විල්ගම්මුළ පබඳ-සිංහල බෝධි වංශයvii

ආනන්ද බෝධි කථා


ශ්‍රී මහා බෝධීන් වහන්සේ කුමක් සිද්ධ කරන සෙක් ද යත්: තමන් වහන්සේ ප්රාකර්ථනා කොටැ ප්රෝමාණාතික්රාසන්ත වූ කාලයක් මුළුල්ලෙහි අනන්ත වූ බෝධිසම්භාරයන් රැස් කොටැ ආවා වූ මහා පුරුෂයානන් වහන්සේ ගේ සම්යෝක් සම්බෝධිය සිද්ධ කරන සේකැ. අවශේෂ සත්ත්වයනට ස්වර්ග මෝක්ෂ සැප සිද්ධකරන සේකැ.

ඒ බෝධීන් වහන්සේ කවුරුන් විසින් ස්තුති කරනලද සේක්ද යත්: ලොවුතුරා සම්යීක් සම්බුදුරජාණන් වහන්සේ හා අනුබද්ධ වූ ශාරිපුත්රස මෞද්ගල්යාසයන මහා කාශ්යුප ස්ථවිරාදී වූ ශ්රාවවකයන් වහන්සේ හා දිව්යහ බ්‍රහ්ම නාග සුපර්ණ නරේන්ද්රා දීන් විසින් ස්තුති කරනලද සේකැ.

ඒ බෝධීන් වහන්සේ කොතැන්හි පිහිටි සේක් ද යත්: යම් ස්ථානයෙක්හි, නස්නා කප කෙළ ලක්ෂයක් සක්වළ නට කල්හි පසු වැ නැස්මට යේ ද, හට ගන්නා කප යම් ස්ථානයෙකින් නැංගා වූ ජලජ පද්මය බ්‍රහ්ම ලෝකයෙහි දී ප්රනබුද්ධ වැ හට ගෙනැ සිටි කපැ උපදනා වූ සර්වඥවරයන් ගේ ගණන් වශයෙන් ශ්රමමණයනට අලඞ්කාර ස්වරූපයෙන්සිටි පාත්රවචීවරාදී වූ මහණ පිරිකර දේ ද, එ මැ හට ගෙනැ සිටි කල්පයෙහි පුරනලද පාරමිතා ඇති එ මහා බෝධිසත්ත්වවරයනට මෙතැන්හි හිඳැ අපරිමාණ ගුණ සමූහයට පැමිණන හෙයින් අචල ප්රිතිෂ්ඨා වේ ද, යම් ස්ථානයෙකැ පටන් භවාග්රරය දක්වා හෙරිකුහරයක් මෙන් එකව්ජිද්රි වැ විමන් නැති වැ තිබේ ද, බ්‍රහ්මයා විසිනුත් ඉක්මැ පලා යා හැනො හැකි ද, නාග සුපර්ණයන් හා දිව්ය් මනුෂ්යනයන් හා අසුරයන් හා බ්‍රහ්මයන් හා චක්රැවර්තී රජදරුවන් ද විසින් යම් ස්ථානයෙක් හි පිදියැ යුතු වේ ද, ඒ වනාහි මගධ රටැ උරුවේලා නම් දනව්වෙහි නේරඤ්ජරා නම් ගංතෙරැ උතුම් වූ මහී කාන්තාව ගේ ළයක් වැනි වූ උත්තම ස්ථානයෙහි පිහිටියේ යැ. ඒ බෝධීන් වහන්සේ ගේ ඵලයෙන් උපන්නා වූ මහා බෝධිය සර්වඥයන් වහන්සේ විද්යාීමාන කාලයෙහි ජේතවන මහා විහාරද්වාරයෙහි පිහිටියේ යැ.


ඒ බෝධි දෙදෙනා වහන්සේ අතුරින් ඵලරුහ මහා බෝධිය සර්වඥයන් වහන්සේ සිද්යාිමාන කල්හි ජේතවන මහා විහාරද්වාරයෙහි කෙසේ පිහිටියේ ද යත්:


1. බ්‍රහ්මාරාධනා කථාවසංස්කරණය

ඉක්බිත්තෙන්....සංස්කරණය

ඉක්බිත්තෙන් නොයෙක් ගුණ සමූහ නැමැති ආභරණයෙන් සැරහුණා වූ සර්වඥයන් වහන්සේ සූර්ය රශ්මීන් වැදැගත්තා වූ පද්මයක් මෙන් අතිශයෙන් සන්තුෂ්ට වූ චිත්ත සන්තාන ඇති සේක්, “අනන්ත වූ කල්පකෝටි ශතසහස්රටයක් මුළුල්ලෙහි මේ මහාබෝධි පර්යංකය කාරණ කොටැ සසර දිවැ ඇවිද්දෙමි. මේ පර්යංකයෙහි හුන්නා වූ මා විසින් මාර සේනාව පරාජය කරන ලදැ. මෙහි මැ උන්නා වූ මා ගේ මන දොළ පිරිණ. එහෙයින් තව මේ පර්යංකයෙන් නො නැ‍ඟෙමි” යි තියා නොයෙක් කෙළ ලක්ෂ ගණන් සමාපත්තියට සමවදනා සේක්, සතියක් ඉකුත් කොටැ; ඉක්බිත්තෙන් ඒ බර්යංකයෙන් නැගී සර්වඥතාඥාන ප්රවතිවේධයෙහි උපන්නා වූ සැක ඇති සමහර දෙවතා කෙනෙකුන්ගේ සැක දුරු කරණ පිණිසැ ආකාශයට පැන නැඟී යමක ප්රාතතිහාර්යය දක්වා, ආකාශයෙන් බැසැ, මහා බෝධි පර්යංකයට ඊශාන කෝණයෙහි සිටැ “ඒකාන්තයෙන් මා විසින් මේ මහා බෝධි ද්රැබමය සමීපයෙහි දී සර්වඥතාඥානය ප්රෙතිවේධ කරන ලදැ” යි කියා; ප්රයමාණාතික්රාරන්ත වූ කාලයක් මුළුල්ලෙහි රැස් කරන ලද පාරමිතාවන්ගේ ඵලයට පැමිණන්නා වූ ස්ථානයද, පර්යාංකයද, බෝධි වෘක්ෂය ද, පස් වණක් පැහැයෙන් බබළන්නා වූ ප්රීකතියෙන් දල්වනලද නොහෙළනලද ඇසිපිය ඇති ප්රේමමයෙන් හරිත වූ නේත්රර යුගලයෙන් පූජා කෙරෙමින්එතැන්හි සතියක් මුළුල්ලෙහි වැඩැසිටි සේකැ.


ඉක්බිත්තෙන් චන්ද්රායා සේ සෞම්යස වූ ශරීර ඇති, දිව ඇස් පැණ ඇස් ආදී වූ පසැස් ඇති, සර්වඥයන් වහන්සේ බෝධි පර්යංකයට හා අනිමිෂ චෛත්ය යටත් අතුරෙහි වූ නැගෙනහිරින් බස්නාහිරට මවන ලද රුවන් සක්මනෙහි සක්මන් කරන සේක් සතියක් ඉකුත් කළ සේකැ. මහා බෝධියට පැළ දෙසෙහි වූ රුවන් ගෙහි අනන්ත නයසමන්ත පට්ඨාන ලක්ෂණ වූ ධර්මය සම්මර්ශනය කරන සේක් සතියක් ඉකුති කල සේකැ. බෝමැඩට නැගෙනහිර දිශා භාගයෙහි වූ අජපාල න්ය ග්රොකධ වෘක්ෂ සමීපයෙහි වැඩ හිඳැමාරාවන් ගේ මුඛ නැමැති පියුම් වනය මලානික කරන සේක් සතියක් ඉකුත් කල සේකැ. ඒ සර්වඥයන් දුටුකළ මාර වනිතාවන්ගේ මුව පියුම් හැකිළෙනු කිසි විස්මයෙක් නො වෙයි.


එයින් කීහ:


“පූර්වාවදානචරිකේසු සුදුස්තරේෂු

ගිතේෂු යස්ය් සුරකින්නරසුන්සරිහිඃ

අද්යාුපි චන්ද්රුකිරණෛරීව සංකුවන්ති

මරාඞ්ගනාවදනපංකජ කානානි” යි


බෝමැඩට අග්නිකොණයෙහි වූ..සංස්කරණය

බෝමැඩට අග්නිකොණයෙහි වූ මිදෙල් විල්තෙරැ මිදෙල් රුක් මුල් හි වැඩහිඳැ, මුදලින්ද නම් නාග රාජයා ගේ සිත් නැමැති ඇඹුල වනය පුබුදුවමින් සතියක් ඉකුත් කල සේකැ. බෝමැඩට දකුණු දිශා භාගයෙහි වූ කිරිපලු රුක් මුල්හි වැඩහිඳැ, ඵලසමාපත්ති සැපය අනුභව කෙරෙමින් සතියක් ඉකුත් කළ සේකැ. යම් සේ රාජ්යඵ පදවියට පැමිණියා වූ රජ්ජුරු කෙනෙක් තමන් ගේ රත්නසාර දක්නා සඳහා ඒ ඒ ගර්භයෙහි දොර හරවා රන් රිදී මුතු මැණික් ආදි වූ රත්නයන් පරික්ෂා කෙරෙමින් ඇවිදිද් ද, එපරිද්දෙන් මැ බුදුහු ඒ එකන් පනස් දවස ඒ ඒ ධර්ම රත්නයන් ප්ර ත්යනවේක්ෂා කෙරෙමින් විසූ සේකැ. මෙසේ සත් සතිය ගලවා; දෙදෙව්ලොව උපන්නාවූ අධිකරණ විනිශ්චය කරන්නට සමර්ථ හෙයින් ද සකස් කොටැ දන් දුන් හෙයින් ද ශක්ර නම් වූ ඒ දිව්යි රාජයා විසින් එළවල ලද බෙහෙත් අරළු හා නාලි දැවටූ හා අනෝතත්ත ජලය ද ප්රවයෝජන විඳැ, තපස්සු භල්ලුක නම් වෙළෙඳුන් දෙදෙනකු විසින් එළවන ලද අග්ගලා හා මීයෙන් ඇනු විලඳ වටද සතර වරම් දෙවි මහ රජදරැව්න විසින් එළවනලද්දා වූ පාත්රරයෙන් පිළිගෙනැ භෝජනාවසානයෙහි අජපාල න්යලග්රෝයධ වෘක්ෂ සමීපයට ගොසින්, “මා විසින් පැමිණෙන ලද්දාවූ නිර්වාණ ධර්මය තෙමේ පොළෝ ධරා සිටි දිය කඳක් සෙයින් ඉතා ගැඹුරු යැයි පර්වතයෙකින් සඟවා තබනලද වස්තුවක් මෙන් නො දැක්කැ හැක්කේ යැ. නො දැක්කැ හැකි බැවින් මැ අවබෝධ නො කටහැක්‍ේක යැ. නිවන්නා වූ සියලු ක්ලේශපරිදාහ ඇති බැවින් ශාන්ත යැ. මියුරු වූ රස ඇති භෝජනයක් මෙන අතෘප්තිකර වූ කාරණයෙන් ප්රිනිත යැ. තර්කනය කිරීෆමන් අවවරණය නො කට හැකි බැවින් අතර්කාවවර යැ. සියක් වර පලන ලද අස් ලොමෙහි කෙළවරක් කෙළවරක් මෙන් ඉතා සියුම යැ. අඥාන සත්වයනට අවිෂය බැවින් පණ්ඩිත වේදනීය යැ. මේ ධර්මය ප්ර්තිවේධ කරන්නට උත්සාහ කරන්නා වූ මා විසින් වනාහි පැමිණියා වූ යාචකයනට සරහා පිළියෙළ කරන්ලාද්දා වු ඉස් කපා දීමෙන් ද, ගල ලෝහිත දිමෙන්ද, අඳුන් ගා මනා කොටැ සරහන ලද පස්පෑ දිස්නා ඇස් උපුටා දිමෙන්ද, කුල වංශයට ප්රනදීපයක් බඳු වූ දරුවන් හා මන වඩන්නා වූ භාර්යාල ල වනුත් දීමෙන් ද නුදුන් දනක් නම් නැත.


සංඛපාලජාතකාදි වූ අනේක අත්මභාවයන්හි ජීවිත පරිත්යාමගය තෘණ ලවයක් මෙන් කරන්නා වූ ද, ශිලවෘති ක්ර මය පොළොව පෙරෑළීමක් මෙන් සිතන්නා වූ ද මා විසින් රක්ෂා නොකරනලද ශිලයෙක් නම් නැත. චුලසුතසෝමාදි ආත්ම භාවයන්හි මනෝඥ වූ සම්පතිත්ය පරිත්‍යාග කරන්නාවූ ද, ක්ෂාන්තිවාදදි අත්මභාවයන්හි ඡෙද්ය‍හෙද්යාූ දියට පැමිණෙන්නා වු ද මා විසින් නුපුරනලද කිසි පාරමිතාවෙක් නම් නැත. එසේ වූ මා සවස් වේලෙහි මාර සෙනාව විධ්වංසනය කරන්නා හටත් මහී කම්පා නො කෙළේ යැ. ප්රවථම යාමයෙහි පූර්වෙනිවාසානුස්මෘති ඥානය සමධිගමය කරන්නා හට ද, මධ්යරම ‍යාමයෙහි දිව්යඥ චක්ෂුරභිඥානය උපදවන්නා හට ද, මහි කම්පාව නො කෙළේ යැ. පශ්චිමයාමයෙහි වනාහි ද්වාදශාඬ්ග ප්ර තීත්ය සමුත්පාදය අනුලෝම ප්ර තිලෝම වශයෙන් ප්ර තිවේධය කරන්නාවූ මට දස දහසක් සක්වළ යදඬුයෙකින් ගැසූ ලෝතලියක් මෙන් සියදහස් ගණන් ධ්වනි පවත්වමින් පවනින් පහරන ලද පියුම් පතෙක්හි ජල බින්දුවක් මෙන් මේ මහ පොළොව කම්පා කෙළේ යැත මෙසේ මෙබඳු වූ තීක්ෂණ ප්ර්ඥා ඇත්තා වූ මා විසින් මේ ධර්මය දුකින් ප්රෂතිවේධ කරනලද. මේ ලෞකික මහා ජනයෝ කාඩී පිරුණු ලබ්බක් මෙන් ද, මෝරු පිරුණු සැළක් මෙන් ද, මස් තෙලින් රඳනාලද රෙද්දක් මෙන් ද, අඳුන් වැකීගිය අතක් මෙන් දක්ලේශයෙන් පිරුණාහ. ඉතා සකිලිටු වන්නාහ. රාගයෙන් රක්තයහ. ද්වේෂයෙන් දුෂ්ටයහ. මෝහයෙන් මුඬයහ. අවිද්යාකරාශින් වලඳනා ලදහ. එසේ වූ සත්ත්වයෝ මෙසේ ගැඹුරු වූ ධර්මය කෙසේ නම් ප්රහතිවේධ කෙරෙද්ද ? එසේ වූ ධර්ම දෙශනාව කිරීමෙන් මට ප්රනයෝජන කිම් දැ”යි උපන්නාවූ නිරුත්සාහ ඇති සේක්, සහම්පති වහා බ්ර්හ්මයා විසින්:


“නස්සති වත හෝ ලොකෝ, විනස්සති වත හෝ ලොකෝ, යත්ර් හි නාම තථාගතස්ය අරහතෝ සම්මාසම්බුද්ධස්ස් අප්පෝස්සු ක්කතාය චිත්තං නමති නෝ ධම්ම දේසනාය”යි.


මහත් වු ඝෝෂා පවත්වා දසදහසක් සක්වළ දසදහසක් බ්රුහ්මයන් හා සමග-කුළු ගෙයක් සා ගලක් හැමට පාත බ්ර‍හ්ම ලෝකයෙහි සිටැ ‍හෙළූ කළ එක් රෑ දාවලෙකින් අට සාළිස් දහසක් යොදුන් ගෙවමින් සාරමසෙකින් පොළවට බස්සී. -මෙසේ ඉතා දුරු වු හැමට යට බඹතලයෙන් මත්තේ බ්රවහ්මලෝකයෙහි සිටැ දික් කළ අතක් වක් නො කරනතුරු අවුත් භාග්ය ව්ත වූ බුදුරාජණන් වහන්සේ ගේ අභිමුඛයෙහි පහළ වියැ.


එයින් කී හ:-


“සෙය්යහථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය් පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්යව, එවමේවං බ්රපහ්ම ලෝකේ අන්තර හිතෝ භගවතෝ පුරතෝ පාතුරහෝසි”යි.


දකුණු දණමඬල බිම හැනැ මුදුනෙහි දෝත් බැඳැ “දේසේතු භගවා ධම්මං” යනාදින් යාච්ඥා කරනලද සේක්, බුද්ධවක්ෂුසින් දස දහසක් සක්වළ බලමින් එහි “ප්රදඥා නැමැති චක්ෂුස්හි අල්ප වූ රාගාදි රජස් ඇත් සත්ත්වයෝ මෙතෙකැ”යි “ප්රඥඥා නැමැති චක්ෂුස්හි බොහෝ වු රාගාදි රජස් ඇත් සත්ත්වයෝ මෙතෙකැ”යි දැකැ නැවතැ ද ඒ සත්ත්වයන් භව්යා්භව්යා වශයෙන් විභාග කොටැ ෂෝඩශාකාරයෙකින් ආශයාදින් බැලූ කලැ එක්තරා පුකාරයෙකින් විනයනය නො කට හැකිවී න්ම ඒ සත්තව‍යෝ අනුශාසනා වට අභව්යය නම් වේති - ‍එසේ වූ අභව්යය පුද්ගලයන් හැරැ, භව්යෝ පුද්ගලයන් මැ ඥානයෙන් පිරිසිඳැ ගෙනැ. “දැන් වනාහි සියලු ජන තෙමේ තමන් ගේ සැදැහැ නැමැති භාජනයන් එළවා වධි, ඔවුන් ගේ මනදොළ පුරමි”යි බුහ්මයාට වචන නැමැති අමෘත රශ්මි විහිදැවූ සේකැ.


2. ධම්මවක්ක පවත්තන කථාවසංස්කරණය

ඉක්බිත්තෙන් අජපාල වෘක්ෂ නැමැති උදය පර්වතයෙන් නැංගා වූ සර්වඥ නැමැති සූර්ය්ජපායාණන් වහන්සේ ඉඳුනිල් මිණි වන් ආකාශයෙහි අනේක ප්රමකාර වූ ෂඩ්වර්ණ ඝන බුද්ධරශ්මි විහිදුවන සේක්, එකල්හි ධම්සක් පැවැතුම් සූත්රම දේශනාව කරන්නට ඉසිපතන මිගදායයට වඩනා සේක්, උපක නම් නිගණ්ඨාජීවකයන් හට වන වැඩ දැකැ ආකාශයෙන් නො ගොස් පොළෝ තෙලෙන් වඩනා සේකැ. ඒ ආජිවක අතර මඟැ දි ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලායෙන් දිලියෙමින් වඩනා වූ බුදුන් දැකැ සන්තුෂ්ට වැ “ තොප ගේ චක්ෂුරාදි ඉන්ද්රිවයයෝ විශේෂයෙන් ප්රටසන්නයහ. ඡවි වර්ණ ඉතා පිරිසිදු යැ. නිර්මල යැ; තෙපි කවුරුන් උදෙසා මහණ වූ ද? තොප ගේ ශාස්තෘහු කවුරුද? කවුරුන් ගේ ධර්මය තෙපි කැමැත්වූ දැ යි බුදුන් ගේන් විචාළේ යැ. එසඳ බුදුහු තමන් වහන්සේ සකල ක්ලේශයන් ජය ගෙනැ ස්වයම්භූ ඥානයෙන් සර්ව ඤේය ධර්මයන් සර්වා්කාරයෙන් පරෝපදේශ රහිත වැ දක්නා ලද පරිදි ද, කිසි තැනෙක්හි තමන් වහන්සේට වැඩි තරම් කෙනකුන් හෝ තමන් වහන්සේ හා සමාන කෙනකුන් හෝ නැති පරිදි ද, තමන් වහන්සේ අනුත්තර සම්ය ක්සම්බුද්ධ පරිදි ද, ධම්සක් පැවැතුම් සූත්රද දේශනාව කරන්නට කසි රජ දරුවන් ගේ නුවරට වඩනා පරිදි ද දක්වන සේක්:


“සබ්බාහිභූ සබ්බවිදුහමස්මි.

සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ.


සබ්බඤ්ජ හෝ තණ්හක්ඛුයේ විමුත්තෝ,

සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යංේ.


න මේ ආවරියෝ අත්ථි සදිසෝ මේ න විජ්ජති,

සදේවකස්මිං ලෝකස්මිං නත්ථී මේ පටිපුග්ගලෝ.


අහං හි අරහා ලොකෝ අහං සත්ථා අනුත්තරෝ.

එකෝම්හි සම්මාසම්බුද්ධෝ සිතිභුතෝස්මි නිබ්බුතෝ.


ධම්මවක්කං පවත්තෙතුං ගච්ඡාමි කාසිනං පුරං,

අන්ධභූතස්මිං ලෝකස්මිං ආබඤ්ඡං අමතදුන්දුහං”යි-


මේ ගාථාව්න වදාල සේක. ඒ ආජිවක තෙමේ බුදුන් කෙරෙහි පැහැදැ “තෙපි කිනම්මු දැ”යි විචාලේ යැ. “අපට අන්න්ත ජින‍යෝ යැ යි කියති”යි වදාළ සේකැ. ආජිවකයා ඉස සලා ගොස් වඞ්ගහාර නම් ජනපදයෙහි වැදි දුවක නිසා වසන්නේ, සුභද්ර නම් පුතකු ලත් කල්හි උපන්නා වූ කළකිරිමෙකින් “තමන් ගේ යහළු වූ අනන්ත ජිනයන් කරා යෙමි”යි නික්මැ, මධ්යක දේශයට ගොස්, ජේතවනයට වැදැ බුදුන් දැකැ පැවිදි වැ, අනාගාමී වැ කප් දහසකට ආයු ඇති අවිහ තෙලෙහි ඉපිදැ, උපන් විගස රහත් වූ සත් දෙනකුන් කෙරේ ඇතුළත් වියැ.


එයින් වදාළහ :-


“අවිහං උපපන්නාසේ විමුත්තා සත්ත භික්ඛවෝ,

රාග දෝස පරික්ඛිණෘ තිණ්ණා ලෝ කේ විසත්තිකං.


උප‍ කෝ ඵලගණ්ඩෝ ව පුක්කුසාති ව තේ තයෝ,

භද්දියෝ ඛණ්ඩදෙවෝ ව බාහුදත්ති ව පිංගි‍යෝ,

තේ හිත්වා මානුසං දේහං දිබ්බං යෝගං උපච්වගුහං”යි


මෙ සේ බුදු රජාණන් වහන්සේ උපක නම් ආජිවකයා හා අතර මඟැ දුටු මෘග පක්ෂීන් හා දිව්යන මනුෂ්යවයන් හා සතුටු කරවමින් ගොස්, පුෂ්ප සුගන්ධයෙන් සතුටු වැ ඣංකාර නාද පවත්වන්නා වූ හෘඬ්ග සමූහයා විසින් ගැවසී ගත් ශාඛායෙන් යුක්ත වූ වෘක්ෂයන් ඇති, මත් වූ මොනරුන් ගේ හා කොවුලන් ගේ ද මියුරුහඬ ැති ඉසිපතන නම් මිගදායයට වැදැ කිඳුරන් ගේ හා කුරවී කෙවිල්ලන් ‍ගේ හඬ හා සමාන වූ කට හඬින් පස් වග මහණන් වහන්සේ කැඳවා, නොයෙක් කෙළ ගණන් දිව්යක බ්ර හ්මයන් විසින් පිරිවරන ලදු වැ, ධම්සක් පැවැතුම් සූත්රන දේශනාව කරන සේක්, දේශනා නැමැති රශ්මින් මෝහ නැමැති අන්ධකාර සමූහයා බිඳැ, සියලු ලෝකයෙහි ධර්මා ලෝකය දක්වා විනේය ජන නැමැති පද්ම විකාශය කළ සේකැ. කෙසේ ද යත් : එදවස් මනුෂ්යවයන් ගෙන් කොණ්ඩඤ්ජ මහ තෙරුන් වහන්සේ සෝවාන් වූ සේකැ. දෙවියන් ගෙන් අටළොස් කෙළක් බුහ්මයෝ රත් වූහ. අසංඛ්ය යක් දෙවියෝ ‍සෝවාන් සෙදගැමි අනගැමි වූ හ.

එයින් කීහ.


“මහා සමයසුත්තේ ව අථෝ මඬ්ගලසුත්තකේ,

සමවිත්ාතේ රාහුලෝවාදේ ධම්මචක්කේ පරාභවේ.


දේවතා සමිති තත්ථ අප්පමය්යා අනප්පිකා,

ධම්මාභිසමයෝ වෙත්ථ ගණනාකෝ අසංඛියෝ”යි.



3. වේළුවනාරාම කථාවසංස්කරණය

මෙසේ මහානුභාව සම්පන්න වූ රජක්හු මෙන් මිගදායවන නැමැති යුද්ධ භූමියෙහි පුඥා නැමැති හස්තයෙන් දේශනා නැමැති බඬ්ගය ගෙනැ විනේය ජන නැමැති මිත්රැ ජනයාට පීඩා කරන්නා වූ කෙලෙස් නමැති සතුරන් ගේ ඉස් සිඳැ, සද්ධර්ම නැමති ජයස්තම්භය පිහිටුවා, සියලු ලෝකයට ඒකරාජ්යසය කොටැ සියලු ලෝකයට අසහාය රාජ වැ, මහා ජනයා භව බන්ධනයෙන් මුදා, තමන් වහන්සේ ගේ නිර්වාණ නැමති අභය පුරයට වදවනු කැමැති සේක්, බරණැස යස නම් කුලපුත්රණයකු හා එම නුවර වසන සිටු කුමාරවරුන් සතර දෙනකුන් හා කසීරට වැසි කුල පුතයන් පනස් දෙනකුන් ද මහණ කොටැ රහත් කරවා, මෙසේ නිපන්නාවූ රහත් වහණන් සැට දෙනකුන් දනවූ සැරි සරනුවන් කොටැ ‍සලස්වා, තමන් වහන්සේ උරුවේලා නම් දනවුවට වඩනා සේක්, අතර මඟැ කප්පාසික නම් වනසණ්ඩයෙහි වන ක්රී්ඩාවට ගියා වූ බද්රුවර්ග නම් වූ තිසක් පමණ රාජ කුමාර වරුන් සෝවාන් සෙදගැමි අනගැමි යන තුන්මඟ තුන් ඵල නැමැති අමෘත රසය අනුභව කරවා මහණ කොටැ “මහණෙනි! සත්තව කරුණාව පිණිසැ සැරසරා ඇවිදුව”යි ඒ ඒ තැන්හි යවා, තමන් වහන්සේ උරුවේලාවට ගොස්; උරුවේල කාශ්ය”ප යැ, ගයා කාශ්යමප යැ, නදී කාශ්යේප යැ, යන තුන් බෑ ජ‍ටිලයන් පුධාන කොටැ ඇති දසදහසක් ජටිලයනට ; ඒ උරුවේලා නම් දනවුවෙහි තුන්මසක් වැසැ තුන්දහස්පන්සියසොළොසක් ප්රායතිහාර්ය්දන දක්වා දහසක් ජටිලයන් විනයනය කොටැ ඒහි භික්ෂුභාවයෙන් පැවිදි කොටැ ඔවුන් පිරිවරා උරුවේලා නම් දනවුවෙන් නක්මැ. ගයා නම් නියම් ගමට එළඹැ. ගායශීර්ෂ නම් ගිරිතලායෙහි වැඩහිඳැ ඔවුන් ගේ ක්ලේශ ජ‍ටාවන් විධ්වංසනය කෙරෙමින් ආදිප්තපර්ය්ිතලය සූත්රල දේශනාව කළ සේකැ. මෙසේ බුදුහු අනේක පුකාර වූ ප්රාතතිහාර්ය්ැඩ සහසුයෙන් හා ධර්මදේශනායෙන් ජටිලයන් ගේ අභ්යින්තර ගත වූ කෙලෙස් අවුල් නැමැති අන්තර්ජටා ද ඉස්මුදුනෙහි බඳනා ලද දළ මුඬුලු නැමැති බාග්ය ජටා ද විධ්වංසනය කොටැ අර්හත්මාර්ගයට පමුණුවා. ඒ මහානුභාව සම්පන්න වූ ක්ෂිණාශ්රනවයන් දහසක් දෙනා විසින් පිරිවරන ලදු වැ, තාරකා සමුහයා විසින් පිරිවරනලද්දා වූ ශරත්කාලයෙහි චන්ද්රියා මෙන් දිලියෙමින්, දික් නැමැති කාන්තාවන් හොබවමින්, සියලු පක්ෂී්න් ගේ ඇස් පිනවමින් ගොස් : අභිනව වෘක්ෂ ශතයෙන් හෙබියා වූ, ළපලුපත්හි පැහැයෙන් රත් වු. අනවරතයෙන් වැහෙන්නා වූ මල් රොනින් රැඳුණා වූ, ලතාමණඩපය තුළට පැමිණි මොනර සමූහයා විසින් පවන් ගන්නා ලද නැටුම් ඇති ලෂ්ටිවන නම් උයනට වැදැ; එක ලක්ෂ විසි දහසක් පමණ බ්රා හ්මණ ගෘහපතින් විසින් පිරිවරන ලදු වැ, සමීපයට පැමිණියා වූ නමස්කාර පිණිසැ භූමියෙහි තබන ලද නළල් තල ඇති මුහුකුරුවන ලද කුසල් මුල් ඇති බිම්සර රජ්ජුරු වන් ධර්මදෙශනා නැමැති අමෘත ජලයෙන් අභිෂේක කොටැ දෙවැනි දවස්, සියලු දේව දානව නාගසුපර්ණාදීන් විසින් පිරිවරණලදු වැ මානවක වෙස් ධැරූ ශක්රුදේවෙන්ද්රපයන් විසින් ද:


“කප්පච්වයේ කලියුගේ බුද්ධුප්පාදෝ අහෝ මහච්ඡරියං,

හුතවහමජේඣ ජාතං පමුදිතමකරන්දමරවින්දං.”


“දන්තෝ දන්තෝහි සහ පුරාණජටිලේහි විප්පමුත්තේහි

සිංගිනින්ඛසවණ්ණෝ රාජගංහ පාවිසි භගවා.”


යනාදීන් මියුරු කටහඬින් ගායනා කරනු ලබන්නා වූ ගුණ ශෝභාවන් ඇති ජිනශ්රෙුෂ්ඨවූ සර්වඥයන් වහන්සේ අපමණ කල් මුළුල්ලෙහි රැස් කරන ලද කුශල බලයෙන් උපන්නා වූ උපමා විෂයාතික්රාපන්ත බුද්ධ විලසයෙන් රජගහ නුවරට වැදැ බිම්සර රජ්ජුරුවන් විසින් තමන් ගේ මාලිගාවට වඩාගෙනැ යනලද සේක්, වළඳා අන්තයෙහි දිය පොළොව අවසන් කොටැ ඇති පෘථිවි තලය කම්පා කෙරෙමින් වෙළුවනාරාමය පිළිගෙනැ, පුෂ්පාහාරයෙන් නැමුණා වූ උතුම් වූ වෘක්ෂයෙන් ගැවසීගත්තා වූ සුපිපි රත්පියුම් හෙළපියුම් ඇඹුල උපුලින් සැරහුණා වූ පිරුණු පොකුණු ඇති, මොළොක් වූ සුවඳැත්තා වූ සිහිල් වූ සැප පවන් ඇති, ඒ වේළුවනාරාමයෙහි සිල් නැමැති කඳ වුරු බැඳැ සමාධි නැමැති කුන්තය ඔබවා සර්වඥතාඥාන නැමැති ශරය ලෙළවමින් ධර්මරාජ වූ සර්වඥයන් වහන්සේ දිව්ය් බ්රතහ්ම අර්ය්ළො ඊර්ය්ි ශපථ සඞ්ඛ්යාඥත වූ විහරණයන් අතුරින් එක්තරා කැමැති වනලද විහරණයෙකින් වාසය කරන සේකැ.



3. න්‍යග්‍රොධාරාම කථාවසංස්කරණය

එසමෙයෙහි ශුද්ධෝදන රජ්ජුරුවෝ..සංස්කරණය

එසමෙයෙහි ශුද්ධෝදන රජ්ජුරුවෝ “තමන් ගේ පුතණුවන් වහන්සේ උතුම් වූ සම්යික්සම්බෝධියට පැමිණැ පවත්වනලද ධම්සක් පැවැතුම් සූත්රව දේශනවා ඇති සේක් රජගහනුවර නිසා වෙළුවනාරාමයෙහි වසන සේකැ;” යනු අසා, බුදු වු පුතණුවන් වහන්සේ දක්නා කැමැති වැ නවවාරයෙකැ යෝධයන් දහසක් දහසක් දෙනා පිරිවා කොටැ ඇති අමාත්ය යන් නව දෙනකුන් යවා, ඒ අමාත්යදයන් නව දෙනා අතුරින් එකකුත් නො දැකැ. බුදුනට වල්ලභ වූ බුදුන් උපදනා දවස් උපන්නා වූ මියුරු කථා ඇති කාළුදායි නම් මහාමාත්යුයා “යම් කිසි උපායෙකින් උතුම් වූ පුත්රථරත්නය ගෙනවුත් මා ගේ නේත්රය රසායනය කරව”යි කියා පළමු පරිද්දෙන් දහසක් යෝධයන් හා සමග යැවුවාහු යැ. ඒ අමාත්යපයා ද ගොස් දශබලධාරී වූ බුදු රජාණන් වහන්සේ ගේ ධර්ම දේශනාව අසා යෝධයන් දහසක් දෙනා හා සමග අර්හත් ඵලයට පැමිණැ පර්ෂද් හා සමඟ මහණ වැ බුදු රජාණන් වහන්සේට නමස්කාර කොටැ සිටියේ යැ.


ඒ ධර්ම දේශනාව අසා රහත් වූ දසදහසක් දෙන අවකුජ්ජපඤ්ඤයැ, උච්ඡංගපඤ්ඤ යැ, පථුපඤ්ඤා යැ, යන පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් තුන් වැනි වූ පථුපඤ්ඤා යැ, යන පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් තුන් වැනි වූ පථුපඤ්ඤයහ. ඔවුන් අතුරෙහි අවකුජ්ජ පඤ්ඤයා අසන බණ කිබිසිනි කොටැ තුබූ කළ පිට වක්කළ ජලයක් මෙන් ඔහු ගේ ළයට නො වදනේ යැ.


එයින් වදාළහ :


සෙස්ය ථාපි භික්ඛවේ කුම්භෝ නික්කුජ්ජෝ, තත්ර. උදකං ආසිත්තං විවට්ටති නො සණ්ඪාති, එවමේව බෝ භික්ඛවේ ඉධේකච්චෝ පුග්ගලෝ ආරාමං ගන්තා හෝති අභික්ඛණං භික්ඛුනං සන්තිකේ ධම්මසවණාය, තස්ස භික්ඛු ධම්මං දේසෙන්ති ආදිකල්යාභණං මජ්ඣෙකල්යාසණං පරියෝසානකල්යාදනංසාත්ථංසව්යඛක්ඡනං කේවල පරිපුණ්ණං පරිසුද්ධං බ්රයහ්මචරියං පකාසෙන්ති. සෝ තස්මිං ආසනේ නිසින්නෝ තස්සා කථාය නේවාදං මනසි කරෝතිනමඣං මනසි කරෝති න පරියෝසානං මනසි කරෝති. වුට්ඨිතෝපිතම්හා ආසනා තස්සා කථාය නේවාදිං මනසි කරෝති න පරි‍යෝසානං මනසි කරෝති. අයං වුච්චති භික්ඛවේ අවකුජ්ජපඤඤෝ පුග්ගලෝ”යි.


උච්ඡඬ්ග පඤ්ඤයා අසන බණ, ඉණැ ලාගෙනැ නැගී සිටි කලැ. වැගිරැ යන දැ මෙන් වන්නේ යැ.


එයින් වදාළහ:


“සෙය්යළථාපි භික්ඛවේ පුරිසස්ය උච්ඡඬ්ගේ නා නා බජ්ජකානි ආකිණ්ණානි තිලා තණ්ඩුලා මෝදකා බදරා. සෝ තම්හා. ආසනා වුට්ටහන්තෝ සතිසම්මෝසා පකිරෙය්යද, ඒවමේව බෝ භික්ඛ‍වේ ඉධේකච්චෝ පුග්ගලෝ ආරාමං ගන්තා හොති - පෙ - සෝ තස්මිං ආසනේ නිසින්නෝ තස්සා කථාය ආදිම්පි මජිඣම්පි පරියෝසානම්පි මනසි කරෝති. වුට්ඨිතෝ ව තම්හා ආසනා තස්සා කථාය නේවාදිං න මජ්ඣං න පරියෝසානං මනසි කරෝති. අයං වුච්චති භික්ඛවේ උච්ඡඞ්ගපඤ්ඤො පුග්ගලෝ”යි.

මෙසේ ඒ ශාක්ය” පුරවාසි වූ දසදහසක් භික්ෂූන් වහන්සේ අවකුජ්ජ පඤ්ඤාදි වූ ත්රිකවිධ පුද්ගලයන් අතුරින් පුථුපඤ්ඤ වූ සේකැ. ඔවුන් වහන්සේ අතුරින් කළුදායි ස්ථවිරයන් වහන්සේ කිඹුල්වත් පුරයට බුදු රජාණන් වහන්සේ වඩනා පිණිසැ මාර්ගය වර්ණනා කරන සේක් මෙසේ වර්ණනා කරන සේකැ.

“වසන්ත කාලයෙහි හට ගත්තා වූ බොහෝ ළපලු පතින් බබළන් නා වූ ඉතා නිල් වූ පත්රියෙන් විපුල වූ දහස් ගණන් අතු පතර ඇති, සුවඳ ඇත්තා වූ අනේක ප්ර කාරයෙන් විසිතුරු වූ පුෂ්ප වෘක්ෂ සමූහයෝ වන්නාහ. මිහිරි වූ මයුර නාදයන් ඇති මදයෙන් සන්තුෂ්ට වූ නොයෙක් පක්ෂීන් ගේ අනේක පුකාර වූ නාද ඇති වනයෝ වන්නාහ. නිර්මල වූ විශේෂයෙන් නිල් වූ බො‍හෝ ජලයෙන් පිරුණා වූ සුපිපි හෙල්මැලි හා ඇඹුල උපුල හා රත් නෙළුව් හෙළ නෙළුම් ද ඇති, විශේෂයෙන් නාද කරන ලද මද සහිත වූ කල හංස සමූහයන් ඇති, විල් තෙරැ හට ගත්තා වූ මල් ගස් සමූහයෙන් ගැවසීගත්තා වූ වැටකේ දුනුකේ මල් හළුයෙන් කිලුටු වූ ඉටුරු වැලිතල ඇති, දහස් ගණන් විල් පොකුණු වන්නේ යැ. සුවඳවත් වූ සිහිල් වූ මන්ද මාරුතයෙන් ගැවසීගත්තා වූ ලෝක කුහරයෝ වන්නාහ. වෛදුර්ය මාණික්යලමය වූ සැට්ටයෙන් පොරොවනලද්දාක් වැනි වූ භීතණ පතින් නිල් වූ පෘථිවි මණ්ඩලයෝ වන්නාහ. එසේ හෙයින් භාග්ය්වත් වූ බුදු රජාණන් වහන්ස! ධර්මේශ්වර වූ නුඹ වහන්සේට ජාත පුරයට වඩනට දැන් කල් වන්නේ යැ.” මෙසේ යථොක්ත ක්රටමයෙන් මාර්ග වර්ණනාව කළ සේකැ.

එකල්හි දිව්ය‍ බ්රරහ්මයන් ගේ හා අසුරයන් ගේ හා මනුෂ්ය්යන් ගේ ද නාග සුපර්ණාදීන් ගේ ද කිරීට මාණික්ය්ය නැමැති හෘඬ්ගයන් විසින් සුඹුනාලද පාද පද්ම යුගලයන් ඇති එ බුදු රජාණන් වහන්සේ විසි දහසක් පමණ ක්ෂීණශ්රාපවයන් වහන්සේ විසින් පිරිවරන ලදුවැ රත් පලසෙකින් වසන ලද්දා වූ ගමන්ගත් රත් මෙරක් බඳු වූ සේක. ශරීර රශ්මීන් දේව්දුනු හා විදුලිය හා තාරකා සමූහයා ගේ ද ප්රකභා සමූහයෙන් බබළන ලද්දාක් මෙන් වනාන්තරය එකා‍ලෝක කෙරෙමින්, දවස දවස යොදනෙක්හි යොදනෙක්හි වෙසෙමින්, දෙමසෙකින් කිඹුල්වත් පුරයට වැඩැ, නොයෙක් මල්පෙත්තේන් හා ‍ෙරානින් ද සැදුම් ලද වැලිතලයෙන් සිත් කලු වූ ව්ය්ග්රෝ්ධ නම් ශාක්යන රජ්ජුරු වන්‍ ගේ ආරම්භි කරනලද හෙයින් න්යුග්රෝ ධාරාම නම් වූ විහාරයෙහි දී නෑයන් ගේ ජාති මානයෙන් උපන්නාවූ මාන මස මර්දනය කොටැ, දිව්යෝ මනුෂ්යනයන් ගේ නේත්රඋයට රසායනයක් බඳු වූ යමක ප්රාෝතිහාර්යය දක්වා, ශාක්යය රජදරුවන් ලබා ශක්රන දේවේන්ද්රාෝදීන් විසින් වඳනා ලද තමන් වහන්සේ ගේ පාදපද්මය වන්දා, ඥාති සමාගමයෙහි බටුවාවූ පුෂ්කර වර්ෂාවසානයෙහි ධර්මවර්ෂා වස්වා, සත්ත්වයන්ගේ සිත් නැමැති පොළොවින් නැංගා වූ කෙලෙස් නැමැති ධූලි සමූහය නසා, දෙවෙනි දවස් විසි දහසක් පමණ රහතන් වහන්සේ විසින් විරිවරන ලදු වැ කිඹුල්වත් පුරයට පිඬු සිඟා වන් සේකැ.

එක්ල්හි බිම්බා‍දේවී තොමෝ නොයෙක් සිය ගණන් තරුණ ස්ත්රී්න් විසින් පිරිවරනලද්දි, ඉතා සිත්කලු වූ ප්රාරසාදයෙහි සි මැඳුරු කවුළුව හැරැ මරකත මාණික්යරමය වූ කවුළු දොර සිදුරින් නික්මුණා වූ මුව මඩුලු ඇත්ති, සුපිපි මල්ගබ් ඇති ආකාශයෙහි සැදුම් ලද මහනෙල් විලක් මෙන් සැරහී සිටැ බලන්නී. මහා පුරුෂයාණන් වහන්සේ මහත් වූ රාජ වීථියෙහි දිලියෙමින් වඩනා දැකැ ; සඳු නැ‍ඟෙන්නට පටන් ගත්කල්හි පිපෙන්නා වූ ඇඹුල මල් විලක් මෙන් සතුටු වූ සිත් ඇත්තී, සතුටු කඳුළින් හැළැලුණා වූ ඇස් ඇත්තී, පළන් ආභරණ

යෙහි මාණික්යා ලෝකයෙන් බබළන්නා වූ රාහුල කුමාරයන් කැඳවා “පුතණුවෙනි! ගමන් ගත රුවන් මෙරගිරි සිරින් කිඹුල්වත් පුර නමැති සාගර මධ්යපයෙහි බබළමින් අනේක ප්රවකාර වූ ෂඬ්වර්ණ ඝන බුඞරශ්මි මාලායෙන් ගැවසිගත්තා වූ ශරීර ඇති, සියලු ලෝක වාසි වූ සත්ත්වයන් විසින් නමස්කාර කටයුතු වූ, සුපිපි සිය ගණන් පෙති ඇති මඳ මඳ පවනින් සැලෙන්නා වූ දහස් ගණන් කෙසුරු සළා ඇති, මුවරඳ නැමැති මී බිඳු වැහෙන්නා වූ නිල් වූ රන්වන් වූ රත් වූ සුදු වූ, පියවරක් පියවරක් පාසා නැ‍නඟෙන්න වූ පියම් වඩිමින් වඩනා වූ, මුන් වහන්සේ නම් තොප ගේ පියාණන් වහන්සේ යැ”යි දක්වා, බුදුන් ගේ පිය රජ්ජුරුවන් කරා එළඹැ “දේවයන් වහන්ස! නුඹ වහන්සේ ගේ පුතණුවන් වහන්සේ මෙ නුවර උතුම් වූ දිව්යැසේනාවක් බඳු වූ ඉතා සිත් කලු වූ දැකුම් ඇති සෙනාවෙන් පිරිවරන ලදු වැ සර්වාභරණයෙන් සැරසී ශක්රප දේවේන්ද්ර ලීලායෙන් ඇවිදැ දැන් මෙනුවර පිඬු සිඟා ඇවිදින සේකැ”යි දැන්වූ යැ.

ඉක්බිත්තෙන් සියලු රජ දරුවනට..සංස්කරණය

ඉක්බිත්තෙන් සියලු රජ දරුවනට තිලකාභරණයක් බඳු වූ ඒ බුදු රජාණන් වහන්සේගේ පිය රජ්ජුරුවෝ බිම්බාදේවීන් කී බස් අසා වහ වහා ගොස් වෙවුලමින් සිටැ, “පුතණුවන් වහන්ස! සිඟන්නාවූ වංශය නුඹවහන්සේ ගේ වංශයෙක් නො වෙයි. එසේ හෙයින් ශාක්ය් ශ්රෙොෂ්ඨයාණන් වහන්ස! නුඹ වහන්සේ සිඟා නො වැඩිය මැනැව, සිඟා නො වැඩිය මැනැව”යි කියා, “තට ද මා ගේ උතුම් වූ පුතණුවන් වහන්ස! මහාසම්මතාදී වූ නුඹ වහන්සේ ගේ වංශයෙහි නොයෙක් ලක්ෂ ගණන් රජදරුවන් අතුරින් එක රාජෝත්තමයක් හු විසිනුත් පිඬු සිඟා ඇවිදීමෙක් නො කරන ලදැ”යි කී කල්හි; “ඒ මහාසම්මතාද වූ සර්ඥයන් වහන්සේ ගේ වංශයෙන් ආවා වූ බුද්ධවංශ යැ” යි කී කල්හි සන්තෝෂයෙන් පිනා සර්වඥයන් වහන්සේ ගේ පාත්රදය ගෙනැ; පුන්සඳහු ගේ උදය ඇති මෙළෙක් වූ රස් දහසින් වඩනා ලද මුහුදක් බඳු වූ නො‍හොත් මෘදු කොටැ දැහැමින් සෙමෙන් ගන්නා වූ කරවුවර ‍දහසින් වඩනාලද රත්නකෝෂ්ඨාගාර ඇති, දිව්ය් හස්තියක් හූ සෙයින් නො සුන් වූ මදජල සන්තාන ඇති නොහොත් ශ්ර්මණ බ්රායහ්මණාදීන් විෂයයෙහි පවත්වන නො සුන් වූ දාන ප්රාබන්ධ ඇති, රාජමන්දිරයට වඩා ගෙනැ ගොස් විසි දහසක් පමණ විතරාගින් වහන්සේ හ සමග සර්වඥයන් වහන්සේ නිර්මල වූ බොහෝ මියුරු වූ භෝජනය වළඳවා සැලෙන්නා වූ වූඩාමාණික්යර රශ්මි කදම්බයෙන් රන්වන් වූ බද්ඬාඤ්ජලි ඇති රාජමණ්ඩලයා හා සමග බුදු රජාණන වහන්සේට නමස්කාර කොටැ එකත්පස් වැ හුන්නාහු යැ.

සර්වඥයන් වහන්සේ ගේ ද ගිහි අවස්ථාවෙහි පාදපරිචාරිකා වූ, අනංගයා ගේ ධ්වජය බඳු වූ නොයෙක් දහස් ගණන් ශාක්යර නාටක ස්ත්රීනහු ශුද්ධෝදන රජ්ජුරුවන්ගේ අනුඥාවෙන් ගොස්, ප්රීයත්රීංන් මහත් වූ ඇස් ඇති වැ ප්රාධසාදයෙන් නැමුණාහු, සර්වඥයන් වහන්සේට කුඩා මව වූ මහා ප්රාජාපතීගෝතමීන් හා සමග ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර කෙරෙමින් එකත්පස් වැ හුන්නාහු යැ. එකල්හි ස්වකීය වු රාජවංශ නැමැති ඇඹුල වනයට චන්ද්ර්මණ්ඩලයක් බදු වු සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ගේ රූප කාය දැක්මෙහි ව්යාකවෘත වූ ජනයන් ගේ නේත්රසයට ප්ර සාද ඉපැදවී‍මෙහි සමර්ථ වූ සර්වාකාරයෙන් සම්පුර්ණ වූ සියලු අඞ්ග ප්රහත්ය්ඞග ශ්රීදසමෘද්ධීන් අන්තඃ පුරවාසී ජනයා පිනවමින් රන් රසු කැලන් සොලවන කලක් මෙන් මිහිරි කට හඬින් ධර්ම දේශනා කොටැ හුනස්නෙන් නැඟී “ඉදින් මම අද නාටකස්ත්‍රීන් හා සමග නාවා වූ බිම්බා දේවීන් ගේ මාලිගාවට නො ගොස් ගියෙම් වීම නම් මා දකමි’ යන ආශාවෙන් රක්නා ලද්දා වූ තද ළය දැන් මැ පැලී යන්නේ යැ”යි ඒ බිම්බා දේවීන් කෙරෙහි අනුග්ර්හයෙන් උදය පර්වත අස්ත පර්වතද්වයට පැමිණියාවූ චන්ද්රෙ සූර්ය්‍්න දෙදෙනා ඇති වැ ගමන් ගත් රුවන් මෙරක් මෙන් අග්රස ශ්රාණවක දෙදෙනා වහන්සේ හා සමග, පියරජ්ජුරුවන් කැඳවා ගෙනැ බිම්බා දේවින් ගේ මාලිගාවට වැඩි සේකැ.

එසමයෙහි තුන් ලොව ජය ගත්තාවූ ඒ බිම්බාදෙවි තොමෝ නො සරහනලද්දාවූ ශරීර ඇත්තී. අලුත අඹරන ලද්දාවූ රත් සිරියෙල් සුන්නෙහි පෑ හා සමාන වූ රන්වන් වූ ශරීරා ලොක් සමූහයෙන් අමෘත ජලයෙන් පිරුණා වූ ගඞ්ගාවක් මෙන් තමා වසන්නාවූ භවනය පුරන්නී, කඳුළු බිඳු හීමෙන් තෙත් වු දුහුල් සළු ඇත්තී. වම් අත්ලෙහි තබන ලද මුවපියුම් ඇති වැ හුන්නි, බුදු රජාණන් වහන්සේ දැකැ වහා වහා නැගී සිටැ රත්න පර්වතයක් සමීපයෙහි මාරුත වේගයෙන් සැලෙන් නා වූ රන් තලියක් මෙන් සර්වඥයන් වහන්සේ ගේ ‍ශ්රීලපාද මූලයෙහි වැටී, පස් පෑ දිස්නා වූ දිගු පුළුල් වූ ඉතා නිල් වූ නේත්රථ නැමැති නිලුපුල් මලින් කඳුළු නැමැති මී බිඳු ඉස්නි. විසුරුණා වූ නිල් වූ අක්බඹුරු වූ කෙස්වැටි නැමැති බමර වැළ ඇත්ති, මොළොක් වූ තෙපුල් ඇත්තී, හෘඞ්ග නාද බඳු වූ ශබ්දානුරාව ඇත්තී ඉතා රත්වූ කොමළ වූ අතුල් නමැති ළපලුපතින් ඒ බුදු රාජණන් වහන්සේ ගේ ඇති සොඬක් සේ සම්පූර්ණ වූ වට මට වූ චාමිකර ස්වර්ණයෙහි ශෝභා සමූහක් හා සමාන වූ ජඞ්ඝාද්වය අල්ලා ගෙනැ ශෝක‍ස්නෙහ නැමැති මාරුත වේගයෙන් අළලන ලද්දී, අනේක ප්රනකාරයෙන් අඬා වැලැප දැක්මෙන් හා ප්රිලය තෙ‍පුල් ඇසීමෙන් හා ශරීර ස්පර්ශයෙන් හා අස්වැසිලි ලැබැ භයපත් වූ මෘග ධේනුවක මෙන් ඒ බුදු රජාණන් වහන්සේ අනවරතයෙන් බලමින් එකත්පස් වැ සිටියා යැ.

ඉක්බිත්තෙන් ශුද්ධෝදන මහ රජ්ජුරුවෝ “මා ගේ උත්තම වූ ප්රබත්රධයාණන් වහන්ස! මේ ‍ය‍ශෝධරාදේවී තොමෝ නුඹ වහන්සේ ගේ වියෝගයෙන් පිඩිත වූ තැනැත්තී රත්පියුම් ගබක් ඇතුළෙහි තෙවුනා වූ ළහිරු මඬලක් මෙන් අලතා කල්ක පතුල් තලයෙහි නො ගිල්වන්නී යැ. අනංග නැමැති විලට කල හංසයකු බඳු වූ මැණික්මය වූ නුරු වළා පාපියුම් පහසින් නො ගන්නි යැ. පහ වූ මෙවුල් දම් හඬින් නිශ්ශබ්ද වූ මධ්යන ප්ර දේශ ඇත්තී යැ. කලුවැල් සුනු කල්කයෙන් පත්ර හඞ්ගය පයොධර භාරයෙහි නො අඳවන්නි යැ. කියඹු සහිත වූ නළල්තලයෙහි ගොරද බින්දු යෙන් තිලක නො දෙන්නීයැ. ගලවන ලද මුක්තාභර හා සිරිකන් ශිරෝජාල කර්ණාභරණයන් ඇත්ති. චන්ද්රි සූර්ය්ද යන් හා තාරකා සමූහයා ද විසින් ශුන්යව වූ ආකාශය වැන්නි යැ. ක්ෂණ ක්ෂණයෙහි බෙදයට පැමිණෙන්නා වූ සිත් ඇත්තී යැ. සියලු කිඹුල්වත් පුරය හා ශාක්ය ජනපදය ද එක මැ මහා පුරුෂයාණන් වහන්සේ ගේ නොවිසිමෙන් සිස් වූවාක් මෙන් සිතන්නි යැ. පුෂ්ප යෙන් ධවල වූ වන ලියෙන් නො තළන ලද්දී ද කකියවන ලද ලො‍හොදිය ඇඟැ වක්කඝ කලක් පරිද්දෙන් ද, වියැළි ගියා වූ තෘණ වෘක්ෂයෙන් ඇති වනයක් ගින්නෙන් දන කලක් මෙන් ද ‍ශෝක දුඃඛයෙන් විශේෂ යෙන් පීඩිතයහ. මන්ඳහාරුතයෙන් වැහෙන්නා වූ මල් රොනින් නො ඇලැළීගියා යූ ඇස් ඇත්තී ද හැම වේලෙහි මැ ශෝකයෙන් කඳුළු ධාරා වහනය කරන්නී යැ. හංසයන් ගේ පක්ෂ මාරුතයෙන් පතළා වූ ගේදිගු විලැ ජලබින්දුයෙන් නො තෙමෙන ලද්දී ද වාෂ්ප ජලයෙන් තෙත් වූ තුනු ලිය ඇත්ති යැ. හංසාංගනාවක මෙන් ගෙදිගු වැලැ රළ නැමැති හෝවිලි යානාවට නො නැඟි ද. ශෝකයෙන් වෙවුලන්නා වූ ශරීර ඇත්තී දැ. පුෂ්ප රේණුයෙන් කිලුටු වූ භෘංග සමූහයා විසින් දෂ්ට නො කරන ලද්දී ද. ශෝකයෙන් හටගත්තා වූ තැති ගැනිම් ඇත්ති යැ. මෙ සේ මේ බිම්බා දේවි තොමෝ හිස කේ කැපිම් කසා වත් හැදිම් පෙරැවිළු එක් වෙලේ අනුභව කිරීම් උස්සුන් මහ අසුන්හි නො වැදහිම් ආදීවූ නුඹ වහන්සේ ගේ ව්රනතය සමාදන් වැ එකලා වූ සකවාළිහිණියක මෙන් මෙසේ රක්ෂා කරන ලද ජීවිකා ඇත්ති වූ යැ” යි බුදුරජාණන් වහන්සේට දැන්වූහ.

ඒ අසා නිර්මල වූ නීලොත්පලයක් හා සමාන වූ නේත්රනශ්රී්න් හරිත වු සර්වඥයන් වහන්සේ ‍යශෝධරා දේවියට චන්දකින්නර ජාතක ධර්ම දේශනා නමැති ජල ප්ර්වාහය නැමීමෙන් ඇය ගේ වියෝග ශෝක දුක් නමැති මහත් වූ වගන්තිය නිවු පසු ශුද්ධෝදන මහරජ්ජුරු වන් ප්රයධාන කොටැ ඇති ශක්යව රජදරුවන් විසින් නිග්රෝහධාරාමයට වඩාගෙනැ යන ලද සේක්, දෙවැනි දවස් “ඉදින් මේ නන්ද කුමාර තෙමේ පංචකල්යාාණයෙන් යුක්ත වූ තවද පංච කල්යාදණ නම් කවරේ ද යත්:- කේශ කල්යා ණ යැ, මංස කල්යාදණ යැ, අස්ථි කල්යාදණ යැ, ඡවි කල්යා ණ යැ, වයඃ කල්යා ණ යැ, යන මේ පස යි. එහි කේශයෝ මොනර පිල් කලබක් හා සමාන වැ මුදා එලාපීවාහු උකුළෙහි පැහැර නැවැතැ අගින් නැමී උඩු බලා සිටිති; මේ කේශ කල්යාපණ යැ. ඕෂ්ඨයෝ බිම්බි ඵල යේ වර්ණ සම්පන්න වැ සම වැ සුපිහිත වැ සිටිති. මේ මාංස කල්යා්ණ යැ. දන්තයෝ සුදු වැ සම වැ අවිවර වැ ගොතා තුබූ වීදුරු පෙළක් සේ ද සමකොටැ ගා යෙදූ සක්පතක් සේ ද හෙබැවි සිටිති. මේ අස්ථි කල්යා ණ යැ. කැලි තැනැත්තියට සෙසු පැහැ හා නුමුසු වූ සිනිඳු වූ මහනෙල් මල් දමක් හා සමාන වූ ඡවි වර්ණ වෙයි. හෙළලු තැනැත්තියට සිනිඳු වූ කිණිහිරි මල් දමක් හා සමාන ඡවි වර්ණ වෙයි. මේ ඡවි කල්යාිණ යැ. දරුවන් දස දෙනකුන් ලද ද එක් දරුවකු ලද්දියක මෙන් නොනට යොවුන් ඇති වෙයි. එක්සියවිසි වයස් ගිය ද සොළොස් හැවිරිදි වයස් ඇත්තියක මෙන් නොනට නව යොවුන් ඇති වෙයි. මේ වයඃ කල්යාතණ යැ.-

මෙසේ වූ පංච කල්යාිණයෙන් යුක්ත වු, චතුරංගයෙන් සමන්විත ඝනාන්ධකාරයෙහි දූ හාත්පසින් දොළොස් රියනක් පමණ ප්ර‍දේශයෙහි විලක්කුයෙකැ ආකාරයෙන් දිලීයෙන්නා වූ ශරීරාලෝක ඇති, දිව්ය් චතුරංග ෂඩ්ගිතයෙහි දිව්යක නාටක ස්ත්රි යක හා සමාන වූ. ශාක්ය වංශයට ආභරණයක් වු ජනපද කල්යා ණිය ගේ ශරීරස්පර්ශය ඉදින් මේ නන්ද කුමාර තෙමේ ලද්දේ වී නම් එක්ල්හි මා බඳු වූ බුදුවරයන් දහක් දෙනා විසිනුත් ඔහු ගොඩ නගාගන්නට නො පිළිවන් වේ යැ”යි විවාහයට පූර්ව භාගයෙහි මැ මහණ කරවා; බිම්බා දෙවින් විසින් තමන් වහන්සේ සමීපයට පෙනෙන්නා වූ සුපිපි රන්පියුමෙකැ පුති බිම්බයක් වැනි වැ තමන් වහන්සේ අනු වැ යන්නා වූ “ශ්රමමණයන් වහන්ස නුඹවහන්සේ ගේ ඡායාව ඉතා සැප යැ. ඉතා සැප යැ” යි මෙබඳු තෙපුල් කියන්නාවූ “ශ්රගමණයන්වහන්ස, මට දයාද දුන මැනැව; දයාද දුන මැනැව”යි කියන්නා වූ රාහුල කුමාරයන් ද සමීපයට. කැඳවා නිරුත්තර වූ ධර්මරත්න නමැති දයාද දී විසිදහසක් පමණ රහතුන් වහන්සේ විසින් පිරිවරන ලදු වැ කිඹුල්වත් පුරයෙන් නික්මැ දීප්තිමත් වූ රශ්මි මාලා ඇති සූර්ය්ලද යා මෙන් බබළමින් ඒ ඒ තැන්හි මුහු කළ නුවණ ඇති සත්ත්වයන් චතුස්සත්යාඇවබෝධය කරවමින් රජගහ නුවරට නැවත අවුත්; මිහිරි වූ භෘංග නාද ගීතිකායෙන් ගායනා කරන්නවූ පුෂ්ප සහිත වූ පල්ලවහාරයෙන් හරිත වූ නොයෙක් ලියඟනන් විසින් වලඳනා ලද වෘක්ෂ නැමැති උතුම් වූ වල්ලභයන් විසින් ‍හොබවන ලද සීත වනයෙහි වැඩ වසන සේකැ.


5. ජේතවනාරාම කථාවසංස්කරණය

ඒ සමයෙහි සුදත්ත නම් සිටු‍ තෙමේ..සංස්කරණය

ඒ සමයෙහි සුදත්ත නම් සිටු‍ තෙමේ කිසි කටයුත්තක් පිණිසැ සැවැත් නුවරින් රජගහ නුවරට ගොස් ප්රි‍ය යහළු වූ හගිනිපති වූ රජගහනුවර සිටාණන් විසින් “බුදුහු ලෝකයෙහි උපන්සේකැ”යි කී කල්හි උපන්නා වූ සොම්නස් ඇති වැ “හිරු උදා වී දොහෝ යි” සිතමින් රාත්රිසයෙහි නික්මැ, දේවතානුභාවයෙන් සීතවනයට ගොස්, අලුයම් වේලාවෙහි අබවස සක්මන් කරන්න වූ පහන් රුකක් මෙන් බබළන්නා වූ අබ්භ්රු යැ. මහික යැ, ධූම යැ. රජස් යැ. රාහු යැ. යන පංචෝපක්ලේශයෙන් විනිර්මුක්ත වූ අභිනවෝද්ගත වූ සම්පූර්න වූ ශරච්චන්ද්රයමණ්ඩලයක් මෙන් බබළන්නාවූ නේත්රතයට සන්තෝෂ කර වූ බුදු රජාණන් වහන්සේ දැකැ, ඒ සර්වඥයන් වහන්සේ ගේ පාදපද්මය උත්තමාගංයෙන් පිළිගෙනැ අජර වූ අමර වූ නිර්මල වූ අසදෘශ වූ අමෘත වූ ශාන්ත වූ භය රහිත වූ අසංස්කෘත වු සියුමු වූ අතෘප්තිකර වූ ගැඹුරු වූ ඉත්වරසත්වයන් විසින් දැක්කැ නොහැක්කා වූ ධර්මය අසා දහසක් නයින් හෙබියා වූ සෝවාන් ඵලයට පැමිණි යේ යැ.

ඒ අහසක් නය නම් කවරේ යැ යත්:

යස්මිං සමයේ ලෝකුත්තරං ක්ධානා භාවෙති නිය්යහනික අපවය ගාමිං දිට්ඨිගතානං පහාණාය පඨමාය භූමියා පත්තියා විච්චවේච කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සචිතක්කං සවිවාරං විවේකජං පීතිසුඛං පඨමජ්ක්ධාන උපසම්පජ්ජ විහරති දුක්ඛා පටිපදං දන්ඨාභිඤ්ඤං, දුක්ඛාපටිපදං විප්පාභිඤ්ඤං. තස්මිං සමයේ ඵස්සෝහෝති.” යනාදීන් දේශනා කරන ලද සුද්දික පථිපදයෙහි ධ්යාානයන් ගේ චතුස්කනය පඤ්වක නය වශයෙන් නය දෙකක් වෙයි. ද්විතියධ්යාගනා දියෙහිදූ මෙතෙක් මැ යැ.

“යස්මිං සමයේ -පෙ-උපසම්මපජ්ජ විහරති සුඤ්ඤතං, තස්මිං ස‍මයෙ ඵස්සෝ හෝති.” යනාදීන් දෙසන ලද සුද්ධික සුඤ්ඤතා යෙහිදු චතුෂ්ක නය පඤ්වක නය වශයෙන් නය දෙකෙක් වෙයි.

“යස්මිං සමයේ-පෙ- -උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධා භිඤ්ඤං සුඤ්චතං, දුක්ඛාපටිපදං විප්පාභිඤ්ඤං සුඤ්ඤතං, සුඛා පටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං; සුඛාපටිපදං විප්පාභිඤ්ඤ්ං සුඤ්ඤතං තස්මිං සමයේ ඵස්සෝ හොති” යනාදීන් දෙසන ලද සුද්ධික අප්පණිභිතයෙහි දූ චතුෂ්ක කය පඤ්වක නය වශයෙන් නය දෙකක් වෙයි.


“තස්මිං සමයේ ඵස්සෝ හොති” යනාදීන් දෙසන ලද සුද්ධික අප්පණිභිතයෙහි දූ චතුෂ්ක කය පඤ්චක නය වශයෙන් නය දෙකක් වෙයි.

යස්මිං සමයේ -පෙ-උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධා භිඤ්ඤං අප්පණිභිතං, දුක්ඛාපටිපදං විප්පාභිඤ්ඤං අප්පණිභිතං සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිත සුඛා පටිපදං විප්පාභිඤ්ඤං අප්පණිභිතං, තස්මිං සමයේ ඵස්සෝ හෝති යනාදීන් දෙසන ලද අප්පණිභිතපටිපදායෙහි දූ චතුෂ්ක නය පඤ්චක නය වශයෙන් නය දෙකෙක් වෙයි.

මෙසේ සුද්ධිකපටිපදා යැ, සුද්ධිකසුඤ්ඤතා යැ, සුඤ්ඤතාපටි පදා යැ, සුඬිකඅප්පණිහිත යැ, අප්පණිහිතපටිපදා යැ යන මේ පස් කොටස් අතුරින් එකි එකී කොටස චතුෂ්ක නය පඤ්චක නය වශයෙන් දෙ දෙ නය බැගින් ලොකොත්තර ධ්යා්නයෙහි බහා දස නයෙක් දක්වනලද. එසේ මැ:-

“ලෝකුත්තරං මග්ගං භාවේති-ලෝකුත්තරං සතිපට්ඨානං සම්මප්ප ධානං - ඉද්ධිපාදං - ඉන්ද්රිතයං - බලං - බොජ්ඣඞ්ගං - සච්චං - සමථං ධම්මං- ඛන්ධං - ආයතනං ධාතුං - ආහාරං - ඵස්ස - වේදනාං - සඤ්ඤිං - චේතනං - චිත්තං භාවෙති” වශයෙන් දෙ දෙ නය වෙයි. මෙසේ ධ්යාසනාදි චිත්තපර්ය්- ඤන්ත වූ විසි ධර්මයන් කෙරෙහි එකි එකී ධර්මයට දස දස නය වන බැවින් දෙසියක් නය වෙයි.


ඉක්බිති:-සංස්කරණය

“යස්මිං සමයේ ලොකුත්තරං ඣානං හාවෙති -පෙ-උප සම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යංස -පෙ-චිත්තාධි පතෙය්යංත, වීරියාඬිපතෙය්යං්, විමංසාධිපත්යෙංබ යනාදීන් දෙසන ලද සසර කොටස්හි දෙසීයක් දෙසීයක් නය වෙයි. මෙසේ ධ්යාතනාදීන් ගේ සුද්ධිකපටිපදා චතුෂ්කාදී වශයෙන් නැ‍ඟෙන නය දහස නයසහසු නම් වේ.

මෙසේ අනන්තරොක්ත ක්ර මයෙන් දහසක් නයින් ප්රබතිමණ්ඩිත වු සත් භවයක් ඉක්මැ නො පවත්නා වූ සෝවාන් පලයට පැමිණැ නිෂ්පාපී වූ අතුච්ඡවාදි වූ ධර්ම නැමැති ජලස්කන්ධය වහනය කරන්නා වූ, භික්ෂුසංඝයා සහිත වූ සර්වඥයන් වහන්සේට ආරාධනා කොටැ, අනේක ප්රවකාර වූ කනදෑ ආදියෙන් සරහන ලද වර්නයෙන් ගන් ධයෙන් රසයෙන් යුක්ත වූ සැපයට මූල කාරණ වූ දන් දී, “ස්වාමිනි බුදු රජාණන වහන්ස! භික්ෂු සංඝයා වහන්සේ හා සමඟ සැවැත් නුවර වස් විසීම ඉවසා වදාල මැනැවැ”යි කියා යාච්ඤා කොටැ සර්වඥයන් විසින් “ගෘහපතිය! සර්වඥවරයෝ ජන විචික්තස්ථාන යෙහි ඇලෙති”යි වදාළ කල්හි, “ස්වාමීනි! මා විසින් අභිප්රාවය දන්නා ලදැ”යි කියා රජගහ නුවරින් නික්මැ අතර මඟැ යොදනෙන් යොදනේ බොහෝ වස්තුව දී විසිතුරු කර්මාන්ත‍යෙන් යුක්ත වු විහාර කරවා, ඉතා සිත්කලු වූ ස්වකීය වූ නුවරට අවුත්, “බුදු රජාණන් වහන්සේ කොතැනෙක්හි වසන සේක් දොහො”යි කියා විහාරයට සුදුසු භුමියෙක් හාත්පසින් බලන්නේ. ඡායුදක සම්පන්න වූ ඉතා සිත්කලු වූ භාවනා නමස්කාර කිරිමට සුදුසු වු තපස්විවරයන්ගේ ආවාසයට යෝග්යභ වූ භූමි ප්රසදේශ ඇති, ජේත නම් රාජකුමාරයාගේ උද්යායනය දැකැ කහවණු ඔටින් සිටුවා ඇතිරිමෙන් විකිණැ ගෙනැ ඒ ජේතවනයෙහි මේඝපටල යෙන් සුඹුනාලද ශිඛරමාලා ඇති කෛලාස පර්ව‍තයක් වැනි වූ සුණුවමින් ධවල වූ පවුරු වළල්ලෙන් වට කරන ලද, වෛජයන්ත ප්රාිසාදය මෙන් දිලිසෙන්නාවූ නොයෙක් බුමු වාසල දොරටු ඇති, දේව්දුනු සේ මනෝඥ වූ රන් තොරණ රිදී තොරණින් සිත්කලු වූ අනේකප්රරකාර වූ විසිතුරු වූ සිත්කලු වූ ප්රාොසාදයෙන් සත්ත්වයන් ගේ නෙත් සිත් පැහැර ගන්නාක් වැනි වූ, කෛලාස පර්වතයසේ, ශරත් කාලයෙහි මේඝ වලාපටලය සේ, චන්ද්රරමරිචි සමූහයක් සේ ධවල වූ සිනිඳු වූ නිකසල වූ වැලි තෙලෙන් රමණීය වූ. ස්පුෂ්පිත වූ සිත්කලු වූ යොහොඹු සිනිද්ද බොලිද්ද ආදී වූ පුෂ්ප සමූහයෙන් හෙබියා වූ ලියමඬු වූ, ධවල වූ සිහිල් වූ ගල්තලින් යුක්ත වූ, ස්පුෂ්පිත පද්මයෙන් සමලඞ්කෘත වූ සිහිල් වූ මියුරු ජල ැඅති ජලාශ‍යයෙන් විභූෂිත වූ, බබළනලද ගඳ කිළියෙන් මුදුන් පැමිණියා වූ ජේතවන නම් විහාරය කරවා සර්වඥයන් වහන්සේ වඩනට කල දන්වා යැවූයේ යැ.

එකල්හි දිව්යාේසුරයන් මනුෂ්යරයන් තපස්විවරයන් විසින් නමස්කාර කටයුතු වූ ඒ බුදු රජාණන් වහන්සේ දිව්ය් මනුෂ්ය්යන් විසින් පිරිවරන ලදු වැ, රජගහ නුවරින් නික්මැ තාරකා සමූහයා විසින් පිරිවරන ලද ශරත් කාලයෙහි පූර්ණ චන්ද්ර යා ගේ ශ්රීා සමෘද්ධි ශෝභාවට අපහාස කරන්නාක් මෙන් බබළමින්, මහත් වූ ධර්ම වර්ෂායෙන් සිවු වණක් පර්ෂද් සතුටු කරවමින්, පළමු ඒ අනේපිඬු මහසිටාණන් විසින් යොදනෙන් යොදනේ කරවනලද විහාරයන්හි සැතපෙමින් ක්ර මයෙන් සැවැත් නුවරට වැඩි සේකැ.

ඒ නුවර කෙබඳු ද යත්: නිර්මල වූ බොහෝ වූ ධවල වූ වැල්ලෙන් අතුරන ලද්දේ යැ. නොයෙක් සුවඳ මල් සමූහ‍යෙන් ගැවැසීගත්තේ යැ: රක්තෝත්පල යැ. නීලෝත්පල යැ. ශ්වෙතෝත්පල යැ. රක්තපද්ම යැ, ශ්වේතපද්ම යැ යන පංචවිධ පද්මමාලාවන් පිහිටුවන ලද මාණික්යතමය වූ ද ස්ඵටික මාණික්යනමය වූ ද ස්වර්ණමය වූ ද රජතමය වූ ද, පුර්ණ ඝට පඞ්තියෙන් සරහන ලද විථිභාග ඇත්තේ යැ. නඟනලද අනේකප්රතකාරයෙන් විසිතුරු වූ නොයෙක් දහස් ගණන් ධ්වජපතාක ඇත්තේ යැ. කස්තුරු කපුරු කළුවැල් ආදී වූ සුවඳ දුමින් එකාන්ධකාර යැ. ශක්රේ පුරය හා සමාන වූ ශෝභා ඇත්තේ යැ.

මෙසේ අනේක ප්ර්කාරයෙන් සැරහුණා වු ඒ සැවැත් නුවරට වැද, නුවර වාසී සත්ත්වයන් විසින් පුදනු ලබන යෙක්. දෙවියන් විසින් විශේෂයෙන් සතුටු කරවනු ලබන සේක්. ඉතා දර්ශනිය වූ ශරීර ප්ර භායෙන් සියලු නුවර ස්වර්න රසධාරා පරිෂේකයෙන් රන්වන් වූවාක් මෙන් කෙරෙමින්, නුවරින් නික්මැ සුවඳ මල් ඇති උතුම් වූ වෘක්ෂයෙන් ගැවසීගත්තා වූ, කුරඞ්ගමෘග යැ සාරඞ්ග මෘග යැ යනාදි වූ ළදරු මූවන්ගේ සඤ්චාරය ඇති. මත් වූ සිය ගණන් මොනරුන් ගේ කේකාඞ්වනි ඇති, මද සහිත වූ කෙවිල් සමුහයා ගේ මනෝඥවූ නාදයෙන් ‍කෝලාහල වූ, සුපුස්පිත වූ කුසුම ස්තබක රේණුයෙන් රන් වන් වු නොයෙක් පුෂ්පයන් ගේ මනෝඥ වූ සුගන්ධවහනය කරන නා වූ, ජේතවනාරාමයට වැද; ඒ ජේතවනයෙහි පවනින් නමන ලද ඉස් ඇති ලියඟනන් විසින් නමස්කාර කරනු ලබන්නාක්හු මෙන් ද, අනවරතයෙන් පිපි වැගිරෙන්නාවූ මලින් පුදනු ලබන්නාක්හු මෙන් ද, වලඳනාලද ළපලු ලිය නැමැති දෙහොත් ඇති වෘක්ෂයන් විසින් උපස්ථාන කරනු ලබන්නාක්හු මෙන් ද, අනේක ප්රකකාර වූ මාණික්යාන ලෝක සමූහයා ගේ බැබළීමෙන් කරන ලද උතුම් වූ සිත්කලු වූ ගන්ධ කුටි ශ්රිඋය තමන් ගේ ශරීර ශ්රීක සමෘද්ධියෙන් මඩිමින් වසන සේකැ.