"ලෝකෝපකාරය-iv" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' 151. මෙ බඳු බෝසත් ගුණ - යුත් කෙළෙහි ගුණදත්රජුන් හ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
 
1 පේළිය:
 
 
 
151. මෙ බඳු බෝසත් ගුණ - යුත් කෙළෙහි ගුණදත්රජුන් හා
සතුරෝ මිතුරු වෙත් - ඔවුන් වග පිළිවෙළින් පවතී.
සතුරෝ මිතුරු වෙත් - ඔවුන් වග පිළිවෙළින් පවතී.
 
 
පදාර්ථ:- මෙබදු - මෙ වැනි, බෝසත් ගුණ - බෝධිසත්ව ගුණයුත්, රජුන් හා, සතුරෝ - විරුද්ධකාරයෝමිතුරු වෙත් - මිත්රජයෝ වෙත්, ඔවුන් වග - ඔවුන්ගේ කුලයද, පිළිවෙලින් - පිළිවෙලින්, පවතී - පවතින්නේය.
 
භාවය:- මේබඳු උතුම් ගුණ ඇති බෝධිසත්වයෝ ගුණයෙන් යුතු වූ රජුන් සමග සතුරෝ වුවද මිතුරු වෙත්. ඔවුන්ගේ කුලයද පිළිවෙළින් පවතී.
 
 
 
152. නුවනැස මැතිවරන්- කීමෙහි යෙදෙනු රජුට නියමයි
සිතැති කම් සිදුවේ - සත් කෙත් වැවේ කුළුණ වැස්සෙන්.
සිතැති කම් සිදුවේ - සත් කෙත් වැවේ කුළුණ වැස්සෙන්.
 
 
පදාර්ථ:- නුවණැස මැතිවරන් - නුවණ ඇති මැතිවරයන්ගේ, කීමෙහි - අවවාද දීමෙහි, යෙදෙනු - යෙදීම, රජුට - රජුන්ට, නියමයි - නියම වේ, සිතැතිකම් - සිත්හි ඇති කම්, සිදුවේ - සිද්ධ වේ, කුළුණ වැස්සෙන් - කරුණා නමැති වැස්සෙන්, සත් - පුරුෂ නමැති කෙත් , කුඹුරු වැවේ - වැවෙන්නේය.
 
භාවය:- නුවණ ඇති මැතිවරයන්ගේ කීම නියමයෙන් පිළිපදින රජුන්ගේ සිතැඟි ඉටුවෙයි. ජනතා නමැති කුඹුර කරුණා නමැති වැස්සෙන් වැවේ.
 
 
 
153. ලෙව් රකින නිරිඳුන් - කපුන පව් කළ දනෝ වැනසෙත්
සත් කෙත් වත් වචන - මේ නොමද මද වැස්සෙන්
සත් කෙත් වත් වචන - මේ නොමද මද වැස්සෙන් නසන මෙන්.
 
 
 
පදාර්ථ:- ලෙව් රකින - ලෝකය ආරක්ෂා කරන, නිරිඳුන් - රජුන්, කිපුණ - කිපී ගියකල, පව් කළ දනෝ - පව් කළ අය, වැනසෙත් - විනාශයට, සත් සත් කෙත්වත් වචන - යහපත් කෙත්වත් වවන්නාවූ, මේ මේඝය, නො මඳ වැස්සෙන් - තදින් වැසීම නිසා, නසන මෙන් - නසන්නාක් මෙනි.
 
භාවය:- ලෝකය රකින රජුන් කෝප වූ විට පව් කළ අය වැනසෙති. වැස්ස නැති කුඹුරු, වතු සශ්රි ක වේ, එම වැස්ස වැඩි වූ විට ඒ කෙත්වත් විනාශ වේ.
 
 
 
 
154. පරහට නො දී දුක් - දුදනන් වෙතට නො ගොස් දහමෙන්
දවස පසුවේ නම් - මහත් ඉසුරට වැඩි වියත් හට
දවස පසුවේ නම් - මහත් ඉසුරට වැඩි වියත් හට
 
 
පදාර්ථ:- පරහට - අන්යමයන්ට, දුක් නොදී - දුක් නොදී, දුදනන් වෙතට- දුර්ජනයන් ළගට, නො ගොස්, ගමන් නො කොට, දැහැමෙන් - ධර්මිකව, දවස පසුවේ නම් - දවස ගෙවේ නම්, වියත්හට - උගතුන්ට මහත් ඉසුරට වැඩි - මහත් සම්පත්තියකට වැඩිය.
 
භාවය:- අනුන්ට දුක් නොදි දුදනන් හා ඇසුරට නො ගොස් දැහැමින් කල් ගෙවේ නම් උගතුන්හට එය මහත් ධනයකට වැඩි වේ.
 
 
 
155. පසිඳු පිරිසිදු කුල මුත් - මැද දුදනයකු පැමිණියොත්
සිරිසඳ සඳ රුවන් - අමාදුක් සිඳුනි විස නැගීමෙන්.
සිරිසඳ සඳ රුවන් - අමාදුක් සිඳුනි විස නැගීමෙන්.
 
 
පදාර්ථ:- පසිඳු- ප්ර සිද්ධ, පිරිසිදු කල මුත් - පරිසිදු කුලයක වුවත්, මැද - මැදට, දුදනකු පැමිණියොත් - දුර්ජනයකු පැමිණියහොත්, සිරිසඳ - සිරිකතය, සඳ රුවන් - චන්ද්රයයාය, අමාදුන් - අමෘතය දුන්, සිඳුනි - කිරි සයුරින්, විස නැගීමෙන් - විෂ උත්ගතවීමෙන් විනාශ වන්නාක් මෙනි.
Line 38 ⟶ 56:
භාවය:- ප්රටසිද්ධ ගුණවත් කුලයක හෝ දුර්ජනයෙක් උපන්නොත් එම කුලය විනාශයට යේ. ශ්රීත කාන්තාව, චන්ද්රතයා, අමා ආදී උසස් දේ උපන් සාගරයෙන් විෂ හටගෙන විනාශයට ගියා මෙනි.
 
156. මහ පොළොවට වඩා - මහත් වත්නැති මේ මුඵලොවෙහි
 
ඊටත් මහත් වේ - තමා ඉසුරුව වරද ඉවසුම්.
156. මහ පොළොවට වඩා - මහත් වත්නැති මේ මුඵලොවෙහි
ඊටත් මහත් වේ - තමා ඉසුරුව වරද ඉවසුම්.
 
 
පදාර්ථ:- මේ ලොවෙහි - මේ මුඵ ලෝකයෙහි, මහ පො‍ළොවට වඩා - මහා පෘථිවියට වඩා, මහත් වත් - මහත් වස්තුවක්, නැති - නැත්තේය, තමා ඉසුරුව - තමා බලවත් නායකයෙක් වී, වරද ඉවසුම් - වරද ඉවසීම, ඊටත් මහත් වේ - ඊටත් වඩා මහත් වේ,
 
භාවය:- මේ ලෝකයේ ඉතාම විශාල වස්තුව මහ පො‍ළොවයි. තමා බලවත් නායකයෙක් වී වරද ඉවසා නම් එම (මහ පොළොවට) ද වඩා මහත් වේ.
 
 
 
 
157. බබළන රන් මෙරත් - කුල පවු වලින් තෙවුන විලසින්
ලොවැති නිරිඳුන්ටත්- ඇමතිවරු ඇති හොතිනේ හොබනේ
ලොවැති නිරිඳුන්ටත්- ඇමතිවරු ඇති හොතිනේ හොබනේ
 
 
පදාර්ථ:- බබළන - බබළන්නාවූ, රන්මෙරත් - මහ මේරුවත්, කුල පවු වලින් - සප්ත කූට පර්වතයන්ගෙන්, තෙවුන විල - සිත් බබළන පරිද්දෙන්, ලො වැති -ලෝකයෙහි, ඇත්තා වූ නිරිඳුන්ටත් - රජුන්ටත්, ඇමතිවරු - අමාත්යවයෝ, ඇතිහොත් - ඇතොත්, ඉන් - එයින්, හොබනේ - බබළා.
 
භාවය:- බබළන මහා මේරුවත් සප්තකූට පර්වතයන්ගෙන් බබළන පරිද්දෙන් ලෝකයෙහි ඇත්තාවූ රජුන්ටත් ඇමතියන් මෙන් නම් එයින් බැබළීමට පත් වේ.
 
 
 
158. දිවා රෑ බබළන - රිවි සඳු සෙ පෙනෙන දෙවියෝ

මෙ බඳු දෙවියන්ටත් - අතරතුර රාහුගෙන්.
 
 
පදාර්ථ:- දිවා රෑ බබලන - දවල් රාත්රීත දෙක්හි බබළන, රිවි සඳුසේ - සූර්යයා හා චන්ද්ර යා සේ , පෙනෙන - පෙනෙන්නාවූ, දෙවිවරු දෙවිවරු, නැත් - නැත්තාහුය, මෙ බඳු - මෙවැනි, දෙවියන්ටත් - දෙවිවරුන්ටත්, අතරතුර - කලින්කල, රාහුගෙන් - රාහු අසුරාගෙන්, බියවේ - බිය ඇතිවේ.
 
භාවය:- හිර සඳ දෙදෙනා රෑ දවල් බලළත්. එ බඳු වෙනත් දෙවියෝ නො වෙති. මෙ වැනි දෙවිවරුන්ටත් රාහු ග්රිහණයෙන් බිය ඇතිවේ.
 
 
 
159. පව් බැඳි සිත් නො මැති - දනහටයම දොසත් පැමිණුනත්
වන නො මැති අත්ලෙහි - විෂ නො නැගෙන
වන නො මැති අත්ලෙහි - විෂ නො නැගෙන මෙන් නොම වේ දුක්
 
 
පදාර්ථ:- පවු බැඳි - පාපයෙහි බැඳුණු, සිත් - සිත, නොමැති - නොම ඇත්තා වූ, දනහට - ජනතාවට, යම් දොසක් - යම්කිසි වැරැද්දක්, පැමිණුනත් - පැමිණියත්, වණ නොමැති - තුවාලයක් නො මැති, අත්ලෙහි - අත්ලෙහි, වස - විෂ, නො නැගෙන මෙන් නොනැගෙන්නාක් මෙන්, දුක් - දුකක්, නොම වේ - නොවේ.
 
භාවය:- පාපයෙහි බැඳුණු සිතක් නො නැත්තාවූ මිනිසුන්ට යම්කිසි වැරැද්දක් පැමිණියත් තුවාලයක් නැති අත්ලෙහි විෂ නො නැගෙන්නාසේ දුකක් ඇති නොවේ.
 
 
 
160. නල සිළු තුළට වැද - සිහිල නල නො නැසී පවතිනෙව්
සමත ණැන මැතිවර -රදුන්වෙත නිති වැසත්නොනැසත්
සමත ණැන මැතිවර -රදුන්වෙත නිති වැසත්නොනැසත්
 
 
පදාර්ථ:- සිහිල නල - සීතල සුළඟ, නල සිළු තුලට - ගිනිදළු තුලට, වැද - වදිමින්, නො නැසී - විනාශ නොවී, පවතින එව් - පවතින්නාක් මෙන්, සමත් සමත් වූ, නැණ මැතිවරු - ඥානවන්ත මැතිවරු, රදුන්වෙත - රදුන් සමීපයෙහි, නිති වැසත් - නිරන්තරයෙන් වාසය කොටත්, නො නැසෙත් - විනාශයට නොයත්.
 
භාවය:- සීතල වාතය ගිනිදැල් තුළට වැද විනාශ නොවී පවතින්නාක් මෙන් සමර්ථ නැණවත් මන්ත්රීිවරු රජුන් සමීපයෙහි නරම වාසය කොටත්.
 
 
 
161. නිරිඳුන්ගේ තත ඉඟි - නො දත් මැතිවර නො දත් ගජිඳු
තෙසක් සිවුපා යුත් - මැති ඇති රදුට සිතුව සෑදේ.
තෙසක් සිවුපා යුත් - මැති ඇති රදුට සිතුව සෑදේ.
 
 
පදාර්ථ:- නිරිඳුන්ගේ - රජුන්ගේ, සිත - සිතෙහි, ඉඟි නොදත් - ඉඟි නොදත්තාවු, මැතිවරු - මන්ත්රීනවරු, නොදත් ගිජිඳු යි - දත් නැත්තාවූ ඇත්තුය, තෙසක් - ශක්ති තුනක් ඇති හා, සිවුපා යුත් - සිව් උපා ඇති මැති ඇති - මන්ත්රී න් ඇති, රඳුට - රජවරුනට, සිතුව - සිතූදෙය, සෑදේ - සිද්ධවේ.
Line 80 ⟶ 123:
භාවය:- රජුගේ සිතෙහි ඉඟි නො දත් මන්ත්රී-වරු දළ නොමැති ඇත්තුය. ශක්ති තුනක් ඇති, සිවු උපා ඇති මන්ත්රීැන් ඇති රජුන්ට සිතූ දෙය ඉටුවේ.
 
162. නිරිඳුන් ඉදිරියෙහි - අකාරණ කන් කෙඳිරි නො කරව්
 
රද අදහස් ලෙසට - වදන් දෙව් දෙව් සබාවන මෙන්
162. නිරිඳුන් ඉදිරියෙහි - අකාරණ කන් කෙඳිරි නො කරව්
රද අදහස් ලෙසට - වදන් දෙව් දෙව් සබාවන මෙන්
 
 
පදාර්ථ:- නිරිදුන් ඉදිරියෙහි - රජ වරුන් ඉදිරියෙහි, අකාරණ - කරුණු නොවන, කන් කෙඳිරි - කන් කෙඳිරි, නොකරව් - නොකරව්, රද - රජුගේ, අදහස් ලෙසට - අදහස් පරිදි, සබා වන මෙන් - සත්යි වන (මෙන්) පරිදි, දෙව් වදන් - උතුම් වචන, දෙව් - දෙව්.
 
භාවය:- රජවරුන් ඉදිරියේ කන්කෙඳිරි නො කරව්. රජ අදහස් අනුව සත්යන වාදී වදන් දෙව්.
 
 
 
163. ලොව නැව දනා බඩු - නැව් නා නිරිඳු මෙ ඇම සමගින්
වියත් මැති මාලවි - උගත් සත බෙලෙනි පවතිනුයේ.
වියත් මැති මාලවි - උගත් සත බෙලෙනි පවතිනුයේ.
 
 
පදාර්ථ:- දනා බඩු - ජන නමැති බඩු ද, නැව් නා - නැවෙහි නායක වූ, නිරිඳු - රජුද, මෙ ඇම සමගින් - මේ සියල්ල සමගින්, ලොව නැව - ලෝකය නමැති නැව, පවතිනුයේ - පවතිනේ, වියත් මැති මාලවී - උගත් ඇමති නමැති නැවියා, උගත් සත බෙලෙනි - ඉගෙන ගන්නාවූ ශාස්ත්රි මහිමයෙනි.
 
භාවය:- රට නමැති නැවෙහි බඩු පටවා නැවේ ප්රනධාන වූ රජතුමා සමගින් පදවන්නේ උගත් ඇමති නමැති නැවියාගේ ශාස්ත්රප මහිමයෙනි.
 
 
 
 
164. කිසි කාරිය නැතත් - රදු හා මැතිඳු නිතියෙන්
සෙව් නැ දනන්ගේ - දනට රැකවරණයෙහි සුරකිව්.
සෙව් නැ දනන්ගේ - දනට රැකවරණයෙහි සුරකිව්.
 
පදාර්ථ:- කිසි කාරිය - කිසි කාර්යක්, නැතත් - නැතිවුවත්, රදු හා මැතිදු - රජු හා ඇමතියා, නිකියෙන් සෙව්නා - නිරතුරු සේවය කරන්නා වූ, දනන්ගේ - ජනයන්ගේ, දනට - දානයට, සුරකින - අතිශයින් ආරක්ෂා කරන්නා වූ, රැකවරණයෙකි - ආරක්ෂාවෙකි.
Line 102 ⟶ 156:
භාවය:- කිසි කාර්යයක් නොමැතත් රජු හා ඇමති නිතර සේවනය කරන්නා වූ ජනයාගේ ධනයට රැකවරණයකි.
 
165. රදුන් සෙව්නා දන - නොළං නුදුරුව ගිනි තපින මෙන්
 
සිහි නුවනින් යෙදී - සප් රජෙකු මෙන් සිතා වැජඹෙවු.
165. රදුන් සෙව්නා දන - නොළං නුදුරුව ගිනි තපින මෙන්
සිහි නුවනින් යෙදී - සප් රජෙකු මෙන් සිතා වැජඹෙවු.
 
 
පදාර්ථ:- රදුන් - රජුන්, සෙවුනා - සේවනය කරන්නාවූ, දන - ජනයෙනි, නොළං - සමීපනොවී, නුදුරුව - ඈතටද නොගොස්, ගිනි - ගින්න, තපින මෙන් - තපින්නාක් මෙන්, සිහි නුවණින් - සිහියෙන් හා බුද්ධියෙන්, යෙදී- යුක්තව, සප් රජෙකු මෙන් - සර්ප රාජයකු මෙන්, සිතා - සිතමින්, වැජඹෙව් - බැබළෙව්.
 
භාවය:- රජුන් සේවනය කරන ජනයෙනි.ළං ද දුර ද නොවී ගිනි තපින්නා මෙන් සිහියෙන් හා නුවණින් යුතුව, නාරජෙකු මෙන් සිතමින් පවතිමි.
 
 
 
166. රජුන් උදහස් වුව - පෙරටුව උතුරු වදන් දෙන්නෝ
ගිනි ළග ඉටි විරෙන - ලෙසින් තම සිරිනි පිරිහීයත්
ගිනි ළග ඉටි විරෙන - ලෙසින් තම සිරිනි පිරිහීයත්
 
 
පදාර්ථ:- රදුන් - රජවරුන්, උදහස් වුව - උදහස් වුවත්, පෙරටුව - ඉදිරියෙහි සිට, උතුරු වදන් - පිළිතුරු වචන, දෙන්නෝ - දෙන අය, ගිනි ලග - ගිනි සමීපයෙහි, ඉටි -ඉටි, විරෙන ලෙසින් - දියවී යන්නාසේ, තම - තමන්ගේ, සිරිනි - සම්පත්තියෙන්, පිරිහී යති - පිරිහී යෙත්.
Line 116 ⟶ 178:
භාවය:- රජුන් කෝපයට පත්විට, ඉදිරියෙහි සිට පිළිතුරු දීමෙන් ගිනි ලග ඇති ඉටි දියව යන්නාසේ තමන්ගේ සම්පත් දිය කරවා ගත.
 
167. රදුන් තිළිනෙන් මුත් - අන් සතකුගෙන් නොයේ දුක් ගිම්
 
වැසි වැස යන ගිමන් - යේද පිනිබටුවයි සතන්ගේ
167. රදුන් තිළිනෙන් මුත් - අන් සතකුගෙන් නොයේ දුක් ගිම්
වැසි වැස යන ගිමන් - යේද පිනිබටුවයි සතන්ගේ
 
 
පදාර්ථ:- රදුන් - රජුන්ගේ, තිළිනෙන් මුත් - පරිත්යාේගයෙන් විනා - දුක් ගිම් සතන්ගේ - මිනිසුන්ගේ දුක් නමැති ග්රීළෂ්මය, නොයේ - පහ නොවන්නේය, වැසි වැස - වර්ෂාව වැස, යන - පහව යන්නාවූ, ගිමන් - ග්රීාෂ්මය, පිනිබටුවයි - පිනිබෑමෙන්, යේ ද - පහවයේද.
Line 123 ⟶ 189:
භාවය:- මිනිසුන්ට ඇති දුක් නමැති ග්රීදෂ්මය පහකරන්නට හැක්කේ රජුන්ගේ පරිත්යානගයෙනි. මහා වර්ෂාවකින් පහව යා යුතු ග්රීරෂ්මය පිනි වැටීමකින් කෙළවර වේ ද?
 
 
168. රදුන් ලොබැති දෙයට - ලොබය නොකරව් පණට
 
හිතැතොත්
168. රදුන් ලොබැති දෙයට - ලොබය නොකරව් පණට හිතැතොත්
පලඟැටි ගොදුරු පත් - වැටුප් මැද වැද නෑසුනු ලෙස වේ.
පලඟැටි ගොදුරු පත් - වැටුප් මැද වැද නෑසුනු ලෙස වේ.
 
 
පදාර්ථ:- පණට හිතතොත් - තම ප්රානණය ගැන කල්පනා කරන්නෙ නම්, රදුන් ලොබැති දෙයට - රජු ආශා කරන දෙයට, ලොබය නොකරව් - ලෝභ නොකරව්, ගොදුරුපත් - ගොදුර සඳහා පැමිණි, පළගැටි - පළගැටියා, වැටුප් මැද - පහනෙහි මැද, වැද - වැදී, නැසුනු ‍ලෙස වේ - නැසුනු ලෙස සිදුවේ.
 
භාවය:- තමන්ගේ පණ රැකගැනීමට සිතතොත් රජතුමා ආශා කරන දෙයට ආසා නො කරව්. ගොදුරු සඳහා පැමිණි පළගැටියා පහන මැදට වැටී නැසුනා මෙන් සිදුවන්නේය.
 
 
 
 
169. රදුන් බජනය කළ - කෙදන දනවත්ව බබළන
 
රන් නෙර ඇසුරු කළ - හැම සතන් එම පැහැය වන මෙන්
 
 
පදාර්ථ:- රදුන් - රජවරුන්, බජනය කළ - ඇසුරු කළ, කෙදන - කවර කෙනෙක් වුවත්, දනවත්ව - ධනවත්ව, බබළා - බබළන්නේය, රන් නෙර - ස්වර්ණ මේරුපර්වතය, ඇසුරු කළ - ආශ්රනය කළ, හැම සතන් - හැම සත්තුම, එම පැහැය වන මෙන් - එම පැහැයට එන්නා මෙනි.
 
භාවය:- රජතුමා ආශ්ර ය කරන කවර කෙනෙක් වුවත් ධනවත්ව බබලති. රුවන් මෙර ඇසුරු කරන හැම සතෙක්ම රන්වන් පැහැය ගන්නා මෙනි.
 
 
 
 
170. නිරිඳු කිපුනේ තැනින් - පහව ගැලවෙති නැණැති සුදියෝ
එන සැර පහර දැන - ඉවත පැන ගැලවුනත් සමාවෙත්.
එන සැර පහර දැන - ඉවත පැන ගැලවුනත් සමාවෙත්.
 
 
පදාර්ථ:- නිරිඳු - රජතුමා, කිපුණු - කිපුණ කල්හි, නැණැති සුදියෝ - නුවණ ඇති පණ්ඩිතයෝ, එතැනිනි - ඒ ස්ථානයෙන්,පහව - පහවී, ගැලවෙති - ගැලවෙන්නා හ, එන - එන්නාවූ, සැර පහර දැක - ඊ පහර දැක, ඉවත පැන - ඈතට පැන, ගැලවුනත් - ගැලවුන අය හා සමවෙත් - සමාන වෙති
.
භාවය:- රජතුමා කෝප වූවිට, නැණැති මිනිසුන් වහා එතැනින් පහව ගැලවෙති. ඉස්සරහට එන ඊ පහර දැක ඈතට පැන ගැලවුන අය හා සමාන වෙති.
 
 
 
 
171. රජු නඳින බඳුනා - සැරහෙන බුදින ඉදිනා
 
රජ සිරිති නෙකකුත් - නො කරව් සිතැති ඉඳිනා
 
 
පදාර්ථ:- රජුන් - රජතුමන්, අඳින - අඳින්නාවූ, බඳින - බඳින්නාවූද, සැරසෙන - සැරසෙන්නාවූ ද, බුදින - අනුභව කරන්නා වූද, ඉඳිනා - ඉඳින්නාවූ ද, රජසිරිතින් - රාජ සිරිත් අතුරෙන්, එකකුත් - එකක්වත්, ඉඳිනා සිත් ඇති, ජීවත් වීමට කැමත් අය, නො කරව් - නො කරව.
 
භාවය:- රජුන් අදින, පළඳින, බඳින, සැරසෙන, අනුභව කරන, විඳින විලාසිතාවන්ගෙන් එකක්වත් අනුකරණය නො කරව්.
 
 
 
172. රජුන් සිතතුළ කම් - නො දැන නොමඳව වදන්දෙන්නෝ
නො ඇඳ සිවුසැට විල් - රාජවිල් කෙළනවුන් වැන්නෝ
නො ඇඳ සිවුසැට විල් - රාජවිල් කෙළනවුන් වැන්නෝ
 
 
පදාර්ථ:- රජුන් - රජුන්ගේ, සිත් තුළ කම් - සිත් තුළ වූ අදහස්, නො දැන - නොම දැක, නො මදව - බොහෝ වදන්, වචන දෙන්නෝ - කියන්නෝ, සිවු සැටක් විල් - සැටක් කොට, නො ඇඳ - නො අඳිමින්, රාජ විල් - රාජවිල් නමැති ක්රී ඩාව, කෙළනවූන් - ක්රී,ඩා කරන්නවුන්, වැන්නෝය.
 
භාවය:- රජුන්ගේ සිත් තුළ ඇති අදහස් නො දැන ඔහු ඉදිරිපිට වචන ප්ර්කාශ කරන්නෝ කොටු නොමැතිව රාජවිල් ක්රීපඩාව කරන්නා මෙනි.
 
 
 
 
173. තෙද විකුම් ගුණ නැණ - ඉසුරුමත් රජුට නැති සතුරෝ
 
නුබමිණ උදව්ට - අඳුර දිව අන්දිවට වන් මෙන්.
 
 
පදාර්ථ:- තෙද - තේජස, වික්ර මය, ගුණ - ගුණය, නැණ - ඥානය, යන ආදිය ඇති, ඉසුරුමත් - ඓශ්චර්ය යන මේවා ඇති රජුට - රජතුමාට, සතුරෝ - සතුරෝ, නැත්මැයි - නැත්තේමැයි, නුබමින් - සූර්යයා, උදාවිට - උදා වූකළ, අඳුර - අන්ධකාරය, දිව - දිවගොස්, අන්දිවට - අන්ය් දිවයිනකට, වන් මෙන්, පැමිණියා මෙන්.
 
භාවය:- තේජස, වික්රිම ගුණඥාණ සම්පත් ආදිය ඇති රජුට සතුරෝ නැත්තේ මැයි. සූර්යයා උදාවූ විට, අන්ධකාරය පහම වෙන දිවයිනකට පැමිණියා මෙනි.
 
