"උග්ගල් අලුත්නුවර/උග්ගල් අලුත්නුවර ඉතිහාසය හා භූගෝලීය පරිසරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
21 පේළිය:
'''භූ විෂමතාව'''
 
ප්‍රදේශයේ උස මීටර් 400 ත් 500ත් අතර වෙයි. පාරෙන් වයඹ දෙසට උස මීටර් 600ට වඩා වැඩි වන අතර උතුර දෙසට හා ඊසාන දෙට යත්ම භූමිය වඩා උස්වෙමින් මීටර් 600 ,800, 1000, 1200 දක්වා උස්වන සමෝච්ඡ රේඛා මායිම් සටහන් වෙමින් කදුකරය බවට පත්වෙයි. ලෝකාන්තය සහ හෝට්න් තැන්නට ඍජු දුර සැතපුම් හතරකට(කි.මී.21/2) වඩා වැඩි නොවේ. උග්ගල් අලුත්නුවර භූමිභාගය නිරිත,බටහිර,වයඹ, උතුර හා නැගෙනහිර දෙසින් කඳුකරය ද ගිණිකොණ හා දකුණු දෙසට බෑවුම්වන ආකාරයෙන් ද පිහිටි සානුවකි. දේවාල පරිශ්‍රය පමණක් හුදෙකලාව ගත් විට මීටර් 500 සමෝච්ඡ රේඛාවෙන් හැම පසකින්ම ආවරණය වන බේසමක් වැනිය. එහි යන්තම් හෝ විවරයක් ඇත්තේ ගිණිකොණ දෙසට හැරෙමින් ගලා බසින දෙනගංඔයට සම්බන්ධවන පටු නිම්නයක් නිසා පමණි. හෙල්වැටි ගිණ කොණ දෙසට විහිදෙන ලක්ෂණ වලින් යුතුවන අතර භූමි ප්‍රදේශයේ උස්බිම් මුදුන් බහුලය. එවැනි එක් උස්බිමක් වටා පරිසරයට වන හානිය අවම වන පරිදි වෙනස්කර දේවාල පරිශ්‍රය ගොඩ නැගීමට තරම් පැරැන්නෝ දූරදර්ශිව කටයුතු කර ඇති බව පසක් කළ හැකිය. ඔවුහු පරිසරයට අත තබා ඇත්තේ ඉතා පරෙස්සමිනි. මේ භූ විෂතාවය මගින් දේශපාලනික රැකවරණය ද ලැබිණි. 1620 දී කොන්ස්තන්තීනුද සා නොරොඤඤා මල්වාන, කරුවිට, සපරපුර, නිවිතිගල, සංවාන සහ බළන්ගොඩ හරහා පැමිණ කණතිරියන්වෙල පිහිටි ශ්‍රීමහා බෝධි ශාඛාව කපා දමා විනාශ කර මැද්දේගම් රාජධානිය ගිනිතබා විනාශකරන ආකාරයත් රජපවුල පළවා හැර පවුල් පිටින් මිනිසුන් සමූලඝාතනය කළ ආකාරයත් එතැන්සිට ඉඹුල්පේ දක්වා ගම් බිම් ගිනිතබා විනාශ කරමින් පැමිණි බවත් අලගියවන්න මුකවෙටි විසින් රචිත කෘතියක් යයි සැලකෙන "කුස්තන්තීනු හටන" කාව්‍යයේ විස්තර කෙරෙයි. නොරොඤ්ඤාට උග්ගල් අලුත්නුවර දේවාලය හෝ රජමහාවිහාරය හමුවී නැත්තේ උස්බිම් හා ඒ අවට වසාගත් මැදගම වන්න්තරයත් හේතුවෙනි. ඒ අනුව දේවාලයට ආරක්ෂාව ස්වාභාවික රැකවරණ‍ය නිසාම සැලසී ඇති බව පෙනේ.
 
'''ජලවහන රටාව'''