විල්ගම්මුළ පබඳ-සිංහල බෝධි වංශයviii

6. ලෝකාර්ථචර්යා තැන කථාවසංස්කරණය

මෙසේ ඒ ජේතවන මහා විහාරයෙහි..සංස්කරණය

මෙසේ ඒ ජේතවන මහා විහාරයෙහි වසන්නා වූ සර්වඥයන් වහන්සේ “මම වූ කලි සංසාර නැමැති සාගරයෙන් එතෙර විමි. සංසාර නැමැති දඟ ගෙන් මිදිණිමි. දැමුණා වු චක්ෂුරාදි පඤ්චේන්ද්රිනයයන් ඇත්තෙමි. දෘෂ්ටිමානාදීන් ප්රරහාරණය කළ හෙයින්. සන්හුන්නා වූ සිත්සතන් ඇත්තෙමි. ශෝක පරිදේවාදිය නැසු හෙයින් අස්වැසිලි ලදිමි. රාගාග්නි ආදි වූ ඒකදශාග්නි නිවු හෙයින් නිවි සිටියෙමි. ලෝක වාසි වූ සත්ත්ව තෙමේ වනාහි සසරින් එතෙර නුවුයේ යැ; සංසාර බන්ධ‍නයෙන් නො මිදුණේ යැ; නො දැමුණේ යැ; නො සන්හුන්නේ යැ; අස්වැසිලි නො ලද්දේ යැ; නොවිනියේ යැ. මම වූ කලි ඒ ලෝකවාසි සත්ත්වයා කරණය ‍කරන්නට ද දමනයෙහි ලන්නට ද සන්හිඳුවන්නට ද අස්වසන්නටද නිවන්නට ද සමර්ථයෙමි. ඒ ලෝකවාසී වූ ජනයාට මා හැරැ සසරින් එතෙරැ ලන්නා වූ අස්වසන්නා වූ නිවන්නා වූ අන් කිසිවෙක් නැතැ”යි මහත් වූ කරැණා වෙන් මෙහෙයනලද සිත් ඇතිසේක්: යම් සේ උපුල් වනයෙකැ හෝ රත්පියුම් වනයෙකැ හෝ හෙළ පියුම් වනයෙකැ හෝ සමහර උත්පල පදුම පුන්ඩරික කෙනෙක් දියෙහි උපන්නාවහු දියෙහි වැඩුණා හු දියෙන් උඩ නො නැංගාහු දිය තුළෙහි ගැසිසිටැ පෝෂ්යහය වෙද්ද, සමහර උත්පල පදුම පුන්ඩරික කෙනෙක් දියෙහි වැඩුණාහු දිය හා සම වැ සිටිද්ද: සමහර උත්පල පදුම පුණ්ඩරික කෙනෙක් දියෙන් ඉතා උඩ නැගී දියෙන් නො ඇලී සිටිද්ද: එපරිද්දෙන් මැ දස දහසක් සක්වළ බුද්ධ චක්ෂුස යැ යි කියනලද ඥනේන්ද්රිතයයන් ගේ මුහු කළ නුමුහු කළ බව දන්නා වූ නුවණින් ද, හීනාධිමුක්තික ප්රිණිතාධි මුක්තික සත්ත්වයන් දන්නා වූ නුවණින් හා කාමරාගානුශය භව රාගානුශදි වූ අනුශය දන්නා වූ නුවණින් ද බලන සේක්. මේ දශ‍සසහශ්රිශ ලෝක ධාතුයෙහි මඳ ධර්මයෙන් චතුස්සත්යාබවබෝධය කරන්නා වූද, විස්තර ධර්මයෙන් චතුස්සත්යරවබෝධය කරන්නා වු ද අතිවිස්තර ධර්මයෙන් චතුස්සත්යා වබෝධය කරන්නාවූ විනේයජන පුද්ගලයන් තුන්පක්ෂය චතුරංග සමාන්නාගත ඝනාන්ධකාරයෙහි දිලි යෙන්නාවූ වහ්නිස්කන්ධයන් මෙන් පෙනෙන්නවුන් දැකැ. ඔවුන් ගේ ආශයානුශයචරිතාධිමුක්තින් බලා, වැඩහුන් තැන මැ වැඩහිඳැ යොදුන් සියයෙකැ යොදුන් දහයෙකැ උන්නා වූ පුද්ග‍ලයකු හට සමීපවර්ති වූවාක් මෙන් ආලෝක පතුරුවා චිත්තානුකූල වැ ධර්ම දේශනා කරන සේක්. මොහදුරු කොටැ ධර්මාලලෝකය දක්වන සේක්. අෂ්ටෝත්රශත ප්රවභේද වූ තෘෂ්ණ නැමැති ජල ප්රලවාහය වළකන සේක්, තෘෂ්ණ නැමැති පිපාසාව දුරුකරන සේක්, තෘෂ්ණා දහය සන්හිඳුවන සේක්. තෘෂ්ණ සන්තාපය නිවන සේක්. කෙලෙස් නැමැති අවුල් නිරවුල් කරනසේක්. රාග ද්වේශ මෝහ නැමැති ගිනි නිවන සේක් සත්ත්වයන් සංසාර නැමැති හකයෙන් පිටත් කොටැ ගෙන’වුත් ධර්ම නැමැති එළිය දක්වන සේක්, සංසාර නැමැති අමාර්ගයෙන් ගෙන’වුත් ආර්ය්නැ මාර්ග නැමැති මහ වත්හි පිහිටුවන සේක්. සංසාර නැමැති සාගරයෙන් උඩ නඟා නිර්වවාණ සඵලයෙහි පිහිටුවන සේක්. සංසාර කාන්තාරයෙන් තරනය කොටැ නිර්වාණ ක්ෂේම භූමියට පමුණුවන සේක්, සංසාර බන්ධනයෙන් මුදන සේක්, සංසාර නැමැති ප්රේපාතයෙන් සංසාර නැමැති පලිපයෙන් සංසාර නැමැති ගිරි දුර්ග යෙන් සංසාර නැමැති මඩින් ගොඩ නඟමින් දවස් යවන සේකැ.

යම් සේ කේශර සිංහරාජයෙක් තෙමේ ලාක්ෂා රසයෙන් පිරිමම් කරනලද්දාක් වැනි වූ, මුඛය හා අග්රිවාලධිය හා සතරපා කෙළවර ද යුක්ත වූයේ, ඉස්මුදුනේ පටන් පිට මධ්ය යෙන් ගොස් දෙකළවා අතුරෙහි දක්සිණාවර්තිත වැ සිටියා වූ තෙලිතුඩින් අඳනා ලද්දාක් වැනි වූ රේඛාත්රවයයෙකින් විරාජමාන වූයේ, ග්රීැවායෙහි ලක්ෂයක් අගනා පලසෙකින් පරික්ෂේප කරන ලද්දාක් වැනි වූ කෙසුරු සළා යෙන් බබළනුයේ, ඉතාධවල වූ සක්සුණු පිඩෙකැ පැහැ සමාන වූ අවශේෂ වූ ශරීර වර්ණයෙන් දිලියෙනුයේ, රන්ගුහායෙකින් හෝ රිදි ගුහා යැ මැණික් ගුහා යැ ස්ඵටික මාණික්යුමය වූ යැ රන්සිරියෙල් ගුහා යැ යන මොවුන් අතුරින් එක්තරා ගුහායෙකින් හෝ නික්මැ, ඒ ගුහාව මුදුනේ සිටැ ශරීරයෙහි ඇලුණු රජස් කිළි‍ පො ‍ළා හරනේ, යෙණ ගසන හඬක් මේ ධවනි පවත්වා මැලි හඹා, විජෘම්භන භූමියෙහි දි මැ අන්ධකාරයෙහි සිසාරන්නා වූ අලාත චක්රවයක් මෙන් තමන් දක්වමින් ඔබ මොබ දිවැ සිංහනාද කරන්නේ, සියලු වන ගහනයෙහි වසන්නා වූ සත්ත්වයනට සන්ත්රා ස උපදවා, හාත්පසින් තුන් යොදනක් පමණ ප්රූදේශය ඒකනින්නාද කෙරෙමින්, හැම තන්හි මැ හයක් නැත්තේ, ලොමුදහාගැන්මක් නැති වැ සිංහනාද කෙරේද, එපරිද්දෙන් මැ ගැවසී ගත්තා වූ ද්වාත්රිංමශද්වර මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසූ අනුව්යං ජනයෙන් හා හෙබියා වූ බුදු රජාණන් වහන්සේ ගඳකිළි නැමැති රන්ගල් ගුහායෙන් නිකැමැ ෂඩ්වර්ණ ඝන බුඞ්රශ්මි මාලායෙන් සියලු ගන්ධමණ්ඩල මාලය රුවන් ගිරි තලයක් හා සමාන කොටැ ධර්මාසන නැමැති රන්ගල් තලයට පැමිණැ අන්තරායකර ධර්ම යැ නෛර්යා ධර ණික ධර්ම යැ බුද්ධතව යැ අශ්රනවක්ෂයකර ඥාන යැ යි කියන ලද චතුර්වෛශාරද්යම ඥනයෙන් මැලි හඹා: ‍එ‍ෙහයින් කියන ලදි:

“අනතරායේ ව නිය්යායනේ බුද්ධත්තෙ ආයවක්ඛයේ,

එතේසු චතුට්ඨනේසු බුද්ධෝ බුද්ධිවිසාරදෝ”යි.


තව ද පූර්වෝනිවාසානුස්මෘති ඥන යැ..සංස්කරණය

තව ද පූර්වෝනිවාසානුස්මෘති ඥන යැ දිව්යධවක්ෂුරභි ඥන යැ ආශ්ර වක්ෂයකරාහි ඥන යැ සෘද්දිවිධ ඥන යැ දිව්ය ශ්රෝවත්රි ඥාන යැ පරචිත්තවිජානන ඥාන යැ යන ෂඩ්අසාධාරණ ඥාන නැමැති කෙසුරු බර සලා බ්රිහ්ම ස්වරයෙන් ගර්ජනා කොටැ. භික්ෂ් පර්ෂද භික්ෂුණි පර්ෂද උපාසක පර්ෂද උපාසිකා පර්ෂද චාතුර්මහාරාජික පර්ෂද තාවතිවස පර්ෂද මා පර්ෂද බ්රෂහ්ම පර්ෂද යැ යි කියන ලද අෂ්ට පර්ෂද්හි විහාරද වූ සේක්, ලොමු දැහැ ගැන්මක් නැති සේක් ; අනිත්ය යෙහි නිත්යව සංඥ ඇති දුඃඛයෙහි සුඛ ඇති අනාත්මයෙහි ආත්ම සංඥා ඇති අශුභයෙහි ශුභ සංඥා ඇති, සංඥා විපර්ය්ි දස්ත චිත්ත විපර්යා්ම ස්ත දෘෂ්ටි විපර්ර්ය්්ය ස්ත සංසාරගාමී වූ දීර්ඝායුෂ්ක දෙවතාවනට.

“අනිච්චෙ නිච්චසඤ්ඤිනෝ දුක්ඛෙ ව සුඛසඤ්ඤිනෝ,

අනත්තනි ව අත්තාති අසුහෙ සුහසඤ්ඤිනෝ.


මිච්ඡාදිට්ඨගතා සත්තා ශිත්තචිත්තා විසඤඤනෝ,

තේ යෝගයුත්තා මාරස්ස අයෝගක්ඛෙමිනෝ ජනා,

සත්තා ගච්ඡන්ති සංසාරං ජාතිමරනගාමිනෝ”


මෙසේ දිර්ඝායුෂ්ක දෙවියනට- සියලු සංස්කාර ධර්මයෝ අනිත්යය යෝ යැ යනාදීන් ඥාන සන්ත්රානස උපදවමින් ත්රි්සහශ්රී මහ මහශ්රි ‍ලෝක ධාතුව තමන් වහන්සේ ගේ උතුම් වූ කට හඬින් අස්වන සේක්, අනේක ප්ර කාර වූ දේශනා විලාසයෙන් යුක්ත වූ සිංහනාද රකන සේකැ.

යම් සේ මධුර නාද පවත්වන්නා වූ කුරවික පක්ෂියෙක් මියුරු වූ රස ඇති මී අඹයක් මුව තුඩින් පැහැරැ වැහෙන්නා වූ රසය අනුභව කොටැ පක්ෂතාල දී සකල වන ගහන නිඃශ්රි්ත වූ සත්තව සමූහයා මත් වූවාක් මෙන් ලෙළවමින් මියරු හඬින් මැණික්මය වූ වස් කුළලක් පිඹින්නාක්හු මෙන් මධුර ස්වරයෙන් නාද කෙරේ ද, ඒ කුරවික නාදයට වඩා ශත භාග සහශ්රධ භාගයෙන් බුද රජාණන් වහන්සේ ගේ මධුර වන්නේ යැ. තව ද යම් සේ චක්ර‍වර්ත්ති රජෙක් චක්ර රත්තානු භාවයෙන් චක්ර වාට ගර්භයෙහි රාජ්ය ශ්රීවයට පැමිණැමා විසින් පැමිණියැ යුතු රාජ්යාශ්රි යට පැමිණෙනලද මැ යැ, මහා ජනයා බැලීමෙන් දැන් මට ප්රණයෝජන කිම් දැ? යි මනෝදාත්සාහ වැ රාජ්ය් ශ්රිාය මැ අනුභව ‍නො කෙරේ ද, කලින් කලට විනිශ්චය මණ්ඩලයෙහි හිඳැ නිග්රජහ කටයුතු වූ සත්ත්වයනට නිග්ර හ කෙරේ ද, සංග්රෙහ කටයුතු සත්ත්වයනට සංග්ර හ කෙරේ ද, ඒ ඒ තනතුරෙහි තබන්නට නිසි සත්ත්වයන් ඒ ඒ තනතුරෙහි තබා ද, එපිරිද්දෙන් මැ ඒ බුදුරජාණන් වහන්සේ මහා බෝධිපර්යංතබා කයෙහි මැ පැමිණෙනලද ධර්ම රාජ්යාය ඇති සේක්. “ලෝකවාසීසත්ත්වයා දැන් මට බැලීමෙන් ප්ර්යෝජන කිම් දැ යි නිරුත්තර වු ඵලසමාපත්ති සැපය අනුභව කෙරෙම්”යි මන්දෝත්සාහ බවට නො පැමිණැ සිවු වණක් පර්ෂද් මධ්යඅයෙහි පනවන ලද උතුම් බුද්ධාසන මස්තකයෙහි වැඩහිඳැ, බ්රරහ්ම ස්වර විහිදවා ධර්ම දේශනා කරනසේක්, නිග්රෙහ කටයුතු වූ පපධර්ම පුද්ගලයන් මහ මෙර පල්ලෙහි එළන්නාක්හු මෙන් අපාය භයින් තැති ගැන්වීමෙන් නිග්ර්හ කොටැ-තව ද ඒ පාපධර්ම පුද්ගලයෝ නම් කවරභයත් : පාපධර්ම යැ, පාපධර්මතර යැ යි ඔහු ද්විවිධ වේත. එහි ප්රා:ණාතිපාතාදි දශ අකුශල කර්ම පථයෙහි නියුක්ත වූයේ පාපධර්ම යැ. තමා සේ මැ සෙස්සනුත් ප්රාාණාතිපාතයෙහි සමාදන් කරවනුයේ පාපධර්මතර යි.

එයින් වදාළහ :-

“කතමෝ ව භික්ඛවේ පාපධම්මෝ? ඉධ භික්කවේ එකච්චෝ පාණාතිපාති හෝති, අදින්නාදායි හෝති, කාමේසුසිච්ඡාචාරි හොති, මුසාවාදී ‍‍හෝති, පිසුණාවාවෝ ‍හෝති, ඵරුසාවාවෝ ‍හෝති, සම්ඵප්පාලපි හෝති, අභිජ්ක්ධාල හෝති, ඛ්යාාපන්නචිත්තෝ හොති, මිච්ඡාදිට්ඨකෝ හෝති, අයං වුච්චති භික්කවේ පාපධම්මෝ. කෙත මෝ ච භික්ඛවේ පාපධම්මේන පාපධම්මතරෝ? ඉධ භික්වේ එකච්චෝ අත්තනා ච පාණාතිපාති හෝති, සරංව අදින්නාදානේ සමාදපේති; අත්තනා ච කාමේසු මිච්ඡාචාරි‍ හෝති, පරංච කාමේසු මිංචාචාරේ සමාදපේති; අන්තනා ම මුසාවාදී ‍හෝති, පරාව මුසාවාදේ සමාදපේති; අන්තනා ච පිසුනාවාවෝ හෝති. පරඤ්ච පිසුනාය වාචාය සමාදපේති; අත්තනා ච ඵරුසාවාවෝ හෝති; පරංච රුසාය වාචාය සමාදපේති; අත්තනා ච සම්ඵප්පලාපි හෝති, පරංච සම්ඵප්පලාපේ සමාදපේති: අත්තනා ව අභිජ්ක්ධාලු හෝති, පරංච අභිජ්ක්ධාය සමාදපේති: අත්තනා ව ඛ්ය:පන්නචිත්තෝ හෝති, පරංච ඛ්යපපාදේ සමාදපේති: අත්තනා ව මිච්ඡාදිඨකෝ හෝති පරංච මිච්ඡාදිඨයා සමාදපේති: අයං වුච්චති භික්ඛවේ පාපධම්මේන පාප ධම්මතරෝ”යි.


මෙසේ වූ පාපධර්ම පුද්ගලයන් අපාය භයෙන් තැති ගැන්වීමෙන් නිග්රිහ කොටැ, සංග්ර්හ කට යුතු වූ කල්යාතණධර්ම පුද්ගලයන් ඔසවා භවාග්රෝයෙහි ඉඳුවන්නාක් මෙන් සංග්ර්හ කොටැ.


තව ද, කල්යාුණ ධර්මපුද්ගලයෝ නම් කවරහ යත්: කල්යාසණ ධර්ම යැ කල්යාවණධර්මතර යැ යි ඔහු ද්විධ වෙත්. එහි ප්රා:ණාති පාතාදීන් චිරත වූයේ කල්යාවණධර්ම යැ. තමා සේ මැ සෙස්සනුදු ප්රාපණාතිපාතාදීන් චිරමණය කරනුයෙ කල්යාමණ ධර්මතර යි.

