වෙස්සන්තර ජාතක කාව්‍ය-viii

701. තුන්යම නැත නෙත් නින් දේ කුමටද මම පෙම් බැන් දේ හිමි දරු ඉන්නේ කිම දේ නොකියා ඉන්නේ කිම දේ

702. ඇති කළ දරුවන් මල්සේ දෙනුවන් දෙක අද විල්සේ පන්සල අද විය වල්සේ ලැම දැඩි නොවෙනුය ගල්සේ

703. ගොස් එනකල් මෙවන තු ලා එති දුර දැක එකෙළ කො ලා කති රුති පල වැල ඉල් ලා අද ගිනි වනි මහද තු ලා

704. දරුවන් නැති බව කෙලෙ සේ තරු පිරිවර සඳ විල සේ දරුවන් නැති බව කෙලෙ සේ රාහුට පුන් සඳ විල සේ

705. පඳුරක් සේ උන්නෙමු අනේ සිදුරක් සේ විය දැන් අනේ අඳුරක් විය දැන් දෙවිය නේ විදුරක් සේ විය දෝ අනේ

706. කනකොක් විල් කකුලුව නේ සුදු කොක් හා ගෙරි කොකු නේ කට්ටොලු කරවැල් කොකු නේ කුමරුන් දුටුවෙන්ද අනේ

707. ඌරන් දත් දිවිය න්නේ ගෝනුන් මුව පැටවු න්නේ ලේනුන් වල් මීය න්නේ දෙදරුන් කොයි පවස න්නේ

708. මේ වන කිඳුර නේ පැන යන වඳුර නේ රඟ දෙන මොනරු නේ කිය මගෙ දරුව නේ

709. ගිරා පරෙයිය නේ පරවි කොවිල්ල නේ තාරා කපුටුව නේ කිය මගෙ දරුව නේ

710. ඌරු රැලනි වනේ ඉත්තෑ මුග වනේ ගවර රැලිනි වනේ කිය මගෙ දරු වනේ

711. කොබෝ කුරුලු වනේ එබෝ සතුනි වනේ හබන් කුකුලු වනේ කිය මගේ දරු වනේ

712. ඇත් අස් ගව වලසු න්නේ මස් කැස්බෑ කිඳුර න්නේ ගස් උඩ යන වඳුර න්නේ රොස් නොව කිය දරු දෙ න්නේ

713. මුගටින් සහ උරුලෑ වෝ සිවලුන් වල් ඉත්තෑ වෝ සවගින් දෙන්නම ආ වෝ මෙමගෙහි නුදුටුද දරු වෝ

714. පන්සල වට යොදු නේ නැත්තේ සතුරෝ මෙදි නේ දුරු රටින් එමි නේ දරුවෝ මගෙ ගෙන ගියෙද නොදැ නේ

715. සිහ දිවි වලසු නේ අද වද දුක් උ නේ සොඳ දරු දුක් ගැ නේ දෙනෙත මගෙ නොපෙනෙන් නේ

716. අම්මා නැති ද රුවෝ නොකෙරෙති එවන් ස රුවෝ තද දුක් සිත පි රුවෝ නැතේ මේ වල ද රුවෝ

717. ඇවිද තැනින් තැ නේ බලා නොයෙක් ව නේ හඬති දෙදරු ව නේ ගිය අත නොදැනු නේ

718. දෙතනේ කිරි අ නේ අද වාසිය සැ නේ ක්රිාෂ්ණාජිනා උ නේ කුසගිනි ඇති අ නේ

719. පෙර මග බල බ ලා දෙන්නම කෙළ කෙ ළා අත දිගු දිගු ක ළා දකිමි කවර ක ලා

720. දුර දැක්මෙන් පියා රස බස් දී පියා සුරතල් පෑ පියා දෙදෙනම හැර පියා

721. රැ තුන් යම සො ‍ෙඳ් බුලුවෙමි වන මැ දේ නෙත නිදි නොම ඉ ‍ෙඳ් හඬමින් ඉක්බි ‍ෙඳ්

722. දරුවන් නැති සැ නේ පන්සල ගිනි මෙ නේ අද ගණඳුරු උ නේ කිමෙක්ද දෙවිය නේ

723. ඉන්නේ බුදුවෙමි යන සිති නේ දැන් මගෙ පණනල යති ඉති නේ ලත් දරු දෙන්නා මගෙ නෙති නේ නුදුටුවොත් වෑවෙමි කොයි ලෙසි නේ