 
 
174. සැබෑ බස දෙවියන් - වෙති පවති බොරු දනන් තුඩාවේ

එසෙයින් දනන් ගෙන් - නිබොරු සත ලොව සුරනයුරු වෙත්
සුරනයුරු වෙත්
 
පදාර්ථ:- සැබෑ තස - සත්ය- වචනය, දෙවියන් වත - දෙවියන් සමීපයෙහි, පවතී පවතී, බොරු - මුසාව, දනන් තුඩ වේ - මිනිසුන්ගේ කටෙහි වේ, එසෙයින් - එනිසා, දනන් ගෙන් - මිනිසුන් අතර, නිබොරු - සත - සත්ය වචන කියන්නෝ, ලොවැ - ලෝකයෙහි, සුරන්අසුරු මෙන් වෙත්.දෙවියන් මෙන් වෙති.
 
භාවය:- ඇත්ත වචනය දෙවියන් ලඟත්, බොරුව මිනිසා ලඟත් පවතී. එනිසා මිනිසුන් අතර සත්යය කියන්නෝ දෙවියන් මෙන් සලකත්.
 
 
 
175. නිවන් සත් වුවත් - සත් පුතකු ලදහොත් සුපින්වත්
 
නො මඳ සව් සිරිවේ - සිතුමිණක් ලත් කළක් විලසින්
 
 
පදාර්ථ:- නිවන් - වස්තුව නැති, සත් වුවත් - සත්වයෙක් වුවත්, සුපින්වත් - පින්වන්ත, සත් පුතකු - සත් පුත්ර්යෙකු, ලදහොත් - ලද්දේ නම්, සිතුමිණක් - චින්තාමාණික්යියක්, ලත් කලක් විලසින් - ලබන ලද කලක් විලසින්, නොමද - බොහොවූ - සව්සිරි, සියලු සම්පත්, වේ වන්නේය.
 
භාවය:- වස්තුව නැති අය වුවත් පින්වත් යහපත් පුතකු ලද හොත් සිතුමිණක් ලද කලක්මෙන් බොහෝ සම්පත් ඇතිවේ.
 
 
 
176. බත් පැසෙන තෙක් මුත් - නොමඳ ගිනි කළ බතින්
 
වැඩ නැතිඑමෙන් දසුන් කළ - පමණට මුත් නොවව් තද
 
 
පදාර්ථ:- බත් පැසෙන තෙක් මුත් - බත් පැසෙන ප්ර මාණයට මිස, නො මඳ - බොහෝවූ, ගිනි කළ - ගිනි දැල්වුව හොත්, බතින් - බතෙන්, වැඩ නැති - වැඩ නැත්තේය, එමෙන් - එසේ, දසුන් කළ - දාසයන් කළ, වරද පමණට මුත්, වරදෙහි ප්ර මාණයට, වඩා තද නො වව් - තද නොවව්.
Line 189 ⟶ 291:
භාවය:- බතට ගිනි දැමිය යුත්තේ - එය පැසෙන පමණටය. ඊට වඩා ගිනි ගැසුවොත් වැඩක් නො මැත. එසේම දාසයන් කරනලද වැරැද්දේ පමණට පමණක් දඬුවම් දිය යුතුය.ඊට වඩා තද විය යුතු නො වේ.
 
 
177. කුල නැණ ගුණ ඇතත් - නො තකත් ලොවෙහි
 
තෙදැතියන් මෙන්
177. කුල නැණ ගුණ ඇතත් - නො තකත් ලොවෙහි තෙදැතියන් මෙන්
සඳ මස වරෙක වැද - වඳිත් නිති රිවි පුදෙන් සැරසී.
සඳ මස වරෙක වැද - වඳිත් නිති රිවි පුදෙන් සැරසී.
 
 
පදාර්ථ:- කුල - කුලය, නැණ - නුවණ, ගුණ - ගුණය, ඇතත් - ඇත්තේ වී නමුත්, ලොවෙහි - ලොව, තෙදැතියන්මුත් - තේජස් ඇත්තවුන් හැර, නො තකත් - නොසලකති, සඳ චන්ද්රඇයාට, මස වරෙක - මසකට වාරයක්, වෑද - වෑදයි, නිති - හැමදින, පුදෙන් - සැරසී පූජායෙන් සැරසී, රිවි - සූර්යයා, වඳිත් - වඳිති.
 
භාවය:- කුලය නුවණ ගුණ ඇතත් ලොවෙහි තේජස් ඇත්තවුන්ට පමණක් සලකති. චන්ද්රුයාට මසකට වරක් වඳිති. එහෙත් සූර්යයා දිනපතා වඳිති.
 
 
 
178. පව් කළවුන්ගේ පණ - නො ඇසේය බව බවක් පාසා
 
පින් කළ සතන් -පණ මොක්දැක නිවේ කපුරු පහනෙව්
 
 
පදාර්ථ:- පව් කළවුන්ගේ - පව් කල අයගේ , පණ - ප්රා-ණය, බව බවක් පාසා - ජාතියක් ජාතියක් පාසා, නොඇසේය - නො නැසෙන්නේය, පින් කළ - පින් කළාවූ, සතන් සත - සත්ත්වයන්ගේ ප්රාපණය, මොක් දැක - නිර්වාණය දැක, කපුරු එව් - කපුරු පහනක් මෙන්, නිවේ - නිවෙන්නේය.
 
භාවය:- පව් කළ අය නැවත නැවතත් උපදින්නේය.පින් කළ අය නිවන් දැක කපුරු පහනෙක් මෙන් නිවෙන්නේය.
 
 
 
179. පර පණ නසනු හට - නො දැනෙ මදක්වත් පවෙහි තදබව
මළකඳට ගත් ගිනිකඳ - තදය නො දැනෙන විලසින්.
මළකඳට ගත් ගිනිකඳ - තදය නො දැනෙන විලසින්.
 
පදාර්ථ:- පර පණ - පර පණ, නසනු හට - නසන්නාට, පවෙහි තදබව - පවෙහි තද ගතිය, මදකුත් නො දැනෙ - මදකුත් නො දැනෙන්නේය, මළකඳට - මලකඳට, ගත් - ගත්තාවූ, ගිනිකඳ - ගිනික‍ඳෙහි, තදය - තදබව, නො දැනෙන විලස්නෙන් - නො දැනෙන්නාක් මෙනි.
 
භාවය:- අනුන්ගේ පණ නසනු තැනැත්තාට පවෙහි තද ගතිය මදකුත් නො දැනේ. මළකඳට ගත් ගින්නෙහි තද බව් ඒ මළකඳ නො දන්නාක් මෙන්.
 
 
 
180. බෙර හඩ යොදුනකට - ඇසේ සෙන හඩ
දොළෙස් යොදුනට
දොළෙස් යොදුනට දන් දෙන උතුමන්ගේ -දන සද ඇසේ එකසෙ තිලොවට
 
 
පදාර්ථ:- බෙර හඬ - හේවිසි නාදය, යොදුනකට - යොදුනක් දුර, ඇසේ - ඇසෙන්නේය, සෙන හඩ - සෙන හඩ, දොලොස් යොදුනක - දොලොස් යොදුනක්, ඇසේ - ඇසෙන්නේය, දන් දෙන - දන් දෙන්නා වූ, උතුමන්ගේ - උත්තමයන්ගේ, දනසඳ - දන් හඬ, එකසෙ - ඒකාකාරයෙන්, තිලොවට - තුන් ලොවට, ඇසේ - ඇසෙන්නේය.
Line 219 ⟶ 334:
භාවය:- බෙර හඩ යොදුනක් දුර ද, හෙන හඩ දොලොස් යොදුනක් දුර ද, ඇසේ. දානපතියාගේ දන් දෙන හඬ තුන්ලොවට එකසේ ඇසේ.
 
181. සව් කුසුමෙහි සුවඳ - නල අනුව මුත් නොයේ පෙරටුව
 
සතගේ සිල් සුවඳ - දස දෙසම පවතී නිරතුරින්.
 
181. සව් කුසුමෙහි සුවඳ - නල අනුව මුත් නොයේ පෙරටුව
සතගේ සිල් සුවඳ - දස දෙසම පවතී නිරතුරින්.
 
 
පදාර්ථ:- සව් කුසුමෙහි - සියලු මල්වල, සුවඳ - සුගන්ධය, නල අනුව මුත් - සුළඟට අනුව මිස, පෙරටුව - උඩු සුළඟට, නොයේ - නොයන්නේ ය, සතගේ - සත්වයන්ගේ, සිල් සුවඳ - ශීල සුගන්ධය, නිරතුරින් - නිරන්තරයෙන්, දස දෙස - දශ දිසාවෙහිම,පවතී - පවතින්නේය.
 
භාවය:- සියලු මල්වල සුවඳ යටි සුලඟට මිස උඩු සුළඟට නොයේ. සිල් සුවඳ නිරතුරුව දශ දිසාවට යේ.
 
 
 
 
182. නුවණැති මැදහතුන් -නොපත් සබ මැදට පත්වූ දනෝ

අඳුරු ගෙය තුළ වැද -අන් තුබ බඩු සොයනුවෝ වෙත්
 
 
 
පදාර්ථ:- නුවණ ඇති - නුවණ ඇත්තාවූ, මැදහතුන් - මධ්යදස්ථයන්, නො පත් - නො පැමිණි, සබ මැදට - සභා මධ්ය යට, පත් - පැමිණි, සුදනෝ - සත්පුරුෂයෝ, අඳුර ගෙතුළට - අන්ධකාරය ගෙය තුළට, වැද - වැදී, අනුන් තිබූ බඩු - අන්යකයන් තබන ලද බඩු, සොයනුවෝ වෙත - සොයන්නෝ වෙත්.
 
භාවය:- නැණවත් මධ්යණස්ථයන් නො මැති සබාවට පැමිණි මිනිස්සු අඳුරු ගෙයකට වැදී අන්ය යන් තබන ලද බඩු සොයන්නාක් වැනිය.
 
 
 
183. අමයුරු වදන් හැර - තද කුරිරු බස් දෙන දුදනයෝ
 
විලිකුන් පල දමා - නීරස පල බුදින්නන් අයුරූ වෙත්.
 
 
පදාර්ථ:- අමායුරු - අමාවැනි, වදන් හැර - වචන අත්හැර, තද කුරිරු බස් - රළු කෲර වචන, දෙන - දෙන්නා වූ, දුදනයෝ - දුර්ජනයෝ, විළිකුන් පළ දමා - ඉදුණු ගෙඩි අත්හැර, නීරස - රස නැති, පළ - ගෙඩි, බුදින්නන් අයුරු - බුදින අයුරු වෙත්.
 
භාවය:- යහපත් වචන අත්හැර තද කුරිරු බස් දෙන දුර්ජනයෝ මිහිරි ඉදුණු ගෙඩි අත්හැර රසවත් නැති ගෙඩි අනුභව කරන්නාක් මෙන්.
 
 
 
184. සුරා බොන දනහට - කොතෙක් කීවත් සුබස නාසත්
 
මඳැතුට සන් කළත් - තමා යන අතකට ම යනමෙන්.
 
 
පදාර්ථ:- සුරා බොන - මත්පැන් පානය කරන, දනහට - ජනයාට, කොතෙක් කීවත් - කොපමණ කීවත්, යහපත් වචන නාසත් - නොඅසති, මදැතුට - මත් ඇතාට, සන් කළත් - සංඥා කළත්, තමායන අත කට යන මෙන් - තමා යන අතකටම යන්නාමෙනි.
 
භාවය:- මිහිරි වදන් අතහැර තද කුරිරු රළු බස් දෙන අසත්පුරුෂයෝ මිහිරි පල තිබියදී තිත්ත, ඇඹුල් ගෙඩි අනුභව කරන්නා මෙනි.
 
 
 
185. සුරා සොරා බී - නො හඟවා සබා මැද උනත් ගොස්
 
මුව විවර කළ තොමෝ - කතාකරව් සතට අඟවා
 
 
පදාර්ථ:- සොරා - රහසින්, සුරා බී - සුරා පානය කොට, නො හඟවා - එය හැඟවීමක් නොකොට, ගොස් - ගොස්, සබාමැද - සභාව මධ්යකයෙහි, මුව විවිර කළ - කට විවෘත කළවිට, තොමෝ - තමා ම, කතාකරවා - කථා කරමින්, සතට - අන්ය යන්ට, අඟවා - සඟවා
.
භාවය:- අප්ර සිද්ධයේ මත්පැන් පානය කොට සබා මැදට ගිය අය කට ඇරී වහාම (සුරාව) තමාම කතා කරමින් සුරා පානය කළ බව අන්යමයන්ට හඟවයි.
 
 
 
 
186. පර පණ නසා පණ - රකිනා පවිටු දුදන අවියත්
 
ලෙව්නා වැනි දිවින් - කරෙහි මුව අත වක වකා මී
 
 
පදාර්ථ:- පර පණ - අන්ය යන්ගේ ප්රාිණය, නසා - නසා, පණරකිනා - ප්රාණණය රකිනා, දුදන අවියත් - දුර්ජන මෝඩයෝ - කරෙහි - දැලිපිහියෙහි, මුව - මුවාතෙහි,මී වක වකා - මී ගල්වා, දිවින් - දිවෙන්, ලෙව්නා වැනි - ලොවන්නා වැනි.
 
භාවය:- අනුන් පණ නසා තම පණ රකිත දුර්ජන මෝඩඅය දැලි පිහි මුවාතෙහි මී තවරා දිවෙන් ලෙවකමින් ජීවත් වීමක් වැනිය.
 
 
 
187. සිරුර උසුලා නෙකතැන - ඇවිද පරපන නසන ලෙස්
 
උතුරු කුරු දිවයින - යකුන් නර වාහන මෙන්.
 
Line 266 ⟶ 413:
 
භාවය:- සිරුර උසුලාගෙන නොයෙක් තැන්වල ඇවිදිමින් සතුන් නසන ආකාරය, උතුරු කුරු දිවයිනෙහි යකුන් වාහනය වශයෙන් යෙදා ගත්තා මෙනි.
 
 
 
 
188. සුරා සොරා බිබී - පරලොවෙහි විඳිනා නොමඳ දුක්
 
තිබැඳි මෙලොවම - විඳින දුක් දුක් පෙර නිම්ති පානෙව්.
 
Line 273 ⟶ 424:
 
භාවය:- සුරාපානය කොට ඒ හේතුවෙන් පරලොවදී විඳීමට සිදුවන්නාවූ දුක්වල පෙර නිමිත්තක් හෝ වන්නාක් මෙනි.
 
 
 
189. උගතත් මුනි දහම් - පවිටු සිත මඳකුත් නොම ඇලේ
 
සිඳුමස් ලුණු බිබී -එහි මැ වැස ගත ලුණු නො පත් මෙන්
 
 
පදාර්ථ:- මුනි දහම් බුද්ධ ධර්මය, උගතත් - ඉගෙන ගතත්, පවිටු සිත - පාප සිත, මඳකුදු - මඳක් වත්, නො ඇලේ - නො ඇලේමයි, සිඳුමස් - මුහුදු මසුන්, ලුණු බිබී - කරදිය බී, එහිම වැස - එහිම වාසය කොට, ගත - ශරීරයෙහි, ලුණු නො පත් මෙන් - ලුණු රසය නොලැබුවා මෙනි.
 
භාවය:- බුද්ධධර්මය ඉගෙන ගෙන වුවත් පාපීන්ගේ සිත ම දකින්වත් එහි නො ඇලේ.මුහුදෙහි වූ මසුන් කරදිය බී කරදියෙහිම වාසය කොට ශරීරයට ලුණු රසය නො ලැබුවා මෙනි.
 
 
 
 
190. විරිඳුන් මුල් සිඳුණු - නිරිදුන් තබා බැරි සුරන්ටත්
 
නුබමිණ සතරදිව - දිවත් තම රුපු ගත නුහුණු මෙන්.
 
 
පදාර්ථ:- විරිදුන් - සතුරන්, මුල් සිඳුණු - මුල් සිදීම, නිරදුන් තබා - රජුන් තබා, සුරන්ටත් - දෙවියන්ටත්, බැරි - බැරිය, නුබමිණ - සූර්යා, සතර දිව - සතර මහා ද්වීපය තුළ, දිවත් - දිව නමුත්, තම රුපු - තමාගේ සතුරා, ගත නුහුණුමෙන් - ගැනීමට නොහැකි වුවා මෙන්.
 
භාවය:- සතුරන් මුලින් උපුටා දැමීම, රජුට තබා දෙවියන්ටත් නො හැතිය. සූර්යා සතර මහා ද්වීපයෙහි දිව්වත් තමන්ගේ හතුරා අල්ලා ගැනීමට නො හැකිවා මෙනි.
 
 
 
191. සව් බරණින් සැදි - මැතිසෙන් මැදෙහි උන් රජුන්ගේ
 
බැබළීමට වැඩිත් - සෙන් සමග යුදට පත් නිරි‍ඳෝ.
 
 
පදාර්ථ:- සව් බරණින් - සකලාභරණයෙන්, සැදි - සෑදුනාවූ, මැතිසෙන් මැදෙහි - ඇමති පිරිස මධ්යතයෙහි, උන් - වාසය කළ, රජුන්ගේ - රජවරුන්ගේ, බැබළීමට වැඩිත් - බැබළීමට වැඩියෙන්,සෙන් සහ - සේනාව සමග, යුදට පත් - යුද්ධයකට පැමිණියා වූ, නිරිඳෝ - රජවරු, බබළති.
 
භාවය:- ආභරණ පැළඳ ඇමතියන් පිරිවරා රජ සබයෙහි වැජඹීමට වඩා සේනාව සමග යුදයට ගිය රජවරු බබළත්.
 
 
 
192. සත රැකුමට පිහිට - අහර දිය ගිනි ලුණුත් වත් සව්
 
මෙ හැමටම පිහිට නම් - මැදහත් රජුන්ගේ පිහිට මැයි.
 
 
පදාර්ථ:- සත රැකුමට - සත්වයන් ආරක්ෂා කිරීමට, අහර - අහරත්, දිය - වතුරත්, ගිනි - ගින්නත්, ලුණු - ලුණුත්, සව්වත් - සියලු වස්තූන්, යන මෙහැම - මේ සියල්ල, පිහිටමුත් - ආධාර වන්නේ නමුත්, පිහිට - පිහිට නම්, මැදහත් - මධ්යආස්ථ වූ, රජුන්ගෙන් මැයි - රජවරුන්ගෙන්.
 
භාවය:- ආහාර,වතුර, ගිනි, ලුණු හා හැම වස්තුවක් සත්වයාගේ ආරක්ෂාව සදහා පවතී. එහෙත් නියම පිහිට නම් මධ්යෂස්ථව රජුන්ගෙන් ම සිදුවේ.
 
 
 
193. බැබළෙන සේ රිවි සඳ - ඇදුර බැබැළීමෙන් දියත නැති
 
ලොව රකින නිරිඳුන්- ලෙසටඅවසෙසු රුපු නොබබළත්
 
 
පදාර්ථ:- රිවි සඳ - සූර්යයා හා චන්ද්රනයා, බැබළෙන සෙ - බබලන්නාක් මෙන්, අඳුර - අන්ධකාරය, බැබළීමෙන් - බැබළීමක්, දියත - ලෝකයෙහි, නැති.
 
භාවය:- ඉර හඳ බබළන සේ අඳුර නො බබළයි. ලොව ආරක්ෂා කරන රජුන් මෙන් අවශේෂ සතුරෝ නොබබළති.
 
 
 
194. පින් මදහට ඉසුරු - දුනත් ගත් දුක් සිතා නිරිඳුන්
 
තෙල් මද පියල්ලෙන් -ගත් පහන නො පවතිනලෙසවේ
 
 
 
පදාර්ථ:- නිරිඳුන් - රජුන්, පින් මදහට - පින් නොමැත්තාට, ගත් දුක් සිතා - කරන ලද සේවාව ගැන සිතා, ඉසුරු දුනත් - සම්පත් දුන්නත්, තෙල් මද සියල්ලෙන් - තෙල් මදවූ පහන් කබලෙන්, ගත් - ගත්තාවූ, පහන - ප්ර්දීපය, නො පවතින - නො පවතින්නාවූ, ලෙස වේ - ලෙසම වේ.
 
භාවය:- භාග අඩු අයට ඔවුන්ගේ සේවාව ගැන සලකා රජු විසින් සම්පත් දුන්නත් තෙල් අඩු පහන් පියල්ලෙන් සැදු පහන නො පවතින්නාක් මෙනි.
 
 
 
 
195. නිරිඳුන්ගෙ මෙත් සිත් - සැබවයි මදින් උඩගු වන්නෝ
 
තිමද ඇතු දළ මුතු - ගනුව අත දිගු කරන වැන්නෝ.
 
 
පදාර්ථ:- නිරිඳුන්ගේ - රජවරුන්ගේ, මෙත් සිත් - මෛත්රීද චිත්තය, සැබවයි - සැබෑ යයි යන, මදින් - මදයෙන්, උඩඟු වන්නෝ - උඩඟු වන්නෝ, (කවර ආකාරද) තිමද - මදතුනෙන් යුත්, ඇතු දළ - ඇතාගේ දළයෙහි, මුතු ගනුව - මුතු ගැනීමට,අත - අත, දිගු කරන වැන්නෝ - දිගු කරන අය වැන්නෝය.
 
භාවය:- රජවරුන්ගේ මෙත් සිත සැබවයි යන මදයෙන් උඩඟු වන අය තුන් මදය ඇති ඇතාගේ දළයේ මුතු ගැනීමට අත දිගු කරන්නා වැනිය.
 
 
 
196. නිරිඳෝ තම රටට - මුත් අන් රටට දිවා සඳ මෙනි
 
පඬිවර යම් රටක - පැමිණියත් පුන් සඳ සෙ බබළා.
 
 
පදාර්ථ:- නිරි‍ඳෝ - රජවරු, තමන් රටට මුත් - තමන්ගේ රටට විනා, අන්රටට - අන් රට වලට, දිවා සඳ මෙනි - දවල් කාලයෙහි සඳමෙන් වේ, පඬිවර - උගතා, යම් රටක - යම් රටකට, පැමිණියත් - පැමිණුනත්, පුන් සඳ සේ - පුන් සඳ මෙන් , බබළා - බබළයි.
 
භාවය:- රජවරු තම රටට හැර අන් රටවලට දවල් කාලයේ පෑවූ සඳමෙන් වෙති. උගතා කවර රටකට ගියත් පුන්සඳ සේ බබළයි.
 
 
 
197. සව්වත් දකින නෙත - තමා නො දකී කැඩපතින් මුත්
 
නිරිඳුට නැණැති සත් - මැතිඳු දපනින් දුටුව සිදුවේ.
 
 
පදාර්ථ:- සවුවත් - සියඵ වස්තු, දකින නෙත - දකින්නාවූ ඇස, කැඩපතින් මුත් - කැඩපතක් නැතිව, තමා - තමන්, නො දකී - නො දැක්කේය, නිරිඳුට - රජුට, නැණ ඇති - නුවන ඇති, සත් මැතිඳු දපනින් - යහපත් මන්ත්රීජ නමැති කැඩපතින්, දුටුව - දුටු දෙය, සිදුවෙ - සිද්ධ වේ.
 
භාවය:- සියළු ම දැය දකින ඇස කැඩපතකින් විනා තමා නොදනී. රජුට නුවණ ඇති යහපත් මන්ත්රීක නමැති කැඩපතින් දුටු දෙය සිදුවේ.
 
 
 
198. නිසා පියන් නිසා - නිසා ගනඳුරු දුරුව යන මෙන්
 
නිසා මැදහත් රජු - වෙති සතදුක් අඳුරු දුරුවේ.
 
 
පදාර්ථ:- නිසා නියන් නිසා - සඳ නිසා, නිසා ගනඳුරු - රාත්රීව අන්ධකාරය, දුරුව යනමෙන් - දුරුව යන්නා මෙන්, මැදහත් රජු නිසා - මධ්ය ස්ථ රජු නිසා, සත වෙතින් - මිනිසුන්ගෙන්, දුක් අඳුරු - දුක් නමැති අන්ධකාරය, දුරුවේ - දුරුවේ.
 
භාවය:- සඳ නිසා ගනඳුරු දුරුව යන්නාක් මෙන් මධ්යනස්ථ රජු නිසා මිනිසුනගේ දුක් නමැති අන්ධකාරය දුරුවේ.
 
 
 
 
199. නිරිඳුට ඔවා දෙන - ගුණ නැණැති මැතිවරන් නැතහොත්
අපමණ ඉසුරැතති - ඇතත් විරිඳුන් අවැඩ පැමිණේ.
අපමණ ඉසුරැතති - ඇතත් විරිඳුන් අවැඩ පැමිණේ.
 
පදාර්ථ:- නිරිඳන් - රජුට, ඔවාදෙන - අවවාද දෙන්නා වූ, ගුණ නැණ ඇති - ගුණය හා නුවණ ඇති, මැතිවරන් - මන්ත්රී න් නැතහොත් අපමණ - බොහෝ, ඉසුරු ඇතත් - සම්පත් ඇතත්, විරිදුන් - සතුරන්ගෙන්, අවැඩ අයහපත, පැමිණේ - පැමිණෙන්නේය.
 
භාවය:- රජුන්ට අවවාද දෙන බුද්ධිමත් මන්ත්රීගවරුන් නැතහොත් බොහෝ සම්පත් ඇතත් සතුරන්ගෙන් අවැඩ සිදුවේ.
 
 
 
200. නිරිඳුට දනව්ගම් - සව්සිරි ඇතත් නැතහොත් බසසෙන්
 
තරු පිරිවර නෙමැති - නිසා පිය අනිසා පෙනෙන වැනි
 
 
පදාර්ථ:- නිරිඳුට - රජුට, දනව් ගම් - ජනපද ගම් ආදී, සව් සිරි සියලු සැපත්, ඇතත් - ඇත්තේ වී නමුත්, බලසෙන් - බල සේනාව, නැතොත් - නැතහොත්, තරු පිරිවර නොමැති - තරු පිරිවර නැත්තා වූ, නිසා පිය - චන්රපද්රබයා, අනිසා - දවල්, පෙනෙන මෙන් - පෙනෙන්නාක් මෙන්.
 
භාවය:- රජුට ජනපද ගම් ආදී සියඵ සම්පත් ඇතත් බල සේනාවක් නැතොත් තරු පිරිවර නො මැති චන්ද්ර යා දවල් කාලයෙහි පෙනෙන්නා මෙනි.
"https://si.wikibooks.org/wiki/ලෝකෝපකාරය-iv" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි