වෙස්සන්තර ජාතක කාව්‍ය-vii
601. මහත් අයත් දැන මෙහෙම කියන්ට ද ගැසෙත් වැසෙන්නේ කුමට සැපෙන්ට ද එහෙත් මෙහෙත් මම ගත්තේ කුමට ද නුඹෙන් නගාගෙන් සෙනෙහෙ බලන්ට ද
602. බුදුබව පැතුවේ දරු දුක් නැ ද්දෝ අම්මා නම් අප බැඳලා දෙ ද්දෝ ගොන් බැඳ තැලුවට කිරි එරව ද්දෝ සක්වල දෙවියෝ අසලක නැ ද්දෝ
603. අප්පාටත් අප දා නැත්තෙන් දෝ අම්මා අප දැන් නොවැදු වෙන් දෝ ඇති කරගත් අපි දරු දෙන්නෙක් දෝ අත්පොඩි බැදලා බමුණට දෙද් දෝ
604. දෙනෙතින් කඳුලැලි වැගිර ඉසින් දැයි වදකොට තැලුවත් බැහැර නොයන් දැයි බැඳපු රළුව අත බැම්ම පාන් දැයි මෙවෙනි අහෝ දුක් නගා විදින් දැයි
605. සොඳ යා නොම දෙයි තැන තැන වැටෙ මින් අත්පොඩි ඔසවා නළලේ තබමි න් කුමරුන් පෙරලී පියරජු වඳිමි න් බැඳගෙන කුමරුන් නික්මුනි එලෙසි න්
606. දැකලා බෝසත් ලය කකිය න්නේ තද සෝගිනි කඳ ඉතිර පැසෙ න්නේ මා ඇස සමුවේ ෙමච්චර ව න්නේ කුමකුත් නොෙකරෙද ගිය තැන උන්නේ
607. සිතමින් බමුණා අල්ලා ගෙන ලා ගසකට පිටදී බැඳ සිටු වා ලා ගන්දෝ දරුවන් මැරෙයි සිතා ලා එකෙනෙහි ඒ සිත පසු බස්සා ලා
608. අඹූදරුවන් දී පෙර බුදු ව න්නේ නොසිතුව මේසත් පරවැඩ ව න්නේ සිත තරකොටගෙන මෙත් වඩමි න්නේ බුදුබව පතමින් නිසලව උ න්නේ
609. එසෙඳහි බඹ සක්වල සක් දෙවියෝ ඉර සඳ ලෝපල් සිව්වර දෙවියෝ අට විස්සක් පන්සාලිස් දෙවියෝ පින් ගත්තුව මේ හිමවල දෙවියෝ
610. බමුණා එදවස් දරුවන් ගනිමි න ‘සුර බඹ දෙවියන් සිට පින් ගනිමි න වැදිවෙස් ගෙන සිටි දෙවියෙක් විගසි න බිසවට වන පල පෙන්වයි වෙන වෙ න
611. සීන දැක දුක් වෙමින් එබිසෝ ගොසින් එම මහ රුදු ව නේ තාන තැනිවල ඇවිද රස පල වැල නෙලාගෙන වෙන වෙ නේ පීන මින් දුක් සමුදුරේ බැස දෙදරුවන් සිහි කරග නේ පාන මෙන් හිම එලිය කර පන් සලට එන්නට එන තැ නේ
612. පමාකරවන ලෙසින්එබිෙසා් සුර රජුන්ගේ වරමි නේ හිමාලේ සිටි සතුරු සිව්පා සත්තු එලිබැස තැනි තැ නේ සමා නොව ගිරිකුලන් මෙන් බැස සිටිති ෙනත් ඔරවා ග නේ මෙමා යමි අද උනේ කිමදැයි සිතා එබිසව බිය ගෙ නේ
613. සතර ගව්වක් හිමය තුල ඇති සතුරු සිව්පාවෝ දැ නේ සතර මග රැක සිටින්නෙම් බැරි යන්ට වේලාවට අ නේ නපුරු සීනය දුටිමි උවදුරු කිමද නොදැනෙයි දෙවිය නේ එතුරු සෙවනක වැටිලා ඉඳ හඬති දෙදරුන් හට සෙ නේ
614. පිය රජ දන් දෙතිය බැ තින් අම්මා නැති මෙකල ඉ තින් වම්මා කඳුලැලි දෙනෙ තින් කාට කියමු ෙමවර ඉ තින්
615. අම්මොයි යනබසට අ නේ වම්මොයි කඳුලැලි නෙති නේ දෙවියෝ නැද්දෝ මෙව නේ නොබලනු ඇයි මෙදුක් අ නේ
