විල්ගම්මුළ පබඳ-පෙරවදන
පෙරවදන
මෙහි එන ගත් සතර රන්ගිරි සිරි අසල දෙනගමු වෙහෙරෙහි විල් ගම්මුළ මහ තෙරිඳුන් ගේ කෘති වෙයි. “රන්ගිරි සිර අසල” යන්නෙහි තේරුම් දෙකක් ඇති බව හැඟේ. “රන්ගිරි” නම් කන්ද සමීපයෙහි” යනු එක් තේරුමෙකි. අනෙක් තේරුමෙ නම් “රන්ගිරි” මුඳුනක් (ස්වර්ණගිරි ශිඛරයක්) සමාන වූ” යනු යි. පළමු තේරුම මෙ තුමන් වැඩ විසූ විහාරය “රන්ගිරි” නම් කන්දක් ළඟෙහි වූ හ යි සලකතොත් ඒ කන්ද කිමෙක් දැයි විමසිය යුතු වේ. “රන්ගිරි සිර යන්නෙන්, “රන්ගිරි කන්ද’, ‘රුවන්ගිරි කන්ද’ යනාදී අරුත් ලැබේ. ඒ කුරුනෑගල දිස්ත්රි ක්කයෙහි ‘රුවන්ගිරි’ නමින් කන්දෙක් වේ. ඒ පර්වතය අසල පැරැණි විහාරස්ථානයක් ඇති පවත් එය පෙර නොයෙක් විහාරඞ්ගයන් ගෙන් සමලඞ්කෘත ව වැපැති බවට දෙස් දෙන නෂ්ටාවශිෂ්ටයන් ඇති බවත් දැන ගන්නට ලැබිණ. එහෙත් ‘දෙනගමු වෙහෙර’ නමින් ඒ පළ පැවැත්තේ දැයි දැන ගැනීමට මඟෙක් නැත.
මහසිළුහමතිස් රජතුමා ස්වර්ණගිරියෙහි තුන් වසක් උක් යන්ත්රහයක් උසුලා කුලී වසයෙන් උක්සකුරු ලැබ ඒ සකුරු ගෙන්වා ගෙන නුවරට අවුත් භික්ෂු සඞ්ඝයා වහන්සේට මහදන් දුන් පුවතෙක් මහා වංශයෙහි 34 වන පරිච්ජේදයෙහි එයි. පාළි මහා වංසයෙහි ‘සොණ්ණගිරි” යයි දැක්වෙන ඒ ස්වර්ණගිරියද රන්ගිරෙකි; නොහොත් ‘රන්ගිරි’ යන අරුත් ඇත්තෙකි. ගයිගර් පඬිතුමා ගේ මහාවංශ පරිවර්තනයට ආචාර්ය්ශ ජී. සී. මැන්දිස් මහතා විසින් සම්පාදිත පරිශිෂ්ටයෙහි ‘සොණ්නගිරි’ යවු “රම්බඩගල්ල” විය හැකි බව සඳහන් වේ. කෙසේ වුව ද ඒ අසල දෙනගමුවක් ඇති බව දැනගන්නට නැත්තේ ය.
ගාලු - අකුරැස්ස මාවතෙහි 14-17 සැතැපුම් කණු අතර පිහිටි ‘කනංකේ’ නම් ගම මැද පිහිටි වනයෙහි ‘කනකගිරි’ නම් පර්වතයෙක් වේ. ‘කනකගිරි’ යනු ‘රන්ගිරි’ යන අරුත් ඇත්තේ ය. ඒ අසල කනංකේ රජමහා විහාරය ඇතත් එය දෙනගමු වෙහෙර නමින් පැවැති බවට කරුණු නොමැත. එ සමීපයෙහි ‘දෙනගමු’ නමු ගමක් හෝ තැනක් හෝ ඇති බව වත් දැන ගන්නපට නැත.
‘රන්ගිරි’ යන්නට සමාන අරුත් ඇති සේ සැලැකිය හැකි නම්වලින් යුත් තවත් කඳු ඇත්තේ ය. ඉන් එකෙක් නම් දක්ෂිණ ලඞ්කායෙහි පිහිටි ‘රන්මලේ කන්ද” යි. මේ ගැන විස්තරයක් කරන පණ්ඩිත කඹුරුපිටියේ වනරතන ස්ථවිර තුමා “ මාතර මානව වංශය හා පුරාවිද්යා ත්මක ඉතිහාසය” නම් ග්ර්න්ථයෙහි, “මාතර හම්බන්තොට දිස්ත්රිනක්ක දෙක අතර සීමාව ලෙස පිහිටි වනගත මේ විශාල කඳු වැටියට මහාවංශයෙහි ව්යටවහාර කළ නාමය ‘සුවණ්නමලය’ යන්නයි. මෙය හරිහැටි නො දත් බොහෝ උගත්තු සබරගමුවෙහි සුවණ්ණමලයක් මවා පාති”යි සඳහන් කරයි. ‘සුවණ්නමලය’ නම් කන්ද සබරගමු පළාතේ පිහිටියෙකැයි මතයකුත් ඇති බව සත්යකයෙකි. යට දැක්වූ රන්මලේ කන්දට හැතැපුම් තුන හතරෙකින් ඔබ්බෙහි ‘දෙනගම’ නම් ගමෙක් වේ. එහි පිහිටි පැරැණි වෙහෙර ‘අරඹේගොඩ’ නමින් මෙකල වහරති. මහනුවර සමයෙහි ගණින්නාන්සේලා විසූ තැනෙකැයි ද කියනු ලැබේ. ඉපැරණි වෙහෙරක් නො වෙති යි බොහෝ දෙනා සිතන බව පෙනේ.
“රුවන් කන්ද” නමින් ම පර්වතයෙක් හිනිදුම් පත්තුවේ - මාතර ගාලු දිස්ත්රි්ක්ක සීමායෙහි වෙයි. එහි ඉපැරැණි ගිරිලෙන් විහාරයක් ඇතත් දෙනගමුවෙක් හෝ දෙනගමෙක් හෝ නැත. “දන්ගල” නම් කුඩා ගමෙක් ඒ සමීපයෙහි තිබේ.
අනුරාධපුරාය් සිට හැතැපුම් සූවිස්සක් (24) පමණ දුරින් පිහිටි ‘රුවන්ගිරි රජමහවෙහෙර” ද මැදවච්චි දුම්රිය පළේ සිට හැතැපුම් දෙක හමාරක් පමණ දුරින් පිහිටි ඉසෙන් බැස්සෑවේ “රුවන්ගිරි විහාරය” ද පර්වතයන් ඇසුරු කොට පිහිටි පැරණි රජ මහා වෙහෙර දෙකකි. ‘දෙනගමු’ නමින් හෝ ‘දෙනගම’ නමින් හෝ වහරන තැනෙක් මේ විහාරස්ථාන සමීපයෙහි ඇති බවෙක් දැන ගන්නට නැත. රන්ගල, රන්ගල්ල වනාදී වශයෙන් ‘රන්ගිරි’ යන්නට සමාන අරුත් ඇති තවත් තැන් ඇති බවද පෙනේ. “රන්ගිරි දඹුල්ල” යනු ද කල්පනාවට භාජනය විය යුත්තෙකි. දුඹුලු පෙදෙස් ‘දෙණගමු’ නම් තැනක් ඇති බව තෙන්නකෝන් කිවිසුරාණෝ සඳහන් කරති. එ පෙදෙසෙහි “මැණික් දෙණ” නම් තැනකුදු ඇති බව දැන ගතිමු.
කුරුවිටි කෝරළයට අයත් ‘ඉද්දමල්ගොඩ’ නම් ග්රාබමයෙහි වූ “දෙනගමු විහාරය” විහාර අස්නට ද ඇතුළති. පොල්ගහවෙලට නුදුරින් පිහිටි ‘දෙනගමුව’ ද පරසිදු තැනෙකි. එහෙත් මේ තැන් කිට්ටු ව ‘රන්ගිරි’ නමින් හෝ එයට සමාන නමෙකින් හෝ යුතු කන්දෙක් මෙ කල්හි ප්රකකට නැත. කුරුණෑගල නගරයට සමීප ව ම කන්දෙක් මෙ කල්හි ප්ර්කට නැත. කුරුණෑගල සිට දඹුල්ලට යන පාරේ සැතැපුමු 2 ½ ගිය විට යග්ගෙපිටිය නම් ගම අසල ය. එහි පැරණි වෙහෙරක් තබා අලුත් වෙහෙරකුදු දැන් නම් නැත.
“දෙනගමු වෙහෙරැ” යන්න “දෙනගම් වෙහෙරැ” යි ද ඇතැම් සඳකිඳුරුදාකව් පිටපත්හි එන හෙයින් විල්ගම්මුළ මහතෙරිඳුන් වැඩ විසූ වෙහෙර ‘දෙනගමු’ හෝ ‘දෙනගම’ යන නමින් යුත් තැනක් විය හැකි ය. දකුණු ලකෙහි රන්මලේ කන්දට නුදුරින් පිහිටි “දෙනගම” ගැන යට සඳහන් විය.
යුද පිණිස මාගමින් පිටත් වූ දුටුගැමුණු රජතුමා විසින් බිඳ හළ දෙතිස් දෙමළ කඳවුරින් ‘දෙණගාම’ යි පාළිමහාවංශයෙහි සඳහන් තැනද එකෙකි. ‘දොණගාම’ යනු ථූපවංස, සද්ධර්මාලඞ්කාරාදියෙහි “දෙණගම්” යි එයි. නිකාය සඞ්ග්ර්හයෙහි එය දැක්වුණේ “දෙණගමුව” යනුවෙනි. මියුඟුණෙන් පිටත් වූ රජතුමා අඹටුව, සත් බෑ කෝට්ටය, ඇතුරොබ යන කඳවුරු බිඳ පැමිණියේ දෝණගාමයට ය. මේ වනාහි යට සඳහන් කළ ‘දෙනගමු’ ආදායෙන් අනෙකෙකි. එ තැන ‘දෙණගමුව’ හෝ ‘දෙණගම’ යන නමින් දැනුත් පවතී ද? පැරැණි වෙහෙරක් එහි වේ ද? යනාදී කිසිවක් දැක්වීමට අපොහොසත් වම්හ. “රන්ගිරිසිරි අසල” යි ද පිටපත්හි එන බැවින් රන්ගිරෙහි (මහමෙරෙහි) හෝ රන්ගිරෙක ශෝභාවට ආසන්න වූ නොහොත් ස්ථාන වූ යන අරුත ද ගත හැකි ය. රන්ගිරි සිකරයක් වැනි, රන්ගිරෙක සිරයට ආසන්න යන මේ අරුත් හරි යැ යි ගත හොත් දෙන ගමු වෙහෙර හෝ දෙනගම වෙහෙර හෝ රන්ගිරි කන්දක් අසල වූවෙකැයි සැලැකිය යුතු නො වේ. කෙසේ වුවද සඳකිඳුරුවදාකව් කතුතුමන් විසූ තැන දෙනගමු වෙහෙර හෝ දෙනගම වෙහෙර බවට සැකයෙක් නැත. ඒ අසවල් තැන ය යි තීරණය කිරීම නම් දුෂ්කර කාර්ය්ෙ යෙකි. සමහර විට එය මෙහි දැක්වුණු තැන්වලින් එකක් විය හැකි ය. ඇතැම් විට වෙන ම තැනක් හෝ විය හැකි ය. තව ඳුරටත් මේ ගැන විමසා බැලිය යුතු වේ. සඳකිඳුරුවදාකව් එන ‘දෙණගමු වෙහෙර’ “දඹුලු පියෙසේ වූ එක වියැ යුතු යැ යි සැලැකියැ හැකි” බව තෙන්නකෝන් කිවිසුරාණෝ කියති.
“මා අදහස නම් දඹුලු පළාතේ දෙණිකඩ ඇසුරු කළ ප්ර දෙශයෙකැ පැවැති අරමක් බව යයි මේ ගැන අප විසින් අදහස් විතාරනු ලැබූ පණ්ඬිත කෝදාගොඩ ඥනාලෝක ස්ථවිරතුමෝ කියති. “විල්ගම් මුළෙහි ප්රමධානයා කව ලියන දිනවල එහි විසූ බව ද සිතමි” යි සඳහන් කරන උන්වහනසේ “මෙද මාගේ මතිමාත්ර මිසැ සහෙතුක දැයෙක් නො නො වේ” යයි ද වැඩි දුරටත් කියති.
විල්ගම්මුළ තෙරිඳුන් විසූ විහාරය විහාරඞ්ගයන් ගෙන් හෙබි මනරම් තැනක් වූ බවත් හැම කල්හි ප්රහසිද්ධ ස්ථානයක් බවත් කියැවෙන හෙයින් ඒ එකල උසස් වෙහෙරක් ව පැවැති බව සැලකිය යුතු වේ. ඒ විහාරය ‘දෙනගමු’ නම් වී ද? යනු නිශ්චයයකට බැසීම අමාරු කරණක් වන්නා සේම ‘දෙන’ ‘දෙණ’ යන දෙකින් හරි එක කවරේ දැයි සැලැකීමත් අමාරු කරුණෙකි. සාමාන්යදයෙන් බැලූ කල හැඟෙන්නේ මූර්ධජ ‘ණ’ යන්න සුදුසු බව ය. එහෙත් අප දුටු හැම පිටපතෙක ම දන්තජ ‘න’ යන්නෙන් යුතු ව එන බැවින් ද තැන හරිහැටි නො දැන නාමසම්භවය ගැන තීරණයක් කිරීම දුෂ්කර කාර්ය්ිහ යක් බැවින් ද නම ගැන වැටහීමක් නැති ව වෙනසක් කිරීම සුදුසු නොවන බව හැඟුණ බැවින් ද ‘න’ කාරය එ සැටියෙන් ම තබන ලදි. එක නම ඇති ගම් කීපය බැගින් මෙ රටෙහි ඇත්තේ ය. තැන් කීපයකම කියන නමක් රූපයෙන් ශබ්දයෙන් සමාන වතුදු ඇතැම් විට ඒ එක එක අරුතින් වෙනස් වන්නට පිළිවන.
“පරපුරැති නිකස ළ මහ තෙරිඳු විල්ගම්මු ළ
යි සඳකිඳුරුදාකවේ දැක්වුණු එහි කතු හිමිපාණන් ගැන කිව හැක්කේ ද මතිමාත්රු පමණෙකි. කෙනෙක් මේ කව දඹදෙණි සමයට අයත් කෙරෙති. සමහරු කුරුණෑගල් සමයට අයිති යැ යි කියති. ගම්පළ සමය දැතිගම්පුර සමය, කෝට්ටේ සමය, මහනුවර සමය, යනාදී විසින් තමන් තමන් ගේ හැඟුම් පරිද්දෙන් මෙහි නිර්මාණ කාලය ගැන අදහස් දක්වා ඇත. ‘විල්ගම්මුළ’ යනු ගමෙක නමක් නොවන බව කවුරුත් දනිති. පෙර ලක්දිවෙහි පැවැති ගලතුරුමුළ, උතුළුමුළ හෙවත් උතුරුමුඝ විල්ගම්මුළ, මහනෙත්පාමුළ, දකුණුමුළ, කපුරුමුළ, සෙනෙවිමුළ, විදුම්මුළ යන ප්රමධාන භික්ෂු ගණ අටින්වියන් පත් අටගණයෙන් එකක් වූ විල්ගම්මුළෙහි නායක හිමියෝ විල්ගම්මුළ මහතෙර නම් වූ හ. උපසම්පදාව ලැබ දසවස් පිරුණු විට ‘තෙර’ නම ද විසිවස් පිරුණු විට ‘මහතෙර’ නම ද භික්ෂුනට ලැබේ. සාමාන්යක ක්රිමය එසේ වුවත් පදවි වශයෙන් තෙර, මහතෙර යන නම් පැවරීමේ සිරිතක් පෙර පැවති බව පැනේ. ඒ පදවි පත් කරන ලද්දේත් උපසපුවෙන් ඒ ඒ නිසි වස් පිරුණු උතුමනට ය. වීදාගම හිමියන් ගේ නම ලෝවැඩ සඟරාවේ දැක්වුණේ ‘මෙත් තෙරිඳ සඳ’ යනුවෙනි. බුදුගුණ අලංකාර වේ ලකුණු මිණ යන පොත් දෙකෙහි “මහනෙත් පා මුළ මහතෙරිඳු” යි මේ හිමිපාණන් විසින් රචිත මේ තාක් අමුද්රි“ත, කවෙක අසමුපූර්ණ පුස්කොළ පිටපතෙක අවසන්හි එන පද්ය ය මෙසේ යි:
“ කිත් දිගුබින් සුසැදි නිසි ඇම ස ඳ මෙ ත් මහනෙන් පාමුළ මහ යති ස ඳ සි ත් ලෙස අත් කළ මොක් සැප මනන ඳ සත් වග සෙත් කෙළෙ සුගතිඳු පද වැ ඳ”
මෙහි දැක්වෙන්නේ “මෙත් මහසෙන් පාමුළ මහ යතිසඳ” යනු යි. වීදාගම එළු අත්තනගලු වංශයෙහි ශ්රී “මෛත්රේය මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් කථිත” යි යෙදිණ. එ කල උන් වහන්සේ සඞ්ඝ රාජ ව විසූ බව ද පෙනේ. ලෝවැඩ සඟරාව කරන කාලයෙහි ශ්රී් මෛත්රෙසය හිමියනට පදවියෙක් නොවීය. ‘මහනෙත්පාමුළ’ නම් ගුණෙයෙහි ‘මහතෙර’ පදවිය ලද පසුව කළ පොත්හි එ බව සඳහන් විය. මෙ බඳු පදවි ලත් ඇතැම් මහතෙරවරු සිය පැවිදි නම සමඟ පදවි නම ව්යවවහාර කළ මුත් සමහරු එසේ නොකළ හ. “විල්ගම්මුළ මහ තෙරිඳු” යන්න ද එ බඳු ව්යහවහාරයෙකි. “බහු නායකත්වය නම් ශාසන විලෝපයට ඒකන්ත හෙතු බැවින් මේ මහතෙර දෙතෙන මුන් අන් කිසියම් ම නෙතක් මහතෙර නො කටයුතු” යනු දඹදෙණි කතිකාවතෙහි එයි. මහතෙර පදවිය නායක ධූරයක් බව මෙයින් පැමැදිලි වේ. “මේ මහතෙර දෙනෙත” යි සඳහන් කෙළේ ග්රා මවාසී සඞ්ඝයාට එක නමක්ද අරණ්යාවාසී සඞ්ඝයාට එක නමක්ද වසයෙන් පත් කැරෙන “මහතෙර දෙනම” ගැන ය. භික්ෂු සඞඝයා නිකාය ගණ ආදී වසයෙන් වෙනස් වුව ද ප්ර“ධාන වශයෙන් මෙ කී කොටස් දෙකට අයත් ව සිටි බව පෙනේ. කවර ගණයට අයත් හිමිතුමකුට වුවත් පදවි වසයෙන් ‘මහතෙර’ නම දිය හැකි බවත් ග්රා මවාසී ආරණ්යරක වශයෙන් මහතෙර පදවි දෙකක් වෙන මහතෙර පදවි පත් නො කළ යුතු බවත් දඹදෙණි කතිකාවතේ ඒ ව්ය වස්ථාවේ අදහස ය යි හැඟේ. ‘මාහිමි’ පදවියට පත් කර ගනු ලබන්නේත් ඒ මහතෙර දෙනමගෙන් එක් නමෙකි. “ මාහිමි නෙත අයාමෙක වුවමනා වී නම් දෙතෙනින් ම යෙදෙන තෙනක් එ ලෙසින් මා හිමි කටයුතු” යන ව්‍යවස්ථාවෙන් එ බව පැහැදිලි වේ. දඹදෙණිසමයෙහි ම වුවත් මහතෙර දෙනමක් පමණක් වූහ යි තේරුම් ගත හොත් වරදැයි සිතමු. විනයානුකූල ව ලැබෙන ‘මහතෙර’ නම මින් තහනම් කරන ලදැ යි ද නො සිතමු. ඒ ඒ ගණයන්හි ග්රාරම වාසී පක්ෂ යට ගැනෙන තෙරනමකට අනෙක් මහතෙර පදවියන් පත් කළ යුතු බව කිය ලදැයි සිතන්නට ඉඩ තිබේ. විල්ගම්මුළ මහතෙර පදවියන් එ බන්දෙකැයි හැඟේ. මේ වැඩිදුර විමසා බැලිය යුත්තෙකි. මෙහි දැක්වූයේ අප ගේ මතිමාත්ර යි. ග්රාුමවාසී,ආරණ්ය ක යන දෙකොටසට අෂ්ටායතනය අයත් බව අප ගේ ද අදහස වන නමුත් ග්රාේමවාසී සඞ්ඝයා අරණ්යාක සඞ්ඝයා යන ඒ දෙකොටස ද ආයතන දෙකක් වසයෙන් සලකන්නෝත් සිටිති. මහපැරැක්ම්බා රජු පොළොන්නරුවෙහි විහාර අටේ (අෂ්ටායතනයේ) මහතෙරුන් සඳහා ප්රාසාද අටක් කැරැවූවා සේම දෙවැනි පැරැකුම්බා රජු විසින් දඹදෙණියේ ද අෂ්ටායතනවාසී “මහතෙරුන්” අට දෙනා ගේ සහ ග්රා මවාසී අරණ්යේවාසී තෙරවරුන් ගේ ද වාසය සඳහා අලඞ්කාර සඞ්ඝාරාමයන් කැරැවූ බව මහාවංශයෙහි පෙනේ. අෂ්ටායතනයේ ඇතැම් ආයතන ගම් වැසි පසටත් ඇතැම් ආයතන වනවැසි පසටත් අයත් වී නම් අට ආයතනය වෙන ම දක්වා ගම්වැසි අරන්වැසි තෙර වරුන් වෙන ම දැක්වූයේ කුමක් හෙයින් දැයි සැකයෙක් උපදී. අෂ්ටායතන පදවි මහතෙර පදවි වශයෙන් පත් කරන ලද්දා සේත් ඇතැම් විස්තරවලින් හැඟේ. ආයතන අට උභය වාසයට ඇතුළත් නොවී නම් නිකාඞ්ග්රිහය ආදායෙහි උභයවාසය ම ප්රෙධාන කොට කියන්නට හේතු නැත. කෙසේ වුව ද මහතෙර පදවිය පත් කරන ලද්දේ පසු ව සඟරජ තනතුර පවා ලැබීමට සුදුසු උතුමකු හට ය යන්න නම් පැහැදිලි වේ.
‘අභිධානප්පදීපිකා’ නම් පාළි නිඝණ්සුව කළ මොග්ගල්ලාන හිමියෝ විල්ගම්මුලට අයත් කෙනෙකි. පොළොන්නරුවෙහි වැඩ විසූ උන් වහන්සේ “සරොගාම සමූහම්හි - වසනා සන්තවුත්තිනා” යි විල්ගම්මුළ සමූහයෙහි වසන බව කී මුත් එහි ප්රිධාන බවක් නොකීහ. එ කල ඒ ගෙණෙහි ප්ර ධාන වූවෝත් උන් වහන්සේ ය යි. සිතන්නට පිළිවන. විල්ගම්මුළ ආදී ආයතන නිකාය නාමයෙන් මෙ කල ඇතැමකු දක්වන බව පෙනේ. ඒ වරදෙකි. ‘නිකාය” යන්නෙහි අරුත ‘සමූහ’ යනු වුවත් භික්ෂනිකායාදිය කියන විට එය විශේෂාර්ථයක් දෙයි.
නිකායසඬ්ග්ර්හයෙහි “සාහිත්යහවිල්ගම්මුළ”යි දැක්වූණේත් ‘විල්ගම්මුළ’ නම් භික්ෂුගණයට අයත් නොහොත් එහි ආධිපත්යහය දැරු පොළොන්නරු සමයෙහි හෝ දඹදෙණි සමයෙහි වැඩ විසූ උතුමෙකි. ‘සාහිත්යත’ යන්න මුල් කොට යෙදීමෙන් ම උන් වහන්සේ ගේ තරමතරමක් දුරට තේරුම් ගත හැකි ය. සිංහල මහාබොධිවංශය සහ අනාගතවංශය කළ විල්ගම්මුළ හිමියෝ කුරුනෑගල් පුරය රාජධානි කොට ගත් දෙවැනි පණ්ඩිත පරාක්රමමබාහු (4 පැරැකුම්බා) රජ් සමයෙහි මහතෙරව විසූ හ. ඒ පොත් දෙක කෙළේ එ රජු ගේ ම ආරාධනාවෙනි. පොත් දෙකේ ම උන් වහන්සේගේ නම සඳහන් වන්නේ “විල්ගම්මුළ මහා ස්ථවිර පාදයන් වහන්සේ” යනුවෙනි. එතුමන් කිත්සිරි මෙවන් කැලණි විහාරයෙහි අධිපති බව බෝධිවංශයෙහි සඳහන් වතුදු අධිපති ව සිටි හෝ වැඩ විසූ හෝ තැනෙක් අනාගත වංසයෙහි සඳහන් නොවේ. එහෙත් පොත් දෙක එක කර්තෘක බවට කිසි සැකයෙක් නැත. බුද්ධ වර්ෂ 1876දී පිහිටුවන ලද කිත්සිරි මෙවන් කැලණිවිහාර සෙල්ලිපියෙහි ‘විල්ගම්මුළ මාහිමි’යි දැක්වේ. කරඹවලාන් පරපුරෙන් උන් වහන්සේ පැමිණි බව එ ම සෙල්ලිපියෙහි මෙන් ම බෝධිවංශයෙහි ද සඳහන් කර ඇත. අනාගත වංශයෙහි එ බවෙක් නො කියැවේ. අනාගතවංශයට අනතුරු ව බෝධිවංශය කළ විල්ගම්මුළ හිමියන් පසු ව මාහිමි පදවිය ලත් බව මනා සේ වැටැහේ. බු.ව. 1876, එ නම් කිත්සිරිමෙවන් කැලණි සෙල්ලිපිය පිහිටු වූ වර්ෂය දෙවෙනි පණ්ඩිත පරාක්ර්මබාහු රජු ගේ අවසාන භාගය නො වී නම් වන්නි බුවනෙකබාහු රජු ගේ රාජ්යහකාලය වී යැ යි හැඟේ. සිරිමත් ඩී.බී. ජයතිලක මැතිතුමා ආදී උගතුන් ගේ කල්පනාවේ හැටියට දෙවෙනි පණ්ඩිත පාරැකුම්බා රජු ගේ රාජ්ය කාලය පන්තිස් හවුරුද්දක් පමණ වේ. ඉක්බිති ව රජු පැමිණි සවුළු විජයභාහු ගේ රාජ්යලකාලය දොළොස් වසක් පමණ වෙයි. කුරුණෑගල පණ්ඩ්ත පැරැකුම්බා රජු ගේ පටන් ශතවර්ෂයක් පමණ වූ කාලය පිළිබඳ විස්තර අපේ ඉතිහාසය පොත්හි මනාසේ සඳහන් වී ඇත. විජය රජු ගේ පැමිණීම ක්රිත.ව. යට 543ය යි ඇතැම් උගත්තු නෙ පිළිගනිති. ඔවුන්ගේ මතය ක්රිණ.ව. යට 483 නිවැරැදි වර්ෂය වන බව යි. වර්ෂ සංඛ්යාිවෙහි පරතෙරය නිතර ම අවුරුදු 60 ක් වේ. 483 මතය අනුව ගත් කල කැලණි සෙල්ලිපියේ සඳහන් බු.ව. 1876 ක්රි .ව. 1333 වේ. ඒ කාලය පස් වන (සවුළු) විජය බාහු රජුගේ රාජ්යර කාලය බව පෙනේ.
“සූර්ය්රි ශතක සන්නය” “ෂඬ්භාෂා පරමෙශවර ත්රි පිටක වාගිශ්වර ශ්රීම රාජගුර ගලතුරුමුළ මහා ස්වාමිපාදයන් ගේ ප්රකධානශිෂ්යර වූ ශ්රීේ රාජගුර ගලතුරුමුළ මහා ස්වාමිපාදයන් ගේ ප්රිධානශිෂ්යි වූ ශ්රීර පරාක්රපමබාහු විල්ගම්මුළ මහාථෙර සාමීන් විසින්” කළ බව එහි සඳහන් වේ. ‘විමුක්ති සඞ්ග්රකහය’ කළ ලංකා සෙනෙවිරත් පිරිවෙන මහාස්ථවිරපාදයෝ ඒ විල්ගම්මුළ මහාස්ථවිරයන් වහන්සේ ගේ ශිෂ්යව කෙනෙකි. විමුක්ති සඞ්ග්රකහය කරන ලද්දේ වික්රවමබාහු මහ රජු ගේ අටළොස් වැන්නෙහිය. මේ වික්රකමබාහු රජ නම් ගම්පළ රජ පැමිණි තුන් වන වික්ර මබාහු මහ රජ ය යි සලකනු ලැබේ. පසු වන පරාක්රරමබාහු රජු ඇවෑමෙන් රජයට පත් වික්ර මබාහු රජුගේ රාජ්ය්පදප්රාපප්ති වර්ෂය සඳහන් වී නැතත් “ඒ රජු යටත් පිරිසෙයින් බුද්ධ වර්ෂ 1917 දක්වා රජ කල බව හැඟේ”ය යි ජයතිලක සිරිමත්හු පැරැකුම්බා සිරිත ප්රකස්තාවනායෙහි දක්වති. විමුක්ති සඞ්ග්රුහයෙහි දැක්වූ වික්රාමබාහු රජ ගම්පළ වික්ර මබාහු රජු නො විය හැකි යැ යි කෙනෙක් සැක කෙරති. විමුක්තිසඞ්ග්රබහ කර්තෘපාදයන් තමන් සෙනාලඞ්කාධිකාර සෙනෙවිරදුන් ගේ පස් වන මුනුබුරු බව කීම ඒ සැකයට හේතු වී තිබේ. මුනුබුරාගේ මුනුබුරා යනාදී කුමයට ගතහොත් පස්වන මුනුබුරු බව ලැබීමට දිගුකලක් යන බව සත්යමයෙකි. දූ පුතුන් කීප දෙනෙකු ඇතියෙකු හට තමාගේ ජීවමාන සමයෙහි ම මුනුබුරන් කීප දෙනකු දක්නට බැරි කමෙන් නැත්තේය. දුව ගේ පුතාගේ මුනුබුරෙකි. පුතාගේ පුතාත් මුනුබුරෙකි. සේනාලඞ්කාධිකාර සෙනෙවිදුරන් විසින් ශාසනශොධනයන් කරවන ලද්දේ 4 වැනි බුවනෙක බා රජු ගේ සිවුවැන්නෙහි දී ය. 5 වන පරාක්රුමබාහු රජ වුයේ ඒ බුවනෙකබා රජු ගේ ඇවෑමෙනි. පස් වන පරාක්රෙමබාහු ගේ ඇවෑමෙන් රජය ලද්දේ විකුමබාහු ය. ඔහු ගේ අටළොස් වැන්නෙහි දි - විමුක්තිසඞ්ග්රෙහය කළ යට කී සෙනෙවි රදුන් ගේ පස් වන මුනුබුරා මහාස්ථවිරතුමෙකි. “මහාස්ථවිර” නම ලැබෙන්නේ උපසම්පදාවෙන් විසිවස් පිරුණු විටය. පොත කරවන විට ලංකා සෙනෙවිරත් පිරිවෙන් හිමිතුමා උපතින් සතලිස් වස පිරුණු සමහර විට වයස අවුරුදු පනහක් වත් ඇතියෙකු වූ බව සිතිය හැකිය. එ බැවින් තුන් වන වික්රනමබාහු රජුගේ අටළොස් වැන්න ම විමුක්තිසඞ්ග්ර හ නිර්මාණ කාලය වශයෙන් සැලකිය හැකි වේ. තුන් වන වික්ර මබාහු රජු ගේ අටළොස් වැන්න නො පිළිගන්නා උගතුන් කියන්නේ විමුක්තිසඞ්ග්රවහය සේනාසම්මත වික්රනමබාහු නම් රජකුගේ සමයෙහි කරන ලද බවයි. සෙංගඩගල රාජධානිය කර ගෙන විසී ය යි කියන සේනාසම්මත වික්රිමබාහු රජු රජයට පැමිණියේ ක්රිර.ව. 1463දී යැයි කියති. ඒ කාලය කොට්ටේ සවන පැරැකුම්බා සමයට අයත් වන හෙයින් ඒ වික්රයමබාහුරජු ප්රා්දේශික රජකු ව සිටියා විය හැකි යි. විමුක්ති සඞ්ග්රයහ කර්තෘපාදයන් විසින් ඒ වික්ර්මබාහු රජුගේ සමයෙහි පොත කරන ලද නම් “රඤ්ඤො වික්කමබාහුනො” යි නිකම් ම නො යොදනු නිසැක ය.
“සූර්ය්වි ශතක සන්නය” කළ විල්ගම්මුළ මහාස්ථවිරයන් වහන්සේත් විමුක්ති සඞ්ග්රමහයෙහි දැක්වූ විල්ගම්මුළ මහා ස්ථවිරයන් වහන්සේත් එක උතුමාණ කෙනෙකි. කැලණි ශිලාලිපියේ එන විල්ගම්මුළ මා හිමියෝත් ඒ විල්ගම්මුළ මහාස්ථවිරයන් වහන්සේ ම යැ යි බොහෝ උගතුන් සිතන නමුත් විමුක්ති සඞ්ග්රනහ කතුතුමන් සිය ගුරු තුමන්ගේ නම “විල්ගම්මුළ මහා ස්ථවිරාවාරීන්” යි යෙදූවේ කුමක් හෙයින් දැයි සිතන විට සැකයෙක් පහළ වේ. එයට පෙර මාහිමි ව සිටි බව පැනෙන සිය ගුරුතුමන් “මහා ස්ථවිරවාරීන්” ලෙස සඳහන් කිරීම පුදුමයට කර්ණෙකි. සිය ගුරුවරයා හට මාහිමි පදවිය තිබුණේ නම් විමුක්තිසඞ්ගුහයෙහි එ බව සඳහන් නො කාරීමට හේතුකිම් දැයි නො වැටැහේ. සූර්ය්ෙහ ශතක සන්තයෙහි එන “ශ්රී පරාක්රමබාහු” යන ගරු නාමය ද විමුක්ති සඞ්ග්ර.හයෙහි යෙදී නැති බව මෙහි ලා සැලැකිය ඒ යුතු වේ.
විල්ගම්මුළ මාහිමියන්ගේ නාමය වුත්තමාලා සන්දේසසතකයෙහිදු එයි. එය කරන ලද්දේ ඒ මාහිමියන් ගේ බෑනණුවන් වූ ගතාරාභිධාන උප තපස්සීන් විසිනි. ජාතිගාමප්පුරායහි (දැතිගමෙහි) විසූ පැරැකුම්බාරජෙක් එහි වර්ණිත යි. තිසර සන්දේශයෙහි වැනෙන්නෙත් එ රජ ම ය. දැතිගම පැරකුම්බා නරපතියා නම් පස් වන පැරැකුම්බාරජ ය යනු ඩී.බී. ජයතිලක මැතිඳුන් ගේ අදහස යි. සේනාලඞ්කාධිකාර සෙනෙවිරදුන් ගේ මුනුබුරු පරාක්රනම බාහු ඈපාණන් රජ තත් පත් වූ බව සද්ධර්මරත්නාකරයෙහි කියැවෙන හෙයින් දැතිගම පැරැකුම්බා රජු ගැන මෙන් ම රජුගේ සමයෙහි කැරුණු චුත්තමාලායෙහි වර්ණිත සඟරජු ගැන ද මත භේදයෝ ඇත්තාහ. ගතාරාභිධාන උපතපස්සීන් විසින් එහි උසස් ලෙස වර්ණනා කරන ලද්දේ සිය මයිල් විල්ගම්මුළ මාහිමිතුමා ය යි කෙනෙකු කියන අතර ඇතැමෙකු කියන්නේ ගතාර උපතපස්සීන් විල්ගම්මුළ මාහිමියන් ගේ බෑනණු බව සැබෑ නමුත් ඔවුන් විසින් වනන සඟරජතුමා අන්යායකු බව යි. කුමාරතුංග මුනිදාස පඬිතුමා ද මේ මතය ඇති ව සිටි බව මයුර සන්දේශ විවරණ සංඥාපනයෙන් කැරෙන හෙයින් එහි වර්ණිත සඞ්ඝරාජයන් වහන්සේ විල්ගම්මුළ මාහිමියෝ නො වෙති යි නඟන තර්කය සුදුසු ය යි නො සිතමු. මහතෙර කෙනකු මාහිමි පදවියට පත් වූ කල්හි එ තැනට අන් තෙරවරයකු පත් වන හෙයිනි. එක ම සමයෙක්හි විල්ගම්මුළ මාහිමිතුමකුත් විල්ගම්මුළ තෙරවරයකුත් වසනු නොවිය හැක්කෙක් නො වේ. “ඉදින් 5 වැනි පරාකමබාහු ගේ කාලය දක්වා විල්ගම්මුළ මාහිමියෝ වැඩ සිටි සේක් නම් ඊට ප්ර ථමයෙන් කරන ලද ශාසනශොධනයෙහි දී උන් වහන්සේ ඉදිරිපත් නුවූයේ ඇයි” යන තර්කය කලකට පෙර පළ වූ පණ්ඩිත මැදඋයන් ගොඩ විමලකිත්ති ස්ථවිරයන් වහන්සේ ගේ ලිපියෙක්හි දක්නා ලැබේ. බු.ව. 1876 දී මාහිමි පදවිය දැරූ විල්ගම්මුළ හිමිපාණෝ පස් වන පැරැකුම්බා සමයෙහි වැඩ විසූ නම් එයට පෙර - එනම් බු.ව. 1890 දී රජු බව ලත් 4 වන බුවනෙකබාහු ගේ කාලයෙහිත් වුසුහ යි පිළිගත යුතු වේ. එසේ නම් 4 වන බුවනෙකබා රජු ගේ සිවු වැන්නෙහි කළ ශාසනශොධනයට වනරතන මාහිමියන් මුල්වීම නො විය හැකි යැ යි සිතන විමල කිත්ති ස්ථවිරයන් වහන්සේ “5 වෙනි පරාක්ර මබාහු රජතුමන් දවස වැඩ සිටි සඞ්ඝරාජයන් වහනසේ වනාහී වනරතන ස්වාමීන් බවත් වෘත්තමාලාව රචනා කෙළෙත් ඒ කාලයේදී ම නම් එහි වර්ණිතවූයේ විල්ගම්මුළ හිමියන් නො ව වනරතන හිමියන් බවත් අපි විනිශ්චය කරම්බ” යි ද පවසති.
බු.ව. 1894 දී සෙනාලඞ්කාධිකාර සෙනෙවිරදුන් විසින් කළ ශාසන ශුද්ධියේ දී අමරගිරිවාසවාසී වනරතන මහා ස්වාමීන් ප්රිමුඛ වූ බව නිකාය සඞ්ග්රයහයෙහි සඳහන් වේ. එ කල විල්ගම්මුළ මාහිමි (සඞ්ඝරාජ) යන් වහන්සේ වැඩ නො සිටි සේකැයි සැක කරන්නේ එ හෙයිනි. “මහාස්වාමී” යනු බොහෝ විට සඞ්ඝ රාජපර්යාි ස ය වුවත් උභයවාසයේ ප්රාධාන දෙදෙනා වහන්සේට ද වෙනත් විශිෂ්ට මහාස්ථවිරයන් වහන්සේලාට ද ‘මහාස්වාමී’ යනු ඇතැම් විට යොදන බව පෙනෙන හෙයින් ‘මහාස්වාමි’ යි දුටු පමණින් සඞ්ඝරාජ නමෙකැයි සැලකීම නුසුදුසු බව ජුලියස් ද ලැනරෝල් මහතා ආදී උගතුන්ගේ අදහස වේ. සඞ්ඝරාජ නො වූ හිමිවරුන් සඳහා ද ‘මාහිමි’ යනු යොදා ඇති බව අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්රීො බුද්ධත්ත මහා නායක හිමිපාණන් විසින් ද “ථෙරවාදී බෞද්ධාවාර්ය් හයෝ” නම් ග්ර න්ථයෙහි සඳහන් කර ඇත. “යට කී සෙනලෙඞ්කාධිකාර අමාත්යෞයාණන් ගේ ශාසන ශුද්ධියට මුල් වූ වනරතන මහා ස්වාමීන් වහන්සේ එ කල වන වාසයට අධිපති ව වැඩ සිටි බව පිළිගත හැකි නමුත් උන් වහන්සේ විසූ ෂඞ්භාෂා පරමෙශ්වර, ත්රිබපිටකවාගිශ්වරාවර්ය්රන් එක ම පඬිවරයා රාහුල සඞ්ඝරාජතුමා ය යි පිළිගන්නේ කෙසේ ද? උන් වහන්සේට “ගලතුරුමුළ මාහිමි” යන ව්ය වහාරයෙක් පැවැත්තේ නම් ඒ බව උන් වහනසේ විසන් හෝ තත්කාලීන වූ අන්ය ග්රයන්ථ කර්තෘවරයකු විසින් හෝ පැහැදිලි ලෙස සඳහන් නො කිරීමට හේතුවෙක් ද නොමැත. එ තබා උන් වහන්සේ “උතුරුමුළ මාහිමි” වසයෙන් වත් දැක්වූ තැනක් නො දිටිමි. තොටගමු විහාරාධිපති ව වැඩ විසූ ගලතුරුමුළ මහාස්වාමීන් රාහුල සඟරජතුමන් නොවන බවත් සූර්ය්ිස ශතකසන්නයෙහි ‘ශ්රීන පරාක්ර මබාහු විල්ගම්මුළ මහාස්ථවිර’ නමිනුන් විමුක්තිසඞග්රජහයෙහි “විල්ගම්මුළ මහාස්ථවිරාවරී” නමිනුත් දැක්වුණු හිමිතුමා රාහුල සඞ්ඝරාජයාණන් ගේ ප්රසධාන ශිෂ්යථයා නොවූ බවත් අපේ හැඟීම යි.
විල්ගම්මුළ පරපුර ඉතා පැරණි හෙයින් ද දැතිගම රාජධානි කාලය තෙක් ඒ පරපුර නො සිඳී පැවැති බව පැහැදිලි වන හෙයින් ද එ පරපුරෙහි එක් මහතෙර නමක් නැති වූ විට ඒ තනතුරට වෙන සුදුසු නමක් පත් කිරීම සිරිතක්ව පැවැති හෙයින්ද මහතෙර පදවිය ලබන හැම දෙනා වහන්සේම ගුණ නුවණින් හෙබි උතුමන් වූ හෙයින්දමෙහි එන ගත් කෙළේ දෙනගමු වෙහෙරෙහි විල්ගම්මුළ මහතෙරිඳුන් විසිනි යනු මිස කතුවරයා ගැන හෝ කාව්යෙනිර්මාණ කාලය ගැන හෝ තීරණයකට බැසීමට ඉවහල්වන අන් කිසිවෙක් එයින් නො ලැබේ. එ බැවින් කාවිසිනුත් කළ හැක්කේ ඒ පිළිබඳ සිය හැඟීම් දැක්වීම පමණි. වෙනත් කරුණු ගැන ද සලකා විමසුම් නුවණින් බැලූ උගත්තු මේ පොත් දදෙණි කාලයට අයත් විය හැකි ය යි කීහ. ඇතැමෙකු කීයේ කුරුනෑගල් සමයට අයත් බවයි. කෙනෙක් ගම්පළ සමයට ද සමහරු දැතිගම් පුර සමයට ද ලූහ. ඇතැමෙකු ගේ මතය වූයේ ජයවර්ධන පුර සමය බව යි.
“අප හැඟීම නම් දෙනගමු විහාරධිපත්යයය ඉසිළූවෝත් කුරුණෑගල පණ්ඩිත පරාක්රනමබාහු රජු ගේ අනුශාසකයා වශයෙන් දීප්තිමත් ව වැඩ විසූවෝත් පසු ව සඞ්ඝරාජ ධූරයට පත් වූවෝත් දඹදෙණි රාජධානි කාලයෙහි විසූ බව පැවැසෙන සාහිත්යට විල්ගම්මුළ හිමිපාණෝ ය යනු යි”. එහෙත් සූර්ය්හු ශතක සන්නය කළ ශ්රීෙ පරාක්රවමබාහු විල්ගම් මුළ හිමි දැතිගම් පුරසමයෙහි විසූවෙකැයි ද බොධිවංශාදිය කළ හිමියන්ගෙන් දන්යමයෙකැයි තෙන්නකෝන්හු සිතති.
සඳකිඳුරු දා කව, අනාගතවංශය, සිංහල බෝධිවංශය වන තුනින් සඳකිඳුරු දා කව විල්ගම්මුළ හිමිපාණෝ ගේ ප්රනථම කෘතිය වශයෙන් ද අනාගත වංශය දෙවැනි කෘතිය වශයෙන් ද බොධි වංශය ඊළඟ කෘතිය වශයෙන් ද සැලැකිය හැකි යි. සූර්ය් ඊ ශතක සන්නය කළ විල්ගම්මුළ ස්වාමිපාදයෝ අනාගතවංශ, බොධිවංශ දෙක කළ විල්ගම්මුළ හිමිපාණෝ නො වෙති යි ද ඉන් පසු සිටි උතුමාණ කෙනෙකැයි ද සඳකිඳුරු දා කව, සූර්ය්ි ශතක සන්නය යන දෙක ඒ විල්ගම්මුළ හිමිපාණණ් ගේ කෘති යැ යි ද මතයෙකි.
“වඳිනා ළඳ සොඳි න සිරිපත්ලැ මුව තබමි න රිවිදෙවි ගත් ඇති න තඹර සරණත පුදන වැනි ර න”
යනාදී පද්යුයන් කීපයක් ගැන සිතන විට සූර්ය්් ශතක සන්නය කළ හිමිපාණන් ම සඳකිඳුරු දා කවත් කරන්නට ඇත යන අදහස සිතට නැඟේ. විමුක්තිසඞ්ග්රකහය කර්තෘපාදයන් විල්ගම්මුළ හිමිපාණන් ගේ නම යොදා තිබෙන සැටියෙනුත් කැලණි විහාරාධිපති ව වැඩ ගේ නම යොදා තිබෙන සැටියෙනුත් කැලණි විහාරාධිපති ව වැඩ විසූ අනාගත වංස,බොධිවංස දෙක කළ විල්ගම්මුළ මාහිමියෝ අන්යියෙකැ යි සැකයක් පහළ වතුදු විමුක්තිසඞ්ගුහ කර්තෘපාදයන් මහාස්ථවිර ව සිටියදී එ පොත කළ හෙයින් ද එතුමන් විල්ගම්මුළ මහාස්ථවිරතුමන් ගෙන් ධර්මශාස්ත්රොීද්ග්රයහණය කරන්නට ඇත්තේ බාලවියේදී හෝ තරුණවියේදී යැයි සලකන කල්හි එ කියන විල්ගම්මුළ මහාස්ථවිරවාරීන් විල්ගම්මුළ මාහිමියන් ම බව සිතන්නට කරුණු ඇති හෙයින් ද යට කී පොත් සතර ම එකකර්තෘක ය යි අපට හැඟ්. ඒ සතරින් ප්රහථම කෘතිය සූර්ය්ර ම ශතක සන්නය විය හැකි ය.
ඇතැමකු මෙය ජවවර්ධන පුර සමයෙහි කරන ලද්දක් විය හැකි යැයි සිතන්නේ සූර්ය්ර් ශතක සන්නයෙහිත් විමුක්ති සඞ්ග්ර හයෙහිත් සඳහන් විල්ගම්මුළ මහාස්ථවිරයන් වහන්සේ ගේ ගුරවරයාණන් වූ ගලතුරුමුළ මහා ස්වාමිපාදයන් වහන්සේ තොටගමුවේ ශ්රීේ රාහුල සඞ්ඝරාජයාණෝ යැ යි ද කල්පනා කිරීමෙන් විය හැකි ය. එ කියන ගලතුරුමුළ මහාස්වාමීන් රාහුල සඟරාජ හිමියන් නො විය හැකි බය යට සඳහන් කරන ලදි. ගම්පළ සමය විය හැකි යැ යි ඇතැමකු සිතන්නේත් ගම්පළ වික්රරමබාහු රජු ගේ අටළොස් වැන්නෙහි කළ විමුක්ති සඞ්ග්රනහයේ කතුතමන් ගේ ගුරුන් වහන්සේ වන විල්ගම්මුළ හිමිපාණන් එ සමයෙහි වැඩ සිටියෙකු බව සිතීමෙනැයි හැඟේ. දැතිගම කාලය ගැන සිතන්නේ වුත්තමාලායෙහි සඳහන් විල්ගම්මුළ තෙරණුවන් විසින් මෙය කරන ලද්දේ ය. යන හැඟීම පිට විය හැකි ය.
භාෂා විලාසය අනුව බලන විට සඳකිඳුරු දා කව (ක්රිැ.ව) අටළොස් වන සිය වසට අයත් විය හැකි යැ යි සිතන්නෝත් සිටිති. කිමෙක් ද ඒ කියන භාෂා විලාසය ? ථූපවංශ, සද්ධර්මරත්නාවලී, පූජාවලී බොධිවංශ, අනාගතවංශ, ආදී දඹදෙණි කුරුණෑගල් සමයවල කැරුණ පොත්වල භාෂාවිලාසයට වඩා මෙහි අමුතු විලාසයෙක් අපට නම් නො හැඟේ. වහරට හුරු ලිහිල් වදන් යෙදීම නිසා සඳකිඳුරුදා කව සතළොස් වන හෝ අටළොස් වන සියවසට ලීමට කතා කරන සඬිවරුන් සද්ධර්මරත්නාවලිය වැනි පොත් ඒ කාලවලට හෝ එකුන් විසි වන (ක්රිර.ව.) ශතවර්ෂයට ලීමට කතා නොකිරීම පුදුමෙයකි. ඔප්පු කිරීම ද ඒ උගතුන් ගේ යුතුකම වේ.
“දෙවෙනි පණ්ඩිත පරාක්ර.මබාහු මහා රාජෝත්තමයන් වහන්සේ ..................................... අනාගත වංශය නම් වූ මහාධර්මප්රපබන්ධය ස්වකීය භාෂාවෙන් ලියවනු කැමැති සේක්........................... විල්ගම්මුළ නැමැති කනකගිරිශිඛරයෙහි විජෘම්භමාණ සිංහරාජයක්හු වැනි වූ මහා ස්ථවිර පාදයන් වහන්සේට ආරාධනා කළ සේක” (අනාගතවංශය) “විල්ගම්මුළ නැමති රන්ගිරි සිරෙහි වැජැඹෙන සිහ රජකුවැනි” යන්න ම සඳකිඳුරුදා කවේ “රන්ගිරි සිරි අසල” යනු යෙදීමෙන් අදහස් කරන ලද දැයි විමසිය යුතු ය. මෙහි තමන් වැඩ විසූ දෙනගමු වෙහෙර කනක ගිරි ශිඛරයකට සමාන කළහ යි සිතන්නට ඉඩ තිබේ.
“මේ අනාගතවංශය විශේෂ කොට කළා වූ මේ කුශල කර්මයෙන් සියලු සත්ත්වයෝ හැම කල්හි මැ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, නිරුපද්ර.ව වෙත්වා, අවෛරී වෙත්වා, සුවපත් වෙත්වා” යනු අනාගත වංශයේ අවසන්හි එයි.
සඳකිඳුරු දා කවේ අග එන---
“මෙ දහම් අනුස සින් උවදුරු නසා නො ල සින් සිතැ පිරි සන් තො සින් මෙ ලොවැ නිති විඳැ ඉසුරු වෙසෙ සින්”
“එළුවෙන් කී සසි රි මෙ දහම් අසා සුමිහි රි සව් සත් හැරැ දුසි රි ලබත්වා මතු සග පවග සි රි”
මේ පැදි දෙකේ අදහසට යට දැක්වූ වාක්යකයේ අදහස කොතරම් සමීප දැයි සැලකිය යුතු ය. “සත්ත්වයෝ තමන් තමන් ගේ ප්රා්ර්ථනා වූ පරිද්දෙන් සසර දුක් දුරු කොටැ ශාන්ත පුණීත වූ අමාමහ නිවනට පැමිණෙත්වා” යි සිංහල බෝධිවංශයෙහි අවසානයෙහි ද එයි.
“මේ ලිවු පින් පු රා විඳැ සව් සැපත් නිතො රා නො වැද බිය සස රා මමද බුදු වෙම් වා ලොවුතු රා”
පොතේ මේ අවසාන පද්යොය සඳකිඳුරු දා කව්කතු තුමන් ගේ නො වේ යැ යි අපි කලින් සිතුයෙමු. අනාගතවංශයෙහි සහ බෝධි වංශයෙහි අග යෙදුණ දීර්ඝප්රා ර්ථනා වාක්යරයන් ගැන සිතූ විට මේ පැදියත් උන්වහන්සේ ගේ ම යයි හැඟිණ.
“.................... නිරුත්තර වූ සම්ය ක් සම්බොධිඥානය සමධිගමය කොටැ මොහාන්ධකාරය දුරු කරන්නා වූ අතිපරිශුද්ධ වූ ධර්ම දෙශනා කොටැ සියලු සත්ත්වයන් සංසාර නැමැති සාගරයෙන් එතෙර කොට නිර්වාණක්ෂේම භූමියට පමුණුවම්වා”
“මම වනාහි උතුම් වූ සම්යතක් සම්බොධියට පැමිණැ නිරුත්තර වූ ධර්මදෙශනා කොටැ සියලු සත්ත්වයන් සංසාරඛන්ධනයෙන් මුදම්වා” (බොධිවංසය)
විල්ගම්මුළ මහ තෙරිඳුන් ගේ සුලමුල පිළිබඳ පුවත සැකෙවින් මෙසේ ය. එය තව දුරටත් හාරා බලන්නට වුව ද මේ දැක් වූ කරුණු සෑහෙතියි හඟිමු. ඒ මේ කෙසේ වතුදු, මහ තෙරිඳුන් ගේ මේ සිවු මහ ගත් රුවන් නිසා හෙළ බස ලත් එළිය නම් ඉමහත් ම බව, පින් දී පැවැසිය යුත්තම්හ.