වෙස්සන්තර ජාතක කාව්‍ය-vi
501. ජාලිය කුමරි දු අසා කි බස් නිරි ඳු කිමද දුක් මුහු දු කියන වතසෝ තෙපුල් මෙබ ඳු
502. ජාතක වු ක ලේ කාගෙන් වේද අවු ලේ අම්මා ආක ලේ කිමද අප දන් දුනොත් ළැපැ ලේ
503. පිය නිරිඳුනි අ නේ දෙගුරුන් සමග මෙත නේ අප දුන්නොත් ද නේ අනේ කිසියම් දුකක් නොදැ නේ
504. අම්මා ආ තැ නේ නුදුටුවොත් අප දෙදෙ නේ දිවි නොතබ්ති අ නේ තනිව වැද ඔබ තපස් රකි නේ
505. බුදු බවට ෙමක ලේ මදිද මා දුන් කුස ලේ නැගනියන් දුන් ක ලේ අපේ රජ කුලයටත් කැල ලේ
506. නැගණියන් කරන මේ සියලු වැඩ මම කර මේ අම්මා නො දැක මේ නගා නොරැකෙන්දෑය නිය මේ
507. දිනිඳාගේ වෙ රේ දැක වෙයි බයන්කා රේ කෙසේ මුගෙ පා රේ යමුද බුදු බවට හැවිකා රේ
508. රජ සිරි හැර අ නේ තපසට ඇවිත් මෙව නේ මවුපිය සමගි නේ අනේ එකතැන ඉන්ට නූ නේ
509. මෙමා දන් දෙ න්නේ නැගණින් දන් නොදෙ න්නේ වැඳ පිය රජු න්නේ කිව්ව බුදු බව පතා ග න්නේ
510. කි එබස් අසමි න් එබෝසත් සඳ මෙලෙසි න් සී එලෙස නොසිත න් එසේ සිතමින් නොවව් වැලකු න්
511. රිසි වු දනකට එ න්නේ වෙතටම අප යසසි න්නේ නොසැනසුවොත් සිත උ න්නේ කෙෙලසද මතු බුදු වෙ න්නේ
512. සසර දුකේ සැටි ද න්නේ දිවිවත් තම පුද දෙ න්නේ සුතනඹුවන් දන් දෙ න්නේ ඉන් මම් මතු බුදු වෙ න්නේ
513. එබැවින් මාගේ පුතන්ඩි නේ පලයන් නැගණින් සමගි නේ ඇවිදින් මම බුදුවෙන දි නේ දැකපන් මොක්පුර සිරි අ නේ
514. මවුන් තමුන් එනකල් සිට මෙව නේ මෙසේ මෙ තායම් පිනට නොහොබි නේ සාදාරණ වෙසතුරු නරනිඳු නේ මෙසඳා කුමරුන් දන් දෙන් බැති නේ
515. බමුණගෙ ලඳලිය වාලක් නැති ගෙයි තා ළග නොසිටම ය න්නා දර දිය අත් පා මෙහෙවර කරදෙමි වාල් කොයින් ගෙන එ න්නා වෙස්සන්තර රජ දරුවන් දන් දෙති වාලට අරන් වරේ න්නා එබසට බමුණා වෙසතුරු ළග සිට ඉල්ලයි දරුවන් දෙ න්නා
516. රසතුරු පලවැල අරගෙන එනතුරු
පන්සල කෙළ කෙළ උ න්නා
බමුණා වෙසතුරුගේ ළග සිටගෙන
ඉල්ලයි දරුවන් දෙ න්නා
පන්සල කෙළිනා දරුවන් දෙන්නා
කැඳවා ලැම සනස න්නා
අද මා කිවා අසන්න දරුවනි
බුදුබව නැති නොකර න්නා
517. පලවැල අරගෙන ආ කල අම්මා බුදුබව නැති නොක රම්මා බමුණනි අම්මා පලවැල අරගෙන දැන් එති සැක නොක රම්මා දරුවන් ඔබ සිත් පහදා දුන්නත් ආවත් ගෙනියති අම්මා පිය රජ අපි යමි පින් අනුමෝවන් බාරයි අපගේ අම්මා
518. තොපි ඇතුළුවසත් සුවිසි අසන්කය ත් නිවන් පුරේදි එම්මැයි පතාමහ ත් රන් කෙන්ඩියෙන් දිය වත්කර උනුන් අත ත් පියුම් පොඩිසෙ අත්පොඩි උගෙ අතේ තබ ත්
519. පිරිය මගේ මනහර දූ පුත් දෙද රු මෙදුන් දනෙන් බුදුවෙම්මැයි තිලෝගු රු සාදු මෙපින් අනුමෝවන් සියලු මු රු සාදුකාර දී වෙසතුරු දුනි කුම රු
520. කුමරුට රන් දහසක් දී ගලවන් ටත් කුමරිය බරට බර දීලා ගලවන් ටත් වඩාගෙන කුමරි මාලිගයට යන් ටත් අගය කියාලා දෙදරුන් දන් දෙන් ටත්
521. එකෙණෙහි මුලු ලොව එකෙණෙහි තොස් විය සක්වල එකෙණෙහි ද්රෙ ර ද්රේර සෙල් විය කුළු ගල් මෙර ගල් නටමින් සෙල් විය කට කට මේ සැම දෙවි සන්තොස විය
522. සක් බඹ දෙවියෝ සතොසින් ඇවිදින් නා ලොව සුරලොව දෙවියෝ ඇවිදින් විදුලි වලාහක දෙවියෝ ඇවිදින් පින් ගත්තුව සැම දෙවියෝ ඇවිදින්
523. දන් දී එදවස දරුවන් දෙ න්නේ පින් දී මුළු ලොව දෙවියෝ එ න්නේ බමුණා යන පියවර සිහිවෙ න්නේ නික්මුනි බැඳගෙන කුමරුන් දෙ න්නේ
524. දැන් මුගෙ රළුකම් බස් තෙපල න්නේ නැගණින් අල්ලා අත්වැල්ල න්නේ තරයේ වෙව්ලා කදුළු ඉසි න්නේ දෙවියන් බමුණා කැටුවයි ය න්නේ
525. බමුණා කුමරුන් ගෙනයන තැ න්නේ සෙලකින් පයගැසි මුණින් වැටෙ න්නේ නැගිටින කෙළියෙන් දෙදරු දුව න්නේ පන්සල ගොස් පිය රජුට වඳි න්නේ
526. සිය පිරිවර රට තොට හැම වස්තුව නැති නි ම්මා එද ලොබ හැර ඔබ සමගින් තපසට ආවේ ම්මා තරු පිරිවර පුන්සද මෙන් වන මැද උන්නෙ ම්මා වෙසතුරු පිය රජුනි ඔබට බාරයි අපෙ අ ම්මා
527. ආදා සිට හිමයේ අපි සමගිව ඉඳ නි තිනේ රෑදා වල් වත් පිලිවෙත් කළදැයි සම සි තිනේ ආදා රෙක් ඔබ මිස නැත අම්මා හට ඉ තිනේ බාදා නොව ඔබ බුදුවන් අප දන් දුන් පි නිනේ
528. ලපසේ සඳ විලසේ දවසක් වෙන්නූ වෙ ම්මා එපසේ බුදු කෙනෙකුත් මෙන් රැකිදැයි නිති යෙ ම්මා සැපසේ අප දන් දුන්නෙත් වැදුවෙත්වද අ ම්මා අපසේ පිය රජුනි දනට නොදෙන්න අෙප අ ම්මා
529. වදා වඩා රසකිරි දී ඇති කළදැයි පෙමි නේ අඩා විඩා හැර පලවැල ගෙනදුන් දැයි නිති නේ වඩා මෙ අප වංගගිරිය ආ අම්මා සදි නේ වඩා සදෙව් ලොව සැප විද නිවන් දකින් සොදි නේ
530. පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා වම්මා කඳුලැලි ඉස ඉස ඇවිදින් දැයි අම්මා අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වෑවෙම්මා සම්මා සම්බුදු වෙන දා නිවන් දකින් අම්මා
531. සැට දහසක් රජුන් මැදේ ඉපිද සොෙඳ් අම්මා රට දහසක් වල බැලුවත් නුඹසේ නුදුටි ම්මා කට දහසක් ඇතුව කිවත් නුඹෙ ගුණ නැත නිම්මා වට දහසක් ගව් හිමයේ ගියදෝ අපෙ අම්මා
532. දුක් විඳ දස මස උසුලා වැදූ දැයි අපෙ අම්මා
අඳුන් තෙලින් නිති සරසා
ඇති කළ දැයි අම්මා රස පලවැල නෙලා දිදී රක්ෂාලකළ අම්මා සතර අපා වල නො ඉපිද නිවන් දකින් අම්මා
533. රසතුරු පලවැල අරගෙන එන්දැයි අපෙ අම්මා විසිතුරු සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා නිලතුරු වල සෙවනැලි වල කෙළ කෙළ උන්නෙම්මා
වෙසතුරු පිය රජුනි ඔබට
බාරයි අපෙ අම්මා
534. දෙන්නා දෙව් කුලෙන් වඩා ආදැයි අපෙ අම්මා ඇරලා පන්සල ගමනක් ගියදෝ නොදනි ම්මා බමුණා දැන් යන රටකට දෙන්නම යමු දැම්මා රෑ දාවල් කී මෙහෙවර කරන්ට නොදනිම්මා
535. පියරජ අප අත්හැරලා ඉන්දෝදැයි නෙදැනේ අම්මා අප අත්හැරලා වෑවෙනු කොයි ලෙසිනේ සත්මසකට පමා උනොත් මෙලෙෙස් නැත මෙදිනේ පියරජ ඇයි අම්මා ගිය අත් නොබලා ඉන්නේ
536. ලෙයි ගිනි කඳ ඇවිලී ගිය පියරජ හට එදිනේ අප අත්හැරලා මෙවනේ ඉන්නේදෝ ඉතිනේ බමුණා දැන් තද දුක් දි ගෙන යන්නෙය තැනිනේ පියරජ ඇයි අම්මා ගිය අත් නොබලා ඉන්නේ
537. අම්මොයි යන කොල්ලන් දැක බඩ කකියයි ඉතිනේ කම්මොයි යන රස කැවිලිත් නොදෙද්ද නෑසියනේ අම්මොයි අප අත් හැර ගිය ගමනක් දෝ නොදැ නේ අම්මා අපි කවර කලෙක දැක සැනසෙමු ඉති නේ
538. අම්මොයි කී කෙනෙකුන් බස් ඇසුවොත් සවනති නේ වැම්මොයි කඳුලැලි එවිගස දෙනුවන් යුග නෙති නේ දන් දී මතු තුන් ලොව සැප විඳිමැයි යන සිති නේ පින් දීලා ඉඳිනේදෝ පියරජ සම සිති නේ
539. රැ බාදා දැකලා සිට ගියදැයි අපෙ අම්මා මේ හිමයේ ආදා සිට මේ දුක් නොදුටිම්මා පියරජ සිත් පහදා සිට දීලා අප දැම්මා බුදුවන්නට බාදා නැත සතොසින් බුදු වෙම්මා
540. මව්කුස අපි හටගත්තෙක් වින්දේ තද දුක්කා සිව්දෙන සමගිව තපසට ඇවිදින් අප එක්කා දෙතනේ කිරි වන පලවැල දිලා අප රැක්කා රක්ෂාඅ කළ අම්මා දැන් වේ දෝ තද දුක්කා
541. ගසක දොඩම් මදෙයි කියා කෑදයි අපෙ අම්මා අහස තරුත් මදෙයි සිතා විළිළූදැයි අම්මා මුහුද දියත් මදෙයි සිතා රස කිරි දුන් අම්මා සතර අපායේ නොවැටී නිවන් දකින් අම්මා
542. එක අතකින් නියෙන් ගගා දෙතනේ කිරි බොම්මා දසකඩ මස දුක් උසුලා වැදුවේ අපෙ අම්මා සැකක් නැතිව බණ ඇසුවොත් සසරින් ගොඩ යම්මා දුකක් නැතිව නිවන් දකින් පින්වත් අපෙ අම්මා
543. දෑත අපේ බැඳි රළුකම් බඳ වා ඉපල් පිටේ ගැසුවා ලේ බල වා අම්මා එනතුරු අප රැක පිය වා ලස්සන නැති මුගෙ රළුකම බල වා
544. පිනකට අදහාවද අප දු න්නේ දුකකටවද අපි තැවුල් විඳි න්නේ බසකට කිවයි සිතට නොග න්නේ මඳකට වැඩ සිට මෙබස් අස න්නේ
545. අප්පා සාමිනි ඉක්මන් කි ම්දෝ බමුණාගෙන් අපි ගත් මිල කි ම්දෝ බමුණා දවසක් රැඳුවොත් කි ම්දෝ අම්මා නැති කල අප දන් දෙ ම්දෝ
546. සී සී කුමරුනි එහෙම සිත ද්දෝ සිඟන අයෙකු රෑ දොර සිටුව ද්දෝ දනක් දෙවන කල පමා කෙරෙ ද්දෝ පමා කළොත් බුදු බව ලැබියැ ද්දෝ
547. දෑත බැම්ම බැඳි රළුකම් බලව ත් බුත පිසස් මෙන් ගුණයක් නොම ද ත් බීත වෙන්ට මරුවෙකු මෙන් ගුගුර ත් ජූතකයගෙ සැටි අසනුය පියකැ ත්
548. ඉසකෙස් පුපුරැටි තඹරැවුලා යේ පළල් නලල ඇති තට්ටොළුවා යේ ඉගිල ඉසිර සිටි ඉස්සොරියා යේ පිරි කබ ගිලි ඇස් කඳුළු පුරා යේ
549. වැහෙන පිරෙන දිය එකන්කුනා යේ නාස දෙපිට කැටි සොටු වගුරා යේ නිකට උල්ව සිටි මුක දැලියා යේ කෙළතොළු බොල්ලෑ දත් කැටියා යේ
550. බුලත් නොකා කට කිරි වවුලා යේ පිටත් ඇසිරි සිටි කන්කොරියා යේ පිටි තොල දත් කා බස වෙවුලා යේ කැසිත් තදව එන මුහගැටයා යේ
551. නහර ඉගිලි සිටි ඇටසැකිලා යේ කිඹුල් පිටක් වැනි ගතරළුවා යේ නිබඳ ඉගිලි සිටි කොරල සමා යේ බඩ වක පිට වක උදර මොටා යේ
552. රුදුරු වියරු ගුණ අවගතියා යේ ඇඳි රෙදි කඳවට දඟර ගසා යේ වේයන් කෑ දඬු වැනි කලවා යේ දැන උතුවාදම් දෙපය කොරා යේ
553. නැඹුරුව කොරලැති පය බකලා යේ කෙන්ඩ ඉදිමි සිටි පය බරවා යේ නිය පිරිත්ත ඇති පතුල් කුනා යේ මෙවැනි ලකුණු ඇති එකා යකා යේ
554. මොහුහැර වෙන දන්ගන්නෝ නැද්දෝ වෙන දන් දුන් කල බුදු බව නැද්දෝ පින් ගන්නෙක් ඔබ මිස වෙන නැද්දෝ අම්මා නැති තැන අප දන් දෙද්දෝ
555. තරකොට අල්ලාගෙන සරොසි න්නේ සුරතින් පොල්ලක් රැගෙන තලන්නේ වෙරදත් කෑකල සිත බියව න්නේ වරදක් නැති අප කිම මරව න්නේ
556. පෙරකල පවු දැන් පලදෙන සි න්දා සිවුමැලි නැගණින් අත්පොඩි බැ න්දා කපටි සිතින් නොබලයි අපි වැ න්දා මේ ඇති වරපල කාට කිය න්දා
557. දන් දේ අප සිතු නලවා ලාදෝ අම්මා වටපිට එලවා ලාදෝ දඬු බැට කෑ අපි සොර වා ලාදෝ කුසල් කරන්නේ මරවා ලාදෝ
558. රෑ දුටු සීනය නපුරැයි යන් දැයි ගිය තැන මදකුත් නොරඳා එන් දැයි මද දුක් උසුලා ලතැවිලි වෙන් දැයි මේ ලෙස දන් දි ලබනු කුමක් දැයි
559. අපගේ අම්මා පලවැල සන් දැයි පලවැල අරගෙන දැන් දැන් එන් දැයි සොඳ සොඳ පලවැල තෝරා දෙන් දැයි ළඟටම කැඳිවා ලැම සනසන් දැයි
560. දරුවෝ නම් ඔබ දෙන්නට සරිවෙ ත් දෙදෙනා සමගිව දෙන දන් යහප ත් ඔබ දන් දෙන කල නොදෙමැයි නොමකි ත් අම්මා ආ කල දෙන දන් යහප ත්
561. බැද්දේ පැයකුත් නොරඳා එන් දැයි කුමරුන් කොයිදැයි කියා බලන් දැයි අද අපි සුරතල් කාට කියන් දැයි අම්මා කා දැක සැනසි ඉන් දැයි
562. මා දන් දෙවන් නේ නැගණින් දන් නොදෙන් නේ රජ කුලය වන් නේ උපන් කුලයට කිළුටු වන් නේ
563. මේවර අපි නොදනිම් මෝ දෙතනේ කිරි නාරිම් මෝ පයින් යන්ට බැරි අම් මෝ මෙසේ දුක්සෙ කොයි යම් මෝ
564. බමුණා ආලෙසි නී මළානම් මේ ලෙසි නී දුකෙක් නම් මෙෙව නී කාට කියමුද මෙදුක් ඉති නී
565. මොලකැටි නඟා ගේ අත්පොඩි බැඳපු ලා ගේ බමුණ තගෙ වේ ගේ කියව ගත් දුන් දෙයක් තා ගේ
566. තරයේ බැදී නම් පිටසම ඉගිල යා නම් වන සෝ කියා නම් පොලොව මිහිකත බලාගන් නම්
567. ඉපිද ජයතුරු පු රේ නොරඳා අනුන් අත රේ වැස දෙගුරුන් තු රේ කෙසේ වැසෙමුද අනුන් අත රේ
568. එවන වල් බෑ වෝ දුටු නම් එදිවිබා වෝ බියකරු සුබා වෝ ගසති ෙනාතබා පොලොංබා වෝ
569. මේ වන රකුස් සෝ දිවියෝ වග වලස් සෝ කඳහු ගෝනුස් සෝ ගසති ලිහිනිද පිය රකුස් සෝ
570. එවන වැලහින් නෝ යක් දෙබර කඩි සින් නෝ වනසර යකින් නෝ නසති දුටුවොත් මරා කන් නෝ
571. මැස්සෝ මදුරු වෝ ලේ බි ඇඟ පලනු වෝ ලේ තුඩු කපුටු වෝ මරති අද මේ හිමේ දුටු වෝ
572. විල්වල කකුළු වෝ මාදැල් සහ මකුළු වෝ දැල් බැද මකුළු වෝ මරති ඒ වන ගල් කකුළු වෝ
573. මහ මේග වැසි නම් මහ හෙනවල් ගැසී නම් පිරි පවුරු වැසි නම් තලා මහ ගඟ වතුර ඒ නම්
574. ගිරිකුල් සෙල් වැවි ල් ඕ කඳුරු ඇලදොලව ල් සෙවෙල්මඩ කලව ල් යාම කෙලසින් වේද නො අවු ල්
575. දඹදිව මුලුල් ලේ රජ අනසකය නිල් ලේ ඉපිද එ රජකු ලේ කරමු ගැති මෙහෙ අහෝ මෙක ලේ 576. තද කම් කලාවෙ නි ඔය මැදහත් සලා වෙ නි හඬමින් නුදුටු වෙ නි අපට උනදේ කිමෙක දෙවිය නි
577. දෙවිදුට මේ ලෙස තද දුක් කියමි න් බියගෙන ඇවිදින් සිරිපා වදිමි න් පියරජ හට වු තොරතුරු කියමි න් සිටිනා සඳ ඒ සොහොයුරු දෙදරු න්
578. බමුණ වැටී එතනින් නැගිටින් නේ දෙදන දෙවැලමිට ලේ වැගිරෙන් නේ වැලකුත් කඩමින් ඉපලක් ගන් නේ යමයෙකු සේ ආපසු එලවන් නේ
579. රා බී මත් වු මදැතකු විලසි න්
දිව එන බමුණා දැක ඒ දෙදරු න්
බිය වැද ගොස් සැඟ වී සිටිනා මෙ න්
සතරැස් පොකුණට වනි පෙර විලසි න්
580. එම විට බමුණා පන්සල වන් නේ දෙදරුන් නොම දැක කෝපවෙමින් නේ මහසත් ඉදිරියෙ සිට තෙපලන් නේ මේ ලෙස දන් දී දෝ බුදුවෙන් නේ
581. පතතොත් බුදුබව මෙසේ පත න්ටයි අත මිට මග රැකලා උදුර න්ටයි නැතහොත් නැත කියලාම හරි න්ටයි මෙහෙම කරන්නේ අප රවට න්ටයි
582. ඔබසේ වෙනනැත මුලුලොව බොරු වෝ බොරු දන් දෙන්නට කවුරුද කී වෝ සැඟ වී වල් වැද පන්සල ආ වෝ නාවා මෙන් ඉන්නෙද දැන් දරු වෝ
583. පිය රජහට බොරුවෝ කී බස සා විලිවැද කුමරුන් මුත් නොව අලෙ සා දන් දෙන බැවිනුත් මතු සැප උදෙ සා සිත ඇත්තක් කරනුය කිව් නොල සා
584. අප දුක් නොසිතා සතුටුව දෙ න්නේ ගලවත් නම් අප මිලකොට දෙ න්නේ කුමරිය සරි බර රත්රන් දෙ න්නේ දෙන්නම වටිනා මිල හෝ දෙ න්නේ
585. මෙසසර සයුරෙන් දැන් ගොඩලුව ත් තොපසේ සයුරේ වෙන නැත බැලුව ත් තොප අප සමගිව මුලුලොව ගොඩල ත් මෙම සේ පිටිවාලක් නැත තෙපල ත්
586. වලිනා සිටිනා අත විමසන් දැයි දුලිනා පුලිනා ලෙසට වැසෙන් දැයි ගලිනා සෙලිනා පැන විමසන් දැයි වලිනා වැවිනා කිමද බලන් දැයි
587. ආකල දන්සැල අප නැති කල ටා බෝකොට සන්වල් දුක්වේ සිත ටා කි කල වරදක් නොමගෙන සිත ටා ආ කල අම්මා බාරයි ඔබ ටා
588. විමතිව ගිය තැන නොරද්රය එන් දැයි කැමතිව පලවැල තෝරා දෙන් දැයි පෙමැතිව දෙතනේ රස කිරි දෙන් දැයි විමැතිව අම්මා නොදැක හඬන් දැයි
589. සේරුව දැන ආ බමුණා සිත සේ සාරුව සඳ මැද සක් ඇන්ද්රි සේ දරුවන් දෙන්නා දන් දී සිත සේ නාරුව පියරජ අම්මත් අප සේ
590. අසන් කුමරුවනි මෙමා කියන බ ස නඟුන් නුඹේ කැදවාගෙන නොවල ස නිසන්සලව අපි මතු බුදුවන ලෙස ස මොවුන් සමග පලයව් නොව දොම්න ස
591. එබැවින් නැගණින් කැදවා සැනෙ කා ඇවිදින් සිටිදැයි පියරජු එදැ කා සලමින් ඉස බමුණා දත්මිටි කා දෙදරුන් අල්ලා ගත්තුව තරෙ කා
592. බදිමින් වැලමිට ෙදක සාවෙන තු රු කපමින් ඉපලක් අරගෙන නොමසු රු තලමින් පිට පිට ලේ වැගිරෙන තු රු කෙරෙමින් නින්දා දෙදරුට එ මහ රු
593. ලලා සුසුම් වෙහෙසින් බැඳි බැ ම්මේ ගලා නුවන් කඳුලෙන් තෙමෙමි ම්මේ බලා නොයින්දැයි අම්මා න ම්මේ විලා ප බස් කියමින් හඬමි ම්මේ
594. දන් ලැබ බමුණා සන්තොස ව න්නේ කුමරුන් අත්පොඩි අල්ලා ග න්නේ පිටිතොල දත්කා කිපෙමින් එ න්නේ ඉතිනුත් සැඟවී යව්ද අස න්නේ
595. කුමරුන් අත්පොඩි පිට සඟවා ග ති කටු ඇති ඉපලක් සුරතට අරග ති ගැසු ගැසු පහරට වැවිරි නැගි ග ති බමුණා එමවිට බයගන්නා ග ති
596. ක්රි්ස්ණජිනාවුන් අසුරට ගති ත ද ජාලිය කුමරුන් දුවමින් මග ත ද දෙන්නා අසුරට අත් පොඩි බැඳ ත ද තලමින් කර අල්වා යව් කී ස ඳ
597. ඉසකෙස් අගිනුත් වෑහෙන දාඩි ය පිටදා මැද්දෙන් වෑහෙන ලේ වි ය නෙත්හුනු කඳුලෙන් දෙපතුල් සේදි ය දෙදරුන් විඳිනා දුක් තද බෝවි ය
598. බැඳලා රළු වේවැලකින් අත්පො ඩි බිඳලා පොල්ලක් සුරතට ගෙන ත ඩි ඇදලා අත පය ගසමින් ලෙස දැ ඩි වැඳලා බමුණට කීවෝ දුක් දැ ඩි
599. ඉල්ලා ගත් කල රජුගෙන් මේ සො රු කොල්ලා අපහස දොඩනුදු බස් ග රු අල්ලා අත මස් දෙපිටට යනතු රු එල්ලා ගති පය බිම නොගැවෙන තු රු
600. වාල් තමා අපි ගත්තේ කුමක ට සාල් සලාදැමු පයිකඩ මෙන් කො ට ලීල් ව දිවි රැකුනෝතින් නියත ට ලීල් කළොත් පින නගාගෙ වැල්ප ට