616. මේ වන සිව්පා සතු නේ
දුටුවොත් අම්මා ඉති නේ
විඳිනා දුක් අපි දෙදෙ නේ
කීවොත් පින් ඇත මෙදී නේ
617. පාලා දරුවනට සෙ නේ අද උදයේ ගිය ගම නේ නගා නොයන් දැයි පයි නේ මක්කරමුද ඉතින් අ නේ
618. අම්මා හැර යන් දෑයේ තද දුක් උසුලන් දෑයේ සිතින් සෝක ගන් දෑයේ නගා නොයන සන් දෑයේ
619. මලානිකව දැන් නගු ගත මැල විය ගලා නුවන් කඳුලෙන් ලැම නෙත් විය ඇලා දොලා යන වතුරසෙ නෑ විය නගා විඳින දුක් අද මට බෝ විය
620. නිමල් රුවැති දරුවන් දෙන්නා හ ට ඉපල් පහර වැදහුනු ලේ විලස ට ලකල් සොඳුරු ගණරන් පෝරුව පි ට ඉගුල් රනේ සිතුයම් කළ විලස ට
621. රනේ රුවසෙ මව් ලඟ උන් නංගී වනේ උනේ ගත වැවරත් නංගී දැනේ ඉතින් අපි නොවමුව සැංගී අනේ උනා හැරපන් මගේ නංගී
622. සැකසිත් වී නම් බමුණු අස න්නේ අප අත බැමි බැම්මද නුමුදු න්නේ කැපවු වදයක් මටම කර න්නේ ඇපවෙමි නැගණිය මුදා හරි න්නේ
623. ඈත සිටම බැඳගන එනවයි රා ජූත කයා පහ කරවයි මෙව රා දෑත බැම්ම බැඳ ලීලත් නොක රා සේතු ලමින් කුමරුට ගුණ නොක රා
624. මල් පියුමක් සේම ග තා යන්ට බැරිය මගක ඉ තා නගා විඳින දුක් නොසි තා දුන්දැයි බදුබවම ප තා
625. වග වලසුන් ඇති මෙම ගා දාර පිඹුරු ඇත මෙම ගා මුව තොළු දී සිටිති ම ගා ඊට නොබා වරෙන් න ගා
626. වාත මේගයෙන් ඉති නේ සීත සුළං ඇත මෙව නේ වාත මුවන් දැක නෙති නේ බීත නොවන් නාගොයි අ නේ
627. වඩාගන්ට සිතේ සෙ නේ වඩාගන්ට බැරිය දැ නේ දොඩා බමුණූ රළු බසි නේ විඩා බෝය නගොයි අ නේ
628. ඇසේය ඕ ගම් සස ලා ඇත්තු සිටිති රැලින් රැ ලා ගස් බිඳ සොඬ වලින් වෙ ලා නොබා නගොයි වරෙන් බ ලා
629. වන කිඳුරෝ ඇති මෙව ලා බිම් සාරන ඌරු රැ ලා දේසේ සිටි සුනෙර කැ ලා නොබා නගොයි වරෙන් බ ලා
630. රුදුරු ගවරු ඇති මෙව ලා වඳුරු රිලා හිවල් රැ ලා නුදුරුව යෙති යෙති පැන ලා නොබා නගොයි වරෙන් බ ලා
631. ඇරලා මව් පියන් ව ලා වැරලා ගෙන යයි බැඳ ලා නගා විඳිනා දුක් දැක ලා තරයේ එති කඳුලු ග ලා
632. පියරජ දන් දිපු ක ලා යන්ට මෙමග බිලිඳු ක ලා නොවැටෙන් ඇලදොලත් ව ලා නොබා නගොයි වරෙන් බ ලා
633. අඬා දුවති බසින් නගා යන්ට බැරිය අඩිය නගා වඩාගන්නට බැරිය නගා විඳිනා දුක් බෝය නගා
634. මල් සේ කුමරුන් බඳි තී විල් වල වැටි වැටී යෙ තී වල් ගවයෝ බොහෝ ඇ තී කල් දැන උන් ලැගුම ග තී
635. බයානකව දෙදෙන අ නේ මලානිකව යෙති එදි නේ පියාකරන සව් සතු නේ මෙයා කියව් දුටොත් අ නේ
