වෙස්සන්තර ජාතක කාව්‍ය-x
901. මකුටන්ද මද්ද ල කොම්බු සොරනෑ කාහ ල නුඹ දෙරනත පත ල කළේ ගොස විදු විලස පළක ල
902. මෙලෙසින් තුති ගො සේ කර කන් බිහිරි වන සේ බුදු මගුලක් ලෙ සේ නික්ම බෝසත් සමග පිරි සේ
903. සුර පිරිව රා දෝ නික්මෙන පුරඳ රා දෝ තරු පිරිව රා දෝ දෙරන බැස යන නිසයු රා දෝ
904. නැන්දා තම යෙහෙලිගෙ පන්සල ය න්නේ මන්ත්රිස බිසව් නැන්දා හට වඳින න්නේ අන්දා සළු පිලි සිව් සැට පලදි න්නේ දෙන්නා සමග කැන්දාගන වඩි න්නේ
905. වෙසතුරු රජුට සඳමහ රජ සතුටු වෙ ලා බුදුබව පතා රැකි පතිදම් අසා ලො ලා ගෙන ගිය රාජ බොජුනුත් මේ වඩා ලා ජයතුරු නුවරටම වඩිනුව කියා ලා
906. ඇලි ඇතුපිට ඉඳුවයි කිව්ව එම වි ට මා දුන් ඇතා ගෙන්නා ගනතේකුම ට සතුටින් එරජ එව්වාවද කීකල ට වෙසතුරු රජුනි වඩිනේ අපගෙ නුවර ට
907. ඇඳපු ඇඳුම් දිවිසම් පන්සලේ තබ ත් සුවඳ පැනින් නාවා ඉස ඔටුනු දර ත් ඇලි අතු පිටට නන්වා සක් දෙවිඳු ලෙස ත් වනේ වසා සත් මසකින් එදා වඩි ත්
908. එවන වසන සිවුපා සත්තු එදින මා හඬාගෙන ගොසින් පසුපස්සේ සිට මා වෙසතුරු කියා සමුදුන්නළු මුරුන් හැ මා පින්දී එවුන් හට වැඩියයි එම විට මා
909. කළුවැලි පිස සුදුවැල්ලේන්ම මග සද ත් රන් තොරනින් රඹ තොරනින් නුවර සද ත් දුහුල් පිලී උඩ දමමින් සෙනග නට ත් වෙසතුරු රජුන් සුබ මගුලෙන් නුවර වඩි ත්
910. දන්සැල් කරවමින් සිඟනුන්ට දන් දෙව ත් සියලු සතුන්හට දන් දී සිල් පිහිට ත් දසදම් පුරා රජ කරමින් ආයු ගෙව ත් සහ පිරිවරින් ගොස් තුසිතේ පුර උපදි ත්
911. වෙසතුරු නරනිඳුන් වෙත නිත් මෙහෙ කර න වැඩ කරු දන ගොසින් එහි අසු පිටට පැ න විසිතුරු දන් සැලට ගොස් අසු නවතිමි න පිවිතුරු කොට දෙවයි දන් රජ අන් ලෙසි න
912. හිඳගන අසුන් පිට මැතිගන නොව මැ ලිය දෙවමින දන් නිතර දුගි වෙත නොව ක ලිය හරිමින ඔවුන් පිනවා සිතු ලොව එ ලිය කරමින රද පතා බුදු බව හැම ක ලිය
913. දස පින් කිරීමය තම ණුවනින් විමස සා බලමින් ඇඳිනගෙන ඉන් එකකුත් නොන සා පතමින් මතුව බුදු බව බෝසතුන්තො සා දැහැමෙන් රස ඉසුරු විඳ දැන් දෙතිය ය සා
914. වෙසතුරු රජුන් සිතු ලෙස බොහො දන් දෙමි න තබමින් කිරුල රදකිත් පවතිනා තැ න මෙලෙසින දවස් හැර විසු බුදුකුරු සොබ න දිව පුර ගොසින් ඉපදුනි පිරිස සමගි න
915. ජූතක බමුණු දෙවිදත් තෙරිඳු නම් වෙතී ඔහු බැමිණි චින්තාමානිකා වෙතී සෙනෙවි ඇමති චන්නය නම් ඇමති වෙතී අච්චුත නම් රුසි සැරියුත් තෙරිඳු වෙතී
916. සක් දෙව් එදා අනුරුද්දය තෙරිඳු වෙතී සඳමහ රජ එදා සුදසුන් නිරිඳු වෙතී පුසැති දේවි මහාමායා බිසව් වෙතී යසේදරා දේවිය මන්ත්රී් බිසව් වෙතී
917. ජාලිය කුමරු රාහුල නම් කුමරු වෙත් ක්රිසෂණජිණාවෝ සස්නේ උපුල් වෙත් දන් දුන් එදා වෙස්සන්තර රජුන් මහත් මම් වේදැයි බුදු වූ මේ තිලෝ ගුරුත්
118. දීප සතර මහ මෙර ව ට මේ සක්වල සව් සත හ ට මාගේ තෙද පැතිර ලොව ට අග රජ වෙමි මෙමුලු ව ට
119. විසාකාව ලෙස ආ දී ලැබ දරු මුනුබුරු පැහැ දී සිය නෑයින් සමග යෙ දී ලබමි ඉසුරු සැප සුසැ දී
920. අනන්ගයා ලෙසින් මතු ඉපිද මෙමා රජව මතු නිසන්සලව පිනින් මතු දෙමින් වස්තු පැහැද මතු
921. ඇස් වහ කටවහ නොවැ දී තිස් මහ නිරයට නොවැ දී තිස් යොදුනක් පැතිර යෙ දී රැස් වි සෙනග මතු උප දී
922. සමග අඩු තුන් කෙ ළ සුරඹ විමනේ කෙළ කෙ ළ යසසිරි පෑ මෙක ල වඩිති මන්ත්රී බිසෝ එම ක ල
923. චේතිය නුවරටද එ මින් සත් දවසක් එහි සිටි මින් උපස්ථාන නිසි විඳි මින් සඳ මහ නුවරට වඩි මින්
924. ජාලිය කුමරිඳු සම ගේ කරමින් රජ කම් එර ගේ තිස් දහසක් සෙනග ල ගේ දස දහමෙන් ඇමති ර ගේ
925. එයින් චුතව ඒ නිරි ඳු තුසිත පුරේ ගොස් ඉප දු තුදුස් කෙළක් ඒ අවුරු දු යස සිරි සැප විඳ සුසැ දු
926. මායා දේවිගෙ කු සේ ඉපිද කිඹුල්වත් එදෙ සේ සුද්දෝදන රජුට තො සේ සිදුහත් නම් කුමරු මෙ සේ
927. යසොද්රා ඒබිසෝ ල ඳ රාහුල කුමරුන් ලත් ස ඳ රජ සැප ලොබහැර එමස ඳ බුදුව එපන්සාලිස් ස ඳ
928. මෙසේ මුනිඳු බුදුව තො සේ රසේ නිවන් පෑය ය සේ ඒසේ දසටරියන් උ සේ තොසේ බුදුන් වදිමි සේ
929. පළමුව බණ වදාර තී සිත සතුටින් අසා නි තී මමද එබුදුබව පත තී දකිමි නිවන් පලය නි තී
930. විදුරු එපඞු ලෙස පැහැ දී සිතුව ලෙසින් නුවන යෙ දී සමග වස්තු සිත පැහැ දී ලැබ උපදිමි මතු කල දී
931. දහම්සොඞද රජ ලෙසි නී සකල කලා සිල්පයෙ නී ඉගෙන සිල්ප සොඳ ලෙසි නී නිපුනය වේවා ඉති නී
932. ගුනේ දෙමව්පිය ලැබගෙ න සෙනේ රුවින් ලැබ කුලඟ න තොසේ එසොහොයුරු සමගි න රසේ නිවන් පුර දකිමි න
933. විකල දුජන දුරු වේ වා කිකලත් පව් නොපිරේ වා සකල සිල්ප සෑදේ වා මකළ කුසල් පෑදේ වා
934. තද තෙද සිරි යසින් ම තු පෑවිය රජකුලෙන් යු තු
තුටුකර සුර නරන් සි තු
ඉපිදි මෙපින් බලෙන් පැ තු
935. මුනිබණ සිත සෑදේ වා පිරි යස තෙද නොමැකේ වා සැමදේ සිත සෑදේ වා බොරු බස් තුඩ නොයෙදේ වා
936. දම්මා ශෝකය රජ මෙ න් දැම්මා පුර රුපු නිරිඳු න් නම්මා දඹදිව ඉසුරෙ න් වෙම්මා වැඩි යසස් තෙදි න්
937. මුළු දඹදිව නරයි න්ටත් හැම යක් බු පියසු න්ටත් සිහ දිවි වග වලසු න්ටත් මගෙ අන සක පවති න්ටත්
938. සිතු පැතුවා සිදුවෙ න්ටත් මගෙ යස ලොව පවති න්ටත් යදිහට නිති දන් දෙ න්ටත් දඹදිව අග රජ වේ න්ටත්
939. මේ දහමය ලිව් උ න්ටත් මතු රජසිරි සැප ව න්ටත් රුව ගුණ බල පවති න්ටත් මුළු ලොව අග රජ වෙ න්ටත්
940. සතර නිදන් වැසි මන රග සිව්වෙනි කප්රුකක් ස මග රජ සිරි සැප වැඩිවෙන රග ලබමිය මතු නිවන් ස මග
941. මේ දහමය ලියමින් නිමකල මෙම ටා මේ ලොව උතුම් කුසලකි මොක්පුර යන් ටා මේ කල කුසල් බලයෙන් මතු රජව සි ටා මේ දඹදිව අනසක පවතී සොද ටා 942. සදෙව් ලොවේ සැප විඳ මතු උපන් ව රා දෙදෙව් ලොවට අදිපතිවන් පින්ඉති රා සදෙව් ලොව ඉපිද මේ දහම් අසු පව රා ලැබෙයි නිවන් සැප ඉපිදව තුසිත පු රා
943. ඇසු ලොව දහම මෙම සියළු අය නි තී දෙසු උතුම් ගුණ දහමය ගුණ පැව තී ඇසු සියළු වාසින් හට බලා නි තී ඇසූ පිනෙන් දෙව්ලොව සිරි සැප විදි තී
944. ලිව් මෙ පොත අක්ෂර ගණනයෙ ම්මා දෙව් ලොව ඉපිද සුර සිරි සැප විද නි ම්මා සව් සිරි විඳ මතු මොක් සිරි ලබ ම්මා සිව් සැට සිල්ප සිදුවම සැප විඳ ම්මා
945. ගුණද මෙතේ මුනිඳුට ගැතිවෙ න්ටයි වෙනද කෙනෙක් මා සරි නොව ව න්ටයි බණද දහම් මගෙ සිතේ රඳ න්ටයි අනද තෙරිඳු මෙන් මතු උපදි න්ටයි
946. මේ ලත් දානේ සිතේ දර න්ටයි කී ප්රරඥානේ පව් නොකර න්ටයි සර්වඥානේඅදහා ග න්ටයි දිව්යර ඥානේ මතු ලැබ ග න්ටයි
947. ගතේ රෝග කිසි කලෙක නොව න්ටයි කැතේ කියන රජ කුල උපදි න්ටයි මෙතේ මුනිඳු බණ කන්දි අස න්ටයි මෙතේ මුනිඳු දැක නිවන් දකි න්ටයි
948. පිරු ව පෙරුම් අකුසල් නොකර න්ටයි ඔරු ව සේම සැම සත ගොඩල න්ටයි මරු ගෙ දොරින් සැම සත ගොඩල න්ටයි සරු ව මුනිඳු දැක නිවන් දකි න්ටයි
949. මින් මෙසසර දුක් නොවිඳ ගොසින් සො ඳ උන් දෙව් පුරයේ තුසිත පුරේ මැ ඳ පින් බලයෙන්සිරිසැප විදිම්න් සො ඳ මෙතේ මුනිඳු දැක නිවන් දකිමු සො ඳ
950. මේ ලොව ඉතා මිතුරුව හැම සතන් ඉ ඳ මේ ගුණ පස සව් අසනෙද නම් සො ඳ මේ කය චුතවී පරපුර යන සෙ ඳ මේ බණ පින්ගෙන නිවන් දකින් සො ඳ
951. ගෙතුවා සේ දත් පබළුසෙ වෙ න්ටයි නැතුවා හැමටම සිරිම ලබ න්ටයි සිතුවා මා කී දෙය සැම දෙ න්ටයි පැතුවා මේ සැටි මට සිදුවෙ න්ටයි 952. ඉදිරි මෙතේ මුනි දැක්මෙ න් මදුර බොජුන් මේ වඩමි න් නිදුරුව ඉඳ බණ අසමි න් ඇදුරු පිනට පළමු වෙමි න්
953. වංක වයිර නොසිත න්නේ මොක් සිරි සැප ලැබ ග න්නේ වික්රසම මුනි බණස න්නේ සක්සදෙව් රද පින් ග න්නේ
954. මුළු සක්වල දෙවියන් හ ට හැම සක්වල දෙවියන්හ ට ට මව්පිය සිය දෙගුරුන් හ ට පින් දෙමි බණ කී කි වි ට
955. වික ල දුජන දුරුවේ වා කි කල පවක් නොපිරේ වා සක ල සිල්ප සෑදේ වා මෙකල කුසල් පලදේ වා
956. සන් සුන් පතිකුල වේවා නන් සෙත් තොස් සැප වේවා පින් කෙරුමට සිත වේවා ඉන් පින් මතු පල වේවා
957. බණත් දහම් මුනිගුණ සිහිවේ වා ගුණත් මගෙ මුළුලොව පැතිරේ වා ගෙනත් දැකුම් බඩු මට අය වේ වා දෙනෙත් දෙකට කිසි දුකක් නොවේ වා
958. ඇත් අස් පිරිවර සෙනග ලැබේ වා කෙත්වත් බොල්‍ෙරාඩු නැතුව පැසේ වා ගත් ගත් දේ අඩු නොවී තිබේ වා දුප්පත්කම කිසිකලෙක නොවේ වා
959. තෙද බල අනසක ලොව පැතිරේ වා යුද කළ රුපු මෙමහට ජයවේ වා ලද කෙලි කොලු දැසි දස් වැඩිවේ වා ඈඳ ඇතිරිලි උඩුවියන් ලැබේ වා
960. ලිෙඳ් වතුර මෙන් වස්තු ලැබේ වා සෙඳ් වලා මෙන් පව් දුරුවේ වා මැදේ සසර දුක් මට නොයෙදේ වා කෙඳ් ලෙඩක් මට අට නොගනී වා
961. නිතර දහම් මුනි බණම කිය න්ටයි විතර උසව පෙති පිලිම කර න්ටයි අතර මහත උවදුරක් නොව න්ටයි සතර වරන් දෙවියෝ පින් ග න්ටයි
962. දෙ දෙ ව් ලොවට මම අදිපති ව න්ටයි කොදෙව් සතර වටෙකළ ඇවිදි න්ටයි මෙ දෙ ව් ඉදිරිව සිට දෙස් ව න්ටයි ස දෙ ව් ලොවේ දෙවියෝ පින්ග න්ටයි
963. රෝග කිසිත් ගත නොම සෑදෙ න්ටයි වේග වෙමින් බස් තුඩ නොවක න්ටයි බෝග ඉසපු තැන බිජු වැඩිවෙ න්ටයි නාග ලොවේ නා රජු පින් ග න්ටයි
964. සතුරු බයක් කිසි බයක් නොව න්ටයි මිතුරු වෙමින් සතහට දන්දෙ න්ටයි මිතුරු දයා යදිහට දන් දෙ න්ටයි කතර ගමේ දෙවියෝ පින් ග න්ටයි
965. චන්ද්රන මඬල සේ ගුණ බෝව න්ටයි ගින්ද්ර සේම අනසක පවති න්ටයි සුන්ද්ර සේම දෙවි මට පිහිට න්ටයි ඉන්ද්රර දිගින් වැඩි දෙවි පින් ග න්ටයි 966. එක් විමේ බණ ඇසු සතු න්ටයි දුක් කිසි කලෙකත් සිතට නොග න්ටයි සක් රජ මෙන් සුර සැපම ලබ න්ටයි අග් නි දිගින් වැඩි දෙවි පින් ග න්ටයි
967. ලී ම කීම සැම සිල්ප ලබ න්ටයි දී ම යදින් හට තොර නොකර න්ටයි යාම තුනේ නිති බනම අස න්ටයි යාම දිගින් වැඩි දෙව් පින් ග න්ටයි
968. වයිර මෙලොව කාටත් නොසිත න්ටයි සයුර පීනමින් එතරව ය න්ටයි බහිර වයින් සහ ගණ දෙව් ය න්ටයි නයිර දිගින් වැඩි දෙව් පින් ග න්ටයි
969. අ හ ස ට හිමි ඉර සඳ දෙවිය න්ටයි පො ළවට හිමි මිහිකත් දෙවිය න්ටයි දෙ ලොවට තෙද ඇති සක් දෙවිය න්ටයි මෙලොවට වැඩි සැම දෙවි පින් ග න්ටයි
970. අ ඹෙන් උපන් පත්තිනි දෙවිය න්ටයි සමන් දෙවිඳු සහ කඳ කුමරු න්ටයි නරයින් දුක් දුටු සිව්වරයි න්ටයි මෙපි න් දෙමින් දෙවි නිවන් දකි න්ටයි
971. නාගලොවට වැඩි නාග රජු න්ටත් සාගර මනිමේකල දෙවිය න්ටත් මෙගංගාවෙ වැසෙනා දෙවිය න්ටත් පින්දෙමි සැම දෙවි නිවන් දකි න්ටත්
972. ඇල්ලේ වැල්ලේ වැසෙනා දෙවියනි පොලොවට පල්ලේ මිහිකත දෙවියනි මේ බණ සරසා ලියවු දෙවියනි පින් අනුමෝදන් සක්වල දෙවියනි
973. ස ස ඟ සියල් බඹලොව වැසෙන දෙවිය නි උ ර ග ගුරුළු යක්බු නර අසුරයි නි නොලභ ලඟ වැසෙන දිය ගොඩ සව්සතු නි ස ම ග මෙපින් අනුමෝවව් සමසිති නි
974. මෙ ලිව් පින් පු රා විඳ සව් සැපත් නිත රා නොමද බිය සස රා මමද බුදුවෙමැයි ලොව්තු රා
975. සවිබලයෙන් පෙර මුනිදත් කෙළෙමි යු ත නැන බලයෙන් එ අනද තෙරඳුන් දිමු ත සිත සතොසින් ඇසු සතහට වෙයි සැප ත කවි නවසිය හැත්තෑපසෙකි මෙම පො ත
- නිමි -