වෙස්සන්තර ජාතක කාව්‍ය-ii

101. මෙලෙස දවස් හැර වෙසතුරු නිරි ‍ෙඳ් අලෙස නොවී බුදු වෙම්මැයි එස ‍ෙඳ් දහස සොළොස් යදි ගෙන්නා නිබ ‍ෙඳ්‍ දවස සලක්ෂය දන්දී එස ‍ෙඳ්

102. මෙලෙසට මිණි මුතු කැට කැබිලි ති මෙන් දන් දී වෙසතුරු අවුරුදු අටකි න් ඉස් ඇස් මස් ලේ අඹුදරු දෙම් ද න් සිතමින් ගුගුලේ පොළවද නටමි න්

103. ලාලිය රන්රුව මෙන් රුව කැළුම ව ජාලිය කුමරුන් ලද්දේ පළමු ව ලක්ෂණ රුව රන් ලියමෙන් බැබලු ව ක්රිණෂ්ණජිනාවුන් ලද්දේ දෙවනු ව

104. දන්දී මෙලෙසට රජ සිරි විඳිමි න් ජාලිය ක්රිරෂ්ණා දෙදෙනම ලබමි න් පෝදා පෑවු පුන් සඳ විලසි න් නික්මුනි වෙසත්රු දන් සැල් බලමි න්

105. මෙසේ පසිඳු සිවිරට ජයතුරු පු ර යසේ පතුරුවා දන් වියදම් ක ර තොසේ එ සිව් සැට දහසක් පිරිව ර මෙසේ පසිඳු විය විලසින් සුර පු ර

106. සිව් සැට බරණින් සැරසී සිටග න රන් එලිපිට සිට ඇලි ඇතු නැගෙමි න දළපුඩු සේසත් සිරසට ගනිමි න සිව්රඟ සෙන්ගෙන වෙසතුරු නික්මු න

107. කලිඟු රටෙයි යන ඒ පු ර මැති‍ෙඳා ඇති සහ පිරිව ර පව් පින් නොදනිති තොරතු ර පාළුව බොරුවෙන් ඒ පු ර

108. එපැන් පොකුණුවල ඇල දො ල වැවින් පිරී සිටි ඒ ජ ල ඔයෙන් ග‍ෙඟන් මහ ගොඩව ල සුදෙන් පිපී ගිය වැලිත ල

109. කෙත් වත් පල නැති සෙවෙ නී බත් බුලතින් අඩුවෙමි නී ඇත් අස් මහ පිරිවරි නී ඔත් ඔත්තැන මළසෙ උ නී

110. ඒ නරනිඳු සොඳ පෑ පී කළ පව් අත්පිට පා පී මැතිසෙන් සහ කැඳවා පී රට ඇර යමු කිව්ව අ පී

111. නුවණැති මැති‍ෙඳා සැමදෙ න පවසති නිරිඳුට වෙන වෙ න මෙනුවර වසතොත් සැම දි න කිව්වො මෙලෙස සිට සැමදෙ න

112. වෙස්සන්තර රජ කුලප ති තොස්නෙන් යදි හට දන්දෙ ති ඉස් ඇස් මස් ලේ දන් දෙ ති ඇලි ඇතු ඉල්ලුව දන්දෙ ති

113. මේ රට සාගත නැතිව න උපතක් වෙන නැත සරිව න ඇලි ඇතු ගෙන්නුවොත් සොබ න වැසි වසිතෙයි කිව් නියති න

114. එබස් අසා නරනිඳු ස ඳ සතොස්ව මහ මැතිසෙන් මැ ඳ දොළොස් යොදුන් වෙයි එපුර ද නොලස්ව ගොස් එව් කී ස ඳ

115. එබසට මැති‍සෙදා්විග සින බමුණන් ගෙන්නා නොල සින මග වියදම් දී යස සින තුටුකොට කීවයි මෙලෙ සින

116. වෙස්සන්තර නරනිඳු බිහිවෙන දා අස්නේ දෙවියෝ දුන් අලි ඇතු දා ගොස් ජයතුරුපුර තොපි හැම සමු දා සතොසින් ඇතුදන් ගෙන එව් නොර දා

117. එබසට සතුටුව බමුණෝ සැමදෙ න වැඳසිට හනිකට අවසර ලැබගෙ න දවසට මෙතෙකැයි අඩුවැඩි අරදග න මෙලෙසට නික්මුනි බමුණෝ අටදෙ න

118. සොළොස්යොදුන් මහ හිමවන අතු රේ ඇතුන් වගුන් වලසුන් රැඳි නිත රේ සොළොස් යොදුන් මග ගෙවමින් කත රේ නොලස්ව ගොස් වනි ජයතුරු නුවරේ

119. වැඩලා වෙස්සන්තර රජු නුවර ට දැකලා සම්පත් දෙනු යදියන් හ ට නොබලා දන්සැල් දෙස නොමසුරු කොට වැඳලා සිටියෝ රජ බුහුමන් කො ට

120. සිටිනා බමුණෝ අටදෙන වෙන වෙ න තුටිනා වෙස්සන්තර රජු බුදුවෙ න අටිනා උන් දැකලා සහතුටු වෙ න රටිනා කොයිසිට අවුදැයි ඇසු තැ න

121. පසිඳු කලිඟු රට නම් නුවරෙකි සොඳ මුනිඳු දහම් නොදනිති පුරවැසි සොඳ දිනිඳු දොළොස් අවුරුදු සාගත වැ ද නිරිඳු එරට හැර නික්මුනි හිම මැද

122. එබසට වෙස්සන්තර නරනිඳු ස ඳ නිවසට මගෙ ආ කම් කියවයි අද නිසිපට රත්රන් මිනිමුතු ඇත සො ඳ මෙතොපට දෙන දන් කියවයි කී ස ඳ

123. කලිඟු රටේ සිටවද අපි ආවේ ගෙවමින් ගව් ගණනක් මග ආවේ දුක් සින්දාමයි අපි මොබ ආවේ ඇලි ඇතු දන් ගන්ටයි අපි ආවේ

124. එලිවැද නියඟින් සාගත වන්නේ කලිවැද බත බුලතින් අඩු වන්නේ කලිවැද දොළොසවුරුද්දක් වන්නේ ඇලි ඇතු දන්දී මතු බුදු වන්නේ

125. ඇස් ඉස් මස් ලේ ඉල්ලා නා වේ වෙස්සන්තර රජ මෙපවත් කී වේ සොල්ප දනකි කිව් තොප ඉල්ලු වේ අල්ප දනට තොපි කුමටද ආ වේ

126. සදමින් ඇතු සිව්සැට බරණින් තු ට ගෙනෙමින් මුතුදැල් බැඳලා සහ තු ට බඳිමින් ඇතුගත වසමින් රන් ප ට සදමින් බැදි මුතු ළුෑ පය සතර ට

127. නන්වන් මුතුමිණි සදමින් කරතල ඉන් රන් බරණින් සැරසු දෙකන්තල රන් වන් මුතු මිණිලවමින් වටක ළ උන්වන් සොඬ රණබරණින් වටක ළ

128. පිට දමමින් බැඳි මුතුදැල් ලක්ෂය යට දමමින් බඩ මුතුදැල් ලක්ෂය සිට එතනම දන දෙකම දෙ ලක්ෂය වට දෑලේ දැල් දෙකම දෙ ලක්ෂය

129. උන් වන් ඇතුගත වටකළ ලක්ෂය රන් වන් කඹයද රෑනද ලක්ෂය මන් තොස් කළ ඒ දෙකම දෙ ලක්ෂය උන් වන් ගතයුතු අකුස දෙ ලක්ෂය

130. පස්සා ගාතේ දෙකම දෙ ලක්ෂය සොඬ සැරසු ආබරණ දෙ ලක්ෂය වල්ගේ සැරසු බරණ දෙ ලක්ෂය ඇතු බත් කන රන් කටාර ලක්ෂය

131. ඇතුට නැගෙණ රන් හිනද දෙලක්ෂය කුඹතල සැරසු මැණික් දෙලක්ෂය පිට මැද සැරසු මැණික් දෙලක්ෂය දෙකොන සැරසුමිණි දෙකම දෙලක්ෂය

132. කරට බැඳපු මිණි දෙකම දෙ ලක්ෂය සිරසට මුතුකුඩ දෙකම දෙ ලක්ෂය කර බැඳි පලෙස් රන්පට ලක්ෂය කර එක ගණනින් සූවිසි ලක්ෂය

133. මිළනොකළැකි මහ සිව්මිණි බරණත් සූවිසි ලක්ෂෙන් සැදු ආ බරණත් ඉඩ නොහැරම සැරසු ආ බරණත් නොගෙණම දුන්නෝ මේ ආ බරණත්

134. පිරිතොස් වඩවන සවන් පිරෙ න්නේ දිරිගස්වා ඇතු බිමට දම න්නේ තරු රැස් ගණනක් පිරිවර ය න්නේ ගව වස්සෙකු මෙන් ඇතු දන් න්නේ

135. තණබත් දෙන සෙබලෝ පන්සියයයි නාවා ඇතු බඳිනෝ පන්සියයයි ඇත් වෙදකම දන්නෝ පන්සියයයි ගිජිඳුට පිරිවර තුන් පන්සියයයි

136. දුන්නා සැම දෙවියන්ගේ වරමින් ගෙන්නා ඇලි ඇතු අස්නෙන් මුදමින් පෙන්නා සැරසු සිව්සැව බරණින් දුන්නා වෙසතුරු බුදුබව පතමින්

137. ඇතු පිටින් බැසලා ඒබෝසත් මුවා වු පුන් සඳ මෙ නේ දුරු රටින් මේ අල්ප දනකට අවුද දුක් විඳ මෙලෙසි නේ දිලි නෙතින් යුත් රුවන්දම් මෙන් එසොඬ අල්ලා සියති නේ සම සිතින් බුදු බව පතා දන් දීපු ඇළි ඇතු එම දි නේ

138. පලන් මිණි ආබරණ සුවිසි ලක්ෂයක් නොගෙනම වෙරා වෙදුන් ගොව්වන් බලන්නන් ඇතු පන්සියක් පිරිවර තුරා රුවන් හින සහ වියන් වටතිර සේම කුඩ කොඩියෙන් සරා නිවන් දක්නා ලෙසින් බුදු සිරි පතා දන් දුනි වෙස තුරා

139. සා වා සඳ ඇඳිමෙන් මුළු කප ටා පා වා ඇලි ඇතු නුවරින් පිට ටා බෝවා බමුණන් ගෙන්නා ළග ටා පා වා දී ඇතු බමුණන් අත ටා

140. පෙ ර කුඹු සැරසූ සිදුරක් නැති ඉඩ ක ර එක ගණනින් සූවිසි මෙන් ගොඩ මෙ ර උස පමණින් වන්නේ කළ වැඩ සු ර ලොව සැලවිය දුන්නා ඇතු දිඩ


141. එක්ක ම සිව් දෙවි මිහිකත් දකි මින් මහමෙර සත්මහ සමුදුර නට මින් දෙව්ලොව සුරලොව බඹලොව නට මින් පින්ගෙන නැටුවේ මල් වැසි වසි මින්

142. සැට දහසක් ගණකඩ මහපොළොව ත් සැට කෙළ තුන්සිය දෙවියෝ සිටග ත් පිට දන් මිහිකත මහමෙර පමණ ත් නට මින් ඉසිවරයෝසිට තෙපල ත්

143. බුදුවෙමි මම නිති අඬ ගැසුලා ගේ ඇසූ දනන් ඇඟ දිනමිනි යෝ ගේ සාදුකාර දුන් ලෙසට සමෝ ගේ බුදු බව තිරසර කර නිසි යෝ ගේ

144. තිලෝ තලේ අග රජමයි මෙලෙසි න් පොලෝ දෙවිඳු රැස්වී දැක දිවසි න් කළෝ එ පුරසර සක්රජ සතොසි න් පෙලෝ නටා ගුගුරයි සත්තෝසි න්

145. බමුණෝ ඇලි ඇතු දන් අරගෙන යෙ ති නුවරෝ පස්සේ අන කියමින්ය ති වෙස්සන්තර රජ තොප ගෙනියව් නි ති මැතිදෝ සඳමහ නිරිඳුට පවස ති

146. ඇලි ඇතු අරගන යනමන් අත රා සොළොස් යොදුන මඟ ගෙවමින් කත රා ඒ ඇතු නුවරට වඩිනා අත රා මේ කුළු දහසින් වැසි වැස ගුගු රා

147. ඇ ත් රජ දන් ගෙන එන බව අස තී කො ත් කග දුනුගත් මහසෙන් බලැ තී ම ත් ඇත් තුරඟුන් රත පා සද තී ‍මෙ ත් ඇත් දකිනට පෙරහැර දුව තී

148. දැ කලා ඇළි ඇතු කළිඟු එනිරි ඳු බබලා සිව් සැට බරණින් සුසැ ඳු තෙපලා බමුණන්ගෙන් බස් පුරු ඳු මෙකලා බුදු වෙද්දෝ ඒ නිරි ඳු

149. සොල්ප ගණන නැති යදියන් එන්නේ දවස සලක්ෂය වියදම් වන්නේ සොල්ප දනකි කිව් අපහට දුන්නේ කල්ප මෙකප ඇතුළත බුදු වන්නේ

150. ගො සි නේ ඇළි ඇතු නුවරට බසි නේ නි ති නේ වැසි බිජු එනුවර වසි නේ රු ති නේ වැසි දැකලා මනමති නේ තො සි නේ වැඳ පින්දෙති සැම සිති නේ

151. වැසි වැස ඕගන් පොකුණු පිරී ගති රුති වැස සත සිත සෝක නමා ගති නිති වැද කෙත් වතු පටුනු සැදී ගති එ ලි වැද බත බුලතින්ම සැදී ගති

152. මහ වැසි වසි න්නා ඇත් රජ ගුගුරුව න්නා ඇල දොළ පිරෙ න්නා ව‍ෙන් ලියදලු එලිය වෙ න්නා

153. ඕ ගං පිරී ගති ඇල දොල දිය පිරී ගති තපස් පොකුණෙන් යුති කලිඟු එපුරට වැසි පටන් ගති

154. එ නුවරට ඔබි නා එ ඇලි ඇතු දන් දුන් නා කලිඟුරට වැසෙ නා කිව්ව සඳ මහ රජුට ගොසි නා

155. සඳ මහ නිරිඳුනි තද තෙ ද වෙසතුරු රජ කරපු වර ද මෙනුවර මහ‍ෙසන් මන්බි ඳ ඇලි ඇතු දන් දීපුව අ ද

156. නිසි ගබඩා ගෙවල් ඇ තී එහි වස්තුව ගණන් නැ තී ඇති තෙක් දන් දෙන්ට ඇ තී ඇලි ඇතු දුන්නා දෙසැ තී

157. තුන් සියයක් ගබඩා ඇ ති නන් මිණිමුතු ගණන් නැ ති ඇති තෙක් දන් දෙන්ට ඇ ති දැන් මෙ අපත් බැඳ දන් දෙ ති

158. කලිගු රටද වවාග නේ ජයතුරු පුර නසාග නේ නඩු නැති අවිවාර උ නේ අපි නොසිටිමු හිමි සඳි නේ

159. මෙ‍ෙස් කියා සෙනග ගොසි න් වෙස්සන්තර රජුට රොසි න් නොලස්ව ගොස් මහ බලෙස න් නොයිද යව්ව කිව් විගසි න්

160. වෙස්සන්තර කුමරු එවි ට ගොස් සඳමහ නිරිඳු ලඟ ට වැඳලා ඒ තම පියහ ට අවසර ගෙණ තුන් දිනක ට

161. ආපසු ඇවිදින් රජ‍ෙග ට කිව්ව මන්ත්රිප බිසවුන් හ ට නුඹගේ වස්තුව ‍ෙවන් කො ට ගන්ට කිව්ව හරි හැටිය ට

162. අහසට දැමූ කැටක් ලෙස ට දෝතට ගත් දිය විලස ට බෝකොට තෙපලනු කුමක ට පසුබට නොව යමි තපස ට

163. දෙවියන් වරමින් ලත් ම ට ඇලි ඇතු දන් දුන් වරද ට වස්තුව දන් දී යදිහ ට රට ඇර යම්මැයි තපස ට

164. නුඹෙ‍ෙග වස්තු ගෙන මනර ඟ කුමරුන් දෙන්නාම සම ඟ ගොස් චේතිය පුර මනර ඟ සැප‍ෙස වෙසෙව් මව්පිය ල ඟ

165 හිමියන් නැති කල විය රුව යන ඒන දන හට පේ රුව සමුදුර වැදලු පා රුව නලංගුවෙන් යති සී රුව

166 තපස් රකිනවා සිල්ව ති හිමයේ ආදර‍ෙයක් නැ ති ගෑනුන් ඇසටත් නොපෙනෙ ති බිසවුන් කී බස් නොකැම ති

167 සක්සඳ ඇඳීමෙන් සා රුව සොඳ වෙන් නොව උනිමි ග රුව ඇත තෙදබස් ඇයි මිතු රුව සොඳ තපසට යෙමි සී රුව

168 බාලේපෙම්බර කොන්ඩා බැන්දත් තපසට නොගනිති වන්නා දෙක‍ෙන් පුස්කොල තෝඩු තිබූවත් තපසට නොගනිති වන්නා කන්නඩි කැඩපත් මූන බැලූවත් තපසට නොගනිති වන්නා දෙකණ දෙමික්කම් මේවර ළූවත් තපසට නොගනිති වන්නා

169. කරට පදක්කම් තැලි පැළඳූවත් තපසට නොගනිති වන්නා වංගි දෙවංගි තන‍ෙපාට බැන්දත් තපසට නොගනිති වන්නා දෑතේ සුලඟිලි රන්මුදු ලූවත් තපසට නොගනිති වන්නා නෙරිය තියාලා සේ‍ෙල පැලැන්දත් තපසට නොගනිති වන්නා





170. බාලේ පෙම්බර කොන්ඩා බැන්දට සැඩපලු ගෙතවා ගඤ්ඥයි දෙකනේ පුස්කොල තෝඩු තිබූවට බණපොත් ලියවා දෙඤ්ඤයි කන්නඩි කැඩපත් මූන බැලුවට විසිරිපතක් ලැබ ගඤ්ඤයි දෙකණ දෙමික්කම් මේවර ළූවට මුද්රාෙ කනලා ගඤ්ඤයි

171. කරට පදක්කම් තැලි පැලඳුවට නවගුණවැල් කර ලඤ්ඤයි වංගි ‍ෙදවංගි තනපොට බැන්දට ඇඟ දිවිසම් පොර වඤ්ඤයි නෙරිය තිය‍ාලා සේලය ඇන්දට වට අඳනා පළ දිඤ්ඤයි ලොව්තුරු බුදු බව සිතින් දරාගෙන තපසට යන්නට එඤ්ඤයි

172. පෙර තපසට හිමේ ගි යෝ ගෑනුන් අරගෙන නොගි යෝ දැන් මේ ලොව තාපසි යෝ සිනාසෙත් ලූ පුර වැසි යෝ

173. තපසට යන කලට යෙ මී වෙන තැන තපසද රකි මී වන පලවැල කා රැකෙ මී දෙන්න නොපෙනි හිම වස මී

174. මෙලෙස දෙදෙන ගිවිස තෙපු ල් සැදි ගබඩා වස්තු ගෙව ල් යදි කැඳවා දනමන ක ල් දොර අරවා දුනි එසිය ල්

175. මඟුල් ඇතුන් සත් සියයයි සැදුනු අසුන් සත් සියයයි ඇතින්නියන් සත් සියයයි අස් වෙළෙඹුන් සත් සියයයි


176. ඇත්තලයින් සත් සියයයි අස්සලයින් සත් සියයයි කිරි මීදෙන් සත් සියයයි හී මීගොන් සත් සියයයි

177. පටවන ගොන් සත් සියයයි එලදෙන්නුන් සත් සියයයි දැසිද දසුන් සත් සියයයි කම්මිත්තන් සත් සියයයි

178. ලද කෙළි කොලු සත් සියයයි හී වස්සන් සත් සියයයි කුරුන් කුදුන් සත් සියයයි අරක්කැමින් සත් සියයයි

179. සිංහාසන සත් සියයයි සුදු මුතුකුඩ සත් සියයයි දල කඩ ඇඳ සත් සියයයි සොඳ රන්පුටු සත් සියයයි

180. රන් කලහත් සත් සියයයි රන් පැදුරුත් සත් සියයයි රන් කම්බිලි සත් සියයයි පරමාදන සත් සියයයි

181. ඇඳ ඇතිරිලි සත් සියයයි කොට්ට මෙට්ට සත් සියයයි රන් ‍ෙකන්ඩිත් සත් සියයයි රන් චාමර සත් සියයයි

182. තිර ජවනී සත් සියයයි අනගි කොට්ට සත් සියයයි වට බැඳි තිර සත් සියයයි උඩු වියනුත් සත් සියයයි

183. රන් පන්හිත් සත් සියයයි සුදු චාමර සත් සියයයි සැට්ට තොප්පි සත් සියයයි රන් ඔලියල් සත් සියයයි

184. සළු ඔලියල් සත් සියයයි ඉස් ඔලියල් සත් සියයයි සොඳ ඔලියල් සත් සියයයි පට ඔලියල් සත් සියයයි

185. දේව අංග සත් සියයයි ගුජර අංග සත් සියයයි දේව ගිගිරි සත් සියයයි කෝජා සළු සත් සියයයි

186. සීන් සේල සත් සියයයි ඔසරි සේල සත් සියයයි පලස් වියන් සත් සියයයි කම්බිලියන් සත් සියයයි

187. කරික්කනුත් සත් සියයයි පොන්නෙලෙප්පු සත් සියයයි පිලිමක්කන් සත් සියයයි කවි ඔලියල් සත් සියයයි

188. පලවනියන් සත් සියයයි මුතු මිනිරන් සත් සියයයි නවරූයන් සත් සියයයි පච්චවඩම් සත් සියයයි

189. කෝල සීල සත් සියයයි රන් කූනන් සත් සියයයි නිසි ජයසක් සත් සියයයි වට්ටවැන්න සත් සියයයි

190. රන් ඔටුනුත් සත් සියයයි සොඳ රන්පටි සත් සියයයි රුවන් තෝඩු සත් සියයයි මැණික් මාල සත් සියයයි

191. සොඳ ලන්සඳ සත් සියයයි හස්ත පටිත් සත් සියයයි නලල් පටිත් සත් සියයයි ඒක වලළු සත් සියයයි

192. පත්රස වලළු සත් සියයයි රන් දෙරිසන් සත් සියයයි ගිගිරි වලළු සත් සියයයි රිදී කෙන්ඩි සත් සියයයි

193. රන් කළගෙඩි සත් සියයයි රිදී දරනු සත් සියයයි රන් මන්ඩා සත් සියයයි රිදී තැටිත් සත් සියයයි

194. රංග වලලු සත් සියයයි රිදී තාලි සත් සියයයි රන් පන්දම් සත් සියයයි රිදී කඳන් සත් සියයයි

195. කිල්ලෝටා සත් සියයයි ගිරා කැතිත් සත් සියයයි රන් කැඩපත් සත් සියයයි රන් නියකටු සත් සියයයි

196. නිසි රත්තරන් සත් සියයයි බඩු පිරි ගැල් සත් සියයයි රන් තල්වැට සත් සියයයි මිණි තල්වැට සත් සියයයි

197. පොරෝ කෙටිත් සත් සියයයි වෑ නියනුත් සත් සියයයි උදලු යවුල සත් සියයයි කැති කතුරුත් සත් සියයයි

198. රන් උල් කටු සත් සියයයි නිසි රන් දුනු සත් සියයයි රන් ඉදිකටු සත් සියයයි රන් දත්කටු සත් සියයයි

199. රන් වියදඩු සත් සියයයි රිදී කෙවිටි සත් සියයයි රන් සීවැල් සත් සියයයි රිදී නගුල් සත් සියයයි

200. සොඳ රන් ඉඳි සත් සියයයි රිදී ලනුත් සත් සියයයි රන් උතුකටු සත් සියයයි රිදී ඔටුනු සත් සියයයි