, මැදියම හා අලුයම යන යාම තුනෙන් යුත් රාත්රි්යෙහි, මුළු රැයෙහි ම සිටි පියෙහි සිට :- සිටි තැන ම සිට. ශාසනාපගත ගරවා :- සසු‍නෙන් බැහැර කරවා කුශාලානුභාවයෙන් :- කුශලෙහි ආනුභාවයෙන්. රන්ගිරි කුළින් :- ස්වර්ණ පර්වත කූටයෙන්. ස්වර්ණගිරි ශීඛරයෙක :- රන් පව් මුදුනක. රන්ගිරි මුදුනක. කල්පස්ථායි වූ :- කල්පයක් සිටින ශාසන ශුද්ධිය :- සසුන් පවිත්රකත්වය. සංවත්සරයෙහි :- අවුරුද්දෙහි. පූර්වාභිධාන ඇති :- පෙර නම, මුල් නම. පූර්වභාග ප්රඇවෘත්ත :- මුල් කාලයෙහි පැවතුණු මහවියවුලින් :- මහාව්යා කුලයෙන් , මහත් වූ වියවුලින්. අරගලයෙන්. පුලස්ති පුරාදි :- පොළොන්නරු පුර ආදී. ඉගිළ :- පලා ගොස්. ශරණාන්වෙෂී ව :- ශරණ හෙවත් පිහිට සොයන, ශරණ + අන්වේෂි චතුර්විධ ප්ර ත්ය ය ප්රපදානයෙන් :- සිවුපසය දීමෙන්





70 නිකාය සංග්රපහ ගැටපදය

තත්කාල ශායනානුශසක :- එකල ශාසනයෙහි අනුශාසක වූ. සසුන පාලනය කරන. ජම්බුද්රෝයණි :- දඹදෙණි පුරවරාසන්නයෙහි :- උතුම් වූ පුරය අසල කතිකාවතකුදු :- කතිකාවතක් ද, ඔවුනොවුන් සාකච්ඡා කොට පනවා ගත් ව්යකවස්ථා නීති රීති අතිජාත පුත්රය :- පියට වඩා උසස් වූ පුත්රසයා ශත්රැත පඞ්ක :- සතුරන් නමැති මඩ විශෝෂණ :- වියළීමෙහි ශරත් මාර්ථණ්ඩ මණ්ඩලායමාන :- ශරත් කාලයෙහි සූර්ය මණ්ඩලය වැනි, කලිකාල සාහිත්යම සර්වඥ පණ්ඩිත :- කලියුග කාලයෙහි තිබෙන සාහිත්ය, සියල්ල දන්නා වූ. සමහරු ‘කලිකාල’ යනු, පාපයට මරුවා වූ’ යන අරුත ද දෙති. අධිකතර :- ඉතා අධික වූ. කඳවුරු බැඳ :- සේනා රැස් කරවා. හස්තගත කොට :- අත්පත් කොට ගෙන ශ්රීග වර්ධන පුර :- සෙන්කඩගල පුර. ශයනාසන :- ඇඳ පුටු, ශයන + ආසන ගිලාන ප්රටත්ය-ය :- ගිලන් පස, ගිලනුන්ට සුදුසු දෙය. ප්රාමාද විහාරි ව :- ප්රලමාද වී වසන, ශාසන ප්රයතිපත්ති පිරීම පමා කොට වසන ශාසනාවචර :- සසුනට බැස ගත්, සසුන් වන් ශාසන පරිහානිකර වූ :- සසුනට පිරිහීම කරන, සසුන පිරිහෙළන. අනාචාර බහුලත්වය :- නෙමනා හැසිරීම් බහුල බව. සෙමෙහි තබා ලු :- සාමයෙහි තබන ලද. මා දවස :- මගේ ‍කාලයෙහි. අනුවිත වේද :- නුසුදුසු වේ ද? ආරණ්යතක :- අරණෙහි වැසි. වනවාසි වූ කාරක මහාසඞ්ඝයා :- සංඝ කර්ම ගිරීමෙහි ප්රවධාන වන මහාසඞ්ඝයා. උභය වාසයෙහි :- ග්රාසමවාස වනවාසන දෙක්හි. ශාසන ස්වරූප :- ශාසනයෙහි ස්වභාවය හෙවත් ස්වරූපය ශීලවිපන්නයන් :- ශීල විපත්තියට පැමිණියවුන්. දශ්ශීලයන් අවසර :- ඉඩ. ග්රරන්ථ ධුර :- ත්රිටපිටක ධර්මය ඉගෙනීම.





නිකාය සංග්ර්හ ගැටපදය 71

විදර්ශනා ධුර :- භාවනාදියෙන් මාර්ග ඵල අවබෝධයෙහි යෙදීම. ශාසන සිරිත :- ශාසන චාරිත්‍රය. පුටහත්ත සෙලාභිධාන :- පළාබත්ගලානම්. බ්රහහ්ම විමානෝපම :- බ්ර්හ්ම විමානය උපමා කොට ඇති. බඹ විමන වැනි. රූක්ෂ් ප්රවතිපත්ති පූරනයට :- රළු හෙවත් කටුක පිළිවෙත් පිරීමට ආත්ම ක්ෂ‍ම වූ :- තමා සමර්ථ වූ අල්පේච්ඡතාදි වූ :- ආහාව නැතිකම මුල් කොට ඇති, අල්ප + ඉච්ඡතා ආදි මඳක් කැමති විම ආදි. ප්රතතිපත්ති සාර :- ප්ර තිපත්තියෙන් සාර වූ, පිළිවෙත් සරු. උපසම්පන්න කරවා :- උපසම්පදා කරවා. මල් වූ :- මලණුවන් වූ. මහණ ගණයාට :- භික්ෂූ සමූහයට. අසන තැන් :- අරුත් විමසන තැන්. ඒක ශ්රැ්තීන් :- එක් වරක් ඇසීමෙන්, වරක් ඇසූ පමණින්. නෛක සහස්ර ග්‍රන්ත ධාරනයට :- නොයෙක් දහස් ගණන් ග්රින්ථ සිතෙහි ධාරණය කර ගැනීමට. වජ්රයඥාන ඇති :- සියුම් නුවන ඇති, වජ්රග නම් දියමන්ති යි. පැවසේ. එය පහසුවෙන් බිඳීය හැකි නො වේ. එසේ ම සියුම් නිසා මහ කැපිය හැකි ද වේ. එවන් නුවණ ඇති. ඉතා ගැටමුසු කරුණක් ඇරුතක් වුවත් වහා වටහා ගත හැකි. විනිවිද දැකිය හැකි. ටීකාර්ථ :- ටීකා හා අර්ථ කථා, ත්රිවපිටක පාලියෙහි අර්ථ පහදන්නේ අර්ත කථා යි. අර්ථ කථාවන්හි ගැටලු සහිත තැන් පහදමින් කරන ලද ග්රවන්ථ ‘ටීකා’ යි තත් ප්රාවේශෝපාය වූ :- ඊට පිවිසිමට උපාය වූ. මාර්ග ව‍ූ ධර්ම ප්රවබන්ධ :- ධර්ම ග්රින්ථ ‘සන්න’ නම් වේ. ගැටපද :- අර්ථ වහා වටහා ගත නොහැකි ගැට මුසු තැන් පමණක් ලියා දක්වන ග්රපන්ථ ගැටපදය. පිටපත් :- ග්රථන්ථයක අර්ථ විමසමින් ඒ ග්රපන්ථයට පිටින් යොදා ඇති ග්රරන්ථ පිටපත් හෙවත් පිටපොත් නම් වේ. පර්යාප්ති ශාසනය :- බුද්ධ ධර්මය. ගෘහස්ථ පණ්ඩිත ජනයෝ :- ගිහි අගන්තු, ගිහි පඬිවරු. ධර්මානුගත :- ධර්මයට අනුව ගිය, ධර්මයට අනුකූල ව ශෙලෝක ප්ර බන්ධ :- ශ්ලෝක ප්රිබන්ධ, සංස්කෘත පද්ය ශ්ලෝක නම් වේ. පද්යහ ප්රෝබන්ධ,




72 නිකාය සංග්ර්හ ගැටපදය

විචිත්රානර්ථ ප්ර්කාශ වූ :- විසිතුරු අර්ථ ප්රංකාශන කරන්නා වූ. ව්යාතඛ්යාරන :- අර්ථ කථන ග්රින්ථ ප්රාතඥවරයෝ :- නුවණැති උතුමෝ.


9

හස්ති ශෛල පුර :- ඇතුගල් පුර, කුරුණෑගල මහවැලි ගං අස :- මහවැලි ගඟ අසල. ගඞ්ගා ශ්රීඅ පුර :- ගම්පොළ සුවානු :- අනු හතර. සු + අනු මෙහෙණවර වංශාභිජාත :- මෙහෙණවර නම් වංසයෙහි උපන්. සල පිළිම ගෙයක් :- ගල්පිළිම ගෙයක්. ගල් පිළිම සහිත විහාරයක් අක් බෝ වෙහෙර :- අග්රග බෝධි විහාරය. වැලිගම පිහිටියේ ය. අටළොස් රියන් :- ‍දහ අට රියන් ජන්ම ප්රිවේණි :- ජන්මයෙන් ම , උපතින් ම උරුම වූ. කෛලාස කූට පර්වතය :- ඊශ්වරයා වෙසෙන්නේ යයි සැලකෙන පර්වතය. හිමාලයෙහි පිහිටි මේ පර්වතය ඉතා සුදුසු ය. තෙසුත් :- සෙසු පෙරදැරි කර ගෙන :- පෙරටු කොට ගෙන ගිරිවංශාභිජාත :- ගිරි වංශ‍යෙහි උපන්, ගිරිවංශ + අභිජාත. තේජෝබල වික්රතමයෙන් :- තේජස. බලය හා වික්රවමයෙන්, තෙද බල විකුමින්. ලෝක පූජිත ව :- ලෝවැස්සන් විසින් පුදනු ලැබ. වක්රපවාල පර්වතෝපම :- වක්රනවාට පර්වතය උපමා කොට ඇති. පරික්ෂිප්ත වූ :- වට කරන ලද. ඒක භූමික :- එක් මහල් ද්වි භූමික :- දෙ මහල් ත්රි භූමික :- තෙ මහල් පඤ්ච භූමික :- පස් මහල්. භිත්ති ස්තම්භ :- බිත්ති හා ටැම්. සෝපාන මාලාවෙන් :- පියගැට පෙළින්, තරප්පු සමූහයෙන්. සමලංකෘත වු :- මැනවින් අලංකාර කරන ලද. සුධා ධවල :- හුනු ගෑවමන් සුදු වූ. කෛලාස කූට පතිභාග :- කෛලාස පර්වතය හා සමාන වූ. ප්රාසසාද පඞ්ක්තීන් :- පාසාද පෙළින්, ප්රා සාද නම් විශාල මන්දිර ය,



නිකාය සංග්රතහ ගැටපදය 73

ත්යෛයඞ්ගණ :- සෑමළු ගෝපුර ශ්රෙරණීන් :- දොරටු සමූහයෙන් විහාර‍රෝපශොභිත වූ :- විහාරයෙන් බබළන වීථී වින්යාතසයෙන් :- වීථි මනා ලෙස පිහිටු වීමෙන් සම්පන්න :- යුක්ත වූ උභය වීථිගත :- වීථී දෙපසට ගිය ජන සමූහ සඞ්කීර්ණ :- ජන සමූහයාගෙන් ගැවසී ගත් සර්ව සම්පත්ති සමෘද්ධි සම්පන්න :- සියලු සම්පත් සම්පූර්ණ වීමෙන් යුතු විලෝපකාරි වූ :- විනාශ කරන පරශත්රා :- පරසතුරන් ප්රතතිබාහනය :- වැළැක්වීම ස්වාර්ථ පරාර්ථ ප්රනතිබද්ධ :- තමන්ට වැඩ සලසා ගැනීමෙන් අනුන්ට වැඩ සලසා දීමෙන් චිත්ත ප්රරවෘත්ති :- සිතෙහි පැවැත්ම සකලාභිමතාර්ථ :- සියලු බලාපොරොත්තු, සියලු අභිවෘද්ධි සාධා දීමෙහි :- ඉටු කර දීමෙහි ස්ථානෝචිත :- තැනට සුදුසු ස්ථාන + උචිත කාර්යාකාර්ය :- කළ යුතු දේ හා නොකළ යුතු දේ විජානනයෙහි :- දැන ගැනීමෙහි විචක්ෂයණ :- පණ්ඩිත ගුණී :- ගුණවත් සුවච :- යහපත් වචන ඇති, හොඳ වචන කියන මණ්ඩලිකයන් :- ජනපදයක අධිපතීන් කෝලම්බාභිධාන :- ‍කොළඹ නම් වු ද්රෝණමුඛාසන්නයෙහි :- ප්ර ධාන නගරයට ආදායම ලැබෙන කුඩා නගරය ද්රෝාණ මුඛ නම් වේ. ඒ ආසන්නයෙහි, ගම් හාර සීයකට ප්රටධාන නගරය ද ‘ද්රෝ‍ණ’ නම් වේ. තඞාග :- පොකුණු දරුග්රා මය :- ජයවර්ධනපුරය පිහිට වූ ගම ‘ජයවර්ධනපුර’ නාමය ලබන්නට පෙර හඳුන්වා ඇත්තේ ‘දරගම’ හෙවත් ‘දරගමුව’ යනුවෙනි. ගම්භිරතර :- ඉතා ගැඹුරු පර්ව. ප්රා න්තයක් මෙන් :- කඳු පාමුල මෙන්, බෑවුමක් මෙන් පුළුල ඇති :- පළල ඇති




74 නිකාය සංග්රාහ ගැටපදය

සර්වශෛලමය :- සියල්ල සෙල්මුවා වූ හෙවත් හැම දේ ම ගලින් කරන ලද මහාප්රලකාර මස්තකයෙහි :- මහපවුර මුදුනෙහි අතරතුර :- අතරත, තැනින් තැන විශ්වකර්ම නිර්මාණයක් මෙන් :- විශ්ව කර්මයා විසින් නිමවන ලද්දක් හෙවත් මවන ලද්දක් මෙන් ඉඩඞ්ගණි :- සතරන්ට ගල් විදීම සඳහා පවුරු මත සවි කරන ලද දම්වැල් සහිත උපකරණයක් පුලිමුගම් :- අලංකාරය සඳහා ප්රාසාද ආදියෙහි දොරටුවල බදාම ආදියෙන් සාදා ඇති ව්යා්ඝ්රමමුඛ. සතුරන්ගේ පය අසුවීම සඳහා ව්යා ඝ්ර යන්ගේ මුඛ ආකාරයෙන් තනන ලද්දකැයි ඇතැම්හු සිතති. භුමියංතට්ටු :- නගරයේ ආරක්ෂාතව සඳහා සාදන ලද උපකරණයක් සේ සමහරු සලකති. අං තට්ටුවල ස්වභාවයෙන් යකඩින් තනා සතුරන්ගේ පා තුවාල වීම සඳහා බිම සවි කොට තිබුණු දෙයක් සේ ද සැලකේ. අට්ටාල :- අටල්ල. එන සතුරන් පරීක්ෂා කිරීම පිණිස පවුරු මත උස් කොට තැනු මුර ගෙවල් වට්ට වෙට්ටම් :- නගරයේ පවුරු මත තනන ලද තොරණ විශේෂයකැයි කියති. ‘රහස් දොරටු’ යනුවෙන් ද අරුත් පැවසේ. සුරක්ෂි්ත කොට :- මනා සේ ආරක්ෂා සහිත කොට කෝට්ටයක් :- බලකොටුවක් සිරි ලක අරක් ගත් :- ශ්රීම ලංකාවේ ආරක්ෂාහව සඳහා යෙදී සිටි රැකවලහෙි යෙදුණු කිහිරැලි උපුල්වන් :- දෙවිනුවර වෙසෙතැයි සැලකෙන උත්පලවර්ණ දිව්ය රාජයා, කිහිරැලි යනුවෙන් යෙදුණේ ‘හිරියල’ පෙදෙසෙහි පිහිටි ගමක් හෝ විහාරයක විසූ හෙයිනැයි සැලකේ. ඇතැම් කෙනකුගේ අදහස අනුව උපුල්වන් කිහිරි කොටයක ස්වරූපයෙන් මුහුදේ පාවී ආ නිසා ‘කිහිරැලි’ නම් විලූ ‘කිහිරෙලි’ යනු ඛදිරදෙහලී’ යනුවෙන් පාලියට නඟා තිබෙන නිසා එහි අරුත ගැන සලකන සමහරු කිහිරි ලීයෙන් කළ එළිපතක් සහිත දෙවොලක වෙසෙන නිසා, ‘කිහිරැලි උපුල්වන්’ වී ය යි කියති. සමන් බොක්සැල් :- සමන්තකූට පර්වත වාසී සමන් දෙවි විභීෂණ :- රාවණගේ සොහොයුරකු වශයෙන් සැලකෙන විභීෂණ රාක්ෂසයකු වුවත් දෙවියකු වශයෙන් සලකා ඇත. මේ දෙවියන්ගේ දොවොල කැලණියේ පිහිටියේ ය. ස්කන්ද කුමාර :- කතරගම දෙවි නමින් හැඳින්වෙන්නේ ස්කන්ද කුමාර යි.




නිකාය සංග්රේහ ගැටපදය				75

සතර වරම් මහරජුන් :- ලක්දිව රකින දෙවියන් හතර දෙන සතර වරම් මහරජුන් ලෙස හැඳින්වෙති. ධෘතරාෂ්ට්රන, විරූඪ, විරූපාක්ෂන හා වෛශ්රටවණ යනුවෙන් හැඳින්වෙන සතරවරම් දෙවි කෙනෙක් ද වෙති. හින්දූන්ගේ මේ දෙවිවරුන් වෙනුවට ලාංකිකයන් උපුල්වන්, සමන්, විභීෂණ හා ස්කන්ද කුමාර යන සතර දෙනා සතර වරමුන් ලෙස පිළිගත් බව පෙනේ. හේරි තූය්ය්ර නෘත්යළ ගීත වාද්යා,දියෙන් :- බෙර, නළා, නැටුම්, ගී ගැයුම් වැයුම් ආදියෙන් ව්යයවස්ථා කරවා :- නියමයන් කොට, නීති පනවා නිරන්තර :- නිතර පූජෝත්සව :- පූජා+උත්සව මහත් ජනගහන කරවා :- බොහෝ දෙනා වාසය කරවා උමංදාවෙහි :- උම්මග්ග ජාතකයෙහි අටළොස් අක්ෂෟරහිණියක් :- අක්ෂෟ්හිණි දහ අටක් ඇතුන් 21870 ක් ද, අසුන් 65610 ක් ද, රථ 21870 ක් ද, පාබළයන් 109350 ක් ද ඇති ‍මහසෙනඟ අක්ෂෟ්හිණියකි. ජනහිත නිරත වූ :- ජනයාට යහපත කිරීමෙහි නිතර යෙදුණු භය චකිතය රහිත ව :- බියක් හා තැති ගැන්මක් නැති ව, බියෙන් හා තැති ගැන්මෙන් තොරව දෘෂ්ටාන්ත :- උදාහරණ චන්ද්රන චක්‍රාදි විවිධායුධ :- අඩ කවාකාරා, අවි ‘චන්ද්රත’ නම් වේ. ‘චක්රර’ නම් කවාකාර ආයුධ යි. මෙවැනි චන්ද්රත චක්රාැදි නොයෙක් අවි. දැදුරු කර :- දෙදරවා විරූප වේශධාරි :- විකාර රූප ඇති. වෙස් දැරූ නානා වර්ණ :- නොයෙක් වර්ණ හෙවත් පැහැ ඇති සන්නාහ බහා :- යුද ඇඳුම් දමා ගෙන. ආයුධ සන්නද්ධ ව:- ආයුධවලින් සැරසී, ආයුධවලින් යුක්ත ව. විස පෑලලි :- සතරන් වැළැක්වීමට යොදන ලැබූ විෂ සහිත පැලලී. නඩසාල:- ළං වූ අය අසුකර ගනු ලබන උගුල් මරාසි :- සතුරන් වැළැක්වීමට ශක්තිමත් ලී හිඳුවා කරන ලද කොටු යුද්ධ සජ්ජිතව :- යුද්ධය සඳහා සැරසී. දුෂ්ට ග්රාිමණි ප්ර මුඛ :- දුටුගැමුණු ප්රටධාන වූ. පූර්ව නරවීරයන් :- පෙර සිටි වීර මිනිසුන් නානා ස්ථාන ගත :- නොයෙක් තැන්වලට ගිය. දෙමළ කඳවුරු පැහැර :- දෙමළ කදවුරු වනසා. දියුණු කර :- දෙගුණයක් කොට.



76 නිකාය සංග්රකහ ගැටපදය

තානායම් :- නැවතුම් පොළවල්, කඳවුරු. අතුරු නො හැර :- අතුරක් නැති ව, ඉඩක් නැති ව. සාධා :- ජය ගෙන. නෛක කවිවරයන් :- නොයෙක් උතුම් කවීන් විසින්. වර්ණනීයව :- වර්ණනා කරනු ලැබ. ද්විපාධිරාජ :- ද්වීපයට අධිරාජ, අගරජ ප්රිදේශ රාජ :- ප්රාාදේශික රාජයා. අන්තරභෝගික රාජ:- ‘රාජ්යජයක් තුළ පිහිටි නින්දගම් හිමි මහා අධිපතියෙක්’ අනුශාසක රාජ :- ‘අනුශාසනා කිරීමෙන් රජකු වැනි අය’ මහරජුට අනුශාසනා කරන අධිපතියා. පඤ්ච ප්රතකාරා :- පස් වැදෑරුම්. දාන ප්රිතයවචනාර්ථචර්යා සමානාත්මතා සඞ්ඛ්යාමත :- දීම, ප්රිකය වචන, හිත පිණිස හැසිරීම, අනුන් තමන් හා සම කොට සැලකීම නම් වූ. චතුර්සඞ්ග්රාහ වස්තුවෙන් :- ඉහත සඳහන් කරන ලද සතර සංග්රමහ වස්තුවෙන්, සිවු සඟරාවතින්. ජන රඤ්ජනය :- ජනයන් සතුටු කිරීම. ප්රරතිෂ්ඨාවක් පිණිස :- පිහිට සඳහා. නෛක සහස්ර වස්තු පරිත්යාන/ පූර්වඞ්ගම ව :- නොයෙක් දහස් ගණන් වස්තු දීඹ පෙරටු කොට. ආරාම වින්යාාසයෙන් :- ආරාම සෑදීමෙන්, ආරාම නියමයෙන්. වඤ්චීපුර පුරන්දර :- චඤ්චීපුරයට ශක්රදයා. ගිරිවංග ශෙඛර :- ගිරිවංශයට මැදුන් මල්කඩ, හිස මුදුනේ පළදින මල්දම. නිශ්ශඞ්ක අලකේශීවර :- සැකයක් නැති අලකේශ්වර. මෙහි අලකේශ්වර යනු මේ ඇමතියාගේ නාම ය යි. නැතහොත් වෙසවුණු දෙවියා ලෙස ද සැලකිය හැක. ‘අලකා+ඊශ්වර’ යනු අලකා පුරයට අධිපති යන ද අරුත දෙයි. අලකාපුරයට අධිපති වෙසවුණු ය. වංශානුගත :- වංශයට අනුව ගිය, වංශයට එකඟ ව ‍ග්රෝ ත්රු විරුදු නාමයෙන් :- ග්රෝඅත්රියට හෙවත් වංශයට අයත් ස්තුති නාමවලින්. පිරිවෙන් ව්ය‍වස්ථා කරවා :- පිරිවෙන් නියම කරවා. නිඛිල ජන ප්රාාර්ථනීය වූ :- සියලු දෙනා විසින්, සියලු ජනයා විසින් පැතිය යුතු. සකල නගරාඞ්ග සම්පත්තීන් යුක්ත :- නගරයකට අයත් සියලු සැප සම්පත්තියෙන් යුතු වූ.




නිකාය සංග්ර්හ ගැටපදය 77

රාජග්රාංම පුරප්ර වරාසන්නයෙහි :- රයිගම් නම් ඉතා උතුම් නගරය අසල. ග්රා්මාරණ්ය් වාසි:- ග්රාරමවාසී හා ආරණවාසි. අමරගිරි වස:- අමරගිරි වංශයෙහි ඇතුම්හු “අමරගිරි වාසයෙහි” වූ යන අරුත ගනිති. ස්වච්ඡන්දික ව වසන :- තමන්ගේ කැමැත්ත පරිදි වාසය කරන. ස්ව+ඡන්දිකව, ‘ඡන්දික ව’ යනු කැමැත්ත පරිදි යි. තදූපාය :- ඊට උපාය, තත්+උපාය. සසර ජ‍ාතාන්තරයෙහි නැගි :- ගොයම් ජාති අතරතුර පැන නැඟුණු. තණ ලවන් :- වල් පැළෑටි, කුඩා තණ කොළ ‘ලව’ යනු කුඩා යන අරුත දෙයි. තණ ලවන් යනු තණ ලැහැබට ද යෙදේ. නෙළා හැර :- උදුරා දමා. ඇල් ‍ගොවියන් සේ :- ඇල් කෙත් රකින්නන් සේ. ආද්යාහන්ත ප්රේවෘත්ති :- මුල හා අග තොරතුරු, අගමුල විත්ති. සියලු තොරතුර, යනු යි. රක්ෂිහත :- ආරක්ෂාි කරන ලද. පෝෂිත :- පෝෂණය කරන ලද. ශිලස්කන්ධාදි :- සිලු සමූහය මුල කොට ගත්. නෛක ගුණ ගණානුභාවෝත්සන්න :- නොයෙක් ගුණ සමූහයන්ගේ ආනුභාවයෙන් උපන්. න + එක - නෛක, ගුණ + ආනුභාව + උත්පන්න මහාස්වාමිපාදයන්ට :- මාහිමි පාණන්ට, ‘මාහිමි’ යනු සංඝරාජ යි. සඞ්ඝ මධ්යපගත ව :- සඟ මැදට වී. කල්යාමණාධ්යාවසයෙන් :- යහපත් අදහසින්. ශාසනය විචාරා :- ශාසනය පරීක්ෂාඟ කොට, විමසා. සුහුරුබඩු :- මස්සිනා වූ. මෙහෙණවර :- මෙහෙණවර නම් වංශයෙහි. ඈපාණෝ :- ආර්යපාද, ‘අය්ය පාද’ යන්න සිංහලයට අයපය, අය්පය් වී පසු ව ‘ඈපා’වී ඇත. උතුම් ආර්යයා හෙවත් කුමාරයා යන අරුත ඇත. පාලි පොත්වලට මෙය නඟා ඇත්තේ ‘ආදිපාද’ යනුවෙනි. රජතන් පත් ව :- රජකමට පැමිණ. යශස් තේජස් : ප්රයත්යම රූපශෛචර්යාදි වූ :- කීර්ති, තේජස, බලය, රූප සම්පත්ති ආදි වූ. සාතිශය විශේෂානුගත :- අතිශය සහිත විශේෂයන්ට අනුකූල වූ. ඉතා ම උසස් තත්වයට පැමිණි.





78 නිකාය සංග්රතහ ගැටපදය

ශෞර්ය වීර්ය පුරුෂ බල පරාක්රයමයෙන් :- ශූරත්වය, වීරත්වය, පුරුෂ බලය හා වික්රරමය යන මෙයින්. අනේකොපාය ශක්තීන් :- නොයෙකුත් උපාය බලයෙන්. න+ඒක-අනෙක - අනේක + උපාය පූර්වෝපචිත :- පර ‍රැස් කරන ලද, පූර්ව + උපචිත අපවත් නොකළ මැනවැයි :- අභාවයට යාමට දීම නුසුදුසු යයි නො පැවැත්ම නොකළ යුතු යයි. ධර්ම කථිකයන්ට :- බණ කියන්නවුන්ට සාදර ව: ආදර සහිත ව. දරුගම් :- පින් පිණිස විහාරා ආදියට පුදන ප්රදධාන ගමකට යාබද ව පිහිටි කුඩා ගම්. වටනා පස :- ජීවත්වීඹ සඳහා හෝ පැවැත්ම සඳහා උපකාර වන ප්රමත්ය ය වටනා පස නම් වේ. ඒ සඳහා පුදන ලද ගම ද වටනා පස නමින් ගෙන ඇත. ක්ෂේත්රව :- කුඹූරු. වාස්තු :- වතු. වන්දිභට්ටයන්ට :- ගුණ ගයන්නන්ට, විරුදු කියන්නන්ට. දැසිදස් :- දාසි, දාස ගව :- ගවයන්, එළහරක්. මහීෂාදීන් :- මීහරක් ආදීන්. අශ්ව දාන :- අසුන් දන් දීම. ගජ දාන :- ඇතුන් දන් දීම. ‍ගෝ දාන :- ගවයන් දන් දීම. රත්න දාන :- රන්, රිදී, මුතු, මැණික් දානය. කන්යාදදානාදීන් :- කන්යා වන් දන් දීඹ ආදිය. අවශේෂ යාචකයන් :- සෙසු හිඟන්නන් හෙවත් යදීයන්. අන්න පාන :- කෑම බීම. උබය ලෝකාර්ථ සංසිද්ධියට : මෙලොව හා පරලොව යන දෙලොවට වැඩ සිදු වීමට. දාන ධර්ම :- දන් දීම හා සිල් රැකීම. ස්වදේශ :- ස්වකීය, දේශය. දේශාන්තර :- අන්යී දේශ, පිට රට. එක පැහැර :- එක වර. සාතිශය විශේෂ ශ්ර-වණයෙන් :- ඉතා අධික විශේෂ ගුණ ඇසීමෙන් සංජාත වූ :- හට ගත්තා වූ.




නිකාය සංග්රෂහ ගැටපදය 79

සාභිමාන චිත්තෝත්සාහ ඇති ව :- අභිමාන සහිත සිතෙහි උත්සාහ ඇතිව. ධර්මානුගත :- ධර්මයට අනුව ගිය, ධර්මානුකූල. කාලානුරූප ව :- කාලයට ගැළපෙන ලෙසට කාල + අනුරූප උදාරාධ්යා සයනේ :- උදාර අදහසින්. නිරතුරෙන් :- නිරන්තරයෙන්, නිතර. තත්පරව :- යෙදී. ත්රිර රත්නානුගත :- තෙරුවන් අනුව ගිය. චිත්ත ප්ර සාදයෙන් :- සිතෙහි පැහැදීමෙන්. නව රත්නයෙන් :- රත්න නවයෙන්, නව රුවනින් මුතු, මැණික්, වෛදූර්ය, ගෝමේද, වජු හෙවත් දියමන්ති, පබළු, පද්මරාග, මරකත යනු නව රත්න යි. ත්රිදරත්න ශෝභාවෙන් :- ත්රිපවිධ රත්නයෙහි හෙවත් තෙරුවන්හි ශෝභාවෙන්. ශ්රීදමත් වූ :- ශ්රී යෙන් යුක්ත වූ. ගෞර්ය වීර්යාන්විත :- ශූර භාවයෙන් හා වීර භාවයෙන් යුක්ත. තරම් පඬි :- ප්ර මාණවත් වැටුප්. ඛඞ්ග කුන්ත ධනුශිල්පයෙහි :- කඩු ශීල්ප කුන්ත ශීල්ප දුනු ශිල්ප යන ශිල්පයන්හි, ‘කුන්ත’ නම් උල් දෙකක් සහති හෙල්ලය යි. සන්නන්ධ කරවීමෙන් ම :- යුද්ධයට සූදානම් කරවීමෙන් ම. නානා සමයවාදි වූ :- නොයෙක් ලබ්ධි ගත්, නොයෙක් ආගම් වාද ඇත්තවුන් පණ්ඩරඞ්ගාදි :- ඇ‍ඟෙහි අළු ගාතත් තාපස විශේෂය පණ්ඩරාඞ්ග නම් වේ. ඔවුන් ආදිකොට ගත්. පාෂාණ්ඩයන් :- මිථ්යාය දෘෂ්ටිකයන්. යාන වාහන :- රථ හා ඇත් අස් ආදි වාහන. මහණ මහලු පැවැදි කරවා :- මහණ කිරීමත්, උපසම්පදා කිරීමත් කරවා. යෝග්යහ තැන් :- සුදුසු අය. අගතැන් :- ප්රහධාන තනතුරු, අග්රඋ තනතුරු. මහ පදවි :- මහ තනතුරු, ඨානාන්තර. යුක්ත ප්රාැප්ත කාලයෙහි :- සුදුසු කාලයෙහි. සඞ්ඝ දර්ශන ප්රතභව :- සංඝයා දැකීමෙන් හට ගත්. ප්රී ති ප්රරමෝද්යඅ රසාස්වාද කෙරෙමින් :- මහත් වූ ප්රී ති රසය විඳිමින්. ශාසනාලාෂ :- ශාසනයෙහි කැමැත්ත. ශාසනාස්ථ :- කරවා සසුනෙහි පිහිටියකු කොට, මහණ කරවා.





80 නිකාය සංග්රරහ ගැටපදය

අනුජාත ශිෂ්යය :- පියාට සමානව උපන්, ගති ගුණ හා ක්රි්යාවෙන් පියාට සමාන සම වන්නේ අනුජාත යි. අනුජාත ශිෂ්‍ය යනු ගුරුවරයාට සමාන වූ යනු යි. ශාසනොපස්තම්භක වූ :- සසුනට උපකාර වූ. බලය ලා :- බලය දී. දුශ්ශීල මල :- දුශ්ශීලයෙන් නමැති කිලුටු. සමාර්ථ පරාර්ථ භඤ්ජන වූ :- තමන්ට වැඩ සිදු කර ගැනීමත් අනුන්ට වැඩ කිරීමත් නසන්නා වූ හෙවත් බිඳින්නා වූ. ලා හෙළා :- වහා, පරීක්ෂාැ නො කොට. නො බැණ :- නො කියා. ධර්මාන්විත ව :- ධර්මයෙන් යුතු ව. වස්තු ලෙස :- කරුණු අනුව. සාධු සම්මත :- සාධූන් හෙවත් සත්පුරුෂයන් විසින් පිළිගනු ලැබූ, සම්මත කළ. ච්යු ති ප්ර-තිසන්ධි වශයෙන් :- මිය යෑම හා පිළිසිඳ ගැනීම වශයෙන්, ඉපදීම හා මිය යාම විසින්. ස දෙව් ලොව:- දෙව් ලෝ සය, චාතුර් මහාරාජික, තාවතංස, යාම, තුෂිත, නිර්මාණරති, පරනිර්මිත වසවර්ති යනු ස දෙව් ලොව යි. සැරි සරා :- හැසිර. අතිප්රරවර වූ :- ඉතා උතුම් වූ. තත්කාලෝචිත :- ඒ කාලයට සුදුසු. ආඥාපූරස්සර :- අණ පෙරදැරි ව. තම තමා අවධියට :- තම තමන්ගේ කාලයට ජනිත වූ :- හට ගත්, උපන්. ඉෂ්ට විපාකයෙන් :- යහපත් ඵලයෙන්. විචරක්ෂපම :- විචාරයෙහි හෙවත් පරීක්ෂාමවෙහි දක්ෂස. ශාසනෝපකාර :- ශාසනයට උපකාර, ශාසන + උපකාර ශාසනාන්තය :- ශෘසනයෙහි කෙළවර, ශාසන + අන්තය.

"https://si.wikibooks.org/w/index.php?title=ශාසනාවතාරය_-_ii&oldid=5580" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි