වෙස්සන්තර ජාතක කාව්‍ය-iv

301. දාර පිඹුරු නයි විසගොර සත්තු බාර මහත් කුළ සහ මග සත්තු දීර බලැති කෙසරිඳු එම හත්තු නෑර තැනින් තැන බැස වැඳ ගත්තු

302. නි වා ගිමන් සිසිලැලි වලා ක වා කුමරුවන් පල වැලා ගෙවා එකුළු මහ හිම වලා පවන් සිසිල් ලැම ගිම් හලා

303. නු ව න එ තෙදබල විකුමැ ති න ර න දෙදරු බිස සහ යු ති එ ව න රුසිරු බලමින් යෙ ති ග ම න රුසින්ගෙන් විමස ති

304. වංගගිරිය තුළ තපස ටා යන්ට එමග කිව් මෙලෙස ටා අංග රුසිවර එම වි ටා යන්ට එමග කිව් දකුණ ටා

305. නීල වලාකුල සේ පෙ නේ ගන් ද මහත් කුළු යටති නේ මල් සපුනා දොඹ සුවඳි නේ ලොල් පලවැල ඇති ඒ ව නේ

306. ඇත්දත් හා සුව‍ෙඳල් ඇති මාදිය කළ හා කොස් ඇති මහ උන දඩු හා උක් ඇති තැඹිලි පමණ මී අඹ ඇති

307. ඒ කුළු මුදුනෙන් ගිය තැනා චන්ද්ර වතී ගඟ එම තු නා එහි සැතපී ඉඳ සතොසි නා එගං බිත්තියෙන් ගිය තැ නා

308. වංගගිරිය ගල වටකො ටා පින්කළ ගල් අටකිය තු ටා මංගලවල් අටකි ව ටා ලගම බසින්නේ පොකුන ටා

309. එහි සතරැස් පොකුනේ මු ලා පෙර තපසුන් උන් පන්ස ලා මහ පරුවත ගලසේ මු ලා දිරා සැදී ගිය මඟ බ ලා

310. චේතිය රට සිට එන මෙන් අතර ට ආදි එකනු මුල් ඒ මග අස්කො ට ජාතිය කළ පින් පලදෙනු අත් පි ට වීදිය මළු‍වක් මෙන් සැදි මගතො ට

311. වනයේ යන ඒ වෙසතුරු දැක ලා අනේ තමා යස ගනිදෝ විපු ලා වනගත වැසෙනා දෙවියෝ සැක ලා විනේ සිතේ සත් දෙව්රද එක ලා

312. යන්න බැරුව වෙසතුරු නරනිඳු ස ඳ ඉන්ට තැනක් බලමින් ඒ වන මැ ද ඉන්ට කියා විමසා සක් දෙව්ර ද උන්ට ඉදිරිපිට ඇවිදින් සිට යැ ද

313. සක්විති රජ සැප අත්හැර තෙදබ ල දුක් විඳිනේ මේ වනමැද කිම ‍ප ල සක්විති සැපතින් කිම ඇති කම්ප ල දුක් විඳිනේ මම බුදුබවටයි බ ල

314. සොඳවා සක්දෙව් එබස් අසා ලා සොඳවා බුදුවෙන බව විමසා ලා සොඳවා කුමරුන්හට සමුදී ලා සොඳවා මගතොට මෙන් සරසා ලා

315. සතියක් යන මහ පරුවත අතර ට දෙතිසක් වරමක් සක්දෙවි වැඩසි ට දෙති එක් වරමක් එකදා යන්න ට එති සත්ගව් ගොස් එකදා තපස ට

316. මන් ගජ රුපු හට බිසව මේ උන්-රට සියදනගෙන් වෙන් ව මේ රන්රුව ලෙස බැස යන බි මේ වන්-නුය ඒ බෝසත් මහ හි මේ

317. ගිරා පක්ෂි සැදි හැම ක ලා රුදු-ගජ සිහ වග වලසුන් රැ ලා නද දෙන එම රුදු වනතු ලා යෙති-එබෝසතුන් සිතු තුටුවෙ ලා

318. පෙමින සොඬින් සොඬ වෙල වෙ ලා අත් පිඹිනෙ හඬින් හඬ තල ල ඇත් පැටි පැටවුන් රඟ බ ලා යෙත්-එබෝසත් සිත තුටුවෙ ලා

319. දැක සිහරජු එන එ අත රේ සැර-සී විලසින් ගිය ඊ කෙ රේ ඇවිසී ගජ එන එ අත රේ නර-සී විලසින් ගිය එම ව රේ

320. පෙරලා මෙන් ගත නිල්පල ස් ගොර-වා කමින් බිඳ බිඳ අහ ස් ඔරවා බලා සිටිනා වල ස් පුර-වා කට දත් රුදු යක් විල ස්

321. තොළු ගාවන ඇත මුව ගැ බා සිටි-නා එමුවන් අල්ලා ඔ බා බුදින වගුන් ඇත එහි සු බා යෙමි නා එසතුන් දැක දැක සු බා

322. රැල පන්නා උකු තල ත ලා තළු-ලෙළව නොමින් දත් පුලපු ලා පැටවු සමග වන කෙල කෙ ලා සිටි-ඌරො එවන යෙති බල බ ලා

323. තඹරුන් සේ පිල් විද වි දා සෙම-රුන් එතමන් වෙත සද ස දා මොනරුන් දී නෙරැඟුම් ඉ ඳා කුම-රුනට පෙන්නමින් යන ස ඳා

324. දිනිඳුට බියවී යන ලෙ සා බිඳ-අත්කැල නියඟින් ගස ග සා ගිජු ලිහිණින් යන එන ලෙ සා ඒ-දැක යෙමිනා නොව දොම්න සා

325. පැන පැන සැම කොල තුරුව ලා අතු-සොලවමිනා පිනි සල ස ලා තැන තැන විසු වානර කැ ලා දැක දැක ගියො සිත සන්තොස වෙ ලා

326. ඉඳ මන මත් ගිරිකුළු අ ගා තද කරම අතින් වීණා ග ගා සඳකිඳුරු ඉන්නා ර ඟා සොඳ-ලෙසින් බලාලා යති ම ගා

327. ඇඳ නිසිලෙස රිටි පටගෙ නේ එද-වනෙන සතුන් මස් බුදිමි නේ වල වැදි ජන දැක ඒ ව නේ පිලි-විසිති මුන් කවුරුද අ නේ

328. සක් දෙවි තම අසුනේ වැඩ ඉ න්නේ විස්කම් ‍ෙදවිපුත් ලඟ කැඳව න්නේ වෙස්සන්තර රජු තපසට ය න්නේ ගොස් එහි සොඳ පන්සල් කර එ න්නේ

329. අරගන සක් දෙවියන්ගේ විවර ණ විස්කම් දෙවි පුත් ගුවනින් බසිමි ණ මවමින් පන්සල් දෙකකුත් වෙන ‍ෙවන විගසින් නිසි නිසි දේ එහි තබමි න

330. අඳිනා දිවිසම් සරසා තබමි න නදිනා විල් කෙන්ඩිත් සහ වෙන වෙන යනෙනා සක්මන් මලුවත් මවමි න ඔබිනා මල්කරු මල්පැල් මවමි න

331. එසක් දෙවිඳු කීලෙස නොව අඩුකො ට අරග් ගැන්ම යොදුනක් පන්සල් වට තපස් රකින සැටි ලියමින් බිති පිට නොලස්ව ගිය විස්කම් සුරපුරය ට

332. දැක සිව්පා සත්තු ව නේ බැස යන මේ සතර දෙ නේ නොකමින් ලිය දලු ලව නේ දැක සිටි සැටි කුමක් මෙ නේ

333. වෙසතුරු තපසට යන ස ඳ හිම දෙවියන් සතුටුව සො ඳ යහන් මාලිගාවල් බැ ඳ පහන් අවුලුවා ගිය ස ඳ

334. තැනින් තැනම රැල සුනෙ රා මොවුන් බලා සිටින ව රා අමන් ගිමන් නිවන් හැ රා පවන් සලන වැනි සුනෙ රා

335. අඹ දඹ පලු මොර වීර ත් විලිකුම් රඹකැන් මීර ත් දකින ලෙසට ඒ බෝස ත් ගෙනා පඬුරු වැනි මිහික ත්

336. අමා රසැති එපල වැ ලා නමා තිබෙයි මගට බ ලා ලමා කුමරු ඒ දැක ලා නමා අතින් ගනිත් නෙ ලා

337. මෙලෙසින් යස තෙද අණස ක එරුසින් උන් පන්සල් දැ ක සතොසින් උන් වෙත ගොස් දැ ක ඇසුවෙන් මගතොට නොව සැ ක

338. මෙතනට දැන් නොපෙනි නී ලේ ගන්ද එමා නන්ද කැ ලේ එයින් එපිට එගිය ක ලේ රිදී ගුහාවක් බැබ ලේ

339. ඊලඟ රෑ පහන් වෙ ලා නික්ම යන්ට දකුණ බ ලා රුවන් ලෙනක් ඇත එක ලා සිත සැක හැර එහි සිට ලා

340. එතනින් ගිය කලට ව මේ විලසින් සොඳ රිවි කුල මේ මැණික් ලෙනක් ඇත එහි මේ එහි ලැගපන් නොව සැක මේ

341. ඉන් ගියකල නොබෝ තැන යි තිබේය සතරැස් පොකුණ යි පැන් සනසා හැර ගිමන යි බැලු කලට සිට දකුණ යි

342. වන්ඩ එබඳු බව පිනි නේ කන්ඩ එපලවැල මැව් නේ යන්ඩ එතන නික්ම තැ නේ කුන්ඩ සාලයක් මැවු නේ

343. කාල මේග වසින දි නේ නීල වලාකුලුසෙ පෙ නේ වංගගිරිය කුල ඇඳි නේ වඩිනා මග මේ ලකු නේ

344. වෙසතුරු මනක ලා අසමින් රුසිරු තෙපු ලා නොවමින් මන්මු ලා ගොසින් සතරැස් පොකුණ දැක ලා

345. පරසිදු වෙමින් බැ ස දකිමින් වංග ගිරි හි ස බුදුවීමට සතො ස මෙයින් පසුකර නසා දුක්රැ ස

346. පන්සල බලන්න ට ගියෝ බෝසත් එතන ට කැපකර තමන් හ ට තුබු බව දැක මෙයින් සහ තු ට

347. තබා ඉන සළුව ත් ඇඳුම් දිවිසම් ඇඳග ත් බඳිමින් ජටාව ත් සිටිත් බෝසත් එතාපස වෙ ත්

348. මන්ත්රිව රදු එදි නා කුමරුන් සමග දිය නා තමන් හට ඔබි නා එ පන්සල දැක සතුටු වෙමි නා

349. දිවි සම් ගෙන සොබ න අඳිමින් ජටා බඳිමි න සමගින් දරු දෙදෙ න මන්ත්රිද දෙව් ලද තවුස් වෙස් ගෙ න

350. ගොසින් දැක බෝස ත් නැමැද සිට දී මුදුණ ත් පලවැල ගෙන ඔබ ත් නිතර රකිමැයි කියා සමුග ත් 351. ගිහි සැපට ආ ලේ හැර නිබඳ රැක සී ලේ වේලේ නොවේ ලේ තොපිත් නොපෙනෙව් එහැම වේ ලේ

352. දිය සිටවන් සැපතට ලොබ නොකො ටා දිව සළු මෙන් නිසි සළු ඇඳ ඉන ටා අවලකු දිව සම් ඇඳි කල මෙවි ටා තව වෙන පින් කුමකට බුදුබව ටා

353. උපන් පියස රටතොට පිරිවර හැ ර දෙපන්සියක් රැක උන්නත් වටක ර ගමන් මෙඅප ‍ආවෙන්නුව පරපු ර දෙපන්සලේ ඉඳ දෙදෙන තපස් ක ර

354. වඩා විඳින සැප ගිහිගෙයි ඉඳගෙ න නඩා ලෙසින් සිත නොතිබෙයි එකතැ න පඬාරු නොව සිල් රැක පින් රැසව න වඩා මීට කොතනද සැපතක් ව න


355. බෝව සිතින් සිතමින් මේ ලෙස ටා භාවනාව කරමින් තුන් යම ටා දේවතාවො හට පින් දී එවි ටා පේව උන්නු පන්සල බුදු බව ටා

356. විසිතුරු ඒ පන්සල වැසෙමි න්නේ වනතුරු පලවැල නෙලා රැකෙ න්නේ සහඋරු සුතනුත් සිහි නොකර න්නේ වෙසතුරු සත් මස තපස් රකි න්නේ

357. නොලසින් එබිසව් දිවිසම් ඇඳ ලා කුමරුන් දෙන්නාටත් අන්දා ලා බඳිමින් ඉසකෙස් වැටියද අකු ලා ඇවිදින් සිටියෝ සිරිපද වැඳ ලා

358. මුළුලොව අඟනන්ටත් තිලකය ම තු සැලකර බුදුවෙන නිරිඳුන්ටයි ම තු වනඵල වැල ගෙන රකිමැයි මින්ම තු පලවැල ගෙ‍ෙනනට අවසර අරග තු

359. පෙම්කරු සිව්මැල්ලෙනි මගෙ බා ලේ කම් නැත ඒ සැප ඇරපිමි ආ ලේ දෙන් රුති වරමක් ගනු තොපි සී ලේ යම්විට මෙතනට නේනු දෙවේ ලේ

360. එසඳ මන්ත්රීි එබිසෝ සඳ නැගි සි ට නැමද එපන්සල වට පිරිසිදු කො ට දියදර පලවැල සහ මල් පුදකො ට නිබඳ ගෙනත් දී යති බෝසත් හ ට

361. කුමරුන් සිටුවා පිය රජු වෙතෙ හී නෙලමින් පලවැල ගෙනදී‍ වනෙ හී රකිමින් සිල් තොර නො වදින රැයෙ හී මෙලෙසින් එතපස් රකිනා ස‍ෙඳ හී

362. නිසන්සලව සැප විඳ පින් රැස්කො ට ගොසින් එ බෝසත් වෙසතුරු උන්වි ට කුසුම් රොනට ආ බඹරෙකු විලස ට අසන් කුමරු දුන් සැටි ජූතකය ට

363. ඈතක දුරු රට පසල් දනව්ව ක වේදය මුල් කර බමුණු එකුලය ක බෝවක ගැසෙමින් ඇඟකොරසැඬියෙ ක ජූතක බමුණගෙ රුව මේ විලස ක

364. රන්දහසක් කෙනෙකුන් ළඟ තබමි න නැති නොවනා ලෙස ඔහු ගිවිසා‍ෙග න ගොස් මෙම ජූතක බොහෝ දිනක් ව න කල ඕහට දහසම වියදම් වූ න

365. ඇවිදින් බමුණා බොහෝ කලක් හැ ර ඉල්විය මසුරන් දහසම තැබු පෙ ර දිවියෙක දුටුලෙස ඔහු දැක බියක ර වියදම් වූ සැටි සිටි සඳ සැලක ර

366. නැත බොල අන් බඩුවට කිසි ආ සා නැතිකරපිද මගෙ මසුරන් දහ සා නොතිබමි ඒ ලෙස නම් නොන සා ගති තද රොස් කිපෙමින් ගිනි විල සා

367. කලක් මෙතොප නාවෙන් අප වෙත ටා නිසත් ‍ෙමදිවි තිර නැති ලොව හැම ටා මමත් ගතිමි බඩ සාගිනි දුක ටා නුඹත් පිහිට වන් අද ‍මගෙ දුක ටා

368. පල්ලර සොර මාගේ මිල දැන් ත ට කොල්ලද තම නොදෙමින් ඉන්නේ ම ට පොල්ලක් ගත්තේ නම් දෙමි තද බැ ට ඉල්ලා වර කාගෙන්වත් ණයක ට

369. ජූතකයා දැක සිත ගත් බසි නී දෙන්නට අත මුදලක් නැති සෙයි නී ජාතක වූ දුව කාලිය බැමි නී දුන්නවු කැපකොට ඔහුට එ සොබ නී

370. ය‍නලෙස නික්මුනි ඉස්සර කර ලා මන පිනවන සිත් සමාදි කර ලා පන යන කල් අපෙ දුක් සැප දැක ලා වෙන අන් අඩුයක් නොකරමි තෙප ලා

371. කතර ගෙවා ඇවිදින් තම පුරය ට නොහැර ඇවිත් ගව්ගණනක් පසුකො ට බමුණන් දහසක් සිටිනා පියස ට කැඳවා ගෙන බැමිණිය යයි එතන ට

372. තොස්ව එවිට මිණි රුවණක් සේ ල ඳ විස්වාසව නෑකම් තබවා සො ඳ ඉස්සර කරගෙන කාලිය නම් ල ඳ ගොස් උනි බමුණු ගෙවල් දහක් මැ ඳ

373. ඔපයක් මෙන් වඩවන සඳ මඩ ලේ සැපයක් මෙන් ඉඳ ඒ ගම ලක ලේ විමනත් වෙන සොඳ යහනක් එක ලේ පානක් මෙන් සොඳ ‍වැජඹී බැබ ලේ

374. ගේදොර පිරිසුදු කර සොඳ ලෙස ටා දරදිය නිසිසේ ගෙණැවිත් සතු ටා කනුබොනු සප්පායම් සොඳ ලෙස ටා තම හිමි සිතු ලෙස පැවතී සොඳ ටා

375. ඒ දැක ඒ ගම බමුණෝ රොසි නේ කියති සරුප තම අඹුලට තදි නේ නිවට මහළු බමුණෙකු සිත ලෙසි‍ නේ කරන කියන දේ නුදුටුද මෙදි නේ

376. රූසිරු බැමිණී දියට එගිය තැ න ඒ දැක ගෑණුන් රවටති වෙන වෙ න ජූතක බමුණා තිගෙ පිය නොවටි න තෝවද ගෑණුන් හට කුල ‍කියව න

377. එගම බමුණුවරු කාලි ලඳු න්නේ මහිමි කියති තම ගෙදර ගොසි න්නේ කරුම කරපු ඔහු ළඟවද ඉ න්නේ අපිමයි නිස්පල කමට උප න්නේ

378. ඒ ලඳ එ පවත් අසා එබස් නි ති දෑසට වන් කටු සේම නුරුස්ස ති ඈ එගමින් එලවන අදහස් ඇ ති බෝකොට නින්දා කියා අවුස්ස ති

379. සතොසින් තම හිමියන් හට දුකි නේ කියමින් බොරුබස් ඈ රවටමි නේ මෙලෙසින් අඟනෝ එක්වෙති සොඳි නේ කියති නොයෙක් මිගබස් මේ ලෙසි නේ

380. තම හිමියන් හට විපත දුකි න්නේ පෙම ඇතිවම ලඳ ලිය අහප න්නේ කිම ඇවිදින් අප මැද තී ඉ න්නේ පෙම ඇති රසමුසු බස් තෙපල න්නේ

381. ලීල් නැතිව නිසරුව තෙපල න්නේ මහල්ල නුඹගේ හිමිද අස න්නේ වාල් තමාවක් ඇද්ද ඉති න්නේ වාල් විඳින දුක මෙනුඹ විඳි න්නේ

382. පැසී ඉසත් නිකටත් සොඬු ඇකි ලේ ගැසී කුදත් යන ගමනත් බක ලේ නිසි වෙද උගෙ වෙත ඉඳිනට ‍ෙමක ලේ ගැසීද බොල තිගෙ දෑසට පට ලේ

383. කු දේ ගැසී නැගිටින කල වෙවු ලා ත දේ කැසිත් කැස කැසපට අකු ලා සො‍ ‍ඳේ මදන සැප විඳිනට මෙක ලා ‍ල‍ ඳේ නිසරු නොකරන් අප සිය ලා

384. බඩවක පිටවක සන් වැරටි ල්ලා දෙපට කුදුගැසි වකට කුදු ල්ලා ඉසකේ පුපුරැටි දත්කැටි තො ල්ලා තිගෙ සැමි බමුණා කුණුකෙළ තො ල්ලා

385. පෙරකල් ජාතියෙ පැතුවා වැ න්නේ පරමල් පිදුවාදෝ පලදු න්නේ නරමුල් ඇඟ ඇට කිඹුලෙක් වැ න්නේ හැම කල් මළදාදෝ සැප ව න්නේ

386. ගැසී වකට කුදු ඉසකේ සුදු ර ළු පැසී නිකට දත් බොල්ලෑ කෙළ තො ළු වැසී තිබෙන ඇස් බියකර ලන සු ළු නැසී කුමට ඉඳ උගෙ ගෙයි එක්කො ළු

387. එකමග යනකල ඔබිනට ඇ ද්දෝ ආනනකල උගෙ කටගඳ නැ ද්දෝ තී සැටි බමුණන් මේ රට නැ ද්දෝ ගැටකෝනමෙකුට ඉඳ පල ඇ ද්දෝ

388. අප මේ ගෑනුන් හැමටම නි න්දා තොප එන්නේ මේ සිත් නපුරෙ න්දා සැප වින්දේ තෝ කොයි සැටියෙ න්දා සිපගන්නේ තොපි කොයි විලසි න්දා

389. ලස් සෝ ඇත පිනටම නොවල ස්සෝ නිස් සෝ ඇත පරසිදු නොව වැ ස්සෝ උස් සෝ ඇත ගොජුරට සිත තො ස්සෝ බස් සෝ ඇත ඕහට නැත සෙ ස්සෝ

390. එබසට ලජ්ජාවෙන් ලඳ බැමි ණී අබසැට ලාසක් පුපුරණ ලෙසි නී විලිවැද ඉවසා රොස්කොට එයි නී කළගෙඩි බිඳ ගොස් තමගෙට වැදු නී

391. වෙව්ලයි පුපුරයි දත් කයි රොස්කො ට සූරයි කන්මුල් දෙක ඇද තරකො ට තැව්ලයි ගිය ගිය තැන රවටති ම ට අවුලයි දෙන්නේ මෙතනින් යන්න ට

392. ක ළේ රැගෙන ගොස් ලඳලිය ලිඳ ටා ග ලේ ගසා බිඳ විලිවැද සිත ටා කැ ලේ වසන යක් අඟනෙකු ලෙස ටා එ ලේ ඇවිත් අඩ දබරෙට එවි ටා

393. මූන රවාගෙන ගොස් ගෙට වැදි ලා පූන නූල ඇද දමමින් බිඳ ලා යහනේ උන් බමුණා බිම පෙර ලා පාන ලෙසට අල්ලාගෙන රැවු ලා

394. කන් සට පාරක් දෙමැයි කිය න්නී මන් බොල තට දර දියද අදි න්නී කන් නට පැන්නා මෙන් වැලහි න්නී කන් කටුවට කරදර තෙපල න්නී

395 ලාගේ ගෑනුන් කුමකට පවස ති තීගේ සැටි ලියො වේගෙන් තෙපල ති මාගේ ලඳ සොඳ රූසිරු පෙම්ව ති ලාගේ මා කී බස් අසවයි නි ති

396. ලෑල්ල මෙන් රොදු නෑරම බඩව ක ගාල් දොරක් වෙනි පිරි කබ ඇස්දෙ ක මහල්ල මම දැන් ඉඳ‍ිනෙමි තා රැ ක වාල් මෙමට ගෙන කෙල්ලක කොල්ල ක

397. මෙහෙගත් වද තොපගෙන් ලද කා ලී බෝ කුසලක් කියමින් ලඳ නොමැ ලී බොහො දුරුරට අර වාවද ‍කා ලී ගේ අවසර කරවයි වද කා ලී

398. අ නේ බමුණු කරබාගෙන ඉඳ ලා දැ නේ ද බොල දැන් මා කී තෙපු ලා ව නේ බිඟුන් මල් ඇති තැන් සොය ලා රො නේ රැගෙණ ඉඳිනෙය රස විඳ ලා

399. උරුදිය ඇතුවම ඇති තතු පවස මි දරදිය ඇතිතෙක් ගෙට ගෙනැවිත් දෙ මි වැරදිය සරි දෙක නොකියමි නොරද මි උනුදිය සරිකර සැමදා නාව මි

400. මේවර මට තෝ කීබස් වැඩ නැ ති මේවර ආවර කරමැයි තෙපල ති මේජර කොල්ලෙකි මඳකුත් වැඩනැ ති මේවර පිරිමි‍න්ගෙන් ගත්තේ නැ ති