636. පියරජු හට දුක් නොදැ නේ අම්මා දුක් දනිති අ නේ දුක් විඳ වැදු මවුන් අ නේ ඉතින් කිකල දකිම් දැ නේ
637. නැගණිය නුඹෙ අතෙ ලු වේ මුතු මිණීවද පැළදු වේ බමුණාහට අසු ඌ වේ බැම්මට අත වැලලු වේ
638. සුරතල දුටු මෙ නගා ගේ මෙරගල පැලෙනුය මෙම ගේ සැමකල උනිමිය සම ගේ පෙරකල අකුසල් කා ගේ
639. නින්දක් නිදි කිමිදී ලා සැන්දක් කිරි ඇද බී ලා වින්දක් අස අම්මා ලා දැන්දැන් දිව ඇද කා ලා
640. ගත් ලෙස බමුණු කියන් නේ දුක් රැස කාට කියන් නේ මෙම ලෙස අම්ම නොදන් නේ පත්රැස දිනිඳු කියන් නේ
641. මිහිකත උඹද බොල න්ඩි සැකකුත් නැතුව නග න්ඩි සාදත් බුදු බව ව න්ඩි මේ සත්කිය අම්ම න්ඩි
642. පිටඅත් බැඳපි තදි ම්මා සැටියුත් බමුණට දෙ ම්මා සිටි යොත් නුඹ ද කිය ම්මා දුටු වොත් කිය අපෙ අ ම්මා
643. මල් මොලකැටි මගේ නංගී වල් වැද ගිය තැන හැංගී උන්නොත් දුකට නො සැංගී අද මට දුකමයි නංගී
644. ඉඳලා අපි දැන් දෑලේ බැඳලා දෙති දැන් වාලේ විඳලා සැප දැන් බාලේ බිඳලා බිය ඉඳ දෑලේ
645. පෙර තපසට ගිය පෝ දා නුවරදි චේතිය තිරි ඳා නොගනිමු කිව් අවවා දා ඉන් පලදුනි මෙදුක් ත දා
646. නම්මා මුත්තා කීදැයි දැම්මා ඒ නෑ සුදැයි දැම්මා පියරජ ඒදැයි අම්මා අපෙ ගෙන් නුදැයි
647. සොඳ ලෙස මවුපිය ල ද්දේ යන ලෙස පලවැල බැ ද්දේ ගණ සොඳ පිය රජ මැ ද්දේ වෙන වෙන තුන් කඩ බැ ද්දේ
648. කිරි දුන් අම්මා නො තකා තුන් ලොව සව් සතුන් තකා ජාතක දරුවන් නො තකා දුන්දැයි බුදුබවම තකා
649. කොමල රුවති ඇගේ රති වැවරිත් නැ ගේ කඳුළු නුවන් ගෙඟ් එන වතුරක් ර ගේ ඉඳ මව්පිය ළගේ මෙ ගමන් තනි ම ගේ යන්නේ කෙසෙද නගේ නුඹෙ දෙපතුල් නැ ගේ
650. ඇර තපසට ලොලේ තනියම පන්ස ලේ බුඳිමින් පල වැලේ උන්නෙමි මේ ව ලේ අප කළ අකු සලේ පලදුනි මේ ක ලේ නැගණිය සංචලේ නොවන්න සිත තු ලේ
651. රත් පියුමට නිගා කළ දෙපතුල් යු ගා ගල් මුල් ඇති මගා ගියෙන් බිබිල න ගා ඉන්නට මත් මගා නොදේය මගෙ ර ගා යන්නට දෙපය නගා බැරිය ඉතින් න ගා
652. නෙත් යුග රතු වෙලා හඬා සුසුම් ල ලා සිත් තද දුක් වෙලා දෙන්නම යන ක ලා ඇත්තු රැලින් රැලා සිටියා බල බ ලා සිත් තද දුක් වෙලා නොයා ද උනු වෙ ලා
653. මවු බිසවුන් තුරුළුව නිදි ලද දෙද රු කවුරු නලවද්ද ලංකර ගෙන කුම රු සීත සුලං ඇල්කා වෙව්ලන කුම රු මෙසේ සිත සිතා උන් කලට වෙසතු රු
654. හැමදා නැති දුකත් හිමයේදීම ග ති සැමදා ගෙණෙන පලවැල අද කලට නැ ති සොඳට පලවැලත් අද දුටුවේම නැ ති මෙලෙසින් බිසව විමසා හිමය ඇවිදි ති
655. යන්ට ඇර කුමරු වෙසතුරු ඉඳ සෙව නේ එනදා පුරෙන් ආ ලඳ බොලඳ දෙදරු නේ පතුල් ඉදිමි යාදී හඬන දරුව නේ දරා නොහී ඇවිදින් හඬන කුමරු නේ 656. මව් පිය තුරුල්ලේ ඇස බුදිනා කුම රු පව් පලදී හිමගතවිත් උනු නිස රු සව් සත ගොඩලන්ට දන් දුන්නේ කුම රු දෙව් බලයෙන් මුතුන් නුවරට යයි කුම රු
657. කෙකි ගාවට ඇවිදින විට පලවැලයක් එ හිම නැ තී ඇවිදින් බියගෙන වේව්ලා දරුවන් කොයිදැයි කිය තී කෙළිනා පල බලා ඇවිද රජහට ගොස් මෙසේ කිය තී හිමයේ දුටු බයන්කාර කියා බිසව බිම පෙරලෙ තී
658. පලවැල ගෙණනට යනදා හැමකල් නූවෙමි මේ බව මෙදි නේ පන්සල කෙළිනා කුමරුන් දෙන්නා නුදුටිමි ලැය සෝදුකි නේ අදකල් පන්සලවට කෙළියේ නැත දුටුවොත් කිය දරු දෙදෙ නේ සීනය දුටුවා බොරු වුයේ නැත නුදුටිමි මගෙ දරු දෙදෙ නේ
659. හිමයේ තපසට එනදා කැටුවම ආවේ කුමරුන් දෙන්නා සාමිනි ඔබ බැන නොනැගී උන්නත් නොදැක නොවෑවෙමි දෙන්නා පලවැල ගෙනෙනට යනදා ඔබහට බාර කළෙමි දරු දෙන්නා අද කල් ඔබ බැන නොනැගී උන්නත් මගෙ කුස ගිනි ඇවිළෙන්නා
660. අම්මා රසතුරු පලවැල අරගෙන සංචල නොවම දුක ක්සේ ලෙයි ගිනි සෝදුක් උසුලාගන සිට කෙලි පල බලමින් ද ක්සේ සැමදා පලවැල අරගෙන එනකල් පෙරමග දුවඑති ද ක්සේ අදකල් සුරතල් දකින්නට නැත්තේ කිම මහරජ දුන් දු ක්සේ
661. ඒවල වැඳිරිය පැටියන් බඩ බැඳ අතු අග පැන පැන ය න්නා ඒ දැක එබිසව් වෑවීගත නොහි හඬ මින් බිම පෙරලෙ න්නා ජාලිය ක්රිෙෂ්ණාජිනා මගෙ දරුවන් දෙන්නා නොදැක හඬ න්නා වෙසතුරු ජාතක සුරතල් දෙදරුන් ගිය අත් ඇයි නොකිය න්නා
662. සොඳ රුවන් මිණිමුතු සියල්ලම දෙමින් තපසට එන දි නේ දෙ දරුවන් අරගෙන ඇවිත් තා පසව සිල් රුක්කෙමි ව නේ තුනු රුවන් හැර ඔබ මිසක් නැත වෙනත් සරණක් මට අ නේ කුමරුවන් මගෙ ගිය අතක් මට කියන් වෙසතුරු නිරිඳු නේ
663. වනේ ගොස් රසපලා පලවැල නෙලාගෙන මම එන ක ලේ රනේ රුවසේ දෙදරු දෙන්නා ඉඳිති කෙළ කෙළ පන්ස ලේ අනේ තව දැන් නුදුටුවේ පල දුන් රඟක් දෝ අකුස ලේ දැනේ නම් නිරිඳුගේ කියමට කවුද මේ හැටි හඳි ක ළේ
664. ආමි තපස් රකිනට රට තොට පිරිවර නොත කා කීමි එරූ දුටු සීනය ඇති උවදුරු සල කා වාමි කෙසේ මම ඉතිකින් දරු සුරතල් නොදැ කා සාමි නි මගේ දරු දෙන්නා ගිෙයදෝ කොයි අතෙ කා
665. බාර කළේ මිටද මගේ
දරුවන් නරනිඳු නේ
බෑ ර යන්ට නෑරම එක
ද්රරට බලා නු නේ
පාර තිබෙන්නා කෙළ කෙළ
සිටියා තුරු සෙව නේ
මේ රඟ මගේ දෙදරුන් ගෙන
ගියෝ කව්ද මෙදී නේ
666. කුරු මුනට ඔබින සිනා සෙමින් ලඟට එ න්නේ තුරුලු වෙලා දෙපය වැළඳ දෙතනේ කිරි බො න්නේ වරු වක් වෙනතුරු නුදුටිමි සුරතල් දරුව න්නේ දරු දෙන්නා ගිය අත් මට කිම ඔබ නොකිය න්නේ
667. අම් මොයි යන තෙපුලක් වත් නොවැටෙන්නේ සවනේ නිම් මොයි නැති සෝගිනි ඇවිළෙන්නා කුස තුළිනේ වැම් මොයි කඳුලැලි දෙනෙතින් වාසින්නයි ඉතිනේ ම ම් මේ දුක් ඉවසන්නේ කෙලෙසද නරනිඳුනේ
668. චේතිය නුවරට දෙදරුන් සහ ආදා කිව් මේ නෑසිය කී බස් ඇසුනම් වේදෝ මේ කරු මේ ජෝතී එරන් රුවසේ උතුම් දරු දෙන්නා හැර මේ ජාතිය මම කළ අකුසල් බල පලදු න් මහි මේ
669. උ දා සනක් සේම පුතුන් ඔබට බාර කළ මේ එ දා මෙවන් නපුරට දුටු සීනය සැලකර මේ නොදා අයෙක් සේම කිම්ද ඉන්නේ නරනිඳු මේ නොදා දනරනිඳුනි මෙවන් ගින්නෙන් බඹතල මේ
670. සාලා වට හැරලා අප හිමයේ වල්වැදි ලා
කාලා රස පලවැල ගෙන උන් නෙමි සිල් රැකලා
බීලා කිරි මේලා කට සුරතල් බස් දී ලා
දීලා ගිනි හැරලා කොයි අත ගියෙදෝ නුඹ ලා
671. දෙතනේ කිරි බොමිනේ කළ සුරතල් සිහි වෙමි නේ උදුනේ ගිනි ලෙසිනේ ඇවිලෙන්නයි කුස තුළි නේ වචනේ කුත් නුදුනේ තව කිම්දැයි නරනිඳු නේ මෙවනේ තනි වෙමිනේ ඔබ ඉන්නට වෙයි ඉති නේ
672. සව් සිරි සැප නොවිඳම අපි සිල් රකිනට විත් මෙස ඳා මව් පිය දරු දෙන්න සමග හිම මැද ගොර දුකට වැ දා පව් පලදී මේ ඔබ ළඟ මගේ දිවි වැනසේය අ දා සව්සිරි පිරි දරු දෙන්නා නොදැක කෙසේ වෑවෙම් දා
673. වල් ගිය අම්මා ආකල් සතු ටා ඉදිරිව කෙළ කෙළ එති අප ළග ටා අද කල් නාවේ ඇයි මා ළග ටා දරු දුක් බෝ උනි බඹතල උස ටා
674. පන්සල වටකොට දුවමින් එ න්නේ පොකුනේ දියයට කිමිද බල න්නේ කුසයෙන් ගිනිකඳු ඉතිර පැසෙ න්නේ දරුවන් නැතිකල කුමටද ඉ න්නේ
675. ඒ වන වටකොට දුවමින් එන්නේ නෙතහුණු කඳුලෙන් මග නොපෙනෙ න්නේ ඇයිදෝ නිසලව ඔබ වැඩ ඉ න්නේ කිම්දෝ නින්දක් නැත දරු ගි න්නේ
676. වංගගිරිය වටලු පානක් මෙ නි දමන දෑත් දෙක සපු මල් දම් වැ නි කරන කතා අද නෑසුවා වෙ නි දරුවන් දෙන්නා නුදුටද දෙවිය නි
677. ඇතිරිලි යහනේ සැතපී ගති මේ සැතපුන නින්දට සීනෙ දැකපු මේ නෙත් දෙක උදුරා ගත්තා දුටු මේ දුක් දෙන දරුවන් කුමටද වැදු මේ
678. ඌරන් ගෝනුන් මේ වල නැ ද්දෝ රිළවුන් වඳුරන් ගවරුන් නැ ද්දෝ මා වැනි දරුවන් වැදු අය නැ ද්දෝ මට ඇති දරු දුක් තොපටත් නැ ද්දෝ
679. මිහිරිව හඬලන වල් කුකුලාණ නි තරකොට හඬලන ගම් කුකුළාණ නි අතු අග හඬලන ඇටි කුකුළාණ නි දරු දුක් එක මෙන් කාටත් මවුව නි
