වෙස්සන්තර ජාතක කාව්‍ය-i

වෙස්සන්තර ජාතක කාව්යනය

1. ගෙවා සංසා රය
සව්නේ ගෙවා නෑ රය
මුනිඳු ආදා රය
කියම් මුල් කොටා නමස්කා රය

2. පින් ලියගෙ මුදු නේ
සිටියෙමි අහස සෙව නේ
සැම දෙවි වරමි නේ
ගනිමි අටවිසි මුනිඳු සර ණේ

3 සතවෙත කුළුණු මෙ ත්
පතල කළ මුනි අගප ත්
වදහළ දහම් යු ත්
වඳිමි අදරින් සමග මුනිපු ත්

4. පුරවා සව් ඉසු රු
අරවා ලොවැති උවදු රු
සෙත් දී සියළු මු රු
රකිත්වා සව් සතුන් නිරතු රු

5. පිටසක්වල උප ත
වී නම් කරන පින් නැ ත
දාතු දළදා නැ ත
කුසල් අකුසල් දෙකම නෙදනි ත

6 සියලු මුනි වර මේ
උපන් දඹදිව් තල මේ
දම්පින් බොහෝ මේ
එයින් නරෙලොව උපත උතු මේ

7. බුත්සරණ පළමු ව
දහම් සණය දෙවනු ව
සඟ සරණ තෙවනු ව
මේ තුන් සරණය ගනිමි නොතොර ව

8. මුනිඳුන්ගෙ සරණි න
සැම දෙවියන්ගෙ වරමි න
ගුරුවර උපදෙසි න
වනමි මෙදහම් එහැම බලයෙ න

9. බුදුවු තිලෝ ගු රු
සදහම් මෙමුළු ‍ෙලාව පි රු
‍ෙමාක් සැප දුන් ඉසු රු
වඳිමි වෙසතුරු නමින් විසිතු රු

10. පදී පයකි මුනිඳුන් එකාකාරය
යෙදී සමග මුවගොඩ එකාකාරය
සැදී සමග දැහැමෙන් එකාකාරය
දී දී අසව් සුදනෙනි සාදුකාරය

11. පොරණ දීපංක ර
බුදුන්වර අප මුනිව ර
සුමේදය තවස ර
වෙමින් විවරණ ලැබුව මනහ ර

12. දහමට නොවී සැ ක
අසනුය විකුම් එකිනෙ ක
ගව්තම මුනි කලෙ ක
වනන් වෙස්සන්තර මෙ ජාත ක

13. කෙලෙසුන් දුරු කර න
නිවන් පුර සිරි දක්ව න
දහමෙහි ගුණ නුව ණ
රුවන් වැල සේ කියමි බුදු ගු ණ

14. සෙත්සිරි දෙන මුනිඳුන් හට නමදිමු
සිත් සතොසින් වදහළ දම් නමදිමු
සැරියුත් මුගලන් ඈ සඟ නමදිමු
මෙත් බැතියෙන් අපි තිසරණ නමදිමු

15. කකුසඳ කෝනාගම ඒ මුනිඳුන්
කස්සප ගවුතම උත්තම මුනිඳුන්
මෙකපට බුදු‍ෙවන ගවුතම මුනිඳුන්
නිත්තම නමදිමු අට විසි මුනිඳුන්

16. සියක් යොදුන් ගණනක් උස එනතුරු කළේ කුසල්මයි බල බුදු වෙන තුරු බලේ විකුම්යයි මේ අද වෙන තුරු ලොලේ වඳිම් මුනිඳුන්ට තිලෝ ගුරු

17. ග ත් ත ම තුළ ඇඟ රන්වන් කිරණා උ ත් ත ම කුලඟන මෙන් මුළු දෙරණා ස ත් ත ම සමුදුර ජල වන් කිරණා නි ත් ත ම නමදිමි අප මුනි සරණා

18. පළමුවෙන් සිට පැවතගන එන බසකි මෙකියන නමෝ බු ද්දා අබළුවෙන් මැන සමුදුරේ ජල ගණන් දුටුවෝ කවුරු ඇ ද්දා බුදුවෙලා බඹ ලොවට වැඩලා යුදට ආ වසවතු පර ද්දා දෙව් ලොවේ උන් සුරඟනාවුන් ඇසූ කිව් බණ සිතු පහ ද්දා

19. පියකරු අපෙ මුනිඳුන්හට මව් උනි සියකෙළ වස්තුව උපයා දන් දුනි ජයතුරු නුවරට යස නිරිඳෙක් උනි විය සිය දහමට සඳමහ රජ උනි

20 යසසින් ඒ රජ සියෙසන් පෑ බල වෙසතුරු නම්වෙති සැදි රැලයෙන් පෙල දවසින් දවසට වැඩෙමින් තෙද බල වෙසෙසින් සුරසිරි සැදි දඹදිව් ත ල

21. යසස් පතල සිවිරට ජයතුරු පු ර තෙලෙස් යොදුන් වෙයි එරජ ඇතුළු පු ර දහස් ගණන් මැතිසෙන් වැසි නිරතු ර අහස් උඩින් බටුවෙති ඒ සක් පු ර

22. සදලා ජයකොඩි සැදි මිනි පත්පෙ ල බැඳලා කිංකිනි රන්රසුදැල් පෙ ල ඇඳලා දිවසළු බරණින් සුලක ල වැඩලා සිටි වැනි සුරඟන නුබ ත ල


23. බොලඳ තරුණ සුර අඟනෝ රුව තී එසොඳ මඬුළු බැඳ තැන තැන රඟ තී ‍ෙබාලඳ හඩින් ගී කව්නද රසැ තී තවද එසල්පිල් ගණනක් නොමැ තී

24. පා දා තම සිත් සිල් ගෙන නිතොර ව පෝදා අටසිල් ගනිමින් නතර ව දසදාසක් යොදු නැති මුළු දඹදි ව සැමදා දන් දී දුසිරිත් දුරලු ව

25. විසිතුරු සිවිරට ජයතුරු ර පසතුරු ගොස හා සැදු රන ගැට‍ෙබ ර නොවතුරු ගජතුරඟුන් ගොස පුවත ර නිරතුරු ගුගුරණ වෙනි මහ සමුදු ර

26. නොලස අසන්කෙයියක් කප් නිබ ‍ෙඳ්‍ එසඳ අසන්කෙයියක් හෝනිබ ‍ෙඳ්‍ පැතුවයි එබිසව සඳමහ නිරි ‍ෙඳ්‍ බුදුවෙන උත්තම කෙනෙකුන් එස ‍ෙඳ්‍

27. එකලට මුනිඳුට මුදුණත් වැන්දා කප්කෙළ ගණනක් සිරිසැප වින්දා මුනිබන දුදනනි නොකියනු කින්දා දෙව්ලොව සව් සිරි සැපතුත් වින්දා

28. සිරිබර සක්දෙව් උයනට වැඩ ලා සිරිසර පඬුපුල් අස්නේ ඉඳ ලා පිරිවර අඩුතුන් කෙලඟන බල ලා පිරිහුනු ආයුෂ අඟනෙක් දැක ලා

29. කැඳවා ඒ දිව අඟනා යසසො ඳ යොදවා තෙපලයි සක්රජ වැඩහි ඳ බඳවා ආසිරි දී සක්දෙව් ර ද නදවා නරලොව යවවයි කී ස ඳ

30. අමාව වැනි එපුවත වැකි සව නේ යොමා සැපත් විඳ ඉඳ දැන් යෙහෙ නේ සමාන කළ අප වරදක් නොදැ නේ මෙමා කරපු පව් කිම සක් රජු නේ

31. නැත තොපි කළ යම් වරදක් නොපෙ නේ දැන් තොපි මෙතැනින් පහවන බැවි නේ ඇත තොපි විඳි සැප කළ පින් ගෙවු නේ දැන්තොපි උපදිව් නරලොව ගොසි නේ

32. දෙසිත නොවන් ලඳ මා කී බස ටා අසිත සිතක් නොසිතන් නරලොව ටා සහිත මගුල් සක්වළ සුබ වැඩ ටා පුසැති දේවියයි නම් වෙති තොප ටා

33. අතකර දෙවුරය මිනිරැස් නිවෙ සා වත පිරිසිදු දූලක් ගෙන ගව සා කත නුඹ සරි අඟනක් නැත කෙදෙ සා නෙතවැකි අඳුනක් මෙන් වෙයි වෙසෙ සා

34. එන කල් නරලොව ගොස් උපදින්ට යි මන කල් සඳමහ රජුට වෙසෙන්ට යි සැමකල් හිසකෙස නර නොදකින්ට යි මෙමකල් පැතුවා මට සිදුවෙන්ට යි

35. වරළද නිල්මුදු දිගුසක් බබල මි නළලද තුනඟුල් බැමි දේදුනු නැ මි ගහනන රනකුස නෙත් නිලුපුල් වෙ මි ලවනත බඳුවද පෑයෙන් බබල මි

36. දසන් කැකුළු සොඳවැලසෙ සැදෙන්ට යි මූන එපුන්සඳ සේ බබලන්ට යි නුවණද තේජස් ඔද වැඩිවෙන්ට යි මෙමා පැතු දේ මට සිදු වෙන්ට යි

37. කර රන් කරසේ කර සොමි වේ වා උර රන් පලසේ පිට බැබලේ වා තනරන් දූකැට ලෙසින් දිලේ වා සුරරන් අත්විසි නිය බැබලේ වා

38. බඳපිට රන් පෝරුව මෙන් බබල මි නැබවට රන් කුසුමෙන් සැරසී සො මි ඉඟවට සැදු දුනුමිට මෙන් බබල මි වට මට රඹ කඳ දෙඋකුල බබල මි

39. රාජ පරාජය කුල ඇතිවෙන් ටයි ඒ රජ ගෙට අල්ලාගෙන යන් ටයි ඒ රජ මා කී බස් ගිවිසන් ටයි ඒ රජ නොමරා ඔවුන් අරින් ටයි

40. සිරිය දේවි මෙන් ගුණ ඇති වෙ ම්මා පිරිය ව හිමිහට කීකරු වෙ ම්මා ගිරිය ගුගුරුවා ඔහුට නොබ ම්මා පිරිය ව සතහට නිති දන් දෙ ම්මා

41. ඉස් ඇස් මස් ලේ ඉල්ලුව දන් දෙ න සිත් ලෙස යදියන් සසරින් ගොඩල න පුන්සඳ මෙන් රුව මුළුලොව බබල න පුත් රුවනක් පතනෙමි තෙද තරුව න

42. නීතිය පැතුවා මට සිදුවෙන් ටයි ජාතිය රජ වංසේ උපදින් ටයි මෙමා පැතුවා මට සිදු වෙන් ටයි චේතිය පුරයේ ගොස් උපදින් ටයි

43. වන්ට දෙබැම බිගු වැලසේ මනන ඳ කෙන්ඩද දුනුකේ කැකුළු සේම සො ඳ තුන්ඩ පතුල් රන් පියුම‍ෙස මනන ඳ වන්ට මෙසේ සමුදෙන් සක්දෙව් ර ඳ

44. සිතුසේ සිතුදෙය සිදුවෙයි නිති නේ තිස්ස මුනිඳු හට නිති දුන් දනි නේ පුසැති දේවියයි යන ඒ නමි නේ තොස්ව වැසෙයි සදමහරජ විම නේ

45. අරක්කමින් නිසයුරු කුලසු ද්දා තිරා කලක් පිළිවෙල නොවර ද්දා දුරක් එදහමින් පව් මුළුව ද්දා කෙරෙත් දිනෙත් දින මුර නොවර ද්දා

46. ඇත් අස් පිරිවර සෙනඟ ලැබේ වී සිත් ලෙස දිවමල් යහන් ලබා වී යුත්ලෙස මහසම්පත්ති පිරේ වී සිත්ලෙස යදිහට නිති දන්දේ වී

47. ලැබුවිට දරු ගැබ කුසතුළ සු ද්දා දුනුමිට මෙන් උස් නොමයා මෙ ද්දා වෙනු තිට දොළදුක් දන්දෙනු එ ද්දා මනුතුට නෙදනෙයි දරුගැබ සු ද්දා

48. සඟමන් නිරිඳෙක් සහ අග මෙහෙසු න් පිය මවු කොට වුතවී ගොස් මෙතති න් උපදුව වදහලෙ ආසිරි දීමෙ න් මෙලෙස වරන්දුන් සක්දෙවි නොලසි න්

49. මෙලෙසට පතමින් ලැබගෙන අවස ර තොස්ව එදෙවඟන සුරපුර අත්හැ ර සිවිරට රජ කෙනෙකුන්ගෙද සිරිබ ර අග බිසවකු කුස පිළිසිඳ ගත් ති ර

50. මව්කුස පිළිසිඳ පුරාම දසම ස සිව්රඟ වරමින් පිරිවර නොවල ස දෙව්රුව දරමින් සක්බඹයන් ලෙ ස මව් කුසයෙන් බිහිවුනි පුන්සඳ ලෙ ස

51. සොඳවා බමුණන් ගෙන්වා නුවණැ ති යොදවා මොහොතක් දැනගන සුබ ඇ ති නදවා කුමරිය හට තෙදබල ඇ ති සොඳවා පූසැති දේවිය නම් ල ති

52. පලස් ඔබා රන්බඳු වද පෙති සේ කෙලෙස් එපව් දුරුකර හැම දව සේ නොලස් වෙමින් සිට දැහැමට ගුරු සේ සොළොස් වයස පිරි ලඳබෝ සතො සේ

53. සඳ මහ රුසිරැති ඉසුරෙන් සැපති න් මැද මහ සත්මාලේ උඩ වැඩ උ න් සොඳවා රූසිරු සැදි නවයොවුනෙ න් සඳමහ නිරිඳුට විය අග මෙහෙසු න්

54. සොබනා සඳමහ නරනිඳු කුලප ති යනෙනා අගමැති මහසෙන් බල ඇ ති දෙදෙනා සමගිව රජ සිරි විඳ නි ති නඳනා සඳමහ නරනිඳු කුලප ති

55. පෙමා ඉසුරු සක්වරමින් සතො සේ යොමා වන්ස වෙසතුරු මුනි දව සේ සමාවයෙන් වරමුත් ලැබ සතො සේ තමා පුසැති කුසයට වැඩි නොල සේ

56. යස තිලොවට අප මහ බෝස ත්තු බැස තුසිතෙන් ඇවිදින් සිරිම ත්තු සතොස්ව දොර දන්දීමට ප ත්තු පුසැති මවුන් කුස පිලිසිඳ ග ත්තු

57. පානේ අනුහස් යස සිරි පානේ යානේ එබිසව් සැතපෙන යානේ වානේ කෙසරෙක් කුසතුල වානේ සීනේ දුටු එබිසව් මේ මානේ

58. යන්නේ සීනය ගොස් තෙපල න්නේ උන්නේ රූ සිරු සකසිරි වැ න්නේ එන්නේ කෙසරෙක් කුසතුළ වැන්නේ දන්නේ නම් තෝරා තෙපල න්නේ

59. සඳමහරජ එබසට ඒ නොමැ ලී කැන්දවමින් නෙක බමුණන් එක ලී බිසවුන් මේ දුටු සීනය විපු ලී දැන් ද කියව් බමුණනි කිම තෙප ලී

60. සිදුවෙන කෙසරිඳු නම් මෙහි ය න්නේ සිදුවෙන පස්පව් දුරැර දම න්නේ සිදුවෙන බුදුබව තපසට ය න්නේ බුදුවෙන උත්තම කෙනෙකි උපන්නේ

61. අසරෙකි පව් මහ ගජතෙකු වැ න්නේ කෙසරකි ඒ පව් බිඳ ජය ග න්නේ සස‍ෙරකි බව සයුරෙන්ගොඩල න්නේ විවරකි සීනය තෝරා දු න්නේ

62. වෙසෙස වෙමින් ලද එබිසව් සිරිස ර පියස නිදන් සහ දෙවෙනි පහන් ක ර දවස සලක්ෂය දන වියදම් ක ර මෙලෙස දිනෙන් දින දන්දි දොළහැ ර

63. තොසික පුරේ සිට ඇවිදින් මව්කු ස එසිත මිතුරු සැට දහසක් කුස වැස සහිත එපුන්සඳ වතමෝරන ලෙ ස නියත ගණන් පිරි පුරාම දසම ස

64. කළ සැපතින් මතු යස පලදෙන් ටත් කලදැන එකුමරු සොඳ බිහිවෙන් ටත් දොල උපතක් විය නුවර වඩින් ටත් සැලකරපුව මහ විදි සරසන් ටත්

65. දොර දොර රන් රිදි මිණිමුතු කිර ණා පලපල පිළියෙන් සැදි රඹතොර ණා දොර දොර රන්කුඹු කලසෙන් සොබනා සිරිබර පුරසිරි සැදි මුළු දෙර ණා

66. සදවා රන්කුඹු බැඳරන් කලසෙන් න් බඳවා ජයකොඩි නිසිපට අහසි න් සොඳවා දෙපසේ සිටි වැට පහනෙ න් සදවා මඩුකූඩන් පිල් පුර සෙ න්

67. සදා රතේ කර විසිතුරු සුවිපු ල් යොදා පලඟ බැද කිංකිනි රසුදැ ල් මෙදා සදා බැඳ රන්කම් සුවිපු ල් සදා රතේ නැගි එබිසව මතක ල්

68. දෙපසේ සිට චාමරද සලන් නේ සැපසේ සත් සිරසට අල්ලන් නේ දෙපසේ සමුදුර මෙන් ගොසවන් නේ සැපසේ එබිසව් නුවර වඩින් නේ

69. එලඳ රුසිරු පුන්සඳ මෙන් ලී ලා එලඳ ලියෝ රුව දැක්මට වට ලා බොලඳ තෙපුල් නවයොවුනෙන් තෙප ලා මෙලෙද වීදි මැද වඩිමින් එක ලා


70. පිලී වෙලින් දම් පින් කර පෙර සි ට එලී කරන මෙන් රිවිලොව අඳුර ට මැලී උවන ගත හදවත එම වි ට විලී පටන්ගෙන ඉගුලුනි බිසව ට 71. වට තිර බැඳ රන් තරුසේ සොමිපු ල් වට පුර දෙවි බඹ බිසවට රැකව ල් කට කට යදිමින් ලොවලොව සුරක ල් පිට පිට විලි තද උනි බිහිවෙනක ල්

72. සිරස බිහි වූ තැ න වදහල මදුර නාදෙ න වින්නඹුවන් පින න කිමෙක දෙන දන් ලොවට පවති න

73. එතෙපුල් අසා සො ඳ පුසැතිදේවී මනන ඳ දහසින් පියලි බැ ඳ දෙමින් කුමරුන් අතට මනන ඳ

74. එපියලි ගෙන තො සේ කිරිමව් අතට සිත සේ දන් දී එවිග සේ බිහිව සිල්ගෙණ එපෝ දව සේ

75. ඒ මදුර නා දේ මුළු දඹදිවට සෑ දේ කනුන් නෙත් පෑ දේ කොරුන් අත් පා යෙහෙන් සුසැ දේ

76. ගොළුවන් කියන න ඳ බිහිරන් අසා මනන ඳ වියරුන් තෙද පබ ඳ සියලු රෝදුක් ගියෝ සිඳ බි ඳ

77. කුමරුන් තෙද පසි ඳු අසමින් එපිය නරනි ඳු සුබ මොහොතින් පසි ඳු තබා වෙසතුරු එනම් පරසි ඳු

78. සව් වරමින් තො සේ කුමරුට වහන වන සේ ඇත් පැටවකු මෙ සේ මවා පෑවේ කිරිද සක සේ

79. සේනක පඬිව පෙ ර සැට දහසකට එකව ර සිල් දී නියම ක ර ඇවිත් උපදිව් කිව්ව එනුව ර

80. ඒ පැතුමෙන් නොහැ ර ඇවිත් පිළිසිඳ එනුව ර සැට දහස එක ව ර බිහිවු එකුමරු බිහිවෙනා ව ර

81 දෙව්ලොව සිට එන සොඳ බිලි‍ෙඳා ඇ ති මෙමඟුල් සක්වල සැඟවී සිට ග ති උරදියාළුවෝ සැට දහසක් ඇ ති එකදා පිළිසිඳ එකදා බිහි වෙ ති

82 බලමින් තැන තැන එනුවර විම සා දකිමින් මැතියන් ඒ සැට දහ සා වඩිමින් බිළිඳුන් ගෙණැවිත් නොල සා මෙලෙසින් කුමරුට පිරිවර සල සා

83. සැට දහසක් දල යහනින් වට ක ර සැට දහසක් මැද රන් යහනේ ති ර සැට දහසක් කිරි මවුනුත් වට ක ර සැට දහසක් මැද වැඩෙනුය සිරිස ර

84. සීල දහම් දැනගන මුණිඳු න්නේ එක්වම සැට දහසම වැජඹෙ න්නේ දුක් නොවිඳම් රජ සැප විඳිමි න්නේ ලක්ෂණ කුමරුන් එක්ව වැඩෙ න්නේ

85. සෙනෙදස කුමරුන් වඩවා ලො ල්ලේ සොඳ ලෙස නාවා පිනිදිය ඇ ල්ලේ නුවර සැවොම ආවඩවා ලො ල්ලේ දෙවනුන් පිනවාලා රන්ති ල්ලේ

86. කල් පසු නොවමින් රුසිරු වඩා ලා තෙල් කිරි ගා පිට දිය වඩවා ලා ලොල්වන කිරිමව් තෝරා තබ ලා මල් පියුමක් සේ ඇති කරවා ලා

87. නින්දා නැති සඳමහ රජ විම නේ වින්දා ආසිරි වඩවා සොඳි නේ කැන්දා බමුණන් සහ පිරිවරි නේ වැන්දා එකුමරු දිවයුරු එදි නේ

88. රන් රස මෙන් සෙනෙහස අඟවා ල ති පුන් සඳ මෙන් සොඳ සිරුර වඩා ල ති මන් මඳ මෙන් සැපතින් පිනවා ල ති තුන් මසයෙන් දිවයුරු දක්වා ල ති

89. සක් සඳ ඇඳිමෙත් මුණිගුන උදෙ සා සක් විති රජසැප ඇරවෙන වෙහෙ සා සත් සිය පණසක් ගණනින් දව සා සත් මස මේ වඩවා නම් සල සා

90. විසිතුරු අවිමතයෙන් කුලසු ද්දා පිවිතුරු දහමෙන් පව් මුළුව ද්දා එමිතුරු පිරිවර සැටදහ‍ෙස ද්දා වෙසතුරු නම් ලා ලොව පරසි ද්දා

91. ලක්ෂයකින් දෙරිසන කර ලාපු ලක්ෂයකින් රන් වළලුත් ලාපු ලක්ෂයකින් ඉන සවඩිත් ලාපු ලක්ෂයකින් පය වළලුත් ලාපු

92. කරලු දෙරිසන පිනටම දීපු අතලු වළලුත් පිනටම දීපු ඉනලු සවඩිත් පිනටම දීපු පයලු වළලුත් පිනටම දීපු

93. සෙත්සිරි දී බුදුවෙන ඒ ක ල්පය අත් නොහැරම දස පෙර ඒ ක ල්පය ලත් තම පිරිවර සමග සුව ල්පය සිත් ලෙස සිදුවිය සිවුසැට සි ල්පය

94. පුන්සඳ මෙන් මෝරණ තරු මැ ද්දේ කොත් අග දුනු ගත් පිරිවර මැ ද්දේ නෙත් පිරිසිදු විය දුටුවන් ලු ද්දේ සිත් ලෙස පිරි සොඳ සත් ඇවිරි ද්දේ

95. විගසින් විගසම තමසත් ලැම සේ යසසින් දින දින රකිමින් පෙම සේ දවසින් දවසට මෝරණ සඳ සේ මෙලෙසින් සෙළසැවිරිදි විය වය සේ

96. ජාතිය පැතුවා ඒ ලඳ සොබ නා ජාතිය යන සිදු හැමකල් නද නා නීතිය බලමින් සරිකුල ඔබි නා චේතිය පරපුරයෙන් ගෙන අවසර නා

97. ජාතිය කළ පින් බල‍ෙයන් බෝ වී ජෝතිමත්ව තුනුරුව බබලා වී චේතිය රජ දු මන්ද්රිල දේ වී බෝසත්හට අග මෙහෙසුන් කර වී

98. තුන්ලොව අඟනන්ගේ රුව එක් කොට මැවූ රුවක් මෙන් බිසවුන් රුව කොට අසමින් රජ වෙසතුරු පෙළහර කොට ගෙන්නා කුමරිය අගමෙහෙසුන් කොට

99. වෙස්සන්තර රජු ඔටුනු පලන් දා දඹදිව සව්සිරි රජ සැප වින් දා චේතිය රජුගේ දු කුමරින් දා වෙසතුරු රජහට කාරය බැන් දා

100. දන්සැල් කරවා පරසිදු ව න්නේ පින් පැන්තාලිත් මොක් සැපති න්නේ නන් රස බෝජන කරවා දෙ න්නේ සන්තොස කරවා යදිහට දු න්නේ

"https://si.wikibooks.org/w/index.php?title=වෙස්සන්තර_ජාතක_කාව්‍ය-i&oldid=6854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි