වෙස්සන්තර ජාතක කාව්‍ය-iii

201. කොන්ඩ මාල සත් සියයයි රුවන් මාල සත් සියයයි තාර තැලිත් සත් සියයයි පත්කඩවල් සත් සියයයි

202. උරමාලත් සත් සියයයි රන් තනපොට සත් සියයයි මැනික් කූරු සත් සියයයි රිදී සවරි සත් සියයයි

203. පේරැස් මුදු සත් සියයයි වට රන් මුදු සත් සියයයි මිණි බැඳි මුදු සත් සියයයි රන් පා මුදු සත් සියයයි

204. අරක් කර තුන් ලොවට බුදුවෙන මෙ අප බෝසත් ලොවුතු රා පෙරත් සිට මා පතා ගෙන එන බිසව් බසසා සිත් පු රා දොරත් හැර රන් රිදී මිණි මුතු තිබෙන ගබඩාවල් හැ රා බෙරත් ලා යදි දනන් එක්කොට දෙවෙති සිත් කලියා හැ රා

205. දිමුත් මුත් හර සිරෝ ජාලත් නෙර්තමාලත් උදර බන්ද න පමුත් කාරත් දෙවුර මාලත් පදක්කම් නූපුරත් දෙරිස න ලමුත් කාමිනි මෙවුල් වීරත් කලල් පාමුදු පාඩගම් ය න නමුත් ලක් සිව් සැටක් බරණින් දෙවන් සත් සත් සියක් ගැන ගැ න


206. රන් රිදියෙන් කළ යහන් පුටු කොට්ට මෙට්ට ද ඇතිරි ලී රන් තැටිත් මණ්ඩා පඩික්කම් කෙන්ඩි කළ කොතලා ත ලී රන් එපන්හිත් පොත් ගෙඩිත් දන්ඩාසනත් රන් තැලි ති ලී සන් තොසින් දන් දීපු සත්සත් සීය බැගින් සත නොව මැ ලී

207. බසට සතුටුව සිනාසීමට සිතූ දේ සිදු විය දැනේ අපට මේ රට ඉසුරු කුමටද නොතිර වූ විදුලිය මෙනේ පිනට දුන්නා පිහිට වෙයි බොල සෙස්ස කුමටද විය තුනේ සෙටට සිට අපෙ වස්තු දන් දී යමුව තපසට හිම වනේ

208. එදා පසුකර මෙ‍ෙලස දන් දී උදය නික්මෙන ලෙසට තපසේ වදා රත් මේලෙසට මන්ත්රිි දේවිගේ සිත බලන විලසේ විදා නත් විය පිය රජුන්ගේ අපට මේ රට නොසිට යනසේ වදා ගත් නුඹෙ දෙදරුවන් රැක ඉදින් බිසවුනි මෙපුර සැපසේ

209. මහරු ගිරි කුළු ලෙසින් ගජ රැල සිටිති දිගු රඹ සේම දළ ඇති ගුගුරුවා සිට බිහිරි කරවා මේග මෙන් තද නාද කර වති රුදුරු කේසර ව්යාකඝ්රස ගවරුන් ඌරු තිත් මුව ගෝනනුන් ඇති වීදුරු මෙන් ඇන උරිරු බොන මහ මදුරුවන් හිමයේ නිමක් නැති



210. නෑර සත් ගවු හිමය වටලා කට අයා උන් කල ඉතා පාර කැයි සැක නොවී සිවුපා සත්තු වනයේ රොක් වෙතා දාර පිඹුරෝ මේ ලෙසින් ඇත පහුරු මෙන් සැදි මග ඉතා ගෝර මහ විස ‍නාගයොත් ඇත ඊට වැඩියෙන් හිම ගතා

211. බීත කරවන බූතයෝ ඇත දිවි වලස් සැඩි නොපම නේ සීත සුළඟුත් බෝය හැම කල් පලා පල කා හිම ව නේ ඉන් තපස් රැක එහි සිටීමට බැරිය තොපහට බිසවු නේ මේ තමා පුරයේ සැපත් විඳ ඉඳිව් දම් පින් කරග නේ

212. එබස් අසමින් මන්ත්රිග දෙව් ලද අඬා කඳුලෙන් තෙමෙමි නේ ලපත් සඳ යන කලට ඇරලා ඇද්ද සිටියා පෙරදි නේ සැපත් මේ මට කුමටදැයි ඔබ කැටුව යනවා මිස ‍ව නේ තපස් රකිනෙමි මමත් වෙන පන්සලක ඉඳ දරුව‍න් ගෙ නේ

213. රාග දෝසද මෝහ දුරුකර රකිව් පන්සිල් නිබඳ මා බෝග පින්සරු කෙතේ බිජු ඉස විඳුව මගපල සතර මා බෝග රුන් දෙය නොවේ මේ දිවි කාටවත් තිර නැති හැ මා බේද නොව දස දහම් රැකලා නිවන් පැමිණෙව් තොපි හැ මා



214. එබස් අසමින් පුසැති දේවිය අඬා රන් ලිය සේ වැ නී බඹතලය උනු වෙන තරම් කුස තුළන් නැගි සේ තද ගි නී නිබඳ එක පන සේම වී අපි නොදැක වෑවෙනු කෙලෙසි නී ඔබ තුමාවත් සිටිනු යෙහෙලිනි දෙදරුවන් සහ පෙනි පෙ නී

215. නිම්ම නැති මේ සසරයේ හැටි නෑසුදැයි දහමෙන් බුදුන් නේ සම්ම සම්බුදු දහම් මිස අන් නාටකත් කිම්දැයි කරන් නේ දැම්ම මගෙ හිමි සමග ගොස් මම රකිමි එතපස් වෙන වෙ නේ අම්ම මේ බස් කියා කුමට ද ඔබට අකුසල් පුරන් නේ

216. එළදෙනුන් මී දෙනුන් සොඳ දැසි දෑසුනුන් කන්යාද ලියන් රන් නගුල් වියදඩු ද කෙවිටි ද සීවැලුත් කැති වෑ නියන් අසුන් රථවාහන යහන් සොඳ දෝලි කූනම් උඩු වියන් දුනි තොසින් සත් සත් සියක් ගැණ සතුටු කරවා යදීයන්

217. මෙම බස් කියමින් පුසැති එබිසවු න් කළ වරදක් නැත වෙසතුරු කුමරු න් නුවරුන් බස් ගෙන ඇරියොත් මෙරටි න් මගේ දිවි නොතිබෙයි තද බස් කියමි න්

218. සඳමහ නිරිඳුගෙ අග එබිසෝ ල ඳ ලඳ මගෙ මන්ත්රීම බිසවුනි ගුණ සො ඳ අද මා කී බස් තොප ඇසුවොත් සො ඳ අද ම නුඹට දෙමි ඇති වස්තුව සි ඳ



219. ජාලිය කුමරුන් ක්රි ෂ්ණජිනාව න් බාලේ සෙනෙහස ඇතිකළ දරුව න් දෑලේ ලාගෙන රූසිරු කුමරු න් ආලේ ඇරලා තපසට යන්න න්

220 සියලු සතුන් හටම ලැ දී දන් පින් කෙරුමටම යෙ දී දොර හැර ගබඩා දන් දී යදියන් සිත් ලොබය සි දී

221. දෙලක්ෂ සතලිස් දහස ත් ගනකඩ මහ බොල් පොලොව ත් අත් බඹරක් ලෙසට නට ත් නටා ගුගුරමින් සිටග ත්

222. සත්තම මහ සයුර උදු ල රැලමත් ඔසවා සුවිස ල නැවත සිතින් වට කෙල කෙ ල කුල්මත් විය තොසින් නිම ල

223. මේ සක්වල සැම දෙවි යෝ එක්ව තැනින් තැන සිටි යෝ බුදු බව දකිනට සිටි යෝ සාදු කාර දෙමින් ගි යෝ

224. ව ස් තු තමන් සිත් පිරිය ට ග ත් තු නමුත් වෙන් වෙන් කො ට ප ත් තු නොකට යනෙන ලෙස ට ග ත් තු තමන් සිත් පිරිය ට

225. යදිනට දන්දී සතො සින් වස්තුව නිමි තුන් දව සින් සක් විති රජ ඇර සතො සින් යෙත් තපසට සිත් සතො සින්

226. කුජ දින නිති සුබ සිදු බව ද න්නේ වැජඹෙන එ නිසා පෝය ලබ න්නේ රජ සැපතට සිත ලොබ නොකර න්නේ රජ උදයේ තපසට නික්මෙ න්නේ

227. යෙහෙලිනි නුඹ හැම කැටුව නොය න්නේ මහදුරු කතරෙකි තපසට ය න්නේ මේ වස්තුව රැස්කොට දෙමි සි න්නේ දරුවන් දෙන්නා ලන්කර ඉ න්නේ

228. එමවිට නැන්දා කිව් ඒ තෙපුල ට එතනට පින්කම නැද්දෝ කිව් වි ට කුමකට නවතන්නේ යන තපස ට අද හිට ආලේ ඇරපිමු ගිහිගෙ ට

229. දාර පිඹුරු නයි විස ඇති වන යේ නොහැර වෙලාගෙන සිවුපා වන යේ බැහැර නො‍යාදෙති දුටුවන් සමු යේ නොහැර එකින් එක සතුරෝ වන යේ

230. ඇත්තුද ගුගුරන වලසුන් ‍ගෝ සා දෙත් කෙසරුන් හඬ යනමෙන් ආ සා මත් මද කඟවේනුන්නේ රෝ සා සිත් හැර යෙයි තපසට යන ආ සා

231. සියවිට එතෙපුල් කීවත් බිය කො ට නියතයි මම නොසිටිමි යෙමි තපස ට මෙමට නොයුතුමය නොගියොත් තපස ට සිය විට වඳිනෙමි අවසර දෙන් ම ට

232. වෙසතුරුගේ රුව රන්කඳ වැ න්නේ බිසවුන්ගේ රුව පුන්සඳ වැ න්නේ දරුවන්ගේ රුව රන්තරු වැ න්නේ යද්දී හිමයේ කෙලෙසද ඉ න්නේ

233. නැන්දා යෙහෙළින් කොතනත් ඇත්තේ නුඹසේ යෙහෙළින් නුදුටිමි සත්තේ යෙහෙළින්ගේ රුව ඇඳලා පෙත්තේ දැක දැක ඉන්නට රිසිමයි නිත්තේ

234. කතර එතිස් යොදුනක් මග ය න්නේ විතර දුකෙන් නම් වද ඉවස න්නේ සතර දෙනම ඇර කෙලෙසද ඉන්නේ විතර එපෙත්තක රුව ඇඳ දෙන්නේ

235. පෙම්කර මන්ත්රීන එබිසව් පැහැ දී නන්ගරු පෙත්තක තම රුව ඇඳ දී පෙම්කර පවතින පොතක් ලියා දී සමගම රතයට නැන්ගෝ සුසැ දී

236. එදා එතන ලැග පසුදින උදෑස න මහදන්පන්න කැටිකරමින් ඇත සොඳින වෙසතුරු රජුට දැන්වූවොත් සැදු එතන එදින එදන්සැල් කරවූ බොහෝ දෙන

237. ඇත් අස් රත සත්සියයක් දෙවා දන මීගොන් මීදෙනුන් සත්සියයක් දෙන කම්මිත්තන් කෙලි කොල්ලන් එම ලෙ සින මේ සැම දන්දී වෙසතුරු සිටි ස ඳින

238. සත්රුවනුත් මුතුමැණිකුත් පිරි ගබඩා ඇත යතුරුත් ඇර දොරවල් ඒ ගබඩා සුවඳ කුසුම් පිරි වනයකි සැදි ගබඩා දිලිඳු අවුත් ගෙනියො දන් ලොබය ටා

239. පටකඩ පට්ටෝලි ඇඳ දෙවඟන සෙ පිලී සොක්කම් වඩක්කම් ඉක්කම් යන එ පිලී සුදුපට රන්පටද මල්පට මෙ ඈ පිලී මෙහැම පිලී ඇඳැගෙන ගියොය දිලිදිලී

240. මේ දන් දුන්නා මිහිකත් දකිමින් පොළවද ගුගුරා මෙරගල් නටමි න් තුන්ලොව දෙවියෝ දිවැසින් දකිමින් වෙසතුරු රජුහට මල්වැසි වසිමි න්

241. එස‍ඳෙහි මැතියෙක් රතය සද න්නේ වෙසතුරු වඩිනා කලද කිය න්නේ පුසැති දේවි බිම පෙරලි අඬන්නේ පිය මහරජ සෝකව වැඩ උ න්නේ

242. දෙමව්පියන්ගෙන් අවසර අරගෙ ණ රතයට නැන්ගේ උතුර බලා ගෙ ණ පුර වැසියෝ වැඳ අවසර අරගෙ ණ අපකළ වරදක් සමාකරවය න

243. පුසැති දේවිය ගැල් දහසක් ගෙන මුතු මිණි වස්තුව එහි පුරවා ගෙ න සිඟන දිලිඳු කැඳවා සිත පිරියෙ න රතයේ ඉඳගෙන එදන් දිදී ය න

244. යස මතු පැතුවා යස නොලසි න්නේ යස වතුරක් මෙන් වස්තුව දු න්නේ යස මතු බුදුවෙන බව දැනග න්නේ වස වතු එගමන් සිට නවත න්නේ

245. වෙස්සන්තර රජ්ජුරු වෝ රතේ නැගීලා යන වෝ බමුණු වෙසින් වසවතු වෝ ඇවිදින් ඉස්සර කැපු වෝ

246. තොස්කර එලවා ගත්තුව බමු ණා පස්සත් නොබලා දිව දිව ගොසි නා වෙස්සන්තර රජු යනු දැක ඇඳි නා ඉස්සර සිටගෙන කී මේ ලෙසි නා

247. වෙසතුරු නිරිඳුනි මෙබස් අසන් නේ සතියෙන් දඹදිව අගරජ වන නේ නිතියෙන් මේ සැප නොවිද මෙතැන් නේ රතයෙන් කුමටද තපසට යන් නේ

248. පවට බියව තපසට යන අපහ ට නොසිට යවයි කිව් ඉඩහැර ඉවත ට නිවට වීය නැණ මඳ ඔහු එබස ට එවිට නික්ම ගියො නරනිඳු තපස ට

249. කොයිබ සිටද බමුණෙක් ඇවිදි ‍න්නේ කොයිදැයි වෙසතුරු නිරිඳු අස න්නේ නොයිඳ එරජ එලවා මෙරටි න්නේ ඇයි සොර කුමටද දැන් විමස න්නේ

250. තාරා සිතින් පන්නා හැරි සඳි නා පස්සත් නොබලා දිවගොස් බමු ණා වෙස්සන්තර රජු යනු දැක ඇ ඳි නා ඉස්තුති කර සිට කිව් මේ ලෙසි නා

251. පින්වත් තොපගෙන් දනක් නොල ද්දේ මන් විවරති ඇවිදින් හිම මැ ද්දේ සන්තක දේ දී තපසට බැ ද්දේ යන්නට යන අපි කිම දෙනු එ ද්දේ

252. පෙම ඇත්නම් සිත පිනට රජු න්නේ කිම මට දු‍න්නොත් මෙ අසුන් දෙන්නේ එම විට මතු බුදු බව පතමි න්නේ සම සිතිනුත් දෙ අසුන් දන් දුන්නේ

253. අසා එබස් කීවා සිතු ලෙස ටා තොසා සිතින් අසු දන් දී පින ටා නිසා බුදුව සත ගොඩලන ලෙස ටා ලසා නොවී පැතුවේ බුදු බව ටා

254. එබෝසතුන් සිතු සක්දෙවි දැක සි ට තිබෝසුරන් දෙදෙනෙකු දිවසුන් කො ට එබෝසතුන් වඩිනා රිය අදි න ට නොබෝල් කලින් එව්වේ දෙව්ලොව සි ට

255. දෙවනුව යදියෙක් ඇවිදින් එතන ට රජුනි මෙ නුඹ දන් දෙන‍තෙක් මෙරටට සොඳිනි දනක් නොලදිමි ඇති තෙක් සි ට රජුනි දනක් දුන්නොත් යහපති ම ට

256. තු න් සියයක් ගබඩාවල් දොර හැ ර තු න් දවසක් දන් දෙනකල් මනහ ර ම න් සහ තුටුකර යදියන් සිත් යු ර දැ න් නුඹ දන් ඉල්ලුව කිම දෙනු ති ර

257. සි ට ය එවිට බමුණා තෙපලන් නේ ම ට ය සිතු දන් දෙවයි කියන් නේ අ ත ය සුනත් කල කිම ‍දන්දෙන් නේ ර ත ය තමා මට දීලා යන් නේ

258. ම ද ක් පමානොව එ නිරිඳු විපු ලා ස ඳ ක් ගිලෙන ලෙස ගුවනේ උදු ලා උ ද ක් මෙමා බුදු වෙම්මැ සිත ලා ම ද ක් දෙදරු සහ රතයෙන් බැසැ ලා

259. ල දු ව නොතිර කය සසරින් ගැලවෙ මි පි දු ව මෙපින් පල සමුදුර බැසයෙ මි වැ ඩු ව උතුරු සත් පියවර වැඩල මි බු දු ව සියලු සත සසරින් ගොඩල මි

260. මෙ ලෙ ස පතා දන් දී වෙස්සන්ත ර නො ල ස දෙ‍දරුවන් වඩමින් සිරිබ ර එ‍ ‍ෙල ස නැගී රන් මිරිවැඩි මනහ ර ස තො ස සිතින් ඒ නරනිඳු යන ව ර

261. තව බමුණෙක් දන් ගන්නට ‍ ලොබි‍ නේ රජුනි මෙ නුඹ දන් දෙ‍නතෙක් මෙදි‍ නේ සොඳින දනක් නොලදිමි ඔබ අති නේ රජුනි දනක් දෙන් ඔබ සම සිති නේ

262. මන් වඩවා ඔහු එබසට නිරි ඳූ දන් දෙන ලෙස රන් මිරිවැඩි පුරු ඳූ මන් සහතුට කොට තම සිත පසි ඳූ රන් මිරිවැඩි දෙක දන් දී නිරි ඳූ

263. ගේ ඇර ගමනක් නුපුරුදු දුර ළූ පියකරු බිස‍වගෙ රූසිරු බැබ ළූ පිය පොඩිවල පියුමෙහි ගත ඉසු ළූ දිය බිබිලිත් මඩමින් ගල් බොර ළූ

264. ඉඟ රිදෙමින් කුමරුන් වැඩුමෙන් දා සුග සුග තැන් යති දෙපයින් කැන් දා ඇඟ ගිම් ඇර සෙවනැලිවල ඉන් දා මෙලෙසින් මඟබැසැ ගියො නරනින් දා

265. බලා එඵලවැල රසමුසු දේ දු ට නෙලා දෙමින් කුමරුන්ගේ දෑත ට වලා නුමුසු පුන්සඳ සේ තරු ව ට නොලා දුකක් සිත ගියෝය තපස ට

266. දෙපසේ පලවැල තුරු සැදි වන මැ ද මෙපසේ බුදුවෙන වෙසතුරු මුනි ස ඳ සිතසේ පලවැල තුරු ද පැසී ‍ෙසා ඳ සැපසේ සතොසින් යති රස විඳ වි ඳ

267. සුරිඳුන්ගේ තෙද බලයෙන් යනව ර නොරඳා මග තිස් යොදුනත් පසුක ර සැටදහසක් නිරිඳුන් ඇති පුවත ර එමදා ගොස් වන්නුය චේතිය පු ර

268. වෙසතුරු නරනිඳු යනවා දැක ලා අමිතුරු ගමනක් දෝ සැක සිති ලා පසතුරු ගොසකර ඉස්සර රැක ලා වෙසතුරු නරනිඳු කිම් දැයි තෙප ලා

269. සසරට බිය ගෙන රජසිරි හැර ලා තපසට හිමයේ යම්මැයි කිය ලා එබසට වැසියෝ බයවැද නුමු ලා රජුහට ගොස් දැන්නුවො වැඳ සිට ලා

270. කුමක් නිස‍ාදෝ නොදැනෙයි අපහ ට රටත් තොටත් පිරිවර ඇත තපස ට හිමිත් කුමරු සමගින් ඊයේ සි ට ඇවිත් සිටිති මන්ත්රිඊදේවී තු ට

271. එබස් අසා සිත දුක්වැදි නොමඳි න ඒ චේතිය රජ බිසවුන් සමගි න ආචාරත් කර වෙසතුරු එනර න ආ කාරිය විමසු සිට වෙන වෙ න

272. ගන්ට පිරිය යදියන් සිටිනා වි ට තුංගගිරිය වන් ඇලි ඇතු දුන්න ට ඉන් අපිරිය ඌවෙන් නුවරුන් ම ‍ට වංගගිරිය හිමයේ යමි තපස ට

273. කලිගුරටේ සිට ආ බමුණන් හ ට ඇලි ඇතු දන් දුන්නාවූ වරද ට මැලිකොට නුවරෝ ගත්තුව නපුර ට යලි රට නොමසිට යඤඤමු තපස ‍ට

274. එ ර ට මිසක් අපගේ රට කිම දැයි මෙරට මෙ වස්තුව සෙනඟ කුඩා දැයි නුවර‍ට පිටිමග යන්නේ කිම දැයි මෙරට දවස් ඇර ඉන්ට කුමක් දැයි

275. එපසේ අගමැති ඉසුරෙන් සරුකො ට මහසේනා සම්පත් ඇති මේ ර ට එපසේ පිදු කෙනෙකුන් සේ අපර ට සැපසේ රජකර කිව් වැජඹෙන්න ට

276. අහසට දැමූ කැටසේ නොරඳන් නේ දෝතට ගත් දිය සැපත නොවන් නේ වැඩකට කී උපදෙසක් නොවන්‍ නේ නොසිටිමි මේ රට තපසට යන් නේ

277. සරා එ පස් රුවනින් විමනේ යා පුරා ඉසුරු විඳිමින් නිසිනේ යා විරා ජිතව උනි නම් මෙතනේ යා ජරා මරණ දෙක නො‍වලකිනේ යා

278. ඉ ඳි‍ නා තෙක් මේ ජරමර දෙදෙ නා වි ඳි නා කම්සැප කුමක්ද නොදැ නා ර කි නා සිල් මිස හිමයේ ගොසි නා සි ටි නා බව නැත අප දැන් මෙත නා

279. දුලද දැන් තොප නුගුණ කෙනෙද් දා ගෑනුන් තපසට ගියතැන් ඇද් දා මෙහි ඉඳ කළ පින් පලනැති වෙද් දා කී සඳ මව් එබිසෝ මෙ පුවද් දා

280. චේතිය මගෙ මව් සඳිනි අසන් නේ සීමට කීවායයි නොසිතන් නේ මේ හිමි සමගිව සිල් රකිමින් නේ ඒ පින් දෙමි නුඹලත් ලැබගන් නේ

281. සුළු වනයද තිස් ග ව් වේ මහ වනයද සැට ග ව් වේ වන්ගගිරිය තිස් ග ව් වේ මන් එකසිය විසි ග ව් වේ

282. ඇ ත් වග කෙසරිඳු එහි ඇ ති ප ත් හඬ හෙන මෙන් ගුගුර ති ප ත් මහ නයි පිඹුරෝ ඇ ති මෙ ත් ගැලවී යාම නො දෙ ති

283. රු දු රු ග ව රු එමහ ව නේ අ තු රු සි දු රු මග නොපෙ‍ නේ ක දු රු ප ඳු රු ගිරි කුලි නේ ම දු රු උ රි රු බොති එව නේ

284. රු දු රු ග ව රු එමග ඇ ති වි දු රු සෙ දත් විහිදව ති සො ඳු රු ගොදුරු පිණිස ය ති ක වු රු දුටත් දිවි වනස ති

285. මෙකී සතුරු සතුන් වස න රැකීම සිල් බැරිය එත න දුකී විසුම මහ හිම ව න රැකීම සිල් කෙසද එත න

286. ඉපිද වැඩෙනු ජයතුරු පු ර පැහැද එසිරි සැප අත් හැ ර නොසිට ඇවිත් මෙදුරු කත ර අදම සිටිනු දෝ මේ පු ර

287. සු ද් ද එගංගාවේ ජ ල ඇ ද් ද නැවතුවා මේ ක ල සු ද් ද වංස පිරිසිදු කු ල සු ද් ද තපස් එතනයි මු ල

288. සිත්මෙනි දෙදෙනම යනවා තපස ට විස්තර චේතිය නරනිඳු එම වි ට විස්තර කරවන තෙක් යන මගතො ට සත් දවසක් වර ගත්තුව සිටින ට

289. ප ව ර නොයෙක් සිටි සේනා ස ත්තු එ න ර නිඳුගෙ බස් අසමින් යු ත්තු නොහැරම කැති උදලුත් අර ග ත්තු නුවර සිටම මග හෙලිකර ග ත්තු

290. වංග ගිරියෙ මහ හිම වන නුදු රු මන් අසරක් නැත කඳු හෙල් දැදු රු මන් තොට නිමකර කීවේ නුව රු දැන් නුව බෝසත් නිරිඳුට සොඳු රු

291. උන් සාලාවෙන් එලිබැස එදි නේ පින් දී සිට සෙනගට සම සිති නේ සන් සාරය සිටිනාතෙක් මෙත නේ දන් පින් දෙක තොර නොකරව් සිති නේ

292. දෙමි න් මෙවන් අවවාදය සෙනග ට තොසින් නික්ම බෝසතු යෙති තපසට ගොසින් ගමන් පසුකර සුළු වනය ට වර න් ගත්තු චේතිය රජ සිටින ට

293. අත්දුටු දුනු හී මේ වැදි කම ටා වැද්දකු ගෙණ චේතිය රජු එවි ටා එක්කෙනෙකුන් යා නොදෙමින් වල ටා වැදි සිටුවා ගිය මන් රැකවල ටා

294. පොල් අඹ පතඹද මී අඹ උක්ර ඹ කරඹ ඉතා රස පලතුරු මහද ඹ සුලඹ නොයෙක් පලවැල සැදි වන ගැබ දැකැ’ස කාටමුත් නොනිමෙයි සිතු ලොබ

295. නාරං ජමනාරං පැණි දොඩ මී නොහැරම පලගත් පැණිනස්නාර මී මියුරු රසැති මොර පලු පැසි බක් මී වීර පලුද හිඹුටු ද පලු කැන් මී

296. කැ ද ලි කෙසෙල් සුව‍ෙඳල් මියුරූ ර ස එ දෙ ලි එසල් සපු වැල වරකා ර ස එ බෙලි ජිවුල් පේරද පල සොඳ ර ස තැ ඹි ලි එතල් පොල් සැදුනේ වනප ස

297. දෙ ප සේ පලවැල තුරු සැදුනේ සො ඳ මෙපසේ බුදුවෙන වෙසතුරු මුණි ස ඳ සි ත සේ පලවැල වළඳා රස වි ඳ සැ ප සේ සිව් දෙන යති ඒ වන මැ ද

298. එවනේ වැසි වැදි ජනයෝ එදි නේ ගමනේ යනවා දැක තද දුකි ‍ෙන් බියෙ‍ෙන් වැඳ වැ‍ෙටමින් කිම නොදැනේ කොතනේ යනුදැයි විමසුවො නොමිනේ

299. වි සි තු රු ජයතුරු පුර උපනෙ ම්මා වි සි තු රු ඇලි ඇතු දන් දී පි ම්මා එ මි තු රු රජ සැප අත්හැරියෙ ම්මා වෙස තු රු මමයයි තපසට යෙ ම්මා

300. තුංග ගිරිය මහ ඇතු දන් දී පිමු අංග ඇතිව මිණි මුතු දන් දී පිමු වංග ගිරිය මහ හිමයට තොස් වමු වංග ගිරිය තුළ තපසට යන් නෙමු