680. සතරැස් පොකුනේ බලමි නේ විතරක් නැති දුක් විඳ අ නේ කතරක් ගියදෝ නොම දැ නේ සතුරෙක් ගෙන ගියදෝ අ නේ
681. දරුවන් මට දුන් දෙවි යෝ කිම මේ දුක් ලෙසි ලැවි යෝ ගෙන ගියදෝ වල් දිවි යෝ නොකියනු කිම වන දෙවි යෝ
682. චේතිය පුර රජ දරු වන් සැට දහසක් වද යුරු වන් නොතකා දිලා එරු වන් ගෙන ගියදෝ මගෙ දරු වන්
683. වටපිටැවිද මගෙ දෙපය රිදෙ න්නේ මට පිටිපාලා ඇයි වැඩ ඉ න්නේ සැටි එකවද මෙග කුමරුන් දෙ න්නේ අටි කරවන සුරතල්වද උ න්නේ
684. සිවු රට ඇදුරෝ ආ වා නොදැනෙයි මේ දුක් බෝ වා උන්නෙමු තපසේ පේ වා දරුදුක් මට වෙයි බෝ වා
685. ඇවිදින් තපසට මම සේ දුක් වින්දේ නැත බොහො සේ කා රස පලවැල මී සේ දරු දුක් අද විය මෙලෙ සේ
686. අට ගත්තෙක් මෙ දරු ගැ බා දුක්මයි අප හට සැප ත බා ඇවිදින් තපසට වන ගැ බා අද නැතිවිය දෙදරුන් සු බා
687. ගියනම් පන නල හිමි තු මා ඉන්නෙද මෙවනේ තනිය මා ඇවිදින් සිල් රැක අපි සැ මා අද මට වන්නේ ගිනි ත මා
688. නොදැක ඉතින් මගෙ පන න ලා උදක වැටුනු මෙන් යෙති බ ලා අපි කා දැක සැනසෙමු බ ලා ලිඳක වැටුනු සේ විය මු ලා
689. ක්රිටෂ්ණජිනා උන් තොපි බ ලා නෙත් යුග කඳුලැලි ගල ග ලා වැටුනා මෙන් ඒ නුබ ව ලා දැක සැනසෙනු කුමරුන් බ ලා
690. ජාලිය කුමරුන් සිතු නේ වැම්මොයි කඳුලැලි නුව නේ වැදුවෙම්දෝ දරු දෙදෙ නේ නුදුටුද සිවුපා සතු නේ
691. ක්රිතෂ්ණජිනා උන් එ න්දෑ දෑතින් දෙතනය ග න්දෑ මියු රස බස් තෙපල න්දෑ අද කොයි වලදෝ උ න්දෑ
692. ජාලිය කුමරුන් වැ ල්ලේ කෙළ කෙළ සිව්පා ගො ල්ලේ ඇවිදින මගෙ සිව් මැ ල්ලේ අද නුදුටිමි ගිය එ ල්ලේ
693. ලද්දෝ දරුවන් ලො ල්ලේ නාවා පිනිදිය ඇ ල්ලේ පිනවාලා රන් ති ල්ලේ ඇති කරමින් දරු ලො ල්ලේ
694. ගොස් අවසර ඉල්ළුැ දා කීවේවද අවවා දා ඇසුවේ නම් ඒ බා දා අද මට මේ දුක් වේ දා
695. චේතිය පුරයට ආ දා සිටින්ට කිව් අවවා දා මතු වෙන බුදු බව සා දා ආවෙමි හිමි ඔබ සන් දා
696. වෙසතුරු නිරිඳුනි කි ම්දෝ රටහැර මම නාවෙ ම්දෝ දරුවන් මම නොවැදු ම්දෝ නිසලව ඉන්නේ කි ම්දෝ
697. නද කිඳුරන් හඬ මෙව නේ මඳකුත් නෑසෙයි සව නේ ගෙණ ගියෙදෝ තද පව නේ බැලුවෙමි නැත උඩ ගුව නේ
698. සතොසින් දකිමැයි නිව නේ ඇවිදින් තපසට මෙව නේ රකිමැයි දරුවන් දෙදෙ නේ වැම්මොයි කඳුලැලි නුව නේ
699. පෙර අපි කළ පව් තද යේ නොලැබෙයි සිතු පින් වැඩි යේ නිරිඳුනි අපෙ පව් ලෙස යේ අද දරු දුක් විය දැඩි යේ
700. ආදා සිට අපි මෙත නේ සාදා බුදු බව පත නේ පෝදා සිල් රැක සොඳි නේ බාදා නුදුටුද මෙදි නේ