වෙස්සන්තර ජාතක කාව්‍ය-හැඳින්වීම
හැඳින්වීම
වෙස්සන්තර ජාතක කාව්යමයට වස්තු වී ඇත්තේ ජාතක කථා අතර අවසාන ජාතකය ලෙස සලකනු ලබන වෙස්සන්තර බෝධිසත්ව චරිත කථාවයි. වෙසතුරු බෝසත්තුමාගේ දාන පාරමිතාව කුළුගන්වා දැක්වෙන මේ කථාවේදී ලක්ෂ සංඛ්යාසත ආත්මභවයන්හි ඇස් ඉස් මස් ලේ දන් දී බුද්ධත්වය ප්රාෂර්ථනා කිරීමෙන් පසු තම හදවතට ඊටත් වඩා සමීප දරුවන් දන් දී එයිනිදු නොනැවතී සිය බිරිඳද දන් දීමට තරම් පරිත්යා ගශීලී වූ චරිතයක් ගැන වාර්තා කෙරේ.
පන්සියය ඉක්ම යන ජාතක කථා අතර වෙස්සන්තර පුවත හැර අසන්නාගේත් කියවන්නාගේත් ප්රබසාද සංවේගය තියුණු කිරීමේ ශක්තිය ඇති අනෙක් කථාවක් නොමැති තරම්ය. ශ්රවද්ධාවෙන් හෝ රසඥතාවෙන් හෝ ඒ දෙකින් ම මොලොක් වූ හදවත් ඇති සියලු තරාතිරම්වල ජනයාගේ මන දොල සපුරා ලීම සඳහා අවශ්යන මූල වස්තූන්ගෙන් අනූන මේ කථාව ශ්රෝදතෘ - පාඨක පිරිස්වලට ගැළපෙන පරිදි කරුණ රසය අවශ්යේ තන්හි ඒ රසය ද, එසේ ම හාස්යද, විශ්මය, අදභූත, ශෘංගාර ආදි විවිධාකාර රස ද අනූනව පෝෂණය කිරීමෙහි ලා මේ වෙස්සන්තර ජාතකය හා ළං කළ හැකි අනෙක් කථාවක් නම් නොමැත්තේ මය. කථාවට ආවේණික මෙම ලක්ෂණ නිසා ජාතක කථා අතර වෙස්සන්තර කථාව අතිශයින් ජනප්රි ය වී ඇත්තේ ය.
දෙවනපෑතිස් රජුන් දවස මිහිඳු හිමියන් විසින් බුදු දහම මෙරටට ගෙන එනු ලැබූ අවධියේ පටන් ම ජාතක කථා මෙහි ප්රහචලිත වූ බව සිතීමට කරුණු තිබේ. එහෙත් මේ කථාව සිංහලයට පෙරළනු ලැබීමෙන් පසු ලේඛනගත කෙරුණු මුල් අවස්ථාව අපට හමුවන්නේ විද්යා චක්රබවර්ති නම් ලේඛකයාගේ බුත්සරණ නම් කෘතියෙහි ය. බුත්සරණ පොළොන්නරු යුගයට අයත් කෘතියකි. බෝසත්තුමාගේ දාන පාරමිතාව, වීර්ය පාරමිතාව, පරිත්යාහගය, අධිශ්ඨානය ආදි ගුණාංග හුවා දැක්වෙන ධර්මදේශනා අවස්ථාවලදී මේ කතාව පුන පුනා විවරණය නරනු ලැබූවත් ශ්රෝිතෘ ජනයා කථාවට දක්වන පහන් සංවේග රුචිකත්වය නම් බිඳකුදු අඩු වී ඇති බවක් නොපෙනේ. එපමණක් නොව විහාර චිත්ර ශිල්පියාට ද තම දස්කම් පාමින් සැදැහැවතුන්ගේ රුචිය ඇද ගැනීම සඳහා වෙස්සන්තර ජාතක කථාවේ සිද්ධි රස උල්පතක්ම වූයේය. පසු කාලයේ දී වෙස්සන්තර ජාතක කාව්යධය නිසා ඒ ජාතක කථාවේ ජනප්රිනයතාවය තව කීප ගුණයකින් වැඩි වූ බව පෙන්වා දිය හැකිය.
වෙස්සන්තර ජාතක කාව්ය ය කවරදාක කිනම් ලේඛකයෙකු විසින් සම්පාදිත කෘතියක් දැයි අනාවරණය වී නොමැත.
බොහෝ රටවල නොයෙක් භාෂාවලින් සම්පාදනය වී ඇති ගද්යප පද්ය රචනා පුළුල් වශයෙන් දෙකොටසකට බෙදා වෙන් කර දැක්විය හැකි වන්නේය. ප්රටබුද්ධ නැතහොත් උගත් ලේඛකයන් විසින් සම්පාදිත කෘති එක් වර්ගයකි. එක් ලේඛකයෙකු විසින් නොව පොදු සමාජය විසින් සාමූහිකව සම්පාදනය කෙරුණ සේ සැලකෙන, එසේම ජනතාව අතරෙහි ම සකස් වී ජනතාව අතරේ ම ආරකක්ෂා වී එන රචනා අනෙක් වර්ගයයි. මේ රචනා හැඳින්වෙන්නේ ජන සාහිත්ය නමිනි. ජන සාහිත්යතය ද ජන කථා සහ ජන කවි යන දෙකොටසට බෙදේ. වෙස්සන්තර ජාතක කාව්යිය ද ජන කවි වර්ගයට අයත් වන බැවින් එහි ලක්ෂණ හඳුනා ගැනීම අවශ්යස වෙයි.
සිංහල ජන කවියේ ඉතිහාසයත් ඉතා ඈත යුගයට විහිදී යන බව පැහැදිලිය. ගමේ විසූ ඇල්ගෙවිලියක විසින් ගායනා කරනු ලැබු ගීයකට සවන් දී සැටක් පමණ භික්ෂූන් රහත් වීමේ පුවතක් පාලි අටුවා පොතක සඳහන් වෙයි. මෙයින් කියවෙන්නේ යට කී පරිදි ප්රසබුද්ධ සිංහල ලේඛකයන් කාව්යෙ ග්ර්න්ථ රචනයට ඉදිරිපත් වීමට පෙරාතුව ජනතාව අතර භාවිත වූ ජනකවි පිළිබද පුවතක් විය හැකිය.
ජනකවිය භාෂා භාවිතය අතින් ප්රපබුද්ධ කාව්යකයෙන් වෙනස් වන්නේය. ජනකවියා භාවිත කරන්නේ පණ්ඩිත ප්රිය ව්යාකකරණානුකූල ග්රනනථ භාෂාව නොව ජන සමාජයේ ජනතාව අතරම භාවිත වන ගැමි වහරයි. භාෂා භාවිතය අතින් ප්රතබුද්ධ කාව්යමයේත් ජනකවියේත් මේ වෙනස අපේක්ෂා කෙරෙතත් ඇතැම් අවස්ථාවල ප්රුබුද්ධ ලේඛකයන් විසින්ද ස්වකීය සම්භාවිත රචනයේදි ජන වහර ගරු කළ අවස්ථා හඳුනාගත හැකි වන්නේය.
රන් දාගැබක පෙර අඟනක සැදෑ යුතූ
දුන් නෙන් සුවඳ පසඟුල් පහදවා සිතූ
පින් බර සුරඹ දහසක් පිරිවරා ගතූ
ඉන් මුනි මය පිරිනිවය ද පිදිය යුතු (487)
වෑත්තෑවේ හිමියන් ගේ ගුත්තිල කාව්යෑයේ එන මේ සිව් පදය ජන කවියකට බෙහෙවින් සමීප වන බව පෙනේ. ජන කවියට සාමාන්යමයෙන් වස්තු වන්නේ ජනතාවගේ ම දුක් වේදනා, දොම්නස් සොම්නස් හැගීම්, ආදරය, දරු සෙනෙහස, යුතුකම්, වගකීම්, ආගම දහම පිළිබඳ ආකලප යනා දී පොදු කරුණුය.
ඉර පායා ඉර මුදුනට එන්ඩ එපා
සඳ පායා සඳ මුදුනට එන්ඩ එපා
පෑදි දියට බොර දිය වෙන්ඩ එපා
අම්මා නැති අපට බඩ ගිනි වෙන්ඩ එපා
කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල් වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
සෙනසුරා නොවෙද වැහි පල නොදෙන්නේ
ලොව්තුරා බුදුන් කවදද දකින්නේ
අල්ලා ගෙන නෙරිය අතකින් කින්ද නගෝ
වසා ගෙන දෙතන අතකින් කින්ද නගෝ
හිමියෙක් නැති ගමන් තනි මග කින්ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යන්ද නගෝ
ලියට ආභරණ නම් කල් කිරියාව
හොඳට රැක ගන්ට එනවද සිරියාව
එමට වස්තු තිබුණත් ගොඩමඩ සෑම
කුමට ලියගේ කැත වුණි නම් කිරියාව
මේ කවි කවර දාක කවරෙකු විසින් රචනා කරන ලද දැයි කිව නොහැකිය. පොදු සමාජයේ ම සාමූහික ප්රගයත්න සේ සැලකිය හැකි මේ එක් එක් කවිය නොයෙක් රසික කවීන් විසින් රචනා කරන ලදුව සමාජය තුළ ගායකයන්ගේ මතකයේ ම රැඳි කාලාන්තරයක් තිස්සේ වෙනස්වීම් වලට ද සකස්වීම්වලට ද භාජන වෙමින් පැවැති බව නිගමනය කිරීම සාධාරණය.
මේ ජනකවිවල එක් සාමාන්යටය ලක්ෂණයක් නම් එක් අදහසක් සතර පදයකට සීමා වීමයි. විවිධ විරිත්වලට අයත් වුවත් ඒවා අග එළි වැට සහිත සිව්පද වීම ද විශේෂත්වයකි. ජනකවිය කාලාන්තරයක් තිස්සේ පොදු ජනයාගේ තුඩ තුඩ රැදී පවතිද්දි, කිසියම් ඒකාබද්ධ කතා පුවතක් ආශ්ර යෙන් ජනකවි රීතියම ගරු කරමින් රචිත කවිපොත් සමූහයක් ද සමාජය විසින් අපට දායාද කොට ඇත්තේය. ඒ ඇතම් පොත් යම් යම් ලේඛකයන් විසින්ම රචිතය. ඇතැම් පොත්වල කර්තෲන් අඥාතය.
ජනනන්දන කාව්යඅය, මහා ජනක ජාතක කාව්යරය, උමංදා කාව්ය්ය, වේතාලන් කතාව යන කෘති කිරිමැටියාවේ කිවිඳුගේ බව සඳහන් වේ. සම්බුලා ජාතක කාව්යතය රචනා කළේ ගොඩගමදෙණියේ ගණිතැදුරුය. දේවදත්ත වරුණේ වනිගසේකර මුදියන්සේගේ රචනයකි. ගොයම්මාලය සමරසේකර කිවිඳුගේය. මේ අතර ජනකවි රීතිය අනුව ම රචිත කතෲන් අඥාත අතිශයින් ජනප්රිමය කෘති රාශියක් ද අපට ආරක්ෂා වී ඇත්තේය. ඉන් ප්ර මුඛස්ථානය ලැබෙනුයේ වෙස්සන්තර ජාතක කාව්යරයටය. තුන්සරණේ කවි, යශෝධරාවත, පත්තිනිහෑල්ල ආදි පොත් ද ඒ වර්ගයටම අයත් වේ.
මේ කවි පොත් වැඩි ගණනක් සම්පාදනය කෙරුණේ මහනුවර යුගයේදි, එනම් දහහත්වන සියවසේදී පමණ බව සිතිය හැකිය. ශ්රීර ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු කාලයටත්, උඩරට රාජධානි සමයේ වැලිවිට සරණංකර හිමියන් සාහිත්යීය ප්රනබෝධය ඇති කළ වකවානුවටත් අතර කාල පරිච්ඡේදයේදි මේ කෘති වැඩි ගණනක් සම්පාදනය කෙරුණු බව වැඩිදුරටත් අනුමාන කළ හැකිය. ශ්රීර ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු ක්රහමයෙන් දුර්වල වෙමින් පැවති සාහිත්යප කටයුතු වලට යන්තම් හෝ එළියක් ලැබුණේ සීතාවක අවධියේ විසූ අලගියවන්න මුකවෙටිතුමන්ගේ උනන්දුවෙනි. ඉන් පසු වැලිවිට ශ්රී සරණංකර මාහිමියන් දවස යළිත් සිංහල භාෂා සාහිත්යබ දියුණු වන්නට පටන් තත්තේ ය. අලගියවන්න කවියා විසූ සීතාවක අවධියත් සරණංකර මහනාහිමියන් සාහිත්යම ප්ර බෝධය ඇති කළ වකවානුවකත් අතර කාළ පරිච්ඡේදය සම්භාව්ය සාහිත්යබ ග්රවන්ථ හැදෑරීම හෝ ව්ය ක්ත භාෂා ව්යචවහාර අධ්ය්යනය හෝ ගැන අවධානය දැක්වීමට කිසිවෙකුට අවස්ථා නොලැබුණු බව නිගමනය කිරීම සාධාරණය. ඊට ප්ර ධාන හේතුව වූයේ යුරෝපීය ආක්ර මණ හා යුද්ධ කෝලාහල තොරතෝංචියක් නැතිව පැවතීමයි. බෞද්ධාගමයත් පොත්පත් ලිවීමත් ගැන තරමක් හෝ උනන්දුවක් දැක්වූ ජනයා අතින් තුන්සරණ, වෙස්සන්තර ජාතක කාව්ය ය වැනි පොත් සම්පාදනය වීම එදා මුළුමනින්ම වියළි යන්ට ආසන්නව පැවති සාහිත්යත ප්රනදීපයට වරින්වර ෙතල් බිංදු කීපයක් එකතුවීමක් සේ සැලකිය හැකි වන්නේය.
මුලින් වෙස්සන්තර ජාතකය සිංහල පාඨකයාට ඉදිරිපත් කළ බුත්සරණ කතුවරයා පාලි කථාව ආශ්රදයෙන් වුව, රසවත් කථාවක් ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව අභිමත පරිදි අමුතු වර්ණනා එකතු කිරීමට පසුබට නොවුයේය. එසේම වෙස්සන්තර ජාතක කාව්යව රචකයා ද තම අරමුණු අණුව මුල් කථාවට අළුත් වර්ණනා එකතු කළේය. එහෙත් ගද්ය් කථාවත් පද්ය කාව්යඅයත්, අතර වර්ණනා අතින් සමාන කමක් නම් නො පෙනේ. සංක්ෂිප්තව කරුණු පැවසුව මනා තන්හී එසේ කිරීමටත් වර්ණනා අවශ්යප තැන දීර්ඝත්වය නොසලකා අභිමත වෘත්ත තෝරා ගෙන රසවත් වර්ණනා කිරිමටත් කවියා පසුබට නොවූ සේය.
වෙසතුරු බෝසතුන් සොළොසැවිරිදි පිරුණු කල චේතිය රජු දුහිතෘ මද්රිු දේවි සරණ ගැනීමේ පුවත පැවසෙනුයේ කවි සතරකිනි. ඉනිදු දේවියගේ රූ සපුව කියවනුයේ ඉතා කෙටියෙනි.
තුන් ලොව අඟනකගේ රුව එක් කොට
මැවූ රුවක් මෙන් බිසවුන් රුව කොට
අසමින් රූ වෙසතුරු පෙළහර කොට
ගෙන්නා කුමරිය අග මෙහෙසුන් කොට (98)
කුස කතාවේ පබවතගේ මෙන් මෙහිදී මද්රිො දේවියගේ රූ සපුව වර්ණනා කිරීම වස්තු විකාශනයට එතරම් අදාළ නැත.
සියලු වස්තුව දන් දීමෙන් නොනැවති අලි ඇතුන් දීමෙන් කෝපයට පත් වැසියන්ගේ බල කිරීම් ඇතිව වෙසතුරු රජුට රජකම අතහැර වන වැදීමට සිදු විය. රජතෙමේ දේවිය අමතා මෙසේ පවසයි:
නුබගේ වස්තු ගෙන මනරඟ
කුමරුන් දෙන්නාම සමඟ
ගොස් චේතිය පුර මනරඟ
සැපසේ වෙසෙව් මව්පිය ළඟ (164)
දේවිය ඊට එකඟ නොවී හිමියා සමග තපසට යාමට ඇවිටිලි කරයි. ඇය වැළැක්වීමට කරුණු කී වෙසතුරු රජුගේ මුවට නංවා ඇත්තේ කවි දෙකකි. දෙවන කවිය මෙසේය:
කරට පදක්කම් තැළි පැළඳුවත් තපසට නොගනිති වන්නා
වංගි දෙවංගී තනපොට බැන්දත් තපසට නොගනිති වන්නා
දෑතේ සුළැඟිළි රන්මුදූ ලූවත් තපසට නොගනිති වන්නා
නෙරිය තියාලා සේල පැළැන්දත් තපසට නොගනිති වන්නා
(169)
මන්ද්රිිදේවිය ඒ තර්ක බිඳින්නී ද තවත් ඊට සමාන කවි දෙකෙකිනි.
කරට පදක්කම් තැළිය පැළැදූවට නවගුණ වැල් කර ලඤ්ඤයි
වංගි දෙවංගී තනපොට බැන්දට ඇඟ දිවි සම් පොරවඤ්ඤයි
නෙරිය තියාලා සේලය ඇන්දට වට අඳනා පලදිඤ්ඤයි
ලොවුතුරු බුදුබව සිතින් දරාගෙන තපසට යන්නට එඤ්ඤයි (171)
බිසව හා දරුවන් නවතා වල් වැදීමට දැරූ ප්රසයත්න සාර්ථක වූ තැන වෙසතුරු රජ බිසවගේ කීමට එකඟ වූයේය.
තපසට යන කලට යෙමී
වෙන තැන තපස ද රකිමී
වන පලවැල කා රැකෙමී
දෙන්න නොපෙනි හිම වසමී (173)
ඉක්බිති දෙදෙන එකතු වී වස්තු දන් දූන්හ. රජතුමා යළිත් වරක් බිසවගේ අදහස් සැක හැර දැනගනු සඳහා වනගත ජීවිතයේ දුක් ගැහැට පවසයි.
එබස් අසමින් මන්ද්රිත දෙව් ළඳ අඬා කදූළින් තෙමෙමිනේ
ලපත් සඳ යන කලට ඇරලා ඇද්ද සිටියා පෙර - දිනේ
සැපත් මේ මට කුමට දැයි ඔබ කැටුව යනවා මිස වනේ
තපස් රකිනෙම් මමත් වෙන පන්සලක ඉඳ දරුව ගෙනේ
(212) රජතුමා බිසව සහ දරු දෙදෙන දුර්ග මාර්ග පසු කොට තපසට සුදුසු තැනට ගොස් පන්සලක් ඉදි කරගෙන තපස් ජීවිතයට පුරුදු වූහ. දැන් කතාව වෙනත් මගකට යොමු වේ.
නිසන්සලව සැප විඳ පින් රැස් කොට
ගොසින් එබෝසත් වෙසතුරු උන් විට
කුසුම් රොනට ආ බඹරෙකු විලසට
අසන් කුමරු දුන්සැටි ජූජකයට
(362)
මහළු ජූජකයා තරුණ බැමිණි ළඳ ලබාගත් සතුටින් කල ගෙවනා අතර ගැහැනු ඇයට උසුළු විසුළු කරන්නට වු හ.
තම හිමියන් හට විපත දූකින්නේ
පෙම් ඇතිවම ලඳලිය අහපන්නේ
කිම ඇවිදින් අප මැද තී ඉන්නේ
පෙම ඇති රසමුසු බස් තෙපලන්නේ (380)
ලීල් නැතිව නිසරුව තෙපලන්නේ
මහල්ල නුවුඹගේ හිමිද අසන්නේ
වාල් තමාවක් ඇද්ද ඉතින්නේ
වාල් විඳින දූක මෙනුඹ විඳින්නේ (381)
පැසී ඉසත් නිකටත් සොඬු ඇකිලේ
ගැසී කුදත් යන ගමනත් බකලේ
නිසි වේද උගෙ වෙත ඉඳිනට මෙකලේ
ගැසී ද බොල තිගෙදෑසට පටලේ (382)
කුදේ ගැසී නැගිටින කල වෙවුලා
තදේ කැසින් කැස කැසපට අකුලා
සොෙඳ් මදන සැප විඳිනට මෙකලා
ළඳේ නිසරු නොකරන් අප සියලා (383)
බඩවක පිටවක සත් වැරටිල්ලා
දෙපට කුදු ගැසී වකුට කුදුල්ලා
ඉසකේ පුපුරැටි දත්කැටි තොල්ලා
තිගෙ සැමි බමුණා කුණුකෙළ තොල්ලා (384)
පෙර කල් ජාතියෙ පැතුවා වැන්නේ
පර මල් පිදුවාදෝ පලදූන්නේ
නර මුල් ඇඟ ඇට කිඹුලෙක් වැන්නේ
හැමකල් මළ දා දෝ සැප වන්නේ (385)
ගැසී වකට කුදු ඉසකේ සුදු රළු
පැසී නිකට දත් බොල්ලෑ කෙළ තොළු
වැසී තිබෙන ඇස් බිය කරලන සුළු
නැසී කුමට ඉඳ උගෙ ගෙයි එක් කොළු (386)
එක මග යන කල ඔබිනට ඇද්දෝ
ආනන කල උගෙ කට ගඳ නැද්දෝ
තී සැටි බමුණන් මේ රට නැද්දෝ
ගැට කෝනමකුට ඉඳ පල ඇද්දෝ (387)
අප මේ ගෑනුන් හැමටම නින්දා
තොප මේ එන්නේ සිත් නපුරෙන්දා
සැප වින්දේ තෝ කොයි සැටියෙන්දා
සිප ගන්නේ තොපි කොයි විලසින්දා (388)
වෙස්සන්තර ජාතක කවියා රසවත් ලෙස ජනකවි රීතියෙහි පිහිටා මහත් අභිරුචියෙන් ඉදිරිපත් කරන මේ පුවත බුත්සරණ කතුවරයාෙග් ගද්ය මය වර්ණනය හා සංසන්දනය කිරීමෙන් ව්යකක්ත සම්ප්ර දායේත් ජනකවි රීතියේත් වෙනස තේරුම් ගත හැකි වනු ඇත. බුත්සරණේ තරුණ බැමිණිය අමිත්තතාපාය. ජනකවියා ඇය හඳුන්වන්නේ කාලි නමිනි.
“පව් කිළිය, තෝ දත් හුණු නර මහල්ලකුට මෙහෙ කෙරෙයි ද? මේ කඩදත් මහල්ලාට තී දුන් තිගේ දෙමවුපියෝ තිට සතුරු වන්හ. තී උන්ට අප්රි ය වන නිසා යැ. තෝ පින් නොකළ පැවැත්තියක බන්දෙහි. තී ගිය ජාතියෙහි කවුඩුවන්ට පිඬු දුන් කලැ තී ලූ බත් කෑයේ මහලු කවුඩුවකු වනැ. එසේ හෙයින් වද තී මේ නර මහල්ලාට අඹු වූයේ? යෙහෙළි, මෙසේ වූ ජරහම් මහල්ලා හා එක් වැ පංචකාම විෂයෙහි කවර නම් ඇල්මෙක් ද? ඔහු කට දත් දල්වා ගෙනැ සෙන වේලෙහි තිට කවර නම් සමාධියෙක් ද? කිඹුල් පිටක් සේ කොරසැඬි වූ ඌගේ ශරීරයෙහි ගෑවී කවර ආස්වාදයෙක් ද? සොඳුර, තිගේ මොළොක් වූ ශරීරය මිරිකා ඒ බමුණු කණටුවාට මෙහෙ කොට දුක් නොෙගනැ තී සේ වූ අභිරූප වූ ළදරු සැමියකු සොයා ගනැයි කීහ”
මෙසේ නින්දා පරිභව ලත් තරුණ බැමිණී මහල්ලාට තරයේ බැණ වැදුණාය. මහල්ලා ඇවිටිලි බස් දෙඩුවේය. ඈ යළි තර්ජනය කරමින් “ඉන්නට ඕනෑ නම් මා ෙමතොපට වාලක් ගෙනෙවයි දරදිය ගන්නට” (403) යි නියම කළාය. වාලට දරුවන් ගෙන ඒම සඳහා බමුණා ෙවස්සන්තර තවුසා වෙත ගියේ මේ අයුරිනි.
නොයෙක් දුක් ගැහැට විඳිමින් දුර මග ගෙවා ගිය බමුණා වෙසතුරු අරම සමීපයට පැමිණියේය. එදා රෑ මන්ත්රීය දේවිය බිහිසුණු සිහිනයක් දුටුවාය. ඒ සිහිනය ඇසූ ඒ බෝසත්තුමා එහි අරුත තේරුම් ගත් නමුත් බිසවට සැනසිලි වදන් පැවසුවේය. එදින ඇය පලවැල නෙලීමට ගියේ දරුවන් ගැන වෙනදාටත් වඩා බියපත් වෙමිනි.
සිය පැතුම් සපුරා ගනු සදහා බෝසත්තුමා දරු දෙදෙනා බමුණාට දන්දෙයි. පිය රජුගෙන් සමුගන්නා ජාලිය ක්රි ෂ්ණජිනා දෙදෙනාගේ මුවට නගා ඇති කවි සමුහය ප්රජබල හැගීම් දනවන සුළුය. අම්මා සිහිපත් කරමින් ඇයට බුදුබව පතමින් දරුවෝ විලාප බස් පවසති මෙසේ:
පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුලැලි ඉස ඉස ඇවිදින් දැයි අම්මා
අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වෑවෙම්මා
සම්මා සම්බුදු වෙන දා නිවන් දකින් අම්මා (530)
සැට දහසක් රජුන් මැදේ ඉපිද සොෙඳ් අම්මා
රට දහසක් වල බැලුවත් නුඹසේ නුදුටිම්මා
කට දහසක් ඇතිව කිවත් නුඹෙ ගුණ නැත නිම්මා
වට දහසක් ගම් හිමයේ ගියෙදෝ අපෙ අම්මා (531)
දුක්විඳ දසමස උසුලා වැදුදැයි අපෙ අම්මා
අඳුන් තෙලින් නිති සරසා ඇති කළදැයි අම්මා
රස පල වැල නෙලා දිදී රක්ෂා කළ අම්මා
සතර අපාවල නෙඉපදී නිවන් දකින් අම්මා (532)
රසතුරු පලවැල අරගන එන්දැයි අපෙ අම්මා
විසිතුරු සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
නිලතුරුවල සෙවනැලිවල කෙළ කෙළ උන්නෙම්මා
වෙසතුරු පිය රජුනි ඔබට බාරයි අපෙ අම්මා (533)
සිය පිරිවර රටතොට හැම වස්තුව නැති නිම්මා
එද ලොබ හැර ඔබ සමගින් තපසට ආවෙම්මා
තරු පිරිවර පුන්සඳ මෙන් වන මැද උන්නෙම්මා
වෙසතුරු පිය රජුනි ඔබට බාරයි අපෙ අම්මා (526)
ලපසේ සඳ විලසේ දවසක් වෙන්නූවෙම්මා
එපසේ බුදු කෙනෙකුන් මෙන් රැකිදැයි නිතියෙම්මා
සැපසේ අප දන් දුන්නෙන් වැදුවෙන්වද අම්මා
අපසේ පිය රජුනි දනට නොදෙන්න අපෙ අම්මා (528)
වදා වඩා රසකිරි දී ඇති කළදැයි පෙමිනේ
අඩා විඩා හැර පලවැල ගෙන දුන්දැයි නිතිනේ
වඩා මෙඅප වංගගිරිය ආ අම්මා සඳිනේ
වඩා සදෙව් ලොව සැප විඳ නිවන් දකින් සොඳිනේ (529)
එක අතකින් නියෙන් ගගා දෙතනේ කිරි බාම්මා
දසෙකඩ මස දුක් උසුලා වැදුවේ අපෙ අම්මා
සැකක් නැතිව බණ ඇසුවොත් සසරින් ගොඩ යම්මා
දුකක් නැතුව නිවන් දකින් පින්වත් අපෙ අම්මා (542)
දරුවන් දන්දීම ඉවසා ලිය නොහෙන දුකක් වුව එය සිදුවිය යුත්තකි.
කිරි දුන් අම්මා නොතකා
තුන්ලොව සව් සතුන් තකා
ජාතක දරුවන් නොතකා
දුන්දැයි බුදු බවම තකා (648)
පෙරළා පැමිණි බිසව දෙදරුවන් නොදැක වෙසතුරු බෝසතුන්ගෙන් කවි පසළොසකින් ඔවුන් ගැන තතු විමසයි. අවස්ථාවට අනුකූලව ම ඒ කවි අතිශයින්ම උද්වේගකරයි.
හිමයේ තපසට එන දා කැටුවම ආවේ කුමරුන් දෙන්නා
සාමිනි ඔබ බැන නොනැගී උන්නත් නොදැක නොවෑවෙමි දෙන්නා
පලවැල ගෙනෙනට යනදා ඔබහට බාරෙ කෙළෙමි දරු දෙන්නා
අද කල් ඔබ බැන නොනැගී උන්නත් මගේ කුස ගිනි ඇවිලෙන්නා
(659)
අම්මොයි යන තෙපලක් වත් නොවැටෙන්නේ සවනේ
නිම්මොයි නැති සෝගිනි ඇවිළෙන්නා කුස තුළිනේ
වැම්මොයි කදුලැලි දෙනෙතින් වාසින්නයි ඉතිනේ
මම් මේ දුක් ඉවසන්නේ කෙලෙසද නරනිඳුනේ (667)
දෙතනේ කිරි බොමිනේ කළ සුරතල් සිහිවෙමිනේ
උදුනේ ගිනි ලෙසිනේ ඇවිලෙන්නයි කුස තුළිනේ
වවනේ කුත් නුදුනේ තව කිම්දැයි නරනිඳු නේ
මෙවනේ තනි වෙමිනේ ඔබ ඉන්නට වෙයි ඉතිනේ (671)
සව් සිරි සැප නොවිදම අපි සිල් රකිනට විත් මෙසදා
මව් පිය දරු දෙන්න සමඟ හිම මැද ගොර දුකට වැදා
පව් පලදී මේ ඔබ ළග මගෙ දිවි වැනසේය අදා
සව් සිරි පිරි දරුදෙන්නා නොදැක කෙසේ වෑවෙම්දා (672)
වෙසතුරු රජුගෙන් වචනයක් ලැබුණේ මන්ත්රී) දේවිය නොයෙක් ලෙසින් විලාප වදන් පැවසීමෙන් පසුවය. ඇයගේ විලාප බස පාඨක හදවත් සසල කරවන තරම් උද්වේගකරය. දරු දුකින් පීඩා වූ දේවි තවුස් හිමියා ඉදිරියේ සිහිසන් නැතිව බිම වැටුණ කල්හි ඇය සිහිපත් වුයේ අසල වු පොකුණෙන් ගෙනා පැන් ඉසීමෙනි. අනතුරුව දුගී වෙසින් ආ ශක්රසයාට මන්ත්රීම බිසව ද දන් දෙනු ලැබීමෙන් හා සඳ මහ රජුට දරුවන් හමුවීමෙන් පසු වෙසතුරු බෝසත් පෙරළා රජ මාළිගයට ගෙන්වනු ලැබීමෙන් ද ඉනික්බිති සම්ප්රුදායානුකූලව පූර්වාපර සිද්ධි ගැළපීමෙන් කථාව අවසන් වෙයි.
විවිධ වෘතාන්තයන්ගෙන් බැඳුණ හැගීම් බර කවි 975 කින් පරිමිත මේ කාව්ය ය වෙස්සන්තර ජාතක කථාව තරමටම හෝ ඊටත් වැඩියෙන් සිංහල පාඨකයා අතර ප්රනචලිත වී ඇත්තේය.
මිහිඳු හිමියන් දවස පටන් අද දක්වා ම ජාතක කථා අතර වඩාත් ප්ර චලිත වී ඇත්තේත් විහාර භික්ති සරසමින් චිත්රදයට නගනු ලැබීමෙන් ද සැදැහැවත් බෞද්ධ ජනයාගේ ප්රරසාද සංවේගයට පාත්රම වූයේත් මේ වෙසතුරු සිරිත බව යට සඳහන් කෙරිණි. ඒ අතර තවත් විශේෂතා දෙකක් නිසා මේ කෘතිය කෙරෙහි අපේ අවධානය යොමුවන්නේය. සිංහල ගද්ය පද්යම කථා පොත් අතර කථාවේ ඇතැම් අවස්ථා චිත්රයයට නගා පැහැදිලි කෙරුණ පුස්කොළ පොත් අපට ඇත්තේ ස්වල්පයකි. මේ වෙස්සන්තර ජාතක කාව්යොය ඉන් එකක් වීම මෙහි විශේෂතාවකි. මේ ආකාරයෙන් චිත්ර සහිත ජාතක කාව්යත පුස්කොළ පිටපතක් කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ තැම්පත් වී බව සඳහන් කරනු වටී. එයින් තෝරා ගනු ලැබු ජායාරූපගත චිත්රප කිහිපයක් මෙහි දැක්වෙන්නේ පාඨකයාගේ ප්රරසාදය සඳහාය.
වෙස්සන්තර ජාතක කාව්යවයේ අනෙක් විශේෂත්වය නම් දිවයිනේ ඇතැම් පළාත් වල මළ ගෙවලදී වෙස්සන්තර කාව්යේය කියවීමයි. මෘත ශරීරය ගෙදර තිබියදීත් ඉන් පසුවත් සතියක් පමණ කල් රෑ පහන් වන තෙක් වෙස්සන්තර ජාතක කාව්ය ය කියවීම ඇතැම් පළාත්වල චාරිත්රගයක් බවට පත්වී ඇත්තේය. මේ චාරිත්ර ය සාමාන්ය්යෙන් පවතින්නේ කොළඹ ආශ්රි ත ප්රවදේශයන්හි ක්රිසස්තියානි ආගම ප්ර චලිත වු මුහුදු බඩ ප්ර්දේශවල බෞද්ධයන් අතරය.
මේ චාරිත්රතයේ ආරම්භය පැහැදිලි නැතත් එය ක්රි්ස්තු භක්තිකයන් අතර ප්රචචලිත වූ දුක්ප්රාිප්ති සංග්ර්හය හෝ පසන් පොත කියවීමේ බලපෑම් ඇතිව බෞද්ධයන් විසින් ආරම්භ කරගනු ලැබූවක් බව අනුමාන තිරිමට කරුණු තිබේ. මේ හේතුව නිසා ම මෙරට ප්රකචලිත වී ඇති මළ පොත යනු අනෙකත් නොව වෙස්සන්තර ජාතක කාව්ය ය ම විය යුතු යැයි මතයක් පවතින බව අමතක කළ නොහැකිය.
මේ අනුව මළ ගෙවලදී වෙස්සන්තර කාව්යයය කියවීම ක්රිුස්තියානි ආගමික චාරිත්‍රයක් ආශ්රැයෙන් ඇති වූවක් සේ සැලකිය හැකි වෙතත් නැතත් එය සාධාරණීකරණය කිරීමට ද බැරිකමක් නැත. වනගත වී ඇති අන් කිසිවෙකුගේ ඇසුරෙන් හෝ සරණක් නොමැතිව කල් ගෙවන වෙසතුරු බෝසත්තුමාට තම දරු දෙදෙනා සහ පිය බිරිඳ ද දන් දී සිත වාවාගෙන සිටිය හැකිනම් තම ඥාතියෙකුගේ වියෝව විඳ දරාගෙන සිත සනසා ගෙන අනිත්යන තේරුම් ගැනීම සඳහා වෙස්සන්තර පුවත සිහිපත් කර දීම අර්ථවත්ය. මුදල් අය කිරීමෙන් තොරව පාඨකයා අතර බෙදා හැරීම සඳහා ප්රීකාශයට පත් කෙරෙන සංඛ සංග්රොහයේ අභිනව අංකය වශයෙන් වෙස්සන්තර ජාතක කාව්යසය පළ කිරීමට කටයුතු යෙදීම ගැන එහි සම්පාදකවරිය වන ටියුරින් අබේවික්රයම මහත්මියට සහ ඊට සම්බන් සියලු දෙනාටම මගේ ස්තූතිය පිරිනමනු කැමැතත්තේමි.
මහාචාර්ය ඒ.පී.ගුණරත්න