වෙස්සන්තර ජාතක කාව්‍ය-v
401. දමමින් මෝලඟ බොරළු ද පස් ක ති සැපමින් තැනතැන කන්ස දෙකත් නැ ති පැමිණී කරදර තදබස් තෙපල ති අද තා මත්තේ කදුරු කමැයි නි ති
402. එබසට බමුණා බියගෙන වෙව් ලා ලඟ සිට අතපය අල්ලා තෙප ලා වැඳ සිට සිත දුක කියමින් නොව ලා නැගිසිට දිය නාවන්නේ තෙප ලා
403. නොසිටිමි තාගේ නිවසෙහි අද සි ට මම යෙමි මව්පිය ඉන්නා නිවස ට ඉන්නට ඕනෑ නම් මා මෙතොප ට වාලක් ගෙනවයි දර දිය ගන්න ට
404. හැට හැත්තෑවට ඇත තෝ නාකි ය මට මුත්තායයි කියමින් ලොවසි ය අතමිට ඇති එකෙකුට දැන සිටපි ය මට වාලක් ගෙනව යි තෝ නාකි ය
405. වාලක් නැතිගෙයි නොයිදිමි ය න්නේ වේලක් සිට බමුණා තෙපල න්නේ ලීලක් නැති දුක් කුසය පුර න්නේ වාලක් කොයි රටකින්ද ගෙනෙ න්නේ
406. එබැවින් දැන් තට වාලක් ගන්න ට යනමන් නැත මස්සක්වත් අතමි ට යස පුන්සිරි වෙසතුරු බුදු වෙන්න ට ඇතු දන් දුන්නේවද යදියන් හ ට
407. තුඟු තුරඟුද දැසි දස් එතම න්නේ රන් රිදී මිණිමිතු ඈ දන් දු න්නේ ගංවතුරක් මෙන් යදිහට දු න්නේ වංගගිරිය තපසේ වැඩ ඉ න්නේ
408. විසිතුරු ඇලි ඇතු දන් දී නිකස ල මහතුරු හිමයේ වංගගිරිය තු ළ වෙසතුරු නරනිඳු තපස් රකිති බ ල පල දරු දෙන්නා බැඳ දන්දෙති බ ල
409. වෙස්සන්තර රජ බුදුවෙන මහ තා ඇස් ඉස් මස් ලේ ඉල්ලුව දෙව තා මස්සක් වත් නොගෙනෙම දුටු කල තා ක්රිකස්නා ජාලිය දෙනවා නිය තා
410. අ න් තැනකින් වාලක් ලැබුනත් දැ න් උ න් සේ කීකරු නොමවෙයි සැබවි න් ඉ න් අන් කෙනෙකුන් නොෙසායා සැකවි න් දැ න් තොපි ගොස් ගෙන එව් ඒ දෙදරු න්
411. ඒ අසමින් බමුණා සිත තුටි නී මම තී කී බස සලකා නිති නී අත් හැර යනු කීවා මිස ඉති නී ගැත්තන් මට අරුමද පියො බඳි නී
412. කියමින් ජූතකයා බස් මෙලෙස ට නොයන ලෙසින් අන් දේකට වටපි ට දිය දර බත බුලතුත් සැම රැස්කො ට ගේ වට වැටකටු බඳිමින තදකො ට
413. වටපිට දර දිය ගෙට ලවමි න්නේ වටකර වැට බැඳ කටු අසුර න්නේ කටුදොර බැඳ තද අගුලුත් ල න්නේ මට සිතැතොත් ලඳ ඉවත නොය න්නේ
414. මෙලෙසට බමුණා සිත තෙපල න්නේ එබසට ඇයි මොබ පමා කර න්නේ ලොබකොට මා කී දේ විමස න්නේ ඔබ මට යන්නට අවසර දෙ න්නේ
415. නොල සි න් නැගිසිට එබසට තුටුකො ට මෙලෙ සි න් සන්ගා තිබුදේ රැස්කො ට නොල සි න් බලමින් අරගන එලිය ට මෙලෙ සි න් සපයයි අඩුවැඩි ගමන ට
416. අක්සුනු මුංසුනු දෙකඩක් බැඳග ති තොස්ව කඩා කටු පූ තනවා ග ති රැස්කළ තම රෙදි ගණනක් ඇඳග ති අස්ව ගොසින් වැඳ යන්නට සමු ග ති
417. සම්මත මිරිවැඩි දෙකකුත් පයල න වන්ගණ කොක්කනමක් කරලා ගෙ න දුන්මන පත් කුඩයක් ඉසලාගෙ න ගිම් සනසා යන වටාපතක් ගෙ න
418. කුඩමිට මැද දියලබු එල්ලාගෙ න බුදිනට දේ ඉන් බටපිට බැඳගෙ න සැරයටියත් ඒ නිමිතිපොතත් ගෙ න හිමයට යන ලෙස නික්මුනි මෙලෙසි න
419. සි දු රු නැතුව සියොළඟ බඩු පට වා සො ඳු රු ලඳුන් සිඹ සනසා තුටු වා සො ඳු රු ලඳුන්ගේ දුක් දුරු කර වා ව ඳු රු ලෙසින් නික්මුනි කුද අට වා
420. අක්සුනු ලාගෙන පයිකඩ රෙ ද්දේ දියලබු එල්ලා කුඩමිට මැ ද්දේ ඉන් පිට ඇඳලා කළු දෑ රෙ ද්දේ යන්නට නික්මුනි මහ හිම මැ ද්දේ
421. බා රි ය කළ කණගාටු සදාමි ස වී රි ය නැත අඩියක්වත් යන ලෙ ස කා රි ය නැත සිතුවා සෑදෙන ලෙ ස සූ රි ය හට යැද යැද යයි මග බැ ස
422. වැදෙමින් තද දුක් කුසය පුර න්නේ මින් වැඩ අවැඩද නිමිති බල න්නේ වැඩ මිස මින් කිසි දොසක් නොව න්නේ අඬමින් බමුණා ගමනේ ය න්නේ
423. පත් කුඩ සැරයටි වහන්සඟල ගෙ න අක්සුනු පයියද කරට දමාගෙ න විසිතුරු සිවිරට දිසා බලාගෙ න ජයතුරු නුවරට ගොස් පිළිවිසි තැන
424. වෙසතුරු කොයිදැයි බමුණු අසන්නේ දන් ගැනුමට මම ආමි කිය න්නේ ගල්මුල් ගසමින් එලවා ග න්නේ දුවමින් වැටෙමින් උතුරට ය න්නේ
425. වෙසතුරු දානය සිද්ද කරන්ඩ ත් වනයේ වැසෙනා දෙවියෝ උන්ට ත් පහළොස් යොදුනක් මහසුළු වනය ත් පෙරවරු ගොස් වනි කයිකාවලට ත්
426. වංගගිරිය පරුවතයට යන ම ග අංකෙනෙකුන් යානොදෙමින් තනිම ග ලන්ව තැනින් තැන රැකවල් ඒ ම ග උන් දුටුවා බමුණා එන පිටිම ග
427. එකලා බමුණා යනවා දැක ලා දැකලා රැකවල් සිටියෝ තැති ලා නොසලා පොලු ගල් ගසමින් රැක ලා එකලා බමුණා බය ගෙන වෙව් ලා
428. එන්නා දැක රැකවලු සිටි කඩව ර දුන්න අතින් ගෙන කවමින් තැත්ක ර උන් බල්ලන් මුදමින් ලා අතහැ ර පන්නා ගති ජූතකයා නොමහැ ර
429. දමා එවිට අඩුවැඩියද වටපි ට යමා දුටුසෙ බිය වදිමින් සිතය ට පමා නොවී දනිපනිගා හනික ට පමා නොවී නැංගේ උස් ගහක ට
430. ඇවිදින් ඒ වැදි ඒගස මුල ටා මෙලෙසින් පවසයි ඇතිතතු ලෙස ටා කොතනින් ආ මිනිසෙක්දෝ සතු ටා නොලසින් කිය තොරතුරු ඇතිලෙස ටා
431. ඇයි සොර කුමටද බලනුය වෙන මේ මේ ඊයෙන් වඳුරකු සේ හෙල මේ ලෙයි පපු බඩවැල් බල්ලන් කව මේ කොයි යන්නට ඇවිදින් ඉන්නෙද මේ
432. මම්මේ ජයතුරු පුරයෙහි උන්න මි මම්මේ වෙසතුරු නිරිඳුට ගුරුවෙ මි මම්මේ සිව් සැට සිල්පය කරව මි මම්මේ දුක්සැප දකිනට යන්නෙ මි
433. බොරුහෙම කීවයි නොසිතන් මෙනුඹ ට ගුරුවෙමි වෙසතුරුහට මම සිල්පෙ ට දරු දෙන්නා බයිනුත් යෙමි යන්න ට කරුණු කිමද නැතිනම් මෙහි එන්න ට
434. අසමින් ඒ වැදි කම්පා වෙමි නේ ගස උඩ උන් බමුණා බස්සමි නේ රස පලවැල දී වළඳව එදි නේ තොසකර යන මග කිව් මේලෙසි නේ
435. පසුගමනුත් කර වැදිපුත් එදි නා ඔහු බලයෙන් ඇර රකුසකු ලෙසි නා අසුව ගැලවි යන දිවියෙකු ලෙසි නා මහළු ගොනෙකු ලෙස පැනයයි බමු ණා
436. මෙසේ බමුණු මායම්කර හැමට ම තොසේ වඩා බුදුවෙන රජ උත්ත ම මෙසේ එරජ අණ සිහිකර නිත්ත ම විසේසයෙන් ගෙවමින් දුරු කතර ම
437. උක්දඬු අඹ දඹ කදලිද කන්නේ ඇලිකඳුලැලි වල සැඟවී ඉන්නේ සිහිල් සෙවන වල සැතපී ඉන්නේ ගඟුල් ලෙවන දැක සතුටු වෙමින්නේ
438. සතරැස් පොකුණට බැසලා එකලා දැකලා බිසවුන් බියගෙන වෙව්ලා එකලා බමුණා නොගොසින් සිටලා සැකලා ලෙනතුළ සැගවී ඉඳලා
439. එමකල මන්ත්රිඉ එබිසෝ ලඳහට මොනවට නැති දිවිසම් ඇති තපසට අකලට නිදිමේ නිදිවිය දැහැසට සැපකොට නිදිවිය ඒ රෑ දවසට
440. දුල්ලා රතුනෙත් ඇති තඹ රැවුලා අල්ලාගන වරලස බිම පෙරලා නිලිපුල් යුග නෙත් උදුරා ගෙනලා කල් නොයවා මේ සීනය දැකලා
441. කෙසරු වසන රන්ගිරි ලෙන ඇතුල ට සොඳුරු ඇතින් රුවනක් යන විලස ට නපුරු සීන පවසන්නට නිරිඳු ට මහරු බියෙන් ගොස් සිටිදැයි මලුව ට
442. අකලට තොපි ෙමතනට අාවේ මේ කුමකට දැයි බෝසතු පවසයි මේ තපසට අපි දැන් අාතෙක් මෙහි මේ නොමදුටු සීනයකුත් මම දුටි මේ
443. තපසේ සිව්දෙන උන්සඳ එක ලා සීනය දකිමින් බිසවුන් සැක ලා නිරිඳුට කී සඳ මලුවට බැස ලා සක්මන් කළ කවරෙක්දැයි තෙප ලා
444. වරමුත් දුන්නෙමි ආයෙ නේන්න ට සත්මස ඇතුළත නාවෙමි මෙතන ට බිසවුන් සීනය දුටුමැයි කීවි ට කියව්ව තොපි දුටු සීනය මෙලෙස ට
445. මන්සොඳ රෑ දුටු සීනය මෙහෙ මය කළුවන් මිනිසෙකු රෑ දුටුවේ මය වරලස අල්ලා බිම හෙළුවේ මය නෙත්දෙක උදුරා ගත්තා දුටි මය
446. කලුමිනිසෙක් රත්මල් කනලා ගෙ න තදකර කඩුවක් සුරතට අරග න ඉස ඇද බිමලා නෙත් දෙක උදුර න කිව් දුටු සීනය රජුහට මෙලෙසි න
447. එබසට වෙසතුරු රජු තෙපල න්නේ මහපින් බලයෙනි සීන පෙනෙ න්නේ සැබවයි අදහා සිතට නොග න්නේ බිසවුනි නුඹගේ පන්සල ය න්නේ
448. නෙත්දෙක නම් මගෙ කුමරුන් දෙන් නේ ඉසකෙස් නම් කුමරුන් අත බඳි නේ රත්මල් නම් ලේ සියොලඟ තෙමු නේ කඩුවද අඩුවක් වෙයි දරු දෙදෙ නේ
449. එබසට නරනිඳු සිතට කැමැ ත්තේ දෙබසක් නොකියා විමසා ග ත්තේ ඇවිදින් කලුමිනිසෙක් මෙහි නි ත්තේ සරොසින් නෙත් දෙක උදුරා ග ත්තේ
450. සීනය දැනගෙන බෝසත් එම වි ට මූන තුටුව පියුමක් සේ නිරිඳු ට මේ මගෙ දරුවන් දෙන්නා ගන්න ට ඒය සිතා යදියෙක් සෙට දවස ට
451. අනේ මීට කොයි සැටිදෝ දැනගෙ න මෙනේ සීන බෝසතු සඟවාගෙ න වනේ පලාපල කාලා ඔත් තැ න පෙනේ සීන පිත් කිපෙමින් බොරව න
452. වෙසතුරු කීබස් අසමින් මෙලෙස ට ගේදොර වට පිරිවර ඇර තපස ට ලොබකර සමගින් ආවෙමි මෙතන ට ඔබ හැර සරණක් වෙන නැත දැන් ම ට
453. එලිවූ තැන දිය තිබුවෙන් පන්ස ල හැමදා මලුවේ ඇවිද නිසන්ස ල කුමරුන් මූනෙන් මූන තබාලො ල දරුවෙනි රෑ දුටු සීන නපුරු බ ල
454. පියරජ ඇරවෙන බැහැරක නොයව න් කෙලිනා තැන නුඹලා දිය පත් ව න් මේවල නැත පියරජු මිස නෑය න් බාරයි හිමි ඔබහට මේ දරුව න්
455. රෑ දුටු සීනය බොරු නැත මෙදි නේ ඒ දුක් සැප දෙක කිමදෝ නොදැ නේ මා එනතුරු ගොස් පලවැල රැගෙ නේ බෝසත්හට බාරයි දරු දෙදෙ නේ
456. පලවැල අරගෙන එම විගසකි නේ මල්කරු මල් පෙට්ටිය ගෙන අති නේ සරි ඇතිවම ඉන්ටයි නර නිඳු නේ බාරයි ඔබටම මගෙ දරු දෙදෙ නේ
457. පන්සල හැරදැන් බැහැර නොයන්නේ කෙළිනා ලෙස වැඩිදුරට නොයන්නේ මේවල පියහැර වෙන නැත සර නේ බාරයි ඔබටම දරුවන් දෙදෙ නේ
458. බිසවුන් කී බස් මම නොදනි මි දැයි අන් දරුවන්සේ කුමට සිතමි දැයි කුමරුන් වට පිට කුමට සරිම් දැයි එබසට එබිසෝ පලවැල යම් දැයි
459. කුමරුන් දෙන්නා දෑලේ ලාගෙන පන්සල රෑ සැතපෙ න්නේ සීනෙන් ඇවිදින් වරලස අල්ලා නෙත් දෙක උදුරා ගත න්නේ සීනේ දුටු සැටි අසමින් වෙසතුරු ඒ තතු විමසා ග න්නේ පලවැල අරගෙන නොපමාවෙන් එමි බාරයි දරුවන් දෙ න්නේ
460. දරුවන් දෙන්නා දෙන්න වඩාගෙන හිමයේ වැද රැක උ න්නා නුඹගේ පන්සල ඇරලා බිසවුනි අතරක ගොස් නො රඳ න්නා පෙරවරු බාගේ පලවැල අරගණ එනතුරු කැඳවා ග න්නා සාමිනි පලවැල අරගෙන එනතුරු බාරයි දරුවන් දෙ න්නා
461. හඬමින් කුමරුන් ලන් කරගන ලා වඩමින් මුව හිස සිප සනසා ලා කුමරුන් දෑතට පලවැල දී ලා ගිය දැයි වෙසතුරු රජුට කියා ලා
462. කියමින් මන්ත්රීම එබිසෝ මෙලෙස ට ගිය දැයි පලවැල විමසා හිමය ට ඇවිදින් ජූතකයා මග දුර සි ට පෙනෙමින් පන්සල වැඩ උන් නිරිඳු ට
463. එදවස බිසවුන් පලවැල යා දී දන් ගන්නට එති උගෙ සිත් පැහැ දී මතුවෙන බුදුබව කළ සිත පැහැ දී ජූතකයා දැක සිතේ සමා දී
464. මෙලෝ පසිඳු වන රජසිරි හැර ලා කළෝ තපස් හිමයේ සිල් රැක ලා තිලෝ ගුරුව බුදු වෙති තොප මෙකලා සොලෝවකින් සිටියේ තුති කර ලා
465. ආතෙක් අපි මේ හිමයේ තපස ට දුන් දෙයකුත් නැත යදිහට පිනක ට එන්නේ මොහු වැඩකට වේදැයි ම ට යන්නට කිව් කුමරුට විමන්න ට
466. කරකවමින් ඇස් රට තොට වෙව් ලා කොරහැඩි ගත මහ රළු තඹ රැව් ලා ජාලිය කුමරුන් එබමුණු දැක ලා බියවැද දිවවුත් කිව් රජු වැඳ ලා
467. එමවිට බමුණා මළුවට බැස ලා පැහැදී වැඩ සිටි බෝසත් දැක ලා මාහිමි දෙස් කොට බුදු වෙත් තෙප ලා සිටියේ ආසිරි වාද කියා ලා
468. සත් මස ඇතුළත පාරමිතාව න් යුත් ලෙස යදි කෙනෙකුන් නුදුටිමි මන් එත් පන්සල තිබු පලවැල ගෙණ දුන් සිත්තුටු කොට ඉඳුවයි කිව් මෙලෙසි න්
469. අමන් ගිමන් සන්සිඳුවා වැඩ සි ට කුමක්ද ඇසු ආ කාරණ මෙතන ට තමන් අඹුව උදෙසා විඳි එගැහැ ට කියන්නට වනි නොතබා වෙසතුරු හට
470. මා බාරිය සොඳ රූසිරු නිකස ල අවුස්සාපු අඟනෝ බැන බේග ල එනිස්සාර බස් කියමින් කුලම ල නුරුස්සාය මා දෙඇසින් දුටු ක ල
471. දියට ගියත් කළ ගෙඩිය බිඳින් නී ගෙට ආවත් වැඩකැයි නොසිතන් නී වාලක් ඇත්නම් ඉඳිමි කියන් නී නැතහොත් ඈ මා වෙත නොසිටි නී
472. නිවට උවොත් මේ ගමනින් ආ දේ ගමට ඉතින් යා නොදේය බිරි ෙඳ් ලොවට උතුම් ෙවසතුරු නරනිරින් දේ මීට උපායක් නොකියනු කිම් දේ
473. ඉස්සර සැම වස්තුව දන් දී පි මි නිසරුව හිමයේ තපසට ආවෙ මි ඉස් ඇස් මස් ඕනෑ නම් දන් දෙ මි සෙස්ස කුමක් මට ඇත්තෙත් දන්දෙ මි
474. වරමින් රැකවල් හිම මග ආවෙ මි ලැග ලැග කතරේ දුර රට ආවෙ මි දන් ගන්නට මේ හිමයේ ආවෙ මි නොපමාවම දුන් යහපත් වෙයි හි මි
475. ඉස් ඇස් මස් ලේ ඉල්ළූවත් වි ය මේ දන් මිස වෙන දෙන්නට නැති වි ය රට ඇර හිමයේ තපසට ආවෙ ය කුමක් දෙන්ද අතමිට නැත කිසි දෙ ය
476. වියරු දබර බස් කියනු ද කුමක ට කවුරු අවුද මේවා දන් ගන්න ට පතුරු වමින් යස මතු බුදු වන්න ට දෙදරු න් ඔබගේ දන් දෙන්නේ ම ට
477. ආවෙ මි දුරු රට කලිඟු රටේ සි ට නාවෙ මි දන්දෙන මෙතුවක් දවස ට කීවෙ මි නොපමාවෙන් දන් දෙන්න ට ආවෙ මි කුමරුන් දෙන්නා ගන්න ට
478. සැට යොදුනක් මග ගෙවමින් ආ වේ ඇවිදින් කුමරුන් දන් ඉල්ලූ වේ තාසේ මිතුරෙක් නැත මේ සම වේ කුමරුන්ටත් වැඩි පෙම් සිත පිරු වේ
479. කුමරුන්නේ රජ මූන බල න්නේ වල්ගිය අම්මා අවුද කිය න්නේ පලවැල කඩමින් කිරිද පොව න්නේ අද ලැගලා හෙට පලය කිය න්නේ
480. සම්මා සම්බුදු බව පතමි න්නේ දම්මා දරු දෙන්නා මට දෙ න්නේ අම්මා මෙතනට ආවොත් මු න්නේ දැම්මා ආවා නාවා වැ න්නේ
481. එසේ මෙසේ නිරිඳුනි නොසිත න්නේ ඇසේ දුටිමි මම ගුණ ගෑනු න්නේ බසේ කනේ වැටුනෝතින් උ න්නේ කෙසේද දැන් අපි තොපි ගැලෙව න්නේ
482. මෑතක එති එබිසෝ දැන් හනික ට ඈත යන්ට ඕනෑයි මම විගස ට යාචකයන් සිටු වැද්දෝ ආව ට මේ තමාද පින් මතු බුදු වෙන්න ට
483. සුබ අසුබෙයි යන පිංකම් නොද න්නේ දෙන දන්වත් වලකා බස් කිය න්නේ අද මෙහි ලගින්නට බැරියයි කිය න්නේ දෙවතොත් දෙව්ව කල් නොයවා බැති න්නේ
484. සිව් මැලි ලඳ බොලඳ මාගේ දරු දෙදෙ න කිරි සුවදත් මුඛයෙන් තව නොව ඇරු න ගැති මෙහෙවර කෙරුමට නොදනිති ඔවු න තදින් බසක් උන් කන තව නොව වැටු න
485. බමුණා මේ දරුවන් ගෙන යන රටි න සඳ මහ රජ දුටු තැන සොඳ සන්තොසි න මුතු මිනි වස්තු සමගව දෙති සිය ගනණ න බොහෝ අරගන්න නුඹ ගොස් මේ ලෙසි න
486. එනදා කල ගැහැට මම දනිමි තර කො ට දෙවනුව මුනුපුරන් දැක සිත් කෝප කො ට ගෙණ ඇයිදැයි කුමරුන් ගැතු මෙහෙවර ට දෙකන් නාස් කප්පති මා දුටු කල ට
487. බමුණා දුටු තැනම බිය ගෙණ වෙව්ල න්නේ දිවි දුටු මුවන් සේ උන් ලය දෙදර න්නේ පිය රජ ගැති කමට දෙති යන බසි න්නේ පැනලා ඉඳිරියෙන් සැඟවීමට ය න්නේ
488. එතන සිටියදි දිවගොස් වල්ව න්නේ සතරැස් පොකුණ දකිමින් ගොස් සැඟවෙ න්නේ උනුන් අත් අල්ලමින් දියෙ බයි න්නේ නෙළුම් කොළ වසා ගෙන සැඟවි උ න්නේ
489. දරුවොත් බැහැර ගිය අත නොදැන වෙසතු රු කැඳවත් ළඟට දන් දෙන ලෙසට පියක රු වෙත පත් බමුණු වග දැන කිමදැයි නිස රු තම ඔත් තැනින් නැගි සිට විමසති දෙද රු
490. ඔබසේ බොරු කියන අය මේ ලොවේ නැ තී පෙරවරු කුමරුන් දන් දෙවතෙයි කිය තී ඉඟි කරවා කුමරුන් සගවා හර තී තමුන් නොදන්නා මෙන් අඬගහ බල තී
491. බමුණ තගේ රළු කම් දැක බිය ෙව න්නේ දැන් දෙදරුන් එබියෙන් ගොස් වල් ව න්නේ වැදූ මවුන් මෙතනත් නැත බොල න්නේ එයින් මෙතන නොසිටම ගොස් සැඟවෙ න්නේ
492. සෙමින් නැගිටි බැමය නටවා දෙවනුවත් ගොස් රජු ක රා ම ඉන්නා දැක අසල නොසිට ම දිවුද එකුමරු වල් ඉ රා උගන්නාලා දෙදරුවන් හට හොෙඳ් දුන් දන් වෙසතු රා මෙවන් මායම් කරණ කළ බුදු වෙන්ට බැරිමයි ලොවුතු රා
493. වේග උගෙ බස් අසා නරනිඳු සිනාසෙමිනුත් මුව ර දා වගුන් දුටු මුව පැටවු විලසින් දුවපු එකුමරු වන මැ දා මේ ගමන් පුත නොගිය හොත් බුදු බවට බාදා වෙයි අ දා වේග නොව වංශයට නොසැගිව වරෙව් යයි හඬ ගැසු ස ඳා
494. වන් බසසා කුමරු ජාලිය
නගුන් බස්වා පොකුණ ටා
නෙළුන් පත් යට සඟවමින් සිට
සැකව බලමින් වටපි ටා
රජුන් අඬගැසු හඬට නොගියොත්
යේය හිස සත් කඩක ටා
තදින් බැඳ තද වදය කරතත්
යමි සිතක් විය කුමරු ටා
495. බොරු වෙයි කියන බස් අසමින් එමහස ත් විලි වැද සිතට දෙදරුන් හඬ ගැසි නැවත ත් සිටි එ බමුණු අපගේ දිවි දැන් ගනිත ත් ඇවිදින් කුමරු පිය රජ සිරි පාද වඳි ත්
496. ගිය නුඹගේ නැගණින් කොයිදැයි තොප ලා බිය වැද ගියේ මුව රැල මෙන් වී වික ලා පිය මහ රජ දෙවනුව හඬ ගැසූ ක ලා බිය වැද කුමරි ඇවදින් සිටි පා වැඳ ලා
497. කුමරුන් හඬන කඳුලෙන් රජ පතුල තෙ මේ පියරජ හඬන කඳුලෙන් කුමරු පිට තෙ මේ හැඬුවත් නොසෑදෙයි බුදු බව සිතින් හි මේ සසර සයුර තොප නැවයෙන් ගොඩලමි මේ
498. ජූතකයා බස ට නරනිඳු වෙමින් සහතු ට කුමරුන් තුරුළු කො ට සිරස පිරිමැඩ කිව්ව මෙලෙස ට
499. දැන් මේ තොප ත කා ඉල්ලා ආය ජූත කා පුතන්ඩිනි මත කා යන්න බමුණා කැටුව සල කා
500. මෙතොප දුන් පිනි නේ සසර දුක් දුරලමි නේ අප බුදු වෙන දි නේ නිවන් දැකපත් නුඹත් පුතු නේ