විල්ගම්මුළ පබඳ-සිංහල බෝධි වංශයx

දශබල පරිනිර්වාණ කථා


දක්ෂිණ ශ්‍රී මහා ‍බෝධීන් වහන්සේ, සර්වඥයන් වහන්සේ පිරිනිවී කල්හි ලඞ්කාද්වීපයෙහි කෙසේ පිහිටි සේක්දැයි යතහොත්; ඒ විභාග කරන්නවුන් විසින් ඒ දක්ෂිණ මහා ශඛාව කවරක්හු විසින් ගන්නා ලද්දේද? කවරක්හු විසින් ගෙන‍එන ලද්දේද? කවරක්හු විසින් පිහිටුවන ලද්දේද? කවරක්හු විසින් පුදන ලද්දේද? කවරක්හු විසින් රක්ෂා කරන ලද්දේද? යන මේ අභ්ය න්තර ප්රදශ්නයෝ පස්දෙන විසඳිය යුත්තාහු වෙත්.

එහි “ කවරක්හු විසින් ගන්නා ලද්දේද? ” යන්නෙහි ධර්මාශෝක රජ්ජුරුවන් විසින් ගන්නා ලද්දේයැ. “කවරක්හු විසින් ගෙන‍එන ලද්දේද? ” යන්නෙහි සඞ්ඝමිත්රාද නම් මහා ස්ථවිරාවන් විසින් ගෙනඑන ලද්දේයැ. “කවරක්හු විසින් පිහිටුවන ලද්දේද? ” යන්නෙහි දෙවනපෑතිස්ස රජ්ජුවන් විසින් පිහිටුවන ලද්දේයැ. “කවරක්හු විසින් පුදන ලද්දේද? ” යන්නෙහි බුද්ධාදී මහාත්මයන් විසින් පුදන ලද්දේයැ. “කවරක්හු විසින් රක්ෂා කරන ලද්දේද? ” යන්නෙහි බෝධිගුප්තා දී වූ රාජකුමාරවරුන් විසින් රක්ෂා කරන ලද්දේයැ.


ධර්මාශෝක රජ්ජුරුවන් විසින් කෙසේ ගන්නා ලද්දේද යත්;සංස්කරණය

චතුර්වෛශාරද්යු ඥානයෙන් විශාරද වූ , කායබල දශයක් හා ඥාන බල දශයක් හා ධරන හෙයින් දශබලධාරී වූ ජූර්ව සර්වඥවරයන් පිහිටියා වූ ස්ථා‍නයෙහි පිහිටි හෙයින් ආසහට්ඨානට්ඨායී වූ, නිර්භීත වූ නාද පවත්වන හෙයින් සිංහනාදී වූ, සියලු සත්වයන් හට උතුම් හෙයින් සර්වසත්ත්වෝත්තම වූ, ධර්මයට ඉසුරු බැවින් ධර්මේශ්වර වූ ,ධර්මයෙන් සියලු සත්ත්ව ජනයා රඤ්ජනය කරන හෙයින් ධර්මරාජ වූ , ධර්මයට නායක බැවින් ධර්මාධිපති වූ, ධර්මාලෝකය දක්වන හෙයින් ධර්ම ප්රවදීප වූ, ධර්මයට ප්රතතිෂ්ඨා හෙයින් ධර්ම ශරණ වූ, ධර්මයෙන් ආඥාවක්ර‍ය පවත්වන හෙයින් ධර්ම චක්ර වර්තී වූ, සර්ව ධර්මයන් සර්වාකාරයෙන් පරෝපදේශ රහිත වැ ස්වයම්භු ඥානයෙන් දත්‍ හෙයින් සම්යවක් සම්බුද්ධ වූ යම් ඒ භාග්යාවත් බුදු රජාණ කෙනෙකුන් වහන්සේ ඇද්ද‍ , ඒ සර්වඥයන් වහන්සේ ද්වාත්රිංදශද් වර මහා පුරුෂ ලක්ෂණයෙන් හා අශීත්ය්නු ව්යරඤ්ජනයෙන් හා හෙබි සේක්: නීල පීත ලෝභිතාවදාත මාඤ්ජිෂ්ඨ ප්ර‍භාස්වරයෙන් විසිතුරු වූ ශෝභා ඇති, ව්යානම ප්රනභා මණ්ඩලයෙන් පරික්ෂිප්ත ‍වූ රූප විලාසයන් ඇති සේක්; සුපිෂ්පිත වූ පද්මෝත්පල පුණ්ඩරීකයෙන් හෙබියා වූ ජලතලයක් මෙන්ද, තාරකා සමූහයාගේ රශ්මීජ්වාලා ශෝභායෙන් බබළන්නා වූ ආකාශ තලයක් මෙන්ද, සඳ වලායෙන් හා දෙව්දුන්නෙන් හා විදුලි බලයෙන් හා වට කරන ලද ස්වර්ණපර්වතයක් මෙන්ද, තමන් වහන්සේගේ ශ්රීනසමෘද්ධීන් සියලු ලෝකය ඒකාලෝක කරන සේක්; චතුස්සත්යවවබෝධයට නිසි වූ පුද්ගලයන් දැක මහාකාශ්‍යප ස්ථවිරාදීන් පිණිසැ තුන් ගවුවක් පමණ තැන්හිද, අඞ්ගුලිමාල ආලවකාදින් සඳහා තිස් යොදනක් පමණ තැන්හිද, පුක්කුසාති රාජාදීන් සඳහා පන්සාලිස් යොදනක් පමණ තැන්හිද , මහා කප්පින ස්ථවිරයන් වහන්සේ ප්රසධාන කොටැ ඇති විනේය ජනයන් සඳහා එක්සිය විසි යොදනක් පමණ තැන්හිද , වනවාස තිස්ස සාමණේරාදීන් සඳහා එක්සිය විසි යොදුන් තුන් ගවුවක් පමණ තැන්හිද ,ධනිය ස්ථවිරාදින් නිසා යොදුන් සත්සියයක් පමණ තැන්හිද , චූලෝදර මහෝදරාදී වූ නාගරාජයන් නිසා අන්යත ද්වීපයෙහි ද, මාතලී දිව්යත පුත්රාහදින් සඳහා දිව්ය ලෝකයෙහිද , බක බ්රතහ්මාදින් සඳහා බ්ර්හ්ම ලෝකයෙහිද ඇසිල්ලකින් පෙනී නිරන්තරයෙන් සීඝ්ර චාරිකා කරන සේකැ.

කිසි කලෙක්හි ෂඩ්අභිඥානයෙන් හා මහත් වූ සෘද්ධ්ය්නු භාවයෙන්ද යුක්ත වූ ශාරිපුත්රි ‍‍ ව මෞද්ගල්යානයනාදී වූ මහා ශ්රාබවකයන් විසින් පිරිවරන ලදුවැ, වෘෂභ සමුහයා විසින් පිරිවරන ලද්දා වූ වෘෂභ රාජයක්හු මෙන්ද, සිංහ සමුහයා විසින් පිරිවරන ලද සිංහ රාජයක්හු මෙන්ද , ගරුඩ සමුහයා විසින් පිරිවරන ලද ගරුඩ රාජයක්හු මෙන්ද, සප්ත කුල පර්වතයෙන් පිරිවරන ලද ස්වර්ණ මේරු පර්වත රාජයා මෙන්ද , දහසක් රශ්මීන් පිරිවරන ලද සූර්ය දිව්යව රාජයා මෙන්ද , දඬුවැට පහන් සමූහයක් මධ්ය්යට පැමිණියා වූ දිලිසෙන්නා වූ පහන් රුකක් මෙන්ද, ගම් නියම්ගම් රාජධානි හා උද්යායන විමානාදින් හා ෂඩ් වර්ණ ඝන බුද්ධරශ්මිමාලායෙන් ගල්වමින් , සත්ත්ව කරුණාව සඳහා තුන්සියයක් යොදුන් වට ඇති අන්තෝමණ්ඩලයෙහිද, සසියයක් යොදුන් වට ඇති මධ්යක මණ්ඩලයෙහිද, නව සියයක් යොදුන් වට ඇති මහා මණ්ඩලයෙහිද, ගම් නියම්ගම් පිළිවෙළින් මනා චාරිකායෙන් වඩනා සේකැ.

තවද ඒ බුදුරජාණන් වහන්සේ උතුම් වූ ප්රී්ති ප්ර.මෝදවශයට පැමිණියා වූ සත්ත්වයන් විසින් හාත්පසින් යොදුන් සියයක් පමණ තැන් ඒක කෝලාහල ‍කරවන සේකැ. විනේය ජන නැමැති බන්ධුන් හට අමෘත මහා නිර්වාණ පුරයෙහි දොර හරන සේකැ. මේ ජන්මයෙහි අධිගමයට නොපැමිණෙන්නා වු පදපරම සත්වයන්හට ස්වර්ග ලෝකයට නැගෙන්නට සද්ධර්ම නැමැති හිණ දක්වන සේකැ. තවද ධර්ම භේරිය පහරන සේකැ. ධර්ම නැමැති ශඞ්ඛය හා ධර්ම නැමැති වස්දඩුවද පිඹිනා සේකැ. ධර්ම ධ්වජය හා ධර්ම කුන්තයද නඟන සේකැ. විනේය ජන නැමැති පද්මාකාරය ප්රරබෝධ කරවන සේකැ. අතිමධුර වූ දුඃඛ යැ සමුදය යැ නිරෝධ යැ මාර්ග යැයි කියන ලද චතුරාර්ය සත්යසය පානය කරවන සේකැ.

තවද අධික වූ ශ්‍රද්ධා ඇති සත්ත්වයන්සංස්කරණය

තවද අධික වූ ශ්‍රද්ධා ඇති සත්ත්වයන් උපමා රහිත වූ රූපකායයෙන් හා අධික වූ ප්ර ඥා ඇති සත්ත්වයන් ගැඹුරු වූ ධර්මකායයෙන් හා සතුටු කරවන සේකැ. රූපයෙහි ප්ර සන්න වූ රූපය මැ ප්රාමාණ කොටැ ඇති සත්ත්වයන් චාත්රිං ශද්වර මහා පුරුෂ ලක්ෂණ අසු අනුව්ය ඤ්ජන ඛ්යා්ම ප්රතභා කේතුමාලාලඞ්කාරයෙන් විරාජමාන වූ රූපශ්රී න්ද ශබ්දයෙහි ප්රාසන්න වූ ශබ්දයමැ ප්ර මාණ කොටැ ඇති සත්ත්වයන් අෂ්ටාඞ්ගයෙන් යුක්ත වූ කුරවීක නාද පරදවන්නා වූ බ්රරහ්ම ඝෝෂයක් බඳු වූ මධුර ස්වර සමෘද්ධීන්ද , රුක්ෂ ප්ර තිපත්තියෙහි ප්රහසන්න වූ රුක්ෂ ප්රරතිපත්තියමැ ප්රදමාණ කොටැ ඇත්තා වූ සත්ත්වයන් පාත්රප විචාරාදින්ගේ රූක්ෂතායෙන් හා දුෂ්කර ක්රි්යාවන්ගේ රූක්ෂතායෙන් හා අල්පේච්ඡතාදී වූ තපස්සමෘද්ධින්ද, ධර්මයෙහි ප්ර‍සන්න වූ ධර්මයම ප්රඡමාණ කොට ඇත්තා වූ ජනයන් මහා වජුඥානාදී වූ ගුණ සමෘද්ධීන්ද පිනවන සේකැ. තවද සතර සතිපට්ඨානය සතර සම්යනක්ප්රීධාන යැ සතර සෘද්ධිපාද යැ පඤ්චේන්ද්රිරය යැ පඤ්චබල යැ සප්ත බෝධ්යහඞ්ග යැ ආර්ය අෂ්ඨාඞ්ගික මාර්ග යැයි කියනලද සප්තත්රිංයශත් බෝධිපාක්ෂික ධර්ම නැමැති සත්රුවන් වර්ෂා වස්වන සේකැ. අනන්ය් සාධාරණ වූ ධර්මදේශනා නැමැති ගංගා ප්ර වාහන පවත්වන සේකැ. සතර ආර්ය මාර්ග ඥාන නැමැති ජලයෙන් කෙලෙස් නැමැති පරිදාහ සංසිඳුවන සේකැ. මෙසේ ඒ භාග්යාවත් වූ බුදුරජාණන් වහන්සේ සූවාසුදහසක් ධර්ම ස්කන්ධය දෙසා , සූවිසි අසංඛ්යායක් පමණ දිව්යස මනුෂ්යධයන් භව නැමැති කාන්තාරයෙන් එතෙර කොටැ පන්සාලිස් හවුරුද්දක් මුළුල්ලේ ලෝකාර්ථචර්යාව කෙරෙමින් සිටැ, මුහුකළා වූ නුවණ ඇති මෘදු වූ ඉන්ද්රිරයන් ඇති සත්වයනට චතුසත්යයවබෝධය කරවා, නුමුහු කළ නුවණ ඇති මෘදු වූ ඉන්ද්රිතයන් ඇති නොදක්නා ලද චතුරාර්ය සත්යකය ඇති සත්වයනට මාර්ගා මාර්ගය වරා, මෝහ නැමැති අන්ධකාරය දුරු කරවන පිණිස ධර්ම නැමැති ප්ර දීපයද, සංසාර සාග‍රයෙන් එතෙර වන පිණිස ධර්ම නැමැති මහ නැවද දක්වා,කුශලධර්ම නැමැති මුඛයෙහි අකුසල නැමැති තල හරනා පිණිසැ ධර්ම නැමැති ‍කැටපත ද, කෙලෙස් නැමැති ව්යාඑධි සංසිඳුවන පිණිසැ ධර්ම නැමැති ඖෂධය ද තමන් වහන්සේ ගේ චතුස්සත්යාිවබෝධයට අසම්ප්රාදප්ත වු සත්ත්වයනට වැඩ පිණිසැ තබා, හස්ත‍යෙන් පාදයෙන් ශරීරයෙන් ස්පර්ශකරන ලද කොළතු හා ගල්තලා හා පිදුරුබිසි හා පමණකුත් අද වක දක්වා ස්වර්ග මෝක්ෂ සැප සිද්ධ කරන්නා වු චෛත්යු කොටැ සියලු බුද්ධකෘත්ය් නිමවා, මහ මෙර මුදුනෙහි දිලිහිදිලිහී, සියලු ලෝකයෙහි පැතිරැ සිටියා වු අන්ධකාර සමුහය නසා, මහත් වු වර්ෂා වේගයකින් නිවන ලද මහ ත් වු වහ්නිස්කන්ධයක් මෙන් කුසිනාරා නුවර සමීප යෙහි වු මල්යම රජ දරුවන් ගේ ශාලාවනෝද්යානනයෙහි සල්රැක් දෙකක් අතුරෙහි එක් සල්රුකකට ප‍ය ලා, එහි පනවන ලද ශ්රිසයහන් මස්තකයෙහි සැතැපී, වෙසක් මස මැදි පොහෝ දවස් රාත්රිියෙහි අලුයම් වේලෙහි නිවන් පුරයට වදනා වු බුදු රජාණන් වහන්සේ සූවිසි කෙළ ලක්ෂයක් සමාපත්තියට සමවැදැ, විදේශයට යන්නා වු පුරුෂයන්හු තමා ගේ බන්ධු වර්ගයා වැළැඳැ සිඹැ සනසා යන කලක්මෙන් සියලු සමාපත්ති සැපය අනුභව කොටැ, දසදහසක් සක්වළ වෙවුල්වා නිරුපධිශේෂ නිර්වාණ ධාතුයෙන් පිරිනිවී සේකැ.

පන්සාළිස් හවුරුද්දක් මුළුල්ලෙහි සියලු සත්ත්වයන් සසරින් මුදනු සඳහා යමක ප්රාරතිහාර්ය්ි ආදී වූ අනේකප්රැකාර වූ ඍද්ධිවිධ ඥනය දැක්වූ බුදු රජාණන් වහන්සේ ගේ ඒ ඍද්ධිවිධ ඥන මහිමය ද, දෙවාරෝහණාදි කාලයෙහි පැවැත්තා වූ යස මහිමය ද, පාද තලයෙහි චක්රකරත්නාදී වූ රූපකාය ශෝභාව ද යන මේ සියල්ල අන්තර්ධාන වූයේ යැ.


එයින් කීහ:


“සාච ඉද්ධි සොච ය සෝ-තානි ව පාදේසු චක්කරතනානි,

සබ්බං සමන්තරහිතං-නනුරිත්තා සබ්බේසංඛාරා” යි.


මෙසේ යට කියනලද ක්රතමයෙන් කරන ලද අනේක ප්රාකාර වූ සියලු ලෝකාර්ථචර්යාතං වන් ඇති, භූවනත්ර යයට ස්වාමි වූ, මහත් වූ ශ්රිෝ ඍද්ධි ඇති, ධර්මරාජ වූ, මුනින්ද්රන වූ සූර්ය්වන ශත සහශ්රූයන් ගේ ශොභාවට වැඩි බැබැළිම් ඇති ඒ සර්වඥයන් වහන්සේ ද පවා විනාශයට පැමිණි සේකැ. එසේ හෙයින් නිෂ්කරුණා වූ ඒ මරණය ලෝකයෙහි කවර නම් සත්ත්වයක්හු හැරැපියා ද?


එහෙයින් කියන ලදි:

ඉති විහිත විචිත්තා සේස ලෝකත්ථචාරෝ

තිහවපති මහිද්ධි ධම්මරාජා මුනින්දෝ

රවිසතජුතිසෝභෝ සෝපි යාතෝ විනාසං

මරණමකරුණන්තං කංහි ලෝකේ ජහෙය්යා්’ති.


දශබල පරිණිර්වාණ කථා යි.


ප්‍රථම සඞ්ගීති කථා


1. සඞගීති නිදාන කථාවසංස්කරණය

මෙසේ මගධ දේශවාසිනට අධිපති වූ අජාසත් රජ හට අටවැනි හවුරුද්දෙහි ලෝකස්වාමී වූ භාග්යජවත් බුදුරජාණන් වහන්සේ පිරි නිවි කල්හි කුසිනාරා නුවර රැස් වූ සඞ්ඛ්යාක පථාතික්රායන්ත වූ භික්ෂූන් මධ්යියෙහි ගණජ්යේෂ්ඨ වූ සත් ලක්ෂයක් භික්ෂූන් වහක්න්්සේට ප්රහධාන ස්ථවිර වූ ආයුෂ්මත් මහා කාශ්ය්ප ස්ථවිරයන් වහන්සේ, බුදුහු පිරිනිවි සතියෙතින් සුභද්ද නම් බුඞ්ඪ පබ්බජිත භික්ෂුහු විසින් “ ඇවැත්නි! ශෝක නො කරවු. නො හඬවු. හැඬීම් වැලැපීම් ශෝක කිරිම් ආදියෙන් ප්රියෝජන නැත. ඒ මහා ශ්රහමණයන් කෙරෙන් අපි මිදීගියෙම්හ. ‘මේ තොපට කැප යැ මේ තොපට අකැප යැ’යි ඒ බුදුන් ගේ කීමෙන් පීඩිත වැ ගියම්හ. දැන් වූ කලී අපි යමක් කැමැත්තමෝ වූම් නම් ඒ කරම්හ. යමක් නොකැමැත්තමෝ වූම් නම් ඒ නො කරම්හ” යි කියනලද වචනය සිහි කරන සේක්, මෙබඳු වූ සඞ්ඝ සන්නිපාතයක් නැවැතැ ලැබැගත නොහැකි බව සිතන සේක්, පාප භික්ෂූහු ‘බුදුහු පිරිනිවි සේකැ. එසේ හෙයින් මේ ධර්මයට නායක කෙනෙක් නැතැ” යි සිතා, පක්ෂබල ලැබගෙනැ නො බෝද‍වසෙකින් මැ ධර්මය අන්තර්ධාන කොටැ පියති යන මෙසේ වූ කාරණයෙකුත් ඇත් මැ යැ. යම්තාක් ධර්ම විනය දෙක සිටී නම්, ඒ තාක් බුදුන් පිරිනිවන් නො පෑ කලක් මෙන් අවවාද අනුශාසනා නො නැසී පවත්නේ යැ.

“ආනන්දය! මා විසින් තොපට යම් සූත්රානභීධර්මයක් දෙ‍සන ලද ද, යම් විනයයෙක් පනවනලද ද, ඒ සූත්රාපභි ධර්ම දෙක හා විනය හා මාගේ ඇවෑමෙන් තොපට ශාස්තෘ යැ” යි බුදු රජාණන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලද්දේ යැ. එසේ හෙයින් යම් සේ ශාසනය බෙහෝ කලක් පවතී ද, චිරස්ථායි වේ ද, එපරිද්දෙන් ධර්ම විනය දෙක සඞ්ඝායනා කෙළෙම් වීම් නම් යහපතැයි කියා; තව ද භාග්ය වත් වූ බුදු රජාණන් වහන්සේ විසින් ‘කාශ්ය පයෙනි! තෙපි සණවා පටින් කරන ලද පරිභෝගයෙන් දිරාගියාවූ මා ගේ පාංශුකූල චීවරය ධරවු දැ?” යි වදාරා චීවරයෙහි සාධාරණ පරිභෝගයෙනුත් මම අනුග්රවහ කරන ලද්දෙම් වෙමි.

තව ද “මහණෙනි! මම යම්තාක් කැමැත්තෙම් වීම් නම් කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්මයෙන් වෙන් වැ මැ ප්රයථම ධ්යාතනයට සම වැදැ වෙසෙමි. මහණෙනි! කාශ්ය පයෝ ද යම් තාක් කැමැත්තෝ වූ නම් කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්මයෙන් වෙන් වැ මැ ප්රයථම ධ්යාකනයට සමවැදැ වසන්නාහ” යන මේ ආදී ක්රෙමයෙන් රූපාරූප අෂ්ටසමාපත්ති හා සඥවේදයිත නිරෝධ සමාපත්ති සඞ්ඛ්යාකත වූ නවානූපූර්ව විහරණයෙන් හා ෂඩ්අභිඥ ද ඇති උත්තරී මනුෂ්ය ධර්ම යෙහි තමන් වහන්සේ හා සම කොටැ තිබීමෙනුත් අනුග්රතහ කරන ලද්දෙම් වෙමි.

එසේ මැ ආකාශයට ඇඟිල්ල නඟා සොල්වා කිසිවෙක් අලග්න වු සිත් ඇති බැවින් ද, “චන්දුපමෝ භික්ඛවේ කස්සපෝ කුලානි උප සඞකමති”. යනාදීන් හීනෝත්කෘෂ්ට මධ්ය“ම සත්ත්වයන් නො තෝරා ගෙපිළිවෙළින් පිඬුසිඟා ඇවිදිනා බව හේතු කොටැගෙනැ චන්ද්රෝයපම ප්රිතිපත්තියෙන් ප්ර”සංසා කරන ලද්දෙම් වෙමි.

එසේ වු මට ධර්ම විනය සඞගායනා කිරීම හැරැ අනෙක් කිමෙකින් නම් අනෘණභාවයෙක් වේ ද? බුදු රජාණන් වහන්සේ විසින් කළා වු ඒ අනුග්රයහයට ධර්ම විනය සඞගායනා කොටැ නයෙන් මිදියැ යුත්තේ යැ. තවද ස්වකීය වු පඤ්ච රාජ කකුධ භාණ්ඩය ඓශ්චර්ය්මිද ද දීමෙන් තමන් ගේ වංශය පිහිටුවන්නා වු පුත්ර යක් හට රජක්හු කරන අනුග්රීහයක් මෙන් ‘මේ මහා කාශ්යුපයෝ මා ගේ සද්ධර්ම නැමැති වංශය මතු පිහිටුවන්නෝ වේදැ’ යි සිතා, මේ අසාධාරණ වු අනුග්රිහයෙන් බුදු රජාණන් වහන්සේ මට අනුග්රනහ කළ සේක් නො වේ ද, මේ උදාරතර වු ප්ර‍ශංසා යෙනුත් ප්රහශංසා කළ සේක් නො වේදැ” යි සිතා, ධර්ම විනය සඞගායනා කරනු පිණිසැ භික්ෂුනට උත්සාහ ඉපැදැ වූසේකැ.


2. සංගිති ආරම්භ කථාවසංස්කරණය

ඉක්බිත්තෙන් සුභද්ද නම් පබ්බජිත භික්ෂුහු කරනලද අනා චාරය කියා,”නොබෝ කලෙකින් අධර්මය දීප්තිමත් වන්නේ යැ. ධර්මය පසු බස්නේ යැ. අධර්ම වාදීහු බලවත් වෙති. ධර්මවාදිහු දුර්වල වෙති. අවිනයවාදිහු බලවත් වෙති. විනයවාදිහු දුර්වල වෙති. එබැවින් අපි ඇවැත්නි! ධර්ම විනය දෙක සඞගායනා කරම්හ”යි කියා ‘භික්ෂුන් වහන්සේ විසින් එසේ වී නම් “ස්වාමීනි! නුඹ වහන්සේ භික්ෂුන් තෝරාගත මැනැවැ”යි කි කල්හි ‘සියලු සූත්රව ගෙය්යාුදි නවාංග ශාස්තෘ ශාසන පර්යාැව ප්ති ධරන්නා වු පෘථග්ජන ශ්රෝහතා පන්න සකෘදාගාමී අනාගාමී ශුෂ්කවිදර්ශක ක්ෂිණාශ්රපව භික්ෂුන් නොයෙක් සිය දහස් ගණන් හැරැ, ත්රි‍පිටක සර්ව පර්යාය ද ප්ති ප්‍ාගභෙද ධරන්නා වු, අර්ථප්ර තිසංවිදාදි වු, චතුපටිසම්භිඥවට පැමිණියා වු, මහානුභාවසම්පන්න වු, බොහෝ සෙයින් භාග්යිවත් බුදු රජාණන් වහන්සේ විසින් එතග්රසපාලියට නඟන ලද්දා වූ, ත්රිුවිද්යාත අෂ්ට විද්යාදදි වු ප්ර්භේද ඇති, ක්ෂීණාශ්රදව භික්ෂුන් උනුපන්සියයක් පිරිසිඳවාගනැ” දෙසනලද සූත්රර ගෙය්යාරදි වු ධර්මය ආනන්ද ස්ථවිරයන් විසින් බුදුන් අසම්මුඛයෙන් පිළිගත් කිසිවක් නම් නැත්තේ යැ. එසේ හෙයින් ආනන්ද ස්ථවිරයන් හැරැ ධර්ම සඞගායනා කරන්නට නො පිළිවනැ. එසේ ද වුවත් ආනන්ද ස්ථවිර තෙම ශ්රෝ තාපත්ති මාර්ගය විනා මත්තෙහි තුන්මඟ තුන්ඵලයට නොපැමිණි හෙයින් ඉදිරියේ කළ මනා කටයුතු ඇත්තේ යැ. ශාක්යහ වංශයෙහි උපන්නේ යැ. මම ඔහු කෙරෙහි ඉතා විශ්වාස ඇත්තෙමි. සමහර භික්ෂු කෙනෙක් ඡන්දයෙන් පැවැත්මක් මෙන් සිතා ‘අශෛක්ෂ ප්රිතිසංවිදාවට පැමිණියා වු බොහෝ භික්ෂුන් සිටියැ දී ආනන්ද ස්ථවිරයන් ශෛක්ෂ ප්රිතිසංවිදාවට පැමිණි තැනැත්තන් මහා කාශ්යආප ස්ථවිරයන් වහන්සේ තෝරාගත් සේකැ”යි උපවාද කරන්නාහු යැ. ඒපරුෂවාදය දුරු කරන්නෙම් භික්ෂුන් ගේ මැ අනුඥයෙන් ඇරැ ගනිමි”යි සිතා, ඒ ආනන්ද ස්ථවිරයන් වහන්සේට අවසර තබා වැඩහුන් සේකැ. භික්ෂුන් වහන්සේ විසින් “ස්වාමීණි! මේ ආනන්ද ස්ථවිරයෝ ඒකාන්තයෙන්මැ ශෛක්ෂ්ය්යෝයැ. එතෙකුදු වුවත් ඡන්දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් භයින් අගතියට යන්නට අයෝග්යඡයෝ යැ. ඒ ආනන්ද ස්ථවිරයන් විසින් බුදු රජාණන් වහන්සේ සමීපයෙන් බොහෝ ධර්ම විනය උගන්නාලද්දේ යැ.


“ද්වාසිතිං බුද්ධතෝ ගණ්හිං ද්වේ සහස්සානි භික්ඛුතෝ,

චතුරාසීතිසහස්සානි යේමේ ධම්මා පවත්තිනෝ” යි

මෙසේ ආනන්ද ස්ථවිරයන් තමන් විසිනුත් ධර්මගර්ජනා කරන ලද්දේ යැ. එසේ හෙයින් ස්වාමීනි, මහා කාශ්යැප ස්ථවිරයන් වහන්සේ ආනන්ද ස්ථවිරයනුත් තෝරා ගන්නා සේක් වා.” යි කියා යාච්ඤා කරනලද සේක්, භිකිෂුන්ගේ අනුඥානයෙන් ආනන්ද ස්ථවිරයන් ගෙනැ පස්සියය පිරැවු සේකැ.


ඉක්බිත්තෙන් ස්ථවිරයෝ “ පින්වත්නි” අපි ධර්ම විනය, කොයි දී සඞගායනා කරමෝ දැ” යි කල්පනා කරන්නාහු. රජගහ නුවර දැකැ”අන් භික්ෂු කෙනෙක් රජගහ නුවර වස් විසීමට නෙඑත් වා “යි අස්වා, දඹදිව සැරිසරා ඇවිදිනාහු, ඒ ඒ තන්හි බුදුන්ගේ පරිනිර්වාණය නිසා ශෝක නැමැති හුල ළෙහි පිහිටීමෙන් පීඩිත වු මහා ජනයා අස්වසමින්, රජගහ නුවරට වැඩි සේකැ, අනඳ මහ තෙරුන් වහන්සේ ද බුදු රජාණන් වහන්සේ ගේ පාසිවුරු ගෙනැ භික්ෂු සඞගයා වහන්සේ විසින් පිරිවරන ලදු වැ කුසිනාරා නුවරින් නික්මැ සැරිසරා වඩනා සේක්, තමන් වහන්සේ පැමිණි පැමිණියාවු ස්ථානයෙහි “ස්වාමිනි! ආනන්ද ස්ථවිරයන් වහන්සේ සර්වඥයන් වහන්සේ කොයි තබාලා වැඩි සේක් දැ” යි මහ හඬින් හඬන්නා වූ මහ ජනයාට අනුශාසනා කරන සේක්, ක්රිමයෙන් සැවැත් නුවරට පැමිණැ බුදුන් ගේ පරිනිර්වාණ දිනයෙහි මෙන් මහත් වූ හැඬීම් වැලපීම් වූ කල්හි අනිත්ය තායෙන් යුක්ත වූ ධර්ම කථායෙන් ඒ මහා ජනයා සන්සිඳුවා ජේතවනාරාමයට වැඩැ දශබලධාරී වු බුදු රජාණන් වහන්සේ විසින් වසනලද ගඳකිළියට වැදැ, දොර හැරැ ගෙට වැදැ, සර්වඥයන් වහන්සේ විද්යාාමාන කාලයෙහි කළ මනා සියලු වත් කොටැ, බුදුන් ගේ සියලු ගුණ සමූහ නැමැති අමෘත රසය දත් බැවින් පිහිටියා වු ප්රෙ ම ඇති සේක්. ක්ෂීණාශ්රැව නොවන සේක්, නොඑක් ලක්ෂ ගණන් ජාතිවලැ ඔවුනොවුනට කරනලද උපකාරයෙන් උපන්නා වූ මොළොක් සිත් ඇති සේක්.වතාවත් කොටැ ඉක්බිති ගඳකිළියට වැදැ “ ස්වාමීනි! බුදු රජාණන් වහන්ස! මේ නුඹ වහන්සේ පැන් සනහන වේලාව නො වේ ද , මේ නුඹ වහන්සේ භික්ෂුන් වහන්සේට අවවාද දෙන වේලාව නො වේ දැ”යි යනාදි ක්රේමයෙන් හඬන සේක්, එක්තරා දේවතාවකු විසින් “ස්වාමීනි! ආනන්ද ස්ථවිරයන් වහන්ස! නුඹ වහන්සේ මෙසේ හඬන කලැ සෙස්සන් කෙසේ අස්වසන සේක් දැ” යි සංවේග ඉපදැවු කල්හි ළය තද කොටැ ශෝක දුරු කොටැ විහාරයෙහි සුන් බුන් තැන් සකස් කරවා, වස් වසන දිනය ආසන්න වූ කල්හි භික්ෂු සඞඝයා වහන්සේ හැරැ රජගහ නුවරට වැඩි සේකැ.


ඉක්බිත්තෙන් පන්සියයක් රහතන් වහන්සේ ඇසළ මස පුණු පොහෝ දිනයෙහි පොහොය කොටැ පෑළවිය දවස් වස් වසා, “ ඇවැත්නි! බුදු රජාණන් වහන්සේ විසින් සුන් බුන් තැන් සකස් කිරීම් වසයෙන් විහාර පිරිමැස්වීම් වර්ණනා කරන ලද. එබැවින් අපි ඇවැත්නි! පළමුවන මසැ සුන්බුන් තැන් සකස් කරවා විහාර පිරිමස්වම්හ.දෙවන මසැ රැස් වැ ධර්මවිනය සඞගායනා කරම්හ” යි කියා, දෙවන දවසැ අජාසත් රජ්ජුරුවනට දන්වා, උන් ගෙන් මිනිසුන් ගෙනැ සර්වඥ වචනයට පූජා කරන පිණිසැ ද, ශ්රවමණ භවත් ගෞතමයන් ගේ ශ්රානවකයෝ උන් විද්යාැමාන කල්හි මැ ප්රවතිපත්ති පුරා විහාර පිරිමැසීම් කළහ. දැන් උන් පිරිනිවී හෙයාන් විහාර හැරපියා ඒ ඒ තැන්හි පලා ගියාහ’යි යන තීත්ර්ථක වාදයෙන් ගැලවීම පිනිසැ ද, හරනා ලදින් වැටී කසළ වැ ගියා වූ අටළොස් මහා විහාරයෙහි සුන් බුන් තැන් සකස් කරවා, ‘ මහ රජ්ජුරු වෙනි! විහාර පිරිමැස්ම නිමි යේ යැ දැන් ධර්ම විනය සඞගායනා කරම්හ” යි කී සේකැ.


ඒ අසා රජ්ජුරුවන් විසින් “ යහපත ස්වාමීනි! නිශ්ශඞකිත වැ කළ මැනැව. මා ගේ ආඥා චක්රහය පවතී වයි. ස්වාමීනි! මට වදාළ මැනැව. කුමක් කෙරෙම් දැ” යි කි කල්හි “ ධර්මසඞගායනා කරන්නා වු භික්ෂුන් වහන්සේට රැස් වැ ඉඳිනා වු ස්ථානයක් වුව මැනැවැ යි “ කී සේකැ. ඉක්බිත්තෙන් රජ්ජුරුවන් විසින් “ස්වාමීනි! කොතැන්හි කෙරෙම් දැ”යි කී කල්හි “ වේහාර පර්වත සමීපයෙහි සප්තපර්ණි ගුහාද්වාරයෙහි කරන්නට වටනේ යැ”යි නී සේකැ. “යහපත ස්වාමීනි” යි කියා, අජාසත් රජ්ජුරුවෝ විශ්වකර්ම දිව්යද පුත්ර යා විසින් මවන ලද්දක් හා සමාන කොටැ මනා කොටැ විභාග කරනලද භිත්ති ස්ථම්භ සෝපාන ඇති; අනේක ප්රටකාර වූ මාලාකර්ම ලතාකර්මයෙන් විසිතුරු වූ, ලෝකයෙහි සිත්කලු වස්තු තාක් රැස් කොටැලු තැනක් වැනි වූ, දර්ශනීය වූ සාර භූෂණයන් ඇති මණ්ඩපයක් කරවා, අනේක ප්රලකාර වූ ඕලම්බ කුසුම දාමයන් වමාරන්නාක් වැනි වූ මනෝඥ වූ වියන් ඇති, සත් රුවනින් විසිතුරු වු මැණික් පිල් කඩක් වැනි වූ අනේක ප්ර්කාර වූ පුෂ්ප පූජායෙන් විසිතුරු වූ මනා කොටැ නිමවනලද භූමි කර්මාන්ත ඇති ඒ මණ්ඩපයෙහි පන්සියයක් භික්ෂුන් වහන්සේට පන්සියයක් කැප පසතුරුණු පනවා, දකුණු දිගට පිට ලා උතුරු දිගට අභිමුඛ කොටැ භාග්යපවත් වූ බුදු රජාණන් වහන්සේට වැඩැ ඉන්නට සුදුසු වූ අස්නක් හා සමාන කොටැ ධර්මාසනයක් පනවා, ධර්මාසනය මස්තකයෙහි දළකඩමය වූ විජිනි පත්රපයක් තබා “ස්වාමීනි මා විසින් කළමනා කටයුතු කොටැ නිමවන ලදැ” යි භික්ෂු සඞඝයා වහන්සේට දැන්වූහ.


ඒ දවස් වනාහි ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේට භික්ෂුන් වහන්සේ විසින් “ඇවැත්නි! සෙට සන්නිපාත වන්නේ යැ. තෙපි වූකලී ශෛක්ෂයව, මත්තෙහි කළ මනා කටයුතු සහිතයව. එසේ හෙයින් තොපට සන්නිපාතයට යන්නට සුදුසු නො වෙයි. ප්රවමාද නො වව” යි කී කල්හි, රාත්රිායෙහි බොහෝ සේ කායගතා සති කර්මස්ථාන යෙන් කල් යවා අධික කොටැ වඩන ලද වීර්ය් බ ඇති බැවින් සකෘදාගාමි මාර්ගාදී වූ මාර්ග ඵල විශේෂයක් උපදවාගන්නට අසමර්ථ වූ සේක්. එබැවින්; “මම වීර්ය්ිශේ සමත්වය යොදමි” යි අලුයම් වේලෙහි සක්මනින් බැසැ, ගෙට වැදැ, ඇඳ මත්තේ හිඳැ, “මඳක් සැතපි ගනිමි” යි කය ඇඳට නැමූ සේකැ. අනඳ මහ තෙරුන් වහන්සේ ගේ දෙපය බිමින් ගැලැවී ගියේ යැ. මේ අතුරෙහි කාමාදි ආශ්රටවයන් කෙරෙන් කිසිවක් නො ගෙනැ සිත මිදී ගියේ යැ. සකල ක්ලේශයන් නසා රහත් වූ සේකැ.


ඉක්බිත්තෙන් පන්සියයක් ක්ෂිණාශ්ර වයන් වහන්සේ දෙවන දවස් වළඳා අන්තයෙහි පාසිවුරු තැන්පත් කොටැ තබා, සඳ වලා පටල සේ රත්පැහැ ඇති පාංශුකූල චීවරයන් පොරවා මාණික්යයමය වූ සන්නාහයෙන් සන්නද්ධ වූ හස්තිරාජයන් පරිද්දෙන් ධර්ම සභෘ මණ්ඩපයට රැස් වැ වෘද්ධ පරිපාටියෙන් සග මහලු පිළිවෙළ නොයික්මවා තමන් වහන්සේට පැමිණියා වූ අසුන්වලැ වැඩහිඳිනා සේක්, අනඳ මහ තෙරුන් වහන්සේට අස්නක් තබා හුන් සේකැ. එතැන්හි කිසි කෙනෙකුන් වහන්සේ ‘ මේ අස්න කාට දැ” යි විචාරා ‘ ආනන්ද ස්ථවිර යනට යැ” යි කී කල්හි ‘ ආනන්ද ස්ථවිරයෝ කොයි ගියෝ දැ’ යි කී සේකැ. එකල්හි අනඳ මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේ අර්හත්ඵලයට පැමිණි නියාව දන්වනු කැමැති සේක්, ස්ථවිරයන් වහන්සේ හා සමඟ නො ගොස්, ධර්මසභා මණ්ඩපයෙහි ‘ආනන්ද ස්ථවිරයෝ කොයි ගියෝ දැ’ යි යන කථාව උපන් කල්හි ‘ දැන් මා එතනට යන්නට වේලා වන්නේ යැ’ යි තමන් වහන්සේ ගේ ආනුභාය යෙන් පොළොවැ කිමිදගෙනැ ගොස් තමන් වහන්සේට පැමිණි අස්නෙහි මැ හුන්බව හැම දෙනා වහන්සේට දැක්වූ සේකැ. එකල්හි මහා කාශ්යතප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ ගේ, නටුයෙන් ගිලිහීගිය තාල ඵලයක් වැනි වූ ද, රත් පලසක් මත්තෙහි තබන ලද ජාතිරඞ්ග මාණික්යයයක් බඳු වූ ද, වලාකුළු නැත්තා වූ ආකාශයෙහි නැංගා වු පූර්ණ චන්ද්රය මණ්ඩලයක් බඳු වූ ද, බලාර්ක මරීචි සම්පර්කයෙන් සුපුෂ්පිත වූ රේණුයෙන් රන්වන් වූ ගර්භ ඇති පද්මයක් බඳු වූ ද, පිරිසිදු වූ ද, නිර්මල වූ ද, ප්ර භාසහිත වූ ද, සශ්රීකක වූ ද මුඛය දැකැ “පින්වත්නි! එකාන්තයෙන් හොබනේ යැ.ආනන්ද ස්ථවිරයෝ අර්හත් ඵලයට පැමිණියෝ යැ. ඉදින් බුදු රජාණන් වහන්සේ ජීවත්වැ වැඩහුන්සේක් වී නම් ඒකාන්තයෙන් ආනන්ද ස්ථවිරයනට සාධුකාර දෙන සේකැ. එබැවින් දැන් මම මේ ආනන්ද ස්ථවිරයනට, සර්වඥයන් වහන්සේ විසින් දිය යුතු සාධුකාර දෙමැ” යි තුන් වරක් සාධුකාර දුන් සේකැ.


3.සඞ්ගිති විස්තර කථාවසංස්කරණය

ඉක්බිත්තෙන්සංස්කරණය

ඉක්බිත්තෙන්, ආයුෂ්මත් වූ මහා කාශ්යාප ස්ථවිරයන් වහන්සේ සුපිපි රත් පියුම් වනයක් වැනි වූ ද, තරුපැහැයෙන් ගැවසීගත් ආකාශ තලයක් වැනි වූ ද, ඉතා නිර්මල භික්ෂු බලා, භික්ෂූන් වහන්සේට ආමන්ත්රයණය කොටැ, “ඇවැත්නි! පළමු කොටැ කුමක් සඞ්ගායනා කරමෝ ද? සුත්රාමභීධර්ම දෙක සඞ්ගායනා කරමෝ ද? විනය සඞ්ගායනා කරමෝ ද” යි විචාරා “ සවාමීනි! මහා කාශ්යකප ස්ථවිරයන් වහන්සේ ! විනය නම් සර්වඥ ශාසනයට ආයුෂය වන්නේ යැ විනය පිහිටි කල්හි ශාසනය පිහිටියේ නම් වන්නේ යැ. එසේ හෙයින් පළමු කොටැ විනය සඞ්ගායනා කරම්හ” යි භික්ෂූන් වහන්සේ කී කල්හි කවුරුන් ප්රාධාන කොටැ දැ” යි විචාරා “සරුවඥයන් වහන්සේ ජීවත් වැ වැඩහිඳියැ දි මැ විනය පර්ය්ා කප්ති නිසා ‘මහණෙනි! විනයධර වූ මා ගේ ශ්රාැවක භික්ෂූන් අතුරින් යම් මේ උපාලි ස්ථවිර යෙක් ඇද්ද එතෙම විනය ධරන්නනට අග්රරයැ’ යි ආයුෂ්මත් වූ උපාලි ස්ථවිරයන් ඒතදග්රුපාලියෙහි තැබූ සේකැ. එසේ හෙයින් උපාලි ස්ථවිරයන් විචාරා විනය සඞ්ගායනා කරම්හ” යි කී කල්හි විනය විචාරන පිණිසැ තමන් වහන්සේ මැ තමන් වහන්සේට අස්වන්නා වූ මහා කාශ්යයප ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි! සඞ්ගයා මා කියන්නක් අසා වා. ඉඳින් සඞඝයාට ප්රායප්ත වූ කල් ඇත්තේ වී නම් මම උපාලි ස්ථවිරයන් ගෙන් විනය විචාරමි” යි සඞ්ඝයා ඇස්වූ සේකැ. ආයුෂ් මත් වූ උපාලි ස්ථවිරයන්වහන්සේ ද “ස්වාමීනි! සඞ්ගයා මා කියන්නක් අසා වා. ඉදින් සඞ්ගයාට ප්රනප්ත වූ කල් ඇත්තේ වී නම් මම ආයුෂ් මත් වූ මහා කාශ්යූප ස්ථවිරයන් වහන්සේ විසින් විනය විචාරන ලද්දෙම් විසදමි” යි මෙසේ තමන් වහන්සේ තමන් වහන්සේට මැ අස්වාගෙනැ හුනස්නෙන් නැඟී, සිවුර එකාංශ කොටැ ස්ථවිර භික්ෂුන් වහන්සේ වැඳැ, දළකඩමය වූ විජිනි පත්රරය අතින් ගෙනැ ධර්මාසන යෙහි වැඩැ හුන් සේකැ.


ඉක්බිත්තෙන් මහා කාශ්යගප ස්ථවිරයන් වහන්සේ ස්ථවිරාසන යෙහි හිඳැ, ආයුෂ්මත් වූ උපාලි ස්ථවිරයන් වහන්සේ ගෙන් විනය විචාරනසේක් “ ඇවැත්නි! උපාලි ස්ථවිරයනි! ප්රගථම පාරාජිකාව කොයි දි පනවනලද්දේ දැ” යි විචාරා . “ ස්වාමීනි! විසාලා මහනුවර දී යැ” යි කී කල්හි “ කවරක්හු අරඹයා දැ” යි විචාරා, “ සුදින්න නම් කලන්දක පුත්රරයා නිසා යැ” යි කී කල්හි, “ කවර වස්තුවක් කාරණ කොටැ දැ” යි විචාරා, “ මෛථුනධර්මය නිසා යැ” යි කී කල්හිථ ප්රාථම පාරාජිකාවෙහි වස්තුව ද, නිදානය ද, පුද්ගලයා ද, ප්රහඥප්තිය ද, අනුප්ර ඥප්තිය ද, ආපත්තිය ද, අනාපත්තිය ද විචාරා. මෙ මැ ක්ර මයෙන් දෙවැනි වූ අදත්තාදානපාරාජිකාදින් ගේ වස්තු ආදිය විචාළ සේකැ. ඒ සියල්ල උපාලි ස්ථවිරයන් වහන්සේ විසැඳු සේකැ.


ඉක්බිත්තෙන් “යෝ පන භික්හූ භික්හුනම් සික්ඛාසාජීව සමාපන් නෝ සික්ඛං අපච්චක්ඛය දුබ්බල්යං් අනාවී කත්වා මෙථුනං ධම්මං පතිසේව්යෙය අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකෝ හෝති අසංවාසෝ” යනාදින් වදාරනලද සතර පාරාජිකා ‘ මේ පාරාජිකා කාණ්ඩ නමැ’යි සඞ්ග්රලහයට නඟා “ ඝණ්චේතනිකා සුක්කව්සට්ඨි අඤ්ඤත්ර සුපිනන්තා සඞ්පාදිසේසෝ” යනාදින් දක්වන ලද තෙළෙස් සඞ්පාදාසේසයන් ‘තේරසක යැ’ යි කියා ද , “ යෝ පන භික්හූ මාතු ගාමේන සද්ධිං එකෝ එකාය රහෝ පටිජ්ඡන්නේ ආසනේ අලංකම්ව නියේ නිසජ්ජං කප්පේය්ය්” යනාදින් දක්වනලද ශික්ෂාපදයන් දෙ‍දෙනකු ‘අනියත යැ’ යි කියා ද, නිට්ඨිත විචරස්මිං පන භිකුහුනා උබ්හ තස්මිං කඨිනේ දසාහපරමං අතිරේකචිවරං ධාරේතබ්බං” යනාදින් දක්වන ලද ශික්ෂා පදයන් තිස් දෙනකු ‘ නිසගි පවිති යැ’ යි කියා ද, “ සම්පජානමුසාවාදෙ පාවිත්තියං” යනාදින් දක්වනලද දෙයානූවක් ශික්ෂාපදයන් ‘ පවිති යැ’ යි කියා ද, “ යෝ පන භික්හු අඤ්ඤාතිකාය භික්ඛුණියා අන්තර ඝරං පවිට්ඨාය හත්ථතෝ ඛාදනියං වා භොජනි යං වා සහත්ටා පටිග්ගහෙත්වා ඛදෙය්යා වා භූඤ්ජෙය්යද වා පටිදෙසේ තබ්බං” යනාදින් දකවනලද ශික්ෂා පදයන් සතර දෙනකු ‘පාටි දේසනිය යැ’ යි කියා ද, “ පරිමණ්ඩලං නිවාසෙස්සාමි” යනාදීන් කියනලද පන්සැත්තෑවක් පමණ ශික්ෂා පදයන් ‘ සේ ඛියා ශික්ෂෘපදයෝ යැ’ යි කියා ද, “ උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වුපසමාය” යනාදීන් කියනලද ධර්මයන් සත් දෙනකු අධිකරණසමථ යැ’ යි කියා ද තබා මෙසේ දෙසිය සත්විස්සක් පමණ ශික්ෂාපදයන් මහාවිහඞ්ග යැ යි කිර්තනය කොටැ:


භීක්ඛුණිවිහඞ්ගායෙහි “ යා පන භික්ඛුණි ඡන්දයෝ මේථුනං ධම්මා පතිසේවෙය්යහ” යනාදීන් දක්වනලද ශික්ෂාපදයන් අට දෙනකු පරාජික කාණ්ඩ නමැයි තබා, “ යා පන භික්හුණි උස්සය වාදිකා විහරෙය්ය ” යනාදින් දක්වනලද ශික්ෂාපද සතළොස ‘සත්තරසක යැ’ යි කියා ද, “යා පන භික්ඛුණි පත්තසන්නීචයං කරෙය්යළ” යනාදින් දක්වන ලද ශික්ෂාපද තිසක් ‘නිසගිපවිති යැ’ යි කියා ද. “යා පන භික්ඛුණි ලසුනං ඛාද්යෙයය’ යනාදින් දක්වන ලද එක්සිය සැටක් ශික්ෂාපදයන් ‘පවිති යැ’ යි කියා ද “යා පන භික්ඛුණි අගිලානා සප්පිං විඤ්ඤාපෙත්වා භූඤේජය්යි” යනාදින් දක්වන ලද ශික්ෂාපදයන් අට දෙනෙකු ‘පාටිදේසනිය යැ’ යි කියා ද, “පරිමණ්ඩලං නිවාසෙස් සාමි” යනාදින් දක්වන ලද පන්සැත්තෑවක් පමණ ශික්ෂා පදයන් සේඛියා යැ’යි කියා ද, “උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමාය” යනාදින් දක්වන ලද ධර්මයන් සත් දෙනකු අධිකරණ සමථ යැ’යි කියා ද තබා, මෙසේ තුන්සියපසක් පමණ ශික්ෂාපදයන් භික්ඛුණිවිහඞග යැයි කිර්තනය කොටැ, සූසැට බණවරෙකින් හෙබියාවු උභය විහඞගය සඞග්ර හයට නඟා, මෙම ක්රැමයෙන් අසූ බණවරක් පමණ ඇති මහවග සුලුවග ද, පස්විසි බණවරක් පමණ ඇති පරිවාරය ද සඞගායනා කොටැ, ‘මේ විනයපිටක නම් වන්නේ යැ’ යි කියා, “ඇවැත්නි! මේ තොප ගේ අන්තේවාසික සද්ධිවිහාරික භික්ෂුන් හදාරවවු’යි ආයුෂ්මත් වු උපාලි ස්ථවිරයන් වහන්සේට පාවා දුන් සේකැ. මෙසේ විනය සඞඝායනා කොටැ ඉක්බිත්තෙන් උපාලි ස්ථවිරයන් වහන්සේ දළකඩමය වු විජිනි පත්රාය තබා, ධර්මාසනයෙන් බැසැ වෘද්ධ භික්ෂුන් වහන්සේට නමස්කාර කොටැ, තමන් වහන්සේට පැමිණි අස්නෙහි උන් සේකැ.


විනය සංගායනා කොටැ, ඉක්බිත්තෙන් ධර්ම සඞගායනා කරනු කැමැති වැ අයුෂ්මත් වු මහා කාශ්ය,ප ස්ථවිරයන් වහන්සේ “ධර්ම සඞගායනා කරන්නවුන් විසින් කවර පුද්ගලයක්හු ප්ර්ධාන කොටැ ධර්ම සඞගායනා කටයුතු දැ” යි විචාරා භාක්ෂුන් වහන්සේ විසින් “බහුශ්රැකත වු ඥානගති ඇත්තා වු ස්මෘතිමත් වු ධෛර්ය් ව වත් වු උපස්ථායකු වු මා ගේ ශ්රාතවක භික්ෂුන් අතුරින් යම් මේ ආනන්ද ස්ථවිරයෙක් ඇද්ද, මහණෙනි! එතෙමේ අග්රත යැ” යි මෙසේ භාග්යේවත් වු බුදු රජාණන් වහන්සේ විසින්ද; ‘ආයුෂ්මත් වු ආනන්ද ස්ථවිරයෝ අර්ථොත්පත්තියෙහි දක්ෂයෝ යැ ධර්ම විභාගයෙහි දක්ෂයෝ යැ. දිව්යයඥාන විභාගයෙහි දක්ෂයෝ යැ. නිරුක්ති ප්රආභෙදයෙහි දක්ෂයෝ යැ. පූර්වාපර දැන්මෙහි දක්ෂයෝ යැ’ යි මෙසේ ධම්සෙනෙවි සැරියුත් මහ තෙරැන් වහන්සේ විසින්ද ආනන්ද ස්ථවිරයෝ ප්රයශංසා කරන ලද්දෝයැ. එසේ හෙයින් “ ආනන්ද ස්ථවිරයන් ප්රරධාන කොටැ ධර්ම සඞගායනා කරම්හ” යි කී කල්හි, ධර්ම විචාරන පිණිසැ තමන් වහන්සේ මැ අස්වන්නා වු මහා කාශ්යකප ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, සඞඝයා මා කියන්නක් අසා වා. ඉදින් සඞඝයාට ප්රාහප්ත වු කල් ඇත්තේ වි නම් මම ආනන්ද ස්ථවිරයන් ගෙන් ධර්මය විචාරමි” යි සඞඝයාට ඇස්වු සේකැ. ආයුෂ්මත් වු ආයුෂ්මත් වු අනඳ මහතෙරුන් වහන්සේ ද “ස්වාමිනි, සඞඝයා මා කියන්නක් අසා වා. ඉදින් සඞඝයාට ප්රානප්ත වු කල් ඇත්තේ වී නම්, මම ආයුෂ්මත් වු මහා කාශ්යමප ස්ථවිරයන් වහන්සේ විසින් ධර්මය විචාරනලද්දෙම් විසඳමි” යි මෙසේ තමන් වහන්සේ මැ තමන් වහන්සේ අස්වා හුනස්නෙන් නැඟි, සිවුර ඒකාංශ කොටැ බහා, ස්ථවිර භික්ෂුන් වහන්සේට නමස්කාර කොටැ දළකඩමය වූ විජිනි පත්රසයක් අතින් ගෙනැ ධර්මාසනයෙහි වැඩැහුන් සේකැ.


ඉක්බිත්තෙන් ආයුෂ්මත් වුසංස්කරණය

ඉක්බිත්තෙන් ආයුෂ්මත් වු මහා කාශ්යිප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් වු අනඳ මහා තෙරුන්වහන්සේ ගෙන් ධර්මඩය විචාරන සේක් “ඇවැත් වු ආනන්ද ස්ථවිරයෙනි! බුදුරජාණන් වහන්සේ විසින් බ්රකහ්මජාල සූත්රයය කොයි දී වදාරණ ලද්දේ දැ” යි විචාළ සේකැ. “ස්වාමීණි, රජගහ නුවරටත් නාලන්දාවටත් අතුරෙහි අම්බලට්ඨිකා නම් වු උද්යාසනයෙහි කරනලදැ ප්ර්තිහාන චිත්රදයෙන් විසිතුරු වු රජහු කෙළනා පිණිසැ කරන ලද චිත්රක ශාලාවෙහි දී යැ” යි කී සේකැ. “කවරක්හු අරබයා දැ” යි විචාළෝ. “සුප්පිය නම් පරිබ්රාාජකයකු හා බ්රසහ්මදත්ත නම් මානවකයකු ද අරබයා ය” යි කී කල්හි, “කවර වස්තුවතුවක් හේතු කොට දැ” විචාල සේකැ. “ගුණ නුගුණ දෙක නීම කාරණා කොටැ යැ” යි කී සේකැ. මෙසේ බ්රකහ්මජාල සූත්රුයා ගේ නිදානය ද පුද්ගලයා ද වස්තුවද විචාල සේකැ. ඒ ඒ විචාළ දෙය ආයුෂ්මත් වු අනඳ මහ තෙරුන් වහන්සේ විසැඳු සේකැ.


මෙසේ චුල්ල සීල යැ මජ්ඣිම සීල යැ මහා සීල යැයි කියන ලද ත්රි්විධ ශිලයෙන් සැරසුණා වු, අනේක ප්රයකාර වු විත්ථාජි‍ව හා කූහ නලපනාදිය ද විධ්වංසනය කරන්නා වු, දෙසැටක් පමණ දෘෂ්ටි ප්රුභේදය වෙන් වෙන් කොටැ උගුළුවා පානා වු, දස දහසක් සක්වළ කම්පා කරන්නා වු, බ්ර හ්මජාල සුත්රචය සඞගායනා කොටැ එයින් මත්තෙහි, “ඇවැත් වු ආනන්ද ස්ථවිරයෙනි! ශ්රාමණ්ය්ඵල සූත්ර ය කොයි දී වදාරණලද දැ”යි යන මේ ආදි වු ප්රමශ්ණ විසර්ජනානුක්රමමයෙන් වර්ග් ත්රයයයෙකින් සඞගෘහිත වු සූත්රආ සූතිසකින් හෙබියා වු, සූසැට බණවරක් පමණ ඇති පාලිය සඞගායනා කොටැ, “සේ දික් සඟිය නමැ. ‘ඇවැත්නි! මේ තොපගේ නිඃශ්රිකත භික්ෂුන් හදාරව”යි කියා ආයුෂ්මත් වු අනඳ මහ තෙරුන් වහන්සේට පාවාදුන් සේකැ. ඊට අනතුරු වැ අසූ බණවරක් පමණ ඇති මැඳුම් සඟිය සඞගායනා කොටැ, ධම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ නිඃශ්රියත භික්ෂුන් හට ‘මේ තෙපි පරිහරණය කරවු’ යි පාවා දුන් සේකැ. ඉක්බිත්තෙන් ඊට අනතුරු වැ සියක් බණ වරක් පමණ ඇති සංයුත් සඟිය සඞගායනා කොටැ මහා කාශ්ය්ප ස්ථවිරයන් වහන්සේට “ස්වාමිනි! නුඹ වහන්සේ ගේ භික්ෂුන් හට ඉගැන්වුව මැනැවැ” යි පාවා දුන් සේකැ. ඉක්බිත්තෙන් ඊ‍ට අනතුරු වැ එක් සිය විසි බණවරක් පමණ ඇත්තා වු අංගෝත්තර සඟිය සඞගායනා කොටැ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට මේ තොප ගේ නිඃශ්රිොත භික්ෂුණට උගන්වවු යැයි පාවා දුන් සේකැ.


ඊට අනතුරු වැ “ධම්සඟුණු යැ, විහඞග යැ, කථාවස්තු ප්රාකරණ යැ, පුද්ගල ප්රවඥප්ති යැ, ධාතු යැ මූල යමක ඉන්ද්රිදය යමක යැ,පට්ඨානප්රවකරණයැ යන මේ සප්ත ප්රසකරණය අභිධර්මිය යැ කියනු ලැබෙ” යි කියා මෙසේ වර්ණටනා කරන ලද සියුම් වු නුවණට විෂය වු පාලිය සඞගායනා කොටැ මේ අභිධර්ම පිටකයැයි’ යි කියා පන්සියයක් රහතන් වහන්සේ එක් වැ හිඳැ හැදෑරීම කළ සේකැ. ඊට අනතුරුවැ සූත්රය නිපාත යැ ධම්පියා යැ උදානවාක්යක යැ, ඉතිවුත්තක යැ විමන්වත් යැ, ජේතවත් යැ, ථෙරගාථා යැ, ථෙරිගාථා යැ, ජාතක යැ, නිදේදේස යැ, පටිසම්භිදා යැ, අපදාන යැ, බුද්ධවංශ යැ, චරියාපිටක යැ, යනා දි වු ප්රැභේද ඇති ක්ෂුද්රදවස්තූන් සඞගායනා කොටැ, මේ කුදුගොත් සහිය නමැ’යි කියා හැම දෙනා වහන්සේ එක් වැ හිඳැ සජ්ඣායනා කොට වදාළ සේකැ.


මෙසේ සියලු ධර්මය සඞගායනා කරන්නා වු මහා කාශ්යිප ස්ථවිරයන් වහන්සේ ප්ර ධාන කොටැ ඇති පන්සියයක් රහත් වහන්සේ විසින් ‘මේ ධර්මය යැ, මේ විනය යැ;මේ ප්රතථම බුද්ධ වචනය යැ, මේ මධ්යකම බුද්ධ වචනය යැ, මේ පශ්චිම බුද්ධ වචනය යැ. මේ විනය පිටක යැ, මේ සූත්ර, පිටක යැ, මේ අභිධර්ම පිටක යැ, මේ දීඝ නිකාය යැ, ‍ මේ මධ්යසම නිකාය යැ, මේ සංයුත්ත නිකාය යැ, මේ අංගුත්තර නිකාය යැ, මේ බුද්දක නිකාය යැ, මේ නවාඞග යැ, මේ සුවාසු දහසක් ධර්මස්කන්ධ යැ; යන මේ ප්ර භෙදය ව්ය වස්ථා කොටැ, අන්යුවුත් උදාන සංග්ර හ වර්ගැ සඞග්රමහ පෙය්යා ල සඞග්රාහා දී වු අනේක ප්රාකාර වු තුන් පිටකයෙහි පෙනෙන්නා වු සඞග්ර්හ ප්රසභෙද ව්යරවස්ථා කොටැ, මෙසේ සත් මසෙකින් සඞගායනා කොටැ නිමවන ලද්දේ යැ.


මේ ධර්ම සඞගායනා කෙළවරැ “මහා කාශ්යවප ස්ථවිරයන් වහන්සේ විසින් සර්වාඥයන් වහන්සේ ගේ මේ ශාසනය පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි පැවැතීමට යෝග්යා කරන ලද්දේ යැ” යි උපන්නා වු මේ ප්රීලති ප්ර මෝදය ඇති මේ මහා පෘථිවි තොමෝ සාධුකාර දෙන්නියක මෙන් දිය පොළොව අවසන් කොටැ අනේක ප්රිකාරයෙන් කම්පා කළා යැ. විශේෂයෙන් වෙවුලා ගියා යැ. නැවත නැවතැ සැලී ගියා යැ. නොයෙක් ආශ්චර්ය්ො පහළ වුයේ යැ. ප්රදථම මහා සඞගීතිය ස්ථවිරවරයන් විසින් කරන ලද බැවින් ථෙරිකා යැ කියා ද, ස්ථවිරවරයන් සම්බන්ධි වු වචනයක් බැවින් ථෙරවාද යැ යි කියා ද, ව්හජ්ජවාදී වූ බුදු රජාණන් වහන්සේ දේශනා කළ බැවින් විහජ්ජවාද යැයි කියා ද කියනු ලැබේ. ඒ මහා කාශ්යකප ස්ධවිරාදී වූ ක්ෂීණාශ්රරවයෝ අවකාශලෝකය ශරීරාලෝකයෙන් හා සත්ත්වලෝකය ඥානා ලෝකයෙන් හා බබුළුවා, වහ්නිස්කන්ධයන් මෙන් දිලිහී, ක්රීමයෙන් කඩතෙල් නිමා ගියා වූ ප්රබදීපසන් මෙන් පිරිනිවියාහු යැ.


මෙසේ ප්ර‍ඥා නැමැති ප්රිදීපයෙන් නසනලද සන්තානගත වූ මෝහ නැමැති අන්ධකාර නැසීමෙහි මහත් වූ ප්රහදීපයන් වැනි වූ, ඒ මහා කාශ්යකප ස්ථවිරාදි වු ක්ෂිණාශ්රිවයෝ පවා මරණ නැමැති මහත් වු සැඬ පවනින් නිවාපියන ලදහ. එසේ හෙයින් නුව ණැත්තා වූ සත්ත්ව ‍තෙම ජීවිත මදය හැරැපියන්නේ යැ. එහෙයින් කියනලදී.


“ථෙරාපි තේ මණිප දිප හතන්ධකාරා

ලෝකන්ධකාර හනනම්හි මහාපදීපා,

නිබ්බාපිතා මරණ ඝෝරමහානිලේන

තේනාපි ජීවිතමදං මතිමා ජහෙය්යක”යි.


ප්රාථම සඞගිති කථායි.