විල්ගම්මුළ පබඳ-සිංහල බෝධි වංශයxiv

ධාත්වාගමන කථා

සංස්කරණය

ඉක්බිත්තෙන් මිහිඳු මහ තෙරුත් වහන්සේ

සංස්කරණය

ඉක්බිත්තෙන් මිහිඳු මහ තෙරුත් වහන්සේ ප්රරධාන කොටැ දෙසැටක් පමණ ක්ෂීණාශ්රනවයන් වහන්සේ දසබෑ කෙනෙකුන් ගෙන් ගැවසී ගත්තා වූ රජ කුලය පහදවා, සෑගිරියෙහි වසු වැසැ වප් මසැ මැදි පොහෝ දිනයෙහි පවාරණ පිණිසැ රැස් වූ කල්හි, යඟදුරු මුදුනෙහි අග්රෝ යැ මහික යැ ධූම යැ රජස් යැ රාහු යැ යන පඤ්චෝපක්ලේශයෙන් විනිර්මුක්ත වූ බුද්ධෝත්පාදයෙන් හෙබියා වූ සත්ත්ව ලෝකයා ගේ රම්ය් බව දන්නා සදහා, ලෝක පාල දේවතාවන් විසින් පූර්ව දිගින් ඔසවන ලද රිදීමය වූ මහ කැටපතක් මෙන් පෙනී, නිම්වළල්ලෙහි ගෙනැ පෙරළනු ලබන්නා වූ රිදීසකක් මෙන් සශ්රී ක වූ පූර්ණ, චන්ද්රල මණ්ඩලය ආකාශපථයට පැන නැංගේ යැ. එකල්හි රජත ඝටයෙකින් නික්මුණා වූ ක්ෂීර ධිරයෙන් සෝදනු ලබන්නා වූ දිශා භාගයන් ඇත්තාක් වැනි වූ, රිදි විම‍ෙනකිනගෙිලිහුණා වූ මුතුවැල හා දෑසමන් මල් දම් ද හෙළ දුහුල් හා හෙළ උපුල් ද සමූහයෙන් ගැවැසි ගත්තාක් වැනි වූ, චතුරූපක්ලේශයෙන් විනිර්මුක්ත වූ පූර්ණ චන්ද්රවලෝක සමූහයෙන් බබළන්නා වූ ඒ රාත්රි්යෙහි දෙසැටක් රහතන් වහන්සේ විශුද්ධි පවාරණයෙන් පැවැරූ සේකැ.


ඉක්බිත්තෙන් ආයුෂ්මත් වූ මිහිදු මහ තේරුන් වහන්සේ හල් මසැ මැදි පොහෝ දිනෙහි ආර්ය් වූ ගණයා පිරිවරා රාජ කුලයට ගොස්, වළදා අන්තයෙහි “මහරජ්ජුරුවෙනි, අප විසින් බුදුහු නො දක්නා ලද බොහෝකල් ඇත්තේ යැ. මෙතෙක් දවස් අසරණ වශයෙන් වුසුම්හ. එහෙයින් ජම්බුද්වීපයට යනු කැමැත්තම්හ”යි කියා, ස්වාමිණි! නුඹ වහන්සේ ‘බුදුහු පිරිනිව් සේකැ’ යි පළමු කී සේක් නොවේ දැ” කී කල්හි “මහරජ්ජුරුවෙනි, ඒකාන්තයෙන් බුදුහු පිරිනිවි සේක් මැ යැ. එතෙකුදු වුවත් බුදුන් ගේ ශාරීරික ධාතුන් වහන්සේ ඇති වැ සිටි සේක් වේ දැ ”යි කියා, රජ්ජුරුවන් විසින් “ස්වාමිනි, මව්සින් අදහස දන්නා ලදී. ථුපයක් කෙරෙමි. ධාතු කොයින් ලැබේ දැ”යි කී කල්හි “මහ රජ්ජුරුවෙනි, සුමන සාමණෙරයන් හා සමග කථා කරවු”යි වදාළ සේක් යැ.


ඉක්බිත්තෙන් රජ්ජුරුවන් විසින් ආරාධනා කරනු ලබන්නා වූ සුමන සාමණේරයන් වහන්සේ “මහ රජ්ජරුවෙනි, තෙපි විථි කසළ හරවා; ධජපතාක පුන් කලස කෙහෙල් තොරණ ආදින් සරසා පිරිවර හා සමග උපෝසථ සීලය සමාදන් වැගෙනැ සියලු පංචාඩ්ගිකතූර්ය්ස නාදයෙන් ඒකනිඩ්ඝෝෂ කරවා, මඟුලැතු සියලු හස්ත්යඩලඩ්කාරයෙන් සරහා, ඔහ් මුදුන් මස්තකයෙහි ධවලච්ඡත්රෙ නංවා, සවස් වේලෙහි මහානාගවනෝද්යා නයට අභිමුඛ වැ යවු, ඒකාන්තයෙන් එතැන්හිදි ධාතු ලබන්නෝ වේ දැ” යි කී සේකැ.


ඉක්බිත්තෙන් මිහිදු මහ තෙරුන් වහන්සේ සෑගිරියට ගොස් සාමණේරයන් වහන්සේ කැඳවා “සුමනයෙනි, මෙසේ එවූ. ජම්බුද්වීපයෙහි තොප ගේ මුත්තණුවන් ධර්ම ශෝක රජ්ජුරුවන් හා ශක්රග දේවේන්ද්රයයන් ද කරා ගොස් ධාතු ගෙනෙව” යි වදාළ සේකැ “යහපත, ස්වාමීනි”යි කියා සාමණේරයන් වහන්සේ එකෙණෙහි මැ පාසිවුරු ගෙනැ ආකාශයට පැන නැගී පැළලුප් නුවර දොරටු සමීපයට බැසැ නැගෙනහිර මහසල් ගස මුලැ තබන ලද ලංකාද්වීපයට මතු ගෙනැ එනු ලබන්නා වූ මහා බෝධිය කාර්ත්තිකෝත් සවය හා සමග පවත්නා පූජාවෙන් පුදන්නා දැකැ, රජ්ජුරුවන් සමීපයට ගොස් “මහ රජ්ජ්රුවෙනි, තොප ගේ යහළු වූ දෙවන පෑතිස් රජ්ජුරුවෝ බුද්ධ ශාසනයෙහි ප්රාසන්නයෝ යැ. දාගබක් පිහිටුවනු කැමැත්තෝ යැ.තොප අතැ ධාතු ඇත. ඒ ධාතු මට දෙව”යි කියා ඒ ධර්මැශෝක රජ්ජරුවන් විසින් බුදුන් වැළඳු පාත්රවය ගෙනැ සුවඳ සුන්නෙන් උලා උතුම් මුතු හා සමාන වූ ධාතු පුරා දුන් කල්හි ඒ ධාතු හැර ගෙනැ, ශක්ර් දේවේන්ද්ර යන් සමීපයට ගොස් ‘ස්වාමීනි! සුමන සාමණෙරයන් වහන්ස, කුමක් කොටැ ඇවිදුනා සේක් දැ”යි කී කල්හි, ශක්ර දේවේද්ර‍යෙනි, කතපි අප ලංකාද්වීපයට යවා කවර හෙයින් පමා වූ දැ ”යි කියා “පමා නොවෙමි, ස්වාමීනි, කුමක් ‍කෙරෙම් දැ”යි කී කල්හි “තොප අතැ දකුණු දළදා හා දකුණු අකු ධාතු යැ යි ධාතු දෙකක් ඇත. එයින් දකුණු අකු ධාතුව මට දෙව”යි කියා “යහපත ස්විමීනි”යි ශක්රක දේවේද්ර යන් විසින් යොදනක් පමණ මැණික් දාගැබ උගුළුවා දකුණු අකු ධාතු පිටක් කොටැ දුන්කල්හි ඒ ධාතු ද ගෙනැ සෑගිරියෙහි මැ පිහිටි සේකැ.

ඉක්බිත්තෙන් මුහුදු මහ තෙරුන් වහන්සේ පුධාන කොටැ ඇත් ඒ මහෝත්තමයෝ ධර්මහශෝක රජ්ජුරුවන් විසින් දෙන ලද ධාතු සෑගිරි යෙහි මැ පිහිටුවා දකුණු අකු ධාතු ලගනැ පස්වරු භාගයෙහි මහා නාග වනයට ගියාහු යැ. රජ්ජුරුවෝ ද සාමණෙුරයන් වහන්සේ කී පරිද්දෙන් මැ පූජාසත්කාර කරවා ඇත්කඳ මත්තට නැඟී, මඟුලැතු මත්තෙහි ධවලච්ඡත්ර් නංවා, මහානාග වනයට ගොස්, ඉදින් මේ බුදුනු ගේ ධාතු වි නම් ධවලච්ඡත්ර ය ඉවත නැමී යේවයි, මඟුලැතා දෙදණ බිම ඇනැ පියාවයි, දාකරඬුව මා හිසැ මුදුනෙහි පිහිටාව”යි සිතූ සිත හා සමග ඒ සියල්ල එපරිද්දෙන් මැ වූවා දැකැ, අමෘත ජලයෙන් ප්ර ක්ෂේප කරනලද ශරීර ඇත්තක්හු මෙන් දාකරඬුව ඇත් කුඹ මත්තෙහි තැබයේ යැ.එකෙණෙහි සතුටු වූ මඟුලැත් කුඤ්ච නාද කළේ යැ. මහමේ නගා පොකුරුවැසි වටුයේ යැ. “ප්රමත්ය න්ත ජනපදයෙහි පවා බුදු රජාණන් වහන්සේ ගේ ධාතු පිහිටන්නේයැ”යි දිය පොළොව අවසන් කොටැ මහ පොළොව ගුගුළේ යැ. දිව්යත මනුෂ්ය යෝ සතුටු වැ සාධුකාර දුන්නාහු යැ.


ඉක්බිත්තෙන් ඒ ඇත් රජ

සංස්කරණය

ඉක්බිත්තෙන් ඒ ඇත් රජ නොඑක් පඤ්චාඩ්ගික තූර්ය්්ය නාදයෙන් පිරිවරනලදු වැ ඉතා මහත් වූ පූජා සත්කාරයෙන් සත්කාර කරවමින් සිටිය දී මැ බස්නාහිරට අභිමඛ වැ පසු බස්නේ යම් තාක් නුවර වාසල් දොර වී නම් ඒ තාක් ගොස්, නැගෙනහිරි වාසල් දොරින් නුවරට වැදැ, සියලු නුවරවාසී වූ සත්ත්වයන් මහත් වූ පූජා සත්කාර කෙරෙමින් සිටියැ දී, දකුණු දොරින් නික්මැ ථුපාරාමයට ගොස්, එහි පූර්වට සර්වරඥවරයන් තුන් දෙනා වහන්සේ‍ ගේ ඩබරාව යැ පටිය යැ ජලසාටිකාව යැ යන මේ පාරිබෝගික චෛත්යරයන් තුන් දෙනා පිහිටි තැන ඉදිරි කොටැ ඊට පශ්වීම දිශා භාගයෙහි බෝධි වෘක්ෂය පිහිටුවන්නා වූ ස්ථානයෙහි ථුපයට අභිමුඛ වැ ධාතු බා නො දි සිටියේ යැ.


ඉක්බිත්තෙන් කටුයෙන් ගැවසි ගත්තා වූ අතු ඇති සිගුරුවැලු ආදි වූ නො යෙක් ගසින් පිරිවරනලද ඒ පුදේශය කැළෑ කපවා කණු මුල් උදුරැවා, කසළ හරවා, මඟුලැතු ගේ අභිප්රාකය දත්තා වූ රජ්ජුරුවෝ දිය සිඳී ගියා වූ බයා වැවින් වහා මැටි ගෙන්වා ඇත්කුඹ පමණ කොටැ තළව්වක් කරවා උළු ගස්වස්නට පටන් ගත්තාහු යැ. එකල්හි මඟුලැත් කිප දවසක් එතැන්හි හිදැ, දහවල් සුවඳ මලින් සරහන ලද්දා වූ මණ්ඩපයෙහි සිටැ රාත්රිියෙහි දාගබ පිහිටන්නා වූ භූමිය වට කොටැ ඇවිදිනේ යැ. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ තළව්ව බදවා “ස්වාමීනි, ථුපය කසේ කටයුතු දැ?” යි තෙරුන් වහන්සේ විචාරා, “මහරජ්ජුරුවෙනි! වී රැසක් සානම කොටැ බැන්ද යුතු යැ”යි කී කල්හි “යහපත ස්වාමීනි,”යි කියා සින්කෙධක් උස ථුපය බදවා, ඇත් කුඹින් ධාතුන් වහන්සේ බානා පිණිසැ මහත් වූ පූජා සත්කාර කැරැවූයේ යැ. ඒ සියලු නුවරවාසී වූ සත්ත්වයෝ ද ජනපදවාසා වූ සත්ත්වයෝ ද ධාතු පූජා දක්නා පාණිසැ රැස් වූවාහු යැ. එසමයෙහි බුදුන් ගේ ධාතු ශරීරය ඇත් කුඹින් සත් තලක් පමණ ආකාශයට පැනනැඟි, ඒ ඒ ධාතු ප්රේදේශයෙන් ෂඩ්වර්ණස වූ රශ්මි හා දියකඳ ගිනිකඳ ද පවත්වා ධාතු ශරීරයෙන් අභ්යුන්තර ගත වූ ක්ලේශදාභය ද බාහ්යඳ වූ ශරීරදාහය ද සන්හිදුවා, ගණ්ඩම්බ වෘක්ෂ මූලයෙහි දී දක්වන ලද බුදු රජාණන් වහන්සේ‍‍ ගේ යමක ප්රාරතිභාර්ය්ක් හා සමාන වූ යමක ප්රාචතිභාර්ය්්ස මහා ජනයාට දක්වා, ආකාශයෙන් බැසැ රජ්ජුරුවන් ගේ හිස්මුදුනෙහි පිහිටි සේකැ. ධාතු තමන් හිස්මුදුනෙහි පිහිටීමෙන් මනුෂ්යාිත්මභාවය සඵල කොටැ සිතන්නා වූ රජ්ජුරුවෝ මහත් වූ පූජා සත්කාර කරවා, ධාතු පිහිටුවූ හ. ධාතු පිහිටුවීම මා සමග මහත් වූ භූමිකම්පා වූයේ යැ. ඒ ධාත ප්රාතතිහාර්ය් ස යෙහි සිත් පහදවා රජ්ජුරුවන් ගේ මලණුවෝ මත්තාහය නම් කුමාරයෝ පුරුෂයන් දහසක් දෙනා හා සමග මහණ වූ යැ. මෙසේ එදවස් ඇතුළු නුවරින් හා පිටිනුවරින් ද මහණ වූ තිස් දහසක් භික්ෂූ වූ හ. ඉක්බිත්තෙන් දාගබ බැදැ නිම වූ කල්හි රජ්ජුරුවෝ යැ; රජ්ජුරුවන්‍ ගේ මල්බෑයෝ යැ, බිසෝවරු යැ, අමාත්යහයෝ යැ, නුවරවාසී වූ සත්ත්වයෝ යැ, දනවුවාසි වු සත්ත්වයෝ යැ යන මේ සියල්ලෝ දිව්යයනාග යක්ෂයනට පවා විස්මය කරවන්නා වූ වෙන වෙන පූජා කළාහු යැ.


මෙසේ නිරුපධිශේෂ නිර්වාදණ ධාතුයෙන් පිරිනිවියා වූ ලෝක ස්වාමී වූ සර්ව ඤයන් වහන්සේ තමන් වහන්සේ ගේ ධාතු ශරීරයෙන් පවා යමක ප්රා තිහර්ය්්සේ දක්වා, ජන සමූහයාට අනේක ප්රයකාරයෙන් මනා කොටැ හිතසැප කළ සේකැ. ජීවත් වැ වැඩහුන් බුදුන් සියලු සත්ත්වයනට මාර්ගූඵල සඩ්ඛ්යාතත වූ හිතවැඩ සෑදීම කියනු මැ කිම ද?

එසේ හෙයින් කියනලදී:

“ඝකධාතුශරීරකේන’ පේ’වං

පරිනිබ්බාණගතෝ’පි ලෝකනාථෝ,

ජනතාය හිතං සුඛඤ්ව සම්මා

බහුධා කාසි ඪිතේ කතං’ව කා ” යි.

ධාත්වාගමන කථා යි.


දුමින්දාගමන කථා

සංස්කරණය

1. භික්ෂුණි ප්‍රවජ්‍යා කථාව

සංස්කරණය

ඉක්බිත්තෙන් මීට පළමු ආයුෂ්මත් වූ මිහිඳු මහ තෙරුන් වහන්සේ මහමෙවුනා උයන පිළිගන්නා දවස් මැ අනුලා නම් බිසොව මහමෙවුනා උයනට ගොස්, බණ අසා පන්සියයක් ස්ත්රීසන් හා සමඟ සකෘදාගාමී ඵලයට පැමිණැ මහණ වනු කැමැති වැ රජ්ජුරුවන් හට එපවත් දැන්වූ යැ. රජ්ජුරුවෝ ඒ බිසොවුන් ගේ බස් අසා ස්වාමීනි! අනුලා දෙව් පන්සියයක් ස්ත්රිුන් හා සමඟ මහණ වනු කැමැත්තී යැ. උන් මහණ කොටැ වදාළ මැනැවැ” යි කීහ. “මහ රජ්ජුරුවවෙනි: ස්ත්රීමන් මහණ කරන්නට අපට කැප නො වන්නේ යැ. පැළලුප් නුවර මා ගේ නං වූ සඞ්ඝමිත්රාඋ නම් බහුශ්රැවත භික්ෂුණියක් ඇත්තී යැ, මහ රජ්ජුරුවෙනි, මේ ලඞ්කාද්වීපයෙහි දු පුර්වන සර්වෂඥවරයන් තුන් දෙනා වහන්සේ ගේ බෝධි පිහිටියේ යැ. අප ගේ බුදු රජාණන් වහන්සේ ගේ ඕජෝමත් වූ ඈත් මෑත්. බලා දිවැයන බැවින් දිවි ඇත්තාක් බඳු වූ ධරමාණ සර්වූඥයන් වහන්සේ ගේ ශරීරයෙන් නික්මෙන්නා වූ රශ්මි කඳම්බයක් හා සමාන වූ රශ්මිජ්වාලා විහිදුවන්නා වූ බෝධීන් වහන්සේ මෙහි පිහිටියැ යුතු යැ. එසේ හෙයින් තොප ගේ සබඳ වූ ධර්මාහශෝක රජ්ජුරුවනට ‘යම් සේ සඬ්ඝමිත්රාු නම් ස්ථවිරාව ශ්රීද මහා බෝධියෙන් දක්ෂිණ මහා ශාඛාව ගෙනැ ඒ නම්, එපරිද්දෙන් හසුන් යවවු. ඕ තොමෝ මේ අනුලා දෙවීන් මහණ කරවන්නී යැ” යි කී කල්හි “යහපති, ස්වාමීනි!” යි කියා තෙරුන් වහන්සේ ගේ වචනය පිළිගෙනැ වස් ඇතුළතැ එක් දිනක් තෙරුන් වහන්සේ සමීපයෙහි හිඳැ, සියලු අමාත්යනයන් හා කථා කොටැ තමන් ගේ බෑන වූ අරිට්ඨ නම් අමාත්ය් රත්නය සමීපයට කැඳවා “දරුව! මා ගේ යහඵ වූ ධර්මා ශෝක රජ්ජුරුවන් වහන්සේ සමීපයට ගොස් මහා බෝධීන් වහන්සේ හා සමග ආර්ය්ධර් වූ සඬ්ඝ මිත්රාර නම් ස්ථවිරාවන් කැඳවාගෙනැ එන්නට පිළිවන් දැ” යි විචාරා ඉදින් නුඹ වහන්සේ මට මහණ වන්නට අන්දන්නා සේක් වී නම්, කැඳවාගෙනැ එන්නට පිළිවන් වේ යැ ” යි කී කල්හි “යව දරුව, සඞ්ඝමිත්රා තෙරණියන් කැඳවාගෙනැ අවුත් මහණ වව” යි යැවුයේයැ.


අරිට්ඨ නම් කුමාර තෙමේ රජ්ජුරුවන් ගේ හා තෙරුන් වහන්සේ ගේ ද අසුන් ගෙනැ වප් මසැ පුරදියවකැ පිරිවර හා සමඟ දඹුලු කොටට ගොස් නැවට නැඟී සමුද්රසයෙන් එතෙර වැ තෙරුන් වහන්සේ ගේ අධිෂ්ඨාන බලයෙන් නුවරින් නික්මුණු දවස මැ පැළලුප් නුවරට ගියේ යැ. අනුලා දේවි ද පන්සියයක් අන්තඃපුර ස්ත්රිැන් හා පන්සියයක් පුරවමියන් හා සමඟ දසසිල් සමාදන් වැ කාෂාය වස්ත්රුධර වැ මහණ වනු කැමැති වැ සප්තවිරාවන් ගේ ඊම අපේක්ෂා කෙරෙමින් නුවරට එක් දෙසෙක මෙහෙණවරක් කරවා වාසය කරන්නී යැ. අරිට්ඨ නම් අමාත්යියා ද ගිය දවස් මැ ධර්මාාශෝක රජ්ජුරුවන් දැකැ ගෙනැගිය අසුන් දක්වා, තෙරුන් වහන්සේ ගේ හසුන් කියන්නේ, “නුඹ වහන්සේ ගේ සබඳ වූ දෙවනපෑතිස් රජ්ජුරුවන් වහන්සේ ගේ මලණුවන් ගේ බිසොව මහණ වනු කැමැති වැ ගන්නාලද වුත සමාදාන ඇති වැ වෙසෙ යි. ඒ බිසවුන් මහණ කරවනු සඳහා ආර්යාලද වූ සඞ්ඝමිත්රා නම් ස්ථවිරාවන් එවුව මැනව. උන් හා කැටිව මැ දක්ෂිණ බෝධි ශාඛාවද එවුව මැනැවැ” යි කීයේ යැ. එපරිද්දෙන් මැ සඟමිත් තෙරණියන් කරා ද එළඹැ එමැ කාරණය දැන්වුයේ යැ. ඒ සඞ්ඝමිත්රාණ නම් ස්ථවිරා තොමෝ එකෙණෙහි මැ පිය රජ්ජුරුවනට දන්වා “මහ රජ්ජුරුවන් වහන්ස, අපි ලඬ්කාද්වීපයට යම්හ” යි කිවූ යැ. “මෑණියෙනි, මා ගේ පුත් වූ මිහිඳු මහ තෙරුන් වහන්සේ ද මුනුබුරු වූ සුමන සාමණේරයන් වහන්සේ ද මා ගේ අත් සුන්නක් මෙන් කොටැ ලංකාද්වීපයට ගිය සේකැ. ඒ දෙදෙනා වහන්සේ නොදක්නා වූ මට උපන්නා වූ ශෝකය නුඹ වහන්සේ ගේ මුව පියුම් දැකීමෙන් සන්හි‍ඳෙන්නේ යැ. දැන් මා පුත්රෙ වියෝගයෙන් උපන්නා වූ ශෝක නැමැති සාගරයෙහි ගල්වමින් කෙසේ වඩනා සේක් දැ යි කියන ලද නරශ්රෙ ෂ්ඨ වූ රජ්ජුරුවන් වහන්සේ ගේ වචනය අසා “රජ්ජුරුවෙනි, මා ගේ බෑ තෙරුන් වහන්සේ ගේ වචනය ඉතා ගරු වන්නේ යැ. අනුලා නම් බිසෝ ද ස්ත්රීගන් දහසක් පිරිවරා ප්රාවුජ්යා්ව පෙරදැරි කොටැ ඇත්තී, මා බලබලා ඉදිනි යැ, මහ රජ්ජුරුවෙනි, මම යෙමි”යි කී යැ. “එබැවින් මෑණියෙනි, මහා බෝධීන් වහන්සේ ඇරගෙනැ ගිය මැනැවැ”යි කී කල්හි ‘යහපත’යි පිළිගත්ති යැ.

2. දක්ෂිණ ශාඛා ග්රමහණ කථාව

සංස්කරණය

ඉක්බිත්තෙන් ධර්මිශෝක රජ්ජුරුවෝ,

සංස්කරණය

ඉක්බිත්තෙන් ධර්මිශෝක රජ්ජුරුවෝ, “කල්පාන්තවහ්නිය සියලු ලොව දවාගෙනැ බෝධීන් වහන්සේ පිහිටන්නා වූ ස්ථානයට පසු වැ යන්නේ යැ. ඒ ස්ථානය මුදුනින් පෙර චක්රහවර්ති රජ්ජුරුවන් විසින් මෙහෙයනලද හස්ති රාජයා පවා යන්නට අසමර්ථ වී යැ. මෙ බඳු මහත් වූ සෘද්ධි ඇති ශ්රීස මහා බෝධින් වහන්සේ ගේ ශරීරයෙහි කවරෙක් ශස්ත්රරයක් හෙළා ද? හෙළහනලද ශස්ත්ර ය කෙසේ බෝධි ද්රැෙමයට වදී ද? ශස්ත්රශයක් නො හෙළා බෝධි ශාඛාව කපන්නට නොපිළිවන් වන්නේ යැ. නොකපනලද ශාඛාව කෙසේ ලංකාද්වීපයට යේ ද? මෙසේ ශස්ත්ර ඝාතයට යොග්ය් නො වන්නා වූ බෝධි ශාඛාව කෙසේ යවම්දැ”යි සිතා අමාත්යසයන් විචාරා මහාදේව නම් එක් අමාත්යව පුත්ර යෙක්හු විසින් “ස්වාමීනි! බොහෝ නුවණැති භික්ෂුන් වහන්සේ ඇතැ”යි කී කල්හි ‘යහපතැ’යි අමාත්ය්යා කී බස් ගිවිසැ භික්ෂු සඬ්ඝයා වහන්සේ වළඳවා “ස්වාමිනි, බුදුන් ගේ බෝධිය ලඬ්කාද්වීපයට යා යුතු ද? නොයා යුතුදැ”යි විචාළෝ යැ. ඒ අසා මොග්ගලිපුත්තිස්ස මහ තෙරුන් වහන්සේ “මහරජ්ජුරුවෙනි, බෝධීන් වහන්සේ ලංකාද්වීපයට යා යතු යැ ”යි කියා මසැස දිවැස පැණැස සමතැස බුදු ඇස යන පසැස් ඇති බුදුන් ගේ මහා අධිෂ්ඨාන පසක් රජ්ජුරුවනට කී සේකැ.


කෙසේ ද යත් බුදු රජාණන් වහන්සේ වනාහි මහා පරිනිර්වා්ණ මඤ්චකයෙහි සැතැපුණු සේක්, ‘ලංකාද්වීපයෙහි මහා බෝධිය පිහිටුවනු පිණිසැ ධර්මැශෝක රජ්ජුරුවෝ දක්ෂිණ මහා බෝධි ශාඛාව ගන්නා පිණිසැ යන්නාහ. එකල්හි ජය මහා බෝධියෙහි දක්ෂිණ මහා ශාඛාව තෙමේ මැ සිඳි ස්වණ කටායෙහි පිහිටා ව’යි ඉටු සේකැ. මේ පළමුවන අධිෂ්ඨානය යැ. ඉක්බිත්තෙන් “පත්රහයෙන් හා ඵලයෙන් ද සවණක් රස් විහිදේවා”යි ඉටු සේකැ. මේ දෙවන අධිෂ්ඨානය යැ. ඉක්බිත්තෙන් මහා බෝධිය ‘වලගබට වැඳ සතියක් මුඵල්ලෙහි සිටි වා”යි ඉටු සේකැ. මේ තුන්වන අධිෂ්ඨානය යැ ‘ථූපාරාම චෛත්යසයෙහි මා ගේ දකුණු අකුධාතු පිහිටන දවස් යමක ප්රාවතිහාර්ය්්ත කෙරේවා’යි ඉටු සේකැ.මේ සතර වන අධිෂ්ඨානය යැ ‘ලංකාද්වීපයෙහි මැ මා ගේ ද්රෝාණයක් පමණ ධාතු රුවන්වැලි මහ සෑයෙහි පිහිටන දවස් සර්ව්ඥවේශය මවාගෙනැ ආකාශයට පැනනැගි යමක ප්රාහතිභාර්ය්් කෙරේවා යි ඉටු සේකැ. මේ පස්වන අධිෂ්ඨානයයැ යි කී සේකැ.

රජ්ජුරුවෝ මේ පඥ්ච අධ්ෂ්ඨානය අසා හට ගත්තා වූ ප්රීිති ප්ර මොද ඇති වැ, පැළලුප් නුවර පටන් ශ්රීත මහා බෝධිය දක්වා සත්යොදුන් මාර්ගතය කනුමුල් උදුරුවා, කසළ හරවා එහි ධවල වූ බොහෝ වූ සුදු වැලි තනවා, අබ සුනුසාල් ඊතණ දෑසමෙන් විලඳ යන ලද පස් මල් විසුරුවා, අනේක ප්රතකාර වූ ශෝභා සමූහ ඇති නොයෙක් සියදහස් ගණන් ධජ පතාක නංවා, මෙසේ අනේක ප්රහකාරයෙන් මාර්ගනය සරහා ස්වර්ණ කටාහය කරවන පිණිසැ ‍ෙබහෝ උතුම් වූ රත්රන් මෑත් කැරැවූහ. එකෙණෙහි මැ ශක්රකදේවේද්ර යන් විසින් නියෝග කරනලද විශ්වකර්මැ දිව්ය පුත්රකතෙම ස්වර්ණොකාර වේශයක් මවාගෙනැ රජ්ජුරුවන් ඉදිරියෙහි පෙනී.’දරුව, මේ රත්රන් ගෙනැ කටාහයක් කරව’යි කි කල්හි “රජ්ජුරුවන් වහන්ස, කරන්නා වූ කටාහයෙහි පමණ නොදනිමි”යි කී යැ. “දරුව, තෝ මැ පමණ දැනැ කරව”යි කී කල්හි, රත්රන් ගෙනැ තමා ගේ අන්භාවයෙන් අතින් පිරිමැදැ නව රියනක් වට ඇති පස් රියනක් උස ඇති තුන් රියනක් පුථල ඇති අටඟුලක් බොල ඇති, ඇත් නාඹකු ගේ සොඩක් පමණ මුව විටි ඇති හිරු මඬලක් හා සමාන වූ කටාභය මවා රජ්ජුරුවනට දී අන්තර්ධාන වී යැ.


ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ සියලු රාජාභරණයෙන් සැරැහි, සියලු හස්ත්ය්ලංකාරයෙන් සරසනලද්දා වූ මඟුලැතු පිටට පැනනැඟී ප්රසකාශ වූ කිරීට මාණික්යා‍ලෝකනයෙන් ගැවැසිගත්තා වූ හිස් ඇති ක්ෂත්රි්යාභිෂේකයෙන් මුදුනෙහි අභිෂේක කරනලද රජදරුවන් දහසක් දෙනා විසින් පිරිවරනලදු වැ වෑහෙන්නා වූ මදයෙන් ගන්ධ වූ ගන්ධ හස්තීන් ගෙන් අන්ධකාර වූ, පනන්නා ව අශ්ව සමූහයා ගේ ගුගුරන්නා වූ මුඛ රවයෙන් දැදුරු කරනලද දසදික් ඇති, පාබළ සේනාව ගේ ඝනවූ කලකල ධ්වනියෙන් පලන ලද කර්ණරරන්ධු ඇති, දයා නැති වැ භයානක කොටැ ගසන ලද මිහිඟු බෙර මද්දල පටහ හෙරි ධ්වනියෙන් හා කාහල නාද ශංඛ නාදයෙන් හා දන්වන ලද්දා වූ ගමන් ඇති, සලනු ලබන්නා ව ධවල වූ දහස් ගණන් චාමර ඇති, රන්මිටු ඇති ධවලාතපත්රලයෙන් ගැවැසී ගන්නාලද ආකාශ ඇති, සත් යොන්නක් පමණ දිග ඇති, තුන් යොන්නක් පමණ පුඵල ඇති, චතුරංගණී සේනායෙන් පිරිවරන ලදු වැ, ස්වර්ණො කටාභය ගෙන්වාගෙනැ ආර්ය් ඇත සඬ්ඝයා වහන්සේ කැඳවාගෙනැ ශ්රී් මහා බෝධීන් වහන්සේ සමීපයට ගියෝ ය.


ඉක්බිත්තෙන් එතැනට ගොස් ‘නඟනලද රන් රිදි ධජ පතාක ඇති අනේක ප්රෙකාර වූ මුක්තා මාණික්යානදී වූ දශවිධ රත්නයෙන් විසිතුරු වූ නොයෙක් අලංකාරයෙන් සැරැහුණා වූ දෑසමෙන් සිනිද්ද බෝලිදිද ආදී වූ අනේක ප්රලකාර තූර්ය්දෑ නාදයෙන් ඝෝෂා කරනලද චතුරංගණී සේනායෙන් ශ්රීධ මහා බෝධීන් වහන්සේ වට කරවා, තිරයක් වට කොටැ බඳවාගෙනැ ශ්රෙඝෂ්ඨ වූ මහා ස්ථවිරවරයන් දහසක් දෙනා වහන්සේ හා සියලු ජම්බුද්වීපයෙහි රාජ්යා භිෂේකයෙන් අභිෂේකයට පැමිණියා වූ රජදරුවන් දහසක් දෙනා ද ලවා තමන් හා බෝධීන් වහන්සේත් පිරිවරා සිටුවා බෝධි ද්රැරම සමීපයෙහි සිටැ දොහොත් මුදුනෙහි බැඳැ ජය මහා බෝධීන් වහන්සේ බැලූහ. එකල්හි ශ්රීට මහා බෝධීන් වහන්සේගේ කඳ හා දක්ෂිණ මහා ශාඛායෙහි සතර රියනක් පමණ තැන් ද හැරැ සෙසු තැන් නොපැනී ගියේ යැ.

එසේ හෙයින් කියන ලදී:

“තස්සා දක්ඛීණසාඛාය චතුහත්ථප්පමාණකං,

ඨානං ඛන්ධඤ්ව ඨපයිත්වා සාඛා අන්තරධායිසු”යි


ධර්ම හෝක රජ්ජුරුවෝ

සංස්කරණය

ධර්ම හෝක රජ්ජුරුවෝ ඒ ප්රාසතිභාර්ය්මණ ය දැකැ, හටගත්තා වූ ප්රීතති සොම්නස් ඇති වැ අන් කට යුතු වූ සත්කාරයෙන් නො දැකැ ශ්රී මහා බෝධීන් වහන්සේට සියලු ඓශ්චර්ය් ව පරිත්යා ග නකරෙමින්, “ස්වාමීනි, මම මේ ප්රා තිභාර්ය්දෑ දැකැ ඉතා සතුටු වූයෙමි ජයශ්රීර මහා බෝධීන් වහන්සේට සියලු ජමිබුද්වීප රාජ්යතයෙන් පූජා කෙරෙමි”යි ආර්ය්න්ස සංඝයා වහන්සේට කියා අභිෂේක ජලය වක් කළෝ යැ. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ යර්වාිලංකාරයෙන් ප්රයතිමණ්ඩිත වැ රාජාලංකාරයෙන් සැරැහුණා වූ රජ දරුවන් දහසක් දෙනා විසින් පිරිවරනලදුවැ ශ්රීැ මහා බෝධීන් වහන්සේට ගඳ දුම් මල් පහන් ආදියෙන් පූජා කොටැ තුන්යළක් පැදකුණු කොටැ අට තෙනෙකැ බැස හෙවැ වැදැ නැඟී: දොහොත් මුදුනෙහි බැඳැසිටැ, සත්යන ක්රිැයායෙන් බෝධීන් වහන්සේ ගන්නා කැමැති වැ යම්තාක් මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණශාඛාව ද ඒ තාක් උස් කොටැ තබන ලද සර්ව රත්නමය වූ පුටුවක් මත්තෙහි ස්වර්ණඒ කටාභය තබවා, තුමූ නැගෙනහිර දිගට අභිමුඛ වැ රන් හිනින් රුවන් පුටුවට නැඟී, රන් තෙල්ල ගෙනැ දක්ෂිණ මහා ශාඛායෙහි රන්සිරියෙලින් හිරක් ඇඳැ “ඉදින් මහා බෝධිය ලංකාද්වීපයෙහි පිහිටියැ යුතු වී නම් මහා බෝධීන් වහන්සේ තමන් වහන්සේමැ සිදි ස්වර්ණි කටාභයෙහි පිහිටන සේක්වා”යි කියා සත්යැ ක්රි යා කෙළෝ යැ. ඉක්බිත්තෙන් සත්යක ක්රි යාව හා සමඟ මහා බෝධි ශාඛාව රන්සිරියෙලින් පිරිසුන් තැනැදී සිඳී ගඳ කළල් පිරූ රන් කට්භයෙහි පිහිට්යේ යැ. එහෙයින් කියනලදී;


“ලේකට්ඨානේ මහාබෝධි ජින්දිත්වා සයමේව සා,

ගන්ධකද්දමපූරස්ස කටාහසෝ පතිට්ධ්ර්තාය”යි


ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ මූල රේඛාවට මත්තේ තුනහලක් පමණ තැනැ අනික් ඉරි තනක් ඇඳැලූ හ. එයින් එනකණේ මැ බුබුළු නැඟි මහමුල් දසයෙක් නික්මුණ් යැ. නැවතැ මත මත්තේ තුනඟුල් පමණ තැනැ අනිකුත් නවහිරක් හැඳැලූ හ. ඒ නවහිරිනුත් පපටිකා දසයක් දසයක් බැගින් නැඟ අනුවක් මුල් නික්මුණේ යැ.පළමු වැ නැඟි මහමුල් දසය සතරගුලක් පමණ තැනැ නික්මුණේ යැ. සෙසු මුල් අනූව ගවක්ෂ ජාලාවක් මෙන් ඔවුනොවුන් හිවමින් නික්මුණේ යැ. මෙතෙක් ප්රානතිභාර්ය්මෙ රජ්ජුරුවෝ රුවන් පුටුව මත්තෙහි සිට මැ දැකැ, දොහොත් මුදුනෙහි බැඳැ මහත් වූ ප්රීාති නාද පැවැත්වූ හ.දහස් ගණන් භික්ෂූන් වහන්සේ සාධුකාර දුන් සේකැ. සියලු රාජ සේනාව ඔල්වර හඬ ගැසූ යැ.දහස් ගණන් පිළි අහසට දමා කෙළියාහු යැ.පොළෝ තෙලෙහි පටන් අකනිටා බඹ ලොව දක්වා මෙදෑතුරෙහි සියලු දෙවියෝ සාධුකාර නාද පැවැත්වූ හ. රජ්ජුරුවෝ මේ ප්රායතිහාර්ය්වැ දැකැ, පස්වනක් ප්රීසතියෙන් පිඹැ පුරා පූ තොල ඛෝ විතක් මෙන් සම්පූර්ණර වූ ශරීර ඇති වැ දොහොත් මුදු‍ෙනහි බැදැ සිටිය දී මැ දක්ෂිණ ශ්රීර මහා බෝධීන් වහන්සේ සියක් මුල් හා සමඟ ස්වර්ණන කටාභයෙහි පිහිටි සේකැ.


එසේ හෙයින් කියන ලදී.

“එවං සතේන මුලාන තත්ථ යා ගන්ධකද්දර්ථෙම

පතිට්ඨාසි මහාබෝධි පසාදෙන්ති මහාජනං”යි.


මෙසේ බෝධීන් වහන්සේ ගේ මහ මුල් දසයක් රන්කටාභ තලය පැහැරැ සිටියේ යැ. සෙසු අනූවක් මුල් ක්රරමයෙන් වැඩෙමින් සුවඳ කළලට බැසැ සිටියේ යැ. ඒ බෝධීන් වහන්සේ ගේ උසින් දස රියනක් පමණ කඳ වන්නේ යැ. සතර රියනක් සතර රියනක් පමණ පඤ්ච මහා ශාඛා වන්නේ යැ. ඵල පසෙකින් මැ හෙබියේ යැ කුඩා අතු දහසෙක් වන්නේ යැ. මෙසේ ඒ මහා බෝධීන් වහන්සේ ස්වර්ණ කටාභයෙහි පිහිටි ලමණක් ඇති කල්හි, දිය පොළොව අවසන් කොටැ මහත් වූ භූමිචලන වුයේ යැ. ආකාශයෙහි දිව්ය හෙරි නාද පැවැත්තේ යැ. පර්වේතයන් ගේ ගැටීමෙන් ද, දෙව්යන්‍ ගේ සාධුකාරයෙන් ද, යක්ෂයින් ගේ හිංකාර නාදයෙන් ද, අසුරයන් ගේ ස්තූති ඝෝඝාවෙන් ද, බ්රෂහ්මයන් ගේ අත්පොළසන් දීමෙන් ද, මේඝයන්‍ ගේ ගර්ජනා කිරීමෙන් ද, වතුෂ්පද ජාතීන් ගේ නාදයෙන් ද, පක්ෂීන් ගේ හැඬීමෙන් ද, සියලු පඤ්වාංගික තූර්ය්්පද නාදයන් තමන් තමන් ගේ ධ්වනි පැවැත්වීමෙන් ද, පෘථිවියෙහි පටන් අකනිටා බ්රයහ්ම ලෝකය දක්වා ඒක කෝලාහල වී යැ; ඒකනින් නාද වී යැ. පඤ්ච මහා ශාඛායෙහි ඵල පත්‍රයෙන් නිල පිතාදී සවනක් රස් නික්මැ සියලු සක්වළ රුවන් ගෝනැසින් වලඳනාලද්දක් මෙන් කෙරෙමින් බ්රකහ්ම ලෝකය දක්වා පැනනැංගේ යැ. එතැන් පටන් සත් දවසක් මුඵල්ලෙහි මහා බෝධීන් වහන්සේ හිම වලා ගබට වැදැ කිසි කෙනෙකුනට නො පෙනී සිටි සේකැ. එහෙයින් කියන ලදී;


“සකටාහා මහාබෝධි උග්ගන්ත්වාන තතො නහං,

අට්ඨාසි හිමගබ්භම්හි සත්තාහංනි අදස්සනා”යි.


ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ රුවන් පුටුයෙන් බැසැ; ඒ සතිය මුඵල්ලෙහි එතන්හි වැසැ අතුරක් නැති වැ මහත් වූ බෝධි පූජාව අනේක ප්රසකාරයෙන් කැරැවූ හ.සත් වන දවස් සියලු දිගින් හිම රශ්මි කරකැවී මහා බෝධියට මැ වන්නේ යැ. මෙසේ පහ වූ හිම වලා ඇති ඉතා ප්රැසන්න වූ සක්වල ගැබැ මහා බෝධීන් වහන්සේ සම්පූර්ණ වූ කදින් හා පඤ්වශාඛායෙන් හා ශාඛා ප්රවශාඛා සමූහයෙන් හා පඤ්ච ඵලයෙන් ද ප්ර තිමණ්ඩිත වැ ස්වර්ණහ කටාභයෙහි පිහිටි පරිද්දෙන් මැ සියලු ජනයාට පෙනුණු සේකැ. එසේ හෙයින් මෙසේ කියන ලදී;


“සුද්ධේ නහසි දිස්සීත්ථ සකටාහා පතිට්ධ්ර්තාත,

මහා ජනස්ස සබ්බස්ස මහාබෝධි මනෝරමා”යි.


මෙසේ ඒ මහා බෝධීන් වහන්සේ අනේක ප්රපකාර වූ ප්රාිතිහාර්ය්දී යන් නිමල වූ ආකාශ තලයෙහි දක්වා සිටි සේක්, වන්දගුත්ත නම් රාජ කුමාරයන් විසින් කේශරසිංහ සම වලඳනාලද රත්සඳුන් බෙර ගැසූ කල්හි මහා ජනයා සන්තෝෂ කරවා ශක්රා භවනෙයෙහි සිටැ සකස්පුර දොරට බස්නා බුදු රජානන් වහන්සේ මෙන් භූමියට බට සේකැ. එහෙයින් කියන ලදී;


“පවත්තම්හි මහා බෝධි විවිධෙ පාටීහාරියේ,

විමහාපයන්තී ජනතං පඨවිතලමෝරුහී”යි.


ඉක්බිත්තෙන් ධර්ම ශෝක රජ්ජුරුවෝ ඒ ප්රා තිභාර්ය්ාන යෙන් උපන්නා වූ ප්රී්තිවේග ඇති වැ ඒ තරුණ මහා බෝධීන් වහන්සේට සියලු රජඉසුරු හරිමින් “කාසි කෝසල අඩ්ග මගධාදි වූ සොළොස් මහා දේශයෙන් අලංකෘත වූ සියලු ජම්බුදිවීප රාජ්ය යෙන් තරුණ මහා බෝධීන් වහන්සේට පූජි කෙරෙමි යි කියා අනවතප්ත ජලයෙන් අභිෂේක දී සතියක් මුඵල්ලෙහි එතැන සිටියෝ යැ. අසන්ධිමිත්රාන නම් වූ බිසවූ ද සොළොස් දහසක් පුරාඩ්ගනාවක් හා සමඟ මහා බෝධීන් වහන්සේට සර්වාභරණයෙන් පූජා කොටැ අනේක ප්රහකාර වූ සුවඳ මල් පූජා කළාහු යැ.මහා බෝධීන් වහන්සේ වප් මසැ පුර පසළොස්වක් දිනයෙහි සවස් වේලෙහි රන් කටාභයෙහි පිහිටි සේකැ. ඉක්බිත්තෙන් හිම ගර්හි සප්තාහය හා අභෂේක සප්තායන් ඉකුත් කොටැ අව පසළොස්වක් දිනයෙහි රජ්ජුරවෝ බෝධීන් වහන්සේ, ධවල වූ අශ්වයන් ගෙන් බබළන්නා වූ නඟනලද ධවලාතපත්ර ඇති සරහා පිළියෙළ කරන ලද රථයෙක්හි නබා පූජා කෙරෙමින් සරහනලද මාර්ගේයෙන් එක දවසින් මැ පැළලුප් නවරට වැදැ හිල් මසැ පුර පෑළවිය දිනයෙහි නැගෙනහිර මහා සල් ගස මුලැ සරහන ලද මණ්ඩපයෙහි තැබූ හ. ස්වර්ණහ කට්භයෙහි පිහිටි දිනයෙන් සතළොස් වන දවස් මහා බෝධීන් වහන්සේ‍ ගෙන් අභිනවාඩ්කුර පහළ වූයේ යැ. ඒ දැකැ ප්රසසන්න වූ රජ්ජුරුවෝ නැවැතැ මහා බෝධීන් වහන්සේට සියලු ජම්බුද්වීප රාජ්ය්යෙන් පූජාකොටැ ඉතා සිත්කලු වූ අනේක ප්ර කාර වූ බෝධි පූජා කරැවූ හ.


මෙසේ විලක් බඳු වූ පැළලප් නවරැ ප්රාුතිහාර්ය්ර යෙන් නික්මුණා වූ රශ්මි සහිත වූ අනේක ප්රූකාර වූ ඩ්වජමාලාගැවසී ගත්තා වූ විශාල වූ ඉතා සිත්කලු වූ මහා බෝධි පූජාව දිව්ය‍ මනුෂ්යමයන් ගේ චිත්ත සන්තෝෂය කෙළේ යැ. එහෙයින් කියන ලදී;


“ඉති කුසුමපුරේ සරේ සරංසා

බහුවිධ වාරුධජාකුලා විසලා,

සුරුවිරපවරෝරු බෝධිපූජා

මරුනර චිත්ත විකාසිනි අහෝසි”යි

ඒ මෙ දක්ෂිණ මහා බෝධි ශාඛාව මෙසේ ධර්මයශෝක රජ්ජුරුවන් විසින් ගන්නා ලද්දේ යැ.


3. ලඩ්කාවතරණ කථාව

සංස්කරණය

සඩ්ඝමිත්රාේ නම ටේරීන් විසින් කෙසේ ගෙනැ එන ලද්දේ ද දත් ඉත්බිත්තෙන් ධර්මරශෝක රජ්ජුරුවෝ පැමිණියා වූ ෂඩහිඥා ඇති,තමන් ගේ දූ වූ සඩ්ඝමිත්රාර නම් ස්ථවිරාව කැඳවා “ආර්යා ඇත වන් වහන්ස, දැන් මහ බෝධිය ගෙනැ ලංකාද්වීපයට ගිය මැනැවැ”යි කියා විධුරින් ද නම් රාජ කුමාරයන් කැඳවා “තෙපි සහ පිරිවරින් මහා බෝධීන් වහන්සේට ආරක්ෂා කරව”යි කියා, අටළොස් කුලෙකැ දෙවියන් කැඳවා “තෙපි පිරිවර හා සමඟ බෝධීන් වහන්සේට රකවල් ගෙනැ සිටුව”යි කියා, එසේ මැ රජ කුල අටක් ද, සිටු කුල අටක් ද, බමුණු කුල අටක් ද, කෙළෙඹි කුල අටක් ද, වෙළෙඳ කුල අටක් ද, දුනුවා කුල අටක් ද, සරස් කුල අටක් ද, කිළීඟු කුල අටක් ද, කපු කුල අටක් ද, බලත් කුල අ‍ටක් ද, පෙහෙර කුල අටක් ද, කුඹල් කුල අටක් ද, මල්කරු කුල අටක් ද, එසු දවට කුල අටක් ද, සන්නාසි කුල අටක් ද, අරක්කැම් කුල අටක් ද, කඹුරු කුල අටක් ද, ලෝකුරු කුල අටක් ද, ස්වණර්කාඅර කුල අටක් ද, බෙරවා කුල අටක් ද, සත්කර කුල අටක් ද, උයන්ගොවූ කුල අටක් ද දී මවුන් අතුරින් සූර්ය්ක් වංසෙහි උපන් නා වූ වේධ්ඝ්ොවූ දේවියන් ගේ සහෝදර වූ රාජ කුමාරවරුන් අට දෙනාට ප්ර ධාන වූ සුමිත්ත යැ බෝධිගුත්ත යැ යන නම් ඇති ශාක්යව පුත්ර යන් දෙදෙනා තමන් පැළැඳි ආභරණ පළඳවා, තමනට කළ මනා සියලු පෙරහර කරවා, තමන් හා සම තනතරෙහි තබා බාල වූ සුමිත්ත නම් රාජ කුමරයනට කුලවාසීන් පාවා දී, වැඩි මහලු බෝධිගුත්ත නම් කුමාරයනට මහා ‍බෝධීන් වහන්සේ නිරන්තරයෙන් පැන් වඩනු සදහා රාජ වංශයෙන් පෙරහර බිසෝ වරුන් සතර දෙනෙකු පාවා දී. බෝධි ස්නානය කරනු සදහා ස්වර්ණ හිඩ්කාර අටක් හා රජත හිඩ්කාර අටක් ද දී, මහ පෙරහරින් මහා බෝධීන් වහන්සේ ගඩ්ගා නම් ගඩ්ගායෙහි සරහන ලද නැවට වඩා, භික්ෂුණීන් එනකාළොසක් හා සමඟ සඩ්ගමිත්රාස නම් වූ ස්ථවිර‍ාවන් ද අමාත්යක රත්න වූ අරිට්ඨ කුමාරයන් ද බෝධිගුප්ත කුමාරයන් ප්රූධාන කොටැ ඇති ජාති මපන්න කුල ද එ මැ නැවට නංවා, අවශේෂ කුළ වැස්සන් සෙසු නැව්වලට නංවා තුමුන් නුවරින් නික්මැ පූර්ව සමුද්රස වේලාතයෙහි හා අපර සමුද්රන වේලාන්තයෙහි ද පැහැර සිටියා වූ වින්ධ්යාව නම් වනය ඉක්මැ ක්රරමයෙන් සද් දවසෙකින් තාමලිත් නම් තොටට පැමිණියෝ යැ; අතර මඟැ දී දිව්ය‍ මනුෂ්යව නාග සුපණාදීහු වස්ත්රාපභරණ සුවඳ මල් විචිත්රැ වස්ත්ර‍ සදුන් සුණු මුවරඳ වෂායෙන් මහා බෝධීන් වහන්සේට පූජා කෙරෙමින් සතියෙකින් මැ තාමලින් තොටට පැමිණියාහු යැ.

එසමයෙහි රජ්ජුරුවෝ මහා බෝධිය වායු වේගයෙන් අළලන ලද සමුද්රො වේලාන්තයෙහි සිත්කලු වු මණ්ඩපයෙහි තබා, සතියක් මුළුල්ලෙහි සියලු ජම්බුද්වීප රාජ්යකයෙන් පූජා කොටැ රන් සක රාජ්යළ කන්යා වක ඇතැ තබා, රිදී සක සිටු කන්යාලවක ලවා ගන්වා, අනවතප්ත ජලයෙන් තුන් සකින් මහා බෝධීන් වහන්සේට අභෂේක ජලය වක්කරවා, උඳුවප් මැස පුර පෑළවිය දිනයෙහි රජ කුල අටෙක බමුණු කුල අටෙකැයි සොළොස් ජාති සම්පන්න කුලයන් හා සමඟ මහා බෝධීන් වහන්සේ ඔසවා, තමන් ගේ හිස් මුදුනෙහි පිහිටුවා, කරවටක් පමණ සමුද්ර ජලයට බැසැ, සරහන ලද නැවෙහි, රන් පුටුව මත්තෙහි තබා පිරිවර සහිත වු සංමිත් තෙරණියන් නැවට නංවා, නොයෙක් කුල වැසියන් සෙසු නැව්වලට නංවා, බෝධිගුත්ත සුමිත්ත දෙදෙනාට අනුශාසනා කොටැ. අරිට්ඨ කුමාර නම් අමාත්ය් රත්නය සමීපයට කැඳවා, ‘දරුව, මම මහ බෝධීන් වහන්සේට තුන් වරෙකැ සියලු ජම්බුද්වීප රාජ්යරයෙන් පුජා කොටැ, කරවටක් පමණ සාගර ජලයට බැසැ, මා යහළු වු දෙවනපෑතිස් රජ්ජුරුවනට යැවීමි. රජ්ජුරුවෝද එපරිද්දෙන් මැ මහා බෝධීන් වහන්සේට පුජා කෙරෙත්ව” යි කියා ලංකාධිපති වු රජ්ජුරුවනට හසුන් දුන්නා හු යැ.

එහෙයින් කියන ලදි:

“අහං රජ්ජේන තික්ඛත්තුං මහාබෝධිමපූජයිං,

එවමෙව හි පූජේතු රාජා රජ්ජේන මේ සඛා” යි.


මෙසේ රජ්ජුරුවෝ තමන් ගේ යහළු වු දෙවනපෑතිස්ස රජ්ජුරුවනට අසුන් දී සමුද්රත තීරයෙහි සිටැ මහා සාගරයෙහි වඩනා වු බෝධීන් වහන්සේ දැකැ, “එම්බල කොල, දශබලධාරී වු බුදුරජාණන් වහන්සේගේ සිනිඳු වු ඔජාවත් වු රශ්මිජ්වාලාවන් දිවන්නා වු මහා බොධින් වහන්සේ වඩනා සේකැ” යි කියා දොහොත් මුදුනෙහි බැඳැ කඳුළු වගුරුවමින් ඇසට විෂය ත න් දක්වා බලා සිටැ හඬා වැලැප වැළැක්කෝ යැ. දුමින්දාගමන කථා

එසේ හෙයින් කියන ලදී:

මහාබෝධි වියෝගේන ධම්මාසෝකෝ සසෝකවා.

කන්දිත්වා පරිදේවිත්වා අගමාසි සකං පුරං”යි. ඉක්බිත්තෙන් ඒ බෝධීන් වහන්සේ නැංගා වු නැව සමුද්රු ජලතලය මත්තෙහි දිවැ ගත්තේයැ. මහා සමුද්රවයෙහි වටින් යොදනින් යොදනේ රළ සංහිඳුණේයැ. ඒ සමුද්රතයෙහි සදත්විල ශ්රීව සමෘද්ධිය දක්වන කලක් පරිද්දෙන් නීලෝත්පලය යැ ශෙවතෝත්පල යැ රක්තපද්ම යැ ශෙවතපද්ම යැ යන පඤ්චවිධ පද්මයෝ සුපුෂ්පිත වු හ. ආකාශයෙහි ශක්ර දේවේන්ද්රමයන් ගේ නෘත්යය මණ්ඩලය දක්වන කලක් පරිද්දෙන් දෙවියන්ගේ නැටීම් ගී කීම් ගැසීම් පිඹීම් සඩ්ඛ්යාෝත චතුරඞග සඞගිතීහු පැවැත්නාහු යැ, ආකාශස්ථ දෙවියෝ යැ, ජලාශ්රි ත දෙවියෝ යැ, වෘක්ෂ නි:ශ්රියත දෙවියෝ යැ යන මේ සියලු දේවතාවන් විසින් පවත්වන ලද ඉතා උදාර වු පුජා වුයේ යැ. එකල්හි සමුද්රනයෙහි වසන්නා වු නාගයෝ මහා බෝධීන් වහන්සේ ගෙනැ මහ පවන් හා වර්ෂා අන්ධකාර ද දක්වා ක්ෂෝභ කෙරෙමින් සෘද්ධි විකුර්වපණය කළාහු යැ.

ඒ දැකැ සඬ්ඝමිත්රාි නම් ස්ථවිරා තොමෝ ගුරුළු වෙසක් මවා ගෙනැ කල්පාන්ත වහ්නි ස්කන්ධයක් සේ භයානක වු ගරුඬ වේශයෙන් අහස්කුස් පුරා, ඉන්ද්රයනිල මාණික්යුමය වු මස්තකයෙහි රශ්මි ප්වාලායෙන් ආකාශය ඒකාන්ධකාර කොටැ, පක්ෂ මරුත වේගයෙන් සමුද්රව ජලය අළලා ප්රාලය කාලයෙහි සුර්ය්ි මණ්ඩලයක් බඳුවු භයානක වු නේත්රල යුගලයෙන් නයින්ගේ ළය උපුල්වා, ප්රේයල සාගරයෙහි ගර්ජනාවක් හා සදෘශ වු ඝෝෂාවෙන් නයින් තැති ගන්වා, නාග සමූහයා ප්රලලය කළා යැ. ඒ ස්ථවිරාවන් ගේ ආනුභාවයෙන් තැති ගත්තා වු නාගයෝ අවුත් ඒ විභූතිය දැකැ සංමිත් තෙරණියනට යාච්ඤා කොළෝ යැ. “ආය්යවර්‍ වන් වහන්ස, බුදුරජාණන් වහන්සේ මුවලින්ද නා රජහු ගේ දරණ වැල තමන් වහන්සේට ගඳ කිළියක් කොටැ සතියක් මුළුල්ලෙහි ඕහට සඞ්ග්රවහ කළ සේකැ. බුදු වන දවස් නිල්දලා හෝ නොරැ දී තමන් වහන්සේ වැළඳ තාලිය මහ කෙළ නා රජ හට හළ සේකැ. උරුවේලායෙහි නාග රාජයා විසින් මවන ලද විෂධූම හා ගිනි කඳ ද නො සලකා ම.

ශරණශීල නැමති ආභරණ දුන් සේකැ. මුගලන් මහ තෙරුන් වහන්සේ යවා නන්දෝපනන්ද නම් නාග රාජයා ගේ විෂ, සාගරය කල්පාන්ත වහ්නියෙහි සූර්ය්ම් යා මෙන් වියළාපු සේකැ, මෙසේ ලෝකස්වාමි වු සර්වමඥයන් වහන්සේ අපට උපකාරී සේක. නුඔ වහන්සේත් අප ගේ දෝෂය නො සලකා, ඇසිල්ලක් මහා බෝධීන් වහන්සේ අපට හැරැ නාග සමූහයාට ස්වර්ගල මෝක්ෂ සැප සිදුධ කළ මැනැවැ” යි යාච්ඤා කළාහු යැ. ඒ සඞ්ඝමිත්රාස නම් ස්ථවිරාව නයින් හට මහා බෝධීන් වහන්සේ හැරැ මෙසේ කිවු යැ. “ එම්බා නාගයෙනි! නාග ලෝකයෙහි පටන් හවාග්ර්ය දක්වා සියලු දසදහසක් සක්වළ විෂය නො වන්නා වු තෙනෙක් නම් නැත. කොතැනට ගියාවූත් බෝධීන් වහ්නසේ ගෙනැ ඊම මට භාර වන්නේයැ. එසේ හෙයින් තෙපි සතියක් මුළුල්ලෙහි මහත් වු බෝධී පූජා කොටැ ගෙනෙවු” යි කිවුයැ. ඉක්බිත්තෙන් නාගයෝ සත්රුවනින් පුදමින් නාග භවනයට ගෙනැ ගොස් සත්රුවන්මය වු මණ්ඩපයෙක්හි සත් රුවන්මය වු පර්යංැ ගොක මත්තෙහි තබා, ධවලච්ඡත්ර් නංවා සියලු මල් දම් ආදීන් පූජා කෙරෙමින් නාග නාටීකාවන් ලවා ගායනා කරවා සතියක් මුළුල්ලෙහි, නාග රාජ්යනයෙන් පූජා කොටැ ගෙවුත් නැවත නැවෙහි පිහිටුවාලූ හ. එදවස් මැ නැව දිඹුලු තොටට ගියේ යැ. ඒ මේ දක්ෂිණ ශාඛාව මෙසේ සඞ්ඝමිත්රාහ නම් ස්ථවිරාවන් විසින් ගෙනැ එන ලද්දේ යැ.


4. මහා බෝධි ප්‍රතිෂ්ඨාපන කථාව

සංස්කරණය

දෙවනපෑතිස් රජ්ජුරුවන් විසින්

සංස්කරණය

දෙවනපෑතිස් රජ්ජුරුවන් විසින් කෙසේ පිහිටුවන ලද්දේද යත්: එසමයෙහි දෙවනපෑතිස් රජ්ජුරුවෝ සුමන සාමණේරයන් වහන්සේගේ වචනයෙන් උඳුවප් මසැ පුර පෑලවිය දිනයෙහි පටන් නුවරැ උතුරු දොරටුයෙහි සිටැ දඹුලු තොට දක්වා මඟ කසළ හරවා එහි නිර්මටල වු බොහෝ වැලි තනවා නුවරින් නික්මෙන දවස් උතුරු දොරටු සමීපයෙහි සමුද්රම ශාලා වාස්තුයෙහි සිටැ මහා සමුද්රනයෙහි. ඒ මහත් වු ශ්රී විභූතීන් වඩනා වු මහා බෝධීන් වහන්සේ මිහිඳු මහ තෙරුන් වහන්සේ ගේ ආනුභාවයෙන් දැකැ, සතුටු වු සිත් ඇති වැ නුවරින් නික්මැ සියලු මාර්ගආය පස් වනක් පැහැ ඇති මලින් විසුරුවා, අනේක ප්රේකාර වු විසිතුරු වු වස්ත්රආයන් හා ධජපතාකා ද නංවමින්, අතරතුරෙහි පුන්කලස් හා රන්තලි රිදීතලි හා කෙහෙල්ගස් පඬ්ක්ති ද යන ආදීන්, සරහා ඒ ඒ තන්හි විසිතුරු වු මල්ඇගෑ දක්වා, එක දවසින් මැ දඹුලු තොටට ගොස් සන්හුන්නා වු රළ ඇති සමුද්රලයෙහි සුපිපි පස්වනක් පියුම් දැකැ, පහ වු සමුද්රිඝෝෂා ඇති ආකාශයෙහි දිව්ය් තූර්ය්පිපනාදයෙන් පිරිවරනලදු වැ ගඳ දුම් මල් පහන් ආදියෙන් පූජා කෙරෙමින් ප්රී ති වේගයෙන් කරවටක් පමණ සමුද්රන ජලයට බැස “එම්බල කොල! දශබලධාරි වු බුදුරජාණන් වහන්සේ ගේ සිනිඳු වු ඔජාවත් වු රශ්මිජ්වාලා විහිදුවන්නා වු මහා බෝධීන් වහන්සේ වැඩි සේක් වේ දැ “ යි ප්රමසන්න වු සිත් ඇති වැ මහා බෝධීන් වහන්සේ ඔසවා, මුදුන් මස්තකයෙහි පිහිටුවා. ‘මිනිසත් බව ලැබීම සඵල යැ”යි, සිතමින් බෝධීගුප්ත කුමාරයන් පුධාන කොටැ ඇති සොළොස් ජාති සම්පන්න කුලයන් හා සමඟ හිසින් ගෙනවුත් සමුද්ර යෙන් ගොඩ නැඟී සමුද්රස තීරයෙහි සිත්කලු වු මණ්ඩපයට වඩා, සියලු ලඬ්කාද්වීපයෙහි රාජ්යගයෙන් මහා බෝධීන් වහන්සේට පූජා කොටැ සොළොස් කුලයන් ගේ අතට රාජ්යගය හැරැ තුමු දොරටුපාල තනතුරෙහි සිටැ තුන් දවසක් මුළුල්ලෙහි අනේක ප්රනකාර වූ පුජා කැරැවූ හ.

ඉක්බිත්තෙන් දවසෙකැ සරහා පිළියෙළ කරනලද රථයක් මත්තේ තබා මහත් වු පූජා සත්කාර කෙරෙමින් නැඟෙනහිර තිස්ස විහාරය පිහිටන්නා වු ස්ථානයට ගෙනවුත් සංඝයා වහන්සේ පෙරවරු වළඳවා මිහිඳු මහ තෙරුන් වහන්සේ විසින් වදාරන ලද, ඒ ස්ථානයෙහි සර්වඥයන් වහන්සේ විසින් කළා වු නයින් ගේ දමනය අසා, “බුදුන් විසින් වැඩහිඳීම් ආදියෙන් ප්ර යෝජන ලැබූ ස්ථානයන්හි දාගබ් ආදියෙන් සත්කාර කෙරෙමි” යි සලකුණු කරවා එතැනින් ගෙනවුත් තවක්ක බ්රාදහ්මණයා ගේ ගම්දොරැ තබා පූජා කොටැ මෙසේ ඒ ඒ තන්හි පූජා කෙරෙමින්, සුදුවැලි අතුරනලද නොඑක් මලින් ගැවසී ගත්තා වු නඟනලද ධජ ඇති මල් ඇගෑයෙන් හෙබියා වු සරහා පිළියෙළ කරනලද මාර්ග යෙහි රූ දාවල් නො පමා වැ පූජා කෙරෙමින් නුවර සමීපයට ගෙනවුත්, තුදුස් වක් දිනයේ පස්වරු භාගයෙහි මුතු සේ ධවල වු නිර්මුල වු වැලි අතුරන ලද්දා වු මහනෙල් මල් සපු මල් ආදී පුෂ්ප සමූහයෙන් ගැවසී ගත් සුවඳ පැන් පුරනලද ඇඹුල උපුල මලින් සරහන ලද පුන් කලස් දහස් ගණනින් සදනලද්දා වු විසිතුරු වු සල්පිල් ඇති, ධජ නැමැති වෘක්ෂ ගහනයෙන් වළකනලද සූර්ය්ද් රශ්මි සන්තාප ඇති, කළුවැල් දුම් නැමති මේඝ පටලයෙන් දුර්දින වු ආකාශ ඇති, සරහා පිළියෙළ කරන ලද නුවරට උතුරු දොරින් බෝධීන් වහන්සේ ඇතුළට ගෙනවුත්, නුවරවාසී සත්ත්වයන් නටමින් ගී කියමින් බෙර වයමින් ගන්ධර්වය කෙරෙමින් එළුසන් දෙමින් ඔල්වර හඬ ගසමින් අත්පොළසන් දෙමින් දහස් ගණන් පිළි ඉස්මුදුනෙහි නටවමින් ස්තුති ඝෝෂා පවත්වමින් සිටියැ දී නුවර මධ්යළයෙන් මඟුල් මහා වීථීයෙන් ගෙනැඇර දකුණු දොරින් පිටත් කොටැ මහමෙවුනා උයනට පමුණුවා, යම් තැනෙක්හි අප ගේ බුදු රජාණන් වහන්සේ පන්සියයක් ක්ෂීණාශ්ර වයන් වහන්සේ පිරිවරා නිරෝධ සමාපත්ති යට සමවැදැ වැඩහුන් සේක්ද. පූර්ව සර්වඥවරයන් තුන් දෙනා වහන්සේත් නිරෝධ සමාපත්තියට සමවැදැ වැඩහුන් සේක්ද, යම් තැනෙක්හි කකුසඳ නම් බුදුන් ගේ මහරි බෝධිය පිහිටියේ ද, කෝනාගමන නම් බුදුන් ගේ දිඹුල් මහා බෝධිය පිහිටියේ ද, කාශ්ය ප නම් බුදුන් ගේ නුග මහා බෝධිය පිහිටියේද, එසේ වු මහමෙවුනා උයනට තිලකයක් වැනි වු සුමන සාමණේරයන් වහන්සේ ගේ වචනයෙන් පළමු කොටැ මැ සකස් කරනලද භූමි ප්ර්දේශයෙහි පිහිටුවු හ.

කෙසේ පිහිටුවූ ද යත්: ඒ බෝධිගුප්ත කුමාරයන් පුධාන කොටැ ඇති සොළොස් ජාති සම්පන්න කුලයෝ සර්වාභණයෙන් සැරසී රජ වෙස් ගත්තාහු යැ. රජ්ජුරුවෝ දොරටු පාල වෙස් ගත්තාහු යැ. සොළොස් ජාති සම්පන්න කුලයෝ මහා බෝධීන් වහන්සේ රථයෙන් බාවා පිහිටුවනු පිණිසැ එතන්හි හැරලූ හ. මහා බෝධීන් වහන්සේ ඔවුන් අතින් මිදුණු ඇසිල්ලෙහි මැ අසූ රියනක් පමණ ආකාශයට පැනැ නැඟී ෂඬ්වණී වූ රශ්මිමාලාවන් විහිදැවු සේකැ. රශ්මිහු සියලු ලංකාද්වීපයෙහි පැතිරැ මත්තෙහි බ්රැහ්ම ලෝකය පැහැර සිටියාහු යැ. එහෙයින් කියන ලදි:

“ හත්ථතෝ මුත්තමත්තා සා අසීතිරතනං නඟා,

උග්ගන්ත්වාන ඉතෝ මුඤ්චි ඡබ්බණ්ණරාසියෝ සුභා” යි.

ඉක්බ්ත්තෙන් ඒ මහත් වු බෝධි ප්රාාතිහාර්ය් බ දැකැ හට ගත්තා වු ප්රරසාද ඇති දසදහස් අනුපුර්වහ විදර්ශිනා වඩා රහත් වැ මහණ වූ හ. ඒ මහාබෝධින් වහන්සේ හිරු අස්තයට යන තෙක් සවනක් රස් විහිදුවමින් ආකාශයෙහි වැඩ සිටි සේකැ. හිරු අස්ත යට ගිය කල්හි ආකාශයෙන් බැස රෙහෙණ නැකතින් භූමියෙහි පිහිටි සේකැ. බෝධින් වහන්සේ ගේ පිහිටීම හා සමඟ දිය පොළව අවසන් කොටැ මහත් වු භූමිකම්පා වියැ. ඒ බොධීන් වහන්සේ සියලු මුල් කටාහ මුව විටින් උඩ නැඟී, ඒ ස්වණ කටාහය වලඳමින් භූමියට බටුයේ යැ. රැස් වු සියලු ද්වීපවාසි වු සත්ත්වයෝ ගඟ දුම් මල් පහන් ආදියෙන් පුජා කළාහු යැ. හාත් පසින් දිව මල් වැසි වටුයේ යැ. ආකාශයෙහි දිව්යස වු පඤ්චාංගික තුර්ය්වීප නාදයෝ පැවැත්නාහු යැ. මහමේ නඟා පොකුරු වැසි වටුයේ යැ. ආකාශයෙහි ශුෂ්ක ගර්ජනාව කෙළේ යැ. සිය දහස් ගණන් විදුලිය ගැසුයේ යැ. දෙවියෝ සාධුකාර දුන්නාහු යැ. ගන්නාලද මුවරඳ ඇති මඳමඳ පවන් හමුයේ යැ. හාත්පසින් ඝන වු සිසිල් වු හිම වලා බෝධින් වහන්සේ වැසූයේ යැ.

මෙසේ මහා බෝධීන් වහන්සේ පෘථීවියෙහි පිහිටා හිම ගර්ග යෙහි සැඟැවී සතියක් මුළුල්ලෙහි සියලු සත්ත්වයනට නො පෙනී සිටි සේකැ. ඉක්බිත්තෙන් සත්වන දවස් පහ වු හිමවලා ඇති නිර්මෙල වු ආකාශයෙහි මහා බෝධියෙන් සවනක් රස්, දිලියෙමින් බබළමින් පිටත් වැ නික්මුණේ යැ. මහා බොධීන් වහන්සේ ගේ කද හා පඤ්ච මහා ශාඛාවන් හා පඤ්ච මහා ඵලයෝ ද සියලු සත්ත්වයනට පෙනුණාහු යැ. මිහිඳු මහ තෙරුන් වහන්සේ යැ සංඝමිත්රාේ ස්ථවිරාවන් වහන්සේයැ . රජ්ජුරුවෝයැ. යන මේ සියල්ලෝ සහ පිරිවරින් මහා බොධීන් වහන්සේ පිහිටි තැනට මැ ගියාහු යැ. රෝහණ ජනපදයෙහි කදරගම රජදරුවෝ ද. එහි මැ සඳුන්ගම රජදරුවෝද, තවක්ක බ්රාිහ්මණයා ද, සියලු ද්විපවාසිහු ද ශ්රී මහා බෝධීන් වහන්සේගේ ප්රාහතිහාර්ය්ිර දැකැ එකෙණෙහිමැ දේවතානුභාවයෙන් රැස් වූහ. ඒ සමාගමයෙහි සියල්ලවුන් බලා සිටියැ දි මැ පැළඹෙන්නා වු ප්රාවතිහාර්ය්සම ඇති මහබොධීන් වහන්සේ ගේ නැ‍ඟෙනහිර මහා ශාඛායෙන් එක් ඵලයෙක් විලික්සී තුවටුයෙන් ගිලිහි මිහිඳු මහ තෙරුන් වහන්සේ විසින් දික් කරනලද හස්තයෙහි පිහිටියේ යැ. ඒ බොධි ඵලය ගෙනැ තෙරුන් වහන්සේ “මහ රජ්ජුරුවෙනි, මේ රොපණය කරව” යි කියා රජ්ජුරුවනට දුන් සේකැ. රජ්ජුරුවෝ ඒ බෝධීඵලය ගෙනැ රන් කටාහයෙහි මියුරු

වු පස් ලා ගඳ කළල් පුරා, එහි රෝපණය කොටැ මහ ආසන ස්ථානයෙහි තැබුහ. එකෙනෙහි සියල්ලවුන් බලබලා සිටියැ දී මැ සතර රියනක් පමණ ඇති තරුණ වු බෝපැල අටෙක් නැංගේ යැ’ රජ්ජුරුවෝ ඒ ආශ්චර්ය්මණ දැකැ ධවලච්ඡත්රනයෙන් පූජා කොටැ ත්රිරශඬ්ඛයෙන් අභිෂේක ජලය වක් කොටැ පූජා කොළෝ යැ.

එයින් එක් බෝපැළයක්

සංස්කරණය

එයින් එක් බෝපැළයක් සමුද්රපතීරයෙහි සිටැ එන ගමනේ මහා බෝධින් වහන්සේ පිහිටි තැන දඹුලු තොටැ රෝපණය කෙළේ යැ. එකක් තවක්ක නම් බ්ර්හ්මණ ග්රාුමයෙහි පිහිටුවුයේ යැ. එකක් ථුපාරාමයෙහි පිහිටු වුයේ යැ. එකක් කසුන්ගිරි වෙහෙරැ පිහිටු වුයේ යැ. එකක් ප්ර්ථමක චෛත්යිස්ථානයෙහි පිහටුවුයේ යැ. එකක් සෑගිරියෙහි පිහිටුවුයේ යැ. එකක් රෝහණ ජනපදයෙහි කදරගම පිහිටුවුයේ යැ, එක් බෝපැලයක් එහි මැ සඳුන්ගමැ රෝපණය කැරැවුයේ යැ. ඉක්බිත්තෙන් ඉතිරි ඵල සතර දෙනාගේ බිජුවටින් අට අට බැගින් උපන් දෙතිස් ඵලරුහ ශ්රීත මහා බෝධීන් වහන්සේ අතුරින් මල් වැස්සා වෙහෙරැ එක් ඵලරුහ බෝධියක් ද, එසේ මැ තන්ත්රිසමාල නම් වෙහෙරැ එකක් ද පිහිටියේ යැ, මුහුදු බඩ මහාජල්ලික නම් කෙවුල් ගමැ එක් බෝධියක් ද, මෙසේ මැ කොට්ටියාරම ද, පොලොන්නරුවෙහි ද, මාතලේ රුයිගම ද, රුහුණු රටැ මාගම ද, වීල්වලද, මහියඬ්ගණයෙහි ද, සේරුවිල සමීපයෙහි නයින් ගේ විල්ගම්වෙහෙරැ ද, ඌව බදුල්ලේ මුතියඬ්ගණයෙහි ද, එම රටැ බුත්හල හප්පෝරු වෙහෙරැ ද රුහුණු රටැ සිතුල්පවු වෙහෙරැ ද, තංගලු වෙහෙරට බටහිර දික්හි වු වනවාස වෙහෙරැ ද, වැලිගම් වෙහෙරැ ද, පරගොඩැ ද, මැද්දේගමැ ද, ගණේගමැ ද, කොත්මලේ පුසුල් පිටියෙහි ද, මායාරට වතුරේ ද, බෙලිගලැ ද, බෙල්ලන්විලැ ද, වඳුරව ද, වට්ටාරමේ රජමහාවිහාරයෙහි ද, සුලුගල්ලේ ද, රැස්වෙරුවේ ද, කථියාවෙහි ද, ගිරිබා වෙහෙරෙ ද, යාපවු සුන්දරගිරි පවුවෙහි ද, කසාගලු වෙහෙරෙහි ද, ඇඹලව රහත් ගල්වෙහෙරෙහි දැ”යි මෙසේ සමසතළිස් මහා බෝධි රාජයෝ බුදුරජාණන් වහන්නේ ගේ අධිෂ්ඨාන වු ලෙසට මැ මේ ශ්රීරලඬ්කාද්වීපයෙහි පිහිටියාහු යැ.

මෙසේ දෙවනපෑතිස් මහරජාණෝ බුදුන් සන්තක ලක්දිව බුදුනටැමැ අයිති බව හඟවමින් දාගප් මහබෝ පිහිටුවා මේ සියලු ලක්දිව ශ්රීත මහා බෝධීන් වහන්සේට පූජා කොටැ සමසතළිස් ශ්රීි මහා ‍බෝධි වලට හා ඒ ඒ වෙහෙර විහාරවලට ඒ ඒ ගම්බිම් දුන්හ. “එසේ හෙයින් මේ ලක්දිව සෑම අග්රාසස්යඹ ඵල පත්රර පුෂ්පාදී ජාතියක් ඇද්ද ඒ සියල්ල මැ පළමුවෙන් පුද නො පවත්වා කෑ කල පව් සිද්ධ වේ යැයි දතයුතු. මෙසේ ඵලයන් පස්දෙනා ගේ බිජුවටින් උපන් හතළිස් බෝ පැළ හාත්පසින් ලංකාද්වීපවාසී වු සත්ත්වයනට මෙ ලොවින් හා පරලොවින් ද සැප පිණිසැ යොදනීන් යොදනේ විහාර පිහිටැවු හ. ඒ මේ දක්ෂණ මහාබෝධි ශාඛාව හා සතළිස් ඵල රුහ බෝධි ද ආදිය දෙවනපෑතිස් රජ්ජුරුවන් විසින් පිහිටුවන ලද්දේ යැ.

බුද්ධාදීන් විසින් කෙසේ පුදන ලද්දේ ද යත්: පළමු කොටැ භාග්ය වත් වු බුදුරජාණන් වහන්සේ විසින්. නොයෙක් සක්වළ සියලු දිව්ය් මනුෂ්ය යන් විසින් රැස් වැ ලෝකත්රියයෙහි පිහිටියා වු මාණික්ය රත්නයන් ගෙනවුත් කප මුළුල්ලෙහිත් සිටැ සෘද්ධි බලයෙන් එබඳු වු ඇසක් මවන්නටත් අසමථී බැවින් අසාධාරණ වු ප්රිමාණාතික්රා න්තවු කාලයක් මුළුල්ලෙහි රැස් කරන ලද කුශල බලයෙන් උපන්නා වු අනිමිස ලෝචන යුගලයෙන් සතියක් මුළුල්ලෙහි පුදන ලද්දේ යැ. දෙවැනි වැ ධර්මානශෝක රජ්ජුරුවන් විසින් සියලු දස දහසක් ජම්බුද්වීප රාජ්ය යෙන් පුදන ලද්දේ යැ. තුන්වැනි වැ, ලංකාධිපති වු දෙවනපෑතිස් රජ්ජුරුවන් විසින් “යම් තාක් ශාසනය අන්තර්ඬාන වේ නම් ඒ තාක් ලංකාද්වීපයෙහි රාජ්යසය ශ්රී මහා බෝධින් වහන්සේ පිළිබඳ යැ. යි දිව්යි මනුෂ්යංයන් සහිත වු බොහෝ රහතන් වහන්සේ මඬයෙහි දී අස්වා සියලු ලංකාද්විප රාජ්ය්යෙන් පුදන ලද්දේ යැ.

ඒ එසේ මැ යි එසමයෙහි දෙවනපෑතිස් රජ්ජුරුවෝ දිව්යෙ මනුෂ්යියන් හා සමඟ සියලු ලංකාද්වීපය එකමණ්ඩපයක් මෙන් සරහා දිව්යහ මනුෂ්ය‍යන් ගේ ඇසට සිත්කලු වු මහත් වු බෝධි පූජා කැරැවු හ. රාජානුභාවයෙන් හා දේවානුභාවයෙන් ද මේ ලංකාද්වීපය මල් වියනක් මෙන් සැරැහුණේ යැ. සුගන්ධ භාජනයක් මෙන් ඒකසුගන්ධ වුයේ යැ. දෙව්දුනු කලබක් මෙන් අනේක ප්රාකාර වු පැහැ ඇති මහත් වු ඨවජ මාලායෙන් ගැවැසී ගත්තේ. ශක්ර. දේවේන්ද්රජයන් ගේ රඟමඬලක් මෙන් සිත්කලු වු නැටීම් ගී කීම් ගැසීමි පිඹිම් සඬ්ඛ්යා්ත වු චතුරඬ්ග සංගීතයෙන් අතුරක් නැති වුයේ යැ. කම්පා වන්නා වු ලංකා භූමිය සුපිපි පස්වනක් පැහැ ඇති මල් නැමති ඇස් දල්වා නොයෙක් පක්ෂි නාද නැමති තූය්යව ඝෝෂා කොටැ මිහිරි වු භෘඬ්ග නාදයෙන් ගායනා කොටැ ලෙළෙන්නා වු ළපලු ලිය නැමති අතුල් දික් කොටැ නටන්නියක මෙන් වුයේ යැ. සිත් ඇත්තවුන් ගේ නැටීම් කියනු මැ කිම්ද? මෙසේ ඒ දක්ෂිණ මහා ශාඛාව බුද්ධාදී වු මහෝත්මයන් විසින් පුදන ලද්දේ යැ.


5. ස්ථානාන්තර ප්රවදාන කථාව

සංස්කරණය

බෝධිගුප්තාදී වු රාජ කුමාරවරුන් විසින්

සංස්කරණය

බෝධිගුප්තාදී වු රාජ කුමාරවරුන් විසින් කෙසේ රක්ෂා කරන ලද්දේ ද යත්; ඉක්බිත්තෙන් මෙසේ දෙවනපෑතිස් රජ්ජුරුවන් විසින් දරු මුනුබුරු පරම්පරාවෙන් ලංකාවාසීනට වැඩ පිණිසැ මහ මෙවුනා උයන්හි දක්ෂිණ ශ්රී් මහා බොධීන් වහන්සේ පිහිටු වු කල්හි අරිට්ඨකුමාර නම් අමාත්ය තෙමේ බොධීන් වහන්සේ වඩා ගෙනාවා වු රාජ කුමාර වරුන් අට දෙනා හා සමඟ සියලු කුල වැස්සන් ගෙනැ රජ්ජුරුවන් සමීපයට ගොස්, ධර්මාේශෝක රජ්ජුරුවන් ගෙන් එවු හසුන් දක්වා ‘බෝධිගුප්ත කුමාරයන් ප්රලධාන කොටැ ඇති ශක්යන පුත්රනයන් අට දෙනා ගේ නම් ගොත් කියා, ඔවුන් ලවා රජ්ජුරුවන් වැඳැ වූයේ යැ, රජ්ජුරුවෝ ඔවුන් දැකැ “මොහු අප ගේ මිහිඳු මහ තෙරුන් වහන්සේ ගේ මයිලෝ යැ’ ‘යි සතුටු වැ සමීපයෙහි හිඳුවා, “මාගේ යහළු වු ධර්මාේශෝක රජ්ජුරුවන් විසින් මට කිමෙක් නම් නොදෙන ලද ද? පළමු කොටැ පුතණුවන් ම්හිඳු මහ තෙරුන් එවා. පසු වැ මහා බොධින් වහන්සේ හා සමඟ දියණියත් සංඝමිත්තා නම් ස්ථාවිරාවන් එවන තැනැත්තෝ මේ සත්පුරුෂ වු බන්ධු වර්ගංයාත් එවු හ. රජ්ජුරුවන් විසින් මට නොදෙන ලද්දේ ජිවිතය පමණක් මැ යැ. මහා බෝධීන් වහන්සේට පෙරහර හුදෙකලා වැ කෙසේ කෙරෙම් දැ’ යි උපදනා වු ශෝකය මා යහළු රජ්ජුරුවෝ දුරු කොටැපු හ’ ‘යි සිතා, ඒ සියල්ලනට තනතුරු දෙනු කැමති වැ අමාත්ය යන් හා සමඟ කථා කොටැ, බෝධිගුප්ත කුමාරයන් මොරපා පිරිවෙනට ගෙනවුත් එතන්හි දී තුන්දවසක් තමනට කළ මනා සියලු මඟුල් ඒ බෝධිගුප්ත කුමාරයනට කරවා, මහා බෝධීන් වහන්සේ හා සමඟ ආවා වු මහජනයා ලවා ද පෙරහර කරවා, තනතුරු මඟුල් දිනයෙහි තුමූ දා සහිත වූ පළිසහ, ළක් හැදැ, මහා බෝ වඩා ගෙන ආ සියල්ලවුනට මඟුල් පිළිදී මහා භික්ෂු සඬ්ඝයා වහන්සේ අග්නි කෝණයෙහි පුලින මලුසේ රැස් කරවා, බෝධිගුප්ත කුමාරයන් එතැනට ගෙනවුත්, ඕහට තනතුරු දෙවන පරිදි දක්වා, “මේ ලක්දිවි ජයමහලේනාවෝ මහා භික්ෂු සඬ්ඝයා වහන්සේ වදිති” යි සුමිත්ත කුමාරයන් ලවා තුන් විටෙකැ අස්වා, බෝධිගුප්ත කුමාරයන් ලවා මහා භක්ෂු සංඝයා වහන්සසේ වඳවා, තුමූ රජගෙට ගොස් මහ දොර හරවා, ඒ බෝධිගුප්ත කුමාරයන් ඇතුළු රජගෙට ගෙන්වා, අමාත්යක සමූහයා විසින් පිරිවරන ලදුවැ සිංහාසන මස්තකයෙහි හිඳැ, සුමිත්ත කුමාරයන් ලවා බෝධිගුප්ත කුමාරයන්ගේ අත අල්ලා, “ලක්දිව් ජය මහා ලේනාවෝ රජ්ජුරුවන් වහන්සේ වදිති” යි තුන්යළක් කියවා, බෝධිගුප්ත කුමාරයන් ලවා තමන් වඳවා, ඔටුන්න හැරැ සවර්‍ භරණයෙන් සැරැහුණා වු ඒ බෝධිගුප්ත කුමාරයන් ගේ මහා බ්රතහ්මයා සේ පිළියෙන් වෙළන ලද නො සැරැහුණා වු හිස දැකැ ඔහු ගේ මස්තකයෙහි ඔටුන්න පිහිටුවා, ඒ බෝධිගුප්ත කුමාරයන් මඟුලැතු මත්තෙහි හිඳුවා, අන්ධච්ඡත්රමය චෝලච්ඡත්රහය සිංහලච්ඡත්රනය යන ධවලච්ඡත්රඳ තුන නංවා, මඟුල් බෙර ගස්වා, මහ බෝධින් හා සමඟ ආවා වු මහජනයාගෙන් හා මහත් වු සේනාවෙන් ද පිරිවැරීම කරවා, මේඝ නාදයක් හා සමාන වු මඬගල තූය්යව නාදයෙන් ගෘහමයුරයන් නටවන්නා වු නුවර පැදකුණු කරවා, විහාරයට ගොස් ශ්රී මහා මහා බෝධීන් වහන්සේ වඳවා, බෝධීන් වහන්සේට නුදුරු තැනැ මිහිඳු මහ තෙරුන් වහන්සේ විසින් කියන ලද්දා වු ස්ථානයෙහි ගෙයක් කරවා, “තෙපි අන්යන වු වංශයකින් අමිශ්රව වන බැවින් අසම්හින්න වු වංශ ඇති වැ මහාබෝධින් වහන්සේ රක්ෂා කරව’ ‘යි කියා ඒ මාලිගාවෙහි වැස්වු ය.

එපරිද්දෙන් මැ සුමිත්ත කුමාරයනට ද බොධිගුප්ත කුමාරයනට කරවන ලද මඟුල් හා සමාන කොටැ සියලු මඟුල් කරවා, මහා භික්ෂු සඬ්ඝයා වහන්සේ ඒ පුලින මලුවේ රැස් කරවා සුමිත්ත කුමාරයන් එතැනට ගෙනවුත් “ජයමහලේනාවෝ භික්ෂු සඬ්ගයා වඳිති”යි චන්ද්ර ගුප්ත කුමාරයන් ලවා තුන් යළක් කියවා. සුමිත්ත කුමාරයා ලවා මහා භික්ෂු සඬ්ඝයා වහන්සේ වඳවා, ඒ සුමිත්ත කුමාරයා මාලිගාවට ගෙන්වා ගෙනැ, තුමූ සිංහාසනයේ හිදැ චන්ද්රතගුප්ත කුමාරයන් ලවා සුමිත්ත කුමාරයන් ගේ අත අල්වා. “ජයමහ ලේනාවෝ රජ්ජුරුවන් වහන්සේ වඳිති” යි න් විටෙකැ කියවා, සුමිත්ත කුමාරයන් ලවා තමන් වදවා, සර්වාුභරණයෙන් සැරැහී සිටි ඒ සුමිත්ත කුමාරයන් ගේ හිසැ වොටුන්න සිටුවා, “සුමිත්ත කුමාරයෙනි, තෙපි සියලු කුලවැස්සන් ගෙනැ බොධිගුප්ත කුමාරයන් හා සමඟ මහා බෝධීන් වහන්සේට පෙරහර කරවු”යි කියා සුමිත්ත කුමාරයන් ඇත්කඳ මත්තේ හිඳුවා. තුමූ ප්රාෙසාදයෙහි මතු මහල් තලයට නැගි, සිවුමැඳුරු කවුළුව සමීපයෙහි සිටැ පුරාඬ්ගනා නැමැති විල් වමීයන් ගේ නේත්රය නැමැති නිලුපුල් මල් දහස් ගණනින් පුදනු ලබන්නා වු මංගල මහා වීථියෙහි නුවර පැදකුණු කොටැඇවිදුවා, තුමූ විහාරයට ගොස් බෝධින් වහන්සේ වඳවා, ඇතුළු නුවර මිහිඳු මහ තෙරුන් වහන්සේ කියනලද්දා වු ස්ථානයෙහි මාලිගාවක් කරවා සුමිත්ත කුමාරයන් එහි වැස්වු යැ.

මෙසේ දෙවනපෑතිස් රජ තෙමේ බෝධිගුප්ත සුමිත්ත දෙදෙනාට අභිෂේක දී ඔවුන් දෙදෙනා ලවා බෝධීන් වහන්සේට පෙරහර කරවමින්, පසු වැ සෙස්සනට අභිෂේක දෙවුයේයැ. “චන්ද්රවගුප්ත කුමාරයෝ මහ බෝ මගුලෙහි රන් බෙර ගසත්වා’යි කියා මලය රජ තනතුරු දි පළමු කුවේණි නම් යක්ෂණිය ගේ පුත්රග වු වීරබාහු කුමාරයන් විසු හෙයින් වීරබාහු ජනපදය නම් වු විල්බා දනවුව ඕහට ප්ර‍වේණි කොටැ දුන්නේයැ. දේවගුත්ත කුමාරයෝ මහබෝ මඟුලෙහි පිරිත් පැන් ශවණී හිඬ්කාරයෙන් මගුලැතු මත්තෙහි තබා නුවර පැදකුණු කොටැ ගෙනෙත්වා”යි කියා ඕහට ලක් මහ රැටි තනතුර දී චතුරස්සියභූමිය දුන්නේ යැ. ධර්මිගුප්ත කුමාරයෝ මහා බෝ මඟුලෙහි සක පිඹීත්වා”යි කියා ඕහට මෝරිය සිටු තනතුර දී මෝරිය වංශයෙහි උපන් ශාක්ය්පුත්ර වු ධම්මගුත්ත කුමාරයන් විසු හෙයින් මෝරිය ජනපද යැයි නම් ලැබු මෝරිය දනවුව දුන්නේයැ “සූරිය ගුත්ත කුමාරයෝ මහ බෝ මඟුලෙහි සවණී හිඬ්කාරයෙන් පිරිත්පැන් බෝධින් වහන්සේට එළවත්වා”යි කියා ඕහට කොතුරුගානා තනතුර දුන්නේ යැ. ගෝතම කුමාරයෝ මහා බෝධීන් වහන්සේ ගේ මුදුනෙහි ධවලච්ඡත්ර් ධරත්වා”යි ඕහට සත් ගන්නා තනතුරු දුන්නේයැ. ‘ජුතින්ධර කුමාරයෝ මහ බෝ මඟුලෙහි ආරක්ෂාව කෙරෙත්වා” යි කියා ඕහට අරක්මන තනතුරු දුන්නේයැ. මෙසේ අටබෑයනට තනතුරු දී මහ බෝධීන් වහන්සේ හා සමග ආවාවු අවශේෂයනටත් තනතුරු දෙවි යැ.

ඔවුන් අතුරින් දළහනෙවි නම් සක්විති රජහු ගේ බන්ධු පරම්පරායෙන් බට සිටු කුලෙහි ප්රෙධාන තැනැත්තනට, රාත්රි්යෙහි කඩුපත අතින් අල්ලාගෙනැ මහ බොධින් වහන්සේ රක්නා සඳහා. කඩුගන්නා තනතුරු දුන්නේ යැ. බමුණු කුලෙහි ප්රවධාන තැනැත්තනට, තමා පිරිවර බමුණන් ගෙනැ නිරන්තරයෙන් අවුත් මහ බෝධීන් වහන්සේට ශාන්ති කරන පිණිසැ බමුණුනා තනතුරු දුන්නේ යැ. කෙළෙඹි කුලෙහි ප්රණධාන තැනැත්තනට, තමන් පිරිවර කෙළෙඹියත් ගෙනැ මහ බෝ මඟුලෙහි රන්ධජ රිදීධජ ආදී වු ධජ නඟනු කොටැ උතුරුපස්නා තනතුරු දුන්නේයැ. වෙළෙඳ කුලයෙහි ප්රනධාන තැනැත්තනට, තමා පිරිවර වෙළඳුන් ගෙනැ අබ මලා හා සුවඳ දුම් මලා වඩනු කොටැ මහවෙළඳනා තනතුරු දුන්නේයැ. දුනුවා කුලෙහි ප්රඳධාන තැනැත්තනට, තමා පිරිවර දුනුවායන් ගෙනැ දුනු හීතල දරා මහබෝයට කපුටුවන් බැස්ස නොදෙනු කොටැ මහබෝරැකිනා තනතුරු දුන්නේ යැ. සරස්කුලෙහි ප්රැධාන තැනැත්තනට, තම පිරිවර කිලිගුන් ටගනැ මහබෝයට අළුත් මල් හැරැ දෙනු කොටැ කිලිඟුනා තනතුර දුන්නේ යැ. කපු කුලෙහි ප්රතධාන තැනැත්තනට, තමා පිරිවර කපුවන් ගෙනැ ලදපස්මල් ඇරැ දී මෙහෙකරනු කොටැ කපුනා තනතුරු දුන්නේ යැ. බලත් කුලෙහි ප්රමධාන තැනැත්තනට, මහ බෝ ගෙයි දොරකඩ රකවල් ගන්නා කොටැ දොරනා තනතුරු දුන්නේ යැ. පෙහෙර කරු කුලෙහි ප්රලධාන තැනැත්තනට, තමන් පිරිවර පෙරහරකරුවන් ගෙනැ මහබෝයට වඩන පැන් පෙරහන පෙරහන්කඩ හා හු රෑන් දෙනු කොටැ පෙහෙරකරුනා තනතුරු දුන්නේ යැ. කුඹල් කුලෙහි ප්රකධාන තැනැත්තනට, තමන් පිරිවර කුඹලුන් ගෙනැ මහ බෝයට බත් පුදන පා බඳුන් විල් මලා කරවා දෙනු කොටැ කුඹල් කරුනා තනතුරු දුන්නේ යැ. මාලාකාර කුලයෙහි ප්රකධාන තැනැත්තනට, තමන් පිරිවර මාලාකාරයන් ගෙනැ මහ බෝය පළඳවන මල්දම් මල්වඩම් ගොතා දෙනු කොටැ මල්කරුනා තනතුර දුන්නේයැ. ගන්ධකාර කුලයෙහි ප්රනධානයා හට, තමා පිරිවර සුවඳ කරුවන් ගෙනැ මහ බෝයට පුදන සිවුදැ ගඳ කරවා දෙනු කොටැ ගඳ කරුනා තනතුරු දුන්නේ යැ. ගෙත්තම් කුලෙහි ප්ර ධාන තැනැත්තනට, තමා පිරිවර සන්නාලින් ගෙනැ මහබෝ මඬු සදන ධජපනාක විදීම් තිර ජවනිකා විදීම් ආදිය කරනු කොටැ මහසීනා තනතුරු දුන්නේ යැ. අරක්කැමි කුලෙහි ප්රිධානයා හට, තමා පිරිවර අරක්කැමියන් ගෙන මුළුතැන් වැට සකස් කොටැ පුදබත් පිසවා දෙනු කොටැ මුළුරැකිනා තනතුරු දුන්නේ යැ. කඹුරු කුලෙහි ප්රකධානයා හට, තමා පිරිවර කඹුරන් ගෙනැ මහබෝ පිළිල් පේඳුරු හඑහා කර කතුරු කියත්පත් කරවා දෙනු කොටැ කඹූරුනා තනතුර දුන්නේ යැ. ලෝකුරු කුලෙහි ප්රනධානයා හට, තමා පිරිවර ලෝකරුවන් ගෙනැ මහ බෝ මඟුලෙහි රන් රිදී කැටපත් කරවා දෙනු කොටැ ලෝකරුනා තනතුරු දුන්නේ යැ. ස්වණීකාර කුලයෙහි ප්රකධානයා හට, තමා පිරිවර තරාලුන් ගෙනැ, රන් වැට රිදී වැට හා රන් වළන් රිදී වළන් ද යන ආදිය කරවා දෙනු කොටැ අටතෙලිනා තනතුරු දුන්නේ යැ. වඩු කුලෙහි ප්රරධානයා හට, තමා පිරිවර වඩුවන් ගෙනැ මහ බෝ මඟුලෙහි මහ වියන්මඬුලු හා මහබෝ පුදයෙහි රුවන්මඬුලු කරවා දෙනු කොටැ ලක්දිව් මහ ඇදුරුනා තනතුරු දුන්නේ යැ. සිත්තර කුලෙහි ප්රෙධානයා හට තමා පිරිවර සිත්තරුන් ගෙනැ මහබෝ මුදුනෙහි බඳනා විසිතුරු වියන් කරවා දෙනු කොටැ මුදුන්තවරුනා තනතුරු දුන්නේ යැ. ගන්ධර්වක කුලයෙහි ප්රෙධානයා හට, තමා පිරිවර ගන්ධර්වබයන් ගෙනැ මහ බෝයට තුන් වේලේ හේවිසි පූජා කරනු කොටැ මහ පළවානා තනතුරු දුන්නේ යැ. ඡත්ර කාර කුලයෙහි ප්රොධානයා හට, තමා පිරිවර සත් කරුවන් ගෙන මහබෝයට පුදන සේසත් කරවා දෙනු කොටැ සත් කරුනා තනතුරු දුන්නේ යැ. උද්යාවනපාල කුලයෙහි ප්රටධානයා හට තමා පිරිවර උයන්ගොවුවන් ගෙනැ මහබෝයට පුදන මල් රුක් රෝපනය කරවා දෙනු කොටැ උයන් ගොවු වැදැරුම් නා තනතුරු’ දුන්නේ යැ.

මෙසේ මේ ආදීක්රතමයෙන්

සංස්කරණය

මෙසේ මේ ආදීක්රතමයෙන් මහ බෝධීන් වහන්සේ හා සමඟ ආවා වු සියල්ලවුනට සුදුසු සුදුසු පරිද්දෙන් නම් තනතුරු දී “තෙපි ඇම දෙන සුමිත්ත කුමාරයන් කී යෙදු පරිද්දෙන් උන් ඇම ගේ අභිප්රාුයෙහි සිටැ සුදුසු පරිද්දෙන් මහ බෝධීන් වහන්සේට පෙරහර කරව’යි කියා සියල්ලවුනට උතුම් ගම්වර දි සතුටු කරැවී යැ. “රාජ කන්යාලවෝ සතර දෙනෙක් රන් රිදී කළ ගෙනැ මහ බෝධීන් වහන්සේට පැන් වඩත්වා ‘ ‘යි කියා සර්වාාභරණයෙන් සරහා ඔටුනු පළඳවා පෙරහර බිසෝ නම් තනතුරු දුන්නේ යැ. ඒ පෙරහර බිසෝවරු සතරදෙන මැ මහත් වු විභුතින් රජ ගෙට වන්නාහු යැ.

එකල්හි අනුලාදේවි දහසක් ස්ත්රී න් හා සමඟ සඬ්ඝමිත්රාස නම් ස්ථවිරාවන් සමිපයෙහි මහණ වැ නොබෝ කලෙකින් මැ පිරිවර හා සමඟ රහත් වු යැ. අරිට්ඨ නම් අමාත්යො පුත්ර් ද රජ්ජුරුවන් දන්වා පන්සීයයක් පුරුෂයන් හා මිහිඳු මහ තෙරුන් වහන්සේ සමීපයෙහි මහණ වැ නොබෝ කලෙකින් මැ පිරිවර හා සමඟ අර්හත් ඵලයට පැමිණියේ යැ. එසමයෙහි දෙවනපෑතිස් රජ්ජුරුවෝ නුවරට එක් දිශා භාගයෙකැ හත්ථාළ්හක නම් වු සිත්කළු වු විහාරයක් කරවා සඬ්ඝමිත්රාද නම් වු ස්ථවිරාවනට දෙවු යැ. ඒ සඬ්ඝමිත්රාව නම් ස්ථවිරා තොමෝ පිරිවර හා සමඟ වැ ඒ අතුළ නම් විහාරයෙහි වැසැ නොයෙක් දහස් ගණන් මාගමුන් මහණ කරවා සික්ඛමාතා සාමණෙරින් උපසම්පදා කරවා අධිශිල අධිචිත්ත අධිප්රාඥා සඬ්ඛ්යා්ත ත්රිවවිධ ශක්ෂායෙහි හික්මවා සර්ව ඥ ශාසනය වර්ධනය කළා යැ.

ඉක්බිත්තෙන් එක් දවසක් රජ්ජුරුවෝ ලංකා නැමති මහවිල්හි සත්ත්ව නැමැති ඇඹුල වනය පුබුදුවන්නා වු මිහිඳු මහ තෙර නැමැති සඳ මඬලෙන් බබළන්නා වු ආකාශයක් හා සමාන වු මහ මෙවුනා උයනට ගොස්, ඒ මිහිඳු මහ තෙරුන් වහන්සේට නමස්කාර කොටැ සියල්ලවුනට තනතුරු හා ගම්වරද දුන් නියාව දක්වා එකත් පස් වැ හිඳැ, “ස්වාමිනි, මහා බෝධීන් වහන්සේට ආරක්ෂා කරන්නා වු මහලේනාවරුන් දෙදෙනා ගේ වංශය මේ ලංකාද්වීපයෙහි පිහිටියේදැ” යි කියා “මහ රජජ්රුවෙනි, වංශය පිහිටියේ යැ. ඒ වංශයෙහි මුල් තව නො බටුයේ යැ’යි කී කල්හි, “ඒ වංශයෙහි මුල් බස්නේ කවර කලැ දැ” යි විචාරා, “යම් කලෙක්හි මහ රජ්ජුරුවෙනි! ඒ මහලේනාවරු දෙදෙන දරු මුනුබුරන් හා සමඟ මහ බෝධින් වහන්සේට පෙරහර කෙරෙද්ද එකලැ උන් ගේ වංශයෙහි මුල් බටුයේ නම් වන්නේ යැ”යි කී සේකැ. ඒ අසා රජ්ජුරුවෝ සතුටු වැ “ස්වාමිනි! උනට කුල ස්ත්රී න් කොයින් ලබම් දැ”විචාරා, “මහ රජ්ජුරුවෙනි, තමන් හා සමාන වු කුල ස්ත්රීතන් ඒ මහලේනාවරු තුමු මැ. දනිතියි” කී කල්හි, රජ ගෙට ගොස් මහලේනා වරුන් දෙදෙනා කැඳවා “තොප ගේ වංශ රක්ෂා කරවූ” යි කිවු යැ ඔවුන් දෙදෙනා විසින් “ රජ්ජුරුවන් වහන්ස අප ගේ සම්මිත් තෙරණියන් වහන්සේ හා සමඟ ආවා වු අප හා සමාන වු කුල ස්ත්රිසහු ඇතැ”යි කී කල්හි සතුටු වැ වස්ත්රා භරණාදිය දෙවු යැ.

එකල්හි බෝධිගුප්ත කුමාරයෝ සංඝමිත්රාක නම් ස්ථවිරාවන් සමීපයෙහි හත්ථාළ්හකාරාමයෙහි වසන්නා යු මෝරිය නම් ශාක්යන වංශයෙහි උපන්නා වු බෝධිමිත්ත ස්ථවිරා වන් ගේ නං වු සුනන්ද නම් සාමණේරීන් සිවුරු හරවා සුදු පිළි හඳවා සර්වාභාරණයෙන් සරහා ඒ විහාරයෙහි පටන් තමන් ගේ මාලිගාව දක්වා මාර්ගාය කසළ හරවා, මහත් වු කෙහෙල් තොරණ ධජ පතාකා පුන්කලස් ආදියෙන් සරහා පෙරහරින් ගෙන්වා තමන් ගේ ගෙයි වැස්වු යැ. සුමිත්ත කුමාරයෝ ද තමන්ගේ මෑණියනට මිනිබිරිය වු තමනට යෙහෙළිය පළමු වෙධීස පුරයෙහි වුසූ දැන් හත්ථාළ්හකාරාමයෙහි වසන්නා වු මහණ නුවූ සුමනා කුමාරිකාව එසේ මැ සර්වාාභාරණයෙන් සරහා මහ පෙරහරින් ගෙන්වා තමන් ගේ ගෙයි වැසුවු යැ. එසමයෙහි සුනන්දා දේවීන් ගේ බෝධි ගුප්ත කුමාරයන් නිසා උපන්නා වු මහින්ද ය විධුරින්ද යැ යි පුත්තු දෙබෑ කෙනෙක් වු හ. සුමනා දේවීන්ගේ ද සුමිත්ත කුමාරයන් නිසා උපන්නා වු කාශ්ය්ප යැ සංඝමිත්රම යැ යි පුත්තු දෙබෑ කෙනෙක් වු හ.

ඉක්බිත්තෙන් දෙවන පෑතිස් රජ්ජුරුවෝ ඒ සතර බෑයන් තමන් සමිපයට ගෙන්වා “මේ කුමාරවරු විශිෂ්ට වු ජාති ඇත්තාහ අන්යඋ වංශයෙකින් අමිශ්ර හෙයින් අසම්හින්න වු ශාක්යව පුත්රඅයහ. එසේ හෙයින් මොහු මහා බෝධීන් වහන්සේට පෙරහර කරන්නට සුදුසුසෝ යැ. මොවුන් සතරදෙනාට තනතුරු දෙමි”යි අමාත්යුයන් හා සමඟ කථා කොටැ ඔවුන් සතර දෙනා ගෙන් මිහිඳු කුමාරයනට සුළුලියමහලේනා තනතුරු දුන්නාහු යැ කශ්යොප කුමාරයනට පෙරහර මහ සිටුනා තනතුරු දුන්නාහු යැ. විධුරින්ද කුමාරයා හට ලක්දිව් පිරිසුදුනා තනතුරු දුන්නාහු යැ. සඬ්ඝමිත්රක කුමාරයනට සුළුසිටුනා තනතුරු දුන්නාහු යැ. මෙසේ බොහෝ වස්තු හා උතුම් වු ගම්වර ද දීමෙන් ඔවුන් සතුටු කරවු යැ. ඉක්බිත්තෙන් දෙවන පෑතිස් රජ්ජුරුවෝ මිහිඳු මහ තෙරුන් වහන්සේ හා කථා කොටැ මෙපරිද්දෙන් ශ්රීර මහා බෝධීන් වහන්සේට මතු පෙරහර කෙරෙත් වා”යි කියා සිරිත් ඇති කරවා “ මේ තෙපි පරිහරණය කරවූ’යි ඒ සිරිත බෝධිගුත්ත සුමිත්ත දෙදෙනාට පාවා දි අවුරුද්දක් පාසා පෙරහර කරන්නා වු ජනයා රැස් කරවා රාජ්යි සමෘද්ධි වූ පරිද්දෙන් හ්රීා මහා බෝධින් වහන්සේට අභිෂේක දෙවුවාහු යැ.

මෙසේ හාත්පසින් දිගු පුළුල් වු නිර්මල වු සමුද්රසය මැ වස්ත්රන නොට ඇති මාණික්යත සමූහයා ගේ රශ්මි සමූහයෙන් බබළන්නාවු රත්නාකර නැමැති මෙවුල්දම් ඇති, දිව්යශ මිථුනයන් ගේ නේත්ර්යට සිත්කලු වු පර්වබත නැමැති පියොවුරු ඇති, වන භූමියෙහි වැලිතල මත්තේ වැගුරුණා වු මල්මුවරද නැමැති සුවඳ විලෙවුන් ඇති රත් වු පුග ඵල නැමැති මධ්යැ මාණික්ය යෙන් සිත්කලු වු රළ සහිත වු මහා වාලුකා ගඬ්ගා නැමැති මුක්තාහාරයක් ඇති පුෂ්ප සහිත වු පල්ලව භාරයෙන් හරිත වු මලය වන ගහන නැමැති කේෂ කලාප ඇති, සර්ව්ඥයන් වහන්සේ ගේ ධාතු පුජායෙන් සැරහුනා වූ අනුරාධපුර නැමැති මුඛ චන්ද්ර්යා ඇති, සුර්ය්ේ වංශයෙහි උපන්නා වු රජදරුවනට ආභරණයක් වැනි වු ලංකා නැමැති අග්ර මහිෂිය ගේ මහා විහාර නාමැති රුවන් ඔටුන්න මුදුනෙහි හොබවන ලද මරකතමාණික්යඇයක් හා සමාන වු ස්වර්ගී මෝක්ෂයට මාර්ගන වු සියලු සත්ත්වයන් ගේ නේත්ර‍යට රසාඤ්ජනයක් හා සමාන වු නමස්කාර කරන ලද ප්ර්මාණාතික්රාාන්ත වු දිව්යවමනුෂ්යවයන් ගේ කිරීට මාලාවන් ඇත්තා වු, සර්වලඥයන් වහන්සේ ගේ අනිමිෂ ලෝචන නැමැති ඉන්ද්රමනිල මාණික්ය මය වු ඝටයෙන් නික්මුණා වු රශ්මිජ්වාලා නැමැති ජලාභිෂේකයෙන් අභිෂේක කළා වු දක්ෂිණ ශ්රීා මහා බෝධින් වහන්සේ බෝධිගුප්තාදි රාජ කුමාරවරුන් විසින් මෙසේ යථෝක්ත ක්ර මයෙන් රක්ෂා කරන ලද සේකැ.

මෙසේ මෙපමණකින් මේ දක්ෂිණ ශ්රී් මහා බෝධින් වහන්සේ කවරක්හු විසින් ගන්නා ලද සේක්ද? කවරක්හු විසින් ගෙනැ එනලද සේක්ද? කවරක්හු විසින් පිහිටුවනලද සේක්ද? කවරක්හු විසින් පුදන ලද සේක් ද? කවරක්හු විසින් රක්ෂා කරන ලද සේක් ද? යන මේ අභ්යනන්තර ප්ර ශ්න පස විසඳන ලද්දේ යැ. මෙසේ දක්ෂිණ ශ්රී? මහා බෝධීන් වහන්සේ භාග්යිවත් වු බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ලංකාද්විපයෙහි පිහිටි සේකැ.

තවද අභසම්බෝධි කථා යැ, ආනන්ද බෝධි කථා යැ, දශ බල පරිනිර්වාබණ කථා යැ, තෘතීය සංගීති කථා යැ, ලංකාවතරණ කථා යැ, නගර ප්රනවේශ කථා යැ, මහාවිහාර ප්රතතිග්ර හණ කථා යැ, චෛත්ය ගිරි විහාර ප්රරතිග්ර හන කථා යැ, ධාත්වාගමන කථා යැ, දුමින්දාගමන කථා යැ, යන මේ කථා දොලසෙකින් සැරෑහුණා වූ මෙපමණක් ඇත්තා වු ග්රාන්තයෙකින්, කවර අථීයෙකින් මහාබෝධි නම් වි ද? කවුරුන් වහන්සේ ගේ බෝධියෙක් ද? කුමක් සිද්ධ කෙරේ ද? කවරක්හු විසින් ස්තුති කරන ලද්දේ ද? කොතැන්හි පිහිටි සේ්ක් ද? යන මේ මහා ප්රුශ්නයන් පස් දෙනා විසර්ජනය කිරීමෙන් මේ මහා බෝධි වංශය දක්වන ලදි.

මෙසේ ලංකාවාසී ජනයනට හිතවැඩ හා ශාසනාභිවෘද්ධිය ද සිද්ධ කරන්නා වු මේ ශ්රීට මහා බෝධින් වහන්සේ ලංකාද්විපයෙහි රම්යන වු මහමෙවුනා උයන්හි බොහෝ කලක් අනේක ප්ර කාර වු අද්භූතයෙන් හා ආශ්චර්ය් උයයෙන්ද යුක්ත වැ පිහිටි සේකැ.

“ඒවං ලංකාලෝකහිතං සාසනවුද්ධිං

සංසාධෙන්තෝ ඒ ස මහා බෝධිදුමින්දෝ,

ලංකාදීපේ රම්මමහාමේඝවනස්මිං

අට්ඨා දීඝං කාලමනේකබ්භූතයුත්තෝ”යි


කර්තෘ නිර්දේශය

සංස්කරණය

මෙසේ සිත්කලු වු සොඳුරු වු මිහිරි වු පිරිසුදු වු ශෝභන වු ඉෂ්ට වු කණ රසායන වු මහා බෝධි වංශය සර්විඥයන් වහන්සේට උත්පත්තිස්ථාන වු ශ්රීන මහා බෝධින් වහන්සේ කෙරෙහි ප්රහසාදයෙන් කරන්නා වු මා විසින් යම් කුශලධර්මනයෙක් රැස් කරන ලද ද, ඒ කුශල ධර්ම්යෙන් බුදු රජාණන් වහන්සේ ගේ ධර්මම නැමැති ප්රරදීපය නෙලෙස් නැමැති අඳුරු දුරු නෙරෙමින් බොහෝ කලක් සිටී වා. වාර්ෂා අවාර්ෂාස අතිවාර්ෂාර නො කොටැ දෙපෝයෙන් දෙපෝය දස දවසින් දස දවස පස් දවසින් පස් දවස සම්යාග් වර්ෂාා කෙරේ වා. රජදරුවෝ පර සතුරනට අවසර නො දී තමන් තමන් ගේ විෂයෙහි සත්ත්වයන් දැහැමින් රකිත් වා. සත්ත්වයෝ තමන් තමන් ගේ ප්රාතථීනා වු පරිද්දෙන්සසර දුක් දුරු කොටැ ශාන්ත ප්ර ණිත වු අමා මහ නිවනට පැමිණෙත් වා. මම වනාහි උතුම් වු සම්ය ක් සම්බෝධියට පැමිණැ නිරුත්තර වූ ධර්ම දේශනා කොටැ සියලු සත්ත්වයන් සංසාර බන්ධනයෙන් මුදම් වා, යම් සේ සූර්ය්ා කයාට මේ ලෝකයෙහි අන්ධකාර දුරු කරන්නට හා ආලෝක කරන්නට ද එකවිටැ සමථී බව ඇති වේ ද, එපරිද්දෙන් මැ සංසාරයෙහි ඇවිදිනා වු මට සියලු සත්ත්වයන් ගේ දුක් නසන්නට හා සැප කරන්නට ද සමථී බව හැම කල්හි මැ වේවා භවයෙහි සියලු සත්ත්වයනට ඉෂ්ටාථී ප්රීසවය කරන්නා වු කල්ප වෘක්ෂයක් මෙන් වන්නා වු මාගේ ප්ර ඥා නැමැති ශ්රීය දෙවී තොමෝ සද්ධර්මව නැමැති ස්වාමීහු සන්තෝෂ කරවමින් හැම කල්හි මැ අභිවෘද්ධියට පැමිණේ වා නුවණැත්තන් කෙරෙහි අග්රි වෙම් වා.

සමස්ත සාමන්ත භූපාල චුඩාමාණි මරිවී රඤ්ජිත වරණාර වින්ද ඇති, සූර්ය්සා වංශෝදයාවල ශිඛර තරුණතරුණී මණ්ඩලායමාන ශ්රී‍ ලංකා කාලිඬ්ගවංශොද්භුත විජයරාජ පණ්ඩුවාස පණ්ඩුකාභය දෙවනප්රිරයතිෂ්යශ දුෂ්ටග්රාශමණ්යාජභයාදි කිර්තිශේෂ නෛක රාජ රාජි රාජිත, රාජ වංශ නැමැති විශදතර තාරාහාර මධ්ය් තරලායමාන, ශ්රීජලංකාද්වීපෛකදීප ප්රනතිනිධි වු සුවිශද ප්රදඥතිශය නැමැති මන්දරගිරි ප්රශමථීත ත්රි පිටකාථිසාර නැමැති ජලනිධිකුහරයෙන් ගන්නාලද සාරාථීමෘතයෙන් විබුධජන මනෝනන්දනය කෙරෙමින් රාජ්ය සුඛානු භවය කරන්නා වු, සකල ලංකාරාජ්යපස්ථාපනාචාර්ය්නි වු ද්විතීයභුව නෛකබාහුප්රිනයපුත්රු වු, සකලයාචකජනප්රිපය බාන්ධව වු, කරුණා රස භාවිතාන්තඃකරණ ඇති සකලජන නයන රසායන වු, ස්වවික්රාමාක්රාරන්තරිපුරාජවික්ර ම ඇති ද්විතීය පණ්ඩිතපරාක්රාමබාහු මහා රාජෝත්තම තෙම, භවිෂ්යනත්කාලයෙහි ශ්රවද්ධාබුද්ධිසම්පන්න ධර්මාදේශකයන් බහුල නොවන හෙයින් ධර්මර ශ්රරවණයෙහි තත්පර වු ශ්රේබතෘ ජනයා මඳ සේ දැකැ ශ්රලවණරමණීය වු බෝධිවංශ කථාව මාගධික භාෂායෙන් තුබුවා ස්වභාෂායෙන් ලියැවුයෙම් විම් නම් ‘සාධු ජනයෝ සැප සේ අසා ස්වර්ග් මෝක්ෂ සම්පත්ති සාධනය කෙරෙති’ යන මහා කරුණායෙන් සඤ්චෝදිත හෘදය ඇති වැ; සුවිමල ශිලස්කන්ධයෙන් සුරභිකෘත දිගන්තර ඇති ත්රිමපිටකපර්යාර පන්නසමස්තසද්ධර්මප නැමැති රත්නාඞ්කුරයනට රත්නාකරයක් වැනි වු, සර්වඥශාසන නැමැති පූර්වපපර්ව්ත ශිඛරයට පූණී චන්ද්රු මණ්ඩලයක් වැනි වු ශීල සමාධි ප්රරඥා දයාදී ගුණ ගණාධාර තපෝ නිධාන ප්ර ධාන වු ගංතළා කරඹවලාන් පරපුරෙන් පැමිණි සුවිශුද්ධ ප්රගභූත ගුණගණ මහනිය ප්ර‍ශංසනීය සශ්රීාක නිර්මිල වංශසම්භුත වු. කිර්තිශ්රීරමෙඝවණීරාජාධිරාජ කල්යානණි විහාරාධිපති වු, හස්තිශෛලපුරවරාධීශ්වර පරාක්රමම භූක්ෂිති පතිලකායමාන ප්රාඥාගුණාතිශයෙන් යුක්ත විල්ගම්මුල මහා ස්ථවිරපාදයත් වහන්සේ සමීපයට පැමිණැ භක්තිප්රෙුමාතිහාරාවනතෝත්තමාඩ්ගයෙන් නමස්කාර කොටැ “ මූල භාෂායෙන් ප්රපවෘත්ත වූ බෝධිවංශාභිධාන ප්රෙසිද්ධ ප්රේබන්ධය ස්වභාෂායෙන් කළ හොත් යෙහෙකැ”යි ආරාධනා කෙළේ යැ. පූර්වොික්ත ගුණගණෝපෙත ඒ රජතුමා විසින් සමාරාධිත වු සේක්, මේ බෝධි වංශ කථාව සියලු ජනයන් ගේ සුඛාවබෝධය පිණිසැ ස්වභාෂායෙන් ලියවා මස්තක ප්රාේප්ත කොටැ වදාළ සේකැ.

තම හට හිතවැඩ කැමැති සත්පුරුෂයන් විසින් කන් නමා සිත් යොමා සාවධාන වැ අසා ස්වර්ගසමෝක්ෂසම්පත් සිද්ධ කට යුතු.

චරිත සුචරිතශ්රී් ශ්රීෂපරාක්රාසන්තිබාහු-

ක්ෂිතිප තිලකකෟප්තාරාධනා නන්දිනේත,

සකලගුණනිධාන ශ්රීතසරෝග්රාීමමුල

සථවිරයතිවරේණෝල්ලාසිතෝ බෝධීවංශඃ