එයින් වදාළහ:

කතමෝච භික්ඛවේ කල්යා ණධම්මෝ ? ඉධ භික්කවේ එකච්චෝ පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා-පෙ-, කාමේසු මිච්චාරා, මුසාවාදා. පිසුණාවාචා. ඵරුසාවාචා. සම්ඵප්පලාපා පටිවිර තෝ හෝති, අනභිජක්ධා ලු හෝති. අඛ්යාරපන්න චිත්තෝ හේති, සම්මාදිඨිකෝ හෝති, අයං වුච්චති භික්ඛවේ කල්යාාණධම්මෝ. කතමෝ ව භික්ඛවේ කල්යාුණධම්මේන කල්යාාණධම්මතරෝ ? ඉධ භික්ඛවේ එකච්චෝ අත්තනා ච පාණාතිපාතා පටිවිරතෝ හෝති, පරංච පාණාතිපාතා වෙරමණියා සමාදපේති; අන්තනා ච අදින්නා දානා-පෙ කාමේසු මිච්ඡාචාරා, මුසාවාදා. පිසුණාවාචා. ඵරුසාවාචා, සම්ඵප්පලාපා පටිවිරතෝ ‍හෝහි, පරංච සම්ඵප්පලාපා වේරමණියා සමාදපේති: අතත්නා ච අඛ්ය්නන්නචිත්තෝ හෝති, පරංච අඛ්යාි පාදේ සමාදපේති; අයං වුච්චති භික්ඛවේ කල්යානණධම්මේන කල්යා්ණ ධම්මතරෝ”යි.



සිංහල බෝධි වංශය



මෙසේ වූ කල්යාශණ ධර්ම පුද්ගලයනට..සංස්කරණය

මෙසේ වූ කල්යාශණ ධර්ම පුද්ගලයනට සංග්රකහ කොටැ ස්ථානාන් තර යෙහි තබන්නට යෝග්යා වූ ශ්රාපවකයන් අධිකතර ගුණ වශයෙන් ස්ථානන්තරයෙහි තබන සේකැ. යම් සේ පූර්ණචන්ද්රවයා ප්රගභා සමෘද්ධියෙන් හොබිමින් ආකාශ මධ්යසයෙහි සිටියේ “මා ඉස මුදුනෙහි චන්ද්රණ යැ මැ ඉස මුදුනෙහි චන්ද්රක යැ”යි සියලු සත්ත්වයනට වැටැ හේ ද, එපරිද්දෙන් මැ ඒ සර්වඥයන් වහන්සේ යම් කිසි තැනෙක්හි සිටියා වූ සත්ත්වයනට අභිමුඛයෙහි සිටියාක් මෙන් වැටැහෙන්නේ යැ. ඒ එසේ මැ යි. බුදු රජාණන් වහන්සේ ගේ අභිමුඛයෙහි සිටියාහු ද පිටිපසෙහි සිටියාහු ද සක්වළ සියයක් සක්වළ දහසක් ඉක්මැ සිටියාහු ද නාග ලෝකයෙහි සිටියාහු ද අකන්ෂ්ඨ බුහ්ම ලොකයෙහි සිටියාහු ද “සර්වඥයන්වහන්සේ මා බලන සේකැ මට මැ ධර්මදේශනා කරන සේකැ”යි කියති. ඒ සර්වඥයන් වහන්සේ ද ඒ ඒ සත්ත්වයා බලන්නාක්හු මෙන් ද, ඒ ඒ සත්ත්වයා හා සමග කථා කරන්නාක්හු මෙන් ද වන සේකැ.

තව ද අභය රාජ කුමාර යැ බෝධි රාජ කුමාර යැ ජයසේන රාජ කුමාර යැ භද්දිය ලිච්ඡවි යැ මහාලි ලිච්ඡවි යැ පායායි රාජන්යම යැ දණ්ඩපාණි ශාක්යත යැ මෘථුර නරපති යැ අජාතශත්රැල මහා රජ යැ උදේනි මහා රජ යැ යන මේ ආදි අනේක සහශ්රර ක්ෂ්ශත්රි ය පණ්ඩිත කෙනෙක් ඇද්ද ; වංකි බ්රා්හ්මණ යැ තාරුක්ඛ බ්රා හ්මණ යැ පොක්ඛරසාති බ්රාාහ්මණ යැ ජානුස්සෝණි බ්රා හ්මණැ යැ තෝදෙය්යශ බ්රාපහ්මණ යැ චෙරංජ බ්රාුහ්මණ යැ ධානඤ්ජානි යැ වස්සකාර යැ ඵසුකාරි යැ වංටීස යැ අස්සලායන යැ දෝණ යැ තික්ණ්ණ යැ සෝණද්ණ්ඩ යැ කණ්ඩරායන යැ ආරාමදණ්ඩ යැ දේවභිත යැ කුටදත්ත යැ අග්ගි දත්ත යැ සේල යැ ශිඛාමෞද්ගල්යාණයන යැ බ්රටහ්මායු යැ උදය යැ උජ්ජයයැ උදායි යැ අක්කෝසක භාරද්වාජ යැ සුන්දරික භාරද්වාජ යැ කසී භාරද්වාජයැ කාපටික මාණව අම්බඨ මාණවයැ චාසෙඨථි මාණව යැ පද මාණව යැ භාරද්වාජ මාණව යැ උත්තර මාණව යැ සුභ මාණව යැ යන නොයෙක් දහස් ගණන් බ්රා හ්මණ පණ්ඩිත කෙනෙක් ඇද්ද; උපාලි ගහපති යැ පෝතලිය ගහපති යැ විසාඛ ගහපති යැ දසම ගහපති යැ සුදත්ත ගහපති යැ සිංහසේන ගහපති යැ යනාදි වූ නොයෙක් දහස් ගණන් ගෘහපති පණ්ඩිත කෙනෙක් ඇද්ද; සාලෙය්යූක යැ වේරච්ජක යැ නගරවින්දෙය්ය්ක යැ ථුණෙය්යාක යැ කේසපුත්ති යැ කාලාමක යැ යනාදී වූ නොයෙක් දහස් ගණන් බ්රාකහ්මණ ගෘහපති පණ්ඩිත කෙනෙක් ඇද්ද; සහිය පරිචාජක යැ පොට්ඨපාද පරිව්රාෘජක යැ නිග්රෝ්ධ පරිව්රා ජක යැ ඡන්න පරිවාජක යැ සුසීම යැ සුභද්ද යැ පිලෝතික යැ පෝතලිය යැ කන්දරක යැ මාගන්දිය යැ තින්දුක යැ පන්දක යැ උග්ගහමාන යැ භග්ගගෝත්රැ යැ චච්ඡගෝත්ර යැ දීඝතපස්සි යැ සුනක්ඛත්ත යැ මාලුංක්ය පුත්ර යැ අන්තභාර යැ වරධර යැ සකුලුදායි යැ වෙඛනස පරිව්රා ජක යැ යනාදි වූ අනේක සහස්රන ශ්රභමණ පණ්ඩිත කෙනෙක් ඇද්ද;


මොවුන් කෙරෙන් පිටත් මහානුභාව යක්ෂ රාක්ෂය නාග ගරුඬ ගන්ධර්ව දිව්ය බ්රභහ්ම සහසුයෝ ද සියුම් නුවණැති නොයෙක් වාද ජය ගෙනැ සිටියා වූ ඒ ඒ දෘෂ්ටි භග්න කළා වූ චාලවේධි ධනුධරයන් හා සමාන වූ යම් ඒ ක්ෂත්රිවයාදි පණ්ඩිත කෙනෙක් තමන් ගේ උතුම් වූ නුවණින් අනේක පුකාර වූ ඒ දෘෂ්ටින් බිදිනවුන් මෙන් ඇවිදිද් ද; ඔහු ගුඨ වූ ද ප්රනච්ඡන්න වූ ද ප්රදශ්නයන් සිතින් උපදවා ගෙනැ ඒකචාරි කේෂර සිංහරාජයක්හු ගේ සොඬ පිරිමදින්නවුන් මෙන් ද, උග්රජතෙජස් ඇති අශිවිෂයක්හු ග්රී වායෙහි කනන්වුන් මෙන් ද, ප්රිජ්වලිත අග්නි ස්කන්ධයක් සිපැගනන්වුන් මෙන් ද බුදුන් කරා එළඹැ ප්ර්ශ්න විචාරති. එකණෙහි මැ සුනිශිත ශස්ත්රැයෙකින් ඇඹුල දඬු මිටියක් කපන කලක් මෙන් ප්රශඥා නැමැති ශස්ත්රකයෙන් ඒ සියලු ප්රගශ්නයන් සිඳැ, දිව්යන ඖෂධයෙකින් ආශීවිෂයක්හු මඩනාක්හු මෙන් සියලු පරවාදීන් මඩනා සේකැ. ඒ සියලු පරවාදීහු බබළමින් එලෙන කෙසරු සළා යෙන් හෙබි ග්රිපවා ඇති සංහරාජයක්හු ගේ සමීපයෙහි නිෂ්ප්ර්භ වැ සිටුනා ජර ශෘගාලයෙන් මෙන්වැ වැටැහෙති. ඔවුන් අතුරින් පූර්ව ජනමයෙහි රැස් කරන ලද කුශල සම්භාර ඇති සත්ත්වයෝ පැහැදැ බුදුනට නමස්කාර කොටැ සරණ යෙත්.


ප්රතශ්න ව්යාටකරණයෙන් සන්තුෂ්ට වූ සහිය පරිබ්රාසජක එයින් කී යැ ;


‘නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම,

සදේවකස්මි ලෝකස්මිං නත්ථි තේ පටිපුග්ගලෝ,

පාදේ වීර පසාරේහි සහියෝ චන්දති සත්ථුනෝ”යි.


තව ද මෙසේ ප්රේශ්න විසර්ජනයෙන් ප්ර”සන්න වූ කෂ්ත්රිාය පණ්ඩිතාදිහුද නොයෙක් තැනැ නොයෙක්වර කීවාහු මැ යි.

“අභික්කනතං හෝ ගෝතම. අභික්කන්තං හෝ ගෝතම. සෙය්යාථාපි හෝ ගෝතම. නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්යත, පටිච්ඡන්නං වා විචරෙය්යො, මූල්හස්ස වා මග්ගං අචිකඛෙය්ය් අන්ධකාරේ වැ තේලපජ්ජෝතං ධාරෙය්යප. චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්තිති; එවමේචං හෝතා ගොතමෙන අනේකපරියායේන ධම්මෝ පකාසි තෝ. එතේ මයං භවන්තං ගෝතමංසරණං ගච්ඡාමි ධම්මංච භික්හු සංඝංච. උපාසකේ නෝ භවං ගොතමෝ ධාරේතු අජ්ජතශ්ගෝ පාණුපේතේ සරණං ගතේ”යි.

තවද ද යම් සර්වඥ කෙනෙකුන් වහන්සේ සෘද්ධි විධ ඥානයෙන් අනේක ප්ර්කාර වූ සෘද්ධි විකුර්වණය දක්වන සේක්. දිව්යරශ්රෝ ත්ර ඥනයෙන් දිව්යප මනුෂ්ය යන් ‍ගේ ශබ්දය අසන සේක්, චෙතෝපරිච්ඡේදක ඥනයෙන් සියලු සත්තවයන්ගේ සොළොස් වැදෑරුම් වූ සිත් පිරිසැඳැ දන්නා සේක්, පුර්වෝනිවාසානුස්මෘති ඥනයෙන් කැමැති කැමැති ස්ථාන සිහි කරන සේක්, දිව්යානක්ෂුරභිඥානයෙන් කැමැති කැමැති රූපයන් දක්නා සේක්, අර්හත්ඵලඥනයෙන් අති මධුර වූ ලොකොත්තරඵල සැපය අනුභව කෙරෙමින් වසන සේක්; තවද කාරුණා නැමැති ශ්රීව දේවිය විසින් මෙහෙයවනලද සිත් ඇති යම් සර්වඥ කෙනෙකුන් වහන්සේ මාණික්ය‍ නැමැති ප්රෙදීපාලෝක යෙන් නසන ලද අන්ධකාර ඇති දිව්ය්භවනයක් හා සමාන වූ ගඳ කිළියෙහි වාසය හැරැ මේඝපටලයෙන් උපන්නා වූ ඝනාන්ධකාර ඇති රාත්රියයෙහි ද. හිමයෙන් ගැවසී ගත්තා වූ ප්ර දේශයෙහි ද බලවත් වූ චණ්ඩ මාරුතයෙන් අළලන ලද්දා වූ ප්රදදේශයෙහි ද කටයුයෙන් ගැවසී ගත්තා වූ ප්රුදේශයෙහි ද, සිංහව්යා ඝ්රැයන් හා වනහස්තීන් විසින් සංචාරය කරන ලද්දා වූ ප්රුදේශයෙහි ද. විෂම භූමි ප්රයදේශයෙහි ද, වෘක්ෂලතාදියෙන් ගහන වූ ප්රුදේශයෙහි ද යන මේ සියලු තැන්හි. සත්ත්ව විනයනය කෙරෙමින් වසන සේක් ද;

තව ද යම් සර්වඥ කෙනෙකුන් වහන්සේ සුප්පාරක පණ්ඩිතයන් මෙන්. තෘෂ්ණා නැමැති මාරුත වේගයෙන් සංසාර නැමැති මහා සමුද්රෙයෙහි දැවැ, අපාය නැමැති වඩබා බුඛයට වදනා වූ ප්රනජා නැමැති නැව ධර්ම දේශනා නැමැති සත්ය ක්රිුයයෙන් වළකා, සද්ධර්ම නැමැති රත්නයෙන් සම්පූර්ණ කොටැ. නිර්වාණ නැමැති ගොඩට පමුණුවන සේක් ද; තව ද යම් සර්වඥකෙනෙකුන් වහන්සේ මහෞෂධ පණඩිතයන් මෙන්, සංසාර නැමැති උපකාරි නුවර වට කරන ලද ජාති ජරා මරණ නැමැති හත්රැ, සමූහයා විසින් ගැවසී ගත්තා වූ, කාම ක්රෝලධ නැමැති ශත්රෑ‍න් ගේ කම්කටුල්ලෙන් කම්පිත වන්නා වූ, අඤ්ඤා‍කොණ්ඩඤ්ඤ නමැති වේදේහ රජු ප්ර‍ධාන කොටැ ඇති විනේය ජනයා අෂ්ටාංගික මාර්ග නැමැති උමඟින් ගෙනැ හැරැ, විදර්ශනා නැමැති නැවින් තෘෂ්ණෘ නැමැති ගංගා ප්ර වාහයෙන් එතෙර කොටැ, සමාපත්ති නැමැති වාහනයට නංවා, නිර්වාණ නැමැති මියුලු නුවරැ පිහිටුවන සේක් ද;


තව ද යම් සර්වඥ කෙනකුන් වහන්සේ ..සංස්කරණය

තව ද යම් සර්වඥ කෙනකුන් වහන්සේ සුතසෝම රජහු මෙන්; කෙලෙස් නැමැති පෝරිසාද රජු අතට පැමිණියා වූ, කර්මාවර්ත කේලශාවර්ත විපාකාවර්ත නැමැති න්ය ග්රෝිධ භාඛායෙහි බඳනා ලද, විනේය ජන නැමැති රාජ සමූහයා ගේ ප්ර තිසන්ධි නැමැති බන්ධනය ධර්ම දේශනා නැමැති බඞ්ග පත්රසයෙන් සිඳැ, ධර්ම රස නැමැති යාගු පානයෙන් සන්තර්පණය කොටැ අනවරතයෙන් ආර්ය්න භූමි නැමැති. ස්වකීය රාජ්යරයෙහි පිහිටුවන සේක් ද; තවද යම් සර්වඥ කෙනෙකුන් වහන්සේ ශරභංග ශාස්තෘහු මෙන්, විනේය ජන නැමැති සරාජක පර්ෂත් සංසාර නැමැති ගෘහස්ථාශ්රනම යෙන් පිටත් කොටැ, ආර්ය්ි සමාර්ග නැමැති මගින් ගෙනවුත්, තෘෂ්ණා නැමැති ගෝදාරි ගංගායෙහි පුවාහ යෙන් එතෙර කොටැ නිරන්තරයෙන් නිර්වාණ නැමැති ආශ්රරම ප්රාදේශයට පමුණුවන සේක් ද; තව ද යම් සර්වඥකෙනකුන් වහන්සේ කුස රජහු මෙන් කරුණා නැමැති ප්ර භාවතිය විසින් යාච්ඥා කරන ලද සේක්, අනාවරණා ඥාන නැමැති හස්ති රත්නය පිටට පැනැන නැඟී, බුද්ධ චක්ෂුස් නැමැති මහදොර හැරැ, අන්ය සත්ත්ව නැමැති යුද්ධ භූමියට වැද, ප්රගශ්න විසර්ජන නැමැති ආක්රෝ,ශ වචනයෙන් අත් පොළසන් දී, දේශනා නැමැති සිංහ නා‍දයෙන් කෙලෙස් නැමැති සතුරු සෙනඟ වෙවුල්වා පලවා, විනේය ජන නැමැති සාගලම් නුවර වැසි සත්ත්වයන් රක්ෂා කරන සේක් ද; තව ද යම් සර්වඥ කෙනකුන් වහන්සේ මහාමන්ධාතු සක්විති රජ මෙන්, බ්රූහ්ම ස්වරයෙන් අත් පොළසන් දී, සියලු භමණ්ඩලයෙහි සද්ධර්ම නැමැති ධනය නො ලද්දා වූ දිළිඳු සත්ත්වයනට අසදෘශ වූ සැප සිද්ධ කරන සේක් ද; තවද යම් සර්වඥ කෙනකුන් වහන්සේ මේඝයක් මෙන් ලෝක නැමැති ආකාශයෙහි නැගී, ව්යානම ප්ර්භා මණ්ඩල නැමැති බබළන්නා වූ ඉන්ද්ර චාප දක්වා, බ්රවහ්ම ඝෝෂාවෙන් ගර්ජනා කොටැ කරුණාවෙන් සිහිල් වූ ධර්ම නැමැති අමෘත වර්ෂාව සියලු භූමණ්ඩලයෙහි වස්වා, කෙලෙස් නැමැති දාහ නිවූ සේක් ද; තවද යම් සර්වඥ කෙ‍නකුන් වහන්සේ කල්පවෘක්ෂයක් මෙන්, ප්රාදති මෝක්ෂ සංවර ශිලාදි වූ සිල් නැමැති මුල් ඇති සේක්, විදර්ශනා ප්රවඥා නැමැති අතුපතර ඇති සේක්, ෂඩ්අභිඥා නැමැති පුෂ්පයන් ඇති සේක්, අර්හත්ඵල විමුක්ති නැමැති ඵල ඇතිසේක්, කරුණා නැමැති සිහිල් සෙවණ ඇති සේක්, විනේය ජන නැමැති භෘංගයන් හා පක්ෂිසමූහයා ද විසින් නුසුන් වූ සඤ්චාර ඇති සේක්, ජාති නැමැති කාන්තාරයට පිළිපන්නා වූ ජරා මරණ නැමැති ග්රිැෂ්මයෙන් පිඩිත වූ සංසාරික සත්ත්ව නැමැති අධික ජන සමූහයා හැම කල්හි පිනවන සේක් ද;

