විල්ගම්මුළ පබඳ-සිංහල බෝධි වංශයxii

ලඞ්කාවතරණ කථා


1. දේවානම්පියතිස්ස කථාවසංස්කරණය

ඉක්බිත්තෙන් ඊට පළමු වැ සත්ත්ව නැමැති භෘඞ්ග සමූහයාට වසන්ත වනයක් හා සමාන වූ ලාට රාජ්ය්යෙහි, ස්ත්රි් පුරුෂ නැමැති හංස සමූහයාට පියුම් විලක් හා සමාන වූ සිංහපුරයෙහි, සිංහයාට දා වූ බැවින් සිංහල යැයි ලබන ලද නම් ඇති ; කාලිඞ්ග චක්රයවර්ති රජ්ජුරුවන් ගේ වංශයෙහි උපන්නා වූ සිංහබාහු කුමාරයන් ගේ ප්රචධාන පුත්රර වූ විජය රාජ කුමාර තෙමේ, යුවරජ තනතුරට පැමිණැ කේශර සිංහ පෝතකයකු මෙන් වික්රවමය මැ අසහාය කෘත්යුය කොට ඇත්තේ,යෝධයන් සත් සියයක් දෙනා පිරිවරා නැවකට නැඟී, සර්වේඥයන් වහන්සේ පරිනිර්ව ණය කරන්නා වූ දිනයෙහි ලඞ්කාද්වීපයට බැසැ, උපුල්වන් දෙවි රජ්ජුරුවන් විසින් බඳනාලද පිරිත් හු හා ඇඟැ ඉස්නා ලද පිරිත් පැන් හා ඇති පිරිවර ජනයා ඇත්තේ. බැලි වෙස් ගත්තා වූ සිංහපා නම් යක්ෂණිය අනු වැ පසු පස්සෙහි ගොස්. ස්නාන පානය පිණිසැ තම්මැන්නා විලට බටුවා වූ යෝධයන් සත් සියයක් දෙනා නො දැකැ විල සිසාරා ඇවිදුනා විජය කුමාර තෙමේ - කුවේණි නම් යක්ෂණිය තපස්වී කන්යාි වේශයක් මවාගෙනැ ගසක් මුලැ උන්නා දැකැ, “මැ විසින් මා ගේ යෝධයෝ ඒකාන්තයෙන් අල්ලා ගන්නා ලදහ”, යි නිශ්චය කොටැ පඤ්චායුධ සන්නද්ධ වැ තමා ගේ නම අස්වා සිංහ නාද කොටැ ගැඹුරු වූ අභිනව මේඝද්වනියක් හා සමාන වූ දුනු දිය අත පොළන හඬ අස්වා, කල්පාන්ත මේඝයකින් වැටී හුනු අශනි පාතයක් මෙන් ඈ ඉදිරියෙහි පෙනී, නාරාවය බොටුවෙහි තබා හිසකේ අල්ලා ගෙනැ තියුණු මුවහත් ඇති කඩුපත ඔසවා භය ගන්වා, භූමි ගර්භායෙහි සඟවා සිටුවනලද සත් සියයක් යෝධයන් අල්ලා ගෙන්වාගෙනැ, නැවතැ ඈ විසින් සත්කාර කරන ලදු වැ රාත්රිකයෙහි ඒ රුක්මුලැ ධවල වූ වියනින් හා ජවනිකායෙන් ද සරහන ලද ශ්රීු යහන් මස්තකයෙහි සැතැපී, සර්වාාභරණයෙන් සැරැහුණා වූ ඉතා සිත්කලු වූ සොළොස් හවුරුදු වයසට පැමිණියා වූ රූපයක් මවාගෙනැ සමීපයට පැමිණියා වූ ඒ කුවේණි නම් යක්ෂණිය ගේ දිව්ය වූ ශරීර ස්පර්ශය විදැ, ඈ ගේ ආනුභාවයෙන් ශිරිෂවාස්තු නම් වූ යක්ෂ පුරයට වැදැ, එහි මහා කාලසේන නම් ප්රභධාන යක්ෂයාට මැලෑඬුරෙහි ලංකා පුරයෙන් ගෙනැ එන ලද යක්ෂ කන්යා‍ව ගේ විවා මඟුල් සඳහා රැස්වූ සියලු යක්ෂ සමූහයා මරා, සමුද්ර තීරය කෙළවර කොටැ ඇති ලඞ්කාතලය එක්සත් කොටැ එහි මැ තම්මැන්නා නම් නුවරක් කොට ගෙනැ, පඩු රජ්ජුරුවනට දූ වූ රාජ කුමාරිකා කෙනෙකුන් ගෙන්වා, පූර්වහ භාර්යා් ගසව වූ කුවේණි නම් යක්ෂණිය හැරැ බිසෙව් ගෙනැ; ඒ සාගර ගතියෙන් ක්ලාන්ත වූ යෝධයන් සත් සියයක් දෙනා භූමියෙහි ඔබන ලද අතුල් ඇති වැ හුන්නාවුන් විසින් තඹවන් වූ බිමැ රජසින් ගැවසී ගත්තා වූ අත්ල බලා තාම්රඹපාණි යැ යි කියන ලද බැවින් තාම්රවපර්ණි යැයි කියනු ලබන ලද දෙවෙනි නම් ඇති ලඞ්කාද්වීපයෙහි අපමණ වූ තේජස් ඇති වැ අටතිස් අවුරුද්දක් රාජ්යාය කෙළේ යැ.


ඉක්බිත්තෙන් භද්ර්කාත්යාපයනී නම් වූ ශාක්ය් කුමාරිකාව අග්රලමහේසිකා කොටැ ගන්නා ලද ලඞ්කායෙහි රාජ්යාාභිෂේක ඇති වැ, සංහ පුරයෙන් ගෙන එනලද, සංහල වංශයෙහි උපන්නා වූ, විජයරාජ කුමාරයන්ගේ මලණුවන් සුමිත්ත රජ්ජුරුවනට අග්රශ මහේසිකා වූ මදු රජ්ජුරුවනට දු වූ රාජ කන්යා ව ගේ පුත්ර් වූ, පණ්ඩුවාසුදේව නම් රජ තෙමේ තිස් අවුරුද්දක් රාජ්යවය කෙළේ යැ. ඉක්බිත්තෙන් ඔහු පුත් විසි අවුරුද්දක් රාජ්යමය කළා වූ අභය රජ ද, ඔහු ගේ මල් වූ සතළොස් අවුරුද්දක් රාජ්යජය කළා වු ගණතිස්ස නම් රජ ද, ඔවුන් ගේ බෑණනු වූ දීඝගාමණි නම් ශාක්යම පුත්රරයා හට උපන්නා වූ සත්පුරුෂ ජනයාට ආකර වූ අනුරාධපුරය ප්රණථමයෙන් ඇති කළා වූ සැත්තෑ අවුරුද්දක් රාජ්ය ය කළ පණ්ඩුකාභය නම් මහ රජ ද, ඒ රජහු ගේ අග්රාමහීෂිය වූ ස්වර්ණපාලිකාවන් ගෙන් උපන්නා වූ; මහමෙවුනා උයන ප්ර ථමයෙන් ඇති කළා වූ සැට අවුරුද්දක් රාජ්යූය කළා වූ මුටසීව නමු රජ දැ යි මේ ලඞ්කාධිපති වූ රජදරුවන් ඇවෑමෙන්; අසම්භින්න වූ ක්ෂත්රිසය වංශයෙහි උපන්නා වූ, අභිෂේකමංගල්යරයෙහිදි පෘථිවි තලයෙන් උපන්නා වූ අනේක ප්ර‍කාර වූ මුක්තාමාණික්යාදදී වු රත්නයන් හා නොඑක් නිධාන සමූහයන් ද ඇති, සමුද්රම තීරයෙන් නැංගා වූ අනේක ප්රනකාර වූ සමුද්රිරත්නයන් ඇති, සෑපවුගල් පාවරැ උණ පඳුරෙක්හි හටගත්තා වූ රථ පදනා කැවිටි පමණ වූ පැහැසර වත් වූ සිත්කලු වූ විසිතුරු වු ලතා යෂ්ටි යැ, ශකුන යෂ්ටි යැ යි කියනලද රත්න යෂ්ටීන් තුන් දෙනකු ඇති මුහුදු වෙරළින් නැංගා වූ ඇතුන් වැනි මුතු යැ. අසුන් වැනි මුතු යැ. රථ වැනි මුතු යැ, නෙල්ලි වැනි මුතු යැ, කුඹක්ගෙඩි වැනි මුතු යැ. වළලු වැනි මුතු යැ, මුදු වැනි මුතු යැ. ආකාරයෙහි උපන් මුතු යැ යි මේ අෂ්ටවිධ වූ මුක්තාඵලයන් ඇති, නමට බි‍ඳෙන්නා වූ සතුරන් ගේ සිත් ඇති, භක්ති ප්රේ මයෙන් අවනත වූ ස්වදේශ වාසි වු අන්ය දේශවාසී වූ ද සියලු ජන සමූහයන් ඇති, ධර්මාශෝක රජ්ජුරුවන් විසින් දෙවනලද උතුම් වූ දෙවන අභිෂේක් ඇති දෙවනපෑතිස් රජ රාජ්යකයට පැමිණැ, පහ වූ භය හා ‍ශඩ්කා ද ඇති නිෂ්කලඩ්ක වූ ලඩ්කාව රක්ෂා කරන්නේ යැ.


2. ධර්ම දූත කථාවසංස්කරණය

එසමයෙහි මොග්ගලිපුත්තිස්ස මහ තෙරුන් වහන්සේ ඒ තුන්වන සඞ්ගායනාව කොටැ, නිමවා, “අනාගතයෙහි ශාසනය කොතැන්හි පිහිටා දොහෝ”යි පරීක්ෂා කරන සේක්, “ප්රසත්යසන්ත ජනපදයෙහි මනා කොටැ පිහිටන්නේ යැ” යි දැනැ, මජ්ඣන්තික ස්ථවිරයන් වහන්සේ කාශ්මීර ගන්ධාර රාජ්යනයට යැවූ සේක. එසේ මැ මහා දේව ස්ථවිරයන් වහන්සේ මහිංසක මණඩලයට යැවූ සේකැ. රක්බිත ස්ථවිරයන් වනවාසී භාගයට ද, යෝනකධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේ අපරන්ත ජනපදයට ද, මහා ධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේ මහරට දේශයට ද, මහා රක්ඛිත ස්ථවිරයන් වහන්සේ යෝනක ලෝකයට ද , මජ්ඣිම ස්ථවිරයන් වහන්සේ හිමවන්ත දේශයට ද, සෝණ ස්ථවිරයන් වහන්සේ හා උත්තර ස්ථවිරයන් වහන්සේත් ස්වර්ණභූමියට ද , තමන් වහන්සේ ගේ සද්ධි විහාරික වූ උපසම්පදාමාලකයේ දී මැ සිවුපිළිසිඹීයා හා සමඟ රහත් වැ තමන් වහන්සේ සමීපයෙහි දි මැ පිටකත්රිය සංගෘහිත වූ සියලු ධර්මමය හා ස්ථවිරවාද ද තුන් අවුරුද්දක් ඇතුළතැ ඉගෙනැ තමන් වහන්සේට අන්තේවාසික වූ දහසක් පමණ භික්ෂූන් වහන්සේට ප්රවධාන ස්ථානාන් තරයට පැමිණියාවූ ආයුෂ්මත් වූ මිහිඳු මහ රහතන් වහන්සේ ලඞ්කා සංඛ්යාටත වූ තාමුපර්ණී ද්විපයට ද යැවු සේකැ. ඒ සියලු ස්ථවිරයන් වහන්සේ මැ ඒ ඒ දිසාභාගයට වඩනාසේක් පස් පස් නම වැඩි සේක.


එයින් ආයුෂ්මත් වූ මජ්ඣන්තික තෙරුන් වහනසේ පැළලුප් නුවරින් අහසට පැන නැඟී, ප්රුත්යලන්ත ජනපදයෙහි හිමාලය වනයෙහි ආරාවල නම් විලට බැසැ ඒ විල පිටැ සක්මන් කරන සේක්, “ජින්න හින්නපටධර වූ මේ තෙමේ කවරෙක්ද, අපගේ විල පැන් පයින් මැඬ කිලිටිකරන්නේ යැ” යි ක්රෝ ධයෙන් මඩනා ලද්දා වූ ආරාවල නම් නාරජහු අනේක ප්රේකාර භයානක ස්වරූප ඇති කයක් මවා, දුමමින් දිලියෙමින් ආයුධ වර්ෂ වන් වස්වා පරුස වචනයෙන් තැති ගන්වන්නාහු, තමන් වහනසේ ‍ගේ ඍද්ධි බලයෙන් ප්රයතිබාහනය කොටැ, ඔහුගේ අනුභාව නැති කොටැ, ඒ ක්ෂණයට සුදුසු වූ ධර්ම කථ‍ායෙන් සුවාසු දහසක් නයින් හා අන්යු වුත් බොහෝ වූ හිමවන්ත දේශවාසී වූ ගන්ධර්වස දිව්යන යක්ෂ රාක්ෂසයන් ද හා සමඟ ඒ ආරාවල නම් නාරජහු ශරණ ශීලයෙහි පිහිටුවා, පඤ්වක නම් යක්ෂයා ද ඔහු ගේ භාර්යයා වූ භාරිකී නම් යක්ෂණිය හා පන්සියයක් පුත්රපයන් හා සමඟ සෝවාන් පෙළෙහි පිහිටුවා, උතුම් වූ ප්රී්ති ප්රරමෝදයට පැමිණියා වූ ඒ නාග රාජයා විසිනුද ස්වකීය වූ රත්න පර්ය් යකඬ්කයෙහි වඩා හිදුවා දිව්යැ චාමරයෙන් පවන් සලා කරනුලබන්න‍ා වූ උපස්ථාන ඇති සේක්, නයින් හට කළ මනා පූජා සත්කාර ගෙනැ පැමිණියා වූ කාශ්මීර ගන්ධාර රාජ්යෙවාසී වූ සත්ත්වයනට සංයුත් සඟියැ සළායතන වගෙහි ආශීවිෂෝපම සූත්රා්න්ත දේශනාව කොටැ අසූදහසක් පමණ ප්රාිණීනට චතුස්සත්යාාවබෝධය කරවා, අමා මහ නිවන් දක්වා, ලක්ෂයක් දෙනා මහණ කරවා, කාශ්මීර ගන්ධාර රාජ්ය්ය අද දක්වා කසා වතින් බබුළුවා ඍෂිවරයන් වහනසේ ගේ ශරීරමාරුතයෙන් ඒකසුගන්ධ කළ සේකැ.


මහාදේව ස්ථවිරයන් වහන්සේ ද මහිංසක මණ්ඩලයට ගොස් මැඳම සභි යැ උපරිපනසැ දේවදූත සූත්රාංන්ත දේශනාව කොටැ, සතළිස් දහසක් ප්රියණීක් හට - “ භෙඨාමග්ගත්තයේ ඤාණං ධම්ම චක්ඛුන්ති සඤ්ඤිත” යි කියන ලද බැවින් යට මාර්ගත්ර යයෙහි පැවැත් වූ ඥානය ධර්මචක්ෂුස නම් වෙයි. එබැවින් සියලු ප්රාතණීනට - තුන් මහ තුන් ඵල උපදවා, සතළිස්දහසක් ප්රා ණීන් මහණ කරවා, එහි ශාසනය පිහිටුවූ සේකැ.


රක්ෂිත ස්ථවිරයන් වහන්සේ ද වනවාසී භාගයට ආකාශයෙහි සිටැ සංයුත්සඟියැ අනමතග්ග සංයුත් දේශනායෙන් වනවාසික වූ සත්ත්වයන් පහදවා, සැට දහසක් ප්රානණීන් හට චතුස්සත්යා්වබෝධය කොටැ සැත්තෑදහසක් ප්රාසණීන් මහණ කරවා, පන්සියයක් විහාර පිළිගත් සේකැ. යෝනකධර්මරක්ෂිත නම් ස්ථවිරයන් වහන්සේ ද අපරත්න ජනපදයට ගොස් අඞ්ගෝත්තර සහිතැ අග්ගික්ඛන්ධෝ පම සූත්රාඅන්ත දේශනායෙන් අපරත්න ජනපදවාසීන් පහදවා, සත්තිස් දහසක් ප්රානණීන් හට ධර්ම මෘත පානය කරවා, රජ කුලයෙන් මෑ පුරුෂයන් දහසක් දෙනා හා ස්ත්රී්න් දහසක් දෙනා ද මහණ කරවා එහි ශාසනය පිහිටැවූ සේක.


මහාධර්මරක්ෂිත ස්ථවිරයන් වහන්සේ මහරට දේශයට ගොසින් මහානාරදකාශ්යතප ජාතක දේශනාවෙන් මහරට දේශවාසීන් පහදවා, සුවාසූ දහසක් ප්රා්ණීන් මාර්ග ඵලයෙහි පිහිටුවා, කෙළෙස්දහසක් ප්රාසණීන් මහණ කරවා, එහි ශාසනය පිහිටැවූ සේකැ. මහාරක්ෂිත ස්ථවිරයන් වහන්සේ ද යෝනට දේශයට ගොස්, කාලකාරාම සූත්රාාන්ත දේශනායෙන් යෝනක නම් දේශය පහදවා, එක් ලක්ෂ සත්තිස්දහසක් ප්රානණීනට මාර්ග ඵල නැමැති ආභරණ දී, දසදහසක් ප්රා ණීන් මහණ කරවා, එහි ශාසනය පිහිටැවූ සේකැ. මජ්ඣිම නම් ස්ථවිරයන් වහන්සේ ද කාශ්ය්ප ‍ගෝත්ර යැ අලකදේව යැ දුන්දුසසරයැ සහසුදේව යැ යන ස්ථවිරයන් සතර දෙනා හා සමඟ හිමවන්ත දේශ භාගයට ගොස්, ධම්සක් පැවතුම් සූත්රාින්ත දේශනායෙන් ඒ දේශය පහදවා අසූ කෙළක් පමණ ප්රා,ණීන් හට ම‍ාර්ග නැමැති රුවන් දුන් සේකැ. ස්ථවිරයෝ පස්දෙන මැ පස් රට පහදවා එකි එකි කෙනෙකුන් වහන්සේ එකි එකි ලක්ෂය පමණ කරවා, එහි ශාසනය පිහිටැවූ සේකැ.


සෝණ ස්ථවිරයන් වහන්සේ ද උත්තර ස්ථවිරයන් වහන්සේ හා සමඟ වැ ස්වර්ණභූමියට ගොස්, එදවස් රජ කුලයෙහි උපන්නා වූ රාජ කුමාරයකු පළමු පරිද්දෙන් මැ අනුභව කරන්නට සමුද්ර යෙන් නික්මැ එන්නා වූ එක් රාක්ෂසියක දැකැ, මනුෂ්යදයන් හඬමින් වලපිමින් සිටියැ දී තෙරුන් වහන්සේ දියුණු වූ ආත්මභාවයක් මවා, ඒ ආත්ම භාවයෙන් ඒ රාක්ෂසිය පර්ෂතද් මධ්යුයට කොටැ, දෑලයෙන් පරික්ෂේප කොටැ, යම් තාක් නො පෙනේ නම් ඒ තාක් පලවා දුරු කොටැ හාත් පසින් රැකවල් ලවා, එසමයෙහි රැස් වූ මහා ජන සමූහයා දික්සඟියැ සිල් කඳුවගැ බ්ර හ්මජාල සූත්රාින්ත දේශනායෙන් පහදවා ශරණ ශීලයෙහි පිහිටුවා, සැට දහසක් ප්රාලණීනට මාර්ගඵල ප්රනතිවේධය ඇති කරවා, තුන්දහස් පන්සියයක් පුරුෂයන් හා යෙළදහසක් ස්ත්රීනන් ද මහණ කරවා, එහි ශාසනය පිහිටැවූ සේකැ.


මහත් වූ කරුණා ඇති ස්වර්ඥයන් වහන්සේ විසිනුදු තමන් වහන්සේ කරා අදිනා ලද්දාවූ තමන් වහන්සේට පැමිණියා වූ අමෘත මහා නිර්වාාණ සැපය ද හැරැ ලොවට වැඩ සාධා දුන් සේක් ද, එසෙයින් මැ ඒ ස්ථවිරයන් වහන්සේලා ඒ ඒ ස්ථානයට ගොස් සියලු සත්ත්වයනට මාර්ග ඵල ප්රෙතිවේධය කරවමින් ලෝවැඩ කළ සේකැ. එහෙයින් කවර නම් සත්ත්වයෙන් ලෝවැඩ කිරීමෙහි ප්රඩමාද වේද? එහෙයින් කියන ලදි.


“මහාදයප්සායි ජිනස්ස කඩ්ඪනං

විභාය පත්තං අමතං සුඛම්පි තේ.

කරිංසු ලෝකස්ස හිතං තහිං තහිං

භවෙය්ය කෝ ලෝක හිතේ පමාදවා?” යි.


3. මහින්දාගමන කථාවසංස්කරණය

මිහිඳු මහ තෙරුන් වහනසේද “තාමුපර්ණණි ද්වීපයට ගොස් එහි ශාසනය පිහිටුවව”යි උපාධ්යාමයයන් වහන්සේ විසිනුදු භින්ෂු සංඝයා වහන්සේ විසිනුදු ආරාධනා කරන ලද සේක්. “මට තාමුපර්ණණිද්විපයට යන්නට මේ කල් වේ දෝ? නොවේදෝ” යි පරීක්ෂා කොටැ, “තව කල් නොවෙ”යි දැකැ, ‘යම්තාක් එයට යන්නට සුදුසුකල් පැමිණේ නම්, ඒතාක් නෑයන් බලම්හ’යි සිතා උපාධ්යාඑයයන් වහන්සේට හා භික්ෂු සංඝයා වහන්සේ ද වැඳැ හිල්මසැ අශෝකාරාමයෙන් නික්මැ, ඉද්ඪීය යැ උත්තිය යැ සම්බල යැ හද්දසාය යැ යන මේ ස්ථවිරයන් සතර දෙනා වහන්සේ හා සංඝමිත්රා්වන් ගේ පුත් වූ ප්රාඅප්ත වූ ෂඩ්අභිඥා ඇති සුමන සාමණෙරයන් වහන්සේ හා සමඟ ඥාතිසංග්රවහය සඳහා රජගහ නුවර සමීපයෙහි වූ දක්ෂිණගිරි නම් ජනපදයෙහි චාරිකා කරන සේක්, සමසක් ඇවෑමෙන් වේර්ඪරස පුරයට පැමිණ, එහි වසන්තා වූ ශාක්ය දූ වූ තමන් වහන්සේ ගේ ළමන්දුන් වේඪීය මහා දේවීන් දැකැ ඒ බිසොවුන් විසින් කරන ලද වේඨීසගිරි මහා විහාරයට වැදැ, ඒ විහාරයෙහි මසක් වැසැ පොසොන් මසැ මැදි පොහෝ දිනයෙහි රැස් වැ “අපට තාමුපර්ණනී ද්වීපයට යන්නට කලැ”යි දැනැ ශක්ර දේවේන්ද්ර යන් විසිනුද ආරාධනා කරන ලදුවැ භණ්ඩුක නම් වූ අනාගාමී වූ පණ්ඩුපලාස හෙවත් මහණවීමෙහි අභිලාෂ ඇත්තා වූ. වේඨීය මහා දේවිය ගේ නැගණියන් ගේ දුහිතෘව ගේ පුතණුවන් හා සමඟ තමන් වහනසේ ඇතුළු වූ සත් දෙනා වහන්සේ වේඨීස පර්වහතයෙන් ආකාශයට පැනනැගී නිර්මුල වූ පැන් ඇති විලෙක්හි හංස සමූහයා විසින් පිරිවරනලද රාජහංසියක මෙන් ප්රැසන්න වූ ආකාශයෙහි බබළමින් ක්ෂණයෙකින් තාමුපර්ුණණී ද්වීපයට අවුත්, සර්ව ඥයන් වහනසේ පිරිනිර්වා ණයෙන් දෙසිය සකිස් වන අවුරුද්දෙහි ධර්මා‍ශෝක අජජුරුවන්ගේ අභිෂේකයෙන් අ‍ටළොස් වන අවුරුද්දෙහි දෙවනපෑතිස් රජජුරුවන්ගේ අභිෂේකයෙන් සත්වන මසැ තමන් වහනසේ උපසපන් වූ දොළොස් වසක් ඇති සේක්, අනුකූල වූ ජනයා විසින් සම්පූර්ණ වූ දොළොස් බැවින් අනුරාධපුර යැ යි ප්ර්සිද්ධ වූ නුවරැ නැ‍ඟෙරැහිරි දිශාවෙහි නිල් වූ වනලැහැබෙකින් හෙබියා වූ සිහිල් වූ ඝන වූ ඡායා ඇති, විසිතුරු වූ ගල්තලයෙන් හා පවිත්රන වූ සුදුවැල්ලෙන්ද ගැවැසී ගත්තා වූ භූමි ප්රිදේශ ඇති, මධුර වූ සිහිල් වූ පැන් පොකුණු ඇති, පූර්ව සර්වසඥවරයන් තුන්දෙනා වහන්සේ ගේ පාද ලාඤ්ඡනයෙන් පවිත්ර වු මිශ්රතක නම් පර්වරතයට බැසැ අඹතල නම් තෙනෙකැ වැඩහුන් සේකැ.


පරිනිර්වාිණ මඤ්චකයෙහි සැතැපුණා වූ බුදුරජාණන් වහන්සේ විසින් ලංකාවාසී වූ සත්ත්වයනට හිතවැඩ සඳහා මෑත භාගයෙහි ලංකාවාසීන් පහදවන්නට සමත්ව් යැ යි දේවසමාගමයෙහි දී ඒ මිහිඳු මහ තෙරුන් වහන්සේ ප්රවකාශ කොටැ දැක්වූ සේකැ. එසේ හෙයින් ලංකාවට සර්ව්ඥ කෙනෙකුන් වහන්සේ සමාන වූ සේක්, ඒ ලංකාවට හිතවැඩ පිණිසැ ලංකාවාසී වූ දෙවියන් විසින් විශේෂයෙන් පුදනලදු වැ එලසමාපත්ති සැප අනුභව කෙරෙමි අඹතෙලෙහ වැඩහුන් සේකැ. එහෙයින් කියන ලදී.


“ලංකාපසාදනගුණේන වියාකතෝ සෝ

ලංකාහිතාය මුනිනා සයිතේන අන්තො,

ලංකාය සත්ථුසදිසෝ හිතහේතු තස්සා

ලංකාමරූහි මහිතො හිනිසීදි තත්ථ” යි.


ලංකාවතරණ කථා යි.


1. සම්මුඛ කථාවසංස්කරණය

එදවස් දෙවනපෑතිස් රජ්ජුරුවෝසංස්කරණය

එදවස් දෙවනපෑතිස් රජ්ජුරුවෝ සියලු ලඞ්කාද්වීපවාසී වූ සත්ත්වයන් උත්සව කෙළි කෙළනා පරිද්දෙන් නක්ෂත්රඞ ඝෝෂණය කරවා, පුරවාසී වූ සත්ත්වයන් නකත් කෙළි කෙළන‍ට පටන් ගත් කලිහි, තුමු සතළිස්දහසක් පුරුෂයන් මුව දඬ යනු කැමැති වැ, සරහා පිළියෙළ කරන ලද්දාවූ නුවරින් නික්මැ මිශ්ර ක පර්වැතයට අභිමුඛ වැ යන්නාහු “තෙරුන් වහනසේ රජ්ජුරුවනට දක්වමි”යි තිත්මුව වෙසක් මවාගෙනැ රජ්ජුරුයනට නුදුරු තැනෙකැ තණපත් අනුභව කරන්නාක් මෙන් ඇවිදිනා වූ දිව්යග පුත්ර යා දැකැ, මුවෙක් දො‍හෝ’යි සිතා ‘දැන් වික්ෂිප්ත වැ ප්රවමාද වැ සිටිතැනැත්තවු විදිනට තරම් නො වෙ’යි දුනුදිය අත පොළා, අත පොළන හඬින් තමන් බලා දුවන්නා වූ ඒ මුවා පසු පස්සේ දිවෙමින් අඹතලාවට නැඟි, එතැනට පැමිණැ අන්තර්ද්ධාන වූ ඒ මුවා නොදැක, “ඈත මෑත බලන්නා වූ රජ්ජුරුවෝ මා දකිත්වයි, සෙස්සවුන් නො දකින්ව”යි අධිෂ්ඨාන කොටැ ‘තිස්සය! තිස්ස ය! මෙසේ එවයි කියන්න‍ා වූ මිහිඳු මහ තෙරුන් වහනසේ දැකැ, මේ කඞ්කාද්වීපයෙහි උපන්නා වූ සත්ත්වයන් ගෙන් මාගේ නම අස්වා ‘තිස්ස යැ’යි යන එකෙක් නැත. එහෙයින් ‘මෙතෙම කවරෙක් දොහෝ’යි මනුෂ්ය්යෙක් දොහෝ. අසනුෂ්ය යෙක් දොහො’යි කියා සිතූහ. ඉක්බිත්තෙන් මිහිඳු මහ තෙරුන් වහනසේ අමනුෂ්ය් නොවන බව හඟවන පිණිසැ ‘මහ රජ්ජුරුවනි! අපි සර්වරඥ ශ්රාේවක වූ ශ්රොමණයම්හ. තොප කෙරෙහි අනුකම්පායෙන් ජම්බුද්වීපයෙන් මේ ලඞ්කාද්වීපයට ආම්හ’යි වදාළ සේකැ.


එහෙයින් කියන ලදි:


“ සමණා මයං මහාරාජ! ධම්මරාජස්ස සාවකා,

තවේව අනුකම්පාය ජම්බුදිපා ඉධාගතා”යි.


එකල්හි තෙරැන් වහනසේ ගේ මේ වචනය අසා නැවැතැ අදෘෂ්ටි මිත්රර වූ ධර්මාිශෝක රජ්ජුරුවන් විසිනුදු “ලෝකයෙහි දත යුතු යමි කිසි පදාර්ථයෙක් ඇත් නම් ඒ සියල්ල මැ ස්වයම්භු ඥානයෙන් විශේෂයෙන් දත් බැවින්, සර්වනඥතාඥානාදී ගුණයෙන් නිපන්නා වූ අර්හත් ඵල සඞ්ඛයාත වීමෝක්ෂය කෙළවර කොටැ ඇති ඥානයෙන් බුදුහු යැයි ගත් සව්නේ දත් බුදුන් ද: තමා ධරන්නා වූ සත්ත්වයන් සතර අපායෙහි දූ සංසාර වෘත්තයෙහි දූ නොහෙළා ධරන බැවින් ධර්මව යැ යි ගත් නෛර්යාර ණික ධර්මාය ද; දෘෂ්ටිශීල ශ්රාවමණ්යැයෙන් ගැළැපුණු බැවින් සඞ්ඝයා යි ගත් අෂ්ටාර්ය්් පුද්ගල සංඝයා ද මම සරණ ගියෙමි. ශ‍ාක්ය්පුත්රත වූ සර්වගඥයන් වහන්සේ ගේ ශාසනයෙහි උපාසකබවට පැමිණියෙහි. එසේ හෙයින් නරෝත්තම වූ රජ්ජුරුවෙනි! තෙපි දූ මේ අත්නත්රෙයයෙහි සිත පහදවා සැදෑ ඇති වැ සරණ ශීලයෙහි පිහිටුව” යි මෙසේ කියා එවනලද නොබෝ කලෙකැ ඇසූ අස්න සිහි කෙරෙමින් “ආර්ය්පිහයන් වහන්සේ දො හෝ වැඩිසේකැයි” යි එකෙණෙහි මැ ආයුධය දමා සුව දුක් කථ‍ා කෙරෙමින් එකතපස් වැ හුන්නාහු යැ.


එසේ හෙයින් කියන ලදි:


“අහං බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං ගතෝ,

උපාසකත්තං දේසේසිං සක්ය්පුත්තස්ස සාසනෝ.


“ත්වම්පි’ මානි අතනානි උත්තමානි තරුත්තම,

චිත්තං පසාදයිත්වාන සද්ධාය සරණංවජ”යි.


මෙ සේ මෙබඳු හසුන් සිහි කොටැ ආයුධ තබ‍ා එකක් පස් වැ හිඳැ කථා කලාහු යැ. ඉක්බිත්තෙන් තෙරුන් වහන්සේ: සතළිස් දහසක් පුරුෂයන් ඇවිත් රජ්ජුරුවන් පිරිවරා ගත් කල්හි තමන් වහන්සේ හා කැටි වැ ආවා වූ අනෙක් සදෙනා දක්වා “මොහු කවරදා අවු දැ” යි විචාල කල්හි “මහරජ්ජුරුවනි! මා හා සමඟ මැ ආවාහු යැ” යි කියා නැවැතා ජම්බුද්වීපයෙහි දැන් මෙබඳු අන්යහ වූත් ශ්ර මණයන් වහන්සේ ඇද්දැ”යි විචාළ කල්හි “ඇත, මහ රජ්ජුරුවෙනි! දැන් ජම්බුද්වීපය කසාවතින් බබළන්නේ යැ. ජම්බුද්වීපයෙහි පූර්වේනිවාසානුස්මෘතිඥානය දිව්යව චක්ෂුරහිඥානය අශ්රවවක්ෂවකරඥානය වන ත්රිවවිද්යාන ඇත්තා වූ, ‘එකෝපි හුත්වා බහුධා හෝති’ යනාදීන් දක්වන ලද ඍද්ධිවිධ ඥානයට පැමැණියාවූ, ‘ඒවම්පි තේ මනෝ, ඉතිපි තේ මනෝ, ඉන්ථම්පි තේ මනෝ’ යනාදීන් ලද චේතෝපරිච්ඡේදක ඥානයෙහි දක්ෂ වූ ‘සෝ දිබ්බාය සෝත උභෝසද්දේ සුණති දිබ්බේ ව මානුසේ ච’ යනාදීන් දක්වන ලද දිව්ය ශ්රෝේත්ර් ධාතු ඇත්ත‍ාවූ සන්තාන ගත වූ රාගාදී ක්ලේශයන් කෙරෙන් දුරු වූ හෙයින්ද ද නැසූ බැවින් ද අර්හත් නම් වූ සර්වකඥ ශ්රාගවකයන් වහන්සේ පොහෝ සේකැ” යි වදාළ සේකැ.


එසේ හෙයින් කියන ලදි.


“තේවිජ්ජා ඩද්ධිප්පන්නා ව චෙතෝපරියකෝවිදා

දිබ්බසෝතා ව රහන්තෝ බහු බුද්ධස්ස සාවකා” යි.


මෙසේ වදාරා රජ්ජුරුවන් විසින්සංස්කරණය

මෙසේ වදාරා රජ්ජුරුවන් විසින් “ස්වාමිනී! කෙසේ වැඩි සේක් දැ”යි කිකල්හි “ මහ රජ! දියෙනුත් නො ආම්හ. ගොඩිනුත් නො ආම්හ”යි කියා, නැවතැ “රජ්ජුරුවන් ගේ ප්ර ඥා විශේෂයෙක් ඇද්දොහෝ”යි පරීක්ෂා කරන පිණිසැ ආස්සන වැ සිටි අඹ රුකක් පෑ රජ්ජුරුවන් අතින් ප්ර ශණයක් විචාරණ සේක්, “මහ රජ්ජුරුවෙනි! මේ කිනම් රුකෙක්දැ”යි විචාරා, “ස්වාමිනි! මේ අඹ ගසෙකැ”යි කී කල්හි, මහරජ! මේ අඹ ගස හැර අනෙකුත් අඹ ගස් ඇද්ද, නැද්ද”යි විචාළ සේකැ. “ස්වාමිනි! අනෙකුත් ‍බොහෝ අඹ ගස් ඇත්තේ වේ දැ”යි කීකල්හි “මේ අඹ රුකත් ඒ අඹ ගසුත් හැර මහරජ! අන්ය වුත් උක්ෂ කෙනෙක් ඇද්දැ”යි විචාළ සේකැ. “ස්වාමිනී! අඹ නොවන්නා වූ උක්ෂයෝත් ඇත්තාහු වේ දැ”යි කීකල්හි “සෙසු අඹ ගසුත් අඹ නොවන ගසුත් හැරැ අන් කිසි ගසෙක් ඇද්දැ”යි සේකැ. “ ස්වාමිනී! ඒ දෙ‍කින් පිටත් වැ වෙන් වැ සිටියේ මේ ගසැ මැ වේ දැ”යි කීකල්හි “යහපත, මහ රජ්ජුරුවනි! තෙපි නුවණැත්තව”යි ප්රැශංසා කළ සේකැ.


තවද ඒ මිහිඳු මහ තෙරුන් වහන්සේ “මහරජ! තොපගේ නෑයෝ ඇද්ද” යි විචාරා “ස්වාමිනි! බොහෝ දෙන ඇතැ”යි කීකල්හි “මහ රජ්ජුරුවෙනි! තොපගේ නෑයෝත් ඇද්දැ” යි විචාරා “ස්වාමිනි! නෑයනට වඩා නො නෑයෝ බොහෝ වේදැ” යි කීකල්හි “තොපගේ නැයවුත් නොනෑයනුත් හැරැ අන් කිසි කෙනෙක් මහ රජ්ජු‍රුවෙනි! ඇද්දැ”යි විචාළ සේකැ, “ස්වාමිනි! දෙපක්ෂයෙන් වෙන් වැ සිටියේ මම මැ වේ දැ” යි කීකල්හි “යහපත, මහ රජ්ජුරුවෙනි! ඉතා නුවණත්තව ප්රදශ්නවිසර්ජනය කළ නිසා පහපතැ” යි ප්රජශංසා කොටැ “රජ්ජුරුවෝ ධර්ම්ය දැනගන්නට සමථියෝ යැ”යි දැනැ මැදුම් සඟියැ චුල්ලභත්තිපදෝපම සූත්රා“න්ත දේශනාව කොටැ, සතලිස් දහසක් පුරුෂයන් හා සමඟ රජ්ජුරුවන් ශරණ ශීලයෙහි පිහිටැවු සේකැ.


එකල්හි රජ්ජුරුවෝ තමනට බත්වසුන් ගෙනෙන නියාව අසා, තෙරුන් වහන්සේ නිකාල භෝජනයෙන් වැළකිබව දැනැ ද, සදාචාරය රක්නා සඳහා ආහාරයෙන් පිළිවිසැ තෙරුන් වහන්සේ විසින් “දැන් මෙවේලේ පස්වරු නො වළදම්හ” යි කීකල්හි “එසේ නම් ස්වාමිනි! අපි නුවරට යම්හ”යි කියා “මහ රජ්ජුරුවෙනි! තෙපි යවු. අපි මෙහි රදම්හ” යි කී කලැ එසේ වී නම් ස්වාමීනි, මේ කුමාරයෝ අප හා කැටිවැ එත් වා කිවු යැ. “මේ කුමාර වූකලී අනාගාමී ඵලයට පැමැණියේ යැ. දැන් නොබෝ කලෙකින් මහණ වන්නේ යැ” යි කීකල්හි “එබැවින් ස්වාමිනි, උදැසන මැ රථයක් එවමි. ඒ රථයට නැඟී වැඩිය මැනැවයි” කියා නමස්කාර කොටැ පණ්ඩුපලාස කුමාරයා එකත් පසකට කැඳවා ගෙනැ ගොස්, තෙරුන් වහන්සේගේ නම් ගොත් විචාරා, තමන් යහළු වූ ධර්මානශෝක රජ්ජුරුවන් ගේ පුතණුවන් වහන්සේ නියාව අසා “ඒකාන්තයෙන් මැ මට වූයේ මහත් වූ බාධයෙකැ”යි සිතා තුටු පහටුවූ සිත් ඇති වැ නුවරට නික්මුණ‍ාහ.


එකෙණෙහි තෙරුන් වහන්සේ පණුඩුපලාසයා කර අගැ දී මැ රහත් කෙරෙමින් මහණ කරවා, සුමන සාමණේරයන් වහන්සේට “සුමනයෙනි! තෙපි මෙසේ එවු ‘බණ අසන්නට කලැ’යි අඬ ගාවු” යි කියා “කිමෙක් ද ස්වාමිනි! පහසු ලෝක ධාතුවට ඇසෙන පරිද්දෙන් අඬ ගාම් ද? නොහොත් මේ සක්වළට ඇසෙන පරිද්දෙන් අඬ ගාම්ද? මේ ලඞ්කාද්වීපයට ඇසෙන පරිද්දෙන් අඬ ගාම් දැ” යි විචාළ කල්හි “ සුමන සාමණේරයෙනි! මේ ලඞ්කාද්වීපයට අස්වමින් සද්ධර්මඅශ්ර වණට වහන්සේ ද “යහපත, ස්වාමිනි” යි කියා අභිඥා “පින්වත්නි! මේ බණ අසන්නට කලැ” යි තුන් වි‍ටක්යියලු ලඞ්කාද්වීපයට ඇසෙන පරිද්දෙන් බණ අසන්නට අඬ ගෑ සේකැ.


එවේලෙහි මැ පැමිණියා වූ මහත් වු දෙවතාසමාගමය දැකැ සම චිත්ත සූත්රාින්තදේශනාව කොටැ අසඞ්ඛ්යසයක් දෙවියන් අමා මහ නිවන් දක්වා, නාග සූපණියන් ශරණ ශීලයෙහි පිහිටැවූ සේකැ. තව ද නොයෙක් අසඞ්ඛ්යන ගණන් දෙවියන් සර්ව ඥයන් වහන්සේ විද්යාමාන කාලයෙහි නිවන් දුටු හෙයින් දැන් මෙතෙක් දෙවියෝ කෙසේ වූ ද යත්: බුදුරජාණන් වහන්සේ ලොකයෙහි උපන් තැන් පටන් ගෙනැ ‍සදෙව්ලෝ තුඹ සුණු පිරෑ නළක් මෙන් දෙවියන් ගෙන් සමුපූර්ණ වී යැ. නීරන්ධ්රස වී යැ. හුණ වනයක් බව වනයක් මෙන් ගහන වියැ. එසේ හෙයින් කීහ, සඟි අටුවායෙහි: “අම්භාකංසත්ථු ලෝකේ උපපන්න කාලතෝ පඨාය ඡ දේවලෝකා නිපුපිට්ඨං කොට්ටෙත්වා පූරිතනාළී විය සරවන නළවනං විය ව නිරන්තරා ජාතා”යි මේ කාරණයෙන් තෙරුන් වහන්සේ අසඞ්ඛ්ය යක් දෙවියන් නිවන් දක්වා නාග සුපණීයන් ශරණ ශීලයෙහි පිහිටැ වූ සේකැ.


2. පුර ප්රේවෙශ කථාවසංස්කරණය

ඉක්බිත්තෙන් මිහිඳු මහ තෙරුන් වහන්සේ ඒ රාත්රිුය ඇවෑමෙන් ආකාශ නැමැති මහ විලට දහසක් පෙති ඇති ප්රසධාන පද්මයක් බඳු වූ දික් නැමැති කාන්තාව ගේ මුඛ සැරැහීමට කොකුම් තිලකයක් බඳු වු, සකල ලෝක නැමැති භවනයට ප්රේශස්ත ප්රොදීපයක් පඳු වූ සූර්ය්බඳු මණ්ඩලය නැඟි කල්හි; “ස්වාමිනි! රථය ගෙනැ. එන ලද, රථයට පැනනැංග මැනැවැ” යි දක්වනලද රජ්ජුරුවන් ගෙන් ගියා වූ රථාචාර්ය් ල යා ‍ගේ වචනය අසා “අපි රථයට නො නැ‍ඟෙම්හ. තෝ පලා යා. අපි තා පසු පස්සෙහි එම්හ”යි කියා රථාචාර්ය්ි භයි යවා ආකාශයට පැනැනැඟී, අනුරාධපුරයට නැ‍ඟෙනහිරි දිශාභාගයෙහි අනවරතයෙන් ගැලෙන්නා වූ මෙදෙන් උතුම් වූ සියලු ලඞ්කාද්වීපයෙහි ස්ත්රීගන් ගේ පයෝධර නැමැති ඝටයෙන් අළලනලද රළපෙළ ඇති, අතිමත් වූ කලහංස සමූහය‍ා ගේ කලහයෙන් ගිගුම් කනලද ඉවුරු ඇති, කොළොම් හෝ තෙරු ප්රසථමක චෛත්යනස්ථානයෙහි බව සෙකැ. රජ්ජුරුවෝ ද රථාචාර්ය්ථමකයා යවා නුවර සකස් කොටැ සරහවා අන්තඃපුර ස්ත්රීසජනයා ගේ මනදොළ පුරනු සදහා මාලිගාව ඇතුලෙහි මැ සුවඳ දුම් මල්දම් හා මුතුලැල්කඳු ද චමාරත්නාක් වැනි වූ රන් තරු රිදී තරු මැණික් තරුයෙන් හොබවනලද වියන් ඇති, අනේක ප්රතකාර වූ සුවඳ මල් සමූහයෙන් ගැවසී ගත්තාවූ, ඉතා ප්රාසාදාවහ වූ මණ්ඩපයක් කරවා, ඒ මණ්ඩපයෙහි අනේකප්රීකාර රත්න ශෝභාවෙන් දිලියෙන්නා නූ විසිතුරු වූ ඇතිරිලි අතුරන ලද අසුන් පනවා, රථාවාර්ය්න්නයා විසින් “ස්වාමීනි! ස්ථවිරයන් වහන්සේ වැඩි සේකැ. මට පසුවැ නික්මැ පෙරාතු වැ අවුත් නැගෙනහිර දොරටු වාසල් සමීපයෙහි සිටි සේකැ” යි කී කල්හි, ඉතා සතුටු වූ සිත් ඇති වැ, තෙමේ සර්වා්භරණයෙන් සැරැහී, එසේ මැ සර්වාුලංකාරයෙන් සැරැහුණා වූ නොයෙක් සිය ගණන් අමාත්යෙ සමූහයා විසින් පිරිවරන ලදු වැ විසිතුරු මලින් හා ධ්වජ පතාකාදින් හා පඤ්වාඩ්ගික තූර්ය්ිස නාදයෙන් ද ස්ථවිරයන් වහන්සේට විසිතුරු වූ පූජා සත්කාර කෙරෙමින්, මහත් වූ රාජානුභාවයෙන් පෙරගමන් කොටැ වැඳ පාත්රජය ගෙනැ, තෙරුන් වහන්සේට ඉදිරි ඉදිරි වැ යන්නේ යැ.


අලුත සුණුවම් කිරීමෙන් ධවල වූ නොයෙක් ප්ර්සාදයෙන් කෛලාසකූට පර්ව ත සමූහයක් බඳු වූ, සඳුන් කළුවැල් දෙව්දුරු තුවරලා කපුරු ආදී වූ සුවඳ සල්පිළින් ගන්ධමාදන පර්වබතප්රාරන්තයක් වැනි වූ, ඇඹුල උපුල රත් නෙළුම් එළනෙළුම් සිනිද්ද දෑසමන් සපු මල් ආදී මල් සල්පිලින් හැමකල්හිම මැ වසන්ත සමයක් වැනි වූ, විනපට දෙවාඟ දුහුල්පිළි තිහිරිපිළි ආදී වූ පිළි සල්පිලින් කල්ප වෘක්ෂයක් හා සමාන වූ, රන් රිදී මුතු මැණික් ආදී වූ රුවන් සල්පිලින් රත්නාකාර වූ, ගජ තුරඬ්ග යෝධ නර විලාසිනීන්ගේ අවිච්ජින්න සඤ්චාර ඇති, පුණ්යා නැමැති ජලයෙන් පිරිසිදු කරන ලද පාප සංඛ්යා්ත මල ඇති පිරිසිදු සිත්සතන් ඇති ජනයා විසින් සෙවුනා ලද, විචිත්රක වූ තොරණින් හා ධ්වජනයෙන් හා කෙහෙල් ගසින් හා පුන්කලස් පංක්තියෙන් හා සරහන ලද්දාවූ, නිර්ම ල වූ පැහැසරවත් වූ වැල්ලෙන් ධවල වූ අනේක ප්රාකාර වීථියෙන් හෙබියා වූ මන්දර පර්වහතයෙන් අළලනද්දා වූ ක්ෂිරසාගරය මෙන් ඇළැලී ගියා වූ ඇතුළු නුවරට වඩාගෙනැ ගොස්, ස්ර්වාභරණයෙන් ප්රාති මණ්ඩිත වූ භාවභාව ලීලාකරාක්ෂයෙන් හා චතුරංග සංගීතයෙන් ද යුක්ත වූ දිව්යා්ඞ්ගනාවන් හා සමාන වූ රාජ කන්යා වන් විසින් සංචාරය කරනලද්දා වූ, නොයෙක් රත්නාලෝකයෙන් හෙබියා වූ මාලිගාවට ගෙනවුත්, ස්වර්ණාමාලාවෙන් හා මුතුලැල් කලඹින්ද, සරහන ලද ධවලච්ඡත්ර් ඇති මනා කොටැ පනවනලද උතුම් වූ සිංහාසන මස්තකයෙහි වඬා හිඳුවා, උතුම් වූ ආහාර පානවර්ගැය සිය අතින් වළඳවා අමාත්යස සමූහයා විසින් පිරිවරනලදු වැ එකත්පස් වැ හුන්නේ යැ.


එ කල්හි රජ්ජුරුවන් ගේ මලණු වූ මහානාග නම් යුවරජහු ගේ බිසෝ වූ අනුලා දේවි තොමෝ රජගෙයි වසන්නි, රජ්ජුරුවන් විසන් අනුදන්නා ලදු වැ සර්වා භරණයෙන් සරහී ශරත් කාලයෙහි චන්ද්රු මණ්ඩලය යේ උතුම් වූ සිත්කලු වු මුව මඬුලු ඇත්තී, සුපිපි නිලුපුල් බඳු වූ දිගු පුළුල් වූ ඇස් ඇත්ති. කෙම්පල සේ රත් වූ අධර පල්ලව ඇත්ති, මාණික්ය මය වූ කුණ්ඩලාභරණයෙහි මකරමය වූ පත්රවභංග කෙළවරැ රශ්මීන් පහරනා ලද කපෝල ඇති බැවින් කර්ණයපල්ලව සහිත වූවාක් වැනි වූ මුඛ ශෝභායෙන් බබළන්නී, රන්වන් වූ ශරීර ඇත්තී, ඉතා රත් වූ අතුල් පතුල් ඇත්තී, සම්පූර්ණර වූ වට මට වූ නිරුත්තර වූ පයෝධර යුවලක් අත්තී, ඉතා සිත්කලු වූ සිහින් වූ රේඛාත්රරයයෙකින් විරාජමාන වූ මධ්යව ප්රතදේශ ඇත්තී, බබළන්නා වූ මුක්තාභාරලතිකාවන් ගේ රශ්මිජ්චාලායෙහි ගැලුණා වූ ශරීර ඇති බැවින් ක්ෂිරසාගරයෙහි ගැලුණා වූ මුහුණ ඇති ශ්රෟි කාන්තාවක වැන්නී, මාහැඟි වූ මෙවුල් දම් හඬින් ගිගුම් කරන ලද පුළුලුකුළු ඇත්තී, හන් විසිතුරු වූ වස්ත්රාැභරණ ඇත්තී, ඇත් සොඬක් සේ ක්රපමෝන්නත වූ වට මට වූ ඌරු යුවලක් ඇත්තී, ධ්වනි පවත්වන මැණික්මය නුරුවළායෙන් ගැවසී ගත්තා වූ පාදයුගලයන් ඇත්තී, ප්රවදීප ශිඛාවක් මෙන් බබළන්නී, අභිනව වන රේඛාවක් බඳු වූ කොමළ වූ තුනුලිය ඇත්තී, මේරූ පර්ව්ත සමීපයෙහි හටගන්නා වූ වන ලියන් මෙන් ස්වර්ණු පත්රීයෙන් සැදුම ලද්දි; පන්සියයක් ස්ත්රීමන් විසින් පිරිවරන ලදු වැ අවුත් ඒ ස්ථවිරයන් වහන්සේට නමස්කාර කොටැ සුවඳ මල් ආදීන් පූජා කොටැ එකත් පස් වැ වැදැ හුන්නි යැ.


එ කල්හි මිහිඳු මහතෙරුන් වහන්සේ පිරිවර සහිත වූ දෙවන පෑතිස් රජ්ජුරුවනට ධර්මම රත්න වර්ෂාර වස්වා, ප්රෙජතවස්තු ද විමාන වස්තු ද සත්ය සංයුක්ත ද වදාරා, අනුලා නම් බිසොවුන් ප්රවධාන කොටැ ඇති පන්සියයක් ස්ත්රීතන් ශ්රෝ තාපත්ති ඵල නැමැති රත්නාලංකාරයෙන් සඑහා මහා ජන සමූහයා රාජාඞ්ගණයෙන් රැස් වැ තෙරුන් වහන්සේ ගේ දැක්ම නො ලැබ මහ හඞින් හඬන්න පටන් ගත් කල්හි “ඉදින් ඒ ජනයා මෙතැනට මැඩ ගෙනැ වදිත් නම් අනවසර යැ” යි මඟුල් ඇත්හල කසළ හරවා, සුදුවැලි තවරා පස්වනක් මල් විසුරුවා, සුදු වියන් බඳවා, මඟුලැතු සිටිනා තැන අසුන් පැනවූ කල්හි එතැනට ගොස් වැඩැහඳැ, දේවදූත සූත්රාළන්ත දේශනාව කොටැ දහසක් දෙනා සෝවාන් පෙලෙහි පිහිටවූ සේකැ.

ලංකාද්වීපයට සර්වේඥ කෙනෙකුන් වහන්සේ හා සමාන වූ කිසි වෙක්හි ඇල්මක් නැත්තා වූ ඒ මිහිඳුමහ තෙරුන් වහන්සේ ලංකාවට ප්රූථම ස්ථානය වූ දෙතෙනෙක්හි වැඩැහිඳැ සිංහල භාෂාවෙන් ධර්මසදේශනා කොටැ ලංකාද්වීපයට ප්රෙදීපයක් වැනි වූ සේක්, මෙසේ ධර්මලයාගේ ප්රාථමයෙන් ලංකාද්වීපයට බැසිවීම කළ ස්කැ. එසේ හෙයින් කියන ලදි :-


“ලංකාදීපේ සෝ සත්ථුකප්පෝ අකප්පෝ

ලංකාධිට්ඨානේ ද්විසු ඨානේසු ථෙරෝ,

ධම්මං භාසිත්වා දීප භාසාව එවං

සද්ධම්මෝතාරං කාරයි දීපදීපෝ”යි