724. සතොස වෙලා මෙන් ඉ න්නේ නොලස ඉතින් පණ ය න්නේ අලෙස නොවී තෙපල න්නේ කෙ‍ලෙස ද අද වෑවෙ න්නේ

725. විලක පිරුණ දිය විල සේ එවිල සිඳී ගිය විල සේ සැලෙන මසුන් දඟලන සේ දැන් වෑවෙමු කොයි විල සේ

726. ඉන්නා කෙනෙකුන් මෙන් ඔ බා දන්නා වෙසතුරු රජු සු බා දන්නා දුටු බව කර ලො බා ඉන්නේ නොකියා ඇයි සු බා

727. වලා නුපුසු පුන් සඳ ලෙසට වනමැ දා දුලා සඳක් සේ මන්ත්රීන බිසෝ ල ඳා බලා ඇවිද දරුවන් දෙදෙන වන මැ දා විලාප බස් කියා හඬමින් දුකින් ත දා

728. පව් පාදයක් පලදුන් සැටිදෝ නොදැනේ වැව් පාදාපු දියමෙන් කඳුලු එයි අනේ සවිපා සතුනි කාටත් සරිය දරු සෙනේ මෙව්පාවක් කියව් මට වෑවෙන්ට අනේ

729. වංගගිරිය තපසට ආතෙක් මෙව නේ වංක සිතක් සිතුවේ නැත මම විසි නේ සිංහ වලස් පමණක් නැතැයි මෙම වනේ සැංගවුද තොපවත් මගෙ දරු දෙදෙ නේ

730. නොවේලේ ඇවිද මැසි මදුරු දුක් ගෙ නේ අවේලේ දොරට නොබසින බිලිඳුව නේ දෙවේලේ මියරු පලවැල ගෙනදුන් නේ මෙවේලේ සිතට දුක් තදය දරුව නේ

731. ගොසින් බලා සිටියෙමි හිමය මැද්දේ දරුවන් හඬන හඬසේමයි මට සද්දේ වෙසතුරු රජුනි හැබෑද ඒ හඬ සද්දේ ගියනම් හොඳද ම‍ෙග පනමේ හිම මැද්දේ

732. දරු දෙන්නා ඇති කළ දැයි මලක් සේ දරුවන් සිතෙනකොට නෙත් දෙක විලක් සේ දරුවන් නැතිව අද පන්සල වලක් සේ ඉන්නේ මන්ද පරඋන මල්දමක් සේ

733. සතරදෙනම ඉඳ තපසේ ලොල් ලේයා බලා ඇවිද ගස්මුල සෙවනැල් ලේයා කෙළා ඇවිද බෝගම්බඩ වැල් ලේයා ගොසින් වැටුනිදෝ නොදැනෙයි ඇල් ලේයා

734. මුතුන් විසින් නුවරට ගෙන ගියා දෝ සතුන් විසින් විසයක් විහිදුවා දෝ ඇතුන් තමා දැක බිය වැද ගියා දෝ පුතුන් මගේ නැති කාරණ එයින් දෝ

735. ඇසක් සදිසි මගෙ ජාලිය කුමරුව නේ වැසිත් වලා අඳුරක් සේම සැලසු නේ වසක් වීද දෙතනේ කිරි නුඹට අනේ බසක් විවර මට නොකියා ගියේ දැනේ

736. වනේ වට ඇවිද පලවැල නුදුටුව නේ අනේ අත්බලා උන්මගෙ දෙදරුව නේ තනේ කිරිබරින් වෑවීගත නොහෙ නේ අනේ කිරිබොන්ට එලිබැසපන් පුතු නේ

737. බලා ඇවිද නුදුටිමි දෙදරුවන් දැ නේ සෙනෙහසයෙන් ඇවිලෙන ගිනි සැනේ සැ නේ මෙනේ මෙනේ නැත නෑසිය ‍ෙකනෙක් ව නේ අනේ අනේ නිරිඳුන් නැද්ද දරු සෙ නේ

738. අනේ අනේ දරු සෙනෙහස බෝය අ නේ දැනේ දැනේ දරු සෙනෙහස අත්මිදු නේ අම්මොයි කියා එන්දෑදෝ දැනේ දැ නේ අනේ වනේ කා දැක සිතු තැනේ තැ නේ

739. අටි තුන් ලොවට නැත නුඹසේම දරුව නේ පැටි වයසේම අත්හැරලා ගිය ගම නේ අටි කරවන සුරතල් බස් කොයිද අ නේ සැටි එකවද මගෙ ජාලිය කුමරුව නේ

740. පියාසර කරන සිව්පා සතුනි ව නේ ‍නොදැක නොවෑවෙමි මගෙ දරුවන් ඉති නේ මෙසේ කළ කුසල් සැම දෙමි සන්තොසි නේ දුටොත් කියව සිව්පා සතුනි මට අ නේ

741. ඇවිත් හිමාලේ තපසේ උනිමි අනේ ඇවිත් ලිහිණීයෙක් ගෙනගියදෝ නේ සවිත් නැත බලා ඇවිදින්ට දෙවි යනේ ඇවිත් පෙනීයව් සුරතල් දෙදරුව නේ

742. තනේ කිරි දිදී ඇති කළ දෙදරුව නේ වනේ වනේ පලවැලගෙන රැකිමේ වනේ දැනේ දැනේ කෙළ කෙළ උන්නා මෙත නේ අනේ අනේ දු ක්රිෙෂ්ණාජිනා උ නේ

743. ගනේ පිදුමල් සංගා තැබීම් දෝ බනේ කියන තැනකත් නොසිටියෙම් දෝ තනේ කිරට දී දරුදුක් කලෙම් දෝ අනේ මගේ දරු නැත්තේ එයිම් දෝ

744. එකම ඇතිනියක් දරුවන් වැදු තැනේ සැවොම එක්ක එක පනසේම වෙති අනේ මෙලෙස පෙම්වඩා වසනා ඇතින්න නේ තොපි දරුවන් දුටුවොද කියව නොලසි නේ

745. තැන තැන පලාපලවැල කමිනි නෙලනෙ ‍ලා පේනිවම රකිති පැටියන් වැදු ක ලා වාන දුකක් නොවේය මෙමට උනු මු ලා ගෝනදෙනුනි කියමගෙ දෙ‍දරුවන් ලා

746. මුවෙනි නෙල‍ාකන්නේ ලියදලු ලවනේ පෙහෙනි වෙලාවද පැටියන් බාරකිනේ මුවෙහි කිරි සුවඳ නොමහල දෙදරුවනේ මුවෙනි තොපි කියව දෙදරුවන් දුටුද අනේ

747. කැ ලා අල සාරමින් කා ඇවිද ව නේ කැ ලා ගෙයතනා පැටියන් බා රකි නේ ලො ලා වෙමින් තැන තැන කෙළන ඌර නේ බ ලා මගෙ දෙදරු ගියතැන් කියව් අ නේ

748. පවර පසිඳු හිමිසඳ සමග ඇවිදි නි ඉවර නොවන දුක්වුනි මෙමට නොලසි නි තවර කලක දුක් සැනසෙම්ද දෙවිය නි මොනරුවනි කියව් දෙ‍දරුන් දුටෝති නි

749. දෙවියන් බලෙන් ලද්දේම දරුවන් දෙදෙ නේ සවියෙන් රැකිමි දෙනුවන් විලස සැම දි නේ දෙවියන් බල පිහිටවත් නැතිවිය මෙදි නේ දිවියන් මෙතොප නුදුටුද මගෙ දෙදරු අ නේ

750. රලු ගුණ නොවන සිව්පා සතුනි මට අ නේ මුලු රට නොපවතින දුක් වැදුනි දරු සෙ නේ අලු විය සදෙව් ලොව මට වැදුනි ගිනි ව නේ එලු වනි කියව් දෙදරුන් තොපි දුටුද අ නේ

751. වටපිට බලා ඇවිදම හිමය වන ග තේ රටරට වටින බිළිඳුන් නොදැක මගෙ හි තේ පිටපිට ඇවිල වන දුක් කුසය නොනැගෙ තේ මට බැට ලුවනි කිය දරුවන් දුටුද නෙ තේ

752. නාග පොළොං විස ගොර සතුනි මේ ව නේ වේග සිතින් ඇවිදින මෙවන තැනි තැ නේ යෝග නොවෙයි මට වන් දුක් මේ ලෙසි නේ වේග නොව කියව් මගෙ දෙදරුවන් අ නේ

753. රෑ නිදිනේ වන් දුක් ඉවර නැති නි තින් කා අතිනේ ඇසුවත් නොම කියති ඉ තින් මා අතිනේ සිත් තුටු කරව තොපි බැ තින් මා පිලුනේ නුදුටුද දෙදරුවන් නෙ තින්

754. මසිත් ලෙසට ඇතිකළ මදරුවන් අ නේ කිසිත් උපායක් නොකියති සැවොම ද නේ වැසිත් වලාමෙන් එයි කදුළු දෙනෙති නේ තොපින් කිමද නොකියනු ලේ මැඩිල්ල නේ

755. වාල් ඊල් පිරිවර සැවොම දුර ද මා වාල් උනෙමි මගෙ හිමිනමට කර පෙ මා ඊල් වන මෙමගෙ දරුවන් දෙදෙන ල මා හාල් දන්ඩනේ නුදුටුද තොපිත් ත මා

756. මේ ඉස්තිර තපසට ලොබව ඇවිදි නී බෝ විස්වාස මගෙ හිමි සමග එකහි නී මේ නිස්ස‍ාර දුක්වනි මෙමට නොලසි නී ගෝනුස්සනි කියව් මගෙ බිළිඳු දරුව නී

757. රුතිව අනුන් සන්තක දෙයට දිවිර ති ඇතිව පව්බලෙන් ගැඩවිල්ලව උපදි ති ඇතිව නැතිලෙසට තම බිමට රුතිවෙ ති කියව තොපි තමාවත් මගෙ දරුවො ති

758. මියියෝ සිකනල්ලු තල‍ෙගායි සමා නේ මැඩියෝ මදුරු දෙන්නෙක් මේ සමා නේ දෙවියෝ මෙලොව මගෙ සිත දුක් නිවානේ සිටියෝ නම් කියව් තොපි යනෙ මානේ

759. දාර කඩුව වැනි වල්ගය නැමිග නේ නෑර පෙර ජාති කී බොරු දිව දෙකි නේ බැහැර ගිය මගේ දරුවන් දුටෝති නේ තිරව කිය කබරගොයි තොපි දිව දෙකි නේ

760. බලා ඉඳිති අතු අග සැවොම එක් වෙ ලා වෙලා මගෙ කුසේ ගිනි කඳ සුසුම් ල ලා කලා පිලා දුක් වනි මෙමට උදක ලා රිලා රැලනි කිය මගෙ දෙදරුවන් බ ලා

761. රනේ රුවසෙ දිසි මගෙ දෙදරුවන් අ නේ අනේ උන් ‍නොදැක වෑවෙම්ද කෙලෙසි නේ දැනේ මගෙ සිතේ ඇති දුක් නිවාග නේ අනේ තොපි තමා නුදුටුද මලිත්ත නේ

762. තඹූරු පුපුදු මල් පිපි හිමය සැම තැ නේ ඉවර නොවම මල් රොන් ගනිති සැම දෙ නේ මෙවර මගේ සිත දුක් ඉවර කරමි නේ බඹර මැසි කියව් දෙදරුන් දුටුද අ නේ

763. හැම මෙවනේ ඇවිදම රිදෙනු මගෙ දෙ පා මට නොදැනේ දෙදරුන් නොදැක කිසි සැ පා වෙත සවනේ ඇවිදින් කොඳුරමින් සැ පා මදුරුවනේ නුදුටුද දෙදරුවන් අ පා

764. සිත් රුති ලෙසට සිල් රැක වන්ගගිරි හි සේ අත් පිට පල දෙමින් සිල් රැකපු අනුහ සේ සිත් තුට වඩන දෙදරුන් දුටුද තොපි ඇ සේ ඇත් කඳ ලිහිනි තොපිවත් කියව නොව ල සේ

765. පුර චේතිය සියලු නෑයන්ම හැර ද මා තිරව තපස් රකිනව ආමි අපි සැ මා මෙවර අලුවෙල‍ා දා යයි නැගෙන ගිනි ලැ මා සුර තල් මදරු නුදුටුද පරවියනි ත මා

766. ල‍ෙඟ් වසන සැම සිවුපා සතු න්නේ අ‍ගේ වඩන මගෙ සුරතල් පුතු න්නේ ර‍ෙඟ් නරක කාටත් නැත එවු න්නේ මගේ දරුවො කවුරුද මෙමට දෙ න්නේ

767. ගසින් ගසක් ඇවිදම හිමය බල බ ලා නෙතින් වැසෙන කදුලැලි ඉසිත හැම ක ලා අතින් ලෙයි ගසා දෙදරුන් නොදැක මු ලා ගොසින් ඉවුර පිට සිට එගඟ දෙස බ ලා

768. පීදි පැසෙන කෙත් වතු වලට මව් වෙ ලා ඒද ඇල කඳුරු මහ ගඟට නික්මෙ ලා මුද මේකලා දෙවි දෙසට වැඳ ලො ලා මේද මෙග දෙවියනි කිය පුතුන් බ ලා

769. මගුරෝ මෙගඟ වලපොත්තෝ නැත ගණ නා පෙතියෝ අභුලුවෝ මේ ගඟ දිය කෙලි නා සිත්තුට වඩන මගේ දෙදරුන් දුටොත් දැ නා ඉබ්බනි කියව් අත්වෙයි මෙකල පින් දැ නා

770. තිසර සේරු පැස්බර දිය කකුළුව නේ සොඳුරු මෙවල ගඟ දිය කෙළින සැමදෙ නේ සියැස පුරා අපි නොව දුටිමි කිව් අ නේ මෙලෙස පන්සලට යති නික්ම එම දි නේ

771. සතර ගව් හිමය වන ඇවිදිමින් බ ලා විතර නොවන දුක්වනි සිතට තද බ ලා කතර ගියාදෝ දරු දෙන්න උද ක ලා කතර ගම දෙවිඳු කියනුය දිවැස් බ ලා

772. අනේ මගේ කුස තුළ ඇවිල ගත් ගි නී සෙනේ නෑසියන්ගෙන් වෙන්ව ඇවිදි නී අනේ කොයි ලෙසින් වත් සක් රජුට පෙ නී සෙනේ වාඩා දෙදරුන් කියව විගසි නී

773. මෙවන් සිතේ දුක් හැර දුම දම න්නේ සව න් පුරා මගෙ සිත දුක් අස න්නේ දෙකන් බිහිරි අය වැනි සත්තුන් ඉ න්නේ සම න් දෙවිඳු මෙදුකට පිහිටක් ව න්නේ

774. එලෙ ස හිමය බලමින් ඇවිද මන්වි ඩා සියැ ස පුරා දෙදරුන් නොදැක හඬ හ ඬා නොලස සිරස දමමින් රජු දෙසට ව ඬා මෙලෙස වෙසතුරුට කියමින් වඳිති අ ඬා

775. වනන්තරේ බලමින් ඇවිද හඩමි නේ නිලන් තරේ ඇසුවෙමි සියළු සත ගෙ නේ එකින් එක සතෙක් වත් නොම කියති ව නේ කියන් මහ රජුනි දරුවන් කොයිද අ නේ

776. සයින් දෙතුන් වේලක් ඉඳ දරු දුකි නේ පයින් තුන් වරක් වටකොට ඇවිදිමි නේ නෙතින් නොදැක දරුවන් ගැන දුකින් අ නේ රජු න් පයේ වැටුනයි කිකිළියෙක් මෙ නේ

777. බියෙන් එවිට වෙසතුරු රජු දුකින් අ නේ ගියෙන් එපන නැතියයි සිතට දුක් උ නේ දියෙන් නැගුණු ගිනි සේමයි දැන් මෙත නේ සියන් නෑසියන් නැතුවා අද දැනු නේ

778. දෙනුවන් නිදි සැතපි වෙසතුරු රජ ඉ න්නේ වෙසතුරු පා පිටෙහි උදයේ වැ‍ෙට න්නේ පණකඳ නැතිව ඔත් බිසවුන් දකි න්නේ පොකුණට ගොසින් පැන් ගෙනවුත් ඉසින්නේ

779. සිවිරට මළෝතින් රජ පෙලහරින් දව ත් මෙවනේ මළෝතින් වෙසතුරු සිත කැළඹෙ ත් සත්මස රැකපු සීලේ බේදවෙති කිය ත් පණ ඇද්දැයි බිසවුන් ලෙයි තබා අත ත්

780. පණ කඳ ඇවිත් මගෙ දෙදරුන් කොයිද කියත් සැට යොදුනක් මග ගෙවමින් දන් පිණීස ත් බිසවුනි දනට නොසිතත් මෙනුඹ කිසි අහි ත් රාජ බමුණෙකුට දන්දීපිමොයි කිය ත්