තවද යම් සර්වඥ කෙනකුන් වහන්සේ දීපංකර නම් සර්වඥයන් වහන්සේ ගේ ප්ර සාදයෙන් පාරමිතා නැමැති බඞ්ගයෙන් භව නැමැති වන ගහනය පුදලනය කෙරෙමින් ක්රයමයෙන් බෝධ්යංයගණයට පැමිණැ පූර්ව සර්වඥ වරයන් අනුවැ ගියා වූ විදර්ශනා මාර්ගය දැකැ, ඒ විදර්ශනා මාර්ගයෙන් ගොස්, නිර්මල වූ ශීල නැමැති පිරිසිදු රත්නවාලුකා සමූහයෙන් ගැවසීගත්තා වූ, පසළොස් චරණ ධර්ම නැමැති මාණික්යි තොරණයෙන් රම්යැ වූ, සතර සෘද්ධිපාද නැමැති කල්ප වෘක්ෂයෙන් යුක්ත වූ, චතර්විධ බ්රනහ්ම විහරණ නැමැති පද්මා කාරයෙන් සිත්කලු වූ, සතර සතිපට්ඨාන නැමැති රත්න මන්දිර යෙන් බබළන්නා වූ, චන්ද්රවමරිචි හා කොඳමල් දම් සේ ධවල වූ කිර්ති නැමැති ධජ සියගණනින් හෙබියා වූ සමාපත්ති නැමැති පවුරින් වට කරනලද, කෙලෙස් සතුරු නැමැති හිම බින්දුනට සූර්ය්න යා බඳු වූ, පහකරන ලද සංසාර භය ඇති, නොපෙරෙළෙන්නා වූ අසම වූ සැප ඇති, දස දහසක් සක්වළ සත්ත්වයන් විසින් දතයුතු වූ සියලු ලෝක ධාතුවට අග්රත වූ නිර්වාණ නැමැති පුරයට ශ්රෝවතාපත්තිමාර්ගාදී වූ චතුර්විධි ආර්ය්‍ුරමාර්ග නැමැති දොරින්වැදැ ඒ ඒ තැන්හි නිධාන කොටැ තබන ලද ධර්ම නැමැති රත්න සමූහය නිශ්චය කොටැ, අර්හත් ඵල සමාපත්ති නැමැති මහත් වූ ප්රාතසාදයට පැනනැඟී, ඓහලෞකික සැපය අනුභව කෙරෙමින් චක්රිවර්ති රජක්හු මෙන් මහා කරුණා නැමැති සීමැදුරු කවුළුව සමීපයෙහි සිටැ බුද්ධ ඡක්ෂුස් නැමැති ඇස් දල්වා දෙවි මිනිසුන් සහිත වූ ලෝකය බලනසේක්, අඤ්ඤාකොණ්ඬඤ්ඤ නැමැති මහකෙළෙඹි පුත්රවයා දැකැ. “මේ තෙමේ අටළොස් කෙළක් පමණ පුරුෂයන් ගෙනැ මාගේ අමෘත මහා නිර්වාණ පුරයෙහි වාසය කෙරෙ”යි ඒ අඤ්ඤා කොණ්ඬඤ්ඤ නැමැති මහකෙළඹි පුත්රරයා කැඳවා. “තව මේ නිර්වාණ නැමැති පුරය නො පිරුණේ යැ”යි දැනැ අන්යා වූ පස් පනස් දෙනකුන් ද අන්ය වූ තිස් දෙනකුන් ද නැවත දහසක් දෙනා ද නැවත එක්ලක්ෂ දස දහසක්දෙනා ද නැවත සුවාසු දහසක් දෙනා ද කැඳවා ඒ නිවන්පුරයෙහි වස්වන සේක්. නොපිරෙන්නාවූ නිර්වාණ පුරය දැකැ, “මගේ පුරය ඉතා මහතැ. මේ ක්රිමයෙන් කුල පුත්රකයන් ගෙනවුත් පුරන්නට නො පිළිවනැ. හෙරිනාදයක් පවත්වා “සද්ධර්ම චක්රකවර්ති වූ සර්වඥයන් වහන්සේ ගේ නුවර මේ මේ සමෘද්ධීන් සමෘද්ධ යැ එනුවඑ යම් කෙනෙක් වසනු කැමැත්තාහු වී නම් සැප සේ කැමැති පරිද්දෙන් යෙත්වා”යි, “ගියා වූ ඒ සත්ත්වයෝ ද මේ මේ පෙරහර ලබති”යි පුර වර්ණනාව ද සත්ත්ව යන්‍ ගේ පරිහාරලාභය ද දෙවි මිනිසුන් සහිත වූ ලෝකයෙහි අස්වන කලක් මෙන් මසකට අට දවසෙකැ ඒ. ඒ තැන්හි උන්නා වූ, ධර්ම කථිකයනට සද්ධර්ම හෙරිය දී. නිර්වාණ පුර වර්ණනාව ද ඒ නිර්වාණ පුරයට ගියා වූ සත්ත්වයනට නිරුත්තර වූ ශිලාලංකාරාදී වූ පරිහාර ප්ර්තිලාභය ද අස්වා, ඒ අසා ඒ ඒ ගම් නියම් ගම් රාජධානියෙන් නික්මැ මහණ වීම් ආදී කොටැ අනුලෝම ප්ර්තිපත්තියෙහි පිළිපන්නා වූ අප්රයමාණ වූ කුලපුත්ර යන් ගේ නිර්වාණ පුරයට රැස් කිරීම කරවන සේක් ද; බො‍හෝ කොටැ කීමෙන් කිම් ද?

යම් සර්වඥ කෙනකුන් වහන්සේ සියල්ල දත් බැවින් සියලු සත්ත්වයනට වැඩ අවැඩ දන්නා සේක් ද, මහාකාරුණික බැවින් අවැඩ දුරු කොටැ වැඩෙහි යොදවන සේක් ද, ඒ ඥාන කරුණා දෙකින් මවාලූ රුවක් වැනි වූ භවසාගරය ගේ පර තෙ‍රට පැමිණියා වූ, තුන් ලෝ රථයට රථාචාර්ය්වසායකු බඳු වූ, තීර්ථක ලබ්ධිය නසන්නා වූ, දමනයෙහි නො ලා ලිය හැකි සත්ත්වයන් දමනයෙහි ලන්නා වූ, ධර්මාමෘත වර්ෂා වස්වන්නා වූ, ලෝකාලෝකකර වූ, ජගත්ත්රුයට සන්තෝෂ ලෝවනයක් බඳු වූ, තුන් ලොවට තිලකයක් බඳු වූ, ගුණයෙන් මුදුන් මල්කඩක් බඳු වූ, තුන් ලොවට තිලකයක් බඳ වූ, ගුණයෙන් මුදුන් මල්කඩක් බඳු වූ, භව නැමැති වනයට ලැවුගින්නක් බඳු වූ, ධර්මයට ඇසක් වැනි වූ. ඥානයෙන් සාගරය බඳු වූ ප්රිමාණාති ක්රා,න්ත වූ ගුණ සමූහයක් ඇති, ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ “සියලු සත්ත්වයනට අනේකප්රහකාර වූ වැඩ එළවන සේකැ; නැවත නැවත එළවන සේකැ; උපදවන සේකැ; නැවත නැවතැ උපදවන සේකැ”යි වර්ණනා කරනලද ඊර්යාකැල පථවිහරණය, දිව්යැ විහරණය, බ්රරහ්ම විහරණය, ආර්ය්ණරා විහරණය යන චතුර්විධ විහරණයෙන් ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේකැ.


7. යමක මහා ප්රාවතිහාර්ය්කර කථාවසංස්කරණය

කිසි කලෙක්හි..සංස්කරණය

කිසි කලෙක්හි විනේය ජනයනයට චතුස්සත්යාේවබෝධය කරන පිණිසැ සැරිසරා වඩනා සේක්, ශාසන නැමැති වෘක්ෂය මල් පල්ලේන් ගැවසී ගත්තාක් කොටැ සියලු දඹදිව කසාවතින් බබුළුවන සේක්, සෘෂිවරයන් ගේ ශරීර සුගන්ධයෙන් ඒක සුගන්ධ කෙරෙමින් වසන සේක්, බුදුවූ තෙනින් සත්වන අවුරුද්දෙහි සැවැත් නුවර දොරැ ගණ්ඩබ්බ වෘක්ෂ මූලයෙහි සක් දෙව්රජහු විසින් මවනලද දොළොස් යොදුන් රත්න මණ්ඩපයෙහි යොදනක් පමණ පර්යාංිස කයෙහි වැඩහිඳැ තුන් යොදුන් පමණ දිව්යජ ශ්වේතච්ඡත්ර ය සහම්පති සමහා බ්රදහ්මයා විසින් දැරෑ කල්හි දොළොස් යොදනෙකැ පැතිර සිටියා වූ පර්ෂද් මධ්යරයෙහි දී. අත්තදානය ප්රයකාශ කරන්නා වූ; තව ද, තමන් වහන්සේ ගේ සෘද්ධි මහිම, ඥාන මහිම ගුණ මහිම යන මේ සියල්ල ලොවට ප්ර්කාශ කරන්නා වූ තීර්ත්ථකයන් ගේ මාන මර්දනය කරන්නා වූ යමක ප්රාසතිහාර්ය්ා දක්වන සේක්, ඔදාත කසින සමාපත්තියට සමවැදැ උදාරතර වූ මහත් වූ ආලෝකය හැමතැන්හි පතුරුවා, නැගෙනහිරි සක්වළ මුවවැටැ පිහිටියා වූ දැලයෙහි රත්නමය වූ මණ්ඩපයෙහි මැණික්මය වූ ඉතා. සිත්කලු වූ පරිච්ඡෙදභූමි ඇති මුතුමැණික් ආදි වූ සත්රුවන්වැල්ලෙන් ගැවසී ගත්තා වූ දහසක් රශ්මි ඇති සූර්ය්ි යා මෙන් සියලු දසදිග් බබුළුවන්නා වූ සත්රුවන්මය වූ රුවන් සක්මනක් මවා, අභිඥාපාදක වූ චතුර්ථ ධ්යාමනයට සමවැදැ, ඒ චතුර්ථ ධ්යා්නයෙන් නැඟී ආවර්ජනා කොටැ අධිෂ්ඨාන චිත්තය හා සමඟ ආකාශයට පැනනැගී රුවන්සක්මනෙහි සක්මන් කරන සේක්; එසමයෙහි ඒ බුදු රජාණන් වහන්සේ ගේ උර්ධව ශරීරයෙන් ඉතා බබළන්නා වූ සියලු ජන‍යන් ගේ චිත්තානු කූල වූ නේත්රශයට සිත්කලු වූ සන්තාපරහිත වූ නාඹතල් කඳක් සා ගිනික‍ඳෙක් පවත්නේ යැ. අධඃ ශරීරයෙන් ඉතා නිර්මල වූ ප්රාසන්න වු සිත්කලු වූ සමශිතල වූ නාඹ තල් කඳක් සා දිය ක‍ඳෙක් පවැත්නේ යැ. අධඃ ශරීරයෙන් එබඳු වූ මැ දියක‍ඳෙක් පවත්නේ යැ. ඌර්ධවශරීරයෙන් එබඳු වූ මැ දියක‍ඳෙක් පවත්නේ යැ. එසේම පූර්ව ශරීරයෙන් ගිනි‍ඳෙක් පවත්නේ යැ, පශ්චිම ශරීරයෙන් දිය ක‍ඳෙක් පවත්නේ යැ. දකුණැසින් ගිනි ක‍ඳෙක් පවත්නේ යැ; වමැසින් දිය ක‍ඳෙක් පවත්නේ යැ. දකුණු කන් සිදුරින් ගිනික‍ඳෙක් පවත්නේ යැ; වම් කන් සිදුරින් දිය ක‍ඳෙක් පවත්නේ යැ. දකුණු නාසා සිදුරින් ගිනි ‍ක‍ඳෙක් පවත්නේ යැ; වම් නාසා සිදුරින් දියක‍ඳෙක් පවත්නේ යැ. දකුණු දසරුවෙන්ගිනි ක‍ඳෙක් පවත්නේ යැ; වම් දසරුවෙන් දිය ක‍ඳෙක් පවත්නේ යැ. දකුණැලයෙන් ගිනි ක‍ඳෙක් පවත්නේ යැ; වමැලයෙන් දිය ක‍ඳෙක් පවත්නේ යැ. දක්ෂිණ ශ්රීේපාදයෙන් ගිනි ක‍ඳෙක් පවත්නේ යැ; වාම ශ්රී් පාදයෙන් දිය ක‍ඳෙක් පවත්නේ යැ. ඇඟිල්ලක් ඇඟිලිලක් පාසා ගිනික‍ඳෙක් නැ‍ඟෙන්නේ යැ; ඇඟිල් හස්සක් ඇඟිල් හස්සක් පාසා දිය ක‍ඳෙක් නැ‍ඟෙන්නේ යැ. එකි එකි ‍ලෝමයෙකින් ගිනි කඳ නැගෙන්නේ යැ; එකී එකී ලෝමයෙකින් දිය කඳ නැ‍ඟෙන්නේ යැ. එකී එකී ලෝම කූපයෙන් ගිනි කඳ නැ‍ඟෙන්නේ යැ. එකි එකී ලෝම කූපයෙන් දිය කඳ නැ‍ීඟෙන්නේ යැ. තමන් වහන්සේ විසින් මවනලද සියගණන් නිර්මිත බුදුන් හා ප්රනශ්න විචාරන සේකැ. ඒ පැන ඒ ඒ බුදුන් විසින් විසඳන සේකැ. නිර්මිත බුදුහු ද යමක ප්රාෙතිහාර්ය්‍ කරන සේකැ. ඒ ඒ බුදු රුවෙන් ද අපමණ වූ නිල පිත ලෝහිත අවදාත මාඡිෂ්ඨ ප්ර භාස්වර යැයි කියන ලද ෂඩ්වර්ණ ඝන බුද්ධරශ්මි මාලාවන් විහිදුවන සේක්; අතරතුරෙහි ධර්මදේශනා ද කරන සේකැ.

තමන් වහන්සේ උදෙකලා වැ සිටැ බොහෝ බුද්ධ රූපයෙන් මවා බහු ප්ර්කාර වන සේකැ; බහුප්රෙකාර වැ සිටැ එකලා වන සේකැ. කිසි වැටෙකැ සියල්ලනට ප්රරකාශ වැ පෙනෙන සේකැ; කිසි විටෙකැ සියල්ලනට අප්ර කාශ වැ නොපෙනෙන සේකැ. භික්තියෙන් පිටත පවුරින් පිටතැ ආකාශයෙහි මෙන් අස්බලිත වැ වඩනා සේකැ. දියෙහි මෙන් පෘථිවියෙහි ද ඉල්පිම කරන ‍සේකැ. පෘථිවියෙහි මෙන් ජලයෙහි දු දිය නො බිඳිමින් මතු පිටැ වඩනා සේකැ. පක්ෂියකු මෙන් ආකාශයෙහි දූ පර්යාං ක බන්ධනය කොටැ වැඩහිඳුනා සේකැ. මෙසේ මහත් වූ සෘද්ධි ඇති මහත් වූ අනුභාව ඇති චන්ද්රා සූර්ය් වැ දෙදෙනා ද අත්ලෙන් පිරිමදනා සේකැ; නැවැත නැවත පිරිමදනා සේකැ.


එයින් කීහ.

“ධම්මං උදාහරති තත්රි ජිනෝ කදාවි

භිය්යෝ් හි සාදයති ඣාන සුබෙන චිත්තං

පඤ්හං විසජ්ජයති නිම්මිතබුද්ධපුට්ඨෝ

තුන්හී සයං භවති හාසති නිම්මිතෝව.


නානවිරාග රුචිරාහි මනෝරමාහි

රංසිහි නිම්මිතසරිරච්නිග්ගතාහි.

සබ්බං නහං යමවනද්ධතලං අහෝසි

නානප්පකාර රතනහරණුජ්ජලංච


හුත්වාන ඒස බහුධා පූන හෝති එකෝ

ඒසෝ රවිං ඵූ සති ගණ්හාති ඒස වන්දං,

හුත්වා තිරෝ භවති ආචි පූනෝපි සත්වා

ඵසෝ ථලේ විය ජලේපි සුඛම්පයාති,


භූමි ජලං විය විගාහති ඒස තන්තං

ඉරියාපථං රවි පථෙ භගවා කරෝති,

එවං සුරාසුරනරේ පරිතෝසයන්තෝ

යම්පාටිහාරමකරී බහුධා මුනින්දෝ”යි.


බ්රපහ්ම ලෝකය දක්වා තමන් වහන්සේ ගේ ශරීරයෙන් වශයෙහි පවත්වන සේක. ඒ බුදුන් බඹලොව දක්වා ශරීරයෙන් වශයෙහි පවත්වන පරිදි කෙසේ ද යත්: ඒ සර්වඥයන් වහන්සේ බ්රශහ්ම ලෝකයට යනු කැමැති වැ “බ්රයහ්හ ලෝකය සමීප වේ වා”යි ඉටු සේක් වී නම් සමීප වෙයි. සමීප වූ බ්රඅහ්ම ලෝකය මඳ වේවා’යි ඉටු සේක් වී නම් දුරු වේයි බොහෝ වූ බ්රමහ්ම ලෝකය මඳ වේවා’යි. ඉටු සේක් වී නම් මඳ වෙයි. මඳ වූ බ්රමහ්ම ලෝකය බො‍හෝ වේ වායි ඉටු සේක් වී නම් බොහෝ වෙයි. ඉදින් දෘශ්ය මාන ශරීරයෙන් බ්ර හ්ම ලෝකයට යනු කැමැති සේක් වී නම් කාය වශයෙන් චිත්ත පරිණාමය කොටැ ඉටා දෘශ්ය මාන ශරීරයෙන් වඩනා සේකැ. ඉදින් අදෘශ්යයමාන ශරීරයෙන් වඩනා කැමැති සේක් වී නම් චිත්ත වශයෙන් කායපරිණාමය කොටැ ඉටා අදෘශ්යැමාන ශරීරයෙන් වඩනා සේකැ. ‍ගොස් බ්රඅහ්ම ලෝකයෙහි සිටැ මනෝමය රූප නිර්මාණය කොටැ සෘද්ධිප්රකතිහාර්ය්ය ක දක්වන සේකැ. සිබි සම්මාසම්බුදුන් වහන්සේගේ අභිඟූ නම් මහ තෙරකෙනකූන් වහන්සේ බ්ර්හ්ම ලෝකයෙහි සිටැ දසදහසක් සක්වළ වැසියනට ධර්ම දෙශනා කළ සේකැ. ඒ කෙසේ ද යත්.


වාදළේ මැ නො අරුණවතිය සූත්ර දේශනාව කරන බුදුන් විසින් මැ?


“සිබිස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස අභිඟු නාම සාවකෝ බුහ්මලොකේ ඨිතෝ සහස්සිලෝකධාතුං සරේන විඤ්ඤා‍පේසි. දිස්සමානේනපි කායේන ධම්මං දේසේසි. අදිස්ස මානේනපි කායේන ධම්මං දේසේයි. දිස්සමානේනපි හෙට්ඨීමේන උපඩ්ඨ කායේන අදිස්සමානේනපි උපරිමේන උඩ්ඨ කායේන ධම්මං දේසේසි. දිස්සමානේනපි උපරිමේන උපඩ්ඨ කායේන අදිස්සමානේ නපි හෙඨමේන උපඩ්ඨකායේන ධම්මං දේසේසි. සෝ පකතිවණ්ණං විජහිත්වා කුමාරවණ්ණං වා දස්සේති. නාගවණ්ණං වා දස්සේති. සුපණ්ණවණ්ණං වා දස්සේති. යක්ඛවණ්ණං වා දස්සේති. අසුර වණ්ණං වා දස්සේති. ඉන්දවණ්ණං වා දස්සේති. දේවණ්ණං වා දස්සේති බුහ්මවණ්ණං වා දස්සේති. සමුද්දවණ්ණං වා දස්සේති. පබ්බවණ්ණං වා දස්සේති. වනවණ්ණං වා දස්සේති. සිහවණ්ණං වා දස්සේති. ව්යනග්ඝ වණ්ණං වා දස්සේති. හත්ථිම්පි දස්සේති. අසම්පි දස්සේති. රථම්පි දස්සේති පත්තිම්පි දස්සේති. විවිධම්පි යේනාබ්යුේහං දස්සේති”යි


මෙසේ ශ්රාිවකයන් වහන්සේ සෘද්ධි ප්රාංතිහාර්ය්ණං කෙරෙති” යනු කියනු මැ කිම් ද?


එයින් වාදළහ:-


ඒක පුග්ගලෝ බික්ඛවේ ලෝකෙ උප්පජ්ජමානෝ උප්පජ්ජති අච්ඡරියමනුස්සෝ. කතමෝ එක පුග්ගලෝ? තථාගතෝ අරහං අරහං සම්මාසම්බුද්ධෝ”යි.


මෙසේ ඒ සර්වඥයන් වහන්සේ..සංස්කරණය

මෙසේ ඒ සර්වඥයන් වහන්සේ බ්ර්හ්ම ලෝකය දක්වා ශරීරයෙන් වශයෙහි පවත්වන සේකැ එකල්හි ස්වර්ණ පටයෙකින් නික්මුණාවූ ඉන්ද්ර නීලමාණික්යහ රසධාරා වැනි වූ, දිය බෙරලිය මල් දම් වැනි වූ නිල් වූ රශ්මිහු ද: ස්වර්ණ රස ධාරා වැනි වූ, කිණිහිරිමල්දම්වළලු වැනි වූ. රන්වන් රශ්මීහු ද; පබළු රස ධාරා සේ, බඳුවදමල් දම් වළලු සේ, රත් වූ රශ්මිහු ද; රිදි රස ධාරා සේ, දෑසමන් මල්දම් වළලු සේ ධවල වූ රශ්මිහු ද, මඳට දම් වළලු සේ මඳට වන් රශ්මීහු ද; දියබෙරලිය මල්හි ඉතා නිල්තැන් සේ ද, කිණිහිරි මල්හි ඉතා රන්වන් තැන්සේ ද, බඳුවද මල්හි ඉතා රත් තැන්සේ ද, දවහත් තරු සේ ද, මඳටෙහි ඉතා මඳට වන් තැන් සේක, ප්ර්භාස්වර රශ්මීහු දැ යි ෂඩ් වර්ණ ඝන බුද්ධරශ්මීහු පුර්ව ශරීරයෙන් නික්මැ තමන් තමන් නැංගා වූ ස්ථානය සත් සත්වරෙකැ පැදකුණු කොටැ, නාඹ තල් කඳ රථ සක් ගැල් සක් කුළු ගේ ආදි පමණ වැ පූර්ව දිගින් දිවෙන්නාහු සක්වළ ගල් ඉක්මැ අනන්තාපරිමාණ සක්වළෙහි ශාසනාන්තර්ධානය දක්වා පවත්නාහු යැ.


පශ්චිම ශරිරයෙන් නික්මුණා වූ රශ්මීහු පශ්චිම දිගින් දිවැ සක්වළ ගල ඉක්මැ අනන්තාපරිමාණ සක්වළෙහි එසේ මැ පවත්නාහු යැ. දක්ෂිණ ශරීරයෙන් නික්මුණා වූ රශ්මීහු දකුණු දිගින් දිවන්නාහු යැ. අධඃශරීරයෙන් නික්මුණා වූ ෂඩ්වර්ණ ඝන බුද්ධරශ්මීහු දෙලක්ෂ සතළිස්දහසක් යොදුන් ගනකඬබොල් මහ පොළොව බිඳැගෙනැ ඒ පස් පොළොව කකියවන ලද රන් පිඬැල්ලක් මෙන් කෙරෙමින්, සාරලක්ෂ අසූදහසක් යොදුන් බොල ඇති දිය පොළොව විනිවැදැ, ඒ දිය පොළොව ස්වර්ණ ඝටයෙකින් වක්කරන්නා වූ කකියවාපු රන් රස ධාරාවක් මෙන් දක්වමින්, නව ලක්ෂසැටදහසක් යොදුන් බොල ඇති දිය පොළොව ධරන්නා වූ වා පොළොවට වැදැ, ඒ වා පොළොව නගනලද ස්වර්ණ ස්කන්ධයක් මෙන් දක්වමින්, අජ‍ටකාශ යට දිවැ, ශාසනාන්තර්ධානය දක්වා පවත්නාහු යැ. එසේ මැ ඌර්ධව ශරීරයෙන් ෂඩ්වර්ණ ඝන බුඞ රශ්මීහු නික්මැ ෂඩ්දන්ත හස්ති සමූහ යක් මෙන් ද, වලාහක අශ්ව සමූහයක් මෙන් ද, චිත්රනකූට හංස රාශියක් මෙන් ද. ගරුඬ සමූහයක් මෙන් ද. ආකාශ පථයෙහි දිවන්නාහු; චාතුර්මහාරාජිකාදි වූ සදිව්යහලෝකය ද, බ්ර්හ්මපාරිෂද්යාපදි වූ ෂෝඩශවිධ බ්රසහ්මලෝකය ද, ආකාසානංචායතනාදි වූ සතර අරූපභවය ද ඉක්මැ උඩ අජටාකාශයට දිවැ ශාසනාන්තර්ධානය දක්වා පවත්නාහු යැ.


සරසින් වනාහි අනන්තාපරිමාණ සක්වළ චන්ද්රා සූර්ය්දක්. තාරකා සමූහය, දිව්ය් සමුහය උද්යා න විමානය කල්ප වෘක්ෂය ශරීරාභරණය යන මොවුන්ගේ ප්ර්භා රහිත වැ පරිච්ඡෙදමාත්රියෙන්යෙක් මැ පෙනුණේ යැ. දසදහසක් සක්වළ ආලෝක පතුරුවන්නට සමර්ථ වූ මහා බ්රායහ්ම තෙම් සූර්යෝද්ගමනයෙහි ක‍දෝකිමියක්හු සෙයින් නිෂ්ප්රහභ වූයේ යැ. සියලු ලෝකත්ර‍යය බුද්ධරශ්මියෙන් මැ. පැතිරෙන ලද්දේ වී යැ. එදවස් සියලු දසදිසාවෝ ඉඳුනිල්මිණි හා පබළු හා රන් රිදි පටින් වලඳනා ලද්දවුන් මෙන් ද දෙව්දුනු හා විදුලිය හා සන්ධ්යාෝ වලාපටලයෙන් රැඳි ගියවුන් මෙන් ද රුවන් වළලු රුවන්දම්. රුවන් සුන්නෙන් විසුරුණවුන් මෙන් ද හොබනාහු යැ.


මෙසේ දක්වනලද යමක ප්රාමතිහාර්ය්වන ඇති සර්වඥයන් වහන්සේ ගේ ශරීරයෙන් නික්මුණා වූ දෙවැනි දෙවැනි වූ රශ්මීහු පූර්වපූර්ව වූ රශ්මිනට යුවල යුවල වැ යාමෙන් ඒකක්ෂණයෙහි මැ පවත්නාහු යැ. එතෙකුදු වුවත් චිත්තයෙන් දෙදෙනක්හු ගේ ඒකක්ෂණයෙහි පැවැත් මෙක් නම් නැත්තේ යැ. ඒ ඒ රශ්මියට ආවර්ජනය පිරකර්මය අධිෂ්ඨානය යන මොහු වෙන වෙන මැ වන්නාහු යැ. ඒ එසේ මැ යි. භාග්යනවත් වූ බුදුරජාණන් වහන්සේ නිල රශ්මි විහිදුවන පිණිසැ නීල කසීණ සමාපත්තියට සමවදනා සේකැ. රන්වන් රස් විහිඳුවන පිණිසැ පිත කසිණ සමාපත්තියට සමවදනා සේකැ. රත් වූ රස් විහිදුවන පිණිස ලෝහිත කසිණ සමාපත්තියට සමවදනා සේකැ. ධවල වූ රශ්මි විහිදුවන පිණිසැ ඔදාත කසිණ සමාපත්තියට සමවදනා සේකැ. ගිනිකඳ හරනා පිණිසැ ආපෝකසිණසමාපත්තියට සමවදනා සේකැ. එතෙකුදු වුවුත් සර්වඥවරයන් ගේ භාවංගපරිවාසය ලඝු බැවින්ද ආවජ්ජන සමාපජ්ජන වුට්ඨාන අධිට්ඨාන ප්රංත්යුවේක්ෂා ලක්ෂණ වූ පස්ආකාරයෙකින් මනා ‍කොටැ පුරුදු කරන ලද වශිතාව ඇති බැවින් ද ඒ සියලු රශ්මීහු ඒකඒෂණයෙහි මැ පවත්නාහු යැ.


එක්ලිහි දසදහසක් සක්වළැ සියලු කාමාවචාරාදි දිව්යී සමූහයෝ සන්තුෂ්ට වූ සිත් ඇති වැ, උපන්නා වූ ප්රීසති සොම්නසින් ඇත්තාහු. පිරිසිදු ධවල දිව සළු හැඳ පෙරෙවැ පියුම්කැකුළු වැනි වූ දොහොත් මුදුනේ බැඳැ “අනේ! සර්වඥයන් වහන්සේ ලෝකානුකම්පි සේකැ. අනේ! සර්වඥයන්වහන්සේ මහත් වූ කරුණා ඇති සේකැ”යි ස්තූති ඝෝෂා පවත්වමින්, සඳුන් සුනු මිශ්රස පස්වණක් දිව මල් විසුරුවමින්, පිළි හිසැ නටමින්, දිව්ය නාටක සංගිතින් පවත්වමින් මහත් වූ පූජා කරන්නාහු යැ. මෙසේ ධර්ම නැමැති රුවනට කරඬුවක් බඳු වූ ඒ සර්වඥයන් වහන්සේ වාග්විෂයාතික්රාමන්ත වූ යමක මහා ප්රාවතිහාර්ය්යන කරන සේක්, විසි කෙළක් පමණ ප්රාටණීනට නිවන් නැමැති අමෘත රසය පෙවූ සේකැ.


ඉක්බිත්තෙන් එක්ලක්ෂ අටසැටදහසක් යොදුන් උස ඇති රුවන් මෙර මුදුනෙහි නොයෙක් මාණික්යස සමූහ‍යන් ගේ රශ්මීන් බබළන්නා වූ අනේක ප්රුකාර වූ උද්යාටන විමාන වීථි ඇති, දසදහසක් යොදුන් දිග පුළුල ඇති, දොර දහසෙකින් දිලිසෙන්නා වූ තව්තිසා දිව්යවපුරයෙහි, පනස්යොදුනක් පමණ දිග ඇති කදින් හා ශාඛායෙන් ද හෙබියා වූ, යොදුන් සියයක් දිග පුළුල ඇති තුන් සියයක් යොදුන් ශාඛා මණ්ඩල යෙන් සැරහුණා වූ, යොදුන් පනසක් තැන යන්නා වූ පුෂ්පාලෝකයෙන් බබළන්නාවූ යොදුන් සියයෙකැ පැතිරෙන්නා වූ මල් සුවඳින් ඒක සුගන්ධ වූ, සර්වප්රයකාරයෙන් පැලි පිපි ගියා වූ මල් ඇති පරසතු රුක්මුල්හි පසළොස් යොදුන් උස ඇති පනස් යොදුන් පළල ඇති සැට යොදුන් දිග ඇති, බඳුවද මල් පෙති පනස් යොදුන් පළල ඇති සැට යොදුන් දිග ඇති, බඳුවද මල් පෙති සෙයින් අලතා පටලයක් සෙයින් රත් වූ; හංස‍යන් ගේ යටිබඩ ලොම් සෙයින් මොළොක් වූ; උණු කැමැති වේලෙහි උණු පවත්නා වූ; සිහිල් කැමැති වේලෙහි සිහිල් පවත්නා වූ ශක්රුදෙවෙන්ද්රතයා ගේ කුශාලානිසංසයෙන් වූ පාණ්ඩු කම්බල ශිලාසනයෙහි ක්ෂුදාපිඨයක් මත්තෙහි හිඳින්නක්හු මෙන් දස දහසක් සක්වළින් රැස් වූ සූක්ෂුම ආත්භාවයෙන් මවාගෙනැ සක්වළ පුරා සිටියා වූ දිව්ය බ්රකහ්ම සමූහයන් ගේ මධ්යංයෙහි දිව්ය් ලෝකය බබුළුවමින් හිඳැ මාතෘ දිව්යවපුත්ර්යන් ප්රහධාන කොටැ ඇති සියලු දෙවියනට-


“ධම්මසංගණි විභංගංච කථාවත්ථුංච පුග්ගලං,

ධාතු යමක පට්ඨානං අභිධම්මෝති වුච්චති”යි-


කියනලද සප්ත පුකරණ සංඛ්යාෝත අභිධර්මදෙශනාව කරන සේක් අසූකෙළක් ප්රාුණිනට චතුසත්යතවබෝධය කළ සේකැ.


ඉක්බිත්තෙන් අභිධර්ම දේශනාවසානයෙහි හුනස්නෙන් නැඟි ශක්රිදේවේන්ද්රශයන් විසින් නියෝග කරන ලද විශ්වකර්ම දිව්ය පුත්රසයා විසින් එක් පාර්ශවයෙකැ රජතමය කොටැ එක් පාර්ශ්වයෙකැ ස්වර්ණමය කොටැ මාධ්යායෙහි සර්වරත්නමය කොටැ. මෙරගල් මුදුනෙහි පටන් යම්තාක් සකස්පුර‍දොර ද ඒතාක් මවන ලද දසදික් බබුළුවන්නා වූ සෝපාත මාලාවන් තුන්දෙන අතුරින් බුදු රජාණන් වහන්සේ සර්වරත්නමය වූ හිනි හිසැ සිටැ ලෝකවිවරණ ප්රානතිහාර්ය්න් කොටැ නොයෙක් සක්වළවැසි සත්වයනට පෙනෙන සේක්, අවිචි යෙහි පටන් භවාග්රවය දක්වා සියලු ලොවැ මහජනයා ගේ නේත්රකයට විෂය කරන සේක්, අකාශයෙහි චිත්රිකර්ම නිර්මාණයන් වැනි වූ ගන්නා ලද විසිතුරු වූ පූජාවස්තූන් ඇති සියලු සක්වළ ගබ පුරා සිටියා වූ දිව්යම සමූහයා විසින් පිරිවරන ලදු වැ. නොයෙක් දහස් ගණන් දිව්යානාටකයන් පිරිවර කොටැ ඇති පංචසිඛ ගන්ධර්ව දිව්යස පුත්ර යා තුන් ගව්වක් දිග බේලුවපණ්ඩු වීණෘව සමපණසක් මූර්ජනා යෙන් සරහා ලෝකකුහරය පුරා වීණා නාද පවත්වන්නාහු විසින් ගායනා කරනුලබන්නා වූ ස්තුතිඝෝෂාවන් ඇති සේක්. දසදහසක් සක්වළ දසදහසක් ශක්රූයන් පිරිවර කොටැ ඇති ශක්රසදේවේන්ද්රදයන් විසින් පාසිවුරු ගෙනැ පූජාකරනු ලබන සේක්. ධෘනරාෂ්ට්රර වරූඞ විරූපාක්ෂ වෛශ්ර්වණ යැ වන නම් ඇති දසදහසක් සක්වළ සතළිස් දහසක් වරම් රජදරුවන් විසින් ඉදිරියෙහි අතරුනලද පියවිළි ඇති සේක්, දසදහසක් සක්වළ විසිදහසක් චන්ද්රර සූර්ය් පි දිව්යහ පුතුයන් විසින් ගන්නාලද විසිතුරු වූ රන් දද රිදී දද ඇති සේක්. එසේ මැ දසදහසක් සක්වළැ දසදහසක් සුයාම දිව්ය පුත්ර යන් විසින් සලනු ලබන්නා වූ ශරච්චන්ද්ර මරිවි සේ පැහැසරවත් වූ දිව්ය වාමර සමූහයන් ඇති සේක්, එසේ මැ දසදහසක් සන්තුෂිත දිව්යි පුත්රායන් විසින් මැණික්මය වූ තල්වැටින් සලනු ලබන්නා‍ වූ මොළොක් සිනිඳු මඳ පවන් ඇති සේක්. තව ද දසදහසක් සක්වළ තිස්ලක්ෂ විසිදහසක් පමණ දිව්යන කුමාරිකාවන් විසින් ගන්නා ලද උපුල් මල් කලබින් සරහන ලද රන් රිදි මැණික්මය වූ පූර්ණ කලස මාලාවන් ගෙනැ ගායනා කරනු ලබන්නාවූ මධුර වූ මංගල වචනයන් ඇති සේක් යහම්පති මහා බ්රකහ්මයා විසින් ධරනලද ශරත් කාලයෙහි පූර්ණ චන්ද්රස මණ්ඩලයක් බඳු වූ ධවලච්ඡත්රව ඇති සේක්. ෂඩ්වර්ණ ය බුඞරශ්මි මාලායෙන් බබළමින් සාරාසංඛ්යනකල්පලක්ෂයක් මුළුල්ලෙහි පුරනලද පාරමිතාවන් ගේ ඵලය ලොවට දක්වන සේක්, රන් රිදී හිණින් බස්නා වූ මහානුභාව සම්පන්න වූ දිව්යදසමූහයා විසින් පිරිවරන ලදු වැ සකස්පුර දොරට බැසැ ප්රී්තීන් දල්වනලද නේත්රදයන් ඇති සතිස් යොදනෙකැ පැතිර සිටියා වූ මනුෂ්යප පර්ෂද විසින් ගඳ දුම් මල් පහන් ආදීන් පූජා කොටැ නමස්කාර කරනු ලබන සේක්, එතැන්හි දී ධර්ම දේශනා ‍කොටැ තිස්කෙළක් පමණ ප්රාලණීන් අමෘත පානය කරවූ සේකැ.