විල්ගම්මුළ පබඳ-සිංහල බෝධි වංශයii

3. සු‍මේධ පණ්ඩිත කථාව

සංස්කරණය

කවුරුන්‍‍ ගේ බෝධි‍මයෙක ද?..

සංස්කරණය

කවුරුන්‍‍ ගේ බෝධි‍මයෙක ද? යන්නෙහි ‍‍මේ භද්ර් කල්ප‍ුයෙන් යටැ සාරාසංඛ්යු කල්ප ලක්ෂ‍ෝයෙකින් මත්‍‍තෙහි සියලු ‍‍ලෞකික ‍‍ලෝකොත්තර සම්පත්තියට උප්පත්ති ස්ථාන වූ; සාරාසංඛ්ය්, අටාසංඛ්ය‍, සොළසාසංඛ්ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරා උපදනා අග්රා ශ්රාතවකයහ, කල්ප ලක්ෂයක් පාරමිතා පුරා උපදනා අශීති මහා ශ්රාඋවකයහ, සමුපවිත මහා කුශල සම්භාර‍ යෙන් උපදනා චක්රදවර්තියහ යන න‍තරෝත්තමයනට ප්රාතිෂ්ඨාධාර වූ, බුද්ධාදි මහා පුරුෂයන් හට ජන්මභූමි වන බැවින් ප්ර්වර වූ, මහා ජම්බු වෘක්ෂ‍යෙන් ප්ර්සිද්ධ වූ ද්වීපය ජම්බුද්වීප නම් වන බැවින් ඒ නමැති ජම්බුද්වීප‍ායෙහි, හැම කල්හි කුසල් කැමැති සත්ත්වයනට වාසස්ථාන වූ, මුක්තා මාණික්යා්දි දශ විධ රත්න‍්යෙන් සමෘද්ධ වූ, ක්ෂත්රිූය බ්රබහ්මණාදි ‍ෙනා‍ෙයක් ජනයා විසින් ගැවසීගත්තා වූ, විසිතුරු සල්පිලින් හා රන් ‍‍‍‍‍‍ තොරණ රිදී ‍‍නයතොරණ රන් ඇගෑ රිදී ඇගෑ‍්යෙන් ද ‍‍හෙබියා වූ, හස්ත්යාශ්වාදි දශ විධ ශබ්ද‍යෙන් අවිචික්ත වූ, දිව්යඇ සමූහයන් වැනි ජනයන් විසින් ආකිණි වන බැවින් අමරවතී යැයි ලබන ලද නම් ඇති, ශක්ර පුරය හා සමාන වැ සිත්කලු වූ, උතුම් වූ රාජධානි‍යෙහි, අප මහ ‍බෝසතා‍වණෝ සියලු ‍‍ලෝවැස්සන් විසින් පූජ්යව වූ බ්රා හ්මණ වංශ‍‍යෙහි, විශිෂ්ට වූ රූ ඇති, සාගර තුල්ය් ‍‍වේද‍යෙහි පර‍්තෙරට පැමිණියා වූ, සියලු අක්ෂර-ලිඛිත-ගණිත-ගන්ධර්ව -නක්ෂත්රත-ව්යායකරණාදී සූසැට කලා‍යෙහි ආචාර්ය්, වත්වයට පැමිණියා වූ, වසන්ත දිව්යත පුත්රවයා‍‍ ගේ පැහැ මඬනා විලස් ඇති ‍හෙයින් කා‍්මේශවරයා පරදවන උතුම් රූප ‍ශෝභා ඇති. ආකාශය ‍‍සේ අනන්ත වූ, පස් ‍‍්ව පොළොව ‍‍සේ විපුල වූ, දිය පොළොව ‍සේ ගැඹුරු වූ, උතුම් වූ සියුම් වූ නුවණ ඇති සු‍මමේධ නම් සියුමැලි කුමරකු වැ උපන්‍‍නෝ යැ.

ඒ සු‍ුමේධ කුමාර ‍‍තෙම ‍‍දෙමාපියනට කළමනා උපස්ථාන ‍කොටැ ඉක්බිති, අයකැමි අමාත්ය‍යා විසින් භාණ්ඩාගාරිකයන් ලවා හරවන ලද ‍‍දොර ඇති ‍‍නොයෙක් රත්න ගර්භ සහශ්රැයන් දැකැ “අ‍නේ! මා ‍ගේ පියාණන් වහන්‍‍සේ හා මුතුන් මීමුතුන් ආදි වූ නෑ‍ යෝ ද ‍‍මේ සා මහත් වූ වස්තුවක් රුස් ‍‍කොටැ මියැ පර‍ ලොව යන්නාහු ‍‍ැමේ වස්තූන් ‍‍ගෙන් කර්ෂාපණ මාත්ර‍යකුදු කැටි වැ ‍නො‍ගෙනැ ගි‍යෝ වේ දැ” යි සං‍‍වෙගයට පැමිණැ “සංසාරය අනවරාග්රු යැ, නරක දුක්ඛ භයානකයැ. මනුෂ්යවත් වය දුර්ලභ යැ. සෙසු තැන් පුණ්යහ කර්මයට අස්ථානයැ. මියැ පරලොව ගියාහු මේ ධන වළඳන්නට නැවත නො ද එති.අනේ! ක්ෂණසම්පත්තිය වරැදැවූ නියා” යි කරුණාවෙන් කම්පිත වූ සිත් ඇති වැ “ මා විසින් වූ කලී මේ ධනරාශිය ගේ පරිත්යා්ගයෙන් සිද්ධ වන පුණ්යැ සමභාරය අනුගාමික නිධානයක් මෙන් කැටුවැ ගෙනැ යන්නට සුදුසුයැ” යි කියා ‘මම ජාතිය ස්වභාව කොටැ ඇත්තෙමි. ව්යාැධි ස්වභාව කොටැ ඇත්තෙමි. මරණය ස්වභාව කොටැ ඇත්තෙමි” යි මේ ආදි වූ කාරණයෙන් ශරීරයෙහි දෝෂ දැකැ රජ්ජුරු වන් හට දන්වා නුවර බෙර හසුරුවා භේරි නාද නැමැති සුගන්ධයෙන් පැමිණියා වූ සත්ත්ව නැමැති භෘංග සමූහයා සත් රුවන් නැමැති මුවරද වතුරින් සතියක් මුළුල්ලෙහි පිනැවූයේ යැ. ඉක්බිත්තෙන් දන් නැමැති හිම වර්ෂාවෙනුදු නොගෙවනලද රත්න නැමැති පද්ම වනය දැකැ, සියලු බන්ධු ජනයා හා පරිවාර ජනයා ද අඬමින් වලප්මින් සිටියැ දී ලැවු ගිනි ගත් වනගහනයෙකින් භයින් නික්මුණා වූ හස්ති රාජයකු මෙන් ජාති ජරා ව්ය ධි මරණ නැමැති වහ්නින් වට කරන ලද ගෘහාශ්රජමයෙන් නික්මැගත්තා වූ වීර්ය්ණ ඇති ඒ සුමේධ කුමාර තෙම හිමාලය වනයෙහි ධාර්මික නම් වූ පර්වතයක් සමිපයට පැමිණියේ යැ.

ඒ හිමාලය වනය කෙබඳු ද යත්; සඳුන් රුකින් හා කපුරු තුවරලා ආදී වූ වෘක්ෂයෙන් ද සුවඳ කරන ලද්දේ යැ. මනා කොටැ පිපීගියා වූ සපු ගසින් හා වැටකේ දුනුකේ හෝපලු පෙළොල් ඇසළ එරහැන්ද පුවඟු දොඹ කීණ නා ආදී වූ අනේක ප්රළකාර වූ සුපුෂ්පිත වූ පුෂ්ප සමූහයා ගේ මනෝඥ වූ සුගන්ධ ඇති වෘක්ෂ සමූහයෙන් ද හෙබියේ යැ. ඇතුන් අසුන් සිංහයන් ව්යාපඝ්රහයන් වලසුන් දිවියන් මුවන් වඳුරන් ආදී අපමණ චතුෂ්පාද සමූහයා විසින් සංචාරය කරන ලද්දේ යැ. උකුස්සන් ඇටිකුකුළන් සැළලිහිණියන් ඇල් කොබොවියන් හංසයන් කොස් ලිහිණියන් ගිරවුන් පරෙවියන් කුරවී කෙවිල්ලන් මොනරුන් බකමූණන් ආදී වූ බොහෝ පක්ෂි සමූහයා විසින් රැවු පිළිරැවු දෙන ලද්දේ යැ. යක්ෂයන් රාක්ෂසයන් ගන්ධර්වයන් දෙවියන් අසුරයන් සිද්ධයන් විද්යා්ධරයන් ආදී වූ අනේක ප්ර්කාර වූ භූතයන් ගෙන් ගැවැසී ගත්තේ යැ. රන්සිරියෙල් පර්වත යැ, ඉන්ද්රසනීල මාණික්යන පර්වත යැ, මරකත මාණික්යස පර්වත යැ, ස්වර්ණ පර්වත යැ, ස්ඵටික මාණික්ය පර්වත යැ යනාදි වූ සිය ගණන් පර්වත සමූහයෙන් බබළන්නේ යැ.

අනේක ප්රවකාර වූ දිව්යාංවගනා සමූහයා ගේ පයෝධර නමැති ඝටයෙන් අළලන ලද දහස් ගණන් වනවිලින්හෙබියේ යැ. මයුර සමූහයා ගේ නැටීමෙන් හා ලිය මඬුවෙන් හා සුදු වැල්ලෙන් ද ගැවසීගත් මනා වූ භූමියෙන් සැරහෙනලද්දේ යැ. හිමාලය පර්වතයට ආභරණයක් වැනි වූ සිහිල් වූ පොද පතර ඇති වෙගවත් වූ ලක්ෂ ගණන් ගඟුලැල් ලෙන් ගැවසීගත්තේ යැ. මුතු මැණික් ආදී වූ නොයෙක් රත්නයනට ආකර වූයේ යැ.දෙවියනට හා ලියකින්නරාවනට හා නා මෙණෙ වියනට ද රඟමඬලක් වූයේ යැ. පින් කැමැත්තා වූ සත්ත්ව නැමැති භෘංගයන් ගේ කුසල් නැමැති රේණු ග්රයහණයට වාසස්ථාන යැ. මෙසේ විසිතුරු වූ හිමාලය වනයට ඒ සුමේධ කුමාරයෝ වන්නාහු යැ.


ඉක්බිත්තෙන් කල්ප වෘක්ෂයෙහි..

සංස්කරණය

ඉක්බිත්තෙන් කල්ප වෘක්ෂයෙහි පල්ලව පත්රනයක් සේ රත් වූ පතුල් ඇති මහනෙල් පෙති සේ කොමළ වූ අත ඇති, ඒ මහබෝ සතාණන් වහන්සේ රන්සිරියෙල් කල්කයක් සේ රන්වන් වූ ශරීර ප්රරභායෙන් වනගහනය තවරන්නාක්හු සෙයින් ද, දල්වන ලද නේත්ර් යෙහි රශ්මිජ්වාලායෙන් තැවැරුණු ඇඹුල උපුල හා රත් පියුම් ද ඇති විල් දහසින් ගැවසීගත් ශරත්කාලයෙහි ශෝභාවක් දක්වන්නාහු සෙයින් ද, වන භූමියෙහි නිවාසස්ථාන භූමියක් බලන්නාහු වන්ය් හස්තීන් ගේ මද ජල වර්ෂාවෙන් වස්නා ලද සුපුෂ්පිත පුෂ්පයෙන් ඒක සුගන්ධ වූ වෘක්ෂයන් ඇති ආශ්ර ම ප්රනදේශය දැකැ, පබළු වන් සෙවෙනි ඇති රිදීපට පැහැ සේ සුදු වූ භිත්ති ඇති ඉන්ද්රලනීල මාණික්යය යෙහි රශ්මින් කරනලද්දාක් වැනි වූ සිත්කලු බිම් ඇති සුශ්ලිෂ්ට වූ කවුළු හා දොර ද ඇති; සක්දෙව රජහු විසින් මවා දුන් පැහැයෙන් පළල් වූ පන්සලට වැදැ, පළමු හන්සළු හැරැ බඳු වද මල්පෙත්තෙන් කරනලද මල්දමක් බඳු වූ රත් වූ වැහැරිමය හඳනය හැඳැ අනෝජා මල් දමක් බඳු වූ රන්වන් වැහැරි සිවුර පෙරවැ දොඹ මල් ඇතිරියක් සමාන වූ අඳුන් දිවිසමක් ඒකාංශ කොටැ බහා දළමඬුලු බැඳැ තුන් වකක් ඇති තවුස් පිරිකර කද කරැ තබාගෙනැ කොමළ වූ ඇඟිලි නැමැති පෙති පතර ඇති රත් මහනෙල් කලබක් බඳු අත්ලෙන් සැරැයටිය ගෙනැ බ්ර හ්ම විමානයක්සේ, රම්යඳ වූ පන්සලින් බ්රිහ්ම ලීලාවෙන් නික්මැ සුඛස්පර්ශ වන බැවින් මොළොක් වූ ඛරස්පර්ෂ නොවන බැවින් සිනිඳු වූ මට වූ සමතල වූ සුදු වූ අතුරනලද වැලි ඇති සැටරියන් මහසක්මනට නැඟි පාදතල නැමැති රක්තපද්මපංක්තීන් වැලි තලා නැමැති ජල තලය සරහමින් කීප වාරයක් සක්මන් කොටැ:-


“පඤ්චිමෙ භික්ඛවේ චංකමේ ආනිසංසා. කත‍මේ පංච? අද්ධාන ක්ඛමෝ හෝති, පධෘනක්ඛමෝ හොති. අප්පාබාධෝ හෝති, අසීත පීත ඛායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති, චංකමාධිගතෝ සමාධි චිරට්ඨිතිකෝ හෝති” යි.


දක්වනලද පස් අනුසසක් ඇති සකමන් කොටැ තමා ‍ගේ විලාසය බලා අමෘත රසධාරා පරම්පරායෙන් පරිෂේක කරනලද ශරීර ඇත්තක් හු මෙන් අට ගත්තා වූ ප්රිරති ප්රේමෝදයන් ඇත්තාහු ඒ ප්රි තිය වළකා “මාගේ මනදොළ මුදුන් පැමිණියේ යැ. මාගේ ප්ර‍වුජ්යාතව හොබ නේ යැ. මා විසින් ගිහි බන්ධනය සිඳිනා ලද්දේ යැ. පංචකාම නැමැති මඩ වියළවන ලද්දේ යැ. පංච ස්කන්ධ නැමැති සංසාර වෘත්තය හකුළුවන ලද්දේ යැ. නෛෂ්ක්රදම්ය.ය නිපදවන ලද්දේ යැ. එසේ හෙයින් මම ශීලාදී වූ මහණ දම් කෙරෙමි. ජාති ජරා මරණ යෙන් මිදීම් සංඛ්යාවත වූ මහණදම් පිරීමෙහි ඵල ලබමි” යි උපන්නා වූ උත්සාහයන් ඇති වැ තවුස් පිරිකර කද බා තබා සක්මන් කෙළවර මුං වන් සලවට මත්තේ ඉඳැ වන දෙවියන් ගේ නෙත් සිත් පැහැරැ ගන්නක්හු මෙන් දිවා භාගය ඉකුත් කොටැ, අතිශයෙන් රත් වූ තේජස් ධරන්නා වූ විලඟනන් ගේ ස්වාමි වූ සූර්ය්ිශ යා අස්ත පර්වතයට ගිය කල්හි සංචාරය කරන්නා වූ සිද්ධාඞ්ගනාවන් ගේ නුරුවළා ධ්වනිය අනු වැ මඳින් මඳ මන්දාකිනි නම් විලින් නැගෙන්නා වූ ශ්වේත හංසරාජයක්හු මෙන් චන්ද්රනයා ආකාශතලයට නැගෙන්න පටන්ගත් කල්හි, පන්සලට වැදැ නිද්රා නැමැති චන්ද්රලරශ්මීන් අකුළුවන ලද නේත්රධ නමැති පද්මයන් ඇත්තෝ ශරිර පීඩා දුරු කොටැ අලුයම් වේලෙහි ස්මෘතිප්රලඥවෙන් යුක්ත වූ පිබිදිම් නැමැති සූර්ය්ම් යා විසින් පුබුදුවන ලද නෙත්පියුම් ඇති වැ දෙවියන් විසින් මහත්සේ රක්නා ලදු ව යෙහෙන් නිඳා යෙහෙන් පිබිදියෝ.


“පංචිමේ භික්ඛවේ ආනිසංසා උපට්ඨිත සතිසම්පජානස්ස නිද්දං ඔක්කමතෝ. කතමේ පඤ්ච? සුඛං සුපති, සුඛං පටිබුජ්ජඣති, න පාපකං සුපිනං පස්සති. දේවතා රක්ඛන්ති, අසුවි න මුච්චති. ඉමේ ඛෝ භික්ඛවේ පංච ආනිසංසා උපට්ඨීත සතිසම්පජානස්ස නිද්දං ඔක්කමතෝ” යි.


බුදුන් විසින් වදාරනලද පස් අනුසසක් ඇති සිහි නුවණින් යුක්ත වූ පිබිදීම් ඇති වැ; තමන් ගේ වන ගහනයට ඊම පරීක්ෂා කරන්නාහු

“මම වූ කලී රන් වළලු නුරුවළා ආදීන් ගේ ඝර්ෂණ ධ්වනිය හා සම වූ මිහිරි වූ සිනා හා තෙපුල් ද ඇති සර්වාහරණ විභූෂිත වූ අභිවන යෞවන විලාසයෙන් බබළන්නාවූ දහස් ගණන් ස්ත්රි න් විසින් සිත්කලු වූ මහත් වූ සම්පත්තීන් දිලියෙන්නාවූ දිව්යි ප්රාතසාදයක් හා සමාන වූ ගෙය තෘණ ලවයක් මෙන් හැරැ ක්ලේශ සන්තාපයට කාරණ වූ තපෝ වනයට වන්මි. මේ පන්සල්හි මා ගේ වාසය තෙමේ දෙ වන ගිහි ගෙයෙකැ විසීමක් හා සමාන වන්නේ යැ. එසේ හෙයින් මම වෘක්ෂ මූලයෙක්හි මැ වාසය කෙරෙමි” යි පන්සල හැර රුක් මුලැ එළඹැ සප්තවිධ ධාන්යහයෙන් උපන්නා වූ භෝජන ද හැරැ තුවටුයෙන් ගිලිහී බිම්හි වගුළ ඵල පත්රනයන් ආහාර කොටැ ඇති වැ, සැතැපීම් හැරැ හිඳීම් සිටිම් සක්මන් කිරිමෙන් මැ රාත්රිතන්දිනය හකුළුවමින් කිසුණුපිරියම් කොටැ පඤ්චාභිඥා අෂ්ටසමාපත්තින් සතියක් ඇතුළත මැ උපදවා මී වදයකට වන් බමරක්හු මධු රසයෙන් පිනන කලක් මෙන් සමාපත්ති සැපයෙන් මැ යැපෙමින් සතර සම්යප ප්ර ධානයෙන් යුක්ත වැ; බුදුන් විසින්


“නාහං භික්ඛවෙ අඤ්ඤං ඒකධම්මම්පී සමනුපස්සාමි යේන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති; උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති; යථයිදං භික්ඛවේ අප්පමාදෝ” යි.


දක්වනලද අප්රුමාද වාසයෙන් යුක්ත වැ දවස් යවන්නාහ. එ සමයෙහි මෝහ නැමැති අන්ධකාරය භග්න කරන්නාවූ ධර්ම නැමැති ප්රසදීපාලෝකය කරන්නා වූ සියලු ලෝකයට ශාන්තිකර වූ තමන් වහන්සේට වඩා උත්තරීතර කෙනකුන් ලෝකයෙහි නැති හෙයින් නිරුත්තර වූ දීපංකර නම් සම්යාක් සම්බුදු රජාණන් වහන්සේ පූර්වභාගයෙහි මැ ප්රවමාණාතික්රාසන්ත වූ කල්පකෝටි ශත සහශ්ර්යෙක්හි දාන ශීලාදී වූ සමත්රිංසශත් පාරමී ධර්මයන් පුරා, රම්යදවතී නම් නුවර සුදේව නම් රජ්ජුරුවන් නිසා සුමේධා නම් බිසවුන් කුස පිළිසිඳැ මේඝ පටලයෙකින් නික්මුණා වූ පුන්සඳ මඬලක් පරිද්දෙන් මවු කුසින් බිහි වැ දශ දිශාවලෝකනය කොටැ උත්තර දිශාභිමුඛ වැ සප්තපදව්යවතිහාරාවසානයෙහි වැඩ සිටැ “අග්ගෝහමස්මි” යනාදින් සංහනාද කොටැ වැඩිවිය පැමිණැ හංසා යැ කෝංවා යැ මයුරා යැ යන නම් ඇති තුන් සෘතුවට කරනලද තුන් ප්රාසසාදයෙහි ලක්ෂ ගණන් නාටක ස්ත්රීනන් සමඟ මහාසම්පත් අනුභව කෙරෙමින් දස දහසක් හවුරුදු මුළුල්ලෙහි ගිහිගෙයි වාසය කොටැ පදුමා නම් අග මෙහෙසුන් බිසවුන් උසහක්ඛන්ධ නම් පුත්රුවන වැදු කල්හි යෞවන මද ප්ර තිපක්ෂ වූ ජරාජීර්ණව රූපය හා ආරෝග්යප මද ප්රවතිපක්ෂ වූ ව්යා‍ධිත රූපය හා නොනැස්මට ප්රසතිපක්ෂ වූ මෘත රූපය හා කෙලෙස්තැවු ලියට කාරණ වූ ශ්රාමණ රූපය ද දැක සරහා පිළියෙල කරනලද උතුම් වූ ඇත් කඳ මත්තට නැඟී සුවාසූ දහසක් ඇත් රජුනට නැංගා වූ සුවාසූ දහසක් රජ දරුවන් විසින් හා මහත් වූ චතුරංගිණි සේනාව විසින් පිරිවරන ලදු වැ මහබිනික්මන් නික්මැ මහණ වැ, අනුවැ පැවිදි වූ කෙළක් පුරුෂයන් විසින් පිරිවරන ලදු වැ දසමසක් මුළුල්ලෙහි වීය්ර්විදි‍ කොටැ දුෂ්කර ක්රිෂයා පුරා එක්තරා පුරාංගනාවක විසින් දෙනලද දිව්යර ඔජස් බැහූ කිරිපිඬු වළඳා සල් වෙනෙහි දිවා විහාර කොටැ සුනන්ද නම් ආජීවකයක්හු විසින් එළවන ලද ඊතණ අට මිටක් ගෙනැ පුළිල රුක් මුල්හි දී සම්ය ක්සම්බෝධි ඥනය සමධිගමය කොටැ සත්සතියක් බෝධි ද්රැ ම මුලයෙහි මැ දවස් යවා සුනන්දාරාම යෙහි දී ධම්සක් පැවැතුම් සූත්රා්න්ත ධර්ම දේශනාව කොටැ කෙළ සියයක් දිව්යෙ මනුෂ්යධයන් ධර්ම නමැති අමෘත පානය කරවා සතර මහා ද්වීපයෙහි එකපැහැරැ වස්නාවූ මහා වර්ෂාවක් මෙන් ධර්මවර්ෂාව වස්වා සුමංගල යැ තිස්ස යැ යන නම් ඇති අග්ර ශ්රාකවක දෙදෙනා වහන්සේ හා සමඟ ඇම කල්හි සාර ලක්ෂයක් ක්ෂීණා ශ්රගවයන් වහන්සේ විසින් පිරිවරනලදු වැ සාගත නම් මහතෙර කෙනකුන් වහන්සේ ගෙන් උපස්ථාන විදිමින්; නන්දා යැ, සුනන්දා යැ යන නම් ඇති අග්ර ශ්රාවවිකා දෙදෙන විසින් අවගමනය කරනලද ප්රතතිවේධ ශාසන ඇති සේක්, ක්රමමයෙන් සැරිසරමින් රම්ය් නම් නුවරට පැමිණැ කෙලෙ‍ස් නමැති ගින්නෙන් තැවුණාවූ සියලු ජනයාගේ සිත් ධර්ම කථා නැමැති අමෘත ජලධාරාවෙන් සිහිල් බවට පමුණුවමින්-


“ඒකපුග්ගලෝ භික්ඛවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං, කතමෝ එකපුග්ගලෝ? තථාගතෝ අරහං සම්මාසම්බුද්ධෝ” යි-


වදාළ බැවින් දිව්ය මනුෂ්යහයනට අපරිමිත වූ හිතසැප සාධමින් සුදර්ශන මහා විහාරයෙහි වාසය කරන සේකැ. එසමයෙහි රඹගම නුවර වාසි වූ සත්ත්වයෝ ගිතෙල් උක්සකුරු ආදී වූ බෙහෙත් පසා ගෙනැ මල් සුවඳ දුම් පහන් ගත් අත් ඇති වැ දිවකුරු බුදුනුකරාඑළඹැ බුදුරජාණන්වහන්සේට නමස්කාර කොටැ මල්සුවඳ ආදිය පුදා එකත් පස් වැ හිඳැ බණ අසා, සෙට දවස් වන්නාවූ ප්රීුතිමෝදය පිණිසැ බුදුන් පවරා හුනස්නෙන් නැගී පැදකුණු කොටැ ගියාහ. ඒ මනුෂ්ය යෝ අසදෘශ මහාදානය සරහා සර්වඥායන් වහන්සේ වඩනා මඟඑළි කරන්නාහු යැ.

එසමයෙහි තපස් මැ ධන කොටැ..

සංස්කරණය

එසමයෙහි තපස් මැ ධන කොටැ ආත්තාවූ ඒ සුමේධ තාපසයෝ ලොවට මුදුන් මල්තඩක් වැනි වූ, අරුණ තරුණ රශ්මි පෙරදැරි කොටැ ඇත්තාවූ හිරු නැඟි කල්හි, උතුරු හිමාලය වනය‍ට යනු කැමති වැ, අභිඥාපාදක කොටැ ඇති චතුර්ත්ථ ධ්යා,නයට සමවැදැ සියලු සත්වයන්ට පෙනෙන්නා වූ ශරීරයෙන් ස්වර්ණ හංස රාජයක්හු මෙන් ආකාශපයථයට පැන නැඟී, විශේෂයෙන් නිල් වූ ආකාශ තලයෙහි තහවුරු විදුලිය ලීලායෙන් යන්නාහු ; අඹගම් නුවරවාසීන් විසින් මහදන් සරහා, දිව්ය පුරය්ක් මෙන් නුවර සරහා, දීපඞ්කර සර්වඥයන් වහන්සේ වඩනා වූ මාර්ගය ශක්ර දේවේන්ද්රපයන් ගේ පුළුල සැට යොදුන් පමණ ඇති, ඒ ඒ තන්හි නඟනලද රන් තොරණ රිදීතොරණ හා වෙරළුමිණී මරාමිණි පබළු ඉඳුනිල්මිණී තොරණ ද ඇති භූමියෙහි සත් රුවන් වැලි තනන ලද දෙපසැ සිය ගණන් සත්රුවන් ඇඟෑයෙන් බබළන්නාවූ, සත්රුවන් රශ්මි කදම්බයෙන් දිලිසෙන්නාවූ තව්තිසා වැසි දෙවියන් ගේ සැණකෙළියට රඟ මඩල වූ සුදර්ශන මහා වීථියට නින්දා කඅන කලක් මෙන් සරහන්නා දැකැ, “ මේ මාර්ගය සැරැහීයට කාරණ කිමෙක් දොහෝ” යි සිතන්නේ සක්විතිරජක්හුගේ කන්වැලින් ගිලිහී ගිය රුවන් තෝඩුවක් මේ ආකාශයෙන් බැසැ, පින්වත් වූ බුදු රජාණන් වහන්සේගේ රමගම් නුවර ලමනට ගසන ලද මඞ්ගල පරහ හෙරියක් බඳු වූ ගැමුරු මියුරු හඬින් දසදිග් පුරමින්, “ පින්වත් වූ සත්වයෙනි! තුටු පහටු වූ සිත් ඇති වැ, අතිශයෙන් සිත්කලු වූ දැකුම් ඇති මේ මාර්ගය කවරක්හු හට සරහවු දැ” යි විචාරා දිපඞ්කර සර්වඥයන් වහන්සේට යැ යනු අසා, පසුවනක් ප්රී තින් පිනාගියා වූ ශරීර ඇත්තේ විස්මය පත් වැ “ මා ගේ මෙනතට ඊම් යහපත් ඊමෙක් වන්නේ යැ ප්රතමාණාතික්රාැනිත වූ කල්පකෝටි ශතසහස්රමයෙක්හි දු. අභිසම්බෝධි කථා “ එක්පුග්ගලස්ස හක්බවේ පාතුභාවෝ දුල්ලහෝ ලෝකස්මිං කතමස්ස ඒකපුග්ගලස්ස ? තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස” යී --

වදාළ බැවින් දුර්ලභ වූ උත්පත්ති ඇති සියලු සත්වයන්ට උත්තම වූ සර්වඥයන් වහන්සේ ගේ දර්ශනය හා ධර්ම ශ්රයවනය ද ලැබෙයි ල. මේ අසාදෘශ වු යසස් ලැබීම හා සමඟ මඟ එඵිකොටැ මට සවර්ගමෝක්ෂ මාර්ගය සිද්ධ කෙරෙමි” යි එක් අවකාශයක් ඉල්ලා මහ වතුර වැඩීමෙන් ගැඹුරු වූ සිත ජලයෙන් සම්පූර්ණ වූ කඳු රැළියක් ලැබැ, සුමේද පණ්ඩිතයෝ බුද්ධාලම්භන ප්රීරති උපදවා මෙසේ සිතූ හ. “ මම වූ කලී මේ ප්රූදේශය ඉදින් සෘඬියෙන් දෙවියන් සතුටු කරවන්නා වූ “ නතේ සුඛං පජානන්ති යේ පස්සන්ති නන්දනං ” යි කියනලද නන්දනෝද්්යාතනයෙන් සුපුෂ්පිත වූ පරසතු මඳාරා මල් හෝ නාගභවයෙන් නොයෙක් පැහැ ඇති සත්රුවන් හෝ ගෙනවුත් කඳුරැළිය සැරසූයෙම් වීම් නම් ඒ මාගේ සෘද්ධියෙන් සැරහීම කයට දුක් දී කරන්නාවූ මෙහෙවර මෙන් සිත් නොපිනවන්නේ යැ ” යි සිතා, අලුත පිපි මහනෙල් පෙති සේ කොමළ වූ අත් සඟළින් පස් ගෙනවුන්දින් ඒ කඳුරැළිය තනන්නට පටන් ගත්ත‍ාහු යැ.


සුමේද තාපසයන් ඒ කඳරැළිය තනන්නාට පළමු කොටැ අඩාළ වැ තිබියැ දී මැ, රඹගම නුවරවාසීන් විසින් වඩනට කල් දැන්වූ කල්හි. බුදු රජාණන් වහන්සේ බඳු වද මලෙකැ පැහැ සමාන වූ දෙපට අඳනා සිවුරු ත්රිනමණ්ඩලප්රලතිච්ඡාදනය කෙරෙමින් පෙකණිය හා දෙදෙණ මඬල ද වසා හැඳැ, ඒ මත්තෙහි රන් පමුදමෙකින් බඳු වද මල්කලබක් සිසාරන කලක් පරිද්දෙන් විද්යුෙල්ලතා සශ්රිබක වූ කායබන්ධනය බැඳැ, ස්වර්ණ පර්වතයක් මස්තකයෙහි ලාක්ෂාරසයක් වක්කරනකලක් පරිද්දෙන් ද රන් දාගබක් පබළු දැලෙකින් වසන කලක් පරිද්දෙන් ද රන් ඇගෑයක් රන් පලසෙකින් පොරොවන කලක් මෙන් ද සරච්චන්ද්ර්යා රන් වලා කෙඩෙකින් සඟවන කලක් පරිද්දෙන් ද ලාක්ෂා රසයෙන් රඳනලද කැහැල මලෙක පැහැ සමාන වූ රන් වූ උතුම් වූ පාංශු කූල විවරය පෙරෙවැ, රන් ගල්ගුහාවෙකින් නික්මෙන්න‍ා වූ අභිත කේශර සිංහ රාජයෙකු පරිද්දෙන් ගඳකිළියෙන් නික්මැ ෂඩ් අභිඥාවෙන් යුක්ත වූ සාරලක්ෂයක් පමණ ක්ෂීණාශ්රිවයන් වහන්සේ විස්න් පිරිවරන ලදු වැ දෙදෙව්තොව දෙවියන් විසින් පිරිවරණ ලද ශක්රන දේවෙන්ද්රියා මෙන් ද බ්රදහ්ම සමූහයා විසින් පිරිවරනලද සහම්පති මහාබ්ර්හ්මරාජයා මෙන් ද ප්රදමාණාතික්රාසන්තවූ කාලයක් මුළුල්ලෙහි රැස්කරණ ලද කුශල බලයෙන් උපන්නාවූ උපමා රහිත වූ සර්වඥ විලාසයෙන්, තාරකා සමූහයා විසින් පිරිවරණ ලද ශරච්චන්ද්ර යා ආකාශ පථයට නැලෙන කලක් පරිද්දෙන් සරහා පිළියෙල කරන ලද්දා වූ මාර්ගයකට පිළිපන් සෙකැ.


සුමේධ තාපසයෝ ද ඒ සරහා පිළියෙල කරනලද්දාවූ මාර්ගයෙන් වඩනා මනා වු හැඳිම් පෙරැවීම් ඇති සන්හුන්නා වූ වක්ෂුරාදි පඤ්චේන්ද්රිායන් හා සන්හුන්නාවූ සිත්ද ඇලි දෙතිස් මහා පුරුෂ ලත්ෂණ යෙන් යුක්තවූ, නීල පිති ලෝහිතාවදාත මාඤ්ජිෂ්ඨ ප්රසභාස්වර යැයි කියන ලද සවනක්රස් විහිදෙන්න‍ා වූ, සාර ලක්ෂයක් ක්ෂීණාශ්රිවයන් වහන්සේ විසන් පිරිවරන ලද්දා වූ, සරහා පිළියෙල කරන ලද මාර්ගයට පිළීපන්නාවූ, දිව්ය් මනුෂ්ය යන් විසින් පුදනු ලබන්නාවූ, ලෝකස්වාමීවූ සම්පූර්ණ වූ සිත් ඇත්තාහු ; “මාර්ග සරහා පිළියෙල කරන්නාට පළමු වැ සර්වඥයන් වහන්සේ මේ ස්ථානයට පැමිණී සේකැ. අද මා විසින් සුපිරි නිලුපුල් මල් සඟලක් හා සමානවූ ඇස් ඇති මේ දීපඞකර සර්වඥයන් වහන්සේට මා ගේ ජීවිත පරිත්යාලගය කරන්නට වටනේ යැ. මේ ස්වභාවයෙන් නිර්මල වූ ශරීර ඇති සර්වඥයන් වහන්සේ මඩ නොමැඩ සාර ලක්ෂයක් ක්ෂීණාශුවයන් වහන්සේහා සමග රන්පෝරු අතුල හෙයක් පිටැ වඩනා කලක් මෙන් මා පිට මැඩ ගෙනැ වඩනා සේක් වැයි, ඒ සර්වඥයන් වහන්සේ මාපිට මැඩ ගෙනැ වැඩීම බොහෝ කලක් මට හිත සැප පිනිස වන්නේ යැ” යි සිතා දල්වන ලද නේත්ර නැමැති නිලුපුල් මල් වනයෙහි කුහුලින් ගැවසී ගත්තා වූ බමර වැලක් හා සමාන වූ නිල් වූ අක්බඹුරු වූ කෙසේ වැටිය මුදා දළ මඩුළු අඳුන් දිවිසම් වැහැරී සිවූරු කළුවූ මඩ මත්තේ අතුටැ අනේක ප්රාකාර වූ ලෝභ ද්වේශාදී කෙලෙස් නැමැති චණ්ඩ මත්ස්යේ සමූහයාට වාසස්ථානවූ නොයෙක් මුඛ යෙන් අවුත් වදනාවූ බොහෝ වූ සියලු දුක් නැමැති දිය වතුරින් පිරුනාවූ පර වදනාවූ බොහෝ වූ සියලු දුක් නැමැති දිය වතුරින් පිරුණා වූ පර තෙරක් නැති සංසාර නැමිති සාගරයෙන් එතෙර වණු පිණීසැ සියලු ලෝකයට හෙයක් බදු වූ ඒ දීපඞ්කර නම් සර්වඥයන් වහන්සේට අබියෙස වැ මුණින් හි :

“මනුසුසත්තං ලිඞ්ගසම්පත්ති හේතු සත්ථාරදස්සනං

පබිබජ්ජා ගුණසම්පත්ති අධිකාරෝ ච ඡන්දනා ”


යන මේ අෂ්ට ධර්මයෙන් සම්පූර්ණ වැ “ බු‍ඬෝ බෝධෙය්ය තිණ්ණෝ තාරෙය්යං්, මුත්තෝ මොචෙය්යංඡ, පන්තෝ දමෙය්යංා, සත්තෝ සමෙය්යංත, අස්සත්ථෝ අස්සාසෙය්යංස, පරිනිබ්බුතෝ, පරිනිබ්බාපෙය්යංෙ” යනාදින් බුද්ධත්වය විෂය කොටැ පවත්වන ලද විත්ත ප්රාොර්ථනා ඇති ඒ සුමේධ තාපසයෝ කපල් පිටැ වැදහොත්තාහු යැ.


මෙසේ කළල් පිටැ වැදහොත්තා වූ ඒ දහා පුරුෂයාණෝ විකසිත පද්මයන් හා සමාන වූ ඇස් සඟළ දල්වා බලන්නාහු ඒ දිනන ලද මාර යුද්ධ ඇති සර්වඥයන් වහන්සේ ගේ බුද්ධ ඇති සර්වඥයන් වහන්සේ ගේ බුද්ධ ශ්රීඇය දැක ප්රවඥා නැමැති පුරුදු කන්යා ව විසින් මෙහෙයනු ලබන්නෝ මම නොයෙක් ආදීනවදැක සංසාරය හැර ‘නිබ්බානං පරමං සුඛං’ යනු හෙයින් උතුම් වූ නිර්වාණය නමැති සැපය ගන්නම් වීම නම් යහපතැ” යි සිතා ඉක්බිත්තෙන් කරුනා නැමැති අභිනව ස්ත්රි්ය විසින් යාවඥ කරන ලද සිත් ඇති වැ මෙසේ උතුම් වූ අමෘත නිර්වාණය ලැබීම අතිමධූර වූ රස භෝජනයක් ලැබැ ඉතා අඳුරු ගබකට වැදැ අනුභව කිරීමක් හා සදෘශ වන්නේ යැ. මා බඳු වූ සුමෘති සම්පන්න වූ ප්රටඥා සම්පන්න වූ ශ්රැදති සම්පන්න වූ ධෛර්ය් බ සම්පන්න වූ එකඟ වූ සිත් ඇති සමාධි සම්පන්නවූ වීර පුරුෂයක්හු සංසාර නැමැති සාගරයෙහි ගැලුනා වූ සත්ත්ව සමූහයා හැරැ හුදකලා වැ නිවන් නැමැති ගොඩට නැගි කල්හි කුදු මහත් භවයෙහි පෙරැලෙන්නා වූ අසරණ වූ ලෝක වාසී වූ සත්වයාට පිහිට කරන්නට අන් කවර නම් සත්ත්වයෙක් සමර්ථ වන්නේද ? එහෙයින් සර්වඥතා ඥානයට පැමිණැ දෙවි මිනිසුන් සහිත ලෝ වැසියන් සසර නැමැති කතරින් එතෙර කොටැ නිවන් නැමැති පුරයට ප්ර වේශ කරවන්නෙමි ” යි ශ්රානවක ඥානයට අභිමුඛ වූ සිත් දර්වඥතා ඥානයට අභිමුඛ කළාහු ය.


එකෙණෙහි දීපඞ්කර නම්..

සංස්කරණය

එකෙණෙහි දීපඞ්කර නම් සර්වඥයන්වහන්සේ ද වැඩ ඒ කරුණා සාගර වූ සුමේධ තාපසයන් ගේ ඉස්දොර සිටැ ස්වර්ණ ප්රා සාදයෙක ඉන්ද්රවනීල මාණික්ය මය වූ සීමැදුරු කවුළුවක් හරහන කලක් පරිද්දෙන් පස්පෑ දිස්නාවූ ඇස් සඟල දලවා බලන සේක. මඩ මත්තේ වැදැහොත්තා වූ ඒ සුමේධ තාපසයන් දැකැ දන්නා ලද අභිප්රා ය ඇති සේක්, ඒ තාපසයන් ගේ අනාගත වූ ජාතිපය්යදර්න් තය අනාගතාංශ ඥානයෙන් බලා, සිටි තෙනැ සිටැ මහාපර්ෂද් මඬ්යපයෙහි මහත් වූ කුරවී කෙවිල් ලක ගේ හඬහා සමාන වූ මධුර නාද පවත්වා, “එම්බා මහණෙනි! මේ මහත් වූ අනුභාව හා උග්ර් තපස් ද ඇති තාපසයා කළක් පිටැ වැදහොත්තවූ දුටු දැ” යි වදාරා, “ එසේ යැ ස්වාමිනි!” යි කී කල්හි “ මේ තෙමේ බුදුධත්වය ප්රාඬර්ථනා කොටැ වැදැහොත්තේ යැ. මොහු ගේ ප්රාිර්ථනාව සමෘද්ධ වන්නි යැ අනාගතයෙහි සාරාසංඛ්යථ කල්ප ලක්ෂයකින් මත්තෙහි අනන්තා පරිමාණ සක්වළෙහි ශරීර රශ්මින් නසන ලද ලෝකාන්ධකාර හා දේශනා රශ්මින් නසන ලද ක්ලේශාන්ධ කාරත් ඇති ගෞතම නම් බුදු වන්නේ යැ. ඒ සර්වඥයන් බුදු වන ජාතියෙහි කිඹුල්වත් නම් පුරයෙක් නුවර වන්නේ යැ මහමායා නම් බිසොවක් මව වන්නි යැ. සුද්ධෝදන නම් රජෙක් පිය වන්නේ යැ. උපතිස්ස යැ, කෝලිත යැ යන නම් ඇති අග්ර ශ්රායවකයෝ දෙදෙනෙක් වෙති. මේ තෙමේ නුවර මුහුකුරා ගිය කල්හි මහභිනික්මන් නික්මැ මහත් වූ දුෂ්කර ක්රිෙයා කොටැ අජපාල න්යතග්රෝකධ වෘක්ෂ මූලයෙහි දී කෟෂීරපායාස පිළිගෙනැ නිල්දලා හෝ තෙරැ දී වළඳා ඇසතුරුක් මුල්හි දී බුදු වන්නේ යැ” යි විවරණ දී වදාළ සෙකැ. බුදුධවංශයෙහි එහෙයින් කියනලදී :--

“දීපඞ්කරෝ ලෝකවිදූ ආහුනිනං පටිග්ගහෝ,

උස්සීසකේ මං ඨත්වාන ඉදං වචනමබ්රුවි,


පස්සථ ඉමං තාපසං ජටිලං උග්ගතාපනං,

අපරිමෙය්ය ඉතෝ කප්පේ බුද්ධෝ ලෝකේ භවිස්සති.


අහු කපිලව්භයා රම්මා නික්ඛමිත්වා තථාගතෝ,

පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.


අජපාලරුක්ඛමුලස්මිං නිසිදිත්වා තථාගතෝ,

තත්ථ පායාසමග්ගය්හ නේරඤ්ජරමුපේහිති.

නේරඤජරාය තීරම්හි පායාසාදාය සෝ ජිනෝ,

පටියත්තවරමග්ගේන බෝධිමූලං හි ඒහිති.


තතෝ පදක්ඛණං කත්වා බෝධිමණ්ඩං අනුත්තරෝ,

අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ජඣිස්සති මහායසෝ.


ඉමස්ස ජනිකා මාතා මාහා නාම හවිස්සති,

පිතා සුද්ධෝදනෝ නාම අයං හෙස්සති ගෝතමෝ.


අනාසවා විතරාගා සන්තවිත්තා සමාහිතා,

කෝලිතෝ උපතිස්සෝ ච අග්ගා හෙස්සන්ති සාවකා.


ආනන්දෝ නාමපට්ඨාකෝ උපට්ධිස්සති තං පිනං,

ඛේමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවකා.


අනාසවා වීතරාග ; සන්තවිත්තා සමාහිතා,

බෝධි තස්ස භගවතෝ අස්සත්ථෝතිපවුච්චති ” යි


මෙසේ දීපංකර නම් බුදු රජාණන් වහන්සේ දෑ සමන් මල් අට මිටෙකින් ඒ කරුණාමය වූ බොධිසත්වය්නට පූජා කොටැ, ලක්ෂයක් ක්ෂිණාශ්රුවයන් වහන්යේ හා සමග පැදකුණු කොටැ, රම්යල වූ රම්යාපුර යට වැඩි සේකැ. ඉක්බිත්තෙන් දිව්යක බ්රාහ්ම නාග මනුෂ්යෂ ගරුඬ ගන්ධර්ව කින්නර යක්ෂ රාක්ෂයාදීහු ද මහා පුරුෂයාට මල් හා උතුරුසළු පළඳනා මුදුන් මල්කඩ ආදීන් ද පූජා කොටැ වැඳැ පැදකුණු කොටැ දීපඞ්කර නම් සර්වඥයන් වහනසේ හා සමග සිත් කලු වූ රම්යු පුරයට වන්හ. එසමයෙහි පැමිණියා වූ චිත්ත ප්රාමර්ථනා ඇති බුද්ධාඞ්කුර තෙමේ හොත් තැනින් නැඟි සිටැ පුෂ්පාසන මස්තකයෙහි නැ‍ඟෙනහිරි ලෝකදාතුව බලමින් පලක් බැඳැ උන්නේ යැ.