781. බුදුව සව්සතුන් මොක් පුරට හැරි ක ලේ රජව මෙමුලු සක්වල සැමට වැඩ ක ළේ රජ මේ සියලු බුදුවන්නට ලොබය ක ළේ බුදුව ජයගන්ට දීපිමි මදරු ලො ලේ

782. හඬා නුවන් කඳුලෙන් නිබද වතුර වී වඩා සෙනේ කුමරුන් නොදැක තැවි තැ වි විඩා වෙමින් රජු ලග මන්ත්රීි දේ වී හඬා වැටී ඔත්දැයි සීසන් නැති වී

783. දෙන්නට කුමකුත් නැත්තෙ න් තොප හිමි අප හිමි දරුව න් අත දිය වත්කර සතොසි න් පින් අනුමෝදන් දුන් ද න්

784. පන්සල වට ඇවිදින තුරු නෙතින් කඳුලු වාසන තුරු දෙතනේ කිරි වෑසෙන තුරු නොකීවෙ ඇයි මේ තොර තුරු

785. මෙච්චර දේ මට නොකී යා දුක් දුන්නේ ඇයි හිමි යා දෝත නලල තබා පි යා වැඳ පින්ගති සාදු කි යා

786. ‍ෙදලොවම දන්නා නුවණැ ති දරුවන් දෙන්නා උන් නි ති දන් දෙන කල මම ළඟ නැ ති මා දුන්නත් ඊට කැම ති

787. තවද දෙදරු නොදැක මු ලා බිසවුන් සිත විකල වෙ ලා ඇවිදින් ඔත් රඟ දැක ලා නිරිඳුන් සිත දුක් වැදි ලා

788. නෑසිය හැර ඇවිත් ව නේ මා පිණීසයි මෙදුක් උ නේ බෝසතු සිත සනස ග නේ ආසන්නව ගොසින් සැ නේ

789. රන් කෙණ්ඩිය රැගෙන සො ‍ෙඳ් පැන් ඉසිදැයි එවුන් මැ දේ මන් සන්තොස ගිමන් සො ‍ෙඳ් මන්ත්රීත බිසව් නැගිටි ස ‍ෙඳ්

790. තුරු පතියට තුරු සෙව නේ පුරුදුව ඉඳ ඔබ සෙව නේ දුරු රට ආමුව මෙත නේ දරු දෙන්නා කොයිද අ නේ

791. ඈතක සිට දන් ගන්න ට ජුතකයෙක් අයි මෙතන ට ජාතක දරු දෙන්නා ම ට දීපිමි මතු බුදු වන්න ට

792. නන් බඹ සුර නරයින්ට ත් මන් ලෙස ඇති කළ උන්ට ත් මන් ලොව්තුරු බුදුවන්ට ත් දන් දීපිමි පින් ගන්ට ත්

793. සාදු මෙපින් බලයෙන් මා මේ රජු බුදුවෙන උතු මා දරුවෙනි තොප දෙදෙන‍ා ම‍ා නිවන් දකිව් කිව් අම් මා

794. සුරතල් මගේ දරු දෙ න්නේ අදකල් මේදන් දු න්නේ සුර බඹ සැම දෙවිය න්නේ අකුසල් හැර පින් ග න්නේ

795. මෙලෙසින් එබිසව තප සා උන් බව සක් දැක දිවැ සා මොහු දැන් බුදු බව උදෙ සා බිසවුන් දන් දෙති එනි සා

796. සක් රජ සිතමින් මෙලෙස ට වෙස් ගෙණ බමුණෙකු විලස ට වෙස්සන්තර රජු දැක සි ට ඉස්තුති කර කිව මෙලෙස ට

797. දෙපෝ සඳක් මෙන් කරත ල තපෝ රකිත සිත් කර ලො ල බිසෝ ලඳුන් දන් දුන් ක ල බොහෝ කුසල් අත්වෙයි බ ල

798. රජු වැඩ සිට නිසන්ස ලා සතුටු සිතින් සිරි බර ලා දන් දෙන්නට සිතේ ලො ල‍ා බිසවුන්ගේ මුණ බ ලා

799. දන් දෙන්නට සතොසි න්නේ මුණ බලා ලතවෙ න්නේ සී ඔබ මොබ නොසිත න්නේ මා දන් දී බුදු ව න්නේ

800. දෙති මෙ තෙපුල් මන්ත්රීන දේ වී සිත නිරිඳුගේ සන්තෝස වී පතමින් බුදු බව පේ වී අත අල්ලා බිස දේ වී