"උග්ගල් අලුත්නුවර/උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
14 පේළිය:
 
යනාදී ලෙස යාදින්නක ස්වරූපයෙන් යුත් මේ ගායනය දේවාලයේ සියලු කාර්තික මංගල්‍යක දීම භාවිතවේ. එහිදී '''"දැකුම් අත් නැටීම"''' නම් වූ මුල්ම නැටුමේ '''(මුල්මාත්‍රයේ)''' එන මුල්ම ගායන ව්‍යවහාරය එයයි. කන්දකුමාර සිරිතේ කවි වල '''ගිරිමුදුනා වාසේ''' යන්නෙන් කතරගම දෙවියන් ගිරිමුදුන් ආශ්‍රිතව වැඩසිටි බව කියවේ. මේ අනුව “උග්ගල් අලුත්නුවර” යනු කඳසුරිඳුන් වැඩ සිටින අලුත්නුවරක් සේ ද ගතහැකිය. දේවාලය ගොඩනගා ඇත්තේද ගිරිමුදුනක් මත බැවින්ම “උග්ගල් අලුත්නුවර” සේ ව්‍යවහාර වූයේ යයි සිතීම මාවනැල්ල හා මහියංගනය වැනි ස්ථාන ආසන්නයේ ඇති අලුත්නුවර නම් හා සසඳන සිතිය හැකිය. මේ "'''උග්ගල්'''" යන ව්‍යවහාරය මෑත ඇති වූවක් නොව 1712 ලියැවුන කන්දකුමාර සිරිතේද 1825 ලියැවුනු බව සඳහන් "සොරගුණු දේවාල තුඩපතේ" ද බෝගන්ධන සිද්ධත්ථ ගනින්නාන්සේ ලියූ "බෝගන්ධන සන්නසේ" ද මහනුවර සමයේ ලියැවුන "නම්පොතේ"ද ඇති එකකි. මාවනැල්ල ආසන්නයේ ඇති අලුත්නුවර වාසය කරන්නේ '''දැඩිමුණ්ඩ දෙවියන්''' මිස කතරගම දෙවියන් නොවන බැවින් ඊට මේ පදය නොයෙදුනා විය හැකිය. '''මහියංගනය ආසන්නයේ ඇති අලුත්නුවර දේවාලයේ සිටින්නේ සමන් දෙවියන්ය'''. මෙසේ අලුත්නුවර යනුවෙන් ස්ථාන කීපයක් ඇති මුත් උග්ගල් අලුත්නුවර යන නාමය ඇත්තේ මේ ස්ථානයට පමණි. එහෙයින් උස්ගල් කන්දක පිහිටි නිසාම උග්ගල් අලුත්නුරව වීය යන සරළ නිගමනයකට පැමිණීම අපහසු වේ. ඊට කතරගම දේවියන්ගේ වාසභවනය සම්බන්ධව පවතින ව්‍යවහාරය ද ඈඳා “උග්ගල්” යන පදය එක් වූ බව ද සිතිය හැකිය.
 
'''උග්ගල් අළුත්නුවර හෙවත් උග්ගල් අලුත්නුවර නාමය පිළිබඳ තවත් විද්වත් මතයක්'''
 
මේ සියල්ලටම වඩා "උග්ගල් අලුත්නුවර" හෙවත් "උග්ගල් අළුත්නුවර" වෙනස් මතයක් නම්පොත් හෙවත් විහාර අස්න ලියැවුන වකවානුව හයව පැරකුම් සමය යයි නිගමනය කළ විට ඇතිවේ.එම ග්‍රන්ථය හයවන පැරකුම් සමයේ රචිත එකක් සේ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ ප්‍රකාශකරති. නම්පොතේ කියවෙන 161 වන සිද්ධස්ථානය වන්නේ උග්ගල් අළුත්නුවර වේ. ඒ අනුව ද නාවුල්ලේ දම්මානන්ද හිමිපාණන්වහන්සේ ගේ අදහස පරිදි බැමිණතියා මහා නියංසාය නිසා උග්ගල් කල්තොට මැදබැද්දේ පුරාණයේ සිට තිබූ කතරගම දේවාලය මේ ප්‍රදේශයේ අලුතෙන් පිහිටුවීමෙන් උග්ගල් කල්තොටින් ගෙනවිත් අලුතේන් ස්ථාපනය කළ නිසා උග්ගල් අළුත්නුවර වූ බවට දක්වන අදහස ද අනුව පිහිටුවීමේ කාලය ඉතා අතීතයට යනවා පමණක් නොව නගරය බිහිකිරීමේ කතාවද වෙනස්ම එකක් බවට පත්වේ. කෙසේ වුවද දැනට විද්‍යාමන පුරාණ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ හා පුරාණ ලී කැටයම් ආදිය මහනුවර සමයට වැටෙන බව පෙනීයාම ගැටළු මතු කරන්නකි.මේ සියල්ල අනුව උග්ගල් අළුත්නුවර ප්‍රභවය පිළිඳ ඉතිහාස කතාව අසම්පූර්ණ එකක් බවට පත්වීම වලකා ලිය නොහේ.