වෙස්සන්තර ජාතක කාව්‍ය-ix
801. සක්දෙව් රජ බමුණූ ෙව සේ දන් ගන්නට අයි මෙලෙ සේ වෙස්සන්තර රජු සතො සේ දන් දුනි බිසවුන් නොල සේ
802. විට විට තුන් වරක් නට ති වට පට සව්සතුන් බලැ ති කට කට මේ කිම්දැයි යෙ ති පිට පිට මහ පොළොව නට ති
803. සත් කුල පරුවත සස ලේ මහමෙර පරුවත එදු ලේ වංගගිරිය සැම සිය ලේ නැමී නමස්කාර කෙ ළේ
804. නාග ඇසුර සැක්රස බව න අට විස්සක් සෙනෙවි බව න වසන එමහ සැම මුරුග න සාදුකාර දුනි අපම ණ
805. අන් සන්තක ද්රවසින් ටත් මන් අවුලත් නැත උන් ටත් වෙනත් බමුණූ ආ උන් ටත් දෙන්නට බැරි කිව් උන් ටත්
806. තුන් ලොව ගුරුවෙන උතු මා දුන් දන් දැක සතුටුව මා සන්තකවු බිසව් මෙ මා අන් කෙනෙකුට නොදෙව ත මා
807. කියමින් සක් දෙව් මෙලෙස ට පින්දීලා නිරිඳුන් හ ට ගුරුවෙති තොප මතු තිලොව ට සක් දෙවි ගිය සුරපුරය ට
808. සත් දවසක් ගිය කල හි ම පුත් දෙදෙනෙක් ගුරුවර හැ ම එත් කැන්දා දෙන ලෙසට ම යත් සක්දෙවි කියා මෙහෙ ම
809. පියකරු එබිසෝ මෙලෙස ට දිය දර පලවැල සරිකො ට දිය යුතු දේ දී නිරිඳු ට ගිය දැයි පන්සල තපස ට
810. එලවන ලෙස ගෙන් තමහිමි එදි නේ කළ මායිම් ලිය බමුණා නොදැ නේ පල නැති දරුවන් දෙදෙනා රැගෙන නේ පලයෙයි පෙරකම් ලබනා ලෙසි නේ
811. තලක් කමුත් බැඳ අම්මා ඇවිදි ති යමක් විනම් බමුණට මේ සවි නැ ති ගමක් රටක් අඳුනන්නෙක් වත් නැ ති කුමක් කරම්දෝ කුමරුන් ලතවෙ ති
812. ගුගුරණ ඇල දොල දිය ගෝසා ඇ ති සෙන හඬ මෙන් ගිජිඳුන්ගේ නද ඇ ති අසමින් වග වලසුන් ගෝසා නි ති බියගෙන දරුවන් දෙන්නම වෙවුල ති
813. දුවන දොලින් දොල දිය කඳු රැලි නේ පවන හඩද සිවුපාවුන් හඩි නේ එයන දරුවො දෙදෙනනා දැක දුකි නේ හඬන ලෙසට වනි බිය වැද එව නේ
814. ඇල් මේ උන් වසු පැටියන් බැඳග න වල් සතුරෙක් මෙන් බමුණා ගෙන යන ලොල් මවු නැති දරුවන්ගේ දුක් දැ න දුල් රවි ගොසවර හිර සැඟ උනු තැ න
815. යමයකු දුටු සේ සිත බිය වෙමි නේ ගසමුල බැඳලා දරුවන් දෙදෙ නේ ගසමින් වක කුදු වඳුරෙකු ලෙසි නේ උස ඇති අත්තක ගස උඩ නැගු නේ
816. දෙව්ලොව දෙවියන් ඇවිදින් මෙලෙ සේ සිව්මැලි දෙදරුන් මුදමින් සතො සේ මව්පිය ලෙස ලඟ ඉඳ එලිවෙන සේ දෙව්ලොව යති බැඳ තබමින් පෙර සේ
817. රිසී වෙමින් ජුතකයා යන වි ට වැසී අකුල්කටු නොපෙනෙයි මග තො ට නිසී ලෙසින් දෙවි බලයෙන් එම වි ට බසී කුමරු සහ ජයතුරු පුරය ට
818. උදෑසනම එගසින් බමු ණා මුද්රු ඉදිරිකර දරුවන් දෙදෙ නා විද්රුන ලත් යමෙකු සේ රැගෙ නා රඳා එවන මැද පැනයයි බමු ණා
819. සඳමහ රජ සීනය දැක උදය සි ට සතර වේද බමුණෝ ගෙන්නා ළග ට මිනිසෙක් ඇවිත් රත්මල් දෙක දුනි අත ට දැන්ම කුමරු දෙන්නෙක් එති කිව් ළග ට 820. ඊට මිතුරු පෙර නිරිදුන් පිරිවැ රු සිටුපුත් සෙනෙවිද සෙන් දැක එනුව රු කැටුවම ජර බමුණෙකු ඔබ මුනුබු රු දුටිමි සිටිනවා කිව් ගොස් මැතිව රු
821. ගස බැඳි දෙදරු අරගන යන්ඩ තම ර ට දෙවියන් විසින් හැරපුය මුතුගෙ නුවර ට එනුවර දනෝ කිව් රජු හට ගොස් එවි ට ගෙන්නා කුමරු සීනය තෝරන තැන ට
822. වෙන රටකැයි සිතමින් ගොස් බැති න්නේ බමුණා ගොසින් සඳමහ රජ වෙති න්නේ තුන් කුදු ගැසී වැඳ වෙව්ලා සිටි න්නේ නොබා බමුණ සඳමහ රජ දකි න්නේ
823. සඳමහරජ කුමරුන් දැක මෙසේ කිය’ ත් තොසේ ඇවිත් මගෙ උකුෙල් ඉන්ට කිය ත් බමුණුගෙ වාල් ඔබ උකුලේ කෙසේ ඉඳි ත් මෙසේ සිටිඤ්ඤයි ජාලිය කුමරු කිය ත්
824. එබස් කියා නෙත කඳුලැලි පුරාග න හඬාගෙන කුමරු මාලිගයට ගොසි න විඩා වෙමින් දුක් සැප නරනිඳු අස න වඩාගන්ට නරනිඳු අඬගැසු එදි න
825. බයානිකව සඳමහ රජ එමස ඳ අයාස විඳ ආ කුමරුන් දෙදෙන ද දයාවෙනුත් උන් වඩනට ගිය ස ඳ කියා මෙලෙස ජාලිය කුමරිඳු ස ඳ
826. දාර වඩා මේ බමුණා අත ටා බාර කරපු අප මෙහෙ මිඩි කම ටා පාර වැරදි ආවයි ඔබෙ පුර ටා වාර නොවේ වැඩුවොත් රජ කම ටා
827. කරුණා ඇත්නම් අප ගලවන සේ වටිනා මිල මට මසුරන් දහ සේ ක්රිාෂ්ණජිනාහට බරට බරක් සේ දෙමිනා බමුණා කරවයි සතො සේ
828. තුලා බරට ඉඳුවාලා ක්රිලෂ්ණජි නා සත් රුවණින් කිරවාලා දුන් සඳි නා කුමරුට එරන් දහසක් ගනිමින් දුන් නා බමුණා සන්තොසින් වස්තුවද ලැබග නා
829. බමුණා දන් ගෙට ගෙන්නා ඉඳුවමි නා රජු ෙම් වඩන පස්ගෝ බොජුන් ගෙ නා කට ඉස් මුදුනෙනුත් මැව්නොත් කිසි දි නා කා දිරවා ගත නොහී වැටී මලෙස ව නා
830. බමුණු එ මළකඳ සවමින් එපෙලහ ර වස්තුව ගන්ට කියමින් ලැව්ව අණබෙ ර උගෙ නෑසිය කෙනෙක් නැත්නම් මෙම නුව ර පින් කරව්ව මෙ වස්තුව ගෙන පව ර
831. සසර දැවටි ල් ලා නොදැනී ඒ මහ ල් ලා බෝව සිතුවි ල් ලා එසේ උනි මේ දුක් සිය ල් ලා
832. එයින් යම් දෙයක ට ලෝබ නොව සිත් තුටු කො ට තමන් ලත් පමණ ට කුසල් කර වැජඹෙව්ව හැම වි ට
833. සඳමහ රජ සතු ට දිනෙක කුමරුන් ලන්කො ට සුරතල් කරන වි ට කීය ජාලිය කුමරු මෙලෙස ට
834. මුත්තනුවනි මෙක ල මෙසේ ම ද අප දැඩි ක ළ අප පිය රජු නිම ල කිමද හැරියේ යන්ට හිමව ල
835. අසා එතෙපු ල් ලා දෙදෙනම සිත තැවූ ල් ලා දැහැස කඳුලැ ල් ලා හෙලා දරු සෝ දුකින් පු ල් ලා
836. වංගගිරි හිමය ට බෝසතු වැඩම එන්න ට යන ලෙස පිරිවර ට ලැවූ අනබෙර එනුවරුන් හ ට
837. නිසරු කියා තම හිමි එලවා ලා රුසිරු කාලි ලඳ තෙලඳුන් ගා ලා මෙලෙස එගම සැමලියො රවටා ලා විගස ලවති රැකවල් නොවලී ලා
838. අයෙක් බුලත් පුවකුත් ගෙන දෙන්නේ අයෙක් සේල ඔලියල් ගෙන දෙන්නේ අයෙක් ඈට දර දිය ගෙන දෙන්නේ නොයෙක් සැපට ෙම් ලෙස පව තින්නේ
839. රෝසවෙලා තම හිමිහට කිය තී පාසවදන කියමින් බැණ වදි තී රෝසවෙලා ඉන රෙදි ඇද ඉර තී කෙලෙස කීවත් ඇගෙ ගෙයි ගොස් ඉඳි තී
840. ලඳලිය සමගින් ඒක්වෙති ලො ල්ලේ බැඳගෙන වරලස අල්ලා බෙ ල්ලේ විද සොද කම්සැප කාලිය ලො ල්ලේ ඇද ගෙන වරලස පෑගුව බෙ ල්ලේ
841. විපතකළා තම හිමි හට නපු රු නොපඬු සැලක උන්නොත් හිමි සොඳු රු එපා කියති කොණ්ඩේ ඇද අයු රු කපා දැමූ අඟනෝ ගුණ නපු රු
842. රනේ රුවසෙ තම හිමි වෙතනොඉ ඳා අනේ කුමන නොදැනුම්කම් කළ දා සෙනේ වඩා අන් හිමියන් වෙත දා කනේ තෝඩු නෙළුවේ ලඳ ලිය දා
843. වාසේ ඇත ලඳලිය සිතුවි ල්ලා ඕසේ ඇතුවම ඇදගෙන බෙ ල්ලා පාසේ රස ගියදෝ මැසිවි ල්ලා නාසේ ගත්තුව කපමින් අ ල්ලා
844. ර නේ බුබුලු දෙක මෙන් ලැමැදේ යා දි නේරුසිරු වත සුසුම් සෙඳ් යා සැනේ රුසිරු ලඳ ලිෙග සොෙඳ් යා ත නේ ගත්තු කපමින් ලැමැදේ යා
845. වියරු වැටී ලඳලිය හිමිය න්නේ කවුරු කිවත් සොඳ බස් නාස න්නේ නපුරු ලෙසින් ඇගෙ ගේ ගිනිල න්නේ නිසරු කමට එගමින් එලව න්නේ
846. ක බා නුමුත් තම හිමිහට පෑ සී සු බා ලෙසට දවසැරියොත් සී සී බ ඹා කෙටූ හිස අකුරකි මෙලෙ සී නොබා ඉතින් එමි එනතෙක් සී සී
847. උ රුදි බසක් ඇසුවොත් හිමිය න්නේ වැරදි කිමද ෙමි සැටි කරව න්නේ අ රදි කියා වරලස අල්ල න්නේ වැරදි තමා සිරසට බැට දෙ න්නේ
848. පිටත් වෙලා එගමින් ලඳ එවි ටා සිටත් බලා පසු විලිවැද සිත ටා තවත් බලා සිට හිමියෙක් දෙස ටා පිටත් වෙලා ගියෙ එගමෙහිනොසි ටා
849. තමාගෙ හිමිසඳ මේ ගිය ගම නේ පමා නැතුව ආවෝතින් මෙදි නේ සමාගමව උන්නොත් එක යහ නේ නමා බෙල්ල නොකරති අවමා නේ
850. කීවත් මෙ දේතම හිමි වෙත සම යේ උනොත් මෙමට දැන් නොයෙදෙයි වැ යේ කිවත් කොතෙක් හිමියන බස තර යේ ඉවත් කරම නොදමති අපි වෙර යේ
851. සැවොම ලියෝ මෙපවත් අසමි න්නේ නියම තමා හිමිහට පවති න්නේ සැවොම නැතත් අන්හිමි නොතක න්නේ නියම ලෙසට වද කරව තදි න්නේ
852. මොකා නමුත් තම හමි හට කෝ පා සකා නමුත් අන් හිමියන් ඒ පා විකාර නොව දවසැර තුනුරූ පා දෙකාරනින් දිනුවත් ලඳ රූ පා
853. අසා තමන් හිමිහට පවසමි නේ නිසා බොජුන් සපයා දන් දෙමි නේ මුසාවාද බස් හැර සිල් රකි නේ අසා පැවති අය මතු සැප විදි නේ
854. අනදර හිමිහට කල අඟනන්ට ත් අනදර බෝවෙයි මතු පවතින්ට ත් වෙන මතු සැප නැත උන්ට දිනන්ට ත් යන පරලොව කුසලක් කරගන්ට ත්
855. පෙරත් ජාති නොලදිමි හිමි කැම ති මලුත් පහන් නොපිදුවයි කිය ති ලදත් මෙමට දුක්වේදෝරුවැ ති මතුත් ලබමි හිමියන් සොඳ රුවැ ති
856. තමාගෙ හිමි මල් රුවසේ ලබ මී මලුත් බුලත් කිසි දෙය නොව සිඳි මී දිමුත් මගේ බස ලොව සැම පත මී මතුත් මෙමා පැවසූ දේ ලබ මී
857. හිමි දහසක්මැද සැප විඳ ඉඳ ලා
යමි කොයි රටකටවත් මග බැස ලා හිමියන් කළ දේ ඉන් මට මෙක ලා කම් විස කදුරුත් කියයි සුසුම් ලා
858. කි යා මෙලෙස ලඳ සිතිවිලි බියෙ නී කි යා කාලි ලඳ මෙපවත් දුකි නී ගි යා එදිවි හිමයේවැද ගොසි නී නොයා පතක් වූ සැටි බල ඉති නී
859. එලොව මෙලොව නොදැනම සිතු ගුණය ත් සොලව නොවෙයි අස මකියන පදය ත් මෙලොව මිසක් නැත උන්ට දිනන්ට ත් නියම තිබෙයි උන්හට එක් නිරය ත්
860. දවස දෙවේලේ හිමිහට පැව තී නොලෙස එමල් පහනුත් ගෙන පුද තී නොලෙස මෙතේ මුනිඳුන් ගොස් දකි තී මෙබස අසව් ලඳලිය සිත කැම තී
861. සොඳට මෙවර කියමින් මුනි සී ලේ වදට නොවෙයි රැකි අයහට සී ලේ නිවට නොවෙයි උන් ගිය රට ආ ලේ සොඳට විඳිති දෙව්ලොව සැප ආ ලේ
862. දවසක් සිල් රැකි අඟනෙක් ආ දී දිව සුරඟන මෙන් පිරිවර සෑ දී වෙනසක් නොව සිල් රැකැ සිල් පැහැ දී දිව සැප අපමණ විඳි සුර ලොව දී
863. අ සා එමහසෙන් පිරිව ර තොසා ව ගෙන සහ පිරිව ර ග සා දවුල් තම්මැට බෙ ර ල සා නොවී රැස්ව නුව ර
864. නිසා කලිඟු රට සා යේ දුන් ඇලි ඇතු මහතා යේ නන් බරණින් සරසා යේ ගෙන අවූ මෙපුරට ආ යේ
865. දවුල් මොරහු කොම්බු ගෙ නේ පනා පොකුරු බෙරත් ගෙ නේ කුඩ චාමර දෝලි ගෙ නේ ඇතුන් අසුන් මේ ලෙසි නේ
866. වීණා තම්මැට්ට ගෙ නේ පා පලසක දුරත් ගෙ නේ පා බලසෙන් රැස්වෙමි නේ මෙලෙසින් සදමින් එදි නේ
867. සඳමහ නරනිඳු සහතු ට පුසැති දේවි සමග සතු ට එනුවර සැම එම විලස ට බෙර ලවමින් රැස් වන්න ට
868. බෝසත් දකිනා විල සේ සැදෙමින් ගජ පිරිවර සේ කරමින් නද ගොස පිරි සේ එගමන්ගත්තුව මෙලෙ සේ
869. අසුරන් ජය ගෙන එදි නා සුරසෙන් පිරිවර රැගෙ නා ආසේ නළු නාටකි නා එති පෙන් කෙළ කෙළ එදි නා
870. සැදි නන් බරණින් සක සා පුසැතින් සහ යන දිගැ සා අහසින් බටු සුරඹ ලෙ සා සදමින් පියවර නොල සා
871. කොම්බු නලා නාදය නේ තිස් දහසක් සෙනග ගෙ නේ තිස් යොදුනක් ගෙවා ග නේ චේතිය නුවරට වැදු නේ
872. යසස් පතළ චේතිය ර ද එවන් එ ආසෙනගට සො ඳ උපස්ථාන කර මනන ද එක් දවසක් එපුරෙහි ඉ ද
873. එනදා චේතිය එනුව ර සැට දහසක් ඇති නරව ර නොරදා එකකු ත් ඒ පු ර සමුදා කර සහපිරිව ර
874. කරවාගෙන ගොස පසතු රු පුරවාසින් යස ජයතු රු සදවා කුඩ කොඩි විසිතු රු සමුදාතර සහ පිරිවැ රු
875. චේතිය රජ බිසේසම ග සැට දහසක් සෙනග සම ග වංගගිරිය වැඩ උන් ර ග දකින්ට යති සැවොම සම ග
876. ඇත් අස් රිය සෙන් පාබ ල සත් සන්නත් තුරු ගොස ක ළ සත් සමුදුර මෙර සක්ව ල ගමන් ගත්තු මෙනි මිහිත ල
877. කැළුම් ද රිවි නොව දෙර නේ නෙළුම් විලක පත් සෙව නේ නළුනාටක කරන මෙ නේ සුළු වනයට ගොස් වැදු නේ
878. සිටි වැද්දා එවන මැ දේ වැඳ වැටුනේ රජු පා දේ ජූතකයා එවන මැ දේ යන්ට කිම් ද හැරිය ස දේ
879. ගුරු වෙමි වෙසතුරුට මෙ මා කීවේ බොරු තෙපුල් සැ මා අසමින් රජු සවනට මා යන්ට පිටත් වෙති එහි මා
880. වැඳ සිටි වැදි නිරිඳු දෙ සේ වදිමින් මුව වසා තො සේ අවසර අරගෙන සතො සේ වැදි ගිය තම ගෙදර ය සේ
881. පනස් යොදුන් ඇති එක ලා මහත් පිරිස සතුටු වෙ ලා ලැබගත් දා එවන් තු ලා එගොස් වන්නු එවන් ක ලා
882. යොදුන් උසැති හිමගිරි තු රු සඳුන් පනා නා සල් තු රු නැදුන් එ තල් පොල් දෙල් තු රු නැදුන් උයන් දැක විසි තු රු
883. එවන එසැදි පුල් විල්ව ල බලනු මිහිරි හඬ දෙන ක ල මුදුනත ඉඳ ගල් හෙල්ව ල රඟන මොනරු නිල් පිල්ව ල
884. දුවනා විට ඒ වානර පනවා සැදි අර වානර කෙළනා එ වනේ වානර දකිනා සිත අර වානර
885. සවනා රන් ඕවිල්වල කිඳුරඟනන් ඕවිල්වල කරනා රඟ ඕවිල්වල දුටුවොය බොහො ඕවිල්වල
886. එවුයන් කෙළියට පුරඳ ර වැදුනා වෙනිමයි සිරිස ර ලඳුනුත් සමගින් සුපව ර මෙවන් එසිරි දැක පුවත ර
887. තුං ග ගිරිය එහි සැදුම ට රං ග මෙනිල් කුල් විලස ට ලංගව සතරැස් පොකුණ ට වං ග ගිරිය දැක සහතු ට
888. සඳමහ රජ බිසවුන්හට මෙසේ කිය ත් එකවිට දුටුවොතින් දරු සෝක සැදෙ ත් රත දහසක් තැන තැන පසුබා සිටුව ත් සඳමහ රජ පෙරටුව පන්සලට වඩි ත්
889. කේසර සිංහ මෙන් ගල් ගුහා යේ සඳ මහරජුන් පන්සල වැඩමවා යේ වෙසතුරු රජුන් වැඳ සිට අත නගා යේ බැස වැඳ පිය රජුට ආසන තබා යේ
890. මන්ත්රී බිසව සඳමහ රජුට බැස වඳි ත් මගෙ කුමරුන් කොයි රටදී දුටු ද අස ත් මගෙ රටදී දැක රන් දී ගතමි කිය ත් එබස් අසා රජ පාමුල හඬා වැටෙ ත්
891. දොඩා දුක මේ ලෙ ස හ ඬා කඳුලැලි ඉස ඉ ස හ ඬා ඔත් දන රැ ස වි ඩා වූ සත රකිමි මන් තො ස
892. පොකුරු වැසි ව ස්වා මෙරටත් වඩා තො ස්වා හැම සිත සතො ස්වා නැගිට ඒ මැතිසෙන් සතො ස්වා
893. සැට දහසක් පම න චේතිය එරජ සමගි න සඳමහ රජ විසි න කියත් වෙසතුරු රජුට මෙලෙසි න
894. මතු බුදු බව ප තා ඇත රැකපු සිල් නොසි තා වෙනත් සිත් නොසි තා යාම තම සිය පුරට සැප තා
895. දැන් තොප වැඩමකො ට යන ලෙස ආමි මෙවන ට දරුවෙනි සිය පුර ට ගොසින් දන් පින් කරව පමණ ට
896. දෙගුරුන්ගෙ මෙහෙව ර නොකළොත් වේය අනද ර සිතා වෙස්සන්ත ර නිරිඳු එබසට කුහුල් සිත් හැ ර
897. රිවිපට මෙන් සුඹු ළූ පන්සල දමා ඇඳි ස ළූ අබරණ ලා සිය ළූ බිසව සමගින් එබෝසත් ළූ
898. අයිරා වන ඇතු ට නැගුන විලසට සුරදෙ ට වෙසතුරු රජු සතු ට නැගුණ එසඳෙහි එ ඇලි ඇතු පි ට
899. සොදා වන් පුන් ස ඳ උ දා වූ විලසින් සො ඳ ස දා ඇලි ඇතු සො ඳ එ දා වෙසතුරු නිරිඳු උන් ස ඳ
900. ගැට බෙර පනා බෙර දවුල් තමිමැට්ටම් බෙර මිහිගුද එකැස් බෙර මොරහු සක්සින්නන් නලා බෙර