නිකාය සංග්රරහය හෙවත්

ශාසනාවතාරය



සංස්කාරක :-

එල්. ගුණරත්න


ප්රනකාශනය: රත්න පොත් ප්රකකාශකයෝ 513, මරදාන පාර, කොළඹ 10



පෙර වදන

‘නිකාය සංග්රශහය’ වනාහි කුඩා ග්රින්ථයකි. එහෙත් ‍‍ඓතිහාසික මුලාශ්රැයක් වශයෙන් මේ ග්ර්න්ථයෙහි ඇති අගය ඉමහති. ප්ර්ධාන වශයෙන් ශාසනය පිළිපබඳ ඉතිහාසය හැදෑරීමට ඉවහල් වන නමුදු ලංකා ඉතිහාසයත්. සිංහල සාහිත්යධ ඉතිහාසයත් හැදෑරීමට ද‍ මෙයින් ලැබෙන උපකා‍රය සුළුපටු නො වේ. එපමණක් නො වේ. ගම්පොළ යුගයේ සිංහල ගද්යල රිතියත්, භාෂා ව්ය.වහාරයත් විමසීමේ දී ද නිකාය සංග්රැහය නැති ව ම බැරි කෘතියක් බවට පත් ව ඇත.

නිකාය සංග්රැහය හෙව්ත ශාසනාවතාරය යනුවෙනි මේ ග්රවන්ථ ප්ර.කාශයට පත් ව ඇත්තේ. එයට හේතුව නම් කතුවරයා විසින් මේ ග්රඇන්ථ “නිකාය සංග්රමහය නම් වූ ශාසනාවතාර චරිය” නමින් හඳුන්වා තිබීම යි. ඒ බව ග්ර න්ථාරම්භයෙහි එන “නිකාය සඞග්රරහය නම් වූ ශාසනාවකාර චරිතය ගෙන හැර දක්වත්” යන්නෙන් ද, ග්ර න්ථාවසානයෙහි වකාර චරිතය ගෙන හැර දක්වත්” යන්නෙන් ද ග්ර න්ථාවසානයෙහි එන “මේ නිකයා සඞග්ර්හ නම් වූ ශාසනාවතාර චරිතය ශාසනොපකාර කෙරෙමින් ශාසනාන්තය දක්වා පවතීවා “ යන්නේ ද පැහැදිලි වේ.

නිකායන් පිළිබඳ තොරතුරු ආරම්භයේ සිට එක් රැස් ‍කොට දැක්විම මගිනි මේ ග්ර්න්ථ ශාසන ඉතිහාසය ගෙන හැර දක්න්නේ . ඒ නිසා ‘නිකාය සංග්රථහය’ යනු උචිත නාමය වෙයි ‘ශාසනාවතාර’ යනු ශාසනයට බැස ගැන්ම යන අරුත් දෙයි. ශාසන ඉතිහාසයට මුල පිරීමක්, ආරම්භයක් ‍මේ ග්රුන්ථ නිසා සිදු වන බව සලකා එසේ හැඳින්වු බව පෙනේ. ‘චරිතය’ යනු ජිවින ප්රේවෘත්තිය, සිරිත, ස්වරූපය යන අර්ත් ඇති‍ේත යි. ඒ අනුව නිකාය සංග්රපහය නම් වූ මේ ග්ර න්ථය ශාසන ඉතිහාසය හැදෑරීමට ආරම්භයක් වන්නට සුදුසු වූ ශාසනය පිළිබඳ චරිත කථාවක් නැත්න ම් ශාසන ස්වරූපය කියා පාන ප්රසබන්ධයක් සේ සලකා ඇති බවක් පෙනේ.

“ජිවනවර පිරිනිර්වාණයෙහි පටන් පස් වැනි භවනෛකබාහු පසළොස් වනු මෙවක් පෙරවා පැවැති ශාසන ප්ර වෘත්තිය සැකෙවින් හඟවනු පිණිස” නිකාය සංග්රෙහය ලියවෙන බව කතුවරයා ආරම්බයේ දී ම පවසා ඇත. මේ අනුව මේ ග්ර්න්ථයෙහි සම්බුද්ධ පරිනිර්වාණයෙහි සිට ගම්පොළ රාජධානියෙ කොට ගෙන නවිසූ පස් වැනි භුවනෙකබාහු රජ්ගේ රාජ්යයයෙන් පසළොස් වැනි අවුරුද්ද දක්වා ශාසන ඉතිහාසය ඇතුළත් වන බව පැහැදිලි ය. එහිදි ඔහු බලාපොරෙත්තු වූයේ හුදෙක් ආධුනිකයනට ශාසන ඉතිහාසය හදාරන්ට මඟ හෙලි කිරීමක් පමණක් නො වේ.‍ ශාසනයෙහි පැවැත්මට මැදහත් රජුගේ උපකාරය අත්යේවශ්යා බව පෙන්වා දීම ද අරමුණු කොට ගෙන ඇත . ඒ බව ග්රරන්ථවසාවනයෙහි ශ්රවද්ධා බුද්ධි සම්පන්න් “විචාරක්ෂම මධ්යෙදස්ථ රාජ මහාමාත්ය්දීන් නිසා හාසනය පවත්නා බව හඟවනු පිණීස” නිකාය සංග්ර හය කරන ලද බව පවසා තිබීමෙන් හෙළි වේ.


4

නිකාය සංග්රදහය ලියා ඇත්තේ “ඔහාස්ථවිරවරයන්ගේ පූර්ව ලිඛිතය හා ඇසූ දුටු ප්රාත්ය‍ක්ෂ කාර්ය මාර්ග ආශ්රරය කොට ගෙන” ය. ඒ අනුව මෙහීලා පෙර පවැති ශසන ඉතිහාසාදි ග්රින්ථ ද තවත් ඇසූ දුඩටු දේ ද උපයෝගි කර ගත් බව පෙනේත පූර්ව ලිඛිත ග්ර්න්ථ වශයෙන් මහාවංස , චූළවංස යන ග්රෙන්ත විශේෂයෙන් ම උපයෝගි කර ගත් බව ඒ ග්රයන්ථ දෙක නම් වශයෙන් සඳහන් කොට තිබී‍මෙන් පැහැදිලි වේ. ඒ හැරුනු විට දැන අප්ර කාශිත ව පවත්නා පාලි, සිංහල ඉතිහාස ග්රැන්ථ කීපයකින් ම කතුවරයා කරුණු උපුටා ගෙන අති බව ද පැහැදිලි කරුණකි. ඇතැම් ඓතිහාසික ස්ථාන හා පුද්කලයන් නම් කිරීමේ දී හුදු සංහල සඥානාම යොදා ගෙන තිබී‍ම මේ ග්ර්න්ථයේ නොයෙක් තැන දක්නට ලැබේ. ඒවා වෙනත් සිංහල ඓතිහාසික මූලාශ්රාවල සඳහන් වූ අයුරින් ම ගෙන හැර දක්වා ඇති බවට සැකයක් නැත.

මෙහි කතුවරයා ‍නම් ගම්පොළ යුගයෙහි විසූ ශ්රෙ ෂ්ඨතම පඬිවරයා වූ දේවරක්ෂිත ජයබාහු මහාස්ථවිර තුමා යි. එතුමා ගඩලාදෙණියේ සද්ධම්මතිලක විහාරය කර වූ ප්ර ථම ධර්මකීර්ති හිමියන්ගේ ශිෂ්යේයෙකි. ඒ බව ග්ර්න්ථවසානයෙහි එන මේ ගාථාවන්ගෙන් පැහැදිලි වේ.

        “ගඞගා සිරිපුරෙ රම්මේ  - භූවනේකභූජෙ පුරෙ

රජ්ජං කාරයමානෙ යො - ධම්ම කිත්තියතිස්සරෝ

ගඩ්ලජධෝනිගාම්මහි සද්ධම්මතිලකව්හයං විහාරං කරයිත්වාන - වසසි සූචිරං තහිං

තස්ස සිස්සුතෝ ධිරෝ - දේවරක්කිතනාමකෝ ජයබාහූති නාමනෙ - විස්සුතෝ ලෝකපූජිතෝ

ධම්මකිත්ති මහාථෙරෝ - ඉති තන්නාම භූසිතෝ පත්වා යෝ සඞඝරාජත්තං - සෝහේසි ජිනසාසනං

නිකායසඞගහං ඒතං - සහාසාය සමායතෝ අකාසි සො සදා සත්ථු සාසන්ස්සාහිවුද්ධියා”

“පෙර රම්ය වූ ගඞ්ගාසිරි පුරයෙහි භුව‍නෙකිබාහු රජය කරවන කල්හි යම් ධර්මකීර්ති නම් යතීහ්වරයෙක් ගඩලාදෙණි ගමෙහි සද්ධම්මතිලක නම් විහාරය කරවා එහි බොහෝ කාලයක් වි‍යුවේ ද, ඔහුගේ ශිෂ්ය පුත්ර වු නුවණැති දේවරක්ෂිත ජයබාහු යන නමින් ප්රාකට වූ ලෝ වැස්සන් විසින් පුදනු ලැබූ යමෙක් ධර්මකීර්ති හාස්ථවිර ය යි ඒ නමින් සැරසුරණේ සඟරජ බවට පත් ව බුද්ධ හාසනය හෙබවී ද, හේ සියලු කල්හි හාසනයෙහි අභිවෘද්දිය සඳහා ‍මේ නිකාය සංග්ර හය සිය බසින් සැකෙවින් කෙළේ ය” යනු එහි අදහස යි.

ද්විතීය ධර්මකීර්ති නමින් සහරජ පදවියට පත් ව සිටියේ ද මේ හිමිතුමා යි. නිකාය සංග්රමහය අවසානයෙහි එන ශ්රීව ධර්මකීර්ති මහාස්වාමි පාදයන් වහන්සේ ගේ අනුජාත ශිෂ්ය් පුත්රහ වූ තත්කාල ශාසනානුශාසක

5

ද්විතී ධර්මකීර්ති මහාස්වාමි පාදයන්” යනුවේන සඳහන් වී තිබීමෙන් ද එය තහරවුරු වේ. අලකේශ්වර නම් අධිපතියාගේ මෙහෙය වීමෙන් සිදු කරන ලද හොසන ශොධනයෙහි ද ප්රහධානත්වය දරන ලද්දේ මෙතුමා විසිනි.

දෙවන ධර්මකීර්ති මිහිමියන් විසින් බලාවතාර ගඩලාදෙණි සන්නය ද සද්දර්මාලංකාරය ද රචනා කරන ලදී. නිකාය සිංග්ර්හය එතුමන්ගේ ප්ර ථම කෘතිය බව පැවැසේ.

වෙනත් ඓතිහාසික මුලාශ්රකයකින් නොලද හැකි තරමේ තොරතුරු රැසක් මේ ග්රඓන්ථයෙන් අනාවරණය වේ. පාලියට නඟා දැක්වෙන ‍ඓතිහාසික ස්ථාන හා පුද්ගලයන් පිළිබඳ සිංහල නම් රාශියක් ම මේ ග්රලන්ථයෙන් දැනන ගත හැක. ලංකාව පිළිබඳ ඉතිහාස තොරතුරු අතර ද මේ ග්ර න්ථයෙන් පමණක් අත හැික කරුණු බෙහෙවි. විශෙෂයෙන් ම මෙරට පඬි පරපුර ගැන දක්වා ඇති තොරතුරු සාහිත්යෙ ඉතිහාසය හැදෑරීමේ දී අතිශයින් ප්ර යෝජනවත් වේ.

එහෙත් මෙහි එන ඓතිහාසික තොරතුරු සියල්ල ම නිරවද්යපය යි කියා හෝ අපාක්ෂික ය යි කියා හෝ පැවැසීම අසීරු ය. විශෙෂයෙන් ම ‍ශාසනික තොරුතුරු පිලිබඳ ව මේ සැකය සාධාරණ යයි සිතමි. මෙහි සැබෑ පරමාර්ථය වන්නේ මහාවිහාර වංශයෙහි ශාසනික ඉතිහාසය අත්කර්ෂ වත් ලෙස කියා පෑම ය. ස්ථවිර නිකාය ම සැබෑ ශාසනික ප්රරතිපත්ති දරන බව තහවුරු කිරීම ය. ඒ නිසා විර්ද්ද වූ අදහස් දැරූ නිකායන් හෙළා දැකීමටත් විකාත කිරීමටත් කතුවරයා පෙළඹී ගියාට සැකයක් නැත. එ‍සේ වූව ද ලංකා ඉතිහාසයත්, ශාසන ඉතිහාසයත් හදාරන්නකු නිකාය සංග්රෙහය කිසි සේත් නොතකා හැරිය හැකි නො වේ. ‍එයට හේතුව නම් ඉතහ සඳහන් කළ පරිදි වෙනත් මූලාශ්ර යක දක්නට නොලැබෙන අයුරේ තොරතුරු රැසක් ම මෙහි ඇතුළත් ව තිබීම යි.

නිකාය සංග්රරහය රචනා කොට ඇත්තේ ගම්පොළ අවධිය වන විට මෙරට උගත්තුන් අතර පිලිගැනුනු භාෂා ව්ය වහාරයෙනි. එය සංස්කාත වචන බහුල, දීර්ඝ සමාස සහිත වූවකි. ඒ අතර ඉඳහිට හෝ හුදු හෙළු වදන් යොදා ගැන්ම ද අමක කොට නැත. කෙටි වැකි ඇතත් දිගු වැකි යෙදීම වඩාත් ප්රි ය වූ බව පෙනේ. ඇත්ත වශයෙන් ම එය නිකාය සංග්රිහයෙහි විශෙෂ ලකෂණයක් ලෙස සැලකිය හැකි තරම් වේ. ව්යික්ත භාෂා ශෙශලිය ම රකැ ගැන්මට කතුවරයා උත්හාස කොට ඇත.

නිකාය සංග්ර හය ඉතිහාස ග්ර්න්ථයක් නිසා ම එහි කිසියම් සාහිත්යාමය අගයක් නැතැයි නිගමනය කළ යුතු නොවේ. යම් යම් අවස්ථා සිද්ධි ගෙන හැර දැක්වීමේ දී කාව්යනමය ස්වරූපය ගැන්වීමට දකතුවරයා මෙහෙය වි ඇත. අනුප්රාේසව්ත පද ගැළැපීම, උපමා - රූපකාදි අලංකාර


6

යෙදීම ආදි කාව්යපමය රචනා ප්රඋයෝග ද මෙහි දක්නට ලැබෙන්නේ එහි ප්රීතිඵලයක් වශයෙනි. එනිසා නිකාය සංග්රහහය හුදු ඉතිහාස ග්ර න්ථයක් බවට පමණක් නො සාහිත්යල ග්රමන්ථයක පවට ද පත් ව ඇත.

නිකාය සංග්රහහය උගතුන් රාශියක් ඇතින් ම සංස්කරණය වී ඇත. එනිසා එහි මුද්රිරත සංස්කරණ රාශියක් ම ඇති බව කිවමනා නො වේ. මේ සංස්කරණයෙහි දි අපි එම සංස්කරණ රාශියක් ද පුස්කොළ පිටපත් කීපයක් ද ඇසුරු ‍කළෙමු . අපේ අරමුණ වූයේ අපට ඕනෑ ‍අයුරින් සකස් කළ සංස්කරණ්යහක් ඉදිරිපත් කිරීම නො වේ. සැසදීම් මගින් මුල් කෘතියට තරමක් දුරට හෝ සමාන වියහැකි යැයි සිතෙන සංස්කණයක් ඉදිරිපත් කිරීමට ය. බොහෝ විට පුස්කොළ පිටපත්වල දක්නට ලැබෙන දොස් ඒවා පිටපත් කළවුන් අතින් ම පිවිස ඇති සේ සැලකීම උචිත නො වේ ග්ර න්ථ කර්තෘන් අතින් ම පිවිසි දොස් ද තිබිය හැක. ඒවා යටපත් ‍වන්නට ඉ‍ඩ තැබීම නසුදුසු බව ය අපේ හැඟීම, සංස්කරණමගින් කර්තෘගේ කාතිය වෙන ම සමීප විය යුතු ය. එනිසා අපි ඒ අදහස මත ම පිහිටා මේ සංස්කරණය ඉදිරිපත් කිරීමට උත්සාහ ගති


- සංස්කාරක.


1987 මාර්තු 1




ජාතකට්ඨ කථා වර්ණවග්ග

ගුණරත්න ගේ සංස්කරණය

පිළිබඳ ව ඉංගිරියේ මුනිදාස සෙනරත්යාපා මහතා‍ ගේ අදහස

ඔබ සංස්කරණය කළ ජතකට්ඨ කථාවේ පෙරවදන දෙ‍වරක්ම කියැවූයෙමි. එය ඉති ව්යපක්ත හා සාර්ථක පෙරවදනකි. එහි බස ද ඉතා උසස් තත්වයක පවතී . ඔබට මෙතරම් හොදින් බස හැසිර විය හැකි බව මා තේරුම් ගත්‍‍තේ මේ පෙරවදන කියැවීමේන පසු වය. ඔබ අතින් මෙබඳු කෘති තව තබත් බිහි‍ වේවායි පතමී.


මෙයට,

හිතවත්


මුනිදාස සෙනරත්යාපා


ග්රින්ථ කර්තෘ හා පුවත්පත් කාලවේදී

"https://si.wikibooks.org/w/index.php?title=ශාසනාවතාරය_-_පෙර_වදන&oldid=5578" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි