"සිංහල සැහැලි - viii" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'==16 පරිච්ඡේදය== ඉතිහාස සැහැලි ඉතිහාස ප්රැවෘත්ති ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
 
3 පේළිය:
ඉතිහාස සැහැලි
 
ඉතිහාස ප්රැවෘත්ති පද්යේයෙන් ලියා තැබීමට පෙරදිග වාසීහු ප්රිභය කළෝ ය. ලඬ්කාව ඉනුත් විශේෂ තත්වයක් දරන ලබ පෙනී යන්නේ ය. අපේ, රටේ ඉතිහාසය, ජාතියේ ඉතිහාසය, පූජනීය වස්තුන් ගේ ඉතිහාසය, සිඬස්ථෘනයන් ගේ ඉතිහාසය ආද් මේ සියල්ලම ලියැවී තිබෙන්නේ පද්ය්යෙන්ම ය. මේ සෑම සිහිකටයුතු කරුණක් පිළීබඳවම වාසගමෙන් කීමට වඩා, කාවැදි යන ලෙසත්, රසවත් ලෙසත්, එසේම මතක තබා ගැනීමට ලෙහෙසි වන ලෙසත් කවියෙන් පහසුවෙන් කිව හැකි ය. එහෙත් මේ කිසිම වාසියක් ඉහත කී ඉතිහාසයයන් ගෙන් එකකින් හෝ රටේ වැඩි මනත් ජනතාවට ලබා ගත නොහැකි විය. ඒ ඉතිහාසයන් පාලි ගාථාවන් ගෙන් ලියවුන බැවිනි. පාලිය ආගමික භාෂාව වුවද බෞද්ධ සිංහලයන් ගෙන් සියයකට කී දෙනකුට නිවැරදි පාලි අවබෝධයක් තුබුනා දැයි නොකිය හැකි ය. පොදු ජනතාව අතර නම් පාලි උගත්තු විරලවූ බවට සැකයක් නැත.
 
 
 
 
 
 
 
 
 
 
(359)
 
බැවිනි. පාලිය ආගමික භාෂාව වුවද බෞද්ධ සිංහලයන් ගෙන් සියයකට කී දෙනකුට නිවැරදි පාලි අවබෝධයක් තුබුනා දැයි නොකිය හැකි ය. පොදු ජනතාව අතර නම් පාලි උගත්තු විරලවූ බවට සැකයක් නැත.
 
දීපවංශ, මහා වංශ, දාථාවංශා දියෙන් උගතුන්ට සැලසුනු සේවය, එතරම්ම සම්පූර්ණන අන්දමින්ම නොවුවද සාමාන්ය් ජනතාවට සැලසීම සඳහා ජනකවියා ඉදිරිපත් විය. ඉතිහාසයේ එකිනෙකට ඈදි ගිය සෑම ප්රාවෘත්තියක්ම හැදෑරීමට කාලය හෝ වුවමනාවක් හෝ ගැමියාට නොමැත්තේ ය. සාසනවංශ කථාව පිළිබඳව ද එසේම ය. ඔහු තුළ ජාතිකාභිමානයත්, ආගමාලයත් ඇති කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ප්රිවෘත්ති මොනවාද තයන්න හොඳ හැටි දන්නා ජනතා කවියා ඒවා ඔවුන්ගේම බසින් කවියට නඟා ඉදිරිපත් කරන්නේ ය. මේ මගින් පොදු ජනතාව ජාතිකාගමික ඉතිහාසයන් ආශාවෙන් හදාරන්නෝ ය.
 
ජනකවියා තම වගකීම ගැන සැලකිල්ලෙන් ක‍ටයුතු කර තිබෙන බව ඉතිහාසයෙන් ඔහු විසින් උපුටා ගෙන ඉදිරිපත් කර තිබෙන කොටස් වලින් මනාව පෙනී යන්නේ ය. සිංහල ජාතියේ ආදී කර්තෘ ගේ සම්භවය පිළිබඳ ඔහු විසින් කර තිබෙන පොතේ නම සිංහ වල්ලි කථාව හෙවත් සුප්පාවති කුමරියගේ චරිතය ය.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(360)
 
සුප්පාවති කුමරිය උපන් දින ඇය ගේ අනාගතය බමුණන් විසින් කියනු ලබන්නේ මෙලෙසය.
 
“උතුම් උතුම් ගරු මහ රජතුමානනි
සවන් දෙනු මැන මෙබස ටා
අලන්කාරැති දූ කුමාරිය උපන්
Line 63 ⟶ 30:
 
කෙතරම් රැකවල් තුබුවද කම් නියමසේ හැටියටම කරුණු සිදු විය. සුප්පාව සිංහයකු විසින් ගෙන යනු ලැබ ඔහුට දාකොට දුවෙකු සහ පුතකු එක්වරටම වැදුවා ය. ඇය දරුවන් නලවන්නේ මෙලෙස ය.
 
 
 
 
 
 
 
 
 
 
(361)
 
“රනෙන් වලලු අතලූවේ - නැත
Line 96 ⟶ 52:
නැත සිදු උනේ”
 
ඈ විසින් හඬා වැලපී ඔවුන් සෙවීම සඳහා වන පෙදෙස ද ඉක්මවා ජනපදයට ද බට සිංහයා ස්වකීය පුත්ර යා විසින් ම විද මරන ලදී. වැසියාට හිරිහැරයක් වූ සිංහයා මැරීම නිසා සිංහබාහුට රටේ රජකම ලැබුනේ ය. ඔහු කුල ගෝත්ර ය ආරක්ෂා කර ගැනීම සඳහා තම නැගනිය වන සිංහවල්ලිය බිසව කර ගත්තේ ය. ඈ ඔහුට දා කොට සොළොස් වරකට දරුවන් දෙතිස් දෙනෙකු වැදුවා ය. ලංකාව මනුෂ්යො වාසය කළේ ඔවුන්ගෙන් වැඩුමලාවන විජය කුමාරයා විසිනි.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(362)
 
සිංහවල්ලිය බිසව කර ගත්තේ ය. ඈ ඔහුට දා කොට සොළොස් වරකට දරුවන් දෙතිස් දෙනෙකු වැදුවා ය. ලංකාව මනුෂ්යො වාසය කළේ ඔවුන්ගෙන් වැඩුමලාවන විජය කුමාරයා විසිනි.
 
පොත අවසන් කරන මේ කව් තුනෙන් කවිවරයා ඒ ප්රංවෘත්තිය පවසන්නේ මෙලෙසය.
Line 134 ⟶ 73:
යැවීය එමහ මුහුදෙහි පා කරමින්
පුරයෙන් නෙරපා එම දව‍‍ සේ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(363)
 
උතුන් මේ අප මුනි පිරිනිවි වැඩි
Line 161 ⟶ 86:
 
සිංහලයන් ගේ ජාතික මෙන්ම ආගමික හැඟීම් ද උසි ගැන්වීමට දුටුගැමුණු රාජ සමය තරම් තවත් එකද කාලයක් මුළු සිංහල ඉතිහාසයේ නොමැත්තේ ය. ජනකවියා තම ජනතාවට එයින් සම්පූර්ණ් ප්රුයෝජනය අත්කර දෙන්නේ යත මේ වකවානුව අලළා, එහි නොයෙක් සිඬි අලළා ලියැවුන පොත් කිහිපයක් ම ඇත්තේ ය. එයින් “සිංහල දෙමළ යුඬය හෙවත් දුටු ගැමුණු එළාර මහ සටන” නැමති කව්පොත සිංහලයන්ගේ වීරෝදාර ක්රිැයාවන් වර්ණ”නාකරන්නකි. එහි අවසාන කවිය මෙසේය :
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(364)
 
සිංහල දෙමළ දනයින් අතර සිදු යු ද
Line 183 ⟶ 92:
සිංහල මුසු බසින් කවි කෙළෙමි දත් ලෙ ද
 
“දුටුගැමුණු රජ සහ ස්වර්ණ මාලි දෙව්දුව හෙවත් රන් තෙළඹු වර්ණදනාව” 1 මේ පොත් අතරින් විශේෂයෙන් ඉදිරිපත් කළ යුත්තේ එහි ප්රණකට ඉතිහාස ප්රණවෘත්ති මෙන්ම අප්ර කට පුරා වෘත්තයන් ද ඇති බැවිනි. දුටුගැමුණු කථාව ආරම්භ කරන්නේ කැළණිය මුහුදට යටවූ ප්රවවෘත්තියේ සිටය.
 
විහාරමහා දේවිය ගේ දොළදුක, සහෝදර වරුන් දෙදෙනා ගේ හබය, එළාර රජු පරදවා ගැමුණු කුමරු මුළු ලංකාවටම රජවීම ආදි සෑම ප්රාවෘත්තියක්ම එහි අඩංගු වන්නේ ය. රුවන්මැලි චෛත්යසය සෑදවීම පිළිබඳ මහා ඉතිහාස ග්ර්න්ථයන්හි අඩංගු නොවන පුවතක් ද එහි කියවෙන්නේ ය.
 
රුවන්වැලි වෙහෙර පිහිටා තිබෙන තැන විමාන දේවතාවියක් අරක්ගත් රන් තෙළඹුවක් තිබුනේ ල. - ඇගේ නම ස්ව ස්වර්ණවමාලීයත වෙහෙරට බිම සකස් කිරීම සඳහා තෙළඹුව ඉවත් කිරීමට අවශ්යස විය. එහෙත් දේවතාවිය ඉන් ඈත්වීමට නොකැමති වූව යා. දුටුගැමුණූ රජ නොයෙක් ලෙසින් ඇවටිලි කොට ඇයගේ නමින් චෛත්යචෛත්යයට නම් -තබන බවට පෙ‍ාරොන්දුවී ගසෙන් ඉවත් වීමට ස්වර්ණ.මාලිය කැමති කරවා ගත්තේ ය. චෛතය ස්වර්ණ්මාලි නම් වුයේ ඒ පොරොන්දුවේ ප්රතතිඵලය වශයෙනි. රජ දේවතාවියට කළ ඇවටිල්ල ජනකවියා ලගන්නා බසින් පවසන්නේ මෙසේ ය.
 
 
 
 
 
1. කර්තෘ :- රඹුක්කන ජී. ඇම්. සලා
 
 
 
 
 
 
 
 
(365)
 
යට නම් තබන බවට පෙ‍ාරොන්දුවී ගසෙන් ඉවත් වීමට ස්වර්ණ.මාලිය කැමති කරවා ගත්තේ ය. චෛතය ස්වර්ණ්මාලි නම් වුයේ ඒ පොරොන්දුවේ ප්රතතිඵලය වශයෙනි. රජ දේවතාවියට කළ ඇවටිල්ල ජනකවියා ලගන්නා බසින් පවසන්නේ මෙසේ ය.
 
“උගත් රජුනි ඇයි ඔබ කරුනා නොකරන් නේ
Line 231 ⟶ 122:
සි නා සිසිලි බස් නොකියන් මෙ අද සුර ලි යේ
ව හා තෙළඹුවෙන් බැස පල ස්වර්ණමමාලි යේ
 
 
 
 
 
 
 
 
 
(366)
 
නු ව න් සපිරි ඉඳුනිල් මින සේම සුදිලි යේ
Line 271 ⟶ 152:
රන්වන් එරන්වන් නුඹෙ රුන කළ එලි යේ
රන්වන් තෙළඹුවෙන් බසු ස්වර්ණඑ මාලි යේ
 
 
 
 
 
 
 
 
 
(367)
 
ප්රී3 ති ය සිතින් මකියන බස් අසන් ලි යේ
Line 302 ⟶ 173:
ස්වර්ණි රුසිරු කොත් පළඳමි තිර සරි න”
 
ජාතික හැඟීම් කිති කැවිය හැකි තවත් අවස්ථාවක් නම් පළමුවෙනි ගජබා රාජ කාලයයි. මහාවංසය යන්තමින් මෙන් සඳහන් කරන ගජබා පුවත ජන කවියා ජන ප්රවවාදයන් ද ඇතුළත් කොට විජය ගීත ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නේ ය. ඔහු එයට දී ඇති නම ගජබා කථාව (2 – 17 වෙනි ශත වර්ෂතයේ අගභා‍ගයේ රචිත යැයි සැළකෙත මෙය 1899 දී මුද්රගනය ‍කරන ලදී. කව් 82 කි. කර්තෘය පනාමය “උඩුවේ” යනුවෙන් සඳහන් වේ) ය.2 ගජබා කථාවෙහි වීරයෝ දෙදෙ-දෙදෙනෙකි. එනම් ගජබා රජ සහ ඔහු සේවක නිල යෝධයා ය. එදෙදෙනා සොලීන් මට්ටු කිරීම සඳහා එතෙර ගිය හැටි ගජබා කථාව කියන්නේ මෙලෙස ය.
 
 
 
2 – 17 වෙනි ශත වර්ෂතයේ අගභා‍ගයේ රචිත යැයි සැළකෙත මෙය 1899 දී මුද්රගනය ‍කරන ලදී. කව් 82 කි. කර්තෘය පනාමය “උඩුවේ” යනුවෙන් සඳහන් වේ.
 
 
 
 
 
 
 
(368)
 
නෙකි. එනම් ගජබා රජ සහ ඔහු සේවක නිල යෝධයා ය. එදෙදෙනා සොලීන් මට්ටු කිරීම සඳහා එතෙර ගිය හැටි ගජබා කථාව කියන්නේ මෙලෙස ය.
 
“දිසී සුවහස් විදුලි ගනපුට නීල
Line 338 ⟶ 194:
 
මෙසේ මූදි දිය දෙබෑ කිරීමට උපකාරවූ මහ යගදාව මිරිකා දිය පෙන්නා සොළී රජ බිය පත්කළ අයුරු පවසන්නේ එබදු වෙර ලැබීමට පූර්වක ජාතියෙක කළ කුශලය ද සඳහන් කරමිනි. ඒ මෙසේ ය.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(369)
 
ප සේ මුනිඳු දැක එක් කලෙ කා
Line 373 ⟶ 215:
සලකුණු කරලා
පාරේ සිටුවාලා
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(370)
 
ගොඩින් ඇවිත් සෙන් සමගින් එනුවර බැසලා
Line 397 ⟶ 224:
සූවිසි අවුරුද්දක් මහ රජකම් කරලා
දෙව්පුර ලිය ලීලා”
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(371)
 
හුදු යාදිනි විලාශයම ගත් ඉතිහාස සැහැල්ලක් ද ඇත. එහි නම “කුවේනි හෑල්ලය.” විජය කුවේනි කථා ප්ර වෘත්තිය එහි සඳහන් වන්නේ යත සැහැලි වලින් මේ රටෙ පැරණි සංස්කෘතියේ නොයෙක් අංශයන් ගැන කරුණු ලබා ගත හැකි බවට එය සාක්ය්ස යකි.
Line 433 ⟶ 230:
 
සුප්පා දේවිය ගෙන් පටන් ගත් සිංහල වංශ ජනකවිය අවශාන වන්නේ ඇහැලේපොළ කුමාරිහාමි ‍ගේ දරුවන් කෙටවීමේ පුවතිනි.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(372)
 
එහි ද ජන කවියා දරුවන් කෙටවීම පිළිබඳව පොත පතේ එන ප්ර වෘත්තියට වෙනස් දෙයක් කියන්නේ ය. ඇතැම් විට මේ ප්ර වෘත්තිය ශ්රීා වික්ර ම රාජසිංහයන් ‍ගේ ඉතිරිවී තිබුන යම් කිසි හොඳ නාමයක් වූවා නම් එහිද තාර ගෑමෙ අදහසින් ඇති කරන ලද සෝලියක් විය හැකිය. ඇත්ත නැත්ත කෙසේ වෙතත් එයින් නඟනු ලබන නිහීන චෝදනාව නම් ගැමියන් විසින් එක පයින්ම අනුමත කරන්නකි. දුබල සමාජයට ප්රතබලයන් ගෙන් එවැනි අතුල් පහරවල් ලැබීම නොසිදු වන්නක් නොවන බැවිනි. ඒ සෝලිය මෙසේ ය :-1
Line 471 ⟶ 247:
නොවේ සිතමි සැකැවින් මම දැනෙන ත ද
කි වේ කුමාරි හාමි අඬ අඬා ඉ ඳ
 
 
 
 
2. පුරාණ ඇහැලපොල හටනෙ
 
 
 
 
 
 
 
 
 
 
(373)
 
ජාතික ඉතිහාසය මෙන්ම ආගමික ඉතිහාස‍යද ලුහුඬු ලෙසත් පැහැදිලි ලෙසත් පොදු ජනයා සඳහා පිළීයෙල වී තිබෙන්නේ ය. ඔවුන් සඳහා ම සකස් වූ දළදා විස්තරය, රුවන්වැලි සෑ පුවත, තිස්ස මහාරාම වර්ණ නාව, සමනල හෑල්ල ආදී වු නොයෙක් කව් සැහැලි ඇත්තේ ය. මේ අංශයේ පොත් වලින් විශේෂයෙන් ම සඳහන් කළ යුත්තකි ධාතු විස්තරය. බුදු හාමුදුරුවන් වහන්සේ ගේ විශිෂ්ට ශෘරීරික ධෘතු පිහිටුවා තිබෙන පූජනීය ස්ථානයන් එහි මොනවාට සඳහන් වන්නේ යත සිවුපද වෘත්තයෙන් බැඳි ඇති කව් පිළීයෙල වී තිබෙන්නේ ප්රසශ්නෝත්තර විලාශයෙනි. සිඬස්ථාන පිළිබඳව මහා ග්රෝන්ථ කිහිපයකින් හෝ නොළඳ හැකි අවබෝධයක් මින් නිරායාසයෙන් ම ලැබෙන්නේ ය. පහත දැක්වෙන කව්වලින් ධාතු විස්තරය පිළිබඳව අවබෝධයක් ඇති කර ගත හැක.
Line 499 ⟶ 259:
කොයිය න් කෙනෙක් වත් වැඳ වැඳ යන්ට යු තු
ම යි ය න් ගනේ පිහිටියෙ ග්රී වා දා තු
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(374)
 
මදක් සිනාවෙන් බෝ මැඩ සිතින් සි තූ
Line 533 ⟶ 276:
මෙකු ණු කයට සීනෙන් රෑ පෙනෙයි යකූ
ක කු සඳ මුනිඳු අණයට නට ඉනා යකූ
(ඉනාමාලය)
 
 
3. ඉනාමාලය
 
 
 
 
 
 
 
 
 
 
 
 
(375)
 
අ ම් මා කරපිට හිඳුවා පීනා
සමුදුර ගොඩ ක ළ
න ම් මා සිත එතැන් පටන්
බුදු වෙම් මැයි පව්දුරු ක ළ
වෙම්මා මුනි ගුණ පිහිටා මුක
දළ දිව දොස පහක ළ
ස ම් මාසමමා සම් බුද්ධ බෙලෙන්
රන් පඬුරෙන් ජය මංගමංගළ (රන් පඬුරේ ජය මංගල කවි)
 
න රනර ම ර ඟ න,මරඟන නරු ඇඳ ගෙන, නටති එතන නරු, නාටක වෙස් ගෙ න
නතර නොවන, නද කරවන, නපුරු සිතින නස, මැයි නිති සිත මි න
එතන නරු, නාටක වෙස් ගෙ න
නපුරු දුජන, නමකුරු ගෙන, නම නැකතින නපු, රට කළ මේ වි න
නතර නොවන, නද කරවන, නපුරු
නව මුනි ගුණ, නලළ එලන, නලළෙ තිබුන හැම, අනවින දුරු වෙ න (ශාරීරික ශාන්ති කවි)
සිතින නස, මැයි නිති සිත මි න
න පු රු දු ජ න, නමකුරු ගෙන, නම
නැකතින නපු, රට කළ මේ වි න
න ව මු නි ගු ණ, නලළ එලන, නලළෙ
තිබුන හැම, අනවින දුරු වෙ න 6
 
පසු ඉටි අරගන රූපෙ තනන් නේ
නමකුරු පිහිටා කටුද ගසන් ‍නේ
සොහොන් පො‍ළේ පස්යට වලලන් නේ
කේසදාතු අනයට ඉගිලෙන් නේ 7(ධාතු සාන්තිය)
 
 
 
 
 
 
5. රන් පඬුරේ ජය මංගල කවි 6. ශාරීරික ශාන්ති කවි
7. ධාතු සාන්තිය
 
 
 
 
 
 
 
 
 
(376)
 
තුන් ලෙව් සතහට අමා රසය
Line 600 ⟶ 305:
‍ මෙම යකුන්ට ගිණී හරි තෙ යි
මින් සත් අඩියට කළවින
බන්දන එමුනි අනිත් කපතෙ යි 1(ධාතු සාන්තිය)
 
සා වසාව කුලේ ඉපදි අපේ බෝසත් දන් දු න
ආ වආව එසක් රජ දෙවියෝ දුගී වෙසක් ගෙ න
පේ වීපේවී සිටා සඳ මැද ඇන්දේ බුදු ගු ණ
ලෝවා මහ පායෙ බෙලෙන් කඩතුර හරිමි න 8( කඩතුරා කවි)
 
සාර සංකය රහත් මතුලොව
Line 614 ⟶ 319:
වෙමි පැතූ මහිමෙන් ‍ලොවුතු රා
නෑර ඔබගේ ග්රිහා දෝසය
පළමු විවරණයෙන් දු රා(සූවිසි 9විවරණ සාන්තිය)
 
 
7. ධාතු සාන්තිය 8. කඩතුරා කවි
9. සූවිසි විවරණ සාන්තිය
 
 
 
 
 
 
 
 
 
 
 
(377)
 
14 වෙනි පරිච්ඡේදය
Line 640 ⟶ 327:
ගැමි ජනතාව බෙහෙවින්ම ප්රිසය මනාප දෙයකි, කථා ඇසීම. විවේක කාලයන්හි පමණක් නොව යම් යම් කර්මාරන්තවල යෙදී සිටින විට කථෘවලට ඇහුන්කම් දීම ගැමියෝ සප්රායෝජනවත් ලෙස කරත්. කථාව කවියෙන්වූ විට වඩාත්ම මන වඩන්නේ ය. ඉනුත්, විෂ්මය, සන්ත්රා සය හා ප්රයමෝදය ඇති කරවන කථා ජනප්රිනය භාවයට පත් ව තිබේ. මේ රටේ පොදුජන සමාජයේ විශේෂ ලක්ෂවණයක් නම් සුඛාන්ත කථාවලට ආශා කිරීමය. ඒ අංශයෙන් ද මහා ජනයා පිනවීම සඳහා ජනකවියා සිය කොටස ප්රීශංසාත්මක ලෙස ඉටු කොට තිබේ. සද්ධර්මරත්නාවලිය සහ පන්සිය පනස් ජාතකය පමණක්ම මේ සඳහා ඔහු උපයෝගි කර ගත්තා නොවේ. මේ රටේ ජන ප්රශවාදයෙහි පවත්නා කථා විසිතුරු කාවියම් වලට ඔහුගෙන් පෙරළුනේය. එපමනින්ද නොනැවතුනු ඔහු විදේශ ගැමි කථාවන්ද ලිහිල් සිංහල කවියෙන් ඇසීමට සැලැස්සුවේ ය.
 
පොත කියවා කවිවලත් කථවේත් රස විඳීමිට ජනකාය පොළඹවන නම් වලින් සිය කෘතීන් සුරසීමේ සහජ දක්ෂමතාවයක් ජනකවියාට ඇත්තේ ය. ඔහු මේ අතින් ප්ර චාරක කලාවේ අගතැන් පත් වූවන් ද පරදවන රුසියෙකි. බලන්න ඔහු යොදන නාමයන්. සසද කුමාරි - ඉරසරා - පංච සුන්දදරී හෙවත් පේරැස් මුදුව - පුදමු රුවන් කිරිල්ලි - මුතු කුමාරි - ලියනෝරා - පුදුම දුන්න - සිල් බින්ද කුමාරි - ඉන් කිහිපයකි. මේ සෑම කථාවක්ම සමාජයේ කුතුහලය ඇවිස්සීමට සමත් අයුරින් සකස් වී තිබේ.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(378)
 
බලන්න ඔහු යොදන නාමයන්. සසද කුමාරි - ඉරසරා - පංච සුන්දදරී හෙවත් පේරැස් මුදුව - පුදමු රුවන් කිරිල්ලි - මුතු කුමාරි - ලියනෝරා - පුදුම දුන්න - සිල් බින්ද කුමාරි - ඉන් කිහිපයකි. මේ සෑම කථාවක්ම සමාජයේ කුතුහලය ඇවිස්සීමට සමත් අයුරින් සකස් වී තිබේ.
 
කවිකථා අතරින් විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ කාපිරි කථාව, මුතු කුමාරි කථාව සහ දඬු මොණර කථාවත් ය.
Line 670 ⟶ 338:
චි ත්රර අංග රජු එනුවර වැජඹෙ න”
 
කාපිරි කථාවේ සාරාංශය මෙසේ ය. බිසොවුන් සොළසක් සිටි රජ කෙනෙක් තවත් කුමාරියක පාවා ගෙන ඇය අග බසෝ තනතුරෙහි තැබීය. රජ බැහැර ගොස් සිටි අවස්ථාවක අග බිසව විසින් ප්රහසූත කරන ලද කුමරා සැඟවූ බිසෝ සොළොස ඇයට ලැබු‍නේ දඬු කඳකැයි ප්රතසිඬ කළෝ ය. උදහස් වූ රජ ඇය එළවා දමන ලදී. ලදරු කුමරා මැරීමට සොළොස් බිසවුන් විසින් දරන ලද සෑම උත්සාහයක්ම ව්ය.ර්ථ වී ගියේ ය. ඔහු තැනින් තැන ගොස් රැකුනේ ය. අන්තිමේ දී රකුසෙකු විසින් කාපිරි හමක් පොරවනු ලැබු කුමාරයා එක් රජ වාසලකට පැමිණ කලක එහි සිට එරජුගේ දූ කුමරියක් සරණ පාවාගෙන කාපිරි හම ඉවත දමා ස්වකීය දෙමාපියන් වෙ පැමිණයේ ය. කුමාරායා කුඹල් ගෙයි ගත කළ ප්රාවෘත්තිය කියවෙන්නේ මෙසේ ය.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(379)
 
විසින් දරන ලද සෑම උත්සාහයක්ම ව්ය.ර්ථ වී ගියේ ය. ඔහු තැනින් තැන ගොස් රැකුනේ ය. අන්තිමේ දී රකුසෙකු විසින් කාපිරි හමක් පොරවනු ලැබු කුමාරයා එක් රජ වාසලකට පැමිණ කලක එහි සිට එරජුගේ දූ කුමරියක් සරණ පාවාගෙන කාපිරි හම ඉවත දමා ස්වකීය දෙමාපියන් වෙ පැමිණයේ ය. කුමාරායා කුඹල් ගෙයි ගත කළ ප්රාවෘත්තිය කියවෙන්නේ මෙසේ ය.
 
මූට කාබී තෙල වැටීලා
Line 709 ⟶ 359:
එවර පද් දෙන දවස යවමින
බොහෝ දිනයක් පසුව යන් නේ
 
 
 
 
 
 
 
 
 
 
 
 
(380)
 
සහෝදරියන් සත් දෙනෙකගෙන් බලාම තුමාරිය කාපිරියාට කරුණාව දැක්වූවා ය. එයට වැඩිමල් කුමරියෝ ඇය වෙහෙසුවෙ මෙලෙසය :-
Line 748 ⟶ 385:
සියලු සෙනග ලසිනා - රජ
හා ඇමති සදෙන තුටි නා
 
 
 
 
 
 
 
 
 
 
(381)
 
මෙහි ඇතැම් කවි ඔංචිලි වාරම වශයෙන්ද භාවිත වන්නේය. ඉන් එකක් පහත දැක්ිවේ.
Line 773 ⟶ 399:
මුතු කුමාර‍ිගේ කථාව
 
“මෙම කථාන්තරය වනාහි මධූර මනෝහර කාව්යේ රචනාවෙන් ගලපන ලද්දා වූ ඇසුවන් සිත් ප්රිෝය උපදවන විස්ම ජනක ප්ර වෘත්තිවලින් සමලඬ්කෘතවු කථෘ මාලාවක්ය. කවි බසින් රචනා කරන ලද්දා වූ නානාවිධ රචනාවල් අප රටේ විද්යා මාන වූවත් කර්ණර රසායන යෙන් සහ චිත්ත ප්රචබෝධයට හේතුවූ කරුණු අන්තර්ගත මෙබඳු කථාන්තර ඇත්නම් ඒ ඉතා ස්වල්පයකි. විවේක කාලයන්හිදී කාව්ය මය රචනාවල් කියවීමෙන් සිත් සතුටුකර ගැණීම සියලුම මනුෂ්යකයන් තුළ පවත්නා සිරිතක්ය. එබැවින් අප රටවාසීන් ‍ගේ විවේක කාලයන්හි දී කියවීමෙන් අර්ථයරසය ලබා ගැනීමට හේතුවූ මෙම පුදුම කථාන්තරය බොහෝ අමාරුවෙන් සපයා ගෙන හැකි තරමින් ශුඬකොට මා විසින් අච්චු ගසා ප්රමසිද්ධ කළ බව සහ :- 2 1951 මුද්රොණය
 
 
 
2 1951 මුද්රොණය
 
 
 
 
 
 
 
 
 
 
(382)
 
මේ දැන්වීම පොත පිළිබඳ හැඳින්වීමක් වශයෙන් ද සැළකිය හැකිය. මෙහි කියා තිබෙන කරුණූ ගැන ගැමියන්‍ ගේ ඒකමතික අනුමතිය ලැබෙන බැවිනි.
Line 807 ⟶ 418:
 
මුතු කුමාරි සොයා යෑම සඳහා ඇස්නීසන් කුමාරයාට යකින්න පාර කියා දෙන අයුරු :-
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(383)
 
මෙතන සිටන් සිව් යොදුන ක්
Line 853 ⟶ 448:
එතන සිටන් සිව් යොදුන ය
මුතු කුමරිගෙ නුවර ලඟ ය
 
 
 
 
 
 
 
 
 
(384)
 
කුමාරයා වඳුරෙකු වූ හැටි :-
Line 893 ⟶ 478:
දැන් මෙලොවෙහි සිටිනා සියළු පඩි ද නේ
මින් දොස් දුටත් හැරලනු මට නොව උර නේ
 
 
 
 
 
 
 
 
 
 
 
 
(385)
 
ම ව් පිය ගුරුවරුන් හට ‍පින් දෙමි නිත රේ
Line 922 ⟶ 493:
රැක දෙන් දෙවියනෙ පෙ මා
 
අහසින් ගමනා ගමනය පිළිබඳ හැඟීමක් මිනිසාට ඉතා ඈත අතීතයේ සිටම තිබූ බව පෙනේ. කුළු දෙකක් දෙඅතේ බැඳ ගෙන පියෑඹීමට උත්සාහ කළ ග්රීබක් ජාතික “ඩයිඩේඩස්” ගෙන් ඇරඹුන අහසින් යැම පිළිබඳ අපර දිග උත්සාහය ඇමරිකන් ජාතික රයිට් සහෝදර වරුන්ගේ නව නිෂ්පාදනය වූ අහස් යානයෙන් සඵලවත් වූ බව අපි දනිමු. ඩයිඩේඩස් ගේ කුළු බැඳීමට පෙරාතුවද එක්තරා ක්ර්මයක අහස්යානයක් ගැන පෙර දිගුන් දැන සිටි වට තුඩු දෙන ජන ප්ර වාද තිබේ. රාවණ ගේ පුෂ්පයාන පුවත ඉන් එකකි. එයටත් දුරාතීතයේ බරනැස් නුවර බ්රසහ්මදත්ත නම් රජෙකු රජ කරන කාලයේදී යන්ත්ර6යකින් අහස් ගමන් ගිය බව කියැවෙන ප්රනවෘත්තියක් වෙයි. එහි නම දඬු මොනර කථාවය. ඉන් පැවසෙන්නේ ලීයෙන් කළ මොනරෙකුගේ හැඩය ඇති යන්ත්රියකින් ගොස් බරණැස් රාජ පුත්රමයා කළිඟු රාජ දූහිතෘවගෙණ ඒමේ වගය. එහි මුල් කව මෙසේ ය.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(386)
 
යන්ත්ර6යකින් අහස් ගමන් ගිය බව කියැවෙන ප්රනවෘත්තියක් වෙයි. එහි නම දඬු මොනර කථාවය. ඉන් පැවසෙන්නේ ලීයෙන් කළ මොනරෙකුගේ හැඩය ඇති යන්ත්රියකින් ගොස් බරණැස් රාජ පුත්රමයා කළිඟු රාජ දූහිතෘවගෙණ ඒමේ වගය. එහි මුල් කව මෙසේ ය.
 
“සපිරි සිරි ඉසු රෙ න
Line 956 ⟶ 510:
 
එ නුවර අසබඩ වනයෙහි වැද්දෝ වෙසෙති. ඔවුන් තම ආහාරය පිළියෙල කර ගන්නේ මෙසේය.
 
 
 
 
 
 
 
 
 
 
.
 
(387)
 
එහි වසන වැදි ද න
Line 993 ⟶ 534:
 
ඒ පැරණ අහස් යානාව පදවන ලද්දේ ලනු වලිනි. එහි ලනු තුනක් වෙයි. එක ලනුවක් ඇද්ද කළ දඬු මොනරය අහසට නැගෙන්නේ ය. එකක් ඇද්ද කළ නවතින්නේ ය. අනික ඇද්ද කල්හි බිමට බසින්නේ ය. දඬු මොනරය පැදවූ කුමාරයා ගේ ප්ර මාදයකින් එය ගහක ඇද වැටුනු හැටි පවසන්නේ මෙසේ ය.
 
 
 
 
 
 
 
 
 
 
 
(388)
 
එබස අසමින් කුමරි බලවත්
Line 1,022 ⟶ 551:
යස ලෙස මගෙ අදහස් සිදු වෙන්ඩ යි
 
කව් 455 කින් යුත් සෙලෙස්තිනා කථාවද, විෂ්මය, භය, සන්ත්රාමසය සහ ශෝකය ද දනවන ප්ර වෘත්තියකි. මෙහි එයට තැනක් ලැබෙන්නේ ඒ කරුණු නිසා නොවේ. ජනතා සාහිත්යකයය පෝෂණය වූ එක් මගක් එයින් හෙළිවන බැවිනි. අනිත් කොයි සාහිත්යයයයකටත් දෙවෙනි නොවන තරමේ විසිතුරු ජනකථා ලැබන්නකි ද්ර්විඩ භාෂාව. ද්රෙවිඩය හා සමග අපේ සම්බන්ධයද ඉතා දීර්ඝ‍ කාලයක සිට පැවතෙන්නකි. වියරණය, නීතිය ආදිය සඳහා උගත් කවීන් විසින් ද්ර්විඩ ග්ර‍න්ථයන් ආශ්රපය කළ අතර ජන කවීහු එහි ඇති විසිතුරු ජන ප්ර්වාද ලිහිල් කවියට පෙරලා ගත්තෝ ය. ඒ බව සෙලෙස්තිනා කථා කර්තෘව කියන්ලනේ මෙසේ ය:-
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(389)
 
ආදිය සඳහා උගත් කවීන් විසින් ද්ර්විඩ ග්ර‍න්ථයන් ආශ්රපය කළ අතර ජන කවීහු එහි ඇති විසිතුරු ජන ප්ර්වාද ලිහිල් කවියට පෙරලා ගත්තෝ ය. ඒ බව සෙලෙස්තිනා කථා කර්තෘව කියන්ලනේ මෙසේ ය:-
 
ති බු නා මෙවග දෙමලෙන් පෙරදි දැක අ මා
Line 1,057 ⟶ 568:
සියළුම සත වඩිතෙයි තෙතෙයි
තෙයි බලනට යස උපතෙ යි
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(390)
 
15 වෙනි පරිච්ඡේදය
 
Line 1,082 ⟶ 574:
සැහැලි අංශයට වැටෙන ආගමික චරිත කථාවෝද වෙත්. එයින් මුල්තැන දිය යුත්තේ යසෝදරාවතට ය. මෙතරම් ගම්බද ජනතාව, විශේෂයෙන් ම ගැමි ගැහුණුන් විසින් ප්රි ය කරනු ලබන තවත් චරිතයක් නොමැත. ගැහැනියකට මුහුණ පාන්නට නොහැකි තරමේ කම් කටොලු වලට භාජනය වූ යසෝදරාව ඒ සියල්ලම ඉවසා විඳ දරා අවශානයේ දී රහත් වී නිවන් දුටුවා ය. එ නිසා ඇය සියලු කාන්තාවන්ට මහඟු ආදර්ශයකි. ඒ උත්තමාව ගේ චරිතයේ ගැමියන ගේ සිත් ගන්නා සැම අංශයක්ම ඔවුනට උචිත වන බසින් කවියට නඟා ජනතා කවියකු විසින් සකස් කරන ලද යසෝදරාවතේ පිටපතක් ගම්බද සෑම ගෙදරකින්ම පාහේ ලබා ගත හැක.
 
යසෝදරා චරිතය බොහෝ කවියන් ගේ ද සිත්ගත් වස්තුවකි. මෛථිලිශරණ ගුප්ස නමැති හින්දි කවියා ගේ ‍යශෝධරා1‍යශෝධරා(සිරි සීවලි හිමියන් විසින් මෙහි සිංහල පරිවර්තරනයක් කර තිබේ) ජනප්රිකය කෘතියක් වශයෙන් ප්රැසිඬියක් උසුලන බව් ප්රනකටය.
 
 
1. සිරි සීවලි හිමියන් විසින් මෙහි සිංහල පරිවර්තරනයක් කර තිබේ.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(391)
 
දිවංගත හික්කඩුවේ බී. එච්. අමරසේන කවියා විසින් යශෝධරා චරිතය රමනීය ලිහිල් කවිට නඟා යශෝදරාව නමින් කළ පොත ද කියවන්නන්ගේ සාදරය දිනාගන තිබේ. එහෙත් හින්දි යශෝධරාවට හෝ අමරසේන ගේ යශෝධරාවට පැරණි යසෝදරාවත පැරදවීමට නොහැකි විය. නිරනුමානයෙන්ම යෙදුම් විසින්, වියරණ විසින්, නවීන යශෝධරාව උසස්ය. එහෙත් ගැමියෝ ඒවා තුට්ටුවකට ගණන් නොගන්නෝ ය. ඔවුන්ට ඕනෑ ඔවුන්ගේ බසින්, ඔවුන් දන්නා අඳුනන මිනිසුන් ගැන හෘදයට කියන යශෝධරාවකි. එයින් යශෝදරාවත පරිපූර්ණිය. එ නිසා ඒ කෙරෙහි ඔවුන් ගේ ඇති ඇල්ම, පම්පරාවෙන් පරම්පරාවට ලියලා ගන ආ ආවේනික ඇල්ම, තව යශෝදරා කාව්යප දහසක් ලියුවත් බින්දුා මාත්රචයකින් හෝ අඩු කළ නොහැක. යසෝදරාවතේ කවි 130 කි. පටන් ගන්නා නවිය මෙසේ ය :-
Line 1,111 ⟶ 583:
මෝරා පුබුදු මල ලෙස බුදුවු ලොවු තු රා
 
මෙය ඇසෙන විටම ගැමි සිතෙහි ඇති වන්නේ බුදුබව ලබැ ගැනීම සඳහා පෙරුමන් පිරිය යුතු කාල සීමාවෙ දීර්ඝබ බව ය. ආරම්භයේ දීම විෂ්මයත්, ගෞරවයත්, සිතු තුළ දනවා, ඊ ළඟට බෝසතානන් වහන්සේ ගේ උත්පත්ති කථාව කවියා විස්තර කරන්නේ ය. බෝසතුන් පිළිසිඳ ගත් දින මහාමායා බිසව දුටු සීනය ඔහු කියන්නේ මෙසේ ය.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(392)
 
බෝසතානන් වහන්සේ ගේ උත්පත්ති කථාව කවියා විස්තර කරන්නේ ය. බෝසතුන් පිළිසිඳ ගත් දින මහාමායා බිසව දුටු සීනය ඔහු කියන්නේ මෙසේ ය.
 
රන් යහනේ සැතපෙන කළ බිසවුන් ට
Line 1,158 ⟶ 609:
ක න්යාත ලියෝ දෙදෙනෙකු පැන් නෑ වෙව් වා
අ නෝ තත්ත විල මම සිහිනෙන් දුටු වා
 
 
 
 
 
 
 
 
 
(393)
 
සුදු සත ලෙසට ඇත් පැටියෙක් විත් යහ නේ
Line 1,182 ⟶ 623:
 
ඇමතියා ආපසු විත් මේ සියල්ල ‍එසේම පැවසුවේ ය. එවිට එහි වූයේ අඳෝනා සැඩ සුළඟත්, ලමැද අත් ගැසුම් ගෙරවීමත් සමග උතුරා ගිය යසෝදරා දේවිය ගේ කඳුළු සාගරය ය. සෑම ගැහැණියෙක මෙන් ම යසෝදරාවද අදෝනා කියමින් හැඬුවා ය. පරණ සිදුවූම් හඬ නගා පවසමින් හැඬුවා ය. ඔහු සැතපුන යහන දෙස බලමින් ඉකි බිඳ බිඳ වැලපුනා ය. එපමණක්ම නොව තමා මතුවට කල දවස ගෙවන හැටි පිළින කරමින් ද අනේ අහිංසක දේවිය හැඬුවා යත වැලපුනා ය, විලාප නඟමින් හඬමින් සිහිසන් නැති ව ‍පොළොවෙහි වැතුරුනා ය.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(394)
 
යසෝදරා වැලපුම කව් තිස්දෙකකින් පවසන කවියා එය පටන් ගන්නේ මෙසේ ය.
Line 1,223 ⟶ 649:
ප තා අහිරිගා සිටියේ මම නොවෙ දා‍
පු තා දමා වැඩියේ ඇයි මහිමි ස දා
 
 
 
 
 
 
 
 
 
 
 
(395)
 
රු ව ඇති පුතුන් වැදුවා මා වැරදී ද
Line 1,261 ⟶ 675:
 
හිමි වියොවින් තැවුණූ ඇය අනාගතය ගැන කියන්නේ මෙසේ ය.
 
 
 
 
 
 
 
 
 
 
(396)
 
වෙ‍හෙස උනත් තද දුක් මම ඉව සඤ්ඤයි
Line 1,296 ⟶ 699:
එ ක හිමි පතා සිටියොත් ලඳුනි බැති කො ට
සැ ක නැත සග පවග සැප මතු ලැබෙන ව ට
 
 
 
 
 
 
 
 
 
 
 
 
(397)
 
ඉ න් නි සා ලියෙහි හිමිහට යටහති නී
Line 1,320 ⟶ 710:
 
වෘත්ත කිහිපයකින් යුත් කව් 412 කින් සමන්විත කථාව ආරම්භ වන්නේ නමස්කාරයෙනි. එය මෙසේය :-
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(398)
 
සෙත් සිරි දෙන සුග ත්
Line 1,355 ⟶ 727:
 
ඊලඟ කවියෙන් දෙව්දත් ගේ මුල් වෛරය පිළිබඳ කථාව පටන් ගැනෙන්නේ ය. එතැන් සිට ඒ ඒ ආත්ම භාවයන්හි දී ඔහු බෝසතුන්ට හිංසා කළ පුවත් එකින් එක පැවසෙන්නේ ය. අනතුරුව පළවන්නේ බුඬ චරිතය ය. එහි මාර යුඬය සඳහන් වන්නේ ඇසු ඇසු සිතෙහි භයත්, සන්ත්රාළසයත් උපදවන අයුරෙනි. ඒ සඳහා කව් 17 ක්ම යොදවා තිබේ. එහි තත්වය වටහා ගැනීම සඳහා කව් දෙකක් පමණක් ඇද දක්වන්නෙමු.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(399)
 
ඉසෙන් නැගීයන ගිනි ජාලාවෙන්
Line 1,392 ⟶ 747:
 
බුදුන් සමීපයෙහි දෙව්දත් මහනවූ සැටිත් වරම් පසක් ඉල්වා නොලැබීමෙන් වෛරවූ සැටිත් සවිස්තරව පැවසෙන්නේ ය. දෙව්දත්තෙර ඉල්වා සිටි තුන්වන වරය නම් සංඝයාට පිණ්ඩපාතයෙන්ම ජීවත් වන ලෙස නියම කිරීමය. එයට එකඟ නොවීමට හේතුවූ කරුණු කවියා පවසන්නේ මෙසේ ය.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(400)
 
වෙහෙරට ගෙණ දුන් දානය නුබුදින
Line 1,429 ⟶ 769:
ලෙඩින් දේවදත් තෙර උන් නේ
 
මෙසේ රෝගීවූ දෙවිදත් තෙර බුදුන් දැක වැඳ සියලු වරද කමාකරවා ‍ගන්නාමෙන් ඇඳක තබා උසුලවා ගෙන දෙව්රම් වෙහෙර කරා ගියේ ය. ජේතවන සීමාවේදී ඔහු ඇඳෙන් බැස්සේ ය. එවිටම පොළොව පලා ගිනිදැල් මතුවී ඔහු තිරයට ඇදගන යෑමට පටන්ගතු. කර කියාගත හැකිදෙයක් නොමැතිව ඒ අවාසනාවන්තයා නොයෙක් ඇවිටිලි කියා මොර දෙන්නට පටන් ගත්තේය.
 
 
 
 
 
 
 
 
 
 
(401)
 
එවිටම පොළොව පලා ගිනිදැල් මතුවී ඔහු තිරයට ඇදගන යෑමට පටන්ගතු. කර කියාගත හැකිදෙයක් නොමැතිව ඒ අවාසනාවන්තයා නොයෙක් ඇවිටිලි කියා මොර දෙන්නට පටන් ගත්තේය.
 
සු ද සු න් මහ නිරිඳු මගේ ඇවැස්ස මාමන් ඩී
Line 1,455 ⟶ 782:
 
මේ අ‍ඳෝනාවලින් වැඩක් නොවීය. පාපකාරී පුද්ගලයා පණ පිටින්ම අපායට ඇදගෙන යනු ලැබීය. ජන කවියා ගේ ඇතුළේ ඉන්නා නියම ගැමියා ඉදිරිපත් වන්නේ මෙවිටය. “කළ කළදේ - පලපලදේ” යන ගැමි පිරුල සිහියට නඟාගත් ඔහු දෙවිදතුට මෙසේ සිදුවීම යුක්ති යුක්තයැයි කියන්නේ ය. මැරී වැටුන සතුරා වටේ ගී කියමින් නැටු වනවාරී යුගයේ මිනිස් ගතියේ දේශ මාත්ර යක් ඉල්පී ගිය කලක මෙන් කවියා එක්තරා ඔජ වැඩවීමක් ලෙස දෙව්දතු ගේ අපරාධකාරී චරිතය පැවසීමට කවිවිසි පහක්ම යොදන්නේ ය. පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(402)
 
බුදුන් කරා මහණ වෙලා සිටියාවද මුන්දෑ
Line 1,498 ⟶ 809:
එ ලු වෙ න් කීවත් දහම් රසේම ය
ක වි යෙ න් කීවත් දහම් රසේම ය
 
 
 
 
 
 
 
 
 
 
(403)
 
අත්දුටු බේතක් සිලෝ වචනයෙ න්
Line 1,531 ⟶ 831:
උපන් එකර ගහ ගෙදර එවන් සේ
නමින් වනිජ සූරය මුදියන් සේ
 
 
 
 
 
 
 
 
 
 
 
 
(404)
 
බුද්ද වරුෂයෙන් දෙසිය දෙදහසි න
Line 1,565 ⟶ 852:
නොලසා හිමි සතුටුකර තොප නමා හි ස
නි දොසා පිරිමි බවකට වරය ගනු ය ස
 
 
 
 
 
 
 
 
 
 
 
(405)
 
අන්න දුගී භාවයේ සිටි එඩේර ඉතිකුමාරිය නිසා රජබවටද පැමිණියේ ය. එහෙත් ඒ සියළු යස ඉසුරු සාදා දුන් තම ප්රේකමනීය භාය්යාන ග ව අත්හැර ඔහු වෙන බිසවක් පාවා ගත්තේ ය. නොබෝ කලකින්ම හේ යලිත් දිළිදු විය. මීට හේතුව අළුත් බිරියයැයි ඔහු සිතූ සැටි කවියා පවසන්නේ මෙලෙසය.
Line 1,599 ⟶ 874:
 
හිමියා ගේ වරද ගැන උරන නොවූ ඉති කුමාරිය ඔහුට පෙරසේම සංග්රදහ කොට පිරිමි බව ලැබිමේ වරය ලැබුවාය.
 
 
 
 
 
 
 
 
 
 
 
 
(406)
 
කවියා ස්වකීය කෘතිය අවසාන කරන්නේ ස්ත්රීැ පුරුෂ දෙපක්ෂසයටම දෙන අවවාද මාලාවකිනි.
Line 1,641 ⟶ 903:
අඟනු සින්දා කෙලෙස ලැබුනත්
නොතකමින් සමහරු ඇ තේ
 
 
 
 
 
 
 
 
 
(407)
 
දෙදෙන අඹු සැමි සමගි වීමෙන්
Line 1,666 ⟶ 918:
මෙතෙක් කියැවුනේ බෞඬාගමික චරිත කථාවන් ගැනය. පෘතුගීසීන් සමග මේ රටට සංක්රිමණයවූ රෝමානු කතෝලික කිස්තුභක්තියද ඔවුන් ගේ පාලනය යටතේ පැවැති මුදු බඩ පළාත්වල මුල් බැස ගත්තේ ය. රෝමානු කතෝලික ජනතාව ගේ ශ්රවඬාභක්තිය දියුණු කිරීම සදහා කතෝලික ජන කවියන් විසින් දරන ලද පරිශ්රගමයද සිංහල සැහැලි කාව්යත පොහොසත් කිරීමට උදව්වී තිබේ. කතෝලික ආගමික චරිත සැහැලි එතරම් නොමැත. ආගම කෝක වුවද ජනකවියා ගේ හැඟීම් නම් එක බඳුමය. එනිසා බෞඬ ආගමික චරිත සැහැල්ලකින් කතෝලික ආගමික චරිත සැහැල්ල වෙනස් වන්නේ පුද්ගල ස්ථානාදියෙහි නාමයන් සම්බන්ධයෙන් පමණකි. කථා මගත්, කථාව ඉදිරිපත් කරන ආකාරයත්. වින්දන මතු කිරීමත් දෙකෙහිම එක හා සමානය. උපමා අලංකාරාදිය
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(408)
 
සෑම විටම කව් සමයයෙහි එන මිථ්යාහ විශ්වාසයන් උඩ ගොඩ නැඟුනුදේය. මෙය නූගත් ජන කවියන් පමණක් නොව උගත් කවි ගණයට ඇතුළත් වූ අලගියවන්නයන්ට පවා සාධාරන වුවක් බව කුස්තනතීහු හටන යෙන් පෙනේ.
Line 1,697 ⟶ 935:
 
1. කර්තෘ් ඇම්. ජී. කේ. ජෝන් ප්රේුරා.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(409)
 
සිල්වේස්ත්රී) මුනිඳුන්ගේ අවවාද පරිදි කිතු සමය වැළඳ ගත් ස්වකීය පුත්ර) රාජයාව මව් බිසව අවවාද කරන්නීය.
 
Line 1,741 ⟶ 964:
මෝක්ෂල පුර ලද්දයි යසි නී
 
ජනතාව තුළ ශ්රලඬා භක්තිය දැනවීම සඳහා පිළියෙළවූ ජන කාවියම්ද බොහෝ ගණනක් ඇත්තේය. මෙයිනුදු වන්දනා ‍ගමන්වලදී භාවිත වන පොත් විශේෂාදරයට භාජනයවී පවත්නේය. එයින් ශ්රාඬාවත් විනෝදයත් එකවිටම ලැබෙන බැවිනි. වන්දනා නඩයේ ගුරා උගුරේ රැල් බුරුල් හැර කියන කව්පදය සියල්ලෝම එක ලතා‍වට හඩ නගා කියවන්නෝය. මේ කව් පිළියෙලවී ඇත්තේ ද එසේ හඩනඟා ලෙලවා පහසුවෙන් කියවිය හැකි ලෙසය.
_________
 
 
 
 
(410)
 
පොදු ජනතාව තුළ ශ්රලඬා භක්තිය දැනවීම සඳහා පිළියෙළවූ ජන කාවියම්ද බොහෝ ගණනක් ඇත්තේය. මෙයිනුදු වන්දනා ‍ගමන්වලදී භාවිත වන පොත් විශේෂාදරයට භාජනයවී පවත්නේය. එයින් ශ්රාඬාවත් විනෝදයත් එකවිටම ලැබෙන බැවිනි. වන්දනා නඩයේ ගුරා උගුරේ රැල් බුරුල් හැර කියන කව්පදය සියල්ලෝම එක ලතා‍වට හඩ නගා කියවන්නෝය. මේ කව් පිළියෙලවී ඇත්තේ ද එසේ හඩනඟා ලෙලවා පහසුවෙන් කියවිය හැකි ලෙසය.
 
සිංහල ගැමියන්ගේ වන්දනා ගමන් වලින් මුල්ම තැන ගන්නේ ශ්රීලපාද වන්දනා ‍ගමනය. එතරම් අසීරු තවත් ගමනෙක් නැති. වෙහෙස වූ තරමට කුසලද වැඩිවන බව විශ්වාස කරන ගැමියා ඒ ගමන ගැන මහත් ආශාවක් දක්වන්නේ කරුනු සහිතවය. මාර්ග යන්හී බස් අරක් ගැනීමට පෙරාතුව ගමනේ සෑම කොටසක්ම ගියේ පයින්මය. ඒසා දීර්ඝී මාර්ගීයේදී ඇතිවන ගමන් විඩාව සිංසිඳවා ගැණීමටත්, නොයෙක් අරමුණුවල නොදුවා සිත භක්තියෙහිම රඳවා තැබීමටත් ඔව්හු ආගමික කවි කීයෝය. බසයෙන් දුම්රියෙන් වන්දනා ගමන් යන මෙකල පවා ඕසයට ඇද හඩ නඟා තොර තෝංචියක් නොමැතිව කවි කීමට තරම් මේ පුරුද්ද සමාජයේ මුල් බැසගන තිබේ.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(411)
 
සිරීපාදය කරුණා කරන්නන් විසින් බෙහෙවින්ම භාවිතා කරණු ලබන පොත් දෙකක් නම් සමනලහෑල්ල සහ තුන්සරණයයි. නවීනවන ලෝකය අනුගමනය කරන ඇතැම් නාගරිකයන් විසින් වඩාත් පහසුවෙන් කියැවිය හැකි වන පරිදි තනාගත් බයිලා සහ සින්දු ආදියද සිරිපා ගමනෙහි දී කියන බව පෙනේ. එහෙත් මුළු ලෝකයේ සිටින තාක් සෑම නාගරිකයන් විසින්ම උත්සාහ කළද ගැමි ජනයාගෙන් පරම්පරාවෙන් පරම්පරාවට ඔවුනට ආ සමනලහෑල්ල සහ තුන් සරණය ඉවත් කරවා ඒ වෙනුවට කොතරම් රමනීය වුවද අනික් කියමනකට ඇබ්බැහි කරවීම කළ හැක්කක් නොවේ. සමනල කන්දේ ගල් කැටයක් ගානේ කියැවී ඇති මේ කාවියම් එහි අහසේද රැව් පිළිරැව් දෙනු ලබන බැවිනි.
 
Line 1,779 ⟶ 972:
 
බුදු හාමුදුරුවන් වහන්සේ සමනල මුදුනට වැඩමවා ශ්රීන පාදය පිහිටවු සැටිත් දිව්යාංේගනාවක ගේ මග පෙන්වීම අනුව එක්තරා වැද්දෙක් ශ්රීට පාදය සොයාගන ඒ බව ලෝකයට පළකළහැටිත් පවසන සමනලහෑල්ල එතැන් සිට කියන්නේ දෙවියන් යැදගෙන සිරිපා ගමන යායුතු සැටිය ය.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(412)
 
පොතේ මුල් කොටස කව් 95 කින් නිමවන්නේය. මේ කොටස සිරිපා කඳු නැගීමේදී කියවීම පිණිස ය. අනිත් කොටසට කවි 31 ක් අයත් ය. එහි මාතෘකාව “පාත බැසීමට කියන පින්දෙන කවි” ය.
Line 1,825 ⟶ 1,001:
සි ය ළු දෙනාමත් මෙපින් ලබන්ඩ යි
 
 
 
 
 
 
 
 
(413)
 
තුන් සරණයේ කව් 127 ක් ඇත. රත්නත්ර යේ ගුණ, දෙවියන්ට පිදීම සහ ප්රා්ර්ථනාත් මෙයින් කියැවේ. කතුවරයා තමා ගැණත් තම උත්සාහය ගැනත් කියන්නේ මෙසේ ය.
Line 1,860 ⟶ 1,028:
කවි බැන්දට රොසි ණ
නොවි සැම දෙවි පිහිට මට වෙ ණ
 
 
 
 
 
 
 
 
 
 
 
(414)
 
සිව් වරන් දෙවි ‍ යෝ
Line 1,900 ⟶ 1,056:
වෙහෙරට රන් කොත වැනි තුන් සර නේ
________
 
 
 
 
 
 
 
 
 
(415)
පොදු ජනතාවට භයානක රසය සඳහා “කාළගෝල කථාවත්” ගෘගාරය සඳහා “ස්වර්ණ තිලක කථාව” සහ “රථවතී කථාව” ත්, එසේම විෂ්මය සඳහා “පත්මාවතී කථාව” සහ “තුන් යහළු කථ‍වාවත්” ආගමික අංශයෙන් ගෙන මැනැවින්පිළියෙළකර ඇත්තේ ය.
Line 1,918 ⟶ 1,064:
 
මේ සුවිශාල කාව්‍යයයට එලි දැක්මුට පිනක් නොතිබුනද උම්මග්ග ජාතකයේ අතුරු කථාවක් වන කාලගෝල ප්රතවෘත්තිය 19 වෙනි වතාවටද මුද්රයනයවී තිබේ.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(416)
 
කාලගෝල අස්න හෙවත් කාලගෝල කථාව විශේෂයෙන්ම සඳහන් කීරීමට සුදුසුකම් කිහිපයක්ම ඇත්තේ ය. එහි ජනතා සැහැල්ලෙහි මූලික ලක්ෂමණ සියල්ලම සංකර නොවී ආරක්ෂා වී තිබේ. සතර පද කව් හෝ දස පද සැහැලි හෝ එහි නොමැත්තේ ය. පද ගණනක් හෝ පාදයක අකුරු ගණනක් හෝ නියමව යෙදී නොමැත. ඕසයකින් පටන් ගෙන සංගීතවත් සේ යති තුබු පද සමූහයකින් කථාවේ එක්තරා කොටසක් සම්පූර්ණසවනසේ කියා ආරම්භ කරනු ලැබූ ඕසයෙන්ම එය අවසාන වන්නේ ය. ඊලඟ කොටසේ ආරම්භය හා අවසානයද ඒ අයුරෙන්මය. මෙබඳු කොටස් දහහතකින් කථාව සම්පූර්ණද වෙයි. මේ කොටස්වල සමතාවයක් නොමැත. එක කථා කොටසක් පාදයන් විස්සකින් සම්පූර්ණනවන කල තව කොටසක් පාදයන් අටකින් නිම වන්නේ ය. එහිදී අදහස් කොට තිබෙන්කනේ කථාවේ එක් සන්ධි ස්ථානයක් දක්වා කියා ගෙන ගොස් විශ්රාටම ගැනීම මිස පාදයන් හෝ පදයන් සමකොට යෙදීමක් නොවන බව මෙයින් පැහැදිලි වේ.
 
කවියා ස්වකීය කෘතිය පලිප්පු දැමීම පිණිස ජාතක කථාවේ නොමැති දෙයද ඉතා සමර්ථි ලෙස ඇතුල් කොට තිබේ. කැවුම් ගණන, දෙමාපිය නම්, ඉන් සමහරෙකි.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(417)
 
“සංගීතය” නමින් පොතෙහි දැක්වෙන ඕස පදය මෙසේය. “සාගරේ සාගරේ සාගර සංසයුර සාගරේ”. ස්වකීය දෙමාපියන් දැකීමට යෑමට කථාකෙ‍ළෙන් බිරිය කාල ගෝලයාට “තුන් කොන්ඩා රියෙන් වැටෙන්නට මෝල් කෙටියෙන් කන්සට ගැසූ” නමුදු ඇය ගමනට පොළඹවා ගැනීම සඳහා ඔහු මෙසේද කියන්නේය.
Line 1,974 ⟶ 1,084:
 
දික්තලාදී, එනම් කාලගෝල බිරිය ගමනට සැරසී පිටත් වූයේ මෙසේය :-
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(418)
 
4. උන්දෙන්නා නොබෝ දිනක් කල් අරිමින්,
Line 2,016 ⟶ 1,108:
මේ වැලි පමන නොවන,
කිඹුලෝ මේ ජලේ වැසෙන,
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(419)
 
අපි ඇර වෙන බැස්සෝතිත්,
Line 2,059 ⟶ 1,134:
 
පොතේ අවසාන සැහැලි අඩිය මෙසේය :-
 
 
 
 
 
 
 
 
 
 
 
 
(420)
 
දික්පිටියා ගෙන්නා ලා
"https://si.wikibooks.org/wiki/සිංහල_සැහැලි_-_viii" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි