විල්ගම්මුළ පබඳ-සිංහල බෝධි වංශයxi

ද්විතීය සඞගීති කථා


1. නිදාන කථාව

සංස්කරණය

ඉක්බිත්තෙන්, විශාලා මහ නුවර ලිච්ඡවි රජදරුවන් ප්ර්තිබාහනය කරන පිණිසැ ගෞතමතිත්ථි සමීපයෙහි පාටලිපුත්රර නම් නුවරක් කොටැ, අජාසත් රජ එහි රාජ්යමය කෙළේ යැ. තව ද, ඒ විශාලා නම් නුවර කෙබඳු ද යත්: කීයේ මැ නෝ.

“තේන බෝ පන සමයේන වේසාලි ඉද්ධා වේව භෝති ථිතා ව බහුජනා ව ආකිණ්ණමනුස්සා සුභික්ඛා ච සත්ත ව පාසා ද සහස්සා නි සත්ත ව පාසාද සතානි සත්ත ව පාසාදා, සත්ත ව කූටාගාර සහස්සානි සත්ත ව කූටාගාරසතානි සත්ත ව කූටාගාරනි. සත්ත ව ආරාමසහස්සානි සත්ත ව ආරාම සතානි සත්ත වආරාමා, සත්ත ව පොක්ඛරණි සහස්සානි සත්ත ව පොක්ඛරණිතසානි සත්ත ව පෙක්ණිරයෝ” යි?


මෙසේ දිව්යහපුරයක් බඳු වූ ඒ විශාලා මහ නුවරැ තව්තිසා වැසි දෙවියන් බඳු වු රජදරුවෝ සත්දහස් සත්සිය සත් දෙනෙකැ. යුව රජ දරුවෝ සත්දහස් සත්සිය සත් දෙනෙකැ. ප්රැධාන අමාත්යදයෝ සත්දහස් සත්සිය සත් දෙනෙකැ. භාණ්ඩාගාරිකයෝ සත්දහස් සත්සිය සත් දෙනෙකැ.ඒ ලිච්ඡවි රජදරුවන් තව්තිසා වැසි දෙවියන් හා සමානපරිදි කෙසේ ද යත්: බුදුන් දනවු සැරිසරමින් කෝටිග්රාසමයට වැඩි කල්හි ඒ සියලු ලිච්ඡවි රජදරුවන් අතුරින් පන්සියයක් ලිච්ඡවි රාජකුමාරවරු උතුම් වු නොයෙක් වෙස් ගෙනැ සර්වාභරණයෙන් සැරැහී රථ නැඟී බුදුන් දක්නට ගියහ. කියේ මැ නෝ; “අප්පේකච්චේ ලිච්ඡවි නිලා හොන්ති නිලවණ්ණා නිලවත්ථා නිලාලඞකාරා අප්පේකච්චේ ලිච්ඡවි පිතා හොන්ති පිත වණ්ණා පිතවත්ථා පිතාලඞකාරා. අප්පේකච්චේ ලිච්ඡවී ලෝහිතකා හෙන්ති ලෝහිතකවණ්ණා ලෝහිතකවත්ථා ලෝහිතාලඞ්කාරා අප්පේකච්චේ ලිච්ඡවී ඔදාතා හොන්ති ඕදාතවණ්ණා ඕදාතවත්ථා ඕදාතාලඞ්කාරා”යි?


මෙසේ එන්නා වූ ලිච්ඡවි පෂීත් දැකැ, බුදු රජාණන් වහන්සේ “මහණෙනි! යම් කෙනෙකුන් විසින් තවුතිසා වැසි දෙවියෝ පළමු නොදක්නා ලද්දාවූ නම් දැන් මේ ලිච්ඡවි රජ පිරිස බලනු මැනැව” යි වදාළ සේක. “යෙගි කෙහිවි භික්ඛවේ භික්ඛුහි දෙවා තාවතිංසා අදිට්ඨපුබ්බා. ඕලෝකේථ භික්ඛවේ ලිච්ඡවි පරිසං අපලෝකේද්රව භික්ඛවේ ලිච්ඡවි පරිසං තාවතිංසපරිසං” යි.


මෙසේ මෙ බඳු වූ පුර සමෘද්ධීන් හා යස පිරිවර සමෘද්ධීන් හා රූප සමෘධීන් හා යුක්ත වූ විශාලා මහ නුවර ලිච්ඡවි රජදරුවන් ගේ ප්රපතිබාහනය පිණිසැ ගඞ්ගා, යමුනා, අචිරවතී, සරඟු, මහී යන පඤ්ච මහා ගඞ්ගාවන් අතුරින් ප්රාධාන වූ ගඞ්ගා නම් ගඞ්ගාව ගේ ගෞතම තිර්ථයට නුදුරු තන්හි පාටලි ග්රාරමයෙහි පිටලි පුත්රම නම් වූ උතුම් නුවරක් ඇති කොටැ, බුදුන් පිරිනිවි කල්හි මහා ධාතු නිධානය කළ ඉක්බිත්තෙන් රජගහ නුවර හැරැපියා ගොස් ඒ පැළලුප් නුවර විසූ අජාසත් රජ යැ. ඉත්බිති එ මැ නුවර විසූ උදයභද්රුනම් රජ යැ, අනුරුද්ධ නම් රජ යැ, මුණ්ඩ නම් රජ යැ, නාගදාස නම් රජ යැ, සුසුනාග නම් රජ යැ, යන මගධ රජ දරුවන් සදෙනෙකුන් ගේ ඇවෑමෙන් රාජාභිෂේකයට පැමිණියා වූ කාලාශෝක රජ්ජුරුවනට දස වන හවුරුද්දෙහි, එතැනට බුදුන් පිරිනිවී අවුරුදු සියයක් ඉකුත් වූ කල්හි, ආයුෂ්මත් වූ කාකණ්ඩකපුත්ර වූ යස මහතෙරුන් වහන්සේ වැදෑරට චාරිකා කොටැ ඇවිදිනා සේක්, විශාලායෙහි වූ “වජ්ජිපුත්තක භික්ෂූහු විශාලා මහ නුවර දශ වස්තුවක් ප්රවකාශ කොටැ ඇවිදිත්ලු” යනු අසා මෙසේ සිතූ සේකැ.

-තවද,ඒ දශ වස්තුව නම් කවරේ ද යත්: හඟැ ලා ගෙනැ තමා පරිහරනය කළ ලුණු යාව කාලික වස්තුව හා මිශ්ර් කොටැ වැළඳීම වටනේ යැ. සන්නිධි නො වෙයි යනු එකෙකැ. යාවකාලික වස්තුව පස්වරු ඉරනැමි දැඟුලක් දක්වා වළදන්නට වටනේ සැ යනු එකෙකැ. පැවැරි ඇවැද කැප නොකළ භෝජනය අන් ගමෙකැ දී වළදන්නට වටනේ යැ යනු එකෙකැ. මහා සීමා ඇතුළත නො යෙක් ආවසයන්හි වෙ‍න වෙන පොහෝ පවුරුණු ආදිය කරන්නට වටනේ යැ යනු එකෙකැ. ඇතූළු සීමාවෙහි සිටියන් ගෙන් සැඳ පිරිසුදු නොගෙනැ එක් වැ පොහෝ පවුරුණු ආදිය කොටැ පසු වැ ඒ භික්ෂූන් ගේ අනුමතිය ගන්නට වටනේ යැ යනු එකෙකැ, පූර්වාචාර්ය් ගේවරයන් කළා වූ කැප අකැප වස්තුයෙහි ඔහු කොළෝ මැ යැයි ඒ කැපයට පැමිණැ තමා කිරීමට වටනේ යැ යනු එකෙකැ, පැවැරි වැ අමත් දී කැප නො කොටැ වලඳන්නට වටනේ යැ යනු එකෙකැ. නොළා නුමුහු කළ රහ පීම වටනේ යැ යනු එකෙකැ. දහ නැති නිසදුන් සිවුරු වටනේ යැ යනු එකෙකැ රන් රිදී මසු කහවණු ආදී වස්තුව පිළිගන්නට වටනේ යැ යනු එකෙකැ. එයින් කීහ. “කප්පති සිංගිලෝණකප්පෝ. කප්පති ද්වංගුලකප්පෝ. කප්පති ගාමාන්තරකප්පෝ. කප්පති ආවාසකප්පෝ. කප්පති අනුමති කප්පෝ. කප්පති ආචිණ්ණකප්පෝ. කප්පති අමථිතකප්පෝ. කප්පති ජලෝගි පාතුං, කප්පති අදසකං නිසිදනං. කප්පති ජාතරූපරජතං” යි.-


2. සඞ්ගීති කථාව

සංස්කරණය

“මෙබඳු වූ දශ වස්තුවක් වජ්ජි පුත්රකක භික්ෂුහු ප්රෝකාශ කෙරෙති” යනු අසා ඒ යස මහ තෙරුන් වහන්සේ “යම් බඳු වූ මම සර්ව ඥයන් වහන්සේ ගේ ශාසන විපත්තිය අසා නිරුත්සාහ වැ වැද හුන්නෙම් වී නම් ඒ මට සුදුසු නොවන්නේ යැ. එබැවින් මම අධර්මෙ වාදීන‍ට නිග්ර හ කොටැ ධර්මය ප්රනකාශ කෙරෙමි” යි සිතා, දොළොස් ලක්ෂයක් භික්ෂුන් මහා වනයෙහි රැස් කරවා, ඒ භික්ෂුන් වහන්සේ මධ්ය්යෙහි රේවත ස්ථවිරයන් වහන්සේ ලවා “ස්වාමීනි! හඟැ ලුණු ලා පරිහරණය කොටැ වැළැඳිම කැප ද? යනාදීන් පිළිවිස්වා, අනඳ මහ තෙරුන් වහන්සේ ගේ සද්ධිවිහාරික වූ සර්වඥයන් දුටුවිරූ එක් සිය විසි අවුරුද්දකට ආයුෂ ඇති සර්වාවකාමී ස්ථවිරයන් වහන්සේ ලවා “ඇවැත්නි! හඟැ ලුණු ලා පරිහරණය කොටැ එදවස් පිළිගත් යව්කැලි හා මුසු කොටැ වළඳන්නට නො වටනේ යැ” යනාදීන් විනය විසර්ජනය කරවා, ඒ දශ වස්තූන් ධර්ම යෙන් විනයෙන් ශාස්තෘ ශාසනයෙන් පහ කොටැ නැවැත “ධර්ම විනය සඞ්ගායනා කරම්හ” යි කියා, ඒ දොළොස් ලක්ෂයක් පමණ භික්ෂුන් අතුරින් ත්රිරපිටකාධාරී චතුපටිසම්හිදා ප්රාකප්ත වූ සත් සියයක් ක්ෂිණාශ්රඅවයන් වහන්සේ තෝරා ගෙනැ, විශාලා මහ නුවරැ වාලුකාරාමයෙහි රැස් වැ හිඳැ, කාලශෝක රජ්ජුරුවන් විසින් කරන ලද ආරක්ෂා ඇති සේක්, සියලු සාසන මලය ශුද්ධ කොටැ, මහා කාශ්යිප ස්ථවිරයන් වහන්සේ පරිද්දෙන් නැවැතැ පිටක වශයෙන් ද නිකාය වශයෙන් ද අඬ්ග වශයෙන් ද ධර්මස්කන්ධ වශයෙන් ද සියලු ධර්ම විනය සඞ්ගායනා කොටැ අට මසෙකින් නිම වූ සේකැ.


3. නිකායෝත්පත්ති කථාව

සංස්කරණය

එසමයෙහි ස්ථවිර වාදයට අලඞ්කාරයක් වැනි වූ ද්වීතිය සංගීතිකා රකයන් වහන්සේ විසින් නිග්රකහ කරන ලද, දස දහසක් පමණ පාප භික්ෂුහු මහා සාඞ්ඝික නම් වූ ආචාය්ය ර්‍ වාදයක් කළාහ. ඉක්බිත්තෙන් විෂ වෘක්ෂයෙකින් නික්මුණා වූ පඤ්ච මහා ශාඛාවක් මෙන් මහා සාඞ්ඝික නිකායයෙන් ගෝකුලික යැ, ඒකබ්බෝහාරික යැ, පණ්ණන්තිවාද යැ, බාහුලික යැ, චේතියවාද යැ යන මේ ආචාර්ය්මෙන වාදයෝ පස් දෙනෙක් උපන්හ. ඉක්බිත්තෙන් මහා බෝධියෙන් කපා හළ පිළිල මෙන් ස්ථවිර වාදයෙන් පිටත් කොටැපූ භික්ෂු මහිංසාසක යැ, වජ්ජි පුත්තක යැ, ධම්මුත්තරිය යැ, භද්දයානික යැ, ඡන්නාගාරික යැ, සම්මිත්තිය යැ, සබ්බත්ථිවාදි යැ, ධම්මගුත්තික යැ, කස්සපී යැ, සංකන්තික යැ, සුත්තවාද යැ යන මේ එකොළොස් ආචාර්ය් වාදයන් කළහ. මෙසේ ස්ථවිර වාද හෙයින් සතළොස්වාද කෙනෙක් වන්දන ස්කන්ධයෙකින් නික්මුණා වූ වග්නි කලාපයෙන් මෙන් බුදුන් පිරිනිවී දෙවෙනි අවුරුදු සියයෙහි උපන්හ. එයින් මත් තෙහි ලාභ සත්කාර නිසා ගන්නාලද භික්ෂූ ද්වේශ ඇති, වේදත්රයය යෙහි පරතෙරට පැමිණියා වූ ශාසනයෙන් පිහිට නො ලැබැගියා වූ අන්ය‍ තීර්ථකයෝ බුදුන් ගේ ධර්මය තීර්ථක ධර්මයෙහි බහා ඒ තීර්ථක ධර්මය මැ බුද්ධ ධර්මය හා එක් කොටැ යොදා ගෙනැ, පෘථග් ජන ලෝකවාසීන් වඤ්චා කොටැ ඒ ඒ සත්ත්වයනට කියන්නාහු, අඥන සත්ත්වයනට මධුරාමු ඵලයක් වැනි වූ කිම්පක්ක නම් විෂඵලය මෙන් අධර්මය ධර්මලේශයෙන් දන්වා ‘සර්වඥ වචනය මේ යැ, යි ව්යනවහාර කරන්නාහු හේමවත යැ, රාජගිරි යැ. සිද්ධත්ත්ථික යැ. පුබ්බසේලි යැ, අපරසේලි යැ, වාජිරි යැ යන මේ ආචාර්ය්ත වාද සයක් ඉපැදැවූ හ. මෙසේ මේ සූවිස්සක් පමණ ආචාය්යැර්‍ වාදයෝ ජම්බුද් වීපයෙහි උපන්හ. ධම්මරුවික යැ, සාගලික යැ යන ආචාර්ය්ැ ය වාද යෝ දෙදෙනා ලඞ්කාද්වීපයෙහි උපන් හ. මොවුන් අතුරින් ස්ථවිර වාදය වනාහි බුදුන් විද්යාමාන කාලයෙහි පටන් ආකාශ ගඞ්ගා ජල ප්රඅවාහය මෙන් නිර්මල වූයේ, ජාතිරඞ්ග මාණික්ය්යක් මෙන් පිරිසුදු වූයේ, පද්ම පත්ර්ය හා එක් නො වන්නා වූ ජල බින්දුවක් මෙන් අන්යආ නිකාය වාසීන් ගේ ධර්මය හා අසම්මිශ්රව වැ අමෘත රස වහනය කරන්නා වූ පූර්ණචන්ද්ර්යා මෙන් දෙ‍වි මිනිසුන් සහිත ලෝකයා පිනවමින් අද දක්වා ආයේ යැ.

දසදහසක් පමණ පාප භික්ෂුන් ශාසනයෙන් පිටත් කොටැ නසනලද දශවස්තුඵල ඇති සන්තානයෙන් පිටත් කරනලද රාගාදී මල ඇති ඒ ක්ෂීණාශ්ර වයෝ ඉතා නිර්මල වූ යසස් ඇති යස මහතෙරුන් වහන්සේ හා සමඟ යම් සඞ්ගායනාවක් කළාහු ද ඒ සඞ්ගායනාව ද. මෙ පමණෙ කින් මා විසින් දක්වන ලදී. එහෙයින් කියනලදී.


“එත්තාවතා දසසහස්ස සපාපභික්ඛු

නිද්ධූය ධූතදසවත්ථුමලා අකංසු,

යං තේ සුනිමමලයසසේන යසේන සද්ධිං

සංගීති ‘මුජ්ඣිතමලා අපි දස්සිතා සා” යි.


ද්විතීය සංගීති කථා යි.



තෘතිය සංගීති කථා


1. නිදාන කථාව

සංස්කරණය

ඉක්බිත්තෙන් කාලාශෝක රජහු ගේ පුත් වූ

සංස්කරණය

ඉක්බිත්තෙන් කාලාශෝක රජහු ගේ පුත් වූ භද්ර සේන යැ. කෝරණ්ඩ වර්ණ යැ, මංගුර යැ, සබ්බඤ්ජහ යැ, ජාලික යැ, උභක යැ, සඤ්ජය යැ, කෝරව්යැ යැ. නන්දිවර්ධන යැ, පඤ්චමක යැයි දසබෑ රජදරු කෙනෙක් වූ හ. ඉක්බිත්තෙන් පෙර වන්නි වැ සිටියා වූ උග්ගසේන නන්ද යැ, පණ්ඩුක නන්ද යැ, පණ්ඩුගති නන්ද යැ, භූතපාල නන්ද යැ, රට්ඨපාල නන්ද යැ, ගෝවිසා නන්ද යැ දසසිද්ධක නන්ද යැ. කේවට්ඨ නන්ද යැ, ධන් නන්ද යැයි නන්ද රජදරුවෝ නව දෙනෙක් වූ හ.

ඉක්බිත්තෙන් විඩූඩහ සංග්රානමයෙහි කිඹුල්වත් පුරයෙන් නික්මැ ගියාවූ ශාක්යං රජදරුවන් විසින් කරනලද මෝරිය නම් නුවැරැ රාජ වංශයෙහි උපන්නාවූ චන්දගුත්ත නම් කුමාරයෙක් තෙමේ වාණක්යි නම් බමුණා විසින් උත්සාහ කරනලද්දේ, පැළලුප් නුවරැ රජ වියැ. ඒ රජහු ගේ පුත්රි වූ බින්දුසාර නම් කුමාරයෙක් පියාණන් ඇවෑමෙන් රාජ්ය යට පැමිණැ, එක් සියයක් රාජ කුමාරවරුනට පිය වූයේ යැ. ඒ එක් සියයක් රාජ කුමාරවරුන් අතුරින් මෞර්ය්රු වංශයෙහි උපන් නා වූ ධම්මා නම් බිසොවුන්ගේ අශෝක යැ, තිස්ස යැ යන නම් ඇති රජදරුවන් දෙදෙ නා අතුරින් වැඩිමහලු වූ අශෝක කුමාර ප්රයත්යදන්ත දේශයෙහි වූ අවන්ති රාජ්යඅය තෙපි ප්රැයෝජන විඳුම්හයි පියරජහු විසින් යවන ලද්දේ, පැළලුප් නුවරින් පනස් යොදුනෙකින් මත්තෙහි විඩූඩහයාගේ භයින් ආවා වූ ශාක්යු රජදරුවන් වාසස්ථාන වූ වේදිස නම් පුරයට පැමිණැ ඒ පුරයෙහි දිව්යාැඞ්ගනාවක හා සමාන වූ වේදිස නම් ශාක්ය කුමාරිකාව අග්රකමහිෂිය කොටැගෙනැ උදෙනි නම් රාජ ධානියෙහි රාජ්ය ය කරන්නේ, සියලු ලොවට ශාන්තිකර වූ මහේන්ද්රා නම් කුමාර කෙනෙකුන් ද ලෝකානන්දකර වූ සඞ්මිත්රාට නම් කුමාරි කාවක ද ලැබැ ඔවුන් දෙදෙනා‍ගේ මුව පියුම් වනය දැක්මෙන් උපන්නා වූ සැපය අනුභව කරන්නේ, පියරජ්ජුරුවන් ගේ ගිලන් බව අසා වහාවහා පැළලුප් නුවරට ගොස් පිය රජ්ජුරුවන් ඉකුත් වූ කල්හි කළ මනා ආදාහන කෘත්ය ය කරවා ඒ රජ්ජුරුවන් ඇවෑමෙන් රාජ්යුය ගත්තේ යැ.


ඒ අසා සුමන නම් යුවරජ කිපී “අද මට මරණය හෝ වුව මැනැව රාජ්ය ය හෝ වුව මැනැව” යි අටඅනූවක් මල්බෑ නැමැති කේශර සිංහ රාජයන් විසින් පිරිවරනලදු වැ බද්දවලාහක නම් යෝධයා ප්රටධාන කොටැ ඇති සිංහ සමාන වූ බලපරාක්රදම ඇති සූර මහා යෝධයන් විසින් පස්වාමික කරන ලද්දාවූ සූර්ය්්ර රශ්මි වැදැගැන් මෙන් බබළන්නා වූ නිර්මල තල ඇති. ඌර්ධවමුඛ වූ කුන්ත නැමැති ලිය වනයෙන් නැංගා වූ නිලුපුල් මල් කැකුළු වනයෙන් ගහන වූ මහ විලක් මෙන් ආකාශ තලය සැරහීම කරන්නා වූ, පෙටීයන් ගේ යටිබඩ පැහැ සමාන වූ පැහැ ඇති තියුණු මුවහත් ඇති බඞ්ග පත්රළ යෙන් ආකාශ මධ්යැගත වූ දහස් ගණන් සූර්ය්හත් මණ්ඩලයෙන් මෙන් බබළන්නා වූ, රශ්මි මාලාවන් ඇති අඩයවි පෙළෙන් දවගත්තරු වැළක් මෙන් දිලියෙන්නා වූ, ප්රනමාණාතික්රාදන්ත වූ හස්ති අශ්ව රථ පදාති යැ යි කියන ලද චතුරංගිණි සේනාව විසින් පිරිවරන ලද්දේ ඔවුනොවුන් ගේ නිර්භීත නාද නැමැති මේඝ ගර්ජනා ඇති අනේක ප්ර කාර වූ තියුණු මුවහත් ඇති ආයුධ ප්රැහාරයෙන් පහළ වූ ආකාශ තලය වැනි වූ, ‍අනේක හස්ති සන්නාහයන් ගේ දිලිහිමෙන් උපන්නා වූ අග්නිජ්වාලා නැමැති විදුලි සළායෙන් බැබැළන්නා වූ ගැඹුරු හඬ ඇති දුනු නැමැති මේඝයෙන් නික්මුණා වූ දහස් ගණන් ශර වර්ෂාවන් වස්වමින්; වර්ණ කිංකිණික ජ්වාලාවන් ගේ ඣඩ්කාර නාදයෙන් ඒක නින්නාද වූ, වර්ෂා කාලය ඉක්මිමෙන් නිර්මල වූ ආකාශ තලයක් වැනි වූ තියුණු වූ මුවහත් ඇති. අනේකප්රාකාර වූ රත්නාලෝකයෙන් දිලියෙන්නා වූ ඉසවිළි ඇති, භයානක වූ දර්ශනයන් හා රම්යර වූ දර්ශනයන්ද ඇති අඩයටි වර්ෂාවන් වස්වමින් ප්රිලය සාගර ජලයෙහි තරඞ්ග සමූහයක් මෙන් මැඩ ගෙනැ ඉදිරියට නික්මුණේ යැ.


එකල්හි ධර්මාශෝක රජ තෙමේ යුද්ධ නැමැති මහෝත්සවයෙහි සන්තෝෂයෙන් හරිත වූයේ. යෝධයන් ගේ වික්ර්මය දැක්මෙහි බලවත් අභිලාෂ ඇත්තේ, යුද්ධයට වැද ශත්ත්රැිසේනා නැමැති සමුද්රව මධ්ය්යෙහි ඛඞ්ග පත්රා නැමැති වහ්නි ජ්වාලයෙන් ගැවසි ගත්තා වූ වඩබාග්නියක් හා සදෘශ වූයේ. ශත්ත්රැ්මථනය කොටැ, යුවරාජ නැමැති චන්ද්රහයා අස්තයට ගිය කල්හි රාජකුමාර නැමැති තාරකා සමූහයා අන්තර්ධාන කොටැ, පැළලුප් නුවර නැමැති විල්හි ස්වකීය වූ බන්ධු වර්ග නැමැති පද්ම වනය දිලියෙන්නා වූ සූර්ය්ීය යා මෙන් ප්රිබෝධ කොටැ. සර්වඥයන් වහන්සේ ‍ගේ පරිනිරිවාණයෙන් දෙසිය අටළොස් හවුරුද්දකින් මත්තෙහි සියලු ජම්බුද්වීපයෙහි ඒකරාජ්යාළභිෂේකයට පැමිණියේ යැ.


තව ද ඒ ධර්මාශෝක රජ තෙමේ

සංස්කරණය

තව ද ඒ ධර්මාශෝක රජ තෙමේ ආකාශයෙන් හා භුමියෙන් හා යොදනක් පමණ තැනැ පැතිර සිටියා වූ තෙජස් සමූයහන් ඇත්තේ යැ. දෙවියන් විසින් දවසක් පාසා අනවතප්ත විලින් ගෙනැ එනු ලබන්නා වූ සොළොස්කළයක් පැන් හා නාලිය දැවටූ දඬු ඇත්තේ යැ. එසේ මැ දවසක් පාසා දෙවියන් විසින් ගෙනැ එනලද බෙහෙත් ඇඹුල බෙහෙත් අරළු හා මී අඹ හා නෙයෙක් පැහැ ඇති කප්රුකින් උපන් සළු හා රන්වන් වූ අත්පිස්නාකඩ හා සදත් විලින් ගෙනැ එනලද පාන වර්ග යන් ද ඇත්තේ යැ. නාග භවනයෙහි නයින් විසින් ගෙනෙන ලද දිව කඩුපුල් මල් හා සුවඳ විලෙවුන් හා දිව අඳුන් හා සමන් මල් ප‍ට ද ඇත්තේ යැ. ගිරවුන් විසින් සදත් දහතළාවලින් ගෙනැ එනු ලබන්නා වූ අනුදහසක් යාළ පමණ ඇති ස්වයඤ්ජාත හැල් කරල් සමූහයන් ඇත්තේ යැ. මීයන් විසින් කුඩුතෝ නැති කරනලද නොකඩ සහල් ඇත්තේ යැ. ගන්නාලද මුවරඳ හා මල්මී ද ඇති භෘඞ්ග සමූහයා විසින් කරනලද මීයෙන් ගැවසී ගත්තා වූ මුළුතැන් ගෙවල් ඇත්තේ යැ.වලස් සමූහයා විසින් ගසන ලද කුළු ඇති කම්මල් ඇත්තේ යැ. මිහිරි වූ මනෝඥ වූ කුරුවි කෙවිල්ලන් ගේ හඩින් පුරනලද අන්තඃපුර ඇත්තේ යැ. මෙ‍සේ වාග්විෂයාතික්රාුන්ත වූ අපමණ වූ රාජර්ධියෙන් යුක්ත වූ ඒ ධර්මාශෝක රජ තෙමේ රාජකෘත්යර යෙන් නිවෘත්ත වැ මහණ බමුණනට උපස්ථාන කරනු කැමැත්තේ, අනේකප්රනකාර වූ පාෂාණ්ඩ වාසීන් ගෙන්වා ගුණ නුවණ පරීක්ෂා කොටැ අනුභව කරවා යවමින් දවස් හරනේ යැ.


ඉක්බිත්තෙන්, සුමන රාජ කුමාරයන් ගේ විනාශය අසා භයින් ත්ර්ස්ත වැ නැගෙනහිරි වාසල්දොරට නුදුරු වූ චණ්ඩාල ග්රානමයට වන්නා වූ, දරුගබ් සහිත වූ, යුවරජ්ජුරුවන්ගේ බිසොවුන් විසින් ගම්දොරැ නුග ගසක් මුලැ දි වදන ලද්දා වූ, ඒ නුග ගස අධිගෘහිත වූ දෙවතාවා විසින් රක්ෂා කරනලද නිග්රෝවධ කුමාර තෙමේ සත්ඇවිරිද්දෙහි දී මැ වරුණ නම් මහතෙර කෙ‍නකුන් වහන්සේ විසින් මහණ කරන ලදු වැ, රහත්බවට පැමිණැ සසර කෙළවරැ සිටි සේක්, එක්දවසක් පූර්ව දික් නැමැති කාන්තාව ගේ උදය පර්වත නැමැති මස්තකයෙහි පලන් රක්තොත්පලමය වූ මුදුන් මල්කඩක් වැන් වූ අර්ධසූර්ය්කෙ යා බබළන්නට පටන්ගත් කල්හි, උපාධ්යාුයයන් වහන්සේට නමස්කාර කොටැ දකුණු දොරින් නුවරට වැදැ මෑණියන් සුමනා දේවීන් දක්නා සඳහා නැගෙනහිරි වාසල් දොරට අභිමුඛ වැ යන සේක්, රාජාඞ්ගනයට පැමිණි සේකැ.


එකල්හි මුක්තා හාරයෙන් සිහිල් වූ ශරිර ඇත්තේ වී නමුත් ශත්ත්රැැ ජනයාට තැවුල් කරන්නා වූ; නිර්මල වූ ශෝභා ඇත්තේ වී නමුත් කිලිටි කරනලද ශත්ත්රැු වතිතාවන් ගේ මුඛපද්මශෝභාවන් ඇත්තා වූ ධර්මාශෝක රජතෙම සීමැදුරු කවුළුයෙන් බලන්නේ, ආලෝකන විලෝකන සම්මීඤ්ජන පසාරණාදි වූ සමෘද්ධ ඊර්යාගේ මපථයන් ඇති, පුරවාසී වූ සත්ත්වයන් ගේ ඇස් තමන් වහන්සේ කරා අදනාක් වැනි වූ දිගු පුළුල් වූ නිශ්චල වූ නෙත්රක රශ්මීන් වියදඩු පමණ තැන් හොබවමින් යන්නා වූ නිග්රෝගධ සාමණේරයන් වහන්සේ පූර්ව ජන්මයෙහි මීවෙළෙඳ වැ ඉපැද එක් ව කළා වූ පින් කමින් දැකැ- ඒ එසේ මැ යි, යම්තැනෙක්හි සම වූ ශ්රවද්ධා හා සම වූ ශීල හා සම වූ ත්යාරග හා සම වූ ප්රමඥත් ඇත්තාහු උපද්දිද, ඔහු මෙලොව්හි දූ පරලොව්හි දූ ඔවුනොවුන් දකිත්. එයින් වදාළහ: “ආකඩ්ඛෙය්යුංා චේ ගහපත යෝ දිට්ඨෙව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං, අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතුං, උභෝව අස්සු සමසද්ධා සමසීලා සමවාගා සමපඤ්ඤා’ යි. මෙසේ පූර්ව ජන්මයෙහි එක් වැ කළ පිනින් ඔවුනොවුන් දැකැ පැහැදැ උපන්නා වූ ප්රෙමම හා බුහුමන් ද ඇත්තේ, සාමණේරයන් වහන්සේ කැඳවාගෙනැ නගන ලද ධවලච්ඡත්රසය යටැ පනවනලද සිංහාසන මස්තකයෙහි වඩා හිඳුවා වළදවා, සාමණෙරයන් වහන්සේ ගේ ධර්ම දේශනා නැමැති ශරීරය දැකැ. රත්න ත්ර්යයෙහි පැහැදැ, පර්ෂද් හා සමඟ ශරණ ශීලයෙහි පිහිටා. එතැන් පටන් සිත් නැමැති මහ සමුද්ර යෙහි වඩනා වූ ශ්රැද්ධා නැමැති තරඞ්ග සමූහයන් ඇත්තේ, පළමු රජ ගෙන් භෝජනය අනුභව කොටැ සිටියා වූ තීර්ත්ථකයන් සැට දහසක් දෙනා පිටත් කොටැ, සැටදහසක් භික්ෂූන් වහන්සේට ගිරවුන් විසින් ගෙනෙනලද හැල්සාලින් සමෘද්ධ කළා වූ භෝජනය තබ්වා, දෙවියන් විසින් ගෙනෙනලද අනවතප්ත ජලය හා නාලිය දැවටු දඬු ද එළවා නිරනිතරයෙන් භික්ෂූන් වහන්සේට උපස්ථාන කරන්නේ යැ.


ඉක්බිත්තෙන් එක් දවසක්

සංස්කරණය

ඉක්බිත්තෙන් එක් දවසක් ඒ ධර්මාුශෝක රජ තෙමේ රන් හැකිල්ලක් පොළොවට දමා, කල්පායුෂ්ක වූ මහාකාල නම් නා රජහු නාග භවනයෙන් ගෙන්වා. ඒ නාග රාජයා නගනලද ධවලච්ඡත්රක ඇති රාජ පර්ය්ෙන්ඞ්කයෙහි හිඳුවා. අනේක ප්රමකාර වූ සුවඳ මල් ආදීන් පූජා කොටැ, සර්වාභරණයෙන් සැරැහුණා වූ සොළොස් දහසක් පුරාඞ්ගනාවන් ලවා හාත් පසින් වට කරවා. “අප්ර මාණ වූ ඥන ඇති බුදු රජාණන් වහන්සේ ගේ රූපය මා ගේ නේත්රවයට විෂය කරව” යි ඕහට කියා, ඒ නාග රාජයා විසින් මවා පානාලද දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අශිත්යඕනුව්ය්ණ්ජනයෙන් ද හෙබියා වූ නීල පීතාදී වූ පඞ්වරණ ඝන බුද්ධරශ්මි ම‍ලායෙන් දිලිසෙන්නා වූ බුද්ධ රූපය දැකැ පතුල් පිට පටන් ගෙනැ ඉස් මුදුන් දක්වා, ඉස් මුදුනෙහි පටන් ගෙනැ පතුල් පිට දක්වා, දෙපාර්ශ්වයෙහි පටන් ගෙනැ මධ්යඉය දක්වා, මධ්යවයෙහි පටන්ගෙනැ දෙපාර්ශ්වය දක්වා උපන්නා වූ ප්රීමති සැපයෙන් යුක්ත වූයේ, සතියක් මුළුල්ලෙහි ප්රිාතියෙන් දල්වනලද ඇස් සඟළින් නේත්රස පූජා කොටැ “සර්වඥයන් වහන්සේ ගේ එකි එකී ධර්මස්කන්ධයට එකි එකි විහාරයෙකින් පූජා කෙරෙමි” යි එක් දවස මැ සයානූ කෙළක් වස්තු වියදම් කොටැ අශෝකාරාම නම් මහා විහාරය හා සියලු දස දහසක් යොදුන් ජම්බුද්වීපයෙහි සුවාසූ දහසක් නුවරවල සූවාසුදහසක් චෛත්යනයෙන් ප්රහතිමණ්ඩිත වූ සූවාසූ දහසක් විහාර කරවා, විහාර පූජා කරන්නා වූ දිනයෙහි සර්වාභරණයෙන් සැරැහුණා වූ අන්තඃපුර ස්ත්රි්න් සහිත වූ ප්රූමාණාතික්රාවන්ත වූ චතුරඞ්ගිණි සේනාව විසින් පිරිවරනලදු වැ, දිව්යාපුර සමෘද්ධියට අපහාස කරන්නාක් වැනි වූ සරහා පිළියෙළ කරන ලද සිත්කලු වූ පැළලුප් නුවර සිසාරා ඇවිදැ විහාරයට ගොස්, එකෙනෙහි රැස් වූ අසූකෙළක් පමණ භික්ෂූන් වහන්සේ හා සයානු ලක්ෂයක් පමණ භිකුෂුණින් වහන්සේ ද මධ්යවයෙහි සිටැ ඒ භීක්ෂු භික්ෂුණින් ගේ ලොක විවරණ ප්රා්තිහාර්ය්න් යෙහි ආනුභාවයෙන් අශෝකරා‍මයෙහි මැ සිටැ සතර දිග බලන්නේ’ හාත්පසින් සමුද්රය පර්ය්් න්ත වූ ජම්බුද්වීපය දැකැ. සූවාසුදහසක් විහාර ද උදාරතර වූ මහත් වූ විහාර පූජාවෙන් බබළන්නා වූ දැකැ; උදාරතර වූ ප්රීතති ප්ර මෝද යෙන් යුක්ත වූයේ, ශාසනයට තමා ගේ හිමිබව ප්රාූර්ථනා කරන්නේ, යුවරජ වූ තිස්ස කුමාරයන් මහණ වූ තැන් පටන් මහණ වීම කැමැත්තා වූ සම්පූර්ණ වූ විසිවයස් ඇති ප්රශධාන පුත්රම’වූ මිහිඳු රාජ කුමාරයන් ද, ස්වාමි වු අග්ගි බ්ර හ්මරාජ කුමාරයන් මහණ වූ තැන් පටන් ගිහි ගෙයි ඇල්මක් නැත්තා වූ අටළොස් හැවිරිදි වයස් ඇති සඞ්ඝමිත්රාහ නම් වූ රාජ කුමාරිකාවන් ද මහණ කරවා. ඉක්බිත්තෙන්- ඒ ධර්මාශෝක රජ තෙමේ උදාසනක් සේ මැ තුන් සිවුරු ඇත්කඳ මත්තෙහි තබා පස්විසි යාළක් සුවඳ හා පන්සියයක් සුවඳ මල් කරඩු හා සමඟ නිග්රෝ ධ ස්ථවිරයන් වහන්සේට පිළිගන්වනු කොටැ යවන්නේ යැ. දවාලැ දු එසේ මැ යවන්නේ යැ. සවස දු එසේ මැ යවන්නේ යැ. තුන් වේලෙහි සළු පෙරළන්නා වූ මහරජ “අප ගේ මහ තෙරුන් වහන්සේට සිවුරු දී යැවූයේ දැ” යි පිළිවිසැ බලා මැ සථ පෙරළන්නේ යැ. මහ තෙරුන් වහන්සේ ද තුන් වේලේ තමන් වහන්සේ වැළඳැ අළ සිවූරු සම්ප්රාපප්ත සබ්රම් සරුන් වහන්සේට දෙන සේකැ. එකල්හි දඹදිව සඞ්ඝයා වහන්සේට බොහෝ සේ නිග්රෝ්ධ මහතෙරුන් වහන්සේ ගේ සිවුරු මැ වූයේ යැ. පිණ්ඩපාතාදි වූ ප්රේත්ය ය නිග්රෝ ධ මහ තෙරුන් වහන්සේ සන්තක දෙය මැ භික්ෂු සඞ්ඝයා වහන්සේට වූයේ යැ. මෙසේ ඒ ධර්මාශෝක රජ නිග්රෝෝධ ස්ථවිරයන් වහන්සේට දවසක් පාසා ලක්ෂයක් ද, බුදුන් ගේ චෛත්ය යෙහි ගඳ දුම මල් පහන් ආදීන් පූජා කරනු පිණිසැ ලක්ෂයක් ද, ධර්මධර භික්ෂුන් වහන්සේට සිවුපසය පිණිසැ ලක්ෂයක් ද, සඞ්ඝයා වහන්සේට ලක්ෂයක් ද, සතර වාසල් දොරෙහි ගිතෙල් මී උක්සකුරු ආදි වූ බෙහෙත් පිණිසැ ලක්ෂයක් දැ යි මෙසේ දවසක් දවසක් පාසා පන්ලක්ෂයක් වස්තු වියදම් කොටැ ශාසනයෙහි බොහෝලාභ පැවැත් වූයේ යැ.


මෙසේ බොහෝ වූ සම්පත් සුන්දර වූ ප්රොඥ ඇති සත්ත්වයෝ ලදින්, පහ වූ මද ප්රේමාදාදි වූ දෝෂයන් හා හරනලද කාමයෙහි ඇලුම්ද ඇත්තාහු සත්ත්වයනට පීඩා නො කොටැ කුසල් කිරීමෙහි ඇලුම් ඇති වැ, බොහෝ වූ අනේක ප්රටකාර වූ කුශලයෙන් රත්නත්රබයෙහි දු කර්මඵල සම්බන්ධයෙහි දු පහන් වූ සිත් ඇති වැ කරන්නාහු යි. එහෙයින් කියනලදි.


“ඉති විහවමනප්පං සාධුපඤ්ඤා ලහිත්වා

විගතමදපමාදා ධත්තකාමප්පසඞ්ගා,

අකරීය ජනඛෙදං පුඤ්ඤකම්මාභිරාමා

විවිධවිපුලපුඤ්ඤං සුප්පසන්නා කරොන්ති” යි.


එකල්හි තීර්ථකයෝ

සංස්කරණය

එකල්හි තීර්ථකයෝ රජ්ජුරුවන් අනු වැ ගියා වූ ජම්බුද්වීප වාසීන් ගෙන් සම්භාවන නොලදින්. ලාභ සත්කාර කැමැති වන්නාහු, ශාසන යෙහි මහණ වැ ‘මේ ධර්මය යැ, මේ විනය යැ’ යි තමන් තමන් ගේ ලබ්ධිය ප්ර්කාශ කරන්නාහු, ප්රයවුජ්යාකව නො ලැබැ තුමූ මැ හිසකේ කපා සිවුරු හැඳැ පෙරෙවැ විහාරවලැ ඇවිදින්නාහු පොහොයට ද පවුරුණුවට ද සඞ්ඝකර්මයට ද ගණකර්මයට ද වදනාහු යැ. තව ද, භික්ෂු සඞ්ඝයා වහන්සේ විසින් ධර්මයෙන් විනයෙන් ශාස්තෘ ශාසන යෙන් නිග්රඅහ කරනු ලබන්නාහු ද, ධර්මානුකූල වූ විනයානුකූල වූ ප්රදතිපත්තියෙහි නො සිටැ, ශාසනයට අනේක ප්රයකාර වූ දෝෂයන් හා කිලුටු හා ලබ්ධි කණ්ටක ද උපදවා ගිනි දෙවියාට පූජා කෙරෙමින් පඤ්වතාප තප්පනය කෙරෙමින් සූර්ය්ණ යාට නමස්කාර කෙරෙමින් වසන්නාහු යැ. ඉක්බිත්තෙන් ඊට පළමු මැ තිස්ස නම් මහා බ්ර්හ්මයෙක් මත්තෙහි බ්ර්හ්ම ලෝකයෙහි ඉපැදීම පිණිසැ වඩනාලද ධ්යාහනයන් ඇත්තේ. ආයු ගෙවී සිටියේ, දෙවෙනි සඞ්ගායනාව කළා වූ සර්වඥ ශ්රායවකයන් විසින් බ්ර හ්ම ලෝකයට ගොස් “පින්වත! මෙයින් එක්සිය අටළොස් හවුරුද්දෙකින් මත්තෙහි ශාසනයෙහි මහත් වූ දෝෂයෙක් උපදනේ යැ. අපි සියලු මනුෂ්ය ලෝකයා හා සදිව්යි ලෝක පරීක්ෂා කරන්නමෝ ඒ උපද්ර ව නසාලන්නට නිසි වූ කිසිවක්හු නො දැකැ, බ්රමහ්ම ලෝකය පරීක්ෂා කරන්නමෝ පින්වත් වූ තොප දුටුම්හ. සත්පුරුෂයාණනි! තොපට යාච්ඥ කරම්හ. මනුෂ්යත ලෝකයෙහි ඉපැදැ ශාසන සංග්ර හය කරවු” යි කියා යාච්ඥ කරනලද්දේ ‘යහපතැ’ යි ඉතා සතුටු වැ ගිවිස්සේ යැ.


ඉක්බිත්තෙන් ඒ ස්ථවිරයන් වහන්සේ මනුෂ්යි ලෝකයට අවුදින් බාල වූ සිග්ගවැ යැ, වණ්ඩවජ්ජි යැ යන නම ඇති ස්ථවිරයන් දෙදෙනා කැඳවා “තිස්ස නම් මහා බ්රැහ්මයා මනුෂ්යජ ලෝකයෙහි උපදනේ යැ. තොප දෙදෙනා අතුරින් එක්කෙනෙක් ඔහු මහණ කරවාලව. එක් කෙනෙක් බුද්ධ වචනය උගන්වාලව. මේ තොප දෙදෙනා ගේ සංගීති මණ්ඩලයට නොඊම නිසා හැම දෙනා වහන්සේ විසින් පමුණු වනලද දඬුවමැ” යි කියා, ක්රාමයෙන් පිරිනිවි සේකැ. ඉක්බිත්තෙන් තිස්ස නම් මහා බ්රණහ්ම තෙමෙ “මම වනාහි ශාසනයට වන්නාවූ උපද්රත වය නසා ශාසන සංග්රඩහය කරන්නට සමර්ත්ථ වෙමි” යි ප්රීිති නැමැති සාගරයෙහි ගැලී රසාතලයට බස්නාක්හු මෙන් බ්ර්හ්ම ලෝකයෙන් ච්යුතත වැ උතුම් වූ උපභෝග පරිභෝග වස්තු ඇති අපමණ වූ යස පරිවාරයෙන් යුත්ත වු සියලු ලෝකයෙහි ප්රූසිද්ධ වූ මොග්ගලී නම් බ්රා හ්මණයා නිසා ඒ බ්රාතහ්මණයා ගේ කුලයෙන් හා ශීලයෙන් හා රූපයෙත් සමෘද්ධ වූ බ්රාතහ්මණකාන්තාව කුසැ ඉපැදැ, මහත් වූ පෙරහැර පරිහරණය කරනු පබන්නේ, සිත්කලු වූ යෞවනයට පැමිණැ සොළොස් හැවිරිදි වුයේ යැ. වේදත්රවයයෙහි පරතෙරට පැමිණෑ මධුර වූ උදාර වූ වචන සෞන්දර්ය්ැ යෙන් යුක්ත වූයේ, කවි ජනයන් ගේ සිත් නැමැති පියුම් වනය පුබුදුවමින් කීමෙහි බිණීමෙහි දක්ෂ වී යැ.

ඉක්බිත්තෙන් මෙග්ගලී නම් ඒ කුමාර තෙමේ තමා මවු කුස පිළිසිඳගත් තැන් පටන් ගෙනැ ගෙට සිඟාවැඩැ සත් අවුරුද්දක් ඇවෑමෙන් “මෙතැනින් ඹබ්බට වැඩැපුව මැනැවැ ” යි ලබන ලද බස් පමණකට පැහැදැ. එතැන් පටන් ඒ මොග්ගලී නම් බමුණා විසින් නිරන්තරයෙන් තබා දෙනලද ‍භෝජන ඇති වැ, එක් දවසක් “බ්රාතහ්මණ මානවකයා දැන් මහණ කරන්නට කලැ” යි ඒ ගෙයි සියලු අසුන් අන්තර්ධෘන කොටැ තමා ගේ අස්නෙහි හුන්නාවූ ඒ සිග්ගව ස්ථවිරයන් වහන්සේ දැකැ කිපී. නොසතුටු වූ සිත් ඇති වැ, සෘග් වේදය යජුස්වේදය සාම වේදය යන වේදත්රීයයෙහි ද, වෘක්ෂාදීන් ගේ නාම ප්රෘකාශ කරන්නාවූ නිඝණ්ඩුයෙහි හා ක්රිීයා කල්ප විකල්ප නම් වූ කවි ජනයනට උපකාර වූ ඡන්දෝ ලක්ෂණයෙහි ද, ශික්ෂානිරැක්ති ප්රූභෙදයෙහි ද, ඉතිහාස නම් වූ මහා භාරථ ග්රසන්ථය පස්වනු කොටැ ඇති ක්ෂත්රිදය විද්යාියෙහි ද, යම් යම් ග්ර න්ථි ස්ථානයක් ඇත් නම්. ඒ ඒ සියල්ල තෙරුන් වහන්සේ අතින් විචාරා ඒ තෙරුන් වහන්සේ විසින් ඒ සියල්ල විසර්ජනය කොටැ, නැවැතැ “ යම් ක්ෂිණාශ්රනවයක්හු ගේ සිත උත්පත්තික්ෂණයෙහි උපදී ද, නිරෝධ ක්ෂණයට නොගියේ ද, ඒ ක්ෂීණාශ්රතවයා ගේ සිත හඞ්ගක්ෂණයෙහි නිරුද්ධ වෙයි. ව්යුරති චිත්තය හඞ්ගක්ෂණයට පැමිණේ ද, උත්පත්තික්ෂණය ඉක්මුණු බැවින් ව්යුතතියෙන් මත්තෙහි නූපදී ද, ඒ ක්ෂීණාශ්රණවයා ගේ සිත උත්පත්තික්ෂණයෙහි උපදිද්. ඒ ක්ෂණයෙහි නිරෝධය නැති බැවින් නිරුද්ධ නො වන්නේ දැ ” යි මෙසේ විචාරනලද චිත්ත යමක ප්රරශ්නයෙන් අඳුරු ගබඩාවකට වන්නාක්හු මෙන් කිසිවක් සලකාගත නො හී,


“ශ්රසමණයාණන් වහන්ස! නුඹ වහන්සේ ගේ මේ මන්ත්ර්ය මට දුන මැනවැ” යි කී කල්හි “ අප ගේ වේශය ගත් එකක් හට දෙම්හ ” යි සිග්ගව ස්ථවිරයන් වහන්සේ විසින් මන්ත්ර යෙන් පොළොඹන ලද්දේ. තෙරුන් වහන්සේ සමීපයෙහි මහණ වැ කායගතාසති කර්මස්ථානයෙහි භාවනා නමස්කාර කොටැ නොබෝ කලෙකින් මැ වණ්ඩවජ්ජි ස්ථවිරයන් වහන්සේ සමීපයෙහි අර්ත්ථකථා සහිතවූ ත්රි්පිටක බුද්ධ වචනය ඉගෙනැ උපසපන් වැ, ආචාර්ය්හ උපාධ්යාදයයන් වහන්සේ තමන් වහන්සේ අතෙහි සියලු බුද්ධ වචනය පිහිටුවා ද්විතීය සංගිතිකාරකයන් වහන්සේ විසින් පනවන ලද දඬුවමින් මිදි ආයු පමණින් සිටැ පිරිනිවි කල්හි, කමටහන් වඩා, තදංග විමුක්තිය විෂ්කම්භණ විමුක්තිය සමුච්ඡෙද විමුක්ති ය ප්රපතිප්රඅශ්රුබ්ධි විමුක්තිය නිස්සරණ විමුක්තිය යන පඤ්චවිධ විමුක්ති නැමැති උත්පල යැ පදුම යැ පුණ්ඩරීක යැ රාජීව යැ ශතපත්රඤ යැ යන පඤ්චවිධ පද්මයෙන් ගැවැසි ගත්තා වූ. විදර්ශනා නැමැති තිර රේඛා ඇති, ශුෂ්කවිදර්ශකයහ අභිඥප්රා ප්තයහ ප්රතකෘතිශ්රාිවකයහ මහා ශ්රාාවකයහ ප්රධත්යේකබුද්ධයහ සම්ය්ක් සම්බුද්ධයහ යන ෂඩ්විද විදර්ශක නැමැති, කෘෂ්ණ හංසයහ පාණ්ඩු හංසයහ මනෝශීලාවර්ණ හංසයහ ශ්වේත හංසයහ පාක හංසයහ ධෘතරාෂ්ට්රහ හංසයහ යන ෂට්ප්රරකාර වූ හංස සමූහයා විසින් සෙවුනාලද්දාවූ, ආර්ය්යහ අෂ්ටාඞ්ගික මාර්ග නැමැති ජලයෙන් සම්පූර්ණ වූ නිර්වාණ නැමැති මහවිලට බැසැ, කෙලෙස්ලව නැමැති කලුෂය ශුද්ධ කොටැ, අර්හත් ඵලයට පැමිණියේ යැ.


ඉක්බිත්තෙන් ඒ මහා තෙරුන් වහන්සේ ශරත්කාලයෙහි පූර්ණ චන්ද්රප මණ්ඩලය මෙන් සර්වඥශාසන නැමැති ආකාශය බබුළුවන සේක්, දෙවියන් අසුරයන් ගරුඩයන් නාගයන් කිම්පුරුෂයන් විද්යන ධරයන් මනුෂ්යවයන් බ්රරහ්මයන් ආදී වූ සත්ත්වයන් විසින් වඳනාලද පාපියුම් ඇති වැ, මොග්ගලිපුත්තතිස්ස මහතෙරුන් වහන්සේ යැ යි ප්ර සිද්ධ වැ, සියලු ලෝකයෙහි තමන් වහන්සේ අනුබුද්ධ වැ සිටැත් සම්යවක් සම්බුදුරජාණන් වහන්සේ මෙන් ධර්ම විනය දක්වා අශෝකා රාමයෙහි වසන සේකැ. එසමයෙහි ඒ අශෝකාරමයෙහි තීර්ත්ථක යන් විසින් එළවනලද ඉතා රෞද්ර් වූ ශාසන විපත්තිය දැකැ “දැන් මේ අධිකරණය උපනැ, එය සන්සිඳුවන්නට මෙහි වසන්නා වූ මවිසින් නො පිළිවන් වන්නේ යැ” යි දීර්ඝදර්ගි වූ ඒ මොග්ගලීපුත්තතිස්ස මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේ ගේ ප්රයධාන ශිෂ්යල වූ මිහිඳු මහතෙරුන් වහන්සේට භික්ෂු ගණයා පාවා දී ගංහිසැ අහෝගඞ්ග නම් පර්වතයට ගොස් සමාපත්ති සැප අනුභව කෙරෙමින් වසන සේකැ.


එකල්හි, ජම්බුද්වීපයෙහි

සංස්කරණය

එකල්හි, ජම්බුද්වීපයෙහි සියලු විහාර තීර්ත්ථක සමූහයා විසින් ගැවසී ගත්කල්හි, සත්හවුරුද්දක් මුළුල්ලෙහි භික්ෂූන් වහන්සේ ගේ පොහෝ පවුරුණු නුවු‍යේ යැ. ඉක්බිත්තෙන් ධර්මාශෝක රජ තෙමේ “අශෝකාරාමයෙහි සත් හවුරුද්දක් මුළුල්ලෙහි පොහෝ පවුරුණු සිඳී ගියේ යැ” යි අසා එක් අමාත්යුයක්හු “විහාරයට ගොස් ඒ අධිකරණය සන්හිඳුවාලා පොහෝ පවුරුණු කරවා ල” යි සම්මත කෙළේ යැ. ඒ අමාත්ය තෙමේ රජ්ජුරුවන් ගෙන් නැවත විචාරන්නට අසමර්ථ වූයේ යම් සේ සොරුන් මරා පසල් දනවු සෙමෙහි තබද්ද, එපරිද්දෙන් මැ “යම් කෙනෙක් පොහෝ පවුරුණු නො කෙරෙත් නම් රජ්ජුරුවන් වහන්සේ උන් මරවනු කැමැති සේක් වනැ” යි සිතා විහාරයට ගොස් භික්ෂු සඞ්ඝයා රැස් කරවා රජ්ජුරුවන් කී හස්න අස්වා “පොහෝ කළ මැනැවැ” යි කියා ඒ භික්ෂු සඞ්ඝයා වහන්සේ විසින් “අපි ඒ තීර්ත්ථකයන් හා එක් වැ පොහෝ පවුරුණු නො කරම්හ” යි කි කල්හි තෙරුන් වහන්සේ ගේ පිළිවෙළින් කඩු යෙන් හිස් ගසන්නට පටන් ගත්තේ යැ.


ඊට පළමු වැ; ධර්මාශෝක රජ්ජුරුවන් ගේ මල් වූ තිස්ස රාජ කුමාර තෙමේ යුවරාජ්ය්ශ්රීරය අනුභව කරන්නේ, එක් දවසක් මුව දඩ ගොස් මහා ධර්මරක්ෂිත නම් තෙරකෙනෙකුන් වහන්සේ වෘක්ෂ මූලයෙකැ වැඩැහුන්නහු මදසහිත වූ වන්යන හස්තියකු විසින් මල් සහිත වූ සල්අත්තෙකින් සලනු ලබන්නා දැකැ. “මමත් සර්වඥ ශාසනයට වැදැ කවර කලෙකැ වනයෙහි වෙසෙම් දෝහෝ” යි සිතන් නේ, එසමයෙහි ඒ තෙරුන් වහන්සේ ආකාශයට පැනැ නැඟී, සුපුෂ්පිත වූ පද්ම නැමැති මුඛයෙහි කෙසුරු සළා නමැති දන්ත පඞ්ක්තීන් නන්දා නම් පුෂ්කරිණියෙහි ශ්රිරසමෘද්ධියට අපහාස කරන්නාක් වැනි වූ අශෝකාරාමය පුෂ්කරිණියෙහි දියපිටැ සිටැ සිවුරු ආකාශ යෙහි වනා, පැන් සනහන්නහු දැකැ. “අද මැ මහණ වෙමි” යි රජ්ජුරුවන් අනුදන්වා, මහත් වූ සම්පත් ඇති පුරුෂයන් ලක්ෂයක් දෙනා හා සමඟ මහා ධර්මරක්ෂිත ස්ථවිරයන් වහන්සේ සමීපයෙහි මහණ වැ රහත්බවට පැමිණි සේකැ.


ඉක්බිත්තෙන් ඒ තිස්ස මහ තෙරුන් වහන්සේ අශෝකාරාමයෙහි වසන සේක්,රාජ නියෝගයෙන් ආවා වු ඒ අමාත්ය යා විසින් තෙර කීප දෙනකුන් වහන්සේ ගේ ඉස් ගසා හෙළාපුවා දැකැ ගොස්, ඒ අමාත්යනයාට ආසන්න වූ අස්නෙකැ වැඩැ හුන් සේකැ. ඒ අමාත්යඒ තෙමේ තෙරුන් වහන්සේ හැඳිනැ කඩුපත හෙළාලන්නට අසමර්ථ වූයේ ගොස් රජ්ජුරුවනට එපවත් දැන්වූයේ යැ. ඒ අසා ශෝක සහිත වූ ධර්මාශෝක රජ තෙමේ අශෝකාරාමයට ගොස් “ස්වාමිනි! මේ අමාත්යයා මාගේ නියෝගයක් නැති වැ භික්ෂුන් වහන්සේ ගේ ඉස් ගසාපි යැ. මේ පාපය අප දෙදෙනා ගෙන් කවුරුනට විය යුතු. දැ” යි විචාරා, “ඒ පාපය තොපට යැයි කියාත් නැත. තොප‍ දෙදෙනාට යැයි කියාත් නැත. ඒ පාපය අමාත්යියාට මැ යැ” යි කී කල්හි එදවස් මැ දසදසක් භික්ෂූන් පිරිවර කොටැ ඇති ධර්ම කථිකයන් සතර දෙනකුන් හා දහසක් දහසක් පුරුෂයන් පිරිවර කොටැ ඇති අමාත්යරයන් සතර දෙනකුන් ද “ස්වාමිනි! රජ්ජුරුවන් වහන්සේ කැඳවන සේකැ’ යි කියා මහ තෙරුන් වහන්සේ කැඳවාගෙනැ එව” යි යැවී යැ.


මොග්ගලිපුත්තතිස්ස මහ තෙරුන් වහන්සේ, තමන් සමීපයට පැමිණියා වූ ඒ අමාත්යාවදින් ගේ එසේ කියනලද රාජ සන්දේශය අසා නො වැඩි සේකැ. දෙවෙනි වාරයෙහි ද ධර්මාශෝක රජ්ජුරුවෝ දහසක් දහසක් දෙනා පිරිවර කොටැ ඇති ධර්ම කථිකයන් අට දෙනකුන් හා අමාත්යදයන් අටදෙනකුන් ද යවා, පළමු පරිද්දෙන් මැ කියවා තෙරුන් වහන්සේ ගේ නොඊම අසා, භික්ෂූන්වහන්සේ ගේ උපදේශයෙන් “ස්වාමිනි! ශාසනය පසු බස්නේ යැ ශාසන සඞ්ග්ර්හය පිණිසැ අපට සහාය වුව මැනැව” යි කියා දහසක් දහසක් පිරිවර කොටැ ඇති ධර්මකථිකයන් සොළොස් දෙනකුන් හා අමාත්ය”යන් සොළොස් දෙනකුන් ද යැවුවා හු යැ. මොග්ගලිපුත්තතිස්ස මහ තෙරුන් වහන්සේ “ශාසනය පසු බස්සි ස්වාමිනි! ශාසන සංග්රොහය කරනු සදහා අපට සහාය වුව මැනැවැ” යි ධර්මාශෝක රජ්ජුරුවන් විසින් කියා යැවූ අස්න අසා “මම වූ කලී මුල පටන් මැ ශාසන සංග්රනහය කෙරෙමි.යම් හෙයකින් මහණ කරවන ලද්දෙම් විම ද දැන් මට මේ ඒ කාලය පැමිණියේ යැ” යි සම්කඩ අතින් ගෙනැ මැ නැඟී සිටි සේකැ. ඉක්බිත්තෙන් “ තෙරුන් වහන්සේ වෘද්ධසේක් වී නමුත් අතවැටු ගැලකට හෝ සිවි ගෙයකට හෝ නොනැහෙන සේකැ” යි අසා එළවනලද බ්රුහ්මවිමානයක් හා සමාන වූ නැවෙහි සුවඳ මල් දමුදු මුතුලැලුදු වමාරන්නාක් වැනි වූ රන් තරු රිදී තරු, මැණික් තරුයෙන් හොබනාලද විසිතුරු වියන් බැඳැ, නොයෙක් ප්රනභා සමූහයෙන් දිලියෙන්නා වූ තීරයක් වට කොටැ බැඳැ සරහනලද මණ්ඩපයෙහි මොළොක් වූ සියුම් වූ ඇතිරිලි අතුරනලද අස්නේ හිඳැ, ප්ර සන්න වූ ගඞ්ගා නැමැති අඞ්ගනාව විසින් තරඞ්ග නැමැති හස්තයෙන් පෙණ පිඩු නැමැති මලින් පුදනු ලබන්නාක් වැනි වූ සේක්, දෙ ගං තෙරැ කරනලද ආරක්ෂා ඇති ගඞ්ගා නම් ගඞ්ගාවෙන් පැළලුප් නුවරට පැමිණැ නැවෙන් බස්නා සේක් මැ දන පමණ දියට බටුවා වූ ධර්මාශෝක රජ්ජුරුවන් ගේ, “යම් හෙයෙකින් මම රජ්ජුරුවන් විසින් ප්රලශ්න විචාරනු සඳහා එවන ලද්දෙම් වෙම් ද, ඒ කාරණ යෙන් මෙතෙම මා ගේ අතැවැසි යැ” යි අත අලුලාගත් සේකැ.


ඉක්බිත්තෙන් ධර්මාශෝක රජ

සංස්කරණය

ඉක්බිත්තෙන් ධර්මාශෝක රජ මොග්ගලීපුත්තතිස්ස මහ තෙරුන් වහන්සේ ස්වකීය වූ උද්යාලනයට වඩාගෙනැ ගොස්, පිටතින් තුන් වළල්ලෙකැ ආරක්ෂා ලවා, තුමූ මැ තෙරුන් වහන්සේ ගේ පය සෝධා තෙල් ගල්වා සමීපයෙහි හිඳැ, තෙරුන් වහන්සේ ශාසන යෙහි සමර්ථ සේක් දො හො” යි පරීක්ෂා කරන පිණිසැ “ස්වාමීනි! මම එක් ප්රාදතිහාර්ය් ස යක් දක්නා කැමැත්තෙමි” යි කී යැ. “කෙබඳු ප්රාතතිහාර්ය්කල යෙක් දැ” යි විදාළ කල්හි “ස්වාමිනි! පෘථිවි කම්පාව දක්නා කැමැත්තෙමි” යි කීයේ යැ. තෙරුන් වහන්සේ “සියලු පෘථිවි කම්පාව දක්නා කැමැත්තා ද: නොහොත් ප්ර්දේශ පෘථිවි කම්පාව දක්නා කැමැත්තා දැ” යි විචාළ සේකැ. රජ්ජුරුවන් විසින් “ස්වාමිනි! මේ දෙකින් කවරක් දුෂ්කර ද: නො කට හැක්කේ දැ” යි විචාළ කල්හි, “කිමෙක් ද? මහරජ! තලියේ පැන් පුරාලු කල්හි සියලු ජලය කම්පා කරන්නට දුෂ්කර ද: නොහොත් අර්ධයක් කම්පා කරන්නට දුෂ්කර දැ”යි විචාළ සේකැ. “ස්වාමිනි! අර්ධයක් කම්පා කරන්නට නො පිළිවන් වේ ද” යි කී යැ. එසේ වී නම් “මහ රජ්ජුරුවෙනි! එපරිද්දෙන් මැ ප්රකදේශ පෘථීවි කම්පාව නො කට හැක්කේ වේ දැ” යි කි සේකැ. එස් වී නම් “ස්වාමිනි! ප්රැදේශ පෘථිවි කම්පාව දක්නා කැමැත්තෙමි” යි කී යැ. “එබැවින් මහරජ! හාත්පසින් යොදනෙන් යොදනේ පූර්ව දිගින් එක්සකෙකින් සීමාව ඉක්මැ රථයෙක් සිටී වයි, දකුණු දිගින් දෙපයෙකින් සීමාව ඉක්මැ අශ්ව යෙක් සිටී වයි, පැළ දිගින් එක්පසෙකින් සීමාව ඉක්මැ පුරුෂයෙක් සිටී වයි. උතුරු දිගින් අර්ධභාගයෙකින් සීමාව ඉක්මැ එක් පැන් තලියෙක් සිටීව” යි කීකල්හි රජ්ජුරුවෝත් තෙරුන්වහන්සේ කී පරිද්දෙන් මැ කැරැවූ හ.


තෙරුන් වහන්සේ අභිඥපාදක කොටැ ඇති චතුර්ත්ථ ධ්යා නයට සමවැදැ එයින් නැගී “රජ්ජුරුවෝ දකිත්ව” යි යොදනක් පමණ පෘථිවි චලනය ඉටු සේකැ. එකල්හි නැගෙනහිරි දිශා භාගයෙහි සිටියා වූ රථයා ගේ ඇතුළු සීමායෙහි සිටැ රථ චක්රාය චලිත වූයේ යැ. ඉන් පිටත සිටියා වූ චක්ර ය නො සැලුණේ යැ. එපරිද්දෙන් මැ දකුණු දිගැ හා පැළදිගැද සිටියා වූ අශ්ව පුරුෂ දෙදෙනාගේ ඇතුළු සීමායෙහි සිටියා වූ පාදයෝ මැ චලිත වූ හ. ශරීරයෙන් අර්ධයෙක් අර්ධයෙක් ද චලිත වුයේ යැ. උතුරු දිගැ තබනලද පැන් තලියෙහි දු ඇතුළු සීමාවෙහි තුබූ අර්ධ භාගයක් ජලය මැ චලිත වූයේ යැ.පිටත තුබූ අර්ධ භාගයක් ජලය නිශ්චල වූයේ යැ. රජ්ජුරුවෝ මේ ප්රාුතිහාර්ය්න් ය දැකැ “තෙරුන් වහන්සේ දැන් ශාසන සංග්රගහය කරන්නට සමර්ථ සේකැ” යි නිෂ්ඨාවට පැමිණැ “ස්වාමිනි! අමාත්යරයා ගොස් තෙරුන් වහන්සේ ගේ හිස් ගැසූ පාපය අප දෙන්නා ගෙන් කාට වේ දැ” යි තෙරුන් වහන්සේ අතිනුත් විචාළෝ යැ.


ඒ අසා තෙරුන් වහන්සේ “කිමෙක් ද මහරජ! මේ අමාත්යහයා විහාරයට ගොස් භික්ෂූන් වහන්සේ මරා වා යි කියා තොපට එසේ වූ සිතිවිල්ලෙක් උපනි දැ” යි විචාරා “නැත ස්වාමිනි” යි කීකල්හි “ඉදින් මහරජ! තොපට එසේ වූ සිතිවිල්ලෙක් නූපන්නේ වී නම් තොපට පාපයක් නැතැ” යි වදාරා, රජ්ජුරුවනට ඒ කාරණය සර්වඥ වචන යෙන් හඟවන සේක්, “මහණෙනි! මම චේතනාව කර්මය යැ යි කියමි. කයින් වචසින් මනසින් සිතා කර්මය කරන්නේ යැ” යන මේ පාලිය ද චතුෂ්ක නිපාතයෙහි තිත්තිර ජාතකය ද ගෙනැ හැර දක්වා කර්ම විභාග කොටැ ධර්මාශෝක රජ්ජුරුවන් නිශ්ශෝක කොටැ හාත් පසින් නිලාදි වූ පස්වනක් පැහැ ඇති මලින් හෙබියා වූ පුෂ්ප සුගන්ධ යෙන් ඒකසුගන්ධ වූ එම රාජෝද්යාිනයෙහි සත් දවසක් මුළුල්ලෙහි වසන සේක්, රජ්ජුරුවනට සියලු සමය ඉගැන්වූ සේකැ. කෙසේ ඉගැන්වූ සේක් ද යත් :


අප බුදුන් සාරාසඞ්ඛ්ය කල්ප ලක්ෂයෙකින් මත්තෙහි සුමේධ නම් තාපස වැ දීපඞ්කර සර්වඥයන් වහන්සේ සමීපයට පැමිණැ හස්ත ප්රා ප්ත නිර්වාණ ධර්මය හැරැපියා, භව දුර්ගයට වැදැ, සමතිස් පැරුම් පුරා තුසී පුර පැමැණැ දසදහසක් සක්වළ දිව්ය බ්රගහ්මයන්‍ ගේ ආරාධනා යෙන් කිඹුල්වතැ ඉපැද, බෝමැඩ වැඩහිඳැ සවාසන සකල ක්ලේශයන් නසා සර්වඥතාඥනය සමධිගම කොටැ ඉසිපතන මිගදායයෙහි දී ධම්සක්පවතුන් සූත්ර් දේශනාව කොටැ සියලු සත්ත්වයන් සංසාර නැමැති සාගරයෙන් ගොඩ නඟමින්. සංසාර නැමැති කාන්තාර යෙන් එතෙර කරවමින්, සංසාර නැමැති මලින් මුදමින්. විනේජන නැමැති ඇඹුල වනය ප්ර බෝධ කරවමින්. ධර්මාමෘත වර්ෂාව වස් වමින්, පන්සාලිස් හවුරුද්දක් මුළුල්ලෙහි වැඩ සිටැ සුවාසූදහසක් ධර්මස්කන්ධය දෙසන්නා වූ සර්වඥයන් වහන්සේ විසින් ලෝකයෙහි සද්ධර්මය හා සමාන වූ ධර්මය උපදනා සේ දැකැ මහසුප් මහ තෙරුන් වහන්සේට සද්ධර්ම ප්රනතිරූපක සූත්රක දෙසූ පරිදි දැක් වූ සේකැ. සද් ධර්මය පරීක්ෂා කොටැ ගතමනා පරිදි දක්වමින් සංඝයා වහන්සේට මහාපදේශ නම් සූත්රෂ දේශනාවක් කළ පරිදි දැක්වූ සේකැ. අනාගත යෙහි සස්නට වදනා වූ පස් භයක් දැකැ, අනාගත භය නම් සූත්රම දේශනාවක් කළ පරිදි දැක්වූ සේකැ. බුදුන් සූවිසි අසඞ්ඛ්යදයක් දිවයූ මනුෂ්යදයන් අමා මහ නිවනට පමුණුවා යමා හලැ සැතැපී පිරිනිවි කල්හි මහසුප් මහතෙරුන් වහන්සේ ප්රැධාන කොටැ ඇති පන්සියයක් රහතන් වහන්සේ සර්වඥතාඥන අනාවරණඥන මාර්ගඥන ඵලඥන නැමැති රුවන් ආකරයෙහි උපන් දහම් රුවන් ගෙනැ රුවන් දමක් මෙන් ගොතා ස්ථවිර නිකාය නැමැති රත්න මණ්ජූෂයෙහි නිධාන කළ පරිදි දැක්වූ සේකැ.


ඉක්බිති මහාසංඝික නිකායාදි සප්තදශ නිකාය වාසී වූ බුදු සතුරන් ඒ ඒ සූත්රත පදයෙහි නුනුවණීන් අර්ථ වරදවා ගෙනැ අනේක ප්රුකාර වූ දුර්ලබ්ධි උද්භූත කළ පරිදි දැක්වූ සේකැ. ඉක්බිති වැ හෛමවතාදි වූ නවනිකායවාසි භික්ෂු ප්රපතිරූපක තීර්ථකයන් බුදුන් ගේ ධර්මය තීර්ථක ධර්මයෙහි බහා එක් කොටැ යොදාගෙනැ පෘථග්ජන ලෝකයා වඤ්චා කෙරෙමින් අධර්මය ධර්ම ලේශයෙන් දක්වා සර්වඥශාසනය භෙදයට පමුණුවා සද්ධර්මය හා සමාන කොටැ වර්ණපිටකාදී ග්රාන්ථ කළ පරිදි දැක් වූ සේකැ. ඉක්බිත්තෙන් මේ සියල්ලට මැ ප්රදභව ස්වරූපයෙන් සිටියා වූ ස්ථවිර නිකාය පූර්ණ චන්ද්රටමණ්ඩලයක් මෙන් නිකායාන්තර ලබ්ධි නැමැති අහ මහීකා ධූම රජස් රාහු යන පඤ්වෝප ක්ලේශයෙන් නොකිලිටි වැ. අමෘත රශ්මීන් සත්ත්ව නැමැති ඇඹුල වනය පුබුදුවමින් සියලු ලොව සනහමින් පවත්නා පරිදි දැක්වූ සේකැ. මෙපරිද්දෙන් ඒ මොග්ගලිපුත්තතිස්ස මහ තෙරුන් වහන්සේ රජ්ජුරුවනට සියලු සමාන්තර ඉගැන්වූ සේකැ.



2. සඞ්ගීති විස්තර කථාව

සංස්කරණය

ඉක්බිත්තෙන් ධර්මාශෝක මහරජ ඒ සතිය ඇතුළතැ තමා සමීපයට උපස්ථානයට ආවා වූ යක්ෂයන් දෙදෙනකු ලවා, සියලු ජම්බුද්වීපයෙහි භික්ෂූන් වහන්සේ අශෝකාරාමයට රැස් කරවා. සත්වන දවස් තෙරුන් වහන්සේ කැඳවාගෙනැ විහාරයට ගොස්, තිරය ඇතුළෙහි තෙරුන් වහන්සේ හා එක් වැ එකත් පස් වැ හිඳැ සමසම ලබ්ධි ඇත්තා වූ භික්ෂුන් එක් තැනෙකැ රැස් කරවා, ඉන් එකි එකී භික්ෂූ සමූහයා සමීපයට කැඳවා ගෙන්වාගෙනැ “ස්වාමිනි! බුදුහු කවරවාදී සේක් දැ” යි විචාළේ යැ.


ඉක්බිත්තෙන් ‘ආත්මය නිත්යක යැ’ යි ගත් චතුර් විධ වූ ඒකත්ය් ශාස්වතවාදීහු ‘බුදුහු ඒකත්යව ශාග්චතවාදී සේකැ’ යි කීහ. එසේ මැ ආත්මයා ගේ අන්තය ඇත්තේ යැ’යි කියා ද ‘නැත්තේ යැ’ යි කියා ද ගත්තා වූ චතුර්විධ අන්තානන්තිකවාදීහු ද; තම තමන් ගේ ලබ්ධි විචාළ කල්හි ඒ තබා අනෙක් අනෙක් දැයක් කියා වික්ෂේප කරවන්නා වූ චතුර්විධ අමරාවික්ෂේපිකවාදීහු ද: ‘සියලු ලෝකවාසී වූ සත්ත්වයා කුශලාකුශලාදී වූ හේතුවක් නැති වැ මැ නිෂ්කාරණයෙන් උපන්නේ යැ’ යි ගත්තා වූ අතීත්ය සමුත්පත්තිකවාදිහු ද; ‘ආත්මය සංඥ ඇත්තේ යැ’ යි ගත්තා වූ ෂෝඩෂප්රතකාර සංඥිවාදීහූ ද; “ආත්මය සංඥ නැත් තේ යැ’ යි ගත්තා වූ අෂ්ටප්රතකාර අසඥිවාදිහූ ද; ආත්මය සංඥ ඇත්තේ යැ’යි කියා ද ‘නැත්තේ යැ’ යි කියා ද ගත්තා වූ අෂ්ටප්රකකාර නෛව සංඥිනාසඥිවාදීහු ද; ‘මරනයෙන් මත්තෙහි ආත්මය සි‍ඳෙයි, මතු උප්පත්තියෙක් නැතැ’ යි ගත්තා වූ සප්ත ප්ර;කාර උච්ඡෙදවාදිහු ද; මුඛය දක්වා රුධිර පානය කොටැ සම්පූර්ණ වු කල නිර්වෘත්ත වන්නා වූ ජලුකාවන් මෙන් ‘රූපශබ්දාදි වූ පඤ්චකාම කොට්ඨාසය අනුභව කළ කලැ තෘෂ්ණා නිර්වෘත්තිය වන්නේ යැ. එ මැ නිර්වාණ යැ’ යි ගත්තා වූ පඤ්ච පුකාර දෘෂ්ටධර්ම නිර්වාණවාදිහු ද බුදුහු මේ මේ වාදී සේකැ’ යි කීහ.


ඉක්බිත්තෙන් ධර්මාශෝක රජ්ජුරුවෝ පළමු කොටැ මැ උගන්නා ලද සමය ඇති බැවින් “මොහු භික්ෂුහු නො වෙති. මොහු අන්යසතිර්ථක යහ” යි දැනැ ඔවුනට සුදුපිළි දී සැට දහසක් තීර්ථකයන් සිවුරු හරවා භික්ෂුන් වහන්සේ ද සමීපයට කැඳවා ගෙන්වා ගෙනැ “ස්වාමිනි! බුදුහු කවරවාදීහු දැ” යි විචාරා “මහ රජ්ජුරුවෙනි! සර්වඥෙය ධර්මයන් සර්වාකාරයෙන් විභාග කොටැ කියන හෙයින් බුදුහු විහජ්ජවාදි සේකැ” යි කී කල්හි “ ස්වාමිනි! බුදුහු විහජ්ජ්වාදී සේක් දැ” යි කියා තෙරුන් වහන්සේ ගෙන් විචාරා “එසේ මැ මහ රජ්ජුරුවෙනි” යි කී කල්හි “ස්වාමිනි! දැන් ශාසනය ශුද්ධියට ගියේ ය. භික්ෂු සඞ්ඝයා වහන්සේ පොහොය කරන සේක් වා” යි කියා වට රැකවල් ලවා නුවරට වන්නාහු යැ.


ඉක්බිත්තෙන් ආයුෂ්මත් වු මොග්ගලිපුත්ත තිස්ස මහ තෙරුත් වහන්සේ, සමඟ සංඝයා හා එක් වැ සමඟි පොහොය කොටැ ඒ සමාගමයෙහි රැස් වූ සැට ලක්ෂයක් භික්ෂුන් වහන්සේ මධ්යායෙහි පරවාදීන් ගේ වාද මඩිමින් බුදුන් විසින් දෙසන ලද මාතෘකා ඇති කථාවස්තු ප්රටකරණ නම් ධර්මයක් විස්තර කොටැ වදාරා, ඒ සැට ලක්ෂයක් භික්ෂුන් වහන්සේ ගෙන් තෝරා, ත්රිවපිටක පර්යාට ලකප්තිධර වූ චතුෂ්ප්රදතිසංවිදා ප්රාැප්ත වූ ත්රියවිද්යාය අෂ්ට විද්යා්යෙන් යුක්ත වූ දහසක් භික්ෂුන් වහන්සේ ගෙනැ, අශෝකාරාමයෙහි රැස් වැ හිඳැ ධර්මා ශෝක රජ්ජුරුවන් විසින් කරන ලද ආරක්ෂා ඇති සේක්, සියලු ශාසන මල ශුද්ධ කොටැ මහා කාශ්යවප ස්ථවිරයන් වහන්සේ මෙන් ද යස ස්ථවිරයන් වහන්සේ මෙන් ද ධර්ම විනය සඞ්ගායනා කොටැ නව මසෙකින් නිම කළ සේකැ. එකල්හි ශාසන ස්ථිතිය කාරණ කොටැ සාධුකාර දෙන්නාක් මෙන් සඞ්ගායනා කෙළවරැ මහ පොළොව කම්පා වූයේ යැ.


සැට දහසක් පමණ තීර්ථක නැමැති රාත්රිො භාගයට පැමිණියා වූ දූර් ලබ්ධි නැමැති ඝනාන්ධකාර මනා කොටැ නසා තිස්ස ස්ථවිර නැමැති සූර්ය්සා යා විසින් මනෝඥ වූ යම් තෘතිය සඞ්ගායනා නමැති විලෙක් ප්රමබෝධයට පමුණුවන ලද්දේ ද. ඒ තෘතිය සඞ්ගායනාවත් මා විසින් දන්වන ලද්දේ යැ. එහෙයින් කියන ලදී:


“යා සඨිතිත්ථීයසහස්ස නිසාගතං තං

දුල්ලද්ධිඝෝරතිමිරං විනිභච්ච සම්මා,

සාංතිස්සථෙරරවිනා ගමිතා විකාස

සඞ්ගීති චාරුනලිනි අපි දස්සිතා මේ “ යි



තෘතිය සඞ්ගීති කතා යි.