"ඊසොප්ගේ උපදේශ කථා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
17 පේළිය:
 
ශීත කාලයේ එක් දවසක දරකපන්නෙක් විඩාපත්ව නිවෙස බලා පිය නගමින් සිටි විටෙක හිම මත යම් කළු පැහැති දෙයක් තිබෙනු දිටීය. එම තැනට වඩාත් කිට්ටුවත්ම ඔහු දුටුවේ මිය ඇදෙමින් සිටි සර්පයෙකුයි. එනමුදු එය සියතට ගත් හේ උණුසුම් කරනු වස් එය ලපැත්තේ රුවා හණිකට නිවෙස වෙත දිව ගියේය. නිවෙස වෙත පැමිණි වහාම හේ සර්පයා ගින්න අබියසින් උදුන මත තැබීය. දරුවන් ඌ දෙස විමසිල්ලෙන් බලාසිටි අතර ඌ සෙමෙන් හා කෙමෙන් පණ ලබන බව දුටහ. එවිය එක් දරුවෙක් ඉදිරියට විත් නැමී ඌ පිරිමදින්නට විය, එනමුදු සිය හිස එසවූ සර්පයා උගේ විසදත් විදහා දරුවාට මරු කැඳවන පහරක් එල්ල කිරීමට සැරසුණි. එවිට දරකපන්නා තම පොරව සුරතය ගෙන, එක් පහරකින් සර්පයා දෙපළු කලේය. "අහෝ," හේ පැවසීය, "'''අසත්පුරුෂයන්ගෙන් කෙළෙහිගුණ පැතිය නොහැක'''."
 
 
== '''සිවලා හා එළුවා''' ==
 
පූර්ව කර්මයක් හේතුවෙන් දෝ ගැඹුරු ළිඳකට වැටුනු සිවලෙක් එයින් ගොඩ එනු බැරිව ලතවෙමින් සිටියේය. ටික වේලාවකින් එදෙසින් ගිය එළුවෙක් සිවලාගෙන් විමසා සිටියේ ඌ ලිඳ තුල කුමක් කරන්නේද යන්නයි. "අහෝ, ඔබ මේ පිළිබඳ අසා නැතිද?" හිවලා පිළිතුරු දුනි; "මහා නියඟයක් පැමිණෙමින් පවතියි, මා මේ තුලට පැන්නේ දිය අසලටම වී සිටීමෙන් එයට මුහුණ දිය හැකි වන පරිදිය. ඔබත් මෙහි පැමිණ මා සමග එක් නොවන්නේ මන්ද?" උපදේශය හිස් මුදුනින් භාර ගත් එළුවා, ලිඳ තුලට පැන්නේය. එනමුදු වහා ක්‍රියාකාරී වූ සිවලා, ඇයගේ පිට මතට පැන ඇයගේ මහත් වූ අං මතට තම කකුල් තබා ලි‍ඳේ ගැටියට පැන ගැනුමට සමත් විය. "ආයුබෝවන්, මිතුරියණි," තෙපලූ සිවලා, "ඊළඟ වතාවේ මතක තබා ගන්න,
 
'''අවදානමෙහි වැටී සිටින පුද්ගලයෙකුගේ අවවාද කිසිදිනක නොපිළිගන්න'''."
"https://si.wikibooks.org/wiki/ඊසොප්ගේ_උපදේශ_කථා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි